යෙදුමෙන් කියවන්න

3. මහාබොධිජාතකවණ‍්ණනා 528 අට‍්ඨකථා

3. මහාබොධිජාතකවණ‍්ණනා (528)

3. මහාබෝධි ජාතකය (528)

කිං නු දණ‍්ඩං කිමජිනන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්ඤාපාරමිං ආරබ‍්භ කථෙසි. වත්‍ථු මහාඋමඞ‍්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) ආවි භවිස‍්සති. තදා පන සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො පඤ‍්ඤවා පරප‍්පවාදප‍්පමද‍්දනොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

කින්නු දණ්ඩං කිමජිනං යන මෙය ශාස්තෲන් වහන්සේ, ජේතවනයේ වැඩවාසය කරන සේක්, ප්‍රඥා පාරමිතාව අරභයා වදාළ සේක. කථා වස්තුව උම්මග්ග ජාතකයේ සඳහන් පරිදි වන්නේය. එකල ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොව පෙරත් තථාගතයන් වහන්සේ ප්‍රඥා සම්පන්න වූයේ, අනුන්ගේ ප්‍රවාද ප්‍රලාප මර්දනය කරන ලද්දේ ම යයි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ අසීතිකොටිවිභවස‍්ස උදිච‍්චබ්‍රාහ‍්මණමහාසාලස‍්ස කුලෙ නිබ‍්බත‍්ති, “බොධිකුමාරො”තිස‍්ස නාමං කරිංසු. සො වයප‍්පත‍්තො තක‍්කසිලායං උග‍්ගහිතසිප‍්පො පච‍්චාගන‍්ත්‍වා අගාරමජ‍්ඣෙ වසන‍්තො අපරභාගෙ කාමෙ පහාය හිමවන‍්තපදෙසං පවිසිත්‍වා පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තත්‍ථෙව වනමූලඵලාහාරො චිරං වසිත්‍වා වස‍්සාරත‍්තසමයෙ හිමවන‍්තා ඔරුය‍්හ චාරිකං චරන‍්තො අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ පරිබ‍්බාජකසාරුප‍්පෙන නගරෙ භික‍්ඛාය චරන‍්තො රාජද‍්වාරං පාපුණි තමෙනං සීහපඤ‍්ජරෙ ඨිතො රාජා දිස‍්වා තස‍්ස උපසමෙ පසීදිත්‍වා තං අත‍්තනො භවනං පවෙසෙත්‍වා රාජපල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා කතපටිසන්‍ථාරො ථොකං ධම‍්මකථං සුත්‍වා නානග‍්ගරසභොජනං දාපෙසි. මහාසත‍්තො භත‍්තං ගහෙත්‍වා චින‍්තෙසි – “ඉදං රාජකුලං නාම බහුදොසං බහුපච‍්චාමිත‍්තං හොති, කො නු ඛො මම උප‍්පන‍්නං භයං නිත්‍ථරිස‍්සතී”ති. සො අවිදූරෙ ඨිතං රාජවල‍්ලභං එකං පිඞ‍්ගලසුනඛං දිස‍්වා මහන‍්තං භත‍්තපිණ‍්ඩං ගහෙත්‍වා තස‍්ස දාතුකාමතාකාරං දස‍්සෙසි. රාජා ඤත්‍වා සුනඛස‍්ස භාජනං ආහරාපෙත්‍වා භත‍්තං ගාහාපෙත්‍වා දාපෙසි. මහාසත‍්තොපි තස‍්ස දත්‍වා භත‍්තකිච‍්චං නිට‍්ඨපෙසි. රාජාපිස‍්ස පටිඤ‍්ඤං ගහෙත්‍වා අන‍්තොනගරෙ රාජුය්‍යානෙ පණ‍්ණසාලං කාරෙත්‍වා පබ‍්බජිතපරික‍්ඛාරෙ දත්‍වා තං තත්‍ථ වාසාපෙසි, දෙවසිකඤ‍්චස‍්ස ද‍්වෙ තයො වාරෙ උපට‍්ඨානං අගමාසි. භොජනකාලෙ පන මහාසත‍්තො නිච‍්චං රාජපල‍්ලඞ‍්කෙයෙව නිසීදිත්‍වා රාජභොජනමෙව භුඤ‍්ජති. එවං ද‍්වාදස සංවච‍්ඡරානි අතීතානි.

අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝධිසත්ත්වයන් වහන්සේ කසීරට අසූ කෙළක් ධනය ඇති උසස් බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි උපන්හ. බෝධිකුමරු තිස්ස යයි නම් කළහ. ඔහු වැඩිවිය පැමිණි කල්හි තක්‍ෂිලාවේ ඉගෙන ගත් ශිල්පය ඇත්තේ, පෙරළා පැමිණ ගෙදර මැද වසන්නේ පසුකාලයේ කාමයන් හැර දමා හිමවත් පෙදෙසට පිවිස පරිබ්‍රාජික පැවිද්දෙන් පැවිදි වී එහි ම වනමුල් ගෙඩි ආහාර කොට ඇත්තේ, බොහෝ කලක් වාසය කොට, වර්ෂා රහිත සමයේ හිමවතින් බැස, චාරිකාවේ හැසිරෙන්නේ අනුපිළිවෙලින් බරණැසට පැමිණ රාජ උද්‍යානයේ වාසයකොට දෙවන දවසේ පරිව්‍රාජක වේශයෙන් නගරයෙහි පිඬු පිණිස හැසිරෙන්නේ රජ දොරටුවට පිවිසියේය. මාලිගාවේ සිටි රජු සීමැදුරු කවුළුවෙන් ඒ තාපසයාණන් දැක, ඔහුගේ සංවර භාවයෙහි පැහැදී, ඔහු තම මාලිගාවට ගෙන්වා පිළිසඳර කථාවෙන් පසුව ස්වල්ප වූ ධර්ම කථාවක් අසා විවිධ රසමසවුලෙන් යුත් ආහාර වේලක් පිළිගැන්වීය. බෝධිසත්ත්වයෝ බත පිළිගෙන මෙසේ සිතූහ. මේ රාජ කුලය වනාහි බොහෝ දෝෂ ඇත. බොහෝ පස මිතුරෝ ද වෙති. කවරෙක් නම් මේ මගේ උපන් බය දුරුකරන්නේද? හෙතෙම නුදුරෙහි සිටි රාජ හිතෛෂි එක් පිඟුවන් පාට බල්ලකු දැක ලොකු බත් ගුලියක් ගෙන ඌට දෙනු කැමැත්ත පෙන්වීය. රජු දැන බල්ලාගේ භාජනය ගෙන්වා ගෙන බත් ගෙන දුන්නේය. බෝධිසත්ත්වයෝ ඔහුට දී බත් කිස නිම කළහ. රජු ද ඔහුගේ ප්‍රතිඥාව ගෙන ඇතුල් නගරයේ රාජ්‍ය උද්‍යානයේ පන්සලක් කරවා පැවිදි පිරිකර දී, ඔහු එහි වාසය කරවූ සේක. දිනපතා ද ඔහුට දෙතුන් වතාවක් උපස්ථානයට ද එළඹියේය. භෝජනාවස්ථාවේ බෝසත්හු නිතර ම රජ පුටුවේ ම වාඩිවී රාජභෝජන ම අනුභව කරති. මෙසේ දොළොස් අවුරුද්දක් පමණ ඉක්මිණි.

තස‍්ස පන රඤ‍්ඤො පඤ‍්ච අමච‍්චා අත්‍ථඤ‍්ච ධම‍්මඤ‍්ච අනුසාසන‍්ති. තෙසු එකො අහෙතුකවාදී, එකො ඉස‍්සරකතවාදී, එකො පුබ‍්බෙකතවාදී, එකො උච‍්ඡෙදවාදී, එකො ඛත‍්තවිජ‍්ජවාදී. තෙසු අහෙතුකවාදී “ඉමෙ සත‍්තා සංසාරසුද‍්ධිකා”ති මහාජනං උග‍්ගණ‍්හාපෙසි. ඉස‍්සරකතවාදී “අයං ලොකො ඉස‍්සරනිම‍්මිතො”ති මහාජනං උග‍්ගණ‍්හාපෙසි. පුබ‍්බෙකතවාදී “ඉමෙසං සත‍්තානං සුඛං වා දුක‍්ඛං වා උප‍්පජ‍්ජමානං පුබ‍්බෙකතෙනෙව උප‍්පජ‍්ජතී”ති මහාජනං උග‍්ගණ‍්හාපෙසි. උච‍්ඡෙදවාදී “ඉතො පරලොකං ගතො නාම නත්‍ථි, අයං ලොකො උච‍්ඡිජ‍්ජතී”ති මහාජනං උග‍්ගණ‍්හාපෙසි. ඛත‍්තවිජ‍්ජවාදී “මාතාපිතරොපි මාරෙත්‍වා අත‍්තනොව අත්‍ථො කාතබ‍්බො”ති මහාජනං උග‍්ගණ‍්හාපෙසි. තෙ රඤ‍්ඤො විනිච‍්ඡයෙ නියුත‍්තා ලඤ‍්ජඛාදකා හුත්‍වා අස‍්සාමිකං සාමිකං, සාමිකං අස‍්සාමිකං කරොන‍්ති.

ඒ රජුගේ ඇමතියෝ ඔහුට අර්ථයෙන් ද, ධර්මයෙන් ද අනුශාසනා කරති. ඔවුන් අතර අයෙක් අහේතුවාදී වූහ. එකෙක් ඊශ්වර නිර්මාණවාදියෙකි. එකෙක් පෙර කළ කර්මවාදියෙකි. එකෙක් උච්ඡේදවාදියෙකි. එකෙක් කැත් විද්‍යාවේදියෙකි. ඔවුන් අතර අහේතුක වාදියා, මේ සත්ත්වයෝ සංසාර ශුද්ධි වාදීහු යයි මහජනයාට ඉගැන්වීය. ඉස්සර නිර්මාණවාදියා, මේ ලෝකය, ඊශ්වරගේ නිර්මාණයකැයි මහජනයාට ඉගැන්වීය. පුබ්බේකතහේතුවාදියා මේ සත්ත්වයන්ට සැපක් හෝ දුකක් උපදින ලබන්නේ පෙර කරන ලද කර්මයෙන් ම යයි මහජනයාට ඉගැන්වීය. උච්ඡේදවාදියා මෙයින් පරලොව ගිය කෙනෙක් නම් නැත. මේ ලෝකය මෙතනින් කෙළවර වේ යයි මහජනයාට ඉගැන්වීය. ඛත්තවිජ්ජාවාදියා, මව්පියන් මරා හෝ තමන්ගේ වැඩ කළ යුතුයයි මහජනයාට ඉගැන්වීය. ඔවුහු රජුගේ විනිශ්චයේ නියුක්ත වූවෝ අල්ලස් ගැනීමේ නිරතව සිට ස්වාමිවරුන් නැත්තෝ ස්වාමින් කරත්. සැමියන් ඇත්තෝ සැමියන් නැත්තෝ කරති.

අථෙකදිවසං එකො පුරිසො කූටට‍්ටපරාජිතො මහාසත‍්තං භික‍්ඛාය චරන‍්තං රාජගෙහං පවිසන‍්තං දිස‍්වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙ රාජගෙහෙ භුඤ‍්ජමානා විනිච‍්ඡයාමච‍්චෙ ලඤ‍්ජං ගහෙත්‍වා ලොකං විනාසෙන‍්තෙ කස‍්මා අජ‍්ඣුපෙක‍්ඛථ, ඉදානි පඤ‍්චහි අමච‍්චෙහි කූටට‍්ටකාරකස‍්ස හත්‍ථතො ලඤ‍්ජං ගහෙත්‍වා සාමිකොව සමානො අස‍්සාමිකො කතො”ති පරිදෙවි. සො තස‍්මිං කාරුඤ‍්ඤවසෙන විනිච‍්ඡයං ගන‍්ත්‍වා ධම‍්මෙන විනිච‍්ඡිනිත්‍වා සාමිකඤ‍්ඤෙව සාමිකං අකාසි. මහාජනො එකප‍්පහාරෙනෙව මහාසද‍්දෙන සාධුකාරං අදාසි. රාජා තං සද‍්දං සුත්‍වා “කිංසද‍්දො නාමාය”න‍්ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා කතභත‍්තකිච‍්චං මහාසත‍්තං උපනිසීදිත්‍වා පුච‍්ඡි – “භන‍්තෙ, අජ‍්ජ කිර වො අට‍්ටො විනිච‍්ඡිතො”ති. “ආම, මහාරාජා”ති. “භන‍්තෙ, තුම‍්හෙසු විනිච‍්ඡිනන‍්තෙසු මහාජනස‍්ස වුඩ‍්ඪි භවිස‍්සති, ඉතො පට‍්ඨාය තුම‍්හෙව විනිච‍්ඡිනථා”ති. “මහාරාජ, මයං පබ‍්බජිතා නාම, නෙතං කම‍්මං අම‍්හාකං කම‍්ම”න‍්ති. “භන‍්තෙ, මහාජනෙ කාරුඤ‍්ඤෙන කාතුං වට‍්ටති, තුම‍්හෙ සකලදිවසං මා විනිච‍්ඡිනථ, උය්‍යානතො පන ඉධාගච‍්ඡන‍්තා විනිච‍්ඡයට‍්ඨානං ගන‍්ත්‍වා පාතොව චත‍්තාරො අට‍්ටෙ විනිච‍්ඡිනථ, භුත්‍වා උය්‍යානං ගච‍්ඡන‍්තා චත‍්තාරො, එවං මහාජනස‍්ස වුඩ‍්ඪි භවිස‍්සතී”ති. සො තෙන පුනප‍්පුනං යාචියමානො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය තථා අකාසි.

ඉක්බිති එක් මිනිසෙක් කළ කූටාධිකරණයෙන් පරාජිත වූයේ. බෝසතුන් පිඬු පිණිස හැසිරෙන්නේ රජගහ නුවරට පිවිසෙනු දැක වැඳ ස්වාමීනි, නුඹලා රජගෙදර දී වළඳනු ලබන කල්හි, විනිශ්චය ඇමතියන් අල්ලස් ගෙන ලෝකය විනාශ කරන කල්හි කුමක් නිසා උපේක්‍ෂාව සිටිහූද, දැන් ද, ඇමතියන් පස් දෙනෙකු විසින් කුළුරලු අඩුකාරයින් අතින් අල්ලස් ගෙන. ස්වාමින් වන්නහු අස්වාමික කළේයයි හැඬීය. ඔහු ඔහු කෙරෙහි කරුණා පෙරදැරිව, විනිශ්චය ගෙන ධාර්මිකව විනිශ්චය කොට හිමිකරුවා හිමිකරුවකු කෙළේය. මහජනයා එක හඬින් ම මහාහඬින් සාධුකාර දුන්හ. රජු ඒ ශබ්දය අසා මේ කවර ශබ්දයක්දැයි විමසා ඒ අර්ථය අසා කරන ලද බත් කිස ඇත්තේ බෝසතුන් වෙත එළඹ, විචාළේ ය. ස්වාමීනි, අද, තොප විසින් කළ විනිශ්චයක් කළේ ද? එසේය මහරජ, ස්වාමීනි, ඔබවහන්සේ විසින් විනිශ්චය පවත්වන කල්හි මහජනයාගේ අභිවෘද්ධියක් වන්නේය. මෙතැන් පටන් ඔබතුමා ද විනිශ්චය කරනු මැනවි. මහරජ, අපි පැවිද්දෝ වෙමු. ඒ අපට නුසුදුසුය. ස්වාමීනි, මහජනයාට කරුණාවෙන් එසේ කිරීම ම වටී. නුඹවහන්සේ හැමදාම සියල්ල විනිශ්චය නො කොට උයනින් මෙහි පැමිණෙන්නෝ විනිශ්චය ස්ථානයට ගොස් උදෙන්ම නඩු සතරක් විනිශ්චය කරනු මැනවි. මෙසේ කළ කල්හි මහජනයාගේ අභිවෘද්ධියක් වන්නේය. රජතුමා ඔහුගෙන් යළි යළිත් ඉල්වනු ලබන්නේ යහපතැයි පිළිගත්තේය. එතැන් පටන් එසේ කළේය.

කූටට‍්ටකාරකා ඔකාසං න ලභිංසු. තෙපි අමච‍්චා ලඤ‍්ජං අලභන‍්තා දුග‍්ගතා හුත්‍වා චින‍්තයිංසු – “බොධිපරිබ‍්බාජකස‍්ස විනිච‍්ඡිනනකාලතො පට‍්ඨාය මයං කිඤ‍්චි න ලභාම, හන්‍ද නං ‘රාජවෙරිකො’ති වත්‍වා රඤ‍්ඤො අන‍්තරෙ පරිභින්‍දිත්‍වා මාරාපෙස‍්සාමා”ති. තෙ රාජානං උපසඞ‍්කමිත්‍වා, “මහාරාජ, බොධිපරිබ‍්බාජකො තුම‍්හාකං අනත්‍ථකාමො”ති වත්‍වා අසද‍්දහන‍්තෙන රඤ‍්ඤා “සීලවා එස ඤාණසම‍්පන‍්නො, න එවං කරිස‍්සතී”ති වුත‍්තෙ, “මහාරාජ, තෙන සකලනගරවාසිනො අත‍්තනො හත්‍ථෙ කත්‍වා කෙවලං අම‍්හෙයෙව පඤ‍්ච ජනෙ කාතුං න සක‍්කා, සචෙ අම‍්හාකං වචනං න සද‍්දහථ, තස‍්ස ඉධාගමනකාලෙ පරිසං ඔලොකෙථා”ති ආහංසු. රාජා “සාධූ”ති සීහපඤ‍්ජරෙ ඨිතො තං ආගච‍්ඡන‍්තං ඔලොකෙන‍්තො පරිවාරං දිස‍්වා අත‍්තනො අඤ‍්ඤාණෙන අට‍්ටකාරකමනුස‍්සෙ “තස‍්ස පරිවාරා”ති මඤ‍්ඤමානො භිජ‍්ජිත්‍වා තෙ අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා “කින‍්ති කරොමා”ති පුච‍්ඡි. “ගණ‍්හාපෙථ නං, දෙවා”ති. “ඔළාරිකං අපරාධං අපස‍්සන‍්තා කථං ගණ‍්හාමා”ති. “තෙන හි, මහාරාජ, පකතිපරිහාරමස‍්ස හාපෙථ, තං පරිහායන‍්තං දිස‍්වා පණ‍්ඩිතො පරිබ‍්බාජකො කස‍්සචි අනාරොචෙත්‍වා සයමෙව පලායිස‍්සතී”ති.

බොරු නඩුවලට ඉඩකඩක් නො ලැබ ගත්හ. ඒ ඇමතියෝ ද අල්ලස් නොලබන්නෝ දුකට පත්ව, මෙසේ සිතූහ. බෝධි පරිව්‍රාජකයාගේ විනිශ්චය කිරීමේ පටන් අපි කිසිවක් නො ලබමු. අදෝමැයි ඔවුහු රාජ වෛරක්කාරයකු යයි, රජු අතර අමනාප කරවා මරවන්නෙමු. ඔවුහු රජු වෙත එළඹ, මහරජතුමනි, බෝධි පරිව්‍රාජකයා ඔබට අනර්ථකර කරනු කැමැත්තේ කියා, නොඅදහන්නේ රජු විසින් මෙතෙම සිල්වත් ය. ඥාන සම්පන්නය. එබඳු ආකාර නොකරන්නේ යයි කී කල්හි, මහරජතුමනි! සියලු නගර වැසියන් ඔහු තමන්ගේ වසඟයට තමන්ගේ අදහසට නැඹුරු කර ගත්තේය. හුදෙක් ඔබට පක්‍ෂ වූ අප පස්දෙනා පමණක් ම ඔහුට නම්මවා ගත නො හැකි විය. අපේ වචන නො අදහන්නේ නම් ඔහු එනවිට ඔහු පසුපසින් එන පිරිස බලා තීරණය කළ මැනවි යයි කීවාහු ය. රජු යහපතැයි සීමැදුරු කවුළුවේ සිටියේ, ඔහු පැමිණෙන විට ඔහු සමග එන පිරිවර බලා තමන්ගේ දැනුම් දීමකින් තොරව නඩු සදන මිනිසුන් ඔහුගේ පසුපස එති’යයි සිතිවිලි බිඳ, ඒ ඇමතියන් කැඳවා කුමක් කරමුදැයි විචාළේය. දේවයන් වහන්ස, ඔහු අල්ලා ගනිමු. ළාමක අපරාධයක් නො දැක කෙසේ අල්ලාගන්නෙමුදැයි මහරජ, එසේ වීනම් ස්වාභාවික පිරිවර නොදෙව්. ඔහු පිරිවර අඩු බව දැක, පණ්ඩිත නම් පරිව්‍රාජකයා කිසිවෙකුට නොදන්වා තෙමේ ම පලා යන්නේය.

රාජා “සාධූ”ති වත්‍වා අනුපුබ‍්බෙන තස‍්ස පරිහාරං පරිහාපෙසි. පඨමදිවසං තාව නං තුච‍්ඡපල‍්ලඞ‍්කෙයෙව නිසීදාපෙසුං. සො තුච‍්ඡපල‍්ලඞ‍්කං දිස‍්වාව රඤ‍්ඤො පරිභින‍්නභාවං ඤත්‍වා සයමෙව උය්‍යානං ගන‍්ත්‍වා තං දිවසමෙව පක‍්කමිතුකාමො හුත්‍වාපි “එකන‍්තෙන ඤත්‍වා පක‍්කමිස‍්සාමී”ති න පක‍්කාමි. අථස‍්ස පුනදිවසෙ තුච‍්ඡපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස රඤ‍්ඤොපකතිභත‍්තඤ‍්ච අඤ‍්ඤඤ‍්ච ගහෙත්‍වා මිස‍්සකභත‍්තං අදංසු. තතියදිවසෙ මහාතලං පවිසිතුං අදත්‍වා සොපානසීසෙයෙව ඨපෙත්‍වා මිස‍්සකභත‍්තං අදංසු. සො තම‍්පි ආදාය උය්‍යානං ගන‍්ත්‍වා භත‍්තකිච‍්චං අකාසි. චතුත්‍ථදිවසෙ හෙට‍්ඨාපාසාදෙ ඨපෙත්‍වා කණාජකභත‍්තං අදංසු. සො තම‍්පි ගහෙත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා භත‍්තකිච‍්චං අකාසි. රාජා අමච‍්චෙ පුච‍්ඡි – “බොධිපරිබ‍්බාජකො සක‍්කාරෙ පරිහාපිතෙපි න පක‍්කමති, කින‍්ති නං කරොමා”ති? “දෙව, න සො භත‍්තත්‍ථාය චරති, ඡත‍්තත්‍ථාය පන චරති. සචෙ භත‍්තත්‍ථාය චරෙය්‍ය, පඨමදිවසංයෙව පලායෙය්‍යා”ති. “ඉදානි කිං කරොමා”ති? “ස‍්වෙ ඝාතාපෙථ නං, මහාරාජා”ති. සො “සාධූ”ති තෙසඤ‍්ඤෙව හත්‍ථෙ ඛග‍්ගෙ ඨපෙත්‍වා “ස‍්වෙ අන‍්තරද‍්වාරෙ ඨත්‍වා පවිසන‍්තස‍්සෙවස‍්ස සීසං ඡින්‍දිත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං කත්‍වා කඤ‍්චි අජානාපෙත්‍වා වච‍්චකුටියං පක‍්ඛිපිත්‍වා න‍්හත්‍වා ආගච‍්ඡෙය්‍යාථා”ති ආහ. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “ස‍්වෙ ආගන‍්ත්‍වා එවං කරිස‍්සාමා”ති අඤ‍්ඤමඤ‍්ඤං විචාරෙත්‍වා එවං අත‍්තනො නිවෙසනං අගමංසු.

රජ යහපතැයි පවසා, අනුපිළිවෙලින් ඔහුට පිරිවර අඩු කෙළේය. පළමු දවසේ ඔහුට, සිස් පළඟක වාඩි කරවීය. ඔහු සිස් පළඟක් බව දැන රජුගේ අකමැත්ත දැන තෙමේ ම උයනට ගොස් ඒ දවස ම ඉවත්ව යනු කැමැත්තේ, ඒකාන්තයෙන් දැන පලා යන්නෙමියි පලා නො ගියේය. දෙවන දවසේ පහත් ආසනයේ සිටි රජුගේ ස්වාභාවික බත්, අන් දේවල් ද ගෙන මිශ්‍රවූ බතක් දුන්නේය. තෙවෙනි දිනයේ උස් බිමට පිවිසීමට ඉඩ නොදී හිණිමග කෙළවරේ ම තබා මිශ්‍ර වූ බතක් දුන්නේය. ඔහු එය ද රැගෙන උයනට ගොස් බත් කිස කෙළේය. සතරවෙනි දිනයේ, ප්‍රාසාදය යට තබා කාඩි හොදි සමග බතක් දුන්හ. ඔහු එය ද රැගෙන උයනට ගොස් බත් කිස කෙළේය. රජු ඇමතියන් විචාළේය. මහාබෝධි පරිබ්‍රාජකයා සත්කාර පිරිහුනු කල්හිද, ඉවත්ව නොයයි. කුමක් කරමුද? දේවයන් වහන්ස, ඔහු බත් පිණිස නො හැසිරෙයි. රාජ්‍යය පිණිස හැසිරෙයි. ඉදින් බත් පිණිස හැසිරේ නම් පළමු දිනයේ ම පලා යන්නේය. දැන් කුමක් කරමුද? මහරජ, හෙට ඔහු ඝාතනය කරවු. ඔහු යහපතැයි ඔවුන්ගේ අතෙහි කඩු තබා, හෙට දොරටුව අතර සිට පිවිසෙන විටදී ම හිස සිඳ කෑලි කෑලි කපා, කිසිවෙකුට නො දන්වා වැසිකිළි කුටියට දමා ස්නානය කොට පැමිණෙවු යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගෙන “හෙට මෙසේ කරන්නෙමු”යි, ඔවුනොවුන් විචාරා තමන්ගේ නිවෙස්වලට ගියාහුය.

රාජාපි සායං භුත‍්තභොජනො සිරිසයනෙ නිපජ‍්ජිත්‍වා මහාසත‍්තස‍්ස ගුණෙ අනුස‍්සරි. අථස‍්ස තාවදෙව සොකො උප‍්පජ‍්ජි, සරීරතො සෙදා මුච‍්චිංසු, සයනෙ අස‍්සාසං අලභන‍්තො අපරාපරං පරිවත‍්ති. අථස‍්ස අග‍්ගමහෙසී උපනිපජ‍්ජි, සො තාය සද‍්ධිං සල‍්ලාපමත‍්තම‍්පි න කරි. අථ නං සා “කිං නු ඛො, මහාරාජ, සල‍්ලාපමත‍්තම‍්පි න කරොථ, අපි නු ඛො මෙ කොචි අපරාධො අත්‍ථී”ති පුච‍්ඡි. “නත්‍ථි දෙවි, අපිච ඛො බොධිපරිබ‍්බාජකො කිර අම‍්හාකං පච‍්චත්‍ථිකො ජාතොති තස‍්ස ස‍්වෙ ඝාතනත්‍ථාය පඤ‍්ච අමච‍්චෙ ආණාපෙසිං, තෙ පන නං මාරෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං කත්‍වා වච‍්චකූපෙ පක‍්ඛිපිස‍්සන‍්ති, සො පන අම‍්හාකං ද‍්වාදස සංවච‍්ඡරානි බහුං ධම‍්මං දෙසෙසි, එකාපරාධොපිස‍්ස මයා පච‍්චක‍්ඛතො න දිට‍්ඨපුබ‍්බො, පරපත‍්තියෙන හුත්‍වා තස‍්ස මයා වධො ආණත‍්තො, තෙන කාරණෙන සොචාමී”ති. අථ නං සා “සචෙ තෙ දෙව සො පච‍්චත්‍ථිකො ජාතො, තං ඝාතෙන‍්තො කිං සොචසි, පච‍්චත්‍ථිකං නාම පුත‍්තම‍්පි ඝාතෙත්‍වා අත‍්තනො සොත්‍ථිභාවො කාතබ‍්බොව, මා සොචිත්‍ථා”ති අස‍්සාසෙසි. සො තස‍්සා වචනෙන පටිලද‍්ධස‍්සාසො නිද‍්දං ඔක‍්කමි.

රජතුමා ද සවස ගන්නා ලද භෝජනය ඇත්තේ, සිරියහනෙහි හොවා, බෝසත්හු ගේ ගුණ සිහිපත් කෙළේය. එකෙණෙහි ඔහුට ශෝකයක් හටගත්තේය. ශරීරයෙන් ඩහදිය පිටවෙයි. යහනේ ආස්වාදයක් නො ලබන්නේ, ඔබිමොබ පෙරළුනේය. එවිට අගමෙහෙසිය අවදි වූවාය. ඔහු ඇය සමග සතුටු මාත්‍රයක්වත් නොදොඩන්නේ, මගෙන් කිසි විපතක් ඇද්දැයි විචාළාය. නැත දේවියනි, නමුත් බෝධි පරිබ්‍රාජිකයා නිසා අපගේ පසුතැවිල්ලට හටගත්තේය. හෙට ඔහු ඝාතනය කිරීම පිණිස ඇමතියන් පස්දෙනාට අණ කෙළෙමි. ඔවුහු ඔහුට ඇන, කැබලි කැබලි කොට වැසිකිළිවලෙහි ඔබන්නාහ. ඔහු වනාහි අපට දොළොස් අවුරුද්දක් බොහෝ ධර්මය දේශනා කෙළේය. ඔහුට මා විසින් එක් අපරාධය්ක කරන්නේ පසුතැවිලි වන්නේ පරාර්ථචර්යාවෙන් සිට, මා විසින් ඔහුට වධ දීමට අණ කරන ලද්දේ, ඒ කාරණයෙන් ශෝක කරමියි (කීය.) ඉක්බිති ඔහුට ඇය, දේවයන් වහන්ස, ඉදින් ඔහු විරුද්ධවාදියෙකු ලෙස උපන්නේ නම්, ඔහු නැසීමෙන් කවර ශෝකයක් ද? සතුරු නම් පුතා වුව ද, නසා තමන්ගේ යහපත සලසාගත යුතුයි. ශෝක නොකරවු යයි අස්වසාලීය. ඔහු ඇයගේ වචනයෙන් ලබන ලද, ආස්වාද ඇත්තේ නින්දට බැසගත්තේය.

තස‍්මිං ඛණෙ කොලෙය්‍යකො පිඞ‍්ගලසුනඛො තං කථං සුත්‍වා “ස‍්වෙ මයා අත‍්තනො බලෙනස‍්ස ජීවිතං දාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා පුනදිවසෙ පාතොව පාසාදා ඔරුය‍්හ මහාද‍්වාරං ආගන‍්ත්‍වා උම‍්මාරෙ සීසං කත්‍වා මහාසත‍්තස‍්ස ආගමනමග‍්ගං ඔලොකෙන‍්තොව නිපජ‍්ජි. තෙපි අමච‍්චා පාතොව ඛග‍්ගහත්‍ථා ආගන‍්ත්‍වා ද‍්වාරන‍්තරෙ අට‍්ඨංසු. බොධිසත‍්තොපි වෙලං සල‍්ලක‍්ඛෙත්‍වා උය්‍යානා නික‍්ඛම‍්ම රාජද‍්වාරං ආගඤ‍්ඡි. අථ නං සුනඛො දිස‍්වා මුඛං විවරිත්‍වා චතස‍්සො දාඨා දස‍්සෙත්‍වා “කිං ත්‍වං, භන‍්තෙ, ජම‍්බුදීපතලෙ අඤ‍්ඤත්‍ථ භික‍්ඛං න ලභසි, අම‍්හාකං රාජා තව මාරණත්‍ථාය පඤ‍්ච අමච‍්චෙ ඛග‍්ගහත්‍ථෙ ද‍්වාරන‍්තරෙ ඨපෙසි, මා ත්‍වං නලාටෙන මච‍්චුං ගහෙත්‍වා ආගමි, සීඝං පක‍්කමා”ති මහාසද‍්දෙන විරවි. සො සබ‍්බරුතඤ‍්ඤුතාය තමත්‍ථං ඤත්‍වා තතොව නිවත‍්තිත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා පක‍්කමනත්‍ථාය පරික‍්ඛාරෙ ආදියි. රාජා සීහපඤ‍්ජරෙ ඨිතො තං ආගච‍්ඡන‍්තං ගච‍්ඡන‍්තඤ‍්ච දිස‍්වා “සචෙ අයං මම පච‍්චත්‍ථිකො භවෙය්‍ය, උය්‍යානං ගන‍්ත්‍වා බලං සන‍්නිපාතාපෙත්‍වා කම‍්මසජ‍්ජො භවිස‍්සති. නො චෙ, අත‍්තනො පරික‍්ඛාරෙ ගහෙත්‍වා ගමනසජ‍්ජො භවිස‍්සති, ජානිස‍්සාමි තාවස‍්ස කිරිය”න‍්ති උය්‍යානං ගන‍්ත්‍වා මහාසත‍්තං අත‍්තනො පරික‍්ඛාරෙ ආදාය “ගමිස‍්සාමී”ති පණ‍්ණසාලතො නික‍්ඛන‍්තං චඞ‍්කමනකොටියං දිස‍්වාව වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො පඨමං ගාථමාහ –

එකෙණෙහි, කෝලෙය්‍යත නම් වූ පිඟුවන් පැහැති බල්ලා ඒ කථාව අසා හෙට මා විසින්, තමන් ගේ බලයෙන්, ඔහුට ජීවිතදානය දෙන්නට වටී යයි. සිතා දෙවන දවසේ, උදෑසනම ප්‍රාසාදයෙන් බැස, මහ දොරටුව සමීපයට පැමිණ එළිපත්තේ හිස තබාගෙන බෝසතුන් පැමිණෙන මාර්ගය බලමින් හොත්තේය. ඒ ඇමතියෝ ද උදෑසනින්ම කඩුගත් අත් ඇතිව පැමිණ දොරටු අතර සිටියහ. බෝසත්හු ද වේලාව සලකා උයනින් නික්ම රජ දොරටුව සමීපයට පැමිණියේය. ඉක්බිති ඔහු සුනඛයා දැක මුහුණ විවරකොට දත් සතර පෙන්වා, ස්වාමීනි කිම, දඹදිව අන්තැනක භික්‍ෂාව නො ලබහි අපගේ රජු ඔබ මැරීම පිණිස ඇමතියන් පස්දෙනකු කඩුගත් අත් ඇතිව දොරටුව අතර තැබීය. නුඹ, නළලින් මාරයා ගෙන නොයන්නෙහි, ඉක්මණින් ඉවත්ව යමුයි මහහඬින් කෑගැසුවෝය. හෙතෙම සියලු උපද්‍රව පිළිබඳ ඒ අර්ථය දැක එතැනම නැවතී, උයනට ගොස්, නික්මයාම පිණිස පිරිකර පිළියෙල කෙළේය. රජු ද, සීමැදුරේ සිටියේ හේ එන්නා වූ ද, යන්නා වූ ද දැක, ඉදින් මේ මගේ විරුද්ධවාදිය වන්නේ ය. උයනට ගොස් සේනාව රැස්කරවා ක්‍රියා කරන්නේ වන්නේ ය. නැතහොත් තමන්ගේ පිරිකර ගෙන ගමනට සූදානම් වන්නේය. දැනගන්නෙමි ඒ ඔහුගේ ක්‍රියාව බලන්නට උයනට ගොස් බෝසතුන් තමන්ගේ පිරිකර ගෙන යන්නෙමියි, පන්සලින් නික්මෙන්නේ සක්මන් කෙළවර දී දැක වැඳ එකත්පසක සිටියේ මේ ගාථාව කීවේය.

“කිං නු දණ‍්ඩං කිමජිනං, කිං ඡත‍්තං කිමුපාහනං; කිමඞ‍්කුසඤ‍්ච පත‍්තඤ‍්ච, සඞ‍්ඝාටිඤ‍්චාපි බ්‍රාහ‍්මණ; තරමානරූපොහාසි, කිං නු පත්‍ථයසෙ දිස”න‍්ති.

බ්‍රාහ්මණ තවුසාණෙනි! ඔබවහන්සේ කවර හෙයිාන් සැරමිටිය ගත්තේ ද, අඳුන් දිවිසමත්, කුඩයත්, වහන් සඟලත්, පාත්‍රයත්, අකුස්සත්, සංඝාටියත් ගෙන වෙලෙවිව කවර දිසාවකට වඩිනු කැමැත්තේ ද?

තස‍්සත්‍ථො – භන‍්තෙ, පුබ‍්බෙ ත්‍වං අම‍්හාකං ඝරං ආගච‍්ඡන‍්තො දණ‍්ඩාදීනි න ගණ‍්හාසි, අජ‍්ජ පන කෙන කාරණෙන දණ‍්ඩඤ‍්ච අජිනඤ‍්ච ඡත‍්තූපාහනඤ‍්ච මත‍්තිකපසිබ‍්බකොලම‍්බනඅඞ‍්කුසඤ‍්ච මත‍්තිකපත‍්තඤ‍්ච සඞ‍්ඝාටිඤ‍්චාති සබ‍්බෙපිමෙ පරික‍්ඛාරෙ තරමානරූපො ගණ‍්හාසි, කතරං නු දිසං පත්‍ථෙසි, කත්‍ථ ගන‍්තුකාමොසීති පුච‍්ඡි.

එහි අර්ථය; ස්වාමීනි, පෙර නුඹ, අපගේ ගෙදරට පැමිණෙන කල්හි දඬු ආදිය නො ගත්තේය. අද වනාහි කුමන කරුණක් නිසාවෙන් දණ්ඩ ද, අඳුන ද, කුඩය ද, පාත්‍රය ද, මැටිපාත්‍ර පසුම්බිය දමන අංකුසය ද, මැටි පාත්‍රය ද, සංඝාටිය ද, සියළු මේ පිරිකර සුදුසු පරිදි සියල්ල ගත්තේය. කවර දිශාවක් පතහි ද? කවර තැනකට යනු කැමැත්තෙහිද?

තං සුත්‍වා මහාසත‍්තො “අයං අත‍්තනා කතකම‍්මං න ජානාතීති මඤ‍්ඤති, ජානාපෙස‍්සාමි න”න‍්ති ද‍්වෙ ගාථා අභාසි –

ඒ අසා බෝසත්හු මේ තමන් විසින් කරන ලද ක්‍රියාව මා නොදනී යයි සිතයි. මා දන්නා බව දන්වමි. ඔහුට ගාථා දෙකක් කීවේය.

“ද‍්වාදසෙතානි වස‍්සානි, වුසිතානි තවන‍්තිකෙ; නාභිජානාමි සොණෙන, පිඞ‍්ගලෙනාභිකූජිතං.

මහරජ, මම දොළොස් වසක් නුඹ සමීපයේ සිටියෙමි. එහෙත් පිංගල නම් ඔබේ සුනඛයා විසින් හඬනඟා කියන ලද්ද ගැන නො දනිමි.

“ස‍්වායං දිත‍්තොව නදති, සුක‍්කදාඨං විදංසයං; තව සුත්‍වා සභරියස‍්ස, වීතසද‍්ධස‍්ස මං පතී”ති.

මා කෙරෙහි පහව ගිය ශ්‍රද්ධාව ඇතිව, භාර්යාව සහ නුඹ ද මා මරවන්නට කළ කුමන්ත්‍රණය අසා, සුදු දත් විහිදුවමින් එඩිතරයකු මෙන් කුමන්ත්‍රණය හඟවමින් ඔබගේ සුනඛයා බිරීය.

තත්‍ථ අභිකූජිතන‍්ති එතෙන තව සුනඛෙන එවං මහාවිරවෙන විරවිතං න ජානාමි. දිත‍්තො වාති දප‍්පිතො විය. සභරියස‍්සාති තව සභරියස‍්ස මම මාරණත්‍ථාය පඤ‍්චන‍්නං අමච‍්චානං ආණත‍්තභාවං කථෙන‍්තස‍්ස සුත්‍වා “කිං ත්‍වං අඤ‍්ඤත්‍ථ භික‍්ඛං න ලභසි, රඤ‍්ඤා තෙ වධො ආණත‍්තො, ඉධ මාගච‍්ඡී”ති දිත‍්තොව නදති. වීතසද‍්ධස‍්ස මං පතීති මමන‍්තරෙ විගතසද‍්ධස‍්ස තව වචනං සුත්‍වා එව නදතීති ආහ.

එහි අභිකුජ්ජිතං යනු, ඔබගේ ඒ සුනඛයා විසින් මෙසේ මහහඬින් නාදකරන ලද්දේ ඇයිදැයි නොදනිමි. දිත්තොවා යනු දෂ්ට කරන්නාක් මෙනි. සභරියස්සා යනු ඔබගේ අනුදැනුම ඇතිව ඔබ ගේ බිරිඳට මා මැරීම සඳහා ඇමතියන් පස්දෙනාට අණකළ කියනවා අසා සිට, කිම වෙන තැන්වල භික්‍ෂාව නැද්ද, රජු ඔබව නසනු පිණිස අණකළ බව නො දන්නේද? මෙහි නො පැමිණෙව. දැනුම්දීම පිණිස නාදකරයි. වීතසද්ධස්සමංපතී යනු මා කෙරෙහි පහ වූ ශ්‍රද්ධාව ඇත්තහුගේ ඔබගේ වචනය අසා මෙසේ නාදකරයි යනු කීවේය.

තතො රාජා අත‍්තනො දොසං සම‍්පටිච‍්ඡිත්‍වා තං ඛමාපෙන‍්තො චතුත්‍ථං ගාථමාහ –

ඉක්බිති රජතුමා තමන්ගේ දෝෂය පිළිගෙන එය ක්‍ෂමා කරන්නේ සතරවෙනි ගාථාව කීවේය.

“අහු එස කතො දොසො, යථා භාසසි බ්‍රාහ‍්මණ; එස භිය්‍යො පසීදාමි, වස බ්‍රාහ‍්මණ මාගමා”ති.

තාපසයාණන් වහන්ස, එසේ කියන්නාහු නම් ඒ වරද අප විසින් කරන ලද්දේය. මම දැන් වැඩියක් ම ප්‍රසාදයට පත්වීමි. කොහේවත් නො ගොස් මෙහි ම වැඩ සිටිනු මැනවි.

තත්‍ථ භිය්‍යොති සච‍්චං මයා එවං ආණත‍්තං, අයං මෙ දොසො, එස පනාහං ඉදානි අධිකතරං තයි පසීදාමි, ඉධෙව වස, මා අඤ‍්ඤත්‍ථ ගමීති.

එහි භීය්‍යො යනු සත්‍යයයි. මා විසින් මෙසේ අණ කළ බැවින්, මේ මගේ දෝෂයකි. ඒ නිසා ම මම දැන් අධික ලෙස ඔබ කෙරෙහි පහදිමි. බ්‍රාහ්මණය, මෙහි ම වාසය කරව. අන් තැනකට නොයව.

තං සුත්‍වා මහාසත‍්තො, “මහාරාජ, පණ‍්ඩිතා නාම තාදිසෙන පරපත‍්තියෙන අපච‍්චක‍්ඛකාරිනා සද‍්ධිං න වසන‍්තී”ති වත්‍වා තස‍්ස අනාචාරං පකාසෙන‍්තො ආහ –

ඒ අසා බෝධිසත්ත්ව තෙමේ මහරජ, පණ්ඩිතයෝ නම් එබඳු ආකාර වූ ප්‍රතිපත්තියෙන් යුත් අපරීක්‍ෂාකාරී කෙනෙකු සමග වාසය නොකරත් යයි කියා ඔහුගේ ආචාර නො වූ අදහස ප්‍රකාශ කරමින් මෙසේ කීවේය.

“සබ‍්බසෙතො පුරෙ ආසි, තතොපි සබලො අහු; සබ‍්බලොහිතකො දානි, කාලො පක‍්කමිතුං මම.

මහරජ! මුලදී පළමුවෙන් ම ඔබ මට දුන් බත සුදුපාට ය. එය පසුව මිශ්‍ර බතක් විය. දැන් ලේ වන් විය. එබැවින් මට යා යුතු කාලය එළඹ තිබේ.

“අබ‍්භන‍්තරං පුරෙ ආසි, තතො මජ‍්ඣෙ තතො බහි; පුරා නිද‍්ධමනා හොති, සයමෙව වජාමහං.

මහරජ! පළමු මට දුන් අසුන රජ මැදුර තුළ විය. ඉන් පසුව එය හිණිහිස විය. ඉන්පසු පිටත ය. නැවත බෙල්ලෙන් ඇද මරා දැමීමට පෙර මම ම යා යුතු වෙමි.

“වීතසද‍්ධං න සෙවෙය්‍ය, උපදානංවනොදකං; සචෙපි නං අනුඛණෙ, වාරි කද‍්දමගන්‍ධිකං.

පහ වූ ශ්‍රද්ධාව ඇත්තන් පාළු ළිඳක් මෙන් සේවනය නො කළ යුතුය. එය යළිත් සාරන්නේ නම් මඩ ගඳින් යුත් ජලය ලැබෙන්නේය. එමෙන් ශ්‍රද්ධාව පහව ගිය තැනැත්තා පයිරුපාසනයට නුසුදුසු වන්නේය.

“පසන‍්නමෙව සෙවෙය්‍ය, අප‍්පසන‍්නං විවජ‍්ජයෙ; පසන‍්නං පයිරුපාසෙය්‍ය, රහදංවුදකත්‍ථිකො.

පැහැදුනු වූවහු ම සේවනය කළ යුතුයි. අප්‍රසාදයට පත්වූවෝ දුරුකළ යුතු වන්නේය. කැමැත්තහු ගැඹුරු විලක් ම සේවනය කරන්නාක් මෙන් පැවිද්දෝ සැදැහැත්තකුම ඇසුරු කළ යුතුය.

“භජෙ භජන‍්තං පුරිසං, අභජන‍්තං න භජ‍්ජයෙ; අසප‍්පුරිසධම‍්මො සො, යො භජන‍්තං න භජ‍්ජති.

භජනය කළයුතු පුරුෂයා භජනය කළ යුතුය. භජනය නොකළ යුත්ත භජනය නොකළ යුතුය. තමන් කෙරෙහි ඉත සිතින් භජනය කරන්නෙකු, භජනය නො කෙරේ නම් හේ අසත් පුරුෂයෙකි.

“යො භජන‍්තං න භජති, සෙවමානං න සෙවති; ස වෙ මනුස‍්සපාපිට‍්ඨො, මිගො සාඛස‍්සිතො යථා.

යමෙක් ඇසුරු කරන්නා ඇසුරු නො කරයිද? සේවනය කළ යුත්තා සේවනය නො කරයි ද? හෙතෙම මිනිස් පාපතරයෙකි. සිවුපාවුන් අතර ගස්වල අතු ඇසුරු කළ වඳුරෙකු මෙනි.

“අච‍්චාභික‍්ඛණසංසග‍්ගා, අසමොසරණෙන ච; එතෙන මිත‍්තා ජීරන‍්ති, අකාලෙ යාචනාය ච.

වඩාත් සමීප වූ නිතර ඇසුරෙන් ද, එක්ව නො හැසිරීමෙන් ද නොකල්හි ඉල්ලීමෙන් ද යන මේ කරුණුවලින් මිත්‍ර බව නැති වේ.

“තස‍්මා නාභික‍්ඛණං ගච‍්ඡෙ, න ච ගච‍්ඡෙ චිරාචිරං; කාලෙන යාචං යාචෙය්‍ය, එවං මිත‍්තා න ජීයරෙ.

එහෙයින් නිතර නො එළඹිය යුතුය. චිරාත් කාලයක් ගෙවා එළඹිය යුතුය. සුදුසු කල්හි ඉල්ලිය යුත්තක් ඉල්ලිය යුතුය. එවිට මිත්‍ර ධර්මය රඳා පවතී.

“අතිචිරං නිවාසෙන, පියො භවති අප‍්පියො; ආමන‍්ත ඛො තං ගච‍්ඡාම, පුරා තෙ හොම අප‍්පියා”ති.

බොහෝ කලක් එකතැන විසීමෙන්, ප්‍රිය වූවාද, අප්‍රිය වෙයි. එහෙයින් ඔබට මා අප්‍රිය වීමට පෙර මා යා යුතුය.

තත්‍ථ සබ‍්බසෙතොති, මහාරාජ, පඨමමෙව තව නිවෙසනෙ මම ඔදනො සබ‍්බසෙතො අහොසි, යං ත්‍වං භුඤ‍්ජසි, තමෙව දාපෙසීති අත්‍ථො. තතොති තතො පච‍්ඡා පරිභෙදකානං වචනං ගහෙත්‍වා තව මයි විරත‍්තකාලෙ සබලො මිස‍්සකොදනො ජාතො. දානීති ඉදානි සබ‍්බලොහිතකො ජාතො. කාලොති අගුණඤ‍්ඤුස‍්ස තව සන‍්තිකා ඉදානි මම පක‍්කමිතුං කාලො. අබ‍්භන‍්තරන‍්ති පඨමං මම අබ‍්භන‍්තරං ආසනං ආසි, අලඞ‍්කතමහාතලම‍්හි උස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙයෙව මං නිසීදාපෙසුං. මජ‍්ඣෙති සොපානමත්‍ථකෙ. පුරා නිද‍්ධමනා හොතීති යාව ගීවායං ගහෙත්‍වා නික‍්කඩ‍්ඪනා න හොති.

එහි සබ්බසෙතො යනු මහරජ, පළමුව ඔබගේ නිවසෙහි මට බත් සියලු අයුරින් පිරිසිදු විය. නුඹ යමක් අනුභව කරයි ද, එයම දුන්නෙහිය යන අර්ථයයි. තතො යනු, ඉන්පසු බිඳහෙළන වචන ගෙන මා කෙරෙහි ඔබ නොඇලුණු කාලයක් වී. සබලො මිශ්‍ර වූ බතක් පිළියෙල වී ඉදානී යනු දැන්. සියල්ල රක්ත වර්ණ (සබ්බ ලෝහිතක) හටගත්තේය. කාලො යනු අඥාන වූ ඔබ ගේ සමීපයෙන් දැන් මට ඉවත්ව යාමට කාලයයි. අබ්භන්තරං යනු පළමුව මම අභ්‍යන්තර ආසනයක් විය. අලංකාර කළ, උස්බිමක පිහිටි, ඔසවන ලද සුදුකොඩි සහිත රාජාසනයේම මා වඩාහිඳුවාලූහ. මජ්ඣෙ යනු පියගැටපෙළ සමීපයේ පුරා නිද්ධමනා හොති යනු යම්සේ බෙල්ලෙන් අල්ලාගෙන ඉවතට ඇද දමන්නේ.

අනුඛණෙති සචෙපි අනුදකං උදපානං පත‍්තො පුරිසො උදකං අපස‍්සන‍්තො කලලං වියූහිත්‍වා අනුඛණෙය්‍ය, තථාපි තං වාරි කද‍්දමගන්‍ධිකං භවෙය්‍ය, අමනුඤ‍්ඤතාය න පිවෙය්‍ය, තථෙව වීතසද‍්ධං පයිරුපාසන‍්තෙන ලද‍්ධපච‍්චයාපි පරිත‍්තා චෙව ලූඛා ච, අමනුඤ‍්ඤා අපරිභොගාරහාති අත්‍ථො. පසන‍්නන‍්ති පතිට‍්ඨිතසද‍්ධං. රහදන‍්ති ගම‍්භීරං මහාරහදං. භජන‍්තන‍්ති අත‍්තානං භජන‍්තමෙව භජෙය්‍ය. අභජන‍්තන‍්ති පච‍්චත්‍ථිකං. න භජ‍්ජයෙති න භජෙය්‍ය. න භජ‍්ජතීති යො පුරිසො අත‍්තානං භජන‍්තං හිතචිත‍්තං පුග‍්ගලං න භජති, සො අසප‍්පුරිසධම‍්මො නාමාති. මනුස‍්සපාපිට‍්ඨොති මනුස‍්සලාමකො පතිකුට‍්ඨො සබ‍්බපච‍්ඡිමකො. සාඛස‍්සිතොති මක‍්කටො.

අනුඛණෙ යනු ඉදින් පානීය ජලය, බීමට පැමිණි මිනිසකු ජලය නොදකින්නේ පැන් නැති ළඳ මඩ ගොඩලා හාරන්නේ, එසේ කොට පැන් ගත්තේ නමුත්, මඩ ගඳින් යුක්තව අමනෝඥ වූ හෙයින් නොබිය යුතු පැන් වන්නේය. එසේ ශ්‍රද්ධාව නැති පුද්ගලයා ඇසුරු කර ලත් ප්‍රත්‍යයේ ද අමනෝඥ වන්නේය. පරිභෝජනයට නුසුදුසු යන අර්ථයයි. පසන්නං යනු සුපිහිටි ශ්‍රද්ධාවයි. රහදං යනු ගැඹුරු මහමුහුද වැනි. භජන්තං යනු තමන් ඇසුරුකළ යුත්තා ම ඇසුරුකළ යුත්තේ. අභජන්තං යනු විරුද්ධාර්ථයි. න භජ්ජයෙ යනු භජනය නොකළ යුත්තේය යනුයි. න භජ්ජතී යනු යම් මිනිසකු තමන් ඇසුරුකරන හිතෛෂී පුද්ගලයකු ඇසුරු නොකරයි ද? හෙතෙම අසත්පුරුෂ ධර්ම නම් වේ. මනුස්ස පාපිට්ඨො යනු මිනිස් ළාමක වූ, දුෂ්ට වූ පසුතැවිලි වන්නෙකි. සාඛස්සිතො යනු වඳුරා වේ.

අච‍්චාභික‍්ඛණසංසග‍්ගාති අතිවිය අභිණ‍්හසංසග‍්ගෙන. අකාලෙති අයුත‍්තප‍්පත‍්තකාලෙ පරස‍්ස පියභණ‍්ඩං යාචනාය මිත‍්තා ජීරන‍්ති නාම, ත්‍වම‍්පි අතිචිරං නිවාසෙන මයි මිත‍්තිං භින්‍දි. තස‍්මාති යස‍්මා අච‍්චාභික‍්ඛණසංසග‍්ගෙන අසමොසරණෙන ච මිත‍්තා ජීරන‍්ති, තස‍්මා. චිරාචිරන‍්ති චිරකාලං වීතිනාමෙත්‍වා චිරං න ගච‍්ඡෙ න උපසඞ‍්කමෙය්‍ය. යාචන‍්ති යාචිතබ‍්බං භණ‍්ඩකං යුත‍්තකාලෙ යාචෙය්‍ය. න ජීයරෙති එවං මිත‍්තා න ජීරන‍්ති. පුරා තෙ හොම අප‍්පියාති යාව තව අප‍්පියා න හොම, තාව ආමන‍්තෙත්‍වාව තං ගච‍්ඡාමාති.

අච්චාභික්ඛණ සංසග්ගා යනු අතිශයින් නිතර ඇසුරු කිරීමෙන් යුතු. අකාලෙ යන, නුසුදුසු කාලයෙහි අනුන්ගෙන් ප්‍රිය වස්තුවක් නො ඉල්විය යුතුය. එසේ ඉල්ලීමෙන් මිත්‍ර ධර්මය බිඳ වැටේ. මහරජ, ඔබතුමා දිගු කලක් ඇසුරු කිරීම හේතුකොට ගෙන, මා කෙරෙහි පැවැත්වූ මිත්‍ර ධර්මය බින්දේය. තස්මා යනු යම්හෙයකින් අධික වූ නිතර ආශ්‍රයෙන් ද, එක්ව නොහැසිරීමෙන් ද මිත්‍රයෝ විනාශ වෙති. දිරායති. එහෙයින් චිරා චිරං යනු චිරාත් කාලයක් යවා බොහෝ කලක් ගෙවා නගච්ඡෙ සමීපයට නොඑළඹෙන්නේය. යාචං යනු ඉල්විය යුතු භාණ්ඩයක් සුදුසු කාලයේ පමණක් ඉල්ලිය යුතුය. න ජීයරෙ යනු මෙසේ මිත්‍රයෝ නොදිරත්. විනාශ නොවෙත්. පුරා තෙ හොමා යනු යම්තාක් ඔබට මා අප්‍රිය නොවීද, එයින් පෙර ආමන්ත්‍රණය කොට මෙසේ යමු යනුවෙනි.

රාජා ආහ –

රජතුමා මෙසේ කීවේය.

“එවං චෙ යාචමානානං, අඤ‍්ජලිං නාවබුජ‍්ඣසි; පරිචාරකානං සතං, වචනං න කරොසි නො; එවං තං අභියාචාම, පුන කයිරාසි පරියාය”න‍්ති.

ස්වාමීනි! මෙසේ අයැද සිටින්නා වූ අපගේ ආරාධනය, ඇඳිලි බැඳීම ඔබතුමා නො පිළිගන්නේ නම්, සමීපචාරීහු අපගේ කීම නො පිළිගන්නහු නම් යළි මෙහි එක් වරක් පැමිණීම පමණක් කරනු මැනවි.

තත්‍ථ නාවබුජ‍්ඣසීති සචෙ, භන‍්තෙ, එවං යාචන‍්තෙන මයා කතං අඤ‍්ජලිං න ජානාසි, න පටිග‍්ගණ‍්හසීති අත්‍ථො. පරියායන‍්ති පුන ඉධාගමනාය එකවාරං කරෙය්‍යාසීති යාචති.

එහි නාවබුජ්ඣසී යනු ඉදින් ස්වාමීනි, මෙසේ ඉල්ලා සිටීමෙන් මා විසින් කරන ලද ඇඳිලි බැඳීම නොදන්නෙහි ද, නොපිළිගත්තේ ද යන අර්ථයයි. පරියායං යනු නැවත මෙහි පැමිණීම පිණිස එක්වරක් හෝ උත්සාහ කරන්නේය යයි ඉල්ලයි.

බොධිසත‍්තො ආහ –

බෝධිසත්ත්වයෝ මෙසේ කීහ.

“එවං චෙ නො විහරතං, අන‍්තරායො න හෙස‍්සති; තුය‍්හං වාපි මහාරාජ, මය‍්හං වා රට‍්ඨවද‍්ධන; අප‍්පෙව නාම පස‍්සෙම, අහොරත‍්තානමච‍්චයෙ”ති.

රට වඩන්නා වූ මහරජ! මෙසේ වෙන්ව කරන්නා වූ අපට අනතුරක් උපද්‍රවයක් නොවන්නේ ද? මහරජ, තොපට ද කිසියම් අන්තරායක් නො වන්නේ ද? එසේනම් කල්යාමෙන් අපි හමුවෙමු. එය ඉතා යහපත්ය.

තත්‍ථ එවං චෙ නොති සචෙ, මහාරාජ, එවං නානා හුත්‍වා විහරන‍්තානං අම‍්හාකං අන‍්තරායො න හෙස‍්සති, තුය‍්හං වා මය‍්හං වා ජීවිතං පවත‍්තිස‍්සතීති දීපෙති. පස‍්සෙමාති අපි නාම පස‍්සෙය්‍යාම.

එහි එවංචෙ නො යනු ඉදින් මහරජ, මෙසේ නොයෙක් ආකාර වී වාසය කරන්නා වූ අපට අන්ත්‍රාවක් නොවන්නේ ද? ඔබගේත් මගේත් ජීවිත පවතිද්ද? එවිට අප පස්සෙමා බලන්නෙමු යන අර්ථයි.

එවං වත්‍වා මහාසත‍්තො රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා “අප‍්පමත‍්තො හොහි, මහාරාජා”ති වත්‍වා උය්‍යානා නික‍්ඛමිත්‍වා එකස‍්මිං සභාගට‍්ඨානෙ භික‍්ඛාය චරිත්‍වා බාරාණසිතො නික‍්ඛම‍්ම අනුපුබ‍්බෙන හිමවන‍්තොකාසමෙව ගන‍්ත්‍වා කිඤ‍්චි කාලං වසිත්‍වා පුන ඔතරිත්‍වා එකං පච‍්චන‍්තගාමං නිස‍්සාය අරඤ‍්ඤෙ වසි. තස‍්ස පන ගතකාලතො පට‍්ඨාය තෙ අමච‍්චා පුන විනිච‍්ඡයෙ නිසීදිත්‍වා විලොපං කරොන‍්තා චින‍්තයිංසු – “සචෙ මහාබොධිපරිබ‍්බාජකො පුනාගමිස‍්සති, ජීවිතං නො නත්‍ථි, කිං නු ඛ‍්වස‍්ස අනාගමනකාරණං කරෙය්‍යාමා”ති. අථ නෙසං එතදහොසි – “ඉමෙ සත‍්තා පටිබද‍්ධට‍්ඨානං නාම ජහිතුං න සක‍්කොන‍්ති, කිං නු ඛ‍්වස‍්ස ඉධ පටිබද‍්ධට‍්ඨාන”න‍්ති. තතො “රඤ‍්ඤො අග‍්ගමහෙසී”ති ඤත්‍වා “ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං සො ඉමං නිස‍්සාය ආගච‍්ඡෙය්‍ය, පටිකච‍්චෙව නං මාරාපෙස‍්සාමා”ති තෙ රාජානං එතදවොචුං – “දෙව, ඉමස‍්මිං දිවසෙ නගරෙ එකා කථා සූයතී”ති. “කිං කථා නාමා”ති? “මහාබොධිපරිබ‍්බාජකො ච කිර දෙවී ච අඤ‍්ඤමඤ‍්ඤං සාසනපටිසාසනං පෙසෙන‍්තී”ති. “කින‍්ති කත්‍වා”ති? තෙන කිර දෙවියා පෙසිතං “සක‍්කා නු ඛො අත‍්තනො බලෙන රාජානං මාරාපෙත්‍වා මම සෙතච‍්ඡත‍්තං දාතු”න‍්ති. තායපිස‍්ස පෙසිතං “රඤ‍්ඤො මාරණං නාම මම භාරො, මහාබොධිපරිබ‍්බාජකො ඛිප‍්පං ආගච‍්ඡතූ”ති රාජා තෙසං පුනප‍්පුනං කථෙන‍්තානං සද‍්දහිත්‍වා “ඉදානි කිං කත‍්තබ‍්බ”න‍්ති පුච‍්ඡිත්‍වා “දෙවිං මාරෙතුං වට‍්ටතී”ති වුත‍්තෙ අනුපපරික‍්ඛිත්‍වාව “තෙන හි නං තුම‍්හෙව මාරෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා වච‍්චකූපෙ ඛිපථා”ති ආහ. තෙ තථා කරිංසු. තස‍්සා මාරිතභාවො සකලනගරෙ පාකටො අහොසි.

මෙසේ පවසා බෝසත් තෙමේ රජුට දහම් දෙසා මහරජ, අප්‍රමාදී වන්න යයි පවසා උයනින් නික්ම එක්තරා සුදුසු තැනෙක පිඬු පිණිස හැසිර, බරණැසින් නික්ම පිළිවෙලින් හිමාලය පෙදෙසටම ගොස් ටික කලක් වාසය කොට, නැවත බැස, එක් ප්‍රත්‍යන්ත ගමක් ආශ්‍රිතව වනයක වාසය කළ සේක. එසේ ගිය කාලයේ සිට ඒ ඇමතිවරු නැවත විනිශ්චයේ හිඳ, අවුල් කරමින් මෙසේ සිතූහ. ඉදින් මහාබෝධි පරිබ්‍රාජකයා නැවත පැමිණෙන්නේ නම්, අපට ජීවිතයක් නැත. කිම ඔහු නැවත නොපැමිණෙන ලෙසක් ක්‍රියා කරන්නෙමුයි. ඉක්බිති ඔවුන්ට මෙබඳු අදහසක් පහළ විය. මේ සත්ත්වයෝ තදින් බැඳුණු තැන් දුරු කිරීමට නොහැකි වෙති. මොහු තදින් බැඳුණු තැන් කිම, ඉක්බිති රජුගේ අග මෙහෙසිය බව දැන, එබඳු තැනක් විද්‍යමාන වේ. මොහු නිසා පෙරළා පැමිණෙන්නේය. පෙරළා ඊමට පෙර ඔහු මරන්නෙමුයි ඔවුහු රජුට මේ බව දැන්වූහ. දේවයන් වහන්ස, මේ දවස්වල නගරයෙහි මෙබඳු කථාවක් අසන ලදි. කවර කථාවක් ද? මහාබෝධි පරිබ්‍රාජකයා ද, දේවිය ද ඔවුනොවුන් හසුන් ප්‍රතිහසුන් ගනුදෙනු කරති යනුවෙනි. කුමක් මුල්කොට ද? ඔහු විසින් දේවියට යවන ලද ලිපියක, තම ශක්තියෙන් රජු මරා දැමීමට හැකිය. මට රාජ්‍යය ඡත්‍ර නැංවීමට හැකිවේවා යනුවෙනි. ඇය විසින් යවන ලද ලිපියකින් ද රජුගේ මැරීම නම් මට බාරයි. ඉක්මණින් මහාබෝධි පරිබ්‍රාජකයා පැමිණේවා යනුවෙනි. ඔවුන් යළි යළිත් පවසන දේ, රජු සත්‍ය සේ පිළිගෙන, දැන් කුමක් කළ යුතුදැයි විචාරා දේවිය මරාදැමීමට වටී යයි කී කල්හි, පරීක්‍ෂා නොකර ම ඇයව, නුඹලා විසින් ම මරවා, කැබලි කැබලි කොට සිඳ දමා වැසිකිළි වලෙහි දමවවු යයි කීවේය. ඔවුහු එසේ කළහ. ඇය මරා දැමූ බව මුළු නගරයේ ම ප්‍රසිද්ධ විය.

අථස‍්සා චත‍්තාරො පුත‍්තා “ඉමිනා නො නිරපරාධා මාතා මාරිතා”ති රඤ‍්ඤො පච‍්චත්‍ථිකා අහෙසුං. රාජා මහාභයප‍්පත‍්තො අහොසි. මහාසත‍්තො පරම‍්පරාය තං පවත‍්තිං සුත්‍වා චින‍්තෙසි – “ඨපෙත්‍වා මං අඤ‍්ඤො තෙ කුමාරෙ සඤ‍්ඤාපෙත්‍වා පිතරං ඛමාපෙතුං සමත්‍ථො නාම නත්‍ථි, රඤ‍්ඤො ච ජීවිතං දස‍්සාමි, කුමාරෙ ච පාපතො මොචෙස‍්සාමී”ති. සො පුනදිවසෙ පච‍්චන‍්තගාමං පවිසිත්‍වා මනුස‍්සෙහි දින‍්නං මක‍්කටමංසං ඛාදිත්‍වා තස‍්ස චම‍්මං යාචිත්‍වා ගහෙත්‍වා අස‍්සමපදෙ සුක‍්ඛාපෙත්‍වා නිග‍්ගන්‍ධං කත්‍වා නිවාසෙසිපි පාරුපෙසිපි අංසෙපි ඨපෙසි. කිංකාරණා? “බහූපකාරො මෙ”ති වචනත්‍ථාය. සො තං චම‍්මං ආදාය අනුපුබ‍්බෙන බාරාණසිං ගන‍්ත්‍වා කුමාරෙ උපසඞ‍්කමිත්‍වා “පිතුඝාතකකම‍්මං නාම දාරුණං, තං වො න කාතබ‍්බං, අජරාමරො සත‍්තො නාම නත්‍ථි, අහං තුම‍්හෙ අඤ‍්ඤමඤ‍්ඤං සමග‍්ගෙ කරිස‍්සාමිච‍්චෙව ආගතො, තුම‍්හෙ මයා පහිතෙ සාසනෙ ආගච‍්ඡෙය්‍යාථා”ති කුමාරෙ ඔවදිත්‍වා අන‍්තොනගරෙ උය්‍යානං පවිසිත්‍වා මක‍්කටචම‍්මං අත්‍ථරිත්‍වා සිලාපට‍්ටෙ නිසීදි.

ඉක්බිති ඔහුගේ පුත්‍රයෝ සතර දෙනා මොහු විසින් නිකරුණේ අපගේ මව මරාදමන ලදැයි, රජුට චෝදනා කළහ. රජ මහත් බියට පත් විය. බෝසත්හු කටකථාවෙන් ඒ ප්‍රවෘත්තිය අසා මෙසේ සිතීය. ඒ කුමාරයන්ට සත්‍යය කියා පියා ක්‍ෂමා කිරීමට මා හැර වෙනත් සමතෙක් නැත. රජුට ජීවිතය දෙන්නෙමි. කුමාරයන් ද පාපයෙන් මුදවන්නෙමි. ඔහු දෙවෙනි දවසේ ප්‍රත්‍යන්ත ගමට පිවිස මිනිසුන් විසින් දෙන ලද වඳුරු මස් අනුභව කොට උගේ හම ඉල්ලා ගෙන අසපුවේ දී වියලා, ගඳ නැති කොට, නිවසේ ද, පොවරනයේ ද අංශකඩයේ ද තැබීය. කුමන කරුණක් වාච්‍යාර්ථය පිණිස බොහෝ තැනක එය තැබීද? ඔහු ඒ සමග රැගෙන අනුපිළිවෙලින් බරණැසට ගොස් කුමරුන් වෙත එළඹ පීතෘඝාතක කර්මය නම් ඉතා දරුණුය. ඔබ එය නොකළ යුතුය. අජරාමර සත්ත්වයේක නම් නැත. මම ඔබලාව ඔවුනොවුන් සමගි කරන්නෙමියි, පැමිණියේ වෙමි. නුඹලා මා විසින් පණිවිඩයක් එවන කල්හි, පැමිණෙවු යයි කුමාරයන්ට අවවාද දී ඇතුල්නුවර උයනට පිවිස වඳුරු සම එළා, ගල්තලාවේ හුන්නේය.

අථ නං උය්‍යානපාලකො දිස‍්වා වෙගෙන ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා සුත්‍වාව සඤ‍්ජාතසොමනස‍්සො හුත්‍වා තෙ අමච‍්චෙ ආදාය තත්‍ථ ගන‍්ත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා පටිසන්‍ථාරං කාතුං ආරභි. මහාසත‍්තො තෙන සද‍්ධිං අසම‍්මොදිත්‍වා මක‍්කටචම‍්මමෙව පරිමජ‍්ජි. අථ නං එවමාහ – “භන‍්තෙ, තුම‍්හෙ මං අකථෙත්‍වා මක‍්කටචම‍්මමෙව පරිමජ‍්ජථ, කිං වො ඉදං මයා බහූපකාරතර”න‍්ති? “ආම මහාරාජ, බහූපකාරො මෙ එස වානරො, අහමස‍්ස පිට‍්ඨෙ නිසීදිත්‍වා විචරිං, අයං මෙ පානීයඝටං ආහරි, වසනට‍්ඨානං සම‍්මජ‍්ජි, ආභිසමාචාරිකවත‍්තපටිවත‍්තං මම අකාසි, අහං පන අත‍්තනො දුබ‍්බලචිත‍්තතාය අස‍්ස මංසං ඛාදිත්‍වා චම‍්මං සුක‍්ඛාපෙත්‍වා අත්‍ථරිත්‍වා නිසීදාමි චෙව නිපජ‍්ජාමි ච, එවං බහූපකාරො එස මය‍්හ”න‍්ති. ඉති සො තෙසං වාදෙ භින්‍දනත්‍ථාය වානරචම‍්මෙ වානරවොහාරං ආරොපෙත්‍වා තං තං පරියායං සන්‍ධාය ඉමං කථං කථෙසි. සො හි තස‍්ස නිවුත්‍ථපුබ‍්බත‍්තා “පිට‍්ඨෙ නිසීදිත්‍වා විචරි”න‍්ති ආහ; තං අංසෙ කත්‍වා පානීයඝටස‍්ස ආහටපුබ‍්බත‍්තා “පානීයඝටං ආහරී”ති ආහ; තෙන චම‍්මෙන භූමියං සම‍්මට‍්ඨපුබ‍්බත‍්තා “වසනට‍්ඨානං සම‍්මජ‍්ජී”ති ආහ; නිපන‍්නකාලෙ තෙන චම‍්මෙන පිට‍්ඨියා, අක‍්කන‍්තකාලෙ පාදානං ඵුට‍්ඨපුබ‍්බත‍්තා “වත‍්තපටිවත‍්තං මෙ අකාසී”ති ආහ. ඡාතකාලෙ පන තස‍්ස මංසං ලභිත්‍වා ඛාදිතත‍්තා “අහං පන අත‍්තනො දුබ‍්බලචිත‍්තතාය තස‍්ස මංසං ඛාදි”න‍්ති ආහ.

ඉක්බිති ඔහු උයන්පල්ලා දැක, වේගයෙන් ගොස් රජුට දැනුම් දුන්නේය. රජු අසා, හටගත් සොම්නස් ඇත්තේ ඒ ඇමතියන් රැගෙන එතැනට ගොස් බෝසතුන් වැඳ, හිඳ පිළිසඳර කථා කිරීමට පටන් ගත්තේය. බෝසත් තෙම ඔහු සමග සතුටු නොවී වඳුරු සම ම පිරිමැද්දේය. ඉක්බිති ඔහු මෙසේ කීවේය. ස්වාමීනි, නුඹ මා සමග කථා නොකොට, වඳුරු සම ම පිරිමදිහි. මේ වඳුරා විසින් ඔබට කවර ආකාර උපකාරයක් කරන ලදද? එසේය මහරජ, මට බොහෝ උපකාර ඇත. මම ඔහුගේ පිටේ හිඳ ඇවිද්දෙමි. ඔහු මට වතුර ගෙනත් දුන්නේය. මා වසන තැන හැමැන්දේය. ආභිසමාචාරික වත් පිළිවෙත් ද මට කෙළේය. මම තමාගේ දුර්වල සිත නිසා උගේ මස් කා, සම වියලා අතුරා හිඳිමි. නැතහොත් හොවා සිටිමි. එය මට මෙසේ බොහෝ උපකාරයයි ඔහු ඔවුන්ගේ වාදයන් බිඳීම පිණිස වානර සම මෙන්, වඳුරා ම, වඳුරු ව්‍යවහාරය නංවා ඒ ඒ පිළිවෙල මාරුකිරීම සඳහා මේ කථාව කීවේය. ඔහු ඔහුගේ නැවතුමට පෙර පිටෙහි හිඳුවා හැසිරේ යයි කීවේය. එය අංශයෙහි තබා පැන්කළය ගෙන එන බැවින් පැන්කළය ගෙනාවේ යයි කීවේය. ඒ සමින් බිම සම මට්ටම් කිරීමට වසන තැන අතුගෑවේ යයි කීවේය. හෝනා කල්හි ඒ සමෙන් පිට මඩින කල්හි පා ස්පර්ශ කිරීමෙන් මට වත් පිළිවෙත් කළේ යයි කීවේය. බඩගිනි ඇති කල්හි ඔහුගේ මස් ලැබ කෑ බැවින් මා වනාහි තමන්ගේ සිත දුර්වල නිසාවෙන් මස් කෑවේ යයි කීවේය.

තං සුත්‍වා තෙ අමච‍්චා “පාණාතිපාතො තෙන කතො”ති සඤ‍්ඤාය “පස‍්සථ, භො, පබ‍්බජිතස‍්ස කම‍්මං, මක‍්කටං කිර මාරෙත්‍වා මංසං ඛාදිත්‍වා චම‍්මං ගහෙත්‍වා විචරතී”ති පාණිං පහරිත්‍වා පරිහාසමකංසු. මහාසත‍්තො තෙ තථා කරොන‍්තෙ දිස‍්වා “ඉමෙ අත‍්තනො වාදභෙදනත්‍ථාය මම චම‍්මං ආදාය ආගතභාවං න ජානන‍්ති, ජානාපෙස‍්සාමි නෙ”ති අහෙතුකවාදිං තාව ආමන‍්තෙත්‍වා පුච‍්ඡි – “ආවුසො, ත්‍වං කස‍්මා මං පරිහසසී”ති? “මිත‍්තදුබ‍්භිකම‍්මස‍්ස චෙව පාණාතිපාතස‍්ස ච කතත‍්තා”ති. තතො මහාසත‍්තො “යො පන ගතියා චෙව දිට‍්ඨියා ච තෙ සද‍්දහිත්‍වා එවං කරෙය්‍ය, තෙන කිං දුක‍්කට”න‍්ති තස‍්ස වාදං භින්‍දන‍්තො ආහ –

ඒ අසා ඒ ඇමතියෝ ප්‍රාණඝාතයක් ඔහු විසින් කරන ලද්දේ යන හැඟීමෙන් බලවු, පැවිද්දාගේ ක්‍රියාව, වඳුරා පවා මරා මස් කා සම ගෙන හැසිරේ යයි, අතින් ගසා අපහාස කළහ. බෝසත්හු ඔවුන් එසේ කරනවා දැක, මොවුහු තමන්ගේ කථාව බිඳවීම සඳහා මගේ සම ගෙන පැමිණි බව නොදනිත්. දන්වන්නෙමියි, ඔවුන්ට, අහේතුකවාදියා අමතා විචාළේය. ඇවැත්නි, නුඹ කුමක් නිසා මං පරිහාස කරහිදැයි මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් ද ප්‍රාණඝාතයක් ද කරන ලද නිසාවෙනි. ඉක්බිති බෝසත් තෙම යමෙක් ගතියෙන් ද, දැකීමෙන් ද එය අදහා එසේ කරන්නේය. ඔහු විසින් කුමන නපුරු ක්‍රියාවක් කරන ලද්දේදැයි ඔහුගේ විවාදය බිඳිමින් කීවේ ය.

“උදීරණා චෙ සංගත්‍යා, භාවායමනුවත‍්තති; අකාමා අකරණීයං වා, කරණීයං වාපි කුබ‍්බති; අකාමකරණීයම‍්හි, ක්‍විධ පාපෙන ලිප‍්පති.

ලෝ වැසියන් එක්වීමෙන් හා ස්වභාවයෙන්, ඒ ඒ තන්හි සැප දුක් විඳින්නේ, නො කැමැත්තෙන් වුව ද, නො කටයුතු පාප කර්මයක් හෝ කළයුතු කුශල කර්මයක් හෝ කෙරෙයි යනු තොපගේ කීම නම්, මෙසේ නො කැමැත්තෙන් ස්වාභාවිකව කරන මේ ක්‍රියාවෙහි කවර නම් පාප කර්මයෙක් බැඳේ ද?

“සො චෙ අත්‍ථො ච ධම‍්මො ච, කල්‍යාණො න ච පාපකො; භොතො චෙ වචනං සච‍්චං, සුහතො වානරො මයා.

තොප විසින් පවසන ලද ඒ අර්ථය ද ධර්මය ද (අහේතුකවාදය) යහපත් වේ නම්, ලාමක නොවේ නම්, යුෂ්මතාගේ වචනය සත්‍ය වේ නම්, ඒ වානරයා මා විසින් නසන ලද්දේය. එහි ලා මගේ වරද කුමක් ද?

“අත‍්තනො චෙ හි වාදස‍්ස, අපරාධං විජානියා; න මං ත්‍වං ගරහෙය්‍යාසි, භොතො වාදො හි තාදිසො”ති.

ඉදින් තමාගේ වාදයෙහි අපරාධය දන්නෙහි නම්, නුඹ මට නො ගරහන්නේ ය. භවත්හු එබඳු වේ.

තත්‍ථ උදීරණාති කථා. සංගත්‍යාති සංගතියා ඡන‍්නං අභිජාතීනං තං තං අභිජාතිං උපගමනෙන. භාවායමනුවත‍්තතීති භාවෙන අනුවත‍්තති, කරණත්‍ථෙ සම‍්පදානං. අකාමාති අකාමෙන අනිච‍්ඡාය. අකරණීයං වා කරණීයං වාපීති අකත‍්තබ‍්බං පාපං වා කත‍්තබ‍්බං කුසලං වා. කුබ‍්බතීති කරොති. ක්‍විධාති කො ඉධ. ඉදං වුත‍්තං හොති – ත්‍වං අහෙතුකවාදී “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සංකිලෙසායා”තිආදිදිට‍්ඨිකො, අයං ලොකො සංගතියා චෙව සභාවෙන ච අනුවත‍්තති පරිණමති, තත්‍ථ තත්‍ථ සුඛදුක‍්ඛං පටිසංවෙදෙති. අකාමකොව පාපං වා පුඤ‍්ඤං වා කරොතීති වදසි, අයං තව උදීරණා සචෙ තථා, එවං සන‍්තෙ අකාමකරණීයස‍්මිං අත‍්තනො ධම‍්මතාය පවත‍්තමානෙ පාපෙ කො ඉධ සත‍්තො පාපෙන ලිප‍්පති, සචෙ හි අත‍්තනා අකතෙන පාපෙන ලිප‍්පති, න කොචි න ලිප‍්පෙය්‍යාති.

එහි උදීරිණා යනු කථාවෙහි සංගහත්‍යා යනු ස්වභාවයයි. වසන ලද විශේෂ ජාතින්ගේ ඒ ඒ ජාතිවල ආ ස්වභාවයයි. භාවායමනුවත්තති යනු ස්වභාවයෙන් අනුව පැවතීමයි. කරණාර්ථයෙහි සම්ප්‍රදානයි. අකාමා යනු අකමැත්තෙන් නිශ්චය නොකර, අකරණීයංවා යනු නොකළ යුතු පාප කර්මයක් කරණීයංවා යනු කුසල් කළයුතු, කුබ්බති යනු කරයි යනු අර්ථයි. කවිධා යනු මෙලොව කවරෙක් මෙය කියන ලද්දේ වෙයිද? නුඹ අහේතුවාදියෙකි. හේතුවක් නැත. ඵලයක් නැත. සත්ත්වයන්ගේ අපිරිසිදු නැත ආදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ මේ ලෝකය ස්වභාවයෙන් ගතියෝ අනුව පවතියි. පරිණාම වේ. ඒ ඒ තැන සුවදුක් අනුභව කරයි යනු කැමැත්ත රහිතව පව් හෝ පින් කරයි යයි, කියහි. මේ ඔබේ වදනින් ඉදින් එසේ මෙසේ ඇතිකල්හි නොකැමැත්තේ කරන කල්හි තමන්ගේ ධර්මතාවයෙන් පවත්නා කල්හි මෙලොව පාපකාරී සත්ත්වයා පාපයෙන් ඇලෙයි. ඉදින් තමා විසින් නො කරන ලද පාපය නිසාවෙන් කිසිවෙක් නො ඇලෙයි. නො ඇලෙන්නේය.

සො චෙති සො අහෙතුකවාදසඞ‍්ඛාතො තව භාසිතත්‍ථො ච අත්‍ථජොතකො ධම‍්මො ච කල්‍යාණො න ච පාපකො. “අහෙතූ අප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති, සුඛදුක‍්ඛං පටිසංවෙදියන‍්තී”ති ඉදං භොතො වචනං සච‍්චං චෙ, සුහතො වානරො මයා, කො එත්‍ථ මම දොසොති අත්‍ථො. විජානියාති, සම‍්ම, සචෙ හි ත්‍වං අත‍්තනො වාදස‍්ස අපරාධං ජානෙය්‍යාසි, න මං ගරහෙය්‍යාසි. කිංකාරණා? භොතො වාදො හි තාදිසො, තස‍්මා අයං මම වාදං කරොතීති මං පසංසෙය්‍යාසි, අත‍්තනො පන වාදං අජානන‍්තො මං ගරහසීති.

සො චෙ පින්වත, තොප තොපගේ අහේතුකවාදී සංඛ්‍යාත අර්ථය ද තදර්ථ ජෙතකසංගති භාවය ද, ධර්මය ද, යහපත් වී නම්, ලාමක නොවී නම්, කල්‍යාණෙ වෙ න පාපකෙ කල්‍යාණ වී නම්, යහපත් වී නම්, ලාමක නොවී නම්, හෙවත් අහේතුක ප්‍රත්‍යයෙන් සත්ත්වයන් කිලිටු වන්නේය. කාරණයක් නැතිව ම සුව දුක් විඳින්නේ යයි කියන ලද තාගේ වචනය සත්‍ය වී නම්, සුභතො වානරො මයා මා විසින් මනාකොට වානරයා මරණ ලද්දේ නම් වේ. විජානියා ඉදින් තොප තොප ගේ විරෝධී වූ වාදයේ අපරාධය දන්නේ වී නම් ඔබ මට ගර්හා නො කරන්නේය. කවර හෙයින්ද? භොතො වාදොහි තාදිසො එහෙයින් දැන් තෝ මෙතෙම මගේ වාදය පිළිපදින්නේ යයි මට ප්‍රශංසා කිරීම වටනේය. තමන් ගේ වාදය තමන් ම නො දක්නා හෙයින් මට ගරහයි.

එවං මහාසත‍්තො තං නිග‍්ගණ‍්හිත්‍වා අප‍්පටිභාණං අකාසි. සොපි රාජපරිසති මඞ‍්කුභූතො පත‍්තක‍්ඛන්‍ධො නිසීදි. මහාසත‍්තොපි තස‍්ස වාදං භින්‍දිත්‍වා ඉස‍්සරකතවාදිං ආමන‍්තෙත්‍වා “ත්‍වං, ආවුසො, මං කස‍්මා පරිහසසි, යදි ඉස‍්සරනිම‍්මිතවාදං සාරතො පච‍්චෙසී”ති වත්‍වා ආහ –

මෙසේ මහසත්ත්වයාණෝ, ඔහුට නිග්‍රහ කොට නිහඬ කෙළේය. ඔහු ද, රාජපිරිස් මැද උකටලී වූයේ, බිම බලාගෙන ම හුන්නේය. බෝසත්හු ද ඔහුගේ වාදය බිඳ ඊශ්වර නිර්මාණවාදියා අමතා ඇවැත්නි, නුඹ මට කවරක් නිසා පරිහාස කරහි ද? ඉදින් ඊශ්වර නිර්මාණවාදය හරයෙන් තොරයයි කියා මෙසේ කීවේය.

“ඉස‍්සරො සබ‍්බලොකස‍්ස, සචෙ කප‍්පෙති ජීවිතං; ඉද‍්ධිං බ්‍යසනභාවඤ‍්ච, කම‍්මං කල්‍යාණපාපකං; නිද‍්දෙසකාරී පුරිසො, ඉස‍්සරො තෙන ලිප‍්පති.

යම් ඊශ්වරයෙක් ලොව මවයි ද? ලෝකයාගේ පැවැත්ම සංවිධානය කෙරේ ද? දියුණුව හා පිරිහීමත් කරන්නේ ද? කුශල හා අකුශල කර්ම කරන්නේ ද? ඒ ක්‍රියාව කරන පුද්ගලයා ඊශ්වරයාගේ අණ ඉටු කරන්නෙකි. ඒ පාපකර්මය ඊශ්වරයා සතු ය. මා සතු නො වේ.

“සො චෙ අත්‍ථො ච ධම‍්මො ච, කල්‍යාණො න ච පාපකො; භොතො චෙ වචනං සච‍්චං, සුහතො වානරො මයා.

තොප විසින් ප්‍රකාශ කරන ඒ ඊශ්වර නිර්මාණවාදය යහපත් නම් සත්‍ය නම්, අලාමක නම් භවත්හු ගේ වචනය සත්‍ය නම්, ඒ වානරයා මා විසින් මරන ලද්දේ ය. (එය ඊශ්වරයාගේ අණ පිළිපැදීමකි.)

“අත‍්තනො චෙ හි වාදස‍්ස, අපරාධං විජානියා; න මං ත්‍වං ගරහෙය්‍යාසි, භොතො වාදො හි තාදිසො”ති.

ඉදින් ඔබ ඔබ ගේ වාදය දනී නම්, වාදයාගේ දෝෂය දනී නම් ඔබ මට ගරහන්නේ නො වේ. ඔබගේ වාදය එබඳුය.

තත්‍ථ කප‍්පෙති ජීවිතන‍්ති සචෙ බ්‍රහ‍්මා වා අඤ‍්ඤො වා කොචි ඉස‍්සරො “ත්‍වං කසියා ජීව, ත්‍වං ගොරක‍්ඛෙනා”ති එවං සබ‍්බලොකස‍්ස ජීවිතං සංවිදහති විචාරෙති. ඉද‍්ධිං බ්‍යසනභාවඤ‍්චාති ඉස‍්සරියාදිභෙදා ඉද‍්ධියො ච ඤාතිවිනාසාදිකං බ්‍යසනභාවඤ‍්ච සෙසඤ‍්ච කල්‍යාණපාපකං කම‍්මං සබ‍්බං යදි ඉස‍්සරොව කප‍්පෙති කරොති. නිද‍්දෙසකාරීති යදි තස‍්ස නිද‍්දෙසං ආණත‍්තිමෙව සෙසො යො කොචි පුරිසො කරොති, එවං සන‍්තෙ යො කොචි පුරිසො පාපං කරොති, තස‍්ස ඉස‍්සරෙන කතත‍්තා ඉස‍්සරොව තෙන පාපෙන ලිප‍්පති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං. යථා ච ඉධ, එවං සබ‍්බත්‍ථ.

එහි කප්පෙති ජීවිතං යනු ඉදින් බ්‍රහ්මයා හෝ අන් කිසි ඊශ්වරයෙක් හෝ නුඹ කෘෂිකර්මයෙන් ජීවත්වන්න. ගවයන් රැකීමෙන් හෝ ජීවත්වන්න. මෙසේ මුළු ලෝවැසියාගේ ජීවිත සංවිධානය කරයි. විචාරයි. ඉද්ධිං බ්‍යසන භාවඤ්ච යනු ඓශ්වර්ය ප්‍රභේද සැපය ද, ඤාති ව්‍යඤ්ජනාදි භාවය ද, අවශේෂ කුසලාකුසල කර්මයන් ද යන සියල්ල ඊශ්වරයා ම කරයි. ඊශ්වරයාට ම කැපය. නිද්දෙසකාරී යනු ඔහුගේ නිර්දේශය අණ කරද්දී ම සෙසු කිසියම් මිනිසකු, එසේ ඇතිකල්හි යම් කිසිවෙක් පව්කම් කරයි ද? ඒ ඊශ්වරයා විසින් කරන ලද බැවින් ඊශ්වරයා ම ඒ පාපයෙන් ඇලෙයි. සෙස්ස පළමු ආ නියමයෙන් ම දතයුතුයි. යම්සේ මෙහිම සියල්ල පවතියි.

ඉති සො අම‍්බතොව මුග‍්ගරං ගහෙත්‍වා අම‍්බං පාතෙන‍්තො විය ඉස‍්සරකරණෙනෙව ඉස‍්සරකතවාදං භින්‍දිත්‍වා පුබ‍්බෙකතවාදිං ආමන‍්තෙත්‍වා “ත්‍වං, ආවුසො, මං කිං පරිහසසි, යදි පුබ‍්බෙකතවාදං සච‍්චං මඤ‍්ඤසී”ති වත්‍වා ආහ –

මෙසේ අඹගසින් ම මුගුරක් ගෙන අඹ කඩන්නාක් මෙන් ඊශ්වර දර්ශනය විසින් ම ඊශ්වර ධර්මය බිඳ පුබ්බෙකත හේතුවාද අමතා “ඇවැත්නි, මට හිනාවන්නෙහි ඉදින් පුබ්බේකත හේතුවාදය සත්‍යයක්” යයි හඟියි ද යයි කියා මේ ගාථාව කියයි.

“සචෙ පුබ‍්බෙකතහෙතු, සුඛදුක‍්ඛං නිගච‍්ඡති; පොරාණකං කතං පාපං, තමෙසො මුච‍්චතෙ ඉණං; පොරාණක ඉණමොක‍්ඛො, ක්‍විධ පාපෙන ලිප‍්පති.

සත්ත්වයා පෙර කළ කර්ම හේතුවෙන් ම සුව දුක් දෙකට පැමිණෙයි ද? පෙර කරන ලද පව්කම් ඒ ණය (මෙලොවදී) මුදා හරියි ද? එසේ නම් මා විසින් වඳුරා මැරීම පුරාණයෙන් මිදීම වේ. එසේ ඇතිකල්හි මෙහිලා කවරෙක් පාප කර්මයෙන් බැඳේ ද?

“සො චෙ අත්‍ථො ච ධම‍්මො ච, කල්‍යාණො න ච පාපකො; භොතො චෙ වචනං සච‍්චං, සුහතො වානරො මයා.

තොප විසින් පවසන හේතුඵලවාදී අර්ථය ද ධර්මය ද යහපත් වේ නම්, අලාමක වේ නම්, ඔබගේ වචනය සත්‍ය වේ නම්, ඒ වානරයා මා විසින් මනාව නසන ලද්දේ ද? එහිලා වරද කුමක් ද?

“අත‍්තනො චෙ හි වාදස‍්ස, අපරාධං විජානියා; න මං ත්‍වං ගරහෙය්‍යාසි, භොතො වාදො හි තාදිසො”ති.

ඉදින් තමාගේ වාදයෙහි වැරැද්ද දෝෂය දන්නේ නම් මට නො ගරහන්නෙහිය. තොපගේ වාදය එබඳුය. (තාපසයා කීය.)

තත්‍ථ පුබ‍්බෙකතහෙතූති පුබ‍්බකතහෙතු පුරිමභවෙ කතකම‍්මකාරණෙනෙව. තමෙසො මුච‍්චතෙ ඉණන‍්ති යො වධබන්‍ධාදීහි දුක‍්ඛං පාපුණාති, යදි සො යං තෙන පොරාණකං කතං පාපං, තං ඉදානි ඉණං මුච‍්චති, එවං සන‍්තෙ මමපි එස පොරාණකඉණතො මොක‍්ඛො, අනෙන හි මක‍්කටෙන පුබ‍්බෙ පරිබ‍්බාජකෙන හුත්‍වා අහං මක‍්කටො සමානො මාරෙත්‍වා ඛාදිතො භවිස‍්සාමි, ස‍්වායං ඉධ මක‍්කටත‍්තං පත‍්තො මයා පරිබ‍්බාජකත‍්තං පත‍්තෙන මාරෙත්‍වා ඛාදිතො භවිස‍්සති, කො ඉධ පාපෙන ලිප‍්පතීති.

එහි පුබ්බෙකතහෙතු යනු පෙර භවයන්හි කරන ලද කර්ම හේතුවෙන්ම. තමෙසො මුඤ්චතෙඉණං යනු යමෙක් වද බන්ධනාදියෙන් දුකට පැමිණේ ද, ඉදින් හේ, යම්බඳු ඔහු විසින් කරන ලද. පෞරාණික පාපකර්මයන්ගේ ණය දැන් මුදවාලයි. එසේ ඇතිකල්හි මේ මගේ ද පරණ ණයකි. අද එයින් මිදුනේ වෙයි. මේ වඳුරා පෙර ජාතියෙහි පරිබ්‍රාජකයෙක්ව සිට, ඒ ජාතියේ වඳුරකුව උපන් මා මරා කන ලද්දේය. ඒ මම මේ ආත්මයේ පරිබ්‍රාජකව සිට, මේ වඳුරා මරණයට පත් කළෙමි. අප දෙපක්‍ෂයෙන් කවුරුනම් මේ පාපයෙන් පාපී වේ ද? කාට නම් පව පැවරේද? මෙලොව කවරෙක් පාපයෙන් ඇලෙයි ද?

ඉති සො තස‍්සපි වාදං භින්‍දිත්‍වා උච‍්ඡෙදවාදිං අභිමුඛං කත්‍වා “ත්‍වං, ආවුසො, ‘ඉත්‍ථි දින‍්න’න‍්තිආදීනි වත්‍වා ‘ඉධෙව සත‍්තා උච‍්ඡිජ‍්ජන‍්ති, පරලොකං ගතා නාම නත්‍ථී’ති මඤ‍්ඤමානො කස‍්මා මං පරිහසසී”ති සන‍්තජ‍්ජෙත්‍වා ආහ –

මෙසේ හෙතෙම වාදය බිඳ උච්ඡේදවාදියා අභිමුඛ කොට ඇවැත්නි, නුඹ දුන් දෙයෙහි විපාක නැත ආදිය කියා මෙහිදී ම සත්ත්වයන් සිඳ දමන්නෙහිය. පරලොව යන කෙනෙක් නම් නැතැයි සිතන්නේය. එහෙයින් මට අපහාස පිණිස සිනහ වන්නේ දැයි තර්ජනය කොට මෙසේ කීවේය.

“චතුන‍්නංයෙවුපාදාය, රූපං සම‍්භොති පාණිනං; යතො ච රූපං සම‍්භොති, තත්‍ථෙවානුපගච‍්ඡති; ඉධෙව ජීවති ජීවො, පෙච‍්ච පෙච‍්ච විනස‍්සති.

සතර මහා භූතයන් කරණකොට ගෙන සත්ත්වයන්ට රූපාදිය ලැබෙත්. යමකින් රූපය හටගනීද, (කාලක්‍රියා කාලයෙහි) යළි එහිම එළඹෙයි. මෙලොව උපන් සත්ත්වයා මෙලොව ජීවත් වෙයි. පරලොව උපන් සත්ත්වයා ගති වසයෙන් මෙලොවට නො පැමිණ එහිම විනාශ වෙයි.

“උච‍්ඡිජ‍්ජති අයං ලොකො, යෙ බාලා යෙ ච පණ‍්ඩිතා; උච‍්ඡිජ‍්ජමානෙ ලොකම‍්හි, ක්‍විධ පාපෙන ලිප‍්පති.

මේ ලෝකය තෙමේ ම විනාශ වෙයි. බාලයෝ ද පණ්ඩිතයෝ ද විනාශ වෙති. මෙසේ ලොව විනාශයට පත්වන කල්හි කවරෙක් නම් පාප කර්මයෙන් බැඳේ ද?

“සො චෙ අත්‍ථො ච ධම‍්මො ච, කල්‍යාණො න ච පාපකො; භොතො චෙ වචනං සච‍්චං, සුහතො වානරො මයා.

තොප විසින් පවසන ඒ උච්ඡේදවාදය යහපත් වේ නම්, අලාමක වේ නම්. නිවරද වේ නම්, සත්‍ය වේ නම්, ඒ වානරයා මා විසින් මරණ ලද්දේ එහිලා මාගේ වරද කුමක් ද?

“අත‍්තනො චෙ හි වාදස‍්ස, අපරාධං විජානියා; න මං ත්‍වං ගරහෙය්‍යාසි, භොතො වාදො හි තාදිසො”ති.

ඉදින් ඔබ ඔබ ගේ වාදය දනී නම්, වාදයාගේ දෝෂය දනී නම් ඔබ මට ගරහන්නේ නො වේ. ඔබගේ වාදය එබඳුය.

තත්‍ථ චතුන‍්නන‍්ති පථවීආදීනං භූතානං. රූපන‍්ති රූපක‍්ඛන්‍ධො. තත්‍ථෙවාති යතො තං රූපං සම‍්භොති, නිරුජ‍්ඣනකාලෙපි තත්‍ථෙව අනුපගච‍්ඡති. ඉමිනා තස‍්ස “චාතුමහාභූතිකො අයං පුරිසො යදා කාලං කරොති, තදා පථවී පථවීකායං අනුපෙති අනුපගච‍්ඡති, ආපො… තෙජො… වායො වායොකායං අනුපෙති අනුපගච‍්ඡති, ආකාසං ඉන්‍ද්‍රියානි සඞ‍්කමන‍්ති, ආසන්‍ධිපඤ‍්චමා පුරිසා මතං ආදාය ගච‍්ඡන‍්ති, යාව ආළාහනා පදානි පඤ‍්ඤායන‍්ති, කාපොතකානි අට‍්ඨීනි භවන‍්ති, භස‍්මන‍්තා ආහුතියො , දත‍්තුපඤ‍්ඤත‍්තං යදිදං දානං, තෙසං තුච‍්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්‍ථිකවාදං වදන‍්ති, බාලෙ ච පණ‍්ඩිතෙ ච කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජන‍්ති විනස‍්සන‍්ති, න හොන‍්ති පරං මරණා”ති ඉමං දිට‍්ඨිං පතිට‍්ඨාපෙසි. ඉධෙවාති ඉමස‍්මිංයෙව ලොකෙ ජීවො ජීවති. පෙච‍්ච පෙච‍්ච විනස‍්සතීති පරලොකෙ නිබ‍්බත‍්තො සත‍්තො ගතිවසෙන ඉධ අනාගන‍්ත්‍වා තත්‍ථෙව පරලොකෙ විනස‍්සති උච‍්ඡිජ‍්ජති. එවං උච‍්ඡිජ‍්ජමානෙ ලොකස‍්මිං කො ඉධ පාපෙන ලිප‍්පතීති.

එහි චතුන්නං යනු පඨවි ආදි සතරමහා භූතයන්ය. රූප යනු රූපස්කන්ධයයි. තත්‍ථෙව යනු යම්හෙයකින් ඒ රූපය හටගනියිද එය නිරුද්ධවන කල්හි ද, එය ම විනාශ වෙයි. මෙයින් ඒ සතරමහා භූතයන්ගෙන් යුතු මේ මිනිසා යම්කලෙක කළුරිය කරයිද, පඨවි ධාතුව, පඨවි කයට එක්වේ. එය අනුව යයි. ආපෝ, තේජෝ, වායෝ ධාතු ද, ඒ ඒ ධාතූන්ට එක් වේ. එය අනුව යයි. ආකාශ ඉන්‍ද්‍රියන් ද, ගමන් කරයි. මිනීපෙට්ටිය සහිත දෙන මිනිස්සු පස්දෙනෙකු මෘතදේහය රැගෙන යති. යම්තාක් සොහොන දක්වා ගෙන ගියා වූ සත්ත්වයන්ගේ පියවර සටහන් පෙනෙන්නේය. ආදාහන කෘත්‍යයෙන් පසු පරෙවි ඇට සේ, මිනිස් ඇට පමණක් සේසව අළු කෙළවර කොට පවතී. යම් කෙනෙක් දෙන ලද දානයාගේ විපාකයක් ඇතැයි කියන්නේ නම්, එය මුසාවකි. හිස් ප්‍රලාපයකි. බාලයෝ ද පණ්ඩිතයෝ ද මරණින් පසු විනාශ වෙති. නැවත උත්පත්තියක් නැත යන මේ අර්ථය දෘෂ්ටිය තොප විසින් පිහිටුවන ලදි. ඉධෙවා යනු මේ ලෝකයේ ම ජීවත්වූයේ වෙයි යනුයි. පෙච්ච පෙච්ච විනස්සති යනු පරලොව දී උපන් සත්ත්වයේ ජාති ස්වභාව වශයෙන් මෙහි නොපැමිණි ඒ පරලොව දී විනාශ වන්නේය. සිඳී බිඳී යන්නේය. මෙසේ විනාශවන ලෝකයෙහි කවරෙක් පාපයේ ඇලේද යනුයි.

ඉති සො තස‍්සපි වාදං භින්‍දිත්‍වා ඛත‍්තවිජ‍්ජවාදිං ආමන‍්තෙත්‍වා “ත්‍වං, ආවුසො, ‘මාතාපිතරොපි මාරෙත්‍වා අත‍්තනො අත්‍ථො කාතබ‍්බො’ති ඉමං ලද‍්ධිං උක‍්ඛිපිත්‍වා විචරන‍්තො කස‍්මා මං පරිහසසී”ති වත්‍වා ආහ –

මෙසේ ඔහු ඔහු ගේ වාද බිඳ දමා ශස්ත්‍ර විද්‍යාධරවාදියා අමතා ඇවැත්නි, නුඹ මව්පියන් වුව ද, මරා තමන්ගේ කර්තව්‍යය කළයුතුයයි මේ ලබ්ධිය ඔසවා තබා හැසිරෙමින් කුමක් නිසා මට අපහාස කළේදැයි කියා මෙසේ කීවේය.

“ආහු ඛත‍්තවිදා ලොකෙ, බාලා පණ‍්ඩිතමානිනො; මාතරං පිතරං හඤ‍්ඤෙ, අථො ජෙට‍්ඨම‍්පි භාතරං; හනෙය්‍ය පුත‍්තදාරෙ ච, අත්‍ථො චෙ තාදිසො සියා”ති.

රාජ්‍යපාලන විද්‍යාධාරීහු ලෝකයේ අඥානයෝ ය. පණ්ඩිතමානීහුය. කීවාහුය. මව්පියන් ද නසා, නැතහොත් ජ්‍යෙෂ්ඨ සොයුරා හෝ නසා, තමන්ගේ අඹුදරුවන් නසා හෝ තමන්ගේ අර්ථ සිද්ධි සළසා ගතයුතු බව කීවේය.

තත්‍ථ ඛත‍්තවිදාති ඛත‍්තවිජ‍්ජා, අයමෙව වා පාඨො. ඛත‍්තවිජ‍්ජාචරියානං එතං නාමං. බාලා පණ‍්ඩිතමානිනොති බාලා සමානාපි “පණ‍්ඩිතා මයං අත‍්තනො පණ‍්ඩිතභාවං පකාසෙමා”ති මඤ‍්ඤමානා පණ‍්ඩිතමානිනො හුත්‍වා එවමාහු. අත්‍ථො චෙති සචෙ අත‍්තනො යථාරූපො කොචි අත්‍ථො සියා, න කිඤ‍්චි පරිවජ‍්ජෙය්‍ය, සබ‍්බං හනෙය්‍යෙවාති වදන‍්ති, ත්‍වම‍්පි නෙසං අඤ‍්ඤතරොති.

එහි ඛත්තවිධා ඛත්තවිජ්ජා යනු ද පාඨයි. ශස්ත්‍ර විද්‍යාධාරීන්ට මෙය නම් වේ. බාලා පණ්ඩිතමානිනා යනු බාලයෝ ද, පණ්ඩිතයෝ ද සමානය. අපි තමන්ගේ පණ්ඩිත බව ප්‍රකාශ කරන්නෙමුයි සිතන්නේ, පණ්ඩිතමානීව සිට මෙසේ කීවාහුය. අත්‍ථොචෙ යනු ඉදින් තමන්ගේ එබඳු ආකාර බව, කිසියම් අර්ථයක් ඇද්ද කිසිවක් නැද්ද දුරුකළ යුතු වන්නේය. සියල්ලෝ විනාශ කළයුතුයයි කියත්. නුඹ ද ඔවුන්ගෙන් එක් අයෙකි.

එවං තස‍්ස ලද‍්ධිං පතිට‍්ඨපෙත්‍වා අත‍්තනො ලද‍්ධිං පකාසෙන‍්තො ආහ –

මෙසේ ඔහුගේ ලබ්ධිය (වැලඳගැනීම) පිහිටුවා තමන්ගේ ඇදහීම ප්‍රකාශ කරමින් මෙසේ කීවේය.

“යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය, නිසීදෙය්‍ය සයෙය්‍ය වා; න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය, මිත‍්තදුබ‍්භො හි පාපකො.

යම් ගසෙක සෙවනැල්ලේ හිඳින්නේ හෝ සයනය කරන්නේ ඒ ගසේ අතු නොබිඳිය යුතුය. මිත්‍රද්‍රෝහීකම ලාමක, පාපී ක්‍රියාවක් වේද එහෙයිනි.

“අථ අත්‍ථෙ සමුප‍්පන‍්නෙ, සමූලමපි අබ‍්බහෙ; අත්‍ථො මෙ සම‍්බලෙනාපි, සුහතො වානරො මයා.

ඉදින් අර්ථ සිද්ධියක් හටගත් සහමුලින්ම උදුරන්නේය යන කීමක් ඇත. මා විසින් වඳුරා නසන ලදී යන දෙය ද සියලු දේ අතර මට මාර්ගෝපකරණයන්ගෙන් මට අර්ථ සිද්ධිය වන නිසාය.

“සො චෙ අත්‍ථො ච ධම‍්මො ච, කල්‍යාණො න ච පාපකො; භොතො චෙ වචනං සච‍්චං, සුහතො වානරො මයා.

ඒ මිත්‍ර ද්‍රෝහිත්වය පිළිබඳ කීම අර්ථ සහිතත් වේ නම්, දැහැමින් වේ නම්, යහපතුත් වේ නම්, අලාමකත් වේ නම්, පින්වතාගේ කීම සත්‍ය නම්, ඒ වානරයා නැසීම පිළිබඳව මාගේ වරද කුමක්ද?

“අත‍්තනො චෙ හි වාදස‍්ස, අපරාධං විජානියා; න මං ත්‍වං ගරහෙය්‍යාසි, භොතො වාදො හි තාදිසො”ති.

ඉදින් ඔබ ඔබ ගේ වාදය දනී නම්, වාදයාගේ දෝෂය දනී නම් ඔබ මට ගරහන්නේ නො වේ. ඔබගේ වාදය එබඳුය.

තත්‍ථ අම‍්භො ඛත‍්තවිද අම‍්හාකං පන ආචරියා එවං වණ‍්ණයන‍්ති. අත‍්තනා පරිභුත‍්තච‍්ඡායස‍්ස රුක‍්ඛස‍්සපි සාඛං වා පණ‍්ණං වා න භඤ‍්ජෙය්‍ය. කිංකාරණා ? මිත‍්තදුබ‍්භො හි පාපකො. ත්‍වං පන එවං වදෙසි – “අථ අත්‍ථෙ සමුප‍්පන‍්නෙ සමූලමපි අබ‍්බහෙ”ති, මම ච පාථෙය්‍යෙන අත්‍ථො අහොසි, තස‍්මා සචෙපෙස මයා හතො, තථාපි අත්‍ථො මෙ සම‍්බලෙනාපි, සුහතො වානරො මයා.

එහි පින්වත, ක්‍ෂත්‍රිය විද්‍යාව අපගේ ගුරුවරු මෙසේ වර්ණනා කරත්. තමන් විසින් පරිහරණය කරන ලද සෙවණ ඇති ගසේ අතු කොළ නොකඩන්නේය. මිත්‍රද්‍රෝහී වූ පාපකාරී වූ ඔබ මෙසේ කියහි. අථ අත්‍ථෙ සමුප්පන්නෙ සමූලම්පි අබ්බහෙ යනු මට ද මාර්ගෝපකරණයකින් ප්‍රයෝජන අවශ්‍ය විය. එහෙයින් මා විසින් වඳුරා නසන ලදි. එහි කවර දෝසයක් ද? (එය තොපගෙ දෘෂ්ටියට අනුරූපය.)

එවං සො තස‍්සපි වාදං භින්‍දිත්‍වා පඤ‍්චසු තෙසු අපටිභානෙසු නිසින‍්නෙසු රාජානං ආමන‍්තෙත්‍වා, “මහාරාජ, ත්‍වං ඉමෙ පඤ‍්ච රට‍්ඨවිලොපකෙ මහාචොරෙ ගහෙත්‍වා විචරසි, අහො බාලො, එවරූපානඤ‍්හි සංසග‍්ගෙන පුරිසො දිට‍්ඨධම‍්මිකම‍්පි සම‍්පරායිකම‍්පි මහාදුක‍්ඛං පාපුණෙය්‍යා”ති වත්‍වා රඤ‍්ඤො ධම‍්මං දෙසෙන‍්තො ආහ –

මෙසේ හෙතෙම ඔවුන් පස්දෙනාගේම වාද බිඳ දමා ඔවුන් අතර සිටි රජු අමතා මහරජතුමනි! නුඹ මේ මංපහරණ මහසොරුන් පස්දෙනා ගෙන හැසිරෙයි. මෙබඳු අදහස් පැවැතුම් ඇති අඥානයන් ඇසුරු කරන පුද්ගලයා මෙලොව වශයෙන් ද පරලොව වශයෙන් ද මහ දුකකට පත්වන්නාහු යයි කියා රජුට ධර්මදේශනා කරමින් මෙසේ කීය.

“අහෙතුවාදො පුරිසො, යො ච ඉස‍්සරකුත‍්තිකො; පුබ‍්බෙකතී ච උච‍්ඡෙදී, යො ච ඛත‍්තවිදො නරො.

අහේතුකවාදකවාදී පුරුෂයෙක, ඊශ්වර නිර්මාණවාදියෙක, පුබ්බෙකත හේතු වාදියෙක, උච්ඡේද වාදියෙක, ශස්ත්‍ර විද්‍යා ධාරියෙක යන මොවුන් පස්දෙනෙක්,

“එතෙ අසප‍්පුරිසා ලොකෙ, බාලා පණ‍්ඩිතමානිනො; කරෙය්‍ය තාදිසො පාපං, අථො අඤ‍්ඤම‍්පි කාරයෙ; අසප‍්පුරිසසංසග‍්ගො, දුක‍්ඛන‍්තො කටුකුද්‍රයො”ති.

ඒ අසත්පුරුෂයෝ තමන්ද පව්කම් කරන්නෝය. අනුන් ලවා ද කරවන්නෝය. අසත්පුරුෂ සංසර්ගය දුකකි. කටුක කර්කශ විපාක වැඩෙන්නකි.

තත්‍ථ තාදිසොති, මහාරාජ, යාදිසා එතෙ පඤ‍්ච දිට‍්ඨිගතිකා, තාදිසො පුරිසො සයම‍්පි පාපං කරෙය්‍ය. ය‍්වාස‍්ස වචනං සුණාති, තං අඤ‍්ඤම‍්පි කාරයෙ. දුක‍්ඛන‍්තොති එවරූපෙහි අසප‍්පුරිසෙහි සද‍්ධිං සංසග‍්ගො ඉධලොකෙපි පරලොකෙපි දුක‍්ඛන‍්තො කටුකුද්‍රයොව හොති. ඉමස‍්ස පනත්‍ථස‍්ස පකාසනත්‍ථං “යානි කානිචි, භික‍්ඛවෙ, භයානි උප‍්පජ‍්ජන‍්ති, සබ‍්බානි තානි බාලතො”ති සුත‍්තං (අ· නි· 3.1) ආහරිතබ‍්බං. ගොධජාතක- (ජා· 1.1.138) සඤ‍්ජීවජාතක- (ජා· 1.1.150) අකිත‍්තිජාතකාදීහි (ජා· 1.13.83 ආදයො) චායමත්‍ථො දීපෙතබ‍්බො.

එහි තාදිසො යනු මහරජ, මේ පංච දෘෂ්ටිගතික වූ එබඳු පුරුෂයෝ (පංච ආනන්තරිය කර්ම) තෙමේ ද පව්කම් කරන්නේය. යමෙක් ඔහුගේ වචන අසයි ද, එබඳු වූ අන්‍යයා ද එසේ පව් කරන්නේය. දුක්කටො යනු මෙබඳු ආකාර වූ අසත්පුරුෂයන් සමග එකතුවීම පරලොව ද, මේ ලොව ද දුක්කටොකටුකුද්‍රයො දුක් කටුක කර්කශ වෙයි. මේ අර්ථය ප්‍රකාශ කිරීමට “මහණෙනි, යම් කිසිවකින් යම්කෙනෙකුට බිය උපදිත් ද, ඒ සියල්ලම බාලයා නිසායයි සූත්‍රය ගෙනහැර දැක්වීය. ගෝධ ජාතකය, සංජීව ජාතක, අකිත්තිජාතක ආදියෙහි මේ අර්ථය බබළවා ඇත.

ඉදානී ඔපම‍්මදස‍්සනවසෙන ධම‍්මදෙසනං වඩ‍්ඪෙන‍්තො ආහ –

දැන් උපමා දැක්වීම් වශයෙන් ධර්ම දේශනාව වඩමින් පැවසූහ.

“උරබ‍්භරූපෙන වකස‍්සු පුබ‍්බෙ, අසංකිතො අජයූථං උපෙති; හන‍්ත්‍වා උරණිං අජිකං අජඤ‍්ච, උත්‍රාසයිත්‍වා යෙනකාමං පලෙති.

පෙර වෘකයෙක් නො සැක වූයේ බැටළු හමක් පොරවාගෙන එළු රැළකට පැමිණ තිරළු දෙනක් ද එළු දෙනක් ද එළුවකුද කා කැමති සේ පලා ගියේය.

“තථාවිධෙකෙ සමණබ්‍රාහ‍්මණාසෙ, ඡදනං කත්‍වා වඤ‍්චයන‍්ති මනුස‍්සෙ; අනාසකා ථණ‍්ඩිලසෙය්‍යකා ච, රජොජල‍්ලං උක‍්කුටිකප‍්පධානං; පරියායභත‍්තඤ‍්ච අපානකත‍්තා, පාපාචාරා අරහන‍්තො වදානා.

එබඳු වූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද වෙති. ඔවුහු ආහාර නො බුදිති. ගොඩැලි හිස් බිම්වල නිදති. දූවිලිවලින් යුක්ත වූවාහු උක්කුටිකයෙන් හිඳ තපස් කරති. වාර භෝජනය ද පැන් පානය ද නොකරති. පහත් හැසිරීම ඇති මොවුහු අපි රහතුන් යයි ප්‍රකාශ කරමින් සිවුරු පොරවාගෙන මිනිසුන් රවටත්.

“එතෙ අසප‍්පුරිසා ලොකෙ, බාලා පණ‍්ඩිතමානිනො; කරෙය්‍ය තාදිසො පාපං, අථො අඤ‍්ඤම‍්පි කාරයෙ; අසප‍්පුරිසසංසග‍්ගො, දුක‍්ඛන‍්තො කටුකුද්‍රයො.

මෙබඳු බාල අසත්පුරුෂයෝ ලොව පණ්ඩිත මානීව සිට එබඳු පව්කම් කරන්නෝ ය. අන්‍යයන් ලවා ද කරවන්නෝය. අසත්පුරුෂ සංසර්ගය දුක් කටුක කර්කශ උපද්‍රවයකි.

“යමාහු නත්‍ථි වීරියන‍්ති, අහෙතුඤ‍්ච පවදන‍්ති යෙ; පරකාරං අත‍්තකාරඤ‍්ච, යෙ තුච‍්ඡං සමවණ‍්ණයුං.

යමෙක් ලොව වීර්ය නැතැයි කියත් ද හේතුව ද බැහැර කරයි. අත්තකාර පුරුෂකාර පරාක්‍රමය යමෙක් හිස්යයි වර්ණනා කරත්ද?

“එතෙ අසප‍්පුරිසා ලොකෙ, බාලා පණ‍්ඩිතමානිනො; කරෙය්‍ය තාදිසො පාපං, අථො අඤ‍්ඤම‍්පි කාරයෙ; අසප‍්පුරිසසංසග‍්ගො, දුක‍්ඛන‍්තො කටුකුද්‍රයො.

මෙබඳු අසත්පුරුෂ බාලයෝ ලොව පණ්ඩිත මානීව සිට එබඳු පව්කම් කරන්නේය. අන්‍යයන් ලවා ද පව්කම් කරවන්නේය. ලොව අසත්පුරුෂ සංසර්ගය දුක් කටුක හුලකි.

“සචෙ හි වීරියං නාස‍්ස, කම‍්මං කල්‍යාණපාපකං; න භරෙ වඩ‍්ඪකිං රාජා, නපි යන‍්තානි කාරයෙ.

ඉදින් මෙබඳු වීර්යයක් නො වන්නේ නම්, යහපත් වූ ද, ලාමක වූ ද කර්මයකුත් නො වන්නේ නම්, රජ තෙමේ වඩුවකු පෝෂණය නො කරන්නේය.

“යස‍්මා ච වීරියං අත්‍ථි, කම‍්මං කල්‍යාණපාපකං; තස‍්මා යන‍්තානි කාරෙති, රාජා භරති වඩ‍්ඪකිං.

යම්හෙයකින් වීර්යය ඇත්තේ ද, යහපත් වූ ක්‍රියාවක් ඇත්තේ ද එසේනම් රජු ප්‍රාසාදාදිය කරවයි. වඩුවා ද පෝෂණය කරයි.

“යදි වස‍්සසතං දෙවො, න වස‍්සෙ න හිමං පතෙ; උච‍්ඡිජ‍්ජෙය්‍ය අයං ලොකො, විනස‍්සෙය්‍ය අයං පජා.

ඉදින් වර්ෂ සියයක් වර්ෂාව නොවසින්නේ ද, හිම නොවැටෙන්නේ ය. මේ ලෝකය සිඳී බිඳී යන්නේය. මේ ප්‍රජාව විනාශ වන්නේ ය.

“යස‍්මා ච වස‍්සතී දෙවො, හිමඤ‍්චානුඵුසායති; තස‍්මා සස‍්සානි පච‍්චන‍්ති, රට‍්ඨඤ‍්ච පාලිතෙ චිරං.

යම්හෙයකින් වර්ෂාව වසී ද, හිම ද පැතිරී යයිද? එහෙයින් ශස්‍ය සම්පත් පැසෙයි. චිරාත් කාලයක් රට ද පාලනය වන්නේ ය.

“ගවං චෙ තරමානානං, ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො; සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති, නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.

රූප සම්පන්න වූ තරබාරු ගවයන් අතර, ප්‍රධාන ගවයා ඇදට වක්ව ගමන් කරයි ද? අන් සියල්ලෝ වක් ව ගමන් කරති. ඇදට නො යන කල්හි එසේ නොවේ.

“එවමෙව මනුස‍්සෙසු, යො හොති සෙට‍්ඨසම‍්මතො; සො චෙ අධම‍්මං චරති, පගෙව ඉතරා පජා; සබ‍්බං රට‍්ඨං දුඛං සෙති, රාජා චෙ හොති අධම‍්මිකො.

එපරිදි මිනිසුන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත ද, ඉදින් ඔහු අධර්මයේ හැසිරේ ද, සෙසු ජනතාව ද එසේ ය ඉදින් රජතුමා අධාර්මික වේ නම් සියලු රටවැසියා අධර්මයට පත්ව දුකට පත්වෙති.

“ගවං චෙ තරමානානං, උජුං ගච‍්ඡති පුඞ‍්ගවො; සබ‍්බා ගාවී උජුං යන‍්ති, නෙත‍්තෙ උජුං ගතෙ සති.

ගවයන් සමූහයක් අතරින් ප්‍රධාන ගවයා සෘජුව ගමන් කරයි ද, සියල්ලෝ සෘජුව ගමන් කරති. සෘජුව නොයන කල්හි එසේ නො වේ.

“එවමෙව මනුස‍්සෙසු, යො හොති සෙට‍්ඨසම‍්මතො; සො සචෙ ධම‍්මං චරති, පගෙව ඉතරා පජා; සබ‍්බං රට‍්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම‍්මිකො.

එපරිදි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ සම්මත වූ යමෙක්, ධර්මයේ හැසිරේ ද, සෙසු ජනතාව ද එසේ වේ. ඉදින් රජු ධාර්මික වේද, සියළු රටවැසියා ධාර්මික වේ. මුළු රටම සුවසේ වෙසෙයි.

“මහාරුක‍්ඛස‍්ස ඵලිනො, ආමං ඡින්‍දති යො ඵලං; රසඤ‍්චස‍්ස න ජානාති, බීජඤ‍්චස‍්ස විනස‍්සති.

යමෙක් පලගත් අඹ ගසකින් අමු ගෙඩියක් කඩයි ද, හෙතෙම ඒ ගෙඩියේ රසය නො දනී. ඒ ඵලයෙහි බීජය ද නැසේ.

“මහාරුක‍්ඛූපමං රට‍්ඨං, අධම‍්මෙන පසාසති; රසඤ‍්චස‍්ස න ජානාති, රට‍්ඨඤ‍්චස‍්ස විනස‍්සති.

මහගසක් බඳු රට, යමෙක් අධර්මයෙන් පාලනය කරයි ද, හෙතෙම ඒ රටේ අයබදු රසය නො විඳියි. එම රට ද විනාශව යන්නේය.

“මහාරුක‍්ඛස‍්ස ඵලිනො, පක‍්කං ඡින්‍දති යො ඵලං; රසඤ‍්චස‍්ස විජානාති, බීජඤ‍්චස‍්ස න නස‍්සති.

ගෙඩි ඇති මහගසක ඉදුණු ගෙඩිය යමෙක් සිඳියි ද, ඔහු එහි රසය ද දැනගනියි. බීජය ද විනාශ නො කරන්නේ ය.

“මහාරුක‍්ඛූපමං රට‍්ඨං, ධම‍්මෙන යො පසාසති; රසඤ‍්චස‍්ස විජානාති, රට‍්ඨඤ‍්ජස‍්ස න නස‍්සති.

මහ ගසකට උවම් ඇති රට යමෙක් ධර්මයෙන් පාලනය කරයි ද, ඔහු රටෙහි අයබදු රසය ද දැනගනියි. රට ද නො නසන්නේ ය.

“යො ච රාජා ජනපදං, අධම‍්මෙන පසාසති; සබ‍්බොසධීහි සො රාජා, විරුද‍්ධො හොති ඛත‍්තියො.

යම් රජකෙනෙක් සිය ජනපදය අධර්මයෙන් පාලනය කරයි ද? ක්‍ෂත්‍රිය වූ ඒ රජුට සියළු ඖෂධයන් හා විරුද්ධ වූයේ ය.

“තථෙව නෙගමෙ හිංසං, යෙ යුත‍්තා කයවික‍්කයෙ; ඔජදානබලීකාරෙ, ස කොසෙන විරුජ‍්ඣති.

එසේ ම නියම්ගම් වැසියන් ද, වාණිජ ප්‍රජාවද බදුගෙන ඊම් සුංවත් දීම් වසයෙන්, ඕජදාන බදු ගෙවීම් වසයෙන් බිලිදීම් කරන්නන් ද, හිංසා කෙරේ නම් හේ භාණ්ඩාගාරය හා විරුද්ධ වූයේ වෙයි.

“පහාරවරඛෙත‍්තඤ‍්ඤූ, සඞ‍්ගාමෙ කතනිස‍්සමෙ; උස‍්සිතෙ හිංසයං රාජා, ස බලෙන විරුජ‍්ඣති.

පහරදීමට සුදුසු තැන් දන්නා වූ (යුද සෙන්පතීන්ද) යුද්ධයෙහි කළ පුරුදු ඇති මහා යෝධයන් ද, ප්‍රසිද්ධ වූ මහා ඇමතියන් ද යම් රජෙක් හිංසා කෙරේ නම්, ඒ රජ බලසෙනග සමග විරුද්ධ වන්නේ ය.

“තථෙව ඉසයො හිංසං, සඤ‍්ඤතෙ බ්‍රහ‍්මචාරිනො; අධම‍්මචාරී ඛත‍්තියො, සො සග‍්ගෙන විරුජ‍්ඣති.

එසේ ම, බ්‍රහ්මචාරී වූ සෘෂිවරුන් පැවිද්දන්ට හිංසා කරන, අධර්මව හැසිරෙන ක්‍ෂත්‍රිය වූ හෙතෙම ස්වර්ගයට විරුද්ධ වේ.

“යො ච රාජා අධම‍්මට‍්ඨො, භරියං හන‍්ති අදූසිකං; ලුද‍්ධං පසවතෙ ඨානං, පුත‍්තෙහි ච විරුජ‍්ඣති.

අදැහැමි යම් රජකෙනෙක් දූෂිත නොවූ සිල්වත් වූ බිරිඳ නසත් ද, රැහැනට අසුවූ වැද්දා මෙන් එම පාපය ගැන පුත්‍රයන් විසින් හෝ විරුද්ධවනු ලැබේ.

“ධම‍්මං චරෙ ජානපදෙ, නෙගමෙසු බලෙසු ච; ඉසයො ච න හිංසෙය්‍ය, පුත‍්තදාරෙ සමං චරෙ.

මහරජ! දනව් වැස්සන් කෙරෙහි ද නියම්ගම් වැස්සන් කෙරෙහි ද බලසෙනග කෙරෙහි ද, ධර්මයෙහි හැසිරිය යුතුය. පැවිද්දන්ට හිංසා නො කළ යුතුය. අඹුදරුවන් කෙරෙහි සම ව හැසිරිය යුතුය.

“ස තාදිසො භූමිපති, රට‍්ඨපාලො අකොධනො; සපත‍්තෙ සම‍්පකම‍්පෙති, ඉන්‍දොව අසුරාධිපො”ති.

එබඳු ආකාර වූ රාෂ්ට්‍ර පාලකයා අක්‍රෝධ සුළු වූයේ, අසුරාධිපතියන් හමුවේ ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් හාත්පස ජයභූමිය සාදවාලයි. අසල්වැසි සතුරන් කම්පා කරයි.

තත්‍ථ වකස‍්සූති වකො අස‍්සු, අස‍්සූති නිපාතමත‍්තං. ඉදං වුත‍්තං හොති – මහාරාජ, පුබ‍්බෙ එකො උරබ‍්භරූපො වකො අහොසි, තස‍්ස නඞ‍්ගුට‍්ඨමත‍්තමෙව දීඝං, තං පන සො අන‍්තරසත‍්තිම‍්හි පක‍්ඛිපිත්‍වා උරබ‍්භරූපෙන අසංකිතො අජයූථං උපෙති. තත්‍ථ උරණිකඤ‍්ච අජිකඤ‍්ච අජඤ‍්ච හන‍්ත්‍වා යෙනකාමං පලෙති. තථාවිධෙකෙති තථාවිධා එකෙ සමණබ්‍රාහ‍්මණා පබ‍්බජ‍්ජාලිඞ‍්ගෙන ඡදනං කත්‍වා අත‍්තානං ඡාදෙත්‍වා මධුරවචනාදීහි හිතකාමා විය හුත්‍වා ලොකං වඤ‍්චෙන‍්ති. “අනාසකා”තිආදි තෙසං ඡදනස‍්ස දස‍්සනත්‍ථං වුත‍්තං. එකච‍්චෙ හි “මයං අනාසකා න කිඤ‍්චි ආහාරෙමා”ති මනුස‍්සෙ වඤ‍්චෙන‍්ති, අපරෙ “මයං ථණ‍්ඩිලසෙය්‍යකා”ති. අඤ‍්ඤෙසං පන රජොජල‍්ලං ඡදනං, අඤ‍්ඤෙසං උක‍්කුටිකප‍්පධානං, තෙ ගච‍්ඡන‍්තාපි උප‍්පතිත්‍වා උක‍්කුටිකාව ගච‍්ඡන‍්ති. අඤ‍්ඤෙසං සත‍්තාහදසාහාදිවාරභොජනසඞ‍්ඛාතං පරියායභත‍්තඡදනං, අපරෙ අපානකත‍්තා හොන‍්ති, “මයං පානීයං න පිවාමා”ති වදන‍්ති. අරහන‍්තො වදානාති පාපාචාරා හුත්‍වාපි “මයං අරහන‍්තො”ති වදන‍්තා විචරන‍්ති. එතෙති, මහාරාජ, ඉමෙ වා පඤ‍්ච ජනා හොන‍්තු අඤ‍්ඤෙ වා, යාවන‍්තො දිට‍්ඨිගතිකා නාම, සබ‍්බෙපි එතෙ අසප‍්පුරිසා. යමාහූති යෙ ආහු, යෙ වදන‍්ති.

එහි බකාසු පුබ්බෙ යනු පෙර (බක නම් වූ) වෘකයෙක් යනුයි. අසූ යන නිපාත මාත්‍රයකි. මෙය මෙසේ ද කියන ලදි. මහරජ, පෙර එළුවන් බඳු රුවින් යුත් බක නම් වූ යුගදිවියෙක් වාසය කෙළේය. උගේ වලිගය ඉතා දීර්ඝය. ඔහු එය කලවා අතර ගසාගෙන බැටළු රූපයෙන් එළුවන් රංචු අතරට පිවිසෙයි. එහිදී එළුදෙන කා එළු පැටියන් ද මරා එළුවකු ද මරා කැමති පරිදි පලායයි. තථා විධෙකෙ යනු එබඳු ආකාර වූ ඇතැම් මහණ බමුණෝ පැවිදි ලිංගයෙන් ස්වරූපයෙන් පෙනීසිට තමන්ගේ ස්වරූපය වසාගෙන මිහිරි වචන ආදියෙන් හිතවත් බව පෙන්වා ලෝකය රවටත්. අනාසකා යනු අප කිසිදු ආහාරයක් නො ගන්නෙමුයි කියා මිනිසුන් රවටති. සමහරු අපි කිසිවක් නො අතුළ උස් බිම්වල රළු පොළවේ හොවින්නෙමුයි මිනිසුන් රවටති. තව කොටසක් ඇඟ පුරා දූවිලි නාගෙන සිටියි. තව අයෙක් අපි උක්කුටියෙන් සිටින්නමෝ වෙමු යයි පැන පැන යති. සමහරු අපි ධර්මය රකින්නෝ පැන් නො බොමුයි කියයි. තව කොටසක් සත්දිනකින් හෝ දස දිනකින් හෝ දෙපෝ වරක් කන්නන් ය කියති. අරහන්තොවදානා යනු, පාපචාරීව සිට, අපි අර්හත් යයි පවසමින් හැසිරෙත්. එතෙ යනු මහරජ; මේ පස් ජනතාව වෙත්වා! නැතහොත් අනෙක් දෘෂ්ටිගතික වූ මේ සියළුම අසත්පුරුෂයෝයි. යමාහු යනු යමෙක් කීවාහුද යමෙක් කියත්ද?

සචෙ හි වීරියං නාස‍්සාති, මහාරාජ, සචෙ ඤාණසම‍්පයුත‍්තං කායිකචෙතසිකවීරියං න භවෙය්‍ය. කම‍්මන‍්ති කල්‍යාණපාපකං කම‍්මම‍්පි යදි න භවෙය්‍ය. න භරෙති එවං සන‍්තෙ වඩ‍්ඪකිං වා අඤ‍්ඤෙ වා කාරකෙ රාජා න පොසෙය්‍ය, නපි යන‍්තානීති නපි තෙහි සත‍්තභූමිකපාසාදාදීනි යන‍්තානි කාරෙය්‍ය. කිංකාරණා? වීරියස‍්ස චෙව කම‍්මස‍්ස ච අභාවා. උච‍්ඡිජ‍්ජෙය්‍යාති, මහාරාජ, යදි එත‍්තකං කාලං නෙව දෙවො වස‍්සෙය්‍ය, න හිමං පතෙය්‍ය , අථ කප‍්පුට‍්ඨානකාලො විය අයං ලොකො උච‍්ඡිජ‍්ජෙය්‍ය. උච‍්ඡෙදවාදිනා කථිතනියාමෙන පන උච‍්ඡෙදො නාම නත්‍ථි. පාලිතෙති පාලයති.

සචෙහි විරියං නාස්සා යනු මහරජ; ඉදින් ඤාණ සම්ප්‍රයුක්ත වූවාහු කායික හා චෛතසික වීර්යයක් නො වඩන්නාහු යයි කම්මං යනු කල්‍යාණකාරී වු පාපකාරී වූ කර්ම ද ඉදින් නොවන්නේ, නොකරයි. මෙසේ ඇතිකල්හි වඩුවකු හෝ වෙනත් කරවන්නෙකු හෝ රජු වැටුප් වියදම් දී පෝෂණය නොකරන්නේය. නපියන්තානි යනු සප්තභූමික ප්‍රාසාදාදියෙහි නිමවීම් පිළිබඳව උත්සාහ නොකරන්නේය. කුමන කරුණක් නිසාද යත්! වීර්යාගේ ද කර්මයාගේ ද නොපැවැත්ම නිසාවෙනි. උච්ඡිචෙඡ්ඡය්‍ය යනු මහරජ; ඉදින් වසර සියයක් කලක් වර්ෂාවක් නොවසින්නේ නම් පිනි බිඳුවකුදු නොවැටෙන්නේ නම් ඉක්බිති කල්පයක් උදාවන කාලය මෙන් මේ ලෝකය විනාශ වන්නේය. උච්ඡේදවාදියා කියන ලද නියමයෙන් සිඳීමක් නම් නැත. පල්ලතෙ යනු පාලනය කරයි.

“ගවං චෙ”ති චතස‍්සො ගාථා රඤ‍්ඤො ධම‍්මදෙසනායමෙව වුත‍්තා, තථා “මහාරුක‍්ඛස‍්සා”තිආදිකා. තත්‍ථ මහාරුක‍්ඛස‍්සාති මධුරඅම‍්බරුක‍්ඛස‍්ස. අධම‍්මෙනාති අගතිගමනෙන. රසඤ‍්චස‍්ස න ජානාතීති අධම‍්මිකො රාජා රට‍්ඨස‍්ස රසං ඔජං න ජානාති, ආයසම‍්පත‍්තිං න ලභති. විනස‍්සතීති සුඤ‍්ඤං හොති, මනුස‍්සා ගාමනිගමෙ ඡඩ‍්ඩෙත්‍වා පච‍්චන‍්තං පබ‍්බතවිසමං භජන‍්ති, සබ‍්බානි ආයමුඛානි පච‍්ඡිජ‍්ජන‍්ති. සබ‍්බොසධීහීති සබ‍්බෙහි මූලතචපත‍්තපුප‍්ඵඵලාදීහි චෙව සප‍්පිනවනීතාදීහි ච ඔසධෙහි විරුජ‍්ඣති, තානි න සම‍්පජ‍්ජන‍්ති. අධම‍්මිකරඤ‍්ඤො හි පථවී නිරොජා හොති, තස‍්සා නිරොජතාය ඔසධානං ඔජා න හොති, තානි රොගඤ‍්ච වූපසමෙතුං න සක‍්කොන‍්ති. ඉති සො තෙහි විරුද‍්ධො නාම හොති.

ගවඤ්චෙතර මානානං යන ගාථා සතර රජුට ධර්මදේශනාවක් ම වශයෙන් කියන ලද්දකි. තථා මහාරුක්ඛස්සා යන ආදියෙන් එහි මහාරුක්ඛස්ස යනු මිහිරි අඹ ගසක ගේ යනුයි. අධම්මෙන යනු අගතියට යාමෙනි. රසඤ්චස්ස න ජානානි යනු අධාර්මික රජු, රටේ රසය හරය නො දනියි. අය සම්පත නොලබයි, විනාශ වන්නේය. ශූන්‍ය වෙයි. මිනිස්සු ගම් නියම්ගම් හැර දමා ප්‍රත්‍යන්ත විෂම පර්වත ඇසුරු කරති. සියළු ආදායම් මාර්ග විනාශ වෙයි. සබ්බොසධීහි යනු සියළු මුල් සම් කොළ ගෙඩි මල් ආදියෙන් ද ගිතෙල්, නවනීත, වෙඬරු ආදී ඖෂධ වර්ගවලින් ද විරුද්ධ වේ. ඒවා නොහටගනිත්. අධාර්මික රජවරුන් නිසා පෘථිවිය ඕජස් රහිත වෙයි. ඒවායේ ඕජස් රහිත බව නිසා ඖෂධයන්ගේ ඕජස නැති වෙයි. ඒවා රෝග සමනය කිරීමට නොහැකි වෙයි. මෙසේම හෙතෙම ඒවා සමග විරුද්ධ වූවා වෙයි.

නෙගමෙති නිගමවාසිකුටුම‍්බිකෙ. හිංසන‍්ති හිංසන‍්තො පීළෙන‍්තො. යෙ යුත‍්තාති යෙ කයවික‍්කයෙ යුත‍්තා ආයානං මුඛා ථලජලපථවාණිජා, තෙ ච හිංසන‍්තො. ඔජදානබලීකාරෙති තතො තතො භණ‍්ඩාහරණසුඞ‍්කදානවසෙන ඔජදානඤ‍්චෙව ඡභාගදසභාගාදිභෙදං බලිඤ‍්ච කරොන‍්තෙ. ස කොසෙනාති සො එතෙ හිංසන‍්තො අධම‍්මිකරාජා ධනධඤ‍්ඤෙහි පරිහායන‍්තො කොසෙන විරුජ‍්ඣති නාම. පහාරවරඛෙත‍්තඤ‍්ඤූති “ඉමස‍්මිං ඨානෙ විජ‍්ඣිතුං වට‍්ටතී”ති එවං පහාරවරානං ඛෙත‍්තං ජානන‍්තෙ ධනුග‍්ගහෙ. සඞ‍්ගාමෙ කතනිස‍්සමෙති යුද‍්ධෙ සුකතකම‍්මෙ මහායොධෙ. උස‍්සිතෙති උග‍්ගතෙ පඤ‍්ඤාතෙ මහාමත‍්තෙ . හි සයන‍්ති එවරූපෙ සයං වා හිංසන‍්තො පරෙහි වා හිංසාපෙන‍්තො. බලෙනාති බලකායෙන. තථාවිධඤ‍්හි රාජානං “අයං බහුකාරෙ අත‍්තනො රජ‍්ජදායකෙපි හිංසති, කිමඞ‍්ගං පන අම‍්හෙ”ති අවසෙසාපි යොධා විජහන‍්තියෙව. ඉති සො බලෙන විරුද‍්ධො නාම හොති.

නෙගමෙ යනු නියම්ගම්වාසි කෙළෙඹියන්ට හිංසා කරන්නේ පීඩා කරන්නේ. යෙ යුත්තා යනු, දියගොඩ දෙක්හි වෙළඳාමෙහි නියුක්ත වෙළඳුන්ට හිංසා පීඩා කරන්නේ ද, ඔජදාන බලිකාරෙති යනු ඒ ජනපදයන්ගේ භාණ්ඩ ප්‍රවාහනයේදී සුංවත් වසයෙන් ෂට්භාග දසභාග වශයෙන් අයුත්තියෙන් කරවුවර ගන්නේද, ස කොසනාති, මෙසේ හිරිහැර කරන ඒ අධාර්මික රජු ධන ධාන්‍යයෙන් පිරිහෙන්නේ ඉෂ්ට කෝෂ්ටාගාරාදියෙන් ද විරුද්ධ වන්නේය. පහාරවර ඛෙත්තඤ්ඤූ මේ තැනදී විදිනට වටනේයයි නියම ජයභූමිය දන්නා වූ, දුනුවායන්, සංගාමෙකත නිස්සමෙ යුද්ධයෙහි දක්‍ෂව ක්‍රියා කළ යුද සේනාපතීහු. උස්සිතෙ උගත් විදග්ධ මහා මාත්‍යයන්, හිංසයන්ති මෙපරිද්දෙන් තමන් විසින් ම පීඩා කරන්නේ හෝ අනුන් ලවා පීඩා කරවන්නේ යනුයි. බලෙන යනු එසේ තමන්ට බොහෝ උපකාරී වූ මහාමාත්‍යයන්, යුද සේනාපතීන් ආදීන්ට බල කාමයෙන් හිංසා කරන්නා වූ රජු කෙරෙහි, තමන්ට උපකාරී වූ අයටත් එසේ කළේ නම් අවශේෂ අපට කෙසේ වේදැයි සිතා හමුදා භටයෝ රජුව අත්හරිති. මෙය බල සෙනග විරුද්ධ වූවා නම් වේ.

තථෙව ඉසයො හිංසන‍්ති යථා ච නෙගමාදයො, තථෙව එසිතගුණෙ පබ‍්බජිතෙ අක‍්කොසනපහරණාදීහි හිංසන‍්තො අධම‍්මචාරී රාජා කායස‍්ස භෙදා අපායමෙව උපෙති, සග‍්ගෙ නිබ‍්බත‍්තිතුං න සක‍්කොතීති සග‍්ගෙන විරුද‍්ධො නාම හොති. භරියං හන‍්ති අදූසිකන‍්ති අත‍්තනො බාහුච‍්ඡායාය වඩ‍්ඪිතං පුත‍්තධීතාහි සංවඩ‍්ඪං සීලවතිං භරියං මිත‍්තපතිරූපකානං චොරානං වචනං ගහෙත්‍වා මාරෙති. ලුද‍්ධං පසවතෙ ඨානන‍්ති සො අත‍්තනො නිරයූපපත‍්තිං පසවති නිප‍්ඵාදෙති. පුත‍්තෙහි චාති ඉමස‍්මිඤ‍්ඤෙව අත‍්තභාවෙ අත‍්තනො පුත‍්තෙහි සද‍්ධිං විරුජ‍්ඣතීති.

තථෙව ඉසයො හිංසන් යනු, යම්සේ නියම්ගම් වැසියෝ ද, එසේ ම සාධු ගුණ ඇති පැවිද්දා කෙරෙහි ද, අක්‍රෝශ පරිභවයෙන් පහරදීම් වශයෙන් හිංසා කරන, අධර්මයෙන් හැසිරෙන රජු බිඳුනු කය ඇත්තේ මරණින් මතු අපායට ම පැමිණේ. ස්වර්ගයෙහි ඉපදීමට නොහැකිවෙත් යන ස්වර්ගය විසින් විරුද්ධ වන්නේ ම ය. භරියං හන්ති අදූසකං යනු තමන්ගේ ජීවිතයේ සෙවනැල්ල මෙන් හිඳ වඩනා ලද, දූ පුතුන් මැනවින් වැදූ සිල්වත් බිරිඳ, මිත්‍ර ප්‍රතිරූපක සොරුන්ගේ වචන ගෙන මරයි. ලුද්දං පසවතෙ පාපං යනු හෙතෙම තමන්ගේ නිරයේ උපතට අවශ්‍ය ප්‍රත්‍ය නිපදවාගත්තේ වේ. පුත්තෙභිච යනු මේ ආත්ම භාවයේදී ම තමන්ගේ පුතුන් සමග විරුද්ධව සිටියි.

එවමස‍්ස සො තෙසං පඤ‍්චන‍්නං ජනානං කථං ගහෙත්‍වා දෙවියා මාරිතභාවඤ‍්ච පුත‍්තානං විරුද‍්ධභාවඤ‍්ච සන්‍ධිමුඛෙ චොරං චූළායං ගණ‍්හන‍්තො විය කථෙසි. මහාසත‍්තො හි තෙසං අමච‍්චානං නිග‍්ගණ‍්හනඤ‍්ච ධම‍්මදෙසනඤ‍්ච දෙවියා තෙහි මාරිතභාවස‍්ස ආවිකරණත්‍ථඤ‍්ච තත්‍ථ අනුපුබ‍්බෙන කථං ආහරිත්‍වා ඔකාසං කත්‍වා එතමත්‍ථං කථෙසි. රාජා තස‍්ස වචනං සුත්‍වා අත‍්තනො අපරාධං ජානි. අථ නං මහාසත‍්තො “ඉතො පට‍්ඨාය, මහාරාජ, එවරූපානං පාපානං කථං ගහෙත්‍වා මා පුන එවමකාසී”ති වත්‍වා ඔවදන‍්තො “ධම‍්මං චරෙ”තිආදිමාහ.

මෙසේ ඔහුට, හෙතෙම පඤ්චවිධ දෘෂ්ටිගතයන්ගේ කථාව ගෙන දේවිය මැරූ බව ද, පුත්‍රයන්ගේ විරුද්ධ බව ද, සන්ධිමුඛ සොරා කෙස්වැටිය අල්ලා ගන්නාක් මෙන් කීවේය. බෝසත්හු ද, ඒ ඇමතියන්ගේ නිග්‍රහ කිරීම ද ධර්ම දේශනාව ද, දේවිය ඔවුන් විසින් මරණ ලද බව ද, ප්‍රකාශ කිරීම ද එහි අනුපිළිවෙල කථාව ගෙනහැර දක්වා, අවසර ලැබ, මෙය ද කීවේය. රජු ඔහුගේ වචනය අසා, තමන්ගේ අපරාධය දැනගත්තේය. ඉක්බිති ඔහුට බෝසත්, මහරජ; මෙතැන් පටන් මෙබඳු ආකාර පාපකාරින්ගේ කථා ගෙන නැවත එසේ නොකරාවයි කියා අවවාද කරමින් ධම්මඤ්චරෙ ආදිය කීවේය.

තත්‍ථ ධම‍්මං චරෙති, මහාරාජ, රාජා නාම ජනපදං අධම‍්මිකෙන බලිනා අපීළෙන‍්තො ජනපදෙ ධම‍්මං චරෙය්‍ය, සාමිකෙ අසාමිකෙ අකරොන‍්තො නෙගමෙසු ධම‍්මං චරෙය්‍ය, අට‍්ඨානෙ අකිලමෙන‍්තො බලෙසු ධම‍්මං චරෙය්‍ය. වධබන්‍ධඅක‍්කොසපරිභාසෙ පරිහරන‍්තො පච‍්චයෙ ච නෙසං දදන‍්තො ඉසයො න විහිංසෙය්‍ය, ධීතරො යුත‍්තට‍්ඨානෙ පතිට‍්ඨාපෙන‍්තො පුත‍්තෙ ච සිප‍්පානි සික‍්ඛාපෙත්‍වා සම‍්මා පරිහරන‍්තො භරියං ඉස‍්සරියවොස‍්සග‍්ගඅලඞ‍්කාරදානසම‍්මානනාදීහි අනුග‍්ගණ‍්හන‍්තො පුත‍්තදාරෙ සමං චරෙය්‍ය. ස තාදිසොති සො තාදිසො රාජා පවෙණිං අභින්‍දිත්‍වා ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙන‍්තො රාජාණාය රාජතෙජෙන සපත‍්තෙ සම‍්පකම‍්පෙති තාසෙති චාලෙති. “ඉන්‍දොවා”ති ඉදං උපමත්‍ථං වුත‍්තං. යථා අසුරෙ ජෙත්‍වා අභිභවිත්‍වා ඨිතකාලතො පට‍්ඨාය අසුරාධිපොති සඞ‍්ඛ්‍යං ගතො ඉන්‍දො අත‍්තනො සපත‍්තභූතෙ අසුරෙ කම‍්පෙසි, තථා කම‍්පෙතීති.

එහි ධම්මඤ්චරෙ යනු මහරජ; රජ වනාහි ජනපදය අධාර්මික වූ අයබදු ගැනීමෙන් පීඩා නොකරන්නේ, ජනපදයෙහි ධර්මයෙන් හැසිරෙන්නේය. ස්වාමිවරුන්, අස්වාමිකයන් නොකරමින් නියම්ගම්වල ධර්මය හසුරවන්නේ ය. වධබන්‍ධන අක්‍රෝෂ අපහාසාදිය පරිහරණය කරමින් ප්‍රත්‍යය නොදෙමින් සෘෂිවරුන්ට හිංසා නොකරන්නේය. දූවරු සුදුසු තැනෙහි තබත්. පුත්‍රයන්ට ශිල්ප හදාරවා මනාව පරිහරණය කරමින් බිරිඳට ඓශ්වර්ය අගතැන අලංකාර වස්ත්‍ර සම්මාන ආදියෙන් අනුග්‍රහ කරමින් අඹුදරුවන් මැනවින් පුදන්නේය. සතාදියො යනු හෙතෙම ඒ එබඳු රජ; ප්‍රවේණිය රැක, දැහැමින් රාජ්‍යය කරන්නේ රජුගේ රාජ තේජසින් සාමාන්ත රජදරුවන් ප්‍රකම්පනය කරවයි. තවයි. සොලවයි. ඉන්‍දොවා යනු මේ සාමාන්‍ය අර්ථය කියන ලදි. යම්සේ, අසුරයන් ජයගෙන, මැඩ පවත්වා සිටි කල්හි පටන් අසුරාධිපයා යයි ගණන් ගත් ඉන්‍ද්‍රයා අසුරයන් කම්පාවට පත් කෙළේද, වෙවුල්වාද එසේ සාමන්ත රජවරුන් කම්පා කරවයි යනුයි.

එවං මහාසත‍්තො රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා චත‍්තාරොපි කුමාරෙ පක‍්කොසාපෙත්‍වා ඔවදිත්‍වා රඤ‍්ඤො කතකම‍්මං පකාසෙත්‍වා රාජානං ඛමාපෙත්‍වා “මහාරාජ, ඉතො පට‍්ඨාය අතුලෙත්‍වා පරිභෙදකානං කථං ගහෙත්‍වා මා එවරූපං සාහසිකකම‍්මං අකාසි, තුම‍්හෙපි කුමාරා මා රඤ‍්ඤො දුබ‍්භිත්‍ථා”ති සබ‍්බෙසං ඔවාදං අදාසි. අථ නං රාජා ආහ – “අහං, භන‍්තෙ, තුම‍්හෙසු ච දෙවියා ච අපරජ‍්ඣන‍්තො ඉමෙ නිස‍්සාය එතෙසං කථං ගහෙත්‍වා එතං පාපකම‍්මං කරිං, ඉමෙ පඤ‍්චපි මාරෙමී”ති . න ලබ‍්භා, මහාරාජ, එවං කාතුන‍්ති. තෙන හි තෙසං හත්‍ථපාදෙ ඡෙදාපෙමීති. ඉදම‍්පි න ලබ‍්භා කාතුන‍්ති. රාජා “සාධු, භන‍්තෙ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තෙ සබ‍්බසංහරණෙ කත්‍වා පඤ‍්චචූළාකරණගද‍්දූලබන්‍ධනගොමයාසිඤ‍්චනෙහි අවමානෙත්‍වා රට‍්ඨා පබ‍්බාජෙසි. බොධිසත‍්තො තත්‍ථ කතිපාහං වසිත්‍වා “අප‍්පමත‍්තො හොහී”ති රාජානං ඔවදිත්‍වා හිමවන‍්තංයෙව ගන‍්ත්‍වා ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා යාවජීවං බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ මහසත්හු රජුට දහම් දෙසා කුමාරවරුන් සතර දෙනා කැඳවා, අවවාද කොට රජුගේ කරන ලද කර්ම ප්‍රකාශකොට රජු ක්‍ෂමා කරවා මහරජ; මෙතැන් පටන් අසමානවූ බිඳීම් ඇතිකරවන කථා ගෙන, මෙබඳු ආකාර සැහැසිකම් නොකරන්න. කුමාර වූ නුඹලා විසින් ද, රජුට ද්‍රෝහ නොකරවු යයි සියලුදෙනාට අවවාද දුන්නේය. ඉක්බිති ඔහුට රජු මෙසේ කීවේය. ස්වාමීනි, මම පුතුන් කෙරෙහි ද, දේවිය කෙරෙහි ද අපරාධ කළේ මේ නිසායයි ඔවුන්ට එම කථාව කියා පා මේ පාපකර්මය කෙළෙමි. මේ පස්දෙනාම මරම්හි යනුවෙනි. මහරජ, එසේ කරන්නට නො ලැබේ. එසේ වීනම් ඔවුන්ගේ අත්පා සිඳවමියි එය ද නො කළ යුතුය. රජතුමා, ස්වාමීනි; යහපතැයි, පිළිගෙන ඔවුන්ට සමාව දී එකක් එකක්හුගේ පසක් පසක් කොට කොණ්ඩා බැඳ, බලුකනාවල් කරබැඳ, ගොම දිය ඉසීමෙන් අවමන් කොට රටින් පිටුවහල් කෙළේය. බෝධිසත්ත්වයෝ ද, එහි දින කීපයක් වාසය කොට රජුට අප්‍රමාද වේහි යයි අවවාද කොට හිමවතට ම ගොස්, ධ්‍යාන අභිඥා උපදවා දිවි ඇති තෙක් බඹසර වඩා, බ්‍රහ්මලෝකයට ගියේ ය.

සත්‍ථා ඉමං දෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො පඤ‍්ඤවායෙව පරප‍්පවාදප‍්පමද‍්දනොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි “තදා පඤ‍්ච දිට‍්ඨිගතිකා පූරණකස‍්සපමක‍්ඛලිගොසාලපකුධකච‍්චානඅජිතකෙසකම‍්බලනිගණ‍්ඨනාටපුත‍්තා අහෙසුං, පිඞ‍්ගලසුනඛො ආනන්‍දො, මහාබොධිපරිබ‍්බාජකො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැරපා මහණෙනි; දැන් පමණක් නොවෙයි. පෙරත් තථාගතයන් වහන්සේ ප්‍රඥාවන්ත වූයේ ම පර ප්‍රවාද මර්දනය කළේ යයි වදාරා ජාතක කථාව නිමකළ සේක. එකල පංච දෘෂ්ටි ගතික වූයේ නම්, පූර්ණ කාශ්‍යප, මක්ඛලිගෝසාල, පකුධ කච්චායන, අජිත කේශකම්බල, නිගන්ඨනාථ පුත්ත යන අය වූහ. පිංගල සුනඛයා නම් ආනන්ද තෙරුන් වෙති. මහාබෝධි පරිබ්‍රාජකයා නම් මම ම වෙමි.

මහාබොධිජාතකවණ‍්ණනා තතියා.

මහාබෝධි ජාතකය නිමි.

ජාතකුද‍්දානං –

සනිළීනිකමව‍්හයනො පඨමො, දුතියො පන සඋම‍්මදන‍්තිවරො; තතියො පන බොධිසිරීව‍්හයනො, කථිතා පන තීණි ජිනෙන සුභාති.

පණ‍්ණාසනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පනස්වැනි නිපාත වර්ණනාව නිමියේ ය.