යෙදුමෙන් කියවන්න

2. සරභඞ‍්ගජාතකං

2. සරභඞ‍්ගජාතකං.

2. සරභඞ්ග ජාතකය

3130. අලඞ‍්කතා කුණ‍්ඩලිනො සුවත්‍ථා වෙළුරියමුත‍්තා ථරුඛග‍්ගබන්‍ධා, රථෙසභා තිට‍්ඨථ කෙනු තුම‍්හෙ කථං වො ජානන‍්ති මනුස‍්සලොකෙ.

3130. අලංකාර ලෙස සැරසුණු කුණ්ඩලාභරණ පැලැන්දා වූ යහපත් වස්ත්‍ර ඇන්දා වූ වෛඩූර්‍ය්‍ය මැණික්වලින් හා මුතුවලින් ද සරසන ලද මිටි ඇති කඩු බඳිනා ලද රථේශ්වර වූ නුඹ වහන්සේ මෙහි සිටින්නහු ය. නුඹ වහන්සේ කවරහු ද? කෙසේ නම් හඳුනද් ද?

3131. අහමට‍්ඨකො භීමරථො පනායං කාලිඞ‍්ගරාජා පන උග‍්ගතො අයං, සුසඤ‍්ඤතානං ඉසීනං දස‍්සනාය ඉධාගතා පුච‍්ඡිතායෙම‍්හ පඤ‍්හෙ.

3131. මම අට්ඨක නම් වෙමි. මෙතෙම වනාහි භීමරථ නම් වෙයි. ප්‍රකට ව පෙනෙන මෙතෙමේ කලිඟුරජ ය. අපි මනා සංවර ඇති ඍෂීන් දැකුමටත් සරභංග ශාස්තෘවරයාගෙන් ප්‍රශ්න අසන්නටත් මෙහි පැමිණියෙමු.

3132. වෙහාසයං තිට‍්ඨති අන‍්තලික‍්ඛෙ පථද‍්ධුනො පණ‍්ණරසෙව චන්‍දො, පුච‍්ඡාමි තං යක‍්ඛ මහානුභාව කථං තං ජානන‍්ති මනුස‍්සලොකෙ.

3132. අන්තරීක්‍ෂ නම් වූ අහසෙහි පසළොස්වක්හි අහස් මැදට වන් චන්‍ද්‍රයා මෙන් සිටින්නෙහි ය. මහත් අනුභාව ඇති යක්‍ෂය නුඹ විචාරමි. මිනිස් ලොව තා කෙසේ දනිද්ද? කියා ය.

3133. යමාහු දෙවෙසු සුජම‍්පතීති මඝවාති තං ආහු මනුස‍්සලොකෙ, සදෙවරාජා ඉදමජ‍්ජ පත‍්තො සුසඤ‍්ඤතානං ඉසීනං දස‍්සනාය.

3133. දෙවියන් අතර සුජම්පතී යයි යමකු ගැන කියද්ද, මිනිස් ලොවැ ඔහුට “මඝවා” යි කියත්. ඒ සක්දෙව්රජ වන මම මනා සංවර ඇති ඍෂීන් දැක්මට අද මෙහි පැමිණියෙමි.

3134. දූරෙ සුතා නො ඉසයො සමාගතා මහිද‍්ධිකා ඉද‍්ධිගුණූපපන‍්තා, වන්‍දාමි තෙ අයිරෙ පසන‍්නචිත‍්තො යෙ ජීවලොකෙත්‍ථ මනුස‍්සසෙට‍්ඨා.

3134. ස්වාමීනි, මහත් ඍද්ධි ඇති ඍද්ධි ගුණයෙන් යුත් ඍෂි වරු මෙහි රැස්වූවා යැයි අප විසින් දුරදී ම අසන ලද්දාහ. ස්වාමීනි, මේ මිනිස් ලොව මනුෂ්‍ය ශ්‍රේෂ්ඨ වූ යම් ඍෂිවරයෙක් වෙත් නම් ඔවුන් පැහැදුණා වූ සිතින් මම වඳිමි.

3135. ගන්‍ධො ඉසීනං චිරදික‍්ඛිතානං කායා චුතො ගච‍්ඡති මාළුතෙන, ඉතො පටික‍්කම‍්ම සහස‍්සනෙත‍්ත ගන්‍ධො ඉසීනං අසුචි දෙවරාජ.

3135. දහසක් නුවණැස් ඇති දිව්‍යරාජය, පැවිදි වූ බොහෝ කල් ඇති තාපසවරුන්ගේ ශරීරයෙන් නික්මෙන ගඳ වාතයෙන් ගෙන යයි. ශක්‍රය, මෙතැනින් ඉවත් වව. ඍෂිවරුන්ගේ ගඳ අපිරිසිදු යැයි තපස තෙම කීයේ ය.

3136. ගන්‍ධො ඉසීනං චිරදික‍්ඛිතානං කායා චුතො ගච‍්ඡතු මාළුතෙන, විචිත්‍රපුප‍්ඵං සුරභිංව මාලං ගන්‍ධං එතං පාටිකඞ‍්ඛාම භන‍්තෙ න හොත්‍ථ දෙවා පටික‍්කූලසඤ‍්ඤිනො.

3136. ස්වාමීනි, පැවිදි වූ බොහෝ කල් ඇති ඍෂිවරුන්ගේ කයින් නික්මෙන ගඳ සුළඟින් යේවා. සුවඳැති විසිතුරු මලක් මෙන් ද මල් මාලාවක් මෙන් ද අපි මේ ගඳ කැමැත්තෙමු. මේ ගඳෙහි ලා දෙවියෝ පිළිකුල් සංඥා ඇත්තෝ නො වෙත්.

3137. පුරින්‍දදො භූතපතී යසස‍්සී දෙවානමින්‍දො මඝවා සුජම‍්පති, ස දෙවරාජා අසුරගණප‍්පමද‍්දනො ඔකාසමාකඞ‍්ඛති පඤ‍්හපුච‍්ඡිතුං.

3137. පෙර දන්දුන් හෙයින් පුරින්‍දද නම් වූ භූතයන් අතර ශ්‍රේෂ්ඨ බැවින් භූතපති නම් වූ පරිවාර සම්පත්තීන් යුත් දෙවියන්ගේ ප්‍රධානයා හෙයින් දේවානමින්‍ද නම් වූ පෙර ජාතියක වශයෙන් මඝ නම් වූ සුජා නම් අසුර කන්‍යාවගේ ස්වාමි බැවින් සුජම්පති නම් වූ දෙවියන්ගේ සිත් අලවන බැවින් දේවරාජ නම්වූ අසුර සමූහයා මඩින්නා වූ ඒ ශක්‍ර තෙම ප්‍රශ්න අසන්නට බලාපොරොත්තු වෙයි.

3138. කොනෙවිමෙසං ඉධ පණ‍්ඩිතානං පඤ‍්හෙ පුට‍්ඨො නිපුණෙ ව්‍යාකරිස‍්සති, තිණ‍්ණඤ‍්ච රඤ‍්ඤං මනුජාධිපානං දෙවානමින්‍දස‍්ස ච වාසවස‍්ස.

3138. මෙහි සිටින පණ්ඩිතයන් අතුරෙන් කවරෙක් නම් රජුන් තිදෙනා විසින් ද ශක්‍රයා විසින් ද අසන ලද සියුම් ප්‍රශ්න විසඳන්නේ ද?

3139. අයං ඉසී සරභඞ‍්ගො යසස‍්සී යතො ජාතො විරතො මෙථුනස‍්මා, ආචරියපුත‍්තො සුචිනීතරූපො සො නෙසං පඤ‍්හානි ව්‍යාකරිසස‍්ති.

3139. පරිවාර සම්පත් ඇති උපන්දා සිට ම මෙවුන්දමින් වැළැකුණු පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ ඉතා කීකරු වූ සරභංග නම් යම් මේ ඍෂිවරයෙක් වේ නම් හෙ මොවුන්ගේ ප්‍රශ්න විසඳන්නේ ය.

3140. කොණ‍්ඩඤ‍්ඤ පඤ‍්හානි වියාකරොහි යාචන‍්ති තං ඉසයො සාධුරූපා, කොණ‍්ඩඤ‍්ඤ එසො මනුජෙසු ධම‍්මා යං වුඩ‍්ඪමාගච‍්ඡති එස භාරො.

3140. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තා වූ ඍෂීන් වහන්ස, ප්‍රශ්න විසඳනු මැනැවි. යහපත් ස්වභාවය ඇති ඍෂිවරු තොප යදිත්, කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති ඍෂිවරයාණන් වහන්ස, නුවණින් වැඩි දියුණු වූ යම් බඳු වෘද්ධයකු වෙතොත් ප්‍රශ්න විසඳීම් භාරය ඔහු අයත් ය යන මෙකරුණ මිනිසුන් කෙරෙහි පවත්නා ස්වභාවයෙකි.

3141. කතාවකාසා පුච‍්ඡන‍්තු භොන‍්තො යං කිඤ‍්චි පඤ‍්හං මනසාභිපත්‍ථිතං, අහං හි තං තං වො වියාකරිස‍්සං ඤත්‍වා සයං ලොකමිමං පරඤ‍්ච.

3141. යම් කිසි ප්‍රශ්නයක් සිතින් කැමතිවන ලද ද කරන ලද අවකාශ ඇත්තෝ එය අසත්වා, මෙලොවත් පරලොවත් දැක දැන මම ඒ ඒ ප්‍රශ්න තොපට විසඳන්නෙමි.

3142. තතො ච මඝවා සක‍්කො අත්‍ථදස‍්සී පුරින්‍දදො, අපුච‍්ඡි පඨමං පඤ‍්හං යඤ‍්චාසි අභිපත්‍ථිතං.

3142. ඉක්බිති යහපත දන්නා වූ පුරින්‍ද ද නම් ශක්‍ර තෙම සිත්හි ලා සලකන ලද යම් ප්‍රශ්නයෙක් වී නම් ඒ ප්‍රථම ප්‍රශ්නය ඇසුවේ ය.

3143. කිංසු වධිත්‍වා න කදාචි සොචති කිස‍්සප‍්පහානං ඉසයො වණ‍්ණයන‍්ති, කස‍්සීධ වුත‍්තං ඵරුසං ඛමෙථ අක‍්ඛාහි මෙ කොණ‍්ඩඤ‍්ඤ එතමත්‍ථං.

3143. කුමක් නසා කිසි කලෙක ශෝක නො කෙරේ ද? ඍෂීහු කවරකුගේ ප්‍රහාණය වර්‍ණනා කරද් ද? මේ ලෝකයෙහි කවරක්හු කියන ලද පරුෂ වචනය ඉවසන්නේ ද? කොණ්ඩඤ්ඤය, ඒ කාරණය මට කියව.

3144. කොධං වධිත්‍වා න කදාචි සොචති මක‍්ඛප‍්පහානං ඉසයො වණ‍්ණයන‍්ති, සබ‍්බෙසං වුත‍්තං ඵරුසං ඛමෙථ එතං ඛන‍්තිං උත‍්තමමාහු සන‍්තො.

3144. ක්‍රෝධය නසා කිසි කලෙක ශෝක නො කරමි. ගුණමකු ගතිය ප්‍රහාණය කිරීම ඍෂීහු වර්‍ණනා කරත්. සියල්ලන් ම කියන ලද පරුෂ වචනය ඉවසන්නේයැ. සත්පුරුෂයෝ එය උතුම් ක්‍ෂාන්ති යයි කීහු.

3145. සක‍්කා උභින‍්නං වචනං තිතික‍්ඛිතුං සදිසස‍්ස වා සෙට‍්ඨතරස‍්ස වාපි, කථන‍්නු හීනස‍්ස වචො ඛමෙථ අක‍්ඛාහි මෙ කොණ‍්ඩඤ‍්ඤ එතමත්‍ථං.

3145. කොණ්ඩඤ්ඤතුමනි, සමානයකුගේ හෝ තමනට වඩා ශ්‍රේෂ්ඨයකුගේ හෝ යන දෙදෙනාගේ පරුෂ වචන ඉවසන්නට පිළිවන. නීචයාගේ වචන කෙසේ නම් ඉවසිය හැකි දැ යි යන මේ කරුණ මට ප්‍රකාශ කරනු මැනැවි.

3146. භයා හි සෙට‍්ඨස‍්ස වචො ඛමෙථ සාරම‍්භහෙතු පන සාදිසස‍්ස, යො චිධ හීනස‍්ස වචො ඛමෙථ එතං ඛන‍්තිං උත‍්තමමාහු සන‍්තො.

3146. ශ්‍රේෂ්ඨයාගේ වචන බියෙන් ඉවසන්නේ ය. කරණුත්තරිය කරණය හේතුකොට සමානයාගේ වචන ඉවසන්නේ ය. යමෙක් වනාහි හීනයාගේ පරුෂ වචන ඉවසා නම් එය උතුම් ක්‍ෂාන්ති යයි කීහ.

3147. කථං විජඤ‍්ඤා චතුමට‍්ඨරූපං සෙට‍්ඨං සරික‍්ඛං අථවාපි හීනං, විරූපරූපෙන චරන‍්ති සන‍්තො තස‍්මා හි සබ‍්බෙස වචො ඛමෙථ.

3147. සතර ඉරියව්වෙන් වැසී ගිය ස්වභාවය ඇත්තහු ශ්‍රේෂ්ඨ යයි කියාත් සමාන යයි කියාත් වැළිදු හීනය කියාත් කෙසේ නම් දැන ගන්නේ ද? උතුම් සත්පුරුෂයෝ ද ලාමකයන්ගේ ස්වරූපයෙන් හැසිරෙත්. එහෙයින් ශ්‍රේෂ්ඨ-සමාන-පහත් යන සියල්ලන්ගේ ම පරුෂ වචන ඉවසන්නේ ය.

3148. න හෙතමත්‍ථං මහතීපි සෙනා සරාජිකා යුජ‍්ඣමානා ලභෙථ, යං ඛන‍්තිමා සප‍්පුරිසො ලභෙථ ඛන‍්තීබලස‍්සූපසමන‍්ති වෙරා.

3148. ඉවසනසුලු සත්පුරුෂ තෙම යම් අර්‍ත්‍ථයක් ලබයි ද, යුද කරන්නා වූ රජුන් සහිත මහසෙනඟ ද මෙබඳු අර්‍ත්‍ථයක් යහපතක් නො ලබන්නේ ය. ඉවසීමේ බලයෙන් වෛරයෝ සන්හිඳෙත්.

3149. සුභාසිතන‍්තෙ අනුමොදියාන අඤ‍්ඤං තං පුච‍්ඡාමි තදිඞ‍්ඝ බ්‍රූහි, යථා අහූ දණ‍්ඩකී නාළිකීරො අථජ‍්ජුනො කලාබු චාපි රාජා, තෙසං ගතිං බ්‍රූහි සුපාපකම‍්මිනං කත්‍ථුපපන‍්නා ඉසීනං විහෙඨකා.

3149. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව අන් ප්‍රශ්නයක් නුඹ අතින් විචාරමි. එබැවින් එය කියනු මැනවි. දණ්ඩකී නම් රජ ද නාළිකීර නම් රජ ද අර්ජුන නම් රජ ද කලාබු නම් රජ ද යන මොවුහු යම් සේ වූහු නම් අතිශයින් කරන ලද පාප ක්‍රියා ඇත්තා වූ ඔවුන්ගේ පරලොව ගමන ගැන කියනු මැනවි. ඍෂීන්හට වෙහෙස කළා වූ ඔවුහු කොහි උපන්නෝ ද?

3150. කිසං හි වච‍්ඡං අවකිරිය දණ‍්ඩකී උච‍්ඡින‍්නමූලො සජනො සරට‍්ඨො, කුක‍්කුලනාමෙ නිරයම‍්හි පච‍්චති තස‍්ස ඵුලිඞ‍්ගානි පතන‍්ති කායෙ.

3150. දණ්ඩකී නම් රජ තෙම කිසවච්ඡ නම් තාපසයාට අවමන් කොට සපිරිවරින් රටවැසියා සහිත ව සිඳින ලද මුල් ඇත්තේ (ප්‍රතිෂ්ඨාවක් නැතිව) කුක්කුල නම් නරකයෙහි පැසෙයි. ඔහුගේ ශරීරයෙහි සහළගුරු වැටේ.

3151. යො සඤ‍්ඤතෙ පබ‍්බජිතෙ අහෙඨයි ධම‍්මං භණන‍්තෙ සමණෙ අදූසකෙ, තං නාළිකීරං සුනඛා පරත්‍ථ සඞ‍්ගම‍්ම ඛාදන‍්ති විඵන්‍දමානං.

3151. යම් රජෙක් කිසිවකුට දුෂ්ට චේතනා පහළ නො කළ සන්හිඳුවන ලද පව් ඇති (දසකුශල ධර්‍ම සංඛ්‍යාත) බණ දේශනා කරන්නා වූ සංයත වූ නිරපරාධ වූ පැවිද්දන් වෙහෙසුයේ ද, වැලපෙන්නා වූ ඒ නාලිකීර නම් රජ පරලෙව්හි දී සුනඛයෝ රැස්ව කා දමත්.

3152. අථජ‍්ජුනො නිරයෙ සත‍්තිසූලෙ අවංසිරො පතිතො උද‍්ධපාදො, අඞ‍්ගීරසං ගොතමං හෙඨයිත්‍වා ඛන‍්තිං තපස‍්සිං චිරබ්‍රහ‍්මචාරිං.

3152. තවද අර්ජුන නම් රජ තෙම ඉවසීම් ඇති බොහෝ කල් රක්නා ලද බඹසර ඇති ගෞතම ගොත්‍රයෙහි වූ අංගීරස නම් වූ තාපසයන් හිංසා කොට සත්‍තිසූල නම් නිරයෙහි හිස යටිකුරු ව පා උඩුකුරුව වැටුණේ වෙයි.

3153. යො ඛණ‍්ඩසො පබ‍්බජිතං අඡෙදයී ඛන‍්තිං වදන‍්තං සමණං අදූසකං, කාලබුවීචිං උපපජ‍්ජ පච‍්චති මහාපතාපං කටුකං භයානකං.

3153. යම් රජෙක් ක්‍ෂාන්තිය ප්‍රකාශ කරන්නා වූ නිරපරාධ වූ සන්හිඳුවන ලද පව් ඇති පැවිද්දකු කඩ කඩ කොට සින්දේ ද කලාබු නම් ඒ රජ තෙම භයානක වූ කටුක වූ මහත් දුක් ඇත්තා වූ අවීචියේ ඉපද පැසේ.

3154. එතානි සුත්‍වා නිරයානි පණ‍්ඩිතො අඤ‍්ඤානි පාපිට‍්ඨතරානි චෙත්‍ථ, ධම‍්මං චරෙ සමණබ්‍රාහ‍්මණෙසු එවං කා සග‍්ගමුපෙති ඨානං.

3154. ශක්‍රය, නුවණැත්තේ මේ නරකයන් ද මෙයටත් වඩා ලාමක (පාපිෂ්ඨකර) නරකයන් ද අසා දැන මෙහි (මෙලොව) මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිරෙන්නේ ය. මෙසේ කරන්නා වූ පුද්ගල තෙම දෙව්ලොවට පැමිණෙන්නේ යයි ප්‍රකාශ කෙළේ ය.

3155. සුභාසිතං තෙ අනුමොදියාන අඤ‍්ඤං තං පුච‍්ඡාමි තදිඞ‍්ඝ බ්‍රූහි කථං විධං සීලවන‍්තං වදන‍්ති කථං විධං පඤ‍්ඤවන‍්තං වදන‍්ති, කථං විධං සප‍්පුරිසං වදන‍්ති කථං විධං නො සිරි නො ජහාති.

3155. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එය ද කියනු මැනවි. කෙබඳු වූවහු සිල්වත් යැ යි කියද් ද? කෙබඳු වූවහු නැණවත් යැ යි කියද් ද? කෙබන්දකු සත්පුරුෂ යැ යි කියද් ද? කෙබඳු පුද්ගලයකු සම්පත්ති තොමෝ අත් නො හරී යයි කියද් ද?

3156. කායෙන වාචාය ච යො ධ සඤ‍්ඤතො මනසා ච කිඤ‍්චි න කාරොති පාපං, න අත‍්තහෙතු අලිකං භණාති තථා විධං සීලවන‍්තං වදන‍්ති.

3156. යමෙක් මෙලොව කයින් ද වචනයෙන් ද සිතින් ද සංයම වූයේ කියි පාපයක් නො කරයි ද තමා හේතු කොටගෙන පවා බොරුවක් නො කියා ද එබඳු පුද්ගලයා සිල්වතෙකැයි කියත්.

3157. ගම‍්භීර පඤ‍්හං මනසා විචින‍්තයං නාච‍්චාහිතං කම‍්ම කරොති ලුද‍්දං, කාලාගතං අත්‍ථපදං න රිඤ‍්චති තථා විධං පඤ‍්ඤවන‍්තං වදන‍්ති.

3157. ගැඹුරු වූ ප්‍රශ්න සිතින් සිතමින් යමෙක් අතිශයින් අවැඩදායක රෞද්‍ර කර්‍ම නො කෙරේ ද, සුදුසු කාලයට පැමිණියා වූ අර්‍ත්‍ථපදය හෙවත් යහපත් කටයුත්ත හිස් නො කරයි ද, එබඳු වූවහු ප්‍රඥාවත් පුද්ගල යයි කියත්.

3158. යො චෙ කතඤ‍්ඤූ කතවෙදි ධීරො කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්තී ච හොති, දුඛිතස‍්ස සක‍්කච‍්ච කරොති කිච‍්චං තථාවිධං සප‍්පුරිසං වදන‍්ති.

3158. යම් ප්‍රාඥයෙක් කළගුණ දන්නේ කෘතොපකාර සලකන්නේ යහපත් මිතුරන් ඇත්තේ දෘඪ භක්ති ඇත්තේ ද දුකට පැමිණියා වූ තම යහළුවාගේ කටයුත්ත සකස්කොට කෙරේ ද, එබඳු පුද්ගලයා සත්පුරුෂයා යයි කියත්.

3159. එතෙහි සබ‍්බෙහි ගුණෙහුපෙතො සද‍්ධො මුදු සංවිභාගී වදඤ‍්ඤූ, සඞ‍්ගාහකං සඛිලං සණ‍්හවාචං තථාවිධං නො සිරි නො ජහාති.

3159. මෙකී සියලු ගුණයන්ගෙන් යුත් ශ්‍රද්ධා ඇත්තාවූ මෘදු වචන ඇත්තා වූ ලද දෙය බෙදාගෙන පරිභෝග කරනසුලු වූ යාචකයන්ගේ වචන දන්නා වූ යමෙක් වේ ද, සිව්සඟරා වතින් සංග්‍රහ කරන්නා වූ මිහිරි වචන ඇත්තා වූ සිලුටු වචන ඇත්තා වූ එබඳු පුද්ගලයා සම්පත්ති තොමෝ අත් නොහරී යයි කීයේ ය.

3160. සුභාසිතන‍්තෙ අනුමොදියාන අඤ‍්ඤං තං පුච‍්ඡාමි තදිඞ‍්ඝ බ්‍රූහි, සීලං සිරිඤ‍්චාපි සතඤ‍්ච ධම‍්මං පඤ‍්ඤච‍්ච කං සෙට‍්ඨතං වදන‍්ති.

3160. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙනත් ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැනවි. ශීලයත් සම්පත්තියත් සත්පුරුෂ ධර්‍මයත් ප්‍රඥාවත් යන මේවා අතුරෙන් කවරක් ඉතා ශ්‍රේෂ්ඨ යයි කියද් ද?

3161. පඤ‍්ඤා හි සෙට‍්ඨා කුසලා වදන‍්ති නක‍්ඛත‍්තරාජාරිව තාරකානං, සීලං සිරිඤ‍්චාපි සතඤ‍්ච ධම‍්මො අන්‍වායිකා පඤ‍්ඤවතො භවන‍්ති.

3161. තරු අතුරෙන් චන්‍ද්‍රයා ම ප්‍රධාන වන්නාක් මෙන් නොහොත් සෙසු හැම තරු චන්‍ද්‍රයා ම පිරිවරාගෙන සිටින්නාක් මෙන් කුශලයෝ වනාහි ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තෝ ම ය. යම් හෙයකින් ශීලයත් ඓශ්වර්‍ය්‍යයත් සත්පුරුෂ ධර්‍මයත් යන මේ තුන ම ප්‍රඥාවන්තයා පසුපස යන්නාහු වෙද්ද? එහෙයිනි.

3162. සුභාසිතන‍්තෙ අනුමොදියාන අඤ‍්ඤං තං පුච‍්ඡාමි තදිඞ‍්ඝ බ්‍රූහි, කථංකරො කින‍්තිකරො කිමාචරං කිං සෙවමානො ලභතීධ පඤ‍්ඤං, පඤ‍්ඤායිදානි පටිපදං වදෙහි කථං කරො පඤ‍්ඤවා හොති මච‍්චො.

3162. නුඹ වහන්සේගේ සුභාෂිතය අනුමෝදන් ව වෙන ප්‍රශ්නයක් නුඹ වහන්සේ අතින් විචාරමි. එබැවින් එය ප්‍රකාශ කරනු මැනවි. කෙසේ කරන්නේ කිනම් කර්‍මයක් කරන්නේ කිමෙකැ හැසිරෙන්නේ කවරකු සේවනය කරන්නේ (මෙලොව) ප්‍රඥාව ලබා ද? දැන් ප්‍රඥාව ලබාගැනීම පිණිස පිළිවෙත ප්‍රකාශ කරනු මැනවි. මනුෂ්‍ය තෙම කෙසේ කරන්නේ නුවණැත්තේ වේ ද?

3163. සෙවෙථ වුඩ‍්ඪෙ නිපුණෙ බහුස‍්සුතෙ උග‍්ගාහකො පරිපුච‍්ඡකො සියා, සුණෙය්‍ය සක‍්කච‍්ච සුභාසිතානි එවංකරො පඤ‍්ඤවා හොති මච‍්චො.

3163. ප්‍රඥායෙන් වැඩී සිටි, සියුම් කරුණු දැනීමෙහි සමත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තන් සේවනය කරන්නේ ය. ඉගෙන ගන්නේ ප්‍රශ්න විචාරන්නෙක් වන්නේ ය. සුභාෂිතයන් ඉතා සැලකිල්ලෙන් අසන්නේ ය. මෙසේ කරන්නා වූ මනුෂ්‍ය තෙම නුවණැත්තේ වෙයි.

3164. ස පඤ‍්ඤවා කාමගුණෙ අවෙක‍්ඛති අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ච, එවං විපස‍්සී පජහාති ඡන්‍දං දුක‍්ඛෙසු කාමෙසු මහබ‍්භයෙසු.

3164. ඒ නුවණැත්තේ පංච කාමයන් අනිත්‍ය වශයෙන් ද, දුක් වශයෙන් ද, රෝග වශයෙන් ද, බලයි. මෙසේ නුවණින් බලන තැනැත්තේ දුක් වූ මහත් බිය එළවන්නා වූ කාමයන් කෙරෙහි ආශාව තදංග ප්‍රහාණ වශයෙන් දුරු කරයි.

3165. සවීතරාගො පවිනෙය්‍ය දොසං මෙත‍්තං චිත‍්තං භාවයෙ අප‍්පමාණං, සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං අනින්‍දිතො බ්‍රහ‍්මමුපෙති ඨානං.

3165. ශක්‍රය, තදංග ප්‍රහාණ වශයෙන් කාමයන් ප්‍රහීණ වූ ඒ වීතරාගී පුද්ගල තෙමේ නව ආඝාත වස්තුයෙන් හටගන්නා ද්වේෂය දුරු කොට සියලු සත්‍වයන් කෙරෙහි දඬු බහාතබා අප්‍රමාණ වූ මෛත්‍රී සිත දියුණු කරන්නේ ය. නින්‍දා නො ලබන්නේ බ්‍රහ්ම ලෝකයට උප්පත්ති වශයෙන් එළඹෙයි.

3166. මහිද‍්ධියං ආගමනං අහොසි තවමට‍්ඨක භීමරථස‍්ස චාපි, කාලිඞ‍්ගරාජස‍්ස ච උග‍්ගතස‍්ස සබ‍්බෙස වො කාමරාගො පහීනො.

3166. අට්ඨක නම් රජ නුඹගේ ද භීම රථ රජුගේ ද ප්‍රසිද්ධ වූ කලිඟු රජුගේ ද මෙහි පැමිණීම මහත් සමෘද්ධි ඇත්තක් විය. ඔබ සියල්ලන්ගේ ම කාම රාගය තෙම තදංග වශයෙන් ප්‍රහීණ වූයේ යැයි තාපස තෙම කීයේ ය.

3167. එවං මෙතං පරචිත‍්තවෙදී සබ‍්බෙස නො කාමරාගො පහීනො, කරොහි ඔකාසමනුග‍්ගහාය යථාගතිං තෙ අභිසම‍්භවෙම.

3167. පරසිත් දන්නා තාපසයාණන් වහන්ස, එය එසේ ම ය. අප සියල්ලන්ගේ කාමරාගය තදංග වශයෙන් ප්‍රහීණ විය. අපට අනුග්‍රහ පිණිස පැවිදි වීමට අවකාශ කරව. නුඹ වහන්සේගේ නිෂ්පත්තිය යම්සේ ද එබඳු නිෂ්පත්තියට අපි පැමිණෙන්නෙමු යි රජවරු කීහ.

3168. කරොමි ඔකාසමනුග‍්ගහාය තථා හි වො කාමරාගො පහීනො, ඵරාථ කායං විපුලාය පීතියා යථා ගතිං මෙ අභිසම‍්භවෙථ.

3168. මහරජුනි, එසේ ම ය. තොපගේ කාමරාගය ප්‍රහීණ ය. අනුග්‍රහ කොට පැවිදි වීමට අවකාශ කරමි. මහත් වූ ධ්‍යාන ප්‍රීතියෙන් කය පිනවයි. මාගේ නිෂ්පත්තිය යම්සේ ද එබඳු නිෂ්පත්තියට පැමිණෙමි යි තාපස තෙම කීයේ ය.

3169. සබ‍්බං කරිස‍්සාම තවානුසාසනං යං යං තුවං වක‍්ඛසි භූරිපඤ‍්ඤ, ඵරාථ කායං විපුලාය පීතියා යථා ගතිං මෙ අභිසම‍්භවෙම.

3169. මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, නුඹ වහන්සේ යමක් යමක් කියන්නෙහි ද? නුඹ වහන්සේගේ ඒ සියලු අනුශාසනා පිළිපදිමි. මහත් ධ්‍යාන ප්‍රීතියෙන් කය පිණවමි, නුඹ වහන්සේගේ නිෂ්පත්තිය යම් සේ ද එබඳු නිෂ්පත්තියට පැමිණෙන්නෙමු යි රජවරු කීහ.

3170. කතායං වච‍්ඡස‍්ස කිසස‍්ස පූජා ගච‍්ඡන‍්තු භොන‍්තො ඉසයො සාධුරූපා, ඣානෙ රතා හොථ සදා සමාහිතා එසා රතී පබ‍්බජිතස‍්ස සෙට‍්ඨා.

3170. පින්වත්නි, කිසවච්ඡ තාපසයන්හට මේ පූජාව කරන ලදී. ඍෂීහු යහපත් ස්වභාව ඇත්තෝ යෙත්වා, හැම කල්හි ධ්‍යානයෙහි ඇලුණාහු එකඟ වූ සිත් ඇත්තාහු වවු. පැවිද්දාහට මේ ඇල්ම ශ්‍රේෂ්ඨ ය.

3171. සුත්‍වාන ගාථා පරමත්‍ථසඤ‍්හිතා සුභාසිතා ඉසිනා පණ‍්ඩිතෙන, තෙ වෙදජාතා අනුමොදමානා පක‍්කාමු දෙවා දෙවපුරං යසස‍්සිනො.

3171. පණ්ඩිත වූ ඍෂීහු විසින් මනා කොට කියන ලද පරමාර්‍ත්‍ථයෙන් යුත් වූ ගාථාවන් අසා සතුටු වූ පිරිවර ඇත්තා වූ ඒ දෙවියෝ අනුමෝදන් වෙමින් දෙව්ලොවට ගියහ.

3172. ගාථා ඉමා අත්‍ථවතී සුබ්‍යඤ‍්ජනා සුභාසිතා ඉසිනා පණ‍්ඩිතෙන, යො කොචිමා අට‍්ඨිකත්‍වා සුණෙය්‍ය ලභෙථ පුබ‍්බාපරියං විසෙසං ලද‍්ධාන පුබ‍්බාපරියං විසෙසං අදස‍්සනං මච‍්චුරාජස‍්ස ගච‍්ඡෙ.

3172. පණ්ඩිත වූ ඍෂිවරයා විසින් අර්‍ත්‍ථවත් වූ ද ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ ද මේ ගාථාවෝ මනා කොට කියන ලද්දාහ. යම් කිසිවෙක් මේ ගාථාවන් අර්‍ත්‍ථ වශයෙන් මෙනෙහි කොට අසන්නේ නම් හේ ප්‍රථම - ද්විතීය ධ්‍යානයන් ලබන්නේ ය. ප්‍රථම ද්විතීය ධ්‍යාන ලබා මෘත්‍යුරාජයාගේ නො දැකීමට ද (නිවනට ද) යන්නේ ය.

3173. සාලීස‍්සරො සාරිපුත‍්තො මෙණ‍්ඩිස‍්සරො නාම කස‍්සපො, පබ‍්බතො අනුරුද‍්ධො ච කච‍්චායනො ච දෙවලො.

3173. එකල්හි සාලිස්සර නම් තාපස තෙම දැන් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය. මෙණ්ඩිස්සර නම් තාපස තෙම කාශ්‍යප තෙරණුවෝ ය. පබ්බත නම් තවුස් තෙම අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. දේවල නම් තවුස් තෙමේ කච්චායන ස්ථවිරයන් වහන්සේ ය.

3174. අනුසිස‍්සො ච ආනන්‍දො කිසවච‍්ඡො ච කොලිතො, නාරදො පුණෙණා මන‍්තානිපුත‍්තො සෙසපරිසා බුද‍්ධපරිසා සරභඞ‍්ගො ලොකනාථො එවං ධාරෙථ ජාතකන‍්ති.

3174. අනුසිස්ස නම් තවුස් තෙමේ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ය. කිසවච්ඡ නම් තවුස් තෙමේ කෝලිත නම් වීය. නාරද නම් තාපස තෙම පුණ්ණමන්තානිපුත්ත තෙරණුවෝ ය. සෙසු පිරිස බුදු පිරිස විය. සරභංග නම් බෝධිසත්‍ව තෙමේ දැන් බුදුවූ ලෝකනාථයන් වහන්සේ යයි ජාතකය මෙසේ දරා ගනිවු යයි වදාළ සේක.

සරභඞ‍්ගජාතකං.

සරභඞ්ග ජාතකය