1. චූළහංසජාතකවණ්ණනා 533 අට්ඨකථා
1. චූළහංසජාතකවණ්ණනා (533)
1. චුල්ලහංස ජාතකය (533)
සුමුඛාති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො ආයස්මතො ආනන්දස්ස ජීවිතපරිච්චාගං ආරබ්භ කථෙසි. දෙවදත්තෙන හි තථාගතං ජීවිතා වොරොපෙතුං පයොජිතෙසු ධනුග්ගහෙසු සබ්බපඨමං පෙසිතෙන ආගන්ත්වා “නාහං, භන්තෙ, සක්කොමි තං භගවන්තං ජීවිතා වොරොපෙතුං, මහිද්ධිකො සො භගවා මහානුභාවො”ති වුත්තෙ දෙවදත්තො “අලං, ආවුසො, මා ත්වං සමණං ගොතමං ජීවිතා වොරොපෙහි, අහමෙව සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සාමී”ති වත්වා තථාගතෙ ගිජ්ඣකූටපබ්බතස්ස පච්ඡිමඡායාය චඞ්කමන්තෙ සයං ගිජ්ඣකූටං පබ්බතං අභිරුහිත්වා යන්තවෙගෙන මහතිං සිලං පවිජ්ඣි, “ඉමාය සිලාය සමණං ගොතමං ජීවිතා වොරොපෙස්සාමී”ති. තදා ද්වෙ පබ්බතකූටා සමාගන්ත්වා තං සිලං සම්පටිච්ඡිංසු. තතො පපටිකා උප්පතිත්වා භගවතො පාදං පහරිත්වා රුහිරං උප්පාදෙසි, බලවවෙදනා පවත්තිංසු. ජීවකො තථාගතස්ස පාදං සත්ථකෙන ඵාලෙත්වා දුට්ඨලොහිතං වමෙත්වා පූතිමංසං අපනෙත්වා ධොවිත්වා භෙසජ්ජං ආලිම්පිත්වා නිරොගමකාසි. සත්ථා පුරිමසදිසමෙව භික්ඛුසඞ්ඝපරිවුතො මහතියා බුද්ධලීලාය විචරි.
සුමුඛා යන මෙය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ ජීවිත පරිත්‍යාගයක් අරභයා දේශනා කළ සේක. දේවදත්ත විසින් තථාගත ජීවිතය විනාශ කිරීමට දුනුවායන් යොදවන කල්හි, සියල්ලට පළමුව යවන ලද්දා අවුත්, ස්වාමීනි; භාග්‍යවතුන්ගේ ජීවිතය විනාශ කිරීමට මට නො හැක්කේය. ඒ භාග්‍යවතුන් වහන්සේ, මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න යයි කී කල්හි, දේවදත්ත, නුඹ ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ නො කරව. මම ම ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමි යි කියා තථාගතයන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ සවස් කාලයේ සක්මන් කරන කල්හි තෙමේ ගිජ්ඣකූට පර්වතයට නැග යන්ත්‍ර වේගයෙන් මහත් වූ ගලක් යන්ත්‍රයකින් පෙරලීය. මේ ගලෙන් ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමියි යන න්‍යායෙනි. එකල ගල්කුළු දෙකක් සපැමිණ එ් පෙරළූ ගල වැළැක්වීය. එයින් ගැලවුණු ගල් පතුරක් විසි වී අවුත් භාග්‍යවතුන්ගේ පාදයක ගැටී ලේ ගලා ආවේය. බලවත් වේදනා හටගත්තේය. ජීවක තෙමේ තථාගතයන්ගේ පාදය සැත්කමකින් පලා නරක් වූ ලේ මුදා හැර නරක් වූ මස් ඉවත්කොට සෝදා බෙහෙත් ගල්වා නීරෝගී කෙළේය. ශාස්තෲන් වහන්සේ පෙර මෙන් ම මහත් භික්ෂු සංඝයා පිරිවරා ගෙන මහත් වූ බුද්ධ ලීලාවෙන් නගරයට පිවිසි සේක.
අථ නං දිස්වා දෙවදත්තො චින්තෙසි – “සමණස්ස ගොතමස්ස රූපසොභග්ගප්පත්තං සරීරං දිස්වා කොචි මනුස්සභූතො උපසඞ්කමිතුං න සක්කොති, රඤ්ඤො ඛො පන නාළාගිරි නාම හත්ථී චණ්ඩො ඵරුසො මනුස්සඝාතකො බුද්ධධම්මසඞ්ඝගුණෙ න ජානාති, සො තං ජීවිතක්ඛයං පාපෙස්සතී”ති. සො ගන්ත්වා රඤ්ඤො තමත්ථං ආරොචෙසි. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා හත්ථාචරියං පක්කොසාපෙත්වා “සම්ම, ස්වෙ නාළාගිරිං මත්තං කත්වා පාතොව සමණෙන ගොතමෙන පටිපන්නවීථියං විස්සජ්ජෙහී”ති ආහ. දෙවදත්තොපි නං “අඤ්ඤෙසු දිවසෙසු හත්ථී කිත්තකං සුරං පිවතී”ති පුච්ඡිත්වා “අට්ඨ ඝටෙ, භන්තෙ”ති වුත්තෙ “තෙන හි ස්වෙ ත්වං තං සොළස ඝටෙ පායෙත්‍වා සමණෙන ගොතමෙන පටිපන්නවීථියං අභිමුඛං කරෙය්යාසී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡි. රාජා නගරෙ භෙරිං චරාපෙසි – “ස්වෙ නාළාගිරිං මත්තං කත්වා නගරෙ විස්සජ්ජෙස්සති, නාගරා පාතොව සබ්බකිච්චානි කත්වා අන්තරවීථිං මා පටිපජ්ජිංසූ”ති. දෙවදත්තොපි රාජනිවෙසනා ඔරුය්හ හත්ථිසාලං ගන්ත්වා හත්ථිගොපකෙ ආමන්තෙත්වා “මයං භණෙ උච්චට්ඨානියං නීචට්ඨානෙ, නීචට්ඨානියං වා උච්චට්ඨානෙ කාතුං සමත්ථා, සචෙ වො යසෙන අත්ථො, ස්වෙ පාතොව නාළාගිරිං තිඛිණසුරාය සොළස ඝටෙ පායෙත්‍වා සමණස්ස ගොතමස්ස ආගමනවෙලාය තුත්තතොමරෙහි විජ්ඣිත්වා කුජ්ඣාපෙත්වා හත්ථිසාලං භින්දාපෙත්වා සමණෙන ගොතමෙන පටිපන්නවීථියං අභිමුඛං කත්වා සමණං ගොතමං ජීවිතක්ඛයං පාපෙථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු.
ඉක්බිති උන්වහන්සේ දැක, දේවදත්ත මෙසේ සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රූප ශෝභාවෙන් අගතැන්පත් සිරුර දැක කිසියම් මිනිසකු (බුදුන්) වෙත සමීපවීමට නොහැකි වෙයි. රජුගේ නාලාගිරි නම් ඇතා, චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුද්ධ ධම්ම සංඝ ගුණයන් නො දනියි. හෙතෙම මුන්වහන්සේට ජීවිතක්ෂයට පමුණුවන්නේය. උන්වහන්සේ ගොස් රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු යහපතැයි පිළිගෙන ඇත්ගොව්වා කැඳවා, මිත්‍රය; හෙට නාලාගිරිව මත්කොට උදෑසන ම ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට පිටත්කර හරිව් යයි කීවේය. දේවදත්තද ඔහුගෙන් වෙනත් දිනවල ඇතා කොපමණ සුරා බොන්නේදැයි විචාරා ස්වාමීනි, කළ අටක් යයි කී කල්හි හෙට ඔහුට කළ දහසයක් පානය කරවා, ශ්‍රමණභවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට අභිමුඛ කරන්නැයි කීවේය. ඔහු යහපතැයි පිළිගත්තේය. රජු නගරයේ බෙරහඬ නංවා හෙට නාලාගිරි මත්කොට නගරයට පමුණුවන්නේය. නගරවැසියෝ උදෑසනම කළයුතු කටයුතු නිමවා, අතුරු වීථියට නොපැමිණේවායි කීවේය. දේවදත්ත ද රජමාළිගාවෙන් බැස, ඇත්හළට ගොස් ඇත්ගොව්වන් අමතා බොල; අපි උසස් තනතුරු පහත් කරන්නටත් පහත් තනතුරු උසස් කරන්නටත් දක්ෂයෝ වෙමු. ඉදින් තොප කීර්තිමත් වූයේ, හෙට උදෑසනම නාළාගිරිට පැසුණු රා කළ දහසයක් පානය කරවා, ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණෙන වේලාවට හුල් තෝමරයෙන් (හෙණ්ඩුවෙන්) විදිමින්, කෝප කරවා, ඇත්හල බිඳවා ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් වීථියට අභිමුඛ කොට, ශ්‍රමණ භවත් ගෞතමයන් ජීවිතක්ෂයට පමුණුවවු යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්හ.
සා පවත්ති සකලනගරෙ විත්ථාරිකා අහොසි. බුද්ධධම්මසඞ්ඝමාමකා උපාසකා තං සුත්වා සත්ථාරං උපසඞ්කමිත්වා “භන්තෙ, දෙවදත්තො රඤ්ඤා සද්ධිං එකතො හුත්වා ස්වෙ තුම්හෙහි පටිපන්නවීථියං නාළාගිරිං විස්සජ්ජාපෙස්සති, ස්වෙ පිණ්ඩාය අපවිසිත්වා ඉධෙව හොථ, මයං විහාරෙයෙව බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස භික්ඛං දස්සාමා”ති වදිංසු. සත්ථාපි “ස්වෙ පිණ්ඩාය න පවිසිස්සාමී”ති අවත්වාව “අහං ස්වෙ නාළාගිරිං දමෙත්වා පාටිහාරියං කත්වා තිත්ථියෙ මද්දිත්වා රාජගහෙ පිණ්ඩාය අචරිත්වාව භික්ඛුසඞ්ඝපරිවුතො නගරා නික්ඛමිත්වා වෙළුවනමෙව ආගමිස්සාමි, රාජගහවාසිනොපි බහූනි භත්තභාජනානි ගහෙත්වා වෙළුවනමෙව ආගමිස්සන්ති, ස්වෙ විහාරෙයෙව භත්තග්ගං භවිස්සතී”ති ඉමිනා කාරණෙන තෙසං අධිවාසෙසි. තෙ තථාගතස්ස අධිවාසනං විදිත්වා භත්තභාජනානි ආහරිත්වා “විහාරෙයෙව දානං දස්සාමා”ති පක්කමිංසු.
ඒ ප්‍රවෘත්තිය මුළු නගරයේම ප්‍රසිද්ධ විය. බුදුන් දහම් සඟුන් මාමක වූ උපාසකයෝ ඒ පුවත අසා ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, දෙව්දත් රජු සමග එකතු වී හෙට ඔබවහන්සේ පිළිපන් වීථියට නාලාගිරිව පමුණුවන්නේය. හෙට පිඬු පිණිස නොවැඩ මෙහි ම වැඩසිටින්න. අපි විහාරයේදී ම බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට භික්ෂාව දෙන්නෙමුයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ හෙට පිඬු පිණිස නොවඩින්නෙමි යි නොකියාම හෙට මම නාලාගිරි දමනය කර ප්රාතිහාර්ය පා, තීර්ථකයන් මැඩ රජගහනුවර පිඬු පිණිස නොහැසිර භික්ෂු සංඝයා පිරිවරා නගරයෙන් නික්ම වේළුවනයට ම යන්නෙමි. රජගහ නුවර වාසීහු බොහෝ බත් භාජන ගෙනවුත්, වේළුවනයටම පැමිණෙන්නාහ. හෙට විහාරයේම දන් වැළඳීම වන්නේය යන මේ කාරණයෙන් ඔවුන්ගේ ඉවසීම සිදුවිය. ඔවුහු තථාගතයන්ගේ ඉවසීම දැන, බත් භාජන රැගෙන විහාරයේ ම දානය දෙන්නෙමුයි පිටත් වූහ.
සත්ථාපි පඨමයාමෙ ධම්මං දෙසෙත්වා මජ්ඣිමයාමෙ දෙවතානං පඤ්හං විස්සජ්ජෙත්වා පච්ඡිමයාමස්ස පඨමකොට්ඨාසෙ සීහසෙය්යං කප්පෙත්වා දුතියකොට්ඨාසෙ ඵලසමාපත්තියා වීතිනාමෙත්වා තතියකොට්ඨාසෙ මහාකරුණාසමාපත්තිං සමාපජ්ජිත්වා වුට්ඨාය බොධනෙය්යබන්ධවෙ ඔලොකෙන්තො නාළාගිරිදමනෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයං දිස්වා විභාතාය රත්තියා කතසරීරපටිජග්ගනො හුත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙත්වා , “ආනන්ද, අජ්ජ රාජගහපරිවත්තකෙසු අට්ඨාරසසු මහාවිහාරෙසු සබ්බෙසම්පි භික්ඛූනං මයාසද්ධිං රාජගහං පවිසිතුං ආරොචෙහී”ති ආහ. ථෙරො තථා අකාසි. සබ්බෙපි භික්ඛූ වෙළුවනෙ සන්නිපතිංසු. සත්ථා මහාභික්ඛුසඞ්ඝපරිවුතො රාජගහං පාවිසි. අථ හත්ථිමෙණ්ඩා යථානුසිට්ඨං පටිපජ්ජිංසු, මහන්තො සමාගමො අහොසි. සද්ධාසම්පන්නා මනුස්සා “අජ්ජ කිර බුද්ධනාගස්ස තිරච්ඡානනාගෙන සඞ්ගාමො භවිස්සති, අනූපමාය බුද්ධලීලාය නාළාගිරිදමනං පස්සිස්සාමා”ති පාසාදහම්මියගෙහච්ඡදනාදීනි අභිරුහිත්වා අට්ඨංසු. අසද්ධා පන මිච්ඡාදිට්ඨිකා “අයං නාළාගිරි චණ්ඩො ඵරුසො මනුස්සඝාතකො බුද්ධාදීනං ගුණං න ජානාති, සො අජ්ජ සමණස්ස ගොතමස්ස සුවණ්ණවණ්ණං සරීරං විද්ධංසෙත්වා ජීවිතක්ඛයං පාපෙස්සති, අජ්ජ පච්චාමිත්තස්ස පිට්ඨිං පස්සිස්සාමා”ති පාසාදාදීසු අට්ඨංසු.
ශාස්තෲන් වහන්සේ පළමු යාමයේ දහම් දෙසා මධ්‍යම යාමයේ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳා පශ්චිම යාමයේ පළමු කොටසේ සිංහ සෙය්යාවෙන් කල්යවා දෙවෙනි කොටසේ ඵල සමාපත්තියෙන් කල්ගත කොනට තෙවෙනි කොටසේ මහාකරුණා සමාපත්තියට සමවැදී නැගිට අවබෝධ කළයුතු වෙනේය ජනයන් බලන්නේ, නාලාගිරි දමනයේදී අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වන බව දැක අළුයම් වේලාවේ කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා රජගහ නුවර හාත්පස පිහිටි අටළොස් මහා විහාරවල සියලුම භික්ෂූන්ට මා සමග රජගහනුවරට පිවිසීමට ආරාධනා කෙරේවායි වදාළහ. තෙරුන් වහන්සේ එසේ කළහ. සියලු භික්ෂූන් වේළුවනයට රැස්වූහ. ශාස්තෲන් වහන්සේ මහත් භික්ෂු සමූහයා පිරිවරන ලද්දේ රජගහ නුවර පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති ඇත්ගොව්වෝ කැමැති පරිදි පිළිපැද්දාහ. මහත් සේනාවක් විය. සැදැහැති මිනිස්සු අද වනාහි බුද්ධ නම් මහ ඇතෙක් තිරිසන්ගත ඇතකු සමග යුද්ධයක් වන්නේය. උපමා රහිත බුද්ධ ලීලාවෙන් නාලාගිරිගේ දමනය බලන්නෙමුයි, ප්‍රාසාද සෑදවීය. ගෙවල් පියසි ආදියට නැග සිටියහ. ශ්‍රද්ධා රහිත මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ නාලාගිරි චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුදුවරුන්ගේ ගුණ නො දනියි. හෙතෙම අද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රන්වන් ශරීරය විදා නැතිකොට ජීවිතක්ෂයට පමුණුවන්නේය. අදම පසමිතුරු පිටුදකින්නෙමුයි, ගස්, ගෙවල් ආදි තැන්වල සිටියහ.
හත්ථීපි භගවන්තං ආගච්ඡන්තං දිස්වා මනුස්සෙ තාසෙන්තො ගෙහානි විද්ධංසෙන්තො සකටානි සංචුණ්ණෙන්තො සොණ්ඩං උස්සාපෙත්වා පහට්ඨකණ්ණවාලො පබ්බතො විය අජ්ඣොත්ථරන්තො යෙන භගවා තෙනාභිධාවි. තං ආගච්ඡන්තං දිස්වා භික්ඛූ භගවන්තං එතදවොචුං – “අයං, භන්තෙ, නාළාගිරි චණ්ඩො ඵරුසො මනුස්සඝාතකො ඉමං රච්ඡං පටිපන්නො, න ඛො පනායං බුද්ධාදිගුණං ජානාති, පටික්කමතු, භන්තෙ, භගවා, පටික්කමතු සුගතො”ති. මා, භික්ඛවෙ, භායිත්ථ, පටිබලො අහං නාළාගිරිං දමෙතුන්ති. අථායස්මා සාරිපුත්තො සත්ථාරං යාචි – “භන්තෙ, පිතු උප්පන්නකිච්චං නාම ජෙට්ඨපුත්තස්ස භාරො, අහමෙව තං දමෙමී”ති. අථ නං සත්ථා, “සාරිපුත්ත, බුද්ධබලං නාම අඤ්ඤං, සාවකබලං අඤ්ඤං, තිට්ඨ ත්ව”න්ති පටිබාහි. එවං යෙභුය්යෙන අසීති මහාථෙරා යාචිංසු. සත්ථා සබ්බෙපි පටිබාහි. අථ ආයස්මා ආනන්දො සත්ථරි බලවසිනෙහෙන අධිවාසෙතුං අසක්කොන්තො “අයං හත්ථී පඨමං මං මාරෙතූ”ති තථාගතස්සත්ථාය ජීවිතං පරිච්චජිත්වා ගන්ත්වා සත්ථු පුරතො අට්ඨාසි. අථ නං සත්ථා “අපෙහි, ආනන්ද, මා මෙ පුරතො අට්ඨාසී”ති ආහ. “භන්තෙ, අයං හත්ථී චණ්ඩො ඵරුසො මනුස්සඝාතකො කප්පුට්ඨානග්ගිසදිසො පඨමං මං මාරෙත්වා පච්ඡා තුම්හාකං සන්තිකං ආගච්ඡතූ”ති ථෙරො අවච. යාවතතියං වුච්චමානොපි තථෙව අට්ඨාසි න පටික්කමි. අථ නං භගවා ඉද්ධිබලෙන පටික්කමාපෙත්වා භික්ඛූනං අන්තරෙ ඨපෙසි.
ඇත්රජ ද, වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක, මිනිසුන් තැති ගන්වමින්, ගෙවල් සුණුවිසුණු කරමින් කරත්ත කුඩු කරමින් සොඬවැල ඔසවා ඉතා සතුටුව කන් තල හා වාලධිය ඔසවා, පර්වතයක් මෙන් මාර්ගයට පිළිපන්නේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනක ද, එතැනට දිව්වේය. භික්ෂූහු ඇතා දැක බුදුරදුන්ට මෙසේ කීහ. ස්වාමීනි, මේ නාලාගිරි සැඩපරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. මේ වීථියට පිළිපන්නේ, මෙතෙම බුදුවරුන්ගේ ගුණ නොදනියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉවත්වේවා! සුගතයන් වහන්සේ “මහණෙනි, බිය නොවෙව්. තැති නොගනිව්. නාලාගිරි දමනය වේවා” යනුවෙනි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර මහතෙරණුවෝ තථාගතයන්ගෙන් මෙසේ අයැද සිටියහ. ස්වාමීනි, පියාට උපන් කටයුත්ත නම් වැඩිමහල් පුතුගේ ම බරයි. මම ම ඌ දමනය කරමි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, සාරිපුත්‍රය බුද්ධ බලය නම් අනෙකකි. ශ්‍රාවක බලය තව එකකි. නුඹ නිශ්ශබ්දව සිටින්න. බොහෝ සෙයින් අසූමහා ශ්‍රාවකයෝ ආයාචනා කළ ද ශාස්තෲන් වහන්සේ සියල්ල ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් බුදුරදුන් කෙරෙහි උපන් බලවත් සෙනෙහසින් ඉවසා සිටීමට නොහැකි වන්නේ, මේ ඇතා පළමුව මා මරාවායි තථාගතයන්ගේ අර්ථ සිද්ධිය පිණිස ජීවිතය අත්හැර ශාස්තෲන් පෙරටුව සිටියේය. ඉක්බිති බුදුරදුන් ආනන්දය, ඉවත්වන්න. මා ඉදිරියේ නොසිටින්නැයි වදාළ සේක. ස්වාමීනි, මේ ඇතා චණ්ඩය. පරුෂය. මිනිස් ඝාතකයෙකි. කල්පාන්තයේ නගින ගින්නක් සමානය. කපුරු පහනින් දිළිසෙන ගින්න (කණාමැදිරි) මෙන් පළමුව මා මරා පසුව ඔබවහන්සේ සමීපයට පැමිණේවායි තෙරුන් වහන්සේ වදාළ සේක. තෙවෙනි වරද කියනු ලබන්නේ එසේම සිටියේය. ඉවත්ව නො ගියේය.
තස්මිං ඛණෙ එකා ඉත්ථී නාළාගිරිං දිස්වා මරණභයභීතා පලායමානා අඞ්කෙන ගහිතං දාරකං හත්ථිනො ච තථාගතස්ස ච අන්තරෙ ඡඩ්ඩෙත්වා පලායි. හත්ථී තං අනුබන්‍ධිත්‍වා නිවත්තිත්වා දාරකස්ස සන්තිකං අගමාසි. තදා දාරකො මහාරවං රවි. සත්ථා නාළාගිරිං ඔදිස්සකමෙත්තාය ඵරිත්වා සුමධුරං බ්‍රහ්මස්සරං නිච්ඡාරෙත්වා “අම්භො නාළාගිරි තං සොළස සුරාඝටෙ පායෙත්‍වා මත්තං කරොන්තා න ‘අඤ්ඤං ගණ්හිස්සතී’ති කරිංසු, ‘මං ගණ්හිස්සතී’ති පන කරිංසු, මා අකාරණෙන ජඞ්ඝායො කිලමෙන්තො විචරි, ඉතො එහී”ති පක්කොසි. සො සත්ථු වචනං සුත්වා අක්ඛීනි උම්මීලෙත්වා භගවතො රූපසිරිං ඔලොකෙත්වා පටිලද්ධසංවෙගො බුද්ධතෙජෙන පච්ඡින්නසුරාමදො සොණ්ඩං ඔලම්බෙන්තො කණ්ණෙ චාලෙන්තො ආගන්ත්වා තථාගතස්ස පාදෙසු පති. අථ නං සත්ථා, “නාළාගිරි, ත්වං තිරච්ඡානහත්ථී, අහං බුද්ධවාරණො, ඉතො පට්ඨාය මා චණ්ඩො ඵරුසො මනුස්සඝාතකො භව, සබ්බසත්තෙසු මෙත්තචිත්තං පටිලභා”ති වත්වා දක්ඛිණහත්ථං පසාරෙත්වා කුම්භෙ පරාමසිත්වා –
එකෙණෙහි එක් ස්ත්‍රියක් නාලාගිරි දැක මරණ බියෙන් පලායන්නී ඇකයෙන් වැටුණු දරුවා බුදුරදුන් ද, ඇතා ද අතර බිම දමා පලා ගියාය. ඇතා ඇය ලුහුබැඳ දරුවා සමීපයට ආවේය. දරුවා මහහඬින් ශබ්ද කෙළේය. ශාස්තෲන් වහන්සේ නාලාගිරි වෙතම නියමකොට මෛත්‍රිය පතුරුවා සුමිහිරි බ්‍රහ්මනාදය පතුරුවා පින්වත් නාලාගිරිය, ඔබට සොළොස් කළයක් පිරුණු සුරා පොවා මත්කරවූයේ අනෙකකු ගැන්වීමට නොවේ. නිකරුණේ කෙණ්ඩා වෙහෙසට පත්කරමින් නොහැසිර මෙහි එන්නැයි කැඳවූහ. ඌ ශාස්තෲන් වහන්සේගේ වචන අසා, ඇස් කුඩා කොට භාග්‍යවතුන්ගේ රූප ස්වභාවය බලා ලබන ලද සංවේග ඇත්තේ බුදුරදුන්ගේ සමීපයේ පැසවන ලද සුරා මදය ඇත්තේ සොඬවැල එල්ලාගෙන කන් සොලවමින් ගොස් තථාගතයන් වහන්සේගේ පා අතර වැටුණේය. ඉක්බිති ඔහුට ශාස්තෲන් වහන්සේ “නාලාගිරි, නුඹ තිරිසන්ගත හස්තියෙකි. මම බුද්ධ නමැති ඇතාය. මෙතැන් පටන් චණ්ඩ නොවෙව. ඵරුෂ නොවෙව. මනුෂ්‍ය ඝාතකයෙකු නොවෙව. මෛත්‍රී සිත් ලබාවායි” කියා දකුණු අත දිගහැර කුම්භස්ථලය පිරිමැද;
“මා කුඤ්ජර නාගමාසදො, දුක්ඛො හි කුඤ්ජර නාගමාසදො; න හි නාගහතස්ස කුඤ්ජර, සුගති හොති ඉතො පරං යතො.
කුමට ද කකුල් රිදවනු දුව එහා මෙහා, එව්වේ ඔබව මා වෙත නො වැ පොවා ලිහා, දුක් නොවි පමා නොවි බල බල මගේ දිහා, බුදුරජු වෙතම ඇත් රජු එනු මැනැවි වහා
[missing pali]
නො මරනු අදින් පසු මිනිසුන් බිය පත්ව, කල්ගත කරනු මැන හැමවිට මෙත් සිත්ව, සැඩ නොව පරුෂ නොව මින් මතු බී මත්ව, මහ ඇත් රජුනි හැසිරෙනු මැන යහපත්ව
“මා ච මදො මා ච පමාදො, න හි පමත්තා සුගතිං වජන්ති තෙ; ත්වඤ්ඤෙව තථා කරිස්සසි, යෙන ත්වං සුගතිං ගමිස්සසී”ති. (චූළව· 342) –
මත් බව පමාවට කරුණකි කරනු එපා, සුගතියකට යන්න යොදවනු මැනවි උපා, වැඳගෙන වැතිරගෙන සිටි මුනිරජුගෙ දෙපා, ඔබ ඒ කළ පිනෙන් මතු ගත නො වනු අපා
ධම්මං දෙසෙසි.
දහම් දෙසු සේක.
තස්ස සකලසරීරං පීතියා නිරන්තරං ඵුටං අහොසි. සචෙ කිර තිරච්ඡානගතො නාභවිස්සා, සොතාපත්තිඵලං අධිගමිස්සා. මනුස්සා තං පාටිහාරියං දිස්වා උන්නදිංසු අප්ඵොටිංසු, සඤ්ජාතසොමනස්සා නානාභරණානි ඛිපිංසු, තානි හත්ථිස්ස සරීරං පටිච්ඡාදයිංසු. තතො පට්ඨාය නාළාගිරි ධනපාලකො නාම ජාතො. තස්මිං ඛො පන ධනපාලකසමාගමෙ චතුරාසීති පාණසහස්සානි අමතං පිවිංසු. සත්ථා ධනපාලකං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙසි. සො සොණ්ඩාය භගවතො පාදෙ පංසූනි ගහෙත්වා උපරි මුද්ධනි ආකිරිත්වා පටිකුටිතොව පටික්කමිත්වා දස්සනූපචාරෙ ඨිතො දසබලං වන්දිත්වා නිවත්තිත්වා හත්ථිසාලං පාවිසි. තතො පට්ඨාය දන්තසුදන්තො හුත්වා න කඤ්චි විහෙඨෙති. සත්ථා නිප්ඵන්නමනොරථො “යෙහි යං ධනං ඛිත්තං, තෙසඤ්ඤෙව තං හොතූ”ති අධිට්ඨාය “අජ්ජ මයා මහන්තං පාටිහාරියං කතං, ඉමස්මිං නගරෙ පිණ්ඩාය චරණං අප්පටිරූප”න්ති තිත්ථියෙ මද්දිත්වා භික්ඛුසඞ්ඝපරිවුතො ජයප්පත්තො විය ඛත්තියො නගරා නික්ඛමිත්වා වෙළුවනමෙව ගතො. නගරවාසිනො බහුං අන්නපානඛාදනීයං ආදාය විහාරං ගන්ත්වා මහාදානං පවත්තයිංසු.
ඇතාගේ මුළු සිරුරම සතුටින් පිනා ගියේ නිරතුරුව පැතිරුණේ විය. ඉදින් තිරිසනකු නොවූයේ නම් සෝවාන් ඵලයෙහි පිහිටන්නේය. මිනිස්සු ඒ ප්රාතිහාර්යය දැක මහහඬින් නාද කළහ. අත්පොළසන් ගැසූහ. හටගත් සොම්නසින් නොයෙක් ආභරණවලින් දමා ගැසූහ. ඒවා ඇතාගේ ශරීරයේ වැදී ගියේය. එතැන් පටන් නාලාගිරි, ධනපාලක නම් විය. එසමයෙහි ධනපාලක සමාගමේ අසූහාරදහසක් ප්‍රාණීහු අමා පානය කළහ. ශාස්තෲන් වහන්සේ ධනපාලක පංචසීලයෙහි පිහිටවූ සේක. හෙතෙම සොඬවැලෙන් භාග්‍යවතුන්ගේ පා, පස්ගෙන මත්තෙහි මුදුන්කොට විසුරුවා එතැනින් ඉවත්ව, දක්වන ලද උපචාර ඇත්තේ දසබලයන් වහන්සේ වැඳ ඇත්හලට පිවිසියේ එතැන් පටන් ශාන්තදාන්තව සිට කිසිවෙකුට හිරිහැරයක් නොකළේය. ශාස්තෲන් වහන්සේ පිරිපුන් මනෝරථ ඇත්තේ, යමකු විසින් යම් ධනයක් විසිකරන ලදද, ඒවා ඔවුන්ටම වේවා!යි අධිෂ්ඨාන කොට අද, මා විසින් මහත් ප්රාතිහාර්ය කරන ලදි. මේ නගරයෙහි පිඬු පිණිස හැසිරීම නුසුදුසුයයි තීර්ථකයන් මර්දනය කොට භික්ෂූන් පිරිවරා ජයගත් ක්ෂත්රියෙකු මෙන් නගරයෙන් නික්ම වේළුවනයට ම වැඩම කළ සේක. නගරවාසීහු බොහෝ ආහාරපාන ආදිය ගෙන විහාරයට ගොස් මහාදානයක් පැවැත්වූහ. එදවස
තං දිවසං සායන්හසමයෙ ධම්මසභං පූරෙත්වා සන්නිසින්නා භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, ආයස්මතා ආනන්දෙන තථාගතස්සත්ථාය අත්තනො ජීවිතං පරිච්චජන්තෙන දුක්කරං කතං, නාළාගිරිං දිස්වා සත්ථාරා තික්ඛත්තුං පටිබාහියමානොපි නාපගතො, අහො දුක්කරකාරකො, ආවුසො, ආයස්මා ආනන්දො”ති. සත්ථා “ආනන්දස්ස ගුණකථා පවත්තති, ගන්තබ්බං මයා එත්ථා”ති ගන්ධකුටිතො නික්ඛමිත්වා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි ආනන්දො තිරච්ඡානයොනියං නිබ්බත්තොපි මමත්ථාය ජීවිතං පරිච්චජියෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
සවස් කාලයේ දම්සභාව පුරමින් හුන්නා වූ භික්ෂූහු මෙම කථාව උපදවූහ. ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් තථාගතයන් වහන්සේගේ අර්ථසිද්ධිය පිණිස ජීවිතය පරිත්‍යාග කරමින් දුෂ්කර කාර්යයක් කරන ලදි. නාලාගිරි දැක ශාස්තෲන් වහන්සේ කෙරෙන් ඉවත් කිරීමට තෙවරක් වළක්වන ලද්දේ නමුත් ඉවත්ව නොගියහ. ඇවැත්නි, දුෂ්කර කාර්යය ඉතා පුදුමයි. ශාස්තෲන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ ගුණකථා පවත්වන තැනට මා යායුතුයි ගඳකිළියෙන් නික්ම වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුක්තව සිටියේදැයි විචාරා මෙනම් කථාවකින් යයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරදීත් ආනන්ද තෙරුන් තිරිසන් යෝනියෙහි උපන් නමුත් මගේ අර්ථ සිද්ධිය පිණිස ජීවිතය පරිත්‍යාග කළේ යයි පවසා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතෙ මහිංසකරට්ඨෙ සාගලනගරෙ සාගලො නාම රාජා ධම්මෙන රජ්ජං කාරෙසි. තදා නගරතො අවිදූරෙ එකස්මිං නෙසාදගාමකෙ අඤ්ඤතරො නෙසාදො පාසෙහි සකුණෙ බන්ධිත්වා නගරෙ වික්කිණන්තො ජීවිකං කප්පෙසි. නගරතො ච අවිදූරෙ ආවට්ටතො ද්වාදසයොජනො මානුසියො නාම පදුමසරො අහොසි පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නො. තත්ථ නානප්පකාරො සකුණසඞ්ඝො ඔතරි. සො නෙසාදො තත්ථ අනියාමෙන පාසෙ ඔඩ්ඩෙසි. තස්මිං කාලෙ ධතරට්ඨො හංසරාජා ඡන්නවුතිහංසසහස්සපරිවාරො චිත්තකූටපබ්බතෙ සුවණ්ණගුහායං වසති, සුමුඛො නාමස්ස සෙනාපති අහොසි. අථෙකදිවසං තතො හංසයූථා කතිපයා සුවණ්ණහංසා මානුසියං සරං ගන්ත්වා පහූතගොචරෙ තස්මිං යථාසුඛං විචරිත්වා සුහිතා චිත්තකූටං ආගන්ත්වා ධතරට්ඨස්ස ආරොචෙසුං – “මහාරාජ, මනුස්සපථෙ මානුසියො නාම පදුමසරො සම්පන්නගොචරො, තත්ථ ගොචරං ගණ්හිතුං ගච්ඡාමා”ති. සො “මනුස්සපථො නාම සාසඞ්කො සප්පටිභයො, මා වො රුච්චිත්ථා”ති පටික්ඛිපිත්වාපි තෙහි පුනප්පුනං වුච්චමානො “සචෙ තුම්හාකං රුච්චති, ගච්ඡාමා”ති සපරිවාරො තං සරං අගමාසි. සො ආකාසා ඔතරන්තො පාදං පාසෙ පවෙසෙන්තොයෙව ඔතරි. අථස්ස පාසො පාදං අයපට්ටකෙන කඩ්ඪන්තො විය ආබන්ධිත්වා ගණ්හි. අථස්ස “ඡින්දිස්සාමි න”න්ති ආකඩ්ඪන්තස්ස පඨමවාරෙ චම්මං ඡිජ්ජි, දුතියවාරෙ මංසං ඡිජ්ජි, තතියවාරෙ න්හාරු ඡිජ්ජි, පාසො අට්ඨිං ආහච්ච අට්ඨාසි, ලොහිතං පග්ඝරි, බලවවෙදනා පවත්තිංසු.
අතීතයේ මහිංසක රටෙහි සකුල නගරයෙහි සකුල නම් රජෙක් ධාර්මිකව රාජ්‍යය කෙළේය. එකල නගරයට නුදුරින් එක්තරා වැදි ගමක එක්තරා වැද්දෙක් මලපුඩුවලින් කුරුල්ලන් බැඳ, නගරයෙහි අලෙවි කරමින් ජීවිතය ගෙවීය. නගරයට නුදුරෙහි ආවාටයෙක්හි දොළොස් යොදුනක මානුෂීය නම් විලක් විය. පස්පියුමින් එය යුක්ත විය. එහි නොයෙක් ආකාර වූ පක්ෂි සමූහය කල්යැවූහ. ඒ වැද්දා එහි අනියමින් මලපුඩු විසුරුවයි. එකල ධෘතරාෂ්ට්‍ර නම් හංසරාජයා අනූහයදහසක් හංසයන් පිරිවරාගෙන චිත්‍රකූට පර්වතයෙහි ස්වර්ණ ගුහාවෙහි වාසය කරයි. ඔහුට සුමුඛ නම් සේනාපතියෙක් ද විය. අනතුරුව එක් දවසක් හංස සමූහයේ ස්වර්ණ හංසයෝ කීපදෙනෙක් මානුෂීය විලට පැමිණ බොහෝ ගොදුරු මත්තෙහි කැමැති පරිදි හැසිර, සතුටු සිතින් චිත්තකූටයට ගොස් ධෘතරාෂ්ට්රට දැනුම් දුන්හ. මහරජ; මනුෂ්‍ය ලෝකයේ මානුෂීය නම් නෙළුම්විලක් ඇත්තේ සමෘද්ධ වූ ගොදුරු ඇත්තේ එහි ගොදුරු ගෙනඒමට යමුයි කීහ. ඒ මනුෂ්යපථය නම් සැක සහිතය. එයට තොප රුචි නොකෙරේවායි ප්‍රතික්ෂේප කරන ලද්දේ නමුත් නැවත නැවත කියනු ලබන්නේ ඉදින් නුඹලාට රුචි නම් යමුයි, පිරිවර සහිතව ඒ විලට ගියේ ය. හෙතෙම ආකාශයෙන් බසින්නේ, පා මලපුඩුවෙහි ප්‍රවේශ කරමින් ම බැස්සේය. ඉක්බිති ඔහුගේ පා, යකඩ පටියකින් බඳින්නාක් මෙන් බැඳී ගත්තේ ය. ඉක්බිති එය සිඳින්නෙමියි, අදින්නේ පළමුවර සම සිඳී ගියේය. දෙවෙනිවර මස් ද, තෙවෙනිවර ඇට ද ඉල්පී ගියේය. ලේ වැගිරී බලවත් වේදනා හටගත් නමුදු,
සො චින්තෙසි – “සචාහං බද්ධරවං රවිස්සාමි, ඤාතකා මෙ උත්රස්තා හුත්වා ගොචරං අග්ගණ්හිත්වා ඡාතජ්ඣත්තාව පලායන්තා දුබ්බලතාය මහාසමුද්දෙ පතිස්සන්තී”ති. සො වෙදනං අධිවාසෙත්වා ඤාතීනං යාවදත්ථං චරිත්වා හංසානං කීළනකාලෙ මහන්තෙන සද්දෙන බද්ධරවං රවි. තං සුත්වා තෙ හංසා මරණභයතජ්ජිතා වග්ගවග්ගා හුත්වා චිත්තකූටාභිමුඛා පක්කමිංසු. තෙසු පක්කන්තෙසු සුමුඛො හංසසෙනාපති “කච්චි නු ඛො ඉදං භයං මහාරාජස්ස උප්පන්නං, ජානිස්සාමි න”න්ති වෙගෙන පක්ඛන්‍දිත්‍වා පුරතො ගච්ඡන්තස්ස හංසගණස්ස අන්තරෙ මහාසත්තං අදිස්වා මජ්ඣිමහංසගණං විචිනි, තත්ථපි අදිස්වා පච්ඡිමහංසගණං විචිනි, තත්ථපි අදිස්වා “නිස්සංසයං තස්සෙවෙදං භයං උප්පන්න”න්ති නිවත්තිත්වා ආගච්ඡන්තො මහාසත්තං පාසෙ බද්ධං ලොහිතමක්ඛිතං දුක්ඛාතුරං පඞ්කපිට්ඨෙ නිපන්නං දිස්වා “මා භායි, මහාරාජ, අහං මම ජීවිතං පරිච්චජිත්වා තුම්හෙ පාසතො මොචෙස්සාමී”ති වදන්තො ඔතරිත්වා මහාසත්තං අස්සාසෙන්තොව පඞ්කපිට්ඨෙ නිසීදි. අථ නං වීමංසන්තො මහාසත්තො පඨමං ගාථමාහ –
ඔහු සිතීය. ඉදින් මම බැඳුණේ හඬ නගන්නේ නම්, මගේ නෑදෑයෝ තැතිගැනීමට ලක්ව ගොදුරු නොගෙන ම සා පිපාසාවෙන් පෙළී පලායති. දුබල බැවින් මුහුදෙහි වැටෙන්නේ යයි හෙතෙම වේදනාව ඉවසා ඤාතීන්ට කැමැති පරිදි හැසිර, හංස ක්‍රීඩාකරන කල්හි මහත් හඬ නගමින් බඳිනා ලද නාදය නැගුවා ය. ඒ අසා ම ඒ හංසයෝ මරණ බියෙන් තැතිගත්තේ පියවරෙන් පියවර චිත්රකූටයට අභිමුඛව පිටත්ව ගියහ. ඔවුහු පෙරළා එනකල්හි සුඛුම හංසසේනාපතියා, මේ මහරජට කෙබඳු භයක් උපන්නේදැයි දැනගන්නෙමි යි වේගයෙන් ඉගිලී ගොස් පෙරටුව යන්නා වූ, හංස සමූහයා අතරෙහි බෝසතුන් නො දැක, මධ්‍යම හංස සමූහයා පරීක්ෂා කෙළේය. එහි ද නො දැක පසුපස ද බැලීය. එහි ද නොදැක නිසැකයෙන් ම ඔහුට කිසියම් බියක් උපන්නේ යයි නැවතී එන්නේ, බෝසතුන් මලපුඬුවක බැඳුණේ, ලේ වැකුණේ දුකින් ආතුර වූයේ ද, මඩ මත්තෙහි හොත්තේ දැක, මහරජ; බිය නො වන්න. මම මගේ ජීවිතය පරිත්‍යාග කොට නුඹව මලපුඩුවෙන් මුදවා ගන්නෙමියි පවසමින් බැස බෝසතුන් අස්වසන්නේ මඩ මත්තෙහි සිටියේය. ඉක්බිති එය විමසමින් බෝසතුන් පළමු ගාථාව කීය.
“සුමුඛ අනුපචිනන්තා, පක්කමන්ති විහඞ්ගමා; ගච්ඡ තුවම්පි මා කඞ්ඛි, නත්ථි බද්ධෙ සහායතා”ති.
සුමුඛය! ස්නේහ වසයෙන් නො බලන්නා වූ හංසයෝ යති. නුඹ ද යන්න. නොතැවෙන්න. මලපුඩුවේ බැඳුනාහු යහළු බවක් නැත. හංස රාජයා කීය.
තත්ථ අනුපචිනන්තාති සිනෙහෙන ආලයවසෙන අනොලොකෙන්තා. පක්කමන්තීති එතෙ ඡන්නවුති හංසසහස්සා ඤාතිවිහඞ්ගමා මං ඡඩ්ඩෙත්වා ගච්ඡන්ති, ත්වම්පි ගච්ඡ, මා ඉධ වාසං ආකඞ්ඛි, එවඤ්හි පාසෙන බද්ධෙ මයි සහායතා නාම නත්ථි, න හි තෙ අහං ඉදානි කිඤ්චි සහායකිච්චං කාතුං සක්ඛිස්සාමි, කිං තෙ මයා නිරූපකාරෙන, පපඤ්චං අකත්වා ගච්ඡෙවාති වදති.
එහි අනුපචිනන්තා යනු සෙනෙහසින් ආලය වශයෙන් නො බලන්නා යනුයි. පක්කමන්ති යනු මේ අනූහය දහසක් ද, හංසයෝ ඤාති කුරුල්ලෝ මා හැරදමා යති. ඔබ ද යන්න. මෙහි වාසය කිරීමට නොකැමති වවු. මෙසේ මලපුඩුවේ බැඳුණු මා කෙරෙහි සිතේ සහයෝගී නම් නැත.
ඉතො පරං –
“ගච්ඡෙ වාහං න වා ගච්ඡෙ, න තෙන අමරො සියං; සුඛිතං තං උපාසිත්වා, දුක්ඛිතං තං කථං ජහෙ.
මම ගියත් නො ගියත් නොමැරෙන්නෙක් නොවෙමි. ඔබ ඇසුරු කොට, දුකට පත් වූ කල්හි කෙසේ හැරදමා යන්නද?
“මරණං වා තයා සද්ධිං, ජීවිතං වා තයා විනා; තදෙව මරණං සෙය්යො, යඤ්චෙ ජීවෙ තයා විනා.
ඔබ සමග මරණය හෝ ඔබෙන් වෙන්ව ජීවත්වීම සිදුවනු ඇත. ඔබෙන් වෙන්ව ජීවත්වීමට වඩා ඔබ සමග මරණය හොඳ ය.
“නෙස ධම්මො මහාරාජ, යං තං එවං ගතං ජහෙ; යා ගති තුය්හං සා මය්හං, රුච්චතෙ විහගාධිප.
මෙසේ විපතට පත් වු ඔබ අත්හැර යාම සත්පුරුෂ ධර්මයක් නොවේ. පක්ෂි රාජය! ඔබට යම්කිසි දෙයක් වේ නම් මට ද ඒ දෙයම වේවා!
“කා නු පාසෙන බද්ධස්ස, ගති අඤ්ඤා මහානසා; සා කථං චෙතයානස්ස, මුත්තස්ස තව රුච්චති.
සුමුඛය! පාපයෙන් බැඳුණු හට මුළුතැන්ගෙය හැර අන් කවර ස්වභාවයක් ද? නුවණැති පාස විරහිත ඔබට ඒ කෙසේ නම් රුචි වේ ද?
“කං වා ත්වං පස්සසෙ අත්ථං, මම තුය්හඤ්ච පක්ඛිම; ඤාතීනං වාවසිට්ඨානං, උභින්නං ජීවිතක්ඛයෙ.
සුමුඛය! මාගේ ද තොපගේ ද යන දෙදෙනාගේ ජීවිත විනාශය ඇති කල්හි අප දෙදෙනාට හෝ නෑයින්ට කවරනම් යහපතක් දකින්නේ ද?
“යං න කඤ්චනදෙපිඤ්ඡ, අන්ධෙන තමසා ගතං; තාදිසෙ සඤ්චජං පාණං, කමත්ථමභිජොතයෙ.
සුමුඛය! අන්ධයකු විසින් අඳුරෙහි කරන ලද්දක් මෙන් ඔබ විසින් ජීවිත පරිත්‍යාගයක් කරන්නේ ද?
“කථං නු පතතං සෙට්ඨ, ධම්මෙ අත්ථං න බුජ්ඣසි; ධම්මො අපචිතො සන්තො, අත්ථං දස්සෙති පාණිනං.
ඔබ එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක් ද? පක්ෂි රාජය! කෙසේ නම් ධර්මයෙහි අර්ථය නො දන්නේ ද?
“සොහං ධම්මං අපෙක්ඛානො, ධම්මා චත්ථං සමුට්ඨිතං; භත්තිඤ්ච තයි සම්පස්සං, නාවකඞ්ඛාමි ජීවිතං.
ධර්මය තෙම පුදන ලද්දේ ම සත්ත්වයන්ට දියුණුව පෙන්වයි. ඒ මම ධර්මය ද ධර්මයෙන් සිදුවන යහපත ද දකිමි. ඔබ කෙරෙහි භක්තිය දක්වමින් ජීවිතය ගැන බලාපොරොත්තු නො වෙමි.
“අද්ධා එසො සතං ධම්මො, යො මිත්තො මිත්තමාපදෙ, න චජෙ ජීවිතස්සාපි, හෙතුධම්මමනුස්සරං.
යම් මිත්‍රයෙක් ධර්මය සිහි කරමින්, ජීවිත හේතුවෙන් ද විපතේ දී මිත්‍රයා අත් නො හරින්නේ ද ඒකාන්තයෙන්ම එය සත්පුරුෂ ධර්මයය.
“ස්වායං ධම්මො ච තෙ චිණ්ණො, භත්ති ච විදිතා මයි; කාමං කරස්සු මය්හෙතං, ගච්ඡෙවානුමතො මයා.
මේ සත්පුරුෂ ධර්මය ද නුඹ විසින් ම පුරුදු කරන ලදි. මා කෙරෙහි භක්තිය ප්‍රකට කරන ලදි. මළපුඩුවෙහි බැඳුණු මට මේ වැද්දා කැමැත්තක් කෙරේවා! මා විසින් අනුදන්නා ලද ඔබ වහා මෙතැනින් යව.
“අපි ත්වෙවං ගතෙ කාලෙ, යං ඛණ්ඩං ඤාතිනං මයා; තයා තං බුද්ධිසම්පන්නං, අස්ස පරමසංවුතං.
තව ද මෙසේ පාශයෙහි බැඳී කල්ගිය කල්හි ඤාතීන් සඳහා මා විසින් ඉටු කිරීමට බැඳී ඇති යුතුකම් කොටස නුඹ විසින් හෝ පිරිමැසිය යුතුය.
“ඉච්චෙවං මන්තයන්තානං, අරියානං අරියවුත්තිනං; පච්චදිස්සථ නෙසාදො, ආතුරානමිවන්තකො.
හංසයන් දෙදෙනා මෙසේ කථා කරමින් සිටිය දී රෝගීන්ට මාරයා මෙන් වූ වැද්දා පැමිණියේ ය.
“තෙ සත්තුමභිසඤ්චික්ඛ, දීඝරත්තං හිතා දිජා; තුණ්හීමාසිත්ථ උභයො, න සඤ්චලෙසුමාසනා.
බොහෝ කලක් හිතවත් වූ ඒ පක්ෂීන් දෙදෙන, සතුරු වැද්දා දැක නිශ්ශබ්දව හුන්තැන ම සිටියහ.
“ධතරට්ඨෙ ච දිස්වාන, සමුඩ්ඩෙන්තෙ තතො තතො; අභික්ඛමථ වෙගෙන, දිජසත්තු දිජාධිපෙ.
ධෘතරාෂ්ට්‍ර නම් හංසරාජයා මලපුඩුවේ බැඳී උඩ පනිනු දැක වැද්දා වේගයෙන් දිව ආයේ ය.
“සො ච වෙගෙනභික්කම්ම, ආසජ්ජ පරමෙ දිජෙ; පච්චකමිත්ථ නෙසාදො, බද්ධා ඉති විචින්තයං.
වේගයෙන් පැමිණි වැද්දා ඒ උතුම් පක්‍ෂිරාජයන් වෙත පැමිණ බැඳී සිටිනු දැක කම්පා විය.
“එකංව බද්ධමාසීනං, අබද්ධඤ්ච පුනාපරං; ආසජ්ජ බද්ධමාසීනං, පෙක්ඛමානමදීනවං.
මළ පුඩුවෙහි බැඳී සිටින එක පක්ෂියකු ද, නො බැඳී ආදිනව බලමින් සමීපයෙහි සිටින තවත් පක්ෂියෙකු ද වැදි තෙමේ දුටුයේ ය.
“තතො සො විමතොයෙව, පණ්ඩරෙ අජ්ඣභාසථ; පවඩ්ඪකායෙ ආසීනෙ, දිජසඞ්ඝගණාධිපෙ.
වැදි තෙම පුදුමයට පත්ව පක්ෂි සමූහයාට අධිපති වූ ශ්වේත හංසයන් දෙදෙනාට මෙසේ කීය.
“යං නු පාසෙන මහතා, බද්ධො න කුරුතෙ දිසං; අථ කස්මා අබද්ධො ත්වං, බලී පක්ඛි න ගච්ඡසි.
මෙතෙමේ මල පුඩුවෙහි බැඳුනු නිසා වෙනතක යාමට නොහැකි බැවින් නො ඉගිළෙයි. තොපට පියඹා යන්නට පුළුවන්කම තිබියදී පියඹා නොයන්නේ කවර හෙයින්දැ’යි විමසීය.
“කිං නු ත්යායං දිජො හොති, මුත්තො බද්ධං උපාසසි; ඔහාය සකුණා යන්ති, කිං එකො අවහීයසි.
මිදුණා වූ තොප බැඳුණා වූ මේ පක්ෂියා ළඟ හිඳින්නේ ය. තට මේ පක්ෂියා කවරෙක් ද? අනෙක් පක්ෂීන් මොහු හැර යද්දී නුඹ පමණක් කුමක් නිසා නො යන්නේ ද?
“රාජා මෙ සො දිජාමිත්ත, සඛා පාණසමො ච මෙ; නෙව නං විජහිස්සාමි, යාව කාලස්ස පරියායං.
මෙතෙම මාගේ රජය. ප්‍රාණ සම යහළුවාය. මරණය පැමිණෙන තුරු අත් හැර නො යන්නෙමි.
“කථං පනායං විහඞ්ගො, නාද්දස පාසමොඩ්ඩිතං; පදඤ්හෙතං මහන්තානං, බොද්ධුමරහන්ති ආපදං.
මේ ඔබේ පක්ෂි රජු අටවන ලද පුඩුව නො දැක්කේ ද? උසස් බවට පත්වූවන් විසින් තමන්ට පැමිණෙන විපත්තීන් පිළිබඳව කලින් දැන සිටිය යුතුය.
“යදා පරාභවො හොති, පොසො ජීවිතසඞ්ඛයෙ; අථ ජාලඤ්ච පාසඤ්ච, ආසජ්ජාපි න බුජ්ඣති.
යම් කලෙක පිරිහීමක් වේ ද, ජීවිත විනාශය පැමිණියා වූ ඒ කාලයෙහි දැළට ද මළ පුඩුවට ද ළංව සිටියත් දැන නොගනී.
“අපි ත්වෙව මහාපඤ්ඤ, පාසා බහුවිධා තතා; ගුය්හමාසජ්ජ බජ්ඣන්ති, අථෙවං ජීවිතක්ඛයෙ”ති. –
ප්‍රාඥය, තවත් කරුණක් ඇත. අටවන ලද්දා වූ මළ පුඩු බොහෝ වෙති. එසේ ද වුවත් මෙසේ ජීවිත විනාශය පැමිණි කල්හි සැඟවුණු මළ පුඩුවට පැමිණ බැඳෙත් යයි වැද්දා කීයේ ය.
ඉමාසං ගාථානං සම්බන්ධො පාළිනයෙනෙව වෙදිතබ්බො.
මේ ගාථාවන්ගේ සම්බන්ධය පාළි න්‍යායයෙන්ම අවබෝධ කරගත යුතුයි.
තත්ථ ගච්ඡෙ වාති, මහාරාජ, අහං ඉතො ගච්ඡෙය්යං වා න වා, නාහං තෙන ගමනෙන වා අගමනෙන වා අමරො සියං, අහඤ්හි ඉතො ගතොපි අගතොපි මරණතො අමුත්තොව, ඉතො පුබ්බෙ පන සුඛිතං තං උපාසිත්වා ඉදානි දුක්ඛිතං තං කථං ජහෙය්යන්ති වදති. මරණං වාති මම අගච්ඡන්තස්ස වා තයා සද්ධිං මරණං භවෙය්ය, ගච්ඡන්තස්ස වා තයා විනා ජීවිතං. තෙසු ද්වීසු යං තයා සද්ධිං මරණං, තදෙව මෙ වරං, යං තයා විනා ජීවෙය්යං, න මෙ තං වරන්ති අත්ථො. රුච්චතෙති යා තව ගති නිප්ඵත්ති, සාව මය්හං රුච්චති. සා කථන්ති සම්ම සුමුඛ මම තාව දළ්හෙන වාලපාසෙන බද්ධස්ස පරහත්ථං ගතස්ස සා ගති රුච්චතු, තව පන චෙතයානස්ස සචෙතනස්ස පඤ්ඤවතො මුත්තස්ස කථං රුච්චති.
එහි ගච්ඡෙවා යනු මහරජ; මම මෙතැනින් යන්නේ හෝ නො යන්නේ, මම ඒ ගමනින් හෝ ආගමනයෙන් අමරණීය නොවන්නෙමි. මම වනාහි මෙතනින් ගියේ නමුදු ආවේ නමුදු මරණයෙන් මිදීමක් නොමැත. මෙයින් පෙර සුවපත්ව සිටින කාලයේ සේවය කොට දුකට පත් වූ වේලේ හැරයන්නේ කෙසේද? මරණංවා යනු මා නොයන්නේ නම් ඔබ සමග මරණයට පත්වන්නේමය. ඔබ හැර යන්නේ නම් ජීවත් වන්නේ ය. ඔබ සමග මරණයට පත්වීම උතුම් වේ. ඔබ හැර ජීවත් වන්නේ නම් එය උතුම් නො වේ යන අර්ථයයි. රුච්චතෙ යනු යම් ලෙස ඔබගේ උපන් ස්වභාවය මට රුචිකරයි. සාකථං යනු මිත්‍ර සුඛුමය. ඒතාක් මා දැඩි වශයෙන් නපුරු මළ පුඩුවෙන් බැඳී අනුන් අතට පත්ව සිටිමි. ඔබගේ වනාහි, චෙතනායස්ස චේතනා සහිත ප්‍රඥාවෙන් යුක්ත වූ. මුත්තස්ස යනු කෙසේ රුචි වේද කවර හෙයින් රුචි වේද, අපගේ ඤාති වර්ගයාට ද අවශේෂ පක්ෂීන්ට ද කවර වැඩෙක් දකී ද?
පක්ඛිමාති පක්ඛසම්පන්න. උභින්නන්ති අම්හාකං ද්වින්නං ජීවිතක්ඛයෙ සති ත්වං මම වා තව වා අවසිට්ඨඤාතීනං වා කං අත්ථං පස්සසි. යං නාති එත්ථ න-කාරො උපමානෙ. කඤ්චනදෙපිඤ්ඡාති කඤ්චනද්වෙපිඤ්ඡ, අයමෙව වා පාඨො, කඤ්චනසදිසඋභයපක්ඛාති අත්ථො. තමසාති තමසි. ගතන්ති කතං, අයමෙව වා පාඨො. පුරිමස්ස න-කාරස්ස ඉමිනා සම්බන්ධො, “න කත”න්ති කතං වියාති අත්ථො. ඉදං වුත්තං හොති – තයි පාණං චජන්තෙපි අචජන්තෙපි මම ජීවිතස්ස අභාවා යං තව පාණසඤ්චජනං, තං අන්ධෙන තමසි කතං විය කිඤ්චිදෙව රූපකම්මං අපච්චක්ඛගුණං, තාදිසෙ තව අපච්චක්ඛගුණෙ පාණසඤ්චජනෙ ත්වං පාණං සඤ්චජන්තො කමත්ථං ජොතෙය්යාසීති.
පක්ඛිමා යනු පියාපත් සහිත වූ, උභින්නන්ති යනු අප දෙදෙන ජීවිතක්ෂයට පත් වූ කල්හි, යංනා යනු මෙහි නකාරය උපමාන අර්ථයෙහි යෙදේ. කඤ්චනදෙපිච්ඡා යනු කඤ්චන ද්වෙ පිට්ඨ යන මේ පාඨයම වේ. රත්රන් හා සමාන පියාපත් දෙකක් යන අර්ථයයි. තමසා යනු අන්ධකාරයෙන් යුක්තයි. ගතං යනු කතං යන මේ පාඨයම වේ. පළමුව නොකරන ලද්දහුගේ යන මේ සම්බන්ධයයි. න කතං යනු කරන ලද මෙන් යන අර්ථයයි. මෙසේ ද කියන ලද්දේ වෙයි. ඔබ කෙරෙහි ප්‍රාණය දුරුකරන්නේ ද, දුරු නොකරන්නේ ද මගේ ජීවිතයාගේ නොපැවැත්ම වේ. යම්බඳු ඔබගේ ප්‍රාණය සහිත ජනතාව අන්ධකාරයෙන් අන්ධකාරයට පත්කළාක් මෙන් යම්කිසි රූපයක් ප්රත්යක්ෂ කර නොගැනීම නිසා එබඳු වූ ඔබගේ ප්රත්යක්ෂ නො වූ ගුණය ප්‍රාණය රැස්කළ ජනතාව ඔබ ක්ෂමා කිරීම් අර්ථයෙන් බබළයි යනුයි.
ධම්මො අපචිතො සන්තොති ධම්මො පූජිතො මානිතො සමානො. අත්ථං දස්සෙතීති වුද්ධිං දස්සෙති. අපෙක්ඛානොති අපෙක්ඛන්තො. ධම්මා චත්ථන්ති ධම්මතො ච අත්ථං සමුට්ඨිතං පස්සන්තො . භත්තින්ති සිනෙහං. සතං ධම්මොති පණ්ඩිතානං සභාවො. යො මිත්තොති යො මිත්තො ආපදාසු මිත්තං න චජෙ, තස්ස අචජන්තස්ස මිත්තස්ස එස සභාවො නාම අද්ධා සතං ධම්මො. විදිතාති පාකටා ජාතා. කාමං කරස්සූති එතං මම කාමං මයා ඉච්ඡිතං මම වචනං කරස්සු. අපි ත්වෙවං ගතෙ කාලෙති අපි තු එවං ගතෙ කාලෙ මයි ඉමස්මිං ඨානෙ පාසෙන බද්ධෙ. පරමසංවුතන්ති පරමපරිපුණ්ණං.
ධම්මො අපචිතො සන්තො යනු ධර්මය පුදන ලද, ගරු බුහුමන් කළ සමාන වූයේ අත්ථං දස්සෙති යනු අභිවෘද්ධිය ප්‍රකට කරයි. අපෙක්ඛා නො යනු අපේක්ෂා කරන්නේ ය. ධම්මාවත්ථං යනු ධර්මය ම යන අර්ථයයි. සමුට්ඨිතං බලන්නේ. භත්තිං යනු ස්නේහයයි. සතං ධම්මො යනු පණ්ඩිතයන්ගේ ස්වභාව වේ. යො මිත්තො යනු යම් මිත්‍රයෙක් විපත් පැමිණි කල්හි මිතුරුකම දුරු නොකරන්නේය. මේ එහි ස්වභාවයයි නම් ඒකාන්තයෙන් සත්පුරුෂ ධර්මයයි. විදිතා යනු ප්‍රකට වූ හටගත් යනුයි. කාමං කරස්සූ යනු මේ මගේ කැමැත්ත. මා විසින් කැමැති වන දේ මගේ වචනය කරාවා. අපි තෙත්වං ගතෙකාලෙ යනු යළිදු මෙසේ ගියකල්හි මා, මේ ස්ථානයේ මළපුඩුවෙන් බඳන ලද්දේය. පරමසංවුතං යනු උතුම් ලෙස වැසී තුබුණු.
ඉච්චෙවං මන්තයන්තානන්ති “ගච්ඡ, න ගච්ඡාමී”ති එවං කථෙන්තානං අරියානන්ති ආචාරඅරියානං. පච්චදිස්සථාති කාසායානි නිවාසෙත්වා රත්තමාලං පිළන්ධිත්වා මුග්ගරං ආදාය ආගච්ඡන්තො අදිස්සථ. ආතුරානන්ති ගිලානානං මච්චු විය. අභිසඤ්චික්ඛාති, භික්ඛවෙ, තෙ උභොපි සත්තුං ආයන්තං පස්සිත්වා. හිතාති දීඝරත්තං අඤ්ඤමඤ්ඤස්ස හිතා මුදුචිත්තා. න සඤ්චලෙසුමාසනාති ආසනතො න චලිංසු, යථානිසින්නාව අහෙසුං. සුමුඛො පන “අයං නෙසාදො ආගන්ත්වා පහරන්තො මං පඨමං පහරතූ”ති චින්තෙත්වා මහාසත්තං පච්ඡතො කත්වා නිසීදි.
ඉච්ඡෙවමන්තයන්ති යනු යම් ද නොයම් ද, මෙසේ කියන්නහුගේ අරියානං ආචාරි වූ ආචාරීන්ගේ පච්චදිස්සථ යනු කෂාවත් හැඳ රතුමල් පැළැඳ මුගුරක් ගෙන පැමිණෙන්නා වූ නොපෙනෙහුද? ආතුරානං යනු ගිලන් වූ මාරය මෙන් අභිසඤ්චික්ඛා යනු මහණෙනි; ඒ දෙදෙනාම සතුරා එනවා දැක හිතා යනු දීර්ඝ කාලයක් අන්‍යෝන්‍ය වශයෙන් ලෙන්ගතුව, මෘදුවූ සිතින් යුතුය. න ච සඤේචසුමාසනා ආසනයෙන් නොසැලුණාහ. යම්සේ හිඳිතැනම හුන්නාහුය. සුමුඛ තෙම මේ වැද්දා පැමිණ පහරදෙන්නේ, මට පළමුව පහරදේවා’යි සිතා බෝසතුන් පසුපස කර හුන්නේය.
ධතරට්ඨෙති හංසෙ. සමුඩ්ඩෙන්තෙති මරණභයෙන ඉතො චිතො ච උප්පතන්තෙ දිස්වා. ආසජ්ජාති ඉතරෙ ද්වෙ ජනෙ උපගන්ත්වා. පච්චකමිත්ථාති “බද්ධා, න බද්ධා”ති චින්තෙන්තො උපධාරෙන්තො අකමිත්ථ, වෙගං හාපෙත්වා සණිකං අගමාසි. ආසජ්ජ බද්ධමාසීනන්ති බද්ධං මහාසත්තං උපගන්ත්වා නිසින්නං සුමුඛං. අදීනවන්තිආදීනවමෙව හුත්වා මහාසත්තං ඔලොකෙන්තං දිස්වා. විමතොති කිං නු ඛො අබද්ධො බද්ධස්ස සන්තිකෙ නිසින්නො, කාරණං පුච්ඡිස්සාමීති විමතිජාතො හුත්වාති අත්ථො. පණ්ඩරෙති හංසෙ, අථ වා පරිසුද්ධෙ නිම්මලෙ, සම්පහට්ඨකඤ්චනවණ්ණෙති අත්ථො. පවඩ්ඪකායෙති වඩ්ඪිතකායෙ මහාසරීරෙ. යං නූති යං තාව එසො මහාපාසෙන බද්ධො. න කුරුතෙ දිසන්ති පලායනත්ථාය එකං දිසං න භජති, තං යුත්තන්ති අධිප්පායො. බලීති බලසම්පන්නො හුත්වාපි. පක්ඛීති තං ආලපති. ඔහායාති ඡඩ්ඩෙත්වා. යන්තීති සෙසසකුණා ගච්ඡන්ති. අවහීයසීති ඔහීයසි.
ධතරට්ඨෙ හංසයන් සමුඩ්ඪෙන්තෙ යනු මරණ බියෙන් ඔබිමොබ උඩ පනිමින් සිටිනු දැක. ආසජ්ජා යනු දෙදෙනා වෙත පැමිණ. පච්චකම්පිත්ථා යනු බඳින ලද, නොබඳින ලදදැයි සිතන්නේ, සළකන්නේ කම්පා නොවූයේ වේගය අඩුකොට සෙමින් ගියේය. ආසජ්ජබද්ධං යනු නිතර බෝසතුන් වෙත එළඹ හුන්නා වූ සුමුඛ තෙම. අදිනවං යනු බැගෑපත් නොවී බෝසතුන් බලමින් සිටිනු දැක. විමතො යනු කුමක් නිසා, නොබඳින ලද්දකු බැදුණුහුගේ සමීපයේ සිටින්නා වූ කාරණය විචාරන්නෙමියි, විමතියට පත්වූයේ, සිට යන අර්ථයයි. පණ්ඩරෙ යනු හංසයන් දැක, නැතහොත් පිරිසිදු වූ, නිර්මල වූ, ප්රසාදජනක වූ, රන්වන්පාටින් යන අර්ථයයි. පවද්ධකායො යනු වැඩුණු මහ ශරීරයක් ඇත්තේය. යංනූ යනු ඒතාක් මහාමළ පුඩුවක බඳිනා ලද්දේය. න කුරුතෙ දිසං යනු පලායාම පිණිස, එක් දිශාවක් ඇසුරු නොකරයි යන අදහසයි. බලි යනු බලසම්පන්න වී. පක්ඛී යනු හේ ආමන්ත්‍රණය කිරීමයි. ඔහායා යනු ඉවත දමා. යන්තී යනු ඒ පක්ෂීහු ගමන් කරති. අවහීයසී යනු ඉවත්වෙහිය.
දිජාමිත්තාති දිජානං අමිත්ත. යාව කාලස්ස පරියායන්ති යාව මරණස්ස වාරො ආගච්ඡති. කථං පනායන්ති ත්වං රාජා මෙ සොති වදසි, රාජානො ච නාම පණ්ඩිතා හොන්ති, ඉතිපි පණ්ඩිතො සමානො කෙන කාරණෙන ඔඩ්ඩිතං පාසං න අද්දස. පදං හෙතන්ති යසමහත්තං වා ඤාණමහත්තං වා පත්තානං අත්තනො ආපදබුජ්ඣනං නාම පදං කාරණං, තස්මා තෙ ආපදං බොද්ධුමරහන්ති. පරාභවොති අවඩ්ඪි. ආසජ්ජාපීති උපගන්ත්වාපි න බුජ්ඣති. තතාති විතතා ඔඩ්ඩිතා. ගුය්හමාසජ්ජාති තෙසු පාසෙසු යො ගුළ්හො පටිච්ඡන්නො පාසො, තං ආසජ්ජ බජ්ඣන්ති. අථෙවන්ති අථ එවං ජීවිතක්ඛයෙ බජ්ඣන්තෙවාති අත්ථො.
දිජාමිත්තා යනු පක්ෂීණ්ගේ පසමිතුරු යාකලාස්ස පරියායං යනු යම්තාක් මරණ වාරය පැමිණේද? කථම්පනායං යනු රජතුමනි; ඔබ මේ කරුණ කියහි. රජවරු නම් උගත් අය වෙති යනු පණ්ඩිතයා සමානය. කවර කරුණක් නිසා, තබන ලද මලපුඩුව නොදැක්කේ ද? පදහෙතං යනු කීර්තියෙන් මහත් බැවින් හෝ නුවණින් මහත් බැවින් හෝ පැමිණෙන්නාහු ගේ, තමාගේ විපත් අවබෝධ කරගන්නට සුදුසු වෙති. පරාභවො යනු නොවැඩීමයි. ආසජ්ජාපී යනු එළඹ අවබෝධ නොකර ගනියි. තතා යනු පළල් ලෙස අටවන ලද්දේ. ගුළ්හ මාසජ්ජා යනු ඒ මලපුඩුවල ඒ ගුහාව සැඟව තුබුණු මලපුඩුව ඔහු ඇසුරු කොට බඳිත්. අථෙවං යනු ඉක්බිති මෙසේ ජීවිතක්ෂය වී බඳිනා ලද්දේ යන අර්ථයයි.
ඉති නං සො කථාසල්ලාපෙන මුදුහදයං කත්වා මහාසත්තස්ස ජීවිතං යාචන්තො ගාථමාහ –
මෙසේ හෙතෙම ඒ කථාබහ තුළින් මෘදු වූ සිතක් ඇත්තේ බෝසතුන්ගේ ජීවත්වීම ඉල්ලන්නේ.
“අපි නායං තයා සද්ධිං, සංවාසස්ස සුඛුද්රයො; අපි නො අනුමඤ්ඤාසි, අපි නො ජීවිතං දදෙ”ති.
ඔබ සමග වූ සම්භාෂණය සැප වූ විපාක ඇත්තක් වෙයි නම් අපට යාමට අවසර දෙනු ඇත. අපගේ ජීවිතය දෙනු ඇත. සුමුඛ කීය.
යන ගාථාව කීවේ ය.
තත්ථ අපි නායන්ති අපි නු අයං. සුඛුද්රයොති සුඛඵලො. අපි නො අනුමඤ්ඤාසීති චිත්තකූටං ගන්ත්වා ඤාතකෙ පස්සිතුං ත්වං අපි නො අනුජානෙය්යාසි. අපි නො ජීවිතං දදෙති අපි නො ඉමාය කථාය උප්පන්නවිස්සාසො න මාරෙය්යාසීති.
එහි අපිනායං යනු මේ තෙමේ ද යනුවෙනි. සුඛුද්රයො යනු සැපදායක ඵලයයි. අනුමඤ්ඤසී යනු චිත්‍රකූට පර්වතයට ගොස් ඤාතීන් දැකීමට ද, තව ද අනුදැන වදාළ මැනවි. ජීවිතං දදෙ යනු අප ගේ මේ කථාව තුළින් උපන් විශ්වාසය නොමැරෙන්නෙහි ය යනුයි.
සො තස්ස මධුරකථාය බජ්ඣිත්වා ගාථමාහ –
හෙතෙම ඔහුගේ මිහිරි කථාවට බැඳී,
“න චෙව මෙ ත්වං බද්ධොසි, නපි ඉච්ඡාමි තෙ වධං; කාමං ඛිප්පමිතො ගන්ත්වා, ජීව ත්වං අනිඝො චිර”න්ති.
නුඹ මා විසින් නො බඳිනා ලද්දෙහි ය. තොපට වධ කිරීමක් මගේ නැත්තේ ය. එයට මම නො කැමැත්තෙමි. මෙයින් නික්ම කැමති තැනකට වහා ගොස් බොහෝ කලක් උවදුරු රහිතව ජීවත් වනු මැනව. වැද්දා කීය.
යන ගාථාව කීය.
තතො සුමුඛො චතස්සො ගාථා අභාසි –
අනතුරුව සුමුඛ ගාථා හතරක් කීවේ ය.
“නෙවාහමෙතමිච්ඡාමි , අඤ්ඤත්රෙතස්ස ජීවිතා; සචෙ එකෙන තුට්ඨොසි, මුඤ්චෙතං මඤ්ච භක්ඛය.
මොහුගේ ජීවිතයෙන් වෙන්ව මම ජීවත් නො වෙමි. ඉදින් ඔබට එකෙකු ප්‍රමාණවත් වේ නම් මොහු මුදවා, මා කව.
“ආරොහපරිණාහෙන, තුල්යාස්මා වයසා උභො; න තෙ ලාභෙන ජීවත්ථි, එතෙන නිමිනා තුවං.
අප දෙදෙනා ම උස මහතින් ද වයසින් ද, එක සමානය. මේ මාරු කිරීමෙන් නුඹට ලාභයෙන් අවාසියක් නො වේ.
“තදිඞ්ඝ සමපෙක්ඛස්සු, හොතු ගිද්ධි තවම්හසු; මං පුබ්බෙ බන්ධ පාසෙන, පච්ඡා මුඤ්ච දිජාධිපං.
මේ පිළිබඳව සලකා බලව. අප කෙරෙහි තොප ගේ ආශාවක් වෙයි නම් පළමුව මා පාශයෙන් බඳු ව දෙවනුව පක්ෂි රාජයා පාශයෙන් මුදව.
“තාවදෙව ච තෙ ලාභො, කතාස්ස යාචනාය ච; මිත්ති ච ධතරට්ඨෙහි, යාවජීවාය තෙ සියා”ති.
එපමණකින් තොපගේ ලාභය වන්නේ ය. මාගේ ඉල්ලීම ද කරන ලද්දේ ය. ධ්‍රතරාෂ්ඨ හංස රාජයන් සමග දිවි ඇති තාක් තොපගේ සබඳතාවය ද පවතින්නේ ය. සුමුඛ කීය.
තත්ථ එතන්ති යං අඤ්ඤත්ර එතස්ස ජීවිතා මම ජීවිතං, එතං අහං නෙව ඉච්ඡාමි. තුල්යාස්මාති සමානා හොම. නිමිනා තුවන්ති පරිවත්තෙහි ත්වං. තවම්හසූති තව අම්හෙසු ගිද්ධි හොතු, කිං තෙ එතෙන, මයි ලොභං උප්පාදෙහීති වදති. තාවදෙවාති තත්තකොයෙව. යාචනාය චාති යා මම යාචනා, සාව කතා අස්සාති අත්ථො.
එහි එතං යනු යම් අනෙකකුගේ ජීවිතය ද මගේ ජීවිතය ද, මේ මම නොකැමැති වෙමි. තුල්යස්මා යනු සමාන වෙමු. නිමිනාතුවං යනු, ඔබ පරිවර්තනය වීම නිසාවෙනි. තවාස්මසූ යනු අප කෙරෙහි ඔබ ගේ. ගිද්ධි හොතු කුමක් නිසා ඔබට මා කෙරෙහි ලෝභකමක් උපදවෙහි යනුවෙන් කියයි. තාවදෙවා - ඒතාක්මය. යාචනායා යනු යම්බඳු මගේ ඉල්ලීම ඇය කරන ලද්දේ යන අර්ථයයි.
ඉති සො තාය ධම්මදෙසනාය තෙලෙ පක්ඛිත්තකප්පාසපිචු විය මුදුගතහදයො මහාසත්තං තස්ස දායං කත්වා දදන්තො ආහ –
මෙසේ හෙතෙම ඒ ධර්මදේශනාව නිසා තෙලෙහි දමන ලද, කපු පුළුන් රොදක් මෙන් මෘදු වූ ලෙසින් කළ හදවතක් ඇතිව, බෝසතුන් හංස සේනාපතිට සතුටින් භාර දෙමින් මෙසේ කීවේය.
“පස්සන්තු නො මහාසඞ්ඝා, තයා මුත්තං ඉතො ගතං; මිත්තාමච්චා ච භච්චා ච, පුත්තදාරා ච බන්ධවා.
තා විසින් මුදන ලද, තොපගේ ඇවිටිල්ල නිසා මුදන ලද පක්ෂි රාජයා මෙතැනින් ගොස් මිත්‍රාමාත්‍යයෝ ද අඹු දරුවෝ ද නෑයෝ ද සමග එක් වෙව.
“න ච තෙ තාදිසා මිත්තා, බහූනං ඉධ විජ්ජති; යථා ත්වං ධතරට්ඨස්ස, පාණසාධාරණො සඛා.
යම් සේ නුඹ ධෘතරාෂ්ඨ නම් හංසරාජයාට පණ හා සමාන යහළුවා වෙයිද? එබඳු යහළුවෝ බොහෝ දෙනකුට නැත.
“සො තෙ සහායං මුඤ්චාමි, හොතු රාජා තවානුගො; කාමං ඛිප්පමිතො ගන්ත්වා, ඤාතිමජ්ඣෙ විරොචථා”ති.
හෙතෙම ඔබගේ සහායෙන් මුදවමි. දුක් උසුලන රජකෙනෙකු වේවා කැමැති ලෙස මෙතනින් ගොස් නෑදෑයන් මැද බබළහු.
තත්ථ නොති නිපාතමත්තං. තයා මුත්තන්ති ඉමඤ්හි ත්වඤ්ඤෙව මුඤ්චසි නාම, තස්මා ඉමං තයා මුත්තං ඉතො චිත්තකූටපබ්බතං ගතං මහන්තා ඤාතිසඞ්ඝා එතෙ ච මිත්තාදයො පස්සන්තු. එත්ථ ච බන්ධවාති එකලොහිතසම්බන්ධා. විජ්ජතීති විජ්ජන්ති. පාණසාධාරණොති සාධාරණපාණො අවිභත්තජීවිකො, යථා ත්වං එතස්ස සඛා, එතාදිසා අඤ්ඤෙසං බහූනං මිත්තා නාම න විජ්ජන්ති. තවානුගොති එතං දුක්ඛිතං ආදාය පුරතො ගච්ඡන්තස්ස තව අයං අනුගො හොතූති.
එහි නො යනු නිපාත මාත්‍රයකි. තයා මුත්තං යනු මෙතෙම, ඔබ විසින්ම මුදවහි නම්, එහෙයින් මෙය, ඔහු විසින් මුදවන ලද්දේ, මෙතැනින්, චිත්‍රකූට පර්වතයට ගියේ, මහත්වූ ඤාති සමූහයා ද, අනෙක් මිත්‍ර ආදීහු ද බලත්වා! මෙහි ද බන්ධවා යනු එකම ලේ ඤාති සම්බන්ධයයි. විජ්ජති යනු විද්‍යමාන වෙයි. පාණසාධාරණො යනු පණ හා සමාන, නොබෙදන ලද ජීවිතයයි. යම්සේ ඔබ මේ ඔහුගේ යහළුවෝ මෙබඳු වේද? අනෙක් බොහෝ මිත්‍රයෝ නම් විද්‍යමාන නොවෙත්. තවානූගො යනු මේ දුකට පැමිණ පෙරටුව පෙරටුව යන්නහු ඔබගේ මේ අනුව යන්නා වෙයි.
එවං වත්වා පන නෙසාදපුත්තො මෙත්තචිත්තෙන මහාසත්තං උපසඞ්කමිත්වා බන්ධනං ඡින්දිත්වා ආලිඞ්ගිත්වා සරතො නික්ඛාමෙත්වා සරතීරෙ තරුණදබ්බතිණපිට්ඨෙ නිසීදාපෙත්වා පාදෙ බන්ධනපාසං මුදුචිත්තෙන සණිකං මොචෙත්වා දූරෙ ඛිපිත්වා මහාසත්තෙ බලවසිනෙහං පච්චුපට්ඨාපෙත්වා මෙත්තචිත්තෙන උදකං ආදාය ලොහිතං ධොවිත්වා පුනප්පුනං පරිමජ්ජි. තස්ස මෙත්තචිත්තානුභාවෙන බොධිසත්තස්ස පාදෙ සිරා සිරාහි, මංසං මංසෙන, චම්මං චම්මෙන ඝටිතං, තාවදෙව පාදො සංරුළ්හො සඤ්ජාතඡවිසඤ්ජාතලොමො අහොසි අබද්ධපාදෙන නිබ්බිසෙසො. බොධිසත්තො සුඛිතො පකතිභාවෙනෙව නිසීදි. අථ සුමුඛො අත්තානං නිස්සාය මහාසත්තස්ස සුඛිතභාවං දිස්වා සඤ්ජාතසොමනස්සො නෙසාදස්ස ථුතිමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ පවසා, වැදිපුත්‍රයා ප්‍රේම සිතින් බෝසතුන් වෙත එළඹ බැම්ම සිඳ, වැලඳගෙන, බන්ධනයෙන් නික්මවා, විල්තෙර තරුණ කුසතණ පිට්ටනියක හිඳුවා පාදයෙහි බදනා ලද මලපුඩුව මෘදුවූ සිතින් ක්ෂණිකව මුදවා දුර තබා බෝසතුන් කෙරෙහි බලවත් සෙනෙහස පිහිටුවා මෛත්‍රී සිතින් පැන් ගෙන, ලේ දොවා, නැවත නැවත පිරිමැද්දේය. ඔහුගේ මෛත්‍රී සහගත සිතිවිලි බලයෙන් බෝසතුන්ගේ පාදයෙහි නහරින් නහර, මසින් මස, සමින් සම, ගැටුණේ එකෙණෙහි පාදය උඩට නැගුණුව හටගත් සම ද, හටගත් ලොම් ද ඇත්තේ විය. නොබදින ලද පාදය හා සමාන විය. බෝසත්හු සුවපත් වූයේ ප්‍රකෘති ස්වභාවයෙන් ම හුන්නේය. ඉක්බිති සුඛුම, තමන් නිසා බෝසතුන් සුවපත් වූ බව දැක හටගත් සොම්නස් ඇත්තේ වැදි පුත්‍රයාට ස්තුති පුද කෙළේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෘෘන් වහන්සේ වදාළ සේක.
“සො පතීතො පමුත්තෙන, භත්තුනා භත්තුගාරවො; අජ්ඣභාසථ වක්කඞ්ගො, වාචං කණ්ණසුඛං භණං.
ඒ ඔබ ගේ යහළුවා මුදමි. ඒ හංස රාජයා ඔබ අනුව එන්නෙක් වේවා! වහාම මෙතැනින් ගොස් නෑ සමූහයා මැද රුචි පරිදි බැබළේවා!
හංසරාජයා මරණයෙන් ගැලවීම නිසා සතුටට පත් වූ ස්වාමි භක්තිය ඇති සුමුඛ නම් හංසයා රුචිකර වචනවලින් මෙසේ කීය.
“එවං ලුද්දක නන්දස්සු, සහ සබ්බෙහි ඤාතිභි; යථාහමජ්ජ නන්දාමි, මුත්තං දිස්වා දිජාධිප”න්ති.
මුදන ලද හංස රාජයා දැක මම යම් සේ සතුටු වෙම් ද, එසේ ඔබ ද ඔබගේ නෑ මිතුරන් සමග සිත් සේ සතුටු වනු මැනවි.
තත්ථ වක්කඞ්ගොති වඞ්කගීවො.
එහි වක්කංගො යනු වක් වූ ග්‍රීවයක් ඇත්තා.
එවං ලුද්දස්ස ථුතිං කත්වා සුමුඛො බොධිසත්තං ආහ – “මහාරාජ, ඉමිනා අම්හාකං මහාඋපකාරො කතො, අයඤ්හි අම්හාකං වචනං අකත්වා කීළාහංසෙ නො කත්වා ඉස්සරානං දෙන්තො බහුං ධනං ලභෙය්ය, මාරෙත්වා මංසං වික්කිණන්තො මූලම්පි ලභෙථ, අත්තනො පන ජීවිතං අනොලොකෙත්වා අම්හාකං වචනං අකරි , ඉමං රඤ්ඤො සන්තිකං නෙත්වා සුඛජීවිතං කරොමා”ති. මහාසත්තො සම්පටිච්ඡි. සුමුඛො අත්තනො භාසාය මහාසත්තෙන සද්ධිං කථෙත්වා පුන මනුස්සභාසාය ලුද්දපුත්තං ආමන්තෙත්වා “සම්ම, ත්වං කිමත්ථං පාසෙ ඔඩ්ඩෙසී”ති පුච්ඡිත්වා “ධනත්ථ”න්ති වුත්තෙ “එවං සන්තෙ අම්හෙ ආදාය නගරං පවිසිත්වා රඤ්ඤො දස්සෙහි, බහුං තෙ ධනං දාපෙස්සාමී”ති වත්වා ආහ –
එවං ලුද්දකා යනු මේ ස්තුතිය කොට. සුමුඛ බෝසතුන්ට කීවේය. මහරජ; මොහු විසින් අපට මහත් උපකාර කරන ලදි. මෙතෙම වනාහි අපගේ වචනය නොකොට, අප ක්‍රීඩා හංසයන් කොට, ඉසුරු දෙන්නේ, බොහෝ ධනය ලබන්නේය. මරා මස් විකුණන්නේ නමුදු බොහෝ ධනය ලැබෙහි. තමන්ගේ ජීවිතය නොබලාම අපගේ වචනය ඉෂ්ට කෙළේය. මොහු රජුගේ සමීපයට පමුණුවා, ජීවිතය සැපවත් කරමුයි බෝසත්හු පිළිගත්තෝය. සුමුඛ තමන්ගේ කථාවෙන් බෝසතුන් සමග කථාකරන්නේ යළිත් මිනිස් භාෂා කථා කරන වැදි පුත්‍රයා අමතා, මිත්‍රය; නුඹ කුමන කරුණක් නිසා මලපුඩු අටවන ලද්දේ දැයි විචාරා, ධනය නිසා යයි කී කල්හි එසේ ඇතිකල්හි නුඹ අප රැගෙන නුවරට ගොස් රජුට දක්වන්න. ඔබට බොහෝ ධනය දෙන්නෙමියි කීවේය.
“එහි තං අනුසික්ඛාමි, යථා ත්වමපි ලච්ඡසෙ; ලාභං තවායං ධතරට්ඨො, පාපං කිඤ්චි න දක්ඛති.
ඔබ යම්සේ ධනය ලබන්නට කැමැත්තේ ද? මෙම හංස රාජයාත් කිසියම් නපුරක් නො දක්නේ ද, මම තොපට අනුශාසනා කරමි. මා සමග එනු. ධනය ලබා දෙමි.
“ඛිප්පමන්තෙපුරං නෙත්වා, රඤ්ඤො දස්සෙහි නො උභො; අබද්ධෙ පකතිභූතෙ, කාජෙ උභයතො ඨිතෙ.
අප දෙදෙනා ප්‍රකෘති ස්වභාවයෙන් ම පා-තටු නො බැඳ කදක දෙකෙළවරෙහි ඉඳුවා රජ මාලිගාවට ගෙන ගොස් අන්තඃපුරයට හා රජුට පෙන්වව.
“ධතරට්ඨා මහාරාජ, හංසාධිපතිනො ඉමෙ; අයඤ්හි රාජා හංසානං, අයං සෙනාපතීතරො.
මහරජ, මේ වනාහි හංසයන්ගේ රජ වූ ධෘතරාෂ්ට්‍ර නම් හංස රජු ය. අනෙක් තැනැත්තා හංස සේනාධිපති සුමුඛය.
“අසංසයං ඉමං දිස්වා, හංසරාජං නරාධිපො, පතීතො සුමනො විත්තො, බහුං දස්සති තෙ ධන”න්ති.
රජතුමා මේ හංස රාජයා දැක ප්‍රීතිමත් යහපත් සිතැත්තෙක් ව සතුටු වී ඔබට ධනය දෙනු ඇත. සුමුඛ කීය.
තත්ථ අනුසික්ඛාමීති අනුසාසාමි. පාපන්ති ලාමකං. රඤ්ඤො දස්සෙහි නො උභොති අම්හෙ උභොපි රඤ්ඤො දස්සෙහි. අයං බොධිසත්තස්ස පඤ්ඤාපභාවදස්සනත්ථං, අත්තනො මිත්තධම්මස්ස ආවිභාවනත්ථං, ලුද්දස්ස ධනලාභත්ථං, රඤ්ඤො සීලෙසු පතිට්ඨාපනත්ථඤ්චාති චතූහි කාරණෙහි එවමාහ. ධතරට්ඨාති නෙත්වා ච පන රඤ්ඤො එවං ආචික්ඛෙය්යාසි, “මහාරාජ, ඉමෙ ධතරට්ඨකුලෙ ජාතා ද්වෙ හංසාධිපතිනො, එතෙසු අයං රාජා, ඉතරො සෙනාපතී”ති. ඉති නං සික්ඛාපෙසි. “පතීතො”තිආදීනි තීණිපි තුට්ඨාකාරවෙවචනානෙව.
එහි අනුසික්ඛාමි යනු අනුශාසනා කරමි යනුයි. පාපං යනු ළාමක බවයි. රඤ්ඤො දස්සෙහි නො යනු අපි දෙදෙනා රජුව දක්වහි. බෝසතුන්ගේ ප්‍රඥා ප්‍රභාවය දැක්වීමට, තමන්ගේ මිත්‍ර ධර්මයාගේ බලවත්කම ද, වැද්දාගේ ධන ලාභාර්ථය, රජු ශීලයෙහි පිහිටුවීය යන සිවු කාරණාවලින් මෙසේ කීවේය. ධතරට්ඨා යනු රජු ළඟට පමුණුවා මෙසේ ද කියන්නෙහි. මහරජ, මේ හංසකුලයෙහි උපන්නේ, මොවුන් අතර හංසාධිපතියා ගේ ද මොවුන් අතරේ මේ රජ සෙසු රජවරුන්ට මේ රජතුමා සෙසු සියල්ලන්ම මෙසේ හික්මවීය. පතීතො යන ආදියෙන් තුන්ආකාර සතුටින් යන වචනයම වේ ය.
එවං වුත්තෙ ලුද්දො, “සාමි, මා වො රාජදස්සනං රුච්චි, රාජානො නාම චලචිත්තා, කීළාහංසෙ වා වො කරෙය්යුං මාරාපෙය්යුං වා”ති වත්වා, “සම්ම, මා භායි, අහං තාදිසං කක්ඛළං ලුද්දං ලොහිතපාණිං ධම්මකථාය මුදුකං කත්වා මම පාදෙසු පාතෙසිං, රාජානො නාම පුඤ්ඤවන්තො පඤ්ඤවන්තො ච සුභාසිතදුබ්භාසිතඤ්ඤූ ච, ඛිප්පං අම්හෙ රඤ්ඤො දස්සෙහී”ති වුත්තෙ “තෙන හි මා මය්හං කුජ්ඣිත්ථ, අහං අවස්සං තුම්හාකං රුචියා නෙමී”ති වත්වා උභොපි කාජං ආරොපෙත්වා රාජකුලං ගන්ත්වා රඤ්ඤො දස්සෙත්වා රඤ්ඤා පුට්ඨො යථාභූතං ආරොචෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කී කල්හි වැද්දා ස්වාමීනි, තොප රජු දැකීම රුචි නොවේවා යි රජවරු නම් සැළෙන සිත් ඇත්තෝ ඔබව ක්‍රීඩා හංසයන් මෙන් කරන්නාහ. නැතහොත් මරන්නේ හෝ වන්නේ යයි පවසා, මිත්‍රය; බිය නොවන්න. මම එබඳු කර්කශ වූ ලේ සහිත අත් ඇති වැද්දකු, දැහැමි කථාවෙන් මෘදු වූවෙකු කොට මගේ පා අතර හෙලුවෙමි. රජවරු නම් පුණ්‍යවන්තයෝ ය. ප්‍රඥාවන්තයෝය. සුභාෂිත ද දුර්භාෂිත ද වහාම අපගේ රජතුමා දක්නේ යයි කී කල්හි එසේ වීනම්, මා හට නොකිපෙව. මම තොපට කැමැති දේට නැමෙමියි කියා දෙදෙනා ම කද උසුලාගෙන රජගෙදරට ගොස් රජුට දක්වා, රජු විසින් විමසන ලද්දේ ඇති තතු දැන්වීය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක –
“තස්ස තං වචනං සුත්වා, කම්මුනා උපපාදයි; ඛිප්පමන්තෙපුරං ගන්ත්වා, රඤ්ඤො හංසෙ අදස්සයි; අබද්ධෙ පකතිභූතෙ, කාජෙ උභයතො ඨිතෙ.
ඔහුගේ වචනය ඇසූ වැදි තෙම, කදක් තනා ප්‍රකෘති ස්වභාවයෙන් ම නො බදින ලද හංසයන් දෙදෙන වහා අන්තඃපුරයට ගෙන ගොස් රජුට පෙන්වීය.
“ධතරට්ඨා මහාරාජ, හංසාධිපතිනො ඉමෙ; අයඤ්හි රාජා හංසානං, අයං සෙනාපතීතරො;
රජතුමනි! මොහු වනාහි හංසයන්ගේ රජ වූ ධ්‍රතරාෂ්ට්‍ර නමැති හංස රජු ය. අනෙක් තැනැත්තා සුමුඛ නම් වූ හංස සේනාපතිය.
“කථං පනිමෙ විහඞ්ගා, තව හත්ථත්තමාගතා; කථං ලුද්දො මහන්තානං, ඉස්සරෙ ඉධ අජ්ඣගා.
මේ පක්ෂීහු තොප ගේ අතට පත් වූවහු ද? මහත් බවට පත් මේ හංසයන් දෙදෙනාගේ අයිතිකරු වැද්දා වූයේ කෙසේද?
“විහිතා සන්තිමෙ පාසා, පල්ලලෙසු ජනාධිප; යං යදායතනං මඤ්ඤෙ, දිජානං පාණරොධනං.
මහරජ! පක්ෂීන්ගේ ජීවිත විනාශ කරන්නා වූ මඩවගුරු තැනින් තැන ඇත. මම ඒ මඩ වගුරුවල මලපුඩු යෙදීමි.
“තාදිසං පාසමාසජ්ජ, හංසරාජා අබජ්ඣථ; තං අබද්ධො උපාසිනො, මමායං අජ්ඣභාසථ.
මහරජ! හංසරාජයා මළ පුඩුවෙහි බැඳුනේය. නො බැඳුනු මේ අනෙක් සේනාපති හංසයා ඒ බැඳුනු හංසයා අත් නොහැර සමීපයේ සිට මට මෙසේ කීයේ ය.
“සුදුක්කරං අනරියෙභි, දහතෙ භාවමුත්තමං; භත්තුරත්ථෙ පරක්කන්තො, ධම්මයුත්තො විහඞ්ගමො.
ස්වාමියාගේ යහපත පිණිස උත්සාහ කරන, ධර්මයෙහි යෙදුනු ඒ පක්ෂියා, අප වැනි අනාර්යයන් විසින් නො කටහැකි වූ පරිත්‍යාගයක් කරමින් මෙසේ කීය.
“අත්තනායං චජිත්වාන, ජීවිතං ජීවිතාරහො; අනුත්ථුනන්තො ආසීනො, භත්තු යාචිත්ථ ජීවිතං.
ජීවත්වීමට වරම් ලද මේ හංසයා ජීවත්වීමේ ආශාව හැරපියා ස්වාමියා ගේ ගුණ වනමින් ස්වාමියා ළඟ ඉඳගෙන ස්වාමියා ගේ ජීවිතය මගෙන් ඉල්ලීය.
“තස්ස තං වචනං සුත්වා, පසාදමහමජ්ඣගා; තතො නං පාමුචිං පාසා, අනුඤ්ඤාසිං සුඛෙන ච.
ඔහුගේ එම වචන අසා මම සතුටු වීමි. එහෙයින් ඔහු මලපුඩුවෙන් මිදුවෙමි. නෑ මිතුරන් සමග සුවසේ වසන්නට අනුදත්තෙමි.
“සො පතීතො පමුත්තෙන, භත්තුනා භත්තුගාරවො; අජ්ඣභාසථ වක්කඞ්ගො, වාචං කණ්ණසුඛං භණං.
මුදන ලද ස්වාමියා නිසා ප්‍රීතියට පත් ස්වාමි ගෞරවය ඇති සුමුඛ නම් හංසයා සිත සැනසෙන වචන කියමින් මට මෙසේ කීය.
“එවං ලුද්දක නන්දස්සු, සහ සබ්බෙහි ඤාතිභි; යථාහමජ්ජ නන්දාමි, මුත්තං දිස්වා දිජාධිපං.
මුදන ලද හංස රාජයා දැක මම කෙසේ තුටුවෙම් ද? එසේ ම ඔබ ද ඔබේ නෑදෑ මිතුරන් සමග සතුටු වේවා.
“එහි තං අනුසික්ඛාමි, යථා ත්වමපි ලච්ඡසෙ; ලාභං තවායං ධතරට්ඨො, පාපං කිඤ්චි න දක්ඛති.
නුඹට ධනය අවශ්‍ය නම්, මේ හංස රාජයාට අනතුරක් නො වන්නේ නම්, ධනය ලැබීම සඳහා මා සමග එන ලෙස ඔබට දන්වමි.
“ඛිප්පමන්තෙපුරං නෙත්වා, රඤ්ඤො දස්සෙහි නො උභො; අබද්ධෙ පකතිභූතෙ, කාජෙ උභයතො ඨිතෙ.
අපව නො බැඳ ප්‍රකෘති ස්වභාවයෙන් ම, කත් කෙළවරවල් දෙකක තබා රජ මැදුරට ගෙන ගොස් රජුට පෙන්වන්න.
“ධතරට්ඨා මහාරාජ, හංසාධිපතිනො ඉමෙ; අයඤ්හි රාජා හංසානං, අයං සෙනාපතීතරො.
රජතුමනි! මේ හංසයන්ගේ අධිපති වූ ධ්‍රතරාෂ්ට්‍ර නම් හංස රජු ය. අනෙක් තැනැත්තා හංස සේනාධිපති සුමුඛය.
“අසංසයං ඉමං දිස්වා, හංසරාජං නරාධිපො; පතීතො සුමනො විත්තො, බහුං දස්සති තෙ ධනං.
මහ රජතුමා හා අන්තඃපුර ජනයා මේ හංස රජු බලා සතුටුව නිසැකයෙන් ම ඔබට ධනය දෙනු ඇත.
“එවමෙතස්ස වචනා, ආනීතාමෙ උභො මයා; එත්ථෙව හි ඉමෙ ආසුං, උභො අනුමතා මයා.
මෙසේ මොහුගේ වචනය අසා මේ දෙදෙන ඔබතුමන් වෙත මා විසින් ගෙන ලද්දාහුය. මේ මානස විලෙහිදීම මෙම දෙදෙනාටම චිත්‍රකූට පර්වතයට යන ලෙස අභය දී අනුදක්මි.
“සොයං එවං ගතො පක්ඛී, දිජො පරමධම්මිකො; මාදිසස්ස හි ලුද්දස්ස, ජනයෙය්යාථ මද්දවං.
මෙසේ සතුරන් අතට පත් පරම ධාර්මික වූ ද්විජ නම් වූ මේ පක්ෂීහු මා වැනි වැද්දකු ගේ පවා මෛත්‍රිය දිනා ගත්හ. මගේ සිත ද මොළොක් කෙළේය.
“උපායනඤ්ච තෙ දෙව, නාඤ්ඤං පස්සාමි එදිසං; සබ්බසාකුණිකාගාමෙ, තං පස්ස මනුජාධිපා”ති.
රජතුමනි! මේ වූ කලි ඔබතුමන්ට ගෙනා තුටුපඬුරෙකි. මුළු වැදි ගමේ ම මේ හා සමාන වූ අනෙක් පඬුරක් නො දිටිමි. දේවයන් වහන්ස! බලනු මැනවි.
තත්ථ කම්මුනා උපපාදයීති යං සො අවච, තං කරොන්තො කායකම්මෙන සම්පාදෙසි. ගන්ත්වාති හංසරාජෙන නිසින්නකාජකොටිං උච්චතරං, සෙනාපතිනා නිසින්නකාජකොටිං ථොකං නීචං කත්වා උභොපි තෙ උක්ඛිපිත්වා “හංසරාජා ච සෙනාපති ච රාජානං පස්සිතුං ගච්ඡන්ති, උස්සරථ උස්සරථා”ති ජනං උස්සාරෙන්තො “එවරූපා නාම සොභග්ගප්පත්තා සුවණ්ණවණ්ණා හංසරාජානො න දිට්ඨපුබ්බා”ති මුදුහදයෙසු මනුස්සෙසු පසංසන්තෙසු ඛිප්පමන්තෙපුරං ගන්ත්වා. අදස්සයීති “හංසරාජානො තුම්හෙ දට්ඨුං ආගතා”ති රඤ්ඤො ආරොචාපෙත්වා තෙන තුට්ඨචිත්තෙන “ආගච්ඡන්තූ”ති පක්කොසාපිතො අභිහරිත්වා දස්සෙසි. හත්ථත්තන්ති හත්ථෙසු ආගතං, පත්තන්ති වුත්තං හොති. මහන්තානන්ති යසමහන්තප්පත්තානං සුවණ්ණවණ්ණානං ධතරට්ඨහංසානං ඉස්සරෙ සාමිනො කථං ත්වං ලුද්දො හුත්වා අධිගතොති පුච්ඡති. “ඉස්සරමිධමජ්ඣගා”තිපි පාඨො, එතෙසං ඉස්සරියං ත්වං කථං අජ්ඣගාති අත්ථො.
එහි කම්මනාඋප්පාදයි යනු ඔහු යමක් කියයි ද? එය කරන්නේ කාය කර්ම වශයෙන් සම්පාදනය කෙළේය. ගන්ත්වා යනු හංසරාජයා විසින් හුන්නා වූ, කද කෙළවර, උසස්තම වූ සෙනෙවියකු විසින් හුන්නා වූ කෙළවර, ස්වල්පයක් පහත් කොට දෙදෙනා ම එය ඔසවා හංසරාජයා ද, සේනාපතියා ද රජතුමා බැලීමට යති. රථයක් ඔසවයි රථයක් ඔසවයි යනුවෙන් ඉවත් කරන්නේ මෙබඳු ආකාර වූ සෞභාග්‍ය සම්පන්න වූ රන්වන් හංසරාජයන් නොදක්වන ලදැයි මිනිස්සු ප්‍රශංසා කරන කල්හි, වහාම අන්තඃපුරයට පිවිස; අදස්සසි යනු හංසරාජගේ ඔබලා දැකීමට පැමිණියේ යයි රජුට දැනුම් දී, ඔහු විසින් තුටු වූ සිත් ඇත්තේ පැමිණෙත්වායි අඬ ගසන කල්හි, විශේෂ කොට දැක්වීය. හත්ථත්ථං යනු අතින් අතට පැමිණියේයයි කියන ලද්දේ වෙයි. මහන්තානං යනු යම් ලෙසින් මහත් බවට පැමිණි ස්වර්ණ වර්ණ වූ හංසරාජයන්ගේ අධිපති බව පිළිබඳ කථා ද, ඔබ වැද්දෙක් වී, පැමිණියේ දැයි විචාරයි. ඉස්සරෙමිධ මජ්ඣගා යනු පෙළ පාඨයි. ඔවුන්ට අධිපති වූ ඔබ කෙසේ පැමිණියේදැයි යනු අර්ථයි.
විහිතාති යොජිතා. යං යදායතනං මඤ්ඤෙති, මහාරාජ, යං යං සමොසරණට්ඨානං දිජානං පාණරොධනං ජීවිතක්ඛයකරං මඤ්ඤාමි, තත්ථ තත්ථ මයා පල්ලලෙසු පාසා විහිතා. තාදිසන්ති මානුසියසරෙ තථාවිධං පාණරොධනං මයා විහිතං පාසං. තන්ති තං එතං තත්ථ බද්ධං. උපාසිනොති අත්තනො ජීවිතං අගණෙත්වා උපගන්ත්වා නිසින්නො. මමායන්ති මං අයං සෙනාපති අජ්ඣභාසථ, මයා සද්ධිං කථෙසි. සුදුක්කරන්ති තස්මිං ඛණෙ එස අම්හාදිසෙහි අනරියෙහි සුදුක්කරං අකාසි. කිං තන්ති? දහතෙ භාවමුත්තමං, අත්තනො උත්තමං අජ්ඣාසයං දහති විදහති පකාසෙති. අත්තනායන්ති අත්තනො අයං. අනුත්ථුනන්තොති භත්තුගුණෙ වණ්ණෙන්තො තස්ස ජීවිතං මුඤ්චාති මං යාචි.
විහිතා යනු යෝජනා කරන ලද යං යදායතනං මඤ්ඤෙ යනු මහරජ; යම් යම් සමාන පිහිටස්ථානවලට පැමිණි දිජානං පාණ රෝධනං, ජීවිතක්ෂය කරමියි සිතමි. ඒ ඒ තැන මා විසින් ළපලු අතර සැඟවී සිට. තාදිසං යනු මිනිස් ස්වරයෙක්හි එබඳු ආකාර පණ නැසීමක් මා විසින් මලපුඩු ඇසුරින් කරන ලදි. තං යනු එය එතන බඳනා ලද, උපාසිනො යනු තමන්ගේ ජීවිතය ගණන් නොගෙන, පැමිණ හුන්නේ, මමායං යනු මා මේ සේනාපතියාට කියවු යයි මා සමග කීවේය. සුදුක්කරං යනු එකෙණෙහි මේ අප හා සමාන අනාර්ය පිරිස් විසින් ඉතා දුෂ්කර කාර්යයක් කරන ලදි. එය කුමක්ද යනුවෙනි. දහතෙභාව මුත්තමං තමන්ගේ උතුම් අදහස දවයි විහිදවයි ප්‍රකාශ කරයි. අත්තනා යං යනු මේ තමාගේ යනුයි. අනුත්ථුනත්තො යනු ස්වාමි ගුණය වර්ණනා කරමින් ඔහුගේ ජීවිතයට මා ආයාචනා කෙළේය.
තස්සාති තස්ස තථා යාචන්තස්ස. සුඛෙන චාති යථාසුඛෙන චිත්තකූටං ගන්ත්වා ඤාතිසඞ්ඝං පස්සථාති ච අනුජානිං. එත්ථෙව හීති මයා පන ඉමෙ ද්වෙ එත්ථ මානුසියසරෙයෙව චිත්තකූටගමනාය අනුමතා අහෙසුං. එවං ගතොති එවං සත්තු හත්ථගතො. ජනයෙය්යාථ මද්දවන්ති අත්තනි මෙත්තචිත්තං ජනෙසි. උපායනන්ති පණ්ණාකාරං. සබ්බසාකුණිකාගාමෙති සබ්බස්මිම්පි සාකුණිකගාමෙ නාහං අඤ්ඤං තව එවරූපං කෙනචි සාකුණිකෙන ආභතපුබ්බං උපායනං පස්සාමි. තං පස්සාති තං මයා ආභතං උපායනං පස්ස මනුජාධිපාති.
තස්සා යනු මේ ඔහුට එසේ ආයාචනා කරන්නා ගේ යනුයි. සුඛෙනච යනු සැප ඇති පරිද්දෙන් චිත්‍රකූට පර්වතයට ගොස් ඤාති සමූහයා බලවු යයි, අනුදනිමි. එත්ථෙවා යනු මා විසින් මේ මෙහි මිනිස් කටහඬින් ම චිත්රකූටයට යාම පිණිස අනුමත කළහ. එවං ගතො යනු සතුන් අතට පත්. ජනයෙය්යාථ මද්දවං යනු තමා කෙරෙහි මෛත්‍රී සිත් උපදවීය. උපායනං යනු පඬුරු තෑගිභෝග. සබ්බ සාකුණික ගාමෙ යනු සියළුම පක්ෂි ගම්මානයෙහි, මම වෙන්ත මෙබඳු ආකාර වූ කිසියම් පක්ෂියකු විසින් ගෙන එන ලද විරූ ඇසුරක් නොදකිමි. තං පස්සා යනු ඒ මා විසින් ගෙනඑන ලද පඬුරු රජතුමා බලන්න.
එවං සො ඨිතකොව සුමුඛස්ස ගුණං කථෙසි. තතො රාජා හංසරඤ්ඤො මහාරහං ආසනං, සුමුඛස්ස ච සුවණ්ණභද්දපීඨකං දාපෙත්වා තෙසං තත්ථ නිසින්නානං සුවණ්ණභාජනෙහි ලාජමධුඵාණිතාදීනි දාපෙත්වා නිට්ඨිතෙ පානභොජනකිච්චෙ අඤ්ජලිං පග්ගය්හ මහාසත්තං ධම්මකථං යාචිත්වා සුවණ්ණපීඨකෙ නිසීදි. සො තෙන යාචිතො පටිසන්ථාරං තාව අකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඔහු සිටිද්දී ම සුමුඛ ගේ ගුණ කීවේය. ඉක්බිති රජතුමා, හංසරාජයාට මාහැඟි ආසනයක් ද, සුමුඛට රන්වන් සොඳුරු පුටුවක්ද දී, එහි හුන්නා වූ ඔවුන්ට රන්වන් භාජනවලින් පොරි මී, විලඳ පැණි ආදිය දී, නිමවූ කල්හි ආහාරපාන භෝජන ක්‍රියාවලියෙන් පසු ඇඳිලි බැඳ බෝසතුන්ගේ දැහැමි කථා ඉල්වා, රන්වන් පුටුවෙහි හුන්නේය. ඔහු ඔහු විසින් ඉල්ලන ලදුව පිළිසඳර කථා කෙළේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක –
“දිස්වා නිසින්නං රාජානං, පීඨෙ සොවණ්ණයෙ සුභෙ; අජ්ඣභාසථ වක්කඞ්ගො, වාචං කණ්ණසුඛං භණං.
යහපත් වූ රන්මුවා පුටුවෙහි හුන් සකුල නම් රජු දැක හංස රජු මෙසේ කීය.
“කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං; කච්චි රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසසි.
රජුට යහපතක්ම වේවා! ඔබතුමා නිරෝගීව වෙසෙයි ද, සම්පත් බහුල මේ රට දැහැමෙන් සෙමෙන් පාලනය කරන්නේ ද?
“කුසලඤ්චෙව මෙ හංස, අථො හංස අනාමයං; අථො රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසහං.
හංස රාජය, මට වරදක් නැත. ආරෝග්‍යය තිබේ. සමෘද්ධ වූ රට ධාර්මිකව පාලනය කරනු ලැබේ.
“කච්චි භොතො අමච්චෙසු, දොසො කොචි න විජ්ජති; කච්චි ච තෙ තවත්ථෙසු, නාවකඞ්ඛන්ති ජීවිතං.
කිම පින්වත්හු ගේ ඇමතිවරු දූෂිත නොවේ ද? කළ යුතු දේ නිවැරදිව කරයි ද? යුද්ධාදී කාර්යයන් හිදී දිවි නො තකා සාමූහිකව ක්‍රියා කරද්ද?
“අථොපි මෙ අමච්චෙසු, දොසො කොචි න විජ්ජති; අථොපි තෙ මමත්ථෙසු, නාවකඞ්ඛන්ති ජීවිතං.
මාගේ ඇමතියන් අතර කිසියම් දෝෂයක් නැත. ඔවුහු සටන් බිමේදී ද දිවි නොතකා ක්‍රියා කරති.
“කච්චි තෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී; පුත්තරූපයසූපෙතා, තව ඡන්දවසානුගා.
ඔබගේ බිසව සමාන ජාති ඇත්තී ද? අවවාද ක්ෂමද, ප්‍රිය තෙපුල් කියන්නී ද, දරු සම්පතින් හා රූපයෙන් සමන්විත ද? ඔබගේ අදහස් අනුව පවතින්නී ද?
“අථො මෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී; පුත්තරූපයසූපෙතා, මම ඡන්දවසානුගා”ති.
මාගේ බිසව සමාන ජාති ඇත්තීය. අවවාද පිළිගන්නීය. ප්‍රිය තෙපුල් කියන්නී ද? දරු සම්පතින් ද රූපයෙන් ද යසසින් ද මගේ අදහස් අනුව පවතින්නී ය.
තත්ථ රාජානන්ති සාගලරාජානං. වක්කඞ්ගොති හංසරාජා. ධම්මෙන මනුසාසසීති ධම්මෙන අනුසාසසි. දොසොති අපරාධො. තවත්ථෙසූති උප්පන්නෙසු තව යුද්ධාදීසු අත්ථෙසු. නාවකඞ්ඛන්තීති උරං දත්වා පරිච්චජන්තා කිච්චි අත්තනො ජීවිතං න පත්ථෙන්ති, ජීවිතඤ්ච චජිත්වා තවෙවත්ථං කරොන්ති. සාදිසීති සමානජාතිකා. අස්සවාති වචනසම්පටිච්ඡිකා. පුත්තරූපයසූපෙතාති පුත්තෙහි ච රූපෙන ච යසෙන ච උපෙතා. තව ඡන්දවසානුගාති කච්චි තව අජ්ඣාසයං තව වසං අනුවත්තති, න අත්තනො චිත්තවසෙන වත්තතීති පුච්ඡති.
එහි රාජානං යනු, සමාන කුලවලට අයත් රජවරුන් වක්කංගො යනු හංසරාජයාය. ධම්මෙන මනුසිස්සති යනු දැහැමින් අනුශාසනා කරන්නේය යනුවෙනි. දොසො යනු අපරාධයයි. තවෙත්ථසූ යනු උපන්නා වූ ඔබට යුද්ධාදි අර්ථ ඇත යනුවෙනි. නාවකංඛංති යනු උර දී පරිත්‍යාග කරමින් කිසිවකු තමන්ගේ ජීවිතය ප්‍රාර්ථනා නොකරත් ද? ජීවිතය අතහැර ඔබට අර්ථයක් කරත්. සාදිසි යනු සමජාතිකයෝ ය. අස්සවා යනු වචන පිළිගත්තෝ ය. පුත්තරූපය සුපෙතා යනු, රූපයෙන් යසසින් යුක්ත වූ පුත්‍රයන් කරණ කොටගෙන. තව ඡන්දවසානුගා යනු කිම ඔබගේ අදහස්වලට අනුකූල වූ ඔබගේ වසඟයට අනුව පවතින තමන්ගේ සිතැඟි වශයෙන් නොපවතියි යනුවෙන් විචාරයි.
එවං බොධිසත්තෙන පටිසන්ථාරෙ කතෙ පුන රාජා තෙන සද්ධිං කථෙන්තො ආහ –
මෙසේ බෝසතුන් විසින් පිළිසඳර කථා කළ කල්හි නැවත රජ ඔහු සමග කථා කරමින් මෙසේ කීවේ ය.
“භවන්තං කච්චි නු මහා-සත්තුහත්ථත්තතං ගතො; දුක්ඛමාපජ්ජි විපුලං, තස්මිං පඨමමාපදෙ.
කිමෙක් ද පින්වත, මහා සතුරා අතර පත්වූයේ පළමු විපතෙහි දී දැඩි දුකට පත්වී ද?
“කච්චි යන්තාපතිත්වාන, දණ්ඩෙන සමපොථයි; එවමෙතෙසං ජම්මානං, පාතිකං භවති තාවදෙ.
කිම මේ වැද්දා ඔබලාට පැන නොයන්නට ලීයකින් පහර දුන්නේ ද? මෙසේ කිරීම මේ නීචයන් ගේ මේ වෙලාවේ කාර්ය යයි ස්වභාවයයි.
“ඛෙමමාසි මහාරාජ, එවමාපදියා සති; න චායං කිඤ්චි රස්මාසු, සත්තූව සමපජ්ජථ.
මහරජ, මෙසේ විපත්තිය පැමිණි කල්හි නිර්භය වීම්, සිතට ධෛර්ය උපදවා ගත්තෙමි. මෙ තෙම අපගේ සතුරකු මෙන් නො පැමිණියේය.
“පච්චගමිත්ථ නෙසාදො, පුබ්බෙව අජ්ඣභාසථ; තදායං සුමුඛොයෙව, පණ්ඩිතො පච්චභාසථ.
මහරජ! මේ වැදි තෙමේ පළමුව අප දැක පසුබට විය. ඉන්පසු කථා කෙළේය. එවිට මේ උගත් සුමුඛ තෙමේ පිළිතුරු දුන්නේ ය.
“තස්ස තං වචනං සුත්වා, පසාදමයමජ්ඣගා; තතො මං පාමුචී පාසා, අනුඤ්ඤාසි සුඛෙන ච.
ඔහුගේ කථාව අසා මොහු පැහැදුනේ ය. ඉන්පසු මා පාශයෙන් මිදීය. සුවසේ චිත්‍ර කූටයට යන සේ ද ඉල්ලා සිටියේ ය.
“ඉදඤ්ච සුමුඛෙනෙව, එතදත්ථාය චින්තිතං; භොතො සකාසෙගමනං, එතස්ස ධනමිච්ඡතා.
පින්වත් ඔබ වෙත මෙහි පැමිණීම ද මොහුට සම්පත් ලබා දී උපකාරයක් කරන්නට සුමුඛ විසින් ම සිතා කරන ලද්දකැයි හංසරජු කීයේ ය.
“ස්වාගතඤ්චෙවිදං භවතං, පතීතො චස්මි දස්සනා; එසො චාපි බහුං විත්තං, ලභතං යාවදිච්ඡතී”ති.
පින්වතුන්ගේ මෙහි පැමිණීම යහපත් පැමිණීමකි. ඔබලා දැකීමෙන් මම සතුටට පත්වීමි. මොහු ද යම්තාක් ධනය කැමැත්තේ නම් ඔහුට ධනය ද දෙන්නෙමි.
තත්ථ මහාසත්තුහත්ථත්තතං ගතොති මහන්තස්ස සත්තුනො හත්ථත්තං ගතො. ආපතිත්වානාති උපධාවිත්වා. පාතිකන්ති පාකතිකං, අයමෙව වා පාඨො. ඉදං වුත්තං හොති – එතෙසඤ්හි ජම්මානං තාවදෙව එවං පාකතිකං හොති, සකුණෙ දණ්ඩෙන පොථෙත්වා ජීවිතක්ඛයං පාපෙන්තො ධනවෙතනං ලභතීති. කිඤ්චි රස්මාසූති කිඤ්චි අම්හෙසු. සත්තූවාති සත්තු විය. පච්චගමිත්ථාති, මහාරාජ, එස අම්හෙ දිස්වා බද්ධාති සඤ්ඤාය ථොකං ඔසක්කිත්ථ. පුබ්බෙවාති අයමෙව පඨමං අජ්ඣභාසි. තදාති තස්මිං කාලෙ. එතදත්ථායාති එතස්ස නෙසාදපුත්තස්ස අත්ථාය චින්තිතං. ධනමිච්ඡතාති එතස්ස ධනං ඉච්ඡන්තෙන තව සන්තිකං අම්හාකං ආගමනං චින්තිතං. ස්වාගතඤ්චෙවිදන්ති මා භොන්තො චින්තයන්තු, භවතං ඉදං ඉධාගමනං ස්වාගතමෙව. ලභතන්ති ලභතු.
එහි මහා සත්තුහත්ථත්ථතං ගතො යනු මහා සතුරාගේ අතට පත්වූයේ යන අර්ථයයි. ආපතිත්වා නා යනු ළඟට දුව අවුත් පාකතිකං යනු ප්‍රකෘතියයි. පාකතික යනු පෙළ පාඨයමය. මෙසේ ද කියන ලද්දේ වෙයි. මේ අය ගේ උපත ඒතාක් ප්‍රකෘතිමත් වෙයි. පක්ෂීන් දණ්ඩෙන් තලා, ජීවිතක්ෂයට පමුණුවා ධනය ලබා ගනිත්. කිඤ්චිරස්මාසූ යනු අප අතර කිසිවකු. සත්තුවා යනු සතුන් මෙන්. පච්චකම්පිත්වා යනු මහරජ; මෙතෙම අප දැක බැඳුණේය යන හැඟීමෙන් ටිකක් පසුබැස ගියෙහුය යන අර්ථයි. පුබ්බෙවා යනු මෙයම පළමුව කීවේය. තදා යනු ඒ කාලයෙහි. එතදත්ථායා යනු මේ වැදි පුත්‍රයා ගේ අර්ථ සිද්ධිය පිණිස සිතන ලදි. ධනමිච්ඡිතා යනු මේ ධනය කැමැති වන්නා වූ ඔහු විසින් ම, ඔබගේ සමීපයට අපගේ පැමිණීම සිතන ලදි. ස්වාගතඤ්චෙවිදං යනු පින්වත්තු නොසිතත්වා! පින්වතාගේ මේ ගමන යහපතක් ම වේය. ලභතං යනු ලබාවා! යනුයි.
එවඤ්ච පන වත්වා රාජා අඤ්ඤතරං අමච්චං ඔලොකෙත්වා “කිං කරොමි දෙවා”ති වුත්තෙ “ඉමං නෙසාදං කප්පිතකෙසමස්සුං න්හාතානුලිත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං කාරෙත්වා ආනෙහී”ති වත්වා තෙන තථා කත්වා ආනීතස්ස තස්ස සංවච්ඡරෙ සංවච්ඡරෙ සතසහස්සුට්ඨානකං ගාමං, ද්වෙ වීථියො ගහෙත්වා ඨිතං මහන්තං ගෙහං, රථවරඤ්ච, අඤ්ඤඤ්ච බහුං හිරඤ්ඤසුවණ්ණං අදාසි. තමත්ථං ආවිකරොන්තො සත්ථා ආහ –
මෙසේ ද කියා රජතුමා වෙනත් ඇමතියකු දෙස බලා, දේවයන් වහන්ස කුමක් කරම්දැයි කී කල්හි, මේ වැද්දා කපන ලද හිසකෙස් ඇත්තේ, නෑමට ඇලීම කරන්නේ, සියලු අලංකාරවලින් සැරසීම්කොට, ගෙන එවයි කියා, ඔහු විසින් එසේ කොට ගෙන ආ කල්හි වසරකට ලක්ෂයක් උපදින ගම්වරයක් ද මහා වීදියක පිහිටි ගෙයක් ද ගමට, උතුම් රථයක් ද, වෙනත් බොහෝ අමුරන් ස්වර්ණ ආදිය ද දුන්නේ ය. ඒ අර්ථය සිහිපත් කරන ශාස්තෲන් වහන්සේ;
“සන්තප්පයිත්වා නෙසාදං, භොගෙහි මනුජාධිපො; අජ්ඣභාසථ වක්කඞ්ගං, වාචං කණ්ණසුඛං භණ”න්ති.
රජතුමා, සම්පත් දී වැද්දා සනසවා, මිහිරි වදනින් හංස රජුට මෙසේ කීය.
යන ගාථාව කීවේය.
අථ මහාසත්තො රඤ්ඤො ධම්මං දෙසෙසි. සො තස්ස ධම්මකථං සුත්වා තුට්ඨහදයො “ධම්මකථිකස්ස සක්කාරං කරිස්සාමී”ති සෙතච්ඡත්තං දත්වා රජ්ජං පටිච්ඡාපෙන්තො ආහ –
ඉක්බිති බෝසත්, රජුට දහම් දෙසූ සේක. හෙතෙම දහම් කථාව අසා, සතුටු වූ සිතැත්තේ, ධර්ම කථිකයාණන්ට සත්කාර කරන්නෙමියි සුදු කුඩයක් දී, රාජ්‍යය බාරගන්නැයි කීවේ ය.
“යං ඛලු ධම්මමාධීනං, වසො වත්තති කිඤ්චනං; සබ්බත්ථිස්සරියං භවතං, පසාසථ යදිච්ඡථ.
හංසරාජය! යම් කිසිවක් මා සතුව පවතී ද? ඒ සියල්ල ධර්ම පූජා වසයෙන් දෙමි. ඒ සියල්ලෙහි අධිපති බව පින්වතාට වේවා! රුචි පරිදි අනුශාසනා කරනු මැනැවි.
“දානත්ථං උපභොත්තුං වා, යං චඤ්ඤං උපකප්පති; එතං දදාමි වො විත්තං, ඉස්සරියං විස්සජාමි වො”ති.
දානයට හෝ පරිභෝගයට හෝ අන් කිසි යමකට හෝ කැමැත්තේ නම් එය කරව. ඒ සම්පත් ඔබට දෙමි. මාගේ අධිපති භාවය ඔබට පවරමි.
තත්ථ වසො වත්තතීති යත්ථ මම වසො වත්තති. කිඤ්චනන්ති තං අප්පමත්තකම්පි. සබ්බත්ථිස්සරියන්ති සබ්බං භවතංයෙව ඉස්සරියං අත්ථු. යං චඤ්ඤං උපකප්පතීති පුඤ්ඤකාමතාය දානත්ථං වා ඡත්තං උස්සාපෙත්වා රජ්ජමෙව උපභොත්තුං වා යං වා අඤ්ඤං තුම්හාකං රුච්චති, තං කරොථ, එතං දදාමි වො විත්තං, සද්ධිංයෙව සෙතච්ඡත්තෙන මම සන්තකං ඉස්සරියං විස්සජ්ජාමි වොති.
එහි වසොවත්තති යනු, යම්බඳු වූ මගේ වසඟයට අනුව පැවතීමයි. කිඤ්චනං යනු අල්පමාත්‍ර වූවක් හෝ සබ්බත්ථිස්සරියං යනු, පින්වත් ඔබට සියළුම ඉසුරු සම්පත් ලැබේවා! යඤ්චඤ්ඤං උපකප්පති යනු පින්කම් පිණිස දානාර්ථය පිණිස හෝ සේසත් නංවා රාජ්‍යය ම කල්පනා කරත්වා. නැතහොත් අන්‍ය වූ නුඹලා කැමැති දෙයක් වේ ද? එය කරවු. එතං දදාමි වො චිත්තං සේසත් සමග මා සතුව ඇති සම්පත් ලබා දෙන්නෙමි යනුයි.
අථ මහාසත්තො රඤ්ඤා දින්නං සෙතච්ඡත්තං පුන තස්සෙව අදාසි. රාජාපි චින්තෙසි – “හංසරඤ්ඤො තාව මෙ ධම්මකථා සුතා, ලුද්දපුත්තෙන පන ‘අයං සුමුඛො මුධුරකථො’ති අතිවිය වණ්ණිතො, ඉමස්සපි ධම්මකථං සොස්සාමී”ති. සො තෙන සද්ධිං සල්ලපන්තො අනන්තරං ගාථමාහ –
ඉක්බිති, බෝසත්, රජු විසින් දෙන ලද සේසත නැවත ඔහුට ම දුන්නේ ය. රජු ද මෙසේ සිතීය. හංස රජු ගේ ධර්ම කථාව මා විසින් අසන ලද්දේ වෙමි. වැදි පුත්‍රයා වනාහි, මේ සුමුඛ මිහිරි කථාවක් කරන ලදැයි අතිශයින් වර්ණනා කරන ලද්දේ මොහුගේ මේ දැහැමි කථාව ද අසන්නෙමියි, සුමුඛ සමග කථාබහ කරන්නේ අනතුරුව ගාථාව කීවේ ය.
“යථා ච ම්යායං සුමුඛො, අජ්ඣභාසෙය්ය පණ්ඩිතො; කාමසා බුද්ධිසම්පන්නො, තං ම්යාස්ස පරමප්පිය”න්ති.
ඉදින් මේ වූ බුද්ධි සම්පන්න වූ සුමුඛ පඬිතුමාත් කැමැත්තෙන් යමක් කියන්නේ නම් එය මට ඉතා ප්‍රිය වන්නේ ය.
තත්ථ යථාති යදි. ඉදං වුත්තං හොති – යදි ච මෙ අයං සුමුඛො පණ්ඩිතො බුද්ධිසම්පන්නො කාමසා අත්තනො රුචියා අජ්ඣභාසෙය්ය, තං මෙ පරමප්පියං අස්සාති.
එහි යථා යනු ඉදින්, මෙය කියන ලද්දේ වෙයි. ඉදින් මේ සුමුඛ මට පණ්ඩිත බුද්ධි සම්පන්න වූ, කැමැත්තේ වේද? තමන්ගේ රුචිය ප්‍රකාශ කරන්නේ ය. එය මට පරම සතුට ගෙන දෙන්නේ ය.
තතො සුමුඛො ආහ –
ඉක්බිති සුමුඛ කීවේ ය.
“අහං ඛලු මහාරාජ, නාගරාජාරිවන්තරං; පටිවත්තුං න සක්කොමි, න මෙ සො විනයො සියා.
මහරජ! ඔබ දෙදෙන රජවරුය. මහා ගල් පර්වත දෙකක් බඳුය. මම ඒ ගල් පර්වත දෙක අතර වූ ඇතකු බඳුය. එබැවින් ඔබ අතර කථා කිරීමට මට නොහැක්කෙමි. එසේ කථා කිරීම හික්මීම ද නොවන්නේ ය.
“අම්හාකඤ්චෙව සො සෙට්ඨො, ත්වඤ්ච උත්තමසත්තවො; භූමිපාලො මනුස්සින්දො, පූජා බහූහි හෙතුභි.
අපගේ සයානූදහසක් හංසයන්ට ශ්‍රේෂ්ඨ වූ මෙතුමා අපගේ හංස රාජයාය. ඔබතුමා මේ පෘථිවිය පාලනය කරන්නා වූ මිනිසුන්ට අධිපති වූ මහරජතුමාය. එබැවින් උතුම් කෙනෙක. බොහෝ හේතූන් නිසා ඔබ දෙදෙන පිදිය යුතු වන්නේ ය.
“තෙසං උභින්නං භණතං, වත්තමානෙ විනිච්ඡයෙ; නන්තරං පතිවත්තබ්බං, පෙස්සෙන මනුජාධිපා”ති.
නර ශ්‍රේෂ්ඨ මහරජතුමනි! ඔබලා දෙදෙන කථා කරද්දී විනිශ්චය පවත්වද්දී, මෙහෙකරු වූ මා විසින් අතරතුර කථා නොකළ යුතුය. එය නුසුසුදු ය.
තත්ථ නාගරාජාරිවන්තරන්ති පෙළාය අබ්භන්තරං පවිට්ඨො නාගරාජා විය. පටිවත්තුන්ති තුම්හාකං ද්වින්නං අන්තරෙ වත්තුං න සක්කොමි. න මෙ සොති සචෙ වදෙය්යං, න මෙ සො විනයො භවෙය්ය. අම්හාකඤ්චෙවාති ඡන්නවුතියා හංසසහස්සානං. උත්තමසත්තවොති උත්තමසත්තො. පූජාති උභො තුම්හෙ මය්හං බහූහි කාරණෙහි පූජාරහා චෙව පසංසාරහා ච. පෙස්සෙනාති වෙය්යාවච්චකරෙන සෙවකෙන.
එහි නාගරාජාරිවන්තරං යනු ශිලා පර්වත දෙකක අතරට රිංගු ඇත්රාජයකු මෙන්. පටිවත්තුං යනු නුඹලා දෙදෙන අතර, කීමට සම කිරීමට නොහැකි වෙමි. නමෙසො යනු ඉදින් කියන්නේ නම්, එය හික්මීමක් ද නොවන්නේ ය. අම්හාකංචෙචා යනු අනූහය දහසක් හංසයන්. උත්තම සත්තවො යනු උතුම් සත්ත්වයා. පූජා යනු නුඹලා දෙදෙනා මට බොහෝ කාරණාවලින් පූජාකරන ලද්දේ ද ප්‍රශංසා කරන ලද්දේ ද වේ. පෙස්සෙනා යනු පුරුෂ වචනාර්ථයෙන් සේවකයා විසින්.
රාජා තස්ස වචනං සුත්වා තුට්ඨහදයො “නෙසාදපුත්තො තං වණ්ණෙති, න අඤ්ඤෙන තුම්හාදිසෙන මධුරධම්මකථිකෙන නාම භවිතබ්බ”න්ති වත්වා ආහ –
රජු ඔහුගේ වචනය අසා සතුටු සිතැත්තේ සුදුසු ලෙස ඔබ ඒ වැදිපුත්‍රයා වර්ණනා කෙළේය. නුඹ හා සමාන වෙනත් මිහිරි දහම් කථිකයකු නම් නොවිය යුතුයයි කියා කීවේය.
“ධම්මෙන කිර නෙසාදො, පණ්ඩිතො අණ්ඩජො ඉති; නහෙව අකතත්තස්ස, නයො එතාදිසො සියා.
මෙතෙම පණ්ඩිත වූ පක්ෂියෙකැයි වැද්දා ඇති සැටියෙන් ම කීයේය. හොඳින් පුරුදු පුහුණු නො කළ සිතැත්තකුට මෙවැනි නුවණක් නො පිහිටයි.
“එවං අග්ගපකතිමා, එවං උත්තමසත්තවො; යාවතත්ථි මයා දිට්ඨා, නාඤ්ඤං පස්සාමි එදිසං.
මොහු උතුම් ස්වභාව ඇති පක්ෂියෙකි. උතුම් සත්ත්වයෙකි. මා දැක ඇති පක්ෂීන් අතුරෙන්, මෙතෙක් කල් මෙවැනි පක්ෂියකු දැක නැත.
“තුට්ඨොස්මි වො පකතියා, වාක්යෙන මධුරෙන ච; එසො චාපි මමච්ඡන්දො, චිරං පස්සෙය්ය වො උභො”ති.
ප්‍රිය හංස රාජය! මම පළමුකොට ඔබ දැකීමෙන් ම සතුටට පත්වීමි. දැන් ඔබගේ මිහිරි වචනයෙන් වඩාත් සතුටු වූයෙම්. ඔබ දෙදෙනා මෙහිම වාසය කරවාගෙන බොහෝ කලක් ඇසුරු කිරීමට මම කැමැත්තෙමි.
තත්ථ ධම්මෙනාති සභාවෙන කාරණෙන. අකතත්තස්සාති අසම්පාදිතඅත්තභාවස්ස මිත්තදුබ්භිස්ස. නයොති පඤ්ඤා. අග්ගපකතිමාති අග්ගසභාවො. උත්තමසත්තවොති උත්තමසත්තො. යාවතත්ථීති යාවතා මයා දිට්ඨා නාම අත්ථි. නාඤ්ඤන්ති තස්මිං මයා දිට්ඨට්ඨානෙ අඤ්ඤං එවරූපං න පස්සාමි. තුට්ඨොස්මි වො පකතියාති සම්ම හංසරාජ අහං පකතියා පඨමමෙව තුම්හාකං දස්සනෙන තුට්ඨො. වාක්යෙනාති ඉදානි පන වො මධුරවචනෙන තුට්ඨොස්මි. චිරං පස්සෙය්ය වොති ඉධෙව වසාපෙත්වා මුහුත්තම්පි අවිප්පවාසන්තො චිරං තුම්හෙ පස්සෙය්යන්ති එස මෙ ඡන්දොති වදති.
එහි ධම්මෙන යනු ස්වභාව කාරණයෙන් අකතත්තස්සා යනු පුරුදු පුහුණු නොකළ ආත්ම ස්වභාවය මිත්‍ර ද්‍රෝහියකු සතුය. නයො යනු ප්රඥාවයි. අග්ගපකිතිමා යනු අග්‍ර ස්වභාවයයි. උත්තම සත්තවො යනු උත්තම සත්ත්වයාය. යාවතත්ථි යනු යම්තාක් මා විසින් දක්නා ලද නම් ඇත. නාඤ්ඤං යනු ඔහු කෙරෙහි. මා විසින් දක්නා ලද තැනෙක්හි. අන්‍ය වූ වෙනත් රූපයක් නොදකිමි. තුට්ඨොස්මි වො පකතියා යනු මිත්‍ර හංසරාජය; මම ප්‍රකෘතියෙන් ම පළමුවම ඔබගේ දැකීමෙන් සතුටු වූයෙමි. වාක්යෙනා යනු දැන් තොපගේ මිහිරි වචනයෙන් සතුටුවෙමි. චිරං පස්සෙය්යවො යනු, මෙහිදී ම වසා තබා, මොහොතක් හෝ වෙන්ව වාසය කරන්නේ බොහෝ කලක් නුඹව බලන්නේය. එය මගේ කැමැත්ත මම ප්‍රකාශ කරයි.
තතො මහාසත්තො රාජානං පසංසන්තො ආහ –
ඉක්බිති බෝසත් රජුට ප්‍රශංසා කරමින් කීවේය.
“යං කිච්චං පරමෙ මිත්තෙ, කතමස්මාසු තං තයා; පත්තා නිස්සංසයං ත්යාම්හා, භත්තිරස්මාසු යා තව.
රජතුමනි! උතුම් මිත්‍රයකු විසින්, තවත් මිත්‍රයකු වෙත කටයුතු යමක් වෙත්නම් ඒ සියල්ල අප කෙරෙහි ඔබ විසින් කරන ලදි. අප කෙරෙහි ඔබගේ යම් භක්තියක් වේ නම්, ඒ භක්තියෙන් අපි නිසැකවම ඔබ සමග සහවාසයට පැමිණියෝ වෙමු.
“අදුඤ්ච නූන සුමහා, ඤාතිසඞ්ඝස්ස මන්තරං; අදස්සනෙන අස්මාකං, දුක්ඛං බහූසු පක්ඛිසු.
අප නොදැක්මෙන් බොහෝ හංසයෝ දුකට පත් වෙති. ඒ නෑයන්ගේ දුක් නිවීම පිණිස අපි යා යුත්තෝ වෙමු. එසේ නොවුවහොත් ඤාති සමූහයාගේ දුබල බවක් ඇතිවේ.
“තෙසං සොකවිඝාතාය, තයා අනුමතා මයං; තං පදක්ඛිණතො කත්වා, ඤාතිං පස්සෙමුරින්දම.
මහරජ, ඔවුන්ගේ දුක් තුනී කිරීම පිණිස ඔබ විසින් අනුදන්නා ලද අපි ඔබ ප්රදක්ෂිණා කොට නෑයන් දක්නට යන්නෙමු.
“අද්ධාහං විපුලං පීතිං, භවතං වින්දාමි දස්සනා; එසො චාපි මහා අත්ථො, ඤාතිවිස්සාසනා සියා”ති.
ඔබතුමාගේ දැක්මෙන් ඇසුරෙන් මහත් ප්‍රීතියක් විඳිමු. යම් නෑයන් දැක්මක් වේ නම් එය ද කළයුතු අභිවෘද්ධිදායක දෙයක් ම වේ.
තත්ථ කතමස්මාසූති කතං අම්හෙසු. පත්තා නිස්සංසයං ත්යාම්හාති මයං නිස්සංසයෙන තයා පත්තායෙව. භත්තිරස්මාසු යා තවාති යා තව අම්හෙසු භත්ති, තාය භත්තියා මයං තයා අසංසයෙන පත්තායෙව, න ච විප්පයුත්තා, විප්පවුට්ඨාපි සහවාසිනොයෙව නාම මයන්ති දීපෙති. අදුඤ්ච නූන සුමහාති එතඤ්ච එකංසෙනෙව සුමහන්තං. ඤාතිසඞ්ඝස්ස මන්තරන්ති අම්හෙහි ද්වීහි ජනෙහි විරහිතස්ස මම ඤාතිසඞ්ඝස්ස අන්තරං ඡිද්දං. අස්මාකන්ති අම්හාකං ද්වින්නං අදස්සනෙන බහූසු පක්ඛීසු දුක්ඛං උප්පන්නං. පස්සෙමුරින්දමාති පස්සෙය්යාම අරින්දම. භවතන්ති භොතො දස්සනෙන. එසො චාපි මහා අත්ථොති යා එසා ඤාතිසඞ්ඝසඞ්ඛාතා ඤාතිවිස්සාසනා සියා, එසො චාපි මහන්තො අත්ථොපි.
එහි කතරස්මාසූ යන අප කෙරෙහි කරන ලද. පත්තානිස්සංසයං ත්යම්හා යනු අප නිසැකයෙන්ම ඔබ විසින් ප්‍රාර්ථනා කරන ලද්දේම ය. භත්තිරස්මාසුයාතවා යනු යම්බඳු ඔබට අප කෙරෙහි භක්තියක් ඇද්ද? ඒ භක්තියෙන් අප ද ඔබ කෙරෙහි නිසැකයෙන් බැඳුනෙමු. නොමිදුණෙමු. වෙන් වූයේ නමුත් සමග වාසය කරන්නේම යයි යන හැඟීම බබළවයි. අදූඤ්චනූනසුම්හා යනු, මෙය ද එකහෙළා ම මනාලෙස බැඳීමයි. ඤාති සංඝස්ස මන්තරං යනු අප දෙදෙනාගෙන් වෙන් වූ ඤාති සමූහයා කෙරෙහි බන්ධු සංග්‍රහය කළයුතුය. අස්මාකං යනු අප දෙදෙනාගේ නොදැකීමෙන් බොහෝ පක්ෂීන් අතර දුකක් උපන්නේය. පස්සෙමරින්දමා රජතුමනි, අප නික්මවා පියනු මැනවි. භවතං යනු පින්වතා දැකීමෙන්. එසොචාපි මහා අත්ථො යනු යම් බඳු මේ ඤාති සමූහයා සංඛ්‍යාත ඤාති විශ්වාසයක් වන්නේය. එය ද මහත් වැඩදායක වේ.
එවං වුත්තෙ රාජා තෙසං ගමනං අනුජානි. මහාසත්තොපි රඤ්ඤො පඤ්චවිධෙ දුස්සීල්යෙ ආදීනවං, සීලෙ ච ආනිසංසං කථෙත්වා “ඉමං සීලං රක්ඛ, ධම්මෙන රජ්ජං කාරෙහි, චතූහි සඞ්ගහවත්ථූහි ජනං සඞ්ගණ්හාහී”ති ඔවදිත්වා චිත්තකූටං අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කී කල්හි රජතුමා ඔවුන්ගේ ගමන අනුමත කෙළේය. බෝසත්හු ද රජුගේ පංචවිධ දුශ්ශීලයෙහි ආදීනව ද, ශීලයේ ආනිශංස ද කියා මේ සිල් රකින්න දැහැමින් රාජ්‍යය කරනන. සතර සංග්‍රහ වස්තුවලින් ද ජනතා සංග්‍රහ කරවයි අවවාද දී චිත්‍රකූට පර්වතයට ගියහ. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“ඉදං වත්වා ධතරට්ඨො, හංසරාජා නරාධිපං; උත්තමං ජවමන්වාය, ඤාතිසඞ්ඝං උපාගමුං.
ධෘතරාෂ්ට්‍ර වූ හංසරාජයෝ රජුට මෙසේ කියා මහත් වේගයෙන් නෑ සමූහයා වෙත එළඹියහ.
“තෙ අරොගෙ අනුප්පත්තෙ, දිස්වාන පරමෙ දිජෙ; කෙකාති මකරුං හංසා, පුථුසද්දො අජායථ.
නිරෝගි වූ හංසයන් දෙදෙනා එහි පැමිණියා දැක අනෙක් හංසයෝ කෙකෙ රාවය කරමින් සතුට පළ කළහ. එයින් මහත් ශබ්දයක් හටගති.
“තෙ පතීතා පමුත්තෙන, භත්තුනා භත්තුගාරවා; සමන්තා පරිකිරිංසු, අණ්ඩජා ලද්ධපච්චයා”ති.
මලපුඩුවෙන් මිදී ස්වාමියා පැමිණීම නිසා, තුටු සිත් ඇති හංසයෝ ස්වාමි ගෞරවය ඇතිව පක්ෂීහු පිළිසරණ ලද්දෝ යයි ඔහු හාත්පස පිරිවරා ගත්හ.
තත්ථ උපාගමුන්ති අරුණුග්ගමනවෙලායමෙව ලාජමධුඵාණිතාදීනි පරිභුඤ්ජිත්වා රඤ්ඤා ච දෙවියා ච ද්වීහි සුවණ්ණතාලවණ්ටෙහි උක්ඛිපිත්වා ගන්ධමාලාදීහි කතසක්කාරා තාලවණ්ටෙහි ඔතරිත්වා රාජානං පදක්ඛිණං කත්වා වෙහාසං උප්පතිත්වා රඤ්ඤා අඤ්ජලිං පග්ගය්හ “ගච්ඡථ සාමිනො”ති වුත්තෙ සීහපඤ්ජරෙන නික්ඛන්තා උත්තමෙන ජවෙන ගන්ත්වා ඤාතිගණං උපාගමිංසු. පරමෙති උත්තමෙ. කෙකාති අත්තනො සභාවෙන “කෙකා”ති සද්දමකංසු. භත්තුගාරවාති භත්තරි සගාරවා. පරිකිරිංසූති භත්තුනො මුත්තභාවෙන තුට්ඨා තං භත්තාරං සමන්තා පරිවාරයිංසු. ලද්ධපච්චයාති ලද්ධපතිට්ඨා.
එහි උපාගමුං යනු අරුණ නැගෙන වේලාවේදි ම මීපැණි ආදිය වළඳා රජු ද, දේවිය ද, දෙදෙනා විසින්ම රන්තල්වැට ඔසවා සුවඳ මල් ආදියෙන් කරන ලද සත්කාර ඇත්තේ තල්වැටෙන් බැස රජු ප්රදක්ෂිණා කොට අහසට පැන නැගී රජුට ඇඳිලිබැඳ ස්වාමීනි, යවු යයි කී කල්හි, සිහ කවුළුවෙන් නික්ම, උතුම් වේගයෙන් ගොස් ඤාති සමූහයා වෙත එළඹියහ. පරමෙ යනු උත්තම. කෙකා යනු තමන් සමග හැසිරෙන්නා විසින් කෙකා ශබ්දය නාද කළහ. භත්තු ගාරවා යනු ස්වාමියා කෙරෙහි ගෞරවයයි. පරිකරිංසූ යනු ස්වාමියාගේ මිදීම නිසාවෙන් සතුටු වූයේ ඒ ස්වාමියා හාත්පස පිරිවරා සිටියහ. ලද්ධ පච්චා යනු ලබන ලද පිහිටයි.
එවං පරිවාරෙත්වා පන තෙ හංසා “කථං මුත්තොසි, මහාරාජා”ති පුච්ඡිංසු. මහාසත්තො සුමුඛං නිස්සාය මුත්තභාවං, සාගලරාජලුද්දපුත්තෙහි කතකම්මඤ්ච කථෙසි. තං සුත්වා තුට්ඨො හංසගණො “සුමුඛසෙනාපති ච රාජා ච ලුද්දපුත්තො ච සුඛිතා නිද්දුක්ඛා චිරං ජීවන්තූ”ති ථුතිමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ඔසානගාථමාහ –
මෙසේ පිරිවරාගෙන, “ඒ හංසයෝ කෙසේ මිදුණෝද මහරජ,” යයි විචාළහ. බෝසත් තෙම, සුමුඛ නිසා මිදුණු බව සකුලරාජයා ද වැදි පුත්‍රයා ද විසින් කරන ලද සියල්ල ප්‍රකාශ කළ සේක. ඒ අසා සතුටු වූ හංස ගණයා, සුමුඛ සෙනෙවියා ද, රජු ද, වැදි පුත්‍රයා ද, සුඛිත මුදිතව නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ජීවත් වේවායි! තුති පුද කෙළේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ අවසාන ගාථාව වදාළ සේක.
“එවං මිත්තවතං අත්ථා, සබ්බෙ හොන්ති පදක්ඛිණා; හංසා යථා ධතරට්ඨා, ඤාතිසඞ්ඝං උපාගමු”න්ති.
කල්‍යාණ මිත්‍රයන් ඇති අයගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේය. ධතරට්ඨ නම් හංසයා නැවත නෑ සමූහයා වෙත පැමිණියාහු ද එමෙනියි ශාස්තෲහු වදාළහ.
තත්ථ මිත්තවතන්ති කල්යාණමිත්තසම්පන්නානං. පදක්ඛිණාති සුඛනිප්ඵත්තිනො වුඩ්ඪියුත්තා. ධතරට්ඨාති හංසරාජා සුමුඛො රඤ්ඤා චෙව ලුද්දපුත්තෙන චාති ද්වීහි එවං උභොපි තෙ ධතරට්ඨා කල්යාණමිත්තසම්පන්නා යථා ඤාතිසඞ්ඝං උපාගමුං , ඤාතිසඞ්ඝඋපගමනසඞ්ඛාතො නෙසං අත්ථො පදක්ඛිණො ජාතො, එවං අඤ්ඤෙසම්පි මිත්තවතං අත්ථා පදක්ඛිණා හොන්තීති.
එහි මිත්තවතං යනු කල්‍යාණමිත්‍ර සම්පත්තියයි. පදක්ඛිණා යනු සැපය ප්‍රාර්ථනා කරමින් අභිවෘද්ධියේ නිරත වූවෝ ධතරට්ඨා යනු හංසරාජ ප්රමුඛ වූ සුමුඛ රජු විසින් ද, වැදි පුත්‍රයා විසින් ද යන දෙදෙනා විසින් ම මෙසේ ධතරාෂ්ට්‍ර දෙදෙනා ම කල්‍යාණ මිත්‍ර සම්පත් ඇත්තෝ වෙති. යම්සේ ඤාති සංඝමුපාගමුං ඤාති සමූහයා වෙත එළඹිම සම්බන්ධ, එම අර්ථය ප්රදක්ෂිණා කරති.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න භික්ඛවෙ ඉදානෙව, පුබ්බෙපානන්දො මමත්ථාය ජීවිතං පරිච්චජී”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා නෙසාදො ඡන්නො අහොසි, රාජා සාරිපුත්තො , සුමුඛො ආනන්දො, ඡන්නවුති හංසසහස්සා බුද්ධපරිසා, හංසරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොව පෙර ද, ආනන්ද මා සඳහා ජීවිතය පරිත්‍යාග කළේ යයි පවසා ජාතකය නිම කළ සේක. එකල වැද්දා, ඡන්න විය. රජු ශාරිපුත්රයන්ය. සුමුඛ ආනන්ද නම් විය. අනූදහසක් හංසයෝ, බුද්ධ පිරිස වේ. හංසරාජයා වනාහි මම ම වෙමි.
චූළහංසජාතකවණ්ණනා පඨමා.
චුල්ලහංස ජාතකය නිමි.