2. සංකිච්චජාතකවණ්ණනා 530 අට්ඨකථා
2. සංකිච්චජාතකවණ්ණනා (530)
2. සංකිච්ච ජාතකය (530)
දිස්වා නිසින්නං රාජානන්ති ඉදං සත්ථා ජීවකම්බවනෙ විහරන්තො අජාතසත්තුස්ස පිතුඝාතකම්මං ආරබ්භ කථෙසි. සො හි දෙවදත්තං නිස්සාය තස්ස වචනෙන පිතරං ඝාතාපෙත්වා දෙවදත්තස්ස සඞ්ඝභෙදාවසානෙ භින්නපරිසස්ස රොගෙ උප්පන්නෙ “තථාගතං ඛමාපෙස්සාමී”ති මඤ්චසිවිකාය සාවත්ථිං ගච්ඡන්තස්ස ජෙතවනද්වාරෙ පථවිං පවිට්ඨභාවං සුත්වා “දෙවදත්තො සම්මාසම්බුද්ධස්ස පටිපක්ඛො හුත්වා පථවිං පවිසිත්වා අවීචිපරායණො ජාතො, මයාපි තං නිස්සාය පිතා ධම්මිකො ධම්මරාජා ඝාතිතො, අහම්පි නු ඛො පථවිං පවිසිස්සාමී”ති භීතො රජ්ජසිරියා චිත්තස්සාදං න ලභි, “ථොකං නිද්දායිස්සාමී”ති නිද්දං උපගතමත්තොව නවයොජනබහලායං අයමහාපථවියං පාතෙත්වා අයසූලෙහි කොට්ටියමානො විය සුනඛෙහි ලුඤ්ජිත්වා ඛජ්ජමානො විය භෙරවරවෙන විරවන්තො උට්ඨාති.
දිස්වා නිසින්නං රාජානං යන මෙය ශාස්තෲන් වහන්සේ, ජීවක අඹ වනයේ වැඩවසන සේක්, අජාසත්තගේ පීතෘඝාතක කර්මය අරභයා වදාළ සේක. එය වනාහි දේවදත්ත නිසා ඔහුගේ වචනයෙන් පියා මරවා, දේවදත්ත ගේ සංඝභේදය අවසානයේ සඟ පිරිසෙන් වෙන් වී රෝග උපන් කල්හි, තථාගතයන් ක්ෂමා කරන්නෙමි යි, ඇඳ දෝළාවෙන් සැවැත්නුවරට යන්නාහු ජේතවන දොරටුවේදී, පොළොවට පිවිසි බව අසා, දෙව්දත් සම්මා සම්බුදුරදුන්ට විරුද්ධව සිට, පොළොවට පිවිස, අවීචිමහ නරකයෙහි උපන්නේය. මා විසින් ද හේ නිසා, ධාර්මික වූ දැහැමි රජ වූ පියා ඝාතනය කරන ලද්දේ, මම ද, පොළොවට පිවිසෙන්නෙමි යි බියට පත්ව, රාජ්‍යශ්‍රීයෙහි සිත් පැහැදීමක් නො ලැබුවේය. ටිකක් නිදාගන්නෙමියි, නිද්‍රාවට වැටුණු මොහොතේ ම යොදුන් නවයක් බොල ඇති යකඩ පොළොවට හෙළා යකඩ හුල්වලින් අනින්නාක් මෙන් බල්ලන් විසින් ලෙවකා පහුරු ගා කරන්නාක් මෙන්, බියකරු හඬ නංවාලමින් නැගිටියි.
අථෙකදිවසං කොමුදියා චාතුමාසිනියා අමච්චගණපරිවුතො අත්තනො යසං ඔලොකෙත්වා “මම පිතු යසො ඉතො මහන්තතරො, තථාරූපං නාම අහං ධම්මරාජානං දෙවදත්තං නිස්සාය ඝාතෙසි”න්ති චින්තෙසි. තස්සෙවං චින්තෙන්තස්සෙව කායෙ ඩාහො උප්පජ්ජි, සකලසරීරං සෙදතින්තං අහොසි. තතො “කො නු ඛො මෙ ඉමං භයං විනොදෙතුං සක්ඛිස්සතී”ති චින්තෙත්වා “ඨපෙත්වා දසබලං අඤ්ඤො නත්ථී”ති ඤත්වා “අහං තථාගතස්ස මහාපරාධො, කො නු ඛො මං නෙත්වා දස්සෙස්සතී”ති චින්තෙන්තො “න අඤ්ඤො කොචි අඤ්ඤත්ර ජීවකා”ති සල්ලක්ඛෙත්වා තස්ස ගහෙත්වා ගමනූපායං කරොන්තො “රමණීයා වත, භො, දොසිනා රත්තී”ති උදානං උදානෙත්වා “කං නු ඛ්වජ්ජ සමණං වා බ්රාහ්මණං වා පයිරුපාසෙය්යාමී”ති වත්වා පූරණසාවකාදීහි පූරණාදීනං ගුණෙ කථිතෙ තෙසං වචනං අනාදියිත්වා ජීවකං පටිපුච්ඡිත්වා තෙන තථාගතස්ස ගුණං කථෙත්වා “තං දෙවො භගවන්තං පයිරුපාසතූ”ති වුත්තො හත්ථියානානි කප්පාපෙත්වා ජීවකම්බවනං ගන්ත්වා තථාගතං උපසඞ්කමිත්වා වන්දිත්වා තථාගතෙන කතපටිසන්ථාරො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුච්ඡිත්වා තථාගතස්ස මධුරං සාමඤ්ඤඵලධම්මදෙසනං (දී· නි· 1.150 ආදයො) සුත්වා සුත්තපරියොසානෙ උපාසකත්තං පටිවෙදිත්වා තථාගතං ඛමාපෙත්වා පක්කාමි. සො තතො පට්ඨාය දානං දෙන්තො සීලං රක්ඛන්තො තථාගතෙන සද්ධිං සංසග්ගං කත්වා මධුරධම්මකථං සුණන්තො කල්යාණමිත්තසංසග්ගෙන පහීනභයො විගතලොමහංසො හුත්වා චිත්තස්සාදං පටිලභිත්වා සුඛෙන චත්තාරො ඉරියාපථෙ කප්පෙසි.
ඉක්බිති, සඳරැසින් බැබළෙන, ඉල් මස පුණු පොහෝ දවස ඇමති මඩුල්ල පිරිවරා තමන්ගේ යසස බලමින්, මගේ පියා, මීට වඩා අතිශයින් කීර්තිමත් වූයේ, එබඳු ආකාර වූ ධාර්මික රජ කෙනකු “මම, දේවදත්ත නිසා ඝාතනය කළේ වෙමි” යයි සිතුවේය. ඔහු එසේ සිතද්දී ම ඔහුගේ ශරීරයෙන් දාහයක් හටගත්තේය. මුළු සිරුර ම ඩහදියෙන් තෙත් විය. කවරෙක් මගේ මේ බිය පහකිරීමට හැකිවන්නෙහිදැයි සිතා දසබලධාරීන් වහන්සේ හැර අනෙකෙක් නැතැයි දැන, මම මහ අපරාධ කරුවෙක් වෙමි. තථාගතයන් වහන්සේට, කවරෙක් මා ගෙන ගොස් දක්වන්නේදැයි සිතන්නේ, ජීවක හැර අන් කිසිවෙක් නැතැයි සලකා, ඔහු ගෙන්වා ගෙන, ගමනට උපායක් පිළියෙල කරන්නේ සඳරැසින් බබළන මේ රාත්‍රිය ඒකාන්තයෙන් රමණීය යයි උදම් අනා, අද කවර හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු ඇසුරු කරන්නෙමුයි කියා, පූරණ කස්සප ආදීන්ගේ ශ්‍රාවකයන් විසින් පුරණාදීන්ගේ ගුණ වැනූ කල්හි, ඔවුන්ගේ වචන නොසලකා, ජීවකගෙන් විචාරා ඔහු විසින් තථාගත ගුණ පවසන ලද්දේ හේ, රජතුමනි, භාග්‍යවතුන් ඇසුරු කරාවායි කී කල්හි, ඇත් යානා ගෙන්වාගෙන, ජීවක අඹවනයට ගොස් තථාගතයන් බැහැදැක, වැඳ, තථාගතයන් විසින් කරන ලද පිළිසඳර කථා ඇත්තේ, මෙලොව දැකිය හැකි මහණකමේ ප්‍රතිඵල විචාරා, තථාගතයන් වහන්සේගේ මිහිරි වූ, ශ්‍රමණ ඵලය ගැන ධර්මදේශනාව අසා සූත්‍රාවසානයේ උපාසකයකු ලෙස දැනුම් දී, තථාගතයන් ක්ෂමා කරවා ගියේය. ඔහු එතැන් පටන් දන් දෙමින්, සිල් රකිමින්, තථාගතයන් වහන්සේ සමග සම්බන්ධ වී මිහිරි බණකථා අසමින් කල්‍යාණ ඇසුර නිසා, පහවූ බිය ඇත්තේ පහවූ ලොමු ඩැහැගැනීම් ඇත්තේ සිත් පැහැදීම ලබා සැපසේ සතර ඉරියවු පවත්වාගෙන ගියේය.
අථෙකදිවසං ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අජාතසත්තු පිතුඝාතකම්මං කත්වා භයප්පත්තො අහොසි, රජ්ජසිරිං නිස්සාය චිත්තස්සාදං අලභන්තො සබ්බඉරියාපථෙසු දුක්ඛං අනුභොති, සො දානි තථාගතං ආගම්ම කල්යාණමිත්තසංසග්ගෙන විගතභයො ඉස්සරියසුඛං අනුභොතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස පිතුඝාතකම්මං කත්වා මං නිස්සාය සුඛං සයී”ති වත්වා අතීතං ආහරි.
ඉක්බිති එක් දවසක් ධර්ම සභාවේ කථාවක් උපන්නේ ඇවැත්නි, අජාසත්ත පීතෘඝාතක කර්මය කොට බියට පත්වූයේ විය. රාජ්‍යශ්‍රීය නිසා චිත්තප්‍රසාදයක් නොලබන්නේ සියළු ඉරියව්වල දුක් අනුභව කෙළේය. දැන් ඔහු තථාගතයන් වෙත එළඹ යහපත් ඇසුරින් පහවූ බිය ඇත්තේ, ඉසුරු සම්පත් අනුභව කරයි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවකැයි කී කල්හි දැන් පමණක් නොව මහණෙනි, පෙර ද, ඔහු පීතෘඝාතක කම්කොට, මා නිසා සැපසේ නිදාගත්තේ යයි වදාරා අතීත පුවත ගෙනහැර වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තො රජ්ජං කාරෙන්තො බ්රහ්මදත්තකුමාරං නාම පුත්තං පටිලභි. තදා බොධිසත්තො පුරොහිතස්ස ගෙහෙ පටිසන්ධිං ගණ්හි, ජාතස්සෙවස්ස “සංකිච්චකුමාරො”ති නාමං කරිංසු. තෙ උභොපි රාජනිවෙසනෙ එකතොව වඩ්ඪිංසු. අඤ්ඤමඤ්ඤං සහායකා හුත්වා වයප්පත්තා තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පච්චාගමිංසු. අථ රාජා පුත්තස්ස උපරජ්ජං අදාසි. බොධිසත්තොපි උපරාජස්සෙව සන්තිකෙ අහොසි. අථෙකදිවසං උපරාජා පිතු උය්යානකීළං ගච්ඡන්තස්ස මහන්තං යසං දිස්වා තස්මිං ලොභං උප්පාදෙත්වා “මය්හං පිතා මම භාතිකසදිසො, සචෙ එතස්ස මරණං ඔලොකෙස්සාමි, මහල්ලකකාලෙ රජ්ජං ලභිස්සාමි, තදා ලද්ධෙනපි රජ්ජෙන කො අත්ථො, පිතරං මාරෙත්වා රජ්ජං ගණ්හිස්සාමී”ති චින්තෙත්වා බොධිසත්තස්ස තමත්ථං ආරොචෙසි. බොධිසත්තො, “සම්ම, පිතුඝාතකම්මං නාම භාරියං, නිරයමග්ගො, න සක්කා එතං කාතුං, මා කරී”ති පටිබාහි. සො පුනප්පුනම්පි කථෙත්වා යාවතතියං තෙන පටිබාහිතො පාදමූලිකෙහි සද්ධිං මන්තෙසි. තෙපි සම්පටිච්ඡිත්වා රඤ්ඤො මාරණූපායං වීමංසිංසු. බොධිසත්තො තං පවත්තිං ඤත්වා “නාහං එතෙහි සද්ධිං එකතො භවිස්සාමී”ති මාතාපිතරො අනාපුච්ඡිත්වාව අග්ගද්වාරෙන නික්ඛමිත්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඣානාභිඤ්ඤා නිබ්බත්තෙත්වා වනමූලඵලාහාරො විහාසි.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන්නේ බ්‍රහ්මදත්ත කුමාර නම් පුතෙක් ලැබුවේය. එකල බෝසත් තෙම පුරෝහිතගේ ගෙදර දී පිළිසිඳ ගත්තේය. උපන් දිනයේ සංකිච්ච කුමාර යයි නම් කළහ. ඔවුහු දෙදෙනා ම රාජ මන්දිරයේ එකට වැඩුණෝය. ඔවුනොවුන් ප්‍රිය සහායකව සිට වැඩිවිය පැමිණියෝ තක්ෂිලාවට ගොස්, සියලු ශිල්ප උගෙන පෙරළා පැමිණියහ. ඉක්බිති රජ පුතුට යුවරජ පදවිය දුන්නේය. බෝසත්හු ද, යුවරජු සමීපයේම විසූහ. ඉක්බිති එක් දිනක්, පියරජු උයන් ක්‍රීඩාවට යන්නේ මහත් යසස් දැක, ඒ කෙරෙහි ලෝභ උපදවා, මගේ පියා, මගේ සොයුරකු හා සමානය. ඉදින් මොහු ගැන බලන්නේ නම්, මහළු කාලයේ රජකම ලබන්නෙමි. මහළුවැ රජකම ලැබුණත් කවර අර්ථයක් ද, පියා මරා රාජ්‍යය ගන්නෙමියි සිතා, බෝසතුන්ට ඒ අදහස දැන්වීය. බෝසත්හු, මිත්‍රය, පියා මැරීම නම් ඒකාන්තයෙන් අපායට යන කාර්යයකි. එය නොකළ යුත්තකි. එය කරනු එපායැයි වැළැක්වීය. ඔහු යළි යළිත් කියා තෙවෙනිවර ද, ඔහු විසින් වළක්වන ලද්දේ, සේවකයන් සමග සාකච්ඡා කෙළේය. ඔවුහු පිළිගෙන, රජු මැරීමේ උපාය සැලසුම් කළහ. බෝසත්හු ඒ පුවත දැන “මම මොවුන් සමග එක්ව වාසය නොකරන්නෙමි”යි මව්පියන් නො විචාරා ම කුස්සියෙන් නික්ම හිමාලයට පිවිස, සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ධ්‍යාන අභිඥා උපදවා, වනමුල් ගෙඩි ආහාර කොට කල් ගෙවීය.
රාජකුමාරොපි තස්මිං ගතෙ පිතරං මාරාපෙත්වා මහන්තං යසං අනුභවි. “සංකිච්චකුමාරො කිර ඉසිපබ්බජ්ජං පබ්බජිතො”ති සුත්වා බහූ කුලපුත්තා නික්ඛමිත්වා තස්ස සන්තිකෙ පබ්බජිංසු. සො මහතා ඉසිගණෙන පරිවුතො තත්ථ වසි. සබ්බෙපි සමාපත්තිලාභිනොයෙව. රාජාපි පිතරං මාරෙත්වා අප්පමත්තකංයෙව කාලං රජ්ජසුඛං අනුභවිත්වා තතො පට්ඨාය භීතො චිත්තස්සාදං අලභන්තො නිරයෙ කම්මකරණප්පත්තො විය අහොසි. සො බොධිසත්තං අනුස්සරිත්වා “සහායො මෙ ‘පිතුඝාතකම්මං භාරියං, මා කරී’ති පටිසෙධෙත්වා මං අත්තනො කථං ගාහාපෙතුං අසක්කොන්තො අත්තානං නිද්දොසං කත්වා පලායි. සචෙ සො ඉධ අභවිස්ස , න මෙ පිතුඝාතකම්මං කාතුං අදස්ස, ඉදම්පි මෙ භයං හරෙය්ය, කහං නු ඛො සො එතරහි විහරති. සචෙ තස්ස වසනට්ඨානං ජානෙය්යං, පක්කොසාපෙය්යං, කො නු ඛො මෙ තස්ස වසනට්ඨානං ආරොචෙය්යා”ති චින්තෙසි. සො තතො පට්ඨාය අන්තෙපුරෙ ච රාජසභායඤ්ච බොධිසත්තස්සෙව වණ්ණං භාසති.
රාජකුමරු ද ඔහු ගියකල්හි පියා මරා මහත් යස ඉසුරු අනුභව කෙළේය. සංකිච්ච කුමරු ද, සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූයේ යයි අසා, බොහෝ කුලපුත්‍රයෝ නික්ම ඔහු සමීපයේ පැවිදි වූහ. ඔහු මහත් වූ සෘෂීන් පිරිවරාගෙන එහිම වාසය කෙළේය. සියල්ලෝ ම සමවත් ඵල ලැබූහ. රජු ද පියා මරා අප්‍රමාණ කාලයක් රජසැප විඳ, එතැන් පටන් බියවූයේ සිතේ සතුටක් නොලැබ නරකයෙහි දුක් කම්කටොළුවලට පැමිණියකු මෙන් විය. හෙතෙම සහායක බෝසතුන් සිහිකොට මගේ පිතුඝාතක කර්මය බැරෑරුම් යයි පිළිගෙන, මා තමාගේ කීමට එකඟ කරවා ගැනීමට නොහැකිවන්නේ තමන් නිර්ලෝභීව වරදට අසුනොවී පලා ගියේය. ඉදින් ඔහු මෙහි විසුවේ නම් මගේ පිතුඝාතක කර්මය නො සිදුවන්නේය. මේ බිය දුරුකිරීමට ඔහු හැර වෙන කිසිවෙක් නැත්තේය. හෙතෙම කොහේ වාසය කරයිද? ඉදින් ඔහු වසන තැන දන්නේ නම් කැඳවීය. යුත්තේය. කවරෙක් ඔහු වසන තැන මට දැනුම් දෙන්නෙහිදැයි සිතීය. ඔහු එතැන් පටන් ඇතුළත නුවරේ ද, රාජ මිත්‍රයන්ට ද, බෝසතුන්ගේ වර්ණනා කරමින් කියයි.
එවං අද්ධානෙ ගතෙ බොධිසත්තො “රාජා මං සරති, මයා තත්ථ ගන්ත්වා තස්ස ධම්මං දෙසෙත්වා තං නිබ්භයං කත්වා ආගන්තුං වට්ටතී”ති පණ්ණාස වස්සානි හිමවන්තෙ වසිත්වා පඤ්චසතතාපසපරිවුතො ආකාසෙනාගන්ත්වා දායපස්සෙ නාම උය්යානෙ ඔතරිත්වා ඉසිගණපරිවුතො සිලාපට්ටෙ නිසීදි. උය්යානපාලො තං දිස්වා “භන්තෙ, ගණසත්ථා කොනාමො”ති පුච්ඡිත්වා “සංකිච්චපණ්ඩිතො නාමා”ති ච සුත්වා සයම්පි සඤ්ජානිත්වා “භන්තෙ, යාවාහං රාජානං ආනෙමි, තාව ඉධෙව හොථ, අම්හාකං රාජා තුම්හෙ දට්ඨුකාමො”ති වත්වා වෙගෙන රාජකුලං ගන්ත්වා තස්ස ආගතභාවං රඤ්ඤො ආරොචෙසි. රාජා තස්ස සන්තිකං ගන්ත්වා කත්තබ්බයුත්තකං උපහාරං කත්වා පඤ්හං පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කල්ගිය කල්හි බෝසත්තෙම, රජතුමා මා සිහිපත් කරයි. මා විසින් එහි ගොස් ඔහුට දහම් දෙසා ඔහු නිර්භය කොට ඒම වටීයයි සිතා අවුරුදු පනහක් හිමාලයේ වාසය කොට පන්සියයක් තවුසන් පිරිවරාගෙන අහසින් ගොස් දායපස්ස නම් උද්‍යානයේ බැස ගල්තලාවක හුන්නේය. උයන්පල්ලා ඔහු දැක ස්වාමීනි, ශාස්තෲ නායකයා කවරෙක් නම් දැයි විචාරා, සංකිච්ච පණ්ඩිතයා යයි අසා තෙමේ ද දැන ස්වාමීනි, මම රජතුමා රැගෙන එමි. ඒ තාක් මෙහි ම සිටින්න. අපගේ රජතුමා ඔබතුමා දකිනු කැමැත්තේ යයි කියා වැඳ වේගයෙන් රාජමන්දිරයට ගොස්, ඔහුගේ පැමිණීම රජුට දැනුම් දුන්නේය. රජු ඔහුගේ සමීපයට ගොස් කළයුතු උපහාර කොට ප්‍රශ්නයක් විචාළේය. එම අර්ථය ප්‍රකාශ කරමින්, ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක –
“දිස්වා නිසින්නං රාජානං, බ්රහ්මදත්තං රථෙසභං; අථස්ස පටිවෙදෙසි, යස්සාසි අනුකම්පකො.
සිය රට නිසිමග හසුරුවන්නා වූ බ්‍රහ්මදත්ත රජු රාජසභාවේ සිටිනු දැක උයන්පල්ලා රජුට මෙසේ දැන්වීය. රජතුමා යම්කිසිවකු ගැන නිතර සිහිපත් කරන්නේ, අනුකම්පා කරන්නේ,
“සංකිච්චායං අනුප්පත්තො, ඉසීනං සාධුසම්මතො; තරමානරූපො නිය්යාහි, ඛිප්පං පස්ස මහෙසිනං.
සෘෂීන් අතුරෙන් සාධු සම්මත වූ සංකිච්ච සෘෂීන් වහන්සේ ඔබගේ උයනට පැමිණියේය. රජතුමනි, වහා එහි ගොස් එතුමන් සමාවුව මැනැවි.
“තතො ච රාජා තරමානො, යුත්තමාරුය්හ සන්දනං; මිත්තාමච්චපරිබ්යූළ්හො, අගමාසි රථෙසභො.
ඉක්බිති ඒ රජතුමා යුහුසුළු වෙමින්, මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරන ලදුව, යහනාවකට නැග එහි ගියේ ය.
“නික්ඛිප්ප පඤ්ච කකුධානි, කාසීනං රට්ඨවඩ්ඪනො; වාලබීජනිමුණ්හීසං, ඛග්ගං ඡත්තඤ්චුපාහනං.
කසී රට දියුණු කරන්නා වූ බ්‍රහ්මදත්ත රජු උයනට පිවිස පඤ්චරාජ කකුධ භාණ්ඩ බහා තබා දායපස්ස උයනේ වැඩසිටි සංකිච්ච සෘෂීන් වෙත එළඹියේ ය.
“ඔරුය්හ රාජා යානම්හා, ඨපයිත්වා පටිච්ඡදං; ආසීනං දායපස්සස්මිං, සංකිච්චමුපසඞ්කමි.
“උපසඞ්කමිත්වා සො රාජා, සම්මොදි ඉසිනා සහ; තං කථං වීතිසාරෙත්වා, එකමන්තං උපාවිසි.
එකත්පසක හුන්නේ ම දැන් ප්‍රශ්න ඇසීමට සුදුසු කාලය යයි සිතා ඉක්බිති පාප කර්ම ගැන විචාරීමට පටන් ගත්තේ ය.
“එකමන්තං නිසින්නොව, අථ කාලං අමඤ්ඤථ; තතො පාපානි කම්මානි, පුච්ඡිතුං පටිපජ්ජථ.
“ඉසිං පුච්ඡාම සංකිච්චං, ඉසීනං සාධුසම්මතං; ආසීනං දායපස්සස්මිං, ඉසිසඞ්ඝපුරක්ඛතං.
සෘෂි සංඝයා පිරිවරා උයනෙහි සිටින්නා වූ සාධුසම්මත සෘෂිවරයා වූ සංකිච්ච සෘෂිගෙන් විචාරමි.
“කං ගතිං පෙච්ච ගච්ඡන්ති, නරා ධම්මාතිචාරිනො; අතිචිණ්ණො මයා ධම්මො, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
දසකුසල ධර්මය ඉක්මවා හැසිරෙන සත්ත්වයෝ උත්පත්ති වසයෙන් පරලොව දී කවර ගතියකට යන්නාහුද? මා විසින් ධර්මය ඉක්මවන ලදි. මාගේ ප්රශ්නය විචාරනු මැනැවි.
තත්ථ දිස්වාති, භික්ඛවෙ, සො උය්යානපාලො රාජානං රාජසභායං නිසින්නං දිස්වා අථස්ස පටිවෙදෙසි, “යස්සාසී”ති වදන්තො ආරොචෙසීති අත්ථො. යස්සාසීති, මහාරාජ, යස්ස ත්වං අනුකම්පකො මුදුචිත්තො අහොසි, යස්ස අභිණ්හං වණ්ණං පයිරුදාහාසි, සො අයං සංකිච්චො ඉසීනං අන්තරෙ සාධු ලද්ධකොති සම්මතො අනුප්පත්තො තව උය්යානෙ සිලාපට්ටෙ ඉසිගණපරිවුතො කඤ්චනපටිමා විය නිසින්නො. තරමානරූපොති, මහාරාජ, පබ්බජිතා නාම කුලෙ වා ගණෙ වා අලග්ගා තුම්හාකං ගච්ඡන්තානඤ්ඤෙව පක්කමෙය්යුං, තස්මා තරමානරූපො ඛිප්පං නිය්යාහි, මහන්තානං සීලාදිගුණානං එසිතත්තා පස්ස මහෙසිනං.
එහි දිස්වා යනු, මහණෙනි, ඒ උයන්පල්ලා රජු රාජසභාවේ සිටින බව දැක, ඉක්බිති ඔහුට මෙය දැන්වීය. යස්සාසී යනු කථා කරමින් දැනුම් දුන්නේය යන අර්ථයයි. යස්සාසී යනු මහරජ, ඔබ යමෙකුට අනුකම්පා වූයේ, මෘදු වූ සිතක් ඇත්තේ විය. යමෙකු ගැන නිතර ගුණ වර්ණනා කළෙහි ද, ඔහු මේ සංකිච්ච සෘෂිවරුන් අතර යහපතැයි සම්මත වූයේ ඔබ උයනට පැමිණියේ ගල්තලාවේ සෘෂි සමූහයා පිරිවරා රත්රන් පිළිමයක් මෙන් වැඩ සිටින්නේ. තරමාන රූපො යනු මහරජ; පැවිද්දෝ නම් කුලයෙහි ද සමූහයෙහි හෝ නොලගින්නේ ඔබ එහි යාමට පෙරද ඔහු අන් තැනකට යනු ඇත. එහෙයින් සුදුසු පරිදි වහාම පමුණුවහි මහත් වූ සීලාදී ගුණයන්ගෙන් ස්පර්ශ වූයේ මහර්ෂි ගුණයන් බලන්න.
තතොති, භික්ඛවෙ, සො රාජා තස්ස වචනං සුත්වා තතො තස්ස වචනතො අනන්තරමෙව. නික්ඛිප්පාති නික්ඛිපිත්වා තස්ස කිර උය්යානද්වාරං පත්වාව එතදහොසි – “පබ්බජිතා නාම ගරුට්ඨානියා, සංකිච්චතාපසස්ස සන්තිකං උද්ධතවෙසෙන ගන්තුං අයුත්ත”න්ති. සො මණිචිත්තසුවණ්ණදණ්ඩං වාලබීජනිං, කඤ්චනමයං උණ්හීසපට්ටං, සුපරික්ඛිත්තං මඞ්ගලඛග්ගං, සෙතච්ඡත්තං , සොවණ්ණපාදුකාති ඉමානි පඤ්ච රාජකකුධභණ්ඩානි අපනෙසි. තෙන වුත්තං “නික්ඛිප්පා”ති. පටිච්ඡදන්ති තමෙව රාජකකුධභණ්ඩං ඨපයිත්වා භණ්ඩාගාරිකස්ස හත්ථෙ දත්වා. දායපස්සස්මින්ති එවංනාමකෙ උය්යානෙ. අථ කාලං අමඤ්ඤථාති අථ සො ඉදානි මෙ පඤ්හං පුච්ඡිතුං කාලොති ජානි. පාළියං පන “යථාකාල”න්ති ආගතං, තස්ස කාලානුරූපෙන පඤ්හපුච්ඡනං අමඤ්ඤථාති අත්ථො. පටිපජ්ජථාති පටිපජ්ජි. පෙච්චාති පටිගන්ත්වා, පරලොකස්ස වා නාමෙතං, තස්මා පරලොකෙති අත්ථො. මයාති, භන්තෙ, මයා සුචරිතධම්මො අතිචිණ්ණො පිතුඝාතකම්මං කතං, තං මෙ අක්ඛාහි, කං ගතිං පිතුඝාතකා ගච්ඡන්ති, කතරස්මිං නිරයෙ පච්චන්තීති පුච්ඡති.
තතො යනු, මහණෙනි, ඒ රජු ඔහු ගේ වචන අසා ඉක්බිති ඔහු ගේ වචනයට අනතුරුව ඔහුගේ වචන අසන අතරතුරම නික්ඛිප්පා යනු නික්ම යන අර්ථයයි. ඔහුගේ උයනට උද්‍යාන දොරටුවට පැමිණිවිට මෙබඳු අදහසක් පහළ විය. පැවිද්දෝ නම් ගරුකළ යුත්තෝ වෙති. සංකිච්ච තාපසයාගේ ළඟට උඩඟු විලාශයෙන් යන්නට නුසුදුසු ය. හෙතෙම මැණික් ඔබ්බවන ලද රන්මිට සහිත වල් විදුනාව ද, ස්වර්ණමය නළල් පටය ද, මනාසේ සරසන ලද මංගල අසිපත ද, සුදු කුඩය, රන්මිරිවැඩිසඟල යන මේ කකුධ භාණ්ඩ පස ගෙන්වා ගෙන ඔහු විසින් කියන ලෙස නික්ම යනුයි. නික්ඛිප්පා යනුයි. පටිච්ඡදං යනු ඒ රාජ කකුධ භාණ්ඩ තබා භාණ්ඩාගාරිකගේ අතට දී දායපස්සස්මිං යනු එබඳු නම් ඇති උයනෙහි ද, අථ කාලං අමඤ්ඤථා යනු ඉක්බිති හෙතෙම දැන් ප්‍රශ්න විචාරීමට සුදුසු කාලය යයි දැනගත්තේය. පෙළෙහි වනාහි යථාකාලං යනු පැමිණියා වූ, ඉක්බිති සුදුසු පරිදි ප්‍රශ්න විචාරීමට කාලය යයි දැනගනි යන අර්ථයයි. පටිපජ්ජථා යනු පිළිගත්තේ එළඹියේය. පෙච්චා යනු පිළිගෙන පරලොවට හෝ එබඳු නම් ඇති හෙයින් පරලොව යයි යන අර්ථයයි. මයා යනු ස්වාමීනි; මා විසින් සුචරිත ධර්මය ඉක්මවමින් පීතෘඝාතක කර්මය කරන ලදි. ඒ මට කියව. පීතෘඝාතකයා කවර ගතියකට යහිද? කවර නම් නිරයේ පැසවන්නේදැයි විචාරයි.
තං සුත්වා බොධිසත්තො “තෙන හි, මහාරාජ, සුණොහී”ති වත්වා ඔවාදං තාව අදාසි. සත්ථා තමත්ථං පකාසෙන්තො ආහ –
ඒ අසා බෝධිසත්ත්වයෝ එසේ වීනම් මහරජ; අසව! යයි කියා ඔහුට අවවාද දුන්හ. ඒ අර්ථය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉසී අවච සංකිච්චො, කාසීනං රට්ඨවඩ්ඪනං; ආසීනං දායපස්සස්මිං, මහාරාජ සුණොහි මෙ.
කසීරට වඩන්නා වූ බඹදත් රජුට, දායපස්ස උයනේ සිටිමින් සංකිච්ච සෘෂිවරයෝ මෙසේ කීය.
“උප්පථෙන වජන්තස්ස, යො මග්ගමනුසාසති; තස්ස චෙ වචනං කයිරා, නාස්ස මග්ගෙය්ය කණ්ටකො.
සොරුන්ගෙන් ගහණ වූ මාවතකින් යන්නෙකුට, යමෙක් නිවැරදි නිර්භය මාර්ගය කියා දේ නම්, ඉදින් ඔහුගේ කීම අනුව පිළිපදින්නේ නම් ඔහුට සොරුන්ගෙන් උවදුරු සිදුවන්නේ නැත.
“අධම්මං පටිපන්නස්ස, යො ධම්මමනුසාසති; තස්ස චෙ වචනං කයිරා, න සො ගච්ඡෙය්ය දුග්ගති”න්ති.
අධර්මය පිළිපදින්නකුට යම්කිසිවෙක් ධර්මය කියා දේනම් ඉදින් ඔහු ඔහු ගේ වචනය පිළිගනී නම්, ඒ අනුව හැසිරෙන්නේ නම්, ඔහු දුගතියට යන්නේ නැත.
තත්ථ උප්පථෙනාති චොරෙහි පරියුට්ඨිතමග්ගෙන. මග්ගමනුසාසතීති ඛෙමමග්ගං අක්ඛාති. නාස්ස මග්ගෙය්ය කණ්ටකොති තස්ස ඔවාදකරස්ස පුරිසස්ස මුඛං චොරකණ්ටකො න පස්සෙය්ය. යො ධම්මන්ති යො සුචරිතධම්මං. න සොති සො පුරිසො නිරයාදිභෙදං දුග්ගතිං න ගච්ඡෙය්ය. උප්පථසදිසො හි, මහාරාජ, අධම්මො, ඛෙමමග්ගසදිසො සුචරිතධම්මො, ත්වං පන පුබ්බෙ “පිතරං ඝාතෙත්වා රාජා හොමී”ති මය්හං කථෙත්වා මයා පටිබාහිතො මම වචනං අකත්වා පිතරං ඝාතෙත්වා ඉදානි සොචසි, පණ්ඩිතානං ඔවාදං අකරොන්තො නාම චොරමග්ගපටිපන්නො විය මහාබ්යසනං පාපුණාතීති. එවමස්ස ඔවාදං දත්වා උපරි ධම්මං දෙසෙන්තො ආහ –
එහි උප්පථෙනා යනු සොරුන් විසින් ඇසුරු කරන ලද මාර්ගයෙන්, මග්ගමනුස්සාති යනු නිර්භය මාර්ගයට කියනු ලැබේ. නාස්ස මග්ගෙය්ය කණ්ටකො යනු ඒ අවවාද රකින සොරුන්ගෙන් ආරක්ෂා වන්නේය. මිනිසාගේ මුහුණ සොර දෙටුවා නො බලන්නේ ය. යො ධම්මං යනු යම් සුචරිත ධර්මයයි. න සො යනු ඒ මිනිසා නිරයාදි ප්රභේදගත දුගතියට නො යන්නේය. මහරජ, අධර්මය උවදුරු සහිතය. සුචරිත ධර්මය ක්ෂේම මාර්ගයයි. ඔබ වනාහි පෙර පීතෘඝාතක කොට, රජ වෙමියි මට පවසා මා විසින් වළක්වන ලද්දේ ද, මගේ වචන ඉටු නොකොට පියා නසා, දැන් ශෝක කරයි. වියතුන් ගේ අවවාද නොකරන්නා නම්, සොරුන්ගේ මාර්ගයට පිළිපන්නාක් මෙන් මහත් විපතක් පැමිණේයයි මෙසේ ඔහුට අවවාද දී, බෝසත් තෙම, මත්තෙහිත් ධර්ම දේශනා කරන්නේ මෙසේ වදාළ සේක.
“ධම්මො පථො මහාරාජ, අධම්මො පන උප්පථො; අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගතිං.
මහරජ; ධර්මය නිවැරදි මාවතයි. අධර්මය දුගති මගයි අධර්මය නිරයට පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි.
“අධම්මචාරිනො රාජ, නරා විසමජීවිනො; යං ගතිං පෙච්ච ගච්ඡන්ති, නිරයෙ තෙ සුණොහි මෙ.
මහරජ, විෂම පැවතුම් ඇති, අධර්මයෙහි හැසිරෙන මිනිස්සු පරලොව උත්පත්ති වශයෙන් පවත්නා සංසාර ගතිය ද, නිරයන් ගැන ද ඔබට කියමි. අසනු මැනවි.
“සඤ්ජීවො කාළසුත්තො ච, සඞ්ඝාතො ද්වෙ ච රොරුවා; අථාපරො මහාවීචි, තාපනො ච පතාපනො.
සංජීව, කාලසූත්ර, සංඝාත රෞරව, මහාරෞරව යළිදු මහා අවීචිය, තැවෙන්නා වූ අතිශයින් තැවෙන්නා වූ තාපන හා අතාපන නරකය ද,
“ඉච්චෙතෙ අට්ඨ නිරයා, අක්ඛාතා දුරතික්කමා; ආකිණ්ණා ලුද්දකම්මෙහි, පච්චෙකා සොළසුස්සදා.
මේ අටමහා නරකයෝ මුලින් කියන ලදි. මේවා ඉක්මවාලිය නො හැක්කාහ. මෙකී එක එක නරකයෙක් හී, හතරපැත්තේ උස්සද නරකයෝ දහසය බැගින් ඇත්තාහ.
“කදරියතාපනා ඝොරා, අච්චිමන්තො මහබ්භයා; ලොමහංසනරූපා ච, භෙස්මා පටිභයා දුඛා.
මේ නරකයෝ තද මසුරන් තවන්නාහ. බලවත් දුක්වලින් ගහන වූ මේවා ගිනිසිළු විහිදුවන්නෝය. මහත් බිය ඇත. ලොමු දහගන්නා සුළු බිහිසුණු වූ ප්‍රතිභය ඇති මේවා දුක් ගෙනදෙයි.
“චතුක්කණ්ණා චතුද්වාරා, විභත්තා භාගසො මිතා; අයොපාකාරපරියන්තා, අයසා පටිකුජ්ජිතා.
කොන් සතරක් ඇති, දොරටු සතරකින් බෙදනා ලද යකඩ ප්රාකාරයකින් වටවූ යකඩ වලින්ම ගිනියම් වූ යකඩ පියනකින් වසන ලද,
“තෙසං අයොමයා භූමි, ජලිතා තෙජසා යුතා; සමන්තා යොජනසතං, ඵුටා තිට්ඨන්ති සබ්බදා.
ඒ අයෝමය භූමිය, ගින්නෙන් දිළිසෙන්නේ තේජසින් යුක්ත වූයේ යොදුන් සියයක් පමණ හාත්පස සැමදා පැතිරී පවතිත්.
“එතෙ පතන්ති නිරයෙ, උද්ධංපාදා අවංසිරා; ඉසීනං අතිවත්තාරො, සඤ්ඤතානං තපස්සිනං.
තපස්දම් රකිනා, ශීල සංයමයෙන් යුතු සෘෂීන්ට, සුපේශල භික්ෂූන්ට පරුෂ වචන කියමින් බණින අය මේ නිරයෙහි උඩුකුරු පා ඇතිව යටිකුරු හිස් ඇතිව වැටෙත්.
“තෙ භූනහුනො පච්චන්ති, මච්ඡා බිලකතා යථා; සංවච්ඡරෙ අසඞ්ඛෙය්යෙ, නරා කිබ්බිසකාරිනො.
ශ්‍රමණ බමුණන්ට, සෘෂිවරුන්ට පරුෂ වචන ඉක්මවා බණින පව්කාර මිනිස්සු කෑලිවලට කැපූ මත්ස්‍යයන් මෙන් අවුරුදු අසංඛෙය්‍ය ගණනක් මෙහි තැවෙත්.
“ඩය්හමානෙන ගත්තෙන, නිච්චං සන්තරබාහිරං; නිරයා නාධිගච්ඡන්ති, ද්වාරං නික්ඛමනෙසිනො.
ඇතුළත පිටත නිතර දැවීමෙන් යුතු සිරුරු ඇති මොවුහු නරකයෙන් නික්මෙනු කැමති වුවද දොරටුවට නොඑත්.
“පුරත්ථිමෙන ධාවන්ති, තතො ධාවන්ති පච්ඡතො; උත්තරෙනපි ධාවන්ති, තතො ධාවන්ති දක්ඛිණං; යං යඤ්හි ද්වාරං ගච්ඡන්ති, තං තදෙව පිධීයරෙ.
ඉදිරියට දුවත් යළිදු පසුපසට දුවත් උතුරු දිශාවට දුවත් යළිත් දකුණට දුවත්. නිරයගාමී ජනයෝ යම් යම් දොරටුව වෙත දුවත්නම් ඒ දොරටු වැසෙයි.
“බහූනි වස්සසහස්සානි, ජනා නිරයගාමිනො; බාහා පග්ගය්හ කන්දන්ති, පත්වා දුක්ඛං අනප්පකං.
මෙසේ අනල්ප වූ නිරය දුකට පැමිණ, වර්ෂ දහස් ගණන් ඔළුවෝ දෙඅත් බැඳ විලාප නගත්.
“ආසීවිසංව කුපිතං, තෙජස්සිං දුරතික්කමං; න සාධුරූපෙ ආසීදෙ, සඤ්ඤතානං තපස්සිනං.
තේජස් ඇති, ළංවිය නොහැකි, සංයමයෙන් යුත් තපස්වීවරුන්ට, සර්පයන් මෙන් කිපී නො බැනිය යුතුය.
“අතිකායො මහිස්සාසො, අජ්ජුනො කෙකකාධිපො; සහස්සබාහු උච්ඡින්නො, ඉසිමාසජ්ජ ගොතමං.
මහත් ශරීර ඇති, දුනු දරන්නා වූ, කේකක රටට අධිපති වූ අර්ජුන රජු ගෞතම සෘෂිවරයාට බැණ විනාශ වූයේය.
“අරජං රජසා වච්ඡං, කිසං අවකිරිය දණ්ඩකී; තාලොව මූලතො ඡින්නො, ස රාජා විභවඞ්ගතො.
රජස් රහිාත වූ කිසවච්ඡ තවුසා වෙත දණ්ඩකී රජු රජස් විසුරුවා මුලින් සිඳින ලද තල්ගසක් මෙන් විනාශ විය.
“උපහච්ච මනං මජ්ඣො, මාතඞ්ගස්මිං යසස්සිනෙ; සපාරිසජ්ජො උච්ඡින්නො, මජ්ඣාරඤ්ඤං තදා අහු.
යශස් ඇති මාතංග සෘෂිවරයා කෙරෙහි සිත දූෂ්‍ය කරගත් මෙධ්ය රජු පිරිස් සහිතවම විනාශ විය. එකල්හි මෙධ්යාරණය විය.
“කණ්හදීපායනාසජ්ජ, ඉසිං අන්ධකවෙණ්ඩයො; අඤ්ඤොඤ්ඤං මුසලා හන්ත්වා, සම්පත්තා යමසාධනං.
කණ්හදීපායන තවුසාට ගැහැට කළ අන්ධවෙණහු නම් රජවරු ඔවුනොවුන් මොහොලින් නසාගෙන අපායට ගියහ.
“අථායං ඉසිනා සත්තො, අන්තලික්ඛචරො පුරෙ; පාවෙක්ඛි පථවිං චෙච්චො, හීනත්තො පත්තපරියායං.
අහසින් ආගිය චේතිය රජු, කපිල තවුසා සමග ගැටී, තම සෘද්ධියෙන් පිරිහී, මරණාසන්න කාලයේ පොළව පලාගෙන ගියේය.
“තස්මා හි ඡන්දාගමනං, නප්පසංසන්ති පණ්ඩිතා; අදුට්ඨචිත්තො භාසෙය්ය, ගිරං සච්චූපසංහිතං.
එහෙයින් නුවණැත්තෝ ඡන්දයෙන්, බලයෙන්, අධිපතිකමින් අගතියට යාම නො පසසත්, දූෂ්‍ය නොවූ සිතින් යුතුව සත්‍යයම කිවයුතු වන්නේ ය.
“මනසා චෙ පදුට්ඨෙන, යො නරො පෙක්ඛතෙ මුනිං; විජ්ජාචරණසම්පන්නං, ගන්තා සො නිරයං අධො.
අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුත් මුනිවරයකු දෙස, දූෂ්‍ය වූ සිතින් නොබැලිය යුතුය. එසේ බලන්නෝ අධෝගමනීය කර්මයෙන් නිරයට යන්නේය.
“යෙ වුඩ්ඪෙ පරිභාසන්ති, ඵරුසූපක්කමා ජනා; අනපච්චා අදායාදා, තාලවත්ථු භවන්ති තෙ.
ගුණයෙන් හා වයසින් වැඩිහිටියන්ට, නපුරු ගති ඇති යමෙක් අවමන් කෙරේද? ඔවුහු මේ ආත්මයෙහිම සිඳින ලද තල්ගසක් මෙන් වැනසෙති. ඔවුන්ගේ දරුවන්ට වත් වස්තුව නො ලැබේ.
“යො ච පබ්බජිතං හන්ති, කතකිච්චං මහෙසිනං; ස කාළසුත්තෙ නිරයෙ, චිරරත්තාය පච්චති.
යමෙක් ප්රව්රර්ජිත මහර්ෂියෙකු නසාද? ඔහු කාලසූත්ර නම් නරකයෙහි බොහෝ කාලයක් දුක් විඳියි.
“යො ච රාජා අධම්මට්ඨො, රට්ඨවිද්ධංසනො මගො; තාපයිත්වා ජනපදං, තාපනෙ පෙච්ච පච්චති.
අධර්මිෂ්ඨ වූ යම් රඩෙක් රට කැළඹීමට පත් කරයිද? ජනපදය තවා මිනිසුන් දුකට පත් කරයිද? ඔහු මෙලොවින් චුතව පරලොව තාපන නම් නරකයේ පැසෙති.
“සො ච වස්සසහස්සානි, සතං දිබ්බානි පච්චති; අච්චිසඞ්ඝපරෙතො සො, දුක්ඛං වෙදෙති වෙදනං.
යමෙක් දිව්‍ය වර්ෂ ලක්ෂයක් එහි පැසේද? ගිනිසිළුවලින් වටකරන ලද හෙතෙම දුක් වේදනාවන්ම විඳී.
“තස්ස අග්ගිසිඛා කායා, නිච්ඡරන්ති පභස්සරා; තෙජොභක්ඛස්ස ගත්තානි, ලොමෙහි ච නඛෙහි ච.
ඔහුගේ සිරුරින් නිතර දිළිසෙන ගිනිසිළු නික්මෙයි. ලොම් අගින් ද, නියවලින් ද සිරුර දැඩි රශ්මියෙන් ක්ෂය වේ.
“ඩය්හමානෙන ගත්තෙන, නිච්චං සන්තරබාහිරං; දුක්ඛාභිතුන්නො නදති, නාගො තුත්තට්ටිතො යථා.
බාහිර අභ්‍යන්තර වශයෙන් නිතර දැවෙන සිරුරින් යුතු හෙතෙම දුකින් පීඩාවට පත්වනුයේ හුලකින් අනින ලද ඇතකු මෙන් නාද කරයි.
“යො ලොභා පිතරං හන්ති, දොසා වා පුරිසාධමො; ස කාළසුත්තෙ නිරයෙ, චිරරත්තාය පච්චති.
යම් පහත් පුරුෂයෙක් ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ධනය කීර්තිය රජකම උදෙසා සිය පියා නසයිද? හෙතෙම කාළසූත්‍ර නම් නරකයෙහි චිරාත් කලක් පැසවයි.
“ස තාදිසො පච්චති ලොහකුම්භියං, පක්කඤ්ච සත්තීහි හනන්ති නිත්තචං; අන්ධං කරිත්වා මුත්තකරීසභක්ඛං, ඛාරෙ නිමුජ්ජන්ති තථාවිධං නරං.
එබඳු වූ ඔහු ලෝකුඹු නිරයේ පැසෙයි. නිතර රත්වූ ආයුධවලින් පීඩාවිඳියි. ඔහුගේ ඇස් අන්ධකොට මල-මුත්‍රා කෑමට දෙයි. එබඳු වූ මිනිසා ගිනිඅඟුරු ආකරයේ ගිල්වයි.
“තත්තං පක්කුථිතමයොගුළඤ්ච, දීඝෙ ච ඵාලෙ චිරරත්තතාපිතෙ; වික්ඛම්භමාදාය විබන්ධරජ්ජුභි, විවටෙ මුඛෙ සම්පවිසන්ති රක්ඛසා.
නිරය පාලකයෝ බොහෝකලක් තවන ලද හීවැලින් මැඩගෙන රැහැන්වලිාන් දිව එළියට ඇද හරින ලද මුවෙහි ගිනියම් කළ යකඩ ගුලි දමත්.
“සාමා ච සොණා සබලා ච ගිජ්ඣා, කාකොලසඞ්ඝා ච දිජා අයොමුඛා; සඞ්ගම්ම ඛාදන්ති විප්ඵන්දමානං, ජිව්හං විභජ්ජ විඝාසං සලොහිතං.
ශ්‍යාම වර්ණ වූ බල්ලෝ ද, තිත් සහිත බල්ලෝ ද, රතු හොට ඇති ගිජු ලිහිණියෝ ද, වන කවුඩු සමූහය ද අයෝමය මුව ඇති පක්ෂි සමූහය දික්වූ දිව පිටතට ඇද කඩ කඩ කති.
“තං දඩ්ඪතාලං පරිභින්නගත්තං, නිප්පොථයන්තා අනුවිචරන්ති රක්ඛසා; රතී හි තෙසං දුඛිනො පනීතරෙ, එතාදිසස්මිං නිරයෙ වසන්ති; යෙ කෙචි ලොකෙ ඉධ පෙත්තිඝාතිනො.
දැවෙන්නා වූ තල්ගසක් වැනි, හැමපසින්ම බිඳුනු ශරීර ඇති ඔහුට නිරයපාලයෝ තලති. එය නිරයපාලයන්ට ක්‍රීඩාවකි. අනෙක් නිරිසත්තු දුකින් පසුවෙති. මේ ලෝකයේම පීතෘඝාතක කර්ම කරන්නෝ මෙබඳු දුක් ඇති නරකයේ උපදිති.
“පුත්තො ච මාතරං හන්ත්වා, ඉතො ගන්ත්වා යමක්ඛයං; භුසමාපජ්ජතෙ දුක්ඛං, අත්තකම්මඵලූපගො.
මව මැරූ පුතා ද මෙතැනින් චුතව යම ලෝකයට ගියේ, තමන් කළ කර්මය තුළින් බොහෝ දුක් කන්දරාවලට පැමිණෙනු ලැබේ.
“අමනුස්සා අතිබලා, හන්තාරං ජනයන්තියා; අයොමයෙහි වාලෙහි, පීළයන්ති පුනප්පුනං.
මව මැරූ පුතුන් නිරයේ ඉපදුනවිට මහත් ශක්තිය ඇති නිරය පාලකයෝ ඔවුන් යකඩ රැහැන්වලින් බැඳ වෙළා නැවත නැවත පීඩාවන්ට පත්කරති.
“තමස්සවං සකා ගත්තා, රුධිරං අත්තසම්භවං; තම්බලොහවිලීනංව, තත්තං පායෙන්ති මත්තිඝං.
මව මැරූ ඔහුට සිය සිරුරින් වැගිරෙන්නා වූ තමන්ගෙන්ම හටගත් රත් වී දිය වී යන ලෝදිය මෙන් වූ රුධිරය පොවත්.
“ජිගුච්ඡං කුණපං පූතිං, දුග්ගන්ධං ගූථකද්දමං; පුබ්බලොහිතසඞ්කාසං, රහදමොගය්හ තිට්ඨති.
පිළිකුල් කුණප සහිත අසූචි මිශ්‍ර වූ දුගඳ හමන ලේ සැරව මිශ්‍ර ගැඹුරු ජලයේ කිමිදවා සිටියි.
“තමෙනං කිමයො තත්ථ, අතිකායා අයොමුඛා; ඡවිං භෙත්වාන ඛාදන්ති, සංගිද්ධා මංසලොහිතෙ.
එහි මහත් වූ ශරීර ඇති අය ඉඳිකටු තුඩු බඳු මුඛ ඇති කෘමීහු මස් ලේ කෙරෙහි ගිජු වූවාහු සිවිය සිඳ කති.
“සො ච තං නිරයං පත්තො, නිමුග්ගො සතපොරිසං; පූතිකං කුණපං වාති, සමන්තා සතයොජනං.
කුණු වූ ද, අපිරිසිදු වූ ද, සියක් යොදුනක් දුරට දුර්ගන්ධය හමන නරාවලෙහි බඹ සියයක් යටට මව් මැරූ පුද්ගලයා ගිලෙන්නේය.
“චක්ඛුමාපි හි චක්ඛූහි, තෙන ගන්ධෙන ජීයති; එතාදිසං බ්‍රහ්මදත්ත, මාතුඝො ලභතෙ දුඛං.
ඇස් ඇත්තේ නමුත් ඒ දුර්ගන්ධයෙන් ඇස් දිරාපත් වේ. බඹදත් රජුනි! මව මැරූ පුද්ගලයා මේසා දුකක් විඳින්නේය.
“ඛුරධාරමනුක්කම්ම, තික්ඛං දුරභිසම්භවං; පතන්ති ගබ්භපාතියො, දුග්ගං වෙතරණිං නදිං.
දරුගැබ් හෙළන්නා වූ ස්ත්‍රීහු තියුණු වූ ද, ළංවිය නොහැකි වූද, ඛුරධාර නම් නිරය ඉක්මවා දුර්ගම වූ වේතරණී නදියට වැටෙත්.
“අයොමයා සිම්බලියො, සොළසඞ්ගුලකණ්ටකා; උභතො අභිලම්බන්ති, දුග්ගං වෙතරණිං නදිං.
අයෝමය වූ සොළොස් අඟල් පමණ කටු ඇති ඉඹුල් ගස් වේතරණී නදිය දෙපස පිහිටා ඇත.
“තෙ අච්චිමන්තො තිට්ඨන්ති, අග්ගික්ඛන්ධාව ආරකා; ආදිත්තා ජාතවෙදෙන, උද්ධං යොජනමුග්ගතා.
ඒ නිරිසත්තු ගිනිසිළු ඇත්තාහු ගිනි කඳන් මෙන් දුරට පෙනේ. ගින්නෙන් දිලිසුනේම යොදුනක් පමණ උස්ව පෙනේ.
“එතෙ වජන්ති නිරයෙ, තත්තෙ තිඛිණකණ්ටකෙ; නාරියො ච අතිචාරා, නරා ච පරදාරගූ.
පරදාර සේවනයේ යෙදෙන ස්ත්‍රීහු ද, පර ස්ත්‍රී සේවනයේ යෙදුන පුරුෂයෝ ද, නිරයෙහි තිබෙන ගිනියම් වූ කටු ඉඹුල් ගස්වල නගිත්.
“තෙ පතන්ති අධොක්ඛන්ධා, විවත්තා විහතා පුථූ; සයන්ති විනිවිද්ධඞ්ගා, දීඝං ජග්ගන්ති සබ්බදා.
නිරය පාලකයන් විසින් පෙළන ලද ඔවුහු පෙරැළී යටිකුරු වූ හිස් ඇත්තාහු වෙති. එවිට හුලිාන් විනිවිද ගිය ශරීර ඇත්තෝව දිගුකලක් නිදි වරති.
“තතො රත්යා විවසානෙ, මහතිං පබ්බතූපමං; ලොහකුම්භිං පවජ්ජන්ති, තත්තං අග්ගිසමූදකං.
ඉන් බොහෝ කලකට පසුව මහත් වූ පර්වතයක් බඳු ගිනියම් වූ ජලය ඇති ලෝකුඹු නිරයේ වැටෙත්.
“එවං දිවා ච රත්තො ච, දුස්සීලා මොහපාරුතා; අනුභොන්ති සකං කම්මං, පුබ්බෙ දුක්කටමත්තනො.
මෝහයෙන් යුක්ත වූ දුශ්ශීලයෝ දිවි රෑ දෙක්හිම පෙර තමන් විසින් කරන ලද අකුශල කර්ම අනුව දුක් විඳිති.
“යා ච භරියා ධනක්කීතා, සාමිකං අතිමඤ්ඤති; සස්සුං වා සසුරං වාපි, ජෙට්ඨං වාපි නනන්දරං.
මිලදී ගන්නා යම් භාර්යාවක්, සැමියා කෙරෙහි නිසි පරිදි වතාවත් නොකිරීම් වශයෙන් ස්වාමියා ඉක්මවයිද? නැන්දා, මාමා, සැමියාගේ වැඩිමහලු සහෝදරිය යන අය කෙරෙහි කළයුතු වතාවත් නො කරයිද?
“තස්සා වඞ්කෙන ජිව්හග්ගං, නිබ්බහන්ති සබන්ධනං; ස බ්යාමමත්තං කිමිනං, ජිව්හං පස්සති අත්තනි; විඤ්ඤාපෙතුං න සක්කොති, තාපනෙ පෙච්ච පච්චති.
ඇගේ ජිව්හාශ්රය බැඳුම් සහිතව පිටතට අදිත්. ඒ නිරිසතා පණුවන් සහිත බඹයක් පමණ දික් වූ දිව දකී. තමන්ගේ දුක කියනු කැමති වුවද එය කළ නොහැකි වෙයි. පසුව තාපන නරකයට වැටේ.
“ඔරබ්භිකා සූකරිකා, මච්ඡිකා මිගබන්ධකා; චොරා ගොඝාතකා ලුද්දා, අවණ්ණෙ වණ්ණකාරකා.
එළුවන්, හූරන්, ගවයින්, මුවන් ආදී සතුන් මරා දිවි රකින්නෝ ද, සොරකම් කරන්නෝ ද, නුගුණෙහි ගුණ කියන්නෝ ද, කේලාම් කියන්නෝ ද යන මොවුහු.
“සත්තීහි ලොහකූටෙහි, නෙත්තිංසෙහි උසූහි ච; හඤ්ඤමානා ඛාරනදිං, පපතන්ති අවංසිරා.
වේතරණී නරකයෙහි වැටේ. ඔවුහු කඩුවලින්, ඊතලවලින්, අඩයටිවලින් ඇනුම් ලබති.
“සායං පාතො කූටකාරී, අයොකූටෙහි හඤ්ඤති; තතො වන්තං දුරත්තානං, පරෙසං භුඤ්ජරෙ සදා.
වංචනික ලෙස නඩු විසඳන්නේ, බොරු නඩු කියන්නේ, බොරු සාක්කි දෙන්නෝ, වංචනික ලෙස කිරීම් මැනීම් කරන්නෝ, බොරු මුදල්වලින් රවටන්නෝ, බොරුවට තක්සේරු කරන්නෝ, කූටකම් කරන්නෝ, වංචනිකයෝ, බොරු කියා ජනයා රවටන්නෝ උදේ හවස යකුළුවලින් නසනු ලැබෙති. මෙලෙස දුකට පත් වූවෝ අන් සතුන්ගේ වමනය අනුභව කරති.
“ධඞ්කා භෙරණ්ඩකා ගිජ්ඣා, කාකොලා ච අයොමුඛා; විප්ඵන්දමානං ඛාදන්ති, නරං කිබ්බිසකාරකං.
කවුඩෝ ද, හිවල්ලු ද, ගිජුලිහිණියෝ ද, කපුටු බකමූණෝ ද, මුව අයාගෙන ඇත්තේ පාපකාරී මිනිසාව ඔබමොබ අදිමින් පෙරළමින් කති.
“යෙ මිගෙන මිගං හන්ති, පක්ඛිං වා පන පක්ඛිනා; අසන්තො රජසා ඡන්නා, ගන්තා තෙ නිරයුස්සද”න්ති.
යමෙක් හීලෑ මුවෙකු මගින් මුවෙකු නසයිද? පක්ෂියෙකු මගින් පක්ෂියෙකු මරයිද? අසත්පුරුෂ වූ ඔවුහු ඔසුපත් නරකයේ දුක්විඳිති.
තත්ථ ධම්මො පථොති දසකුසලකම්මපථධම්මො ඛෙමො අප්පටිභයො සුගතිමග්ගො. විසමජීවිනොති අධම්මෙන කප්පිතජීවිකා. නිරයෙ තෙති තෙ එතෙසං නිබ්බත්තනිරයෙ කථෙමි. සුණොහි මෙති මහාසත්තො රඤ්ඤා පිතුඝාතකානං නිබ්බත්තනිරයං පුච්ඡිතොපි පථමං තං අදස්සෙත්වා අට්ඨ මහානිරයෙ සොළස ච උස්සදනිරයෙ දස්සෙතුං එවමාහ. කිංකාරණා? පඨමඤ්හි තස්මිං දස්සියමානෙ රාජා ඵලිතෙන හදයෙන තත්ථෙව මරෙය්ය, ඉමෙසු පන නිරයෙසු පච්චමානසත්තෙ දිස්වා දිට්ඨානුගතිකො හුත්වා “අහං විය අඤ්ඤෙපි බහූ පාපකම්මිනො අත්ථි, අහං එතෙසං අන්තරෙ පච්චිස්සාමී”ති සඤ්ජාතුපත්ථම්භො අරොගො භවිස්සතීති තෙ පන නිරයෙ දස්සෙන්තො මහාසත්තො පඨමං ඉද්ධිබලෙන පථවිං ද්විධා කත්වා පච්ඡා දස්සෙසි.
එහි ධම්මො පථො යනු දසකුසල කර්මපථ ධර්මයයි. ක්ෂේම වූ නිර්භය වූ සුගති මාර්ගයයි. විසමජීවිනො යනු අධර්මයෙන් කැපකළ ජීවිතයයි. නිරයෙ යනු ඔවුහු එබඳු ලෙස උපන් නිරය පවසමි. සුණොහි මෙ යනු බෝසත්හු රජුගේ පීතෘඝාතකාදින්ගේ, උපන් නිරය ගැන විචාරණ ලද්දේ පළමුව එය නොදක්වා, අටමහ නරකය ද සොළොස් වැදෑරුම් උස්සද නිරය ද දැක්වීමට මෙසේ කීවේය. පළමුවෙන් ම එය දක්වන්නේ කුමන කරුණක් නිසාද? මේ අපායවල පැසවන්නා වූ සත්ත්වයන් දැක හෝ ඇසීම් මාත්‍රයෙන් මා මෙන් වෙනත් බොහෝ පාපකාරීන් ද ඇතැයි රජු පැලුණු හදවතින් එතැන ම මැරෙන්නේ ය. මම මොවුන් අතරින් චුතවෙන්නෙමියි හටගත් ප්‍රාර්ථනා ඇත්තේ නීරෝගී වන්නේය. ඒ නිරයන් දක්වමින් බෝසත්තුමා පළමුව සෘද්ධි බලයෙන් පොළොව දෙපරිදි කොට, පසුව දැක්වීය.
තෙසං වචනත්ථො – නිරයපාලෙහි පජ්ජලිතානි නානාවුධානි ගහෙත්වා ඛණ්ඩාඛණ්ඩිකං ඡින්නා හීරං හීරං කතා නෙරයිකසත්තා පුනප්පුනං සඤ්ජීවන්ති එත්ථාති සඤ්ජීවො. නිරයපාලා පුනප්පුනං නදන්තා වග්ගන්තා පජ්ජලිතානි නානාවුධානි ගහෙත්වා ජලිතාය ලොහපථවියං නෙරයිකෙ සත්තෙ අපරාපරං අනුබන්‍ධිත්‍වා පහරිත්වා ජලිතපථවියං පතිතෙ ජලිතකාළසුත්තං පාතෙත්වා ජලිතඵරසුං ගහෙත්වා සයං උන්නදන්තා මහන්තෙන අට්ටස්සරෙන විරවන්තෙ අට්ඨංසෙ සොළසංසෙ කරොන්තා එත්ථ තච්ඡන්තීති කාළසුත්තො. මහන්තා ජලිතඅයපබ්බතා ඝාතෙන්ති එත්ථාති සඞ්ඝාතො. තත්ථ කිර සත්තෙ නවයොජනාය ජලිතාය අයපථවියා යාව කටිතො පවෙසෙත්වා නිච්චලෙ කරොන්ති. අථ පුරත්ථිමතො ජලිතො අයපබ්බතො සමුට්ඨාය අසනි විය විරවන්තො ආගන්ත්වා තෙ සත්තෙ සණ්හකරණියං තිලෙ පිසන්තො විය ගන්ත්වා පච්ඡිමදිසාය තිට්ඨති, පච්ඡිමදිසතො සමුට්ඨිතොපි තථෙව ගන්ත්වා පුරත්ථිමදිසාය තිට්ඨති. ද්වෙ පන එකතො සමාගන්ත්වා උච්ඡුයන්තෙ උච්ඡුඛණ්ඩානි විය පීළෙන්ති. එවං තත්ථ බහූනි වස්සසතසහස්සානි දුක්ඛං අනුභොන්ති.
ඔවුන්ගේ වචනාර්ථය ඇත්තේ යමපල්ලන් විසින් දිළිසෙන්නා වූ නොයෙක් ආයුධ ගෙන කැබලි කැබලි කොට සිඳිමින් අපායගාමී සත්ත්වයෝ නැවත නැවත ජීවිතය ලබාදෙන නිසා මෙහි සඤ්ජීව නම් වේ. යමපල්ලෝ නැවත නැවත නාද කරමින් පිළිවෙලින් දිළිසෙන නොයෙක් ආයුධ වර්ග රැගෙන දිළිසෙන ලෝහ පොළොවේ අපායේ වැසියන් ඔබිමොබ ලුහුබැඳ පහර දී දිළිසෙන පොළොවේ වැටුණු කල්හි දිළිසෙන කලු නූලක් හෙළා, දිළිසෙන පොරොවක් ගෙන තෙමේ, උස්හඬින් නද දෙමින් විශාල බැගෑපත් හඬින් නාද කරන කල්හි අටවැදෑරුම් සොළොස් වැදෑරුම් කරමින් මෙහි, පසවන්නේ යනුයි. කාළසුත්ත නම් වේ. මහත් වූ දිළිසෙන යකඩ පර්වතයෙන් මෙහි ඝාතනය කරත් නුයි සංඝාත නම් වේ. එහි සත්ත්වයන් වනාහි යොදුන් නවයක් දිළිසෙන යකඩ පොළොවේ කශේරුකාව දක්වා ප්‍රවේශ කොට නිශ්චල කරත්. ඉක්බිති පෙරදිගින් මහත් දිළිසෙන යකඩ පර්වතයක් නැගී සිට හෙණහඬ මෙන් නාද දෙමින් අවුත් ඒ සත්ත්වයන් ඇඹරුම්ගලෙහි ලා තල අඹරන්නාක් මෙන් ගොස් නැගෙනහිර දිසාවේ සිටියි. පශ්චිම දිසාවේ සිටියෝ එහිම ගොස් පෙරදිග සිටිති. දෙපිරිසම එකට එක්වී උක් යන්ත්‍රයේ දැමූ උක්දඬු මෙන් පෙළෙත්. මෙසේ එහි බොහෝ වර්ෂ සියදහස් ගණනක් දුක් අනුභව කරත්.
ද්වෙ ච රොරුවාති ජාලරොරුවො, ධූමරොරුවො චාති ද්වෙ. තත්ථ ජාලරොරුවො කප්පෙන සණ්ඨිතාහි රත්තලොහජාලාහි පුණ්ණො, ධූමරොරුවො ඛාරධූමෙන පුණ්ණො. තෙසු ජාලරොරුවෙ පච්චන්තානං නවහි වණ්ණමුඛෙහි ජාලා පවිසිත්වා සරීරං දහන්ති, ධූමරොරුවෙ පච්චන්තානං නවහි වණමුඛෙහි ඛාරධූමො පවිසිත්වා පිට්ඨං විය සරීරං සෙදෙති. උභයත්ථපි පච්චන්තා සත්තා මහාවිරවං විරවන්තීති ද්වෙපි “රොරුවා”ති වුත්තා. ජාලානං වා පච්චනසත්තානං වා තෙසං දුක්ඛස්ස වා වීචි අන්තරං නත්ථි එත්ථාති අවීචි, මහන්තො අවීචි මහාවීචි. තත්ථ හි පුරත්ථිමාදීහි භිත්තීහි ජාලා උට්ඨහිත්වා පච්ඡිමාදීසු පටිහඤ්ඤති, තා ච භිත්තියො විනිවිජ්ඣිත්වා පුරතො යොජනසතං ගණ්හාති. හෙට්ඨා උට්ඨිතා ජාලා උපරි පටිහඤ්ඤති, උපරි උට්ඨිතා හෙට්ඨා පටිහඤ්ඤති. එවං තාවෙත්ථ ජාලානං වීචි නාම නත්ථි. තස්ස පන අන්තො යොජනසතං ඨානං ඛීරවල්ලිපිට්ඨස්ස පූරිතනාළි විය සත්තෙහි නිරන්තරං පූරිතං චතූහි ඉරියාපථෙහි පච්චන්තානං සත්තානං පමාණං නත්ථි, න ච අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, සකට්ඨානෙයෙව පච්චන්ති. එවමෙත්ථ සත්තානං වීචි නාම නත්ථි. යථා පන ජිව්හග්ගෙ ඡ මධුබින්දූනි සත්තමස්ස තම්බලොහබින්දුනො අනුදහනබලවතාය අබ්බොහාරිකානි හොන්ති, තථා තත්ථ අනුදහනබලවතාය සෙසා ඡ අකුසලවිපාකුපෙක්ඛා අබ්බොහාරිකා හොන්ති, දුක්ඛමෙව නිරන්තරං පඤ්ඤායති. එවමෙත්ථ දුක්ඛස්ස වීචි නාම නත්ථි. ස්වායං සහ භිත්තීහි වික්ඛම්භතො අට්ඨාරසාධිකතියොජනසතො, ආවට්ටතො පන චතුපණ්ණාසාධිකනවයොජනසතො, සහ උස්සදෙහි දස යොජනසහස්සානි. එවමස්ස මහන්තතා වෙදිතබ්බා.
ද්වෙච රොරුවා යනු ගිනිපෝරණුවෙන් ද, දුම් පෝරණුවෙන් ද යන දෙකෙන් එහි ගිනිදැල් මිශ්‍රවී හටගත් රතු ලේවන් ගිනිදැල්වලින් පිරුණු. දුම්කෝය අළු දුමින් පිරී පවතී. ඒවා අතර ගිනිදැල් පෝරණුව පැසවන්නා වූ තව මුඛයන්ගෙන් ගිනිදැල් පිවිස, ශරීරය දවත්. දුම් පෝරණුවෝ ද පැසවන්නා වූ නව දොරටුවකින් අළුදුම් පිවිස පිටි මෙන් ශරීරය සේදෙයි. අංශ දෙකෙන්ම පැසවන්නා වූ සත්ත්වයෝ මහහඬින් නාද කරත් යන අර්ථයෙන් ද්වේපි රො රුවො යයි කියන ලදි. ගිනිදැල්වලින් පැසවන සත්ත්වයන්ට ඒ දුකට අතර නැවතීමක් නැත යයි මෙහි අවීචි නම් වේ. මහත් වූ අතරක් නැතනුයි මහාවීචි එහි පෙරදිග දිශාවේ බිත්තිවලින් ගිනිදැල් නැගී සිට පසුපස බිත්ති ආදියේ ගැටෙයි. එම බිත්තිවල විනිවිද ගොස් ඉදිරියට යොදුන් සියයක් පමණ දුර යයි සිට නැගී සිටි ගිනිදැල් මත්තෙහි නැගී සිටියි. මත්තෙහි නැගී සිටි ජාලා යට පෙරළයි. මෙසේ මෙහි ගිනි ජාලාවන්ගෙන් අතරක් නම් නැත. ඒ ඇතුළත යොදුන් සියයක් තැන කිරිවැල්වලින් පිරුණු නැලි මෙන් සත්ත්වයන් විසින් නිරතුරුව පිරුණු සතර ඉරියව්වලින් පැසවන්නා වූ සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නම් නැත. ඔවුනොවුන් කළහ කරගැනීමක් නැත. ස්වකීය තැන ම පැසෙත්. මෙහි මෙසේ සත්ත්වයන්ගේ අතොරක් නම් නැත. යම්සේ දිව අග මී බින්දු හය හතක් තඹ ලෝහ බින්දුවක් දැවීමෙන් බලවත් වූ ගණනක් නැත්ද, එපරිදි එහි දැවීමෙන් බලවත් වූ සෙසු අකුසල විපාක හය මධ්‍යස්ථව ගණන් නොගැනේ. දුකක්ම දැනෙයි. නිරතුරුව ප්‍රකට වෙයි. මෙසේ එහි දුකෙහි අතොරක් නම් නැත. ඒ බිත්ති සමග ගැටීමෙන් යොදුන් අටසියයක් පමණ ආවාටයක ද, යොදුන් එකසිය පනස් හතරක් තරම් උස්වූ බහුල වූ යොදුන් දස දහසක් පමණ මහත් බව දතයුතුය.
නිච්චලෙ සත්තෙ තපතීති තාපනො. අතිවිය තාපෙතීති පතාපනො. තත්ථ තාපනස්මිං තාව සත්තෙ තාලක්ඛන්ධප්පමාණෙ ජලිතඅයසූලෙ නිසීදාපෙන්ති. තතො හෙට්ඨා පථවී ජලති, සූලානි ජලන්ති, සත්තා ජලන්ති. එවං සො නිරයො නිච්චලෙ සත්තෙ තපති. ඉතරස්මිං පන නිබ්බත්තසත්තෙ ජලන්තෙහි ආවුධෙහි පහරිත්වා ජලිතං අයපබ්බතං ආරොපෙන්ති. තෙසං පබ්බතමත්ථකෙ ඨිතකාලෙ කම්මපච්චයො වාතො පහරති. තෙ තත්ථ සණ්ඨාතුං අසක්කොන්තා උද්ධංපාදා අධොසිරා පතන්ති. අථ හෙට්ඨා අයපථවිතො ජලිතානි අයසූලානි උට්ඨහන්ති. තෙ තානි මත්ථකෙනෙව පහරිත්වා තෙසු විනිවිද්ධසරීරා ජලන්තා පච්චන්ති. එවමෙස අතිවිය තාපෙතීති.
නිශ්චල වූ සත්ත්වයන් තවන නිසා තපනො නම් වේ. අතිශයින් තවයි යනුවෙන් පතාපනො නම් වේ. එහි තැවෙන සත්ත්වයන් කෙරෙහි තල්ගසක් පමණ වූ දිළිසෙන යකඩ හුලක් මත හොවවති. එහි යට, පොළොව දිළිසෙයි. හුල නොදිළිසෙයි. සත්ත්වයෝ දිළිසෙත්. මෙසේ ඒ නිරය නිශ්චල සත්ත්වයන් තවයි. අනෙක් උපන් සත්ත්වයන් දිළිසෙන ආයුධවලින් පහර දී දිළිසෙන යකඩ පර්වතයට නංවාලයි. ඒ පර්වතය මුදුනේ සිටි කල්හි කර්ම විපාකයෙන් සුළං හමයි. ඔවුහු එහි සිටීමට නොහැකිවන්නෝ උඩුකුරු පා ඇති-යටිකුරු හිස් ඇතිව වැටෙත්. ඉක්බිති යට යකඩ පොළොවේ දිළිසෙන යකඩ හුල් නැගී සිටිත්. ඔවුහු ඒ මත්තෙහි ම ඇනී, ඔවුන් කෙරෙහි විනිවිද ගිය සිරුරු ඇත්තේ දිළියෙමින් දිළියෙමින් පැසවත්. මෙසේ අතිශයින් පැසවයි යනුයි.
බොධිසත්තො පන එතෙ නිරයෙ දස්සෙන්තො පඨමං සඤ්ජීවං දස්සෙත්වා තත්ථ පච්චන්තෙ නෙරයිකසත්තෙ දිස්වා මහාජනස්ස මහාභයෙ උප්පන්නෙ තං අන්තරධාපෙත්වා පුන පථවිං ද්විධා කත්වා කාළසුත්තං දස්සෙසි, තත්ථපි පච්චමානෙ සත්තෙ දිස්වා මහාජනස්ස මහාභයෙ උප්පන්නෙ තම්පි අන්තරධාපෙසීති එවං පටිපාටියා දස්සෙසි. තතො රාජානං ආමන්තෙත්වා, “මහාරාජ, තයා ඉමෙසු අට්ඨසු මහානිරයෙසු පච්චමානෙ සත්තෙ දිස්වා අප්පමාදං කාතුං වට්ටතී”ති වත්වා පුන තෙසඤ්ඤෙව මහානිරයානං කිච්චං කථෙතුං “ඉච්චෙතෙ”තිආදිමාහ. තත්ථ අක්ඛාතාති මයා ච තුය්හං කථිතා, පොරාණකෙහි ච කථිතායෙව. ආකිණ්ණාති පරිපුණ්ණා. පච්චෙකා සොළසුස්සදාති එතෙසං නිරයානං එකෙකස්ස චතූසු ද්වාරෙසු එකෙකස්මිං චත්තාරො චත්තාරො කත්වා සොළස සොළස උස්සදනිරයාති සබ්බෙපි සතං අට්ඨවීසති ච උස්සදනිරයා අට්ඨ ච මහානිරයාති ඡත්තිංසනිරයසතං. කදරියතාපනාති සබ්බෙතෙ කදරියානං තාපනා. බලවදුක්ඛතාය ඝොරා. කම්මනිබ්බත්තානං අච්චීනං අත්ථිතාය අච්චිමන්තො. භයස්ස මහන්තතාය මහබ්භයා. දිට්ඨමත්තා වා සුතමත්තා වා ලොමානි හංසන්තීති ලොමහංසනරූපා ච. භීසනතාය භෙස්මා. භයජනනතාය පටිභයා. සුඛාභාවෙන දුඛා. චතුක්කණ්ණාති සබ්බෙපි චතුරස්සමඤ්ජූසසදිසා. විභත්තාති චතුද්වාරවසෙන විභත්තා. භාගසො මිතාති ද්වාරවීථීනං වසෙන කොට්ඨාසෙ ඨපෙත්වා මිතා. අයසා පටිකුජ්ජිතාති සබ්බෙපි නවයොජනිකෙන අයකපාලෙන පටිච්ඡන්නා. ඵුටා තිට්ඨන්තීති සබ්බෙපි එත්තකං ඨානං අනුඵරිත්වා තිට්ඨන්ති.
බෝධිසත්ත්වයෝ මේ නිරයන් දක්වමින් පළමුව සංජීව නරකය පෙන්වා, එහි පැසවන ආපායික සත්ත්වයන් දැක මහජනයාට බිය උපන් කල්හි එය ද අතුරුදන් කරවීය. මෙසේ පිළිවෙලින් දැක්වීය. ඉක්බිති රජු අමතා මහරජ; ඔබ මේ අටවැදෑරුම් අපායවල පැසවන සත්ත්වයන් දැක අප්‍රමාදීව ක්‍රියා කිරීමට වටනේ යයි පවසා නැවත ඒ මහා නිරයන්ගේ කෘත්‍යය කීමට ඉච්චෙතෙහි ආදිය කී සේක. එහි අක්ඛාතා යනු මා විසින් ඔබට කියන ලද පුරාණයන් විසින් කියන ලද දේමය. ආකිණ්ණ යනු පිරිපුන් බවයි. පච්චෙකා සොළසුස්සදා යනු මේ අපායන්ගේ එක එකට දොරටු සතරෙක එක එකෙහි හතර හතර හතර බැගින් කොට සොළොස් සොළොස් උස්වූ අපාය යයි, සියල්ල ම එකසිය විසිඅටක් කෙළෙස් නිරයෝ ද අටමහා නරකාදිය ද එකසිය තිස්හයක් අපාය ඇත. කදරියතාපනා යනු මේ සියල්ලම තද මසුරන්ගේ තැවීම්ය. බලවත් දුක් ඇති බැවින් ඝෝර නම් වේ. කර්මය උපදවන්නන්ගේ අතොරක් ඇති බැවින් අවීචිමන්තො නම් වේ. බිය මහත් බැවින් මහබ්භය නම් වේ. දැකීම් මාත්‍රයෙන් ලොමු ඩැහැගනිත්නුයි, ලෝමහංසන රූපා නම් වේ. හිංසාකරන බැවින් භෙස්මා නමි. බිය උපදවන බැවින් පටිභයා නමි. සැප පහව ගිය නිසා දුඛා වේ. චතුක්කණ්ණා යනු, සියළු සතරාකාර පෙට්ටියක් බඳු විභත්තා යනු දොරටු සතරක් වශයෙන් බෙදන ලද. භාගසොමිතා යනු දොරටු වීථීන් වශයෙන් කොටස් වශයෙන් බෙදා මනින ලද්දේ අයසා පටිකුජ්ජිතා යනු සියළු යොදුන් නවයක් වශයෙන් යකඩ කපොල්ලකින් වසා ඇත්තේය. ඵුටාතිට්ඨන්ති යනු සියළු මේ තැන අනුව පැතිරී පවතී.
උද්ධංපාදා අවංසිරාති එවං තෙසු තෙසු නිරයෙසු සම්පරිවත්තිත්වා පුනප්පුනං පතමානෙ සන්ධායාහ. අතිවත්තාරොති ඵරුසවාචාහි අතික්කමිත්වා වත්තාරො. මහානිරයෙසු කිර යෙභුය්යෙන ධම්මිකසමණබ්රාහ්මණෙසු කතාපරාධාව පච්චන්ති, තස්මා එවමාහ. තෙ භූනහුනොති තෙ ඉසීනං අතිවත්තාරො අත්තනො වුඩ්ඪියා හතත්තා භූනහුනො කොට්ඨාසකතා මච්ඡා විය පච්චන්ති. අසඞ්ඛෙය්යෙති ගණෙතුං අසක්කුණෙය්යෙ. කිබ්බිසකාරිනොති දාරුණකම්මකාරිනො. නික්ඛමනෙසිනොති නිරයා නික්ඛමනං එසන්තාපි ගවෙසන්තාපි නික්ඛමනද්වාරං නාධිගච්ඡන්ති. පුරත්ථිමෙනාති යදා තං ද්වාරං අපාරුතං හොති, අථ තදභිමුඛා ධාවන්ති, තෙසං තත්ථ ඡවිආදීනි ඣායන්ති. ද්වාරසමීපං පත්තානඤ්ච තෙසං තං පිධීයති, පච්ඡිමද්වාරං අපාරුතං විය ඛායති. එස නයො සබ්බත්ථ. න සාධුරූපෙති වුත්තප්පකාරං සප්පං විය සාධුරූපෙ ඉසයො න ආසීදෙ, න ඵරුසවචනෙන කායකම්මෙන වා ඝට්ටෙන්තො උපගච්ඡෙය්ය. කිංකාරණා? සඤ්ඤතානං තපස්සීනං ආසාදිතත්තා අට්ඨසු මහානිරයෙසු මහාදුක්ඛස්ස අනුභවිතබ්බත්තා.
උද්ධපාදා අවංසිරා යනු මෙසේ ඒ අපායවල පෙරළි පෙරළි යළි යළිත් වැටෙන කල්හි එකතුවෙත් යයි කීහ. අතිවත්තාරො යනු පරුෂ වචනවලින් ඉක්මවා පවත්නා මහා අපායවල බොහෝසෙයින් ධාර්මික ශ්‍රමණ-බ්‍රාහ්මණයන් කෙරෙහි කරන ලද අපරාධම පැසවත්. එහෙයින් මෙසේ කීවේය. තෙ භූනහුනො යනු ඒ සෘෂිවරුන් අතිමහත් ලෙස තමන්ගේ වැඩීම නැසූ බැවින් බොහෝසෙයින් කොටස් කරන ලද මත්ස්‍යයෝ මෙන් පැසවත්. අසංඛෙය්‍ය යනු ගණන් කිරීමට නොහැකිවන්නේ. කිබ්බිසකාරිණො යනු දරුණු ක්රියාකරන්නා වූ නික්ඛමණෙසිනො යනු නිරයෙන් නික්මෙන සොයන්නා වූද, ගවේෂණය කරන්නා වූද නික්මෙන දොරටුවට නොඑළඹෙත්. පුරත්ථිමෙනා යනු යම් කලෙක් ඒ දොරටුව විවෘත නොවේද, ඉක්බිති ඒ අභිමුඛයට දුවත්. ඔවුන්ගේ එහි සම් ආදිය දැවෙත්. දොරටුව සමීපයට වැටෙන්නේ නමුදු, ඔවුන්ට එය වැසෙයි. පසුපස දොරටුව විවෘතව මෙන් හටගනියි. සියල්ලෝ එතනට පිවිසෙති. න සාධුරූපෙ යනු කියන ලද ආකාර සර්පයෙකු මෙන් සෘෂිවරුන්ට යහපත් ආකාරයක් නොදැක්වීය. ඵරුෂ වචනයෙන් ද කාය කර්මාදියෙන් ගැටීමෙන් නොඑළඹෙන්නේය. කුමන කරුණක් නිසාද? සංවර වූ තපස්වරුන්ට ගරු නොකළ බැවින් අටමහා නරකාදිවල දුක් අනුභව කළ යුතුය.
ඉදානි යෙ රාජානො තථාරූපෙ ආසාදෙත්වා තං දුක්ඛං පත්තා, තෙ දස්සෙතුං “අතිකායො”තිආදිමාහ. තත්ථ අතිකායොති බලසම්පන්නො මහාකායො. මහිස්සාසොති මහාධනුග්ගහො. කෙකකාධිපොති කෙකකරට්ඨාධිපති. සහස්සබාහූති පඤ්චහි ධනුග්ගහසතෙහි බාහුසහස්සෙන ආරොපෙතබ්බං ධනුං ආරොපනසමත්ථතාය සහස්සබාහු. විභවඞ්ගතොති විනාසං පත්තො. වත්ථූනි පන සරභඞ්ගජාතකෙ (ජා· 2.17.50 ආදයො) විත්ථාරිතානි. උපහච්ච මනන්ති අත්තනො චිත්තං පදූසෙත්වා. මාතඞ්ගස්මින්ති මාතඞ්ගපණ්ඩිතෙ. වත්ථු මාතඞ්ගජාතකෙ (ජා· 1.15.1 ආදයො) වණ්ණිතං. කණ්හදීපායනාසජ්ජාති කණ්හදීපායනං ආසජ්ජ. යමසාධනන්ති නිරයපාලකරඤ්ඤො ආණාපවත්තට්ඨානං. වත්ථු ඝටපණ්ඩිතජාතකෙ (ජා· 1.10.165 ආදයො) විත්ථාරිතං . ඉසිනාති කපිලතාපසෙන. පාවෙක්ඛීති පවිට්ඨො. චෙච්චොති චෙතියරාජා. හීනත්තොති පරිහීනත්තභාවො අන්තරහිතඉද්ධි. පත්තපරියායන්ති පරියායං මරණකාලං පත්වා. වත්ථු චෙතියජාතකෙ (ජා· 1.8.45 ආදයො) කථිතං.
දැන් යම් රජවරු එබඳු ආකාරයට පැමිණ ඒ ඒ දුක්වලට පැමිණියේ ඔවුන් පෙන්වීමට, අතිකායො යන ආදිය කීවේය. එහි අතිකායො යනු බලවත් මහා ශරීරයක් ඇත. මහිස්සා සො යනු දුනුවායාය. සහස්ස බාහු යනු පන්සියයක් ධනුර්ධරයන් විසින් අත් දහසකින් දුනුදිය නංවාලිය යුතුයි. දහසක් බාහුවලට දුනුදිය පිරවීමට සමර්ථ බවයි. කේකකාධිපො යනු කේකකරට අධිපතියාය. විභවංගතො යනු විනාශයට පැමිණේයයි කථා වස්තුව සරභංග ජාතකයේ කියන ලද පරිද්දෙනි. උපහච්ච මනං යනු තමන්ගේ සිත දූෂිත කොට. මාතංගස්මිං යනු මාතංග පඬිවරයාය. කථාවස්තුව මාතංග ජාතකයේ වර්ණනා කරන ලදි. කණ්හදීපායනාසජ්ජා යනු කණ්හදීප ආදීන් පැමිණ. යමසාධනං යනු අපායයි. කථාවස්තුව ඝට ජාතකයේ විස්තර කර ඇත. ඉසිනා යනු කපිල තාපසයා විසින්. පාවෙක්ඛි යනු පිවිසියේය. චෙච්චො යනු චේතිය රජතුමා. හීනත්තො යනු ප්‍රහීණ කරන ලද බවයි. සෘද්ධියෙන් පිහිටි බලය. පත්තපරියායං යනු කෙළවර මරණයට පැමිණ කථා වස්තුව චේතිය ජාතකයේ කියන ලදි.
තස්මා හීති යස්මා චිත්තවසිකො හුත්වා ඉසීසු අපරජ්ඣිත්වා අට්ඨසු මහානිරයෙසු පච්චති, තස්මා හි. ඡන්දාගමනන්ති ඡන්දාදිචතුබ්බිධම්පි අගතිගමනං. පදුට්ඨෙනාති කුද්ධෙන. ගන්තා සො නිරයං අධොති සො තෙන අධොගමනියෙන කම්මෙන අධොනිරයමෙව ගච්ඡති. පාළියං පන “නිරයුස්සද”න්ති ලිඛිතං, තස්ස උස්සදනිරයං ගච්ඡතීති අත්ථො. වුඩ්ඪෙති වයොවුඩ්ඪෙ ච ගුණවුඩ්ඪෙ ච. අනපච්චාති භවන්තරෙපි අපච්චං වා දායාදං වා න ලභන්තීති අත්ථො. තාලවත්ථූති දිට්ඨධම්මෙපි ඡින්නමූලතාලො විය මහාවිනාසං පත්වා නිරයෙ නිබ්බත්තන්ති. යො ච පබ්බජිතං හන්තීති යො බාලජනො සමණං හනති. චිරරත්තායාති චිරං කාලං.
තස්මා යනු යමකු කෙරෙන් සිත්වසඟ වී සෘෂීන් කෙරෙහි වෛරය කොට අටමහා නිරයවල පැසවයි. එබැවිනි. ඡන්දාගමනං යනු ඡන්ද ද්වේෂ ආදි සතර අගති ධර්මයන්ය. පදුට්ඨෙන යනු කිපීමෙන්. ගන්තා සො නිරයං අධො යනු හෙතෙම යට කියන ලද කර්මයේ බලයෙන් යට නිරයටම යයි. පෙළෙහි වනාහි නිරයුස්සද යනුවෙන් ලියා ඇත. එහි පත් නිරයටම යයි යන අර්ථයයි. වුඩ්ඪෙ යනු වයෝවෘද්ධ වූද ගුණවෘද්ධ වූද අනපච්චා යනු භවයක් පාසා, දරුවකු හෝ දායාද හෝ නොලබයි යන අර්ථයයි. තාලවත්ථු යනු වයෝවෘද්ධ වූද, ගුණවෘද්ධ වූද අනපච්චා යනු භවයක් පාසා, දරුවකු හෝ දායාද හෝ නොලබයි යන අර්ථයයි. තාලවත්ථූ යනු දුටුවිගස සිඳින ලද මුල් ඇති තල් ගස මෙන් මහා විනාශයට පැමිණ අපායවල උපදිත් යනුයි. හන්ති යනු මරයි. චිරරත්තායා යනු බොහෝ කාලයක් පටන්.
එවං මහාසත්තො ඉසිවිහෙඨකානං පච්චනනිරයෙ දස්සෙත්වා උපරි අධම්මිකරාජූනං පච්චනනිරයෙ දස්සෙන්තො “යො චා”තිආදිමාහ. තත්ථ රට්ඨවිද්ධංසනොති ඡන්දාදිවසෙන ගන්ත්වා රට්ඨස්ස විද්ධංසනො. අච්චිසඞ්ඝපරෙතොති අච්චිසමූහපරික්ඛිත්තො. තෙජොභක්ඛස්සාති අග්ගිමෙව ඛාදන්තස්ස. ගත්තානීති තිගාවුතෙ සරීරෙ සබ්බඞ්ගපච්චඞ්ගානි. ලොමෙහි ච නඛෙහි චාති එතෙහි සද්ධිං සබ්බානි එකජාලානි හොන්ති. තුත්තට්ටීතොති ආනෙඤ්ජකාරණං කාරියමානො තුත්තෙහි විද්ධො නාගො යථා නදති.
මෙසේ බෝසත් සෘෂීන් පෙළන්නන්ට, පැසවන නිරයක් පෙන්වා මත්තෙහි අධාර්මික රජවරුන්ට පැසවන අපාය දක්වමින්, යො චා යන ආදිය කීවේ. එහි රට්ඨවිද්ධංසනො යනු ඡන්දා දී වශයෙන් ගොස්, රට කැළඹීම් කරන්නේ. අච්චිසංඝ පරෙතො යනු සමූහ වශයෙන් වටකරන ලද. තේජෝ භක්ඛස්සා යනු ගින්දරම කමින්, සිටින අයයි. ගත්තානී යනු තුන්ගව්වක් පමණ ශරීරයේ සියළු අඟපසඟ. ලොමග්ගෙහි නඛෙහිචා යනු මොවුන් සමග සියල්ලෝ එකම ජාලාවන්ට අයත්. තුත්තද්දිතො යනු නොසැලී සිටීමට හේතුවූ කරනු ලබන කන් කටුවකින් විදින ලද නාගයා යම්සේ නාදකරයි ද, එපරිද්දෙනි.
එවං මහාසත්තො අධම්මිකරාජූනං පච්චනනිරයෙ දස්සෙත්වා ඉදානි පිතුඝාතකාදීනං පච්චනනිරයෙ දස්සෙතුං “යො ලොභා”තිආදිමාහ. තත්ථ ලොභාති යසධනලොභෙන. දොසා වාති දුට්ඨචිත්තතාය වා. නිත්තචන්ති ලොහකුම්භියං බහූනි වසසහස්සානි පක්කං නීහරිත්වා තිගාවුතමස්ස සරීරං නිත්තචං කත්වා ජලිතාය ලොහපථවියං පාතෙත්වා තිණ්හෙහි අයසූලෙහි කොට්ටෙත්වා චුණවිචුණ්ණං කරොන්ති. අන්ධං කරිත්වාති, මහාරාජ, තං පිතුඝාතකං නිරයපාලා ජලිතලොහපථවියං උත්තානං පාතෙත්වා ජලිතෙහි අයසූලෙහි අක්ඛීනි භින්දිත්වා අන්ධං කරිත්වා මුඛෙ උණ්හං මුත්තකරීසං පක්ඛිපිත්වා පලාලපීඨං විය නං පරිවත්තෙත්වා කප්පෙන සණ්ඨිතෙ ඛාරෙ ලොහඋදකෙ නිමුජ්ජාපෙන්ති. තත්තං පක්කුථිතමයොගුළඤ්චාති පුන පක්කුථිතං ගූථකලලඤ්චෙව ජලිතඅයොගුළඤ්ච ඛාදාපෙන්ති. සො පන තං ආහරියමානං දිස්වා මුඛං පිධෙති. අථස්ස දීඝෙ චිරතාපිතෙ ජලමානෙ ඵාලෙ ආදාය මුඛං වික්ඛම්භෙත්වා විවරිත්වා රජ්ජුබද්ධං අයබලිසං ඛිපිත්වා ජිව්හං නීහරිත්වා තස්මිං විවටෙ මුඛෙ තං අයොගුළං සම්පවිසන්ති පක්ඛිපන්ති. රක්ඛසාති නිරයපාලා.
මෙසේ මහාසත්ත්වයා අධාර්මික රජවරුන්ට පැසවන නිරයන් දක්වා, දැන් පීතෘඝාතකයන්ට පැසවන නිරය පෙන්වීමට යො ලොභා යනාදිය කීහ. එහි ලෝභා යනු කීර්තිය හා ධනය පිළිබඳ ලෝභකමින්, දොසා යනු නපුරු සිතිවිලිවලින් යනු, නිත්තවං යනු ලෝහ සැළියේ බොහෝ වර්ෂ දහස් ගණනක් පැසවීමට හැර දමා ඔහුගේ තෙගව්වක් පමණ ශරීරය තෘෂ්ණාව නැතිකොට දිළිසෙන ලෝහ පොළොවේ හෙලා තියුණු යකඩ උල්වලින් කොටා, සුණුවිසුණු කරයි. අන්ධං කරිත්වා යනු මහරජ; ඒ පීතෘඝාතකයා, නිරයපල්ලේ දිළිසෙන ලෝහ පොළොවට උඩුකුරුව හෙළා, දිළිසෙන යකඩ හුල්වලින් ඇස් බිඳ, අන්ධකොට මුඛයෙහි උණු මළමුත්‍ර දමා, පැදුරු වියනක මෙන් ඔහු රෝල්කොට කල්පයක් සිටිකල්හි අපවිත්‍ර ලෝහ ජලයෙහි හොවවත්. තත්තං පක්කට්ඨිතමයො ගුලඤ්ච යනු, යළිත් පැසවන ලද අසූචි සහ මඩ ද, දිළිසෙන යකඩ බෝල ද කවවති. ඔහු වනාහි ඒවා අනුභව කරනු දැක මුහුණ වසාගනියි. මෙසේ දීර්ඝ කාලයක් තැවුණු කල්හි ගිනිගන්නා නගුල්තලය ගෙන මුඛයට පිවිසවා විවෘතකොට රැහැනින් බැඳ යකඩ පට්ටමක් දමා දිව බැහැර කොට ඒ ආවාටයේ මුහුණෙහි ද ඒ යකඩ ගුල සංසවයන්ති ඔබ්බවති. රක්ඛසා යනු යමපල්ලෝය.
සාමා චාති, මහාරාජ, තස්ස පිතුඝාතකස්ස ජිව්හං බලිසෙන නික්කඩ්ඪිත්වා අයසඞ්කූහි පථවියං නීහතං ජිව්හං සාමා සොණා සබලවණ්ණා සුනඛා ච ලොහතුණ්ඩා ගිජ්ඣා ච කාකොලසඞ්ඝා ච අඤ්ඤෙ ච නානප්පකාරා සකුණා සමාගන්ත්වා ආවුධෙහි ඡින්දන්තා විය විභජ්ජ කාකපදාකාරෙන කොට්ඨාසෙ කත්වා විප්ඵන්දමානං සලොහිතං විඝාසං ඛාදන්තා විය සත්තෙ භක්ඛයන්තීති අත්ථො. තං දඩ්ඪතාලන්ති තං පිතුඝාතකං ඣායමානතාලං විය ජලිතසරීරං. පරිභින්නගත්තන්ති තත්ථ තත්ථ පරිභින්නගත්තං. නිප්පොථයන්තාති ජලිතෙහි අයමුග්ගරෙහි පහරන්තා. රතී හි තෙසන්ති තෙසං නිරයපාලානං සා රති කීළා හොති. දුඛිනො පනීතරෙති ඉතරෙ පන නෙරයිකසත්තා දුක්ඛිතා හොන්ති. පෙත්තිඝාතිනොති පිතුඝාතකා. ඉති ඉමං පිතුඝාතකානං පච්චනනිරයං දිස්වා රාජා භීතතසිතො අහොසි.
සාමාචා යනු මහරජ; ඒ පීතෘඝාතකයාගේ දිව නගුලිසෙන් ඇද දමා පොළොවේ බැහැර කළ දිව සාමා සෝණා සබලා යන නම් දැරි සුනඛයෝ ද, ලෝහ තුඩ ඇති ගිජුලිහිණි, කපුටු, බකමූණු සමූහයා ද අන්‍ය නොයෙක් ආකාර වූ පක්ෂීහු රැස්වී ආයුධවලින් සිඳින්නාක් මෙන්. විභජ්ජ කපුටු පාද ආකාරයෙන් කොටස් කර. විප්ඵන්දමානං යනු වැගිරෙන ලේ සහිතවම කති. කා ඉතිරි දෙය ද අනුභව කරති යන අර්ථයයි. තං දඩ්ඪතාලං යනු ඒ පීතෘ ඝාතකයා, දැවෙන්නා වූ තල්ගස මෙන් දැල්වුණු ගිනිගත් සිරුර පරිභින්නගත්ත යනු ඒ ඒ තැන බිඳීගිය යනුවෙනි. නිප්පොටයන්තා යනු ගිනිගෙන දිළිසෙන යකඩ මුගුරුවලින් පහරදෙමින්. රතීහි නෙසං යනු ඒ යමපල්ලන්ගේ ඒ රතී ක්‍රීඩාව වෙයි. දුඛිනො පණීතරෙ යනු ඉතිරි අපායික සත්ත්වයෝ දුකට පත්වී සිටිති. පෙත්තිඝාතිනො යනු පීතෘ ඝාතකයා වේ. මෙසේ මේ පීතෘ ඝාතකයන්ගේ පැසවන නිරය දැක රජතුමා බිය හා තැතිගත්තේ විය.
අථ නං මහාසත්තො සමස්සාසෙත්‍වා මාතුඝාතකානං පච්චනනිරයං දස්සෙසි. යමක්ඛයන්ති යමනිවෙසනං, නිරයන්ති අත්ථො. අත්තකම්මඵලූපගොති අත්තනො කම්මඵලෙන උපගතො. අමනුස්සාති නිරයපාලා. හන්තාරං ජනයන්තියාති මාතුඝාතකං. වාලෙහීති අයමකචිවාලෙහි වෙඨෙත්වා අයයන්තෙන පීළයන්ති. තන්ති තං මාතුඝාතකං. පායෙන්තීති තස්ස පීළියමානස්ස රුහිරං ගළිත්වා අයකපල්ලං පූරෙති. අථ නං යන්තතො නීහරන්ති, තාවදෙවස්ස සරීරං පාකතිකං හොති. තං පථවියං උත්තානං නිපජ්ජාපෙත්වා විලීනං තම්බලොහං විය පක්කුථිතං ලොහිතං පායෙන්ති. ඔගය්හ තිට්ඨතීති තං බහූනි වස්සසහස්සානි අයයන්තෙහි පීළෙත්වා ජෙගුච්ඡෙ දුග්ගන්ධෙ පටිකූලෙ මහන්තෙ ගූථකලලආවාටෙ ඛිපන්ති, සො තං රහදං ඔගය්හ ඔගාහිත්වා තිට්ඨති. අතිකායාති එකදොණිකනාවප්පමාණසරීරා. අයොමුඛාති අයසූචිමුඛා. ඡවිං භෙත්වානාති ඡවිමාදිං කත්වා යාව අට්ඨිම්පි භෙත්වා අට්ඨිමිඤ්ජම්පි ඛාදන්ති. සංගිද්ධාති ගධිතා මුච්ඡිතා. න කෙවලඤ්ච ඛාදන්තෙව, අධොමග්ගාදීහි පන පවිසිත්වා මුඛාදීහි නික්ඛමන්ති, වාමපස්සාදීහි පවිසිත්වා දක්ඛිණපස්සාදීහි නික්ඛමන්ති, සකලම්පි සරීරං ඡිද්දාවඡිද්දං කරොන්ති, සො තත්ථ අතිදුක්ඛපරෙතො විරවන්තො පච්චති. සො චාති සො මාතුඝාතකො ච තං සතපොරිසං නිරයං පත්තො සසීසකො නිමුග්ගොව හොති, තඤ්ච කුණපං සමන්තා යොජනසතං පූතිකං හුත්වා වායති. මාතුඝොති මාතුඝාතකො.
ඉක්බිති බෝසත් තෙමේ ඔහුව අස්වසා, මාතෘ ඝාතකයන්ගේ පැසවන නිරය පෙන්වීය. යමක්ඛයං යනු යම වාසය කරන නිරය යන අර්ථයයි. අත්තකම්ම ඵලූපගො යනු තමන්ගේ කර්මවිපාක නිසා හටගත්. මනුස්සා යනු යමපල්ලෝ වෙති. හන්තාරංජනයන්තියා යනු මාතෘ ඝාතකයාය. වාළෙහි යනු යකඩ රෙද්දකින් වෙලා යකඩ යන්ත්‍රයකින් පෙළත්. තං යනු ඒ මාතෘ ඝාතකයාය. පායෙන්තී යනු එසේ පෙළනු ලබන්නහුගේ ලේ දහරා ගලා, යකඩ විවරය පිරෙයි. ඉක්බිති එය යන්ත්‍රයෙන් ඉවත් කරයි. එකෙණෙහි ශරීරය ප්‍රකෘති තත්ත්වයට පත්වේ. එවිට හේ පොළොව මතුපිට හොවා රත්කරන ලද තඹ ලෝහ මෙන් සීරා වැටුණු ලේ පානය කරත්. ඔග්ගය්හ තිට්ඨති යනු හේ අවුරුදු බොහෝ දහස් ගණනක් යකඩ යන්ත්‍රවලින් පෙළා දුගඳ පිළිකුල් සහගත වූ, මහත් වූ අසූචි මඩෙහි ආවාටයේ දමත්. ඔහු එය රහදං ඔග්ගය්හ විල පහතට බැස සිටියි. අතිකායා යනු එක් ද්‍රෝණයක නැවක් පමණ වූ ශරීරයයි. අයොමුඛා යනු යකඩ ඉඳිකටු මුවැති. ඡවිං ඡෙත්වාන යනු සම ආදිකොට ඇති ඇට ද, සිඳ ඇටමිදුළු ද කති. පගිද්ධා යනු ගිලුණු, මුළා වූ හුදෙක් කෑමට පමණක් නොව අධෝ මාර්ගාදියෙන් ද පිවිස මුඛය ආදියෙන් නික්මෙති. වම් පසින් පිවිස දකුණු පසින් නික්මෙත්. මුළු ශරීරයම සිදුරු අනුසිදුරු බවට පත් කරයි. ඔහු එහිදී ඉතා දුකට පත්වනුයේ මහහඬින් කෑගසමින් පැසවයි. සොචා යනු ඒ මාතෘඝාතකයා මිනිස් ප්‍රමාණ සියයක් ගැඹුරැති නිරයට පැමිණ හිසේ පටන් ගිලුනේ වෙයි. එහි ද කුණප හාත්පස යොදුන් සියයක් පමණ දුර කුණුගඳ හමයි. මාතුඝාතී යනු මාතෘ ඝාතකයා කියත්.
එවං මහාසත්තො මාතුඝාතකානං පච්චනනිරයං දස්සෙත්වා පුන ගබ්භපාතකානං පච්චනනිරයං දස්සෙන්තො ගාථමාහ. ඛුරධාරමනුක්කම්මාති ඛුරධාරනිරයං අතික්කමිත්වා. තත්ථ කිර නිරයපාලා මහන්තමහන්තෙ ඛුරෙ උපරි ධාරෙ කත්වා සන්ථරන්ති, තතො යාහි ගබ්භපාතනඛරභෙසජ්ජානි පිවිත්වා ගබ්භා පාතිතා, තා ගබ්භපාතිනියො ඉත්ථියො ජලිතෙහි ආවුධෙහි පොථෙන්තා අනුබන්‍ධන‍්ති, තා තිඛිණඛුරධාරාසු ඛණ්ඩාඛණ්ඩිකා හුත්වා පුනප්පුනං උට්ඨාය තං දුරභිසම්භවං ඛුරධාරනිරයං අක්කමන්තියො අතික්කමිත්වා නිරයපාලෙහි අනුබද්ධා දුග්ගං දුරතික්කමං විසමං වෙතරණිං නදිං පතන්ති. තත්ථ කම්මකාරණං නිමිජාතකෙ (ජා· 2.22.421 ආදයො) ආවි භවිස්සති.
මෙසේ බෝධිසත්ත්ව තෙම මාතෘඝාතකයන් හේ පැසවන නිරය පෙන්වා යළිත් ගැබ් හෙළන්නන්ගේ පැසවන නිරය දක්වමින් ගාථාවක් වදාළ සේක. ඛුරධාරමනුත්තමා යනු දැළිපිහි නිරය ඉක්මවා එහි නිරය පාලකයන් මහත් මහත් දැළි පිහිය මත්තෙහි දරා සැරිසරත්. ඉක්බිති පුදපූජා තබන්නන් විසින් ගැබ් හෙලන කරවූ බෙහෙත් ආදිය පොවා ගැබ හෙළන ලද්දේ ඒ ගැබ් හෙළන ස්ත්‍රීහු දිළිසෙන ආයුධවලින් තලමින් ලුහුබඳිත්. නැවත නැවත නැගිට, තං දුරාභිසම්භවං දැලිපිහි නිරය ඉක්මවමින් ඉක්මවා යමපල්ලන් විසින් ලුහුබඳින ලද්දේය. දුග්ගං දුර්ගම විෂම වේතරණිං වැටෙත්. ඒ ඒ තැන කර්ම විපාක ගැන නිමි ජාතකයෙහි විස්තර ප්‍රකාශ වන්නේය.
එවං ගබ්භපාතිනීනං නිරයං දස්සෙත්වා මහාසත්තො යත්ථ පරදාරිකා ච අතිචාරිනියො ච පතන්තා පච්චන්ති, තං කණ්ටකසිම්බලිනිරයං දස්සෙන්තො “අයොමයා”තිආදිමාහ. තත්ථ උභතො අභිලම්බන්තීති වෙතරණියා උභොසු තීරෙසු තාසං සිම්බලීනං සාඛා ඔලම්බන්ති. තෙ අච්චිමන්තොති තෙ පජ්ජලිතසරීරා සත්තා අච්චිමන්තො හුත්වා තිට්ඨන්ති. යොජනන්ති තිගාවුතං තෙසං සරීරං, තතො උට්ඨිතජාලාය පන සද්ධිං යොජනඋබ්බෙධා හොන්ති. එතෙ වජන්තීති තෙ පරදාරිකා සත්තා නානාවිධෙහි ආවුධෙහි කොට්ටියමානා එතෙ සිම්බලිනිරයෙ අභිරුහන්ති. තෙ පතන්තීති තෙ බහූනි වස්සසහස්සානි රුක්ඛවිටපෙසු ලග්ගා ඣායිත්වා පුන නිරයපාලෙහි ආවුධෙහි විහතා විවත්තා හුත්වා පරිවත්තිත්වා අධොසීසකා පතන්ති. පුථූති බහූ. විනිවිද්ධඞ්ගාති තෙසං තතො පතනකාලෙ හෙට්ඨා අයපථවිතො සූලානි උට්ඨහිත්වා තෙසං මත්ථකං පටිච්ඡන්ති, තානි තෙසං අධොමග්ගෙන නික්ඛමන්ති, තෙ එවං සූලෙසු විද්ධසරීරා චිරරත්තා සයන්ති. දීඝන්ති සුපිනෙපි නිද්දං අලභන්තා දීඝරත්තං ජග්ගන්තීති අත්ථො. රත්යා විවසානෙති රත්තීනං අච්චයෙන, චිරකාලාතික්කමෙනාති අත්ථො . පවජ්ජන්තීති සට්ඨියොජනිකං ජලිතං ලොහකුම්භිං කප්පෙන සණ්ඨිතං ජලිතතම්බලොහරසපුණ්ණං ලොහකුම්භිං නිරයපාලෙහි ඛිත්තා පච්චන්ති. දුස්සීලාති පරදාරිකා.
මෙසේ ගැබ් හෙළන්නන්ගේ අපාය පෙන්වා බෝසත් තෙම යම්තැනක පරදාරයේ ද, අනාචාරයේ හැසිරෙන්නේ ද පැසවත්. ඔහුට කටුඉඹුල් නිරය පෙන්වමින් අයොමයා ආදිය කීහ. එහි උභතොම්භිලම්බන්ති යනු වේතරණී නදියේ ගංඉවුරු දෙකේ ම ඒ ඉඹුල් ගසේ අතු එල්බෙත්. ඒ දිළිසෙන දැල්වෙන සිරුර ඇති සත්ත්වයෝ නොකඩවා දැල්වෙමින් සිටිත්. යෝජනං යනු තුන්ගව්වක් පමණ ඇති ඔවුන්ගේ සිරුර, ශරීරයෙන් පැන නැගි ගිනිදැල් සමග යොදුනක් දුර පැතිරී පවතී. එතෙ සජන්ති යනු ඒ පරදාර සේවනයේ නිරත සත්ත්වයෝ නොයෙක් ආකාරයෙන් ආයුධවලින් කොටමින් ඒ සිම්බලි නිරයේ නංවාලති. තෙ පතන්ති යනු ඔවුහු බහුල වශයෙන් වර්ෂ දහස් ගණනක් රුක් අතුවල ලැග, දැවී, නැවත යමපල්ලන් විසින් කපා කොටා, සිට පෙරළා අවුත්, යටිකුරු හිස ඇතිව වැටෙත්. පුථු යනු බොහෝකොට ඇත්තේනුයි. විනිවිද්ධංග යනු ඔවුහු එසේ වැටෙන කාලයෙහි සිාට, යකඩ පොළොවෙන් හුලක් නැගිවිට ඔවුන්ගේ මතුතලය මැනවින් පිළිගනිති. ඔවුහු එවිට යට මාර්ගයෙන් නික්මෙත්. ඔවුහු මෙසේ ආයුධ උල්වලින් විදින ලදුව කෑගසමින් සයනය කරත්. දීඝං යනු සිහින නිසා, නිදි නොලබමින් දීර්ඝ වේලාවක් අවදියෙන් සිටිත් යන අර්ථයයි. තතො රත්යා විවසනෙ යනු රාත්‍රීන්ගේ ඇවෑමෙන් බොහෝ කාලයක් ඉක්මවා සිටිත් යන අර්ථයයි. පවජ්ජන්ති යනු සැටයොදුනක් දිළිසෙන ලෝහ සැලියක් සැරසීමෙන් දිළිසීමෙන් යුක්ත ලෝහ රස පිරුණු ලෝදිය සැළියක් යමපල්ලන් විසින් දරුණු ලෙස පැසවත්. දුස්සීලා යනු පරදාර සේවනයේ නිරත වූවෝ ය.
එවං මහාසත්තො පරදාරිකඅතිචාරිකානං පච්චනසිම්බලිනිරයං දස්සෙත්වා ඉතො පරං සාමිකවත්තසස්සුසසුරවත්තාදීනි අපූරෙන්තීනං පච්චනට්ඨානං පකාසෙන්තො “යා චා”තිආදිමාහ. තත්ථ අතිමඤ්ඤතීති භිසජාතකෙ (ජා· 1.14.78 ආදයො) වුත්තං සාමිකවත්තං අකරොන්තී අතික්කමිත්වා මඤ්ඤති. ජෙට්ඨං වාති සාමිකස්ස ජෙට්ඨභාතරං. නනන්දරන්ති සාමිකස්ස භගිනිං. එතෙසම්පි හි අඤ්ඤතරස්ස හත්ථපාදපිට්ඨිපරිකම්මන්හාපනභොජනාදිභෙදං වත්තං අපූරෙන්තී තෙසු හිරොත්තප්පං අනුපට්ඨපෙන්තී තෙ අතිමඤ්ඤති නාම, සාපි නිරයෙ නිබ්බත්ති. වඞ්කෙනාති තස්සා සාමිකවත්තාදීනං අපරිපූරිකාය සාමිකාදයො අක්කොසිත්වා පරිභාසිත්වා නිරයෙ නිබ්බත්තාය ලොහපථවියං නිපජ්ජාපෙත්වා අයසඞ්කුනා මුඛං විවරිත්වා බලිසෙන ජිව්හග්ගං නිබ්බහන්ති, රජ්ජුබන්ධනෙන සබන්ධනං කඩ්ඪන්ති. කිමිනන්ති කිමිභරිතං. ඉදං වුත්තං හොති – මහාරාජ, සො නෙරයිකසත්තො එවං නික්කඩ්ඪිතං අත්තනො බ්යාමෙන බ්යාමමත්තං ජිව්හං ආවුධෙහි කොට්ටිතකොට්ටිතට්ඨානෙ සඤ්ජාතෙහි මහාදොණිප්පමාණෙහි කිමීහි භරිතං පස්සති. විඤ්ඤාපෙතුං න සක්කොතීති නිරයපාලෙ යාචිතුකාමොපි කිඤ්චි වත්තුං න සක්කොති. තාපනෙති එවං සා තත්ථ බහූනි වස්සසහස්සානි පච්චිත්වා පුන තාපනමහානිරයෙ පච්චති.
මෙසේ බෝසත්හු තෙමේ පරදාර සේවන, අනාචාර සේවනයේ යෙදුනවුන්ගේ පැසවන සිම්බලි නිරය පෙන්වා අනතුරුව හිමියන්ගේ වත් නැන්ද මාමලාගේ වත් පිළිවෙත් ආදිය නොපුරන්නවුන්ගේ පැසවන තැන් ප්‍රකාශ කරමින්, යාචාති යාච ආදිය ප්‍රකාශ කළහ. එහි අතිමඤ්ඤති යනු භිස ජාතකයේ කියන ලද ස්වාමිවත් නොකරන්නී ඉක්මවා සිතයි. ජෙට්ඨං වා යනු ස්වාමියා ගේ වැඩිමහල් සොයුරායි. නන්දරං යනු ස්වාමියාගේ නැගනියයි. මොවුන්ගේ ද අන්‍යයන්ගේ ද අත්පා පිට සන්තර්පණය කිරීම් ද, ආහාරපානාදිය පිළියෙල කිරීමේ වත් නොපුරන්නී ඔවුන් කෙරෙහි ලජ්ජා-බිය නොඑළඹෙන්නී, ඔවුන් ඉක්මවා කටයුතු කරයි යනු ඈලා ද, අපායේ උපදියි. වංකෙන යනු, ඇගේ ස්වාමි වත්පිළිවෙත් ආදිය නොපුරවන නිසා, ස්වාමියා ආදිහු අක්‍රෝෂ-පරිභව කොට නිරයේ උපන් බැවින් ලෝහ පඨවියේ හොවා යකඩ හුලකින් මුව විවරකොට බලයෙන් දිව අග උපදවත්. රැහැනක් බැඳීමෙන් බන්ධන සහිතව ඇවිදිති. කිමිනං යනු කිමෙක් බර ප්‍රියේ ද මෙය කියන ලද්දේ වෙයි. මහරජ; ඒ අපායගාමී සත්ත්වයා මෙසේ අදිනු ලබන්නේ තමන්ගේ බඹයක් පමණ වූ දිව අග ආයුධවලින් සලකුණු කරන ලද තැන්වල හටගත් මහ නැවක් පමණ වූ මේ ශරීරය කුමක් නිසා බලහිද? විඤ්ඤාපෙතුං න සක්කො’ති යනු, යමපල්ලන් ඉල්ලනු ලබන්නේ ද කිසිම වස්තුවක් කියන්නට නොහැකි වෙයි. තපෙන තපන යනු මෙසේ ඇය එහි බොහෝ වර්ෂ සිය දහස් ගණනක පැසවා නැවත තපන මහා අපායේ පැසවයි.
එවං මහාසත්තො සාමිකවත්තසස්සුසසුරවත්තාදීනි අපූරෙන්තීනං පච්චනනිරයං දස්සෙත්වා ඉදානි සූකරිකාදීනං පච්චනනිරයෙ දස්සෙන්තො “ඔරබ්භිකා”තිආදිමාහ . තත්ථ අවණ්ණෙ වණ්ණකාරකාති පෙසුඤ්ඤකාරකා. ඛාරනදින්ති එතෙ ඔරබ්භිකාදයො එතෙහි සත්තිආදීහි හඤ්ඤමානා වෙතරණිං නදිං පතන්තීති අත්ථො. සෙසානි ඔරබ්භිකාදීනං පච්චනට්ඨානානි නිමිජාතකෙ ආවි භවිස්සන්ති. කුටකාරීති කූටවිනිච්ඡයස්ස චෙව තුලාකූටාදීනඤ්ච කාරකෙ සන්ධායෙතං වුත්තං. තත්ථ කූටවිනිච්ඡයකූටට්ටකාරකකූටඅග්ඝාපනිකානං පච්චනනිරයා නිමිජාතකෙ ආවි භවිස්සන්ති. වන්තන්ති වමිතකං. දුරත්තානන්ති දුග්ගතත්තභාවානං. ඉදං වුත්තං හොති – මහාරාජ, තෙ දුරත්තභාවා සත්තා අයකූටෙහි මත්ථකෙ භිජ්ජමානෙ වමන්ති, තතො තං වන්තං ජලිතඅයකපල්ලෙහි තෙසු එකච්චානං මුඛෙ ඛිපන්ති , ඉති තෙ පරෙසං වන්තං භුඤ්ජන්ති නාම. භෙරණ්ඩකාති සිඞ්ගාලා. විප්ඵන්දමානන්ති අධොමුඛං නිපජ්ජාපිතං නික්කඩ්ඪිතජිව්හං ඉතො චිතො ච විප්ඵන්දමානං. මිගෙනාති ඔකචාරකමිගෙන. පක්ඛිනාති තථාරූපෙනෙව. ගන්තා තෙති ගන්තාරො තෙ. නිරයුස්සදන්ති උස්සදනිරයං. පාළියං පන “නිරයං අධො”ති ලිඛිතං. අයං පන නිරයො නිමිජාතකෙ ආවි භවිස්සතීති.
මෙසේ බෝසත්හු ස්වාමි වත් නැදිමයිලන්ගේ වත් නොපුරන්නන්ගේ පැසවන නිරය පෙන්වා, දැන් ඌරු ආදි වැද්දන්ගේ පැසවන නිරයන් දක්වමින් ඔරබ්භිකා යන ආදිය කීහ. එහි අවණ්ණෙ වණ්ණකාරකා යනු, කේලාම් කියන්නෝ වෙති. ඛාරන්දිං යනු මේ බැටළු ආදින් මරන්නා වූ මේ ආදි සැත් ආදියෙන් පෙළනු ලබන්නා වූ, අපායට වැටෙන්නාහු යන අර්ථයයි. සෙස්සෝ එළු බැටළු ආදින් පැසවන තැන් නිමිජාතකයෙහි කියන ලද පරිදි වන්නේය. කූටකාරි යනු හොර විනිශ්චය ආදිය ද, හොර කිරුම් මිනුම් ආදිය කරන්නවුන් ද එක්වීම ආදිය කියන ලදි. එහි හොර විනිශ්චය, කූට ක්‍රියාකාරකම් වැරදි මිනුම් ආදිය කරන්නවුන්ගේ පැසවන නිරය ආදිය නිමි ජාතකයෙහි පෙන්වන්නේය. වන්තං යනු වමනය කිරීමයි. දූරන්තානං දුගතිභාවයට පත්වීමය. මෙය කියන ලදි. මහරජ, ඒ දුගති භාවයට පැමිණි සත්ත්වයෝ යකඩ කුළුණ මුදුනේ බිඳෙන කල්හි වමනය කරති. එවිට ඒ වමනය දිළිසෙන යකඩ කපොලුවලින් ඔවුනතර එකෙකුගේ මුඛයට දමති. මෙසේ ඔවුහු ඒ අනුන්ගේ වමනය අනුභව කරති. භේරණ්ඩකා යනු හිවල්ලුයි. විප්ඵන්දමානං යනු යටට පිහිටි මුඛය ඇත්තේ හොවා සිටිකල්හි අදිනා ලද දිව ඇත්තේ ඔබිමොබ අදිනු ලබන්නේය යන අර්ථයයි. මිගෙන යනු හුදකලාව ද පැන දුවන මුවන්ය යන අර්ථයයි. පක්ඛිනා යනුද එබඳු ආකාරයමයි. ගන්තාතෙ යනු යන්නා වූ ඔබලා. නිරයුස්සදං යනු යට නිරයයි. පෙළෙහි වනාහි නිරයං අධො යයි ලියන ලද මේ නිරය වනාහි නිමි ජාතකයේ එන පරිද්දෙනි.
ඉති මහාසත්තො එත්තකෙ නිරයෙ දස්සෙත්වා ඉදානි දෙවලොකවිවරණං කත්වා රඤ්ඤො දෙවලොකෙ දස්සෙන්තො ආහ –
මෙසේ බෝසත්හු මෙපමණ නිරයන් පෙන්වා දැන් දෙව්ලොව විවරණය කොට, රජුට දෙව්ලොව පෙන්වමින් මෙසේ කීහ.
“සන්තො ච උද්ධං ගච්ඡන්ති, සුචිණ්ණෙනිධ කම්මුනා; සුචිණ්ණස්ස ඵලං පස්ස, සඉන්දා දෙවා සබ්රහ්මකා.
කරන ලද යහපත් ක්‍රියාවලින් සත්පුරුෂයා දෙව්ලොව යයි. ඉන්ද්රයා සහිත දෙවිවරු එහි වෙති. යහපත් ක්‍රියාවල ප්‍රතිඵල බලන්න.
“තං තං බ්රූමි මහාරාජ, ධම්මං රට්ඨපතී චර; තථා රාජ චරාහි ධම්මං, යථා තං සුචිණ්ණං නානුතප්පෙය්ය පච්ඡා”ති.
මහරජ! නුඹට කියමි. රටෙහි අධිපතිතුමනි, සුචරිත ධර්මයෙහි හැසිරෙව. යම්සේ මනාව පුරුදු කරන ලද ධර්මය පසුව පසුතැවිල්ල නූපදවා ද, එසේ සුචරිත ධර්මයේ හැසිරෙනු මැනැවි.
තත්ථ සන්තොති කායාදීහි උපසන්තා. උද්ධන්ති දෙවලොකං. සඉන්දාති තත්ථ තත්ථ ඉන්දෙහි සද්ධිං. මහාසත්තො හිස්ස චාතුමහාරාජාදිකෙ දෙවෙ දස්සෙන්තො, “මහාරාජ, චාතුමහාරාජිකෙ දෙවෙ පස්ස, චත්තාරො මහාරාජානො පස්ස, තාවතිංසෙ පස්ස, සක්කං පස්සා”ති එවං සබ්බෙපි සඉන්දකෙ සබ්රහ්මකෙ ච දෙවෙ දස්සෙන්තො “ඉදම්පි සුචිණ්ණස්ස ඵලං ඉදම්පි ඵල”න්ති දස්සෙසි. තං තං බ්රූමීති තස්මා තං භණාමි. ධම්මන්ති ඉතො පට්ඨාය පාණාතිපාතාදීනි පඤ්ච වෙරානි පහාය දානාදීනි පුඤ්ඤානි කරොහීති. යථා තං සුචිණ්ණං නානුතප්පෙය්යාති යථා තං දානාදිපුඤ්ඤකම්මං සුචිණ්ණං පිතුඝාතකම්මපච්චයං විප්පටිසාරං පටිච්ඡාදෙතුං සමත්ථතාය තං නානුතප්පෙය්ය, තථා තං සුචිණ්ණං චර, බහුං පුඤ්ඤං කරොහීති අත්ථො.
එහි සන්තො යනු කාය ආදියෙන් උපශාන්ත වූ, උද්ධං යනු දිව්‍ය ලෝකයයි. සහින්දා යනු ඒ ඒ රැඳෙන ශක්‍රයා සමග බෝසත්හු ඔහුට චාතුර්මහාරාජික දෙවිවරුන් බලන්න. සතරවරම් මහරජවරු බලන්න. තාවතිංසය බලන්න. ශක්‍රයා දෙස බලන්න. මෙසේ ඉන්ද්‍රයන් සහිත සියළුම දෙවිවරුන් ද, බ්‍රහ්මයා සහිත දෙවිවරුන් ද පෙන්වමින් මේ යහපත් ක්‍රියා කරන්නහුගේ ප්රතිඵලයයි. මේ ඵලය යයි දැක්වීය. තං තං බ්‍රෑමී යනු ඔවුන් කෙරෙහි එය කියමි. ධම්මං යනු මෙතැන් පටන් ප්‍රාණඝාතාදී පංචවිධ වෛරයන් පහකොට දානාදි පින්දහම් කරව යනුයි. යථා තං සුචිණ්ණං නානු තප්පෙය්ය යනු යම්සේ ඒ දානාදි පින්කම් ආදි යහපත් ක්‍රියා ද, පීතෘඝාතක කර්ම නිසා, පසුතැවිල්ල ද වසාලීමට සමර්ථ බැවින් එහි නොතැවිය යුතු වන්නේය. එසේ ඒ යහපත් ක්‍රියාවල හැසිරෙන්න. බොහෝ පින් කරවවයි යන අර්ථයයි.
සො මහාසත්තස්ස ධම්මකථං සුත්වා තතො පට්ඨාය අස්සාසං පටිලභි. බොධිසත්තො පන කිඤ්චි කාලං තත්ථ වසිත්වා අත්තනො වසනට්ඨානඤ්ඤෙව ගතො.
හෙතෙම බෝසතුන්ගේ ධර්ම කථාව අසා එතැන් පටන් ආස්වාදයක් ලැබ ගත්තේය. බෝසත්හු වන කිසියම් කාලයක් එහි වැඩ සිට, තමන් වාසය කරන ස්ථානයට ම ගිය සේක.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මයා අස්සාසිතොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා රාජා අජාතසත්තු අහොසි, ඉසිගණො බුද්ධපරිසා, සංකිච්චපණ්ඩිතො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර පා, මහණෙනි, දැන් පමණ්ක නොව පෙරත් මා විසින් මොහු අස්වසන ලද්දේ යයි පවසා ජාතකය නිමාවට පත්කළ සේක. එකල රජු අජාසත්ත රජතුමා විය. සෘෂි සමූහයා බුදු පිරිසයි. සංකිච්ච පණ්ඩිතයා නම් මම වෙමි යනුවෙනි.
සංකිච්චජාතකවණ්ණනා දුතියා.
සංකිච්ච ජාතකය නිමි.
ජාතකුද්දානං –
අථ සට්ඨිනිපාතම්හි, සුණාථ මම භාසිතං; ජාතකසව්හයනො පවරො, සොණකඅරින්දමසව්හයනො; තථා වුත්තරථෙසභකිච්චවරොති.
සට්ඨිනිපාතවණ්ණනා නිට්ඨිතා.
සැටවෙනි නිපාතය නිමි.