යෙදුමෙන් කියවන්න

1. තෙසකුණජාතකං

1. තෙසකුණජාතකං

1. තෙසකුණ ජාතකය

3081. වෙස‍්සන‍්තරං තං පුච‍්ඡාමි සකුණා භද‍්දමත්‍ථු තෙ, රජ‍්ජං කාරෙතුකාමෙන කිංසු කිච‍්චං කතං වරං.

3081. වෙස්සන්තර නම් පක්‍ෂිය, තට යහපතක් වේවා! රාජ්‍යය කරවනු කැමැත්තහු විසින් කවර නම් කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?

3082. චිරස‍්සං වත මං තාතො කංසො බාරාණසිග‍්ගහො, පමත‍්තො අප‍්පමත‍්තම‍්පි පිතා පුත‍්තං අචොදයි.

3082. පිය වූ කංස නම් බරණැස් රජතෙම බොහෝ කල් පමා වූයේ නොපමා වූ ද පුත්‍ර වූ ද මාගෙන් ප්‍රශ්නයක් විචාළේ යැ යි වෙස්සන්තර නම් බකමූණු පක්‍ෂියා චෝදනා කෙළේ ය.

3083. පඨමෙනෙව විතථං කොධං හාසං නිවාරයෙ, තතො කිච‍්චානි කාරෙය්‍ය තං වතං ආහු ඛත‍්තිය.

3083. පිය රජුනි, රජ තෙමේ, පළමු කොට බොරුව ද, දෙවනුව ක්‍රෝධය ද, තෙවනු ව ක්‍රීඩාශීලී ස්වභාවය ද දුරු කරන්නේ ය. ඉක්බිති රාජ්‍යකෘත්‍යයන් කරවන්නේ ය. එය රාජව්‍රත යයි කීය.

3084. යං ත්‍වං තාත තපෙ කම‍්මං පුබ‍්බෙකතමංසයං, රත‍්තො දුට‍්ඨො ච යං කයිරා න තං කයිරා තතො පුන.

3084. පිය රජුනි, පෙර කළා වූ යම් ඒ කර්‍මයක් ඒකාන්තයෙන් නුඹ තවන්නේ ද, රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේත් යම් කර්‍මයක් කරයි ද, ඉන්පසු නැවත ඒ කර්‍මය නො කරන්නේ ය.

3085. ඛත‍්තියස‍්ස පමත‍්තස‍්ස රට‍්ඨස‍්මිං රට‍්ඨවඩ‍්ඪන, සබ‍්බෙ භොගා විනස‍්සන‍්ති රඤ‍්ඤො තං වුච‍්චතෙ අඝං.

3085. රට දියුණු කරන්නා වූ මහරජ, පමා වූ රජුගේ රටෙහි සියලු භෝගයෝ වැනසෙත්. ඒ පාපය රජුගේ යයි කියනු ලැබේ.

3086. සිරී ච තාත ලක‍්ඛී ච පුච‍්ඡිතා එතදබ්‍රවුං, උට‍්ඨානවිරියෙ පොසෙ රමාහං අනුසූයකෙ.

3086. පිය රජුනි, ශ්‍රී කාන්තාව ද කාලකණ්ණිය ද විචාරන ලද්දාහු මෙය කීහ. ශ්‍රී නම් වූ මම උට්ඨානවීර්‍ය්‍යය ඇති අනුනට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවමි යි කීවා ය.

3087. උසූයකෙ දූහදයෙ පුරිසෙ කම‍්මදූසකෙ, කාලකණ‍්ණි මහාරාජ රමතී චක‍්කභඤ‍්ජනී.

3087. මහරජ, සම්පත් චක්‍රය බිඳින්නා වූ කාලකණ්ණි තොමෝ මෙරමාට ඊර්‍ෂ්‍යා කරන නපුරු සිත් ඇත්තා වූ යහපත් වැඩ දූෂ්‍ය කරන්නා වූ පුරුෂයා කෙරෙහි සිත් අලවයි.

3088. සො ත්‍වං සබ‍්බෙසු සුහදයො සබ‍්බෙසං රක‍්ඛිතො භව, අලක‍්ඛිං නුද මහාරාජ ලක‍්ඛ්‍යා භව නිවෙසනං.

3088. මහරජ, ඒ නුඹ සියල්ලන් කෙරෙහි සුහෘද වව. සියල්ල රක්නෙක් වව. කාලකණ්ණිය දුරු කරව. ශ්‍රී කාන්තාවට වාසස්ථාන වව.

3089. සලක‍්ඛී ධිතිසම‍්පන‍්නො පුරිසො හි මහග‍්ගතො, අමිත‍්තානං කාසිපති මූලං අග‍්ගඤ‍්ච ඡින්‍දති.

3089. කසී රට අධිපති රජුනි, ලක්‍ෂමිය සහිත වූ ප්‍රඥායෙන් හා වීර්‍ය්‍යයෙන් යුක්ත වූ උසස් අදහස් ඇති පුරුෂ තෙම පස මිතුරන්ගේ මුල ද අග ද සිඳී.

3090. සක‍්කොපි හි භූතපති උට‍්ඨානෙ නප‍්පමජ‍්ජති, සකල්‍යාණෙ ධිතිං කත්‍වා උට‍්ඨානෙ කුරුතෙ මනො.

3090. මහරජ, ශක්‍ර තෙමේ ද උට්ඨානවීර්‍ය්‍යයෙහි ප්‍රමාද නො වේ. හෙ තෙමේ කුශලක්‍රියායෙහි ම ධෛර්‍ය්‍යය කොට උට්ඨාන වීර්‍ය්‍යයෙහි සිත පිහිටුවයි.

3091. ගන්‍ධබ‍්බා පිතරො දෙවා සජීවා හොන‍්ති තාදිනො, උට‍්ඨහතො අප‍්පමජ‍්ජතො අනුතිට‍්ඨන‍්ති දෙවතා.

3091. ගන්‍ධර්‍වයෝ ද බ්‍රහ්මයෝ ද ඒ සක්රජුට සමාන ජීවිකා ඇත්තෝ ය. දේවතාවෝ උත්සාහවත් වූ පමා නොවන්නා වූ ඔහු අනුව පවතිත්.

3092. සො අප‍්පමත‍්තො අකුද‍්ධො තාත කිච‍්චානි කාරය, වායමස‍්සු ච කිච‍්චෙසු නාලසො වින්‍දතෙ සුඛං.

3092. පියාණෙනි, ඒ නුඹ නොපමා වූයේ නොකිපියේ කටයුතු කළ මැනව. කටයුතුවල වෑයම් කරන්නේ මැනව. අලස තෙමේ සැප නොවිඳී.

3093. තත්‍ථෙව තෙ වත‍්තපදා එසාව අනුසාසනී, අලං මිත‍්තෙ සුඛාපෙතුං අමිත‍්තානං දුඛාය ච.

3093. මහරජ, ඒ මා කී ප්‍රකාශනයෙහි ම ඒ ව්‍රතපදයෝ වෙත්. මෝ තොමෝ මැ අනුශාසනා වන්නී ය. මිතුරන් සුවපත් කිරීමට ද සතුරන්හට දුක් පිණිස ද මෙය සමර්‍ත්‍ථ වේ යයි වෙස්සන්තර නම් පක්‍ෂියා කීවේ ය.

3094. සඛී තුවං කුණ‍්ඩලිනී මඤ‍්ඤසි ඛත‍්තබන්‍ධුනී, රජ‍්ජං කාරෙතු කාමෙන කිංසු කිච‍්චං කතං වරං.

3094. ඛත්ත නම් බකමූණු පක්‍ෂියාට සහෝදරිය වන කුණ්ඩලිණිය, මා විසින් විචාරන ලද ප්‍රශ්නය කියන්නට හැක්කෙහි ද? රජය කරවනු කැමැත්තහු විසින් කවර කෘත්‍යයක් කරන ලද්දේ යහපත් ද?

3095. ද‍්වෙව තාත පදකානි යත්‍ථ සබ‍්බං පතිට‍්ඨිතං, අලද‍්ධස‍්ස ච යො ලාභො ලද‍්ධස‍්ස අනුරක‍්ඛනා.

3095. යමෙක්හි සියල්ල පිහිටියේ නම්, එබඳු පද දෙකෙකි. නො ලද ලාභ ලබා ගැනුම ද ලද දෙය රැක ගැනුම ද යන දෙක ය.

3096. අමච‍්චෙ තාතා ජානාහි ධීරෙ අත්‍ථස‍්ස කොවිදෙ, අනක‍්ඛාකිතවෙ තාත අසොණ‍්ඩෙ අවිනාසකෙ.

3096. පියාණෙනි, ප්‍රාඥ වූ යහපතට දක්‍ෂ වූ දූකෙළියෙහි නොයෙදෙන්නා වූ ඇමතියන් භාණ්ඩාගාරිකාදි තනතුරුවල යෙදිය යුතු බව දැනගනු මැනවි.

3097. යො ච තං තාත රක‍්ඛෙය්‍ය ධනං යඤ‍්චෙව තෙ සියා, සූතොව රථං සඞ‍්ගණ‍්හෙ සො තෙ කිච‍්චානි කාරයෙ.

3097. පියාණෙනි, නුඹගේ යම් ධනයකුත් වේ නම්, යම් ඇමතියෙක් එය රක්නේ ද, රිය සගන්නා රියදුරකු වැනි වූ හෙතෙම නුඹගේ කටයුතුවල යෙදවීම කරව.

3098. සුසඞ‍්ගහීතන‍්තජනො සයං විත‍්තං අවෙක‍්ඛිය, නිධිඤ‍්ච ඉණදානඤ‍්ච න කරෙ පරපත‍්තියා.

3098. මනා කොට සංග්‍රහ කරන ලද ඇතුළත්හි වූ ජනය. ඇතිව තෙමේ ම වස්තුව බලා තැන්පත් කර තැබීම ද, ණය දීම ද කරන්නේ ය. අනුන් ලවා නො කරවන්නේ ය.

3099. සයං ආයං වයං ජඤ‍්ඤා සයං ජඤ‍්ඤා කතාකතං, නිග‍්ගණ‍්හෙ නිග‍්ගහාරහං පග‍්ගණ‍්හෙ පග‍්ගහාරහං.

3099. තෙමේ ම අයවැය දැනගන්නේ ය. කළ නො කළ දේත් තෙමේ ම දැන ගන්නේ ය. නිග්‍රහ කටයුත්තාට නිග්‍රහ කරන්නේ ය ප්‍රග්‍රහ කටයුත්තාට ප්‍රග්‍රහ කරන්නේ ය.

3100. සයං ජානපදං අත්‍ථං අනුසාස රථෙසභ, මා තෙ අධම‍්මිකා යුත‍්තා ධනං රට‍්ඨඤ‍්ච නාසයුං.

3100. මහරජ, ඒ දනව්වැස්සෝ නො දැහැමි වූවාහු ධනයත් රටත් නො නසත්වා යි කියා දනව් වැස්සන්හට තමනට ප්‍රත්‍යක්‍ෂ කරුණින් අනුශාසනා කරන්නේ ය.

3101. මා ච වෙගෙන කිච‍්චානි කාරෙසි කාරයෙසි වා, වෙගසා හි කතං කම‍්මං මන්‍දො පච‍්ඡානුතප‍්පති.

3101. පිරික්සා නො බලා වහා කටයුතු කරන්නෙක් නො වව. අනුන් ලවා කරවන්නෙක් හෝ නො වව. වහා කරන ලද කර්‍ම අනුව අඥාන තෙම පසුව තැවේ.

3102. මා තෙ අධිසරෙ මුච‍්ච සුඛාළ‍්හමධිකොපිතං, කොධසා හි ඛහූ ඵිතා කුලා අකුලතං ගතා.

3102. පියාණෙනි, නුඹගේ සිත අකුශලය ඉක්මවා යන කල්හි අනුන්ගේ අකුශල කර්‍මයෙහි ඉතා දැඩිව කෝප වී කටයුතු නොකරව. ක්‍රෝධයෙන් වනාහි බොහෝ සමෘද්ධ වූ කුලයෝ අකුල බවට ගියාහ.

3103. මා තාත ඉස‍්සරොම‍්භීති අනත්‍ථාය පතාරයි, ඉත්‍ථීනං පුරිසානඤ‍්ච මා තෙ ආසි දුඛුද්‍රයො.

3103. පියාණෙනි, මම අධිපති වෙමි යි අන්‍යයා අනර්‍ත්‍ථයට නො බස් වව නුඹගේ රාජ්‍යයෙහි ස්ත්‍රීන්ට ද පුරුෂයන්ට ද දුකෙක් නො වේවා.

3104. අපෙතලොමහංසස‍්ස රඤ‍්ඤො කාමානුසාරිනො, සබ‍්බෙ භොගා විනස‍්සන‍්ති රඤ‍්ඤො තං වුච‍්චතෙ අඝං

3104. පහ වූ ලොමුදහ ගැනුම් ඇති කැමැති පරිදි හැසිරෙන්නා වූ රජුගේ සියලු භෝගයෝ වැනසෙත්. එහි පාපය වේ යයි කියනු ලැබේ.

3105. තත්‍ථෙව තෙ වත‍්තපදා එසාව අනුසාසනී, දක‍්ඛස‍්සුදානි පුඤ‍්ඤකරො අසොණ‍්ඩො අවිනාසකො සීලවස‍්සු මහාරාජ දුස‍්සීලො විනිපාතිකො.

3105. මහරජ, නුඹගේ මේ ප්‍රශ්නයෙහි ම ව්‍රතපදයෝ ඇතුළත් වෙත්. මෝ ම අනුශාසනාව යි. දැන් පින් කරන රාසොඬ නොවූ වස්තුව විනාශ නො කරන දක්‍ෂයෙක් වව. මහරජ, සිල්වතෙක් වව. දුස්සීලයා වනාහි නිරයෙහි වැටෙන්නේ යයි කුණඩලිනිය කීවා ය.

3106. අපුච‍්ඡිම‍්හා කොසියගොත‍්තං කුණ‍්ඩලිනිං තථෙව ච, ත්‍වං දානි වදෙහි ජම‍්බුක බලානං බලමුත‍්තමං.

3106. පුත්‍ර ජම්බුකය, තොපගේ කෝසිය ගෝත්‍ර ඇති වෙස්සන්තර නම් සහෝදරයා ද එසේ ම කුණඩලිනී, නම් සහෝදරිය ද රාජ ධර්‍මය විචාළෙමු. දැන් නුඹ බල අතුරින් උතුම් බලය කුමක් දැ යි කියව.

3107. බලං පඤ‍්චවිධං ලොකෙ පුරිසස‍්මිං මහග‍්ගතෙ, තත්‍ථ බාහුබලන‍්නාම චරිමං වුච‍්චතෙ බලං.

3107. මහරජ, මහත් අදහස් ඇති පුරුෂයා කෙරෙහි ලෙව්හි පවත්නා බලය පස් ආකාර ය. එහි කායබලය නම් ලාමක බලයයි කියනු ලැබේ.

3108. භොගබලඤ‍්ච දීඝාවු දුතියං වුච‍්චතෙ බලං අමච‍්චබලඤ‍්ච දීඝාවු තතියං වුච‍්චතෙ බලං.

3108. දීර්‍ඝායුෂ ඇති මහරජ, සම්පත් බලය දෙවැනි බලය යි කියනු ලැබේ. දීර්‍ඝායුෂ ඇති මහරජ, අමාත්‍යබලය තුන්වැනි බලයයි කියනු ලැබේ.

3109. අභිජච‍්චබලඤ‍්චෙව තං චතුත්‍ථං අසංසයං, යානි එතානි සබ‍්බානි අධිගණ‍්හාති පණ‍්ඩිතො.

3109. ඒ ජාති සම්පත්තියෙන් ඇතිවූ බලය නිසැකයෙන් සතරවැනි බලය යි. යම් මේ සියලු බල කෙනෙක් වෙද්ද නුවණැත්තේ ඒ සියල්ල (ඥාන බලයෙන්) යටපත් කෙරේ.

3110. තං බලානං බලසෙට‍්ඨං අග‍්ගං පඤ‍්ඤාබලං වරං, පඤ‍්ඤාබලෙනුපත්‍ථද‍්ධො අත්‍ථං වින්‍දති පණ‍්ඩිතො.

3110. බලයන් අතුරෙන් ශ්‍රේෂ්ඨබලය වූ ද අග්‍ර වූ ද ඒ ප්‍රඥා බලය ඉතා උතුම් ය. ප්‍රඥාබලයෙන් යුක්ත වූ පණ්ඩිත තෙම අභිවෘද්ධියට පැමිණේ.

3111. අපි චෙ ලභති මන්‍දො ඵීතං ධරණිමුත‍්තමං, අකාමස‍්ස පසය‍්හ වා අඤ‍්ඤො තං පටිපජ‍්ජති.

3111. ඉදින් අඥාන තෙමේ සම්පතින් පිරුණා වූ උතුම් වූ පෘථිවිය ලබා ද එය නුවණැති අන්‍යයෙක් බලහත්කාරකම් කොට හෝ ඔහුගේ නොකැමැත්ත තිබිය දී උදුරා ගනී ද,

3112. අභිජාතොපි චෙ හොති රජ‍්ජං ලද‍්ධාන ඛත‍්තියො, දුප‍්පඤ‍්ඤො හි කාසිපති සබ‍්බෙනපි න ජීවති.

3112. කසී රට අධිපති මහරජ, විශිෂ්ට ජාති ඇති ක්‍ෂත්‍රිය වුව ද රාජ්‍යය ලැබගත් නමුත් අඥානයෙක් වන්නේ නම්, ඒ සියලු රාජ්‍යය ඇති ව ජීවත් වන්නට අසමත් වේ.

3113. පඤ‍්ඤා සුතං විනිච‍්ඡිනී පඤ‍්ඤා කින‍්තිසිලොකවඩ‍්ඪනී, පඤ‍්ඤාසහිතො නරො ඉධ අපි දුක‍්ඛෙපි සුඛානි වින්‍දති.

3113. ප්‍රඥා තොමෝ අසන ලද්ද විනිශ්චය කරන්නී ය. ප්‍රඥා තොමෝ කීර්තිඝෝෂය හා ලාභ සත්කාර වඩන්නී ය. ප්‍රඥායෙන් යුත් මනුෂ්‍ය තෙම මෙලොව දුක් ඇති වූ කල්හි ද උපාය කුශලතායෙන් ක්‍රියා කොට සැප විඳියි.

3114. පඤ‍්ඤඤ‍්ච ඛො අසුස‍්සූසං න කොචි අධිගච‍්ඡති, බහුස‍්සුතං අනාගම‍්ම ධම‍්මට‍්ඨං අවිනිබ‍්භුජං.

3114. නුවණැත්තන් සේවනය නො කොට බහුශ්‍රැතයන් කරා නො එළඹ දැහැමි නො දැහැමි කරුණු විනිශ්චය නො කොට ස්වභාව කාරණයෙහි පිහිටා සිටීමෙන් පමණක් කිසිවෙක් නුවණ නො ලබයි.

3115. යො ච ධම‍්මවිභාගඤ‍්ඤූ කාලුට‍්ඨායී අතන්‍දිතො, අනුට‍්ඨහති කාලෙන තම‍්ඵලං තස‍්ස ඉජ‍්ඣති.

3115. දශ කුශලකර්‍ම විභාගය දන්නා වූ සුදුසු කාලයෙහි උත්සාහ කරන්නා වූ අනලස් වූ යමෙක් ඒ ඒ කාලයෙහි කළමනා කටයුතු කෙරේ ද ඔහුගේ ඒ ක්‍රියා ඵලය සමෘද්ධ වේ.

3116. අනායතන සීලස‍්ස අනායතන සෙවිනො, න නිබ‍්බින්‍දියකාරිස‍්ස සම‍්මදත්‍ථො විපච‍්චති.

3116. දුස්සීලකම් කරන්නා වූ එබඳු ම දුස්සීල පුද්ගලයන් ආශ්‍රය කරන්නා වූ කලකිරී කටයුතු කරන පුද්ගලයාගේ කුශලකර්‍ම විපාකය මැනවින් විපාක නො දේ.

3117. අජ‍්ඣත‍්තඤ‍්ච පයුත‍්තස‍්ස තථායතනසෙවිනො, අනිබ‍්බින්‍දියකාරිස‍්ස සම‍්මදත්‍ථො විපච‍්චති.

3117. තමා පිළිබඳව ද අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ එබඳු ම සිල්වතුන් ඇසුරු කරන්නා වූ නො කලකිරී කටයුතු කරන්නාගේ කුශලකර්‍ම විපාකය මනා කොට විපාක දේ.

3118. යොගප‍්පයොගසඞ‍්ඛාතං සම‍්භතස‍්සානුරක‍්ඛනං, තානි ත්‍වං තාත සෙවස‍්සු මා අකම‍්මාය රන්‍ධයි අකම‍්මුනා ච දුම‍්මෙධො නළාගාරංව සීදති.

3118. යෙදිය යුතු කරුණෙහි යෙදීමට සුදුසු වූ ප්‍රඥාව ද, රැස් කරන ලද ධනය රක්‍ෂා කරන්නා වූ ප්‍රඥාව ද, යන දෙක සහ පෙර කී ප්‍රඥාවන් ද යන සියල්ල පියාණෙනි, නුඹ සේවනය කරව. නිකරුණෙහි ධනය නො නසව. නුසුදුසු කටයුතු කිරීමෙන් අනුවණ පුද්ගල තෙමේ හුණ ගසින් කල ගෙයක් දිරා වැටෙන්නා සේ ගැලේ යයි ජම්බුක තෙම කීයේ ය.

3119. ධම‍්මං චර මහාරාජ මාතාපිතුසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3119. මහරජ, මවුපියන් කෙරෙහි කළමනා උපස්ථාන ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.

3120. ධම‍්මං චර මහාරාජ පුත‍්තදාරෙසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3120. ක්‍ෂත්‍රිය මහරජ, අඹු දරුවන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.

3121. ධම‍්මං චර මහාරාජ මිත‍්තාමච‍්චෙසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3121. ක්‍ෂත්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි කළමනා යුතුකම් කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.

3122. ධම‍්මං චර මහාරාජ වාහනෙසු බලෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3122. මහරජ, හස්ති අශ්වාදි වාහනයන් කෙරෙහි ද කළමනා යුතුකම් දහම්හි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ග ලෝකයට යන්නෙහි ය.

3123. ධම‍්මං චර මහාරාජ ගාමෙසු නිගමෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3123. මහරජ, ගම් නියම්ගම් වැස්සන් කෙරෙහි අධික අයබදු ගැනීම් ආදිය නො කොට ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.

3124. ධම‍්මං චර මහාරාජ රට‍්ඨෙසු ජනපදෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3124. මහරජ, රටවැසියා කෙරෙහි ද දනව් වැසියා කෙරෙහි ද හිතවත් බව එළවීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.

3125. ධම‍්මං චර මහාරාජ සමණබ්‍රාහ‍්මණෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3125. මහරජ, මහණ බමුණන් කෙරෙහි ද සිව්පසය දීමාදී ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ග ලෝකයට යන්නෙහි ය.

3126. ධම‍්මං චර මහාරාජ මිගපක‍්ඛීසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3126. ක්‍ෂත්‍රිය මහරජ, මුව පක්‍ෂීන් කෙරෙහි අභය දානය කිරීම් සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ, මෙලොව ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගලෝකයට යන්නෙහි ය.

3127. ධම‍්මං චර මහාරාජ ධම‍්මො චිණ‍්ණො සුඛාවහො, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.

3127. මහරජ, කුසල ධර්‍මයෙහි හැසිරෙව. පුරුදු කරන ලද ධර්‍මය තෙම සුව එළවයි. මහරජ, මෙලොවැ, ධර්‍මයෙහි හැසිර ස්වර්‍ගයට යන්නෙහි ය.

3128. ධම‍්මං චර මහාරාජ සඉන්‍දා දෙව සබ්‍රහ‍්මකා, සුචිණ‍්ණෙන දිවං පත‍්තා මා ධම‍්මං රාජ පමාදො

3128. මහරජ, කුශල ධර්‍මයෙහි හැසිරෙව. ශක්‍ර බ්‍රහ්මයන් සහිත වූ දෙවියෝ ධර්‍මයෙහි හැසිරීමෙන් දෙව්ලොවට ගියහ. මහරජ, ධර්‍මයෙහි නොපමා වව.

3129. තත්‍ථෙව තෙ වත‍්තපදා එසාව අනුසාසනී, සප‍්පඤ‍්ඤසෙවිකල්‍යාණී සමත‍්තං සාමතං විදූති.

3129. ඒ ප්‍රශ්නයෙහි ම ඒ ව්‍රතපදයෝ ඇතුළත් වෙති. මෝ තොමෝ ම අනුශාසනාව වන්නී ය. නුවණැත්තන් ඇසුරු කරමින් යහපත් ගුණයෙන් යුක්ත ව තෙමේ ම මේ ගුණයන් හොඳින් දැන සමාදන් ව මේ අනුශාසනාවන් නො ඉක්මවා පිළිපදුව යි අවවාද කෙළේ ය.

තෙසකුණජාතකං.

තෙසකුණ ජාතක යි.