4. සඞ්ඛපාලජාතකං
4. සඞ්ඛපාලජාතකං.
4. සඞ්ඛපාල ජාතකය
3223. අරියාවකාසොපි පසන්නනෙත්තො මඤ්ඤෙ භවං පබ්බජිතො කුලම්භා, කථන්නු චිත්තානි පහාය භොගෙ පබ්බජි නික්ඛම්ම ඝරා සපඤ්ඤ.
3223. නුඹ වහන්සේ මනා රූ ඇති සේක්, ප්‍රසන්න වූ ඇස් ඇත්තහු ය. පින්වතා ක්ෂත්රිය බ්‍රාහ්මණ දෙකුලයෙන් හෝ සිටු කුලයෙන් හෝ නික්ම පැවිදි වූහ යි සිතමි. ප්‍රඥාවන්තය, භොග සම්පත් හා ධනය හැරදමා ගිහි ගෙයින් නික්ම කුමක් අරමුණු කොට පැවිදි වූ සේක් ද?
3224. සයං විමානං නරදෙව දිස්වා මහානුභාවස්ස මහොරගස්ස, දිස්වාන පුඤ්ඤාන මහාවිපාකං සද්ධායහං පබ්බජිතොම්හි රාජ.
3224. නරදේව වූ මහරජ, මහත් අනුභාව ඇති මහොරගයාගේ විමානය දැක එසේ ම පුණ්‍යයන්ගේ මහත් විපාක දැක මම කර්මයත් කර්මවිපාකයත් පරලොවත් යන මේවා ගැන සැදැහැයෙන් තෙමේ පැවිදි වීමි.
3225. න කාමකාමා න භයා න දොසා වාචං මුසා පබ්බජිතා භණන්ති, අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං සුත්වාන මෙ ජායිහිතිප්පසාදො.
3225. කැමති දෑ ලැබගැනුමේ කැමැත්තෙන් ද භයින් ද ද්වේෂයෙන් ද පැවිද්දෝ බොරු බස් නො කියත්. විචාරන ලද්දේ මට මේ කරුණ කියනු මැනවි. එය අසා මාගේ ප්‍රසාදය හටගන්නේ ය.
3226. වාණිජ්ජ රට්ඨාධිප ගච්ඡමානො පථෙ අද්දසාසිම්හි මිලාචපුත්තෙ, පවඩ්ඪකායං උරගං මහන්තං ආදාය ගච්ඡන්තෙ පමොදමානෙ.
3226. මහරජ, වෙළඳාම පිණිස යන්නා වූ මම මහාමාර්ගයෙහි අතිශයින් වැඩුණා වූ ශරීරයක් ඇති මහානාගයකු තඩලාගෙන සතුටු සිතින් යන්නා වූ වැදි පුත්‍රයන් දුටුවෙමි.
3227. සොහං සමාගම්ම ජනින්ද තෙහි සංහට්ඨලොමො අවචස්මිං භීතො, කුහිං අයං නීයති භීමකායො නාගෙන කිං කාහථ භොජපුත්තා.
3227. මහරජ, ඒ මම ඔවුන් හා එක්වූයෙමි. අතිශයින් ලොමු දහගත්තෙම් බිය වූයෙම් මෙසේ කීමි. වැදි පුත්‍රවරුනි, බිහිසුණු ශරීරයක් ඇති මේ නාගයා කොහි ගෙනයනු ලබයි ද? නාගයාගෙන් කවරක් කරන්නහු දැ යි ඇසීමි.
3228. නාගො අයං නීයති භොජනත්ථං පවඩ්ඪකායො උරගො මහන්තො, සාදුඤ්ච ථූලඤ්ච මුදුඤ්ච මංසං න ත්වං රසඤ්ඤාසි විදෙහපුත්ත.
3228. විශේෂයෙන් වැඩුණු ශරීරයක් ඇති බඩගා යන්නා වූ මේ මහානාග තෙම භෝජනය පිණිස ගෙනයනු ලබයි. වේදේහ පුත්‍රය, මොහුගේ මාංශය මිහිරි ද මහත් ද මෘදු ද වන්නේ ය. නුඹ ඒ රසය නොදන්නෙහි ය.
3229. ඉතො මයං ගන්ත්වා සකං නිකෙතං ආදාය සත්ථානි විකොපයිත්වා, මංසානි භොක්ඛාම පමොදමානා මයං හි වෙ සත්තවො පන්නගානං.
3229. අපි මෙයින් සිය ගෙදරට ගොස් ආයුධ ගෙන කඩ කඩ කොට කපා සතුටු සිත් ඇත්තෝ ව මස් අනුභව කරන්නෙමු. අපි වනාහි ඒකාන්තයෙන් ම සර්පයන්ගේ සතුරෝ වෙමු.
3230. සචෙ අයං නීයති භොජනත්ථං පවඩ්ඪකායො උරගො මහන්තො, දදාමි වො බලිවද්දානි සොළස නාගං ඉමං මුඤ්චථ බන්ධනස්මා.
3230. විශේෂයෙන් වැඩුණා වූ ශරීර ඇති බඩගා යන්නා වූ මේ මහානාගයා ඉදින් භෝජනය පිණිස ගෙනයනු ලබන්නේ නම් මම තොපට ගවයන් සොළසක් දෙමි. මේ නාගයා බැම්මෙන් මුදනු මැනවි.
3231. අද්ධා හි නො භක්ඛො අයං මනාපො බහූ ච නො උරගා භුත්තපුබ්බා, කරොම තෙ තං වචනං අළාර මිත්තඤ්ච නො හොහි විදෙහපුත්ත.
3231. ඒකාන්තයෙන් ම මේ තෙම අපගේ සිත් පිනවන්නා වූ ආහාරය වේ. අප විසින් බොහෝ නාගයෝ කන ලද්දෝ ය. විදේහ පුත්‍ර වූ ආළාරය, නුඹගේ ඒ වචනය කරමු. නුඹ අපගේ මිත්‍රයා ද වෙහි ය.
3232. තදස්සු තෙ බන්ධනා මොචයිංසු යං නත්ථුතො පටිමොක්ඛස්ස පාසෙ, මුත්තො ච සො බන්ධනා නාගරාජා පක්කාමි පාචීනමුඛො මුහුත්තං
3232. මහරජ, එකල්හි නාසයෙන් විද ගසන ලද යම් බන්ධනයෝ වූවාහු නම් ඔවුහු ඒ බන්ධනවලින් නාගයා මුදා හැරියාහ. බැඳුම්වලින් මිදුණු නාගරාජ තෙමේ නැගෙනහිරට අභිමුඛ ව මොහොතක් ගියේ ය.
3233. ගන්ත්වාන පාචීනමුඛො මුහුත්තං පුණ්ණෙහි නෙත්තෙහි පලොකයී මං, තදස්සහං පිට්ඨිතො අන්වගච්ඡිං දසඞ්ගුලිං අඤ්ජලිං පග්ගහෙත්වා.
3233. පෙරදිගට අභිමුඛව මොහොතක් කල් ගොස් කඳුළු පිරුණු නෙත් වලින් මා දෙස බැලුවේ ය. මම දසැඟිලි එකට තබා ඇඳිලි බැඳ (නයාගේ) පිටු පසින් ගියෙමි.
3234. ගච්ඡෙව ඛො ත්වං තරමානරූපො මා තං අමිත්තා පුනරග්ගහෙසුං, දුක්ඛො හි ලුද්දෙහි පුනා සමාගමො අදස්සනං භොජපුත්තාන ගච්ඡ.
3234. නුඹ ඉක්මන් කොට යව, නැවත සතුරෝ නො අල්වා ගනිත්වා නැවත වැද්දන් හා එක්වීම යම් හෙයෙකින් දුක් වන්නේ ද, එහෙයින් වැදි පුත්‍රයන්ගේ නො දැක්මට (වැදි පුත්‍රයන්ට දැකිය නොහැකි තැනකට) යව.
3235. අගමාසි සො රහදං විප්පසන්නං නීලොභාසං රමණීයං සුතිත්ථං, සමොතතං ජම්බූහි චෙතසාහි පාවෙක්ඛි නිත්තිණ්ණභයො පතීතො
3235. වෙසෙසින් පහන් වූ නිල් පැහැයෙන් යුතු සිත්කලු වූ මනා කොට ඇති දඹගස්වලින් හා හොමුවගවලින් ගැවසී ගත්තා වූ විලට තුටුසිත් ඇති එතෙර කළ බිය ඇති ඒ නාගරාජයා ගියේ ය.
3236. සො තං පවිස්ස න චිරස්ස නාගො දිබ්බෙන මෙ පාතුරහූ ජනින්ද, උපට්ඨහි මං පිතරං ව පුත්තො හදයඞ්ගමං කණ්ණසුඛං භණන්තො
3236. මහරජ, ඒ නාග තෙම විලට ඇතුළු වී නොබෝ වෙලාවකින් දිව්‍ය වේශයෙන් මා ඉදිරියෙහි පහළ විය. පියකු ඉදිරියෙහි පුත්‍රයකු මෙන් හෘදයංගම වූ කනට සුව ගෙන දෙන්නා වූ මිහිරි වචන බෙණෙමින් මා වෙත එළඹියේ ය.
3237. ත්වංමෙසි මාතා ච පිතා අළාර අබ්භන්තරො පාණදදො සහායො, සකඤ්ච ඉද්ධිං පටිලාභිතොස්මි අළාර පස්ස මෙ නිවෙසනානි පහූතභක්ඛං බහු අන්නපානං මසක්කසාරං විය වාසවස්ස.
3237. පින්වත් ආළාරය, නුඹ මගේ මව ද වෙහි. පියා ද වෙහි ය. අභ්‍යන්තර වූ ප්‍රාණ දානය කරන යහළුවා ද වෙහි ය. සිය ඍද්ධිය ද නැවත ලබා දෙන ලද්දෙම් වෙමි. ආළාරය, බොහෝ කෑයුතු දෑ ඇති ආහාර පානයෙන් නො අඩු ශක්‍රයාගේ දිව්‍ය පුරය වැනි මාගේ නිවාස ස්ථානයන් බලවයි, නාගරාජ තෙම කීයේ ය.
3238. තං භූමිභාගෙහි උපෙතරූපං අසක්ඛරා චෙව මුදූ සුභා ච, නීචතිණා අප්පරජා ච භූමි පාසාදිකා යත්ථ ජහන්ති සොකං.
3238. මහරජ, යම් තැනෙක්හි පැමිණියවුන්ගේ ශෝකය දුරු කෙරේ ද ඒ නාග භවනයෙහි බිම වනාහි කැට කැබලිති රහිත වූ මෘදු වූ රන් රිදී මැණික්මය වූ සත්රුවන් වැලියෙන් යුත් ඉඳු ගොව්වන්ගේ පිට සමාන වර්ණ ඇති නීච තෘණයෙන් ගැවසී ගත් පසින් තොර වූවකි. නාගවිමානය ඒ බිම් කොටසින් යුතු ය.
3239. අනාවකූලා වෙළුරියූපනීලා චාතුද්දිසං අම්බවනං සුරම්මං, පක්කා ච පෙසී ච ඵලා සුඵුල්ලා නිච්චොතුකා ධාරයන්තී ඵලානි
3239. එහි සමව පිහිටියා වූ භූමිය වේ. වෛඩූර්‍ය්‍ය බඳු නිල් පැහැ ඇති පොකුණක් වේ. එහි සිව් දිග්හි ඉතා රම්‍ය වූ අඹ වනය වේ. එහි පැසුණා වූ ද තරුණ වූ ද ඵල හට ගත් අඹගස් වේ. ඒ අඹ ගස් හැම ඍතුයෙහි ම මල් ඵල දරන්නේ ය.
3240. තෙසං වනානං නරදෙව මජ්ඣෙ නිවෙසනං භස්සරසන්නිකාසං, රජතග්ගළං සොණ්ණමයං උළාරං පභාසති විජ්ජුරිවන්තලික්ඛෙ.
3240. නරදේව වූ රජුනි, ඒ වනමැද බබළන්නා වූ රිදීමය දොර කවුළු ඇති ස්වර්ණමය මහාප්රාසාදය අහස්හි විදුලිය සේ බබළන්නේ ය.
3241. මණිමයා සොවණ්ණමයා උළාරා අනෙකචිත්තා සතතං සුනිම්මිතා, පරිපූරා කඤ්ඤාහි අලඞ්කතාහි සොවණ්ණකායූරධරාහි රාජ.
3241. මහරජ, එහි මිණිමුවා වූ ද රන්මුවා වූ ද නොයෙක් විසිතුරු සැරසිල්ලෙන් ගැවසීගත්තා වූ නිතරම මනාකොට නිර්මාණය කරන ලද්දා වූ කුළු ගෙවල් හා ගබඩා ගෙවල් ඇත. ස්වර්ණමය වළලු දරන්නා වූ අලංකෘත නාගකන්යාවන්ගෙන් සම්පූර්ණ ය.
3242. සො සඞ්ඛපාලො තරමානරූපො පාසාදමාරුය්හ අනොමවණ්ණො, සහස්සථම්භං අතුලානුභාවං යත්ථස්ස භරියා මහෙසී අහොසි.
3242. ඒ සංඛපාල තෙම අතුල්‍ය වර්ණ ඇත්තේ ඉක්මන් ස්වභාව ඇත්තේ දහසක් කණු ඇති නො සම වූ අනුභාව ඇති පහයට නැඟ යම් තැනෙක්හි ඔහුගේ භාර්‍ය්‍යාව වූවා ද, මා අතින් ගෙන එහි පැමිණ වූයේ ය.
3243. එකා ච නාරී තරමානරූපා ආදාය වෙළුරියමයං මහග්ඝං, සුභං මණිං ජාතිමන්තූපපන්නං අචොදිතා ආසනමබ්භිභාසි.
3243. එකල්හි නො මෙහෙයන ලද එක් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී මාහැඟි ජාතිමත් මැණික් වලින් යුත් වෛඩූර්‍ය්‍යමය වූ යහපත් මැණික් ආසනයක් එළවූහ.
3244. තතො මං උරගො හත්ථෙ ගහෙත්වා නිසීදයී පමුඛමාසනස්මිං, ඉදමාසනං අත්ර භවං නිසීදතු භවඤ්හි මෙ අඤ්ඤතරො ගරූනං.
3244. ඉක්බිති නාග තෙමේ මා අත ගෙන ඉදිරි අසුනෙහි හිඳුවී. ‘මේ ආසනයයි’ පින්වත් තෙමේ මෙහි ඉඳ ගනීවා, පින්වත් තෙමේ මගේ මවුපියන් අතුරෙන් කෙනෙකි’ යි කීයේ ය.
3245. අඤ්ඤා ච නාරී තරමානරූපා ආදාය වාරිං උපසඞ්කමිත්වා, පාදානි පක්ඛාලයි මෙ ජනින්ද භරියාව භත්තු පතිනො පියස්ස.
3245. මහරජ, අන් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී දිය ගෙන මා වෙත එළඹ ප්‍රිය ස්වාමිපුරුෂයක්හුගේ පා දොවනා භාර්‍ය්‍යාවක මෙන් මගේ පා සේදුවා ය.
3246. අපරා ච නාරී තරමානරූපා පග්ගය්හ සොවණ්ණමයාය පාතියා, අනෙකසූපං විවිධං වියඤ්ජනං උපනාමයි භත්ත මනුඤ්ඤරූපං.
3246. තවත් ස්ත්‍රියක් ඉක්මන් ස්වභාව ඇත්තී ස්වර්ණමය තලියකින් නොයෙක් සූප ව්‍යඤ්ජනයෙන් යුත් මනෝඥ වූ බත් එළවූවා ය.
3247. තුරියෙහි මං භාරත භුත්තභත්තං උපට්ඨහුං භත්තු මනො විදිත්වා, තතුත්තරිං මං නිපතී මහන්තං දිබ්බෙහි කාමෙහි අනප්පකෙහි.
3247. භාරත දේශාධිපති වූ රජුනි, ආහාර අනුභවකළා වූ මට ඒ දිව්‍ය කන්‍යාවෝ ස්වාමිපුරුෂයාගේ සිත දැනගෙන නොයෙක් තූර්ය්ය වාද්‍යයෙන් උපස්ථාන කළාහු ය. ඉන්පසු නාරජ තෙම මහත් වූ දිව්‍යමය කාමසම්පත්තියෙන් යුක්ත ව මා වෙතට පැමිණියේ ය.
3248. භරියා මමෙතා තිසතා අළාර සබ්බත්තමජ්ඣා පදුමුත්තරාභා, ආළාර එතාසු තෙ කාමකාරො දදාමි තෙ තා පරිචාරයස්සු
3248. පින්වත් ආළාරය, මාගේ මේ තුන්සියයක් භාර්‍ය්‍යයාවෝ සියල්ලෝ තනුමධ්ය ප්‍රදේශ ඇත්තාහ. පියුම් බඳු වර්ණ ඇති සමින් යුක්තයහ. ආළාරය, මේ ස්ත්‍රීන් කෙරෙහි තොපට කැමැත්තක් කරව. තොපට දෙමි. ඒ ස්ත්‍රීන් තොපගේ පාදපරිචාරිකාවන් කරගනුව.
3249. සංවච්ඡරං දිබ්බරසානුභුත්වා තදස්සහං උත්තරිං පච්චභාසිං, නාගස්සිදං කින්ති කථඤ්ච ලද්ධං කථජ්ඣගමාසි විමානසෙට්ඨං.
3249. මහරජ, වර්ෂයක් දිව්‍ය පංචකාමරසයන් අනුභව කොට ඒ නාරජුට මෙසේ කීමි. නාගයාගේ මේ සම්පත් කිනම් කර්මයක් කොට කෙසේ ලබන ලද්දේ ද? මේ ශ්‍රේෂ්ඨ වූ විමානය කෙසේ ලබන ලද්දේ ද?
3250. අධිච්චලද්ධං පරිණාමජන්තෙ සයං කතං උදාහු දෙවෙහි දින්නං, පුච්ඡාමි තං නාගරාජෙ තමත්ථං කථජ්ඣගමාසි විමානසෙට්ඨං.
3250. නාග රාජය, නුඹ විසින් මේ විමානය හේතුවක් නැතිව ලබන ලද්දේ ද? යම් කිසිවකු විසින් පිරිනමන ලද්දක් ද? තමා විසින් කරන ලද්දක් ද? නැතහොත් දෙවියන් විසින් දෙන ලද්දක් ද? නාග රාජය, මේ කාරණය නුඹ අතින් විචාරමි.
3251. නාධිච්චලද්ධං න පරිණාමජං මෙ න සයං කතං නපි දෙවෙහි දින්නං, සකෙහි කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානං.
3251. මෙය හේතුවක් නැති ව ලබන ලද්දක් නො වේ. යම් කිසිවකු විසින් මට පිරිනමන ලද්දක් ද නො වේ. තමන් විසින් කරන ලද්දක් ද නො වේ. දෙවියන් විසිනුදු දෙන ලද්දක් නො වේ. අලාමක වූ සිය කුශල කර්මයන්ගෙන් මේ විමානය මා විසින් ලබන ලදී.
3252. කින්තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, අක්ඛාහි මෙ නාගරාජෙතමත්ථං කථන්නු තෙ ලද්ධමිදං විමානං.
3252. නුඹගේ ව්‍රතය කුමක් ද? කවර බ්‍රහ්මචර්‍ය්‍යයක් රැක්කෙහි ද? මනාව පුරුදු කරන ලද කිනම් කර්මයක්හුගේ මේ විපාක ද? නාග රාජය මේ කාරණය මට කියනු මැනවි. මේ විමානය නුඹ විසින් කෙසේ නම් ලබන ලද්දේ ද?
3253. රාජා අහොසිං මගධානමිස්සරො දුය්යොධනො නාම මහානුභාවො, සො ඉත්තරං ජීවිතං සංවිදිත්වා අසස්සතං විපරිණාමධම්මං.
3253. ආළාරය, මම මගධේශ්වර වූ දුර්ය්යෝධන නම් මහානුභාව සම්පන්න රජෙක් වීමි. ඒ මම ජීවිතය ස්වල්පය බොහෝ කල් නො පවත්නේ ය. පෙරළෙන ස්වභාවයට පත් වන්නේ යයි මනාව දැන-
3254. අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං ඔපානභූතං මෙ ඝරං තදාසි සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
3254. පහන් සිත් ඇත්තෙම් මහත් වූ ආහාර පාන සකසා දුන්නෙමි. එකල්හි මාගේ ගෙදොර පැන් පොකුණක් බඳු විය. මහණ බමුණෝ මා විසින් සන්තර්පණය කරන ලද්දෝ ය.
3255. මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච පදීපියං යානමුපස්සයඤ්ච, අච්ඡාදනං සයනමථන්නපානං සක්කච්ච දානානි අදම්හ තත්ථ.
3255. එහි දී මල් ගඳ විලවුන් ද පහන් සහ යානයන් ද ගෙවල් සහ වස්ත්‍ර ද සයනාසන සහ ආහාර පාන ද සකස් කොට දන් දුනිමි.
3256. තං මෙ වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො, තෙනෙව මෙ ලද්ධමිදං විමානං පහූතභක්ඛං බහුඅන්නපානං නච්චෙහි ගීතෙහි චුපෙතරූපං චිරට්ඨිතිකං න ච සස්සතායං.
3256. එය මාගේ ව්‍රත සමාදානය වේ. එය මාගේ බ්‍රහ්මචර්‍ය්‍යය වේ. මනාව පුරුදු කරන ලද ඒ කර්මයාගේ මේ විපාක යි. එයින් ම බොහෝ කෑයුතු දෙයත් බොහෝ ආහාර පානත් නෘත්‍ය ගීතයන් ගෙන් යුත් චිරස්ථායී මේ විමානයත් මා විසින් ලබන ලද. මෙය ද සදාතන නො වේ යයි නාරජ කීයේ ය.
3257. අප්පානුභාවා තං මහානුභාවං තෙජස්සිනං හන්ති අතෙජවන්තො, කිමෙව දාඨාවුධ කිං පටිච්ච හත්ථත්ථ මාගඤ්ඡි වණිබ්බකානං.
3257. දළ ම ආයුධ කොට ඇති නාගරාජය, මද අනුභාවයක් ඇත්තා වූ තේජස් විරහිත ඒ වැදි පුත්‍රයෝ මහත් අනුභාව ඇති මහත් තේජස් ඇති නුඹට කුමක් හෙයින් හිංසා කළාහු ද? කුමක් හෙයින් වැද්දන්ගේ අතට අසුවූයෙහි ද?
3258. භයන්නු තෙ අන්වගතං මහන්තං තෙජොනු තෙ නාන්වගං දන්තමූලං, කිමෙව දාඨාවුධ කිං පටිච්ච කිලෙසමාපජ්ජි වණිබ්බකානං.
3258. දළ ආයුධ කොට ඇති නාගරාජය, කිම ඔවුහු නුඹගේ තේජස් දැක බිය නො වූහු ද? නුඹගේ විෂ දත්මුල් අනුව නො ගියේ ද? කුමක් නිසා වණිබ්බකයන්ගෙන් වෙහෙසට පත්වීදැයි? ඇසීය.
3259. න මෙ භයං අන්වගතං මහන්තං තෙජො න සක්කා මම තෙහි හන්තුං, සතඤ්ච ධම්මානි සුකිත්තිතානි සමුද්දවෙලාව දුරච්චයානි.
3259. මාගේ මහත් තේජස දැක ඔවුහු බිය නො වූහ. මාගේ තේජස ඔවුන් විසින් නසන්නට නො පිළිවන. එහෙත් බුද්ධාදි සත්පුරුෂයන් විසින් මනාකොට ප්‍රකාශ කරන ලද්දා වූ ධර්මයෝ මා විසින් මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කාහු වෙති.
3260. චාතුද්දසිං පඤ්චදසිං ච’ළාර උපොසථං නිච්චමුපාවසාමි, අථාගමුං සොළස භොජපුත්තා රජ්ජුං ගහෙත්වාන දළ්හඤ්ච පාසං.
3260. ආළාරය, තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද නිතර පෙහෙ වස් සමාදන්ව වසමි. එවිට වැදිපුත්‍රයෝ සොළොස් දෙනෙක් දැඩි මළපුඩුවක් හා රැහැනක් ගෙන එහි එළඹුණාහ.
3261. භෙත්වාන තාසං අතිකස්ස රජ්ජුං නයිංසු මං සම්පරිගය්හ ලුද්දා, එතාදිසං දුක්ඛමහං තිතික්ඛං උපොසථං අප්පටිකොපයන්තො.
3261. ඒ වැදිපුත්‍රයෝ මාගේ නාසය විද රැහැනකින් බැඳ මා තඩැ ලාගෙන ගියාහු ය. මා සමාදන්ව ගත් පෙහෙවස කෝපනය නො කරමින් මම මෙතරම් දුකක් ඉවසුවෙමි.
3262. එකායනෙ තං පථෙ අද්දසංසු බලෙන වණ්ණෙන චු’පෙතරූපං, සිරියා ච පඤ්ඤාය ච භාවිතොසි කිමත්ථියං නාග තපො කරොසි.
3262. බලයෙන් ද වර්ණයෙන් ද යුත් තොප එකපදික මාර්ගයෙහි දී ඒ වැද්දෝ දුටුවෝ ය. තෙපි වනාහි ඓශ්වර්ය්යයෙන් හා ප්‍රඥායෙන් වැඩුණහුය. නාගය, එසේ තිබියදී කුමක් බලාපොරොත්තුවෙන් තපස් කරහු ද? යි ඇසුවේ ය.
3263. න පුතතහෙතු න ධනස්ස හෙතු න ආයුනො චාපි අළාර හෙතු, මනුස්සයොනිං අභිපත්ථයානො තස්මා පරක්කම්ම තපො කරොමි.
3263. ආළාරය, පුත්‍රයන් හේතුකොට ගෙන නොවේ. ධනය හේතුකොට ගෙන ද නොවේ. ආයුෂ හේතු කොට ගෙන ද නොවේ. මිනිස් උපත පතන්නෙමි. එහෙයින් උත්සාහ දරා තපස් රකිමි යි කීයේ ය.
3264. ත්වං ලොහිතක්ඛො විහතන්තරංසො අලඞ්කතො කප්පිතකෙසමස්සු, සුරොසිතො ලොහිතචන්දනෙන ගන්ධබ්බරාජාව දිසා පභාස්සි.
3264. නාගරාජය, නුඹ ලේවන් ඇස් ඇත්තෙහි ය. නට අන්තරංස (පෙළුණු පපුවක්) ඇත්තෙහි ය. අලංකාර වූයෙහි කපන ලද කෙස් රවුළු ඇත්තෙහි ය. රත් සඳුන් විලවුන් ගල්වන ලද්දෙහි ගන්ධර්වරාජයා මෙන් දිශාවන් බබුළුවහි.
3265. දෙවිද්ධිපත්තොසි මහානුභාවො සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො, පුච්ඡාමි තං නාගරාජෙතමත්ථං සෙය්යො ඉතො කෙන මනුස්සලොකො.
3265. සියලු කාමසම්පත්තීන් යුක්ත වූවෙහි ය. මහත් අනුභාව ඇත්තෙහි දිව්‍යමය ඍද්ධියට පැමිණියේ වෙහි ය. නාග රාජය, නුඹ අතින් මේ කරුණ විචාරමි. මේ නාගභවනයට වඩා මනුෂ්‍යලෝකය ශ්‍රේෂ්ඨ වන්නේ කවර කරුණකින් ද?
3266. ආළාර නාඤ්ඤත්ර මනුස්සලොකා සුද්ධි වි සංවිජ්ජති සඤ්ඤමො වා, අහඤ්ච ලද්ධාන මනුස්සයොනිං කාහාමි ජාතිමරණස්ස අන්තං.
3266. ආළාරය, මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත ශුද්ධිය හෝ ශීල සංයමය හෝ මිනිස් ලොවින් වෙන්ව විද්‍යමාන නො වන්නේ ය. මම ද මිනිස් උපත ලැබ ජාති මරණයන්ගේ අවසානය කරන්නෙමි.
3267. සංවච්ඡරො මෙ උසිතො තවන්තිකෙ අන්නෙන පානෙන උපට්ඨිතොස්මි, ආමන්තයිත්වාන පළෙමි නාග චිරප්පවුත්ථොස්මි අහං ජනින්ද.
3267. නුඹ සමීපයෙහි මම වර්ෂයක් විසීමි. ආහාර පානයෙන් මම උපස්ථාන ලද්දෙම් ද වෙමි. නාගය, නුඹට කියා යමි. නාග රාජය, මම බොහෝ කලක් වාසය කෙළෙමි යි කීයේ ය.
3268. පුත්තා ච දාරා ච‘නුජිවිනො ච නිච්චානුසිට්ඨා උපතිට්ඨතෙ තං, කච්චින්නු තෙ නාභිසංසිත්ථ කොචි පියඤ්හි මෙ දස්සනං තුය්හළාර.
3268. ආළාරය, මාගේ පුත්‍රයෝ ද අඹුවෝ ද අනුව ජීවත් වන්නෝ ද නිතර අනුශාසනා කරන ලද්දාහු නුඹට උපස්ථාන කිරීමට පැමිණ සිටින්නාහ. කිම, ඔවුනතර කිසිවෙක් නුඹට අසතුටක් කෙළේ ද? නුඹගේ දැක්ම මට ප්‍රිය යයි නාරජ කීයේ ය.
3269. යථාපි මාතු ච පිතු අගාරෙ පුත්තො පියො පටිවිහිතො වසෙය්ය, තතොපි මය්හං ඉධ මෙව සෙය්යො චිත්තං හි තෙ නාග මයි පසන්නං.
3269. මවුපියන්ගේ ගෙහි පුත්‍රයෙක් යම්සේ පෝෂණය කරන ලද්දේ වාසය කෙරේ ද, එයටත් වඩා මට මෙහි ම ශ්‍රේෂ්ඨය. නාගය, තොපගේ සිත යම් හෙයෙකින් මා කෙරෙහි ප්‍රසන්න ද එහෙයිනි.
3270. මණී මමං විජ්ජති ලොහිතඞ්කො ධනාහරො මණිරතනං උළාරං, ආදාය තං ගච්ඡ සකං නිකෙතං ලද්ධා ධනං තං මණිමොස්සජස්සු.
3270. යහළු ආළාරය, ධනය ලැබ ගන්නට පිළිවන් වන්නාවූ ලෝහිතංක නම් මාණික්‍යයක් මාගේ ඇත. ඒ මහත් වූ මාණික්‍යය ගෙන සිය නිවසට යව. එයින් ධනය ලබාගෙන මා වෙතට ම පමුණුවනු මැනවි.
3271. දිට්ඨා මයා මානුසිකාපි කාමා අසස්සතා විපරිණාමධම්මා, ආදීනවං කාමගුණෙසු දිස්වා සද්ධායහං පබ්බජිතොම්හි රාජ.
3271. මහරජ, මා විසින් මිනිසුන් අයත් වූ ද දෙවියන් අයත් වූ ද කාමසම්පත්තීහු දක්නා ලද්දාහ. ඒ කාමයෝ අශාස්වතයහ. පෙරළෙන ස්වභාව ඇත්තෝ ය. කාමසම්පත්හි ආදීනව දැක මම සැදැහැයෙන් පැවිදි වූයෙමි.
3272. දුමප්ඵලානෙව පතන්ති මාණවා දහරා ච වුද්ධා ච සරීරභෙදා, එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ. අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො.
3272. මහරජ, ගස්වල පැසුණු නො පැසුණු ගෙඩි මෙන් ළදරු වූ ද තරුණ වූ ද මහලු වූ ද යන සියල්ලෝ ම ශරීර භේදයෙන් වැටෙන්නාහ. මෙය ද දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ මහණකම වනාහි ශ්‍රේෂ්ඨ වේ.
3273. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාගඤ්ච සුත්වා න තවඤ්චළාර කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
3273. ආළාර නම් තාපසය, යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙද් ද, නුවණැති ඔවුහු ඒකාන්තයෙන් ම සේවනය කළ යුත්තෝ වෙති යි රජ තෙම කීයේ ය.
3274. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, නාගඤ්ච සුත්වා මමඤ්ච රාජ කරොහි පුඤ්ඤානි අනප්පකානීති.
3274. යම් කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු බොහෝ කරුණු සිතන්නෝ වෙද්ද, නුවණැති ඔවුහු ඒකාන්තයෙන් ම සේවනය කළ යුත්තෝ වෙති. මහරජ, සංඛපාල නාගයා ගැන ද මා ගැන ද අසා බොහෝ පින් කරවයි තාපස තෙම අවවාද කෙළේ ය.
සඞ්ඛපාල ජාතකං.
සංඛපාල ජාතක යි.