යෙදුමෙන් කියවන්න

10. ගන්‍ධතින්‍දුකජාතකවණ‍්ණනා 520 අට‍්ඨකථා

10. ගන්‍ධතින්‍දුකජාතකවණ‍්ණනා (520)

10. ගන්‍ධතින්‍දුක ජාතකය (520)

අප‍්පමාදොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො රාජොවාදං ආරබ‍්භ කථෙසි. රාජොවාදො හෙට‍්ඨා විත්‍ථාරිතොව. අතීතෙ පන කපිලරට‍්ඨෙ උත‍්තරපඤ‍්චාලනගරෙ පඤ‍්චාලො නාම රාජා අගතිගමනෙ ඨිතො අධම‍්මෙන පමත‍්තො රජ‍්ජං කාරෙසි. අථස‍්ස අමච‍්චාදයො සබ‍්බෙපි අධම‍්මිකාව ජාතා. බලිපීළිතා රට‍්ඨවාසිනො පුත‍්තදාරෙ ආදාය අරඤ‍්ඤෙ මිගා විය චරිංසු, ගාමට‍්ඨානෙ ගාමො නාම නාහොසි. මනුස‍්සා රාජපුරිසානං භයෙන දිවා ගෙහෙ වසිතුං අසක‍්කොන‍්තා ගෙහානි කණ‍්ටකසාඛාහි පරික‍්ඛිපිත්‍වා ගෙහෙ රත‍්තිං වසිත්‍වා අරුණෙ උග‍්ගච‍්ඡන‍්තෙයෙව අරඤ‍්ඤං පවිසන‍්ති. දිවා රාජපුරිසා විලුම‍්පන‍්ති, රත‍්තිං චොරා. තදා බොධිසත‍්තො බහිනගරෙ ගන්‍ධතින්‍දුකරුක‍්ඛෙ දෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති, අනුසංවච‍්ඡරං රඤ‍්ඤො සන‍්තිකා සහස‍්සග‍්ඝනකං බලිකම‍්මං ලභති. සො චින‍්තෙසි – “අයං රාජා පමත‍්තො රජ‍්ජං කාරෙති, සකලරට‍්ඨං විනස‍්සති, ඨපෙත්‍වා මං අඤ‍්ඤො රාජානං පතිරූපෙ නිවෙසෙතුං සමත්‍ථො නාම නත්‍ථි, උපකාරකො චාපි මෙ අනුසංවච‍්ඡරං සහස‍්සග‍්ඝනකබලිනා පූජෙති, ඔවදිස‍්සාමි න”න‍්ති. සො රත‍්තිභාගෙ රඤ‍්ඤො සිරිගබ‍්භං පවිසිත්‍වා උස‍්සීසකපස‍්සෙ ඨත්‍වා ඔභාසං විස‍්සජ‍්ජෙත්‍වා ආකාසෙ අට‍්ඨාසි.

අප්පමාදො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් රජවරුන්ට දියයුතු අවවාදයක් අරභයා දේශනා කළ සේක. රාජෝවාද ජාතකය යට විස්තර කරන ලද්දේය. අතීතයෙහි කම්පිල්ල රට උත්තර පඤ්චාල නගරයෙහි පඤ්චාල නම් රජු අගතිගාමී වූයේ අධර්මයෙන් ප්‍රමාදී වී රාජ්‍යය කරවීය. ඉක්බිති ඔහුගේ ඇමතිවරු ආදී සියල්ලෝද අධාර්මිකයෝම වූහ. බදුබරින් පීඩාවට පත්වූ රටවැසියෝ අඹුදරුවන් ගෙන වනයෙහි මෘගයෝ මෙන් හැසිරුනහ. ගම්තැනෙහි ගමක් නම් නොවීය. මිනිස්සු රාජපුරුෂයන්ට බියෙන් දවල් කාලයෙහි ගෙවල වසන්නට නොහැකි වෙති. ගෙවල් කටු අතු ආදියෙන් වටකර අරුණ නැගෙන විටම වනයට පිවිසෙත්. දවල් කාලයෙහි රාජපුරුෂයෝ විලෝපනය කරති. රාත්‍රියෙහි සොරු එසේ කරති. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ පිටත නගරයෙහි ගඳතිඹිරි ගසෙක දේවතාවා වී උපන් සේක. වසරක් පාසා රජුගේ සමීපයෙන් සහසක් වටිනා පූජා කර්මයක් ලබයි. හෙතෙම මෙසේ සිතුවේය. මේ රජු ප්‍රමාද වූයේ රාජ්‍යය කරවයි. සියළු රට විනාශ කරන්නේය. මා හැර අනිකෙක් රජු සුදුසු තන්හි පිවිසවන්නට සමර්ථ අයෙක් නම් නැත. මට උපකාරක වූ මොහු වසරක් පාසා දහසක් වටනා පූජාවෙන් පිදීය. ඔහුට අවවාද කරන්නෙමියි හෙතෙම රාත්‍රී කාලයෙහි රජුගේ සිරියහන් ගැබට පිවිස හිස පැත්තෙහි සිට ආලෝකයක් විහිදුවා අහසෙහි සිටියේය.

රාජා තං බාලසූරියං විය ජලමානං දිස‍්වා “කොසි ත්‍වං, කෙන වා කාරණෙන ඉධාගතොසී”ති පුච‍්ඡි. සො තස‍්ස වචනං සුත්‍වා, “මහාරාජ, අහං ගන්‍ධතින්‍දුකදෙවතා, ‘තුය‍්හං ඔවාදං දස‍්සාමී’ති ආගතොම‍්හී”ති ආහ. “කිං නාම ඔවාදං දස‍්සසී”ති එවං වුත‍්තෙ මහාසත‍්තො, “මහාරාජ, ත්‍වං පමත‍්තො හුත්‍වා රජ‍්ජං කාරෙසි, තෙන තෙ සකලරට‍්ඨං හතවිලුත‍්තං විය විනට‍්ඨං, රාජානො නාම පමාදෙන රජ‍්ජං කාරෙන‍්තා සකලරට‍්ඨස‍්ස සාමිනො න හොන‍්ති, දිට‍්ඨෙව ධම‍්මෙ විනාසං පත්‍වා සම‍්පරායෙ පුන මහානිරයෙ නිබ‍්බත‍්තන‍්ති. තෙසු ච පමාදං ආපන‍්නෙසු අන‍්තොජනා බහිජනාපිස‍්ස පමත‍්තාව හොන‍්ති, තස‍්මා රඤ‍්ඤා අතිරෙකෙන අප‍්පමත‍්තෙන භවිතබ‍්බ”න‍්ති වත්‍වා ධම‍්මදෙසනං පට‍්ඨපෙන‍්තො ඉමා එකාදස ගාථා ආහ –

රජු ළහිරු මණ්ඩලයක් මෙන් දිළියෙන්නා වූ ඔහු දැක ඔබ කවරෙක් වෙහිද? කවර කරුණක් නිසා මෙහි ආවෙහිදැයි විචාළේය. හෙතෙම ඔහුගේ වචනය අසා මහරජතුමනි, ගඳ තිඹිරිගසේ දේවතාවා වෙමි. ඔබට අවවාදයක් දෙන්නෙමියි පැමිණියේ වෙමි. කවර අවවාදයක් දෙන්නෙහි දැයි ඇසීය. මෙසේ කී කල්හි මහබෝසත් තෙමේ මහරජතුමනි, ඔබ ප්‍රමාද වී රාජ්‍යය කරහිය. එනිසා ඔබගේ මුළුරටම නැසුනේය. විලෝපනය කලාක් මෙන් නැසුනේය. රජවරු ප්‍රමාදයෙන් යුතුව රාජ්‍යය කරන්නාහු සියළු රටවැසියන්ගේ ස්වාමිවරු නොවෙති. මෙලොව විනාශයට පත් වී පරලොවදී නැවත මහා නිරයෙහි උපදිත්. ඔවුන් ප්‍රමාදයට පත්වූ කල්හි ඔහුගේ ඇතුළත ජනයාද පිටත ජනයාද ප්‍රමාද වූවෝම වෙති. එහෙයින් රජු විසින් අතිශයින් අප්‍රමාදී වූවෙකු විය යුතු යයි කියා ධර්ම දේශනාව එළවා පිහිටුවමින් මෙසේ කීවේය.

“අප‍්පමාදො අමතපදං, පමාදො මච‍්චුනො පදං; අප‍්පමත‍්තා න මීයන‍්ති, යෙ පමත‍්තා යථා මතා.

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං, අප්පමත්තා නමීයන්ති යෙ පමත්තා යථා මතා

1. පමානොවීම නිවනට කරුණු වේ. ප්‍රමාදය මරණයට කරුණු වේ. අප්‍රමාදී වූවෝ නොමැරෙත්. යමෙක් පමා වූවාහුද ඔවුහු මළ අය වැනියහ.

“මදා පමාදො ජායෙථ, පමාදා ජායතෙ ඛයො; ඛයා පදොසා ජායන‍්ති, මා මදො භරතූසභ.

2. මදයෙන් ප්‍රමාදය ඇති වේ. ප්‍රමාදයෙන් විනාශය හටගනී. විනාශයෙන් ද්වේෂයෝ හටගනිත්. රට පෝෂණය කරන රජතුමනි, මදයට පත් නොවෙව.

“බහූ හි ඛත‍්තියා ජීනා, අත්‍ථං රට‍්ඨං පමාදිනො; අථොපි ගාමිනො ගාමා, අනගාරා අගාරිනො.

3. ප්‍රමාද වූ බොහෝ ක්‍ෂත්‍රියයෝ වස්තුවද රටද යන මෙයින් පිරිහුණහ. තවද ගම්දෙටුවෝ ගමින්ද පැවිද්දෝද ගිහිගෙයි වැස්සෝද පිරිහුණාහ.

“ඛත‍්තියස‍්ස පමත‍්තස‍්ස, රට‍්ඨස‍්මිං රට‍්ඨවඩ‍්ඪන; සබ‍්බෙ භොගා විනස‍්සන‍්ති, රඤ‍්ඤො තං වුච‍්චතෙ අඝං.

4. රට වඩන්නා වූ රජතුමනි, ප්‍රමාද වූ ක්‍ෂත්‍රියයාගේ රටෙහි සියළු භෝගයෝ වැනසෙත්. රජුට එය දුකකැයි නියනු ලැබේ.

“නෙස ධම‍්මො මහාරාජ, අතිවෙලං පමජ‍්ජසි; ඉද‍්ධං ඵීතං ජනපදං, චොරා විද‍්ධංසයන‍්ති නං.

5. මහරජතුමනි, සීමාව ඉක්මවා පමා වන්නෙහි නම් මෙය පැරණි රජවරුන්ගේ ස්වභාවය නොවේ. සමෘද්ධිමත් වූ පොහොසත් වූ ඒ ජනපදය සොරු වනසත්.

“න තෙ පුත‍්තා භවිස‍්සන‍්ති, න හිරඤ‍්ඤං න ධානියං; රට‍්ඨෙ විලුප‍්පමානම‍්හි, සබ‍්බභොගෙහි ජීයසි.

6. රට විලෝපනය කරන කල්හි ඔහුට පුත්‍රයෝ නොවන්නාහ. රන් නොවන්නේය. ධනය නොවන්නේය. සියළු භවභෝග සම්පතින් පිරිහෙන්නේය.

“සබ‍්බභොගා පරිජිණ‍්ණං, රාජානං වාපි ඛත‍්තියං; ඤාතිමිත‍්තා සුහජ‍්ජා ච, න තං මඤ‍්ඤන‍්ති මානියං.

7. සියළු සම්පත්තීන්ගෙන් පිරිහුන ක්‍ෂත්‍රිය රජුගේද නෑදෑ මිතුරෝද හිතවත්තුද ඔහු ගරු කටයුත්තෙකු කොට නොසිතති.

“හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා; තමෙවමුපජීවන‍්තා, න තං මඤ‍්ඤන‍්ති මානියං.

8. ඇතුරුවෝද බලසෙනගෙහි යුක්ත වූවෝද රියකරුවෝද පාබල සේනාවෝද ඔහු ඇසුරු කර ජීවත් වන්නාහු නමුත් ඔහු ගරු කටයුත්තෙකු කොට නොසිතන්නේය.

“අසංවිහිතකම‍්මන‍්තං, බාලං දුම‍්මන‍්තිමන‍්තිනං; සිරී ජහති දුම‍්මෙධං, ජිණ‍්ණංව උරගො තචං.

9. මනාව සංවිධානය නොකළ කර්මාන්ත ඇති නපුරු මන්ත්‍රණ ඇති මන්ත්‍රීවරුන්ගෙන් යුත් නුනුවණැති මෝඩයා සර්පයා දිරාගිය හැව මෙන් සම්පත (ශ්‍රීකාන්තාව) අත්හරී.

“සුසංවිහිතකම‍්මන‍්තං, කාලුට‍්ඨායිං අතන්‍දිතං; සබ‍්බෙ භොගාභිවඩ‍්ඪන‍්ති, ගාවො සඋසභාමිව.

10. මනාව සංවිධානය කළ කර්මාන්ත ඇති කලට නැගී සිටින්නා වූ අනලස් වූ රජුට වෘෂභයෙකුගෙන් යුතු ගවරැළ මේ සියළු සම්පත් වැඩේ.

“උපස‍්සුතිං මහාරාජ, රට‍්ඨෙ ජනපදෙ චර; තත්‍ථ දිස‍්වා ච සුත්‍වා ච, තතො තං පටිපජ‍්ජසී”ති.

11. මහරජතුමනි, තොරතුරු ඇසීම සඳහා රටෙහිද ජනපදයන්හිද හැසිරෙව. එහි තොරතුර දැකද අසාද අනතුරුව ඒ අනුව පිළිපදුව යනුවෙනි.

තත්‍ථ අප‍්පමාදොති සතියා අවිප‍්පවාසො. අමතපදන‍්ති අමතස‍්ස නිබ‍්බානස‍්ස පදං අධිගමකාරණං. මච‍්චුනො පදන‍්ති මරණස‍්ස කාරණං. පමත‍්තා හි විපස‍්සනං අවඩ‍්ඪෙත්‍වා අප‍්පටිසන්‍ධිකභාවං පත‍්තුං අසක‍්කොන‍්තා පුනප‍්පුනං සංසාරෙ ජායන‍්ති චෙව මීයන‍්ති ච, තස‍්මා පමාදො මච‍්චුනො පදං නාම . න මීයන‍්තීති විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අප‍්පටිසන්‍ධිකභාවං පත‍්තා පුන සංසාරෙ අනිබ‍්බත‍්තත‍්තා න මීයන‍්ති නාම. යෙ පමත‍්තාති, මහාරාජ, යෙ පුග‍්ගලා පමත‍්තා, තෙ යථා මතා, තථෙව දට‍්ඨබ‍්බා. කස‍්මා? අකිච‍්චසාධනතාය. මතස‍්සපි හි “අහං දානං දස‍්සාමි, සීලං රක‍්ඛිස‍්සාමි, උපොසථකම‍්මං කරිස‍්සාමි, කල්‍යාණකම‍්මං පූරෙස‍්සාමී”ති ආභොගො වා පත්‍ථනා වා පරියුට‍්ඨානං වා නත්‍ථි අපගතවිඤ‍්ඤාණත‍්තා, පමත‍්තස‍්සපි අප‍්පමාදාභාවාති තස‍්මා උභොපෙතෙ එකසදිසාව.

එහි අප්පමාදො යනු සිහියෙන් වෙන් නොවූයේ. අමතපදං යනු අමාවට නිවනට කරුණු අවබෝධයට කාරණය. මච්චුනො පදං යනු මරණයට කාරණය. ප්‍රමාද වූ තැනැත්තා විදර්ශනා වඩා නැවත පිළිසිඳ නොගන්නා බවට පත් වීමට නොහැකි වන්නේ නැවත නැවත සසර උපදින්නේද වේ. මැරෙන්නේද වේ. එහෙයින් ප්‍රමාදය මරණයට හේතු වේ නම් වෙයි. නමීයන්ති යනු විදසුන් වඩා නැවත පිළිසිඳ නොගන්නා බවට පත්වී නැවත සසර නොඋපදින හෙයින් මිය නොයත් නම් වේ. යෙ පමන්තා යනු මහරජතුමනි, යම් පුද්ගලයෝ ප්‍රමාද වූවාහුද ඔවුහු මළ අය යම්සේද එසේම දත යුත්තාහ. කුමක් හෙයින්ද කාර්ය සාධනය නොකරන හෙයිනි. මළ තැනැත්තාටද මම දන් දෙන්නෙමි. සිල් රකින්නෙමි. පෙහෙවස් කරන්නෙමි. සුසිරිත් දහම් පුරන්නෙමියි සිතා බැලීමක් හෝ පැතීමක් හෝ නැගී සිටීමක් හෝ නැත. පමා වූවහුට අප්‍රමාදී බැවින් පහවූ දැනීම් ඇති හෙයිනි. එහෙයින් මේ දෙදෙනාම එක හා සමාන වේ.

මදාති, මහාරාජ, ආරොග්‍යයොබ‍්බනජීවිතමදසඞ‍්ඛාතා තිවිධා මදා පමාදො නාම ජායති. සො මදප‍්පත‍්තො පමාදාපන‍්නො පාණාතිපාතාදීනි පාපකම‍්මානි කරොති. අථ නං රාජානො ඡින්‍දාපෙන‍්ති වා හනාපෙන‍්ති වා, සබ‍්බං වා ධනමස‍්ස හරන‍්ති, එවමස‍්ස පමාදා ඤාතිධනජීවිතක‍්ඛයො ජායති. පුන සො ධනක‍්ඛයං වා යසක‍්ඛයං වා පත‍්තො ජීවිතුං අසක‍්කොන‍්තො ජීවිතවුත‍්තත්‍ථාය කායදුච‍්චරිතාදීනි කරොති, ඉච‍්චස‍්ස ඛයා පදොසා ජායන‍්ති, තෙන තං වදාමි මා මදො භරතූසභාති, රට‍්ඨභාරකජෙට‍්ඨක භරතූසභ මා පමාදමාපජ‍්ජීති අත්‍ථො. අත්‍ථං රට‍්ඨන‍්ති ජනපදවාසීනං වුද‍්ධිඤ‍්චෙව සකලරට‍්ඨඤ‍්ච බහූ පමාදිනො ජීනා. තෙසං ආවිභාවත්‍ථාය ඛන‍්තිවාදිජාතක-මාතඞ‍්ගජාතක-භරුජාතක-සරභඞ‍්ගජාතක-චෙතියජාතකානි කථෙතබ‍්බානි. ගාමිනොති ගාමභොජකාපි තෙ ගාමාපි බහූ පමාදදොසෙන ජීනා පරිහීනා විනට‍්ඨා. අනගාරා අගාරිනොති පබ‍්බජිතාපි පබ‍්බජිතපටිපත‍්තිතො, ගිහීපි ඝරාවාසතො චෙව ධනධඤ‍්ඤාදීහි ච බහූ ජීනා පරිහීනාති වදති. තං වුච‍්චතෙ අඝන‍්ති, මහාරාජ, යසභොගපරිහානි නාමෙතං රඤ‍්ඤො දුක‍්ඛං වුච‍්චති. භොගාභාවෙන හි නිද‍්ධනස‍්ස යසො හායති, හීනයසො මහන‍්තං කායිකචෙතසිකදුක‍්ඛං පාපුණාති.

මදා යනු මහරජතුමනි, නිරෝගී බව යොවුන් බව හා ජීවිත මද සංඛ්‍යාත වූ තුන්වැදෑරුම් මදයෙන් ප්‍රමාදය හටගනී. මදයෙන් මත්වූ ප්‍රමාදයට පත්වූ හෙතෙම පරපණ නැසීම ආදී පව්කම් කරයි. ඉක්බිති රජවරු ඔහු හිස සිඳුවත් හෝ නසත් ඔහුගේ සියළු ධනය පැහැර ගනිත්. මෙසේ ඔහුගේ ප්‍රමාදය නිසා නෑයන්-ධනය-ජීවිතයේ හානිය ඇති වෙයි. නැවත හෙතෙම ධනහානියට හෝ කීර්ති හානියට පත් වූයේ ජීවත් වීමට නොහැකි වන්නේ දිවිපැවැත්ම සඳහා කාය දුශ්චරිත ආදිය කරයි. මෙසේ ඔහුගේ හානියෙන් ද්වේෂයෝ හටගනිත්. එහෙයින් එය කියමි. මාමදො භරතූසහ යනු රට පෝෂණය කරන ප්‍රධානිය, රජතුමනි, ප්‍රමාද නොවව යන අර්ථයි. අත්‍ථං රට්ඨං යනු ජනපදවාසීන්ගේ අභිවෘද්ධියද සියළු රටද බොහෝකොට ප්‍රමාද වන්නෝ පිරිහෙලන්නාහුය. එය ප්‍රකටවීම සඳහා ක්‍ෂාන්තිවාදී ජාතකය, මාතංග ජාතකය, භරු ජාතකය, සරභංග ජාතකය, චේතිය ජාතකය යන මේ ජාතක කථා කිවයුතු වෙයි. ගාමිනො යනු ගම්දෙටුවෝද ඔවුන්ගේ ගම් බෙහෙවින් ප්‍රමාද වීමේ දෝෂයෙන් සින්දාහු. පිරිහීමට පත් කලාහු විනාශ කළාහු වෙති. අනාගාරා අගාරිනො යනු පැවිද්දෝ පැවිදි ප්‍රතිපත්තියෙන්ද ගිහියෝ ගිහිගෙයි වාසයෙන්ද ධාන්‍ය ආදියෙන්ද බොහෝකොට සින්දාහු පිරිහුනාහු යයි කියයි. තං වුච්චතෙ අඝං යනු මහරජතුමනි, කීර්තියෙන් හා සම්පතින් පිරිහීම රජුට දුකක් යයි කියනු ලැබේ. සම්පත් නැති හෙයින් ධනය නැති අයගේ කීර්තිය නැසෙයි. පිරිහුනු කීර්ති ඇති තැනැත්තා මහත් වූ දුකට පැමිණෙයි.

නෙස ධම‍්මොති, මහාරාජ, එස පොරාණකරාජූනං ධම‍්මො න හොති. ඉද‍්ධං ඵීතන‍්ති අන‍්නපානාදිනා සමිද‍්ධං හිරඤ‍්ඤසුවණ‍්ණාදිනා ඵීතං පුප‍්ඵිතං. න තෙ පුත‍්තාති, මහාරාජ, පවෙණිපාලකා තෙ පුත‍්තා න භවිස‍්සන‍්ති. රට‍්ඨවාසිනො හි “අධම‍්මිකරඤ‍්ඤො එස පුත‍්තො, කිං අම‍්හාකං වුඩ‍්ඪිං කරිස‍්සති, නාස‍්ස ඡත‍්තං දස‍්සාමා”ති ඡත‍්තං න දෙන‍්ති. එවමෙතෙසං පවෙණිපාලකා පුත‍්තා න හොන‍්ති නාම. පරිජිණ‍්ණන‍්ති පරිහීනං. රාජානං වාපීති සචෙපි සො රාජා හොති, අථ නං රාජානං සමානම‍්පි. මානියන‍්ති “අයං රාජා”ති ගරුචිත‍්තෙන සම‍්මානෙතබ‍්බං කත්‍වා න මඤ‍්ඤන‍්ති. උපජීවන‍්තාති උපනිස‍්සාය ජීවන‍්තාපි එතෙ එත‍්තකා ජනා ගරුචිත‍්තෙන මඤ‍්ඤිතබ‍්බං න මඤ‍්ඤන‍්ති. කිංකාරණා? අධම‍්මිකභාවෙන.

නෙස ධම්මො යනු මහරජතුමනි, මෙය පැරණි රජවරුන්ගේ ස්වභාවය නොවේ. ඉද්ධං ඵීතං යනු කෑම බීම ආදියෙන් සමෘද්ධ වූ රන්රිදී ආදියෙන් පිරුණු. න තෙ පුත්තා යනු මහරජතුමනි, පරපුර පාලනය කරන්නා වූ පුත්‍රයෝ ඔබට නොවන්නාහ. රටවැසියෝ මෙතෙම අධාර්මික රජුගේ පුත්‍රයාය. කිම අපට යහපතක් කරන්නේද මොහුට සේසත නොදෙන්නෙමු යයි සේසත නොදෙත්. එසේම ඔවුන්ට පරපුර රකින්නා වූ පුත්‍රයෝ නොවෙත්මය. පරිජිනං යනු පිරිහුන. රාජානං වා යනු ඉදින් හෙතෙම රජු වේද අනතුරුව රජුන් හා සමාන වූ ඔහු. මානියං මෙතෙම රජුයයි ගෞරව පෙරදැරි සිතින් බුහුමන් කළයුත්තෙකු කොට නොසිතයි. උපජීවන්තා යනු ඇසුරු කර ජීවත් වන්නා වූ ජනයෝද ගෞරව පෙරදැරි සිතින් බුහුමන් කටයුත්තෙකු කර නොසිතත්. කවර කරුණින්ද? නොදැහැමි බව නිසාය.

සිරීති යසවිභවො. තචන‍්ති යථා උරගො ජිණ‍්ණතචං ජිගුච‍්ඡන‍්තො ජහති, න පුන ඔලොකෙති, එවං තාදිසං රාජානං සිරී ජහති. සුසංවිහිතකම‍්මන‍්තන‍්ති කායද‍්වාරාදීහි පාපකම‍්මං අකරොන‍්තං. අභිවඩ‍්ඪන‍්තීති අභිමුඛං ගච‍්ඡන‍්තා වඩ‍්ඪන‍්ති. සඋසභාමිවාති සඋසභා ඉව. අප‍්පමත‍්තස‍්ස හි සඋසභජෙට‍්ඨකො ගොගණො විය භොගා වඩ‍්ඪන‍්ති. උපස‍්සුතින‍්ති ජනපදචාරිත‍්තසවනාය චාරිකං අත‍්තනො සකලරට‍්ඨෙ ච ජනපදෙ ච චර. තත්‍ථාති තස‍්මිං රට‍්ඨෙ චරන‍්තො දට‍්ඨබ‍්බං දිස‍්වා සොතබ‍්බං සුත්‍වා අත‍්තනො ගුණාගුණං පච‍්චක‍්ඛං කත්‍වා තතො අත‍්තනො හිතපටිපත‍්තිං පටිපජ‍්ජිස‍්සසීති.

සිරී යනු කීර්ති හා සම්පත්. තචං යනු සර්පයා යම් සේ දිරාගිය සමට පිළිකුල් කරමින් අත්හරීද නැවත ඒ දෙස නොබලයිද මෙසේ ශ්‍රී කාන්තාව එබඳු වූ රජුන් අත්හරී. සුසංවිහිත කම්මං යනු කය ආදී දොරටුවලින් පවිටු කටයුතු නොකරන. අභිවඩ්ඪන්ති යනු ඉදිරියට යන්නහු වැඩෙත්. සඋසභාමිව යනු වෘෂභයෙකු සහිත ගවරැළක් මෙන් අප්‍රමාදී වූවහුගේ සම්පත් ප්‍රධානී වූ වෘෂභයෙකු ඇති ගව සමූහයා මෙන් වැඩෙත්. උපස්සුති යනු ජනපදයන්හි පැවැත්ම ශ්‍රවණය කිරීම පිණිස තමාගේ මුළු රටෙහිමද ජනපදයන්හිද චාරිකාවෙහි හැසිරෙව. තත්‍ථ යනු ඔහු රට තුළ හැසිරෙන්නේ දැකිය යුතු දේ දැක, ඇසිය යුතු දේ අසා තමාගේ හොඳ නරක ප්‍රත්‍යක්‍ෂ කර අනතුරුව තමාට හිත වූ පිළිවතෙහි පිළිපන්නෙහිය.

ඉති මහාසත‍්තො එකාදසහි ගාථාහි රාජානං ඔවදිත්‍වා “ගච‍්ඡ පපඤ‍්චං අකත්‍වා පරිග‍්ගණ‍්හ රට‍්ඨං, මා නාසයී”ති වත්‍වා සකට‍්ඨානමෙව ගතො. රාජාපි තස‍්ස වචනං සුත්‍වා සංවෙගප‍්පත‍්තො පුනදිවසෙ රජ‍්ජං අමච‍්චෙ පටිච‍්ඡාපෙත්‍වා පුරොහිතෙන සද‍්ධිං කාලස‍්සෙව පාචීනද‍්වාරෙන නගරා නික‍්ඛමිත්‍වා යොජනමත‍්තං ගතො. තත්‍ථෙකො ගාමවාසී මහල‍්ලකො අටවිතො කණ‍්ටකසාඛං ආහරිත්‍වා ගෙහද‍්වාරං පරික‍්ඛිපිත්‍වා පිදහිත්‍වා පුත‍්තදාරං ආදාය අරඤ‍්ඤං පවිසිත්‍වා සායං රාජපුරිසෙසු පක‍්කන‍්තෙසු අත‍්තනො ඝරං ආගච‍්ඡන‍්තො ගෙහද‍්වාරෙ පාදෙ කණ‍්ටකෙන විද‍්ධො උක‍්කුටිකං නිසීදිත්‍වා කණ‍්ටකං නීහරන‍්තො –

මෙසේ මහබෝසත් තෙමේ ගාථාවන් එකොළෙසකින් රජුට අවවාද කර යව ප්‍රමාද නොකර පරීක්‍ෂා කරව. රට නොනසුව යයි කියා සිය වාසස්ථානයටම ගියේය. රජුද ඔහුගේ වචනය අසා සංවේගයට පත්වූයේ දෙවන දවස්හි රාජ්‍යය ඇමතිවරුන්ට පවරා දී පුරෝහිතයා සමග කල් ඇතිවම පෙරදිග දොරටුවෙන් නගරයෙන් නික්මී යොදුනක් පමණ ගියේ එහි ගම්වැසි එක් මහල්ලෙක් වනයෙන් කටු අතු ගෙනවුත් ගෙදොර වටකර වසා අඹුදරුවන් ගෙන වනයට පිවිස සවස රාජපුරුෂයන් ගිය කල්හි තමන්ගේ ගෙදරට පැමිණෙන්නේ ගෙදොරහිදී පාදයන් කටුවලින් විදිනු ලද කල්හි උක්කුටිකව හිඳ කටුව බැහැර කරමින්

“එවං වෙදෙතු පඤ‍්චාලො, සඞ‍්ගාමෙ සරමප‍්පිතො; යථාහමජ‍්ජ වෙදෙමි, කණ‍්ටකෙන සමප‍්පිතො”ති. –

12. යම්සේ මම අද කටුවකින් විදුනා ලද්දේ යම් සේ දුක් විඳිමිද මෙසේ පඤ්චාල රජු යුද්ධයෙහිදී හීයෙන් විදින ලද්දේ දුක් විදීවා.

ඉමාය ගාථාය රාජානං අක‍්කොසි. තං පනස‍්ස අක‍්කොසනං බොධිසත‍්තානුභාවෙන අහොසි. බොධිසත‍්තෙන අධිග‍්ගහිතොව සො අක‍්කොසීති වෙදිතබ‍්බො. තස‍්මිං පන සමයෙ රාජා ච පුරොහිතො ච අඤ‍්ඤාතකවෙසෙන තස‍්ස සන‍්තිකෙව අට‍්ඨංසු. අථස‍්ස වචනං සුත්‍වා පුරොහිතො ඉතරං ගාථමාහ –

මේ ගාථාවෙන් රජුට බැන වැදුනේය. ඒ බැනවැදීම බෝසතුන්ගේ ආනුභාවයෙන්ම වීය. බෝසතුන් විසින් අධිගෘහිත වූයේම ඔහු බැනවැදුනේ යයි දතයුතුය. ඒ වේලාවෙහි රජුද පුරෝහිතයාද අප්‍රසිද්ධ වේශයෙන් ඔහු සමීපයෙහිම සිටියාහුය. අනතුරුව පුරෝහිතයා ඔහුගේ වචනය අසා වෙනත් ගාථාවක් කීවේය.

“ජිණ‍්ණො දුබ‍්බලචක‍්ඛූසි, න රූපං සාධු පස‍්සසි; කිං තත්‍ථ බ්‍රහ‍්මදත‍්තස‍්ස, යං තං මග‍්ගෙය්‍ය කණ‍්ටකො”ති.

13. වයසට ගියේ දුර්වල වූ ඇස් ඇත්තෙහිය. රූපය මනාව නොදක්නෙහිය. යම් හෙයකින් ඔබගේ කටුවක් ඇනුනේය යන මෙහි බ්‍රහ්මදත්ත රජුගේ කවර වරදක්ද?

තත්‍ථ මග‍්ගෙය්‍යාති විජ‍්ඣෙය්‍ය. ඉදං වුත‍්තං හොති – යදි ත්‍වං අත‍්තනො අබ්‍යත‍්තතාය කණ‍්ටකෙන විද‍්ධො, කො එත්‍ථ රඤ‍්ඤො දොසො. යෙන රාජානං අක‍්කොසි, කිං තෙ රඤ‍්ඤා කණ‍්ටකො ඔලොකෙත්‍වාව ආචික‍්ඛිතබ‍්බොති.

එහි මග්ගෙය්‍ය යනු විදින්නේය. මෙය කියන ලද්දේ වෙයි. ඉදින් ඔබ තමාගේ අසමත් බව නිසා කටුවකින් විදින ලද්දේ වෙයි. යම් හෙයකින් රජුට දෝෂාරෝපණය කරහිද මෙහිලා රජුගේ කවර වරදක් ද? රජු විසින් කටුව බලා ඔබට කිවයුතුදැයි යනුවෙනි.

තං සුත්‍වා මහල‍්ලකො තිස‍්සො ගාථා අභාසි –

මහල්ලා ඒ අසා ගාථා තුනක් කීවේය.

“බහ‍්වෙත්‍ථ බ්‍රහ‍්මදත‍්තස‍්ස, සොහං මග‍්ගස‍්මි බ්‍රාහ‍්මණ; අරක‍්ඛිතා ජානපදා, අධම‍්මබලිනා හතා.

14. බ්‍රාහ්මණය, යම්බඳු වූ මම මාර්ගයෙහිදී කටු ඇනුනෙම් වේද මෙහිලා බ්‍රහ්මදත්ත රජුගේ දෝෂයෝ වෙති. ජනපදවැසියෝ රජු විසින් නොරක්නා ලදහ. නොදැහැමි බදුවලින් ඔවුහු නසන ලදහ.

“රත‍්තිඤ‍්හි චොරා ඛාදන‍්ති, දිවා ඛාදන‍්ති තුණ‍්ඩියා; රට‍්ඨස‍්මිං කූටරාජස‍්ස, බහු අධම‍්මිකො ජනො.

15. රාත්‍රියෙහිදී සොරු කති. දවල් කාලයෙහි බදුගන්නෝ කති. පවිටු රජුගේ රටෙහි ජනයාද අධාර්මික වෙයි.

“එතාදිසෙ භයෙ ජාතෙ, භයට‍්ටා තාත මාණවා; නිල‍්ලෙනකානි කුබ‍්බන‍්ති, වනෙ ආහත්‍ව කණ‍්ටක”න‍්ති.

16. දරුව, මිනිස්සු මෙබඳු බියෙන් තැතිගත්තාහු කටු ගෙනවුත් දොර අවුරා සැඟවී සිටිය හැකි තැන් කරත්.

තත්‍ථ බහ‍්වෙත්‍ථාති, බ්‍රාහ‍්මණ, සොහං සකණ‍්ටකෙ මග‍්ගෙ පතිතො සන‍්නිසින‍්නො, බහු එත්‍ථ බ්‍රහ‍්මදත‍්තස‍්ස දොසො, ත්‍වං එත‍්තකං කාලං රඤ‍්ඤො දොසෙන මම සකණ‍්ටකෙ මග‍්ගෙ විචරණභාවං න ජානාසි. තස‍්ස හි අරක‍්ඛිතා ජානපදා…පෙ… කණ‍්ටකන‍්ති. තත්‍ථ ඛාදන‍්තීති විලුම‍්පන‍්ති. තුණ‍්ඩියාති වධබන්‍ධාදීහි පීළෙත්‍වා අධම‍්මෙන බලිසාධකා. කූටරාජස‍්සාති පාපරඤ‍්ඤො. අධම‍්මිකොති පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො. තාතාති පුරොහිතං ආලපති. මාණවාති මනුස‍්සා. නිල‍්ලෙනකානීති නිලීයනට‍්ඨානානි. වනෙ ආහත්‍ව කණ‍්ටකන‍්ති කණ‍්ටකං ආහරිත්‍වා ද‍්වාරානි පිදහිත්‍වා ඝරං ඡඩ‍්ඩෙත්‍වා පුත‍්තදාරං ආදාය වනං පවිසිත්‍වා තස‍්මිං වනෙ අත‍්තනො නිලීයනට‍්ඨානානි කරොන‍්ති . අථ වා වනෙ යො කණ‍්ටකො, තං ආහරිත්‍වා ඝරානි පරික‍්ඛිපන‍්ති. ඉති රඤ‍්ඤො දොසෙනෙවම‍්හි කණ‍්ටකෙන විද‍්ධො, මා එවරූපස‍්ස රඤ‍්ඤො උපත්‍ථම‍්භො හොහීති.

එහි බවෙහත්‍ථ යනු බ්‍රාහ්මණය, ඒ මම කටු සහිත මාර්ගයෙහි වැටුනේ හුන්නේ මෙහිලා බ්‍රහ්මදත්ත රජුගේ දෝෂයෝ බොහෝ වෙත්. ඔබ මෙපමණක් කල් රජුගේ දෝෂයෙන් මා කටු සහිත මාර්ගයෙහි හැසිරෙන බව නොදන්නෙහිද ඔහුගේ අරක්ඛිතා ජානපදා -පෙ- කණ්ටකං යනු වේ. ඛාදන්ති පැහැර ගනිති. තුණ්ඩියා යනු හිංසාකිරීම් බන්ධනයට පත් කිරීම් ආදියෙන් පීඩාකොට නොදැහැමි ලෙස බදු ගන්නා වූ. කූට රාජස්ස යනු පවිටු රජුගේ. අධම්මිකො යනු පිළිසන් වූ කර්මාන්ත ඇති. තාත යනු පුරෝහිතයා අමතයි. මානවා යනු මිනිස්සු. නිල්ලෙකානි යනු සැගවෙන තැන්. වනෙ ආහත්‍ව කණ්ටකං කටු ගෙනවුත් දොර වසා ගෙය අත්හැර අඹුදරුවන් ගෙන වනයට පිවිස ඒ වනයෙහි තමාගේ සැඟවෙන තැන් කරත්. තවද වනයෙහි යම් කටුවක් වේද එය ගෙනවුත් ගෙවල් ඉන් වටකරත්. මෙසේ රජුගේම වරදින් කටුවලින් විදින ලද්දේ වෙමි. මෙබඳු වූ රජුට පිහිටක් නොවව.

තං සුත්‍වා රාජා පුරොහිතං ආමන‍්තෙත්‍වා, “ආචරිය, මහල‍්ලකො යුත‍්තං භණති, අම‍්හාකමෙව දොසො, එහි නිවත‍්තාම, ධම‍්මෙන රජ‍්ජං කාරෙස‍්සාමා”ති ආහ. බොධිසත‍්තො පුරොහිතස‍්ස සරීරෙ අධිමුච‍්චිත්‍වා පුරතො ගන‍්ත්‍වා “පරිග‍්ගණ‍්හිස‍්සාම තාව, මහාරාජා”ති ආහ. තෙ තම‍්හා ගාමා අඤ‍්ඤං ගාමං ගච‍්ඡන‍්තා අන‍්තරාමග‍්ගෙ එකිස‍්සා මහල‍්ලිකාය සද‍්දං අස‍්සොසුං. සා කිරෙකා දලිද‍්දිත්‍ථී ද‍්වෙ ධීතරො වයප‍්පත‍්තා රක‍්ඛමානා තාසං අරඤ‍්ඤං ගන‍්තුං න දෙති. සයං අරඤ‍්ඤතො දාරූනි චෙව සාකඤ‍්ච ආහරිත්‍වා ධීතරො පටිජග‍්ගති. සා තං දිවසං එකං ගුම‍්බං ආරුය‍්හ සාකං ගණ‍්හන‍්තී පවට‍්ටමානා භූමියං පතිත්‍වා රාජානං මරණෙන අක‍්කොසන‍්තී ගාථමාහ –

රජු ඒ අසා පුරෝහිතයා අමතා පුරෝහිතය, මහල්ලා සුදුසු වූවක් කියයි. වරද අපගේමය. එව පෙරළා යමු. දැහැමින් රාජ්‍යය කරවන්නෙමුයි කීවේය. බෝධිසත්ත්වයෝ පුරෝහිතයාගේ ශරීරයෙහි ආවේශ වී අන් තැනකටද ගොස් “පරීක්‍ෂා කරමු මහරජතුමනි” යයි කීහ. ඔවුහු ඒ ගමින් අන් ගමකට යන්නාහු අතරමග එක් මැහැල්ලකගේ ශබ්දයක් ඇසුවාහුය. ඇය එක්තරා දිළිඳු ස්ත්‍රියකි. වැඩිවියට පත් දුවණිවරු රකින්නී ඈලාට වනයට යන්නට නොදෙයි. තමා වනයෙන් දරද අතුද ගෙනවුත් දුවණිවරුන් පෝෂණය කරයි. ඇය එක් දිනක් වනලැහැබකට නැග අත්තක් කඩා ගන්නී පෙරළෙමින් බිම වැටී රජුට මරණයෙන් බැන වදින්නී.

“කදාස‍්සු නාමයං රාජා, බ්‍රහ‍්මදත‍්තො මරිස‍්සති; යස‍්ස රට‍්ඨම‍්හි ජීයන‍්ති, අප‍්පතිකා කුමාරිකා”ති.

17. යම්හෙයකින් යම් රජෙකුගේ රටෙහි කුමාරිකාවෝ සැමියන් නැතිව මහළු වෙත්ද, ඒ බ්‍රහ්මදත්ත රජු කවරදා නම් මැරෙන්නේද?

යන ගාථාව කීවේය.

තත්‍ථ අප‍්පතිකාති අස‍්සාමිකා. සචෙ හි තාසං සාමිකා අස‍්සු, මං පොසෙය්‍යුං. පාපරඤ‍්ඤො පන රජ‍්ජෙ අහං දුක‍්ඛං අනුභොමි, කදා නු ඛො එස මරිස‍්සතීති.

එහි අප්පතීකා යනු සැමියන් නැත්තාහු. ඉදින් ඈලාට සැමියෝ වෙත් නම් මා පෝෂණය කරන්නාහුය. පවිටු රජුගේ රාජ්‍යයෙහි මම දුක් අනුභව කරමි. මෙතෙමේ කවදා මැරෙන්නේදැයි මෙසේ බෝසතුන්ගේ අනුහසින් ඔහුට ආක්‍රෝශ කළේය.

එවං බොධිසත‍්තානුභාවෙනෙව සා අක‍්කොසි. අථ නං පුරොහිතො පටිසෙධෙන‍්තො ගාථමාහ –

ඉක්බිති පුරෝහිතයා ඇය වලක්වමින් ගාථාවක් කීවාය.

“දුබ‍්භාසිතඤ‍්හි තෙ ජම‍්මි, අනත්‍ථපදකොවිදෙ; කුහිං රාජා කුමාරීනං, භත‍්තාරං පරියෙසතී”ති.

18. නපුරු වචන කීමට දක්‍ෂ තැනැත්තිය, ඔබ විසින් නපුරු වචනයක්ම කියන ලදි. කවර නම් රටක රජවරු කුමාරිකාවන්ට සැමියන් සොයනු ලබයිද?

තං සුත්‍වා මහල‍්ලිකා ද‍්වෙ ගාථා අභාසි –

මැහැල්ලිය ඔහුට ගාථා දෙකක් කීවාය.

“න මෙ දුබ‍්භාසිතං බ්‍රහ‍්මෙ, කොවිදත්‍ථපදා අහං; අරක‍්ඛිතා ජානපදා, අධම‍්මබලිනා හතා.

19. බ්‍රාහ්මණය, මම යහපත සහිත වචන කීමෙහි දක්‍ෂයෙක් වෙමි. මවිසින් නපුරක් නොකියන ලදි. රජු විසින් රටවැසියෝ රක්නා නොලදහ. අධර්මයෙන් ගනු ලබන සුංවත් වලින් නසන ලදහ.

“රත‍්තිඤ‍්හි චොරා ඛාදන‍්ති, දිවා ඛාදන‍්ති තුණ‍්ඩියා; රට‍්ඨස‍්මිං කූටරාජස‍්ස, බහු අධම‍්මිකො ජනො; දුජ‍්ජීවෙ දුබ‍්භරෙ දාරෙ, කුතො භත‍්තා කුමාරියො”ති.

20. රාත්‍රියෙහි සොරු කති. දවල් කාලයෙහි බදුගන්නෝ කති. නොදැහැමි රජුගේ රටෙහි බොහෝ ජනයා අධාර්මික වෙයි. ජීවත්වීම අපහසු වූ කල්හි අඹුවන් පෝෂණය කිරීමට අපහසු කල්හි කුමාරිකාවෝ කොහෙන් සැමියන් ලබත්ද?

තත්‍ථ කොවිදත්‍ථපදාති අහං අත්‍ථපදෙ කාරණපදෙ කොවිදා ඡෙකා, මා ත්‍වං එතං පාපරාජානං පසංසි. දුජ‍්ජීවෙති දුජ‍්ජීවෙ රට‍්ඨෙ දුබ‍්භරෙ දාරෙ ජාතෙ මනුස‍්සෙසු භීතතසිතෙසු අරඤ‍්ඤෙ වසන‍්තෙසු කුතො භත‍්තා කුමාරියො, කුතො කුමාරියො භත‍්තාරං ලභිස‍්සන‍්තීති අත්‍ථො.

එහි කොචිදත්‍ථපදා යනු මම වැඩ සහිත පදයන්හි කරුණු සහිත පදයන්හි ප්‍රවීණයෙක්මි. දක්‍ෂයෙක්මි. ඔබ මෙසේ පවිටු රජු ප්‍රශංසා නොකරව. දුජ්ජීවෙ යනු රටවැසියන් අපහසුවෙන් ජීවත් වියයුතු කල්හි අඹුවන් පෝෂණය කිරීම අපහසු වූ කල්හි බියෙන් තැතිගත් මිනිසුන් වනයෙහි වසන කල්හි කුතො භත්තා කුමාරියො යනු කුමාරිකාවෝ කොහෙන් සැමියන් ලබන්නෝ දැයි යන අර්ථයි.

තෙ තස‍්සා වචනං සුත්‍වා “යුත‍්තං සා කථෙතී”ති තතො පරං ගච‍්ඡන‍්තා එකස‍්ස කස‍්සකස‍්ස සද‍්දං අස‍්සොසුං. තස‍්ස කිර කසන‍්තස‍්ස සාලියො නාම බලිබද‍්දො ඵාලෙන පහටො සයි. සො රාජානං අක‍්කොසන‍්තො ගාථමාහ –

ඔවුහු ඇයගේ වචනය අසා මැය සුදුස්සක් කියයි යයි කියමින් ඉදිරියට යන්නෝ එක් ගොවියෙකුගේ ශබ්දය ඇසුවාහුය. ඒ සීසාන්නහුගේ සාලිය නම් වූ ගොනා හීවැලෙන් ගසන ලද්දේ හොවී. හෙතෙම රජු බැන වඳිමින්.

“එවං සයතු පඤ‍්චාලො, සඞ‍්ගාමෙ සත‍්තියා හතො; යථායං කපණො සෙති, හතො ඵාලෙන සාලියො”ති.

21. යම් සේ මේ සාලිය නම් වූ ගොනා හීවැලෙන් පහරදෙන ලද්දේ බැගෑපත්ව නිදයිද මෙසේ පඤ්චාල රජු යුද්ධයෙහිදී ආයුධයෙන් පහරදෙන ලද්දේ (පොළොවෙහි) සයනය කෙරේවා.

යන ගාථාව කීවේය.

තත්‍ථ යථාති යථා අයං වෙදනාප‍්පත‍්තො සාලියබලිබද‍්දො සෙති, එවං සයතූති අත්‍ථො.

එහි යථා යනු වේදනාවට පත් වූ මේ සාලිය නම් ගොනා සයනය කරයිද එසේ සයනය කෙරේවා යන අර්ථයි.

අථ නං පුරොහිතො පටිසෙධෙන‍්තො ගාථමාහ –

ඉක්බිති පුරෝහිතයා ඔහු වලක්වමින්

“අධම‍්මෙන තුවං ජම‍්ම, බ්‍රහ‍්මදත‍්තස‍්ස කුජ‍්ඣසි; යො ත්‍වං සපසි රාජානං, අපරජ‍්ඣිත්‍වාන අත‍්තනො”ති.

22. යම්බඳු වූ ඔබ තමා තමාටම අපරාධය කර රජුට ශාප කරහිය. එම්බා මනුෂ්‍යය, ඔබ නොදැහැමි ලෙසින් බ්‍රහ්මදත්ත රජුට කිපෙහිය.

තත්‍ථ අධම‍්මෙනාති අකාරණෙන අසභාවෙන.

යන ගාථාව කීවේය. එහි අධම්මෙන යනු නොකරුණින් නුසුදුසු අයුරින්

තං සුත්‍වා සො තිස‍්සො ගාථා අභාසි –

ඒ අසා හෙතෙම ගාථා තුනක් කීවේය.

“ධම‍්මෙන බ්‍රහ‍්මදත‍්තස‍්ස, අහං කුජ‍්ඣාමි බ්‍රාහ‍්මණ; අරක‍්ඛිතා ජානපදා අධම‍්මබලිනා හතා.

23. බ්‍රාහ්මණය, මම දැහැමි පදනමින් බ්‍රහ්මදත්ත රජුට කිපෙමි. ජනපදවැසියෝ ආරක්ෂා නොකරන ලදහ. ඔවුහු අධාර්මික අය බදුවලින් නසන ලදහ.

“රත‍්තිඤ‍්හි චොරා ඛාදන‍්ති, දිවා ඛාදන‍්ති තුණ‍්ඩියා; රට‍්ඨස‍්මිං කූටරාජස‍්ස, බහු අධම‍්මිකො ජනො.

24. රාත්‍රියෙහිදී සොරු කති. දවල් කාලයෙහි අයබදු ගන්නෝ කති. පවිටු රජුගේ රටෙහි ජනයා බෙහෙවින් අධාර්මික වෙති.

“සා නූන පුන රෙ පක‍්කා, විකාලෙ භත‍්තමාහරි; භත‍්තහාරිං අපෙක‍්ඛන‍්තො, හතො ඵාලෙන සාලියො”ති.

25. එම්බා බමුණ, ඒ මගේ භාර්යාව නැවත පිසන ලද්දී නොකල්හි බත් ගෙන ආවාය. මම බත් ගෙන එන්නිය බලාපොරොත්තු වූයෙමි. අනතුරුව සාලිය ගොනා හීවැලෙන් පහරදෙන ලද්දේ වෙමි.

තත්‍ථ ධම‍්මෙනාති කාරණෙනෙව, අකාරණෙන අක‍්කොසතීති සඤ‍්ඤං මා කරි. සා නූන පුන රෙ පක‍්කා, විකාලෙ භත‍්තමාහරීති, බ්‍රාහ‍්මණ, සා භත‍්තහාරිකා ඉත්‍ථී පාතොව මම භත‍්තං පචිත්‍වා ආහරන‍්තී අධම‍්මබලිසාධකෙහි බ්‍රහ‍්මදත‍්තස‍්ස දාසෙහි පලිබුද‍්ධා භවිස‍්සති, තෙ පරිවිසිත්‍වා පුන මය‍්හං භත‍්තං පක‍්කං භවිස‍්සති, තෙන කාරණෙන විකාලෙ භත‍්තං ආහරි, “අජ‍්ජ විකාලෙ භත‍්තං ආහරී”ති චින‍්තෙත්‍වා ඡාතජ‍්ඣත‍්තො අහං තං භත‍්තහාරිං ඔලොකෙන‍්තො ගොණං අට‍්ඨානෙ පතොදෙන විජ‍්ඣිං, තෙනෙස පාදං උක‍්ඛිපිත්‍වා ඵාලං පහරන‍්තො හතො ඵාලෙන සාලියො. තස‍්මා “එස මයා හතො”ති සඤ‍්ඤං මා කරි, පාපරඤ‍්ඤොයෙව හතො නාමෙස, මා තස‍්ස වණ‍්ණං භණීති.

එහි ධම්මෙන යනු කරුණු සහිතවම, කරුණු රහිතව දොස් පවරයි යනුවෙන් හැගීමක් නොකරව. සා නූන පුන රෙ පක්කා විකාලෙ භත්ත මාහරි යනු බ්‍රාහ්මණය, මට බත් ගෙන එන්නා වූ ඒ ස්ත්‍රිය උදෑසනම මා සඳහා බත් පිසගෙන එන්නී නොදැහැමි වූ බදු කරන්නා වූ බ්‍රහ්මදත්ත රජුගේ දාසයන් විසින් හිරිහැරයට පත් කළා වන්නේය. ඔවුන්ට ආහාර දී නැවත මට බත් පිසුවේ වන්නීය. ඒ කරුණින් නොකල්හි බත් ගෙන ආවාය. අද නොකල්හි ගෙන ආවා යයි සිතා බඩසයින් පීඩාවට පත් වූ මම ඒ බත් ගෙන එන්නිය බලමින් සිටින්නෙම් නොකරුණින් ගොනුන්ට කෙවිටින් ගැසුවෙමි. එහෙයින් මොහු පය ඔසවා නගුල් තලයට ගසන්නේ හතො ඵාලෙන සාලියො යනු එහෙයින් මවිසින් මොහු නගුල් තලයෙන් පහරදෙන ලද්දේ යයි හැඟීමක් නොකරව. පවිටු රජු විසින්ම පහරදෙන මොහු නසන ලද්දේය. එනිසා ඔහුගේ ගුණ නොකියව යනුයි.

තෙ පුරතො ගන‍්ත්‍වා එකස‍්මිං ගාමෙ වසිංසු. පුනදිවසෙ පාතොව එකා කූටධෙනු ගොදොහකං පාදෙන පහරිත්‍වා සද‍්ධිං ඛීරෙන පවට‍්ටෙසි. සො බ්‍රහ‍්මදත‍්තං අක‍්කොසන‍්තො ගාථමාහ –

ඔවුහු ඉදිරියට ගොස් එක් ගමක වාසය කළාහුය. දෙවන දවස්හි උදෑසනම එක් කපටි දෙනක් කිරි දොවින්නාට පයින් ගසා කිරි සමග වැට්ටවීය. හෙතෙම බ්‍රහ්මදත්ත හට ආක්‍රෝශ කරමින් ගාථාවක් කීවේය.

“එවං හඤ‍්ඤතු පඤ‍්චාලො, සඞ‍්ගාමෙ අසිනා හතො; යථාහමජ‍්ජ පහතො, ඛීරඤ‍්ච මෙ පවට‍්ටිත”න‍්ති.

26. යම් සේ මම අද දෙන විසින් පහරදෙන ලද්දෙම්ද මගේ කිරි පෙරළන ලදද මෙසේ පඤ්චාල රජු යුද්ධයෙහිදී කඩුවෙන් පහර දෙන ලද්දේ නැසේවා යනුවෙනි.

තං සුත්‍වා පුරොහිතො පටිසෙධෙන‍්තො ගාථමාහ –

ඒ අසා, [missing trans]

“යං පසු ඛීරං ඡඩ‍්ඩෙති, පසුපාලං විහිංසති; කිං තත්‍ථ බ්‍රහ‍්මදත‍්තස‍්ස, යං නො ගරහතෙ භව”න‍්ති.

26. දෙන කිරි බඳුන පෙරළුවාය. ගොපල්ලාට හිංසා කළාය යන යමක් වේද පිංවත එහිලා යම්හෙයකින් අපගේ බ්‍රහ්මදත්ත රජුට නින්දා කරහිද ඒ කවර හෙයින්ද?

බ්‍රාහ‍්මණෙන ගාථාය වුත‍්තාය පුන සො තිස‍්සො ගාථා අභාසි –

බ්‍රාහ්මණයා ඒ ගාථාව කී කල්හි හෙතෙමේ ගාථා තුනක් කීවේය.

“ගාරය‍්හො බ්‍රහ‍්මෙ පඤ‍්චාලො, බ්‍රහ‍්මදත‍්තස‍්ස රාජිනො; අරක‍්ඛිතා ජානපදා, අධම‍්මබලිනා හතා.

27. බ්‍රාහ්මණය, පඤ්චාල රජු නින්දා කටයුත්තේය. බ්‍රහ්මදත්ත රජු විසින් ජනපදවැසියෝ නොරක්නා ලදහ. ඔවුහු අධාර්මික අයබදු වලින් නසන ලදහ.

“රත‍්තිඤ‍්හි චොරා ඛාදන‍්ති, දිවා ඛාදන‍්ති තුණ‍්ඩියා; රට‍්ඨස‍්මිං කූටරාජස‍්ස, බහු අධම‍්මිකො ජනො.

28. රාත්‍රියෙහිදී සොරු කති. දවල් කාලයෙහි බදු අයකරන්නෝ කති. පවිටු රජුගේ රටෙහි වැසියා බෙහෙවින් අධාර්මික වෙයි.

“චණ‍්ඩා අටනකා ගාවී, යං පුරෙ න දුහාමසෙ; තං දානි අජ‍්ජ දොහාම, ඛීරකාමෙහුපද‍්දුතා”ති.

29. සැරපරුෂ වූ පැන දුවන්නා වූ ගවදෙන යම්හෙයකින් අපි පෙර නොදෙව්වෙමුද, මේ දැන් කිරි කැමති රාජ පුරුෂයන් වෙතින් පීඩාවට පත් වූවා වූ ඇය (අපි) දොවමු.

තත්‍ථ චණ‍්ඩාති ඵරුසා. අටනකාති පලායනසීලා. ඛීරකාමෙහීති අධම‍්මිකරඤ‍්ඤො පුරිසෙහි බහුං ඛීරං ආහරාපෙන‍්තෙහි උපද‍්දුතා දුහාම. සචෙ හි සො ධම‍්මෙන රජ‍්ජං කාරෙය්‍ය, න නො එවරූපං භයං ආගච‍්ඡෙය්‍යාති.

එහි චණ්ඩා යනු පරුෂ වූ. අටනකා යනු පලායන සුළු වූ. ඛීරකාමෙහි යනු බොහෝ කිරි ගෙන්වාගන්නා වූ අධාර්මික රාජපුරුෂයන් වෙතින් පීඩාවට පත් වූවා වූ ඈලා (අපි) දොවමු. ඉදින් ඒ රජු දැහැමිව රාජ්‍යය කරන්නෙහි නම් අපට මෙබඳු බියක් නොපැමිණෙන්නේය යනුයි.

තෙ “සො යුත‍්තං කථෙතී”ති තම‍්හා ගාමා නික‍්ඛම‍්ම මහාමග‍්ගං ආරුය‍්හ නගරාභිමුඛා ගමිංසු. එකස‍්මිඤ‍්ච ගාමෙ බලිසාධකා අසිකොසත්‍ථාය එකං තරුණං කබරවච‍්ඡකං මාරෙත්‍වා චම‍්මං ගණ‍්හිංසු. වච‍්ඡකමාතා ධෙනු පුත‍්තසොකෙන තිණං න ඛාදති පානීයං න පිවති, පරිදෙවමානා ආහිණ‍්ඩති. තං දිස‍්වා ගාමදාරකා රාජානං අක‍්කොසන‍්තා ගාථමාහංසු –

ඔවුහු සුදුස්සක්ම කියයි යයි ඒ ගමෙන් නික්මී මහමගට පැමිණ නගරයට අභිමුඛව ගියාහුය. එක් ගමක්හිදී කඩුවක් ගත් එක් බදු අය කරන්නෙක් ආයුධයෙන් එක් තරුණ වසු පැටියෙකු මරා සම ගත්තේය. වසුපැටියාගේ මව වූ ගවදෙන පුත්‍ර ශෝකයෙන් තණකොළ නොකයි. පැන් නොබොයි. වැළපෙමින්ම ඇවිදියි. ඒ දැක ගම්දරුවෝ රජුට නින්දා කරන්නාහු ගාථාවක් කීවාහුය.

“එවං කන්‍දතු පඤ‍්චාලො, විපුත‍්තො විප‍්පසුක‍්ඛතු; යථායං කපණා ගාවී, විපුත‍්තා පරිධාවතී”ති.

30. යම් සේ මේ ගවදෙන බැගෑපත් වූවා පුතුගෙන් වියෝ වූවා ඔබනොබ දුවයිද මෙසේ පඤ්චාල රජුද පුත්‍රයාගෙන් වෙන් වූයේ හඬාවා. වියලේවා.

තත්‍ථ පරිධාවතීති පරිදෙවමානො ධාවති.

එහි පරිධාවති යනු වැලපෙමින් දුවයි.

තතො පුරොහිතො ඉතරං ගාථමාහ –

අනතුරුව පුරෝහිතයා අනික් ගාථාවක් කීවේය.

“යං පසු පසුපාලස‍්ස, සම‍්භමෙය්‍ය රවෙය්‍ය වා; කොනීධ අපරාධත්‍ථි, බ්‍රහ‍්මදත‍්තස‍්ස රාජිනො”ති.

31. යම් හෙයකින් ගවයා ගවපාලකයා වෙත ගැවසෙන්නේද ඔහුට හඬාන්නේද මෙහිලා බ්‍රහ්මදත්ත රජුගේ කවර නම් අපරාධයක් ඇත්තේද?

තත්‍ථ සම‍්භමෙය්‍ය රවෙය්‍ය වාති භමෙය්‍ය වා විරවෙය්‍ය වා. ඉදං වුත‍්තං හොති – තාතා, පසු නාම පසුපාලස‍්ස රක‍්ඛන‍්තස‍්සෙව ධාවතිපි විරවතිපි, තිණම‍්පි න ඛාදති පානීයම‍්පි න පිවති, ඉධ රඤ‍්ඤො කො නු අපරාධොති.

එහි පබ්භම්‍යෙ රවෙය්‍යවා යනු සමීපයෙහි ගැවසෙන්නේද මහ හඬින් කෑගසන්නේද හෝ මෙය කියන ලද්දේ වෙයි. දරුවෙනි, ගවයා වූ කලී ගව පාලකයාගේ ගවයන් රකින්නාගේම වෙතට දුවයි. තණකොළ නොකයි. මෙහි රජුගේ කවර නම් අපරාධයක්ද?

තතො ගාමදාරකා ද‍්වෙ ගාථා අභාසිංසු –

අනතුරුව ගම් දරුවෝ ගාථා දෙකක් කීවාහුය.

“අපරාධො මහාබ්‍රහ‍්මෙ, බ්‍රහ‍්මදත‍්තස‍්ස රාජිනො; අරක‍්ඛිතා ජානපදා, අධම‍්මබලිනා හතා.

32. මහා බ්‍රාහ්මණය බ්‍රහ්මදත්ත රජුගේ අපරාධය නම් (ඔහු විසින්) ජනපදවැසියෝ නොරක්නා ලදහ. අධාර්මික අයබදුවලින් නසන ලදහ.

“රත‍්තිඤ‍්හි චොරා ඛාදන‍්ති, දිවා ඛාදන‍්ති තුණ‍්ඩියා; රට‍්ඨස‍්මිං කූටරාජස‍්ස, බහු අධම‍්මිකො ජනො; කථං නො අසිකොසත්‍ථා, ඛීරපා හඤ‍්ඤතෙ පජා”ති.

33. රාත්‍රියෙහි සොරු කති. දවල් කාලයෙහි බදු අයකරන්නෝ කති. පවිටු රජුගේ රටෙහි ජනයා බොහෝකොට අධාර්මික වෙයි. (යම් හෙයකින්) කිරි බොන ප්‍රජාව නසයි නම් අප කෙසේ දෝෂාරෝපණය නොකරමුද?

තත්‍ථ මහාබ්‍රහ‍්මෙති මහාබ්‍රාහ‍්මණ. රාජිනොති රඤ‍්ඤො. කථං නොති කථං නු කෙන නාම කාරණෙන. ඛීරපා හඤ‍්ඤතෙ පජාති පාපරාජස‍්ස සෙවකෙහි ඛීරපකො වච‍්ඡකො හඤ‍්ඤති, ඉදානි සා ධෙනු පුත‍්තසොකෙන පරිදෙවති, සොපි රාජා අයං ධෙනු විය පරිදෙවතූති රාජානං අක‍්කොසිංසුයෙව.

එහි මහාබ්‍රහ්මෙ යනු මහා බ්‍රහ්මණය, රාජිනො යනු රජුගේ කථං නො යනු කෙසේ නම්, කිනම් වූ කරුණකින් ඛීරපා හඤ්ඤතෙ පජා යනු පවිටු රජුගේ වශයෙහි පවත්වන්නා වූ ඔවුන් විසින් කිරි බොන්නා වූ වසුපැටියා නසයි. දැන් ඒ ගවදෙන පුත්‍ර ශෝකයෙන් වැළපෙයි. ඒ රජුද ගවදෙන මෙන් වැලපේවා යයි රජුට ආක්‍රෝශ කළාහුමය.

තෙ “සාධු වො කාරණං වදථා”ති වත්‍වා පක‍්කමිංසු. අථන‍්තරාමග‍්ගෙ එකිස‍්සා සුක‍්ඛපොක‍්ඛරණියා කාකා තුණ‍්ඩෙහි විජ‍්ඣිත්‍වා මණ‍්ඩූකෙ ඛාදන‍්ති. බොධිසත‍්තො තෙසු තං ඨානං සම‍්පත‍්තෙසු අත‍්තනො ආනුභාවෙන මණ‍්ඩූකෙන –

ඔවුහු යහපත් වූ කරුණක්ම කියහු යයි ගියාහුය. අතරමග එක් වියලි පොකුණක කපුටෝ හොටයෙන් විද මැඩියන් කති. බෝධිසත්ත්වයා ඔවුන් එතැනට පැමිණි කල්හි තමාගේ ආනුභාවයෙන් මැඩියන් ලවා

“එවං ඛජ‍්ජතු පඤ‍්චාලො, හතො යුද‍්ධෙ සපුත‍්තකො; යථාහමජ‍්ජ ඛජ‍්ජාමි, ගාමිකෙහි අරඤ‍්ඤජො”ති. –

34. යම්හෙයකින් අද වනයෙහි උපන් මම ගම්වැසි කපුටන් විසින් කනු ලබන්නෙම්ද මෙසේ පඤ්චාල රජු යුද්ධයෙහිදී පුතුන් සහිත වූයේ නසනුයේ කනු ලබාවා.

රාජානං අක‍්කොසාපෙසි.

යයි රජුට නින්දා කරවීය.

තත්‍ථ ගාමිකෙහීති ගාමවාසීහි.

එහි ගාමකෙහි යනු ගම්වැසි වූ කපුටන් විසින්.

තං සුත්‍වා පුරොහිතො මණ‍්ඩූකෙන සද‍්ධිං සල‍්ලපන‍්තො ගාථමාහ –

ඒ අසා පුරෝහිතයා මැඩියන් සමග කථා කරමින් ගාථාවක් කීවේය.

“න සබ‍්බභූතෙසු විධෙන‍්ති රක‍්ඛං, රාජානො මණ‍්ඩූක මනුස‍්සලොකෙ; නෙත‍්තාවතා රාජා අධම‍්මචාරී, යං තාදිසං ජීවමදෙය්‍යු ධඞ‍්කා”ති.

35. මැඩිය, මිනිස්ලොව රජවරු සියළු සත්ත්වයන් පිළිබඳ ආරක්ෂාව නොපිහිටුවති. මෙපමණකින් රජු අධර්මයෙහි හැසිරෙන්නේ නොවෙයි. යම්හෙයකින් කපුටෝ ජීවත් වන්නා වූ ඔබ වැන්නවුන් කන්නාහු වෙති.

තත්‍ථ ජීවන‍්ති ජීවන‍්තං. අදෙය්‍යුන‍්ති ඛාදෙය්‍යුං. ධඞ‍්කාති කාකා. එත‍්තාවතා රාජා අධම‍්මිකො නාම න හොති, කිං සක‍්කා අරඤ‍්ඤං පවිසිත්‍වා රඤ‍්ඤා තං රක‍්ඛන‍්තෙන චරිතුන‍්ති.

එහි ජීවං යනු ජීවත්වන. ආදෙය්‍යුං යනු කන්නාහුය. ඛංකා යනු කපුටෝ. මෙපමණකින් රජු අධාර්මික වූයේ නම් නොවෙයි. කිම රජු විසින් වනයට පිවිස ඔබ රකිමින් හැසිරෙන්නට හැකිද යනුයි.

තං සුත්‍වා මණ‍්ඩූකො ද‍්වෙ ගාථා අභාසි –

ඒ අසා මැඩියා ගාථා දෙකක් කීවේය.

“අධම‍්මරූපො වත බ්‍රහ‍්මචාරී, අනුප‍්පියං භාසසි ඛත‍්තියස‍්ස; විලුප‍්පමානාය පුථුප‍්පජාය, පූජෙසි රාජං පරමප‍්පමාදං.

36. බ්‍රාහ්මණය, ඔබ ඒකාන්තයෙන් නොදැහැමි ස්වභාව ඇත්තෙකි. රජුට ප්‍රිය වූවක්ම කියහිය. බොහෝ සතුන් විනාශ කරන කල්හි අතිශයින් දොස් කිවයුතු රජු පුදන්නෙහිය.

“සචෙ ඉදං බ්‍රහ‍්මෙ සුරජ‍්ජකං සියා, ඵීතං රට‍්ඨං මුදිතං විප‍්පසන‍්නං; භුත්‍වා බලිං අග‍්ගපිණ‍්ඩඤ‍්ච කාකා, න මාදිසං ජීවමදෙය්‍යු ධඞ‍්කා”ති.

37. ඉදින් බ්‍රාහ්මණය, මේ රට යහපත් රජෙක් ඇති සමෘද්ධිමත් සතුටින් පිරුණු ප්‍රසන්න රාජ්‍යයක් වන්නේ නම් කවුඩෝ අග්‍ර පිණ්ඩය කා වාසය කරත්. කවුඩෝ මා වැනි වූ ජීවත් වන්නවුන් නොකන්නාහුය.

තත්‍ථ බ්‍රහ‍්මචාරීති පුරොහිතං ගරහන‍්තො ආහ. ඛත‍්තියස‍්සාති එවරූපස‍්ස පාපරඤ‍්ඤො. විලුප‍්පමානායාති විලුම‍්පමානාය, අයමෙව වා පාඨො. පුථුප‍්පජායාති විපුලාය පජාය විනාසියමානාය. පූජෙසීති පසංසි. සුරජ‍්ජකන‍්ති ඡන්‍දාදිවසෙන අගන‍්ත්‍වා දස රාජධම‍්මෙ අකොපෙන‍්තෙන අප‍්පමත‍්තෙන රඤ‍්ඤා රක‍්ඛියමානං සචෙ ඉදං සුරජ‍්ජකං භවෙය්‍ය. ඵීතන‍්ති දෙවෙසු සම‍්මාධාරං අනුප‍්පවෙච‍්ඡන‍්තෙසු සම‍්පන‍්නසස‍්සං. න මාදිසන‍්ති එවං සන‍්තෙ මාදිසං ජීවමානඤ‍්ඤෙව කාකා න ඛාදෙය්‍යුං.

එහි බ්‍රහ්මචාරී යනු පුරෝහිතයාට ගර්හා කරමින් එසේ කීවේය. ඛත්තියස්ස යනු මෙබඳු වූ පවිටු රජුගේ. විලුම්පමානාය යනු විනාශ කරනු ලබන්නා වූ මෙයම හෝ පෙළ වෙයි. පුථුප්පජාය යනු මහත් වූ සත්ත්ව සමූහයා විනාශවනු ලබන කල්හි. පූජේසි යනු ප්‍රශංසා කරහි. සුරජ්ජකං යනු ඡන්‍ද (ආශාව) ආදී වශයෙන් අගතියට නොගොස් දසරාජ ධර්මයන් කෝප නොකරන රජු විසින් රකිනු ලබන්නා වූ ඉදින් මෙය යහපත් රජෙක් ඇති රටක් වන්නේය. ඵීතං යනු වැසි මනාව නොපවත්නා කල්හිද ශස්‍යයන්ගෙන් යුක්ත වූ. න මා දිසං යනු මෙසේ ඇති කල්හි කපුටෝ මා වැනි ජීවත් වන්නවුන් නොකන්නාහුය.

එවං ඡසුපි ඨානෙසු අක‍්කොසනං බොධිසත‍්තස‍්සෙව ආනුභාවෙන අහොසි;

මෙසේ ස්ථාන හයෙහිදීම දොස් නැගීම බෝසතුන්ගේම ආනුභාවයෙන් වීය.

තං සුත්‍වා රාජා ච පුරොහිතො ච “අරඤ‍්ඤවාසිං තිරච‍්ඡානගතං මණ‍්ඩූකං උපාදාය සබ‍්බෙ අම‍්හෙයෙව අක‍්කොසන‍්තී”ති වත්‍වා තතො නගරං ගන‍්ත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා මහාසත‍්තස‍්සොවාදෙ ඨිතා දානාදීනි පුඤ‍්ඤානි කරිංසු.

ඒ අසා රජුද පුරෝහිතයාද වනවාසී වූ තිරිසන්ගත මැඩියාගේ පටන් සියල්ලෝම අපටම ආක්‍රෝශ කරත්ම යයි එතැනින් නගරයට ගොස් දැහැමෙන් රාජ්‍යය කරවා මහබෝසතුන්ගේ අවවාදයෙහි සිට දන්දීම් ආදී වූ පිංකම් කළාහුය.

සත්‍ථා කොසලරඤ‍්ඤො ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා, “මහාරාජ, රඤ‍්ඤා නාම අගතිගමනං පහාය ධම‍්මෙන රජ‍්ජං කාරෙතබ‍්බ”න‍්ති වත්‍වා ජාතකං සමොධානෙසි “තදා ගන්‍ධතින්‍දුකදෙවතා අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ කොසොල් රජුට මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා “මහරජතුමනි, රජු විසින් අගතිගාමීව යෑම අත්හැර දැහැමෙන් රාජ්‍යය කළයුතු යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි ගන්‍ධතින්‍දුක දේවතාවා මම ම වීමි යයි වදාළ සේක.

ගන්‍ධතින්‍දුකජාතකවණ‍්ණනා දසමා.

ජාතකුද‍්දානං -

කිංඡන්‍ද කුම‍්භ ජයද‍්දිස ඡද‍්දන‍්ත, අථ පණ‍්ඩිතසම‍්භව සිරකපි; දකරක‍්ඛස පණ‍්ඩරනාගවරො, අථ සම‍්බුල තින්‍දුකදෙවසුතොති.

තිංසනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්වන නිපාත වර්ණනාව නිමියේය.