2. උම‍්මාදන‍්තීජාතකං
2. උම‍්මාදන‍්තීජාතකං
2. උම්මාදන්තී ජාතකය
3382. නිවෙසනං කස‍්ස නුදං සුනන්‍ද පාකාරෙන පණ‍්ඩුමයෙන ගුත‍්තං, කා දිස‍්සති අග‍්ගිසිඛාව දූරෙ වෙහාසයං පබ‍්බතග‍්ගෙව අච‍්චී.
3382. එම්බා සුනන්‍ද නම් සාරථිය, රතුගඩොළුමුවා පවුරෙන් ආරක්‍ෂා කරන ලද මේ ගෙය කාගේ ද? කඳු මුදුනක අහස්හි බබළන ගිනිකඳක් මෙන් ද දුර පිහිටි ගිනිසිළක් මෙන් ද, කවරක් බබළා ද?
3383. ධීතානයං කස‍්ස සුනන්‍ද හොති සුණිසානයං කස‍්ස අථොපි භරියා, අක‍්ඛාහි මෙ ඛිපපමිධෙව පුට‍්ඨො අවාවටා යදි වා අත්‍ථි භත‍්තා
3383. සුනන්‍දය, මෝ තොමෝ කවරකුගේ දුවක් ද? කවරකුගේ ලේලියක් ද? කවරකුගේ බිරියක් ද? විචාරන ලද්දා වූ මට වහා ම මෙහි දී ම කියව. මැයට යම් කිසිවකුගේ රැකවරණයක් ඇත්තේ ද? නැතහොත් ස්වාමිපුරුෂයෙක් ඇත්තේ ද යන බව මට කියව (යි රජ තෙම කීයේ ය.)
3384. අහං හි ජානාමි ජනින්‍ද එතං මත්‍යා ච පෙත්‍යා ච අථොපි අස‍්සා, තවෙව සො පුරිසො භූමිපාල රත‍්තින්‍දිවං අප‍්පමතො තවත්‍ථෙ.
3384. රජතුමනි, මැයගේ මව්පසින් ද පියපසින් ද කිවහැකි තොරතුරු මම දනිමි. පෘථිවිපාලක රජතුමනි, රෑ දාවල් දෙක්හි නුඹ වහන්සේ සඳහා අප්‍රමාද ව ක්‍රියා කරන්නා වූ ඒ පුරුෂ තෙම නුඹ වහන්සේගේ ම සේවකයෙකි.
3385. ඉද‍්ධො ච ඵීතො ච සුවඩ‍්ඪිතො ච අමච‍්චො ච තෙ අඤ‍්ඤතරො ජනින්‍ද, තස‍්සොසා භරියා අහිපාරකස‍්ස උම‍්මාදන‍්තී නාමධෙය්‍යෙන රාජ.
3385. ජනාධිපතිතුමනි, සම්පතින් සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරාදියෙන් පිරුණා වූ ආඪ්‍ය වූ එක්තරා අමාත්‍යයෙක් නුඹ වහන්සේට ඇත. රජතුමනි, උම්මාදන්තී යන නාමයක් ඇති මෝ තොමෝ අහිපාරක නම් වූ ඔහුගේ භාර්‍ය්‍යාව ය.
3386. අම‍්භො අම‍්භො නාමමිදං ඉමිස‍්සා මත්‍යා ච පෙත්‍යා ච කතං සුසාධු, තථා හි මය‍්හං අවලොකයන‍්ති උම‍්මත‍්තකං උම‍්මදන‍්තී අකාසි.
3386. පින්වත, පින්වත, මැයගේනම මව්පියන් විසින් මනා කොට තබන ලද්දකි. ඒ එසේ ම ය. මා දෙස බලන්නී වූ උම්මාදන්තී තොමෝ මා උමතුවකු කළා ය.
3387. සා පුණ‍්ණමාසෙ මිගමන්‍දලොචනා උපාවිසී පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගී, ද‍්වෙ පුණ‍්ණමායො තදහු අමඤ‍්ඤං දිස‍්වාන පාරාවතරත‍්තවාසිනිං.
3387. පූර්‍ණ චන්‍ද්‍රයාගෙන් යුත් රාත්‍රියෙහි මුව දෙනක මෙන් මඳ බැලුම් ඇත්තා වූ රත්පියුමකට බඳු සිවියක් ඇති යම් තැනැත්තියක් තොමෝ (කවුළුව සමීපයෙහි) හුන්නී ද, පරවියන්ගේ පා වැනි වර්‍ණ ඇති වස්ත්‍ර හැඳි ඇය දැක එදවස්හි චන්‍ද්‍රයෝ දෙදෙනෙක් වූහ යි සිතුවෙමි.
3388. අළාරපම‍්හෙහි සුභෙහි වග‍්ගුහි පලොහයන‍්ති මං යදා උදික‍්ඛති, විජම‍්භමානා හරතෙව මෙ මනො ජාතා වනෙ කිම‍්පුරිසීව පබ‍්බතෙ.
3388. යම් දිනෙක ඕ තොමෝ මා පොළඹවමින් යහපත් වූ ද විශාල වූ ද ඇස්වලින් මා දෙස බැලූ ද, එවිට කම්පාවට පත් ඕ තොමෝ වනයෙහි වූ පර්‍වතයෙක්හි උපන් කිඳුරු දෙනක මෙන් මාගේ සිත පැහැර ගත්තා ම ය.
3389. තදා හි බ්‍රහතී සාමා ආමුත‍්තමණිකුණ‍්ඩලා, එකච‍්චවසනා නාරී මිගී භන‍්තාවුදික‍්ඛති.
3389. එකල්හි මහත් වූ රන් මෙන් ශ්‍යාමවර්‍ණ වූ පලඳන ලද මිණිකොඬොල් ඇති එක් වස්ත්‍රයක් හැන්දා වූ ඒ ස්ත්‍රී තොමෝ භ්‍රාන්ත වූ මුව දෙනක මෙන් මා දෙස බැලුවා ය.
3390. කදාස‍්සු මං තම‍්බනඛා සුලොමා බාහා මුදූ චන්‍දනසාරලිත‍්තා, වට‍්ටඞ‍්ගුලී සන‍්නතධීරකුත‍්තියා නාරී උපඤ‍්ඤිස‍්සති සීසතො සුභා.
3390. තඹවන් නිය ඇති යහපත් ලොම් ඇති මොළොක් වූ අත්වලින් යුත් සඳුන්කල්ක ගල්වන ලද වට ඇඟිලි ඇත්තා වූ යහපත් වූ ඒ ස්ත්‍රී තොමෝ කවදා නම් හිස පටන් යහපත් ලෙස ස්පර්‍ශ කිරීමෙන් දක්‍ෂ ව ක්‍රියා කොට මා තුටු කරන්නීදැ යි (කියමින් රජ තෙම වැලැපුණේ ය.)
3391. කදාස‍්සු මං කඤ‍්චනජාලුරච‍්ඡදා ධීතා තිරීටිස‍්ස විලාකමජ‍්ඣා, මුදූහි බාහාහි පළිස‍්සජිස‍්සති බ්‍රහාවනෙ ජාතදුමංව මාලුවා.
3391. කවර කලෙක්හි රන්මය උර වැස්මෙන් අලංකාර වූ කෘශ වූ මධ්‍යප්‍රදේශ ඇති තිරිටි නම් සිටුහුගේ දියණි තොමෝ විශාලවනයෙහි හටගත් වෘක්‍ෂයක් මාලුවා වැලක් (වැළඳ ගන්නාක්) මෙන් මා වැළඳ ගන්නී ද,
3392. කදාස‍්සු ලාඛාරසරත‍්තසුච‍්ඡවි ඛින්‍දුත්‍ථනී පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගී, මුඛං මුඛෙන උපනාමයිස‍්සති සොණ‍්ඩොව සොණ‍්ඩස‍්ස සුරාය ථාලං.
3392. කවර කලෙක්හි ලාක්‍ෂාරස පොවන ලද්දක් සේ මනා සිවි ඇත්තා වූ දියබුබුළු මෙන් වට වූ පයෝධර ඇත්තා වූ රත් නෙළුම් බඳු පැහැති ශරීරවර්‍ණ ඇති ඕ තොමෝ රා සොඬකුහට අන් රා සොඬකු සුරා තැටියක් එළවන්නා සේ මුඛයෙන් මුඛයට ළං වන්නී ද–
3393. යදාද‍්දසං තං තිට‍්ඨන‍්තිං සබ‍්බගත‍්තං මනොරමං, තතො සකස‍්ස චිත‍්තස‍්ස නාවබොධාමි කඤ‍්චිනං.
3393. යම් දිනෙක සිත්කලු වූ සියලු ශරීරාවයව ඇතිවැ සිටුනා ඇය දක්කෙම් ද, එදා පටන් සිය සිත පිළිබඳ කිසිවක් මම නො දනිමි.
3394. උම‍්මාදන‍්තිමහං දිට‍්ඨො ආමුත‍්තමණිකුණ‍්ඩලං, න සුපාමි දිවාරත‍්තිං සහස‍්සංව පරාජිතො.
3394. පළඳනා ලද මිණිකොඬොල් ඇති උම්මාදන්තී නම් තැනැත්තිය මම දුටුවෙමි. ඒ මොහොතේ සිට මම දහසකින් පැරැදුනකු සේ රෑ දවල් නිදි නො ලබමි.
3395. සක‍්කො ච මෙ වරං දජ‍්ජා සො ච ලබ‍්භෙථ මෙ වරො, එකරත‍්තං දිරත‍්තං වා භවෙය්‍යං අභිපාරකො උම‍්මාදන‍්ත්‍යා රමිත්‍වාන සිවිරාජා තතො සියං.
3395. ඉදින් ශක්‍ර තෙමේ මට වරයක් දෙන්නේ නම් මම ඒ වරය ලබමි. (කිනම් වරයක් ද යත්:) එක් රැයක් හෝ දෙරැයක් මම අහිපාරක වන්නෙම්වා. එසේ අහිපාරක වී උම්මාදන්තිය සමග අභිරමණය කොට ඉන්පසු සිවිරජ වෙම්වා (යන මේ වරය යි.)
3396. භූතානි මෙ භූතපතී නමස‍්සතො ආගම‍්ම යක‍්ඛො ඉදමෙවමබ්‍රවි, රඤ‍්ඤො මනො උම‍්මදන‍්ත්‍යා නිවිට‍්ඨො දදාමි තෙ තං පරිචාරයස‍්සු.
3396. මහරජ, බිලියම් පිණිස භූතයන් වඳින්නා වූ මට යක්‍ෂයෙක් අවුත් රජුගේ සිත උම්මාදන්ති ය කෙරෙහි පිහිටියේ ය යන මෙය මෙසේ කීවේ ය. ඔබට ඒ උම්මාදන්ති ය දෙමි. ඇය පරිචාරිකාව කර ගනුව (යි ඇමති තෙම කීවේ ය.)
3397. පුඤ‍්ඤා විධංසෙ අමරො න චම‍්හි ජනො ච මෙ පාපමිදන‍්ති ජඤ‍්ඤා, භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො දත්‍වා පියං උම‍්මදන‍්තිං අදිට‍්ඨා.
3397. යහළු අහිපාරකය, එසේවීනම් මම පිනෙන් පිරිහෙමි. ඇය සමග කෙලෙස් සසගින් විසූ පමණින් අමරණිය ද නො වෙමි. මහජනයා ද මාගේ මේ ලාමක කමැයි දැන ගන්නේ ය. ප්‍රිය වූ උම්මාදන්තිය නොදැක්මෙන් තොපගේ සිතට ද මහත් දුකෙක් ඇති වන්නේ ය.
3398. ජනින්‍ද නාඤ‍්ඤතු තයා මයා වා සබ‍්බාපි කම‍්මස‍්ස කතස‍්ස ජඤ‍්ඤා, යන‍්තෙ මයා උම‍්මදන‍්තී පදින‍්නා භුසෙහි රාජා වනථං සජාහි.
3398. මහරජ, නුඹ වහන්සේත් මාත් හැර සියලු ප්‍රජාව ම නුඹ වහන්සේට උම්මාදන්ති ය දෙන ලද්දී ය යන කරුණ නොදන්නේ ය. එහෙයින් රජ තෙමේ (ඇය සමග සිත් අලවා වෙසෙමින්) මනදොළ සපුරා ගනීවා. ඉන්පසු නුඹ වහන්සේ නොරුස්නාහු නම්, ඇය මාහට ම දෙනු මැනවි.
3399. යො පාපකං කම‍්මකරං මනුස‍්සො සො මඤ‍්ඤති මායිදං මඤ‍්ඤිංසු අඤ‍්ඤෙ, පස‍්සන‍්ති භූතානි කරොන‍්තමෙතං යුත‍්තා ව යෙ හොන‍්ති නරා පඨබ්‍යා.
3399. (අහිපාරකය,) පව්කම් කරන යම් මිනිසෙක් වේ නම්, “මා කරන පව්කම අන්‍යයෝ නො දැන ගනිත්වා” යි හෙ තෙමෙ සිතයි. එහෙත් ලෝකයෙහි (බුදු – පසේ බුදු) ඈ ඉදුබල ඇති මනුෂ්‍යයෝත් භූතයෝත් ඒ පාපකර්‍ම කරන්නහු දකිත්.
3400. අඤ‍්ඤො නු තෙ කොචි නරො පඨබ්‍යා සද‍්දහෙය්‍ය ලොකස‍්මිං න මෙ පියාති, භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො දත්‍වා පියං උම‍්මදන‍්තිං අදිට‍්ඨා.
3400. (අහිපාරකය,) ලෝකයෙහි කිසියම් මිනිසෙක් මට උම්මදන්ති ය ප්‍රිය නැතැ යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මදන්තිය ය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
3401. අද‍්ධා පියා මය‍්හ ජනින්‍ද එසා න සා මම අප‍්පියා භූමිපාල, ගච‍්ඡෙව ත්‍වං උම‍්මදන‍්තිං භදන‍්තෙ සීහොව සෙලස‍්ස ගුහං උපෙහි.
3401. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට ප්‍රිය ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාමපරිළාහයෙන් යුතු සිංහයකු සිංහ පෝතිකාවක වාසය කරන ගුහාවට යන්නා සේ නුඹ වහන්සේ උම්මාදන්තිය වෙත යෙත්වා.
3402. න පීළිතා අත‍්තදුක‍්ඛෙන ධීරා සුඛප‍්ඵලං කම‍්මං පරිච‍්චජන‍්ති, සම‍්මොහිතාවාපි සුඛෙන මත‍්තා න පාපකම‍්මඤ‍්ච සමාචරන‍්ති.
3402. ආත්ම දුඃඛයෙන් පෙළන ලද පණ්ඩිතයෝ සුව විපාක ඇති කර්‍ම නො හරිත්. එසේ ම සුවයෙන් මත් ව මුළා වූවාහු පාප කර්‍ම ද නො කරත්.
3403. තුවඤ‍්හි මාතා ච පිතා ච මය‍්හං භත‍්තා පතී පොසකො දෙවතා ච, දාසො අහං තුය‍්හ සපුත‍්තදාරො යථා සුඛං සිබ‍්බ කරොහි කාමං.
3403. සිවි රජතුමනි, නුඹ වහන්සේ වනාහි මාගේ මව ද පියා ද ස්වාමියා ද පෝෂණය කරන්නා ද දේවතාවා ද වන්නාහු ය. අඹු දරුවන් සහිත වූ මම වනාහි නුඹ වහන්සේගේ දාසයෙක්මි, නුඹ වහන්සේ සිය කැමැත්තක් සුවසේ කරන සේක් වා.
3404. යො ඉස‍්සරොම‍්භීති කාරොති පාපං. කත්‍වා ච සො නුත‍්තපතෙ පරෙසං, න තෙන සො ජීවති දීඝමායුං දෙවාපි පාපෙන සමෙක‍්ඛරෙ නං.
3404. යමෙක් මම් අධිපති වෙමැ යි පව්කම් කෙරේ ද, පව් කොට අනුන්ගේ අපවාදයට බිය නොවේ ද, හෙ තෙම ඒ කර්‍මයෙන් දිගු කලක් ජීවත් නො වේ. දෙවියෝ ද ඔහු ලාමක වශයෙන් සලකත්.
3405. අඤ‍්ඤාතකං සාමිකෙහී පදින‍්නං ධම‍්මෙ ඨිතා යෙ පටිච‍්ඡන‍්ති දානං, පටිච‍්ඡකා දායකා චාපි තත්‍ථ සුඛප‍්පඵලඤ‍්ඤෙව කරොන‍්ති කම‍්මං.
3405. මහරජ, අන්සතු වූ ඒ ස්වාමීන් විසින් දෙන ලද්දා වූ දානයක් ධර්‍මයෙහි පිහිටියා වූ යම් කෙනෙක් පිළිගනිද් ද, එහි දායකයෝත් ප්‍රතිග්‍රාහකයෝත් සැප විපාක ඇත්තා වූ ම කර්‍මයක් කරත්.
3406. අඤ‍්ඤො නු තෙ කොචි නරො පඨබ්‍යා සද‍්දහෙය්‍ය ලොකස‍්මිං න මෙ පියාති, භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො දත්‍වා පියං උම‍්මදන‍්තිං අදිට‍්ඨා.
3406. අහිපාරකය, මේ ලෝකයෙහි කිසියම් මිනිසෙක් “මට උම්මාදන්තී ප්‍රිය නැතැ” යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
3407. අද‍්ධා පියා මය‍්හ ජනින්‍ද එසා න සා මම අප‍්පියා භූමිපාල, යන‍්තෙ මයා උම‍්මදන‍්තී පදින‍්නා භුසෙහි රාජා වනථං සජාහි.
3407. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන්ම මට ප්‍රිය ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. පින්වතුන් වහන්ස, කාම පරිළාහයෙන් යුත් සිංහයකු සිංහ පෝතිකාවක වාසය කරන ගුහාවට යන්නා සේ නුඹ වහන්සේ උම්මාදන්තිය වෙත යෙත් වා.
3408. යො අත‍්තදුක‍්ඛෙන පරස‍්ස දුක‍්ඛං සුඛෙන වා අත‍්තසුඛං දහාති, යථෙවිදං මය‍්හ තථා පරෙසං යො එවං ජානාති සවෙදි ධම‍්මං.
3408. යමෙක් තමහට වූ දුකින් අනුන්ගේ දුකක් හෝ අනුන්ගේ සුවයෙන් තමහට සුවයක් හෝ පිහිටුවා ද මෙය මට යම්සේ වේ ද අනුන්ටත් එසේ ම යයි දනී ද, හෙ ධර්‍මය දන්නෙකි.
3409. අඤ‍්ඤො නු තෙ කොචි නරො පඨබ්‍යා සද‍්දහෙය්‍ය ලොකස‍්මිං න මෙ පියාති, භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො දත්‍වා පියං උම‍්මදන‍්තිං අදිට‍්ඨා.
3409. අහිපාරකය, මේ ලෝකයෙහි කිසියම් මිනිසෙක් “මට උම්මාදන්තිය ප්‍රිය නැතැ” යි යන තොපගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නො දක්නාවිට නුඹගේ සිතට මහත් දුකෙක් වන්නේ ය.
3410. ජනින්‍ද ජානාසි පියා මමෙසා න සා මමං අප‍්පියා භූමිපාල, පියෙන තෙ දම‍්මි පියං ජනින්‍ද පියදායිනො දෙව පියං ලභන‍්ති.
3410. ප්‍රජාධිපති මහරජතුමනි, මෝ තොමෝ ඒකාන්තයෙන් ම මට ප්‍රිය යයි දන්නෙහි ය. පෘථිවිපාලය, ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ය. ජනාධිපති රජතුමනි, මට ප්‍රිය වූවකින් ඔබට ප්‍රිය වූවක් දෙමි. දේවයන් වහන්ස, ප්‍රිය දේ දෙන්නෝ ප්‍රිය දේ ලබති.
3411. සො නූනාහං වධිස‍්සාමි අත‍්තානං කාමහෙතුකං, නහි ධම‍්මං අධම‍්මෙන අහං විධිතුමුස‍්සහෙ.
3411. ඒකාන්තයෙන් ඒ මම කාම හේතුක වූ අයුත්තක් කොට තමන්ට හිංසා නො කරන්නෙමි. මම වනාහි අධර්‍මයෙන් ධර්‍මය නසන්නට උත්සාහ නො කරමි.
3412. සචෙ තුවං මය‍්හ සතිං ජනින්‍ද න කාමයාසි නරවීරසෙට‍්ඨ, චජාමි නං සබ‍්බජනස‍්ස සිබ‍්බ මයා පමුතතං තතො අව‍්හයෙසි නං.
3412. ජනාධිපති වූ නරශ්‍රේෂ්ඨය, ඉදින් නුඹ වහන්සේ මාගේ ඒ බිරිඳ නො කැමැත්තාහු නම්, සිවි රජතුමනි, මම ඇය හැම දෙනාට ම සාධාරණ වන ලෙස හැර දමමි. ඉන්පසු මා විසින් හැර දමන ලද ඇය කැඳවා ගනු මැනවි.
3413. අදූසියං චෙ අහිපාරක ත්‍වං චජාසි කත‍්තෙ අහිතාය ත්‍යස‍්ස, මහා ච තෙ උපවාදොපි අස‍්ස න චාපි ත්‍යස‍්ස නගරම‍්හි පක‍්ඛො.
3413. හිතකාරී වූ අහිපාරකය, නුඹ දූෂ්‍ය නොකටයුතු වූ ඇය හැර දමන්නෙහි නම්, එය තොපට අහිත පිණිස වන්නේ ය. තොපට මහත් වූ අපවාදයෙක් ද වන්නේ ය. නගරයෙහි ද ජනයා තොපට පක්‍ෂ නො වන්නේ ය.
3414. අහං සභිස‍්සං උපවාදමෙතං නින්‍දං පසංසං ගරහඤ‍්ච සබ‍්බං, මමෙතමාගච‍්ඡතු භූමිපාල යථා සුඛං සිබ‍්බ කරොහි කාමං.
3414. සිවි මහරජතුමනි, මේ දෝෂය ද, නින්‍දාව ද, ප්‍රශංසාව ද, ගර්‍හාව ද යන සියල්ල ම මම ඉවසන්නෙමි. භූමිපාලය, මේ සියල්ල මා කරා ඒවා. නුඹ වහන්සේගේ කැමැත්තක් සුවසේ කරනු මැනවි.
3415. යො නෙව නින්‍දං න පුනප‍්පසංසං ආදීයති ගරහං නොපි පූජං, සිරී ච ලක‍්ඛී ච අපෙති තම‍්හා ආපො සුවුට‍්ඨිව යථා ථලම‍්භා.
3415. යමෙක් නින්‍දාව නොපිළිගනී ද යළි ප්‍රශංසාවත් නොපිළිගනී ද ගැරහීම නොපිළිගනී ද පූජාවත් නොපිළිගනී ද, ඔහු කෙරෙන් ඓශ්වර්‍ය්‍ය සංඛ්‍යාත ශ්‍රියත් ප්‍රඥා සංඛ්‍යාත ලක්‍ෂමියත් ගොඩබිමින් ලිස්සා යන වර්‍ෂා ජලයක් මෙන් පහව යේ.
3416. යං කිඤ‍්චි දුක‍්ඛං ච සුඛඤ‍්ච එත‍්තො ධම‍්මාතිසාරඤ‍්ච මනොවිඝාතං, උරසා අහං පටිච‍්ඡිස‍්සාමි සබ‍්බං පඨවී යථා ථාවරානං තසානං.
3416. මෙපමණකින් යම්කිසි දුකක් හෝ සැපයක් හෝ ධර්‍මය ඉක්ම යාමක් හෝ චිත්තසන්තාපයක් හෝ සිදු වන්නේ නම් රහතුන්ගේ ද පුහුදුනන්ගේ ද සියල්ල පිළිගන්නා මහපොළොව මෙන් මම් ඒ සියල්ල පිළිගනිමි.
3417. ධම‍්මාතිසාරඤ‍්ච මනොවිඝාතං දුක‍්ඛං ච නිච‍්ඡාමි අහං පරෙසං, එකොපිමං තාරයිස‍්සාමි භාරං ධම‍්මෙ ඨිතො කඤ‍්චි අහාපයන‍්තො.
3417. මම අනුන්ගේ ධර්‍මය ඉක්මවා යෑමද චිත්තසන්තාපය ද කායික දුක ද නො කැමැත්තෙමි. මම් ධර්‍මයෙහි පිහිටියෙම් කිසිවකු නො පිරිහෙළන්නේ හුදෙකලා ව මේ දුඃඛභාරය එතෙර කරන්නෙමි (යි රජ තෙම කීවේ ය.)
3418. සග‍්ගූපගං පුඤ‍්ඤකම‍්මං ජනින්‍ද මා මෙ තුවං අන‍්තරායං අකාසි, දදාමි තෙ උම‍්මදන‍්තිං පසන‍්නො රාජාව යඤ‍්ඤං ධනං බ්‍රාහ‍්මණානං.
3418. ජනාධිපතිතුමනි, නුඹ වහන්සේ මාගේ ස්වර්‍ගගාමී වූ පින්කමට අනතුරක් නො කළහු ය. මම නුඹ වහන්සේහට පහන් සිතැත්තෙමි. රජ කෙනකුන් බමුණනට යාග සඳහා දෙන ධනයක් මෙන් උම්මදන්තිය දෙමි (යි ඇමති තෙම කීවේ ය.)
3419. අද‍්ධා තුවං කතෙන හිතොසි මය‍්හං සඛා මම උම‍්මදන‍්තී තුවඤ‍්ච, නින්‍දෙය්‍යු දෙවා පිතරො ච සබ‍්බෙ පාපඤ‍්ච පස‍්සං අභිසම‍්පරායං.
3419. වැඩ කැමති ඇමතියාණෙනි, නුඹ ඒකාන්තයෙන් ම මට වැඩ කැමැත්තෙහි ය. උම්මදන්ති ද, නුඹ ද, මාගේ යහළුවෝ ය. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද සියලු රට වැස්සෝ ද යන සියල්ලෝම නින්‍දා කරන්නාහ. පරලෙව්හි විපාක දෙන්නා වූ පාපයක් ද දකිමි.
3420. නහෙතං ධම‍්මං සිවිරාජ වජ‍්ජුං සනෙගමා ජානපදා ච සබ‍්බෙ, යන‍්තෙ මයා උම‍්මදන‍්තී පදින‍්නා භුසෙහි රාජා වනථං සජාහි.
3420. සිවි රජතුමනි, නියම්ගම් වැස්සන් සහිත සියලු දනවු වැසියෝ ම මා විසින් නුඹ වහන්සේහට උම්මදන්තී දෙන ලද්දී ය යන මෙය අධර්‍මයකැ යි නො කියන්නෝ ය. එබැවින් රජ තෙම ඒ කාමතෘෂ්ණාව දියුණු කෙරේවා (නොරුස්නාහු නම් මාහට ම) දෙනු මැනවි. (ඇමති තෙම කීවේ ය.)
3421. අද‍්ධා තුවං කත‍්තෙ හිතොසි මය‍්හං සඛා මම උම‍්මදන‍්තී තුවඤ‍්ච, සතඤ‍්ච ධම‍්මානි සුකිත‍්තිතානි සමුද‍්දවෙලාව දුරච‍්චයානි.
3421. වැඩ කැමති ඇමතියාණෙනි, නුඹ ඒකාන්තයෙන් ම මට වැඩ කැමැත්තෙහි ය. උම්මදන්තී ද නුඹ ද මාගේ යහළු වෝ ය. මනා කොට ප්‍රකාශ කරන ලද්දා වූ සත් පුරුෂ ධර්‍මයෝ මුහුදු වෙරළ මෙන් නො ඉක්මවාලිය හැක්කෝ වෙති.
3422. ආහුනෙය්‍යො මෙසි හිතානුකම‍්පී ධාතා විධාතා චසි කාමපාලො, තයි හුතා දෙව මහප‍්ඵලා හි කාමෙන මෙ උම‍්මදන‍්තිං පටිච‍්ඡ.
3422. දේවයන් වහන්ස, නුඹ වහන්සේ වනාහි මාගේ පිදිය යුත්තාද වන්නාහු ය. හිතානුකම්පා ඇත්තා ද වන්නාහු ය. විධාන කරන්නා ද කැමති දෑ පාලනය කරන්නා ද වන්නාහු ය. එහෙයින් නුඹ වහන්සේ කෙරෙහි පුදන ලද්දී මහත් ඵල වන්නී ය. මාගේ කැමැත්තෙන් උම්මදන්තිය පිළිගනු මැනැවැ යි (ඇමති තෙම කීවේ ය.)
3423. අද‍්ධා හි සබ‍්බං අහිපාරක ත්‍වං ධම‍්මං අචාරි මම කත‍්තුපුත‍්ත, අඤ‍්ඤො නු තෙ කො ඉධ සොත්‍ථිකත‍්තා දිපදො නරො අරුණෙ ජිවලොකෙ.
3423. කත්තු නමැත්තහුගේ පුත්‍ර වූ අහිපාරකය, නුඹ එකැතින් ම මට හිතකර වූ හැම දහමෙක්හි ම හැසුරුණෙහි ය. (හෙට) අරුණ නැගි කල්හි මේ මිනිස් ලොව දෙපා ඇත්තා වූ අන් කවර නම් රජෙක් නුඹට යහපතක් කරන්නේ දැ යි (ඔහු නිහඬ කිරීම පිණිස රජ තෙමේ ඇසී ය.)
3424. තුවං නු සෙට‍්ඨො ත්‍වමනුත‍්තරොසි ත්‍වං ධම‍්මගුත‍්තො ධම‍්මවිදූ සුමෙධො, සො ධම‍්මගුත‍්තො චිරමෙව ජීව ධම‍්මඤ‍්ච මෙ දෙසය ධම‍්මපාල.
3424. මහරජතුමනි, නුඹ වහන්සේ ශ්‍රේෂ්ඨ වන්නාහු ය. උතුම් වන්නාහු ය. නුඹ වහන්සේ ධර්‍මය රක්නහු ය. ධර්‍මය දන්නහු ය. මනා නුවණැත්තහු ය. ධර්‍මය රක්නා වූ ඒ නුඹ වහන්සේ බොහෝ කලක් ජීවත්වන සේක් වා. ධර්‍මය රක්නා වූ දේවයන් වහන්ස, මට ධර්‍මය ද දෙසන සේක් වා.
3425. තදිඞ‍්ඝ අහිපාරක සුණොහි වචනං මම, ධම‍්මන‍්තෙ දෙසයිස‍්සාමි සතං ආසෙවිතං අහං.
3425. අහිපාරකය, එසේ නම් මාගේ වචනය අසව, මම බුද්ධාදි සත්පුරුෂයන් විසින් සෙවුනා ලද ධර්‍මය තොපට දෙසන්නෙමි.
3426. සාධු ධම‍්මරුචී රාජා සාධු පඤ‍්ඤාණවා නරො, සාධු මිත‍්තානමද‍්දුබ‍්භො පාපස‍්සාකරණං සුඛං.
3426. දහම් කැමති වන්නා වූ රජ තෙම යහපත් වේ. නුවණැති මිනිස් තෙම යහපත් වේ. මිතුරන්ට ද්‍රෝහ නො කරන්නා යහපත් වේ. පාපයා ගේ නො කිරීම සුවයට කරුණු වේ.
3427. අක‍්කොධනස‍්ස විජිතෙ ඨිතධම‍්මස‍්ස රාජිනො, සුඛං මනුස‍්සා ආසෙථ සීතච‍්ඡායාය සඞ‍්ඝරෙ.
3427. නොකිපෙනසුලු වූ ධර්‍මයෙහි පිහිටි රජුගේ නුවර මනුෂ්‍යයෝ දූපුතුන් නෑමිතුරන්ගේ සිහිල් සෙවණැති, නොදැහැමි බිලියම් ආදියෙන් පීඩිත නොවූ සිය ගේදොර ඇත්තාහු සුවසේ වෙසෙත්.
3428. න චාහමෙතං අභිරොචයාමි කම‍්මං අසමෙක‍්ඛ කතං අසාධු, යෙවාපි ඤත්‍වාන සයං කරොන‍්ති උපමා ඉමා මය‍්හ තුවං සුණොහි.
3428. අපරීක්‍ෂාවෙන් කරන ලද මේ කර්‍මය ද මම කැමති නො වෙමි. යම් කෙනෙක් (තුමූ) සොයා දැන කටයුතු කෙරෙත් නම් එය කැමැත්තෙමි, මාගේ මේ උපමාවන් නුඹ අසව.
3429. ගවඤ‍්චෙ තරමානානං ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.
3429. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගව තෙම වක් වැ යේ නම්, පෙරටුව යන්නා වක් ව ගිය කල්හි ඒ මුළු ගව රැළ ම වක්ව යෙද්ද.
3430. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙ අධම‍්මං චරති පගෙව ඉතරා පජා සබ‍්බං රට‍්ඨං දුඛං සෙති රාජා චෙ හොති අධම‍්මිකො.
3430. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හෙ තෙම අධර්‍මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙමේ නොදැහැමි නම් මුළු රට ම දුකසේ වෙසෙයි.
3431. ගවඤ‍්චෙ තරමානානං උජුං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා උජුං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ උජුගතෙ සති.
3431. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටු ව යන ගව තෙම ඍජු ව යේ නම් පෙරටු ව යන්නා ඍජුව ගිය කල්හි ඒ මුළු ගව රැළම ඍජු ව යෙද්ද.
3432. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙපි ධම‍්මං චරති පගෙව ඉතරා පජා සබ‍්බං රට‍්ඨං සුඛං සෙති රාජා චෙ හොති ධම‍්මිකො.
3432. එසේ ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨය යි සම්මත ද ඉදින් හෙ ධර්‍මයෙහි හැසිරේ ද එවිට සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙමේ දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.
3433. න චාපහං අධම‍්මෙන අමරත‍්තමහිපත්‍ථයෙ, ඉමං වා පඨවිං සබ‍්බං විජෙතුං අහිපාරක.
3433. අහිපාරකය, මම ද නොදැහැමින් දේවත්‍වය නො පතන්නෙමි. මේ මුළු පොළොව හෝ දිනන්නට නො කැමැත්තෙමි.
3434. යං හි කිඤ‍්චි මනුස‍්සෙසු රතනං ඉධ විජ‍්ජති, ගාවො දාසො හිරඤ‍්ඤඤ‍්ච වත්‍ථියං හරිචන්‍දනං.
3434. මෙලොව මිනිසුන් කෙරෙහි ගව – දැසි – අමුරන් – වස්ත්‍ර රත් සඳුන් යන යම්කිසි රත්න ජාතියක් විද්‍යමාන වේ ද,
3435. අස‍්සිත්‍ථියො ච රතනං මණිකඤ‍්ච යඤ‍්චාපි මෙ චන්‍දසුරියාභිපාලයන‍්ති, න තස‍්ස හෙතු විසමං චරෙය්‍ය මජ‍්ඣෙ සිවීනං උසභොස‍්මි ජාතො
3435. අශ්වයෝ ද, ස්ත්‍රීහු ද, සප්තවිධ මාණික්‍යරත්න ද මහ ඇඟි භාණ්ඩ ද යන යමකුත් මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ එළිය කරමින් රකිත් ද, ඒ සක්විති රජය හේතුකොට ගෙන ද විෂම ව නො හැසිරෙමි. යම් හෙයකින් මම සිවි රජුන් අතර ශ්‍රේෂ්ඨ ව උපන්නෙම් ද, එහෙයිනි.
3436. නෙතා පිතා උග‍්ගතො රට‍්ඨපාලො ධම‍්මං සිවීනං අපචායමානො, සො ධම‍්මමෙවානුවිචින‍්තයන‍්තො තස‍්මා සකෙ චිත‍්තචසෙ න වත‍්තෙ.
3436. මම වනාහි නායකයෙක් ද, පියෙක් ද, ප්‍රසිද්ධ කෙනෙක් ද රට පාලනය කරන්නෙක් ද, සිවි රජුන්ගේ ධර්‍මය ගරු කරන්නෙක් ද වෙමි. ඒ මම ඒ ධර්‍මය අනුව ම සිතන්නෙමි. එහෙයින් තමන්ගේ චිත්ත වසයෙහි නො පවතිමි යි (රජ තෙම කීවේ ය.)
3437. අද‍්ධා තුවං මහාරාජ නිච‍්චං අබ්‍යසනං සිවං, කරිස‍්සසි චිරං රජ‍්ජං පඤ‍්ඤා හි තව තාදිසී.
3437. මහරජ, ඒකාන්තයෙන් නුඹ වහන්සේ නිතරම විපත්ති රහිත ව නිර්‍භය ව බොහෝ කලක් රජය කරවන්නාහු ය. යම් හෙයෙකින් නුඹ වහන්සේගේ ප්‍රඥාව එබඳු වන්නී ද එහෙයිනි.
3438. එතං තෙ අනුමොදාමි යං ධම‍්මං නප‍්පමජ‍්ජසි, ධම‍්මං පමජ‍්ජ ඛත‍්තියො ඨානා චවති ඉස‍්සරො.
3438. ධර්‍මයෙහි ප්‍රමාද නො වව යි යම් බඳු ධර්‍මයක් ප්‍රකාශ කෙළෙහි ද, නුඹගේ මේ ධර්‍මයට මම සන්තෝෂ වෙමි. අධිපති ක්‍ෂත්‍රිය තෙම ධර්‍මයෙහි ප්‍රමාද වී ස්ථානයෙන් චුත වේ.
3439. ධම‍්මං චර මහාරාජ මාතාපිතුසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3439. ක්‍ෂත්‍රිය මහරජ, මව්පියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මව්පියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ, ස්වර්‍ගයට යන්නෙහි ය.
3440. ධම‍්මං චර මහාරාජ පුත‍්තදාරෙසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3440. ක්‍ෂත්‍රිය මහරජ, අඹුදරුවන් කෙරෙහි දැහැමින් හැසිරෙව මහරජ, මෙලොව අඹුදරුවන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3441. ධම‍්මං චර මහාරාජ මිත‍්තාමච‍්චෙසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3441. ක්‍ෂත්‍රිය මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මිත්‍රාමාත්‍යයන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3442. ධම‍්මං චර මහාරාජ වාහනෙසු බලෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3442. මහරජ, බළ සේනාවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව බළ සේනාවන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ, ස්වර්‍ගයට යන්නෙහි ය.
3443. ධම‍්මං චර මහාරාජ ගාමෙසු නිගමෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3443. මහරජ, ගම් නියම්ගම් වැසියන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොවැ ගම් නියම්ගම් වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිතධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3444. ධම‍්මං චර මහාරාජ රට‍්ඨෙසු ජනපදෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3444. මහරජ, රට වැසියන් කෙරෙහි හා දනව් වැසියන් කෙරෙහි ද, දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව රටවැසියන් කෙරෙහි හා දනව් වැසියන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3445. ධම‍්මං චර මහාරාජ සමණබ්‍රාහ‍්මණෙසු ච, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3445. මහරජ, මහණ බමුණන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව මහණ බමුණන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නෙහි ය.
3446. ධම‍්මං චර මහාරාජ මිගපක‍්ඛීසු ඛත‍්තිය, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3446. ක්‍ෂත්‍රිය මහරජ, මෘගපක්‍ෂීන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොවැ මෘගපක්‍ෂීන් කෙරෙහි පැවැත්වියයුතු සුචරිත ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යන්නේ ය.
3447. ධම‍්මං චර මහාරාජ ධම‍්මො චිණ‍්ණො සුඛාවහො, ඉධ ධම‍්මං චරිත්‍වාන රාජ සග‍්ගං ගමිස‍්සසි.
3447. මහරජ, දැහැමින් හැසිරෙව. පුරුදු කරන ලද ධර්‍මය තෙමේ සැප ගෙනදෙන්නේ වෙයි. මහරජ, මෙලොවැ ධර්‍මයෙහි හැසිර පරලොවැ ස්වර්‍ගයට යව.
3448. ධම‍්මං චර මහාරාජ සඉන්‍දා දෙවා සබ්‍රහ‍්මකා, සුචිණ‍්ණෙන දිවං පත‍්තා මා ධම‍්මං රාජ පමාදොති.
3448. මහරජ, දැහැමින් හැසිරෙව. ශක්‍රයා සහිත දෙවියෝත් මහාබ්‍රහ්මයා සහිත සෙසු බ්‍රහ්මයෝත් මොනොවට පුරුදු කරන ලද ධර්‍මය කරණ කොට ගෙන දෙව්ලොවට පැමිණෙන්නාහු ය. මහරජ, ධර්‍මයෙහි ලා ප්‍රමාද වන්නෙක් නො වව. (මෙසේ අහිපාරක නම් සෙනෙවි තෙම රජහට ධර්‍ම දේශනා කෙළේ ය).
උම‍්මාදන‍්තී ජාතකං.
උම්මාදන්තී ජාතක යි.