5. චුල‍්ලසුතසොමජාතකං
5. චුල‍්ලසුතසොමජාතකං.
5. චුල්ලසුතසෝම ජාතකය
3275. ආමන‍්තයාමි නිගමං මිත‍්තාමච‍්චෙ පාරිසජ‍්ජෙ ච, සිරස‍්මිං පලිතං ජාතං පබ‍්බජ‍්ජං දානි රොච’හං.
3275. නියම් ගම් වැසි ජනයා ද මිත්‍රාමාත්‍යයන් ද පිරිස් වැසියන් ද අමතා දන්වමි. හිසෙහි පැසුණු කෙසක් හටගත්තේ ය. දැන් මම පැවිද්ද කැමැත්තෙමි’ යි සුතසෝම නම් රජ ප්‍රකාශ කෙළේ ය.
3276. අභුං මෙ කථන‍්නු භණසි සල‍්ලං මෙ දෙව උරසි කප‍්පෙසි, සත‍්තසතා තෙ භරියා කථන‍්නු තෙ තා භවිස‍්සන‍්ති.
3276. දේවයන් වහන්ස, කෙසේ නම් මට අවැඩක් කියන්නෙහිද? මාගේ ළයෙහි අනින ලද හුලක් මෙන් කෙළෙහි ය. තමුන්නාන්සේගේ සත්සියයක් භාර්‍ය්‍යාවෝ වෙත්. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාර්‍ය්‍යාවරු කෙසේ ජීවත් වන්නාහු දැ? (යි ඔවුනතුරෙන් එකෙක් ඇසීය.)
3277. පඤ‍්ඤායිහින‍්ති එතා දහරා අඤ‍්ඤම‍්පි තා ගමිස‍්සන‍්ති, සග‍්ගඤ‍්ච පත්‍ථයානො තෙනා’හං පබ‍්බජිස‍්සාමි.
3277. මේ තරුණ භාර්‍ය්‍යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්‍රකටවන්නාහ. ඔවුහු අන් සැමියකු වෙත ද යන්නාහ. මම ස්වර්‍ගය පතන්නෙම් ද වෙමි. එහෙයින් මම පැවිදි වෙමි.
3278. දුල‍්ලද‍්ධං මෙ ආසි සුතසොම යස‍්ස තෙ හොමහං මාතා, යං මෙ විලපන‍්තියා අනපෙක‍්ඛො පබ‍්බජසි දෙව.
3278. දේවයන් වහන්ස, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, මම යම්බඳු තොපගේ මව් වීම් ද, එය මා නපුරු කොට ලැබුවකි.
3279. දුල‍්ලද‍්ධං මෙ ආසි සුතසොම යන‍්තං අහං විජායිස‍්සං, යං මෙ විලපන‍්තියා අනපෙක‍්ඛො පබ‍්බජසි දෙව.
3279. දේවයෙනි, යම් හෙයෙකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම් සුතසෝමය, මම යම්බඳු වූ තොප ප්‍රසූත කෙළෙම් ද, මෙය මා විසින් නපුරු කොට ලබන ලද්දක් වී යයි මව කීවාය.
3280. කොනාමෙසො ධම‍්මො සුතසොම කා ච නාම පබ‍්බජ‍්ජා, යං නො අම‍්හෙ ජිණ‍්ණො අනපෙක‍්ඛො පබ‍්බජසි දෙව.
3280. දේවයෙනි, යම් හෙයකින් ජරාජීර්‍ණ වූ අප ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි නම්, සුතසෝමය, එය කිනම් පැවිද්දක් ද? මෙය කවර නම් ධර්‍මයක්දැ? යි පිය තෙමේ ඇසුවේ ය.
3281. පුත‍්තාපි තුය‍්හං බහවො දහරා අප‍්පත‍්තයොබ‍්බනා, මඤ‍්ජූ තෙ තං අපස‍්සන‍්තා මඤ‍්ඤෙ දුක‍්ඛං නිගච‍්ඡන‍්ති.
3281. තොපගේ බොහෝ පුත්‍රයෝ ද නො පැමිණි යොවුන් වයස් ඇති ළදරුවෝ ය. මිහිරි වදන් බෙණෙන්නා වූ ඔවුහු තා නොදක්නෝ දුකට පත් වෙතැයි හඟිමි.
3282. පුත‍්තෙහි ච මෙ එතෙහි දහරෙහි අප‍්පත‍්තයොබ‍්බනෙහි, මඤ‍්ජූහි සබ‍්බෙහිපි තුම‍්හෙහි චිරම‍්පි ඨත්‍වා විනාභාවො.
3282. යොවුන් වියට නො පැමිණි මිහිරි වදන් බෙණෙන මේ ළදරු පුත්‍රයන්ගෙන් පමණක් නොව තොප සියලු දෙනාගෙන් ද, බොහෝ කලක් වාසය කොට ද වෙන් වන්නට සිදුවේ. එය නො වැළැක්විය හැක්කකියි බෝසත් තෙම කීය.
3283. ඡින‍්නං නු තුය‍්හං හදයං ආදු කරුණා ච නත්‍ථි අම‍්හෙසු, යං නො වික‍්කන්‍දත‍්තියො අනපෙක‍්ඛො පබ‍්බජසි දෙව.
3283. දේවයන් වහන්ස, යම් හෙයකින් අප අඬද්දී අපේක්‍ෂා රහිතව පැවිදි වෙහි ද? එහෙයින් නුඹ වහන්සේගේ හෘදය සිදුරු වී ද? වැන්දඹු තත්‍වයට වැටෙන අප කෙරෙහි කරුණාවක් නැද්ද? යි භාර්‍ය්‍යාවක් ඇසුවා ය.
3284. න ච මය‍්හං ඡින‍්නං හදයං අත්‍ථි කරුණාපි මය‍්හං තුම‍්හෙසු, සග‍්ගඤ‍්ච පත්‍ථයානො තෙනාහං පබ‍්බජිස‍්සාමි.
3284. මගේ හෘදය සිදුරු නොවීය. තොප කෙරෙහි මාගේ කරුණාව ද ඇත්තේ ය. ස්වර්‍ග සම්පත්තිය ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමි.
3285. දුල‍්ලද‍්ධං මෙ ආසි සුතසොම යස‍්ස තෙ අහං භරියා, යං මෙ විලපන‍්තියා අනපෙක‍්ඛො පබ‍්බජසි දෙව.
3285. දේවයෙනි, යම් හෙයකින් වැලපෙන්නා වූ මා ගැන අපේක්‍ෂා රහිත වූයේ පැවිදි වෙහි ද? සුතසෝමය, මම යම්බඳු වූ තොපගේ භාර්‍ය්‍යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
3286. දුල‍්ලද‍්ධං මෙ ආසි සුතසොම යස‍්ස තෙ අහං භරියා, යං මෙ කුච‍්ඡිපටිසන්‍ධිං අනපෙක‍්ඛො පබ‍්බජසි දෙව.
3286. දේවයෙනි, යම් හෙයකින් මගේ කුස පිළිසිඳ ගැන්ම ගැන අපේක්‍ෂා රහිත වූයේ නුඹ පැවිදි වෙහි ද සුතසෝමය, මම යම්බඳු තොපගේ භාර්‍ය්‍යා වෙම් ද එහෙයින් එය මා නපුරු කොට ලබන ලද්දක් විය.
3287. පරිපක‍්කො මෙ ගබ‍්භො කුච‍්ඡිගතො යාව නං විජායාමි, මාහං එකො විධවා පච‍්ඡා දුක‍්ඛානි අද‍්දක‍්ඛිං.
3287. මාගේ දරු ගර්‍භය මුහුකුරා ගියේ ය. කුස හොත් දරුවා යම්තාක් වදම් ද ඒ තාක් ඉවසුව මැනැවි. එකලා වූ මම වැන්දඹු නො කෙරේවා, පසුව දුක් දකිමියි අග මෙහෙසිය කීවාය.
3288. පරිපක‍්කො තෙ ගබ‍්භො කුච‍්ඡිගතො ඉඞ‍්ඝ ත්‍වං විජායස‍්සු, පුත‍්තං අනොමවණ‍්ණං තං හිත්‍වා පබ‍්බජිස‍්සාමි.
3288. තීගේ දරු ගර්‍භය මුහුකුරා ගියේ යැයි දනිමි. එබැවින් තී පුත්‍රයකු ප්‍රසූත කරව අලාමක වර්‍ණ ඇති පුත්‍රයා ද තී ද හැර මම පැවිදි වන්නෙමි’ යි බෝසත් තෙම කීයේ ය.
3289. මා ත්‍වං චන්‍දෙ රුදි මා සොචි වනතිමිරමත‍්තක‍්ඛි, ආරොහ වරපාසාදං අනපෙක‍්ඛො අහං ගමිස‍්සාමි.
3289. සොඳුර චන්‍ද්‍රා දේවිය, නො අඬව. ගිනිහිරි මල් බඳු ඇස් ඇත්තිය. නො හඬව. උතුම් ප්‍රාසාදයට නගුව. මම අපේක්‍ෂා විරහිතව යන්නෙමි යි කීයේ ය.
3290. කො තං අම‍්ම කොපෙසි කිං රොදසි පෙක‍්ඛසි ච මං බාළ‍්හං, කං අවජ‍්ඣං ඝාතෙමි ඤාතීනං උදික‍්ඛමානානං.
3290. මෑණියෙනි, කවරෙක් නුඹ කෝප කෙළේ ද? කුමක් හෙයින් හඬන්නෙහි ද? කුමක් නිසා මා දෙස ද දැඩිව බලන්නෙහි ද? වධ නො කටයුත්තකු වුවත් ඤාතීන් බලා සිටියදී ම නසමි. මට මේ කරුණ පහදා දෙව යි වැඩිමහලු පුත්‍ර තෙම ඇසීය.
3291. නහි සො සක‍්කා හන‍්තුං විජිතාවී යො මං තාත කොපෙසි, පිතා තෙ මං තාත අවච අනපෙක‍්ඛො අහං ගමිස‍්සාමි.
3291. පුත්‍රය, යමෙක් මා කෝප කෙළේ ද? හෙතෙමේ ලබන ලද ජය ඇත්තා වූ තොපගේ පියා වන්නේ ය. හෙතෙමේ නසන්නට නො හැකිය. පුත්‍රය, තොපගේ පියා මම අපේක්‍ෂා රහිතව යන්නෙමියි මට කීයේ ය.
3292. යාහං පුබ‍්බෙ නිය්‍යාමි උය්‍යානං කුඤජරෙ ච යොධෙමි, සුතසොමෙ පබ‍්බජිතෙ කථන‍්නුදානි කරිස‍්සාමි.
3292. යම්බඳු මම පෙර රියට නැඟ උයනට ගියෙම් ද, මදැ තුන්හට ද පහර දුනිම් ද? මා පිය සුතසෝමරජ පැවිදි වූ කල්හි දැන් මම ඒවා කෙසේ කරම් දැයි වැඩිමහලු පුත්‍රයා ප්‍රශ්න කෙළේ ය.
3293. මාතු ච මෙ රුදන‍්ත්‍යා ජෙට‍්ඨස‍්ස ච භාතුනො අකාමස‍්ස, හත්‍ථෙපි තෙ ගහෙස‍්සං න හි ගච‍්ඡසි නො අකාමානං.
3293. පියාණෙනි, මාගේ මව හඬද්දී වැඩිමහල් සහෝදරයාගේ ද නො කැමැත්ත තිබියදී පැවිදි වෙහි ද? නුඹ වහන්සේගේ අත් දෙක ද අල්ලා ගන්නෙමි. අප අකමැතිව සිටියදී නො යන්නෙහි යැයි බාල පුත්‍රයා ප්‍රකාශ කළේ ය.
3294. උට‍්ඨෙහි ත්‍වං ධාති ඉමං කුමාරං රමෙහි අඤ‍්ඤත්‍ථ, මා මෙ පරිපත්‍ථමකා සග‍්ගං මම පත්‍ථයානස‍්ස.
3294. එම්බා කිරිමව, තී නැගිටුව මේ කුමරා අන් තැනක සිත් අලවව. ස්වර්‍ගය පතන්නා වූ මට උවදුරු නො කරව.
3295. යන‍්නූනිමං දදෙය්‍යං පභඞ‍්කරං කො නු මෙ ඉමිනා අත්‍ථො, සුතසොමෙ පබ‍්බජිතෙ කින‍්නු මෙ තං කරිස‍්සාමි.
3295. මේ දිලිසෙන්නා වූ මැණික ආපසු දෙන්නෙම් නම් යහපති. මට මෙයින් කවර ප්‍රයෝජන ද? සුතසෝම රජු පැවිදි වූ කල්හි මේ මැණික ගෙන මම කුමක් කරන්නෙම් දැ යි කිරිමව වැලපුණාය.
3296. කොසො ච තුය‍්හං විපුලො කොට‍්ඨාගාරඤ‍්ච තුය‍්හං පරිපූරං, පඨවී ච තුය‍්හං විජිතා රමස‍්සු මා පබ‍්බජස‍්සු දෙව.
3296. දේවයන් වහන්ස, භාණ්ඩාගාරය ද මහත් වේ. නුඹගේ කෝෂ්ඨාගාරය ද පිරී ගොස් ය. නුඹ විසින් පෘථිවිය ද දිනන ලද්දීය. සිත් අලවා වාසය කරව. පැවිදි නො වනු මැනැවැයි මහඇමති තෙම කීයේ ය.
3297. කොසො ච තුය‍්හං විපුලො කොට‍්ඨාගාරඤ‍්ච මය‍්හං පරිපූරං, පඨවී ච මය‍්හං විජිතා තං හිත්‍වා පබ‍්බජිස‍්සාමි.
3297. මාගේ භාණ්ඩාගාරය ද මහත් ය. මාගේ කෝෂ්ඨාගාරය ද පිරී ගොස් ය. මා විසින් පෘථිවිය ද දිනන ලද්දී ය. ඒ සියල්ල හැරදමා පැවිදි වෙමියි බෝසත් තෙම කීයේ ය.
3298. මය‍්හම‍්පි ධනං පහූතං සඞ‍්ඛ්‍යාතුං නොපි දෙව සක‍්කොමි, තං දෙව තෙ දදාමි සබ‍්බම‍්පි රමස‍්සු මා පබ‍්බජ දෙව.
3298. දේවයන් වහන්ස, මාගේ ධනය ද බොහෝ ය. ගණින්නට ද නො හැකියි. ඒ සියල්ල ම නුඹ වහන්සේට දෙමි. සිත් අලවා මෙහි ම වාසය කරනු මැනවි. පැවිදි නො වනු මැනැවැයි කුලවඩ්ඪන නම් සිටු තෙම කීයේ ය.
3299. ජානාමි තෙ ධනං පහූතං කුලවඩ‍්ඪන පූජිතො තයා ච’ස‍්මි, සග‍්ගඤ‍්ච පත්‍ථයානො තෙනාහං පබ‍්බජිස‍්සාමි.
3299. කුලවඩ්ඪන සිටාණෙනි, තාගේ ධනය බොහෝ බව දනිමි. තා විසින් ද මම පුදන ලද්දෙම් වෙමි. ස්වර්‍ග සම්පත්ති ද පතන්නෙම් වෙමි. එහෙයින් මම පැවිදි වන්නෙමියි බෝසත් තෙම කීයේ ය.
3300. උක‍්කණ‍්ඨිතොස‍්මි බාළ‍්හං අරති මං සොමදත‍්ත ආවිසති, බහුකා හි අන‍්තරායා අජ‍්ජෙවාහං පබ‍්බජිස‍්සාමි.
3300. සෝමදත්ත කුමාරය, මම දැඩිසේ කලකිරුණෙම් වෙමි. නො ඇල්ම මා කෙරෙහි ආවේශ වෙයි. යම් හෙයකින් අන්තරායයෝ බොහෝ වෙද් ද, එබැවින් අද ම මම පැවිදි වන්නෙමියි සෝමදත්ත කුමරුහට රජය පාවා දෙමින් සුතසෝම බෝසත් තෙමේ ප්‍රකාශ කළේ ය.
3301. ඉදම‍්පි තුය‍්හං රුචිතං සුතසොම අජ‍්ජෙවදානි ත්‍වං පබ‍්බජ, අහම‍්පි පබ‍්බජිස‍්සාමි න උස‍්සහෙ තයා විනා අහං ඨාතුං.
3301. සුතසොමයන් වහන්ස, අද ම පැවිදි වන්නෙමි යි යන මෙය නුඹ විසින් කැමති වන ලද්දක් ද? නුඹ වහන්සේ අද ම පැවිදි වනු මැනවි. මම ද පැවිදි වන්නෙමි. තොප හැර ගිහිගෙයි සිටින්නට මම උත්සාහ නො කරමියි සෝමදත්ත නම් සහෝදරයා කීයේ ය.
3302. න හි සක‍්කා පබ‍්බජිතුං. නගරෙ න හි පච‍්චති ජනපදෙ ච, සුතසොමෙ පබ‍්බජිතෙ කථන‍්නුදානි කරිස‍්සාම.
3302. සුතසෝම රජු පැවිදි වූ කල්හි දැන් අපි කුමක් කරන්නෙමු දැයි කියා නගරයෙහි ද ජනපදයෙහි ද දැනටමත් ශෝකයෙන් ආහාර නො පිසත්. (අප දෙදෙනා ම පැවිදි වූ කල්හි රටවැසියෝ අනාථයෝ වන්නාහ). එබැවින් නුඹට පැවිදි වන්නට නුපුළුවන් යයි සුතසෝම තෙම කීයේ ය.
3303. උපනීයතිදං මඤ‍්ඤෙ පරිත‍්තං උදකංව චඞ‍්ගවාරම‍්භි, එවං සුපරිත‍්තකෙ ජීවිතෙ න ච පමජ‍්ජිතුං කාලො.
3303. මේ ජීවිතය රදවුන්ගේ අළුපෙරහනෙහි ස්වල්ප වූ ජලයක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද පමා වන්නට කාලයක් නැත්තේය.
3304. උපනීයතිදං මඤ‍්ඤෙ පරිත‍්තං උදකංව චඞ‍්ගවාරම‍්හි, එවං සුපරිත‍්තකෙ ජීවිතෙ අථ බාලා පමජ‍්ජන‍්ති.
3304. මේ ජීවිතය රජකයන්ගේ අළුපෙරහනෙහි ස්වල්ප වූ දියත්තක් මෙන් වහා මැඩ පැවැත්වෙන්නේයයි දනිමි. මෙසේ ස්වල්ප වූ ජීවිත කාලයෙහි ද අඥානයෝ පමා වන්නාහ.
3305. තෙ වඩ‍්ඪයන‍්ති නිරයං තිරච‍්ඡානයොනිඤ‍්ච පෙත‍්තිවිසයඤ‍්ච, තණ‍්හාබන්‍ධනබද‍්ධා වඩ‍්ඪෙන‍්ති අසුරකායං.
3305. තෘෂ්ණා බන්‍ධනයෙන් බැඳුණා වූ ඔවුහු නරකය තිරිසන් යෝනිය - ප්‍රේත විෂය - අසුරකාය යන සිවු අපාය දියුණු කරත්.
3306. ඌහඤ‍්ඤතෙ රජග‍්ගං අවිදූරෙ පුප‍්ඵකම‍්භි පාසාදෙ, මඤ‍්ඤෙ නො කෙසා ඡින‍්නා යසස‍්සිනො ධම‍්මරාජස‍්ස.
3306. අපගේ මහත් යශස් ඇති ධර්‍ම රාජන් වූ රජුගේ කේශයෝ සිඳින ලද්දාහයි හඟිමි. පුප්ඵ නම් ප්‍රාසාදයට නුදුරු තන්හි රජස් උස්ව නැගේ යැයි මහජනයා හඬමින් කීයේ ය.
3307. අයමස‍්ස පාසාදො සොවණ‍්ණපුප‍්ඵමාල්‍යවීතිකිණ‍්ණො, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3307. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් ප්‍රාසාදයන්හි හැසුරුණේ ද, මනා වර්‍ණ ඇති මලින් හා නොයෙක් මල් මාලාවන් ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.
3308. අයමස‍්ස පාසාදො සොවණ‍්ණපුප‍්ඵමාල්‍යවීතිකිණ‍්ණො, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන.
3308. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජතෙම යම් ප්‍රාසාදයෙක්හි හැසුරුණේ ද මනා වර්‍ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ ප්‍රාසාද යයි.
3309. ඉදමස‍්ස කූටාගාරං සොවණ‍්ණපුප‍්ඵමාල්‍යවීතිකිණ‍්ණං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3309. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් කූටාගාරයෙක්හි හැසුරුණේ ද, මනා වර්‍ණ ඇති මලින් හා මල්මාලාවන්ගෙන් ද ගැවසීගත්තා වූ මෙය වනාහි උන්වහන්සේගේ කූටාගාර යයි.
3310. ඉදමස‍්ස කූටාගාරං සොවණ‍්ණපුප‍්ඵමාල්‍යවීතිකිණ‍්ණං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන.
3310. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් කූටාගාරයෙක්හි හැසුරුණේ ද මනා වර්‍ණ ඇති මලින් හා මල් මාලාවන්ගෙන් යුක්ත වූ මෙය වනාහි උන්වහන්සේගේ ඒ කූටාගාරය යි.
3311. අයමස‍්ස අසොකවනිකා සුපුප‍්ඵිතා සබ‍්බකාලිකා රම‍්මා, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3311. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසුරුණේ ද මෙය වනාහි උන්වහන්සේගේ සෑම කල්හි මනාව පිපියා වූ සිත්කලු ඒ අශෝක වනයයි.
3312. අයමස‍්ස අසොකවනිකා සුපුප‍්ඵිතා සබ‍්බකාලිකා රම‍්මා, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන.
3312. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මේ වනාහි උන්වහන්සේගේ සෑම කල්හි පිපියා වූ ඒ සිත්කලු අශෝක වනය යි.
3313. ඉදමස‍්ස උය්‍යානං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3313. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද? මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ සිත්කලු උයනය.
3314. ඉදමස‍්ස උය්‍යානං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන
3314. නෑ සමූහයා විසින් පිරිවරන ලද්දා වූ රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ උයන යි.
3315. ඉදමස‍්ස කණිකාරවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3315. අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ කිණිහිරිය මල් උයනය.
3316. ඉදමස‍්ස කණිකාරවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන
3316. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙම යම් උයනෙක්හි හැසිරුණේ ද මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ කිණිහිරිය මල් උයනය.
3317. ඉදමස‍්ස පාටළීවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3317. අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියා වූ ඒ පළොල්වනය යි.
3318. ඉදමස‍්ස පාටළිවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන.
3318. නැ සමූහයා විසින් පිරිවරන ලද රජ තෙම යම් උයනෙක් හි හැසිරුණේ ද, මෙය වනාහි සියලු කල්හි මනාව පිපියාවූ උන්වහන්සේගේ ඒ පළොල්වනය යි.
3319. ඉදමස‍්ස අම‍්බවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3319. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජ තෙමේ යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැමකල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ අඹඋයන ය.
3320. ඉදමස‍්ස අම‍්බවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන.
3320. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙමේ යම් උයනෙක්හි හැසිරුණේ ද, මෙය වනාහි හැම කල්හි මනාව පිපියා වූ උන්වහන්සේගේ ඒ අඹ උයන ය.
3321. අයමස‍්ස පොක‍්ඛරණී සඤ‍්ඡන‍්නා අණ‍්ඩජෙහි වීතිකිණ‍්ණා, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඉත්‍ථාගාරෙහි.
3321. අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරන ලද රජතෙමේ යම් පොකුණක් සමීපයෙහි හැසුරුණේ ද, මෙය වනාහි නොයෙක් ජල කුසුමයන්ගෙන් පක්‍ෂීන්ගෙන් ගැවසීගත්තා වූ උන්වහන්සේගේ ඒ පොකුණ ය.
3322. අයමස‍්ස පොක‍්ඛරණී සඤ‍්ඡන‍්නා අණ‍්ඩජෙහි වීතිකිණ‍්ණා, යහිමනුවිචරී රාජා පරිකිණ‍්ණො ඤාතිසඞ‍්ඝෙන.
3322. නෑ සමූහයා විසින් පිරිවරන ලද රජතෙම යම් පොකුණක් සමීපයෙහි හැසුරුණේ ද, මෙය වනාහි නොයෙක් ජලකුසුමයන්ගෙන් හා පක්‍ෂීන්ගෙන් ගැවසීගත්තා වූ උන්වහන්සේගේ ඒ පොකුණ ය.
3323. රාජා ඛො පබ‍්බජිතො සුතසොමො රජ‍්ජං ඉමං පහත්‍වාන, කාසායවත්‍ථසනො නාගොව එකකොව චරති.
3323. සුතසෝම රජ තෙම මේ රාජ්‍යය හැර දමා පැවිදි වූයේ ය. කසාවත් හැඳගත්තේ ඒකචර හස්තිරාජයකු මෙන් එකලාව හැසිරේ.
3324. මාස‍්සු පුබ‍්බෙ රතිකීළිතානි හසිතානි අනුස‍්සරිත්‍ථ, මා වො කාමා හනිංසු රම‍්මං හි සුදස‍්සනං නාම නගරං.
3324. පෙර තොප විසින් කරන ලද කාමක්‍රීඩා සහ කාය වාචා චිත්ත වශයෙන් කළ ක්‍රීඩා ද තොප සිත්හි පහළ නො වේවා. සිනහ කාරණයන් ද සිහි නො කරමු. යම් හෙයකින් සුදර්‍ශන නගරය සිත්කලු වන්නේ ද එහෙයින් ඒ නගරය සිහිපත් නො කරව. කාමයෝ වනාහි තොපට හිංසා නො කෙරෙත්වා.
3325. මෙත‍්තං චිත‍්තඤ‍්ච භාවෙථ අප‍්පමාණං දිවා ච රත‍්තො ච, අථ ගඤ‍්ඡිත්‍ථ දෙවපුරං ආවාසං පුඤ‍්ඤකම‍්මිනන‍්ති.
3325. දවල් ද රෑ ද අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩමු. ඉක්බිති පින් ඇත්තවුන්ගේ වාසස්ථානය වූ දෙව් පුරයට යවු යි. පිරිසට අවවාද කළේ ය.
චුල‍්ලසුතසොමජාතකං.
චුල්ලසුතසෝම ජාතක යි.
චත‍්තාළීසනිපාතො නිට‍්ඨිතො.
චත්තාළීස නිපාතය නිමියේ යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
සුවපණ‍්ඩිතජම‍්බුකකුණ‍්ඩලිනො සරභඞ‍්ගමලම‍්බුසජාතකඤ‍්ච, පවරුත‍්තමසඞ‍්ඛසිරිව‍්හයකො සුතසොම අරින්‍දම රාජවරොති.
සුවපණ්ඩිත, ජම්බුක කුණ්ඩලි යන පක්‍ෂීන් ඇති තෙසකුණ ජාතකය ද, සරභඞ්ග ජාතකය ද, අලම්බුස ජාතකය ද, උතුම් වූ සඞ්ඛ නාගරාජ ජාතකය ද, සුතසෝම ජාතකය ද යන මොහු චත්තාළීස නිපාතයෙහි වෙත්.