1. තෙසකුණජාතකවණ්ණනා 521 අට්ඨකථා
1. තෙසකුණජාතකවණ්ණනා (521)
1. තෙසකුණ ජාතකය (521)
වෙස්සන්තරං තං පුච්ඡාමීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො ඔවාදවසෙන කථෙසි. තඤ්හි රාජානං ධම්මස්සවනත්ථාය ආගතං සත්ථා ආමන්තෙත්වා “මහාරාජ, රඤ්ඤා නාම ධම්මෙන රජ්ජං කාරෙතබ්බං, යස්මිඤ්හි සමයෙ රාජානො අධම්මිකා හොන්ති, රාජයුත්තාපි තස්මිං සමයෙ අධම්මිකා හොන්තී”ති චතුක්කනිපාතෙ (අ· නි· 4.70) ආගතසුත්තනයෙන ඔවදිත්වා අගතිගමනෙ අගතිඅගමනෙ ච ආදීනවඤ්ච ආනිසංසඤ්ච කථෙත්වා “සුපිනකූපමා කාමා”තිආදිනා නයෙන කාමෙසු ආදීනවං විත්ථාරෙත්වා, “මහාරාජ, ඉමෙසඤ්හි සත්තානං –
වෙස්සන්තරං තං පුච්ඡාමි, යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, කොසොල් රජුට අවවාද වශයෙන් දේශනා කළ සේක. එකල්හි රජු ධර්මශ්රවණය පිණිස පැමිණි කල්හි, බුදුරජාණන් වහන්සේ රජු අමතා, මහරජ, රජවරු නම් දැහැමින් රාජ්‍යය කරවිය යුතුයයි වදාළ සේක. යම් කලෙක්හි රජවරු අධාර්මික වෙත් ද, එකල්හි රාජ්‍ය විචාරීමද, අධාර්මික වේ යයි, චතුක්ක නිපාතයේ සඳහන් සූත්රානුකූලව අවවාද කොට, අගතියට යාමේ ආදීනව ද, අගතිගාමී නොවීමේ ආනිශංස ද, පවසා, සිහිනයකට උපමා කිරීම් ආදි න්‍යායෙන් කාමයන්හි ආදීනව විස්තර කොට, මහරජ, මෙබඳු වූ සත්ත්වයන්ට
‘මච්චුනා සඞ්ගරො නත්ථි, ලඤ්ජග්ගාහො න විජ්ජති; යුද්ධං නත්ථි ජයො නත්ථි, සබ්බෙ මච්චුපරායණා’.
“මාරයා සමග පොරොන්දුවක් නැත. අල්ලස් දීමක් ද නැත. යුද්ධයක් නැත. ජයක් නැත. සියලු දෙනාම මරු වසඟයට යති.”
තෙසං පරලොකං ගච්ඡන්තානං ඨපෙත්වා අත්තනා කතං කල්යාණකම්මං අඤ්ඤා පතිට්ඨා නාම නත්ථි. එවං ඉත්තරපච්චුපට්ඨානං අවස්සං පහාතබ්බං, න යසං නිස්සාය පමාදං කාතුං වට්ටති, අප්පමත්තෙනෙව හුත්වා ධම්මෙන රජ්ජං කාරෙතුං වට්ටති. පොරාණකරාජානො අනුප්පන්නෙපි බුද්ධෙ පණ්ඩිතානං ඔවාදෙ ඨත්වා ධම්මෙන රජ්ජං කාරෙත්වා දෙවනගරං පූරයමානා ගමිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
එසේ පරලොව යන්නවුන්ට හැර, තමන් විසින් කරන ලද, යහපත් කර්ම, අන් අයට පිළිසරණක් නම් නැත. එසේ ස්වල්ප වූ වැටහීම ඒකාන්තයෙන් දුරු කළ යුතුය. කීර්තිය නිසා වැඩ ප්‍රමාද කිරීම නොවටනේය. අප්‍රමාදයෙන් යුතුව දැහැමින් රාජ්‍යය කිරීම වටනේය. පුරාණ රජවරු, බුදුවරුන් පහළ නොවූ කාලවලදී උගතුන්ගේ අවවාදයන් පිළිාගෙන ධාර්මිකව රාජ්‍යය කරවා දෙව්ලොව පුරවමින් එහි ගියාහු යයි වදාරා ඔහු විසින් අයදන ලද්දේ අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තො රජ්ජං කාරෙන්තො අපුත්තකො අහොසි, පත්ථෙන්තොපි පුත්තං වා ධීතරං වා න ලභි. සො එකදිවසං මහන්තෙන පරිවාරෙන උය්යානං ගන්ත්වා දිවසභාගං උය්යානෙ කීළිත්වා මඞ්ගලසාලරුක්ඛමූලෙ සයනං අත්ථරාපෙත්වා ථොකං නිද්දායිත්වා පබුද්ධො සාලරුක්ඛං ඔලොකෙත්වා තත්ථ සකුණකුලාවකං පස්සි, සහ දස්සනෙනෙවස්ස සිනෙහො උප්පජ්ජි. සො එකං පුරිසං පක්කොසාපෙත්වා “ඉමං රුක්ඛං අභිරුහිත්වා එතස්මිං කුලාවකෙ කස්සචි අත්ථිතං වා නත්ථිතං වා ජානාහී”ති ආහ. සො “සාධු, දෙවා”ති වත්වා අභිරුහිත්වා තත්ථ තීණි අණ්ඩකානි දිස්වා රඤ්ඤො ආරොචෙසි. රාජා “තෙන හි එතෙසං උපරි නාසවාතං මා විස්සජ්ජෙසී”ති වත්වා “චඞ්කොටකෙ කප්පාසපිචුං අත්ථරිත්වා තත්ථෙව තානි අණ්ඩකානි ඨපෙත්වා සණිකං ඔතරාහී”ති ඔතාරාපෙත්වා චඞ්කොටකං හත්ථෙන ගහෙත්වා “කතරසකුණණ්ඩකානි නාමෙතානී”ති අමච්චෙ පුච්ඡි. තෙ “මයං න ජානාම, නෙසාදා ජානිස්සන්තී”ති වදිංසු. රාජා නෙසාදෙ පක්කොසාපෙත්වා පුච්ඡි. නෙසාදා, “මහාරාජ, තෙසු එකං උලූකඅණ්ඩං, එකං සාලිකාඅණ්ඩං, එකං සුවකඅණ්ඩ”න්ති කථයිංසු. කිං පන එකස්මිං කුලාවකෙ තිණ්ණං සකුණිකානං අණ්ඩානි හොන්තීති. ආම, දෙව, පරිපන්ථෙ අසති සුනික්ඛිත්තානි න නස්සන්තීති. රාජා තුස්සිත්වා “ඉමෙ මම පුත්තා භවිස්සන්තී”ති තානි තීණි අණ්ඩානි තයො අමච්චෙ පටිච්ඡාපෙත්වා “ඉමෙ මය්හං පුත්තා භවිස්සන්ති, තුම්හෙ සාධුකං පටිජග්ගිත්වා අණ්ඩකොසතො නික්ඛන්තකාලෙ මමාරොචෙය්යාථා”ති ආහ. තෙ තානි සාධුකං රක්ඛිංසු.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය විචාරන්නේ අපුත්‍රක වැ සිටියේය. ප්‍රාර්ථනා කරන්නේ නමුත් පුතකු හේ දුවක නොලැබීය. ඔහු එක් දිනක් මහත් පිරිවරින් උයනට ගොස්, දිවා කාලයේ උයනේ සෙල්ලම් කර, මංගල සල්ගස මුල යහනාවක් අතුරා, ටික වේලාවක් නිදා, පිබිදී, සල්ගස දෙස බලා එහි කුරුලු කූඩුවක් තිබෙනු දුටුවේය. එය දැකීම් පමණින් ම ඔහුට මහත් සෙනෙහසක් උපන්නේය. ඔහු එක මිනිසකු කැඳවා “මේ ගසට නැග, මේ කූඩුවෙහි කිසිවකු ඇත්ද, නැද්ද යන වග දැනගනුවයි කීවේය. ඔහු ගසට නැග එහි කුරුළු බිජුවට තුනක් ඇති බව දැක, ඒ බව රජුට දැන්වීය. රජු එවිට, එසේ වී නම් සුළඟින් වන උවදුරු වළකා, ඒවා විසිර යා නොදී, කුඩා පෙට්ටියක පුළුන් ගොඩක් අතුරා, එහි එම බිත්තර තබා, වහාම ගසින් බැසපියායි, ගසින් බස්සවා, කුඩා පෙට්ටිය අතින් ගෙන කවර පක්ෂීන්ගේ බිත්තර වන්නේදැයි ඇමතියන්ගෙන් විචාළේය. “අපි එය නොදනිමු. වැද්දෝම ඒ බව දන්නාහු” යයි කීවාහුය. රජ වැද්දන් කැඳවා විචාළේය. වැද්දෝ පැමිණ, මහරජ, මේ බිත්තර අතර එකක්, බකමුහුණු බිජුවකි. එකක් සැළලිහිණි බිජුවකි. අනෙක ගිරා බිජුවකැයි, කීහ. එකම කැදැල්ලක කිරිල්ලියන් තිදෙනෙකුගේ බිත්තර තිබෙත්ද? මහරජ, එසේය. උවදුරක් නැති කල්හි, සුරක්ෂිතව තබන ලද්ද, නොනැසෙන්නේය. රජු සතුටු වී, මේ (බිජු) මගේ දරුවන් වන්නාහු යයි එම බිජු තුන ඇමතියන් තිදෙනෙකුට පවරා, “මේවා මගේ දරුවෝ වන්නාහ. නුඹලා මනාකොට පෝෂණය කර, බිජු කෝෂයෙන් නික්මෙන කල්හි මට දැනුම් දෙව”යි කීවේය. ඔවුහු ඒවා මනාකොට රැක්කාහ.
තෙසු පඨමං උලූකඅණ්ඩං භිජ්ජි. අමච්චො එකං නෙසාදං පක්කොසාපෙත්වා “ත්වං ඉත්ථිභාවං වා පුරිසභාවං වා ජානාහී”ති වත්වා තෙන තං වීමංසිත්වා “පුරිසො”ති වුත්තෙ රාජානං උපසඞ්කමිත්වා “පුත්තො තෙ, දෙව, ජාතො”ති ආහ. රාජා තුට්ඨො තස්ස බහුං ධනං දත්වා “පුත්තකං මෙ සාධුකං පටිජග්ග, ‘වෙස්සන්තරො’ති චස්ස නාමං කරොහී”ති වත්වා උය්යොජෙසි. සො තථා අකාසි. තතො කතිපාහච්චයෙන සාලිකාඅණ්ඩං භිජ්ජි. සොපි අමච්චො තං නෙසාදෙන වීමංසාපෙත්වා “ඉත්ථී”ති සුත්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “ධීතා තෙ, දෙව, ජාතා”ති ආහ. රාජා තුට්ඨො තස්සපි බහුං ධනං දත්වා “ධීතරං මෙ සාධුකං පටිජග්ග, ‘කුණ්ඩලිනී’ති චස්සා නාමං කරොහී”ති වත්වා උය්යොජෙසි. සොපි තථා අකාසි. පුන කතිපාහච්චයෙන සුවකඅණ්ඩං භිජ්ජි. සොපි අමච්චො නෙසාදෙන තං වීමංසිත්වා “පුරිසො”ති වුත්තෙ රඤ්ඤො සන්තිකං ගන්ත්වා “පුත්තො තෙ, දෙව, ජාතො”ති ආහ. රාජා තුට්ඨො තස්සපි බහුං ධනං දත්වා “පුත්තස්ස මෙ මහන්තෙන පරිවාරෙන මඞ්ගලං කත්වා ‘ජම්බුකො’තිස්ස නාමං කරොහී”ති වත්වා උය්යොජෙසි. සොපි තථා අකාසි. තෙ තයොපි සකුණා තිණ්ණං අමච්චානං ගෙහෙසු රාජකුමාරපරිහාරෙනෙව වඩ්ඪන්ති. රාජා “මම පුත්තො, මම ධීතා”ති වොහරති. අථස්ස අමච්චා අඤ්ඤමඤ්ඤං අවහසන්ති “පස්සථ, භො, රඤ්ඤො කිරියං, තිරච්ඡානගතෙපි ‘පුත්තො මෙ, ධීතා මෙ’ති වදන්තො විචරතී”ති.
එම බිත්තර අතරින් පළමුවෙන්ම බකමුහුණු බිජුව බිඳුණේය. ඇමතියා එක වැද්දකු කැඳවා, ස්ත්‍රිය ද, පුරුෂ ලිංගිකයකු ද යන වග දැනගනුව යයි කියා, ඔහු විසින් ඒ බව විමසා, පුරුෂ ලිංගිකයකු බව කී කල්හි, රජු වෙත එළඹ, “දේවයන් වහන්ස, ඔබතුමාට පුත්‍රයකු උපන්නේ” යයි කීවේය. රජු අතිශය සතුටට පත්ව, ඔහුට බොහෝ ධනය පවරා දී “මගේ පුත්‍රයා මැනවින් පෝෂණය කර ඔහුට ‘වෙස්සන්තර’ යයි නම් කරන්න” යයි, පවසා පිටත් කරවීය. ඔහු එසේ කෙළේය. අනතුරුව දින කීපයකින් පසුව සැළලිහිණි බිත්තරය බින්දේය. ඒ ඇමතියා ද එය වැද්දකු කෙරෙන් විමසා, ස්ත්‍රියක යයි දැන, රජුගේ සමීපයට ගොස් “දේවයන් වහන්ස, ඔබට දියණියක් උපන්නී” යයි කීවේය. රජු සතුටට පත්වූයේ ඔහුට ද බොහෝ ධනය දී “මගේ දුව මැනවින් පෝෂණය කරව. ඇයට ‘කුණ්ඩලිනි’ යයි නම් කරව”යි කියා පිටත් කෙළේය. ඔහු ද එසේ කළේය. නැවත දින කීපයකින් පසු, ගිරා බිත්තරය බින්දේය. ඒ ඇමතියා ද වැද්දාගෙන් විමසා පිරිමියකු බව කී කල්හි, රජු සමීපයට ගොස් “දේවයන් වහන්ස, ඔබට පුතකු උපන්නේ” යයි කීවේය. රජු ද සතුටු වූයේ, ඔහුට ද, බොහෝ ධනය දී, මහත් වූ පිරිවරින් යහපතක් කොට ඔහුට ‘ජම්බුක’ යයි නම් කරන්නැයි කියා, පිටත් කරවීය. ඔහු ද එසේ කෙළේය. ඒ කුරුල්ලෝ තිදෙනා, ඇමතියන් තිදෙනාගේ ගෙවල රාජකුමාර ලීලාවෙන් වැඩෙත්. රජු ද, මගේ පුතා, මගේ දුව යයි ආමන්ත්‍රණය කරයි. ඉක්බිති රජුගේ ඇමතියෝ බලව් රජුගේ ක්‍රියා පිළිවෙත, තිරිසන් සතුන්ට ද, මගේ පුතා, මගේ දුව යයි කියමින් හැසිරෙන්නේ යයි, ඔවුනොවුහු අවඥා සහගතව සිනහ සෙති.
තං සුත්වා රාජා චින්තෙසි – “ඉමෙ අමච්චා එතෙසං මම පුත්තානං පඤ්ඤාසම්පදං න ජානන්ති, පාකටං නෙසං කරිස්සාමී”ති. අථෙකං අමච්චං වෙස්සන්තරස්ස සන්තිකං පෙසෙසි – “තුම්හාකං පිතා පඤ්හං පුච්ඡිතුකාමො, කදා කිර ආගන්ත්වා පුච්ඡතූ”ති. සො අමච්චො ගන්ත්වා වෙස්සන්තරං වන්දිත්වා තං සාසනං ආරොචෙසි. තං සුත්වා වෙස්සන්තරො අත්තනො පටිජග්ගකං අමච්චං පක්කොසිත්‍වා “මය්හං කිර පිතා මං පඤ්හං පුච්ඡිතුකාමො, තස්ස ඉධාගතස්ස සක්කාරං කාතුං වට්ටති, කදා ආගච්ඡතූ”ති පුච්ඡි. අමච්චො “ඉතො සත්තමෙ දිවසෙ තව පිතා ආගච්ඡතූ”ති ආහ. තං සුත්වා වෙස්සන්තරො “පිතා මෙ ඉතො සත්තමෙ දිවසෙ ආගච්ඡතූ”ති වත්වා උය්යොජෙසි. සො ආගන්ත්වා රඤ්ඤො ආචික්ඛි. රාජා සත්තමෙ දිවසෙ නගරෙ භෙරිං චරාපෙත්වා පුත්තස්ස නිවෙසනං අගමාසි. වෙස්සන්තරො රඤ්ඤො මහන්තං සක්කාරං කාරෙසි, අන්තමසො දාසකම්මකාරානම්පි සක්කාරං කාරෙසි. රාජා වෙස්සන්තරසකුණස්ස ගෙහෙ භුඤ්ජිත්වා මහන්තං යසං අනුභවිත්වා සකං නිවෙසනං ආගන්ත්වා රාජඞ්ගණෙ මහන්තං මණ්ඩපං කාරාපෙත්වා නගරෙ භෙරිං චරාපෙත්වා අලඞ්කතමණ්ඩපමජ්ඣෙ මහාජනපරිවාරො නිසීදිත්වා “වෙස්සන්තරං ආනෙතූ”ති අමච්චස්ස සන්තිකං පෙසෙසි. අමච්චො වෙස්සන්තරං සුවණ්ණපීඨෙ නිසීදාපෙත්වා ආනෙසි. වෙස්සන්තරසකුණො පිතු අඞ්කෙ නිසීදිත්වා පිතරා සහ කීළිත්වා ගන්ත්වා තත්ථෙව සුවණ්ණපීඨෙ නිසීදි. අථ නං රාජා මහාජනමජ්ඣෙ රාජධම්මං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
ඒ බව අසා, රජු මෙසේ සිතීය. මේ ඇමතියෝ ඒ මගේ පුතුන්ගේ බුද්ධි මහිමය නොදනිති. ඔවුන්ට එය පෙන්වා දෙන්නෙමියි කීය. ඉක්බිති එක ඇමතියෙකු වෙස්සන්තර සමීපයට යැවීය. නුඹගේ පියා ප්‍රශ්න විචාරීමට කැමැත්තෙන් සිටියි. කවදා අවුත් විචාරාවාදැයි ඇසීය. ඇමතියා ගොස් වෙස්සන්තරට වැඳ, එම පුවත දැනුම් දුන්නේය. වෙස්සන්තර ද, තමන්ව පෝෂණය කරන ඇමතියා කැඳවා, “මගේ පියා මගෙන් ප්රශ්ර්න විචාරීමට කැමැත්තේ ඔහු මෙහි පමුණුවා සත්කාර සම්මාන කරන්නට වටනේය. එය කවදා සිදුකරමෝදැ’යි විචාළේය. ඇමතියා ද, මෙයින් සත්වෙනි දිනයෙහි පැමිණේවා’යි, කීවේය. ඒ අසා වෙස්සන්තර ද, පියා මෙයින් සත්වෙනි දිනයෙහි පැමිණේවායි කියා ඇමතියා පිටත්කර හැරියේය. ඔහු පෙරළා පැමිණ රජුට ඒ බව දැන්වීය. රජු ද, සත්වෙනි දිනයේ, නගරයේ බෙර හඬ නංවා පුතුගේ නිවසට ගියේය. වෙස්සන්තර ද, රජුට මහත් ගරු සත්කාර කෙළේය. යටත් පිරිසෙයින් දැසි කම්කරුවන්ගේ සත්කාර ද කරවීය. රජු, වෙස්සන්තර කුරුල්ලාගේ නිවසේ දී ආහාර අනුභව කර ඉමහත් කීර්තියක් වින්දනය කර, තම නිවසට පැමිණ, රාජාංගනයේ මහා මණ්ඩපයක් කරවා, නගරයේ බෙර හඬ නංවා, අලංකාර වූ මණ්ඩපයේ මහජනයා පිරිවරා හිඳ, වෙස්සන්තරව, රැගෙන ඒවායි, ඇමතියාගේ සමීපයට පණිවිඩ යැවීය. ඇමතියා, වෙස්සන්තරව, රන් පුටුවක වාඩිකරවා, රැගෙන ආවේය. කුරුල්ලා ද, පියාගේ උකුලේ සිට පියා සමග සෙල්ලම් කර ගොස් යළිත්, මිණිපුටුවේ හිඳ ගත්තේය. ඉක්බිති ඔහුගෙන් රජු, මහජනයා මැද, රාජ ධර්ම විමසන්නේ පළමු ගාථාව කීවේය.
“වෙස්සන්තරං තං පුච්ඡාමි, සකුණ භද්දමත්ථු තෙ; රජ්ජං කාරෙතුකාමෙන, කිං සු කිච්චං කතං වර”න්ති.
වෙස්සන්තර නම් සොඳුරු පක්ෂිය, නුඹට යහපතක් වේවා! රාජ්‍යය කරනු කැමැත්තන් විසින් කවර කටයුතු කළ යුතුද, කෙසේ උත්තම වේ ද පින්වත,
තත්ථ සකුණාති තං ආලපති. කිං සූති කතරං කිච්චං කතං වරං උත්තමං හොති, කථෙහි මෙ, තාත, සකලං රාජධම්මන්ති එවං කිර තං සො පුච්ඡි.
එහි සකුණා යනු ඔහුට ආමන්ත්‍රණය කිරීමයි. කිංසූ යනු කෙසේ කෘත්‍යය සම්පාදනය කරම් ද, කෙසේ උතුම් වේදැයි කියව. මට සියලු රාජ ධර්මයෝ, එසේ ඔහුගෙන් රජු විචාළේය.
තං සුත්වා වෙස්සන්තරො පඤ්හං අකථෙත්වාව රාජානං තාව පමාදෙන චොදෙන්තො දුතියං ගාථමාහ –
ඒ අසා වෙස්සන්තර ප්රශ්නය නොකියාම රජුට ප්‍රමාදය ගැන චෝදනා කරමින් දෙවෙනි ගාථාව කීවේය.
“චිරස්සං වත මං තාතො, කංසො බාරාණසිග්ගහො; පමත්තො අප්පමත්තං මං, පිතා පුත්තං අචොදයී”ති.
“පියාණෙනි, බොහෝ කලක පටන් බරණැස් නුවර වැසියන්ට සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන කංසනම් රජු පමා වූයේ, අප්රමාදී වූද පුත්‍ර වූ ද මගෙන් ප්‍රශ්නයක් විචාළේය.”
තත්ථ තාතොති පිතා. කංසොති ඉදං තස්ස නාමං. බාරාණසිග්ගහොති චතූහි සඞ්ගහවත්ථූහි බාරාණසිං සඞ්ගහෙත්වා වත්තන්තො. පමත්තොති එවරූපානං පණ්ඩිතානං සන්තිකෙ වසන්තො පඤ්හස්ස අපුච්ඡනෙන පමත්තො. අප්පමත්තං මන්ති සීලාදිගුණයොගෙන මං අප්පමත්තං. පිතාති පොසකපිතා. අචොදයීති අමච්චෙහි “තිරච්ඡානගතෙ පුත්තෙ කත්වා වොහරතී”ති අවහසියමානො පමාදං ආපජ්ජිත්වා චිරස්සං අජ්ජ චොදෙසි, පඤ්හං පුච්ඡීති වදති.
එහි තාතො යනු පියා වේ. කංසො යනු මේ ඔහුගේ නාමයයි. බාරණසිග්ගහො යනු බරණැස් වැසියන්ට සතර සංග්‍රහ වස්තුවලින් (දානය, ප්‍රියවචන, අර්ථචර්යාව, සමානාත්මතාව) සංග්‍රහශීලී පැවැත්මයි. පමත්තො යනු මේ ආකාර වූ වියතුන්ගේ සමීපයෙහි වාසය කරමින්, ප්‍රශ්න නොඇසීමෙන් වන ප්‍රමාදයයි. අප්පමත්තං යනු ශීලාදී ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් වූ අප්රමාදී ගුණයයි. පිතා යනු පෝෂණය කළ පියා වෙයි. අචෝදයී යනු ඇමතිවරුන් විසින් තිරිසන්ගත සත්ත්වයන් පුතුන් සේ සලකා ව්‍යවහාර කිරීමයි. අවඥා සහගත ලෙස සිනහසෙමින්, බොහෝ කලක් ප්‍රමාදව සිට, අද ප්‍රශ්න විචාරයි කියා චෝදනා කෙළේය.
එවං සො ඉමාය ගාථාය චොදෙත්වා “මහාරාජ, රඤ්ඤා නාම තීසු ධම්මෙසු ඨත්වා ධම්මෙන රජ්ජං කාරෙතබ්බ”න්ති වත්වා රාජධම්මං කථෙන්තො ඉමා ගාථායො ආහ –
මෙසේ මේ ගාථාව තුළින් චෝදනා කර, මහරජ, රජු නම් ත්‍රිවිධ ධර්මතාවල පිහිටා සිට, දැහැමින් රාජ්‍යය කළ යුතුයයි පවසා රාජ ධර්ම පවසන්නේ මෙසේ කීවේය.
“පඨමෙනෙව විතථං, කොධං හාසං නිවාරයෙ; තතො කිච්චානි කාරෙය්ය, තං වතං ආහු ඛත්තිය.
1. පළමුව අසත්‍යය, ක්‍රෝධය ක්‍රීඩාශීලී ස්වභාවය දුරලන්නේය. අනතුරුව රාජ කෘත්‍යයන් කළයුතු වන්නේය. එය ඒකාන්තයෙන් ක්ෂත්රිය ලකුණ වන්නේය.
“යං ත්වං තාත තපොකම්මං, පුබ්බෙ කතමසංසයං; රත්තො දුට්ඨො ච යං කයිරා, න තං කයිරා තතො පුන.
2. පියාණෙනි, නුඹ පෙර යම් ක්‍රියාවක් කොට සැකයට පත් වන්නේ ද, රාගයෙන් රත් වූ යම් දුෂ්ට ක්‍රියාවක ඇලුණේ වේද, එය නැවත නොකරන්නේය.
“ඛත්තියස්ස පමත්තස්ස, රට්ඨස්මිං රට්ඨවඩ්ඪන; සබ්බෙ භොගා විනස්සන්ති, රඤ්ඤො තං වුච්චතෙ අඝං.
3. රටෙහි රාජ්‍ය විචාරණ, ක්ෂත්රියයාගේ යම් ප්‍රමාදයක් වේ නම් රටේ සියලු භව භෝග සම්පත් විනාශ වන්නේය.
“සිරී තාත අලක්ඛී ච, පුච්ඡිතා එතදබ්රවුං; උට්ඨානවීරියෙ පොසෙ, රමාහං අනුසූයකෙ.
4. පියාණෙනි, සෞභාග්‍යය ද සම්පත ද විචාරණ ලද්දේ මෙසේ පවසන ලදි. උට්ඨාන වීර්යය ද, ජනයා පෝෂණය කිරීම ද ඊර්ෂ්‍යා නොකිරීම ද බව මම කියමි.
“උසූයකෙ දුහදයෙ, පුරිසෙ කම්මදුස්සකෙ; කාළකණ්ණී මහාරාජ, රමති චක්කභඤ්ජනී.
5. මහරජ, මිනිසා කෙරෙහි ඊර්ෂ්‍යා කිරීම ද, නපුරු හදවත් ඇති බව ද, නපුරු ක්‍රියා කිරීම ද, කාලය විනාශ කරමින් ධර්ම චක්‍රය බිඳ දැමීමෙහි ඇලුණෙක් වෙයි.
“සො ත්වං සබ්බෙ සුහදයො, සබ්බෙසං රක්ඛිතො භව; අලක්ඛිං නුද මහාරාජ, ලක්ඛ්යා භව නිවෙසනං.
6. “ඒ නුඹ වහන්සේ සියලු ජනතාව කෙරෙහි සුහද සිත් ඇතිව, සියල්ලන් රකින්නෙකු වන්න. මහරජ, කාලකණ්ණිය දුරලා, ශ්‍රී කාන්තාව රඳවා තම මන්දිරයේ වාසනාවන්තයකු වන්න.”
“ස ලක්ඛීධිතිසම්පන්නො, පුරිසො හි මහග්ගතො; අමිත්තානං කාසිපති, මූලං අග්ගඤ්ච ඡින්දති.
7. කසීරට අධිපති රජුනි! ලක්ෂ්මිය සහිත වූ, ප්‍රඥාවෙන් හා වීර්යයෙන් යුතු උසස් අදහස් ඇති පුරිස තෙම පසමිතුරන්ගේ මුල ද අග ද සිඳියි.
“සක්කොපි හි භූතපති, උට්ඨානෙ නප්පමජ්ජති; ස කල්‍යාණෙ ධිතිං කත්වා, උට්ඨානෙ කුරුතෙ මනො.
8. මහරජ, ශක්‍ර තෙමේ ද උට්ඨාන වීර්යයෙහි ප්‍රමාද නොවේ. හෙතෙම කුශල ක්‍රියාවෙහිම ධෛර්යය උපදවා උට්ඨාන වීර්යයෙහි සිත පිහිටුවයි.
“ගන්ධබ්බා පිතරො දෙවා, සාජීවා හොන්ති තාදිනො; උට්ඨාහතො අප්පමජ්ජතො, අනුතිට්ඨන්ති දෙවතා.
9. “ගන්ධර්වයෝ ද, දෙවිවරු ද, බ්‍රහ්මයෝ ද, එබඳු සක්රජුට සමාන ජීවිකාව ඇත්තෝ වෙති. දේවතාවෝ උත්සාහවන්තව අප්රමාදයේ ඇළුණු ඔහු අනුව පවතිත්.
“සො අප්පමත්තො අක්කුද්ධො, තාත කිච්චානි කාරය; වායමස්සු ච කිච්චෙසු, නාලසො වින්දතෙ සුඛං.
10. “පියාණෙනි, අප්රමාදී වම, නොකිපුණු සිතින් ම කටයුතු කළ මැනව. වැඩකටයුතුවල මැනවින් උත්සාහවන්ත වූ, අලස පුද්ගලයා සැප නො විඳී.
“තත්ථෙව තෙ වත්තපදා, එසාව අනුසාසනී; අලං මිත්තෙ සුඛාපෙතුං, අමිත්තානං දුඛාය චා”ති.
11. මහරජ! මා කී ප්රකාශනයන්හිම ව්‍රතපදයෝ ද වෙති. මෝ තොමෝ මා අනුශාසනා වන්නීය. මිතුරන් සුවපත් කිරීමටද, සතුරන්ට දුක් පිණිස ද, මෙය සමර්ථ වේ. (යයි වෙස්සන්තර නම් පක්ෂියා කීයේය.)
තත්ථ පඨමෙනෙව විතථන්ති, තාත, රාජා නාම ආදිතොව මුසාවාදං නිවාරයෙ. මුසාවාදිනො හි රඤ්ඤො රට්ඨං නිරොජං හොති, පථවියා ඔජා කම්මකරණට්ඨානතො සත්තරතනමත්තං හෙට්ඨා භස්සති, තතො ආහාරෙ වා තෙලමධුඵාණිතාදීසු වා ඔසධෙසු ඔජා න හොති. නිරොජාහාරභොජනා මනුස්සා බහ්වාබාධා හොන්ති, රට්ඨෙ ථලජලපථෙසු ආයො නුප්පජ්ජති, තස්මිං අනුප්පජ්ජන්තෙ රාජානො දුග්ගතා හොන්ති. තෙ සෙවකෙ සඞ්ගණ්හිතුං න සක්කොන්ති, අසඞ්ගහිතා සෙවකා රාජානං ගරුචිත්තෙන න ඔලොකෙන්ති. එවං, තාත, මුසාවාදො නාමෙස නිරොජො, න සො ජීවිතහෙතුපි කාතබ්බො, සච්චං පන සාදුතරං රසානන්ති තදෙව පටිග්ගහෙතබ්බං. අපිච මුසාවාදො නාම ගුණපරිධංසකො විපත්තිපරියොසානො, දුතියචිත්තවාරෙ අවීචිපරායණං කරොති. ඉමස්මිං පනත්ථෙ “ධම්මො හවෙ හතො හන්තී”ති චෙතියජාතකං (ජා· 1.8.45 ආදයො) කථෙතබ්බං.
එහි පඨමෙනෙව විතථං යනු පිය රජුනි, මුලින්ම මුසාවාද සහිත රජුගේ රට ඕජස් රහිත රටක් වූයේ වෙයි. පොළෝතලයෙහි ඕජස රියන් සතක් පමණ යටට බසී. එසේම ආහාරයෙහි තෙල්, මීපැණි, උක් පැණි ආදි ඖෂධ වර්ගවල ඕජස් ගතිය නැති වේ. ඕජස් රහිත ආහාර පාන අනුභව කරන මිනිස්සු බොහෝ ආබාධ ඇත්තෝ වෙති. රටේ ගොඩබිමින් ද, ජලමාර්ගවලින් ද ආදායම නූපදී. එසේ අයබදු නූපන් කල්හි රජවරු දුප්පත් වූවෝ වෙති. ඔවුහු සේවකයන්ට සංග්‍රහ කිරීමට නොහැකි වෙත්. සංග්‍රහ නොලබන සේවකයෝ රජවරුන් දෙස, ගරු බුහුමන් සිතින් නොලබත්. එපරිදි පියාණෙනි, මුසාවාද නම් වූ මේ ඕජස් රහිත මුසාවාදය ජීවිතය සඳහාවත් නොකළ යුතු, සත්‍යය වනාහි රසයන් අතර වඩාම ප්‍රියතර රසය බව එපරිදි විමසා බැලිය යුතුය. තවද මුසාවාදය නම් ගුණ දහම් පිරිහෙළන විපත්ති කෙළවර කොට ඇති, දෙවෙනි චිත්ත පරම්පරාවේදී අවීචිමහා නරකාදියෙහි ද දුක ඇති කරවයි. මෙය වනාහි මුසාවාදය මෙහිදී ධර්මය ඒකාන්තයෙන් නැසීම අර්ථකොට ඇත්තේනුයි චේතිය ජාතක කථාව කිය යුතුය.
කොධන්ති, තාත, රාජා නාම පඨමමෙව කුජ්ඣනලක්ඛණං කොධම්පි නිවාරෙය්ය. තාත, අඤ්ඤෙසඤ්හි කොධො ඛිප්පං මත්ථකං න පාපුණාති, රාජූනං පාපුණාති. රාජානො නාම වාචාවුධා කුජ්ඣිත්වා ඔලොකිතමත්තෙනාපි පරං විනාසෙන්ති, තස්මා රඤ්ඤා අඤ්ඤෙහි මනුස්සෙහි අතිරෙකතරං නික්කොධෙන භවිතබ්බං, ඛන්තිමෙත්තානුද්දයාසම්පන්නෙන අත්තනො පියපුත්තං විය ලොකං වොලොකෙන්තෙන භවිතබ්බං. තාත, අතිකොධනො නාම රාජා උප්පන්නං යසං රක්ඛිතුං න සක්කොති. ඉමස්ස පනත්ථස්ස දීපනත්ථං ඛන්තිවාදිජාතක- (ජා· 1.4.49 ආදයො) චූළධම්මපාලජාතකානි (ජා· 1.5.44 ආදයො) කථෙතබ්බානි. චූළධම්මපාලජාතකස්මිඤ්හි මහාපතාපනො නාම රාජා පුත්තං ඝාතෙත්වා පුත්තසොකෙන හදයෙන ඵලිතෙන මතාය දෙවියා සයම්පි දෙවිං අනුසොචන්තො හදයෙන ඵලිතෙනෙව මරි. අථ තෙ තයොපි එකආළාහනෙව ඣාපෙසුං. තස්මා රඤ්ඤා පඨමමෙව මුසාවාදං වජ්ජෙත්වා දුතියං කොධො වජ්ජෙතබ්බො.
ක්‍රෝධ නම්, රජු පළමුවෙන් ම කිපීම් ලකුණු නැතිකර ගතයුතු වන්නේය. පියාණෙනි, අන් අයට ක්‍රෝධ කිරීම වහාම හිස් මුදුනට නොපැමිණෙිය. රජු වෙතට පැමිණෙයි. රජවරු නම් වචන නමැති ආයුධයෙන්, කිපී බලාසිටින අයට පවා, මතු නොව අනර්ථයක් විනාශයක් කරති. එබැවින් රජතුමා අනිත් මිනිසුන් කෙරෙන් බලනවිට, අවම වශයෙන් ඉවසීම හා මෛත්‍රිය හා දයාපරවශව, ලෝ වැසියා තමන්ගේ ප්‍රිය පුතු මෙන් සිතා ක්‍රෝධ රහිතව වාසය කළ යුතුය. පියාණෙනි, අතිශය ක්‍රෝධශීලී වූ රජ තමන්ට ලද කීර්තිය පවා රැක ගැනීමට නොහැකි වන්නේය. මේ අර්ථය වැඩිදුරටත් පැහැදිලි කරගැනීම පිණිස ක්ෂාන්තිවාදී ජාතකය මෙන් ම චුල්ල ධර්මපාල ජාතකය ආදිය පරිශීලනය කළ යුතුය. චුල්ල ධම්මපාල ජාතකයෙහි සඳහන් පරිදි මහාප්‍රතාප රජ සිය පුතු ඝාතනය කිරීමෙන් ඒ පුත්‍ර ශෝකය නිසා හදවත පැලීමෙන් මරුමුවට පත්වූ, දේවියද, තමන් ද දේවිය හා අනුව ශෝක කිරීමෙන් හදවත පැලී මරණයට පත් වූයෙහිය. ඉක්බිති ඒ තිදෙනාම එකම සොහොනක ලා දැවූහ. එ් නිසා රජතුමා, පළමුව මුසාවාදය දුරුකොට දෙවනුව ක්‍රෝධය ද දුරුකළ යුතුය.
හාසන්ති හස්සං, අයමෙව වා පාඨො. තෙසු තෙසු කිච්චෙසු උප්පිලාවිතචිත්තතාය කෙළිසීලතං පරිහාසං නිවාරෙය්ය. තාත, රඤ්ඤා නාම කෙළිසීලෙන න භවිතබ්බං, අපරපත්තියෙන හුත්වා සබ්බානි කිච්චානි අත්තපච්චක්ඛෙනෙව කාතබ්බානි. උප්පිලාවිතචිත්තො හි රාජා අතුලෙත්වා කම්මානි කරොන්තො ලද්ධං යසං විනාසෙති. ඉමස්මිං පනත්ථෙ සරභඞ්ගජාතකෙ (ජා· 2.17.50 ආදයො) පුරොහිතස්ස වචනං ගහෙත්වා දණ්ඩකිරඤ්ඤො කිසවච්ඡෙ අපරජ්ඣිත්වා සහ රට්ඨෙන උච්ඡිජ්ජිත්වා කුක්කුළනිරයෙ නිබ්බත්තභාවො ච මාතඞ්ගජාතකෙ (ජා· 1.15.1 ආදයො) මජ්ඣරඤ්ඤො බ්රාහ්මණානං කථං ගහෙත්වා මාතඞ්ගතාපසෙ අපරජ්ඣිත්වා සහ රට්ඨෙන උච්ඡිජ්ජිත්වා නිරයෙ නිබ්බත්තභාවො ච ඝටපණ්ඩිතජාතකෙ (ජා· 1.10.165 ආදයො) දසභාතිකරාජදාරකානං මොහමූළ්හානං වචනං ගහෙත්වා කණ්හදීපායනෙ අපරජ්ඣිත්වා වාසුදෙවකුලස්ස නාසිතභාවො ච කථෙතබ්බො.
භාසං යනු සිනහවයි. මෙය ම අව පාඨයටද යෙදේ. ඒ ඒ කටයුතුවලදී සිත අධික ප්‍රීතියෙන් පිනාගියේ කෙළිකවටකම මුසු වූ, අපහාස පරිහාස සිනහ වැළැක්විය යුතු වන්නේය. පියාණෙනි, රජතුමා විසින් නම් කවර සිනහවෙන් නොසිටිය යුතුය. අනුන්ගෙන් නොයැපෙන්නෙකුව සියලු කටයුතු තමන්ගේ කටයුතු මෙන් සලකා බලා කටයුතු කළ යුතුය. ප්‍රීතියෙන් ඔද වැඩී ගිය සිත් ඇති රජු, අසමාන නොගැලපෙන ක්‍රියාවන් සිදුකරන්නේ, තමන් ලද කීර්තිය ඒ නිසා විනාශකර ගන්නේය. සරභංග ජාතකයෙහි පුරෝහිතයාගේ වචනය ගෙන දණ්ඩ කාරණ්යයෙහි කිසවච්ඡ තාසපයන්ට අපරාධ කොට, සිය රටත් විනාශ කොට උණුඅළු අහසෙහි උපන් සැටි ද, මාතංග ජාතකයෙහි මෙධ්යාරණ්යයෙහි දී බමුණන්ගේ බස් ගෙන මණ්ඩව්‍ය කුමාරයා විසින් මාතංග තාපසයන්ට අපරාධකොට නිරයෙහි උපන් අයුරු ද, ඝත ජාතකයෙහි දසබෑ රජදරුවන් මෝහයෙන් මුළා වූ වචන ගෙන කණ්හදීපායන තවුසන්ට අපරාධ කොට වාසුදේව කුලයම නැසුණු බව ද පැහැදිලිව කිවයුතුය.
තතො කිච්චානි කාරෙය්යාති එවං, තාත, පඨමං මුසාවාදං දුතියං කොධං තතියං අධම්මහාසං වජ්ජෙත්වා තතො පච්ඡා රාජා රට්ඨවාසීනං කත්තබ්බකිච්චානි කාරෙය්ය. තං වතං ආහු ඛත්තියාති, ඛත්තියමහාරාජ, යං මයා වුත්තං, එතං රඤ්ඤො වතසමාදානන්ති පොරාණකපණ්ඩිතා කථයිංසු.
තතො කිච්චානි කාරෙය්ය යනුවෙන් මෙසේ පියාණෙනි, පළමුව මුසාවාදය ද, දෙවනුව ක්‍රෝධය ද, තෙවනුව අදැහැමි සිනහව ද වර්ජනය කොට, ඉන් අනතුරුව, රජු, රටවැසියන්ගේ කළ යුතු කාර්යයන් කළයුතු වන්නේය.
න තං කයිරාති යං තයා රාගාදිවසෙන පච්ඡා තාපකරං කම්මං කතං හොති, තතො පුබ්බෙ කතතො පුන තාදිසං කම්මං න කයිරා, මා කරෙය්යාසි, තාතාති. වුච්චතෙති තං රඤ්ඤො අඝන්ති වුච්චති, එවං පොරාණකපණ්ඩිතා කථයිංසු. සිරීති ඉදං වෙස්සන්තරසකුණො පුබ්බෙ බාරාණසියං පවත්තිතකාරණං ආහරිත්වා දස්සෙන්තො ආහ. තත්ථ අබ්රවුන්ති සුචිපරිවාරසෙට්ඨිනා පුච්ඡිතා කථයිංසු. උට්ඨානවීරියෙති යො පොසො උට්ඨානෙ වීරියෙ ච පතිට්ඨිතො, න ච පරෙසං සම්පත්තිං දිස්වා උසූයති, තස්මිං අහං අභිරමාමීති ආහ. එවං තාව තාත සිරී කථෙසි. උසූයකෙති අලක්ඛී පන, තාත, පුච්ඡිතා අහං පරසම්පත්තිඋසූයකෙ දුහදයෙ දුචිත්තෙ කල්යාණකම්මදූසකෙ යො කල්යාණකම්මං දුස්සන්තො අප්පියායන්තො අට්ටීයන්තො න කරොති, තස්මිං අභිරමාමීති ආහ. එවං සා කාළකණ්ණී, මහාරාජ, රමති පතිරූපදෙසවාසාදිනො කුසලචක්කස්ස භඤ්ජනී.
තං වතං ආහු ඛත්තියා යනු ක්ෂත්රිය මහරජ, යමක් මා විසින් කියන ලද්දේද එය, රජුගේ ව්‍රත සමාදානය යයි, පුරාණ පඬිවරු කීවාහුය. න තං කයිරා යනු, යම් බඳු ඔබ විසින් රාග ද්වේෂ මෝහාදී වසයෙන් පසුතැවිලි වන කාර්යයක් මින් පෙර කරන ලද්දේ ද, එවැන්නක් අදින් පසුව නොකළ යුතුය. පියාණෙනි, (කරන්නට එපා) වුච්චතෙ යනු. එය රජුගේ විපත පාපය දුක යයි පුරාණ පඬිවරු කීවාහුය සිරීච යනු මේ වෙස්සන්තර පක්ෂියා පෙර බරණැස පවත්වන ලද කාරණය ගෙනහැර දක්වමින් පැවසීය. එහි අබ්රවු යනු, පරිවාර සිටුතුමා විසින් විමසන ලද්දේ කීවාහු යන අරුතයි. උට්ඨාන විරියෙ යනු යම් පුරුෂයකු උත්සාහයේ ද, වීර්යයේ ද, පිහිටියේ අනුන්ගේ සම්පත් දැක ඊර්ෂ්‍යා නොකරයිද, එහිලා මම සතුටු වෙමියි කීය. එසේ පක්ෂියා කීවේය. උස්සුය්යකෙ යනු අභාග්‍යය වනාහි පියා විචාරණ ලද්දේ මම එය අනුන්ගේ සම්පත්වලට ඊර්ෂ්‍යා කිරීම බව කියමි. දුහදයෙ යනු නපුරු සිත වේ. කම්මදූසකෙ යනු යහපත් ක්‍රියා දූෂණය කිරීමයි. යමෙක් යහපත් ක්‍රියාව නොඉවසන්නේ, අප්‍රිය කරන්නේ පිළිකුල් කරන්නේ නොකරයිද, එහිලා මම සතුටු වෙමි. ඇලෙමියි කීවේය. එපරිදි මහරජ, ඒ කාලය කාදමන්නා සුදුසු ප්‍රදේශයේ වාසය කරන්නහුගේ කුසල චක්‍රය බිඳ දැමීමෙහි ඇලෙයි.
සුහදයොති සුන්දරචිත්තො හිතචිත්තකො. නුදාති නීහර. නිවෙසනන්ති ලක්ඛියා පන නිවෙසනං භව පතිට්ඨා හොහි. ස ලක්ඛීධිතිසම්පන්නොති, මහාරාජ, කාසිපති සො පුරිසො පඤ්ඤාය චෙව වීරියෙන ච සම්පන්නො. මහග්ගතොති මහජ්ඣාසයො චොරානං පච්චයභූතෙ ගණ්හන්තො අමිත්තානං මූලං චොරෙ ගණ්හන්තො අමිත්තානං අග්ගං ඡින්දතීති වදති. සක්කොති ඉන්දො. භූතපතීති රාජානං ආලපති. උට්ඨානෙති උට්ඨානවීරියෙ. නප්පමජ්ජතීති න පමජ්ජති, සබ්බකිච්චානි කරොති. ස කල්යාණෙති සො දෙවරාජා උට්ඨානවීරියෙ මනං කරොන්තො පාපකම්මං අකත්වා කල්‍යාණෙ පුඤ්ඤකම්මස්මිඤ්ඤෙව ධිතිං කත්වා අප්පමත්තො උට්ඨානෙ මනං කරොති, තස්ස පන කල්යාණකම්මෙ වීරියකරණභාවදස්සනත්ථං සරභඞ්ගජාතකෙ ද්වීසු දෙවලොකෙසු දෙවතාහි සද්ධිං කපිට්ඨාරාමං ආගන්ත්වා පඤ්හං පුච්ඡිත්වා ධම්මස්ස සුතභාවො, මහාකණ්හජාතකෙ (ජා· 1.12.61 ආදයො) අත්තනො ආනුභාවෙන ජනං තාසෙත්වා ඔසක්කන්තස්ස සාසනස්ස පවත්තිතභාවො චාති එවමාදීනි වත්ථූනි කථෙතබ්බානි.
සුහදයො යනු සුන්දර යහපත් සිත වේ. යහපත් ලෙස සිතන්නා වේ. නුදා යනු බැහැර කිරීමයි. නිවෙසනං යනු භාග්‍යවන්ත නිවසක පිහිටියේ සිටියේ යන්නයි. සලක්ඛි ධිති සම්පන්නො යනුවෙන් කාසි දේශයට අධිපති මහරජ, ඒ මිනිසා ප්‍රඥාවෙන් ද, වීර්යයෙන් ද යුක්ත විය යුතුම ය. මහග්ගතො යනු ඉමහත් අධ්යාසයයි අපේක්ෂාවයි. සොරුන්ගේ වස්ත්රාභරණාදිය ගැනීම සතුරන්ගේ ධනය පැහැර ගැනීමක් වැනි බැවින් එය සතුරන්ගේ මුදුන කපා දැමීමක් වැනිය. සක්කො යනු ශක්‍ර දේවේන්ද්‍රයා වේ. භූතපති යනු, රජවරුන්ට ආමන්ත්‍රණය කිරීමයි. උට්ඨානෙ යනු උට්ඨාන වීර්යයි. සියලු කටයුතු සිදුකිරීම නප්පමජ්ජති නම් වේ. සකල්යාණෙ යනු, ඒ දිව්‍යරාජයා, උත්සාහයෙන් වීර්යයෙන් සිතා කටයුතු කරන්නේ, පව්කම් නොකොට, යහපත් වූ පුණ්යකර්මයන්ම රැස්කොට උත්සාහයේ අප්‍රමාදීව මෙනෙහි කිරීමයි. ඔහුගේ යහපත් ක්‍රියාවන්ගේ සහ වීර්ය කරනුයේ මනා දැක්ම පිණිස සරභඞ්ග ජාතකයේ එන දිව්‍යලෝක දෙකෙහි දෙවිවරුන් සමග කපිට්ඨ ආරාමයට පැමිණ ප්‍රශ්න විචාරා ධර්මශ්රවණය කිරීම ආදී කථා ද, මහා කණ්හ ජාතකයෙහි එන, මහා කණ්හ ජාතකයේ ශක්‍රයා තමන්ගේ ආනුභාවයෙන්, ජනයා ත්‍රාසයට බිය පත්කොට, පිරිහෙන්නා වූ ශාසනය ඒ පිරිහීමෙන් වැළැක්වූ අන්දම ද කිවයුතුයි. මේ ආදි වූ කථා වස්තූන් ප්‍රකාශ කළ යුතුය.
ගන්ධබ්බාති චාතුමහාරාජිකානං හෙට්ඨා චතුයොනිකා දෙවා, චතුයොනිකත්තායෙව කිර තෙ ගන්ධබ්බා නාම ජාතා. පිතරොති බ්රහ්මානො. දෙවාති උපපත්තිදෙවවසෙන ඡ කාමාවචරදෙවා. තාදිනොති තථාවිධස්ස කුසලාභිරතස්ස රඤ්ඤො. සාජීවා හොන්තීති සමානජීවිකා උපජීවිතබ්බා. තාදිසා හි රාජානො දානාදීනි පුඤ්ඤානි කරොන්තා දෙවතානං පත්තිං දෙන්ති, තා තං පත්තිං අනුමොදිත්වා සම්පටිච්ඡිත්වා දිබ්බයසෙන වඩ්ඪන්ති. අනුතිට්ඨන්තීති තාදිසස්ස රඤ්ඤො වීරියං කරොන්තස්ස අප්පමාදං ආපජ්ජන්තස්ස දෙවතා අනුතිට්ඨන්ති අනුගච්ඡන්ති, ධම්මිකං රක්ඛං සංවිදහන්තීති අත්ථො.
ගන්ධබ්බ යනු, චාතුර්මහා රාජිකාදි දෙව් ලෝවලට යටින් පිහිටි, සිවු යෝනිජ දේව කොට්ඨාසයකි. ඔවුහු ගන්ධර්ව නමින් ඉපදී ඇත. පිතරො නම් බ්‍රහ්මයෝ වෙති. දේවා යනු උපතින් ම දෙවිවරු වූ සදිව්‍ය ලෝකයේ උපන් කාමාවචර දෙවිවරු (යාමය, තුෂිතය, තාවතිංස, නිම්මාණරති, පරනිම්මිත වසවර්ති, චාතුර්මහාරාජික) තාදිනො යනු, ඒ ආකාර වූ, කුශලාභිවෘද්ධියෙහි ඇලුණු ඒ රජවරුන් යනුයි. සාජීවාහොන්ති යනුවෙන් අදහස් කළේ සමාන ජීවිකාව ආශ්‍රයකොට වාසය කළයුතු බවයි. එබඳු රජවරු දානාදි පින් කරමින් දෙවි දේවතාවුන්ට පිං පෙත් දෙති. එම පින් ඔවුහු ද අනුමෝදන් වී, පිළිගෙන සතුටින් දිව්‍ය යසසින් වැඩෙත්. අනුතිට්ඨන්ති යනු, එබඳු ආකාර වූ වීර්ය වඩන්නා වූ අප්‍රමාදි බවට පැමිණ කටයුතු කරන්නාවූ රජවරුන් දේවතාවෝ ආරක්ෂා කරත්. අනුව යති, ධාර්මික රැකවරණ ද සම්පාදනය කරති.
සොති සො ත්වං. වායමස්සූති තානි රට්ඨකිච්චානි කරොන්තො තුලනවසෙන තීරණවසෙන පච්චක්ඛකම්මවසෙන තෙසු තෙසු කිච්චෙසු වීරියං කරස්සු. තත්ථෙව තෙ වත්තපදාති, තාත, යං මං ත්වං කිංසු කිච්චං කතං වරන්ති පුච්ඡි, තත්ථ තව පඤ්හෙයෙව එතෙ මයා “පඨමෙනෙව විතථ”න්තිආදයො වුත්තා, එතෙ වත්තපදා වත්තකොට්ඨාසා, එවං තත්ථ වත්තස්සු. එසාති යා තෙ මයා කථිතා, එසාව තව අනුසාසනී. අලන්ති එවං වත්තමානො හි රාජා අත්තනො මිත්තෙ සුඛාපෙතුං, අමිත්තානඤ්ච දුක්ඛාය අලං පරියත්තො සමත්ථොති.
සො යනු ඒ ඔබ යන අර්ථයි. වායමස්සුව යනු එම රටවල පරිපාලන ක්‍රියා සමබර බවෙන් ද, තීරණ වශයෙන් ද, ප්රත්යක්ෂ ක්‍රියා වශයෙන් ද ඒ ඒ වැඩකටයුතුවල වීර්ය කරව යන අර්ථයි. තත්ථෙව තෙ වත්තපදා යනු යම් බඳු වූ මා මහරජගෙන් ඔබ කටයුතු කෙසේ කෙලෙස, කුමන අයුරින් කළ යුතුදැ’යි කෙසේ හැසිරෙත්දැයි විචාළේය. එහිදී ඔබේ ප්‍රශ්නයටම අදාළ වූ කරුණු මා විසින් පළමුකොට කියන ලද්දේය. මේ වත් ය, මේ ව්‍රත පිළිවෙත් කොටස් පදය. මෙසේ එහි පැවතිය යුතුය යනුවෙන් දක්වා ඇත. එසා යනු, යම්බඳු වූ ඔබට මා විසින් කියන ලද. මේ ඔබට කරන අනුශාසනාව වේ. අලං යනු, මෙසේ පවත්නා වූ රජතුමා, තමන්ගේ මිත්‍රයන්ට සැප එලවන්නට ද, අමිත්රයන්ට දුක් පිණිස සුදුසු වූ ක්‍රියාමාර්ග ගැනීමට දක්ෂ වූ සමර්ථ වූ ස්වභාවයයි.
එවං වෙස්සන්තරසකුණෙන එකාය ගාථාය රඤ්ඤො පමාදං චොදෙත්වා එකාදසහි ගාථාහි ධම්මෙ කථිතෙ “බුද්ධලීළාය පඤ්හො කථිතො”ති මහාජනො අච්ඡරියබ්භුතචිත්තජාතො සාධුකාරසතානි පවත්තෙසි. රාජා සොමනස්සප්පත්තො අමච්චෙ ආමන්තෙත්වා පුච්ඡි – “භොන්තො! අමච්චා මම පුත්තෙන වෙස්සන්තරෙන එවං කථෙන්තෙන කෙන කත්තබ්බං කිච්චං කත”න්ති. මහාසෙනගුත්තෙන, දෙවාති. “තෙන හිස්ස මහාසෙනගුත්තට්ඨානං දම්මී”ති වෙස්සන්තරං ඨානන්තරෙ ඨපෙසි. සො තතො පට්ඨාය මහාසෙනගුත්තට්ඨානෙ ඨිතො පිතු කම්මං අකාසීති.
මෙසේ, වෙස්සන්තර නම් පක්ෂියා විසින් එක ගාථාවකින් රජුගේ ප්‍රමාදයට චෝදනා කොට, ගාථා එකොළසකින් ධර්මය කී කල්හි, බුද්ධ ලීලාවෙන් ප්රශ්නය විමසන ලදැයි මහජනයා අසිරිමත් අබ්භුත ජනක සිතින් යුක්ත වුයේ සිය ගණනින් සාධුනාද පැවැත්වූහ. රජු සොම්නසට පැමිණියේ, ඇමතියන් අමතා, පින්වත් ඇමතිවරුනි, මගේ පුත්‍ර වූ වෙස්සන්තර විසින් මෙසේ කියන ලද්දේ, කවුරුන් වශයෙන් වැඩකටයුතු කළ යුතුද, දේවයන් වහන්ස, අයකැමි අමාත්‍ය තැන වසයෙන් කීය. ඔහුට අයකැමි අමාත්‍ය යයි කී. එසේ වී නම්, පක්ෂියා තනතුර දෙමියි, වෙස්සන්තර සුදුසු තනතුරේ තැබීය. හෙතෙම එතැන් පටන් (වෙස්සන්තර පක්ෂියා) අයකැමි අමාත්‍ය තනතුරේ සිටියේ පිතු කර්ම මැනවින් කෙළේය.
වෙස්සන්තරපඤ්හො නිට්ඨිතො.
වෙස්සන්තර ප්රශ්නය නිමියේය.
පුන රාජා කතිපාහච්චයෙන පුරිමනයෙනෙව කුණ්ඩලිනියා සන්තිකං දූතං පෙසෙත්වා සත්තමෙ දිවසෙ තත්ථ ගන්ත්වා පච්චාගන්ත්වා තත්ථෙව මණ්ඩපමජ්ඣෙ නිසීදිත්වා කුණ්ඩලිනිං ආහරාපෙත්වා සුවණ්ණපීඨෙ නිසින්නං රාජධම්මං පුච්ඡන්තො ගාථමාහ –
යළිත් රජතුමා දින කීපයක් ඇවෑමෙන් පළමු පරිද්දෙන් ම කුණ්ඩලිනි පක්ෂියාගේ සමීපයට දූතයකු යවා සත්වෙනි දිනයේ එහි ගොස්, ආපසු පෙරළා පැමිණ එහිම මණ්ඩපය මැද හිඳ, කුණ්ඩලිනිය ගෙන්වාගෙන රන් පුටුවෙහි හිඳිමින්, රාජධර්ම විචාරන්නේ මේ ගාථාව කීවේය.
“සක්ඛිසි ත්වං කුණ්ඩලිනි, මඤ්ඤසි ඛත්තබන්ධුනි; රජ්ජං කාරෙතුකාමෙන, කිං සු කිච්චං කතං වර”න්ති.
ඛත්ත නම් බකමුහුණු පක්ෂියාගේ සහෝදරිය වන කුණ්ඩලිනී පක්ෂිය, නුඹ, මා විසින් විචාරන ප්රශ්නය විසඳන්නට හැක්කෙහිද? රාජ්‍යය කරවනු කැමැත්තන් විසින් කවර කටයුතු කළ යුතු ද? කෙසේ හැසිරිය යුත්තේද? කවර කෘත්‍යයන් කළ යුත්තේ යහපත් ද?
තත්ථ සක්ඛිසීති මයා පුට්ඨපඤ්හං කථෙතුං සක්ඛිස්සසීති පුච්ඡති. කුණ්ඩලිනීති තස්සා සලිඞ්ගතො ආගතනාමෙනාලපති. තස්සා කිර ද්වීසු කණ්ණපිට්ඨෙසු කුණ්ඩලසණ්ඨානා ද්වෙ ලෙඛා අහෙසුං, තෙනස්සා “කුණ්ඩලිනී”ති නාමං කාරෙසි. මඤ්ඤසීති ජානිස්සසි මයා පුට්ඨපඤ්හස්ස අත්‍ථන්ති. ඛත්තබන්ධුනීති ඛත්තස්ස මහාසෙනගුත්තස්ස භගිනිභාවෙන නං එවං ආලපති. කස්මා පනෙස වෙස්සන්තරසකුණං එවං අපුච්ඡිත්වා ඉමමෙව පුච්ඡතීති? ඉත්ථිභාවෙන. ඉත්ථියො හි පරිත්තපඤ්ඤා, තස්මා “සචෙ සක්කොති, පුච්ඡිස්සාමි, නො චෙ, න පුච්ඡිස්සාමී”ති වීමංසනවසෙන එවං පුච්ඡිත්වා තඤ්ඤෙව පඤ්හං පුච්ඡි.
එහි, සක්ඛී යනු, මා විසින් විචාරණ ලද ප්රශ්නය, කියන්නට හැකි වන්නෙහිද? විචාරීමයි. කුණ්ඩලිනි යනු ඇගේ භාවාර්ථය සහිතව (ස්ත්‍රී-පුරුෂ) ආවා වූ නමින් ආමන්ත්‍රණය කිරීමයි. ඇගේ කණ දෙපැත්තෙහි ආභරණ ලකුණු සහිත ඉරි දෙකක් විය. ඒ නිසා ඇයට කුණ්ඩලිනි යැයි නම් කෙළේය. මඤ්ඤසි යනු මා විසින් විමසන ලද ප්‍රශ්නයාගේ අර්ථය දැනගන්නෙහිය. ඛත්ත බන්ධුනී යනු, අයකැමි අමාත්‍ය බකමුහුණු පක්ෂියාගේ නැගණිය යන හැඟීමෙන් ඇයට එසේ අමතයි. කුමක් නිසා මේ වෙස්සන්තර පක්ෂියාගෙන් මෙසේ නොවිචාරා, මැයගෙන් මේ ගැන විමසයි ද? ස්ත්‍රියක යන හැඟීමෙනි. ස්ත්‍රීහු ස්වල්ප වූ ප්‍රඥාවෙන් යුක්ත බැවින්, ඉදින් දක්ෂ දැයි විචාරන්නෙමි. නැතහොත් නොවිචාරන්නෙමියි විමසීම් වශයෙන් මෙසේ විචාරා ඒ ප්‍රශ්නයම විචාළේය.
සා එවං රඤ්ඤා රාජධම්මෙ පුච්ඡිතෙ, “තාත, ත්වං මං ‘ඉත්ථිකා නාම කිං කථෙස්සතී’ති වීමංසසි මඤ්ඤෙ, සකලං තෙ රාජධම්මං ද්වීසුයෙව පදෙසු පක්ඛිපිත්වා කථෙස්සාමී”ති වත්වා ආහ –
ඇය මෙසේ රජුගෙන් රාජ ධර්ම විචාළ කල්හි, පියාණෙනි, නුඹ මං ස්ත්‍රී බවත් කුමක් නිසා කියන්නෙහිදැයි විමසහිදැයි සිතමි. සියලු රාජ ධර්ම නුඹට පද දෙකකට ඇතුළත් කොට කියන්නෙමියි කියා මෙසේ කීවාය.
“ද්වෙව තාත පදකානි, යත්ථ සබ්බං පතිට්ඨිතං; අලද්ධස්ස ච යො ලාභො, ලද්ධස්ස චානුරක්ඛණා.
1. පියාණෙනි! යම් තැනක ඇති සියල්ල පද දෙකකින් පිහිටුවන ලද්දේය. නො ලද යම් ලාභයක් වේ නම් එය ලබා ගැනුම ද ලබන ලද්දහු රැකිය යුතු වීම ද වන්නේය.
“අමච්චෙ තාත ජානාහි, ධීරෙ අත්ථස්ස කොවිදෙ; අනක්ඛාකිතවෙ තාත, අසොණ්ඩෙ අවිනාසකෙ.
2. පියාණෙනි! ප්‍රාඥ වූ යහපතට දක්ෂ වූ, දූ කෙළීමෙහි නොයෙදන්නා වූ, සුරාදීන්හි සොඬ නොවූ, දූෂණයෙහි නොයෙදෙන්නා වූ ඇමතියන් ම, භාණ්ඩාගාරාදී තනතුරුවලට පත්කළ යුතුය.
“යො ච තං තාත රක්ඛෙය්ය, ධනං යඤ්චෙව තෙ සියා; සූතොව රථං සඞ්ගණ්හෙ, සො තෙ කිච්චානි කාරයෙ.
3. ඔබගේ ධනය රකින යම් පුද්ගලයෙක් වේද, ඔහු යහපත් වූ රථාචාර්යයකු මෙන් විය යුතුය. ඔබගේ කටයුතුවල එවැන්නෙකු යෙදීම කළ යුතුය.
“සුසඞ්ගහිතන්තජනො, සයං විත්තං අවෙක්ඛිය; නිධිඤ්ච ඉණදානඤ්ච, න කරෙ පරපත්තියා.
4. ඇතුළත්හි ජනයාට මනාව සංග්‍රහ කළ යුතුය. නිධන්ගත වස්තුව පිළිබඳව ද, ණය දීමේ ආදියද තමන්ම කළ යුතුය. අනුන් ලවා නොකරවිය යුතුය.
“සයං ආයං වයං ජඤ්ඤා, සයං ජඤ්ඤා කතාකතං; නිග්ගණ්හෙ නිග්ගහාරහං, පග්ගණ්හෙ පග්ගහාරහං.
5. තෙමේ ම අය-වැය දැනගන්නේය. තෙමේ ම කළයුතු නොකළ යුතු දේවල් ද දැනගන්නේය. නිග්‍රහ කළ යුත්තන්ට නිග්‍රහ කරන්නේය. උපකාර කළ යුත්තන්ට උපකාර කළ යුතුය.
“සයං ජානපදං අත්ථං, අනුසාස රථෙසභ; මා තෙ අධම්මිකා යුත්තා, ධනං රට්ඨඤ්ච නාසයුං.
6. මහරජ, ඒ දනව් වැස්සෝ නොදැහැමි වූවාහු ධනයත් රටත් නොනසත්වා යි කියා දනවු වැස්සන් හට තමන්ට ප්රත්යක්ෂ කරුණින් අනුශාසනා කරන්නේය.
“මා ච වෙගෙන කිච්චානි, කරොසි කාරයෙසි වා; වෙගසා හි කතං කම්මං, මන්දො පච්ඡානුතප්පති.
7. පිරික්සා නොබලා කලබලයෙන් වැඩකටයුතු නොකරන්න. නොකරවන්න. වේගයෙන් ඉක්මණින් නිමකළ වැඩ පසුව පසුතැවිල්ලට හේතු වේ.
“මා තෙ අධිසරෙ මුඤ්ච, සුබාළ්හමධිකොපිතං; කොධසා හි බහූ ඵීතා, කුලා අකුලතං ගතා.
8. පියාණනි! කුසලය ඉක්මවා යන කල්හි ඔබේ සිත දැඩි කෝපයට පත්වෙයි. එසේ දැඩි කෝපයෙන් ක්‍රෝධ නොකරව. ක්‍රෝධය නිසා බොහෝ ප්‍රසිද්ධ වූ කුලයෝ විනාශ වූහ.
“‘මා තාත ඉස්සරොම්හී’ති, අනත්ථාය පතාරයි; ඉත්ථීනං පුරිසානඤ්ච, මා තෙ ආසි දුඛුද්රයො.
9. පියාණනි! මම අධිපති වෙමි’යි අනුන් අනතුරෙහි නො හෙලනු! ඔබගේ රාජ්‍යයෙහි කිසිම ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට දුකක් නොවේවා!
“අපෙතලොමහංසස්ස, රඤ්ඤො කාමානුසාරිනො; සබ්බෙ භොගා විනස්සන්ති, රඤ්ඤො තං වුච්චතෙ අඝං.
10. පහ වූ ලජ්ජා භය ඇති, කැමති පරිද්දෙන් හැසිරෙන රජුගේ සියලු භෝගයේ විනාශ වෙති. එයට පාපය යයි කියයි.
“තත්ථෙව තෙ වත්තපදා, එසාව අනුසාසනී; දක්ඛස්සුදානි පුඤ්ඤකරො, අසොණ්ඩො අවිනාසකො; සීලවාස්සු මහාරාජ, දුස්සීලො විනිපාතිකො”ති.
11. මහරජුනි! නුඹ ඇසූ ප්‍රශ්නයට ව්‍රතපදයෝ මේ අනුශාසනාවේ ඇතුළත් වේ. දන් පින් කරන, රා සොඬ නොවූ, වස්තුව විනාශ නො කරන දක්ෂයෙක් වට, සිල්වතෙක් වට, දුශ්ශීලයා නිරයෙහි වැටෙන්නේය. (කුණ්ඩලිනිය කීවාය.)
තත්ථ පදකානීති කාරණපදානි. යත්ථාති යෙසු ද්වීසු පදෙසු සබ්බං අත්ථජාතං හිතසුඛං පතිට්ඨිතං. අලද්ධස්සාති යො ච පුබ්බෙ අලද්ධස්ස ලාභස්ස ලාභො, යා ච ලද්ධස්ස අනුරක්ඛණා. තාත, අනුප්පන්නස්ස හි ලාභස්ස උප්පාදනං නාම න භාරො, උප්පන්නස්ස පන අනුරක්ඛණමෙව භාරො. එකච්චො හි යසං උප්පාදෙත්වාපි යසෙ පමත්තො පමාදං උප්පාදෙත්වා පාණාතිපාතාදීනි කරොති, මහාචොරො හුත්වා රට්ඨං විලුම්පමානො චරති. අථ නං රාජානො ගාහාපෙත්වා මහාවිනාසං පාපෙන්ති. අථ වා උප්පන්නරූපාදීසු කාමගුණෙසු පමත්තො අයොනිසො ධනං නාසෙන්තො සබ්බසාපතෙය්යෙ ඛීණෙ කපණො හුත්වා චීරකවසනො කපාලමාදාය චරති. පබ්බජිතො වා පන ගන්ථධුරාදිවසෙන ලාභසක්කාරං නිබ්බත්තෙත්වා පමත්තො හීනායාවත්තති. අපරො පඨමඣානාදීනි නිබ්බත්තෙත්වාපි මුට්ඨස්සතිතාය තථාරූපෙ ආරම්මණෙ බජ්ඣිත්වා ඣානා පරිහායති. එවං උප්පන්නස්ස යසස්ස වා ඣානාදිලාභස්ස වා රක්ඛණමෙව දුක්කරං. තදත්ථදීපනත්ථං පන දෙවදත්තස්ස වත්ථු ච, මුදුලක්ඛණ- (ජා· 1.1.66) ලොමසකස්සප- (ජා· 1.9.60 ආදයො) හරිතචජාතක- (ජා· 1.9.40 ආදයො) සඞ්කප්පජාතකාදීනි (ජා· 1.3.1 ආදයො) ච කථෙතබ්බානි. එකො පන ලාභසක්කාරං උප්පාදෙත්වා අප්පමාදෙ ඨත්වා කල්යාණකම්මං කරොති, තස්ස සො යසො සුක්කපක්ඛෙ චන්දො විය වඩ්ඪති, තස්මා ත්වං, මහාරාජ, අප්පමත්තො පයොගසම්පත්තියා ඨත්වා ධම්මෙන රජ්ජං කාරෙන්තො තව උප්පන්නං යසං අනුරක්ඛාහීති.
එහි, පදකානි යනු කරුණු පැහැදිලි කිරීමය. යත්ථ යනු සියලු පද දෙකෙහි අර්ථයෙහි ගැනේ. අර්ථකාරී වූ ද හිතසුව පිණිස පිහිටීම ද වේ. අලද්ධස්ස යනු, යමෙක් පෙර නොලැබූ ලාභයක්, එම ලාභය ලැබෙන තෙක් සුරැකිව සිටීමය. පියාණෙනි, නූපන්, නොලද, ලාභයක් ඉපදවීම නම් මහ බරකි. උපන් ලාභයක් ඒ අනුව රැකීම ම බරකි. ඇතැමෙක්, කීර්තිය උපදවාගෙන, කීර්ති යසසෙහි ප්‍රමාද වූයේ, ප්‍රමාදය උපදවාගෙන ප්‍රාණඝාතාදිය කරයිද? මහ සොරෙක් වී රටවල් මංකොල්ලකමින් හැසිරේද? ඉක්බිති ඔහුව, රජවරු අල්ලාගෙන මහ විනාශයකට පමුණුවති. නැතහොත් හටගත් රූපාදි ගුණයෙක්හි ප්‍රමාද වී, සිහිබුද්ධියෙන් තොරව, ධනය විනාශ කරමින් සියලු ගමන් වියදම් බඩු බාහිරාදී ධනය, ක්ෂය වූ කල්හි දිළින්දෙකු බවට පත්වී, චීරකවසනයෙක්ව (බෙල්ලේ පටන් ගොප්ඇටය දක්වා හම ගැසූ අයෙක්ව) කම්මුල පමණක් ශේෂ වූ අයෙකු ලෙස සැරිසරයි. පැවිද්දකු වුව ද, ග්‍රන්ථධූරය පිරීම් වශයෙන් ලාභසත්කාර උපදවා, ප්‍රමාදයට පැමිණ, හීනායවර්ති වූයේ, පසුව ප්‍රථමධ්‍යානාදිය උපදවා ගත්තේ වී නමුත්, සිහිමුළාවට පැමිණ එබඳු ආකාර අරමුණු බිඳී, ධ්‍යානයෙන් පිරිහෙයි. එසේ උපන්නහුගේ කීර්තිය ද, ධ්‍යාන ලාභය ද, රැකීම ම අතිශය දුෂ්කරය. එම අර්ථය තවදුරටත් පැහැදිලි කිරීම පිණිස දෙව්දත් තෙරුන්ගේ කථා වස්තුවද, මුදුලක්ඛණ ජාතකයද, ලොමස කාශ්‍යප ජාතකයද, හාරිත ජාතකයද, සංකප්ප ජාතකය ද කිවයුතුය. ජාතක ආදි ජාතක වස්තු ද, කිවයුතුය. අයෙක් ලාභසත්කාර උපදවා අප්රමාදී ව සිට, යහපත් ක්‍රියා සිදුකරයි. ඒ නිසා ඔහුගේ එම යසස පුරපක්ෂයෙහි චන්ද්‍රයා මෙන් වැඩෙයි. ඒ නිසා මහරජ, නුඹ අප්‍රමාදය නම් ප්‍රයෝග (කුසල) සම්පත්තියේ සිට, දැහැමින් රාජ්‍යය විචාරමින් ඔබට උපන්නා වූ කීර්තිය මැනවින් ආරක්ෂා කරව.
ජානාහීති භණ්ඩාගාරිකකම්මාදීනං කරණත්ථං උපධාරෙහි. අනක්ඛාකිතවෙති අනක්ඛෙ අකිතවෙ අජුතකරෙ චෙව අකෙරාටිකෙ ච. අසොණ්ඩෙති පූවසුරාගන්ධමාලාසොණ්ඩභාවරහිතෙ. අවිනාසකෙති තව සන්තකානං ධනධඤ්ඤාදීනං අවිනාසකෙ. යොති යො අමච්චො. යඤ්චෙවාති යඤ්ච තෙ ඝරෙ ධනං සියා, තං රක්ඛෙය්ය. සූතොවාති රථසාරථි විය. යථා සාරථි විසමමග්ගනිවාරණත්ථං අස්සෙ සඞ්ගණ්හන්තො රථං සඞ්ගණ්හෙය්ය, එවං යො සහ භොගෙහි තං රක්ඛිතුං සක්කොති, සො තෙ අමච්චො නාම තාදිසං සඞ්ගහෙත්වා භණ්ඩාගාරිකාදිකිච්චානි කාරයෙ.
ජානාහි යනු, භාණ්ඩාගාරික ක්‍රියා ආදිය කරන ආකාරය මැනවින් දැනගැනීමයි. අනක්ඛාකිතවෙ යනු, නොකියන ලද, නොකරන ලද දූකෙළියට අයත් නොවන, කපටි මායා රහිත යන අර්ථයි. අසොණ්ඩෙ යනු පැසවන ලද සුරා, ගන්ධ මාලාදියේ ලොල් බවෙන් තොරව. අවිනාසකෙ යනු, ඔබ සතුව පවතින ධන ධාන්යාදියේ විනාශ නොවීමයි. යො යනු යම්කිසි ඇමතියෙක් යනුයි. යඤ්චෙචාති යනු ඔබේ නිවසේ ද යම්කිසි ධනයක් වේද, එය රැකීමයි. සුතොවා යනු, රථාචාර්යකු මෙන්. යම්සේ රියදුරකු විෂම මාර්ග අතහැර අශ්වයන් පදවන්නේ නම්, රථය මැනවින් හසුරුවන්නේය යන අර්ථයි. එපරිදි යමෙක් ධන ධාන්‍ය සම්පත් සමග එය රැකීමට සමත් වේද, එබඳු වූ ඒ ඇමතියා නම් ඒ පරිදි ගෙන භාණ්ඩාගාරික සතු කාර්යයන් කරන්නේය.
සුසඞ්ගහිතන්තජනොති, තාත, යස්ස හි රඤ්ඤො අත්තනො අන්තොජනො අත්තනො වලඤ්ජනකපරිජනො ච දානාදීහි අසඞ්ගහිතො හොති, තස්ස අන්තොනිවෙසනෙ සුවණ්ණහිරඤ්ඤාදීනි තෙසං අසඞ්ගහිතමනුස්සානං වසෙන නස්සන්ති, අන්තොජනා බහි ගච්ඡන්ති, තස්මා ත්වං සුට්ඨුසඞ්ගහිතඅන්තොජනො හුත්වා “එත්තකං නාම මෙ විත්ත”න්ති සයං අත්තනො ධනං අවෙක්ඛිත්වා “අසුකට්ඨානෙ නාම නිධිං නිධෙම, අසුකස්ස ඉණං දෙමා”ති ඉදං උභයම්පි න කරෙ පරපත්තියා, පරපත්තියාපි ත්වං මා කරි, සබ්බං අත්තපච්චක්ඛමෙව කරෙය්යාසීති වදති.
සුසංග හිතන්ත ජනො යනු පියාණෙනි, යම් බඳු රජකු තමාගේ ඇතුළත ජනතාව ද, තමන් පරිහරණය කරන පිරිවර ජනතාව ද, දාන පරිත්යාගාදියෙන් සතුටු නොකරන ලද්දේ වේද, ඔහුගේ ඇතුළත ගෘහයෙහි රන් අමුරන් ආදී ඒවාට ඇළුම් නොකරන මිනිසුන්ගේ වශයෙන් විනාශ වෙත්ද, අභ්‍යන්තර සාකච්ඡා පිටතට යයිද, එහෙයින් නුඹ ම මැනවින් සකසා ඇතුළත ජනයෙක් වී, මගේ ධනය මෙපමණකි, තෙමේ ම තමාගේ ධනය බලන ලදුව අසවල් තැන නිධානයක් ඇත. අසවලාට ණයට දෙමුයි යන මේ දෙකරුණු ඔබ ම තීරණය කළයුතු. නකරෙ පරපත්තියා යනු, අනුන් සමාදන් කොට සියල්ල නොකළ යුතු තමන් ප්රත්යක්ෂ වශයෙන්ම කළයුතු වන්නේ යයි කීම ය.
ආයං වයන්ති තතො උප්පජ්ජනකං ආයඤ්ච තෙසං තෙසං දාතබ්බං වයඤ්ච සයමෙව ජානෙය්යාසීති. කතාකතන්ති සඞ්ගාමෙ වා නවකම්මෙ වා අඤ්ඤෙසු වා කිච්චෙසු “ඉමිනා ඉදං නාම මය්හං කතං, ඉමිනා න කත”න්ති එතම්පි සයමෙව ජානෙය්යාසි, මා පරපත්තියො හොහි. නිග්ගණ්හෙති, තාත, රාජා නාම සන්ධිච්ඡෙදාදිකාරකං නිග්ගහාරහං ආනෙත්වා දස්සිතං උපපරික්ඛිත්වා සොධෙත්වා පොරාණකරාජූහි ඨපිතදණ්ඩං ඔලොකෙත්වා දොසානුරූපං නිග්ගණ්හෙය්ය. පග්ගණ්හෙති යො පන පග්ගහාරහො හොති, අභින්නස්ස වා පරබලස්ස භෙදෙතා, භින්නස්ස වා සකබලස්ස ආරාධකො, අලද්ධස්ස වා රජ්ජස්ස ආහරකො, ලද්ධස්ස වා ථාවරකාරකො, යෙන වා පන ජීවිතං දින්නං හොති, එවරූපං පග්ගහාරහං පග්ගහෙත්වා මහන්තං සක්කාරසම්මානං කරෙය්ය. එවං හිස්ස කිච්චෙසු අඤ්ඤෙපි උරං දත්වා කත්තබ්බං කරිස්සන්ති.
ආයං වයං යනු, ඉක්බිති උපදවන ලද අයද, (ඉපදවීම) ඔවුනොවුන්ට දිය යුතු වැය ද තමන් දැනගත යුත්තේය. කතාකතං යනු යුද්ධයේදී හෝ නවකම් කිරීමේදී හෝ අන්‍යයන් කරන වැඩකටයුතුවලදී හෝ මොහු විසින් මේ ටික කරන ලදි. මෙය නොකරන ලද්දී යයි මෙය ද තමන් විසින් දත යුත්තේය. එය අනුන් සතු ප්‍රතිපත්තියක් නොවේවා! නිග්ගණ්හෙ යනු පියාණෙනි, සන්ධි අත් පා සිඳ දැමීම් වශයෙන් නිග්‍රහයට ලක් කර, ගෙනවුත් දක්වන ලද්දවුන් පරීක්ෂාකොට, පෞරාණික රජවරුන් විසින්, පනවන ලද දඬුවම බලා වරදට සරිලන දඬුවම පැමිණවිය යුතුය. පග්ගණ්හෙ යනු, යමෙකු දැඩිව උත්සාහ කරයිද? නොබිඳුණා වූ හෝ අනුන්ගේ බලය බිඳින, බිඳීමට තැත් කරන, සිය බලය සතුටු කරන්නා වූ, නොලබන්නා වූ, රජවරුන් ගේ දේ ලබාගන්නා වූ, ලබන ලද්ද නොවෙනස් ලෙස පවත්වනසුළු යමකු විසින් ජීවිතය වුව දෙන ලද්දේ වේද? මෙබඳු ආකාර වූ දැඩිව වීර්ය කොට අල්ලාගෙන මහත් වූ සත්කාර සම්මාන කරන්නේය. මෙබඳු වූ ඔහුගේ කටයුතුවල වෙන අයෙකු හෝ, හදවත දී (ගැඹුරු සෙනෙහස පුදා) කළ යුතු දේ කරන්නාහ.
ජානපදන්ති ජනපදවාසීනං අත්ථං සයං අත්තපච්චක්ඛෙනෙව අනුසාස. අධම්මිකා යුත්තාති අධම්මිකා තත්ථ තත්ථ නියුත්තා ආයුත්තකා ලඤ්ජං ගහෙත්වා විනිච්ඡයං භින්දන්තා තව ධනඤ්ච රට්ඨඤ්ච මා නාසයුං. ඉමිනා කාරණෙන අප්පමත්තො හුත්වා සයමෙව අනුසාස. වෙගෙනාති සහසා අතුලෙත්වා අතීරෙත්වා. වෙගසාති අතුලෙත්වා අතීරෙත්වා ඡන්දාදිවසෙන සහසා කතං කම්මඤ්හි න සාධු න සුන්දරං. කිංකාරණා? තාදිසඤ්හි කත්වා මන්දො පච්ඡා විප්පටිසාරවසෙන ඉධ ලොකෙ අපායදුක්ඛං අනුභවන්තො පරලොකෙ ච අනුතප්පති. අයං පනෙත්ථ අත්ථො “ඉසීනමන්තරං කත්වා, භරුරාජාති මෙ සුත”න්ති භරුජාතකෙන (ජා· 1.2.125-126) දීපෙතබ්බො .
ජානපදං යනු ජනපදවාසීහුය. යටත්වැසියෝය. තමන් ප්රත්යක්ෂ වශයෙන්ම අනුශාසනා කරන. අධම්මිකා යුත්තා යනු අදැහැමි වූවෝ ඒ ඒ තැන නිරතව අයුතු ලෙසින් අල්ලස් ආදිය ගෙන. දැහැමි විනිශ්චය බිඳිමින් ඔබේ, ධනය ද රට ද, නසන්නාහු ද, මේ කාරණයෙන් අප්රමාදී වී ඔවුන්ට තෙමේ ම අනුශාසනා කළ යුතුය. වෙගෙන යනු වහා අසමාන ලෙස ඉක්මවා යාමයි. වෙගසා යනු, අසමානව ඡන්දාදි වශයෙන් වහාම කරන ලද ක්‍රියාවයි. එවැනි දේ යහපත් නොවේ. සුන්දර නොවේ. එබඳු ආකාරයෙන් ක්‍රියාකොට, පසුව මන්දෝත්සාහී වූයේ, විපිළිසර වීම් වශයෙන් මේ ලෝකයේදී ද, අපාය දුක් අනුභව කරමින් පරලොව ද තැවෙයි. මේ අර්ථය වනාහි සෘෂින් අතර ගරු රාජයයි අසන ලදි. ගරු ජාතකයෙන් (උපතින්) දැක්විය යුතුයි.
මා තෙ අධිසරෙ මුඤ්ච, සුබාළ්හමධිකොපිතන්ති, තාත, තව හදයං කුසලං අධිසරිත්වා අතික්කමිත්වා පවත්තෙ පරෙසං අකුසලකම්මෙ සුට්ඨු බාළ්හං අධිකොපිතං කුජ්ඣාපිතං හුත්වා මා මුඤ්ච, මා පතිට්ඨායතූති අත්ථො. ඉදං වුත්තං හොති – තාත, යදා තෙ විනිච්ඡයෙ ඨිතස්ස ඉමිනා පුරිසො වා හතො සන්ධි වා ඡින්නොති චොරං දස්සෙන්ති, තදා තෙ පරෙසං වචනෙහි සුට්ඨු කොපිතම්පි හදයං කොධවසෙන මා මුඤ්ච, අපරිග්ගහෙත්වා මා දණ්ඩං පණෙහි. කිංකාරණා? අචොරම්පි හි “චොරො”ති ගහෙත්වා ආනෙන්ති, තස්මා අකුජ්ඣිත්වා උභින්නං අත්තපච්චත්ථිකානං කථං සුත්වා සුට්ඨු සොධෙත්වා අත්තපච්චක්ඛෙන තස්ස චොරභාවං ඤත්වා පවෙණියා ඨපිතදණ්ඩවසෙන කත්තබ්බං කරොහි. රඤ්ඤා හි උප්පන්නෙපි කොධෙ හදයං සීතලං අකත්වා කම්මං න කාතබ්බං. යදා පනස්ස හදයං නිබ්බුතං හොති මුදුකං, තදා විනිච්ඡයකම්මං කාතබ්බං. ඵරුසෙ හි චිත්තෙ පක්කුථිතෙ උදකෙ මුඛනිමිත්තං විය කාරණං න පඤ්ඤායති. කොධසා හීති, තාත, කොධෙන හි බහූනි ඵීතානි රාජකුලානි අකුලභාවං ගතානි මහාවිනාසමෙව පත්තානීති. ඉමස්ස පනත්ථස්ස දීපනත්ථං ඛන්තිවාදිජාතක- (ජා· 1.4.49 ආදයො) නාළිකෙරරාජවත්ථුසහස්සබාහුඅජ්ජුනවත්ථුආදීනි කථෙතබ්බානි.
මා තෙ අධිසරෙ මුච්ච සුබාළ්හහමධිකොපිත යනු, පියාණෙනි, ඔබේ කුසල් හදවත, වේගයෙන් හැසිර, ඉක්මවා ගොස් සිටි කල්හි අනුන්ගේ අකුසල කර්මයන් දැක, ක්ෂණයකින් අධික කෝපයට පත්ව, කිපී සිට, ඉන් මුද්‍රාව නොපිහිටාවා යන අර්ථයයි. මෙය මෙසේ ද කියන ලදි. පියාණෙනි, යම් කලෙක ඔබේ විනිශ්චයේ සිටියා වූ, මේ මිනිසා විනාශ කළ, අත් පා සිඳින ලද්දේ හෝ සොරෙකු දක්වත්ද? එකල ඔවුහු අනුන්ගේ වචනයෙන් මොහොතින් කිපී හදවත ද කෝප වශයෙන් නොමුදවා අයිති නැති දෙයක් ගතහොත් දණ්ඩනයෙන් තොරව දඬුවම් පමුණුවව. කුමන කරුණක් නිසා සොරකම් නොකරන්නා, සොරකම් කරයිද? ගෙන පමුණුවත්ද? එහෙයින් නොකිපී තමන්ට ප්රත්යක්ෂ වශයෙන් කෙසේ හෝ අසා පිරිසිදුව දැන, ප්රත්යක්ෂ වශයෙන් දන්නා වූ තමා විසින් ඔහුගේ සොරකම බව දැන, ප්රවේණිගතව තබන ලද දඬුවම් වශයෙන් කළයුතු දේ කරව. රජු විසින්ද, උපන්නා වූ ක්‍රෝධය තුළ හදවත සිසිල් නොකොට, කටයුතු නොකළ යුතුය. යම්කලෙක ඔහුගේ හදවත සිසිල්ව නිවුණේ වේද? මෘදු වූයේ ද එවිට විනිශ්චය ක්‍රියාව කළ යුතුය. පරුෂ රළු සිතකින් රත්වූ කල්හි ජලයේ විද්‍යමාන මුහුණේ ස්වභාවය මෙන් කාරණය මනාව ප්‍රකට නොවේ. කොධසාහී යනු, පියාණෙනි, බහුල වශයෙන් ක්‍රෝධයෙන් සමෘද්ධ වූ කල්හි, රාජකුලය ව්‍යාකූල භාවයට ගියකල්හි මහත් විනාශයක්ම පැන නගියි. මේ අර්ථය වැඩිදුරටත් පැහැදිලි කිරීම පිණිස ක්ෂාන්තිවාදි ජාතකය, නාළිකීර රාජ වස්තුව, සහස්සබාහු අර්ජුන කතාවස්තු ආදිය ප්‍රකාශ කළ යුතුය.
මා, තාත, ඉස්සරොම්හීති, අනත්ථාය පතාරයීති, තාත, “අහං පථවිස්සරො”ති මා මහාජනං කායදුච්චරිතාදිඅනත්ථාය පතාරයි මා ඔතාරයි, යථා තං අනත්ථං සමාදාය වත්තති, මා එවමකාසීති අත්ථො. මා තෙ ආසීති, තාත, තව විජිතෙ මනුස්සජාතිකානං වා තිරච්ඡානජාතිකානං වා ඉත්ථිපුරිසානං දුඛුද්රයො දුක්ඛුප්පත්ති මා ආසි. යථා හි අධම්මිකරාජූනං විජිතෙ මනුස්සා කායදුච්චරිතාදීනි කත්වා නිරයෙ උප්පජ්ජන්ති, තව රට්ඨවාසීනං තං දුක්ඛං යථා න හොති, තථා කරොහීති අත්ථො.
[missing pali] පතාරයී යනු, පියාණෙනි, මම පෘථිවිය පාලනය කරමියි, මහජනයා කාය දුශ්චරිතාදි අනර්ථය පිණිස පැතුරුවේද, ඉන් නොවැළැක්වූයේද, යම්සේ එම අනර්ථය පිණිස සමාදන්කොට පවතියිද? එවැනි දේ නොකළ යුතු යන අර්ථයයි. මා තෙ ආසී යනු, පියාණෙනි, ඔබේ විජිතයේ මිනිස් වර්ගයාට හෝ තිරිසන්ගත සත්ත්වයාට හෝ ස්ත්‍රී පුරුෂයන්ට යන අර්ථයි. දුඛුද්රයො යනු දුක්ඛදායක උපතක් නොවේවා යන අර්ථයි. යම්සේ අධාර්මික රජවරුන්ගේ පාලන ප්‍රදේශයේ මිනිස්සු, කාය දුශ්චරිතාදිය සිදුකොට අපායේ උපදිත්. ඔබේ රටවැසියන්ට එම දුකක් යම්සේ සිද්ධ නොවේද? එසේ ක්‍රියා කරනු යන අර්ථයි.
අපෙතලොමහංසස්සාති අත්තානුවාදාදිභයෙහි නිබ්භයස්ස. ඉමිනා ඉමං දස්සෙති – තාත, යො රාජා කිස්මිඤ්චි ආසඞ්කං අකත්වා අත්තනො කාමමෙව අනුස්සරති, ඡන්දවසෙන යං යං ඉච්ඡති, තං තං කරොති, විස්සට්ඨයට්ඨි විය අන්ධො නිරඞ්කුසො විය ච චණ්ඩහත්ථී හොති, තස්ස සබ්බෙ භොගා විනස්සන්ති, තස්ස තං භොගබ්යසනං අඝං දුක්ඛන්ති වුච්චති.
අපේත ලෝමහංසස්සා යනු, තමන්ටම අත්තානුවාද පරානුවාද බිය රහිත වූයේ උපවාද නැගේවි යන බියෙන් මිදුණේ වෙයි. මේ අයුරින් මෙය ප්‍රකට කරයි. පියාණෙනි, යම් රජකු කිසියම් ම සැකයක් නොකොට තමන්ගේ ක්‍රියාවන්ම සිහිකරයිද? ඡන්ද (ආශා) වශයෙන් යමක් යමක් කැමැති වේද? ඒ ඒ දේ සිදුකරයි. වීසිකරන ලද සැරයටිය ඇති අන්ධයකු මෙන්, අංකුසය නොමැති චණ්ඩ හස්තිරාජයකු සේ නිර්භයව ස්වාධීනව හැසිරේ. සබ්බෙ භොගා විනස්සන්ති යනු ඔහුගේ එම භෝග සම්පත් විනාශ වීමයි. දුක අඝං යයි කියනු ලැබේ.
තත්ථෙව තෙ වත්තපදාති පුරිමනයෙනෙව යොජෙතබ්බං. දක්ඛස්සුදානීති, තාත, ත්වං ඉමං අනුසාසනිං සුත්වා ඉදානි දක්ඛො අනලසො පුඤ්ඤානං කරණෙන පුඤ්ඤකරො සුරාදිපරිහරණෙන. අසොණ්ඩො දිට්ඨධම්මිකසම්පරායිකස්ස අත්ථස්ස අවිනාසනෙන අවිනාසකො භවෙය්යාසීති. සීලවාස්සූති සීලවා ආචාරසම්පන්නො භව, දසසු රාජධම්මෙසු පතිට්ඨාය රජ්ජං කාරෙහි. දුස්සීලො විනිපාතිකොති දුස්සීලො හි, මහාරාජ, අත්තානං නිරයෙ විනිපාතෙන්තො විනිපාතිකො නාම හොතීති.
තත්ථෙව තෙ වත්තපදා යන්න පළමු ආකාරයෙන්ම යෙදිය යුතුය. දක්ඛස්සුදානි යනු පියාණෙනි, නුඹ මේ අනුශාසනාව අසා දැන්, දක්ඛො දක්ෂ වූයේ, අලස නොවූයේ පින් කරන කොටගෙන පුඤ්ඤ කරො වූයේ, සුරා ආදිය දුරු කිරීමෙන් අසොණ්ඩො වූයේ මෙලොව-පරලොව වශයෙන් දැකිය හැකි කුසල අර්ථයාගේ විනාශය සිදු නොවීමෙන් අවිනාසකො වන්නෙහිය. සීලවස්සු යනු සිල්වත් ආචාරශීලී වන්නේ, දසරාජ ධර්මවල පිහිටා රාජ්‍යය කරව යන්නයි. දුස්සීලො විනිපාතිකො යනු මහරජ, දුශ්ශීලයා තමන් අපායෙහි වැටෙන්නේ නුයි විනිපාතික නම් වෙයි.
එවං කුණ්ඩලිනීපි එකාදසහි ගාථාහි ධම්මං දෙසෙසි. රාජා තුට්ඨො අමච්චෙ ආමන්තෙත්වා පුච්ඡි – “භොන්තො! අමච්චා මම ධීතාය කුණ්ඩලිනියා එවං කථයමානාය කෙන කත්තබ්බං කිච්චං කත”න්ති. භණ්ඩාගාරිකෙන, දෙවාති. “තෙන හිස්සා භණ්ඩාගාරිකට්ඨානං දම්මී”ති කුණ්ඩලිනිං ඨානන්තරෙ ඨපෙසි. සා තතො පට්ඨාය භණ්ඩාගාරිකට්ඨානෙ ඨත්වා පිතු කම්මං අකාසීති.
මෙසේ කුණ්ඩලිනි ද, ගාථා එකොළසකින් ධර්මය දේශනා කළාය. රජ සතුටුවූයේ ඇමතියන් විචාළේය. පින්වත් ඇමතිවරුනි, මගේ දුව වූ කුණ්ඩලිනිය විසින් මෙසේ පවසනු ලබන්නී කවුරු වසයෙන් කළ යුතු ද? කෙසේ කළ යුතුදැයි යනුවෙනි. භාණ්ඩාගාරිකයා වසයෙනි. දේවයන් වහන්ස, එසේ වී නම් ඇයට භාණ්ඩාගාරික තනතුර දෙමියි; කුණ්ඩලිනිය එම තනතුරේ තැබීය. ඇය එතැන් පටන් භාණ්ඩාගාරික තනතුරේ සිට, පියා සතු වැඩ කළාය.
කුණ්ඩලිනිපඤ්හො නිට්ඨිතො.
කුණ්ඩලිනි ප්රශ්නය නිමි.
පුන රාජා කතිපාහච්චයෙන පුරිමනයෙනෙව ජම්බුකපණ්ඩිතස්ස සන්තිකං දූතං පෙසෙත්වා සත්තමෙ දිවසෙ තත්ථ ගන්ත්වා සම්පත්තිං අනුභවිත්වා පච්චාගතො තත්ථෙව මණ්ඩපමජ්ඣෙ නිසීදි. අමච්චො ජම්බුකපණ්ඩිතං කඤ්චනභද්දපීඨෙ නිසීදාපෙත්වා පීඨං සීසෙනාදාය ආගච්ඡි. පණ්ඩිතො පිතු අඞ්කෙ නිසීදිත්වා කීළිත්වා ගන්ත්වා කඤ්චනපීඨෙයෙව නිසීදි. අථ නං රාජා පඤ්හං පුච්ඡන්තො ගාථමාහ –
යළිත් රජු කීප දිනක් ඇවෑමෙන් පළමු පරිද්දෙන්ම ජම්බුක පණ්ඩිතයාගේ සමීපයට දූතයකු යවා සත්වෙනි දිනයේ එහි ගොස්, සම්පත් අනුභව කොට පෙරළා අවුත්, එහි ම මණ්ඩපය මැද හුන්නේය. ඉක්බිති ඇමතියා ජම්බුක පණ්ඩිතයන් රත්තරන් ආසනයේ වඩා හිඳුවා පුටුව හිසින් ගෙන පැමිණියේය. පණ්ඩිතයා පියාගේ ඇකයෙහි හිඳුවා, සෙල්ලම් කර ගොස් රත්රන් පුටුවේ ම හිඳගත්තේය. ඉක්බිති රජු ඔහුගෙන් ප්‍රශ්නයක් විචාරන්නේ මේ ගාථාව කීවේය.
“අපුච්ඡිම්හ කොසියගොත්තං, කුණ්ඩලිනිං තථෙව ච; ත්වං දානි වදෙහි ජම්බුක, බලානං බලමුත්තම”න්ති.
කෝසිය ගෝත්‍ර පුත්‍ර ජම්බුකය, කුණ්ඩලිනියගෙන් ද වෙස්සන්තර සහෝදරයාගෙන් ද, ඇසුවා සේ ඔබගෙන් ද විචාරම්හ. ජම්බුකය, බලයන් අතර උතුම් ම බලය දැන් මට කියව.
තස්සත්ථො – තාත, ජම්බුක, අහං තව භාතරං කොසියගොත්තං වෙස්සන්තරං භගිනිඤ්ච තෙ කුණ්ඩලිනිං රාජධම්මං අපුච්ඡිං, තෙ අත්තනො බලෙන කථෙසුං, යථා පන තෙ පුච්ඡිං, තථෙව ඉදානි, පුත්ත ජම්බුක, තං පුච්ඡාමි, ත්වං මෙ රාජධම්මඤ්ච බලානං උත්තමං බලඤ්ච කථෙහීති.
එහි අර්ථය නම්, දරුව ජම්බුකය, මම ඔබේ සොයුරු කෝසිය ගෝත්‍රික වෙස්සන්තරගෙන් ද නැගනිය වූ, එම කුණ්ඩලිනියගෙන් ද රාජ ධර්ම ඇසුවෙමි. යම්සේ විචාරණ ලද අයුරින් ඔවුහු තමන්ගේ ශක්තියෙන් කීවාහු, එසේ ම දැන් පුත්‍ර ජම්බුක වූ ඔබගෙන් ද විචාරමි. නුඹ රාජ ධර්මද බලයන්ගෙන් උතුම් බලය ද කියව.
එවං රාජා මහාසත්තං පඤ්හං පුච්ඡන්තො අඤ්ඤෙසං පුච්ඡිතනියාමෙන අපුච්ඡිත්වා විසෙසෙත්වා පුච්ඡි. අථස්ස පණ්ඩිතො “තෙන හි, මහාරාජ, ඔහිතසොතො සුණාහි, සබ්බං තෙ කථෙස්සාමී”ති පසාරිතහත්ථෙ සහස්සත්ථවිකං ඨපෙන්තො විය ධම්මදෙසනං ආරභි –
මෙසේ රජ මහසතාණන්ගෙන් ප්රශ්නය විචාරමින් අනිත් දෙදෙනාගෙන් විචාර වූ ආකාරයෙන් නොවිමසා විශේෂකොට ඇසීය. ඉක්බිති පණ්ඩිත ජම්බුක තෙමේ එසේ වී නම් මහරජ, නොවැසූ කණින් අසව. ඔබට සියල්ල පවසන්නෙමි’යි දිගුකළ අත් ඇත්තේ, දහසින් බැඳි පියල්ලක් තබන්නාක් මෙන් ධර්මදේශනාව ආරම්භ කෙළේය.
“බලං පඤ්චවිධං ලොකෙ, පුරිසස්මිං මහග්ගතෙ; තත්ථ බාහුබලං නාම, චරිමං වුච්චතෙ බලං.
1. ලෝකයේ, මහත් අදහස් ඇති මිනිසා කෙරෙහි පිහිටි, මාහැඟි බලය පස්ආකාර වේ. එහිදී කාය බලය නම් ලාමක බලය යයි කියනු ලැබේ.
“භොගබලඤ්ච දීඝාවු, දුතියං වුච්චතෙ බලං; අමච්චබලඤ්ච දීඝාවු, තතියං වුච්චතෙ බලං.
2. දීර්ඝායුෂ ඇති මහරජ, භෝග සම්පත් බලය දෙවෙනි බලය, යයි කියනු ලැබේ. දීර්ඝායුෂ ඇති මහරජ, ඇමති බලය තෙවෙනි බලය යයි කියනු ලැබේ.
“අභිජච්චබලඤ්චෙව, තං චතුත්ථං අසංසයං; යානි චෙතානි සබ්බානි, අධිගණ්හාති පණ්ඩිතො.
3. ඒ ජාති සම්පත්තියෙන් ඇති වූ බලය නිසැකයෙන් සතරවෙනි බලය වේ. පස්වැනි වූ ඤාණ බලය, අනික් සියලුම බලයන් මැඩපවත්වමින් රැඳී සිටී.
“තං බලානං බලං සෙට්ඨං, අග්ගං පඤ්ඤාබලං බලං; පඤ්ඤාබලෙනුපත්ථද්ධො, අත්ථං වින්දති පණ්ඩිතො.
4. මේ බල පහ අතුරෙන් උතුම් වූ ප්‍රඥා බලය උතුම්ය. ප්‍රඥා බලයෙන් යුක්ත වූ නුවණැත්තා අභිවෘද්ධියට පැමිණේ.
“අපි චෙ ලභති මන්දො, ඵීතං ධරණිමුත්තමං; අකාමස්ස පසය්හං වා, අඤ්ඤො තං පටිපජ්ජති.
5. ඉදින් අඥාන තෙමේ සම්පතින් පිරුණා වූ උතුම් වූ පෘථිවිය ලවා ද එය නුවණැති අන්‍යයෙක් බලහත්කාරකම් කොට හෝ ඔහුගේ නො කැමැත්ත කියත් දී උදුරා ගනී ද?
“අභිජාතොපි චෙ හොති, රජ්ජං ලද්ධාන ඛත්තියො; දුප්පඤ්ඤො හි කාසිපති, සබ්බෙනපි න ජීවති.
6. කසී රට අධිපති මහරජ, විශිෂ්ට ජාති ඇති ක්ෂත්රියයෙක් වුව ද, අඥානයෙන් රාජ්‍යය ලබාගත්තේ නමුත් ඒ රාජ්‍ය සම්පතින් ජීවත්වීමට ඔහුට නොහැකියි.
“පඤ්ඤාව සුතං විනිච්ඡිනී, පඤ්ඤා කිත්තිසිලොකවඩ්ඪනී; පඤ්ඤාසහිතො නරො ඉධ, අපි දුක්ඛෙ සුඛානි වින්දති.
7. ප්‍රඥාව අසන ලද්දේ විනිශ්චය කරයි. ප්‍රඥා තොමෝ කීර්ති ඝෝෂාව ලාභ සත්කාර වඩන්නීය. ප්‍රඥාවන්තයා මෙලොව දුක් ඇති වුවද, උපාය දක්ෂතාවයෙන් සැප විඳියි.
“පඤ්ඤඤ්ච ඛො අසුස්සූසං, න කොචි අධිගච්ඡති; බහුස්සුතං අනාගම්ම, ධම්මට්ඨං අවිනිබ්භුජං.
8. නුවණැත්තන් ඇසුරු නොකොට, බහුශ්‍රැතයන් කරා නො එළඹ දැහැමි නො දැහැමි කරුණු නො විමසා, ස්වභාව කාරණයෙහි පිහිටා සිටීමෙන් පමණක් කිසිවෙක් නුවණ නොලබයි.
“යො ච ධම්මවිභඞ්ගඤ්ඤූ, කාලුට්ඨායී අතන්දිතො; අනුට්ඨහති කාලෙන, කම්මඵලං තස්සිජ්ඣති.
9. (දස කුශල කර්ම) ධර්ම විභාගය දන්නා වූ, සුදුසු කාලයේ උත්සාහ වචන, අනලස් වූ යමෙක් සුදුසු කාලයෙහි ක්‍රියාකාරී වේද, ඔහුගේ කාර්ය ඵලය සමෘද්ධ වේ.
“අනායතනසීලස්ස, අනායතනසෙවිනො; න නිබ්බින්දියකාරිස්ස, සම්මදත්ථො විපච්චති.
10. දුශ්ශීලකම් කරන්නා වූ, දුශ්ශීල පුද්ගලයන් ආශ්‍රය කරන්නා වූ, කලකිරීමෙන් ක්‍රියා කරන්නා වූ පුද්ගලයාගේ කුශල කර්ම මනාකොට විපාක නො දේ.
“අජ්ඣත්තඤ්ච පයුත්තස්ස, තථායතනසෙවිනො; අනිබ්බින්දියකාරිස්ස, සම්මදත්ථො විපච්චති.
11. තමන් පිළිබඳව අනිත්‍යාදී වශයෙන් සලකන, එබඳුම සිල්වතුන් ඇසුරු කරන, මනා උත්සාහයෙන් කටයුතු කරන, පුද්ගලයාගේ කුශලකර්ම මැනැවින් විපාක දේ.
“යොගප්පයොගසඞ්ඛාතං, සම්භතස්සානුරක්ඛණං; තානි ත්වං තාත සෙවස්සු, මා අකම්මාය රන්ධයි; අකම්මුනා හි දුම්මෙධො, නළාගාරංව සීදතී”ති.
12. යෙදිය යුතු කරුණෙහි සුදුසු වූ පරිදි යොදන ප්‍රඥාව ද, රැස්කරන ලද ධනය ආරක්ෂා කරන ප්‍රඥාව ද යන දෙක සහ ඉහත දක්වන ලද ප්රඥාවන්ද යන සියල්ල සේවනය කරනු මැනවි. නිකරුණෙහි ධනය නො යොදව. පියාණනි! නුසුදුසු කටයුතු කරන අනුවණ පුද්ගලයා බට ගසින් කළ ගෙයක් මෙන් දිරා වැටේ යයි ජම්බුක කීවේය.
තත්ථ මහග්ගතෙති, මහාරාජ, ඉමස්මිං සත්තලොකෙ මහජ්ඣාසයෙ පුරිසෙ පඤ්චවිධං බලං හොති. බාහුබලන්ති කායබලං. චරිමන්ති තං අතිමහන්තම්පි සමානං ලාමකමෙව. කිංකාරණා? අන්ධබාලභාවෙන. සචෙ හි කායබලං මහන්තං නාම භවෙය්ය, වාරණබලතො ලටුකිකාය බලං ඛුද්දකං භවෙය්ය, වාරණබලං පන අන්ධබාලභාවෙන මරණස්ස පච්චයං ජාතං, ලටුකිකා අත්තනො ඤාණකුසලතාය වාරණං ජීවිතක්ඛයං පාපෙසි. ඉමස්මිං පනත්ථෙ “න හෙව සබ්බත්ථ බලෙන කිච්චං, බලඤ්හි බාලස්ස වධාය හොතී”ති සුත්තං (ජා· 1.5.42) ආහරිතබ්බං.
එහි මහග්ගතෙ යනු, මහරජ, මේ සත්ත්ව ලෝකයෙහි, මහත් අධ්‍යාස කුසල ශක්තිය ඇති මිනිසා කෙරෙහි පස් ආකාර බලයක් වෙයි. බාහු බලං යනු කාය (ශරීර) බලයයි. චරිමං යනු අතිමහත් බවට ද, ලාමක බවට සමාන අර්ථයකි. එසේ වන්නේ කුමන කරුණු නිසා ද? ඉඳින් වනාහි අඳබාල භාවයෙන් කාය බලය මහත් වන්නේය. ඇත් බලයෙන් බලනවිට, කැටකිරිල්ලිගේ බලය කුඩා වන්නේය. අඥාන බවෙන් මරණයට හේතුවී උපන්නේය. කැටකිරිල්ලිය තමාගේ බුද්ධි මහිමය නිසා, ඇතා මරණයට පත් කළේය යි මෙහි අර්ථයයි. සියළු තැන, බලයෙන් ශක්තියෙන් සියලු වැඩ සිදු නොවේ. බලය, බාලයාගේ වධය විනාශය පිණිස පවතියි. සූත්‍රය ගෙනහැර පෑ යුතුය.
භොගබලන්ති උපත්ථම්භනවසෙන සබ්බං හිරඤ්ඤසුවණ්ණාදි උපභොගජාතං භොගබලං නාම, තං කායබලතො මහන්තතරං. අමච්චබලන්ති අභෙජ්ජමන්තස්ස සූරස්ස සුහදයස්ස අමච්චමණ්ඩලස්ස අත්ථිතා, තං බලං සඞ්ගාමසූරතාය පුරිමෙහි බලෙහි මහන්තතරං. අභිජච්චබලන්ති තීණි කුලානි අතික්කමිත්වා ඛත්තියකුලවසෙන ජාතිසම්පත්ති , තං ඉතරෙහි බලෙහි මහන්තතරං. ජාතිසම්පන්නා එව හි සුජ්ඣන්ති, න ඉතරෙති. යානි චෙතානීති යානි ච එතානි චත්තාරිපි බලානි පණ්ඩිතො පඤ්ඤානුභාවෙන අධිගණ්හාති අභිභවති, තං සබ්බබලානං පඤ්ඤාබලං සෙට්ඨන්ති ච අග්ගන්ති ච වුච්චති. කිංකාරණා? තෙන හි බලෙන උපත්ථද්ධො පණ්ඩිතො අත්ථං වින්දති, වුඩ්ඪිං පාපුණාති . තදත්ථජොතනත්ථං “පුණ්ණං නදිං යෙන ච පෙය්යමාහූ”ති පුණ්ණනදීජාතකඤ්ච (ජා· 1.2.127 ආදයො) සිරීකාළකණ්ණිපඤ්හං පඤ්චපණ්ඩිතපඤ්හඤ්ච සත්තුභස්තජාතක- (ජා· 1.7.46 ආදයො) සම්භවජාතක- (ජා· 1.16.138 ආදයො) සරභඞ්ගජාතකාදීනි (ජා· 2.17.50 ආදයො) ච කථෙතබ්බානි.
භෝග බලං යනු, උපකාරී වීම් වශයෙන් සියලු අමුරන්, රත්රන් ආදි උපභෝග සම්පත් ද භෝග බලය නම් වේ. එය කාය බලයට වඩා අති මහත් වේ. අතිරේක වේ. අමච්ච බලං යනු නොබෙදිය නොබිඳවිය හැකි සූර වූ, සුහද වූ අමාත්‍ය මන්ඩලයක් සතුව පවතින බලයයි. එම බලය යුද්ධ ශූරතාවයට වඩා අතිමහත් බලය වේ. අභිජච්ච බලං යනු කුල තුන ඉක්මවා, ක්ෂත්රිය කුල වශයෙන් උපත ලැබීමේ වාසනාවයි. සෙසු බලයන්ට වඩා මහත් කැත් කුලයක උපත ලැබීම බලයක් වේ. සෙසු කුල එසේ නොවේ. යානි චේතානි යනු මේ බල සතරකින් යුතු පණ්ඩිතයා යමෙකුගේ ආනුභාවයකින් අධිගෘහිත වේද, අභිබවා යයිද, ඒ සියලු බලයන්ට වඩා ප්‍රඥා බලය ශ්‍රේෂ්ඨ වේ. අග්‍ර වේ යයි කියනු ලැබේ. කුමන කරුණක් නිසා ද? බලයන් අනුව පෝෂිත පණ්ඩිතයා ජීවිත පරමාර්ථය විඳියි. අභිවෘද්ධියටද පත්වෙයි. එම අර්ථය බැබළවීම පිණිසයි. යමකු විසින් පිරුණා වූ නදිය පූජාව පිණිස සුදුසු වේද එපරිද්දෙනි. පුණ්ණ නදී ජාතකය, සිරිකාලකණ්ණි ප්රශ්නය, පඤ්ච පණ්ඩිත ප්රශ්නය, සත්තුභත්ත ජාතකය, සම්භව ජාතකය, සරභංග ජාතකය ආදිය කියවිය යුතුය.
මන්දොති මන්දපඤ්ඤො බාලො. ඵීතන්ති, තාත, මන්දපඤ්ඤො පුග්ගලො සත්තරතනපුණ්ණං චෙපි උත්තමං ධරණිං ලභති, තස්ස අනිච්ඡමානස්සෙව පසය්හකාරං වා පන කත්වා අඤ්ඤො පඤ්ඤාසම්පන්නො තං පටිපජ්ජති. මන්දො හි ලද්ධං යසං රක්ඛිතුං කුලසන්තකං වා පන පවෙණිආගතම්පි රජ්ජං අධිගන්තුං න සක්කොති. තදත්ථජොතනත්ථං “අද්ධා පාදඤ්ජලී සබ්බෙ, පඤ්ඤාය අතිරොචතී”ති පාදඤ්ජලීජාතකං (ජා· 1.2.194-195) කථෙතබ්බං. ලද්ධානාති ජාතිසම්පත්තිං නිස්සාය කුලසන්තකං රජ්ජං ලභිත්වාපි. සබ්බෙනපීති තෙන සකලෙනපි රජ්ජෙන න ජීවති, අනුපායකුසලතාය දුග්ගතොව හොතීති.
මන්දො යනු මද නුවණ ඇති බාලයාය. පීත යනු පියාණෙනි, සත්රුවනින් පිරි උතුම් පොළව ලදුවත්, එය පවත්වාගෙන යාමට නොහැකි වන්නේ, අනෙක් ප්‍රඥාවන්ත පුද්ගලයෙක්ම එය පිළිපදියි. මද නුවණැති පුරුෂයා ලද යසස් හෝ කුලසන්තක වූ හෝ ප්‍රවේණියෙන් ආවා වූ හෝ, රාජ්‍යය ගෙන යා නොහැකි වන්නේය. ඒ අර්ථය ප්‍රකට කිරීම පිණිස ‘පාදාංඤ්ජලී කුමාරයා ඒකාන්තයෙන් අප හැම දෙනාටම වඩා නුවණින් බබළයි’ ආදී වූ පාදඤ්ජලී ජාතකය ඉදිරිපත් කළ යුතුය. ලද්ධානා යනු, ජාති සම්පත් නිසා කුල සන්තක රාජ්‍යය ලැබ යන අර්ථයි. සබ්බෙන පීති යනු, ඒ සියලු රාජ්‍ය කරණ කොටගෙන යන අර්ථයි. න ජීවති යනු වැරදි ආකාර කුසල නිසා දුගතියට පැමිණේය යන අර්ථයි.
එවං මහාසත්තො එත්තකෙන ඨානෙන අපණ්ඩිතස්ස අගුණං කථෙත්වා ඉදානි පඤ්ඤං පසංසන්තො “පඤ්ඤා”තිආදිමාහ. තත්ථ සුතන්ති සුතපරියත්ති. තඤ්හි පඤ්ඤාව විනිච්ඡිනති. කිත්තිසිලොකවඩ්ඪනීති කිත්තිඝොසස්ස ච ලාභසක්කාරස්ස ච වඩ්ඪනී. දුක්ඛෙ සුඛානි වින්දතීති දුක්ඛෙ උප්පන්නෙපි නිබ්භයො හුත්වා උපායකුසලතාය සුඛං පටිලභති. තදත්ථදීපනත්ථං –
මෙසේ මහ සත්ත්වයන් වහන්සේ (බෝසතාණෝ) මෙබඳු තැනකින් අඥානයාගේ අගුණ කියා, දැන් ප්‍රඥා සම්පත්තිය ප්‍රශංසා කරමින්, පඤ්ඤා යන ආදිය ප්‍රකාශ කළහ. එහි සුතං යනු අසන ලද ධර්ම කොට්ඨාසයෙහි සඳහන් ප්‍රඥාව විනිශ්චය කිරීමයි. කිත්ති සිලෝක වඩ්ඪතී යනු කීර්ති ඝෝෂාවෙන් සහ ලාභ සත්කාරයාගේ වර්ධනයයි. දුක්ඛෙ සුඛානි වින්දතී යනු දුක උපන් ඇසිල්ලේම නිර්භයව, උපාය බුද්ධි කුශලතාවයෙන් සැපය ලබාගැනීමයි. එම අර්ථය ප්‍රකට කිරීම පිණිස පහත සඳහන් ගාථාව කීයේයැ.
“යස්සෙතෙ චතුරො ධම්මා, වානරින්ද යථා තව”. (ජා· 1.1.57); අලමෙතෙහි අම්බෙහි, ජම්බූහි පනසෙහි චා”ති. (ජා· 1.2.115) –
වඳුරු රජාණෙනි, වාක් සත්‍යය, පරීක්ෂා ඥානය, ධෛර්යය, ත්‍යාගය යන සතර ධර්මයන් තට මෙන් යමෙකු කෙරෙහි පිහිටා ද ඔහු සතුරන් ඉක්මවා යයි. ජලයට වැටුණු දඹ ගෙඩි මෙන් එම අර්ථය දැනගන්නේය.
ආදීනි ජාතකානි කථෙතබ්බානි.
වානරින් ද ආදී ජාතක කථාවන් කිය යුතුය.
අසුස්සූසන්ති පණ්ඩිතපුග්ගලෙ අපයිරුපාසන්තො අස්සුණන්තො. ධම්මට්ඨන්ති සභාවකාරණෙ ඨිතං බහුස්සුතං අනාගම්ම තං අසද්දහන්තො. අවිනිබ්භුජන්ති අත්ථානත්ථං කාරණාකාරණං අනොගාහන්තො අතීරෙන්තො න කොචි පඤ්ඤං අධිගච්ඡති, තාතාති.
අසුස්සූසං යනු මෙහි, උගත් පුද්ගලයන් ආශ්‍රය නොකරන්නේ, ඒ අයගෙන් නොඅසන්නේ යනුයි. බහුස්සුතං අනාගම්ම යනු, ඔහුගේ නොඇදහීමයි. ධම්මට්ඨං යනු, අර්ථ සහිත කරුණු දැනගැනීමයි. අවිනිබ්භුජං යනු, අර්ථ අනර්ථ, කාරණා, අකාරණා, ඉගෙන නොගන්නේ, නොවිමසන්නේ, පියාණෙනි, එවිට, කිසියම් බුද්ධි මහිමයක් නොලබයි යනාර්ථයයි.
ධම්මවිභඞ්ගඤ්ඤූති දසකුසලකම්මපථවිභඞ්ගකුසලො. කාලුට්ඨායීති වීරියං කාතුං යුත්තකාලෙ වීරියස්ස කාරකො. අනුට්ඨහතීති තස්මිං තස්මිං කාලෙ තං තං කිච්චං කරොති. තස්සාති තස්ස පුග්ගලස්ස කම්මඵලං සමිජ්ඣති නිප්ඵජ්ජති. අනායතනසීලස්සාති අනායතනං වුච්චති ලාභයසසුඛානං අනාකරො දුස්සීල්යකම්මං, තංසීලස්ස තෙන දුස්සීල්යකම්මෙන සමන්නාගතස්ස, අනායතනභූතමෙව දුස්සීලපුග්ගලං සෙවන්තස්ස, කුසලස්ස කම්මස්ස කරණකාලෙ නිබ්බින්දියකාරිස්ස නිබ්බින්දිත්වා උක්කණ්ඨිත්වා කරොන්තස්ස එවරූපස්ස, තාත, පුග්ගලස්ස කම්මානං අත්ථො සම්මා න විපච්චති න සම්පජ්ජති, තීණි කුලග්ගානි ච ඡ කාමසග්ගානි ච න උපනෙතීති අත්ථො. අජ්ඣත්තඤ්චාති අත්තනො නියකජ්ඣත්තං අනිච්චභාවනාදිවසෙන පයුත්තස්ස. තථායතනසෙවිනොති තථෙව සීලවන්තෙ පුග්ගලෙ සෙවමානස්ස. විපච්චතීති සම්පජ්ජති මහන්තං යසං දෙති.
ධම්ම විභංගඤ්ඤූ යනු, දසකුශල කර්ම පථ ද, කුසලය විභාගකොට බැලීමයි. කාලුට්ඨායි යනු වීර්ය කිරීමට සුදුසු කාලයේ වීර්ය කිරීමයි. අනුට්ඨහතී යනු ඒ ඒ කාලයේ ඒ ඒ වැඩ කිරීමයි. තස්සා යනු ඒ පුද්ගලයාගේ යන අර්ථයයි. කම්මඵලං සමිජ්ඣති යනු නිපදවෙයි. අනායතන සීලස්ස යනු ලාභ යස සැපයන්ට අනායතන යයි කියනු ලැබේ. ඒ ශීලයේ දුසිල් කර්ම අනාකර නමි. දුශ්ශිල කර්මයෙන් සමන්විත දුශ්ශීල පුද්ගලයාගේ සත්තාවම, සේවනය කරන්නාගේ කුසල කර්මයන් කරන කාලයම වේ. නිබ්බින්දියකාරිස්සා යනු කලකිරී, උකටලී වී ක්‍රියා කරන්නහුගේ රූප ස්වභාවයයි. පියාණෙනි, පුද්ගලයා ගේ කර්මාර්ථය මනාකොට, විපාක නොදෙයි ද, ඉවත නොයයි ද, ත්‍රිහේතුක වූ, සදිව්‍ය ලෝකයන්හි නොපමුණුවයි යන අර්ථය යි. අජ්ඣත්තඤ්ච යනු තමාගේ අධ්‍යාත්මය අනිත්‍ය භාවනාදි වශයෙන් යෙදීමයි. තථායතන සෙවිනො යනු එබඳු වූ සිල්වත් පුද්ගලයන් ඇසුරු කිරීමයි. විපච්චති යනු මහත් වූ කීර්තියෙන් සමෘද්ධ වූ යනාර්ථයයි.
යොගප්පයොගසඞ්ඛාතන්ති යොගෙ යුඤ්ජිතබ්බයුත්තකෙ කාරණෙ පයොගකොට්ඨාසභූතං පඤ්ඤං. සම්භතස්සාති රාසිකතස්ස ධනස්ස අනුරක්ඛණං. තානි ත්වන්ති එතානි ච ද්වෙ පුරිමානි ච මයා වුත්තකාරණානි සබ්බානි, තාත, ත්වං සෙවස්සු, මයා වුත්තං ඔවාදං හදයෙ කත්වා අත්තනො ඝරෙ ධනං රක්ඛ. මා අකම්මාය රන්ධයීති අයුත්තෙන අකාරණෙන මා රන්ධයි, තං ධනං මා ඣාපයි මා නාසයි. කිංකාරණා? අකම්මුනා හීති අයුත්තකම්මකරණෙන දුම්මෙධො පුග්ගලො සකං ධනං නාසෙත්වා පච්ඡා දුග්ගතො. නළාගාරංව සීදතීති යථා නළාගාරං මූලතො පට්ඨාය ජීරමානං අප්පතිට්ඨං පතති, එවං අකාරණෙන ධනං නාසෙත්වා අපායෙසු නිබ්බත්තතීති.
යොගප්පයෝග සඞ්ඛාතං යනු, භාවනාවේ දී යෙදිය යුතු කාරණාවක දී ප්‍රයෝග වශයෙන් යෙදෙන ප්රඥාවයි. සම්භතස්ස යනු රැස්කරන ලද ධනය අනුව රැකීමයි. තානි ත්වං යනු දැන් ද, පෙර ද මා විසින් කියන ලද කරුණු සියල්ල, පියාණෙනි, සේවනය කළ මැනවි. මා විසින් කියන ලද, අවවාද, හදවතේ තබාගෙන තමන්ගේ ගෘහයෙහි ඇති ධනය රකින්න. මා අකම්මාය රන්ධයී යනු, අයුක්තියෙන් නිෂ්කාරණයෙන්, එම ධනය විවර නොකරව, නොදවව, විනාශ නොකරව. කුමන කරුණක් නිසා ද. අකම්මුනා අයුක්ති සහගත ක්‍රියාවන් නිසාවෙනි. දුම්මෙධො දුෂ්ප්‍රාඥ පුද්ගලයා ස්වකීය ධනය නසා පසුව දුගතියට විනාශයට ගිය බැවිනි. නළාගාරංව සීදති යනු යම්සේ බටගස හෝ බට කැලය මුල පටන් දිරායන සුළු වූයේ, නොපිහිටන්නේ වැටෙයි. බිමට පාත්වෙයි. එපරිදි නිකරුණේ ධනය විනාශ කොට අපායවල උපදින්නේ ය.
එවම්පි බොධිසත්තො එත්තකෙන ඨානෙන පඤ්ච බලානි වණ්ණෙත්වා පඤ්ඤාබලං උක්ඛිපිත්වා චන්දමණ්ඩලං නීහරන්තො විය කථෙත්වා ඉදානි දසහි ගාථාහි රඤ්ඤො ඔවාදං දෙන්තො ආහ –
එසේම බෝධිසත්ත්වයන් වහන්සේ මෙපමණකින් පඤ්ච බලයන් වර්ණනා කොට ප්‍රඥා බලය ඔසවා තබා චන්ද්‍ර මණ්ඩලය පතුරුවන්නා සේ කියා දැන් ගාථා දසයකින් රජුට අවවාද දෙමින් මෙසේ කීවේය.
“ධම්මං චර මහාරාජ, මාතාපිතූසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
ක්ෂත්රියවංශික මහරජතුමනි, මව්පියන් කෙරෙහි ද යුතුකම් ඉටුකර ධර්මයෙහි හැසිරෙන්න. රජතුමනි, මෙලොවදී ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, පුත්තදාරෙසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
ක්ෂත්රිය මහරජතුමනි, අඹුදරුවන් කෙරෙහි ද යුතුකම් ඉටුකර ධර්මයෙහි හැසිරෙන්න රජතුමනි, මෙලොවදී ධර්මයෙහි හැසිර සුගතිගාමි වන්නේය.
“ධම්මං චර මහාරාජ, මිත්තාමච්චෙසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
ක්ෂත්රිය මහරජතුමනි, මිත්‍ර ඇමතියන් කෙරෙහි ද යුතුකම් ඉටුකර ධර්මයෙහි හැසිරෙන්න රජතුමනි, මෙලොව ධර්මයෙහි හැසිර දිව්‍යලෝකයේ යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, වාහනෙසු බලෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
මහරජ, යානාවලදී ද, භට හමුදාව අතරදී ද, ධර්මයෙහි හැසිරෙන්න රජතුමනි, මෙලොව අධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, ගාමෙසු නිගමෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
මහරජතුමනි, ගම්වලදී ද, නියංගම්වලදී ද, ධර්මයෙහි හැසිරෙන්න. මෙලොවදී ධර්මයෙහි හැසිර, රජතුමනි, දෙව්ලොව යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, රට්ඨෙ ජනපදෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
මහරජතුමනි, රටවැසියා කෙරෙහි ද, දනව් වැසියා කෙරෙහි ද ධර්මයෙහි හැසිරෙන්න. රජතුමනි, ධර්මයෙහි හැසිර දෙව්ලෝ යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, සමණෙ බ්රාහ්මණෙසු ච; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
මහරජතුමනි, ශ්‍රමණ-බ්‍රාහ්මණයන් කෙරෙහි ධර්මයෙහි හැසිරෙන්න. රජතුමනි, මෙලොවදී ධර්මයෙහි හැසිරී ස්වර්ගයට යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, මිගපක්ඛීසු ඛත්තිය; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
ක්ෂත්රිය මහරජ, මුව පක්ෂි කෙරෙහි ද ධර්මයෙහි හැසිරෙන්න. රජතුමනි, ධර්මයෙහි හැසිර ස්වර්ගයට යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, ධම්මො චිණ්ණො සුඛාවහො; ඉධ ධම්මං චරිත්වාන, රාජ සග්ගං ගමිස්සසි.
මහරජතුමනි, ධර්මයෙහි හැසිරෙන්න. මනාසේ පුරුදු කරන ලද ධර්මය සැප එළවයි. රජතුමනි, මෙලොවදී ධර්මයෙහි හැසිර දෙව්ලොව යන්නෙහි.
“ධම්මං චර මහාරාජ, සඉන්දා දෙවා සබ්රහ්මකා; සුචිණ්ණෙන දිවං පත්තා, මා ධම්මං රාජ පාමදො”ති.
මහරජතුමනි, ශක්‍රදෙවියා, මහා බ්‍රහ්මයන් මෙන් ධර්මයෙහි හැසිරෙන්න. ධර්මය මැනවින් පුරුදු කිරීමෙන් එතුමෝ දෙව්ලෝ සැපත් වූහ. මහරජතුමනි, ප්‍රමාද නොවන්න.
තත්ථ පඨමගාථාය තාව ඉධ ධම්මන්ති මාතාපිතුපට්ඨානධම්මං. තං කාලස්සෙව වුට්ඨාය මාතාපිතූනං මුඛොදකදන්තකට්ඨදානමාදිං කත්වා සබ්බසරීරකිච්චපරිහරණං කරොන්තොව පූරෙහීති වදති. පුත්තදාරෙසූති පුත්තධීතරො තාව පාපා නිවාරෙත්වා කල්‍යාණෙ නිවෙසෙන්තො සිප්පං උග්ගණ්හාපෙන්තො වයප්පත්තකාලෙ පතිරූපකුලවංසෙන ආවාහවිවාහං කරොන්තො සමයෙ ධනං දෙන්තො පුත්තෙසු ධම්මං චරති නාම, භරියං සම්මානෙන්තො අනවමානෙන්තො අනතිචරන්තො ඉස්සරියං වොස්සජ්ජෙන්තො අලඞ්කාරං අනුප්පදෙන්තො දාරෙසු ධම්මං චරති නාම. මිත්තාමච්චෙසූති මිත්තාමච්චෙ චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගණ්හන්තො අවිසංවාදෙන්තො එතෙසු ධම්මං චරති නාම. වාහනෙසු බලෙසු චාති හත්ථිඅස්සාදීනං වාහනානං බලකායස්ස ච දාතබ්බයුත්තකං දෙන්තො සක්කාරං කරොන්තො හත්ථිඅස්සාදයො මහල්ලකකාලෙ කම්මෙසු අයොජෙන්තො තෙසු ධම්මං චරති නාම.
එහි පළමු ගාථාවේ සිට පිළිවෙලින් ඇති ඉධ ධම්මං යනු මව්පිය උවටැන් කිරීමේ පටන් කල් ඇතිව නැගිට මුව සේදීම, දත් මැදීම් ආදි උපකරණ දී මුළු සිරුර පිරිසිදු කිරීම් කරන්නේ ම මූලික වතාවත් ආදිය ප්‍රකාශ කරයි. පුත්තදාරෙසු යනු දූ පුතුන් පළමුව පාපයෙන් වළක්වා යහපත් ඇසුරට යොමු කරන්නේ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරවන්නේ. වයසට පැමිණි කල්හි, සුදුසු කුලයක් ඇසුරින් ආවාහ-විවාහ කරවන්නේ සුදුසු කල්හි ධනය පවරා දෙන්නේ දූපුතුන් කෙරෙහි ධර්මය හැසිරීම නම් වේ. බිරිඳ සම්මාන කරන්නේ නොඉක්මවා ක්‍රියා කරන්නේ, ඉසුරු සම්පත් පවරා දෙන්නේ අලංකාර දෑ පිරිනමන්නේ යනු අඹුවන් කෙරෙහි ධර්මය හැසිරීම යනුයි. මිත්තාමච්චෙසු යනු, මිත්‍ර ඇමතියන් සතර සංග්‍රහ වස්තුවලින් සංග්‍රහ කරන්නේ පරස්පරතා ගැටුම් පිණිස ක්‍රියා නොකරන්නේ, ඔවුන් විෂයෙහි ධර්මය හැසිරීම යනුයි. වාහනෙසු බලෙසුච යනු, ඇත්, අස් ආදීන් වාහනයන්ගේ බලකායන් දියයුතු අයට දෙන්නේ සත්කාර කරමින් හස්ති අශ්ව ආදීහු මහලු වූ කල්හි වැඩකටයුතුවල නොයොදමින්, ඔවුන් විෂයෙහි ධර්මයෙහි හැසිරීම යනුයි.
ගාමෙසු නිගමෙසු චාති ගාමනිගමවාසිනො දණ්ඩබලීහි අපීළෙන්තොව තෙසු ධම්මං චරති නාම. රට්ඨෙ ජනපදෙසු චාති රට්ඨඤ්ච ජනපදඤ්ච අකාරණෙන කිලමෙන්තො හිතචිත්තං අපච්චුපට්ඨපෙන්තො තත්ථ අධම්මං චරති නාම, අපීළෙන්තො පන හිතචිත්තෙන ඵරන්තො තත්ථ ධම්මං චරති නාම. සමණෙ බ්රාහ්මණෙසු චාති තෙසං චත්තාරො පච්චයෙ දෙන්තොව තෙසු ධම්මං චරති නාම. මිගපක්ඛීසූති සබ්බචතුප්පදසකුණානං අභයං දෙන්තො තෙසු ධම්මං චරති නාම. ධම්මො චිණ්ණොති සුචරිතධම්මො චිණ්ණො. සුඛාවහොති තීසු කුලසම්පදාසු ඡසු කාමසග්ගෙසු සුඛං ආවහති. සුචිණ්ණෙනාති ඉධ චිණ්ණෙන කායසුචරිතාදිනා සුචිණ්ණෙන. දිවං පත්තාති දෙවලොකබ්රහ්මලොකසඞ්ඛාතං දිවං ගතා, තත්ථ දිබ්බසම්පත්තිලාභිනො ජාතා. මා ධම්මං රාජ පාමදොති තස්මා ත්වං, මහාරාජ, ජීවිතං ජහන්තොපි ධම්මං මා පමජ්ජීති.
ගාමෙසු නිගමෙසුච යනු ගම් නියම්ගම්වාසීහු, දඬුවම් බලියම් (ආදායම් බදු) ආදියෙන් නොපෙළන්නේ ඔවුන් ධර්මයෙහි හැසිරීම යනු රට්ඨෙසු ජනපදෙසුච යනු රට ද, ජනපදය ද නිකරුනේ වෙහෙසන්නේ පිරිසිදු යහපත් සිතක් නොපිහිටන්නේ, එවැන්නෙහි අධර්ම හැසිරීම නම් වෙයි. පීඩාවට පත් නොවන්නේ සුහද සිත පතුරුවන්නේ එහි ධර්මයෙහි හැසිරීම යනුවෙනි. සමණ බ්රාහ්මණෙසුච යනු ඔවුන්ට සිවුපසය දෙන්නෝ නම් වෙති. ඔවුන් විෂයෙහි ධර්මයෙහි හැසිරීම යනු මිගපක්ඛීසුච යනු, සියලු සිව්පා, පක්ෂීන්ට අභය දානය දෙමින් ඔවුන් විෂයෙහි ධර්මයෙහි හැසිරීම නම් වේ. ධම්මො චිණ්ණො යනු, සමචර්යා ධර්ම පුරුදු කරන්නේ නිසි පරිදි සොයා බලා හැසිරේ යනුයි. සුඛාවහො යනු ත්‍රිහේතුක උදාර කුලවලට අයත් කාමලෝක හයෙහි සැප ගෙන දෙයි යන අර්ථයයි. සුචිණ්ණෙනා යනු, මේ ලෝකයෙහි පුරුදු කරන ලද්දා වූ කාය සුචරිතාදි යහපත් පුරුදු වේ. දිවං පත්තා යනු, දිව්‍යලෝක බ්‍රහ්මලෝක සංඛ්‍යාත දිව්‍යලෝක ගතවූවෝ එහි දිව්‍ය සම්පත් ලැබ උපන්නෝ වෙති. මා ධම්මං රාජ පමාදො යනු එබැවින් මහරජ, ඔබ ජීවිතය හැරයන්නේ නමුත් ධර්මයෙහි ප්‍රමාද නොවෙව යන ආකල්පයයි.
එවං දස ධම්මචරියගාථායො වත්වා උත්තරිපි ඔවදන්තො ඔසානගාථමාහ –
මෙසේ දස ධර්මචර්යා ඇතුළත් ගාථා වදාරා තවදුරටත් අවවාද දෙන්නේ අවසාන වශයෙන් මේ ගාථාවද කීවේය.
“තත්ථෙව තෙ වත්තපදා, එසාව අනුසාසනී; සප්පඤ්ඤසෙවී කල්‍යාණී, සමත්තං සාම තං විදූ”ති.
එහිදී ම ඔබට වත් පිළිවෙත් සපුරාලන බවට අනුශාසනා කරනු කැමැත්තේ වෙමි. ප්‍රඥාවන්තයන් සේවනය කරමින් යහපත් වූයේ පුරණ ලද ගුණයෙන් යුතුව ගුණයන් සමාදන්ව, මේ අනුශාසනා නොඉක්මවා පිළිපදුව.
තත්ථ තත්ථෙව තෙ වත්තපදාති ඉදං පුරිමනයෙනෙව යොජෙතබ්බං. සප්පඤ්ඤසෙවී කල්‍යාණී, සමත්තං සාම තං විදූති, මහාරාජ, තං මයා වුත්තං ඔවාදං ත්වං නිච්චකාලං සප්පඤ්ඤපුග්ගලසෙවී කල්යාණගුණසමන්නාගතො හුත්වා සමත්තං පරිපුණ්ණං සාමං විදූ අත්තපච්චක්ඛතොව ජානිත්වා යථානුසිට්ඨං පටිපජ්ජාති.
එහි, තත්ථෙව තෙ වත්තපදා යනු, මේ පෙර පරිද්දෙන්ම යෙදිය යුතුයි. සප්පඤ්ඤසේවි කල්‍යාණි සමත්තා සාමතං විදූ යනු මහරජ, මා විසින් කියන ලද අවවාද පරිදි ඔබ, සුදුසු කාලයෙහි ප්‍රඥාවන්ත පුද්ගලයෙකු සේවනය කර යහපත් ගුණයෙන් පිරිපුන්ව සිට මැනවින් පසක් කළ පරිපූර්ණ වූ සාමාර්ථ බවක් ඇති බව දැනගන්න. තමන් ප්රත්යක්ෂ වශයෙන් දැන, අනුශාසනා කළ පරිදි පිළිපදුව.
එවං මහාසත්තො ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය බුද්ධලීළාය ධම්මං දෙසෙසි. මහාජනො මහාසක්කාරං අකාසි, සාධුකාරසහස්සානි අදාසි. රාජා තුට්ඨො අමච්චෙ ආමන්තෙත්වා පුච්ඡි – “භොන්තො! අමච්චා මම පුත්තෙන තරුණජම්බුඵලසමානතුණ්ඩෙන ජම්බුකපණ්ඩිතෙන එවං කථෙන්තෙන කෙන කත්තබ්බං කිච්චං කත”න්ති. සෙනාපතිනා, දෙවාති. “තෙන හිස්ස සෙනාපතිට්ඨානං දම්මී”ති ජම්බුකං ඨානන්තරෙ ඨපෙසි. සො තතො පට්ඨාය සෙනාපතිට්ඨානෙ ඨත්වා පිතු කම්මානි අකාසි. තිණ්ණං සකුණානං මහන්තො සක්කාරො අහොසි. තයොපි ජනා රඤ්ඤො අත්ථඤ්ච ධම්මඤ්ච අනුසාසිංසු. මහාසත්තස්සොවාදෙ ඨත්වා රාජා දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපරායණො අහොසි. අමච්චා රඤ්ඤො සරීරකිච්චං කත්වා සකුණානං ආරොචෙත්වා “සාමි, ජම්බුකසකුණ රාජා තුම්හාකං ඡත්තං උස්සාපෙතබ්බං අකාසී”ති වදිංසු. මහාසත්තො “න මය්හං රජ්ජෙනත්ථො, තුම්හෙ අප්පමත්තා රජ්ජං කාරෙථා”ති මහාජනං සීලෙසු පතිට්ඨාපෙත්වා “එවං විනිච්ඡයං පවත්තෙය්යාථා”ති විනිච්ඡයධම්මං සුවණ්ණපට්ටෙ ලිඛාපෙත්වා අරඤ්ඤං පාවිසි. තස්සොවාදො චත්තාලීස වස්සසහස්සානි පවත්තති.
එසේ බෝධිසත්ත්වයෝ ආකාශ ගංගාවෙන් එතර වන්නාක් මෙන් බුද්ධ ලීලාවෙන් දහම් දෙසූ සේක. මහජනයා මහත් සත්කාර කළහ. දහස් ගණනින් සාදු නාද දුන්හ. රජ සතුටු වූයේ, ඇමතියන් අමතා මෙසේ විචාළේය. පින්වත් ඇමතිවරුනි, මගේ පුත්‍රයා විසින්, තුඩකින් අනින ලද නොමේරූ ගෙඩියක් මෙන් ඇත්තේ, ජම්බුක පණ්ඩිතයා විසින් මෙසේ කියන ලද්දේ කවරකු වශයෙන් සේවය කළයුතු වන්නේද? කෙසේ කරන ලදද? සේනාපති වශයෙනි දේවයන් වහන්ස, එසේ වී නම් ඔහුට සේනාපති තනතුර දෙමියි, ජම්බුකයා අදාළ තනතුරේ තැබීය. ඔහු එතැන් පටන් සේනාපති තනතුරේ සිට පිය කර්ම කෙළේය. කුරුල්ලන් තිදෙනාට ඉමහත් සත්කාරය විය. ජනයෝ තිදෙනා ද, රජුට අර්ථයෙන් ද, ධර්මයෙන් ද අනුශාසනා කළහ. බෝසතුන් ගේ අවවාදයේ හිටා රජ දානාදී පින් රැස් කොට ස්වර්ගගාමී විය. ඇමතිවරු රජුගේ ශරීරය ආදාහනය කොට කුරුල්ලන්ට දන්වා ස්වාමීනි, ජම්බුක නම් කුරුළු රජා ඔබලාට ඡත්රය එසවිය යුතුයයි කීවේය යයි කීවාහුය. බෝධිසත්ත්වයෝ මට රාජ්‍ය කර්මයෙන් වැඩක් නැත. ඔබලා අප්‍රමාදීව රාජ්‍ය කරවූය යි, ජනතාව ශීලයෙහි පිහිටුවා මෙසේ විනිශ්චය නියම කිරීම, පවත්වව් යයි විනිශ්චය ධර්මය රන් තහඩුවක ලියා තබා, වනගත විය. ඔහුගේ අවවාද වර්ෂ හතළිස් දහසක් කල් පවතීයයි කීය.
සත්ථා රඤ්ඤො ඔවාදවසෙන ඉමං ධම්මදෙසනං දෙසෙත්වා ජාතකං සමොධානෙසි “තදා රාජා ආනන්දො අහොසි, කුණ්ඩලිනී උප්පලවණ්ණා, වෙස්සන්තරො සාරිපුත්තො, ජම්බුකසකුණො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ, රජුට අවවාද වශයෙන් මේ ධර්ම දේශනාව දේශනා කොට ජාතක කථාව නිම කළහ. එකල රජු නම් ආනන්ද තෙරුන්ය. කුණ්ඩලිනිය උප්පලවණ්ණා වූවාය. වෙස්සන්තර, සාරිපුත්ත තෙරුන්ය. රජ ඇමතිවරු බුදු පිරිස වූහ. ජම්බුක පක්ෂියා නම් මම ම වීමි යි කීය.
තෙසකුණජාතකවණ්ණනා පඨමා.
තේසකුණ ජාතකය නිමි.