4. සඞ්ඛපාලජාතකවණ්ණනා 524 අට්ඨකථා
4. සඞ්ඛපාලජාතකවණ්ණනා (524)
4. සංඛපාල ජාතකය (524)
අරියාවකාසොසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උපොසථකම්මං ආරබ්භ කථෙසි. තදා හි සත්ථා උපොසථිකෙ උපාසකෙ සම්පහංසෙත්වා “පොරාණකපණ්ඩිතා මහතිං නාගසම්පත්තිං පහාය උපොසථවාසං උපවසිංසුයෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
අරියසාවකොසි යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, පෙහෙවස් විසීමක් අරබයා වදාළ සේක. එකල ශාස්තෲන් වහන්සේ, පෙහෙවස් විසූ උපාසකයන් සතුටට පත්කොට, පුරාණ පඬිවරු මහත් වූ නාග සම්පත්තිය හැරදමා පෙහෙවස් සමාදන් වූවාහු යයි වදාරා, ඔවුන් විසින් ඉල්වන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ රාජගහෙ මගධරාජා නාම රජ්ජං කාරෙසි. තදා බොධිසත්තො තස්ස රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති, “දුය්යොධනො”තිස්ස නාමං කරිංසු. සො වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ආගන්ත්වා පිතු සිප්පං දස්සෙසි. අථ නං පිතා රජ්ජෙ අභිසිඤ්චිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා උය්යානෙ වසි. බොධිසත්තො දිවසස්ස තික්ඛත්තුං පිතු සන්තිකං අගමාසි. තස්ස මහාලාභසක්කාරො උදපාදි. සො තෙනෙව පලිබොධෙන කසිණපරිකම්මමත්තම්පි කාතුං අසක්කොන්තො චින්තෙසි – “මහා මෙ ලාභසක්කාරො, න සක්කා මයා ඉධ වසන්තෙන ඉමං ජටං ඡින්දිතුං, පුත්තස්ස මෙ අනාරොචෙත්වාව අඤ්ඤත්ථ ගමිස්සාමී”ති. සො කඤ්චි අජානාපෙත්වා උය්යානා නික්ඛමිත්වා මගධරට්ඨං අතික්කමිත්වා මහිසකරට්ඨෙ සඞ්ඛපාලදහතො නාම නික්ඛන්තාය කණ්ණවෙණ්ණාය නදියා නිවත්තනෙ චන්දකපබ්බතං උපනිස්සාය පණ්ණසාලං කත්වා තත්ථ වසන්තො කසිණපරිකම්මං කත්වා ඣානාභිඤ්ඤා නිබ්බත්තෙත්වා උඤ්ඡාචරියාය යාපෙසි. තමෙනං සඞ්ඛපාලො නාම නාගරාජා මහන්තෙන පරිවාරෙන කණ්ණවෙණ්ණනදිතො නික්ඛමිත්වා අන්තරන්තරා උපසඞ්කමති. සො තස්ස ධම්මං දෙසෙසි. අථස්ස පුත්තො පිතරං දට්ඨුකාමො ගතට්ඨානං අජානන්තො අනුවිචාරාපෙත්වා “අසුකට්ඨානෙ නාම වසතී”ති ඤත්වා තස්ස දස්සනත්ථාය මහන්තෙන පරිවාරෙන තත්ථ ගන්ත්වා එකමන්තෙ ඛන්ධවාරං නිවාසෙත්වා කතිපයෙහි අමච්චෙහි සද්ධිං අස්සමපදාභිමුඛො පායාසි.
අතීතයේ රජගහනුවර මගධ නම් රජු රාජ්‍යය කරවීය. එකල බෝධිසත්ත්වයෝ එම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නෝය. දුර්යෝධන තිස්ස කුමාරයෝ යයි නම් කළහ. ඔහු නිසිවියට පත්වූයේ තක්ෂිලාවේ සියළු ශිල්ප ශාස්ත්‍ර හදාරා පැමිණ, පියාට ශිල්ප දැක්වීය. ඉක්බිති පියා ඔහුව රාජ්‍යයේ අභිෂේක කරවා, සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව උද්‍යානයේ විසීය. බෝධිසත්ත්වයෝ දිනකට තුන්වරක් පියා සමීපයට පැමිණියහ. මහත් ලාභ සත්කාර ද උපදවූහ. හෙතෙම, එම උවදුර නිසාවෙන් කසිණ කමටහන් මාත්‍රයක්වත් ඉටුකර ගැනීමට නොහැකිවන්නේ මෙසේ සිතුවේය. මට ලාභසත්කාර ඉපදවීම නොකළ හැකිය. මා විසින් මෙහි වාසය කිරීමෙන් මේ කෙළෙස් ජටාව සිඳ දැමීමට නම්, පුත්‍රයාට නොදන්වා ම අන් තැනකට යන්නෙමියි ඔහු කිසිවෙකුට නො දන්වා උයනින් නික්ම මගධ රාජ්‍යය ඉක්මවා මහිංසක රටෙහි සංඛපාල නම් විලින් ගලා බසින්නා වූ කණ්ණවේන නදිය සමීපයේ චන්දක පර්වතය ඇසුරු කොට පන්සලක් කරවා, එහි වාසය කරමින් කසිණ පරිකර්මය කර ධ්‍යාන අභිඥා උපදවා පිඬු පිණිස හැසිරෙමින් කල්ගත කෙළේය. එවිට මේ සංඛපාල නම් නාගරාජයා මහත් වූ පිරිවර සහිතව කර්ණවේණු නදියෙන් නික්ම අතරතුර පිවිසෙයි. රජු නා රජුට ධර්මය දේශනා කළේය. ඉක්බිති ඔහුගේ පුතා පියා දකිනු කැමැත්තේ ගිය ස්ථානයක් නොදන්නේ ඒ අනුව විචාරා, අසවල් තැන වාසය කරයි යනුවෙන් දැන ඔහු දැකීම පිණිස මහත් වූ පිරිවරින් එතැනට ගොස් එක් පැත්තක කඳවුරු බැඳ ඇමතියන් කීප දෙනෙකු සමග ආශ්රමයට අභිමුඛව පිටත් විය.
තස්මිං ඛණෙ සඞ්ඛපාලො මහන්තෙන පරිවාරෙන ධම්මං සුණන්තො නිසීදි. සො තං රාජානං ආගච්ඡන්තං දිස්වා ඉසිං වන්දිත්වා උට්ඨායාසනා පක්කාමි. රාජා පිතරං වන්දිත්වා පටිසන්ථාරං කත්වා නිසීදිත්වා පුච්ඡි – “භන්තෙ, කතරරාජා නාමෙස තුම්හාකං සන්තිකං ආගතො”ති. තාත, සඞ්ඛපාලනාගරාජා නාමෙසොති. සො තස්ස සම්පත්තිං නිස්සාය නාගභවනෙ ලොභං කත්වා කතිපාහං වසිත්වා පිතු භික්ඛාහාරං නිබද්ධං දාපෙත්වා අත්තනො නගරමෙව ගන්ත්වා චතූසු ද්වාරෙසු දානසාලායො කාරෙත්වා සකලජම්බුදීපං සඞ්ඛොභෙන්තො දානං දත්වා සීලං රක්ඛිත්වා උපොසථකම්මං කත්වා නාගභවනං පත්ථෙත්වා ආයුපරියොසානෙ නාගභවනෙ නිබ්බත්තිත්වා සඞ්ඛපාලනාගරාජා අහොසි . සො ගච්ඡන්තෙ කාලෙ තාය සම්පත්තියා විප්පටිසාරී හුත්වා තතො පට්ඨාය මනුස්සයොනිං පත්ථෙන්තො උපොසථවාසං වසි. අථස්ස නාගභවනෙ වසන්තස්ස උපොසථවාසො න සම්පජ්ජති, සීලවිනාසං පාපුණාති. සො තතො පට්ඨාය නාගභවනා නික්ඛමිත්වා කණ්ණවෙණ්ණාය නදියා අවිදූරෙ මහාමග්ගස්ස ච එකපදිකමග්ගස්ස ච අන්තරෙ එකං වම්මිකං පරික්ඛිපිත්වා උපොසථං අධිට්ඨාය සමාදින්නසීලො “මම චම්මමංසාදීහි අත්ථිකා චම්මමංසාදීනි හරන්තූ”ති අත්තානං දානමුඛෙ විස්සජ්ජෙත්වා වම්මිකමත්ථකෙ නිපන්නො සමණධම්මං කරොන්තො චාතුද්දසෙ පන්නරසෙ වසිත්වා පාටිපදෙ නාගභවනං ගච්ඡති.
ඒ මොහොතේ සංඛපාල මහත් පිරිවරින් බණ අසමින් හුන්නේය. ඔහු ඒ රජදරුවන් එනු දැක සෘෂිවරයාට වැඳ අසුනින් නැගිට ඉවතට ගියේය. රජු පියාට වැඳ පිළිසඳර කථා කොට හිඳ, විචාළේය. ස්වාමීනි, මේ කවර නම් ඇති රජකු ඔබගේ සමීපයට ආවේද? දරුව; සංඛපාල නම් නාග රජුය, ඔහු ඔහුගේ සම්පත් නිසා, නාගභවනය කෙරෙහි ආශාව උපදවා දින කීපයක් වාසය කර පියාට භික්ෂාගාරයට ඇරයුම් කර, මුළු දඹදිව් තලය නින්නාද කොට දන් දී සිල්රැක පෙහෙවස් සමාදන්ව නාග භවනය ප්‍රාර්ථනා කොට ආයුෂ කෙළවර නාග භවනේ උපත ලබා සංඛපාල නාග රාජයා නම් විය. හෙතෙම එසේ කාලය ගත කරන සමයේ ඔහුගේ සම්පත් අවසන් වී, එතැන් පටන් මිනිස් උපතක් ප්‍රාර්ථනා කරමින්, පෙහෙවස් සමාදන්ව වාසය කෙළේය. ඉක්බිති ඔහුගේ නාග භවනයේ වාසය කරන්නහුට උපෝසථ වාසය සම්පූර්ණ නොවේ. ශීල විනාශයට ද පත්වෙයි. ඔහු එතැන් පටන් නාග භවනයෙන් නික්ම, කර්ණවේණි නදිය ආසන්නයේ මහා මාර්ගයට ද පථික මාර්ගයට ද අතර, එක් තුඹසක් වටකාට, උපෝෂථය අධිෂ්ඨාන කොට ශීලය සමාදන් වූයේ මගේ හම් මස් ආදිය අවශ්‍ය ඇත්තාහු, සම් මස් ආදිය පැහැර ගනිත්වායි, තමන්ගේ දානාභිලාසයන් දක්වමින් තුඹස මත්තෙහි හුන්නේ ශ්‍රමණ ධර්මය පුරමින් දින දාහතරක් පහළොවක් වාසයකොට පිළිවෙලින් පසුව නාග භවනයට යයි.
තස්මිං එකදිවසං එවං සීලං සමාදියිත්වා නිපන්නෙ පච්චන්තගාමවාසිනො සොළස ජනා “මංසං ආහරිස්සාමා”ති ආවුධහත්ථා අරඤ්ඤෙ විචරන්තා කිඤ්චි අලභිත්වා නික්ඛන්තා තං වම්මිකමත්ථකෙ නිපන්නං දිස්වා “මයං අජ්ජ ගොධාපොතකම්පි න ලභිම්හා, ඉමං නාගරාජානං වධිත්වා ඛාදිස්සාමා”ති චින්තෙත්වා “මහා ඛො පනෙස ගය්හමානො පලායෙය්ය, යථානිපන්නමෙව තං භොගෙසු සූලෙහි විජ්ඣිත්වා දුබ්බලං කත්වා ගණ්හිස්සාමා”ති සූලානි ආදාය උපසඞ්කමිංසු. බොධිසත්තස්ස සරීරං මහන්තං එකදොණිකනාවප්පමාණං වට්ටෙත්වා ඨපිතසුමනපුප්ඵදාමං විය ජිඤ්ජුකඵලසන්නිභෙහි අක්ඛීහි ජයසුමනපුප්ඵසදිසෙන ච සීසෙන සමන්නාගතං අතිවිය සොභති. සො තෙසං සොළසන්නං ජනානං පදසද්දෙන භොගන්තරතො සීසං නීහරිත්වා රත්තක්ඛීනි උම්මීලෙත්වා තෙ සූලහත්ථෙ ආගච්ඡන්තෙ දිස්වා චින්තෙසි – “අජ්ජ මය්හං මනොරථො මත්ථකං පාපුණිස්සති, අහං අත්තානං දානමුඛෙ නිය්යාදෙත්වා වීරියං අධිට්ඨහිත්වා නිපන්නො, ඉමෙ මම සරීරං සත්තීහි කොට්ටෙත්වා ඡිද්දාවඡිද්දං කරොන්තෙ කොධවසෙන අක්ඛීනි උම්මීලෙත්වා න ඔලොකෙස්සාමී”ති අත්තනො සීලභෙදභයෙන දළ්හං අධිට්ඨාය සීසං භොගන්තරෙයෙව පවෙසෙත්වා නිපජ්ජි. අථ නං තෙ උපගන්ත්වා නඞ්ගුට්ඨෙ ගහෙත්වා කඩ්ඪන්තා භූමියං පොථෙත්වා තිඛිණසූලෙහි අට්ඨසු ඨානෙසු විජ්ඣිත්වා සකණ්ටකකාළවෙත්තයට්ඨියො පහාරමුඛෙහි පවෙසෙත්වා අට්ඨසු ඨානෙසු කාජෙනාදාය මහාමග්ගං පටිපජ්ජිංසු, මහාසත්තො සූලෙහි විජ්ඣනතො පට්ඨාය එකට්ඨානෙපි කොධවසෙන අක්ඛීනි උම්මීලෙත්වා තෙ න ඔලොකෙසි. තස්ස අට්ඨහි කාජෙහි ආදාය නීයමානස්ස සීසං ඔලම්බෙත්වා භූමියං පහරි. අථ නං “සීසමස්ස ඔලම්බතී”ති මහාමග්ගෙ නිපජ්ජාපෙත්වා තරුණසූලෙන නාසාපුටං විජ්ඣිත්වා රජ්ජුකං පවෙසෙත්වා සීසං උක්ඛිපිත්වා කාජකොටියං ලග්ගිත්වා පුනපි උක්ඛිපිත්වා මග්ගං පටිපජ්ජිංසු.
එහිදී එක් දවසක් මෙසේ සිල් සමාදන් වී හුන් කල්හි ප්‍රත්‍යන්ත ගම්වැසියන් දාසය දෙනෙකු මාංශ ගෙන යන්නෙමුයි, ආයුධ ගත් අත් ඇතිව, වනයෙහි හැසිරෙන්නේ කිසිවක් නො ලැබ, නික්මෙන්නාහු ඒ තුඹස මත්තෙහි හුන් නාගයා දැක අපි අද තලගොයි පැටියෙක්වත් නොලැබුවෙමු. මේ නාගරාජයා නසා කන්නෙමුයි සිතා, මේ මහා සතා අල්ලා ගන්නාවිට ම පලා යන්නේ යයි හුන්තැනම දරණ වැල හුල්වලින් විද, දුර්වලකොට අල්ලා ගන්නෙමුයි හුල් යදන් ආදිය රැගෙන එළඹියහ. බෝධිසත්ත්වයන්ගේ ශරීරය ද මහත් වූයේ එක ඔරුවක ප්‍රමාණ වට ඇති, තබන ලද, දෑසමන් මල් දාමයක් මෙන් ද, ඔළිඳ ගෙඩියක ප්‍රමාණ වූ ඇස්වලින් ද, දෑසමන් මල් සමාන හිසකින් ද සමන්විත වූයේ අතිශයින් බබළයි. ඔහු ඒ සොළොස් ජනතාවගේ පියවර ශබ්දයෙන් දරණ වැලින් හිස බැහැර කොට, රතු ඇස් ඇර බලා උල්වූ ආයුධ ගත් අත් ඇති ඔවුන් එනු බලා මෙසේ සිතුවේය. අද මගේ අපේක්ෂාව සමෘද්ධ වන්නේය. මම තමාගේ දාන අභිලාෂය පවරා දී වීර්ය අධිෂ්ඨානයෙන් හොත්තේ, මොවුහු මගේ ශරීරය සැත්වලින් කොට සිදුරු සිදුරු කොට කරන්නේ ක්‍රෝධ වේශයෙන් ඇස් ඇර නො බලන්නෙමියි තමාගේ සිල් බිඳීමේ භයින් දැඩිකොට අධිෂ්ඨාන කොට, හිස නාග දරණය අතරේම රඳවා හොත්තේය. ඉක්බිති ඔවුහු බෝසතුන් වෙත එළඹ, නගුටින් ගෙන, අදිමින් පොළොවේ ගසා, තියුණු උල්වලින් අටතැනක විද කටු සහිත කළු වේවැල කෙළවරින් ප්‍රහාර දුන් තැන්වලට යවා අටතැනක ගෙන කදින් රැගෙන මහාමාර්ගයට පිළිපන්හ. බෝසත්හු හුලෙන් ඇනපු තැන් පටන් එක මොහොතක්වත් ක්‍රෝධ විලාශයෙන් ඇස් ඇර බලා ඔවුන් දෙස නොබැලූහ. නාගයා අටපිරිස විසින් කදෙන් ගෙන රැගෙන යනවිට හිස පහත්කොට බිම තැබීය. ඉක්බිති බෝසතුන්ව ඔහුගේ හිස එල්ලෙන්නේ යයි, මහාමාර්ගයේ හොවා, ශක්තිමත් හුලකින්, නාස්පුටය විද, රැහැනක් (ලණුවක්) යවා හිස බැඳ, කඳේ කෙළවර, එල්ලා නැවත ඔසවාගෙන මාර්ගයට පිළිපන්හ.
තස්මිං ඛණෙ විදෙහරට්ඨෙ මිථිලනගරවාසී ආළාරො නාම කුටුම්බිකො පඤ්ච සකටසතානි ආදාය සුඛයානකෙ නිසීදිත්වා ගච්ඡන්තො තෙ භොජපුත්තෙ බොධිසත්තං තථා ගණ්හිත්වා ගච්ඡන්තෙ දිස්වා තෙසං සොළසන්නම්පි සොළසහි වාහගොණෙහි සද්ධිං පසතං පසතං සුවණ්ණමාසකෙ සබ්බෙසං නිවාසනපාරුපනානි භරියානම්පි නෙසං වත්ථාභරණානි දත්වා විස්සජ්ජාපෙසි. අථ සො නාගභවනං ගන්ත්වා තත්ථ පපඤ්චං අකත්වා මහන්තෙන පරිවාරෙන නික්ඛමිත්වා ආළාරං උපසඞ්කමිත්වා නාගභවනස්ස වණ්ණං කථෙත්වා තං ආදාය නාගභවනං ගන්ත්වා තීහි නාගකඤ්ඤාසතෙහි සද්ධිං මහන්තමස්ස යසං දත්වා දිබ්බෙහි කාමෙහි සන්තප්පෙසි. ආළාරො නාගභවනෙ එකවස්සං වසිත්වා දිබ්බකාමෙ පරිභුඤ්ජිත්වා “ඉච්ඡාමහං, සම්ම, පබ්බජිතු”න්ති නාගරාජස්ස කථෙත්වා පබ්බජිතපරික්ඛාරෙ ගහෙත්වා නාගභවනතො හිමවන්තප්පදෙසං ගන්ත්වා පබ්බජිත්වා තත්ථ චිරං වසිත්වා අපරභාගෙ චාරිකං චරන්තො බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිත්වා පුනදිවසෙ භික්ඛාය නගරං පවිසිත්වා රාජද්වාරං අගමාසි. අථ නං බාරාණසිරාජා දිස්වා ඉරියාපථෙ පසීදිත්වා පක්කොසාපෙත්වා පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා නානග්ගරසභොජනං භොජෙත්වා අඤ්ඤතරස්මිං නීචෙ ආසනෙ නිසින්නො වන්දිත්වා තෙන සද්ධිං සල්ලපන්තො පඨමං ගාථමාහ –
එකෙණෙහි විදේහ රට, මිථිලා නුවරවාසී, ආළාර නම් කෙළෙඹියා පන්සියයක් ගැල් රැගෙන, සුව යහනාවක හිඳුවා, යන්නේ, ඒ භෝජ පුතුන්, බෝසතුන් එසේ ගෙන යනවා දැක, ඒ සොළොස් (16) දෙනාටම ගොනුන් සහිත වාහන දාසයක් සමග, නැළි එක බැගින්, රන් මසු දී ඔවුන්ගේ බිරින්දැන්ට සමගම හඳින පොරවන වස්ත්රාභරණාදිය ද පිටත් කෙළේය. සංඛපාල නා රජු නාග භවනට ගොස් එහි ප්‍රමාද නොකොට මහත් පිරිවරින් නික්ම, ආළාර වෙත එළඹ නාග භවනයේ වර්ණනාව කියා, ඔහු කැටුව නාග භවනයට ගොස්, නාග කන්‍යාවන් තුන්සියයක් සමග මහත් කීර්තිය දී දිව්‍යකාම වස්තුවලින් සන්තර්පණය කෙළේය. ආළාර නාග භවනයේ එක් වර්ෂයක් වාසය කොට දිව්‍යකාම සම්පත් අනුභව කොට, මිත්‍රය; “මම පැවිදි වීමට කැමැත්තෙමි”යි නාගරාජයාට පවසා පැවිදි පිරිකර ගෙන, නාග භවනයෙන් හිමවත් පෙදෙසට ගොස් පැවිදිව, එහිම බොහෝ කලක් වාසය කොට, පසු කාලයේ චාරිකා කරන්නේ, බරණැස් නගරයට පිවිස, රජ උයනේ වාසයකොට, දෙවන දවසේ පිඬු පිණිස නගරයට පිවිස රජ දොරටුවට පිවිසියේය. ඉක්බිති ඔහුව, බරණැස් රජු දැක ඉරියව් ගැන පැහැදී කැඳවා පනවන ලද අසුනේ වැඩහිඳ, නොයෙක් මාහැඟි රස බොජුන් වළඳා වෙනත් පහත් ආසනයක හුන්නේ, වැඳ ඔහු සමග කථාබස් කරන්නේ පළමු ගාථාව කීවේය.
“අරියාවකාසොසි පසන්නනෙත්තො, මඤ්ඤෙ භවං පබ්බජිතො කුලම්හා; කථං නු විත්තානි පහාය භොගෙ, පබ්බජි නික්ඛම්ම ඝරා සපඤ්ඤා”ති.
සුන්දර සිරුරක් ඇත්තේය. පහන් වූ නෙත් ඇත්තේමය. ක්ෂත්රිය බ්‍රාහ්මණ දෙකුලයෙන් ගෘහවාසයෙන් නික්ම පැවිදි බිමට පත්වූයේ යයි හඟිමි. නුවණැති පුරුෂයාණනි; ධන ධාන්‍ය හැර දමා ගිහි ගෙදරින් නික්ම කුමක් නිසා පැවිදි වූයෙහිද?
තත්ථ අරියාවකාසොසීති නිද්දොසසුන්දරසරීරාවකාසොසි, අභිරූපොසීති අත්ථො. පසන්නනෙත්තොති පඤ්චහි පසාදෙහි යුත්තනෙත්තො. කුලම්හාති ඛත්තියකුලා වා බ්රාහ්මණකුලා වා සෙට්ඨිකුලා වා පබ්බජිතොසීති මඤ්ඤාමි. කථං නූති කෙන කාරණෙන කිං ආරම්මණං කත්වා ධනඤ්ච උපභොගෙ ච පහාය ඝරා නික්ඛමිත්වා පබ්බජිතොසි සපඤ්ඤ පණ්ඩිතපුරිසාති පුච්ඡති.
එහි අරියාවකාසෙ යනු දොස් රහිත සුන්දර ශරීර අවයව ඇති බවයි. මනාරූප ඇත්තේ යන අර්ථයි. පසන්නනෙත්තො යනු පස් වැදෑරුම් ප්‍රසාදයෙන් යුක්ත නෙත් ඇති බවයි. කුලම්භ යනු ක්ෂත්රිය බ්‍රාහ්මණ හෝ සිටුකුලයෙන් නික්ම ප්‍රව්‍රජ්‍යා වූයේ යයි සිතමි. කථානූ, යනු කුමන කරුණක්, කුමක් අරමුණුකොට, ධනය ද, භෝග සම්පත් ද හැර දමා, ගෘහ වාසයෙන් නික්ම පැවිදිවූයේ ද යන අර්ථයයි. සපඤ්ඤ උගත් පුරුෂයා යයි විචාළේය.
තතො පරං තාපසස්ස ච රඤ්ඤො ච වචනප්පටිවචනවසෙන ගාථානං සම්බන්ධො වෙදිතබ්බො –
ඉන් අනතුරුව තාපසයාගේ ද, රජුගේ ද වචන හා ප්‍රතිවචන වශයෙන් ගාථාවන්ගේ සම්බන්ධය දත යුතුය.
“සයං විමානං නරදෙව දිස්වා, මහානුභාවස්ස මහොරගස්ස; දිස්වාන පුඤ්ඤාන මහාවිපාකං, සද්ධායහං පබ්බජිතොම්හි රාජ.
රජතුමනි, මහා නා රජුගේ විමානය ද, පින්කම්වල මහත් විපාක ද දැක කර්මයත් කර්ම විපාකත්, පරලොවත් යන මේවා ගැන සැදැහැයෙන් මම පැවිදි වීමි.
“න කාමකාමා න භයා න දොසා, වාචං මුසා පබ්බජිතා භණන්ති; අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, සුත්වාන මෙ ජායිහිතිප්පසාදො.
කාමය නොකැමැති වේ. බියක් නැත. ද්වේෂයක් නැත. පැවිදි වූවෝ මුසාවාද නො කියති. මා විසින් මේ අර්ථය විචාරනුයේ කියනු මැනවි. ඒ අසා මාගේ ප්‍රසාදය හටගන්නේය.
“වාණිජ්ජ රට්ඨාධිප ගච්ඡමානො, පථෙ අද්දසාසිම්හි භොජපුත්තෙ; පවඩ්ඪකායං උරගං මහන්තං, ආදාය ගච්ඡන්තෙ පමොදමානෙ.
වෙළඳාම පිණිස යන්නා වූ මම, අතිශයින් වැඩුණා වූ ශරීරයක් ඇති මහා නාගයකු තඩලාගෙන මහා මාර්ගයෙහි සතුටු සිතින් යන්නා වූ වැදි පුත්‍රයන් දුටුවෙමි.
“සොහං සමාගම්ම ජනින්ද තෙහි, පහට්ඨලොමො අවචම්හි භීතො; කුහිං අයං නීයති භීමකායො, නාගෙන කිං කාහථ භොජපුත්තා.
රජතුමනි, ඒ මම ඔවුන් සමග එක්වූයෙමි. ලොමුඩැහැ ගත්තේ අතිශයින් භීතියට පත්වීමි. බියට පත්වී මෙසේ කීමි. බිහිසුණු කයක් ඇති මේ නාගරාජයා කොතනක ගෙන යයි ද?
“නාගො අයං නීයති භොජනත්ථා, පවඩ්ඪකායො උරගො මහන්තො; සාදුඤ්ච ථූලඤ්ච මුදුඤ්ච මංසං, න ත්වං රසඤ්ඤාසි විදෙහපුත්ත.
භෝජ පුත්‍ර වූ නාගයා ගෙන ගොස් කුමක් කරනු ලැබේද? මේ නාගයා ආහාර පිණිස ගෙන යමු. උරගයා මහත් වූයේ වැඩුණු කය ඇත්තේය. ස්ථුල බවද, මිහිරි වූ ද, මෘදු වූ ද මාංශය ඇත්තේය. විදේහ පුත්‍රය, නුඹ ඒ රසය නොදන්නෙහිය.
“ඉතො මයං ගන්ත්වා සකං නිකෙතං, ආදාය සත්ථානි විකොපයිත්වා; මංසානි භොක්ඛාම පමොදමානා, මයඤ්හි වෙ සත්තවො පන්නගානං.
මෙතැනින් අපි සිය නිවහනට ගොස් ආයුධ ගෙන කෑලි කෑලි කපා සතුටු සිතින් මස් අනුභව කරමු. අපි සර්පයන්ගේ සතුරෝ වන්නෙමු.
“සචෙ අයං නීයති භොජනත්ථා, පවඩ්ඪකායො උරගො මහන්තො; දදාමි වො බලිබද්දානි සොළස, නාගං ඉමං මුඤ්චථ බන්ධනස්මා.
විශේෂයෙන් වැඩුණු ශරීර ඇති බඩගා යන්නා වූ මේ මහා නාගයා තෙපි භෝජනය පිණිස ගෙන යනු ලබන්නේ නම්, මම තොපට ගවයන් සොළසක් දෙමි. නාගයා බැමිවලින් මුදවු.
“අද්ධා හි නො භක්ඛො අයං මනාපො, බහූ ච නො උරගා භුත්තපුබ්බා; කරොම තෙ තං වචනං අළාර, මිත්තඤ්ච නො හොහි විදෙහපුත්ත.
ඒකාන්තයෙන් අපට මොහු අනුභව කිරීම ප්‍රිය වේ. පෙරද අප බොහෝ උරගයන් කෑ විරූය. එහෙත් විදේහ පුත්‍ර වූ අළාරය! ඔබේ වචනය ඉටු කරමු. විදේහ පුත්‍ර වූ ඔබ අපගේ මිතුරෙකි.
“තදාස්සු තෙ බන්ධනා මොචයිංසු, යං නත්ථුතො පටිමොක්කස්ස පාසෙ; මුත්තො ච සො බන්ධනා නාගරාජා, පක්කාමි පාචීනමුඛො මුහුත්තං.
එකල ඔවුහු බන්ධනයෙන් මුදාහළහ. නාසය විද යවන ලද ඔබ පාශයෙන් මුදනු ලැබීය. ඒ නාගරාජයා බන්ධනයෙන් මිදුණේ, මොහොතකින් නැගෙනහිර දිශාව බලා පිටත්ව ගියේය.
“ගන්ත්වාන පාචීනමුඛො මුහුත්තං, පුණ්ණෙහි නෙත්තෙහි පලොකයී මං; තදාස්සහං පිට්ඨිතො අන්වගච්ඡිං, දසඞ්ගුලිං අඤ්ජලිං පග්ගහෙත්වා.
මොහොතකින් ප්‍රාචීන දිශාවට ගොස් කඳුළු පිරුණු නෙත්වලින් ඔහු මා දෙස බැලීය. මම දසැ’ඟිලි එකට තබා ඇඳිලි බැඳ නාගයාගේ පිටුපසින් ගියෙමි.
“ගච්ඡෙව ඛො ත්වං තරමානරූපො, මා තං අමිත්තා පුනරග්ගහෙසුං; දුක්ඛො හි ලුද්දෙහි පුනා සමාගමො, අදස්සනං භොජපුත්තාන ගච්ඡ.
නුඹ ඉක්මන් ගමනින් යව. පසමිතුරෝ නැවත නො අල්වත්වා. නැවත වැද්දන් හා එක්වීම දුක් උපදවන හෙයින් වැද්දන්ට දැකිය නොහැකි තැනකට යව.
“අගමාසි සො රහදං විප්පසන්නං, නීලොභාසං රමණීයං සුතිත්ථං; සමොතතං ජම්බුහි වෙතසාහි, පාවෙක්ඛි නිත්තිණ්ණභයො පතීතො.
හෙතෙම නිල්පාටින් බබළන, රමණීය, පිරිසිදු නොගැඹුරු විල වෙත ගියේය. දඹගසින් ද, හෝ මුවඟු ගස්වලින් ද වටවූ ජලාශයට නිර්භයව පිවිසියේය.
“සො තං පවිස්ස නචිරස්ස නාගො, දිබ්බෙන මෙ පාතුරහූ ජනින්ද; උපට්ඨහී මං පිතරංව පුත්තො, හදයඞ්ගමං කණ්ණසුඛං භණන්තො.
මහරජ, ඒ නාගරාජය විලට ඇතුල් වී ටික වේලාවකින් දිව්‍ය වේශයෙන් මා ඉදිරියෙහි පහළ විය. පියකු ඉදිරියෙහි පුතෙකු මෙන් හෘදයංගම වූ කනට සුව ගෙනදෙන මිහිරි වචන කියමින් මා වෙත එළඹියේය.
“ත්වං මෙසි මාතා ච පිතා අළාර, අබ්භන්තරො පාණදදො සහායො; සකඤ්ච ඉද්ධිං පටිලාභකොස්මි, අළාර පස්ස මෙ නිවෙසනානි; පහූතභක්ඛං බහුඅන්නපානං, මසක්කසාරං විය වාසවස්සා”ති.
පින්වත් ආළාරය, නුඹ මගේ මව ද වෙහි, පියා ද වෙහි. ප්‍රාණය දානය කරන යහළුවාද වෙයි. සිය සෘද්ධියද නැවත ලබාදෙන ලද්දේය. ආළාරය, බොහෝ කන බොන ජාති ඇති ශක්‍රයාගේ දිව්‍යපුරය වැනි මගේ නිවාස ස්ථානයන් බලව. නා රජු කීවේය.
තත්ථ විමානන්ති සඞ්ඛපාලනාගරඤ්ඤො අනෙකසතනාටකසම්පත්තිසම්පන්නං කඤ්චනමණිවිමානං. පුඤ්ඤානන්ති තෙන කතපුඤ්ඤානං මහන්තං විපාකං දිස්වා කම්මඤ්ච ඵලඤ්ච පරලොකඤ්ච සද්දහිත්වා පවත්තාය සද්ධාය අහං පබ්බජිතො. න කාමකාමාති න වත්ථුකාමෙනපි භයෙනපි දොසෙනපි මුසා භණන්ති. ජායිහිතීති, භන්තෙ, තුම්හාකං වචනං සුත්වා මය්හම්පි පසාදො සොමනස්සං ජායිස්සති. වාණිජ්ජන්ති වාණිජ්ජකම්මං කරිස්සාමීති ගච්ඡන්තො. පථෙ අද්දසාසිම්හීති පඤ්චන්නං සකටසතානං පුරතො සුඛයානකෙ නිසීදිත්වා ගච්ඡන්තො මහාමග්ගෙ ජනපදමනුස්සෙ අද්දසං. පවඩ්ඪකායන්ති වඩ්ඪිතකායං. ආදායාති අට්ඨහි කාජෙහි ගහෙත්වා. අවචම්හීති අභාසිං. භීමකායොති භයජනකකායො. භොජපුත්තාති ලුද්දපුත්තකෙ පියසමුදාචාරෙනාලපති. විදෙහපුත්තාති විදෙහරට්ඨවාසිතාය ආළාරං ආලපිංසු. විකොපයිත්වාති ඡින්දිත්වා. මයඤ්හි වො සත්තවොති මයං පන නාගානං වෙරිනො නාම. භොජනත්ථාති භොජනත්ථාය. මිත්තඤ්ච නො හොහීති ත්වං අම්හාකං මිත්තො හොහි, කතගුණං ජාන.
එහි විමානං යනු, සංඛපාල නාගරාජයාගේ නොයෙක් දහස් ගණන් කීර්ති සම්පන්න වූ රත්තරන් මාණික්‍ය විමානයයි. පුඤ්ඤානං යනු ඔහු විසින් කරන ලද පින්වල මහත් විපාක දැක කර්මය ද, කර්ම ඵලය ද පරලොව ද අදහා, පවත්වන ලද ශ්‍රද්ධාවෙන් මම පැවිදි වූයෙම්. නකාම කාමා යනු වස්තුකාමය නිසා බියෙන් ද, ද්වේෂයෙන් ද මුසාවාද නො කියත් යනුයි. ජායිහිතී යනු ස්වාමීනි; ඔබගේ වචන අසා අප ද ප්‍රසාදයට පත්වූයේ සොම්නස උපදවන්නේය. වාණිජ්ජං යනු, වෙළෙඳ කර්ම කරන්නෙමියි යන්නේ යන අර්ථයයි. පථෙ අද්දසාසිම්හි යනු පන්සියයක් ගැල් පෙරටු කොට සුව යහනාවක හිඳ, යන්නේ, මහාමාර්ගයේ ජනපදවාසීන් දුටුවෙමි යනුයි. පවඩ්ඪකායං යනු වඩන ලද ශරීරයයි. ආදාය යනු කදවල් අටකින් ගෙන, අවචස්මි යනු කීවෙමි යනාර්ථයයි. භීමකායො යනු බිය උපදවන ශරීරයයි. භෝජ පුත්තා වැදි පුත්‍රයන් කෙරෙහි ප්‍රිය උපදවන ලෙසින් ආමන්ත්‍රණය කිරීමයි. විදේහපුත්තා යනු විදේහ රටවාසී ආළාරට ආමන්ත්‍රණය කළහ. විකෝපයිත්වා යනු කපා යනුයි. මයඤ්හි වෙ සත්තවො යනු අපි වනාහි නාගයන්ගේ වෛරිකාරයෝ නම් වෙමු. භෝජනත්ථං යනු ආහාර පිණිසයි මිත්තඤ්ච නො භොගී නුඹ අපගේ මිත්‍රයා වන්න. අපි කළගුණ දනිමු.
තදාස්සු තෙති, මහාරාජ, තෙහි භොජපුත්තෙහි එවං වුත්තෙ අහං තෙසං සොළස වාහගොණෙ නිවාසනපාරුපනානි පසතං පසතං සුවණ්ණමාසකෙ භරියානඤ්ච නෙසං වත්ථාලඞ්කාරං අදාසිං, අථ තෙ සඞ්ඛපාලනාගරාජානං භූමියං නිපජ්ජාපෙත්වා අත්තනො කක්ඛළතාය සකණ්ටකකාළවෙත්තලතාය කොටියං ගහෙත්වා ආකඩ්ඪිතුං ආරභිංසු. අථාහං නාගරාජානං කිලමන්තං දිස්වා අකිලමෙන්තොව අසිනා තා ලතා ඡින්දිත්වා දාරකානං කණ්ණවෙධතො වට්ටිනීහරණනියාමෙන අදුක්ඛාපෙන්තො සණිකං නීහරිං, තස්මිං කාලෙ තෙ භොජපුත්තා යං බන්ධනං අස්ස නත්ථුතො පවෙසෙත්වා පාසෙ පටිමොක්කං, තස්මා බන්ධනා තං උරගං මොචයිංසු. තස්ස නාසතො සහ පාසෙන තං රජ්ජුකං නීහරිංසූති දීපෙති. ඉති තෙ උරගං විස්සජ්ජෙත්වා ථොකං ගන්ත්වා “අයං උරගො දුබ්බලො, මතකාලෙ නං ගහෙත්වා ගමිස්සාමා”ති නිලීයිංසු.
තදස්සුතෙ යනු මහරජතුමනි; එම වැදි පුත්‍රයන් විසින් එසේ කී කල්හි මම ඔවුන්ට සොළොස් ගොන් වාහන, හඳිනා පොරොනා වස්ත්‍ර එක අල්ලකින් ගතහැකි ප්‍රමාණයේ රන් කහවණු, ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අලංකාර වස්ත්‍ර ද දුන්නෙමි. ඉක්බිති ඔවුහු සංඛපාල නාගරාජයන් බිම හොවා, තමන්ගේ කර්කශ වූ කටුසහිත කළු වේවැලේ කෙළවරින් ගෙන ඇදීමට පටන් ගත්හ. ඉක්බිති මම නාගරාජයන් ක්ලාන්ත වන බව දැන, ක්ලාන්ත නොවුන සේ කඩුවෙන් එම වේවැල් කපා, දරුවන්ගේ කණේ පළඳන වටිනා ආභරණයක් ගලවන්නාක් මෙන් දුක් බවක් නොපෙන්වමින් සෙමින් බැහැර කළෙමි. ඒ වේලාවේ ඒ වැදි පුත්‍රයෝ යම් බන්ධනයක් ඔහුගේ නාසයට ප්රවේශකරවා පාශය මුදවන්නේ ඒ බන්ධනයෙන් ඒ උරගයා මිදුවාහ. ඔහුගේ නාසයෙන් පාශය සමග ඒ රැහැන් ඉවත් කළහයි අර්ථ දක්වයි. මෙසේ ඔවුහු උරගයා මුදාහැර ටිකදුරක් ගොස්, මේ උරගයා ඉතා දුර්වලය. මියගිය කල්හි මූ ඌ ගන්නෙමුයි සිතා සැඟවුණහ.
පුණ්ණෙහීති සොපි මුහුත්තං පාචීනාභිමුඛො ගන්ත්වා අස්සුපුණ්ණෙහි නෙත්තෙහි මං පලොකයි. තදාස්සහන්ති තදා අස්ස අහං. ගච්ඡෙවාති එවං තං අවචන්ති වදති. රහදන්ති කණ්ණවෙණ්ණදහං. සමොතතන්ති උභයතීරෙසු ජම්බුරුක්ඛවෙතසරුක්ඛෙහි ඔතතං විතතං. නිත්තිණ්ණභයො පතීතොති සො කිර තං දහං පවිසන්තො ආළාරස්ස නිපච්චකාරං දස්සෙත්වා යාව නඞ්ගුට්ඨා ඔතරි, උදකෙ පවිට්ඨට්ඨානමෙවස්ස නිබ්භයං අහොසි, තස්මා නිත්තිණ්ණභයො පතීතො හට්ඨතුට්ඨො පාවෙක්ඛීති. පවිස්සාති පවිසිත්වා. දිබ්බෙන මෙති නාගභවනෙ පමාදං අනාපජ්ජිත්වා මයි කණ්ණවෙණ්ණතීරං අනතික්කන්තෙයෙව දිබ්බෙන පරිවාරෙන මම පුරතො පාතුරහොසි. උපට්ඨහීති උපාගමි. අබ්භන්තරොති හදයමංසසදිසො. ත්වං මම බහුපකාරො, සක්කාරං තෙ කරිස්සාමි. පස්ස මෙ නිවෙසනානීති මම නාගභවනං පස්ස. මසක්කසාරං වියාති මසක්කසාරො වුච්චති ඔසක්කනපරිසක්කනාභාවෙන ඝනසාරතාය ච සිනෙරුපබ්බතරාජා. අයං තත්ථ මාපිතං තාවතිංසභවනං සන්ධායෙවමාහ.
පුණ්ණෙහි යනු ඔහු ද මොහොතක් නැගෙනහිර දිශාවට ගොස්, කඳුළු පිරුණු නෙත්වලින් මා දෙස බැලීය. තදස්සහං යනු එකල මම යනුයි. ගච්ඡෙවා යනු මෙසේ චුත වූයේ යයි පවසයි. රහදං යනු කර්ණවෙණු විලයි. සමොත්තං යනු, දෙපස තීරුවල දඹගස් සහ හෝ පුවඟු ගස්වලින් පිරුණු ගැඹුරු හා පළල යනුයි. නිත්තිණ්ණභයො පතීතො යනු ඔහු වනාහි ඒ විල බලන්නේ ආළාර හට ගෞරව දක්වා යම්තාක් නගුට දක්වා බැස්සේද, ජලයෙහි පිවිසි පිවිසි තැනකම මෙසේ නිර්භය විය. ඒ නිසා නිර්භයවම වැටුණේ හටගත් සතුට ඇත්තේ. පවිස්සා යනු පිවිස යන අර්ථයයි. දිබ්බෙනමෙ යනු, නාගභවනයෙහි ප්‍රමාදයකට නොපැමිණ මා, කර්ණවේණ නදී තීරය නොඉක්මවන්නේම දිව්‍ය පිරිවරින් පිරිවරාගෙන මා ඉදිරියේ පහළ විය. උපට්ඨහී යනු එළඹියේය. අබ්භන්තරො යනු හෘදයමාංශ සමාන නුඹ මට බොහෝ උපකාර, කළ ඔබට උපකාර කරන්නෙමි. පස්ස මෙ නිවෙසනානී යනු මගේ නාග භවන බලන්න යනුයි. මසක්කසාර විය සිනේරු පර්වතය මුදුනේ ඇති, ශක්‍ර පුරය වූ තාවතිංස විමානය වැනි වූ මාගේ නගරය බලවයි කීය. සිනේරු පර්වත රාජයා, මෙය එහි මවන ලද තව්තිසා භවනයෙහි ශක්‍ර පුරයට සමාන වේ.
මහාරාජ! එවං වත්වා සො නාගරාජා උත්තරි අත්තනො නාගභවනං වණ්ණෙන්තො ගාථාද්වයමාහ –
මහරජ, එසේ කියා ඒ නාගරාජය, මත්තෙහි තමාගේ නාග භවනය වර්ණනා කරමින් ගාථා දෙකක් කීවේය.
“තං භූමිභාගෙහි උපෙතරූපං, අසක්ඛරා චෙව මුදූ සුභා ච; නීචත්තිණා අප්පරජා ච භූමි, පාසාදිකා යත්ථ ජහන්ති සොකං.
යම් තැනෙක පැමිණියවුන්ගේ ශෝකය දුරු කෙරේද? ඒ නාග භවනයෙහි බිම වනාහි කැට කැබලිති රහිත වූ මෘදු වූ රන්, රිදී, මැණික්මය වූ, සත්රුවන් වැලියෙන් යුත් ඉඳුගොව්වන්ගේ පිට සමාන වර්ණ ඇති, නීච තෘණයෙන් ගැවසී ගත් පසින් තොර වූවකි. නාග විමානය ඒ බිම් කොටසින් යුතුය.
“අනාවකුලා වෙළුරියූපනීලා, චතුද්දිසං අම්බවනං සුරම්මං; පක්කා ච පෙසී ච ඵලා සුඵුල්ලා, නිච්චොතුකා ධාරයන්තී ඵලානී”ති.
එහි සමව පිහිටියා වූ භූමිය වේ. වෛධූර්ය බඳු නිල් පැහැ ඇති පොකුණු වේ. එහි සිව් දිග්හි ඉතා රම්‍ය වූ අඹ වනය වේ. එහි ඇසුණා වූ ද, තරණ වූ ද ඵල හටගත් අඹ ගස් වේ. ඒ අඹගස් හැම සෘතුවේම ඵල දරන්නේය.
තත්ථ අසක්ඛරාති යා තත්ථ භූමි පාසාණසක්ඛරරහිතා මුදු සුභා කඤ්චනරජතමණිමයා සත්තරතනවාලුකාකිණ්ණා. නීචත්තිණාති ඉන්දගොපකපිට්ඨිසදිසවණ්ණෙහි නීචතිණෙහි සමන්නාගතා. අප්පරජාති පංසුරහිතා. යත්ථ ජහන්ති සොකන්ති යත්ථ පවිට්ඨමත්තාව නිස්සොකා හොන්ති. අනාවකුලාති න අවකුලා අඛාණුමා උපරි උක්කුලවිකුලභාවරහිතා වා සමසණ්ඨිතා. වෙළුරියූපනීලාති වෙළුරියෙන උපනීලා, තස්මිං නාගභවනෙ වෙළුරියමයා පසන්නසලිලා නීලොභාසා අනෙකවණ්ණකමලුප්පලසඤ්ඡන්නා පොක්ඛරණීති අත්ථො. චතුද්දිසන්ති තස්සා පොක්ඛරණියා චතූසු දිසාසු. පක්කා චාති තස්මිං අම්බවනෙ අම්බරුක්ඛා පක්කඵලා ච අඩ්ඪපක්කඵලා ච තරුණඵලා ච ඵුල්ලිතායෙවාති අත්ථො. නිච්චොතුකාති ඡන්නම්පි උතූනං අනුරූපෙහි පුප්ඵඵලෙහි සමන්නාගතාති.
එහි අසක්ඛරා යනු, එම භූමි භාගයෙහි, ගල්කැට කැබිලිති රහිත වූවේ, මෘදු යහපත් රත්රන් මැණික් රිදීමය වූ, සත්රුවන් වැල්ලෙන් ගැවසුණු පිරුණු යන අර්ථයයි. නීවතිණා යනු උඳුගොව්වන්ගේ පිටට සමාන වර්ණ ඇති නව තණකොළවලින් සමන්විත බවයි. අප්පරජා යනු පස් රහිත යනුයි. යත්ථ ජහන්ති සොකං යනු, යම්තැනක පිවිසි පමණින් ම නිශ්ශෝකි වෙත් ද? අනාවකුලා යනු, අවුල් වියවුල් නොවූ, උස් මිටි තැන් සම වූ භූමිය මනාව පිහිටියේ. වේළුරියූපනීලා යනු, ඒ නාග භවනයෙහි ඝනව වැඩුණු උණගස්වල නිල් සෙවනැල්ලෙන් ද ප්‍රසන්න වූ සිසිල් දියෙන් ද, නා නා වර්ණ පියුම් උපුල් ආදී මල්වලින්ද පිරී පවත්නා වූ පොකුණු ඇත්තාහ. චතුද්දිසං යන සතර දිශාවලම පැතිරුණු පොකුණුය. පක්කා වා යනු ඒ අඹ වනයේ අඹගස් පැසුණු ගෙඩිවලින් ද අඩක් පැසුණු ගෙඩිවලින් ද අළුත් ගෙඩිවලින් ද පිරී ඇත’ අර්ථයි. නිච්චොතුක යනු යම් සෘතුවක් මල්වලින් හා ගෙඩිවලින් සමන්විත වූයේ යන අර්ථයයි.
තෙසං වනානං නරදෙව මජ්ඣෙ, නිවෙසනං භස්සරසන්නිකාසං; රජතග්ගළං සොවණ්ණමයං උළාරං, ඔභාසතී විජ්ජුරිවන්තලික්ඛෙ.
නරදේව වූ රජුනි, ඒ වනය මැද ආලෝකය විහිදුවමින් බබළන්නා වූ, රිදී දොරකවුළු ඇති ස්වර්ණමය ප්‍රාසාදයක් ඇත්තේය. එය අහසේ විදුලිය මෙන් බබළයි.
“මණීමයා සොණ්ණමයා උළාරා, අනෙකචිත්තා සතතං සුනිම්මිතා; පරිපූරා කඤ්ඤාහි අලඞ්කතාහි, සුවණ්ණකායූරධරාහි රාජ.
රජතුමනි, මනා සේ නිමකල මැණික්මුවා, රන්මුවා කුළුගෙවල් එහි ඇත. ඒවා නිරතුරුවම විවිධ සම්පතින් පිරී ඇත. ස්වර්ණමය වළලු, මුදු හා බාහුවේ පළඳින ආභරණ පැළඳි නාග කන්‍යාවෝ එහි සිටිති.
“සො සඞ්ඛපාලො තරමානරූපො, පාසාදමාරුය්හ අනොමවණ්ණො; සහස්සථම්භං අතුලානුභාවං, යත්ථස්ස භරියා මහෙසී අහොසි.
කඩිසර ස්වභාව ඇති, අතුල්‍ය වර්ණ ඇති, ඒ සංඛපාල නා රජු දහසක් කුළුණු ඇති, ආනුභාව ඇති, ප්‍රාසාදයට නැග, ඔහුගේ බිරිඳ යම්තැනක ද එතැනට මා කැඳවාගෙන ගියේය.
“එකා ච නාරී තරමානරූපා, ආදාය වෙළුරියමයං මහග්ඝං; සුභං මණිං ජාතිමන්තූපපන්නං, අචොදිතා ආසනමබ්භිහාසි.
එකල්හි නො මෙහෙයන ලද එක් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී, මාහැඟි ජාතිමත් වෛධූර්ය මැණික්වලින් තැනූ පුටුවක් මා වෙත එළවූහ.
“තතො මං උරගො හත්ථෙ ගහෙත්වා, නිසීදයී පාමුඛආසනස්මිං; ඉදමාසනං අත්ර භවං නිසීදතු, භවඤ්හි මෙ අඤ්ඤතරො ගරූනං.
ඉක්බිති නා රජු මා අත ගෙන ආසනයෙහි හිඳුවීය. පින්වත් තෙමේ මගේ මවුපියන් අතරින් කෙනෙකියි කී ඔහු, මෙහි ඉඳගනීවා කීය.
“අඤ්ඤා ච නාරී තරමානරූපා, ආදාය වාරිං උපසඞ්කමිත්වා; පාදානි පක්ඛාලයී මෙ ජනින්ද, භරියාව භත්තූ පතිනො පියස්ස.
මහරජ, කඩිසර ස්වභාව ඇති තවත් ස්ත්‍රියක්, දිය බඳුනක් ගෙන මා වෙත එළඹ, ප්‍රිය ස්වාමි පුරුෂයකුගේ පා දොවනා භාර්යාවක මෙන් මගේ දෙපා සේදුවාය.
“අපරා ච නාරී තරමානරූපා, පග්ගය්හ සොවණ්ණමයාය පාතියා; අනෙකසූපං විවිධං වියඤ්ජනං, උපනාමයී භත්ත මනුඤ්ඤරූපං.
තවත් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී, ස්වර්ණමය කුටියක විවිධ සූප වෑංජනයන්ගෙන් යුක්තව බත් ගෙන ආවාය.
“තුරියෙහි මං භාරත භුත්තවන්තං, උපට්ඨහුං භත්තු මනො විදිත්වා; තතුත්තරිං මං නිපතී මහන්තං, දිබ්බෙහි කාමෙහි අනප්පකෙහී”ති.
රජතුමනි, ආහාර අනුභව කළා වූ මට, ඒ දිව්‍ය කන්‍යාවෝ ස්වාමියාගේ සිත් දැනගෙන නොයෙක් තූර්යවාදනයෙන් මා පිනවීය. නා රජු දිව්‍යමය සම්පත්තීන්ගෙන් යුතුව මා වෙත පැමිණියේය.
තත්ථ නිවෙසනන්ති පාසාදො. භස්සරසන්නිකාසන්ති පභස්සරදස්සනං. රජතග්ගළන්ති රජතද්වාරකවාටං. මණීමයාති එවරූපා තත්ථ කූටාගාරා ච ගබ්භා ච. පරිපූරාති සම්පුණ්ණා. සො සඞ්ඛපාලොති, මහාරාජ, අහං එවං තස්මිං නාගභවනං වණ්ණෙන්තෙ තං දට්ඨුකාමො අහොසිං, අථ මං තත්ථ නෙත්වා සො සඞ්ඛපාලො හත්ථෙ ගහෙත්වා තරමානො වෙළුරියථම්භෙහි සහස්සථම්භං පාසාදං ආරුය්හ යස්මිං ඨානෙ අස්ස මහෙසී අහොසි, තං ඨානං නෙතීති දීපෙති. එකා චාති මයි පාසාදං අභිරුළ්හෙ එකා ඉත්ථී අඤ්ඤෙහි මණීහි ජාතිමහන්තෙහි උපෙතං සුභං වෙළුරියාසනං තෙන නාගරාජෙන අවුත්තාව. අබ්භිහාසීති අභිහරි, අත්ථරීති වුත්තං හොති.
එහි, නිවෙසනං යනු මාළිගාවයි. භස්සරසන්නිකාසං යනු ප්‍රභාෂ්වර වූ දර්ශනයයි. රජතග්ගළං යනු රිදීමය දොර කවුළුවයි. මණිමයා යනු එබඳු ආකාර වූ අටස්මුදුන් ගෙදර ද, ගර්භය ද වේ. පරිපූරා යනු සම්පූර්ණත්වයයි. සො සංඛපාලො යනු, මහරජ; මම මෙසේ එම නාග භවනය වර්ණනා කරන කල්හි එය දකිනු කැමැත්තේ වූයෙමි. ඉක්බිති මා එහි ගොස් පමුණුවා, ඒ සංඛපාල අතින් අල්ලාගෙන අභිරූප ඇති මහත් වෛඩූර්ය ස්ථම්භවලින් යුතු දහසක් කණු යෙදූ ප්‍රාසාදයට නැග යම්තැනක ඔහුගේ අග බිසව වූවා ද, ඒ ස්ථානයට පැමිණවීය යි. අර්ථ ප්‍රකාශ කරයි. ඒකාචා යනු, මා ප්‍රාසාදයට නැගි කල්හි එක් ස්ත්‍රියක් අනෙක් මැණික් ආදි ජාතිවලින් ශෝභමත් වූ, යහපත් වෛඩූර්ය ආසනයක් ඒ නාගරාජයා විසින් නොකියන ලද පරිදි ම ගෙන ආවාය. අබ්භිහාසී යනු ඉදිරියට ගෙනාවේය යන අර්ථයෙන් කියන ලද්දේ වෙයි.
පාමුඛආසනස්මින්ති පමුඛාසනස්මිං, උත්තමාසනෙ නිසීදාපෙසීති අත්ථො. ගරූනන්ති මාතාපිතූනං මෙ ත්වං අඤ්ඤතරොති එවං වත්වා නිසීදාපෙසි. විවිධං වියඤ්ජනන්ති විවිධං බ්යඤ්ජනං. භත්ත මනුඤ්ඤරූපන්ති භත්තං මනුඤ්ඤරූපං. භාරතාති රාජානං ආලපති. භුත්තවන්තන්ති භුත්තාවිං කතභත්තකිච්චං. උපට්ඨහුන්ති අනෙකසතෙහි තුරියෙහි ගන්ධබ්බං කුරුමානා උපට්ඨහිංසු. භත්තු මනො විදිත්වාති අත්තනො පතිනො චිත්තං ජානිත්වා. තතුත්තරින්ති තතො ගන්ධබ්බකරණතො උත්තරිං. මං නිපතීති සො නාගරාජා මං උපසඞ්කමි. මහන්තං දිබ්බෙහීති මහන්තෙහි උළාරෙහි දිබ්බෙහි කාමෙහි තෙහි ච අනප්පකෙහි.
පමුඛමාසනස්මිං යනු මුල් ආසනයෙහි, උත්තම අසුනෙ හිඳවාපීය යන අර්ථයයි. ගරූනං යනු, ඔබ මට මව්පියන් මෙනි යනුයි. අඤ්ඤතරො යයි, මෙසේ කියා හිඳුවවීය. විවිධං වියඤ්ජනං යනු විවිධ ව්‍යඤ්ජන වර්ග වේ. භත්තමනුඤ්ඤරූපං යනු බතට සුදුසු වූ අයුරුයි. භාරතා යනු, රජතුමාට ආමන්ත්‍රණය කරයි. භුත්ත භත්තං යනු කරණ ලද බත්කිස ඇත්තේ, උපට්ඨහුං යනු නොයෙක් සියගණන් තූර්ය නාදවලින් ද ගාන්ධර්ව කාර්ය කරමින් උපස්ථාන කළහ යනුයි. භත්තුමනො විදිත්වා යනු තමාගේ ස්වාමියාගේ සිත ගැන දැන ගනුයි. තතුත්තරිං යනු ගාන්ධර්ව කරණයට මත්තෙහි යනුයි. මං නිපතී යනු ඒ නාගරාජයා මා වෙත එළඹියේය යනුවෙනි. මහන්තං දිබ්බෙහී යනු මහත් අති උදාර වූ දිව්‍යකාම සම්පත්වලින් යුතු. අනප්පකෙහි යනු, ස්වල්ප නොවූ බවයි.
එවං උපසඞ්කමිත්වා ච පන ගාථමාහ –
මෙසේ එළඹ සලකා මේ ගාථාව කීවේය.
“භරියා මමෙතා තිසතා අළාර, සබ්බත්තමජ්ඣා පදුමුත්තරාභා; අළාර එතාස්සු තෙ කාමකාරා, දදාමි තෙ තා පරිචාරයස්සූ”ති.
පින්වත් ආළාරය! මාගේ මේ තුන්සියයක් භාර්යාවෝ සියල්ලෝ තනු මධ්‍ය ප්‍රදේශ ඇත්තාහුය. පියුම් බඳු සමින් යුතු වර්ණ ඇත්තාහ. මේ ස්ත්‍රීන් කෙරෙහි තොපට කැමැත්තක් කරව. තොපට දෙමි. ඔවුන් තොපගේ පාද පරිචාරිකාවක් කරගනු මැනව.
තත්ථ සබ්බත්තමජ්ඣාති සබ්බා අත්තමජ්ඣා, පාණිනා ගහිතප්පමාණමජ්ඣාති අත්ථො. අට්ඨකථායං පන “සුමජ්ඣා”ති පාඨො. පදුමුත්තරාභාති පදුමවණ්ණඋත්තරාභා, පදුමවණ්ණඋත්තරච්ඡවියොති අත්ථො. පරිචාරයස්සූති තා අත්තනො පාදපරිචාරිකා කරොහීති වත්වා තීහි ඉත්ථිසතෙහි සද්ධිං මහාසම්පත්තිං මය්හං අදාසි.
එහි සබ්බත්ථමජ්ඣා යනු, සියළු දෙනා මිටින් ගතහැකි ඉඟ සුඟ ඇත්තෝ යන අර්ථ යයි. අටුවාවෙහි එය සුමජ්ඣා යි පාඨයි. පදුමුත්තරාභා යනු, පියුම් වර්ණය අභිබවා ගිය පැහැයයි. මල්පෙති වර්ණැති සමකින් යුක්ත වූවා යන අර්ථයයි. පරිචාර යස්සූ යනු ඇය, තමාගේ පාදපරිචාරිකාව කරවයි කියා, තුන්සියයක් ස්ත්‍රීන් සමග මහත් සම්පත් මට දුන්නේ ය.
සො ආහ –
මහරජ!,
“සංවච්ඡරං දිබ්බරසානුභුත්වා, තදාස්සුහං උත්තරිමජ්ඣභාසිං; නාගස්සිදං කින්ති කථඤ්ච ලද්ධං, කථජ්ඣගමාසි විමානසෙට්ඨං.
මම වර්ෂයක් දිව්‍ය කාම සම්පත් අනුභව කොට ඒ නා රජුගෙන් මෙසේ ඇසීමි. ඔබගේ මේ සම්පත් කිනම් කර්මයක් කොට ලබන ලද්දේ ද? මේ සුවිශාල වූ විමානය කෙසේ ලබන ලද්දේ ද?
“අධිච්චලද්ධං පරිණාමජං තෙ, සයංකතං උදාහු දෙවෙහි දින්නං; පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං, කථජ්ඣගමාසි විමානසෙට්ඨ”න්ති.
නාරජුනි, ඔබ විසින් මේ විමානය අහේතුකව ලබන ලද්දේ ද? යම් කිසිවකු පිරිනමන ලද්දේ ද? දෙවියන් විසින් දෙන ලද්දක් ද? ඔබ විසින් ම කරන ලද්දක් ද?
තත්ථ දිබ්බරසානුභුත්වාති දිබ්බෙ කාමගුණරසෙ අනුභවිත්වා. තදාස්සුහන්ති තදා අස්සු අහං. නාගස්සිදන්ති භද්රමුඛස්ස සඞ්ඛපාලනාගරාජස්ස ඉදං සම්පත්තිජාතං කින්ති කිං නාම කම්මං කත්වා කථඤ්ච කත්වා ලද්ධං, කථමෙතං විමානසෙට්ඨං ත්වං අජ්ඣගමාසි, ඉති නං අහං පුච්ඡිං. අධිච්චලද්ධන්ති අහෙතුනා ලද්ධං. පරිණාමජං තෙති කෙනචි තව අත්ථාය පරිණාමිතත්තා පරිණාමතො ජාතං. සයංකතන්ති කාරකෙ පක්කොසාපෙත්වා රතනානි දත්වා කාරිතන්ති.
එහි දිබ්බරසානුභුත්වා යනු, දිව්‍යමය වූ කාම ගුණ රසයන් අනුභව කොට, තදස්සහං යනු, එකල ඒ මම, නාගස්සිදං යනු භද්රමුඛ වූ සංඛපාල නාගරාජයාට මේ සම්පත් හටගත්තේය යන අර්ථයයි. කිත්ති කවර නම් කර්මයක් කොට ලබන ලද්දේ ද, කෙසේ මේ නුඹ ශ්‍රේෂ්ඨ විමානය ලැබුණේ නම් ද අජ්ඣගමාසී යනු මෙසේ ඔහුගෙන් මම විචාළෙමි. අධිච්ච ලද්ධං යනු අහේතුක වශයෙන් ලද යන අර්ථයි. පරිණාම ජන්තෙ යනු, කිසිවකු විසින් ඔබගේ අර්ථ සිද්ධිය පිණිස පිරිනැමීම් වශයෙන්, පරිණාම වශයෙන් හටගත් බවයි. සයං කතං යනු ක්‍රියා අර්ථය කරන්නන් කැඳවා, රන් ආදිය දී කරවන ලදී යනුයි.
තතො පරා ද්වින්නම්පි වචනප්පටිවචනගාථාව –
ඉන් අනතුරුව දෙදෙනාගේ ම වචන හා පිළිතුරු ගාථා –
“නාධිච්චලද්ධං න පරිණාමජං මෙ, න සයංකතං නාපි දෙවෙහි දින්නං; සකෙහි කම්මෙහි අපාපකෙහි, පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං.
මෙය හේතුවක් නැතිව ලබන ලද්දක් නොවේ. යම් කිසිවෙක් මට පිරිනමන ලද්දක් ද නොවේ. මා විසින් කරන ලද්දක් හෝ දෙවියන් විසින් දෙන ලද්දක් ද නොවේ. ඒ කුශල කර්මයන්ගේ ශක්තියෙන් ලබන ලද අලාමක දේ ම ය.
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; අක්ඛාහි මෙ නාගරාජෙතමත්ථං, කථං නු තෙ ලද්ධමිදං විමානං.
ඔබේ පිළිවෙත කුමක් ද? බ්‍රහ්මචරියාව කුමක් ද? මනාසේ පුරුදු කරන ලද. කවර මේ විපාකයක් ද, නාගරාජය මට එහි අර්ථය කියව. කෙසේ මේ ශ්‍රේෂ්ඨ විමානය ලබන ලද්දේ ද.
“රාජා අහොසිං මගධානමිස්සරො, දුය්යොධනො නාම මහානුභාවො; සො ඉත්තරං ජීවිතං සංවිදිත්වා, අසස්සතං විපරිණාමධම්මං.
ආළාරය මම මගධයට අධිපති මහානුභාව සම්පන්න දුර්යෝධන නම් රජකු වීමි. මම සදාකාලික නොවූ, විපරිණාම ධර්මය මැනවින් දැන ගතිමි.
“අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො, සක්කච්ච දානං විපුලං අදාසිං; ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
ජීවිතය ස්වල්ප කාලයක් පවතී. බොහෝකල් නොපවතී යන්න දැන පැහැදුණු සිත් ඇතිව සකසා ආහාරපාන ද, විපුල වූ දාන ද දුනිමි. එකල මගේ ගෘහය සිසිල්පැන් පොකුණක් බඳු විය. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද මා විසින් සන්තර්පණය කරන ලදි.
“මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච, පදීපියං යානමුපස්සයඤ්ච; අච්ඡාදනං සයනමථන්නපානං, සක්කච්ච දානානි අදම්හ තත්ථ.
එහි මල්, සුවඳ ද, විලේපන ද, ප්‍රදීප ද යාන වාහන ද, ආවාස මන්දිර ද, ඇඳිවස්ත්ර ද සයන උපකරණ ද සකසා දන් දුනිමි.
“තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො; තෙනෙව මෙ ලද්ධමිදං විමානං, පහූතභක්ඛං බහුඅන්නපානං; නච්චෙහි ගීතෙහි චුපෙතරූපං, චිරට්ඨිතිකං න ච සස්සතායං.
ඒ මගේ ව්‍රත සමාදානයයි. ඒ මගේ බ්‍රහ්මචරියාවයි. මනා සේ පුරුදු කරන ලද කර්මයාගේ මේ විපාකයයි. ඒ නිසා මේ විමානය ලද්දෙමි. බොහෝ ආහාරපාන ද කන බොන දෑද, නැටුම් ගැයුම්වලින් අලංකාර වූ සියල්ල ද ඒ කුශල කර්ම විපාකයෙන් ලදිමි. මෙය ද සනාථ නොවේ යයි නා රජ කීය.
“අප්පානුභාවා තං මහානුභාවං, තෙජස්සිනං හන්ති අතෙජවන්තො; කිමෙව දාඨාවුධ කිං පටිච්ච, හත්ථත්තමාගච්ඡි වනිබ්බකානං.
දළ ම ආයුධ කොට ඇති නාගරාජය, මද ආනුභාවයක් ඇති තේජස් විරහිත ඒ වැදි පුත්‍රයෝ, මහත් ආනුභාව ඇති තේජස් ඇති ඔබට කුමක් හෙයින් හිංසා කළාහු ද? කුමක් හෙයින් වැද්දන්ගේ අතට අහුවුනි ද?
“භයං නු තෙ අන්වගතං මහන්තං, තෙජො නු තෙ නාන්වගං දන්තමූලං; කිමෙව දාඨාවුධ කිං පටිච්ච, කිලෙසමාපජ්ජි වනිබ්බකානං.
දළ ම ආයුධ කොට ඇති නාගරාජය, කිම ඔව්හු ඔබගේ තේජස් දැක බිය නො වූහුද? කුමක් නිසා වැද්දන්ගෙන් වෙහෙසට පත් වූවෙහිද?
“න මෙ භයං අන්වගතං මහන්තං, තෙජො න සක්කා මම තෙහි හන්තුං; සතඤ්ච ධම්මානි සුකිත්තිතානි, සමුද්දවෙලාව දුරච්චයානි.
මාගේ මහත් තේජස හැඳින ඔව්හු බිය නො වූහ. මාගේ තේජස ඔවුන් විසින් මැනවින් ප්‍රකාශ කරන ලද ධර්මයෝ මා විසින් නො ඉක්මවාලිය හැක්කක් වේ.
“චාතුද්දසිං පඤ්චදසිං අළාර, උපොසථං නිච්චමුපාවසාමි; අථාගමුං සොළස භොජපුත්තා, රජ්ජුං ගහෙත්වාන දළ්හඤ්ච පාසං.
ආළාරය; තුදුස්වක ද, පසළොස්වක ද, නිතර පෙහෙවස් සමාදන්ව වාසය කරමි. එවිට වැදි පුත්‍රයෝ සොළොස් දෙනෙක් දැඩි වූ පාශය ද, රැහැනක් ද මළ පුඩුවක් ද ගෙන ආහ.
“භෙත්වාන නාසං අතිකස්ස රජ්ජුං, නයිංසු මං සම්පරිගය්හ ලුද්දා; එතාදිසං දුක්ඛමහං තිතික්ඛං, උපොසථං අප්පටිකොපයන්තො.
ඒ වැදි පුත්‍රයෝ මාගේ නාසය විද රැහැනකින් බැඳ මා තඩලාගෙන ගියහ. මා සමාදන්ව ගත් උපෝශථ ශීලය කෝප නො කරමින් මම මේ සා මහත් දුකක් විඳිමි.
“එකායනෙ තං පථෙ අද්දසංසු, බලෙන වණ්ණෙන චුපෙතරූපං; සිරියා පඤ්ඤාය ච භාවිතොසි, කිං පත්ථයං නාග තපො කරොසි.
තෙපි වනාහි ඓශ්වර්යයෙන් ද, නුවණින් ද, වැඩුණාහුය. එසේ තිබිය දී කුමක් බලාපොරොත්තුවෙන් සිල් රකියි ද? තපස් රකියි ද?
“න පුත්තහෙතූ න ධනස්ස හෙතූ, න ආයුනො චාපි අළාර හෙතු; මනුස්සයොනිං අභිපත්ථයානො, තස්මා පරක්කම තපො කරොමි.
ආළාරය, පුතුන් සඳහා නො වේ. ධනය සඳහා නො වේ. සැපසම්පත් සඳහා නොවේ. ආයුෂ සඳහා නොවේ. මිනිස් උපත ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා උත්සාහ දරා තපස් රකිමි.
“ත්වං ලොහිතක්ඛො විහතන්තරංසො, අලඞ්කතො කප්පිතකෙසමස්සු; සුරොසිතො ලොහිතචන්දනෙන, ගන්ධබ්බරාජාව දිසා පභාසසි.
නා රජුනි, ඔබ ලේ වන් ඇස් ඇත්තේය. පෙළුණු පපුවක් ඇත්තේය. කපන ලද කෙස් රවුල් ඇතිව අලංකාර වූයෙහිය. රත් සඳුන් විලවුන් ගල්වන ලද්දේ ගන්ධර්ව රාජයා මෙන් බබළයි.
“දෙවිද්ධිපත්තොසි මහානුභාවො, සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො; පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං, සෙය්යො ඉතො කෙන මනුස්සලොකො.
සියළු කාම සම්පත්තීන්ගෙන් යුක්තය. මහත් ආනුභාව ඇත්තේය. දිව්‍යමය සෘද්ධි ඇත්තේය. නා රජුනි, ඔබගෙන් මෙසේ අසමි. මේ නාග භවනයට වඩා මිනිස් ලොව කවර හෙයින් ශ්‍රේෂ්ඨ වන්නේ ද?
“අළාර නාඤ්ඤත්ර මනුස්සලොකා, සුද්ධීව සංවිජ්ජති සංයමො වා; අහඤ්ච ලද්ධාන මනුස්සයොනිං, කාහාමි ජාතිමරණස්ස අන්තං.
ආළාරයෝ, මාර්ගඵල-නිර්වාණය, ශීල සංයමය, ශුද්ධිය මිනිස් ලොවින් වෙන්ව නො ලද හැකිය. මම මිනිස් ලොව උපත ලැබ ජාති ජරා මරණ අවසන් කරන්නෙමි.
“සංවච්ඡරො මෙ වසතො තවන්තිකෙ, අන්නෙන පානෙන උපට්ඨිතොස්මි; ආමන්තයිත්වාන පලෙමි නාග, චිරප්පවුට්ඨොස්මි අහං ජනින්ද.
නුඹ සමීපයෙහි මම වර්ෂයක් විසීමි. ආහාර පානාදියෙන් උපස්ථාන ලදිමි. නාගරාජය, මම බොහෝ කලක් වාසය කෙළෙමි. ඉතින් දැන් මම යා යුතුයයි සිතමි.
“පුත්තා ච දාරා අනුජීවිනො ච, නිච්චානුසිට්ඨා උපතිට්ඨථෙතං; කච්චින්නු තං නාභිසපිත්ථ කොචි, පියඤ්හි මෙ දස්සනං තුය්හං අළාර.
ආළාරය! මගේ පුත්‍රයෝ, බිරින්දෑ, සේවිකාවෝ ද නුඹට උපස්ථාන පිණිස නිතර ආවාහුය. කිම ඔවුන් අතරින් කිසිවෙක් නුඹට අසතුටක් පළ කළේද? නුඹගේ දැක්ම මට ප්‍රිය වෙයි’ නාරජු කීය.
“යථාපි මාතූ ච පිතූ අගාරෙ, පුත්තො පියො පටිවිහිතො වසෙය්ය; තතොපි මය්හං ඉධමෙව සෙය්යො, චිත්තඤ්හි තෙ නාග මයී පසන්නං.
මවුපියන්ගේ ගෙයි යම් පුත්‍රයෙක් වාසය කෙළේ ද? පෝෂණය ද කරන ලද්දේ ද එයටත් වඩා මට මෙහි ශ්‍රේෂ්ඨය. නාරජ! තොපගේ සිත මා කෙරෙහි ප්‍රසන්න ද එහෙයිනි.
“මණී මමං විජ්ජති ලොහිතඞ්කො, ධනාහරො මණිරතනං උළාරං; ආදාය ත්වං ගච්ඡ සකං නිකෙතං, ලද්ධා ධනං තං මණිමොස්සජස්සූ”ති.
යහළු ආළාරය! ධනය ලැබ ගන්නට පුළුවන් ලෝභි තංකනම් මාණික්‍යයක් මගේ ඇත. ඒ මහත් වූ මාණික්‍යය ගෙන ගෙදර යව. එයින් ධනය ලැබගෙන මා වෙතට දෙන්න.
තත්ථ කිං තෙ වතන්ති කිං තව වතසමාදානං. බ්රහ්මචරියන්ති සෙට්ඨචරියං. ඔපානභූතන්ති චතුමහාපථෙ ඛතපොක්ඛරණී විය ධම්මිකසමණබ්රාහ්මණානං යථාසුඛං පරිභුඤ්ජිතබ්බවිභවං. න ච සස්සතායන්ති චිරට්ඨිතිකං සමානම්පි චෙ තං මය්හං සස්සතං න හොතීති මෙ කථෙති.
එහි කින්තෙ වතං යනු ඔබේ ව්‍රත සමාදානය කුමක්ද යන වගයි. බ්රහ්මචරියං යනු ශ්‍රේෂ්ඨ හැසිරීමයි. ඔපානභුතං යනු සිව්දිශාවට පැතුරුණු මහා මාර්ගයෙහි කරන ලද පොකුණක් මෙන් ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට කැමැති පරිදි, අනුභව කළ යුතු සම්පත් දීමය. නච සස්සතා යනු බොහෝකලක් පවතින ඒ හා සමාන සිතිවිලි ද සදාකාලික නොවෙයි යනුවෙන් මට කීවේය.
අප්පානුභාවාති භොජපුත්තෙ සන්ධායාහ. හන්තීති අට්ඨසු ඨානෙසු සූලෙහි විජ්ඣන්තා කිංකාරණා හනිංසු. කිං පටිච්චාති කිං සන්ධාය ත්වං තදා තෙසං හත්ථත්තං ආගච්ඡි වසං උපගතො. වනිබ්බකානන්ති භොජපුත්තා ඉධ “වනිබ්බකා”ති වුත්තා. තෙජො නු තෙ නාන්වගං දන්තමූලන්ති කිං නු තව තෙජො භොජපුත්තෙ දිස්වා තදා භයං මහන්තං අන්වගතං, උදාහු විසං දන්තමූලං න අන්වගතං. කිලෙසන්ති දුක්ඛං. වනිබ්බකානන්ති භොජපුත්තානං සන්තිකෙ, භොජපුත්තෙ නිස්සායාති අත්ථො.
අප්පානුභාවා යනු වැදි පුත්‍රයන්ගේ සන්ධානයයි. හන්ති යනු ස්ථාන අටකට තියුණු උල්වලින් විදින්නෝ කුමන කරුණක් නිසා හිංසා කළෝ ද? කිං පටිච්චා යනු කුමක් සඳහා නුඹ එදා ඔවුන්ගේ හත්ථත්ථං ආගඤ්ජි අතින් අත එළඹියේ ද? වසඟයට පත්වීද? වණිබ්බකානං යනු භෝජ (වැදි) පුත්‍රයෝ මෙහි වණිබ්බක යයි කියන ලදි. තෙජො නු තෙ නාත්වගං දන්තමුලං යනු කුමක් නිසා ඔබේ තේජස වැදි පුත්‍රයන් දැක එකල මහත් බියට පත්වූයේද? නැතහොත් තොපගේ විෂ තේජස් දත් මුලට නොපැමිණියේද? කිලෙසං යනු දුකය. වණිබ්බකානං යනු වැදි පුත්‍රයන්ගේ සමීපයෙහි වැදි පුත්‍රයන් නිසා යන අර්ථයයි.
තෙජො න සක්කා මම තෙහි හන්තුන්ති මම විසතෙජො අඤ්ඤස්ස තෙජෙන අභිහන්තුම්පි න සක්කා. සතන්ති බුද්ධාදීනං. ධම්මානීති සීලසමාධිපඤ්ඤාඛන්තිඅනුද්දයමෙත්තාභාවනාසඞ්ඛාතානි ධම්මානි. සුකිත්තිතානීති සුවණ්ණිතානි සුකථිතානි. කින්ති කත්වා? සමුද්දවෙලාව දුරච්චයානීති තෙහි සමුද්දවෙලා විය සප්පුරිසෙහි ජීවිතත්ථම්පි දුරච්චයානීති වණ්ණිතානි, තස්මා අහං සීලභෙදභයෙන ඛන්තිමෙත්තාදිසමන්නාගතො හුත්වා මම කොපස්ස සීලවෙලන්තං අතික්කමිතුං න අදාසින්ති ආහ.
තෙජො න සක්කා මම තෙහි හන්තු යනු මගේ විෂ බලය අනෙකකුගේ තේජසින් අභිබවා යාමට නොහැකිය. සතං යනු බුදුන් ආදීන්ට නමකි. ධම්මානී යනු සීල සමාධි ප්‍රඥා ක්ෂාන්ති මෛත්‍රී භාවනා සංඛ්‍යාත ධර්මයෝ. සුකිත්තිතානී මනාසේ වර්ණනා කරන ලද. මනාසේ කියන ලද ක්‍රියාවන් සිදුකොට. සමුද්දවෙලාව දුරච්චයානී යනු, මුහුදු වෙරළ මෙන් ඒ සත්පුරුෂයන් විසින් ජීවිතාර්ථය ඉක්මවීමට අපහසුයයි වර්ණනා කරන ලද්දේය. එහෙයින් මම සිල්බිඳීමේ බියෙන් ක්ෂාන්තියෙන් හා මෛත්‍රියෙන් යුක්තව සිට මගේ කෝපය සීල නමැති වෙරළ ඉක්මවීමට ඉඩ නොදුන්නේ යයි කීවේය.
“ඉමිස්සා පන සඞ්ඛපාලධම්මදෙසනාය දසපි පාරමියො ලබ්භන්ති. තදා හි මහාසත්තෙන සරීරස්ස පරිච්චත්තභාවො දානපාරමී නාම හොති, තථාරූපෙනාපි විසතෙජෙන සීලස්ස අභින්නතා සීලපාරමී, නාගභවනතො නික්ඛමිත්වා සමණධම්මකරණං නෙක්ඛම්මපාරමී, ‘ඉදඤ්චිදඤ්ච කාතුං වට්ටතී’ති සංවිදහනං පඤ්ඤාපාරමී, අධිවාසනවීරියං වීරියපාරමී, අධිවාසනඛන්ති ඛන්තිපාරමී, සච්චසමාදානං සච්චපාරමී, ‘මම සීලං න භින්දිස්සාමී’ති අධිට්ඨානං අධිට්ඨානපාරමී, අනුද්දයභාවො මෙත්තාපාරමී, වෙදනාය මජ්ඣත්තභාවො උපෙක්ඛාපාරමී”ති.
මෙය වනාහි සංඛපාල තෙම දහම් දෙසීම පිණිස දස පාරමිතා ලබයි. එකල බෝසතුන් විසින් ශරීරය පරිත්‍යාග කිරීම වශයෙන් දාන පාරමී පිරූ නම් වෙයි. එසේ රූපයෙන් ද, විෂ තේජසින් ශීලයාගේ පැතිරීමෙන් සීල පාරමී බලයෙන් නාග භවනයෙන් නික්ම, ශ්‍රමණ දහම් කාරක වූ, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ද, මේ මේ දේ කිරීමට වටී යයි, සංවිධානය කිරීම ප්‍රඥා පාරමී, ඉවසීම වීර්ය වීර්ය පාරමිතාව ඉවසීම, ක්ෂාන්තිය ද, ක්ෂාන්ති පාරමිතාව සත්‍යය සමාදන් වීම සත්‍ය පාරමිතාව මගේ සිල් නො බිඳින්නෙමියි අධිෂ්ඨාන කොට, අධිෂ්ඨාන පාරමිතාව ද කරුණා සහගත වූ මෛත්‍රී පාරමිතාව ද, වේදනාව පිණිස මධ්‍යස්ථ භාවය ද උපේක්ෂා පාරමී වශයෙන් වේ.
අථාගමුන්ති අථෙකදිවසං වම්මිකමත්ථකෙ නිපන්නං දිස්වා සොළස භොජපුත්තා ඛරරජ්ජුඤ්ච දළ්හපාසඤ්ච සූලානි ච ගහෙත්වා මම සන්තිකං ආගතා. භෙත්වානාති මම සරීරං අට්ඨසු ඨානෙසු භින්දිත්වා සකණ්ටකකාළවෙත්තලතා පවෙසෙත්වා. නාසං අතිකස්ස රජ්ජුන්ති ථොකං ගන්ත්වා සීසං මෙ ඔලම්බන්තං දිස්වා මහාමග්ගෙ නිපජ්ජාපෙත්වා පුන නාසම්පි මෙ භින්දිත්වා වට්ටරජ්ජුං අතිකස්ස ආවුනිත්වා කාජකොටියං ලග්ගෙත්වා සමන්තතො පරිග්ගහෙත්වා මං නයිංසු.
අථාගමුං යනු ඉක්බිති එක දවසක් තුඹස මත්තේ හුන්නේ දැක දහසයක් භොජ පුත්‍රයෝ ද කර ලණුවද, දැඩි පාශය ද, උල් ද රැගෙන මා සමීපයට ආවේය. හෙත්‍වාන යනු මගේ ශරීරය අට තැනක බිඳ, කටුවැලක් යවා යනුයි. නාසං අතිකස්ස රජ්ජූ යනු ටිකක් දුර ගොස් හිස එල්ලෙනවා දැක මහා මාර්ගයේ හොවා නැවත මගේ නාසය ද බිඳ, රැහැන්පට කඳ කෙළවර ලග්ගවා හාත්පසින් වට කොට මා ගෙන ගියහ.
අද්දසංසූති, සම්ම සඞ්ඛපාල, තෙ භොජපුත්තා එකායනෙ එකගමනෙ ජඞ්ඝපදිකමග්ගෙ තං බලෙන ච වණ්ණෙන ච උපෙතරූපං පස්සිංසු, ත්වං පන ඉස්සරියසොභග්ගසිරියා ච පඤ්ඤාය ච භාවිතො වඩ්ඪිතො, සො ත්වං එවරූපො සමානොපි කිමත්ථං තපං කරොසි, කිමිච්ඡන්තො උපොසථවාසං වසසි, සීලං රක්ඛසි. “අද්දසාසි”න්තිපි පාඨො, අහං එකායනෙ මහාමග්ගෙ තං අද්දසින්ති අත්ථො. අභිපත්ථයානොති පත්ථෙන්තො. තස්මාති යස්මා මනුස්සයොනිං පත්ථෙමි, තස්මා වීරියෙන පරක්කමිත්වා තපොකම්මං කරොමි.
අද්දසංසු යනු මිත්‍ර සංඛපාල ඒ භෝජ පුත්‍රයන් (දැක) එකායනෙ එක් පියවර සටහන් ඇති මාර්ගයේ දී තපස් රකින තොප අල්ලා ගත්හ. කාය බලයෙන් ද, ශරීර වර්ණයෙන් ද, ඓශ්වර්යයෙන් ද, පෞරුෂයෙන් ද තොප කුමක් සඳහා තපස් රැක්කේද? කුමක් බලාපොරොත්තුවෙන් පෙහෙවස් වැස සිල් රකියි ද? අද්දසාසිං යනු මේ පාඨයයි. මම එකම මහා මාර්ගයේ දී එය දුටුවෙමි යන අර්ථයි. අභිපත්ථයානො යනු ප්‍රාර්ථනා කිරීමයි. තස්මා යනු යම්හෙයකින් මිනිස් උපතක් ප්‍රාර්ථනා කරම්ද? එහෙයින් වීර්යයෙන් පරාක්‍රමය කොට තපස් කිරීම කරමියි.
සුරොසිතොති සුට්ඨු මනුලිත්තො. ඉතොති ඉමම්හා නාගභවනා මනුස්සලොකො කෙන උත්තරිතරො. සුද්ධීති මග්ගඵලනිබ්බානසඞ්ඛාතා විසුද්ධි. සංයමොති සීලං. ඉදං සො මනුස්සලොකෙයෙව බුද්ධපච්චෙකබුද්ධානං උප්පත්තිං සන්ධායාහ. කාහාමීති අත්තනො අප්පටිසන්ධිකභාවං කරොන්තො ජාතිජරාමරණස්සන්තං කරිස්සාමීති. එවං, මහාරාජ, සො සඞ්ඛපාලො මනුස්සලොකං වණ්ණෙසි. සංවච්ඡරො මෙති එවං, මහාරාජ, තස්මිං මනුස්සලොකං වණ්ණෙන්තෙ අහං පබ්බජ්ජාය සිනෙහං කත්වා එතදවොචං. තත්ථ උපට්ඨිතොස්මීති අන්නපානෙන චෙව දිබ්බෙහි ච කාමගුණෙහි පරිචිණ්ණො මානිතො අස්මි. පලෙමීති පරෙමි ගච්ඡාමි. චිරප්පවුට්ඨොස්මීති අහං මනුස්සලොකතො චිරප්පවුට්ඨො අස්මි.
සුරොසිතො යනු මැනවින් ඇලුණේ යනුයි. ඉතො යනු මේ නාග භවනයට වඩා මිනිස්ලොව කවරනම් උත්තරීතර බවක් වේද, සුද්ධි යනු, මාර්ගඵල නිවන මුල්කොට ඇති පිරිසිදු නුවණයි. සංයමො යනු ශීලයට මේ මේ මිනිස් ලොවදී ම, බුදු පසේ බුදුවරුන්ගේ උප්පත්ති සන්ධියයි. කාහාමි යනු තමන්ගේ නැවත පිළිසිඳ නොගන්නා බව කරන්නේ ජාති ජරාමරණ කෙළවර කරන්නෙමියි මෙසේ, මහරජු ඒ සංඛපාල මිනිස්ලොව වර්ණනා කරන්නෙහිය. සංවච්ඡරො මෙ යනු, මහරජ, මෙසේ ඒ මිනිස්ලොව වර්ණනා කරන කල්හි මම පැවිදි වීමට ස්නේහ උපදවා මෙසේ කීවෙමි. එහි උපට්ඨිතොස්මි යනු ආහාරපානවලින් ද, දිව්‍යමය කාමගුණවලින් ද සම්පූර්ණ වූයේ පුදන ලද්දේයි පළෙමි යනු, ඉවත යමි යන අර්ථයයි. චිරප්පවුත්ථෝස්මි යනු, මම මිනිස්ලොව බොහෝකලක් සිටිමි යන අර්ථයයි.
නාභිසපිත්ථාති කච්චි නු ඛො මම පුත්තාදීසු කොචි තං න අක්කොසි න පරිභාසීති පුච්ඡති. “නාභිසජ්ජෙථා”තිපි පාඨො, න කොපෙසීති අත්ථො. පටිවිහිතොති පටිජග්ගිතො. මණී මමන්ති සචෙ, සම්ම ආළාර, ගච්ඡසියෙව, එවං සන්තෙ මම ලොහිතඞ්කො ධනහාරකො සබ්බකාමදදො මණි සංවිජ්ජති, තං උළාරං මණිරතනං ආදාය තව ගෙහං ගච්ඡ, තත්ථ ඉමස්සානුභාවෙන යාවදිච්ඡකං ධනං ලද්ධා පුන ඉමං මණිං ඔස්සජස්සු, ඔස්සජන්තො ච අඤ්ඤත්ථ අනොස්සජිත්වා අත්තනො උදකචාටියං ඔස්සජෙය්යාසීති වත්වා මය්හං මණිරතනං උපනෙසීති වදති.
නාභිසංසිත්ථා යනු ඉදින් මගේ පුත්රාදින් කෙරෙහි, කිසිවෙක් අක්‍රෝෂ කරහි, අපහාස කරහි යනු විචාරයි. නාභිසජ්ජෙථා යනු මේ පාඨයයි. කෝප නොවේ යන අර්ථයයි. පටිවිහිතො යනු පෝෂණය කරන ලද්දේ යනුයි. මණි මමං යනු, ඉදින් මිත්‍ර අළාරය, යන්නෙහි ම, මෙසේ යනකල්හි. මගේ ධනය ලබා දෙන්නා වූ ද, සියලු කැමැති දේ දෙන්නා වූ ලෝහිතංක නම් මැණිකක් ඇත. ආළාර, ඒ මාණික්‍ය රත්නය ගෙන ඔබේ ගෙදරට යන්න. එහි, මේ ආනුභාවයෙන් කැමැති පරිදි ධනය ලබන ලද්දේ, නැවත මේ මාණික්‍ය රත්නය, හැර දමහු ද, හැර දමන්නේ ම අන්තැනක බැහැර නොකොට තමන්ගේ දියසැළියෙ හැර දමන්නැයි කියා මගේ මාණික්‍ය රත්නය ගෙන යවයි කීයේය.
එවං වත්වා ආළාරො “අථාහං, මහාරාජ, නාගරාජානං එතදවොචං – ‘සම්ම, නාහං ධනෙනත්ථිකො, පබ්බජිතුං පන ඉච්ඡාමී’ති පබ්බජිතපරික්ඛාරං යාචිත්වා තෙනෙව සද්ධිං නාගභවනා නික්ඛමිත්වා තං නිවත්තෙත්වා හිමවන්තං පවිසිත්වා පබ්බජිතොම්හී”ති වත්වා රඤ්ඤො ධම්මකථං කථෙන්තො ගාථාද්වයමාහ –
මෙසේ පැවසූ ආළාර, ඉක්බිති මහරජ, මම නාගරාජයාට මෙසේ කීවෙමි. මිත්‍රය, මම ධනය ප්‍රාර්ථනා කරන්නෙක් නොවෙමි. පැවිදිවීමට කැමැති වෙමි. ප්‍රව්‍රජ්‍යා පිරිකර ඉල්වා ඔහු සමග නාග භවනයෙන් නික්ම ඔහු නවතා, හිමවතට පිවිස පැවිදි වූයේ යයි පවසා රජුට දැහැමි කථා කියන්නේ ගාථා දෙකක් කීවේය.
“දිට්ඨා මයා මානුසකාපි කාමා, අසස්සතා විපරිණාමධම්මා; ආදීනවං කාමගුණෙසු දිස්වා, සද්ධායහං පබ්බජිතොම්හි රාජ.
මහරජ, මා විසින් මිනිසුන් අයත් වූ ද, දෙවියන් අයත් වූ ද කාම සම්පත්තීහු දක්නා ලද්දෙමි. කාම සම්පත්ති ආදීනව දැක මම සැදැහැයෙන් පැවිදි වූයෙමි.
“දුමප්ඵලානීව පතන්ති මාණවා, දහරා ච වුද්ධා ච සරීරභෙදා; එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ, අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො”ති.
මහරජ, ගස්වල පැසුණු නොපැසුණු ගෙඩි මෙන් ළදරු වූ ද, තරුණ වූ ද, මහලු වූ ද, සියල්ලෝ මැරෙති. මෙය දැක මම පැවිදි වූයෙමි. නෛර්යාණික වූ මහණකම ශ්‍රේෂ්ඨ වේ.
තත්ථ සද්ධායාති කම්මඤ්ච ඵලඤ්ච නිබ්බානඤ්ච සද්දහිත්වා. දුමප්ඵලානීව පතන්තීති යථා රුක්ඛඵලානි පක්කානිපි අපක්කානිපි පතන්ති, තථා මාණවා දහරා ච වුද්ධා ච පතන්ති. අපණ්ණකන්ති අවිරද්ධං නිය්යානිකං. සාමඤ්ඤමෙව සෙය්යොති පබ්බජ්ජාව උත්තමාති පබ්බජ්ජාය ගුණං දිස්වා පබ්බජිතොම්හි, මහාරාජාති.
එහි, සද්ධායා යනු කර්මය ද, ඵලය ද, නිර්වාණය ද අදහා, දුමප්ඵලානෙවා යනු, යම්සේ ගස්වල ගෙඩි පැසී ද, නො පැසී ද බිම වැටෙත්. අපණ්ණකං යනු විරුද්ධ නොවූ, නෛර්යාණික වූ. සාමඤ්ඤ මෙව සෙය්යො යනු පැවිදිකම ම උතුම් වේ. පැවිද්දෙහි ගුණ දැක මහරජ පැවිදි වූයේ වෙමි. පබ්බජි තොම්හි මහාරාජා.
තං සුත්වා රාජා අනන්තරං ගාථමාහ –
ඒ අසා රජතුමා වෙනත් ගාථාවක් කීවේය.
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; නාගඤ්ච සුත්වාන තවඤ්චළාර, කාහාමි පුඤ්ඤානි අනප්පකානී”ති.
ආළාර නම් තවුස! යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහූ, බොහෝ කරුණු සිතත් ද, නුවණැති ඔව්හු ඒකාන්තයෙන් සේවනය කළ යුත්තෝ වෙති. රජු කීයේය.
තත්ථ යෙ බහුඨානචින්තිනොති යෙ බහූනි කාරණානි ජානන්ති. නාගඤ්චාති තථා අප්පමාදවිහාරිනං නාගරාජානඤ්ච තව ච වචනං සුත්වා.
එහි යෙ බහුඨානචින්තිනො යනු යමෙක් බොහෝ කරුණු දනිත්. නාගඤ්ච යනු එසේ අප්‍රමාදව වාසය කරන්නා වූ, නාගරාජයන්ගේ ද ඔබේ වචන ද අසා යනුවෙනි.
අථස්ස උස්සාහං ජනෙන්තො තාපසො ඔසානගාථමාහ –
එසේ ඔහු උත්සාහ උපදවන්නේ තාපසයා අවසාන ගාථාව කීවේය.
“අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා, බහුස්සුතා යෙ බහුඨානචින්තිනො; නාගඤ්ච සුත්වාන මමඤ්ච රාජ, කරොහි පුඤ්ඤානි අනප්පකානී”ති.
බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ, බොහෝ කරුණු සිතන්නෝ වෙති. නුවණැති ඔවුහු ඒකාන්තයෙන් සේවනය කළ යුතුය. මහරජ, සංඛපාල නාගරාජයා ගැන ද, මා ගැන ද අසා බොහෝ පින් කරනු මැනවි.
එවං සො රඤ්ඤො ධම්මං දෙසෙත්වා තත්ථෙව චත්තාරො වස්සානමාසෙ වසිත්වා පුන හිමවන්තං ගන්ත්වා යාවජීවං චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකූපගො අහොසි. සඞ්ඛපාලොපි යාවජීවං උපොසථවාසං වසිත්වා රාජා ච දානාදීනි පුඤ්ඤානි කරිත්වා යථාකම්මං ගතා.
මෙසේ ඔහු රජතුමාට ධර්මය දෙසා එහි ම වස් සාරමස කල්ගත කොට නැවත හිමවතට ගොස් දිවි ඇතිතෙක් සතර බඹවිහරණ වඩා බ්‍රහ්ම ලෝකයේ ඉපදුණේය. සංඛපාල ද දිවි ඇතිතෙක් පෙහෙවස් වසා, රජු ද දානාදි පින්කම්කොට කම් වූ පරිදි පරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පිතා තාපසො කස්සපො අහොසි, බාරාණසිරාජා ආනන්දො, ආළාරො සාරිපුත්තො, සඞ්ඛපාලනාගරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, මෙසේ පුරාණ පඬිවරු නාග සම්පත හැරදමා පෙහෙවස් වාසය කළා හයි කියා ජාතකය නිමකළ සේක. එකල පිය තාපසයා නම් කස්සප විය. බරණැස් රජු ආනන්ද තෙරුන් වේ. ආළාර සාරිපුත්ත වන අතර සංඛපාල නම් සම්මා සම්බුද්ධ වූ මම් ම වෙමි.
සඞ්ඛපාලජාතකවණ්ණනා චතුත්ථා.
සංඛපාල ජාතකය නිමි.