3. අලම්බුසාජාතකවණ්ණනා 523 අට්ඨකථා
3. අලම්බුසාජාතකවණ්ණනා (523)
3. අලම්බුසා ජාතකය (523)
අථබ්රවීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පුරාණදුතියිකාපලොභනං ආරබ්භ කථෙසි. වත්ථු ඉන්ද්රියජාතකෙ (ජා· 1.8.60 ආදයො) විත්ථාරිතමෙව. සත්ථා පන තං භික්ඛුං “සච්චං කිර ත්වං, භික්ඛු, උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කෙන උක්කණ්ඨාපිතොසී”ති වත්වා “පුරාණදුතියිකායා”ති වුත්තෙ “භික්ඛු එසා ඉත්ථී තුය්හං අනත්ථකාරිකා, ත්වං එතං නිස්සාය ඣානං නාසෙත්වා තීණි සංවච්ඡරානි මූළ්හො විසඤ්ඤී නිපජ්ජිත්වා උප්පන්නාය සඤ්ඤාය මහාපරිදෙවං පරිදෙවී”ති වත්වා අතීතං ආහරි.
අථබ්රවී යනු මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් පුරාණ බිරිඳකගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. කථා වස්තුව ඉන්ද්රිය ජාතකයෙහි විස්තර වේ ම ය. ශාස්තෲන් වහන්සේ වනාහි ඒ භික්ෂුවගෙන් මහණෙනි, ඔබ උකටලී වූයෙහිදැයි විචාරා, ස්වාමීනි, එය සත්‍යය යයි කී කල්හි, කවර දෙයකින් උකටලී වූයේ දැයි කියා පුරාණ බිරිඳ නිසා යයි කී කල්හි, මේ ස්ත්‍රිය නුඹට අනර්ථකාරී වූවා, නුඹ මැය නිසා ධ්‍යානය ද නසා, ආත්මභාව තුනක් මුළාවට පත්ව, සිහිවිකල් ව හිඳ, උපන්නා වූ හැඟීමෙන් මහා වැලපීමෙන්, හඬා වැලපුනේ යයි කියා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො සබ්බසිප්පෙසු නිප්ඵත්තිං පත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අරඤ්ඤායතනෙ වනමූලඵලාහාරො යාපෙසි. අථෙකා මිගී තස්ස පස්සාවට්ඨානෙ සම්භවමිස්සකං තිණං ඛාදිත්වා උදකං පිවි. එත්තකෙනෙව ච තස්මිං පටිබද්ධචිත්තා ගබ්භං පටිලභිත්වා තතො පට්ඨාය කත්ථචි අගන්ත්වා තත්ථෙව තිණං ඛාදිත්වා අස්සමස්ස සාමන්තෙයෙව විචරති . මහාසත්තො පරිග්ගණ්හන්තො තං කාරණං අඤ්ඤාසි. සා අපරභාගෙ මනුස්සදාරකං විජායි. මහාසත්තො තං පුත්තසිනෙහෙන පටිජග්ගි, “ඉසිසිඞ්ගො”තිස්ස නාමං අකාසි. අථ නං මහාසත්තො විඤ්ඤුතප්පත්තං පබ්බාජෙත්වා අත්තනො මහල්ලකකාලෙ තං ආදාය නාරිවනං නාම ගන්ත්වා, “තාත, ඉමස්මිං හිමවන්තෙ ඉමෙහි පුප්ඵෙහි සදිසා ඉත්ථියො නාම හොන්ති, තා අත්තනො වසං ගතෙ මහාවිනාසං පාපෙන්ති, න තාසං වසං නාම ගන්තුං වට්ටතී”ති ඔවදිත්වා අපරභාගෙ බ්රහ්මලොකපරායණො අහොසි.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන්නේ බෝධිසත්ත්වයෝ කාසිරට බ්‍රාහ්මණ කුලයේ ඉපිද, වියපත් වූයේ සියලු ශිල්ප ශාස්ත්‍රවල කෙළවරට පැමිණ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව, අරණ්‍යායතනයක වනමුල් ගෙඩි ආහාර කොට ජීවත් වූහ. ඉක්බිති එක් මුවදෙනක් තාපසයා මුත්‍රා කෘත්‍යය කළා වූ ස්ථානයේ සම්භවයෙන් මිශ්‍ර වූ තණ කා ජලය පානය කළාය. එකෙණෙහිම, ඔහු කෙරෙහි බැඳුණු සිත් ඇත්තී ගර්භණී බව ලැබ එතැන් පටන් කිසිතැන නොගොස් තාපසයා සමීපයෙහි ම ඒ ඔබිමොබ හැසිරෙයි. බෝධිසත්ත්වයෝ පරීක්ෂා කරන්නේ ඒ කාරණය දැනගත්හ. ඇය කල්යාමෙන් මිනිස් කුමාරයකු වැදුවාය. බෝසත්හු ඔහු පුත්‍ර සෙනෙහසින් පෝෂණය කළහ. ඉසිසිංගතිස්ස යයි නම් කෙළේය. ඉක්බිති බෝසත් තෙම දැනුමෙන් වැඩිවිය පැමිණි ඔහු පැවිදි කරවා තමා මහලු කාලයේ ඔහු රැගෙන නාරිවන නම් තැනට ගොස් දරුව, මේ හිමවතෙහි මේ මල් හා සමාන ස්ත්‍රීහු වෙති. ඈලා තමන් වසඟයට ගිය කල්හි මහා විනාශයකට පැමිණෙත්. ඈලාගේ වසඟයට යාම නොවටී යයි අවවාද කොට, පසුකාලයේ බ්රහ්මලෝකගත විය.
ඉසිසිඞ්ගොපි ඣානකීළං කීළන්තො හිමවන්තප්පදෙසෙ වාසං කප්පෙසි. ඝොරතපො පරමධිතින්ද්රියො අහොසි. අථස්ස සීලතෙජෙන සක්කස්ස භවනං කම්පි, සක්කො ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා “අයං මං සක්කත්තා චාවෙය්ය, එකං අච්ඡරං පෙසෙත්වා සීලමස්ස භින්දාපෙස්සාමී”ති සකලදෙවලොකං උපපරික්ඛන්තො අත්තනො අඩ්ඪතෙය්යකොටිසඞ්ඛානං පරිචාරිකානං මජ්ඣෙ එකං අලම්බුසං නාම අච්ඡරං ඨපෙත්වා අඤ්ඤං තස්ස සීලං භින්දිතුං සමත්ථං අදිස්වා තං පක්කොසාපෙත්වා තස්ස සීලභෙදං කාතුං ආණාපෙසි. තමත්ථං ආවිකරොන්තො සත්ථා පඨමං ගාථමාහ –
ඉසිසිංගද ධ්‍යාන ක්‍රීඩා කරන්නේ ම හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය. දැඩිසේ තපස්කම් කොට මනා ලෙස දිනන ලද ඉන්ද්රිය ඇත්තේ විය. ඉක්බිති ඔහුගේ ශීල තේජසින් ශක්‍ර භවන ද කම්පා කෙළේය. ශක්‍රයා ආවර්ජනා කරන්නේ, ඒ කරුණ දැන මේ මා සකසා විචාරන්නේ එක් දෙවඟනක යවා ඔහුගේ සිල් බිඳවන්නෙමි. මුළු දෙව්ලොව ම පරීක්ෂා කරන්නේ තමාගේ අඩ කෙළක් පමණ පිරිවර දෙවඟනන් මැද, එක් අලම්බුසානම් දෙවඟන හැර, අන් තැනැත්තියක ඔහුගේ සිල් බිඳීමට සමර්ථ නොවන බව දැන, ඈ කැඳවා ඔහුගේ සිල් බිඳීම කිරීමට අණ කෙළේය. ඒ අර්ථය සිහිපත් කරමින් ශාස්තෲන් වහන්සේ පළමු ගාථාව වදාළ සේක.
“අථබ්රවි බ්රහා ඉන්දො, වත්රභූ ජයතං පිතා; දෙවකඤ්ඤං පරාභෙත්වා, සුධම්මායං අලම්බුස”න්ති.
වක්ත්‍ර නම් අසුරයා මැඩපැවැත්වූ, ජයප්රාප්ත වූ දෙවියන්ගේ පිය තනතුරෙහි වැජඹෙන්නා වූ, මහත් ආනුභාව ඇති ශක්‍ර තෙමේ, සුධර්මා නම් දිව්‍ය සභාවෙහි පරීක්ෂාකොට අලම්බුසා නම් දෙවඟනට මෙසේ කීයේය.
තත්ථ බ්රහාති මහා. වත්රභූති වත්රස්ස නාම අසුරස්ස අභිභවිතා. ජයතං පිතාති ජයන්තානං ජයප්පත්තානං සෙසානං තෙත්තිංසාය දෙවපුත්තානං පිතුකිච්චසාධනෙන පිතා. පරාභෙත්වාති හදයං භින්දිත්වා ඔලොකෙන්තො විය තං “පටිබලා අය”න්ති ඤත්වාති අත්ථො. සුධම්මායන්ති සුධම්මායං දෙවසභායං. පණ්ඩුකම්බලසිලාසනෙ නිසින්නො තං අලම්බුසං පක්කොසාපෙත්වා ඉදමාහ –
එහි, බ්රහා යනු මහා යනුයි. වත්රභූ යනු වත්රභූ නම් අසුරයා ඉක්මවා මැඩ පැවැත්වීමයි. ජයතං පිතා යනු ජයගන්නා වූ ජයපතන්නා වූ සෙස්සන් අතර තිස්තුනක් දේව පුත්‍රයන් ගේ පිය කෘත්‍ය සම්පාදනය කරන්නා වූ, පරාභෙත්වා යනු හදවත බිඳ බලන්නාක් මෙන්, මැය එය ඉතා සමත් යයි දැනගෙන යන අර්ථයයි. සුධම්මායං යනු, සුධර්මා නම් දිව්‍ය සභාවෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයේ හුන්නා වූ ඒ ශක්‍රයා අලම්බුසා කැඳවා මෙසේ කීවේය.
“මිස්සෙ දෙවා තං යාචන්ති, තාවතිංසා සඉන්දකා; ඉසිප්පලොභනෙ ගච්ඡ, ඉසිසිඞ්ගං අලම්බුසෙ”ති.
පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන හෙයින් මිස්සා නම් වූ සෘෂීන් පොළඹවාලීමේ දක්ෂ අලම්බුසාවෙනි! ශක්‍රයා සහිත තාවතිංසයේ දෙවිවරු ඉසිසිංග තාපසයා පෙළඹවීමට තිට යාඥා කෙරෙත්, එහි යව.
තත්ථ මිස්සෙති තං ආලපති, ඉදඤ්ච තස්සා නාමං, සබ්බා පනිත්ථියො පුරිසෙ කිලෙසමිස්සනෙන මිස්සනතො “මිස්සා”ති වුච්චන්ති, තෙන සාධාරණෙන ගුණනාමෙනාලපන්තො එවමාහ. ඉසිප්පලොභනෙති ඉසීනං පලොභනසමත්ථෙ. ඉසිසිඞ්ගන්ති තස්ස කිර මත්ථකෙ මිගසිඞ්ගාකාරෙන ද්වෙ චූළා උට්ඨහිංසු, තස්මා එවං වුච්චති.
එහි මිස්සෙ යනු ඇයව ආමන්ත්‍රණය කර මෙය ද ඇගේ නමයි. සියළු ස්ත්‍රීහු පුරුෂයන් කෙලෙස් මිශ්‍රණයෙන් මිශ්‍ර කරන බැවින් මිස්සා යයි කියනු ලැබෙත්. එයින් සාධාරණ වූ ගුණ නාමයක් ලෙස ආමන්ත්‍රණය කරමින් මෙසේ කීවාහුය. ඉසිපලොභිකෙ යනු සෘෂිවරුන් කම්පා කිරීමෙහි කැලඹීමෙහි දක්ෂ වූ යන අර්ථයයි. ඉසිසිංගං යනු, ඔහුගේ හිස්මුදුනේ මුව අඟක ආකාරයෙන් උල් දෙකක් නැගී සිටියේය. එහෙයින් එසේ කියනු ලැබේ.
ඉති සක්කො “ගච්ඡ ඉසිසිඞ්ගං උපසඞ්කමිත්වා අත්තනො වසං ආනෙත්වා සීලමස්ස භින්දා”ති අලම්බුසං ආණාපෙසි.
මෙසේ ශක්‍රයා, යව, සෘෂිසිංග වෙත එළඹ තම වසඟයට ගෙන ඔහුගේ සිල් බිඳුවවයි අලම්බුසාට අණ කෙළේය.
“පුරායං අම්හෙ අච්චෙති, වත්තවා බ්රහ්මචරියවා; නිබ්බානාභිරතො වුද්ධො, තස්ස මග්ගානි ආවරා”ති. – වචනං ආහ;
එම්බා අලම්බුසාවෙනි! බ්‍රහ්මචාරී වූ ව්‍රත රක්නා ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩී සිටියි. නිවන්හි ඇලුනේය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව ගමන් මඟ ආවරණය කරව.
මේ වචන කීවේය.
තත්ථ පුරායන්ති අයං තාපසො වත්තසම්පන්නො ච බ්රහ්මචරියවා ච, සො පනෙස දීඝායුකතාය නිබ්බානසඞ්ඛාතෙ මග්ගෙ අභිරතො ගුණවුද්ධියා ච වුද්ධො. තස්මා යාව එස අම්හෙ නාතික්කමති, න අභිභවිත්වා ඉමම්හා ඨානා චාවෙති, තාවදෙව ත්වං ගන්ත්වා තස්ස දෙවලොකගමනානි මග්ගානි ආවර, යථා ඉධ නාගච්ඡති, එවං කරොහීති අත්ථො.
එහි පුරායං යනු මේ තාපසයා ව්‍රත සම්පන්න වූයේ, බ්‍රහ්මචාරී ද වේ. ඔහු වනාහි දීර්ඝ ආයුෂ ඇති බැවින් නිර්වාණ සංඛ්‍යාත මාර්ගයෙහි මැනවින් ඇලුණේ, ගුණ වෘද්ධියෙන් වැඩුණේ, එහෙයින් මෙ තෙමේ යම්තාක් අප මැඩ මේ ස්ථානයෙන් චුත කෙරෙත්නම් ඊට පෙර එහි ගොස් යනුයි. තස්ස ඔහුගේ දෙව්ලොව ගමන, මග්ගානි ආවර යම්සේ මෙහි නො ඒ ද? එසේ කරවයි මග අහුරව යන අර්ථයයි.
තං සුත්වා අලම්බුසා ගාථාද්වයමාහ –
ඒ අසා අලම්බුසා ගාථා දෙකක් කීවාය.
“දෙවරාජ කිමෙව ත්වං, මමෙව තුවං සික්ඛසි; ඉසිප්පලොභනෙ ගච්ඡ, සන්ති අඤ්ඤාපි අච්ඡරා.
දිව්‍ය රාජය; කුමක් නිසා සෘෂීන් පෙළඹවීම සඳහා මාව ම නුඹ තෝරාගනී ද, මේ දෙව්ලොව තවත් දෙවඟනෝ ඇත්තාහු නොවෙත් ද?
“මාදිසියො පවරා චෙව, අසොකෙ නන්දනෙ වනෙ; තාසම්පි හොතු පරියායො, තාපි යන්තු පලොභනා”ති.
නන්දන වනයේ, අශෝක වනයේ, මා හා සමාන අප්සරාවෝ ද මට වඩා දක්ෂතාවයෙන් උතුම් අප්සරාවෝ ද සිටිති. ඔවුහු තාපසයන් පෙළඹවීමට යෙත්වා.
තත්ථ කිමෙව ත්වන්ති කිං නාමෙතං ත්වං කරොසීති දීපෙති. මමෙව තුවං සික්ඛසීති ඉමස්මිං සකලදෙවලොකෙ මමෙව තුවං ඉක්ඛසි, අඤ්ඤං න පස්සසීති අධිප්පායෙන වදති. ස-කාරො පනෙත්ථ බ්යඤ්ජනසන්ධිකරො. ඉසිප්පලොභනෙ ගච්ඡාති කිංකාරණා මඤ්ඤෙව එවං වදෙසීති අධිප්පායො . පවරා චෙවාති මයා උත්තරිතරා චෙව. අසොකෙති සොකරහිතෙ. නන්දනෙති නන්දිජනකෙ. පරියායොති ගමනවාරො.
එහි කිමෙවත්වං යනු මේ නුඹ කුමක් නම් කරහි ද? දෙව්ලොව මා මෙන් ම ඔබ ද කුමක් කැමැති වේද? අනෙකෙක් නොදකියි යන අදහසින් කියයි. මෙහි ‘ස’ කාරය ව්‍යඤ්ජන සංසිද්ධිය පිණිස වේ. ඉසිපලොභිකෙ ගච්ඡා යනු කුමන කරුණක් හඟිමින් ම මෙසේ කියහිදැයි යන මූලික අදහසයි. පරාචොවා යනු අපි ද උත්තරීතර වෙමු. අසොකෙ යනු ශෝක රහිත බවයි. නන්දනෙ යනු, සතුට උපදවන යනුයි. පරියායො යනු ගමන කාලයයි.
තතො සක්කො තිස්සො ගාථායො අභාසි –
ඉක්බිති ශක්‍රයා ගාථා තුනක් කීවේය.
“අද්ධා හි සච්චං භණසි, සන්ති අඤ්ඤාපි අච්ඡරා; තාදිසියො පවරා චෙව, අසොකෙ නන්දනෙ වනෙ.
ශෝක රහිත නන්දන වනයෙහි තී හා සමාන වූ ද තිට වඩා උතුම් වූ ද වෙනත් දෙවඟනන් ඇතැයි තී ඇත්තක් කියයි.
“න තා එවං පජානන්ති, පාරිචරියං පුමං ගතා; යාදිසං ත්වං පජානාසි, නාරි සබ්බඞ්ගසොභනෙ.
සියලු අංගයන්ගෙන් හෙබි අලම්බුසාවෙනි! පුරුෂයකු වෙත ගියා වූ ඒ අප්සරාවරු, තී යම්බඳු පාරිචර්යයක් දන්නී නම්, එවැනි පිළිපැදීමක් දක්වන්නට නොදන්නාහ.
“ත්වමෙව ගච්ඡ කල්‍යාණි, ඉත්ථීනං පවරා චසි; තවෙව වණ්ණරූපෙන, සවසමානයිස්සසී”ති.
යහපත් තැනැත්තිය තී මැ යව, තී ස්ත්‍රීන් අතුරෙන් උතුම් වන්නීය. තිගේ වර්ණයෙන් ද, රූප සම්පත්තියෙන් ද ඒ තාපසයා වසඟ කළ හැකිය.
තත්ථ පුමං ගතාති පුරිසං උපසඞ්කමන්තා සමානා පුරිසපලොභිනිපාරිචරියං න ජානන්ති. වණ්ණරූපෙනාති සරීරවණ්ණෙන චෙව රූපසම්පත්තියා ච. සවසමානයිස්සසීති තං තාපසං අත්තනො වසං ආනෙස්සසීති.
එහි පුමංගතා යනු පුරුෂයකු වෙත එළඹෙන්නට සුදුසු වූයේ මුත් පුරුෂයා පෙළඹවීමට නොදනිත් යනු. වණ්ණරූපෙන යනු ශරීර වර්ණයෙන් සහ රූප සම්පත්තියෙන් යුක්ත බවයි. වසමානාපයිස්සසී යනු ඒ තාපසයා තම වසඟයට එන්නේය.
තං සුත්වා අලම්බුසා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා අලම්බුසා ගාථා දෙකක් කීවාය.
“න වාහං න ගමිස්සාමි, දෙවරාජෙන පෙසිතා; විභෙමි චෙතං ආසාදුං, උග්ගතෙජො හි බ්රාහ්මණො.
ශක්‍ර දේවරාජයන් විසින් එවන ලද්දේ මම එහි නොයන්නෙම් නොවෙමි. එහෙත් උග්‍ර තේජස් ඇති මේ තවුසා වෙත ළංවීමට බය වෙමි.
“අනෙකෙ නිරයං පත්තා, ඉසිමාසාදියා ජනා; ආපන්නා මොහසංසාරං, තස්මා ලොමානි හංසයෙ”ති.
සෘෂි ආදීන් පෙළඹවීමට ගිය බොහෝදෙන මෝහයෙන් සංසාරයට බැස නිරයට පත්වූවෝ වෙති. ඒ නිසා ලොමු දැහැ ගනිත්.
තත්ථ න වාහන්ති න වෙ අහං. විභෙමීති භායාමි. ආසාදුන්ති ආසාදිතුං. ඉදං වුත්තං හොති – නාහං, දෙව, තයා පෙසිතා න ගමිස්සාමි, අපිචාහං තං ඉසිං සීලභෙදනත්ථාය අල්ලීයිතුං භායාමි, උග්ගතෙජො හි සොති. ආසාදියාති ආසාදෙත්වා. මොහසංසාරන්ති මොහෙන සංසාරං, මොහෙන ඉසිං පලොභෙත්වා සංසාරං ආපන්නා වට්ටදුක්ඛෙ පතිට්ඨිතා සත්තා ගණනපථං අතික්කන්තා . තස්මාති තෙන කාරණෙන. ලොමානි හංසයෙති අහං ලොමානි උට්ඨපෙමි, “තස්ස කිරාහං සීලං භින්දිස්සාමී”ති චින්තයමානාය මෙ ලොමානි පහංසන්තීති වදති.
එහි නවාහං යනු මම නො වෙමි යන අර්ථයි. විහෙමි යනු භය වෙමි. ආසාදුං යනු ළංවීමට යනුයි. එය මෙසේද කියන ලදි. දේවයන් වහන්ස, නුඹ විසින් එවන ලද්දේ නමුත් මම නොයන්නේ නො වෙමි යනුයි. තවද මම ඒ සෘෂි සංඝයාගේ ශීල භේදනයට ඇලළීමට බිය වෙමි. හෙතෙම උග්‍ර තේජස් ඇති බැවිනි. ආසාදියා යනු හිරිහැරකොට, මෝහසංසාර යනු, මෝහ නැමැති සසරේ මෝහයෙන් සෘෂිවරයකු පොළඹවා සංසාර ගමනට වැටුණු අපමණ දුක් ඇත්තේ, එසේ සිටි සත්ත්ව ගණන අති මහත් ලෙස ඉක්මවා ගොසිනි. තස්මා යනු, මම ඒ කාරණය නිසාවෙන්, ලෝමානි හංසයෙ යනු ලොම් දැහැ ගනිත්. මම ඔහුගේ සිල් බිඳින්නෙමියි සිතීම නිසාවෙන් මගේ මයිල් කෙළින් වේ යයි කියයි.
“ඉදං වත්වාන පක්කාමි, අච්ඡරා කාමවණ්ණිනී; මිස්සා මිස්සිතුමිච්ඡන්තී, ඉසිසිඞ්ගං අලම්බුසා.
පුරුෂයන් කැමතිවන ශරීර වර්ණයක් ඇති, පුරුෂයන් ක්ලේශයෙන් පොළඹවන්නා වූ, අලම්බුසා නම් අප්සරාව මෙසේ කියා ඉසිසිංග තාපසයන් ක්ලේශයෙන් මිශ්‍ර කරන්නට ගියාය.
“සා ච තං වනමොගය්හ, ඉසිසිඞ්ගෙන රක්ඛිතං; බිම්බිජාලකසඤ්ඡන්නං, සමන්තා අද්ධයොජනං.
ඉසිසිංග තාපසයන් විසින් රක්නා ලද, රත් කරවු ගසින් ගැවසීගත්තා වූ, හාත්පස යොදුනක් පමණ වූ ඒ වනයට වැද.
“පාතොව පාතරාසම්හි, උදණ්හසමයං පති; අග්ගිට්ඨං පරිමජ්ජන්තං, ඉසිසිඞ්ගං උපාගමී”ති. – ඉමා අභිසම්බුද්ධගාථා;
පෙර බත් කාලයෙහි ඉර පායන උදෑසනම අමදිමින් ගිනිහල්ගෙයි සිටියා වූ ඉසිසිංග තාපසයන් වෙතට එළඹියාය – මේ අභිසම්බෝධි ගාථා වේ.
තත්ථ පක්කාමීති තෙන හි, දෙවරාජ, ආවජ්ජෙය්යාසි මන්ති අත්තනො සයනගබ්භං පවිසිත්වා අලඞ්කරිත්වා ඉසිසිඞ්ගං කිලෙසෙන මිස්සිතුං ඉච්ඡන්තී පක්කාමි, භික්ඛවෙ, සා අච්ඡරා තස්ස අස්සමං ගතාති. බිම්බිජාලකසඤ්ඡන්නන්ති රත්තඞ්කුරවනෙන සඤ්ඡන්නං. පාතොව පාතරාසම්හීති, භික්ඛවෙ, පාතරාසවෙලාය පාතොව පගෙයෙව අතිපගෙව. උදණ්හසමයං පතීති සූරියුග්ගමනවෙලායමෙව. අග්ගිට්ඨන්ති අග්ගිසාලං. රත්තිං පධානමනුයුඤ්ජිත්වා පාතොව න්හත්වා උදකකිච්චං කත්වා පණ්ණසාලායං ථොකං ඣානසුඛෙන වීතිනාමෙත්වා නික්ඛමිත්වා අග්ගිසාලං සම්මජ්ජන්තං තං ඉසිසිඞ්ගං සා උපාගමි, ඉත්ථිවිලාසං දස්සෙන්තී තස්ස පුරතො අට්ඨාසි.
එහි පක්කාමී යනු, එසේ වීනම් දෙව්රජ, ආවර්ජනා කරන්නෙහි. තමාගේ යහන්ගැබට පිවිස අලංකාර කොට සෘෂිවරයා කෙළෙස්වලින් මිශ්‍ර කිරීමට කැමැත්තී, පිටත්ව ගියාය. මහණෙනි, ඒ දෙවඟනෝ ඔහුගේ අසපුවට ගියෝය යනුවෙනි. බිම්බිජාලක සඤ්ජන්නං යන් රත්කරවු වර්ණයෙන් වැසී ගිය, පාතොව පාතරාසම්හි යනු මහණෙනි, අළුයම් කාලයේ උදෙන්ම මුලින්ම උදයේම යනුයි. උදණ්හ සමයං පටී යනු හිරු උදාවන වේලාවේම. අග්ගිට්ඨං යනු ගිනිහල්ගෙයි රාත්‍රියේ ප්‍රධන් වීර්යය වඩා උදෑසනම ස්නානය කර, උදක කෘත්‍යය කර පන්සලෙහි ටික වේලාවක් ධ්‍යාන සුවයෙන් කල් යවා, නික්ම, ගිනිහල්ගෙයි පිරිමදින ඒ ඉසිසිංග වෙත එළඹියහ. ස්ත්‍රී විලාශය දක්වන්නී ඔහු ඉදිරියේ සිටියාය.
අථ නං තාපසො පුච්ඡන්තො ආහ –
ඉක්බිති ඇයගෙන් තාපසයා විචාරන්නේ මෙසේ කීවේය.
“කා නු විජ්ජුරිවාභාසි, ඔසධී විය තාරකා; විචිත්තහත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා.
විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් ද මුතුමැණික් කොඬොලින් සැරසුණු තී ඕෂධී තාරකාව මෙන් ද, අහසෙහි විදුලිය මෙන් ද බබළයි. තී කවර තැනැත්තියක් ද?
“ආදිච්චවණ්ණසඞ්කාසා, හෙමචන්දනගන්ධිනී; සඤ්ඤතූරූ මහාමායා, කුමාරී චාරුදස්සනා.
හිරුගේ වර්ණයෙන් බබළන, රත්සඳුන් විලේපන සුවඳින් යුතු ප්රියදැකුම් ඇති මනා වටකුරු කලවා ඇත්තීය. මහාමායා ළදරු වයස් ඇත්තීය. මනෝඥ දැකුම් ඇත්තීය.
“විලග්ගා මුදුකා සුද්ධා, පාදා තෙ සුප්පතිට්ඨිතා; ගමනා කාමනීයා තෙ, හරන්තියෙව මෙ මනො.
තෝ සිහින් ඉඟටියක් ඇත්තීය. සියුමැලිය. නිර්මලය. තීගේ පාදයෝ මනාව පිහිටියහ. ගමන් කරන්නා වූ තෝ ඉතා කමනීය ය. මාගේ සිත ඇදගන්නීම ය.
“අනුපුබ්බා ච තෙ ඌරූ, නාගනාසසමූපමා; විමට්ඨා තුය්හං සුස්සොණී, අක්ඛස්ස ඵලකං යථා.
තීගේ කලවා යුවල පිළිවෙලින් මහත් ය. ඇත් සොඬයක් බඳු උපමා ඇත්තේය. තීගේ පුළුල් වූ උකුල රන් පෝරුවක් මෙනි.
“උප්පලස්සෙව කිඤ්ජක්ඛා, නාභි තෙ සාධුසණ්ඨිතා; පුරා කණ්හඤ්ජනස්සෙව, දූරතො පතිදිස්සති.
මනාව පිහිටි තීගේ නාභිය උපුල් කර්ණිකාවක් බඳුය. කළු අඳුනෙන් පිරී ගියාක් මෙන් දුරට පෙනේ.
“දුවිධා ජාතා උරජා, අවණ්ටා සාධුපච්චුදා; පයොධරා අපතිතා, අඩ්ඪලාබුසමා ථනා.
තීගේ පයෝධර යුවළෙහි හටගත් නැටි රහිතව මනාව පැන නැගුණු කිරි රඳා පවත්නා වූ මලානික නොවූ සම වට කුඩා ලබු ගෙඩියක් දෙකට කපා තැබුවාක් මෙනි.
“දීඝා කම්බුතලාභාසා, ගීවා එණෙය්යකා යථා; පණ්ඩරාවරණා වග්ගු, චතුත්ථමනසන්නිභා.
දික් වූ මිහිඟු බෙරයකට සමාන බැබළීම් ඇති තීගේ බෙල්ල ඒණිමුවකුගේ බඳු ය. මනහර දෙතොල් දිවට බඳු පැහැයෙන් යුක්තය.
“උද්ධග්ගා ච අධග්ගා ච, දුමග්ගපරිමජ්ජිතා; දුවිජා නෙලසම්භූතා, දන්තා තව සුදස්සනා.
තීගේ උඩු දත් හා යටි දත් පෙළ දැහැටිවලින් පිරිමදින ලද්දාහු ඉතා දැකුම්කළුය.
“අපණ්ඩරා ලොහිතන්තා, ජිඤ්ජූකඵලසන්නිභා; ආයතා ච විසාලා ච, නෙත්තා තව සුදස්සනා.
කළු පැහැ මුල ඇති රතු පැහැ අග ඇති ඔලිඳ ඇට බඳු දික් වූ සේක. මහත් වූයේ තීගේ ඇස් ඉතා දැකුම්කළු ය.
“නාතිදීඝා සුසම්මට්ඨා, කනකබ්යාසමොචිතා; උත්තමඞ්ගරුහා තුය්හං, කෙසා චන්දනගන්ධිකා.
ඉතා දික් නොවූ, මැනවින් මට කරන ලද්දා වූ, රන් පණායෙන් පීරන ලද, තීගේ හිසෙහි වූ කෙස් සඳුන් සුවඳ ඇත්තේය.
“යාවතා කසිගොරක්ඛා, වාණිජානඤ්ච යා ගති; ඉසීනඤ්ච පරක්කන්තං, සඤ්ඤතානං තපස්සිනං.
යම්තාක් සී සාන්නාහු ගෙරින් රක්නාහු ද, වෙළඳුන්ගේ යම් ස්වභාවයක් වේ ද, සංයම ඇත්තා වූ තපස් රක්නා සෘෂිවරුන්ගේත් යම් පරාක්‍රමයක් වේද?
“න තෙ සමසමං පස්සෙ, අස්මිං පථවිමණ්ඩලෙ; කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මය”න්ති.
මේ පොළෝ තලයෙහි තොපට සමාන කෙනෙකු නොදැක්කෙමි. නුඹ කවරෙක්ද? කාගේ පුත්‍රයෙක්ද? අපි කෙසේ තොපි දකිමු ද?
තත්ථ විචිත්තහත්ථාභරණාති විචිත්තෙහි හත්ථාභරණෙහි සමන්නාගතා. හෙමචන්දනගන්ධිනීති සුවණ්ණවණ්ණචන්දනගන්ධවිලෙපනා. සඤ්ඤතූරූති සුවට්ටිතඝනඌරු සම්පන්නඌරුලක්ඛණා. විලග්ගාති සංඛිත්තමජ්ඣා. මුදුකාති මුදු සුඛුමාලා. සුද්ධාති නිම්මලා. සුප්පතිට්ඨිතාති සමං පථවිං ඵුසන්තා සුට්ඨු පතිට්ඨිතා. ගමනාති ගච්ඡමානා. කාමනීයාති කන්තා කාමිතබ්බයුත්තකා. හරන්තියෙව මෙ මනොති එතෙ එවරූපෙන පරමෙන ඉත්ථිවිලාසෙන චඞ්කමන්තියා තව පාදා මම චිත්තං හරන්තියෙව. විමට්ඨාති විසාලා. සුස්සොණීති සුන්දරසොණී. අක්ඛස්සාති සුන්දරවණ්ණස්ස අක්ඛස්ස සුවණ්ණඵලකං විය විසාලා තෙ සොණීති වදති. උප්පලස්සෙව කිඤ්ජක්ඛාති නීලුප්පලකණ්ණිකා විය. කණ්හඤ්ජනස්සෙවාති සුඛුමකණ්හලොමචිත්තත්තා එවමාහ.
එහි විචිත්තවත්ථාභරණ යනු විසිතුරු වූ වස්ත්‍ර ආභරණවලින් යුක්ත බවයි. හේමචන්දන ගන්ධිනී යනු, රන්වන් සඳුන් සුවඳ ආලේපනයන් ය. සඤ්ඤාතූරු යනු මනා වටොර ඇති කලවාවලින් යුක්ත කලවා ලකුණු ඇති. විලාකා යනු හරි මැද ය. මුදුකා යනු මෘදු සියුමැලි බවයි. සුද්ධා යනු නිර්මල බවයි. සුපතිට්ඨිතා යනු සමසේ පොළොව ස්පර්ශ කරමින් මනාසේ පිහිටි යනුයි. කමනා යනු ගමන් කරනු ලබන යන අර්ථයයි. කමනීයා යනු, කාන්තිමත් කැමැති විය යුතු කමනීය යනුයි. හරන්තියෙව මෙ මනො යනු, මෙබඳු ආකාර වූ උතුම් ස්ත්‍රී විලාශයෙන් සක්මන් කරන්නී, ඔබේ පා, මගේ සිත් පැහැර ගන්නීය යනුයි. විමට්ඨා යනු විශාලත්වයයි. සුස්සෝණි යනු සුන්දර උකුලයි. අකඛස්සා යනු රන් පුවරුවක් මෙන් විශාල වූ ඔබේ උකුල් තලය ප්‍රකාශ කරයි. උප්පලස්සෙව කිඤ්ජක්ඛා යනු, නිලුපුල් රේණුවක් මෙනි. කණ්හඤ්ජනස්සෙවා යනු, සියුම් වූ කාලවර්ණ ලොම්වලින් සැරසුණු නිසා එසේ කීය.
“දුවිධා”තිගාථං ථනෙ වණ්ණයන්තො ආහ. තෙ හි ද්වෙ හුත්වා උරෙ ජාතා වණ්ටස්ස අභාවා අවණ්ටා, උරෙ ලග්ගා එව හුත්වා සුට්ඨු නික්ඛන්තත්තා සාධුපච්චුදා, පයස්ස ධාරණතො පයොධරා, අපතිතාති න පතිතා, අමිලාතතාය වා අලම්බනතාය වා න අන්තො පවිට්ඨාති අපතිතා, සුවණ්ණඵලකෙ ඨපිතසුවණ්ණමයවට්ටඅලාබුනො අඩ්ඪෙන සදිසතාය අඩ්ඪලාබුසමා ථනා. එණෙය්යකා යථාති එණීමිගස්ස හි දීඝා ච වට්ටා ච ගීවා සොභති යථා, එවං තව ගීවා ථොකං දීඝා. කම්බුතලාභාසාති සුවණ්ණාලිඞ්ගතලසන්නිභා ගීවාති අත්ථො. පණ්ඩරාවරණාති දන්තාවරණා. චතුත්ථමනසන්නිභාති චතුත්ථමනො වුච්චති චතුත්ථමනවත්ථුභූතා ජිව්හා. අභිරත්තභාවෙන ජිව්හාසදිසං තෙ ඔට්ඨපරියොසානන්ති වදති. උද්ධග්ගාති හෙට්ඨිමදන්තා. අධග්ගාති උපරිමදන්තා. දුමග්ගපරිමජ්ජිතාති දන්තකට්ඨපරිමජ්ජිතා පරිසුද්ධා. දුවිජාති ද්විජා. නෙලසම්භූතාති නිද්දොසෙසු හනුමංසපරියොසානෙසු සම්භූතා.
දුවිධා යනු පියවුරු වර්ණනා කරමින් කීවේය. පපුවෙහි දෙඋරක් වී වටකුරු නොවුවා නිසා අවණ්ටා නම් වේ. හදවතෙහි ලැග සියුමැලි බවින් නික්මුණු බැවින් සාධු පච්චදා නම් වේ. කිරි දරණ බැවින් පයෝධරා නමි. අප්පතීතා යනු නොසතුටු වූ, මිලාන නොවූ බැවින් නොබිඳෙන බැවින් ද ඇතුළට නොපිහිටන්නේ යනු අප්පතීතා වේ. රන් පුවරුවක තබන ලද, ස්වර්ණමය වටකුරු වූ අඩලබු ගෙඩියක් හා සමාන බැවින් අඩ්ඪලාබුසමාථනා නම් වේ. එණෙය්යකා යථා යනුවෙන් ද, ඒණි නම් මුවාගේ දිග හෝ වටකුරු හෝ ග්රීවය ශෝභාවක් වේද? එපරිදි ඔබගේ ද තරමක් දීර්ඝ වූ විලාශයයි. කම්බුතලාභාසා යනු රන්වලින් බැඳුණු මට්ටම් සහිත ග්‍රීවයක් යන අර්ථයයි. පණ්ඩරාවරණ යනු දන්ත ආවරණයයි. චතුත්ථමන සන්නිභා යනු, සතරවෙනි ඉන්ද්රිය කියනු ලැබේ. සතරවෙනි වස්තුව නම් දිවයි. ඉතා රතු බැවින් දිව හා සමාන ඔබේ දෙතොල අවසාන වශයෙන් කියනු ලැබේ. උද්ධග්ගා යනු උපරිම දත් යනුයි. අධග්ගා යනු යටදත් පෙළයි. දුමග්ගපරිමජ්ජිතා යනු දැහැටි කූරුවලින් පිරිමැද පිරිසිදු වූ යන අර්ථයයි. දුවිජා යනු දෙවරක් උපන්. නෙලසම්භූතා යනු නිර්දෝෂී වූ හනු මාංශ කෙළවරවල හටගත්.
අපණ්ඩරාති කණ්හා. ලොහිතන්තාති රත්තපරියන්තා. ජිඤ්ජූකඵලසන්නිභාති රත්තට්ඨානෙ ජිඤ්ජුකඵලසදිසා. සුදස්සනාති පස්සන්තානං අතිත්තිකරා පඤ්චපසාදසමන්නාගතා. නාතිදීඝාති පමාණයුත්තා. සුසම්මට්ඨාති සුට්ඨු සම්මට්ඨා. කනකබ්යාසමොචිතාති කනකබ්යා වුච්චති සුවණ්ණඵණිකා, තාය ගන්ධතෙලං ආදාය පහරිතා සුරචිතා. කසිගොරක්ඛාති ඉමිනා කසිඤ්ච ගොරක්ඛඤ්ච නිස්සාය ජීවනකසත්තෙ දස්සෙති. යා ගතීති යත්තකා නිප්ඵත්ති. පරක්කන්තන්ති යත්තකං ඉසීනං පරක්කන්තං, විත්ථාරීකතා ඉමස්මිං හිමවන්තෙ යත්තකා ඉසයො වසන්තීති අත්ථො. න තෙ සමසමන්ති තෙසු සබ්බෙසු එකම්පි රූපලීළාවිලාසාදිසමතාය තයා සමානං න පස්සාමි. කො වා ත්වන්ති ඉදං තස්සා ඉත්ථිභාවං ජානන්තො පුරිසවොහාරවසෙන පුච්ඡති.
අපණ්ඩරා යනු කාල වර්ණයයි. ලෝහිතත්තා යනු රතුපාට කෙළවරටකාට ඇති බවය. ජිඤ්ජුකඵලසන්නිභා යනු රතුපාට වූ ඔලිඳගෙඩි හා සමාන වර්ණයයි. සුදස්සනා යනු පැහැදුනුවන්ගේ අතෘප්තිකර වූ පංචප්රසාදයෙන් සමන්නාගත බවයි. නාතිදීඝා යනු නියමිත ප්‍රමාණයයි. සුසම්මට්ඨා යනු සුමට සියුමැලි බවයි. කනක ඛ්යාසමොචිතා යනු රන්වන්පාට කියනු ලැබේ. සුවඳ පැණි සුවඳ තෙල් ආදිය රැගෙන මැනවින් ඉස සකස් කළ යනු කසි ගොරක්ඛා යනු මෙලෙසින් කෘෂිකර්මය ද, ගව පාලනය ද නිසා ජීවන උපායන් සතුන් දක්වනු ලැබේ. යා ගතී යනු යම් පමණ නිපදවයි ද එය පරක්කන්තං යනු යම් පමණ සෘෂිවරුන්ට උත්සාහයක් පතුරුවන ලද්දේද? මේ හිමාලයේ යම් පමණ සෘෂිවරු වාසය කරති යන අර්ථයයි. න තෙ සම සමං යනු ඒ සියලු දෙනා අතර රූප ශෝභාවෙන් විලාශයෙන් ඈ හා සමාන අන් එකම ස්ත්‍රියක හෝ නො දකිමි යනුයි. කො වා ත්වං යනු මේ ඇගේ ස්ත්‍රීභාවය දන්නා වූ පුරුෂයකු ව්‍යවහාර වශයෙන් විචාරයි යන අර්ථයයි.
එවං පාදතො පට්ඨාය යාව කෙසා අත්තනො වණ්ණං භාසන්තෙ තාපසෙ අලම්බුසා තුණ්හී හුත්වා තස්සා කථාය යථානුසන්ධිං ගතාය තස්ස සම්මූළ්හභාවං ඤත්වා ගාථමාහ –
මෙසේ පාදයේ පටන් කේශ කලාපය දක්වා තමන්ගේ වර්ණය හැඩය කියන්නා වූ තාපසයා කෙරෙහි අලම්බුසා නිශ්ශබ්දව සිට ඇගේ කථාවෙන් එකිනෙක සම්බන්ධතාවයට ගියේ යයි ඔහුගේ මුළා වූ බව දැන මේ ගාථාව කීවාය.
“න පඤ්හකාලො භද්දන්තෙ, කස්සපෙවං ගතෙ සති; එහි සම්ම රමිස්සාම, උභො අස්මාකමස්සමෙ; එහි තං උපගූහිස්සං, රතීනං කුසලො භවා”ති.
කාශ්‍යප ගෝත්‍රයෙහි උපන් තාපසයාණනි! මෙසේ නුඹ ගේ සිත ඇති කල්හි යහපත් සොඳුරු ප්‍රශ්න ඇසීමට කාලය නෙවෙයි. මිත්‍රය, අප දෙදෙනා අපගේ අසපුවෙහි රමණය කරන්නෙමු. එන්න. නුඹ, වැළඳගන්නෙමි. නුඹ පස්කම් සුව විඳින්නන් අතුරෙන් දක්ෂයකු වේවා.
තත්ථ කස්සපෙවං ගතෙ සතීති කස්සපගොත්ත එවං තව චිත්තෙ පවත්තෙ සති පඤ්හකාලො න හොති. සම්මාති වයස්ස, පියවචනාලපනමෙතං. රතීනන්ති පඤ්චකාමගුණරතීනං.
එහි කස්සපෙවං ගතෙ සති යනු කාශ්‍යප ගෝත්‍රයෙහි උපන් තැනැත්ත; මෙසේ ඔබේ සිතේ සිතක් පවත්නා කල්හි, ප්‍රශ්න අසන වේලාවක් කාලයක් නොවෙයි. සම්මා යනු මිත්‍රයාට ප්‍රිය වචනයෙන් ආමන්ත්‍රණය කිරීමයි. රතීනං යනු පස්කම් සැපතෙහි ගුණයෙහි ඇලීමයි.
එවං වත්වා අලම්බුසා චින්තෙසි – “නායං මයි ඨිතාය හත්ථපාසං ආගමිස්සති, ගච්ඡන්තී විය භවිස්සාමී”ති. සා ඉත්ථිමායාකුසලතාය තාපසං අනුපසඞ්කමිත්වා ආගතමග්ගාභිමුඛී පායාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කියා අලම්බුසා මෙසේ ද සිතීය. මම මෙසේ සිටිකල්හි මොහු මා වෙත නොඑන්නේය. යන්නියක මෙන් සිටින්නෙමියි ස්ත්‍රී මායා දක්ෂතාවයෙන් තාපසයා කම්පා කොට, ආවා වූ මාර්ගයට අභිමුඛව පිටත් වුණාය. ඒ අර්ථය වදාරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉදං වත්වාන පක්කාමි, අච්ඡරා කාමවණ්ණිනී; මිස්සා මිස්සිතුමිච්ඡන්තී, ඉසිසිඞ්ගං අලම්බුසා”ති.
පුරුෂයන් කැමති වන්නා වූ, පුරුෂයන් ක්ලේශයෙන් මිශ්‍ර කරන්නා වූ, හැඩ රුව ඇති අලම්බුසා, ඉසිසිංග තාපසයා ක්ලේශයෙන් පොළඹවනු කැමැත්තී මෙසේ කියා ගියා ය.
අථ නං තාපසො ගච්ඡන්තිං දිස්වා “අයං ගච්ඡතී”ති අත්තනො දන්ධපරක්කමං මන්දගමනං ඡින්දිත්වා වෙගෙන ධාවිත්වා කෙසෙසු හත්ථෙන පරාමසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති තාපසයා යන්නා වූ ඇය දැක, මෑ යන්නී යි තමාගේ බල පරාක්‍රමය වූ මන්දගමන සිඳ, වේගයෙන් දුවගෙන ගොස් අතින් කේශ කලාපය පිරිමැදීය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සො ච වෙගෙන නික්ඛම්ම, ඡෙත්වා දන්ධපරක්කමං; තමුත්තමාසු වෙණීසු, අජ්ඣප්පත්තො පරාමසි.
තාපස තෙමේ බල පරාක්‍රමය සිඳ, සෙමින් ගමන අත්හැර වේගයෙන් නික්ම ගොස් ඇගේ කෙහෙවලුවලින් අල්ලාගෙන අගසිට මුලට පිරිමැද්දෙහිය.
“තමුදාවත්ත කල්‍යාණී, පලිස්සජි සුසොභනා; චවිතම්හි බ්රහ්මචරියා, යථා තං අථ තොසිතා.
ඉතා ලස්සන යහපත් පෙනුම ඇති ඕ පෙරළා නැවතී තවුසා වැළඳ ගත්තීය. එසේ වැළඳ ගැනීමෙන් ම බ්‍රහ්මචරියාවෙන් චුතවිය. ශක්‍රයා යමක් සිතී ද එය ම සිදු වූයේය. එකල්හි අලම්බුසා තාපසයන් සතුටු කරන ලද්දීය.
“මනසා අගමා ඉන්දං, වසන්තං නන්දනෙ වනෙ; තස්සා සඞ්කප්පමඤ්ඤාය, මඝවා දෙවකුඤ්ජරො.
අලම්බුසා සිතින්, ශක්‍රයා වාසය කරන නන්දන වනයෙහි ගත කරන්නී දේවශ්රේෂ්ඨ වූ මඝවා නම් ශක්‍රයා ඇගේ සංකල්පනාව දැන,
“පල්ලඞ්කං පහිණී ඛිප්පං, සොවණ්ණං සොපවාහනං; සඋත්තරච්ඡදපඤ්ඤාසං, සහස්සපටියත්ථතං.
ශක්‍ර තෙමේ මත්තෙහි වසන ලද ඇතිරිලි පනසක් ඇති, කොඳුපලස් දහසක් අතුරන ලද රන්වන් වූ කවිච්චියක් එවීය.
“තමෙනං තත්ථ ධාරෙසි, උරෙ කත්වාන සොභනා; යථා එකමුහුත්තංව, තීණි වස්සානි ධාරයි.
ශෝභන වූ අලම්බුසා ඒ ඉසිසිංග තවුස්හු පුරා තුන් වර්ෂයක් ඒ පලඟෙහි (ඇඳෙහි හොවා) ළෙහි හොවා දැරුවාය.
“විමදො තීහි වස්සෙහි, පබුජ්ඣිත්වාන බ්රාහ්මණො; අද්දසාසි හරිතරුක්ඛෙ, සමන්තා අග්ගියායනං.
පහ වූ මත්වීම් ඇති ඒ තවුසා (ඉසිසිංග) තෙවසකින් පිබිද ගිනිහල්ගෙය සමීපයේ නිල්වන්ව වැඩී ගිය කැලය දුටුවේය.
“නවපත්තවනං ඵුල්ලං, කොකිලග්ගණඝොසිතං; සමන්තා පවිලොකෙත්වා, රුදං අස්සූනි වත්තයි.
කොවුලන් විසින් පවත්වන ලද නාද ඇති, නව පත්‍රයෙන් සැදුම්ලත් පිපීගිය මල් ඇති හාත්පස වනය බලා ඉසිසිංග තාපසයා අඬමින් කඳුළු වැගිරවීය.
“න ජුහෙ න ජපෙ මන්තෙ, අග්ගිහුත්තං පහාපිතං; කො නු මෙ පාරිචරියාය, පුබ්බෙ චිත්තං පලොභයි.
යාග නොකෙළෙමි, මන්ත්‍ර ජප නොකෙළෙමි. හෝමාග්නිය නසන ලදි. පරිචර්යාවෙන් කවරෙකු නම් මගේ සිත මෙසේ පෙළඹවීදැයි කියමින් තවුසා කෑ ගසමින් හැඬුවේය.
“අරඤ්ඤෙ මෙ විහරතො, යො මෙ තෙජා හ සම්භුතං; නානාරතනපරිපූරං, නාවංව ගණ්හි අණ්ණවෙ”ති.
ආරණ්‍යයෙහි වසන්නා වූ මා විසින් ශ්‍රමණ තේජසින් රැස්කරන ලද, මහා සාගරයෙහි නොයෙක් රුවනින් පිරී ගිය නැවක් බඳු වූ මගේ ධ්‍යාන ගුණය පැහැර ගත්තේ කවරෙකු දැයි මුරගාමින් හැඬීය.
තත්ථ අජ්ඣප්පත්තොති සම්පත්තො. තමුදාවත්ත කල්යාණීති තං කෙසෙ පරාමසිත්වා ඨිතං ඉසිං උදාවත්තිත්වා නිවත්තිත්වා කල්යාණදස්සනා සා සුට්ඨු සොභනා. පලිස්සජීති ආලිඞ්ගි. චවිතම්හි බ්රහ්මචරියා, යථා තං අථ තොසිතාති, භික්ඛවෙ, තස්ස ඉසිනො තාවදෙව ඣානං අන්තරධායි. තස්මිං තම්හා ඣානා බ්රහ්මචරියා චවිතෙ යථා තං සක්කෙන පත්ථිතං, තථෙව අහොසි. අථ සක්කස්ස පත්ථනාය සමිද්ධභාවං විදිත්වා සා දෙවකඤ්ඤා තොසිතා, තස්ස තෙන බ්රහ්මචරියවිනාසෙන සඤ්ජනිතපීතිපාමොජ්ජාති අත්ථො.
එහි අජ්ඣප්පත්තො යනු සම්පත්තියයි. තමුදාවත්ත කල්‍යාණී යනු ඔහු කෙස් පිරිමැද සිට සෘෂිවරයා ප්‍රබෝධයෙන් තවන යහපත් දර්ශන ඇති ඈ සියුමැලි ශෝභමාන වූවා යනුයි. පළිස්සජි යනු වැළඳ ගත්තේය යන අර්ථයයි. චවිතම්හි බ්රහ්මචරියා යථා තං අථ තොසිතා යනු මහණෙනි; ඒ සෘෂිවරයාගේ යම්තාක් ධ්‍යාන අතුරුදන් වේද? එකෙණෙහි එම ධ්‍යානාදියෙන් ද බ්‍රහ්මචරියාවෙන් ද, චුතවී ගිය කල්හි, ශක්‍රයා විසින් ප්‍රාර්ථනා කරන ලද්ද, එසේම සිද්ධ විය. එවිට ශක්‍රයාගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වූ බව දැන ඒ දිව්‍ය කන්‍යාව සතුටට පත්වූවා, ඔහුගේ එම බ්‍රහ්මචරියාව විනාශ වීමෙන් හටගත් අප්‍රමාණ ප්‍රීතිය සතුට අපමණ සතුට යන අර්ථයයි.
මනසා අගමාති සා තං ආලිඞ්ගිත්වා ඨිතා “අහො වත සක්කො පල්ලඞ්කං මෙ පෙසෙය්යා”ති එවං පවත්තෙන මනසා ඉන්දං අගමා. නන්දනෙ වනෙති නන්දිජනනසමත්ථතාය නන්දනවනසඞ්ඛාතෙ තාවතිංසභවනෙ වසන්තං. දෙවකුඤ්ජරොති දෙවසෙට්ඨො . පහිණීති පෙසෙසි. “පාහිණී”තිපි පාඨො. සොපවාහනන්ති සපරිවාරං. සඋත්තරච්ඡදපඤ්ඤාසන්ති පඤ්ඤාසාය උත්තරච්ඡදෙහි පටිච්ඡාදිතං. සහස්සපටියත්ථතන්ති සහස්සදිබ්බකොජවත්ථතං. තමෙනං තත්ථාති තං ඉසිසිඞ්ගං තත්ථ දිබ්බපල්ලඞ්කෙ නිසින්නා සා උරෙ කත්වා ධාරෙසි. තීණි වස්සානීති එකමුහුත්තං විය මනුස්සගණනාය තීණි වස්සානි තං උරෙ නිපජ්ජාපෙත්වා තත්ථ නිසින්නා ධාරෙසි.
මනසා අගමා යනු ඕ තොමෝ ඔහු වැළඳගෙන සිටියා, අහෝ ඒකාන්තයෙන් කවිච්චියක් එවන්නේ නම් යහපතියි ඇය සිතින් සිතුවාය. එසේම ශක්‍රයා කවිච්චියක් (පලඟක්) එවන ලද්දේ, දිව්‍යමය ඇතිරිලි පනහක් අතුරන ලද යනුයි. නන්දනෙ යනු, ජනතා ආනන්දයට පත් කිරීමට සමර්ථ බැවින් නන්දන වනය ඇසුරු කොට ඇති තව්තිසා භවනයේ වාසය කරන්නා වූ යන අර්ථයයි. දේවකුඤ්ජරො යනු දේව ශ්‍රේෂ්ඨයා (ශක්‍රයා) යනුවෙනි. පහීණි යනු යැවීය යන අර්ථයයි. පාහිණී යනු පෙළ පාඨයයි. සොපවාහනං යනු පිරිවර සේනාව සහිතව. ස උත්තරච්ඡද, පඤ්ඤාසං යනු දිව්‍යමය ඇතිරිලි පණහක් අතුරන ලද යනුයි. සහස්සපටිකත්ථතං යනු, දහසක් දිව්‍යමය වූ කොඳුපලස්. තමෙනං තත්ථා යනු ඒ සෘෂිවරයා එම දිව්‍ය පලඟේ හුන්නාහූ උරෙ කත්වාන ධාරෙසී යනු වර්ෂ තුනක් එක මොහොතක් මෙන්, මිනිස් ලොව ගණනය කිරීමෙන් ඇය උරෙහිළා තුරුළු කරගෙන හොවා එහි සිටම දැරීය.
විමදොති නිම්මදො විගතසඤ්ඤභාවො. සො හි තීණි සංවච්ඡරානි විසඤ්ඤො සයිත්‍වා පච්ඡා පටිලද්ධසඤ්ඤො පබුජ්ඣි. තස්මිං පබුජ්ඣමානෙ හත්ථාදිඵන්දනං දිස්වාව අලම්බුසා තස්ස පබුජ්ඣනභාවං ඤත්වා පල්ලඞ්කං අන්තරධාපෙත්වා සයම්පි අන්තරහිතා අට්ඨාසි. අද්දසාසීති සො අස්සමපදං ඔලොකෙන්තො “කෙන නු ඛොම්හි සීලවිනාසං පාපිතො”ති චින්තෙත්වා මහන්තෙන සද්දෙන පරිදෙවමානො අද්දසාසි. හරිතරුක්ඛෙති අග්ගියායනසඞ්ඛාතං අග්ගිසාලං සමන්තා පරිවාරෙත්වා ඨිතෙ හරිතපත්තරුක්ඛෙ. නවපත්තවනන්ති තරුණෙහි නවපත්තෙහි සඤ්ඡන්නං වනං. රුදන්ති පරිදෙවන්තො.
විමදො යනු, මදයෙන් ප්‍රමාදයෙන් තොර, පහව ගිය විසංඥ භාවයයි. ඔහු වනාහි වර්ෂ තුනක් විසංඥව සයනය කර පසුව ලබන ලද සංඥා ඇත්තේ පිබිදුණේය. එසේ පිබිදුන කල්හි අත් ආදිය වෙව්ලනු දැක ඔහු පිබිදෙනු බව අලම්බුසාව දැන, පලඟ අතුරුදන් කරවා තෙමේ ද, අතුරුදන්ව සිටියාය. අද්දසාසී යනු අසපුව දෙස බලන්නේ කවරකු විසින් ශීල විපත්තියට පැමිණේදැයි සිතා මහත් හඬින් හඬමින් ගියේය. හරිතරුක්ඛෙ යනු ගිනිපූජා පවත්වන ගිනිහල්ගෙය හාත්පය පිරිවරා සිටි, හරිතවර්ණ පත්‍ර ඇති වෘක්ෂ සමූහයයි. නව පත්ත වනං යනු තරුණ වූ අළුත් පත්‍රවලින් ගැවසුණු වනයයි. රුදං යනු හැඬීම වැළපීමයි.
න ජුහෙ න ජපෙ මන්තෙති අයමස්ස පරිදෙවනගාථා. පහාපිතන්ති හාපිතං, ප-කාරො උපසග්ගමත්තං. පාරිචරියායාති කො නු කිලෙසපාරිචරියාය ඉතො පුබ්බෙ මම චිත්තං පලොභයීති පරිදෙවති. යො මෙ තෙජා හ සම්භුතන්ති හ-කාරො නිපාතමත්තං. යො මම සමණතෙජෙන සම්භූතං ඣානගුණං නානාරතනපරිපුණ්ණං මහන්තං මහණ්ණවෙ නාවං විය ගණ්හි, විනාසං පාපෙසි, කො නාමෙසොති පරිදෙවතීති.
න ජුහෙ න ජපෙ මන්තෙ යනු, මේ මොහුගේ හැඬීම සඳහන් ගාථාවයි. පහාපිතං යනු ඉක්මවන ලද යනුයි. ‘ප’ කාරය උපසර්ගය මාත්‍රයකි. පාරිචරියායා යනු කවරෙක් කෙලෙස් වැගිරවීමෙන් මෙයින් පෙර මගේ සිත කම්පාවට පත් කෙළේදැයි හැඬීමයි. යො මෙ තේජාහ සම්භතං යනු, ‘හ’ කාරය නිපාත මාත්‍රයකි. යමෙක්, මගේ ශ්‍රමණ තේජසින් හටගත් ධ්‍යාන ගුණ නැමැති නොයෙක් මහාර්ඝ රත්නවලින් පිරිපුන් මහා සාගරයේ විනාශයට පැමිණවීය. මෙය කවරෙක් කරන ලද්දේදැයි හැඬීය.
තං සුත්වා අලම්බුසා චින්තෙසි – “සචාහං න කථෙස්සාමි, අයං මෙ අභිසපිස්සති, හන්දස්ස කථෙස්සාමී”ති. සා දිස්සමානෙන කායෙන ඨත්වා ගාථමාහ –
ඒ අසා අලම්බුසා මෙසේ සිතුවාය. ඉදින් මම කථා නොකරන්නේ නම් මෙතෙම මට ශාප කරන්නේය. අදෝමැයි මොහුට කතා කරන්නෙමි. ඇය දැකීම් පමණින් ශරීරයෙන් සෘජුව සිට මේ ගාථාව කීවාය.
“අහං තෙ පාරිචරියාය, දෙවරාජෙන පෙසිතා; අවධිං චිත්තං චිත්තෙන, පමාදො ත්වං න බුජ්ඣසී”ති.
පින්වත් තාපසය! ශක්‍ර දිව්‍යරාජයා පරිචර්යාව පිණිස මෙහෙයවන ලද, මම මගේ සිතින් නුඹ ගේ සිත මැඩ පැවැත්වීමි. එය ඔබවහන්සේ ප්‍රමාදයෙන් අවබෝධ නොකළහ.
සො තස්සා කථං සුත්වා පිතරා දින්නඔවාදං සරිත්වා “පිතු වචනං අකත්වා මහාවිනාසං පත්තොම්හී”ති පරිදෙවන්තො චතස්සො ගාථායො අභාසි –
ඔහු ඇයගේ කථාව අසා, පියා විසින් දෙන ලද අවවාද සිහිකොට පිය වචනය නොකොට මහත් විනාශයකට පැමිණියේ වෙමියි, හඬා වැලපෙන්නේ ගාථා සතරක් කීවේය.
“ඉමානි කිර මං තාතො, කස්සපො අනුසාසති; කමලාසදිසිත්ථියො, තායො බුජ්ඣෙසි මාණව.
මගේ පියා වූ කස්සප තෙම මේ අවවාද අනුශාසනා කෙළේය. මානවකය, පියුම් වැනි ලිය තඹර මල් වැනි ස්ත්‍රීහු වෙත්. ඔබ ඔවුන් වටහාගන්න.
“උරෙගණ්ඩායො බුජ්ඣෙසි, තායො බුජ්ඣෙසි මාණව; ඉච්චානුසාසි මං තාතො, යථා මං අනුකම්පකො.
අනුකම්පා ඇත්තෙකු සේ මගේ පියා වූ කාශ්‍යප තෙම, අවවාද දෙමින්, මානවකය ළයෙහි මස්ගඩු දෙකක් ඇති ස්ත්‍රීන් දැන ගනුව. ඒ ස්ත්‍රීන් වසඟයට ගියවුන් නැසෙතියි දැනගනුව.
“තස්සාහං වචනං නාකං, පිතු වුද්ධස්ස සාසනං; අරඤ්ඤෙ නිම්මනුස්සම්හි, ස්වජ්ජ ඣායාමි එකකො.
වෘද්ධ වූ ඒ පියාගේ අනුශාසනය ඒ මම නොකෙළෙමි. මිනිසුන් විරහිත අරණ්‍යයෙහි හුදකලා වූ මම එකලාව වැළපෙමි.
“සොහං තථා කරිස්සාමි, ධිරත්ථු ජීවිතෙන මෙ; පුන වා තාදිසො හෙස්සං, මරණං මෙ භවිස්සතී”ති.
ඒ මම එසේ කරන්නෙමි. මගේ ජීවිතයට නින්දා වේවා. නොහොත් මාගේ ජීවිතයෙන් ඇති ඵලය කිම? නැවත හෝ එබන්දෙක් වන්නෙමි. නැතිව ගිය ධ්‍යානය ලබා ගන්නෙමි. නො එසේනම් මාගේ මරණය හෝ වන්නේ යයි තාපසයා නැවතත් අධිෂ්ඨාන කෙළේය.
තත්ථ ඉමානීති ඉමානි වචනානි. කමලාසදිසිත්ථියොති කමලා වුච්චති නාරිපුප්ඵලතා, තාසං පුප්ඵසදිසා ඉත්ථියො. තායො බුජ්ඣෙසි මාණවාති මාණව ත්වං තායො ජානෙය්යාසි, ඤත්වා දස්සනපථං අගන්ත්වා පලාපෙය්යාසීති යානි එවරූපානි වචනානි තදා මං තාතො අනුසාසති, ඉමානි කිර තානීති. උරෙගණ්ඩායොති උරම්හි ද්වීහි ගණ්ඩෙහි සමන්නාගතා. තායො බුජ්ඣෙසි, මාණවාති, මාණව, තායො අත්තනො වසං ගතෙ විනාසං පාපෙන්තීති ත්වං ජානෙය්යාසි. නාකන්ති නාකරිං. ඣායාමීති පජ්ඣායාමි පරිදෙවාමි. ධිරත්ථු ජීවිතෙන මෙති ධිරත්ථු ගරහිතං මම ජීවිතං, ජීවිතෙන මෙ කො අත්ථො. පුන වාති තථා කරිස්සාමි, යථා පුන වා තාදිසො භවිස්සාමි, නට්ඨං ඣානං උප්පාදෙත්වා වීතරාගො භවිස්සාමි, මරණං වා මෙ භවිස්සතීති.
එහි, ඉමානි යනු මේ වචන මාලාවයි. කමලාසිරිසිත්ථි යො යනු නෙළුම් මල් කියනු ලැබේ. නාරිලතා මල් හා සමාන ස්ත්‍රීහු. තායො බුජ්ඣෙසී යනු මානවකය, ඈලා දැනගන්නෙහි යයි දැන දර්ශනපථයට නොගොස් පලායන්නෙහි. යම් බඳු වූ මේ වචන එකල මට පියා අනුශාසනා කළේද මේ වනාහි ඒවාය. උරෙ ගණ්ඩායො යනු, පපුවෙහි ගඩු දෙකකින් සමන්නාගත බවයි. (පියවුරු) බුජ්ඣෙසී යනු, මානවකය; තමන් ඈලාගේ වසඟයට ගිය කල්හි විනාශයට පැමිණෙති’යි දැනගන්නෙහි. නාකං යනු නොකළෙමියි. ඣායමී යනු ශෝක කරමි. වැලපෙමියි. ධීරත්ථු ජීවිතෙන මෙ යනු මගේ ජීවිතයෙන් ජීවත්වීම කවර අර්ථයක්ද? යනුවෙන් ගර්හා කරන ලද්දේ ඒ ප්‍රාඥයාට ස්තුති වේවා! පුන වා යනු එසේ කරන්නෙමි යළිත්. විනාශ වූ ධ්‍යානය යළි උපදවා වීතරාගී වන්නෙමි. නැතහොත් මට මරණය හෝ වන්නේය.
සො කාමරාගං පහාය පුන ඣානං උප්පාදෙසි. අථස්ස සමණතෙජං දිස්වා ඣානස්ස ච උප්පාදිතභාවං ඤත්වා අලම්බුසා භීතා ඛමාපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ද්වෙ ගාථායො අභාසි –
හෙතෙම කාමරාගය දුරුකොට නැවත ධ්‍යානය ඉපිදවීය. ඉක්බිති ඔහුගේ ශ්‍රමණ තේජස දැක ධ්‍යානය ද ඉපදුණේ යයි දැන අලම්බුසා භීතියට පත්වූවා ක්ෂමාව අයැදීය. එම අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ ගාථා දෙකක් වදාළ සේක.
“තස්ස තෙජං වීරියඤ්ච, ධිතිං ඤත්වා අවට්ඨිතං; සිරසා අග්ගහී පාදෙ, ඉසිසිඞ්ගං අලම්බුසා.
ඒ ඉසිසිංග තාපසයා නැවත මනාව වඩන ලද තේජසත්, වීර්යයත්, උත්සාහයත් දැන අලම්බුසා ඉසිසිංග තාපසයා ගේ පාළඟ වැටී හිසින් දෙපා වැඳ ක්ෂමා කරවා ගත්තාය.
“මා මෙ කුජ්ඣ මහාවීර, මා මෙ කුජ්ඣ මහාඉසෙ; මහා අත්ථො මයා චිණ්ණො, තිදසානං යසස්සිනං; තයා පකම්පිතං ආසි, සබ්බං දෙවපුරං තදා”ති.
මහා වීරයන් වහන්ස! මට නොකිපෙනු මැනැව. මහර්ෂිය, මට නො කිපෙනු මැනැව. පිරිවර ඇති තාවතිංස දෙවියන්ට මා විසින් මහත් මෙහෙයක් කරන ලදි. එකල්හි මුළු දෙව්පුරය නුඹවහන්සේ විසින් වෙසෙසින් කම්පා කරන ලදි.
අථ නං සො “ඛමාමි තෙ, භද්දෙ, යථාසුඛං ගච්ඡා”ති විස්සජ්ජෙන්තො ගාථමාහ –
ඉක්බිති; සොඳුර ඔබට ක්ෂමාව දෙමි. යම්සේ සැපසේ යවයි පිටත් කරමින් ගාථාවක් කීවේය.
“තාවතිංසා ච යෙ දෙවා, තිදසානඤ්ච වාසවො; ත්වඤ්ච භද්දෙ සුඛී හොහි, ගච්ඡ කඤ්ඤෙ යථාසුඛ”න්ති.
තව්තිසා වැසි දෙවිවරු ද, දෙව්ලෝ වැස්සන්ට අධිපති ශක්‍රයා ද සුවපත් වේවා! තී ද සුවපත් වෙත්වා; යහපත් වේවායි; කන්‍යාවනි, සැපසේ පිටත්ව යව.
සා තං වන්දිත්වා තෙනෙව සුවණ්ණපල්ලඞ්කෙන දෙවපුරං ගතා. තමත්ථං පකාසෙන්තො සත්ථා තිස්සො ගාථායො අභාසි –
ඇය ඔහු වැඳ ඒ රන් පළඟින් ම දිව්‍යපුරයට ගියාය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ ගාථා තුනක් වදාළ සේක.
“තස්ස පාදෙ ගහෙත්වාන, කත්වා ච නං පදක්ඛිණං; අඤ්ජලිං පග්ගහෙත්වාන, තම්හා ඨානා අපක්කමි.
අලම්බුසා උන්වහන්සේගේ පා අල්ලා වැද ප්රදක්ෂිණා කොට ඇඳිලි බැඳ එතැනින් බැහැර වූවාය.
“යො ච තස්සාසි පල්ලඞ්කො, සොවණ්ණො සොපවාහනො; සඋත්තරච්ඡදපඤ්ඤාසො, සහස්සපටියත්ථතො; තමෙව පල්ලඞ්කමාරුය්හ, අගා දෙවාන සන්තිකෙ.
පිරිවර සහිත වූ මත්තෙහි වසන ලද, ඇතිරිලි පනහකින් හා කොඳුපලස් දහසකින් අසුරන ලද, ඇගේ ස්වර්ණ වූ පර්යංකයටම නැග ඕ දෙවියන් වෙත ගියාය.
“තමොක්කමිව ආයන්තිං, ජලන්තිං විජ්ජුතං යථා; පතීතො සුමනො විත්තො, දෙවින්දො අදදා වර”න්ති.
බබළන්නා වූ උල්කාව මෙන් ද, විදුලිය මෙන් ද එන්නා වූ අලම්බුසාව දැක ප්‍රීතිමත් වූ සතුටු සිත් ඇති ශක්‍රයා ඇයට වරයක් දුන්නේය.
තත්ථ ඔක්කමිවාති දීපකං විය. “පතීතො”තිආදීහි තුට්ඨාකාරොව දස්සිතො අදදා වරන්ති ආගන්ත්වා වන්දිත්වා ඨිතාය තුට්ඨො වරං අදාසි.
එහි ඔක්කමිවා යනු ප්‍රදීපයක් මෙන්, පතීතො යනු පෙර මෙන් සතුටු ආකාරය දැක්වීය. අදදා වරං යනු, අවුත් වැඳ සිටියේ සතුටට පත්ව වරයක් දුන්නේය.
සා තස්ස සන්තිකෙ වරං ගණ්හන්තී ඔසානගාථමාහ –
ඇය ඔහු සමීපයේ වරය ගනිමින් අවසාන ගාථාව කීවාය.
“වරඤ්චෙ මෙ අදො සක්ක, සබ්බභූතානමිස්සර; නිසිප්පලොභිකා ගච්ඡෙ, එතං සක්ක වරං වරෙ”ති.
ශක්‍ර දේවේන්ද්රය, තෙපි මට වරයක් දෙවු නම් නැවතත් සෘෂීන් පෙළඹවීම මට නියම නොකරන්නැයි යන වරය ඉල්ලමි’යි අලම්බුසා කීවාය.
තස්සත්ථො – “සක්ක දෙවරාජ, සචෙ මෙ ත්වං වරං අදො, පුන ඉසිපලොභිකාය න ගච්ඡෙය්යං, මා මං එතදත්ථාය පහිණෙය්යාසි, එතං වරං වරෙ යාචාමී”ති.
එම අර්ථය:- ශක්‍ර දේවරාජය; ඉදින් නුඹ මට වරයක් දුන්නේ; යළි සෘෂීන් පොළඹවීමට නොයන්නෙමි. එම අර්ථය පිණිස නොයන්නෙම්. මේ වරය උතුම් වේ. එවැනි දේකට මා නොයොදවන වරය ඉල්ලමි.
සත්ථා තස්ස භික්ඛුනො ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා අලම්බුසා පුරාණදුතියිකා අහොසි, ඉසිසිඞ්ගො උක්කණ්ඨිතභික්ඛු, පිතා මහාඉසි පන අහමෙව අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂුවට මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශ කොට, ජාතකය නිමවාට පත්කළ සේක. සත්‍යය අවසානයේ ඒ භික්ෂුව සෝතාපත්ති ඵලයෙහි පිහිටියේය. එකල අලම්බුසා නම් පුරාණ දූතිකාව (කලින් බිරිඳ) වූවාය. සෘෂි තවුසා කළකිරුණු භික්ෂුවයි. පියා, මහා සෘෂි වූ මම ම වෙමි යි වදාළ සේක.
අලම්බුසාජාතකවණ්ණනා තතියා.
අලම්බුසා ජාතකය නිමි.