යෙදුමෙන් කියවන්න

2. සඞ‍්කිච‍්චජාතකං

2. සඞ‍්කිච‍්චජාතකං

2. සඞ්කිච්ච ජාතකය

3575. දිස‍්වා නිසින‍්නං රාජානං බ්‍රහ‍්මදත‍්තං රථෙසභං, අථස‍්ස පටිවෙදෙසි යස‍්සාසි අනුකම‍්පකො.

3575. උයන්පල්ලා රාජසභාවෙහි හුන් ශ්‍රේෂ්ඨරථාචාර්‍ය්‍ය වූ බ්‍රහ්මදත්ත රජු දැක අනතුරු ව ඒ රජහට මෙසේ දැන්වී ය: “දේවයන් වහන්ස, නුඹ වහන්සේ යමකුට අනුකම්පා ඇතිසේක් ද,

3576. සඞ‍්කිච‍්චායං අනුප‍්පත‍්තො ඉසීනං සාධුසම‍්මතො, තරමානරූපො නිය්‍යාහි ඛිප‍්පං පස‍්ස මහෙසිනං.

3576. ඍෂීන් අතුරෙන් මැනැවැයි සම්මත වූ මේ සංකිච්ව නම් තාපස තෙම නුඹ වහන්සේ ගේ උයනට පැමිණියේ වෙයි. එහි වහා යනු මැනැව. නොපමා වැ දැකැගනුව” යි කියා යි.

3577. තතො ච රාජා තරරමානො යුත‍්තමාරුය‍්හ සන්‍දනං, මිත‍්තාමච‍්චපරිබ‍්බූළ‍්හො අගමාසි රථෙසභො.

3577. ඉක්බිති ශ්‍රේෂ්ඨ රථාචාර්‍ය්‍ය වූ ඒ රජ තෙමේ සුදුසු වූ යානාවකට නැඟැ මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරන ලද්දේ වහා ගියේ ය.

3578. නික‍්ඛිප‍්ප පඤ‍්ච කකුධානි කාසීනං රට‍්ඨවඩ‍්ඪනො, වාළවීජනිමුණ‍්හීසං ඛග‍්ගං ඡත‍්තඤ‍්චුපාහනං.

3578. කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ රජ තෙම උයන් දොරටුවට පැමිණ වල්විදුනාව ද නළල්පට ද කඩුව ද කුඩය ද උපාහනය ද යන පංචරාජකකුධභාණ්ඩයන් බහාතබා,

3579. ඔරුය‍්හ රාජා යානම‍්භා ඨපයිත්‍වා පච‍්ඡදං, ආසීනං දායපස‍්සස‍්මිං සඞ‍්කිච‍්චමුපසඞ‍්කමි.

3579. රජ තෙමේ යානාවෙන් බැස පංචරාජකකුධභාණ්ඩ ඇමතියා අතට දී දායපස්ස නම් උයනේ වැඩහුන් සංකිච්ව තාපසයන් වෙතට එළැඹියේ ය.

3580. උපසඞ‍්කමිත්‍වා සො රාජා සම‍්මොදි ඉසිනා සහ, තං කථං වීතිසාරෙත්‍වා එකමන‍්තං උපාවිසි.

3580. ඒ රජ තෙමේ ඍෂිවරයා වෙත එළැඹැ ඍෂිවරයා සමඟ සතුටු සාමීචි කථා පැවැත්වී ය. ඒ සතුටු සාමීචි කථාව කොටැ නිමවා එකත් පසෙකැ හිඳගත්තේ ය.

3581. එකමන‍්තං නිසින‍්නොව අථ කාලං අමඤ‍්ඤථ, තතො පාපානි කම‍්මානි පුච‍්ඡිතුං පටිපජ‍්ජථ.

3581. එකත් පසෙක හුන්නේ මැ ප්‍රශ්න ඇසීමට කාලය දැනගත්තේ ය. ඉක්බිති පාපකර්‍මයන් විචාරීමට පිළිපන්නේ ය.

3582. ඉසිං පුච‍්ඡාමි සඞ‍්කිච‍්චං ඉසීනං සාධුසම‍්මතං, ආසීනං දායපස‍්සස‍්මිං ඉසිසඞ‍්ඝපුරක‍්ඛතං.

3582. ඍෂීන් අතුරෙන් මැනැවැ යි සම්මත වූ ඍෂි සමූහයා විසින් පිරිවරන ලදු වැ දායපස්ස නම් උයනෙහි හුන්නා වූ සංකිච්ච නම් ඍෂිවරයා විචාරමි.

3583. කං ගතිං පෙච‍්ච ගච‍්ඡන‍්ති නරා ධම‍්මාතිචාරිනො, අතිචිණ‍්ණො මයා ධම‍්මො තම‍්මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

3583. දශකුශලධර්‍මය ඉක්මවා හැසිරෙන සත්‍වයෝ උත්පත්ති වශයෙන් පරලෙව්හි දී කවර ගතියකට යෙද්ද, මා විසින් ධර්‍මය ඉක්මවන ලදී. ඒ කරුණ විචාරන ලද්දා වූ මට කියනු මැනැවි.

3584. ඉසී අවච සඞ‍්කිච‍්චො කාසීනං රට‍්ඨවඩ‍්ඪනං, ආසීනං දායපස‍්සස‍්මිං මහාරාජ සුණොහි මෙ.

3584. සංකිව්ච ඍෂි තෙමේ කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ, දායපස්ස උයනේ හුන්නා වූ රජුට මෙසේ කීයේ ය. මහරජ, මාගේ වචනය අසව.

3585. උප‍්පථෙන වජන‍්තස‍්ස යො මග‍්ගමනුසාසති, තස‍්ස චෙ වචනං කයිරා නාස‍්ස මග‍්ගෙය්‍ය කණ‍්ටකො.

3585. සොරුන්ගෙන් ගැවැසීගත් මඟකින් යන්නහුට යමෙක් නිර්‍භය මාර්‍ගය කියා දේ නම්, ඉදින් ඔහුගේ වචනයත් කරන්නේ නම්, සොරු නමැති කටු ඔහුට හමු නො වන්නේ ය.

3586. අධම‍්මං පටිපන‍්නස‍්ස යො ධම‍්මමනුසාසති, තස‍්ස තෙ වචනං කයිරා න සො ගච‍්ඡෙය්‍ය දුග‍්ගතිං.

3586. අධර්‍මයෙහි පිළිපන්නහුට යමෙක් ධර්‍මයෙන් අනුශාසනා කෙරේ නම්, ඉදින් ඔහු ඔහුගේ වචනයට අනුව පිළිපදී නම් දුගතියට නො යන්නේ ය.

3587. ධම‍්මො පථො මහාරාජ අධම‍්මො පන උප‍්පථො, අධම‍්මො නිරයං නෙති ධම‍්මො පාපෙති සුග‍්ගතිං.

3587. මහරජ, දශකුශල සංඛ්‍යාත ධර්‍මය තෙම සුගතිගාමී මාර්‍ගය බැවින් නියම මාර්‍ගය වේ. දශ අකුශල සංඛ්‍යාත අධර්‍මය තෙම අපායගාමී මාර්‍ගය බැවින් නොමනා වන්නේ ය. අධර්‍මය තෙම සත්‍වයා නිරයට පමුණුවයි. ධර්‍මය තෙම සත්‍වයා සුගතියට පමුණුවයි.

3588. අධම‍්මචාරිනො රාජ නරා විසමජීවිනො, යං ගතිං පෙච‍්ච ගච‍්ඡන‍්ති නිරයෙ තෙ සුණොහි මෙ.

3588. මහරජ, විසම ජීවිකාවෘත්ති ඇති අධර්‍මචාරී වූ මනුෂ්‍යයෝ පරලෙව්හි දී උත්පත්ති වශයෙන් යම් බඳු ගතියකට යෙද්ද, ඒ නිරයන් ගැන මම නුඹට කියමි. එය අසව.

3589. සඤ‍්ජීවො කාළසුත‍්තො ච සඞ‍්ඝාතො ද‍්වෙ ච රොරුවා, අථාපරො මහාවීචි තපනො ච පතාපනො.

3589. සංජීව නම් නරකය ද කාළසූත්‍ර නම් නරකය ද සංඝාත නම් නරකය ද රොරුව නම් නරක දෙක ද තවද අන්‍ය වූ මහාවීචි නරකය ද තපන නම් නරකය ද පතාපන නම් නරකය ද,

3590. ඉච‍්චෙතෙ අට‍්ඨ නිරයා අක‍්ඛාතා දූරතික‍්කමා, ආකිණ‍්ණා ලුද‍්දකම‍්මෙහි පච‍්චෙකා සොළසුස‍්සදා.

3590. යන මේ අටමහා නරකයෝ ඉක්මවාලියැ නො හැක්කාහ යි කියන ලද්දාහ. මෙ කී එක එක නරකයෙක්හි සිවුපසැ සොළස බැගින් උස්‍යද නරකයෝ ද රුදුරු කර්‍මයෙන් ගැවසීගත්තාහු විද්‍යමාන වෙත්.

3591. කදරියතාපනා ඝොරා අච‍්චිමන‍්තො මභබ‍්භයා, ලොමහංසනරූපා ච භෙස‍්මා පටිභයා දුඛා.

3591. ඒ නරකයෝ තද මසුරන් තවන්නෝ යැ. බලවත් දුක් ඇත්තෝ ය. ගිනිසිළු විහිදුවන්නෝ ය. මහත් බිය ඇත්තෝ ය. ලොමුදහගන්නාසුලු ය. බිහිසුණු වූවාහු ය. ප්‍රතිභය ඇත්තාහු ය. දුක් ගෙන දෙන්නාහ.

3592. චතුක‍්කණ‍්ණා චතුද‍්වාරා විභත‍්තා භාගසො මිතා, අයොපාකාරපරියන‍්තා අයසා පටිකුජ‍්ජිතා.

3592. කොන් සතරක් ඇත්තාහ. දොර සතරක් ඇත්තාහ. කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දාහ. යපවුරෙන් පිරිකෙව් කරන ලද්දාහ. යපියනින් වසන ලද්දාහ.

3593. තෙසං අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන‍්තා යොජනසතං ඵුටා තිට‍්ඨන‍්ති සබ‍්බදා.

3593. ඒ නරකයන්ගේ අයෝමය භූමිය ගින්නෙන් දිලිසෙන්නී තෙදින් යුතු වූවා ය. හාත්පස යොදුන් සියයක් හැම කල්හි පැතිරැ සිටී.

3594. එතෙ පතන‍්ති නිරයෙ උද‍්ධපාදා අවංසිරා, ඉසීනං අතිවත‍්තාරො සඤ‍්ඤතානං තපස‍්සිනං.

3594. තවුස්දම් රක්නා ශීල සංයමයෙන් යුත් ඍෂීන්ට පරුෂ වචන කියමින් ඉක්මවා බණින මොව්හු පා උඩුකුරු වූවාහු යටිකුරු වූ හිස් ඇති ව නිරයෙහි වැටෙති.

3595. තෙ භූනහුනො පච‍්චන‍්ති මච‍්ඡා බිලකතා යථා, සංවච‍්ඡරෙ අසඞ‍්ඛෙය්‍යෙ නරා කිබ‍්බිසකාරිනො.

3595. ඍෂීන්ට පරුෂ වචන කීමෙන් ඉක්මවා බැන්නා වූ ඒ පව්කාර මිනිස්සු කොටස් වශයෙන් වෙන් කළ මසුන් සේ අසංඛ්‍ය සංවත්සරයන්හි පැසෙත්.

3596. දය‍්හමානෙන ගත‍්තෙන නිච‍්චං සන‍්තරබාහිරං, නිරයා නාධිගච‍්ඡන‍්ති ද‍්වාරං නික‍්ඛමනෙසිනො.

3596. නිතොර ඇතුළත පිටත දෙක්හි ම දනු ලබන ශරීරයෙන් යුතු ව නරකයෙන් නික්මෙනු කැමැති වූවාහු ද දොරටුවට නො පැමිණෙත්.

3597. පුරත්‍ථිමෙන ධාවන‍්ති තතො ධාවන‍්ති පච‍්ඡතො, උත‍්තරෙනපි ධාවන‍්ති තතො ධාවන‍්ති දක‍්ඛිණං.

3597. පෙර දිගට දුවත්. ඉන්පසු බටහිරට ද දුවත්. උතුරු දිගට ද දුවත්. ඉන්පසු දකුණු දෙසට ද දුවත්.

3598. යං යං හි ද‍්වාරං ගච‍්ඡන‍්ති තං තදෙව පිථීයති, බහූනිවස‍්සසහස‍්සානි ජනා නිරයගාමිනො. බාහා පග‍්ගය‍්හ නන්‍දන‍්ති පත්‍වා දුක‍්ඛං අනප‍්පකං.

3598. යම් යම් දොරටුවකට යෙත් නම් ඒ ඒ දොරටු වැසෙයි. මෙසේ නිරයගාමී ජනයෝ අනල්ප වූ නිරය දුකට පැමිණ බොහෝ වර්‍ෂ දහස් ගණන් දෙ අත් හිස්හි බැඳැගත්තාහු හඬත්.

3599. ආසීවිසංව කුපිතං තෙජස‍්සිං දූරතික‍්කමං, න සාධුරූපෙ ආසීදෙ සඤ‍්ඤතානං තපස‍්සිනං.

3599. එ හෙයින් ළං වියැ නොහැකි කිපියා වූ තෙදැති ආශීර්විෂයකු සේ සංයම ඇත්තා වූ තපස්වීන්ට පරුෂ වචනයෙන් ඝටා නො බණින්නේ ය. එ බඳු යහපත් ගති ඇති ගුණවතුන් නො ගටන්නේ ය.

3600. අතිකායො මහිස‍්සාසො අජ‍්ජුනො කෙකකාධිපො, සහස‍්සබාහු උච‍්ඡින‍්නො ඉසිමාසජ‍්ජ ගොතමං.

3600. මහත් ශරීර ඇති දුනු දරන්නා වූ දහසක් බාහු ඇත්තා වූ කේකක රටට අධිපති වූ අර්ජුන නම් රජ තෙම ගෞතම නම් ඍෂිවරයා ගටා බැණැ විනාශයට පත්වූයේ ය.

3601. අරජං රජසා වච‍්ඡං කිසං අවකිරිය දණ‍්ඩකී, තාලොව මූලතො ඡින‍්නො සරාජා විභවඞ‍්ගතො.

3601. ඒ දණඩකී රජ තෙම රජස් රහිත වූ කිසවච්ඡ තවුසා මතැ රජස් විසුරුවා මුලින් සිඳින ලද තල් ගසක් මෙන් විනාශයට පත් විය.

3602. උපහච‍්ච මනං මෙජ‍්ඣො මාතඞ‍්ගස‍්මිං යස‍්සසිනෙ, සපාරිසජ‍්ජො උච‍්ඡින‍්නො මෙජ‍්ඣාරඤ‍්ඤං තදා අහූ.

3602. යශස් ඇති මාතඞ්ග ඍෂිවරයා කෙරෙහි සිත දූෂ්‍ය කරගත් මේධ්‍ය රජ තෙමේ පිරිස් සහිත වැ සිඳී ගියේ ය. එ කල්හි මේධ්‍යාරාණ්‍ය විය.

3603. කණ‍්හාදීපායනාසජ‍්ජ ඉසිං අන්‍ධකවෙණ‍්හුයො, අඤ‍්ඤමඤ‍්ඤං මුසලෙ හන‍්ත්‍වා සම‍්පත‍්තා යමසාධනං.

3603. අන්‍ධකවෙණහු නම් රජවරු කණ්හදීපායන නම් තවුසා ගටා ඔවුනොවුන් මොහොලින් නසාගෙන යම පුරයට පිවිසියහ.

3604. අථායං ඉසිනා සත‍්තො අන‍්තලික‍්ඛෙ චරො පුරෙ, පාවෙක‍්ඛි පඨවිං චෙච‍්චො හීනත‍්තො පත‍්තපරියායං.

3604. වැළි දු පෙර අහසැ හැසිරුණා වූ චේතිය නම් රජ තෙම කපිල තවුසා සමඟ විරුඬ වූයේ ඍද්ධියෙන් පිරිහෙත් ම මරණාසන්න කාලයට පැමිණ පොළොවැ පිවිසියේ ය.

3605. තස‍්මා හි ඡන්‍දාගමනං නප‍්පසංසන‍්ති පණ‍්ඩිතා, අදුට‍්ඨචිත‍්තො භාසෙය්‍ය ගිරං සච‍්චූපසංහිතං.

3605. එ හෙයින් නුවණැත්තෝ ඡන්‍දාදියෙන් අගතියට යෑම නො පසසත්. දූෂ්‍ය නො වූ සිත් ඇත්තේ සත්‍ය වචන කියන්නේ ය.

3606. මනසා චෙ පදුට‍්ඨෙන යො නරො පෙක‍්ඛතෙ මුනිං, විජ‍්ජාචරණසම‍්පන‍්නං ගන‍්තා සො නිරයං අධො.

3606. ඉදින් යම් මිනිසෙක් ප්‍රදූෂ්‍ය වූ සිතින්, අෂ්ටවිද්‍යා පසළොස්චරණයන්ගෙන් යුත් මුනිවරයකු දෙස බලයි ද, හෙ තෙමේ ඒ අධෝගමනීය කර්‍මයෙන් අධොභාගයෙහි වූ නිරයට යන්නේ ය.

3607. යෙ වුද‍්ධෙ පරිභාසන‍්ති ඵරුසුපක‍්කමා ජනා, අනපච‍්චා අදායාදා තාලවත්‍ථු භවන‍්ති තෙ.

3607. නපුරු ගති ඇති යම් කෙනෙක් ගුණයෙන් හා වයසින් වැඩිහිටියන්ට අවමන් කෙරෙද්ද, ඔව්හු දිටුදැමියෙහි ම මුලින් සිඳින ලද තල් ගසක් මෙන් වැනැසෙති. පරලෝ වශයෙන් දරුවන් හෝ වස්තුව හෝ නො ලබත්.

3608. යො ච පබ‍්බජිතං හන‍්ති කතකිච‍්චං මහෙසිනං. ස කාළසුත‍්තෙ නිරයෙ චිරරත‍්තාය පච‍්චති.

3608. යමෙක් වනාහි කෘතකෘත්‍ය වූ ප්‍රව්‍රජිත මහර්ෂියකු නසා ද හෙ කාළසූත්‍ර නම් නරකයෙහි බොහෝ කලක් පැසෙනු ලැබේ.

3609. යො ච රාජා අධම‍්මට‍්ඨො රට‍්ඨවිද‍්ධංසනො චුතො, තාපයිත්‍වා ජනපදං තාපනෙ පෙච‍්ච පච‍්චති.

3609. යමෙක් වනාහි අධර්‍මයෙහි පිහිටා රට වනසන්නේ වේ ද, ජනපදය තවා මෙයින් චුත වැ පරලෙව්හි තාපන නම් නරකයෙහි පැසෙති.

3610. යො ච වස‍්සසහස‍්සානං සතං දිබ්‍යානි පච‍්චති, අච‍්චිසඞ‍්ඝපරෙතො සො දුක‍්ඛං වෙදෙති වෙදනං.

3610. යමෙක් දිව්‍යවර්‍ෂ ලක්‍ෂයක් එහි පැසේ ද, ගිනිසිළු සමූහයෙන් වටකරන ලද්දා වූ හෙ තෙමේ දුක් වූ වේදනාවක් මැ විඳී.

3611. තස‍්ස අග‍්ගිසිඛා කායා නිච‍්ඡරන‍්ති පභස‍්සරා, තෙජොභක‍්ඛස‍්ස ගත‍්තානි ලොමග‍්ගෙහි නඛෙහි ච.

3611. ගිනි මැ අනුභව කරන ඔහුගේ ශරීරයෙන් ප්‍රභාස්වර වූ ගිනිසිළු පිට වේ. ලෝමාග්‍රවලින් සහ නිය අගින් ද යුත් සියලු ශරීරාවයවයෝ එක සේ මැ දල්වෙත්.

3612. දය‍්හමානෙන ගත‍්තෙන නිච‍්චං සන‍්තරබාහිරං, දුක‍්ඛාභිතුන‍්නො නදති නාගො තුත‍්තද‍්දිතො යථා.

3612. නිතොර ම ඇතුළත පිටත දෙක්හි දැවෙන්නා වූ ශරීරයෙන් යුත් හෙ තෙම මහත් දුකින් පෙළුණේ අකුසුවලින් මඩනා ලද ඇතකු මෙන් නාද කරයි.

3613. යො ලොභා පිතරං හන‍්ති දොසා වා පුරිසාධමො, ස කාළසුත‍්තෙ නිරයෙ චිරරත‍්තාය පච‍්චති.

3613. යම් අධ මැ පුරුෂයෙක් යශස් යැ ධන යැ යන මේවා හේතු කොටගෙනැ පහළ වූ ලෝභය නිසා හෝ ද්වේෂය නිසා හෝ පියා නසයි ද, හෙ කාළසූත්‍ර නම් නරකයෙහි බොහෝ කාලයක් පැසෙන්නේ ය.

3614. ස තාදිසො පච‍්චති ලොහකුම‍්භියං පක‍්කඤ‍්ච සත‍්තීහි හනන‍්ති නිත‍්තචං, අන්‍ධං කරිත්‍වා මුත‍්තකරීසභක‍්ඛං ඛාරෙ නිමුජ‍්ජෙන‍්ති තථාවිධං නරං.

3614. එ බඳු හෙ තෙම ලෝකුඹු නිරයෙහි පැසේ. පැසුණා වූ ද සම නැත්තා වූ ද ඔහු අඩයටිවලින් නසත්. එ බඳු සත්‍වයා ඇස් උපුටා දමා අන්‍ධ කොට මලමූ අනුභව කරන්නකුත් කොට ලෝදියෙහි ගල්වත්.

3615. තත‍්තං පක‍්කට‍්ඨිතං අයොගුළඤ‍්ච දීඝෙ ච ඵාලෙ චිරරත‍්තතාපිතෙ, වික‍්ඛම‍්භමාදාය විභජ‍්ජ රජ‍්ජූහි විවටෙ මුඛෙ සංසවයන‍්ති රක‍්ඛසා.

3615. නිරය පාලකයෝ ගිනියම් කළ පැස වූ යගුළි ද බොහෝ කලක් තවන ලද දික් වූ හීවැලින් මැඩැගෙන රැහැන්වලින් දිව එළියට ඇදැ හරින ලද මුවෙහි බහාලත්.

3616. සාමා ච සොණා සබලා ච ගිජ‍්ඣා කාකොළසඞ‍්ඝා ච දිජා අයොමුඛා, සඞ‍්ගම‍්ම ඛාදන‍්ති විප‍්ඵන්‍දමානං. ජිව‍්හං විභජ‍්ජ විඝාසං සලොහිතං.

3616. ශ්‍යාමවර්‍ණ වූ සුනඛයෝ ද තිත් සහිත සුනඛයෝ ද රතු හොට ඇති ගිජුලිහිණියෝ ද වන කවුඩු සමූහය ද අයෝමය මුඛ ඇත්තා වූ පක්‍ෂි සමූහය ද එක් ව දිව පිටතට ඇදැ කම්පා කරමින් ලේ සහිත වැ කඩකඩා කත්.

3617. තං දඩ‍්ඪතාලං පරිභින‍්නගත‍්තං නිප‍්ඵොඨයන‍්තා අනුවිචරන‍්ති රක‍්ඛසා, රතී හි තෙසං දුඛිනො පනීතරෙ එතාදිසස‍්මිං නිරයෙ වසන‍්ති යෙ කෙචි ලොකෙ ඉධ පෙත‍්තිඝාතිනො.

3617. දැවෙන්නා වූ තල් ගසක් වැනි හැම පසින් ම බිඳුණු ශරීර ඇති ඔහුට තළමින් ඒ නිරය පාලකයෝ පසුපසැ යෙති. එය නිරය පාලකයන්ට ක්‍රීඩාවෙකි. අන්‍ය වූ නිරිසත්තු වනාහි දුක් ඇත්තාහු වෙත්. මේ ලෝකයෙහි පිතෘඝාතක කර්‍ම කරන්නා වූ යම් කෙනෙක් වෙද්ද, මෙ බඳු දුක් ඇති නරකයේ වෙසෙත්.

3618. පුත‍්තො ච මාතරං හන‍්ත්‍වා ඉතො ගන‍්ත්‍වා යමක‍්ඛයං, භුසමාපජ‍්ජතෙ දුක‍්ඛං අත‍්තකම‍්මඵලූපගො.

3618. පුත්‍ර තෙමේ ද මව මරා මෙයින් චුත වැ නිරයට ගොස් ස්වකීය කර්‍මවිපාක වශයෙන් පැමිණියේ ම මහත් දුකට පැමිණේ.

3619. අමනුස‍්සා අතිබලා හන‍්තාරං ජනයන‍්තියා, අයොමයෙහි වාලෙහි පීළයන‍්ති පුනප‍්පුනං.

3619. මහත් ශක්තිය ඇත්තා වූ නිරය පාලකයෝ මව මැරූවහු යමුවා රැහැනින් වෙළා නැවැත නැවැතත් පෙළත්.

3620. තං පස‍්සවං සකා ගත‍්තා රුධිරං අත‍්තසම‍්භවං, තම‍්බලොහවිලීනංව තත‍්තං පායෙන‍්ති මත‍්තියං.

3620. මව මැරූ ඔහුට සිය සිරුරින් වැගිරෙන්නා වූ තමාගෙන් ම හටගත් රත් වී දිය ව ගිය ලොදිය බඳු රුධිරය පොවත්.

3621. ජිගුච‍්ඡං කුණපං පූති දුග‍්ගන්‍ධං ගූථකද‍්දමං. පුබ‍්බලොහිතසඞ‍්කාසං රහදං ඔගය‍්හ තිට‍්ඨති.

3621. පිළිකුල් වූ ද, අපවිත්‍ර වූ ද, කුණු වූ ද, දුගඳ වූ ද, අසූචි කලල් ඇති පූයා ලේ බඳු ජලය ඇති විලට බැස සිටිති.

3622. තමෙනං කිමයො තත්‍ථ අතිකායා අයොමුඛා, ඡවිං ඡෙත්‍වාන ඛාදන‍්ති පගිද‍්ධා මංසලොහිතෙ.

3622. එහි මහත් වූ ශරීර ඇති අය සූචි බඳු මුඛ ඇති කෘමීහු මස් ලේ කෙරෙහි ගිජු වූවාහු සිවිය සිඳ කත්.

3623. සො ච තං නිරයං පත‍්තො නිමුග‍්ගො සතපොරිසං, පූතිකං කුණපං වාති සමන‍්තා සතයොජනං.

3623. හෙ තෙමේ ද ඒ නිරයට පැමිණියේ බඹ සියයක් ගිලුණේ වේ. කුණු වූ ද අපිරිසුදු වූ ද දුර්‍ගන්‍ධය හාත්පසැ සියක් යොත්නක් හමයි.

3624. චක‍්ඛුමාපි හි චක‍්ඛූහි තෙන ගන්‍ධෙන ජීයති, එතාදිසං බ්‍රහ‍්මදත‍්ත මාතුඝාතී ලභෙ දුඛං.

3624. ඇස් ඇත්තේ නමුත් ඒ දුර්‍ගන්‍ධයෙන් ඇස්වලින් දිරාපත් වන්නේ ය. බ්‍රහ්මදත්ත නම් මහරජුනි, මව මැරූ තැනැත්තේ මෙ බඳු දුකක් ලබන්නේ ය.

3625. ඛූරධාරමනුක‍්කම‍්ම තික‍්ඛං දුරභිසම‍්භවං, පතන‍්ති ගබ‍්භපාතිනියො දුග‍්ගං වෙතරණිං නදිං.

3625. ගැබ් හෙළන්නා වූ ස්ත්‍රීහු තියුණු වූ ද ළංවිය නොහැකි වූ ද ඛූරධාර නම් නිරය ඉක්මවා දුර්‍ගම වූ වේතරණී නදියට වැටෙත්.

3626. අයොමයා සිම‍්බලියො සොළසඞ‍්ගුලකණ‍්ටකා, උභතො මහිලම‍්බන‍්ති දුග‍්ගං තෙරණිං නදිං.

3626. අයෝමය වූ සොළොස් අඟල් පමණ කටු ඇති ඉඹුල් ගස් දුර්‍ගම වූ වේතරණී ගඟෙහි දෙපසැ එල්බෙයි.

3627. තෙ අච‍්චිමන‍්තො තිට‍්ඨන‍්ති අග‍්ගික‍්ඛන්‍ධාව ආරකා, ආදිත‍්තා ජාතවෙදෙන උද‍්ධං යොජනමුග‍්ගතා.

3627. ඒ නිරිසත්තු ගිනිසිළු ඇත්තාහු දුර වූ ගිනි කඳක් මෙන් සිටිත්. ගින්නෙන් දිලිසුණේ ම උඩට යොදුනක් උස්වූවාහු වෙත්.

3628. එතෙ සජන‍්ති නිරයෙ තත‍්තෙ තිඛිණකණ‍්ටකෙ, නාරියො ච අතිචාරිණියො නරා ච පරදාරගූ.

3628. සැමියා ඉක්මවා හැසිරෙන ස්ත්‍රීහු ද පරස්ත්‍රී සේවනය කරන පුරුෂයෝ ද යන මොව්හු නිරයෙහි තිබෙන ගිනියම් වූ තියුණු කටු ඇති මේ ඉඹුල් ගස්වලැ නගිත්.

3629. තෙ පතන‍්ති අධොක‍්ඛන්‍ධා විවත‍්තා විහතා පුථු, සයන‍්ති විනිවිද‍්ධඞ‍්ගා දීඝං ජග‍්ගන‍්ති සංවරිං.

3629. බොහෝ කල්ගියා වූ ඔව්හු නිරය පාලකයන් විසින් පෙළන ලද්දාහු පෙරැළී යටිකුරු වූ හිස් ඇත්තාහු වෙත්. එවිට හුලින් විනිවිද ගිය ශරීර ඇත්තෝ සයනය කෙරෙත්. දිගු කලක් නිදි වරති.

3630. තතො රත්‍යා විවසනෙ මහතිං පබ‍්බතූපමං, ලොහකුම‍්භිං පවජ‍්ජන‍්ති තත‍්තං අග‍්ගිසමූදකං.

3630. ඉන්පසු බොහෝ කාලයක්හුගේ ඇවෑමෙන් මහත් වූ පර්‍වතයක් බඳු රත් වූ ගිනි හා සම ජලය ඇති ලෝකුඹු නම් නිරයෙහි වැටී පැසෙත්.

3631. එවං දිවා ච රත‍්තො ච දුස‍්සීලා මොහපාරුතා, අනුභොන‍්ති සකං කම‍්මං පුබ‍්බෙ දුක‍්කතමත‍්තනො.

3631. මෙසේ මෝහයෙන් පිරිවරා ගන්නා ලද දුශ්ශීලයෝ දිවා රෑ දෙක්හි ම පෙරැ තමා විසින් කරන ලද ස්වකීය දුෂ්කෘත කර්‍මය අනුභව කෙරෙත්.

3632. යා ච භරියා ධනක‍්කීතා සාමිකං අතිමඤ‍්ඤති, සස‍්සුං වා සසුරං වාපි ජෙට‍්ඨං වාපි නනන්‍දරං.

3632. මිල දී ගන්නා ලද යම් භාර්‍ය්‍යාවක් වන්නී ද, සැමියා කෙරෙහි කළමනා වතාවත් නොකිරීම් වශයෙන් සැමියා ඉක්මවයි ද නැන්දා හෝ මාමා හෝ සැමියාගේ වැඩිමහලු සහෝදරිය හෝ යන මොවුන් උදෙසා කළමනා වතාවත් නොකිරීම වශයෙන් ඉක්මවයි ද,

3633. තස‍්සා වඞ‍්කෙන ජිව‍්හග‍්ගං නිබ‍්බහන‍්ති සබන්‍ධනං, සබ්‍යාමමත‍්තං කිමිනං ජිව‍්හං පසස‍්ති අත‍්තනො විඤ‍්ඤාපෙතුං සක‍්කොති තාපනෙ පෙච‍්ච පච‍්චති.

3633. ඇගේ ජිහ්වාග්‍රය බැඳුම් සහිත වැ පිටතට අදිත්. ඒ නිරිසතා පණුවන් සහිත බඹයක් පමණ වූ තමාගේ දිව දකී. තමන්ගේ දුක කියනු කැමැති වුව ද කිසිවක් කියා අවබෝධ කරවන්නට නො සමත් වෙයි. පසු වැ තාපන නම් නිරයෙහි පැසෙයි.

3634. ඔරබ‍්භිකා සූකරිකා මච‍්ඡිකා මිගබන්‍ධකා, චොරා ගොඝාතකා ලුද‍්දා අවණ‍්ණෙ වණ‍්ණකාරකා.

3634. එළුවන් මරා දිවි රක්නෝ ද ඌරන් මරා දිවි රක්නෝ ද මුවන් මරා දිවි රක්නෝ ද සොරකම් කරන්නෝ ද ගවයන් මරා දිවි රක්නෝ ද යන මෙකී රෞද්‍ර ක්‍රියා ඇත්තෝත් නුගුණෙහි ගුණ කියන්නෝ හෙවත් කේලාම් කියන්නෝ යන මොහු,

3635. සත‍්තීහි ලොහකූටෙහි නෙත‍්තිංසෙහි උසූහි ච, හඤ‍්ඤමානා ඛාරනදිං පපතන‍්ති අවංසිරා.

3635. අඩයටිවලින් ද ලොහොකුළුවලින් ද කඩුවලින් ද ඊවලින් ද අනිනු ලබන්නාහු යටිකුරු වූ හිස් ඇත්තෝ වේතරණී නම් නරකයෙහි වැටෙති.

3636. සායං පාතො කූටකාරී අයොකූටෙහි හඤ‍්ඤති, තතො වන‍්තං දුරත‍්තානං පරෙසං භුඤ‍්ජතෙ සදා.

3636. වංචනික ලෙස නඩු විසඳන්නෝ යැ, බොරු නඩු සාදන්නෝ ය, කිරීම් මැනීම්වලින් සහ බොරු කහවණුයෙන් රවටන්නෝ ය, බොරු තක්සේරු කාරයෝ යැ යන කූටකර්‍ම කරන්නෝ උදේ සහ සවසත් යකුළුවලින් නසනු ලැබෙති. ඉන් පසු මෙ ලෙස ම දුකට පත් වූ අන් සතුන්ගේ වමනය හැම කල්හි අනුභව කෙරෙති.

3637. ධඞ‍්කා භෙරණ‍්ඩකා ගිජ‍්ඣා කාකොළා ච අයොමුඛා, විප‍්ඵන්‍දමානං ඛාදන‍්ති නරං කිබ‍්බිසකාරිනං.

3637. කවුඩෝ ද සිවල්ලු ද ගිජුලිහිණියෝ ද වනකවුඩෝ ද යන අයෝමය මුඛ ඇත්තාහු පව්කළා වූ නිරිසතා ඔබ මොබ අදිමින් කති.

3638. යෙ විගෙන මිගං හන‍්ති පක‍්ඛිං වා පන පක‍්ඛිනා, අසන‍්තො රජසා ඡන‍්නා ගන‍්තා තෙ නිරයුස‍්සදං

3638. යමෙක් මුවකුගෙන් (හීලෑ මුවකු ඉදිරිපත් කර ගෙන) මුවකු නසයි ද පක්‍ෂියකුගෙන් පක්‍ෂියකු හෝ නසයි ද අසත්පුරුෂ වූ රජසින් ගැවැසී ගත්තා වූ ඔව්හු ඔසුපත් නිරයට යන්නෝ වෙති.

3639. සන‍්තො ච උද‍්ධං ගච‍්ඡන‍්ති සුවිණ‍්ණෙනිධ කම‍්මුනා, සුචිණ‍්ණස‍්ස ඵලං පස‍්ස සහින්‍දා දෙවා සබ්‍රහ‍්මකා.

3639. මේ ලෝකයෙහි මනා ව පුරුදු කරන ලද කර්‍ම නිසා දෙව් ලොවට යෙත්. මනා ව පුරුදු කරන ලද කර්‍මයා ගේ විපාකය බලව. ශක්‍රයා සහිත දෙවියෝත් බ්‍රහ්මයා සහිත දෙවියෝත් එහි වෙති.

3640. තං තං බ්‍රූමි මහාරාජ ධම‍්මං රට‍්ඨපතී චර, තථා තථා රාජ චරාහි ධම‍්මං යථා තං සුචිණ‍්ණං නානුතප‍්පෙය්‍ය පච‍්ඡාති.

3640. මහරජ, එ හෙයින් නුඹට කියමි. රටෙහි අධිපතිතුමනි, සුචරිත ධර්‍මයෙහි හැසිරෙව. මහරජ යම්සේ මනා ව පුරුදු කරන ලද ධර්‍මය පසු වැ පසුතැවිල්ල නූපදවා ද එසේ සුචරිත ධර්‍මයෙහි හැසිරෙවු.

සඞ‍්කිච‍්ච ජාතකං.

සංකිච්ච ජාතක යි.

සට‍්ඨිනිපාතං නිට‍්ඨිතං.

සැට වැනි නිපාතය නිමි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අථ සට‍්ඨිනිපාතම‍්හි සුණාථ මම භාසිතං, පවරො සොණක අරින්‍දමසව‍්හයනො තථා වුත‍්ත රථෙසභ කිච‍්ච වරොති.

සැට වැනි නිපාතයෙහි මාගේ භාෂිතය අසව. අරින්‍දම නම් රජු සහිතවූ සෝණක ජාතකයැ එසේමැ බඹදත් රජු සහිත වූ සඞ්කිච්ච ජාතක යැ යි ජාතක දෙකෙකි.