2. සොණනන්දජාතකවණ්ණනා 532 අට්ඨකථා
2. සොණනන්දජාතකවණ්ණනා (532)
2. සෝණනන්ද ජාතකය (532)
දෙවතා නුසි ගන්ධබ්බොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මාතුපොසකභික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු සාමජාතකෙ (ජා· 2.22.296 ආදයො) වත්ථුසදිසං. තදා පන සත්ථා “මා, භික්ඛවෙ, ඉමං භික්ඛුං උජ්ඣායිත්ථ, පොරාණකපණ්ඩිතා සකලජම්බුදීපෙ රජ්ජං ලභමානාපි තං අග්ගහෙත්වා මාතාපිතරො පොසිංසුයෙවා”ති වත්වා අතීතං ආහරි.
දේවතානුසී යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, එක් මවක් පෝෂණය කරන භික්ෂුවක් අරභයා වදාළ සේක. කථා වස්තුව සාම ජාතකයේ කථා වස්තුව හා සමාන වේ ම ය. එකල ශාස්තෲන් වහන්සේ මහණෙනි, මේ භික්ෂුවට දොස් නොකියව්. වරද නො ගන්වවු. පෞරාණික පණ්ඩිතයෝ මුළු දඹදිව රාජ්‍යය ලබන්නේ නමුදු, එය ගණන් නො ගෙන, මව්පියවරු පෝෂණය කළෝම යය පවසා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසී බ්රහ්මවඩ්ඪනං නාම නගරං අහොසි. තත්ථ මනොජො නාම රාජා රජ්ජං කාරෙසි. තත්ථ අඤ්ඤතරො අසීතිකොටිවිභවො බ්රාහ්මණමහාසාලො අපුත්තකො අහොසි. තස්ස බ්රාහ්මණී තෙනෙව “භොති පුත්තං පත්ථෙහී”ති වුත්තා පත්ථෙසි. අථ බොධිසත්තො බ්රහ්මලොකා චවිත්වා තස්සා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි, ජාතස්ස චස්ස “සොණකුමාරො”ති නාමං කරිංසු. තස්ස පදසා ගමනකාලෙ අඤ්ඤොපි සත්තො බ්රහ්මලොකා චවිත්වා තස්සායෙව කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි, තස්ස ජාතස්ස “නන්දකුමාරො”ති නාමං කරිංසු. තෙසං උග්ගහිතවෙදානං සබ්බසිප්පෙසු නිප්ඵත්තිං පත්තානං වයප්පත්තානං රූපසම්පදං දිස්වා බ්රාහ්මණො බ්රාහ්මණිං ආමන්තෙත්වා “භොති පුත්තං සොණකුමාරං ඝරබන්ධනෙන බන්ධිස්සාමා”ති ආහ. සා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පුත්තස්ස තමත්ථං ආචික්ඛි . සො “අලං, අම්ම, මය්හං ඝරාවාසෙන, අහං යාවජීවං තුම්හෙ පටිජග්ගිත්වා තුම්හාකං අච්චයෙන හිමවන්තං පවිසිත්වා පබ්බජිස්සාමී”ති ආහ. සා බ්රාහ්මණස්ස එතමත්ථං ආරොචෙසි.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මවර්ධන නම් නගරයක් විය. එහි මනෝජ නම් රජෙක් රාජ්‍යය කරවීය. එහි එක්තරා අසූකෙළක් සම්පත් ඇති, බ්‍රාහ්මණ මහසල් කුලයෙක අධිපති හෙතෙම පුතුන් නැත්තෙක් විය. ඔහුගේ බැමිණිය ඔහු කෙරෙන් ම පින්වත් පුතකු ප්‍රාර්ථනා කරවයි කියා, ප්‍රාර්ථනා කළාය. ඉක්බිති බෝසත් තෙම බ්‍රහ්මලෝකයෙන් චුතව ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. උපන් ඔහුට සෝණ කුමාරයායි නම් කළහ. ඔහු පියවරෙන් වැඩෙන කල්හි, වෙනත් සත්ත්වයෙක් බ්‍රහ්මලෝකයෙන් චුතව ඇගේ කුසේම පිළිසිඳ ගත්තේය. ඔහුට නන්ද කුමාරයායි නම් කළහ. ඔවුන්ට උගන්වන ලද වේද ශාස්ත්‍ර ඇත්තේ සියලු ශිල්පයෙහි කෙළවරට පැමිණියේ, වියපත් කල රූප සම්පත් දැක, බ්‍රාහ්මණයා බැමිණිය අමතා “පින්වතිය, පුත්‍ර සෝණ කුමාරයා ගෘහ බන්ධනයෙන් බඳින්නෙමුයි” කීවේය. ඇය යහපතැයි පිළිාගෙන පුත්‍රයාට ඒ අදහස කීවාය. ඔහු “මෑණියනි, මට ගෘහවාසයෙන් කම් නැත. මම දිවි ඇතිතෙක් නුඹලාව පෝෂණය කරවා නුඹලාගේ ඇවෑමෙන් හිමාලයට පිවිස, පැවිදිවන්නෙමි”යි කීවේය. බැමිණිය, බ්‍රාහ්මණයාට ඒ අදහස දැනුම් දුන්නාය.
තෙ පුනප්පුනං කථෙන්තාපි තස්ස චිත්තං අලභිත්වා නන්දකුමාරං ආමන්තෙත්වා “තාත, තෙන හි ත්වං කුටුම්බං පටිපජ්ජාහී”ති වත්වා “නාහං භාතරා ඡඩ්ඩිතඛෙළං සීසෙන උක්ඛිපාමි, අහම්පි තුම්හාකං අච්චයෙන භාතරාව සද්ධිං පබ්බජිස්සාමී”ති වුත්තෙ තෙසං වචනං සුත්වා “ඉමෙ ද්වෙ එවං තරුණාව කාමෙ පජහන්ති, කිමඞ්ගං පන මයං, සබ්බෙයෙව පබ්බජිස්සාමා”ති චින්තෙත්වා, “තාතා , කිං වො අම්හාකං අච්චයෙන පබ්බජ්ජාය, ඉදානෙව සබ්බෙ මයං පබ්බජිස්සාමා”ති රඤ්ඤො ආරොචෙත්වා සබ්බං ධනං දානමුඛෙ විස්සජ්ජෙත්වා දාසජනං භුජිස්සං කත්වා ඤාතීනං දාතබ්බයුත්තකං දත්වා චත්තාරොපි ජනා බ්රහ්මවඩ්ඪනනගරා නික්ඛමිත්වා හිමවන්තපදෙසෙ පඤ්චපදුමසඤ්ඡන්නං සරං නිස්සාය රමණීයෙ වනසණ්ඩෙ අස්සමං මාපෙත්වා පබ්බජිත්වා තත්ථ වසිංසු. උභොපි භාතරො මාතාපිතරො පටිජග්ගිංසු, තෙසං පාතොව දන්තකට්ඨඤ්ච මුඛධොවනඤ්ච දත්වා පණ්ණසාලඤ්ච පරිවෙණඤ්ච සම්මජ්ජිත්වා පානීයං පරිභොජනීයං උපට්ඨපෙත්වා අරඤ්ඤතො මධුරඵලාඵලානි ආහරිත්වා මාතාපිතරො ඛාදාපෙන්ති, උණ්හෙන වා සීතෙන වා වාරිනා න්හාපෙන්ති, ජටා සොධෙන්ති, පාදපරිකම්මාදීනි තෙසං කරොන්ති.
ඔවුහු යළි යළිත් කියන ලද්දේ නමුත් ඔහුට සිත් නොලැබ, නන්ද කුමාර අමතා “දරුව, එසේ වීනම් නුඹ දරු පවුලක් පෝෂණය කරන්නැයි” කියා කීය. “මම සොයුරා ඉවතලන කෙළපිඩක් හිසින් නොපිළිගන්නෙමි. මම වනාහි නුඹලාගේ ඇවෑමෙන් සොයුරා සමග පැවිදිවන්නෙමි”යි කී කල්හි ඔවුන්ගේ වචන අසා, මේ දෙදෙනාම මෙසේ තරුණ කාලයේම කාමයන් දුරු කරති. කිමෙක් ද? අපි සියල්ලෝම පැවිදි වන්නෙමුයි සිතා, දරුවනි, කිමෙක්ද තොප අපගේ ඇවෑමෙන් පැවිදි වන්නේ? දැන්මම අපි සියල්ලෝම පැවිදි වන්නෙමුයි රජුට දන්වා සියලු ධනය පරිත්‍යාග විෂයෙහි වියදම් කොට දාස ජනයාට ප්‍රමාණවත් ධනය දී, නෑදෑයන්ට දියයුතු දේවල් දී සතර දෙනා බ්‍රහ්මවර්ධන නගරයෙන් නික්ම හිමාලය ප්‍රදේශයේ පස්පියුමින් ගැවසී ගත් විලක් ඇසුරු කොට රමණීය වන ලැහැබක අසපුවක් නිර්මාණය කොට පැවිදිවී එහි වාසය කළහ. දෙදෙනා ම දෙමව්පියන් පෝෂණය කළහ. උදෑසනම ඔවුන්ට දැහැටි දඬු ද, මුව සේදීමට ජලය ද දී පන්සල ද පිරිවෙණ ද ඇමද, පැන් එලවා තබා, වනයෙන් මිහිරි ගෙඩි කුඩා ගෙඩි ගෙනවිත් දෙමව්පියන්ට කවති. උණුසුම් හා සිසිල් ජලයෙන් නහවති. ජටා සේදීම් පාද පරිකර්ම ආදිය ද ඔවුන්ට කරදෙති.
එවං අද්ධානෙ ගතෙ නන්දපණ්ඩිතො “මයා ආභතඵලාඵලානෙව පඨමං මාතාපිතරො ඛාදාපෙස්සාමී”ති පුරතො ගන්ත්වා හිය්යො ච පරහිය්යො ච ගහිතට්ඨානතො යානි වා තානි වා පාතොව ආහරිත්වා මාතාපිතරො ඛාදාපෙසි. තෙ තානි ඛාදිත්වා මුඛං වික්ඛාලෙත්වා උපොසථිකා භවන්ති. සොණපණ්ඩිතො පන දූරං ගන්ත්වා මධුරමධුරානි සුපක්කසුපක්කානි ආහරිත්වා උපනාමෙසි. අථ නං, “තාත, කනිට්ඨෙන තෙ ආභතානි මයං පාතොව ඛාදිත්වා උපොසථිකා ජාතා, න ඉදානි නො අත්ථො”ති වදන්ති. ඉති තස්ස ඵලාඵලානි පරිභොගං න ලභන්ති විනස්සන්ති, පුනදිවසෙසුපි තථෙවාති . එවං සො පඤ්චාභිඤ්ඤතාය දූරං ගන්ත්වාපි ආහරති, තෙ පන න ඛාදන්ති.
මෙසේ මාර්ගයට පිළිපන් කල්හි නන්ද පණ්ඩිතයා මා විසින් ගෙන එන ලද ගෙඩි කුඩා ගෙඩි පළමුව මව්පියන්ට කවන්නේ යයි සිතීය. ඔහු පළමුව ගොස් ඊයේ ද පෙරේදා ද ගෙන එන ලද මේ දෑ උදෑසනම ගෙනවුත් මව්පියන්ට කවයි. ඔවුහු ඒවා කා මුව විකා, පෙහෙවස් රකිත්. සෝණ පණ්ඩිතයා දුර ගොස් මිහිරි ගෙඩි වර්ග පැසුණු ඒවා ගෙනවිත් පිරිනමයි. ඉක්බිති ඔහුට දරුව, බාල සොයුරා විසින් ඒවා ගෙන එන ලදි. අපි අද ම අනුභව කොට පෙහෙවස් සමාදන් වූවෝ. දැන් අපට වැඩක් නැතැයි කියති. මෙසේ ඔහුගේ වටිනා ගෙඩි කුඩා ගෙඩි පරිහරණයට නොලැබ විනාශ වන්නේය. දෙවන දවස්හි ද, එසේ ම වේ. මෙසේ හෙතෙම පංචාභිඥාවෙන් දුර ගොස් ගෙනාවද, ඔවුහු නො කති.
අථ මහාසත්තො චින්තෙසි – “මාතාපිතරො මෙ සුඛුමාලා, නන්දො ච යානි වා තානි වා අපක්කදුප්පක්කානි ඵලාඵලානි ආහරිත්වා ඛාදාපෙති, එවං සන්තෙ ඉමෙ න චීරං පවත්තිස්සන්ති, වාරෙස්සාමි න”න්ති. අථ නං සො ආමන්තෙත්වා “නන්ද, ඉතො පට්ඨාය ඵලාඵලං ආහරිත්වා මමාගමනං පටිමානෙහි, උභොපි එකතොව ඛාදාපෙස්සාමා”ති ආහ. සො එවං වුත්තෙපි අත්තනො පුඤ්ඤං පච්චාසීසන්තො න තස්ස වචනමකාසි. මහාසත්තො “නන්දො මම වචනං අකරොන්තො අයුත්තං කරොති, පලාපෙස්සාමි නං, තතො එකකොව මාතාපිතරො පටිජග්ගිස්සාමී”ති චින්තෙත්වා “නන්ද, ත්වං අනොවාදකො පණ්ඩිතානං වචනං න කරොසි, අහං ජෙට්ඨො, මාතාපිතරො මමෙව භාරො, අහමෙව නෙසං පටිජග්ගිස්සාමි, ත්වං ඉධ වසිතුං න ලච්ඡසි, අඤ්ඤත්ථ යාහී”ති තස්ස අච්ඡරං පහරි.
ඉක්බිති බෝසත් තෙමේ මෙසේ සිතීය. මගේ මව්පියවරු සියුමැලිය. නන්ද ඒ මේ පැසුණු-නොපැසුණු ගෙඩි කුඩා ගෙඩි ගෙනවිත් කවවයි. මෙසේ ඇතිකල්හි මොවුහු චිරාත් කාලයක් නොපවතින්නාහ. එය වළක්වන්නෙමි. ඉක්බිති ඔහු අමතා, “නන්දය, මෙතැන් පටන් ගෙඩි වර්ග ගෙනවුත් මගේ ගමන නොවළක්වව. දෙදෙනා ම එකට ම කවන්නෙමු”යි කීවේය. ඔහු එසේ කී කල්හි ද, තමන්ගේ පින වළක්වන්නේ යයි සිතන්නේ ඔහුගේ වචනය නොකළේය. ඉක්බිති බෝධිසත්ත්ව තෙම, නන්ද මගේ වචනය නොකරන්නේ අයුක්තියක් කරයි. ඔහුව පලවා හරින්නෙමි. හුදකලාව ම මව්පියන් පෝෂණය කරන්නෙමියි සිතා නන්ද, නුඹ අවවාද නොපිළිගන්නෙකි. උගතුන්ගේ බස් නොකරයි. මම ජ්‍යෙෂ්ඨයා වෙමි. මව්පියන් මට ම බාර වේ. මම ම ඔවුන් පෝෂණය කරන්නෙමි. නුඹ මෙහි වාසය කිරීමට නොවටී. වෙන තැනකට යන්නැයි අසුර ගැසී ය.
සො තෙන පලාපිතො තස්ස සන්තිකෙ ඨාතුං අසක්කොන්තො තං වන්දිත්වා මාතාපිතරො උපසඞ්කමිත්වා තමත්ථං ආරොචෙත්වා අත්තනො පණ්ණසාලං පවිසිත්වා කසිණං ඔලොකෙත්වා තං දිවසමෙව පඤ්ච අභිඤ්ඤායො අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා චින්තෙසි – “අහං සීනෙරුපාදතො රතනවාලුකා ආහරිත්වා මම භාතු පණ්ණසාලාය පරිවෙණෙ ඔකිරිත්වා භාතරං ඛමාපෙතුං පහොමි, එවම්පි න සොභිස්සති, අනොතත්තතො උදකං ආහරිත්වා මම භාතු පණ්ණසාලාය පරිවෙණෙ ඔසිඤ්චිත්වා භාතරං ඛමාපෙතුං පහොමි, එවම්පි න සොභිස්සති, සචෙ මෙ භාතරං දෙවතානං වසෙන ඛමාපෙය්යං, චත්තාරො ච මහාරාජානො සක්කඤ්ච ආනෙත්වා භාතරං ඛමාපෙතුං පහොමි, එවම්පි න සොභිස්සති , සකලජම්බුදීපෙ මනොජං අග්ගරාජානං ආදිං කත්වා රාජානො ආනෙත්වා ඛමාපෙස්සාමි, එවං සන්තෙ මම භාතු ගුණො සකලජම්බුදීපෙ අවත්ථරිත්වා ගමිස්සති, චන්දිමසූරියො විය පඤ්ඤායිස්සතී”ති. සො තාවදෙව ඉද්ධියා ගන්ත්වා බ්රහ්මවඩ්ඪනනගරෙ තස්ස රඤ්ඤො නිවෙසනද්වාරෙ ඔතරිත්වා ඨිතො “එකො කිර වො තාපසො දට්ඨුකාමො”ති රඤ්ඤො ආරොචාපෙසි. රාජා “කිං පබ්බජිතස්ස මයා දිට්ඨෙන, ආහාරත්ථාය ආගතො භවිස්සතී”ති භත්තං පහිණි, සො භත්තං න ඉච්ඡි. තණ්ඩුලං පහිණි, තණ්ඩුලං න ඉච්ඡි. වත්ථානි පහිණි, වත්ථානි න ඉච්ඡි. තම්බූලං පහිණි, තම්බූලං න ඉච්ඡි. අථස්ස සන්තිකෙ දූතං පෙසෙසි, “කිමත්ථං ආගතොසී”ති. සො දූතෙන පුට්ඨො “රාජානං උපට්ඨහිතුං ආගතොම්හී”ති ආහ. රාජා තං සුත්වා “බහූ මම උපට්ඨාකා, අත්තනොව තාපසධම්මං කරොතූ”ති පෙසෙසි. සො තං සුත්වා “අහං තුම්හාකං අත්තනො බලෙන සකලජම්බුදීපෙ රජ්ජං ගහෙත්වා දස්සාමී”ති ආහ.
හෙතෙම එතැනින් පලාගියේ, ඔහුගේ සමීපයේ සිටීමට නොහැකි වන්නේ ඔහු වැඳ මව්පියන් වෙත ගොස් ඒ අර්ථය දන්වා වැඳ තමන්ගේ පන්සලට පිවිස කසිණ බලා ඒ දවසේ ම පංචභිඥා අෂ්ට සමාපත්ති උපදවා මෙසේ සිතීය. මම සිනේරු පර්වත පාදයෙන් රන්වැලි ගෙනවිත් මගේ සොයුරු පන්සලෙහි ද පිරිවෙනේ ද විසුරුවා සොයුරා ක්ෂමා කිරීමට පෙළඹෙමි. එසේ නොහොබින්නේයි. අනෝතත්ත විලෙන් ජලය ගෙනවිත් මගේ සොයුරු පන්සලේ ද පිරිවෙනේ ද ඉස සොයුරා ක්ෂමා කිරීමට පෙළඹෙමි. එසේ ද ශෝභමාන නොවන්නේ නම් ඉදින් මගේ සොයුරා දේවතාවන් ගේ වශයෙන් ක්ෂමා කරන්නේ ය. සතරවරම් මහරජවරු ද, ශක්‍රයා ද කැඳවා සොයුරා ක්ෂමා කිරීමට පෙළඹෙමි. එසේද නොහොබින්නේ නම් මේ මුළු දඹදිව මනෝජ අගරජදරුවන් මුල් කොට රජවරුන් කැඳවා ක්ෂමා කිරීමට පෙළඹෙමි. මෙසේ ඇතිකල්හි මගේ සොයුරු ගුණ මුළු දඹදිව තලයේ පතුරුවා යන්නේය. සඳ හිරු මෙන් ප්‍රකට වන්නේ ය. හෙතෙම එකෙණෙහිම සෘද්ධියෙන් ගොස් බ්‍රහ්මවර්ධන නගරයේ ඒ රජුගේ මන්දිර දොරටුවට බැස එක් තාපසයකු තොප දකිනු කැමැත්තේ පැමිණියේ යයි රජුට දැනුම් දුන්නේය. රජු කිම පැවිද්දකු විසින් මා දැක කවර ප්‍රයෝජනද? ආහාර පිණිස ආවේ වන්නේ යයි බත් යැව්වේ, ඔහු බතට නො කැමැති විය. සහල් යැවීය. සහල් අකමැති විය. වස්ත්‍ර යැවීය. වස්ත්‍ර නො කැමැති විය. බුලත් යැවීය. බුලත්වලට අකමැති විය. ඉක්බිති ඔහු සමීපයට දූතයකු යැවීය. කුමක් පිණිස ආවේදැයි ඔහු ඔහුගෙන් විමසන ලද්දේ රජුට උපස්ථානයට පැමිණියේ වෙමියි කීවේය. ඒ අසා රජතුමා මගේ බොහෝ උපස්ථායකයෝයි. තමන්ගේ තාපස කර්ම කරවයි පිටත් කෙළේය.
තං සුත්වා රාජා චින්තෙසි – “පබ්බජිතා නාම පණ්ඩිතා, කිඤ්චි උපායං ජානිස්සන්තී”ති තං පක්කොසාපෙත්වා ආසනෙ නිසීදාපෙත්වා වන්දිත්වා “භන්තෙ, තුම්හෙ කිර මය්හං සකලජම්බුදීපරජ්ජං ගහෙත්වා දස්සථා”ති පුච්ඡි. “ආම මහාරාජා”ති. “කථං ගණ්හිස්සථා”ති? “මහාරාජ, අන්තමසො ඛුද්දකමක්ඛිකාය පිවනමත්තම්පි ලොහිතං කස්සචි අනුප්පාදෙත්වා තව ධනච්ඡෙදං අකත්වා අත්තනො ඉද්ධියාව ගහෙත්වා දස්සාමි, අපිච කෙවලං පපඤ්චං අකත්වා අජ්ජෙව නික්ඛමිතුං වට්ටතී”ති. සො තස්ස වචනං සද්දහිත්වා සෙනඞ්ගපරිවුතො නගරා නික්ඛමි. සචෙ සෙනාය උණ්හං හොති, නන්දපණ්ඩිතො අත්තනො ඉද්ධියා ඡායං කත්වා සීතං කරොති, දෙවෙ වස්සන්තෙ සෙනාය උපරි වස්සිතුං න දෙති, සීතං වා උණ්හං වා වාරෙති, මග්ගෙ ඛාණුකණ්ටකාදයො සබ්බපරිස්සයෙ අන්තරධාපෙති, මග්ගං කසිණමණ්ඩලං විය සමං කත්වා සයං ආකාසෙ චම්මඛණ්ඩං පත්ථරිත්වා පල්ලඞ්කෙන නිසින්නො සෙනාය පරිවුතො ගච්ඡති.
ඔහු එය අසා මම ඔබලාට තමන්ගේ බලයෙන් මුළු දඹදිව් තලයේ රජකම ගෙන දෙන්නෙමියි කීවේය. ඒ අසා රජතුමා සිතීය. පැවිද්දෝ නම් පණ්ඩිතයෝ ය. කිසියම් උපායක් දැනගන්නාය යයි ඔහු කැඳවා අසුනෙහි වඩා හිඳුවා වැඳ, “ස්වාමීනි, නුඹ වනාහි මගේ මුළු දඹදිව් තලයේ රාජ්‍යය ගෙන දෙව්දැයි” විචාළේය. මහරජ, එසේය. කෙසේ ගන්නහුද? මහරජ, යටත් පිරිසෙයින් කුඩා මැස්සෙකු බොන පමණකුදු කිසිවෙකුගේ ලේ නොසෙල්වා ඔබගේ ජනතාව විශාල නොකොට තමන්ගේ සෘද්ධියෙන් ගෙන දෙන්නෙමි. තවද, හුදෙක් ප්‍රමාදයක් නොකොට අද ම නික්මෙන්ට වටී යයි යනුවෙනි. ඔහු උන්වහන්සේගේ වචනය අදහා සේනාව පිරිවරා නගරයෙන් නික්මුණේය. ඉදින් සේනාව උණුසුම් වෙයිද? නන්ද පණ්ඩිතයා තමන්ගේ සෘද්ධියේ බලයෙන් සෙවනැල්ලක් කොට සිසිල් කරයි. වර්ෂාව වසින කාලයේ සේනාව මතු පිටට වැස්ස වැසීමට නොදෙයි. උණුසුම හෝ සීතල වළක්වයි. මාර්ගයේ කටු වනලැහැබ් ආදි සියළු උපද්‍රව දුරු කරවයි. මාර්ගය කසිණ මණ්ඩලය මෙන් සමකර තෙමේ ද ආකාශයේ සම්කඩක් අතුරා පර්යංකයේ හුන්නේ සේනාව පිරිවරා ද යයි.
එවං සෙනං ආදාය පඨමං කොසලරට්ඨං ගන්ත්වා නගරස්සාවිදූරෙ ඛන්ධාවාරං නිවාසාපෙත්වා “යුද්ධං වා නො දෙතු සෙතච්ඡත්තං වා”ති කොසලරඤ්ඤො දූතං පාහෙසි. සො කුජ්ඣිත්වා “කිං අහං න රාජා”ති “යුද්ධං දම්මී”ති සෙනාය පුරක්ඛතො නික්ඛමි. ද්වෙ සෙනා යුජ්ඣිතුං ආරභිංසු . නන්දපණ්ඩිතො ද්වින්නම්පි අන්තරෙ අත්තනො නිසීදනං අජිනචම්මං මහන්තං කත්වා පසාරෙත්වා ද්වීහිපි සෙනාහි ඛිත්තසරෙ චම්මෙනෙව සම්පටිච්ඡි. එකසෙනායපි කොචි කණ්ඩෙන විද්ධො නාම නත්ථි, හත්ථගතානං පන කණ්ඩානං ඛයෙන ද්වෙපි සෙනා නිරුස්සාහා අට්ඨංසු. නන්දපණ්ඩිතො මනොජරාජස්ස සන්තිකං ගන්ත්වා “මා භායි, මහාරාජා”ති අස්සාසෙත්වා කොසලස්ස සන්තිකං ගන්ත්වා “මහාරාජ, මා භායි, නත්ථි තෙ පරිපන්ථො, තව රජ්ජං තවෙව භවිස්සති, කෙවලං මනොජරඤ්ඤො වසවත්තී හොහී”ති ආහ. සො තස්ස සද්දහිත්වා “සාධූ”ති සම්පටිච්ඡි. අථ නං මනොජස්ස සන්තිකං නෙත්වා “මහාරාජ, කොසලරාජා තෙ වසෙ වත්තති, ඉමස්ස රජ්ජං ඉමස්සෙව හොතූ”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තං අත්තනො වසෙ වත්තෙත්වා ද්වෙ සෙනා ආදාය අඞ්ගරට්ඨං ගන්ත්වා අඞ්ගං ගහෙත්වා තතො මගධරට්ඨන්ති එතෙනුපායෙන සකලජම්බුදීපෙ රාජානො අත්තනො වසෙ වත්තෙත්වා තතො තෙහි පරිවුතො බ්රහ්මවඩ්ඪනනගරමෙව ගතො. රජ්ජං ගණ්හන්තො පනෙස සත්තන්නං සංවච්ඡරානං උපරි සත්තදිවසාධිකෙහි සත්තමාසෙහි ගණ්හි. සො එකෙකරාජධානිතො නානප්පකාරං ඛජ්ජභොජනං ආහරාපෙත්වා එකසතරාජානො ගහෙත්වා තෙහි සද්ධිං සත්තාහං මහාපානං පිවි.
මෙසේ සේනාව රැගෙන පළමුව කොසොල් රටට ගොස්, නගරයට නුදුරේ කඳවුරක් සාදවා අපට යුද්ධයක් දේවා! නැතහොත් රාජ්‍යය හෝ දේවායි කොසොල් රජුට දූතයන් යැවීය. ඔහු දූතයාගේ වචනය අසා කිපී යුද්ධ කොට කිමෙක්ද? මම රජ නොවෙමි ද? යුද්ධය දෙමියි සේනාව සන්නද්ධ කරවා යුද පිණිස නික්ම ගියේය. සේනා දෙක යුද්ධ කිරීමට පටන් ගත්හ. අනතුරුව නන්ද පණ්ඩිතයා දෙදෙන අතර තමන් සිට අඳුන් දිවිසම මහත්කොට දිගහැර සේනා දෙක අතර සිටිනුයේ දෙපක්ෂයේම විදි ඊදඬු කිසි කෙනකුන්ගේ ඇඟට වැදෙන්නට ඉඩ නොදුන්හ. දෙසේනාවගේ ම ඊදඬු අවසන් වූ කල්හි, දෙපිරිස ම ඔවුනොවුන්ට භයින් නිරුත්සාහිකව සිටියාහුය. ඔවුන්ගේ අත් සිත් මිස කළ හැක්කක් නො වූහ. එවිට නන්ද පණ්ඩිතයා මනෝජ රජුගේ සමීපයට ගොස් මහරජ, බිය නොවන්න යයි මහරජ අස්වසා කොසොල් රජුගේ සමීපයට ගොස් බිය නොවන්න මහරජ, ඔබට උවදුරක් නොවේ. රාජ්‍යය ඔබට ම වන්නේය. හුදෙක් මනෝජ රජුට මිත්‍රව රජුගේ වසඟයෙහි වේවා’යි කී ය. ඔහු ඔහු ගේ වචනය විශ්වාසකොට යහපතැ’යි පිළිගත්තේය. ඉක්බිති ඔහු මනෝජ රජු සමීපයට ගොස් මහරජ, කොසොල් රජු ඔබ වසඟයේ පවතී. මේ රජකම මොහුටම වේවා! ඔහු යහපතැයි පිළිගෙන ඔහු තමන්ගේ වසඟයේ පිහිටුවා, දෙසෙනග ගෙන අංග ජනපදයට ගොස් අංග රට අල්වාගෙන ඉක්බිති මගධ රට ද, ඒ ආකාරයෙන් මුළු දඹදිව් තලයේ ම රජවරුන් තමන්ගේ වසඟයෙහි පවත්වාගෙන, අනතුරුව ඔවුන් විසින් පිරිවරන ලදුව බ්‍රහ්මවර්ධන නගරයට ම ගියහ. ඔහු එක එක රාජධානිවලින් විවිධාකාර වූ ආහාරපාන ගෙන්වාගෙන එකසිය එකක් රජවරුන් ගෙන, ඔවුන් සමග සත්දිනක් මහා ජය පානය කෙළේය.
නන්දපණ්ඩිතො “යාව රාජා සත්තාහං ඉස්සරියසුඛං අනුභොති, තාවස්ස අත්තානං න දස්සෙස්සාමී”ති උත්තරකුරුම්හි පිණ්ඩාය චරිත්වා හිමවන්තෙ කඤ්චනගුහාද්වාරෙ සත්තාහං වසි. මනොජොපි සත්තමෙ දිවසෙ අත්තනො මහන්තං සිරිවිභවං ඔලොකෙත්වා “අයං යසො න මය්හං මාතාපිතූහි, න අඤ්ඤෙහි දින්නො, නන්දතාපසං නිස්සාය උප්පන්නො, තං ඛො පන මෙ අපස්සන්තස්ස අජ්ජ සත්තමො දිවසො, කහං නු ඛො මෙ යසදායකො”ති නන්දපණ්ඩිතං සරි. සො තස්ස අනුස්සරණභාවං ඤත්වා ආගන්ත්වා පුරතො ආකාසෙ අට්ඨාසි. රාජා තං දිස්වා චින්තෙසි – “අහං ඉමස්ස තාපසස්ස දෙවතාභාවං වා මනුස්සභාවං වා න ජානාමි, සචෙ එස මනුස්සො භවෙය්ය, සකලජම්බුදීපරජ්ජං එතස්සෙව දස්සාමි. අථ දෙවො, සක්කාරමස්ස කරිස්සාමී”ති. සො තං වීමංසන්තො පඨමං ගාථමාහ –
නන්ද පණ්ඩිතයෝ ද රජකම යම්තාක් සත්දිනක් ඉසුරු සම්පත් අනුභව කරයි ද, ඒතාක් ඔහුට තමන්ව නො දක්වන්නෙමියි උතුරුකුරු දිවයිනේ පිඬු පිණිස හැසිර, හිමාලයේ රත්තරන් ගුහා ද්වාරයේ සත් දිනක් වාසය කෙළේය. මනෝජ ද, සත්වෙනි දිනයේ තමන්ගේ මහත් ශ්‍රී සම්පත් බලා මේ යසස මගේ නොවේ. මව්පියන් විසින් ද නො වේ. අනෙකෙකු විසින් දෙන ලද්දක් ද නොවේ. නන්ද පණ්ඩිත තාපසයා නිසා උපන්නෙකි. ඔහුට නොදක්නේ අදින් සත්වෙනි දිනයේ මගේ යස දායකයා වූ නන්ද පණ්ඩිතයා කොහේදැයි සිහිපත් කෙළේය. හෙතෙම, ඔහුගේ සිහිපත් කරන බව දැන අවුත් ඉදිරියේ අහසෙහි සිටියේය. රජු ඔහු දැක මෙසේ සිතීය. මම මේ තාපසයාගේ දේවාත්මය හෝ මිනිස් බව නොදනිමි. ඉදින් මෙතෙම මනුෂ්‍යයෙකු නම් මුළු දඹදිව් තලයේ ම රාජ්‍යය මොහුට දෙන්නෙමි. ඉක්බිති දෙවියෙක් නම් ඔහුට දේවතා සත්කාරය කරන්නෙමි. හෙතෙම ඔහුගෙන් විමසන්නේ පළමු ගාථාව කීවේ ය.
“දෙවතා නුති ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො; මනුස්සභූතො ඉද්ධිමා, කථං ජානෙමු තං මය”න්ති.
ඔබ දෙවියෙක් ද, නැතිනම් ගාන්ධර්වයෙක් ද? එසේත් නැතිනම් ශක්‍රයා ද, නැතහොත් සෘද්ධි සම්පත් ලබාගත් මිනිසෙක් ද? අපි කෙසේ හඳුනාගන්න ද?
සො තස්ස වචනං සුත්වා සභාවමෙව කථෙන්තො දුතියං ගාථමාහ –
ඔහු ඔහුගේ වචනය අසා යහ ස්වභාවය ම හෙළිකරන්නේ දෙවෙනි ගාථාව කීවේ ය.
“නාපි දෙවො න ගන්ධබ්බො, නාපි සක්කො පුරින්දදො; මනුස්සභූතො ඉද්ධිමා, එවං ජානාහි භාරධා”ති.
රජතුමනි! මම දෙවියෙක් නො වෙමි. ගාන්ධර්වයෙක් ද නො වෙමි. ශක්‍රයා ද නො වෙමි. සෘද්ධි සම්පත් ලබාගත් මිනිසෙක් වෙමි.
තත්ථ භාරධාති රට්ඨභාරධාරිතාය නං එවං ආලපති.
එහි භාරතා යනු, රටෙහි බර දරන බැවින් එසේ හේ ආමන්ත්‍රණය කරයි.
තං සුත්වා රාජා “මනුස්සභූතො කිරායං මය්හං එවං බහුපකාරො, මහන්තෙන යසෙන නං සන්තප්පෙස්සාමී”ති චින්තෙත්වා ආහ –
ඒ අසා රජතුමා, මනුෂ්‍යයෙක් නම් මෙතෙම මෙසේ මට බොහෝ උපකාර ඇති බැවින් මහත් වූ යසසින් හෙතෙම සන්තර්පණය කරන්නෙමියි සිතා මෙසේ කීවේය –
“කතරූපමිදං භොතො, වෙය්යාවච්චං අනප්පකං; දෙවම්හි වස්සමානම්හි, අනොවස්සං භවං අකා.
පින්වත! ඔබ විසින් කයින් කෙරෙන වතාවත් මහත් ලෙස පුරන ලද බැවින් එහි සමර්ථභාවය නිසා පින්වත් තෙමේ වැසි වස්නා කල්හි එය නැවැත්වීම කෙළේය.
“තතො වාතාතපෙ ඝොරෙ, සීතච්ඡායං භවං අකා; තතො අමිත්තමජ්ඣෙසු, සරතාණං භවං අකා.
තව ද පින්වත් ඔබ දරුණු වූ සුළඟ හා අව්ව ඇති කල්හි සිසිල් සෙවණ කෙළේය. නැවත පින්වත් තෙමේ සතුරන් මැද ඊ පහරින් වැළකීම කෙළේය.
“තතො ඵීතානි රට්ඨානි, වසිනො තෙ භවං අකා; තතො එකසතං ඛත්යෙ, අනුයන්තෙ භවං අකා.
තව ද පින්වතා සංවර්ධිත රටවල වැසියන් අප වසඟ කෙළේය. එක් සියයක රජවරු අපේ අනුගාමිකයෝ කළහ.
“පතීතාස්සු මයං භොතො, වද තං භඤ්ජමිච්ඡසි; හත්ථියානං අස්සරථං, නාරියො ච අලඞ්කතා; නිවෙසනානි රම්මානි, මයං භොතො දදාමසෙ.
අපි ඔබ කෙරෙහි පැහැදුනෝ වෙමු. පින්වතා යම්කිසි දෙයක් කැමති වන්නේ නම් එය ඉල්ලනු මැනවි. ඇතුන්, අසුන්, අලංකාරයෙන් සැරසූ ස්ත්‍රීන්, මනහර ගෙවල් දොරවල් ආදී යන මේවා පින්වතාට දෙමු.
“අථ වඞ්ගෙ වා මගධෙ, මයං භොතො දදාමසෙ; අථ වා අස්සකාවන්තී, සුමනා දම්ම තෙ මයං.
අඟු රටෙහි රජකම හෝ මගධ රටෙහි රජකම ඔබට දෙමි. නැතිනම් අස්සක හෝ අවන්ත රට දෙමි. පින්වත තුමනි, දෙයක් අපි දෙන්නෙමු.
“උපඩ්ඪං වාපි රජ්ජස්ස, මයං භොතො දදාමසෙ; සචෙ තෙ අත්ථො රජ්ජෙන, අනුසාස යදිච්ඡසී”ති.
අපි ඔබට රජයෙන් අඩක් හෝ දෙමු. දඹදිව මුළු රජය පතන්නේ නම් ඒ රාජ්‍යය වුව ද දෙමු. යමක් කැමති නම් එය කියන්න.
තත්ථ කතරූපමිදන්ති කතසභාවං. වෙය්යාවච්චන්ති කායවෙය්යාවතිකකම්මං. අනොවස්සන්ති අවස්සං, යථා දෙවො න වස්සති , තථා කතන්ති අත්ථො. සීතච්ඡායන්ති සීතලං ඡායං. වසිනො තෙති තෙ රට්ඨවාසිනො අම්හාකං වසවත්තිනො. ඛත්යෙති ඛත්තියෙ, අට්ඨකථායං පන අයමෙව පාඨො. පතීතාස්සු මයන්ති තුට්ඨා මයං. වද තං භඤ්ජමිච්ඡසීති භඤ්ජන්ති රතනස්සෙතං නාමං, වරං තෙ දදාමි, යං රතනං ඉච්ඡසි, තං වදෙහීති අත්ථො. “හත්ථියාන”න්තිආදීහි සරූපතො තං තං රතනං දස්සෙති . අස්සකාවන්තීඅස්සකරට්ඨං වා අවන්තිරට්ඨං වා. රජ්ජෙනාති සචෙපි තෙ සකලජම්බුදීපරජ්ජෙන අත්ථො, තම්පි තෙ දත්වා අහං ඵලකාවුධහත්ථො තුම්හාකං රථස්ස පුරතො ගමිස්සාමීති දීපෙති. යදිච්ඡසීති එතෙසු මයා වුත්තප්පකාරෙසු යං ඉච්ඡසි, තං අනුසාස ආණාපෙහීති.
එහි කතරූපමිදං යනු කරන ලද ස්වභාවයයි. වෙය්යාවච්චං යනු කයින් කෙරෙන වතාවත්. අනොවස්සං යනු යම්සේ වර්ෂාව වසීද? එය නවත්වයි යන අර්ථයයි. සීතච්ඡායං යනු සිසිල් සෙවනැලි. වසීනො තෙ යනු ඒ රටවැසියෝ අපගේ වසඟයේය. ඛත්යෙ යනු ක්ෂත්රියන්. අට්ඨකථාවේ එන මෙම පාඨය ම ය. පතීතාස්සු මයං යනු උපන් සතුටින් යුක්ත බවයි. වරං තං භඤ්ඤමිච්ඡසී යනු මේ රත්නමය. එම වරය ඔබට දෙමි. යං රත්නයක් කැමැති වෙහිද එම වරය යන අර්ථයයි. හත්ථියානං යන ආදී ස්වරූපයෙන් ඒ රත්න පෙන්වයි. අස්සකාවන්ති යනු අස්සක රාජධානිය හෝ අවන්ති රටයි. රජ්ජෙනා යනු ඉදින් ඔවුහු මුළු දඹදිවම රාජ්‍යය කැමැත්නම් රාජ්‍යය ඔබට දී කඩු පලඟ ගෙන ඔබට සේවය කරන්නෙමි. (ඔබගේ රථයට ඉදිරියෙන් දුවන්නෙමි) යනු ප්‍රකට වේ. යදිච්ඡසී යනු මේ කාරණා මා විසින් ප්‍රකාශ කළ කල්හි යමක් කැමැති වෙහි ද එය අනුසාස අණ කරව.
තං සුත්වා නන්දපණ්ඩිතො අත්තනො අධිප්පායං ආවිකරොන්තො ආහ –
ඒ අසා නන්ද පණ්ඩිතයා, තමන්ගේ අභිප්‍රාය බලාපොරොත්තු ප්‍රකට කරමින් මෙසේ කීවේය.
“න මෙ අත්ථොපි රජ්ජෙන, නගරෙන ධනෙන වා; අථොපි ජනපදෙන, අත්ථො මය්හං න විජ්ජතී”ති.
මහරජ! මට රාජ්‍යයෙන්, ධනයෙන්, නගරයෙන් ප්‍රයෝජනයක් නැත. ජනපදයෙන් ද ප්‍රයෝජනයක් නැත.
“සචෙ තෙ මයි සිනෙහො අත්ථි, එකං මෙ වචනං කරොහී”ති වත්වා ගාථාද්වයමාහ –
මහරජ, ඉදින් මා කෙරෙහි ඔබගේ සෙනෙහසක් ඇත් ද? මගේ එක් වචනයක් කරවයි, කියා ගාථා කීවේ ය –
“භොතොව රට්ඨෙ විජිතෙ, අරඤ්ඤෙ අත්ථි අස්සමො; පිතා මය්හං ජනෙත්තී ච, උභො සම්මන්ති අස්සමෙ.
මහරජ! ඔබගේ රාජ්‍යයේ දේශසීමාව තුළ හිමාලය වනයේ ආශ්රමයක් ඇත. ඒ ආශ්රමයේ මගේ මවත් පියාත් වෙසෙති.
“තෙසාහං පුබ්බාචරියෙසු, පුඤ්ඤං න ලභාමි කාතවෙ; භවන්තං අජ්ඣාවරං කත්වා, සොණං යාචෙමු සංවර”න්ති.
මම ඒ මවුපියන් කෙරෙහි වත් පිළිවෙත් පවත්වා පින් ලැබගන්ට ඉඩ නො ලබමි. එබැවින්, පින්වත්හු සපිරිවරින් එහි ගොස් සෝණ පණ්ඩිතයන් හමු වී මා සමා කරවා ආයති සංවරයෙහි පිහිටීමට අවස්ථාව සලසා දීමට යහපති.
තත්ථ රට්ඨෙති රජ්ජෙ. විජිතෙති ආණාපවත්තිට්ඨානෙ. අස්සමොති හිමවන්තාරඤ්ඤෙ එකො අස්සමො අත්ථි. සම්මන්තීති තස්මිං අස්සමෙ වසන්ති. තෙසාහන්ති තෙසු අහං. කාතවෙති වත්තපටිවත්තඵලාඵලාහරණසඞ්ඛාතං පුඤ්ඤං කාතුං න ලභාමි, භාතා මෙ සොණපණ්ඩිතො නාම මමෙකස්මිං අපරාධෙ මා ඉධ වසීති මං පලාපෙසි. අජ්ඣාවරන්ති අධිආවරං තෙ මයං භවන්තං සපරිවාරං කත්වා සොණපණ්ඩිතං සංවරං යාචෙමු, ආයතිං සංවරං යාචාමාති අත්ථො. “යාචෙමිමං වර”න්තිපි පාඨො, මයං තයා සද්ධිං සොණං යාචෙය්යාම ඛමාපෙය්යාම, ඉමං වරං තව සන්තිකා ගණ්හාමීති අත්ථො.
එහි රට්ඨෙ යනු රාජ්‍යයේ. විජිතෙ යනු රජ ආඥාව පවතින ප්රදේශයයි. අස්සමො යනු හිමාලය වනාන්තරයේ පිහිටි එක් ආශ්රමයක් ඇත. සම්මන්තී යනු ඒ ආශ්රමයේ වාසය කරති. තෙසාහං යනු ඔවුන් අතර මම කාතවෙ යනු, වත් පිළිවෙත් කුඩා අනුකුඩා සංඛ්‍යාත පින් කරන්නට නොලබමි. සොයුර, මගේ සෝණ පණ්ඩිත නම් මගේ එක් වැරදි කරන්නෙකු කෙරෙහි මෙහි නොවසාවා මාව නෙරපා හැරියේය. අජ්ඣාවං යනු ශ්‍රේෂ්ඨ හැසිරීමයි. ඒ අපි පින්වතාණන් සහ පිරිවර කොට, සෝණ පණ්ඩිතයා සංවරං යාචාමු ආයති සංවරය ඉල්ලා සිටිමු යන අර්ථයයි. යාචෙමු සංවරං යන පාඨයයි. අපි ඔබ සමග සෝණගෙන් ඉල්ලා සිටින්නෙමු. ක්ෂමා අයදින්නෙමු. මේ වරය ඔබගේ සමීපයේ ගනිමි යන අර්ථයයි.
අථ නං රාජා ආහ –
ඉක්බිති ඔහුට රජතුමා මෙසේ කීවේ ය.
“කරොමි තෙ තං වචනං, යං මං භණසි බ්‍රාහ්මණ; එතඤ්ච ඛො නො අක්ඛාහි, කීවන්තො හොන්තු යාචකා”ති.
බ්‍රාහ්මණය! යමක් ඔබ මට කීයේ නම් එය කරමි. මෙය ද අපට කියන්න. ඒ සමාව ඉල්ලීමේ කාර්යයට කී දෙනෙක් යා යුතු ද?
තත්ථ කරොමීති අහං සකලජම්බුදීපරජ්ජං දදමානො එත්තකං කිං න කරිස්සාමි, කරොමීති වදති. කීවන්තොති කිත්තකා.
එහි කරොමී යනු මම මුළු දඹදිව තලයේ රාජ්‍යය දෙනු කැමැත්තේ නම් මෙපමණකුත් නොකරන්නෙමි ද? කරමි යයි පවසයි. කීවන්තො යනු කොපමණ ද යනුයි.
නන්දපණ්ඩිතො ආහ –
නන්ද පණ්ඩිතයා කීවේ ය.
“පරොසතං ජානපදා, මහාසාලා ච බ්රාහ්මණා; ඉමෙ ච ඛත්තියා සබ්බෙ, අභිජාතා යසස්සිනො; භවඤ්ච රාජා මනොජො, අලං හෙස්සන්ති යාචකා”ති.
සියයක් පමණ ජනපද වැසියෝ ද, සියයක් පමණ බ්‍රාහ්මණ මහාසාර කුලීනයෝ ද, සියයක් රජවරු ද, මනෝජ රජු නම් වූ ඔබ ද යන සියල්ලෝ සෝණ පණ්ඩිතයන් සමා කිරීමට යන ගමනට යා යුත්තෝ වෙති.
තත්ථ ජානපදාති ගහපතී. මහාසාලා ච බ්රාහ්මණාති සාරප්පත්තා බ්රාහ්මණා ච පරොසතායෙව. අලං හෙස්සන්තීති පරියත්තා භවිස්සන්ති. යාචකාති මමත්ථාය සොණපණ්ඩිතස්ස ඛමාපකා.
එහි ජානපදා යනු ගෘහපතියෝය. මහාසාල ද බ්රාහ්මණා යනු හරවත් වංශවත් බ්‍රාහ්මණයෝ සිය ගණනක්. අලං හෙස්සන්ති යනු දක්ෂයෝ වන්නාහ. යාචකා යනු මගේ යන අර්ථයෙන් සෝණ පණ්ඩිතයාගේ ක්ෂමාව ලබන්නෝ.
අථ නං රාජා ආහ –
එවිට රජතුමා කීවේ ය.
“හත්ථී අස්සෙ ච යොජෙන්තු, රථං සන්නය්හ සාරථි; ආබන්ධනානි ගණ්හාථ, පාදාසුස්සාරයද්ධජෙ; අස්සමං තං ගමිස්සාමි, යත්ථ සම්මති කොසියො”ති.
ඇතරුවෝ ඇතුන් ද, අසරුවෝ අසුන් ද සරසනු මැනව! රියදුරෝ රිය සරසා රිය තුළ ධජ පතාකයන් ඔසවනු මැනව. අවශ්‍ය මාර්ගෝපකරණ සූදානම් කළ යුතුයි. හිමාලයේ කෝසිය ගෝත්‍රිකයා සිටින්නා වූ අසපුවට යන්නෙමි. (යයි රජතෙම විධාන කෙළේය).
තත්ථ යොජෙන්තූති හත්ථාරොහා හත්ථී, අස්සාරොහා ච අස්සෙ කප්පෙන්තු. රථං සන්නය්හ සාරථීති සම්මසාරථි ත්වම්පි රථං සන්නය්හ. ආබන්ධනානීති හත්ථිඅස්සරථෙසු ආබන්ධිතබ්බානි භණ්ඩානි ච ගණ්හථ. පාදාසුස්සාරයද්ධජෙති රථෙ ඨපිතධජපාදාසු ධජෙ උස්සාරයන්තු උස්සාපෙන්තු. කොසියොති යස්මිං අස්සමෙ කොසියගොත්තො වසතීති.
එහි යොජෙන්තු යනු ඇත් ගොව්වන් නගින ලද ඇත්තු. අශ්වාරෝහකයන් සහිත අශ්වයෝ සිටිත්වා. රථං සන්නය්හ සාරථී යනු මිත්‍ර රියදුරාණනි, ඔබ ද ඒ රථය සන්නද්ධ කරව. ආබන්ධනානී යනු ඇත් අශ්ව රථවල බඳින ලද භාණ්ඩ ගනිවු. පාදෙසුස්සාරයං ධජෙ යනු රථයෙහි තබන ලද කොඩිවල මුල කොඩි ඔසවා තබත්වා! කොසියො යනු යම් අසපුවක් කෝසිය ගෝත්‍රිකයෝ වාසය කරත්ද? එහි යනුවෙන් පවසයි.
“තතො ච රාජා පායාසි, සෙනාය චතුරඞ්ගිනී; අගමා අස්සමං රම්මං, යත්ථ සම්මති කොසියො”ති. – අයං අභිසම්බුද්ධගාථා;
චතුරංගනී සේනාව පිරිවරාගත් රජතුමා, බ්‍රහ්මවර්ධන නගරයෙන් පිටත්ව, කෝසිය ගෝත්‍රිකයන් ගේ අසපුව වෙත පැමිණියේ ය – මේ අභිසම්බෝධි ගාථාව වේ.
තත්ථ තතො චාති, භික්ඛවෙ, එවං වත්වා තතො සො රාජා එකසතඛත්තියෙ ගහෙත්වා මහතියා සෙනාය පරිවුතො නන්දපණ්ඩිතං පුරතො කත්වා නගරා නික්ඛමි. චතුරඞ්ගීනීති චතුරඞ්ගිනියා සෙනාය අගමාසි, අන්තරමග්ගෙ වත්තමානොපි අවස්සං ගාමිතාය එවං වුත්තො. චතුවීසතිඅක්ඛොභණිසඞ්ඛාතෙන බලකායෙන සද්ධිං මග්ගං පටිපන්නස්ස තස්ස නන්දපණ්ඩිතො ඉද්ධානුභාවෙන අට්ඨුසභවිත්ථතං මග්ගං සමං මාපෙත්වා ආකාසෙ චම්මඛණ්ඩං පත්ථරිත්වා තත්ථ පල්ලඞ්කෙන නිසීදිත්වා සෙනාය පරිවුතො අලඞ්කතහත්ථික්ඛන්ධෙ නිසීදිත්වා ගච්ඡන්තෙන රඤ්ඤා සද්ධිං ධම්මයුත්තකථං කථෙන්තො සීතඋණ්හාදිපරිස්සයෙ වාරෙන්තො අගමාසි.
එහි තතො ච යනු මහණෙනි, මෙසේ පවසා ඉක්බිති ඒ රජතුමා එකසියයක් ක්ෂත්රියයන් රැගෙන මහත් සේනාව පිරිවරා නන්ද පණ්ඩිතයා පෙරටු කොටගෙන නගරයෙන් නික්මුණේය. චතුරඞ්ගිනී යනු චතුරංගිනී සේනාව ගියේ ය. අතරමග පවත්නා විට ගමට නුදුරේදී ම මෙසේ කියන ලදි. අක්ෂෞභිනී විසිහතරක් පමණ යුද්ධ භටයන් සහිත බලකාය සමග මාර්ගයට පිළිපන්න ඔහුට නන්ද පණ්ඩිතයා සෘද්ධි ආනුභාවයෙන් රියන් අටළොසක් පළල මාර්ගය සම කරවා මවා, අහසේදී ම පත්කඩය එලා එහි පලඟන් හිඳ සේනාව පිරිවරා සරසන ලද ඇත් පිට හිඳ යන්නා වූ රජතුමා සමග ධර්මානුකූල කථා කරමින් සීත උෂ්ණාදිය දුරුකරමින් ගියේ ය.
අථස්ස අස්සමං පාපුණනදිවසෙ සොණපණ්ඩිතො “මම කනිට්ඨස්ස අතිරෙකසත්තමාසසත්තදිවසාධිකානි සත්ත වස්සානි නික්ඛන්තස්සා”ති ආවජ්ජෙත්වා “කහං නු ඛො සො එතරහී”ති දිබ්බෙන චක්ඛුනා ඔලොකෙන්තො “චතුවීසතිඅක්ඛොභණිපරිවාරෙන සද්ධිං එකසතරාජානො ගහෙත්වා මමඤ්ඤෙව ඛමාපෙතුං ආගච්ඡතී”ති දිස්වා චින්තෙසි – “ඉමෙහි රාජූහි චෙව පරිසාහි ච මම කනිට්ඨස්ස බහූනි පාටිහාරියානි දිට්ඨානි, මමානුභාවං අජානිත්වා ‘අයං කූටජටිලො අත්තනො පමාණං න ජානාති, අම්හාකං අය්යෙන සද්ධිං පයොජෙසී’ති මං වම්භෙන්තා කථෙන්තා අවීචිපරායණා භවෙය්යුං, ඉද්ධිපාටිහාරියං නෙසං දස්සෙස්සාමී”ති. සො චතුරඞ්ගුලමත්තෙන අංසං අඵුසන්තං ආකාසෙ කාජං ඨපෙත්වා අනොතත්තතො උදකං ආහරිතුං රඤ්ඤො අවිදූරෙ ආකාසෙන පායාසි. නන්දපණ්ඩිතො තං ආගච්ඡන්තං දිස්වා අත්තානං දස්සෙතුං අවිසහන්තො නිසින්නට්ඨානෙයෙව අන්තරධායිත්වා පලායිත්වා හිමවන්තං පාවිසි. මනොජරාජා පන තං රමණීයෙන ඉසිවෙසෙන තථා ආගච්ඡන්තං දිස්වා ගාථමාහ –
ඉක්බිති ඔහු ආශ්රමයට පැමිණෙන දිනයේ, සෝණ පණ්ඩිත තෙමේ, මගේ බාල සහෝදරයා මා සමීපයෙන් වෙන් වී දැනට සත් වසරක් හා සත් මසක් ගෙවී ඇත. ඔහු කොහේ සිටින්නේ දැයි දිවැසින් බලන්නේ, සූවිසි අක්ෂෞභිණියක් සමග එක් සියයක් ද රජුන් ද ගෙන තමාගෙන් සමාව ගැනීම සඳහා තෙමේ ම එන්නේ යයි දැක මෙසේ සිතීය. මගේ ආනුභාවයෙන් නොදැන මේ කපටි තවුසා තමන්ගේ පමණ නොදනී යයි අපගේ ආර්යයන් වහන්සේ සමග යොදව යයි මට නින්දා කරමින් කථා කළහොත් අවීචි මහා නරකයට යන්නේ ය. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ඔවුන්ට මගේ තරම පෙන්වන්නෙමියි, හෙතෙම අඟල් සතරක් පමණ වූ කොටසක, කොටසක් එල්ලෙන කදක් තබා අනෝතප්ත විලෙන් ජලය ගෙන ඒමට රජුට නුදුරින් අහසින් එළඹියේය. නන්ද පණ්ඩිතයා ඒ එන්නවුන් දැක තමන් දැක්වීමට සිහි නොඑන්නේ හුන් තැනම අතුරුදහන් වී පලාගොස් හිමවතට පිවිසියේය. මනෝජ රජු විසින් එය රමණීය සෘෂි විලාශයෙන් එසේ එන්නා වූ සෝණ පණ්ඩිතයන් දැක ගාථාව කීවේය.
“කස්ස කාදම්බයො කාජො, වෙහාසං චතුරඞ්ගුලං; අංසං අසම්ඵුසං එති, උදහාරාය ගච්ඡතො”ති.
කොළොම් ලීයෙන් තැනූ කද, උරහිස ස්පර්ශ නො කරම උරහිසට අඟල් හතරක් උඩින් අහසින් එයි. දිය ගෙනෙන්නට යන මේ කද කාගේ ද? කවර නම් කෙනෙකුගේ කදක් ද? මනෝජ රජ ප්‍රශ්න කෙළේය.
තත්ථ කාදම්බයොති කදම්බරුක්ඛමයො. අංසං අසම්ඵුසං එතීති අංසං අසම්ඵුසන්තො සයමෙව ආගච්ඡති. උදහාරායාති උදකං ආහරිතුං ගච්ඡන්තස්ස කස්ස එස කාජො එවං එති, කො නාම ත්වං, කුතො වා ආගච්ඡසීති.
එහි කාදම්බයො යනු කොළොම් ලීයෙන් යුක්ත වූ. අංසං අංසඵුසං එතී යනු උරහිස දරා උරහිසට උඩින් තෙමේ ම එයි. උදහාරස්සා යනු ජලය ගෙන ඒමට යන්නා වූ මේ කද මෙසේ එයි. ඔබ කවරෙක්ද? කොහි සිට එන්නේදැයි.
එවං වුත්තෙ මහාසත්තො ගාථාද්වයමාහ –
මෙසේ කී කල්හි බෝධිසත්ත්වයෝ ගාථා දෙකක් කී සේක.
“අහං සොණො මහාරාජ, තාපසො සහිතබ්බතො; භරාමි මාතාපිතරො, රත්තින්දිවමතන්දිතො.
මහරජ! ශීලාදි ගුණ සම්පන්න සෝණ තාපසයා මම වෙමි දිවා රාත්‍රී දෙකේ දෙමව්පියන් පෝෂණය කරමි.
“වනෙ ඵලඤ්ච මූලඤ්ච, ආහරිත්වා දිසම්පති; පොසෙමි මාතාපිතරො, පුබ්බෙ කතමනුස්සර”න්ති.
මහරජතුමනි; වනයේ වනඵල ද මුල් ද ගෙනවුත් පෙර කරන ලද ගුණ සිහිකරමින් මම මව්පියන් පෝෂණය කරන්නෙම්.
තත්ථ සහිතබ්බතොති සහිතවතො සීලාචාරසම්පන්නො එකො තාපසො අහන්ති වදති. භරාමීති පොසෙමි. අතන්දිතොති අනලසො හුත්වා. පුබ්බෙ කතමනුස්සරන්ති තෙහි පුබ්බෙ කතං මය්හං ගුණං අනුස්සරන්තොති.
එහි සහිතබ්බතො යනු ශීලාදි ආචාර ගුණසම්පන්න මම ව්‍රත සහිත තාපසයකු බව පවසයි. භරාමි යනු පෝෂණය කරමි. අතන්දිතො යනු අනලස්ව සිට පුබ්බෙකතමනුස්සරං යනු ඔවුන් විසින් පෙර මට කරන ලද ගුණයන් සිහිපත් කරමින් යන අර්ථයයි.
තං සුත්වා රාජා තෙන සද්ධිං විස්සාසං කත්තුකාමො අනන්තරං ගාථමාහ –
ඒ අසා රජතුමා ඔහු සමග ආශ්‍රමය දකිනු කැමැත්තේ අනතුරු ගාථාව කීවේය.
“ඉච්ඡාම අස්සමං ගන්තුං, යත්ථ සම්මති කොසියො; මග්ගං නො සොණ අක්ඛාහි, යෙන ගච්ඡෙමු අස්සම”න්ති.
කෝසිය ගෝත්‍රික තාපසයන් වසන තැනට යාමට මම කැමැත්තෙමි. යම්තැනකින් අසපුවට යමු ද සෝණය; ඒ මග අපට කියන්න.
තත්ථ අස්සමන්ති තුම්හාකං අස්සමපදං.
එහි අස්සමං යනු ඔබගේ ආශ්රමයයි.
අථ මහාසත්තො අත්තනො ආනුභාවෙන අස්සමපදගාමිමග්ගං මාපෙත්වා ගාථමාහ –
ඉක්බිති ඔහුට බෝසත්හු තමන්ගේ ආනුභාවයෙන් ආශ්රමයට යන මාර්ගය පහදා දුන්නේය.
“අයං එකපදී රාජ, යෙනෙතං මෙඝසන්නිභං; කොවිළාරෙහි සඤ්ඡන්නං, එත්ථ සම්මති කොසියො”ති.
මේ ඒකපදික මාර්ගය වේ. යම් දිසාවෙක මේඝයට බඳු පැහැ ඇති මනාවැ පිපී ගිය කොබෝලීල ගසින් ගැවසී ගත් වනය ඇත් ද, එහි මාගේ පියා වූ කෝසිය ගෝත්‍රික තාපසයා සිටී. මහරජතුමනි, මේ පාරෙන් යන්න.
තස්සත්ථො – මහාරාජ, අයං එකපදිකො ජඞ්ඝමග්ගො, ඉමිනා ගච්ඡථ, යෙන දිසාභාගෙන එතං මෙඝවණ්ණං සුපුප්ඵිතකොවිළාරසඤ්ඡන්නං වනං දිස්සති, එත්ථ මම පිතා කොසියගොත්තො වසති, එතස්ස සො අස්සමොති.
එහි අර්ථය නම්:- මහරජ; මෙය එක පියවරකින් යා යුතු අඩි පාරකි. මෙයින් යන්න. යම් දිශාවකින් මේ මේඝවර්ණ වූ මැනවින් සුපිපුණු කොබෝලීල රුකින් ගැවසුණු වනයක් පෙනේ ද, එහි මගේ පියා කෝසිය ගොත්ත වාසය කරයි. එතැන ඔහුගේ ආශ්රමයයි.
“ඉදං වත්වාන පක්කාමි, තරමානො මහාඉසි; වෙහාසෙ අන්තලික්ඛස්මිං, අනුසාසිත්වාන ඛත්තියෙ.
ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක. සෝණ තාපස තෙමේ රජුට මෙසේ කියා (පාර පෙන්වා) ඉක්මණින්ම අහසට නැග අනෝතත්ත විලට ගියේය.
“අස්සමං පරිමජ්ජිත්වා, පඤ්ඤාපෙත්වාන ආසනං; පණ්ණසාලං පවිසිත්වා, පිතරං පතිබොධයි.
අසපුව පිරිසිදු කොට ආසනයක් පනවා පන්සලට පිවිස රජුන් ආ බව පියාට දැන්වීය.
“ඉමෙ ආයන්ති රාජානො, අභිජාතා යසස්සිනො; අස්සමා නික්ඛමිත්වාන, නිසීද ත්වං මහාඉසෙ.
මහාර්ෂී වූ පියාණනි! උසස් උත්පත්ති ඇති, යසසින් පිරුණු මේ රජවරු මහ පිරිවරින් ඔබ දැකුමට මෙහි එති. අසපුවෙන් නික්ම දොරටුව ළඟ පනවා ඇති ආසනයේ හිඳගනු මැනවි.
“තස්ස තං වචනං සුත්වා, තරමානො මහාඉසි; අස්සමා නික්ඛමිත්වාන, සද්වාරම්හි උපාවිසී”ති. –
මහාර්ෂීවරයා සෝණ පණ්ඩිතයන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම, දොරටුව වෙත විත් පනවා තිබූ ආසනයෙහි වාඩි විය.
ඉමා අභිසම්බුද්ධගාථා;
මේ සම්බුද්ධ ගාථාවයි.
තත්ථ පක්කාමීති අනොතත්තං අගමාසි. අස්සමං පරිමජ්ජිත්වාති, භික්ඛවෙ, සො ඉසි වෙගෙන අනොතත්තං ගන්ත්වා පානීයං ආදාය තෙසු රාජූසු අස්සමං අසම්පත්තෙසුයෙව ආගන්ත්වා පානීයඝටෙ පානීයමාළකෙ ඨපෙත්වා “මහාජනො පිවිස්සතී”ති වනකුසුමෙහි වාසෙත්වා සම්මජ්ජනිං ආදාය අස්සමං සම්මජ්ජිත්වා පණ්ණසාලද්වාරෙ පිතු ආසනං පඤ්ඤාපෙත්වා පවිසිත්වා පිතරං ජානාපෙසීති අත්ථො. උපාවිසීති උච්චාසනෙ නිසීදි.
එහි පක්කාමි යනු අනෝතත්ත විලට ගියේය. අස්සමං පරිමජ්ජිත්වා යනු මහණෙනි! හෙතෙම සෘද්ධි බලයෙන් අනෝතත්ත විලට ගොස් ජලය ගෙන, අනෙක් රජවරුන් අසපුවට පැමිණෙන්නට පෙරාතුව ම ආශ්රමයට පැමිණ පැන් මඩුවෙහි පැන් කළ තබා මහාජනයා විසින් පානය කිරීමට සුදුසු සේ වනමල්වලින් වසා සුවඳ කවා, ඉදල ගෙන ආශ්‍රම භූමිය හැමැද පන්සල දොරටුවෙහි පියා වෙනුවෙන් ආසනයක් පනවා, රජවරුන් එන බව පියාට දැන්වූයේය යන අර්ථයි. උපාවිසිති යනු උස් අසුන්හි සිටියේය.
බොධිසත්තස්ස මාතා පන තස්ස පච්ඡතො නීචට්ඨානෙ එකමන්තං නිසීදි. මහාසත්තො නීචාසනෙ නිසීදි. නන්දපණ්ඩිතොපි බොධිසත්තස්ස අනොතත්තතො පානීයං ආදාය අස්සමං ආගතකාලෙ රඤ්ඤො සන්තිකං ආගන්ත්වා අස්සමස්ස අවිදූරෙ ඛන්ධාවාරං නිවාසෙසි. අථ රාජා න්හත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො එකසතරාජපරිවුතො නන්දපණ්ඩිතං ගහෙත්වා මහන්තෙන සිරිසොභග්ගෙන බොධිසත්තං ඛමාපෙතුං අස්සමං පාවිසි. අථ නං තථා ආගච්ඡන්තං බොධිසත්තස්ස පිතා දිස්වා බොධිසත්තං පුච්ඡි, සොපිස්ස ආචික්ඛි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
බෝසතුන්ගේ මව මිටි අසුනක පිටිපසින් සිටියාය. බෝධිසත්ත්වයෝ ද මිටි අසුනක හුන්නේ ය. නන්ද පණ්ඩිතයා බෝධිසත්ත්වයෝ අනෝතත්ත විලෙන් පැන් රැගෙන අසපුවට එන වේලාවේ රජුගේ සමීපයට ගොස් අසපුවට නුදුරින් කඳවුරක් තැනුවේය. ඉක්බිති රජතුමා ස්නානය කර සියළු අලංකාරවලින් සැරසුණේ එක්සියයක් රජදරුවන් පිරිවරා නන්ද පණ්ඩිතයා ගෙන මහත් සෞභාග්‍යයෙන් බෝසත්නු ක්ෂමා කිරීමට අසපුවට පිවිසියේය. ඉක්බිති එසේ පැමිණෙන්නා වූ පිරිසදැක බෝසත් පියා බෝසතුන්ගෙන් විචාළේය. හෙතෙම ඔහුට කීවේය. ඒ අර්ථය ප්‍රකට කරවමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“තඤ්ච දිස්වාන ආයන්තං, ජලන්තංරිව තෙජසා; ඛත්යසඞ්ඝපරිබ්යූළ්හං, කොසියො එතදබ්රවි.
ක්ෂත්රිය රජවරුන් විසින් පිරිවරන ලදුව මහත් තේජසින් බබළමින් එසේ පැමිණෙන්නාහු දැක කෝසිය මහර්ෂී මෙසේ කීවේය.
“කස්ස භෙරී මුදිඞ්ගා ච, සඞ්ඛා පණවදින්දිමා; පුරතො පටිපන්නානි, හාසයන්තා රථෙසභං.
බෙර, උඩැක්කි, සක්, මිහිඟු බෙර, ගැටබෙර පෙරටු කරගනිමින් රථ පිරිවරින් කවරෙකු ඉදිරියෙන් එන්නේ ද?
“කස්ස කඤ්චනපට්ටෙන, පුථුනා විජ්ජුවණ්ණිනා; යුවා කලාපසන්නද්ධො, කො එති සිරියා ජලං.
විදුලියක් මෙන් දිලිසෙන රන්මුවා නළල්පට කවරෙකුගේ නළල අලංකාර කෙරේ ද? දුනු හියවුරුවලින් සන්නද්ධව අබරණවලින් සැරසී එන තරුණයා කවරෙක් ද?
“උක්කාමුඛපහට්ඨංව , ඛදිරඞ්ගාරසන්නිභං; මුඛඤ්ච රුචිරා භාති, කො එති සිරියා ජලං.
රන්කරුවාගේ උදුනෙහි ඔපකරන ලද රත්රන් සේ කිහිරි අඟුරු පැහැයෙන් වර්ණවත් වූ මුහුණ ඇතිව ශ්‍රීයෙන් බබළන තැනැත්තා කවු ද?
“කස්ස පග්ගහිතං ඡත්තං, සසලාකං මනොරමං; ආදිච්චරංසාවරණං, කො එති සිරියා ජලං.
හිරු රැස් වළකන්නා වූ, කුඩ නන සහිත වූ සිත්කළු ඡත්රයක් ඔසවන්නේ කාට ද? ශ්‍රියාවන්ත වූ ඔහු කවරෙක් ද?
“කස්ස අඞ්ගං පරිග්ගය්හ, වාලබීජනිමුත්තමං; චරන්ති වරපුඤ්ඤස්ස, හත්ථික්ඛන්ධෙන ආයතො.
වල්විදුනාගෙන් සලන පවන් ලබමින් ඇතුපිට නැග එන්නේ කවරෙක්ද?
“කස්ස සෙතානි ඡත්තානි, ආජානීයා ච වම්මිතා; සමන්තා පරිකීරෙන්ති, කො එති සිරියා ජලං.
යුද ඇඳුමින් සැරසූ ආජානීය අසුන් පිට නැගී, හාත්පසින් ශ්වේතච්ඡත්‍ර අල්වනු ලබමින් බබළමින් එන්නේ කවරෙක් ද?
“කස්ස එකසතං ඛත්යා, අනුයන්තා යසස්සිනො; සමන්තානුපරියන්ති, කො එති සිරියා ජලං.
අනුව යන්නන් පිරිවර ඇතිව, එක්සියයක් රජවරුන් විසින් පිරිවරන ලදුව, ශෝභාවෙන් බබළමින් එන්නේ කවරෙක් ද?
“හත්ථිඅස්සරථපත්ති, සෙනා ච චතුරඞ්ගිනී; සමන්තානුපරියන්ති, කො එති සිරියා ජලං.
ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනග පිරිවරාගෙන එන්නා වූ ශෝභාවෙන් බබළන පුද්ගලයා කවරෙක් ද?
“කස්සෙසා මහතී සෙනා, පිට්ඨිතො අනුවත්තති; අක්ඛොභණී අපරියන්තා, සාගරස්සෙව ඌමියො.
නො කැඩුණු සාගරයේ අසීමිත රළ මෙන් අක්ෂෞභිණියක් පමණ වූ මෙම සේනාව කවරෙකු පසුපසින් එන්නේ ද?
බෝසත්හු ඔහුගේ නාම ප්‍රකාශ කරන්නේ මේ ගාථා දෙක වදාළ සේක.
“රාජාභිරාජා මනොජො, ඉන්දොව ජයතං පති; නන්දස්සජ්ඣාවරං එති, අස්සමං බ්රහ්මචාරිනං.
රාජාධිරාජ වූ මනෝජ රජු - යුද්ධයෙන් ජයගෙන, ශක්‍රයා නන්ද තවුසා සමගින් අප සමා කරවා ගැනීම සඳහා බ්‍රහ්මචාරී වූ අපගේ ආශ්රමයට එන්නේ ය.
“තස්සෙසා මහතී සෙනා, පිට්ඨිතො අනුවත්තති; අක්ඛොභණී අපරියන්තා, සාගරස්සෙව ඌමියො”ති.
නො කැළඹුණු සාගරයා ගේ රළ මෙන් අසීමිත වූ සේනාව ඔහු පසුපසින් එන්නාහ.
තත්ථ ජලන්තංරිවාති ජලන්තං විය. පටිපන්නානීති එතානි තූරියානි කස්ස පුරතො ආගච්ඡන්තීති අත්ථො. හාසයන්තාති තොසෙන්තා. කඤ්චනපට්ටෙනාති, තාත, කස්ස කඤ්චනමයෙන විජ්ජුවණ්ණෙන උණ්හීසපට්ටෙන නලාටන්තො පරික්ඛිත්තොති පුච්ඡති. යුවාති තරුණො. කලාපසන්නද්ධොති සන්නද්ධසරතූණීරො. උක්කාමුඛපහට්ඨං වාති කම්මාරානං උද්ධනෙ පහට්ඨං සුවණ්ණං විය. ඛදිරඞ්ගාරසන්නිභන්ති වීතච්චිතඛදිරඞ්ගාරවණ්ණං. ආදිච්චරංසාවරණන්තිආදිච්චරංසීනං ආවරණං. අඞ්ගං පරිග්ගය්හාති අඞ්ගං පරිග්ගහෙත්වා, සරීරං පරික්ඛිපිත්වාති අත්ථො. වාලබීජනිමුත්තමන්ති වාලබීජනිං උත්තමං . චරන්තීති සඤ්චරන්ති. ඡත්තානීති ආජානීයපිට්ඨෙ නිසින්නානං ධාරිතඡත්තානි. පරිකීරෙන්තීති තස්ස සමන්තා සබ්බදිසාභාගෙසු පරිකීරයන්ති. චතුරඞ්ගිනීති එතෙහි හත්ථිආදීහි චතූහි අඞ්ගෙහි සමන්නාගතා. අක්ඛොභණීති ඛොභෙතුං න සක්කා. සාගරස්සෙවාති සාගරස්ස ඌමියො විය අපරියන්තා. රාජාභිරාජාති එකසතරාජූනං පූජිතො, තෙසං වා අධිකො රාජාති රාජාභිරාජා. ජයතං පතීති ජයප්පත්තානං තාවතිංසානං ජෙට්ඨකො. අජ්ඣාවරන්ති මමං ඛමාපනත්ථාය නන්දස්ස පරිසභාවං උපගන්ත්වා එති.
එහි ජලන්තරිවා යනු දිළිසෙන බබළන යනුයි. පටිපන්නානී යනු මේ තූර්යනාද කවරකු පෙරටු කොටගෙන එන්නේදැයි යන අර්ථයයි. හාසයත්තා යනු සතුටු වන්නා වූ. තඤ්චනපට්ටෙන යනු දරුව; රන්වන්මය හා විදුලි වර්ණයෙන් නළලේ බඳනා ලද රන්වන් පටකින් වටකරන ලද්දේ කවරකුගේදැයි විචාරයි. යුවා යනු තාරුණ්‍යයයි. කලාප සන්නද්ධො යනු ඊතල දැමූ මල්ලෙන් සන්නද්ධ වූයේ ය. උක්කාමුඛෙපහට්ඨංවා යනු රන්කරුවන්ගේ උදුනේ රත් වීමෙන් රන්වන් වූ රත්රන් මෙන්. ඛදිරඞ්ගාරසන්නිභං පහ වූ ගිනිදැල් ඇති දිලිසෙන කිහිරි අඟුරු මෙන්, ආදිච්චරං සාවරණං යනු සූර්ය රශ්මිය වළක්වන්නා වූ අංගං පරිග්ගය්හා යනු, රජුගේ මුළු සිරුර වටකොට හාත්පසින් (වල්විදුනාවෙන් පවන් සලන) අංග යන අර්ථයයි. වාළවීජනිමුත්තමං යනු උතුම් වල්විදුනාවයි. චරන්ති යනු හැසිරෙත්. ඡත්තානී ආජානීය අශ්වයන් පිට හුන්නවුන් දරන ලද ඡත්රයි. පරිකිරන්ති යනු ඒ හාත්පස සියලු දිශා භාගවල විසුරුවති. චතුරංගිනී යන මේ ආදි ඇතුන් ආදින්, සතර අංගවලින් සමන්විත අක්ඛොභනී යනු කැළැම්බීමට නොහැකිය. සාගරස්සෙවා යනු මුහුදේ රැළි මෙන් සීමාවක් නොමැති රාජාභිරාජා යනු එකසියයක් රජවරුන්ගේ පුදන ලද ඔවුන් හෝ ඊට වඩා වැඩි රජවරුන් රාජාභිරාජ නම් වේ. ජයතං පතී යනු ජය පතන්නා වූ තව්තිසා දෙවියන්ගේ ජ්‍යෙෂ්ඨයා වේ. අජ්ඣාවරං යනු මගෙන් ක්ෂමාව ගැනීම පිණිස නන්දගේ පිරිස සමීපයට එළඹ පැමිණෙයි.
සත්ථා ආහ –
ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.
“අනුලිත්තා චන්දනෙන, කාසිකුත්තමධාරිනො; සබ්බෙ පඤ්ජලිකා හුත්වා, ඉසීනං අජ්ඣුපාගමු”න්ති.
සඳුන් ආලේප ඇඟ ගැල් වූ, උතුම් කසී සළු හැඳි ඒ සියලු ම රජවරු, සෘෂීන් සමීපයට එළඹ ඇඳිලි බැඳගත් අත් ඇතිව සිටියහ.
තත්ථ ඉසීනං අජ්ඣුපාගමුන්ති, භික්ඛවෙ, සබ්බෙපි තෙ රාජානො සුරභිචන්දනෙන අනුලිත්තා උත්තමකාසිකවත්ථධාරිනො සිරසි පතිට්ඨාපිතඅඤ්ජලී හුත්වා ඉසීනං සන්තිකං උපගතා.
එහි අජ්ඣූපාගමුං යනු මහණෙනි, සියලු ඒ රජවරු සුවඳ සඳුන් ආලේප කරන ලද්දේ, උතුම් වූ කසීරට වස්ත්රධාරී වූවෝ, හිස ඇඳිලි බැඳ සිට සෘෂිවරයා සමීපයට එළඹියහ.
තතො මනොජො රාජා තං වන්දිත්වා එකමන්තං නිසින්නො පටිසන්ථාරං කරොන්තො ගාථාද්වයමාහ –
ඉක්බිති මනෝජ රජු තාපසයන් වැඳ එකත්පසෙක සිටියේ පිළිසඳර කථා කරමින් ගාථා දෙක කීවේය.
“කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං; කච්චි උඤ්ඡෙන යාපෙථ, කච්චි මූලඵලා බහූ.
පින්වත, කුසල් කෙසේ ද? නිරෝගීව වාසය කරන්නෙහි ද? කිම පිණ්ඩපාත ආහාරයෙන් යැපේ ද? මුල්ගෙඩිවලින් යැපේ ද?
“කච්චි ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, කච්චි හිංසා න විජ්ජතී”ති.
මැසිමදුරු උවදුරු තිබේ ද? සර්පයෝ බහුල ද ව්යාඝ්ර මෘගයෝ බහුල මේ වනයෙහි උන්ගෙන් හිංසා පීඩා නොවන්නහු ද?
තතො පරං උභින්නං තෙසං වචනපටිවචනවසෙන කථිතගාථා හොන්ති –
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ වචනවලට පිළිතුරු වශයෙන් කියන ලද ගාථාවෙහි:-
“කුසලඤ්චෙව නො රාජ, අථො රාජ අනාමයං; අථො උඤ්ඡෙන යාපෙම, අථො මූලඵලා බහූ.
රජතුමනි; කුසල් ද කරමින් නිරෝගිව වසමු. පිඬුසිඟා යාමෙන් ද බොහෝ මුල් ගෙඩි ද ආහාර වසයෙන් ගැනීමෙන් ද දිවි ගෙවමු.
“අථො ඩංසා මකසා ච, අප්පමෙව සරීසපා; වනෙ වාළමිගාකිණ්ණෙ, හිංසා මය්හං න විජ්ජති.
තවද, මැසි මදුරු ආදී ලේ බොන මැස්සෝ ද දීර්ඝ ජාති සර්පයෝ ද විරලය. වනයේ ගැවසෙන ව්යාඝ්ර මුව ආදීන් ගේ හිංසාවක් ද අපට විද්‍යමාන නො වේ.
“බහූනි වස්සපූගානි, අස්සමෙ සම්මතං ඉධ; නාභිජානාමි උප්පන්නං, ආබාධං අමනොරමං.
බොහෝ අවුරුදු ගණනක් මෙම අසපුවේ විසීමි. පීඩා ගෙනදෙන්නා වූ අමනෝඥ වූ රෝගාබාධයක් වැළඳුණු බවක් මතක නැත.
“ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; ඉස්සරොසි අනුප්පත්තො, යං ඉධත්ථි පවෙදය.
මහරජ! ඔබගේ පැමිණීම යහපත් පැමිණීමෙකි. එයින් කිසිදු අයහපතක් සිදු නො වේ. මෙහි පැමිණි ඔබ අධිපතිය.
“තින්දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද්දකප්පානි, භුඤ්ජ රාජ වරං වරං.
ඔබ යමක් කැමැත්තෙහි නම් එය කියනු මැනව. මහරජ! මී මෙන් මිහිරි රසවත් තිඹිරි ය. මොර ය. එරමිණියා ය යන කුඩා පළතුරු මෙහි ඇත. එයින් හොඳ හොඳ ගෙඩි අනුභව කරව.
“ඉදම්පි පානීයං සීතං, ආභතං ගිරිගබ්භරා; තතො පිව මහාරාජ, සචෙ ත්වං අභිකඞ්ඛසි.
අනවතප්ත විලෙන් ගෙන එන ලද, කඳුරැළිවලින් ගලා එන මිහිරි සීතල ජලය ඇත. මහරජ, පානය කරනු මැනවි.
“පටිග්ගහිතං යං දින්නං, සබ්බස්ස අග්ඝියං කතං; නන්දස්සාපි නිසාමෙථ, වචනං සො පවක්ඛති.
තාපසයන් වහන්ස! අපට යමක් දෙන ලද නම් ඒ සියල්ල අපි පිළිගනිමු. නුඹවහන්සේ සියල්ලන්ට ම ආගන්තුක සත්කාර කරන ලදහ. දැන් මේ නන්ද පණ්ඩිතයන් යමක් කියා ද එයට ඇහුම්කන් දෙනු මැනවි.
“අජ්ඣාවරම්හා නන්දස්ස, භොතො සන්තිකමාගතා; සුණාතු භවං වචනං, නන්දස්ස පරිසාය චා”ති.
අප නන්ද පණ්ඩිතයන්ගේ ඉල්ලීම නිසා මෙහි ආවෙමු. පින්වත් සෝණ පණ්ඩිත තෙමේ මාගේ වචනය ද, නන්ද පණ්ඩිතයන් ගේ වචනය ද අසත්වා.
ඉමා යෙභුය්යෙන පාකටසම්බන්ධායෙව, යං පනෙත්ථ අපාකටං, තදෙව වක්ඛාම. පවෙදයාති යං ඉමස්මිං ඨානෙ තව අභිරුචිතං අත්ථි, තං නො කථෙහීති වදති. ඛුද්දකප්පානීති එතානි නානාරුක්ඛඵලානි ඛුද්දකමධුපටිභාගානි මධුරානි. වරං වරන්ති ඉතො උත්තමුත්තමං ගහෙත්වා භුඤ්ජ. ගිරිගබ්භරාති අනොතත්තතො. සබ්බස්ස අග්ඝියන්ති යෙන මයං ආපුච්ඡිතා, තං අම්හෙහි පටිග්ගහිතං නාම තුම්හෙහි ච දින්නමෙව නාම, එත්තාවතා ඉමස්ස ජනස්ස සබ්බස්ස අග්ඝියං තුම්හෙහි කතං. නන්දස්සාපීති අම්හාකං තාව සබ්බං කතං, ඉදානි පන නන්දපණ්ඩිතො කිඤ්චි වත්තුකාමො , තස්සපි තාව වචනං සුණාථ. අජ්ඣාවරම්හාති මයඤ්හි න අඤ්ඤෙන කම්මෙන ආගතා, නන්දස්ස පන පරිසා හුත්වා තුම්හාකං ඛමාපනත්ථාය ආගතාති වදති. භවන්ති භවං සොණපණ්ඩිතො සුණාතු.
මේ බොහෝ සෙයින් ප්‍රකට වන සම්බන්ධතාවයයි. යමක් මෙහි අප්‍රකට වේ ද? එය ම ප්‍රකාශ කරමු. පවේදයා යනු මේ ස්ථානයේ ඔබට රුචි වූ යමක් ඇද්ද? එය අපට කියවයි කියයි. ඛුද්දකප්පානී යනු මේ නොයෙක් රුක් ගෙඩි, කුඩා අනුකුඩා මිහිරි ඵල සහ මිහිරි රසයයි. වරං වරං යනු මෙසේ උතුම් උතුම් දේ ගෙන අනුභව කරව. ගිරිගබ්භරා අනෝතප්ත විලෙන් සබ්බස්ස අග්ඝියං යනු යමකු විසින් අපි විචාරණ ලද්දේ ද, එය අප විසින් පිළිගන්නා ලද නම් නුඹලා විසින් ද දෙන ලද්දේමය. මෙපමණ වූ මේ ජනතාවට නුඹලා විසින් කරන ලද සියල්ල අනර්ඝයි. නන්දස්සාපී යනු අපගේ සියල්ල දැන් කරන ලදි. නන්ද පණ්ඩිතයා කිසිවක් කියනු කැමැති වේද? ඔහුගේ එම වචනය අසවු. අජ්ඣාවරම්හා යනු අපි අන් කරුණක් නිසා ආවා නොවේ. නන්දගේ පිරිස වී, ඔබගෙන් ක්ෂමාව ලැබීම පිණිස ආහයි කියයි. භවං යනු පින්වත් සෝණ පණ්ඩිතයා අසාවා!
එවං වුත්තෙ නන්දපණ්ඩිතො උට්ඨායාසනා මාතාපිතරො ච භාතරඤ්ච වන්දිත්වා සකපරිසාය සද්ධිං සල්ලපන්තො ආහ –
මෙසේ කී කල්හි නන්ද පණ්ඩිතයා අසුනින් නැගිට මව්පියෝ ද සොහොයුරෝ ද වැඳ පිරිස සමග සතුටු සාමීචි කථා කරමින් මෙසේ කීවේය.
“පරොසතං ජානපදා, මහාසාලා ච බ්රාහ්මණා; ඉමෙ ච ඛත්තියා සබ්බෙ, අභිජාතා යසස්සිනො; භවඤ්ච රාජා මනොජො, අනුමඤ්ඤන්තු මෙ වචො.
ශතාධික ජනපද වැසියෝ ද, සියයකට වඩා වැඩි බ්‍රාහ්මණ මහාසාල ගෘහපතියෝ ද, වංශවත් කීර්තිමත් මේ සියලු ක්ෂත්රියෝ පින්වත් මනෝජ රජතුමා ද මගේ වචනය අනු දනිත්වා.
“යෙ ච සන්ති සමීතාරො, යක්ඛානි ඉධ මස්සමෙ; අරඤ්ඤෙ භූතභබ්යානි, සුණන්තු වචනං මම.
මේ ආශ්‍රම භූමියෙහි යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, භූත නම් වූ ද භව්‍ය නම් වූ ද යම් දෙවිකෙනෙක් වේද ඒ සියලු දෙන මගේ වචනය අසත්වා.
“නමො කත්වාන භූතානං, ඉසිං වක්ඛාමි සුබ්බතං; සො ත්යාහං දක්ඛිණා බාහු, තව කොසිය සම්මතො.
දෙවියන්ට නමස්කාර කොට, කෝසිය ගෝත්‍රික සෝණ සෘෂිවරයන්ට මෙය කියමි. මම ඔබගේ සහෝදරයා වෙමි. සහෝදරයා තමන්ගේ දකුණු අත යයි සම්මත ය.
“පිතරං මෙ ජනෙත්තිඤ්ච, භත්තුකාමස්ස මෙ සතො; වීර පුඤ්ඤමිදං ඨානං, මා මං කොසිය වාරය.
මගේ පියා ද මව ද පෝෂණය කරන්නට කැමති මට එය කරන්නට ඉඩ දෙන්න. මව්පියන් පෝෂණය කිරීමේ පිනෙන් මා නොවළක්වන්න. ඒ පින ස්වර්ග ලෝක උත්පත්තියට හේතු වේ.
“සබ්භි හෙතං උපඤ්ඤාතං, මමෙතං උපනිස්සජ; උට්ඨානපාරිචරියාය, දීඝරත්තං තයා කතං; ධාතාපිතූසු පුඤ්ඤානි, මම ලොකදදො භව.
මව්පිය උපස්ථානය සත්පුරුෂයෝ වර්ණනා කරති. ඔබ විසින් දැන් දිගු කලක් තුල මහත් වතාවත් කිරීම ආහාරපාන සැපයීම, හුනස්නෙන් නැගිටීම ආදිය කරන ලදි. මම ද මව්පියන්ට උවටැන් කොට පින් සිදුකර ගන්නට කැමැත්තෙමි. එයට මට ඉඩහැර මට සගමොක් සුව ලබන්නට ආධාර කරන්නෙක් වනු මැනවි.
“තථෙව සන්ති මනුජා, ධම්මෙ ධම්මපදං විදූ; මග්ගො සග්ගස්ස ලොකස්ස, යථා ජානාසි ත්වං ඉසෙ.
සෘෂිවරය! නුඹවහන්සේ මෙන් ම මව්පිය උපස්ථානය ගැන දන්නා වූ මිනිස්සු මෙහි ඇත. නොයෙක් ධර්මයන් අතර මව්පිය උපස්ථානය සගමොක් සුව ලබා දෙන්නක් බව හැම දෙනා දනිති.
“උට්ඨානපාරිචරියාය, මාතාපිතුසුඛාවහං; තං මං පුඤ්ඤා නිවාරෙති, අරියමග්ගාවරො නරො”ති.
මව්පියන්ට උපස්ථාන කිරීම, අපචායන කර්ම කිරීම ආදියට යමෙක් මට ඉඩ නොදී වළක්වන්නේ නම් ඔහු මගේ නිවන්මඟ වළකන්නේ ය. (නන්ද පණ්ඩිතයා කීය.)
තත්ථ අනුමඤ්ඤන්තූති අනුබුජ්ඣන්තු, සාධුකං සුත්වා පච්චක්ඛං කරොන්තූති අත්ථො. සමීතාරොති සමාගතා. අරඤ්ඤෙ භූතභබ්යානීති අස්මිං හිමවන්තාරඤ්ඤෙ යානි භූතානි චෙව වුඩ්ඪිමරියාදප්පත්තානි භබ්යානි ච තරුණදෙවතානි, තානිපි සබ්බානි මම වචනං සුණන්තූති අත්ථො. “නමො කත්වානා”ති ඉදං සො පරිසාය සඤ්ඤං දත්වා තස්මිං වනසණ්ඩෙ නිබ්බත්තදෙවතානං නමක්කාරං කත්වා ආහ. තස්සත්ථො – අජ්ජ බහූහි දෙවතාහි මම භාතිකස්ස ධම්මකථාසවනත්ථං ආගතාහි භවිතබ්බං, අහං වො නමක්කාරො, තුම්හෙපි මය්හං සහායා හොථාති. සො දෙවතානං අඤ්ජලිං පග්ගහෙත්වා පරිසං ජානාපෙත්වා “ඉසිං වක්ඛාමී”තිආදිමාහ. තත්ථ ඉසින්ති සොණපණ්ඩිතං සන්ධාය වදති. සම්මතොති භාතරො නාම අඞ්ගසමා හොන්ති, තස්මා සො තෙ අහං දක්ඛිණා බාහූති සම්මතො. තෙන මෙ ඛමිතුං අරහථාති දීපෙති.
එහි අනුමඤ්ඤන්තූ යනු, මනාසේ ක්‍රියාකොට අවබෝධ කරගනීවා. ප්රත්යක්ෂ කරත්වා යන අර්ථයයි. සමිතාරො රැස්වූයේය යනුයි. අරඤ්ඤෙ භූත භව්යානී යනු මේ හිමාලය වනාන්තරයෙහි යම් භූතයෙක් හෝ වැඩුණු ආර්යලාභීහු හෝ වෙත්ද, තරුණ දේවතාවෝ යන ඒ සියල්ලෝ මගේ වචනය අසත්වා යනුයි. නමෝකත්වානා මේ ඔහු පිරිසට සංඥාවක් දී ඒ වනලැහැබේ, උපන්නා වූ දේවතාවන්ට නමස්කාර කොට මෙසේ කීවේය. හිමාලයේ වැසි බොහෝ දෙවි දේවතාවෝ අද මගේ සොහොයුරාගේ ධර්ම ශ්‍රවණය පිණිස පැමිණිය යුතුයයි මේ තොපට නමස්කාරය මාගේ නුඹලා විසින් ද මට සහාය වවු යයි ඔහු දේවතාවුන්ට ඇඳිලි බැඳ පිරිසට දැනුම් දී යනු මෙහි අර්ථයි. ඉසිං වක්ඛාමි යනාදිය කීවේය. එහි ඉසිං යනු සෝණ පණ්ඩිතයා සඳහා කියයි. සම්මතො යනු සොහොයුරා නම් අංග හා සමාන වෙති. එහෙයින් හෙතෙම ඒ මම දකුණු අත යයි සම්මත වූ, එහෙයින් මට ක්ෂමා කිරීමට සුදුසු වවු යයි අර්ථය බබළයි.
වීරාති වීරියවන්ත මහාපරක්කම. පුඤ්ඤමිදං ඨානන්ති ඉදං මාතාපිතුඋපට්ඨානං නාම පුඤ්ඤං සග්ගසංවත්තනිකකාරණං, තං කරොන්තං මං මා වාරයාති වදති. සබ්භි හෙතන්ති එතඤ්හි මාතාපිතුඋපට්ඨානං නාම පණ්ඩිතෙහි උපඤ්ඤාතං උපගන්ත්වා ඤාතඤ්චෙව වණ්ණිතඤ්ච. මමෙතං උපනිස්සජාති ඉදං ත්වං මය්හං නිස්සජ විස්සජ්ජෙහි දෙහි. උට්ඨානපාරිචරියායාති උට්ඨානෙන ච පාරිචරියාය ච. කතන්ති දීඝරත්තං තයා කුසලං කතං. පුඤ්ඤානීති ඉදානි අහං මාතාපිතූසු පුඤ්ඤානි කත්තුකාමො. මම ලොකදදොති තස්ස මම ත්වං සග්ගලොකදදො හොති, අහඤ්හි තෙසං වත්තං උපට්ඨානං කත්වා දෙවලොකෙ අපරිමාණං යසං ලභිස්සාමි, තස්ස මෙ ත්වං දායකො හොහීති වදති.
වීරා යනු වීර්යවන්ත මහා පරාක්‍රමය යි. පුඤ්ඤමිදං ඨානං යනු මව්-පිය උපස්ථානය නම් පිනකි. ස්වර්ගමෝක්ෂ සම්පත් පිණිස හේතුවන එය කිරීමෙන් මා නොවළක්වයි යනු කියයි. සබ්භිහෙතං යනු මේ මව්-පිය උපස්ථානය නම් පණ්ඩිතයන් විසින් අනුදැන වදාළ එළඹ කළයුතු යයි අනුමත කරන ලද වර්ණනා කරන ලද්දකි. මමේතං උපනිස්සජා යනු මෙය මා නිසා විසඳාවි යන අර්ථයයි. උට්ඨාන පාරිචරියායා යනු උත්සාහයෙන් යෙදිය යුතු කරුණකි. කතං යනු දීර්ඝ කාලයක් ඔබ විසින් කරන ලද කුසලයකි. පුඤ්ඤානි යනු දැන් මම මව්පියන් කෙරෙහි පින් කරනු කැමැතිවීමයි. මම ලෝකදදො යනු ඒ මට, ඔබ ස්වර්ග ලෝකය දෙන්නේ වෙහි. මම වනාහි ඔවුන්ට වත්පිළිවෙත් කොට දිව්‍යලෝකයේ අපරිමිත කීර්තිය ලබන්නෙමි. ඒ සඳහා මට නුඹ දායකයා වනු මැනවි යයි ප්‍රකාශ කරයි.
තථෙවාති යථා ත්වං ජානාසි, තථෙව අඤ්ඤෙපි මනුජා ඉමිස්සං පරිසායං සන්ති, තෙ නානප්පකාරෙ ධම්මෙ ඉදං ජෙට්ඨාපචායිකභාවසඞ්ඛාතං ධම්මකොට්ඨාසං වදන්ති. කින්ති? මග්ගො සග්ගස්ස ලොකස්සාති. සුඛාවහන්ති උට්ඨානෙන ච පාරිචරියාය ච මාතාපිතූනං සුඛාවහං. තං මන්ති තං මං එවං සම්මාපටිපන්නම්පි භාතා සොණපණ්ඩිතො තම්හා පුඤ්ඤා අභිවාරෙති. අරියමග්ගාවරොති සො එවං වාරෙන්තො අයං නරො මම පියදස්සනතාය අරියසඞ්ඛාතස්ස වෙදලොකස්ස මග්ගාවරණො නාම හොතීති.
තථෙවා යනු යම්සේ නුඹ දන්නෙහි ද, එසේ ම අන්‍ය මිනිසා ද මෙය දන්නෝ වෙති. ඔවුහු නොයෙක් ආකාර ධර්මයන් අතර මේ වැඩිමහල් උපස්ථානය ද, ධර්ම කොට්ඨාසයකැයි කියති. කෙසේද මග්ගො සග්ගස්ස ලෝකස්ස යනුවෙනි. සුඛාවහං යනු උපස්ථානයෙන් ම උවටැන්, වතාවත් කිරීමෙන් මව්පියන්ට සැපගෙන දෙන්නේ ය. තං මං යනු ඒ මා මෙසේ මැනවින් පෝෂණය කරන්නේ ද සොයුරු සෝණ පණ්ඩිතයා ඒ පිනෙන් මැනවින් වළක්වයි නවතයි. අරියමග්ගාවරො ආර්ය මාර්ගයට වාරණය කරයි. හෙතෙම මෙසේ පින් වළක්වන්නේ මේ මිනිසා මගේ ප්‍රිය දැකීම පිණිස ආර්ය සංඛ්‍යාත දිව්‍ය ලෝකයට මාර්ගය වළක්වන්නේ නම් වෙයි යනුවෙනි.
එවං නන්දපණ්ඩිතෙන වුත්තෙ මහාසත්තො “ඉමස්ස තාව තුම්හෙහි වචනං සුතං, ඉදානි මමපි සුණාථා”ති සාවෙන්තො ආහ –
මෙසේ නන්ද පණ්ඩිතයා විසින් කී කල්හි බෝසත් තෙමේ නුඹ දැන් විසින් කියන ලද දේ අප විසින් කියන ලදි. දැන් මගේ වචනය ද අසවු යයි පවසමින් මෙසේ කීවේය.
“සුණන්තු භොන්තො වචනං, භාතුරජ්ඣාවරා මම; කුලවංසං මහාරාජ, පොරාණං පරිහාපයං; අධම්මචාරී ජෙට්ඨෙසු, නිරයං සොපපජ්ජති.
මාගේ සහෝදරයා සමග මෙහි පැමිණි සියළු පින්වත්හු මෙය අසත්වා. මහරජ, පැරණි වූ කුලවංශය පිරිහෙළමින් අධර්මයෙහි හැසිරෙන්නා වූ යම් වැඩිමහල්ලෙක් වෙයි ද ඔහු නිරයෙහි උපදී.
“යෙ ච ධම්මස්ස කුසලා, පොරාණස්ස දිසම්පති; චාරිත්තෙන ච සම්පන්නා, න තෙ ගච්ඡන්ති දුග්ගතිං.
මහරජ, වැඩිහිටියන් පිදීම, ගරු කිරීම, උපස්ථාන කිරීම ආදී උපචායන ධර්මයට දක්ෂ වූවෝ එහි යෙදෙත් ද, චාරිත්‍ර ශීලයෙන් යුක්ත වූ හෙතෙම දුගතියට නො යත්.
“මාතා පිතා ච භාතා ච, භගිනී ඤාති බන්ධවා; සබ්බෙ ජෙට්ඨස්ස තෙ භාරා, එවං ජානාහි භාරධ.
මහරජ! දෙමාපියෝ ද, සහෝදර සහෝදරියෝ ද, නෑ සමූහයා ද යන සියලු දෙන වැඩිමහල්ලාට භාරවෙති’යි යන්න දැනගනු මැනවි.
“ආදියිත්වා ගරුං භාරං, නාවිකො විය උස්සහෙ; ධම්මඤ්ච නප්පමජ්ජාමි, ජෙට්ඨො චස්මි රථෙසභා”ති.
මගීන්ගෙන් පිරුණු නැවක් අභිමත වරාය වෙත නිරුපද්‍රිතව ගෙනයාමට නැවියකු උත්සාහ ගන්නේද? එමෙන්ම ජ්යෙෂ්ඨාචායන ධර්මයෙහි අප්‍රමාද වෙමි. මම මුළු ලොවට ම ජ්‍යෙෂ්ඨ වෙමි. එබැවින් ඔබට නන්ද සමග එකතුව මව්පිය උපස්ථානය කරමි.
තත්ථ භාතුරජ්ඣාවරාති මම භාතු පරිසා හුත්වා ආගතා භොන්තො සබ්බෙපි රාජානො මමපි තාව වචනං සුණන්තු. පරිහාපයන්ති පරිහාපෙන්තො. ධම්මස්සාති ජෙට්ඨාපචායනධම්මස්ස පවෙණීධම්මස්ස. කුසලාති ඡෙකා. චාරිත්තෙන චාති ආචාරසීලෙන සම්පන්නා. භාරාති සබ්බෙ එතෙ ජෙට්ඨෙන වහිතබ්බා පටිජග්ගිතබ්බාති තස්ස භාරා නාම. නාවිකො වියාති යථා නාවාය ගරුං භාරං ආදියිත්වා සමුද්දමජ්ඣෙ නාවං සොත්ථිනා නෙතුං නාවිකො උස්සහෙති වායමති, සහ නාවාය සබ්බභණ්ඩඤ්ච ජනො ච තස්සෙව භාරො හොති, තථා මමෙව සබ්බෙ ඤාතකා භාරොති , අහඤ්ච තෙ උස්සහාමි පටිජග්ගිතුං සක්කොමි, තඤ්ච ජෙට්ඨාපචායනධම්මං නප්පමජ්ජාමි, න කෙවලඤ්ච එතෙසඤ්ඤෙව, සකලස්සපි ලොකස්ස ජෙට්ඨො ච අස්මි, තස්මා අහමෙව සද්ධිං නන්දෙන පටිජග්ගිතුං යුත්තොති.
එහි භාතුරජ්ඣාවරා මමා යනු මගේ සොහොයුරාගේ පිරිස වසයෙන් පැමිණි පින්වත් සියලු රජවරු මගේ මේ වචනය අසත්වා! පරිහාපං යනු පරිහානියට පත්වන්නේ. ධම්මස්ස යනු වැඩිමහලු වත් පිළිවෙත් කිරීම පරම්පරාගත ධර්මය යි. කුසලා යනු දක්ෂයෝ වෙති. චාරිත්තෙන චා යනු ආචාර සිරිත් සම්පන්න වූ, භාරා යනු සියලු දෙය මේ ජ්‍යෙෂ්ඨයා විසින් ඉසිලිය යුතුය. පෝෂණය කළ යුතුය. එය ඔහුගේ බර නම් වේ. නාවිකො විය යනු යම්සේ නැවට ගරු භාණ්ඩ පටවා මුහුද මැද නැව මැනවින් පැමිණවීම සිදුකරන නාවික නම් වේ. උස්සහෙ යනු උත්සාහ කරයි. නැව සමග සියලු භාණ්ඩ ජනතාව ද ඔහුටම භාර වේ. එසේම මගේ ම සියළු ඤාතීහු ද මට බාර වේ. මම ද මොවුන් පෝෂණය කිරීමට උත්සාහ කරමි. හැකිවෙමි. එය ද ජ්‍යෙෂ්ඨ අපචායන ධර්මය ඉටුකිරීමට පමා නොවෙමි. තනිකර හුදකලා නො වෙි. මේ සංඥාවෙන් සියලුම ලෝවැසියන්ට ජ්‍යෙෂ්ඨයා වෙමි. එහෙයින් මම නන්ද සමග පිළිදැගුම් කිරීමට සුදුසු වෙමි.
තං සුත්වා සබ්බෙපි තෙ රාජානො අත්තමනා හුත්වා “ජෙට්ඨභාතිකස්ස කිර අවසෙසා භාරාති අජ්ජ අම්හෙහි ඤාත”න්ති නන්දපණ්ඩිතං පහාය මහාසත්තං සන්නිස්සිතා හුත්වා තස්ස ථුතිං කරොන්තා ද්වෙ ගාථා අභාසිංසු –
ඒ අසා ඒ සියලු රජවරු සතුටු සිතැතිව සිට ජ්‍යෙෂ්ඨ සොයුරුට අවශේෂ සියළු දෙනා භාරයයි අද අප විසින් ලදැයි දැනගන්නා නන්ද පණ්ඩිතයා හැර බෝසතුන් ඇසුරු කොට ඔහුට තුති පුදකරන්නේ ගාථා දෙකක් කීවාහුය.
“අධිගමා තමෙ ඤාණං, ජාලංව ජාතවෙදතො; එවමෙව නො භවං ධම්මං, කොසියො පවිදංසයි.
කඳු මුදුනක දැල් වූ ගින්නකින් හාත්පස රූපයන් බැබළී පෙනෙන්නාක් මෙන්, ජෙට්ඨා පචායන ධර්මයෙහි දැනුම ලැබෙන පරිද්දෙන් කෝසිය ගෝත්‍රික තාපස තෙම අපට කල්‍යාණ වූ ධර්මය දේශනා කළේය.
“යථා උදයමාදිච්චො, වාසුදෙවො පභඞ්කරො; පාණීනං පවිදංසෙති, රූපං කල්යාණපාපකං; එවමෙව නො භවං ධම්මං, කොසියො පවිදංසයී”ති.
උදයේ උදාවෙමින් පොළව බබළවන හිරු, යහපත් වූත් අයහපත් වූත් රූපයන් පැහැදිලිව දක්වන්නේද? එසේ කෝසිය ගෝත්‍රික තාපස තෙමේ අපට ධර්මය පැහැදිලි කර දුන්නේය. (රජතෙම කීය.)
තත්ථ අධිගමාති මයං ඉතො පුබ්බෙ ජෙට්ඨාපචායනධම්මපටිච්ඡාදකෙ තමෙ වත්තමානා න ජානාම, අජ්ජ ජාතවෙදතො ජාලංව ඤාණං අධිගතා. එවමෙව නොති යථා මහන්ධකාරෙ පබ්බතමත්ථකෙ ජලිතො ජාතවෙදො සමන්තා ආලොකං ඵරන්තො රූපානි දස්සෙති, තථා නො භවං කොසියගොත්තො ධම්මං පවිදංසයීති අත්ථො. වාසුදෙවොති වසුදෙවො වසුජොතනො, ධනපකාසනොති අත්ථො.
එහි අධිගතම්හා යනු අපි මීට පෙර වැඩිහිටි උපස්ථායක ධර්මය පිළිබඳව අඥානාන්ධකාරයෙන් වැහෙන ලද දැනුම ඇත්තේ වීමු. අද මහා ගිනි ජාලාවකින් අවට සිටින්නන් දැකගන්නා සේ, සෝණ පණ්ඩිතයන්ගේ ධර්ම ශ්‍රවණයෙන් ජ්‍යෙෂ්ඨ අපචායන ක්රියාවේ ඉෂ්ට විපාක දත්තෙමු. එවමෙව නො යනු යම්සේ මහ අන්ධකාරයක පර්වත මුදුනෙහි දැල්වෙන ලද මහා ගින්නකින් හාත්පස ආලෝකය විහිදුවමින් ආලෝක පතුරුවමින් රූප දක්වත් ද එපරිදි පින්වත් කෝසිය ගෝත්‍රික තාපසයෝ අපට ධර්මය පැහැදිලි කළහ. වාසුදේවො යනු වාසුදේව වේ. ලෝකය බබළවමින් ධර්මය ප්‍රකාශ කළේය යන අර්ථයයි.
ඉති මහාසත්තො එත්තකං කාලං නන්දපණ්ඩිතස්ස පාටිහාරියානි දිස්වා තස්මිං පසන්නචිත්තෙ තෙ රාජානො ඤාණබලෙන තස්මිං පසාදං භින්දිත්වා අත්තනො කථං ගාහාපෙත්වා සබ්බෙව අත්තනො මුඛං උල්ලොකිතෙ අකාසි. අථ නන්දපණ්ඩිතො “භාතා මෙ පණ්ඩිතො බ්යත්තො ධම්මකථිකො සබ්බෙපිමෙ රාජානො භින්දිත්වා අත්තනො පක්ඛෙ කරි, ඨපෙත්වා ඉමං අඤ්ඤො මය්හං පටිසරණං නත්ථි, ඉමමෙව යාචිස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
මෙසේ බෝසත්හු මෙපමණ කලක් නන්ද පණ්ඩිතයාගේ ප්රාතිහාර්ය දැක ඔහු කෙරෙහි පැහැදුණු සිත් ඇත්තන් ඒ රජවරු තමන්ගේ නැණ බලයෙන්, ඔහු කෙරෙහි ප්‍රසාදය බිඳ සියල්ලෝ ම තමන්ගේ ධර්ම දේශනාවෙන් තමන් වසඟයට පත්කළහ. ඉක්බිති නන්ද පණ්ඩිතයා, මගේ සොයුරා පණ්ඩිතය. ව්‍යක්තය. ධර්මකථිකය. සියලු රජවරු බිඳ දමා, තමන්ගේ පක්ෂයෙහි සරිකොට තබා මොහු හැර මට අන් පිළිසරණක් නැත. මොහුගෙන් ම අයැද සිටින්නෙමියි සිතා මේ ගාථාව කීවේය.
“එවං මෙ යාචමානස්ස, අඤ්ජලිං නාවබුජ්ඣථ; තව බද්ධචරො හෙස්සං, වුට්ඨිතො පරිචාරකො”ති.
මෙසේ ඇඳිලි බැඳ ඔබෙන් සමාව ඉල්ලීම ඔබ නො පිළිගන්නේ නම් ඔබ ම මාපියන්ට උවටැන් කරන්න. මම ඔබගේ අතවැස්සෙක්ව ඔබට උවටැන් කරමින් දිවා රෑ අනලස්ව වසන්නෙමියි නන්ද පණ්ඩිත කීය.
තස්සත්ථා – සචෙ තුම්හෙ මම එවං යාචමානස්ස ඛමාපනත්ථාය පග්ගහිතං අඤ්ජලිං නාවබුජ්ඣථ න පටිග්ගණ්හථ, තුම්හෙව මාතාපිතරො උපට්ඨහථ, අහං පන තුම්හාකං බද්ධචරො වෙය්යාවච්චකරො හෙස්සං, රත්තින්දිවං අනලසභාවෙන වුට්ඨිතො පරිචාරකො අහං තුම්හෙ පටිජග්ගිස්සාමීති.
එහි අර්ථය නම්:- ඉදින් නුඹ මගේ මෙම ඉල්ලීම ඇඳිලි බැඳ යදින ක්ෂමාව ඔබ නො පිළිගන්නේ නම් නුඹ මව්පියන්ට උපස්ථාන කළ මැනවි. “මම වනාහි නුඹලා ගේ බැඳුණු වර ඇත්තේ වතාවත් කිරීම කරන්නෙමි. දිවා රාත්‍රී අනලස්ව ස්වභාවයෙන් බැඳුණු පිරිවර සහායක වූයේ, මම නුඹ පෝෂණය කරන්නෙමි යනුවෙනි.
මහාසත්තස්ස පකතියාපි නන්දපණ්ඩිතෙ දොසො වා වෙරං වා නත්ථි, අතිථද්ධං වචනං කථෙන්තස්ස පනස්ස මානහාපනත්ථං නිග්ගහවසෙන තථා කත්වා ඉදානිස්ස වචනං සුත්වා තුට්ඨචිත්තො තස්මිං පසාදං උප්පාදෙත්වා “ඉදානි තෙ ඛමාමි, මාතාපිතරො ච පටිජග්ගිතුං ලභිස්සසී”ති තස්ස ගුණං පකාසෙන්තො ආහ –
බෝසතුන්ගේ පියවි ස්වභාවය ද, නන්ද පණ්ඩිතයා කෙරෙහි ද්වේෂයක් වෛරයක් නැත. දැඩි තද වූ වචන කථා කරන්නා වූ ඔහුගේ මානය දුරුකිරීම පිණිස නිග්‍රහ වශයෙන් එසේ කොට, දැන් ඔහුගේ වචනය අසා සතුටු සිතැත්තේ ඔහු කෙරෙහි පැහැදීම ඇතිකොට නන්ද, දැන් ඔබට ක්ෂමා කරමි. මව්පියන් පෝෂණයට ද ඉඩකඩ ලබන්නෙහි යයි ඔහුගේ ගුණ ප්‍රකාශ කරමින් මෙය කීවේ ය.
“අද්ධා නන්ද විජානාසි, සද්ධම්මං සබ්භි දෙසිතං; අරියො අරියසමාචාරො, බාළ්හං ත්වං මම රුච්චසි.
නන්ද ඒකාන්තයෙන් දැනගන්න. සද්ධර්මය සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද්දකි. සුන්දර සිරිත් ආචාර ධර්ම සමන්විත බාලයාණෙනි, මම නුඹට අතිශයින් කැමැත්තෙමි.
“භවන්තං වදාමි භොතිඤ්ච, සුණාථ වචනං මම; නායං භාරො භාරමතො, අහු මය්හං කුදාචනං.
පින්වත් දෙමාපියන් වෙත මෙය කියමි. මගේ වචනය අසව. මව්පිය උපස්ථානය මට බරක් නොවේ.
“තං මං උපට්ඨිතං සන්තං, මාතාපිතු සුඛාවහං; නන්දො අජ්ඣාවරං කත්වා, උපට්ඨානාය යාචති.
දෙමාපියන්ට සුව ගෙන දෙන පරිදි මව්පියන්ට උවටැන් කළ ඒ මා නන්ද, ආධ්‍යාත්ම සංවරයෙන් උපස්ථානය පිණිස පෙරැත්ත කරමින් ඉල්ලා සිටී.
“යො වෙ ඉච්ඡති කාමෙන, සන්තානං බ්රහ්මචාරිනං; නන්දං වො වරථ එකො, කං නන්දො උපතිට්ඨතූ”ති.
ශාන්ත වූ බ්‍රහ්මචාරී වූ තමුන්නාන්සේලා දෙදෙන අතුරෙන් යමෙක් නන්දගේ උපස්ථානය කැමති වේද? ඒ අනුව නන්ද තෙමේ කවරෙකුට උපස්ථාන කෙරේදැයි නියම කරගනු මැනව. සෝණ පණ්ඩිත කීය.
තත්ථ අරියොති සුන්දරො. අරියසමාචාරොති සුන්දරසමාචාරොපි ජාතො. බාළ්හන්ති ඉදානි ත්වං මම අතිවිය රුච්චසි. සුණාථාති අම්ම තාතා තුම්හෙ මම වචනං සුණාථ. නායං භාරොති අයං තුම්හාකං පටිජග්ගනභාරො න කදාචි මම භාරමතො අහු. තං මන්ති තං භාරොති අමඤ්ඤිත්වාව මං තුම්හෙ උපට්ඨිතං සමානං. උපට්ඨානාය යාචතීති තුම්හෙ උපට්ඨාතුං මං යාචති. යො වෙ ඉච්ඡතීති මය්හඤ්හි ත්වං මෙ මාතරං වා පිතරං වා උපට්ඨහාති වත්තුං න යුත්තං, තුම්හාකං පන සන්තානං බ්රහ්මචාරීනං යො එකො ඉච්ඡති, තං වදාමි කාමෙන නන්දං වො වරථ, තං මම කනිට්ඨං නන්දං රොචෙථ, තුම්හෙසු කං එස උපට්ඨාතු, උභොපි හි මයං තුම්හාකං පුත්තායෙවාති.
එහි අරියො යනු සුන්දරත්වයයි. අරිය සමාචාරො යනු සුන්දර හැසිරීම වේ. යහපත් හැසිරීම යනුයි. බාළ්හං යනු දැන් නුඹ මට අතිශයින් රුචි කරහි. සුණාථ යනු අම්මේ, තාතෙ නුඹලා මගේ වචනය අසනු. නා’යං භාරො යනු මේ නුඹලා ගේ පෝෂණය කිරීමේ බරයි. කිසිදා එය මට බරක් නොවේ යනු කීය. තං මං යනු මගේ වගකීමයි යයි නොහඟවා ඒ මා නුඹලාට උපස්ථාන කිරීම සමාන වේ. උපට්ඨානාය යාචති යනු මා නුඹලාට උපස්ථාන කරමින් සිටියදී ම නන්ද තෙමේ ඔබලාට උපස්ථාන කිරීමට මගෙන් අවසර ඉල්ලයි. අපි දෙදෙනා ම නුඹලා ගේ පුතුන් වෙමු. මා විසින් නුඹ තොපි එක්කෙනෙක් ම උපස්ථාන කරවයි කීම යුතු නොවේ. දැමුණු ඉඳුරන් ඇති බ්‍රහ්මචාරී වූ ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙක් මට උපස්ථාන කිරීමේ වරය නන්දට ලැබේවායි හෝ නන්දගෙන් උවටැන් ලැබීමට මම කැමැත්තෙමියි හෝ කියන්නේ නම් මැනැවි.
අථස්ස මාතා ආසනා වුට්ඨාය, “තාත සොණපණ්ඩිත, චිරප්පවුත්ථො තෙ කනිට්ඨො, එවං චිරාගතම්පි තං යාචිතුං න විසහාමි, මයඤ්හි තං නිස්සිතා, ඉදානි පන තයා අනුඤ්ඤාතා අහං එතං බ්රහ්මචාරිනං බාහාහි උපගූහිත්වා සීසෙ උපසිඞ්ඝායිතුං ලභෙය්ය”න්ති ඉමමත්ථං පකාසෙන්තී ගාථමාහ –
ඉක්බිති මව අසුනෙන් නැගිට දරුව සෝණ පණ්ඩිතය, තොපගේ මලණුවෝ බොහෝ කාලයක් අපගෙන් වෙන්ව විසූහ. බොහෝ කලකින් දුටුවා වූ ඔහු කෙරෙහි ස්නේහ දක්වන්නට තොප පිළිබඳව සිටි හෙයින් නො හැක්කෙමි. දැන් ඔබ විසින් අනුදන්නේ නම්, බ්‍රහ්මචාරී වූ මේ නන්ද තවුසා ළං කරගෙන හිස සිඹ සනහන්නට කැමැත්තෙමි’යි කීය.
“තයා තාත අනුඤ්ඤාතා, සොණ තං නිස්සිතා මයං; උපඝාතුං ලභෙ නන්දං, මුද්ධනි බ්රහ්මචාරින”න්ති.
පුත්‍ර වූ සෝණය! අපි තොප ඇසුරු කළේ වෙමු. තොප විසින් අනු දන්නා ලද මම බ්‍රහ්මචාරී වූ නන්ද මස්තකයෙහි සිප සනසන්නෙමි.
අථ මහාසත්තො “තෙන හි, අම්ම, අනුජානාමි, ත්වං ගච්ඡ, පුත්තං නන්දං ආලිඞ්ගිත්වා සීසෙ ඝායිත්වා චුම්බිත්වා තව හදයෙ සොකං නිබ්බාපෙහී”ති ආහ. සා තස්ස සන්තිකං ගන්ත්වා නන්දපණ්ඩිතං පරිසමජ්ඣෙයෙව ආලිඞ්ගිත්වා සීසං ඝායිත්වා චුම්බිත්වා හදයෙ සොකං නිබ්බාපෙත්වා මහාසත්තෙන සද්ධිං සල්ලපන්තී ආහ –
ඉක්බිති බෝසත් තෙම එසේ වීනම් මෑණියනි, අනුදනිමි. ඔහු වෙත යන්න. නන්ද පුතු වැළඳගෙන හිස සිඹ ස්පර්ශ කොට ඔබේ හදවතේ ශෝකය නිවන්නැයි කීවේය. ඇය ඔහුගේ සමීපයට ගොස් නන්ද පණ්ඩිතයා පිරිස මැද ම වැළඳගෙන ඔහුගේ හිසෙහි සුවඳ බලා සිපගෙන හදවතේ ශෝකය නිවා බෝසතුන් සමග කථාබස් කරන්නේ කීවේ ය.
“අස්සත්ථස්සෙව තරුණං, පවාළං මාලුතෙරිතං; චිරස්සං නන්දං දිස්වාන, හදයං මෙ පවෙධති.
පවනින් කම්පා වෙන දල්ලක් මෙන් කම්පිතව තිබූ මගේ සිත නන්දයා දැකීමෙන් සැනසිල්ලට අත්වූයේ ය.
“යදා සුත්තාපි සුපිනෙ, නන්දං පස්සාමි ආගතං; උදග්ගා සුමනා හොමි, නන්දො නො ආගතො අයං.
යම් කලෙක නන්ද සිහිනයෙන් පැමිණි බව දුටුවෙමි. අපගේ මේ නන්ද පැමිණියේ යයි අප්‍රමාණ සතුටු සිතින් යුක්ත වෙමි.
“යදා ච පටිබුජ්ඣිත්වා, නන්දං පස්සාමි නාගතං; භිය්යො ආවිසතී සොකො, දොමනස්සඤ්චනප්පකං.
යම් දිනක උදේ පිබිද ආවා වූ මම නන්දයා නො දකිම්ද? බොහෝ වූ ශෝකයට පැමිණේ. මහත් වූ දොම්නසට පැමිණියෙම්.
“සාහං අජ්ජ චිරස්සම්පි, නන්දං පස්සාමි ආගතං; භත්තුච්ච මය්හඤ්ච පියො, නන්දො නො පාවිසී ඝරං.
එසේ දුක් වූ මම අද නන්දයා දකිමි. බොහෝ කාලයකින් නන්ද මට ද මගේ ස්වාමියාට ද ප්‍රිය වේ. ඔහු ගෙට පිවිසේවා.
“පිතුපි නන්දො සුප්පියො, යං නන්දො නප්පවසෙ ඝරා; ලභතූ තාත නන්දො තං, මං නන්දො උපතිට්ඨතූ”ති.
යම් හෙයකින් නන්ද පියාට ද ඉතා ප්‍රියයෙක් වේ ද? එහෙයින් නන්ද ගෙදරින් පිටව නොයේවා. පුත්‍ර සෝණය, නන්ද යමක් කැමති වේ ද, එය ලබාවා. නුඹ පියාට උපස්ථාන කරව. නන්ද තෙමේ මට උපස්ථාන කෙරේවා.
තත්ථ මාලුතෙරිතන්ති යථා වාතාහතං අස්සත්ථස්ස පල්ලවං කම්පති, එවං චිරස්සං නන්දං දිස්වා අජ්ජ මම හදයං කම්පතීති වදති. සුත්තාති, තාත සොණ, යදාහං සුත්තාපි සුපිනෙ නන්දං ආගතං පස්සාමි, තදාපි උදග්ගා හොමි. භත්තුච්චාති සාමිකස්ස ච මෙ මය්හඤ්ච පියො. නන්දො නො පාවිසී ඝරන්ති, තාත, පුත්තො නො නන්දො පණ්ණසාලං පවිසතු. යන්ති යස්මා පිතුපි සුට්ඨු පියො, තස්මා පුන ඉමම්හා ඝරා න විප්පවසෙය්ය. නන්දො තන්ති, තාත, නන්දො යං ඉච්ඡති, තං ලභතු. මං නන්දොති, තාත සොණ, තව පිතරං ත්වං උපට්ඨහ, මං නන්දො උපට්ඨාතු.
එහි මාළුතෙරිතං යනු යම්සේ වාතයෙන් මඩනා ලද ඇසතු ගසේ ලාදළු කම්පා වේ ම ය. චිරස්සං නන්දං දිස්වාන අද මගේ හදවත කම්පා කරයි යයි පවසයි. සුත්තා යනු දරුව, සෝණ යම් කලක මම නන්ද පුතා පැමිණි බව සිහිනෙන් දිටිමි. එදින අපමණ ප්‍රීති ඇත්තේ වෙමි. භත්තුචා යනු ස්වාමියාට ද, මට ද ප්‍රිය. නන්දො නො පාවිසි ඝරං යන පියාණනි, අපගේ පුත්‍ර නන්ද, පන්සලට පිවිසේවා. යං යනු යම්සේ පියා ද මැනවින් ප්‍රිය වූයේ එහෙයින් මේ ගෙදරින් වෙන් නොවන්නේය. නන්දො තං යනු දරුව, නන්ද යමක් කැමැති වේ ද? එය ලබාවා! මං නන්දො යනු දරුව සෝණ, ඔබගේ පියාට ඔබ උපස්ථාන කරන්නේ ද නන්ද මට උපස්ථාන කෙරේවා.
මහාසත්තො “එවං හොතූ”ති මාතු වචනං සම්පටිච්ඡිත්වා “නන්ද, තයා ජෙට්ඨකකොට්ඨාසො ලද්ධො, මාතා නාම අතිගුණකාරිකා, අප්පමත්තො හුත්වා පටිජග්ගෙය්යාසී”ති ඔවදිත්වා මාතු ගුණං පකාසෙන්තො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති බෝසත් තෙමේ මෙසේ වේවා’යි මවගේ වචනය පිළිගෙන නන්දය, ඔබ විසින් ජ්‍යෙෂ්ඨ කොටස ලබන ලද්දේය. මව නම් බොහෝ සෙයින් ගුණවන්තියක් වේ. හේ අප්‍රමාද වී පෝෂණය කරන්නැයි අවවාද දී මව්ගුණ ප්‍රකාශ කරන්නේ ගාථා දෙකක් කීවේය.
“අනුකම්පිකා පතිට්ඨා ච, පුබ්බෙ රසදදී ච නො; මග්ගො සග්ගස්ස ලොකස්ස, මාතා තං වරතෙ ඉසෙ.
නන්ද සෘෂිවරය! පළමුකොට ම පිහිටවූ ද, මොළොක් සිත් ඇත්තා වූ ද, ලේ කිරිකොට දුන්නා වූ ද, අපගේ මව් තොමෝ නුඹ කැමති වන්නීය. මවට උපස්ථාන කිරීම ස්වර්ග ලෝකයට යාමට උපකාරී වේ.
“පුබ්බෙ රසදදී ගොත්තී, මාතා පුඤ්ඤූපසංහිතා; මග්ගො සග්ගස්ස ලොකස්ස, මාතා තං වරතෙ ඉසෙ”ති.
පෙර කිරි දුන්නා වූ ද, මව්තොමෝ පින් රැස්කර දෙන්නී ය. ඒ මවට උපස්ථාන කිරීම දෙව්ලොව සැපත් ලැබීමට මාර්ගය වේ. නන්ද සෘෂිවරය! ඒ මව නුඹ කැමති වන්නෙහි ය.
තත්ථ අනුකම්පිකාති මුදුහදයා. පුබ්බෙ රසදදීති පඨමමෙව අත්තනො ඛීරසඞ්ඛාතස්ස රසස්ස දායිකා. මාතා තන්ති මම මාතා මං න ඉච්ඡති, තං වරති ඉච්ඡති. ගොත්තීති ගොපායිකා. පුඤ්ඤූපසංහිතාති පුඤ්ඤූපනිස්සිතා පුඤ්ඤදායිකා.
එහි අනුකම්පිකා යන මෘදු වූ හදවතක් ඇත්තී පුබ්බෙරසද්දී යනු පළමුව තමන්ගේ කිරි සංඛ්‍යාත රසය දෙන්නීය. මාතාතං යනු මගේ මවයි. මං යමක් කැමැති වේද, එය උතුම් යයි කැමැති වේ. ගොත්තී යනු ආරක්ෂා කරන්නී. පුඤ්ඤපසංහිතා යනු පින ඇසුරුකොට ඇත්තී. පින් පුරවන්නී.
එවං මහාසත්තො ද්වීහි ගාථාහි මාතු ගුණං කථෙත්වා පුනාගන්ත්වා තස්සා ආසනෙ නිසින්නකාලෙ “නන්ද, ත්වං දුක්කරකාරිකං මාතරං ලභසි, උභොපි මයං මාතරා දුක්ඛෙන සංවඩ්ඪිතා, තං ඉදානි ත්වං අප්පමත්තො පටිජග්ගාහි, අමධුරානි ඵලාඵලානි මා ඛාදාපෙහී”ති වත්වා පරිසමජ්ඣෙයෙව මාතු දුක්කරකාරිකතං පකාසෙන්තො ආහ –
මෙසේ බෝසත්තුමා ගාථා දෙකකින් මව්ගුණ කියා නැවත පැමිණ ඇගේ ආසනයේ සිටිනා කල්හි නන්ද, ඔබ දුෂ්කර කාර්යයක් කර මව ලැබීය. අපි දෙදෙනා ම මව විසින් දුකින් පෝෂණය කරන ලදි. දැන් නුඹ අප්‍රමාදීව පෞරුෂය පෝෂණය කරන්නැයි, අමිහිරි වූ ගෙඩි කුඩා ගෙඩි ද නොකවවයි කියා පිරිස මැද ම මව දුෂ්කර කාර්යයක් කරන ලදී යයි ප්‍රකාශ කරන්නේ මේ ගාථා කීවේ ය.
“ආකඞ්ඛමානා පුත්තඵලං, දෙවතාය නමස්සති; නක්ඛත්තානි ච පුච්ඡති, උතුසංවච්ඡරානි ච.
පුත්‍ර ඵලයක් කැමැති වන මව්තොමෝ දේවතාවාට නමස්කාර කරයි සෘතු විපර්යාසයන් ද, නැකැත් යෝග ද අවුරුදු ද විමසයි.
“තස්සා උතුම්හි න්හාතාය, හොති ගබ්භස්ස වොක්කමො; තෙන දොහළිනී හොති, සුහදා තෙන වුච්චති.
ඔසප්ව ස්නානය කළා වූ ඇයට දරු ගැබ් පිහිටීම වෙයි. ඒ ගැබින් ඕ දොළදුක් ඇත්තී වෙයි. එහෙයින් මව් තොමෝ සුභදා යයි කියයි.
“සංවච්ඡරං වා ඌනං වා, පරිහරිත්වා විජායති; තෙන සා ජනයන්තීති, ජනෙත්ති තෙන වුච්චති.
වර්ෂයක් හෝ දසමසක් හෝ ගැබ් පරිහරණය කොට (දරුවා) බිහි කරයි ඒ නිසා ඇය දරුවන් වදන්නී ‘ජනෙත්තී’ නම් වේ.
“ථනඛීරෙන ගීතෙන, අඞ්ගපාවුරණෙන ච; රොදන්තං පුත්තං තොසෙති, තොසෙන්තී තෙන වුච්චති.
තන කිරි දීමෙන් ද, නැළවිලි ගී කියා නැලවීමෙන් ද, ඇකයෙහි හොවාගෙන සුඛ ස්පර්ශය දීමෙන් ද අඬන පුත්‍රයා සතුටු කරයි. එබැවින් ඇය ‘තොසෙන්ති’ සතුටු කරවන්නී වෙයි.
“තතො වාතාතපෙ ඝොරෙ, මමං කත්වා උදික්ඛති; දාරකං අප්පජානන්තං, පොසෙන්තී තෙන වුච්චති.
නැවත දරුණු අව් සුළං ඇතිකල්හි මට අයත් යයි පීඩා විඳින්නට ඉඩ නොදී දරුවා බලයි. එබැවින් ඇය ‘පොසෙන්ති’ යයි කියනු ලැබේ.
“යඤ්ච මාතුධනං හොති, යඤ්ච හොති පිතුද්ධනං; උභයම්පෙතස්ස ගොපෙති, අපි පුත්තස්ස නො සියා.
මවගේ යම් ධනයක් වේද, පියාගේ යම් ධනයක් වේද, මේ සියලු ම ධන අපගේ පුත්‍රයාට යයි පුත්‍රයා සඳහා ආරක්ෂා කරයි.
“එවං පුත්ත අදුං පුත්ත, ඉති මාතා විහඤ්ඤති; පමත්තං පරදාරෙසු, නිසීථෙ පත්තයොබ්බනෙ; සායං පුත්තං අනායන්තං, ඉති මාතා විහඤ්ඤති.
පුත්‍රය, මෙසේ ද කරව. මෙසේ උගනුව. මෙසේ පිළිගනුව යනාදිය කියමින් මව වෙහෙස වන්නීය. පුතු යොවුන්වියට පැමිණි කල්හි පරදාරාවන් පිළිබඳ ඇලුම් කොට ගෙදර නො එන්නා වූ පුත්‍රයා දෙස බලමින් වෙහෙසේ.
“එවං කිච්ඡා භතො පොසො, මාතු අපරිචාරකො; මාතරි මිච්ඡා චරිත්වාන, නිරයං සොපපජ්ජති.
මෙසේ දුකසේ පෝෂණය කරන ලද දරුවෙක් මවට උපස්ථාන නො කෙරේ ද? මවට උවටැන් නො කිරීම යන වැරදි මිථ්‍යා චරියාවෙහි හැසිරේ ද, ඔහු නිරයේ උපදී.
“එවං කිච්ඡා භතො පොසො, පිතු අපරිචාරකො; පිතරි මිච්ඡා චරිත්වාන, නිරයං සොපපජ්ජති.
මෙසේ දුකසේ පෝෂණය කළ දරුවන් පියාට උපස්ථාන නො කරන්නේ ද, උපස්ථාන නොකොට මිථ්‍යාචාරයේ හැසිරේ ද, හෙතෙම නිරයේ උපදී.
“ධනාපි ධනකාමානං, නස්සති ඉති මෙ සුතං; මාතරං අපරිචරිත්වාන, කිච්ඡං වා සො නිගච්ඡති.
මවට උපස්ථාන නො කරන්නාට ධනය නොලැබේ. ලැබී තිබෙන ධනය පවා විනාශ වේ යයි මා අසා ඇත.
“ධනාපි ධනකාමානං, නස්සති ඉති මෙ සුතං; පිතරං අපරිචරිත්වාන, කිච්ඡං වා සො නිගච්ඡති.
පියාට උපස්ථාන නො කරන්නාට ධනය නො ලැබේ යයි ද, තිබෙන ධනය විනාශ වන්නේ යයි ද මා අසා තිබේ.
“ආනන්දො ච පමොදො ච, සදා හසිතකීළිතං; මාතරං පරිචරිත්වාන, ලබ්භමෙතං විජානතො.
මවට උපස්ථාන කිරීමෙන් සතුට ද, ප්‍රමෝදය ද, හැමකල්හි සිනාව ද නුවණැත්තාට ලැබිය හැකියි.
“ආනන්දො ච පමොදො ච, සදා හසිතකීළිතං; පිතරං පරිචරිත්වාන, ලබ්භමෙතං විජානතො.
නුවණැත්තා පියාට උපස්ථාන කිරීමෙන් සතුට ද, ප්‍රමෝදය ද සිනාව ද, ක්‍රීඩාව ද හැමකල්හි ලබන්නේ ය.
“දානඤ්ච පියවාචා ච, අත්ථචරියා ච යා ඉධ; සමානත්තතා ච ධම්මෙසු, තත්ථ තත්ථ යථාරහං; එතෙ ඛො සඞ්ගහා ලොකෙ, රථස්සාණීව යායතො.
මේ ලෝකයෙහි, දානය ද ප්‍රිය වචනය ද, වැඩ සිදුකිරීම ද, පිරිස් මැදදිත්, රහසිගතවත්, ජෙට්ඨාපචායන ධර්මයන් පුරමින් දෙමාපිය වැඩිහිටියන්ට වැදීමාදිය කරමින්, සමානාත්මතාවය ඇතිකර ගනී.
“එතෙ ච සඞ්ගහා නාස්සු, න මාතා පුත්තකාරණා; ලභෙථ මානං පූජං වා, පිතා වා පුත්තකාරණා.
මේ සංග්‍රහයෝ ධාවනය වන රියට කඩ ඇණය මෙන්, යහපත් පුද්ගලයකුගේ ජීවිතයට බලපාන්නේය.
“යස්මා ච සඞ්ගහා එතෙ, සම්මපෙක්ඛන්ති පණ්ඩිතා; තස්මා මහත්තං පප්පොන්ති, පාසංසා ච භවන්ති තෙ.
මේ සංග්‍රහයෝ පුත්‍රයකු ගෙන් දෙමපියන් නො ලබන්නේ නම්, ඒ දෙමාපියෝ බුහුමන් හෝ පූජාවන් නො ලබන්නෝ ය.
“බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච්චරෙ; ආහුනෙය්යා ච පුත්තානං, පජාය අනුකම්පකා.
නුවණැත්තෝ මේ සංග්‍රහයන් මැනවින් දනිත් ද? කරත් ද? ඔවුහු ශ්‍රේෂ්ඨ බවට පැමිණෙති. ප්‍රශංසා ලබති.
“තස්මා හි නෙ නමස්සෙය්ය, සක්කරෙය්ය ච පණ්ඩිතො; අන්නෙන අථො පානෙන, වත්ථෙන සයනෙන ච; උච්ඡාදනෙන න්හාපනෙන, පාදානං ධොවනෙන ච.
පුත්‍ර පූජාවට අනුග්‍රහය දක්වන්නා වූ දෙමව්පියෝ බ්‍රහ්මයා හා සමානය. පූර්වාචාර්යහ. ආහුනෙය්‍ය ගුණයෙන් යුක්තය. එහෙයින් නුවණැත්තෝ ආහාර දීමෙන්, වස්ත්‍ර දීමෙන්, පාන වර්ග දීමෙන්, සයනාසන දීමෙන්, ඇඟ ඉලීමෙන්, නෑවීමෙන්, පා සේදීමෙන් සත්කාර කරන්නෝ ය. වඳින්නෝ පුදන්නෝ ය.
“තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ්ඩිතා; ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී”ති.
මාපියන් කෙරෙහි උපස්ථාන කිරීම නිසා නුවණැත්තෝ මෙලොවදී ම පැසසුම් ලබත්. පරලොවෙහි දී ස්වර්ගයේ ඉපිද සැප විපාක විඳිත්.
තත්ථ පුත්තඵලන්ති පුත්තසඞ්ඛාතං ඵලං. දෙවතාය නමස්සතීති “පුත්තො මෙ උප්පජ්ජතූ”ති දෙවතාය නමක්කාරං කරොති ආයාචති. පුච්ඡතීති “කතරෙන නක්ඛත්තෙන ජාතො පුත්තො දීඝායුකො හොති, කතරෙන අප්පායුකො”ති එවං නක්ඛත්තානි ච පුච්ඡති. උතුසංවච්ඡරානි චාති “ඡන්නං උතූනං කතරස්මිං උතුම්හි ජාතො දීඝායුකො හොති, කතරස්මිං උතුම්හි අප්පායුකො, කතිවස්සාය වා මාතුයා ජාතො පුත්තො දීඝායුකො හොති, කතිවස්සාය අප්පායුකො”ති එවං උතුසංවච්ඡරානි ච පුච්ඡති. උතුම්හි න්හාතායාති පුප්ඵෙ උප්පන්නෙ උතුම්හි න්හාතාය. වොක්කමොති තිණ්ණං සන්නිපාතා ගබ්භාවක්කන්ති හොති, කුච්ඡියං ගබ්භො පතිට්ඨාති. තෙනාති තෙන ගබ්භෙන සා දොහළිනී හොති. තෙනාති තදා තස්සා කුච්ඡිම්හි නිබ්බත්තපජාය සිනෙහො උප්පජ්ජති, තෙන කාරණෙන “සුහදා”ති වුච්චති. තෙනාති තෙන කාරණෙන සා “ජනයන්තී”ති ච “ජනෙත්තී”ති ච වුච්චති.
එහි පුත්තඵලං යනු දරුඵල ලැබීමේ ප්රතිඵලයයි. දේවතාය නමස්සතී යනු මට පුත්‍රයෙකු උපදීවායි දේවතාවන්ට නමස්කාර කරයි. ආයාචනා කරයි. නක්ඛත්තානිච පුච්ඡති යනු කවර නැකැතකින් උපන් පුත්‍රයා දීර්ඝායුෂ්ක වේද? කවර නැකැතකින් අල්ප ආයුෂ වේදැයි මෙසේ නැකැත් විචාරයි. උතුසංවච්ඡරානි යනු, සෘතු හයෙන් කවර සෘතුවෙක්හි උපන් පුතා දීර්ඝායුෂ වේද? කවර සෘතුවෙක්හි අල්ප ආයුධ වේදැයි කවර වර්ෂයක මාගේ උපන් පුතා දීර්ඝායුෂ වේද, කවර වර්ෂයකදී අල්ප ආයුෂ වේදැයි මෙසේ සෘතු වර්ෂයන් විචාරයි. උතුසිනාතායා යනු මල්වර වූ සෘතුවෙහි ස්නානය පිණිස පවතී. අවක්කමො යනු ගර්භය අවක්රාන්ත වීම තුන් ආකාරයකින් සිදු වේ. කුසෙහි ගැබ පිහිටයි. තෙන යනු ඒ ගර්භයෙන් ඇය දොළදුකට පත්වෙයි. තෙන යනු එකල ඇගේ කුසෙහි උපන් දරුවාට සෙනෙහස හටගත්තී ඒ නිසාවෙන් සුහද යයි කියනු ලැබේ. තෙන ඒ කාරණයෙන් ඇය ජනයන්ති යනුද ජනෙත්තී යනුද කියනු ලැබේ.
අඞ්ගපාවුරණෙන චාති ථනන්තරෙ නිපජ්ජාපෙත්වා සරීරසම්ඵස්සං ඵරාපෙන්තී අඞ්ගසඞ්ඛාතෙනෙව පාවුරණෙන. තොසෙන්තීති සඤ්ඤාපෙන්තී හාසෙන්තී. මමං කත්වා උදික්ඛතීති “පුත්තස්ස මෙ උපරි වාතො පහරති, ආතපො ඵරතී”ති එවං මමංකාරං කත්වා සිනිද්ධෙන හදයෙන උදික්ඛති. උභයම්පෙතස්සාති උභයම්පි එතං ධනං එතස්ස පුත්තස්ස අත්ථාය අඤ්ඤෙසං අදස්සෙත්වා සාරගබ්භාදීසු මාතා ගොපෙති. එවං පුත්ත, අදුං පුත්තාති “අන්ධබාල පුත්ත, එවං රාජකුලාදීසු අප්පමත්තො හොහි, අදුඤ්ච කම්මං මා කරොහී”ති සික්ඛාපෙන්තී ඉති මාතා විහඤ්ඤති කිලමති. පත්තයොබ්බනෙති පුත්තෙ පත්තයොබ්බනෙ තං පුත්තං නිසීථෙ පරදාරෙසු පමත්තං සායං අනාගච්ඡන්තං ඤත්වා අස්සුපුණ්ණෙහි නෙත්තෙහි මග්ගං ඔලොකෙන්තී විහඤ්ඤති කිලමති.
අංගපාවුරණෙනච යන පියයුරු අතරෙහි හොවාගෙන ශරීර ස්පර්ශය ද එළවන්නී අංග සංඛ්‍යාත රැකවරණයෙන් යුතුව තොසෙන්තී යනු හැඟීම් උපදවමින් සිනහවෙන් සතුටු කරන්නී. මමං කත්වා උදක්ඛති යනු අනේ මගේ පුතාට වාතයෙන් පීඩා වේ. අව්වෙන් පීඩා වේ යයි මෙසේ මමංකාර කොට සිනිදු මෘදු හදවතින් බලා සිටියි. උභයම්පෙ තස්සා යනු දෙදෙනාට ම එකම ධනය කොට ඇති පුතා ගේ අර්ථ සිද්ධිය පිණිස අන්‍යයන්ට නොදී උකුලේ ම තබාගෙන මව රකියි. එවං පුත්ත අදුං පුත්තා යනු අඳබාල පුතකු වුව ද රාජකුලාදියෙහි අප්‍රමාදීව වේව යි සිය කටයුතු කරවයි. ශිල්පාදියේ හික්මවති. ඉති මාතා විහඤ්ඤති යනු වෙහෙසෙයි. පත්තයොබ්බනෙ යනු පුත්‍රයා යෞවනත්වයට පත්වූ කල්හිද, ඒ පුතා නිසීථෙ පරදාර සේවනයෙහි ප්‍රමාද වී සවස් කාලයේ නොපැමිණෙන්නේ යයි දැන කඳුළු පිරුණු දෙනෙතින් යුතුව පුතු දෙස බලා සිටින්නී. විහඤ්ඤති යනු වෙහෙසට පත්වෙයි.
කිච්ඡා භතොති කිච්ඡෙන භතො පටිජග්ගිතො. මිච්ඡා චරිත්වානාති මාතරං අපටිජග්ගිත්වා. ධනාපීති ධනම්පි, අයමෙව වා පාඨො. ඉදං වුත්තං හොති – ධනකාමානං උප්පන්නං ධනම්පි මාතරං අපටිජග්ගන්තානං නස්සතීති මෙ සුතන්ති. කිච්ඡං වා සොති ඉති ධනං වා තස්ස නස්සති, දුක්ඛං වාසො පුරිසො නිගච්ඡති. ලබ්භමෙතන්ති එතං ඉධලොකෙ ච පරලොකෙ ච ආනන්දාදිසුඛං මාතරං පරිචරිත්වා විජානතො පණ්ඩිතස්ස ලබ්භං, සක්කා ලද්ධුං තාදිසෙනාති අත්ථො.
කිච්ඡාභතො යනු කටයුතුවලින් බතින් පෝෂණය කරන්නීය. මිච්ඡාචරිත්වාන යනු මව පෝෂණය නොකොට. ධනාපී යනු ධන ඇත්තේ ද මව පෝෂණය නොකරන්නාහු. නස්සති මෙ සුතංති කිච්ඡං වාසො යනු මෙසේ ඔහුගේ ධනය හෝ නැසෙයි. නැතිනම් ඔහු දුකට හෝ පැමිණෙයි. ලබ්භමෙතං යනු මෙලොව හෝ පරලොව හෝ සතුටු සැප දී මව අනුව සේවක ලෙස දැනගන්නේ පණ්ඩිතයාට ලැබිය හැකි ලබන ලද එබඳු ආකාර වූ අර්ථයකි.
දානඤ්චාති මාතාපිතූනං දානං දාතබ්බං, පියවචනං භණිතබ්බං, උප්පන්නකිච්චසාධනවසෙන අත්ථො චරිතබ්බො. ධම්මෙසූති ජෙට්ඨාපචායනධම්මෙසු තත්ථ තත්ථ පරිසමජ්ඣෙ වා රහොගතානං වා අභිවාදනාදිවසෙන සමානත්තතා කාතබ්බා, න රහො අභිවාදනාදීනි කත්වා පරිසති න කාතබ්බානි, සබ්බත්ථ සමානෙනෙව භවිතබ්බං. එතෙ ච සඞ්ගහා නාස්සූති සචෙ එතෙ චත්තාරො සඞ්ගහා න භවෙය්යුං. සම්මපෙක්ඛන්තීති සම්මා නයෙන කාරණෙන පෙක්ඛන්ති. මහත්තන්ති සෙට්ඨත්තං. බ්‍රහ්මාති පුත්තානං බ්රහ්මසමා උත්තමා සෙට්ඨා. පුබ්බාචරියාති පඨමාචරියා. ආහුනෙය්යාති ආහුනපටිග්ගාහකා යස්ස කස්සචි සක්කාරස්ස අනුච්ඡවිකා. අන්නෙන අථොති අන්නෙන චෙව අත්ථො පානෙන ච. පෙච්චාති කාලකිරියාය පරියොසානෙ ඉතො ගන්ත්වා සග්ගෙ පමොදතීති.
දානංච යනු මව්පියන්ට දන්දිය යුතුය. ප්‍රියවචන කථාකළ යුතුය. උපන්නා වූ කටයුතු ඉටුකිරීම් වශයෙන් යහපත් චරිතයෙහි යෙදිය යුතුය. ධම්මෙසු යනු වැඩිහිටියන්ට පිදීම් ද, ධර්මයෙහි ඒ ඒ තැන පිරිස මැද සුදුසු තැන්වලදී අභිවන්දනය කිරීම් වශයෙන්. සමානත්තතා කළ යුතුය. රහසින් නොව, අභිවන්දනාදිය කොට චාරිත්‍ර ඉටු කිරීම් කළයුතුය. සියළු තැන සමානවම ඉෂ්ට කළයුතුය. එතෙව සංගහානස්සූ යනු ඉදින් මේ සතර සංග්‍රහ නොසිදුවන්නේ නම්. සමෙපක්ඛන්ති යනුවෙන් මනාකොට යෙදීමෙන් බලත්. මහත්තං යනු ශ්‍රේෂ්ඨත්වයයි. බ්රහ්මා යනු පුත්‍රයන්ට බ්‍රහ්මයා හා සමාන උත්තම ශ්‍රේෂ්ඨ වූ බවයි. පුබ්බාචරියා යනු පළමු ආචාර්යවරයයා. ආහුණෙය්‍ය යනු දුරසිට ගෙනඑන ලද්දේ වුවද, ප්‍රතිග්‍රාහක වශයෙන් යමෙකුට කිසිවක් සක්කාර වශයෙන් ලබාදීමට සුදුසුය. අන්නෙන අථො යනු නැතහොත් ප්‍රාණ වශයෙන් ද පෙච්චා යනු කළුරිය කිරීම් අවසානයේ මෙතැනින් ගොස් සග්ගෙචමෝදති ප්රමෝදයට පත්වේ.
එවං මහසත්තො සිනෙරුං පවට්ටෙන්තො විය ධම්මදෙසනං නිට්ඨාපෙසි. තං සුත්වා සබ්බෙපි තෙ රාජානො බලකායා ච පසීදිංසු. අථ නෙ පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා “දානාදීසු අප්පමත්තා හොථා”ති ඔවදිත්වා උය්යොජෙසි. සබ්බෙපි ධම්මෙන රජ්ජං කාරෙත්වා ආයුපරියොසානෙ දෙවනගරං පූරයිංසු. සොණපණ්ඩිතනන්දපණ්ඩිතාපි යාවතායුකං මාතාපිතරො පරිචරිත්වා බ්රහ්මලොකපරායණා අහෙසුං.
මෙසේ බෝසත්හු සිනේරු පර්වතය පෙරළන්නාක් මෙන් ධර්ම දේශනාව නිමකළ සේක. ඒ අසා සියළුම ඒ රජවරු ද බලසේනාව ද පැහැදුනාහ. ඉක්බිති මහාසත්ත්වයෝ ඒ රජවරු පංචශීලයෙහි පිහිටුවා දානාදි පින්කම්වල අප්රමාදී වෙවුයයි අවවාද දී පිටත් කළහ. ඒ සියළු රජවරු දැහැමින් රාජ්‍ය විචාරා ආයුෂ කෙළවර දේවනගරයට ගියහ. සෝණ පණ්ඩිතයා ද, නන්ද පණ්ඩිතයා ද ආයුෂ ඇති පරිදි මව්පියන්ට සේවක වී බ්‍රහ්මලෝක සරණ ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ මාතුපොසකභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා මාතාපිතරො මාහාරාජකුලානි අහෙසුං, නන්දපණ්ඩිතො ආනන්දො , මනොජරාජා සාරිපුත්තො, එකසතරාජානො අසීතිමහාථෙරා චෙව අඤ්ඤතරථෙරා ච, චතුවීසති අක්ඛොභණියො බුද්ධපරිසා, සොණපණ්ඩිතො පන අහමෙව අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර පා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමකළ සේක. සත්‍යය අවසානයේ මව්පෝෂක භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල මව්පියවරු මහරජ කුලය වුහ. මනෝජ රජු සාරිපුත්ත විය. ඒකසතරජවරු අසූමහා ශ්‍රාවකාදී අනෙක් මහතෙරවරු ද වූහ. සිවුවිසි අක්ෂෞභිණිය බුදු පිරිසයි. නන්ද පණ්ඩිතයා ආනන්ද විය. සෝණ පණ්ඩිතයා වනාහි මම ම වීමියි වදාළ සේක.
සොණනන්දජාතකවණ්ණනා දුතියා.
සෝණනන්ද ජාතකය නිමි.
ජාතකුද්දානං –
අථ සත්තතිමම්හි නිපාතවරෙ, සභාවන්තු කුසාවතිරාජවරො; අථ සොණසුනන්දවරො ච පුන, අභිවාසිතසත්තතිමම්හි සුතෙති.
සත්තතිනිපාතවණ්ණනා නිට්ඨිතා.
සැත්තෑවෙනි නිපාත වර්ණනාව අවසන්ය.