2. මහාහංසජාතකවණ්ණනා 534 අට්ඨකථා
2. මහාහංසජාතකවණ්ණනා (534)
2. මහාහංස ජාතකය (534)
එතෙ හංසා පක්කමන්තීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො ආනන්දථෙරස්ස ජීවිතපරිච්චාගමෙව ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා වුත්තසදිසමෙව, ඉධ පන සත්ථා අතීතං ආහරන්තො ඉදමාහරි.
එතෙ හංසා පක්කමන්ති යන මෙය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක්, තෙරුන්ගේ ජීවිත පරිත්‍යාගයට අරභයා වදාළ සේක. කථාවස්තුව (චූලහංස ජාතකයේ) කියන ලද ආකාරමය. මෙහි වනාහි ශාස්තෲන් වහන්සේ අතීතය ගෙනහැර පාමින් මෙය ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං සංයමස්ස නාම බාරාණසිරඤ්ඤො ඛෙමා නාම අග්ගමහෙසී අහොසි. තදා බොධිසත්තො නවුතිහංසසහස්සපරිවුතො චිත්තකූටෙ විහාසි. අථෙකදිවසං ඛෙමා දෙවී පච්චූසසමයෙ සුපිනං අද්දස. සුවණ්ණවණ්ණා හංසා ආගන්ත්වා රාජපල්ලඞ්කෙ නිසීදිත්වා මධුරස්සරෙන ධම්මකථං කථෙසුං. දෙවියා සාධුකාරං දත්වා ධම්මං සුණන්තියා ධම්මස්සවනෙන අතිත්තාය එව රත්ති විභායි. හංසා ධම්මං කථෙත්වා සීහපඤ්ජරෙන නික්ඛමිත්වා අගමංසු. සා වෙගෙනුට්ඨාය “පලායමානෙ හංසෙ ගණ්හථ ගණ්හථා”ති වත්වා හත්ථං පසාරෙන්තීයෙව පබුජ්ඣි. තස්සා කථං සුත්වා පරිචාරිකායො “කුහිං හංසා”ති ථොකං අවහසිංසු. සා තස්මිං ඛණෙ සුපිනභාවං ඤත්වා චින්තෙසි – “අහං අභූතං න පස්සාමි, අද්ධා ඉමස්මිං ලොකෙ සුවණ්ණවණ්ණා හංසා භවිස්සන්ති, සචෙ ඛො පන ‘සුවණ්ණහංසානං ධම්මං සොතුකාමාම්හී’ති රාජානං වක්ඛාමි, ‘අම්හෙහි සුවණ්ණහංසා නාම න දිට්ඨපුබ්බා, හංසානඤ්ච කථා නාම අභූතායෙවා’ති වත්වා නිරුස්සුක්කො භවිස්සති, ‘දොහළො’ති වුත්තෙ පන යෙන කෙනචි උපායෙන පරියෙසිස්සති, එවං මෙ මනොරථො සමිජ්ඣිස්සතී”ති. සා ගිලානාලයං දස්සෙත්වා පරිචාරිකානං සඤ්ඤං දත්වා නිපජ්ජි.
අතීතයේ බරණැස සංයමස්ස නම් බරණැස් රජුගේ ඛේමා නම් අගමෙහෙසියක් වූවාය. එකල බෝධිසත්ත්වයෝ අනූදහසක් හංස සේනාව පිරිවරා චිත්රකූටයෙහි වාසය කළහ. එකල්හි එක දවසක් ඛේමා දේවිය, අළුයම් වේලාවේ සිහිනයක් දුටුවාය. රන්වන් වර්ණ ඇති හංසයෝ පැමිණ රජපලඟේ හිඳ මිහිරි හඬින් ධර්මකථා පැවැත්වූහ. දේවිය සාධුනාද දී දහම් අසන්නී, ධර්මශ්රවණය ඉක්ම යද්දී ම රාත්‍රිය පහ විය. හංසයෝ දහම් කථාව පවසා, සිහකවුළුවෙන් නික්ම ගියහ. ඇය ඉක්මණින් නැගිට, පලායන්නා වූ හංසයන් ගනිවු! ගනිවු! යයි පවසා අත දිගුකරද්දී ම අවදි වූවාය. ඇගේ කථාව අසා, පිරිවර ස්ත්‍රීහු හංසයන් කොහේදැයි ටිකක් විමසිලිවන්ත වූහ. ඇය එකෙණෙහි සිහිනයක් බව දැන, මෙසේ සිතුවාය. මම බොරුවක් නොදකිමි. ඒකාන්තයෙන්ම මේ ලෝකයෙහි ස්වර්ණවර්ණ හංසයෝ වෙති. ඉදින් ස්වර්ණ හංසයන්ගේ ධර්මය අසන්නට කැමති වම්යයි රජුට කියමි. අප විසින් රන්වන් හංසරාජයන් නම් මින් පළමුව නොදුටුවිරූය. හංසයන්ගේ කථා නම් සත්යජනකයමයයි පවසා උත්සාහ රහිත වන්නේ යයි දොළ දුකක් යයි කී කල්හි කවර උපායකින් හෝ සොයන්නේ යයි මෙසේ මගේ මනදොළ ඉටුවන්නේ යයි ඇය ගිලන් බව දන්වා පරිවාරක ස්ත්රීන්ට සංඥාවක් කොට වැද හොත්තාය.
රාජා රාජාසනෙ නිසින්නො තස්සා දස්සනවෙලාය තං අදිස්වා “කහං, ඛෙමා දෙවී”ති පුච්ඡිත්වා “ගිලානා”ති සුත්වා තස්සා සන්තිකං ගන්ත්වා සයනෙකදෙසෙ නිසීදිත්වා පිට්ඨිං පරිමජ්ජන්තො “කිං තෙ අඵාසුක”න්ති පුච්ඡි. “දෙව අඤ්ඤං අඵාසුකං නත්ථි, දොහළො පන මෙ උප්පන්නො”ති. තෙන හි “භණ, දෙවි, යං ඉච්ඡසි, තං සීඝං තෙ උපනාමෙස්සාමී”ති. “මහාරාජ, අහමෙකස්ස සුවණ්ණහංසස්ස සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නස්ස ගන්ධමාලාදීහි පූජං කත්වා සාධුකාරං දදමානා ධම්මකථං සොතුමිච්ඡාමි, සචෙ ලභාමි, ඉච්චෙතං කුසලං, නො චෙ, ජීවිතං මෙ නත්ථී”ති. අථ නං රාජා “සචෙ මනුස්සලොකෙ අත්ථි, ලභිස්සසි , මා චින්තයී”ති අස්සාසෙත්වා සිරිගබ්භතො නික්ඛම්ම අමච්චෙහි සද්ධිං මන්තෙසි – “අම්භො, ඛෙමා දෙවී, ‘සුවණ්ණහංසස්ස ධම්මකථං සොතුං ලභන්තී ජීවිස්සාමි, අලභන්තියා මෙ ජීවිතං නත්ථී’ති වදති, අත්ථි නු ඛො සුවණ්ණවණ්ණා හංසා”ති. “දෙව අම්හෙහි නෙව දිට්ඨපුබ්බා න සුතපුබ්බා”ති. “කෙ පන ජානෙය්යු”න්ති? “බ්රාහ්මණා, දෙවා”ති. රාජා බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා සක්කාරං කත්වා පුච්ඡි – “හොන්ති නු ඛො ආචරියා සුවණ්ණවණ්ණා හංසා”ති? “ආම, මහාරාජ අම්හාකං මන්තෙසුමච්ඡා, කක්කටකා, කච්ඡපා, මිගා, මොරා, හංසාති ඡ එතෙ තිරච්ඡානගතා සුවණ්ණවණ්ණා හොන්තීති ආගතා, තත්ථ ධතරට්ඨකුලහංසා නාම පණ්ඩිතා ඤාණසම්පන්නා, ඉති මනුස්සෙහි සද්ධිං සත්ත සුවණ්ණවණ්ණා හොන්තී”ති.
රජු රාජාසනයේ හුන්නේ, ඇයගේ දකින වේලාවේ ඇය නොදැක ඛේමා දේවිය කොහේදැ’යි විචාරා, ගිලන්ව යයි කී කල්හි, ඇගේ සමීපයට ගොස් යහනාව පෙදෙසේ හිඳ පිට පිරිමදිමිාන් අපහසුවක්දැයි විචාළේය. දේවයන් වහන්ස, වෙනත් අපහසුවක් නැත. දොළදුකක් මට උපන්නේය යනුවෙනි. එම්බා දේවිය, යමක් කැමැතිවෙහිද, ඔබට එය ඉක්මණින් පමුණුවන්නෙමියි යනුවෙනි. මහරජ, මම ඔසවන ලද ශ්වේතඡත්ර ඇති, රජ පලගෙහි උන්නා වූ රන් හංසයකුට සුවඳමල් ආදියෙන් පුදා සාධුකාර දී ධර්ම කථාවක් අසන්නට කැමති වෙමි. ඉදින් ලබමි නම්, මේ කුසලය ලබමි. නොඑසේ නම් මට ජීවිතයක් නැත. ඉක්බිති රජු ඇයට, ඉදින් මිනිස් ලොව තිබෙන්නක් නම් ලබන්නෙහිය. ශෝක නො කරව. නොසිතන්න යයි අස්වසා සිරියහන් ගැබෙන් නික්ම ඇමතියන් සමග කථා කෙළේය. පින්වත් ඛේමා දේවිය; “ස්වර්ණ හංසයාගේ ධර්මකථා ඇසීමට ලැබෙන්නී නම්, ජීවත් වෙමි. එය නොලැබෙන්නී නම් මගේ ජීවිතය නැත” යයි කියයි. රන්වන් හංසයෙක් ඇත්ද? දේවයන් වහන්ස; අප විසින් පෙර නොදක්නා ලද්දේ, නොඇසූවිරූ යයි කීහ. කවරෙක් නම් දන්නෙහුද? දේවයන් වහන්ස; බ්‍රාහ්මණයෝ ය. රජු බමුණන් කැඳවා ආචාර්යවරුනි, රන්වන් හංසයෝ ඇත්ද? මහරජ, එසේය. අපගේ මන්ත්රවල මත්ස්‍යයෝ, කකුළුවෝ, ඉබ්බෝ, මුවෝ, මෝරු, හංසයෝ යන මේ තිරිසන්ගත රන්වන් සත්ත්වයෝ වෙති. එහිදී ධතරාෂ්ට්‍ර කුලයට අයත් හංසයෝ නම්, මහා ප්රාඥයෝය. ඤාණ සම්පන්න වූවෝ මිනිසුන් සමග සමානව රන්වන් වර්ණව සිටිති.
තං සුත්වා රාජා අත්තමනො හුත්වා “කහං නු ඛො ආචරියා ධතරට්ඨහංසා වසන්තී”ති පුච්ඡිත්වා “න ජානාම, මහාරාජා”ති වුත්තෙ “අථ කෙ පන ජානිස්සන්තී”ති වත්වා “ලුද්දපුත්තා”ති වුත්තෙ සබ්බෙ අත්තනො විජිතෙ ලුද්දකෙ සන්නිපාතාපෙත්වා පුච්ඡි – “තාතා, සුවණ්ණවණ්ණා ධතරට්ඨකුලහංසා නාම කහං වසන්තී”ති? අථෙකො ලුද්දො “හිමවන්තෙ කිර, දෙව, චිත්තකූටපබ්බතෙති නො කුලපරම්පරාය කථෙන්තී”ති ආහ. “ජානාසි පන නෙසං ගහණූපාය”න්ති? “න ජානාමි, දෙවා”ති. “කෙ පන ජානිස්සන්තී”ති? බ්රාහ්මණාති. සො බ්රාහ්මණපණ්ඩිතෙ පක්කොසාපෙත්වා චිත්තකූටපබ්බතෙ සුවණ්ණවණ්ණානං හංසානං අත්ථිභාවං ආරොචෙත්වා “ජානාථ නු ඛො තෙසං ගහණූපාය”න්ති පුච්ඡි. “මහාරාජ, කිං තෙහි ගන්ත්වා ගහිතෙහි, උපායෙන තෙ නගරසමීපං ආනෙත්වා ගහෙස්සාමා”ති. “කො පන උපායො”ති? “මහාරාජ, නගරතො අවිදූරෙ උත්තරෙන තිගාවුතමත්තෙ තිගාවුතප්පමාණං ඛෙමං නාම සරං කාරාපෙත්වා උදකස්ස පූරෙත්වා නානාධඤ්ඤානි රොපෙත්වා පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නං කාරාපෙත්වා එකං පණ්ඩිතං නෙසාදං පටිච්ඡාපෙත්වා මනුස්සානං උපගන්තුං අදත්වා චතූසු කණ්ණෙසු ඨිතෙහි අභයං ඝොසාපෙථ, තං සුත්වා නානාසකුණා දස දිසා ඔතරිස්සන්ති, තෙපි හංසා පරම්පරාය තස්ස සරස්ස ඛෙමභාවං සුත්වා ආගච්ඡිස්සන්ති, අථ නෙ වාලපාසෙහි බන්ධාපෙත්වා ගණ්හාපෙය්යාථා”ති.
රජු සතුටට පත්ව, ඇදුරුතුමනි, ධතරාෂ්ට්‍ර හංසයෝ කොහේ නම් වාසය කරත්දැයි විචාරත්වා, මහරජ නොදනිමු යනුවෙනි. එවිට කවුරු දන්නෝද? වැදි පුත්‍රයෝ යයි කී කල්හි සියළු තමන්ගේ රාජධානියේ වැද්දන් රැස්කරවා දරුවනි, ධතරාෂ්ට්‍ර කුල රන්වන් හංසයෝ කොහේ වාසය කරත්දැයි විචාළේය. දේවයන් වහන්ස, කුල පරම්පරා මතවලට අනුව හිමාලයේ චිත්‍රකූට පර්වතයේ වාසය කරන්නේ යයි එවිට එක වැද්දෙක් කීවේය. ඔවුන් අල්ලාගන්නා උපායක් දන්නේද? දේවයන් වහන්ස, නොදනිමි. හෙතෙම බමුණු පණ්ඩිතයන් කැඳවා, චිත්‍රකූට පර්වතයේ රන්වන් හංසයන් ඇති බව දන්වා ඔවුන් අල්ලාගන්නා කවර නම් උපායක් දන්නේදැයි විචාළේය. මහරජ, කිම? ඔවුන් විසින් ගෙන අල්ලා ගන්නා ලද්දෝ උපායකින් නගරය සමීපයට ගෙන එන්නෙමු. කවර නම් උපායක්ද? මහරජතුමනි, නගරයට උතුරින් තුන්ගව්වක් මත්තෙහි තුන්ගව්වක් පමණ, ඛේම නම් විලක් හාරවා, ජලය පුරවා, එහි විවිධ ධාන්‍ය රෝපණය කරවා, පස්පියුමින් යුක්ත කොට, එක් පණ්ඩිත වැද්දකු පිළියෙල කරවා, මිනිසුන්ට සමීපවීමට ඉඩ නොදී කොන් හතරක සිටියවුන් විසින් අභය යයි කියා ඝෝෂා කරව්. විවිධ පක්ෂීහු බසින්නාහ. ඒ හංසයෝ ද. පරම්පරාවෙන් ඒ විලෙහි අභය ඇති බව අසා, පැමිණෙන්නාහ. ඉක්බිති ඔවුන් වැල්පුඩුවලින් බන්දවා අල්ලාගනිවු යනුවෙනි.
තං සුත්වා රාජා තෙහි වුත්තපදෙසෙ වුත්තප්පකාරං සරං කාරාපෙත්වා ඡෙකං නෙසාදං පක්කොසාපෙත්වා තස්ස සහස්සං දාපෙත්වා “ත්වං ඉතො පට්ඨාය අත්තනො කම්මං මා කරි, පුත්තදාරං තෙ අහං පොසෙස්සාමි, ත්වං අප්පමත්තො ඛෙමං සරං රක්ඛන්තො මනුස්සෙ පටික්කමාපෙත්වා චතූසු කණ්ණෙසු අභයං ඝොසාපෙත්වා ආගතාගතෙ සකුණෙ මම ආචික්ඛෙය්යාසි, සුවණ්ණහංසෙසු ආගතෙසු මහන්තං සක්කාරං ලභිස්සසී”ති තමස්සාසෙත්වා ඛෙමං සරං පටිච්ඡාපෙසි. සො තතො පට්ඨාය රඤ්ඤා වුත්තනයෙනෙව තත්ථ පටිපජ්ජි, “ඛෙමං සරං රක්ඛතී”ති චස්ස “ඛෙමනෙසාදො”ත්වෙව නාමං උදපාදි . තතො පට්ඨාය ච නානප්පකාරා සකුණා ඔතරිංසු, “ඛෙමං නිබ්භයං සර”න්ති පරම්පරාඝොසෙන නානාහංසා ආගමිංසු. පඨමං තාව තිණහංසා ආගමිංසු, තෙසං ඝොසෙන පණ්ඩුහංසා, තෙසං ඝොසෙන මනොසිලාවණ්ණා හංසා, තෙසං ඝොසෙන සෙතහංසා, තෙසං ඝොසෙන පාකහංසා ආගමිංසු. තෙසු ආගතෙසු ඛෙමකො රඤ්ඤො ආරොචෙසි – “දෙව, පඤ්චවණ්ණා හංසා ආගන්ත්වා සරෙ ගොචරං ගණ්හන්ති, පාකහංසානං ආගතත්තා ඉදානි කතිපාහෙනෙව සුවණ්ණහංසා ආගමිස්සන්ති, මා චින්තයිත්ථ, දෙවා”ති.
ඒ අසා රජතුමා ඔවුන් විසින් කියන ලද ප්‍රදේශයේ කියන ලද ආකාරයේ විලක් කරවා, දක්ෂ වැද්දකු කැඳවා, ඔහුට දහසක් දී නුඹ මෙතැන් පටන් තමන්ගේ වැඩ නොකරව. ඔබගේ අඹුදරුවන් මම පෝෂණය කරන්නෙමි. නුඹ අප්‍රමාදීව, කේඹ නම් විල රකිමින්, මිනිසුන් වළක්වා සිවු කොන්වල සිට අභය යයි ඝෝෂා කොට ආවා වූ පක්ෂීන් මට කියන්නැයි, රන්වන් හංසයන් පැමිණි කල්හි මහත් සත්කාර ලබන්නේ යයි හේ අස්වසා, ඛේම නම් විල පිහිටුවීය. ඔහු එතැන් පටන්, රජු විසින් කියන ලද ආකාරයෙන් එය පිළිපැද්දේය. ඛේම නම් විල රකින බැවින් ඔහුට ඛේම වැද්දා යයි නමක් ද හටගත්තේය. එතැන් පටන් නොයෙක් ආකාර පක්ෂීහු බැස්සාහ. ඛේම විල නිර්භය විලකැයි පරම්පරාගත ඝෝෂාවෙන් නොයෙක් හංසයෝ පැමිණියහ. පළමුව තෘණ හංසයෝ පැමිණියහ. ඔවුන්ගේ ඝෝෂාවෙන් පණ්ඩු හංසයෝ ද, ඔවුන්ගේ ඝෝෂාවලින් මනෝසිලා හංසයෝ ද ඔවුන්ගේ ඝෝෂාවෙන් සුදු හංසයෝ ද, ඔවුන්ගේ ඝෝෂාවෙන් මේරු හංසයෝද යනුවෙනි. ඔවුන් පැමිණි කල්හි, ඛේම වැද්දා රජුට දැනුම් දුන්නේය. දේවයන් වහන්ස, පස්වර්ණ ඇති හංසයෝ පැමිණ, විලෙහි ගොදුරු ගනිති. මේරු හංසයන්ගේ පැමිණීම නිසා දැන් රන්වන් හංසයෝ කීපදෙනෙක් හෝ පැමිණෙන්නාහ. දේවයන් වහන්ස, නොසිතවු.
තං සුත්වා රාජා “අඤ්ඤෙන තත්ථ න ගන්තබ්බං, යො ගච්ඡිස්සති, හත්ථපාදඡෙදනඤ්ච ඝරවිලොපඤ්ච පාපුණිස්සතී”ති නගර භෙරිං චරාපෙසි. තතො පට්ඨාය තත්ථ කොචි න ගච්ඡති. චිත්තකූටස්ස පනාවිදූරෙ කඤ්චනගුහායංපාකහංසා වසන්ති, තෙපි මහබ්බලා. ධතරට්ඨකුලෙන සද්ධිං තෙසං සරීරවණ්ණොව විසෙසො. පාකහංසරඤ්ඤො පන ධීතා සුවණ්ණවණ්ණා අහොසි. සො තං ධතරට්ඨමහිස්සරස්ස අනුරූපාති තස්ස පාදපරිචාරිකං කත්වා පෙසෙසි. සා තස්ස පියා අහොසි මනාපා, තෙනෙව ච කාරණෙන තානි ද්වෙ හංසකුලානි අඤ්ඤමඤ්ඤං විස්සාසිකානි ජාතානි.
ඒ අසා රජතුමා, අනෙකකු විසින් එහි නොයා යුතුය. යමෙක් යන්නේ ද, අත් පා කැපීම ද, ගෙවල් මංකොල්ලය ද පැමිණෙන්නාහ යයි නගරයෙහි බෙර හඬ නංවාලීය. එතැන් පටන්, එහි කිසිවකු නොයයි. චිත්රකූටයට නුදුරෙහි රන්වන් ගුහාවේ රන්වන් හංසයෝ වාසය කරති. ඔවුහු මහත් බල ඇත්තාහ. ධතරාෂ්ට්‍ර කුලය සමග ඔවුන්ගේ ශරීර වර්ණය ද, විශේෂ වේ. පාක හංස රජුගේ දියණිය රන්වන් වූවාය. ඕ ධතරාෂ්ට්‍ර රජුට ම සුදුසු යයි සැලකූ පාක රජු ඇයව ධතරාෂ්ට්‍ර හංස රජුට පාද පරිචාරිකාව කොට යැවීය. ධතරාෂ්ට්‍ර රජුගේ අනුරූප වේ. ඇය ඔහුගේ පියා විය. ඒ කාරණයෙන්ම ඒ හංස කුල දෙක ප්‍රියමනාප වූවා, ඔවුහු විශ්වාසවන්තව කටයුතු කළහ.
අථෙකදිවසං බොධිසත්තස්ස පරිවාරහංසා පාකහංසෙ පුච්ඡිංසු – “තුම්හෙ ඉමෙසු දිවසෙසු කහං ගොචරං ගණ්හථා”ති? “මයං බාරාණසිතො අවිදූරෙ ඛෙමසරෙ ගොචරං ගණ්හාම, තුම්හෙ පන කුහිං ආහිණ්ඩථා”ති. “අසුකං නාමා”ති වුත්තෙ “කස්මා ඛෙමසරං න ගච්ඡථ, සො හි සරො රමණීයො නානාසකුණසමාකිණ්ණො පඤ්චවණ්ණපදුමසඤ්ඡන්නො නානාධඤ්ඤඵලසම්පන්නො නානප්පකාරභමරගණනිකූජිතො චතූසු කණ්ණෙසු නිච්චං පවත්තඅභයඝොසනො, කොචි නං උපසඞ්කමිතුං සමත්ථො නාම නත්ථි, පගෙව අඤ්ඤං උපද්දවං කාතුං, එවරූපො සො සරො”ති ඛෙමසරං වණ්ණයිංසු. තෙ තෙසං වචනං සුත්වා “බාරාණසියා සමීපෙ කිර එවරූපො ඛෙමො නාම සරො අත්ථි, පාකහංසා තත්ථ ගන්ත්වා ගොචරං ගණ්හන්ති, තුම්හෙපි ධතරට්ඨමහිස්සරස්ස ආරොචෙථ, සචෙ අනුජානාති, මයම්පි තත්ථ ගන්ත්වා ගොචරං ගණ්හෙය්යාමා”ති සුමුඛස්ස කථෙසුං. සුමුඛො රඤ්ඤො ආරොචෙසි. සො චින්තෙසි – “මනුස්සා නාම බහුමායා ඛරමන්තා උපායකුසලා, භවිතබ්බමෙත්ථ කාරණෙන, එත්තකං කාලං එසො සරො නත්ථි, ඉදානි අම්හාකං ගහණත්ථාය කතො භවිස්සතී”ති. සො සුමුඛං ආහ – “මා වො තත්ථ ගමනං රුච්චථ, න සො සරො තෙහි සුධම්මතාය කතො, අම්හාකං ගහණත්ථායෙව කතො, මනුස්සා නාම බහුමායා ඛරමන්තා උපායකුසලා, තුම්හෙ සකෙයෙව ගොචරෙ චරථා”ති .
ඉක්බිති එක දවසක් බෝධිසත්ත්වයාගේ පිරිවර හංසයෝ, පාක හංසයන්ගෙන් තොරතුරු විචාළේය. නුඹලා මේ දිනවල කොහේ ගොදුරු ගනිවුද යනුවෙනි. අපි බරණැසට නුදුරින් ඛේම නම් විලෙහි ගොදුරු ගනිමු. නුඹලා වනාහි කොහේ ඇවිදිහුද? ඒ රමණීය විල නොයකේ පක්ෂි සමූහයා ගැවසීගත් පස්පියුමෙන් සුසැදී, විවිධ ධාන්‍ය ඵල ආදියෙන් ගැවසීගත්, විවිධාකාරාදි බඹරු සමූහයාගේ නාදයෙන් යුතු, සිවු කොන්වල නිතර පවත්නා අභය පිළිබඳ ඝෝෂාව ඇති කිසිවෙකුට සමීපයට එළඹීමට සමර්ථ නම් නැත. මුලදී මෙබඳු වෙනත් උපද්‍රවයක් කිරීමට නොහැකි මෙබඳු ආකාර වූ ඒ විල යනුවෙන් ඛේම විල වර්ණනා කළහ. ඔවුහු ඔවුන්ගේ බස් අසා බරණැසට නුදුරින් මෙබඳු ආකාර ඛේම නම් විලක් ඇත. පාක හංසයෝ එහි ගොස් ගොදුරු ගනිති. නුඹලා ද ධතරාෂ්ට්‍ර රජුට දැනුම් දෙවු. ඉදින් අනු දන්නේ නම් අපි ද එහි ගොස් ගොදුරු ගන්නෙමුයි සුමුඛට කීවාහුය. සුමුඛ රජුට දැන්වීය. ඔහු සිතීය. මිනිස්සු නම් බොහෝ මායා ඇත්තෝය. උපායේ දක්ෂ විය යුතුයයි, මේ ප්‍රදේශයේ මෙපමණ කලක් මෙබඳු විලක් නැත. දැන් අපව අල්ලාගනු පිණිස කරන ලද්දක් වන්නේ යයි ඔහු සුමුඛට කීවේය. ඔබ එහි ගමන කැමැති නොවේවා! ඒ විල ඔවුන් විසින් අපව අල්ලාගනු පිණිස පහසු කිරීම පිණිස කරන ලද්දකි. මිනිස්සු නම් කෲරය. උපායේ දක්ෂය. නුඹලා තමන්ගේම ගොදුරෙහි සැරිසරවු.
සුවණ්ණහංසා “ඛෙමං සරං ගන්තුකාමම්හා”ති දුතියම්පි තතියම්පි සුමුඛස්ස ආරොචෙසුං. සො තෙසං තත්ථ ගන්තුකාමතං මහාසත්තස්ස ආරොචෙසි. අථ මහාසත්තො “මම ඤාතකා මං නිස්සාය මා කිලමන්තු, තෙන හි ගච්ඡාමා”ති නවුතිහංසසහස්සපරිවුතො තත්ථ ගන්ත්වා ගොචරං ගහෙත්වා හංසකීළං කීළිත්වා චිත්තකූටමෙව පච්චාගමි. ඛෙමකො තෙසං ගොචරං චරිත්වා ගතකාලෙ ගන්ත්වා තෙසං ආගතභාවං රඤ්ඤො ආරොචෙසි. රාජා තුට්ඨචිත්තො හුත්වා, “සම්ම ඛෙමක, එකං වා ද්වෙ වා හංසෙ ගණ්හිතුං වායම, මහන්තං තෙ යසං දස්සාමී”ති වත්වා පරිබ්බයං දත්වා තං උය්යොජෙසි. සො තත්ථ ගන්ත්වා චාටිපඤ්ජරෙ නිසීදිත්වා හංසානං චරණට්ඨානං වීමංසි. බොධිසත්තා නාම නිල්ලොලුප්පචාරිනො හොන්ති, තස්මා මහාසත්තො ඔතිණ්ණට්ඨානතො පට්ඨාය සපදානං සාලිං ඛාදන්තො අගමාසි. සෙසා ඉතො චිතො ච ඛාදන්තා විචරිංසු.
රන්වන් හංසයෝ, ඛේම නම් විලට යනු කැමැත්තෝ වෙති. දෙවෙනි, තුන්වෙනි වරද සුමුඛට දැනුම් දුන්හ. ඔහු ඔවුන්ගේ යනු කැමැත්ත බෝසතුන්ට දැන්වීය. ඉක්බිති බෝසත්හු, මගේ නෑදෑයෝ මා නිසා වෙහෙසට පත් නොවේවා! එසේ වීනම් යමු යයි, අනූදහසක් හංසයන් පිරිවරා ගෙන, එහි ගොස් ගොදුරු ගෙන හංස ක්‍රීඩා කොට, චිත්‍රකූට පව්වට ම පෙරළා ගියේය. ඛේමක ඔවුන් හැසිර, යන කාලයේ ගොස්, ඔවුන් පැමිණි බව රජුට දැන්වීය. රජු සතුටු සිතැත්තේ ව, මිත්‍ර ඛේමය; එකෙක් හෝ දෙන්නෙකු අල්ලා ගැනීමට උත්සාහ කරමු. ඔබට මහත් යස සම්පත් දෙන්නෙමියි පවසා, වියදම් දී පිටත් කෙළේය. ඔහු එහි ගොස් වැට කෙළවර කවුළුවේ හිඳ, හංසයන්ගේ හැසිරෙන තැන් විමසීය. බෝධිසත්ත්වයෝ නම්, ආහාර පිළිබඳ ලොල් නොවූ හැසිරීම් ඇත්තෝ වෙති. එහෙයින් මහාසත්ත්වයා බසිනතැන් පටන් පිළිවෙලින් සැල් කමින් ගියේය. සෙස්සෝ ඔබිමොබ හැසිරෙමින් කමින් හැසිරුණහ.
අථ ලුද්දපුත්තො “අයං හංසො නිල්ලොලුප්පචාරී, ඉමං බන්ධිතුං වට්ටතී”ති චින්තෙත්වා පුනදිවසෙ හංසෙසු සරං අනොතිණ්ණෙසුයෙව චාටිපඤ්ජරෙ නිසින්නො තං ඨානං ගන්ත්වා අවිදූරෙ පඤ්ජරෙ අත්තානං පටිච්ඡාදෙත්වා ඡිද්දෙන ඔලොකෙන්තො අච්ඡි. තස්මිං ඛණෙ මහාසත්තො නවුතිහංසසහස්සපුරක්ඛතො හිය්යො ඔතිණ්ණට්ඨානෙයෙව ඔතරිත්වා ඔධියං නිසීදිත්වා සාලිං ඛාදන්තො පායාසි. නෙසාදො පඤ්ජරඡිද්දෙන ඔලොකෙන්තො තස්ස රූපසොභග්ගප්පත්තං අත්තභාවං දිස්වා “අයං හංසො සකටනාභිප්පමාණසරීරො සුවණ්ණවණ්ණො, තීහි රත්තරාජීහි ගීවායං පරික්ඛිත්තො, තිස්සො රාජියො ගලෙන ඔතරිත්වා උරන්තරෙන ගතා, තිස්සො පච්ඡාභාගෙන නිබ්බිජ්ඣිත්වා ගතා, රත්තකම්බලසුත්තසික්කාය ඨපිතකඤ්චනක්ඛන්ධො විය අතිරොචති, ඉමිනා එතෙසං රඤ්ඤා භවිතබ්බං, ඉමමෙව ගණ්හිස්සාමී”ති චින්තෙසි. හංසරාජාපි බහුං ගොචරං චරිත්වා ජලකීළං කීළිත්වා හංසගණපරිවුතො චිත්තකූටමෙව අගමාසි. ඉමිනා නියාමෙනෙව පඤ්ච දිවසෙ ගොචරං ගණ්හි. ඡට්ඨෙ දිවසෙ ඛෙමකො කාළඅස්සවාලමයං දළ්හං මහාරජ්ජුං වට්ටිත්වා යට්ඨියා පාසං කත්වා “ස්වෙ හංසරාජා ඉමස්මිං ඔකාසෙ ඔතරිස්සතී”ති තථතො ඤත්වා අන්තොඋදකෙ යට්ඨිපාසං ඔඩ්ඩි.
ඉක්බිති වැදිපුත්‍රයා මේ හංසයා ලොල්නොවූ හැසිරීම් ඇත්තේ මොහු බැඳීමට වටී යයි, සිතා දෙවන දිනයේ හංසයන් විලට නොබසිද්දීම, වැටිකවුළුවේ හුන්නේ ඒ තැනට ගොස් පඳුර නුදුරේ තමන් සැඟ වී සිදුරෙන් බලමින් සිටියේය. එකෙණෙහි බෝසත් අනූදහසක් හංසයන් පිරිවරා, ඊයේ බසිනලද තැනින් ම බැස, සීමාවේ සිට, කමින් එළඹියේය. වැද්දා පඳුරේ සිදුරකින් බලමින් ඔහුගේ රූපයෙන් අගපැමිණි ආත්මභාවය දැක මේ හංසයා ගැලක් පමණ සිරුර ඇත්තේ, රන්වන්ය. රතුපාට තුන් රේඛාවකින් ග්රීවය වටකොට තිබෙන්නේ, රේඛා තුනක් බෙල්ලෙන් පහළට වැටී, උදරය අතරට ගියේ, පසුපසින් තුන්ආකාර රේඛා නොබිඳී ගියේ, රතුකම්බිලි නූල්වලින් කරවා තබන ලද රන්කඳක් මෙන් බබළයි. මේ කාරණයෙන් ඔවුන්ගේ රජු විය යුතුයයි මොහුවම අල්ලාගන්නෙමියි සිතීය. හංසරාජයා ද, බොහෝ ගොදුරු හැසිර, හංසසේනාව පිරිවරා චිත්රකූටයටම ගියේය. මේ ආකාරයෙන් සය දවසක් ගොදුරු ගත්තේය. සත්වෙනි දිනයේ ඛේමක කලු අශ්ව වල්ගයකින් කරන ලද දැඩි මහා ලණුපොටක් වටකොට, යෂ්ටියෙන් මලපුඩුවක් කරවා, හෙට හංසරාජයා මේ ස්ථානයේ බසින්නේ යයි තතු වශයෙන් දැන දිය යට මලපුඩුව ඇටෙව්වේය.
පුනදිවසෙ හංසරාජා ඔතරන්තො පාදං පාසෙ පවෙසන්තොයෙව ඔතරි. අථස්ස පාසො පාදං අයපට්ටකෙන කඩ්ඪන්තො විය ආබන්ධිත්වා ගණ්හි. සො “ඡින්දිස්සාමි න”න්ති වෙගං ජනෙත්වා කඩ්ඪිත්වා පාතෙසි. පඨමවාරෙ සුවණ්ණවණ්ණං චම්මං ඡිජ්ජි, දුතියවාරෙ කම්බලවණ්ණං මංසං ඡිජ්ජි, තතියවාරෙ න්හාරු ඡිජ්ජි, චතුත්ථවාරෙ පන “පාදා ඡිජ්ජෙය්යුං, රඤ්ඤො පන හීනඞ්ගතා නාම අනනුච්ඡවිකා”ති න වායාමං අකාසි, බලවවෙදනා ච පවත්තිංසු. සො චින්තෙසි – “සචාහං බද්ධරවං රවිස්සාමි, ඤාතකා මෙ ඤත්රස්තා හුත්වා ගොචරං අග්ගහෙත්වා ඡාතජ්ඣත්තාව පලායන්තා දුබ්බලත්තා සමුද්දෙ පතිස්සන්තී”ති. සො වෙදනං අධිවාසෙත්වා පාසවසෙ වත්තෙත්වා සාලිං ඛාදන්තො විය හුත්වා තෙසං යාවදත්ථං චරිත්වා හංසකීළං කීළනකාලෙ මහන්තෙන සද්දෙන බද්ධරවං රවි. තං සුත්වා හංසා මරණභයතජ්ජිතා වග්ගවග්ගා චිත්තකූටාභිමුඛා පුරිමනයෙනෙව පක්කමිංසු.
දෙවෙනි දිනයේ හංසරාජයා බසින්නේ පා, මලපුඩුවෙහි ප්‍රවේශ වන්නේ ම බැස්සේය. ඉක්බිති මලපුඩුව ඔහුගේ පාදය යකඩ පටියකින් වෙලාගත්තාක් මෙන් එකට බැඳී ගත්තේය. ඔහු එය සිඳින්නෙමියි, වේගය උපදවා කඩා තැලීය. පළමුවාරයේ දී රන්වන් සම සිඳුණෝය. දෙවෙනිවර කම්බලවර්ණ මස් සිඳුණේය. තෙවෙනිවර නහර සිඳුණේය. සතරවෙනි වාරයෙහි පාද සිඳී ගියහ. රජවරුන් නම් හීනත්වයට දිවි නසාගැනීමට පැමිණීම නොකළ යුත්තකැයි හේ වෑයම් නොකළේ, බලවත් වේදනා හටගත්හ. ඔහු සිතීය. ඉදින් මම බඳනා ලද හඬ නාද කරන්නෙම් මගේ නෑදෑයෝ තැතිගෙන, ගොදුරු නොගෙන සා පිපාසාවෙන් ම පලා යන්නෝ, මුහුදෙහි වැටෙන්නාහ යයි හෙතෙම බලවත් වේදනාව ඉවසා, මලපුඩුව තම වසඟයෙහි පවත්වාගෙන, සැල් සොයන්නාක් මෙන්, සිට ඔවුන් යම් පමණ හැසිර හංසක්රීඩා කරන වේලාවේ, මහත් හඬින් බඳනා ලද හඩ නංවාලීය. ඒ අසා හංසයෝ පෙර පරිද්දෙන්ම පිටත්ව ගියහ.
සුමුඛොපි හෙට්ඨා වුත්තනයෙනෙව චින්තෙත්වා විචිනිත්වා තීසුපි කොට්ඨාසෙසු මහාසත්තං අදිස්වා “අද්ධා තස්සෙවෙදං භයං උප්පන්න”න්ති නිවත්තිත්වා ආගතො මහාසත්තං පාසෙන බද්ධං ලොහිතමක්ඛිතං දුක්ඛාතුරං පඞ්කපිට්ඨෙ නිපන්නං දිස්වා “මා භායි, මහාරාජ, අහං මම ජීවිතං පරිච්චජිත්වා තුම්හෙ මොචෙස්සාමී”ති වදන්තො ඔතරිත්වා මහාසත්තං අස්සාසෙන්තො පඞ්කපිට්ඨෙ නිසීදි. මහාසත්තො “නවුතිහංසසහස්සෙසු මං ඡඩ්ඩෙත්වා පලායන්තෙසු අයං සුමුඛො එකකොව ආගතො, කිං නු ඛො ලුද්දපුත්තස්ස ආගතකාලෙ මං ඡඩ්ඩෙත්වා පලායිස්සති, උදාහු නො”ති වීමංසනවසෙන ලොහිතමක්ඛිතො පාසයට්ඨියං ඔලම්බන්තොයෙව තිස්සො ගාථා අභාසි –
සුමුඛද යට කියන ලද ආකාරයෙන්ම සිතා, පරීක්ෂා කර කොට්ඨාස තුනකම, බෝසතුන් නොදැක, ඒකාන්තයෙන්ම ඔහුට ඒ භය ඉපදුණේ යයි නැවතී, බිය නොවන්න මහරජ; මම මගේ ජීවිතය පරිත්‍යාගකොට නුඹව මුදා ගන්නෙමියි, කියමින් බැස, බෝසතුන් අස්වසාලන්නේ මඩ මත්තෙහි හුන්නේය. බෝසත්හු, අනූදහසක් හංසයන් අතර මා හැරදමා, පලාගිය කල්හි මොහු හුදකලාව ම ආවේය. කිම, වැදිපුත්‍රයා පැමිණි කල්හි, මා හැරදමා පලායන්නේද නැතහොත් නැද්දැයි, විමසීම් වශයෙන් ලේ වැකුණු ඇස් ඇත්තේ බැඳුණු මළපුඩුව ස්පර්ශ කරමින්ම ගාථා තුනක් කීවේය.
“එතෙ හංසා පක්කමන්ති, වක්කඞ්ගා භයමෙරිතා; හරිත්තච හෙමවණ්ණ, කාමං සුමුඛ පක්කම.
රන්වන් සම ඇති නිසා ස්වර්ණ වර්ණ වූ, සුන්දර මුඛ ඇති සුමුඛ නමින් හඳුන්වන සුමුඛය! බියෙන් තැතිගත් හංසයෝ ඉගිල යති. ඔබ ද යන්න.
“ඔහාය මං ඤාතිගණා, එකං පාසවසං ගතං; අනපෙක්ඛමානා ගච්ඡන්ති, කිං එකො අවහීයසි.
මල පුඩුවෙහි හසු වී තනි වූ මා හැරදමා ඤාතීහු බලාපොරොත්තු රහිතව යති. තනි වූ ඔබ කුමක් හෙයින් නො යන්නෙහි ද?
“පතෙව පතතං සෙට්ඨ, නත්ථි බද්ධෙ සහායතා; මා අනීඝාය හාපෙසි, කාමං සුමුඛ පක්කමා”ති.
ශ්‍රේෂ්ඨ පක්ෂිය, මල බැඳුණු මා කෙරෙහි යහළු බවක් නො දක්වව. ඔබ නිදුක් බැවින් නො මිදෙව. සුමුඛය, වහා මෙතැනින් යන්න.
තත්ථ භයමෙරිතාති භයෙන එරිතා භයට්ටිතා භයචලිතා. තතියපදෙ “හරී”තිපි “හෙම”න්තිපි සුවණ්ණස්සෙව නාමං. සො ච හරිත්තචතාය හෙමවණ්ණො, තෙන තං එවං ආලපති. සුමුඛාති සුන්දරමුඛ. අනපෙක්ඛමානාති තව ඤාතකා මං අනොලොකෙන්තා නිරාලයා හුත්වා. පතෙවාති උප්පතාහියෙව. මා අනීඝායාති ඉතො ගන්ත්වා පත්තබ්බාය නිදුක්ඛභාවාය වීරියං මා හාපෙසි.
එහි භයමෙතා යනු, බියෙන් මඩනා ලද්දේ, බියෙහි ඇලුනේ, බියට පත්වූයේ තෙවෙනි පදයෙහි හරිතවර්ණ වෙයි. රන්වන් පාට වෙයි. රන්වන් පාට වූයේ ම නිසා, හෙතෙම හේම වර්ණ ඇති බැවින් ඔහුට ඒ ආමන්ත්‍රණය යෙදෙයි. සුමුඛා යනු සුන්දර මුවක් ඇති අනපෙක්ඛමානා යනු ඔබ ගේ ඤාතීහු නොබලන්නේ, ආලය නැතිව සිට, පතෙවා යනු ඉපදීමය. මා අනීඝායා යනු මෙතනින් ගොස් පැමිණියා වූ නිදුක් නීරෝගි බව ඇත්තේ, වීර්යය පීඩාවට පත් නොකෙළේය.
තං සුත්වා සුමුඛො “අයං හංසරාජා මම පියමිත්තභාවං න ජානාති, අනුප්පියභාණී මිත්තොති මං සල්ලක්ඛෙති, සිනෙහභාවමස්ස දස්සෙස්සාමී”ති චින්තෙත්වා චතස්සො ගාථා අභාසි –
ඒ අසා සුමුඛ මේ හංසරාජයා මගේ ස්වභාවය නොදනියි. අනුප්‍රියභාණී මිතුරකු ලෙස මා සලකයි. ඔහුට සෙනෙහස පිරිනමන්නෙමියි, ගාථා සතරක් කීවේ ය.
“නාහං දුක්ඛපරෙතොපි, ධතරට්ඨ තුවං ජහෙ; ජීවිතං මරණං වා මෙ, තයා සද්ධිං භවිස්සති.
ධතරට්ඨය; දුකට පත්වූයේ යනුවෙන් සිතා මම ඔබව හැරදා නොයමි. ජීවිතය ද මරණය ද ඔබ සමග ම වන්නේ ය.
“නාහං දුක්ඛපරෙතොපි, ධතරට්ඨ තුවං ජහෙ; න මං අනරියසංයුත්තෙ, කම්මෙ යොජෙතුමරහසි.
ධතරට්ඨය, දුකට පත්වූයේ යනු සිතා මම ඔබව හැර නොයමි. අනාර්යයන් ගේ කාර්යයෙහි මා නොයොදනු මැනවි.
“සකුමාරො සඛාත්යස්මි, සචිත්තෙ චස්මි තෙ ඨිතො; ඤාතො සෙනාපතී ත්යාහං, හංසානං පවරුත්තම.
මම ඔබ හා සමානව, උපන් බැවින් සමාන කුමාර වෙමි. එක්ව වැඩුණු බැවින් යහළුවා ද වෙමි. ඔබ සිතැඟි පරිදි හැසිරෙන සෙන්පති ද වන්නෙමි.
“කථං අහං විකත්තිස්සං, ඤාතිමජ්ඣෙ ඉතො ගතො; තං හිත්වා පතතං සෙට්ඨ, කිං තෙ වක්ඛාමිතො ගතො; ඉධ පාණං චජිස්සාමි, නානරියං කත්තුමුස්සහෙ”ති.
මෙතනින් බේරී මම ගිහින් ඤාතීන් මැද මොනවා කියන්න ද? ඔබ හැර ගියා වූ මගෙන් ඤාතීහු විමසන්නාහ. ඔවුන්ට කුමක් කියන්නෙම් ද?
තත්ථ නාහන්ති අහං, මහාරාජ, කායිකචෙතසිකෙන දුක්ඛෙන ඵුට්ඨොපි තං න ජහාමි. අනරියසංයුත්තෙති මිත්තදුබ්භීහි අහිරිකෙහි කත්තබ්බතාය අනරියභාවෙන සංයුත්තෙ. කම්මෙති තං ජහිත්වා පක්කමනකම්මෙ. සකුමාරොති සමානකුමාරො, එකදිවසෙනෙව පටිසන්ධිං ගහෙත්වා එකදිවසෙ අණ්ඩකොසං පදාලෙත්වා එකතො වඩ්ඪිතකුමාරොති අත්ථො. සඛාත්යස්මීති අහං තෙ දක්ඛිණක්ඛිසමො පියසහායො. සචිත්තෙති තව සකෙ චිත්තෙ අහං ඨිතො තව වසෙ වත්තාමි, තයි ජීවන්තෙ ජීවාමි, න ජීවන්තෙ න ජීවාමීති අත්ථො. “සංචිත්තෙ”තිපි පාඨො, තව චිත්තෙ අහං සණ්ඨිතො සුට්ඨු ඨිතොති අත්ථො. ඤාතොති සබ්බහංසානං අන්තරෙ පඤ්ඤාතො. විකත්තිස්සන්ති “කුහිං හංසරාජා”ති පුච්ඡිතො අහං කින්ති කථෙස්සාමි. කිං තෙ වක්ඛාමීති තෙ තව පවත්තිං පුච්ඡන්තෙ හංසගණෙ කිං වක්ඛාමි.
එහි නාහං යනු මහරජ, මම කායික-මානසික දුකෙන් ගැටෙමි. එය අත්නොහරිමි. අනරියසංයුත්තෙ යනු මිත්‍රද්‍රෝහී වූවාහු ලජ්ජා නැති බැවින් කළයුතු නිසා අනාර්ය භාවයෙන් යුක්ත වේ. කම්මෙ යනු එය අතහැර ඉවත්ව යන්නෙමි. සකුමාරො යනු එක දිනයෙක්හි පිළිසිඳගෙන එක දවසක අණ්ඩකෝෂය පලාගෙන එකට වැඩුණු කුමාරයා යන අර්ථයයි. සඛාත්යාස්මි යනු ඔබට පිදිය යුතු දේ පුදකරන ප්‍රිය සහායකයාය. සචිත්තෙ යනු ඔබ සතුව සිතෙහි මම සිටියේ ඔබගේ වසඟයෙහි පවතියි. ඔබ ජීවත්වන කල්හි ජීවත්වෙමි යන අර්ථයයි. සඤ්චිත්තෙ යනු පෙළ පාඨයයි. ඔබගේ සිතේ මම සිටියේ මැනවින් පිහිටියේ යන අර්ථයයි. ඤාතො යනු සියළු හංසයන් අතරෙහි යන හැඟීමෙනි. විකත්ථිස්සං යනු හංසරාජයා කොහේදැයි විචාරන ලද්දේ, මම කුමක්දැයි කියන්නෙමි. කිං තෙ වක්ඛාමි යනු ඔබගේ පුවත විචාරන්නේ හංස සමූහයාට කුමක් කියම් ද?
එවං සුමුඛෙන චතූහි ගාථාහි සීහනාදෙ නදිතෙ තස්ස ගුණං පකාසෙන්තො මහාසත්තො ආහ –
මෙසේ සුමුඛ විසින් ගාථා සතරකින් සිංහනාද පවත්නා කල්හි, ඔහුගේ ගුණය ප්‍රකාශ කරමින් බෝධිසත්ත්වයෝ මෙසේ වදාළ සේක.
“එසො හි ධම්මො සුමුඛ, යං ත්වං අරියපථෙ ඨිතො; යො භත්තාරං සඛාරං මං, න පරිච්චත්තුමුස්සහෙ.
සුමුඛය! ස්වාමි වූ ද යහළු වූ ද ඔබ මා හැර යන්නට උත්සාහ නො කරන්නේ ද, ඒ තෙපි ආර්ය මාර්ගයෙහි පිහිටියාහු ය. මෙය පුරාතන සද්ධර්ම වන්නේ ය.
“තඤ්හි මෙ පෙක්ඛමානස්ස, භයං න ත්වෙව ජායති; අධිගච්ඡසි ත්වං මය්හං, එවංභූතස්ස ජීවිත”න්ති.
නුඹ සමීපයේ ඇති මට බියක් නො දැනේ. මෙසේ වූ මගේ ජීවිතය ඔබ ලබා දුන්නාක් වැනිය.
තත්ථ එසො ධම්මොති එස පොරාණකපණ්ඩිතානං සභාවො. භත්තාරං සඛාරං මන්ති සාමිකඤ්ච සහායඤ්ච මං. භයන්ති චිත්තුත්රාසො මය්හං න ජායති, චිත්තකූටපබ්බතෙ හංසගණමජ්ඣෙ ඨිතො විය හොමි. මය්හන්ති මම ජීවිතං ත්වං ලභාපෙස්සසි.
එහි ධම්මො යනු මේ පෞරාණික වියතුන්ගේ සභාවයි. භත්තාරං සඛාරං යනු ස්වාමියා ද සහායකයා ද සමාන බවයි. භයං යනු සිතේ කැළඹීමක් මට නොහට ගනී. චිත්‍රකූට පර්වතයේ හංසසේනාව මැද සිටියේ මෙන් වෙමි. මය්හං යනු මගේ ජීවිතය මට ලබා දුන්නෙහිය.
එවං තෙසං කථෙන්තානඤ්ඤෙව ලුද්දපුත්තො සරපරියන්තෙ ඨිතො හංසෙ තීහි ඛන්ධෙහි පලායන්තෙ දිස්වා “කිං නු ඛො”ති පාසට්ඨානං ඔලොකෙන්තො බොධිසත්තං පාසයට්ඨියං ඔලම්බන්තං දිස්වා සඤ්ජාතසොමනස්සො කච්ඡං දළ්හං බන්ධිත්වා මුග්ගරං ගහෙත්වා කප්පුට්ඨානග්ගි විය අවත්ථරමානො පණ්හියා අක්කන්තකලලෙ උපරිසීසෙන ගන්ත්වා පුරතො පතන්තෙ වෙගෙන උපසඞ්කමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඔවුන් කථා කරද්දී වැදිපුත්‍රයා විල්තෙර කෙළවර සිටියේ ය. හංසයන් කාණ්ඩ තුනක් වශයෙන් පලායන කල්හි දැක කිම මලපුඩුව දෙස බලන්නේ, බෝසත්තෙම මළපුඩුවේ ඇලී එල්බී සිටිනවා දැක, හටගත් සොම්නස් ඇත්තේ, කැසපටෙන් බැඳ මුගුරක් ගෙන, කල්පාන්ත වහ්නියක් සේ සිටින්නේ පාදයෙන් මඩනා ලද මඩ පාගමින් වේගයෙන් හංසයන් වෙත එළඹුනේය. ඒ අර්ථය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“ඉච්චෙවං මන්තයන්තානං, අරියානං අරියවුත්තිනං; දණ්ඩමාදාය නෙසාදො, ආපතී තුරිතො භුසං.
මෙසේ වැතිරී සිටින්නා වූ ආර්ය පැවතුම් ඇති ආර්ය වූ හංසයන් කථා කරමින් සිටිද්දී ම වැද්දා මුගුරක් රැගෙන පැමිණියේය.
“තමාපතන්තං දිස්වාන, සුමුඛො අතිබ්රූහයි; අට්ඨාසි පුරතො රඤ්ඤො, හංසො විස්සාසයං බ්යථං.
එන්නා වූ වැද්දා දැක සුමුඛ තෙම, ‘බිය නොවෙව’ යි මහ හඬින් කීය. බියපත් වූ හංස රජුට විශ්වාසය ඇති කරවමින් සුමුඛ හංස රජු ඉදිරියට වී සිටියේය.
“මා භායි පතතං සෙට්ඨ, න හි භායන්ති තාදිසා; අහං යොගං පයුඤ්ජිස්සං, යුත්තං ධම්මූපසඤ්හිතං; තෙන පරියාපදානෙන, ඛිප්පං පාසා පමොක්ඛසී”ති.
ශ්‍රේෂ්ඨය, බිය නොවන්න. එබඳු වූ බියක් නොමැත. තොප වැන්නෝ බිය නොවෙත්. මම වීර්යවන්ත වූයෙමි. ධර්මානුකූල පැවැතුම් ඇති උත්සාහයක් කරන්නෙමි. ඒ පිරිසිදු ක්‍රියා කරණකොටගෙන වහා මලපුඩුව මුදවා හරින්නෙහි, මල පුඩුවෙන් මිදෙන්නෙමු.
තත්ථ අරියවුත්තිනන්ති අරියාචාරෙ වත්තමානානං. භුසන්ති දළ්හං බලවං. අතිබ්රූහයීති අනන්තරගාථාය ආගතං “මා භායී”ති වචනං වදන්තො අතිබ්රූහෙසි මහාසද්දං නිච්ඡාරෙසි. අට්ඨාසීති සචෙ නෙසාදො රාජානං පහරිස්සති, අහං පහාරං සම්පටිච්ඡිස්සාමීති ජීවිතං පරිච්චජිත්වා පුරතො අට්ඨාසි. විස්සාසයන්ති විස්සාසෙන්තො අස්සාසෙන්තො. බ්යථන්ති බ්යථිතං භීතං රාජානං “මා භායී”ති ඉමිනා වචනෙන විස්සාසෙන්තො. තාදිසාති තුම්හාදිසා ඤාණවීරියසම්පන්නා. යොගන්ති ඤාණවීරියයොගං. යුත්තන්ති අනුච්ඡවිකං. ධම්මූපසඤ්හිතන්ති කාරණනිස්සිතං. තෙන පරියාපදානෙනාති තෙන මයා පයුත්තෙන යොගෙන පරිසුද්ධෙන. පමොක්ඛසීති මුච්චිස්සසි.
එහි අරියවුත්තිනං යනු ආර්ය පැවැතුම් වල නිරතවීමය. භුසං යනු දැඩිසේ, බලවත්ව. අපරිබ්රෑහයී යනු අනතුරු ගාථාවේ සඳහන් බිය නොවෙව යන වචන කියමින් ගැඹුරු හඬින් මහා ශබ්දයක් නිකුත් කෙළේය. අට්ඨාසී යනු ඉදින් වැදිපුත්‍රයා රජුට පහර දෙන්නේ ද, මම පහර වළක්වන්නෙමියි ජීවිතය අතහැර පුරෝගාමීව සිටියේය. විස්සාසයං යනු විශ්වාසය පළ කරන්නේ. ව්යථං යනු ව්‍යර්ථ කිරීමයි. රජුගේ බිය, බිය නොවවයි මේ ආදි වචනයෙන් විශ්වාසය පළකිරීමය. තාදිසා යනු නුඹ හා සමාන ඤාණ වීර්ය දෙකෙන් යුක්ත වූ. යෝගං යනු වීර්ය යෝගයයි. යුත්තං යනු සුදුසුය. ධම්මූපසංහිතං යනු කරුණු ඇසුරුකොට ඇති තෙනපරියා පදානෙන යනු ඒ මා විසින් යොදන ලද පිරිසිදු වූ අදහසින් පමොක්ඛසි යනු මුදවන්නෙහි යනුවෙනි.
එවං සුමුඛො මහාසත්තං අස්සාසෙත්වා ලුද්දපුත්තස්ස සන්තිකං ගන්ත්වා මධුරං මානුසිං වාචං නිච්ඡාරෙන්තො, “සම්ම, ත්වං කොනාමොසී”ති පුච්ඡිත්වා “සුවණ්ණවණ්ණහංසරාජ, අහං ඛෙමකො නාමා”ති වුත්තෙ, “සම්ම ඛෙමක, ‘තයා ඔඩ්ඩිතවාලපාසෙ යො වා සො වා හංසො බද්ධො’ති සඤ්ඤං මා කරි, නවුතියා හංසසහස්සානං පවරො ධතරට්ඨහංසරාජා තෙ පාසෙ බද්ධො, ඤාණසීලාචාරසම්පන්නො සඞ්ගාහකපක්ඛෙ ඨිතො, න තං මාරෙතුං යුත්තො, අහං තව ඉමිනා කත්තබ්බකිච්චං කරිස්සාමි, අයම්පි සුවණ්ණවණ්ණො, අහම්පි තථෙව, අහං එතස්සත්ථාය අත්තනො ජීවිතං පරිච්චජිස්සාමි, සචෙ ත්වං එතස්ස පත්තානි ගණ්හිතුකාමොසි, මම පත්තානි ගණ්හ, අථොපි චම්මමංසන්හාරුඅට්ඨීනමඤ්ඤතරං ගණ්හිතුකාමොසි, මමෙව සරීරතො ගණ්හ, අථ නං කීළාහංසං කාතුකාමොසි, මඤ්ඤෙව කර, ජීවන්තමෙව වික්කිණිත්වා සචෙ ධනං උප්පාදෙතුකාමොසි, මං ජීවන්තමෙව වික්කිණිත්වා ධනං උප්පාදෙහි, මා එතං ඤාණාදිගුණසංයුත්තං හංසරාජානං අවධි, සචෙ හි නං වධිස්සසි, නිරයාදීහි න මුච්චිස්සසී”ති තං නිරයාදිභයෙන සන්තජ්ජෙත්වා අත්තනො මධුරකථං ගණ්හාපෙත්වා පුන බොධිසත්තස්ස සන්තිකං ගන්ත්වා තං අස්සාසෙන්තො අට්ඨාසි. නෙසාදො තස්ස කථං සුත්වා “අයං තිරච්ඡානගතො සමානො මනුස්සෙහිපි කාතුං අසක්කුණෙය්යං එවරූපං මිත්තධම්මං කරොති, මනුස්සාපි එවං මිත්තධම්මෙ ඨාතුං න සක්කොන්ති, අහො එස ඤාණසම්පන්නො මධුරකථො ධම්මිකො”ති සකලසරීරං පීතිසොමනස්සපරිපුණ්ණං කත්වා පහට්ඨලොමො දණ්ඩං ඡඩ්ඩෙත්වා සිරසි අඤ්ජලිං පතිට්ඨපෙත්වා සූරියං නමස්සන්තො විය සුමුඛස්ස ගුණං කිත්තෙන්තො අට්ඨාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ සුමුඛ බෝසතුන් අස්වසා වැදිපුත්‍රයා සමීපයට ගොස්, මිහිරි මානුෂික වදන් පිට කරන්නේ, මිත්‍රය, ඔබ කවරෙක් නම් වේදැයි විචාරා, ස්වර්ණවර්ණ හංසරාජය, මම ඛේමක නම් වෙමියි කී කල්හි, මිත්‍ර ඛේමකය, ඔබ විසින් අටවන ලද වැල් මලපුඩුවේ යම්කිසි හංසයකු බැඳුනේ යන සංඥාවක් කෙළේය. අනූදහසක් හංසයන්ට උතුම් වූ, ධතරාෂ්ට්‍ර හංසරාජයා ඒ මලපුඩුවේ බැඳුණේ, ඤාණවන්ත, ශීලාචාර ගුණ සම්පන්න කටයුතු කරන පක්ෂියකු වන මෙතෙම මැරීමට නුසුදුසුය. මම ඔබට මේ කළයුතු දෑ ක්‍රියා කරන්නෙමි. මම වනාහි ඔහුගේ වැඩ පිණිස තමාගේ ජීවිතය පරිත්‍යාග කරමි. ඉදින් නුඹ ඔහුගේ පියාපත් ගනු කැමැත්තේ නම් මගේ පියාපත් මගේ ශරීරයෙන් ගන්න. තවද, සම්මත් නහර ඇට ආදි වෙනත් දෙයක් ගනු කැමැත්තේ නම් මගේ ම ශරීරයෙන් ගන්න. තවද ඔහුව ක්‍රීඩා හංසයකු කරනු කැමැත්තේ නම් ජීවත්වීමට විකුණා ධනය උපදවා ගනු කැමැත්තේ නම්, මා විකුණා උපදවා ගන්න. මේ නුවණ ආදී ගුණයෙන් යුක්ත වූවහුට හිංසා පීඩා නොකරන්න. නිරය ආදියෙන් නොමිදුණාහි නිරය බියෙන් සැනසීමට පත්ව, තමන්ගේ මිහිරි කථාව ගෙන්වා ගෙන, යළිත් බෝසතුන්ගේ සමීපයට ගොස් අස්වසමින් සිටියේ ය. වැද්දා, ඔහුගේ කථාව අසා මෙතුමා තිරිසන්ගත සතෙකු වුවද මිනිසකුට සමානය. මිනිසුන් විසින් කිරීමට නොහැකි දෙයක් කරයි. මිනිසුන් පවා මෙබඳු මිතුරුදම් කිරීමට නොහැකි වෙත්. අහෝ මෙතෙම ඤාණසම්පන්න මිහිරි බස් තෙපළන ධාර්මිකයකැයි මුළු ශරීරයම ප්‍රීතියෙන් හා සතුටින් පිරුණේ, ලොම් ප්‍රහර්ෂණය වූයේ, මුගුර අතහැර දමා හිසෙහි ඇඳිලි බැඳ හිරු නමදින්නාක් මෙන් සුමුඛගේ ගුණය වර්ණනා කරමින් සිටියේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.
“තස්ස තං වචනං සුත්වා, සුමුඛස්ස සුභාසිතං; පහට්ඨලොමො නෙසාදො, අඤ්ජලිස්ස පණාමයි.
ඒ සුමුඛගේ ඒ සුභාෂිත බස් අසා රොමෝද්ගමනය වූ වැද්දා ඔහුට ඇඳිලි බැඳ ප්‍රණාමය පුද කෙළේය.
“න මෙ සුතං වා දිට්ඨං වා, භාසන්තො මානුසිං දිජො; අරියං බ්රුවානො වක්කඞ්ගො, චජන්තො මානුසිං ගිරං.
මිනිස් ගුණ ඇති මිනිස් හඬින් කථා කරන පක්ෂියකු මින් පෙර මා දැක නැත. මා අසා නැත.
“කිං නු තායං දිජො හොති, මුත්තො බද්ධං උපාසසි; ඔහාය සකුණා යන්ති, කිං එකො අවහීයසී”ති.
පාසයෙන් නො බැඳුනු ඔබ බැඳුණු මොහු සමීපයෙහි ඉන්නේ ය. ඒ ඇයි? ඔබට මේ පක්ෂියා කවරෙක් වෙයිද? අනෙක් පක්ෂීහු මොහු හැර ගොස් ය. ඔබ පමණක් කුමක් නිසා නො යන්නෙහි ද?
තත්ථ අඤ්ජලිස්ස පණාමයීති අඤ්ජලිං අස්ස උපනාමයි, “න මෙ”ති ගාථායස්ස ථුතිං කරොති. තත්ථ මානුසින්ති මනුස්සවාචං. අරියන්ති සුන්දරං නිද්දොසං. චජන්තොති විස්සජ්ජෙන්තො. ඉදං වුත්තං හොති – සම්ම, ත්වං දිජො සමානො අජ්ජ මයා සද්ධිං මානුසිං වාචං භාසන්තො නිද්දොසං බ්රුවානො මානුසිං ගිරං චජන්තො පච්චක්ඛතො දිට්ඨො, ඉතො පුබ්බෙ පන ඉදං අච්ඡරියං මයා නෙව සුතං න දිට්ඨන්ති. කිං නු තායන්ති යං එතං ත්වං උපාසසි, කිං නු තෙ අයං හොති.
එහි අඤ්ජලිස්සා යනු ඔහුට ඇඳිලි බැඳ නමෙ යන ගාථාවෙන් තුති පුද කරයි. එහි මානුසිං යනු මිනිස් වචන කීමයි. අරියං යනු සුන්දර වූ දෝෂ රහිත වජන්තො යනු පිටත් කරන්නේ මෙය මෙසේ කියන ලද්දේ වෙයි. මිත්‍රය, නුඹ පක්ෂියෙකු හා සමානය. අද මා විසින් මිනිස් බස් තෙපළන දොස් රහිත වචන කියන, මිනිස් වචන කියන මෙබඳු ආශ්චර්යයක් මීට පෙර මා විසින් නොදක්නා ලදි. නොඅසන ලදි. කිංනුතාය යනු කිම මේ නුඹ එළඹෙහි ද? ඔබට මේ කුමක්වේද?
එවං තුට්ඨචිත්තෙන නෙසාදෙන පුට්ඨො සුමුඛො “අයං මුදුකො ජාතො, ඉදානිස්ස භිය්යොසොමත්තාය මුදුභාවත්ථං මම ගුණං දස්සෙසාමී”ති චින්තෙත්වා ආහ –
මෙසේ සතුටු සිතැත්තා වූ වැද්දා විසින් විචාරණ ලද්දේ මෙතෙමේ මෘදුවූ සිත් ඇත්තෙකි. දැන් ඔහුට බොහෝසෙයින් සොම්නසට හා මෘදුබවට පැමිණියේ මගේ ගුණය දක්වන්නෙමි, සිතා කිවේ ය.
“රාජා මෙ සො දිජාමිත්ත, සෙනාපච්චස්ස කාරයිං; තමාපදෙ පරිච්චතුං, නුස්සහෙ විහගාධිපං.
පක්ෂීන් ගේ සතුරෙකු වූ වැද්දාණනි! මෙතෙම මගේ රජය. මම ඔහුගේ සේනාපති පදවිය දරමි. ඒ පක්ෂියා විපතට පත් වේලේ තනිකර මා ගැළවී යන්නට මම උත්සාහ නො කරමි.
“මහාගණාය භත්තා මෙ, මා එකො බ්යසනං අගා; තථා තං සම්ම නෙසාද, භත්තායං අභිතො රමෙ”ති.
මහා හංස සමූහයා ගේ ද මාගේ ද ස්වාමී වූ මෙතෙම තනිව විපතට පත් නොවේවා! යහළු වැදි පුත්‍රය, එය එසේ ම ය. මොහු මගේ ස්වාමියා වේ. මොහු සමීපයේ ම සිත් අලවා මම වෙසෙමි.
තත්ථ නුස්සහෙති න සමත්ථොම්හි. මහාගණායාති මහතො හංසගණස්ස. මා එකොති මාදිසෙ සෙවකෙ විජ්ජමානෙ මා එකකො බ්යසනං අගා. තථා තන්ති යථා අහං වදාමි, තථෙව තං. සම්මාති වයස්ස. භත්තායං අභිතො රමෙති භත්තා අයං මම, අහමස්ස අභිතො රමෙ සන්තිකෙ රමාමි න උක්කණ්ඨාමීති.
එහි නුස්සහෙ යනු සමර්ථ නොවෙමි. මහා ගණායා යනු මහත් හංස සේනාවෙන් යුක්ත. මා එකො යනු මා හා සමාන සේවකයකු විද්‍යමාන වන කල්හි හුදකලා වූවකුට විපතක් නො කළේය. තථාතං යනු යම්සේ මම කියම් ද එසේ ඔහුට. සම්මා යනු මිත්‍රයා. භත්තායං අභිතො රමෙ යනු බැතිමත් වූයේ මේ මගේ, මම අතිශය සතුටු වූයේ ඔහුගේ සමීපයේ ඇලෙමි. නො කළකිරෙමි යනුයි.
නෙසාදො තං තස්ස ධම්මනිස්සිතං මධුරකථං සුත්වා සොමනස්සප්පත්තො පහට්ඨලොමො “සචාහං එතං සීලාදිගුණසංයුත්තං හංසරාජානං වධිස්සාමි, චතූහි අපායෙහි න මුච්චිස්සාමි, රාජා මං යදිච්ඡති, තං කරොතු, අහමෙතං සුමුඛස්ස දායං කත්වා විස්සජ්ජෙස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
වැද්දා, ඔහුගේ ඒ ධර්මාශ්රිත මිහිරි කථාව අසා සොම්නසට පැමිණියේ, සතුටුවූ ලොම් ඇත්තේ ඉදින් මම මේ ශීලාදි ගුණසම්පන්න හංසරාජයාට පහරදෙන්නේ නම්, සතර අපාවලින් නොමිදෙන්නෙමි. රජ මගෙන් යමක් කැමැති වේද? එය කරාවා! මම මේ සුඛුමට දායාද කොට විසඳන්නෙමියි සිතා ගාථාවක් කීවේය.
“අරියවත්තසි වක්කඞ්ග, යො පිණ්ඩමපචායසි; චජාමි තෙ තං භත්තාරං, ගච්ඡථූභො යථාසුඛ”න්ති.
ස්වාමියාගෙන් ලත් පිණ්ඩාහාරයට පිදීම ආර්යයන්ගේ පැවැත්මකි. ඒ ආර්යයන්ගේ පැවැත්මෙන් යුතු නුඹ සහ නුඹ ගේ ස්වාමියා මම මුදා හරිමි. දෙදෙන ම සුවසේ යවු.
තත්ථ අරියවත්තසීති මිත්තධම්මරක්ඛණසඞ්ඛාතෙන ආචාරඅරියානං වත්තෙන සමන්නාගතොසි. පිණ්ඩමපචායසීති භත්තු සන්තිකා ලද්ධං පිණ්ඩං සෙනාපතිට්ඨානං පූජෙසි. ගච්ඡථූභොති ද්වෙපි ජනා අස්සුමුඛෙ ඤාතිසඞ්ඝෙ හාසයමානා යථාසුඛං ගච්ඡථාති.
එහි අරියවත්තසි යනු මිත්‍ර ධර්මය රැකීම් සම්බන්ධ වූ ආචාර ගුණ සම්පන්න වූ. පිණ්ඩමපචායසී යනු ස්වාමියා සමීපයේ ලබන ලද ආහාර පූජා කෙළේය. ගච්ඡථුභො යනු දෙපිරිසම ජනයෝ කඳුළු පිරි මුහුණින් ඤාති සමූහයා කථා කරමින් කැමැති පරිදි යවු.
එවං වත්වා නෙසාදො මුදුචිත්තෙන මහාසත්තං උපසඞ්කමිත්වා යට්ඨිං ඔනාමෙත්වා පඞ්කපිට්ඨෙ නිසීදාපෙත්වා පාසයට්ඨියා මොචෙත්වා තං උක්ඛිපිත්වා සරතො නීහරිත්වා තරුණදබ්බතිණපිට්ඨෙ නිසීදාපෙත්වා පාදෙ බද්ධපාසං සණිකං මොචෙත්වා මහාසත්තෙ බලවසිනෙහං පච්චුපට්ඨාපෙත්වා මෙත්තචිත්තෙන උදකං ආදාය ලොහිතං ධොවිත්වා පුනප්පුනං පරිමජ්ජි, අථස්ස මෙත්තානුභාවෙන සිරාය සිරා, මංසෙන මංසං, චම්මෙන චම්මං ඝටිතං, පාදො පාකතිකො අහොසි, ඉතරෙන නිබ්බිසෙසො. බොධිසත්තො සුඛප්පත්තො හුත්වා පකතිභාවෙන නිසීදි. සුමුඛො අත්තානං නිස්සාය රඤ්ඤො සුඛිතභාවං දිස්වා සඤ්ජාතසොමනස්සො චින්තෙසි – “ඉමිනා අම්හාකං මහාඋපකාරො කතො, අම්හෙහි එතස්ස කතො උපකාරො නාම නත්ථි, සචෙ එස රාජරාජමහාමත්තානං අත්ථාය අම්හෙ ගණ්හි, තෙසං සන්තිකං නෙත්වා බහුං ධනං ලභිස්සති, සචෙ අත්තනො අත්ථාය ගණ්හි, අම්හෙ වික්කිණිත්වා ධනං ලභිස්සතෙව, පුච්ඡිස්සාමි තාව න”න්ති. අථ නං උපකාරං කාතුකාමතාය පුච්ඡන්තො ආහ –
මෙසේ පවසා වැද්දා මෘදු වූ සිතින් බෝසතුන් වෙත එළඹ යෂ්ටිය නවා, මඩ මත හොවා, මලපුඩු යෂ්ටිය මුදා ඔසවා විලෙන් බැහැර කොට මෘදුවූ කුසතණ පිට්ටනියේ හොවා, පාදයේ බඳනා ලද මලපුඩුව සෙමින් මුදවා, බෝසතුන් කෙරෙහි සෙනෙහස උපදවා, මෛත්‍රී සිතින් ජලය ගෙන ලේ ඉවත්කොට නැවත නැවත පිරිමැද්දේය. ඉක්බිති ඔහුගේ මෛත්‍රී ආනුභාවයෙන් හිසින් හිස, මසින් මස සමින් සම ගැටී පාද ප්‍රකෘතිමත් විය. සියල්ල සුවපත් විය. බෝසත්හු සැපයට පැමිණ, ප්‍රකෘති තත්ත්වයෙන් සිටියාහ. සුමුඛ තමන් නිසා, රජු සුවපත් වූ බව දැන, හටගත් සොම්නසින් මෙසේ සිතුවේය. මොහු විසින් අපට මහත් උපකාරයක් කරන ලදි. අප විසින් මොහුට කළ දෙයක් නම් නැත. ඉදින් මෙතෙම, රාජරාජ මහ ඇමතියන්ට හිතවැඩ පිණිස අපව ගත්තේය. ඉදින් මෙතෙම, රාජරාජ මහ ඇමතියන්ට හිතවැඩ පිණිස අපව ගත්තේය. ඔවුන්ගේ සමීපයට ගෙන ගොස් බොහෝ ධනය ලබන්නේය. ඉදින් තමන්ට වැඩ පිණිසා ගත්තේය. අපව විකුණා ධනය ලැබෙන්නේ ය. ඔබව විචාරන්නෙමි. ඒතාක් ඔහුට උපකාර කරනු කැමැතිව විචාරන්නේ කීවේය.
“සචෙ අත්තප්පයොගෙන, ඔහිතො හංසපක්ඛිනං; පටිග්ගණ්හාම තෙ සම්ම, එතං අභයදක්ඛිණං.
මිත්‍රය! ඔබ ඔබගේ ම ප්‍රයෝජනය සඳහා හංසයන්ට හා වෙනත් පක්ෂීන්ට උගුල් අටවන ලද්දේ නම් ඔබගේ මේ අභය දානය අපි පිළිගනිමු.
“නො චෙ අත්තප්පයොගෙන, ඔහිතො හංසපක්ඛිනං; අනිස්සරො මුඤ්චමම්හෙ, ථෙය්යං කයිරාසි ලුද්දකා”ති.
එසේ නැතිව ඔබ විසින් උගුල් අටවන ලද්දේ, වෙනත් අයකුගේ ප්‍රයෝජනය නියමය සඳහා නම්, නුඹ අයිතිකරු නො වේ. ඒ අනුව අප මුදාහරින ඔබ සොරකමක් කරන්නේ ය.
තත්ථ සචෙති, සම්ම නෙසාද, සචෙ තයා අත්තනො පයොගෙන අත්තනො අත්ථාය හංසානඤ්චෙව සෙසපක්ඛීනඤ්ච පාසො ඔහිතො. අනිස්සරොති අනිස්සරො හුත්වා අම්හෙ මුඤ්චන්තො යෙනාසි ආණත්තො, තස්සසන්තකං ගණ්හන්තො ථෙය්යං කයිරාසි.
එහි සචෙ යනු මිත්‍ර වැද්දාණෙනි, ඉදින් ඔබ විසින් තමන්ගේ ප්‍රයෝගයෙන් තමන්ට වැඩපිණිස හංසයන්ට ද සෙසු පක්ෂීන්ට ද මලපුඩුව අටවන ලදි. අනිස්සරො යනු ඉසුරුමත් නොවී අපව මුදවන්නේ යමකු විසින් අණකරන ලද්දේ ද, ඔහුගේ සමීපයට ගන්නේ සොරකම් කරන්නේ ය.
තං සුත්වා නෙසාදො “නාහං තුම්හෙ අත්තනො අත්ථාය ගණ්හිං, බාරාණසිරඤ්ඤා පන සංයමෙන ගණ්හාපිතොම්හී”ති වත්වා දෙවියා දිට්ඨසුපිනකාලතො පට්ඨාය යාව රඤ්ඤා තෙසං ආගතභාවං සුත්වා, “සම්ම ඛෙමක, එකං වා ද්වෙ වා හංසෙ ගණ්හිතුං වායම, මහන්තං තෙ යසං දස්සාමී”ති වත්වා පරිබ්බයං දත්වා උය්යොජිතභාවො, තාව සබ්බං පවත්තිං ආරොචෙසි. තං සුත්වා සුමුඛො “ඉමිනා නෙසාදෙන අත්තනො ජීවිතං අගණෙත්වා අම්හෙ විස්සජ්ජෙන්තෙන දුක්කරං කතං, සචෙ මයං ඉතො චිත්තකූටං ගමිස්සාම, නෙව ධතරට්ඨරඤ්ඤො පඤ්ඤානුභාවො, න මය්හං මිත්තධම්මො පාකටො භවිස්සති, න ලුද්දපුත්තො මහන්තං යසං ලච්ඡති, න රාජා පඤ්චසු සීලෙසු පතිට්ඨහිස්සති, න දෙවියා මනොරථො මත්ථකං පාපුණිස්සතී”ති චින්තෙත්වා , “සම්ම, එවං සන්තෙ අම්හෙ විස්සජ්ජෙතුං න ලභසි, රඤ්ඤො නො දස්සෙහි, සො අම්හෙ යථාරුචිං කරිස්සතී”ති ඉමමත්ථං පකාසෙන්තො ගාථමාහ –
ඒ අසා වැද්දා, මම නුඹව තමන්ගේ අර්ථ සිද්ධිය සඳහා නොගත්තෙමි. බරණැස් රජතුමා විසින් සංයමයෙන් යුතුව ගන්නා ලද්දේ යයි කියා, දේවිය විසින් දක්නා ලද සිහිනයේ පටන් රජු විසින් ඔහුගේ පැමිණීම දක්වා සියල්ල අසා මිත්‍ර ඛේමකය, එක් හංසයක හෝ හංසයන් දෙදෙනෙකු අල්ලා ගැනීමට වෑයම් කරමු. ඔබට මහත් යසස දෙන්නෙමියි කියා, පිරිවැය දී යොදවන ලද බව ද දක්වා සියළු ප්රවෘත්ති දැක්වීය. ඒ අසා සුමුඛ මේ වැද්දා විසින් තමන් ගේ ජීවිතය නොසලකා අපව අල්ලා ගැනීම නිසා, දුෂ්කර දෙයක් කරන ලද්දේ, ඉදින් අපි මෙතැනින් චිත්‍රකූට පර්වතයට යන්නෙමු. ධතරට්ඨ රජුගේ ප්‍රඥානුභාවය නොවේනම් අපගේ මිත්‍ර ධර්මය ප්‍රකට නොවන්නේය. වැදිපුත්‍රයා මහත් යසසක් නොලබයි. රජු පංචශීලයෙහි නොපිහිටයි. දේවියගේ මනදොළ මස්තක ප්‍රාප්ත නොවන්නී යයි සිතා, මිත්‍රය, මෙසේ ඇතිකල්හි අප පලවා හැරීම නොලබහි. රජුට අපව දක්වන්න. හෙතෙම අපට කැමැති පරිදි ක්‍රියා කරන්නේ යයි මේ අදහස ප්‍රකාශ කරමින්,
“යස්ස ත්වං භතකො රඤ්ඤො, කාමං තස්සෙව පාපය; තත්ථ සංයමනො රාජා, යථාභිඤ්ඤං කරිස්සතී”ති.
ඔබ කිසියම් රජකුගේ කුලී කරුවකු වසයෙන් ඔබ මෙය කළේ නම් ඒ රජුවෙතට අප ගෙන යවා එහි දී රජු තෙම කැමැත්තක් කරනු ඇත. හංස සේනාධිපති කීය.
යන ගාථාව කීවේය.
තත්ථ තස්සෙවාති තස්සෙව සන්තිකං නෙහි. තත්ථාති තස්මිං රාජනිවෙසනෙ. යථාභිඤ්ඤන්ති යථාධිප්පායං යථාරුචිං.
එහි තස්සෙවා යනු ඔහුගේ ම සමීපයට ගියේය. තත්ථ යනු ඒ මන්දිරයෙහි. යථාභිඤ්ඤං කැමැති පරිදි අභිමත පරිද්දෙනි.
තං සුත්වා නෙසාදො “මා වො භද්දන්තෙ රාජදස්සනං රුච්චිත්ථ, රාජානො නාම සප්පටිභයා, කීළාහංසෙ වා වො කරෙය්යුං මාරෙය්යුං වා”ති ආහ. අථ නං සුමුඛො, “සම්ම ලුද්දක මා අම්හාකං චින්තයි, අහං තාදිසස්ස කක්ඛළස්ස ධම්මකථාය මද්දවං ජනෙසිං, රඤ්ඤො කිං න ජනෙස්සාමි, රාජානො හි පණ්ඩිතා සුභාසිතදුබ්භාසිතඤ්ඤු, ඛිප්පං නො රඤ්ඤො සන්තිකං නෙහි, නයන්තො ච මා බන්ධනෙන නයි, පුප්ඵපඤ්ජරෙ පන නිසීදාපෙත්වා නෙහි, පුප්ඵපඤ්ජරං කරොන්තො ධතරට්ඨස්ස මහන්තං සෙතපදුමසඤ්ඡන්නං, මම ඛුද්දකං රත්තපදුමසඤ්ඡන්නං කත්වා ධතරට්ඨං පුරතො, මමං පච්ඡතො නීචතරං කත්වා ආදාය ඛිප්පං නෙත්වා රඤ්ඤො දස්සෙහී”ති ආහ. සො තස්ස වචනං සුත්වා “සුමුඛො රාජානං දිස්වා මම මහන්තං යසං දාතුකාමො භවිස්සතී”ති සඤ්ජාතසොමනස්සො මුදූහි ලතාහි පඤ්ජරෙ කත්වා පදුමෙහි ඡාදෙත්වා වුත්තනයෙනෙව තෙ ගහෙත්වා අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඒ අසා වැද්දා සොඳුර, තොපට රජු දැකීමට රුචි නොවේවා! රජවරු නම් සමාන බිය ඇති ක්‍රීඩා හංසයන් මෙන් තොප කරන්නාහු, මරන්නාහු, වේයයි කීවේය. ඉක්බිති ඔහුට, සුමුඛ, මිත්‍රය වැද්දාණනි, අප ගැන නොසිතව. මම එබඳු ආකාර වූ කර්කශයන්ට දැහැමි කථාවෙන් මෘදු බවට පත් කරන්නෙම් දනිමි. රජුට කුමක් දැනුම් දෙන්නෙම් ද, රජවරු වනාහි පණ්ඩිතයෝ ය. සුභාෂිත දන්නෝ වහාම අපව රජුගේ සමීපයට පමුණුවන්න. පමුණුවන විට බඳින්න එපා. මල්ගොමුවේ හොවා පමුණුවන්න. මල්ගොමුව කරන්න, ධතරාෂ්ට්රට මහත්වූ සුදුනෙළුම් ගැවසුණු ද, මට කුඩා රත්නෙළුම් ගැවසුණු එකක් ද කොට ධතරාෂ්ඨ පෙරටුව ද මා පසුපස ද පහත්කොට ගෙන වහාම, පමුණුවන්න. රජුට දක්වන්නැයි කීය. ඔහු ඔහුගේ වචන අසා සුමුඛ රජු දැක මට මහත් යසස දෙනු කැමැත්තේ, වන්නේ යයි හටගත් සොම්නස් ඇත්තේ, මෘදුවූ වැල් ගොමුවක් කොට, පියුම්වලින් වසා, කියන ලද අයුරින්, ඔවුන් ගෙන ගියේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ කීවේ ය;
“ඉච්චෙවං වුත්තො නෙසාදො, හෙමවණ්ණෙ හරිත්තචෙ; උභො හත්ථෙහි සඞ්ගය්හ, පඤ්ජරෙ අජ්ඣවොදහි.
මෙසේ කියන ලද වැද්දා, රන්වන් සිවි ඇති රන්වන් වූ හංසයන් දෙදෙනා අතින් ඔසවාගෙන මැදිරිවල තැබීය.
“තෙ පඤ්ජරගතෙ පක්ඛී, උභො භස්සරවණ්ණිනෙ; සුමුඛං ධතරට්ඨඤ්ච, ලුද්දො ආදාය පක්කමී”ති.
ප්‍රභාස්වර වර්ණවත් වූ ධ්‍රතරාෂ්ට්‍ර සහ සුමුඛ යන හංසයන් දෙදෙනා කූඩුවල දමාගෙන වැද්දා ගෙන ගියේය.
තත්ථ අජ්ඣවොදහීති ඔදහි ඨපෙසි. භස්සරවණ්ණිනෙති පභාසම්පන්නවණ්ණෙ.
එහි අජ්ඣචොදහී සීමාවේ තැබීය. භස්සර වණ්ණිනෙති යනු, ප්‍රභාසම්පන්න වර්ණයෙන් යුක්ත.
එවං ලුද්දස්ස තෙ ආදාය පක්කමනකාලෙ ධතරට්ඨො පාකහංසරාජධීතරං අත්තනො භරියං සරිත්වා සුමුඛං ආමන්තෙත්වා කිලෙසවසෙන විලපි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඔවුහු වැද්දා රැගෙන එනකල්හි ධතරාෂ්ට්‍ර හංසයා, පාක හංසරජුගේ දුව, තමන්ගේ බිරිඳ බව සිහිකොට, සුමුඛ අමතා කෙලෙස් වශයෙන් වැලපුනේය. ඒ බව මෙනෙහි කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“හරීයමානො ධතරට්ඨො, සුමුඛං එතදබ්රවි; බාළ්හං භායාමි සුමුඛ, සාමාය ලක්ඛණූරුයා; අස්මාකං වධමඤ්ඤාය, අථත්තානං වධිස්සති.
මෙසේ ගෙන යනු ලබන්නා වූ ධතරාෂ්ට්‍ර නම් හංසයා, සුමුඛ හංසයා අමතා මෙසේ කීය. පින්වත් සුමුඛය, රන්වන් වූ මනා සිවිය ඇති භාර්යාව අපගේ මරණය අසා තමාම දිවි නසා ගනු ඇතැයි සිතෙන බියක් මට ඇති වේ.
“පාකහංසා ච සුමුඛ, සුහෙමා හෙමසුත්තචා; කොඤ්චී සමුද්දතීරෙව, කපණා නූන රුච්ඡතී”ති.
සුමුඛය! පාක හංසයන්ගේ දියණිය වන රන්වන් මනා සිවිය ඇති ‘සුහේමා’ (මුහුදෙහි වැටී ස්වාමියා මළ කල්හි) වෙරළෙහි සිට හඬන කොස්වාළිහිණි ධේනුව මෙන් මා ගැන බියපත්ව හඬන්නී යයි සිතමි.
තත්ථ භායාමීති මරණතො භායාමි. සාමායාති සුවණ්ණවණ්ණාය. ලක්ඛණූරුයාති ලක්ඛණසම්පන්නඌරුයා. වචමඤ්ඤායාති වධං ජානිත්වා “මම පියසාමිකො මාරිතො”ති සඤ්ඤී හුත්වා. වධිස්සතීති කිං මෙ පියසාමිකෙ මතෙ ජීවිතෙනාති මරිස්සති. පාකහංසාති පාකහංසරාජධීතා. සුහෙමාති එවංනාමිකා. හෙමසුත්තචාති හෙමසදිසසුන්දරතචා. රුච්ඡතීති යථා ලොණිසඞ්ඛාතං සමුද්දං ඔතරිත්වා මතෙ පතිම්හි කොඤ්චී සකුණිකා කපණා රොදති, එවං නූන සා රොදිස්සතීති.
එහි භායාමි යනු මරණයට බිය වෙමි. සාමායා යනු ස්වර්ණ වර්ණයෙන් යුතු. ලක්ඛණුරුයා යනු අලංකාර සම්පන්න කලවාවලින් පිරි. වධමඤ්ඤායා යනු වධහිංසා දැන මරාවි යන හැඟීමෙන් සිට. විධිස්සතී යනු කිම, මට ප්‍රිය ස්වාමියා මළ කල්හි, ජීවත්වුවද මැරෙන්නේය. පාකහංසා යනු පාකහංස රජුගේ දියණියයි. සුහෙමා යනු මෙසේ නම් කිරීමය. හෙමසුත්තචා යනු රන්වන් සමාන සුන්දර සමකින් යුතු. රුච්ඡති යනු යම්සේ, ලවණ සහිත මුහුදට බැස ස්වාමියා මියගිය කල්හි, කොඳ පක්ෂීහු දිළිඳුව හඬයි. මෙසේ ඒකාන්තයෙන් හඬන්නේය.
තං සුත්වා සුමුඛො “අයං හංසරාජා අඤ්ඤෙ ඔවදිතුං යුත්තො මාතුගාමං නිස්සාය කිලෙසවසෙන විලපති, උදකස්ස ආදිත්තකාලො විය වතියා උට්ඨාය කෙදාරඛාදනකාලො විය ච ජාතො, යංනූනාහං අත්තනො බලෙන මාතුගාමස්ස දොසං පකාසෙත්වා එතං සඤ්ඤාපෙය්ය”න්ති චින්තෙත්වා ගාථමාහ –
ඒ අසා සුමුඛ මේ හංසයා අන්‍යයන්ට අවවාද දීමට සුදුසු ය. මාගම නිසා, කෙලෙස් වැඩීමෙන් විලාප දෙයි. ජලය සිඳීගිය කාලයක් මෙන්. ගොස් ගොයම් කන කාලයක් මෙන් නන් දොඩවන්නේය. ඉදින් මම තමන්ගේ බලයෙන් මාගමට දොස් පවරා මොහු අස්වසන්නෙමි. සන්සිඳවන්නෙමි යයි සිතා කීවේය.
“එවං මහන්තො ලොකස්ස, අප්පමෙය්යො මහාගණී; එකිත්ථිමනුසොචෙය්ය, නයිදං පඤ්ඤවතාමිව.
හංස ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ, ගණ නායක වූ අප්‍රමේය ගුණ ඇති ඔබ එක ම හංස ධේනුවක සඳහා ශෝක කරන්නේ ය. වැළපෙන්නේ ය. එය ඔබ වැන්නෙකුට නො ගැළපෙන්නකි.
“වාතොව ගන්ධමාදෙති, උභයං ඡෙකපාපකං; බාලො ආමකපක්කංව, ලොලො අන්ධොව ආමිසං.
මහරජ, සුවඳ දුගඳ දෙකම නො තෝරා උරා ගන්නා වූ වාතය මෙන් ද, ගසක් යට හිඳ පැසුණු නො පැසුණු සියලු ගෙඩි අතට අසුවන සියල්ලක් ම ගන්නා බාලයකු මෙන් ද, රස තෘෂ්ණාවෙන් ආහාර ගන්නා අන්ධයකු මෙන් ද,
“අවිනිච්ඡයඤ්ඤු අත්ථෙසු, මන්දොව පටිභාසි මං; කිච්චාකිච්චං න ජානාසි, සම්පත්තො කාලපරියායං.
කළයුත්ත නො කළයුත්ත නො දන්නෙහි ද? අපි දැන් මරණ අවස්ථාවට පැමිණ සිටිමු. මෙහි දී කාරණ කාරණ නොදන්නහු ද? විනිශ්චයන් නො දන්නහුද? ඔබ අන්ධ බාලයකු සේ මට පෙනේ.
“අඩ්ඪුම්මත්තො උදීරෙසි, යො සෙය්යා මඤ්ඤසිත්ථියො; බහුසාධාරණා හෙතා, සොණ්ඩානංව සුරාඝරං.
යමෙක් ස්ත්‍රීහු උතුම් යයි යමෙක් හඟින්නේ නම් හෙතෙම අඩක් උමතු වූවෙකු මෙන් කථා කරන්නේ ය. මේ ස්ත්‍රීහු බොහෝ දෙනකුට සාධාරණ වූ සුරාසැලක් මෙනි.
“මායා චෙතා මරීචී ච, සොකා රොගා චුපද්දවා; ඛරා ච බන්ධනා චෙතා, මච්චුපාසා ගුහාසයා; තාසු යො විස්සසෙ පොසො, සො නරෙසු නරාධමො”ති.
තව ද ස්ත්‍රීහු මායාවක් වැන්න. (පුරුෂයන් රවටන හෙයින්) මිරිඟුවක් වැන්න. (අතට අසු නොවන හෙයින්) කාශ ස්වාස ආදී රෝග පීඩාවන්ට හේතුවකි. කෲරය, ක්‍රෝධ බහුල බැවින්, අන්ධු බන්ධනාදියට හේතු ය. එබඳු ස්ත්‍රීන් කෙරෙහි යමෙක් විශ්වාස කෙරේ නම් ඔහු අධමයෙකි. (සුමුඛ කීය.)
තත්ථ මහන්තොති මහන්තො සමානො. ලොකස්සාති හංසලොකස්ස. අප්පමෙය්යොති ගුණෙහි පමෙතුං අසක්කුණෙය්යො. මහාගණීති මහන්තෙන ගණෙන සමන්නාගතො ගණසත්ථා. එකිත්ථින්ති යං එවරූපො භවං එකං ඉත්ථිං අනුසොචෙය්ය, ඉදං අනුසොචනං න පඤ්ඤවතං ඉව, තෙනාහං අජ්ජ තං බාලොති මඤ්ඤාමීති අධිප්පායෙනෙවමාහ.
එහි මහන්තො යනු මහත් බැවින් සමාන ලොකස්ස යනු හංසයන්ගේ ලෝකයයි. අප්පමෙය්ය යනු ගුණයෙන් සමකිරීමට නොහැකිවන්නා වූ. මහාගණී යනු මහත් වූ ගණනින් යුක්ත වූ සමූහයට නායක වූ. ඒකත්ථිං යනු මෙබඳු ආකාර වූ භවයක, එක් ස්ත්‍රියක අනුව ශෝක කරන්නේ ය. ඉදං මේ අනුව ශෝක කිරීම. නපඤ්ඤවතොමිව ඔබ එහෙයින් මම අඳ බාලයෙකැයි සිතමි යන අදහසින් මෙය කීවේය.
ආදෙතීති ගණ්හාති. ඡෙකපාපකන්ති සුන්දරාසුන්දරං. ආමකපක්කති ආමකඤ්ච පක්කඤ්ච. ලොලොති රසලොලො. ඉදං වුත්තං හොති – මහාරාජ, යථා නාම වාතො පදුමසරාදීනි පහරිත්වා සුගන්ධම්පි සඞ්කාරට්ඨානාදීනි පහරිත්වා දුග්ගන්ධම්පීති උභයං ඡෙකපාපකං ගන්ධං ආදියති, යථා ච බාලො කුමාරකො අම්බජම්බූනං හෙට්ඨා නිසින්නො හත්ථං පසාරෙත්වා පතිතපතිතං ආමකම්පි පක්කම්පි ඵලං ගහෙත්වා ඛාදති, යථා ච රසලොලො අන්ධො භත්තෙ උපනීතෙ යංකිඤ්චි සමක්ඛිකම්පි නිම්මක්ඛිකම්පි ආමිසං ආදියති, එවං ඉත්ථියො නාම කිලෙසවසෙන අඩ්ඪම්පි දුග්ගතම්පි කුලීනම්පි අකුලීනම්පි අභිරූපම්පි විරූපම්පි ගණ්හන්ති භජන්ති, තාදිසානං පාපධම්මානං ඉත්ථීනං කිංකාරණා විප්පලපසි, මහාරාජාති.
ආදෙති යනු ගනියි. ඡෙකපාපකං යනු සුන්දර-අසුන්දර ආමක පක්කං යනු අමු ද පැසුණු ද. ලෝලො යනු රසලෝලත්වයයි. මෙය ද කියන ලද්දේ වෙයි. මහරජ, යම් සේ සුළඟ නෙළුම් විල් ආදිය ද පහර දී සුවඳ ද කසළ ගොඩවලට පහර දී දුර්ගන්ධය ද යන දෙකම සුන්දර අසුන්දර වශයෙන් හමා යයි. යම්සේ බාල කුමාරයෙක් අඹ, දඹ ආදී ඵලභරිත ගසක් යට සිට අතින් පහර දී අමු ඵල මේවාය. ඉදිණු ඵල මේවායයි, නො තෝරා අතට අසු වූ දෙයක්ම රස තෘෂ්ණාවෙන් අන්ධ වී අනුභව කරයිද? යම් සේ රසලෝල අන්ධයකු බත් අනුභව කරන කල්හි, යම්කිසි සම වූ ද විෂම වූ ද ආහාර නො තෝරා රස තෘෂ්ණාවෙන් කයි ද? එසේ ස්ත්‍රීහු නම් කෙලෙස් වශයෙන් පොහොසත් ද, දුප්පත් ද, කුලීන ද, කුලහීන ද, මනාරූ ඇත්ද, විරූපී ද, යනුවෙන් නො තෝරා ගනිත්. භජනය කරත්. වාතය හා සමාන වූ පාප ධර්මාශ්රිත ස්ත්රීන්ට කුමන කරුණක් නිසා වැලපෙන්නෙහි ද, මහරජ, යනුයි.
අත්ථෙසූති කාරණාකාරණෙසු. මන්දොති අන්ධබාලො. පටිභාසි මන්ති මම උපට්ඨාසි. කාලපරියායන්ති එවරූපං මරණකාලං පත්තො “ඉමස්මිං කාලෙ ඉදං කත්තබ්බං, ඉදං නකත්තබ්බං, ඉදං වත්තබ්බං, ඉදං න වත්තබ්බ”න්ති න ජානාසි දෙවාති. අඩ්ඪුම්මත්තොති අඩ්ඪුම්මත්තකො මඤ්ඤෙ හුත්වා. උදීරෙසීති යථා සුරං පිවිත්වා නාතිමත්තො පුරිසො යං වා තං වා පලපති, එවං පලපසීති අත්ථො. සෙය්යාති වරා උත්තමා.
අත්ථෙසූ යනු කාරණා අකාරණා වශයෙනි. මන්දො යනු අඳ බාලයා ය. පටිභාසිමං යනු මට උපස්ථාන කෙළේය. කාල පරියායං යනු මෙබඳු ආකාර මරණ කාලය පැමිණියේ ද, මේ කාලයේ මෙය කළ යුතුය. මෙය නො කළ යුතුය යන මෙය නො දන්නේ යයි දේවයන් වහන්ස. අඩ්ඪුම්මතො යනු අඩක් පමණ සිතා. උදීරෙසී යනු යම්සේ සුරාපානය කොට, පමණ නොදන්නේ මිනිසා යමක් කමක් දොඩයි ද, මෙසේ දෙඩුවේ ය යන අර්ථයයි. සෙය්යා යනු උතුම් උත්තම.
“මායා චා”තිආදීසු, දෙව, ඉත්ථියො නාමෙතා වඤ්චනට්ඨෙන මායා, අගය්හුපගට්ඨෙන මරීචී, සොකාදීනං පච්චයත්තා සොකා, රොගා, අනෙකප්පකාරා උපද්දවා, කොධාදීහි ථද්ධභාවෙනෙව ඛරා. තා හි නිස්සාය අන්දුබන්ධනාදීහි බන්ධනතො බන්ධනා චෙතා, ඉත්ථියො නාම සරීරගුහාසයවසෙනෙව මච්චු නාම එතා, දෙවාති. “කාමහෙතු, කාමනිදානං, කාමාධිකරණං, කාමානමෙව හෙතු රාජානො චොරං ගහෙත්වා”ති (ම· නි· 1.168-169) සුත්තෙනපෙස අත්ථො දීපෙතබ්බො.
මායාචෙසා යන ආදියෙහි දේව ස්ත්‍රීහු නම් වෙත්. මෑලා වංචා කිරීමෙන් වශයෙන් රැවටීමෙන් මුළාවට පත්වීම. මරිචි ශෝකාදියෙන් යුක්ත බැවින්. සොකො රොගොවූපද්දවො යනු රෝග ආදි නොයෙක් ආකාර උපද්‍රව ක්‍රෝධ ආදි තදබවින් යුක්ත. ඛරා ඒවා නිසා අඳුන් බන්ධනාදියේ බැඳුනා වූ. බන්ධනා චෙතා ස්ත්‍රීහු නම් ශරීර ගුහාවෙහි වාසය කරන කාමහේතු කාම නිදාන කාමාධිකරණ කාමයම හේතුකොටගෙන, රජවරු සොරුන් අල්ලාගෙන ආදි අර්ථ දැක්විය යුතුය.
තතො ධතරට්ඨො මාතුගාමෙ පටිබද්ධචිත්තතාය “ත්වං මාතුගාමස්ස ගුණං න ජානාසි, පණ්ඩිතා එව එතං ජානන්ති, න හෙතා ගරහිතබ්බා”ති දීපෙන්තො ආහ –
ඉක්බිති ධතරාෂ්ට්‍ර මාගම කෙරෙහි බැඳුණු සිත් ඇත්තේ මව ගේ ගුණ නොදනිහි. පණ්ඩිතයෝම එය දනිත්. එයට ගර්හා නොකළ යුතුයයි ප්‍රකාශ කරමින් මෙය කීවේ ය.
“යං වුද්ධෙහි උපඤ්ඤාතං, කො තං නින්දිතුමරහති; මහාභූතිත්ථියො නාම, ලොකස්මිං උදපජ්ජිසුං.
ස්ත්‍රීන් වසයෙන් හඳුන්වන යම් වස්තුවක් වෘද්ධයන් විසින් දන්නා ලද ද? ඒ ස්ත්රීන්ට නින්දා කිරීමට කවුරුන් සමත් වේද? ස්ත්‍රීහු නම් ලෝකයේ පළමු කොට උපන්නාහු ය.
“ඛිඩ්ඩා පණිහිතා ත්‍යාසු, රති ත්‍යාසු පතිට්ඨිතා; බීජානි ත්‍යාසු රූහන්ති, යදිදං සත්තා පජායරෙ; තාසු කො නිබ්බිදෙ පොසො, පාණමාසජ්ජ පාණිභි.
ඒ ස්ත්‍රීන් කෙරෙහි කාය වචී ක්‍රීඩාවෝ පිහිටියහ. පස්කම් ගුණයෙහි ආලය පිහිටියේය. යම් සත්ත්ව කෙනෙක් උපදිත් නම් එහි බීජයෝ ඔවුන් කෙරෙහි වැඩෙති. ක්ෂේත්රය ඔවුහු ම ය. දිවි හැරීමෙන් වුවත් ඔවුන් කෙරෙහි කළකිරෙන්නේ කවර පුරුෂයෙක් ද?
“ත්වමෙව නඤ්ඤො සුමුඛ, ථීනං අත්ථෙසු යුඤ්ජසි; තස්ස ත්යජ්ජ භයෙ ජාතෙ, භීතෙ න ජායතෙ මති.
සුඛුමය! නුඹ ද ස්ත්රීන්ගේ කටයුතුවල යෙදෙන්නාහ. ඒ නුඹට අද මරණ බිය ඇති වූ කල්හි ඒ බිය නිසා ස්ත්රීන්ගේ අගුණ දැකීමේ නුවණ පහළ විය.
“සබ්බො හි සංසයං පත්තො, භයං භීරූ තිතික්ඛති; පණ්ඩිතා ච මහන්තානො, අත්ථෙ යුඤ්ජන්ති දුය්යුජෙ.
ජීවිතය පිළිබඳ සැකයට පත් සියළු දෙනාම ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතැතිව ඒ බිය ඉවසත්. නුවණැත්තෝ දුකසේ යෙදිය යුතු වැඩවල යෙදෙත්.
“එතදත්ථාය රාජානො, සූරමිච්ඡන්ති මන්තිනං; පටිබාහති යං සූරො, ආපදං අත්තපරියායං.
මේ සඳහා රජවරු දක්ෂ ඇමතිවරුන් පත් කරති. යම්හෙයකින් දක්ෂයෝ ස්වාමියාට පැමිණි ආපදාවන් වළක්වයි ද, ආත්මාරක්ෂාවක් එයින් සිදු කෙරේ.
“මා නො අජ්ජ විකන්තිංසු, රඤ්ඤො සූදා මහානසෙ; තථා හි වණ්ණො පත්තානං, ඵලං වෙළුංව තං වධි.
අද රජුගේ අරක්කැමියෝ මුළුතැන්ගෙයිහි දී අප නො කපත්වා. යම් සේ උණ ඵලය උණ ගහ නසන්නේ ද අපගේ පියාපත්වල වර්ණය ද එසේය. අපගේ විනාශයට එය හේතු වේ.
“මුත්තොපි න ඉච්ඡි උඩ්ඩෙතුං, සයං බන්ධං උපාගමි; සොපජ්ජ සංසයං පත්තො, අත්ථං ගණ්හාහි මා මුඛ”න්ති.
වැදි පුත්‍රයා විසින් අප මුදන ලද්දේ ද අපි පියඹා යන්නට අකමැති වූවෙමු. අප විසින් ම බන්ධනයට එළඹෙන ලදිමු. එය දැන් ජීවිතය පිළිබඳ සැකයට හේතු වේ. ස්ත්රීන්ට නින්දා කිරීම පසෙක තබා අප මිදෙන කරුණක් ගැන සිතනු මැනව.
තත්ථ යන්ති යං මාතුගාමසඞ්ඛාතං වත්ථු පඤ්ඤාවුද්ධෙහි ඤාතං, තෙසමෙව පාකටං, න බාලානං. මහාභූතාති මහාගුණා මහානිසංසා. උදපජ්ජිසුන්ති පඨමකප්පිකකාලෙ ඉත්ථිලිඞ්ගස්සෙව පඨමං පාතුභූතත්තා පඨමං නිබ්බත්තාති අත්ථො. ත්යාසූති සුමුඛ තාසු ඉත්ථීසු කායවචීඛිඩ්ඩා ච පණිහිතා ඔහිතා ඨපිතා, කාමගුණරති ච පතිට්ඨිතා. බීජානීති බුද්ධපච්චෙකබුද්ධඅරියසාවකචක්කවත්තිආදිබීජානි තාසු රුහන්ති. යදිදන්ති යෙ එතෙ සබ්බෙපි සත්තා. පජායරෙති සබ්බෙ තාසඤ්ඤෙව කුච්ඡිම්හි සංවද්ධාති දීපෙති. නිබ්බිදෙති නිබ්බින්දෙය්ය. පාණමාසජ්ජ පාණිභීති අත්තනො පාණෙහිපි තාසං පාණං ආසාදෙත්වා අත්තනො ජීවිතං චජන්තොපි තා ලභිත්වා කො නිබ්බින්දෙය්යාති අත්ථො.
එහි යං යනු යම් මාගමක් සම්බන්ධ වස්තුවක් ප්‍රඥාවෙන් වෘද්ධ වූවකු විසින් අනුදන්නා ලද්දේ, ඔහුටම ප්‍රකට වේ. බාලයන්ට ප්‍රකට නොවේ. මහාභූතා යනු මහත් ගුණ ඇති, මහත් ආනිශංස ඇති උදපජ්ජිංසු යනු පළමුව කැපවූ කාලයෙහි ස්ත්‍රීලිංගය පළමුව පහළ වූ බැවින්. පළමුව උපන්නේ යන අර්ථයය. ත්‍යාසු යන සුමුඛ ඒ ස්ත්‍රීන් කෙරෙහි ක්‍රීඩා විනෝදයත් සමගම කාම ගුණ රතිය ද පිහිටියේය. බීජාති යනු බුදු පසේබුදු ආර්යශ්‍රාවක, චක්‍රවර්ති ආදි බීජයන් ඈලා අතරෙහි වැඩෙත්. යදිදං යනු යම්බඳු ඒ සියළුම සත්ත්වයෝ, පජායරෙ යනු ඒ සියල්ලෝම ඒ කුසෙහි වැඩෙත් යන අර්ථය බබළවයි. නිබ්බිදෙ යනු කළකිරෙන්නේ ය. පාණමාසජ්ජ පාණභි යනු මෙතෙක් ගුණ ඇති ස්ත්‍රීන් ලැබ කවර නුවණැති කෙනෙක් ඔවුන් කෙරෙහි කළකිරෙන්නේ ද යන අර්ථයයි.
නඤ්ඤොති න අඤ්ඤො, සුමුඛ, මයා චිත්තකූටතලෙ හංසගණමජ්ඣෙ නිසින්නෙන තං අදිස්වා “කහං නු සුමුඛො”ති වුත්තෙ “එස මාතුගාමං ගහෙත්වා කඤ්චනගුහායං උත්තමරතිං අනුභොතී”ති වදන්ති, එවං ත්වමෙව ථීනං අත්ථෙසු යුඤ්ජසි යුත්තපයුත්තො හොසි, න අඤ්ඤොති අත්ථො. තස්ස ත්යජ්ජාති තස්ස තෙ අජ්ජ මරණභයෙ ජාතෙ ඉමිනා භීතෙන මරණභයෙන භීතො මඤ්ඤෙ, අයං මාතුගාමස්ස දොසදස්සනෙ නිපුණා මති ජායතෙති අධිප්පායෙනෙවමාහ.
නාඤ්ඤො යනු සුමුඛ, අන්කිසිවකු නැත. අප විසින් චිත්‍රකූට පර්වතයේ හංස සමූහයා මැද සිටින්නේ ම ඔහු නොදැක සුමුඛ ඔබ කොහේදැයි කී කල්හි මේ මාගම ගෙන, කකුචන ගුහාවේ උතුම් රතිය අනුභව කරන්නේ යයි කියත්. එසේ ඔබ ම වේ. ථීනං අත්ථෙසු යුඤ්ජසි සුදුසු පරිදි වෙහි, අනෙක් අර්ථයක් නැත. තස්සත්යාජ්ජා යනු ඒ ඔබට අද මරණ බිය උපන් කල්හි, මේ බයෙන්, මරණ බිය ම යයි සිතමි. මේ මාගම ගේ දොස් දැකීමෙන් බුද්ධිය උපන් කල්හි, හට ගත්තේ යන අදහසින් මෙය කීවේ ය.
සබ්බො හීති යො හි කොචි. සංසයං පත්තොති ජීවිතසංසයප්පත්තො. භීරූති භීරූ හුත්වාපි භයං අධිවාසෙති. මහන්තානොති යෙ පන පණ්ඩිතා ච හොන්ති මහන්තෙ ච ඨානෙ ඨිතා මහන්තානො, තෙ දුය්යුජෙ අත්ථෙ යුඤ්ජන්ති ඝටෙන්ති වායමන්ති, තස්මා “මා භායි, ධීරො හොහී”ති තං උස්සාහෙන්තො එවමාහ. ආපදන්ති සාමිනො ආගතං ආපදං එස සූරො පටිබාහති, එතදත්ථාය සූරං මන්තිනං ඉච්ඡන්ති. අත්තපරියායන්ති අත්තනො පරිත්තාණම්පි ච කාතුං සක්කොතීති අධිප්පායො.
සබ්බොහි යනු යම් කිසිවකු සංසයං පත්තො යනු ජීවිත සැකයට පැමිණ. භීරු යනු බියට පත්ව බිය ඉවසයි. මහත්තානො යනු යම් බඳු පණ්ඩිතයෝ වෙත්ද? මහත්වූ තැනක සිටියේ, මහත්වූ ඔවුන් දොවනු ලැබේ යන අර්ථයෙහි යෙදෙත්. ගැටෙත්. උත්සාහ කරත්. එහෙයින් බිය නොවව. ධෛර්යවත් වෙවයි, ඔහු උත්සාහ කරන්නේ මෙසේ කීවේය. ආපදං යනු හිමියාට පැමිණි විපතයි. මේ සූරයා වළක්වාලයි. මේ අර්ථය පිණිස සූර වූ මන්ත්‍රීවරු කැමැති වෙති. අත්තපරියායං යනු තම දියුණුව පිණිස වැඩකිරීමට සමර්ථ වෙයි යන අදහසයි.
විකන්තිංසූති ඡින්දිංසු. ඉදං වුත්තං හොති – සම්ම සුමුඛ, ත්වං මයා අත්තනො අනන්තරෙ ඨානෙ ඨපිතො, තස්මා යථා අජ්ජ රඤ්ඤො සූදා අම්හෙ මංසත්ථාය න විකන්තිංසු, තථා කරොහි, තාදිසො හි අම්හාකං පත්තවණ්ණො. තං වධීති ස්වායං වණ්ණො යථා නාම වෙළුං නිස්සාය ජාතං ඵලං වෙළුමෙව වධති, තථා මා තං වධි, තඤ්ච මඤ්ච මා වධීති අධිප්පායෙනෙවමාහ.
විකන්තිංසූ යනු කපා දැමූහ. මෙය කියන ලද්දේ වෙයි. සුමුඛ නුඹ මා විසින් ඉසුරෙහි පිහිටුවා තබන ලද්දේ, එබැවින් අද යම්සේ රජුගේ අරක්කැමියා අපව මස් පිණිස නොකපත්. එසේ කරන්නේ නම් උත්සාහ කරත්වා. තංවධී යනු ඉදින් මේ වර්ණය. යම්සේ උණ ගසේ පාට ගත් ගෙඩිය නිසා ම උණගස නසයි. එසේ ඔබත් නොනසාවා! මාත් නොනසාවා! යන අදහසින් මෙය කීවේය.
මුත්තොපීති යථාසුඛං චිත්තකූටපබ්බතං ගච්ඡාති එවං ලුද්දපුත්තෙන මයා සද්ධිං මුත්තො විස්සජ්ජිතො සමානොපි උඩ්ඩිතුං න ඉච්ඡි. සයන්ති රාජානං දට්ඨුකාමො හුත්වා සයමෙව බන්ධං උපගතොති එවමිදං අම්හාකං භයං තං නිස්සාය ආගතං. සොපජ්ජාති සොපි අජ්ජ ජීවිතසංසයං පත්තො. අත්ථං ගණ්හාහි මා මුඛන්ති ඉදානි අම්හාකං මුඤ්චනකාරණං ගණ්හ, යථා මුච්චාම, තථා වායම, “වාතොව ගන්ධමාදෙතී”තිආදීනි වදන්තො ඉත්ථිගරහත්ථාය මුඛං මා පසාරයි.
මුත්තොපි යනු වැද්දා මල පුඩුවෙන් අප ගලවා කැමති සේ චිත්‍රකූට පර්වතයට යවයි අප දෙදෙන මුදා හැරියේ නමුත්, අපි එයට කැමති නො වූවෙමු. සයං රජු දකිනු කැමැත්තේ ම අපිම නැවත බන්ධනයට පැමිණියෙමු. ඒ නිසා අපට මේ මරණ බිය ඔබ නිසාම ආවේය. සොපජ්ජා ඒ නිසාම අද ජීවත්වීම පිළිබඳ සැකයට පැමිණියෙමු. අත්ථංගණ්හාති මු මුඛං යනු දැන් යම් ආකාරයකින් මේ මරණ භයින් මිදීමට ගැලවීමට යම්කිසි උත්සාහයක් වේ නම් එය ගනුව. වාතොව ගන්ධ මාදෙතී එසේ නොකොට ස්ත්රීන්ගේ අගුණ කීමෙන් ගැරහීම පිණිස ක්‍රියා නො කරව!
එවං මහාසත්තො මාතුගාමං වණ්ණෙත්වා සුමුඛං අප්පටිභාණං කත්වා තස්ස අනත්තමනභාවං විදිත්වා ඉදානි නං පග්ගණ්හන්තො ගාථමාහ –
මෙසේ බෝසත්හු මාගම වර්ණනා කොට සුමුඛ දොඩමළු නොවන්නකු කොට, ඔහුගේ නොසතුටු සිත් ඇති බව දැන දැන් ඔහුගේ තිස් ගන්නා කැමතිව මේ ගාථාව කීහ.
“සො තං යොගං පයුඤ්ජස්සු, යුත්තං ධම්මූපසංහිතං; තව පරියාපදානෙන, මම පාණෙසනං චරා”ති.
යහළු සුමුඛය, ඒ නුඹ පළමු කී දැහැමින් යුත් උත්සාහය යොදව. තොප ගේ ඒ පිරිසිදු උත්සාහයෙන් මාගේ ජීවිතය සෙවීම කරව.
තත්ථ සොති, සම්ම සුමුඛ, සො ත්වං. තං යොගන්ති යං පුබ්බෙ “අහං යොගං පයුඤ්ජිස්සං, යුත්තං ධම්මූපසංහිත”න්ති අවචාසි, තං ඉදානි පයුඤ්ජස්සු. තව පරියාපදානෙනාති තව තෙන යොගෙන පරිසුද්ධෙන. “පරියොදාතෙනා”තිපි පාඨො, පරිත්තාණෙනාති අත්ථො, තයා කතත්තා තව සන්තකෙන පරිත්තාණෙන මම ජීවිතපරියෙසනං චරාති අධිප්පායො.
එහි සො යනු එහි සො යනු යහළු සුමුඛය, ඒ ඔබ, තං යොගං යනු පෙර කිසියම් අහං යොගං පයුඤ්ජිස්සං යුත්තං ධම්මූපසංහිතං ඔබගේ ඒ පිරිසිදු උත්සාහය දැන් නැවත යොදවනු. තව පරියාපදානෙන ඔබගේ ඒ උත්සාහයෙන් ප්‍රයෝගයෙන් පිරිසිදු ක්‍රමයෙන් පරියොදාතෙනාති යනු ද පාඨයි. ආරක්ෂාව ගෙන ඒ යන අර්ථයි. ඔබ විසින් කරන ලද ඔබ සතු වූ, ආරක්ෂිත ක්‍රමයෙන් මාගේ ජීවිතය ආරක්ෂා කරව. සොයව, රැකගනුව යන අදහසයි.
අථ සුමුඛො “අයං අතිවිය මරණභයභීතො මම ඤාණබලං න ජානාති, රාජානං දිස්වා ථොකං කථං ලභිත්වා ජානිස්සාමි, අස්සාසෙස්සාමි තාව න”න්ති චින්තෙත්වා ගාථමාහ –
ඉක්බිති ඔහුට සුමුඛ, අතිශයින් මරණ බියට පත්වූයේ, මෙතෙම මගේ බලය නොදනියි යයි රජු දැක සුළුවෙන් කථාකොට දැනගන්නෙමියි, අස්වසන්නෙමි. ඒතාක් ඔහු ගැන සිතා ගාථාවක් කීවේය.
“මා භායි පතතං සෙට්ඨ, න හි භායන්ති තාදිසා; අහං යොගං පයුඤ්ජිස්සං, යුත්තං ධම්මූපසංහිතං; මම පරියාපදානෙන, ඛිප්පං පාසා පමොක්ඛසී”ති.
ශ්‍රේෂ්ඨය, බියට පත් නොවන්න. එබඳු වූ බියක් නොමැත. මම ධර්මය ඇසුරුකොට ඇති යෝගයෙහි යෙදෙන්නෙමි මගේ කටයුතු අවසානයේ වහාම දුකින් මුදාහරිමි.
තත්ථ පාසාති දුක්ඛපාසතො.
එහි පාසා යනු දුක්ඛ නැමැති පාසයයි.
ඉති තෙසං සකුණභාසාය කථෙන්තානං ලුද්දපුත්තො න කිඤ්චි අඤ්ඤාසි, කෙවලං පන තෙ කාජෙනාදාය බාරාණසිං පාවිසි. අච්ඡරියබ්භුතජාතෙන අඤ්ජලිනා මහාජනෙන අනුග්ගච්ඡමානො සො රාජද්වාරං පත්වා අත්තනො ආගතභාවං රඤ්ඤො ආරොචාපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ පක්ෂි භාෂාවෙන් කථා කරන්නවුන්ට වැදිපුත්‍රයා කිසිවක් නොකීවේය. හුදෙක් ඔවුහු කද රැගෙන බරණැසට පිවිසියේය. ආශ්චර්ය අද්භූත වශයෙන් හටගත් ඇඳිලි බැඳි මහජනයා විසින් පිළිගනු ලබන්නේ. හෙතෙම රජ දොරටුව වෙත අවුත් තමන්ගේ පැමිණීම රජුට දැන්වීය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“සො ලුද්දො හංසකාජෙන, රාජද්වාරං උපාගමි; පටිවෙදෙථ මං රඤ්ඤො, ධතරට්ඨායමාගතො”ති.
ඒ වැද්දා, හංසයා හා කද ද රැගෙන රජ දොරටුව වෙත එළඹුණේ ය. ධතරට්ඨ පැමිණියේ යයි රජුට දැනුම් දෙව්!
තත්ථ පටිවෙදෙථ මන්ති ඛෙමකො ආගතොති එවං මං රඤ්ඤො නිවෙදෙථ. ධතරට්ඨායන්ති අයං ධතරට්ඨො ආගතොති පටිවෙදෙථ.
එහි පටිවෙදෙථමං යනු ඛේමක පැමිණියේ යයි මෙසේ රජුට මා කියවු. ධතරට්ඨායං යනු මේ ධතරට්ඨ පැමිණියේ යයි දැනුම් දෙමු.
දොවාරිකො ගන්ත්වා පටිවෙදෙසි. රාජා සඤ්ජාතසොමනස්සො “ඛිප්පං ආගච්ඡතූ”ති වත්වා අමච්චගණපරිවුතො සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නො ඛෙමකං හංසකාජං ආදාය මහාතලං අභිරුළ්හං දිස්වා සුවණ්ණවණ්ණෙ හංසෙ ඔලොකෙත්වා “සම්පුණ්ණො මෙ මනොරථො”ති තස්ස කත්තබ්බකිච්චං අමච්චෙ ආණාපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
දොරටුපාලයා ගොස් දැනුම් දුන්නේය. රජු හටගත් සොම්නස් ඇත්තේ වහාම පැමිණේවායි කියා, ඇමති ගණයා පිරිවරන ලද්දේ ඔසවන ලද සුදුකුඩ ඇතිව රජ පර්යංකයේ හුන්නේ, ඛේමක හංස රාජයා රැගෙන, උඩුමහලට නැග දැක රන්වන් හංසයන් බලා, මගේ මනදොළ සම්පූර්ණ වූයේ යයි, ඔහුට කළයුතු වතාවත් කරන ලෙස ඇමතියන්ට අණ කෙළේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“තෙ දිස්වා පුඤ්ඤසඞ්කාසෙ, උභො ලක්ඛණසම්මතෙ; ඛලු සංයමනො රාජා, අමච්චෙ අජ්ඣභාසථ.
තමන්ගේ පිනට අවකාශ ඇති, ශ්‍රේෂ්ඨ සම්මත ඒ හංසයන් දෙදෙනා දැක අතිශය හික්මීමෙන් යුතු රජතුමා ඇමතියන්ට මෙසේ කීවේය.
“දෙථ ලුද්දස්ස වත්ථානි, අන්නං පානඤ්ච භොජනං; කාමංකරො හිරඤ්ඤස්ස, යාවන්තො එස ඉච්ඡතී”ති.
වැද්දාට වස්ත්‍ර ආහාර පාන භෝජන දෙව් ඔහුට රන් බඩු කැමැතිවන්නේ ඒ කැමැති දෙයක් දෙව්.
තත්ථ පුඤ්ඤසඞ්කාසෙති අත්තනො පුඤ්ඤසදිසෙ. ලක්ඛණසම්මතෙති සෙට්ඨසම්මතෙ අභිඤ්ඤාතෙ. ඛලූති නිපාතො, තස්ස “තෙ ඛලු දිස්වා”ති පුරිමපදෙන සම්බන්ධො. “දෙථා”තිආදීනි රාජා පසන්නාකාරං කරොන්තො ආහ. තත්ථ කාමංකරො හිරඤ්ඤස්සාති හිරඤ්ඤං අස්ස කාමකිරියා අත්ථු. යාවන්තොති යත්තකං එස ඉච්ඡති, තත්තකං හිරඤ්ඤමස්ස දෙථාති අත්ථො.
එහි පුඤ්ඤසංකාසෙ යනු තමන්ගේ පින හා සමාන. ලක්ඛඤ්ඤ සම්මතෙ යනු ශ්‍රේෂ්ඨ සම්මත යයි දැන ගන්නේ. ඛලූ යනු නිපාත පදයකි. ඔහුට, තෙ ඛලු දිස්වා යනු මුල් පදය හා සම්බන්ධ. දෙථා යනු ආදි රජුට ප්‍රසන්න ආකාරයක් කරමින් කීවේය. එහි කාමංකරො හිරඤ්ඤස්ස යනු ඔහුට රත්රන්වලින් කළයුතු කැමැති දෙයක් ඇද්ද? යාවන්තො යනු යම් පමණ හෙතෙම කැමැතිවේද? එපමණ රත්රන් ඔහුට දෙව් යන අර්ථයයි.
එවං පසන්නාකාරං කාරෙත්වා පීතිසොමනස්සාසමුස්සහිතො “ගච්ඡථ නං අලඞ්කරිත්වා ආනෙථා”ති ආහ. අථ නං අමච්චා රාජනිවෙසනා ඔතාරෙත්වා කප්පිතකෙසමස්සුං න්හාතානුලිත්තං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං කත්වා රඤ්ඤො දස්සෙසුං. අථස්ස රාජා සංවච්ඡරෙ සතසහස්සුට්ඨානකෙ ද්වාදස ගාමෙ ආජඤ්ඤයුත්තං රථං අලඞ්කතමහාගෙහඤ්චාති මහන්තං යසං දාපෙසි. සො මහන්තං යසං ලභිත්වා අත්තනො කම්මං පකාසෙතුං “න තෙ, දෙව, මයා යො වා සො වා හංසො ආනීතො, අයං පන නවුතියා හංසසහස්සානං රාජා ධතරට්ඨො නාම, අයං සෙනාපති සුමුඛො නාමා”ති ආහ . අථ නං රාජා “කථං තෙ, සම්ම, එතෙ ගහිතා”ති පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ පැහැදුණු ආකාර දක්වා ප්‍රීති සොම්නසින් ඔසවන ලද්දේ, යවු! හේ අලංකාර ලෙස රැගෙන එව් යයි කීවේය. ඉක්බිති හේ, ඇමතියන් රාජමන්දිරයෙන් බස්සවා, කපන ලද කෙස් රැවුල් ඇත්තේ ස්නානය කරවා ආලේප කරන ලද සියලු අලංකාරවලින් සරසවා, රජුට පෙන්වීය. ඉක්බිති ඔහුට රජු වර්ෂයක් පාසා, දසදහස් ස්ථානයක්හි ද. දොළොස් ගමෙහි, උසස් පැවතුම් ඇති, රථය ද, අලංකාර වූ මහා ගෘහයක් ද, මහත් වූ සම්පත් ද දුන්නේය. හෙතෙම මහත් සම්පත් ලැබ, තමන්ගේ ක්‍රියාව ප්‍රකාශ කිරීමට, රජු ද අපි ඒ හංසයා පමණක් ද නොව, අනූ දහසක් හංසයන් ද රැගෙන එන ලද්දේ රජු, ධතරාෂ්ට්‍ර නම් මේ සේනාපතියා, සුමුඛ නැමැයි කීවේය. ඉක්බිති ඔහුට රජු කෙසේ ඒ සියල්ල පිළිගන්නේදැයි විචාළේය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“දිස්වා ලුද්දං පසන්නත්තං, කාසිරාජා තදබ්රවි; යද්යායං සම්ම ඛෙමක, පුණ්ණා හංසෙහි තිට්ඨති.
කසී රට රජු පැහැදුණු මේ වැද්දා දැක මිත්‍ර ඛේමකය, ඉදින් අපගේ පොකුණ හංසයන්ගෙන් පිරී පවතී නම්,
“කථං රුචිමජ්ඣගතං, පාසහත්ථො උපාගමි; ඔකිණ්ණං ඤාතිසඞ්ඝෙහි, නිම්මජ්ඣිමං කථං ගහී”ති.
මනා දැකුම් ඇති හංසයන් මැද සිටියා වූ ද, හංසයන් විසින් පිරිවරන ලද්දා වූ ද, මේ හංස රාජයා වෙතට මල පුඩුව ගත් අත් ඇතිව ගියේ ද. නුඹ හංස රාජයා කෙසේ අල්ලා ගත්තේ ද?
තත්ථ පසන්නත්තන්ති පසන්නභාවං සොමනස්සප්පත්තං. යද්යායන්ති, සම්ම ඛෙමක, යදි අයං අම්හාකං පොක්ඛරණී නවුතිහංසසහස්සෙහි පුණ්ණා තිට්ඨති. කථං රුචිමජ්ඣගතන්ති එවං සන්තෙ ත්වං තෙසං රුචීනං පියදස්සනානං හංසානං මජ්ඣගතං එතං ඤාතිසඞ්ඝෙහි ඔකිණ්ණං. නිම්මජ්ඣිමන්ති නෙව මජ්ඣිමං නෙව කනිට්ඨං උත්තමං හංසරාජානං කථං පාසහත්ථො උපාගමි කථං ගණ්හීති.
[missing trans]
සො තස්ස කථෙන්තො ආහ –
හෙතෙම ඔහුට කියන්නේ මෙසේ කීවේය.
“අජ්ජ මෙ සත්තමා රත්ති, අදනානි උපාසතො; පදමෙතස්ස අන්වෙසං, අප්පමත්තො ඝටස්සිතො.
මොහු ගොදුරු ගන්නා තැන් සොයා යන්නා වූ මට දවස් හතක් ගතවිය. මම මොහුගේ පියවර සොයමින් වැට අයිනේ කූඩුවක සැඟවී ගත්තෙමි.
“අථස්ස පදමද්දක්ඛිං, චරතො අදනෙසනං; තත්ථාහං ඔදහිං පාසං, එවං තං දිජමග්ගහි”න්ති.
මොහු ගොදුරු සොයා යන පියවර මම දිටිමි. එහි උගුල තැබීමි. මෙසේ මේ පක්ෂියා අල්ලා ගත්තෙමි.
තත්ථ අදනානීති ආදානානි, ගොචරග්ගහණට්ඨානානීති අත්ථො, අයමෙව වා පාඨො. උපාසතොති උපගච්ඡන්තස්ස. පදන්ති ගොචරභූමියං අක්කන්තපදං. ඝටස්සිතොති චාටිපඤ්ජරෙ නිස්සිතො හුත්වා. අථස්සාති අථ ඡට්ඨෙ දිවසෙ එතස්ස අදනෙසනං චරන්තස්ස පදං අද්දක්ඛිං. එවං තන්ති එවං තං දිජං අග්ගහින්ති සබ්බං ගහිතොපායං ආචික්ඛි.
එහි අදදානී යනු ආහාරයෝය. ගොදුරු ගන්නා තැන් යන අර්ථයයි. මෙය ම පෙළපාඨය වේ. උපාසතො යනු සමීපයට එළඹෙන්නහුගේ පදං යනු ගොදුරු බිම ඉක්මවන ලද පියවර ඇත්තේ. ඝටිස්සිතො යනු වැටිය කෙළවර හුන්නේ. අථස්සා යනු අනතුරුව සයවෙනි දිනයේ මොහුට ආහාර පිණිස හැසිරෙන්නා වූ මොහුගේ පා සටහන් දුටුවෙමි. එවෙතං යනු මෙසේ ඒවා. දිජං අග්ගහිං සියළු ගන්නා ලද උපායන් කීවේ ය.
තං සුත්වා රාජා “අයං ද්වාරෙ ඨත්වා පටිවෙදෙන්තොපි ධතරට්ඨස්සෙවාගමනං පටිවෙදෙසි, ඉදානිපි එතං එකමෙව ගණ්හින්ති වදති, කිං නු ඛො එත්ථ කාරණ”න්ති චින්තෙත්වා ගාථමාහ –
ඒ අසා රජු මෙතෙම දොරටුවේ සිට දැනුම් දෙන්නේ නමුත්, ධතරාෂ්ට්රගේ ම නම දැනුම් දුන්නේ ය. දැනුත් මේ එයම ගත්තේය යයි කියයි. ඒ කාරණයට හේතුව කුමක්දැයි සිතා ගාථාව කීවේය.
“ලුද්ද ද්වෙ ඉමෙ සකුණා, අථ එකොති භාසසි; චිත්තං නු තෙ විපරියත්තං, අදු කිං නු ජිගීසසී”ති.
වැද්දාණෙනි, මෙහි පක්ෂීහූ දෙදෙනෙක් සිටිති. ඔබ එකෙක් ගැනම කියයි. තොපගේ සිත වෙනස් වීද, අනෙකා වෙන කෙනකුට දෙන්නට කැමැත්තේ ද?
තත්ථ විපරියත්තන්ති විපල්ලත්ථං. අදු කිං නු ජිගීසසීති උදාහු කිං නු චින්තෙසි, කිං ඉතරං ගහෙත්වා අඤ්ඤස්ස දාතුකාමො හුත්වා චින්තෙසීති පුච්ඡති.
එහි විපරියත්තං යනු විපර්යාසයට පැමිණි ආදුකින්නුජි ගිංසසී යනු නැතහොත් කිම සිතන්නේද අනෙකා ගෙන අනිකෙකුට දෙනු කැමැත්තේව සිට සිතුවේදැයි විචාරයි.
තතො ලුද්දො “න මෙ, දෙව, චිත්තං විපල්ලත්ථං, නාපි අහං ඉතරං අඤ්ඤස්ස දාතුකාමො, අපිච ඛො පන මයා ඔහිතෙ පාසෙ එකොව බද්ධො”ති ආවි කරොන්තො ආහ –
ඉක්බිති වැද්දා, දේවයන් වහන්ස, මගේ සිතෙහි විපර්යාසයක් නොමැත. වෙන කෙනෙකුට දෙන බවක අදහසක් ද නැත. මා විසින් බඳිනා ලද මලපුඩුව එකකුට ම බඳනා ලදැයි සිහිපත් කරමින් මෙසේ කීවේය.
“යස්ස ලොහිතකා තාලා, තපනීයනිභා සුභා; උරං සංහච්ච තිට්ඨන්ති, සො මෙ බන්ධං උපාගමි.
යම් පක්ෂියකුගේ රන්වන් රේඛා බබළමින් ගෙළ වටා ගොස් උදරයට හැපී සිටිද්ද, ඒ පක්ෂියාම මගේ බන්ධනයට පැමිණියේ ය.
“අථායං භස්සරො පක්ඛී, අබද්ධො බද්ධමාතුරං; අරියං බ්රුවානො අට්ඨාසි, චජන්තො මානුසිං ගිර”න්ති.
ඉක්බිති මේ ප්‍රභා සම්පන්න පක්ෂියා නොබඳිනා ලද්දේ, බඳිනා ලද ස්වාමියා සනසමින් මා සමග මිනිස් තෙපුලෙන් කථා කරමින් සිටියේ ය.
තත්ථ ලොහිතකාති රත්තවණ්ණා. ලාතාති රාජියො. උරං සංහච්චාති උරං ආහච්ච. ඉදං වුත්තං හොති – මහාරාජ, යස්සෙතා රත්තසුවණ්ණසප්පටිභාගා තිස්සො ලොහිතකා රාජියො ගීවං පරික්ඛිපිත්වා උරං ආහච්ච තිට්ඨන්ති, සො එකොව මම පාසෙ බන්ධං උපාගතොති. භස්සරොති පරිසුද්ධො පභාසම්පන්නො. ආතුරන්ති ගිලානං දුක්ඛිතං අට්ඨාසීති.
එහි ලොහිතකා යනු රතුපාට වර්ණැති. තාළා යනු රැස්. උරංසංහච්ච යනු උරහිස නිසා මෙය කියන ලද්දේ වෙයි. මහරජ, යමෙකුට මේ රතුපාට ස්වර්ණවර්ණ වූ මනාසේ පිහිටි රක්තවර්ණ රේඛා තුනක් ග්රීවය වටකොට උරහිස දක්වා තිබේ. හෙතෙම හුදෙකලාව මගේ පාසයට බඳනා ලද්දේ පැමිණියේය යනුයි. භස්සරො යනු පිරිසිදු, ප්‍රභාසම්පන්න. ආතුරං යනු දුකට පත් ගිලන් වූ. අට්ඨාසී යනු.
අථ ධතරට්ඨස්ස බද්ධභාවං ඤත්වා නිවත්තිත්වා එතං සමස්සාසෙත්‍වා මමාගමනකාලෙ ච පච්චුග්ගමනං කත්වා ආකාසෙයෙව මයා සද්ධිං මධුරපටිසන්ථාරං කත්වා මනුස්සභාසාය ධතරට්ඨස්ස ගුණං කථෙන්තො අට්ඨාසි, මම හදයං මුදුකං කත්වා පුන එතස්සෙව පුරතො අට්ඨාසි. අථාහං, දෙව, සුමුඛස්ස සුභාසිතං සුත්වා පසන්නචිත්තො ධතරට්ඨං විස්සජ්ජෙසිං, ඉති ධතරට්ඨස්ස පාසතො මොක්ඛො, ඉමෙ හංසෙ ආදාය මම ඉධාගමනඤ්ච සුමුඛෙනෙව කතන්ති. එවං සො සුමුඛස්ස ගුණකථං කථෙසි. තං සුත්වා රාජා සුමුඛස්ස ධම්මකථං සොතුකාමො අහොසි. ලුද්දපුත්තස්ස සක්කාරං කරොන්තස්සෙව සූරියො අත්ථඞ්ගතො, දීපා පජ්ජලිතා, බහූ ඛත්තියාදයො සන්නිපතිතා, ඛෙමා දෙවීපි විවිධනාටකපරිවාරා රඤ්ඤො දක්ඛිණපස්සෙ නිසීදි. තස්මිං ඛණෙ රාජා සුමුඛං කථාපෙතුකාමො ගාථමාහ –
ධතරාෂ්ට්‍ර බඳිනා ලද බව දැන නැවතී මෙහිම අස්වසා මා පැමිණෙන කාලයේ පෙර ගමන් කොට අහසේ දී මා සමග පිළිසඳර කථාකොට මිනිස් භාෂාවෙන් ධතරාෂ්ට්රගේ ගුණ ප්‍රකාශ කරමින් සිටියේය. මගේ හදවත මෘදු කොට නැවත ඔහුගේ ඉදිරියේ සිටියේය. දේවයන් වහන්ස, ඉක්බිති මම සුමුඛගේ සුභාෂිත වචන අසා, පැහැදුණු සිත් ඇත්තේ, ධතරාෂ්ට්රව පිටත් කෙළේය. මෙසේ ධතරාෂ්ට්‍ර මලපුඩුවෙන් මිදුණේ, මේ හංසයන් රැගෙන මගේ මෙහි පැමිණීම ද, සුමුඛ විසින් ම කරන ලදි. මෙසේ ඔහු සුමුඛගේ ගුණ කියන ලදි. ඒ අසා රජු සුමුඛගේ දැහැමි කථාව අසනු කැමැත්තේ විය. වැදි පුත්‍රයාට සත්කාර කරන්නේ ම සූර්යයා අවරට ගියේය. පහන් දැල්වූවෝ බොහෝ ක්ෂත්රියෝ රැස්වූවෝ ඛේමා දේවිය, ත්‍රිවිධ නාටිකාවෝ පිරිවරන ලද්දී රජුගේ දකුණු පැත්තේ හුන්නාය. එකෙණෙහි රජු සුමුඛට කථාකරනු කැමැත්තේ ගාථාව කීවේය.
“අථ කිං දානි සුමුඛ, හනුං සංහච්ච තිට්ඨසි; අදු මෙ පරිසං පත්තො, භයා භීතො න භාසසී”ති.
සුමුඛය, එසේ ඇතිකල්හි ඔබ දැන් නො දොඩා සිටින්නේ ඇයි? මගේ මේ පිරිස දැක බියෙන් කථා නො කරන්නේ ද?
තත්ථ හනුං සංහච්චාති මධුරකථො කිර ත්වං, අථ කස්මා ඉදානි මුඛං පිධාය තිට්ඨසි. අදූති කච්චි. භයා භීතොති පරිසසාරජ්ජභයෙන භීතො හුත්වා.
එහි සංහච්චා යනු මිහිරිකථා ඇති නුඹ කුමක් නිසා දැන් මුව වසාගෙන සිටින්නෙහිද? ආදු යනු කිසිවෙකු. භයාභීතො යනු පිරිස රජුට බියෙන් බියට පත්වී.
තං සුත්වා සුමුඛො අභීතභාවං දස්සෙන්තො ගාථමාහ –
ඒ අසා සුමුඛ අභීත බව දක්වමින් කීවේ ය.
“නාහං කාසිපති භීතො, ඔගය්හ පරිසං තව; නාහං භයා න භාසිස්සං, වාක්යං අත්ථස්මිං තාදිසෙ”ති.
කසී රට අධිපතිය, මම ඔබගේ පිරිස මැද බිය නො වෙමි. කථා නො කරන්නේ ද නො වෙමි. සුදුසු අවස්ථාවේ කථා කරමි.
තත්ථ තාදිසෙති අපිච ඛො පන තථාරූපෙ අත්ථෙ උප්පන්නෙ වාක්යං භාසිස්සාමීති වචනොකාසං ඔලොකෙන්තො නිසින්නොම්හීති අත්ථො.
එහි තාදිසෙ යනු තව ද, එබඳු ආකාර අර්ථයක් උපන් කල්හි කථා කරන්නෙමි කියන්නෙමි. සුදුසු අවස්ථාවක් බලමින් හුන්නේ වෙමි යන අර්ථයි.
තං සුත්වා රාජා තස්ස කථං වඩ්ඪෙතුකාමතාය පරිහාසං කරොන්තො ආහ –
ඒ අසා රජු ඔහුගේ කථාව වඩනු කැමැත්තේ කවටකම් කරමින් කීවේ ය.
“න තෙ අභිසරං පස්සෙ, න රථෙ නපි පත්තිකෙ; නාස්ස චම්මංව කීටං වා, වම්මිතෙ ච ධනුග්ගහෙ.
ඔබට රැකවරණ කරන පිරිසක් නො දකිමි. රථ ද පාබල සෙනගක් ද නො දකිමි. ඊපහර වළකන සමක් හෝ යුද සැට්ටයක් නො දකිමි. ධනුර්ධරයන් ද නො දකිමි.
“න හිරඤ්ඤං සුවණ්ණං වා, නගරං වා සුමාපිතං; ඔකිණ්ණපරිඛං දුග්ගං, දළ්හමට්ටාලකොට්ඨකං; යත්ථ පවිට්ඨො සුමුඛ, භායිතබ්බං න භායසී”ති.
අමුරන් රත්රන් නොමැත. මනාසේ ස්ථාපිත නගරයක් ද නැත දියඅගල් වටකොට පවුරු, දැඩි අට්ටාල කොටු ද නොමැත. සුමුඛය, යම්තැනකට පිවිසියේ ද, බියවිය යුත්තෙහි බිය නොවේද, එබඳු තැනක් නො දකිමි. රජු කීය.
තත්ථ අභිසරන්ති රක්ඛණත්ථාය පරිවාරෙත්වා ඨිතං ආවුධහත්ථං පරිසං තෙ න පස්සාමි. නාස්සාති එත්ථ අස්සාති නිපාතමත්තං. චම්මන්ති සරපරිත්තාණචම්මං. කීටන්ති කීටං චාටිකපාලාදි වුච්චති. චාටිකපාලහත්ථාපි තෙ සන්තිකෙ නත්ථීති දීපෙති. වම්මිතෙති චම්මසන්නද්ධෙ. න හිරඤ්ඤන්ති යං නිස්සාය න භායසි, තං හිරඤ්ඤම්පි තෙ න පස්සාමි.
එහි අභිසරං යනු රැකීම පිණිස පිරිවරා සිටි ආයුධ ගත් අත් ඇති පිරිස ඔවුන් නො දකිමි. නාස්සා යනු මෙහි අස්ස යනු නිපාත මාත්‍රයකි. චම්මං යනු ඊතල සවිකළ සන්නාහයයි. කීටං යනු සැළිය සැළි පාලකයා කියනු ලැබේ. සැළි පාලකයා අත් ඇතිව ඔවුහු සමීපයේ නැතැයි අර්ථ දක්වයි. වම්මිතෙ යනු සන්නාහ සන්නද්ධ. නහිරඤ්ඤං යනු යමක් නිසා බිය නොවන්නෙහිද? හේ අමුරන් ද ඔවුහු නොබලමි.
එවං රඤ්ඤා “කිං තෙ අභායනකාරණ”න්ති වුත්තෙ තං කථෙන්තො ආහ –
මෙසේ රජු විසින් කිම ඔබට බිය නොවන කරුණක් යයි කී කල්හි ඔහුට මෙසේ කීවේය.
“න මෙ අභිසරෙනත්ථො, නගරෙන ධනෙන වා; අපථෙන පථං යාම, අන්තලික්ඛෙචරා මයං.
මට රැකවරණ සපයන පිරිසෙන් වැඩක් නැත. නුවරින් හෝ ධනයෙන් ද වැඩක් නැත. අහසින් යන අපි අමාර්ගයෙන් මාර්ගය තනාගෙන යමු.
“සුතා ච පණ්ඩිතා ත්යම්හා, නිපුණා චත්ථචින්තකා; භාසෙමත්ථවතිං වාචං, සච්චෙ චස්ස පතිට්ඨිතො.
අප නුවණැත්තෝ ය. දක්ෂයෝ ය. කරුණු සිතන්නෝ යයි ඔබ විසින් අසන ලද්දේ නම් ඔබ සත්‍යයෙහි පිහිටි කෙනෙක් වන්නෙහි නම් අර්ථ සහිත වචනයක් කියන්නෙමි.
“කිඤ්ච තුය්හං අසච්චස්ස, අනරියස්ස කරිස්සති; මුසාවාදිස්ස ලුද්දස්ස, භණිතම්පි සුභාසිත”න්ති.
සත්‍ය විරහිත වූ, අනාර්ය වූ, රෞද්‍ර ගති ඇති ඔබට කියන ලද සුභාෂිතයෙන් වුවත් කවරනම් යහපතක් සලසා ද?
තත්ථ අභිසරෙනාති ආරක්ඛපරිවාරෙන. අත්ථොති එතෙන මම කිච්චං නත්ථි. කස්මා? යස්මා අපථෙන තුම්හාදිසානං අමග්ගෙන පථං මාපෙත්වා යාම, ආකාසචාරිනො මයන්ති. පණ්ඩිතා ත්යම්හාති පණ්ඩිතාති තයා සුතාම්හා, තෙනෙව කාරණෙන අම්හාකං සන්තිකා ධම්මං සොතුකාමො කිර නො ගාහාපෙසි. සච්චෙ චස්සාති සචෙ පන ත්වං සච්චෙ පතිට්ඨිතො අස්ස, අත්ථවතිං කාරණනිස්සිතං වාචං භාසෙය්යාම. අසච්චස්සාති වචීසච්චරහිතස්ස තව සුභාසිතං මුණ්ඩස්ස දන්තසූචි විය කිං කරිස්සති.
එහි අභිසරෙනා යනු ආරක්ෂක පිරිවරින්. අත්ථො යනු මෙයින් මට වැඩක් නැත. කුමක් නිසාද? අපථෙන නුඹලා දිශාවන්හි අමාර්ගයෙන් මාර්ගයක් මවා ගමන් කරමු. අපි ආකාශචාරී වෙමු යනුවෙනි. පණ්ඩිතා ත්යම්හා යනු පණ්ඩිතයෝ යනු ඔබ විසින් කියන ලද අයුරින් ඒ කාරණයෙන් අපගේ සමීපයෙන් බණ අසනු කැමැත්තේ අපව ගෙන්වා ගත්තේය. සච්චෙචස්ස යනු ඉදින් ඔබ සත්‍යයෙහි පිහිටියේ, ඔහුට අර්ථවත් කාරණා ඇසුරුකොට වචන භාවිතා කරන්නෙමු. අසච්චස්සා යනු සත්‍ය රහිත වූ ඔබට සුභාෂිත වචන ඇසීමෙන් කවර ප්‍රයෝජන ය.
තං සුත්වා රාජා “කස්මා මං මුසාවාදී අනරියොති වදසි, කිං මයා කත”න්ති ආහ. අථ නං සුමුඛො “තෙන හි, මහාරාජ, සුණාහී”ති වත්වා ආහ –
ඒ අසා රජතුමා කුමක් නිසා මට මුසාවාදියෙක් අනාර්යයෙක් යයි කියන්නේ ද? මා විසින් කුමක් කරන ලදදැයි කීවේය. ඉක්බිති ඔහුට සුමුඛ එසේ වීනම් අසවයි කියා කීවේය.
“තං බ්රාහ්මණානං වචනා, ඉමං ඛෙමමකාරයි; අභයඤ්ච තයා ඝුට්ඨං, ඉමායො දසධා දිසා.
මහරජ, ඔබ බමුණන්ගේ වචන අසා මේ ඛේම නම් විල තැනුවේය. ඔබ විසින් දස දිසාවේ ම අභය දානය ප්‍රකාශ කරන ලදි.
“ඔගය්හ තෙ පොක්ඛරණිං, විප්පසන්නොදකං සුචිං; පහූතං චාදනං තත්ථ, අහිංසා චෙත්ථ පක්ඛිනං.
ඔබගේ පොකුණට බැස පිරිසිදු වූ, ප්‍රසන්න වූ ජලය ද, බොහෝ ආහාර ද ලබන්නා වූ පක්ෂීන්ට හිංසාවක් නැතැයි ඔබ විසින් ප්‍රකාශ කරන ලදි.
“ඉදං සුත්වාන නිග්ඝොසං, ආගතම්හ තවන්තිකෙ; තෙ තෙ බද්ධස්ම පාසෙන, එතං තෙ භාසිතං මුසා.
මෙය අසා ඔබ කරවන ලද විලට ආවෙමු. ඒ අපි ගේ පාසයෙන් බැඳුනෙමු.
“මුසාවාදං පුරක්ඛත්වා, ඉච්ඡාලොභඤ්ච පාපකං; උභොසන්ධිමතික්කම්ම, අසාතං උපපජ්ජතී”ති.
මුසාවාදය පෙරදැරිකොට, ඉච්ඡා සංඛ්‍යාත ලෝභය කොට දෙව් මිනිස් ප්රතිසන්ධි ඉක්මවා නිරයෙහි උපදින්නේ ය.
තත්ථ තන්ති ත්වං. ඛෙමන්ති එවංනාමිකං පොක්ඛරණිං. ඝුට්ඨන්ති චතූසු කණ්ණෙසු ඨත්වා ඝොසාපිතං. දසධාති ඉමාසු දසධා ඨිතාසු දිසාසු තයා අභයං ඝුට්ඨං. ඔගය්හාති ඔගාහෙත්වා ආගතානං සන්තිකා. පහූතං චාදනන්ති පහූතඤ්ච පදුමපුප්ඵසාලිආදිකං අදනං. ඉදං සුත්වානාති තෙසං තං පොක්ඛරණිං ඔගාහෙත්වා ආගතානං සන්තිකා ඉදං අභයං සුත්වා තවන්තිකෙ තව සමීපෙ තයා කාරිතපොක්ඛරණිං ආගතාම්හාති අත්ථො. තෙ තෙති තෙ මයං තව පාසෙන බද්ධා. පුරක්ඛත්වාති පුරතො කත්වා . ඉච්ඡාලොභන්ති ඉච්ඡාසඞ්ඛාතං පාපකං ලොභං. උභොසන්ධින්ති උභයං දෙවලොකෙ ච මනුස්සලොකෙ ච පටිසන්ධිං ඉමෙ පාපධම්මෙ පුරතො කත්වා චරන්තො පුග්ගලො සුගතිපටිසන්ධිං අතික්කමිත්වා අසාතං නිරයං උපපජ්ජතීති.
එහි තං යනු නුඹයි. ඛෙමිං යනු එම නම් ඇති පොකුණයි. ඝුට්ඨං යනු කොන් සතරේ සිට ඝෝෂා කරන ලදි. දසධා යනු මේ දශ දිශාවල සිටියේ ඔබ විසින් අභය දෙන ලදි. ඔගය්හා යනු බැස ආවාවුන්ගේ සමීපයේ. පහූතඤ්චාදනං යනු බොහෝ නෙළුම් උපුල් සැල් ආදි ආහාර. ඉදං සුත්වානා යනු ඔවුන් ඔබගේ පොකුණට බැස ආවාවුන්ගේ සමීපයට මේ අභය ගැන අසා. තවන්තිකෙ යනු ඔබගේ සමීපයේ ඔබ විසින් කරන ලද පොකුණට ආවෙමු යන අර්ථයයි. තෙ තෙ යනු ඒ අපි ඔබගේ මල පුඩුවෙන් බඳනා ලද්දේ. පුරක්ඛත්වා යනු පෙරටුකොට, ඉච්ඡාලොභං යනු කැමැත්ත සංඛ්‍යාත පාපී වූ ලෝභකමයි. උභොසන්ධිං යනු දිව්‍ය ලෝකය ද, මනුෂ්‍ය ලෝකය ද යන දෙකේ පිළිසිඳ ගැනීම මේ පාපී ධර්මයම පෙරටු කොට හැසිරෙන පුද්ගලයා සුගතිගාමී ප්රතිසන්ධිය ඉක්මවා. අඝාතං යනු නිරයේ උපදියි යනුවෙනි.
එවං පරිසමජ්ඣෙයෙව රාජානං ලජ්ජාපෙසි. අථ නං රාජා “නාහං, සුමුඛ, තුම්හෙ මාරෙත්වා මංසං ඛාදිතුකාමො ගණ්හාපෙසිං, පණ්ඩිතභාවං පන වො සුත්වා සුභාසිතං සොතුකාමො ගණ්හාපෙසි”න්ති පකාසෙන්තො ආහ –
මෙසේ පිරිස මැදදී ම රජුට ලජ්ජා ඉපදවීය. ඉක්බිති ඔහුට රජතුමා, මම සුමුඛයා, නුඹ මරා මස්කෑමට කැමැත්තෙන් නොගත්තෙමි. ඔබගේ උගත්කම ගැන අසා, සුභාෂිත බව අසනු කැමැත්තේ, අල්ලා ගත්තෝයි ප්‍රකාශ කරමින් කීවේය.
“නාපරජ්ඣාම සුමුඛ, නපි ලොභාව මග්ගහිං; සුතා ච පණ්ඩිතාත්යත්ථ, නිපුණා අත්ථචින්තකා.
සුමුඛය, ලෝභකමක් නොසිතුවෙමු. ඔබව නොමරමු. නිපුණ වූ ශ්‍රැතවත් වූ, අර්ථදායක වූ චින්තනයක් ඔබට ඇතැයි අසන ලද්දේ වෙමි.
“අප්පෙවත්ථවතිං වාචං, බ්යාහරෙය්යුං ඉධාගතා; තථා තං සම්ම නෙසාදො, වුත්තො සුමුඛ මග්ගහී”ති.
මෙහි අර්ථවත් වචන දොඩමළු වන්නේ නම් යහපති. එසේ ධර්මය අසනු සඳහා මා විසින් කියන ලදුව වැද්දා තොප අල්ලා ගත්තේ ය.
තත්ථ නාපරජ්ඣාමාති මාරෙන්තො අපරජ්ඣති නාම, මයං න මාරෙම. ලොභාව මග්ගහින්ති මංසං ඛාදිතුකාමො හුත්වා ලොභාව තුම්හෙ නාහං අග්ගහිං. පණ්ඩිතාත්යත්ථාති පණ්ඩිතාති සුතා අත්ථ. අත්ථචින්තකාති පටිච්ඡන්නානං අත්ථානං චින්තකා. අත්ථවතින්ති කාරණනිස්සිතං. තථාති තෙන කාරණෙන. වුත්තොති මයා වුත්තො හුත්වා. සුමුඛ, මග්ගහීති, සුමුඛාති ආලපති, ම-කාරො පදසන්ධිකරො. අග්ගහීති ධම්මං දෙසෙතුං තුම්හෙ ගණ්හි.
එහි නාපරජ්ඣාමා යනු මියයන්ගේ පරාද නොවෙයි නම් අපි නොමැරෙමු. ලොභාවමග්ගහිං යනු මස් කනු කැමැත්තේ සිට ලෝභයක් හෝ නුඹ කෙරෙහි නූපදවීමි. පණ්ඩිතාත්යාත්ථා යනු පණ්ඩිතයෝ යයි අසන ලදි. අත්ථචින්තකා යනු වසාතබන ලද අර්ථයන්ගේ සිතිවිල්ල. අත්ථවතිං යනු කරුණු ඇසුරුකොට. තථා යනු එම කාරණයෙන්. වුත්තො යනු මා විසින් කියන ලද අර්ථය වී. සුමුඛමග්ගහී යනු ආමන්ත්‍රණය කරයි ‘ම’ කාරය සන්ධිය සඳහා ය. අග්ගහී යනු ධර්මය දේශනා කරවනු පිණිස නුඹ ගත්තේය.
තං සුත්වා සුමුඛො “සුභාසිතං සොතුකාමෙන අයුත්තං තෙ කතං, මහාරාජා”ති වත්වා ආහ –
ඒ අසා සුමුඛ සුභාෂිත අසනු කැමැත්තන් විසින් ඔබ අයුක්තියක් කරන ලදි. මහරජ, යයි පවසා කීවේය.
“නෙව භීතා කාසිපති, උපනීතස්මිං ජීවිතෙ; භාසෙමත්ථවතිං වාචං, සම්පත්තා කාලපරියායං.
කසීරට අධිපතිය, ජීවිතයේ මරණාසන්නයට පැමිණියෙමි. බිය නොවෙමි. මරණාසන්නයට පැමිණියත් අර්ථවත් යමක් ප්‍රකාශ කරමි.
“යො මිගෙන මිගං හන්ති, පක්ඛිං වා පන පක්ඛිනා; සුතෙන වා සුතං කිණ්යා, කිං අනරියතරං තතො.
යමෙක් දීපක මුවෙකු උපයෝගී කරගෙන මුවෙකු නසයි ද, දීපක පක්ෂියෙකු නිසා පක්ෂියෙකු මරයි ද, නිර්භය යයි ප්‍රසිද්ධ විලකින්, ධර්ම කථිකයකු යයි අසන ලද කෙනෙකුට හිංසා කරයි ද, එය අනාර්ය වන්නේ ය.
“යො චාරියරුදං භාසෙ, අනරියධම්මවස්සිතො; උභො සො ධංසතෙ ලොකා, ඉධ චෙව පරත්ථ ච.
අනාර්ය ධර්මයෙහි පිහිටියේ යම් සුන්දර වදනක් කියන්නේද? හෙතෙම මෙලොව පරලොව දෙලොවම ජයගනියි.
“න මජ්ජෙථ යසං පත්තො, න බ්යාධෙ පත්තසංසයං; වායමෙථෙව කිච්චෙසු, සංවරෙ විවරානි ච.
යමෙක් යසසට පැමිණ මත් නොවන්නේ ද, ජීවිත සංසයට පැමිණිය ද චිත්ත පීඩාවට පත් නොවන්නේ ද, කටයුතුවල උත්සාහ කරන්නේ ද තමන්ගේ සිදුරු වසන්නේ ද,
“යෙ වුද්ධා අබ්භතික්කන්තා, සම්පත්තා කාලපරියායං; ඉධ ධම්මං චරිත්වාන, එවංතෙ තිදිවං ගතා.
යමෙක් ගුණවෘද්ධ වූයේ, මිනිස්ලොව ඉක්මවා ජීවිත කෙළවරට පැමිණෙත්ද? මෙසේ කුසල ධර්මයෙහි හැසිර ඔවුහු දෙව්ලොව පැමිණියාහු වෙති.
“ඉදං සුත්වා කාසිපති, ධම්මමත්තනි පාලය; ධතරට්ඨඤ්ච මුඤ්චාහි, හංසානං පවරුත්තම”න්ති.
කසී රජුනි, මෙය අසා තමන් කෙරෙහි ධර්මය රැකගනුව. කීර්තිමත් වූ ධතරාෂ්ට්‍ර නම් හංස රජුව නිදහස් කරන්න.
තත්ථ උපනීතස්මින්ති මරණසන්තිකං උපනීතෙ. කාලපරියායන්ති මරණකාලවාරං සම්පත්තා සමානා න භාසිස්සාම. න හි ධම්මකථිකං බන්ධිත්වා මරණභයෙන තජ්ජෙත්වා ධම්මං සුණන්ති, අයුත්තං තෙ කතන්ති. මිගෙනාති සුට්ඨු සික්ඛාපිතෙන දීපකමිගෙන. හන්තීති හනති. පක්ඛිනාති දීපකපක්ඛිනා. සුතෙනාති ඛෙමං නිබ්භයන්ති විස්සුතෙන දීපකමිගපක්ඛිසදිසෙන පදුමසරෙන. සුතන්ති “පණ්ඩිතො චිත්රකථී”ති එවං සුතං ධම්මකථිකං. කිණ්යාති “ධම්මං සොස්සාමී”ති පාසබන්ධනෙන යො කිණෙය්ය හිංසෙය්ය බාධෙය්ය. තතොති තෙසං කිරියතො උත්තරි අඤ්ඤං අනරියතරං නාම කිමත්ථි.
එහි උපනීතස්මිං යනු මරණාසන්නයට එළඹුණු කල්හි කාලපරියායං යනු මරණයේ කෙළවරට පැමිණියේ සමාන වදන් නොකියන්නෙමු. ධර්ම කථිකයකු නොබැඳ මරණ බියෙන් තර්ජනය කොට බණ ඇසීම යුක්ති ධර්මයක් නොවේ. මිගෙන යනු මැනවින් හික්මවන ලද්දේ දීපක මුවකු විසින්. හන්ති යනු නසති. පක්ඛිණා යනු පක්ෂියකු මෙන්. සුතෙන යනු ඛේම නිර්භය ප්‍රකට වූ බැවින් දිවි මිග පක්ෂීන් හා සමාන පියුම් විලෙන්. සුතං යනු පණ්ඩිත විසිතුරු කථා ඇති ධර්ම කථිකයා මෙසේ අසන ලදි. කිණෙ යනු ධර්මය අසන්නෙමියි මලපුඩු බැඳීමෙන් හෝ යමෙක් මිලදී ගන්නේ ද, හිංසා කරන්නේ ද, බාධා කරන්නේ ද? තතො යනු ඔවුන්ගේ ක්‍රියාවට පෙර, අන්‍ය වූ අනාර්යකර වූ කුමක් ඇත්ද?
අරියරුදන්ති මුඛෙන අරියවචනං සුන්දරවචනං භාසති. අනරියධම්මවස්සිතොති කම්මෙන අනරියධම්මං අවස්සිතො. උභොති දෙවලොකා ච මනුස්සලොකා චාති උභයම්හා. ඉධ චෙවාති ඉධ උප්පන්නොපි පරත්ථ උප්පන්නොපි එවරූපො ද්වීහි සුගතිලොකෙහි ධංසිත්වා නිරයමෙව උපපජ්ජති. පත්තසංසයන්ති ජීවිතසංසයමාපන්නම්පි දුක්ඛං පත්වා න කිලමෙය්ය. සංවරෙ විවරානි චාති අත්තනො ඡිද්දානි ද්වාරානි සංවරෙය්ය පිදහෙය්ය. වුද්ධාති ගුණවුද්ධා පණ්ඩිතා. අබ්භතික්කන්තාති ඉමං මනුස්සලොකං අතික්කන්තා. කාලපරියායන්ති මරණකාලපරියායං පත්තා හුත්වා. එවංතෙති එවං එතෙ. ඉදන්ති ඉදං මයා වුත්තං අත්ථනිස්සිතං වචනං. ධම්මන්ති පවෙණියධම්මම්පි සුචරිතධම්මම්පි.
අරියරුදං යනු මුවින් ආර්ය වචන සුන්දර වචන ප්‍රකාශ කරයි. ධම්මමවස්සිතො යනු ක්‍රියාවෙන් අනාර්ය ධර්ම ඇසුරුකොට ඇති. උභො යනු දිව්‍යලෝක ද මනුෂ්‍යලෝක ද යන දෙලොවින්ම. ඉධච්චො යනු මෙලොව උපන්නේ ද, පරලොව උපන්නේ ද, මෙබඳු ආකාර වූ සුගති ලෝක දෙකේ ම දුරුකොට, අපායේම උපදියි. පත්තසංසයං යනු ජීවිතය සැකය පමණකුදු දුකකට පැමිණ, පීඩාවට පත් නොවන්නේය. සංවරෙ විවරානිචා යනු තමන්ගේ සිදුරු වසා, සිදුරු වසන්නේය. වද්ධා යනු ගුණවෘද්ධ වූ පණ්ඩිතයෝ. අබ්භ තික්කන්තා යනු මේ මිනිස්ලොව ඉක්මවා. පරියායං යනු මරණ කාලය අවසානයට පැමිණ සිට. එවෙතෙ යනු මේ ඒ පිරිස. ඉදං යනු මා විසින් කියන ලද, අර්ථ නිශ්රිත වචන. ධම්මං යනු කුලසිරිත් ද, සුචරිත ධර්මය ද වේ.
තං සුත්වා රාජා ආහ –
ඒ අසා රජතුමා කීවේය.
“ආහරන්තුදකං පජ්ජං, ආසනඤ්ච මහාරහං; පඤ්ජරතො පමොක්ඛාමි, ධතරට්ඨං යසස්සිනං.
මාහැඟි ආසන ද, පාවහන් ද, පා දෝනා දිය ද ගෙන ඒවා, කීර්තිය ඇති, ධතරට්ඨව කූඩුවෙන් මුදාහරිමි.
“තඤ්ච සෙනාපතිං ධීරං, නිපුණං අත්ථචින්තකං; යො සුඛෙ සුඛිතො රඤ්ඤො, දුක්ඛිතෙ හොති දුක්ඛිතො.
නුවණැති, පුහුණු වූ, අර්ථදායක, ධීරවන්ත වූ, සැපතෙහි සුවපත් වූ දුකේදී දුක් වූ, යහපත සිතන්නා වූ ඒ සේනාපතියා ද මුදන්නෙමි.
“එදිසො ඛො අරහති, පිණ්ඩමස්නාතු භත්තුනො; යථායං සුමුඛො රඤ්ඤො, පාණසාධාරණො සඛා”ති.
ස්වාමියාට සුදුසු ආහාර ද, මේ අයුරින් ලබාදීමට සුදුසු වෙයි. මෙසේ මේ සුමුඛ තෙම හංස රජුගේ ප්‍රාණ හා සමාන මිත්‍රයෙක් වේද එබැවිනි.
තත්ථ උදකන්ති පාදධොවනං. පජ්ජන්ති පාදබ්භඤ්ජනං. සුඛෙති සුඛම්හි සති.
එහි උදකං යනු පාද ධෝවන ජලයයි. පජ්ජං යනු පාද රැකවරණ පාවහන් වේ. සුඛෙ යනු සැප ඇතිකල්හි,
රඤ්ඤො වචනං සුත්වා තෙසං ආසනානි ආහරිත්වා තත්ථ නිසින්නානං ගන්ධොදකෙන පාදෙ ධොවිත්වා සතපාකෙන තෙලෙන අබ්භඤ්ජිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජුගේ වචන අසා, ඔවුන්ට ආසන ද ගෙනවුත්, එහි හුන්නවුන්ට සුවඳපැන්වලින් පා සෝදවා සියක් වරක් සිඳින ලද තෙල්වලින් සම්බාහනය කළහ. ශාස්තෲන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරමින් මෙසේ වදාළ සේක;
“පීඨඤ්ච සබ්බසොවණ්ණං, අට්ඨපාදං මනොරමං; මට්ඨං කාසිකමත්ථන්නං, ධතරට්ඨො උපාවිසි.
පා අටක් ඇති සිත්කළු, සියළු ලෙස ස්වර්ණ වර්ණ ඇති. කසී වස්ත්‍රවලින් සකස් කරන ලද මෙට්ටයක් ද සහිත වූ පුටුවේ ධතරට්ඨ හිඳගත්තේ ය.
“කොච්ඡඤ්ච සබ්බසොවණ්ණං, වෙය්යග්ඝපරිසිබ්බිතං; සුමුඛො අජ්ඣුපාවෙක්ඛි, ධතරට්ඨස්සනන්තරා.
ව්යාඝ්ර සමින් කරවන ලද රන්වන්පාටින් බබළන කොච්ඡ නම් පුටුවේ සුමුඛ තෙමේ ධතරට්ඨව පසුව හිඳගත්තේ ය.
“තෙසං කඤ්චනපත්තහි, පුථූ ආදාය කාසියො; හංසානං අභිහාරෙසු, අග්ගරඤ්ඤො පවාසිත”න්ති.
රජු විසින් පඬුරු පිණිස එවන ලද උතුම් භෝජනය කසී රටවැසියන් විසින් රන් බඳුන්වලින් ගෙනවුත් හංසයන්ට පිදූහ.
තත්ථ මට්ඨන්ති කරණපරිනිට්ඨිතං. කාසිකමත්ථන්නන්ති කාසිකවත්ථෙන අත්ථතං. කොච්ඡන්ති මජ්ඣෙ සංඛිත්තං. වෙය්යග්ඝපරිසිබ්බිතන්ති බ්යග්ඝචම්මපරිසිබ්බිතං මඞ්ගලදිවසෙ අග්ගමහෙසියා නිසින්නපීඨං. කඤ්චනපත්තෙහීති සුවණ්ණභාජනෙහි. පුථූති බහූ ජනා. කාසියොති කාසිරට්ඨවාසිනො. අභිහාරෙසුන්ති උපනාමෙසුං. අග්ගරඤ්ඤො පවාසිතන්ති අට්ඨසතපලසුවණ්ණපාතිපරික්ඛිත්තං හංසරඤ්ඤො පණ්ණාකාරත්ථාය කාසිරඤ්ඤා පෙසිතං නානග්ගරසභොජනං.
එහි මට්ඨං යනු මැනවින් ඔපමට්ටම් කරන ලද. කාසික පත්ථිණ්ණං යනු කසීරට වස්ත්‍රවලින් මැනවින් සකස් කරන ලද. කොච්ඡං යනු මැද සකස් කළ ව්යාඝ්ර සම්වලින් මැනවින් සැකසූ අගමෙහෙසිය මංගල දිනයේ හිඳිනා ලද පුටුව ද. කඤ්චන පත්තෙහි යනු රන්වන් භාජනවලින්. පුථු යනු මහජනතාවයි. කාසියො යනු කසීරටවාසීහු. අභිහාරෙසුං යනු එළඹවූහ. අග්ගරඤ්ඤො පවාසිතං යනු අටසියයක් රන් භාජනවලින් වටකරන ලද, හංසරජුගේ පඬුරු පුදකිරීම පිණිස කාසිරට රජු විසින් එවන ලද නොයෙක් මාහැඟි රස ආහාර ද වේ.
එවං උපනීතෙ පන තස්මිං කාසිරාජා තෙසං සම්පග්ගහත්ථං සයං සුවණ්ණපාතිං ගහෙත්වා උපනාමෙසි. තෙ තතො මධුලාජෙ ඛාදිත්වා මධුරොදකඤ්ච පිවිංසු. අථ මහාසත්තො රඤ්ඤො අභිහාරඤ්ච පසාදඤ්ච දිස්වා පටිසන්ථාරමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඒවා මෙසේ පිරිනැමූ කල්හි, කසීරජු ඔවුන්ට සංග්‍රහ කිරීමට තෙමේ රන් පාත්‍රයක් ගෙන පැමිණියේය. අනතුරුව මී විළඳ අනුභව කොට මිහිරි වතුර පානය කළහ. ඉක්බිති බෝසත්තෙම, රජුගේ විශේෂ පුදපූජා ද පැහැදීම ද දැක පිළිසඳර කථා කෙළේය. ඒ බව ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළහ;
“දිස්වා අභිහටං අග්ගං, කාසිරාජෙන පෙසිතං; කුසලො ඛත්තධම්මානං, තතො පුච්ඡි අනන්තරා.
කසී රජු විසින් එවන ලද ඒ උතුම් භෝජන දැක ක්ෂත්රිය ධර්මයන්හි ධර්මයන් විචාළේ ය.
“කච්චින්නු භොතො කුසලං, කච්චි භොතො අනාමයං; කච්චි රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසසි.
පින්වත, ඔබේ යහපත කෙසේ වේද? පින්වත ඔබ සුවසේ වෙසේද? කෙසේ වේද? රටවැසියාට ප්‍රීතියෙන් දැහැමින් අනුශාසනා කරන්නේද?
“කුසලඤ්චෙව මෙ හංස, අථො හංස අනාමයං; අථො රට්ඨමිදං ඵීතං, ධම්මෙන මනුසාසහං.
හංසයාණෙනි, මම යහපත් සේ සිටිමි. නීරෝගී බව ද ඇත. තව ද මේ රටවැසියන්ට දැහැමින් අනුශාසනා කරන්නේ ය.
“කච්චි භොතො අමච්චෙසු, දොසො කොචි න විජ්ජති; කච්චි ච තෙ තවත්ථෙසු, නාවකඞ්ඛන්ති ජීවිතං.
පින්වත, ඇමතියන් කෙරෙහි කිසියම් දෝෂයක් වේද? දෝෂයක් විද්‍යමාන නොවේද? ඔවුන්ගෙන් ඔබට අර්ථයක් වේද? ජීවිතයට හානියක් නැතිද? යුද්ධාදී කාර්යයන්හි දී දිවි නොතකා ක්‍රියා කෙරේද?
“අථොපි මෙ අමච්චෙසු, දොසො කොචි න විජ්ජති; අථොපි තෙ මමත්ථෙසු, නාවකඞ්ඛන්ති ජීවිතං.
තව ද මගේ ඇමතියන් කෙරෙහි කිසිම දෝෂයක් විද්‍යමාන නොවේ. ඔවුහු මාගේ අර්ථ සිද්ධිය පිණිස ජීවිතය පුද කරති.
“කච්චි තෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී; පුත්තරූපයසූපෙතා, තව ඡන්දවසානුගා.
තව ද, ඔබගේ බිරිඳ මැනවින් පියතෙපුල් කියන්නීද පුත්‍ර දාරකාදීන්ට සමීප වී ඔබගේ කැමැත්තට අනුරූපීව වාසය කරන්නීද?
“අථො මෙ සාදිසී භරියා, අස්සවා පියභාණිනී; පුත්තරූපයසූපෙතා, මම ඡන්දවසානුගා.
තව ද මට ප්‍රියවචන කථාකරන මා හා සමාන බිරිඳක් ඇත. පුත්රදාරකාදීන්ට සමීප වූ ඇය මගේ කැමැත්තට අනුකූලව සිටින්නී ය.
“කච්චි රට්ඨං අනුප්පීළං, අකුතොචිඋපද්දවං; අසාහසෙන ධම්මෙන, සමෙන මනුසාසසි.
කිම රටෙහි උපද්‍රව ඇත්ද? කිසියම් බියක් හටගෙන ඇද්ද? සැහැසිකම් නැතිව ධර්මයෙන් අනුශාසනා ලබන්නේද? රටවැසියා නො පෙළනු ලැබේ ද?
“අථො රට්ඨං අනුප්පීළං, අකුතොචිඋපද්දවං; අසාහසෙන ධම්මෙන, සමෙන මනුසාසහං.
රට තුළ උපද්‍රවයක් බියක් තැති ගැන්මක් නැත. සැහැසිකම්වලින් තොරව දැහැමින් පාලනය වන්නේ ය.
“කච්චි සන්තො අපචිතා, අසන්තො පරිවජ්ජිතා; නො චෙ ධම්මං නිරංකත්වා, අධම්මමනුවත්තසි.
කිම සත්පුරුෂකම් දුරුවේද? අසංවරකම් දුරුවන්නේද? නැතහොත් ධර්මය ඉවත්වී අධර්මය අනුව පවතිත්ද? ශීලාදී ගුණයුක්ත තරුණයෝ ඔබ විසින් පුදන ලද්දේද?
“සන්තො ච මෙ අපචිතා, අසන්තො පරිවජ්ජිතා; ධම්මමෙවානුවත්තාමි, අධම්මො මෙ නිරංකතො.
සත්පුරුෂකම් දුරු නොවූයේ, අසත්පුරුෂකම් දුරු කරමින් අධර්මය බැහැරකොට ධර්මානුකූලව පවතියි.
“කච්චි නානාගතං දීඝං, සමවෙක්ඛසි ඛත්තිය; කච්චිමත්තො මදනීයෙ, පරලොකං න සන්තසි.
ක්ෂත්රියාණනි, කිම ඔබේ අනාගතය දිගුකලක් පවතින්නේ ද? ආයුෂ මද බව නො සළකන්නේ ද? මතට ගිජු නොවූයේ පරලොව නොසතුටු වේද? පරලොව කෙරෙහි බිය නො වන්නේ ද?
“නාහං අනාගතං දීඝං, සමවෙක්ඛාමි පක්ඛිම; ඨිතො දසසු ධම්මෙසු, පරලොකං න සන්තසෙ.
අනාගතය ගැන මම දීර්ඝ ලෙස බලමි. ආයුෂ මද බව නුවණින් සලකමි. දසරාජ ධර්මයන්හි පිහිටියේ පරලොව බිය නොවෙමි.
“දානං සීලං පරිච්චාගං, අජ්ජවං මද්දවං තපං; අක්කොධං අවිහිංසඤ්ච, ඛන්තිඤ්ච අවිරොධනං.
දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුකම, මැදහත්බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාවය ද,
“ඉච්චෙතෙ කුසලෙ ධම්මෙ, ඨිතෙ පස්සාමි අත්තනි; තතො මෙ ජායතෙ පීති, සාමනස්සඤ්චනප්පකං.
මෙසේ මේ මා කෙරෙහි දස කුසල ධර්මයන් අනුව පිහිටා කටයුතු කරමි. මේ නිසා මට ප්‍රීති සොම්නස් සහගත බව හටගෙන ඇත්තෙමි.
“සුමුඛො ච අචින්තෙත්වා, විසජ්ජි ඵරුසං ගිරං; භාවදොසමනඤ්ඤාය, අස්මාකායං විහඞ්ගමො.
සුමුඛ ද මා ගේ ගුණ සමුදාය නො දැන සිත දූෂ්‍ය වන බව නො සළකා මට පරොස් බස් කීයේ ය.
“සො කුද්ධො ඵරුසං වාචං, නිච්ඡාරෙසි අයොනිසො; යානස්මෙසු න විජ්ජන්ති, නයිදං පඤ්ඤවතාමිවා”ති.
හෙතෙම කිපුණේ, පියවි සිහියෙන් නොසිට ඵරුෂ වචන පිට කෙළේය. අප කෙරෙහි යම් වරදක් නැත්තේද, එහෙයින් සුමුඛගේ කීම නුවණැත්තකුගේ කීමක් මෙන් නො වැටහේ.
තත්ථ දිස්වාති තං බහුං අග්ගපානභොජනං දිස්වා. පෙසිතන්ති ආහරාපෙත්වා උපනීතං. ඛත්තධම්මානන්ති පඨමකාරණෙසු පටිසන්ථාරධම්මානං. තතො පුච්ඡි අනන්තරාති තස්මිං කාලෙ “කච්චි නු, භොතො”ති අනුපටිපාටියා පුච්ඡි. තා පනෙතා ඡ ගාථා හෙට්ඨා වුත්තත්ථායෙව. අනුප්පීළන්ති කච්චි රට්ඨවාසිනො යන්තෙ උච්ඡුං විය න පීළෙසීති පුච්ඡති. අකුතොචිඋපද්දවන්ති කුතොචි අනුපද්දවං. ධම්මෙන සමෙන මනුසාසසීති කච්චි තව රට්ඨං ධම්මෙන සමෙන අනුසාසසි. සන්තොති සීලාදිගුණසංයුත්තා සප්පුරිසා. නිරංකත්වාති ඡඩ්ඩෙත්වා. නානාගතං දීඝන්ති අනාගතං අත්තනො ජීවිතපවත්තිං “කච්චි දීඝ”න්ති න සමවෙක්ඛසි, ආයුසඞ්ඛාරානං පරිත්තභාවං ජානාසීති පුච්ඡති. මදනීයෙති මදාරහෙ රූපාදිආරම්මණෙ. න සන්තසීති න භායසි. ඉදං වුත්තං හොති – කච්චි රූපාදීසු කාමගුණෙසු අමත්තො අප්පමත්තො හුත්වා දානාදීනං කුසලානං කතත්තා පරලොකං න භායසීති.
එහි දිස්වා යනු, ඒ බොහෝ අනර්ඝ අග්‍ර ආහාරපාන දැක. පෙසිතං යනු ගෙන්වා ගෙන පිරිනමන ලදි. ඛත්තධම්මානං යනු පළමු ආකාරයෙන් පිළිසඳර කථාකොට තතො පුච්ඡි අනන්තරං යනු ඒ කාලයේ කච්චින්නුභොතො යනු අනුපිළිවෙලින් විචාළේය. ඒ වනාහි යට කියන ලද ගාථා හයට අනුකූල පරිද්දෙනි. අනුප්පීළං යනු රටවාසීන් උක් මෙන් නොපෙළෙයි ද යනුවෙන් විචාරයි. අකුතොචි උපද්දවං යනු කිසියම් උපද්‍රවයක් හෝ උපද්‍රව රහිතව සමේන මනුසිස්සති යනු කිසියම් වූ ඔබ විසින් රට දැහැමෙන් සෙමෙන් අනුශාසනා කරයි යනුවෙනි. සන්තො යනු ශීලාදී ගුණ සම්පන්න සත්පුරුෂයෝ. නිරං කත්වා යනු දුරුකොට. නානාගතං දීඝං යනු අනාගතය තමන්ගේ ජීවන පැවැත්ම කෙසේ දීර්ඝවේද, යනුවෙන් කල්පනා නොකළේ ය. ආයු සංස්කාරයන්ගේ, අවසන් බව දන්නේදැයි විචාරයි. මදනීයෙ යනු මදය මෙන් රූපාදී අරමුණුවල. න සන්තසී යනු බියට පත් නොවීය. මෙය කියන ලද්දේ වෙයි. කිම රූපාදී අරමුණුවල පිහිටියේ මත් නොවූයේ අප්රමාදී වී. දානාදි කුසල ධර්මයන් කළ බැවින් පරලොව ගැන බියක් නොවේ යනුයි.
දසසූති දසසු රාජධම්මෙසු. දානාදීසු දසවත්ථුකා චෙතනා දානං, පඤ්චසීලදසසීලානි සීලං, දෙය්යධම්මචාගො පරිච්චාගො, උජුභාවො අජ්ජවං, මුදුභාවො මද්දවං, උපොසථකම්මං තපො, මෙත්තාපුබ්බභාගො අක්කොධො, කරුණාපුබ්බභාගො අවිහිංසා, අධිවාසනා ඛන්ති, අවිරොධො අවිරොධනං. අචින්තෙත්වාති මම ඉමං ගුණසම්පත්තිං අචින්තෙත්වා. භාවදොසන්ති චිත්තදොසං. අනඤ්ඤායාති අජානිත්වා. අස්මාකඤ්හි චිත්තදොසො නාම නත්ථි, යමෙස ජානෙය්ය, තං අජානිත්වාව ඵරුසං කක්ඛළං ගිරං විස්සජ්ජෙසි. අයොනිසොති අනුපායෙන. යානස්මෙසූති යානි වජ්ජානි අම්හෙසු න විජ්ජන්ති, තානි වදති. නයිදන්ති තස්මාස්ස ඉදං වචනං පඤ්ඤවතං ඉව න හොති, තෙනෙස මම න පණ්ඩිතො විය උපට්ඨාති.
දසසූ යනු දසරාජ ධර්මයන්හි දානාදි වශයෙනි. දසවස්තුක චේතනා දානාදිය පඤ්චසීලාදි දසසීල ආදි ප්රභේදවල, දියයුතු ධාර්මික වස්තු දානය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව, මැදහත්කම, පෙහෙවස්කර්ම, තපස, මෛත්‍රී පූර්වාංගම වීම, ක්‍රෝධ රහිත බව, කරුණාව පෙරදැරි වීම, අවිහිංසාව, වාසනාව ඉවසීම, ක්ෂාන්තිය, අවිරෝධීතාවය, අචින්තෙත්වා යනු මගේ මේ ගුණ සම්පත්තිය ගැන නොසිතා. භාවදොසං යනු සිතේ දෝෂයයි. අනඤ්ඤායා යනු නොදැන අප කෙරෙහි සිතේ දෝෂයක් නම් නැත. යමෙක් එය දන්නේ නම්, එය නොදැන ඵරුෂ වූ කර්කශ රළු වචන පිට කෙළේය. අයොනිසො යනු උපාය රහිතව. යානස්මාසූ යනු යම් වැරදි අප කෙරෙහි නොපවතිත් ද, ඒවා ප්‍රකාශ කරයි. න ඉදං යනු එහෙයින් ඔහුගේ මේ වචන. පඤ්ඤාවතාමිව නොවෙයි මිත්‍රය. ඒ හේතුවෙන් ම පණ්ඩිතයකු මෙන් උපස්ථාන නො පිළිගනියි.
තං සුත්වා සුමුඛො “මයා ගුණසම්පන්නොව රාජා අපසාදිතො, සො මෙ කුද්ධො, ඛමාපෙස්සාමි න”න්ති චින්තෙත්වා ආහ –
ඒ අසා සුමුඛ මහත් ගුණ සම්පන්න වූයේම මා විසින් රජු අප්‍රසාදයට පත් කළේ. හෙතෙම මට කිපුණේ ඔහු ක්ෂමා කරන්නෙමියි සිතා මෙසේ කීවේය.
“අත්ථි මෙ තං අතිසාරං, වෙගෙන මනුජාධිප; ධතරට්ඨෙ ච බද්ධස්මිං, දුක්ඛං මෙ විපුලං අහු.
රජතුමනි, ධතරට්ඨ හංස රාජයා පාසයෙහි බැඳුණු කල්හි මට විපුල වූ දුකක් ඇතිවිය. ඒ දුක් වේගයෙන් මා විසින් එය පමණ ඉක්මවා කරන ලද ප්‍රකාශයකි.
“ත්වං නො පිතාව පුත්තානං, භූතානං ධරණීරිව; අස්මාකං අධිපන්නානං, ඛමස්සු රාජකුඤ්ජරා”ති.
නුඹ අපට, පුතුන්ට පියකු මෙන් ද, සත්ත්වයන්ට මහපොළොව මෙන්ද, වූයේ අපට උපකාරය. අපගෙන් වූ ඒ දෝෂයන්ට ක්ෂමා වන සේක්වා!
තත්ථ අතිසාරන්ති පක්ඛලිතං. වෙගෙනාති අහං එතං කථං කථෙන්තො වෙගෙන සහසා කථෙසිං. දුක්ඛන්ති චෙතසිකං දුක්ඛං මම විපුලං අහොසි, තස්මා කොධවසෙන යං මයා වුත්තං, තං මෙ ඛමථ, මහාරාජාති. පුත්තානන්ති ත්වං අම්හාකං පුත්තානං පිතා විය. ධරණීරිවාති පාණභූතානං පතිට්ඨා පථවී විය ත්වං අම්හාකං අවස්සයො. අධිපන්නානන්ති දොසෙන අපරාධෙන අජ්ඣොත්ථටානං ඛමස්සූති ඉදං සො ආසනා ඔරුය්හ පක්ඛෙහි අඤ්ජලිං කත්වා ආහ.
එහි අතිසාරං යනු පැකිලුණේ. වෙගෙන යනු මම මේ කථාව කරන්නේ වේගයෙන් වහාම කීවෙමි. දුක්ඛං යනු චෛතසික දුකයි. එය මට මහත් සේ ඇතිවිය. එහෙයින් ක්‍රෝධ වශයෙන් මා විසින් කියන ලද්දේද, ඒ ගැන මට ක්ෂමා වන්න. මහරජතුමනි, යනුවෙනි. පුත්තානං යනු නුඹ අපට පුතුන්ට පියකු මෙනි. ධරණිරිවා යනු ප්‍රාණීන්ට මහපොළොව මෙන් නුඹ අපට අවශ්‍ය වේය. අධිපන්නානං යනු ද්වේෂයෙන් අපරාධයෙන් බැසගත්තා වූ, ඛමස්සූ යනු මේ ඔහු ආසනයෙන් බැස පියාපත්වලින් ඇඳිලි බැඳකොට කීවේය.
අථ නං රාජා ආලිඞ්ගිත්වා ආදාය සුවණ්ණපීඨෙ නිසීදාපෙත්වා අච්චයදෙසනං පටිග්ගණ්හන්තො ආහ –
ඉක්බිති ඔහු රජු වැළඳගෙන නැවත රන් පුටුවක හොවා, ක්ෂමා දේශනය පිළිගන්වමින් කීවේය.
“එතං තෙ අනුමොදාම, යං භාවං න නිගූහසි; ඛිලං පභින්දසි පක්ඛි, උජුකොසි විහඞ්ගමා”ති.
විභංගම වූ පක්ෂිය, නුඹ නුඹේ අදහස නො සඟවන්නෙහි ය. සිතෙහි සැකය බිඳින්නෙහිය. සෘජු වූයේ අවංක වූයෙහි ය. ඒ නිසා නුඹගේ දෝෂය කමා කරමියි රජු කීවේ ය.
තත්ථ අනුමොදාමාති එතං තෙ දොසං ඛමාම. යන්ති යස්මා ත්වං අත්තනො චිත්තපටිච්ඡන්නභාවං න නිගූහසි. ඛිලන්ති චිත්තඛිලං චිත්තඛාණුකං.
එහි අනුමොදාමා යනු මේ ඔබගේ දොස් ඉවසමු. යං යනු යම් හෙයකින් ඔබ තමන්ගේ සිතෙහි සැඟවුණු බවක් නොපෙන්නුවෙහිය. ඛිලං යනු සිත් නැමැති කණුව.
ඉදඤ්ච පන වත්වා රාජා මහාසත්තස්ස ධම්මකථාය සුමුඛස්ස ච උජුභාවෙ පසීදිත්වා “පසන්නෙන නාම පසන්නාකාරො කාතබ්බො”ති උභින්නම්පි තෙසං අත්තනො රජ්ජසිරිං නිය්යාදෙන්තො ආහ –
මෙසේ කියූ රජු බෝසතුන්ගේ ද ධර්ම කථාවේ ද, සුමුඛගේ සෘජු ගුණයෙහි ද පැහැදී පැහැදුනාහු විසින් පැහැදුණු ආකාරය කළ යුතුයයි ඔවුන් දෙදෙනාටම තමන්ගේ රාජ්‍යශ්‍රීය පවරා දෙමින් මෙසේ කීවේය.
“යං කිඤ්චි රතනං අත්ථි, කාසිරාජනිවෙසනෙ; රජතං ජාතරූපඤ්ච, මුත්තා වෙළුරියා බහූ.
කාසි රාජ මන්දිරයේ යම්කිසි රත්න සමූහයක් නිදන්කොට ඇත්තේ ද බොහෝ රිදී ද හටගත් මුතු ද වෛඩූර්ය මැණික් ආදිය ද,
“මණයො සඞ්ඛමුත්තා ච, වත්ථකං හරිචන්දනං; අජිනං දන්තභණ්ඩඤ්ච, ලොහං කාළායසං බහුං; එතං දදාමි වො විත්තං, ඉස්සරං විස්සජාමි වො”ති.
මිණිමුවා බඩු, සක්, මුතු ද, වස්ත්‍ර ද, රත්හඳුන් ද, කසී සළු ද, අඳුන් මුව සම් ද, දළමුවා භාණ්ඩ ද, තඹ, ලෝහ භාණ්ඩ හා කාල ලෝහමය බඩු ආදි බහුල වූ සම්පත් ද, සිතැඟි පරිදි මේ සියළුම සම්පත් ඔබට දෙමි. තොපට අයත් වේ. මේ බරණැස් රාජ්‍යයේ ආධිපත්‍යය තොපට පවරා දෙමි.
තත්ථ මුත්තාති විද්ධාවිද්ධමුත්තා. මණයොති මණිභණ්ඩකානි. සඞ්ඛමුත්තා චාති දක්ඛිණාවට්ටසඞ්ඛරතනඤ්ච ආමලකවට්ටමුත්තරතනඤ්ච. වත්ථකන්ති සුඛුමකාසිකවත්ථානි. අජිනන්ති අජිනමිගචම්මං. ලොහං කාළායසන්ති තම්බලොහඤ්ච කාළලොහඤ්ච. ඉස්සරන්ති කඤ්චනමාලෙන සෙතච්ඡත්තෙන සද්ධිං ද්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ රජ්ජං.
එහි අත්ථි යනු තැන්පත් කර ඇති නිධන්කර ඇති, මුත්තා යනු සිදුරු කළ සිදුරු නොකළ මුතු. මණයො යනු බොහෝ මාණික්‍ය භාණ්ඩද වේ. සංඛමුත්තඤ්ච යනු දක්ෂිණාවෘත්ත සක්රුවන් ද, නෙල්ලි ගෙඩියක ගැට ඇති මුතු මාණික්‍ය ද වේ. වත්ථකං යනු සියුමැලි කසී සළු. අජිනං යනු අඳුන් මුවසම් ද, ලොහං කාළායසං තඹ ලෝහ ද, කළුලෝහ ද ඉස්සරෙං යනු රත්රන් මාලවලින් යුතු සුදු කුඩයක් සමග දොළොස් යොදුනක බාරාණසි නගරයේ රාජ්‍යයයි.
එවඤ්ච පන වත්වා උභොපි තෙ සෙතච්ඡත්තෙන පූජෙත්වා රජ්ජං පටිච්ඡාපෙසි. අථ මහාසත්තො රඤ්ඤා සද්ධිං සල්ලපන්තො ආහ –
මෙසේ ද කියා, ඒ දෙදෙනාම සුදුකුඩයකින් පුදා රාජ්‍යය පිළිගැන්වීය. ඉක්බිති බෝසත්හු රජු සමග කථා බස් කරන්නේ මෙසේ කීවේය;
“අද්ධා අපචිතා ත්යම්හා, සක්කතා ච රථෙසභ; ධම්මෙසු වත්තමානානං, ත්වං නො ආචරියො භව.
රජතුමනි! ඔබ විසින් අපි පුදන ලද්දෝ වෙමු. සත්කාර කරන ලද්දෝ වෙමු. කුසල් දහම්හි පිහිටා ක්‍රියා කරන්නා වූ අපට ඔබ ගුරුවරයා වුව මැනව.
“ආචරිය මනුඤ්ඤාතා, තයා අනුමතා මයං; තං පදක්ඛිණතො කත්වා, ඤාතිං පස්සෙමුරින්දමා”ති.
මහරජ! ආචාර්ය වූ ඔබ විසින් අනුදන්නා ලද අනුමත කරන ලද අපි ඔබ පැදකුණු කොට නෑයන් දකින්නට යමු.
තත්ථ ධම්මෙසූති කුසලකම්මපථධම්මෙසු. ආචරියොති ත්වං අම්හෙහි බ්යත්තතරො, තස්මා නො ආචරියො හොති, අපිච දසන්නං රාජධම්මානං කථිතත්තා සුමුඛස්ස දොසං දස්සෙත්වා අච්චයපටිග්ගහණස්ස කතත්තාපි ත්වං අම්හාකං ආචරියොව, තස්මා ඉදානිපි නො ආචාරසික්ඛාපනෙන ආචරියො භවාති ආහ. පස්සෙමුරින්දමාති පස්සෙමු අරින්දම.
එහි ධම්මෙසු යනු කුසල කර්මපථ ධර්මවල, ආචරියො යනු ඔබ, අප විසින් පිළිගන්නා ලදුව. එහෙයින් අපගේ ගුරුවරයා වන්න. තව ද, දසරාජ ධර්මයන් කියන ලද බැවින් සුමුඛගේ දෝෂ පෙන්වා අතිශයින් ප්රතිග්රහ කරන ලද බැවින් නුඹ අපගේ ගුරුවරයායි. එහෙයින් දැන් අපට ආචාර ශික්ෂා වශයෙන් ගුරුවරයා වන්නැයි යන අර්ථයයි. පස්සෙමරින්දම යනු රජතුමනි, බලමු යනුයි.
සො තෙසං ගමනං අනුජානි, බොධිසත්තස්සපි ධම්මං කථෙන්තස්සෙව අරුණං උට්ඨහි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔහු විසින් ඔවුන්ගේ ගමන අනුදක්නා ලදි. බෝධිසත්ත්වයන්ගේ ධර්ම කියන්නාහුට අරුණ උදාවිය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“සබ්බරත්තිං චින්තයිත්වා, මන්තයිත්වා යථාකථං; කාසිරාජා අනුඤ්ඤාසි, හංසානං පවරුත්තම”න්ති.
යම්සේ රාත්‍රිය මුළුල්ලේ ම සිතා සාකච්ඡා කර උතුම් වූ හංසයන්ට නෑයින් දැකීමට යාමට කසීරජ අනුමැතිය පිරිනැමීය.
තත්ථ යථාකථන්ති යංකිඤ්චි අත්ථං තෙහි සද්ධිං චින්තෙතබ්බං මන්තෙතබ්බඤ්ච, සබ්බං තං චින්තෙත්වා ච මන්තෙත්වා චාති අත්ථො. අනුඤ්ඤාසීති ගච්ඡථාති අනුඤ්ඤාසි.
එහි යථාතථං යනු යම් කිසිවක් තිබේද? ඔවුන් සමග සිතිය යුතු දේවල් ද, කථාබහ කළයුතු දේවල් ද සියල්ල ඔහු සිතා සාකච්ඡා කොට යන අර්ථයයි. අනුඤ්ඤාසී යනු යව් යයි අනුදැන වදාරණ ලදි.
එවං තෙන අනුඤ්ඤාතො බොධිසත්තො රාජානං “අප්පමත්තො ධම්මෙන රජ්ජං කාරෙහී”ති ඔවදිත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙසි. රාජා තෙසං කඤ්චනභාජනෙහි මධුලාජඤ්ච මධුරොදකඤ්ච උපනාමෙත්වා නිට්ඨිතාහාරකිච්චෙ ගන්ධමාලාදීහි පූජෙත්වා බොධිසත්තං සුවණ්ණචඞ්කොටකෙන සයං උක්ඛිපි, ඛෙමා දෙවී සුමුඛං උක්ඛිපි. අථ නෙ සීහපඤ්ජරං උග්ඝාටෙත්වා සූරියුග්ගමනවෙලාය “ගච්ඡථ සාමිනො”ති විස්සජ්ජෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඔහු විසින් අනුදක්නා ලද බෝසත්හු රජුට අප්‍රමාදීව දැහැමින් රාජ්‍යය කරන්නැයි පවසා පංච සීලයෙහි පිහිටුවීය. රජු ද ඔවුන්ට රත්රන් භාජනවලින් මීපොරි ද, මීපැන් ද, පිළිගන්වා නිමකරන ලද අහර කිස ඇත්තේ සුවඳ මල් ආදියෙන් පුදා, බෝසතුන් රන්වන් කරඬුවකින් තෙමේ එසවීය. ඛේමා දේවිය ද, සුමුඛ එසවීය. ඉක්බිති ඔවුන් සිංහ මැදිරියක රඳවා, හිරු උදාවෙන වේලාවේ යවු. ස්වාමීනි, යයි පිටත් කළහ. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“තතො රත්යා විවසානෙ, සූරියුග්ගමනං පති; පෙක්ඛතො කාසිරාජස්ස, භවනා තෙ විගාහිසු”න්ති.
අනතුරුව රාත්‍රිය ගෙවීයන සඳ සූර්යයා උදාවන වේලාව විය. කසී රජුගේ භවන දෙස බලමින් ඒ හංසයෝ අහසට පැන නැංගාහ.
තත්ථ විගාහිසුන්ති ආකාසං පක්ඛන්දිංසු.
එහි විගාහිසුං යනු අහසට පැන නැංගාහ.
තෙසු මහාසත්තො සුවණ්ණචඞ්කොටකතො උප්පතිත්වා ආකාසෙ ඨත්වා “මා චින්දයි, මහාරාජ, අප්පමත්තො අම්හාකං ඔවාදෙ වත්තෙය්යාසී”ති රාජානං සමස්සාසෙත්‍වා සුමුඛං ආදාය චිත්තකූටමෙව ගතො. තානිපි ඛො නවුති හංසසහස්සානි කඤ්චනගුහතො නික්ඛමිත්වා පබ්බතතලෙ නිසින්නානි තෙ ආගච්ඡන්තෙ දිස්වා පච්චුග්ගන්ත්වා පරිවාරෙසුං. තෙ ඤාතිගණපරිවුතා චිත්තකූටතලං පවිසිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔවුන් අතර බෝසත්තුමා, රන්වන් පෙට්ටියට පැන නැග අහසේ සිට මහරජ, නොසිතව. අප්‍රමාදීව අපට අවවාද දෙන්නැයි රජු අස්වසා සුමුඛ රැගෙන චිත්‍රකූට පර්වතයටම ගියේය. අනූදහසක් ඒ හංසයෝ රන්වන් ගුහාවෙන් නික්ම පර්වත තලයේ හුන්නාහු ඔවුන් පැමිණෙනවා දැක පෙරගමන්කොට පිරිවරා ගත්හ. ඔවුහු ඤාති සමූහයා පිරිවරන ලද්දේ චිත්‍රකූට තලයට පිවිසියහ. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“තෙ අරොගෙ අනුප්පත්තෙ, දිස්වාන පරමෙ දිජෙ; කෙකාති මකරුං හංසා, පුථුසද්දො අජායථ.
නීරෝගීව එහි පැමිණි, ඒ උතුම් පක්ෂීන් දැක හංසයෝ කෙකරනාදය මහහඬින් පත්වමින් මහා ශබ්ද කළෝය.
“තෙ පතීතා පමුත්තෙන, භත්තුනා භත්තුගාරවා; සමන්තා පරිකිරිංසු, අණ්ඩජා ලද්ධපච්චයා”ති.
මල පුඩුවෙන් මිදුනා වූ ස්වාමියා කරණ කොට ගෙන සතුටු සිත් ඇති ඒ හංසයෝ ස්වාමි ගෞරවය ඇත්තාහූ, ‘පක්ෂීහූ පිහිට ලද්දෝ යයි’ හාත්පස පිරිවරා ගත්හ.
[missing pali]
එහි පරමෙ යනු උතුම් යන්නයි. අකරුං යනු මහා ශබ්දයක් පිට කළහ. කෙකෙ යනු තමන්ගේ ස්වභාවයෙන් කෙකෙ යන ශබ්දය කළහ. භත්තුගාරවා පරිකරිංසු යනු ස්වාමියාගේ ප්‍රමුදිත භාවයෙන් ගොස් තමන් විසින් හාත්පස පිරිවරා සිටියහ. ලද්ධපච්චයා යනු ලද පිහිට ඇති.
එවං පරිවාරෙත්වා ච පන තෙ හංසා “කථං මුත්තොසි, මහාරාජා”ති පුච්ඡිංසු. මහාසත්තො සුමුඛං නිස්සාය මුත්තභාවං සංයමරාජලුද්දපුත්තෙහි කතකම්මඤ්ච කථෙසි. තං සුත්වා තුට්ඨා හංසගණා “සුමුඛො සෙනාපති ච රාජා ච ලුද්දපුත්තො ච සුඛිතා නිද්දුක්ඛා චිරං ජීවන්තූ”ති ආහංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ පිරිවරා ඒ හංසයෝ මහරජ, කෙසේ මිදුණෙහිදැයි විචාළහ. බෝසත්හු සුමුඛ නිසා මිදුණු බව සන්සුන් වූ වැදි පුත්‍රයන් විසින් කරන ලද කර්මය ද කීවේය. ඒ අසා සතුටු වූ හංසගණයා සුමුඛ සේනාපතියා ද රජු ද වැද්දා ද සුවපත්ව නිදුක්ව චිරාත් කාලයක් ජීවත්වේවායි කීහ. ඒ අර්ථය ප්‍රකාශ කරන්නාන වූ ශාස්තෲන් වහන්සේ වදාළහ;
“එවං මිත්තවතං අත්ථා, සබ්බෙ හොන්ති පදක්ඛිණා; හංසා යථා ධතරට්ඨා, ඤාතිසඞ්ඝමුපාගමු”න්ති.
මෙසේ කල්‍යාණ මිත්‍රයන් ඇත්තවුන්ගේ සියලු අභිවෘද්ධිය සැලසෙන්නේ ය. ධතරට්ඨ හංසයෝ නෑ සමූහයා වෙතට පැමිණියාක් හු මෙනි.
තං චූළහංසජාතකෙ වුත්තත්ථමෙව.
එය චුල්ලහංස ජාතකයේ විස්තර කරන ලද පරිද්දෙනි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි ආනන්දො මමත්ථාය අත්තනො ජීවිතං පරිච්චජී”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා ලුද්දපුත්තො ඡන්නො අහොසි, ඛෙමා දෙවී, ඛෙමා භික්ඛුනී, රාජා සාරිපුත්තො, සුමුඛො ආනන්දො, සෙසපරිසා බුද්ධපරිසා, ධතරට්ඨහංසරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමකළ සේක. එකල වැද්දා ඡන්න විය. ඛේමා දේවිය වනාහි ඛේමා භික්ෂුණියයි. රජ සාරිපුත්ත තෙරුන් විය. පිරිස බුදුපිරිස වේ. සුමුඛ ආනන්ද ය. ධතරට්ඨ නම් මම ම වෙමි.
මහාහංසජාතකවණ්ණනා දුතියා.
මහා හංස ජාතකය නිමි.