යෙදුමෙන් කියවන්න

2. උම‍්මාදන‍්තීජාතකවණ‍්ණනා 527 අට‍්ඨකථා

2. උම‍්මාදන‍්තීජාතකවණ‍්ණනා (527)

2. උම්මාදන්තී ජාතකය (527)

නිවෙසනං කස‍්සනුදං සුනන්‍දාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිරෙකදිවසං සාවත්‍ථියං පිණ‍්ඩාය චරන‍්තො එකං අලඞ‍්කතපටියත‍්තං උත‍්තමරූපධරං ඉත්‍ථිං ඔලොකෙත්‍වා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා චිත‍්තං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තො විහාරමෙව ආගන‍්ත්‍වා තතො පට‍්ඨාය සල‍්ලවිද‍්ධො විය රාගාතුරො භන‍්තමිගපටිභාගො කිසො ධමනීසන්‍ථතගත‍්තො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො අනභිරතො එකිරියාපථෙපි චිත‍්තස‍්සාදං අලභන‍්තො ආචරියවත‍්තාදීනි පහාය උද‍්දෙසපරිපුච‍්ඡාකම‍්මට‍්ඨානානුයොගරහිතො විහාසි. සො සහායභික‍්ඛූහි “පුබ‍්බෙ ත්‍වං, ආවුසො, සන‍්තින්‍ද්‍රියො විප‍්පසන‍්නමුඛවණ‍්ණො, ඉදානි නො තථා, කිං නු ඛො කාරණ”න‍්ති පුට‍්ඨො, “ආවුසො, අනභිරතොම‍්හී”ති ආහ. අථ නං තෙ “අභිරමාවුසො, සාසනෙ, බුද‍්ධුප‍්පාදො නාම දුල‍්ලභො, තථා සද‍්ධම‍්මස‍්සවනං මනුස‍්සපටිලාභො ච, සො ත්‍වං මනුස‍්සපටිලාභං පටිලභිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකිරියං පත්‍ථයමානො අස‍්සුමුඛං ඤාතිජනං පහාය සද‍්ධාය පබ‍්බජිත්‍වා කිංකාරණා කිලෙසවසං යාසි, කිලෙසා නාමෙතෙ ගණ‍්ඩුප‍්පාදකපාණකං උපාදාය සබ‍්බබාලජනසාධාරණා, යෙ තෙසං වත්‍ථුභූතා, තෙපි අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අට‍්ඨිකඞ‍්කලූපමා කාමා, මංසපෙසූපමා කාමා, තිණුක‍්කූපමා කාමා, අඞ‍්ගාරකාසූපමා කාමා, සුපිනකූපමා කාමා, යාචිතකූපමා කාමා, රුක‍්ඛඵලූපමා කාමා, අසිසූනූපමා කාමා, සත‍්තිසූලූපමා කාමා, සප‍්පසිරූපමා කාමා, අග‍්ගික‍්ඛන්‍ධූපමා කාමා, ත්‍වං නාම එවරූපෙ බුද‍්ධසාසනෙ පබ‍්බජිත්‍වා එවං අනත්‍ථකාරකානං කිලෙසානං වසං ගතොසී”ති ඔවදිත්‍වා අත‍්තනො කථං ගාහාපෙතුං අසක‍්කොන‍්තා සත්‍ථු සන‍්තිකං ධම‍්මසභං නෙත්‍වා “කිං, භික‍්ඛවෙ, අනිච‍්ඡමානකං භික‍්ඛුං ආනයිත්‍ථා”ති වුත‍්තෙ, “භන‍්තෙ, අයං කිර භික‍්ඛු උක‍්කණ‍්ඨිතො”ති ආහංසු. සත්‍ථා “සච‍්චං කිරා”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු පොරාණකපණ‍්ඩිතා රජ‍්ජං අනුසාසන‍්තාපි කිලෙසෙ උප‍්පන‍්නෙ තස‍්ස වසං අගන‍්ත්‍වා චිත‍්තං නිවාරෙත්‍වා න අයුත‍්තකං කරිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

නිවෙසනං කස්සනුදං සුනන්‍දා යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩවාසය කරන සේක් කළකිරුනු භික්‍ෂුවක් අරභයා වදාළ සේක. ඔහු එක දවසක් සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ එක් අලංකාරයෙන් පිළියෙල කරන ලද උතුම් රූපශ්‍රීයෙන් හෙබි ස්ත්‍රියක් දෙස බලා, බැඳුණු සිතැත්තේ සිත වාවා ගැනීමට නොහැකිව විහාරයට ම ගොස්, එතැන් පටන් හුලකින් විද්දාක් මෙන් රෝගී වූයේ, භ්‍රාන්තියට පත් මුවකු හා සමානව කෘශ වූයේ, ධමනි අක්‍රිය වූයේ, පඬුවන් පැහැ ගැන්වූයේ, සුදුමැළි වූයේ නොඇලුණේ ක්‍රියාකාරකම්වල සිත් පැහැදීමක් නොලබන්නේ, ආචාර්ය උපාධ්‍යායවත් ආදිය හැර කමටහන් උදෙසීම ආදි යෝග භාවනා ආදියේ උකටලිව කල්ගත කෙළේය. හෙතෙම සහායක භික්‍ෂූන් විසින්, පෙර ඔබ ඇවැත්නි, පැහැදුණු ඉඳුරන් ඇත්තේ දැන් විපිළිසරව මුව පැහැ ඇත්තේ, අප, ඇවැත්නි, කුමන කරුණක් නිසාදැයි විචාරන්නේ, නො සතුටුවෙමි යි කීවේය. ඉක්බිති ඔහුට ඔබ ඇවැත්නි, සතුටුවෙව. බුද්ධෝත්පාද කාල නම් දුර්ලභය. එසේම ධර්මශ්‍රවණය ද, මිනිස් ආත්ම භාවය ද එසේය. ඒ ඔබ මනුෂ්‍යභාවයක් ලැබ දුක් කෙළවර කිරීමට ප්‍රාර්ථනා කරමින් කඳුළු පිරි ඤාති ජනයා හැර, ශ්‍රද්ධාවෙන් පැවිදි වී කුමන කරුණක් නිසා, කෙලෙස් වසඟයට යහිද? කෙලෙස් නම්, ගැඩවිල් පණුවකු හටගැනීමක සියළු බාල ජනයන්ට සාධාරණ, රුක් ඵලයකට බඳු උපමා ඇති ඔවුන්ට වස්තුභූත වූ, අප්‍රසාදය පිණිස වූ කාමයෝ බොහෝ දුක් ඇත්තෝය. බොහෝ උවදුරු සහිත වූ වෙහෙස ගෙන දෙන ආදීනවයකි. මෙහි බොහෝසෙයින් කාමයෝ ඇටසැකිල්ලක් බඳුය. කාමයෝ මස් වැදැල්ලක් හා සමානය. කාමයෝ තණකොළ ගිණිහුළකට හා සමානය. කාමයෝ ගිනිඅඟුරු හා සමානය. කාමයෝ සිහිනයක් බඳුය. කාමයෝ ණයට ඉල්ලා ගත් දෙයක් බඳුය. ඉල්ලිමක් බඳුය. කාමයෝ විෂ සහිත ගසක ගෙඩි හා සමානය. කාමයෝ තියුණු ආයුධයක් හා සමානය. කාමයෝ සර්ප හිසක් හා බඳුය. නුඹ මෙබඳු ආකාර වූ ශාසනයේ පැවිදි වී මෙසේ අනර්ථකාරී වූ ක්ලේශ වසඟයට ගියේ යයි අවවාද කොට, තමන්ගේ කථාව පිළිගැන්වීමට නොහැකිවන්නේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ධර්ම සභාවට යොමුකර, මහණෙනි; කිම, අකමැත්තා වූ භික්‍ෂුවක් රැගෙන ආවාහුදැයි, වදාළ කල්හි, ස්වාමීනි, මොහු වනාහි කළකිරුණු කෙනෙකැයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ සත්‍යයක්දැයි විචාරා, සත්‍යය යයි ස්වාමීනි’යි කී කල්හි, භික්‍ෂුව, පෞරාණික පණ්ඩිතයෝ රාජ්‍යය විචාරන්නාහු කෙලෙස් උපන් කල්හි ඒ වසඟයට නොගොස්, සිත් වලකා නුසුදුස්සක් නොකළාහුයයි කියා අතීතය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ සිවිරට‍්ඨෙ අරිට‍්ඨපුරනගරෙ සිවි නාම රාජා රජ‍්ජං කාරෙසි. බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්ති, “සිවිකුමාරො”ත්‍වෙවස‍්ස නාමං කරිංසු. සෙනාපතිස‍්සපි පුත‍්තො ජායි, “අභිපාරකො”තිස‍්ස නාමං කරිංසු. තෙ උභොපි සහායා හුත්‍වා අභිවඩ‍්ඪන‍්තා සොළසවස‍්සිකා හුත්‍වා තක‍්කසිලං ගන‍්ත්‍වා සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා ආගමිංසු. රාජා පුත‍්තස‍්ස රජ‍්ජං අදාසි. සොපි අභිපාරකං සෙනාපතිට‍්ඨානෙ ඨපෙත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තස‍්මිංයෙව නගරෙ තිරිටිවච‍්ඡස‍්ස නාම අසීතිකොටිවිභවස‍්ස සෙට‍්ඨිනො ධීතා නිබ‍්බත‍්ති උත‍්තමරූපධරා සොභග‍්ගප‍්පත‍්තා සුභලක‍්ඛණෙන සමන‍්නාගතා, තස‍්සා නාමග‍්ගහණදිවසෙ “උම‍්මාදන‍්තී”ති නාමං කරිංසු. සා සොළසවස‍්සිකකාලෙ අතික‍්කන‍්තමානුසවණ‍්ණා දෙවච‍්ඡරා විය අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා අහොසි. යෙ යෙ පුථුජ‍්ජනා තං පස‍්සන‍්ති, තෙ තෙ සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තා සුරාපානමදමත‍්තා විය කිලෙසමදෙන මත‍්තා හුත්‍වා සතිං පච‍්චුපට‍්ඨාපෙතුං සමත්‍ථා නාම නාහෙසුං.

අතීතයේ සිවි රටෙහි අරිට්ඨපුර නගරයේ සිවි නම් රජු රාජ්‍යය කෙළේය. බෝධිසත්ත්වයෝ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්හ. සිවි කුමාරයා යයි ඔහුට නම් කළහ. සේනාපතියා ගේ බිරිඳ වූ පුතකු වැදුවාය. ඔහුට අභිපාරකයයි නම් කෙළේය. ඒ දෙදෙනාම සහායක ව වැඩෙන්නාහු සොළොස් අවුරුදු වී තක්‍ෂිලාවට ගොස්, ශිල්ප උගෙන පැමිණියහ. රජ පුතුට රාජ්‍යය පැවරීය. ඔහු ද අභිපාරක සේනාපති තනතුරේ තබා ධාර්මිකව රාජ්‍යය කර වූයේය. ඒ නගරයේම කිරීටවච්ඡ නම්, අසූ කෙළක් ධනය ඇති සිටුවරයකුට දුවක උපන්නාය. ඇය උත්තම රූපශ්‍රීයෙන් ද, සෞභාග්‍ය සම්පන්න බැවින් ද, ශුභ ලක්‍ෂණයෙන් ද සමන්විත වූවාය. ඇයට නම් තබන දිනයෙහි උම්මාදන්ති යයි නම් කළහ. ඇය සොළොස් අවුරුදු කාලයේ මිනිස් ස්වභාවය ඉක්මවා, දිව්‍ය අප්සරාවක් වැනි මනා රූප සම්පත්තියකින් යුක්ත වූවාය. යම් යම් පෘථග්ජනයෝ ඇය බලත් ද, ඔවුහු ස්වකීය විලාශයෙන් සිටීමට නොහැකිවන්නේ ප්‍රාණ මදයෙන් මෙන් ක්ලේශ මදයෙන් මත්වී, සිහිය පිහිටුවා ගැනීමට පවා නොහැකි වූහ.

අථස‍්සා පිතා තිරිටිවච‍්ඡො රාජානං උපසඞ‍්කමිත්‍වා “දෙව, මම ගෙහෙ ඉත්‍ථිරතනං උප‍්පන‍්නං, රඤ‍්ඤොව අනුච‍්ඡවිකං, ලක‍්ඛණපාඨකෙ බ්‍රාහ‍්මණෙ පෙසෙත්‍වා තං වීමංසාපෙත්‍වා යථාරුචි කරොහී”ති ආහ. රාජා “සාධූ”ති වත්‍වා බ්‍රාහ‍්මණෙ පෙසෙසි. තෙ සෙට‍්ඨිගෙහං ගන‍්ත්‍වා කතසක‍්කාරසම‍්මානා පායාසං පරිභුඤ‍්ජිංසු. තස‍්මිං ඛණෙ උම‍්මාදන‍්තී සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා තෙසං සන‍්තිකං අගමාසි. තෙ තං දිස‍්වා සතිං පච‍්චුපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තා කිලෙසමදමත‍්තා හුත්‍වා අත‍්තනො විප‍්පකතභොජනභාවං න ජානිංසු. එකච‍්චෙ ආලොපං ගහෙත්‍වා “භුඤ‍්ජිස‍්සාමා”ති සඤ‍්ඤාය සීසෙ ඨපෙසුං, එකච‍්චෙ උපකච‍්ඡන‍්තරෙ ඛිපිංසු, එකච‍්චෙ භිත‍්තිං පහරිංසු, සබ‍්බෙව උම‍්මත‍්තකා අහෙසුං. සා තෙ දිස‍්වා “ඉමෙ කිර මම ලක‍්ඛණං වීමංසිස‍්සන‍්ති, ගීවායං නෙ ගහෙත්‍වා නීහරථා”ති නීහරාපෙසි. තෙ මඞ‍්කුභූතා රාජනිවෙසනං ගන‍්ත්‍වා උම‍්මාදන‍්තියා කුද‍්ධා “දෙව, සා ඉත්‍ථී කාළකණ‍්ණී, න තුම‍්හාකං අනුච‍්ඡවිකා”ති වදිංසු. රාජා “කාළකණ‍්ණී කිරා”ති න තං ආණාපෙසි. සා තං පවත‍්තිං සුත්‍වා “අහං කිර කාළකණ‍්ණීති රඤ‍්ඤා න ගහිතා, කාළකණ‍්ණියො නාම න එවරූපා හොන‍්තී”ති වත්‍වා “හොතු, සචෙ පන තං රාජානං පස‍්සිස‍්සාමි, ජානිස‍්සාමී”ති තස‍්මිං ආඝාතං බන්‍ධි. අථ නං පිතා අභිපාරකස‍්ස අදාසි, සා තස‍්ස පියා අහොසි මනාපා.

ඉක්බිති ඇයගේ කිරීටවච්ඡ නම් පියා, රජු වෙත එළඹ දේවයන් වහන්ස, මගේ නිවසේ ස්ත්‍රී රත්නයක් උපන්නාය. රජුගේ සුදුසු නිමිත්ත පාඨක බ්‍රාහ්මණයන් යවා, ඇය විමසා, කැමැති දෙයක් කරව යයි කීවේය. රජු; යහපතැයි කියා, බ්‍රාහ්මණයන් යැවීය. ඔවුහු සිටු ගෙදරට ගොස්, කරන ලද සත්කාර සම්මාන සහිත කිරිබත් සංග්‍රහ පිළිගත්හ. එකෙණෙහි උම්මාදන්තිය, සර්වාලංකාරයෙන් සැරසී, ඔවුන් ඉදිරියට ආවාය. ඔවුහු ඇය දැක, සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වූවා, කෙලෙස් මදයෙන් මත් වී තමන් ආහාර අනුභව කොට නො නිමි බව ද නො දැනුණහ. ඇතැමෙක් බත්ගුලි ගෙන අනුභව කරමුයි හැඟීමෙන් හිසෙහි තබාගත්හ. ඇතැමෙක් කිහිල්ල අතරේ තැබූහ. ඇතැමෙක් බිත්තියට පහර දුන්හ. සියල්ලෝ උමතු වූහ. ඇය ඔවුන් දැක, මොවුහු මගේ ලක්‍ෂණ විමසන්නාහු දැයි ඔවුන් බෙල්ලෙන් අල්ලාගෙන ඉවත් කරවු යයි ඔවුන් ඉවතට ඇද දැම්ම වූහ. ඔවුහු අකුළාගත් මුහුණ ඇතිව රාජ මන්දිරයට ගොස්, දේවයන් වහන්ස, උම්මාදන්තිය කිපුණි යයි එම ස්ත්‍රිය කාළකණ්ණි තැනැත්තියකි. ඔබවහන්සේට නුසුදුසු යයි කීවාහුය. රජු ඇය කාළකණ්ණි යයි නො ගෙනාවේ ය. ඇය එම පුවත අසා, මම වනාහි කාලකණ්ණියෙකැයි රජු විසින් නොගන්නා ලදි. කාළකණ්ණීහු මෙබඳු ආකාර නොවේයයි කියා වේවා! ඉදින් ඒ රජු දක්නෙහි වීම් නම් නිස්සක් දනිමියි ඔහු කෙරෙහි වෛර බැන්දාය. ඉක්බිති ඇයගේ පියා ඇය අභිපාරකට විවාහ කර දුන්නේය. ඇය ඔහුට ප්‍රිය මනාප වූවාය.

කස‍්ස පන කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන සා එවං අභිරූපා අහොසීති? රත‍්තවත්‍ථදානස‍්ස නිස‍්සන්‍දෙනාති. සා කිර අතීතෙ බාරාණසියං දලිද‍්දකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උස‍්සවදිවසෙ පුඤ‍්ඤසම‍්පන‍්නා ඉත්‍ථියො කුසුම‍්භරත‍්තවත්‍ථං නිවාසෙත්‍වා අලඞ‍්කතා කීළන‍්තියො දිස‍්වා තාදිසං වත්‍ථං නිවාසෙත්‍වා කීළිතුකාමා හුත්‍වා මාතාපිතූනං ආරොචෙත්‍වා තෙහි, “අම‍්ම, මයං දලිද‍්දා, කුතො නො එවරූපං වත්‍ථ”න‍්ති වුත‍්තෙ “තෙන හි මං එකස‍්මිං අඩ‍්ඪකුලෙ භතිං කාතුං අනුජානාථ , තෙ මම ගුණං ඤත්‍වා දස‍්සන‍්තී”ති වත්‍වා තෙහි අනුඤ‍්ඤාතා එකං කුලං උපසඞ‍්කමිත්‍වා “කුසුම‍්භරත‍්තවත්‍ථෙන භතිං කරොමී”ති ආහ. අථ නං තෙ “තීණි සංවච‍්ඡරානි කම‍්මෙ කතෙ තව ගුණං ඤත්‍වා දස‍්සාමා”ති වදිංසු. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා කම‍්මං පටිපජ‍්ජි. තෙ තස‍්සා ගුණං ඤත්‍වා අපරිපුණ‍්ණෙසුයෙව තීසු සංවච‍්ඡරෙසු තස‍්සා ඝනකුසුම‍්භරත‍්තවත්‍ථෙන සද‍්ධිං අඤ‍්ඤම‍්පි වත්‍ථං දත්‍වා “තව සහායිකාහි සද‍්ධිං ගන‍්ත්‍වා න‍්හත්‍වා නිවාසෙහී”ති තං පෙසයිංසු. සා සහායිකා ආදාය ගන‍්ත්‍වා රත‍්තවත්‍ථං නදීතීරෙ ඨපෙත්‍වා න‍්හායි.

කවරනම් කර්මයක් නිසාවෙන් ඇය මෙබඳු ආකාර වුවද, රතු වස්ත්‍ර දානය නිසාවෙනි. ඇය වනාහි ඈත අතීතයේ බරණැස් නුවර දිළිඳු කුලයක උපත ලබා උත්සව දිනයක, පුණ්‍යවන්ත ස්ත්‍රීහු මල් ඉහිරුණු රතු වස්ත්‍ර හැඳ අලංකාර වූවෝ, ක්ලාන්ත වූවා දැක, එබඳු වස්ත්‍ර පොරවා ක්‍රීඩා කරනු කැමැත්තේ මව්පියන්ට දන්වා ඔවුන් විසින්; දරුව, අපි දිළිඳු වෙමු. අපට එබඳු වස්ත්‍ර කොයින්දැයි කී කල්හි එසේ වීනම් මට එක් පෝසත් නිවසක බැලමෙහෙවර කිරීමට අනුදැන වදාරවු. ඔවුහු මගේ ගුණ දැන උපකාර දක්වන්නී යයි කියා, ඔවුන් විසින් අනුදන්නා ලද්දී එක් කුල ගෙදරකට පැමිණ මල් ඉහිරුණු රතු වස්ත්‍රයක් නිසා බැලමෙහෙවර කරමියි කීවාය. ඉක්බිති ඇය, ඔවුන් ළඟ වර්ෂ තුනක් වැඩ කළ කල්හි ඔබගේ ගුණ දැන පැහැදුනෙමුයි කීවාහුය. ඇය යහපතැයි අසා, වැඩ කළාය. ඔවුහු ඇගේ ගුණ දැන වර්ෂ තුන නොපිරෙද්දී ම ඇයට ඝන වූ මල් ඉහිරුණු රතු වස්ත්‍රයක් සමග වෙනත් සම්පත් ද දී, ඔබේ යෙහෙළිය සමග ගොස්, නා හැඳ ගන්නැයි ඇය යැව්වාහ. ඇය යෙහෙළියක කැඳවාගෙන ගොස්, රතු වස්ත්‍රය නදී තීරයේ තබා නෑවාය.

තස‍්මිං ඛණෙ එකො කස‍්සපදසබලස‍්ස සාවකො අච‍්ඡින‍්නචීවරො සාඛාභඞ‍්ගං නිවාසෙත්‍වා ච පාරුපිත්‍වා ච තං පදෙසං පාපුණි. සා තං දිස‍්වා “අයං භදන‍්තො අච‍්ඡින‍්නචීවරො භවිස‍්සති, පුබ‍්බෙපි අදින‍්නභාවෙන මෙ නිවාසනං දුල‍්ලභං ජාත”න‍්ති තං වත්‍ථං ද‍්විධා ඵාලෙත්‍වා “එකං කොට‍්ඨාසං අය්‍යස‍්ස දස‍්සාමී”ති චින‍්තෙත්‍වා උත‍්තරිත්‍වා අත‍්තනො නිවාසනං නිවාසෙත්‍වා “තිට‍්ඨථ, භන‍්තෙ”ති වත්‍වා ථෙරං වන්‍දිත්‍වා රත‍්තවත්‍ථං මජ‍්ඣෙ ඵාලෙත්‍වා තස‍්සෙකං කොට‍්ඨාසං අදාසි. සො එකමන‍්තෙ පටිච‍්ඡන‍්නෙ ඨත්‍වා සාඛාභඞ‍්ගං ඡඩ‍්ඩෙත්‍වා තස‍්සෙකං කණ‍්ණං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා නික‍්ඛමි. අථස‍්ස වත්‍ථොභාසෙන සකලසරීරං තරුණසූරියො විය එකොභාසං අහොසි. සා තං දිස‍්වා “මය‍්හං අය්‍යො පඨමං න සොභති, ඉදානි තරුණසූරියො විය විරොචති, ඉදම‍්පි එතස‍්සෙව දස‍්සාමී”ති දුතියම‍්පි කොට‍්ඨාසං දත්‍වා “භන‍්තෙ, අහං භවෙ භවෙ විචරන‍්තී උත‍්තමරූපධරා භවෙය්‍යං, මං දිස‍්වා කොචි පුරිසො සකභාවෙන සණ‍්ඨාතුං මා අසක‍්ඛි, මයා අභිරූපතරා නාම අඤ‍්ඤා මා හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි. ථෙරොපි අනුමොදනං කත්‍වා පක‍්කාමි.

එකෙණෙහි කාශ්‍යප බුදුරදුන්ගේ එක් ශ්‍රාවකයකු පැහැරගත් සිවුරු ඇතිව කොළඅතු හැඳ පෙරව ඒ ප්‍රදේශයට වැඩම කළ සේක. ඇය උන්වහන්සේ දැක මේ ස්වාමීන්වහන්සේ පැහැරගන්නා ලද සිවුරු ඇත්තෙක් වන්නේය. පෙර ද, නුදුන් නිසාවෙන් මගේ වාසය දුර්ලභ වූයේ යයි ඒ වස්ත්‍රය දෙපරිදි ඉරා එක් කොටසක් ආර්යයන් වහන්සේට දෙන්නෙමියි සිතා, එතර වී තමන්ගේ වස්තරය හැද ස්වාමීනි, සිටින්නැයි කියා ගොස්, තෙරුන් වැඳ, වස්ත්‍රය මැදින් ඉරා උන්වහන්සේට එක කොටසක් පිරිනැමුවාය. ඔහු, එකෙණෙහි පිළිසන් වූ තැනෙක සිට, අතු කැබැල්ල හැර දමා, ලද වස්ත්‍රය එහි එක් උරයක් හැඳ එකක් පොරවා ගෙන නික්මුණේය. එකල ඒ වස්ත්‍ර ආලෝකයෙන් උන්වහන්සේගේ මුළු සිරුර, තරුණ සූර්යයා මෙන් ඒකාලෝක විය. ඇය එය දැක මගේ ආර්යයන් වහන්සේ පළමුව ශෝභමාන නො වෙයි. දැන් දවල් හිරු මෙන් බබළයි. මෙයද උන්වහන්සේට දෙන්නෙමියි දෙවෙනි කොටස ද දී ස්වාමීනි, මම සසරේ සැරිසරන්නී උතුම් රූපශ්‍රීයෙන් යුතු වන්නෙමි. මා දැක කිසියම් මිනිසෙක් සිය විලාශයෙන් සිටීමට නොහැකි වේවා. මා හැර වෙනත් අඟනක් එසේ රූ ඇත්තියෝ නොවෙත්වා’යි ප්‍රාර්ථනා කළාය. තෙරුන් වහන්සේ ද අනුමෝදනා කොට පෙරළා වැඩියහ.

සා දෙවලොකෙ සංසරන‍්තී තස‍්මිං කාලෙ අරිට‍්ඨපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තථා අභිරූපා අහොසි. අථ තස‍්මිං නගරෙ කත‍්තිකඡණං ඝොසයිංසු, කත‍්තිකපුණ‍්ණමායං නගරං සජ‍්ජයිංසු. අභිපාරකො අත‍්තනො ආරක‍්ඛට‍්ඨානං ගච‍්ඡන‍්තො තං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, උම‍්මාදන‍්ති අජ‍්ජ කත‍්තිකරත‍්තිවාරො ඡණො, රාජා නගරං පදක‍්ඛිණං කරොන‍්තො පඨමං ඉමං ගෙහද‍්වාරං ආගමිස‍්සති, මා ඛො තස‍්ස අත‍්තානං දස‍්සෙසි, සොපි තං දිස‍්වා සතිං උපට‍්ඨාපෙතුං න සක‍්ඛිස‍්සතී”ති ආහ. සා “ගච‍්ඡ ත්‍වං, සාමි, අහං ජානිස‍්සාමී”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්මිං ගතෙ දාසිං ආණාපෙසි “රඤ‍්ඤො ඉමං ගෙහද‍්වාරං ආගතකාලෙ මය‍්හං ආරොචෙය්‍යාසී”ති. අථ සූරියෙ අත්‍ථඞ‍්ගතෙ උග‍්ගහෙ පුණ‍්ණචන්‍දෙ දෙවනගරෙ විය නගරෙ අලඞ‍්කතෙ සබ‍්බදිසාසු දීපෙසු ජලිතෙසු රාජා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො ආජඤ‍්ඤරථවරගතො අමච‍්චගණපරිවුතො මහන‍්තෙන යසෙන නගරං පදක‍්ඛිණං කරොන‍්තො පඨමමෙව අභිපාරකස‍්ස ගෙහද‍්වාරං අගමාසි. තං පන ගෙහං මනොසිලාවණ‍්ණපාකාරපරික‍්ඛිත‍්තං අලඞ‍්කතද‍්වාරට‍්ටාලකං සොභග‍්ගප‍්පත‍්තං පාසාදිකං. තස‍්මිං ඛණෙ දාසී උම‍්මාදන‍්තියා ආරොචෙසි. සා පුප‍්ඵසමුග‍්ගං ගාහාපෙත්‍වා කින‍්නරිලීළාය වාතපානං නිස‍්සාය ඨිතා රඤ‍්ඤො පුප‍්ඵානි ඛිපි. සො තං උල‍්ලොකෙත්‍වා කිලෙසමදමත‍්තො සතිං උපට‍්ඨාපෙතුං අසක‍්කොන‍්තො “අභිපාරකස‍්සෙතං ගෙහ”න‍්ති සඤ‍්ජානිතුම‍්පි නාසක‍්ඛි, අථ සාරථිං ආමන‍්තෙත්‍වා පුච‍්ඡන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

ඇය දිව්‍යලෝකයේ සැරිසරන්නී, එකල අරිට්ඨපුරයේ ඉපිද, එසේ මනා රූ ඇත්තී වූවාය. ඉක්බිති එනුවර ඉල්මස සැණකෙළියට ඝෝෂා කළහ. ඉල්මස පූර්ණ නගරය සැරසූහ. අභිපාරක තෙමේ, තමන්ගේ රැකවරණ ස්ථානයට යන්නේ, ඇය අමතා, සොඳුර, උම්මාදන්තී අද ඉල්මස රාත්‍රී සැණකෙළිය රජු නගරය ප්‍රදක්‍ෂිණා කරමින් පළමුව මේ ගෙදොරට පිවිසෙන්නේය. ඔහුට පෙනෙනු පිණිස නො යනු මැනවි. ඔහු ද ඔබ දැක සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වන්නේ යයි කීය. ඇය, ස්වාමීනි; ඔබ යන්න. මම දන්වන්නෙමියි පිළිගෙන ඔහු ගියකල්හි දාසියට අණ කළාය. රජු මේ ගෙදොරට පැමිණි කල්හි මට දැනුම් දෙන්න යනුවෙනි. ඉක්බිති හිරු බැස ගිය කල්හි පූර්ණ චන්ද්‍රයා උදාවූයේ දිව්‍ය නගරයක මෙන් අලංකාර වූයේ සියලු දිශාවල ප්‍රදීප දැල්වූ කල්හි, රජු සර්වාලංකාරයෙන් සැරසී ආජානේය අශ්ව රථයෙන් ඇමති සමූහයා පිරිවරාගෙන මහත් යසසින් නුවර ප්‍රදක්‍ෂිණා කොට, පළමුව අභිපාරකගේ ගෙදරට පැමිණිායේය. ඒ ගෙය මනෝහිරියල් වර්ණ ප්‍රාකාරයෙන් වටකරන ලද්දේ අලංකාර වූ, ද්වාර අට්ටාලයකින් ශෝභමාන වූයේ ප්‍රාසාදික වූයේය. එකෙණෙහි දාසිය, උම්මාදන්තිට දැනුම් දුන්නාය. ඇය මල් ගොමුවක් ගෙන්වාගෙන, කිඳුරියකගේ විලාශයෙන් වා කවුළුව අසල හුන්නී රජුට මල්ගොමුවෙන් දමා ගැසීය. ඔහු එය බලමින් කෙලෙස් මදයෙන් මත්ව සිහිය උපදවා ගැනීමට නොහැකි වන්නේ මේ අභිපාරකගේ ගෙය යයි හඳුනාගැනීමට නොහැකි විය. ඉක්බිති රියදුරු අමතා විචාරන්නේ ගාථා දෙකක් කීවේය.

“නිවෙසනං කස‍්ස නුදං සුනන්‍ද, පාකාරෙන පණ‍්ඩුමයෙන ගුත‍්තං; කා දිස‍්සති අග‍්ගිසිඛාව දූරෙ, වෙහායසං පබ‍්බතග‍්ගෙව අච‍්චි.

පින්වත් සුනන්ද නම් රියැදුර, රතු ගඩොල් මුවා පවුරෙන් වටකරන ලද මේ ගෙය කාගේද? කඳු මුදුනක අහස්හි බබළන ගිනිකඳක් මෙන් ද, දුර පිහිටි ගිනි සිලක් මෙන් ද, කවරක් බබළා ද?

“ධීතා න්‍වයං කස‍්ස සුනන්‍ද හොති, සුණිසා න්‍වයං කස‍්ස අථොපි භරියා; අක‍්ඛාහි මෙ ඛිප‍්පමිධෙව පුට‍්ඨො, අවාවටා යදි වා අත්‍ථි භත‍්තා”ති.

සුනන්දය, මෝ තොමෝ කවරකුගේ දුවක් ද? කවරකුගේ ලේලියක් ද? කවරකුගේ බිරියක් ද? වහා ම මේ තොරතුරු මට කියව. මැයට යම් කිසිවකුගේ රැකවරණයක් ඇත්ද, ස්වාමි පුරුෂයෙක් ඇත්තේ ද යන බව මට කියව.

තත්‍ථ කස‍්ස නුදන‍්ති කස‍්ස නු ඉදං. පණ‍්ඩුමයෙනාති රත‍්තිට‍්ඨකමයෙන. දිස‍්සතීති වාතපානෙ ඨිතා පඤ‍්ඤායති. අච‍්චීති අනලජාලක‍්ඛන්‍ධො. ධීතා න්‍වයන‍්ති ධීතා නු අයං. අවාවටාති අපෙතාවරණා අපරිග‍්ගහා. භත‍්තාති යදි වා අස‍්සා සාමිකො අත්‍ථි, එතං මෙ අක‍්ඛාහීති.

එහි, කස්සනුදං යනු මේ කවරකු ගේ ද? පණ්ඩුමයෙන යනු රාත්‍රියේ සිටිනු කැමැත්තෙන්. දිස්සති යනු වා කවුළුව ළඟ සිටියේ ප්‍රකට වෙයි. අච්චි යනු ගින්න, ගිනිජාලාවයි. ධීතානයං යනු මේ දියණියයි. අවාවටා යනු පහ නොවූ හැසිරීම් ඇති. රැකවරණ නොයෙදූ භත්තා යනු ඉදින් ඇයට ස්වාමියෙක් සිටී ද මෙය මට කියවිය යනුවෙනි.

අථස‍්ස සො ආචික‍්ඛන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

ඉක්බිති ඔහු මොහුට පවසන්නේ ගාථා දෙකක් කීවේය.

“අහඤ‍්හි ජානාමි ජනින්‍ද එතං, මත්‍යා ච පෙත්‍යා ච අථොපි අස‍්සා; තවෙව සො පුරිසො භූමිපාල, රත‍්තින්‍දිවං අප‍්පමත‍්තො තවත්‍ථෙ.

රජතුමනි! මැය ගේ මව් පසින් ද පිය පසින් ද කිවහැකි තොරතුරු මම දනිමි. පෘථිවි පාලක රජතුමනි! රෑ දවල් දෙක්හි ම නුඹවහන්සේ සඳහා අප්‍රමාදව ක්‍රියා කරන්නා වූ, ඔබගේ සේවකයෙකි.

“ඉද‍්ධො ච ඵීතො ච සුවඩ‍්ඪිතො ච, අමච‍්චො ච තෙ අඤ‍්ඤතරො ජනින්‍ද; තස‍්සෙසා භරියාභිපාරකස‍්ස, උම‍්මාදන‍්තී නාමධෙය්‍යෙන රාජා”ති.

රජතුමනි! සම්පතින් සමෘද්ධ වූ වස්ත්‍රාලංකාරයෙන් පිරුණු, ආඪ්‍ය වූ ඇමතිවරයෙක් ඔබවහන්සේට ඇත. ඒ අභිපාරකනම් සේනාපතිගේ භාර්යාව වන ඕ තොමෝ උම්මාදන්තිය නමින් හඳුන්වයි.

තත්‍ථ මත්‍යා ච පෙත්‍යා චාති මාතිතො ච පිතිතො චෙතං ජානාමි. අථොපි අස‍්සාති අථ සාමිකම‍්පි අස‍්සා ජානාමීති වදති. ඉද‍්ධොති සමිද‍්ධො. ඵීතොති වත්‍ථාලඞ‍්කාරෙහි සුපුප‍්ඵිතො. සුවඩ‍්ඪිතොති සුට‍්ඨු වුද‍්ධො. නාමධෙය්‍යෙනාති නාමෙන. අයඤ‍්හි යො නං පස‍්සති, තං උම‍්මාදෙති, සතිමස‍්ස පච‍්චුපට‍්ඨාපෙතුං න දෙති, තස‍්මා උම‍්මාදන‍්තීති වුච‍්චති.

එහි මත්‍යාච යනු, මව ගේ ද පියා ගේ ද තොරතුරු දනිමි. අථොපී යනු ඉක්බිති ඇය ගේ ස්වාමියා ගැන දැන ගනිමියි කියයි. ඉද්ධො යනු සමෘද්ධියයි. ඵිතො යනු වස්ත්‍ර අලංකාරයෙන් මනාසේ පිපුණු සැරසුණු, සුවඩ්ඪිතො යනු මැනවින් වැඩුනු. නාමධෙය්‍යනා යනු නාමයෙන්. මැය දෙස යමෙක් බලයි ද, ඔහු උමතු වෙයි. ඔහුට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වේ. ඒ නිසා උම්මාදන්ති යයි කියනු ලැබේ.

තං සුත්‍වා රාජා නාමමස‍්සා ථොමෙන‍්තො අනන‍්තරං ගාථමාහ –

ඒ අසා රජතුමා ඇයගේ නමට තුති පුදමින් අතුරු ගාථාව කීවේය.

“අම‍්භො අම‍්භො නාමමිදං ඉමිස‍්සා, මත්‍යා ච පෙත්‍යා ච කතං සුසාධු; තදා හි මය‍්හං අවලොකයන‍්තී, උම‍්මත‍්තකං උම‍්මදන‍්තී අකාසී”ති.

පින්වත පින්වත ඇයගේ මේ නම මව්පියෝ මැනවින් සිදුකර දී ඇත. මා දෙස බලන්නී වූ උම්මාදන්තිය මා උමතුවට පත් කළාය.

තත්‍ථ මත්‍යා ච පෙත්‍යා චාති මාතරා ච පිතරා ච. මය‍්හන‍්ති උපයොගත්‍ථෙ සම‍්පදානවචනං. අවලොකයන‍්තීති මයා අවලොකිතා සයම‍්පි මං අවලොකයන‍්තී මං උම‍්මත‍්තකං අකාසීති අත්‍ථො.

එහි මත්‍යා පෙත්‍යාච යනු, මව විසින් ද, පියා විසින් ද, මය්හං යනු සුදුසු යෙදීම් අර්ථයෙහි සම්ප්‍රදානයයි. අවලෝකයන්ති යනු මා විසින් බලන ලද්දේ. තොමෝ ද මා දෙස බලන්නී, මා උමතු කළාය යන අර්ථයයි.

සා තස‍්ස කම‍්පිතභාවං ඤත්‍වා වාතපානං ථකෙත්‍වා සිරිගබ‍්භමෙව අගමාසි. රඤ‍්ඤොපි තස‍්සා දිට‍්ඨකාලතො පට‍්ඨාය නගරං පදක‍්ඛිණකරණෙ චිත‍්තමෙව නාහොසි. සො සාරථිං ආමන‍්තෙත්‍වා, “සම‍්ම සුනන්‍ද, රථං නිවත‍්තෙහි, අයං ඡණො අම‍්හාකං නානුච‍්ඡවිකො, අභිපාරකස‍්ස සෙනාපතිස‍්සෙවානුච‍්ඡවිකො, රජ‍්ජම‍්පි තස‍්සෙවානුච‍්ඡවික”න‍්ති රථං නිවත‍්තාපෙත්‍වා පාසාදං අභිරුය‍්හ සිරිසයනෙ නිපජ‍්ජිත්‍වා විප‍්පලපන‍්තො ආහ –

ඇය ද ඔහුගේ කම්පා වූ ස්වභාවය දැන, වා කවුළුව ඉවත් කොට සිරියහනට ම ගියාය. රජුගේ ද, ඇය දුටු වේලාවේ පටන් නගර ප්‍රදක්‍ෂිණා කිරීමේ සිතක් නොවීය. ඔහු රියදුරා අමතා මිත්‍ර සුනන්ද, රථය නවතුව. මේ සැණකෙළිය අපට නුසුදුසුය. අභිපාරක සෙනෙවියාට ම සුදුසු ය. රාජ්‍යය ද ඔහුට සුදුසු ය. රථය නවතා දමා ප්‍රාසාදයට නැග සිරියහනේ වැද හොවා වැලපෙමින් මෙසේ කීවේය.

“යා පුණ‍්ණමාසෙ මිගමන්‍දලොචනා, උපාවිසි පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගී; ද‍්වෙ පුණ‍්ණමායො තදහූ අමඤ‍්ඤහං, දිස‍්වාන පාරාවතරත‍්තවාසිනිං.

පුන්සඳින් යුත් රැයෙහි, මුව දෙනක මෙන් මඳබැලුව් ඇත්තී, රන් පියුමකට බඳු සිවියක් ඇති යම් තැනැත්තියක් කවුළුව සමීපයේ හුන්නී ද. පරෙවියන්ගේ පා වැනි වර්ණ ඇති වස්ත්‍ර හැඳි ඇය දැක, එ දවස් චන්ද්‍රයෝ දෙදෙනෙක් පෑයුවෝ යයි මම සිතුවෙමි.

“අළාරපම‍්හෙහි සුභෙහි වග‍්ගුභි, පලොභයන‍්තී මං යදා උදික‍්ඛති; විජම‍්භමානා හරතෙව මෙ මනො, ජාතා වනෙ කිම‍්පුරිසීව පබ‍්බතෙ.

යම් දිනක ඕ මා පොළඹවමින් යහපත් වූ ද, දික්වූ ද ඇස්වලින් මා දෙස බැලුවා ද? එවිට ඕ තොමෝ වනයෙහි පර්වතයක උපන් කිඳුරු දෙනක මෙන් මගේ සිත පැහැර ගත්තී ම ය.

“තදා හි බ්‍රහතී සාමා, ආමුත‍්තමණිකුණ‍්ඩලා; එකච‍්චවසනා නාරී, මිගී භන‍්තාවුදික‍්ඛති.

එකල්හී මහත් වූ රන්වන් ශ්‍යාම වර්ණයෙන් පළඳින ලද මිණිකොඬොල් ඇති, ඒ ස්ත්‍රී තොමෝ තනිව හැසිරෙන භ්‍රාන්ත වූ මුව දෙනක මෙන් මා දෙස බැලුවා ය.

“කදාස‍්සු මං තම‍්බනඛා සුලොමා, බාහා මුදූ චන්‍දනසාරලිත‍්තා; වට‍්ටඞ‍්ගුලී සන‍්නතධීරකුත‍්තියා, නාරී උපඤ‍්ඤිස‍්සති සීසතො සුභා.

තඹවන් නිය ඇති, මුදු පැලැඳි සඳුන් ආලේප කළ වටකුරු වූ ඇඟිලි ඇති, යහපත් වූ ඒ ස්ත්‍රී හිසේ පටන් සැරසීම්වලින් යුතුවැ, ඇගේ අත්වලින් මා වැළඳගෙන දක්ෂව ක්‍රියා කොට කවදානම් මා සතුටු කරන්නීද?

“කදාස‍්සු මං කඤ‍්චනජාලුරච‍්ඡදා, ධීතා තිරීටිස‍්ස විලග‍්ගමජ‍්ඣා; මුදූහි බාහාහි පලිස‍්සජිස‍්සති, බ්‍රහාවනෙ ජාතදුමංව මාලුවා.

තිරීටි සිටුගේ දියණිය වූ ඉඟටිය සිහින් වූ ස්වර්ණමය වූ අලංකාර උරහිස් වැස්මකින් යුක්ත වූ මෘදු වූ බාහු වලින්, වනයේ ගසක් වැළඳගන්නා වූ මාලුවා වැලක් මෙන් මා වැළඳ ගන්නී ද?

“කදාස‍්සු ලාඛාරසරත‍්තසුච‍්ඡවී, බින්‍දුත්‍ථනී පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගී; මුඛං මුඛෙන උපනාමයිස‍්සති, සොණ‍්ඩොව සොණ‍්ඩස‍්ස සුරාය ථාලං.

ලාකඩ ආලේප කළාක් වැනි රතු වූ සියුමැලි සමකින් යුත් නෙළුම් මත වැටුණු දියබිඳු මෙන් වට වූ පියවුරු ඇති ඕ තොමෝ සුරාසලකදි, සුරාසොඬකුට හමුවූ අන් සුරාසොඬකු සුරා තැටියක් එළවන්නා සේ මුඛයෙන් මුඛයට ළං වන්නීද?

“යදාද‍්දසං තං තිට‍්ඨන‍්තිං, සබ‍්බභද‍්දං මනොරමං; තතො සකස‍්ස චිත‍්තස‍්ස, නාවබොධාමි කඤ‍්චිනං.

යම් දවසක සිත්කලු වූ සියලු ශරීර අවයව ඇති ඇය දුටුවෙම් ද? එදා පටන් මගේ සිත පිළිබඳව කිසිවක් මම නො දනිමි.

“උම‍්මාදන‍්තිමහං දට‍්ඨා, ආමුත‍්තමණිකුණ‍්ඩලං; න සුපාමි දිවාරත‍්තිං, සහස‍්සංව පරාජිතො.

මිණිමුතු කොඬොල් පැළඳි උම්මාදන්තිය මම දුටුවෙමි. ඒ මොහොතේ සිට මම දහසකින් පරාජිත වූයෙම්. දිවා-රාත්‍රී නිදි නො ලබමි.

“සක‍්කො චෙ මෙ වරං දජ‍්ජා, සො ච ලබ‍්භෙථ මෙ වරො; එකරත‍්තං දිරත‍්තං වා, භවෙය්‍යං අභිපාරකො; උම‍්මාදන‍්ත්‍යා රමිත්‍වාන, සිවිරාජා තතො සිය”න‍්ති.

ඉදින් ශක්‍රයා මට වරයක් දෙන්නේ නම් ඒ වරය මම යදිමි. එක් රැයක් හෝ දෙරැයක් මම අභිපාරක වන්නෙම්වා! එසේ අභිපාරක වී උම්මාදන්තිය සමග අභිරමණය කොට ඉන්පසු සිවිරජ වෙම්වා (යන වරයයි)

තත්‍ථ පුණ‍්ණමාසෙති පුණ‍්ණචන්‍දාය රත‍්තියා. මිගමන්‍දලොචනාති කණ‍්ඩසන‍්තාසෙන පලායිත්‍වා වනන‍්තරෙ ඨත්‍වා ලුද‍්දං ඔලොකෙන‍්තියා මිගියා විය මන්‍දානි ලොචනානි අස‍්සාති මිගමන්‍දලොචනා. උපාවිසීති පදුමවණ‍්ණෙන කරතලෙන පුප‍්ඵානි ඛිපිත්‍වා මං ඔලොකෙන‍්තී වාතපානෙ නිසීදි. පුණ‍්ඩරීකත‍්තචඞ‍්ගීති රත‍්තපදුමවණ‍්ණසරීරා. ද‍්වෙ පුණ‍්ණමායොති අහං තදහු තස‍්මිං ඡණදිවසෙ තං පාරාවතපාදසමානවණ‍්ණරත‍්තවත්‍ථනිවත්‍ථං දිස‍්වා තස‍්සා මුඛසොභං ඔලොකෙන‍්තො එකස‍්ස පාචීනලොකධාතුතො එකස‍්ස අභිපාරකස‍්ස සෙනාපතිනො නිවෙසනෙති ද‍්වින‍්නං පුණ‍්ණචන්‍දානං උග‍්ගතත‍්තා ද‍්වෙ පුණ‍්ණමායො අමඤ‍්ඤිං. අළාරපම‍්හෙහීති විසාලපඛුමෙහි. සුභෙහීති පරිසුද‍්ධෙහි. වග‍්ගුභීති මධුරාකාරෙහි. උදික‍්ඛතීති එවරූපෙහි නෙත‍්තෙහි යස‍්මිං ඛණෙ ඔලොකෙති. පබ‍්බතෙති යථා හිමවන‍්තපබ‍්බතෙ සුපුප‍්ඵිතවනෙ වීණං ආදාය තන‍්තිස‍්සරෙන අත‍්තනො සරං සංසන්‍දන‍්තී කිම‍්පුරිසී කිම‍්පුරිසස‍්ස මනං හරති, එවං හරතෙව මෙ මනොති විප‍්පලපති.

එහි පුණ්ණමාසෙ යනු පූර්ණ චන්‍ද්‍රයා ඇති රාත්‍රියයි. මිගමන්‍ද ලොචනා යනු ඊතල වදිනු බියෙන් පලාගොස් වනයේ සිට වැද්දකු බලන්නාහු මුවදෙනක මෙන් ඇයට මද සිහින් ඇස් දෙකක් ඇත්තීනුයි මිගමන්ද ලෝචනා නම් වේ. උපාවිසී යනු කමල වර්ණයෙන් යුතු අත් තලයකින් මල් දමාගසා මා දෙස බලමින් වාකවුළුවේ හුන්නීය. පුණ්ඩරීකත්තචඞ්ගී යනු රත්පියුම් පාට ශරීර ඇත්තී. ද්වෙ පුණ්ණමායො යනු මම තදහු එම උත්සව දිනයේ. පරවියකුගේ පා සමාන වර්ණයෙන් ද, රතු වස්ත්‍රයක් හැඳ සිටි ඇගේ මුහුණු ශෝභාව බලන්නේ, එකක් පෙරදිග ලෝක ධාතුවේ ද තවෙකක් අභිපාරකගේ නිවසේදැයි පුන්සඳ දෙකක් පෑයුවෙහියයි හඟිමි. අළාරපම්හෙ භි විශාල ඇහිබැමවලින් යුත් සුභෙහි පිරිසිදු ආකාර වූ, වග්ගුහි මිහිරි ආකාර වූ උදික්ඛති මෙවැනි ආකාර වූ ඇස්වලින් බැලුවේය. පබ්බතෙ යම් සේ හිමාලය පර්වතයේ මනා වූ මල් පිපුණු වනයෙහි වීණාවක් රැගෙන මාත්‍රා හඬින්, තමන්ගේ ස්වරයෙන් වයා ගයා කිඳුරිය කිඳුරා ගේ සිත් පැහැර ගනියි ද, මෙසේ මාගේ සිත ද පැහැර ගෙන සිටී යයි විලාප කියයි.

බ්‍රහතීති උළාරා. සාමාති සුවණ‍්ණවණ‍්ණසාමා. එකච‍්චවසනාති එකච‍්චිකවසනා, එකවත්‍ථනිවත්‍ථාති අත්‍ථො. භන‍්තාවුදික‍්ඛතීති සණ‍්හකෙසා පුථුනලාටා ආයතභමූ විසාලක‍්ඛී තුඞ‍්ගනාසා රත‍්තොට‍්ඨා සෙතදන‍්තා තිඛිණදාඨා සුවට‍්ටිතගීවා සුතනුබාහු සුසණ‍්ඨිතපයොධරා කරමිතමජ‍්ඣා විසාලසොණී සුවණ‍්ණකදලිසමානොරු සා උත‍්තමිත්‍ථී තස‍්මිං ඛණෙ මං උදික‍්ඛන‍්තී භයෙන වනං පවිසිත්‍වා පුන නිවත‍්තිත්‍වා ලුද‍්දං උදික‍්ඛන‍්තී භන‍්තා මිගීව මං උදික‍්ඛතීති වදති. බාහාමුදූති මුදුබාහා. සන‍්නතධීරකුත‍්තියාති සුඵුසිතඡෙකකරණා. උපඤ‍්ඤිස‍්සති මන‍්ති සා සුභා නාරී කදා නු මං තෙහි තම‍්බනඛෙහි සීසතො පට‍්ඨාය සන‍්නතෙන ධීරෙන කරණෙන පරිතොසෙස‍්සතීති පත්‍ථෙන‍්තො විලපති.

බ්‍රහතී උදාර, උසස්, සාමා රන්වන් වර්ණ සමාන, එකච්ච වසනා එක් වස්ත්‍රයක් එක්පට කොට හඳනා ලද්දේ යන අර්ථයි. හන්තා චුදික්ඛතී සියුම් කෙස්, පුළුල් නළල් තල, දික් බැම, විශාල ඇස්, (දෙමට මලක් වැනි) උසස් වූ නාසය, රතු දෙතොල්, සුදු දත්, තියුණු ප්‍රධාන දත්, වටකුරු ග්‍රීවය, සිහින් අත්, මනාව පිහිටි පියවුරු, අතින් ගතහැකි සිහින් ඉඟ, පුළුල් උකුල, රන්වන් කෙසෙල් කඳන් මෙන් වූ කලවා යුවල යන අඟපසඟින් යුත් උත්තම ස්ත්‍රිය එකෙණෙහි මා දෙස බලන්නී, බියෙන් වනයට පිවිස නැවත මුව වැද්දා ඒදැයි නැවතී වැද්දා දෙස බලන මුවදෙනක මෙන්, වූවා මා බලයි. බාහාමුදු යනු මෘදු වූ අත්ලයි. සන්තතධීර කුත්තියා මනා සේ දක්‍ෂයකු විසින් නිමවන ලද. උපඤ්ඤිස්සතිමං ඒ යහපත් ස්ත්‍රිය ඇගේ තඹවන් නියවලින් මගේ හිසෙහි පටන් නිරතුරුව කවදා ස්පර්ශ කිරීමෙන් දක්ෂව මා සතුටට පත් කරන්නේදැ’යි ප්‍රාර්ථනා කරමින් වැළපේ.

කඤ‍්චනජාලුරච‍්ඡදාති කඤ‍්චනමයඋරච‍්ඡදාලඞ‍්කාරා. විලග‍්ගමජ‍්ඣාති විලග‍්ගසරීරා තනුමජ‍්ඣිමා. බ්‍රහාවනෙති මහාවනෙ. ලාඛාරසරත‍්තසුච‍්ඡවීති හත්‍ථපාදතලඅග‍්ගනඛඔට‍්ඨමංසෙසු ලාඛාරසරත‍්තමණිපවාලවණ‍්ණා. බින්‍දුත්‍ථනීති උදකපුප‍්ඵුළපරිමණ‍්ඩලත්‍ථනී. තතොති යදා තං තිට‍්ඨන‍්තිං අද‍්දසං, තතො පට‍්ඨාය. සකස‍්ස චිත‍්තස‍්සාති අත‍්තනො චිත‍්තස‍්ස අනිස‍්සරො ජාතොම‍්හීති අධිප‍්පායො. කඤ‍්චිනන‍්ති කඤ‍්චි “අයං අසුකො නාමා”ති න ජානාමි, උම‍්මත‍්තකො ජාතොම‍්හීති වදති. දට‍්ඨාති දිස‍්වා. න සුපාමීති නෙව රත‍්තිං, න දිවා නිද‍්දං ලභාමි. සො ච ලබ‍්භෙථාති යං මෙ සක‍්කො වරං දදෙය්‍ය, සො ච මෙ වරො ලබ‍්භෙථ, ලභෙය්‍යාහං තං වරන‍්ති අත්‍ථො.

කඤ්චනජාලු රච්ඡදා රන්දැලින් වූ වක්ෂස්ථල පළඳනාවෙන් අලංකාර වූ, විලාකමජ්ඣා සිහින් ඉඟටිය ඇති, බ්‍රහාවනෙ මහා වනයෙහි, රත්ත සුච්ඡවි ලාක්‍ෂා රසයෙන් රත් වූ ප්‍රවාල වර්ණයෙන් යුත් අත්, පා, නිය අග, තොල් ආදියෙන් යුත්තීය. බින්‍දුත්‍ථතී දිය බුබුළක් සමාන වටකුරු වූ පියයුරු ඇත්තී, තතො යනු යම්කිසි තැනක සිට ඇය මා දැක්කේ ද එතැන් පටන්, සකස්ස චිත්තස්ස මගේ සිතට අධිපති භාවයක් ඊශ්වර භාවයක් උපන් බවක් මම නො දනිමි යන අර්ථයි. කඤ්චිනං මෝ තොමෝ අසවලී යයි නො දත්තේ උමතු භාවයට පැමිණියේ වෙමි. දිට්ඨා දැක න සුපාමි දිවා රෑ දෙක්හි නිදි නො ලබමි. සොච ලබ්භෙථ ශක්‍රයා යම්කිසි වරයක් මට දෙන්නේ නම්, ඒ වරය මට ලැබේ නම් යෙහෙක. ඒ වරයේ අර්ථය මෙයයි.

අථ තෙ අමච‍්චා අභිපාරකස‍්සපි ආරොචයිංසු – “සාමි රාජා, නගරං පදක‍්ඛිණං කරොන‍්තො තුම‍්හාකං ඝරද‍්වාරං පත්‍වා නිවත‍්තිත්‍වා පාසාදං අභිරුහී”ති. සො අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා උම‍්මාදන‍්තිං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, කච‍්චි රඤ‍්ඤො අත‍්තානං දස‍්සෙසී”ති පුච‍්ඡි. “සාමි, එකො මහොදරො මහාදාඨිකො රථෙ ඨත්‍වා ආගතො පුරිසො අත්‍ථි, අහං තං රාජා වා අරාජා වාති න ජානාමි, එකො ඉස‍්සරොති පන වුත‍්තෙ වාතපානෙ ඨත්‍වා පුප‍්ඵානි ඛිපිං, සො තාවදෙව නිවත‍්තිත්‍වා ගතො”ති. සො තං සුත්‍වා “නාසිතොම‍්හි තයා”ති පුනදිවසෙ පාතොව රාජනිවෙසනං ආරුය‍්හ සිරිගබ‍්භද‍්වාරෙ ඨත්‍වා රඤ‍්ඤො උම‍්මාදන‍්තිං නිස‍්සාය විප‍්පලාපං සුත්‍වා “අයං උම‍්මාදන‍්තියා පටිබද‍්ධචිත‍්තො ජාතො, තං අලභන‍්තො මරිස‍්සති, රඤ‍්ඤො ච මම ච අගුණං මොචෙත්‍වා ඉමස‍්ස මයා ජීවිතං දාතුං වට‍්ටතී”ති අත‍්තනො නිවෙසනං ගන‍්ත්‍වා එකං දළ‍්හමන‍්තං උපට‍්ඨාකං පක‍්කොසාපෙත්‍වා, “තාත, අසුකට‍්ඨානෙ සුසිරචෙතියරුක‍්ඛො අත්‍ථි, ත්‍වං කඤ‍්චි අජානාපෙත්‍වා අත්‍ථඞ‍්ගතෙ සූරියෙ තත්‍ථ ගන‍්ත්‍වා අන‍්තොරුක‍්ඛෙ නිසීද, අහං තත්‍ථ බලිකම‍්මං කරොන‍්තො තං ඨානං පත්‍වා දෙවතා නමස‍්සන‍්තො, ‘සාමි දෙවරාජ, අම‍්හාකං රාජා නගරම‍්හි ඡණෙ වත‍්තමානෙ අකීළිත්‍වා සිරිගබ‍්භං පවිසිත්‍වා විප‍්පලපන‍්තොව නිපන‍්නො, මයං තත්‍ථ කාරණං න ජානාම, රාජා දෙවතානං බහූපකාරො, අනුසංවච‍්ඡරං සහස‍්සං විස‍්සජ‍්ජෙත්‍වා බලිකම‍්මං කරොති, ඉදං නාම නිස‍්සාය රාජා විප‍්පලපතීති ආචික‍්ඛථ, රඤ‍්ඤො නො ජීවිතදානං දෙථා’ති යාචිස‍්සාමි, ත්‍වං තස‍්මිං ඛණෙ සද‍්දං පරිවත‍්තිත්‍වා, ‘සෙනාපති, තුම‍්හාකං රඤ‍්ඤො බ්‍යාධි නාම නත්‍ථි, සො පන තව භරියාය උම‍්මාදන‍්තියා පටිබද‍්ධචිත‍්තො. සචෙ නං ලභිස‍්සති, ජීවිස‍්සති, නො චෙ, මරිස‍්සති. සචෙ තස‍්ස ජීවිතං ඉච‍්ඡසි, උම‍්මාදන‍්තිමස‍්ස දෙහී’ති වදෙය්‍යාසී”ති එවං තං උග‍්ගණ‍්හාපෙත්‍වා උය්‍යොජෙසි.

අභිපාරකයාට ද දැනුම් දුන්හ. ස්වාමීනි, රජතුමා නගරය, ප්‍රදක්‍ෂිණා කරමින් නුඹලාගේ ගෙදොරට පැමිණ, නැවතී නොලසවම නැවත මාලිගාවට පිවිස සයනාසනාරූඪ වූයේ යයි කිවූය. අභිපාරක තමන්ගේ ගෙදරට ගොස් උම්මාදන්තිය අමතා සොඳුර, රජ්ජුරුවන්ට තමන් දැක්වූයෙහිද? හෙවත් රජහට තෙපි පෙනුනුදැ’යි විචාළේය. ස්වාමීනි, එක් මහ උදරයක් ඇති මහා උඩු රැවුළ ඇති එක් පුරුෂයෙක් රථයෙන් ආවා මම දිටිමි. හෙතෙම රජ ද, නොරජ දැයි මම නො දනිමි. එක් අධිපතියෙකු යයි කී කල්හි වා කවුළුව ළඟ සිට මල් විසි කෙරුවෙමි. ඔහු, ටික වේලාවක් සිට, නැවතී බලා සිට ගියේය. ඔහු එය අසා ඔබ විසින් මම නසන ලද්දෙමි’යි දෙවෙනි දිනයේ උදෑසන ම රාජ මන්දිරයට නැග, සිරියහන් ගබඩා දොරටුව සමීපයේ සිට උම්මදන්ති නිසා හටගත් රජුගේ විලාපය අසා මේ උම්මදන්තිය කෙරෙහි බැඳුණු සිත් ඇත්තේ ඇය නොලැබීමෙන් මිය යන්නේය. රජුට ද මට ද එන නරක නාමයෙන් මුදා මා විසින් මොහුට ජීවිත දානය දීම වටී යයි, තමන්ගේ නිවෙස්නට ගොස් එක් දැඩි මිතුරු වූ උපස්ථායකයකු කැඳවා දරුව, අසවල් තැන බෙනයක් සහිත චේතිය ගසක් ඇත. නුඹ කිසිවෙකුට නො දන්වා, සූර්යයා අවරට ගිය පසු එහි ගොස්, අත්ත උඩ නිදාගන්න. මම එහි බලි කර්මයක් කරමින් ඒ ස්ථානයට පැමිණ, දේවතාවා නමස්කාර කරමින්, ස්වාමීනි, දිව්‍යරාජය, අපගේ රජතුමා නගරයෙහි සැණකෙළි පවත්වන කල්හි ක්‍රීඩා නොකරම සිරියහන් ගබඩාවට පිවිස වැලපෙමින් හොත්තේ අපි ඊට කාරණය නො දනිමු. රජතුමා දේවතාවුන්ට වර්ෂයක් පාසා බොහෝ උපකාර කරන්නේ දහසක් වියදම්කොට බලි කර්මයක් කරයි. මේ නිසා විකල තත්ත්වයට පත් රජතුමාගේ ජීවිත දානය අපට ලබා දෙව මැනවි යනුවෙනි. නුඹ ඒ මොහොතේ හඬ වෙනස්කොට සේනාපතියනි, නුඹගේ රජතුමාට රෝග ආදිය නැත. හෙතෙම වනාහි ඔබගේ බිරිඳ උම්මාදන්ති සමග පිළිබඳ සිත් ඇත්තේ ඉදින් ඇය ලබන්නේ නම් ජීවත් වන්නේය. නැතහොත් මිය යන්නේය. ඉදින් ඔබට ජීවිතය කැමැත්තෙහි නම් උම්මාදන්තිය මොහුට දෙන්නැයි කියව යි මෙසේ ඔහුට උගන්වා පිටත් කළේය.

සො ගන‍්ත්‍වා තස‍්මිං රුක‍්ඛෙ නිසීදිත්‍වා පුනදිවසෙ සෙනාපතිනා අමච‍්චගණපරිවුතෙන තං ඨානං ගන‍්ත්‍වා යාචිතො තථා අභාසි. සෙනාපති “සාධූ”ති වත්‍වා දෙවතං වන්‍දිත්‍වා අමච‍්චෙ ජානාපෙත්‍වා නගරං පවිසිත්‍වා රාජනිවෙසනං ආරුය‍්හ සිරිගබ‍්භද‍්වාරං ආකොටෙසි. රාජා සතිං උපට‍්ඨපෙත්‍වා “කො එසො”ති පුච‍්ඡි. අහං, දෙව, අභිපාරකොති. අථස‍්ස රාජා ද‍්වාරං විවරි. සො පවිසිත්‍වා රාජානං වන්‍දිත්‍වා ගාථමාහ –

ඔහු ගොස් ඒ ගසෙහි හුන්නේය. දෙවෙනි දවසේ සෙනෙවියා එම ස්ථානයට ගොස් ආයාචනා කෙළේය. ඔහු කී පරිදි කළේය. සෙනෙවියා යහපතැයි පවසා දේවතාවා වැඳ, ඇමතියන් දැනුවත් කරවා, නගරයට පිවිස, රාජ මන්දිරයට නැග, සිරියහන් දොරටුවට තට්ටු කෙළේය. රජු ද සිහිය පිහිටුවා මේ කවරෙක්දැයි විචාළේය. දේවයන් වහන්ස, මම අභිපාරක වෙමි. ඉක්බිති රජු ඔහුට දොර විවෘත කෙළේය. ඔහු පිවිස රජුට වැඳ ගාථාව කීවේය.

“භූතානි මෙ භූතපතී නමස‍්සතො, ආගම‍්ම යක‍්ඛො ඉදමෙතදබ්‍රවි; රඤ‍්ඤො මනො උම‍්මදන‍්ත්‍යා නිවිට‍්ඨො, දදාමි තෙ තං පරිචාරයස‍්සූ”ති.

සත්ත්වයන්ට අධිපති වූ, රජුට නමස්කාර වේවා! වඳින්නා වූ මට යක්‍ෂයකු පැමිණ මේ වචන පැවසීය. රජුගේ සිත උම්මාදන්තිය කෙරෙහි ඇලුණේය. මම උම්මාදන්තිය ඔබතුමාට දෙමි. ඇය ඔබතුමාගේ පරිචාරිකාව කරගනු මැනවි.

තත්‍ථ නමස‍්සතොති තුම‍්හාකං විප‍්පලාපකාරණජානනත්‍ථං බලිකම‍්මං කත්‍වා නමස‍්සන‍්තස‍්ස. තන‍්ති අහං තං උම‍්මාදන‍්තිං තුම‍්හාකං පරිචාරිකං කත්‍වා දදාමීති.

එහි නමස්සතො යනු ඔබගේ විපිළිසරට කරුණ දැනගනු පිණිස බිලි (බලි) කර්මයක් කොට, නමස්කාර කිරීමයි. තං යනු, ඒ මම උම්මාදන්තිය ඔබගේ මෙහෙසියකොට දෙමි යනුයි.

අථ නං රාජා, “සම‍්ම අභිපාරක, මම උම‍්මාදන‍්තියා පටිබද‍්ධචිත‍්තතාය විප‍්පලපිතභාවං යක‍්ඛාපි ජානන‍්තී”ති පුච‍්ඡි. ආම, දෙවාති. සො “සබ‍්බලොකෙන කිර මෙ ලාමකභාවො ඤාතො”ති ලජ‍්ජිධම‍්මෙ පතිට‍්ඨාය අනන‍්තරං ගාථමාහ –

ඉක්බිති රජතුමා ඔහුට මිත්‍ර, අභිපාරකය, උම්මාදන්තිය කෙරෙහි බැඳුණු සිත් ඇති මගේ සිත විකලභාවයට පත්වූ බව දෙවියන් දනිත්දැයි විචාළේය. දේවයන් වහන්ස, එසේය. ඒ නිසා මුළු ලෝකවාසීන් විසින් මා ලාමක බවට පත් තැනැත්තෙක් යයි දැනගත්තේය යනුවෙන් ලජ්ජාවට පත්වූයේ අනතුරුව මේ ගාථාව කීවේය.

“පුඤ‍්ඤා ච ධංසෙ අමරො න චම‍්හි, ජනො ච මෙ පාපමිදඤ‍්ච ජඤ‍්ඤා; භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො, දත්‍වා පියං උම‍්මදන‍්තිං අදට‍්ඨා”ති.

යහළු අභිපාරකය, එසේ වී නම් මම පිනෙන් පිරිහෙමි. ඇය සමග කෙළෙස් පමණින් විසූ බැවින් අමරණීයත්වයට ද, පත් නොවෙමි. මහජනයාද මේ මගේ ලාමකකමකැයි දැන ගන්නේය. ප්‍රිය වූ උම්මාදන්තිය නො දැකීමෙන් ඔබේ සිතටද මහත් දුකක් ඇති වන්නේය.

තත්‍ථ ධංසෙති, සම‍්ම අභිපාරක, අහං තාය සද‍්ධිං කිලෙසවසෙන පරිචාරෙන‍්තො පුඤ‍්ඤතො ච ධංසෙය්‍යං, තාය සද‍්ධිං පරිචාරිතමත‍්තෙන අමරො ච න හොමි, මහාජනො ච මෙ ඉමං ලාමකභාවං ජානෙය්‍ය, තතො “අයුත‍්තං රඤ‍්ඤා කත”න‍්ති ගරහෙය්‍ය, තඤ‍්ච මම දත්‍වා පච‍්ඡා පියභරියං අදට‍්ඨා තව මනසො විඝාතො චස‍්සාති අත්‍ථො.

එහි විධංසෙ යනු මිත්‍ර; අභිපාරකය මම උම්මාදන්තිය සමග කෙලෙස් වසඟයෙන් හැසිරෙන්නේ මම මාගේ කුසල කොට්ඨාසය නසන්නෙමි. ඇය සමග කෙළෙස් වසයෙන් හැසිරුණු පමණකින් අමරණීය ද නොවෙමි. මහජනයා ද මගේ ලාමක බව දැනගත්තේය. එවිට රජතුමා ද නුසුදුසු දෙයක් කළේ යයි ගරහන්නේ ය. ඇය ද මට ලබා දී පසුව, ප්‍රිය බිරිඳ නොදැක ඔබගේ මනස දැඩි සිත් තැවුලට පත්වන්නේය යන අර්ථයයි.

සෙසා උභින‍්නම‍්පි වචනපටිවචනගාථා හොන‍්ති –

සෙස්ස, දෙදෙනාගේ ප්‍රකාශ සහ පිළිතුරු ප්‍රකාශ සඳහන් ගාථා වේ.

“ජනින්‍ද නාඤ‍්ඤත්‍ර තයා මයා වා, සබ‍්බාපි කම‍්මස‍්ස කතස‍්ස ජඤ‍්ඤා; යං තෙ මයා උම‍්මදන‍්තී පදින‍්නා, භුසෙහි රාජා වනථං සජාහි.

මහරජතුමනි! නුඹවහන්සේත් මාත් හැර සියලු ප්‍රජාවම නුඹවහන්සේට උම්මාදන්තිය දෙන ලදී යන කරුණු නො දන්නේය. එහෙයින් මහරජු ඇය සමග සිත් අලවා මනදොළ සපුරා ගනීවා. ඉන්පසු නුඹවහන්සේට නුරුස්සන්නාහු නම් ආපසු මා හට ම දෙනු මැනැවි.

“යො පාපකං කම‍්මකරං මනුස‍්සො, සො මඤ‍්ඤති මායිද මඤ‍්ඤිංසු අඤ‍්ඤෙ; පස‍්සන‍්ති භූතානි කරොන‍්තමෙතං, යුත‍්තා ච යෙ හොන‍්ති නරා පථබ්‍යා.

අභිපාරකය! පව්කම් කරන යම් මිනිසෙක් වේ නම්, මා කරන පව්කම් අනික් අය නො දැන ගනිත්වායි හෙතෙම සිතයි. එහෙත් ලෝකයෙහි සෘද්ධිබල ඇති මිනිස්සුත් භූතයෝත් ඒ බව දැන ගනිති.

“අඤ‍්ඤො නු තෙ කොචි නරො පථබ්‍යා, සද‍්ධෙය්‍ය ලොකස‍්මි න මෙ පියාති; භුසො ච ත්‍යස‍්ස මනුසො විඝාතො, දත්‍වා පියං උම‍්මදන‍්තිං අදට‍්ඨා.

ලෝකයෙහි කිසියම් මිනිසෙක් මට උම්මාදන්තිය ප්‍රිය නැතැයි යන තොප ගේ අදහස අදහන්නෝ ද, ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු නුඹගේ සිතට මහත් දුකක් වන්නේ ය.

“අද‍්ධා පියා මය‍්හ ජනින්‍ද එසා, න සා මමං අප‍්පියා භූමිපාල; ගච‍්ඡෙව ත්‍වං උම‍්මදන‍්තිං භදන‍්තෙ, සීහොව සෙලස‍්ස ගුහං උපෙති.

මහරජතුමනි! මෝ තොමෝ ඒකාන්තයෙන් මට ප්‍රියය. ඕ තොමෝ මට අප්‍රිය නොවන්නීය. කාම පරිළාහයෙන් යුතු සිංහයකු සිංහ පෝතිකාවක ගේ ගුහාවට යන්නා සේ නුඹවහන්සේ උම්මාදන්තිය වෙත යෙත්වා.

“න පීළිතා අත‍්තදුඛෙන ධීරා, සුඛප‍්ඵලං කම‍්ම පරිච‍්චජන‍්ති; සම‍්මොහිතා වාපි සුඛෙන මත‍්තා, න පාපකම‍්මඤ‍්ච සමාචරන‍්ති.

ආත්ම දුක්ඛයෙන් පෙළෙන පණ්ඩිතයෝ සුඛ විපාක ඇති කර්ම අත් නොහරී. එසේම සුවයෙන් මත්ව මුළා වූවාහු පව්කම් ද නො කරත්.

“තුවඤ‍්හි මාතා ච පිතා ච මය‍්හං, භත‍්තා පතී පොසකො දෙවතා ච; දාසො අහං තුය‍්හ සපුත‍්තදාරො, යථාසුඛං සාමි කරොහි කාමං.

සිවි රජතුමනි! නුඹවහන්සේ, මගේ මව ද පියා ද ස්වාමියා ද, පෝෂණය කරන්නා ද, දේවතාවා ද වන්නෙහිය. අඹුදරුවන් සහිත වූ මම නුඹවහන්සේට දාසයෙක්මි. නුඹවහන්සේ තම කැමැත්තක් කැමති පරිද්දෙන් කරන සේක්වා!

“යො ‘ඉස‍්සරොම‍්හී’ති කරොති පාපං, කත්‍වා ච සො නුත‍්තසතෙ පරෙසං; න තෙන සො ජීවති දීඝමායු, දෙවාපි පාපෙන සමෙක‍්ඛරෙ නං.

යමෙක් මම රජ වෙමැයි පව්කම් කෙරේ ද, පව්කොට අනුන්ගේ අපවාදයට බිය නොවේ ද, ඔහු දිගුකලක් ජීවත් නො වේ. දෙවියෝ ද ඔහු ලාමක වසයෙන් සිතත්.

“අඤ‍්ඤාතකං සාමිකෙහී පදින‍්නං, ධම‍්මෙ ඨිතා යෙ පටිච‍්ඡන‍්ති දානං; පටිච‍්ඡකා දායකා චාපි තත්‍ථ, සුඛප‍්ඵලඤ‍්ඤෙව කරොන‍්ති කම‍්මං.

මහරජ, අන්සතු දෙයක් එහි අයිතිකරුවන් විසින් ම දෙන ලද්දේ ද, ධර්මයෙහි පිහිටියා වූ කෙනෙක් එය පිළිගනී ද, ඒ දායකයාත් ප්‍රතිග්‍රාහකයාත් සැප විපාක දෙන ක්‍රියාවක් ම කරයි.

“අඤ‍්ඤො නු තෙ කොචි නරො පථබ්‍යා, සද‍්ධෙය්‍ය ලොකස‍්මි න මෙ පියාති; භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො, දත්‍වා පියං උම‍්මදන‍්තිං අදට‍්ඨා.

අභිපාරකය, මේ ලෝකයෙහි කිසියම් පුද්ගලයෙක් ‘මට උම්මාදන්තිය ප්‍රිය නැතැ’යි යන ඔබගේ අදහස අදහන්නේ ද? ප්‍රිය වූ උම්මාදන්තිය දීමෙන් පසු ඇය නො දක්නා විට නුඹේ සිතට මහත් දුක් වන්නේ ය.

“අද‍්ධා පියා මය‍්හ ජනින්‍ද එසා, න සා මමං අප‍්පියා භූමිපාල; යං තෙ මයා උම‍්මදන‍්තී පදින‍්නා, භුසෙහි රාජා වනථං සජාහි.

රජතුමනි! උම්මාදන්තිය ඒකාන්තයෙන් ම මට ප්‍රියය. ඕ තොමෝ මට අප්‍රිය නො වන්නී ම ය. එහෙත් ඇය මම ඔබට පාවා දෙමි. වනයක් අලංකාර කරන වනස්පතී වෘක්‍ෂයක් මෙන් අලංකාර කරනු මැනවි.

“යො අත‍්තදුක‍්ඛෙන පරස‍්ස දුක‍්ඛං, සුඛෙන වා අත‍්තසුඛං දහාති; යථෙවිදං මය‍්හ තථා පරෙසං, යො එවං ජානාති ස වෙදි ධම‍්මං.

යමෙක් තමහට වූ දුකින් අනුන් ගේ දුකක් හෝ, අනුන්ගේ සුවයෙන් තමන්ට සුවයක් හෝ පිහිටුවා ද, මෙය මට යම්සේ ද, අනුන්ටත් එසමෙ යයි දනී ද, හේ ධර්මය දනී.

“අඤ‍්ඤො නු තෙ කොචි නරො පථබ්‍යා, සද‍්ධෙය්‍ය ලොකස‍්මි න මෙ පියාති; භුසො ච ත්‍යස‍්ස මනසො විඝාතො, දත්‍වා පියං උම‍්මදන‍්තිං අදට‍්ඨා.

අභිපාරකය! උම්මාදන්තිය මට ප්‍රිය නැතැයි යන තොප ගේ අදහස ලෝකයේ මිනිස්සු පිළිගත්තත්, ඇය නො දක්නා විට, නුඹ ගේ සිතට මහත් දුකක්ම වන්නේ ය.

“ජනින්‍ද ජානාසි පියා මමෙසා, න සා මමං අප‍්පියා භූමිපාල; පියෙන තෙ දම‍්මි පියං ජනින්‍ද, පියදායිනො දෙව පියං ලභන‍්ති.

මහරජතුමනි! මෝ තොමෝ මට ඒකාන්තයෙන් ප්‍රිය වන්නීය. ඕ මට අප්‍රිය නොවන්නී ම ය. මට ප්‍රිය වූවකින් ඔබට ප්‍රිය වූවක් දෙමි. ප්‍රිය දේ දෙන්නෝ ප්‍රිය දේ ලබති.

“සො නූනාහං වධිස‍්සාමි, අත‍්තානං කාමහෙතුකං; න හි ධම‍්මං අධම‍්මෙන, අහං වධිතුමුස‍්සහෙ.

ඒකාන්තයෙන් මම කාම හේතුක වූ අයුක්තක් කොට තමන්ට හිංසා නො කරන්නෙමි. මම වනාහි අධර්මයෙන් ධර්මය වනසන්නට උත්සාහ නො කරමි.

“සචෙ තුවං මය‍්හ සතිං ජනින්‍ද, න කාමයාසි නරවීර සෙට‍්ඨ; චජාමි නං සබ‍්බජනස‍්ස සිබ්‍යා, මයා පමුත‍්තං තතො අව‍්හයෙසි නං.

රජතුමනි! නුඹ මාගෙන් ඇය නො කැමැත්තේ නම් හැමදෙනට සාධාරණ වන සේ මම ඇය හැර දමමි. ඉන්පසු මා විසින් හැරදමන ලද ඇය ගෙන්වාගත මැනවි.

“අදූසියං චෙ අභිපාරක ත්‍වං, චජාසි කත‍්තෙ අහිතාය ත්‍යස‍්ස; මහා ච තෙ උපවාදොපි අස‍්ස, න චාපි ත්‍යස‍්ස නගරම‍්හි පක‍්ඛො.

හිතකාමී වූ අභිපාරකය! දූෂ්‍ය නො වූ ඇය ඔබ ඒකාන්තයෙන් හැර දමන්නේ නම්, එය තොපට අහිත පිණිස පවතින්නේ ය. තොපට මහත් වූ අපවාදයක් වන්නේ ය. රටවැසි ජනයා තොපට විරුද්ධ වන්නේ ය.

“අහං සහිස‍්සං උපවාදමෙතං, නින්‍දං පසංසං ගරහඤ‍්ච සබ‍්බං; මමෙතමාගච‍්ඡතු භූමිපාල, යථාසුඛං සිවි කරොහි කාමං.

සිවි මහරජතුමනි! මේ දෝෂය, නින්දාව-අපවාදය, ගර්හාව සියල්ල මම විඳ දරා ගනිමි. නුඹවහන්සේ ගේ කැමැත්තක් සුවසේ කරනු මැනැවි.

“යො නෙව නින්‍දං න පනප‍්පසංසං, ආදියති ගරහං නොපි පූජං; සිරී ච ලක‍්ඛී ච අපෙති තම‍්හා, ආපො සුවුට‍්ඨීව යථා ථලම‍්හා.

යමෙක් නින්දාව නො පිළිගනී ද, ඔහු ප්‍රශංසාවක් නො පිළිගනී. ගැරහීම නො පිළිගනී ද, පූජාවත් නො පිළිගනී. ඔහු කෙරෙන් ඓශ්වර්යය සංඛ්‍යාත සිරිකතත්, ප්‍රඥා සංඛ්‍යාත ලක්‍ෂ්මියත්, ගොඩබිමින් ලිස්සා යන වර්ෂා ජලය මෙන් සේදී යයි.

“යං කිඤ‍්චි දුක‍්ඛඤ‍්ච සුඛඤ‍්ච එත‍්තො, ධම‍්මාතිසාරඤ‍්ච මනොවිඝාතං; උරසා අහං පච‍්චුත‍්තරිස‍්සාමි සබ‍්බං, පථවී යථා ථාවරානං තසානං.

මෙ පමණකින් යම්කිසි දුකක් හෝ සැපයක් හෝ ධර්මය ඉක්ම යාමක්, චිත්ත සන්තාපයක් හෝ සිදු වන්නේ නම් රහතුන් ගේ ද පුහු දනන් ගේ ද සියල්ල පිළිගන්නා මහපොළව මෙන් මම ඒ සියල්ල පිළිගනිමි.

“ධම‍්මාතිසාරඤ‍්ච මනොවිඝාතං, දුක‍්ඛඤ‍්ච නිච‍්ඡාමි අහං පරෙසං; එකොවිමං හාරයිස‍්සාමි භාරං, ධම‍්මෙ ඨිතො කිඤ‍්චි අහාපයන‍්තො.

මම අනුන්ගේ ධර්මය ඉක්මවා යාම ද, චිත්ත සන්තාපය ද, කායික දුක ද නො කැමැත්තෙමි. මම ධර්මයෙහි පිහිටියෙමි. කිසිවකු නො පිරිහෙළමි. හුදෙකලාව මේ දුක්බර එතෙර කරන්නෙමි (රජු කීය.)

“සග‍්ගූපගං පුඤ‍්ඤකම‍්මං ජනින්‍ද, මා මෙ තුවං අන‍්තරායං අකාසි; දදාමි තෙ උම‍්මදන‍්තිං පසන‍්නො, රාජාව යඤ‍්ඤෙ ධනං බ්‍රාහ‍්මණානං.

රජතුමනි! නුඹවහන්සේ මගේ ස්වර්ගගාමී වූ පින්කමට අනතුරක් නො කළාහුය. මම නුඹවහන්සේට පහත් සිතැත්තෙමි. රජකෙනෙක් බමුණකුට දෙන යාගයක් මෙන් උම්මාදන්තිය දෙමි.

“අද‍්ධා තුවං කත‍්තෙ හිතෙසි මය‍්හං, සඛා මමං උම‍්මදන‍්තී තුවඤ‍්ච; නින්‍දෙය්‍යු දෙවා පිතරො ච සබ‍්බෙ, පාපඤ‍්ච පස‍්සං අභිසම‍්පරායං.

ඇමතිය! නුඹ ඒකාන්තයෙන් මගේ අභිවෘද්ධිය කැමැත්තේ ය. උම්මාදන්තිය ද නුඹ ද මාගේ යහළුවෝ ය. දෙවියෝ ද රටවැසියෝ ද බ්‍රහ්මයෝ ද සියල්ලෝ ම නින්දා කරන්නාහ. පරලොවෙහි දී විපාක දෙන පාපයක් ද වෙයි.

“න හෙතධම‍්මං සිවිරාජ වජ‍්ජුං, සනෙගමා ජානපදා ච සබ‍්බෙ; යං තෙ මයා උම‍්මදන‍්තී පදින‍්නා, භුසෙහි රාජා වනථං සජාහි.

සිවි රජතුමනි! නියම්ගම් වැස්සන් සහිත සියලු රටවැසියෝ මා විසින් ඔබට උම්මාදන්තිය පවරා දීම අධර්මයකැයි නො කියන්නෝ ය. එබැවින් රජතෙම ඒ කාමාශාව දියුණු කෙරේවා!

“අද‍්ධා තුවං කත‍්තෙ හිතෙසි මය‍්හං, සඛා මමං උම‍්මදන‍්තී තුවඤ‍්ච; සතඤ‍්ච ධම‍්මානි සුකිත‍්තිතානි, සමුද‍්දවෙලාව දුරච‍්චයානි.

ඇමතිවරය! ඔබ මට ඒකාන්තයෙන් වැඩ කැමතිය. උම්මාදන්තිය ද නුඹ ද මගේ යහළුවෝ වෙති. මනාකොට ප්‍රකාශ කරන ලද සත්පුරුෂ ධර්මයෝ, මුහුදු රළ මුහුදු වෙරළ ඉක්මවා නොයන්නාක් මෙන් ඉක්මවා නො යයි.

“ආහුනෙය්‍යො මෙසි හිතානුකම‍්පී, ධාතා විධාතා චසි කාමපාලො; තයී හුතා රාජ මහප‍්ඵලා හි, කාමෙන මෙ උම‍්මදන‍්තිං පටිච‍්ඡ.

මහරජතුමනි! නුඹවහන්සේ මගේ පිදිය යුත්තා ද, හිතානුකම්පා ඇත්තා ද, විධාන කරන්නා ද, කැමති දෑ දෙන්නා ද, පාලනය කරන්නා ද වන්නාහුය. එහෙයින් නුඹවහන්සේ කෙරෙහි දෙන්නා වූ දෙය පිළිගනිත්වා. එය මට මහත්ඵල වන්නේ ය.

“අද‍්ධා හි සබ‍්බං අභිපාරක ත්‍වං, ධම‍්මං අචාරී මම කත‍්තුපුත‍්ත; අඤ‍්ඤො නු තෙ කො ඉධ සොත්‍ථිකත‍්තා, ද‍්විපදො නරො අරුණෙ ජීවලොකෙ.

අභිපාරකය! නුඹ ඒකාන්තයෙන් ම මට හිතකර වූ හැම දහමෙක්හි ම හැසුරුණේය. හෙට අරුණ නැගි කල්හි මේ මිනිස්ලොව දෙපා ඇත්තා වූ අන් කවර නම් රජෙක් නුඹට යහපතක් කරන්නේද?

“තුවං නු සෙට‍්ඨො ත්‍වමනුත‍්තරොසි, ත්‍වං ධම‍්මගුත‍්තො ධම‍්මවිදූ සුමෙධො; සො ධම‍්මගුත‍්තො චිරමෙව ජීව, ධම‍්මඤ‍්ච මෙ දෙසය ධම‍්මපාල.

මහරජතුමනි! නුඹවහන්සේ ශ්‍රේෂ්ඨය. උතුම්ය. නුඹවහන්සේ ධර්මය රක්නාහුය. ධර්මය දන්නාහුය. මහා නුවණැත්තාහ. ධර්ම රකින්නා වූ නුඹවහන්සේ බොහෝකලක් ජීවත් වේවා. ධර්මය රක්නා වූ ඔබතුමා මට ද ධර්මය දෙසන සේක්වා!

“තදිඞ‍්ඝ අභිපාරක, සුණොහි වචනං මම; ධම‍්මං තෙ දෙසයිස‍්සාමි, සතං ආසෙවිතං අහං.

අභිපාරකය! එසේ නම් මගේ වචනය අසව. මම බුද්ධාදී සත්පුරුෂයන් විසින් සෙවුනා ලද ධර්මය තොපට කියන්නෙමි.

“සාධු ධම‍්මරුචී රාජා, සාධු පඤ‍්ඤාණවා නරො; සාධු මිත‍්තානමද‍්දුබ‍්භො, පාපස‍්සාකරණං සුඛං.

දහම් කැමති වන්නා වූ රජ තෙමේ යහපත්ය. නුවණැති මිනිසා යහපත් ය. මිතුරන්ට ද්‍රෝහ නො කරන්නාහ යහපත්ය. පව් නො කිරීම සැපයට කරුණු වේ.

“අක‍්කොධනස‍්ස විජිතෙ, ඨිතධම‍්මස‍්ස රාජිනො; සුඛං මනුස‍්සා ආසෙථ, සීතච‍්ඡායාය සඞ‍්ඝරෙ.

ක්‍රෝධ නො කරන ධර්මයෙහි පිහිටි රජුගේ විජිතයෙහි සියළු මිනිස්සු සුවසේ වෙසෙති. දූ පුතුන් සහ නෑ මිතුරෝ ද අධාර්මික ක්‍රියාවලින් පීඩිත නො වූයේ සුවසේ වෙසෙති.

“න චාහමෙතං අභිරොචයාමි, කම‍්මං අසමෙක‍්ඛකතං අසාධු; යෙ වාපි ඤත්‍වාන සයං කරොන‍්ති, උපමා ඉමා මය‍්හං තුවං සුණොහි.

අපරීක්‍ෂාවෙන් කරන ලද අයහපත් කර්මය මම කැමති නොවෙමි. යම් කෙනෙක් සොයා දැන කටයුතු කරන්නේ නම් එය කැමැත්තෙමි. මගේ මේ උපමා ඔබ ද අහන්න.

“ගවං චෙ තරමානානං, ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො; සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති, නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.

ගව රැලක ප්‍රධාන ගවයා, පෙරටුව යන ගවයා, වක් වැ ගමන් කෙරේ නම්, ගව රැළේ පිටුපස යන ගවයෝ ද වක්ව ම ගමන් කරති.

“එවමෙව මනුස‍්සෙසු, යො හොති සෙට‍්ඨසම‍්මතො; සො චෙ අධම‍්මං චරති, පගෙව ඉතරා පජා; සබ‍්බං රට‍්ඨං දුඛං සෙති, රාජා චෙ හොති අධම‍්මිකො.

මිනිසුන් අතර යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ යයි පිළිගන්නේ නම් ඔහු අධාර්මික වේ ද, එවිට සෙසු ජනයා ගැන කවර කථා ද? රටක රජු නො දැහැමි නම් මුළු රටම නො දැහැමි වන අතර පීඩනයට ද පත් වේ.

“ගවං චෙ තරමානානං, උජුං ගච‍්ඡති පුඞ‍්ගවො; සබ‍්බා ගාවී උජුං යන‍්ති, නෙත‍්තෙ උජුං ගතෙ සති.

ගව රැළේ මුලින් ම යන ප්‍රධාන ගවයා නිසි මඟ කෙලින් යන්නේ නම්, නායකයා අනුගමනය කරමින් අනෙක් සියළු ගවයෝ කෙලින් නිසිමග යති.

“එවමෙව මනුස‍්සෙසු, යො හොති සෙට‍්ඨසම‍්මතො; සො සචෙ ධම‍්මං චරති, පගෙව ඉතරා පජා; සබ‍්බං රට‍්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම‍්මිකො.

එසේ මනුෂ්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි පිළිගන්නා රජු හෝ ජනාධිපති, ධර්මයෙහි හැසිරේ ද, එරට වැසි සකල ප්‍රජාව ද ධර්මයෙහි හැසිරෙති. ඉදින් රජු දැහැමි නම් මුළු රට ම පීඩනයෙන් තොරව සුවසේ වෙසෙයි.

“න චාපාහං අධම‍්මෙන, අමරත‍්තමභිපත්‍ථයෙ; ඉමං වා පථවිං සබ‍්බං, විජෙතුං අභිපාරක.

අභිපාරකය! මම නො දැහැමින් දේවත්වය නො පතන්නෙමි. මේ සකල පොළව දිනන්නට ද නො කැමැත්තෙමි.

“යඤ‍්හි කිඤ‍්චි මනුස‍්සෙසු, රතනං ඉධ විජ‍්ජති; ගාවො දාසො හිරඤ‍්ඤඤ‍්ච, වත්‍ථියං හරිචන්‍දනං.

මෙලොව මිනිසුන් සතුව, ගව මහිෂ, දැසි දස්, රත්රන්, වස්ත්‍ර, රත්සඳුන් ආදී ධන ධාන්‍ය රත්න ජාතියක් විද්‍යමාන වේ ද,

“අස‍්සිත්‍ථියො රතනං මණිකඤ‍්ච, යඤ‍්චාපි මෙ චන්‍දිමසූරියා අභිපාලයන‍්ති; න තස‍්ස හෙතු විසමං චරෙය්‍යං, මජ‍්ඣෙ සිවීනං උසභොම‍්හි ජාතො.

අශ්වයන්, ස්ත්‍රීන් ඇතුළු සප්තවිධ රත්නයන් පහළවන, මෙම චන්ද්‍ර සූර්ය දෙදෙනාගෙන් ආලෝකය ලබන රටක, සක්විති රජය සඳහාවත් මම විෂම ව, අධාර්මික ව, වරද සහිතව නො හැසිරෙමි. මම සිවි රජුන් අතර ශ්‍රේෂ්ඨවැ උපන් නිසා යැ.

“නෙතා හිතා උග‍්ගතො රට‍්ඨපාලො, ධම‍්මං සිවීනං අපචායමානො; සො ධම‍්මමෙවානුවිචින‍්තයන‍්තො, තස‍්මා සකෙ චිත‍්තවසෙ න වත‍්තො.

මම වනාහි නායකයෙක් ද, පියෙක් ද, රට පාලනය කරන්නෙක් ද, ප්‍රසිද්ධ කෙනෙක් ද සිවි රජවරුන් ගේ ධර්මය ගරු කරන්නෙක් ද වෙමි. මම ඒ ධර්මය අනුව සිතන්නෙමි. එහෙයින් මගේ සිතට වසඟ නො වෙමි. චිත්ත වසයෙහි නො පවතිමි.

“අද‍්ධා තුවං මහාරාජ, නිච‍්චං අබ්‍යසනං සිවං; කරිස‍්සසි චිරං රජ‍්ජං, පඤ‍්ඤා හි තව තාදිසී.

මහරජ, ඒකාන්තයෙන් නුඹවහන්සේ, විපත්ති රහිතව, බිය රහිතවැ, බොහෝ කලක් රජය කරවන්නේ ය. නුඹවහන්සේ ප්‍රඥාවන්තය. එබැවිනි.

“එතං තෙ අනුමොදාම, යං ධම‍්මං නප‍්පමජ‍්ජසි; ධම‍්මං පමජ‍්ජ ඛත‍්තියො, රට‍්ඨා චවති ඉස‍්සරො.

ධර්මයෙහි ප්‍රමාද නො වෙවයි, යම් ධර්මයක් ඔබ කියයි ද, ඒ ධර්මයට මම සතුටු වෙමි. අධිපති ක්‍ෂත්‍රියයෝ ධර්මයෙහි ප්‍රමාද වූයේ ඓශ්වර්යයෙන් චුත වේ.

“ධම‍්මං චර මහාරාජ, මාතාපිතූසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ මව්පියන් කෙරෙහි දැහැමින් හැසිරේවා! මෙලොව මව්පියන් කෙරෙහි සුචරිත ධර්මයන්හි හැසිර පරලොව ස්වර්ගයට යන්නේය.

“ධම‍්මං චර මහාරාජ, පුත‍්තදාරෙසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, අඹුදරුවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. අඹු දරුවන් කෙරෙහි සුචරිතව හැසිර පරලොව ස්වර්ගයට යන්නෝ ය.

“ධම‍්මං චර මහාරාජ, මිත‍්තාමච‍්චෙසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, [missing trans] කෙරෙහි දැහැමින් හැසිරෙව. [missing trans] කෙරෙහි සුචරිතව හැසිර පරලොව ස්වර්ගයට යන්නෝ ය.

“ධම‍්මං චර මහාරාජ, වාහනෙසු බලෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, බල සේනාවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. එසේ සුචරිත ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යනු මැනවි.

“ධම‍්මං චර මහාරාජ, ගාමෙසු නිගමෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, ගම් නියම්ගම් වැසියන් කෙරෙහි ධර්මයෙහි හැසිරෙව. එසේ සුචරිත ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යනු මැනවි.

“ධම‍්මං චර මහාරාජ, රට‍්ඨෙසු ජනපදෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, රටවැසියන් කෙරෙහි ද, ජනපදවැසියන් කෙරෙහි ද දැහැමින් හැසිරෙව. එසේ සුචරිත ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යනු මැනවි.

“ධම‍්මං චර මහාරාජ, සමණබ්‍රාහ‍්මණෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි දැහැමෙන් සුචරිතයේ හැසිරෙන්න. එසේ සුචරිතයෙහි හැසිරී පරලොව ස්වර්ගයට පැමිණෙන්න.

“ධම‍්මං චර මහාරාජ, මිගපක‍්ඛීසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

ක්‍ෂත්‍රිය මහරජ, මෘග පක්‍ෂීන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මෙලොව මෘග පක්‍ෂීන් කෙරෙහි පැවැත්විය යුතු සුචරිත ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්න.

“ධම‍්මං චර මහාරාජ, ධම‍්මො චිණ‍්ණො සුඛාවහො; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, ධර්මයෙහි හැසිරෙන්න. පුරුදු කරන ලද ධර්මය සැප ගෙන දෙන්නේය. මෙලොව ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට පිවිසෙන්න.

“ධම‍්මං චර මහාරාජ, සඉන්‍දා දෙවා සබ්‍රහ‍්මකා; සුචිණ‍්ණෙන දිවං පත‍්තා, මා ධම‍්මං රාජ පාමදො”ති.

මහරජ, දැහැමින් හැසිරෙන්න. ශක්‍රයා සහිත දෙවියෝ ද මහා බ්‍රහ්මයා සහිත බ්‍රහ්මයෝ ද මැනැවින් පුරුදු කරන ලද ධර්මය නිසා, දෙව්ලොවට පැමිණියාහු වෙති.

තත්‍ථ සබ‍්බාපීති, ජනින්‍ද, අහමෙතං එකකොව පටිච‍්ඡාදෙත්‍වා ආනෙස‍්සාමි, තස‍්මා ඨපෙත්‍වා මමඤ‍්ච තුවඤ‍්ච අඤ‍්ඤා සබ‍්බාපි පජා ඉමස‍්ස කතස‍්ස ආකාරමත‍්තම‍්පි න ජඤ‍්ඤා න ජානිස‍්සන‍්ති. භුසෙහීති තාය සද‍්ධිං අභිරමන‍්තො අත‍්තනො තණ‍්හාවනථං භුසං කරොහි වඩ‍්ඪෙහි මනොරථං පූරෙහි. සජාහීති මනොරථං පන පූරෙත්‍වා සචෙ තෙ න රුච‍්චති, අථ නං සජාහි මය‍්හමෙව පටිදෙහි. කම‍්මකරන‍්ති, සම‍්ම අභිපාරක, යො මනුස‍්සො පාපකං කම‍්මං කරොන‍්තො, සො පච‍්ඡා මා ඉධ අඤ‍්ඤෙ ඉදං පාපකම‍්මං මඤ‍්ඤිංසු මා ජානන‍්තූති මඤ‍්ඤති චින‍්තෙති, දුචින‍්තිතමෙතං තස‍්ස. කිංකාරණා? පස‍්සන‍්ති භූතානි කරොන‍්තමෙතන‍්ති යෙ ච බුද‍්ධා පච‍්චෙකබුද‍්ධා බුද‍්ධපුත‍්තා ඉද‍්ධියා යුත‍්තා, තෙ ච නං පස‍්සන‍්තියෙව. න මෙ පියාති, සම‍්ම අභිපාරක, අඤ‍්ඤො නු තෙ කොචි “ඉධ ලොකස‍්මිං සකලායපි පථවියා න මෙ උම‍්මාදන‍්තී පියා”ති එවං සද‍්දහෙය්‍ය.

එහි සබ්බාපී යනු, රජතුමනි, මම හුදකලාව ම පිළිසන්ව රැගෙන එන්නෙමි. නුඹ වහන්සේ ද මා ද හැර වෙන කිසිවෙක් මෙම ක්‍රියාවේ ආකාර මාත්‍රයකු දු නො දන්නේ වේ. න ජඤ්ඤා නොදනිත් යැයි භුසෙහි යනු, ඒ මා විසින් දෙන ලද උම්මාදන්තිය සමග රමණය කරමින් තමන්ගේ තෘෂ්ණාව ආශාව දැඩි කර, වර්ධනය කර සිතේ අභිලාෂය පුරවා ගන්න යනුයි. පජාහි යනු, මනදොළ පුරවා ඉදින් ඇය රුචි නොකරයි ද, ඉක්බිති ඇය මට ම පවරා දෙන්න. කම්මකරං යනු මිත්‍රය අභිපාරකය, යම් මිනිසකු පාප කර්මයක් කරන්නේ, හෙතෙම පසුව, මෙලොව අන්‍යයන් මේ පාප කර්මය නොදනීවායි, නොමදැනගනිත්වායි සිතයි. කල්පනා කරයි ද මේ නරක සිතිවිල්ල නපුරු වන්නේය. ඊට කාරණා කවරේද? පස්සන්ති භුතානි කරොන්තමෙතං යනු, යම් බුදුවරයකු, පසේ බුදුවරයෙකු බුද්ධ පුත්‍රයෙකු සෘද්ධි බලයෙන් යුක්ත වූවාහු. ඔවුහු මෙය දන්නාහු ම ය. න මෙ පියා යනු, මිත්‍ර අභිපාරකය, මේ පොළෝ තලයෙහි ඒ උම්මාදන්තිය අන්‍යයන්ට වඩා තොපට වටිනා බව නො අදහන්නෙහි ද?

සීහොව සෙලස‍්ස ගුහන‍්ති, මහාරාජ, සචෙ ත්‍වං තං ඉධ න ආනෙසි, අථ යථා සීහො කිලෙසපරිළාහෙ උප‍්පන‍්නෙ සීහපොතිකාය වසනට‍්ඨානං මණිගුහං උපෙති, එවං තස‍්සා වසනට‍්ඨානං ගච‍්ඡ, තත්‍ථ අත‍්තනො පත්‍ථනං පූරෙහීති. සුඛප‍්ඵලන‍්ති, සම‍්ම අභිපාරක, පණ‍්ඩිතා අත‍්තනො දුක‍්ඛෙන ඵුට‍්ඨා සමානා න සුඛවිපාකදායකකම‍්මං පරිච‍්චජන‍්ති, සම‍්මොහිතා වාපි හුත්‍වා මොහෙන මූළ‍්හා සුඛෙන මත‍්තා පාපකම‍්මං නාම න සමාචරන‍්ති. යථාසුඛං, සාමි, කරොහි කාමන‍්ති, සාමි සිවිරාජ, අත‍්තනො දාසිං පරිචාරෙන‍්තස‍්ස ගරහා නාම නත්‍ථි, ත්‍වං යථාසුඛං යථාජ‍්ඣාසයං කාමං කරොහි, අත‍්තනො ඉච‍්ඡං පූරෙහීති. න තෙන සො ජීවතීති, සම‍්ම අභිපාරක, යො “ඉස‍්සරොම‍්හී”ති පාපං කරොති, කත්‍වා ච කිං මං දෙවමනුස‍්සා වක‍්ඛන‍්තීති න උත‍්තසති න ඔත‍්තප‍්පති, සො තෙන කම‍්මෙන න ච දීඝකාලං ජීවති, ඛිප‍්පමෙව මරති, දෙවතාපි පන “කිං ඉමස‍්ස පාපරඤ‍්ඤො රජ‍්ජෙන, වරමස‍්ස වාළුකඝටං ගලෙ බන්‍ධිත්‍වා මරණ”න‍්ති ලාමකෙන චක‍්ඛුනා ඔලොකෙන‍්ති.

සීහොව සෙලස්ස ගුහං යනු මහරජ; ඉදින් නුඹ ඇය, මෙහි නො ගෙනෙහි නම්, යම්සේ සිංහයා කෙලෙස් දාහය උපන් කල්හි සිංහ පෝතිකාවියගේ වාසස්ථාන වූ මැණික් ගුහාවට එළඹෙයි ද මෙසේ ඇය වසන තැනට යන්න. එහිදී තමන්ගේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගනු මැනවි. සුඛප්ඵලං යනු මිත්‍ර අහිපාරකය, පණ්ඩිතයෝ ආත්ම දුක්ඛයෙන් පෙළෙන ලද්දේ නමුත්, සැප විපාක දෙන කුශල කර්මයෝ අත් නො හරිත්. සම්මො හීතාවා යනු මෝහයෙන් මුළා වූවෝ ද සැපයෙන් මත්වූවෝ ද පව්කම් නම් රැස් නොකරත්. යථා සුඛං සිබ්බ කරොහි කාමං යනු ස්වාමි; සිවිරාජය, තමන්ගේ දාසිය පරිහරණය කරන්නාට නින්දාවෙක් නැත. ඔබ කැමති පරිද්දෙන් ඒ සුවය විඳ ගන්න. තමන් කැමති පරිද්දෙන් මනදොළ පුරාගන්න. නතේන සො ජීවති යනු, මිත්‍ර අහිපාරකය, යමෙක් ඉසුරුමත්ව පව්කම් කරයි ද? එසේ කොට කිමෙක් ද මා දෙව්-මිනිස්සු මට කුමක් කියත්දැ’යි තැති නොගනියිද ලජ්ජාවට පත් නොවෙයිද ඔහු ඒ කර්මයෙන් දීර්ඝ කාලයක් ජීවත් නොවෙයි. වහාම මිය යයි. දේවතාවෝද, කිමෙක්ද මේ පාපකාරී රජුගේ රාජ්‍යයෙන් ඔහුට කුමන වරයක්ද? වැලි කළයක් බෙල්ලේ බැඳ මළේ යයි ලාමක වූ නෙතින් බලති.

අඤ‍්ඤාතකන‍්ති, මහාරාජ, අඤ‍්ඤෙසං සන‍්තකං තෙහි සාමිකෙහි පදින‍්නං දානං යෙ අත‍්තනො ධම‍්මෙ ඨිතා පටිච‍්ඡන‍්ති, තෙ තත්‍ථ පටිච‍්ඡකා ච දායකා ච සබ‍්බෙපි සුඛප‍්ඵලමෙව කම‍්මං කරොන‍්ති. පටිග‍්ගාහකෙ හි පටිග‍්ගණ‍්හන‍්තෙ තං දානං දායකස‍්ස මහන‍්තං විපාකං දෙතීති. යො අත‍්තදුක‍්ඛෙනාති, සම‍්ම අභිපාරක, යො අත‍්තනො දුක‍්ඛෙන පීළිතො තං පරස‍්ස දහති, අත‍්තනො සරීරතො අපනෙත්‍වා පරස‍්ස සරීරෙ ඛිපති, පරස‍්ස වා සුඛෙන අත‍්තනො සුඛං දහති, පරස‍්ස සුඛං ගහෙත්‍වා අත‍්තනි පක‍්ඛිපති, “අත‍්තනො දුක‍්ඛං හරිස‍්සාමී”ති පරං දුක‍්ඛිතං කරොති, “අත‍්තානං සුඛෙස‍්සාමී”ති පරං දුක‍්ඛිතං කරොති, “අත‍්තානං සුඛෙස‍්සාමී”ති පරස‍්ස සුඛං නාසෙති, න සො ධම‍්මං ජානාති. යො පන එවං ජානාති “යථෙවිදං මය‍්හං සුඛදුක‍්ඛං, තථා පරෙස”න‍්ති, ස වෙදි ධම‍්මං ජානාති නාමාති අයමෙතිස‍්සා ගාථාය අත්‍ථො.

අඤ්ඤාතකං යනු මහරජතුමනි, අනුන් සන්තක දෙයක් ඒ අයිතිකරු විසින් දෙන ලද්දේද? ඒ දානයෙන් ප්‍රතිග්‍රාහක දායක යන දෙපක්‍ෂයටම උසස් ප්‍රතිඵල ලැබේ. ප්‍රතිග්‍රාහකයන් විසින් පිළිගන්නා කල්හි, එම දානය දායකයාට මහත් විපාක දෙයි. අඤ්ඤොනු -පෙ- අද්ධා පියා -පෙ- යො අන්තදුක්ඛෙනා යනු මිත්‍ර අහිපාරකය, යමෙක් තමන්ගේ දුකින් පෙලුණේ ඒ දුක අනුන් ද දවාලයි. තමන්ගේ ශරීරයෙන් ඉවත් වී අනුන්ගේ ශරීරයෙහි දමා ගසයි. අනුන්ගේ සැපයෙන් තමන්ගේ සැපය දවාලයි. හේ අනුන්ගේ සැපය තමා කෙරෙහි බහාලයි. තමන්ගේ දුක අත හරින්නෙමියි අනුන්ව දුකට පත් කරවයි. තමන් සැපයෙන් සැප විඳින්නෙමියි අනුන්ගේ සැපය විනාශ කරයි. යම්සේ මේ මාගේ සැපදුක් එසේ අනුන්ට කැමැති පරිදි සිදු නොවේ. ස වෙදි ධම්මං ඔහු ධර්මය දනියි නම් මේ ගාථා තුනේ අර්ථයයි.

පියෙන තෙ දම‍්මීති පියෙන කාරණභූතෙන පියං ඵලං පත්‍ථෙන‍්තො දම‍්මීති අත්‍ථො. පියං ලභන‍්තීති සංසාරෙ සංසරන‍්තා පියමෙව ලභන‍්ති. කාමහෙතුකන‍්ති, සම‍්ම අභිපාරක , කාමහෙතුකං අයුත‍්තං කත්‍වා “අත‍්තානං වධිස‍්සාමී”ති මෙ පරිවිතක‍්කො උප‍්පජ‍්ජති. මය‍්හ සතින‍්ති මම සන‍්තකං. “මය‍්හ සතී”තිපි පාඨො, මම සන‍්තකාති එවං මඤ‍්ඤමානො සචෙ ත්‍වං තං න කාමෙසීති අත්‍ථො. සබ‍්බජනස‍්සාති සබ‍්බා සෙනියො සන‍්නිපාතාපෙත්‍වා තස‍්ස සබ‍්බජනස‍්ස අයං මය‍්හං අහිතාති පරිච‍්චජිස‍්සාමි. තතො අව‍්හයෙසීති තතො තං අපරිග‍්ගහිතත‍්තා ආනෙය්‍යාසි. අදූසියන‍්ති අනපරාධං. කත‍්තෙති තමෙව අපරෙන නාමෙන ආලපති. සො හි රඤ‍්ඤො හිතං කරොති, තස‍්මා “කත‍්තා”ති වුච‍්චති. න චාපි ත්‍යස‍්සාති එවං අකිච‍්චකාරීති නගරෙ තව කොචි පක‍්ඛොපි න භවෙය්‍ය.

පියෙන තෙ දම්මි යනු ප්‍රිය වූ කාරණා නිසාවෙන් ප්‍රිය වූ ප්‍රතිඵල ප්‍රාර්ථනා කරමින් දෙමියි යන අර්ථයයි. පියං ලභන්ති යනු සසර සැරිසරනා තාක් කල් ප්‍රිය දේ ම ලබයි. කාමහේතුකං යනු මිත්‍ර අහිපාරක, කාමහේතුක වූ අයුක්තියක් කොට තමන්ට වද දෙන්නෙමියි මට ලොකු විපර්යාසයක් උපදියි. මය්හසතිං යනු මගේ අයිතියයි. මය්හසති යනු පාඨයයි. මගේ සන්තකයේ ඇය යයි ඉදින් සිතන්නේ නුඹ ඇයට නොකැමැති වෙහි යනු අර්ථයයි. සබ්බජනස්සා යනු සියලු සේනාවෝ රැස්කරවා ඒ සියලු ජනයා ඉදිරියේ ඇය මා සන්තක නොවේ යයි පරිත්‍යාග කරන්නෙමි. තරො අව්හයෙසී යනු ඉක්බිති ඇය අයිතිය අත්හළ බැවින් ඔබ කැඳවාගෙන යන්නෙහි. අදූසියං යනු අපරාධ නොකිරීමයි. කත්තෙ යනු ඔහුටම වෙනත් නමකින් ආමන්ත්‍රණය කිරීමයි. ඔහු වනාහි රජුට හිතවත්ව ක්‍රියා කරයි. එහෙයින් කත්තා යයි කියයි. න චාපි ත්‍යස්සා යනු මෙසේ නො කළ යුත්තක් කෙළේ යයි නගරයේ දී ඔබට කිසිවෙක් පක්‍ෂපාතී නොවන්නේය.

නින්‍දන‍්ති න කෙවලං උපවාදමෙව, සචෙපි මං කොචි සම‍්මුඛා නින්‍දිස‍්සති වා පසංසිස‍්සති වා, දොසං වා පන ආරොපෙන‍්තො ගරහිස‍්සති, තම‍්පාහං නින්‍දං පසංසං ගරහඤ‍්ච සබ‍්බං සහිස‍්සාමි, සබ‍්බමෙතං මම ආගච‍්ඡතූති වදති. තම‍්හාති යො එතෙ නින්‍දාදයො න ගණ‍්හාති, තම‍්හා පුරිසා ඉස‍්සරියසඞ‍්ඛාතා සිරී ච පඤ‍්ඤාසඞ‍්ඛාතා ලක‍්ඛී ච ථලට‍්ඨානතො සුවුට‍්ඨිසඞ‍්ඛාතො ආපො විය අපෙති න පතිට‍්ඨාතීති. එත‍්තොති ඉතො මම තස‍්සා පරිච‍්චත‍්තකාරණා. ධම‍්මාතිසාරඤ‍්චාති ධම‍්මං අතික‍්කමිත්‍වා පවත‍්තං අකුසලං වා යං කිඤ‍්චි හොති. පච‍්චුත‍්තරිස‍්සාමීති සම‍්පටිච‍්ඡිස‍්සාමි ධාරයිස‍්සාමි. ථාවරානං තසානන‍්ති යථා මහාපථවී ඛීණාසවානඤ‍්ච පුථුජ‍්ජනානඤ‍්ච කිඤ‍්චි සම‍්පටිච‍්ඡති සබ‍්බං අධිවාසෙති, තථෙවාහම‍්පි සබ‍්බමෙතං සම‍්පටිච‍්ඡිස‍්සාමි අධිවාසෙස‍්සාමීති දීපෙති. එකොවිමන‍්ති අහං එකොව ඉමම‍්පි අත‍්තනො දුක‍්ඛභාරං හාරයිස‍්සාමි ධාරයිස‍්සාමි වහිස‍්සාමි. ධම‍්මෙ ඨිතොති විනිච‍්ඡයධම‍්මෙ පවෙණිධම‍්මෙ තිවිධසුචරිතධම‍්මෙ ච ඨිතො හුත්‍වා.

නින්‍දං යනු හුදෙක් ඇනුම්පද ම නොවේ. ඉදින් මා කිසිවෙකු නින්දා කරන්නේ හෝ ප්‍රශංසා කරන්නේ හෝ වෙයි. යම් දෝෂයක් ඉදිරියේ කිසිවෙක් නින්දා කෙරෙහි. ප්‍රශංසා කරන්නේ ම හෝ දෝෂයක් හෝ ඉදිවෙන්නේය. ගරහන්නේය. ඒ මම ද නින්දා ප්‍රශංසා ගැරහීම් ද සියල්ල ඉවසන්නෙමි. ඒ සියල්ල, මා වෙතට පැමිණේවායි කියයි. තම්හා යනු යමෙක් මේ නින්දා ආදිය නොගනී ද, ඒ පුරුෂයා කෙරෙන් ඉසුරු සංඛ්‍යාත සිරියාව ද, ප්‍රඥා සංඛ්‍යාත වාසනාව ද, ගෙඩබිමින් ලිස්සා ගලායන මහා වැසි දහරාවක් සමාන වැගිරීම් වශයෙන් පහව ගලා යයි. නොපිහිටන්නේය යනුයි. එත්තො යනු, මෙයින් මගේ ඇගේ පරිත්‍යාග කළ කාරණාවයි. ධම්මාති සාරඤ්ච යනු ධර්මය ඉක්මවා පවතින යම්කිසි අකුසලයක් වෙයි. පටිච්ඡිස්සාමි යනු පිළිගන්නෙමි. ථාවරානාං තසානං යනු යම්සේ මහපොළොව, මහරහතුන්ට ද පෘථග්ජනයන්ට ද, කිසිම වෙනසක් නොදක්වයි. සියල්ල ඉවසයි ද, එසේ ම මම ද, ඒ සියල්ල ඉවසන්නෙමි. පිළිගන්නෙමි යි දීපනය කරයි. එකොපිමං යනු මම ද, හුදෙකලාව ම වේ. තමන්ගේ දුක්ඛය එතර කරන්නෙමි. උසුලන්නෙමි. ධම්මෙට්ඨිතො යනු විනිශ්චය ධර්මයෙහි ද, ලෝක ධර්මයෙහි ද තුන් වැදෑරුම් සුචරිත ධර්මයෙහි ද සිටියේ වී.

සග‍්ගූපගන‍්ති , දෙව, පුඤ‍්ඤකම‍්මං නාමෙතං සග‍්ගූපගං හොති. යඤ‍්ඤෙ ධනන‍්ති යඤ‍්ඤධනං, අයමෙව වා පාඨො. සඛාති උම‍්මාදන‍්තීපි මම සහායිකා, ත්‍වම‍්පි සහායකො. පිතරොති බ්‍රහ‍්මානො. සබ‍්බෙති න කෙවලං දෙවබ්‍රහ‍්මානොව, සබ‍්බෙ රට‍්ඨවාසිනොපි මං පස‍්සථ, “භො, සහායකස‍්ස භරියා සහායිකා ඉමිනා ගෙහෙ කතා”ති නින්‍දෙය්‍යුං. න හෙතධම‍්මන‍්ති න හි එතං අධම‍්මිකං. යං තෙ මයාති යස‍්මා මයා සා තුය‍්හං දින‍්නා, තස‍්මා එතං අධම‍්මොති න වදිස‍්සන‍්ති. සතන‍්ති සන‍්තානං බුද‍්ධාදීනං ඛන‍්තිමෙත‍්තාභාවනාසීලාචාරසඞ‍්ඛාතානි ධම‍්මානි සුවණ‍්ණිතානි සමුද‍්දවෙලාව දුරච‍්චයානි, තස‍්මා යථා සමුද‍්දො වෙලං නාතික‍්කමති, එවමහම‍්පි සීලවෙලං නාතික‍්කමිස‍්සාමීති වදති.

සග්ගූපගං යනු දේවයන් වහන්ස, මේ පිංකම් නිසා ස්වර්ගගාමී වෙයි. යඤ්ඤං ධනං යනු යඤ්ඤෙ ධනං යන මේ පාඨමයි. සඛා යනු උම්මාදන්තිය ද මගේ යෙහෙළි යයි. නුඹ ද, සහායක වෙයි. පිතරො යනු මහා බ්‍රහ්මයා. සබ්බෙ යනු හුදෙක් දෙවියන්, බ්‍රහ්මයන් පමණක් නොව සියලු රටවැසියෝ ද මා දෙස බලා පින්වත්නි! විශ්වාසයාගේ භාර්යාව මේ රජහු විසින් ගෙන්වා ගන්නා ලද්දේ යයි කියා නින්දා කරන්නාහුය. න හේතු ධම්මං යන මේ කර්මය අධාර්මික නො වේ. යං තෙ මයා යනු යම් හෙයකින් මා විසින් ඇය ඔබට දෙන ලද්දේද, එහෙයින් එය අධර්මය යයි නොකියන්නාහ. සතං යනු බුද්ධාදි සත්පුරුෂයන්ගේ ක්‍ෂාන්ති, මෛත්‍රී භාවනා ශීල ආචාර සංඛ්‍යාත ධර්මයේ මැනවින් වර්ණනා කරන ලදි. සමුද්ද වෙලා දුරච්චයානී යනු යම්සේ මහමුහුද වෙරළ නො ඉක්මවයි ද, එසේ මම ද ශීල ධර්මය නො ඉක්මවන්නෙමියි කියයි.

ආහුනෙය්‍යො මෙසීති, මහාරාජ, ත්‍වං මම ආහුනපාහුනසක‍්කාරස‍්සානුච‍්ඡවිකො. ධාතා විධාතා චසි කාමපාලොති ත්‍වං මම, දෙව, ධාරණතො ධාතා ඉස‍්සරියසුඛස‍්ස විදහනතො විධාතා ඉච‍්ඡිතපත්‍ථිතානං කාමානං පාලනතො කාමපාලො. තයී හුතාති තුය‍්හං දින‍්නා. කාමෙන මෙති මම කාමෙන මම පත්‍ථනාය උම‍්මාදන‍්තිං පටිච‍්ඡාති එවං අභිපාරකො රඤ‍්ඤො දෙති. රාජා “න මය‍්හං අත්‍ථො”ති පටික‍්ඛිපති. භූමියං පතිතං සාකුණිකපච‍්ඡිං පිට‍්ඨිපාදෙන පහරිත්‍වා අටවියං ඛිපන‍්තා විය උභොපි නං ජහන‍්තෙව. ඉදානි රාජා පුන අකථනත්‍ථාය තං සන‍්තජ‍්ජෙන‍්තො “අද‍්ධා හී”ති ගාථමාහ. තත්‍ථ කත‍්තුපුත‍්තාති පිතාපිස‍්ස කත‍්තාව, තෙන නං එවං ආලපති. ඉදං වුත‍්තං හොති – අද‍්ධා ත්‍වං ඉතො පුබ‍්බෙ මය‍්හං සබ‍්බධම‍්මං අචරි, හිතමෙව වුඩ‍්ඪිමෙව අකාසි, ඉදානි පන පටිපක‍්ඛො හුත්‍වා බහුං කථෙසි, “මා එවං විප‍්පලපසි, අඤ‍්ඤො නු තෙ ද‍්විපදො නරො, කො ඉධ ජීවලොකෙ අරුණෙයෙව සොත්‍ථිකත‍්තා, සචෙ හි අහං විය අඤ‍්ඤො රාජා තව භරියාය පටිබද‍්ධචිත‍්තො අභවිස‍්ස, අන‍්තොඅරුණෙයෙව තව සීසං ඡින්‍දාපෙත්‍වා තං අත‍්තනො ඝරෙ කරෙය්‍ය, අහං පන අකුසලභයෙනෙව න කරොමි, තුණ‍්හී හොහි, න මෙ එතාය අත්‍ථො”ති තං සන‍්තජ‍්ජෙසි.

ආහුනෙය්‍යොමෙසී යනු මහරජ! මගේ පූජාවන්ට සුදුසු පුද්ගලයා මෙන් ද, පුද පඬුරු යවමින් සත්කාර කළයුතු පුද්ගලයා ද වීමට සුදුසුයි. ධාතා විධාතා වසි කාම පාලො යනු මහරජ, නුඹ ම මා දරන බැවින් ධාතෲ වූද, ඉසුරු සම්පත් විදහත බැවින් විධාතෘ (මහාබ්‍රහ්ම) වීද කැමැති පතන නො පතන කාමයන් පාලනය කරන බැවින් කාමපාල නම් වේ. නයි හුතා යනු ඔබට දෙන ලද, කාමෙන මෙ යනු මගේ කැමැත්තෙන් මා ප්‍රාර්ථනා කරන ලෙස උම්මාදන්තිය පිළිගන්නැයි මෙසේ අහිපාරකයා රජුට යාඥා කරයි. රජු මට වැඩක් නැතැයි ප්‍රතික්‍ෂේප කරයි. බිම වැටුණු කුරුළු කූඩුවක් පිට පසින් පැහැර වනයෙහි දමන සේ දෙදෙනාම එය දුරු කරන්නේ ම ය. නැවත රජු කථා නොකරන සේ තර්ජනය වසයෙන් කරන්නේ අද්ධා හි යනාදි ගාථාව කීහ. එහි කත්තුපුත්තා යනු, ඔහුගේ පිය පසින් මෙන් මෙසේ ආමන්ත්‍රණය කරයි. මෙය මෙසේ කියන ලද්දේ වෙයි. ඒකාන්තයෙන් ඔබ, මෙයින් පෙර මගේ සියලු ධර්මයන්හි හැසිරුණේ මට හිතෛෂීව වර්ධනය වූයේ ම විය. දැන් වනාහි විරුද්ධ වූයේ වී, බොහෝ කොට කථා කෙළේය. එසේ විකාර කථා නොකරව. අනික් රජෙක්, ඔබගේ භාර්යාව කෙරෙහි මෙසේ පිළිබඳ සිතක් වූයේ නම්, අරුණු නැගීමට පළමුව ඔබ ගේ හිස කප්පවා ඈ තමන්ගේ ගෙට ගෙන්වා ගන්නේයි. මම වනාහි අකුසල භයින් එසේ නො කරමි. මිනිසෙක්ව අන්‍යයක් කරහි ද කවරෙක් මේ ජීවලෝකයේ උදෑසනින් ම යහපත් ක්‍රියා කරන්නේ ඉදින් මම මෙන් වෙනත් රජ කෙනෙකු, ඔබගේ බිරිඳ කෙරෙහි බැඳුණු සිත් ඇත්තේ වන්නේ ය. හිරු පෑයූ කල්හි ම, ඔබගේ හිස බිඳ සිඳවා එය තමන්ගේ ගෘහයෙහි තබන්නේ ය. මම වනාහි අකුසල බිය නිසාවෙන් එසේ නොකර නිශ්ශබ්ද වූයෙමි. ඔබේ බිරිඳගෙන් මට කාරියක් නැතැ’යි ඔහුට තරවටු කෙළේය.

සො තං සුත්‍වා පුන කිඤ‍්චි වත‍්තුං අසක‍්කොන‍්තො රඤ‍්ඤො ථුතිවසෙන “තුවං නූ”ති ගාථමාහ. තස‍්සත්‍ථො – මහාරාජ, ත්‍වඤ‍්ඤෙව සකලජම‍්බුදීපෙ සබ‍්බෙසං නරින්‍දානං සෙට‍්ඨො, ත්‍වං අනුත‍්තරො, ත්‍වං විනිච‍්ඡයධම‍්මපවෙණිධම‍්මසුචරිතධම‍්මානං ගොපායනෙන ධම‍්මගුත‍්තො, තෙසං විදිතත‍්තා ධම‍්මවිදූ ත්‍වං සුමෙධො, සො ත්‍වං යං ධම‍්මං ගොපෙසි, තෙනෙව ගුත‍්තො චීරං ජීව, ධම‍්මඤ‍්ච මෙ දෙසෙහි ධම‍්මපාලක, ධම‍්මගොපක, රාජවරාති.

එය අසා යළිදු කිසිවක් කීමට නොහැකිවන්නේ රජුට ස්තුති වශයෙන් තුවංනූ යන ගාථාව කීවේය. එහි අර්ථය, මහරජ; නුඹ මුළු දඹදිව ම අනෙක් සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨය. අනුත්තරය. නුඹ විනිශ්චය ධර්මය ද, ලෝක ධර්මය ද, සුචරිත ධර්මයන් ද රැකීම් වශයෙන් ධර්මයෙහි සැඟවුණේ ඒවා දන්නා බැවින් ධර්මවිදූ වූ ඔබ, සුමේධ නම් වී. ඒ ඔබ යම් ධර්මයක් රකිහිද? එයින් ම සුරැකෙන්නේය. චිරාත් කලක් ජීවත් වෙව. මට ධර්මය ද වදාරන්න. දැහැමි පාලක වූ ධර්මරක්‍ෂිත වූයේ උතුම් රජ කෙනෙකි.

අථ රාජා ධම‍්මං දෙසෙන‍්තො “තදිඞ‍්ඝා”තිආදිමාහ. තත්‍ථ ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො, යස‍්මා මං ත්‍වං චොදෙසි, තස‍්මාති අත්‍ථො. සතන‍්ති බුද‍්ධාදීහි සප‍්පුරිසෙහි ආසෙවිතං. සාධූති සුන්‍දරො පසත්‍ථො. විනිච‍්ඡයපවෙණිසුචරිතධම‍්මෙ රොචෙතීති ධම‍්මරුචි. තාදිසො හි ජීවිතං ජහන‍්තොපි අකිච‍්චං න කරොති, තස‍්මා සාධු. පඤ‍්ඤාණවාති ඤාණසම‍්පන‍්නො. මිත‍්තානමද‍්දුබ‍්භොති මිත‍්තස‍්ස අදුස‍්සනභාවො. ඨිතධම‍්මස‍්සාති පතිට‍්ඨිතතිවිධධම‍්මස‍්ස. ආසෙථාති ආසෙය්‍යුං නිසීදෙය්‍යුං. දෙසනාසීසමෙව චෙතං, චත‍්තාරොපි ඉරියාපථෙ සුඛං කප‍්පෙය්‍යුන‍්ති අයං පනෙත්‍ථ අත්‍ථො. සීතච‍්ඡායායාති පුත‍්තදාරඤාතිමිත‍්තානං සීතලාය ඡායාය. සඞ‍්ඝරෙති සකඝරෙ, අත‍්තනො ගෙහෙති අත්‍ථො. අධම‍්මබලිදණ‍්ඩාදීහි අනුපද‍්දුතා සුඛං වසෙය්‍යුන‍්ති දස‍්සෙති. න චාහමෙතන‍්ති, සම‍්ම අභිපාරක, යමෙතං අසමෙක‍්ඛිත්‍වා කතං අසාධුකම‍්මං, එතං අහං න රොචයාමි. යෙ වාපි ඤත්‍වානාති යෙ වා පන රාජානො ඤත්‍වා තුලෙත්‍වා තීරෙත්‍වා සයං කරොන‍්ති, තෙසාහං කම‍්මං රොචෙමීති අධිප‍්පායො. උපමා ඉමාති ඉමස‍්මිං පනත්‍ථෙ ත්‍වං මය‍්හං ඉමා ද‍්වෙ උපමා සුණොහි.

ඉක්බිති රජු දහම් දෙසමින් තදිංඝා යනාදිය කීවේය. එහි ඉංඝා යනු චෝදනා කිරීම් අර්ථයෙහි නිපාත පදයකි. යම්හෙයකින් මට චෝදනා කරහි, එසේ හෙයින් යන අර්ථයයි. සතං යනු බුද්ධාදී සත්පුරුෂයන් විසින් සේවනය කරන ලද්දේ. සාධූ යනු සුන්දර ප්‍රශස්ථ අර්ථයයි. විනිශ්චය ලෝක, සුචරිත ධර්මයෙහි රුචි කරනුයේ දහමෙහි ඇලෙයි. එබඳු ආකාර වූ, ජීවිතයක් දුරුකරන්නේ ද, කිසිවක් නොකරයි ද, එහෙයින් යහපත් නම් වේ. පඤ්ඤාණවා යනු ඤාණයෙන් යුක්ත බව ය. මිත්තානමද්දුබ්භො යනු මිත්‍රයාගේ අදූෂිත බවයි. ඨිතධම්මස්ස යනු, පිහිටියා වූ ත්‍රිවිධ ධර්මයාගේ. ආසෙථා යනු ආසනයක හිඳිනා බව දේශනා කරන විලාශයෙන් සතරාකාර ඉරියව්වලින් සැපයක් පිහිටුවා ගැනීම යන මේ අර්ථයයි. සීතච්ඡායායා යනු අඹුදරු ඤාති මිත්‍රාදීන් ගේ සිසිල් වූ ඡායාවය. සංඝරෙ යනු, සිය ගෘහයෙහි, තමන්ගේ ගෙදර යන අර්ථයයි. අධාර්මික බලි දඬුවම් ආදියෙන් උපද්‍රව නැතිව සැපසේ වසන්නේ ය යනුවෙන් දක්වයි. නවාහමෙතං යනු මිත්‍ර අහිපාරකය, යම්බඳු මෙය නොබලා සිතට වසඟ වී කරන ලද්දේ, අයහපතක් කරන ලද්දේ, මෙය මම රුචි නො කරමි. යෙවාපි ඤත්‍වානා යනු යම්බඳු රජවරු දැන විමසා තීරණය කොට තෙමේ කරත් ද නම් මම ඔවුන්ගේ ක්‍රියා රුචිකරමි යන අදහසයි. ඉමා උපමා යනු, මේ අර්ථයෙහි, නුඹ මගේ මේ උපමා දෙක අසනු මැනවි.

ජිම‍්හන‍්ති වඞ‍්කං. නෙත‍්තෙති යො ගාවියො නෙති, තස‍්මිං ජෙට‍්ඨකඋසභෙ. පගෙවාති තස‍්මිං අධම‍්මං චරන‍්තෙ ඉතරා පජා පගෙව චරති, අතිවිය කරොතීති අත්‍ථො. ධම‍්මිකොති චත‍්තාරි අගතිගමනානි පහාය ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො. අමරත‍්තන‍්ති දෙවත‍්තං. රතනන‍්ති සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකරතනං. වත්‍ථියන‍්ති කාසිකවත්‍ථමෙව. අස‍්සිත්‍ථියොති වාතසමගතිඅස‍්සෙපි උත‍්තමරූපධරා ඉත්‍ථියොපි. රතනං මණිකඤ‍්චාති සත‍්තවිධරතනඤ‍්ච මහග‍්ඝභණ‍්ඩකඤ‍්ච. අභිපාලයන‍්තීති ආලොකං කරොන‍්තා රක‍්ඛන‍්ති. න තස‍්සාති තස‍්ස චක‍්කවත‍්තිරජ‍්ජස‍්සපි හෙතු න විසමං චරෙය්‍යං. උසභොම‍්හීති යස‍්මා අහං සිවීනං මජ‍්ඣෙ ජෙට‍්ඨකරාජා හුත්‍වා ජාතො, තස‍්මා චක‍්කවත‍්තිරජ‍්ජකාරණම‍්පි න විසමං චරාමීති අත්‍ථො. නෙතාති මහාජනං කුසලෙ පතිට‍්ඨාපෙත්‍වා දෙවනගරං නෙතා, හිතකරණෙන තස‍්ස හිතා, “සිවිරාජා කිර ධම‍්මචාරී”ති සකලජම‍්බුදීපෙ ඤාතත‍්තා උග‍්ගතො, සමෙන රට‍්ඨපාලනතො රට‍්ඨපාලො. අපචායමානොති සිවීනං පොරාණකරාජූනං පවෙණිධම‍්මං අපචායමානො. සොති සො අහං තමෙව ධම‍්මං අනුවිචින‍්තයන‍්තො තස‍්මා තෙන කාරණෙන අත‍්තනො චිත‍්තස‍්ස වසෙ න වත‍්තාමි.

ජිම්භං යනු වංකකමයි. නෙත්තෙ යනු ගම් ගව දෙනක් පමුණුවයි ද, ඒ අතර ජ්‍යෙෂ්ඨ වෘෂභයා ය. පගෙවා යනු ඔහු අධර්මයෙහි හැසිරෙන කල්හි සෙසු ජනතාව ඔහු මෙන් හැසිරෙයි. අතිශයින් කරයි යන අර්ථයයි. ධම්මිකො යනු සතර අගති ගමන හැර ධර්මයෙන් රාජ්‍යය කරන්නේය. අමරත්තං යනු දේවත්වයයි. රතනං සිත ඇති සිත නැති රත්න. වත්‍ථියං යනු කසී වස්ත්‍රම වේ. අස්සිත්‍ථියෝ වාත වේගයෙන් දුවන අශ්වයන් ද, උත්තම රූපශ්‍රීයෙන් යුතු ස්ත්‍රීහු ද වෙති. රතනං මණිකඤ්ච යනු සප්තවිධ මැණික් ද, මහාර්ඝ භාණ්ඩ ද වේ. අභිපාලයන්ති යනු ආලෝක කරන්නාහු රකිත්. න තස්සා යනු ඒ චක්‍රවර්ති රජකම සඳහා වුව ද විෂම චර්යා නො කරමි යන අර්ථයයි. නේතා යනු මහාජනයා කුසලයේ පිහිටා දිව්‍ය නගරයට පමුණුවන ඔහුට හිතවත් වූයේ සිවි රජතුමා, ධර්මයෙහි හැසිරේයයි සියලු දඹදිව වැසියන් දන්නා බැවින් උග්ගතෙ සම වූ, රාෂ්ට්‍ර පාලනයක් ඇති බැවින් රට්ඨපාලො අපචාය මානො යනු පෞරාණික සිවිරජ දරුවන්ගේ ප්‍රවේණි ධර්මය උල්ලංඝනය නොකරමින්, එක රකිමින් සො යනු ඒ මම ඒ ධර්මයම අනුව හැසිරෙමින් එහෙයින් ඒ කාරණයෙන් තමාගේ සිතිවිලිවලට වසඟ නොවෙමින් පවතිමි.

එවං මහාසත‍්තස‍්ස ධම‍්මකථං සුත්‍වා අභිපාරකො ථුතිං කරොන‍්තො “අද‍්ධා”තිආදිමාහ. නප‍්පමජ‍්ජසීති අත‍්තනා කථිතධම‍්මං නප‍්පමජ‍්ජසි තත්‍ථෙව වත‍්තෙසි. ධම‍්මං පමජ‍්ජාති ධම‍්මං පමුස‍්සිත්‍වා අගතිවසෙන ගන‍්ත්‍වා. එවං සො තස‍්ස ථුතිං කත්‍වා “ධම‍්මං චරා”ති ධම‍්මචරියාය නිය්‍යොජෙන‍්තො උත‍්තරිපි දස ඔවාදගාථා අභාසි. තාසමත්‍ථො හෙට‍්ඨා තෙසකුණජාතකෙ (ජා· 2.17.1 ආදයො) වණ‍්ණිතොව.

මෙසේ බෝසතුන්ගේ දැහැමි කථා අසා අහිපාරක ස්තුති කරන්නේ, අද්ධා යනාදිය කීවේය. නප්පමජ්ජසි යනු තමා විසින් කියන ලද ධර්මය අප්‍රමාදීව කරහි. එහිම වාසය කරහි. ධම්මං පමජ්ජා ධර්මය ප්‍රමාදකොට අගති වශයෙන් ගෙන මෙසේ ඔහු, ඔහුට ස්තුති කොට ධම්මං චරා යනු ධර්මයෙහි හැසිරීම නියෝජනය කරන්නේ මත්තෙහි දු දස අවවාද ගාථා කීවේය. ඒවායේ අර්ථය යට සඳහන් තේසකුණ ජාතකයේ ද, වර්ණනා කොට ඇත.

එවං අභිපාරකසෙනාපතිනා රඤ‍්ඤො ධම‍්මෙ දෙසිතෙ රාජා උම‍්මාදන‍්තියා පටිබද‍්ධචිත‍්තං විනොදෙසි.

මෙසේ අහිපාරක සෙනෙවියාට රජු විසින් දහම් දෙසා රජු උම්මාදන්තිය පිළිබඳ සිත දුරුකෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. තදා සුනන්‍දසාරථි ආනන්‍දො අහොසි, අභිපාරකො සාරිපුත‍්තො, උම‍්මාදන‍්තී උප‍්පලවණ‍්ණා, සෙසපරිසා බුද‍්ධපරිසා, සිවිරාජා අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමාකළ සේක. සත්‍යය අවසානයේ ඒ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල සුනන්ද රියදුරා ආනන්ද විය. අහිපාරක සාරිපුත්තය. උම්මාදන්තිය උප්පලවණ්ණා වූවා. සෙසු පිරිස බුදු පිරිසයි. සිවි රජු වනාහි මම ම වෙමි.

උම‍්මාදන‍්තීජාතකවණ‍්ණනා දුතියා.

උම්මාදන්ති ජාතකය නිමි.