යෙදුමෙන් කියවන්න

1. නලිනිකාජාතකං

1. නලිනිකාජාතකං.

1. නලිනිකා ජාතකය

3326. උඩ‍්ඪය‍්හතෙ ජනපදො රට‍්ඨඤ‍්චාපි විනස‍්සති, එහි නලිනිකෙ ගච‍්ඡ තං මෙ බ්‍රාහ‍්මණමානය.

3326. නලිනී කුමරිය, මෙහි එව. ජනපදය නියඟින් දැවේ. රට ද වැනසේ, යව, ඒ මාගේ රටට වැසි වළකන්නා වූ බ්‍රාහ්මණයා (ඉසිසිංග තාපසයා) මෙහි ගෙන එවයි රජ තෙම කීය.

3327. නාහං දුක‍්ඛක‍්ඛමා රාජ නාහං අද‍්ධානකොවිදා, කථං අහං ගමිස‍්සාමි වනං කුඤ‍්ජරසෙවිතං.

3327. පිය මහරජ, මම දුක් ඉවසිය හැක්කී නොවෙමි. මම හොඳින් මඟ දන්නියක් ද නොවෙමි. ඇතුන් විසින් සෙවුනා ලද වනයෙහි මම කෙසේ නම් යම් දැ යි නලිනිය ඇසුවා ය.

3328. ඵීතං ජනපදං ගන‍්ත්‍වා හත්‍ථිනා ච රථෙන ච, දාරුසඞ‍්ඝාටයානෙන එවං ගච‍්ඡ නලීනිකෙ.

3328. එම්බා නලිනිය, ඇතුපිටින් හා රථයෙන් ද සමෘද්ධ වූ නුවරට ගොස් සුදුසු තන්හි බස්වාගෙන යන දැවමය යානයෙන්ද, නැව් ආදියෙන් ද යව.

3329. හත්‍ථි අස‍්සා රථා පත‍්තී ගච‍්ඡෙවාදාය ඛත‍්තියෙ, තවෙව වණ‍්ණරූපෙන වසං තං ආනයිස‍්සසි.

3329. ක්‍ෂත්‍රිය කුමරියනි, ඇත් අස් රිය පාබළ යන සිව් රඟ සෙනග ගෙන යව. මෙසේ ක්ලාන්ත නොවී ගොස් තිගේ ශරීර වර්‍ණයෙන් ද රූප සම්පත්තියෙන් ද ඒ බ්‍රාහ්මණයා තමන්ගේ වසයට ගනුවයි කීයේ ය.

3330. කදලීධජපඤ‍්ඤාණො ආභුජීපරිවාරිතො, එසො පදිස‍්සති රම‍්මො ඉසිසිඞ‍්ගස‍්ස අස‍්සමො.

3330. කදලි සංඛ්‍යාත කෙසෙල් ධ්වජ සලකුණු ඇත්තා වූ ආභුජී පත්‍ර වනයෙන් පිරිවරන ලද්දා වූ ඉසිසිංග තාපසයාගේ රම්‍ය ආශ්‍රමය අර පෙණේ.

3331. එසො අග‍්ගිස‍්ස සඞ‍්ඛාතො එසො ධූමො පදිස‍්සති, මඤ‍්ඤෙ නො අග‍්ගිං හාපෙති ඉසිසිඞ‍්ගො මහිද‍්ධිකො.

3331. අර ගින්න ඒ තාපසයා විසින් පුදන ලද ගින්න වේ. අර දුම දක්නට ලැබේ. මහත් ඍද්ධි ඇති ඉසිසිංග තාපස තෙම ගින්න නොනිවන්නේ යයි හඟිමි.

3332. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තිං ආමුත‍්තමණිකුණ‍්ඩලං, ඉසිසිඞ‍්ගො පාවිසි භීතො අස‍්සමං පණ‍්ණඡාදනං.

3332. ඉසිසිංග තාපස තෙමේ මිණි කොඬොල් පැළඳ එන්නා වූ ඇය දැක බිය වී (කොළ පියසි ඇති) ආශ්‍රමයට ඇතුළු විය.

3333. අස‍්සමස‍්ස ච සා ද‍්වාරෙ භෙණ‍්ඩුකෙනස‍්ස කීළති, විදංසයන‍්තී අඞ‍්ගානි ගුය‍්හං පකාසිතානි ච.

3333. ඒ නලිනී තොමෝ අසපු දොර සිට රහසඟත් ප්‍රකට නොකටයුතු අවයවත් පෙන්නමින් පන්දුවකින් ක්‍රීඩා කරයි.

3334. තඤෙ දිස‍්වාන කීළන‍්තිං පණ‍්ණසාලගතො ජටී, අස‍්සමා නික‍්ඛමිත්‍වාන ඉදං වචනමබ්‍රවි.

3334. පන්සලට පිවිසියා වූ තාපස තෙම ක්‍රීඩා කරන්නා වූ ඇය දැක අසපුවෙන් නික්ම මේ වචන කීයේ ය.

3335. අම‍්භො කො නාම සො රුක‍්ඛො යස‍්ස තෙවංගතං ඵලං, දූරෙපි ඛිත‍්තං පච‍්චෙති න තං ඔහාය ගච‍්ඡති.

3335. පින්වත, යම්බඳු නුඹගේ දුරට දමන ලද ඵලය (පන්දුව) ආපසු එයි ද තා හැර නොයයි ද, මේ ආකාරයක් ඇති ඵලය හටගන්නා වූ ඒ ගස කවරෙක්දැයි තාපස තෙම ප්‍රශ්න කෙළේ ය.

3336. අස‍්සමස‍්ස මමං බ්‍රහ‍්මෙ සමීපෙ ගන්‍ධමාදනෙ, පබ‍්බතෙ තාදිසා රුක‍්ඛා යස‍්ස තෙවඞ‍්ගතං ඵලං දූරෙපි ඛිත‍්තං පච‍්චෙති න මං ඔහාය ගච‍්ඡති.

3336. බ්‍රාහ්මණය, ගන්‍ධමාදන පර්‍වතයෙහි මාගේ අසපුව සමීපයෙහි යම් ගසක ඵලය මෙසේ දුරට දමා ගැසූ කල පෙරළා ඒ ද, මා හැරදමාත් නොයා ද එබඳු වෘක්‍ෂයෝ එහි ඇත්තාහ.

3337. එතු භවං අස‍්සමිමං අදෙතු පජ‍්ජඤ‍්ච භක‍්ඛඤ‍්ච පටිච‍්ඡ දම‍්මි, ඉදමාසනං අත්‍ර භවං නිසීදතු ඉතො භවං මූලඵලානි ඛාදතු

3337. පින්වතුන් වහන්සේ මේ ආශ්‍රමයට පිවිසෙන සේක්වා. (ඇති සැටියකින්) ආහාර අනුභව කෙරෙත් වා. පයෙහි ගල්වන තෙල් ද, මිහිරි ඵලාඵල ද සූදානම් කොට දෙමි. මේ නුඹ වහන්සේට ආසනයයි. පින්වතුන් වහන්සේ මෙහි හිඳගන්නා සේක් වා. පින්වතුන් වහන්සේ මෙයින් අලමුල් හා පලවැළ ද අනුභව කෙරෙත් වා.

3338. කින‍්තෙ ඉදං ඌරූනමන‍්තරසමිං සුපිච‍්ඡිතං කණ‍්හරිවප‍්පකාසති, අක‍්ඛාහි මෙ පුච‍්ඡිතො එතමත්‍ථං කොසෙනු තෙ උත‍්තමඞ‍්ගං පවිට‍්ඨං.

3338. පින්වත, නුඹගේ කළවායුවල අතර හොඳින් හේත්තු වූ කළුවන් සටහනක් සේ මේ කවරක් නම් පෙනේ ද? මා විසින් විචාරන ලද නුඹ මේ කරුණ මට කියව. තොපගේ රහසඟ ශරීර සංඛ්‍යාත කෝෂයෙහි ඇතුළු වීද?

3339. අහං වනෙ මූලඵලෙසනං චරං ආසාදයිං අච‍්ඡං සුඝොරරූපං, සො මං පතිත්‍වා සහසජ‍්ඣපත‍්තො පනුජ‍්ජ මං අබ‍්බහි උත‍්තමඞ‍්ගං.

3339. පින්වත් තාපසයෙනි, මම වනයෙහි අල මුල් හා පලතුරු සොයමින් හැසුරුණෙම් ඉතා දරුණු ස්වභාව ඇති වලසකුට ගලකින් ගැසුවෙමි. ඒ වලසා මා දෙසට පැන වහා මා වෙත පැමිණියේ මා පෙරළා මාගේ රහසඟ කටින් උදුරා ඩැහැ ගත්තේය.

3340. ස‍්වායං වණො ඛජ‍්ජති කණ‍්ඩුවායති සබ‍්බඤ‍්ච කාලං න ලභාමි සාතං, පහො භවං කණ‍්ඩුමිමං විනෙතුං කුරුතං භවං යාචිතො බ්‍රාහ‍්මණත්‍ථං.

3340. එතැන් පටන් මාගේ ඒ වණය සෑරෙයි. කැසීමද හටගනී. එහෙයින් හැම කල්හිම සුවයක් නොලබමි. පින්වත් තෙම මේ කැසීම සුව කරන්නට පොහොසත් ය. මා විසින් යදින ලද නුඹ වහන්සේ බ්‍රාහ්මණ වූ මා පිණිස යහපතක් කරන සේක් වා.

3341. ගම‍්භීරරූපො තෙ වණො සලොහිතො අපූතිකො පක‍්කගන්‍ධො මහා ච, කරොමි තෙ කිඤ‍්චි කසායයොගං යථා භවං පරමසුඛී භවෙය්‍ය.

3341. පින්වත, තොපගේ වණය ගැඹුරුය. ලේවන් පැහැත්තේ ය. කුණුමස් නැත්තේ ය. මදක් දුගඳ ඇත්තේ ය. විශාල ය. යම් සේ පින්වත් තෙමේ ඉතා සුවපත් වූවෙක් වන්නේ ද එසේ යම්කිසි කෂාය යෝගයක් තොපට කරමි.

3342. න මන‍්තයොගා න කසාවයොගා න ඔසධා බ්‍රහ‍්මචාරී කමන‍්ති, යං තෙ මුදු තෙන විනෙහි කණ‍්ඩු යථා අහං පරමසුඛී භවෙය්‍යං.

3342. පින්වත් බ්‍රහ්මචාරිය, මන්ත්‍ර හෝ කසාය යෝග හෝ වෙනත් ඖෂධ හෝ මේ වණය සුවපත් නො කෙරේ. යම් සේ මම ඉතා සුවැත්තෙක් වන්නෙම් ද එපරිද්දෙන් නුඹගේ මෘදු වූ යම් අවයවයක් වේ නම් එයින් ගටා මේ කැසීම දුරුකරවයි නලිනී කීවා ය.

3343. ඉතො නු භොතො කතමෙන අස‍්සමො කච‍්චි භවං අභිරමසී අරඤ‍්ඤෙ, කච‍්චිනු තෙ මූලඵලං පහූතං කච‍්චි භවන‍්තං න විහිංසන‍්ති වාළා.

3343. පින්වතාගේ ආශ්‍රමය මෙයින් කවර දිශායෙක්හි ද? කිම පින්වතා වනයෙහි සිත් අලවන්නේ ද? කිම නුඹට අල මුල් හා පලතුරු බොහෝ තිබේ ද? කිම ව්‍යාල සත්තු පින්වතා නො වෙහෙසත් ද?

3344. ඉතො උජුං උත‍්තරායං දිසායං ඛෙමා නදී හිමවන‍්තා පභාති, තස‍්සා තීරෙ අස‍්සමො මය‍්හ රම‍්මො අහො භවං අස‍්සමං මය‍්හ පස‍්සෙ.

3344. පින්වත, මෙතැනින් ඍජුව උතුරු පැත්තෙහි ඛේමා නම් ගඟක් හිමවතෙන් ගලා බසියි. මාගේ රම්‍ය වූ ආශ්‍රමය ඒ ගංගාවගේ ඉවුරේ ය. අනේ, පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යහපතැ යි නලිනී කීවා ය.

3345. අම‍්බා ච සාලා තිලකා ච ජම‍්බුයො උද‍්දාලකා පාටලියො ච ඵුල‍්ලා, සමන‍්තතො කිම‍්පුරිසාභිගීතං අහො භවං අස‍්සමං මය‍්හ පස‍්සෙ.

3345. එහි අඹ ගස් ද සල් ගස් ද එරහැන්ද ගස් ද දඹ ගස් ද ඇහැළ ගස් ද පළොල් ගස් ද පිපියාහු වෙත්. හාත්පසින් කිඳුරන් විසින් ගායනා කරන ලද්දේ වේ. අනේ පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යෙහෙක.

3346. තාලා ච මූලා ච ඵලා ච මෙත්‍ථ වණ‍්ණෙන ගන්‍ධෙන උපෙතරූපා, තං භූමිභාගෙහි උපෙතරූපං අහො භවං අස‍්සමං මය‍්හ පස‍්සෙ.

3346. මෙහි පැහැයෙන් සහ සුවඳින් යුත් තල්ගස් ද තල් අල ද තල් ගෙඩි ද ඇත්තාහ. ඒ ආශ්‍රමය මෙබඳු භූමිභාගයකින් යුක්තය. අනේ පින්වතා මාගේ ආශ්‍රමය දක්නේ නම් යහපති.

3347. ඵලා ච මූලා ච පහූත මෙත්‍ථ වණ‍්ණෙන ගන්‍ධෙන රසෙනුපෙතා, ආයන‍්ති ච ලුද‍්දකා නං පදෙසං මා මෙ තතො මූලඵලං අභාසුං.

3347. මෙහි පැහැයෙන් ද සුවඳින් හා රසයෙන් ද යුත් පලතුරු ද අල මුල් ද බොහෝ ය. ඒ ප්‍රදේශයට වැද්දෝ ද එන්නාහ. ඒ ආශ්‍රමයෙන් ඔවුහු අල මුල් හා පලතුරු හැරගෙන නො යත්වා යි (නලිනිය ප්‍රකාශ කළා ය.)

3348. පිතා මමං මූලඵලෙසනං ගතො ඉදානි ආගච‍්ඡති සායකාලෙ, උභොව ගච‍්ඡාමසෙ අස‍්සමං තං යාව පිතා මූලඵලතො එතු.

3348. මාගේ පියා අල මුල් හා පලතුරු සෙවීමට ගියේ ය. සවස් කාලයෙහි දැන් එන්නේ ය. පියා අල මුල් හා පලතුරු සොයා ගෙන එනතුරු බලව. (එවිට) අපි දෙදෙනා ම ඒ ආශ්‍රමයට යමුයි (තාපසයා කීයේය.)

3349. අඤ‍්ඤෙ බහූ ඉසයො සාධුරූපා රාජිසයො අනුමග‍්ගෙ වසන‍්ති, තෙයෙව පුච‍්ඡෙසි මමස‍්සමං තං තෙ තං නයිස‍්සන‍්ති මමං සකාසෙ.

3349. තාපසය, තවත් බොහෝ යහපත් ස්වභාව ඇත්තා වූ බ්‍රාහ්මණ ඍෂීහු ද රාජර්ෂීහු ද මාගේ ආශ්‍රමයට යන මාර්‍ගයෙහි දෙපස වසන්නාහ. නුඹ මාගේ ආශ්‍රමයට යන මග ඔවුන් විචාරා දනුව. ඒ ඍෂිවරු තොප මාගේ අසපුවට පමුණුවන්නා හ. (කියා නලිනී ගියා ය.)

3350. න තෙ කට‍්ඨානි භින‍්නානි න තෙ උදකමාභතං, අග‍්ගිපි තෙ න භාසිතො කින‍්නු මන්‍දොව ඣායසි.

3350. (පුත්‍රය,) තා විසින් දර නොකඩන ලද. දිය නො ගෙනෙන ලද. පූජාග්නිය නො දල්වන ලද. කුමක් නිසා බාලයකු මෙන් සිතුවිල්ලෙහි යෙදී සිටිනෙහිද?

3351. භින‍්නානි කට‍්ඨානි හුතො ච අග‍්ගි තපනීපි තෙ සමිතා බ්‍රහ‍්මචාරි, පීඨඤ‍්ච මය‍්හං උදකඤ‍්ච හොති රමසි ත්‍වං බ්‍රහ‍්මභූතො පුරත්‍ථා.

3351. බ්‍රහ්මචාරී තාපසය, පෙර නුඹ විසින් දර බිඳින ලදහ. පූජාග්නිය ද දල්වන ලද්දේ ය. ගිනි තපින උපකරණ ද තා විසින් ම සපයන ලද්දාහ. මාගේ පුටුව ද එළවා තබන ලද්දේ වෙයි. පා දෝනා දිය ද එළවන ලද්දේ ය. නුඹ ද මෙයින් පෙර ශ්‍රෙෂ්ඨයෙක් ව මේ ආශ්‍රමයෙහි සිත් ඇලවූවෙහි ය.

3352. අභින‍්නකට‍්ඨොසි අනාභතොදකො අභාසිතග‍්ගීසි අසිද‍්ධභොජනො, න මෙ තුවං ආලපසී මමජ‍්ජ නට‍්ඨන‍්නු කිං චෙතසිකඤ‍්ච දුක‍්ඛං.

3352. ඒ නුඹ අද නොකැඩූ දර ඇත්තෙහි ය. දිය නොගෙනායෙහි ය. නොදල්වන ලද පූජාග්නි ඇත්තෙහි ය. පිළියෙළ නොකරන ලද ආහාර ඇත්තෙහි ය. අද නුඹ මා හා කතා නො කරන්නෙහි ය. නුඹගේ යම් කිසිවක් නැතිවී ද? කවර නම් චෛතසික දුකක් ඇත්තෙහි ද? (යි පිය තාපසයා ප්‍රශ්න කළේ ය.)

3353. ඉධාගමා ජටිලො බ්‍රහ‍්මචාරී සුදස‍්සනෙය්‍යො සුතනූ විනෙති, නෙවාතිදීඝො නපනාතිරස‍්සො සුකණ‍්හකණ‍්හච‍්ඡදනෙභි භොතො.

3353. (පියාණෙනි,) ජටාධර වූ බ්‍රහ්මචාරී තාපසයෙක් මෙහි පැමිණියේ ය. ඉතා දැකුම්කලු ශරීරයක් ඇත්තා වූ හෙතෙම මේ අසපුව බබුළුවයි. ඉතා දික් නොවූයේ ද ඉතා මිටි නොවූයේ ද වේ. ඒ පින්වත් තාපසයාගේ හිස වනාහි ඉතා කළු පැහැත්තා වූ කෙස්වලින් වැසුණේ ය.

3354. අමස‍්සුජාතො අපුරාණවණ‍්ණී ආධාරරූපඤ‍්ච පනස‍්ස කණ‍්ඨෙ, ද‍්වෙපස‍්ස ගණ‍්ඩා උරෙ සුජාතා සුවණ‍්ණපිණ‍්ඩූපනිභා පභස‍්සරා.

3354. හෙතෙමේ රැවුල නැත්තේ ය. පැවිදි වූ නොබෝ කල් ඇත්තේ ය. ගෙලෙහි පාත්‍රාධාරය තරම් පළඳනාවක් ඇත්තේ ය. ළයෙහි හටගත් රන්පිඬු මෙන් බබළන ගෙඩි දෙකක් ද ඔහුට ඇත.

3355. මුඛඤ‍්ච තස‍්ස භුසදසසනෙය්‍යං කණ‍්ණෙසු ලම‍්බන‍්ති ච කුඤ‍්චිතග‍්ගා, තෙ ජොතරෙ චරතො මාණවස‍්ස සුත‍්තඤ‍්ච යං සංයමනං ජටානං.

3355. ඔහුගේ මූන ඉතාම දැකුම් කලුය. කන් දෙකෙහි අගින් නැමී ගිය යම් කිසිවක් එල්ලෙයි. හැසිරෙන්නාවූ ඒ මාණවකයාගේ ජටා එක්කොට බැඳි නූල ද බබළන්නේ ය.

3356. අඤ‍්ඤා ච තස‍්ස සඤ‍්ඤමනී චතස‍්සො නීලා පීතා ලොහිතිකා ච සෙතා, තා සංසරෙ චරතො මාණවස‍්ස චිරීටිසඞ‍්ඝාරිව පාවුසම‍්හි.

3356. නිල් – කහ – ලේ – සුදු යන වශයෙන් සිව් වැදෑරුම් වර්‍ණයන් ඇති තවත් ආභරණ සතරක් තිබේ. එහා මෙහා යන්නා වූ මාණවකයාගේ ඒ පළඳනාවෝ වර්‍ෂා කාලයෙහි රෑහි සමූහයා මෙන් නාද කෙරෙත්.

3357. න මෙඛලං මුඤජමයං ධාරෙති න සන‍්තචෙ නො පන බබ‍්බජස‍්ස, තා ජොතරෙ ජඝනන‍්තරෙ විසත‍්තා සතෙරිතා විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ.

3357. හෙතෙම මුදු තණින් කළ මෙවුල් දම් නොදරයි. වැහැරිවලින් වියන ලද මෙවුල් දම් ද නොදරයි. බබුස් තණයෙන් කළ මෙවුල් දම් ද නොදරයි. උකුළු අතරෙහි වෙසෙසින් ඇලුණාවූ ඔහුගේ වැහැරි අහස් හි සියරැලි විදුලියක් සේ බබළ යි.

3358. අඛීලකානි ච අවණ‍්ටකානි හෙට‍්ඨා නාභ්‍යා කටිසමොහිතානි, අඝට‍්ටිතා නිච‍්චකිලිං කරොන‍්ති හං තාත කිං රුක‍්ඛඵලානි තානි.

3358. (පියාණෙනි,) ඔහුගේ නාහියෙන් යට ඉණෙහි බඳනා ලද්දාවූත් සවි නොකරන ලද්දාවූත් නැට්ටක් නැත්තාවූත් ඵලයෝ වෙති. නො ගටන ලද ඒ ඵලයෝ නිතර කිලිං යන අනුකරණය කෙරෙත්. පින්වත් පියාණෙනි, ඒ කවර ගස්වල ඵල ද?

3359. ජටා ච තස‍්ස භුසදස‍්සනෙය්‍යා පරොසතං වෙල‍්ලිතග‍්ගා සුගන්‍ධා, ද‍්වෙධාසිරො සාධුවිභත‍්තරූපො අහො නුඛො මය‍්හ තථා ජටාස‍්සු.

3359. (පියාණෙනි,) ඔහුගේ ජටාව ද බොහෝ සෙයින් දැකුම් කලුය. සියයකටත් වඩා වක්වූ අග්වලින් යුක්තවූවා සුවඳවත් ය. හිස දෙකොටසකට බෙදා මනාකොට බඳින ලද ජටා ඇත්තේ ය. මගේ ජටාවද එසේ වන්නේ නම් යහපති.

3360. යදා ච සො පකිරති තා ජටායො වණ‍්ණෙන ගන්‍ධෙන උපෙතරූපා, නීලුප‍්පලං වාතසමෙරිතංව තථෙව සංවාති වනස‍්සමො අයං.

3360. යම් කලෙක්හි හෙතෙම වර්‍ණයෙන් හා සුවඳින් යුතුවූ ඒ ජටාවන් විසුරුවා ද, එකල්හි වාතයෙන් කම්පා කරන ලද නිලුපුල් වනයක් මෙන් මේ වන අසපුව ද සුවඳ හමන්නේය.

3361. පඞ‍්කො ච තස‍්ස භුසදස‍්සනෙය්‍යො නෙතාදිසො යාදිසො මය‍්හකායො, සො වායති එරිතො මාළුතෙන වනං යථා අග‍්ගගිම‍්භෙ සුඵුල‍්ලං.

3361. ඔහුගේ ඉතා දැකුම්කලු කය මාගේ කයමෙන් මඩ සහිත (කිලුටු) නොවේ. හෙතෙම සුළඟින් කම්පා කරන ලද්දේ වසන්ත කාලයෙහි මනාව පිපි වනයක් මෙන් සුවඳ හමන්නේ ය.

3362. නිහන‍්ති සො රුක‍්ඛඵලං පඨබ්‍යා සුචිත‍්තරූපං රුචිරං දස‍්සනෙය්‍යං, ඛිත‍්තඤ‍්ච තස‍්ස පුනරෙති හත්‍ථං හං තාත කිං රුක‍්ඛඵලං නු ඛො තං.

3362. හෙතෙම ඉතා විසිතුරු මන වඩන්නාවූ දැකුම්කලු වෘක්‍ෂඵලයක් පොළොවෙහි ගසයි. පොළොවෙහි ගසන ලද ඒ ඵලය නැවත ඔහුගේ අතට පැමිණෙයි. පින්වත් පියාණෙනි, එය කිනම් ගසක ඵලයක් ද?

3363. දන‍්තා ච තස‍්ස භුසදස‍්සනෙය්‍යා සුද‍්ධා සමා සඞ‍්ඛවරූපපන‍්නා, මනො පසාදෙන‍්ති විවරියමානා නහ නූන සො සාකමඛාදි තෙහි.

3363. ඔහුගේ දන්තයෝ ද ඉතා දැකුම්කලු වූවාහු සුදු පැහැ ඇත්තාහු මන කොට සෝදන ලද්දා වූ හක් ගෙඩියක් බඳු වූවා හු විවෘත කරනු ලබන්නාහු සිත පහදවත්. (අප මෙන්) ඒ තරුණ තෙම ඒ දත්වලින් පලා අනුභව නොකෙළේ වනැයි ඒකාන්තයෙන් හඟිමි.

3364. අකක‍්කසං අගළිතං මුහුං මුදුං උජුං අනුද‍්ධතං අචපලමස‍්ස භාසිතං, රුදං මනුඤ‍්ඤං කරවීතසුස‍්සරං හදයඞ‍්ගමං රඤ‍්ජයතෙව මෙ මනො

3364. ඔහුගේ වචනය රළු නොවේ. ගොත ගසන්නේ නොවෙයි. නැවත කියන්නේ ද ඉතා මෘදුය, ඍජුය, තැන්පත්ය, අචපලය, කුරවිකෙවිල්ලන්ගේ මෙන් ඉතා මිහිරිය. හෘදයඞ්ගමය, මගේ සිත එහි ඇලේ ම ය.

3365. බින්‍දුස‍්සරො නාතිවිස‍්සට‍්ඨවාක්‍යො න නූන සජ‍්ඣායමතිප‍්පයුත‍්තො, ඉච‍්ඡාමි ඛො තං පුනරෙව දට‍්ඨුං මිත‍්තං හි මෙ මාණවාහු පුරත්‍ථා.

3365. විහිදී නොගිය වාක්‍ය ඇත්තේ අප්‍රකට ස්වරයෙන් යුක්තය. හෙතෙමේ හැදෑරීමෙහි ඉතා යෙදුනෙක් නොවේ. ඔහු නැවත දැකීමට මම කැමැත්තෙමි. ඒ මාණවක තෙම පළමු මාගේ මිත්‍රයා විය.

3366. සුසන්‍ධි සබ‍්බත්‍ථ විමට‍්ඨිමං වණං පුථූ සුජාතං ඛරපත‍්තසන‍්නිභං, තෙනෙව මං උත‍්තරියාන මාණවො විවරිය ඌරුං ජඝතෙන පීළයි.

3366. මනා ගැළපීම් ඇති සියලු තන්හි විශේෂයෙන් වටවූ විශාල ලෙස මනාව හටගත්තා වූ නෙලුම් කැකුළකට බඳු වූ ඔහුගේ වණයක් වෙයි. ඒ තරුණ තෙමේ මා වසා මැඩ ගෙන ඌරු යුග්මය විවෘත කොට කටියෙන් මා පෙළුවේ ය.

3367. තපන‍්ති ආභන‍්ති විරොචරෙ ච සතෙරතා විජ‍්ජුරිවන‍්තලික‍්ඛෙ, බාහා මුදා අඤ‍්ජනලොමසාදිසා විචිත්‍රවට‍්ටඞ‍්ගුලිකාස‍්ස සොභරෙ.

3367. ඒ මාණවකයාගේ සිරුරෙන් නික්මෙන්නා වූ රශ්මිහු අහස් හි සියරැලි විදුලි මෙන් දිලිසෙත්. ආලොකවත් වෙත්. බබළත්. ඔහුගේ බාහුව ද අඳුන්වන් ලොම් වැනි ලොම් ඇත්තේ මෘදු වූයේ විසිතුරු වූ ද වට වූ ද ඇඟිලිවලින් යුක්තව බබළ යි.

3368. අකක‍්කසඞ‍්ගො න ච දීඝලොමො නඛස‍්ස දීඝා අපි ලොහිතග‍්ගා, මුදූහි බාහාහි පළිස‍්සජන‍්තො කල්‍යාණරූපො රමයං උපට‍්ඨහි.

3368. ඒ මාණවක තෙම කර්‍කශ නොවූ ශරීරාවයව ඇත්තේ නොදික් ලොම්වලින් යුක්තය. ඔහුගේ නිය දික් වූයේ නමුත් අග රතු පැහැයෙන් යුතුය. යහපත් ස්වභාව ඇති හෙතෙම මෘදු අත්වලින් මා වැළඳ ගෙන අභිරමණය කරවමින් මට උපස්ථාන කෙළේ ය.

3369. දුමස‍්ස තූලූපනිභා පභස‍්සරා සුවණ‍්ණකම‍්බූතලවට‍්ටසුච‍්ඡවි, හත්‍ථා මුදු තෙහි මං සම‍්ඵුසිත්‍වා ඉතො ගතො තෙ මං දහන‍්ති තාත.

3369. ගසක පුළුන් වැනි සුවපහස් ඇති පැහැ විහිදෙන්නා වූ රන්මුවා කැටපතක් සේ වට වූ ද යහපත් සිවියක් ඇත්තා වූ ද හස්තයෝ ඒ තරුණයාහට ඇත්තා හ. ඒ අත්වලින් මා වැළඳ ගෙන සිය පහස මා සිරුරෙහි පතුරුවා මෙතැනින් ගියේ ය. පියාණෙනි, ඒ ස්පර්‍ශයෝ මා දවත් (යයි ඉසිසිංග තවුසා කීයේ ය.)

3370. නහ නූන සො ඛාරිවිධං අහාසි න නූන කට‍්ඨානි සයං අභඤ‍්ජි, න නූන සො හන‍්ති දුමෙ කුඨාරියා න පිස‍්ස හත්‍ථෙසු ඛීලානි අත්‍ථි.

3370. පියාණෙනි, ඒ මාණවක තෙම ඒකාන්තයෙන් ම තවුස් පිරිකර ගෙන නොගියේ වන. තෙමේ කාෂ්ඨයන් නොබින්දේ යයි හඟිමි. හෙතෙම පොරොවෙන් ගස් නො කැපුයේ යයි හඟිමි. ඔහුගේ අත්වල කරගැට නැත.

3371. අච‍්ඡො ච ඛො තස‍්ස වණං අකාසි සො මං බ්‍රවී සුඛිතං මං කරොහි, තාහං කරිං තෙන මමාසි සොඛ්‍යං සො මං බ්‍රවී සුඛිතොස‍්මීති බ්‍රහ‍්මෙ.

3371. ඔහුට වලසෙක් වණයක් ඇති කෙළේ ය. ඒ වණය සුව කරන්නට යැයි හෙතෙම මට කීයේ ය. එය මම කෙළෙමි. එයින් මට ද සැපයක් විය. “බ්‍රාහ්මණය, මම සුවපත් කරන ලද්දෙමි” යි හෙතෙම මට ප්‍රකාශ කෙළේ ය.

3372. අයඤ‍්ච තෙ මාලුවපණ‍්ණසන්‍ථතා විකිණ‍්ණරූපාව මයා ච තෙන ච, කිලන‍්තරූපා උදකෙ රමිත්‍වා පුනප‍්පුනං පණ‍්ණකුටිං වජාම.

3372. (පියාණෙනි,) නුඹ වහන්සේගේ මේ මාලුවා පත්‍රමය ආස්තරණය ද ඔහු විසින් හා මා විසිනුත් විසුරුවන ලද පරිදිමය. ක්ලාන්ත ස්වභාව ඇති වූයෙමි. ජලයෙහි රමණය කොට නැවත නැවතත් පන්සලට වැදුණෙමි.

3373. න මජ‍්ජ මන‍්තා පටිභන‍්ති තාත න අග‍්ගිහුත‍්තං නපි යඤ‍්ඤතන‍්ත්‍රං, න චාපි තෙ මූලඵලානි භුඤෙජ යාව න පස‍්සාමි තං බ්‍රහ‍්මචාරිං.

3373. පියාණෙනි, මට අද මන්ත්‍ර නො වැටහේ. ගිනි පිදීම ද නො වැටහේ. යාග කිරීම ද නො වැටහේ. නුඹ වහන්සේ විසින් ගෙනෙන ලද අල මුල් පලතුරු ද ඒ තාපසයා දකිනතුරු නො බුදිමි.

3374. අද‍්ධා පජානාසි තුවම‍්පි තාත යස‍්සං දිසායං වසතෙ බ්‍රහ‍්මචාරී, තං මං දිසා පාපය තාත ඛිප‍්පං මා තෙ අහං අමරිං අස‍්සමම‍්හි.

3374. පියාණෙනි, නුඹ ද ඒ තාපසය වාසය කරන දිසාව දන්නෙහි නම්, පියාණෙනි, ඒ මා ඒ දෙසට වහා පමුණුවනු මැනවි. මම නුඹ වහන්සේගේ ආශ්‍රමයෙහි නො මැරෙම්වා (යි තාපසයා කීවේ ය.)

3375. විචිත්‍රපුප‍්ඵං හි වනං සුතං මයා දිජාභිඝුට‍්ඨං දිජසඞ‍්ඝසෙවිතං, තං මං වනං පාපය තාත ඛිප‍්පං පුරා තෙ පාණං විජහාමි අස‍්සමෙ.

3375. පියාණෙනි, ඒ ආශ්‍රමය විසිතුරු මල් ඇත්තෙක. පක්‍ෂීන් විසින් කරන ලද නාද ඇත්තෙක. පක්‍ෂි සමූහයා විසින් සෙවුනා ලදැ යි මා විසින් අසන ලදි. පියාණෙනි, නුඹ වහන්සේගේ අසපුවෙහි මා මැරෙන්ට ප්‍රථම ඒ වනයට පමුණුවන සේක්වා’ යි (තාපසයා කීයේ ය.)

3376. ඉමස‍්මාහං ජොතිරසෙ වනම‍්හි ගන්‍ධබ‍්බදෙවච‍්ඡරසඞ‍්ඝසෙවිතෙ, ඉසීනමාවාසෙ සනන‍්තනම‍්හි නෙතාදිසං අරතිං පාපුණෙථ.

3376. හෝමාග්නියෙන් බබළන ගාන්‍ධර්‍වයන් හා දිව්‍යාප්සරා සමූහයා විසින් සෙවුනා ලද ඉතා පුරාණ වූ ඍෂීන්ගේ වාසභූමිය චන මේ අසපුවෙහි කිසිවෙක් මෙබඳු නො ඇල්මකට නො පැමිණියේය.

3377. භවන‍්ති මිත‍්තානි අථො න හොන‍්ති ඤාතීසු මිත‍්තෙසු කරොන‍්ති පෙමං, අයඤ‍්ච ජම‍්මො කිස‍්ස වා නිවිට‍්ඨො යො නෙව ජානාති කුතොම‍්භි ආගතො.

3377. ලොව සමහරුන්හට මිත්‍රයෝ වෙති. සමහරුන්හට මිත්‍රයෝ නොවෙත්. ඔවුන්ගෙන් සමහරු නෑයන් කෙරෙහි ද සමහරු මිත්‍රයන් කෙරෙහි ද ප්‍රේම කරත්. යම් මේ (ඉසිසිංග) තාපසයෙක් වේද, හේ කොයින් ආයෙම්දැ යි තමා ගැනත් නො දනී. (එසේ වූ මොහු කුමක් හෙයින් මේ මාගම කෙරෙහි මිත්‍රයාය යන හැඟීමෙන් ඇතුළත් වී දැ යි සිතුවේ ය.)

3378. සංවාසෙන හි මිත‍්තානි සන්‍ධීයන‍්ති පුනප‍්පුනං, ස‍්වෙව මිත‍්තො අඝඞ‍්ගත‍්තු අසංවාසෙන ජීරති.

3378. පුත්‍රය, එක්ව වාසය කිරීමෙන් වනාහි මිත්‍රයෝ නැවත නැවත එක්වෙත්. ඒ මිත්‍ර තෙමේ එක් වැ වාසය නොකිරීමෙන් ම විනාශ වේ.

3379. සචෙ තුවං දක‍්ඛසි බ්‍රහ‍්මචාරිං සචෙ තුවං සල‍්ලපි බ්‍රහ‍්මචාරිනා, සම‍්පන‍්නසස‍්සං ව මහොදකෙන තපොගුණං ඛිප‍්පමිමං පහස‍්සසි.

3379. පුත්‍රය, ඉදින් නුඹ ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම් බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම් සමaද්ධ වූ ශස්‍යයන් මහ දිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ තපෝගුණය වහා ම පැහැර ගන්වන්නෙහි ය.

3380. පුනපි චෙ දක‍්ඛසි බ්‍රහ‍්මචාරිං පුනපි චෙ සල‍්ලපෙ බ්‍රහ‍්මචාරිනා, සම‍්පන‍්නසස‍්සං ව මහොදකෙන උස‍්මාගතං ඛිප‍්පමිමං පභස‍්සසි.

3380. ඉදින් නුඹ නැවතත් ඒ බ්‍රහ්මචාරියා දක්නෙහි නම් නැවතත් ඒ බ්‍රහ්මචාරියා සමග සල්ලාප කරන්නෙහි නම් සමෘද්ධ වූ ශස්‍යයන් මහදිය පාරකින් ගසාගෙන යන්නාක් මෙන් මේ ශ්‍රමණ තේජස වහා පැහැර ගන්වන්නෙහි ය.

3381. භූතානි හෙතානි චරන‍්ති තාත විරූපරූපෙන මනුස‍්සලොකෙ, න තානි සෙවෙථ නරො සපඤ‍්ඤො ආසජ‍්ජ නං නස‍්සති බ්‍රහ‍්මචාරීති,

3381. පුත්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි විරූප ස්වභාවයෙන් (මේ යක්‍ෂීණී සංඛ්‍යාත) භූතයෝ හැසිරෙත්. නුවණැති මිනිසා ඒ භූතයන් සේවනය නො කරන්නේය. බ්‍රහ්මචාරී තාපස තෙම ඒ භූතයාට ළංව නස්නේයයි (තාපස තෙම පුත්‍රයාට අවවාද කෙළේ යැයි වදාළ සේක.)

නලිනිකාජාතකං.

නලිනිකා ජාතක යි.