යෙදුමෙන් කියවන්න

9. සම‍්බුලාජාතකං

9. සම‍්බුලාජාතකං

9. සම්බුලා ජාතකය

3008. කා වෙධමානා ගිරිකන්‍දරාය එකා තුවං තිට‍්ඨසි සඤ‍්ඤතූරු, පුට‍්ඨාසි මෙ පාණිපමෙය්‍යමජ‍්ඣෙ අක‍්ඛාහි මෙ නාමඤ‍්ච බන්‍ධවෙ ච.

3008. මේ පර්‍වත කඳුරැළියෙහි වෙව්ලමින් පිරුණු වටොර යුවලක් ඇති එකලා වැ සිටුනා තෝ කවරහි. මිටින් ගතහැකි මධ්‍ය ප්‍රදේශ ඇත්තිය, මා විසින් විචාරන ලද වෙහි. තීගේ නම ද ඤාතීන් ද මට කියව.

3009. ඔභාසයං වනං රම‍්මං සීහව්‍යග‍්ඝනිසෙවිතං, කා වා ත්‍වමසි කල්‍යාණි කස‍්ස වා ත්‍වං සුමජ‍්ඣිමෙ අභිවාදෙමි තං භද‍්දෙ දානවාහං නමත්‍ථු තෙ.

3009. යහපත් මධ්‍ය ප්‍රදේශ ඇති සුන්‍දර ස්ත්‍රිය, සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් ගැවැසීගත් සිත්කලු වූ මේ වනය බබුළුවමින් සිටුනා තෝ කවරහි. සොඳුර තිට වඳිමි. මම අසුරයෙක්මි. තිට නමස්කාර වේවා යි අසුරයා කීයේ ය.

3010. යො පුත‍්තො කාසිරාජස‍්ස සොත්‍ථිසෙනොති නං විදූ, තස‍්සාහං සම‍්බුලා භරියා එවං ජානාහි දානව අභිවාදෙමි භද‍්දන‍්තෙ සම‍්බුලාහං නමත්‍ථු තෙ.

3010. අසුරය, කසී රජුගේ යම් පුත්‍රයෙක් වේද, සොත්‍ථිසේන යයි ඔහු දනිත්. මම වනාහි ඔහුගේ සම්බුලා නම් භාර්‍ය්‍යා වෙමි, අසුරය මෙසේ දැන ගනුව.

3011. වෙදෙහපුත‍්තො භද‍්දන‍්තෙ වනෙ වසති ආතුරො, තමහං රොගසම‍්මත‍්තං එකා එකං උපට‍්ඨහිං.

3011. සම්බුලා නම් වූ මම තොප වඳිමි. තොපට නමස්කාර වේවා. පින්වත් අසුරය, වේදේහ පුත්‍ර තෙමේ රෝගී වූයේ වනයෙහි වෙසෙයි. මම වනාහි රෝගයෙන් පෙළුණු එකලා වූ ඔහුට එකලා වැ උපස්ථාන කෙළෙමි.

3012. අහඤ‍්ච වනමුඤ‍්ඡාය මධුමංසං මිගාවිලං, යදා හරාමි තං භක‍්ඛො තස‍්ස නූනජ‍්ජ නාධති.

3012. මම ද මැස්සන් නැති මීත් සිංහාදීන් කා දැමූ මසුත් සොයා ගෙන යම් කලෙක හැරගෙන එම් ද, වේදේහ පුත්‍ර තෙම එය බුදින්නේය. අද ඔහුට එය ද නො ලැබ ඒකාන්තයෙන් තැවෙතියි සිතමි.

3013. කිං වනෙ රාජපුත‍්තෙන ආතුරෙන කරිස‍්සසි, සම‍්බුලෙ පරිචිණ‍්ණෙන අහං භත‍්තා භවාමි තෙ.

3013. සම්බුලාවෙනි, ආතුර වූ දිරාපත් වූ රාජපුත්‍රයකු හේතුවින් කුමට පරිචර්‍ය්‍යා කරහි ද? මම තිට ස්වාමි පුරුෂ වෙමි යි (දානවයා කීය.)

3014. සොකට‍්ටාය දුරත‍්තාය කිං රූපං විජ‍්ජතෙ මම, අඤ‍්ඤං පරියෙස භද‍්දන‍්තෙ අභිරූපතරං මයා.

3014. ශෝකාතුර වූ දුගී අත්බැව් ඇති මාගේ කවර රූප සම්පත්තියක් විද්‍යමාන ද? තට යහපතක් වේවා. මට වඩා රුවැති අන් අඟනක් සොයා ගනුව යි.

3015. එහිමං ගිරිමාරුය‍්හ භරියා මය‍්හං චතුස‍්සතා, තාසං ත්‍වං පවරා හොහි සබ‍්බකාමසමිද‍්ධිනී.

3015. සුන්‍දරිය, එව. මේ පර්‍වතයට නැඟෙව. මාගේ භාර්‍ය්‍යාවෝ සාරසීයක් වෙති. සියලු කාමසම්පතින් සමෘද්ධ වූ තී ඔවුනට ප්‍රධාන වෙහි.

3016. නූන තාරකවණ‍්ණාභෙ යඞ‍්කිඤ‍්චි මනසිච‍්ඡසි, සබ‍්බන‍්තං පචුරං මය‍්හං රමස‍්සුජ‍්ජ මයා සහ.

3016. තරුබඳු ආලෝක ඇත්තිය, සිතින් යම්බඳු ප්‍රාර්‍ත්‍ථනයක් කෙරෙහි නම් ඒ සියල්ල මට අධික ව තිබේ. මා සමඟ අභිරමණය කරව.

3017. නො චෙ තුවං මහෙසෙය්‍යං සම‍්බූලෙ කාරයිසස‍්සි, අලං ත්‍වං පාතරාසාය මඤ‍්ඤෙ භක‍්ඛා භවිස‍්සසි.

3017. සම්බුලාව, ඉදින් තී මාගේ මෙහෙසි බව නො කරන්නී නම්, තී මාගේ ප්‍රාතරාසයට නිසි ඛාද්‍යය වන්නෙහියයි සිතමි.

3018. තඤ‍්ච සත‍්තජටො ලුද‍්දො කළාරො පුරිසාදකො, වනෙ නාථං අපස‍්සන‍්තිං සම‍්බුලං අග‍්ගහී භුජෙ.

3018. සත් දළමඬුල්ලක් ඇති රෞද්‍ර වූ පිටතට නික්මුණු දළ ඇත්තා වූ මිනිසුන් කන්නා වූ (ඒ රකුස් තෙම) වනයෙහි පිහිටක් නො දක්නා වූ ඒ සම්බුලාව ද අතින් අල්ලාගත්තේය.

3019. අධිපන‍්නා පිසාචෙන ලුද‍්දෙනාමිසචක‍්ඛුනා, සා ච සත‍්තුවසම‍්පත‍්තා පතිමෙවානුසොචති.

3019. රෞද්‍ර වූ ක්ලේශාමිෂ වශයෙන් ලොල් වූ ඇස් ඇති පිශාචයා විසින් යටත් කරන ලද (එහෙයින් ම) සතුරාගේ වසඟයට පැමිණියා වූ ඒ සම්බුලාව ද ස්වාමියා අනුවම ශෝක කරයි.

3020. න මෙ ඉදං තථා දුක‍්ඛං යං මං ඛාදෙය්‍ය රක‍්ඛසො, යඤ‍්ච මෙ අය්‍යපුත‍්තස‍්ස මනො හෙස‍්සති අඤ‍්ඤථා

3020. යම් හෙයෙකින් මා රකුසා කන්නේ නම් මෙ මට දුකෙක් නො වේ. මාගේ ආර්‍ය්‍යපුත්‍රයාගේ සිත අන් ලෙසක් වේ නම්, එය මට ඊට වඩා දුකෙකි.

3021. න සන‍්ති දෙවා පවසන‍්ති නූන න හි නූන සන‍්ති ඉධ ලොකපාලා, සහසා කරොන‍්තානං අසඤ‍්ඤතානං න හි නූන සන‍්ති පටිසෙධිතාරො.

3021. දෙවියෝ නැත. දුරුරට වෙසෙති සිතම්. මෙහි ලෝකපාලයෝ නැත් මැ යි සිතම්. එහෙයින් මැ බලාත්කාරකම් කරන අශික්‍ෂිතයන් වළකන්නාහු නැත් මැ යි සිතම්.

3022. ඉත්‍ථිනමෙසා පවරා යසස‍්සිනී සන‍්තා සමා අග‍්ගිරිවුග‍්ගතෙජා, තඤ‍්චෙ තුවං රක‍්ඛසාදෙසි කඤ‍්ඤං මුද‍්ධා ච හි සත‍්තධා තෙ ඵලෙය්‍ය මා ත්‍වං දහි මුඤ‍්ච පතිබ‍්බතා සා.

3022. මෝතොමෝ යශස් ඇත්තා වූ ශාන්ත වූ සම හැසිරීම් ඇති ගින්නක් මෙන් උග්‍ර තේජස් ඇත්තියකි. ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියකි. රාක්‍ෂසය, ඉදින් තෝ ඒ කන්‍යාව කන්නෙහි නම්, තාගේ මුදුන සත්කඩක් ව පැළෙන්නේ ය. තෝ මැය නොතවව. මුදා හරුව. ඕ තොමෝ පතිව්‍රතාවකි යි (එහි පැමිණි සක් දෙව්රජ කී).

3023. සා ච අස‍්සමමාගඤ‍්ඡි පමුත‍්තා පුරිසාදකා, නීළං ඵලිනසකුණීව ගතසිඞ‍්ගංව ආලයං.

3023. මිනීමස් කන අසුරයාගෙන් මිදුණා වූ ඕතොමෝ ගොදුරු ගෙන එන පක්‍ෂිධේනුවක් හිස් කැදැල්ලට මෙන් ද, ගවදෙනක් නික්ම ගිය වස්සා ඇති ගවහලට මෙන් ද, හිස් අසපුවට පැමිණියා ය.

3024. සා තත්‍ථ පරිදෙවෙසි රාජපුත‍්ති යසස‍්සිනී, සම‍්බුලා උතුමත‍්තක‍්ඛා වනෙ නාථං අපස‍්සතී.

3024. ඒ සම්බුලා නම් යශස් ඇති රාජපුත්‍රී තොමෝ ඒ වෙනෙහි හිමියා නො දක්මින් සොවින් උපන් උසුමින් රත් වූ ඇස් ඇති වැ වැලැපුණා යැ.

3025. සමණෙ බ්‍රාහ‍්මණෙ වන්‍දෙ සම‍්පන‍්නචරණෙ ඉසෙ, රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හම‍්හි සරණං ගතා.

3025. මම ශ්‍රමණයන් ද බ්‍රාහ්මණයන් ද චරණ ධර්‍මයන්ගෙන් යුත් ඍෂිවරුන් ද වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ පිහිට සොයා ගියා වෙමි.

3026. වන්‍දෙ සීහෙ ච බ්‍යග‍්ඝෙ ච යෙ ච යෙච අඤ‍්ඤෙ වනෙ මිගා, රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හම‍්හි සරණං ගතා.

3026. සිංහයන් ද ව්‍යාඝ්‍රයන් ද වෙනෙහි යම් සෙසු මෘගයෝ වෙත් නම් ඔවුන් ද මම වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.

3027. තිණලතානි ඔසධ්‍යො පබ‍්බතානි වනානි ච, රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හම‍්හි සරණං ගතා.

3027. තෘණ වර්‍ග ද ලතා වර්‍ග ද ඔෂධි වර්‍ග ද පර්‍වත ද වන ද යන මේ තන්හි යම් දෙවිකෙනෙක් අධිගෘහිත ව වෙසෙද් ද, මම ඔවුන් වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොප පිහිට සොයා ගියා වෙමි.

3028. වන්‍දෙ ඉන්‍දීවරීසාමං රත‍්තිං නක‍්ඛත‍්තමාලිනිං, රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හම‍්හි සරණං ගතා.

3028. නැකැත් පෙළින් යුක්ත වූ නිලුපුල් බඳු වර්‍ණ ඇති රාත්‍රිය ද මම් වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.

3029. වන්‍දෙ භාගීරථිං ගඞ‍්ගං සවන‍්තීනං පටිග‍්ගහං, රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හම‍්හි සරණං ගතා.

3029. සෙසු ගංගාවන්ගේ ජලය පිළිගන්නා වූ භාගීරථි නම් ගඟ මම වඳිමි. රාජපුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් වූ මම තොපගේ සරණ ගියා වෙමි.

3030. වන්‍දෙ අහං පබ‍්බතරාජසෙට‍්ඨං හිවවන‍්තං සිලුච‍්චයං, රාජපුත‍්තං අපස‍්සන‍්තී තුම‍්හම‍්හි සරණං ගතා.

3030. හිමවන්ත නම් පර්‍වතරාජශ්‍රේෂ්ඨයා මම් වඳිමි. රාජ පුත්‍රයා නො දක්නා වූ සම්බුලා නම් මම තොපගේ සරණ ගියා වෙමි යි (සම්බුලා තොමෝ වැළපුණා ය.)

3031. අතිසායං වතාගඤ‍්ජි රාජපුත‍්ති යසස‍්සිනි, කෙනනුජ‍්ජ සමාගඤජි කො තෙ පියතරො මයා.

3031. යශස් ඇත්තා වූ රාජපුත්‍රිය, තෝ ඉතා සවස්හි ආයෙහි ය. අද කවරකු හා එක්වූවා ද? තිට මට වඩා ප්‍රියතරයෙක් කවරේ දැ යි රාජපුත්‍රයා ඇසී ය.

3032. ඉදං ඛොහං තදවොචං ගහිතා තෙන සත‍්තුනා, න මෙ ඉදං තථා දුක‍්ඛං යං මං ඛාදෙය්‍ය රක‍්ඛසො යඤ‍්ච මෙ අය්‍යපුත‍්තසස මනො හෙසස‍්ති අඤ‍්ඤථා.

3032. ඒ සතුරා විසින් අල්ලා ගන්නා ලද මම ඔහුට මෙය ප්‍රකාශ කෙළෙමි. යම්හෙයෙකින් රකුස් තෙම මා කන්නේ නම් එය මට දුකක් නො වේ. මාගේ ස්වාමිපුත්‍රයාගේ සිත්හි යම්බඳු වෙනසක් වේ නම් එය මට එයට වඩා දුකකැ යි කියා යි.

3033. චොරීනං බහුබුද‍්ධීනං යාසු සච‍්චං සුදුල‍්ලභං, ථිනං භාවො දුරාජානො මච‍්ඡස‍්සෙවොදකෙ ගතං.

3033. සෙරවූ ද, බොහෝ අදහස් ඇත්තා වූ ද යම් ඒ ස්ත්‍රීන් අතුරෙහි සත්‍යවචනය ඉතා දුර්‍ලභ ය. මත්ස්‍යයන්ගේ දියෙහි ගමන් මාර්‍ගය මෙන් ස්ත්‍රීන්ගේ ස්වභාවය දැනගන්නට අපහසුය.

3034. තථා මං සච‍්චං පාලෙතු පාලයිසස‍්ති චෙ මමං, යථාහං නාභිජානාමි අඤ‍්ඤං පියතරං තයා එතෙන සච‍්චවජ‍්ජෙන ව්‍යාධි තෙ වූපසම‍්මතු.

3034. යම්සේ මම නුඹට වඩා ඉතා ප්‍රිය වූ අන්‍යයකු නොදනිමි යි කියම් ද, ඉදින් එසේ මාගේ සත්‍යය රක්නේ නම්, ඒ සත්‍ය තෙමේ මා රකීවා. මේ සත්‍ය වචනය කරණ කොට ගෙන තොපගේ ව්‍යාධිය සන්හිඳේවා යි (සම්බුලා තොමෝ සත්‍යක්‍රියා කළාය.)

3035. යෙ කුඤ‍්ජරා සත‍්තසතා උළාරා රක‍්ඛන‍්ති රත‍්තින්‍දිවං උය්‍යුතාවුධා, ධනුග‍්ගහානඤ‍්ච සතානි සොළස කථං විධෙ පස‍්සසි භද‍්දෙ සත‍්තවො.

3035. සම්බුලාවෙනි, මහත් හස්තීහු සත්සියයක් ද (ඔවුන් පිට නැඟි) අවිදරන ධනුර්ධරයන් සොළොස්සියයක් ද මෙනුවර රකිත්. (එසේ කල්හි) කෙබඳු සතුරන් දක්නෙහි දැයි (රාජතාපස තෙමේ සම්බුලාවගෙන් ඇසුවේය.)

3036. අලඞ‍්කතායො පදුමුත‍්තරත‍්තවා විරාගිතා පස‍්සති භංසගග‍්ගරා, තාසං සුණිත්‍වා මිතගීතවාදිතං න දානි මෙ තාත තථා යථා පුරෙ.

3036. පියාණන් වහන්ස, නුඹවහන්සේගේ පුත්‍ර තෙමේ පියුම් ගැබ මෙන් මතුපිට රන්වන් සිවියෙන් බබළන්නා වූ අලංකාර ලෙස සැරසුණා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇත්තා වූ හංසයන්ගේ බඳු ස්වර ඇත්තා වූ ස්ත්‍රීන් දකී. ඔවුන්ගේ මිහිරි ගීත වාදිතය අසා හෙතෙමේ පෙර මෙන් දැන් මා කෙරෙහි නො පවතී.

3037. සුවණ‍්ණසඞ‍්කච‍්චධරා සුචිග‍්ගහා අලඞ‍්කතා මානුසියච‍්ඡරූපමා, සෙනොපියා තාත අනින්‍දිතඞ‍්ගියො ඛත‍්තියකඤ‍්ඤා පටිලොභයන‍්ති නං.

3037. ස්වර්‍ණමය සංකව්වාහරණ (තනපට) දරන්නා වූ අලංකාර කරන ලද මනා සිරුරු ඇත්තා වූ මිනිස් දෙවඟනන් බඳු වූ ක්‍ෂත්‍රිය කන්‍යාවරු නින්‍දා නොකරන ලද ශරීරාවයව ඇත්තාහු සොත්‍ථිසේන රජුට ප්‍රිය වෙත්. පියාණෙනි, ඒ කන්‍යයාවෝ සොත්‍ථිසේන රජු පොළඹවත්.

3038. සචෙ අහං තාත තථා යථා පුරෙ පතිං තමුඤ‍්ඡාය පුනා වනෙ භරෙ, සම‍්මානයෙ මං න ච මං විමානයෙ ඉතොපි මෙ තාත තතො වරං සියා.

3038. පියාණෙනි, ඉදින් මම පෙර මෙන් නැවත ද වනයෙහි සිඟා හැසිරීමෙන් ඒ ස්වාමියා පෝෂණය කරන්නෙම් නම්, මට සම්මානන කරන්නේය. මට අවමන් නො කරන්නේය. පියාණෙනි, මෙයට වඩා මට එය උතුම් වන්නේය.

3039. යමන‍්නපානෙ විපුලස‍්මි ඔහිතෙ නාරි විමට‍්ඨාභරණා අලඞ‍්කතා, සබ‍්බඞ‍්ගුපෙතා පතිනො ච අප‍්පියා අඛජ‍්ඣ තස‍්සා මරණං තතො වරං.

3039. ආහාර පාන බොහෝ කොට පිළියෙළ කොට තිබෙන ගෘහයෙහි නානාලංකාරයෙන් සැරසුණා වූ සියලු අංගයන්ගෙන් යුක්ත වූ ස්ත්‍රී තොමෝ ස්වාමියාහට අප්‍රිය වන්නී නම්, ඇයට ගෙල වැල බැඳගෙන මරණයට පත්වීම ඒ ගෘහවාසයට වඩා උතුම් වේ.

3040. අපි චෙ දළිද‍්දා කපණා අනාළ‍්හියා කටාදුතීයා පතිනොච සා පියා, සබ‍්බඞ‍්ගුපෙතායපි අප‍්පියාය අයමෙව සෙය්‍යා කපණාපි යා පියා.

3040. තවද දිළිඳු වූ බැගෑපත් වූ සහල් නැළියක්වත් නැත්තා වූ නිදන කලාල දෙවැනි කොට ඇති ස්ත්‍රියක් වන්නී නම් ඕ තොමෝ සැමියාට ප්‍රිය ද, සියලු අංගයන්ගෙන් යුක්ත වූ ද අප්‍රිය ස්ත්‍රියට වඩා දුප්පත් වූ යම්බඳු ප්‍රිය තැනැත්තියක් වේ නම් ඕ උතුමි යි (සම්බුලා තොමෝ කීවාය.)

3041. සුදුල‍්ලභිත්‍ථි පුරිසස‍්ස යා හිතා භත‍්තිත්‍ථියා දුල‍්ලභො යො හිතො ච, හිතා ච තෙ සීලවතී ච භරියා ජනින්‍ද ධම‍්මං චර සම‍්බුලාය.

3041. යම් තැනැත්තියක් පුරුෂයාට හිතවත් ද ඕ ඉතා දුර්‍ලභ ස්ත්‍රියකි. යම් පුරුෂයෙක් තෙමේ ස්ත්‍රියට බැතිමත් ද හෙතෙමේත් දුර්‍ලභය. මේ සම්බුලා නම් භාර්‍ය්‍යා තොමෝ තොපට හිතවත් ය. ගුණවත්ය. මහරජ, සම්බුලාව සමග දැහැමින් වාසය කරවයි තාපස වූ පිය රජතෙම අවවාද කෙළේය.

3042. සචෙ තුවං විපුලෙ ලද‍්ධභොගෙ ඉස‍්සාවතිණ‍්ණා මරණං උපෙසි, අහඤ‍්ච තෙ භද‍්දෙ ඉමා රාජකඤ‍්ඤා සබ‍්බෙව තෙ වචනකරා භවාමාති.

3042. සම්බුලාවෙනි, ඉදින් තෙපි අභිෂේකවශයෙන් ලබන ලද මහත් භොග ඇති කල්හි ඊර්‍ෂ්‍යාවට බැස ගත්තාහු මරණයට පැමිණෙන්නහු ද, එසේ නම් සොඳුර, මමත් මේ හැම රාජ කන්‍යාවරුත් තිගේ වචනය පිළිපදින්නමෝ වෙමුයි රජතෙම කීයේය.

සම‍්බුලා ජාතකං.

සම්බුලා ජාතක යි.