යෙදුමෙන් කියවන්න

2. සොණනන්‍දජාතකං

2. සොණනන්‍දජාතකං.

2. සෝණනන්‍ද ජාතකය

3733. දෙවතානුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො, මනුස‍්සභූතො ඉද‍්ධිමා කථං ජානෙමු තං මයං.

3733. නුඹ දෙවියෙක් වෙහි ද, ගන්‍ධර්‍වයෙක් හෝ වෙහි ද, නැතහොත් පුරින්‍දද නම් ශක්‍රයා වෙහි ද, මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙහි ද, අපි ඒ කරුණ කෙසේ දනුමෝ ද?

3734. නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො නම‍්හි සක‍්කො පුරින්‍දදො, මනුස‍්සභූතො ඉද‍්ධිමා එවං ජානාහි භාරත.

3734. රජතුමනි, මම දෙවියෙක් නො වෙමි. ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි. පුරින්‍දද නම් ශක්‍රයා ද නො වෙමි. මනුෂ්‍ය වූ ඍද්ධි ඇත්තෙක් වෙමි. ඒ කරුණ මෙ සේ දනුව.

3735. කතරූපමිදං භොතා වෙය්‍යාවච‍්චං අනප‍්පකං, දෙවම‍්භි වස‍්සමානම‍්හි අනොවස‍්සං භවං අකා.

3735. පින්වතා විසින් මහත් කායවෙය්‍යාවතික කර්‍මය කරන ලදී. එ නම් පින්වත් තෙමේ වැසි වස්නා කල්හි නැවැත්වීම කෙළේ ය.

3736. තතො වාතාතපෙ ඝොරෙ සීතච‍්ඡායං භවං අකා, තතො අමිත‍්තමජ‍්ඣෙ ච සරතාණං භවං අකා.

3736. තව ද පින්වත් තෙමේ දරුණු වූ සුළඟ හා අව්ව ඇති කල්හි සිසිල්සෙවණ කෙළේ ය. නැවැත පින්වත් තෙමේ සතුරන් මධ්‍යයෙහි ඊ පහරින් වැළකීම ද කෙළේ ය.

3737. තතො ඵීතානි රට‍්ඨානි වසිනො තෙ භවං අකා, තතො එකසතං ඛත්‍යෙ අනුයන‍්තෙ භවං අකා.

3737. තව ද, පින්වතා සමෘද්ධ රටවල වැසියන් අපට වසඟ කෙළේ ය. තව ද එක් සියයක් රජුන් අප අනුගාමිකයන් කෙළේ ය.

3738. පතීතාස‍්සු මයං භොතො වර තං භඤ‍්ඤමිච‍්ඡසි, හත්‍ථියානං අස‍්සරථං නාරියො ච අලඞ‍්කතා නිවෙසනානි රම‍්මානි මයං භොතො දදාමසෙ.

3738. අපි පින්වතාට සතුටු වූවමෝ වෙමු. පින්වතා යම් රත්නයක් කැමැත්තේ නම් එය ඉල්ලාගනු මැනැවි. ඇත්යානා ද, අස් රිය ද, අලංකාරයෙන් සැරැසූ ස්ත්‍රීන් ද සිත්කලු ගෙවල් ද යන මේවා අපි පින්වතාට දෙම්හ.

3739. අථ වා අඞ‍්ගෙ වා මගධෙ මයං භොතො දදාමසෙ, අථ වා අස‍්සකාවන‍්තිං සුමනා දම‍්ම තෙ මයං

3739. නොහොත් අඟුරටෙහි රජය හෝ මගධ රටෙහි රජය හෝ අපි පින්වතාට දෙම්හ. තව ද අස්සක නම් රට හෝ අවන්ති නම් රට හෝ අපි තුටුසිත් ඇති ව පින්වතාට දෙම්හ.

3740. උපඩ‍්ඪං වාපි රජ‍්ජස‍්ස මයං භොතො දදාමසෙ, සචෙ තෙ අත්‍ථො රජ‍්ජෙන අනුසාස යදිච‍්ඡසි.

3740. අපි පින්වතාට රජයෙන් අඩක් හෝ දෙම්හ. ඉදින් මුළු දඹදිව රජයෙන් ප්‍රයෝජන වේ නම් එය ද දෙම්හ. යමක් කැමැති නම් එය අණ කරව’ යි (මනෝජ රජ කියා සිටියේ ය.)

3741. න මෙ අත්‍ථොපි රජ‍්ජෙන නගරෙන ධනෙන වා, අථොපි ජනපදෙන අත්‍ථො මය‍්හං න විජ‍්ජති.

3741. මහරජ, මට රජයෙන් හෝ නගරයෙන් හෝ ධනයෙන් හෝ ප්‍රයෝජනයෙක් නැත. වැළි ජනපදයෙන් ද මට· ප්‍රයෝජනයෙක් නො වේ.

3742. භොතොව රට‍්ඨෙ විජිතෙ අරඤ‍්ඤෙ අත්‍ථි අස‍්සමො, පිතා මය‍්හං ජනෙත‍්තී ච උභො සම‍්මන‍්ති අස‍්සමෙ.

3742. මහරජ, පින්වත්හු ගේ රජයෙහි ආඥාචක්‍රය පවත්නා දේශය තුළ හිමාලය වනයෙහි ආශ්‍රමයක් ඇත. ඒ ආශ්‍රමයෙහි මාගේ පියත් මවත් දෙදෙනා වෙසෙති.

3743. තෙසාහං පුබ‍්බාචරියෙසු පුඤ‍්ඤං න ලභාමි කාතවෙ, භවන‍්තං අජ‍්ඣාචරං කත්‍වා සොණං යාචාමු සංවරං.

3743. මම ඒ පූර්‍වාචාර්‍ය්‍ය වූ මාපියන් කෙරෙහි වත් පිළිවෙත් පවත්වා පින් ලැබ ගැනුමට ඉඩ නො ලබමි. එ බැවින් පින්වත්හු සපිරිවරින් ගොස් සෝණ පණ්ඩිතයන් දන්වා ආයතිසංවරය යදිමු යි නන්‍ද තවුසා කී ය.

3744. කරොමි තෙ තං වචනං යං මං භණසි බ්‍රාහ‍්මණ, එතඤ‍්ච ඛො නො අක‍්ඛාහි කීවන‍්තො හොන‍්තු යාචකා.

3744. බ්‍රාහ්මණය, යමක් මට කියහි නම් ඒ ඔබගේ වචනය මම ඉටු කරමි. මේ කරුණ ද අපට කියනු මැනැවි. ඒ ක්‍ෂමාව ඉල්ලන්නෝ කොපමණ ද?

3745. පරොසතං ජානපදා මහාසාලා ච බ්‍රාහ‍්මණා ඉමෙ ච ඛත‍්තියා සබ‍්බෙ අභිජාතා යසස‍්සිනො භවඤ‍්ච රාජා මනොජො අලං හෙස‍්සන‍්ති යාචකා.

3745. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද, උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද, මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද යන සියල්ලෝ ම සෝණ පණ්ඩිතයන් කමාකරවන්නෝ වෙති.

3746. හත්‍ථි අස‍්සෙ ච යොජෙන‍්තු රථං සන‍්තය‍්හ සාරථි, ආබන්‍ධනානි ගණ‍්හථ පාදෙසුස‍්සාරයං ධජෙ අස‍්සමං තං ගමිස‍්සාමි යත්‍ථ සම‍්මති කොසියො.

3746. ඇතරුවෝ ඇතුන් ද, අසරුවෝ අසුන් ද සරසා යොදත්වා සාරථිය, නුඹ ද රිය සරසව. ඇතුන් අසුන් හා රථ සැරැසිය යුතු බඩු ගනිවු රියෙහි තබන ලද ධ්වජපාදයන්හි ධ්වජ ඔසවත් වා. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නෙමි (යි ද රජ තෙමේ නියම කෙළේ ය.)

3747. තතො ච රාජා පායාසි සෙනාය චතුරඞ‍්ගිනී, අගමාසි අස‍්සමං රම‍්මං යත්‍ථ සම‍්මති කොසියො.

3747. රජ තෙමේ සිවුරඟසෙනඟින් පිරිවරනා ලද්දේ ඒ නගරයෙන් පිටත්විය. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද ඒ අසපුවට ගියේ ය.

3748. කස‍්ස කාදම‍්බයො කාජො වෙහාසං චතුරඞ‍්ගුලං, අංසං අසම‍්ඵුසං එති උදහාරස‍්ස ගච‍්ඡතො.

3748. කොලොම්මුවා කද සතරඟුලක් උරහිස ස්පර්‍ශ නො කරමින් ම අහසින් එයි. (මෙය) දිය ගෙනෙන්නට යන්නා වූ කවර නම් කෙනකුගේ කද දැ යි මනෝජ රජ ප්‍රශ්න කෙළේ ය.

3749. අහං සොණො මහාරාජ, තාපසො සහිතබ‍්බතො, භරාමි මාතාපිතරො රත‍්තින්‍දිවමතන්‍දිතො.

3749. මහරජ, මම ව්‍රත රක්නෙම් සෝණ නම් තවුස්මි. රෑ දාවල් නො කම්මැලි වූයෙම් මාපියන් පෝෂණය කරමි.

3750. වනෙ ඵලඤ‍්ච මූලඤ‍්ච ආහරිත්‍වා දිසම‍්පති, පොසෙමි මාතාපිතරො පුබ‍්බෙකතමනුස‍්සරං.

3750. මහරජ, වනයෙහි ගෙඩි ද අල ද ගෙනවුත් පෙර කළ උපකාර සිහිකරමින් මම මා පියන් පෝෂණය කරමියි සෝණ තාපසයා කී ය.

3751. ඉච‍්ඡාමි අස‍්සමං ගන‍්තුං යත්‍ථ සම‍්මති කොසියො, මග‍්ගං නො සොණ අක‍්ඛාහි යෙන ගච‍්ඡෙමු අස‍්සමං.

3751. යම් අසපුවෙක්හි කෝසිය ගෝත්‍රිකයා වෙසේ ද, ඒ අසපුවට යන්නට කැමැත්තෙමු. සෝණ තාපසයන් වහන්ස, යම් මඟකින් අසපුවට යමු ද ඒ මඟ කියනු මැනැවි.

3752. අයං එකපදී රාජ යෙනෙතං මෙඝසන‍්නිහං. කොවිළාරෙහි සඤ‍්ඡන‍්නං එත්‍ථ සම‍්මති කොසියො.

3752. මහරජ, මේ එකපදික මාර්‍ගය වේ. මේ මඟින් යව්. යම් දිසාවෙක්හි මේඝයට බඳු පැහැති මනා ව පිපී ගිය කොබෝලීල ගසින් ගැවසීගත් වනය පෙනේ ද, මෙහි මාගේ පිය වූ කෝසිය ගෝත්‍රිකයා වෙසේ ය යි සෝණ තාපසයා කීයේ ය.

3753. ඉදං වත්‍වාන පක‍්කාමි තරමානො මහාඉසි, වෙහාසෙ අන‍්තලික‍්ඛස‍්මිං අනුසාසිත්‍වාන ඛත‍්තියෙ.

3753. මහර්ෂී වූ සෝණ තාපස තෙම මෙය කියා රජුන්ට අනුශාසනා කොට ඉක්මන් ව අන්තරීක්‍ෂ නම් වූ අහසට පැන නැඟැ (අනෝතත්ත විලට) ගියේ ය.

3754. අස‍්සමං පරිමජ‍්ජිත්‍වා පඤ‍්ඤාපෙත්‍වාන ආසනං, පණ‍්ණසාලං පවිසිත්‍වා පිතරං පටිබොධයි.

3754. අසපුව හැමද අසුනක් පනවා පන්සලට පිවිස පියාට (ඔවුන් ආ බව) දැන්වී ය.

3755. ඉමෙ ආයන‍්ති රාජානො අභිජාතා යසස‍්සිනො, අස‍්සමා නික‍්ඛමිත්‍වාන නිසීදාහි මහාඉසි.

3755. මහර්ෂී වූ පියාණන් වහන්ස, උසස් උත්පත්ති ඇති මහපිරිවරින් යුත් මේ රජවරු ඔබ දැකුමට එති. අසපුවෙන් නික්ම දොරටුව සමීපයෙහි පනවා තිබෙන අස්නෙහි හිඳගනු මැනැවි.

3756. තස‍්ස තං වචනං සුත්‍වා තරමානො මහාඉසි, අස‍්සමා නික‍්ඛමිත්‍වාන පද‍්වාරම‍්භි උපාවිසි.

3756. මහර්ෂි තෙමේ ඒ සෝණ පණ්ඩිතයාගේ වචනය අසා ඉක්මන් කොට අසපුවෙන් නික්ම දොරටුව සමීපයෙහි පනවා තිබුණු අස්නෙහි හිඳගත්තේ ය.

3757. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තං ජලන‍්තරිව තෙජසා, ඛත‍්ත සඞ‍්ඝපරිබ‍්බූළ‍්හං කොසියො එතදබ්‍රවි.

3757. ක්‍ෂත්‍රිය සමූහයා විසින් පිරිවරන ලද තේජසින් දිලිසෙන්නාක් මෙන් එන්නා වූ ඒ රජු දැක කෝසිය ගෝත්‍රික මහර්ෂී තෙම මෙය ප්‍රකාශ කළේ ය.

3758. කස‍්ස භෙරී මුදිඞ‍්ගා ච සඞ‍්ඛා පණවදෙණ‍්ඩිමා, පුරතො පටිපන‍්නානි හාසයන‍්තා රථෙසභං.

3758. බෙර ද, මිහිඟු බෙර ද, සක් ද, පනා බෙර ද, ගැට බෙර ද යන මේවා රථශ්‍රෙෂ්ඨයන් තුටු කෙරෙමින් කවරකුගේ ඉදිරියෙන් පිළිපන්නේ ද?

3759. කස‍්ස කඤ‍්චනපට‍්ටෙන පුථුනා විජ‍්ජුවණ‍්ණිනා, යුවා කලාපසන‍්නද‍්ධො කො එති සිරියා ජලං.

3759. මහත් වූ විදුලියක බඳු රන්මුවා නළල් පටින් පරික්‍ෂිප්ත කරන ලද්දේ කවරකුගේ නළල් කෙළවර ද? දුනු හියවුරු වලින් සැරසී ශෝභායෙන් දිලිසෙමින් එන තරුණයා කවරෙක් ද?

3760. උක‍්කා මුඛෙ පහට‍්ඨංව ඛදිරඞ‍්ගාරසන‍්නිභං, මුඛඤ‍්ච රුචිරං භාති කො එති සිරියා ජලං.

3760. කඹුරු උදුනෙහි ඔප කරන ලද ස්වර්‍ණයක් මෙන් කිහිරඟුරු බඳු වර්‍ණවත් මුහුණ ද මනෝඥ ලෙස බබළයි. ශ්‍රීයෙන් බබළමින් මේ කවරෙක් නම් එයි ද?

3761. තස‍්ස පග‍්ගහිතං ඡත‍්තං සසලාකං මනොරමං, ආදිච‍්චරංසාවරණං කො එති සිරියා ජලං.

3761. හිරු රැස් වළක්වන්නා වූ සලාක සහිත වූ සිත්කලු ඡත්‍රයක් කවරකුහට අල්වන ලද ද, ශෝභාවෙන් මේ කවරෙක් ඒ ද?

3762. කස‍්ස අඞ‍්ගං පරිග‍්ගය‍්හ වාලවීජනිමුත‍්තමා, චරන‍්ති වරපඤ‍්ඤස‍්ස හත්‍ථික‍්ඛන්‍ධෙන ආයතො.

3762. ඇතු පිට නැඟ එන්නා වූ කවර නම් උතුම් නුවණැත්තකුගේ සිරුර පිරිවරාගෙන උතුම් වූ වල් විදුනාව හසුරුවද් ද,

3763. කස‍්ස සෙතානි ඡත‍්තානි ආජානීයා ච වම‍්මිතා, සමන‍්තා පරිකීරන‍්ති කො එති සිරියා ජලං.

3763. යුද ඇඳුමින් සරසන ලද ආජානීය අසුන්පිට නැඟී කවරකුගේ හාත්පස ශ්වේතච්ඡත්‍ර අල්වා සිටිද් ද, ශෝභාවෙන් දිලිසෙමින් මේ එන්නේ කවරෙක් ද?

3764. කස‍්ස එකසතං ඛත්‍යා අනුයන‍්තා යසස‍්සිනො, සමන‍්තා අනුපරියන‍්ති කො එති සිරියා ජලං.

3764. අනුව ගමන් කරන්නා වූ පිරිවරින් යුතු වූ එක් සියයක් ක්‍ෂත්‍රියයෝ කවරකුගේ හාත්පසැ පිරිවරමින් යෙද්ද, ශෝභාවෙන් දිලිසෙමින් මේ එන්නේ කවරෙක් ද?

3765. හත්‍ථි අස‍්සා රථා පත‍්ති සෙනාය චතුරඞ‍්ගිනී, සමන‍්තා අනුපරියන‍්ති කො එති සිරියා ජලං.

3765. හස්තීහු ය, අශ්වයෝ ය, රිය ය, පාබළ සෙනග ය යන සිව්රඟ සෙනග කවරකුගේ හාත්පස පිරිවරා එයි ද, ශෝභායෙන් දිලිසෙමින් කවරෙක් නම් එයි ද?

3766. කස‍්සෙසා මහතී සෙනා පිට‍්ඨිතො අනුවතත‍්තී, අක‍්ඛොභනී අපරියන‍්තා සාගරස‍්සෙව ඌමියො.

3766. සාගරයාගේ නොකැළඹුණා වූ අසීමිත රළ මෙන් මේ මහත් සේනාව කවරකු පිටිපසින් අනුගමන් කෙරේ ද?

3767. රාජාභිරාජා මනොජො ඉන්‍දෙව ජයතං පති, නන්‍දස‍්සජ‍්ඣාවරං එති අස‍්සමං බ්‍රහ‍්මචාරිනං

3767. රාජාධිරාජ වූ මනෝජ රජ ජයට පත් තව්තිසා වැසි දෙවියන්ගේ ප්‍රධානයා වූ ශක්‍රයා මෙන් නන්‍දයාගේ පිරිසට එක් වී අප කමාකරවා ගැනීමට බ්‍රහ්මචාරී වූ අපගේ අසපුවට එන්නේ ය.

3768. තස‍්සෙසා මහතී සෙනා පිට‍්ඨිතො අනුවත‍්තතී, අක‍්ඛොභනී අපරියන‍්තා සාගරස‍්සෙව ඌමියො.

3768. සාගරයාගේ නොකැළඹුණා වූ අසීමිත රළ මෙන් මහත් වූ මේ සේනාව ඔහුගේ පිටුපසින් ගමන් කරන්නේ ය.

3769. අනුලිත‍්තා චන්‍දනෙන කාසිකුත‍්තමධාරිනො, සබ‍්බෙ පඤ‍්ජලිකා හුත්‍වා ඉසිනං අජ‍්ඣුපාගමුං.

3769. සඳුන් ගැල් වූ සිරුරු ඇති ව උතුම් කසීසළු දරන්නා වූ ඒ සියලු රජවරු ම ඇඳිලි බැඳගත්තාහු ඍෂීන් සමීපයට එළැඹියහ.

3770. කච‍්චි නු භොතො කුසලං කච‍්චි භොතො අනාමයං, කච‍්චි උඤ‍්ඡෙන යාපෙථ කච‍්චි මූලඵලා බහූ.

3770. කිමෙක් ද, පින්වතුන් වහන්සේට සැප ද? කිමෙක් ද, පින්වතුන් වහන්සේට රෝග පීඩා නැද් ද? කිමෙක් ද, පිඬු සිඟා යෑමෙන් යැපෙන සේක් ද? කිමෙක් ද, අල මුල් හා පලවැළ බොහෝ වෙද් ද?

3771. කච‍්චි ඩංසා ච මකසා අප‍්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ‍්ණෙ කච‍්චි හිංසා න විජ‍්ජති.

3771. ඩැහැ ලේ බොන මැස්සෝ ද මදුරුවෝ ද දීර්‍ඝ සර්‍පයෝ ද කිම ස්වල්ප වෙද්ද, ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසීගත් මේ වනයෙහි කිම හිංසාවක් නැද් ද?

3772. කුසලඤ‍්චෙව නො රාජ අථො රාජ අනාමයං, අථො උඤ‍්ඡෙන යාපෙම අථො මූලඵලා බහූ.

3772. මහරජ, අපට සැප ය. අපට රෝගා පීඩා ද නැත. තව ද මහරජ, අපි පිඬු සිඟීමෙන් යැපෙමු. අල මුල් හා පලවැළ ද බොහෝ ය.

3773. අථො ඩංසා ච මකසා අප‍්පමෙව සිරිංසපා, වනෙ වාලමිගාකිණ‍්ණෙ හිංසා අම‍්හං න විජ‍්ජති.

3773. තව ද ඩැහැ ලේ බොන මැස්සෝ ද මදුරුවෝ ද දීර්‍ඝ ජාතික සර්‍පයෝ ද ස්වල්ප වෙති. ව්‍යාලමෘගයන්ගෙන් ගැවැසීගත් මේ වනයෙහි අපට හිංසාවක් නැත.

3774. බහූනි වස‍්සපූගානි අස‍්සමෙ වසතො ඉධ. නාභිජානාමි උප‍්පන‍්නං ආබාධං අමනොරමං.

3774. බොහෝ අවුරුදු ගණන් මේ අසපුවෙහි වසන්නා වූ මට හටගත් අමනෝඥ ආබාධයක් ගැන නො දනිමි.

3775. ස‍්වාගතන‍්තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, ඉස‍්සරොසි අනුප‍්පත‍්තො යං ඉධත්‍ථි පවෙදය.

3775. මහරජ, ඔබ ගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමකි. ඔබ ගේ පැමිණීම අයහපත් පැමිණීමක් නො වේ. මෙහි පැමිණි ඔබ අධිපති වෙහි ය. මෙහි යමක් ඔබ කැමැත්තෙහි නම් එය දන්වනු මැනැවි.

3776. තින්‍දුකානි පියාලානි මධුකෙ කාස මාරියො, ඵලානි ඛුද‍්දකප‍්පානි භුඤ‍්ජ රාජ වරං වරං.

3776. මහරජ, මී මෙන් මිහිරි රසැති රන්වන් තිඹිරි ය, මොර ය, එරමිණියා ය යන කුඩා ඵලවර්‍ග වෙති. එයින් හොඳ හොඳ ගෙඩි අනුභව කරව.

3777. ඉදම‍්පි පානීයං සීතං ආභතං ගිරිගබ‍්භරා, තතො පිව මහාරාජ සචෙ ත්‍වං අභිකඞ‍්ඛසි.

3777. අනවතප්ත විලෙන් ගෙනෙන ලද මේ සිසිල් පැන් ද තිබේ. මහරජ, කැමැත්තෙහි නම් එයින් පානය කරනු මැනවි.

3778. පටිග‍්ගහීතං යං දින‍්නං සබ‍්බස‍්ස අග‍්ඝියං කතං, නන්‍දස‍්සාපි නිසාමෙථ වචනං යං පවක‍්ඛති.

3778. තාපසයන් වහන්ස, අපට යමක් දෙන ලද නම් එය අප විසින් පිළිගන්නා ලදී. අප සියලු දෙනාට ම නුඹ වහන්සේ විසින් ආගන්තුක සත්කාර කරන ලදී. නන්‍ද පණ්ඩිත තෙමේ යමක් කියා නම් ඔහු ගේ කීම ද අසනු මැනවි.

3779. අජ‍්ඣවරම‍්භා නන්‍දස‍්ස භොතො සන‍්තිකමාගතා, සුණාතු මෙ භවං වචනං නන්‍දස‍්ස පරිසාය ච.

3779. අපි නන්‍දපණ්ඩිතයාගේ ඉල්ලීම නිසා පින්වතුන් වහන්සේ වෙත ආම්හ. පින්වත් සෝණ පණ්ඩිත තෙමේ මාගේ වචනය අසාවා, නන්‍ද පණ්ඩිතයාගේ ද පිරිසගේ ද වචනය අසාවා.

3780. පරොසතං ජානපදා මහාසාලා ච බ්‍රාහ‍්මණා, ඉමෙ ච ඛත‍්තියා සබ‍්බෙ අභිජාතා යසස‍්සිනො භවඤ‍්ච රාජා මනොජො අනුමඤ‍්ඤන‍්තු මෙ වචො.

3780. ශතාධික ජනපද වැසියෝ ද ශතාධික බ්‍රාහ්මණ මහාසාල කුලීනයෝ ද උසස් උත්පත්ති ඇති යස පිරිවරින් යුත් මේ සියලු රජවරු ද මනෝජ රජ නම් වූ පින්වත් තෙමේ ද මාගේ වචනය අනුදනිත් වා.

3781. යෙ වසන‍්ති සමීතාරො යක‍්ඛානි ඉධ අස‍්සමෙ, අරඤ‍්ඤෙ භූතභව්‍යානි සුණන‍්තු වචනං මම.

3781. මේ ආශ්‍රමයෙහි රැස් වූ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද, වෘද්ධභාවයට පත් වූ හෙයින් භූත නම් වූ ද තරුණ හෙයින් භව්‍ය නම් වූ ද යම් දෙවි කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ ම මාගේ වචනය අසත් වා.

3782. නමො කත්‍වාන භූතානං ඉසිං වක‍්ඛාමි සුබ‍්බතං, සො ත්‍යාහං දක‍්ඛිණො බාහු තව කොසිය සම‍්මතො.

3782. දෙවියන්ට නමස්කාර කොට යහපත් ව්‍රත ඇති සෝණ ඍෂිවරයන්හට මෙය කියමි. කෝසිය ගෝත්‍රික ඍෂිවරය, ඒ මම දකුණු අත යයි සම්මත ඔබගේ සහෝදරයා වෙමි.

3783. පිතරං මෙ ජනෙත‍්තිඤ‍්ච භත‍්තුකාමස‍්ස මෙ සතො, වීර පුඤ‍්ඤමිදං ඨානං මා මං කොසිය වාරය.

3783. මාගේ පියා ද මව ද පෝෂණය කරන්නට කැමැත්තා වූ මට කමාකළ මැනවි. වීරයන් වහන්ස, මාපියනට උවටැන් කිරීම් නිසා අත්වන පින ස්වර්‍ගලෝකොත්පත්තියට හේතු වන්නකි. කෝසිය ගොත්‍රිකය, මා ඒ පිනෙන් නො වළක්වනු මැනැවි.

3784. සබ‍්භිහෙතං උපඤ‍්ඤාතං මමෙතං උපනිස‍්සජ, උට‍්ඨානපාරිචරියාය දීඝරත‍්තං තයා කතං. මාතාපිතුසු පුඤ‍්ඤානි මම ලොකදදො භව.

3784. මේ මවු පිය උපස්ථානය වනාහි සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරන ලද්දකි. මෙය කිරීමට මට ඉඩ හරුව. ඔබ විසින් දිගුකලක් දැක හුනස්නෙන් නැගිටීම ය, කුදු මහත් වතාවත් කිරීම ය යන වශයෙන් උපස්ථාන කරන ලදී. මම ද මවු පියන් කෙරෙහි උවටැන් කොට පින් සිදු කර ගනු කැමැත්තෙමි. එයට ඉඩහැර ඔබ මට ස්වර්‍ගලෝකය සාදා දෙන්නෙක් වව.

3785. තථෙව සන‍්ති මනුජා ධම‍්මෙ ධම‍්මපදං විදූ, මග‍්ගො සග‍්ගස‍්ස ලොකස‍්ස යථා ජානාසි ත්‍වං ඉසෙ.

3785. ඍෂිවරය, නුඹ වහන්සේ මෙන් ම දන්නා වූ වෙනත් මිනිස්සු මෙහි ඇත. ඔවුහු නොයෙක් ආකාර ඇති ධර්‍මයෙහි වෘද්ධාපචායනයට අයත් වන මවු පිය උපස්ථානය ස්වර්‍ගලෝකයට මාර්‍ගය බව කියති.

3786. උට‍්ඨානපාරිචරියාය මාතාපිතු සුඛාවහං, තං මං පුඤ‍්ඤාභිවාරෙති අරියමග‍්ගාවරො නරො.

3786. මවු පියන්ට කායික චේතසික සුව ගෙනදෙන්නා වූ දැක හුනස්නෙන් නැගිටීම ය, කුදු මහත් වතාවත් කිරීම ය යන මෙයින් උපස්ථාන කිරීමට ඉඩ නො දී යමෙක් මා වළකන්නේ නම් ඒ මිනිසා ආර්‍ය්‍යමාර්‍ගය වළකන්නෙකි යි නන්‍ද පණ්ඩිතයා කීවේ ය.

3787. සුණන‍්තු භොන‍්තො වචනං භාතු රජ‍්ඣාවරා මම, කුලවංසං මහාරාජ පොරාණං පරිහාපයං අධම‍්මචාරී යො ජෙට‍්ඨො නිරයං සො උපපජ‍්ජති.

3787. මාගේ සහෝදරයාගේ පිරිසට අයත් ව ආවා වූ මේ සියලු පින්වත්හු මාගේ වචනය අසත්වා. මහරජ, පැරැණි වූ කුලවංශය පිරිහෙළමින් අධර්‍මයෙහි හැසිරෙන්නා වූ යම් වැඩිමහල්ලෙක් වෙයි ද, හෙතෙම නිරයෙහි උපදී.

3788. යෙ ච ධම‍්මස‍්ස කුසලා පොරාණස‍්ස දිසම‍්පති, චාරිත‍්තෙන ච සම‍්පන‍්නා න තෙ ගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

3788. මහරජ, වෘද්ධාපචායන සංඛ්‍යාත ප්‍රවේණි ධර්‍මයට දක්‍ෂ වූ යම් කෙනෙක් වෙද්ද, චාරිත්‍ර ශීලයෙන් ද යුක්ත වූ ඔව්හු දුගතියට නො යත්.

3789. මාතාපිතා ච භාතා ච භගිනී ඤාතිබන්‍ධවා, සබ‍්බෙ ජෙට‍්ඨස‍්ස තෙ භාරා එවං ජානාහි භාරත.

3789. රාජ්‍යහාරය උසුලන්නා වූ මහරජ, මාපියෝ ද සහෝදරයෝ ද සහෝදරියෝ ද ඤාති බන්‍ධූහු ද යන සියල්ලෝ ම වැඩිමහල්ලාහට භාර වෙති යි දැනැගනුව.

3790. ආදියිත්‍වා ගරුං භාරං නාවිකො විය උස‍්සහෙ, ධම‍්මඤ‍්ච නප‍්පමජ‍්ජාමි ජෙට‍්ඨොචස‍්මි රථෙසභ.

3790. රථේශ්වරය, මහත් වූ බරක් ගත් නැවියෙක් අභිමතස්ථානය කරා නිරුපද්‍රැත ව නැව ගෙනයාමට යම් සේ උත්සාහ කෙරේ ද එ මෙන් ම මම ජ්‍යේෂ්ඨාපචායන ධර්‍මයෙහි අප්‍රමාද වෙමි. මම මුළු ලෝ වැස්සාට ම ජ්‍යේෂ්ඨ ද වෙමි. එ බැවින් මම ම නන්‍ද සමඟ මාපියන් උවටැන්හි යෙදීමට සුදුසු වෙමි. (කියා සෝණ පණ්ඩිත තෙමේ කීයේ ය.)

3791. අධිගතම‍්භා තමෙ ඤාණං ජාලංව ජාතවෙදතො, එවමෙව නො භවං ධම‍්මං කොසියො පවිදංසයි.

3791. වැසී තිබුණු ජෙට්ඨාපචායන ධර්‍මයෙහි දැනුම ලැබෙන පරිදි අපට කෝසිය ගෝත්‍රික තාපස තෙම ධර්‍මය ප්‍රකාශ කෙළේ ය. කඳු මුදුන්හි දැල් වූ ගින්නෙකින් හාත්පස රූපයන් බැබැළී පෙනෙන්නාක් මෙනි.

3792. යථා උදයමාදිච‍්චො වාසුදෙවො පභඞ‍්කරො, පාණිනං පවිදංසෙති රූපං කල්‍යාණපාපකං එවමෙව නො භවං ධම‍්මං කොසියො පවිදංසයි.

3792. ප්‍රභාව උපදවමින් පෘථිවිය බබුළුවන්නා වූ සූර්‍ය්‍ය තෙම උදාවෙමින් යහපත් වූත් අයහපත් වූත් රූපයන් සත්‍වයනට යම් සේ ප්‍රකාශ කෙරෙයි ද, එ මෙන් ම කෝසිය ගෝත්‍රික තාපස තෙමේ අපට ධර්‍මය ප්‍රකාශ කෙළේ යයි රජ තෙම කී ය.

3793. එවං මෙ යාචමානස‍්ස අඤ‍්ජලිං නාවඛුජ‍්ඣථ, තව බද‍්ධචරො හෙස‍්සං වුට‍්ඨිතො පරිචාරකො.

3793. මෙ සේ කමාව ඉල්ලන්නා වූ මාගේ ඇඳිලිබැඳීම ඔබ නො පිළිගන්නහු නම් ඔබ ම මාපියන් උවටැන් කරව. මම ඔබ හා එක් ව හැසිරෙන්නෙමි. වතාවත් කරන්නෙක් වන්නෙමි. දිවා රෑ දෙක්හි අනලස් ව ක්‍රියා කරන්නෙමි යි නන්‍ද පණ්ඩිත තෙමේ කී ය.

3794. අද‍්ධා නන්‍ද පජානාසි සද‍්ධම‍්මං සබ‍්භි දෙසිතං, අරියො අරියසමාචාරො බාළ‍්හං ත්‍වං මම රුච‍්චසි.

3794. නන්‍දය, සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද සද්ධර්‍මය නුඹ ඒකාන්තයෙන් දන්නෙහිය. යහපත්වූ යහපත් හැසිරීම් ඇත්තෙක්වූ නුඹ මට අතිශයින් ප්‍රියය.

3795. භවන‍්තං වදාමි භොතිඤ‍්ච සුණාථ වචනං මම, නායං භාරො භාරමත‍්තො අහු මය‍්හං කුදාචනං.

3795. පින්වත් පියාණන්ටත් පින්වත් මෑණියන්ටත් මෙ කරුණ කියමි. මගේ වචනය අසනු මැනවි මේ මවු පිය උපස්ථානය මට කිසි විටෙකත් ස්වල්පමාත්‍රවූ ද බරෙක් නොවේ ම ය.

3796. තං මං උපට‍්ඨිතං සන‍්තං මාතාපිතු සුඛාවහං, නන්‍දො අජ‍්ඣාචරං කත්‍වා උපට‍්ඨානාය යාචති.

3796. මාපියන්හට සුව ගෙනදෙන පරිදි උපස්ථාන කළාවූ ඒ මා, නන්‍ද තෙම පැරැත්ත කොට උපස්ථානය කිරීම ඉල්ල යි.

3797. යො චෙ ඉච‍්ඡති කාමෙන සන‍්තානං බ්‍රහ‍්මචාරිනං, නන්‍දං වො චරථ එකො කං නන්‍දො උපතිට‍්ඨතු.

3797. ශාන්ත වූ බ්‍රහ්මචාරී වූ තමුන්නාන්සේලා දෙදෙන අතුරෙන් යමෙක් කැමැති වේ ද, ඔහුගේ කැමැත්තෙන් නන්‍ද තෙමේ කවරකුට උපස්ථාන කෙරේදැයි නියම කරගනු මැනැවි යි සෝණ පණ්ඩිත තෙම කීය.

3798. තයා තාත අනුඤ‍්ඤාතා සොණ තං නිස‍්සිතා මයං, උපඝායිතුං ලභෙ නන්‍දං මුද‍්ධනි බ්‍රහ‍්මචාරිනං.

3798. පුත්‍ර වූ සොණය, අපි තොප ඇසුරුකළෝ වෙමු. තොප විසින් අනුදන්නා ලද මම බ්‍රහ්මචාරීවූ නන්‍දයා මස්තකයෙහි සිඹින්නට ලබන්නෙමි යි මව කීවා ය.

3799. අස‍්සත්‍ථස‍්සෙව තරුණං පවාළං මාලුතෙරිතං, චිරස‍්සං නන්‍දං දිස‍්වාන හදයං මෙ පවෙධති.

3799. පවනින් කම්පිත වූ ඇසතු දල්ලක් මෙන් බොහෝ කලකින් නන්‍දයා දැක මගේ හෘදය කම්පා වෙයි.

3800. යදා සුත‍්තාපි සුපිනෙ නන්‍දං පස‍්සාමි ආගතං, උදග‍්ගා සුමනා හොමි නන්‍දො නො ආගතො අයං.

3800. යම් කලෙක නිද්‍රෝපගත වූ මම ආවා වූ නන්‍දයා සිහිනෙන් දකිම් ද, එකල්හි ඔදවැඩීගිය සතුටු සිත් ඇත්තියක් වෙම් ද, අපගේ ඒ මේ නන්‍ද තෙම මෙහි ආයේ ය.

3801. යදා ච පටිබුජ‍්ඣිත්‍වා නන්‍දං පස‍්සාමි නාගතං, භීයො ආවිසතී සොකො දොමනස‍්සඤ‍්චනප‍්පකං.

3801. යම් කලෙක්හි පිබිද ආවාවූ නන්‍දයා නො ම දක්නෙම් ද එවිට බොහෝ සෙයින් ශෝකය හටගනී. මහත් වූ දොම්නසට ද පැමිණෙමි.

3802. සාහං අජ‍්ජ චිරස‍්සම‍්පි නන්‍දං පස‍්සාමි ආගතං භත‍්තු ච මය‍්හඤ‍්ච පියො නන්‍දො නො පාවිසී ඝරං.

3802. ඒ මම අද බොහෝ කාලයකින් පැමිණියා වූ ද නන්‍දයා දකිමි. මගේ ස්වාමියාහට ද මට ද ප්‍රිය වූ අපගේ නන්‍දයා ගෙට පිවිසේවා.

3803. පිතු ච නන්‍දො සුප‍්පියො යං නන්‍දො නප‍්පවසෙ ඝරා, ලභතු තාත නන්‍දො තං මං නන්‍දො උපතිට‍්ඨතු.

3803. යම් හෙයෙකින් නන්‍දයා පියාට ද ඉතා ප්‍රියයෙක් වේ ද එහෙයින් නන්‍ද තෙමේ ගෙදරින් පිට නො වෙසේවා, පුත්‍ර සොණය, නන්‍දයා යමක් කැමතිවේ නම් එය ලබාවා. නුඹ පියාට උපස්ථාන කරව. නන්‍ද තෙමේ මට උපස්ථාන කෙරේවා.

3804. අනුකම‍්පිකා පතිට‍්ඨා ච පුබ‍්බෙ රසදදී ච නො, මග‍්ගො සග‍්ගස‍්ස ලොකස‍්ස මාතා තං වරතෙ ඉසෙ.

3804. නන්‍ද ඍෂිවරය, පළමුකොට ම පිහිටවූ ද මොළොක් සිත් ඇත්තා වූ ද ලේ කිරි කොට දුන්නා වූ ද අපගේ මව් තොමෝ නුඹ කැමැති වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වර්‍ගලෝකයට මාර්‍ගය වෙයි.

3805. පුබ‍්බෙ රසදදී ගොත‍්තී මාතා පුඤ‍්ඤූපසඤ‍්හිතා, මග‍්ගො සග‍්ගස‍්ස ලොකස‍්ස මාතා තං වරතෙ ඉසෙ.

3805. පෙර කිරි දුන්නාවූ ද මව් තොමෝ පින් රැස්කර දෙන්නී වෙයි. ඒ මවට උපස්ථාන කිරීම ස්වර්‍ගලෝකයට මාර්‍ගය වන්නේය. නන්‍ද ඍෂිවරය, ඒ මව නුඹ කැමතිවන්නී ය.

3806. ආකක‍්ඛමානා පුත‍්තඵලං දෙවතාය නමස‍්සති, නක‍්ඛත‍්තානි ච පුච‍්ඡති උතුසංවච‍්ඡරානි ච.

3806. පුත්‍ර ඵලය බලාපොරොත්තු වන්නාවූ මව් තොමෝ දෙවියන් වඳියි. නැකැත්ද ඍතු හා අවුරුදු ද විචාරයි.

3807. තස‍්සා උතුසිනාතාය හොති ගබ‍්භස‍්සවක‍්කමො, තෙන දොහළිනී හොති සුහදා තෙන වුච‍්චති.

3807. ඔසප් ව ස්නානය කළා වූ ඇයට දරු ගැප් පිහිටීම වෙයි. ඒ ගැබින් ඕ තොමෝ දොළදුක් ඇත්තී වෙයි. එවිට සෙනෙහස උපදී. එහෙයින් මවුතොමෝ සුහදායයි කියනු ලැබේ.

3808. සංවච‍්ඡරං වා ඌනං වා පරිහරිත්‍වා විජායති, තෙන සා ජනයන‍්තීති ජනෙත‍්තී තෙන වුච‍්චති.

3808. අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් හෝ ගැබ පරිහරණය කොට දරුවා වදයි. එහෙයින් ඕ තොමෝ දරුවන් වදානුයි “ජනෙත්ති” යි කියනු ලැබේ.

3809. ථනක‍්ඛීරෙන ගීතෙන අඞ‍්ගපාපූරණෙන ච, රොදන‍්තං පුත‍්තං තොසෙති තොසෙන‍්ති තෙන වුච‍්චති.

3809. තන කිරි දීමෙන් ද ගී කියා නැළවීමෙන් ද ශරීරාංශයට හොවාගෙන සුඛස්පර්‍ශය ඇතිකිරීමෙන් ද අඬන පුත්‍රයා තුටු කරයි. එහෙයින් මව “තෝසෙන්තී” යි කියනු ලැබේ.

3810. තතො වාතාතපෙ ඝොරෙ මමං කත්‍වා උදික‍්ඛති, දාරකං අප‍්පජානන‍්තං පොසෙන‍්ති තෙන වුච‍්චති.

3810. නැවත දරුණු වූ අව් සුළං ඇති කල්හි මමායනය කොට නොදන්නා වූ දරුවා බලයි. එහෙයින් “පෝසෙන්තී” යි කියනු ලැබේ.

3811. යඤ‍්ච මාතු ධනං හොති යඤ‍්ච හොති පිතුද‍්ධනං, උභයම‍්පෙතස‍්ස ගොපෙති අපි පුත‍්තස‍්ස නො සියා එවං පුත‍්ත අදුං පුත‍්ත ඉති මාතා විහඤ‍්ඤති.

3811. මවගේ යම් ධනයක් වෙයි ද පියාගේ යම් ධනයකුත් වේ ද ඒ දෙයාකාරවූ ම ධනය අපගේ පුත්‍රයාට මේ ධනය වන්නේ යයි මේ පුත්‍රයා සඳහා ආරක්‍ෂාකොට තබයි. පුත්‍රය මෙසේ පිළිගනුව, මෙසේ ක්‍රියා කරව, යනාදීන් කියමින් මව වෙහෙස වන්නීය.

3812. පමත‍්තං පරදාරෙසු නිසීථෙ පත‍්තයොබ‍්බනෙ, සායං පුත‍්තං අනායන‍්තං ඉති මාතා විහඤ‍්ඤති.

3812. පුතු යොවුන් වියට පත් කල්හි පරදාරාවන් කෙරෙහි ඇලුම්කොට ගෙදර නො එන්නාවූ පුත්‍රයා බලමින් වෙහෙස වෙයි.

3813. එවං කිච‍්ඡා භතො පොසො මාතු අපරිචාරකො, මාතරි මිච‍්ඡා චරිත්‍වාන නිරයං සො උපපජ‍්ජති.

3813. මෙසේ දුකසේ පෝෂණය කරනලද පුරුෂයෙක් මවට උපස්ථාන නොකෙරේද, මව කෙරෙහි උපස්ථාන නොකිරීම් සංඛ්‍යාත මිථ්‍යාචර්‍ය්‍යයෙහි හැසිර හෙතෙමේ නිරයේ උපදී.

3814. එවං කිච‍්ඡා භතො පොසො පිතු අපරිවාරකො, පිතරි මිච‍්ඡා චරිත්‍වාන නිරයං සො උපපජ‍්ජති.

3814. මෙසේ දුකසේ පෝෂණය කරනලද පුරුෂයෙක් පියාට උපස්ථාන නො කෙරේද, පියා කෙරෙහි උපස්ථාන නො කිරීම් සංඛ්‍යාත මිථ්‍යාචර්‍ය්‍යයෙහි හැසිර, හෙතෙමේ නිරයෙහි උපදී.

3815. ධනාපි ධනකාමානං නස‍්සති ඉති මෙ සුතං. මාතරං අපරිචරිත්‍වාන කිච‍්ඡං වා සො නිගච‍්ඡති.

3815. මවට උපස්ථාන නොකොට ධන කැමැත්තවුන්හට ලැබී තිබෙන ධනය පවා විනාශ වෙයි, හෙතෙමේ දුකට හෝ පැමිණෙයි කියා ද මා විසින් අසන ලදී.

3816. ධනාපි ධනකාමානං නස‍්සති ඉති මෙ සුතං. පිතරං අපරිචරිත්‍වාන කිච‍්ඡං වා සො නිගච‍්ඡති.

3816. පියාට උපස්ථාන නොකොට ධන කැමැත්තවුන්හට ලැබී තිබෙන ධනය පවා වැනසේය යි ද හෙතෙමේ දුකට හෝ පැමිණේයයි ද මා විසින් අසන ලදී.

3817. ආනන්‍දො ච පමාදො ච සදා හසිතකීළිතං, මාතරං පරිචරිත්‍වාන ලබ‍්භමෙතං විජානතො.

3817. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද මවට උපස්ථාන කොට නුවණැත්තාහට ලැබිය හැකිය.

3818. ආනන්‍දො ච පමාදො ච සදා හසිතකීළිතං, පිතරං පරිචරිත්‍වාන ලබ‍්භමෙතං විජානතො.

3818. සතුට ද ප්‍රමෝදය ද හැමකල්හි සිනාව හා ක්‍රීඩාව ද පියාට උපස්ථාන කොට නුවණැත්තාට ලැබිය හැකිය.

3819. දානඤ‍්ච පියවාචා ච අත්‍ථචරියා ච යා ඉධ, සමානත‍්තතා ච ධම‍්මෙසු තත්‍ථ තත්‍ථ යථාරහං.

3819. මේ ලෝකයෙහි දානය ද ප්‍රියවචනය ද වැඩ සිදුකරදීම ද ජෙට්ඨාපචායන ධර්‍මයන් පුරමින් පිරිස් මැදදීත්, රහසිගතවත් හැමතන්හිදී ම වැඳීමාදී ක්‍රියා සමව කිරීමයයි කියනු ලබන සමානාත්මතාවත් වේද,

3820. එතෙ ඛො සඞ‍්ගහා ලොකෙ රථස‍්සාණීව යායතො, එතෙ ච සඞ‍්ගහා නාස‍්සු න මාතා පුත‍්තකාරණා උඅභෙථ මානං පූජං වා පිතා වා පුත‍්තකාරණා.

3820. ලෙව්හි මේ සංග්‍රහයෝ වනාහි යන්නාවූ රියට කඩ ඇණය මෙන් වෙති. ඉදින් මේ සංග්‍රහයෝ නොවන්නාහු නම් පුත්‍රයකු වීම පමණින් මව බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නීය. පුත්‍රයකු වීම පමණින් පියා ද බුහුමනක් හෝ පූජාවක් හෝ නො ලබන්නේ ය.

3821. යස‍්මා ච සඞ‍්ගහා එතෙ සමවෙක‍්ඛන‍්ති පණ‍්ඩිතා, තස‍්මා මහන‍්තං පප‍්පොන‍්ති පාසංසා ච භවන‍්ති තෙ.

3821. යම් හෙයකින් නුවණැත්තෝ මේ සංග්‍රහයන් මනා කොට දනිද්ද, එහෙයින් ශ්‍රේෂ්ඨබවට පැමිණෙති. ඔව්හු ප්‍රශංසා කටයුත්තෝ ද වෙති.

3822. බ්‍රහ‍්මමාති මාතාපිතරො පුබ‍්බාචරියාති වුච‍්චරෙ, ආහුනෙය්‍යා ච පුත‍්තානං පජාය අනුකම‍්පකා.

3822. පුත්‍ර ප්‍රජාවට අනුකම්පා කරන්නා වූ මවුපියෝ වනාහි බ්‍රහ්මසමයහ, පූර්‍වාචාර්‍ය්‍යහ, ආහුනෙය්‍යහ යි කියනු ලැබෙත්.

3823. තස‍්මා හි තෙ නමස‍්සෙය්‍ය සක‍්කරෙය්‍යාථ පණ‍්ඩිතො, අන‍්නෙන අථො පානෙන වත්‍ථෙන සයනෙන ච උච‍්ඡාදනෙන නහාපන‍්නෙ පාදානං ධොවනෙන ච.

3823. එහෙයින් නුවණැත්තේ ඔවුන් වඳින්නේය. නැවත ආහාර දීමෙන් ද පානවර්‍ග දීමෙන් ද වස්ත්‍ර දීමෙන් ද සයනාසන දීමෙන් ද ඇඟ ඉලීමෙන් ද නෑවීමෙන් ද පා සේදීමෙන් ද සත්කාර කරන්නේ ය.

3824. තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ‍්ඩිතා, ඉධෙව පසංසන‍්ති පෙච‍්ච සග‍්ගෙ පමොදතීති.

3824. මාපියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම නිසා නුවණැත්තෝ මෙලොවදී ම ඔහුට පසසත්. පරලෙව්හිදී හෙතෙමේ ස්වර්‍ග ලෝකයෙහි ඉපිද සතුටුවේය යි සෝණ පණ්ඩිත තෙම ධර්‍ම දේශනා කෙළේ ය.

සොණනන්‍දජාතකං.

සෝණනන්‍ද ජාතක යි.

සත‍්තතිනිපාතො නිට‍්ඨිතො.

සත්තති නිපාතය නිමියේ ය.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අථ සත‍්තතිමම‍්හි නිපාතවරෙ ස භවං තු කුසාවති රාජවරො, අථ සොණනන්‍දවරො ච පුන අභිවාසිත සත‍්තතිමම‍්භි සුතෙති.

සත්තති නිපාතයෙහි කුසජාතක යැ සෝණනන්‍ද ජාතකයැයි ජාතක දෙකෙකි.