10. ගන්ධතින්දුකජාතකං
10. ගන්ධතින්දුකජාතකං.
10. ගන්ධතින්දුක ජාතකය
3043. අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං, අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා.
3043. කුශලයෙහි සිහියෙන් වෙන් නොවීම නම් වූ නො පමාව නිවනට මඟ යි. කුසල් පිරීමේ එළඹ සිටි සිහියක් නැතිබව සසර දුකට මඟ යි. නො පමාවූවෝ සසර දුකට නොපැමිණෙත් හෙවත් නොමැරෙත්. පමාවූවෝ මළවුන් වැනි වෙත්.
3044. මදා පමාදො ජායෙථ පමාදා ජායතෙ ඛයො, ඛයා ච දොසා ජායන්ති මා මදො භරතූසභ.
3044. මහරජ, ආරෝග්‍යාදී ත්‍රිවිධ මදයෙන් ප්‍රමාදය හටගනී. ප්‍රමාදයෙන් විනාශය හටගනී. විනාශ හේතුවෙන් ද්වේෂයෝ හටගනිත්. එබැවින් රට පෝෂණය කරන්නාවූ ශ්‍රේෂ්ඨය, මදයට නො පැමිණෙව.
3045. බහූ හි ඛත්තියා ජිනා අත්ථං රට්ඨං පමාදිනො, අථොපි ගාමිනො ගාමා අනාගාරා අගාරිනො.
3045. ප්‍රමාද වූ බොහෝ රජදරුවෝ වස්තුවය රටය යන මෙයින් පිරිහුණාහ. තවද ප්‍රමාදාපන්න වූ ගම්දෙටුවෝ ගමින් පිරිහුණාහ. ප්‍රමාදාපන්න ගිහිගේ වැස්සෝ ධාන්‍යාදියෙන් සහ ගිහිගෙයින් ද, පැවිද්දෝ පැවිදි බවෙන් ද පිරිහුණහ.
3046. ඛත්තියස්ස පමත්තස්ස රට්ඨස්මිං රට්ඨවඩ්ඪන, සබ්බෙ භොගා විනස්සන්ති රඤ්ඤො තං වුච්චතෙ අඝං.
3046. රටදියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි හැම සම්පත්හු ම වැනසෙත්. එය රජුට දුකය යි කියනු ලැබේ.
3047. නෙස ධම්මො මහාරාජ අතිවෙලං පමජ්ජසි, ඉද්ධං ඵීතං ජනපදං චොරා විද්ධංසයන්ති නං.
3047. මහරජ, සීමාව ඉක්මවා පමාවන්නෙහි නම් එය පැරණි රජුන්ගේ ස්වභාවය නොවෙයි. ආහාර පානාදියෙන් සමෘද්ධ වූ ස්වර්ණාදියෙන් පිරුණා වූ ජනපදය සොරු විනාශ කරත්,
3048. න තෙ පුත්තා භවිස්සන්ති න හිරඤ්ඤං න ධානියං, රට්ඨෙ විලුප්පමානම්හි සබ්බභොගෙහි ජීයසි.
3048. රට පැහැර ගනු ලබන කල්හි සියලු භෝගයන්ගෙන් පිරිහෙන්නේය. එවිට ප්‍රවේණිය රකින පුත්‍රයෝ ද නො වන්නාහ. (අධර්ම රජුගේ පුත්‍රයෝයයි රට වැසියෝ ඔහු බැහැර කරත්.) එසේ ම අධාර්මික රජුගේ හිරණ්‍යාදි ධනය ද නො වන්නේය. ධාන්‍යාදිය ද නො වන්නේය.
3049. සබ්බභොගපරිජිණ්ණං රාජානං වාපි ඛත්තියං, ඤාතිමිත්තා සුහජ්ජා ච න තං මඤ්ඤන්ති මානියං.
3049. සියලු භොග සම්පතින් පිරිහුණු ක්ෂත්රිය රජහු පවා නෑමිතුරෝ ද සුහදයෝ ද ඔහු පිදියයුතු කොට නො සිතත්.
3050. හත්ථාරොහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, තමෙවමුපජීවන්තා න තං මඤ්ඤන්ති මානියං.
3050. ඇතරුවෝ ද බළඇණිවල නියුක්තයෙන් ද රිය පදවන්නෝ ද පාබළසේනාවෝ ද යන සියල්ලෝම ඔහු ඇසුරු කරමින් ජීවත්වන්නාහු නමුත් ඔහු පිදිය යුත්තකු වශයෙන් නො හඟිත්.
3051. අසංවිහිතකම්මන්තං බාලං දුම්මන්ති මන්තිනං, සිරී ජහති දුම්මෙධං ජිණ්ණංව උරගො තචං.
3051. හොඳින් විධාන නො කළ කර්මාන්ත ඇති නපුරු කථා ඇති මන්ත්‍රීන්ගෙන් යුත් අනුවණ බාලයා, දිරාගිය සැව හැරයන සර්පයකු මෙන්, ශ්‍රී තොමෝ හැරදමා යන්නීය.
3052. සුසංවිහිතකම්මන්තං කාලුට්ඨායිං අතන්දිතං, සබ්බෙ භොගාභිවඩ්ඪන්ති ගාවො සඋසභාමිව.
3052. හොඳින් විධාන කරන ලද කර්මාන්ත ඇති සුදුසු කල්හි වීර්‍ය්‍යය කරන්නා වූ අනලස් වූ රජුට වෘෂභයා සහිත ගව මුළ මෙන් සියලු සම්පත් වැඩෙත්.
3053. උපස්සුතිං මහාරාජ රට්ඨෙ ජනපදෙ චර, තත්ථ දිස්වා ච සුත්වා ච තතො තං පටිපජ්ජසි,
3053. මහරජ, දනවුපුවත් ඇසීම පිණිස රටෙහි ද ජනපදයෙහි ද හැසිරෙව. එහි දැක්ක යුතු දෑ දැක ඇසිය යුතු දෑ අසා (මැනවින් දැනගෙන) එයට අනුව පිළිපදුව.
3054. එවං වෙදෙතු පඤ්චාලො සඞ්ගාමො සරසමප්පිතො, යථාහමජ්ජ වෙදෙමි කණ්ටකෙන සමප්පිතො.
3054. අද මම කටුවකින් විදුනා ලද්දේ යම්සේ දුක් විඳිම් ද, මෙසේ ම පණ්වාල රජතෙම යුද්ධයෙහි දී ඊයෙන් විදින ලද්දේ දුක් විඳීවා.
3055. ජිණ්ණො දුබ්බලචක්ඛූසි න රූපං සාධු පස්සසි, කිං තත්ථ බ්රහ්මදත්තස්ස යං තං මග්ගෙය්ය කණ්ටකො.
3055. (එම්බා මහලු පුරුෂය,) නුඹ ජරායෙන් ජීර්ණවූයෙහි දුර්වල ඇස් ඇත්තෙහිය. හොඳින් රූප නො දක්නෙහිය. ඒ නිසා කටුවක් ඇනුනේය යන යමක් ඇද්ද එහි බඹදත් රජුගේ කිනම් දෝෂයෙක්දැයි (පුරෝහිත තෙම ඇසීය.)
3056. බව්හෙත්ථ බ්රාහ්මදත්තස්ස යොහං මග්ගස්මි බ්‍රාහ්මණ, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
3056. බ්‍රාහ්මණය, යම් ඒ මම කටු ඇති මාර්ගයෙහි (කටු ඇනුනෙම් ද) මෙහි බ්‍රහ්මදත්ත රජුගේ බොහෝ දෝෂයෝ වෙත්. රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහුය. නො දැහැමි අයබදු ගැනුමෙන් ඒ ජනපද වැසියෝ නසන ලද්දාහ.
3057. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො.
3057. රාත්‍රි කාලයෙහි ද සොරු පැහැර ගනිත්. දවල් අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පාපීරජහුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මිකයහ.
3058. එතාදිසෙ භයෙ තාත භයට්ටා තාව මානවා, නිල්ලෙනකානි කුබ්බන්ති වනෙ ආහත්ව කණ්ටකං.
3058. දරුව, මෙබඳු බිය ඇති වූ කල්හි බියෙන් පෙළුණු මිනිස්සු කටු ගෙනවුත් (දොරටුව අවුරා ගෙවල් හැරගොස්) වනයේ සැඟවී සිටිය හැකි තැන් සාදා ගනිත්.
3059. කදාස්සු නාමයං රාජා බ්රහ්මදත්තො මරිස්සති, යස්ස රට්ඨම්හි ජීයන්ති අප්පතීකා කුමාරිකා.
3059. යම් රජකුගේ රටෙහි සැමියන් නැති කුමරියෝ මහලුවෙත් ද, මේ බ්‍රහ්මදත්ත රජ කවර දවසක මැරෙන්නේ දැ යි (දිළිඳු මවක් හඬමින් කීවාය.)
3060. දුබ්භාසිතඤ්හි තෙ ජම්මි අනත්ථපදකොවිදෙ, කුහිං රාජා කුමාරීනං භත්තාරං පරියෙසති.
3060. අවැඩ වචන කීමෙහි දක්ෂ නීච තැනැත්තිය, තී විසින් නපුරු වචනයක් ම කියන ලද. කුමරියන්හට සැමියන් සොයන රජෙක් කොහි වෙසේ ද? (කියා පුරෝහිතයා ඇසුවේය.)
3061. න මෙ දුබ්භාසිතං බ්රහ්මෙ කොවිදත්ථපදා අහං, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
3061. බ්‍රාහ්මණය, මා විසින් නපුරක් නො කියන ලද. මම අර්ත්ථ පද කීමෙහි දක්ෂ වෙමි. රජු විසින් ජනපද වැසියෝ නොරක්නා ලද්දාහ. නො දැහැමින් අයබදු ගැනුමෙන් ජනපද වැසියෝ නසන ලද්දාහ.
3062. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො දුජ්ජීවෙ දුබ්භරෙ දාරෙ කුතො භත්තා කුමාරියො.
3062. රාත්‍රියෙහි ද සොරු පැහැර ගනිත්. දවල් කාලයෙහි අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිත්. පාපී රජුගේ රටෙහි ජනයා බොහෝ අධාර්මිකයහ. දුකසේ ජීවත්වන්නාවූ, දුකසේ භාර්ය්යාවන් පෝෂණය කරන්නා වූ රටෙහි දැරියෝ කොයින් සැමියන් ලබත් ද?
3063. එවං සයතු පඤ්චාලො සඞ්ගාමෙ සත්තියා හතො, යථායං කපණො සෙති භතො ඵාලෙන සාලියො.
3063. යම්සේ සාලිය නම් ගව තෙම සීවැලින් ඇනුණේ බැගෑපත්ව සයනය කෙරේ ද? මෙපරිද්දෙන් ම පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි හෙල්ලකින් අනින ලද්දේ ශයනය කෙරේවායි (ගොවියෙක් ශාප කෙළේය.)
3064. අධම්මෙන තුවං ජම්ම බ්රාහ්මදත්තස්ස කුජ්ඣසි, යො ත්වං සපසි රාජානං අපරජ්ඣිත්වාන අත්තනො.
3064. නීච ගොවිය, යම්බඳු වූ තෝ තමා ම අපරාධ කොට රජුට ශාප කරන්නෙහි ද එබඳු තෝ බ්‍රහ්මදත්ත රජුට නිකරුණේ කිපුණෙහි ය.
3065. ධම්මෙන බ්රහ්මදත්තස්ස අහං කුජ්ඣාමි බ්‍රාහ්මණ, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
3065. බ්‍රාහ්මණය, මම බඹදත් රජුට ධර්මයෙන් (කරුණු ඇතිව) කිපෙමි. රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහ. ඔහු විසින් අධර්ම අයබදු ගැනුමෙන් ඔහු පෙළන ලද්දාහ.
3066. අත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො.
3066. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අධර්මයෙන් අයබදු ගන්නෝ පැහැර ගනිති. පාපී රජුගේ රටෙහි නොදැහැමි ජනයා බොහෝ ය.
3067. සා නූන පුන රෙ පක්කා විකාලෙ භත්තමාහරි, භත්තහාරිං අපෙක්ඛන්තො හතො ඵාලෙන සාලියො.
3067. ඒ මාගේ භාර්‍ය්‍යයා තොමෝ දෙවනුව පිස විකාලයෙහි බත් ගෙනාවා ය. බත් ගෙනෙන තැනැත්තිය ගැන අපේක්ෂා ඇත්තේ වීමි. එවිට සාලිය තෙමේ සීවැලින් හැනුණේය යි ගොවියා කීයේ ය.
3068. එවං හඤ්ඤතු පඤ්චාලො සඞ්ගාමෙ අසිනා හතො, යථාහමජ්ජ පහටො ඛීරඤ්ච මෙ පවට්ටිතං.
3068. අද යම්සේ දෙන විසින් මම පහරදෙන ලද්දෙම් ද, මාගේ කිරි බඳුනත් පෙරළන ලද ද, මෙසේ ම පඤ්චාල රජ තෙම, යුද්ධ භූමියෙහි කඩුවෙන් ගසන ලද්දේ නැසේවා යි ගොපල්ලෙක් කී ය.
3069. යං පසු ඛීරං ඡඩ්ඩෙති පසුපාලඤ්ච හිංසති. කිං තත්ථ බ්රහ්මදත්තස්ස යං නො ගරහතෙ භවං.
3069. දෙන කිරි බඳුන පෙරළුවා ය. ගොපල්ලාටත් හිංසා කළා ය. යන යමක් ඇද්ද පින්වත, එහිලා යම් හෙයකින් නුඹ බ්‍රහ්මදත්ත රජුට ගර්හා කරන්නෙහි නම්, ඒ කවර හෙයකින් ද?
3070. ගාරය්හො බ්රහ්මෙ පඤ්චාලො බ්රහ්මදත්තස්ස රාජිනො, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
3070. බ්‍රාහ්මණය, පඤ්චාල රජ තෙමේ ගර්හා කළ යුත්තෙකි. බ්‍රහ්මදත්ත රජු විසින් ජනපද වැසියෝ නො රක්නා ලද්දාහු නොදැහැමි අයබදු ගැනුමින් නසන ලද්දාහ.
3071. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො.
3071. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් කාලයෙහි අයබදු ගන්නෝ පැහැර ගනිති. පාපී රජුගේ රටෙහි ජනයා බොහෝ සෙයින් අධාර්මික වේ.
3072. චණ්ඩා අටනකා ගාවී යං පුරෙ න දුහාමසෙ, තං දානි අජ්ජ දොහාම ඛීරකාමෙහුපද්දුතා.
3072. නපුරු වූ පැන දුවන්නා වූ මේ දෙන යම් හෙයකින් පෙර නො දෙවුමෝ ද, අද කිරි කැමැති රාජපුරුෂයන් විසින් උපද්‍රැත වූවාහු ඇය දොවම්හ.
3073. එවං කඤ්ඤතු පඤ්චාලො විපුත්තො විප්පසුක්ඛතු, යතායං කපණා ගාවී විපුත්තා පරිධාවති.
3073. මේ දුප්පත් ගවදෙන පුත්‍රයාගෙන් වෙන් වූවා, වැළැපෙමින් ඔබමොබ දුවයි ද එසේ ම පඤ්චාල රජ තෙම පුත්‍රයාගෙන් වෙන් වූයේ හඬාවා, පුත්‍රයන්ගෙන් වෙන් වූයේ වියළේවා යි ගම් දරුවෝ ශාප කළහ.
3074. යං පසු පසුපාලස්ස පබ්භමෙය්ය රවෙය්ය වා, කොනිධ අපරාධත්ථි බ්රහ්මදත්තස්ස රාජිනො.
3074. දරුවෙනි, ගවයා නම් ගොපල්ලා වෙත දුවන්නේ ය. ගොපල්ලා දැක කෑගසන්නේ ය. මෙහි ලා බඹදත් රජුගේ කවර නම් අපරාධයක් ඇත්තේ ද?
3075. අපරාධො මහාබ්රහ්මෙ බ්රහ්මදත්තස්ස රාජිනො, අරක්ඛිතා ජානපදා අධම්මබලිනා හතා.
3075. මහාබ්රාහ්මණය, බඹදත් රජුගේ අපරාධය නම්: රජු විසින් දනව්වැස්සෝ නොරක්නා ලද්දාහ. අධර්ම අයබදු ගැනීමෙන් පෙළන ලද්දාහ.
3076. රත්තිඤ්ච චොරා ඛාදන්ති දිවා ඛාදන්ති තුණ්ඩියා, රට්ඨස්මිං කූටරාජස්ස බහු අධම්මිකො ජනො කථං නො අසිකොසත්ථා ඛීරපා හඤ්ඤතෙ පජා.
3076. රාත්‍රියෙහි සොරු පැහැර ගනිති. දවල් නො දැහැමි අයබදු ගන්නෝ පැහැර ගනිති. පවිටු රජුගේ රටෙහි නො දැහැමි ජනයා බොහෝ ය. කඩු කොපුව තනා ගැනීම පිණිස කිරිබොන වස්සෝ කෙසේ නම් නසනු ලැබෙද්ද?
3077. එවං ඛජ්ජතු පඤ්චාලො හතො යුද්ධෙ සපුත්තකො, යථාහමජ්ජ ඛජ්ජාමි ගාමකෙහි අරඤ්ඤජො.
3077. වනයෙහි උපන් මම ගම්වැසි කවුඩන් විසින් ඇදකනු ලබම් ද? එසේ ම පඤ්චාල රජ තෙමේ යුද්ධයෙහි පුත්‍රයන් සහිත ව නසන ලදුයේ කනු ලබාවා.
3078. න සබ්බභූතෙසු විධෙන්ති රක්ඛං රාජානො මණ්ඩුක මනුස්සලොකෙ නෙන්තාවතා රාජා අධම්මචාරී යා තාදිසං ජිවමදෙය්යුං ධඞ්කා.
3078. මණ්ඩුකය, මිනිස් ලොව රජවරු සියලු සතුන් කෙරෙහි ආරක්ෂාව නොපිහිටුවමින් තා වැනි ජීවත්වන්නකු කපුටෝ කන්නාහු ය යන යමක් වේ ද, මේ නිසා රජ තෙම අධාර්මික නො වේ යයි පුරෝහිතයා කීයේ ය.
3079. අධම්මරූපො වත බ්‍රහ්මචාරි අනුම්පියං භාසසි ඛත්තියස්ස, විලුම්පමානාය පුථුප්පජාය පූජෙසි රාජං පරමප්පවාදං.
3079. බ්‍රාහ්මණ තෙම ඒකාන්තයෙන් අධර්ම ස්වභාවය ඇත්තෙක. රජුගේ කැමැත්ත අනුව ම කියන්නේ ය. බොහෝ සතුන් විනාශ කරනු ලබන කල්හි අතිශයින් දොස් කියයුතු රජ පුදන්නේ ය.
3080. සචෙ ඉදං බ්රහ්මෙ සුරජ්ජකං සියා ඵීතං රට්ඨං මුදිතං විප්පසන්නං, භුත්වා බලිං අග්ගපිණ්ඩඤ්ච කාකා න මාදිසං ජිවමදෙය්යුං ධඞ්කාති.
3080. බ්‍රාහ්මණය, ඉදින් මෙරට සමෘද්ධ වූ විශේෂයෙන් ප්‍රසන්න වූ ජනයා ඇති යහපත් රාජ්‍යයක් වන්නේ නම්, කවුඩෝ පූජාව වූ අග්‍ර පිණ්ඩය අනුභව කොට වාසය කෙරෙත්. මා වැනි ජීවත් වන්නකු කවුඩෝ නො කන්නාහ යි මැඩියා කී ය.
ගන්ධතින්දුක ජාතකං.
ගන්ධතින්දුක ජාතක යි.
තිංසති නිපාතො නිට්ඨිතො.
තිංසති නිපාතය නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
කිංඡන්ද කුම්භජයද්දිසඡද්දන්ත අථ පණ්ඩිත සම්භව සීරකම්පි, දකරක්ඛස පණ්ඩරනාසවරො අථ සම්බුල තින්දුකදෙවපුත්තොති.
කිංඡන්දජාතක යැ කුම්හජාතක යැ ජයද්දීසජාතක යැ ඡද්දන්ත ජාතක යැ සම්භවජාතක යැ මහාකපිජාතක යැ දකරක්ඛසජාතක යැ පණ්ඩරකජාතක යැ සම්බුලාජාතක යැ ගන්ධතින්දුකජාතක යැ යි දසදෙයකි.