යෙදුමෙන් කියවන්න

1. සොණකජාතකං

1. සොණකජාතකං

1. සෝණක ජාතකය

3508. කස‍්ස සුත්‍වා සතං දම‍්මි සහස‍්සං දට‍්ඨු සොණකං, කො මෙ සොණක මක‍්ඛාති සහායං පංසුකීළිතං.

3508. සෝණක නම් යහළුවා වසන තැන අසා කියන්නා වූ කවරකුහට මම සියයක් දෙම් ද, දැක කියන්නා වූ කවරකුහට දහසක් දෙම් ද, වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් තැනැත්තා ගැන මට කවරෙක් නම් කියන්නේ ද?

3509. අථ බ්‍රවි මාණවකො දහරො පඤ‍්චචූළකො, මය‍්හං සුත්‍වා සතං දෙහි සහස‍්සං දට‍්ඨු සොණකං අහං සොණකමක‍්ඛිස‍්සං සහායං පංසුකීළිතං

3509. ඉක්බිති තරුණ වූ පඤ්චචූළක නම් මාණවක තෙම ප්‍රතිගායනා වශයෙන් මේ ගාථාව කීවේ ය. මහරජතුමනි, සෝණක නම් තැනැත්තා ගැන අසා කියන්නා වූ මට සියයක් දුන මැනැවි. සෝණක නම් තැනැත්තා දැක කියන්නා වූ මට දහසක් දුන මැනැවි. වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් යහළුවා මම කියමි යි.

3510. කතරස‍්මිං සො ජනපදෙ රට‍්ඨෙසු නිගමෙසු ච, කත්‍ථ තෙ සොණකො දිට‍්ඨො තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

3510. මාණවකය, ඒ සෝණක තෙම නුඹ විසින් කිනම් ජනපදයෙක්හි දී දක්නා ලද්දේ ද? කවර රටක දී කවර නියම්ගමෙක්හි දක්නා ලද ද, ඒ කරුණ විචාරනු ලබන්නා වූ නුඹ මට කියව යි රජ තෙම කීයේ ය.

3511. තවෙව දෙව විජිතෙ තවෙචුය්‍යානභූමියා, උජුවංසා මහාසාලා නීලොභාසා මනොරමා තිට‍්ඨන‍්ති මෙඝසමානා රම‍්මා අඤ‍්ඤොඤ‍්ඤනිස‍්සිතා.

3511. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ ම රටෙහි නුඹ වහන්සේගේ ම උයන් බිමෙහි ඍජු වූ කඳ ඇති නිල් පැහැති සිත්කලු වූ වැහිවලාකුළු බඳු ගසින් ගස හා අත්තෙන් අත්ත එකට වෙලීගත් මහා සාලවෘක්‍ෂයෝ වෙත්.

3512. තෙසං මූලස‍්මිං සොණකො ඣායති අනුපාදනො, උපාදානෙසු ලොකෙසු දය‍්හමානෙසු නිබ‍්බුතො.

3512. ඒ සාලවෘක්‍ෂයන්ගේ මුල්හි සෝණක තෙමේ කාමූපාදානයන්ගෙන් පිරී පවත්නා ලෝකයෙහි කාමූපාදාන විරහිත වූයේ එකොළොස් ගින්නෙන් දැවෙන ලෝකයෙහි නිවුණේ ම ධ්‍යාන කෙරේ යයි තරුණ තෙම කීයේ ය.

3513. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ‍්ගියා, කාරාපෙත්‍වා සමං මග‍්ගං අගමා යෙන සොණකො.

3513. ඉක්බිති ඒ අරින්‍දම රජතෙම සිවුරඟ සෙනග සමග පිටත් විය. මඟ සම කරවා සෝණක නම් පසේබුදුන් වහන්සේ යම් තැනෙක්හි නම් එහි ගියේ ය.

3514. උය්‍යානභූමිං ගන‍්ත්‍වාන විචරන‍්තො බ්‍රහාවනෙ, ආසීනං සොණකං දක‍්ඛි දය‍්හමානෙසු නිබ‍්බුතං

3514. රජතෙම උයන් බිමට ගොස් ඒ මහා උයන්හි හැසිරෙන්නේ එකොළොස් ගින්නෙන් දැවෙන සත්‍වයන් අතුරෙහි නිවී වැඩහුන් සෝණක නම් පසේබුදුන් වහන්සේ දැක්කේ ය.

3515. කපණොවතායං භික‍්ඛු මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො, අමාතිකො අපිතිකො රුක‍්ඛමූලස‍්මිං ඣායති.

3515. හිස මුඩු කරගත් සඟළ සිවුරක් පෙරැවි මේ මහණ තෙම දිළින්දෙකි. මා පියන් නැත්තේ ම ගස මුල ධ්‍යාන කෙරේ යයි කීවේ ය.

3516. ඉමං වාක්‍යං නිසාමෙත්‍වා සොණකො එතදබ්‍රවි, න රාජා කපණො හොති ධම‍්මං කායෙන ඵස‍්සයං.

3516. සෝණක පසේබුදුරජාණන් වහන්සේ මේ වදන් අසා මෙසේ කීහ. “මහරජ, ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නාමකායයෙන් ස්පර්‍ශ කරනලද තැනැත්තා දිළින්දෙක් නොවන්නේ ය”.

3517. යොධ ධම‍්මං නිරංකත්‍වා අධම‍්මමනුවත‍්තති, ස රාජ කපණො හොති පාපො පාපපරායනො.

3517. මහරජ, මේ ලෝකයෙහි යම් කිසිවෙක් දස කුසල් දහම් බැහැර කොට දස අකුසල්හි යෙදේ ද, පාපී වූ ද පාපීන්ට පිහිට වූ ද හෙ තෙමේ දිළින්දෙක් වේ යයි.

3518. අරින්‍දමොති මෙ නාමං කාසිරාජාති මං විදූ, කච‍්චි භොතො සුඛසෙය්‍යා ඉධ පත‍්තස‍්ස සොණක.

3518. අරින්‍දම යනු මාගේ නම වෙයි. මා කසීරජය යි දනිත්. සෝණකයන් වහන්ස, මෙහි පැමිණි පින්වත් නුඹ වහන්සේට සුවපහසු කෙසේ දැ යි,

3519. සදාපි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, න තෙසං කොට‍්ඨෙ ඔපෙන‍්ති න කුම‍්භිං න කළොපියං පරනිට‍්ඨිතමෙසානා තෙන යාපෙන‍්ති සුබ‍්බතා.

3519. මහරජ, ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුවකට සැමදා ම යහපත් ය. මහරජ, ඔවුන්ගේ කෝෂ්ඨාගාරයෙහි ධන ධාන්‍ය තැන්පත් නො කෙරෙත්. සැළෙහි ද නො දමත්. පැසෙහි ද නො දමත්. මනා පැවතුම් ඇති අනුන් විසින් නිමවන ලද්දා වූ ආහාර සොයන ඔව්හු ඒ අනුන් දෙන අහරින් යැපෙත්.

3520. දුතියම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, අනවජ‍්ජපිණ‍්ඩො භොත‍්තබ‍්බො න ච කොචූපරොධති.

3520. යම් හෙයෙකින් කැප සරුප් ලෙස ලැබුණු හෙයින් නිරවද්‍ය පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ දෙවැනි යහපත ද වේ.

3521. තතියම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, නිබ‍්බුතපිණ‍්ඩො භොත‍්තබ‍්බො න ච කොචූපරොධති.

3521. යම් හෙයෙකින් පස්විකා වැළැඳිය යුතු හෙයින් නිබ්බුතපිණ්ඩය නම් ලත් පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට තෙ වැනි යහපත ද වේ.

3522. චතුත්‍ථම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, මුත‍්තස‍්ස රට‍්ඨෙ චරතො සඞ‍්ඝො යස‍්ස න විජ‍්ජති.

3522. යම් හෙයෙකින් කුලාදියෙහි නො ඇලී රටෙහි හැසිරෙන යම් ඒ භික්‍ෂුවක්හට රාගාදි කිසියම් සඞ්ග කෙනෙක් නැද්ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ සිවු වැනි යහපතත් වේ.

3523. පඤ‍්චමම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, නගරම‍්හි දය‍්හමානම‍්හි නාස‍්ස කිඤ‍්චි අදය‍්හථ.

3523. යම් හෙයෙකින් නගරය ගින්නෙන් දැවෙනු ලබන කල්හි යම් භික්‍ෂුවකගේ කිසිවක් නො දැවේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ පස්වැනි යහපතත් වේ.

3524. ඡට‍්ඨම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, රට‍්ඨෙ විලුම‍්පමානම‍්හි නාස‍්ස කිඤ‍්චි අහාරථ.

3524. යම් හෙයෙකින් රට සොරුන් පැහැර ගනු ලබන කල්හි මේ භික්‍ෂුවගේ කිසිවක් පැහැර නො ගනු ලැබේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ ස වැනි යහපතත් වේ.

3525. සත‍්තමම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, චොරෙහි රක‍්ඛිතං මග‍්ගං යෙ චඤ‍්ඤෙ පරිපන්‍ථිකා පත‍්තචීවරමාදාය සොත්‍ථිං ගච‍්ඡති සුබ‍්බතො.

3525. යම් හෙයෙකින් සොරුන් විසින් රක්නා ලද මාර්‍ගයෙහි ද අන්‍ය වූ යම් බඳු මාර්ගෝපද්‍රව ඇත් නම් එ බඳු තැන්හි ද මනා පැවතුම් ඇති භික්‍ෂු තෙම පා සිවුරු ගෙන සුවසේ යයි ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ සත් වැනි යහපතත් වේ.

3526. අට‍්ඨමම‍්පි භද්‍රමධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො, යං යං දිසං පක‍්කමති අනපෙක‍්ඛොව ගච‍්ඡති.

3526. යම් හෙයෙකින් භික්‍ෂු තෙම යම් යම් දිසාවකට පිටත් ව යේ ද, ඒ ඒ දිසාවට අපේක්‍ෂා රහිත ව යේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්‍ෂුහට මේ අට වැනි යහපතත් වේ.

3527. බහූනි සමණභද්‍රානි යෙ ත්‍වං භික‍්ඛු පසංසසි, අහඤ‍්ච ගිද‍්ධො කාමෙසු කථං කාහාමි සොණක

3527. භික්‍ෂූන් වහන්ස, නුඹ වහන්සේ යම් ඒ ශ්‍රමණභද්‍රකාරණයන් පසසන සේක් ද, එ බඳු ශ්‍රමණභද්‍රකාරණයෝ බොහෝ වෙති. සෝණකයන් වහන්ස, මම වනාහි කාමයන්හි ගිජු කෙනෙක්මි. කෙසේ නම් එය කෙරෙම් ද?

3528. පියා මෙ මානුසා කාමා අථො දිබ්‍යාපි මෙ පියා, අථ කෙන නු වණ‍්ණෙන අභො ලොකෙ ලභම‍්භසෙ.

3528. මට මිනිස් කාමයෝ ප්‍රිය වෙත්. වැළි දිව්‍යමය කාමයෝ ද ප්‍රිය වෙත්. එසේ ඇති කල්හි කවර ආකාරයෙකින් දෙ ලොවැ ම කාම සම්පත් ලබන්නෙම් දැ යි රජ තෙමේ කීවේ ය.

3529. කාමෙසු ගිද‍්ධා කාමරතා කාමෙසු අධිමුච‍්ඡිතා, නරා පාපානි කත්‍වාන උපපජ‍්ජන‍්ති දුග‍්ගතිං.

3529. මහරජ, කාමයන්හි ගිජු වූ කාමයන්හි ඇලුණා වූ, කාමයන්හි අධික වශයෙන් මුසපත් වූ මනුෂ්‍යයෝ පාපකර්‍ම කොට දුගතියෙහි උපදිති.

3530. යෙ ච කාමෙ පහත්‍වාන නික‍්ඛන‍්තා අකුතොභයා, එකොදිභාවාධිගතා න තෙ ගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

3530. යමෙක් කාමසම්පත් හැරපියා ගිහි ගෙයින් නික්මුණාහු කොයිනුත් බියක් නැත්තාහු හුදෙකලා වාසයට ගියෝ වෙත් ද, ඒ පැවිද්දෝ දුගතියට නො යත්.

3531. උපමන‍්තෙ කරිස‍්සාමි තං සුණොහි අරින්‍දම, උපමායපිධෙකච‍්චෙ අත්‍ථං ජානන‍්ති පණ‍්ඩිතා.

3531. අරින්‍දම රජුනි, තොපට උපමාවක් ගෙනහැර පාන්නෙමි. එය අසව. මෙ ලොවැ ඇතැම් පණ්ඩිත කෙනෙක් උපමායෙනුදු අර්‍ත්‍ථය දැනැගනිත්.

3532. ගඞ‍්ගාය කුණපං දිස‍්වා වුය‍්හමානං මහණ‍්ණවෙ, වායසො සමචින‍්තෙසි අප‍්පපඤ‍්ඤො අචෙතසො.

3532. අනුවණ වූ කාරණාකාරණ නොසිතන කවුඩෙක් ගැඹුරු පුළුල් දිය ඇති ගඟෙහි පාවෙමින් යන්නා වූ ඇත් කුණපයක් දැක මෙසේ සිතුවේ ය.

3533. යානඤ‍්ච වතිදං ලද‍්ධං භක‍්ඛොවායං අනප‍්පකො, තත්‍ථ රත‍්තිං තත්‍ථ දිවා තත්‍ථෙව නිරතො මනො.

3533. ඒකාන්තයෙන් මට හස්තියානයෙක් ලැබිණ. මෙය ම මාගේ ආහාරය ද වේ. එහි ම රෑ දාවල් ගෙවන්නෙමි යි කවුඩාගේ සිත ඒ ඇත්කුණෙහි ම ඇලී සිටියේ ය.

3534. ඛාදං නාගස‍්ස මංසානි පිවං භාගීරථොදකං, සම‍්පස‍්සං වනචෙත්‍යානි න පලෙත්‍ථ විහඞ‍්ගමො.

3534. ඇතාගේ මස් කමින් භාගිරථි ගඟෙහි දිය බොමින් වනයන් හා චෛත්‍ය වෘක්‍ෂයන් බලමින් යන ඒ කවුඩා පියාසර කොට නො ගියේ ය.

3535. තඤ‍්ච ඔතරණී ගඞ‍්ගා පමත‍්තං කුණපෙ රතං, සමුද‍්දං අජ‍්ඣගාහාසි අගතී යත්‍ථ පක‍්ඛිනං.

3535. සමුද්‍රාභිමුඛ වැ ගලාබස්නා වූ ගංගා තොමෝ ඇත්කුණෙහි ඇලුණා වූ ප්‍රමාදයට වන් ඒ කවුඩා ද, යම් තැනෙක්හි පක්‍ෂීන්ට යා හැකි නො වේ ද, එ බඳු මහාසමුද්‍රයට ඇදගෙනැ ගියා ය.

3536. සො ච භක‍්ඛපරික‍්ඛීණො උප‍්පතිත්‍වා විහඞ‍්ගමො, න පච‍්ඡතො න පුරතො නුත‍්තරං නොපි දක‍්ඛිණං.

3536. ආහාරය අවසන් වූ ඒ කවුඩු තෙමේ ද අහසට පැන පෑළදික්හි ද පිහිටක් නොලැබුවේ ය. පෙර දික්හි ද පිහිටක් නො ලැබුවේ ය. උතුරු දිසාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය. දකුණු දිසාවෙහි ද පිහිටක් නො ලැබුවේ ය.

3537. දීපං සො න අජ‍්ඣගඤ‍්ඡි අගතී යත්‍ථ පක‍්ඛිනං, සො ච තත්‍ථෙව පාපත්‍ථ යථා දුබ‍්බලකො තථා.

3537. ඒ කවුඩු තෙම යම් තැනෙක්හි පක්‍ෂීන්ට නො යාහැකි ද එබඳු සාගරය මැද දිවයිනකට නො පැමිණියේ ය. දුර්‍වලයකු වැටෙන්නාක් මෙන් සාගර මධ්‍යයෙහි ම වැටුණේ ය.

3538. තඤ‍්ච සාමුද‍්දිකා මච‍්ඡා කුම‍්භීලා මකරා සුසු, පසය‍්හකාරා ඛාදිංසු ඵන්‍දමානං විපක‍්ඛිනං.

3538. මුහුදෙහි වාසය කරන්නා වූ මත්ස්‍යයෝ ද කිඹුලෝ ද මෝරු ද සුසු නම් චණ්ඩ මත්ස්‍යයෝ ද විසිරීගිය පියාපත් ඇති සැලෙමින් සිටියා වූ ඒ කවුඩා බලාත්කාරයෙන් කෑහ.

3539. එවමෙව තුවං රාජ යෙ චඤ‍්ඤෙ කාමභොගිනො, ගිද‍්ධා චෙ න වමිස‍්සන‍්ති කාකපඤ‍්ඤාය තෙ විදූ.

3539. මහරජ, මෙ පරිද්දෙන් ම නුඹ ද කාමභෝගී වූ අන්‍යයෝ ද කාමයන්හි ගිජු වූවාහු නම් ඉදින් කාමයන් හැර නො දමන්නාහු ද ඔව්හු කවුඩන්ගේ ප්‍රඥාවට බඳු ප්‍රඥා ඇත්තෝය යි නුවණැත්තෝ කියත්.

3540. එසා තෙ උපමා රාජ අත්‍ථසන්‍දස‍්සනී කතා, ත්‍වං ච පඤ‍්ඤායසෙ තෙන යදි කාහසි වා න වා.

3540. මහරජ, මා විසින් කරුණු ප්‍රකාශ වන්නා වූ මේ උපමාව තොපට ගෙනහැර දක්වන ලදී. ඉදින් එය කරන්නෙහි හෝ නොකරන්නෙහි හෝ ඒ සැටියෙන් නුඹ ද ප්‍රකාශ වන්නෙහි යයි (පසේබුදුරජාණන් වහන්සේ අවවාද දුන් සේක.)

3541. එකවාචම‍්පි ද‍්වෙ වාචං භණෙය්‍ය අනුකම‍්පකො, තතුත‍්තරිං න භාසෙය්‍ය දාසො වය්‍යස‍්ස සන‍්තිකෙ.

3541. අනුකම්පා ඇති තැනැත්තේ එක වරක් කීම ද දෙ වරක් කීම ද කරන්නේ ය. දාසයකු ස්වාමියා වෙත මෙන් ඉන් මතු නො කියන්නේ ය.

3542. ඉදං වත්‍වාන පක‍්කාමි සොණකො අමිතබුද‍්ධිමා, වෙහාසෙ අන‍්තලික‍්ඛස‍්මිං අනුසාසිත්‍වාන ඛත‍්තියං.

3542. අප්‍රමාණ වූ බුද්ධි ඇති සෝණක පසේබුදුරජාණන් වහන්සේ මෙසේ කියා රජුට අනුශාසනා කොට අහසට නැඟ වැඩමකළ සේක

3543. කො නු මෙ රාජකත‍්තාරො සුතා චෙය්‍යත‍්තිමාගතා, රජ‍්ජං නිය්‍යාදයිස‍්සාමි නාහං රජ‍්ජෙනමත්‍ථිකො.

3543. සමර්‍ත්‍ථ වූ ව්‍යක්තභාවයට පැමිණි මේ රාජ්‍යයට සුදුස්සෙන් අභිෂේක කරන්නෝ කොහි ද? මම රජය භාර දෙන්නෙමි. මම රජයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි.

3544. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3544. අද ම පැවිදි වන්නෙමි. හෙට මරණය වන්නේ දැ යි කවරෙක් දනීද? මම දුෂ්ප්‍රාඥ වූ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි යි රජ තෙම කීවේ ය.

3545. අත්‍ථි තෙ දහරො පුත‍්තො දීඝාවු රට‍්ඨවඩ‍්ඪනො, තං රජ‍්ජෙ අභිසිඤ‍්චස‍්සු සො නො රාජා භවිස‍්සති.

3545. දේවයන් වහන්ස, නුඹ වහන්සේට රට දියුණු කරන්නා වූ දීඝාවු නම් පුතෙක් ඇත්තේ ය. ඔහු රාජ්‍යයෙහි අභිෂේක කෙරේවා. හෙ තෙමේ අපගේ රජ වන්නේ යැ යි ඇමතියෝ කීහ.

3546. ඛිප‍්පං කුමාරං ආනෙථ දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං, තං රාජ‍්ජෙ අභිසිඤ‍්චිස‍්සං සො වො රාජා භවිස‍්සති.

3546. රට දියුණු කරන්නා වූ දීඝාවු නම් කුමරා වහා ගෙන එව. මම ඔහු රාජ්‍යයෙහි අභිෂේක කරන්නෙමි. හෙ තොපගේ රජ වන්නේ යයි රජ තෙමේ කීවේ ය.

3547. තතො කුමාරං ආනෙසුං දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං, තං දිස‍්වා ආලපි රාජා එකපුත‍්තං මනොරමං.

3547. ඉක්බිති රට දියුණු කරන්නා වූ දීඝාවු කුමාරයා ගෙනාවෝ ය. රජ තෙමේ, සිය එකම පුතු වූ මනරම් ඒ කුමරා දැක මෙ සේ කීය.

3548. සට‍්ඨි ගාමසහස‍්සානි පරිපුණ‍්ණානි සබ‍්බසො, තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

3548. පුත්‍රය, හැම ලෙසින් ම සම්පූර්‍ණ වූ ගම් සැටදහසක් ඇත. ඒ ගම් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.

3549. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3549. මම අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට පැමිණේ දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාමයන්ගේ වසයට නො යමි.

3550. සට‍්ඨිනාගසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා හෙමකප‍්පනවාසසා.

3550. සියලු හස්ත්‍යලංකාරයෙන් සරසන ලද රන් පොරොදු ඇත්තා වූ රන්මුවා අබරණින් වසන ලද ශරීර ඇත්තා වූ මාතඞ්ග නම් හස්තීහු සැට දහසක් ඇත්තාහ.

3551. ආරූළ‍්හා ගාමණීයෙහි තොමරඞ‍්කුසපාණිහි, තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

3551. පුත්‍රය, තෝමර හා අංකුස ගත් අත් ඇති වැ, නැඟුණු ඇතරුවන් ඇති ඒ ඇතුන් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.

3552. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3552. මම අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට පැමිණේ දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3553. සට‍්ඨිඅස‍්සසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, ආජානීයා ච ජාතියා සින්‍ධවා සීඝවාහනා.

3553. සියලු අශ්වාලංකාරයෙන් සරසන ලද කරුණු නො කරුණු හොඳින් දන්නා වූ සින්‍ධුදේශයෙහි උපන්නා වූ ඉක්මන් ගමන් ඇති අශ්වයෝ සැට දහසක් වෙති.

3554. ආරූළ‍්හා ගාමණීයෙහි ඉල‍්ලියාචාපධාරිහි, තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

3554. පුත්‍රය, ආයුධ හා දුනු දරන අශ්වාරෝහකයන් නැඟුණු ඒ අසුන් භාර ගනුව. තොපට මම රජය පවරාදෙමි.

3555. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3555. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3556. සට‍්ඨිරථසහස‍්සානි සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.

3556. සැරැසූ, ඔසවන ලද ධජ ඇත්තා වූ දිවි සම් හා ව්‍යාඝ්‍ර සමින් වට කරන ලද්දා වූ සියලු අලංකාරයෙන් අලංකාරවත් වූ රිය සැට දහසෙක් ඇත.

3557. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

3557. පුත්‍රය, දුනු ගත් අත් ඇති යුද ඇඳුමින් සැරැසුණු රියැදුරන් නැඟුණු ඒ රථයන් භාරගනුව. තොපට රජය පවරා දෙමි.

3558. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3558. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3559. සට‍්ඨිධෙනුසහස‍්සානි රොහඤ‍්ඤා පුඞ‍්ගවූසභා, තා පුත‍්ත පටිපජ‍්ජස‍්සු රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

3559. පුත්‍රය, රතු පැහැති ප්‍රධාන වෘෂභයකු සහිත ධෙනුහු සැට දහසෙක් ඇත. ඔවුන් භාරගනුව. තොපට රජය පවරාදෙමි.

3560. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3560. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යමි.

3561. සොළසිත්‍ථිසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, විචිත්‍රවත්‍ථාභරණා ආමුත‍්තමණිකුණ‍්ඩලා තා පුත‍්ත පටිපජ‍්ජස‍්සු රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

3561. සියලු අලංකාරයෙන් සරසන ලද්දා වූ වස්ත්‍රාභරණ ඇති පලන් මිණිකොඬොලින් යුත් සොළොස් දහසක් ස්ත්‍රීහු ඇත්තාහ. පුත්‍රය, ඔවුන් භාරගනුව. නුඹට රජය පවරාදෙමි.

3562. අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි කො ජඤ‍්ඤා මරණං සුවෙ, මාහං කාකොව දුම‍්මෙධො කාමානං වසමන්‍වගං.

3562. අද මැ පැවිදි වන්නෙමි. මරණය සෙට දැ යි දන්නේ කවරෙක් ද? මම මෝඩ කවුඩා මෙන් කාම වසයට නො යෙමි යි පියරජ තෙම කීයේ ය.

3563. දහරස‍්සෙව මෙ තාත මාතා මතාති මෙ සුතං, තයා විනා අහං තාත ජීවිතුම‍්පි න උස‍්සහෙ.

3563. පියාණන් වහන්ස, මා ළදරු කල්හි මැ මාගේ මව මළා යැයි අසන ලදී. පියාණන් වහන්ස, නුඹ වහන්සේගෙන් වෙන් ව මම ජීවත් වන්නටත් නො සිතමි.

3564. යථා ආරඤ‍්ඤකං නාගං පොතො අන්‍වෙති පච‍්ඡතො, ජෙස‍්සන‍්තං ගිරිදුග‍්ගෙසු සමෙසු විසමෙසු ච.

3564. සම වූ ද විසම වූ ද ගිරි දුර්‍ගයන්හි හැසිරෙන්නා වූ වන්‍ය හස්තියකු පසුපසින් ඇත් පැටවෙක් යම්සේ හැසිරේ ද,

3565. එවං තං අනුගච‍්ඡාමි පුත‍්තමාදාය ගච‍්ඡතො, සුභරො තෙ භවිස‍්සාමි න තෙ හෙස‍්සාමි දුබ‍්භරො.

3565. එ පරිද්දෙන් මම නුඹ වහන්සේ සමඟ යමි. පුතු ගෙනයන්නා වූ නුඹ වහන්සේට මම සුහර ව (පෝෂණයට පහසු ලෙස) පවතින්නෙමි. නුඹ වහන්සේට පෝෂණය කට නොහැකි පරිදි (දුහර) නො වන්නෙමි යි පුත්‍රයා කීවේ ය.

3566. යථා සාමුද‍්දිකං නාවං වාණිජානං ධනෙසිනං, වොහාරො තත්‍ථ ගණ‍්හෙය්‍ය වාණිජා බ්‍යසනී සියා එවමෙව පුත‍්තකලි අන‍්තරායකරො මම.

3566. ධන සොයන්නා වූ වෙළෙඳුන්ගේ මුහුදු යාත්‍රාවක් ව්‍යවහාරයෙක් (මත්ස්‍ය, රකුස්, දියසුළි ආදී යටට අදනයෙක්) යම්සේ අල්ලා ගනී ද එ විට එහි වෙළෙන්දෝ ව්‍යසනයට පත් වන්නාහු ය. එ මෙන් ම ලාමක පුත්‍රයා මාගේ පැවිද්දට අන්තරාය කරන්නෙකැ යි රජ තෙමේ කීවේ ය.

3567. ඉමං කුමාරං පාපෙථ පාසාදං රතිවඩ‍්ඪනං, තත්‍ථ කම‍්බුසහත්‍ථායො යථා සක‍්කංව අච‍්ඡරා තා නං තත්‍ථ රමෙස‍්සන‍්ති තාහි චෙසො රමිස‍්සති.

3567. අමාත්‍යවරුනි, මේ කුමාරයා ඇලුම් වඩන පහයට ගෙන යවු, එහි ස්වර්‍ණාභරණයෙන් සැරැසුණු ඒ ස්ත්‍රීහු අප්සරාවන් විසින් සිත් අලවනු ලබන ශක්‍රයා මෙන් ඒ කුමරහු එහි අභිරමණය කරවන්නාහ. කුමාර තෙමේ ද ඒ ස්ත්‍රීන් සමඟ අභිරමණය කරන්නේ යැ යි රජ තෙම කීයේ ය.

3568. තතො කුමාරං පාපෙසුං පාසාදං රතිවඩ‍්ඪනං, තං දිස‍්වා අවචුං කඤ‍්ඤා දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං.

3568. ඉන් පසු කුමරු ඇලුම් වඩන පහයට පැමිණවූහ. එහි නාටක ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ දීඝාවු නම් ඒ කුමරා දැක මෙසේ කීහ:

3569. දෙවතානුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො, කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො කථං ජානෙමු තං මයං.

3569. නුඹ වහන්සේ දේවතාවෙක් ද? ගාන්‍ධර්‍වයෙක් ද? නො එසේ නම් පුරින්‍දද නම් ශක්‍රයා වවු ද? නුඹ වහන්සේ කවරෙක් ද? කාගේ පුතෙක් හෝ වවු ද? ඒ කරුණ අපි කෙසේ දැනගනිමු ද?

3570. නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො නපි සක‍්කො පුරින්‍දදො, කාසි රඤ‍්ඤො අහං පුත‍්තො දීඝාවු රට‍්ඨවඩ‍්ඪනො මමං භරථ භද‍්දං වො අහං භත‍්තා භවාමි වො.

3570. මම දෙවියෙක් නො වෙමි. ගාන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා නො ද වෙමි. මම වනාහි කසී රජුගේ පුත්‍ර වූ රට දියුණු කරන්නා වූ දීඝාවු නමැත්තෙමි. මා කෙරෙහි රුචි කරවු. නුඹලාට යහපතක් වේවා. මම නුඹලාගේ ස්වාමිපුරුෂයා වන්නෙමි යි කුමාරයා කීවේ ය.

3571. තං තත්‍ථ අවචුං කඤ‍්ඤා දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං, කුහිං රාජා අනුප‍්පත‍්තො ඉතො රාජා කුහිං ගතො.

3571. එහි ඒ ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ ඒ දීඝාවු කුමරාට මෙසේ කීහ: රජ තෙමේ කොහි පැමිණියේ ද? රජ තෙමේ මෙයින් කොහි ගියේ ද?

3572. පඞ‍්කං රාජා අතික‍්කන‍්තො ථලෙ රාජා පතිට‍්ඨිතො, අකණ‍්ටකං අගහනං පටිපන‍්නො මහාපථං.

3572. රජ තෙම රාගාදි ක්ලේශ පංකය ඉක්මැවූයේ ය. රජ තෙම පැවිද්ද නම් වූ ගොඩබිම්හි පිහිටියේ ය. රාගාදි කටු නැත්තා වූ ඒ රාගාදියෙන් ගහන නො වූ ස්වර්‍ගමෝක්‍ෂගාමී වූ මහාමාර්‍ගයට රජ තෙම පිළිපන්නේ ය.

3573. අහඤ‍්ච පටිපන‍්නොස‍්මි මග‍්ගං දුග‍්ගතිගාමිනං, සකණ‍්ටකං සගහනං යෙන ගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

3573. මම් වනාහි යම් මඟෙකින් දුගතියට යේ නම් රාගාදි කටු සහිත වූ රාගාදියෙන් ගහන වූ ඒ දුගති මඟට පිළිපන්නෙම් වෙමි.

3574. තස‍්ස තෙ ස‍්වාගතං රාජා සීහස‍්සොව ගිරිබ‍්බජං, අනුසාස මහාරාජ ත්‍වං නො සබ‍්බාසමිස‍්සරොති.

3574. මහරජාණන් වහන්ස, ස්වර්‍ණමය ගුහාවකට කේශර සිංහයකුගේ පැමිණීම මෙන් නුඹ වහන්සේගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමෙකි. මහරජාණන් වහන්ස, අපට අනුශාසනා කරන සේක්වා. නුඹ වහන්සේ අප හැමගේ ම අධිපතියහුය.

සොණකජාතකං.

සෝණක ජාතක යි.