2. සරභඞ්ගජාතකවණ්ණනා 522 අට්ඨකථා
2. සරභඞ්ගජාතකවණ්ණනා (522)
2. සරභංග ජාතකය (522)
අලඞ්කතා කුණ්ඩලිනො සුවත්ථාති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො මහාමොග්ගල්ලානත්ථෙරස්ස පරිනිබ්බානං ආරබ්භ කථෙසි. සාරිපුත්තත්ථෙරො තථාගතං ජෙතවනෙ විහරන්තං අත්තනො පරිනිබ්බානං අනුජානාපෙත්වා ගන්ත්වා නාළකගාමකෙ ජාතොවරකෙ පරිනිබ්බායි. තස්ස පරිනිබ්බුතභාවං සුත්වා සත්ථා රාජගහං ගන්ත්වා වෙළුවනෙ විහාසි. තදා මහාමොග්ගල්ලානත්ථෙරො ඉසිගිලිපස්සෙ කාළසිලායං විහරති. සො පන ඉද්ධිබලෙන කොටිප්පත්තභාවෙන දෙවලොකචාරිකඤ්ච උස්සදනිරයචාරිකඤ්ච ගච්ඡති. දෙවලොකෙ බුද්ධසාවකානං මහන්තං ඉස්සරියං දිස්වා උස්සදනිරයෙසු ච තිත්ථියසාවකානං මහන්තං දුක්ඛං දිස්වා මනුස්සලොකං ආගන්ත්වා “අසුකො උපාසකො අසුකා ච උපාසිකා අසුකස්මිං නාම දෙවලොකෙ නිබ්බත්තිත්වා මහාසම්පත්තිං අනුභවන්ති, තිත්ථියසාවකෙසු අසුකො ච අසුකා ච නිරයාදීසු අසුකඅපායෙ නාම නිබ්බත්තා”ති මනුස්සානං කථෙසි. මනුස්සා සාසනෙ පසීදන්ති, තිත්ථියෙ පරිවජ්ජෙන්ති. බුද්ධසාවකානං සක්කාරො මහන්තො අහොසි, තිත්ථියානං පරිහායති.
අලඞ්කතා කුණ්ඩලිනො සුවත්ථා යන මෙය ශාස්තෲන් වහන්සේ, ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, මහා මුගලන් තෙරුන් වහන්සේගේ පරිනිර්වාණය අරබයා වදාළ සේක. සාරිපුත්ත තෙරුන් වහන්සේ, දෙව්රම් වෙහෙර වැඩවසන තථාගතයන් වහන්සේගෙන් සිය පිරිනිවීම අනුදන්නවා ගෙන ගොස් නාලක ගමෙහි උපන්ගෙහි දී ම පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ පිරිනිවන් පෑ බව අසා, ශාස්තෲන් වහන්සේ රජගහනුවරට වැඩ, වේළුවනයේ වැඩ වාසය කළ සේක. එකල්හි, මහමුගලන් තෙරුන් වහන්සේ ඉසිගිලි පර්වත ආසන්නයේ කාළසිලාවෙහි වැඩ වාසය කරති. උන්වහන්සේ සෘද්ධි බලයෙන් කෙළවර පැමිණි නිසාවෙන්, අහස් තලයේ ද පොළෝ තලයේ ද සැරිසරති. දිව්‍ය ලෝකයෙහි බුද්ධ ශ්‍රාවකයන්ගේ මහත් වූ ඉසුරු සම්පත් දැක කෙලෙස් පිරුණු අපායවල, තීර්ථක ශ්‍රාවකයන්ගේ ඉමහත් දුක් දැක, මිනිස් ලොවට වැඩමකට අසවල් උපාසකයා අසවල් උපාසිකාව ද අසවල් නම් ඇති දිව්‍ය ලෝකයේ උපත ලබන මහත් ඉසුරු සම්පත් අනුභව කරති. තීර්ථක ශ්‍රාවකයන් අතර අසවලා ද, අසවල් තැනැත්තිය ද, අපායවල අසවල් නම් අපායෙහි උපත ලද්දේ යයි මිනිසුන්ට වදාළ සේක. මිනිස්සු, ශාසනයේ පහදිත්, තීර්ථකයන් දුරු කරත්. බුද්ධ ශ්‍රාවකයන්ට ඉමහත් සත්කාර ලැබුණේ විය. තීර්ථකයන්ට ලැබෙන සත්කාර පිරිහෙයි.
තෙ ථෙරෙ ආඝාතං බන්ධිත්වා “ඉමස්මිං ජීවන්තෙ අම්හාකං උපට්ඨාකා භිජ්ජන්ති, සක්කාරො ච පරිහායති, මාරාපෙස්සාම න”න්ති ථෙරස්ස මාරණත්ථං සමණගුත්තකස්ස නාම චොරස්ස සහස්සං අදංසු. සො “ථෙරං මාරෙස්සාමී”ති මහන්තෙන පරිවාරෙන සද්ධිං කාළසිලං අගමාසි. ථෙරො තං ආගච්ඡන්තං දිස්වාව ඉද්ධියා උප්පතිත්වා පක්කාමි. චොරො තං දිවසං ථෙරං අදිස්වා නිවත්තිත්වා පුනදිවසෙපීති ඡ දිවසෙ අගමාසි. ථෙරොපි තථෙව ඉද්ධියා පක්කාමි. සත්තමෙ පන දිවසෙ ථෙරස්ස පුබ්බෙ කතං අපරාපරියවෙදනීයකම්මං ඔකාසං ලභි. සො කිර පුබ්බෙ භරියාය වචනං ගහෙත්වා මාතාපිතරො මාරෙතුකාමො යානකෙන අරඤ්ඤං නෙත්වා චොරානං උට්ඨිතාකාරං කත්වා මාතාපිතරො පොථෙසි පහරි. තෙ චක්ඛුදුබ්බලතාය රූපදස්සනරහිතා තං අත්තනො පුත්තං අසඤ්ජානන්තා “චොරා එව එතෙ”ති සඤ්ඤාය, “තාත, අසුකා නාම චොරා නො ඝාතෙන්ති, ත්වං පටික්කමාහී”ති තස්සෙවත්ථාය පරිදෙවිංසු. සො චින්තෙසි – “ඉමෙ මයා පොථියමානාපි මය්හං යෙවත්ථාය පරිදෙවන්ති, අයුත්තං කම්මං කරොමී”ති. අථ නෙ අස්සාසෙත්වා චොරානං පලායනාකාරං දස්සෙත්වා තෙසං හත්ථපාදෙ සම්බාහිත්වා “අම්ම , තාතා, මා භායිත්ථ, චොරා පලාතා”ති වත්වා පුන අත්තනො ගෙහමෙව ආනෙසි. තං කම්මං එත්තකං කාලං ඔකාසං අලභිත්වා භස්මපටිච්ඡන්නො අඞ්ගාරරාසි විය ඨත්වා ඉමං අන්තිමසරීරං උපධාවිත්වා ගණ්හි. යථා හි පන සුනඛලුද්දකෙන මිගං දිස්වා සුනඛො විස්සජ්ජිතො මිගං අනුබන්‍ධිත්‍වා යස්මිං ඨානෙ පාපුණාති, තස්මිංයෙව ගණ්හාති, එවං ඉදං කම්මං යස්මිං ඨානෙ ඔකාසං ලභති, තස්මිං විපාකං දෙති, තෙන මුත්තො නාම නත්ථි.
ඔවුහු තෙරුන් කෙරෙහි වෛර බැඳ, මොහු ජීවත් වනතාක් කල් අපගේ උපස්ථායකයෝ බිඳෙත්. සත්කාර සම්මාන ද පිරිහෙයි. මොහුව (මුගලන් තෙරුන්ව) මරන්නෙමුයි තෙරුන්ගේ මරණය සිදුකිරීමට ශ්රමණගුප්ත නම් සොරාට දහසක් දුන්හ. ඔහු තෙරුන් මරන්නෙමියි මහත් පිරිවර සහිතව කාළසිලා පර්වතයට ගියේය. තෙරුන් වහන්සේ ඔහු පැමිණෙනවා දැකම සෘද්ධියෙන් උඩට නැගී පලා ගිය සේක. සොරා එදවස, තෙරුන් නොදැක, නැවතී, ඊළඟ දිනයේ දී, හයවෙනි දින ආවේය. තෙරුන් වහන්සේ එ පරිදි සෘද්ධි බලයෙන් වැඩි සේක. සත්වෙනි දිනයේ නම් තෙරුන්ගේ, පෙර කරන ලද අපරාපරියවේදනිය කර්මයකට අවස්ථාව එළඹුණි. උන්වහන්සේ වනාහී පෙරැ සසර දී, බිරිඳගේ බස් ගෙන මව්පියන් මරනු කැමැත්තේ යහනාවෙන් ම කැලයට ගෙන ගොස් සොරුන්ගේ ආකාරය හඟවා මව්පියන් දෙදෙනාට තලා පෙළා පහර දුන්නේය. ඔවුහු දෑස් දුබල නිසා, රූප දැකීම් රහිත වූවෝ ඒ තමන්ගේ පුතු බව නො අදහන්නෝ මේ සොරුන් යයි යන හැඟීමෙන්, දරුව, අසවල් නම් ඇති සොරු අපව ඝාතනය කරති. නුඹ ඉවත්ව යවයි කී. ඔහුට අවස්ථාව සලසමින් හඬා වැලපුනහ. ඔහු මෙසේ සිතීය. මොවුහු, මා විසින් තලනු ලබන්නේ ද, මගේ අර්ථ සිද්ධිය ගැන ම සිතා වැලපෙති. අයුතු වැඩක් කරමි. ඉක්බිති ඔවුන් අස්වසා සොරුන් පලායන බව හඟවා, ඔවුන්ගේ අතපය මිරිකා අම්මේ, තාත්තේ බිය නොවන්න. සොරු පලාගියෝ යයි කියා නැවත තමන්ගේ ගෙදරටම පැමිණ වීය. එම පාප කර්මය මෙ පමණ කලක් ඵල නොදී අළුයට සැඟවුණු ගිනිගුලියක් මෙන් සිට, මේ අවසන් භවයේ දී ආසන්නයට පැමිණ සිටියේය. යම්සේ බලු වැද්දකු විසින් මුවකු දැක බල්ලා පසුපස නොගොස් මුවා ලුහුබැඳ යම්තැනකට එළඹේද? එහිදී ම අල්ලා ගනියි. එසේ මේ කර්මය යම්කිසි අවස්ථාවක ඉඩක් ලබයිද? එහි දී විපාක දෙයි. ඉන් මිදුණෙක් නම් නැත.
ථෙරො අත්තනා කතකම්මස්ස ආකඩ්ඪිතභාවං ඤත්වා න අපගච්ඡි. ථෙරො තස්ස නිස්සන්දෙන ආකාසෙ උප්පතිතුං නාසක්ඛි. නන්දොපනන්දදමනසමත්ථවෙජයන්තකම්පනසමත්ථාපිස්ස ඉද්ධි කම්මබලෙන දුබ්බලතං පත්තා. චොරො ථෙරං ගහෙත්වා ථෙරස්ස අට්ඨීනි තණ්ඩුලකණමත්තානි කරොන්තො භින්දිත්වා සඤ්චුණ්ණෙත්වා පලාලපිට්ඨිකකරණං නාම කත්වා “මතො”ති සඤ්ඤාය එකස්මිං ගුම්බපිට්ඨෙ ඛිපිත්වා සපරිවාරො පක්කාමි. ථෙරො සතිං පටිලභිත්වා “සත්ථාරං පස්සිත්වා පරිනිබ්බායිස්සාමී”ති චින්තෙත්වා සරීරං ඣානවෙඨනෙන වෙඨෙත්වා ථිරං කත්වා ආකාසං උප්පතිත්වා ආකාසෙන සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා “භන්තෙ, ආයුසඞ්ඛාරො මෙ ඔස්සට්ඨො, පරිනිබ්බායිස්සාමී”ති ආහ. “පරිනිබ්බායිස්සසි, මොග්ගල්ලාන”ආති. “ආම, භන්තෙ”ති. “කත්ථ ගන්ත්වා පරිනිබ්බායිස්සසී”ති. “කාළසිලාපට්ටෙ, භන්තෙ”ති. තෙන හි, මොග්ගල්ලාන, ධම්මං මය්හං කථෙත්වා යාහි, තාදිසස්ස සාවකස්ස ඉදානි දස්සනං නත්ථීති. සො “එවං කරිස්සාමි, භන්තෙ”ති සත්ථාරං වන්දිත්වා තාලප්පමාණං ආකාසෙ උප්පතිත්වා පරිනිබ්බානදිවසෙ සාරිපුත්තත්ථෙරො විය නානප්පකාරා ඉද්ධියො කත්වා ධම්මං කථෙත්වා සත්ථාරං වන්දිත්වා කාළසිලායං අටවියං පරිනිබ්බායි.
තෙරුන් වහන්සේ, තමන් කළ කර්මය පසුපස එන බව දැන තෙරුන් වහන්සේ ඉවත්ව නොගිය සේක. උන්වහන්සේට, කර්මය පසුපස ගලා එන බැවින්, අහස උඩට නැගීමට නොහැකි විය. නන්දෝපනන්ද දමනයෙන් වෛජයන්ත ප්‍රාසාදය කම්පනය කළ උන්වහන්සේට සෘද්ධිය, කර්ම විපාක බලයෙන් දුර්වලත්වයට පත්විය. සොරා, තෙරුන්ව අල්ලාගෙන, තෙරුන්ගේ ඇට, සුන් සහල් පමණට කුඩු කරන්නේ, සිඳ කුඩුකර, පඳුරු ගොඩක් මත බහා වධ දී, මැරුනාය යන හැඟීමෙන් පඳුරු ගොඩක් මත දමා පිරිවර සහිතව නික්ම ගියහ. තෙරුන් ද, සිහිය ලැබ ශාස්තෲන් වහන්සේ වැඳ පිරිනිවන් පාන්නෙමියි සිතා, සිරුර ධ්‍යාන බලයෙන් වෙලාගෙන තදකොට අහසට නැගී අහසින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, ශාස්තෲන් වහන්සේ වැඳ, “ස්වාමීනි, මම ආයුෂ අත්හැර පිරිනිවන් පාන්නෙමියි” වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, පිරිනිවන් පාන්නෙහිද?” “එසේය ස්වාමීනි.” “කොතනට ගොසින්ද?” “ස්වාමීනි, කාලසිලා පව්වට ගොසිනි.” “එසේ වීනම් මොග්ගල්ලානය, මට ධර්මය පවසා වඩිනු මැනවි. මෙබඳු ශ්‍රාවකයකුගේ දැකීමක් දැන් නැත.” උන්වහන්සේ “ස්වාමීනි, එසේ කරන්නෙමි”යි ශාස්තෲන් වහන්සේ වැඳ, තල්ගසක පමණට අහසට නැගී පිරිනිවන්පානා දිනයෙහි සාරිපුත්ත තෙරුන් මෙන් විවිධාකාර සෘද්ධි මවා, ධර්මය පවසා ශාස්තෲන් වැඳ අටවෙනි දිනයේ දී කාළසිලාවේදී පිරිනිවන් පෑ සේක.
තඞ්ඛණඤ්ඤෙව ඡ දෙවලොකා එකකොලාහලා අහෙසුං, “අම්හාකං කිර ආචරියො පරිනිබ්බුතො”ති දිබ්බගන්ධමාලාවාසධූමචන්දනචුණ්ණානි චෙව නානාදාරූනි ච ගහෙත්වා ආගමිංසු, එකූනසතරතනචන්දනචිතකා අහොසි. සත්ථා ථෙරස්ස සන්තිකෙ ඨත්වා සරීරනික්ඛෙපං කාරෙසි. ආළාහනස්ස සමන්තතො යොජනමත්තෙ පදෙසෙ පුප්ඵවස්සං වස්සි. දෙවානං අන්තරෙ මනුස්සා, මනුස්සානං අන්තරෙ දෙවා අහෙසුං. යථාක්කමෙන දෙවානං අන්තරෙ යක්ඛා තිට්ඨන්ති, යක්ඛානං අන්තරෙ ගන්ධබ්බා තිට්ඨන්ති, ගන්ධබ්බානං අන්තරෙ නාගා තිට්ඨන්ති, නාගානං අන්තරෙ වෙනතෙය්යා තිට්ඨන්ති, වෙනතෙය්යානං අන්තරෙ කින්නරා තිට්ඨන්ති, කින්නරානං අන්තරෙ ඡත්තා තිට්ඨන්ති, ඡත්තානං අන්තරෙ සුවණ්ණචාමරා තිට්ඨන්ති, තෙසං අන්තරෙ ධජා තිට්ඨන්ති, තෙසං අන්තරෙ පටාකා තිට්ඨන්ති. සත්ත දිවසානි සාධුකීළං කීළිංසු. සත්ථා ථෙරස්ස ධාතුං ගාහාපෙත්වා වෙළුවනද්වාරකොට්ඨකෙ චෙතියං කාරාපෙසි. තදා භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, සාරිපුත්තත්ථෙරො තථාගතස්ස සන්තිකෙ අපරිනිබ්බුතත්තා බුද්ධානං සන්තිකා මහන්තං සම්මානං න ලභි, මොග්ගල්ලානත්ථෙරො පන බුද්ධානං සමීපෙ පරිනිබ්බුතත්තා මහාසම්මානං ලභී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව මොග්ගල්ලානො මම සන්තිකා සම්මානං ලභති, පුබ්බෙපි ලභියෙවා”ති වත්වා අතීතං ආහරි.
ඒ ක්ෂණයේ ම සදෙව්ලොව එකම කෝලාහලයක් විය. අපගේ ගුරුතුමා පිරිනිවන් පෑවේ යයි දිව්‍යමය සුවඳ මල් ධූප සඳුන්කුඩු ද නොයෙක් දරද ගෙන පැමිණියහ. රියන් අනූනමයක් ප්‍රමාණයේ සඳුන් චිතකයක් ද විය. ශාස්තෲන් වහන්සේ, තෙරණුවන්ගේ සමීපයේ සිට ශරීරය අත්හැරීම කළ සේක. ආදාහනය හාත්පස අවට යොදුනක් පමණ ප්‍රදේශයේ මල් වර්ෂාවක් වැස්සේය. දෙවියන් අතර මිනිස්සු ද, මිනිසුන් අතර දෙවියෝ ද සිටියහ. පිළිවෙලින් දෙවියන් අතර යක්ෂයෝ සිටිත්. යක්ෂයන් අතරෙහි ගාන්ධර්වයෝ සිටිති. ගාන්ධර්වයන් අතර නාගයෝ සිටිත්. නාගයන් අතර ගුරුළෝ සිටිත්. ගුරුළුන් අතර කින්නරයෝ සිටිත්. කින්නරයන් අතර කිඳුරෝ සිටිත්. කිඳුරන් අතර කුඩ තිබෙත්. කුඩ අතරෙන් රන්සෙමර තිබේ. රන් සෙමර අතර කොඩි තිබේ. ධජයන් අතර පතාක කොඩි තිබේ. දින හතක් යහපත් ක්‍රීඩා කළහ. ශාස්තෲන් වහන්සේ, තෙරණුවන්ගේ ධාතු ගෙන්වා ගෙන වේළුවන දොරටුව අබියස මළුවෙහි චෛත්‍යයක් ද කරවූ සේක. එකල දම් සභාවේදී කථා ආරම්භ කළහ. ඇවැත්නි, සැරියුත් මහරහතුන් වහන්සේ, තථාගතයන් වහන්සේගේ සමීපයෙහි පිරිනිවන් නොපෑයෙන් බුදුරදුන් ගේ සමීපයෙහි මහත් වූ සම්මාන නොලැබූ සේක. මහ මුගලන් තෙරුන් වහන්සේ බුදුරදුන්ගේ සමීපයෙහි පිරිනිවන්පෑ බැවින් මහත් සම්මාන ලැබූහ. ශාස්තෲන් වහන්සේ වැඩම කර, මහණෙනි, කවර කථාවකින් යුක්තව සිටියෙහුදැයි විමසා, මෙබඳු කථාවකින් සිටින්නමෝ යයි විචාරා මෙබඳු කථාවකින් යයි කී කල්හි, මහණෙනි, මහ මුගලන් තෙරුන් දැන් පමණක් නොවෙයි මගේ සමීපයෙන් සම්මාන පුද ලැබුවේ. පෙර ද ලැබුවේ යයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො පුරොහිතස්ස බ්රාහ්මණියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හිත්වා දසමාසච්චයෙන පච්චූසසමයෙ මාතුකුච්ඡිතො නික්ඛමි. තස්මිං ඛණෙ ද්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ සබ්බාවුධානි පජ්ජලිංසු. පුරොහිතො පුත්තස්ස ජාතක්ඛණෙ බහි නික්ඛමිත්වා ආකාසං ඔලොකෙන්තො නක්ඛත්තයොගං දිස්වා “ඉමිනා නක්ඛත්තෙන ජාතත්තා එසො කුමාරො සකලජම්බුදීපෙ ධනුග්ගහානං අග්ගො භවිස්සතී”ති ඤත්වා කාලස්සෙව රාජකුලං ගන්ත්වා රාජානං සුඛසයිතභාවං පුච්ඡි. “කුතො මෙ, ආචරිය, සුඛං, අජ්ජ සකලනිවෙසනෙ ආවුධානි පජ්ජලිතානී”ති වුත්තෙ “මා භායි, දෙව, න තුම්හාකං නිවෙසනෙයෙව, සකලනගරෙපි පජ්ජලිංසුයෙව, අජ්ජ අම්හාකං ගෙහෙ කුමාරස්ස ජාතත්තා එවං අහොසී”ති. “ආචරිය, එවං ජාතකුමාරස්ස පන කිං භවිස්සතී”ති? “න කිඤ්චි, මහාරාජ, සො පන සකලජම්බුදීපෙ ධනුග්ගහානං අග්ගො භවිස්සතී”ති. “සාධු, ආචරිය, තෙන හි නං පටිජග්ගිත්වා වයප්පත්තකාලෙ අම්හාකං දස්සෙය්යාසී”ති වත්වා ඛීරමූලං තාව සහස්සං දාපෙසි. පුරොහිතො තං ගහෙත්වා නිවෙසනං ගන්ත්වා බ්රාහ්මණියා දත්වා පුත්තස්ස නාමග්ගහණදිවසෙ ජාතක්ඛණෙ ආවුධානං පජ්ජලිතත්තා “ජොතිපාලො”තිස්ස නාමං අකාසි.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ පුරෝහිත බැමිණියගේ කුසෙහි පිළිසිඳගෙන, දස මසක් ඇවෑමෙන් අලුයම් කාලයේ මව්කුසින් නික්මුණහ. එකෙණෙහි, බරණැස් නගරයේ දොළොස් යොදුනක ප්‍රදේශයේ සියලු ආයුධ දිළිසුණේය. පුරෝහිතයා, පුතු උපන් කල්හි, පිටතට නික්ම අහස බලන්නේ, නැකැත් යෝගයක් දැක, මේ නැකැත් යෝගයෙන් උපන් බැවින් මේ කුමාරයා මුළු දඹදිව් තලයේ දුනු ශිල්පීන්ගෙන් අග්‍ර ප්‍රමුඛයා වන්නේ යයි දැන, කලින් ම රාජකුලයට ගොස්, රජුගෙන් සැපසේ නිදාගත්තේදැයි විචාළේය. ඇදුරුතුමනි, කුමන සැපයක්ද? අද මුළු නගරයේ සියලු ආයුධ දිළිසුණේ යයි කී කල්හි, දේවයන් වහන්ස, බිය නොවන්න. ඔබතුමාගේ නිවේසනයේ පමණක් නොව, මුළු නගරයේ ම ආයුධ දිළිසුණේ යයි, අද අපගේ ගෙදර, කුමාරයාගේ උපත සිදුවූ බැවින් එසේ සිදුවිය යි, ඔහු මුළු දඹදිව ම දුනු ශිල්පීන්ගෙන් අග්‍රයා වන්නේය. යහපති ගුරුතුමනි, එසේ වී නම් ඔහු පෝෂණය කරවා වයසට පැමිණි කල්හි, අපට දෙන්න යයි කියා කිරි මිල සඳහා දහසකුත් දෙවාපීය. පුරෝහිතයා එය රැගෙන ගෙදර ගොස් බැමිණියට දී, පුතුගේ නම් තබන දිනයේ උපන් විගස ආයුධ දිළිසුණු නිසා ජෝතිපාල යයි ඔහුට නම් තැබීය.
සො මහන්තෙන පරිවාරෙන වඩ්ඪමානො සොළසවස්සකාලෙ උත්තමරූපධරො අහොසි. අථස්ස පිතා සරීරසම්පත්තිං ඔලොකෙත්වා සහස්සං දත්වා, “තාත, තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ සිප්පං උප්පණ්හාහී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා ආචරියභාගං ගහෙත්වා මාතාපිතරො වන්දිත්වා තත්ථ ගන්ත්වා සහස්සං දත්වා සිප්පං පට්ඨපෙත්වා සත්තාහෙනෙව නිප්ඵත්තිං පාපුණි. අථස්ස ආචරියො තුස්සිත්වා අත්තනො සන්තකං ඛග්ගරතනං සන්ධියුත්තං මෙණ්ඩකසිඞ්ගධනුං සන්ධියුත්තං තූණීරං අත්තනො සන්නාහකඤ්චුකං උණ්හීසඤ්ච දත්වා “තාත ජොතිපොල, අහං මහල්ලකො, ඉදානි ත්වං ඉමෙ මාණවකෙ සික්ඛාපෙහී”ති පඤ්චසතමාණවකෙපි තස්සෙව නිය්යාදෙසි. බොධිසත්තො සබ්බං උපකරණං ගහෙත්වා ආචරියං වන්දිත්වා බාරාණසිමෙව ආගන්ත්වා මාතාපිතරො වන්දිත්වා අට්ඨාසි. අථ නං වන්දිත්වා ඨිතං පිතා අවොච “උග්ගහිතං තෙ, තාත, සිප්ප”න්ති. “ආම, තාතා”ති. සො තස්ස වචනං සුත්වා රාජකුලං ගන්ත්වා “පුත්තො මෙ , දෙව, සිප්පං සික්ඛිත්වා ආගතො, කිං කරොතූ”ති ආහ. “ආචරිය, අම්හෙ උපට්ඨහතූ”ති. “පරිබ්බයමස්ස ජානාථ, දෙවා”ති. “සො දෙවසිකං සහස්සං ලභතූ”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා ගෙහං ගන්ත්වා කුමාරං පක්කොසාපෙත්වා “තාත, රාජානං උපට්ඨහා”ති ආහ. සො තතො පට්ඨාය දෙවසිකං සහස්සං ලභිත්වා රාජානං උපට්ඨහි.
ඔහු ඉමහත් පිරිවරින් වැඩෙනු ලැබෙන්නේ සොළොස් (16) අවුරුදු කාලයේ උතුම් රූපශ්‍රීයෙන් යුක්ත විය. ඉක්බිති ඔහුගේ පියා ශරීර ලකුණු බලා, දහසක් දී, දරුව; තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරාගේ සමීපයෙහි ශිල්ප උගනිව් යි කීවේය. ඔහු යහපතැයි පිළිගෙන ගුරුපඬුරු රැගෙන දෙමව්පියන් වැඳ එහි ගොස් දහස දී ශිල්ප උගෙන ගෙන, සත් දිනකින්ම නිමාවට පැමිණියේය. ඉක්බිති ඔහුගේ ගුරුතුමා සතුටු වී තමාගේ සන්තක වූ කඩු රත්නය ද, කොපුව ද එළු අඟක බහාලූ දුනු කලාප සහිත කොපුව ද, කිණිහිර ද තමාගේ සන්නද්ධ සැට්ටය ද, නළල් පටය ද දී, දරුව ජෝතිපාලය, මම මහලු වෙමි. දැන් නුඹ මේ මානවකයන්ට උගන්වුව මැනවැයි, පන්සීයයක් මානවකයන් ඔහුට ම පවරා දෙනු ලැබීය. බෝධිසත්ත්වයෝ සියලු උපකරණ ගෙන, ගුරුතුමා වැඳ බරණැසටම අවුත් දෙමව්පියන් දැකබලා සිටියහ. ඉක්බිති, හේ වැඳ සිටි කල්හි පියා මෙසේ කීවේය. දරුව; ශිල්පය උගත්තේද? පියාණෙනි, එසේය. ඔහු ඔහුගේ වචන අසා රජගෙදරට ගොස් දේවයන් වහන්ස, මගේ පුතා ශිල්ප හදාරා ආවේය. දේවයන් වහන්ස, කුමක් කරනු ලැබේදැයි කීවේය. ගුරුතුමනි; අපට උවටැන් කරාවා. දේවයන් වහන්ස; ඔහුට වියදමට මුදල් අනුදැනව. දිනපතා දහසක් ලැබේවා’යි ඔහු යහපතැයි පිළිගෙන ගෙදර ගොස්, කුමාරයා කැඳවා, දරුව; නුඹ රජතුමාට උපස්ථාන කරවයි කීවේය. ඔහු එතැන් පටන් දිනපතා දහසක් ලැබ, රජුට උපස්ථාන කෙළේය.
රාජපාදමූලිකා උජ්ඣායිංසු – “මයං ජොතිපාලෙන කතකම්මං න පස්සාම, දෙවසිකං සහස්සං ගණ්හාති, මයමස්ස සිප්පං පස්සිතුකාමා”ති. රාජා තෙසං වචනං සුත්වා පුරොහිතස්ස කථෙසි. පුරොහිතො “සාධු, දෙවා”ති පුත්තස්සාරොචෙසි. සො “සාධු, තාත, ඉතො සත්තමෙ දිවසෙ දස්සෙස්සාමි සිප්පං, අපිච රාජා අත්තනො විජිතෙ ධනුග්ගහෙ සන්නිපාතාපෙතූ”ති ආහ. පුරොහිතො ගන්ත්වා රඤ්ඤො තමත්ථං ආරොචෙසි. රාජා නගරෙ භෙරිං චරාපෙත්වා ධනුග්ගහෙ සන්නිපාතාපෙසි. සට්ඨිසහස්සා ධනුග්ගහා සන්නිපතිංසු. රාජා තෙසං සන්නිපතිතභාවං ඤත්වා “නගරවාසිනො ජොතිපාලස්ස සිප්පං පස්සන්තූ”ති නගරෙ භෙරිං චරාපෙත්වා රාජඞ්ගණං සජ්ජාපෙත්වා මහාජනපරිවුතො පල්ලඞ්කවරෙ නිසීදිත්වා ධනුග්ගහෙ පක්කොසාපෙත්වා “ජොතිපාලො ආගච්ඡතූ”ති පෙසෙසි. සො ආචරියෙන දින්නානි ධනුතූණීරසන්නාහකඤ්චුකඋණ්හීසානි නිවාසනන්තරෙ ඨපෙත්වා ඛග්ගං ගාහාපෙත්වා පකතිවෙසෙන රඤ්ඤො සන්තිකං ගන්ත්වා එකමන්තං අට්ඨාසි.
රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණය කළහ. අපි ජෝතිපාල විසින් කරන ලද වැඩ නොදකිමු. දිනපතා දහසක් ගනියි. අපිද ඔහුගේ ශිල්පය දකිනු කැමැත්තෝ වෙමුයි රජු, ඔවුන්ගේ බස් අසා පුරෝහිතට කථා කොට මෙ කරුණු පුරෝහිතයාට කීය. පුරෝහිතයා, යහපති, දේවයන් වහන්ස යයි පිළිගෙන පුතුට දැනුම් දුන්නේය. ඔහු, පියාණෙනි, යහපතැයි මෙයින් සත්වෙනි දිනයේ දී ශිල්ප දක්වන්නෙමියි, රජු තමන්ගේ රාජ්‍යයේ දුනු ශිල්පීන් රැස්කරාවායි කීවේය. පුරෝහිතයා එය අසා ගොස් රජුට ඒ බව දැනුම් දුන්නේය. රජු නගරයේ බෙරහඬ නංවා දුනු ශිල්පීන් සම්පාදනය කරවීය. සැටදහසක් දුනුවායෝ ඒකරාශී වූවහු රජු ඔවුන්ට, රැස්කළ කාරණාව දන්වා නගරවාසීහු ජෝතිපාලගේ ශිල්පය බලත්වායි බෙරහඬ නංවා රාජාංගනයට රැස්කරවා මහජනයා පිරිවරාගෙන උතුම් පලඟක් මත හිඳ දුනු ශිල්පීන් කැඳවා, ජෝතිපාල පැමිණේවායි කැඳවීය. හෙතෙම ගුරුතුමා විසින් දෙන ලද දුන්න කිණිහිර, සන්නද්ධ සැට්ටය, හිස් පළඳනාව, නිවාසයේ තබා කඩුව ගෙන්වා ගෙන ප්‍රකෘති ස්වභාවයෙන් ම රජු සමීපයට ගොස් එකත්පසක සිටියේය.
ධනුග්ගහා “ජොතිපාලො කිර ධනුසිප්පං දස්සෙතුං ආගතො, ධනුං අග්ගහෙත්වා පන ආගතත්තා අම්හාකං හත්ථතො ධනුං ගහෙතුකාමො භවිස්සති , නාස්ස දස්සාමා”ති කතිකං කරිංසු. රාජා ජොතිපාලං ආමන්තෙත්වා “සිප්පං දස්සෙහී”ති ආහ. සො සාණිං පරික්ඛිපාපෙත්වා අන්තොසාණියං ඨිතො සාටකං අපනෙත්වා සන්නාහකඤ්චුකං පවෙසෙත්වා උණ්හීසං සීසෙ පටිමුඤ්චිත්වා මෙණ්ඩකසිඞ්ගධනුම්හි පවාලවණ්ණං ජියං ආරොපෙත්වා තූණීරං පිට්ඨෙ බන්ධිත්වා ඛග්ගං වාමතො කත්වා වජිරග්ගං නාරාචං නඛපිට්ඨෙන පරිවත්තෙත්වා සාණිං විවරිත්වා පථවිං භින්දිත්වා අලඞ්කතනාගකුමාරො විය නික්ඛමිත්වා ගන්ත්වා රඤ්ඤො අපචිතිං දස්සෙත්වා අට්ඨාසි. තං දිස්වා මහාජනා වග්ගන්ති නදන්ති අප්ඵොටෙන්ති සෙළෙන්ති. රාජා “දස්සෙහි, ජොතිපාල, සිප්ප”න්ති ආහ. දෙව, තුම්හාකං ධනුග්ගහෙසු අක්ඛණවෙධිවාලවෙධිසරවෙධිසද්දවෙධිනො චත්තාරො ධනුග්ගහෙ පක්කොසාපෙහීති. අථ රාජා පක්කොසාපෙසි.
ධනු ග්රාහකයෝ ජෝතිපාල, දුනු ශිල්පය පෙන්වීමට පැමිණියේ දුන්න නොගෙනම පැමිණියේ, අපගේ අතින් දුන්න ගනු කැමැත්තේ වන්නේයයි, ඔහුට දුන්න නොදෙමුයි (ඔවුහු) කතිකා කරගත්හ. රජු ජෝතිපාල අමතා ශිල්ප දක්වන්නැයි කීවේය. ඔහු හණ රෙද්ද, පරීක්ෂා කර බලා, හණ රෙද්ද ඇතුළින් තුබූ සළුව ඉවත්කොට සන්නාහ සන්නද්ධ හැට්ටයට අතයවා උරහිස් හිස් පළඳනාව ඉවත් කොට එළු අඟක බහා තුබූ දුන්නෙහි පබළු වර්ණ දුනුදිය නංවා කිණිහිර පිටෙහි බැඳ කඩුව වමතින් ගෙන දියමන්ති අග ඇති නාරාවය (යකඩ හුල) නියපිටින් පෙරළමින් හණ රෙද්ද විවරකොට, පොළොවට ගසා බිඳ, අලංකාර වූ ඇත් පැටවකු මෙන් නික්ම ගොස්, රජුට ගෞරව දක්වා සිටියේය. ඒ දැක මහජනයා ප්‍රීතිඝෝෂා කරති. නාද දෙති. අත්පොළසන් හඬ නංවති. රජු ජෝතිපාල ශිල්ප දක්වන්නේ යයි කීය. රජතුමනි, ඔබතුමාගේ දුනු ශිල්පීන් අතර සිටින, අක්ෂණවේදීන්, වාලවේධීන්, ශබ්දවේදීන් ඊතල විදින්නන් යන සතර ධනුර්ධරයන් ම කැඳවව. රජු කැඳවීය.
මහාසත්තො රාජඞ්ගණෙ චතුරස්සපරිච්ඡෙදබ්භන්තරෙ මණ්ඩලං කත්වා චතූසු කණ්ණෙසු චත්තාරො ධනුග්ගහෙ ඨපෙත්වා එකෙකස්ස තිංස තිංස කණ්ඩසහස්සානි දාපෙත්වා එකෙකස්ස සන්තිකෙ එකෙකං කණ්ඩදායකං ඨපෙත්වා සයං වජිරග්ගං නාරාචං ගහෙත්වා මණ්ඩලමජ්ඣෙ ඨත්වා “මහාරාජ, ඉමෙ චත්තාරො ධනුග්ගහා එකප්පහාරෙනෙව සරෙ ඛිපිත්වා මං විජ්ඣන්තු, අහං එතෙහි ඛිත්තකණ්ඩානි නිවාරෙස්සාමී”ති ආහ. රාජා “එවං කරොථා”ති ආණාපෙසි. ධනුග්ගහා ආහංසු, “මහාරාජ, මයං අක්ඛණවෙධිවාලවෙධිසරවෙධිසද්දවෙධිනො, ජොතිපාලො තරුණදාරකො, න මයං විජ්ඣිස්සාමා”ති. මහාසත්තො “සචෙ සක්කොථ, විජ්ඣථ ම”න්ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා එකප්පහාරෙනෙව කණ්ඩානි ඛිපිංසු. මහාසත්තො තානි නාරාචෙන පහරිත්වා යථා වා තථා වා න පාතෙසි, බොධිකොට්ඨකං පන පරික්ඛිපන්තො විය තාලෙන තාලං, වාලෙන වාලං, දණ්ඩකෙන දණ්ඩකං, වාජෙන වාජං අනතික්කමන්තො ඛිපිත්වා සරගබ්භං අකාසි. ධනුග්ගහානං කණ්ඩානි ඛීණානි. සො තෙසං කණ්ඩඛීණභාවං ඤත්වා සරගබ්භං අවිනාසෙන්තොව උප්පතිත්වා ගන්ත්වා රඤ්ඤො සන්තිකෙ අට්ඨාසි. මහාජනො උන්නාදෙන්තො වග්ගන්තො අප්ඵොටෙන්තො සෙළෙන්තො අච්ඡරං පහරන්තො මහාකොලාහලං කත්වා වත්ථාභරණාදීනි ඛිපි. එවං එකරාසිභූතං අට්ඨාරසකොටිසඞ්ඛ්යං ධනං අහොසි.
බෝධිසත්ත්වයෝ රාජ අංගනයෙහි චතුරශ්‍රය අභ්‍යන්තරයේ මණ්ඩපයක් කරවා කොන් සතරෙහි, ධනුර්ධරයන් සතර දෙනෙකු තබා, එකිනෙකාට, ඊතල තිස් දහසකන් ද දී, එකිනෙකාට සමීපයේ ඊතල බෙදා දෙන්නෙකු තබා, තෙමේ දියමන්ති අගින් යුත්, යකඩ හුල්කටුව බැගින් ගෙන්වාගෙන මණ්ඩපය මැද සිට මහරජතුමනි, මේ ධනුර්ධරයන් සතරදෙන එක පහරින් ඊතල දමා, මට විදිත්වා. මේ මේ කැඩුණු කැබලිවලින් නවත්වන්නෙමියි කීය. රජු එසේ කරවු යයි අණ කෙළේය. ධනුර්ධයෝ ආවෝය. මහරජුනි, අපි අකුණු සැරින් විදින්නන්, ගණ අඳුරේ විදින්නන්, ශබ්දවේදීන්, ආයුධවේදීන් ඊතල ආදි දෙයින් විදින්නන්, ජෝතිපාලකයා තරුණ මානවකයෙකි. අපි නො විදින්නෙමුයි බෝධිසත්ත්වයෝ, ඉදින් හැකිවන්නාහු නම් මට විදිවු යයි කීය. ඔවුහු යහපතැයි පිළිගෙන එකපාරින් ම කැබලි ඊතල දමා ගැසූහ. බෝධිසත්ත්වයෝ ඒවා නාරස්නෙන් පහර දී එහෙට මෙහෙට හැකි පරිදි බිම දැමීය. බෝධිකොටුව විනාශ වන්නාක් මෙන් තාලයෙන් තාලය, ඊතලයෙන් ඊතලය, දණ්ඩෙන් දණ්ඩ ඊතල හඬින් හඬ නො ඉක්මවන්නේ දමා ගසා, ඊතල හඬ පමණක් කෙළේය. දුනුවායන්ගේ ඊතල ක්ෂය විය. ඔහු ඒවා ගෙවී ගිය බව දැන ඊතල හඬ අවසන් වීමට පෙර පලාගොස් රජු සමීපයේ සිාටියේයෙ. මහජනයා හඬ නගන්නෝ අත්පොළසන් දෙවන්නෝ ගලග් උඩ දුවන්නෝ අසුරු පහර දෙන්නෝ මහ කෝලාහලයක් කර වස්ත්රාභරණාදිය දමාගැසූහ. මෙසේ රැස්කළා වූ ධනය අටළොස් කෝටියක් පමණ විය.
අථ නං රාජා පුච්ඡි – “කිං සිප්පං නාමෙතං ජොතිපාලා”ති? සරපටිබාහනං නාම, දෙවාති. අඤ්ඤෙ එතං ජානන්තා අත්ථීති. සකලජම්බුදීපෙ මං ඨපෙත්වා අඤ්ඤො නත්ථි, දෙවාති. අපරං දස්සෙහි, තාතාති. දෙව, එතෙ තාව චතූසු කණ්ණෙසු ඨත්වා චත්තාරොපි ජනා මං විජ්ඣිතුං න සක්ඛිංසු, අහං පනෙතෙ චතූසු කණ්ණෙසු ඨිතෙ එකෙනෙව සරෙන විජ්ඣිස්සාමීති. ධනුග්ගහා ඨාතුං න උස්සහිංසු. මහාසත්තො චතූසු කණ්ණෙසු චතස්සො කදලියො ඨපාපෙත්වා නාරාචපුඞ්ඛෙ රත්තසුත්තකං බන්ධිත්වා එකං කදලිං සන්ධාය ඛිපි. නාරාචො තං කදලිං විජ්ඣිත්වා තතො දුතියං, තතො තතියං, තතො චතුත්ථං, තතො පඨමං විද්ධමෙව විජ්ඣිත්වා පුන තස්ස හත්ථෙයෙව පතිට්ඨහි. කදලියො සුත්තපරික්ඛිත්තා අට්ඨංසු. මහාජනො උන්නාදසහස්සානි පවත්තෙසි. රාජා “කිං සිප්පං නාමෙතං, තාතා”ති? චක්කවිද්ධං නාම, දෙවාති. අපරම්පි දස්සෙහි, තාතාති. මහාසත්තො සරලට්ඨිං නාම, සරරජ්ජුං නාම, සරවෙධිං නාම දස්සෙසි, සරපාසාදං නාම, සරසොපානං නාම, සරමණ්ඩපං නාම, සරපාකාරං නාම, සරපොක්ඛරණිං නාම අකාසි, සරපදුමං නාම පුප්ඵාපෙසි, සරවස්සං නාම වස්සාපෙසි. ඉති අඤ්ඤෙහි අසාධාරණානි ඉමානි ද්වාදස සිප්පානි දස්සෙත්වා පුන අඤ්ඤෙහි අසාධාරණෙයෙව සත්ත මහාකායෙ පදාලෙසි, අට්ඨඞ්ගුලබහලං උදුම්බරපදරං විජ්ඣි, චතුරඞ්ගුලබහලං අසනපදරං, ද්වඞ්ගුලබහලං තම්බපට්ටං, එකඞ්ගුලබහලං අයපට්ටං, එකාබද්ධං ඵලකසතං විනිවිජ්ඣිත්වා පලාලසකටවාලුකසකටපදරසකටානං පුරිමභාගෙන සරං ඛිපිත්වා පච්ඡාභාගෙන නික්ඛමාපෙසි, පච්ඡාභාගෙන සරං ඛිපිත්වා පුරිමභාගෙන නික්ඛමාපෙසි, උදකෙ චතුඋසභං, ථලෙ අට්ඨඋසභට්ඨානං කණ්ඩං පෙසෙසි. වාතිඞ්ගණසඤ්ඤාය උසභමත්තකෙ වාලං විජ්ඣි. බොධිසත්තො සරෙ ඛිපිත්වා ආකාසෙ සරපාසාදාදීනි කත්වා පුන එකෙන සරෙන තෙ සරෙ පාතෙන්තො භඞ්ගවිභඞ්ගෙ අකාසීති “සරභඞ්ගො”ති නාම පඤ්ඤාතො. තස්ස එත්තකානි සිප්පානි දස්සෙන්තස්සෙව සූරියො අත්ථඞ්ගතො.
ඉක්බිති ඔහුගෙන් රජ විචාළේය. ජෝතිපාල කුමන ශිල්පයක් නම් දන්නෙහිද? දේවයන් වහන්ස, ඊතල වැළැක්වීමේ ශිල්පයයි. වෙනත් කිසිවෙක් දන්නෙහිද? මා හැර මුළු දඹදිව් තලයේ ම අන් කිසිවෙක් නැත මහරජතුමනි. දරුව, වෙනත් ශිල්පයක් දක්වව. දේවයන් වහන්ස, මේ සිව්කොණේ සිට ජනතාව සතර දෙනෙකුට මට විදීමට නොහැකි වූහ. මේ සිව්කොණේ සිටියෙකුට මම එකම ඊතල පහරින් විදින්නෙමි. දුනුවායෝ එසේ සිටීමට නොසමත් වූහ. බෝධිසත්ත්වයෝ සතර කොන්වල කෙසෙල්ගෙඩි සතරක් තබා අලවංගු තුඩෙහි රතු නූල්කැබැල්ලක් බැඳ, එක් කෙසෙල් ගෙඩියක් ඉලක්ක කොට දමා ගැසීය. නාරස්නය ඒ කෙසෙල්ගෙඩිය විදගෙන අනතුරුව දෙවෙනි, තෙවෙනි, සතරවෙනි ද, යළිත් පළමු පරිද්දෙන් ම විද නැවත අතට ම පිහිටියේය. කෙසෙල් නූලේ දැවටී තුබුණාහ. මහජනයා දහසක් ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. රජතුමා දරුව, එය කුමන ශිල්පයක් ද? දේවයන් වහන්ස, එය චක්රවිදීම නම් වේ. දරුව, තවත් ශිල්පයක් දක්වන්න. බෝධිසත්ත්වයෝ ඊතල යෂ්ටි නම්, ඊතල රැහැන් නම්, ඊතල වේය නම් දැක්වීය. ඊතල ප්‍රාසාද නම්, ඊතල මණ්ඩප නමි. ඊතල හිණිමඟ නම් ඊතල ප්‍රාකාර නමි. ඊතල පොකුණ නම් ඊතල පියුම් නම් ආදිය පිපුණේ කරවීය. ඊතල වර්ෂාවක් වැස්සවීය. මේ ආදි තවත් අනභිභවනීය ශිල්ප දොළසක් පමණ දක්වා පෙන්වා යළිත් අසාධාරණ මහකඳන් හතක් ද, බිඳවාලීය. අඟල් අටක් පමණ ඝනකම දිඹුල් කොටයක් ද විද්දේය. අඟල් සතරක් ඝනකම, පියාගස් ලෑල්ලක් ද, අඟල් දොළසක් ඝනකම තඹ ඉරියව්වක් ද, අඟල් එකක් ඝනකම යකඩ පුවරුව ද ඒකාබද්ධ වූ පුවරු සියයක් ද විද්දේය. පිදුරු ගැලක් ද, වැලි ගලක් ද, ලෑලි ගැලක් ද යන ඒවාට ඉදිරියෙන් හීය විද පසුපසින් නික්මවාලීය. ජලයෙහි, ගොනුන් සතර දෙනෙකුට ද, ගොඩබිම වෘෂභයන් අටදෙනෙකු ද සිටින තැනට ඊතල යැවීය. ගොඩබිම වාතයේ සංඥාවෙන් ගොනුන් මත්තෙහි අශ්ව ලෝමයක් විද්දේය. ඔහුගේ මෙපමණ ශිල්ප දක්වන්නේ ම ඉර බැස ගියේය.
අථස්ස රාජා සෙනාපතිට්ඨානං පටිජානිත්වා “ජොතිපාල, අජ්ජ විකාලො, ස්වෙ ත්වං සෙනාපතිට්ඨානං සක්කාරං ගණ්හිස්සසි, කෙසමස්සුං කාරෙත්වා න්හත්වා එහී”ති තං දිවසං පරිබ්බයත්ථාය සතසහස්සං අදාසි. මහාසත්තො “ඉමිනා මය්හං අත්ථො නත්ථී”ති අට්ඨාරසකොටිසඞ්ඛ්යං ධනං සාමිකානඤ්ඤෙව දත්වා මහන්තෙන පරිවාරෙන න්හායිතුං නදිං ගන්ත්වා කෙසමස්සුං කාරෙත්වා න්හත්වා සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතො අනොපමාය සිරියා නිවෙසනං පවිසිත්වා නානග්ගරසභොජනං භුඤ්ජිත්වා සිරිසයනං අභිරුය්හ නිපන්නො ද්වෙ යාමෙ සයිත්‍වා පච්ඡිමයාමෙ පබුද්ධො උට්ඨාය පල්ලඞ්කං ආභුජිත්වා සයනපිට්ඨෙ නිසින්නොව අත්තනො සිප්පස්ස ආදිමජ්ඣපරියොසානං ඔලොකෙන්තො “මම සිප්පස්ස ආදිතොව පරමාරණං පඤ්ඤායති, මජ්ඣෙ කිලෙසපරිභොගො, පරියොසානෙ නිරයම්හි පටිසන්ධි, පාණාතිපාතො කිලෙසපරිභොගෙසු ච අධිමත්තප්පමාදො නිරයෙ පටිසන්ධිං දෙති, රඤ්ඤා මය්හං මහන්තං සෙනාපතිට්ඨානං දින්නං, මහන්තං මෙ ඉස්සරියං භවිස්සති, භරියා ච පුත්තධීතරො ච බහූ භවිස්සන්ති. කිලෙසවත්ථු ඛො පන වෙපුල්ලගතං දුච්චජං හොති, ඉදානෙව නික්ඛමිත්වා එකකොව අරඤ්ඤං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිතුං යුත්තං මය්හ”න්ති මහාසයනතො උට්ඨාය කඤ්චි අජානාපෙන්තො පාසාදා ඔරුය්හ අග්ගද්වාරෙන නික්ඛමිත්වා එකකොව අරඤ්ඤං පවිසිත්වා ගොධාවරිනදීතීරෙ තියොජනිකං කපිට්ඨවනං සන්ධාය පායාසි.
ඉක්බිති රජු ඔහුට, සේනාපති තනතුර පිරිනමා, ජෝතිපාලය, අද සුදුසු කාලය නොවේ. හෙට සේනාපති පදවිය ගන්නේ නම් යෙහෙකි. කෙල් රවුල් බා, ස්නානය කර පැමිණෙන්නැයි එ දවස පිරිවැය පිණිස ලක්ෂයක් ද පිරිනැමීය. බෝධිසත්ත්වයෝ, මේවායින් මට වැඩක් නැත. අටළොස් කෙළක් ධනය ස්වාමියන්ට ම පවරා මහත් පිරිවරින් නෑමට ගොස්, කෙස් රවුල් බහා, ස්නානය කර සර්වාලංකාරයෙන් සැරසී අපමණ අසිරියෙන් නිවස්නට පැමිණ මහාර්ඝ රසැති භෝජනය වළඳා, සිරියහනට නැගී නිදන්නේ යාම දෙකක් නිදාගෙන, පශ්චිම යාමයෙහි පිබිද, නැගිට, පලඟක් බැඳ යහන් මත්තෙහි හොත්තේ ම තමාගේ ශිල්පයේ මුල මැද අග මෙනෙහි කරන්නේ මගේ ශිල්පයේ මුලින් ම මරණින් පසු තත්ත්වය ප්‍රකට වෙයි. මධ්යමයේ, කෙලෙස් පටිභෝගය ද, අවසානයේ අපායෙහි පිළිසිඳ ගැනීමද වේ. ප්‍රාණඝාතාදි කෙලෙස් පරිභෝගවලදී ද, අධික ලෙස ප්‍රමාද වූයේ අපාය ප්රතිසන්ධිය දෙයි. රජු විසින්, මට මහත් වූ සෙනෙවි තනතුර දෙන ලදි. එය මට මහත් ඉසුරු සම්පත් වන්නේය. බිරිඳ ද, දූ පුත්තු ද බොහෝ වන්නාහ. කෙලෙස් සහිත වස්තු බොහෝකොට ගියේය. දුරුකිරීමට අපහසු වෙයි. දැන්ම ම නික්ම හුදකලාව ම වනයට පිවිස සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් මට පැවිදිවීමට සුදුසු ය. සිරියහනින් නැගිට කිසිවකුට නොකියා මාලිගාවෙන් බැස, ප්‍රධාන දොරටුවෙන් නික්ම හුදකලාවම වනයට පිවිස ගෝදාවරී නදී තෙර තුන්යොදුනක් විශාලැති කපිට්ඨවනය ඇසුරුකොට විසීය.
තස්ස නික්ඛන්තභාවං ඤත්වා සක්කො විස්සකම්මං පක්කොසාපෙත්වා “තාත, ජාතිපාලො අභිනික්ඛමනං නික්ඛන්තො, මහාසමාගමො භවිස්සති, ගොධාවරිනදීතීරෙ කපිට්ඨවනෙ අස්සමං මාපෙත්වා පබ්බජිතපරික්ඛාරෙ පටියාදෙහී”ති ආහ. සො තථා අකාසි. මහාසත්තො තං ඨානං පත්වා එකපදිකමග්ගං දිස්වා “පබ්බජිතානං වසනට්ඨානෙන භවිතබ්බ”න්ති තෙන මග්ගෙන තත්ථ ගන්ත්වා කඤ්චි අපස්සන්තො පණ්ණසාලං පවිසිත්වා පබ්බජිතපරික්ඛාරෙ දිස්වා “සක්කො දෙවරාජා මම නික්ඛන්තභාවං අඤ්ඤාසි මඤ්ඤෙ”ති චින්තෙත්වා සාටකං අපනෙත්වා රත්තවාකචිරං නිවාසෙත්වා ච පාරුපිත්වා ච අජිනචම්මං එකංසගතං අකාසි, ජටාමණ්ඩලං බන්ධිත්වා ඛාරිකාජං අංසෙ කත්වා කත්තරදණ්ඩං ගහෙත්වා පණ්ණසාලතො නික්ඛමිත්වා චඞ්කමං ආරුය්හ කතිපයවාරෙ අපරාපරං චඞ්කමිත්වා පබ්බජ්ජාසිරියා වනං උපසොභයමානො කසිණපරිකම්මං කත්වා පබ්බජිතතො සත්තමෙ දිවසෙ අට්ඨ සමාපත්තියො පඤ්ච අභිඤ්ඤායො ච නිබ්බත්තෙත්වා උඤ්ඡාචරියාය වනමූලඵලාහාරො එකකොව විහාසි. මාතාපිතරො මිත්තසුහජ්ජාදයො ඤාතිවග්ගාපිස්ස තං අපස්සන්තා රොදන්තා පරිදෙවන්තා විචරන්ති.
ඔහුගේ නික්මුණු බව දැන ශක්‍රයා විශ්වකර්මයා කැඳවා, දරුව; ජෝතිපාල තෙම අභිනිෂ්ක්‍රමණයෙන් නික්මුණේ, මහත් සමාගමයක් වන්නේය. ගෝදාවරී නදී තීරයේ කපිල වනයේ අසපුවක් මවා පැවිදි පිරිකර ද සම්පාදනය කර දෙවයි කීවේය. ඔහු එසේ කෙළේය. බෝධිසත්ත්වයෝ ඒ ස්ථානයට පැන එක් පදික මාවතක් දැක, පැවිද්දා විසින් වාසය කරන ස්ථානයක් විය යුත්තේය. ඒ මාර්ගයෙන් එතැනට ගොස් කිසිවක් නොදකින්නේ පන්සලට පිවිස පැවිදි පිරිකර දැක ශක්රදේවේන්ද්රයා මගේ නික්මුණු බව දැනගත්තේ යයි සිතා සළුව ඉවත් කොට රතුවන් චීවරයක් හැඳ-පොරවා අඳුන්දිවිසමින් කළ පත්කඩය ඒකාංශයට දා ගත්තේය. ජටාමඬුලු බැඳ, සහල්ල (උරය) උරහිසින් එල්ලාගෙන සැරයටිය ගෙන පන්සලෙන් නික්ම, සක්මන්මළුවට නැග, කීපවාරයක් ඔබ-මොබ හැසිර ප්‍රව්‍රජ්‍යා සිරියාව සතුටින් සිහිපත් කරමින් කසිණ කර්මස්ථාන සිහි කොට පැවිදි වූ දා පටන් සත්වෙනි දිනයෙහි අෂ්ට සමාපත්ති සහ පංච අභිඥා උපදවාගෙන පිඬු පිණිස වනමුල් ගෙඩි ආහාර වශයෙන් ගෙන හුදකලාවම වැඩවාසය කළ සේක. මව්පියන් හා සහෝදරයන් ද, ඤාති සමූහය ද, ඔහු නොදකින්නෝ, හඬමින් වැලපෙමින් හැසිරෙත්.
අථෙකො වනචරකො අරඤ්ඤං පවිසිත්වා කපිට්ඨකඅස්සමපදෙ නිසින්නං මහාසත්තං දිස්වා සඤ්ජානිත්වා ගන්ත්වා තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා නගරං ගන්ත්වා තස්ස මාතාපිතූනං ආරොචෙසි. තෙ රඤ්ඤො ආරොචයිංසු. රාජා “එථ නං පස්සිස්සාමා”ති තස්ස මාතාපිතරො ගහෙත්වා මහාජනපරිවුතො වනචරකෙන දෙසිතෙන මග්ගෙන ගොධාවරිනදීතීරං පාපුණි. බොධිසත්තො නදීතීරං ආගන්ත්වා ආකාසෙ නිසින්නො ධම්මං දෙසෙත්වා තෙ සබ්බෙ අස්සමපදං පවෙසෙත්වා තත්රපි තෙසං ආකාසෙ නිසින්නොව කාමෙසු ආදීනවං පකාසෙත්වා ධම්මං දෙසෙසි. රාජානං ආදිං කත්වා සබ්බෙව පබ්බජිංසු. බොධිසත්තො ඉසිගණපරිවුතො තත්ථෙව වසි. අථස්ස තත්ථ වසනභාවො සකලජම්බුදීපෙ පාකටො අහොසි. අඤ්ඤෙපි රාජානො රට්ඨවාසීහි සද්ධිං ආගන්ත්වා තස්ස සන්තිකෙ පබ්බජිංසු, සමාගමො මහා අහොසි. අනුපුබ්බෙන අනෙකසතසහස්සපරිසා අහෙසුං. යො කාමවිතක්කං වා බ්යාපාදවිතක්කං වා විහිංසාවිතක්කං වා විතක්කෙති, මහාසත්තො ගන්ත්වා තස්ස පුරතො ආකාසෙ නිසීදිත්වා ධම්මං දෙසෙති, කසිණපරිකම්මං ආචික්ඛති. තස්සොවාදෙ ඨත්වා අට්ඨ සමාපත්තියො උප්පාදෙත්වා ඣානනිප්ඵත්තිං පත්තා සාලිස්සරො මෙණ්ඩිස්සරො පබ්බතො කාළදෙවිලො කිසවච්ඡො අනුසිස්සො නාරදොති සත්ත ජෙට්ඨන්තෙවාසිනො අහෙසුං. අපරභාගෙ කපිට්ඨකඅස්සමො පරිපූරි. ඉසිගණස්ස වසනොකාසො නප්පහොති.
ඉක්බිති එක් වැද්දෙක් වනයට පිවිස, කපිල අසපු පෙදෙසේ වැඩහුන්නා වූ බෝසතුන් දැක හේ හැඳිනගෙන ඔහු සමග පිළිසඳර කථාකොට නුවරට ගොස්, ඔහුගේ මව්පියන්ට දැනුම් දුන්නේය. ඔවුහු රජුට දැන්වූහ. රජතුමා, එව්, ඔහු දකින්නෙමුයි ඔහුගේ දෙමව්පියන් රැගෙන මහජනයා පිරිවරන ලද්දේ වැද්දා විසින් දක්වන ලද මාර්ගයෙන්, ගෝදාවරී ගංතෙරට පැමිණියේය. බෝසත් තෙම ගංතෙරට පැමිණ අහසේ වැඩ සිටිමින් දහම් දෙසා ඒ සියල්ලෝ අසපුවට පිවිසවා, එහිදී ද, ඔවුන්ට, අහසෙහි සිටිමින් ම කාමයන්හි ආදීනව පවසා දහම් දෙසූහ. රජු ආදිකොට ඇති සියල්ලෝම පැවිදි වූහ. බෝධිසත්ත්ව තෙම සෘෂි සමූහයා පිරිවරා ගෙන එහිම වාසය කෙළේය. ඉක්බිති එහි ඔහු වාසය කරන බව මුළු දඹදිව් තලයේ ම ප්‍රසිද්ධ විය. වෙනත් රජවරු ද, රටවාසීහු ද පැමිණ ඔහු සමීපයේ පැවිදි වූහ. සමාගමය අතිමහත් විය. පිළිවෙලින් පිරිස සියදහස් ගණනක් වූහ. යමෙක් කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කයන් හිංසා විතර්කය හෝ සිහිපත් කරයිද, බෝසත් තෙම එතැනට ගොස් ඔහුගේ ඉදිරිපිට, අහසින් වැඩසිට ධර්මය දේශනා කළහ. කසිණ පරිකර්මය කියා පෑහ. ඔහුගේ අවවාදයේ පිහිටා, අෂ්ට සමාපත්ති උපදවා, ධ්‍යාන ඵලයට පැමිණියෝ, සාලිස්සර, මෙණ්ඩිස්සර, පබ්බත කාළදේවල, කිසවච්ඡ, අනුසිස්ස, නාරද යනුවෙන් ජ්‍යෙෂ්ඨයෝ සත්දෙනෙක් වූහ. පසු කාලයේ කපිල ආශ්රමයේ සෘෂි සමූහයා පිරිවරන ලද්දේ වාසය කිරීමට ඉඩක් නො සෑහේ.
අථ මහාසත්තො සාලිස්සරං ආමන්තෙත්වා “සාලිස්සර, අයං අස්සමො ඉසිගණස්ස නප්පහොති, ත්වං ඉමං ඉසිගණං ගහෙත්වා මජ්ඣරඤ්ඤො විජිතෙ කලප්පචුල්ලකනිගමං උපනිස්සාය වසාහී”ති ආහ. සො “සාධූ”ති තස්ස වචනං සම්පටිච්ඡිත්වා අනෙකසහස්සං ඉසිගණං ගහෙත්වා ගන්ත්වා තත්ථ වාසං කප්පෙසි. මනුස්සෙසු ආගන්ත්වා පබ්බජන්තෙසු පුන අස්සමො පරිපූරි. බොධිසත්තො මෙණ්ඩිස්සරං ආමන්තෙත්වා, “මෙණ්ඩිස්සර, ත්වං ඉමං ඉසිගණං ආදාය සුරට්ඨජනපදස්ස සීමන්තරෙ සාතොදිකා නාම නදී අත්ථි, තස්සා තීරෙ වසාහී”ති උය්යොජෙසි, පුන කපිට්ඨකඅස්සමො පරිපූරි. එතෙනුපායෙන තතියවාරෙ පබ්බතං ආමන්තෙත්වා “පබ්බත, ත්වං මහාඅටවියං අඤ්ජනපබ්බතො නාම අත්ථි, තං උපනිස්සාය වසාහී”ති පෙසෙසි. චතුත්ථවාරෙ කාළදෙවිලං ආමන්තෙත්වා “කාළදෙවිල, ත්වං දක්ඛිණපථෙ අවන්තිරට්ඨෙ ඝනසෙලපබ්බතො නාම අත්ථි, තං උපනිස්සාය වසාහී”ති පෙසෙසි. පුන කපිට්ඨකඅස්සමො පරිපූරි, පඤ්චසු ඨානෙසු අනෙකසතසහස්සඉසිගණො අහොසි. කිසවච්ඡො පන මහාසත්තං ආපුච්ඡිත්වා දණ්ඩකිරඤ්ඤො විජිතෙ කුම්භවතිනගරං නාම අත්ථි, තං උපනිස්සාය උය්යානෙ විහාසි. නාරදො මජ්ඣිමදෙසෙ අඤ්ජනගිරිනාමකෙ පබ්බතජාලන්තරෙ විහාසි. අනුසිස්සො පන මහාසත්තස්ස සන්තිකෙව අහොසි.
ඉක්බිති බෝසත් තෙම සාලිස්සර අමතා සාලිස්සරය; මේ අසපුව සෘෂි සමූහයාට ඉඩකඩ මදිය. නුඹ මේ සෘෂි සමූහයා රැගෙන මෙජ්ඣ රජුගේ රාජ්‍යයේ ලම්බචූලක නම් නියම්ගම ඇසුරු කොට වාසය කරවයි කීවේය. ඔහු යහපතැයි ඔහුගේ වචනය පිළිගෙන, නොයෙක් දහස් ගණන් සෘෂි ගණයා රැගෙන එහි ගොස්, වාසය කෙළේය. මිනිසුන් අතර සිටි, පැවිදිවනු කැමැත්තහු පැමිණ නැවත ආශ්‍රමය පිරුණෝ වූහ. බෝධිසත්ත්වයෝ මෙණ්ඩිස්සර අමතා, “මෙණ්ඩිස්සරය, නුඹ මේ සෘෂි සමූහයා රැගෙන සූර ජනපදය සීමාවෙහි, සාතෝදික නම් නදියක් ඇත. එම තීරයේ වාසය කරවයි පිටත් කෙළේය. මෙම උපාය ක්‍රමයෙන් තුන්වෙනි වාරයෙහි ‘පබ්බත’ අමතා “පබ්බතය, නුඹ මහා වනය ආශ්‍රිතව අඤ්ජන නම් පර්වතයක් ඇත. එය ඇසුරු කොට වාසය කරව”යි පිටත් කෙළේය. සිවුවෙනි වාරයෙහි කාළදේවල අමතා, “කාළදේවල, නුඹ දක්ෂිණාපථයේ අවන්ති රටෙහි, ඝනසේල නම් පර්වතයක් ඇත. එය ඇසුරු කොට වසන්නැ”යි පිටත් කෙළේය. යළිත් කපිල ආශ්‍රමය පිරුණේ විය. ස්ථාන පහක සෘෂි සමූහයා දහදහස් ගණනින් වූහ. කිසවච්ඡ; යළි බෝසතුන් අමතා දණ්ඩකී රජුගේ රාජ්‍යයෙහි කුම්භවතී නගරයේ සේනාපති ඇසුරු කොට එම උයනෙහි වාසය කෙළේය. නාරද, මධ්‍යම දේශයේ අඤ්ජනගිරි නම් පර්වතයෙහි පර්වතාභ්යන්තරයේ වාසය කළේය. අනුසිස්ස, බෝධිසත්ත්වයන් සමීපයේ ම සිටියේය.
තස්මිං කාලෙ දණ්ඩකිරාජා එකං ලද්ධසක්කාරං ගණිකං ඨානා චාවෙසි. සා අත්තනො ධම්මතාය විචරන්තී උය්යානං ගන්ත්වා කිසවච්ඡතාපසං දිස්වා “අයං කාළකණ්ණී භවිස්සති, ඉමස්ස සරීරෙ කලිං පවාහෙත්වා න්හත්වා ගමිස්සාමී”ති දන්තකට්ඨං ඛාදිත්වා සබ්බපඨමං තස්සූපරි බහලඛෙළං නිට්ඨුභන්තී කිසවච්ඡතාපසස්ස ජටන්තරෙ නිට්ඨුභිත්වා දන්තකට්ඨම්පිස්ස සීසෙයෙව ඛිපිත්වා සයං සීසං න්හායිත්වා ගතා. රාජාපි තං සරිත්වා පුන පාකතිකමෙව අකාසි. සා මොහමූළ්හා හුත්වා “කාළකණ්ණිසරීරෙ කලිං පවාහෙත්වා මම්පි රාජා පුන ඨානෙ ඨපෙති මයා යසො ලද්ධො”ති සඤ්ඤමකාසි. තතො නචිරස්සෙව රාජා පුරොහිතං ඨානතො චාවෙසි. සො තස්සා සන්තිකං ගන්ත්වා “ත්වං කෙන කාරණෙන පුන ඨානං ලභසී”ති පුච්ඡි. අථස්ස සා “රාජුය්යානෙ කාළකණ්ණිසරීරෙ කලිස්ස පවාහිතත්තා”ති ආරොචෙසි. පුරොහිතො ගන්ත්වා තථෙව තස්ස සරීරෙ කලිං පවාහෙසි, තම්පි රාජා පුන ඨානෙ ඨපෙසි. අථස්ස අපරභාගෙ පච්චන්තො කුප්පි. සො සෙනඞ්ගපරිවුතො යුද්ධාය නික්ඛමි. අථ නං මොහමූළ්හො පුරොහිතො, “මහාරාජ, කිං තුම්හෙ ජයං ඉච්ඡථ, උදාහු පරාජය”න්ති පුච්ඡිත්වා “ජය”න්ති වුත්තෙ – “තෙන හි රාජුය්යානෙ කාළකණ්ණී වසති, තස්ස සරීරෙ කලිං පවාහෙත්වා යාහී”ති ආහ. සො තස්ස කථං ගහෙත්වා “යෙ මයා සද්ධිං ආගච්ඡන්ති, තෙ උය්යානෙ කාළකණ්ණිසරීරෙ කලිං පවාහෙන්තූ”ති වත්වා උය්යානං පවිසිත්වා දන්තකට්ඨං ඛාදිත්වා සබ්බපඨමං සයමෙව තස්ස ජටන්තරෙ ඛෙළං නිට්ඨුභිත්වා දන්තකට්ඨඤ්ච ඛිපිත්වා සීසං න්හායි. බලකායොපිස්ස තථා අකාසි.
එකල්හී දණ්ඩකී රජු තමන්ගෙන් සත්කාර ලබන එක් ගණිකාවක තත්ත්වයෙන් පහ කෙළේය. ඇය, තමන්ගේ වෛශ්‍යා ධර්මය හැඳින හැසිරෙමින් උයනට ගොස් කිසවච්ඡ තාපසයා දැක මේ කාළකණ්ණියකු වන්නේ යයි මොහුගේ සිරුරෙහි දෝෂය පව් සෝදාහැර නා යන්නෙමි යි, දැහැටිකූරක් විකා සියල්ලට පළමු ඔහු මත්තෙහි කෙළපිඩක් දමාගසන්නී, කිසවච්ඡ තාපසයාගේ ජටාව අතර කාරා කෙළ ගසා දැහැටිකූර ඔහුගේ හිසෙහිම දමා තබා හිස සෝදා නා ගියාය. ඉක්බිති රජු ද වෙනත් කරුණක් නිසා වෛශ්‍යාව සිහිකොට නැවත හිටපු තනතුරෙහිම පිහිටුවීය. ඇය මෝහයෙන් මුළාවී කාළකණ්ණියාගේ සිරුරේ පව් සෝදා හළ නිසා රජු නැවත සුදුසු කල්හි තනතුරෙහි තැබීයයි සිතුවාය. මා විසින් කීර්තිය ලබන ලද්දේ යයි, ඉඟියක් ද කළාය. ඉක්බිති නොබෝ දිනකින් ම රජු පුරෝහිතයාගේ ද තනතුර අහෝසි කෙළේය. ඔහු ද ඇගේ සමීපයට ගොස් නුඹ කවර කරුණකින් නැවත තනතුර ලද්දේදැයි විචාළේය. ඉක්බිති ඇය රාජ උද්‍යානයෙහි කාළකණ්ණි තාපසයාගේ සිරුරෙහි, කෙලෙස් පව් පාකර හැරිය බව පාප ප්‍රහාරය කළ බව දැනුම් දුන්නීය. පුරෝහිතයා ද ගොස් එපරිදි ම ඔහුගේ සිරුරෙහි පාපදෝෂ, දුරු කෙළේය. ඒ රජ ද වෙනත් හේතුවකින් නැවත ඔහු එම තනතුරේ තැබීය. ඉක්බිති සවස් කාලයෙහි ප්‍රත්‍යන්ත ජනපදවාසීහු කුපිත වී, සේනා සමූහයා සමග යුද්ධයට පැමිණියහ. එවිට මෝඩකමින් මුළා වී පුරෝහිතයා, රජතුමනි! ඔබතුමා ජයගනු කැමැත්තේ ද? පරාදවනු කැමැත්තේදැයි රජුගෙන් ඇසීය. ජයගනු කැමැත්තෙමි’යි රජු කීය. එසේනම් පළමුව රාජ උයනෙහි ඉන්නා වූ, කාළකණ්ණියාගේ සිරුරේ පාප ප්‍රවාහය කොට එවයි කීය. රජු ඔහුගේ වචනය පිළිගෙන මා සමග රජ උයනට ගොස් එහි සිටින කාළකණ්ණියාගේ ශරීරයේ පාප ප්‍රවාහය කොට එන්නැයි හමුදාවට කියා, උයනට ගොස් දැහැටි දඬු විකා, පළමු කී පරිද්දෙන්, තාපසයාගේ ජටාවෙහි දැහැටි දමා, කෙළ ගසා, දැහැටි දමා ගසා, හිස නා බලසෙනග සමග පාප ප්‍රවාහය කෙළේය.
තස්මිං පක්කන්තෙ සෙනාපති ගන්ත්වා තාපසං දිස්වා දන්තකට්ඨාදීනි නීහරිත්වා සාධුකං න්හාපෙත්වා “භන්තෙ, රඤ්ඤො කිං භවිස්සතී”ති පුච්ඡි. ආවුසා මය්හං මනොපදොසො නත්ථි, දෙවතා පන කුපිතා ඉතො සත්තමෙ දිවසෙ සකලරට්ඨං අරට්ඨං කරිස්සන්ති, ත්වං පුත්තදාරං ගහෙත්වා සීඝං පලායිත්වා අඤ්ඤත්ථ යාහීති. සො භීතතසිතො ගන්ත්වා රඤ්ඤො ආරොචෙසි, රාජා තස්ස වචනං න ගණ්හි. සො නිවත්තිත්වා අත්තනො ගෙහං ගන්ත්වා පුත්තදාරං ආදාය පලායිත්වා අඤ්ඤං රට්ඨං අගමාසි. සරභඞ්ගසත්ථා තං කාරණං ඤත්වා ද්වෙ තරුණතාපසෙ පෙසෙත්වා “කිසවච්ඡං මඤ්චසිවිකාය ආනෙථා”ති ආකාසෙන ආණාපෙසි. රාජා යුජ්ඣිත්‍වා චොරෙ ගහෙත්වා නගරමෙව පච්චාගමි. තස්මිං ආගතෙ දෙවතා පඨමං දෙවං වස්සාපෙසුං, වස්සොඝෙන සබ්බකුණපෙසු අවහටෙසු සුද්ධවාලුකවස්සං වස්සි, සුද්ධවාලුකමත්ථකෙ දිබ්බපුප්ඵවස්සං වස්සි, දිබ්බපුප්ඵමත්ථකෙ මාසකවස්සං, මාසකමත්ථකෙ කහාපණවස්සං, කහාපණමත්ථකෙ දිබ්බාභරණවස්සං වස්සි, මනුස්සා සොමනස්සප්පත්තා හිරඤ්ඤසුවණ්ණාභරණානි ගණ්හිතුං ආරභිංසු. අථ නෙසං සරීරෙ සම්පජ්ජලිතං නානප්පකාරං ආවුධවස්සං වස්සි, මනුස්සා ඛණ්ඩාඛණ්ඩිකං ඡිජ්ජිංසු. අථ නෙසං උපරි මහන්තමහන්තා වීතච්චිතඞ්ගාරා පතිංසු , තෙසං උපරි මහන්තමහන්තානි පජ්ජලිතපබ්බතකූටානි පතිංසු, තෙසං උපරි සට්ඨිහත්ථට්ඨානං පූරයන්තං සුඛුමවාලුකවස්සං වස්සි. එවං සට්ඨියොජනට්ඨානං අරට්ඨං අහොසි, තස්ස එවං අරට්ඨභාවො සකලජම්බුදීපෙ පඤ්ඤායි.
ඔවුන් එසේ ඉක්ම ගිය පසු, සෙනෙවියා අවුත් තාපසයා දැක දැහැටිකූරු ආදිය ඉවත්කොට මැනවින් නාවා, ස්වාමීනි, රජුට කුමක් වන්නේදැයි විචාළේය. ඇවැත්නි, මගේ සිතේ දෝෂයක් නැත. දෙවියෝ වනාහි කුපිතව, මෙයින් සත්වෙනි දිනයෙහි මුළු රටම අරාජික කරන්නෝය. නුඹ ඉක්මණින් පලාගොස් අන් තැනකට යව යනුවෙනි. හෙතෙම බියෙන් තැති ගත්තේ ගොස් රජුට දැන්වීය. රජු ඔහුගේ වචනය අසා ගණනකට නොගත්තේය. ඔහු නැවතී තමාගේ ගෙදරට ගොස් අඹුදරුවන් රැගෙන පලාගොස් අන් රටකට පිවිසියේය. සරභංග ශාස්තෲන් වහන්සේ ඒ කාරණය දැනගෙන තරුණ තාපසවරු දෙදෙනෙකු යවා කිසවච්ඡ තාපසයන් දෝලාවකින් අහසින් රැගෙන ආවේය. රජු යුද්ධය කොට සොරු අල්ලාගෙන නගරය කරාම පැමිණියේය. ඔහු පැමිණි කල්හි දේවතාවෝ පළමු වර්ෂාව වැස්සවූහ. මහ සැඩපහරින් සියලු කුණුරොඩු පහව ගියකල්හි, සුදුවැලි වර්ෂාවක් පතිත විය. වැලි මත්තෙහි දිව්‍යමල් වර්ෂාවක් වැස්සේය. මල් මත්තෙහි මසුරං වැස්සක් පතිත විය. මසුරන් මත, කහවණු වර්ෂාවක් වැස්සේය. කහවණු මතට දිව්‍යාභරණ වර්ෂාවක් වැස්සේය. මිනිස්සු සොම්නසට පැමිණියෝ අමුරන් රන් ආභරණාදිය ගැනීමට පටන් ගත්හ. එවිට ඔවුන්ගේ ශරීරයෙහි ගිනිගෙන දිළිසෙන විවිධාකාරයේ ආයුධ වර්ෂාවක් වැස්සේය. මිනිස්සු, කැබලි කැබලිවලට කැපී ගියහ. ඉක්බිති ඔවුන් මතුයෙහි මහත් මහත් වූ දිළිසෙන අඟුරු පතිත විය. ඔවුන් මත්තෙහි රියන් හැටක් පමණ පෙදෙසක් පුරවන්නා වූ සියුම් වැලි වර්ෂාවක් පතිත විය. මෙසේ යොදුන් හැටක් පමණ අරාජික විය. මෙසේ ඒ රට විනාශ වූ බව මුළු දඹදිව් තලයේ ම ප්‍රසිද්ධ විය.
අථ තස්ස රට්ඨස්ස අනන්තරරට්ඨාධිපතිනො කාලිඞ්ගො, අට්ඨකො, භීමරථොති තයො රාජානො චින්තයිංසු – “පුබ්බෙ බාරාණසියං කලාබුකාසිකරාජා ඛන්තිවාදිතාපසෙ අපරජ්ඣිත්වා පථවිං පවිට්ඨොති සූයති, තථා “නාළිකෙරරාජා තාපසෙ සුනඛෙහි ඛාදාපෙත්වා, සහස්සබාහු අජ්ජුනො ච අඞ්ගීරසෙ අපරජ්ඣිත්වා, ඉදානි දණ්ඩකිරාජා කිසවච්ඡෙ අපරජ්ඣිත්වා සහ රට්ඨෙන විනාසං පත්තො”ති සූයති. ඉමෙසං පන චතුන්නං රාජූනං නිබ්බත්තට්ඨානං මයං න ජානාම, තං නො ඨපෙත්වා සරභඞ්ගසත්ථාරං අඤ්ඤො කථෙතුං සමත්ථො නාම නත්ථි, තං උපසඞ්කමිත්වා ඉමෙ පඤ්හෙ පුච්ඡිස්සාමා”ති . තෙ තයොපි මහන්තෙන පරිවාරෙන පඤ්හපුච්ඡනත්ථාය නික්ඛමිංසු. තෙ පන “අසුකොපි නික්ඛන්තො”ති න ජානන්ති, එකෙකො “අහමෙව ගච්ඡාමී”ති මඤ්ඤති, තෙසං ගොධාවරිනදිතො අවිදූරෙ සමාගමො අහොසි. තෙ රථෙහි ඔතරිත්වා තයොපි එකමෙව රථං අභිරුය්හ ගොධාවරිනදීතීරං සම්පාපුණිංසු.
ඉක්බිති එම රට හැර අනිත් රටවල අධිපතිව වූ කාලිංග, අට්ඨක සහ භීමරථ යන රජවරු තිදෙනා කල්පනා කළහ. පෙර බරණැස් නුවර කලාබු නම් කසීරට රජු, ක්ෂාන්තිවාදී තාපසයා කෙරෙහි අපරාධ කොට, පෘථිවිය පලාගෙන ගියේ යයි අසනු ලැබේ. එපරිදි නාලිකිර නම් රජු බල්ලන් පන්සියයක් ලවා තාපසයන් කවා ද, සහස්සබාහු අර්ජුන නම් රජු අංගීරස තාපසයන්ට අපරාධ කොට ද විනාසයට පැමිණියෝය. දැන් දණ්ඩකී රජු, කිසවච්ඡ තාපසයන්ට අපරාධ කොට, රටවාසීන් සමග විනාශයට පැමිණියේ යයි කියනු ලැබේ. මෙසේ රජවරු සතර දෙනාගේ උපන් ස්ථාන අපි නො දනිමු. අපගේ එම පුවත සරභංග ශාස්තෲන් හැර අනෙකකු කීමට දක්ෂයකු නම් නැත. වෙත එළඹ මේ ප්රශ්නයන් විචාරන්නෙමුයි; ඒ තිදෙනා ම මහත් වූ පිරිවරින් මේ ප්රශ්නයන් විචාරීම පිණිස නික්ම ගියහ. ඔවුහු වනාහි ඔවුනොවුන් පිටත්ව නික්ම යන බවක් නොදැන හුදකලාව ම “මම ම යමියි කල්පනා කරයි.” ඔවුහු තුන්දෙන ගෝදාවරී නදියට නුදුරින් එක්රැස් වූහ. ඔවුහු රථවලින් බැස තිදෙනා ම එකම රථයකට නැග ගෝදාවරී නදී තෙරට පැමිණියහ.
තස්මිං ඛණෙ සක්කො පණ්ඩුකම්බලසිලාසනෙ නිසින්නො සත්ත පඤ්හෙ චින්තෙත්වා “ඉමෙ පඤ්හෙ ඨපෙත්වා සරභඞ්ගසත්ථාරං අඤ්ඤො සදෙවකෙ ලොකෙ කථෙතුං සමත්ථො නාම නත්ථි, තං ඉමෙ පඤ්හෙ පුච්ඡිස්සාමි, ඉමෙපි තයො රාජානො සරභඞ්ගසත්ථාරං පඤ්හං පුච්ඡිතුං ගොධාවරිනදීතීරං පත්තා, එතෙසං පඤ්හෙපි අහමෙව පුච්ඡිස්සාමී”ති ද්වීසු දෙවලොකෙසු දෙවතාහි පරිවුතො දෙවලොකතො ඔතරි. තං දිවසමෙව කිසවච්ඡො කාලමකාසි. තස්ස සරීරකිච්චං කාරෙතුං චතූසු ඨානෙසු අනෙකසහස්සා ඉසයො තත්ථෙව ගන්ත්වා පඤ්චසු ඨානෙසු මණ්ඩපඤ්ච කාරෙත්වා අනෙකසහස්සා ඉසිගණා කිසවච්ඡස්ස තාපසස්ස චන්දනචිතකං කත්වා සරීරං ඣාපෙසුං. ආළාහනස්ස සමන්තා අඩ්ඪයොජනමත්තෙ ඨානෙ දිබ්බකුසුමවස්සං වස්සි. මහාසත්තො තස්ස සරීරනික්ඛෙපං කාරාපෙත්වා අස්සමං පවිසිත්වා තෙහි ඉසිගණෙහි පරිවුතො නිසීදි. තෙසම්පි රාජූනං නදීතීරං ආගතකාලෙ මහාසෙනාවාහනතූරියසද්දො අහොසි. මහාසත්තො තං සුත්වා අනුසිස්සං තාපසං ආමන්තෙත්වා “තාත, ත්වං ගන්ත්වා තාව ජානාහි, කිං සද්දො නාමෙසො”ති ආහ. සො පානීයඝටං ආදාය තත්ථ ගන්ත්වා තෙ රාජානො දිස්වා පුච්ඡනවසෙන පඨමං ගාථමාහ –
ඒ වේලාවේ ශක්‍ර දේවේන්ද්‍රයා පාණ්ඩුකම්බල ශෛලාසනයේ හුන්නේ, ප්‍රශ්න හතක් ගැන සිතා (සත්ත්වයන්ගේ පැන) මේ ප්‍රශ්න සරභංග ශාස්තෲන් වහන්සේ හැර සදේවක ලෝකයෙහි අනෙකකු නම් කීමට දක්ෂයෙක් නැත. උන්වහන්සේ ගෙන් මේ ප්‍රශ්න විචාරන්නෙමි’යි මේ රජවරු තිදෙනා සරභංග ශාස්තෲන්ගෙන් ප්‍රශ්න විචාරීමට ගෝදාවරී නදී තීරයට පැමිණියහ. මොවුන්ගෙන් ප්‍රශ්න මම ම විචාරන්නෙමියි. දිව්‍යලෝක දෙකක දේවතාවුන් පිරිවර ගෙන දිව්‍යලෝකයෙන් බැස්සේය. එදවසම කිසවච්ඡ තාපසයා කළුරිය කෙළේය. ඔහුගේ ශරීරය ආදාහනය කිරීමට ස්ථාන හතරක වාසය කරන නොයෙක් දහස් ගණන් සෘෂිවරුන් මණ්ඩපයක් ද කරවා, එක්තැනකට රැස්ව පස්වන ස්ථානයේ නොයෙක් දහස් ගණන් ඉසිවරු කිසවච්ඡ තාපසයාට සඳුන් සෑයක් කරවා, ශරීරය දවාලූහ. ආදාහනයට හාත්පස යොදුන් භාගයක් පමණ තැන දිව්යපුෂ්ප වර්ෂාවක් වැස්සේය. බෝධිසත්ත්වයෝ ඔහුගේ ශරීරය ආදාහනය කරවා, අසපුවට පිවිස ඒ සෘෂීන් සමූහයා විසින් පිරිවරන ලද්දෝ හුන්නාහ. ඒ රජවරුන් නදී තීරයට පැමිණි කල්හි, මහත් සේනාවකින් වෑහෙන සේ තූර්ය නාදයක් විය. බෝධිසත්ත්වයෝ එම ශබ්දය අසා අනුශිෂ්‍ය තාපසයා අමතා, දරුව; නුඹ ගොස් එම ශබ්ද කුමක්දැයි දැනගෙන එවයි කීහ. ඔහු පැන් කළයක් ගෙන, එතැනට ගොස් ඒ රජවරුන් දැක ප්‍රශ්න කිරීම් වශයෙන් පළමු ගාථාව කීවේය.
“අලඞ්කතා කුණ්ඩලිනො සුවත්ථා, වෙළුරියමුත්තාථරුඛග්ගබන්ධා; රථෙසභා තිට්ඨථ කෙ නු තුම්හෙ, කථං වො ජානන්ති මනුස්සලොකෙ”ති.
අලංකාර වූ ආභරණින් සැදි, මනා සළු පිළි පොරවා, වෙළුරුමිණි මාණික්‍ය වූ කොපු බැඳි කඩු ඇතිව රථයෙන් සපැමිණි නුඹලා කවරහුද? මිනිස් ලොව තොපි, කෙසේ දැනගනිත්ද?
තත්ථ වෙළුරියමුත්තාථරුඛග්ගබන්ධාති වෙළුරියමණීහි චෙව මුත්තාලම්බකෙහි ච අලඞ්කතථරූහි ඛග්ගරතනෙහි සමන්නාගතා. තිට්ඨථාති එකස්මිං රථෙ තිට්ඨථ. කෙ නූති කෙ නාම තුම්හෙ, කථං වො සඤ්ජානන්තීති?
එහි, වෙළුරියමුත්තා ථරුඛග්ග බන්ධා යනු වෛඩූර්ය මැණික්වලින් ද, වෛඩූර්ය මුතු ද එල්ලෙන්නා වූ අලංකෘත වූ කොපුවලින් යුතු මහාර්ඝ කඩුවලින් සමන්විත වූයේ යනුයි. තිට්ඨථ යනු, එක්තරා රථයක සිටිවු. කෙනූ යනු, නුඹලා කවරෙක් නම් වේද, තොපි කෙසේ හඳුනා ගනිත් ද යනුයි.
තෙ තස්ස වචනං සුත්වා රථා ඔතරිත්වා වන්දිත්වා අට්ඨංසු. තෙසු අට්ඨකරාජා තෙන සද්ධිං සල්ලපන්තො දුතියං ගාථමාහ –
ඔවුහු අනුශිෂ්‍ය තාපසයාගේ වචනය අසා, රථයෙන් බැස වැඳ සිටියහ. ඔවුන් අතරින් අට්ඨක රජු, ඔහු සමග කථාබහ කරමින් දෙවෙනි ගාථාව කීවේය.
“අහමට්ඨකො භීමරථො පනායං, කාලිඞ්ගරාජා පන උග්ගතොයං; සුසඤ්ඤතානං ඉසීනං දස්සනාය, ඉධාගතා පුච්ඡිතායෙම්හ පඤ්හෙ”ති.
මම අට්ඨක වෙමි. මේ තෙම භීමරථ වෙයි. මේ ප්‍රසිද්ධ වූ කාලිංග රජතුමා ය. මනා හික්මීම් ඇති සෘෂිවරුන් දැකීම පිණිස මෙහි පැමිණියෝ වෙමු. ප්රශ්නයන් ද විචාරමු.
තත්ථ උග්ගතොති චන්දො විය සූරියො විය ච පාකටො පඤ්ඤාතො. සුසඤ්ඤතානං ඉසීනන්ති, භන්තෙ, න මයං වනකීළාදීනං අත්ථාය ආගතා, අථ ඛො කායාදීහි සුසඤ්ඤතානං සීලසම්පන්නානං ඉසීනං දස්සනත්ථාය ඉධාගතා. පුච්ඡිතායෙම්හ පඤ්හෙති සරභඞ්ගසත්ථාරං පඤ්හෙ පුච්ඡිතුං එම්හ, ආගතාම්හාති අත්ථො. ය-කාරො බ්යඤ්ජනසන්ධිකරොති වෙදිතබ්බො.
එහි උග්ගතො යනු, සඳ හිරු මෙන් ප්‍රකට වූ ප්‍රඥාවෙන් යුක්ත බවයි. සුසඤ්ඤතානං ඉසීනං යනු, ස්වාමීනි, අපි වන ක්‍රීඩා ආදිය සඳහා නොපැමිණියෙමු. යළිඳු කායාදි මනා සංවරයෙන් යුතු, සීලවන්ත සෘෂීන් දැකීමට මෙහි පැමිණියෙමු. පුච්ඡිතායෙම්හ පඤ්හෙ යනු සරභංග ශාස්තෲන්ගෙන් ප්‍රශ්න විචාරීමට ආවේ වෙමු. අපගේ එම අර්ථයයි. යකාරය ව්‍යඤ්ජන සන්ධිය ඇති කරයි යන අර්ථය යයි දතයුතුය.
අථ නෙ තාපසො “සාධු මහාරාජා, ආගන්තබ්බට්ඨානඤ්ඤෙව ආගතාත්ථ, තෙන හි න්හත්වා විස්සමිත්වා අස්සමපදං පවිසිත්වා ඉසිගණං වන්දිත්වා සරභඞ්ගසත්ථාරමෙව පඤ්හං පුච්ඡථා”ති තෙහි සද්ධිං පටිසන්ථාරං කත්වා පානීයඝටං උක්ඛිපිත්වා උදකථෙවෙ පුඤ්ඡන්තො ආකාසං ඔලොකෙන්තො සක්කං දෙවරාජානං දෙවගණපරිවුතං එරාවණක්ඛන්ධවරගතං ඔතරන්තං දිස්වා තෙන සද්ධිං සල්ලපන්තො තතියං ගාථමාහ –
ඉක්බිති ඒ තාපසයා මහරජ; යහපති. ආයුතු තැනට ම පැමිණ තිබේ. එසේ වීනම් නා, පිරිසිදු වී. අසපුවට පිවිස සෘෂි ගණයා වැඳ ශාස්තෲන්ගෙන් ප්‍රශ්න විචාරවු යයි ඔවුන් සමග පිළිසඳර කථා කොට පැන් කළය ඔසවා ජලය ම පිස දමන්නේ අහස දෙස බ ලා ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය සේනාව පිරිවරන ලද්දෝ, ඓරාවණ හස්තිරාජයාණන්ගේ ශරීරය මතින් බසින්නහු දැක ඔහු සමග සල්ලාපයෙහි යෙදෙමින් තෙවෙනි ගාථාව කීවේය.
“වෙහායසං තිට්ඨසි අන්තලික්ඛෙ, පථද්ධුනො පන්නරසෙව චන්දො; පුච්ඡාමි තං යක්ඛ මහානුභාව, කතං තං ජානන්ති මනුස්සලොකෙ”ති.
අන්තරීක්ෂ පහයෙහි, පසළොස්වක චන්ද්‍රයා මෙන් සිටින්නෙහි, මහානුභාවැති යක්ෂය! ඔබගෙන් විචාරමි මිනිස්ලොව කෙසේ දනිත්ද?
තත්ථ වෙහායසන්ති අබ්භුග්ගන්ත්වා අන්තලික්ඛෙ ආකාසෙ තිට්ඨසි. පථද්ධුනොති පථද්ධගතො, අද්ධපථෙ ගගනමජ්ඣෙ ඨිතොති අත්ථො.
එහි වෙභාසයං යනු අහසෙහි පථද්ධුනො යනු මාර්ගයට බැසගත් අර්ථ පථයෙහි, ආකාශ මාර්ගයෙහි සිටියේ යන අර්ථයයි.
තං සුත්වා සක්කො චතුත්ථං ගාථමාහ –
ඒ අසා ශක්‍ර දේවේන්ද්‍රයා සිව්වෙනි ගාථාව කීවේය.
“යමාහු දෙවෙසු ‘සුජම්පතී’ති, ‘මඝවා’ති තං ආහු මනුස්සලොකෙ; ස දෙවරාජා ඉදමජ්ජ පත්තො, සුසඤ්ඤතානං ඉසීනං දස්සනායා”ති.
දෙව්ලෝවල සුජම්පති යයි යමෙකු ගැන කියද්ද මිනිස් ලොව මඝවා යයි ඇමතුවේද? මනාසේ හික්මුණු සෘෂිවරුන් දැකීම පිණිස සක්දෙව් රජ වන මම මේ අද පැමිණ සිටිමි.
තත්ථ ස දෙවරාජාති සො අහං සක්කො දෙවරාජා. ඉදමජ්ජ පත්තොති ඉදං ඨානං අජ්ජ ආගතො. දස්සනායාති දස්සනත්ථාය වන්දනත්ථාය සරභඞ්ගසත්ථාරඤ්ච පඤ්හං පුච්ඡනත්ථායාති ආහ.
එහි ස දේවරාජා යනු, ඒ මම ශක්‍ර දේවේන්ද්‍රයා වෙමි. ඉදමජ්ජපත්තො යනු මේ තැනට අද පැමිණියේ ය. දස්සනායා යනු දැකීම පිණිස වන්දනය පිණිස ද, සරභංග ශාස්තෲන්ගෙන් ප්‍රශ්න විචාරීම පිණිසදැයි කීවේය.
අථ නං අනුසිස්සො “සාධු, මහාරාජ, තුම්හෙ පච්ඡා ආගච්ඡථා”ති වත්වා පානීයඝටං ආදාය අස්සමපදං පවිසිත්වා පානීයඝටං පටිසාමෙත්වා තිණ්ණං රාජූනං දෙවරාජස්ස ච පඤ්හපුච්ඡනත්ථාය ආගතභාවං මහාසත්තස්ස ආරොචෙසි. සො ඉසිගණපරිවුතො මහාවිසාලමාළකෙ නිසීදි. තයො රාජානො ආගන්ත්වා ඉසිගණං වන්දිත්වා එකමන්තං නිසීදිංසු. සක්කොපි ඔතරිත්වා ඉසිගණං උපසඞ්කමිත්වා අඤ්ජලිං පග්ගය්හ ඨිතො ඉසිගණං වණ්ණෙත්වා වන්දමානො පඤ්චමං ගාථමාහ –
ඉක්බිති ඔහුට අනු ශිෂ්‍ය තෙම, යහපති මහරජ, නුඹලා පසුව පැමිණෙවු පැන් කළය ගෙන ආශ්රමයට පිවිස, පැන් කළය තැන්පත් කොට, රජවරුන් තිදෙනා ද, ශක්‍රයා ද, ප්‍රශ්න විචාරීම පිණිස පැමිණි බව බෝසතුන්ට දැනුම් දුන්නේය. එතුමා, සෘෂිවරුන් විසින් පිරිවරන ලදුව, මහත් විශාල මළුවක හුන්නේය. රජවරු තිදෙන පැමිණ සෘෂි සමූහයා වැඳ එකත්පසක හුන්නෝය. ශක්‍රයා ද බැස සෘෂි ගණයා වෙත එළඹ ඇඳිලි බැඳ සිටියේ සෘෂි සමූහයා වර්ණනා කොට, වන්දනා කරමින් පස්වෙනි ගාථාව කීවේය.
“දූරෙ සුතා නො ඉසයො සමාගතා, මහිද්ධිකා ඉද්ධිගුණූපපන්නා; වන්දාමි තෙ අයිරෙ පසන්නචිත්තො, යෙ ජීවලොකෙත්ථ මනුස්සසෙට්ඨා”ති.
ස්වාමීනි! මහානුභාව සම්පන්න, සෘද්ධි ගුණයෙන් යුක්ත අපගේ සෘෂිවරු රැස්වූවෝ යයි දුර සිටම අසන ලදි. මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ, මේ ජීවලෝකයෙහි ආර්ය උතුමන් ගැන පැහැදුනු සිත් ඇති ඔබලා වඳිමි.
තත්ථ දූරෙ සුතා නොති, භන්තෙ, අම්හෙහි තුම්හෙ දූරෙ දෙවලොකෙ ඨිතෙහියෙව සුතාති මමායන්තො එවමාහ. ඉදං වුත්තං හොති – ඉමෙ ඉධ සමාගතා අම්හාකං ඉසයො දූරෙ සුතා යාව බ්රහ්මලොකා විස්සුතා පාකටාති. මහිද්ධිකාති මහානුභාවා. ඉද්ධිගුණූපපන්නාති පඤ්චවිධෙන ඉද්ධිගුණෙන සමන්නාගතා. අයිරෙති, අය්යෙ. යෙති යෙ තුම්හෙ ඉමස්මිං ජීවලොකෙ මනුස්සෙසු සෙට්ඨාති.
එහි, දූරෙ සුතා නො යනු, ස්වාමීනි, නුඹලා අප කෙරෙන් දුර වූ දිව්‍ය ලෝකයෙහි සිටියේවා, මගේ පුතුන් යන හැඟීමෙන් මෙසේ කීවේය. එය මෙසේ ද කියන ලද්දේ වෙයි. මෙහි රැස්වූවා වූ අපගේ සෘෂිවරු, දුර සිට බ්‍රහ්මලෝකය දක්වා පැතිරුණු ප්‍රසිද්ධ වූවෝ යයි අසන ලදි. මහිද්ධිකා යනු මහානුභාව සම්පන්න නමි. අයිරෙ යනු ආර්ය ගුණයයි. යෙ යනු නුඹලා මේ ජීව ලෝකයෙහි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නහු බවයි.
එවං ඉසිගණං වණ්ණෙත්වා සක්කො ඡ නිසජ්ජදොසෙ පරිහරන්තො එකමන්තං නිසීදි. අථ නං ඉසීනං අධොවාතෙ නිසින්නං දිස්වා අනුසිස්සො ඡට්ඨං ගාථමාහ –
මෙසේ සෘෂි සමූහයා වර්ණනා කොට ශක්‍රයා සය වැදෑරුම් හිඳිනා ආකාරය දුරුකරමින් එකත්පසක හුන්නේය. ඉක්බිති ඒ සෘෂිවරුන්, යට පැත්තේ සිටිනවා දැක අනුශිෂ්යයා සවෙනි මේ ගාථාව කීය.
“ගන්ධො ඉසීනං චිරදික්ඛිතානං, කායා චුතො ගච්ඡති මාලුතෙන; ඉතො පටික්කම්ම සහස්සනෙත්ත, ගන්ධො ඉසීනං අසුචි දෙවරාජා”ති.
පැවිදිව බොහෝ කල්ගත වූ, සෘෂිවරුන් ගේ කයින් නික්මෙන ගඳ සුළඟින් හමාය යි. ශක්‍ර දේවේන්ද්රය! මෙතැනින් නික්මෙව, සෘෂිවරුන්ගේ ගඳ අපිරිසිදු යයි තාපසයා කීය.
තත්ථ චිරදික්ඛිතානන්ති චිරපබ්බජිතානං. පටික්කම්මාති පටික්කම අපෙහි. සහස්සනෙත්තාති ආලපනමෙතං. සක්කො හි අමච්චසහස්සෙහි චින්තිතං අත්ථං එකකොව පස්සති, තස්මා “සහස්සනෙත්තො”ති වුච්චති . අථ වා සහස්සනෙත්තානං පන දෙවානං දස්සනූපචාරාතික්කමනසමත්ථොති සහස්සනෙත්තා . අසුචීති සෙදමලාදීහි පරිභාවිතත්තා දුග්ගන්ධො, තුම්හෙ ච සුචිකාමා, තෙන වො එස ගන්ධො බාධතීති.
එහි චිරදික්ඛිතානං යනු පැවිදිව චිරරාත්රඥවීමයි. (බොහෝ කල්ය.) පටික්කම්මා යනු, නික්ම, පහවීමයි. සහස්සනෙත්තා යනු ශක්‍රයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමයි. ඇමතියන් දහසක් විසින් සිතිය යුතු අදහස, එකකු විසින්ම බලනු ලබයි. එහෙයින් සහස්ස නෙත්තො යයි කියනු ලැබේ. අසූචි යනු ඩහදිය මළ මුත්‍රාදිය මිශ්‍රවූ බැවින් දුර්ගන්ධ වේ. නුඹලා පිරිසිදු ක්‍රියා ඇති බැවින් එයින් තොපට එම ගන්ධය වළක්වයි.
තං සුත්වා සක්කො ඉතරං ගාථමාහ –
ඒ අසා ශක්‍රයා වෙනත් ගාථාවක් කීවේය.
“ගන්ධො ඉසීනං චිරදික්ඛිතානං, කායා චුතො ගච්ඡතු මාලුතෙන; විචිත්තපුප්ඵං සුරභිංව මාලං, ගන්ධඤ්ච එතං පාටිකඞ්ඛාම භන්තෙ; න හෙත්ථ දෙවා පටික්කූලසඤ්ඤිනො”ති.
චිරරාත්‍රඥ වූ සෘෂිවරුන් ගේ සුවඳ කයින් චුතව සුළඟින් යේවා, විචිත්‍ර වූ පුෂ්පයන් මෙන්ද සුවඳ මාලාව ද, ස්වාමීනි, මේ සුවඳ කැමති වෙමු. මෙහිලා දෙවිවරු පිළිකුල් හැඟීම ඇතිකර නොගනිති.
තත්ථ ගච්ඡතූති යථාසුඛං පවත්තතු, නාසපුටං නො පහරතූති අත්ථො. පාටිකඞ්ඛාමාති ඉච්ඡාම පත්ථෙම. එත්ථාති එතස්මිං ගන්ධෙ දෙවා ජිගුච්ඡසඤ්ඤිනො න හොන්ති. දුස්සීලෙයෙව හි දෙවා ජිගුච්ඡන්ති, න සීලවන්තෙති.
එහි, ගච්ඡතු යනු යම් සුඛයක් පවතීවාද? අපගේ නාස්පුඩු පහරාවා යන අර්ථයයි. පටිකංඛාමා යනු, කැමැතිවෙමු. ප්‍රාර්ථනා කරමු. එත්ථ යනු මේ සුවඳ කෙරෙහි දෙවිවරු පිළිකුල් සහගත හැඟීමක් නොවෙත් යනුයි. දුශ්ශීලයෝම පිළිකුල් කරත්. දෙවිවරු සිල්වතුන් පිළිකුල් නොකරත්.
එවඤ්ච පන වත්වා “භන්තෙ, අනුසිස්ස අහං මහන්තෙන උස්සාහෙන පඤ්හං පුච්ඡිතුං ආගතො, ඔකාසං මෙ කරොහී”ති ආහ. සො තස්ස වචනං සුත්වා උට්ඨායාසනා ඉසිගණං ඔකාසං කරොන්තො ගාථාද්වයමාහ –
ස්වාමීනි, මෙසේද කියා, අනුසිස්ස මම මහත් උත්සාහයෙන් ප්‍රශ්න විචාරීමට පැමිණියෙම්, මට ඉඩ ප්‍රස්තාවක් ලබාදෙන්නැයි කීවේය. ඔහු ඔහුගේ වචන අසා අසුනින් නැගිට, සෘෂි සමූහයෙන් ඉඩකඩක් අවසරයක් කරන්නේ මේ ගාථා දෙක කීවේය.
“පුරින්දදො භූතපතී යසස්සී, දෙවානමින්දො සක්කො මඝවා සුජම්පති; ස දෙවරාජා අසුරගණප්පමද්දනො, ඔකාසමාකඞ්ඛති පඤ්හ පුච්ඡිතුං.
පුරින්දද, භූතපති, යසස්සී, දේවානමින්ද, මඝවා සුජම්පතී යන නම්වලින් හඳුන්වන, කීර්තිමත් ශක්‍ර දිව්‍යරාජ වූ ඒ දෙව්රජ අසුර සේනා මර්දනය කළ සේක්, ප්‍රශ්න විචාරීමට අවසර පතයි.
“කො නෙවිමෙසං ඉධ පණ්ඩිතානං, පඤ්හෙ පුට්ඨො නිපුණෙ බ්යාකරිස්සති; තිණඤ්ච රඤ්ඤං මනුජාධිපානං, දෙවානමින්දස්ස ච වාසවස්සා”ති.
මේ ලෝකයෙහි පණ්ඩිතයන්ගෙන් කවරකු විමසන සුළු වූයේද ප්‍රශ්න විචාරණ කල්හි, සියුම් නුවණින් ප්‍රතිඋත්තර දෙන්නේද, මනුජාධිපතින් වූ රජවරුන් තිදෙනා ද ශක්‍ර දේවේන්ද්‍රයා ද මෙහි සිටිත්.
තත්ථ “පුරින්දදො”තිආදීනි සක්කස්සෙව ගුණනාමානි. සො හි පුරෙ දානං දින්නත්තා පුරින්දදො, භූතෙසු ජෙට්ඨකත්තා භූතපති, පරිවාරසම්පදාය යසස්සී, පරමිස්සරතාය දෙවානමින්දො, සත්තන්නං වත්තපදානං සුට්ඨු කතත්තා සක්කො, පුරිමජාතිවසෙන මඝවා, සුජාය අසුරකඤ්ඤාය පතිභාවෙන සුජම්පති, දෙවානං රඤ්ජනතාය දෙවරාජා. කො නෙවාති කො නු එව. නිපුණෙති සණ්හසුඛුමෙ පඤ්හෙ. රඤ්ඤන්ති රාජූනං. ඉමෙසං චතුන්නං රාජූනං මනං ගහෙත්වා කො ඉමෙසං පණ්ඩිතානං ඉසීනං පඤ්හෙ කථෙස්සති, පඤ්හං නෙසං කථෙතුං සමත්ථං ජානාථාති වදති.
එහි, පුරින්දදො යනාදියෙන් ශක්රයාගේම ගුණනාම ප්‍රකාශිත වේ. ඔහු වනාහි පෙර දානාදිය දෙන ලද බැවිනි. පුරින්දදො සත්ත්වයන් අතර ජ්‍යෙෂ්ඨ බැවින් භූතපති නමි. පරිවාර සම්පත්තියෙන්, යසස්සි නම් වේ. පරම අධිපති බැවින් දේවානමින්දො නම් වේ. සත්පුරුෂ ලෙසින් වත් පිළිවෙත් මැනවින් ඉටුකළ බැවින් සක්කො යනු වේ. පෙර ජාති වශයෙන් උපත ලද මඝවා නමිනි. මනාසේ උපන් අසුර කන්‍යාවගේ ස්වාමි භාවයෝ සුජම්පති වූයේය. දෙවියන්ගේ සිත් සතුටු කරවන බැවින් දේවරාජා වේ. කොනෙවා යනු කවරෙක්ම වේද යනුයි. නිපුණෙ යනු සියුම් මෘදු ලෙස ප්‍රශ්න කෙරෙහි බලයි යන අර්ථයයි. රඤ්ඤං යනු, මේ රජවරුන්ගේ ද, සතරවරම් රජ දරුවන්ගේ ද සිත් ගෙන, මේ උගත් සෘෂිවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේය. ප්‍රශ්න ඔවුන්ට කීමට සමත් බව දනිව් යයි කියයි.
තං සුත්වා ඉසිගණො, “මාරිස, අනුසිස්ස ත්වං පථවියං ඨත්වා පථවිං අපස්සන්තො විය කථෙසි, ඨපෙත්වා සරභඞ්ගසත්ථාරං කො අඤ්ඤො එතෙසං පඤ්හං කථෙතුං සමත්ථො”ති වත්වා ගාථමාහ –
ඒ අසා සෘෂි සමූහයා නිදුකාණෙනි, අනුසිස්ස නුඹ පොළෝ තලයේ සිට පොළොව නොදකිනවා මෙන් කථා කෙළේය. සරභංග ශාස්තෲන් වහන්සේ හැර අන් කවරෙකු ඔවුන්ගේ ප්‍රශ්න කීමට සමර්ථ වෙත්දැයි කියා ගාථාව කීවේය.
“අයං ඉසි සරභඞ්ගො තපස්සී, යතො ජාතො විරතො මෙථුනස්මා; ආචෙරපුත්තො සුවිනීතරූපො, සො නෙසං පඤ්හානි වියාකරිස්සතී”ති.
ආචාර්ය පුත්‍ර වූ, සුවිනීත රූපශෝභා ඇති හටගත් මෛථුන රතියෙන් වැලකුණු කීර්තිමත් මේ සරභංග සෘෂීන් වහන්සේ වූ හෙතෙම ඔවුන්ගේ ප්‍රශ්න විචාරන්නේයි.
තත්ථ සරභඞ්ගොති සරෙ ඛිපිත්වා ආකාසෙ සරපාසාදාදීනි කත්වා පුන එකෙන සරෙන තෙ සරෙ පාතෙන්තො භඞ්ගවිභඞ්ගෙ අකාසීති සරභඞ්ගො. මෙථුනස්මාති මෙථුනධම්මතො. සො කිර මෙථුනං අසෙවිත්වා පබ්බජිතො. ආචෙරපුත්තොති රඤ්ඤො ආචරියස්ස පුරොහිතස්ස පුත්තො.
එහි සරභංගො යනු, හී තළ අහසට විද අහසෙහි හී වළල්ලක් කොට, නැවත එක හීයකින්, බිම වැටෙන්නා වූ හීතළ සුණු විසුණු කෙරේනුයි, සරභංග නම් වූයේ, මෙථූනස්මා යනු මෛථුන ධර්මයෙන් වෙන් වූ යනුවෙනි. ඔහු වනාහි මෛථූන සේවනය නොකරම පැවිදි වූයේය. ආචරිය පුත්තො යනු රජුගේ ගුරුතුමා වූ පුරෝහිතයාගේ පුත්‍රයාය.
එවඤ්ච පන වත්වා ඉසිගණො අනුසිස්සං ආහ – “මාරිස, ත්වමෙව සත්ථාරං වන්දිත්වා ඉසිගණස්ස වචනෙන සක්කෙන පුච්ඡිතපඤ්හකථනාය ඔකාසං කාරෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා සත්ථාරං වන්දිත්වා ඔකාසං කාරෙන්තො අනන්තරං ගාථමාහ –
මෙසේ ද කියා සෘෂිගුණ තෙමේ අනුශිෂ්යයාට මෙසේ කීවේය. නිදුකාණෙනි; ඔබ ම ශාස්තෲන් වැඳ සෘෂි ගණයාගේ වචනයෙන්, ශක්‍රයා විසින් විමසන ලද ප්‍රශ්න විසඳීම පිණිස අවසරයක් කරවවයි යනුයි. ඔහු යහපතැයි පිළිගෙන ශාස්තෲන් වැඳ අවසරයක් ලබන්නේ අනතුරුව ගාථාව කීවේය.
“කොණ්ඩඤ්ඤ පඤ්හානි වියාකරොහි, යාචන්ති තං ඉසයො සාධුරූපා; කොණ්ඩඤ්ඤ එසො මනුජෙසු ධම්මො, යං වුද්ධමාගච්ඡති එස භාරො”ති.
මනා යහපත් ගුණ ඇති සෘෂිවරු යමක් ප්‍රකාශ කරත්ද, කොණ්ඩඤ්ඤ, ගෝත්‍ර ඇති සෘෂිවරයාණන් වහන්ස, ප්‍රශ්න විසඳනු යනුයි. නුවණින් වැඩිදියුණු වූ යම්බඳු ශ්‍රේෂ්ඨයකු වෙතොත් ප්‍රශ්න විසඳීම ඔහුට අයත්ය යනු මිනිසුන් අතර පවත්නා මතයයි.
තත්ථ කොණ්ඩඤ්ඤාති තං ගොත්තෙනාලපති. ධම්මොති සභාවො. යං වුද්ධන්ති යං පඤ්ඤාය වුද්ධං පුරිසං එස පඤ්හානං විස්සජ්ජනභාරො නාම ආගච්ඡති, එසො මනුජෙසු සභාවො, තස්මා චන්දිමසූරියසහස්සං උට්ඨාපෙන්තො විය පාකටං කත්වා දෙවරඤ්ඤො පඤ්හෙ කථෙහීති.
එහි, කොණ්ඩඤ්ඤ යනු, ඒ ගෝත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කිරීමය. ධම්මො යනු සත්‍ය ධර්මයයි. යං වුඩ්ඪං යනු, යම් ප්‍රඥා වෘද්ධියෙන් යුතු පුරුෂයකු, මේ ප්රශ්නයන් විසඳීමේ වගකීම භාරගැනීමට පැමිණේද? හෙතෙම මිනිසුන් අතර සත්‍ය ධර්මයෙන් යුතු වේ. එබැවින් සඳ හිරු දහසක් නැගී සිටින්නාක් මෙන් ප්‍රකට කොට රජුගේ ප්‍රශ්න කියවයි යනුයි.
තතො මහාපුරිසො ඔකාසං කරොන්තො අනන්තරං ගාථමාහ –
ඉක්බිති බෝධිසත්ත්ව තෙමෙ අවසරය දෙන්නේ අනතුරුව ගාථාව කීවේය.
“කතාවකාසා පුච්ඡන්තු භොන්තො, යං කිඤ්චි පඤ්හං මනසාභිපත්ථිතං; අහඤ්හි තං තං වො වියාකරිස්සං, ඤත්වා සයං ලොකමිමං පරඤ්චා”ති.
යම් ප්‍රශ්නයක් මනසින් කැමතිවන ලදද පැතුවේද? කරන ලද අවසරය ඇත්තේ පින්වතුන් එය අසත්වා. මෙලොව පරලොව මැනවින් දැන මම ඒ ඒ ප්‍රශ්න තොපට විමසා දෙන්නෙමි.
තත්ථ යං කිඤ්චීති න කෙවලං තුම්හාකංයෙව, අථ ඛො සදෙවකස්සපි ලොකස්ස යං මනසාභිපත්ථිතං, තං මං භවන්තො පුච්ඡන්තු. අහඤ්හි වො ඉධලොකනිස්සිතං වා පරලොකනිස්සිතං වා සබ්බං පඤ්හං ඉමඤ්ච පරඤ්ච ලොකං සයං පඤ්ඤාය සච්ඡිකත්වා කථෙස්සාමීති සබ්බඤ්ඤුපවාරණං සම්පවාරෙසි.
එහි යං කිඤ්චි යනු, හුදෙක් නුඹලා පමණක් නොව සදේවක ලෝකයාගේ යම්බඳු වූ, මනසට නැගුණු ප්‍රශ්නයක් වේද, එය මගෙන් පින්වත්හු විචාරත්වා. මම වනාහි, මෙලොව ඇසුරුකොට ඇත්තේ හෝ පරලොව ඇසුරුකොට ඇත්තේ තොපගේ ඒ සියලු ප්‍රශ්න ද, මෙලොව හෝ පරලොව හෝ ස්වයංභූඥානයෙන් ප්රත්යක්ෂ කොට කියන්නෙමියි සර්වඥයන් වහන්සේ පැවරීම් නිම කළ සේක.
එවං තෙන ඔකාසෙ කතෙ සක්කො අත්තනා අභිසඞ්ඛතං පඤ්හං පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ එතුමාණන් විසින් අවසර දුන් කල්හි, ශක්‍ර දේවේන්ද්‍රයා තමා විසින් රැස්කළ ප්රශ්නය විචාළේය. එම අර්ථය ප්‍රකාශ කරයි. ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තතො ච මඝවා සක්කො, අත්ථදස්සී පුරින්දදො; අපුච්ඡි පඨමං පඤ්හං, යඤ්චාසි අභිපත්ථිතං.
පුරින්දද වූ, අර්ථදක්නා සුළුවූ මඝවා නම් වූ සක් දෙව් රජ අනතුරුව යම්බඳු ප්‍රාර්ථනාවක් විමසීමක් කෙළේද? ඒ අනුව පළමු ප්රශ්නය විචාළේය.
“කිං සූ වධිත්වා න කදාචි සොචති, කිස්සප්පහානං ඉසයො වණ්ණයන්ති; කස්සීධ වුත්තං ඵරුසං ඛමෙථ, අක්ඛාහි මෙ කොණ්ඩඤ්ඤ එතමත්ථ”න්ති.
කවර දෙයක් විනාශකොට කිසිදා ශෝක නොකරයිද? කුමන දෙයක් දුරුකිරීම සෘෂිවරු වර්ණනා කරත් ද? මේ ලෝකයෙහි කවරෙක් රළු බස් ඉවසවු ද? කොණ්ඩඤ්ඤය, මේ අර්ථය මට කියව.
තත්ථ යඤ්චාසීති යං තස්ස මනසා අභිපත්ථිතං ආසි, තං පුච්ඡීති අත්ථො. එතන්ති එතං මයා පුච්ඡිතමත්ථං අක්ඛාහි මෙති එකගාථාය තයො පඤ්හෙ පුච්ඡි.
එහි යඤ්චාසී යනු ඔහුගේ මනසට යමක් ප්‍රාර්ථනා වීද එයයි. එය විචාළේය යන අර්ථයයි. එතං යනු එය මා විසින් විචාරණ ලද්දේ, එම අර්ථය කියවයි යන අර්ථයයි. එක ගාථාවකින් ප්‍රශ්න තුනක් විචාළේය.
තතො පරං බ්යාකරොන්තො ආහ –
අනතුරුව එය විමර්ශනය කරමින් මෙසේ කීය.
“කොධං වධිත්වා න කදාචි සොචති, මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති; සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ, එතං ඛන්තිං උත්තමමාහු සන්තො”ති.
ක්‍රෝධය දුරුකොට කිසිදා ශෝක නොකරයි. ගුණමකු බව දුරුකිරීම සෘෂිවරු වර්ණනා කරත්. සියලු ආකාර ඵරුෂ රළු වචන ඉවසවු යයි කියන ලදි. ඒවා ඉවසීම උතුම් ක්ෂාන්තිය යයි සත්පුරුෂයෝ කීහ.
තත්ථ කොධං වධිත්වාති කොධං මාරෙත්වා ඡඩ්ඩෙත්වා. සොචන්තො හි පටිඝචිත්තෙනෙව සොචති, කොධාභාවා කුතො සොකො. තෙන වුත්තං “න කදාචි සොචතී”ති. මක්ඛප්පහානන්ති පරෙහි අත්තනො කතගුණමක්ඛනලක්ඛණස්ස අකතඤ්ඤුභාවසඞ්ඛාතස්ස මක්ඛස්ස පහානං ඉසයො වණ්ණයන්ති. සබ්බෙසන්ති හීනමජ්ඣිමුක්කට්ඨානං සබ්බෙසම්පි ඵරුසං වචනං ඛමෙථ. සන්තොති පොරාණකා පණ්ඩිතා එවං කථෙන්ති.
එහි කොධං වධිත්වා යනු ක්‍රෝධය විනාශකර ශෝක කරන්නේ. තරහ සිතින් ම ශෝක කරයි. ක්‍රෝධයෙන් යුතුව කරන ලද. ශෝකය එයින් කියන ලදි. න කදාචි සෝචතී යනුවෙනි. මක්ඛප්පහාණං යනු අනුන් විසින් තමන්ගේ කෘතගුණ අවස්ථාව ලක්ෂණය අකෘතඥ භාව සංඛ්‍යාත මැකීමේ ස්වභාවය. සෘෂිවරු වර්ණනා කරත්. සබ්බෙසං යනු හීන මධ්‍යම කලකිරුණු සියලු දෙනාගේ ම රළු වචන ඵරුෂ බස් ඉවසවු යනුයි. සන්තො යනු පුරාණ පඬිවරු මෙසේ කියත්.
සක්කො ආහ –
ශක්‍රයා මෙසේ ඇසීය.
“සක්කා උභින්නං වචනං තිතික්ඛිතුං, සදිසස්ස වා සෙට්ඨතරස්ස වාපි; කථං නු හීනස්ස වචො ඛමෙථ, අක්ඛාහි මෙ කොණ්ඩඤ්ඤ එතමත්ථ”න්ති.
සමාන වූවාහුගේ හෝ ශ්‍රේෂ්ඨ වූවාහුගේ හෝ දෙපාර්ශවයේම රළු පරුෂ වචන ඉවසීමට හැක්කේය. හීනයාගේ වචනය කෙසේනම් ඉවසමු ද කොණ්ඩඤ්ඤය; මේ අර්ථය මට කියව.
සරභඞ්ගො ආහ –
සරභංග මෙසේ කීවේය.
“භයා හි සෙට්ඨස්ස වචො ඛමෙථ, සාරම්භහෙතූ පන සාදිසස්ස; යො චීධ හීනස්ස වචො ඛමෙථ, එතං ඛන්තිං උත්තමමාහු සන්තො”ති. –
බිය නිසා ශ්‍රේෂ්ඨයා ගේ වචන ඉවසන්නේය. එකට එක කිරීම ද හා සමානයාගේ වචන ඉවසන්නේය. යමෙක් හීන වූවහුගේ වචනය ඉවසන්නේනම් මේ ඉවසීම සත්පුරුෂයෝ උතුම් ශාන්තිය යයි කීහ.
එවමාදීනං ගාථානං වචනප්පටිවචනවසෙන සම්බන්ධො වෙදිතබ්බො.
මේ ආදී ගාථාවන්ගේ වචන ප්‍රතිවචන වශයෙන් ඇති සම්බන්ධය දැනගත යුත්තාහ.
තත්ථ අක්ඛාහි මෙති, භන්තෙ කොණ්ඩඤ්ඤ, තුම්හෙහි ද්වෙ පඤ්හා සුකථිතා, එකො මෙ චිත්තං න ගණ්හාති, කථං සක්කා අත්තනො හීනතරස්ස වචනං අධිවාසෙතුං, තං මම අක්ඛාහීති පුච්ඡන්තො එවමාහ. එතං ඛන්තින්ති යදෙතං ජාතිගොත්තාදිහීනස්ස වචනං ඛමනං, එතං ඛන්තිං උත්තමන්ති පොරාණකපණ්ඩිතා වදන්ති. යං පනෙතං ජාතිආදීහි සෙට්ඨස්ස භයෙන, සදිසස්ස කරණුත්තරියලක්ඛණෙ සාරම්භෙ ආදීනවදස්සනෙන ඛමනං, නෙසා අධිවාසනඛන්ති නාමාති අත්ථො.
එහි, අක්ඛාහි මෙ යනු, ස්වාමීනි; කොණ්ඩඤ්ඤය. නුඹලා විසින් ප්‍රශ්න දෙකක් මනා සේ විසඳන ලදි. එකක් මගේ සිත් නොගනී. තමාට වඩා හීන වූවහුගේ වචන කෙසේ ඉවසීමට හැකිවේද? එය මට කියවයි. විචාරන්නේ ම මෙසේ කීවේය. එතං ඛන්තිං යනු, යම් මේ ජාති කුල වශයෙන් හීන වූවහුගේ වචන ඉවසීම උතුම් මේ ඉවසීම යයි පුරාණ පඬිවරු කියත්. යම් බඳු වූ ජාති ආදියෙන් ශ්‍රේෂ්ඨ වූවහුගේ, බියෙන් හෝ ඒ හා සමාන ගති පැවතුම් කරණ කොටගෙන එකට එක කිරීමේ ආදීනව දැකීමෙන් ඉවසීම, මෙය අධිකතර වූ ඉවසීම නම් නොවේ යන අර්ථයයි.
එවං වුත්තෙ සක්කො මහාසත්තං ආහ – “භන්තෙ, පඨමං තුම්හෙ ‘සබ්බෙසං වුත්තං ඵරුසං ඛමෙථ, එතං ඛන්තිං උත්තමමාහු සන්තො’ති වත්වා ඉදානි ‘යො චීධ හීනස්ස වචො ඛමෙථ, එතං ඛන්තිං උත්තමමාහු සන්තො’ති වදථ, න වො පුරිමෙන පච්ඡිමං සමෙතී”ති. අථ නං මහාසත්තො, “සක්ක, පච්ඡිමං මයා ‘අයං හීනො’ති ඤත්වා ඵරුසවචනං අධිවාසෙන්තස්ස වසෙන වුත්තං, යස්මා පන න සක්කා රූපදස්සනමත්තෙන සත්තානං සෙට්ඨාදිභාවො ඤාතුං, තස්මා පුරිමං වුත්ත”න්ති වත්වා සත්තානං අඤ්ඤත්ර සංවාසා රූපදස්සනමත්තෙන සෙට්ඨාදිභාවස්ස දුවිඤ්ඤෙය්යතං පකාසෙන්තො ගාථමාහ –
මෙසේ කී කල්හි ශක්‍රයා බෝසතුන්ට මෙසේ කීවේය. ස්වාමීනි; පළමුව ඔබ විසින් සියලු දෙනාම කියන ලද රළු පරුෂ වචන ඉවසවු යන මෙය උතුම් වන්නේ යයි පවසා, දැන් යම් බඳු හීනයකු ගේ වචනද ඉවසවු. එය ද උත්තම වේ යයි කීහ. පළමුව කී වචනය පසුව කී වචන හා සමාන නොවේ දැයි කිවූය. ඉක්බිති ඔහුට, බෝධිසත්ත්වයෝ, ශක්‍රය; මා විසින් පසුව; මේ තෙම හීනයයි දැන, ඵරුෂ වචන ඉවසන්නහුගේ වශයෙන් කියන ලදි. යම්හෙයකින් රූප දර්ශන මාත්‍රයෙන් සත්ත්වයන්ගේ ශ්රේෂ්ඨාදි ගුණ භාව ප්‍රකාශ කිරීමට නොහැකිය. එහෙයින්, පළමුව කියන ලද්දේ යයි පවසා, සත්ත්වයන්ගේ වෙනත් සංවාසයෙන් දැකීම් මාත්‍රයෙන් ශ්රේෂ්ඨාදී ගුණ භාව දැනගැනීම අයහපත් බව ප්‍රකාශ කරමින් මේ ගාථාව කීහ.
“කථං විජඤ්ඤා චතුපත්ථරූපං, සෙට්ඨං සරික්ඛං අථවාපි හීනං; විරූපරූපෙන චරන්ති සන්තො, තස්මා හි සබ්බෙසං වචො ඛමෙථා”ති.
සතර ඉරියව්වෙන් වැසීගිය ස්වභාව ඇත්තහු ශ්‍රේෂ්ඨයයි කියාත්, සමාන යයි කියාත්, වැළිඳු හීනයයි කියාත්, කෙසේ නම් දැනගන්නේද? උතුම් සත්පුරුෂයෝ ද ලාමකයන්ගේ ස්වරූපයෙන් හැසිරෙත්. එහෙයින් ශ්‍රේෂ්ඨ - සමාන, පහත් සියල්ලන්ගේම ඵරුෂ වචන ඉවසන්නේය.
තත්ථ චතුපත්ථරූපන්ති චතූහි ඉරියාපථෙහි පටිච්ඡන්නසභාවං. විරූපරූපෙනාති විරූපානං ලාමකපුග්ගලානං රූපෙන උත්තමගුණා සන්තොපි විචරන්ති. ඉමස්මිං පනත්ථෙ මජ්ඣන්තිකත්ථෙරස්ස වත්ථු කථෙතබ්බං.
එහි, චතුමට්ඨරූපං යනු, සතර ඉරියව්වලින් වැසී තිබෙන ස්වභාවයයි. විරූපරූපෙන යනු, විරූපී වූ, ලාමක පුද්ගලයන්ගේ ස්වරූපයෙන් උතුම් ගුණ ඇති සත්පුරුෂයෝ ද හැසිරෙත්. මේ අර්ථයෙහිලා මජ්ඣන්තික තෙරුන්ගේ කථා වස්තුව පැවසිය යුතුය.
තං සුත්වා සක්කො නික්කඞ්ඛො හුත්වා, “භන්තෙ, එතාය නො ඛන්තියා ආනිසංසං කථෙහී”ති යාචි. අථස්ස මහාසත්තො ගාථමාහ –
ඒ අසා ශක්‍ර දේවේන්ද්‍රයා නිසැකව ස්වාමීනි; අපට මේ ඉවසීමේ ආනිශංස වදාරවු යයි ඉල්ලීය. ඉක්බිති ඔහුට බෝධිසත්ත්වයෝ මේ ගාථාව වදාළහ.
“න හෙතමත්ථං මහතීපි සෙනා, සරාජිකා යුජ්ඣමානා ලභෙථ; යං ඛන්තිමා සප්පුරිසො ලභෙථ, ඛන්තීබලස්සූපසමන්ති වෙරා”ති.
ඉවසනසුළු සත්පුරුෂයා යම් අර්ථයක් ලබයිද, යුද ජයගන්නා වූ රජුන් සහිත බලසෙනග එබඳු අර්ථයක් යහපතක් නොලබන්නේය. ඉවසීමේ බලයෙන් වෛරයෝ සන්සිඳෙත්.
තත්ථ එතමත්ථන්ති එතං වෙරවූපසමනිප්පටිඝසභාවසඞ්ඛාතං අත්ථං.
එහි එතමත්ථං යනු, වෛරය සංසිඳවන පටිඝයෙන් තොරව යන අර්ථයයි.
එවං මහාසත්තෙන ඛන්තිගුණෙ කථිතෙ තෙ රාජානො චින්තයිංසු – “සක්කො අත්තනොව පඤ්හෙ පුච්ඡති, අම්හාකං පුච්ඡනොකාසං න දස්සතී”ති. අථ නෙසං අජ්ඣාසයං විදිත්වා සක්කො අත්තනා අභිසඞ්ඛතෙ චත්තාරො පඤ්හෙ ඨපෙත්වාව තෙසං කඞ්ඛං පුච්ඡන්තො ගාථමාහ –
මෙසේ බෝසතුන් විසින් ක්ෂාන්ති ගුණය කියන ලද කල්හි, ඒ රජවරු මෙසේ සිතූහ. ශක්‍රයා තමන්ගේ ප්‍රශ්න විචාරයි. අපගේ ප්‍රශ්නවලට ඉඩක් අවසරයක් නොපෙන්වයි. ඉක්බිති ඔවුන්ගේ අදහස් දැන ශක්‍රයා තමන් විසින් සකස් කරගත් ප්‍රශ්න සතර හැරදමා, ඔවුන්ගේ සැකය ගැන විචාරමින් මේ ගාථා කියන ලදි.
“සුභාසිතං තෙ අනුමොදියාන, අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි; යථා අහුං දණ්ඩකී නාළිකෙරො, අථජ්ජුනො කලාබු චාපි රාජා; තෙසං ගතිං බ්රූහි සුපාපකම්මිනං, කත්ථූපපන්නා ඉසීනං විහෙඨකා”ති.
සුභාෂිත වදන් අනුමෝදන් වෙමින් අන් කරුණක් විචාරමි. එබැවින් එහි අදහස වදාරන්න. දණ්ඩකී, නාළිකීර, එසේම අජ්ජුන සහ කලාබුයන රජවරු අතිශයින් කරන ලද පාප ක්‍රියා ඇත්තාහු ඔවුන්ගේ පාප කර්මයන්ගේ ස්වභාවය ඔවුන්ට පවසන්න. සෘෂිවරුන්ට වෙහෙස කරවන දේවල් කළ ඔවුහු කොහි උපන්නෝ ද?
තත්ථ අනුමොදියානාති ඉදං මයා පුට්ඨානං තිණ්ණං පඤ්හානං විස්සජ්ජනසඞ්ඛාතං තව සුභාසිතං අනුමොදිත්වා. යථා අහුන්ති යථා චත්තාරො ජනා අහෙසුං. කලාබු චාති කලාබුරාජා ච. අථජ්ජුනොති අථ අජ්ජුනරාජා.
එහි අනුමෝදියානා යනු, මේ මා විසින් විචාරණ ලද ප්‍රශ්න තුනේ විසඳීම් වශයෙන්, ඔබගේ යහපත් වචන අනුමෝදන් වී යන අර්ථයි. යථා අහු යනු යම් නමක් විය. කලාබුවා යනු කලාබු රජතුමා වේ.
අථස්ස විස්සජ්ජෙන්තො මහාසත්තො පඤ්ච ගාථායො අභාසි –
අනතුරුව ඔහුට විසඳුම් වශයෙන් බෝධිසත්ත්වයෝ ගාථා පහක් වදාළ සේක.
“කිසඤ්හි වච්ඡං අවකිරිය දණ්ඩකී, උච්ඡින්නමූලො සජනො සරට්ඨො; කුක්කුළනාමෙ නිරයම්හි පච්චති, තස්ස ඵුලිඞ්ගානි පතන්ති කායෙ.
දණ්ඩකී නම් රජ කිසවච්ඡ තාපසයන්ට අපරාධ කොට සපිරිවරින් රටවැසියා සහිතව කිසිදු පිහිටක් නැතිව කුක්කුල නම් නරකයෙහි පැසෙයි. ඔහුගේ ශරීරයේ සහළඟුරු වැටේ.
“යො සඤ්ඤතෙ පබ්බජිතෙ අහෙඨයි, ධම්මං භණන්තෙ සමණෙ අදූසකෙ; තං නාළිකෙරං සුනඛා පරත්ථ, සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමානං.
යමෙක් හික්මුණු පැවිද්දන් හිංසා පීඩා කිරීමට ලක්කරයිද? ධර්මය දේශනා කරන්නා වූ සංයත වූ ශ්රමණයන් නිරපරාදේ දූෂ්‍ය කළේද? ඒ නාළිකීර රජු ඔහු, පරලොවදී කම්පාවට පත් ව සුනඛයෝ රැස්වී කා දමත්.
“අථජ්ජුනො නිරයෙ සත්තිසූලෙ, අවංසිරො පතිතො උද්ධංපාදො; අඞ්ගීරසං ගොතමං හෙඨයිත්වා, ඛන්තිං තපස්සිං චිරබ්රහ්මචාරිං.
අර්ජුන නම් රජු, ඉවසීම් ඇති, බොහෝකල් රක්නා බඹසර ඇති, ගෞතම ගෝත්‍රයෙහි අංගීරස නම් තාපසයන්ට හිංසාකොට සත්තිසූල නම් නරකයෙහි හිස යටිකුරුව පා උඩුකුරුව වැටුණේය.
“යො ඛණ්ඩසො පබ්බජිතං අඡෙදයි, ඛන්තිං වදන්තං සමණං අදූසකං; කලාබුවීචිං උපපජ්ජ පච්චති, මහාපතාපං කටුකං භයානකං.
යම් රජෙක් ක්ෂාන්තිය වැඩූ, නිරපරාධ වූ සන්හිඳුවන ලද පව් ඇති, ක්ෂාන්තිවාදී තාපසයන් කඩ කඩ කොට කපා දැමී ද? ඒ කලාබු රජ මහත් වූ කටුක වූ දුක් ඇති අවීචියේ ඉපිද පැසේ.
“එතානි සුත්වා නිරයානි පණ්ඩිතො, අඤ්ඤානි පාපිට්ඨතරානි චෙත්ථ; ධම්මං චරෙ සමණබ්රාහ්මණෙසු, එවංකරො සග්ගමුපෙති ඨාන”න්ති.
ශක්‍රය! නුවණැත්තෝ මේ නරකයන් ද, මෙයටත් වඩා දුක් සහිත පාපිෂ්ඨ නරකයන් ද අසා දැන, මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිර, දෙව්ලොවට පැමිණෙන්නේ යයි පැවසීය.
තත්ථ කිසන්ති අප්පමංසලොහිතත්තා කිසසරීරං. අවකිරියාති අවකිරිත්වා නිට්ඨුභනදන්තකට්ඨපාතනෙන තස්ස සරීරෙ කලිං පවාහෙත්වා. උච්ඡින්නමූලොති උච්ඡින්නමූලො හුත්වා. සජනොති සපරිසො. කුක්කුළනාමෙ නිරයම්හීති යොජනසතප්පමාණෙ කප්පසණ්ඨිතෙ උණ්හඡාරිකනිරයෙ. ඵුලිඞ්ගානීති වීතච්චිතඞ්ගාරා. තස්ස කිර තත්ථ උණ්හකුක්කුළෙ නිමුග්ගස්ස නවහි වණමුඛෙහි උණ්හා ඡාරිකා පවිසන්ති, සීසෙ මහන්තමහන්තා අඞ්ගාරා පතන්ති. තෙසං පන පතනකාලෙ සකලසරීරං දීපරුක්ඛො විය ජලති, බලවවෙදනා වත්තන්ති. සො අධිවාසෙතුං අසක්කොන්තො මහාවිරවං රවති. සරභඞ්ගසත්ථා පථවිං භින්දිත්වා තං තත්ථ තථාපච්චමානං දස්සෙසි, මහාජනො භයසන්තාසමාපජ්ජි. තස්ස අතිවිය භීතභාවං ඤත්වා මහාසත්තො තං නිරයං අන්තරධාපෙසි.
එහි, කිසං යනු අල්ප වූ මස් ලේ සහිත කෘශ වූ ශරීරයයි. අවකිරියා යනු, විසුරුවා, කෙළ වැගිරෙන දත් ලොඹු පහතට වැටීමෙන් ද, ඔහුගේ සිරුර හානියට පැමිණ සේදී ගොස් යනුයි. උච්ඡින්නමූලො යනු, ඉදූරූ මුල් ඇතිව, සජනො යනු, පිරිවර සහිතවයි. කුක්කුලනාමේ නිරයම්හි යනු, යොදුන් සියයක් ප්‍රමාණ වූ කල්පයකින් පමණ පැසවන උණු අළු අපායෙහි යනුයි. ඵුලිංගානි යනු පැසවණ දිළිසෙන අඟුරු ඇති බවයි. ඔහුගේ වනාහි, එහි උණු අළු අතරෙහි නිමග්න වූවහුට තුවාල වණ නමයකින් උණු අළු පිවිසෙයි. හිසෙහි මහත් මහත් වූ අඟුරු වැටෙයි. ඒවා වැටෙන කාලයෙහි මුළු සිරුරම පහන් රුකක් මෙන් බබළයි. බලවත් වේදනා පවතියි. ඔහු ඒවා ඉවසීමට නොහැකිවන්නේ මහා හඬින් විලාප දෙයි. සරභංග ශාස්තෲන් වහන්සේ පොළොව බිඳ එහි එසේ පැසවන්නා වූ ඔහු දුටු සේක. මහජනයා බිය සන්ත්‍රාසයට පත්වූහ. ඔහුගේ අතිශය බියසුළු බව දැන බෝසත් තෙම ඒ අපාය අතුරුදන් කරවීය.
ධම්මං භණන්තෙති දසකුසලකම්මපථධම්මං භාසන්තෙ. සමණෙති සමිතපාපෙ. අදූසකෙති නිරපරාධෙ. නාළිකෙරන්ති එවංනාමකං රාජානං. පරත්ථාති පරලොකෙ නිරයෙ නිබ්බත්තං. සඞ්ගම්මාති ඉතො චිතො ච සමාගන්ත්වා ඡින්දිත්වා මහන්තමහන්තා සුනඛා ඛාදන්ති. තස්මිං කිර කලිඞ්ගරට්ඨෙ දන්තපුරනගරෙ නාළිකෙරෙ නාම රඤ්ඤෙ රජ්ජං කාරයමානෙ එකො මහාතාපසො පඤ්චසතතාපසපරිවුතො හිමවන්තා ආගම්ම රාජුය්යානෙ වාසං කප්පෙත්වා මහාජනස්ස ධම්මං දෙසෙසි. “ධම්මිකතාපසො උය්යානෙ වසතී”ති රඤ්ඤොපි ආරොචයිංසු. රාජා පන අධම්මිකො අධම්මෙන රජ්ජං කාරෙසි. සො අමච්චෙසු තාපසං පසංසන්තෙසු “අහම්පි ධම්මං සුණිස්සාමී”ති උය්යානං ගන්ත්වා තාපසං වන්දිත්වා නිසීදි. තාපසො රඤ්ඤා සද්ධිං පටිසන්ථාරං කරොන්තො “කිං, මහාරාජ, ධම්මෙන රජ්ජං කාරෙසි, ජනං න පීළෙසී”ති ආහ. සො තස්ස කුජ්ඣිත්වා “අයං කූටජටිලො එත්තකං කාලං නාගරානං සන්තිකෙ මමඤ්ඤෙව අගුණං කථෙසි මඤ්ඤෙ, හොතු ජානිස්සාමී”ති චින්තෙත්වා “ස්වෙ අම්හාකං ඝරද්වාරං ආගච්ඡෙය්යාථා”ති නිමන්තෙත්වා පුනදිවසෙ පුරාණගූථස්ස චාටියො පරිපූරාපෙත්වා තාපසෙසු ආගතෙසු තෙසං භික්ඛාභාජනානි ගූථස්ස පූරාපෙත්වා ද්වාරං පිදහාපෙත්වා මුසලානි ච ලොහදණ්ඩෙ ච ගාහාපෙත්වා ඉසීනං සීසානි භින්දාපෙත්වා ජටාසු ගාහාපෙත්වා කඩ්ඪාපෙත්වා සුනඛෙහි ඛාදාපෙත්වා තත්ථෙව භින්නං පථවිං පවිසිත්වා සුනඛමහානිරයෙ නිබ්බත්තති, තත්රස්ස තිගාවුතප්පමාණසරීරං අහොසි. අථ නං මහන්තමහන්තා මහාහත්ථිප්පමාණා පඤ්චවණ්ණා සුනඛා අනුබන්‍ධිත්‍වා ඩංසිත්වා නවයොජනාය ජලිතඅයපථවියා පාතෙත්වා මුඛපූරං ලුඤ්චන්තා විප්ඵන්දමානං ඛාදිංසු. මහාසත්තො පථවිං ද්විධා භින්දිත්වා තං නිරයං දස්සෙත්වා මහාජනස්ස භීතභාවං ඤත්වා අන්තරධාපෙසි.
ධම්මං භණන්තෙ යනු, දසකුසල කර්ම මාර්ග ප්‍රකාශ කිරීමයි. සමණෙ යනු පාපයෙන් වෙන්වූ හික්මුණු. අදූසකෙ යනු නිරපරාදේ යනුයි. නාළිකීර යනු එබඳු නම් ඇති රජතුමාය. පරත්ථා යනු, පරලොව අපායේ උපත ලැබීමයි. සංගම්ම යනු ඔබ-මොබ රැස්වී, සිඳ මහත් අතිමහත් සුනඛයෝ කා දමත්. එසමයෙහි කලිඟුරට දන්තපුර නම් නගරයේ නාළිකීර නම් රජු රාජ්‍යය කරවන සමයේ එක් මහා තාපසයෙක් පන්සියයක් තවුසන් පිරිවරාගෙන හිමාලයෙන් අවුත් රජ උයනේ කල්ගතකොට මහජනතාවට ධර්මය දේශනා කෙළේය. ධාර්මික තාපසයා රජ උයනේ වාසය කරයි යන පුවත රජුට ද දැනුම් දුන්හ. රජු වනාහි, අධාර්මික වූයේ අදැහැමින් රාජ්‍යය කරවීය. ඔහු ඇමතියන් අතර තාපසයා ප්‍රශංසා කරන්නෙකුව සිට, මම ද ධර්මය අසන්නෙමියි උයනට ගොස් තාපසයා වැඳ හුන්නේය. තාපසයා රජු සමග පිළිසඳර කථා කරන්නේ මහරජ; කිම ධර්මයෙන් රාජ්‍යය කරහිද, මහජනයා නොපෙළහිදැයි කීවේය. ඔහු තවුසාට කිපී මේ හොර ජටිලයා මෙපමණ කලක් නගරවාසීන් සමීපයේ මගේම අගුණ කීවේයයි හඟින්නේ වේවා එය දැනගන්නෙමියි සිතා හෙට, අපගේ ගෙදොරට පැමිණේවායි ඇරයුම් කොට, ඊළඟ දවසෙහි පැරණි අසූචි සැළි පුරවා තබා, තාපසයන් පැමිණි කල්හි ඔවුන්ගේ භික්ෂාගාර භාජන අසූචි පුරවා දොර වසා මෝල්ගස් ද, ලෝහ දණ්ඩක් ද ගෙන්වා ගෙන සෘෂිවරුන්ගේ හිස් බිඳ, ජටා අතරින් අල්ලාගෙන නෙරපා ඇද දමා, බල්ලන් ලවා කවවා, එතැනම පොළව පලාගෙන සුනඛ මහා නිරයේ උපන්නේය. එවිට ඔහුගේ සිරුර ගවු තුනක් පමණ විය. ඉක්බිති ඔහුට මතහ් අතිමහත් මහ ඇතකුගේ ප්‍රමාණ වූ, වර්ණ පහකින් යුතු සුනඛයෝ ලුහුබැඳ, දෂ්ටකොට (සපා කා) යොදුන් නමයක් පමණ දිළිසෙන, පොළොවට වැටී කට පිරෙන තරම් උගුල්ලමින් සපාකමින් පෙරළමින් කෑවාහුය. බෝධිසත්ත්වයෝ පොළව දෙබෑකොට එම අපාය පෙන්වා, මහජනයාට බියජනක බව දැන අතුරුදන් වූ සේක.
අථජ්ජුනොති සහස්සබාහුරාජා. අඞ්ගීරසන්ති අඞ්ගෙහි රංසීනං නිච්ඡරණතො එවංලද්ධනාමං. හෙඨයිත්වාති විහෙඨෙත්වා විසපීතකණ්ඩෙන විජ්ඣිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා. සො කිර අජ්ජුනො නාම රාජා මහිසකරට්ඨෙ කෙතකරාජධානියං රජ්ජං කාරෙන්තො මිගවං ගන්ත්වා මිගෙ වධිත්වා අඞ්ගාරපක්කමංසං ඛාදන්තො විචරි. අථෙකදිවසං මිගානං ආගමනට්ඨානෙ කොට්ඨකං කත්වා මිගෙ ඔලොකයමානො අට්ඨාසි. තදා සො තාපසො තස්ස රඤ්ඤො අවිදූරෙ එකං කාරරුක්ඛං අභිරුහිත්වා ඵලානි ඔචිනන්තො ඔචිනිතඵලසාඛං මුඤ්චි. තස්සා විස්සට්ඨාය සද්දෙන තංඨානං පත්තා මිගා පලායිංසු. රාජා කුජ්ඣිත්වා තාපසං විසමිස්සිතෙන සල්ලෙන විජ්ඣි. සො පරිගලිත්වා පතන්තො මත්ථකෙන ඛදිරඛාණුකං ආසාදෙත්වා සූලග්ගෙයෙව කාලමකාසි. රාජා තඞ්ඛණෙයෙව ද්විධා භින්නං පථවිං පවිසිත්වා සත්තිසූලනිරයෙ නිබ්බත්ති, තිගාවුතප්පමාණං සරීරං අහොසි. තත්ර තං නිරයපාලා ජලිතෙහි ආවුධෙහි කොට්ටෙත්වා ජලිතං අයපබ්බතං ආරොපෙන්ති. පබ්බතමත්ථකෙ ඨිතකාලෙ වාතො පහරති, සො වාතප්පහාරෙන පරිගලිත්වා පතති. තස්මිං ඛණෙ හෙට්ඨා නවයොජනාය ජලිතඅයපථවියා මහාතාලක්ඛන්ධප්පමාණං ජලිතං අයසූලං උට්ඨහති. සො සූලග්ගමත්ථකෙයෙව ආසාදෙත්වා සූලාවුතො තිට්ඨති. තස්මිං ඛණෙ පථවී ජලති, සූලං ජලති, තස්ස සරීරං ජලති. සො තත්ථ මහාරවං රවන්තො පච්චති. මහාසත්තො පථවිං ද්විධා කත්වා තං නිරයං දස්සෙත්වා මහාජනස්ස භීතභාවං ඤත්වා අන්තරධාපෙසි.
අථජ්ජුනො යනු, සහස්සබාහු රජතුමායි. අංගීරස යනු, ශරීර අංගවලින් රැස් විහිදෙන්නේ මෙසේ එම නම ලබන ලද්දේ වෙයි. හෙඨයිත්වා යනු, වෙහෙසවා විෂ පෙවූ ඊතලයකින් විද, ජීවිතක්ෂයට පමුණුවා යනුයි. ඒ අජ්ජුන නම් රජු මහිංසක රටෙහි කේක රාජධානියෙහි රාජ්‍යය කරවන්නේ, මුව භූමියට ගොස් මුවන් පෙළා, අඟුරුවලින් පිසන ලද මස් කමින් හැසිරෙයි. ඉක්බිති එක දවසක් මුවන් පැමිණෙන මාර්ගයේ කොටුවක් සාදා මුවන් එන මග බලමින් සිටියේය. එකල තාපසයා ඒ රජුට නුදුරින් එක් කර ගසකට නැග, ගෙඩි කඩමින් ද කඩන ලද ගෙඩි අත්තෙන් මුදවීය. ඒ ගෙඩි විසිකරන ශබ්දයෙන් ඒ ස්ථානයට පැමිණි මුවෝ පලා ගියහ. රජ කිපී විෂ සහිත හුලකින් විද්දේය. තාපසයා ගිලිහී වැටෙන්නේ, මත්තෙහි වූ කිහිරි කණුවක උල අග ඇනී, පීඩාවට පැමිණ කළුරිය කෙළේය. රජ ඒ මොහොතේ ම දෙපලු වූ පොළොවට පිවිස තියුණු හුල් ඇති නිරයේ උපන්නේය. තුන් ගව් පමණ වූ ශරීරයක් ද විය. එහි යමපල්ලෝ දිළිසෙන ආයුධවලින් කොටා, දිළිසෙන යකඩ පර්වතයකට නංවාලති. පර්වත මුදුනෙහි සිටි කාලයේ සුළඟ හමයි. ඔහු වාත වේගයෙන් ගිලිහී යළි වැටෙයි. එකෙනෙහි, නව යොදුනක් පමණ යට, දිළිසෙන යකඩ පොළොවෙහි මහත් තල්කඳක ප්රමාණැති, දිළිසෙන යකඩ හුලක් නැගී සිටියි. ඔහු හුල අග මුදුනෙහි නංවා හුලෙන් අනින්නාක් මෙන් සිටියි. ඒ මොහොතේ පොළව දිළිසෙයි. හුල සෙළවෙයි. ඔහුගේ සිරුර ද කම්පා වෙයි. ඔහු එහි දී මහත් හඬින් නාද කරමින් කෑගසමින් පැසවයි. බෝධිසත්ත්වයෝ මහාපොළොව දෙපරිදි කොට ඒ අපාය මහජනයාට පෙන්වා, බියකරු බව දන්වා අතුරුදන් විය.
ඛණ්ඩසොති චත්තාරො හත්ථපාදෙ කණ්ණනාසඤ්ච ඛණ්ඩාඛණ්ඩං කත්වා. අදූසකන්ති නිරපරාධං. තථා ඡෙදාපෙත්වා ද්වීහි කසාහි පහාරසහස්සෙහි තාළාපෙත්වා ජටාසු ගහෙත්වා ආකඩ්ඪාපෙත්වා පටිකුජ්ජං නිපජ්ජාපෙත්වා පිට්ඨියං පණ්හියා පහරිත්වා මහාදුක්ඛසමප්පිතං අකාසි. කලාබුවීචින්ති කලාබු අවීචිං. කටුකන්ති තිඛිණවෙදනං, එවරූපං නිරයං උපපජ්ජිත්වා ඡන්නං ජාලානං අන්තරෙ පච්චති. විත්ථාරතො පන කලාබුරඤ්ඤො වත්ථු ඛන්තිවාදිජාතකෙ (ජා· 1.4.49-52) කථිතමෙව. අඤ්ඤානි පාපිට්ඨතරානි චෙත්ථාති එතෙහි නිරයෙහි පාපිට්ඨතරානි ච අඤ්ඤානි නිරයානි සුත්වා. ධම්මං චරෙති, සක්ක දෙවරාජ, පණ්ඩිතො කුලපුත්තො න කෙවලං එතෙයෙව චත්තාරො නිරයා, එතෙයෙව ච රාජානො නෙරයිකා, අථ ඛො අඤ්ඤෙපි නිරයා, අඤ්ඤෙපි ච රාජානො නිරයෙසු උප්පන්නාති විදිත්වා චතුපච්චයදානධම්මිකාරක්ඛාවරණසංවිධානසඞ්ඛාතං සමණබ්රාහ්මණෙසු ධම්මං චරෙය්යාති.
ඛණ්ඩසො යනු, අත් පා සතර, කණ නාසය ද, කැබලි කැබලි කොට යනුයි. අදූසකං යනු නිකරුණේ එසේ සිඳවා කස පහර දහසකින් තළවා ජටාවලින් ඔහු ගෙන ඇද, මුණින් අතට හිඳුවා පිටට පාදයෙන් පහරදී මහ දුකක් ඇති කෙළේය. කලාබුච්චිං යනු, කලාබු නම් නිරයයි. කටුකං යනු තියුණු වේදනාවයි. මෙබඳු ආකාර වූ අපායේ ඉපිද, තියුණු දැල් අතර පැසවයි. විස්තර වශයෙන් නම්, කලාබු රජුගේ කථා වස්තුව ද, ක්ෂාන්තිවාදි ජාතකයේ එන කථාවද වේමය. අඤ්ඤානි පාපිට්ඨතරානි චෙත්ථා යනු, මේ නිරයවලින් පාපතර වූ වෙනත් නිරයන් ගැන අසා යනුයි. ධම්මඤ්චරෙ යනු, ශක්‍ර දේවරාජය, නැණවත් කුලපුත්‍රයා මේ සතර අපායගාමී නොවේ. හුදෙක් මේ රජවරු ද අපායගාමීහු නොවෙති. අනෙක් නිරයේ ද අනෙක් රජවරු ද නිරයන්හි උපන්නෝ යයි දැන, සිවුපස දානයෙන්ද, ධාර්මික රැකවරණ සංඛ්යාතව ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ධර්මයෙහි හැසිරෙන්නේය.
එවං මහාසත්තෙන චතුන්නං රාජූනං නිබ්බත්තට්ඨානෙ දස්සිතෙ තයො රාජානො නික්කඞ්ඛා අහෙසුං. තතො සක්කො අවසෙසෙ චත්තාරො පඤ්හෙ පුච්ඡන්තො ගාථමාහ –
මෙසේ බෝසතුන් විසින් සිවු රජවරුන් උපන් තැන් දැක්වූ කල්හි, රජවරු තිදෙනා සැක නැත්තෝ වූහ. ඉක්බිති ශක්‍රයා ඉතිරි ප්‍රශ්න හතර විමසීම් වශයෙන් මේ ගාථාව කීවේය.
“සුභාසිතං තෙ අනුමොදියාන, අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි; කථංවිධං සීලවන්තං වදන්ති, කථංවිධං පඤ්ඤවන්තං වදන්ති; කථංවිධං සප්පුරිසං වදන්ති, කථංවිධං නො සිරි නො ජහාතී”ති.
පින් අනුමෝදන් වෙමින් සුභාෂිත වදන් කියන්නේ, වෙනත් කරුණක් ද විචාරයි. පින්වතාණනි, එය වදාරන්න. කවර අයුරකින් සීලවන්ත යයි කියත් ද? කවර අයුරකින් ප්‍රඥාවන්ත යයි කියත් ද? කවර අයුරකින් සත්පුරුෂ යයි කියත් ද? කවර අයුරකින් අපගේ සෞභාග්‍යය දුරුනොකර පවතින්නේ ද?
තත්ථ කථංවිධං නො සිරි නො ජහාතීති කථංවිධං නු පුරිසං පටිලද්ධසිරී න ජහාතීති.
එහි කථං විධං නො සිරිනො ජහාති යනු පුරුෂයා විසින් ලබන ලද සිරි සෞභාග්‍යය දුරු නොවන්නේ කෙසේද යන ආකාරයයි.
අථස්ස විස්සජ්ජෙන්තො මහාසත්තො චතස්සො ගාථායො අභාසි –
එය ඔහුට විසඳා දෙමින්, බෝධිසත්ත්වයෝ ගාථා සතරක් වදාළහ.
“කායෙන වාචාය ච යොධ සඤ්ඤතො, මනසා ච කිඤ්චි න කරොති පාපං; න අත්තහෙතූ අලිකං භණෙති, තථාවිධං සීලවන්තං වදන්ති.
කයින් වචනයෙන් හෝ ලොකු හැඟීමකින් යුතුව සිතින් ද කිසි පාප කර්මයක් නොකරයිද? ආත්මාර්ථය පිණිස මුසාවාද නොබිණී ද? එබඳු තැනැත්තා සීලවන්ත යයි පවසත්.
“ගම්භීරපඤ්හං මනසාභිචින්තයං, නාච්චාහිතං කම්ම කරොති ලුද්දං; කාලාගතං අත්ථපදං න රිඤ්චති, තථාවිධං පඤ්ඤවන්තං වදන්ති.
ගැඹුරු ප්‍රශ්න මනසින් සිතමින්, ඉතා අහිතකර වූ රෞද්‍ර කර්මයන් නොකරයි ද, සුදුසු කාලය පැමිණි කල අර්ථ සිද්ධිය නො සලකා නොහරිද? තැනැත්තා ප්‍රඥාවන්ත යයි පවසත්.
“යො වෙ කතඤ්ඤූ කතවෙදි ධීරො, කල්යාණමිත්තො දළ්හභත්ති ච හොති; දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං, තථාවිධං සප්පුරිසං වදන්ති.
යම් නැණවතෙක් කෙළෙහිගුණ දන්නේ වේද? කල්‍යාණ මිත්‍ර වූයේ දැඩි භක්තිය විශ්වාසය ඇත්තේ වේද? දුකට පත් වූ මිත්‍රයාගේ කෘත්‍යය සකසා ඉටුකරයිද? එබඳු තැනැත්තා සත්පුරුෂ යයි පවසත්.
“එතෙහි සබ්බෙහි ගුණෙහුපෙතො, සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ; සඞ්ගාහකං සඛිලං සණ්හවාචං, තථාවිධං නො සිරි නො ජහාතී”ති.
මෙබඳු ආකාර සියළු ගුණයන්ගෙන් යුක්ත වූයේ ශ්‍රද්ධාව, මෘදුබව, දාන ශීලාදී බෙදීම, ප්‍රියවචන බිණීම, සතර සංග්‍රහ වස්තු, ආදි ගුණයන්ගෙන් යුක්ත වූයේ එබඳු ආකාරයෙන් ලැබගත් ශ්‍රී කාන්තාව සෞභාග්‍යය දුරු නොකරන්නේය.
තත්ථ “කායෙනා”තිආදීනි පදානි තිවිධසුචරිතද්වාරවසෙන වුත්තානි. න අත්තහෙතූති දෙසනාසීසමෙවෙතං, අත්තහෙතු වා පරහෙතු වා යසහෙතු වා ධනහෙතු වා ලාභහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා අලිකං න කථෙතීති අත්ථො. කාමඤ්චෙස අත්ථො “වාචාය සඤ්ඤතො”ති ඉමිනාව සිද්ධො, මුසාවාදිනො පන අකත්තබ්බං පාපං නාම නත්ථීති ගරුභාවදීපනත්ථං පුන එවමාහාති වෙදිතබ්බො. තං පුග්ගලං සීලවන්තං වදන්ති.
එහි කායෙන ආදියෙන් ත්‍රිවිධ සුචරිත වූ දොරටු වශයෙන් කියන ලදි. න අත්තහේතු යනු දේශනා කිරීම් ආදියයි. තමාගේ අර්ථ සිද්ධිය අනුන්ගේ යහපත, ධනහේතු, යසහේතු, ලාභහේතු හෝ කිසියම් ආමිෂ ලාභයක් නිසා මුසාවාද ප්‍රකාශ නොකරයි යන අර්ථයයි. කාමය ද මේ අර්ථයෙන් දතයුතු. වාචාය සඤ්ඤතො යනු මේ අයුරින් මුසාවාදාදිය තුළින් පාපයක් නැතැයි යන අදහස ඉස්මතු නොකිරීමය.
ගම්භීරපඤ්හන්ති අත්ථතො ච පාළිතො ච ගම්භීරං ගුළ්හං පටිච්ඡන්නං සත්තුභස්තජාතක- (ජා· 1.7.46 ආදයො) සම්භවජාතක- (ජා· 1.16.138 ආදයො) මහාඋමඞ්ගජාතකෙසු (ජා· 2.22.590 ආදයො) ආගතසදිසං පඤ්හං. මනසාභිචින්තයන්ති මනසා අභිචින්තෙන්තො අත්ථං පටිවිජ්ඣිත්වා චන්දසහස්සං සූරියසහස්සං උට්ඨාපෙන්තො විය පාකටං කත්වා යො කථෙතුං සක්කොතීති අත්ථො. නාච්චාහිතන්ති න අතිඅහිතං, හිතාතික්කන්තං ලුද්දං ඵරුසං සාහසිකකම්මඤ්ච යො න කරොතීති අත්ථො. ඉමස්ස පනත්ථස්ස ආවිභාවත්ථං –
ගම්භීර පඤ්හං යනු අර්ථයෙන් ද, පෙළෙන් ද ගැඹුරු වූ, සැඟවුණු වැසුණු, සත්තුභත්ත ජාතක, සම්භව ජාතක, උම්මග්ග ජාතක ආදියෙහි ප්‍රකට වන ඒ හා සමාන ප්‍රශ්න වේ. මනසා විචින්තයං යනු සිතින් සිතමින් අර්ථය අවබෝධ කොට සඳ-හිරු දහස බැගින් නැගී එන්නාක් මෙන් ප්‍රකට කොට, යමෙක් කීමට හැකිවේද? එබඳු අර්ථයයි. නාච්චාහිතං යනු ඉතා අහිතකර වූ හිතකර බව ඉක්මවා ගිය, ලොල් වූ ඵරුෂ වූ සාහසික කර්මයන් යමෙක් නොකරයිද යන අර්ථයයි. මේ අර්ථය තවදුරටත් බෙදා දක්වනු පිණිස මෙසේ දක්වයි.
“න පණ්ඩිතා අත්තසුඛස්ස හෙතු, පාපානි කම්මානි සමාචරන්ති; දුක්ඛෙන ඵුට්ඨා පිළිතාපි සන්තා, ඡන්දා දොසා ච න ජහන්ති ධම්ම”න්ති. –
පණ්ඩිතයෝ තමන්ගේ සැප පිණිස පාප කර්මයන් රැස් නොකරති. සත්පුරුෂයෝ දුකසේ ඡන්දය ද ද්වේෂය ද පෝෂණය නොකර පරාජය කරත්. ධර්මය දුරු නොකරත්.
භූරිපඤ්හො කථෙතබ්බො.
ගැඹුරු වූ ප්‍රඥාව කිවයුතුය.
කාලාගතන්ති එත්ථ දානං දාතබ්බකාලෙ, සීලං රක්ඛණකාලෙ, උපොසථං උපවාසකාලෙ, සරණෙසු පතිට්ඨානකාලෙ, පබ්බජිතකාලෙ, සමණධම්මකරණකාලෙ, විපස්සනාචාරස්මිං යුඤ්ජනකාලෙ චාති ඉමානි දානාදීනි සම්පාදෙන්තො කාලාගතං අත්ථපදං න රිඤ්චති න හාපෙති න ගළාපෙති නාම. තථාවිධන්ති සක්ක සබ්බඤ්ඤුබුද්ධා ච පච්චෙකබුද්ධා ච බොධිසත්තා ච පඤ්ඤවන්තං කථෙන්තා එවරූපං පුග්ගලං කථෙන්ති.
කාලගතං යනු, මෙහි දන්දිය යුතු කාලයෙහි, සිල්රැකිය යුතු කාලයෙහි, පෙහෙවස් සමාදන්වන කාලයෙහි සරණශීලයේ පිහිටන කාලයෙහි, පැවිදිවන කාලයෙහි ශ්‍රමණ ධර්ම රකින කාලයෙහි, විදර්ශනා භාවනා වඩනා කාලයෙහි මේ දානාදිය සම්පාදනය කරන කාලයයි. අත්ථපදං න රිඤ්චති යනු නොපිරිහෙළයි නම් වේ. තථාවිධං යනු ශක්‍රය; සර්වඥ බුද්ධ, පසේබුද්ධ, මහාබෝධිසත්වවරුද ප්‍රඥාවන්තව කථාකරන්නා වූ එබඳු ආකාර පුද්ගලයා කියත්.
“යො වෙ”ති ගාථාය පරෙන අත්තනො කතගුණං ජානාතීති කතඤ්ඤූ. එවං ඤත්වා පන යෙනස්ස ගුණො කතො, තස්ස ගුණං පටිකරොන්තො කතවෙදී නාම. දුඛිතස්සාති අත්තනො සහායස්ස දුක්ඛප්පත්තස්ස දුක්ඛං අත්තනි ආරොපෙත්වා යො තස්ස උප්පන්නකිච්චං සහත්ථෙන සක්කච්චං කරොති, බුද්ධාදයො එවරූපං සප්පුරිසං නාම කථෙන්ති. අපිච සප්පුරිසා නාම කතඤ්ඤූ කතවෙදිනො හොන්තීති සතපත්තජාතක- (ජා· 1.3.85-87) චූළහංසජාතක- (ජා· 1.15.133 ආදයො) මහාහංසජාතකාදීනි (ජා· 2.21.89 ආදයො) කථෙතබ්බානි. එතෙහි සබ්බෙහීති සක්ක යො එතෙහි හෙට්ඨා වුත්තෙහි සීලාදීහි සබ්බෙහිපි ගුණෙහි උපෙතො. සද්ධොති ඔකප්පනසද්ධාය සමන්නාගතො. මුදූති පියභාණී. සංවිභාගීති සීලසංවිභාගදානසංවිභාගාභිරතත්තා සංවිභාගී. යාචකානං වචනං ඤත්වා දානවසෙන වදඤ්ඤූ. චතූහි සඞ්ගහවත්ථූහි තෙසං තෙසං සඞ්ගණ්හනතො සඞ්ගාහකං, මධුරවචනතාය සඛිලං, මට්ඨවචනතාය සණ්හවාචං තථාවිධං නු පුග්ගලං අධිගතයසසොභග්ගසඞ්ඛාතා සිරී නො ජහාති, නාස්ස සිරී විනස්සතීති.
යො වෙ යනු මේ අනෙකකු විසින් තමාගේ කෘතගුණය දනියි යන කතඤ්ඤු වේ. මෙසේ දැන යමකු විසින් යමෙකුට යම් හොඳ දෙයක් කරන ලද්දේද එම ගුණයට පෙරළා කටයුතු කිරීම කතවේදී නම් වේ. දුඛිතස්ස යනු තමන්ගේ දුකට පත්වූ සහායකයාට පත් දුක, තමා කෙරෙහි ආරෝපණය කර, යමෙක් ඔහුට හටගත් වැඩ සහයෝගයෙන් සකසා ඉටු කරයිද? බුදුවරු ආදීහු මෙබඳු රූප ඇත්තා සත්පුරුෂ නමින් පවසත්. තවද, සත්පුරුෂයෝ නම් කෘතඥ වූ කෘතවේදී වූවෝ ම වෙත්, යයි සතපත්ත ජාතකය, චුල්ලහංස, මහාහංස ජාතකාදියෙන් කිවයුතුය. ඒතෙහි සබ්බෙහි යනු, ශක්‍ර දේවරාජය; යමෙක් මෙබඳු යට කියන ලද ශීලාදි සියළු ගුණයන්ගෙන් යුක්ත බව සද්ධො යනු විශ්වාස කළ ශ්‍රද්ධාවෙන් යුක්ත බවය. මුදු යනු, ප්‍රිය තෙපුල් ඇති බවයි. සංවිභාගී යනු, ශීල බෙදීම, දාන බෙදීම් ආදියෙහි ඇලුණා වූ සංවිභාගී ක්‍රමය යාචකයන්ගේ වචන දැන දාන වශයෙන් බොහෝ කොට සැපයීමයි. සංගාහකං යනු සතර සංග්‍රහ වස්තුවලින් යුක්ත වූයේ ඒ ඒ දේවලින් සංග්‍රහ කරන්නේ සංග්‍රාහකයා මිහිරි වචනයෙන් යුක්ත වූයේ සඛිලං නම් වේ. මුදුමොළොක් වචන ඇති බැවින් සණ්හවාචං නම් වේ. තථා විධං නො යනු, යසසින් හා ලාභ අග්‍ර වූ උසස් වූ එබඳු ආකාර පුද්ගලයාය. සිරි නො ජහාති ඔහුගේ ශ්‍රියාව විනාශ නො වන්නේනුයි.
එවං මහාසත්තො ගගනතලෙ පුණ්ණචන්දං උට්ඨාපෙන්තො විය චත්තාරො පඤ්හෙ විස්සජ්ජෙසි. තතො පරං සෙසපඤ්හානං පුච්ඡා ච විස්සජ්ජනඤ්ච හොති –
මෙසේ බෝධිසත්ත්වයෝ අහස්තලයේ පූර්ණ චන්ද්‍රයා නැගී එන්නාක් මෙන් ප්‍රශ්න සතර විසඳූහ. ඉන් අනතුරුව සෙසු ප්රශ්නයන් විචාරීම ද, විසඳීම ද වෙයි. ශක්‍රයා කීවේය.
“සුභාසිතං තෙ අනුමොදියාන, අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි; සීලං සිරිඤ්චාපි සතඤ්ච ධම්මං, පඤ්ඤඤ්ච කං සෙට්ඨතරං වදන්ති.
සුභාෂිත බස් තෙපලන පින් අනුමෝදන් කරන ශ්‍රේෂ්ඨයන් වහන්ස, වෙනත් ප්‍රශ්නයක් විචාරමි. කියනු මැනවි ශීලය ද, ඓශ්වර්ය ද සත්පුරුෂ ධර්මය ද ප්‍රඥාව ද, කවරෙක් මෙයින් ශ්‍රේෂ්ඨතර වේ ද?
බෝධිසත්ත්වයෝ මෙසේ කීහ.
“පඤ්ඤා හි සෙට්ඨා කුසලා වදන්ති, නක්ඛත්තරාජාරිව තාරකානං; සීලං සිරී චාපි සතඤ්ච ධම්මො, අන්වායිකා පඤ්ඤවතො භවන්ති.
තරු අතරින් චන්ද්‍රයාම ප්‍රධාන වන්නාක් මෙන්, හැම තරු චන්ද්‍රයා පිරිවරා සිටින්නාක් මෙන් දක්ෂයෝ ප්‍රඥාවම ශ්‍රේෂ්ඨකොට ඇත්තේය. ශීලයත්, ඓශ්වර්යත් සත්පුරුෂ ධර්මත් ප්‍රඥාවන්තයා පසුපසම යන්නේය.
ශක්‍රයා මෙසේ කීහ.
“සුභාසිතං තෙ අනුමොදියාන, අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි; කථංකරො කින්තිකරො කිමාචරං, කිං සෙවමානො ලභතීධ පඤ්ඤං; පඤ්ඤාය දානිප්පටිපදං වදෙහි, කථංකරො පඤ්ඤවා හොති මච්චො.
සුභාෂිත වදනින් අනුමෝදන් ව, ඔබගෙන් අනෙක් පැනයක් ද විචාරමි පින්වතාණනි, එය කියනු මැනවි කෙසේ කරන්නේ ද, කුමකින් කරන්නේ ද, කුමක් උතුම් වේ ද, කුමක් සේවනය කිරීමෙන් ප්‍රඥාව ලැබේ ද? දැන් ප්‍රඥා ප්‍රතිපදාව කියනු මැනවි මිනිසා කෙසේ ප්‍රඥාවන්ත වේ ද?
සරභංග තෙම කීවේය.
“සෙවෙථ වුද්ධෙ නිපුණෙ බහුස්සුතෙ, උග්ගාහකො ච පරිපුච්ඡකො සියා; සුණෙය්ය සක්කච්ච සුභාසිතානි, එවංකරො පඤ්ඤවා හොති මච්චො.
නිපුණ වූ බහුශ්‍රැතයන් සේවනය කරවු. වඩවු. ඉගෙන ගන්නෙක්, විචාරන්නෙක් වන්න. සැලකිල්ලෙන් සුභාෂිත වදන් අසන්නේ ය. එසේ කරන්නා ප්‍රඥාවන්ත මිනිසකු වන්නේය.
“ස පඤ්ඤවා කාමගුණෙ අවෙක්ඛති, අනිච්චතො දුක්ඛතො රොගතො ච; එවං විපස්සී පජහාති ඡන්දං, දුක්ඛෙසු කාමෙසු මහබ්භයෙසු.
ඒ ප්‍රඥාවන්තයා කාමගුණයන් මැනවින් බලයි. අනිත්‍ය දුක්ඛ රෝග වශයෙන් බලයි. දුක්ඛය කෙරෙහි ද, කාමවස්තු කෙරෙහි ද මහත් බියක් උපන් කල්හි, විශේෂයෙන් බලන නැණවතා කාමයන් කෙරෙහි ආශාව තදංග ප්‍රහාණ වශයෙන් දුරුකරයි.
“ස වීතරාගො පවිනෙය්ය දොසං, මෙත්තං චිත්තං භාවයෙ අප්පමාණං; සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, අනින්දිතො බ්රහ්මමුපෙති ඨාන”න්ති.
වීතරාගී වූ පුද්ගලයා ද්වේෂය දුරු කරන්නේය. මෛත්‍රී සිත අප්‍රමාණව වඩන්නේ ය. සියළු සතුන් කෙරෙහි දඬුවම් හිංසා කිරීම බහා තබා අප්‍රමාණ වූ මෛත්‍රී සිත දියුණු නින්දා නො ලබන බ්‍රහ්ම ස්ථානයට පැමිණේ.
තත්ථ සීලන්ති ආචාරසීලං. සිරින්ති ඉස්සරියසිරිං. සතඤ්ච ධම්මන්ති සප්පුරිසධම්මං. පඤ්ඤන්ති සුපඤ්ඤං. එවං ඉමෙසං චතුන්නං ධම්මානං කතරං ධම්මං සෙට්ඨතරං වදන්තීති පුච්ඡති. පඤ්ඤා හීති, සක්ක, එතෙසු චතූසු ධම්මෙසු යා එසා පඤ්ඤා නාම, සාව සෙට්ඨා, ඉති බුද්ධාදයො කුසලා වදන්ති. යථා හි තාරකගණා චන්දං පරිවාරෙන්ති, චන්දොව තෙසං උත්තමො. එවං සීලඤ්ච සිරී චාපි සතඤ්ච ධම්මොති එතෙ තයොපි අන්වායිකා පඤ්ඤවතො භවන්ති පඤ්ඤවන්තමෙව අනුගච්ඡන්ති, පඤ්ඤාය එව පරිවාරා හොන්තීති අත්ථො.
එහි සීලං යනු ආචාර ශීලයයි. සිරි යනු ඉසුරුමත් බවත් සතඤ්ච ධම්මං යනු සත්පුරුෂ ධර්මයයි. පඤ්ඤා යනු මේ ධර්මතා හතර අතරින් කවර ධර්මයක් වඩාත් ශ්‍රේෂ්ඨ වේදැයි කියතියි විචාරයි. පඤ්ඤාහි යනු ශක්‍රය, මේ ධර්මතා සතරෙහි යමක් මේ ප්‍රඥා නාමයෙන් ශ්‍රේෂ්ඨ යයි බුද්ධාදීහු කියත්. කුසලාවදං යනු, යම්සේ තාරකාවෝ චන්ද්‍රයා පිරිවරත් ද? චන්ද්‍රයා ම ඒවායෙන් උතුම් වේ. එපරිදි ශීලය ද ආචාරශීලී බව ද, සත්පුරුෂ ධර්මය ද යන මේ තුන උතුම් වේ. අන්වායිකා පඤ්ඤවතො භවං යනු, ප්‍රඥාවන්තයන්ම අනුව යත්. ප්‍රඥාව ම පිරිවර වෙත් යනු අර්ථයි. කථංකරො යනු මුලදී ඔවුනොවුන් ගේ සබැඳියාවය නො වන්නේ මය.
“කථංකරො”තිආදීනි අඤ්ඤමඤ්ඤවෙවචනානෙව. කථංකරොති කිං නාම කම්මං කරොන්තො කිං ආචරන්තො කිං සෙවමානො භජමානො පයිරුපාසමානො ඉධලොකෙ පඤ්ඤං ලභති, පඤ්ඤායමෙව පටිපදං වදෙහි, ජානිතුකාමොම්හි, කථංකරො මච්චො පඤ්ඤවා නාම හොතීති පුච්ඡති. වුද්ධෙති පඤ්ඤාවුද්ධිප්පත්තෙ පණ්ඩිතෙ. නිපුණෙති සුඛුමකාරණජානනසමත්ථෙ. එවංකරොති යො පුග්ගලො එවං වුත්තප්පකාරෙ පුග්ගලෙ සෙවති භජති පයිරුපාසති, පාළිං උග්ගණ්හාති, පුනප්පුනං අත්ථං පුච්ඡති, පාසාණෙ ලෙඛං ඛණන්තො විය කඤ්චනනාළියා සීහවසං සම්පටිච්ඡන්තො විය ඔහිතසොතො සක්කච්චං සුභාසිතානි සුණාති, අයං එවංකරො මච්චො පඤ්ඤවා හොතීති.
කථංකරො යනු කිමෙක් නම් ක්‍රියා කරන්නේ ද, කිමෙක් හැසිරෙන්නේ කුමක් සේවනය කරන්නේ කුමක් භජනය කරන්නේ ද, මේ ලෝකයේම ප්‍රඥාව ලබයි. ප්රඥාවයට අදාල ප්‍රතිපදාව මට කියන්න දැනගනු කැමැත්තේ වෙමි. මිනිසා කෙසේ ප්‍රඥාවන්තයෙක් වෙයිදැයි විචාරයි. වුඩ්ඪෙ යනු ප්රඥාභිවෘද්ධියට පැමිණි පණ්ඩිතයන් යනුයි. නිපුණෙ යනු සියුම් කරණයෙහි උපන් සමත්කම් ඇති යනුයි. එවං කරො යනු යම් පුද්ගලයකු මෙසේ කියන ලද ආකාර ඇති පුද්ගලයකු සේවනය කරයිද, භජනය කරයිද ළඟින් ඇසුරු කරයිද, පෙළ උගනියිද, නැවත නැවත අර්ථය විචාරයිද ගලෙහි කොටනු ලබන රේඛාවක් මෙන්, රත්රන් භාජනයක සිංහ තෙල් දමා වසා තබන්නාක් මෙන් සැඟවුණු කන් ඇතිව සකසා සුභාෂිත වචන අසයි.
එවං මහාසත්තො පාචීනලොකධාතුතො සූරියං උට්ඨාපෙන්තො විය පඤ්ඤාය පටිපදං කථෙත්වා ඉදානි තස්සා පඤ්ඤාය ගුණං කථෙන්තො “ස පඤ්ඤවා”තිආදිමාහ. තත්ථ කාමගුණෙති කාමකොට්ඨාසෙ හුත්වා අභාවට්ඨෙන අනිච්චතො, දිට්ඨධම්මිකසම්පරායිකානං දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛතො, අට්ඨනවුතියා රොගමුඛානං කාමෙ නිස්සාය උප්පත්තිසම්භවෙන රොගතො ච අවෙක්ඛති ඔලොකෙති, සො එවං විපස්සී එතෙහි කාරණෙහි කාමානං අනිච්චාදිතං පස්සන්තො “කාමෙ නිස්සාය උප්පජ්ජනකදුක්ඛානං අන්තො නත්ථි, කාමානං පහානමෙව සුඛ”න්ති විදිත්වා දුක්ඛෙසු කාමෙසු මහබ්භයෙසු ඡන්දං පජහාති. ස වීතරාගොති, “සක්ක, සො පුග්ගලො එවං වීතරාගො නවාඝාතවත්ථුවසෙන උප්පජ්ජනකසභාවදොසං විනෙත්වා මෙත්තචිත්තං භාවෙය්ය, අප්පමාණසත්තාරම්මණත්තා අප්පමාණං තං භාවෙත්වා අපරිහීනජ්ඣානො අගරහිතො බ්රහ්මලොකෙ උප්පජ්ජතී”ති.
මෙසේ කරනු ලබන මිනිසා ප්‍රඥාවන්තයෙක් වෙයි යනුයි. මෙසේ බෝධිසත්ත්වයෝ නැගෙනහිර ලෝක ධාතුවෙන් හිරු පායන්නාක් මෙන් ප්‍රඥා ප්‍රතිපදාව පවසා දැන් ඒ ප්‍රඥාවගේ ගුණ ප්‍රකාශ කරමින් සපඤ්ඤවා යනාදිය කීවේය. එහි, කාමගුණෙ යනු, කාම කොටසේ සිට අභාව වශයෙන්, අභාව අර්ථයෙන් අනිච්චතො නමි. මෙලොව වශයෙන් දැකිය හැකි දුක්ඛදායක වස්තූන්ගේ අභාව වශයෙන් දුක්ඛතො යනුද, අට අනූවක් රෝගාරම්භයන් කාමය නිසා හටගන්නා බැවින් රෝගතො යනු ද, අවෙක්ඛ යනු බලයි යනුයි. හෙතෙම එවං විපස්සී ලෙස මේ කාරණාවලින් කාමයන් අනිත්‍ය ලෙසින් බලමින් කාමය නිසා උපන්නා වූ දුක්ඛයන්ගේ කෙළවරක් නැත. කාමයන්ගේ ප්‍රහීණ වශයෙන් සැප විඳී යන ලෙසින් දුක්ඛෙසු කාමෙසු මහබ්භයෙසු ලෙස ඡන්දකාමය දුරුකරයි. සවීතරාගො යනු ශක්‍රය; ඒ පුද්ගලයා මෙසේ රාගය දුරුකරන ලද්දේ නව ආඝාත (නැසීම්) වස්තු වශයෙන් ඉපද හටගැනීම්, ස්වභාවකොට ඇති ද්වේෂය දුරුකොට මෛත්‍රී සිත වඩන්නේය. අප්‍රමාණ වූ සත්ත්වයන් කෙරෙහි අරමුණු ගැනීම් වශයෙන් අප්‍රමාණව වඩා ධ්‍යානයෙන් නොපිරිහුණේ ගර්හාවට ලක් නොවී බ්‍රහ්ම ලෝකයේ උපදියි යනුවෙනි.
එවං මහාසත්තෙ කාමානං දොසං කථෙන්තෙයෙව තෙසං තිණ්ණම්පි රාජූනං සබලකායානං තදඞ්ගප්පහානෙන පඤ්චකාමගුණරාගො පහීනො. තං ඤත්වා මහාසත්තො තෙසං පහංසනවසෙන ගාථමාහ –
මෙසේ බෝසත් තෙම කාමයන්ගේ ආදීනව කියන කල්හි ම ඒ රජවරුන් තිදෙනාගේම වර්ණ සහිත ශරීරයන්ගෙන් තදංග වශයෙන් (කුසලයකින් අකුසලය යටපත් කිරීම) පංචකාම ගුණ රාගය ප්‍රහීණ විය. ඒ බව දැන බෝධිසත්ත්වයෝ ඔවුන්ගේ දැඩි සතුට පිණිස මේ ගාථාව කීහ.
“මහත්ථියං ආගමනං අහොසි, තවමට්ඨකා භීමරථස්ස චාපි; කාලිඞ්ගරාජස්ස ච උග්ගතස්ස, සබ්බෙස වො කාමරාගො පහීනො”ති.
මහත් සෘද්ධියක් පැමිණියේ විය. අට්ඨක, භීමරථ රජවරුන්ගේ ද කාලිංග රජුගේ ද ඉතා ඉහළට නැගුණු සියළු ආශ්‍රව ද කාමරාගය ප්‍රහීණ විය යනුවෙනි.
තත්ථ මහත්ථියන්ති මහත්ථං මහාවිප්ඵාරං මහාජුතිකං. තවමට්ඨකාති තව අට්ඨකා. පහීනොති තදඞ්ගප්පහානෙන පහීනො.
එහි මහිද්ධියං යනු, මහත් සෘද්ධි ඇති මහත් පැතිරීම් ඇති මහා තේජස් ඇති බවයි. තචමට්ඨක ඔබගේ අට්ඨකය. පහීණො යනු තදංග ප්‍රහාණයෙන් ප්‍රහීණ වීමයි.
තං සුත්වා රාජානො මහාසත්තස්ස ථුතිං කරොන්තා ගාථමාහංසු –
ඒ අසා රජවරු බෝධිසත්ත්වයන්ට ස්තුති පුදකරමින් ගාථා ප්‍රකාශ කළහ.
“එවමෙතං පරචිත්තවෙදි, සබ්බෙස නො කාමරාගො පහීනො; කරොහි ඔකාසමනුග්ගහාය, යථා ගතිං තෙ අභිසම්භවෙමා”ති.
මෙපරිදි අනුන්ගේ සිත් දන්නා වූ තාපසයාණන් වහන්ස, අප සියල්ලන්ගේ ආකාර ආසව කාමරාග තදංග වශයෙන් ප්‍රහීණ අනුග්‍රහ පිණිස පැවිදිවීමට ඉඩක් ලබාදෙන්න එබඳු නිෂ්පත්තියකට අපි පැමිණෙන්නෙමුයි රජවරු කීහ.
තත්ථ අනුග්ගහායාති පබ්බජ්ජත්ථාය ඔකාසං නො කරොහි. යථා මයං පබ්බජිත්වා තව ගතිං නිප්ඵත්තිං අභිසම්භවෙම පාපුණෙය්යාම, තයා පටිවිද්ධගුණං පටිවිජ්ඣෙය්යාමාති වදිංසු.
එහි අනුග්ගහායා යනු පැවිදිවීම පිණිස අපට අනුග්‍රහ කරව යනුයි. යම්සේ අපි පැවිදිවී ඔබගේ ගතිං නිෂ්පත්තිය නිමාව අභිසම්භවෙම අවබෝධ කරගන්නෙමු. ඔබ විසින් ප්‍රතිවේධ කරගත් ගුණය මැනවින් අවබෝධ කරගන්නෙමුයි කීවාහුය.
අථ නෙසං ඔකාසං කරොන්තො මහාසත්තො ඉතරං ගාථමාහ –
ඉක්බිති ඔවුන්ට අවකාශ කරමින් බෝධිසත්ත්වයෝ ඉතිරි ගාථාව කීහ.
“කරොමි ඔකාසමනුග්ගහාය, තථා හි වො කාමරාගො පහීනො; ඵරාථ කායං විපුලාය පීතියා, යථා ගතිං මෙ අභිසම්භවෙථා”ති.
පැවිදි වීමට ඉඩකඩ අවසර දෙමි. එසේ ඔබගේ කාමරාගය ප්‍රහීණ වේවා! මහත් වූ ධ්‍යාන ප්‍රීතියෙන් කය පිනවයි. මගේ නිෂ්පත්තිය යම්සේද, එබඳු නිෂ්පත්තියකට පැමිණෙව්.
තත්ථ ඵරාථ කායන්ති ඣානපීතියා විපුලාය කායං ඵරථාති.
එහි එරාථ කායං යනු ධ්‍යාන ප්‍රීතියෙන් මහත් වූ ශරීරය වඩවු.
තං සුත්වා තෙ සම්පටිච්ඡන්තා ගාථමාහංසු –
ඒ අසා ඔවුහු ඒ බව පිළිගනිමින් ගාථාව කීහ.
“සබ්බං කරිස්සාම තවානුසාසනිං, යං යං තුවං වක්ඛසි භූරිපඤ්ඤ; ඵරාම කායං විපුලාය පීතියා, යථා ගතිං තෙ අභිසම්භවෙමා”ති.
මහා ප්‍රාඥයන් වහන්ස, යම් යම් දේ ඔබ කීයෙහිද? ඔබගේ අනුශාසනා අනුව සියල්ල පිළිපදිමු. විපුල වූ ධ්‍යාන ප්‍රීතියෙන් කය පිනවමි. ඔබවහන්සේගේ නිෂ්පත්තිය යම්සේද එබඳු නිෂ්පත්තිය අවබෝධ කරගනිමු.
අථ නෙසං සබලකායානං මහාසත්තො පබ්බජ්ජං දාපෙත්වා ඉසිගණං උය්යොජෙන්තො ගාථමාහ –
ඉක්බිති ඒ රජවරුන්ට බෝධිසත්ත්වයෝ පැවිද්ද දී සෘෂි සමූහයා පිටත් කරමින් මේ ගාථාව කීහ.
“කතාය වච්ඡස්ස කිසස්ස පූජා, ගච්ඡන්තු භොන්තො ඉසයො සාධුරූපා; ඣානෙ රතා හොථ සදා සමාහිතා, එසා රතී පබ්බජිතස්ස සෙට්ඨා”ති.
පින්වත්නි! කිසවච්ඡ තාපසයන්ට මේ පූජාව කරන ලදි. සෘෂීහු යහපත් ස්වභාව ඇත්තෝ යෙත්වා! හැමකල්හි ධ්‍යානයෙහි ඇළුනා වූ එකඟ සිත් ඇත්තාහු වවු. පැවිද්දාට මේ ඇල්ම ශ්‍රේෂ්ඨය.
තත්ථ ගච්ඡන්තූති අත්තනො අත්තනො වසනට්ඨානානි ගච්ඡන්තු.
එහි ගච්ඡන්තු යනු තම තමන්ගේ වාසස්ථානවලට යෙත්වා යන අදහස වේ.
ඉසයො තස්ස සරභඞ්ගසත්ථුනො වචනං සිරසා සම්පටිච්ඡිත්වා වන්දිත්වා ආකාසං උප්පතිත්වා සකානි වසනට්ඨානානි ගමිංසු. සක්කොපි උට්ඨායාසනා මහාසත්තස්ස ථුතිං කත්වා අඤ්ජලිං පග්ගය්හ සූරියං නමස්සන්තො විය මහාසත්තං නමස්සමානො සපරිසො පක්කාමි. එතමත්ථං විදිත්වා සත්ථා ඉමා ගාථායො අභාසි –
සෘෂිවරු ඔහුගේ වචනය පිළිගෙන වැඳ අහසට පැන නැග ස්වකීය වාසස්ථානවලට ගියහ. ශක්‍රයා ද අසුනින් නැගිට, බෝසතුන්ට තුති පුදා, ඇඳිලි බැඳ හිරු නමදින්නාක් මෙන් බෝසතුන්ට නමස්කාර කරමින් පිරිවර සහිතව පිටත්ව ගියේය. ඒ අර්ථය දැන ශාස්තෲන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.
“සුත්වාන ගාථා පරමත්ථසංහිතා, සුභාසිතා ඉසිනා පණ්ඩිතෙන; තෙ වෙදජාතා අනුමොදමානා, පක්කාමු දෙවා දෙවපුරං යසස්සිනො.
පණ්ඩිත සෘෂිවරයා විසින් මැනවින් කියන ලද පරමාර්ථය සනිටුහන් කළ ගාථා අසා සතුටු වූ පිරිවර ඇත්තා වූ දෙවියෝ අනුමෝදන් ව දෙව්ලොවට ගියාහු ය.
“ගාථා ඉමා අත්ථවතී සුබ්යඤ්ජනා, සුභාසිතා ඉසිනා පණ්ඩිතෙන; යො කොචිමා අට්ඨිකත්වා සුණෙය්ය, ලභෙථ පුබ්බාපරියං විසෙසං; ලද්ධාන පුබ්බාපරියං විසෙසං, අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ”ති.
පණ්ඩිත සෘෂි විසින් මැනවින් කියන ලද අර්ථවත් ව්‍යඤ්ජන සහිත මේ ගාථා යම් කිසිවෙක් මනාසේ මෙනෙහිකොට අසන්නේ නම්, හේ ප්‍රථම ද්විතීය ධ්‍යාන ලබන්නේය. එම ධ්‍යානයන් ලබා මාරයාට නොපෙනී යන්නේ ය යනුවෙනි.
තත්ථ පරමත්ථසංහිතාති අනිච්චාදිදීපනෙන නිබ්බානනිස්සිතා. ගාථා ඉමාති ඉදං සත්ථා සරභඞ්ගසත්ථුනො නිබ්බානදායකං සුභාසිතං වණ්ණෙන්තො ආහ. තත්ථ අත්ථවතීති නිබ්බානදායකට්ඨෙන පරමත්ථනිස්සිතා. සුබ්යඤ්ජනාති පරිසුද්ධබ්යඤ්ජනා. සුභාසිතාති සුකථිතා. අට්ඨිකත්වාති අත්තනො අත්ථිකභාවං කත්වා අත්ථිකො හුත්වා සක්කච්චං සුණෙය්ය. පුබ්බාපරියන්ති පඨමජ්ඣානං පුබ්බවිසෙසො, දුතියජ්ඣානං අපරවිසෙසො. දුතියජ්ඣානං පුබ්බවිසෙසො, තතියජ්ඣානං අපරවිසෙසොති එවං අට්ඨසමාපත්තිචතුමග්ගවසෙන පුබ්බාපරභාවෙන ඨිතං විසෙසං. අදස්සනන්ති පරියොසානෙ අපරවිසෙසං අරහත්තං ලභිත්වා නිබ්බානං පාපුණෙය්ය. නිබ්බානප්පත්තො හි පුග්ගලො මච්චුරාජස්ස අදස්සනං ගතො නාම හොතීති.
එහි පරමත්ථසඤ්හිතා යනු, අනිත්‍යාදිය ප්‍රකට කරවන, නිර්වාණය ආශ්රිත කොට ඇති යනුයි. ගාථා ඉමා යනු මෙය ශාස්තෲන් වහන්සේ, සරභංග ශාස්තෲහු ගේ නිර්වාණ දායක වූ සුභාෂිත වර්ණනා කරමින් කීහ. එහි අත්ථවතී යනු නිර්වාණය ලබාදෙන අර්ථයෙන් පරමාර්ථය ආශ්රිත බවයි. සුබඤ්ජනා යනු, පිරිසිදු අර්ථ සහිත බවයි. සුභාසිතා යනු ඇසිය යුතු දේ ඉටුකොට, කියන ලද්ද, කථාකරන ලද්ද වේ. අට්ඨකත්වා යනු තමා මනාසේ පිළිගැනීම් කොට, අර්ථ දන්නෙකු වී සකසා අසන්නේය යනුයි. පුබ්බාපරියං යනු, පෙර, ප්‍රථමධ්‍යාන විශේෂය ද, පසුව ද්විතීය ධ්‍යානය ද මෙසේ අෂ්ට සමාපත්ති වශයෙන් සතර මාර්ග වශයෙන් පෙර අපර වශයෙන් දැනගත් විශේෂයයි. අදස්සනං යනු අවසානයෙහි, පසුව අර්හත් බව ලැබ, නිවනට පැමිණෙන්නේය. නිර්වාණාධිගමය ලද පුද්ගලයා මාරයාට නොපෙනී ගියේ නම් වෙයි.
එවං සත්ථා අරහත්තෙන දෙසනාය කූටං ගණ්හිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි මොග්ගල්ලානස්ස ආළාහනෙ පුප්ඵවස්සං වස්සී”ති වත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙන්තො ආහ –
මෙසේ ශාස්තෲන් වහන්සේ දේශනාව කුළුගන්වා මහණෙනි, දැන් පමණක් නොව, පෙර ද මොග්ගල්ලාන තෙරුන්ගේ ආදාහනයේදී මල් වර්ෂා වැස්සේ යයි සත්‍යය පවසා, ජාතකය හමාර කරමින් වදාළ සේක.
“සාලිස්සරො සාරිපුත්තො, මෙණ්ඩිස්සරො ච කස්සපො; පබ්බතො අනුරුද්ධො ච, කච්චායනො ච දෙවලො;
එකල්හි සාලිස්සර නම් තාපස තෙමේ දැන් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේය. මෙණ්ඩිස්සර තාපස තෙම කාශ්‍යප තෙරණුවෝය. පබ්බත නම් තවුස් තෙම අනුරුද්ධ තෙරණුවෝය. දේවල නම් තාපස තෙම කච්චායන ස්ථවිරයෝය.
“අනුසිස්සො ච ආනන්දො, කිසවච්ඡො ච කොලිතො; නාරදො උදායිත්ථෙරො, පරිසා බුද්ධපරිසා; සරභඞ්ගො ලොකනාථො, එවං ධාරෙථ ජාතක”න්ති.
අනුසිස්ස තාපස තෙම ආනන්ද තෙරණුවෝය. කිසවච්ඡ තාපසයා කෝලිත නම් වේ. නාරද නම් තාපස තෙම පුණ්ණ මන්තානිපුත්ත තෙරණුවෝය. සෙසු පිරිස බුදුපිරිසය. සරභංග නම් බෝධි සත්ත්ව තෙම දැන් බුදු වූ ලෝකනාථයන් වහන්සේ යයි ජාතකය නිමවා වදාළ සේක.
සරභඞ්ගජාතකවණ්ණනා දුතියා.
සරභංග ජාතකය නිමි.