යෙදුමෙන් කියවන්න

1. නිළිනිකාජාතකවණ‍්ණනා 526 අට‍්ඨකථා

1. නිළිනිකාජාතකවණ‍්ණනා (526)

1. නළිනිකා ජාතකය (526)

උද‍්දය‍්හතෙ ජනපදොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්බ කථෙසි. කථෙන‍්තො ච තං භික‍්ඛුං “කෙන උක‍්කණ‍්ඨාපිතොසී”ති පුච‍්ඡිත්‍වා “පුරාණදුතියිකායා”ති වුත‍්තෙ “න එසා ඛො, භික‍්ඛු, ඉදානෙව තව අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං එතං නිස‍්සාය ඣානා පරිහායිත්‍වා මහාවිනාසං පත‍්තො”ති වත්‍වා අතීතං ආහරි.

උඩ්ඩයහතෙ ජනපදො යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, පුරාණ බිරිඳක පෙළඹවීමක් අරබයා වදාළ සේක. කථාවට මාතෘකා වූ ඒ භික්‍ෂුව කවර තැනැත්තියක් නිසා කළකිරුණේදැයි විචාරා පුරාණ බිරිඳ නිසා යයි කී කල්හි මහණ පෙරද ඇය ඔබට අයහපත්කාරී වූවා, නුඹ ඇය නිසා, ධ්‍යානයෙන් පිරිහී මහා විනාශයකට පැමිණියේ යයි කියා අතීතය ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උදිච‍්චබ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො උග‍්ගහිතසිප‍්පො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බිජිත්‍වා ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ වාසං කප‍්පෙසි. අලම‍්බුසාජාතකෙ වුත‍්තනයෙනෙව තං පටිච‍්ච එකා මිගී ගබ‍්භං පටිලභිත්‍වා පුත‍්තං විජායි, “ඉසිසිඞ‍්ගො”ත්‍වෙවස‍්ස නාමං අහොසි. අථ නං පිතා වයප‍්පත‍්තං පබ‍්බාජෙත්‍වා කසිණපරිකම‍්මං උග‍්ගණ‍්හාපෙසි. සො නචිරස‍්සෙව ඣානාභිඤ‍්ඤා උප‍්පාදෙත්‍වා ඣානසුඛෙන කීළි, ඝොරතපො පරමධිතින්‍ද්‍රියො අහොසි. තස‍්ස සීලතෙජෙන සක‍්කස‍්ස භවනං කම‍්පි. සක‍්කො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා “උපායෙනස‍්ස සීලං භින්‍දිස‍්සාමී”ති තීණි සංවච‍්ඡරානි සකලකාසිරට‍්ඨෙ වුට‍්ඨිං නිවාරෙසි, රට‍්ඨං අග‍්ගිදඩ‍්ඪං විය අහොසි. සස‍්සෙ අසම‍්පජ‍්ජමානෙ දුබ‍්භික‍්ඛපීළිතා මනුස‍්සා සන‍්නිපතිත්‍වා රාජඞ‍්ගණෙ උපක‍්කොසිංසු. අථ නෙ රාජා වාතපානෙ ඨිතො “කිං එත”න‍්ති පුච‍්ඡි. “මහාරාජ, තීණි සංවච‍්ඡරානි දෙවස‍්ස අවස‍්සන‍්තත‍්තා සකලරට‍්ඨං උද‍්දය‍්හති, මනුස‍්සා දුක‍්ඛිතා, දෙවං වස‍්සාපෙහි, දෙවා”ති. රාජා සීලං සමාදියිත්‍වා උපොසථං උපවසන‍්තොපි වස‍්සං වස‍්සාපෙතුං නාසක‍්ඛි.

අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ උසස් බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි ඉපිද වැඩිවියට පැමිණියේ ඉගෙනගත් ශිල්ප ඇත්තේ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ධ්‍යාන අභිඥා උපදවා හිමවත් පෙදෙසේ කල්ගත කළහ. අලම්බුසා ජාතකයෙහි කියන ලද පරිද්දෙන් ඒ නිසා එක් මුව දෙනක් ගැබක් ලැබ පුත්‍රයකු වැදුවාය. ඉසිසිංග යයි ඔහුට නමක් විය. ඉක්බිති ඔහු ගේ පියා ඔහු නිසි වයසට පැමිණි කල්හි පැවිදිකොට කිසුණු පිරියම් උගැන්වීය. නොබෝ කලකින් ම ධ්‍යාන අභිඥා උපදවා ධ්‍යාන සුවයෙන් කල්ගත කෙළේය. දැඩිසේ තපස් කිරීමෙන් උතුම් ලෙස දිනන ලද ඉඳුරන් ඇත්තේ විය. ඔහුගේ ශීල තේජසින් ශක්‍ර භවන කම්පා විය. ශක්‍රයා ආවර්ජනා කරමින්, ඒ කාරණය දැන උපායෙන් ඔහුගේ සිල් බිඳෙන්නෙමියි අවුරුදු තුනක් මුළුල්ලේ සකල කාසි රටෙහි වර්ෂාව නවතාලීය. රට, ගින්නෙන් දැවුනාක් මෙන් විය. ශස්‍ය නොවැඩෙනා කල්හි දුර්භික්‍ෂයෙන් පෙලුණු මිනිස්සු රැස්වී රාජාංගනයේ උද්ඝෝෂණය කළහ. ඉක්බිති රජතුමා වා කවුළුවෝ සිට මේ කිමෙක්දැයි ඔවුන් විචාළේය. මහරජතුමනි, අවුරුදු තුනකින් වර්ෂාව නොලැබෙන්නේ මුළු රටම කැලඹී යයි. මිනිස්සු දුකට පත්වූවෝ, වර්ෂාව වස්සවන්න මහරජතුමනි, රජු සිල් සමාදන් වී පෙහෙවස් සමාදන්ව වාසය කරන්නේ නමුත් වැසි වැස්සවීමට නොහැකි විය.

තස‍්මිං කාලෙ සක‍්කො අඩ‍්ඪරත‍්තසමයෙ තස‍්ස සිරිගබ‍්භං පවිසිත්‍වා එකොභාසං කත්‍වා වෙහාසෙ අට‍්ඨාසි. රාජා තං දිස‍්වා “කොසි ත්‍ව”න‍්ති පුච‍්ඡි. “සක‍්කොහමස‍්මී”ති. “කෙනත්‍ථෙනාගතොසී”ති? “වස‍්සති තෙ, මහාරාජ , රට‍්ඨෙ දෙවො”ති? “න වස‍්සතී”ති. “ජානාසි පනස‍්ස අවස‍්සනකාරණ”න‍්ති? “න ජානාමි, සක‍්කා”ති. “මහාරාජ, හිමවන‍්තපදෙසෙ ඉසිසිඞ‍්ගො නාම තාපසො පටිවසති ඝොරතපො පරමධිතින්‍ද්‍රියො. සො නිබද‍්ධං දෙවෙ වස‍්සන‍්තෙ කුජ‍්ඣිත්‍වා ආකාසං ඔලොකෙසි, තස‍්මා දෙවො න වස‍්සතී”ති. “ඉදානි පනෙත්‍ථ කිං කාතබ‍්බ”න‍්ති? “තස‍්ස තපෙ භින‍්නෙ දෙවො වස‍්සිස‍්සතී”ති. “කො පනස‍්ස තපං භින්‍දිතුං සමත්‍ථො”ති? “ධීතා තෙ, මහාරාජ, නිළිනිකා සමත්‍ථා, තං පක‍්කොසාපෙත්‍වා ‘අසුකට‍්ඨානං නාම ගන‍්ත්‍වා තාපසස‍්ස තපං භින්‍දාහී’ති පෙසෙහී”ති. එවං සො රාජානං අනුසාසිත්‍වා සකට‍්ඨානමෙව අගමාසි. රාජා පුනදිවසෙ අමච‍්චෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා ධීතරං පක‍්කොසාපෙත්‍වා පඨමං ගාථමාහ –

එකල ශක්‍රයා රාත්‍රී අඩක් ගෙවුනු පසු ඔහුගේ සිරියහනට පිවිස, ඒකාලෝක කො අහසේ සිටියේය. රජු ඔහු දැක, නුඹ කවරෙක්දැයි විචාළේය. මම ශක්‍රයා වෙමි. කවර අර්ථයකින් ආවේද? දේවයන් වහන්ස, රටෙහි වර්ෂාව නැත. වර්ෂාව ලබාදෙනු මැනවි. වැසි නොවැසීමට කාරණය දන්නෙහිද? නොදනිමි. මහරජ, හිමවත් පෙදෙසේ ඉසිසිංග නම් තාපසයෙක් වාසය කරයි. උග්‍රතපස් ඇත්තේ පරම ඉඳුරන් දිනන ලද්දේය. ඔහු නිතර වැසිවසින කල්හි කිපී, අහස දෙස බැලීය. ඒ නිසා වර්ෂාව නොවසියි. දැන් එයට කුමක් කළ යුතුද? ඔහුගේ තපස බිඳි කල්හි වැස්ස වසීවි. කවරෙක් ඔහුගේ තපස බිඳීමට සමත් වේද? ඔබගේ දියණිය නළිනිකා, ඔහුගේ තපස බිඳීමට සමර්ථ වෙයි. ඇය කැඳවා අසවල් නම් ඇති තැනට ගොස් තාපසයාගේ තපස බිඳින්නැයි යවව. මෙසේ ශක්‍රයා රජුට අවවාද කොට සිය වාසස්ථානයට ගියේය. රජ දෙවෙනි දිනයේ ඇමතියන් සමග සාකච්ඡා කොට දුව කැඳවා පළමු ගාථාව කීවේය.

“උද‍්දය‍්හතෙ ජනපදො, රට‍්ඨඤ‍්චාපි විනස‍්සති; එහි නිළිනිකෙ ගච‍්ඡ, තං මෙ බ්‍රාහ‍්මණමානයා”ති.

නලිනී කුමරිය! මුළු රට නියඟින් දැවේ. ජනපද වැසියා කැළඹෙයි. රට ද නැසෙන්නේය. එව නළිනිකා යන්න මාගේ රටට වැසි නවතන්නා වූ බමුණා මා වෙත රැගෙන යන්න.

තත්‍ථ තං මෙති තං මම අනත්‍ථකාරිං බ්‍රාහ‍්මණං අත‍්තනො වසං ආනෙහි, කිලෙසරතිවසෙනස‍්ස සීලං භින්‍දාහීති.

එහි තං මෙ යනු, ඒ මගේ අනර්ථකාරී බ්‍රාහ්මණයා තමන්ගේ වසඟයට ගන්න. කෙලෙස් රති වශයෙන් සීලය බිඳින්න.

තං සුත්‍වා සා දුතියං ගාථමාහ –

ඒ අසා ඇය දෙවෙනි ගාථාව කීවාය.

“නාහං දුක‍්ඛක‍්ඛමා රාජ, නාහං අද‍්ධානකොවිදා; කථං අහං ගමිස‍්සාමි, වනං කුඤ‍්ජරසෙවිත”න‍්ති.

පියරජතුමනි, මම දුක ඉවසිය හැක්කේ නො වෙමි. මම නිවැරදි මාවත් දන්නේ ද නැත. අලි ඇතුන් සිටින වනයෙහි මම කෙසේ නම් යම් ද?

තත්‍ථ දුක‍්ඛක‍්ඛමාති අහං, මහාරාජ, දුක‍්ඛස‍්ස ඛමා න හොමි, අද‍්ධානම‍්පි න ජානාමි, සාහං කථං ගමිස‍්සාමීති.

එහි දුක්ඛක්ඛමා යනු මහරජ, මම දුක්ඛයාගේ ඉවසීම නොම දනිමි. මාර්ගය ද නො දනිමි. ඒ මම කෙසේ යන්නෙම් ද?

තතො රාජා ද‍්වෙ ගාථායො අභාසි –

ඉක්බිති රජු ගාථා දෙකක් කීවේය.

“ඵීතං ජනපදං ගන‍්ත්‍වා, හත්‍ථිනා ච රථෙන ච; දාරුසඞ‍්ඝාටයානෙන, එවං ගච‍්ඡ නිළිනිකෙ.

එම්බා නලිනිය! ඇතු පිටින් හා රථයෙන් ද, සමෘද්ධ වූ නගරයට ගොස්, සුදුසු තන්හි බස්වා ගෙන, නැව් ආදියෙන් ද, දැවමය යානයෙන් ද යන්න.

“හත්‍ථිඅස‍්සරථෙ පත‍්තී, ගච‍්ඡෙවාදාය ඛත‍්තියෙ; තවෙව වණ‍්ණරූපෙන, වසං තමානයිස‍්සසී”ති.

ක්‍ෂත්‍රිය කුමරියනි! ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනඟ ගෙන යව. මෙසේ ක්ලාන්ත නොවී ගොස් තිගේ ශරීර වර්ණයෙන් ද රූ සම්පතින් ද ඒ බ්‍රාහ්මණයා වසඟයට ගනුවයි කීවේය.

තත්‍ථ දාරුසඞ‍්ඝාටයානෙනාති, අම‍්ම, නිළිනිකෙ න ත්‍වං පදසා ගමිස‍්සසි, ඵීතං පන සුභික‍්ඛං ඛෙමං අත‍්තනො ජනපදං හත්‍ථිවාහනෙහි ච රථවාහනෙහි ච ගන‍්ත්‍වා තතො පරම‍්පි අජ‍්ඣොකාසෙ පටිච‍්ඡන‍්නෙන වය‍්හාදිනා උදකට‍්ඨානෙ නාවාසඞ‍්ඛාතෙන දාරුසඞ‍්ඝාටයානෙන ගච‍්ඡ. වණ‍්ණරූපෙනාති එවං අකිලමමානා ගන‍්ත්‍වා තව වණ‍්ණෙන චෙව රූපසම‍්පදාය ච තං බ්‍රාහ‍්මණං අත‍්තනො වසං ආනයිස‍්සසීති.

එහි දාරුසඞ්ඝාටයානෙන යනු, දරුව නළිනිකාවනි, නුඹ පා පියවරින් නො යන්නෙහි. ආහාරයෙන් සමෘද්ධිමත් වූ තමන්ගේ ජනපදයට ඇත් වාහනවලින් රථවාහනවලින් හෝ ගොස්, ඉන් අනතුරුව පිළිසන් වූ දෝලා වැනි ආදියෙන් ද ජලස්ථානයෙන්, නැව් හෝ එක ගැටගැසූ පාරුවකින් (යානාවකින්) ලී එක ගැටගැසූ පහුරකින් හෝ යව. වණ්ණරූපෙන යනු මෙසේ, වෙහෙස නොවී ගොස්, ඔබේ වර්ණයෙන් ද, රූප සම්පත්තියෙන් ද, ඒ බ්‍රාහ්මණයා තමන් වසඟයට පමුණුවන්න.

එවං සො ධීතරා සද‍්ධිං අකථෙතබ‍්බම‍්පි රට‍්ඨපරිපාලනං නිස‍්සාය කථෙසි. සාපි “සාධූ”ති සම‍්පටිච‍්ඡි. අථස‍්සා සබ‍්බං දාතබ‍්බයුත‍්තකං දත්‍වා අමච‍්චෙහි සද‍්ධිං උය්‍යොජෙසි. අමච‍්චා තං ආදාය පච‍්චන‍්තං පත්‍වා තත්‍ථ ඛන්‍ධාවාරං නිවාසාපෙත්‍වා රාජධීතරං උක‍්ඛිපාපෙත්‍වා වනචරකෙන දෙසිතෙන මග‍්ගෙන හිමවන‍්තං පවිසිත්‍වා පුබ‍්බණ‍්හසමයෙ තස‍්ස අස‍්සමපදස‍්ස සමීපං පාපුණිංසු. තස‍්මිං ඛණෙ බොධිසත‍්තො පුත‍්තං අස‍්සමපදෙ නිවාසාපෙත්‍වා සයං ඵලාඵලත්‍ථාය අරඤ‍්ඤං පවිට‍්ඨො හොති. වනචරකො සයං අස‍්සමං අගන‍්ත්‍වා තස‍්ස පන දස‍්සනට‍්ඨානෙ ඨත්‍වා නිළිනිකාය තං දස‍්සෙන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ ඔහු දියණිය සමග, කථා නොකළ යුතු දේවල් ද රාජ්‍ය පාලනය නිසා කථා කළේය. ඇය ද යහපතැයි පිළිගත්තා ය. ඉක්බිති ඇයට සියලු දිය යුතු දේවල් දී ඇමතියන් සමග පිටත් කෙළේය. ඇමතියෝ ඇය රැගෙන පිටිසරබදට පැමිණ එහි කඳවුරු බැඳ සේනාව රඳවා රජ දියණිය දෝළාවක (යහනාවක) නංවා, වැද්දන් විසින් කියන ලද මාර්ගයෙන් හිමවතට පිවිස පෙරවරු කාලයේ ඔහුගේ ආශ්‍රමය සමීපයට පැමිණියහ. එකෙනෙහි බෝසත් තෙමේ පුත්‍රයා අසපුවේ නවතා තෙමේ පලවැල ගෙන ඒම පිණිස වනයට පිවිසියේ වෙයි. වැද්දෝ අසපුව සමීපයට පැමිණ, ඔහුට පෙනෙන තැනක සිට නළිනිකාවට ඔහු පෙන්වමින් ගාථා දෙකක් කීවාහුය.

“කදලීධජපඤ‍්ඤාණො, ආභුජීපරිවාරිතො; එසො පදිස‍්සති රම‍්මො, ඉසිසිඞ‍්ගස‍්ස අස‍්සමො.

කෙහෙල් යයි කියන ලද ධජ, පතාක පෙනෙන, ආභුජී පත්‍ර වනයෙන් පිරිවරන ලද, ඉසිසිංග තාපසයාගේ රම්‍ය වූ ආරාමය අර පෙනේ.

“එසො අග‍්ගිස‍්ස සඞ‍්ඛාතො, එසො ධූමො පදිස‍්සති; මඤ‍්ඤෙ නො අග‍්ගිං හාපෙති, ඉසිසිඞ‍්ගො මහිද‍්ධිකො”ති.

අර ගින්න ඒ තාපසයා විසින් පුදන ලද ගින්නය. එහි දුම දක්නට ලැබේ. මහත් සෘද්ධි ඇති ඉසිසිංග තාපසයා ගින්න නිවන්නේ නැත.

තත්‍ථ කදලීසඞ‍්ඛාතා ධජා පඤ‍්ඤාණං අස‍්සාති කදලීධජපඤ‍්ඤාණො. ආභුජීපරිවාරිතොති භුජපත‍්තවනපරික‍්ඛිත‍්තො. සඞ‍්ඛාතොති එසො අග‍්ගි අස‍්ස ඉසිසිඞ‍්ගස‍්ස ඣානෙන සඞ‍්ඛාතො පච‍්චක‍්ඛගතො ජලති. මඤ‍්ඤෙ නො අග‍්ගින‍්ති අග‍්ගිං නො හාපෙති ජුහති පරිචරතීති මඤ‍්ඤාමි.

එහි කදලිධජපඤ්ඤාණං යනු කෙහෙලී සංඛ්‍යාත ධජ ස්වරූපයෙන් ප්‍රකට වූයේනුයි කදලීධජ පඤ්ඤාණෙ නම් වේ. ආභුජිපරිවාරිතො යනු ආභුජ පත්‍ර ඇති වෘක්‍ෂ ජාතියෙන් වනය කෙළවර පිහිටි වට වූ, සංඛාතො යනු, මේ ගින්න ඉසිසිංගගේ නුවණින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද දිළිසෙයි යන අර්ථයි. මඤ්ඤනො අග්ගිං යනු ගින්න නො පිරිහෙළයි. පූජා කෙරෙයි. සේවය කරයි. පුදයි.

අමච‍්චාපි බොධිසත‍්තස‍්ස අරඤ‍්ඤං පවිට‍්ඨවෙලාය අස‍්සමං පරිවාරෙත්‍වා ආරක‍්ඛං ඨපෙත්‍වා රාජධීතරං ඉසිවෙසං ගාහාපෙත්‍වා සුවණ‍්ණචීරකෙන නිවාසනපාරුපනං කත්‍වා සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා තන‍්තුබද‍්ධං චිත‍්තගෙණ‍්ඩුකං ගාහාපෙත්‍වා අස‍්සමපදං පෙසෙත්‍වා සයං බහි රක‍්ඛන‍්තා අට‍්ඨංසු. සා තෙන ගෙණ‍්ඩුකෙන කීළන‍්තී චඞ‍්කමකොටියං ඔතරි. තස‍්මිං ඛණෙ ඉසිසිඞ‍්ගො පණ‍්ණසාලද‍්වාරෙ පාසාණඵලකෙ නිසින‍්නො හොති. සො තං ආගච‍්ඡන‍්තිං දිස‍්වා භීතතසිතො උට‍්ඨාය පණ‍්ණසාලං පවිසිත්‍වා අට‍්ඨාසි . සාපිස‍්ස පණ‍්ණසාලද‍්වාරං ගන‍්ත්‍වා කීළියෙව. සත්‍ථා තඤ‍්ච තතො උත‍්තරි ච අත්‍ථං පකාසෙන‍්තො තිස‍්සො ගාථා අභාසි –

ඇමතියෝ ද, බෝසතුන් වනාන්තරයට පිවිසි වේලාවෙම ආශ්‍රමය පිරිවරා, රැකවරණ තබා රාජ දියණිය සෘෂි වෙස් ගන්වා සියුමැලි රන්වැහැරි අඳවා පොරවා, සියළු ස්ත්‍රී අලංකාරවලින් අලංකාර කොට නූලෙන් වෙළන ලද, විසිතුරු පන්දුවක් අතට දී අසපුව පෙදෙසට යවා, තෙමේ, පිටත රකිමින් සිටියහ. ඇය ඒ බෝලයෙන් ක්‍රීඩා කරන්නී සක්මන් මළුව කෙළවරට බැස්සාය. එකෙණෙහි ඉසිසිංග පන්සල් දොරටුවේ ගල්පුවරුවේ හුන්නේ වෙයි. හෙතෙම ඒ එන්නා වූ තැනැත්තිය දැක බියෙන් තැති ගත්තේ නැගිට පන්සලට පිවිස, සිටියේය. ඇය ද පන්සල් දොරටුවට ගොස් ක්‍රීඩා කළාය. ශාස්තෲන් වහන්සේ, එය ද, පසුව ද, මත්තෙහි ද එහි අර්ථය ප්‍රකාශ කරමින් ගාථා තුනක් වදාළ සේක.

“තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං, ආමුත‍්තමණිකුණ‍්ඩලං; ඉසිසිඞ‍්ගො පාවිසි භීතො, අස‍්සමං පණ‍්ණඡාදනං.

ඉසිසිංග තාපසයා මිණි කොඬොල් පැළඳ එන්නා වූ ඇය දැක බිය වී කොළ පියසි ඇති ආශ්‍රමයට ඇතුල් විය.

“අස‍්සමස‍්ස ච සා ද‍්වාරෙ, ගෙණ‍්ඩුකෙනස‍්ස කීළති; විදංසයන‍්තී අඞ‍්ගානි, ගුය‍්හං පකාසිතානි ච.

නලිනී රාජ කන්‍යාව අසපු දොර සිට රහසඟත්, ප්‍රකට නො කළ යුතු අවයවත් පෙන්වමින් පන්දුවෙන් ක්‍රීඩා කළාය.

“තඤ‍්ච දිස‍්වාන කීළන‍්තිං, පණ‍්ණසාලගතො ජටී; අස‍්සමා නික‍්ඛමිත්‍වාන, ඉදං වචනමබ්‍රවී”ති.

පන්සලට පිවිසියා වූ තවුසා ක්‍රීඩා කරන්නා වූ ඇය දැක අසපුවෙන් නික්ම මෙසේ ඇසීය.

තත්‍ථ ගෙණ‍්ඩුකෙනස‍්සාති අස‍්ස ඉසිසිඞ‍්ගස‍්ස අස‍්සමද‍්වාරෙ ගෙණ‍්ඩුකෙන කීළති. විදංසයන‍්තීති දස‍්සෙන‍්තී. ගුය‍්හං පකාසිතානි චාති ගුය‍්හඤ‍්ච රහස‍්සඞ‍්ගං පකාසිතානි ච පාකටානි මුඛහත්‍ථාදීනි. අබ්‍රවීති සො කිර පණ‍්ණසාලාය ඨත්‍වා චින‍්තෙසි – “සචායං යක‍්ඛො භවෙය්‍ය, පණ‍්ණසාලං පවිසිත්‍වා මං මුරුමුරාපෙත්‍වා ඛාදෙය්‍ය, නායං යක‍්ඛො, තාපසො භවිස‍්සතී”ති අස‍්සමා නික‍්ඛමිත්‍වා පුච‍්ඡන‍්තො ගාථමාහ –

එහි භෙණ්ඩුකෙනස්සා යනු මේ ඉසිසිංගගේ අසපුව දොරටුවෙහි බෝලයකින් සෙල්ලම් කරයි. විදංසයන්ති යනු දක්වති පෙන්වති යන අර්ථයි. ගුය්හං පකාසිතානිච යනු සැඟවුනා වූ, රහස් අවයව ද රහස් තැන් ප්‍රකට කිරීමයි. අබ්‍රවී යනු ඔහු පන්සලෙහි සිට, මෙසේ සිතීය. ඉදින් මේ යක්‍ෂයෙක් වන්නේ නම් පන්සලට පිවිස මගේ මස් කීතු කීතු කර කන්නේ ය. මේ යකෙක් නොවේ. තාපසයෙක් වන්නේය. එබැවින් නික්ම විචාරන්නෙමියි මේ ගාථාව කීවේය.

“අම‍්භො කො නාම සො රුක‍්ඛො, යස‍්ස තෙවංගතං ඵලං; දූරෙපි ඛිත‍්තං පච‍්චෙති, න තං ඔහාය ගච‍්ඡතී”ති.

පින්වත, ඔබ විසින් දුරට දමන ලද ඵලය ගෙඩිය ඔබ නො හැර ආපසු ඔබ ළඟටම එයි. මේ ආකාර වූ ගෙඩි හට ගන්නා වූ ගස කවරක්ද?

තත්‍ථ යස‍්ස තෙවංගතං ඵලන‍්ති යස‍්ස තව රුක‍්ඛස‍්ස එවංගතිකං මනොරමං ඵලං. කො නාම සො රුක‍්ඛොති චිත්‍රගෙණ‍්ඩුකස‍්ස අදිට‍්ඨපුබ‍්බත‍්තා “රුක‍්ඛඵලෙන තෙන භවිතබ‍්බ”න‍්ති මඤ‍්ඤමානො එවං පුච‍්ඡති.

එහි යස්ස තෙවං ගතං යනු, ඔබ විසිකරන ගෙඩිය ඔබ සමීපයටම කියා, මේ ආකාර වූ සිත්කළු ගෙඩි කවර නම් ගසෙක හටගන්නේදැයි විසිතුරු බෝලයක් පෙර නුදුටු බැවින් ඒ ගහක ගෙඩිවලින් එය සිදු විය යුතු යයි හඟින්නේ මෙසේ විචාළේය.

අථස‍්ස සා රුක‍්ඛං ආචික‍්ඛන‍්තී ගාථමාහ –

ඉක්බිති ඇය ඔහුට කියන්නී මේ ගාථාව කීවාය.

“අස‍්සමස‍්ස මම බ්‍රහ‍්මෙ, සමීපෙ ගන්‍ධමාදනෙ; බහවො තාදිසා රුක‍්ඛා, යස‍්ස තෙවංගතං ඵලං; දූරෙපි ඛිත‍්තං පච‍්චෙති, න මං ඔහාය ගච‍්ඡතී”ති.

බ්‍රාහ්මණය! ගන්‍ධමාදන පර්වතයේ මගේ අසපුව සමීපයේ ඇති ගසෙක මෙවැනි ගෙඩි ඇත්තේය. ඒ ගෙඩි මෙසේ දුරට දමා ගැසූ කළ පෙරළා මා ළඟට එයි. මා හැරදා නොයයි. එබඳු ගස් එහි ඇත.

තත්‍ථ සමීපෙ ගන්‍ධමාදනෙති ගන්‍ධමාදනපබ‍්බතෙ මම අස‍්සමස‍්ස සමීපෙ. යස‍්ස තෙවංගතන‍්ති යස‍්ස එවංගතං, ත-කාරො බ්‍යඤ‍්ජනසන්‍ධිකරොති.

එහි සමීපෙ ගන්‍ධමාදනෙ යනු ගන්ධමාදන පර්වතයෙහි මගේ ආශ්‍රමය සමීපයෙහි. යස්ස තෙවංගතං යනු යමෙකු මෙසේ ගිය කල්හි ‘ත’ කාර ව්‍යඤ්ජන සන්ධිය.

ඉති සා මුසාවාදං අභාසි. ඉතරොපි සද‍්දහිත්‍වා “තාපසො එසො”ති සඤ‍්ඤාය පටිසන්‍ථාරං කරොන‍්තො ගාථමාහ –

මෙසේ ඇය මුසාවාද කීවාය. ඉසිසිංග ද එය අදහා මේ තාපසයකැයි හැඟීමෙන් පිළිසඳර කථා කරමින් මේ ගාථාව කීය.

“එතූ භවං අස‍්සමිමං අදෙතු, පජ‍්ජඤ‍්ච භක‍්ඛඤ‍්ච පටිච‍්ඡ දම‍්මි; ඉදමාසනං අත්‍ර භවං නිසීදතු, ඉතො භවං මූලඵලානි භුඤ‍්ජතූ”ති.

මේ අසපුවට පැමිණේවා. ආහාරපාන ගනීවා! පයෙහි ගල්වන තෙල් ද කෑ යුතු දෑ මිහිරිගෙඩි ආදිය පිළිගන්න. ඒවා දෙමි. මේ ආසනයයි. මෙහි හිඳීවා. මෙයින් අනතුරුව මුල් ගෙඩි ආදිය ද අනුභව කරාවා.

තත්‍ථ අස‍්සමිමන‍්ති අස‍්සමං ඉමං භවං පවිසතු. අදෙතූති යථාසන‍්නිහිතං ආහාරං පරිභුඤ‍්ජතු. පජ‍්ජන‍්ති පාදබ‍්භඤ‍්ජනං. භක‍්ඛන‍්ති මධුරඵලාඵලං. පටිච‍්ඡාති පටිග‍්ගණ‍්හ. ඉදමාසනන‍්ති පවිට‍්ඨකාලෙ එවමාහ. තස‍්සා පණ‍්ණසාලං පවිසිත්‍වා කට‍්ඨත්‍ථරණෙ නිසීදන‍්තියා සුවණ‍්ණචීරකෙ ද‍්විධා ගතෙ සරීරං අප‍්පටිච‍්ඡන‍්නං අහොසි. තාපසො මාතුගාමසරීරස‍්ස අදිට‍්ඨපුබ‍්බත‍්තා තං දිස‍්වා “වණ‍්ණො එසො”ති සඤ‍්ඤාය එවමාහ –

එහි අස්සමිමං යනු මේ අසපුවට පින්වතා පැමිණේවා! අදෙතු යනු යම්සේ පිළියෙල කළ ආහාර අනුභව කරාවා. පජ්ජං යනු පයේ ගාන තෙල් ආදියයි. භක්ඛං යනු මිහිරි ගෙඩි කුඩා ගෙඩි පටිච්ඡා යනු පිළිගැනීමයි. ඉදමාසනං යනු පිවිසුණ කල්හි මෙසේ කීවේය යන අර්ථයි. කිං තෙ ඉදං යනු ඇය පන්සලට පිවිස කොළ ඇතිරියෙහි සිටින්නී, රන්වන් වැහැරිය හැඳිවත ඉවත් වූ කල්හි ශරීරය, නොවැසුණේ විය. තාපසයා ස්ත්‍රියගේ ශරීරයක් (මින් පෙර) නොදුටු විරූ බැවින් එය දැක මේ තුවාලයක් යන හැඟීමෙන් මෙසේ කීවේය.

“කිං තෙ ඉදං ඌරූනමන‍්තරස‍්මිං, සුපිච‍්ඡිතං කණ‍්හරිවප‍්පකාසති; අක‍්ඛාහි මෙ පුච‍්ඡිතො එතමත්‍ථං, කොසෙ නු තෙ උත‍්තමඞ‍්ගං පවිට‍්ඨ”න‍්ති.

මේ ඔබගේ දෙකලවා අතරේ කිමෙක්ද? හොඳින් ලාටු ඇති, ස්වල්ප ඉඩක් ඇති කළුවන් වූ කෙස් පිවිසි ඔබගේ කෝෂයෙහි, යථාර්ථය විචාරනුයේ මට කියව!

තත්‍ථ සුපිච‍්ඡිතන‍්ති ද‍්වින‍්නං ඌරූනං සමාගමකාලෙ සුඵුසිතං සිප‍්පිපුටමුඛසණ‍්ඨානං. සුභලක‍්ඛණෙන හි අසමන‍්නාගතාය තං ඨානං ආවාටධාතුකං හොති, සමන‍්නාගතාය අබ‍්භුන‍්නතං සිප‍්පිපුටමුඛසණ‍්ඨානං. කණ‍්හරිවප‍්පකාසතීති උභොසු පස‍්සෙසු කාළකං විය ඛායති. කොසෙ නු තෙ උත‍්තමඞ‍්ගං පවිට‍්ඨන‍්ති තව උත‍්තමඞ‍්ගං ලිඞ‍්ගසණ‍්ඨානං න පඤ‍්ඤායති, කිං නු තං තව සරීරසඞ‍්ඛාතෙ කොසෙ පවිට‍්ඨන‍්ති පුච‍්ඡති.

එහි සුපිච්ඡිතං යනු කලවා දෙක එකට එකතුවෙන වේලාවේ එකට ගෑවුණු සිප්පි මුවක් හා සමාන ශුභ ලක්‍ෂණ වශයෙන් එකට නොයෙදුණා වූ ඒ ස්ථානය වලක් සෑදුණේ වෙයි. අහසට මුව අයාල, සිප්පි මුව කටු හා සමාන. කණ්හරිවප්පකාසතී යනු දෙපෙත්තෙහි ම කාලවර්ණ මෙන් වැටහේ. කොසෙ නු තෙ උත්තමංගං පවිට්ඨං යනු ඔබගේ කෙස් ඇති ලිංගු සලකුණ ප්‍රකට නොවේ. ඔබේ රහසඟ ශරීරය ඇතුළට ගියේදැයි විමසමි.

අථ නං සා වඤ‍්චයන‍්තී ගාථාද‍්වයමාහ –

ඉක්බිති ඕ තොමෝ ඔහු රවටන්නී මේ ගාථා දෙක කීවාය.

“අහං වනෙ මූලඵලෙසනං චරං, ආසාදයිං අච‍්ඡං සුඝොරරූපං; සො මං පතිත්‍වා සහසාජ‍්ඣපත‍්තො, පනුජ‍්ජ මං අබ‍්බහි උත‍්තමඞ‍්ගං.

පින්වත් තාපසයෙනි! මම වනයෙහි මුල් අල හා පළතුරු සොයමින් හැසිරුනෙමි. ඉතා දරුණු ස්වභාව ඇති වළසෙකුට ගැසීමි. ඒ වළහා මා වෙත ක්‍රෝධයෙන් අවුත් මා පෙරළා මගේ රහසඟ කටින් උදුරා ඩැහැගෙන ගියේය.

“ස‍්වායං වණො ඛජ‍්ජති කණ‍්ඩුවායති, සබ‍්බඤ‍්ච කාලං න ලභාමි සාතං; පහො භවං කණ‍්ඩුමිමං විනෙතුං, කුරුතං භවං යාචිතො බ්‍රාහ‍්මණත්‍ථ”න‍්ති.

එතැන් පටන් මගේ ඒ වණය සෑරෙයි. නිතර නිතර කසයි. එහෙයින් හැමකල්හිම සුවයක් නො ලබමි. ඔබ මගේ මේ කැසීම සුවපත් කරන්නට පොහොසත්ය. මා විසින් යදින ලද බ්‍රාහ්මණ වූ ඔබ වහන්සේ මා පිණිස යහපතක් කරන්න.

තත්‍ථ ආසාදයින‍්ති ඝට‍්ටෙසිං, ආගච‍්ඡන‍්තං දිස‍්වා ලෙඩ‍්ඩුනා පහරින‍්ති අත්‍ථො. පතිත්‍වාති උපධාවිත්‍වා. සහසාජ‍්ඣප‍්පත‍්තොති මමං සහසා අජ‍්ඣප‍්පත‍්තො සම‍්පත‍්තො. පනුජ‍්ජාති අථ මං පොතෙත්‍වා. අබ‍්බහීති මුඛෙන මම උත‍්තමඞ‍්ගං ලුඤ‍්චිත්‍වා පක‍්කාමි, තතො පට‍්ඨාය ඉමස‍්මිං ඨානෙ වණො ජාතො. ස‍්වායන‍්ති සො අයං තතො පට‍්ඨාය මය‍්හං වණො ඛජ‍්ජති චෙව කණ‍්ඩුවඤ‍්ච කරොති, තප‍්පච‍්චයා සාහං සබ‍්බකාලං කායිකචෙතසිකසුඛං න ලභාමි. පහොති පහු සමත්‍ථො. බ්‍රාහ‍්මණත්‍ථන‍්ති භවං මයා යාචිතො ඉමං බ්‍රාහ‍්මණස‍්ස අත්‍ථං කරොතු, ඉදං මෙ දුක‍්ඛං හරාහීති වදති.

එහි අසාදයිං යනු ගැටෙමි යනාර්ථයයි. එන්නාවූ දැක ගල්කැට ආදියෙන් පහරදෙන්නී යන අර්ථයයි. පතිත්‍වා යනු එහා මෙයා දුවයි. සහසජ්ඣපත්තො යනු වහාම පහර දෙන්නට පැමිණියේ පනුජ්ජා යනු අනතුරුව මා හෙළා, වැටී අබ්බහි යනු මුවෙන් මගේ රහසඟ ගලවාගෙන පිටත්ව ගියේය. එතැන් පටන් මේ ස්ථානයෙහි තුවාලයක් හටගත්තේය. ස්වායං යනු, එතැන් පටන් මගේ තුවාලය කසයි. කිතිකවයි. ඒ නිසාවෙන් මම වනාහි සියලු කල්හි කායික මානසික සුවයක් නොලබමි. පහො යනු සමර්ථ වෙයි. දක්‍ෂ වෙයි. බ්‍රාහ්මණත්‍ථං යනු, ඔබගෙන් මා විසින් ඉල්ලන ලද්දේ, මේ මගේ දුක දුරු කරවීම පිණිස බ්‍රාහ්මණයාට හැකි දෙයක් කළ මැනවි.

සො තස‍්සා මුසාවාදං “සභාවො”ති සද‍්දහිත්‍වා “සචෙ තෙ එවං සුඛං හොති, කරිස‍්සාමී”ති තං පදෙසං ඔලොකෙත්‍වා අනන‍්තරං ගාථමාහ –

ඔහු ඇගේ බොරුව, ඇත්තක් යයි, අදහා ඉදින් ඔබට මෙසේ සැපයක් වේ නම් එය කරන්නෙමියි. ඒ ප්‍රදේශය බලා අනතුරුව ගාථාවක් කීවේය.

“ගම‍්භීරරූපො තෙ වණො සලොහිතො, අපූතිකො වණගන්‍ධො මහා ච; කරොමි තෙ කිඤ‍්චි කසායයොගං, යථා භවං පරමසුඛී භවෙය්‍යා”ති.

ඉතා රතුපාට වූ ඔබේ තුවාලය ගැඹුරුය. ටිකක් දුර්ගන්ධය. කුණු වූ මස් රහිතය. විශාලය. යම් සේ ඔබේ තුවාලය සුව වී ඔබ සුවපත් වන්නේද ඒ සඳහා ඖෂධ යෝගයක් තොපට කරමි.

තත්‍ථ සලොහිතොති රත‍්තොභාසො. අපූතිකොති පූතිමංසරහිතො. වණගන්‍ධොති ථොකං දුග‍්ගන්‍ධො. කසායයොගන‍්ති අහං කෙචි රුක‍්ඛකසායෙ ගහෙත්‍වා තව එකං කසායයොගං කරොමීති.

එහි සලොහිතො යනු රතුපාටින් බබළන අපූතිකො යනු කුණු මස් රහිත. පක්ක ගන්‍ධො යනු ටිකක් දුර්ගන්ධ යන අර්ථ වේ. කසාය යොගං යනු මම කිසියම් වෘක්‍ෂ කෂාය ගෙන (සාරය) ඔබට එක් කෂායක් කරන්නෙමි.

තතො නිළිනිකා ගාථමාහ –

ඉක්බිති නළිනිකා ගාථාවක් කීවාය.

“න මන‍්තයොගා න කසායයොගා, න ඔසධා බ්‍රහ‍්මචාරි කමන‍්ති; යං තෙ මුදු තෙන විනෙහි කණ‍්ඩුං, යථා අහං පරමසුඛී භවෙය්‍ය”න‍්ති.

පින්වත් බ්‍රහ්මචාරිය, මන්ත්‍ර හෝ කසාය හෝ යෝග හෝ වෙනත් ඖෂධයකින් මේ වණය සුවපත් නොවේ. යම් සේ මා ඉතා සුවපත් වී සැනසීමට පත්වෙම්ද? එපරිද්දෙන් ඔබගේ යම් මෘදු වූ අවයවයක් වේ නම් එයින් ගටා මගේ මේ කැසීම දුරු කරවයි නලිනී කීවාය.

තත්‍ථ කමන‍්තීති, භො බ්‍රහ‍්මචාරි, ඉමස‍්මිං මම වණෙ නෙව මන‍්තයොගා, න කසායයොගා, න පුප‍්ඵඵලාදීනි ඔසධානි කමන‍්ති, අනෙකවාරං කතෙහිපි තෙහි එතස‍්ස ඵාසුකභාවො න භූතපුබ‍්බො. යං පන තෙ එතං මුදු අඞ‍්ගජාතං, තෙන ඝට‍්ටියමානස‍්සෙව තස‍්ස කණ‍්ඩු න හොති, තස‍්මා තෙන විනෙහි කණ‍්ඩුන‍්ති.

එහි කමන්ති යනු, පින්වත් බ්‍රහ්මචාරිය, මේ තුවාලයෙහි ද මට, මන්ත්‍ර යෝග නැත. කෂාය යෝග නැත. මල්ගෙඩි ආදි ඖෂධ වර්ග නැත. ක්‍ෂමා වේවා! නොයෙක් වරද, කීප වතාවක් ද මේවායින් පෙර ද පහසු විහරණයක් නොකළද බෙහෙත් යෝග වූ විරූය. ඔබට යම්බඳු මෘදුවූ ශරීරාංගයක් වේද, ඉන් ගැටීමෙන් ම ඒ කැසීම සුව වෙයි. ඒ නිසා එමගින් කැසීම දුරුකරන්න.

සො “සච‍්චං එසො භණතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා “මෙථුනසංසග‍්ගෙන සීලං භිජ‍්ජති, ඣානං අන‍්තරධායතී”ති අජානන‍්තො මාතුගාමස‍්ස අදිට‍්ඨපුබ‍්බත‍්තා මෙථුනධම‍්මස‍්ස ච අජානනභාවෙන “භෙසජ‍්ජ”න‍්ති වදන‍්තියා තාය මෙථුනං පටිසෙවි. තාවදෙවස‍්ස සීලං භිජ‍්ජි, ඣානං පරිහායි. සො ද‍්වෙ තයො වාරෙ සංසග‍්ගං කත්‍වා කිලන‍්තො හුත්‍වා නික‍්ඛමිත්‍වා සරං ඔරුය‍්හ න‍්හත්‍වා පටිප‍්පස‍්සද‍්ධදරථො ආගන‍්ත්‍වා පණ‍්ණසාලායං නිසීදිත්‍වා පුනපි තං “තාපසො”ති මඤ‍්ඤමානො වසනට‍්ඨානං පුච‍්ඡන‍්තො ගාථමාහ –

ඔහු, මේ තැනැත්තිය, සත්‍යයක් ප්‍රකාශ කරන්නීයයි සලකා, මෛථුන සංසර්ගයෙන් සිල් බිඳෙයි. ධ්‍යානය අතුරුදන් වේයයි නොදන්නේ ස්ත්‍රියක් පෙර නුදුටු බැවින් ද, මෛථුන ධර්මය නොදන්නා බැවින් ද, බෙහෙත් යයි කියන නිසාවෙන් ඇය සමග මෛථුන ධර්මය සේවනය කළේය. එකෙණෙහිම සීලය බිඳිණි. ධ්‍යානය පිරිහිණි. ඔහු දෙතුන් වතාවක් සංසර්ගය කොට, ක්ලාන්ත වී, නික්ම, විලට බැස නා සංසිඳුණු වේදනාව ඇත්තේ, පැමිණ, පන්සලට වී, නැවත ද, හේ, තාපසයකැයි සිතමින් වසන තැන විචාරමින් ගාථාව කීවේය.

“ඉතො නු භොතො කතමෙන අස‍්සමො, කච‍්චි භවං අභිරමසි අරඤ‍්ඤෙ; කච‍්චි නු තෙ මූලඵලං පහූතං, කච‍්චි භවන‍්තං න විහිංසන‍්ති වාළා”ති.

පින්වත, මෙතැනින් ද, ආශ්‍රමය කවර දිසාවකද, සම්පත් කෙසේද? අරණ්‍යයෙහි ඇලේ ද? බොහෝ අල මුල් ගෙඩි තිබේද? කිම ව්‍යාල සත්තු ඔබ නො වෙහෙසත් ද?

තත්‍ථ කතමෙනාති ඉතො කතමෙන දිසාභාගෙන භොතො අස‍්සමො. භවන‍්ති ආලපනමෙතං.

එහි කතමෙන යනු මෙතැනින්, කවර දිශා භාගයකින් පින්වතාගේ අසපුව වේද? භවං යනු ආමන්ත්‍රණ අර්ථයයි.

තතො නිළිනිකා චතස‍්සො ගාථායො අභාසි –

ඉක්බිති නළිනිකා ගාථා සතරක් කීවාය.

“ඉතො උජුං උත‍්තරායං දිසායං, ඛෙමා නදී හිමවතා පභාවී; තස‍්සා තීරෙ අස‍්සමො මය‍්හ රම‍්මො, අහො භවං අස‍්සමං මය‍්හං පස‍්සෙ.

මෙතනින් උතුරු දිශාවෙහි සෘජුවම හිමවතින් ගලාබසින ඛේමා නදිය වේ. ඒ නදී තීරයේ මගේ රමණීය අසපුව වේ. අනේ පින්වත මගේ අසපුව ඔබ නරඹන්නේ නම් යහපති.

“අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො, උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා; සමන‍්තතො කිම‍්පුරිසාභිගීතං, අහො භවං අස‍්සමං මය‍්හං පස‍්සෙ.

අඹ සල් ඇසළ එරහැන්ද ජම්බු, තල, පළොල් ගස්වලින්ද, හාත්පස පිරුණු, කිඳුරු ගීතිකායෙන් ද යුක්ත වේ. මගේ අසපුව අනේ බලන්න.

“තාලා ච මූලා ච ඵලා ච මෙත්‍ථ, වණ‍්ණෙන ගන්‍ධෙන උපෙතරූපං; තං භූමිභාගෙහි උපෙතරූපං, අහො භවං අස‍්සමං මය‍්හං පස‍්සෙ.

මෙහි තල්, මුල් ගෙඩි ද වර්ණයෙන් හා සුවඳින් මනහර වූ, අල ද, තල් ගස් ද තල්ගෙඩිද ඇත. ඒ රමණීය භූමිභාගයේ පිහිටි මගේ අසපුව නරඹන්න.

“ඵලා ච මූලා ච පහූතමෙත්‍ථ, වණ‍්ණෙන ගන්‍ධෙන රසෙනුපෙතා; ආයන‍්ති ච ලුද‍්දකා තං පදෙසං, මා මෙ තතො මූලඵලං අහාසු”න‍්ති.

මෙහි බොහෝකොට ගෙඩි ද මුල් ද ඇත. ඒවා වර්ණයෙන් ද, සුවඳින් ද, රසයෙන් ද අනූනය. ඒ පෙදෙසට වැද්දෝ ද එති. එයින් මුල් ගෙඩිවලට විපතක් නො වේවා.

තත්‍ථ උත‍්තරායන‍්ති උත‍්තරාය. ඛෙමාති එවංනාමිකා නදී. හිමවතා පභාවීති හිමවන‍්තතො පවත‍්තති. අහොති පත්‍ථනත්‍ථෙ නිපාතො. උද‍්දාලකාති වාතඝාතකා. කිම‍්පුරිසාභිගීතන‍්ති සමන‍්තතො පරිවාරෙත්‍වා මධුරසද‍්දෙන ගායන‍්තෙහි කිම‍්පුරිසෙහි අභිගීතං. තාලා ච මූලා ච ඵලා ච මෙත්‍ථාති එත්‍ථ මම අස‍්සමෙ පාසාදිකා තාලරුක‍්ඛා ච තෙසඤ‍්ඤෙව වණ‍්ණගන්‍ධාදිසම‍්පන‍්නා කන්‍දසඞ‍්ඛාතා මූලා ච ඵලා ච. පහූතමෙත්‍ථාති නානාරුක‍්ඛඵලා ච රුක‍්ඛවල‍්ලිමූලා ච පහූතා එත්‍ථ. මා මෙ තතොති තං මම අස‍්සමපදං සම‍්බහුලා ලුද‍්දකා ආගච‍්ඡන‍්ති, මයා චෙත්‍ථ ආහරිත්‍වා ඨපිතං බහු මධුරසමූලඵලාඵලං අත්‍ථි, තෙ මයි චිරායන‍්තෙ මූලඵලාඵලං හරෙය්‍යුං. තෙ තතො මම මූලඵලාඵලං මා හරිංසු, තස‍්මා සචෙපි මයා සද‍්ධිං ආගන‍්තුකාමො, එහි, නො චෙ, අහං ගමිස‍්සාමීති ආහ.

එහි උත්තරායං යනු උතුරු දිශාවයි. ඛේමා යනු එනමින් වූ නදියයි. හිමවන්තා පභාතී යනු හිමාල පර්වතයෙන් ආරම්භ කරයි. අහො යනු ප්‍රාර්ථනාර්ථයේ නිපාතයකි. උද්දාලකා යනු වාතය නසන. කිමපුරිසාහිගීතං හාත්පස පිරිවරාගෙන මිහිරි හඬින් ගායනා කරන්නා වූ කිඳුරන් විසින් ගායනා කරන ලද යන අර්ථයි. තාලාච මුලාච ඵලාච මෙත්‍ථා යනු, මෙහි මගේ අසපුවේ ප්‍රාසාදික වූ තල් ගස්ද, අනෙකුත් වර්ණයෙන් සුවඳිාන් යුක්ත කාණ්ඩ සහිත මුල්ද ගෙඩිද පහූතමෙත්‍ථා යනු නොයෙක් ගස්, ගෙඩි, රුක්වැල් මුල් බොහෝකොට මෙහි ඇත යනුයි. මා මෙ තතො යනු ඒ මගේ අසපුවට බොහෝ වැද්දෝ එති. මා විසින් ගෙනවුත් තබන ලද බොහෝ මිහිරි රසැති මුල් ගෙඩි ඇත. ඔවුහු මා ඇති නැති වේලාවල මුල් ගෙඩි හැරගෙන යන්නාහ. අනතුරුව මට මුල්ගෙඩි ගෙනවිත් දෙති. එහෙයින් මා සමග එනු කැමැත්තේ පැමිණෙන්න. නැතහොත් මම යන්නෙමියි කීවේය.

තං සුත්‍වා තාපසො යාව පිතු ආගමනා අධිවාසාපෙතුං ගාථමාහ –

ඒ අසා තාපසයා, යම්තාක් පියා පැමිණෙන තෙක් ඉවසීම සඳහා ගාථාව කීවේය.

“පිතා මමං මූලඵලෙසනං ගතො, ඉදානි ආගච‍්ඡති සායකාලෙ; උභොව ගච‍්ඡාමසෙ අස‍්සමං තං, යාව පිතා මූලඵලතො එතූ”ති.

මගේ පියා අල මුල් හා පළතුරු ගෙඩි සෙවීමට ගියේය. දැන් සවස් කාලයේ පෙරළා එයි. යම්තාක් පියා මුල් ගෙඩි රැගෙන ඒවිද? ඒ තාක් මෙහි රැඳෙන්න. අපි දෙදෙනාම ඒ ආශ්‍රමයට යමු.

තත්‍ථ උභොව ගච‍්ඡාමසෙති මම පිතු ආරොචෙත්‍වා උභොව ගමිස‍්සාම.

එහි උභොව ගච්ඡාමසෙ යනු මගේ පියාට දන්වා දෙදෙනාම යන්නෙමු යන අර්ථයි.

තතො සා චින‍්තෙසි – “අයං තාව අරඤ‍්ඤෙව වඩ‍්ඪිතභාවෙන මම ඉත්‍ථිභාවං න ජානාති, පිතා පනස‍්ස මං දිස‍්වාව ජානිත්‍වා ‘ත්‍වං ඉධ කිං කරොසී’ති කාජකොටියා පහරිත්‍වා සීසම‍්පි මෙ භින්‍දෙය්‍ය, තස‍්මිං අනාගතෙයෙව මයා ගන‍්තුං වට‍්ටති, ආගමනකම‍්මම‍්පි මෙ නිට‍්ඨිත”න‍්ති. සා තස‍්ස ආගමනූපායං ආචික‍්ඛන‍්තී ඉතරං ගාථමාහ –

ඉක්බිති ඇය මෙසේ සිතුවාය. මොහු මේ වනයෙහි වැඩුණු බැවින් මගේ ස්ත්‍රීභාවය නොදනියි. පියා වනාහි මා දැක, දැන තෝ මෙහි කුමක් කරහිදැයි වේවැල් පහරින් ද පහර දී, මගේ හිස ද බිඳින්නේය. ඔහු පැමිණීමට පෙර කල්හිම මා යාමට වටීයයි, තපස්වීන් තමන් හා නො එන්නට උපාය පවසන්නී මේ ගාථාව කීවාය.

“අඤ‍්ඤෙ බහූ ඉසයො සාධුරූපා, රාජීසයො අනුමග‍්ගෙ වසන‍්ති; තෙයෙව පුච‍්ඡෙසි මමස‍්සමං තං, තෙ තං නයිස‍්සන‍්ති මමං සකාසෙ”ති.

තාපසය, තවත් බොහෝ යහපත් ස්වභාව ඇති තාපසවරු බ්‍රාහ්මණයෝ, රාජර්ෂීහු ද මගේ අසපුවට යන මාර්ගයේ දෙපස වසති. නුඹ මගේ ආශ්‍රමයට යන මාර්ගය ඔවුන්ගෙන් විචාරන්න. ඒ සෘෂිවරු තොප මගේ අසපුවට පමුණුවන්නාහ.

තත්‍ථ රාජීසයොති, සම‍්ම, මයා න සක‍්කා චිරායිතුං, අඤ‍්ඤෙ පන සාධුසභාවා රාජිසයො ච බ්‍රාහ‍්මණිසයො ච අනුමග‍්ගෙ මම අස‍්සමමග‍්ගපස‍්සෙ වසන‍්ති, අහං තෙසං ආචික‍්ඛිත්‍වා ගමිස‍්සාමි, ත්‍වං තෙ පුච‍්ඡෙය්‍යාසි, තෙ තං මම සන‍්තිකං නයිස‍්සන‍්තීති.

එහි රාජිස්සයො යනු මිත්‍රය; මට කල්ගත කරන්නට නුපුළුවන. අනෙක් සාධු ස්වභාව ඇති බ්‍රාහ්මණ සෘෂිවරු ද, රාජ සෘෂිවරු ද, මගේ අසපුවට අනුගත මාර්ගයේ වාසය කරත්. මම ඔවුන්ට පවසා යන්නෙමි. නුඹ ඔවුන්ගෙන් විචාරන්නෙහි. ඔවුහු මා සමීපයට ඔබ පමුණුවන්නාහ.

එවං සා අත‍්තනො පලායනූපායං කත්‍වා පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා තං ඔලොකෙන‍්තමෙව “ත්‍වං නිවත‍්තා”ති වත්‍වා ආගමනමග‍්ගෙනෙව අමච‍්චානං සන‍්තිකං අගමාසි. තෙ තං ගහෙත්‍වා ඛන්‍ධාවාරං ගන‍්ත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං පාපුණිංසු. සක‍්කොපි තං දිවසමෙව තුස‍්සිත්‍වා සකලරට‍්ඨෙ දෙවං වස‍්සාපෙසි, තතො සුභික‍්ඛං ජනපදං අහොසි. ඉසිසිඞ‍්ගතාපසස‍්සපි තාය පක‍්කන‍්තමත‍්තාය එව කායෙ ඩාහො උප‍්පජ‍්ජි. සො කම‍්පන‍්තො පණ‍්ණසාලං පවිසිත්‍වා වාකචීරං පාරුපිත්‍වා සොචන‍්තො නිපජ‍්ජි. බොධිසත‍්තො සායං ආගන‍්ත්‍වා පුත‍්තං අපස‍්සන‍්තො “කහං නු ඛො ගතො”ති කාජං ඔතාරෙත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා තං නිපන‍්නකං දිස‍්වා “තාත, කිං කරොසී”ති පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තො තිස‍්සො ගාථා අභාසි –

මෙසේ ඇය තමාගේ පලායන උපාය සිදුකොට පන්සලෙන් නික්ම, ඔහු බලා සිටිද්දී ම, නුඹ නවතින්න යයි කියා, පැමිණි මාර්ගයේ ම ඇමතියන්ගේ සමීපයට ගියාය. ඔවුහු ඇය ගෙන කඳවුරට ගොස් පිළිවෙලින් බරණැසට පැමිණියහ. ශක්‍රයා ද, ඒ දවසේම සතුටු වී සියළු රටටම වර්ෂාවක් වැස්සවීය. අනතුරුව ආහාරපාන සුලභ ජනපදයක් විය. ඉසිසිංග තාපසයාගේද, ඇය ඉවත්ව යන මොහොතේදීම ශරීරයේ දාහයක් හටගත්තේය. ඔහු කම්පා වී පන්සලට පිවිස වැහැරි සිවුර පොරවා ශෝක කරමින් හොත්තේය. බෝධිසත්ත්වයෝ සවස පැමිණ පුත්‍රයා නො දකින්නේ, කොහේ ගියාදැයි, කද බහා තබා පන්සලට පිවිස එහි ඔහු සිටිනවා දැක දරුව; කුමක් කරහිදැයි පිට පිරිමදිමින් ගාථා තුනක් කීවේය.

“න තෙ කට‍්ඨානි භින‍්නානි, න තෙ උදකමාභතං; අග‍්ගීපි තෙ න හාපිතො, කිං නු මන්‍දොව ඣායසි.

පුත්‍රය, ඔබ විසින් දර නොබිඳින ලද, ජලය රැගෙන නොයන ලද ගින්න ද නොදල්වන ලද කුමක් නිසා බාලයකු මෙන් සිතුවිල්ලෙහි යෙදී සිටින්නෙහි ද?

“භින‍්නානි කට‍්ඨානි හුතො ච අග‍්ගි, තපනීපි තෙ සමිතා බ්‍රහ‍්මචාරී; පීඨඤ‍්ච මය‍්හං උදකඤ‍්ච හොති, රමසි තුවං බ්‍රහ‍්මභූතො පුරත්‍ථා.

බ්‍රහ්මචාරී තාපසය, පෙර නුඹ විසින් ගිනි ද දල්වන ලද ගිනි තබන ලද බඹසරින් සංසිඳුණු ලද පා දෝනා ජලය ද පා පුටුවද එළවා තබන ලද්දේය. ඔබ ද පෙර ශ්‍රේෂ්ඨයෙක් මේ අසපුවෙහි සිත් අලවන ලද.

“අභින‍්නකට‍්ඨොසි අනාභතොදකො, අහාපිතග‍්ගීසි අසිද‍්ධභොජනො; න මෙ තුවං ආලපසී මමජ‍්ජ, නට‍්ඨං නු කිං චෙතසිකඤ‍්ච දුක‍්ඛ”න‍්ති.

ඒ නුඹ අද නො කැඩූ දර ඇත්තෙහිය. දිය නොගෙනාවෙහිය. නොදල්වන පූජාග්නිය ඇත්තේය. පිළියෙල නොකළ ආහාර ඇත්තේය. අද ඔබ මා හා කතා නො කරන්නේය. නුඹගේ මේ කිසිවක් නැති වී ද? කවරනම් සිත් තැවුලක් ඇත්තේ ද,

තත්‍ථ භින‍්නානීති අරඤ‍්ඤතො උද‍්ධටානි. න හාපිතොති න ජලිතො. භින‍්නානීති පුබ‍්බෙ තයා මමාගමනවෙලාය කට‍්ඨානි උද‍්ධටානෙව හොන‍්ති. හුතො ච අග‍්ගීති අග‍්ගි ච හුතො හොති. තපනීති විසිබ‍්බනඅග‍්ගිසඞ‍්ඛාතා තපනීපි තෙ සමිතාව සයමෙව සංවිදහිතාව හොති. පීඨන‍්ති මම ආසනත්‍ථාය පීඨඤ‍්ච පඤ‍්ඤත‍්තමෙව හොති. උදකඤ‍්චාති පාදධොවනඋදකම‍්පි උපට‍්ඨාපිතමෙව හොති. බ්‍රහ‍්මභූතොති තුවම‍්පි ඉතො පුරත්‍ථා සෙට‍්ඨභූතො ඉමස‍්මිං අස‍්සමෙ අභිරමසි. අභින‍්නකට‍්ඨොසීති සො දානි අජ‍්ජ අනුද‍්ධටකට‍්ඨොසි. අසිද‍්ධභොජනොති න තෙ කිඤ‍්චි අම‍්හාකං කන්‍දමූලං වා පණ‍්ණං වා සෙදිතං. මමජ‍්ජාති, මම පුත‍්ත, අජ‍්ජ න මෙ ත්‍වං ආලපසි. නට‍්ඨං නු කින‍්ති කිං නු තෙ නට‍්ඨං වා, කිං චෙතසිකං වා දුක‍්ඛං, අක‍්ඛාහි මෙ නිපන‍්නකාරණන‍්ති පුච‍්ඡති.

එහි භින්නානී යනු වනයෙන් කඩන ලද, නභාසිතො යනු ගිනි නොදල්වන ලදයි. භින්නානී යනු පෙර ඔබ විසින් මගේ පැමිණි වේලාවෙහි දර උදුරන ලද්දේම වෙත්. හුතොව යනු, අග්නි පූජාව දල්වන්නේය. තපනී යනු තපිනු සඳහා වහ්නි කබල් ගිනි දල්වා තබන ලද. පීඨං යනු, මගේ ආසනය පිණිස පා පුටුව පැනවීම නම් වෙයි. උදකඤ්ච යනු පා දෝවනය කිරීමට ජලය සැපයීම කොට උවටැන් කෙළේය. බ්‍රහ්ම භූතො යනු නුඹද, මෙයින් පෙර, ශ්‍රේෂ්ඨ වූයේ මේ අසපුවේ ඇලුණේ වෙහි. අභින්නකට්ඨොසී යනු ඔබ දැන් නොඉදුරු නොකැඩූ දර ඇත්තේය. අසිද්ධ භොජනො අල - මුල් - සුඹුලු - කොළ ආදිය අපගේ ප්‍රයෝජනය සඳහා සකස් නො කළහ. මමජ්ජා මගේ පුතා අද මා සමගත් කතා නොකරයි. නට්ඨං නු කිං යනු ඔබගේ සිත කවරෙක් නටුවේ ද නිපුණතාවයට පත්වූ ඔබ මෙසේ නිදා සිටීමට හේතු වූ සිතේ දුක කියනු මැනවි.

සො පිතු වචනං සුත්‍වා තං කාරණං කථෙන‍්තො ආහ –

ඔහු පියාගේ වචන අසා, එම කාරණය ප්‍රකාශ කරමින් මෙසේ කීවේය.

“ඉධාගමා ජටිලො බ්‍රහ‍්මචාරී, සුදස‍්සනෙය්‍යො සුතනූ විනෙති; නෙවාතිදීඝො න පනාතිරස‍්සො, සුකණ‍්හකණ‍්හච‍්ඡදනෙහි භොතො.

දැකුම්කළු සිරුරක් ඇති, ප්‍රියමනාප පෙනුමැති අතිදීර්ඝ නොවූ ඉතාම මිටි නොවූ මනාව වැසුණු කන් ඇති පින්වත් බඹසර රකින ජටිලයකු මෙහි ආවේය.

“අමස‍්සුජාතො අපුරාණවණ‍්ණී, ආධාරරූපඤ‍්ච පනස‍්ස කණ‍්ඨෙ; ද‍්වෙ යමා ගණ‍්ඩා උරෙ සුජාතා, සුවණ‍්ණතින්‍දුකනිභා පභස‍්සරා.

හෙතෙමේ රැවුල නැත්තේය. පැවිදි වූ නොබෝ කල් ඇත්තේය. පාත්‍රය එල්ලන පටිය තරම් වූ පළඳනාවක් බෙල්ලෙහි ඇත. පපුවෙහි හටගත් රන් පිඬු මෙන් බබළන ගෙඩි දෙකක් ඔහුට ඇත.

“මුඛඤ‍්ච තස‍්ස භුසදස‍්සනෙය්‍යං, කණ‍්ණෙසු ලම‍්බන‍්ති ච කුඤ‍්චිතග‍්ගා; තෙ ජොතරෙ චරතො මාණවස‍්ස, සුත‍්තඤ‍්ච යං සංයමනං ජටානං.

ඔහුගේ මුහුණ ද බොහෝසෙයින් දැකුම්කළුය. කණ අග එල්ලෙන යම් කිසිවක් බබළයි. ඒ හැසිරෙන මානවකයාගේ හිසකෙස් එක්කොට නූලකින් ගැටගැසූ අතර එය ද බබළන්නේය.

“අඤ‍්ඤා ච තස‍්ස සංයමානි චතස‍්සො, නීලා පීතා ලොහිතිකා ච සෙතා; තා පිංසරෙ චරතො මාණවස‍්ස, තිරිටිසඞ‍්ඝාරිව පාවුසම‍්හි.

නිල් කහ රතු සුදු යනාදී වසයෙන් බබළන තවත් ආභරණ සතරක් ඇත. එහා මෙහා යන මානවකයාගේ ඒ පළඳනාවෝ වැහි කාලයේ රෑහි සමූහයා මෙන් නාද කෙරෙත්.

“න මිඛලං මුඤ‍්ජමයං ධාරෙති, න සන්‍ථරෙ නො පන පබ‍්බජස‍්ස; තා ජොතරෙ ජඝනන‍්තරෙ විලග‍්ගා, සතෙරතා විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ.

හෙතෙම මුදු තණින් හෝ බබුස් තණවලින් හේ වැහැරිවලින් කළ හැඳීම් පෙරවීම් නොකරයි. උකුළු අතරෙහි වෙසෙසින් රැඳුණා වූ, ඔහුගේ වැහැරි අහස්හි සියරැළි විදුලියක් මෙන් බබළයි.

“අඛීලකානි ච අවණ‍්ටකානි, හෙට‍්ඨා නභ්‍යා කටිසමොහිතානි; අඝට‍්ටිතා නිච‍්චකීළං කරොන‍්ති, හං තාත කිංරුක‍්ඛඵලානි තානි.

ඔහුගේ නාභියෙන් යට ඉණෙහි බඳිනා ලද්දා වූත්, සවි නොකරන ලද්දා වූත්, නැට්ටක් නැත්තා වූත්, ඵලයෝ වෙති. ඒ ඵල නිතර ‘කිලිං’ යන හඬ දෙත්. පියාණනි, ඒ කවර ගස්වල ඵලද?

“ජටා ච තස‍්ස භුසදස‍්සනෙය්‍යා, පරොසතං වෙල‍්ලිතග‍්ගා සුගන්‍ධා; ද‍්වෙධා සිරො සාධු විභත‍්තරූපො, අහො නු ඛො මය‍්හ තථා ජටාස‍්සු.

ඔහුගේ ජටාව බෙහෙවින් දැකුම්කළුය. සියයකටත් වඩා වක් වූ, අග්වලින් යුත් එය සුවඳවත්ය. හිස දෙකොටසකට බෙදා මනාකොට බඳින ලද ජටා ඇත්තේය. මගේ ජටාවද එසේ වන්නේ නම් යහපති.

“යදා ච සො පකිරති තා ජටායො, වණ‍්ණෙන ගන්‍ධෙන උපෙතරූපා; නීලුප‍්පලං වාතසමෙරිතංව, තථෙව සංවාති පනස‍්සමො අයං.

වර්ණයෙන් සුවඳින් හා රූපයෙන් පිරි ඒ ජටාව යම්කලෙක විසිරී යාද, සුළඟින් පැතිරී ගිය ඒ නිල්උපුල් සුවඳ මේ වන අසපුව පුරාද සුවඳින් හමා යයි.

“පඞ‍්කො ච තස‍්ස භුසදස‍්සනෙය්‍යො, නෙතාදිසො යාදිසො මය‍්හං කායෙ; සො වායති එරිතො මාලුතෙන, වනං යථා අග‍්ගගිම‍්හෙ සුඵුල‍්ලං.

ඔහුගේ ඉතා දැකුම්කළු ශරීරය මගේ ශරීරය මෙන් මඩ සහිත නොවේ. හෙතෙම සුළඟින් කම්පා කරවන ලද්දේ වසන්ත කාලයේ මනාව පිපි මල්ගොමුවක් මෙන් සුවඳ හමයි.

“නිහන‍්ති සො රුක‍්ඛඵලං පථබ්‍යා, සුචිත‍්තරූපං රුචිරං දස‍්සනෙය්‍යං; ඛිත‍්තඤ‍්ච තස‍්ස පුනරෙහි හත්‍ථං, හං තාත කිංරුක‍්ඛඵලං නු ඛො තං.

හෙතෙම ඉතා විසිතුරු මන වඩන්නා වූ ගෙඩියක් පොළවට ගසයි. පොළවෙහි ගසන ලද ඒ ගෙඩිය නැවතත් ඔහුගේ අතටම එයි. පියාණනි, එය කවර ගසක ගෙඩියක් ද?

“දන‍්තා ච තස‍්ස භුසදස‍්සනෙය්‍යා, සුද‍්ධා සමා සඞ‍්ඛවරූපපන‍්නා; මනො පසාදෙන‍්ති විවරියමානා, න හි නූන සො සාකමඛාදි තෙහි.

ඔහුගේ දත් මැනවින් දර්ශනීයයි. සම වේ පිරිසිදුයි ලියවු සක් ගෙඩියක් වැනිය. දකින්නන් සිත් පැහැරගනිත්. ශාකවලින් පිරි කොළ ගෙඩි ආදිය අප මෙන් ඔහු දත්වලින් අනුභව කර නැත.

“අකක‍්කසං අග‍්ගළිතං මුහුං මුදුං, උජුං අනුද‍්ධතං අචපලමස‍්ස භාසිතං; රුදං මනුඤ‍්ඤං කරවීකසුස‍්සරං, හදයඞ‍්ගමං රඤ‍්ජයතෙව මෙ මනො.

ඔහුගේ වචනය රළු නොවේ. ගොත ගසන්නේ නැත. ඒ වචන ඉතා මෘදුය. තැන්පත්ය. මිහිරිය. කුරවි කෙවිල්ලන්ගේ මෙන් වූ ඒ හඬ මගේ සිත් බැඳ ගනී.

“බින්‍දුස‍්සරො නාතිවිසට‍්ඨවාක්‍යො, න නූන සජ‍්ඣායමතිප‍්පයුත‍්තො; ඉච‍්ඡාමි භො තං පුනදෙව දට‍්ඨුං, මිත‍්තො හි මෙ මාණවොහු පුරත්‍ථා.

විහිදී නො ගිය වාක්‍ය ඇති අප්‍රකට ස්වරයෙන් යුත් හෙතෙම මන්ත්‍ර ජප කළ තැනැත්තෙක් නොවේ. ඔහු නැවත දැකීමට මම කැමැත්තෙමි. ඔහු මගෙ පළමු මිත්‍රයාය.

“සුසන්‍ධි සබ‍්බත්‍ථ විමට‍්ඨිමං වණං, පුථූ සුජාතං ඛරපත‍්තසන‍්නිභං; තෙනෙව මං උත‍්තරියාන මාණවො, විවරිතං ඌරුං ජඝනෙන පිළයි.

මනා ගැළපීම් ඇති විශාල වූ ද වට වූ ද ඌරු සන්ධියෙහි මනාව හටගත් නෙළුම් කැකුළකට බඳු, වණයක් ඔහුට ඇත. ඒ මානවකයා මා වසා මැඩගෙන ඌරු යුග්මය විවෘතකොට කටියෙන් මා පෙළීය.

“තපන‍්ති ආභන‍්ති විරොචරෙ ච, සතෙරතා විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ; බාහා මුදූ අඤ‍්ජනලොමසාදිසා, විචිත්‍රවට‍්ටඞ‍්ගුලිකාස‍්ස සොභරෙ.

ඒ මානවකයාගේ සිරුරින් නික්මෙන රශ්මීහු අහස්හි සියුරැළී විදුලි මෙන් බබළත්. ආලෝකවත් වෙත්. ඔහුගේ බාහුවල අඳුන්වන් ලොම් ඇත්තේ, විසිතුරු වූ ද වට වූ ද ඇඟිලිවලින් බබළයි.

“අකක‍්කසඞ‍්ගො න ච දීඝලොමො, නඛාස‍්ස දීඝා අපි ලොහිතග‍්ගා; මුදූහි බාහාහි පලිස‍්සජන‍්තො, කල්‍යාණරූපො රමයං උපට‍්ඨහි.

කර්කශ නො වූ ශරීරාවයව ඇති, ඔහුගේ නිය දික් වූයේ නමුත් අග රතු පාටින් යුක්තය. යහපත් ස්වභාව ඇති හෙතෙම මෘදු අත්වලින් මා වැළඳගෙන, අභිරමණය කරමින් මට උපස්ථාන කෙළේය.

“දුමස‍්ස තූලූපනිභා පභස‍්සරා, සුවණ‍්ණකම‍්බුතලවට‍්ටසුච‍්ඡවි; හත්‍ථා මුදූ තෙහි මං සම‍්ඵුසිත්‍වා, ඉතො ගතො තෙන මං දහන‍්ති තාත.

ඒ තරුණයාගේ දෙ අත් ගසක පුළුන් මෙන් සුවපහස් ඇත්තේය. වටකුරු වූ රන්වන් වූ මෘදු වූ කොපුල් ඇත්තෝය. ඒ අත්වලින් මා වැළඳගෙන සිය ස්පර්ශය මා සිරුරෙහි පතුරුවා මෙතැනින් ගියේය. ඒ ස්පර්ශයෝ මා දවත්. (ඉසිසිංග පියාට කීය.)

“න නූන සො ඛාරිවිධං අහාසි, න නූන සො කට‍්ඨානි සයං අභඤ‍්ජි; න නූන සො හන‍්ති දුමෙ කුඨාරියා, න හිස‍්ස හත්‍ථෙසු ඛිලානි අත්‍ථි.

පියාණනි! ඒ මානවකයා තවුස් පිරිකර ගෙන නො ගියේය. හෙතෙම දර නො කැපුවේ ද, නො පැලුවේ ද සිතමි. ඔහුගේ අත්වල දූවිලි හෝ කරගැට නැත.

“අච‍්ඡො ච ඛො තස‍්ස වණං අකාසි, සො මංබ්‍රවි ‘සුඛිතං මං කරොහි’; තාහං කරිං තෙන මමාසි සොඛ්‍යං, සො චබ්‍රවි ‘සුඛිතොස‍්මී’ති බ්‍රහ‍්මෙ.

ඔහුට වළසෙක් විසින් කරන ලද වණයක් විය. ඒ වණය සුව කරන්නැයි ඔහු මට කීය. එය මම කළෙමි. එයින් මට ද සැපයක් විය. බ්‍රාහ්මණය! ඔබ විසින් මම සුවපත් කරන ලද්දෙමි’යි ඔහු මට කීය.

“අයඤ‍්ච තෙ මාලුවපණ‍්ණසන්‍ථතා, විකිණ‍්ණරූපාව මයා ච තෙන ච; කිලන‍්තරූපා උදකෙ රමිත්‍වා, පුනප‍්පුනං පණ‍්ණකුටිං වජාම.

පියාණෙනි! නුඹවහන්සේගේ මේ මාලුවා පත්‍රමය ආස්තරණයද ඔහු විසින් හා මා විසින් විසිරුවන ලද පරිදිමය. ක්ලාන්ත ස්වභාව ඇති වූයෙමි. ජලයෙහි රමණය කොට නැවතත් පන්සලට පැමිණියෙමි.

“න මජ‍්ජ මන‍්තා පටිභන‍්ති තාත, න අග‍්ගිහුත‍්තං නපි යඤ‍්ඤතන‍්තං; න චාපි තෙ මූලඵලානි භුඤ‍්ජෙ, යාව න පස‍්සාමි තං බ්‍රහ‍්මචාරිං.

පියාණෙනි! මට අද මන්ත්‍ර නො වැටහේ. ගිනි පිදීමද නොවැටහේ. නුඹවහන්සේ විසින් ගෙනෙන ලද අල මුල් පළතුරු ඒ තාපසයා නැවත දකිනතුරු මම නොබුදිමි.

“අද‍්ධා පජානාසි තුවම‍්පි තාත, යස‍්සං දිසං වසතෙ බ්‍රහ‍්මචාරී; තං මං දිසං පාපය තාත ඛිප‍්පං, මා තෙ අහං අමරිමස‍්සමම‍්හි.

පියාණනි! නුඹ ඒ තාපසයා වාසය කරන දිසාව දනී නම්, මා ඒ දෙසට වහා පමුණුවන්න. මම නුඹ වහන්සේගේ ආශ්‍රමයෙහි නො මැරෙම් වා.

“විචිත්‍රඵුල‍්ලඤ‍්හි වනං සුතං මයා, දිජාභිඝුට‍්ඨං දිජසඞ‍්ඝසෙවිතං; තං මං වනං පාපය තාත ඛිප‍්පං, පුරා තෙ පාණං විජහාමි අස‍්සමෙ”ති.

පියාණනි! ඒ ආශ්‍රමයේ විසිතුරු මල් තිබේ. පක්‍ෂීහු නිතර නිතර නාද කරති. නුඹවහන්සේගේ අසපුවෙහි මා මියයන්නට පෙර ඒ විහඟුන් විසින් සෙවුනා ලද ආශ්‍රමයට මා ඇරළනු මැනවි.

තත්‍ථ ඉධාගමාති, තාත, ඉමං අස‍්සමපදං ආගතො. සුදස‍්සනෙය්‍යොති සුට‍්ඨු දස‍්සනෙය්‍යො. සුතනූති සුට‍්ඨු තනුකො නාතිකිසො නාතිථූලො . විනෙතීති අත‍්තනො සරීරප‍්පභාය අස‍්සමපදං එකොභාසං විය විනෙති පූරෙති. සුකණ‍්හකණ‍්හච‍්ඡදනෙහි භොතොති, තාත, තස‍්ස භොතො සුකණ‍්හෙහි කණ‍්හච‍්ඡදනෙහි භමරවණ‍්ණෙහි කෙසෙහි සුකණ‍්හසීසං සුමජ‍්ජිතමණිමයං විය ඛායති. අමස‍්සූජාතොති න තාවස‍්ස මස‍්සු ජායති, තරුණොයෙව. අපුරාණවණ‍්ණීති අචිරපබ‍්බජිතො. ආධාරරූපඤ‍්ච පනස‍්ස කණ‍්ඨෙති කණ‍්ඨෙ ච පනස‍්ස අම‍්හාකං භික‍්ඛාභාජනට‍්ඨපනං පත‍්තාධාරසදිසං පිළන්‍ධනං අත්‍ථීති මුත‍්තාහාරං සන්‍ධාය වදති. ගණ‍්ඩාති ථනෙ සන්‍ධායාහ. උරෙ සුජාතාති උරම‍්හි සුජාතා. “උරතො”තිපි පාඨො. පභස‍්සරාති පභාසම‍්පන‍්නා. “පභාසරෙ”තිපි පාඨො, ඔභාසන‍්තීති අත්‍ථො.

එහි ඉධාගමා යනු පියාණෙනි, මේ අසපුවට පැමිණියේ යන බවයි. සුදස්සනෙය්‍යො යනු මනා දර්ශනීය බවයි. සුතනු යනු සියුමැලි සිරුරින් යුතු කෘශ නොවූ, ස්ථුල නොවූ, විනෙති යනු තමන්ගේ ශරීරය ආලෝකයෙන් අසපු පෙදෙස, එකම ආලෝකයෙන් යුතු බවයි. සුකණ්හ කණ්හච්ඡදනෙහි භොතො යනු, පියාණෙනි, පින්වත් ඔහුගේ කන්පෙති වැසෙන ලෙසින් අක්බඹරු වන් කේශ කලාපයෙන් මනා කාලවර්ණ ශීර්ෂය, මනා ලෙස බබළන මැණිකක් මෙන් වැටහෙන බවයි. අමස්සුජාතො යනු, ඔහු තරුණ වුවද රැවුළක් නොමැති බවයි. අපුරාණවණ්ණි යනු පැවිදි වී නොබෝ කලකි. ආධාර රූපඤ්ච පනස්ස කණ්ඨෙ යනු ගෙලෙහි, ඔහුගේ අප පිණ්ඩාහාර ගන්නා පාත්‍රය උරෙහි පළඳන පටිය තරම් වූ පළඳනාවක් බෙල්ලේ ඇත. මෙය මුතුහර සඳහා කියයි. ගණ්ඩා යනු පියවුරු සන්ධිය කීවේය. උරෙ සුජාතා යනු මැනවින් හටගත් උරහිසින් යුතු, උරතො යනු පෙළ පාඨයයි. පභස්සරා යනු ප්‍රභා සම්පන්න බවයි. පභාසරෙ යනු පෙළ පාඨයයි. බබළන්නේ යන අර්ථයයි.

භුසදස‍්සනෙය්‍යන‍්ති අතිවිය දස‍්සනීයං. කුඤ‍්චිතග‍්ගාති සීහකුණ‍්ඩලං සන්‍ධාය වදති. සුත‍්තඤ‍්චාති යං තස‍්ස ජටාබන්‍ධනසුත‍්තං, තම‍්පි ජොතති පභං මුඤ‍්චති. “සංයමානි චතස‍්සො”ති ඉමිනා මණිසුවණ‍්ණපවාළරජතමයානි චත‍්තාරි පිළන්‍ධනානි දස‍්සෙති . තා පිංසරෙති තානි පිළන්‍ධනානි පාවුසම‍්හි පවුට‍්ඨෙ දෙවෙ තිරිටිසඞ‍්ඝා විය විරවන‍්ති. මිඛලන‍්ති මෙඛලං, අයමෙව වා පාඨො. ඉදං නිවත්‍ථකඤ‍්චනචීරකං සන්‍ධායාහ. න සන්‍ථරෙති න වාකෙ. ඉදං වුත‍්තං හොති – තාත, යථා මයං තිණමයං වා වාකමයං වා චීරකං ධාරෙම, න තථා සො, සො පන සුවණ‍්ණචීරකං ධාරෙතීති. අඛීලකානීති අතචානි නිප‍්පණ‍්ණානි. කටිසමොහිතානීති කටියං බද‍්ධානි. නිච‍්චකීළං කරොන‍්තීති අඝට‍්ටිතානිපි නිච‍්චකාලං කීළායන‍්ති. හං, තාතාති හම‍්භො, තාත. කිං රුක‍්ඛඵලානි තානීති තානි තස‍්ස මාණවස‍්ස සුත‍්තාරුළ‍්හානි කටියං බද‍්ධානි කතරරුක‍්ඛඵලානි නාමාති මණිසඞ‍්ඝාටිං සන්‍ධායාහ.

භුසදස්සනෙය්‍යං යනු අතිශයින් දර්ශනීය දැකුම්කළු කුඤ්චිතග්ගා යනු සීහ කඩුක්කම සඳහා භාවිතා කරයි. සුත්තඤ්ච යනු, ඔහුගේ ජටා බැඳ ඇති නූල් එය බබළයි. ප්‍රභාකාන්තිය මුදාහරියි. සංයමතී චතුස්සො යනු මේ මැණික් රත්තරන් මුතු, රිදීමය වූ පළඳනා සතර දක්වයි. තා තංසරෙ යනු ඒ පළඳනා සෙළවෙන කල්හි වැසිකලට හඬන රැහැයියන්ට හඬක් මෙන් නාදකරත්. මෙඛලෙ යනු පළඳනාවයි. මෙයම පෙළ පාඨයයි. මෙය පොරවන ලද රත්රන් පොරෝනයක් හා සමාන වේ. න සන්තවෙ යනු වැහැරි නොවූ යනුයි. පියාණෙනි, අප විසින් තෘණමය වූ හෝ පට්ටා කෙඳිමය සළුවක් දරමි. ඔහු එසේ නොවෙයි. ඔහු වනාහි ස්වර්ණමය වූ උතුරු සළුවක් දැරුවේමය. අඛිලකානී යනු ඇද නොවූ පරණ වස්ත්‍රයකි. කටීසමෝහිතානී ඉනෙහි බැඳ යනුයි. නිච්චකිලිං කරොන්ති යනු නොගටන ලද්දේ නිතර කිලි කිලි යන හඬ නගයි. හන්තාතාත යනු පින්වත් පියාණනි, කිං රුක්ඛඵලානි තානි යනු ඒ මානවකයාගේ ඉණෙහි නූලෙන් බඳින ලද ගෙඩි වර්ගයක් ඇත. මිණියෙක් කරන ලද්දාක් වැනිය. එකවර ගස්වල නම් ගෙඩිද, මිණිමෙවුල සඳහාය.

ජටාති ජටාමණ‍්ඩලාකාරෙන බද‍්ධරතනමිස‍්සකකෙසවට‍්ටියො සන්‍ධායාහ. වෙල‍්ලිතග‍්ගාති කුඤ‍්චිතග‍්ගා. ද‍්වෙධාසිරොති තස‍්ස සීසං ද‍්වෙධා කත්‍වා බද‍්ධානං ජටානං වසෙන සුට‍්ඨු විභත‍්තරූපං. තථාති යථා තස‍්ස මාණවස‍්ස ජටා, තථා තුම‍්හෙහි මම න බද‍්ධා, අහො වත මමපි තථා අස‍්සූති පත්‍ථෙන‍්තො ආහ. උපෙතරූපාති උපෙතසභාවා. වාතසමෙරිතංවාති යථා නාම නීලුප‍්පලං වාතෙන සමීරිතං, තථෙව අයං ඉමස‍්මිං වනසණ‍්ඩෙ අස‍්සමො සංවාති. නෙතාදිසොති, තාත, යාදිසො මම කායෙ පඞ‍්කො, නෙතාදිසො තස‍්ස සරීරෙ. සො හි දස‍්සනීයො චෙව සුගන්‍ධො ච. අග‍්ගගිම‍්හෙති වසන‍්තසමයෙ.

ජටා යනු ජටා මඬුලු ආකාරයෙන් බඳනා ලද අක්බඹරු කෙස්වැටිය. වෙල්ලිතග්ගා යනු කරකැවුන අග ඇත. ද්වෙධාසිරො යනු ඔහුගේ හිස දෙකට බෙදා සරලව බැඳ ඇත යන අර්ථයි. තථා යනු ඒ මාණවකයාගේ හිස පීරා ජටාව බැඳි ආකාරයට මගේ හිස ද පීරා බඳින්නට කැමැත්ත ඇත්තේ වෙමියි කීහ. උපේතරූපා යනු ගැලපෙන ස්වභාවයයි. වාතසමෙරිතංවා යනු යම්සේ නිලුපුල් සුවඳින් හමායයිද එපරිදි මේ වනලැහැබෙහි මේ අසපුවේ ද ඒ සුවඳ හමායයි. නෙතාදිසො යනු, පියාණනි, යම් ලෙසකින් මගේ ශරීරයේ මඩ ගෑවී තිබේද? ඔහුගේ ශරීරයෙහි එසේ නැත. එය දර්ශනීය ද, සුවඳවත් බව ද වෙයි. අග්ගගිම්හෙ යනු වසන්ත කාලයයි.

නිහන‍්තීති පහරති. කිං රුක‍්ඛඵලං නු ඛො තන‍්ති කතරරුක‍්ඛස‍්ස නු ඛො තං ඵලං. සඞ‍්ඛවරූපපන‍්නාති සුධොතසඞ‍්ඛපටිභාගා. න හි නූන සො සාකමඛාදි තෙහීති න නූන සො මාණවො මයං විය තෙහි දන‍්තෙහි රුක‍්ඛපණ‍්ණානි චෙව මූලඵලාඵලානි ච ඛාදි. අම‍්හාකඤ‍්හි තානි ඛාදන‍්තානං සබලා පණ‍්ණවණ‍්ණා දන‍්තාති දීපෙති.

තිහන්ති යනු පහරදෙයි. කිං රුක්ඛඵලං නු ඛොතං යනු කවරගසක හටගත් ගෙඩි ද? සංඛවරූපපන්නා යනු, මනා සුදුවන් වූ සක්ගෙඩියයි. න නූන සො සාකමඛාදී යනු, ඒකාන්තයෙන් ඒ මානවකයා අපි මෙන් ඒ දත්වලින් ගස් කොළ සේම මුල් ගෙඩිද නොකා ඇත. ඔහුගේ දත් හක්ගෙඩියක් සේ බබළයි. අකක්කසං ඒ තරුණ තපස්වීන්ගේ වචන ඵරුෂ නො වන්නේය. කර්කශ නොවන්නේය. නැවත නැවත කියත් මිහිරි වන්නේය. නොසෙළු බැවින් සෘජු වන්නේය. අවික්‍ෂිප්ත බැවින් අනුද්ධක වන්නේය. චපල නො වන්නේය.

අකක‍්කසන‍්ති, තාත, තස‍්ස භාසිතං අඵරුසං අගළිතං, පුනප‍්පුනං වදන‍්තස‍්සාපි මධුරතාය මුහුං මුදුං, අපමුස‍්සතාය උජුං, අවික‍්ඛිත‍්තතාය අනුද‍්ධටං, පතිට‍්ඨිතතාය අචපලං. රුදන‍්ති භාසමානස‍්ස සරසඞ‍්ඛාතං රුදම‍්පි මනොහරං කරවීකස‍්ස විය සුස‍්සරං සුමධුරං. රඤ‍්ජයතෙවාති මම මනො රඤ‍්ජතියෙව. බින්‍දුස‍්සරොති පිණ‍්ඩිතස‍්සරො. මාණවොහූති සො හි මාණවො පුරත්‍ථා මම මිත‍්තො අහු.

රුදං යනු කථා කරන්නේද මධුර ස්වර සංඛ්‍යාත ඒ හඬ මනෝහරය. කොවුලකුගේ හඬ මෙන් සුසිරය. සුමධුර විලාශයකි. රඤ්ජයතෙවා යනු මගේ සිත ඇලෙයි යනුවෙනි. බින්‍දුස්සරො යනු පිඬු කරන ලද හඬයි. මාණවාහූ යනු ඒ මානවකයා මගේ පළමු මිත්‍රයා වූවෙහි.

සුසන්‍ධි සබ‍්බත්‍ථ විමට‍්ඨිමං වණන‍්ති තාත තස‍්ස මාණවස‍්ස ඌරූනං අන‍්තරෙ එකං වණං අත්‍ථි, තං සුසන්‍ධි සුඵුසිතං සිප‍්පිපුටමුඛසදිසං, සබ‍්බත්‍ථ විමට‍්ඨං සමන‍්තතො මට‍්ඨං. පුථූති මහන‍්තං. සුජාතන‍්ති සුසණ‍්ඨිතං. ඛරපත‍්තසන‍්නිභන‍්ති සුපුප‍්ඵිතපදුමමකුළසන‍්නිභං. උත‍්තරියානාති උත‍්තරිත්‍වා අවත්‍ථරිත්‍වා. පිළයීති පීළෙසි. තපන‍්තීති තස‍්ස මාණවස‍්ස සරීරතො නිච‍්ඡරන‍්තා සුවණ‍්ණවණ‍්ණරංසියො ජලන‍්ති ඔභාසන‍්ති විරොචන‍්ති ච. බාහාති බාහාපිස‍්ස මුදූ. අඤ‍්ජනලොමසාදිසාති අඤ‍්ජනසදිසෙහි ලොමෙහි සමන‍්නාගතා. විචිත්‍රවට‍්ටඞ‍්ගුලිකාස‍්ස සොභරෙති හත්‍ථාපිස‍්ස වරලක‍්ඛණවිචිත්‍රාහි පවාලඞ‍්කුරසදිසාහි වට‍්ටඞ‍්ගුලීහි සමන‍්නාගතා සොභන‍්ති.

සුසන්‍ධි සබ්බත්‍ථ විමට්ඨමං වණං යනු පියාණනි; ඒ මානවකයාගේ කලවා අතර එක් තුවාලයක් ඇත. එය සන්‍ධිය මැද මනාව පිහිටියේ මුතු බෙල්ලකුගේ මුව හා සමාන සැමතැන පැතිරුණු හාත්පසින් මටවූයේය. පුථු යනු මහත්ය. සුජාතං යනු මනා වූ සටහන් ඇත්තේය. ඛරපත්තසන්නිභා යනු, පියුම් මොට්ටුවක් හා සමානය. උත්තරියානා යනු වසා මැඩගෙන ගොස්, පීළයී යනු පෙළීය. තපන්ති යනු ඒ මානවකයාගේ සිරුරින් රන්වන් රැස් විහිදෙයි. දිළිසෙයි. බබළයි. මැනවින් බබළයි යනුයි. බාහා යනු බහා තබා. මුදුඅඤ්ජන ලොම පදිසා යනු ලොම්වලින් සමන්විතය. විචිත්ත වට්ටංගුලිකස්ස සොභරෙ යනු ඒ තපස්වීන්ගේ අත්, නිත්‍ය ලක්‍ෂණයෙන් විසිතුරු වූ, පබළු හා සමානව වට මට වූ ඇඟිලිවලින් සෝභාමත් වෙයි.

අකක‍්කසඞ‍්ගොති කච‍්ඡුපීළකාදිරහිතඅඞ‍්ගපච‍්චඞ‍්ගො. රමයං උපට‍්ඨහීති මං රමයන‍්තො උපට‍්ඨහි පරිචරි. තූලූපනිභාති මුදුභාවස‍්ස උපමා. සුවණ‍්ණකම‍්බුතලවට‍්ටසුච‍්ඡවීති සුවණ‍්ණමයං ආදාසතලං විය වට‍්ටා ච සුච‍්ඡවි ච, පරිමණ‍්ඩලතලා චෙව සුන්‍දරච‍්ඡවි චාති අත්‍ථො. සම‍්ඵුසිත්‍වාති සුට‍්ඨු ඵුසිත්‍වා අත‍්තනො හත්‍ථසම‍්ඵස‍්සං මම සරීරෙ ඵරාපෙත්‍වා. ඉතො ගතොති මම ඔලොකෙන‍්තස‍්සෙව ඉතො ගතො. තෙන මං දහන‍්තීති තෙන තස‍්ස හත්‍ථසම‍්ඵස‍්සෙන ඉදානි මං දහන‍්ති. තථා හි තස‍්ස ගතකාලතො පට‍්ඨාය මම සරීරෙ ඩාහො උට‍්ඨිතො, තෙනම‍්හි දොමනස‍්සප‍්පත‍්තො නිපන‍්නොති.

අකක්කඛසංගො යනු කඩුවේගං පිළිකා ආදියෙන් තොර ශරීර අඟපසඟ වේ. රමයං උපට්ඨහී යනු මා සතුටු කරමින් උපස්ථාන කළේය. අනුව හැසිරුණේ යනුයි. තුලූපනිභා යනු මෘදු ස්වභාවයට උපමාවකි. සුවණ්ණකම්බු තලවට්ට සුච්ඡවි යනු රන්මුවා කැටපතක් සේ වට වූ ද පැහැපත් වූ ද සුසිනිඳු වූ ද සිවියක් ඔහුට විය. සම්ඵුසිත්‍වා යනු සියුමැලි අත්වලින් මා වැළඳගෙන තමන්ගේ ස්පර්ශය මගේ ශරීරයේ පතුරුවා ඉතොගතො යනු මා බලාසිටියදීම මෙතනින් ගියේ යන අර්ථයයි. තෙනමං දහන්ති යනු ඔහු විසින් ඔහුගේ අතින් ස්පර්ශ කිරීමෙන්ම දැන් මා දැවෙත්. ඒ එසේමැයි. ඔහු ගිය කල් පටන් මගේ ශරීරයේ දැවිල්ල පටන් ගත්තේ. ඒ නිසාවෙන්ම දොම්නස් පැමිණියේ හොත්තේ යනුයි.

න නූන සො ඛාරිවිධන‍්ති, තාත, නූන සො මාණවො න ඛාරිභාරං උක‍්ඛිපිත්‍වා විචරි. ඛිලානීති කිලානි, “අයමෙව වා පාඨො. සොඛ්‍යන‍්ති සුඛං. මාලුවපණ‍්ණසන්‍ථතා විකිණ‍්ණරූපාවාති, තාත, අයං තව මාලුවපණ‍්ණසන්‍ථතා අජ‍්ජ මයා ච තෙන ච අඤ‍්ඤමඤ‍්ඤං පරාමසනාලිඞ‍්ගනවසෙන පරිවත‍්තන‍්තෙහි විකිණ‍්ණා විය ආකුලබ්‍යාකුලා ජාතා. පුනප‍්පුනං පණ‍්ණකුටිං වජාමාති, තාත, අහඤ‍්ච සො ච අභිරමිත්‍වා කිලන‍්තරූපා පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා උදකං පවිසිත්‍වා රමිත්‍වා විගතදරථා පුනප‍්පුනං ඉමමෙව කුටිං පවිසාමාති වදති.

ඛාරිවිධං යනු පියාණෙනි; ඒකාන්තයෙන් ඒ මානවකයා තවුස් පිරිකර බර ඔසවා නොහැසිරෙයි. ඛිලානී යනු ක්‍ෂය වූයේ, මේ පාඨයම වේ. සොඛ්‍යං යනු සැපයයි. සත්‍ථතා යනු ශාස්තෲන් වහන්සේයි. විකිණ්ණරූපවා යනු පියාණනි, මේ ඔබගේ මාලුවා කොළවලින් යුත් ඇතිරිල්ල අද ඔහු හා මා විසින් ඔවුනොවුන් පිරිමැදි ආලිංගන වශයෙන් පරාමර්ශනය කරන්නේ විසුරුවන ලද්දේ මෙන් අවුල් වියවුල් බවක් හට ගත්තේය. පුනප්පුනං පණ්ණකුටිං වජාම යනු පියාණනි, මම ද, ඔහු ද මැනවින් සතුටු වී ක්ලාන්ත වූයේ පන්සලෙන් නික්ම දියට බැස රමණය කොට, පහවූ වෙහෙස ඇත්තේ නැවත නැවත මේ කුටියට ම පිවිසියෙමුයි කියයි.

න මජ‍්ජ මන‍්තාති අජ‍්ජ මම තස‍්ස ගතකාලතො පට‍්ඨාය නෙව මන‍්තා පටිභන‍්ති න උපට‍්ඨහන‍්ති න රුච‍්චන‍්ති. න අග‍්ගිහුත‍්තං නපි යඤ‍්ඤතන‍්තන‍්ති මහාබ්‍රහ‍්මුනො ආරාධනත්‍ථාය කත‍්තබ‍්බහොමවිධූපනාදියඤ‍්ඤකිරියාපි මෙ න පටිභාති න උපට‍්ඨාති න රුච‍්චති. න චාපි තෙති තයා ආභතමූලඵලාඵලානිපි න භුඤ‍්ජාමි. යස‍්සං දිසන‍්ති යස‍්සං දිසායං. වනන‍්ති තස‍්ස මාණවස‍්ස අස‍්සමං පරිවාරෙත්‍වා ඨිතවනන‍්ති.

මන්තා යනු අද මා ඔහු ගියකල් පටන් මන්ත්‍ර ජප නො කෙළෙමි. උවටැන් නො කෙළෙමි. රුචි නොකරත්. න අග්ගිහුත්තා නපි යඤ්ඤතන්නු යනු මහා බ්‍රහ්මයා සතුටු කිරීම පිණිස කළයුතු යාගහෝම පුදපූජා ක්‍රියාදිය මම නොකියයි. රුචි නො කළෙමි. නචාපි තෙ යනු ඔබ විසින් ගෙනෙන ලද මුල් ගෙඩි අනුභව නොකරමි. යස්සං දිසං යනු යම්බඳු දිශාවක. වනං යනු ඒ මානවකයාගේ ආශ්‍රමය පිරිවරා සිටි වනයයි.

තස‍්සෙවං විලපන‍්තස‍්ස තං විලාපං සුත්‍වා මහාසත‍්තො “එකාය ඉත්‍ථියා ඉමස‍්ස සීලං භින‍්නං භවිස‍්සතී”ති ඤත්‍වා තං ඔවදන‍්තො ඡ ගාථායො අභාසි –

මෙසේ ඔහුගේ විලාපය අසා බෝසත් තෙම එක්තරා ස්ත්‍රියක් මොහුගේ සිල්බිඳීම කළා වන්නේහිය යයි දැන ඔහුට අවවාද දෙමින් මේ ගාථා හය වදාළ සේක.

“ඉමස‍්මාහං ජොතිරසෙ වනම‍්හි, ගන්‍ධබ‍්බදෙවච‍්ඡරසඞ‍්ඝසෙවිතෙ; ඉසීනමාවාසෙ සනන‍්තනම‍්හි, නෙතාදිසං අරතිං පාපුණෙථ.

හෝමාග්නියෙන් බබළන, ගාන්ධර්වයන් හා දිව්‍යප්සරා සමූහයන් විසින් සෙවුනා ලද, ඉතා පුරාණ සෘෂීන්ගේ වාසභූමිය වන මේ අසපුවෙහි කිසිවෙක් මෙබඳු නො ඇල්මකට නො පැමිණියේය.

“භවන‍්ති මිත‍්තානි අථො න හොන‍්ති, ඤාතීසු මිත‍්තෙසු කරොන‍්ති පෙමං; අයඤ‍්ච ජම‍්මො කිස‍්ස වා නිවිට‍්ඨො, යො නෙව ජානාති ‘කුතොම‍්හි ආගතො’.

ලොව සමහරුන්ට මිත්‍රයෝ වෙති. සමහරුන්ට මිත්‍රයෝ නොවෙත්. ඔවුන්ගෙන් සමහරු නෑයන් කෙරෙහි ද මිත්‍රයන් කෙරෙහි ද ප්‍රේම කරත්. යම් මේ ඉසිසිංග තාපසයෙක් වේද, ඔහු කොහෙන් ආයේදැයි තමන් ගැනත් නො දනිති. එසේ වූ මොහු කුමක් හෙයින් මේ මාගම කෙරෙහි මිත්‍රයා යයි බැඳුනේ ද?

“සංවාසෙන හි මිත‍්තානි, සන්‍ධීයන‍්ති පුනප‍්පුනං; ස‍්වෙව මිත‍්තො අසංගන‍්තු, අසංවාසෙන ජීරති.

පුත්‍රය! එක්ව වාසය කිරීමෙන් ම මිත්‍රයෝ නැවත නැවත එක්වෙති. ඒ මිත්‍ර තෙමේ එක්ව වාසය නො කිරීමෙන්ම විනාශ වේ.

“සචෙ තුවං දක‍්ඛසි බ්‍රහ‍්මචාරිං, සචෙ තුවං සල‍්ලපෙ බ්‍රහ‍්මචාරිනා; සම‍්පන‍්නසස‍්සංව මහොදකෙන, තපොගුණං ඛිප‍්පමිමං පහිස‍්සසි.

පුත්‍රය! ඉදින් නුඹ ඒ බ්‍රහ්මචාරියා දන්නෙහි නම්, මේ බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම්, සමෘද්ධ වූ අස්වැන්න එක් දියපාරකින් ගසාගෙන යන්නාක් මෙන් ඔබේ මේ තපෝ ගුණය වහාම පැහැර ගන්නේය.

“පුනපි චෙ දක‍්ඛසි බ්‍රහ‍්මචාරිං, පුනපි චෙ සල‍්ලපෙ බ්‍රහ‍්මචාරිනා; සම‍්පන‍්නසස‍්සංව මහොදකෙන, උස‍්මාගතං ඛිප‍්පමිමං පහිස‍්සසි.

පුත්‍රය! ඔබ නැවත ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම්, නැවතත් ඒ බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම්, සමෘද්ධ වූ අස්වැන්න මහා දිය පහරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ ශ්‍රමණ තේජස වහා නැතිවන්නේය.

“භූතානි හෙතානි චරන‍්ති තාත, විරූපරූපෙන මනුස‍්සලොකෙ; න තානි සෙවෙථ නරො සපඤ‍්ඤො, ආසජ‍්ජ නං නස‍්සති බ්‍රහ‍්මචාරී”ති.

පුත්‍රය! මිනිස්ලොව විරූප ස්වභාවයෙන් යක්‍ෂණී සංඛ්‍යාත භූතයෝ හැසිරෙත්. නුවණැති මිනිස් ඒ භූතයන් සේවනය නො කරන්නේය. බ්‍රහ්මචාරී තාපසයා ඒ භූතයාට ළං වීමෙන් නසින්නේ ය.

තත්‍ථ ඉමස‍්මාති ඉමස‍්මිං. හන‍්ති නිපාතමත‍්තං. ජොතිරසෙති හූයමානස‍්ස ජොතිනො රංසිඔභාසිතෙ. සනන‍්තනම‍්හීති පොරාණකෙ. පාපුණෙථාති පාපුණෙය්‍ය. ඉදං වුත‍්තං හොති – තාත, එවරූපෙ වනෙ වසන‍්තො යං අරතිං ත්‍වං පත‍්තො, එතාදිසං න පාපුණෙය්‍ය පණ‍්ඩිතො කුලපුත‍්තො, පත‍්තුං නාරහතීති අත්‍ථො.

එහි ඉමස්මා යනු මෙහි යන අර්ථයි. හ යනු නිපාත මාත්‍රයකි. ජොතිරසෙ යනු පවත්නා තාරකා රශ්මියෙන් බබළන සනන්තනම්හි යනු, පෞරාණික වූ, පාපුණෙතා යනු පැමිණෙන්නේය යනාර්ථයයි. එය මෙසේද කියන ලදි. මෙබඳු ආකාර වනයේ වාසය කරන්නා වූ, යම් නොඇල්මක් වේද, නුඹ පැමිණ මෙබඳු ආකාර වූ පැමිණීමක් නොවන්නේය. පණ්ඩිත කුලපුත්‍රයා එහි පැමිණීමට නුසුදුසුය යන අර්ථයයි.

“භවන‍්තී”ති ඉමං ගාථං මහාසත‍්තො අන‍්තොගතමෙව භාසති. අයමෙත්‍ථ අධිප‍්පායො – ලොකෙ සත‍්තානං මිත‍්තානි නාම හොන‍්තිපි න හොන‍්තිපි තත්‍ථ යෙසං හොන‍්ති, තෙ අත‍්තනො ඤාතීසු ච මිත‍්තෙසු ච පෙමං කරොන‍්ති. අයඤ‍්ච ජම‍්මොති මිගසිඞ‍්ගො ලාමකො. කිස‍්ස වා නිවිට‍්ඨොති කෙන නාම කාරණෙන තස‍්මිං මාතුගාමෙ මිත‍්තසඤ‍්ඤාය නිවිට‍්ඨො, සො මිගියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්තිත්‍වා අරඤ‍්ඤෙ වඩ‍්ඪිතත‍්තා “කුතොම‍්හි ආගතො”ති අත‍්තනො ආගතට‍්ඨානමත‍්තම‍්පි න ජානාති, පගෙව ඤාතිමිත‍්තෙති.

භවන්තක යනු මේ ගාථාව මහාසත්වයා අභ්‍යන්තරයේම කියයි. එය මෙහි අභිප්‍රායයි. ලොව සත්වයන්ගේ මිත්‍රයෝ නම් වෙති. හෝ නොවෙති. ඔවුන්ට වෙත්වයි තමන්ගේ ඔවුහු තමන්ගේ ඤාතිමිත්‍රාදීන් කෙරෙහි ප්‍රේම කරති. අයංච ජම්මෝ යනු ඉසිසිංග ලාමක වේය යනුයි. කිස්සවා නිවිට්ඨො යනු, කවරනම් කරුණකින් ඒ මාගම කෙරෙහි මිත්‍ර සංඥාව පවත්වාද? ඔහු මුවදෙනගේ කුසෙහි ඉපද, අරණ්‍යයෙහි වැඩුණු බැවින් කුතොම්හි ආගතො යනු තමා පැමිණි තැනම ඤාති මිත්‍රාදීන් බව හුදෙක්ම නොදනියි.

පුනප‍්පුනන‍්ති, තාත, මිත‍්තානි නාම පුනප‍්පුනං සංවාසෙන සංසෙවනෙන සන්‍ධීයන‍්ති ඝටීයන‍්ති. ස‍්වෙව මිත‍්තොති සො එව මිත‍්තො අසංගන‍්තු අසමාගච‍්ඡන‍්තස‍්ස පුරිසස‍්ස තෙන අසමාගමසඞ‍්ඛාතෙන අසංවාසෙන ජීරති විනස‍්සති . සචෙති තස‍්මා, තාත, සචෙ ත්‍වං පුනපි තං දක‍්ඛසි, තෙන වා සල‍්ලපිස‍්සසි, අථ යථා නාම නිප‍්ඵන‍්නසස‍්සං මහොඝෙන හරීයති, එවං ඉමං අත‍්තනො තපොගුණං පහිස‍්සසි හාරෙස‍්සසීති අත්‍ථො. උස‍්මාගතන‍්ති සමණතෙජං.

පුනප්පුනං යනු දරුව! මිත්‍රයෝ නම් නැවත නැවත එකට හැසිරීමෙන් එක්ව විසීමෙන් සන්‍ධියන්ති ගැටෙත්. ස්වෙව මිත්තො යනු ඔහුම මිත්‍රයා වේ. අසංගන්තු එකතුනොවන පුරිසයාගේ එසේ එකතු නොවීම් වශයෙන් අසංවාසෙන ජීරති විනාශ වන්නේය. සචෙ යනු පියාණනි, එහෙයින් ඉදින් නුඹ නැවතද ඔහු දකින්නෙහි නම් ඔහු සමග කථාබහ කරන්නෙහි යම්සේ මනාසේ නිපන් ශස්‍ය මහ සැඩ පහරින් ගසාගෙන යයි ද, එසේ තමාගේ තපෝ ගුණය පහස්සසි හැරයන්නේය යන අර්ථයයි. උස්මාගතං යනු ශ්‍රමණ තේජසයි.

විරූපරූපෙනාති විවිධරූපෙන. ඉදං වුත‍්තං හොති – තාත, මනුස‍්සලොකස‍්මිඤ‍්හි එතානි යක‍්ඛිනිසඞ‍්ඛාතානි භූතානි විවිධරූපපටිච‍්ඡන‍්නෙන අත‍්තනො රූපෙන අත‍්තනො වසං ගතෙ ඛාදිතුං චරන‍්ති, තානි සපඤ‍්ඤො නරො න සෙවෙථ. තාදිසඤ‍්හි භූතං ආසජ‍්ජ නං පත්‍වා නස‍්සති බ්‍රහ‍්මචාරී, දිට‍්ඨොසි තාය යක‍්ඛිනියා න ඛාදිතොති පුත‍්තං ඔවදි.

විරූපරූපෙන යනු විවිධ ස්වරූපයෙන් දරුව, එය මෙසේද කියන ලදි. මිනිස්ලොව මෙබඳු යක්‍ෂිණි සංඛ්‍යාත සත්ත්වයෝ විවිධ වෙස් රූප ගැනීමෙන්, තමන්ගේ රූපයෙන්, තමන්ගේ වසඟයෙහි කෑමට හැසිරෙත්. ඔවුහු ප්‍රඥාවන්ත මිනිසා, සේවනය නො කරාහු. මෙබඳු වූ භූත පැවැත්මයි. ආසජ්ජනං ගැටීමට පැමිණ විනාශ වන්නේය. බ්‍රහ්මචාරිත්වය දක්නෙහි නමුත් ඒ යක්‍ෂණිය විසින් නොකෑවිරූයයි, මෙසේ පුත්‍රයාට අවවාද දුන්නේය.

සො පිතු කථං සුත්‍වා “යක‍්ඛිනී කිර සා”ති භීතො චිත‍්තං නිවත‍්තෙත්‍වා “තාත, එත‍්තො න ගමිස‍්සාමි, ඛමථ මෙ”ති ඛමාපෙසි. සොපි නං සමස‍්සාසෙත්‍වා “එහි ත්‍වං, මාණව, මෙත‍්තං භාවෙහි, කරුණං, මුදිතං, උපෙක‍්ඛ”න‍්ති බ්‍රහ‍්මවිහාරභාවනං ආචික‍්ඛි. සො තථා පටිපජ‍්ජිත්‍වා පුන ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙසි.

ඔහු පියාගේ කථාව අසා යක්‍ෂණිය වනාහි ඇයයයි බියෙන් සිත නවතා පියාණනි, මෙහෙන් නොයන්නෙමි. මට ක්‍ෂමා වුව මැනැවැයි ක්‍ෂමා කළේය. ඔහුද, පෙර අස්වසා එන්න; නුඹ මානවකය. මෛත්‍රිය වඩන්න. කරුණා මුදිතා උපෙක්‍ෂා ආදි බඹ විහරණයන් වඩන්නැයි කීවේය. ඔහු එසේ පිළිපැද, ධ්‍යාන අභිඥා උපදවා ගත්තේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා නිළිනිකා පුරාණදුතියිකා අහොසි, ඉසිසිඞ‍්ගො උක‍්කණ‍්ඨිතභික‍්ඛු, පිතා පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය වදාරා ජාතක කථාව නිමකළ සේක. සත්‍යය අවසානයේ කළකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල නිළිනිකාව පුරාණ බිරිඳ වූවාය. සෘෂිසිංග තෙම කළකිරුණු භික්‍ෂුවයි. පියා වනාහි මම ම වෙමි.

නිළිනිකාජාතකවණ‍්ණනා පඨමා.

නළිනිකා ජාතකය නිමි.