5. චූළසුතසොමජාතකවණ්ණනා 525 අට්ඨකථා
5. චූළසුතසොමජාතකවණ්ණනා (525)
5. චුල්ලසුතසෝම ජාතකය (525)
ආමන්තයාමි නිගමන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො නෙක්ඛම්මපාරමිං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු මහානාරදකස්සපජාතකසදිසමෙව (ජා· 2.22.1153 ආදයො). අතීතෙ පන බාරාණසී සුදස්සනං නාම නගරං අහොසි, තත්ථ බ්රහ්මදත්තො නාම රාජා අජ්ඣාවසි. බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති, දසමාසච්චයෙන මාතුකුච්ඡිතො නික්ඛමි. තස්ස පන පුණ්ණචන්දසස්සිරිකං මුඛං අහොසි, තෙනස්ස “සොමකුමාරො”ති නාමං කරිංසු. සො විඤ්ඤුතං පත්තො සුතවිත්තකො සවනසීලො අහොසි, තෙන නං “සුතසොමො”ති සඤ්ජානිංසු. සො වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගහෙත්වා ආගතො පිතු සන්තකං සෙතච්ඡත්තං ලභිත්වා ධම්මෙන රජ්ජං කාරෙසි, මහන්තං ඉස්සරියං අහොසි. තස්ස චන්දාදෙවිප්පමුඛානි සොළස ඉත්ථිසහස්සානි අහෙසුං. සො අපරභාගෙ පුත්තධීතාහි වඩ්ඪන්තො ඝරාවාසෙ අනභිරතො අරඤ්ඤං පවිසිත්වා පබ්බජිතුකාමො අහොසි.
ආමන්තයාමි නිගමං යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයා වදාළ සේක. වර්තමාන කථා වස්තුව මහා නාරද කස්සප ජාතකය හා සමාන වේ. අතීතයේ බරණැස් නුවර සුදර්ශන නම් නගරයක් විය. එහි බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කෙළේය. බෝධිසත්ත්වයෝ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි ඉපදුණෝ දස මාසයක් ඇවෑමෙන් ඔහු මව්කුසින් නික්මිණි. ඔහුට පූර්ණ චන්ද්‍රයා හා සමාන ශ්‍රියාවෙන් යුත් මුහුණක් විය. ඒ නිසා ඔහුට සෝමකුමාර යයි නම් කළහ. ඔහු බුද්ධි ප්‍රභාවයට පත්වූයේ මැනවින් අසන ලද්දෙක් වීමටත්, ඇසීමේ මැනවින් රුචි කරන්නෙක් ද විය. ඒ නිසා ඔහු සුතසෝම යයි හැඳින්වීය. ඔහු සුදුසු වයසේ තක්ෂිලාවේ ශිල්ප හදාරා පැමිණියේ පියා සතු සුදුකුඩ සේසත් ලැබ දැහැමින් රාජ්‍යය කෙළේය. මහත් ඉසුරු සම්පත් ද විය. ඔහුට චන්ද්රදේවිය ප්රමුඛ දහසය දහසක ස්ත්‍රීහු වූහ. හෙතෙම පසුකාලයේ දූ පුතුන් වඩන්නේ ගෘහවාසයේ නොඇලුනේ, වනයට පිවිස පැවිදිවනු කැමැත්තේ විය.
සො එකදිවසං කප්පකං ආමන්තෙත්වා “යදා මෙ, සම්ම, සිරස්මිං පලිතං පස්සෙය්යාසි, තදා මෙ ආරොචෙය්යාසී”ති ආහ. කප්පකො තස්ස වචනං සම්පටිච්ඡිත්වා අපරභාගෙ පලිතං දිස්වා ආරොචෙත්වා “තෙන හි නං, සම්ම කප්පක, උද්ධරිත්වා මම හත්ථෙ පතිට්ඨපෙහී”ති වුත්තෙ සුවණ්ණසණ්ඩාසෙන උද්ධරිත්වා රඤ්ඤො හත්ථෙ ඨපෙසි. තං දිස්වා මහාසත්තො “ජරාය මෙ සරීරං අභිභූත”න්ති භීතො තං පලිතං ගහෙත්වාව පාසාදා ඔතරිත්වා මහාජනස්ස දස්සනට්ඨානෙ පඤ්ඤත්තෙ රාජපල්ලඞ්කෙ නිසීදිත්වා සෙනාපතිප්පමුඛානි අසීතිඅමච්චසහස්සානි පුරොහිතප්පමුඛානි සට්ඨිබ්රාහ්මණසහස්සානි අඤ්ඤෙ ච රට්ඨිකජානපදනෙගමාදයො බහූ ජනෙ පක්කොසාපෙත්වා “සිරස්මිං මෙ පලිතං ජාතං, අහං මහල්ලකොස්මි, මම පබ්බජිතභාවං ජානාථා”ති වත්වා පඨමං ගාථමාහ –
ඔහු එක දවසක් කැපකරවා අමතා මිත්‍රය; යම්කලෙක මගේ හිසෙහි නරකෙස් දකින්නේ නම්, එකල මට දැනුම් දෙන්නැයි කීවේය. කැපකරු ඔහුගේ වචන පිළිගෙන පසුකාලයේ නරකෙස් දැක දන්වා, මිත්‍රය එසේ වී නම් ඒ කෙස් උදුරා මගේ අතේ තබන්නැයි කී කල්හි, ඒ වර්ණැති කෙස් රොද පිටින් උදුරා අතේ තැබීය. ඒ දැක බෝසත්, ජරාව විසින් මගේ ශරීරය මඩනා ලද්දේ යයි බියට පත්ව ඒ නරකෙස් ගෙන, ප්‍රාසාදයෙන් බැස, මහජනයාට වටහා දුන් කල්හි, පනවන ලද රාජ පළඟේ හිඳ සේනාපති ප්රමුඛ අසූ දහසක් ඇමති සේනාව ද පුරෝහිතයා ප්රමුඛ සැටදහසක් බමුණු පිරිස ද, වෙනත් රටවාසින් ආදිහු ද බොහෝ දෙනෙකු කැඳවා මගේ හිසෙහි නරකෙස් හටගත්තේය. මම මහළු වීමි. මා පැවිදිවන බව දැනගනිව් යයි කියා පළමු ගාථාව කීවේය.
“ආමන්තයාමි නිගමං, මිත්තාමච්චෙ පරිස්සජෙ; සිරස්මිං පලිතං ජාතං, පබ්බජ්ජං දානි රොචහ”න්ති.
නිගම් වැසි ජනතාව ද, මැති ඇමතියන් ද, පිරිස් වැසියන් ද අමතා දන්වමි. මගේ හිසෙහි (පැසුණු) නරකෙස් හටගත්තේය. දැන් මම පැවිදිවීමට කැමැත්තෙමි.
තත්ථ ආමන්තයාමීති ජානාපෙමි. රොචහන්ති “රොචෙමි අහං, තස්ස මෙ, භොන්තො! පබ්බජිතභාවං ජානාථා”ති.
එහි ආමන්තයාමි යනු දැනගනිමි යනුයි. රොචහං යනු මම රුචි කරමි. පින්වතුන් සැම මා පැවිදිවන බව දැනගනිව් යයි,
තං සුත්වා තෙසු එකො විසාරදප්පත්තො හුත්වා ගාථමාහ –
ඒ අසා ඔවුන් අතර සිටි එක් විශාරද පුරුෂයෙක් මේ ගාථාව කීවේය.
“අභුං මෙ කථං නු භණසි, සල්ලං මෙ දෙව උරසි කප්පෙසි; සත්තසතා තෙ භරියා, කථං නු තෙ තා භවිස්සන්තී”ති.
දේවයන් වහන්ස! කෙසේනම් නො කළයුත්තක් කියන්නෙහිද? මා ගේ ළයෙහි හුලක් ඇන්නාක් වැනිය. තමුන්නාන්සේගේ සත්සියයක් භාර්යාවරු සිටිති. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාර්යාවරු කෙසේ ජීවත් වන්නහුද?
තත්ථ අභුන්ති අවඩ්ඪිං. උරසි කප්පෙසීති උරස්මිං සුනිසිතධොතසත්තිං චාරෙසි. සත්තසතාති සමජාතිකා ඛත්තියකඤ්ඤා සන්ධායෙතං වුත්තං. කථං නු තෙ තා භවිස්සන්තීති තා තව භරියා තයි පබ්බජිතෙ අනාථා නිප්පච්චයා කථං භවිස්සන්ති, එතා අනාථා කත්වා තුම්හාකං පබ්බජ්ජා නාම න යුත්තාති.
එහි අභුං යනු වෘද්ධියට නොපැමිණි යනුයි. උරසි කප්පෙසි යනු අපගේ හදවත් තුළට මනා සේ මුවහත ඇති හුලකින් ඇන්නා සේ ය. සත්තසතා යනු සමාන ජාතික වූ ක්ෂත්රිය කන්‍යාවන්ගේ සමූහයයි කියන ලදි. කථං නූතෙ තා භවිස්සන්ති යනු, ඔබ පැවිදි වූ කල්හි ඔබගේ බිරින්දෑවරු අනාථ වූවෝ පිළිසරණක් නොමැතිව කෙසේ වන්නාහුද? ඈලා අනාථ කොට, ඔබගේ පැවිදිවීම නම් නුසුදුසු ය.
තතො මහාසත්තො තතියං ගාථමාහ –
ඉක්බිති බෝසත් තෙම තෙවෙනි ගාථාවක් ද කීය.
“පඤ්ඤායිහින්ති එතා, දහරා අඤ්ඤම්පි තා ගමිස්සන්ති; සග්ගඤ්ච පත්ථයානො, තෙන අහං පබ්බජිස්සාමී”ති.
මේ තරුණ භාර්යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්‍රකට වෙති. ඔවුහු අන් සැමියන් වෙත යනු ඇත. මම ස්වර්ගය පතමින් පැවිදි වන්නෙමි.
තත්ථ පඤ්ඤායිහින්තීති අත්තනො කම්මෙන පඤ්ඤායිස්සන්ති. අහං එතාසං කිං හොමි, සබ්බාපෙතා දහරා, යො අඤ්ඤො රාජා භවිස්සති, තං එතා ගමිස්සන්තීති.
එහි, පඤ්ඤායිහින්ති යනු, තමන්ගේ ක්‍රියාවන්ගෙන් ප්‍රඥාවන්ත වන්නාහ. මම ඒ නිසා කුමක් කරම් ද, සියළු ළදරු කන්‍යාවෝ වෙනත් රජකු ලදුව පිහිටන්නාහ. ඔහු වෙත ඈලා යන්නාහ.
අමච්චාදයො බොධිසත්තස්ස පටිවචනං දාතුං අසක්කොන්තා තස්ස මාතු සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසුං. සා තුරිතතුරිතා ආගන්ත්වා “සච්චං කිර ත්වං, තාත, පබ්බජිතුකාමොසී”ති වත්වා ද්වෙ ගාථායො අභාසි –
ඇමතිවරු ආදීහු බෝසතුන්ට ප්‍රතිඋත්තර දීමට නොහැකි වන්නේ ඔහුගේ මව් සමීපයට ගොස්, ඒ කාරණය දැන්වූහ. ඇය ඉක්මණින් ඉක්මණින් අවුත් දරුව, සත්‍යයක් ද? ඔබ පැවිදි වනු කැමැත්තේ දැයි කියා ගාථා දෙකක් කීවාය.
“දුල්ලද්ධං මෙ ආසි සුතසොම, යස්ස තෙ හොමහං මාතා; යං මෙ විලපන්තියා, අනපෙක්ඛො පබ්බජසි දෙව.
රජතුමනි! වැළපෙන්නා වූ මා කෙරෙහි කිසිදු බලාපොරොත්තුවක් නැතිව ඔබ පැවිදි වන්නේ නම්, සුතසෝමය! මම තොපගේ මව වීම් ද, එය මා විසින් නපුරු කොට ලබන ලද්දකි.
“දුල්ලද්ධං මෙ ආසි සුතසොම, යං තං අහං විජායිස්සං; යං මෙ විලපන්තියා, අනපෙක්ඛො පබ්බජසි දෙවා”ති.
රජතුමනි! යම් හෙයකින් වැළපෙන්නා වූ මා ගැන බලාපොරොත්තු රහිතව ඔබ පැවිදිවන්නේ නම් සුතසෝමය! මම යම්බඳු වූ තොප ප්‍රසූත කළෙම් ද එය මා විසින් නපුරු කොට ලබන ලද්දක්මි මව කීවාය.
තත්ථ දුල්ලද්ධන්ති යං එතං මයා ලභන්තියා පුත්තං ජම්මං ලද්ධං දුල්ලද්ධං. යං මෙති යෙන කාරණෙන මයි නානප්පකාරකං විපලන්තියා ත්වං පබ්බජිතුං ඉච්ඡසි, තෙන කාරණෙන තාදිසස්ස පුත්තස්ස ලභනං මම දුල්ලද්ධං නාමාති.
එහි දුල්ලද්ධං යනු මවිසින් මෙවැනි පුත්‍රයෙක් ලබන්නේ නම් එම උපත නපුරු ලැබීමෙක් විය. යං මෙ යනු යම් කාරණයකින් මා කෙරෙහි නොයෙක් ආකාරයෙන් විලාප දෙන්නිව ඔබ පැවිදිවීමට කැමැති වෙහි. ඒ කාරණයෙන් ඔබ වැනි පුතකුගේ ලැබීම මා ලද නපුරු ක්‍රියාවකි.
බොධිසත්තො එවං පරිදෙවමානායපි මාතරා සද්ධිං කිඤ්චි න කථෙසි. සා රොදිත්වා කන්දිත්වා සයමෙව එකමන්තං අට්ඨාසි. අථස්ස පිතු ආරොචෙසුං. සො ආගන්ත්වා එකං තාව ගාථමාහ –
බෝසත්, එසේ විලාප දෙන්නා වූ මව සමග කිසිවක් නො කීවේය. ඇය හඬා, වැලපී, එකත්පසක සිටියාය. අනතුරුව ඔහුගේ පියාට දැනුම් දුන්හ. ඔහු පැමිණ හුදකලාව ම ගාථාවක් කීවේය.
“කො නාමෙසො ධම්මො, සුතසොම කා ච නාම පබ්බජ්ජා; යං නො අම්හෙ ජිණ්ණෙ, අනපෙක්ඛො පබ්බජසි දෙවා”ති.
රජතුමනි! ජරා ජීර්ණ වූ අප ගැන බලාපොරොත්තු නැතිව නුඹ පැවිදි වන්නේ නම් එය කිනම් පැවිද්දක් ද? මෙය කවර නම් මනුෂ්‍ය ධර්මයක් ද පියා ඇසීය.
තත්ථ යං නො අම්හෙති යං ත්වං අම්හාකං පුත්තො සමානො අම්හෙ ජිණ්ණෙ පටිජග්ගිතබ්බකාලෙ අප්පටිජග්ගිත්වා පපාතෙ සිලං පවට්ටෙන්තො විය ඡඩ්ඩෙත්වා අනපෙක්ඛො පබ්බජසි, තෙන තං වදාමි කො නාමෙසො තව ධම්මොති අධිප්පායො.
එහි, යංතො අම්හෙ යනු යම් බඳු වූ ඔබ අපගේ පුත්‍රයෙකු සමාන වුයේ, අප වයසට දිරා ගිය කල පෝෂණය කළ යුතු කාලයේ පෝෂණය නොකර ප්‍රපාතයකට ගල් වැටෙන්නාක් මෙන් අත්හැර අපේක්ෂා රහිතව පැවිදිවන්නෙහි නම් ඒ නිසා එය කියමි. කොනාමෙසොතව ධම්මො යන බලාපොරොත්තුවයි.
තං සුත්වා මහාසත්තො තුණ්හී අහොසි. අථ නං පිතා, “තාත සුතසොම, සචෙපි තෙ මාතාපිතූසු සිනෙහො නත්ථි, පුත්තධීතරො තෙ බහූ තරුණා, තයා විනා වත්තිතුං න සක්ඛිස්සන්ති, තෙසං වුඩ්ඪිප්පත්තකාලෙ පබ්බජිස්සසී”ති වත්වා සත්තමං ගාථමාහ –
ඒ අසා බෝසත් තෙම නිශ්ශබ්ද විය. ඉක්බිති පියා දරුව සුතසෝමය, ඉදින් ඔබට මව්පියන් කෙරෙහි සෙනෙහසක් නැද්ද? ඔබගේ දූ දරුවන් තවම ළදරු වූවෝ වෙති. ඔබ නොමැතිව පැවතීමට නොහැකි වන්නාහ. ඔවුන් වැඩිවියට පැමිණි කාලයේ පැවිදි වන්නැයි කියා, සත්වෙනි ගාථාවද කීවේය.
“පුත්තාපි තුය්හං බහවො, දහරා අප්පත්තයොබ්බනා; මඤ්ජූ තෙපිතං අපස්සන්තා, මඤ්ඤෙ දුක්ඛං නිගච්ඡන්තී”ති.
තොපගේ බොහෝ පුත්‍රයෝ නොපැමිණි යොවුන් වයස් ඇති ළදරුවෝය. මිහිරි වදන් කියන්නා වූ ඔවුහු ඔබ නො දැක දුකට පත් වෙති.
තත්ථ මඤ්ජූති මධුරවචනා. නිගච්ඡන්තීති නිගච්ඡිස්සන්ති කායිකචෙතසිකදුක්ඛං පටිලභිස්සන්තීති මඤ්ඤාමි.
එහි මඤ්ජු යනු මධුර වචනයි. නිගච්ඡන්තී යනු පත්වන්නාහ. කායික චේතසික දුක් අනුභව කරන්නාහයි හඟිමි.
තං සුත්වා මහාසත්තො ගාථමාහ –
ඒ අසා බෝධිසත්ත්වයෝ මේ ගාථාව කීහ.
“පුත්තෙහි ච මෙ එතෙහි, දහරෙහි අප්පත්තයොබ්බනෙහි; මඤ්ජූහි සබ්බෙහිපි තුම්හෙහි, චිරම්පි ඨත්වා විනාසභාවො”ති.
නොපැමිණි යෞවනත්වය ඇති මිහිරි වදන් කියන මගේ මේ පුත්‍රයන් කෙරෙන් ද ඔබ සැම කෙරෙන් ද, දිගු කලකින් වාසය කොට ද වෙන්වන්නට සිදුවේ. එය නො වැළැක්විය හැක්කකි. බෝසත් කීය.
තත්ථ සබ්බෙහිපි තුම්හෙහීති, තාත, න කෙවලං පුත්තෙහෙව, අථ ඛො තුම්හෙහිපි අඤ්ඤෙහිපි සබ්බසඞ්ඛාරෙහි චිරං ඨත්වාපි දීඝමද්ධානං ඨත්වාපි විනාසභාවොව නියතො. සකලස්මිම්පි හි ලොකසන්නිවාසෙ එකසඞ්ඛාරොපි නිච්චො නාම නත්ථීති.
එහි සබ්බෙහිපි තුම්හෙහී යනු දරුව, හුදෙක් පුත්‍රයන්ගෙන් පමණක් නොව, ඔබලා කෙරෙන් ද. අන්‍යයන් කෙරෙන් ද, සියලු සංස්කාර කෙරෙන් ද, චිරම්පි ඨත්වා දිගුකලක් සිට හෝ වෙනස්වනසුළු බව නියතය. සියළු ආකාර වූ ලෝක සත්ත්වයෝ ද එකම සංස්කාරයක්වත් නිත්‍ය නම් නැත.
එවං මහාසත්තො පිතු ධම්මකථං කථෙසි. සො තස්ස ධම්මකථං සුත්වා තුණ්හී අහොසි. අථස්ස සත්තසතානං භරියානං ආරොචයිංසු. තා ච පාසාදා ඔරුය්හ තස්ස සන්තිකං ගන්ත්වා ගොප්ඵකෙසු ගහෙත්වා පරිදෙවමානා ගාථමාහංසු –
මෙසේ බෝසත් තෙමේ පියාට දැහැමි කථාවක් වදාළේය. ඔහු බෝසත්ගේ ධර්ම කථාව අසා නිශ්ශබ්ද විය. ඔහුගේ සමජාතික ප්‍රිය භාර්යාවන්ට ද දැනුම් දිනි. ඈලා ද මාලිගාවෙන් බැස ඔහු ළඟට ගොස් ගොප්කරින් (පාදයේ) අල්ලාගෙන හඬමින් ගාථාවක් කීහ.
“ඡින්නං නු තුය්හං හදයං, අදු තෙ කරුණා ච නත්ථි අම්හෙසු; යං නො විකන්දන්තියො, අනපෙක්ඛො පබ්බජසි දෙවා”ති.
ඔබගේ හදවත පලුදු වෙලා ද? නැතහොත් අප කෙරෙහි කරුණාවක් නොමැතිද? දේවයිනි, අප කෑගසා හඬද්දී අනපේක්ෂිත ලෙස පැවිදි වන්නේ ද? වැන්දඹු තත්ත්වයට පත්වන අප කෙරෙහි කරුණාවක් නැද්ද? බිසෝවරු ඇසූහ.
තස්සත්ථො – සාමි සුතසොම, අම්හෙ විධවා කත්වා ගච්ඡන්තස්ස අප්පමත්තකස්සපි සිනෙහස්ස අභාවෙන තව හදයං අම්හෙසු ඡින්නං නු, උදාහු කරුණාය අභාවෙන කාරුඤ්ඤං වා නත්ථි, යං නො එවං විකන්දන්තියො පහාය පබ්බජසීති.
එහි අර්ථය ස්වාමීනි; සුතසෝමය, අප වැන්දඹුවන් කර, යන්නා වූ ඔබට අප්‍රමාණ ස්නේහයක් නොමැතිකමින් අප කෙරෙහි ඔබගේ හදවත සිඳුණේද? නැතහොත් කරුණාව නැතිවීමෙන්, කාරුණිකත්වය හෝ නැද්ද? අප මෙසේ හඬා කෑ ගසා විලාප දෙද්දීත් අප හැර පැවිදිවන්නෙ ඇයි?
මහාසත්තො තාසං පාදමූලෙ පරිවත්තිත්වා පරිදෙවමානානං පරිදෙවනසද්දං සුත්වා අනන්තරං ගාථමාහ –
බෝසත් තෙම තම පාමුල පෙරළී, හඬා වැළපෙන්නා වූ ඈලාගේ හඬන වැලපෙන ශබ්දය අසා වෙනත් ගාථාවක් ද කීවේය.
“න ච මය්හං ඡින්නං හදයං, අත්ථි කරුණාපි මය්හං තුම්හෙසු; සග්ගඤ්ච පත්ථයානො, තෙන අහං පබ්බජිස්සාමී”ති.
මගේ හදවත සිදුරු වී ඇත. ඔබ සැම කෙරෙහි මගේ කරුණාව ද ඇත. ස්වර්ග සම්පත්තිය පතන්නා වූ මම ඒ සඳහා පැවිදි වන්නෙමි.
තත්ථ සග්ගඤ්චාති අහං සග්ගඤ්ච පත්ථයන්තො යස්මා අයං පබ්බජ්ජා නාම බුද්ධාදීහි වණ්ණිතා, තස්මා පබ්බජිස්සාමි, තුම්හෙ මා චින්තයිත්ථාති තා අස්සාසෙසි.
එහි සග්ගඤ්චා යනු මම ස්වර්ගය ද ප්‍රාර්ථනා කරන්නේ, යම් හෙයකින් මේ පැවිද්ද නම් බුද්ධාදි උතුමන් වර්ණනා කර ඇත. එබැවින් පැවිදි වන්නෙමි. නුඹලා අහිතක් නොසිතවු. සැනසෙනු මැනවි.
අථස්ස අග්ගමහෙසියා ආරොචෙසුං. සා ගරුභාරා පරිපුණ්ණගබ්භාපි සමානා ආගන්ත්වා මහාසත්තං වන්දිත්වා එකමන්තං ඨිතා තිස්සො ගාථායො අභාසි –
ඉක්බිති ඔහුගේ අග මෙහෙසියට දැනුම් දුන්හ. ඇය දරු බරින් පිරිපුන් ගර්භණී වූවා පැමිණි, බෝසතුන් වැඳ එකත්පසක සිටියා ගාථා තුනක් ද කීවාය.
“දුල්ලද්ධං මෙ ආසි සුතසොම, යස්ස තෙ අහං භරියා; යං මෙ විලපන්තියා, අනපෙක්ඛො පබ්බජසි දෙව.
[missing trans]
“දුල්ලද්ධං මෙ ආසි සුතසොම, යස්ස තෙ අහං භරියා; යං මෙ කුච්ඡිපටිසන්ධිං, අනපෙක්ඛො පබ්බජසි දෙව.
දේවයිනි, මම තොපගේ භාර්යාව වෙමි. මගේ කුස පිළිසිඳ ගත් දරුවා කෙරෙහි ඔබ බලාපොරොත්තු රහිතව පැවිදි වන්නෙහිද? ඔබගේ භාර්යාව වීම මා නපුරුකොට ලද්දකැයි සිතමි.
“පරිපක්කො මෙ ගබ්භො, කුච්ඡිගතො යාව නං විජායාමි; මාහං එකා විධවා, පච්ඡා දුක්ඛානි අද්දක්ඛි”න්ති.
මාගේ දරු ගර්භය මුහුකුරා ගියේය. කුස හොත් දරුවා යම්දිනෙක ප්‍රසූත කරම්ද ඒ තාක් ඉවසුව මැනව. එකලා වූ මා වැන්දඹු නොකෙරේවා. පසුව දුක්විඳ දරා ගනිමි. අගමෙහෙසිය කීවාය.
තත්ථ යං මෙති යස්මා මම විලපන්තියා ත්වං අනපෙක්ඛො පබ්බජසි, තස්මා යං මයා තව සන්තිකා අග්ගමහෙසිට්ඨානං ලද්ධං, තං දුල්ලද්ධමෙව ආසි. දුතියගාථාය යස්මා මං ත්වං කුච්ඡිපටිසන්ධිං පහාය අනපෙක්ඛො පබ්බජසි, තස්මා යං මයා තව භරියත්තං ලද්ධං, තං දුල්ලද්ධං මෙති අත්ථො. යාව නන්ති යාවාහං තං ගබ්භං විජායාමි, තාව අධිවාසෙහීති.
එහි යංමෙ යනු, යම්හෙයකින් මා විලාප දෙන්නිමුත් ඔබ අපේක්ෂා රහිතව පැවිදි වන්නෙහි. එහෙයින් මා විසින් ඔබ සමීපයේ අග්‍ර මහේෂි තනතුරු ලබන ලද්දේද, එය දුර්ලභය. දෙවෙනි ගාථාවෙන් යම් හෙයකින් ඔබ කුස පිළිසිඳ ගැනීම හැරදමා අපේක්ෂා රහිතව පැවිදි වන්නේ නම්, ඒ නිසා මා විසින් ඔබේ භාර්යාබව ලබන ලදද? එය ද නපුරු සිද්ධියක් වේ යන අර්ථයයි. යාවනං යනු යම්තාක් මම ඒ ගර්භය පහකරම්ද? ඒ තාක් (දරු ප්‍රසූතිය) ඉවසුව මැනවි.
තතො මහාසත්තො ගාථමාහ –
ඉක්බිති බෝසත්තුමෝ ගාථාවක් වදාළ සේක.
“පරිපක්කො තෙ ගබ්භො, කුච්ඡිගතො ඉඞ්ඝ ත්වං විජායස්සු; පුත්තං අනොමවණ්ණං, තං හිත්වා පබ්බජිස්සාමී”ති.
තීගේ දරු ගර්භය මුහුකුරා ගියේ යයි දනිමි. එබැවින් තී පුත්‍රයකු ප්‍රසූත කරව. ආලාමක පුත්‍රයාද තී ද හැර මම පැවිදි වන්නෙමි යි රජ කීය.
තත්ථ පුත්තන්ති, භද්දෙ, තව ගබ්භො පරිපක්කොති ජානාමි, ත්වං පන විජායමානා පුත්තං විජායිස්සසි, න ධීතරං, සා ත්වං සොත්ථිනා විජායස්සු පුත්තං, අහං පන සද්ධිං තයා තං පුත්තං හිත්වා පබ්බජිස්සාමියෙවාති.
එහි, පුත්තං යනු සොඳුර; ඔබේ ගර්භය පිරිපුන් බව දනිමි. ඔබ බිහිකරනු ලබන්නා වූ පුත්‍රයා ප්‍රසූත කළ මැනවි. ඇය දුවක නොවේ. යහපත් ලෙස පුතකු ප්‍රසූත කරාවා. මම ඔබ හා පුතු ද හැර පැවිදි වන්නෙමි. යනුවෙනි.
සා තස්ස වචනං සුත්වා සොකං සන්ධාරෙතුං අසක්කොන්තී “ඉතො දානි පට්ඨාය, දෙව, අම්හාකං සිරී නාම නත්ථී”ති උභොහි හත්ථෙහි හදයං ධාරයමානා අස්සූනි මුඤ්චන්තී මහාසද්දෙන පරිදෙවි. අථ නං සමස්සාසෙන්තො මහාසත්තො ගාථමාහ –
ඈ ඔහුගේ වචනය අසා ශෝකය වළකා ගැනීමට නොහැකිවන්නී දේවයන් වහන්ස, දැන් පටන් අපට ශ්රියාවක් නම් නැත යයි දෑතින් හදවත අල්ලාගෙන කඳුළු වගුරුවන්නී මහහඬින් හැඬුවාය. ඉක්බිති ඇයව අස්වසාලමින් බෝධිසත්ත්වයෝ –
“මා ත්වං චන්දෙ රුදි, මා සොචි වනතිමිරමත්තක්ඛි; ආරොහ වරපාසාදං, අනපෙක්ඛො අහං ගමිස්සාමී”ති.
චන්ද්‍ර දේවිය, ඔබ හඬන්න එපා. කිණිහිරි පුෂ්පයක් මෙන් නෙත් ඇත්තී ශෝක නොකරන්න. ප්‍රාසාදයට නගින්න. අපේක්ෂා රහිතව මම යන්නෙමි. යන ගාථාව කීවේය.
තත්ථ මා ත්වං චන්දෙ රුදීති, භද්දෙ චන්දාදෙවි, ත්වං මා රොදි මා සොචි. වනතිමිරමත්තක්ඛීති ගිරිකණ්ණිකපුප්ඵසමානනෙත්තෙ. පාළියං පන “කොවිළාරතම්බක්ඛී”ති ලිඛිතං, තස්සා කොවිළාරපුප්ඵං විය තම්බනෙත්තෙති අත්ථො.
එහි මා ත්වං චන්දෙ රුදී යනු සොඳුර; චන්ද්‍ර දේවිය නුඹ නොහඬන්න. මා සොචි වනතිමිරමත්තක්ඛී යනු කටරොඩු මල් හා සමාන නෙත් ඇත්තේ, පෙළෙහි වනාහි, කොවිලාර තම්බක්ඛී යනුවෙන් ලියන ලද පරසතු මලක් මෙන් තඹවන් නෙත් ඇත්තේ යන අර්ථයි.
සා තස්ස වචනං සුත්වා ඨාතුං අසක්කොන්තී පාසාදං ආරුය්හ රොදමානා නිසීදි. අථ නං බොධිසත්තස්ස ජෙට්ඨපුත්තො දිස්වා “කිං නු ඛො මෙ මාතා රොදන්තී නිසින්නා”ති තං පුච්ඡන්තො ගාථමාහ –
ඇය ඔහුගේ වචන අසා, සිටීමට නොහැකි වන්නී, ප්‍රාසාදයට නැගී හඬමින් සිටියාය. ඉක්බිති ඇයව බෝසතුන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා දැක කුමක් නිසා මව හඬමින් සිටින්නී දැයි විචාරන්නේ මේ ගාථාව කීවේය.
“කො තං අම්ම කොපෙසි, කිං රොදසි පෙක්ඛසි ච මං බාළ්හං; කං අවජ්ඣං ඝාතෙමි, ඤාතීනං උදික්ඛමානාන”න්ති.
අම්මේ; කවරෙක් ඔබ කෝප කළෙහිද? කුමකට හඬහිද? කුමක් නිසා දැඩිව මා දෙස බලන්නෙහිද? දඬුවම් නොකළ යුත්තෙකු වුවත් ඤාතීන් ඉදිරියේදී ම නසමි. අම්මේ; මේ කරුණ මට පහදා දෙන්නැ’යි වැඩිමහල් පුතා කීය.
තත්ථ කොපෙසීති, අම්ම! කො නාම තං කොපෙසි, කො තෙ අප්පියං අකාසි. පෙක්ඛසි චාති මං බාළ්හං පෙක්ඛන්තී කිංකාරණා රොදසීති අධිප්පායො. කං අවජ්ඣං ඝාතෙමීති අඝාතෙතබ්බම්පි කං ඝාතෙමි අත්තනො ඤාතීනං උදික්ඛමානානඤ්ඤෙව, අක්ඛාහි මෙති පුච්ඡති.
එහි කොපෙසී යනු මෑණියනි; කවරෙක් නම් කෝප කරහිද? කවරෙක් ඔබට අප්‍රිය කළේද? අපෙක්ඛසි චා යනු මා දැඩි ලෙස බලන්නී කුමක් නිසා හඬහි ද යන අදහසයි. කං අවජ්ඣං ඝාතෙමී යනු ඝාතනය නොකළ යුත්තා වූ, කවරෙක්, තමන්ගේ ඤාතීන් දෙස බලමින් අනෙකක් ඝාතනය කරම්දැයි මට කියව යයි විචාරයි.
තතො දෙවී ගාථමාහ –
ඉක්බිති දේවිය මේ ගාථාව කීවාය.
“න හි සො සක්කා හන්තුං, විජිතාවී යො මං තාත කොපෙසි; පිතා තෙ මං තාත අවච, අනපෙක්ඛො අහං ගමිස්සාමී”ති.
පුත්‍රය! යමෙක් මා කෝප කළේ ද, හෙතෙම ලබන ලද ජය ඇති ඔබගේ පියා වන්නේය. හෙතෙම නසන්නට නොහැකිය. තොප ගේ පියා ‘මම අපේක්ෂා රහිතව යන්නෙමි’ මට කීවේය.
තත්ථ විජිතාවීති, තාත, යො මං ඉමිස්සා පථවියා විජිතාවී කොපෙසි, අප්පියසමුදාචාරෙන මෙ හදයෙ කොපඤ්ච සොකඤ්ච පවෙසෙසි, සො තයා හන්තුං න සක්කා, මඤ්හි, තාත, තව පිතා “අහං රජ්ජසිරිඤ්ච තඤ්ච පහාය අරඤ්ඤං පවිසිත්වා පබ්බජිස්සාමී”ති අවච, ඉදං මෙ රොදනකාරණන්ති.
එහි විජිතාවී යනු දරුව, යමෙක් මේ පෘථිවියෙහි රජකම් කරයිද? ඔහු මා කෝප කරයි. අප්‍රියාවෙන් හටගත් මගේ හදවතේ කෝපය ද ශෝකය ද පවතියි. ඔහු ඔබ විසින් නැසීම නොකළ හැකියයි සිතමි. දරුව, ඔබේ පියා මාව ද, රාජ්‍යශ්‍රීය ද හැර දමා අරණ්‍යයට පිවිස පැවිදි වන්නෙමියි කීවේය. මේ මගේ හැඬීමට කාරණය වේ.
සො තස්සා වචනං සුත්වා “අම්ම! කිං නාම ත්වං කථෙසි, නනු එවං සන්තෙ මයං අනාථා නාම භවිස්සාමා”ති පරිදෙවන්තො ගාථමාහ –
ඔහු, ඇයගේ වචනය අසා ම මෑණියනි, කුමක් නම් කියහිද? එසේ වූ කල්හි අපි අනාථ වන්නෙමුයි හඬමින් මේ ගාථාව කීවේය.
“යොහං පුබ්බෙ නිය්යාමි, උය්යානං මත්තකුඤ්ජරෙ ච යොධෙමි; සුතසොමෙ පබ්බජිතෙ, කථං නු දානි කරිස්සාමී”ති.
යම්බඳු මම පෙර රියට නැග උයනට ගියෙම් ද මදැතුන් හට පහර දුනිම්ද? මා පිය සුතසෝම රජු මහණ වූ කල්හි මම ඒවා කෙසේ කරම්ද? වැඩිමහලු පුතා ඇසීය.
තස්සත්ථො – යො අහං පුබ්බෙ චතුආජඤ්ඤයුත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං රථං අභිරුය්හ උය්යානං ගච්ඡාමි, මත්තකුඤ්ජරෙ ච යොධෙමි, අඤ්ඤෙහි ච අස්සකීළාදීහි කීළාමි, ස්වාහං ඉදානි සුතසොමෙ පබ්බජිතෙ කථං කරිස්සාමීති?
එහි අර්ථය:- මම පෙර යම්, සිව්රඟ සෙනඟින් යුතුව, සියළු ආකාරයෙන් සැරසී රථයට නැග උයනට යමි. මත් ඇතුන් හා යුධ කරමි. අනෙක් අශ්ව ක්‍රීඩාදිය ද කරමි. ඉදින් සුතසෝම පැවිදි වූ කල්හි මම කෙසේ ඒවා කරන්නෙම් ද?
අථස්ස කනිට්ඨභාතා සත්තවස්සිකො තෙ උභොපි රොදන්තෙ දිස්වා මාතරං උපසඞ්කමිත්වා, “අම්ම! කිංකාරණා තුම්හෙ රොදථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “තෙන හි මා රොදථ, අහං තාතස්ස පබ්බජිතුං න දස්සාමී”ති උභොපි තෙ අස්සාසෙත්වා ධාතියා සද්ධිං පාසාදා ඔරුය්හ පිතු සන්තිකං ගන්ත්වා, “තාත, ත්වං කිර අම්හෙ අකාමකෙ පහාය ‘පබ්බජාමී’ති වදසි, අහං තෙ පබ්බජිතුං න දස්සාමී”ති පිතරං ගීවාය දළ්හං ගහෙත්වා ගාථමාහ –
ඉක්බිති ඔහුගේ සත් හැවිරිදි කනිෂ්ඨ සොහොයුරාද, ඒ දෙදෙනා හඬමින් සිටිනවා දැක මව, සමීපයට එළඹ, අම්මේ, කුමන කරුණක් නිසා නුඹලා හඬවුදැයි විචාරා, ඒ කාරණය අසා, එසේ වී නම් නො හඬවු. මම පියාට පැවිදි වීමට ඉඩ නොදෙමියි ඒ දෙදෙනාව ම අස්වසා කිරිමව සමග ප්‍රාසාදයෙන් බැස පියා සමීපයට ගොස් පියාණෙනි, ඔබ අප කෙරෙහි කරුණාවක් නොදක්වා අප හැර පැවිදිවෙමියි කියහි. මම ඔබට පැවිදිවීමට නොදෙන්නෙමියි පියාගේ බෙල්ල දැඩිව අල්වාගෙන ගාථාව කීවාය.
“මාතුච්ච මෙ රුදන්ත්යා, ජෙට්ඨස්ස ච භාතුනො අකාමස්ස; හත්ථෙපි තෙ ගහෙස්සං, න හි ගච්ඡසි නො අකාමාන”න්ති.
පියාණෙනි, මගේ මව හඬද්දී, වැඩිමහල් සහෝදරයාගේ අකමැත්ත තිබිය දී, පැවිදි වෙහිද, නුඹ වහන්සේගේ අත් දෙක තරයේ අල්ලා ගනිමි. අප අකමැතිව සිටියදී නොයනු මැනැවියි බාලපුත්‍රයා පැවසීය.
මහාසත්තො චින්තෙසි – “අයං මෙ පරිපන්ථං කරොති, කෙන නු ඛො නං උපායෙන පටික්කමාපෙය්ය”න්ති. තතො ධාතිං ඔලොකෙත්වා, “අම්ම! ධාති හන්දිමං මණික්ඛන්ධපිළන්ධනං, තවෙසො හොතු හත්ථෙ, පුත්තං අපනෙහි, මා මෙ අන්තරායං කරී”ති සයං පුත්තං හත්ථෙ ගහෙත්වා අපනෙතුං අසක්කොන්තො තස්සා ලඤ්ජං පටිජානෙත්වා ගාථමාහ –
බෝසත් තෙම මෙසේ සිතීය. මේ මට උවදුරක් කරයි. කවර හෝ උපායකින් එය වළකාලන්නෙමුයි, අනතුරුව කිරිමව දෙස බලා මෑණි කිරිමව්නි, මගේ මැණික් පළඳනාවක් ඇත. එය ඔබ ගනීවා. මට අනතුරක් කරාවි. පුත්‍රයා ඉවතට රැගෙන යන්න. තෙමේ පුතුගේ අතගෙන ඉවත් කිරීමට නොහැකි වන්නේ ඇගේ අල්ලස සිහිපත් වී මේ ගාථාව කීවේය.
“උට්ඨෙහි ත්වං ධාති, ඉමං කුමාරං රමෙහි අඤ්ඤත්ථ; මා මෙ පරිපන්ථමකාසි, සග්ගං මම පත්ථයානස්සා”ති.
එම්බා කිරිමවුනි; ඔබ නැගිටීවා! මේ කුමරු අන් තැනක සිත් අලවාවා යන්න. මට උවදුරු නොකරාවා. මගේ ස්වර්ග ගමන ප්‍රාර්ථනා කරව.
තත්ථ ඉමං කුමාරන්ති, අම්ම! ධාති ත්වං උට්ඨෙහි, ඉමං කුමාරං අපනෙත්වා ආගන්ත්වා ඉමං මණිං ගහෙත්වා අඤ්ඤත්ථ නං අභිරමෙහීති.
මෙහි ඉමං කුමාරං යනු මෑණි කිරිමවුනි; නුඹ නැගිටින්න. මේ කුමරු ඉවත් කොට අවුත් මේ මැණික ගෙන වෙනත් තැනකට ඔහු රැගෙන සතුටු කරව.
සා ලඤ්ජං ලභිත්වා කුමාරං සඤ්ඤාපෙත්වා ආදාය අඤ්ඤත්ථ ගන්ත්වා පරිදෙවමානා ගාථමාහ –
ඇය අල්ලස ලැබ කුමරු පහදවා ගෙන වෙනත් තැනක රැගෙන ගොස් හඬමින් මේ ගාථාව කීවාය.
“යං නූනිමං දදෙය්යං පභඞ්කරං, කො නු මෙ ඉමිනාත්ථො; සුතසොමෙ පබ්බජිතෙ, කිං නු මෙනං කරිස්සාමී”ති.
මේ දිලිසෙන්නා වූ මැණික ආපසු දෙන්නෙහි නම් යහපති. මට මෙයින් කවර ප්‍රයෝජන ද? සුතසෝම රජු පැවිදි වූ කල්හි මේ මැණික ගෙන මම කුමක් කරන්න ද කියමින් කිරි මව වැළපුනාය.
තස්සත්ථො – යං නූන අහං ඉමං ලඤ්ජත්ථාය ගහිතං පභඞ්කරං සුප්පභාසං මණිං දදෙය්යං, කො නු මය්හං සුතසොමනරින්දෙ පබ්බජිතෙ ඉමිනා අත්ථො, කිං නු මෙනං කරිස්සාමි, අහං තස්මිං පබ්බජිතෙ ඉමං ලභිස්සාමි, ලභන්තීපි ච කිං නු ඛො එතං කරිස්සාමි, පස්සථ මෙ කම්මන්ති.
එහි අර්ථය - ඉදින් අල්ලස් පිණිස මෙය ගන්නා ලදි. බබළන මැනවින් ආලෝකවත් වූ මැණික දෙන්නේ ද, සුතසෝම රජු පැවිදි වූ කල්හි, මට මෙයින් කවර අර්ථයක් ද? කිං නු මෙතං කරිස්සාමී යනු මම ඔහු පැවිදි වූ කල්හි මෙය නොලබන්නෙමි. ලබන්නී නමුත් ඉන් කුමක් කරන්නෙම්ද? මගේ කර්ම විපාක බලවු.
තතො මහාසෙනගුත්තො චින්තෙසි – “අයං රාජා “ගෙහෙ මෙ ධනං මන්ද’න්ති සඤ්ඤං කරොති මඤ්ඤෙ, බහුභාවමස්ස කථෙස්සාමී”ති. සො උට්ඨාය වන්දිත්වා ගාථමාහ –
ඉක්බිති මහාසේන ගුප්ත මෙසේ සිතීය. මේ රජු ගෙදර මගේ ධනය, ටිකක් යයි හැඟීම් ඇතිකර ගනියි. සිතමි. බොහෝ සම්පත් ඇති බව කියන්නෙමියි. ඔහු නැගිට වැඳ ගාථාවක් කීවේය.
“කොසො ච තුය්හං විපුලො, කොට්ඨාගාරඤ්ච තුය්හං පරිපූරං; පථවී ච තුය්හං විජිතා, රමස්සු මා පබ්බජි දෙවා”ති.
ඔබේ ධනාගාරය ඉතා විශාලය. ඔබේ කෝෂ්ටාගාරය ද පිරිපුන්ය. ඔබ පෘථිවියෙහි ජයගත් රජුය. දේවයිනි, එහි සිත් අලවා වාසය කරනු මැනවි. පැවිදි නොවනු මැනවි.
තං සුත්වා මහාසත්තො ගාථමාහ –
ඒ අසා බෝසත් තෙම මේ ගාථාව කීවේය.
“කොසො ච මය්හං විපුලො, කොට්ඨාගාරඤ්ච මය්හං පරිපූරං; පථවී ච මය්හං විජිතා, තං හිත්වා පබ්බජිස්සාමී”ති.
මගේ භාණ්ඩාගාරය විපුලය. මගේ කෝෂ්ටාගාරය ද පිරිපුන්ය. මා පෘථිවිය ජයගත් රජුය. ඒ සියල්ල හැරදමා පැවිදි වන්නෙමි.
තං සුත්වා තස්මිං අපගතෙ කුලවඩ්ඪනසෙට්ඨි නාම උට්ඨාය වන්දිත්වා ගාථමාහ –
ඒ අසා ඔහු නික්ම ගිය කල්හි, කුලවර්ධන නම් සිටුතුමා නැගිට වැඳ මේ ගාථාව කීවේය.
“මය්හම්පි ධනං පහූතං, සඞ්ඛ්යාතුං නොපි දෙව සක්කොමි; තං තෙ දදාමි සබ්බම්පි, රමස්සු මා පබ්බජි දෙවා”ති.
මගේ ධනය ද ඉතා බහුලය. දේවයිනි, එය අපට ගණන් කිරීමට ද නොහැකිය. දේවයිනි, ඒ සියල්ල ඔබට දෙමි. සතුටුවෙව. සිත් අලවා වාසය කළ මැනවි. රජතුමනි, පැවිදි නොවෙව.
තං සුත්වා මහාසත්තො ගාථමාහ –
ඒ අසා බෝසත් මේ ගාථාව කීවේය.
“ජානාමි ධනං පහූතං, කුලවඩ්ඪන පූජිතො තයා චස්මි; සග්ගඤ්ච පත්ථයානො, තෙන අහං පබ්බජිස්සාමී”ති.
ඔබේ විශාල වූ ධනය ගැන දනිමි. කුලවර්ධනය තා විසින් ද මා පුදන ලද්දේ වෙමි. ස්වර්ග සම්පත්තිය පතන්නෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමි.
තං සුත්වා කුලවඩ්ඪනෙ අපගතෙ මහාසත්තො සොමදත්තං කනිට්ඨභාතරං ආමන්තෙත්වා, “තාත, අහං පඤ්ජරපක්ඛිත්තො වනකුක්කුටො විය උක්කණ්ඨිතො, මං ඝරාවාසෙ අනභිරති අභිභවති, අජ්ජෙව පබ්බජිස්සාමි, ත්වං ඉමං රජ්ජං පටිපජ්ජා”ති රජ්ජං නිය්යාදෙන්තො ගාථමාහ –
ඒ අසා, කුලවර්ධන පහව ගිය කල්හි, බෝසත් තෙම සෝමදත්ත නම් කනිටු සොයුරා අමතා දරුව, මම කූඩුවේ දමන ලද වලිකුකුළකු මෙන් කළකිරුණේ මට ගෘහවාසය සතුට ගෙන නොදෙයි. මැඩ පවත්වයි. අදම පැවිදි වන්නෙමි. නුඹ මේ රාජ්‍යය පාලනය කරවයි, රාජ්‍යය පවරා දෙමින් මේ ගාථාව කීවේය.
“උක්කණ්ඨිතොස්මි බාළ්හං, අරති මං සොමදත්ත ආවිසති; බහුකාපි මෙ අන්තරායා, අජ්ජෙවාහං පබ්බජිස්සාමී”ති.
සෝමදත්ත කුමාරය! මම දැඩිසේ කළකිරුණේ වෙමි. මට සතුටක් නැත. නො ඇල්ම මා කෙරෙහි ආවේය. යම්හෙයකින් අන්තරායෝ බොහෝ වෙත්ද? මම අද ම පැවිදි වන්නෙමි. සෝමදත්ත කුමරුව රාජ්‍යය පවරා දෙමින් සුතසෝම රජු පැවසීය.
තං සුත්වා සොපි පබ්බජිතුකාමො තං දීපෙන්තො ඉතරං ගාථමාහ –
ඒ අසා, ඔහු ද පැවිදිවීමට කැමැත්තේ ඒ අර්ථය ප්‍රකට කරවමින් මේ ගාථාව කීවේය.
“ඉදඤ්ච තුය්හං රුචිතං, සුතසොම අජ්ජෙව දානි ත්වං පබ්බජ; අහම්පි පබ්බජිස්සාමි, න උස්සහෙ තයා විනා අහං ඨාතු”න්ති.
සුතසෝමයන් වහන්ස! අදම පැවිදි වෙන්නමැයි යන්න, නුඹ විසින් තීරණය කරන ලද්දේද, නුඹ වහන්සේ පැවිදි වන්නේ නම් මම ද පැවිදි වන්නෙමි. තොප හැර ගිහිගෙයි සිටින්නට මම උත්සාහ නොකරමි.
අථ නං සො පටික්ඛිපිත්වා උපඩ්ඪං ගාථමාහ –
ඉක්බිති ඔහු එය ප්‍රතික්ෂේප කොට ගාථා අර්ධයක් කීවේය.
“න හි සක්කා පබ්බජිතුං, නගරෙ න හි පච්චති ජනපදෙ චා”ති.
නගරයෙහි ද ජනපදයෙහි ද දැනටමත් ආහාර නො පිසී. අප දෙදෙනාම පැවිදි වූ කල්හි රටවැසියෝ අනාථ වෙති. එබැවින් ඔබට පැවිදි වන්නට ඉඩක් නැත.
තත්ථ න හි පච්චතීති ඉදානෙව තාව මම පබ්බජ්ජාධිප්පායං සුත්වාව ඉමස්මිං ද්වාදසයොජනිකෙ සුදස්සනනගරෙ ච සකලජනපදෙ ච න පච්චති, කොචි උද්ධනෙ අග්ගිං න ජාලෙති, අම්හෙසු පන ද්වීසු පබ්බජිතෙසු අනාථාව රට්ඨවාසිනො භවිස්සන්ති, තස්මා න හි සක්කා තයා පබ්බජිතුං, අහමෙව පබ්බජිස්සාමීති.
එහි නහි පච්චතී යනු දැන්ම ම මගේ පැවිදි අභිලාෂය අසාම, මේ දොළොස් යොදුනක් වූ සුදර්ශන නගරයේ ද, මුළු ජනපදයේද කිසි උදුනක ගිනි නොදල්වයි. කිසිවක් නොපැසෙයි. අප දෙදෙනාම පැවිදි වූ කල්හි රටවැසියෝ අනාථ වෙන්නාහ. එබැවින් ඔබ සමග පැවිදිවීම නොකළ හැකිය. මම ම පැවිදි වන්නෙමියි.
තං සුත්වා මහාජනො මහාසත්තස්ස පාදමූලෙ පරිවත්තිත්වා පරිදෙවන්තො උපඩ්ඪගාථමාහ –
ඒ අසා මහජනයා මහබෝසතුන්ගේ පාමුල වැතිරී හඬමින් මෙසේ කීහ.
“සුතසොමෙ පබ්බජිතෙ, කථං නු දානි කරිස්සාමා”ති.
සුතසෝම රජු පැවිදි වූ කල්හි අපි දැන් කුමක් කරන්නෙමුද?
තතො මහාසත්තො “අලං මා සොචයිත්ථ, අහං චිරම්පි ඨත්වා තුම්හෙහි විනා භවිස්සාමි, උප්පන්නසඞ්ඛාරො හි නිච්චො නාම නත්ථී”ති මහාජනස්ස ධම්මං කථෙන්තො ආහ –
ඉක්බිති බෝසත්, ඉදින් ශෝක නොකරවු. මම බොහෝ කලක් ඔබලා සමග වාසය කළත් ඔබ හැමගෙන් යම් දවසක වෙන්වෙමි. උපන් සංස්කාරවල නිත්යතාවයක් නැතැයි මහජනයාට ධර්මය දේශනා කරමින් කීවේය.
“උපනීයතිදං මඤ්ඤෙ, පරිත්තං උදකංව චඞ්කවාරම්හි; එවං සුපරිත්තකෙ ජීවිතෙ, න ච පමජ්ජිතුං කාලො.
මේ ජීවිතය රජකයන්ගේ අළු පෙරහනෙහි රැඳි ස්වල්ප වූ ජලයක් මෙන් වහා අවසන් වන්නේය. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයේ දී පමා වන්නට කලක් නැත්තේය.
“උපනීයතිදං මඤ්ඤෙ, පරිත්තං උදකංව චඞ්කවාරම්හි; එවං සුපරිත්තකෙ ජීවිතෙ, අන්ධබාලා පමජ්ජන්ති.
මේ ජීවිතය රදවුන්ගේ අළු පෙරහනෙහි රැඳි කුඩා දියත්තක් මෙන් වහා සිඳී යන්නේය. මෙසේ වූ කෙටි ජීවිත කාලයෙහි බාලයෝ පමා වන්නාහ.
“තෙ වඩ්ඪයන්ති නිරයං, තිරච්ඡානයොනිඤ්ච පෙත්තිවිසයඤ්ච; තණ්හාය බන්ධනබද්ධා, වඩ්ඪෙන්ති අසුරකාය”න්ති.
තෘෂ්ණා බැඳීම්වලින් බැඳුනු ඔවුහු නරකය. තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, අසුර කාය නම් සිවු අපායයන් වර්ධනය කරති.
තත්ථ උපනීයතිදං මඤ්ඤෙති, තාත, “ඉදං ජීවිතං උපනීයතී”ති අහං මඤ්ඤාමි. අඤ්ඤෙසු සුත්තෙසු උපසංහරණත්ථො උපනිය්යනත්ථො, ඉධ පන පරියාදානත්ථො. තස්මා යථා පරිත්තං උදකං රජකානං ඛාරචඞ්කවාරෙ පක්ඛිත්තං සීඝං පරියාදියති, තථා ජීවිතම්පි. එවං සුපරිත්තකෙ ජීවිතෙ තං පරිත්තකං ආයුසඞ්ඛාරං ගහෙත්වා විචරන්තානං සත්තානං න පුඤ්ඤකිරියාය පමජ්ජිතුං කාලො, අප්පමාදොව කාතුං වට්ටතීති අයමෙත්ථ අත්ථො. අන්ධබාලා පමජ්ජන්තීති අජරාමරා විය හුත්වා ගූථකලලෙ සූකරා විය හුත්වා කාමපඞ්කෙ නිමුජ්ජන්තා පමජ්ජන්ති. අසුරකායන්ති කාළකඤ්ජිකඅසුරයොනිඤ්ච වඩ්ඪෙන්තීති අත්ථො.
එහි, උපනිය්යතිදං මඤ්ඤෙ යනු, දරුවනි, මේ ජීවිතය ස්වල්ප කාලයක් පවතී යයි මම කල්පනා කරමි. වෙනත් සූත්‍රවලදී ද ළඟට පමුණුවයි යන අර්ථයෙන් උපනිය්යනත්ථො යෙදී ඇත. මෙහි පිරිසිදු අර්ථය නම් යම්සේ ජලය ස්වල්පයක් රදවුන්ට අලුහුණු මිශ්‍ර වූයේ වහාම හාත්පසින් එය ප්‍රයෝජනයට ගනු ලැබේද, ජීවිතය ද එසේමය. එවං සුපරිත්තකෙ ජීවිතෙ ඒ ස්වල්ප වූ ආයු සංස්කාරගෙන හැසිරෙන්නා වූ සත්ත්වයන්ට පුණ්‍යක්‍රියා පිණිස ඉඩක් නැත. පමජ්ජිතුං කාලො අප්‍රමාදීව කිරීමට වටනේ යයි යනු මෙහි අර්ථයයි. අථ බාලා පමජ්ජන්ති යනු අජර අමර මෙන් සිට අශුචි වලක ඌරන් මෙන් සිට, කාම නැමැති මඩෙහි කිමිදෙන්නාහු ප්‍රමාද වෙති. අසුරකායං යනු කාලකඤ්ජික වැනි අසුර යෝනිවල වැඩෙත් යන අර්ථයි.
එවං මහාසත්තො මහාජනස්ස ධම්මං දෙසෙත්වා පුබ්බකං නාම පාසාදං ආරුය්හ සත්තමාය භූමියා ඨිතො ඛග්ගෙන චූළං ඡින්දිත්වා “අහං තුම්හාකං කිඤ්චි න හොමි, අත්තනො රාජානං ගණ්හථා”ති සවෙඨනං චූළං මහාජනස්ස අන්තරෙ ඛිපි. තං ගහෙත්වා මහාජනො භූමියං පරිවට්ටෙන්තො පරිවට්ටෙන්තො පරිදෙවි. තස්මිං ඨානෙ මහන්තං රජග්ගං උට්ඨහි. පටික්කමිත්වා ඨිතජනො තං ඔලොකෙත්වා “රඤ්ඤා චූළං ඡින්දිත්වා සවෙඨනා චූළා මහාජනස්ස අන්තරෙ ඛිත්තා භවිස්සති, තෙනායං පාසාදස්ස අවිදූරෙ රජවට්ටි උග්ගතා”ති පරිදෙවන්තො ගාථමාහ –
මෙසේ බෝසත් තෙම මහාජනයාට ධර්ම දේශනා කොට පුෂ්පක නම් ප්‍රසාදයට නැග, සත්මහල් බිමේ සිටියේ කඩුවකින් කොණ්ඩයේ (හිස් මුදුන) කපා මම තොපගේ කිසිවෙකු නො වෙමි. තොපගේ රාජ්‍යය තොපම ගනිව් යයි තලප්පාව සහිත හිස්මුදුන (කොණ්ඩය) මහජනයා අතරට දැමීය. එය ගෙන මහාජනයා බිම පෙරළෙමින් හැඬූහ. ඒ ස්ථානයේ මහත් දූවිලි වළාවක් පැන නැංගේය. එතැන සිටි ජනතාව එය වළකා, රජු දෙස බලා, රජු විසින් හිස්මුදුන සිඳ තලප්පාව සමග හිස්මුදුන මහජනයා අතරේ විසිකලා වන්නේ යයි ඒ නිසා මේ ප්‍රාසාදය නුදුරින් දූවිලි වළාවක් හටගත්තේ යයි හඬමින් ගාථාව කීවේය.
“ඌහඤ්ඤතෙ රජග්ගං අවිදූරෙ, පුබ්බකම්හි ච පාසාදෙ; මඤ්ඤෙ නො කෙසා ඡින්නා, යසස්සිනො ධම්මරාජස්සා”ති.
අපගේ මහත් යශස් ඇති ධර්මරාජන් වූ රජුගේ කේශයෝ සිඳින ලද්දාහයි හඟිමි. පුෂ්ප නම් ප්‍රාසාදයට නුදුරු තන්හි ඉතා උස්ව රජස් නැගේ යයි මහජනයා හඬමින් කීයේය.
තත්ථ ඌහඤ්ඤතෙති උට්ඨහති. රජග්ගන්ති රජක්ඛන්ධො. අවිදූරෙති ඉතො අම්හාකං ඨිතට්ඨානතො අවිදූරෙ. පුබ්බකම්හීති පුබ්බකපාසාදස්ස සමීපෙ. මඤ්ඤෙ නොති අම්හාකං ධම්මරාජස්ස කෙසා ඡින්නා භවිස්සන්තීති මඤ්ඤාම.
එහි ඌහඤ්ඤතෙ යනු පැනනැංගේය යනුයි. රජග්ගං යනු දූවිලි කන්දකි. අවිදූරෙ යනු අප සිටිතැනට නුදුරින් යනුයි. පුප්ඵකම්හි යනු පුෂ්පක නම් මාළිගාව සමීපයේ. මඤ්ඤෙනො යනු අප ධර්මරාජයාණන්ගේ කෙස් සිඳුණේ වන්නේ යයි හඟිමි.
මහාසත්තො පරිචාරිකං පෙසෙත්වා පබ්බජිතපරික්ඛාරෙ ආහරාපෙත්වා කප්පකෙන කෙසමස්සුං ඔහාරාපෙත්වා අලඞ්කාරං සයනපිට්ඨෙ පාතෙත්වා රත්තපටානං දසානි ඡින්දිත්වා තානි කාසායානි නිවාසෙත්වා මත්තිකාපත්තං වාමඅංසකූටෙ ලග්ගෙත්වා කත්තරදණ්ඩං ආදාය මහාතලෙ අපරාපරං චඞ්කමිත්වා පාසාදා ඔතරිත්වා අන්තරවීථිං පටිපජ්ජි. ගච්ඡන්තං පන නං න කොචි සඤ්ජානි. අථස්ස සත්තසතා ඛත්තියකඤ්ඤා පාසාදං අභිරුහිත්වා තං අදිස්වා ආභරණභණ්ඩමෙව දිස්වා ඔතරිත්වා අවසෙසානං සොළසසහස්සානං ඉත්ථීනං සන්තිකං ගන්ත්වා “අම්හාකං පියසාමිකො සුතසොමමහිස්සරො පබ්බජිතො”ති මහාසද්දෙන පරිදෙවමානාව බහි නික්ඛමිංසු. තස්මිං ඛණෙ මහාජනො තස්ස පබ්බජිතභාවං අඤ්ඤාසි, සකලනගරං සඞ්ඛුභිත්වා “රාජා කිර නො පබ්බජිතො”ති රාජද්වාරෙ සන්නිපති, මහාජනො “ඉධ රාජා භවිස්සති, එත්ථ භවිස්සතී”ති පාසාදාදීනි රඤ්ඤො පරිභොගට්ඨානානි ගන්ත්වා රාජානං අදිස්වා –
බෝසත්හුද, සේවකයකු යවා පැවිදි පිරිකර ගෙන්වාගෙන කපුවා ලවා කෙස් රවුල් බහා, පලන් ආභරණ යහන් මත හෙළා රත්පට කඩදාවළු කපාදමා කෂාවන් වස්ත්‍ර පෙරවා මැටිපාත්‍රය වම් උරහිසේ එල්ලාගෙන සැරයටිය ගෙන පොළෝ තලයේ ඔබිමොබ සක්මන් කර ප්‍රාසාදයෙන් බැස ඇතුල් වීථියට පිළිපන්නේය, යන බව කිසිවෙක් හඳුනා නොගත්තේය. ඉක්බිති සත්සියයක් පමණ ක්ෂත්රිය කන්‍යාවෝ ප්‍රාසාදයට නැග බෝසත් නොදැක, අබරණ භාණ්ඩ පමණක් දැක, බැස, ඉතිරි සොළොස් දහසක් ස්ත්‍රීන් ළඟට ගොස් ඔබලාගේ ප්‍රිය ස්වාමියා වූ සුතසෝම මහරජු පැවිදි වූයේ යයි මහ හඬින් හඬමින් වැලපෙන්නාහු පිටතට නික්ම ගියහ. එකෙණෙහි මහජනයා ඔහු පැවිදි වූ බව දැනගත්හ. සියලු නගරවැසියෝ කැලඹී අපගේ රජතුමා පැවිදි වූයේ යයි, රජ දොරටුව ළඟ රැස්වූහ. මහජනයා, රජු මෙතැන සිටින්නේ අතන සිටින්නේ යයි, ප්‍රාසාද ආදි රජුගේ පරිහරණය කළ තැන්වලට ගොස් රජු නො දැක:-
“අයමස්ස පාසාදො, සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණො; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ, රජතෙමේ යම් ප්රසාදයෙක්හි හැසිරීමෙන් ද රන්වන් මල් හා මල්මාලාවලින් සපිරුණු මෙය වූ කලී ඒ රජුගේ මාලිගාවයි.
“අයමස්ස පාසාදො, සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණො; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
ඤාති සමූහයා විසින් පිරිවරන ලදුව, රජතෙම යම් ප්‍රාසාදයෙක්හි හැසුරුණේ ද, රන්වන් මල් හා මල්මාලාවලින් සපිරුණු මෙය ඒ රජුගේ මාලිගාවයි.
“ඉදමස්ස කූටාගාරං, සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
රාජ ස්ත්‍රීන් පිරිවරාගෙන රජතුමා හැසිරුණු, කූටාගාරය යමක් ද රන්වන් මල් හා මාලාවලින් විචිත්‍ර වූ මෙය ඒ රජුගේ කූටාගාරයයි.
“ඉදමස්ස කූටාගාරං, සොවණ්ණපුප්ඵමාල්යවීතිකිණ්ණං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
[missing trans]
“අයමස්ස අසොකවනිකා, සුපුප්ඵිතා සබ්බකාලිකා රම්මා; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජු යම් උයනෙක හැසිරුණේ ද, සෑම කල්හි ම මල් පිපී ඇති, සිත්කළු අශෝක වනයයි.
“අයමස්ස අසොකවනිකා, සුපුප්ඵිතා සබ්බකාලිකා රම්මා; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
ඤාති සමූහයා පිරිවරාගෙන, ඒ රජු යම් උයනෙක හැසිරුණේ නම්. සෑම කල්හිම මල් පිපුණු අශෝක වනය මෙය වේ.
“ඉදමස්ස උය්යානං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
අන්තඃපුර රාජ ස්ත්‍රීන් සමග ඒ රජු යම් උයනක හැසිරුණේ ද, සියලු කල්හි මනාවැ මල් පිපුණු ඒ උයන මෙය වේ.
“ඉදමස්ස උය්යානං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
සිය ඤාති සමූහයා පිරිවරා ගෙන සුතසෝම රජු යම් උයනක ප්‍රීති වූයේ ද, සදාකල්හි ම මල් පිපී ඇති ඒ මල් උයන මෙය වේ.
“ඉදමස්ස කණිකාරවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
අන්තඃපුර රාජස්ත්රීන් සමග රජතුමා හැසිරුණු හැමදා ම මල් පිපෙන ඒ කිණිහිරියා මල් උයන මෙය වේ.
“ඉදමස්ස කණිකාරවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
ඤාති සමූහයා පිරිවරා රජු යම් කිණිහිරියා මල් උයනක සැරිසැරී ද හැමදා මල් පිපෙන ඒ කිණිහිරියා මල් උයන වෙයි.
“ඉදමස්ස පාටලිවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා රජු හැසිරුණු මනාව මල් පිපි පළොල් වනය මෙයයි.
“ඉදමස්ස පාටලිවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
[missing trans]
“ඉදමස්ස අම්බවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
[missing trans]
“ඉදමස්ස අම්බවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙන.
[missing trans]
“අයමස්ස පොක්ඛරණී, සඤ්ඡන්නා අණ්ඩජෙහි වීතිකිණ්ණා; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඉත්ථාගාරෙහි.
[missing trans]
“අයමස්ස පොක්ඛරණී, සඤ්ඡන්නා අණ්ඩජෙහි වීතිකිණ්ණා; යහිමනුවිචරි රාජා, පරිකිණ්ණො ඤාතිසඞ්ඝෙනා”ති. –
[missing trans]
ඉමාහි ගාථාහි පරිදෙවන්තො විචරි.
මේ ගාථා කියමින් හඬා වැලපෙමින් හැසිරුණෝ ය.
තත්ථ වීතිකිණ්ණොති සොවණ්ණපුප්ඵෙහි ච නානාමාල්යෙහි ච සමොකිණ්ණො. පරිකිණ්ණොති පරිවාරිතො. ඉත්ථාගාරෙහීති දාසියො උපාදාය ඉත්ථියො ඉත්ථාගාරා නාම. ඤාතිසඞ්ඝෙනාති අමච්චාපි ඉධ ඤාතයො එව. කූටාගාරන්ති සත්තරතනවිචිත්තො සයනකූටාගාරගබ්භො. අසොකවනිකාති අසොකවනභූමි. සබ්බකාලිකාති සබ්බකාලපරිභොගක්ඛමා නිච්චපුප්ඵිතා වා. උය්යානන්ති නන්දනවනචිත්තලතාවනසදිසං උය්යානං . සබ්බකාලිකන්ති ඡසුපි උතූසු උප්පජ්ජනකපුප්ඵඵලසඤ්ඡන්නං. කණිකාරවනාදීසු සබ්බකාලිකන්ති සබ්බකාලෙ සුපුප්ඵිතඵලිතමෙව. සඤ්ඡන්නාති නානාවිධෙහි ජලජථලජකුසුමෙහි සුට්ඨු සඤ්ඡන්නා. අණ්ඩජෙහි වීතිකිණ්ණාති සකුණසඞ්ඝෙහි ඔකිණ්ණා.
එහි විතිකිණ්ණො යනු රන්වන්පාට මල්වලින් ද, විවිධ මල්මාලාවලින් ද තුරුලියෙන් ද ගැවසී ගත් යනුයි. පරිකිණ්ණෙ යනු, පිරිවරන ලදයි. ඉත්ථාගාරෙහි යනු දාසීහු ඇසුරුකොට ඇති ස්ත්‍රීහු ඉත්ථාගාර නම් වේ. ඤාති සංඝෙනා යනු ඇමතියෝ ද, මෙහි ඤාතීහු ම වෙති. කූටාගාරං යනු සත්රුවනින් විචිත්‍ර සිරියහන් කුටිය පිහිටි ඇතුළත මන්දිරයයි. අසෝකවනියා යනු අශෝක මල් උයනයි. සබ්බකාලිකා යනු, සියලු දෙනා පරිභෝග කරන, නිතර පිපුණු මල් ඇති යයි උය්යානං යනු, සෘතු හයේදී ම හටගන්නා මල්-ගෙඩිවලින් ගැවසීගත් කිණිහිරියා වැනි වනාන්තර උයන් වේ. සබ්බකාලිකං යනු සියළු කාලයේ මල් ගෙඩිවලින් යුක්ත බවයි. සඤ්ඡන්නා යනු නොයෙක් ආකාර වූ ජලජ මල්වලින් ගැවසුණු, පිරුණු, අණ්ඩජෙහි විතිකිණ්ණ යනු පක්ෂි සමූහයා විසින් ගැවසීගත්,
එවං තෙසු තෙසු ඨානෙසු පරිදෙවිත්වා මහාජනො පුන රාජඞ්ගණං ආගන්ත්වා –
මෙසේ ඒ ඒ ස්ථානවල හඬා වැලපී මහජනයා නැවත රාජාංගනයට පැමිණ -
“රාජා වො ඛො පබ්බජිතො, සුතසොමො රජ්ජං ඉමං පහත්වාන; කාසායවත්ථවසනො, නාගොව එකකො චරතී”ති. –
[missing trans]
ගාථං වත්වා අත්තනො ඝරෙ විභවං පහාය පුත්තධීතරො හත්ථෙසු ගහෙත්වා නික්ඛමිත්වා බොධිසත්තස්සෙව සන්තිකං අගමාසි, තථා මාතාපිතරො පුත්තදාරා සොළසසහස්සා ච නාටකිත්ථියො. සකලනගරං තුච්ඡං විය අහොසි, ජනපදවාසිනොපි තෙසං පච්ඡතො පච්ඡතො ගමිංසු. බොධිසත්තො ද්වාදසයොජනිකං පරිසං ගහෙත්වා හිමවන්තාභිමුඛො පායාසි. අථස්ස අභිනික්ඛමනං ඤත්වා සක්කො විස්සකම්මං ආමන්තෙත්වා, “තාත විස්සකම්ම, සුතසොමමහාරාජා අභිනික්ඛමනං නික්ඛන්තො, වසනට්ඨානං ලද්ධුං වට්ටති, සමාගමො ච මහා භවිස්සති, ගච්ඡ හිමවන්තපදෙසෙ ගඞ්ගාතීරෙ තිංසයොජනායාමං පඤ්චදසයොජනවිත්ථතං අස්සමපදං මාපෙහී”ති පෙසෙසි. සො තථා කත්වා තස්මිං අස්සමපදෙ පබ්බජිතපරික්ඛාරෙ පටියාදෙත්වා එකපදිකමග්ගං මාපෙත්වා දෙවලොකමෙව ගතො.
ගාථාව කියා, තමන්ගේ නිවසේ සම්පත් හැර දූ දරුවන් ද හැරපියා, අත්දෙකට අසුවූ දෙයක් රැගෙන නික්ම බෝසතුන්ගේ සමීපයට ගියහ. එවිට මව්පියෝ ද, දූදරුවෝ ද දහසය දහසක් පමණ නාටක ස්ත්‍රීහු ද, ගියවිට මුළු නගරය හිස්වූයේ මෙන් විය. ජනපදවාසීහු ද ඔවුන්ගේ පසුපසින් ගියහ. බෝධිසත්ත්ව තෙමේ දොළොස් යොදුනක් පමණ දුර පිරිස ගෙන හිමාලය පව්ව මුවට එළඹියේය. එවිට ඔහුගේ අභිනිෂ්ක්‍රමණය බව දැන ශක්‍රයා, විශ්වකර්ම දිව්‍යපුත්‍රයා අමතා, දරුව විශ්ව කර්මය; සුතසෝම මහරජු, අභිනිෂ්ක්‍රමණයට නික්මෙන්නේ වසන තැන දැන ගැනීම වටීයයි, මහත් සමාගමක්ද වන්නේය. හිමවත් පෙදෙසට යව, එහි ගංගාතීරයේ තිස්යොදුනක් පමණ වූ දිග, පස්යොදුනක් පළල ආශ්රමයක් මවවයි යැවීය. ඔහු එසේ කොට, ඒ අසපුවේ පැවිදි පිරිකර පවරා දී එක් පදික මාර්ගයක් විවරකොට, දෙව්ලොවටම ගියේය.
මහාසත්තො තෙන මග්ගෙන ගන්ත්වා තං අස්සමපදං පවිසිත්වා පඨමං සයං පබ්බජිත්වා පච්ඡා සෙසෙ පබ්බාජෙසි, අපරභාගෙ බහූ පබ්බජිංසු. තිංසයොජනිකං ඨානං පරිපූරි. විස්සකම්මෙන පන අස්සමමාපිතනියාමො ච බහූනං පබ්බජිතනියාමො ච බොධිසත්තස්ස අස්සමපදසංවිදහිතනියාමො ච හත්ථිපාලජාතකෙ (ජා· 1.15.337 ආදයො) ආගතනයෙනෙව වෙදිතබ්බො. තත්ථ මහාසත්තො යස්ස යස්සෙව කාමවිතක්කාදි මිච්ඡාවිතක්කො උප්පජ්ජති, තං තං ආකාසෙන උපසඞ්කමිත්වා ආකාසෙ පල්ලඞ්කෙන නිසීදිත්වා ඔවදන්තො ගාථාද්වයමාහ –
බෝසත් තෙමේ ඒ මාර්ගයෙන් ගොස් ඒ අසපුවට පිවිස පළමුව තමන් පැවිදි වී, පසුව සෙසු පිරිස පැවිදි කරවීය. සවස් කාලයේ බොහෝ පිරිසක් පැවිදි වූහ. තිස්යොදුනක් තැන පරිපූර්ණ විය. විශ්වකර්මයා විසින් ආශ්‍රමය නිර්මාණය කිරීම ද, බොහෝ පිරිසක් පැවිදි වූ නියාව ද, බෝසතුන්ගේ අසපුව නිර්මාණය වූ ආකාරය ද හස්තිපාල ජාතකයෙහි සඳහන් අයුරින් ම දතයුතුය. එහිදී බෝසත්හු යමෙකුට කාම විතර්කාදි මිථ්‍යා විතර්ක උපදියිද, ඒ ඒවා අහසින් එලඹ අහසේ පළඟින් හිඳ අවවාද දෙමින් ගාථා දෙකක් කීහ.
“මාස්සු පුබ්බෙ රතිකීළිතානි, හසිතානි ච අනුස්සරිත්ථ; මා වො කාමා හනිංසු, රම්මඤ්හි සුදස්සනං නගරං.
පෙර තොප විසින් කරන ලද කාම ක්‍රීඩා, කාය වාචා චිත්ත වශයෙන් කළ ක්‍රීඩා, තොප සිත්හි පහළ නොවේවා! සිනහ කාරණයන් ද සිහි නො කරවු. සිත්කළු සුදර්ශන නගරය ගැන සිත් නො කරවු. කාමය තොපට හිංසා නොකෙරෙත්වා.
“මෙත්තචිත්තඤ්ච භාවෙථ, අප්පමාණං දිවා ච රත්තො ච; අගච්ඡිත්ථ දෙවපුරං, ආවාසං පුඤ්ඤකම්මින”න්ති.
දවල් රෑ අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩවු. ඉක්බිති පින් ඇත්තවුන්ගේ වාසස්ථානය වූ දෙව් පුරයට යනු මැනවියි සිය පිරිසට අවවාද කෙළේය.
තත්ථ රතිකීළිතානීති කාමරතියො ච කායවාචාඛිඩ්ඩාවසෙන පවත්තකීළිතානි ච. මා වො කාමා හනිංසූති මා තුම්හෙ වත්ථුකාමකිලෙසකාමා හනිංසු. රම්මං හීති සුදස්සනනගරං නාම රමණීයං, තං මා අනුස්සරිත්ථ. මෙත්තචිත්තන්ති ඉදං දෙසනාමත්තමෙව, සො පන චත්තාරොපි බ්රහ්මවිහාරෙ ආචික්ඛි. අප්පමාණන්ති අප්පමාණසත්තාරම්මණං. අගච්ඡිත්ථාති ගමිස්සථ. දෙවපුරන්ති බ්රහ්මලොකං.
එහි රතිකීළිතානී යනු, කාමරතිය ද, කය වචන සිත තුළ ක්‍රීඩා වශයෙන් පවතින ක්‍රීඩාවන් ද දතුයුතුය. මා වො කාමා හනිංසු යනු, නුඹලාව වස්තුකාම, ක්ලේශකාම දෙක හානියක් නොම කෙරේවා. රම්මඤ්හී යනු සුදර්ශන නගරය රමණීය වේ. එය සිහි නොකරවු මෙත්තං යනු මේ දේශනා මාත්‍රයෙන් ම යම්බඳු සතර බ්‍රහ්ම විහරණ කීවේද එයයි. අප්පමාණං යනු, අප්‍රමාණ සත්ත්වයන් මෙනෙහි කිරීමයි. ගඤ්ජිත්ථා යනු යවු. දේවපුරං යනු බ්රහ්මලෝකයයි.
සොපි ඉසිගණො තස්සොවාදෙ ඨත්වා බ්රහ්මලොකපරායණො අහොසීති සබ්බං හත්ථිපාලජාතකෙ ආගතනයෙනෙව කථෙතබ්බං.
ඒ සෘෂි ගණයා ද ඔහුගේ අවවාදයේ පිහිටා බ්‍රහ්මලෝක සරණ ගියේ යයි සියල්ල හස්තිපාල ජාතකයේ සඳහන් වූ අයුරින් කිවයුතුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො මහාභිනික්ඛමනං නික්ඛන්තොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, චන්දාදෙවී රාහුලමාතා, ජෙට්ඨපුත්තො සාරිපුත්තො, කනිට්ඨපුත්තො රාහුලො, ධාති ඛුජ්ජුත්තරා, කුලවඩ්ඪනසෙට්ඨි කස්සපො, මහාසෙනගුත්තො මොග්ගල්ලානො, සොමදත්තකුමාරො ආනන්දො, සෙසපරිසා බුද්ධපරිසා, සුතසොමරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරත් තථාගතයන් වහන්සේ මහා නෛෂ්ක්‍රම්‍යයෙන් නික්මුණේ යයි වදාරා, ජාතකය නිමකළ සේක. එකල මව්පියවරු මහරජකුලය වූහ. චන්ද්‍ර නම් රාහුල මාතාව වූවාය. ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ශාරිපුත්රයන්ය. කනිෂ්ඨ පුත්‍රයා රාහුල විය. කිරි මව ඛුජ්ජුත්තරා වූවාය. කුලවර්ධන සිටුතුමා නම් කස්සප විය. මහාසේන ගුප්ත මොග්ගල්ලාන තෙරුන් විය. සෝමදත්ත කුමාරයා ආනන්ද විය. සෙසු පිරිස බුදුපිරිස වූහ. සුතසෝම රජු වනාහි සම්මා සම්බුද්ධ වූ මම ම වීමි.
චූළසුතසොමජාතකවණ්ණනා පඤ්චමා.
චුල්ල සුතසෝම ජාතකය නිමි.
ජාතකුද්දානං –
සුවපණ්ඩිතජම්බුකකුණ්ඩලිනො, වරකඤ්ඤමලම්බුසජාතකඤ්ච; පවරුත්තමසඞ්ඛසිරීව්හයකො, සුතසොමඅරින්දමරාජවරො.
චත්තාලීසනිපාතවණ්ණනා නිට්ඨිතා.
සතළිස්වැනි නිපාත වර්ණනාව නිමි.