යෙදුමෙන් කියවන්න

8. පණ‍්ඩරකජාතකං

8. පණ‍්ඩරකජාතකං.

8. පණ්ඩරක ජාතකය

2969. විකිණ‍්ණවාචං අනිගුය‍්හමන‍්තං අසඤ‍්ඤතං අපරිචක‍්ඛිතාරං, භයං තමත්‍වෙති සයං අබොධං නාගං යථා පණ‍්ඩරකං සුපණ‍්ණො.

2969. විසුරුණා වූ වචන ඇති, නො සඟවන ලද මන්ත්‍රණ ඇති, සංයත නො වූ කියයුතු නො කියයුතු බව නොදන්නා වූ අනුවණ ඒ පුද්ගලයා අනුව තමා විසින් කරන ලද්දා වූ ම භය පසු පස යෙයි. කුමක් මෙන් ද යත් : පණ්ඩරක නාග නම් වූ මා අනුව ගිය සුපර්‍ණයා මෙනි.

2970. යො ගුය‍්හමන‍්තං පරිරක‍්ඛණෙය්‍යං මොහා නරො සංසති භාසමානො, තං භින‍්නමන‍්තං භයමන්‍වෙති ඛිප‍්පං නාගං යථා පණ‍්ඩරකං සුපණ‍්ණො.

2970. යම් මිනිසෙක් සැඟවියයුතු රහස් මන්ත්‍ර කථා කරමින් එය රැකිය නො හැක්කහුට මුළායෙන් කියා ද බිඳුණා වූ මන්ත්‍ර ඇති ඒ පුද්ගලයා පසු පසැ බිය ගමන් කෙරෙයි. කවරකු මෙන් ද යත්: පණ්ඩරක නම් නාගයා අනුව ගිය සුපර්‍ණයා මෙනි.

2971. නානුමිත‍්තො ගරුං අත්‍ථං ගුය‍්හං වෙදිතුමරහති, සුමිත‍්තො ච අසම‍්බුද‍්ධං සම‍්බුද‍්ධං වා අනත්‍ථවා.

2971. අනුවර්‍තන මාත්‍රයෙන් මිත්‍ර වූයේ ගරු වූ සඟවාලියයුතු කරුණ දැනගන්නට නිසි නොවේ. අනුවණ සුහද මිතුරා ද අනර්‍ත්‍ථකාරී නුවණැතියා ද රහස දැනගන්නට නිසි නොවේ.

2972. විස‍්සාසමාපජ‍්ජිමහං අචෙලො සමණො අයං සම‍්මතො භාවිතත‍්තො, තස‍්සාහමක‍්ඛිං විවරං ගුය‍්හමත්‍ථං අතීතමත්‍ථො කපණං රුදාමි.

2972. මම මේ අචේලකයා ශ්‍රමණයෙකැ යි ද ලෝකසම්මත යැයි ද භාවිත සිත් ඇත්තෙකැ යි ද විශ්වාසයට පැමිණියෙමි. ඔහුට මම ගුහ්යාර්‍ත්‍ථය විවෘත කොට කීමි. දැන් ඉක්ම ගිය යහපත ඇත්තේ බැගෑපත් ව හඬමි.

2973. තස‍්සාහං පුරිමං බ්‍රහ‍්මෙ ගුය‍්හං වාචං හි මං නාසක‍්ඛිං සංයමෙතුං තප‍්පක‍්ඛතො හි භයමාගතං මෙ අතීතමත්‍ථො කපණං රුදාමි.

2973. සුපර්‍ණය, පළමු කොට සැඟවිය යුතු මේ වචනය ඔහුට සඟවන්නට මම නොසමත් වීමි. මේ බිය මට ඔහුගේ පාර්ශ්වයෙන් පැමිණියේ ය. එහෙයින් ඉක්ම ගිය යහපත ඇත්තෙම් බැගෑපත් ව හඬමි.

2974. යො වෙ නරො සුහදං මඤ‍්ඤමානො ගුය‍්හමත්‍ථං සංසති දුක‍්කුලීනෙ, දොසා භයා අථවා රාගරත‍්තො පල‍්ලත්‍ථිතො බාලො අසංසයං සො.

2974. යම් මිනිසෙක් මොහු සුහෘදය යි හඟිමින් පහත් කුලැතියකු කෙරෙහි ද්වේෂයෙන් හෝ බියෙන් හෝ වැලි රාගවශයෙන් ඇල්මෙන් හෝ සැඟවියයුතු කරුණක් කියා නම්, ඒ අඥාන තෙම නිසැක ව ම පෙරළා විනාශයට පමුණුවනු ලබන්නේ ය.

2975. තිරොක‍්ඛවාචො අසතං පවිට‍්ඨො යො සඞ‍්ගතීසු මුදීරෙති වාක්‍යං, ආසීවිසො දුම‍්මුඛො ත්‍යාහු තං නරං ආරා ආරා සංයමෙ තාදිසම‍්භා.

2975. පිළිසන්වචන ඇති අසත්පුරුෂයන්ට අයත් වූ යමෙක් සැඟවිය යුතු වචනය පිරිස් මැද කියා ද ඒ මිනිසා ආශීර්විෂයකු මෙන් අයහපත් මුඛ ඇත්තෙකැ යි කියත්. එබන්දහු කෙරෙන් දුරින් ම දුරු වන්නේ ය.

2976. අන‍්නං පානං කාසිකචන්‍දනඤ‍්ච මනාපිත්‍ථියො මාලච‍්ඡාදනඤ‍්ච, ඔහාය ගච‍්ඡාමසෙ සබ‍්බකාමෙ සුපණ‍්ණ පාණූපගතාව ත්‍යම‍්භා.

2976. ආහාර ද පාන වර්‍ග ද කසී සඳුන් ද මනවඩන ස්ත්‍රීන් ද මල් ද දිව්‍යමය සිව්දැගඳ ද ඇඟ ඉලීම් ද, යන සියලු කාම සම්පත් අත් හැර දමා යන්නෙමු. සුපර්‍ණය, දිවිහිම් කොට තොප කරා පැමිණියම්හ. අපට පිහිට වව යි.

2977. කොනීධ තිණ‍්ණං ගරහං උපෙති අස‍්මිඤ‍්ච ලොකෙ පාණභූ නාගරාජ, සමණො සුපණ‍්ණෙ අථවා තවෙව කිං කාරණා පණ‍්ඩරකග‍්ගහීතො.

2977. ප්‍රාණියකු වූ නාගරාජය, ශ්‍රමණයා ද සුපර්‍ණයා ද නුඹ ද යන තිදෙනා අතුරෙන් මෙලොව කවරෙක් නම් නින්‍දාවට පැමිණේ ද කවර හෙයෙකින් සුපර්‍ණයා විසින් මම ගන්නා ලද්දෙම්දැයි තමාට ම නින්‍දා කරව.

2978. සමණොති මෙ සම‍්මතත‍්තො අහොසි පියො ච මෙ මනසා භාවිතත‍්තො, තස‍්සාහමක‍්ඛිං විවරං ගුය‍්හමත්‍ථං අතීතමත්‍ථො කපණං රුදාමි.

2978. හෙතෙම මා විසින් (සත්පුරුෂ) ශ්‍රමණයෙකැයි සම්මත කරන ලද්දේ විය. මට ප්‍රියයෙක් ද විය. සිතින් සම්භාවනා කරන ලද්දෙක් ද විය. එහෙයින් මම ඔහුට සැඟවියයුතු කරුණ ප්‍රකට කොට කීමි. ඉක්ම ගිය යහපත ඇත්තේ බැගෑපත් ව හඬමි.

2979. න චත්‍ථි සත‍්තො අමරො පථබ්‍යා පඤ‍්ඤාවිධා නත්‍ථි න නින්‍දිතබ‍්බා, සච‍්චෙන ධම‍්මෙන ධියා දමෙන අලබ‍්භමබ්‍යාහරතී නරො ඉධ.

2979. නාගරාජය, මේ පෘථිවියෙහි නො මැරෙන ස්වභාව ඇති සත්‍වයෙක් නම් නැත්තේ ය. ප්‍රඥාව සමාන වූ නින්‍දා නො කටයුතු අන්කිසිවෙක් ද නැත. සත්‍යවචනයෙන් ද සුචරිත ධර්‍මයෙන් ද ප්‍රඥායෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද මෙලොව මනුෂ්‍ය තෙම නො ලැබිය හැකි දැය (අෂ්ටසමාපත්ති මාර්‍ග ඵල නිර්‍වාණ) ලබන්නේ ය.

2980. මතා පිතා පරමා බන්‍ධවානං නාස‍්ස තතියො අනුකම‍්පකත්‍ථි, තෙසම‍්පි ගුය‍්හං පරමං න සංසෙ මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො.

2980. නෑයන් අතුරෙන් මවුපියෝ උසස් වෙති. මොහුට මවු පියනට වඩා අනුකම්පා කරන ස්වභාව ඇති තුන්වැන්නෙක් නම් නැත්තේ ය. මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඔවුනට ද පරම රහස් නො කියන්නේ ය.

2981. මාතාපිතා භගිනීභාතරො ච සහායා වා යස‍්ස හොන‍්තී සපක‍්ඛා, තෙසම‍්පි ගුය‍්හං පරමං න සංසෙ මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො.

2981. යමකුගේ මවුපියෝ ද සහෝදර සහෝදරීහු ද යහළුවෝ ද යන ස්වපක්‍ෂයෙහි වූවෝ වෙත් නම්, මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඔවුනට ද ප්‍රධාන රහස් නො කියන්නේ යැ.

2982. භරියා වෙ පුරිසං වජ‍්ජා කොමාරී පියභාණිනි පුත‍්තරූපයසූපෙතා ඤාතිසඞ‍්ඝපුරක‍්ඛතා, තෙසම‍්පි ගුය‍්හං පරමං න සංසෙ මන‍්තස‍්ස භෙදං පරිසඞ‍්කමානො.

2982. ඉදින් ළදරු වියෙහි පසුවන ප්‍රිය තෙපුල් බෙණෙන, පුත්‍ර සම්පත්තියෙන් හා රූපසම්පත්තියෙන් ද යසසින් ද යුක්ත වූ නෑ සමූහයා විසින් පෙරටු කරන ලද භාර්‍ය්‍යා තොමෝ (තොපගේ රහස මට කියවයි) පුරුෂයාට කියන්නී නමුදු මන්ත්‍ර භේදයෙහි සැක කරනුයේ ඇයට ද ප්‍රධාන රහස් නො කියන්නේ යැ.

2983. න ගුය‍්හමත්‍ථං විවරෙය්‍ය රක‍්ඛෙය්‍ය නං යථා නිධිං, න හි පාතුකතො සාධු ගුය‍්හමත්‍ථො පජානතා.

2983. සැඟවිය යුත්ත ප්‍රකට කොට නො කියන්නේ ය. එය නිධානයක් මෙන් රක්නේ ය. දන්නහු විසින් සැඟවියයුතු කරුණ ප්‍රකට කිරීම යහපත් නොවේ.

2984. ථියා ගුය‍්හං න සංසෙය්‍ය අමිත‍්තස‍්ස ච පණ‍්ඩිතො, යො චාමිසෙන සංහීරො හදයත්‍ථෙනො ච යො නරො.

2984. පණ්ඩිතතෙම රහස ස්ත්‍රියට නො කියන්නේ ය. සතුරාට ද නො කියන්නේ ය. යමෙක් ආමිෂය හේතු කොට ගෙන එක් වේද ඔහුට ද, හිතෙහි සඟවාගත් සොර (කපටි) අදහස් ඇත්තහුට ද රහස නො කියන්නේ ය.

2985. ගුය‍්හමත්‍ථමසම‍්බුද‍්ධං සම‍්බොධයති යො නරො, මන‍්තභෙදභයා තස‍්ස දාසභුතො තිතික‍්ඛති.

2985. යම් මිනිසෙක් සැඟවියයුතු කරුණ නො දන්නහුට දක්වා ද හෙතෙම මන්ත්‍රණය අන්කෙනකුන් දැන ගනිතැයි හටගත් බියෙන් ඔහුට දාසයෙක් ව ඉවසයි.

2986. යාවන‍්තො පුරිසස‍්සත්‍ථං ගුය‍්හං ජානන‍්ති මන‍්තිතං, තාවන‍්තො තස‍්ස උබ‍්බෙගා තස‍්මා ගුය‍්හං න විස‍්සජෙ.

2986. මිනිසකුගේ මන්ත්‍රණය කරන ලද යම්තාක් සැඟවිය යුතු කරුණු යම් කෙනෙක් දනිත් නම් ඒතාක් ම ඔහුට තැති ගැනීම් ඇති වේ. එබැවින් රහස් නො මුදන්නේ ය.

2987. විවිච‍්ච භාසෙය්‍ය දිවා රහස‍්සං රත‍්තිං ගිරං නාතිවෙලං පමුඤ‍්චෙ, උපස‍්සුතිකා හි සුණන‍්ති මන‍්තං තස‍්මා මන‍්තො ඛිප‍්පමුපෙති භෙදං.

2987. දවල් කාලයෙහි රහස් කරුණ විවේකව සිට කියන්නේ ය. රාත්‍රියෙහි කියන්නේ සීමාව ඉක්මවා හෙවත් බිත්තියෙන් පිට ඇසෙන සේ නො කියන්නේ ය. යම් හෙයකින් ළඟ අසා සිටියහු මන්ත්‍රණය අසද්ද, එහෙයින් මන්ත්‍රණය වහා ම භේදයට පැමිණෙන්නේ යැ.

2988. යථාපි අස‍්ස නගරං මහන‍්තං අද‍්වාරකං ආයසං භද‍්දසාලං, සමන‍්තඛාතාපරිඛාඋපෙතං එවම‍්පි මෙ තෙ ඉධ ගුය‍්හමන‍්තා.

2988. දොර නැත්තා වූ සුන්‍දර ශාලා ඇත්තා වූ හාත්පස කරන ලද දියඅගල් ඇත්තා වූ මහත් අයෝමය නුවරක් යම්සේ වන්නේ ද, මේ ලෝකයෙහි රහස් මන්ත්‍රණ ඇති ඒ පුරුෂයෝ ද මෙබන්දෝ යයි මට වැටහේ.

2989. යෙ ගුය‍්හමන‍්තා අවිකිණ‍්ණවාචා දළ‍්හා සදත්‍ථෙසු නරා දුජිව‍්හ, ආරා අමිත‍්තා බ්‍යවජන‍්ති තෙහි ආසීවිසාවාරිව සත‍්තසඞ‍්ඝා.

2989. නාගරාජය, රහස් මන්ත්‍රණ ඇත්තා වූ නො විසුරුණු වචන ඇත්තා වූ ස්වාර්‍ත්‍ථයෙහි ස්ථිර වූ යම්බඳු මනුෂ්‍යයෝ වෙද්ද. (ජීවත්වනු කැමැති) සත්‍වසමූහයා සර්‍පයන් කෙරෙන් මෙන් පස මිතුරෝ ඔවුන් කෙරෙන් බැහැර වෙත්. ඔවුන් කරා ළංවන්නට අවකාශයක් නො ලබත්.

2990. හිත්‍වා ඝරං පබ‍්බජිතො අචෙලො නග‍්ගො මුණ‍්ඩො විචරති ඝාසහෙතු, තම‍්හි නු ඛො විවරිං ගුය‍්හමත්‍ථං අත්‍ථා ච ධම‍්මා ච අපාගතම‍්භා.

2990. ගිහිගේ අත්හැර පැවිදි වූ නිර්වස්ත්‍ර නග්න මුඩු මහණෙක් පිඬු පිණිස හැසිරෙයි. මම ඔහු කෙරෙහි රහස් කථා එළිදරව් කෙළෙමි. එහෙයින් අර්‍ත්‍ථයෙන් ද ධර්‍මයෙන් ද පිරිහුණෙමු.

2991. කථං කරො හොති සුපණ‍්ණරාජ කිංසීලො කෙන වතෙන වත‍්තං, සමණො චරං හිත්‍වා මමායිතානි කථංකරො සග‍්ගමුපෙති ඨානං.

2991. එම්බා සුපර්‍ණරාජය, කෙසේ කරනුයේ කවර ආචාරයෙකින් සමන්‍වාගත වූයේ කිනම් ව්‍රතයෙකින් පවත්නේ පැවිද්දෙහි හැසිරෙමින් තෘෂ්ණා මමායන හැරපියා කෙසේ පිළිපදින්නේ ස්වර්‍ගස්ථානයට එළඹේ ද?

2992. හිරියා තිතික‍්ඛාය දමෙන ඛන‍්තියා අක‍්කොධනො පෙසුනියං පහාය, සමණො චරං හිත්‍වා මමායිතානි එවංකරො සග‍්ගමුපෙති ඨානං.

2992. (යහළු නාරජ,) ලජ්ජායෙන් ද, ඉන්‍ද්‍රිය දමනයෙන් ද තිතික්බා සංඛ්‍යාත අධිවාසන ක්‍ෂාන්තියෙන් ද (ඉවසීමෙන් ද) යුක්ත වූ නොකිපෙන ස්වභාව ඇත්තේ කේලාම් බස් හැරපියා මමායන දුරුකොට හැසිරෙන්නේ ශ්‍රමණ නම් වන්නේ ය. මෙසේ ක්‍රියා කරන්නේ ස්වර්‍ගස්ථානයට එළැඹෙන්නේ ය.

2993. මාතා ච පුත‍්තං තරුණං තනූජං සම‍්පස‍්ස තං සබ‍්බගත‍්තං එරෙති, එවම‍්පි මෙ ත්‍වං පාතුරහූ දිජින්‍ද මාතාව පුත‍්තං අනුකම‍්පමානො.

2993. යම්සේ මව සිරුරෙන් උපන් තරුණ පුත්‍රයා දක ඔහු (වැළඳ) මුළු සිරුරෙහි පුත්පහස පතුරුවා ද, පක්‍ෂිරාජය, පුතුට අනුකම්පා කරන්නා වූ මවක මෙන් නුඹ මට පහළ වූයෙහි.

2994. භන්‍දජ‍්ජ ත්‍වං මුච‍්ච වධා දුජිව‍්හ තයො හි පුත‍්තා නහි අඤ‍්ඤො අත්‍ථි, අන‍්තෙවාසී දින‍්නකො අත්‍රජො ච රජස‍්සු පුත‍්තඤ‍්ඤතරො මෙ අහොසි.

2994. එම්බා නාගය, එසේ වී නම් අද තෝ වධයෙන් මිදෙව. පුත්‍රයෝ තිදෙනෙක් ම වෙති. අනෙක් සතරවැන්නෙක් නැත. ඔහු නම්, අතවැසියැ, අනුන් විසින් දෙන ලද්දේ යැ. තමාට දාව උපන්නේයැ යි. නුඹ මට ඔවුන්ගෙන් එක්තරා පුත්‍රයෙක් වූයෙහි ය. ඇලුම් කොට වසව.

2995. ඉච‍්චෙව වාක්‍යං විසජ‍්ජි සුපණ‍්ණො භුම්‍යං පතිට‍්ඨාය දිජො දුජිව‍්හං, මුත‍්තජ‍්ජ ත්‍වං සබ‍්බභයාතිවත‍්තො ථලූදකෙ හොහි මයාභිගුත‍්තො.

2995. සුපර්‍ණ තෙම මේ වාක්‍යය කියා නාගයා හැරපීය. තෙමේ ද පොළොවෙහි පිහිටියේ “නුඹ අද මිදුණේ සියලු බිය ඉක්මවා සිටියෙහිය. ගොඩ හා දියෙහි මා විසින් රක්නා ලද්දෙක් වෙව.

2996. අතඞ‍්කිනං යථා කුසලො භිසක‍්කො පිපාසිතානං රහදොව සීතො, වෙස‍්මං යථා හිමසීතට‍්ටිතානං එවම‍්පි තෙ සරණමහං භවාමි.

2996. ලෙඩකුට දක්‍ෂ වෛද්‍යයකු යම්සේ ද පවස් ඇත්තකුහට සීතල ජලාශය යම්සේ ද, හිම කාලයෙහි සීතලෙන් පීඩා ඇත්තහුට ගෙයක් යම්සේ ද, එසේ ම මම තොපට පිහිට වෙමි.” (කීය.)

2997. සන්‍ධිං කත්‍වා අමිත‍්තෙන අණ‍්ඩජෙන ජලාබුජ, විවරිය දාඨං සයසි කුතො තෙ භයමාගතං.

2997. එම්බා නාගරාජය, පසමිතුරු වූ පක්‍ෂියකු හා මිත්‍රසන්‍ථවය කොට දළ විවෘත කොට සයනය කෙරෙහි. තට කොයින් බියක් ආයේ දැ යි (සුපර්‍ණයා ඇසී ය.)

2998. සඞ‍්කථෙව අමිත‍්තම‍්හි මිත‍්තස‍්මිම‍්පි න විස‍්සසෙ, අභයා භයමුප‍්පන‍්නං අපි මූලානි කන‍්තති.

2998. අමිත්‍රයා කෙරෙහි සැක කටයුතු මය. අමිත්‍රයා මිත්‍ර වූ කල්හි ද විශ්වාස නො කරන්නේ ය. අභයස්ථාන වූ මිතුරා කෙරෙන් බිය උපන්නේ ය. ජීවිත සංඛ්‍යාත වූ මුල ම සිඳියි.

2999. කථන‍්නු විස‍්සසෙ ත්‍යම‍්හි යෙනාසි කලහො කතො, නිච‍්චයත‍්තෙන ඨාතබ‍්බං සො දිසබ‍්භී න රජ‍්ජති.

2999. යමකු සමඟ කලහ කරන ලද්දේ ද ඔහු කෙරෙහි කෙසේ නම් විශ්වාස කරන්නේ ද? සතුරන් ඇත්තහු විසින් නිතර යත්නයෙන් විසියයුතුයි. හෙතෙම සතුරන් සමඟ නො ඇලෙයි.

3000. විස‍්සාසයෙ න ච නං විස‍්සසෙය්‍ය අසඞ‍්කිතො ච සඞ‍්කිතො භවෙය්‍ය, තථා තථා විඤ‍්ඤූ පරක‍්කමෙය්‍ය යථා යථා භාවං පරො න ජඤ‍්ඤා,

3000. තමා කෙරෙහි විශ්වාසය ඇතිකරවන්නේය. එහෙත් ඔහු විශ්වාස නො කරන්නේය. තමා කෙරෙහි සැක නො කරන ලද්දේ ද (සතුරා කෙරෙහි) සැක කරන්නෙක් වන්නේය. යම් යම් විදියකින් අන්‍යයා අදහස නො දැනගනී නම් නුවණැත්තේ එසේ එසේ වීර්‍ය්‍යය කරන්නේ ය.

3001. තෙ දෙවවණ‍්ණා සුඛුමාලරූපා උභො සමා සුජයො පුඤ‍්ඤක‍්ඛන්‍ධා, උපාගමුං කාදම‍්බියං අචෙලං. මිස‍්සීභූතා අස‍්සවාහාව නාගා.

3001. දෙවියන්ට සමාන වර්‍ණ ඇති සිවුමැලි වූ, පිරිසිදු වූ පින්කඳු දෙකක් බඳු ඔවුනොවුන් එක සමාන වූ පුරුෂ නාගයෝ දෙදෙන එක්ව රිය උසුලන අසුන් මෙන් කාදම්බිය නම් අචේලකයා වෙත පැමිණියහ.

3002. තතො හවෙ පණ‍්ඩරකො අචෙලං සයමෙවුපාගම‍්ම ඉදං අවොච, මුත‍්තජ‍්ජහං සබ‍්බභයාතිවත‍්තො න හි නූන තුය‍්හං මනසො පියම‍්හා.

3002. ඉක්බිති පණ්ඩරක නම් නාරජ තෙම අචේලකයා වෙත තෙමේ ම පැමිණ මෙය කීයේ ය. “අද සියලු භය ඉක්ම වූ මිදුණා වූ මම ඒකාන්තයෙන් නුඹගේ සිතට ප්‍රියයෙක් නො වීමි” යි.

3003. පියො හි මෙ ආසි සුපණ‍්ණරාජා අසංසයං පණ‍්ඩරකෙන සච‍්චං. සො රාගරත‍්තො ච අකාසිං එතං පාපං කම‍්මං සම‍්පජානො න මොහා.

3003. පණ්ඩරක නම් නාගයාට වඩා සුපර්‍ණරාජයා නිසැකයෙන් ම මට ප්‍රියය යන මේ කරුණ සත්‍යයකි. රාගයෙන් ඇලුණා වූ ද ඒ මම දැනගෙන ම මේ පාපකර්‍මය කෙළෙමි. මුළාවෙන් නො දැන නො වේ යයි අචේලකයා කීයේ ය.

3004. න මෙ පියං අප‍්පියං වාපි හොති සම‍්පස‍්සතො ලොකමිමං පරඤ‍්ච, සුසඤ‍්ඤතානං හි වියඤ‍්ජනෙන අසඤ‍්ඤතො ලොකමිමං චරාසි.

3004. මෙලොවත් පරලොවත් බලන්නා වූ පැවිද්දකුට මට ප්‍රියය, අප්‍රිය ය, යන හැඟීමක් නැත. නුඹ වනාහි මනා සංයත වූ පැවිද්දන්ගේ වේශයෙන් අසංයත වූයෙහි මෙලොව හැසිරෙන්නෙහි ය.

3005. අරියාවකාසොසි අනරියො චාසි අසඤ‍්ඤතො සඤ‍්ඤතසන‍්නිකාසො, කණ‍්හාභිජාතිකොසි අනරියරූපො පාපං බහුං දුච‍්චරිතං අචාරි.

3005. නුඹ වනාහි ආර්‍ය්‍යයකුට බඳු ස්වභාව ඇත්තෙහි. එහෙත් ගති පැවතුමින් අනාර්‍ය්‍ය ද වෙහි. සංයම නැත්තෙහි. එහෙත් සංයම ඇත්තකු බඳු වෙහි. පාප සංඛ්‍යාත කෘෂ්ණයෙහි ඇලුණෙක් වෙහි. නිර්ලජ්ජා ස්වභාවය ඇත්තෙහි. ලාමක වූ බොහෝ දුශ්චරිතයෙහි හැසුරුණෙහි යයි නාරජ තෙම නින්‍දා කෙළේ ය.

3006. අදුට‍්ඨස‍්ස තුවං දුබ‍්භි දුබ‍්භි ච පිසුනො චසි, එතෙන සච‍්චවජ‍්ජෙන මුද‍්ධා තෙ ඵලතු සත‍්තධා.

3006. “(එම්බා නිගණ්ඨය,) මිත්‍රද්‍රෝහි වූ නුඹ ද්‍රෝහ නො කළා වූ මිත්‍රයාට ද්‍රෝහ කෙළේ ද වෙහි. කේලාම් කියන්නේ ද වූයෙහි. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ මස්තකය සත් කඩක්ව පැලේවා” යි නාරජ සාප කෙළේ ය.

3007. තස‍්මා හි මිත‍්තානං න දුබ‍්භිතබ‍්බං මිත‍්තදුබ‍්භා පාපියො නත්‍ථි අඤ‍්ඤො, ආසිත‍්තසත‍්තො නිහතො පථබ්‍යා ඉන්‍දස‍්ස වාක්‍යෙන හි සංවරො හතොති.

3007. මිත්‍රද්‍රෝහිකම අනිෂ්ට විපාක ගෙන දෙන හෙයින් මිත්‍රයන්ට ද්‍රෝහ නො කළ යුතු. මිත්‍ර ද්‍රෝහකමට වඩා අන් පාපයෙක් නැත්තේය. පොළෝහි ඉසින ලද විෂ ඇති නාගයා විසින් ශාපකරන ලද්දේ, නා රජුගේ සත්‍ය ක්‍රියාවෙන් සංවරයෙහි සිටිමි යි ප්‍රතිඥා කළ (ඒ) කූට ආජීවක තෙම නැසුණේ යයි වදාළසේක.

පණ‍්ඩරකජාතකං.

පණ්ඩරක ජාතක යි.