1. කුසජාතකං
1. කුසජාතකං.
1. කුස ජාතකය
3641. ඉදං තෙ රට‍්ඨං සධනං සයොග‍්ගං සකායූරං සබ‍්බකාමූපපන‍්නං, ඉදන‍්තෙ රජ‍්ජං අනුසාස අම‍්ම ගච‍්ඡාමහං යත්‍ථ පියා පභාවති.
3641. මෑණියෙනි, ඔබ තුමියගේ මේ රට ධන සහිත ය. හස්ති සේනාදියෙන් යුක්ත ය. පඤ්ච රාජකකුධභාණ්ඩ සහිත ය. කැමැති වන තාක් සම්පතින් යුක්ත ය. ඔබ තුමියගේ මේ රජය අනුශාසනා කරනු මැනැවි. මාගේ ප්‍රියාව වන ප්‍රභාවතිය යම් තැනෙක්හි නම් මම එහි යමි යි කුසරජ තෙම කීයේ ය.
3642. අනුජ‍්ජුභූතෙන හරං මහන‍්තං දිවා ච රත‍්තො ච නිසීථකාලෙ, පටිගච‍්ඡ ත්‍වං ඛිප‍්පං කුසාවතිං කුස න ඉච‍්ඡාමි දුබ‍්බණ‍්ණමහං වසන‍්තං.
3642. කුසරජතුමනි, ඔබතුමා රාත්‍රියෙහි ද දවාලෙහි ද මධ්‍යම රාත්‍රිකාලයෙහි ද වක් සිතින් කදක් ගෙනෙමින් මහත් දුකක් විඳින්නේ ය. ඔබතුමා කුසාවතී නගරයට ආපසු වහා යන්න. මෙහි වසන්නා වූ දුර්වර්‍ණ ඔබතුමා මම ප්‍රිය නො කරමි යි පභාවතී තොමෝ කීවා ය.
3643. නාහං ගමිස‍්සාමි ඉතො කුසාවතිං පභාවති වණ‍්ණපලොභිතො තව, රමාමි මද‍්දස‍්ස නිකෙතරම‍්මෙ හිත්‍වාන රට‍්ඨං තව දස‍්සනෙ රතො.
3643. එම්බා ප්‍රභාවතිය, මම මෙයින් නික්ම කුසාවතියට නො යමි. මම් වනාහි තීගේ ශරීර වර්‍ණයෙන් ප්‍රලෝභිත වූයෙම් තීගේ දර්‍ශනයෙහි ඇළුණක් වැ රට හැර මදුරජුගේ සිත්කලු වූ ගෘහයෙහි සිත් අලවා වාසය කරමි.
3644. පභාවතී වණ‍්ණපලොභිතො තව සම‍්මූළ‍්හරූපො විචරාමි මෙදිනිං, දිසං න ජානාමි කුතොම‍්භි ආගතො තයම‍්හි මත‍්තො මිගමන්‍දලොචනෙ.
3644. එම්බා ප්‍රභාවතිය, මම් වනාහි තීගේ ශරීර වර්‍ණයෙන් ප්‍රලෝභිත වූයෙම් කෙලෙස් වශයෙන් මුළා වූව වැ පොළෝ තෙලෙහි හැසිරෙමි. මුව දෙනකට බඳු මන්‍දලෝචන ඇත්තී යැ. තී විසින් මම මත් කරන ලද්දෙමි. කොහි සිට පැමිණියෙම් දැ යි දිශාව සලකාගන්නට ද අපොහොසත් වෙමි.
3645. සුවණ‍්ණචීරවසනෙ ජාතරූපසුමෙඛලෙ, සුස‍්සොණි තව කාමා හි නාහං රජ‍්ජෙනමත්‍ථිකො.
3645. රනින් විසිතුරු කළ වස්ත්‍ර හැන්දා වූ රන්මුවා මෙවුල්දම් ඇති, මනා වැ වැඩුණු මධ්‍යප්‍රදේශ ඇති ප්‍රභාවතිය, තිට කැමැති හෙයින් මම මෙහි ම වසමි. මම රජයෙන් ප්‍රයෝජන නැත්තෙක්මි යි කුස රජ තෙමේ කීය.
3646. අබ‍්භූ හි තස‍්ස භො හොති යො අනිච‍්ඡන‍්තමිච‍්ඡති, අකාමං රාජ කාමෙහි අකන‍්තො කන‍්ත මිච‍්ඡසි.
3646. පින්වත් කුස රජුනි, යමෙක් නොකැමැත්තහු කැමැත්තේ ද ඔහුට අවැඩක් (පිරිහීමක්) ම වන්නේ ය. මහරජ, ඔබතුමා වනාහි නොකැමැති මා කැමැති වන්නේ ය. අකාන්ත වූයේ දුටුවන් නොපහදනාසුලු වූයේ කාන්ත තැනැත්තියක වූ මා කැමැත්තේ ය.
3647. අකාමං වා සකාමං වා යො නරො ලභතෙ පියං, ලාභමෙත්‍ථ පසංසාමි අලාභො තත්‍ථ පාපකො.
3647. යම් මිනිසෙක් කැමැති නොවන්නා වූ හෝ කැමැති වන්නා වූ හෝ ප්‍රියාවක් ලබා ද ඒ ලාභය මෙහි ලා පසසමි. නොලැබීම ලාමක වන්නේ යැ යි රජ තෙමේ කීයේ ය.
3648. පාසාණසාරං ඛණසි කණිකාරස‍්ස දාරුනා, වාතං ජාලෙන බාධෙසි යො අනිච‍්ඡන‍්තමිච‍්ඡති.
3648. යම් බඳු වූ ඔබ නොකැමැති තැනැත්තියක වූ මා කැමැත්තෙහි නම්, කිණිහිරි දර කඩකින් ගල්හර කණනෙහි ය. දැලකින් සුළඟ වළකන්නෙහි ය.
3649. පාසාණො නූන තෙ හදයෙ ඔහිතො මුදුලක‍්ඛණෙ, යො තෙ සාතං න වින්‍දාමි තිරොජනපදාගතො
3649. මෘදු ලක්‍ෂණ ඇත්තිය, යම් බඳු වූ මම අන් රටකින් ආයෙම් තීගේ පිළිසඳර මාත්‍ර වූ සුවයක් වත් නො ලබන්නෙම් නම් මා කෙරෙහි ස්නේහය වැළැක්වීම පිණිස තීගේ හෘදයෙහි ගලක් තබන ලද්දේ ය කියා හඟිමි.
3650. යදා මං භූකුටිං කත්‍වා රාජපුත‍්ති උදික‍්ඛසි, ආළාරිකො තදා හොමි රඤ‍්ඤො මද‍්දස‍්ස ථිපුරෙ.
3650. රාජපුත්‍රිය, යම් විටක බැම හකුළුවා මා දෙස බලහි ද එවිට මදු රජුගේ අන්තඃපුරයෙහි අරක්කැමියෙක් වෙමි.
3651. යදා උම‍්භයමානා මං රාජපුත‍්ති උදික‍්ඛසි, නාළාරිකො තදා හොමි රාජා හොමි තදා කුසො.
3651. රාජපුත්‍රිය, යම් විටක සිනාසෙමින් මා දෙස බලහි ද, එවිට මම අරක්කැමියකු මෙන් නො වෙමි. එවිට කුසාවතී නුවර රජ මෙන් වෙමි යි කුසරජ තෙමේ කීවේ ය.
3652. සචෙ හි වචනං සච‍්චං නෙමිත‍්තානං භවිස‍්සති, නෙව මෙ ත්‍වං පති අස‍්ස කාමං ඡින්‍දන‍්තු සත‍්තධා.
3652. ඉදින් වනාහි නිමිත්තපාඨකයන්ගේ වචනය සත්‍ය වන්නේ නම් මා සත් කඩක් කොට සිඳිතත් ඔබතුමා මට සැමියා නො වන්නේ ය යි ප්‍රභාවතිය කීවා ය.
3653. සචෙ හි වචනං සච‍්චං අඤ‍්ඤෙසං යදි වා මම, නෙව තුය‍්හං පති අත්‍ථි අඤ‍්ඤො සීහස‍්සරා කුසා.
3653. ඉදින් අනිත් නිමිත්ත පාඨකයන්ගේ හෝ මාගේ හෝ වචනය සත්‍ය වන්නේ නම්, සිංහස්වර ඇත්තා වූ කුසරජුගෙන් අන්‍ය වූවෙක් තිට සැමි නො වන්නේ යැයි කුසරජ තෙමේ කීයේ ය.
3654. නෙක‍්ඛං ගීවන‍්තෙ කාරෙස‍්සං පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු ඔලොකෙය්‍ය පභාවතී.
3654. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා දෙස බලන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3655. නෙක‍්ඛං ගීවන‍්තෙ කාරෙස‍්සං පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු ආලපෙය්‍ය පභාවතී.
3655. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා කථා කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3656. නෙක‍්ඛං ගීවන‍්තෙ කාරෙස‍්සං පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු උම‍්භායෙය්‍ය පභාවතී.
3656. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මඳ සිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3657. නෙක‍්ඛං ගීවන‍්තෙ කාරෙස‍්සං පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු පම‍්භායෙය්‍ය පභාවතී.
3657. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත්සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය මා හා මහසිනා පවත්වන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3658. නෙක‍්ඛං ගීවන‍්තෙ කාරෙස‍්සං පත්‍වා ඛුජ‍්ජෙ කුසාවතිං, සචෙ මං නාගනාසූරු පාණීහි උපසම‍්ඵුසෙ.
3658. එම්බා කුදිය, ඉදින් තීගේ වචනයෙන් ඇත් සොඬට බඳු කලවා ඇති ප්‍රභාවතිය අත්වලින් මා ස්පර්‍ශ කරන්නී නම් මම කුසාවතියට පැමිණ තිට ස්වර්‍ණමය ග්‍රීවාභරණයක් කර වන්නෙමි යි කුසරජ තෙමේ කී ය.
3659. නහි නූනායං රාජපුත‍්තී කුසෙ සාතම‍්පි වින්‍දති, ආළාරිකෙ භතෙ පොසෙ වෙතනෙන අනත්‍ථිකෙ.
3659. මේ රාජපුත්‍රී තොමෝ කුසරජු නිසා ස්වල්පමාත්‍ර සැපතකුදු නො වින්දේ ය යි සිතමි. වේතනයෙන් ද ප්‍රයෝජන නැති, අරක්කැමි ව බැළ මෙහෙ කරන්නා වූ මේ පුරුෂයා කෙරෙහි පිළිසඳර මාත්‍රයකුදු නො කරතැ යි කුදිය කීවා ය.
3660. නහි නූන අයං ඛුජ‍්ජා ලභති ජිව‍්හාය ඡෙදනං, සුනිසිතෙන සත්‍ථෙන එවං දුබ‍්භාසිතං භණං.
3660. මෙසේ නපුරු තෙපුල් කියන්නා වූ මේ කුදිය සියුම් ආයුධයෙකින් ඒකාන්තයෙන් ම දිව සිඳීම නො ලබා ද? ලබා ම ය.
3661. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහායසොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3661. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ තැනැත්තිය, හෙ තෙම මහත් යශස් ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3662. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහද‍්ධනොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3662. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහාධනවතෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3663. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහබ‍්බලොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3663. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහාබලැත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3664. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහාරට‍්ඨොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3664. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහත් රටවල් ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3665. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මහාරාජාති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3665. එම්බා ප්‍රභාවතිය, තොපගේ රූසපුවෙන් හෝ උස මහතින් හෝ ඒ කුස රජතුමා ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මහරජෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3666. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, සීහස‍්සරොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3666. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම සිංහස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3667. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, වග‍්ගුස‍්සරොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3667. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. මනෝඥ දර්‍ශන ඇත්තිය, හෙ තෙම ලීලායෙන් යුත් ස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3668. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, බින්‍දුස‍්සරොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3668. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මනා ව එක් වූ හඬ ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3669. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මඤ‍්ජුස‍්සරොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3669. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම සුන්‍දරස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3670. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, මධුරස‍්සරොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3670. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම මධුර ස්වර ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3671. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, සතසිප‍්පොති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3671. එම්බා ප්‍රභාවතිය, ඒ කුස රජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රියදර්‍ශන ඇත්තිය, හෙ තෙම තමන් විසින් ම දත් සිය ගණන් ශිල්ප ඇත්තෙකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3672. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, ඛත‍්තියොති කරිත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3672. එම්බා ප්‍රභාවතිය, ඒ කුසරජතුමා තොපගේ රූපයෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. රුචිර ස්ත්‍රිය, හෙ තෙම අසම්භින්න ක්‍ෂත්‍රියකැ යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3673. මා නං රූපෙන පාමෙසි ආරොහෙන පභාවති, කුසරාජාති කත්‍වාන කරස‍්සු රුචිරෙ පියං.
3673. එම්බා ප්‍රභාවතිය, ඒ කුසරජතුමා තොපගේ රූසපුවෙන් හෝ උසමහතින් හෝ ප්‍රමාණ නො කරව. ප්‍රිය දැකුම් ඇත්තිය, හෙ තෙම කුසරජ ය යි මෙනෙහි කොට ප්‍රිය කරව.
3674. එතෙ නාගා උපත්‍ථද‍්ධා සබ‍්බෙ තිට‍්ඨන‍්ති වම‍්මිතා, පුරා මද‍්දන‍්ති පාකාරං ආනෙනෙත‍්තං පභාවතිං.
3674. දේවයන් වහන්ස, මේ රජවරු සත් දෙනා ඉතා තද පරුෂ පැවැතුම් ඇත්තාහු සියල්ලෝ ම යුද්ධයට සැරැසී සිටිත්. මොවුන් ප්‍රාකාරය මඩින්නට පෙර මේ ප්‍රභාවතිය ඔවුන් වෙත පමුණුවත්වා යි ඇමතියෝ කීහ.
3675. සත‍්ත ඛණ‍්ඩෙ කරිත්‍වාන අහමෙතං පභාවතිං, ඛත‍්තියානං පදස‍්සාමි යෙ මං හන‍්තුමිධාගතා.
3675. මා නසන්නට මෙහි පැමිණියා වූ යම් කෙනෙක් ඇද්ද, ඒ ක්‍ෂත්‍රියයන්ට මම මේ ප්‍රභාවතිය සත්කඩක් කොට දෙන්නෙමි යි රජ තෙමේ කී ය.
3676. අථුට‍්ඨහී රාජපුත‍්ති සාමා කොසෙය්‍යවාසිනී, අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි දාසීගණපුරක‍්ඛතා.
3676. කෝසෙය්‍යවස්ත්‍ර හැන්දා වූ රන්වන් වූ ප්‍රභාවතී නම් ඒ රාජපුත්‍රිය කඳුළු පිරි දෙනෙතින් යුතු ව දාසි සමූහයා විසින් පිරිවරන ලදු ව ආසනයෙන් නැගිට්ටා ය. (මව ළඟට ගොස් වැඳ මෙසේ කීවා ය.)
3677. තං නූන කක‍්කූපසෙවිතං මුඛං ආදාසදන‍්තා ථරුපච‍්චවෙක‍්ඛිතං, සුභං සුනෙත‍්තං විරජං අනඞ‍්ගණං ඡුද‍්ධං වනෙ ඨස‍්සති ඛත‍්තියෙහි.
3677. මෑණියෙනි, පස් වැදෑරුම් සුණුයෙන් සෙවුනා ලද දළමුවා මිටින් යුත් කැටපතෙන් බලා සරසන ලද යහපත් නෙත් ඇති රජස් රහිත ගඩු පිළිකාදි දෝෂ විරහිත ඒ මාගේ මුහුණ රජුන් විසින් වනයෙහි හැරපියා දමන ලදු ව තබන්නේ ය.
3678. තෙ නූන මෙ අසිතෙ වෙල‍්ලිතග‍්ගෙ කෙසෙ මුදු චන්‍දනසාරලිත‍්තෙ, සමාකුලෙ සීවථිකාය මජ‍්ඣෙ පාදෙහි ගිජ‍්ඣා පරිකඩ‍්ඪයන‍්ති.
3678. මෑණියෙනි, කාලවර්‍ණයෙන් යුත් උස් වූ කෙළවර ඇති මෘදු වූ සඳුන් කල්කයෙන් ගැවසීගත් කෙස් සොහොන් මැද දී ගිජුලිහිණියෝ ඒකාන්තයෙන් පාවලින් ඔබ මොබ අදින්නාහ යි හඟිමි.
3679. තා නූන මෙ තම‍්බනඛා සුලොමා බාහා මුදූ චන්‍දනසාරලිත‍්තා, ඡින‍්නා වනෙ උජ‍්ඣිතා ඛත‍්තියෙහි ගය‍්හ ධඞ‍්කො ගච‍්ඡති යෙනකාමං.
3679. මෑණියනි, තඹවන් නිය ඇති මනා ලොමින් යුත් මෘදු වූ සඳුන්කල්ක ගල්වන ලද්දා වූ මාගේ බාහු යුග්මය රජුන් විසින් සිඳින ලද්දේ වනයෙහි හැර දමන ලද්දේ කවුඩා ඩැහැගෙන සිත් වූ පරිදි කඩ කඩා කමින් යෙතැ යි සිතමි.
3680. තෙ නූන තාලුපනිභෙ අලම‍්බෙ නිසෙවිතෙ කාසිකචන්‍දනෙන, ථනෙසු මෙ ලම‍්බිස‍්සති සිගාලො මාතූව පුත‍්තො තරුණො තනූජො.
3680. මෑණියෙනි, රන්වන් තල්ගෙඩි බඳු නො එල්බෙන්නා වූ ද කසී සඳුනෙන් නිතොර සේවිත වූ ද මාගේ පයෝධරයන්හි කුසෙහි උපන් ළදරු පුතකු මවගේ තනයෙහි එල්බෙන්නාක් මෙන් සිවල් තෙම එල්බෙන්නේ ය.
3681. තං නූන සොණිං පුථුලං සුකොට‍්ඨිතං නිසෙවිතං කඤ‍්චන මෙඛලාහි, ඡින‍්නං වනෙ ඛන‍්තියෙහී අවත්‍ථං සිගාලසඞ‍්ඝා පරිකඩ‍්ඪයන‍්ති.
3681. රන්මුවා මෙවුල්දමීන් නිසේවිත වූ මනා ව වඩනා ලද්දා වූ පුළුල් වූ ඒ මාගේ නිතම්බය ක්‍ෂත්‍රියයන් විසින් සිඳ වනයෙහි හැරදමන ලද්දේ වේ ද, එය සිවල් සමූහයා ඒ මේ අත අදිතී හඟිමි.
3682. සොණා ධඞ‍්කා සිගාලා ච යෙ චඤ‍්ඤෙ සන‍්ති දාඨිනො, අජරා නූන හෙස‍්සන‍්ති භක‍්ඛයිත්‍වා පභාවතිං,
3682. බල්ලෝ ද කවුඩෝ ද සිවල්ලු ද දළ ඇත්තා වූ සෙසු සත්‍වයෝත් වෙද්ද ඒ හැම ප්‍රභාවතී නම් වූ මා කා ඒකාන්තයෙන් නොදිරන්නාහු වෙතැ යි සිතමි.
3683. සචෙ මංසානි භාරෙසුං ඛන‍්තියා දූරගාමිනො, අට‍්ඨීනි අම‍්ම යාචිත්‍වා අනුපන්‍ථෙ දහාථ නං.
3683. මෑණියෙනි, ඉදින් දුර යන්නා වූ ක්‍ෂත්‍රියයෝ මාගේ මස් ගෙන යෙද්ද, ඇට ඉල්ලාගෙන මාර්‍ගයන් අතර එය දවවු යයි ප්‍රභාවතිය අඬමින් කීවා ය.
3684. ඛෙත‍්තානි අම‍්ම කාරෙත්‍වා කණිකාරෙත්‍ථ රොපය, යදා තෙ පුප‍්ඵිතා අස‍්සු හෙමන‍්තානං හිමච‍්චයෙ සරෙය්‍යාථ මමං අම‍්ම එවංවණ‍්ණා පභාවතී.
3684. මෑණියෙනි, ඒ දැවූ තැනැ මල්වතු කරවා කිණිහිරිගස් වවව. යම් දිනෙක හේමන්ත ඍතුවගේ අවසන්හි ඵග්ගුන මාසයෙහි ඒ ගස් මල් පිපෙන්නාහු ද එ විට මෑණියෙනි, ප්‍රභාවතී තොමෝ මෙ බඳු වර්‍ණ ඇත්තී ය කියා මා සිහි කරව යි ප්‍රභාවතිය කීවා ය.
3685. තස‍්සා මාතා උදට‍්ඨාසි ඛත‍්තියා දෙවවණ‍්ණිනී, දිස‍්වා අසිඤ‍්ච සූණඤ‍්ච රඤ‍්ඤො මද‍්දස‍්ස ථිපුරෙ.
3685. ඒ ප්‍රභාවතියගේ මව වූ දෙවඟනකට බඳු වර්‍ණ ඇති රාජමහිෂී තොමෝ ආසනයෙන් නැගිට රජු වෙත ගොස් සිටියා ය. මදුරජුගේ අන්තඃපුරයෙහි රජු ඉදිරියෙහි තබන ලද පොරොවත්, දංගෙඩියත් දැක වැලපෙමින් මෙසේ කීවා ය.
3686. ඉමිනා නූන අසිනා සුසඤ‍්ඤං තනුමජ‍්ඣිමං, ධීතරං මම හන‍්ත්‍වාන ඛත‍්තියානං පදස‍්සසි.
3686. හඳුනාගැනීමට පහසු වූ කෘෂ වූ මධ්‍ය ප්‍රදේශ ඇති මාගේ දුව මේ පොරොවෙන් සිඳ ක්‍ෂත්‍රියයන්ට ඒකාන්තයෙන් දෙන්නෙහි දැ යි ඇසුවා ය.
3687. න මෙ අකාසි වචනං අත්‍ථකාමාය පුත‍්තිකෙ, සාජ‍්ජ ලොහිතසඤ‍්ඡන‍්නා ගඤ‍්ඡිසි යමසාධනං.
3687. දියණියනි, තෝ වැඩ කැමැති වූ මාගේ වචනය නො පිළිගත්තෙහි ය. එ බැවින් ඒ නුඹ අද ලෙයින් වැකීගිය සිරුරු ඇත්තී මෘත්‍යුරාජභවනයට යන්නෙහි ය.
3688. එවමාපජ‍්ජතී පොසො පාපියඤ‍්ච නිගච‍්ඡති, යො වෙ හිතානං වචනං න කරං අත්‍ථදස‍්සිනං.
3688. යමෙක් යහපත දක්නා වූ හිතවතුන්ගේ බස් නොපිළිපදී ද, එ බඳු පුරුෂ තෙම මෙසේ ව්‍යසනයට පැමිණේ. මීට වැඩි දුකට ද පත් වේ.
3689. සචෙ ත්‍වං අම‍්ම ධාරෙසි කුමාරං චාරුදස‍්සනං, කුසෙන ජාතං ඛත‍්තියං සුවණ‍්ණමණිමෙඛලං පූජිතං ඤාතිසඞ‍්ඝෙහි න ගඤ‍්ඡිසි යමක‍්ඛයං.
3689. දියණියනි, ඉදින් නුඹ කුසරජු නිසා උපන්, මනා දැකුම් ඇත්තා වූ, රන් මිණි මෙවුල් දරන්නා වූ, නෑ සමූහයා විසින් පුදන ලද කුමරකු දරන්නෙහි (සැමියා වශයෙන් පිළිගන්නෙහි) නම් යමයා වෙත නො යන්නෙහි ය.
3690. යත්‍ථස‍්සු භෙරී නදති කුඤ‍්ජරො පටිකුජ‍්ජති, ඛත‍්තියානං කුලෙ භද‍්දෙ කින‍්නු සුඛතරං තතො.
3690. සුන්‍දර වූ දියණියනි, යම් කුසරාජ භවනයෙක්හි බෙර වැයීමාදි තූර්‍ය්‍යනාද පවතී ද, මංගල හස්ති තෙම කුඤ්චනාද කෙරේ ද, ඊට වැඩි සුවය කුමක් ද?
3691. අස‍්සො හසිසති ද‍්වාරෙ කුමාරො උපරොදති, ඛත‍්තියානං කුලෙ භද‍්දෙ කින‍්නු සුඛතරං තතො.
3691. සුන්‍දර වූ දියණියනි, යම් කුසරාජභවනයෙක්හි මංගල අශ්ව තෙම හේසාරව පවත්වා ද, මනාව හික්මුණු ගන්‍ධර්‍ව කුමාරයෙක් දොරටුවෙහි සිටිමින් නොයෙක් තූර්‍ය්‍යභාණ්ඩ ගෙන උපහාර කෙරේ ද, ඊට වැඩි සුවය කුමක් ද?
3692. මයූරකොඤ‍්චාහිරුදෙ කොකිලාභිනිකූජිතෙ, ඛත‍්තියානං කුලෙ භද‍්දෙ කින‍්නු සුඛතරං තතො.
3692. සුන්‍දර වූ දියණියනි, මොනරුන් හා කොස්ලිහිණියන් විසින් කරන ලද හඬ ඇති, කොවුලන් විසින් මනා ව පවත්වන ලද නාද ඇති, කුසරාජ භවනයෙහි සැපතට වඩා කවර නම් සුවයෙක් ද?
3693. කහං නුඛො සත‍්තුමද‍්දනො පරරට‍්ඨප‍්පමද‍්දනො, කුසො සොළාරපඤ‍්ඤාණො සො නො දුක‍්ඛා පමොචයෙ.
3693. යමෙක් අප දුකින් මුදන්නේ ද? සතුරන් මඬින්නා වූ, අන් රටවල් යටත් කරගන්නා වූ, මහත් ප්‍රඥා ඇති ඒ කුසරජ තෙම කොහි ද?
3694. ඉධෙව සො සත‍්තුමද‍්දනො පරරට‍්ඨප‍්පමද‍්දනො, කුසො සොළාරපඤ‍්ඤාණො යො නො දුක‍්ඛා පමොචයෙ.
3694. යමෙක් අප දුකින් මුදන්නේ ද, සතුරන් මඬින්නා වූ අන්රටවල් යටත් කරගන්නා වූ මහත් ප්‍රඥා ඇති ඒ කුසරජ තෙම මෙහි ම ය යි ප්‍රභාවතිය කීවා ය.
3695. උම‍්මත‍්තිකා නු භණසි ආදු බාලාව භාසසි, කුසො චෙ ආගතො අස‍්ස කිං න ජානෙමු තං මයං.
3695. තී උමතුවෙන් දොඩවන්නෙහි ද, එසේ නැත් නම් මෝඩකමින් කථා කරන්නේ ද, ඉදින් කුසරජ තෙමේ ආයේ නම්, ඒ කරුණ කුමක් නිසා අපි නො දන්නෙමු ද?
3696. එසො ආළාරිකො පොසො කුමාරීපුරමන‍්තරෙ, දළ‍්හං කත්‍වාන සංවෙල‍්ලිං කුම‍්භිං ධොවති ඔනතො
3696. කුමරියන්ගේ අන්තඃපුර අතර දැඩි ලෙස කැසපට බැඳගෙන වළන් සෝදන තැනැත්තා මේ කුසරජ ය යි ප්‍රභාවතිය කීවා ය.
3697. වෙණි ත්‍වමසි චණ‍්ඩාලී ආදූසි කුලගන්‍ධිනී, කථං මද‍්දකුලෙ ජාතා දාසං කයිරාසි කාමුකං.
3697. තෝ වඩු කුලයෙහි උපන්නියක් වෙහි ද? නැත හොත් සැඬොලියක් ද? කුලදූෂ්‍ය ස්ත්‍රියක් වෙහි ද? මදු රජකුලයෙහි උපන්නා වූ තෝ තම ස්වාමියා කෙසේ නම් දාසයකු කරන්නෙහි දැ යි මව ඇසුවා ය.
3698. නම‍්හි වෙණි න වණ‍්ඩාලි න චම‍්හි කුලගන්‍ධිනී, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3698. මෑණියනි, ඔබ තුමියට යහපතක් වේවා. මම වඩු කුලයෙහි උපන්නියක් නො වෙමි. සැඬොලියක් ද නො වෙමි. කුලදූෂ්‍ය ස්ත්‍රියක් ද නො වෙමි. මෙ තෙම වනාහි ඔක්කාක පුත්‍ර වූ කුසරජ වන්නේ ය. ඔබතුමී වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි යයි ප්‍රභාවතිය කීවා ය.
3699. යො බ්‍රාහ‍්මණසහස‍්සානි සදා භොජෙති වීසතිං, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3699. මෑණියනි, ඔබට යහපතක් වේවා. යම් ඔක්කාක පුත්‍රයෙක් තෙමේ බමුණන් විසිදහසක් හැමදා ම වළඳවයි ද ඔහු නම් මේ කුසරජ ය, නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3700. යස‍්ස නාගසහස‍්සානි සදා භොජෙන‍්ති වීසතිං, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3700. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් ඇතුන් සැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුස රජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3701. යස‍්ස අස‍්සසහස‍්සානි සදා භොජෙන‍්ති වීසතිං, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3701. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් අසුන් හැම කල්හි යොදවත් ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3702. යස‍්ස රථසහස‍්සානි සදා යොජෙන‍්ති වීසතිං, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3702. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ රිය විසිදහසක් හැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3703. යස‍්ස උසභසසහස‍්සානි සදා යොජෙන‍්ති වීසතිං, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3703. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් වෘෂභයන් හැම කල්හි යොදවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3704. යස‍්ස ධෙනුසහස‍්සානි සදා දුය‍්හන‍්ති වීසතිං, ඔක‍්කාකපුත‍්තො භද‍්දන‍්තෙ ත්‍වන‍්නු දාසොති මඤ‍්ඤසි.
3704. මෑණියනි, ඔබට යහපතක් වේවා. යමකුගේ විසි දහසක් දෙනුන් හැමදා ම දොවද්ද, ඔහු නම් මේ ඔක්කාක පුත්‍ර වූ කුසරජ ය. නුඹ වනාහි ඔහු දාසයෙකැ යි හඟින්නෙහි ද?
3705. තග‍්ඝ තෙ දුක‍්කටං බාලෙ යං ඛත‍්තියං මහබ‍්බලං, නාගං මණ‍්ඩුකවණ‍්ණෙන න තං අක‍්ඛාසි ආගතං.
3705. අනුවණ තැනැත්තිය, යම් හෙයෙකින් මැඩියකුගේ වෙසින් ආ නාගයකු මෙන් මහත් බලැති ක්‍ෂත්‍රිය රජු ආ බව නො කීයෙහි ද, එ හෙයින් ඒකාන්තයෙන් ම තී විසින් නපුරක් කරන ලදැ යි රජ තෙම කීයේ ය.
3706. අපරාධං මහාරාජ ත්‍වං නො ඛම රථෙසභ, යං තං අඤ‍්ඤාතවෙසෙන නඤ‍්ඤාසිම‍්භා ඉධාගතං.
3706. රථේශ්වර වූ මහරජ, අප්‍රසිද්ධ වේශයෙන් මෙහි පැමිණියා වූ නුඹ වහන්සේ හඳුනාගැනීමට නොපිළිවන් වීම් සංඛ්‍යාත යම් වරදෙක් වී නම් අපගේ ඒ වරද කමා කරන සේක්වා යි කුසරජුට සැලකෙළේ ය.
3707. මාදිසස‍්ස න තං ඡන‍්නං යොහං අළාරිකො භවෙ, ත්‍වඤ‍්ඤෙව මෙ පසීදස‍්සු නත්‍ථි තෙ දෙව දුක‍්කටං.
3707. දේවයෙනි, යම්බඳු මම අරක්කැමියෙක් වූයෙම් ද, එය මා වැන්නකුට නුසුදුසු ය. ඔබ ම මට පහන් වුව මැනවි තොප විසින් කරන ලද නපුරක් නැතැ යි කුසරජ කී ය.
3708. ගච‍්ඡ බලෙ ඛමාපෙහි කුසරාජං මහබ‍්බලං, ඛමාපිතො කුසරාජා සො තෙ දස‍්සති ජීවිතං.
3708. අඥාන තැනැත්තිය, යව මහත් බලැති කුසරජ කමා කරව, කමා කරවන ලද ඒ කුසරජ තෙමේ තිට ජීවිතය දෙන්නේ ය යි පියරජ කීයේ ය.
3709. පිතුස‍්ස වචනං සුත්‍වා දෙවවණ‍්ණී පභාවතී, සිරසා අග‍්ගහී පාදෙ කුසරාජං මහබ‍්බලං.
3709. දෙවඟනකට බඳු පැහැය ඇති ප්‍රභාවතිය පියාගේ වචනය අසා සිරසින් වැටී මහබලැති කුසරජහු පා අල්ලාගත්තී ය.
3710. යා ඉමා රත්‍යො අතික‍්කන‍්තා තා ඉමා දෙව තයා විනා. වන්‍දෙ තෙ සිරසා පාදෙ මා මෙ කුජ‍්ඣ රථෙසභ.
3710. දේවයන් වහන්ස, යම් මේ රාත්‍රීහු ඉක්ම ගියාහු ද, ඒ රාත්‍රීහු නුඹ වහන්සේගෙන් වෙන් ව ඉක්ම ගියාහු ය. රථේශ්වරයන් වහන්ස, නුඹ වහන්සේගේ පා සිරසින් වඳිමි. මට නො කිපෙනු මැනැවි.
3711. සච‍්චං තෙ පටිජානාමි මහාරාජ සුණොහි මෙ, න චාපි අප‍්පියං තුය‍්හං කරෙය්‍යාමි අහං පුන.
3711. මහරජ, මෙතෙක් කල් මා විසින් නුඹ වහන්සේට අප්‍රිය වූවක් ම කරන ලදැ. එය මම සත්‍යයක් බව පිළිගනිමි. නැවැත නුඹ වහන්සේට අප්‍රිය වන්නා වූ කිසිවක් නො කරන්නෙමි.
3712. එවඤ‍්චෙ යාචමානාය වචනං මෙ න කාහසි, ඉදානි මං තාතො හන‍්ත්‍වා ඛත‍්තියානං පදස‍්සති.
3712. මහරජ, මෙසේ යදින්නා වූ මාගේ වචනය තමුන්නාන්සේ නොකරන්නහු නම්, පිය රජ තෙම මා දැන් මරා ක්‍ෂත්‍රියයන්ට දෙන්නේය යි ප්‍රභාවතී කීවා ය.
3713. එවන‍්තෙ යාචමානාය කිං න කාහාමි තෙ වචො, විකුද‍්ධො ත්‍යස‍්මි කල්‍යාණි මා ත්‍වං භායි පභාවති.
3713. මෙසේ යාචනා කරන්නා වූ තිගේ වචනය මම කුමක් නිසා නො කරම් ද, සොඳුර, තිට නොකිපියෙක් වෙමි. ප්‍රභාවතිය, තෝ බිය නො වව.
3714. සච‍්චන‍්තෙ පටිජානාමි රාජපුත‍්ති සුණොහි මෙ, න චාපි අප‍්පියං තුය‍්හං කරෙය්‍යාමි අහං පුන.
3714. රාජපුත්‍රිය, මාගේ වචනය අසව, තිට නොකිපි බවත්, අප්‍රියයක් නො කළ බවත්, මම සත්‍යයක් බව පිළිගනිමි. නැවත මම තිට අප්‍රිය දනවන්නක් නොකරන්නෙමි.
3715. තච කාමා හි සුස‍්සොණි බහුං දුක‍්ඛං තිතික‍්ඛිසං, පහු මද‍්දකුලං ගන‍්ත්‍වා නයිතුං තං පභාවති.
3715. මනා කටි ප්‍රදේශ ඇති ප්‍රභාවතිය, මදුරජ කුලයට ගොස්, බලාත්කාරයෙන් තී ගෙනෙන්නට පිළිවන්කම තිබියදීත් තී කැමැත්තෙන් මම බොහෝ දුක් ඉවැසීමි.
3716. යොජයන‍්තු රථෙ අස‍්සෙ නානාචිත‍්තෙ සමාහිතෙ, අථ දක‍්ඛථ මෙ වෙගං විධමෙන‍්තස‍්ස සත‍්තවො.
3716. නොයෙක් අලංකාරයෙන් විසිතුරු කරන ලද හොඳින් හික්මුණු අසුන් රියෙහි යොදත් වා, එ විට සතුරන් නසන්නා වූ මාගේ වේගය බලවු ය යි කුසරජ තෙම කීයේ ය.
3717. තඤ‍්ච තත්‍ථ උදික‍්ඛිංසු රඤ‍්ඤො මද‍්දස‍්ස ථිපුරෙ, විජම‍්භමානං සීහංව පොථෙන‍්තං දිගුණං භුජං.
3717. එහි මදු රජුගේ අන්තඃපුරයෙහි සිංහයකු මෙන් අත පය දිගහැර ප්‍රාණවත් කරන්නා වූ ද ද්විගුණ කොට අත්පොළසන් දෙන්නා වූ ද කුසරජු දෙස ස්ත්‍රීහු කවුළු හැර බැලූ හ.
3718. හත්‍ථක‍්ඛන්‍ධඤ‍්ච ආරුය‍්හ ආරොපෙත්‍වා පභාවතිං, සඞ‍්ගාමං ඔතරිත්‍වාන සීහනාදං නදී කුසො.
3718. ඉක්බිති කුසරජ තෙමේ හස්තිරාජයකු පිට නැඟී ප්‍රභාවතිය ද නංවාගෙන යුද බිමට බැස සිංහනාද කෙළේ ය.
3719. තස‍්ස තං නදතො සුත්‍වා සීහස‍්සෙවිතරෙ මිගා, ඛත‍්තියා විපලායිංසු කුසද‍්දසභයට‍්ටිතා.
3719. නාද කරන්නා වූ ඒ කුස රජුගේ හඬ අසා සිංහයකුගේ හඬ ඇසූ සෙසු මුවන් මෙන් කුසහඬින් බියපත් වූ සෙසු රජවරු ඒ මේ අත පලාගියහ.
3720. හත්‍ථාරොහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඡින්‍දන‍්ති කුසසද‍්දභයට‍්ටිතා.
3720. ඇතරුවෝ ද බළ ඇණියෙහි වූවෝ ද රියැදුරෝ ද පාබළ සේනාවෙහි වූවෝ ද කුස හඬින් බියපත් වූවාහු ඔවුනොවුන් සිඳගත්හ.
3721. තස‍්මිං සඞ‍්ඝාමසීසස‍්මිං පස‍්සිත්‍වා තුට‍්ඨමානසො, කුසස‍්ස රඤ‍්ඤො දෙවින්‍දො අදා වෙරොචනං මණි.
3721. ඒ යුද බිමෙහි (කුසරජු ගේ පරාක්‍රමය) දැක තුටු සිත් ඇති ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ කුස රජුට වෙරොචන නම් මැණිකක් දුන්නේ ය.
3722. සො තං විජිත්‍වා සඞ‍්ගාමං ලද‍්ධා වෙරොචනං මණිං, හත්‍ථික‍්ඛන්‍ධගතො රාජා පාවෙක‍්ඛි නගරං පුරං.
3722. ඒ රජ තෙමේ ඒ යුද්ධය දිනා වෙරොචන නම් මැණිකක් ලැබ හස්තිරාජයා පිටට නැගුණේ නගරයට පිවිසියේ ය.
3723. ජීවගාහං ගහෙත්‍වාන බන්‍ධිත්‍වා සත‍්ත ඛත‍්තියෙ, සසුරස‍්සුපනාමෙසි ඉමෙ තෙ දෙව සත‍්තවො.
3723. ක්‍ෂත්‍රිය රජුන් සත් දෙන ජීවග්‍රාහයෙන් ගෙන බැඳ, දේවයන් වහන්ස, මොවුහු තමුන්නාන්සේ ගේ සතුරෝ වෙති යි මයිලණු වූ මදු රජුට භාරදුන්නේ ය.
3724. සබ‍්බෙව තෙ වසඞ‍්ගතා අමිත‍්තා විහතා තව, කාමං කරොහි තෙ තයා මුඤ‍්ච වා තෙ හනස‍්සු වා.
3724. මේ සියල්ලෝ ම තමුන්නාන්සේ ගේ වසයට පැමිණියාහුය. තමුන්නාන්සේ ගේ සතුරෝ වනසන ලද්දාහ. කැමැත්තක් කරනු මැනැවි. මොවුන් මිදීම හෝ නැසීම හෝ කරනු මැනැවි.
3725. තුම‍්හෙව සත‍්තවො එතෙ නහි තෙ මය‍්හ සත‍්තවො, ත්‍වඤ‍්ඤෙව නො මහාරාජ මුඤ‍්ච වා තෙ හනස‍්සු වා.
3725. මහරජ, මොවුහු ඔබගේ ම සතුරෝ වෙති. මොවුහු මාගේ සතුරෝ නො වෙති. තමුන්නාන්සේ ම අපගේ අධිපතිවහු ය. මහරජ, තමුන්නාන්සේ ම මොවුන් මිදීම හෝ නැසීම හෝ කරනු යෙදේ.
3726. ඉමා තෙ ධීතරො සත‍්ත දෙවකඤ‍්ඤූපමා සුභා, දදාහි නෙසං එකෙකං හොන‍්තු ජාමාතරො තව.
3726. දේවයිනි, නුඹගේ මේ දිව්‍ය කන්‍යාවන් බඳු දූවරු සත් දෙනෙක් වෙති. ඔවුන්ගෙන් එක එක දුව බැගින් දෙනු මැනවි. එසේ දීමෙන් මොවුහු ජාමාතෲහු (බෑණාවරු) වෙත් වා.
3727. අම‍්හාකඤ‍්චෙව තාසඤ‍්ච ත්‍වං නො සබ‍්බෙසමිස‍්සරො, ත්‍වඤ‍්ඤෙව නො මහාරාජ දෙහි නෙසං යදිච‍්ඡසි.
3727. මහරජ, ඒ දූවරුන්ට ද අපට ද යන සියල්ලන්ට ම අධිපතියා ඔබ ම ය. යම් දුවක යමකුටදෙනු කැමැත්තෙහි නම් ඔබ ම ඇය ඔහුට දෙනු යෙදේ.
3728. එකමෙකස‍්ස එකෙකං අදා සීහස‍්සරො කුසො, ඛත‍්තියානං තදා නෙසං රඤ‍්ඤො මද‍්දස‍්ස ධීතරො.
3728. එ කල්හි සිංහස්වර ඇති කුස රජ තෙමේ මදු රජුගේ දූවරුන් ඒ ක්‍ෂත්‍රියයන් අතුරින් එක එක ක්‍ෂත්‍රියයාට එක එක දුව බැගින් දුන්නේ ය.
3729. පීණිතා තෙන ලාභෙන තුට‍්ඨා සීහස‍්සරෙ කුසෙ, සකරට‍්ඨානි පායිංසු ඛත‍්තියා සත‍්ත තාවදෙ.
3729. එ කෙණෙහි ම ඒ රජවරු සත් දෙන ඒ ස්ත්‍රී ලාභය නිසා, සිංහස්වර ඇති කුසරජු කෙරෙහි තුටු සිත් ඇත්තාහු, පිනාගිය සොම්නස් ඇත්තාහු සිය රටවලට ගිය හ.
3730. පභාවතිඤ‍්ච ආදාය මණිං වෙරොචනං සුභං, කුසාවතිං කුසො රාජා අගමාසි මහබ‍්බලො.
3730. මහබලැති කුසරජ තෙමේ ප්‍රභාවතිය ද වෙරොචන නම් වූ යහපත් මැණික ද ගෙන කුසාවතියට ගියේ ය.
3731. ත්‍යස‍්සු එකරථෙ යන‍්තා පවිසන‍්තා කුසාවතිං, සමානා වණ‍්ණරූපෙන නාඤ‍්ඤමඤ‍්ඤමතිරොචයුං.
3731. එක ම රියෙහි යෙමින් කුසාවතියට පිවිසෙන්නා වූ ඒ දෙදෙන (මිණි රුවන් කාන්තිය නිසා) පැහැයෙන් හා රූපයෙන් සමාන වූවාහු ඔවුනොවුන් ඉක්මවා නොබැබළු හ.
3732. මාතා පුත‍්තෙන සඞ‍්ගඤ‍්ඡි උභයො ච ජයම‍්පතී, සමග‍්ගා තෙ තදා ආසුං ඵීතං ධරණිමාවසුන‍්ති.
3732. කුස රජු ගේ මව් තොමෝ පුත්‍රයා හා එක්වූවා ය. ඒ අඹු සැමි දෙදෙන ද සමඟි වූවාහු එ තැන් පටන් ජීවිතාන්තය දක්වා සමෘද්ධ වූ පෘථිවියෙහි සතුටින් වාසය කළහ.
කුසජාතකං.
කුස ජාතක යි.