යෙදුමෙන් කියවන්න

1. සොණකජාතකවණ‍්ණනා 529 අට‍්ඨකථා

1. සොණකජාතකවණ‍්ණනා (529)

1. සෝණක ජාතකය (529)

කස‍්ස සුත්‍වා සතං දම‍්මීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො නෙක‍්ඛම‍්මපාරමිං ආරබ‍්භ කථෙසි. තදා හි භගවා ධම‍්මසභායං නෙක‍්ඛම‍්මපාරමිං වණ‍්ණයන‍්තානං භික‍්ඛූනං මජ‍්ඣෙ නිසීදිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

කස්ස සුත්‍වා සතං දම්මි යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, නෛෂ්ක්‍රම්‍ය (නික්මයාම) පාරමිතාව අරභයා වදාළ සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වර්ණනා කරන්නා වූ භික්‍ෂූන්ගේ මැද වැඩ හිඳ, මහණෙනි, දැන් පමණක් නොව, පෙර ද තථාගතයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මෙන්නේ, යයි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.

අතීතෙ රාජගහෙ මගධරාජා නාම රජ‍්ජං කාරෙසි. බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්ති, නාමග‍්ගහණදිවසෙ චස‍්ස “අරින්‍දමකුමාරො”ති නාමං කරිංසු. තස‍්ස ජාතදිවසෙයෙව පුරොහිතස‍්සපි පුත‍්තො ජායි, “සොණකකුමාරො”තිස‍්ස නාමං කරිංසු. තෙ උභොපි එකතොව වඩ‍්ඪිත්‍වා වයප‍්පත‍්තා උත‍්තමරූපධරා රූපෙන නිබ‍්බිසෙසා හුත්‍වා තක‍්කසිලං ගන‍්ත්‍වා උග‍්ගහිතසිප‍්පා තතො නික‍්ඛමිත්‍වා “සබ‍්බසමයසිප‍්පඤ‍්ච දෙසචාරිත‍්තඤ‍්ච ජානිස‍්සාමා”ති අනුපුබ‍්බෙන චාරිකං චරන‍්තා බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ නගරං පවිසිංසු. තං දිවසඤ‍්ච එකච‍්චෙ මනුස‍්සා “බ්‍රාහ‍්මණවාචනකං කරිස‍්සාමා”ති පායාසං පටියාදෙත්‍වා ආසනානි පඤ‍්ඤාපෙත්‍වා ආගච‍්ඡන‍්තෙ තෙ කුමාරෙ දිස‍්වා ඝරං පවෙසෙත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙසුං. තත්‍ථ බොධිසත‍්තස‍්ස පඤ‍්ඤත‍්තාසනෙ සුද‍්ධවත්‍ථං අත්‍ථතං අහොසි, සොණකස‍්ස රත‍්තකම‍්බලං. සො තං නිමිත‍්තං දිස‍්වාව “අජ‍්ජ මෙ පියසහායො අරින්‍දමකුමාරො බාරාණසිරාජා භවිස‍්සති, මය‍්හං පන සෙනාපතිට‍්ඨානං දස‍්සතී”ති අඤ‍්ඤාසි. තෙ උභොපි කතභත‍්තකිච‍්චා උය්‍යානමෙව අගමංසු.

අතීතයේ රජගහනුවර මගධ රජු රාජ්‍යය කර වීය. බෝසත්හු ඔහුගේ අග මෙහෙසියගේ කුසයෙහි උපන්හ. නම් තබන දිනයේ ඔහුට අරින්දම කුමාර යයි නම් කළහ. ඔහු උපන් දිනයේ ම පුරෝහිතයා ගේ ද පුතා උපන්නේය. සෝණක කුමාර යයි ඔහුට නම් කළහ. ඔවුන් දෙදෙනා ම හුදකලාව වැඩී වයස්ගත කල්හි උතුම් රූපශ්‍රීයෙන් යුක්ත වූයේ රූපයෙන් විශේෂ නොවී තක්‍ෂිලාවට ගොස්, ඉගෙනගත් ශිල්ප ඇත්තෝ, නික්ම, සියළු ආගම් ශාස්ත්‍ර ද, දේශචාරිකා ද දැනගන්නෙමුයි අනුපිළිවෙලින් චාරිකා කරන්නෝ බරණැසට පැමිණ රාජ උද්‍යානයේ වාසයකොට දෙවෙනි දවසේ නගරයට පිවිසියහ. ඒ දවස ද, ඇතැම් මිනිස්සු බ්‍රාහ්මණයාගේ වචනය අනුව කටයුතු කරන්නෙමුයි, කිරිබත් පිළියෙල කරවා, ආසන පනවා, පැමිණෙන්නා වූ ඒ කුමාරයන් දැක, ගෙදරට පිවිසවා, පනවන ලද ආසනවල හිඳුවාපීය. එහි බෝසතුන්ට පනවන ලද ආසනයේ පිරිසිදු වූ කසී ඇතිරිල්ලක් විය. සෝණකට රතු ඇතිරිල්ලකි. ඔහු නිමිති දැක අද ම මගේ ප්‍රිය මිත්‍ර වූ අරින්දම කුමරු බරණැස් රජ වන්නේය. මට සේනාපති තනතුර දෙන්නේ ය යයි දැනගත්තේය. ඒ දෙදෙනා ම කරන ලද බත් කිස ඇත්තේ උයනට ම පෙරළා ගියහ.

තදා බාරාණසිරඤ‍්ඤො කාලකතස‍්ස සත‍්තමො දිවසො හොති, අපුත‍්තකං රාජකුලං. අමච‍්චාදයො පාතොව සසීසං න‍්හාතා සන‍්නිපතිත්‍වා “රජ‍්ජාරහස‍්ස සන‍්තිකං ගමිස‍්සතී”ති ඵුස‍්සරථං යොජෙත්‍වා විස‍්සජ‍්ජෙසුං. සො නගරා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන රාජුය්‍යානං ගන‍්ත්‍වා උය්‍යානද‍්වාරෙ නිවත‍්තිත්‍වා ආරොහණසජ‍්ජො හුත්‍වා අට‍්ඨාසි. බොධිසත‍්තො මඞ‍්ගලසිලාපට‍්ටෙසසීසං පාරුපිත්‍වා නිපජ‍්ජි, සොණකකුමාරො තස‍්ස සන‍්තිකෙ නිසීදි. සො තූරියසද‍්දං සුත්‍වා “අරින්‍දමස‍්ස ඵුස‍්සරථො ආගච‍්ඡති, අජ‍්ජෙස රාජා හුත්‍වා මම සෙනාපතිට‍්ඨානං දස‍්සති, න ඛො පන මය‍්හං ඉස‍්සරියෙනත්‍ථො, එතස‍්මිං ගතෙ නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා එකමන‍්තෙ පටිච‍්ඡන‍්නෙ අට‍්ඨාසි. පුරොහිතො උය්‍යානං පවිසිත්‍වා මහාසත‍්තං නිපන‍්නකං දිස‍්වා තූරියානි පග‍්ගණ‍්හාපෙසි. මහාසත‍්තො පබුජ‍්ඣිත්‍වා පරිවත‍්තිත්‍වා ථොකං නිපජ‍්ජිත්‍වා උට‍්ඨාය සිලාපට‍්ටෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. අථ නං පුරොහිතො අඤ‍්ජලිං පග‍්ගණ‍්හිත්‍වා ආහ – “රජ‍්ජං තෙ, දෙව, පාපුණාතී”ති. “කිං අපුත‍්තකං රාජකුල”න‍්ති? “එවං, දෙවා”ති. “තෙන හි සාධූ”ති. අථ නං තෙ තත්‍ථෙව අභිසිඤ‍්චිත්‍වා රථං ආරොපෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන නගරං පවෙසෙසුං. සො නගරං පදක‍්ඛිණං කත්‍වා පාසාදං අභිරූහි. සො යසමහන‍්තතාය සොණකකුමාරං න සරි.

එකල බරණැස් රජු කළුරිය කිරීමෙන් සත් දවසක් ගත විය. පුතුන් නැති රාජකුලය නිසා ඇමති ආදීහු ස්නානය කර රැස්වී, රජ තනතුරට සුදුස්සෙකු සමීපයට යන්නේ යයි, රාජ රථය යොදවා පිටත් වූහ. ඔහු නගරයෙන් නික්ම අනුපිළිවෙලින් උයනට ගොස් උයන්දොර නැවතී නැගෙන්නට සුදුසුව සිටියේය. බෝසත්හු මංගල ගල්තලාවේ හිසේ සිට පොරවා හොත්තේය. සෝණක කුමාරයා ඔහු සමීපයේ සිටියේය. ඔහු තූර්ය නාදය අසා, අරින්දමගේ රාජරථය එයි. අද මෙතුමා රජ වී, මට සෙනෙවි තනතුර දෙන්නේය මට මේ ඉසුරු බැවින් අර්ථයක් නැත. මොහු ගිය කල්හි නික්ම ගොස් පැවිදි වන්නෙමියි සිතා එකත්පසකට වී සිටියේය. පුරෝහිතයා උයනට පිවිස හොත්තා වූ, බෝසත් දැක, තූර්ය නාදය හඬනැංවී බෝසත් අවදි වී පෙරළී, ටික වේලාවක් හොවී සිට, නැගිට ගල් තලාවේ පර්යංකයෙන් හිඳ ගත්තේය. ඉක්බිති පුරෝහිතයා ඔහුට ඇඳිලි බැඳගෙන මෙසේ කීවේය. දේවයන් වහන්ස, ඔබ රජකමට පැමිණෙහි. අපුත්‍රක වූ රාජකුලයෙන් කිම. දේවයන් වහන්ස මෙසේ ම ය. එසේ වී නම් යහපති. ඉක්බිති ඔහුම එහිදී ම අභිෂේක කරවා රථයට නංවා ගෙන මහත් පිරිවරින් නගරයට පිවිසියහ. ඔහු නුවර පැදකුණු කොට ප්‍රාසාදයට නැංගේය. ඔහු මහත් වූ කීර්තිය ඇත්තේ සෝණක කුමරු සිහිපත් නොවීය.

සොපි තස‍්මිං නගරං පවිට‍්ඨෙ පච‍්ඡා ආගන‍්ත්‍වා සිලාපට‍්ටෙ නිසීදි. අථස‍්ස පුරතො බන්‍ධනා පවුත‍්තං සාලරුක‍්ඛතො පණ‍්ඩුපලාසං පති. සො තං දිස‍්වාව “යථෙවෙතං, තථා මමපි සරීරං ජරං පත්‍වා පතිස‍්සතී”ති අනිච‍්චාදිවසෙන විපස‍්සනං පට‍්ඨපෙත්‍වා පච‍්චෙකබොධිං පාපුණි. තංඛණඤ‍්ඤෙවස‍්ස ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, පබ‍්බජිතලිඞ‍්ගං පාතුරහොසි. සො “නත්‍ථි දානි පුනබ‍්භවො”ති උදානං උදානෙන‍්තො නන්‍දමූලකපබ‍්භාරං අගමාසි. මහාසත‍්තොපි චත‍්තාලීසමත‍්තානං සංවච‍්ඡරානං අච‍්චයෙන සරිත්‍වා “කහං නු ඛො මෙ සහායො සොණකො”ති සොණකං පුනප‍්පුනං සරන‍්තොපි “මයා සුතො වා දිට‍්ඨො වා”ති වත‍්තාරං අලභිත්‍වා අලඞ‍්කතමහාතලෙ රාජපල‍්ලඞ‍්කෙ නිසින‍්නො ගන්‍ධබ‍්බනාටකනච‍්චගීතාදීහි පරිවුතො සම‍්පත‍්තිමනුභවන‍්තො “යො මෙ කස‍්සචි සන‍්තිකෙ සුත්‍වා ‘අසුකට‍්ඨානෙ නාම සොණකො වසතී’ති ආචික‍්ඛිස‍්සති, තස‍්ස සතං දස‍්සාමි, යො මෙ සාමං දිස‍්වා ආරොචෙස‍්සති, තස‍්ස සහස‍්ස”න‍්ති එකං උදානං අභිසඞ‍්ඛරිත්‍වා ගීතවසෙන උදානෙන‍්තො පඨමං ගාථමාහ –

ඔහු නගරයට පිවිසි කල්හි අවුත් ගල්තලාවේ හුන්නේය. ඔහු ඉදිරිපිට සල්ගසකින් නටුවෙන් ගිලිහුණු ඉදුණු කොලයක් වැටුණේය. ඔහු එය දකිත්ම එය යම්සේ ද, මගේ සිරුර ද ජරාවට පත්වන්නේය යයි අනිත්‍ය වශයෙන් විදර්ශනා වඩා පසේබුදුබවට පත්වූ සේක. එකෙණෙහිම ඔහුගේ ගිහි ස්වරූපය අතුරුදන් විය. පැවිදි ස්වරූපය පහළ විය. එතුමෝ යලි පුනර්භවයක් නැතැයි උදන් අනමින් නන්ද මුල පර්වතයට ගිය සේක. බෝසත්හු ද අවුරුදු හතළිහකට පසුව සිහිකොට, මගේ සහායක සෝණක කොහේදැයි, සෝණක නැවත නැවත සිහිකරන්නේ ද, මා විසින් අසන ලද්දේ වේවා, දක්නා ලද්දේ වේවායි විස්තරයක් නොමැතිව අලංකාර වූ, රාජ පළඟේ උස්තැනක සිටින්නේ ගාන්ධර්ව නාටක නැටුම් ගැයුම් ආදියෙන් පිරිවරණ ලද සම්පත් අනුභව කරමින්, කිසිවෙකු හෝ මා සමීපයට පැමිණ අසා සෝණක අසවල් තැන වාසය කරයි යයි කියන්නේ නම්, ඔහුට සියයක් ධනය දෙන්නෙමි. යමෙක් හිමියා දැක, දන්වන්නේ නම් ඔහුට දහසක් යයි එක් උදානයක් සිහිපත්කොට ගීත වශයෙන් උදම් අනන්නේ පළමු ගාථාව කීවේය.

“කස‍්ස සුත්‍වා සතං දම‍්මි, සහස‍්සං දිට‍්ඨ සොණකං; කො මෙ සොණකමක‍්ඛාති, සහායං පංසුකීළිත”න‍්ති.

වැළි කෙළියෙහි පටන් යහළු වූ සෝණකයන් ගැන මට යමෙක් කියන්නේ ද? ඔහු වසන තැනක් අසා කියන්නෙකුට මම සියයක් දෙමි. ඔහු දැක කියන්නෙකුට මම දහසක් දෙමි.

අථස‍්ස මුඛතො ලුඤ‍්චන‍්තී විය ගහෙත්‍වා එකා නාටකීත්‍ථී තං ගායි. අථඤ‍්ඤා අථඤ‍්ඤාති “අම‍්හාකං රඤ‍්ඤො පියගීත”න‍්ති සබ‍්බා ඔරොධා ගායිංසු. අනුක‍්කමෙන නගරවාසිනොපි ජානපදාපි තමෙව ගීතං ගායිංසු. රාජාපි පුනප‍්පුනං තමෙව ගීතං ගායති. පණ‍්ණාසමත‍්තානං සංවච‍්ඡරානං අච‍්චයෙන පනස‍්ස බහූ පුත‍්තධීතරො අහෙසුං, ජෙට‍්ඨපුත‍්තො දීඝාවුකුමාරො නාම අහොසි. තදා සොණකපච‍්චෙකබුද‍්ධො “අරින්‍දමරාජා මං දට‍්ඨුකාමො, අහං තත්‍ථ ගන‍්ත්‍වා කාමෙසු ආදීනවං නෙක‍්ඛම‍්මෙ චානිසංසං කථෙත්‍වා පබ‍්බජ‍්ජනාකාරං කරොමී”ති චින‍්තෙත්‍වා ඉද‍්ධියා ආකාසෙනාගන‍්ත්‍වා උය්‍යානෙ නිසීදි. තදා එකො සත‍්තවස‍්සිකො පඤ‍්චචූළකකුමාරකො මාතරා පහිතො ගන‍්ත්‍වා උය්‍යානවනෙ දාරූනි උද‍්ධරන‍්තො පුනප‍්පුනං තමෙව ගීතං ගායි. අථ නං සො පක‍්කොසිත්‍වා “කුමාරක, ත්‍වං අඤ‍්ඤං අගායිත්‍වා එකමෙව ගීතං ගායසි, කිං අඤ‍්ඤං න ජානාසී”ති පුච‍්ඡි. “ජානාමි, භන‍්තෙ, අම‍්හාකං පන රඤ‍්ඤො ඉදමෙව පියං, තෙන නං පුන‍්නප‍්පුනං ගායාමී”ති. “එතස‍්ස පන තෙ ගීතස‍්ස පටිගීතං ගායන‍්තො කොචි දිට‍්ඨපුබ‍්බො”ති. “න දිට‍්ඨපුබ‍්බො, භන‍්තෙ”ති. “අහං තං සික‍්ඛාපෙස‍්සාමි, සක‍්ඛිස‍්සසි රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා පටිගීතං ගායිතු”න‍්ති. “ආම, භන‍්තෙ”ති. අථස‍්ස සො පටිගීතං ආචික‍්ඛන‍්තො “මය‍්හං සුත්‍වා”තිආදිමාහ. උග‍්ගණ‍්හාපෙත්‍වා ච පන තං උය්‍යොජෙසි – “ගච‍්ඡ, කුමාරක, ඉමං පටිගීතං රඤ‍්ඤා සද‍්ධිං ගායාහි, රාජා තෙ මහන‍්තං ඉස‍්සරියං දස‍්සති, කිං තෙ දාරූහි, වෙගෙන යාහී”ති.

ඉක්බිති ඔහුගේ කටින් උදුරා ගන්නාක් මෙන් එක නාටක ස්ත්‍රියක් එම ගීතය ගායනා කළාය. ඉක්බිති සිතන්නී, අපගේ රජු ගීතවලට ප්‍රියයි සිතා සියල්ලෝ අන්තඃපුර ස්ත්‍රීහු එම ගීතය ගායනා කළහ. අනුපිළිවෙලින් නගරවාසීහුද, ජානපදිකයෝ ද එම ගීතය ගැයූහ. රජු ද නැවත නැවත එම ගීතය ම ගායනා කරයි. අවුරුදු පනහක් ඇවෑමෙන් ඔහුගේ බොහෝ දූ පුත්තු ද වූහ. ජ්‍යෙෂ්ඨ පුත්‍රයා දීඝායු කුමාර නම් විය. එකල සෝණක පසේ බුදුරජ අරින්දම රජු දකිනු කැමැත්තේ යමියි, ඔහුට කාමයන්හි ආදීනව ද, නෛෂ්ක්‍රම්‍යයේ ආනිශංස ද පවසා පැවිදි වෙස් ගන්වමියි, සිතා සෘද්ධියෙන් ආකාශයෙන් ගොස් උයනේ වැඩ හුන්නේ ය. එකල මව විසින් එවන ලද සත් හැවිරිදි පංච චූළක කුමාරයා උයන් සෙවනේ දර කඩමින් යළි යළිත් ඒ ගීතය ගායනා කෙළේය. ඉක්බිති පසේබුදුරජු ඔහු කැඳවා, ළදරුව, නුඹ අන් එක් කථාවක්වත් නොකියා, එක ම ගීතයක් ගායනා කෙළෙහි. කිම, අනෙකක් නොදන්නෙහිදැයි විචාළේය. ස්වාමීනි, දනිමි. අපගේ රජු ගේ මේ ප්‍රියතම ගීතයයි. එහෙයින් එය නැවත නැවත ගායනා කරමි. මේ ගීතයට පිළිතුරු ගීතයක් ගායනා කරන්නා වූ කිසිවෙකු හෝ පෙර දක්නා ලද්දේද? ස්වාමීනි, නොදක්නා ලද්දෙමි. මම ඔබට එය උගන්වන්නෙමි. රජුගේ සමීපයට ගොස් පිළිතුරු ගීතය ගායනා කිරීමට හැකිවන්නෙහි. ස්වාමීනි, එසේය. ඉක්බිති ඔහුට පිළිතුරු ගීතය ප්‍රකාශ කරමින්, මය්හසුත්‍වා යනාදිය කීවේය. එය උගන්වා ඔහු පිටත් කෙළේය. කුමාරය, යන්න, මේ පිළිතුරු ගීතය රජු ඉදිරියේ ගායනා කරන්නැයි රජු ඔබට මහත් ඉසුරු දෙන්නේ යයි, දරවලින් කිම ඉක්මනට යන්න යනුවෙනි.

සො “සාධූ”ති තං පටිගීතං උග‍්ගණ‍්හිත්‍වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, යාවාහං රාජානං ආනෙමි, තාව ඉධෙව හොථා”ති වත්‍වා වෙගෙන මාතු සන‍්තිකං ගන‍්ත්‍වා, “අම‍්ම, ඛිප‍්පං මං න‍්හාපෙත්‍වා අලඞ‍්කරොථ, අජ‍්ජ තං දලිද‍්දභාවතො මොචෙස‍්සාමී”ති වත්‍වා න‍්හාතමණ‍්ඩිතො රාජද‍්වාරං ගන‍්ත්‍වා “අය්‍ය දොවාරික, ‘එකො දාරකො තුම‍්හෙහි සද‍්ධිං පටිගීතං ගායිස‍්සාමීති ආගන‍්ත්‍වා ද‍්වාරෙ ඨිතො’ති රඤ‍්ඤො අරොචෙහී”ති ආහ. සො වෙගෙන ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා “ආගච‍්ඡතූ”ති පක‍්කොසාපෙත්‍වා, “තාත, ත්‍වං මයා සද‍්ධිං පටිගීතං ගායිස‍්සසී”ති ආහ. “ආම, දෙවා”ති. “තෙන හි ගායස‍්සූ”ති. “දෙව, ඉමස‍්මිං ඨානෙ න ගායාමි, නගරෙ පන භෙරිං චරාපෙත්‍වා මහාජනං සන‍්නිපාතාපෙථ, මහාජනමජ‍්ඣෙ ගායිස‍්සාමී”ති. රාජා තථා කාරෙත්‍වා අලඞ‍්කතමණ‍්ඩපෙ පල‍්ලඞ‍්කමජ‍්ඣෙ නිසීදිත්‍වා තස‍්සානුරූපං ආසනං දාපෙත්‍වා “ඉදානි තව ගීතං ගායස‍්සූ”ති ආහ. “දෙව, තුම‍්හෙ තාව ගායථ, අථාහං පටිගීතං ගායිස‍්සාමී”ති. තතො රාජා පඨමං ගායන‍්තො ගාථමාහ –

ඔහු යහපතැයි පිළිතුරු ගීතය උගෙන, වැඳ ස්වාමීනි යම්හෙයකින් මම රජු වෙත යමිද, ඒතාක් ඔබ මෙහිම සිටුවයි කියා, වේගයෙන් මව සමීපයට ගොස්, මෑණියනි, ඉක්මනට මාව නාවන්න. අලංකාර කරහි. අද ඒ දිළිඳුකමින් මිදෙන්නෙමියි කියා නා, අලංකාර වී, රජ දොරටුව වෙත එළඹ ආර්යයනි, දොරටුපාලය එක දරුවකු ඔබලා සමග පිළිතුරු ගීත ගායනා කරන්නෙමි යි අවුත් දොරටුවේ සිටී යයි, රජුට දැනුම් දෙවයි කීවෙහි. ඔහු වේගයෙන් ගොස් රජුට දැනුම් දුන්නේය. රජු ඒවායි කැඳවා, දරුව, නුඹ මා සමග ගීත පිළිතුරු ගීත ගායනා කරන්නෙහිදැයි කීවේය. දේවයන් වහන්ස, එසේය. එසේ වී නම් ගායනා කරව. දේවයන් වහන්ස, මේ ස්ථානයේ ම ගායනා නො කරමි. නගරයේ බෙරහඬ නංවා මහජනයා රැස්කරවා මහජනයා මැද ගායනා කරන්නෙමි. රජු එසේ කොට, අලංකාර මණ්ඩපයක් පළඟ මැද හිඳ ඔහුට සුදුසු ආසනයක් දෙවා, දැන් ඔබගේ ගීතය ගායනා කරවයි කීවේය. දේවයන් වහන්ස, ඔබ ම ගීතය ගායනා කරන්න. මම පිළිතුරු ගීතය ගායනා කරන්නෙමි. ඉක්බිති රජු පළමු ගීතය ගායනා කරමින් මෙසේ කීවේ ය.

“කස‍්ස සුත්‍වා සතං දම‍්මි, සහස‍්සං දිට‍්ඨ සොණකං; සො මෙ සොණකමක‍්ඛාති, සහායං පංසුකීළිත”න‍්ති.

වැළි කෙළියෙහි පටන් යහළු වූ සෝණකයන් ගැන මට යමෙක් කියන්නේද? ඔහු වසන තැනක් අසා කියන්නෙකුට මම සියයක් දෙමි. ඔහු දැක කියන්නෙකුට මම දහසක් දෙමි.

තත්‍ථ සුත්‍වාති “අසුකට‍්ඨානෙ නාම තෙ පියසහායො සොණකො වසතී”ති තස‍්ස වසනට‍්ඨානං සුත්‍වා ආරොචෙන‍්තස‍්ස කස‍්ස සතං දම‍්මි. දිට‍්ඨාති “අසුකට‍්ඨානෙ නාම මයා දිට‍්ඨො”ති දිස‍්වා ආරොචෙන‍්තස‍්ස කස‍්ස සහස‍්සං දම‍්මීති.

එහි සුත්‍වා යනු, අසවල් ස්ථානයේ නම්, ඔබගේ ප්‍රිය මිතුරු වූ සෝණක වාසය කරයි යනුවෙන් ඔහු වසන ස්ථානය අසා, දැනුම් දෙන්නා වූ කවරෙකුට නමුත් සියයක් දෙමි. දට්ඨු යනු අසවල් ස්ථානයේ නම් මා විසින් දක්නා ලදැයි, දැක දැනුම් දෙන්නා වූ කවරෙකුට නමුත් දහසක් දෙමියි යනුවෙනි.

එවං රඤ‍්ඤා පඨමං උදානගාථාය ගීතාය පඤ‍්චචූළකදාරකෙන පටිගීතභාවං පකාසෙන‍්තො සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා දීයඩ‍්ඪගාථා අභාසි –

මෙසේ රජු විසින් පළමු උදාන ගාථාව ගායනා කළ කල්හි පඤ්චචූලක නම් දරුවා විසින් පිළිතුරු ගීතය ප්‍රකාශ කරමින්, ශාස්තෲන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පැමිණි මේ ගාථා දෙක දේශනා කළ සේක.

“අථබ්‍රවී මාණවකො, දහරො පඤ‍්චචූළකො; මය‍්හං සුත්‍වා සතං දෙහි, සහස‍්සං දිට‍්ඨ සොණකං; අහං තෙ සොණකක‍්ඛිස‍්සං, සහායං පංසුකීළිත”න‍්ති.

පඤ්චචූලක නම් ළදරු මානවකයා අනතුරුව මෙසේ කීවේය. සෝණක සිටින තැනක් අසා කියන්නහුට සියයක් දෙමි. දුටු තැනක් කියන්නෙකුට දහසක් දෙමි’යි ඔබ කීයෙහිද? ඒ සියය හා දහස මට දෙනු මැනවි. වැළිකෙළියෙහි පටන් යහළු වූ සෝණක මම දුටුවෙමි. ඔහු සිටින තැන මම ඔබට කියමි.

තෙන වුත‍්තගාථාය පන අයමත්‍ථො – මහාරාජ, යං ත්‍වං “සුත්‍වා ආරොචෙන‍්තස‍්ස සතං දම‍්මී”ති වදසි, තම‍්පි මමෙව දෙහි, යං “දිස‍්වා ආරොචෙන‍්තස‍්ස සහස‍්සං දම‍්මී”ති වදසි, තම‍්පි මය‍්හමෙව දෙහි, අහං තෙ පියසහායං ඉදානෙව පච‍්චක‍්ඛතොව “අයං සොණකො”ති ආචික‍්ඛිස‍්සන‍්ති.

ඔහු විසින් කියන ලද ගාථාවේ මේ අර්ථය ඇත. මහරජ, යම්බඳු ඒ ගැන අසා, දැනුම් දෙන්නාට සියයක් දෙමියි කියහි. එය ද මට ම දෙන්න. යම්විටක ඔහු දැක දැනුම් දෙන්නාට දහසක් දෙමියි කියයි. එය ද මට ම දෙන්න. මම දැන්ම ඔබේ ප්‍රිය මිත්‍ර වූ මේ සෝණක යයි කියන්නා. මෙතැන් පටන් මැනවින් දැනගන්නේ ම ය.

ඉතො පරං සුවිඤ‍්ඤෙය්‍යා සම‍්බුද‍්ධගාථා පාළිනයෙනෙව වෙදිතබ‍්බා –

සම්බුද්ධ ගාථා පෙළ න්‍යායෙන්ම දතයුතුය.

ඒ අසා රජු මෙසේ කීවේය.

“කතමස‍්මිං සො ජනපදෙ, රට‍්ඨෙසු නිගමෙසු ච; කත්‍ථ සොණකමද‍්දක‍්ඛි, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

හෙතෙම කවර නම් ජනපදයෙක, කවරනම් රටක, කවරනම් නියම්ගමක වෙසේද මා විසින් විචාරන්නේ, කොහි ද? ඔබ මට සෝණක දුටුවේදැයි කියව.

කුමරු මෙසේ කීවේය.

“තවෙව දෙව විජිතෙ, තවෙවුය්‍යානභූමියං; උජුවංසා මහාසාලා, නීලොභාසා මනොරමා.

රජ්ජුරුවන් වහන්ස! ඔබගේ ම රටේ, ඔබගේ ම උයනේ, සෘජු වූ කඳ ඇති, සිත්කළු වූ වැහිවළාවන් බඳු නිල් පැහැති, අත්තෙන් අත්ත එකට වෙළී ගත් මහා සල් ගස් වේද?

“තිට‍්ඨන‍්ති මෙඝසමානා, රම‍්මා අඤ‍්ඤොඤ‍්ඤනිස‍්සිතා; තෙසං මූලම‍්හි සොණකො, ඣායතී අනුපාදනො; උපාදානෙසු ලොකෙසු, ඩය‍්හමානෙසු නිබ‍්බුතො.

උපාදාන සහිත ලෝකයේ උපාදාන විරහිතව, එකොළොස් ගිනිවලින් නිවුනු ඒ සෝණක ධ්‍යාන වඩමින් ඒ සල්ගහක් මුල වැඩ සිටින්නේ ය.

“තතො ච රාජා පායාසි, සෙනාය චතුරඞ‍්ගියා; කාරාපෙත්‍වා සමං මග‍්ගං, අගමා යෙන සොණකො.

ඒ අරින්දම රජු, සිවුරඟ සෙනග සමග, සරසරන ලද මහා මාවතින් සෝණක පසේ බුදුන් දැකීම සඳහා උයනට ගියේය.

“උය්‍යානභූමිං ගන‍්ත්‍වාන, විචරන‍්තො බ්‍රහාවනෙ; ආසීනං සොණකං දක‍්ඛි, ඩය‍්හමානෙසු නිබ‍්බුත”න‍්ති.

රජු උයන්බිමට ගොස්, ඒ මහා උයන්හි නිවී වැඩහුන් සෝණක නම් පසේබුදුන් වහන්සේ හමු විය.

තත්‍ථ උජුවංසාති උජුක‍්ඛන්‍ධා. මහාසාලාති මහාරුක‍්ඛා. මෙඝසමානාති නීලමෙඝසදිසා. රම‍්මාති රමණීයා. අඤ‍්ඤොඤ‍්ඤනිස‍්සිතාති සාඛාහි සාඛං, මූලෙන මූලං සංසිබ‍්බිත්‍වා ඨිතා. තෙසන‍්ති තෙසං එවරූපානං තව උය්‍යානවනෙ සාලානං හෙට‍්ඨා. ඣායතීති ලක‍්ඛණූපනිජ‍්ඣානආරම‍්මණූපනිජ‍්ඣානසඞ‍්ඛාතෙහි ඣානෙහි ඣායති. අනුපාදනොති කාමුපාදානාදිවිරහිතො. ඩය‍්හමානෙසූති එකාදසහි අග‍්ගීහි ඩය‍්හමානෙසු සත‍්තෙසු. නිබ‍්බුතොති තෙ අග‍්ගී නිබ‍්බාපෙත්‍වා සීතලෙන හදයෙන ඣායමානො තව උය්‍යානෙ මඞ‍්ගලසාලරුක‍්ඛමූලෙ සිලාපට‍්ටෙ නිසින‍්නො එස තෙ සහායො කඤ‍්චනපටිමා විය සොභමානො පටිමානෙතීති. තතො චාති, භික‍්ඛවෙ, තතො සො අරින්‍දමො රාජා තස‍්ස වචනං සුත්‍වාව “සොණකපච‍්චෙකබුද‍්ධං පස‍්සිස‍්සාමී”ති චතුරඞ‍්ගිනියා සෙනාය පායාසි නික‍්ඛමි. විචරන‍්තොති උජුකමෙව අගන‍්ත්‍වා තස‍්මිං මහන‍්තෙ වනසණ‍්ඩෙ විචරන‍්තො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං ආසීනං අද‍්දක‍්ඛි.

එහි උජුවංසා යනු සෘජු වූ කඳක් ඇති. මහාසාලා යනු මහගස් ඇති. මේඝ සමානා යනු නිල් වලාකුළු සමාන. රම්මා යනු සිත්කළු. අඤ්ඤොඤ්ඤ නිස්සිතා යනු අත්තෙන් අත්ත, මුලින් මුල එකට ගැටී තිබුණා වූ. තෙසං යනු ඒ එබඳු ආකාර වූ ඔබගේ උයන් වනයේ මහගසක් යට ඣායති යනු, ලක්‍ෂණ උපලක්‍ෂණ අරමුණු තුළින් යුතු ධ්‍යාන සංඛ්‍යාත ධ්‍යානවලින් ධ්‍යානගතව සිටියි. අනුපාදනො යනු කාම උපාදානයන් විරහිත වූ. දය්හමානෙසු යනු සත්ත්වයා එකොළොස් ගින්නකින් දැවෙන කල්හි යන අර්ථයයි. නිබ්බුතො යනු ඒ ගිනි නිවා සිසිල් හදවතින් ධ්‍යාන වඩමින්, ඔබගේ උයනේ, මංගල සල් ගසක් මුල ගල්තලාවක රන් පිළිමයක් මෙන් බබළමින් වැඩහිඳින්නේ, මේ ඔබේ මිත්‍ර වූ සෝණක පසේබුදුන් වහන්සේ බුහුමනින් සිටියි. තතොවා යනු මහණෙනි; එවිට ඒ අරින්දම රජු ඔහුගේ වචන අසා, සෝණක පසේ බුදුරදුන් බලන්නෙමියි, චතුරංගිනි සේනාව සහිතව නික්මුණේය. විචරන්තො යනු, සෘජුවම පැමිණ ඒ මහා වන ලැහැබේ, හැසිරෙමින් ඔහු සමීපයට ගොස්, ඒ කෙළෙස් දුරු කළ සෘෂීන් දුටුවේය.

සො තං අවන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා අත‍්තනො කිලෙසාභිරතත‍්තා තං “කපණො”ති මඤ‍්ඤමානො ඉමං ගාථමාහ –

ඔහු හෙතෙම වැඳ එකත්පසක හිඳ, තමන් කෙළෙස්වලින් ඇලුනේ, හෙතෙම දිළින්දෙකැයි සිතමින් මේ ගාථාව කීවේය.

“කපණො වතයං භික‍්ඛු, මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො; අමාතිකො අපිතිකො, රුක‍්ඛමූලස‍්මි ඣායතී”ති.

සංඝාටියක් පොරවා ගත් හිස මුඩුකළ මේ භික්‍ෂුව දිළින්දෙකි. මාපියන් ද නැතිව අපේක්‍ෂා රහිතව, ප්‍රීතියෙන් තොරව ගසක් මුල ධ්‍යාන වඩයි.

තත්‍ථ ඣායතීති නිම‍්මාතිකො නිප‍්පිතිකො කාරුඤ‍්ඤප‍්පත‍්තො ඣායති.

එහි ඣායති යනු මව්පියන් රහිතව, ප්‍රීතියෙන් තොරව, කරුණාවට පැමිණ ධ්‍යාන වඩයි.

“ඉමං වාක්‍යං නිසාමෙත්‍වා, සොණකො එතදබ්‍රවි; න රාජ කපණො හොති, ධම‍්මං කායෙන ඵස‍්සයං.

සෝණක පසේබුදුන් වහන්සේ මෙය අසා මෙසේ වදාළහ. මහරජ, ආර්යමාර්ග ධර්මය නාම කායයෙන් ස්පර්ශ කරන තැනැත්තා කිසිදිනක දුප්පතෙකු නොවේ.

“යො ච ධම‍්මං නිරංකත්‍වා, අධම‍්මමනුවත‍්තති; ස රාජ කපණො හොති, පාපො පාපපරායණො”ති.

මේ ලෝකයේ යම් කිසිවෙක් දසකුසල් දම් බැහැර කොට, පාපී වූද පාපීන්ට පිහිට වන්නා වූ ද, තැනැත්තා රජකම් කළත් දිළින්දෙක් වේ.

තත්‍ථ ඉමන‍්ති තස‍්ස කිලෙසාභිරතස‍්ස පබ‍්බජ‍්ජං අරොචෙන‍්තස‍්ස ඉමං පබ‍්බජ‍්ජාගරහවචනං සුත්‍වා. එතදබ්‍රවීති පබ‍්බජ‍්ජාය ගුණං පකාසෙන‍්තො එතං අබ්‍රවි. ඵස‍්සයන‍්ති ඵස‍්සයන‍්තො යෙන අරියමග‍්ගධම‍්මො නාමකායෙන ඵස‍්සිතො, සො කපණො නාම න හොතීති දස‍්සෙන‍්තො එවමාහ. නිරංකත්‍වාති අත‍්තභාවතො නීහරිත්‍වා. පාපො පාපපරායණොති සයං පාපානං කරණෙන පාපො, අඤ‍්ඤෙසම‍්පි කරොන‍්තානං පතිට‍්ඨාභාවෙන පාපපරායණොති.

මෙහි ඉමං යනු ඒ කෙලෙස්වල ඇලුණා වූ ඔහුගේ මෙසේ මේ පැවිද්ද ගරහන වචන අසා, ඒතදබ්‍රවී යනු පැවිද්දේ ගුණ ප්‍රකාශ කරමින් මෙය කීවේය. ඵස්සයං යනු ස්පර්ශ කර්නනේ යමකු විසින් ආර්යමාර්ග ධර්මය නාමයෙන් ස්පර්ශ කළේ, හෙතෙම දිළින්දෙකු නම් නොවෙයි යයි දක්වමින් මෙය කීවේය. නිරං කත්‍වා යනු, ආත්මභාවය බැහැරකොට, පාපො පරායණො යනු තෙමේ පව් කරන බැවින් ද, අන්‍යයන්ට පව් කිරීමට පිහිටවන බැවින් ද පාපපරායණ යයි කියනු ලැබේ.

එවං සො බොධිසත‍්තං ගරහි. සො අත‍්තනො ගරහිතභාවං අජානන‍්තො විය හුත්‍වා නාමගොත‍්තං කථෙත්‍වා තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තො ගාථමාහ –

මෙසේ ඔහු බෝධිසත්ත්වයන්ට ගර්හා කෙළේය. බෝසත්හු තමන්ට නින්දා කළ බව නොදන්නා මෙන් සිට, නම් ගොත් පමණක් කියා ඔහු සමග පිළිසඳර කථා කරමින් මෙසේ ගාථාව කීවේ ය.

“අරින්‍දමොති මෙ නාමං, කාසිරාජාති මං විදූ; කච‍්චි භොතො සුඛස‍්සෙය්‍යා, ඉධ පත‍්තස‍්ස සොණකා”ති.

මගේ නම අරින්ද නම් වේ. මා කසීරජ යයි ද දන්නේය. සෝණකයන් වහන්ස! මෙහි පැමිණි ඔබට සුවපහසු කෙසේද?

තත්‍ථ කච‍්චීති අම‍්හාකං තාව න කිඤ‍්චි අඵාසුකං, භොතො පන කච‍්චි ඉධ පත‍්තස‍්ස ඉමස‍්මිං උය්‍යානෙ වසතො සුඛවිහාරොති පුච‍්ඡති.

එහි කච්චි යනු අපට නම් කිසිම අපහසුවක් නැත. මේ උයනේ වාසයට පැමිණි පින්වතුන් වහන්සේ සැපසේ වාසය කරයිදැයි විචාරයි.

අථ නං පච‍්චෙකබුද‍්ධො, “මහාරාජ, න කෙවලං ඉධ, අඤ‍්ඤත්‍රාපි වසන‍්තස‍්ස මෙ අසුඛං නාම නත්‍ථී”ති වත්‍වා තස‍්ස සමණභද්‍රගාථායො නාම ආරභි –

ඉක්බිති ඔහුට පසේබුදුරද, මහරජ; අන්තැනක වාසය කළ ද, මට අපහසුවක් නම් නැතැයි කියා, ඔහුට ශ්‍රමණ බ්‍රාහ්මණ (සමණ භදක) ගාථා කීමට පටන් ගත්තේ ය.

“සදාපි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; න තෙසං කොට‍්ඨෙ ඔපෙන‍්ති, න කුම‍්භිං න කළොපියං; පරනිට‍්ඨිතමෙසානා, තෙන යාපෙන‍්ති සුබ‍්බතා.

මහරජ! ගිහි ගේ හැර පැවිදි වූ භික්‍ෂුවට සැමදාම යහපත් ය. මහරජ, ඔවුන්ගේ කෝෂ්ඨාගාරයේ ධන ධාන්‍ය ඇත. ඒවා තැන්පත් නො කරයි. සැළිවල හෝ කූඩාවලද නො දමත්. අනුන් විසින් නිපදවන ලද ආහාර සොයන, මනා පැවතුම් ඇති, ඔවුහු අනුන් දෙන ආහාරවලින් යැපේ.

“දුතියම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; අනවජ‍්ජපිණ‍්ඩො භොත‍්තබ‍්බො, න ච කොචූපරොධති.

කැප සරුප් ලෙස ලැබුණු හෙයින් නිරවද්‍ය පිණ්ඩාහාරය වළඳින ඒ නිසාම ක්ලේශයන්ගෙන් පීඩා නොවිඳින, පැවිදි වූ භික්‍ෂුවට මේ දෙවැනි යහපත ද වේ.

“තතියම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; නිබ‍්බුතො පිණ‍්ඩො භොත‍්තබ‍්බො, න ච කොචූපරොධති.

ලැබෙන ආහාර සිහි කොට වැළඳිය යුතු හෙයින් නිබ්බුත පිණ්ඩය නම් ලද, පිණ්ඩාහාරය වැළඳීමෙන් ක්ලේශයන්ගෙන් පීඩාවක් නොවිඳීම භික්‍ෂුව ලබන තුන්වැනි යහපත වේ.

“චතුත්‍ථම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; මුත‍්තස‍්ස රට‍්ඨෙ චරතො, සඞ‍්ගො යස‍්ස න විජ‍්ජති.

කුලයා කෙරෙහි ද ගණයා කෙරෙහි ද නො ඇළී, රාගාදී කිසියම් සංග කෙනෙක් නැතිව භික්‍ෂුව පලිබෝධයක් නැතිව හැසිරීම ද භික්‍ෂුව ලබන සිව්වැනි යහපතය.

“පඤ‍්චමම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; නගරම‍්හි ඩය‍්හමානම‍්හි, නාස‍්ස කිඤ‍්චි අඩය‍්හථ.

යම්හෙයකින් නගරය ගින්නෙන් දැවෙනවිට, යම් භික්‍ෂුවකගේ කිසිවක් නොදැවේද? ඒ ගිහිගෙය හැරගිය භික්‍ෂුව ලබන පස්වෙනි යහපත වේ.

“ඡට‍්ඨම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; රට‍්ඨෙ විලුම‍්පමානම‍්හි, නාස‍්ස කිඤ‍්චි අහීරථ.

යම්හෙයකින් ගම් දනව් සොරු පැහැර ගනිත්දී, භික්‍ෂුවගෙන් පැහැරගත යුතු යමක් නැත්තේද? ඒ භික්‍ෂුව ලබන සයවැනි යහපත වේ.

“සත‍්තමම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; චොරෙහි රක‍්ඛිතං මග‍්ගං, යෙ චඤ‍්ඤෙ පරිපන්‍ථිකා; පත‍්තචීවරමාදාය, සොත්‍ථිං ගච‍්ඡති සුබ‍්බතො.

සොරුන් විසින් රක්නා මාර්ගවල ද, වෙනත් උපද්‍රවයන් ඇති මාර්ගවල ද, මනා පැවතුම් ඇති භික්‍ෂුව පාත්‍රා සිවුරු ගෙන සුවසේ ගමන් කරයි ද, ඒ භික්‍ෂුව ලබන සත්වැනි යහපත වේ.

“අට‍්ඨමම‍්පි භද්‍රමධනස‍්ස, අනාගාරස‍්ස භික‍්ඛුනො; යං යං දිසං පක‍්කමති, අනපෙක‍්ඛොව ගච‍්ඡතී”ති.

අටවෙනුව ද නිර්ධන වූ අනගාරික භික්‍ෂුවගේ ජීවිතය යහපත්ය. යම් යම් දිශාවකට පිටත්ව යයිද, බලාපොරොත්තු රහිතවම යයි. යනුවෙනි.

තත්‍ථ අනාගාරස‍්සාති, මහාරාජ, ඝරාවාසං පහාය අනාගාරියභාවං පත‍්තස‍්ස අධනස‍්ස අකිඤ‍්චනස‍්ස භික‍්ඛුනො සබ‍්බකාලං භද්‍රමෙව. න තෙසන‍්ති, මහාරාජ, තෙසං අධනානං භික‍්ඛූනං න කොට‍්ඨාගාරෙ ධනධඤ‍්ඤානි ඔපෙන‍්ති, න කුම‍්භියං, න පච‍්ඡියං, තෙ පන සුබ‍්බතා පරනිට‍්ඨිතං පරෙසං ඝරෙ පක‍්කං ආහාරං සඞ‍්ඝාටිං පාරුපිත්‍වා කපාලමාදාය ඝරපටිපාටියා එසානා පරියෙසන‍්තා තෙන තතො ලද‍්ධෙන පිණ‍්ඩෙන තං ආහාරං නවන‍්නං පාටිකුල්‍යානං වසෙන පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජිත්‍වා ජීවිතවුත‍්තිං යාපෙන‍්ති.

මෙහි අනාගාරස්සා යනු මහරජ, ගෘහවාසය හැරදමා අනගාරික බවට පත්වුවෙකුට ධනය නැති කිසිත් නැති භික්‍ෂුවට සියලු කාලයම යහපත් වේ. න තේසං යනු මහරජ, ඒ ධනය නැති භික්‍ෂූන්ට කෝෂ්ටාගාරයේ ධන ධාන්‍ය රැස්කර නොතබත්. කළයක් නැත. පෙට්ටියක් නැත. ඔවුහු මහා සැප ඇත්තෝය. පරිනිට්ඨිතං යනු අනුන්ගේ ගෙදොරට කැඳවා දෙනු ලබන ආහාර. [missing trans]

අනවජ‍්ජපිණ‍්ඩො භොත‍්තබ‍්බොති වෙජ‍්ජකම‍්මාදිකාය අනෙසනාය වා කුහනා ලපනා නෙමිත‍්තිකතා නිප‍්පෙසිකතා ලාභෙන ලාභං නිජිගීසනතාති එවරූපෙන මිච‍්ඡාජීවෙන වා උප‍්පාදිතා චත‍්තාරො පච‍්චයා, ධම‍්මෙන උප‍්පාදිතාපි අපච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුත‍්තා සාවජ‍්ජපිණ‍්ඩො නාම. අනෙසනං පන පහාය මිච‍්ඡාජීවං වජ‍්ජෙත්‍වා ධම‍්මෙන සමෙන උප‍්පාදිතා “පටිසඞ‍්ඛා යොනිසො චීවරං පටිසෙවාමී”ති වුත‍්තනයෙනෙව පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුත‍්තා අනවජ‍්ජපිණ‍්ඩො නාම. යෙන එවරූපො අනවජ‍්ජපිණ‍්ඩො භොත‍්තබ‍්බො පරිභුඤ‍්ජිතබ‍්බො, යඤ‍්ච එවරූපං අනවජ‍්ජං පිණ‍්ඩං භුඤ‍්ජමානානං පච‍්චයෙ නිස‍්සාය කොචි අප‍්පමත‍්තකොපි කිලෙසො න උපරොධති න පීළෙති, තස‍්ස දුතියම‍්පි භද්‍රං අධනස‍්ස අනාගාරස‍්ස භික‍්ඛුනො.

අනවජ්ජ පිණ්ඩො භොතබ්බො යනු වෙදකම් කිරීම් ආදී අනේසන ධර්මයන්ගෙන් ද, නැති ගුණ පෙන්වීම ආදී වංචනික ක්‍රියාවන්ගෙන් ද, නිමිති කීම් ආදියෙන් ද, ගුණමකු වීමෙන් ද, ලාභයෙන් ලාභය සෙවීම් ආදියෙන් ද, මෙවැනි වැරදි ආජීවයෙන් උපදනා සිවුපසය ප්‍රත්‍යවේක්‍ෂා නොකොට පරික්‍ෂෙප කිරීම සාවද්‍ය පිණ්ඩපාතය නම් වේ. එක්විසි අනේසන ධර්මයන්ගෙන් වෙන්ව දැහැමෙන් සෙමෙන් උපදනා සිව්පසය, ‘පටිසංඛා යොනිසො චීවරංපටිසෙවාමි’ ආදී වසයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කිරීම නිරවද්‍ය පිණ්ඩපාතය වේ. මෙවැනි නිරවද්‍ය පිණ්ඩපාතය වැළඳීම නිසා ස්වල්ප මාත්‍ර වූ ද ක්ලේශයෝ නූපදිත්. ඔවුහු කෙළෙස්වලින් නො තැවෙයි. නො පෙළෙයි.

නිබ‍්බුතොති පුථුජ‍්ජනභික‍්ඛුනො ධම‍්මෙන උප‍්පන‍්නපිණ‍්ඩොපි පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජියමානො නිබ‍්බුතපිණ‍්ඩො නාම, එකන‍්තතො පන ඛීණාසවස‍්ස පිණ‍්ඩොව නිබ‍්බුතපිණ‍්ඩො නාම. කිංකාරණා? සො හි ථෙය්‍යපරිභොගො, ඉණපරිභොගො , දායජ‍්ජපරිභොගො, සාමිපරිභොගොති ඉමෙසු චතූසු පරිභොගෙසු සාමිපරිභොගවසෙන තං භුඤ‍්ජති, තණ‍්හාදාසබ්‍යං අතීතො සාමී හුත්‍වා පරිභුඤ‍්ජති, න තං තප‍්පච‍්චයා කොචි අප‍්පමත‍්තකොපි කිලෙසො උපරොධති.

නිබ්බුතො-පෘථග්ජන භික්‍ෂුව ධර්මයෙන් උපදනා ලද පිණ්ඩපාතය ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝජනය කිරීම නිබ්බුත පිණ්ඩපාතය නම් වේ. ඒකාන්තයෙන් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා පරිභෝග කරන පිණ්ඩය නිබ්බුත පිණ්ඩපාතය වේ. එයට හේතු කවරේද? ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා දුශ්ශීලව සිටිමින් පරිභෝග කිරීම, අයිතිකරුවන් වසයෙන් පරිභෝග කිරීම යන සතරින් අයිතිකරුවන් වසයෙන්ම පරිභෝග කරන බැවිනි. තෘෂ්ණාව දාස භාවයට පමුණුවා නියම හිමිකරුවන් වීමෙන් පරිභෝග කරයි. ඉතා ස්වල්ප වූද ක්ලේශයෝ හට නො ගනී.

මුත‍්තස‍්ස රට‍්ඨෙ චරතොති උපට‍්ඨාකකුලාදීසු අලග‍්ගමානසස‍්ස ඡින‍්නවලාහකස‍්ස විය රාහුමුඛා පමුත‍්තස‍්ස විමලචන්‍දමණ‍්ඩලස‍්ස විය ච යස‍්ස ගාමනිගමාදීසු චරන‍්තස‍්ස රාගසඞ‍්ගාදීසු එකොපි සඞ‍්ගො නත්‍ථි. එකච‍්චො හි කුලෙහි සංසට‍්ඨො විහරති සහසොකී සහනන්‍දී, එකච‍්චො මාතාපිතූසුපි අලග‍්ගමානසො විචරති කොරුනගරගාමවාසී දහරො විය, එවරූපස‍්ස පුථුජ‍්ජනස‍්සපි භද්‍රමෙව .

මුත්තස්ස රට්ඨෙ චරතො යනු උපස්ථායක කුලවල නො ලැග, පහ වූ වළාකුල් ඇති අහසේ, රාහු මුඛයෙන් මිදුණා වූ නිමල සඳමඬල මෙන්, ගම් නියම්ගම්හි හැසිරෙන යමෙකු හුදෙකලාව සිටින්නේ රාග සංගාදියෙහි ඇලීමෙක් නැත්තේය. ඇතැමෙක් කුලයන් හා සංසර්ගයෙන් සතුටු වෙමින් ද දුක්වෙමින් ද සිටිති. කෝරු නගරයේ ගම්වැසි ළමයෙකු මෙන් පෘථග්ජනයකු වුවද නොඇලී සිටීම යහපත්ය.

නාස‍්ස කිඤ‍්චීති යො හි බහුපරික‍්ඛාරො හොති, සො “මා මෙ චොරා පරික‍්ඛාරෙ හරිංසූ”ති අතිරෙකානි ච චීවරාදීනි අන‍්තොනගරෙ උපට‍්ඨාකකුලෙ නික‍්ඛිපති, අථ නගරම‍්හි ඩය‍්හමානෙ “අසුකකුලෙ නාම අග‍්ගි උට‍්ඨිතො”ති සුත්‍වා සොචති කිලමති, එවරූපස‍්ස භද්‍රං නාම නත්‍ථි. යො පන, මහාරාජ, සකුණවත‍්තං පූරෙති, කායපටිබද‍්ධපරික‍්ඛාරොව හොති, තස‍්ස තාදිසස‍්ස න කිඤ‍්චි අඩය‍්හථ, තෙනස‍්ස පඤ‍්චමම‍්පි භද්‍රමෙව.

බොහෝ පිරිකර ඇති යම් කිසිවකු මගේ මේ පිරිකර සොරු ගෙන යාවි යයි බියෙන් ඇතුළු නුවර උපස්ථායක කුලයක තබයි. ඉක්බිති නගරය ගිනිගත් කල්හි පිරිකර තැබූ කල ගෙයද දැවී ගියේ යයි අසා ශෝකී වෙයි. ක්ලාන්ත වෙයි. මෙහි යහපතක් හොඳක් නැත. මහරජ, යම්කිසි කෙනෙක් වනාහි පක්‍ෂි ව්‍රතය පුරයි ද? පක්‍ෂියෙකුගේ වස්තුව පියාපත් දෙක පමණක් වන්නා සේ ම, භික්‍ෂුවක ගේ වස්තුව තුන්සිවුර හා පාත්‍රය වන්නේය. මෙය පස්වැනි යහපත වේ.

විලුම‍්පමානම‍්හීති විලුප‍්පමානම‍්හි, අයමෙව වා පාඨො. අහීරථාති යථා පබ‍්බතගහනාදීහි නික‍්ඛමිත්‍වා රට‍්ඨං විලුම‍්පමානෙසු චොරෙසු බහුපරික‍්ඛාරස‍්ස අන‍්තොගාමෙ ඨපිතං විලුම‍්පති හරති, තථා යස‍්ස අධනස‍්ස කායපටිබද‍්ධපරික‍්ඛාරස‍්ස න කිඤ‍්චි අහීරථ තස‍්ස ඡට‍්ඨම‍්පි භද්‍රමෙව.

විලුම්පමානම්හි යනු ගම් පැහැරීම් අර්ථයයි. මෙයම එම පාඨය වේ. අහාරථා යනු යම් සේ පර්වත වන කඳු ආදියෙන් නික්ම රට මංපහරන සොරුන් ඇතිකල්හි ඇතුල් ගමෙහි තබන ලද බොහෝ පිරිකර වෙත්නම් ඒවා සොරු ගෙන යයි. බැහැර කරයි. ධනය රහිත භික්‍ෂුවකගේ කය හා බැඳුණු පිරිකර පමණක් ඇත්තේ, කිසිවක් රැගෙන නොයයි. මේ සයවෙනි යහපත් කරුණමය.

යෙ චඤ‍්ඤෙ පරිපන්‍ථිකාති යෙ ච අඤ‍්ඤෙපි තෙසු තෙසු ඨානෙසු සුඞ‍්කගහණත්‍ථාය ඨපිතා පරිපන්‍ථිකා, තෙහි ච රක‍්ඛිතං. පත‍්තචීවරන‍්ති චොරානං අනුපකාරං සුඞ‍්කිකානං අසුඞ‍්කාරහං මත‍්තිකාපත‍්තඤ‍්චෙව කතදළ‍්හීකම‍්මපරිභණ‍්ඩං පංසුකූලචීවරඤ‍්ච අප‍්පග‍්ඝානි කායබන්‍ධනපරිස‍්සාවනසූචිවාසිපත‍්තත්‍ථවිකානි චාති සබ‍්බෙපි අට‍්ඨ පරික‍්ඛාරෙ කායපටිබද‍්ධෙ කත්‍වා මග‍්ගප‍්පටිපන‍්නො කෙනචි අවිහෙඨියමානො සොත්‍ථිං ගච‍්ඡති. සුබ‍්බතොති ලොභනීයානි හි චීවරාදීනි දිස‍්වා චොරා හරන‍්ති, සුඞ‍්කිකාපි “කිං නු ඛො එතස‍්ස හත්‍ථෙ”ති පත‍්තත්‍ථවිකාදීනි සොධෙන‍්ති, සුබ‍්බතො පන සල‍්ලහුකවුත‍්ති තෙසං පස‍්සන‍්තානඤ‍්ඤෙව සොත්‍ථිං ගච‍්ඡති, තෙනස‍්ස සත‍්තමම‍්පි භද්‍රමෙව.

යෙ චඤ්ඤෙ පරිපත්‍ථිකා යනු අන්‍ය වූ යමෙක් ඒ ඒ සුන්වත් ගන්නා ස්ථානවල තබන ලද විරුද්ධ දේවල් ද ඔවුන් විසින් රක්නා ලද පාත්‍ර සිවුරු යනාදිය අනුව පවතින බදු අයකරත්. ස්වල්ප වටිනාකම් ඇති මැටි පාත්‍ර ආදිය ද පිරිකර භාණ්ඩ ද පාංශුකූල චීවර ද කාය බන්‍ධනය අදාල පිරිකර ඉඳිකටු පාත්‍ර ආදී උපකරණ ද, සියලු අටපිරිකර ද, කයෙහි බැඳුණේ කොට, මාර්ගයට පිළිපන් භික්‍ෂුව කිසිවකු විසින් පීඩාවට පත් නොකරන්නේ, අනුරාධපුරයෙන් නික්ම ථූපාරාමයේ පැවිදි වූ වැඩිමහල් කුලපුත්‍රයන් දෙදෙනා මෙන්, අතිරේක විහාරයේ තැන්පත්කොට තැබූ, යම් යම් පිරිකරවල පැවැත්ම පිළිබඳව නො සිතා, ඒ ගැන නොබලා, අනපේක්‍ෂිතව තමන්ට කැමති දිසාවකට නිදහසේ ගමන් කිරීමට හැකිවීම එක් යහපතකි. සොත්‍ථිං ගච්ඡති යහපත් ලෙස ගමන් කරයි. මේ ඔහුගේ සත්වෙනි යහපත් කරුණ වෙයි.

අනපෙක‍්ඛොව ගච‍්ඡතීති කායපටිබද‍්ධතො අතිරෙකස‍්ස විහාරෙ පටිසාමිතස‍්ස කස‍්සචි පරික‍්ඛාරස‍්ස අභාවා වසනට‍්ඨානං නිවත‍්තිත්‍වාපි න ඔලොකෙති. යං යං දිසං ගන‍්තුකාමො හොති, තං තං ගච‍්ඡන‍්ත‍්තො අනපෙක‍්ඛොව ගච‍්ඡති අනුරාධපුරා නික‍්ඛමිත්‍වා ථූපාරාමෙ පබ‍්බජිතානං ද‍්වින‍්නං කුලපුත‍්තානං වුඩ‍්ඪතරො විය.

[missing trans]

ඉති සොණකපච‍්චෙකබුද‍්ධො අට‍්ඨ සමණභද්‍රකානි කථෙසි. තතො උත‍්තරිං පන සතම‍්පි සහස‍්සම‍්පි අපරිමාණානි සමණභද්‍රකානි එස කථෙතුං සමත්‍ථොයෙව. රාජා පන කාමාභිරතත‍්තා තස‍්ස කථං පච‍්ඡින්‍දිත්‍වා “මය‍්හං සමණභද්‍රකෙහි අත්‍ථො නත්‍ථී”ති අත‍්තනො කාමාධිමුත‍්තතං පකාසෙන‍්තො ආහ –

මෙසේ සෝණක පසේ බුදුරද, ශ්‍රමණ ආකල්ප වූ යහපත් කරුණු අටක් වදාළ සේක. අනතුරුව මත්තෙහිත්, සියයතක් දහසක් අප්‍රමාණ යහපත් ශ්‍රමණ ආකල්ප කිමට මෙතෙම සමර්ථ වේ ම ය. රජතුමා වනාහි කාම අභිරතියෙන් යුක්ත බැවින් ඔහුගේ කථාව ප්‍රතික්‍ෂේප කොට, මට යහපත් ශ්‍රමණ බවෙන් වැඩක් නැතැයි තමාගේ වර්ධනය වූ කාමාශාව ප්‍රකාශ කරමින් මෙසේ කීවේය.

“බහූනි සමණභද්‍රානි, යෙ ත්‍වං භික‍්ඛු පසංසසි; අහඤ‍්ච ගිද‍්ධො කාමෙසු, කථං කාහාමි සොණක.

මහණ නුඹ, යහපත් ශ්‍රමණ ආකල්ප බොහෝසෙයින් කීවේය. සෝණකය, මම කාමයෙහි ගිජුවූ කෙනෙක්මි. කෙසේ ඉටුකරම්ද?

“පියා මෙ මානුසා කාමා, අථො දිබ්‍යාපි මෙ පියා; අථ කෙන නු වණ‍්ණෙන, උභො ලොකෙ ලභාමසෙ”ති.

මා මිනිස් කාමයෝම ප්‍රියය. දිව්‍යකාම සම්පත් ද මට ප්‍රියය. දෙලොවම කාම සම්පත් කෙසේ ලබම්ද? රජු කීය.

තත්‍ථ වණ‍්ණෙනාති කාරණෙන.

එහි වණ්ණෙන යනු කාරණයෙන්.

අථ නං පච‍්චෙකබුද‍්ධො ආහ –

ඉක්බිති ඔහුට පසේ බුදුහු මෙසේ වදාළහ.

“කාමෙ ගිද‍්ධා කාමරතා, කාමෙසු අධිමුච‍්චිතා; නරා පාපානි කත්‍වාන, උපපජ‍්ජන‍්ති දුග‍්ගතිං.

කාමයන්හි ගිජුවූයේ කාමයෙහි ඇලුණේ කාමයන්හි අධික ප්‍රේම වූයේ, මිනිස්සු පව්කම්කොට දුගතියෙහි උපදිත්.

“යෙ ච කාමෙ පහන‍්ත්‍වාන, නික‍්ඛන‍්තා අකුතොභයා; එකොදිභාවාධිගතා, න තෙ ගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

යමෙක් කාමයන් දුරුකොට, ගිහිගෙයින් නික්මුණාහු, හුදෙකලා වාසයට ගියෝද විශේෂ අධිගමයට පත්වූවෝ දුගතියට නොයත්.

“උපමං තෙ කරිස‍්සාමි, තං සුණොහි අරින්‍දම; උපමාය මිධෙකච‍්චෙ, අත්‍ථං ජානන‍්ති පණ‍්ඩිතා.

අරින්දම රජතුමනි; දිව්‍ය මානුෂික සම්පත් වණන්නෙමි. එය අසව. මෙලොව ඇතැමෙක් උපමා කොට පණ්ඩිතයෝ අර්ථය දැගනිත්. ඒ නිසා ඔබට උපමා කථාවක් කියමි.

“ගඞ‍්ගාය කුණපං දිස‍්වා, වුය‍්හමානං මහණ‍්ණවෙ; වායසො සමචින‍්තෙසි, අප‍්පපඤ‍්ඤො අචෙතසො.

අනුවණ වූ දුරදිග නො සිතන්නා වූ කවුඩෙක්, ගැඹුරු පුළුල් දිය ඇති ගඟෙහි පාවී යන ඇත්කුණක් දැක මෙසේ සිතීය.

“යානඤ‍්ච වතිදං ලද‍්ධං, භක‍්ඛො චායං අනප‍්පකො; තත්‍ථ රත‍්තිං තත්‍ථ දිවා, තත්‍ථෙව නිරතො මනො.

මට හස්ති යානයක් ලැබිණි. මෙය මගේ ආහාරය වේ. එහි ම රෑ දාවල් ගෙවන්නෙමි. කවුඩාගේ සිත ඒ ඇත්කුණෙහි ම ඇලුනේ ය.

“ඛාදං නාගස‍්ස මංසානි, පිවං භාගීරථොදකං; සම‍්පස‍්සං වනචෙත්‍යානි, න පලෙත්‍ථ විහඞ‍්ගමො.

ඇතා ගේ මස් කමින් භාගීරථී ගඟෙහි දිය බොමින්, වනයන් හා ගස්කොලන් බලමින් යන ඒ කවුඩා පියාසර කර නො ගියේ ය.

“තඤ‍්ච ඔතරණී ගඞ‍්ගා, පමත‍්තං කුණපෙ රතං; සමුද‍්දං අජ‍්ඣගාහාසි, අගතී යත්‍ථ පක‍්ඛිනං.

භාගීරථී ගංගාව ඇත්කුණෙහි ඇළුණු ප්‍රමාදයට වන් ඒ කවුඩා ද රැගෙන මහා මුහුදට ඇදගෙන ගියාය.

“සො ච භක‍්ඛපරික‍්ඛීණො, උදපත්‍වා විහඞ‍්ගමො; න පච‍්ඡතො න පුරතො, නුත‍්තරං නොපි දක‍්ඛිණං.

ආහාරය අවසන් වූ කවුඩා, අහසට නැග්ගත් සතර දිසාවෙන් ම පිහිටක් නොලැබ,

“දීපං සො නජ‍්ඣගාගඤ‍්ඡි, අගතී යත්‍ථ පක‍්ඛිනං; සො ච තත්‍ථෙව පාපත්‍ථ, යථා දුබ‍්බලකො තථා.

සාගරය මැද දිවයිනකට ද නො පැමිණ, දුර්වලයකු වැටෙන්නාක් මෙන් මහා සාගරයට වැටුනේය.

“තඤ‍්ච සාමුද‍්දිකා මච‍්ඡා, කුම‍්භීලා මකරා සුසූ; පසය‍්හකාරා ඛාදිංසු, ඵන්‍දමානං විපක‍්ඛකං.

මුහුදෙහි වසන මෝරු ද, සුසූ නම් චණ්ඩ මත්ස්‍යයෝ ද, විසිරී ගිය පියාපත් ඇති සැලෙමින් සිටි ඒ කවුඩා කෑහ.

“එවමෙව තුවං රාජ, යෙ චඤ‍්ඤෙ කාමභොගිනො; ගිද‍්ධා චෙ න වමිස‍්සන‍්ති, කාකපඤ‍්ඤාව තෙ විදූ.

මහරජ, මෙ පරිද්දෙන් නුඹ ද කාමභෝගී වූයේ කාමයන්හි ගිජු වූයේ, කාමයන් හැර නොදමන්නේ නම්, කවුඩන්ට බඳු නුවණ ඇති ඔබ ද (විනාශ වේ.)

“එසා තෙ උපමා රාජ, අත්‍ථසන්‍දස‍්සනී කතා; ත්‍වඤ‍්ච පඤ‍්ඤායසෙ තෙන, යදි කාහසි වා න වා”ති.

මහරජ, මා විසින් කරුණු ප්‍රකාශ කරන ලදි. මේ උපමාව තොපට ගෙනහැර දක්වන ලදි. ඒ අනුව කරන්නෙහි හෝ නො කරන්නෙහි හෝ ඒ සැම හෝ නුඹ ද ප්‍රකාශ වන්නේය. (පසේ බුදුහු වදාළහ.)

තත්‍ථ පාපානීති, මහාරාජ, ත්‍වං කාමගිද‍්ධො, නරා ච කාමෙ නිස‍්සාය කායදුච‍්චරිතාදීනි පාපානි කත්‍වා යත්‍ථ සුපිනන‍්තෙපි දිබ‍්බා ච මානුසිකා ච කාමා න ලබ‍්භන‍්ති, තං දුග‍්ගතිං උපපජ‍්ජන‍්තීති අත්‍ථො. පහන‍්ත්‍වානාති ඛෙළපිණ‍්ඩං විය පහාය. අකුතොභයාති රාගාදීසු කුතොචි අනාගතභයා. එකොදිභාවාධිගතාති එකොදිභාවං එකවිහාරිකතං අධිගතා. න තෙති තෙ එවරූපා පබ‍්බජිතා දුග‍්ගතිං න ගච‍්ඡන‍්ති.

එහි පාපානි යනු මහරජ; නුඹ කාමයෙහි ගිජුවූයේ මිනිස්සු ද කාමයන් නිසා, කාය දුශ්චරිතාදි පව්කම් කොට යම් තැනක සිහිනෙන් පවා දිව්‍ය මානුෂික සම්පත් නොලබත්. ඒ දුගතිය ම උපදිත් යනු අර්ථයි. පහත්‍වානා යනු කෙළපිඬක් මෙන් දුරුකොට අකුතොභයා යනු රාගාදියෙහි ඇලීමෙන් හටගත් අනාගත බියයි. ඒකොදිභාවාධිගතා යනු, එකම අයුරින් එක ම විහරණයෙන් අවබෝධ කරගත් යන අර්ථයි. නතෙ යනු, එබඳු ආකාර එම පැවිද්දෝ දුගතියට නොයති.

උපමං තෙති, මහාරාජ, දිබ‍්බමානුසකෙ කාමෙ පත්‍ථෙන‍්තස‍්ස හත්‍ථිකුණපෙ පටිබද‍්ධකාකසදිසස‍්ස තව එකං උපමං කරිස‍්සාමි, තං සුණොහීති අත්‍ථො. කුණපන‍්ති හත්‍ථිකළෙවරං. මහණ‍්ණවෙති ගම‍්භීරපුථුලෙ උදකෙ . එකො කිර මහාවාරණො ගඞ‍්ගාතීරෙ චරන‍්තො ගඞ‍්ගායං පතිත්‍වා උත‍්තරිතුං අසක‍්කෙන‍්තො තත්‍ථෙව මතො ගඞ‍්ගාය වුය‍්හි, තං සන්‍ධායෙතං වුත‍්තං. වායසොති ආකාසෙන ගච‍්ඡන‍්තො එකො කාකො. යානඤ‍්ච වතිදන‍්ති සො එවං චින‍්තෙත්‍වා තත්‍ථ නිලීයිත්‍වා “ඉදං මයා හත්‍ථියානං ලද‍්ධං, එත්‍ථ නිලීනො සුඛං චරිස‍්සාමි, අයමෙව ච මෙ අනප‍්පකො භක‍්ඛො භවිස‍්සති, ඉදානි මයා අඤ‍්ඤත්‍ථ ගන‍්තුං න වට‍්ටතී”ති සන‍්නිට‍්ඨානමකාසි. තත්‍ථ රත‍්තින‍්ති තත්‍ථ රත‍්තිඤ‍්ච දිවා ච තත්‍ථෙව මනො අභිරතො අහොසි. න පලෙත්‍ථාති න උප‍්පතිත්‍වා පක‍්කාමි.

උපමන්තෙ යනු, මහරජ, දිව්‍ය මානුෂික සම්පත් ප්‍රාර්ථනා කරන්නා ඇත් කුණ ද හා බැඳුණු කපුටු සමානය. ඔබට එක් උපමා කථාවක් කරන්නෙමි. එය අසනු මැනවි යන අර්ථයයි. කුණපං යනු ඇත් මෘත ශරීරයයි. මහණ්ණවෙ යනු ගැඹුරු පුළුල් ජලයෙහි, එක් මහ ඇතකු, ගංගා තීරයේ හැසිරෙන්නේ, ගංගාවට වැටී එතරවීමට නොහැකි වන්නේ එහිම මිය ගියේ, ගංගාවේ පාවුනේය. ඒ සඳහා මෙය කියන ලදි. වායසො යනු අහසින් යන්නා වූ එක් කපුටෙකි. යානඤ්චවතිදං යනු ඔහු මෙසේ සිතා එයි සැඟවී සිට, මේ ඇත් යානයක් ලබන ලදැයි මෙහි සිටින්නේ. සැපසේ හැසිරෙන්නෙමි මෙය ම ඇති තරම් අනුභව කරන්නේ වන්නේය. දැන් මා විසින් අන් තැනකට යන්නට නොවටී යයි සනිටුහන් කරගත්තේය. තත්‍ථ රත්තිං යනු ඔහුට රාත්‍රිය ද, දවල් කාලය ද, එහිම සිත් අභිලාෂ ඇත්තේ විය. න පලෙත්‍ථා යනු නොවැටී ගියේය.

ඔතරණීති සමුද‍්දාභිමුඛී ඔතරමානා. “ඔහාරිණී”තිපි පාඨො, සා සමුද‍්දාභිමුඛී අවහාරිණීති අත්‍ථො. අගතී යත්‍ථාති සමුද‍්දමජ‍්ඣං සන්‍ධායාහ. භක‍්ඛපරික‍්ඛීණොති පරික‍්ඛීණභක‍්ඛො. උදපත්‍වාති ඛීණෙ චම‍්මෙ ච මංසෙ ච අට‍්ඨිසඞ‍්ඝාතො ඌමිවෙගෙන භින‍්නො උදකෙ නිමුජ‍්ජි. අථ සො කාකො උදකෙ පතිට‍්ඨාතුං අසක‍්කොන‍්තො උප‍්පති, එවං උප‍්පතිත්‍වාති අත්‍ථො. අගතී යත්‍ථ පක‍්ඛිනන‍්ති යස‍්මිං සමුද‍්දමජ‍්ඣෙ පක‍්ඛීනං අගති, තත්‍ථ සො එවං උප‍්පතිතො පච‍්ඡිමං දිසං ගන‍්ත්‍වා තත්‍ථ පතිට‍්ඨං අලභිත්‍වා පුරත්‍ථිමං, තතො උත‍්තරං, තතො දක‍්ඛිණන‍්ති චතස‍්සොපි දිසා ගන‍්ත්‍වා අත‍්තනො පතිට‍්ඨානං න අජ‍්ඣගා නාගඤ‍්ඡීති අත්‍ථො. අථ වා වායසො එවං උප‍්පතිත්‍වා පච‍්ඡිමාදීසු එකෙකං දිසං ආගඤ‍්ඡි, දීපං පන නජ‍්ඣාගමාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. පාපත්‍ථාති පපතිතො. යථා දුබ‍්බලකොති යථා දුබ‍්බලකො පතෙය්‍ය, තථෙව පතිතො. සුසූති සුසුනාමකා චණ‍්ඩමච‍්ඡා. පසය‍්හකාරාති අනිච‍්ඡමානකංයෙව බලක‍්කාරෙන. විපක‍්ඛකන‍්ති විද‍්ධස‍්තපක‍්ඛකං.

ඔතරණී යනු මුහුදට අභිමුඛව බසින්නේ ඔහාරිණී යනු ද පෙළ පාඨයයි. ඇය සමුද්‍රයට අභිමුඛව බැස්සේය යන අර්ථයයි. අගතියත්‍ථා යනු සමුද්‍රය මැද එකතුවයි කීවේය. භක්ඛ පරික්ඛීණො යනු, සෑහෙන තරම් අනුභව කිරීමයි. උපතිත්‍වා යනු සම් හා මස්ද ක්‍ෂය වූ කල්හි, ඇටසැකිල්ල උඩට මතුවී බිඳුණේ ජලයේ ගිලුණේය. ඉක්බිති ඒ කපුටා ජලයේ සිටීමට නොහැකි වන්නේ උඩ පනී. මෙසේ උඩට එයි යන අර්ථයයි. අගති යත්‍ථ පක්ඛීනං යනු යම් මුහුදක් මැද පක්‍ෂියා ගියේ ද, එතැන ඔහු එසේ උඩ පැන්නේ පශ්චිම දිශාවට ගොස් එතැන පිහිටක් නොලැබ, එතැනින් පෙරදිගට එතැනින් උතුරට එතැනින් දකුණු දිශාවටදැයි සතර දිශාවටම ගොස් තමන්ට සිටීමට න අජ්ඣගඤ්ජි නොහැකිවිය යන අර්ථයයි. මෙසේ කපුටා මෙසේ උඩට විත්, පසුපස දිශාවල එක එක දිශාවට ආවේය. කිසිම දිවයිනක පිහිටක් නොලැබුවේය යනු මෙහි අර්ථයම යයි දත යුතුය. පාපත්‍ථා යනු වැටුණේ යනුයි. යථා දුබ්බලකො යනු යම්සේ දුර්වලයා වැටෙන්නේද, එහිම වැටුණේය. සුසු යනු සුසුනම් සැරපරුෂ මාළුවාය. පසය්හකාරා යනු අකමැත්තෙන් මෙන් ම බලහත්කාරයෙන්. විපක්ඛිනං යනු කඩාබිඳ දැමූ පක්‍ෂීන්.

ගිද‍්ධා චෙ න වමිස‍්සන‍්තීති යදි ගිද‍්ධා හුත්‍වා කාමෙ න වමිස‍්සන‍්ති, න ඡඩ‍්ඩෙස‍්සන‍්ති. කාකපඤ‍්ඤාව තෙති කාකස‍්ස සමානපඤ‍්ඤා ඉති තෙ බුද‍්ධාදයො පණ‍්ඩිතා විදූ විදන‍්ති, ජානන‍්තීති අත්‍ථො. අත්‍ථසන්‍දස‍්සනීති අත්‍ථප‍්පකාසිකා. ත්‍වඤ‍්ච පඤ‍්ඤායසෙති ත්‍වඤ‍්ච පඤ‍්ඤායිස‍්සසි. ඉදං වුත‍්තං හොති – මහාරාජ, මයා හිතකාමෙන තව ඔවාදො දින‍්නො, තං පන ත්‍වං යදි කාහසි, දෙවලොකෙ නිබ‍්බත‍්තිස‍්සසි, යදි න කාහසි, කාමපඞ‍්කෙ නිමුග‍්ගො ජීවිතපරියොසානෙ නිරයෙ නිබ‍්බත‍්තිස‍්සසීති එවං ත්‍වමෙව තෙන කාරණෙන වා අකාරණෙන වා සග‍්ගෙ වා නිරයෙ වා පඤ‍්ඤායිස‍්සසි. අහං පන සබ‍්බභවෙහි මුත‍්තො අප‍්පටිසන්‍ධිකොති.

ගිද්ධා චෙ න වමිස්සන්ති යනු ඉදින් ගිජුවී, කාමයෙහි පිළිකුල් නොකරන, ඉවත නොදැමුණ. කාක පඤ්ඤායතෙ යනු, කපුටාට සමාන බුද්ධියක් ඇති තෙ ඔවුහු බුද්ධාදි පණ්ඩිතයෝ යයි විදු නුවණින් දැනගනිත් යන අර්ථයයි. අත්‍ථ සන්‍දස්සනී කතා යනු අර්ථ ප්‍රකාශ කිරීම් වශයෙන් කරන ලදි. ත්‍වංච පඤ්ඤයසෙ යනු ප්‍රකට කරවන්නෙහි මෙය කියන ලද්දේ වෙයි. මහරජ; මා විසින් හිත කැමැතිව ඔබට අවවාද දෙන ලදි. එය වනාහි ඔබ ඉදින් පිළිගනිහි නම් දිව්‍යලෝකයේ උපන්නෙහි, ඉදින් නොපිළිගත්තෙහි නම් කාම නැමැති මඩ ගොහොරුවේ ගිලුනේ, ජීවිතය කෙළවර නිරයේ උපදින්නාහ යයි මෙසේ ඔබ ම එම කාරණයෙන් ස්වර්ගයේ හෝ අපායේ හෝ ප්‍රකට වන්නෙහි. මම වනාහි සියලු භවවලින් මිදුණේ. පිළිසිඳගැනීමක් නැත.

ඉමං පන ඔවාදං දෙන‍්තෙන පච‍්චෙකබුද‍්ධෙන නදී දස‍්සිතා, තාය වුය‍්හමානං හත්‍ථිකුණපං දස‍්සිතං, කුණපඛාදකො කාකො දස‍්සිතො, තස‍්ස කුණපං ඛාදිත්‍වා පානීයපිවනකාලො දස‍්සිතො, රමණීයවනසණ‍්ඩදස‍්සනකාලො දස‍්සිතො, කුණපස‍්ස නදියා වුය‍්හමානස‍්ස සමුද‍්දපවෙසො දස‍්සිතො, සමුද‍්දමජ‍්ඣෙ කාකස‍්ස හත්‍ථිකුණපෙ පතිට‍්ඨං අලභිත්‍වා විනාසං පත‍්තකාලො දස‍්සිතො. තත්‍ථ නදී විය අනමතග‍්ගො සංසාරො දට‍්ඨබ‍්බො, නදියා වුය‍්හමානං හත්‍ථිකුණපං විය සංසාරෙ පඤ‍්ච කාමගුණා, කාකො විය බාලපුථුජ‍්ජනො, කාකස‍්ස කුණපං ඛාදිත්‍වා පානීයපිවනකාලො විය පුථුජ‍්ජනස‍්ස කාමගුණෙ පරිභුඤ‍්ජිත්‍වා සොමනස‍්සිකකාලො, කාකස‍්ස කුණපෙ ලග‍්ගස‍්සෙව රමණීයවනසණ‍්ඩදස‍්සනං විය පුථුජ‍්ජනස‍්ස කාමගුණෙසු ලග‍්ගස‍්සෙව සවනවසෙන අට‍්ඨතිංසාරම‍්මණදස‍්සනං, කුණපෙ සමුද‍්දං පවිට‍්ඨෙ කාකස‍්ස පතිට‍්ඨං ලභිතුං අසක‍්කොන‍්තස‍්ස විනාසං පත‍්තකාලො විය බාලපුථුජ‍්ජනස‍්ස කාමගුණගිද‍්ධස‍්ස පාපපරායණස‍්ස කුසලධම‍්මෙ පතිට‍්ඨං ලභිතුං අසක‍්කොන‍්තස‍්ස මහානිරයෙ මහාවිනාසපත‍්ති දට‍්ඨබ‍්බාති.

මොහුට මේ අවවාද දෙන්නාවූ පසේබුදුරද විසින් නදිය දක්වන ලදි. එහි පාවෙන ඇත් කුණ දක්වන ලදි. ඇත් කුණ කන්නා වූ කපුටා පෙන්වන ලදි. ඒ කුණපය කා දමා පැන් බොන කාලය පෙන්වන ලදි. රමණීය වන ලැහැබක දර්ශනීය තලය පෙන්වන ලදි. නදියේ පාවෙන්නා වූ කුණපය මහමුහුදට ප්‍රවිෂ්ට වන අයුරු දක්වන ලදි. මහමුහුද මැද කපුටාට ඇත් කුණෙහි පිහිටක් නොලැබ විනාශයට පත්වන කාලය පෙන්වන ලදි. එහි නදිය මෙන්, සංසාරය මුල් කෙළවර නොපෙනෙන සසර දැකිය යුතුය. නදියේ පාවෙන ඇත් කුණ මෙන් සසරේ පංචකාම ගුන ඇත. බාල පෘථග්ජනයා බාලයා, කපුටා මෙන්, කපුටාගේ කුණපය කා පැන් බොන වේලාවේ මෙන් පෘථග්ජනයාගේ කාමගුණයන් අනුභව කොට සොම්නසට පැමිණි කාලයයි කපුටාගේ කුණපයෙහි ලගින්නේ ම රමණීය වන ලැහැබේ දර්ශනය මෙන් පෘථග්ජනයාගේ කාමගුණයන්හි ලගිද්දී ම ඇසීම් මාත්‍රයෙන් අටතිසක් (38) අරමුණු දැකීම ද, කුණපය මහමුහුදට පිවිසි වේලාවේ කපුටාගේ පිහිට ලැබීමට නොහැකිවන්නේ මහා නිරයේ විනාශයක් හටගත් බව දතයුතුය.

එවමස‍්ස සො ඉමාය උපමාය ඔවාදං දත්‍වා ඉදානි තමෙව ඔවාදං ථිරං කත්‍වා පතිට‍්ඨපෙතුං ගාථමාහ –

මෙසේ ඔහුට පසේබුදුරද, මේ උපමාවෙන් අවවාද දී, දැන් ඒ අවවාදයම ස්ථිර කොට, පිහිටුවීමට ගාථාවක් ද වදාළ සේක.

“එකවාචම‍්පි ද‍්විවාචං, භණෙය්‍ය අනුකම‍්පකො; තතුත‍්තරිං න භාසෙය්‍ය, දාසොවය්‍යස‍්ස සන‍්තිකෙ”ති.

අනුකම්පා වූයේ, එක් වරක් ද දෙවරක් ද කීයේය. දාස වූයේ ආර්යයන් සමීපයෙහි තුන්වරක් කථා නොකියන්නේ ය.

තත්‍ථ න භාසෙය්‍යාති වචනං අග‍්ගණ‍්හන‍්තස‍්ස හි තතො උත‍්තරිං භාසමානො සාමිකස‍්ස සන‍්තිකෙ දාසො විය හොති. දාසො හි සාමිකෙ කථං ගණ‍්හන‍්තෙපි අග‍්ගණ‍්හන‍්තෙපි කථෙතියෙව. තෙන වුත‍්තං “තතුත‍්තරිං න භාසෙය්‍යා”ති.

එහි න භාසෙය්‍ය යනු වචන නොගනිනු ලබන්නේ ඉන් මත්තෙහි කියනු ලබන්නො වූ වචන ස්වාමියාගේ සමීපයෙහි දාසයෙකු මෙන් වෙයි. දාසයා වනාහි ස්වාමියාගේ කථාව ගණන් ගනු ලබන්නේ නමුත් ගණන් නොගන්නාක් මෙන් කියන ලද්දේ ම ය. ඒ නිසා තතුත්තරි න භාසෙය්‍ය යනාදිය කියන ලදි.

මෙසේ කියා පසේ බුදුරදුන් සෘද්ධියෙන් නැගී සිට, ඉදින් පැවිදි වන්නෙහි හෝ නොවෙහි. මා විසින් තට අවවාද දෙන ලදි. අප්‍රමාදී වෙවයි මහරජ; යනුවෙන් රජුට අනුශාසනා කොට නන්දමූලක පර්වතයට ම වැඩි සේක. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“ඉදං වත්‍වාන පක‍්කාමි, සොණකො අමිතබුද‍්ධිමා; වෙහාසෙ අන‍්තලික‍්ඛස‍්මිං, අනුසාසිත්‍වාන ඛත‍්තිය”න‍්ති. –

අපමණ බුද්ධි ඇති සෝණක මුනි, මෙසේ කියා වැඩි සේක, රජතුමාට අවවාද කොට ආකාශයේ බබළමින් වැඩි සේක.

අයං අභිසම‍්බුද‍්ධගාථා.

මේ අභිසම්බෝධි ගාථාවයි.

තත්‍ථ ඉදං වත්‍වානාති, භික‍්ඛවෙ, සො පච‍්චෙකබුද‍්ධො අමිතාය ලොකුත‍්තරබුද‍්ධියා අමිතබුද‍්ධිමා ඉදං වත්‍වා ඉද‍්ධියා උප‍්පතිත්‍වා “සචෙ පබ‍්බජිස‍්සසි, තවෙව, නො චෙ පබ‍්බජිස‍්සසි, තවෙව, දින‍්නො තෙ මයා ඔවාදො, අප‍්පමත‍්තො හොහී”ති එවං අනුසාසිත්‍වාන ඛත‍්තියං පක‍්කාමි.

එහි ඉදං වත්‍වානා යනු මහණෙනි, ඒ පසේබුදුරජ, අපමණ ලෝකෝත්තර බුද්ධියෙන් යුක්තය. අමිත බුද්ධිමා මේ ආදිය වදාරා සෘද්ධි බලයෙන් නැගී සිට ඉදින් පැවිදි වන්නෙහි හෝ නොවෙහි මා විසින් ඔබට අවවාද කරන ලදි. අප්‍රමාද වන්න. මෙසේ රජුට අවවාද දී වැඩි සේක.

බොධිසත‍්තොපි තං ආකාසෙන ගච‍්ඡන‍්තං යාව දස‍්සනපථා ඔලොකෙන‍්තො ඨත්‍වා තස‍්මිං චක‍්ඛුපථෙ අතික‍්කන‍්තෙ සංවෙගං පටිලභිත්‍වා චින‍්තෙසි – “අයං බ්‍රාහ‍්මණො හීනජච‍්චො සමානො අසම‍්භින‍්නෙ ඛත‍්තියවංසෙ ජාතස‍්ස මම මත්‍ථකෙ අත‍්තනො පාදරජං ඔකිරන‍්තො ආකාසං උප‍්පතිත්‍වා ගතො, මයාපි අජ‍්ජෙව නික‍්ඛමිත්‍වා පබ‍්බජිතුං වට‍්ටතී”ති. සො රජ‍්ජං නිය්‍යාදෙත්‍වා පබ‍්බජිතුකාමො ගාථාද‍්වයමාහ –

බෝධිසත්ත්වයේ ද, අහසින් ගියේ ඔහු දෙස දර්ශන පථයෙන් ඉක්මෙන තෙක් බලමින් සිට, ඒ දර්ශන පථය ඉක්මවා ගිය කල්හි සංවේග උපදවා මෙසේ සිතූහ. මේ හීනජාතික බ්‍රාහ්මණයා අමිශ්‍ර ක්‍ෂත්‍රිය වංශයේ උපන්නාවූ මගේ මුදුනෙහි පා දූවිලි විසුරුවමින් අහසට පැන නැග ගියේ, මා විසින් අදම නික්ම පැවිදිවීමට වටී යයි, ඔහු රාජ්‍යය පවරාදී, පැවිදිවනු කැමැත්තේ ගාථා දෙකක් කීය.

“කො නුමෙ රාජකත‍්තාරො, සුද‍්දා වෙය්‍යත‍්තමාගතා; රජ‍්ජං නිය්‍යාදයිස‍්සාමි, නාහං රජ‍්ජෙන මත්‍ථිකො.

සමර්ථ වූ ව්‍යක්ත භාවයට පැමිණි මේ රාජ්‍යයට සුදුස්සෙක් කොහිද? මම රජය භාර දෙන්නෙමි. මම රජකමින් ප්‍රයෝජන නැත්තෙක්මි.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකොව දුම‍්මෙධො, කාමානං වසමන්‍වග”න‍්ති.

අද ම පැවිදි වන්නෙමි. කවුරු දනී ද හෙට මැරෙන්නේ ද කියා. කාමයන්ගේ වසඟයට ගියා වූ මම, කපුටා මෙන් මෝඩ රජෙක් නොවේවා.

තත්‍ථ කො නුමෙති කුහිං නු ඉමෙ. රාජකත‍්තාරොති යෙ රාජාරහං අභිසිඤ‍්චිත්‍වා රාජානං කරොන‍්ති. සුද‍්දා වෙය්‍යත‍්තමාගතාති සුද‍්දා ච යෙ ච අඤ‍්ඤෙ බ්‍යත‍්තභාවං ආගතා මුඛමඞ‍්ගලිකා. රජ‍්ජෙන මත්‍ථිකොති රජ‍්ජෙන අත්‍ථිකො. කො ජඤ‍්ඤා මරණං සුවෙති මරණං අජ‍්ජ වා සුවෙ වාති ඉදං කො ජානිතුං සමත්‍ථො.

එහි කොනු මෙ යනු මේ කොහිද? රාජ කත්තාරා යනු යමෙක්, රජකමට සුදුසුද? ඔහු අභිෂේක කොට රාජ්‍යය කරත්. සුතා වෙය්‍යත්ති මාගතා යනු, ඇසූපිරූ තැන් ඇති, අන්‍ය වූ ව්‍යක්තභාවයට ද පණ්ඩිත භාවයට ආවා වූ රජ්ජෙනමත්‍ථිකො යනු රාජ්‍යයෙන් වැඩක් ඇත යනුයි. කො ජඤ්ඤාමරණං සවෙ යනු මරණය අද හෝ හෙට දැයි. මේ කවරෙක් දැනගැනීමට සමර්ථ වේද?

එවං රජ‍්ජං නිය්‍යාදෙන‍්තස‍්ස සුත්‍වා අමච‍්චා ආහංසු –

මෙසේ රාජ්‍ය පවරාදීම අසා ඇමතියෝ කීවාහුය –

“අත්‍ථි තෙ දහරො පුත‍්තො, දීඝාවු රට‍්ඨවඩ‍්ඪනො; තං රජ‍්ජෙ අභිසිඤ‍්චස‍්සු, සො නො රාජා භවිස‍්සතී”ති.

රට පෝෂණය කරන්නා වූ දීඝාවු නම් ළදරු පුතෙක් ඔබට ඇත. ඔහු රාජ්‍යයේ අභිෂේක කරනු මැනවි. හේ අපේ රජ වන්නේය.

තතො පරං රඤ‍්ඤා වුත‍්තගාථමාදිං කත්‍වා උදානසම‍්බන්‍ධගාථා පාළිනයෙනෙව වෙදිතබ‍්බා –

ඉන් අනතුරුව, රජු විසින් කියන ලද ගාථා ආදිය උදාන සම්බන්ධ ගාථා කොට, පෙළ න්‍යායන් ම දත යුතුය.

රජු මෙසේ කීවේය –

“ඛිප‍්පං කුමාරමානෙථ, දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං; තං රජ‍්ජෙ අභිසිඤ‍්චිස‍්සං, සො වො රාජා භවිස‍්සති.

රට පෝෂණය කරන දීඝාවු කුමාරයා වහා රැගෙන එව්. ඔහු රාජ්‍යයේ අභිෂේක කරන්නෙමි. හේ ඔබගේ රජ වන්නේ ය.

ඇමතියෝ රජුගේ වචනය අසා, රාජ කුමාරයා රැගෙන ආවෝය. රජු ඔහුට රාජ්‍යය පවරා දුන්නේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක –

“තතො කුමාරමානෙසුං, දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං; තං දිස‍්වා ආලපී රාජා, එකපුත‍්තං මනොරමං.

රට පෝෂණය කරන දීඝාවු කුමරු ඉක්බිති රැගෙන ආහ සිත්කළු ඒ එක ම පුතු දැක රජතුමා ඇමතී ය.

“සට‍්ඨි ගාමසහස‍්සානි, පරිපුණ‍්ණානි සබ‍්බසො; තෙ පුත‍්ත පටිපජ‍්ජසු, රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

ගම් සැට දහසක් පිරිපුන් සියල්ල, පුත්‍රය ඔබට පෝෂණය සඳහා පවරා දෙමි. එය පිළිපදිනු. ඔබට රාජ්‍යය ද පවරා දෙමු.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකො ව දුම‍්මෙධො, කාමානං වසමන්‍වගං.

අද ම පැවිදි වන්නෙමි - හෙට මරණය සිදුවෙතැයි කවුරු දනීද? කාම වසඟයට ගියාවූ, මෝඩ වූ කපුටා මෙන් මා නොවේවා!

“සට‍්ඨි නාගසහස‍්සානි, සබ‍්බාලඞ‍්කාරභූසිතා; සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා, හෙමකප‍්පනවාසසා.

සියළු හස්ත්‍යාලංකාරයෙන් සරසන ලද, රන් පොරෝණා ඇති, රන්මුවා අබරණින් මැසූ, ශරීර ඇති මාතංග ඇත්තු හැටදහසක් ඇත්තාහ.

“ආරූළ‍්හා ගාමණීයෙභි, තොමරඞ‍්කුසපාණිභි; තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු, රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

පුත්‍රය, තෝමර හා අංකුස ගත් අත් ඇතිව නැගුණු ඇත්රුවන් ඇති ඒ ඇතුන් භාර ගනුව. තොපට රජය පවරා දෙමි.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකොව දුම‍්මෙධො, කාමානං වසමන්‍වගං.

අද ම පැවිදි වන්නෙමි - හෙට මරණය සිදුවෙතැයි කවුරු දන්නේ ද දුර්වේධ වූ කපුටා මෙන් මම කාම වසඟයට නො යමි.

“සට‍්ඨි අස‍්සසහස‍්සානි, සබ‍්බාලඞ‍්කාරභූසිතා; ආජානීයාව ජාතියා, සින්‍ධවා සීඝවාහිනො.

සියලු අලංකාරයෙන් භූෂිත අශ්වයන් හැට දහසක්ද වෙති. ශීඝ්‍ර ගමන් ඇති ආජානිය හා සෛන්ධව ජාතිවලට අයත් ඔවුහු සින්ධු දේශයේ ඉන්දුනාහු වෙති.

“ආරූළ‍්හා ගාමණීයෙභි, ඉල‍්ලියාචාපධාරිභි; තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු, රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

දුනු ඊතල ආදිය දරන අසරුවන් නැගුණු ඒ අසුන් ඔබ පිළිපදින්න ඔබට රාජ්‍යයද පවරමි.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකොව දුම‍්මෙධො, කාමානං වසමන්‍වගං.

අද ම පැවිදි වන්නෙමි - හෙට මරණය සිදුවෙතැයි කවරෙක් දනීද කාමයන්ගේ වසඟය ගිය මෝඩ කපුටා මෙන් නොවෙමි.

“සට‍්ඨි රථසහස‍්සානි, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

ඔසවන ලද ධජ ඇති සියලු අලංකාරයෙන් සැරසූ දිවි වලස් සම්වලින්න සැරසූ සන්නද්ධ රථ හැටදහසක් ද ඇත.

“ආරූළ‍්හා ගාමණීයෙභි, චාපහත්‍ථෙහි වම‍්මිභි; තෙ පුත‍්ත පටිපජ‍්ජස‍්සු, රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

දුනු ගත් අත් ඇති යුද ඇඳුමින් සැරසුණු රියැදුරන් නැගුණු ඒ රථයන් භාර ගනුව! තොපට රජය පවරා දෙමි.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකොව දුම‍්මෙධො, කාමානං වසමන්‍වගං.

අද ම පැවිදි වන්නෙමි - හෙට මරණය සිදුවෙතැයි කවුරු දනීද? කාමවසඟයට ගිය මෝඩ කපුටා මෙන් නො වෙමි.

“සට‍්ඨි ධෙනුසහස‍්සානි, රොහඤ‍්ඤා පුඞ‍්ගවූසභා; තා පුත‍්ත පටිපජ‍්ජස‍්සු, රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

රක්තවර්ණ ඇති ශ්‍රේෂ්ඨ වෘෂභයකු සහිත එළදෙනුන් සැට දහසක් ද පුත්‍රය ඔබ පිළිපදින්න. රාජ්‍යය ද ඔබට පවරමි.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකොව දුම‍්මෙධො, කාමානං වසමන්‍වගං.

අද ම පැවිදි වන්නෙමි - හෙට මරණය සිදුවෙතැයි කවුරු දනීද? කාමවසඟයට ගිය මෝඩ කපුටා මෙන් නො වෙමි.

“සොළසිත්‍ථිසහස‍්සානි, සබ‍්බාලඞ‍්කාරභූසිතා; විචිත්‍රවත්‍ථාභරණා, ආමුත‍්තමණිකුණ‍්ඩලා; තා පුත‍්ත පටිපජ‍්ජස‍්සු, රජ‍්ජං නිය්‍යාදයාමි තෙ.

සියලු අලංකාරයෙන් බබළන, විසිතුරු අබරණ පලන් මුතු මාණික්‍ය කුණ්ඩලාභරණයෙන් සුසැදි දාසය දහසක් ස්ත්‍රීන් ද පුත්‍රය, ඔබට පවරා දෙමි. රාජ්‍යය ද ඒ සමග පිළිගන්වමි.

“අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමි, කො ජඤ‍්ඤා මරණං සුවෙ; මාහං කාකොව දුම‍්මෙධො, කාමානං වසමන්‍වගං.

අද ම පැවිදි වන්නෙමි - හෙට මරණය සිදුවෙතැයි කවුරු දනීද? කාමවසඟයට ගිය මෝඩ කපුටා මෙන් නො වෙමි.

ඉක්බිති ඔහුට කුමාරයා මෙසේ කීවේ ය –

“දහරස‍්සෙව මෙ තාත, මාතා මතාති මෙ සුතං; තයා විනා අහං තාත, ජීවිතුම‍්පි න උස‍්සහෙ.

පියාණනි, මා ළදරු කාලයේ ම මගේ මව කළුරිය කළා යයි අසා ඇත්තෙමි. ඔබතුමා නැතිව මම ජීවත්වීමට වෑයම් නොකරමි.

“යථා ආරඤ‍්ඤකං නාගං, පොතො අන්‍වෙති පච‍්ඡතො; ජෙස‍්සන‍්තං ගිරිදුග‍්ගෙසු, සමෙසු විසමෙසු ච.

ගිරි දුර්ග සම - විෂම තැන් බහුලව ඇති වනයේ ඇතකු පසුපසින් ඇත් පැටවෙක් ගමන් කරයිද?

“එවං තං අනුගච‍්ඡාමි, පත‍්තමාදාය පච‍්ඡතො; සුභරො තෙ භවිස‍්සාමි, න තෙ හෙස‍්සාමි දුබ‍්භරො.

එසේ මම පියාණනි සමග එමි. මා ගෙන යන ඔබට, මා පෝෂණයට සුදුසු සේ පහසු ලෙස පවතින්නෙමි. ඔබවහන්සේට පෝෂණය නො කළ හැකි පරිදි දුහර නො වන්නෙමි. (පුත්‍රයා කීය.)

“යථා සාමුද‍්දිකං නාවං, වාණිජානං ධනෙසිනං; වොහාරො තත්‍ථ ගණ‍්හෙය්‍ය, වාණිජා බ්‍යසනී සියා.

ධනය සොයමින් මුහුදේ යාත්‍රා කරන යාත්‍රාවක්, මත්ස්‍යයන් විසින් හෝ දියසුළි මගින් හෝ, රකුසන් විසින්, අනතුරකට පත්කරයි ද, එවිට එහි වෙළෙන්දෝ ව්‍යසනයට පත්වෙති.

කුමරු යළිත් කිසිවක් කීමට වෑයම් නොකළේය. ඉක්බිති රජු ඇමතියන්ට අණ කරමින් මෙසේ කීවේය –

“එවමෙවායං පුත‍්තකලි, අන‍්තරායකරො මම; ඉමං කුමාරං පාපෙථ, පාසාදං රතිවඩ‍්ඪනං.

එසේම මගේ ළදරු පුත්‍රයා මගේ පැවිද්දට අන්තරායකර වේ. ඇමතිවරුනි! ඇලුම් වඩන ප්‍රාසාදයට මේ කුමරා ගෙන යවු.

“තත්‍ථ කම‍්බුසහත්‍ථායො, යථා සක‍්කංව අච‍්ඡරා; තා නං තත්‍ථ රමෙස‍්සන‍්ති, තාහි චෙසො රමිස‍්සති.

එහි ස්වර්ණාභරණයෙන් සැරසුණු ස්ත්‍රීහු, අප්සරාවන් විසින් සිත් අළවන ශක්‍රයා මෙන්, මේ කුමරාගේ සිත් අළවනු ඇත.

“තතො කුමාරං පාපෙසුං, පාසාදං රතිවඩ‍්ඪනං; තං දිස‍්වා අවචුං කඤ‍්ඤා, දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං.

කුමරා ඒ ස්ත්‍රීන් සමග අභිරමණය කරනු ඇත. රතිය වඩන ප්‍රාසාදයට ඒ කුමරු පැමිණවූහ. ඔහු දැක එහි ස්ත්‍රීහු මෙසේ කීවාහුය.

“දෙවතානුසි ගන්‍ධබ‍්බො, අදු සක‍්කො පුරින්‍දදො; කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො, කථං ජානෙමු තං මයං.

නුඹවහන්සේ දේවතාවෙක් ද, ගාන්ධර්වයෙක් ද? එසේ නැතිනම් ශක්‍රයා ද? නුඹවහන්සේ කවරෙක් ද? කාගේ පුතෙක් ද? අපි කෙසේ දැනගනිමුද?

“නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො, නාපි සක‍්කො පුරින්‍දදො; කාසිරඤ‍්ඤො අහං පුත‍්තො, දීඝාවු රට‍්ඨවඩ‍්ඪනො; මමං භරථ භද‍්දං වො, අහං භත‍්තා භවාමි වො.

මම දෙවියෙක්, ගාන්ධර්වයෙක් හෝ ශක්‍රයා ද නොවෙමි. මම වූ කලී කසී රජුගේ පුත්‍ර වූ රට කරවන්නා වූ දීඝාවු නමැත්තෙමි. මා කෙරෙහි රුචි කරවු, නුඹලාට යහපතක් ම වේවා. අද පටන් මම නුඹලාගේ ස්වාමියා වන්නෙමි. කුමාරයා කීය.

“තං තත්‍ථ අවචුං කඤ‍්ඤා, දීඝාවුං රට‍්ඨවඩ‍්ඪනං; කුහිං රාජා අනුප‍්පත‍්තො, ඉතො රාජා කුහිං ගතො.

එවිට එම ස්ත්‍රීහු රට දියුණු කරන්නා වූ දීඝාවු කුමරුට මෙසේ කීහ. රජතුමා කොහි ගියේ ද?

“පඞ‍්කං රාජා අතික‍්කන‍්තො, ථලෙ රාජා පතිට‍්ඨිතො; අකණ‍්ඩකං අගහනං, පටිපන‍්නො මහාපථං.

මහරජතුමා රාගාදී මඩගොහොරින් එතෙරව, පැවිද්ද නම් වූ ගොඩබිමෙහි පිහිටියේය. රජතුමා රාගාදියෙන් ගහණ නො වූ ස්වර්ග මෝක්‍ෂගාමී නිවන් මඟට පිවිසියේය.

“අහඤ‍්ච පටිපන‍්නොස‍්මි, මග‍්ගං දුග‍්ගතිගාමිනං; සකණ‍්ටකං සගහනං, යෙන ගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

යම් මගකින් දුගතියට යේ නම් ඒ මගට ම පිළිපන්නෙමි. රාගාදියෙන් ගහන වූ මේ මග දුගතියට ගෙන යන්නේය.

“තස‍්ස තෙ ස‍්වාගතං රාජ, සීහස‍්සෙව ගිරිබ‍්බජං; අනුසාස මහාරාජ, ත්‍වං නො සබ‍්බාසමිස‍්සරො”ති.

රජතුමනි, සිංහයා වසන තැනට කේශර සිංහයෙකු පැමිණියාක් ඔබ යහපත් මාවතට පිළිපන්නේය. මහරජතුමනි, සියළු දෙනාට ඉසුරුමත් වූ ඔබ අපට අනුශාසනා කළ මැනවි.

තත්‍ථ ඛිප‍්පන‍්ති තෙන හි නං සීඝං ආනෙථ. ආලපීති “සට‍්ඨි ගාමසහස‍්සානී”තිආදීනි වදන‍්තො ආලපි. සබ‍්බාලඞ‍්කාරභූසිතාති තෙ නාගා සබ‍්බෙහි සීසූපගාදීහි අලඞ‍්කාරෙහි භූසිතා. හෙමකප‍්පනවාසසාති සුවණ‍්ණඛචිතෙන කප‍්පනෙන පටිච‍්ඡන‍්නසරීරා. ගාමණීයෙභීති හත්‍ථාචරියෙහි. ආජානීයාවාති කාරණාකාරණවිජානනකා ව. ජාතියාති සින්‍ධවජාතියා සින්‍ධුරට‍්ඨෙ සින්‍ධුනදීතීරෙ ජාතා. ගාමණීයෙභීති අස‍්සාචරියෙහි. ඉල‍්ලියා චාපධාරිභීති ඉල‍්ලියාවුධඤ‍්ච චාපාවුධඤ‍්ච ධාරෙන‍්තෙහි. දීපා අථොපි වෙය්‍යග‍්ඝාති දීපිචම‍්මබ්‍යග‍්ඝචම‍්මපරිවාරා. ගාමණීයෙභීති රථිකෙහි. වම‍්මිභීති සන‍්නද‍්ධවම‍්මෙහි. රොහඤ‍්ඤාති රත‍්තවණ‍්ණා. පුඞ‍්ගවූසභාති උසභසඞ‍්ඛාතෙන ජෙට‍්ඨකපුඞ‍්ගවෙන සමන‍්නාගතා.

එහි ඛිප්පං යනු එසේ වීනම් ඉක්මණින් එව යනුයි. ආලපී යනු ගම් සැටදහසක් ආදිය කියමින් ඇමතීමයි. සබ්බාලංකාර භූසිතා යනු ඒ ඇත්තු සියලු ශීර්ෂ අලංකාරවලින් විභූෂිත වූ. හේමකප්පනවාසසා යනු රනින් ඔබ්බවන ලද කනින ලද වැසුණු සිරුරු ඇති ගාමණීයෙහි යනු, ඇත්ගොව්වන් විසින්, ආජානියාචා යනු කාරණාකාරණ දැනගත්තෝ. ජාතියා සින්ධවා යනු සින්ධු රටෙහි සින්ධු ගංතෙර උපන් ගාමණියෙහි යනු අශ්ව රථාචාරීන් විසින් ඉල්ලීයාචාපධාරීහි යනු දුනු ඊතල ආදි ආයුධවලින් දරන්නහු විසින්. දීපා අථොපි වෙය්‍යග්ඝා යනු දිවිසම් ව්‍යාඝ්‍ර සම් පිරිවරන ලද, ගාමණියෙහි රියදුරන් විසින්. වම්මිහි යනු සන්නද්ධ සන්නාහකවලින් රොහඤ්ඤා යනු රක්තවර්ණ ඇති. පුංගවුසභා යනු වෘෂභ සංඛ්‍යාත ප්‍රධාන ගවයාගෙන් සමන්විත වූ.

දහරස‍්සෙව මෙ, තාතාති අථ නං කුමාරො, තාත, මම දහරස‍්සෙව සතො මාතා මතා ඉති මයා සුතං, සොහං තයා විනා ජීවිතුං න සක‍්ඛිස‍්සාමීති ආහ. පොතොති තරුණපොතකො. ජෙස‍්සන‍්තන‍්ති විචරන‍්තං. සාමුද‍්දිකන‍්ති සමුද‍්දෙ විචරන‍්තං. ධනෙසිනන‍්ති ධනං පරියෙසන‍්තානං. වොහාරොති විචිත්‍රවොහාරො හෙට‍්ඨාකඩ‍්ඪනකො වාළමච‍්ඡො වා උදකරක‍්ඛසො වා ආවට‍්ටො වා. තත්‍ථාති තස‍්මිං සමුද‍්දෙ. වාණිජා බ්‍යසනී සියාති අථ තෙ වාණිජා බ්‍යසනප‍්පත‍්තා භවෙය්‍යුං. “සිය්‍යුන‍්ති”පි පාඨො . පුත‍්තකලීති පුත‍්තලාමකො පුත‍්තකාළකණ‍්ණී. කුමාරො පුන කිඤ‍්චි වත‍්තුං න විසහි. අථ රාජා අමච‍්චෙ ආණාපෙන‍්තො “ඉම”න‍්තිආදිමාහ. තත්‍ථ කම‍්බුසහත්‍ථායොති කම‍්බුසං වුච‍්චති සුවණ‍්ණං, සුවණ‍්ණාභරණභූසිතහත්‍ථායොති අත්‍ථො. යථාති යථා ඉච‍්ඡන‍්ති, තථා කරොන‍්ති.

දහරස්සෙව මෙ යනු ඉක්බිති ඔහුට කුමරා, පියාණනි, ළදරු කාලයේම මාගේ සත්පුරුෂ මව මිය ගියාය යි, මා විසින් අසන ලදි. ඒ මම ඔබ (පියා) නොමැතිව ජීවත්වීමට නොහැකි වන්නෙමියි කීවේය. පොතො යනු තරුණ නවකයා. ජෙස්සන්තං යනු සැරිසරන. සාමුද්දිකං යනු මහමුහුදේ හැසිරෙන. ධනෙසිනං යනු ධනය සොයනු ලබන්නන් වොහාරො යනු විසිතුරු ව්‍යවහාරයයි. ළපටි මාලුවෙක් හෝ ජල රකුසෙක් හෝ ආවාටයක් සහිත වූ. තත්‍ථ යනු ඒ මුහුදේ. වාණිජා බ්‍යසනී සියා යනු ඉක්බිති ඒ වෙළෙන්දෝ ව්‍යසනයට පත්ව වාසය කළාහුය. සියුං යනු පෙළපාඨයයි. පුත්තකලී යනු ළාමක පුතු කුමරු වනාහි කිසිවක් කීමට කැමැති නොවීය. ඉක්බිති රජු ඇමතියන්ට අණ කරමින් ඉමං යනාදිය කීවේය. එහි කම්බු සහත්‍ථායො යනු, කම්බුස යයි රත්තරංවලට කියනු ලැබේ. ස්වර්ණාභරණවලින් අලංකාර වූ අත් ඇති යන අර්ථයි. යථා යනු යම්සේ කැමැතිවෙත් ද, එසේ කරත්.

එවං වත්‍වා මහාසත‍්තො තත්‍ථෙව තං අභිසිඤ‍්චාපෙත්‍වා නගරං පාහෙසි. සයං පන එකකොව උය්‍යානා නික‍්ඛමිත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා රමණීයෙ භූමිභාගෙ පණ‍්ණසාලං මාපෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා වනමූලඵලාහාරො යාපෙසි. මහාජනොපි කුමාරං බාරාණසිං පවෙසෙසි. සො නගරං පදක‍්ඛිණං කත්‍වා පාසාදං අභිරුහි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා “තතො”තිආදිමාහ. තං දිස‍්වා අවචුං කඤ‍්ඤාති තං මහන‍්තෙන පරිවාරෙන සිරිසොභග‍්ගෙන ආගතං දිස‍්වා “අසුකො නාමෙසො”ති අජානන‍්තියොව තා නාටකිත්‍ථියො ගන‍්ත්‍වා අවොචුං. මමං භරථාති මමං ඉච‍්ඡථ. පඞ‍්කන‍්ති රාගාදිකිලෙසපඞ‍්කං. ථලෙති පබ‍්බජ‍්ජාය. අකණ‍්ටකන‍්ති රාගකණ‍්ටකාදිවිරහිතං. තෙහෙව ගහනෙහි අගහනං. මහාපථන‍්ති සග‍්ගමොක‍්ඛගාමිනං මහාමග‍්ගං පටිපන‍්නො. යෙනාති යෙන මිච‍්ඡාමග‍්ගෙන දුග‍්ගතිං ගච‍්ඡන‍්ති, තං අහං පටිපන‍්නොති වදති. තතො තා චින‍්තෙසුං – “රාජා තාව අම‍්හෙ පහාය පබ‍්බජිතො, අයම‍්පි කාමෙසු විරත‍්තචිත‍්තරූපො, සචෙ නං නාභිරමෙස‍්සාම, නික‍්ඛමිත්‍වා පබ‍්බජෙය්‍ය, අභිරමනාකාරමස‍්ස කරිස‍්සාමා”ති. අථ නං අභිනන්‍දන‍්තියො ඔසානගාථමාහංසු. තත්‍ථ ගිරිබ‍්බජන‍්ති සීහපොතකානං වසනට‍්ඨානං කඤ‍්චනගුහං කෙසරසීහස‍්ස ආගතං විය තස‍්ස තව ආගතං සුආගතං. ත්‍වං නොති ත්‍වං සබ‍්බාසම‍්පි අම‍්හාකං ඉස‍්සරො, සාමීති.

මෙසේ පවසා බෝධිසත්ත්වයෝ එහිදී ම ඔහු අභිෂේක කරවා නගරයට වැඩි සේක. තෙමේ හුදකලාව ම උයනින් නික්ම හිමවතට පිවිස, සිත්කළු භූමි භාගයක පන්සලක් මවා, සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව වන මුල් ගෙඩි ආහාරකොට යැපුනේය. මහජනයාද කුමරු, බරණැසට පිවිසවීය. ඔහු නුවර ප්‍රදක්‍ෂිණා කොට ප්‍රාසාදයට නැංගේය. තං දිස්වා අවචුං කඤ්ඤා යනු හේ මහත් පිරිවරින් සිරිසෞභාග්‍යයෙන් පැමිණියේ දැක මේ අසවලා යයි නොදන්නීම නාටක ස්ත්‍රීහු කීවාහුය. මමංහරථා යනු මට කැමති වවු. පංකං යනු රාගාදි කෙලෙස් මඩ. ථලෙ යනු පැවිදිකමට. අකණ්ටකං යනු රාග ආදි කටු විරහිත, ඒවායින්ම ගැවසුණු. අගහණං මහාපථං යනු ස්වර්ග මෝක්‍ෂගාමී වූ මහමගට පිළිපන්. යේන යනු යමකු විසින් කැමැති මාර්ගයෙන් දුගතියට යන්නී. ඒ මගට පිළිපන්නේ යයි කියයි. ඉක්බිති ඔවුහු සිතූහ. රජු අපව හැරදමා පැවිදිවූයේය. මෙතෙම කාමයන්හි නොඇලුණු සිත් ඇත්තේ ඉදින් හේ මරණය නොකරන්නෙමුයි. නික්ම පැවිදි වන්නේය. වඩාත් සතුටින් සිටින ආකාරයක් දක්වන්නෙමුයි ඉක්බිති හේ සතුටට පත්වන්නේ අවසාන ගාථාව කීවේය. එහි ගිරිබ්බජං යනු සිංහ පැටවුන් වසන රත්රන් ගුහාවට කේසර සිංහයෙකුගේ පැමිණීම මෙන් ඔබගේ පැමිණීම යහපතකි. ත්‍වං නො යනු ඔබ අප සැම ගේ ප්‍රධාන ස්වාමියායි.

එවඤ‍්ච පන වත්‍වා සබ‍්බා තූරියානි පග‍්ගණ‍්හිංසු, නානප‍්පකාරානි නච‍්චගීතානි පවත‍්තිංසු . යසො මහා අහොසි, සො යසමදමත‍්තො පිතරං න සරි, ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා යථාකම‍්මං ගතො. බොධිසත‍්තොපි ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ ද පවසා සියලු තූර්යනාද වාදනය කළහ. නොයෙක් ආකාර නැටුම් ගැයුම් පැවැත්වූහ. මහත් කීර්තියක් විය. හෙතෙම යසසින් සම්පූර්ණත්වයට පැමිණියේ පියා ගැන සිහි නොකළේය. දැහැමින් රාජ්‍යය කරවා කම් වූ පරිදි ගියේය. බෝසත්හුද ධ්‍යාන අභිඥා උපදවාගෙන ආයුෂ කෙළවර බ්‍රහ්ම ලෝකයේ උපන්නේ ය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පච‍්චෙකබුද‍්ධො පරිනිබ‍්බායි, පුත‍්තො රාහුලකුමාරො අහොසි , සෙසපරිසා බුද‍්ධපරිසා, අරින්‍දමරාජා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් නොව පෙරත් මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මුණේ යයි වදාරා ජාතකය නිමාවට පත්කළ සේක. එකල පසේ බුදුරද පිරිනිවන් පෑ සේක. පුත්‍රයා රාහුල කුමාරයා විය. සෙසු පිරිස බුද්ධ පිරිස විය. අරින්දම රජු නම් මම් ම වූයෙමි.

සොණකජාතකවණ‍්ණනා පඨමා.

සෝණක ජාතකය නිමි.