යෙදුමෙන් කියවන්න

3. මහාබොධිජාතකං

3. මහාබොධිජාතකං.

3. මහාබෝධි ජාතකය

3449. කින‍්නු දණ‍්ඩං කිමජිනං කිං ඡත‍්තං කිං උපාහනං, කිං අඞ‍්කුසඤ‍්ච පත‍්තඤ‍්ච සඞ‍්ඝාටිඤ‍්චාපි බ්‍රාහ‍්මණ තරමානරූපො ගණ‍්හාසි කන‍්නු පත්‍ථයසෙ දිසං.

3449. ස්වාමීනි, තවුස් බ්‍රාහ්මණයන් වහන්ස, නුඹ වහන්සේ කවර හෙයින් දණ්ඩක් ගත්තහු ද? කුමක් හෙයින් වෙලෙවි වැ අඳුන් දිවිසමත්, කුඩයත්, උවහනත්, අකුස්සත්, පාත්‍රයත්, සංඝාටියත් ගත්තහු ද? කවර නම් දිසාවකට වැඩම කරනු කැමැත්තහුදැයි (රජ තෙම ඇසුවේ ය.)

3450. ද‍්වාදසෙතානි වස‍්සානි වුසිතානි තවන‍්තිකෙ, නාභිජානාමි සොණෙන පිඞ‍්ගලෙනාභිකුජ‍්ජිතං.

3450. මහරජ, මේ දොළොස් වසක් නුඹ සමීපයෙහි වසන ලදී. එහෙත් පිංගල නම් වූ නුඹගේ සුනඛයා විසින් කරන ලද මෙබඳු මහත් ශබ්දයක් ගැන නො දනිමි.

3451. ස‍්වායං දිත‍්තොව නදති සුක‍්කදාඨං විදංසයං, තව සුත්‍වා සභරියස‍්ස වීතසද‍්ධස‍්ස මං පති.

3451. ඒ මේ සුනඛ තෙම, මා කෙරෙහි පහව ගිය ශ්‍රද්ධා ඇති භාර්‍ය්‍යාව සහිත නුඹගේ (මා මැරවීමට කළ) කථාව අසා සුදු දළ විහිදුවමින් එඩිතරයකු මෙන් (ඔබ මෙහි එන්නේ කිම? රජු විසින් ඔබ මරනු පිණිස අණ කරන ලද බව නොදන්නා සේක්දැයි අඟවමින්) නාදකරයි. (බුරයි).

3452. අහු එස කතො දොසො යථා භාසසි බ්‍රාහ‍්මණ, එස භිය්‍යො පසීදාමි වස බ්‍රාහ‍්මණ මාගමා.

3452. තාපසයාණන් වහන්ස, යම්සේ කියන්නාහු නම් ඒ දෝෂය අප විසින් කරන ලද්දේය. මම දැන් වැඩියක් පහන් වෙමි. තාපසයන් වහන්ස, මෙහි ම වසනු මැන. නො වඩිනු මැනවැයි (රජ තෙම කීවේ ය.)

3453. සබ‍්බසෙතො පුරෙ ආසි තතොපි සබලො අහු, සබ‍්බලොහිතකොදානි කාලො පක‍්කමිතුං මම.

3453. මහරජ, පළමුවෙන් (නුඹගේ ගෙහි මට දුන් බත) සුදු විය. (හෙදකයන්ගේ වචන වලින් පසුව) මිශ්‍ර විය. දැන් ලේ වන් විය. එබැවින් මට බැහැර යෑමට දැන් කාලය පැමිණ තිබේ.

3454. අබ‍්භන‍්තරං පුරෙ ආසි තතො මජ‍්ඣෙ තතො බහි, පුරා නිද‍්ධමනා හොති සයමෙව වජාමහං.

3454. මහරජ, පළමු මට දුන් අසුන රජ මැදුර තුළ විය. ඉන්පසු මධ්‍යයෙහි (හිණිහිස) ය. ඉන්පසු පිටත්හිය. නැවත ගෙලෙහි ගෙන ඇද දමීමට පෙර මම තෙමේම යන්නෙමි.

3455. වීතසද‍්ධං න සෙවෙය්‍ය උදපානංව නොදකං, සචෙපි නං අනුඛණෙ වාරිකද‍්දමගන්‍ධිකං.

3455. පහව ගිය ශ්‍රද්ධා ඇත්තහු දිය නැති ලිඳක් මෙන් සේවනය නො කරන්නේ ය. ඉදින් එය නැවත සාරන්නේ නම් මඩ ගඳින් යුත් ජලය ඇති වන්නේ ය. (එමෙන් පහ වූ ශ්‍රද්ධා ඇත්තහු ඇසුරු කරන්නා ලබන ප්‍රත්‍යය මඳ වූයේ ද රූක්‍ෂ වූයේ ද වෙයි. එහෙයින් පරිභෝගයට නුසුදුසු වන්නේ ය.)

3456. පසන‍්නමෙව සෙවෙය්‍ය අප‍්පසන‍්නං විවජ‍්ජයෙ, පසන‍්නං පයිරුපාසෙය්‍ය රහදංවොදකත්‍ථිකො.

3456. පිහිටි ශ්‍රද්ධා ඇත්තහු ම සේවනය කරන්නේ ය. නො පහන් වූවහු දුරු කරන්නේ ය. දිය කැමැත්තහු ගැඹුරු මහ විලක් මෙන් (පැවිද්දා ද) සැදැහැත්තකු ම ඇසුරු කරන්නේ ය.

3457. භජෙ භජන‍්තං පුරිසං අභජන‍්තං න භජ‍්ජයෙ, අසප‍්පුරිසධම‍්මො සො යො භජන‍්තං න භජ‍්ජති.

3457. තමා භජනය කරන්නකු තෙමේ භජනය කරන්නේය. තමා භජනය නො කරන්නකු (පසමිතුරකු) තෙමේ භජනය නො කරන්නේ ය. තමා කෙරෙහි ඉත සිතින් භජනය කරන්නකු යමෙක් භජනය නොකෙරේ නම් හේ අසත්පුරුෂ ධර්‍ම ඇත්තෙකි.

3458. යො භජන‍්තං න භජති සෙවමානං න සෙවති, ස වෙ මනුස‍්සපාපිට‍්ඨො මිගො සාඛස‍්සිතො යථා.

3458. යමෙක් තමා භජනය කරන්නකු භජනය නො කෙරේ ද සේවනය කරන්නකු සේවනය නො කෙරේ ද හෙතෙම ගස්වල අතු ඇසුරු කළ වඳුරකු මෙන් ඒකාන්තයෙන් මිනිස් පවිටෙකි.

3459. අච‍්චාභික‍්ඛණසංසග‍්ගා අසමොසරණෙන ච, එතෙන මිත‍්තා ජීරන‍්ති අකාලෙ යාචනාය ච.

3459. අධික වූ නිතර ආශ්‍රයෙන් ද එක්ව නො හැසිරීමෙන් ද නො කල්හි ඉල්ලීමෙන් ද යන මේ කරුණින් මිත්‍රයෝ දිරත්. (මිතුරු බව නැතිවේ.)

3460. තස‍්මා නාභික‍්ඛණං ගච‍්ඡෙ න ච ගච‍්ඡෙ චිරාචිරං, කාලෙන යාචං යාචෙය්‍ය එවං මිත‍්තා න ජීයරෙ.

3460. එහෙයින් නිතර නො එළඹෙන්නේය. ඉබොහෝ කලකින් ද නො එළඹෙන්නේය. සුදුසු කල්හි ඉල්ලිය යුත්තක් ඉල්ලන්නේ ය. මෙසේ ඇති කල්හි මිත්‍රයෝ නො දිරත්. (මිතුරු බව නොනැසී පවතී.)

3461. අතිචිරං නිවාසෙන පියො භවති අප‍්පියො, ආමන‍්ත ඛො තං ගච‍්ඡාම පුරා තෙ හොම අප‍්පියා.

3461. ඉබොහෝ කලක් එකට විසීමෙන් ප්‍රිය තැනැත්තේත් අප්‍රිය වේ. එහෙයින් තොපට මා අප්‍රිය වන්නට පෙර තොප (හා) කථා කොට යන්නෙමි. (තාපස තෙම කීයේ ය.)

3462. එවං චෙ යාචමානානං අඤ‍්ජලිං නාවඛුජ‍්ඣසි, පරිචාරකානං සත‍්තානං වචනං න කාරොසි නො එවං තං අභියාචාම පුන කයිරාසි පරියායං.

3462. ස්වාමීනි, මෙලෙසින් අයැද සිටින්නා වූ අපගේ අඤ්ජලී ප්‍රණාමය නුඹ වහන්සේ නොපිළිගන්නාහු නම් සමීපචාරී වූ අපගේ කීම නො කරන්නාහු නම් යළි මෙහි එක්වරක් පැමිණීම (පමණක්) කරනු මැනව.

3463. එවං චෙ නො විහරතං අන‍්තරායො න හෙසස‍්ති, තුම‍්හං චාපි මහාරාජ අම‍්හං වා රට‍්ඨවඩ‍්ඪන අප‍්පෙවනාම පස‍්සෙම අහොරත‍්තානමච‍්චයෙ.

3463. රට වඩන්නා වූ මහරජ, ඉදින් මෙසේ (වෙන්ව) වාසය කරන්නා වූ තොපට ද අපට ද යන අප දෙදෙනාට කිසියම් අන්තරායෙක් නොවන්නේ නම් කල්යෑමෙන් දක්නෙමු නම් ඉතා යෙහෙකි.

3464. උදීරණා චෙ සඞ‍්ගත්‍යා භාවාය මනුවත‍්තති, අකාමා අකරණීයං වා කරණීයං වාපි කුබ‍්බති අකාමකරණීයස‍්මිං ක්‍විධ පාපෙන ලිප‍්පති.

3464. ඉදින් ලෝ වැසි තෙම එක්වීමෙන් හා ස්වභාවයෙන් සුවදුක් අනුව පවත්නේ (ඒ ඒ තන්හි සුව දුක් විඳින්නේ) නො කැමැත්තෙන් වුවද නොකටයුතු පාප කර්‍මයක් හෝ කටයුතු කුශල කර්‍මයක් හෝ කෙරෙයි යනු තොපගේ කීම නම් මෙසේ නොකැමැත්තෙන් (ස්වාභාවිකව) කරන මේ ක්‍රියාවෙහි කවරෙක් නම් ඒ පාපකර්‍මයෙන් බැඳේ ද?

3465. සො චෙ අත්‍ථො ච ධම‍්මො ච කල්‍යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච‍්චං සුහතො වානරො මයා.

3465. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථය ද ධර්‍මයද (අහේතුක වාදය) යහපත් වේ නම්, ලාමක නොවේ නම්, භවත්හුගේ වචනය සත්‍යවේ නම්, ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ කවර වරදෙක් ද?)

3466. අත‍්තනො චෙ හි වාදස‍්ස අපරාධං විජානියා, න මං ත්‍වං ගරහෙය්‍යාසි භොතො වාදො හි තාදිසො.

3466. ඉදින් තමාගේ වාදයෙහි අපරාධය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහිය. භවත්හුගේ වාදය එබඳු යි (තාපස තෙම කීවේ ය.)

3467. ඉස‍්සරො සබ‍්බලොකස‍්ස සචෙ කප‍්පෙති ජීවිතං, ඉද‍්ධිබ්‍යසනභාවඤ‍්ච කම‍්මං කල්‍යාණපාපකං නිද‍්දෙසකාරී පුරිසො ඉස‍්සරො තෙන ලිප‍්පති.

3467. ඉදින් (යම් ඒ) ඊශ්වරයෙක් මුළු ලෝකයාගේ දිවි පැවැත්ම සංවිධානය කෙරේ ද, දියුණුව හා පිරිහීමත් කුශල හා අකුශල කර්‍මත් කරන්නේ ද, (කර්‍මකාරී) පුරුෂයා ඒ ඊශ්වරයාගේ අණ ඉටුකරන්නෙකි. ඊශ්වරයා ඒ පාපකර්‍මයෙන් බැඳේ.

3468. සො චෙ අත්‍ථො ච ධම‍්මො ච කල්‍යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච‍්චං සුහතො වානරො මයා.

3468. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද (ඊශ්වර නිර්‍මාණ වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කවරෙක් ද?)

3469. අත‍්තනො චෙ හි වාදස‍්ස අපරාධං විජානියා, න මං ත්‍වං ගරහෙය්‍යාසි භොතො වාදො හි තාදිසො.

3469. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳුයි (තාපස තෙම කීවේ ය.)

3470. සචෙ පුබ‍්බෙකතහෙතු සුඛදුක‍්ඛං නිගච‍්ඡති, පොරාණකං කතං පාපං තමෙසො මුඤ‍්චතෙ ඉණං පොරාණකඉණමොක‍්ඛො ක්‍විධ පාපෙන ලිප‍්පති.

3470. ඉදින් සත්‍ව තෙම පෙරකළ කර්‍ම හේතුකොට ගෙන සුව දුක් දෙකට පැමිණෙයි ද, පුරාකෘත පාපසංඛ්‍යාත ඒ ණය මුදා ද, එසේ ඇති කල්හි මාගේ ද මෙය පුරාණ ණයෙන් මිදීම වේ. මෙහිලා කවරෙක් පාප කර්‍මයෙන් බැඳේ ද?

3471. සො චෙ අත්‍ථො ච ධම‍්මො ච කල්‍යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච‍්චං සුහතො වානරො මයා.

3471. තොප විසින් ප්‍රකාශ කරන ලද ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද (පුබ්බේකතහේතු වාදය) යහපත් වේ නම්, අලාමක වේ නම්, භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහිලා මාගේ වරද කුමක් ද?)

3472. අත‍්තනො චෙ හි වාදස‍්ස අපරාධං විජානියා, න මං ත්‍වං ගරහෙය්‍යාසි භොතො වාදො හි තාදිසො.

3472. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු යි. (තාපස තෙම කීවේ ය,)

3473. චතුන‍්නංයෙවුපාදාය රූපං සම‍්භොති පාණිනං, යතො ච රූපං සම‍්භොති තත්‍ථෙව අනුපගච‍්ඡති.

3473. සත්‍වයන්ගේ රූපස්කන්‍ධය සතර මහා භූතයන් නිසා හට ගනී. යමකින් රූපය හටගනී ද (කාලක්‍රියා කාලයෙහි) යළි එහි ම එළඹෙයි.

3474. ඉධෙව ජීවති ජීවො පෙච‍්ච පෙච‍්ච විනස‍්සති, උච‍්ඡිජ‍්ජති අයං ලොකො යෙ බාලා යෙ ච පණ‍්ඩිතා උච‍්ඡිජ‍්ජමානෙ ලොකස‍්මිං ක්‍විධ පාපෙන ලිප‍්පති.

3474. සත්‍වතෙම මෙලොව මැ ජීවත් වෙයි. පරලෙව්හි (උපන් සත්‍වයා ගති වශයෙන් මෙ ලොවට නො පැමිණ එහි ම) විනාශ වෙයි. මේ ලෝකය (තෙමේ ම) විනාශයට පැමිණෙයි. යම් බාල කෙනෙක් හෝ යම් පණ්ඩිත කෙනෙක් හෝ වෙද්ද (ඒ සියල්ලෝ ද විනාශ වෙති.) (මෙසේ) ලොව විනාශයට පත්වන කල්හි මෙහි කවරෙක් නම් පාප කර්‍මයෙන් බැඳේ ද?

3475. සො චෙ අත්‍ථො ච ධම‍්මො ච කල්‍යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච‍්චං සුහතො වානරො මයා.

3475. (තොප විසින් ප්‍රකාශ කරන ලද) ඒ අර්‍ත්‍ථයද ධර්‍මයද (උච්ඡේද වාදය) යහපත් වේ නම් අලාමකත් වේ නම් භවත්හුගේ වචනය සත්‍ය වේ නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ය. (එහි ලා මාගේ වරද කුමක් ද?)

3476. අත‍්තනො චෙ හි වාදස‍්ස අපරාධං විජානියා, න මං ත්‍වං ගරහෙය්‍යාසි භොතො වාදො හි තාදිසො.

3476. ඉදින් තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම්, නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු එකකි. (තාපස) තෙම කීවේ ය.

3477. ආහු බත‍්තවිධා ලොකෙ බාලා පණ‍්ඩිතමානිනො, මාතරං පිතරං හඤ‍්ඤෙ අථො ජෙට‍්ඨම‍්පි භාතරං හනෙය්‍ය පුත‍්තදාරෙ ච අත්‍ථො චෙ තාදිසො සියා.

3477. ඉදින් එබඳු ප්‍රයෝජනයක් වන්නේ නම් මාපියන් ද යළි දෙටු සොහොවුරා ද අඹුදරුවන් ද නසන්නේ ය යි (කියු) ක්‍ෂත්‍ර විද්‍යා දත් පණ්ඩිතමානී අඥයෝ වූහ.

3478. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො.

3478. යම් ගසක්හුගේ සෙවනෙහි හිඳී ද, හොවීද ඒ ගසෙහි අත්තක් හෝ නොබිඳින්නේ ය. යම් හෙයකින් මිත්‍ර ද්‍රෝහකම ලාමක වේද එහෙයිනි.

3479. අථ අත්‍ථො සමුප‍්පන‍්නෙ සමූලමපි අබ‍්බහෙ. අත්‍ථො මෙ සම‍්බලෙනාසි සුහතො වානරො මයා.

3479. තවද කටයුත්තක් ඇති කල්හි සහමුලින් ම උදුරන්නේය. (යන කීමක් ඇත.) මට මාර්ගෝපකරණයෙන් ප්‍රයෝජන විය. එහෙයින් මා විසින් ඒ වානරයා මනාව නසන ලද්දේ ය.

3480. සො චෙ අත්‍ථො ච ධම‍්මො ච කල්‍යාණො න ච පාපකො, භොතො චෙ වචනං සච‍්චං සුහතො වානරො මයා.

3480. ඒ මිත්‍රදෝහිත්‍වය පිළිබඳ කීම අර්‍ත්‍ථ සහිතත් වේ නම් දැහැමිත් වේ නම් යහපතුත් වේ නම් අලාමකත් වේ නම්, පින්වතාගේ කීම සත්‍ය නම් ඒ වානරයා මා විසින් මනාව නසන ලදී. එහිලා මාගේ වරද කුමක් ද?

3481. අත‍්තනො චෙ හි වාදස‍්ස අපරාධං විජානියා, න මං ත්‍වං ගරහෙය්‍යාසි භොතො වාදො හි තාදිසො.

3481. ඉදින් (පින්වත, නුඹ යම් හෙයකින්) තමාගේ වාදයාගේ දෝෂය දන්නෙහි නම් නුඹ මට නො ගරහන්නෙහි ය. භවත්හුගේ වාදය එබඳු යි (තාපස තෙම කීවේ ය.)

3482. අහෙතුවාදො පුරිසො යො ච ඉස‍්සරකුත‍්තිකො, පුබ‍්බෙකතී ච උච‍්ඡෙදී යො ච ඛත‍්තවිධො නරො

3482. යම් අහේතුකවාදී පුරුෂයෙක, ඊශ්වරවාදියෙක, පූර්වේකෘතහේතුවාදියෙක, උච්ඡේදවාදියෙක, යම් ක්‍ෂත්‍ර විද්‍යා දන්නා පුරුෂයෙකැ යි යන යම් පස් දෙනෙක් වෙත් ද,

3483. එතෙ අසප‍්පුරිසා ලොකෙ බාලා පණ‍්ඩිතමානිනො, කරෙය්‍ය තාදිසො පාපං අථො අඤ‍්ඤම‍්පි කාරයෙ අසප‍්පුරිසසංසග‍්ගො දුක‍්කටො කටුකුද්‍රයො.

3483. පණ්ඩිතමානී වූ බාල වූ මොවුහු ලෝකයෙහි අසත් පුරුෂයෝ වෙත්. එබඳු අසත්පුරුෂයා තෙමේද පව් කරන්නේ ය. වැළි අනුන් ලවාත් පව් කරවන්නේ ය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.

3484. උරබ‍්භරූපෙන බකාසු පුබ‍්බෙ අසඞ‍්කිතො අජයූථං උපෙති, හන‍්ත්‍වා උරණිං අජියං අජඤ‍්ච චිත්‍රාසයිත්‍වා යෙන කාමං පලෙති.

3484. පෙර වෘකයෙක් නොසැකවූයේ බැටළු රුවින් එළු රැළකට පැමිණෙයි. තිරෙළු දෙනක් ද එළු දෙනක් ද එළුවකු ද නසා කා කැමති සේ පලා යයි.

3485. තථා විධෙකෙ සමණබ්‍රාහ‍්මණාසෙ ඡදනං කත්‍වා වඤ‍්චයන‍්ති මනුස‍්සෙ, අනාසකා ථණ‍්ඩිලසෙය්‍යකා ච රජොජල‍්ලං උක‍්කුටිකප‍්පධානං පරියායභත‍්තඤ‍්ච අපාණකත‍්තං පාපාචාරා අරහන‍්තො වදානා.

3485. එබඳු ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්. ඔවුහු ආහාර නො බුදින්නාහු ය. ගොඩැලි හිස් බිම්වල සයනය කරන්නාහු රජස් දැලින් යුක්ත වූවාහු උක්කුටිකයෙන් තපස් කරන්නාහු වාර භෝජනය ද පැන් පානය නො කිරීම ද කරන්නාහු පහත් හැසිරීම් ඇත්තාහු රහතුම්හ යි ප්‍රකාශ කරන්නාහු පැවිදි වෙසින් සිරුර වසා ගෙන මිනිසුන් රවටත්.

3486. එතෙ අසප‍්පුරිසා ලොකෙ බාලා පණ‍්ඩිතමානිනො, කරෙය්‍ය තාදිසො පාපං අථො අඤ‍්ඤෙපි කාරයෙ අසප‍්පුරිසසංසග‍්ගො දුක‍්කටො කටුකුද්‍රයො.

3486. පණ්ඩිතමානී වූ අඥ වූ මොවුහු ලොවෙහි අසත්පුරුෂයෝ වෙති. එබඳු අසත්පුරුෂයා තෙමේ ද පව් කරන්නේ ය. අනුන් ලවා ද (පව්) කරවන්නේය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.

3487. යමාහු නත්‍ථි විරියන‍්ති හෙතුඤ‍්ච අපවදන‍්ති යෙ, පරකාරං අත‍්තකාරඤ‍්ච යෙ තුච‍්ඡං සමවණ‍්ණයුං.

3487. යම් කෙනෙක් වීර්‍ය්‍යයක් නැතැයි කියත් ද, යම් කෙනෙක් හේතුවක් නැතැයි කියත් ද, අනුන්ගේ ක්‍රියා හා තමන්ගේ ක්‍රියා හිස්ය යි යම් කෙනෙක් කියත් ද,

3488. එතෙ අසප‍්පුරිසා ලොකෙ බාලා පණ‍්ඩිතමානිනො, කරෙය්‍ය තාදිසො පාපං අථො අඤ‍්ඤෙපි කාරයෙ අසප‍්පුරිසසංසග‍්ගො දුක‍්කටො කටුකුද්‍රයො.

3488. පණ්ඩිතමානී වූ, අඥ වූ මොවුහු අසත්පුරුෂයෝ වෙති. එබඳු අසත්පුරුෂයා තෙමේ ද පව් කරන්නේ ය. අනුන් ලවා ද පව් කරවන්නේ ය. අසත්පුරුෂයන් හා එක්වීම දුෂ්කෘතයක් ද කටුක විපාක වැඩෙන්නක් ද වන්නේ ය.

3489. සචෙ හි විරියං නාස‍්ස කම‍්මං කල්‍යාණපාපකං, න භරෙ වඩ‍්ඪකිං රාජා නපි යන‍්තානි කාරයෙ.

3489. ඉදින් එබඳු වීර්‍ය්‍යයක් නොවන්නේ නම් යහපත් වූ ද ලාමක වූ ද කර්‍මයකුත් නොවන්නේ නම් රජ තෙම වඩුවකු පෝෂණය නො කරන්නේ ය. (සත්බුමු පහය ආදි) යන්ත්‍ර ද නො කරවන්නේ ය.

3490. යස‍්මා ච විරියං අත්‍ථි කම‍්මං කල්‍යාණපාපකං, තස‍්මා යන‍්තානි කාරෙති රාජා භරති වඩ‍්ඪකිං.

3490. යම් හෙයකින් වීර්‍ය්‍යය ඇත්තේද, යහපත් වූ ද ලාමක වූ ද කර්‍ම ඇත්තේ ද, එහෙයින් රජ තෙම (ප්‍රාසාදාදි) යන්ත්‍රයන් කරවයි. වඩුවා ද පෝෂණය කරයි.

3491. යදි වස‍්සසතං දෙවො න වස‍්සෙ න හිමං පතෙ, උච‍්ඡිජ‍්ජෙය්‍ය අයං ලොකො විනස‍්සෙය්‍ය අයං පජා.

3491. ඉදින් හවුරුදු සියයක් වැසි නොවසී ද හිම නොවැටේ ද, (එකල) මේ ලෝකයතෙම සිඳී යන්නේ ය. මේ ප්‍රජා තොමෝ වැනැසෙන්නී ය.

3492. යස‍්මා ච වස‍්සති දෙවො හිමං චාපි ඵුසීයති, තස‍්මා සස‍්සානි පච‍්චන‍්ති රට‍්ඨඤ‍්ච පල‍්ලතෙ චිරං.

3492. යම් හෙයකින් වැසි වසී ද, හිම ස්පර්‍ශ කෙරේ ද, එහෙයින් ශස්‍යයෝ පැසෙත්, රට ද බොහෝ කලක් පාලනය කරනු ලැබේ.

3493. ගවඤ‍්චෙ තරමානානං ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.

3493. ඉදින් යන්නා වූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගව තෙම වක්ව යේ නම්, පෙරටුව යන්නා වක්ව ගිය කල්හි ඒ සියල්ලෝම වක්ව යෙත් ද,

3494. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙ අධම‍්මං චරති පගෙව ඉතරා පජා සබ‍්බං රට‍්ඨං දුක‍්ඛං සෙති රාජා චෙ හොති අධම‍්මිකො.

3494. එසේම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ ය යි සම්මත ද ඉදින් හෙතෙම අධර්‍මයෙහි හැසිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කථා ද? ඉදින් රජ තෙම නොදැහැමි වේනම් මුළු රට ම දුකසේ වෙසෙ යි.

3495. ගමඤ‍්චෙ තරමානානං උජුං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා උජුං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ උජුගතෙ සති

3495. ඉදින් යන්නාවූ ගවයන් අතුරෙන් පෙරටුව යන ගවයා ඍජුව යේ නම්, පෙරටුව යන්නා ඍජුව ගිය කල්හි ඒ සියල්ලෝ ම ඍජුව යෙත්.

3496. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙව ධම‍්මං චරති පගෙව ඉතරා පජා සබ‍්බං රට‍්ඨං සුඛං සෙති රාජා චෙ හොති අධම‍්මිකො.

3496. එසේම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ ය යි සම්මත ද, ඉදින් හෙතෙම ධර්‍මයෙහි හැසිරේ නම් සෙසු ප්‍රජාව ගැන කවර කථා ද, ඉදින් රජ තෙම දැහැමි නම් මුළු රට ම සුවසේ වෙසෙයි.

3497. මහාරුක‍්ඛස‍්ස ඵලිනො ආමං ඡින්‍දති යො ඵලං, රසඤ‍්චස‍්ස න ජානාති බීජඤ‍්චස‍්ස විනස‍්සති.

3497. යමෙක් පලගත් මහ අඹරුකක්හුගේ අමු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද නොදනී. ඒ ඵලයෙහි බීජය ද නැසෙයි.

3498. මහාරුක‍්ඛූපමං රට‍්ඨං අධම‍්මෙන යො පසාසති, රසඤ‍්චස‍්ස න ජානාති රට‍්ඨඤ‍්චස‍්ස විනස‍්සති.

3498. යමෙක් මහ අඹරුකක් බඳු වූ රට අධර්‍මයෙන් අනුශාසනා කෙරේ ද, හෙතෙමේ ඒ රටේ (අයබදු) රසයත් නොවිඳියි. ඔහුගේ රටත් වැනසේ.

3499. මහාරුක‍්ඛස‍්ස ඵලිනො පක‍්කං ඡින්‍දති යො ඵලං, රඤ‍්චස‍්ස විජානාති බීජඤ‍්චස‍්ස න නස‍්සති.

3499. යමෙක් පලගත් මහ අඹරුකක්හුගේ පැසුණු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය ද දැනගනී. එහි බීජය ද නො නැසේ.

3500. මහාරුක‍්ඛූපමං රට‍්ඨං ධම‍්මෙන යො පසාසති, රසඤ‍්චස‍්ස විජානාති රට‍්ඨඤ‍්චස‍්ස න නස‍්සති.

3500. යමෙක් මහ අඹරුකක් බඳු වූ රට දැහැමින් අනුශාසනා කෙරේ ද, හෙතෙම ඒ රටේ (අය බදු) රසය ද විඳියි. (ලබයි) ඔහුගේ රට ද නො නැසේ.

3501. යොච රාජා ජනපදං අධම‍්මෙන පසාසති, සබ‍්බොසධීහි සො රාජා විරුද‍්ධං හොති ඛත‍්තියො.

3501. යම් රජෙක් අධර්‍මයෙන් (යම්) දනව්වක් පාලනය කෙරේ ද, ඒ ක්‍ෂත්‍රිය රජ තෙම සියලු ඖෂධයන් හා විරුද්ධ වූයේ වෙයි.

3502. තථෙව නෙගමෙ හිංසං යෙ යුත‍්තා කයවික‍්කයෙ, ඔජදානබලීකාරෙ ස කොසෙන විරුජ‍්ඣති.

3502. එසේ ම නිගම වැසියන් ද, වෙළඳාමෙහි යම් කෙනෙක් යෙදුනේ නම් (ඔවුන් ද) බඩු ගෙන ඊම් සුංවත්දීම් වශයෙන් ඕජදාන හා (බදු ගෙවීම් වශයෙන්) බලිදීම කරන්නන් ද (හිංසා කෙරේ නම්) හේ කෝෂ්ටාගාරය හා විරුද්ධ වූයේ වෙයි.

3503. පහාරවරඛෙත‍්තඤ‍්ඤු සඞ‍්ගාමෙ කතනිස‍්සමෙ, උස‍්සිතෙ හිංසයං රාජා සබලෙන විරුජ‍්ඣති.

3503. පහරදීමට සුදුසු තැන් දන්නා වූ (ධනුර්ධරයන් ද), යුද්ධයෙහි කළ පුරුදු ඇති (මහා යෝධයන් ද), ප්‍රසිද්ධ වූ (මහ ඇමතියන් ද) (යම් රජෙක් හිසා කෙරේ නම්) ඒ රජ බලසෙනඟ හා විරුද්ධ වූයේ වෙයි.

3504. තථෙව ඉසයො හිංසං සංයමෙ බ්‍රහ‍්මචාරිනො, අධම‍්මචාරී ඛත‍්තියො සො සග‍්ගෙන විරුජ‍්ඣති.

3504. එසේ ම සංයම ඇති, බ්‍රහ්මචාරී වූ, පැවිද්දන් හිංසා කරන අධර්‍මයෙහි හැසිරෙන ඒ ක්‍ෂත්‍රිය තෙම ස්වර්‍ගය හා විරුද්ධ වූයේ වෙයි.

3505. යො ච රාජා අධම‍්මට‍්ඨො භරියං හන‍්ති අදූසකං, ලුද‍්දං පසවතෙ පාපං පුත‍්තෙහි ච විරුජ‍්ඣති.

3505. තවද, අධර්මිෂ්ඨ වූ යම් රජෙක් අදූසක (සිල්වත්) වූ භාර්‍ය්‍යාව නසා ද හෝ රෞද්‍ර වූ පාපය රැස්කරයි. පුත්‍රයන් සමග ද විරුද්ධ වූයේ වෙයි.

3506. ධම‍්මඤ‍්චරෙ ජානපදෙ නෙගමෙසු බලෙසු ච, ඉසයො ච න හිංසෙය්‍ය පුත‍්තදාරෙ සමඤ‍්චරෙ.

3506. (මහරජ, එබැවින්) දනව්වැස්සන් කෙරෙහි ද, නියම් ගම් වැස්සන් කෙරෙහි ද, බලසෙනඟ කෙරෙහි ද ධර්‍මයෙහි හැසිරෙන්නේය. පැවිද්දන් ද හිංසා නො කරන්නේය. අඹු දරුවන් කෙරෙහි ද සමව හැසිරෙන්නේ ය.

3507. ස තාදිසො භූමිපති රට‍්ඨපාලො අකොධනො, සාමන‍්තෙ සම‍්පකම‍්පෙති ඉන්‍දොව අසුරාධිපොති.

3507. රට පාලනය කරන ක්‍රෝධ නොකරන එබඳු ඒ මිහිපති තෙම අසුරාධිප නම් වූ ඉන්‍ද්‍රයා මෙන් අසල්වැසි (සතුරන්) කම්පා කෙරෙයි.

මහාබොධිජාතකං

මහාබෝධි ජාතක යි.

පඤ‍්ඤාසනිපාතො නිට‍්ඨිතො.

පඤ්ඤාස නිපාතය නිමි.

තස‍්සුද‍්දානං: -

එහි උද්දානය:

සනළීනිකමව‍්හයනො පඨමො දුතියො පන සඋම‍්මදන‍්තිවරො, තතියො පන බොධි සිරිව‍්හයනො කථිතාපන තීණි ජිනෙන සුභාති.

නලිනිකා නම් වූ පළමුවැන්න ද උම්මාදන්ති නම් වූ දෙවැන්න ද, මහාබෝධි නම් වූ තෙවැන්න දැ යි මේ ජාතක තුන සර්‍වඥයන් වහන්සේ විසින් දෙසනලදී.