3. සුධාභොජනජාතකවණ්ණනා 535 අට්ඨකථා
3. සුධාභොජනජාතකවණ්ණනා (535)
3. සුධාභෝජන ජාතකය (535)
නෙව කිණාමි නපි වික්කිණාමීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං දානජ්ඣාසයං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථියං එකො කුලපුත්තො හුත්වා සත්ථු ධම්මකථං සුත්වා පසන්නචිත්තො පබ්බජිත්වා සීලෙසු පරිපූරකාරී ධුතඞ්ගගුණසමන්නාගතො සබ්රහ්මචාරීසු පවත්තමෙත්තචිත්තො දිවසස්ස තික්ඛත්තුං බුද්ධධම්මසඞ්ඝුපට්ඨානෙ අප්පමත්තො ආචාරසම්පන්නො දානජ්ඣාසයො අහොසි. සාරණීයධම්මපූරකො අත්තනා ලද්ධං පටිග්ගාහකෙසු විජ්ජමානෙසු ඡින්නභත්තො හුත්වාපි දෙතියෙව, තස්මා තස්ස දානජ්ඣාසයදානාභිරතභාවො භික්ඛුසඞ්ඝෙ පාකටො අහොසි. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, අසුකො නාම භික්ඛු දානජ්ඣාසයො දානාභිරතො අත්තනා ලද්ධං පසතමත්තපානීයම්පි ලොභං ඡින්දිත්වා සබ්රහ්මචාරීනං දෙති, බොධිසත්තස්සෙවස්ස අජ්ඣාසයො”ති. සත්ථා තං කථං දිබ්බාය සොතධාතුයා සුත්වා ගන්ධකුටිතො නික්ඛමිත්වා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අයං, භික්ඛවෙ, භික්ඛු පුබ්බෙ අදානසීලො මච්ඡරී තිණග්ගෙන තෙලබින්දුම්පි අදාතා අහොසි, අථ නං අහං දමෙත්වා නිබ්බිසෙවනං කත්වා දානඵලං වණ්ණෙත්වා දානෙ පතිට්ඨාපෙසිං, සො ‘පසතමත්තං උදකම්පි ලභිත්වා අදත්වා න පිවිස්සාමී’ති මම සන්තිකෙ වරං අග්ගහෙසි, තස්ස ඵලෙන දානජ්ඣාසයො දානාභිරතො ජාතො”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
න ගුත්තමෙ යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, එක් දන් දෙනු කැමැති භික්ෂුවක් අරභයා දේශනා කළ සේක. ඔහු වනාහි සැවැත්නුවර එක් කුලපුත්‍රයෙක් ව බුදුරදුන්ගේ දැහැමි කථා අසා පැහැදුණු සිත් අත්තේ පැවිදි වී සීලාදියෙහි පිරිපුන් බව ඇත්තේ ධුතාංග වීර්ය ගුණ සම්පන්න වූයේ, සබ්‍රහ්මචාරින් විෂයයෙහි පවත්වන ලද මෙත් සිත් ඇත්තේ, දිනකට තුන්වරක් බුද්ධ ධම්ම සංඝ උපස්ථානයෙහි අප්‍රමාදි වූයේ, ආචාර සම්පන්න වූයේ, දානාධ්‍යාශයක් ඇති විය. අර්ථවත් දහම් කථා කරන සුළු වූයේ, තමන් විසින් ලද ප්‍රතිග්‍රාහකයන් වැඩ සිටිනා කල්හි, සුන් වූ බත් ඇතිව සිට දෙන්නේ ම ය. ඔහුගේ ඒ දානාශාව දානයේ ඇලුණු සිත් ඇති බව භික්ෂු සංඝයා කෙරෙහි ප්‍රකට විය. ඉක්බිති එක් දවසක් ධර්ම සභාවේ කථාවක් උපදවූහ. ඇවැත්නි, අසවල් භික්ෂුව දානාධ්යාශ ඇත්තේ, දානයේ ඇලුණු සිත් ඇත්තේ, තමන් විසින් ලබන ලද අල්ලක් පමණකුදු ලෝභය සිඳ සබ්‍රහ්මචාරීන්ට දෙයි. බෝධිසත්ත්වයන් වහන්සේ අධ්‍යාශයකි. ශාස්තෲන් වහන්සේ ඒ කථාව දිව්‍යශ්‍රෝත ධාතුවෙන් අසා ගඳකිළියෙන් නික්ම අවුත් මහණෙනි, කිනම් කථාවකින් යුක්ත වූවෙහිද? විචාරා, මෙනම් කථාවකින් යයි කී කල්හි මහණෙනි, මේ භික්ෂුව පෙර දානයෙහි නොකැමැති වූයේ, මසුරුව තණ අග පිනිබිඳක් පමණකුදු නුදුන්නේ විය. ඉක්බිති ඔහු මම දමනය කොට කළකිරීම ඇතිකොට දානානිශංස වර්ණනා කොට දානයෙහි පිහිටෙව්වේ වෙයි. හෙතෙම අල්ලක් පමණකුදු ජලය ලැබ, නොදී පානය නොකරන්නෙමියි මා සමීපයේ දී වර දුන්නේය. ඒ ප්‍රතිඵල වශයෙන් දානාධ්යාශ ඇත්තේ දානයෙහි ඇලුණේ යයි වදාරා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ එකො ගහපති අඩ්ඪො අහොසි අසීතිකොටිවිභවො. අථස්ස රාජා සෙට්ඨිට්ඨානං අදාසි . සො රාජපූජිතො නාගරජානපදපූජිතො හුත්වා එකදිවසං අත්තනො සම්පත්තිං ඔලොකෙත්වා චින්තෙසි – “අයං යසො මයා අතීතභවෙ නෙව නිද්දායන්තෙන, න කායදුච්චරිතාදීනි කරොන්තෙන ලද්ධො, සුචරිතානි පන පූරෙත්වා ලද්ධො, අනාගතෙපි මයා මම පතිට්ඨං කාතුං වට්ටතී”ති. සො රඤ්ඤො සන්තිකං ගන්ත්වා “දෙව, මම ඝරෙ අසීතිකොටිධනං අත්ථි, තං ගණ්හාහී”ති වත්වා “න මය්හං තව ධනෙනත්ථො, බහුං මෙ ධනං, ඉතොපි යදිච්ඡසි, තං ගණ්හාහී”ති වුත්තෙ “කිං නු, දෙව, මම ධනං දාතුං ලභාමී”ති ආහ. අථ රඤ්ඤා “යථාරුචි කරොහී”ති වුත්තෙ චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙ නිවෙසනද්වාරෙ චාති ඡ දානසාලායො කාරෙත්වා දෙවසිකං ඡසතසහස්සපරිච්චාගං කරොන්තො මහාදානං පවත්තෙසි. සො යාවජීවං දානං දත්වා “ඉමං මම දානවංසං මා උපච්ඡින්දථා”ති පුත්තෙ අනුසාසිත්වා ජීවිතපරියොසානෙ සක්කො හුත්වා නිබ්බත්ති. පුත්තොපිස්ස තථෙව දානං දත්වා චන්දො හුත්වා නිබ්බත්ති, තස්ස පුත්තො සූරියො හුත්වා නිබ්බත්ති, තස්ස පුත්තො මාතලි හුත්වා නිබ්බත්ති, තස්ස පුත්තො පඤ්චසිඛො හුත්වා නිබ්බත්ති, තස්ස පන පුත්තො ඡට්ඨො සෙට්ඨිට්ඨානං ලද්ධා මච්ඡරියකොසියො නාම අහොසි අසීතිකොටිවිභවොයෙව. සො “මම පිතුපිතාමහා බාලා අහෙසුං, දුක්ඛෙන සම්භතං ධනං ඡඩ්ඩෙසුං, අහං පන ධනං රක්ඛිස්සාමි, කස්සචි කිඤ්චි න දස්සාමී”ති චින්තෙත්වා දානසාලා විද්ධංසෙත්වා අග්ගිනා ඣාපෙත්වා ථද්ධමච්ඡරී අහොසි.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් ගෘහපතියෙක් අසූකෙළක් ධනය ඇති මහත් ආඪ්‍ය සම්පන්න විය. ඉක්බිති ඔහුට රජු සිටු තනතුරේ තැබීය. හෙතෙම රාජපූජිත වූයේ නාගරිකයන් විසින් පුදන ලද්දේ වී එක දවසක් තමන්ගේ සම්පත් බලා මෙසේ සිතුවේය. මේ සම්පත් මා විසින් අතීතයේ රැස් නොකරන ලද්දේ ම කාය දුශ්චරිතාදියෙන් වෙන්වූයේ, ලබන ලද සුචරිත ධර්ම පුරා ලබන ලද්දේ අනාගතයේ දී මා විසින් මට පිහිට පිණිස යමක් කිරීමට වටී යයි. හෙතෙම රජු සමීපයට ගොස්, දේවයන් වහන්ස, මගේ නිවසේ අසූකෙළක් ධනය ඇත. ඒවා ගනීවායි කියා කී කල්හි, ඔබේ ධනයෙන් මට වැඩක් නැත. මට බොහෝ ධනය ඇති එහෙයින් යමක් කැමැත්තෙමි නම් ගනිව් යයි කී කල්හි, දේවයන් වහන්ස කිම, මම ධනය දෙන්ට දෙන්ට ලබමි යි කීවේය. ඉක්බිති රජු කැමැත්තක් කරවයි කී කල්හි නගරයේ සිව් දොරටුවල නගර මැද ද, මන්දිරයේ දොරටුවේ ද දානශාලා හයක් කරවා දිනපතා හයකෝටියක් පරිත්‍යාග කරමින් මහා දානයක් පැවැත්වීය. ඔහු දිවි ඇති තෙක් දන් දී මේ මගේ දානවංසය නොසිඳවයි, පුතුන්ට අනුශාසනා කොට ජීවිතය කෙළවර ශක්රදේවේන්ද්රයා වී උපන්නේය. ඔහුගේ පුතා ද එසේම දන් දී චන්ද්‍රයා වී උපන්නේ ය. ඔහුගේ පුතා සූර්යයා වී උපන්නේය. ඔහුගේ පුතා මාතලී වී, ඔහුගේ පුතා පංචසිඛ වී උපන්නේය. ඔහුගේ පුතා අසූ කෙළක් සම්පත් ඇති, සයවෙනි මච්ඡරිය කෝසිය සිටු විය. ඒ මගේ මූ මිත්තෝ බාලයෝ වූහ. දුකින් රැස්කරන ලද ධනය ඉවත දැමූහ. මම වනාහි ධනය රකින්නෙමි. කිසිවෙකුට කිසිවක් නොදෙන්නෙමියි සිතා දානශාලා වසා දමා ගින්නෙන් දවා තද මසුරෙක් බවට පත්විය.
අථස්ස ගෙහද්වාරෙ යාචකා සන්නිපතිත්වා බාහා පග්ගය්හ, “මහාසෙට්ඨි, මා අත්තනො පිතුපිතාමහානං දානවංසං නාසයි, දානං දෙහී”ති මහාසද්දෙන පරිදෙවිංසු. තං සුත්වා මහාජනො “මච්ඡරියකොසියෙන අත්තනො දානවංසො උපච්ඡින්නො”ති තං ගරහි. සො ලජ්ජිතො නිවෙසනද්වාරෙ යාචකානං ආගතාගතට්ඨානං නිවාරෙතුං ආරක්ඛං ඨපෙසි. තෙ නිප්පච්චයා හුත්වා පුන තස්ස ගෙහද්වාරං න ඔලොකෙසුං. සො තතො පට්ඨාය ධනමෙව සංහරති, නෙව අත්තනා පරිභුඤ්ජති, න පුත්තදාරාදීනං දෙති, කඤ්ජිකබිලඞ්ගදුතියං සකුණ්ඩකභත්තං භුඤ්ජති, මූලඵලමත්තතන්තානි ථූලවත්ථානි නිවාසෙති, පණ්ණඡත්තං මත්ථකෙ ධාරෙත්වා ජරග්ගොණයුත්තෙන ජජ්ජරරථකෙන යාති. ඉති තස්ස අසප්පුරිසස්ස තත්තකං ධනං සුනඛෙන ලද්ධං නාළිකෙරං විය අහොසි.
ඉක්බිති ඔහුගේ ගෙදොර යාචකයෝ රැස්වී දෑස් ඔසවා, මහ සිටුතුමනි, තමන්ගේ මී මුත්තන්ගේ වංසය නොනසන්න. දන් දෙන්නැයි මහහඬින් වැළපුනාහ. ඒ අසා මහජනයා, මච්ඡරිය කෝසිය විසින් තමන්ගේ වංසය සිඳින ලද්දේ යයි ගර්හා කෙළේය. හෙතෙම ලජ්ජාවට පත්වූයේ, මන්දිර දොරටුවේ යාචකයන් සිටින තැන් වැළැක්වීමට, ආරක්ෂකයෙකු තැබීය. ඔවුහු සම්පත් නොමැතිව යළි ඔහුගේ ගෙදොර දෙස නොබැලූහ. ඔහු එතැන් පටන් ධනය ම රැස්කිරීමේ ඇලුණේ තමන් විසින් ද අනුභව නොකරයි. අඹුදරුවන්ට ද නොදෙයි. සතුන්ට දමන ලද කැඳබත් පමණක් අනුභව කරයි. මුල්ගෙඩි පමණක් කයි. පරණ වූ වස්ත්‍රයක් අඳියි. කොළවලින් සෑදූ මුදුනක් කරවා දිරාගිය ගොනකු යොදවන ලද රථයකින් ගමන් කරයි. මෙසේ ඔහුගේ අසත්පුරුෂ වූ ධනය බල්ලකු විසින් ලබන ලද පොල්ගෙඩියක් මෙන් විය.
සො එකදිවසං රාජූපට්ඨානං ගච්ඡන්තො “අනුසෙට්ඨිං ආදාය ගමිස්සාමී”ති තස්ස ගෙහං අගමාසි. තස්මිං ඛණෙ අනුසෙට්ඨි පුත්තධීතාදීහි පරිවුතො නවසප්පිපක්කමධුසක්ඛරචුණ්ණෙහි සඞ්ඛතං පායාසං භුඤ්ජමානො නිසින්නො හොති. සො මච්ඡරියකොසියං දිස්වා ආසනා වුට්ඨාය “එහි, මහාසෙට්ඨි, ඉමස්මිං පල්ලඞ්කෙ නිසීද, පායාසං භුඤ්ජිස්සාමා”ති ආහ. තස්ස පායාසං දිස්වාව මුඛෙ ඛෙළා උප්පජ්ජි, භුඤ්ජිතුකාමො අහොසි, එවං පන චින්තෙසි – “සචාහං භුඤ්ජිස්සාමි, අනුසෙට්ඨිනො මම ගෙහං ආගතකාලෙ පටිසක්කාරො කාතබ්බො භවිස්සති, එවං මෙ ධනං නස්සිස්සති, න භුඤ්ජිස්සාමී”ති. අථ පුනප්පුනං යාචියමානොපි “ඉදානි මෙ භුත්තං, සුහිතොස්මී”ති න ඉච්ඡි. අනුසෙට්ඨිම්හි භුඤ්ජන්තෙ පන ඔලොකෙන්තො මුඛෙ සඤ්ජායමානෙන ඛෙළෙන නිසීදිත්වා තස්ස භත්තකිච්චාවසානෙ තෙන සද්ධිං රාජනිවෙසනං ගන්ත්වා රාජානං පස්සිත්වා රාජනිවෙසනතො ඔතරිත්වා අත්තනො ගෙහං අනුප්පත්තො පායාසතණ්හාය පීළියමානො චින්තෙසි – “සචාහං ‘පායාසං භුඤ්ජිතුකාමොම්හී’ති වක්ඛාමි, මහාජනො භුඤ්ජිතුකාමො භවිස්සති, බහූ තණ්ඩුලාදයො නස්සිස්සන්ති, න කස්සචි කථෙස්සාමී”ති. සො රත්තින්දිවං පායාසමෙව චින්තෙන්තො වීතිනාමෙත්වාපි ධනනාසනභයෙන කස්සචි අකථෙත්වාව පිපාසං අධිවාසෙසි, අනුක්කමෙන අධිවාසෙතුං අසක්කොන්තො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො අහොසි. එවං සන්තෙපි ධනනාසනභයෙන අකථෙන්තො අපරභාගෙ දුබ්බලො හුත්වා සයනං උපගූහිත්වා නිපජ්ජි.
ඔහු එක දවසක් රාජ උපස්ථානයට යන්නේ, දෙවෙනි සිටුතුමා රැගෙන යන්නෙමියි, ඔහුගේ ගෙදරට ගියේය. එකෙණෙහි දෙවෙනි සිටු, දූපුතුන් විසින් පිරිවරන ලද්දේ, නවනීත, ගිතෙල්, වෙඬරු, මී, උක්, සකුරු, කුඩු ආදියෙන් සමන්විත කිරිබතක් අනුභව කරමින් හුන්නේ විය. ඔහු මසුරු සිටාණන් දැක අසුනින් නැගිට, එන්න මහසිටුතුමනි, මේ පුටුවේ හිඳගන්න. කිරිබත් අනුභව කරන්නෙමු යි කීවේය. ඔහුගේ කිරිබත් දැක මුවෙහි කෙළ හටගත්තේය. ඔහු මෙසේ ද සිතුවේය. කනු කැමැත්තේ විය. ඉදින් මම කන්නෙම් ද අනුසිටුතුමා මගේ ගෙදරට පැමිණි කල්හි, පෙරළා සත්කාර කළයුතු වන්නේ ය. මෙසේ මගේ ධනය නැසෙන්නේ ය. අනුභව නොකරන්නෙමියි කීවේය. යළි යළිත් ඉල්වනු ලබන්නේ නමුත්, දැන් මම කෑමට නොහැකි වෙමියි, නොකැමැති විය. දෙවෙනි සිටුතුමා අනුභව කරන කල්හි ද බලා සිටින්නේ මුඛයේ හටගත් කෙළ ඇතිව සිට, ඔහුගේ බත් කිස නිමවූ කල්හි ඔහු සමග රාජ මන්දිරයට ගොස් යළිත් තම නිවසට පැමිණියේ කිරිබත් තෘෂ්ණාවෙන් පෙළෙමින් මෙසේ සිතීය. ඉදින් මම කිරිබත් කනු කැමැත්තේ වෙමියි කියම් ද? මහජනයා ද කනු කැමැත්තෝ වන්නෝය. බොහෝ සහල් ආදිය විනාශ වන්නේ ය. කිසිවෙකුටත් නොකියන්නෙමි. හෙතෙම දිවා රාත්‍රී දෙකේ කිරිබත් ගැන ම සිතන්නේ, කල්ගත කරමින්ම ධනය විනාශ වේ යන බියෙන් කිසිවෙකුට නොකියාම පිපාසාව ඉවසීය. පිළිවෙලින් ඉවසීමට නොහැකිව හටගත් පඬුවන් පැහැ ඇත්තේ විය. මෙසේ ඇතිකල්හි, ධනය නැසීමේ බියෙන් කථා නොකරන්නේ, පසුකාලයේ දුර්වල වී සයනයේ වැතිරී හොත්තේ ය.
අථ නං භරියා උපගන්ත්වා හත්ථෙන පිට්ඨිං පරිමජ්ජමානා “කිං තෙ, සාමි, අඵාසුක”න්ති පුච්ඡි. “තවෙව සරීරෙ අඵාසුකං කරොහි, මම අඵාසුකං නත්ථී”ති. “සාමි, උප්පණ්ඩුප්පණ්ඩුකජාතොසි, කිං නු තෙ කාචි චින්තා අත්ථි, උදාහු රාජා තෙ කුපිතො, අදු පුත්තෙහි අවමානො කතො, අථ වා පන කාචි තණ්හා උප්පන්නා”ති? “ආම, තණ්හා මෙ උප්පන්නා”ති. “කථෙහි, සාමී”ති? “කථෙස්සාමි, සක්ඛිස්සසි නං රක්ඛිතු”න්ති. “රක්ඛිතබ්බයුත්තකා චෙ, රක්ඛිස්සාමී”ති. එවම්පි ධනනාසනභයෙන කථෙතුං න උස්සහි. තාය පුනප්පුනං පීළියමානො කථෙසි – “භද්දෙ, අහං එකදිවසං අනුසෙට්ඨිං නවසප්පිමධුසක්ඛරචුණ්ණෙහි සඞ්ඛතං පායාසං භුඤ්ජන්තං දිස්වා තතො පට්ඨාය තාදිසං පායාසං භුඤ්ජිතුකාමො ජාතො”ති. “අසප්පුරිස, කිං ත්වං දුග්ගතො, සකලමාරාණසිවාසීනං පහොනකං පායාසං පචිස්සාමී”ති. අථස්ස සීසෙ දණ්ඩෙන පහරණකාලො විය අහොසි. සො තස්සා කුජ්ඣිත්වා “ජානාමහං තව මහද්ධනභාවං, සචෙ තෙ කුලඝරා ආභතං අත්ථි, පායාසං පචිත්වා නාගරානං දෙහී”ති ආහ. “තෙන හි එකවීථිවාසීනං පහොනකං කත්වා පචාමී”ති. “කිං තෙ එතෙහි, අත්තනො පන සන්තකං ඛාදන්තූ”ති? “තෙන හි ඉතො චිතො ච සත්තසත්තඝරවාසීනං පහොනකං කත්වා පචාමී”ති. “කිං තෙ එතෙහී”ති. “තෙන හි ඉමස්මිං ගෙහෙ පරිජනස්සා”ති. “කිං තෙ එතෙනා”ති? “තෙන හි බන්ධුජනස්සෙව පහොනකං කත්වා පචාමී”ති. “කිං තෙ එතෙනා”ති? “තෙන හි තුය්හඤ්ච මය්හඤ්ච පචාමි සාමී”ති. “කාසි ත්වං, න තුය්හං වට්ටතී”ති? “තෙන හි එකස්සෙව තෙ පහොනකං කත්වා පචාමී”ති. “මය්හඤ්ච ත්වං මා පචි, ගෙහෙ පන පචන්තෙ බහූ පච්චාසීසන්ති, මය්හං පන පත්ථං තණ්ඩුලානං චතුභාගං ඛීරස්ස අච්ඡරං සක්ඛරාය කරණ්ඩකං සප්පිස්ස කරණ්ඩකං මධුස්ස එකඤ්ච පචනභාජනං දෙහි, අහං අරඤ්ඤං පවිසිත්වා තත්ථ පචිත්වා භුඤ්ජාමී”ති. සා තථා අකාසි. සො තං සබ්බං චෙටකෙන ගාහාපෙත්වා “ගච්ඡ අසුකට්ඨානෙ තිට්ඨාහී”ති තං පුරතො පෙසෙත්වා එකකොව ඔගුණ්ඨිකං කත්වා අඤ්ඤාතකවෙසෙන තත්ථ ගන්ත්වා නදීතීරෙ එකස්මිං ගච්ඡමූලෙ උද්ධනං කාරෙත්වා දාරුදකං ආහරාපෙත්වා “ත්වං ගන්ත්වා එකස්මිං මග්ගෙ ඨත්වා කඤ්චිදෙව දිස්වා මම සඤ්ඤං දදෙය්යාසි, මයා පක්කොසිතකාලෙව ආගච්ඡෙය්යාසී”ති තං පෙසෙත්වා අග්ගිං කත්වා පායාසං පචි.
ඉක්බිති ඔහුගේ බිරිඳ ළඟට එළඹ, අතින් පිට පිරිමදිමින් කිමෙක් ද ස්වාමීනි, ඔබට අපහසුවක්දැයි විචාළාය. ඔබගේ ශරීරයේ අපහසුවක් කරහි, මට අපහසුවක් නැත. ස්වාමීනි, පඬුවන් පැහැ ඇත්තේ කිමෙක් ද? ඔබට කිසියම් සිතිවිල්ලක් ඇත්ද? නැතහොත් කිසියම් ආශාවක් උපන්නේ ද? එසේය, තණ්හාවක් උපන්නේ ය. ස්වාමීනි, කියන්න. හැකිවන්නෙහි නම් එය රකිත්වා යයි. රැකිය යුත්තක් වේනම් රැකගන්නෙමි. මෙසේ ද ධනය හානිවන බියෙන් කීමට උත්සාහ නො කළේය. ඇය විසින් නැවත නැවතත් පෙළනු ලබන්නී කීවේය. සොඳුර, මම එක දවසක් අනුසෙට්ඨි (යුවරජු) ගිතෙල් මී හකුරු චූර්ණ සහිතව සකස් කළ කිරිබතක් අනුභව කරනු දැක, එතැන් පටන් එවැනි කිරිබතක් අනුභව කිරීමට කැමැත්තක් හටගත්තේ ය යනුවෙනි. අසත්පුරුෂය, කිම ඔබ දුකට පත්වුණේ? සියලුම බරණැස් නුවර වැසියන්ට ඇති තරම් කිරිබත් උයන්නෙමි යි. එවිට ඔහුට හිසට මුගුරකින් පහර දෙන ආකාරයක් මෙන් විය. ඔහු ඇයව කුපිත කරවා මම ඔබට මහත් ධනය ඇති බව දනිමි. ඉදින් තිගේ කුල ගෙදරින් ගෙනා ධනය ඇත්තේ නම් කිරිබතක් පිස, නගරවැසියන්ට දෙවයි කීවේය. එසේ වී නම් එක වීදියක වැසියන්ට සෑහෙන තරම් පිසුණේ කොට දෙමියි. කිමෙක්ද ඔබට ඔවුන් විසින් තමන් සන්තක දේ අනුභව කරත්වාද? එසේ වී නම්, එහෙ මෙහෙ ඈත ගෙවල් හත බැගින්වුන්ට ඇති තරම් කොට? ඔබට ඔවුන්ගෙන් ඇති යහපත කුමක්ද? එසේ වීනම් මේ ගෙදර පිරිවර ජනයාට ඇති තරම්? ඔවුන්ගෙන් ඔබට ඇති ප්‍රතිඵලය? එසේ වී නම් ඤාති ජනතාවට පමණක් ඇති තරම් පිසමි. ඔබට ඒ අය ගෙන් කිම? එසේ වීනම් ස්වාමීනි ඔබටත් මටත් පිසමි. තී කවරියක්ද? ඔබට නොවටියි. ස්වාමීනි, එසේ වීනම් ඔබට පමණක් හුදකලාවම පිසමි. ගෙදර දී මා වෙනුවෙන් නොපිසව. එසේ පිසන කල්හි බොහෝ කොට පිසත්. මට පාත්‍රයට සහල් හතරෙන් එකක් ද, කිරි ඇති තරම් ද, හකුරු කුඩා පෙට්ටියක් ද, මීපැණි ද එක භාජනයක් ද දෙන්න. වනයට ගොස්, එහිදී පිස අනුභව කරන්නෙමියි ඇය එසේ කළාය. ඔහු ඒ සියල්ල මෙහෙකරුවා ලවා ගෙන්වා ගෙන අසවල් තැන සිටුවයි ඔහුව පළමුව යවා හුදකලාව ම වසාගෙන එක්තරා වෙනත් විලාශයකින් එහි ගොස්, නදීතෙර එක් ගසක් මුල උඳුනක් කරවා, දර-දිය ගෙන්වාගෙන, නුඹ ගොස්, එක් මගක සිට කිසිවකු දැක්කේ නම් මට සංඥාවක් දෙන්නැයි මා විසින් අඬ ගසන කල්හි, පැමිණෙන්නයි ඔහු යවා ගිනිගොඩක් කොට කිරිබත පිසීය.
තස්මිං ඛණෙ සක්කො දෙවරාජා දසසහස්සයොජනං අලඞ්කතදෙවනගරං, සට්ඨියොජනං සුවණ්ණවීථිං, යොජනසහස්සුබ්බෙධං වෙජයන්තං, පඤ්චයොජනසතිකං සුධම්මසභං, සට්ඨියොජනං පණ්ඩුකම්බලසිලාසනං, පඤ්චයොජනාවට්ටං කඤ්චනමාලසෙතච්ඡත්තං, අඩ්ඪතෙය්යකොටිසඞ්ඛා දෙවච්ඡරා, අලඞ්කතපටියත්තං අත්තභාවන්ති ඉමං අත්තනො සිරිං ඔලොකෙත්වා “කිං නු ඛො කත්වා මයා අයං යසො ලද්ධො”ති චින්තෙත්වා බාරාණසියං සෙට්ඨිභූතෙන පවත්තිතං දානං අද්දස. තතො “මම පුත්තාදයො කුහිං නිබ්බත්තා”ති ඔලොකෙන්තො “පුත්තො මෙ චන්දො දෙවපුත්තො හුත්වා නිබ්බත්ති, තස්ස පුත්තො සූරියො, තස්ස පුත්තො, මාතලි, තස්ස පුත්තො, පඤ්චසිඛො”ති සබ්බෙසං නිබ්බත්තිං දිස්වා “පඤ්චසිඛස්ස පුත්තො කීදිසො”ති ඔලොකෙන්තො අත්තනො වංසස්ස උපච්ඡින්නභාවං පස්සි. අථස්ස එතදහොසි – “අයං අසප්පුරිසො මච්ඡරී හුත්වා නෙව අත්තනා පරිභුඤ්ජති , න පරෙසං දෙති, මම වංසො තෙන උපච්ඡින්නො, කාලං කත්වා නිරයෙ නිබ්බත්තිස්සති, ඔවාදමස්ස දත්වා මම වංසං පතිට්ඨාපෙත්වා එතස්ස ඉමස්මිං දෙවනගරෙ නිබ්බත්තනාකාරං කරිස්සාමී”ති. සො චන්දාදයො පක්කොසාපෙත්වා “එථ මනුස්සපථං ගමිස්සාම, මච්ඡරියකොසියෙන අම්හාකං වංසො උපච්ඡින්නො , දානසාලා ඣාපිතා, නෙව අත්තනා පරිභුඤ්ජති, න පරෙසං දෙති, ඉදානි පන පායාසං භුඤ්ජිතුකාමො හුත්වා ‘ඝරෙ පච්චන්තෙ අඤ්ඤස්සපි පායාසො දාතබ්බො භවිස්සතී’ති අරඤ්ඤං පවිසිත්වා එකකොව පචති, එතං දමෙත්වා දානඵලං ජානාපෙත්වා ආගමිස්සාම, අපිච ඛො පන අම්හෙහි සබ්බෙහි එකතො යාචියමානො තත්ථෙව මරෙය්ය. මම පඨමං ගන්ත්වා පායාසං යාචිත්වා නිසින්නකාලෙ තුම්හෙ බ්රාහ්මණවණ්ණෙන පටිපාටියා ආගන්ත්වා යාචෙය්යාථා”ති වත්වා සයං තාව බ්රාහ්මණවණ්ණෙන තං උපසඞ්කමිත්වා “භො, කතරො බාරාණසිගමනමග්ගො”ති පුච්ඡි. අථ නං මච්ඡරියකොසියො “කිං උම්මත්තකොසි, බාරාණසිමග්ගම්පි න ජානාසි, කිං ඉතො එසි, එත්තො යාහී”ති ආහ.
එකෙණෙහි ශක්‍ර දිව්‍යරාජයා, දසදහසක් යොදුන් අලංකෘත දිව්‍ය නගරයක යොදුන් හැටක් සහිත ස්වර්ණ වීථිය, යොදුන් දහසක් උස වෛජයන්ත ප්‍රාසාදය, යොදුන් පන්සියයක් වූ සුධර්මාව, යොදුන් සැටක් වූ පාණ්ඩුකම්බල ශෛලාසනය, යොදුන් පහක් පමණ වූ, රන්මල් සුදු කුඩ පිරිවරා ගත් කෝටි සංඛ්‍යාත දිව්‍යාංගනාවන් අලංකාර ලෙස පිළියෙල කරගත් ආත්මභාව ආදී මේ තමන්ගේ ශ්‍රී සම්පත බලා, කුමන හේතුවක් නිසා, මා විසින් මෙම සම්පත් ලද්දේ දැයි සිතා, බරණැස් සිටුතුමා විසින් පවත්වන ලද දානය දුටුවේය. ඉක්බිති, මගේ දූ දරුවෝ කොහේ ඉපදුනෝ වෙත්දැයි බලන්නේ, මගේ පුතා චන්ද්‍ර දේව පුත්‍රයා වී උපන්නේය. ඔහුගේ පුතා සූර්යා යයි, සියලු දෙනාගේ උපන්තැන් දැක පංචසිඛයාගේ පුතා, කෙබඳු ආකාරදැයි බලන්නේ තමන්ගේ වංසයාගේ සිඳුණු බව දුටුවේය. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් පහළ විය. මෙතෙම අසත් පුරුෂ මසුරකු වී තමන්ද අනුභව නොකරයි. අනුන්ටද නොදෙයි. මගේ ඇවෑමෙන් වංශය සිඳුණේ වී අපායේ උපදින්නේ යයි ඔහුට අවවාද දී මගේ වංශය පිහිටුවා මොහුට දිව්‍ය නගරයේ උපදින ආකාරයක් කරන්නෙමියි. හෙතෙම චන්ද්‍ර ආදීහු කැඳවා එවු! මිනිස් වාසයට යන්නෙමු. මච්ඡරිය කෝසිය විසින් අපගේ වංශය සිඳින ලද්දේ දානශාලාව ගිනිදවන ලද්දේ, තමා අනුභව නොකරයි. අනුන්ටද නොදෙයි. දැන් වනාහි කිරිබත් කනු කැමැත්තේ වී, ගෙදරදී පිසින කල්හි අනිත් අයට ද දියයුතු වන්නේ යයි අරණ්‍යයට පිවිස, හුදකලාවම පිසයි. මොහු දමනය කොට, දාන ප්‍රතිඵලය අවබෝධ කරවා, පැමිණෙන්නෙමු. තව ද, අප සියළු දෙනා විසින්, එකට ඉල්වනු ලබන්නේ එහිදී මිය යන්නේය. මම පළමුව ගොස් කිරිබත් ඉල්ලාගෙන හුන් කල්හි, නුඹලා බ්‍රාහ්මණ විලාශයෙන් අනුපිළිවෙලින් අවුත් ඉල්වව් යයි කියා තෙමේ පළමුවන බ්‍රාහ්මණ වේශයෙන් ඔහු වෙත එළඹ, පින්වත් බියගුල්ල, බරණැසට යන මාර්ගයදැයි විචාළේය. ඉක්බිති මච්ඡරියකෝසිය කිම උම්මත්තකයෙක්ද? බරණැසට යන මාර්ගය නොදනිමි. කිම මෙයින් යන්නෙහිද? එතනින් යන්න යයි කීවේය. ශක්‍රයා, ඔහුගේ වචනය නෑසුනාක් මෙන් කුමක් කීවෙහිදැයි ඔහු ළඟට සමීප වේද හෙතෙම ද, බොළ බිහිරි බ්‍රාහ්මණය, කිම මෙතනින් එහි ද, අතනින් යන්නෙහි දැයි විචාළේය.
සක්කො තස්ස වචනං සුත්වා අසුණන්තො විය “කිං කථෙසී”ති තං උපගච්ඡතෙව. සොපි, “අරෙ , බධිර බ්‍රාහ්මණ, කිං ඉතො එසි, පුරතො යාහී”ති විරවි. අථ නං සක්කො, “භො, කස්මා විරවසි, ධූමො පඤ්ඤායති, අග්ගි පඤ්ඤායති, පායාසො පච්චති, බ්රාහ්මණානං නිමන්තනට්ඨානෙන භවිතබ්බං, අහම්පි බ්රාහ්මණානං භොජනකාලෙ ථොකං ලභිස්සාමි, කිං මං නිච්ඡුභසී”ති වත්වා “නත්ථෙත්ථ බ්රාහ්මණානං නිමන්තනං, පුරතො යාහී”ති වුත්තෙ “තෙන හි කස්මා කුජ්ඣසි, තව භොජනකාලෙ ථොකං ලභිස්සාමී”ති ආහ. අථ නං සො “අහං තෙ එකසිත්ථම්පි න දස්සාමි, ථොකං ඉදං මම යාපනමත්තමෙව, මයාපි චෙතං යාචිත්වාව ලද්ධං, ත්වං අඤ්ඤතො ආහාරං පරියෙසාහී”ති වත්වා භරියං යාචිත්වා ලද්ධභාවං සන්ධායෙව වත්වා ගාථමාහ –
ඉක්බිති ඔහුට ශක්‍රයා පින්වත, කුමක් නිසා විරවන්නෙහිද? දුම පෙනේ. ගිනි පෙනෙන කල්හි කිරිබත පිසෙයි. බ්‍රාහ්මණයන්ට ආරාධනා කිරීම විය යුතුය. මම ද බ්‍රාහ්මණයන් අනුභව කරන කල්හි ටිකක් ලබන්නෙමි. කිමෙක් ද? ඔබ තීන්දුවට එළඹියේදැයි කියා, මෙහි බ්‍රාහ්මණයන්ට ආරාධනා කිරීමක් හෝ අනුන්ට දීමක් හෝ නොමැති යයි කී කල්හි, එසේ වීනම් කුමක් නිසා කිපෙහිද? ඔබ අනුභව කරන වේලාවේ ටිකක් ලබන්නෙමියි කියා ඉක්බිතිව ඔහුට, ඒ මම ඔබට එක මාත්රාවකුදු නොදෙමි. ටිකක් මේ මගේ යැපීම් මාත්‍ර වශයෙන් මා විසින් ද ඉල්ලනු ලබන ලද්දේද, නුඹ ඔබට වෙනස් ආහාරයක් සොයාගනුවයි බිරිඳට අයැද ලබන ලද්ද එකතු කරන්නේමයි කියා;
“නෙව කිණාමි නපි වික්කිණාමි, න චාපි මෙ සන්නිචයො ච අත්ථි; සුකිච්ඡරූපං වතිදං පරිත්තං, පත්ථොදනො නාලමයං දුවින්න”න්ති.
මම මිලට නො ගනිමි. නො විකුණමි. මා විසින් රැස්කළ ධනයෙක් ද නැත. දුකසේ ලබන ලද මේ පතක් පමණ වූ බත දෙදෙනෙකුට නො සෑහෙයි. යන ගාථාව කීවේය.
තං සුත්වා සක්කො “අහම්පි තෙ මධුරසද්දෙන එකං සිලොකං කථෙස්සාමි, තං සුණාහී”ති වත්වා “න මෙ තව සිලොකෙන අත්ථො”ති තස්ස වාරෙන්තස්සෙව ගාථාද්වයමාහ –
ඒ අසා ශක්‍රයා මම ද නුඹට මිහිරි හඬින් එක ශ්ලෝකයක් කියන්නෙමි. එය අසන්න, යයි කියා මට ඔබගේ ශ්ලෝකයෙන් අර්ථයක් නැතැයි වළක්වන්නේ වළක්වන්නේ;
“අප්පම්හා අප්පකං දජ්ජා, අනුමජ්ඣතො මජ්ඣකං; බහුම්හා බහුකං දජ්ජා, අදානං නූපපජ්ජති.
අල්පමාත්‍ර දෙයින් අල්පමාත්‍ර දෙයක් දිය යුතුය. අණුමාත්‍ර අර්ධයෙන් අර්ධයක් දිය යුතුය. බොහෝ සෙයින් බොහෝ දෙයක් දිය යුතුය. කිසි සේත් නො දී සිටීම නො හොබනේය.
“තං තං වදාමි කොසිය, දෙහි දානානි භුඤ්ජ ච; අරියමග්ගං සමාරුහ, නෙකාසී ලභතෙ සුඛ”න්ති.
කෝසිය සිටාණනි! එක් කරුණක් ඔබට කියමි. හොඳින් වළඳව. එහෙත් දන් දී වළඳව. වෙළඳාම කරව. දන් දී ආර්ය මාර්ගයට පැමිණෙව. තනිවම වළඳන්නා සුවයක් නො ලබයි.
යන ගාථා දෙක කීවේය.
තත්ථ අනුමජ්ඣතො මජ්ඣකන්ති අප්පමත්තකම්පි මජ්ඣෙ ඡෙත්වා ද්වෙ කොට්ඨාසෙ කරිත්වා එකං කොට්ඨාසං දත්වා තතො අවසෙසතො අනුමජ්ඣතොපි පුන මජ්ඣෙ ඡෙත්වා එකො කොට්ඨාසො දාතබ්බොයෙව. අදානං නූපපජ්ජතීති අප්පං වා බහුං වා දින්නං හොතු, අදානං නාම න හොති, තම්පි දානමෙව මහප්ඵලමෙව.
එහි අනුමජ්ඣතො මජ්ඣකං යනු ස්වල්පයක් ගෙන මැදින් කපා, කොටස් දෙකක් කොට, එක් කොටසක් දී, අනතුරුව ඉතිරි කොටස ද යළිත් මැදින් කපා එක් කොටසක්වත් දිය යුතුය යන අර්ථයයි. අදානං න උප්පජ්ජති යනු ස්වල්පයක් හෝ බොහෝ හෝ දියයුතු වේවා. නොදීම නම් නො වෙයි. එය ද පරිත්‍යාගයම මහත් ආනිශංස ගෙන දේ ම ය.
සො තස්ස වචනං සුත්වා “මනාපං තෙ, බ්‍රාහ්මණ, කථිතං, පායාසෙ පක්කෙ ථොකං ලභිස්සසි, නිසීදාහී”ති ආහ. සක්කො එකමන්තෙ නිසීදි. තස්මිං නිසින්නෙ චන්දො තෙනෙව නියාමෙන උපසඞ්කමිත්වා තථෙව කථං පවත්තෙත්වා තස්ස වාරෙන්තස්සෙව ගාථාද්වයමාහ –
ඔහු ඔහුගේ වචන අසා, බ්‍රාහ්මණය, ඔබට මනාප දෙය කියන ලද්දේ, කිරිබත පැසුණු කල්හි ටිකක් ලබන්නෙහි. එතෙක් සිටින්නැයි කීවේය. ශක්‍රයා එකත්පසක හුන්නේය. ඔහු සිටින කල්හි චන්ද්‍රයා ඒ අයුරින්ම එතනට සමීපව, එලෙසම කථා පවත්වා ඔහුව වළක්වන්නේ ම වළක්වන්නේ ම,
“මොඝඤ්චස්ස හුතං හොති, මොඝඤ්චාපි සමීහිතං; අතිථිස්මිං යො නිසින්නස්මිං, එකො භුඤ්ජති භොජනං.
යමෙක් ආගන්තුකයෙක් ඉන්ද දී තනිවම ආහාර බුදී නම් ඔහුගේ හෝම ගින්න හිස් වෙයි. ධනෝපායන වීර්යය ද හීන වෙයි.
තං තං වදාමි කොසිය, දෙහි දානානි භුඤ්ජ ච; අරියමග්ගං සමාරුහ, නෙකාසී ලභතෙ සුඛ”න්ති.
කෝසිය සිටාණනි! එනිසා තොපට කියමි. දන් දෙව. අනුභව කරව. ආර්ය මාර්ගයට පැමිණෙව. තනිව වළඳන්නා සුවයක් නො ලබයි.
යන ගාථා දෙක කීවේය.
තත්ථ සමීහිතන්ති ධනුප්පාදනවීරියං.
එහි සමිහිතං යනු ධනය උපදවන වීර්යයයි.
සො තස්ස වචනං සුත්වා කිච්ඡෙන කසිරෙන “තෙන හි නිසීද, ථොකං ලභිස්සසී”ති ආහ. සො ගන්ත්වා සක්කස්ස සන්තිකෙ නිසීදි. තතො සූරියො තෙනෙව නයෙන උපසඞ්කමිත්වා තථෙව කථං පවත්තෙත්වා තස්ස වාරෙන්තස්සෙව ගාථාද්වයමාහ –
ඔහු ඔහුගේ වචන අසා, අපහසුව කරදරය ඉවසන්න. එසේ නම් ටික වේලාවක් හිඳින්න. ටිකක් ලබන්නෙහි යයි කීවේය. ඔහු ගොස් ශක්‍රයාගේ සමීපයේ හුන්නේය. ඉක්බිති සූර්ය පුත්‍රයා ද ඒ ක්‍රමයෙන් ම එළඹ එසේම ප්‍රකාශකොට වළක්වන්නේ, වළක්වන්නේ ම.
“සච්චඤ්චස්ස හුතං හොති, සච්චඤ්චාපි සමීහිතං; අතිථිස්මිං යො නිසින්නස්මිං, නෙකො භුඤ්ජති භොජනං.
යමෙක් ආගන්තුකයෙක් සිටින විට ඔහුට ද දී ආහාර ගනීනම්, ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන මාර්ග වැඩෙයි.
“තං තං වදාමි කොසිය, දෙහි දානානි භුඤ්ජ ච; අරියමග්ගං සමාරුහ, නෙකාසී ලභතෙ සුඛ”න්ති.
කෝසිය සිටාණෙනි! එනිසා ඔබට කියමි. දන් දෙව. තොපද වළඳව. ආර්ය මාර්ගයට පැමිණෙනු මැනව. තනිවම ආහාර ගන්නා සුවයක් නො ලබයි.
යන ගාථා දෙක කීවේය.
තස්සපි වචනං සුත්වා කිච්ඡෙන කසිරෙන “තෙන හි නිසීද, ථොකං ලභිස්සසී”ති ආහ. සො ගන්ත්වා චන්දස්ස සන්තිකෙ නිසීදි. අථ නං මාතලි තෙනෙව නයෙන උපසඞ්කමිත්වා තථෙව කථං පවත්තෙත්වා තස්ස වාරෙන්තස්සෙව ඉමා ගාථා අභාසි –
ඔහුගේ ද වචන අසා අපහසුව කරදරය ඉවසන්න. එසේ වීනම් හිඳින්න. ආහාර ටිකක් ලබන්නෙහි යයි කීවේය. ඔහු ද ගොස් චන්ද්‍රයාගේ සමීපයේ හුන්නේය. ඉක්බිති ඔහු වෙත මාතලී ඒ අයුරින්ම එළඹ එපරිදි කථා පවත්වා, ඔහුව වළක්වන්නේ වළක්වන්නේ ම.
“සරඤ්ච ජුහති පොසො, බහුකාය ගයාය ච; දොණෙ තිම්බරුතිත්ථස්මිං, සීඝසොතෙ මහාවහෙ.
යම් කිසිවෙක් මහ මුහුද හෝ වෙනත් ජලාශයක් තරු පැමිණ බිලි පූජා කෙරේද? බාහුකා නදිය, ගයා පොකුණ, ද්‍රෝණ තීර්ථය, තිබ්බරු තීර්ථය, මහා ජලප්රවාහ ආදී තැන්වල බලි පූජා කෙරේද?
“අත්ර චස්ස හුතං හොති, අත්ර චස්ස සමීහිතං; අතිථිස්මිං යො නිසින්නස්මිං, නෙකො භුඤ්ජති භොජනං.
යමෙක් අමුත්තකු හුන් කල්හි තමන් තනිව ආහාර නො වළඳා ආගන්තුකයාට ද දී වළඳා නම් එය ඉහත සඳහන් බිලි පූජා හා සමාන ධනෝපායන වීර්ය කරන ලද්දේ වෙයි.
“තං තං වදාමි කොසිය, දෙහි දානානි භුඤ්ජ ච; අරියමග්ගං සමාරුහ, නෙකාසී ලභතෙ සුඛ”න්ති.
කෝසිය සිටාණනි! එයින් ඔබට කියමි. දන් දෙව, ඔබවත් වළඳව. ආර්ය මාර්ගයට පිවිසෙව. තනිවම බුදින්නේ සුව නො ලබයි.
මේ ගාථා කීවේය.
තාසං අත්ථො – යො පුරිසො “නාගයක්ඛාදීනං බලිකම්මං කරොමී”ති සමුද්දසොණ්ඩිපොක්ඛරණීආදීසු යං කිඤ්චි සරඤ්ච උපගන්ත්වා ජුහති, තත්ථ බලිකම්මං කරොති , තථා බහුකාය නදියා ගයාය පොක්ඛරණියා දොණනාමකෙ ච තිම්බරුනාමකෙ ච තිත්ථෙ සීඝසොතෙ මහන්තෙ වාරිවහෙ. අත්ර චස්සාති යදි අත්රාපි එතෙසු සරාදීසු අස්ස පුරිසස්ස හුතඤ්චෙව සමීහිතඤ්ච හොති, සඵලං සුඛුද්රයං සම්පජ්ජති. අතිථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං, එත්ථ වත්තබ්බමෙව නත්ථි, තෙන තං වදාමි – කොසිය, දානානි ච දෙහි, සයඤ්ච භුඤ්ජ, අරියානං දානාභිරතානං බුද්ධාදීනං මග්ගං අභිරුහ. න හි එකාසී එකොව භුඤ්ජමානො සුඛං නාම ලභතීති.
ඒවායේ අර්ථය :- යම් මිනිසකු නාග යක්ෂ ආදීන්ට බලිපූජා කරමියි මුහුදු ලෙන් පොකුණු ආදියෙහි යම්කිසි විලකට සපැමිණ යාගහෝම පුදපූජා කරයිද? එහිදී බලිකර්ම කරයි. එසේම බොහෝ කාර්ය ඇති, ගයා නදියේ, පොකුණක දෝණ නමින් ද, තිම්බරු නමින් ද ඇති තොටුපොළෙහි, ශීඝ්‍ර සැඩපහර ඇති ජලය වහනය වන කල්හි. අත්රවස්සා යනු ඉදින් මෙහිදී, මේ විල් ආදියෙහි, මේ පුරුෂයාට පුද පූජා මෙන්ම ධනය රැස්කිරීම ද වෙයි. ප්‍රතිඵල සහිත සැප ගෙන දීමක් ද හටගනියි. අත්ථිස්මිං යො නිසින්නස්මිං නෙකො භුඤ්ජති භොජනං මෙහි කිවයුතු දෙයක් නැත. එහෙයින් එය කියමි. කෝසිය දන් ද දෙන්න. තමන් ද අනුභව කරන්න. ආර්යයන්ගේ දාන අභිරතියේ යුක්ත වූයේ බුද්ධාදී උතුමන්ගේ මාර්ගයට ප්‍රවේශ වන්න. එකාසි හුදකලාව ආහාර අනුභව කිරීමෙන් සැපයක් නම් නොලබන්නේ ය.
සො තස්සපි වචනං සුත්වා පබ්බතකූටෙන ඔත්ථටො විය කිච්ඡෙන කසිරෙන “තෙන හි නිසීද, ථොකං ලභිස්සසී”ති ආහ. මාතලි ගන්ත්වා සූරියස්ස සන්තිකෙ නිසීදි. තතො පඤ්චසිඛො තෙනෙව නයෙන උපසඞ්කමිත්වා තථෙව කථං පවත්තෙත්වා තස්ස වාරෙන්තස්සෙව ගාථාද්වයමාහ –
ඔහු ඔහුගේ ද වචන අසා පර්වත තලයෙන් බසින්නකු මෙන් කටයුතු ඇත්තේ, එසේ වීනම් හිඳින්න. ටිකක් ලබන්නෙහි යයි කීවේය. මාතලී ගොස් සූර්ය පුත්‍රයා ගේ සමීපයේ හුන්නේය. ඉක්බිති පංචසිඛ ඒ අයුරින්ම එළඹ එපරිදි කථා පවත්වා, ඔහුව වළක්වන්නේ වළක්වන්නේ ම.
“බළිසඤ්හි සො නිගිලති, දීඝසුත්තං සබන්ධනං; අතිථිස්මිං යො නිසින්නස්මිං, එකො භුඤ්ජති භොජනං.
යමෙක් අමුත්තෙකු සිටිනවිට තනිවම ආහාර ගනියි ද, ඔහු දිග නූලක් ඇති ඇමක් සහිත බිලියක් ගිල්ලා වැනිය.
“තං තං වදාමි කොසිය, දෙහි දානානි භුඤ්ජ ච; අරියමග්ගං සමාරුහ, නෙකාසී ලභතෙ සුඛ”න්ති.
කෝසිය සිටාණනි! ඒ නිසා නැවත නැවතත් ඔබට කියමි. දන් දෙව. ඔබ ද වළඳව. ආර්ය මාර්ගයට පිවිසෙව. තනිවම වැළඳීම සැපයක් ගෙන නො දේ.
යන ගාථා දෙක කීවේ ය.
මච්ඡරියකොසියො තං සුත්වා දුක්ඛවෙදනො නිත්ථුනන්තො “තෙන හි නිසීද, ථොකං ලභිස්සසී”ති ආහ. පඤ්චසිඛො ගන්ත්වා මාතලිස්ස සන්තිකෙ නිසීදි. ඉති තෙසු පඤ්චසු බ්රාහ්මණෙසු නිසින්නමත්තෙස්වෙව පායාසො පච්චි. අථ නං කොසියො උද්ධනා ඔතාරෙත්වා “තුම්හාකං පත්තානි ආහරථා”ති ආහ. තෙ අනුට්ඨාය යථානිසින්නාව හත්ථෙ පසාරෙත්වා හිමවන්තතො මාලුවපත්තානි ආහරිංසු. කොසියො තානි දිස්වා “තුම්හාකං එතෙසු පත්තෙසු දාතබ්බපායාසො නත්ථි, ඛදිරාදීනං පත්තානි ආහරථා”ති ආහ. තෙ තානිපි ආහරිංසු. එකෙකං පත්තං යොධඵලකප්පමාණං අහොසි. සො සබ්බෙසං දබ්බියා පායාසං අදාසි, සබ්බන්තිමස්ස දානකාලෙපි උක්ඛලියා ඌනං න පඤ්ඤායි, පඤ්චන්නම්පි දත්වා සයං උක්ඛලිං ගහෙත්වා නිසීදි. තස්මිං ඛණෙ පඤ්චසිඛො උට්ඨාය අත්තභාවං විජහිත්වා සුනඛො හුත්වා තෙසං පුරතො පස්සාවං කරොන්තො අගමාසි. බ්රාහ්මණා අත්තනො පායාසං පත්තෙන පිදහිංසු. කොසියස්ස හත්ථපිට්ඨෙ පස්සාවබින්දු පති. බ්රාහ්මණා කුණ්ඩිකාහි උදකං ගහෙත්වා පායාසං අබ්භුකිරිත්වා භුඤ්ජමානා විය අහෙසුං. කොසියො “මය්හම්පි උදකං දෙථ, හත්ථං ධොවිත්වා භුඤ්ජිස්සාමී”ති ආහ. “තව උදකං ආහරිත්වා හත්ථං ධොවා”ති. “මයා තුම්හාකං පායාසො දින්නො, මය්හං ථොකං උදකං දෙථා”ති. “මයං පිණ්ඩපටිපිණ්ඩකම්මං නාම න කරොමා”ති. “තෙන හි ඉමං උක්ඛලිං ඔලොකෙථ, හත්ථං ධොවිත්වා ආගමිස්සාමී”ති නදිං ඔතරි. තස්මිං ඛණෙ සුනඛො උක්ඛලිං පස්සාවස්ස පූරෙසි. සො තං පස්සාවං කරොන්තං දිස්වා මහන්තං දණ්ඩමාදාය තං තජ්ජෙන්තො ආගච්ඡි. සො අස්සාජානීයමත්තො හුත්වා තං අනුබන්ධන්තො නානාවණ්ණො අහොසි, කාළොපි හොති සෙතොපි සුවණ්ණවණ්ණොපි කබරොපි උච්චොපි නීචොපි, එවං නානාවණ්ණො හුත්වා මච්ඡරියකොසියං අනුබන්ධි. සො මරණභයභීතො බ්රාහ්මණෙ උපසඞ්කමි. තෙපි උප්පතිත්වා ආකාසෙ ඨිතා. සො තෙසං තං ඉද්ධිං දිස්වා ගාථමාහ –
මච්ඡරිය කෝසිය එය අසා, දුකෙන් නිම්හිම් නැත්තේ, එසේ වීනම් හිඳින්න. ටිකක් ලබන්නෙහි යයි කීවේය. පංචසිඛ ගොස් මාතලී සමීපයේ හුන්නේය. මෙසේ ඒ බ්‍රාහ්මණයන් පස්දෙනා සිටිනා කල්හිම කිරිබත පිසුණේය. ඉක්බිති එය කෝසිය, උදුනින් බා, නුඹලාගේ භාජන ගනිවු යයි කීවේය. ඔවුහු එසේ හුන්නේ ම අත් දිගුකොට, හිමාලයෙන් මාළුවා පත් ගෙනාවෝ ය. කෝසිය ඒවා දැක, නුඹලාට මේ පාත්‍රවල දැමිය යුතු තරම් කිරිබත් නැත. කදිර (කිහිරි) කොල රැගෙන එවු යයි කීය. ඔවුහු ඒවා රැගෙන ආහ. එක එක කොලය යෝධ පුවරුවක ප්‍රමාණය විය. ඔහු සියලු දෙනාට හැන්දෙන් කිරිබත් දුන්නේය. සියලුදෙනාට දන් දෙන කල්හි, සැළියේ අඩුවක් නම් නොපෙනුණි. පස්දෙනාට ම දී, තෙමේ සැළිය ගෙන හුන්නේ ය. එකෙණෙහි පංචසිඛ නැගිට ආත්මභාවය දුරුකොට සුනඛයෙක් වී ඔවුන්ගේ ඉදිරියට මුත්‍රා කරමින් පැමිණියේය. බමුණෝ තමන්ගේ කිරිබත් කොලයෙන් වැසුන කෝසියගේ අතේ පිටපැත්තේ මුත්‍රා බිංදු වැටුණේය. බමුණෝ භාජනවලින් පැන් ගෙන, කිරිබත් විසුරුවමින් අනුභව කරන්නාක් මෙන් වූහ. කෝසියද, මටත් ජලය දෙවු. අත සෝදා අනුභව කරන්නෙමියි කීවේය. ඔබ ජලය ගෙන අත සෝදා ගන්න. මා විසින් නුඹලාට කිරිබත් දෙන ලදි. මට ජලය ටිකක් දෙන්න. අපි පිඬු කිරීම ගුලිකිරීම නම් නො කරමු. එසේ වීනම් මේ සැළිය බලව. අත සෝදා පැමිණෙන්නෙමැයි නදියට බැස්සේ ය. එකෙණෙහි බල්ලා, සැළිය මුත්‍රාවලින් පිරෙව්වේය. හෙතෙම, ඌ මුත්‍රා කරනු දැක, මහත් වූ දණ්ඩක් රැගෙන, තර්ජනය කරමින් ආවේය. හෙතෙම ආජානීය අශ්වයකු වී, ඔහු ව ලුහුබඳිමින් නොයෙක් වර්ණ ඇත්තේ විය. කළුවෙයි. සුදු වෙයි. රන්වන් ද කබර ඇත්තේ ද, උස් ද පහත් ද වෙමින් මෙසේ නොයෙක් වර්ණ වී, මච්ඡරිය කෝසිය සිටු ලුහු බැන්දේය. ඔහු මරණ බියෙන් බිය වූයේ බමුණන් වෙත සමීප වූයේය. ඔවුහු ද උඩට පැන අහසෙහි සිටියෝය. හෙතෙම ඔවුන්ගේ ඒ සෘද්ධිය දැක;
“උළාරවණ්ණා වත බ්රාහ්මණා ඉමෙ, අයඤ්ච වො සුනඛො කිස්ස හෙතු; උච්චාවචං වණ්ණනිභං විකුබ්බති, අක්ඛාථ නො බ්රාහ්මණා කෙ නු තුම්හෙ”ති.
මේ බ්‍රාහ්මණයෝ උත්තම වර්ණ ඇතියහ. තොපගේ සුනඛයා වරින් වර විවිධ උස් පහත් පැහැ සටහන් නිර්මාණය කරයි. බ්රාහ්මණයිනි, අපට කියව. තෙපි කවුරුද?
තං සුත්වා සක්කො දෙවරාජා –
ඒ අසා ශක්‍ර දිව්‍ය රාජයා;
“චන්දො ච සූරියො ච උභො ඉධාගතා, අයං පන මාතලි දෙවසාරථි; සක්කොහමස්මි තිදසානමින්දො; එසො ච ඛො පඤ්චසිඛොති වුච්චතී”ති.
සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ දේව සාරථී මාතලී ය. අනිත් තැනැත්තා පඤ්චසිඛය. මම දෙදෙව්ලොවට අධිපති ශක්‍රයා වෙමි.
ගාථං වත්වා තස්ස යසං වණ්ණෙන්තො ගාථමාහ –
ගාථාව කියා, ඔහුගේ සම්පත් වර්ණනා කරමින්;
“පාණිස්සරා මුදිඞ්ගා ච, මුරජාලම්බරානි ච; සුත්තමෙනං පබොධෙන්ති, පටිබුද්ධො ච නන්දතී”ති.
අත්පුඩි හඬ ද, මිහිඟු බෙර හඬද, මුරජ බෙර හඬ ද, පණා බෙර හඬ ද, නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
යන ගාථාව කීවේය.
සො තස්ස වචනං සුත්වා “සක්ක, එවරූපං දිබ්බසම්පත්තිං කින්ති කත්වා ලභසී”ති පුච්ඡි. සක්කො “අදානසීලා තාව පාපධම්මා මච්ඡරිනො දෙවලොකං න ගච්ඡන්ති, නිරයෙ නිබ්බත්තන්තී”ති දස්සෙන්තො –
ඔහු ඔහු ගේ වචන අසා මෙබඳු ආකාර දිව්‍ය සම්පත් කුමක්කොට ලබත්දැයි විචාළේය. දන් නොදෙන සුළු, පාප ධර්මයේ ඇලුණු මසුරෝ දිව්‍යලෝකයට නොයති. අපායේ උපදින්නාහ යයි දක්වමින්,
“යෙ කෙචිමෙ මච්ඡරිනො කදරියා, පරිභාසකා සමණබ්රාහ්මණානං; ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං, කායස්ස භෙදා නිරයං වජන්තී”ති. –
යම්කිසි කෙනෙක් මසුරු වූවාහු ද, තද මසුරු වූවාහු ද, මහණ බමුණන්ට පිරිහෙලා කථා කරන්නාහු ද? ඔහු මරණින් මතු නිරයට යයි.
ඉමං ගාථං වත්වා ධම්මෙ ඨිතානං දෙවලොකපටිලාභං දස්සෙතුං ගාථමාහ –
මේ ගාථාව කියා, ධර්මයෙහි නිරත වූවන්ට දිව්‍යලෝක ප්‍රතිලාභය අත්වන බව ප්‍රකාශ කිරීමට;
“යෙ කෙචිමෙ සුග්ගතිමාසමානා, ධම්මෙ ඨිතා සංයමෙ සංවිභාගෙ; ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං, කායස්ස භෙදා සුගතිං වජන්තී”ති.
සුගතිය පතන කිසිවෙක් වේ නම් ඔහු ශීල ධර්මයෙහි පිහිටිය යුතුය. දන් දීමාදී කටයුතු කළ යුතුය. එසේ කරන්නා මරණින් මතු සුගතියේ උත්පත්තිය ලබයි.
යන ගාථාව කීවේය.
තත්ථ ආසමානාති ආසීසන්තා. යෙ කෙචි සුගතිං ආසීසන්ති, සබ්බෙ තෙ සංයමසඞ්ඛාතෙ දසසීලධම්මෙ සංවිභාගසඞ්ඛාතෙ දානධම්මෙ ච ඨිතා හුත්වා ඉධ සරීරසඞ්ඛාතං දෙහං නික්ඛිපිත්වා තස්ස කායස්ස භෙදා සුගතිං වජන්තීති අත්ථො.
එහි ආස සානා යනු ශුභ පතන්නෝ යම් කිසිවෙක් සුගතිය වර්ණනා කරත්ද? ඒ සියල්ලෝ සංයමයේ පිහිටියේ, දස ශීල ධර්මයෙහි මැනවින් නිරත වූයේ දාන ධර්මාදියේ පිහිටියේ සිට. මෙලොව දී ශරීර සංඛ්‍යාත දේහය බහා තබා ඔහුගේ මරණින් මතු සුගතියේ උපදිති යන අර්ථයයි.
එවං වත්වා ච පන, “කොසිය, න මයං තව සන්තිකෙ පායාසත්ථාය ආගතා, කාරුඤ්ඤෙන පන තං අනුකම්පමානා ආගතාම්හා”ති තස්ස පකාසෙතුං ආහ –
මෙසේ ද පවසා, කෝසිය අපි ඔබ සමීපයේ කිරිබත් පිණිස ආවේ නොවෙමු. කරුණාවෙන් ඔබට අනුකම්පා කරමින් ආවෝ වෙමුයි ඔහුට ප්‍රකාශ කිරීමට,
“ත්වං නොසි ඤාති පුරිමාසු ජාතිසු, සො මච්ඡරී රොසකො පාපධම්මො; තවෙව අත්ථාය ඉධාගතම්හා, මා පාපධම්මො නිරයං ගමිත්ථා”ති.
පෙර ජාතියෙහි තොප අපගේ ඤාතියෙක් විය. තොප මේ ආත්මයේ තද මසුරෙක්ව සිටී. රොස් පරොස් බස් ඇති පාප ධර්ම ඇත්තෙක. ඒ නිසා තොපට වැඩ පිණිස පැමිණියෙමි. පාප ධර්ම ඇත්තාහු සුගතියට නොයයි. අපායට යයි. යයි කීවේය.
තත්ථ සොති සො ත්වං. මා පාපධම්මොති අයං අම්හාකං ඤාති පාපධම්මො මා නිරයං අගමාති එතදත්ථං ආගතම්හාති අත්ථො.
එහි සො යනු ඒ ඔබ වේ. මා පාප ධම්මො යනු මෙතෙම අපගේ ඤාතියෙකි. පාපධර්මයෙකි. නිරයට නොපැමිණේවා යන මේ අර්ථයෙන් පැමිණියෝ වෙමු යන අර්ථයයි.
තං සුත්වා කොසියො “අත්ථකාමා කිර මෙ, එතෙ මං නිරයා උද්ධරිත්වා සග්ගෙ පතිට්ඨාපෙතුකාමා”ති තුට්ඨචිත්තො ආහ –
ඒ අසා කෝසිය, මොවුහු මට වැඩ පිණිස වේ. මා නිරයෙන් ගොඩට ගෙන ස්වර්ගයෙහි පිහිටුවනු කැමැත්තේ සතුටු සිතැත්තේ,
“අද්ධා මං වො හිතකාමා, යං මං සමනුසාසථ; සොහං තථා කරිස්සාමි, සබ්බං වුත්තං හිතෙසිභි.
යම් සේ තෙපි මට අවවාද කරයි ද, මම එසේ පිළිපදිමි. තෙපි මට හිතවත්ය. හිත කැමැතියන් කරන සියල්ල එසේ ම ඉටු කරන්නෙමි.
“එසාහමජ්ජෙව උපරමාමි, න චාහං කිඤ්චි කරෙය්ය පාපං; න චාපි මෙ කිඤ්චි අදෙය්යමත්ථි, න චාපිදත්වා උදකං පිවාමි.
මම අදම මසුරු බවින් වෙන් වෙමි. මම කිසිදු පවකුදු නො කරමි. මෙතැන් පටන් කිසිවක් හට නොදී මම දිය පතකුදු නො බොමි. නො දිය යුතු කිසිවක් මට නැත.
“එවඤ්ච මෙ දදතො සබ්බකාලං, භොගා ඉමෙ වාසව ඛීයිස්සන්ති; තතො අහං පබ්බජිස්සාමි සක්ක, හිත්වාන කාමානි යථොධිකානී”ති.
සක්දෙව් රජුනි! හැමකල්හි ම දෙන්නා වූ මේ භෝගයෝ කවදා හෝ අවසන් වේ. සක්දෙව් රජුනි! එදිනට මම සියලු කාමයන් හැරපියා පැවිදි වන්නෙමි. යයි කීවේය.
තත්ථ මන්ති මම. වොති තුම්හෙ. යං මන්ති යෙන මං සමනුසාසථ, තෙන මෙ තුම්හෙ හිතකාමා. තථාති යථා වදථ, තථෙව කරිස්සාමි. උපරමාමීති මච්ඡරිභාවතො උපරමාමි. අදෙය්යමත්ථීති ඉතො පට්ඨාය ච මම ආලොපතො උපඩ්ඪම්පි අදෙය්යං නාම නත්ථි, න චාපිදත්වාති උදකපසතම්පි චාහං ලභිත්වා අදත්වා න පිවිස්සාමි. ඛීයිස්සන්තීති වික්ඛීයිස්සන්ති. යථොධිකානීති වත්ථුකාමකිලෙසකාමවසෙන යථාඨිතකොට්ඨාසානියෙව.
එහි මං යනු මගේ. තෙ යනු නුඹලා. යංමං යනු යමකු විසින් මට මැනවින් අනුශාසනා කළෙහුද, ඒ නිසා මට නුඹලා හිතකාමී වූහ. තථා යනු යම්සේ කියහු ද? එසේ කරන්නෙමි. උපාරමාමී යනු මසුරුබවින් වැළකෙමි. අදෙය්යමත්ථී යනු මෙතැන් පටන්ම මට අලෝභ වශයෙන් දියයුතු වස්තුවක් නම් නැත. තඤ්චාපි දත්වා යනු දියබිඳක් හෝ මම ලැබ නොදී පානය නො කරන්නෙමි. ඛියිස්සන්ති යනු ක්ෂය වන්නේය. යථොධිකා නී යනු වස්තුකාම ක්ලේශකාම වශයෙන් යම් සේ තුබුණු කොට්ඨාස වේ ම ය.
සක්කො මච්ඡරියකොසියං දමෙත්වා නිබ්බිසෙවනං කත්වා දානඵලං ජානාපෙත්වා ධම්මදෙසනාය පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා සද්ධිං තෙහි දෙවනගරමෙව ගතො. මච්ඡරියකොසියොපි නගරං පවිසිත්වා රාජානං අනුජානාපෙත්වා “ගහිතගහිතභාජනානි පූරෙත්වා ගණ්හන්තූ”ති යාචකානං ධනං දත්වා තස්මිං ඛීණෙ නික්ඛම්ම හිමවන්තතො දක්ඛිණපස්සෙ ගඞ්ගාය චෙව එකස්ස ච ජාතස්සරස්ස අන්තරෙ පණ්ණසාලං කත්වා පබ්බජිත්වා වනමූලඵලාහාරො තත්ථ චිරං විහාසි, ජරං පාපුණි. තදා සක්කස්ස ආසා සද්ධා සිරී හිරීති චතස්සො ධීතරො හොන්ති. තා බහුං දිබ්බගන්ධමාලං ආදාය උදකකීළනත්ථාය අනොතත්තදහං ගන්ත්වා තත්ථ කීළිත්වා මනොසිලාතලෙ නිසීදිංසු. තස්මිං ඛණෙ නාරදො නාම බ්රාහ්මණතාපසො තාවතිංසභවනං දිවාවිහාරත්ථාය ගන්ත්වා නන්දනවනචිත්තලතාවනෙසු දිවාවිහාරං කත්වා පාරිච්ඡත්තකපුප්ඵං ඡත්තං විය ඡායත්ථාය ධාරයමානො මනොසිලාතලමත්ථකෙන අත්තනො වසනට්ඨානං කඤ්චනගුහං ගච්ඡති. අථ තා තස්ස හත්ථෙ තං පුප්ඵං දිස්වා යාචිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ශක්‍රයා මච්ඡරිය කෝසිය සිටුතුමා දමනය කොට නිර්ලෝභී කොට දාන ඵලය දන්වා ධර්ම දේශනාවෙන් පංච ශීලයෙහි පිහිටුවා ඔවුන් සමග දිව්‍ය නගරයටම ගියේ, මච්ඡරිය කෝසිය ද නගරයට පිවිස රජු අනුදැන වදාරා ගන්නා ලද භාජන පුරවා ගනිත්වායි යාචකයන්ට ධනය දී, එකෙණෙහි නික්ම හිමාලයේ දක්ෂිණ පාර්ශ්වයේ ගංගාවේ ද එක් හරස්කඩක පන්සලක් කොට, පැවිදිව වනමුල් ගෙඩි ආහාර කොට එහි චිරාත් කාලයක් වාසය කෙළේය. වයසට ද පත් විය. එකල සක්දෙවිඳුට ආශා, සද්ධා, සිරි, හිරි යනුවෙන් දූවරු සතර දෙනෙක් වෙති. ඈලා බොහෝ දිව්‍ය සුවඳ මල් රැගෙන ජල ක්‍රීඩා පිණිස, අනෝතප්ත විලට ගොස් එහි ක්‍රීඩාකොට, හිරියල් තලාවේ සිටියහ. එකෙණෙහි නාරද නම් බ්‍රාහ්මණ තාපසයා තව්තිසා භවනට දිවා විහරණය පිණිස ගොස්, නන්දන වනයේ චිත්රකූටලතා වනයෙහි දිවා විහරණය කොට පරසතු මලක් කුඩයක් මෙන් සෙවන පිණිස දරනු ලබන්නේ, මනෝසිලා මස්තකයේ තමන් වසන ස්ථානයෙන් රත්රන් ගුහාවට යයි ඉක්බිති ඈලා ඔහුගේ අතේ ඒ මල දැක, ඉල්ලූහ. ඒ අර්ථය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“නගුත්තමෙ ගිරිවරෙ ගන්ධමාදනෙ, මොදන්ති තා දෙවවරාභිපාලිතා; අථාගමා ඉසිවරො සබ්බලොකගූ, සුපුප්ඵිතං දුමවරසාඛමාදිය.
සක් දෙවිඳුන් විසින් රක්ෂිත දෙවඟනෝ උතුම් වූ ගන්ධමාදන පර්වතයෙහි සන්තෝස වෙති. එවිට මුළු ලොවම යා හැකි සෘෂිවරයෙක් හොඳට පිපුණු මලක් රැගෙන ආයේය.
“සුචිං සුගන්ධං තිදසෙහි සක්කතං, පුප්ඵුත්තමං අමරවරෙහි සෙවිතං; අලද්ධ මච්චෙහිව දානවෙහි වා, අඤ්ඤත්ර දෙවෙහි තදාරහං හිදං.
ශක්‍රයා විසින් සෙවුනා ලද දෙවියන් විසින් සත්කාර කරන ලද මේ පිරිසුදු, සුවඳැති උතුම් මල දෙවියන් විසින් මිස අසුරයන් විසින් හෝ මිනිසුන් විසින් නො ලද හැකිය. එය දෙවියන්ට ම සුදුසු ය.
“තතො චතස්සො කනකත්තචූපමා, උට්ඨාය නාරියො පමදාධිපා මුනිං; ආසා ච සද්ධා ච සිරී තතො හිරී, ඉච්චබ්රවුං නාරදදෙව බ්රාහ්මණං.
ස්ත්රීන්ට අධිපති වූ රන්බඳු සිවිය ඇති ආසා - සද්ධා සිරි, හිරී යන මේ දෙවඟනුන් සතර දෙන නාරද දේව බ්‍රාහ්මණයා වෙත පැමිණ මුනිවරයාට මෙසේ කීය.
“සචෙ අනුද්දිට්ඨං තයා මහාමුනි, පුප්ඵං ඉමං පාරිඡත්තස්ස බ්රම්හෙ; දදාහි නො සබ්බා ගති තෙ ඉජ්ඣතු, තුවම්පි නො හොහි යථෙව වාසවො.
මහා සෘෂි වූ බ්‍රාහ්මණය, මේ පරසතු මල ඔබතුමා කිසිවකු සඳහා නො ගෙනෙන ලද්දේ නම්, අපට දෙනු මැනවි. අපට සක් දෙවිඳු යම් සේ ද, ඔබ වහන්සේ ද එසේම වෙත්වා!
“තං යාචමානාභිසමෙක්ඛ නාරදො, ඉච්චබ්රවී සංකලහං උදීරයි; න මය්හමත්ථත්ථි ඉමෙහි කොචි නං, යායෙව වො සෙය්යසි සා පිළන්ධථා”ති.
නාරද සෘෂිවරයා, ඒ මල ඉල්ලන්නා වූ ඔවුන්ට මෙසේ කීය. මෙය මහත් කලහ වැඩෙන කාර්යයකි. මට මේ මලින් වැඩක් නැත. නුඹලා අතරින් ගුණයෙන් ජ්‍යෙෂ්ඨ වූයේ යමෙක් ද, ඕ තොමෝ මේ මල පැළඳ ගන්නීය. සෘෂිවරයා කීය.
තත්ථ ගිරිවරෙති පුරිමස්ස වෙවචනං. දෙවවරාභිපාලිතාති සක්කෙන රක්ඛිතා. සබ්බලොකගූති දෙවලොකෙ ච මනුස්සලොකෙ ච සබ්බත්ථ ගමනසමත්ථො. දුමවරසාඛමාදියාති සාඛාය ජාතත්තා දුමවරසාඛන්ති ලද්ධනාමං පුප්ඵං ගහෙත්වා. සක්කතන්ති කතසක්කාරං. අමරවරෙහීති සක්කං සන්ධාය වුත්තං. අඤ්ඤත්ර දෙවෙහීති ඨපෙත්වා දෙවෙ ච ඉද්ධිමන්තෙ ච අඤ්ඤෙහි මනුස්සෙහි වා යක්ඛාදීහි වා අලද්ධං. තදාරහං හිදන්ති තෙසංයෙව හි තං අරහං අනුච්ඡවිකං. කනකත්තචූපමාති කනකූපමා තචා. උට්ඨායාති අය්යො මාලාගන්ධවිලෙපනාදිපටිවිරතො පුප්ඵං න පිළන්ධිස්සති, එකස්මිං පදෙසෙ ඡඩ්ඩෙස්සති, එථ තං යාචිත්වා පුප්ඵං පිළන්ධිස්සාමාති හත්ථෙ පසාරෙත්වා යාචමානා එකප්පහාරෙනෙව උට්ඨහිත්වා. පමදාධිපාති පමදානං උත්තමා. මුනින්ති ඉසිං.
එහි ගිරිවරෙ යනු අතීත කාලයට පර්යාය වචනයකි. දේවවරාභිපාලිතා යනු ශක්‍රයා විසින් රක්නා ලද, සබ්බලෝකගු යනු දිව්‍යලෝකයේ ද, මනුෂ්‍ය ලෝකයේ ද, සියලුතැන ගමන් කිරීමේ දක්ෂ. දුමවර සාඛමාදියා යනු පරසතු ශාඛාවක් යයි ලබන ලද නම් ඇති මල් ගෙන. සක්කතං යනු කරන ලද සත්කාර ඇති. අමරවරෙහි යනු ශක්‍රයා සඳහා කියන ලදි. අඤ්ඤත්ර දෙවෙහි යනු දෙවියන් ද, සෘද්ධිමතුන් ද, වෙනත් මිනිසුන් විසින් ද, යක්ෂාදින් විසින් ද හැර ලබන ලද. තදාර හංහිදං යනු ඔවුන්ටම එය සුදුසු වූ. කනකත්තවූපමා යනු රන්වන් පාටැති උට්ඨායා යනු ආර්යයන් වහන්සේ මල් සුවඳ විලේපනාදියෙන් වැලකුනේ, මල් නොපළඳන්නේ ය. එක් පෙදෙසක හැර දමන්නේ ය. එවු! එය ඉල්වාගෙන මල් පළඳින්නෙමු යි අත දිගුකොට ඉල්ලනු ල බන්නේ එකසැණින්ම නැගිට ප්රමදාවන්ට උත්තම වූ. මුනිං යනු සෘෂිවරයා.
අනුද්දිට්ඨන්ති “අසුකස්ස නාම දස්සාමී”ති න උද්දිට්ඨං. සබ්බා ගති තෙ ඉජ්ඣතූති සබ්බා තෙ චිත්තගති ඉජ්ඣතු, පත්ථිතපත්ථිතස්ස ලාභී හොහීති තස්ස ථුලිමඞ්ගලං වදන්ති. යථෙව වාසවොති යථා අම්හාකං පිතා වාසවො ඉච්ඡිතිච්ඡිතං දෙති, තථෙව නො ත්වම්පි හොහීති. තන්ති තං පුප්ඵං. අභිසමෙක්ඛාති දිස්වා. සංකලහන්ති නානාගාහං කලහවඩ්ඪනං කථං උදීරයි. ඉමෙහීති ඉමෙහි පුප්ඵෙහි නාම මය්හං අත්ථො නත්ථි, පටිවිරතො අහං මාලාධාරණතොති දීපෙති. යායෙව වො සෙය්යසීති යා තුම්හාකං අන්තරෙ ජෙට්ඨිකා. සා පිළන්ධථාති සා එතං පිළන්ධතූති අත්ථො.
අනුද්දිට්ඨං යනු අසවල් නම් ඇත්තාට දෙන්නෙමියි, නොදක්නා ලද්දේ. සබ්බගතිතෙ ඉජ්ඣතු යනු ඒ සියලු සිත් ගතිය, සඵල වේවා! ප්‍රාර්ථනා කරන ලද අයුරින් ලාභ වේවායි ඔහුට ශුභ ප්‍රාර්ථනා කරති. යථෙව වාසවො යනු යම් සේ අප ගේ පියා වූ, වාසවයා කැමැති කැමැති දේ දෙයි ද. එසේ ම අපට ඔබ ද වේවා! තං යනු ඒ පුෂ්පයයි. අභිසමෙක්ඛා යනු දැක. සංකලහං යනු නොයෙක් ගැනීම් ඇති කලහ වර්ධනය වන කථා වැගුරුවේය. ඉමෙහි යනු මේ පුෂ්පවලින් නම් මට අර්ථයක් නැත. මල් දැරීමෙන් මම වැලකුණේ වෙමි යන අර්ථයයි. යා යෙව වො සෙය්යසී යනු යම්බඳු ඔබලා අතර ජ්‍යෙෂ්ඨවූ, සා පීලය්හථ යනු ඇය මෙය පළඳීවා! යන අර්ථයයි.
තා චතස්සොපි තස්ස වචනං සුත්වා ගාථමාහංසු –
ඈලා සතරදෙනා, ඔහුගේ වචනය අසා ගාථාවක් කීහ.
“ත්වං නොත්තමෙවාභිසමෙක්ඛ නාරද, යස්සිච්ඡසි තස්සා අනුප්පවෙච්ඡසු; යස්සා හි නො නාරද ත්වං පදස්සසි, සායෙව නො හෙහිති සෙට්ඨසම්මතා”ති.
උතුම් නාරද සෘෂිවරය! නුඹ වහන්සේ ම අප බලා, අප අතුරින් යම් තැනැත්තියකට දෙනු කැමති නම් ඈට දෙනු මැනවි. සෘෂිවරයාණනි! අප අතරින් යම් තැනැත්තියක් ඔබතුමාගෙන් මල ලබන්නෙහි නම් ඕ අප අතුරින් ශ්‍රේෂ්ඨ තැනැත්තිය වන්නීය.
තත්ථ ත්වං නොත්තමෙවාති උත්තමමහාමුනි ත්වමෙව නො උපධාරෙහි. තාසං වචනං සුත්වා නාරදො තා ආලපන්තො ගාථමාහ –
එහි ත්වං නොත්තමො යනු උතුම් වූ මහාමුනි වූ ඔබ ම අපට සලකනු මැනවි.
“අකල්ලමෙතං වචනං සුගත්තෙ, කො බ්රාහ්මණො සංකලහං උදීරයෙ; ගන්ත්වාන භූතාධිපමෙව පුච්ඡථ, සචෙ න ජානාථ ඉධුත්තමාධමෙ”න්ති.
මනා සිරුරු ඇත්තිය! ඒ කීම අයහපත්ය. ඔබලා අතර කලහක් ඇති කිරීමට කිසිදු බ්‍රාහ්මණයෙක් සතුටු නොවෙයි. මෙහි තොප අතරින් උත්තම වූ හෝ අධම ස්ත්‍රිය කවරීදැ’යි ඔබලාට තෝරා ගැනීම අපහසු නම් ශක්‍රයාගෙන් ගොස් විමසව. සෘෂිවරයා කීය.
යන ගාථාව කීවේය.
තස්සත්ථො – භද්දෙ සුගත්තෙ, ඉදං තුම්හෙහි වුත්තං වචනං මම අයුත්තං, එවඤ්හි සති මයා තුම්හෙසු එකං සෙට්ඨං, සෙසා හීනා කරොන්තෙන කලහො වඩ්ඪිතො භවිස්සති, කො බාහිතපාපො බ්රාහ්මණො කලහං උදීරයෙ වඩ්ඪෙය්ය. එවරූපස්ස හි කලහවඩ්ඪනං නාම අයුත්තං, තස්මා ඉතො ගත්වා අත්තනො පිතරං භූතාධිපං සක්කමෙව පුච්ඡථ, සචෙ අත්තනො උත්තමං අධමඤ්ච න ජානාථාති.
එහි අර්ථය නම්: සොඳුර ශුභ ගමන් ඇත්තනි, මේ ඔබලා විසින් කියන ලද වචනය මට අයුක්තියකි. මෙසේ ඇතිකල්හි මා විසින් නුඹලා කෙරෙහි, අතුරින් එකෙකු ශ්‍රේෂ්ඨ වේ. සෙසු අය හීන කරන්නවුන් විසින් කලහයක් වර්ධනය කළේ වන්නේය. කවුරු නමුත් බහාතබන ලද පාප ඇති බ්‍රාහ්මණයකු කලහ ගැන දොඩමළු වන්නේ නම් මෙබඳු ආකාර වූ කලහ වර්ධනය වීම නම් නුසුදුසු ය. එබැවින් මෙතැනින් ගොස් තමන්ගේ පියා වූ නායක වූ ශක්‍රයාගෙන් ම විචාරවු. ඉදින් උතුම් හෝ පහත් හෝ නොදනිවු නො සිතමි යනුවෙනි.
තතො සත්ථා ගාථමාහ –
එවිට, ශාස්තෲන් වහන්සේ;
“තා නාරදෙන පරමප්පකොපිතා, උදීරිතා වණ්ණමදෙන මත්තා; සකාසෙ ගන්ත්වාන සහස්සචක්ඛුනො, පුච්ඡිංසු භූතාධිපං කා නු සෙය්යසී”ති.
නාරද සෘෂිවරයා විසින් කුසුම නො දී කුපිත කරවූ, සක් දෙවිඳුගෙන් අසවයි කිවූ, වර්ණ මදයෙන් මත් වූ ඒ අප්සරාවෝ සක්දෙවි සමීපයට ගොස් කවර නම් තැනැත්තියක් ශ්‍රේෂ්ඨදැයි විචාළහ.
යන ගාථාව කී සේක.
තත්ථ පරමප්පකොපිතාති පුප්ඵං අදදන්තෙන අතිවිය කොපිතා තස්ස කුපිතා හුත්වා. උදීරිතාති “භූතාධිපමෙව පුච්ඡථා”ති වුත්තා. සහස්සචක්ඛුනොති සක්කස්ස සන්තිකං ගන්ත්වා. කා නූති අම්හාකං අන්තරෙ කතමා උත්තමාති පුච්ඡිංසු.
එහි පරමප්පකොපිතා යනු මල් නොදෙන්නා විසින් අතිශයින් කුපිතව, ඔහුට කිපුණේ වී. උදීරිතා යනු ශක්‍රයාගෙන් ම විචාරවු යයි කියන ලදි. සහස්ස චක්ඛුනො යනු ශක්‍රයාගේ සමීපයට ගොස්, කා නූ යනු අප අතර කවරෙක් ශ්‍රේෂ්ඨ වේදැයි විචාළහ.
එවං පුච්ඡිත්වා ඨිතා –
මෙසේ විචාරා සිට :-
“තා දිස්වා ආයත්තමනා පුරින්දදො, ඉච්චබ්රවී දෙවවරො කතඤ්ජලී; සබ්බාව වො හොථ සුගත්තෙ සාදිසී, කොනෙව භද්දෙ කලහං උදීරයී”ති.
දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ සක්දෙවි උත්සුක වූ සිත් ඇති අප්සරාවන් දැක මෙසේ කීය. මනා සිරුරු ඇති අප්සරාවනි! මේ කලහ ඇති කළේ කවරෙක්ද? තෙපි සිවුදෙනම එක සමාන වන්නෝ ය.
තත්ථ තා දිස්වාති, භික්ඛවෙ, චතස්සොපි අත්තනො සන්තිකං ආගතා දිස්වා. ආයත්තමනාති උස්සුක්කමනා බ්යාවටචිත්තා. කතඤ්ජලීති නමස්සමානාහි දෙවතාහි පග්ගහිතඤ්ජලී. සාදිසීති සබ්බාව තුම්හෙ සාදිසියො. කො නෙවාති කො නු එවං. කලහං උදීරයීති ඉදං නානාගාහං විග්ගහං කථෙසි වඩ්ඪෙසි.
එහි තාදිස්වා යනු මහණෙනි, ඒ සතරදෙනාම තමන්ගේ සමීපයට එනු දැක, ආයතත්තමනා යනු, වීර්යවඩන කැලඹුණු සිත් ඇති. කතඤ්ජලී යනු නමස්කාර කරන්නා වූ දේවතාවන් විසින් කරන ලද ඇඳිලි බැඳ ඇත්තේ. සාදිසි යනු නුඹලා සියළු දෙනාම සමාන වේමය. කො නෙවා යනු මෙසේ කවරෙක්ද? කලහං උදීරයි යනු මේ නොයෙක් රණ්ඩු සරුවල් කතා කෙළේය. වර්ධනය කෙළේ ය.
අථස්ස තා කථයමානා ගාථමාහංසු –
ඉක්බිති ඔහුට ඔවුන් කථා කරමින්;
“යො සබ්බලොකච්චරිතො මහාමුනි, ධම්මෙ ඨිතො නාරදො සච්චනික්කමො; සො නොබ්රවි ගිරිවරෙ ගන්ධමාදනෙ, ගන්ත්වාන භූතාධිපමෙව පුච්ඡථ; සචෙ න ජානාථ ඉධුත්තමාධම”න්ති.
ධර්මයෙහි පිහිටි මුළු ලොවෙහි හැසිරෙන, සත්‍ය වූ පරාක්‍රම ඇති යම් නාරක සෘෂිවරයෙක් ගන්ධමාදන පර්වතයේ සිටී ද? හෙතෙම තොප තොප අතුරෙන් අධම හෝ උත්තම තැනැත්තිය නොදනී නම් ශක්‍රයාගෙන් අසව් යයි අපට කීහ.
යන ගාථාව කීහ.
තත්ථ සච්චනික්කමොති තථපරක්කමො.
එහි සච්ච නික්කමො යනු සත්‍යයෙන් හා එඩියෙන් යුතු.
තං සුත්වා සක්කො “ඉමා චතස්සොපි මය්හං ධීතරොව, සචාහං ‘එතාසු එකා ගුණසම්පන්නා උත්තමා’ති වක්ඛාමි, සෙසා කුජ්ඣිස්සන්ති, න සක්කා අයං අඩ්ඩො විනිච්ඡිනිතුං, ඉමා හිමවන්තෙ කොසියතාපසස්ස සන්තිකං පෙසෙසාමි, සො එතාසං අඩ්ඩං විනිච්ඡිනිස්සතී”ති චින්තෙත්වා “අහං තුම්හාකං අඩ්ඩං න විනිච්ඡිනිස්සාමි, හිමවන්තෙ කොසියො නාම තාපසො අත්ථි, තස්සාහං අත්තනො සුධාභොජනං පෙසෙස්සාමි, සො පරස්ස අදත්වා න භුඤ්ජති, දදන්තො ච විචිනිත්වා ගුණවන්තානං දෙති, යා තුම්හෙසු තස්ස හත්ථතො භත්තං ලභිස්සති, සා උත්තමා භවිස්සතී”ති ආචික්ඛන්තො ගාථමාහ –
ඒ අසා ශක්‍රයා මේ සතර දෙනා ද, මගේ දූවරු ද ඉදින් මම මේ අය කෙරෙහි එකකු ගුණ සම්පන්න උත්තම යයි කියම් ද? සෙස්සෝ කුපිත වෙති. මේ නඩුව විසඳීමට නොහැකි ය. මොවුහු හිමාලයේ කෝසිය තාපසයා ගේ සමීපයට යවන්නෙමි. ඔහු මොවුන්ගේ නඩුව විනිශ්චය කරන්නේ යයි සිතා, මම නුඹලාගේ නඩුව විනිශ්චය නොකරමි. හිමාලයේ කෝසිය නම් තාපසයෙක් ඇත. ඔහුට මම තමන්ගේ දිව්යභෝජනයට යවන්නෙමි. හෙතෙම අනුන්ට නොදී අනුභව නො කරයි. දෙන්නේ ද පරීක්ෂා කොට ගුණවතුන්ටම දෙයි. යම්බඳු ඔබලා විෂයෙහි ද එහිදී ඔහුගේ අතින් බත් ලැබෙන්නේ ය. එය උත්තම වන්නේ යයි ප්‍රකාශ කරන්නේ.
“අසු බ්රහාරඤ්ඤචරො මහාමුනි, නාදත්වා භත්තං වරගත්තෙ භුඤ්ජති; විචෙය්ය දානානි දදාති කොසියො, යස්සා හි සො දස්සති සාව සෙය්යසී”ති.
දිව්යාංගනාවරුනි! ගන්ධමාදන පර්වත වනයෙහි හැසිරෙන මහා මුනිවරයා අනුන් හට නොදී කිසිවක් නො වළඳන්නේ ය. ඒ කෝසිය තාපස තෙම පරීක්ෂා කොටම දන් දෙයි. හෙතෙම තොපගෙන් යම් තැනැත්තියකට දෙන්නේ නම් ඕ තොමෝ ම ශ්‍රේෂ්ඨ වන්නීය. ශක්‍රයා කීවේය.
යන ගාථාව කීවේය.
තත්ථ බ්රහාරඤ්ඤධරොති මහාඅරඤ්ඤවාසී.
එහි බ්රහාරඤ්ඤවරො යනු මහා අරණ්‍යවාසී යනුයි.
ඉති සො තාපසස්ස සන්තිකං පෙසෙත්වා මාතලිං පක්කොසාපෙත්වා තස්ස සන්තිකං පෙසෙන්තො අනන්තරං ගාථමාහ –
මෙසේ හෙතෙම තාපසයා ගේ සමීපයට යවා මාතලී කැඳවා ඔහුගේ සමීපයට එවන්නේ අනතුරු ගාථාව කීවේ ය.
“අසූ හි යො සම්මති දක්ඛිණං දිසං, ගඞ්ගාය තීරෙ හිමවන්තපස්සනි; ස කොසියො දුල්ලභපානභොජනො, තස්ස සුධං පාපය දෙවසාරථී”ති.
මාතලිය! යම් තාපසයෙක් දකුණු දිග ගං ඉවුරෙහි හිමවත් පෙදෙසෙහි වාසය කරයිද? ඒ කෝසිය තාපස තෙම දුර්ලභ ආහාරපාන ඇත්තේ ය. ඔහුට සුධා භෝජනය පමුණුව යි කීයේය.
තත්ථ සම්මතීති වසති. දක්ඛිණන්ති හිමවන්තස්ස දක්ඛිණාය දිසාය. පස්සනීති පස්සෙ.
එහි සම්මති යනු වාසය කරයි. දක්ඛිණං යනු හිමාලයට දකුණු දිශාවෙන් පස්මනී යනු පැත්තක.
තතො සත්ථා ආහ –
ඉක්බිති ශාස්තෲන් වහන්සේ වදාළ සේක;
“ස මාතලී දෙවවරෙන පෙසිතො, සහස්සයුත්තං අභිරුය්හ සන්දනං; සුඛිප්පමෙව උපගම්ම අස්සමං, අදිස්සමානො මුනිනො සුධං අදා”ති.
ශක්‍රයා විසින් යවන ලද ඒ මාතලී දෙව් පුත් තෙම දහසක් අසුන් යෙදූ යානයට නැග වහා අසපුවට පැමිණ, නොපෙනී සිට ම සෘෂිවරයාට සුධා භෝජනය දුන්නේ ය.
තත්ථ අදිස්සමානොති, භික්ඛවෙ, සො මාතලි දෙවරාජස්ස වචනං සම්පටිච්ඡිත්වා තං අස්සමං ගන්ත්වා අදිස්සමානකායො හුත්වා තස්ස සුධං අදාසි, දදමානො ච රත්තිං පධානමනුයුඤ්ජිත්වා පච්චූසසමයෙ අග්ගිං පරිචරිත්වා විභාතාය රත්තියා උදෙන්තං සූරියං නමස්සමානස්ස ඨිතස්ස තස්ස හත්ථෙ සුධාභොජනපාතිං ඨපෙසි.
එහි අදිස්සමානො යනු මහණෙනි, ඒ මාතලී තෙමේ, ශක්‍ර දිව්‍යරාජයාගේ වචන පිළිගෙන. ආශ්රමයට ගොස් අදෘශ්‍යමාන සිරුරින් යුතුව ඔහුට දිව්‍යභෝජනය දුන්නේ ය. දෙමින් ම රාත්‍රියෙහි ප්‍රධන් වීර්ය වඩා අළුයම් කාලයේ ගිනි පූජා පවත්වා රාත්‍රිය පහව ගියකල්හි උදාවන සූර්යයාට නමස්කාර කරමින් සිටියා වූ ඔහුගේ අතේ දිව්‍ය භෝජනය පිහිටුවීය.
කොසියො තං ගහෙත්වා ඨිතකොව ගාථාද්වයමාහ –
කෝසිය එය ගෙන සිටියේ ම ගාථා දෙකක් කීවේය.
“උදග්ගිහුත්තං උපතිට්ඨතො හි මෙ, පභඞ්කරං ලොකතමොනුදුත්තමං; සබ්බානි භූතානි අධිච්ච වාසවො; කො නෙව මෙ පාණිසු කිං සුධොදහි.
උදෑසන ගිනි දෙවියා පුදා ලෝකාන්ධකාරය දුරු කරන්නා වූ උතුම් හිරු වෙත එළඹ සිටි මගේ අත්වල සුධා භෝජනය තැබුවේ කවරෙක්ද? සියලු භූතයන් ඉක්මවා සිටි ශක්‍රයා විසින් ද?
“සඞ්ඛූපමං සෙතමතුල්යදස්සනං, සුචිං සුගන්ධං පියරූපමබ්භුතං; අදිට්ඨපුබ්බං මම ජාතු චක්ඛුභි, කා දෙවතා පාණිසු කිං සුධොදහී”ති.
සක් ගෙඩියක් මෙන් සුදු වූ, අසමාන වූ දැකුම් ඇති, පිරිසිදු වූ, සුවඳවත් සුධා භෝජනය පියවි ඇසින් නො දක්නා ලද කවරනම් දෙවියෙක් කවර හෙයින් මා අත තැබීද? සෘෂිවරයා ප්‍රශ්න කෙළේය.
තත්ථ උදග්ගිහුත්තන්ති උදකඅග්ගිහුත්තං පරිචරිත්වා අග්ගිසාලතො නික්ඛම්ම පණ්ණසාලද්වාරෙ ඨත්වා පභඞ්කරං ලොකතමොනුදං උත්තමං ආදිච්චං උපතිට්ඨතො මම සබ්බානි භූතානි අධිච්ච අතික්කමිත්වා වත්තමානො වාසවො නු ඛො එවං මම පාණීසු කිං සුධං කිං නාමෙතං ඔදහි. “සඞ්ඛූපම”න්තිආදීහි ඨිතකොව සුධං වණ්ණෙති.
එහි උදග්ගි හුත්තං යනු අග්නි පූජාව පවත්වා තව ද අග්නි ශාලාවෙන් නික්ම පන්සල් දොරටුවේ සිට, පභංකරං ලොතමොනුදං උත්තමං සූර්යා උපතිට්ඨතො මගේ සබ්බානි භූතානි අතිච්ච නොඉක්මවා පවත්නා කල්හි වාසවෙ මෙසේ ප්‍රාණීන් අතර දිව්‍ය භෝජනය කුමක්ද? කුමන නමක් මේ දැම්මේද. සංඛූපමං යන ආදි වශයෙන් සිටියා වූ දිව්‍ය භෝජනය වර්ණනා කරයි.
තතො මාතලි ආහ –
අනතුරුව මාතලී කීවේය.
“අහං මහින්දෙන මහෙසි පෙසිතො, සුධාභිහාසිං තුරිතො මහාමුනි; ජානාසි මං මාතලි දෙවසාරථි, භුඤ්ජස්සු භත්තුත්තම මාභිවාරයි.
මහර්ෂී වූ මහා මුනිවරය! සක්දෙව් රජුගේ මෙහෙයවීම අනුව, සුධා භෝජනය මම විසින් ගෙන එන ලද්දෙමි. මා දේව සාරථී මාතලී ය. උතුම් බත වළඳනු මැනවි. ප්‍රමාද නො වනු මැනවි.
“භුත්තා ච සා ද්වාදස හන්ති පාපකෙ, ඛුදං පිපාසං අරතිං දරක්ලමං; කොධූපනාහඤ්ච විවාදපෙසුණං, සීතුණ්හ තන්දිඤ්ච රසුත්තමං ඉද”න්ති.
මේ සුධා භෝජනය වැළඳීමෙන්, බඩගින්න, පිපාසය, නො ඇල්ම, ඇඟේ දැවිල්ල, ක්ලාන්ත ගතිය, කෝපය, බද්ධ වෛරය, විවාදය, කේලාම් කීම, සීතය, උෂ්ණය, අලස බව ය යන දොළොස් පාප ධර්මයන් නැසෙන්නේ ය.
තත්ථ සුධාභිහාසින්ති ඉමං සුධාභොජනං තුය්හං අභිහරිං. ජානාසීති ජානාහි මං ත්වං, අහං මාතලි නාම දෙවසාරථීති අත්ථො. මාභිවාරයීති න භුඤ්ජාමීති අප්පටික්ඛිපිත්වා භුඤ්ජ මා පපඤ්ච කරි. පාපකෙති අයඤ්හි සුධා භුත්තා ද්වාදස පාපධම්මෙ හනති. ඛුදන්ති පඨමං තාව ඡාතභාවං හනති, දුතියං පානීයපිපාසං, තතියං උක්කණ්ඨිතං, චතුත්ථං කායදරථං, පඤ්චමං කිලන්තභාවං, ඡට්ඨං කොධං, සත්තමං උපනාහං, අට්ඨමං විවාදං, නවමං පෙසුණං, දසමං සීතං, එකාදසමං උණ්හං, ද්වාදසමං තන්දිං ආලසියභාවං, ඉදං රසුත්තමං උත්තමරසං සුධාභොජනං ඉමෙ ද්වාදස පාපධම්මෙ හනති.
එහි සුධාභිභාසිං යනු මේ දිව්‍යභෝජනය ඔබට පුද කෙළෙමි. ජානාසි නුඹ-මම. මාතලි නම් දේවසාරථී යන අර්ථයයි. මා විචාරයී යනු අනුභව නොකරමියි ප්‍රතික්ෂේප නොකොට අනුභව කරන්න ගැටුමක් නොකරව. පාපකෙ යනු මේ දිව්‍ය භෝජනය වැළඳීමෙන් දොළොස් පාපක ධර්මයන් දුරුවෙත්. ඛුදං යනු පළමුව ඔබගේ බඩගිනි බව දුරු කරති. දෙවනුව පැන් පිපාසාවයි. තෙවනුව කළකිරීමයි. සතරවෙනුව කාය දැවිල්ලයි. පස්වෙනුව ක්ලාන්තය, ක්ලාන්ත භාවය, සයවෙනුව ක්‍රෝධය සත්වෙනුව උපනාහය (වෛරය) අටවෙනුව විවාදය, නවවෙනුව පිසුණාවාචාව, දහවෙනුව ශීතල, එකොළොස්වෙනුව උෂ්ණය දොළොස්වෙනුව ප්‍රමාදය, අලස බව මේ උත්තම රස උතුම් රස දිව්‍ය භෝජනය මේ දොළොස් පාප ධර්මයන් වනසා දමති.
තං සුත්වා කොසියො අත්තනො වතසමාදානං ආවිකරොන්තො –
ඒ අසා කෝසිය තමන්ගේ ව්‍රත සමාදානය මෙනෙහි කරන්නේ,
“න කප්පතී මාතලි මය්හ භුඤ්ජිතුං, පුබ්බෙ අදත්වා ඉති මෙ වතුත්තමං; න චාපි එකාස්නමරියපූජිතං, අසංවිභාගී ච සුඛං න වින්දතී”ති. –
එම්බා මාතලිය! පළමුකොට නොදී වැළඳීම මට කැප නැත. මෙසේ අනුන්ට දී වැළඳීමේ ව්රතයක් මට ඇත. හුදෙකලාව වැළඳීම ආර්යයන් විසින් නො පුදන ලද්දකි. බෙදාගෙන නො වළඳන තැනැත්තා දෙව් මිනිස් සුව නො විඳියි.
ගාථං වත්වා, “භන්තෙ, තුම්හෙහි පරස්ස අදත්වා භොජනෙ කං දොසං දිස්වා ඉදං වතං සමාදින්න”න්ති මාතලිනා පුට්ඨො ආහ –
ගාථාව කියා ස්වාමීනි, නුඹලා විසින් අනුන්ට නොදී ආහාර ගැනීමේ දොස් දැක මේ ව්‍රතය සමාදන් වූයේයයි මාතලී විසින් විචාරණ ලදුව කීවේය.
“ථීඝාතකා යෙ චිමෙ පාරදාරිකා, මිත්තද්දුනො යෙ ච සපන්ති සුබ්බතෙ; සබ්බෙ ච තෙ මච්ඡරිපඤ්චමාධමා, තස්මා අදත්වා උදකම්පි නාස්නියෙ.
ස්ත්‍රීන් නසන. අය ද පරදාරාවන් කරා යන අය ද, මිත්‍රද්‍රෝහී අය ද දැහැමි මහණ බමුණන්ට දොස් නගන අවලාද කියන අය ද, මසුරු අය ද යන පස්දෙන ම අධමයෝය. එහෙයින් මම අනෙකකුට නො දී දියවත් නො බොමි.
“සොහිත්ථියා වා පුරිසස්ස වා පන, දස්සාමි දානං විදුසම්පවණ්ණිතං; සද්ධා වදඤ්ඤූ ඉධ වීතමච්ඡරා, භවන්ති හෙතෙ සුචිසච්චසම්මතා”ති.
යම්බඳු මම ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට, බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද දානය දෙම්ද? මේ ලෝකයෙහි සැදැහැති ප්රතිභාගයන්ගේ වචන දන්නා වූ පහ වූ මසුරු මල ඇති, පුරුෂයෝ උතුම් යයි සම්මතයහ.
තත්ථ පුබ්බෙති පඨමං අදත්වා, අථ වා ඉති මෙ පුබ්බෙ වතුත්තමං ඉදං පුබ්බෙව මයා වතං සමාදින්නන්ති දස්සෙති. න චාපි එකාස්නමරියපූජිතන්ති එකකස්ස අසනං න අරියෙහි බුද්ධාදීහි පූජිතං. සුඛන්ති දිබ්බමානුසිකං සුඛං න ලභති. ථීඝාතකාති ඉත්ථිඝාතකා. යෙ චිමෙති යෙ ච ඉමෙ. සපන්තීති අක්කොසන්ති. සුබ්බතෙති ධම්මිකසමණබ්රාහ්මණෙ. මච්ඡරිපඤ්චමාති මච්ඡරී පඤ්චමො එතෙසන්ති මච්ඡරිපඤ්චමා. අධමාති ඉමෙ පඤ්ච අධමා නාම. තස්මාති යස්මා අහං පඤ්චමඅධමභාවභයෙන අදත්වා උදකම්පි නාස්නියෙ න පරිභුඤ්ජිස්සාමීති ඉමං වතං සමාදියිං. සොහිත්ථියා වාති සො අහං ඉත්ථියා වා. විදුසම්පවණ්ණිතන්ති විදූහි පණ්ඩිතෙහි බුද්ධාදීහි වණ්ණිතං. සුචිසච්චසම්මතාති එතෙ ඔකප්පනියසද්ධාය සමන්නාගතා වදඤ්ඤූ වීතමච්ඡරා පුරිසා සුචී චෙව උත්තමසම්මතා ච හොන්තීති අත්ථො.
එහි පුබ්බෙ යනු පෙර මා විසින් මේ දාන ව්‍රතය සමාදන් වූ තැන් පටන්, නුවණැත්තා වූ බුදු පසේබුදු මහ රහත් ආදීන් උතුම් යයි වදාළ මේ දානය දෙන්නේම ය. නොදී ආහාර නො ගන්නේම ය. සුඛං යනු දිව්‍ය මානුෂික සැප නොලබයි. ථිඝාතකා යනු ස්ත්‍රී ඝාතකයෝ වෙති. යෙචිමෙ යනු මෙයම. සපන්ති යනු ආක්‍රෝෂ කරත්. සුබ්බතෙ යනු ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්. මච්ඡරිපඤ්චමා යනු මසුරුකම පස්වෙනි කොට ඇති මේ අය අතර පස්වෙන්නා මසුරා. අධමා යනු මේ අධමයෝ පස්දෙනා නම් වෙති. තස්මා යනු යම්හෙයකින් මම පස්වෙනි වූ අධම බව නිසා වූ බියෙන්. අදත්වා උදකම්පිනාස්මියෙ අනුභව නොකරන්නෙමියි මේ ව්‍රතය සමාදන් වූයෙමි. යො හිත්ථියා වා යනු යම්බඳු මම හෝ ස්ත්‍රියක් හෝ. විදුසම්පවණ්ණිතං යනු බුද්ධාදි ප්‍රාඥ පණ්ඩිතයන් විසින් වර්ණනා කරන ලද. සුචිසම්ම සම්මතා යනු මේ විශ්වාස කළයුතු ශ්‍රද්ධාවෙන් සමන්විත වූයේ යයි පවසන්නේ, පහවූ මසුරුකම ඇති, මිනිස්සු පිරිසිදු උත්තම සම්මත වෙත් යයි යන අර්ථයයි.
තං සුත්වා මාතලි දිස්සමානකායෙන අට්ඨාසි. තස්මිං ඛණෙ තා චතස්සො දෙවකඤ්ඤායො චතුද්දිසං අට්ඨංසු, සිරී පාචීනදිසාය අට්ඨාසි, ආසා දක්ඛිණදිසාය, සද්ධා පච්ඡිමදිසාය, හිරී උත්තරදිසාය. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඒ අසා මාතලී දෘශ්‍යමාන ශරීරයෙන් පෙනී සිටියේය. එකෙණෙහි, ඒ ඒ සතරදෙනා වූ දේව කන්‍යාවෝ සතර දිශාවේ සිටියහ. සිරි නැගෙනහිර දිශාවේ සිටියාය. ආසා, දකුණු දිශාවේ පෙනී සිටියාය. සද්ධා පෙරදිගෙහි ද හිරි උතුරු දිශාවේද වශයෙනි.
“අතො මතා දෙවවරෙන පෙසිතා, කඤ්ඤා චතස්සො කනකත්තචූපමා; ආසා ච සද්ධා ච සිරී තතො හිරී, තං අස්සමං ආගමු යත්ථ කොසියො.
ඒ අර්ථය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ වදාළ සේක. සක්දෙවි රජු විසින් අනුම. කොට පිටත් කළ, ස්වර්ණවර්ණ සිරුරින් යුත් ආශා, ශ්‍රද්ධා, ශ්‍රී, හ්‍රී යන දිව්‍ය කන්‍යාවන් සතර දෙන කෝසිය තවුසාගේ අසපුවට පැමිණියහ.
“තා දිස්වා සබ්බො පරමප්පමොදිතො, සුභෙන වණ්ණෙන සිඛාරිවග්ගිනො; කඤ්ඤා චතස්සො චතුරො චතුද්දිසා, ඉච්චබ්රවී මාතලිනො ච සම්මුඛා.
දැකුම්කළු වර්ණයෙන් ගිනිසිළු මෙන් සතර දිශාවෙහි සිටි ඒ දිව්‍ය අප්සරාවන් සතර දෙන අතිශය ප්‍රීතියට පත් කෝසිය සෘෂිවරයා මාතලී දිව්‍ය පුත්‍රයා හමුවේ මෙසේ කීය.
“පුරිමං දිසං කා ත්වං පභාසි දෙවතෙ, අලඞ්කතා තාරවරාව ඔසධී; පුච්ඡාමි තං කඤ්චනවෙල්ලිවිග්ගහෙ, ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතා.
එම්බා දෙව්දුව! උතුම් ඕසධී තාරකාව මෙන් පෙරදිග බබුළුවන තෝ කිනම් වේ ද? රන් රුවකට බඳු සිරුරු ඇති තී විචාරමි. තී කවරනම් දෙව් දුවක් දැයි මට කියව.
“සිරාහ දෙවී මනුජෙහි පූජිතා, අපාපසත්තූපනිසෙවිනී සදා; සුධාවිවාදෙන තවන්තිමාගතා, තං මං සුධාය වරපඤ්ඤ භාජය.
හැම කල්හි අලාමක සත්ත්වයන් විසින් සෙවුනා වූ මිනිසුන් අතර පූජ්‍යත්වයට පත් මම ශ්‍රී නම් වෙමි. සුධා භෝජනය පිළිබඳ විවාදය නිසා ඔබ සමීපයට ආවෙමි. ඒ මට සුධා භෝජනය දෙනු මැනව.
“යස්සාහමිච්ඡාමි සුධං මහාමුනි, සො සබ්බකාමෙහි නරො පමොදති; සිරීති මං ජානහි ජූහතුත්තම, තං මං සුධාය වරපඤ්ඤ භාජයා”ති.
මහා තවුසාණනි! මම යමෙකුට සැප කැමති වෙම් ද, ඔහු සියලු කාම සම්පත්තීන් ලබයි. හෝම කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨය. මා ශ්‍රී නමැයි දනුව. මහා ප්රාඥයිනි, සුධා භෝජනය මට දුන මැනවි.
තත්ථ අතොති තතො. මතාති අනුමතා, අථ දෙවවරෙන අනුමතා චෙව පෙසිතා චාති අත්ථො. සබ්බො පරමප්පමොදිතොති අනවසෙසො හුත්වා අතිපමොදිතො. “සාම”න්තිපි පාඨො, තා දෙවතා සාමං දිස්වාති අත්ථො. චතුරොති චතුරා. අයමෙව වා පාඨො, චාතුරියෙන සමන්නාගතාති අත්ථො. තාරවරාති තාරකානං වරා. කඤ්චනවෙල්ලිවිග්ගහෙති කඤ්චනරූපසදිසසරීරෙ. සිරාහාති සිරී අහං. තවන්තිමාගතාති තව සන්තිකං ආගතා. භාජයාති යථා මං සුධා භජති, තථා කරොහි, සුධං මෙ දෙහීති අත්ථො. ජානහීති ජාන. ජූහතුත්තමාති අග්ගිං ජුහන්තානං උත්තම.
එහි අතො යනු ඉක්බිති. මුතා යනු අනුමත කරන ලද්දේ. ශක්‍ර දේවරාජයා විසින් අනුමත කරන ලද්දේ ද එවන ලද්දේ ද යන අර්ථයයි. සබ්බො පරමප්පමොදිතො යනු, ශේෂ නොවී ඉතා ප්‍රමුදිතව. සාමං යන මේ පාඨයයි. ඒ දේවතාවෝ සාමය දැක යන අර්ථයයි. චතුරො යනු දක්ෂ යන මේ පාඨයම වේ. සතර දෙනකුගෙන් සමන්විත යන අර්ථයි. තාරවරා යනු තාරකාවන්ට උතුම් වූ. කඤ්චනවෙල්ලිවිග්ගහෙ යනු රනින් නිමකළ රූපයක් හා සමාන ශරීර ඇති. සිරාහං යනු සිරි වූ මම. තවන්තිමාගතා යනු ඔබගේ සමීපයට ආවෝය. භාජයා යනු යම්සේ මා දිව්‍ය භෝජනය ඇසුරු කරයි ද, එසේ කරව. මට දිව්‍ය භෝජනය දෙන්න යන අර්ථයයි. ජානාහී යනු දන්නේය. ජුහතුත්තමා යනු ගිනි පුදන්නවුන්ගෙන් උත්තම වූ.
තං සුත්වා කොසියො ආහ –
ඒ අසා කෝසිය මෙසේ කීවේය.
“සිප්පෙන විජ්ජාචරණෙන බුද්ධියා, නරා උපෙතා පගුණා සකම්මුනා; තයා විහීනා න ලභන්ති කිඤ්චනං, තයිදං න සාධු යදිදං තයා කතං.
හස්ති ශිල්පාදී ශිල්ප ඥානයෙන් ද, තුන් වේදය සංඛ්‍යාත විද්‍යායෙන් ද, ශීලයෙන් හා බුද්ධියෙන් ද යුත්, ගොවිතැන වෙළඳාම ආදී කර්මාන්ත පුහුණු කර ගත් මිනිස්සු ඔබෙන් තොර වූ විට ස්වල්ප මාත්‍ර වූ සැපතක් වත් නො ලබයි. තී විසින් එසේ කරන ලද යමක් ඇත් ද එය නුසුදුස ය.
“පස්සාමි පොසං අලසං මහග්ඝසං, සුදුක්කුලීනම්පි අරූපිමං නරං; තයානුගුත්තො සිරි ජාතිමාමපි, පෙසෙති දාසං විය භොගවා සුඛී.
තී විසින් රකිනු ලබන අලස වූ බොහෝ බුදිනසුලු නීච කුලීන මිනිසෙක් වීද, සම්පතින් යුතු සුව දිවියක් ගෙවන ඔහුගේ දාස භාවයට කුලීනයෝ පත් වෙති.
“තං තං අසච්චං අවිභජ්ජසෙවිනිං, ජානාමි මූළ්හං විදුරානුපාතිනිං; න තාදිසී අරහති ආසනූදකං, කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසී”ති.
ස්වභාව සත්‍යය නැති, යුක්ත අයුක්ති විභාග නැති ව සෙවුනා පණ්ඩිතයන් පහත හෙළන්නා වූ, මූඪ වූ තී හඳුනමි. තී වැන්නෝ අසුනක් පැනක් ලබන්නවත් නුසුදුසුය. සුධා භෝජනය ලැබීමට කෙසේ සුදුසු වේද? මෙතැනින් යව. තී මට රුචි නොවේ. තවුසා කීය.
තත්ථ සිප්පෙනාති හත්ථිඅස්සරථධනුසිප්පාදිනා. විජ්ජාචරණෙනාති වෙදත්තයසඞ්ඛාතාය විජ්ජාය චෙව සීලෙන ච. පගුණා සකම්මුනාති අත්තනො පුරිසකාරෙන පධානගුණසමන්නාගතා. කිඤ්චනන්ති කිඤ්චි අප්පමත්තකම්පි යසං වා සුඛං වා න ලභන්ති. යදිදන්ති යං එතං ඉස්සරියත්ථාය සිප්පානි උග්ගණ්හිත්වා චරන්තානං තයා වෙකල්ලං කතං, තං තෙ න සාධු. අරූපිමන්ති විරූපං. තයානුගුත්තොති තයා අනුරක්ඛිතො. ජාතිමාමපීති ජාතිසම්පන්නම්පි සිප්පවිජ්ජාචරණබුද්ධිකම්මෙහි සම්පන්නම්පි. පෙසෙතීති පෙසනකාරකං කරොති. තං තන්ති තස්මා තං. අසච්චන්ති සභාවසඞ්ඛාතෙ සච්චෙ අවත්තනතාය අසච්චං උත්තමභාවරහිතං. අවිභජ්ජසෙවිනින්ති අවිභජිත්වා යුත්තායුත්තං අජානිත්වා සිප්පාදිසම්පන්නෙපි ඉතරෙපි සෙවමානං. විදුරානුපාතිනින්ති පණ්ඩිතානුපාතිනිං පණ්ඩිතෙ පාතෙත්වා පොථෙත්වා විහෙඨෙත්වා චරමානං. කුතො සුධාති තාදිසාය නිග්ගුණාය කුතො සුධාභොජනං, න මෙ රුච්චසි, ගච්ඡ මා ඉධ තිට්ඨාති.
එහි සිප්පෙන යනු ඇත්, අස්, රිය, තරු ආදි ශිල්පාදියෙන් යුතු. විජ්ජාචරණෙනා යනු ත්‍රිවේද සංඛ්‍යාත විද්‍යාවන්ගේ ද, ශීලයෙන් ද යුතු. පගුණා සකම්මනා යනු තමන්ගේ පුරුෂ වීර්යෙන් කරන ලද ගුණ සම්පන්න ගුණයෙන් යුක්ත. කිඤ්චනං යනු කිසියම් අල්පමාත්‍ර වූ හෝ සම්පතක් හෝ සැපයක් නොලබත්. යදිදං යනු යම්බඳු මේ ඉසුරු පිණිස ශිල්ප ආදිය උගෙන, හැසිරෙන්නා වූ ඔබ විසින් විකෘතිව කරන ලද යමක් වේ ද එය සුදුසු නොවේ. අරූපිමං යනු විරූපී යනුයි. තයානුගුත්තො යනු ඔබ විසින් අනුව රකිනා ලද. ජාතිමං අපී යනු ජාති සම්පන්න වශයෙන් ද ශිල්ප විද්යාකලා ආදි බුද්ධිගෝචර ක්‍රියාවලින් සමන්විත වූ. පෙසෙතී යනු එවන ක්‍රියාව කරයි. තං තං යනු එබැවින් එය අසච්චං යනු ස්වභාවය සංඛ්‍යාත සත්‍යයෙහි නොපිහිටන බැවින් අසත්‍යය. උත්තමගුණ රහිත වේ. අවිභජ්ජ සෙවිනිං යනු නොබෙදා සුදුසු-නුසුදුසු බව නොදැන ශිල්පාදියෙන් සමන්විත වූයේ ඉතිරිය ද සේවනය කරනු ලබන, විදුරානුපාතීනිං යනු වියතුන්ට අනුකූල වියතුන් හෙළාදමා, තළා, පෙළා හැසිරෙන. කුතො සුධා යනු එබඳු ආකාර වූ නිර්ගුණයන් කළ බැවින් දිව්‍ය භෝජනය මට රුචි නොවේ යන බැවින් යව. මෙහි නොසිටුව යනුයි.
සා තෙන පටික්ඛිත්තා තත්ථෙවන්තරධායි. තතො සො ආසාය සද්ධිං සල්ලපන්තො ආහ –
ඇය එතනදී ම අතුරුදහන් වූවාය. ඉක්බිති ඔහු ආශා සමග කථාබස් කරමින් මෙසේ කීවේය.
“කා සුක්කදාඨා පටිමුක්කකුණ්ඩලා, චිත්තඞ්ගදා කම්බුවිමට්ඨධාරිනී; ඔසිත්තවණ්ණං පරිදය්හ සොභසි, කුසග්ගිරත්තං අපිළය්හ මඤ්ජරිං.
සුදු දත් ඇති, කුණ්ඩලාභරණ පැළැඳි වෙසෙසින් ඔප දැමූ රන්මුවා අබරණ දරණ වත්කළ දිය දහරක් වැනි දිව දුහුලක් ඇඳ කුසතණින් දැල්වුණු ගිනි සිළුවක් බඳු තෝ කවරේ ද?
“මිගීව භන්තා සරචාපධාරිනා, විරාධිතා මන්දමිව උදික්ඛසි; කො තෙ දුතීයො ඉද මන්දලොචනෙ, න භායසි එකිකා කානනෙ වනෙ”ති.
වැද්දකු විසින් විදින ලද හී පහර වැරද බියපත් වූ මුව දෙනක ගේ මද බැල්ම මෙන් බලන්නෙහි ය. මද බැලුම් ඇත්තිය! තොපගේ කවර දෙවැන්නෙක් වේද? කානන වනයෙහි තනිවම සිටීමට බය නැත්ද?
තත්ථ චිත්තඞ්ගදාති චිත්රෙහි අඞ්ගදෙහි සමන්නාගතා. කම්බුවිමට්ඨධාරිනීති කරණපරිනිට්ඨිතෙන විමට්ඨසුවණ්ණාලඞ්කාරධාරිනී. ඔසිත්තවණ්ණන්ති අවසිත්තඋදකධාරවණ්ණං දිබ්බදුකූලං. පරිදය්හාති නිවාසෙත්වා චෙව පාරුපිත්වා ච. කුසග්ගිරත්තන්ති කුසතිණග්ගිසිඛාවණ්ණං. අපිළය්හ මඤ්ජරින්ති සපල්ලවං අසොකකණ්ණිකං කණ්ණෙ පිළන්ධිත්වාති වුත්තං හොති. සරචාපධාරිනාති ලුද්දෙන. විරාධිතාති විරද්ධපහාරා. මන්දමිවාති යථා සා මිගී භීතා වනන්තරෙ ඨත්වා තං මන්දං මන්දං ඔලොකෙති, එවං ඔලොකෙසි.
එහි චිත්තංගදා යනු විසිතුරු වූ අඟපසඟ වලින් යුක්ත වූ. කම්බුවිමට්ඨධාරිණී යනු රවුම් වූ මුහුණ ඇති රන්වන් පාටින් බබළන. ඔසිත්තවණ්ණං යනු ඉසින ලද දියදහරා මෙන් ඇති දිව්‍ය දුහුල් වස්ත්‍ර ඇති. පරිදය්හා යනු හැඳ පොරවා. කුසග්ගිරතනං යනු කුසතණ දිළිසෙන ගිනිසිළු වර්ණයෙන් යුතු අපීළ්යහ මඤ්ජරිං යනු ළාදළු සහිත අශෝක කර්ණිකාවන් කණෙහි පළඳවාගෙන යයි කියන ලද්දේ වෙයි. සරචාප ධාරිනා යනු වැද්දා විසින්. විරාධිතා යනු විදින ලද පහර මන්දමිව යනු යම්සේ ඒ මුවදෙන බියට පත්ව වනය කෙළවර සිට ඔහු දෙස මද නෙතින් බලයි මෙසේ බැලුවේය.
තතො ආසා ආහ –
අනතුරුව ඇය:-
“න මෙ දුතීයො ඉධ මත්ථි කොසිය, මසක්කසාරප්පභවම්හි දෙවතා; ආසා සුධාසාය තවන්තිමාගතා, තං මං සුධාය වරපඤ්ඤ භාජයා”ති.
කෝසිය තවුසාණනි! මෙහි මට දෙවන්නෙක් නැත. මම තව්තිසා දෙව්ලොව උපන්නියක්මි. මගේ නම ආශාය. සුධා භෝජනය පිළිබඳ ආශාවෙන් ඔබ වෙත ආවෙමි. මහා ප්‍රාඥය, ඒ සුධා භෝජනය මට දුන මැනවි.
යන ගාථාව කීවාය.
තත්ථ මසක්කසාරප්පභවාති තාවතිංසභවනෙ සම්භවා.
එහි මසක්ක සාරප්පභවා යනු තව්තිසා දිව්‍ය ලෝකයේ හටගත්.
තං සුත්වා කොසියො “ත්වං කිර යො තෙ රුච්චති, තස්ස ආසාඵලනිප්ඵාදනෙන ආසං දෙසි, යො තෙ න රුච්චති, තස්ස න දෙසි, නත්ථි තයා සමා පත්ථිතත්ථවිනාසිකා”ති දීපෙන්තො ආහ –
ඒ අසා කෝසිය, ඔබ වනාහි යමක් ඔබට රුචි කරයිද, ඔහුගේ ආශා ඵලයන් නිෂ්පාදනයෙන් කැමැත්ත දෙන්න. යමක් ඔබට රුචි නොවේද? ඔහුට නොදෙන්න. ඔබ හා සමාන ප්‍රාර්ථනා කළ විනාශකාරී ස්ත්‍රියක ප්‍රකට වන්නේ නැතැයි කියමින් මෙසේ කීවේ ය.
“ආසාය යන්ති වාණිජා ධනෙසිනො, නාවං සමාරුය්හ පරෙන්ති අණ්ණවෙ; තෙ තත්ථ සීදන්ති අථොපි එකදා, ජීනාධනා එන්ති විනට්ඨපාභතා.
ධනය සොයන වෙළෙන්දෝ ධනාශාවෙන් නැව් නැග මහ සයුරෙහි පරතෙරට යත්. ඔවුහු එහි ගිලෙති. සමහරවිට නැසුහු මාර්ගෝපකරණ ඇත්තාහු පිරිහුණ ධන ඇත්තෝ වන්නාහ.
“ආසාය ඛෙත්තානි කසන්ති කස්සකා, වපන්ති බීජානි කරොන්තුපායසො; ඊතීනිපාතෙන අවුට්ඨිතාය වා, න කිඤ්චි වින්දන්ති තතො ඵලාගමං.
ගොවියෝ ආශාවෙන් කුඹුරු සාති. බිජුවට වපුරති. උපාය වසයෙන් නොයෙක් දේ කරති. උවදුරු පැමිණීමෙන් හෝ වැසි නො ලැබීමෙන් එයින් කිසි ප්‍රයෝජනයක් නො විඳිති.
“අථත්තකාරානි කරොන්ති භත්තුසු, ආසං පුරක්ඛත්වා නරා සුඛෙසිනො; තෙ භත්තුරත්ථා අතිගාළ්හිතා පුන, දිසා පනස්සන්ති අලද්ධ කිඤ්චනං.
සැප සොයන්නා වූ මිනිස්සු ආශාව පෙරදැරි කරගෙන තමන්ගේ පාලකයන් පිණිස සතුරන් හා යුද වැදී යුද බිම්හි වීර්ය කරති. දැඩි වෙහෙස දරා ක්‍රියා කළ ඔහු නැවත කිසිවක් නො ලබා පලා යති.
“හිත්වාන ධඤ්ඤඤ්ච ධනඤ්ච ඤාතකෙ, ආසාය සග්ගාධිමනා සුඛෙසිනො; තපන්ති ලූඛම්පි තපං චිරන්තරං, කුමග්ගමාරුය්හ පරෙන්ති දුග්ගතිං.
සමහර පරලොව සැපවත් තැනක ඉපදෙනු කැමැත්තෙන් වතුපිටි ඉඩකඩම් ධන ධාන්‍ය නෑදෑයින් හැර ආශාවෙන් බොහෝ කල් තපස් රකිති. ඔවුහුද වැරදි මාර්ගයට වැටී දුගතියට යති.
“ආසා විසංවාදිකසම්මතා ඉමෙ, ආසෙ සුධාසං විනයස්සු අත්තනි; න තාදිසී අරහති ආසනූදකං, කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසී”ති.
සත්ත්වයෝ ආශාව නිසා රැවටෙන්නාහයි සම්මතව පවතී. ආශාවෙනි! තමා කෙරෙහි පවත්නා සුධා භෝජන ආශාව දුරු කරනු මැනවි. තී වැන්නෝ ආසන හා ජලය පවා නො ලැබිය යුතු තී සුධා භෝජනය කෙසේ ලබන්නද? තෙපි යව. තී මට නුරුස්නෙහිය. තාපසයා කීය.
තත්ථ පරෙන්තීති පක්ඛන්දන්ති. ජීනාධනාති ජීනධනා. ඉති තව වසෙන එකෙ සම්පජ්ජන්ති එකෙ විපජ්ජන්ති, නත්ථි තයා සදිසා පාපධම්මාති වදති. කරොන්තුපායසොති තං තං කිච්චං උපායෙන කරොන්ති. ඊතීනිපාතෙනාති විසමවාතමූසිකසලභසුකපාණකසෙතට්ඨිකරොගාදීනං සස්සුපද්දවානං අඤ්ඤතරනිපාතෙන වා. තතොති තතො සස්සතො තෙ කිඤ්චි ඵලං න වින්දන්ති, තෙසම්පි ආසච්ඡෙදනකම්මං ත්වමෙව කරොසීති වදති. අථත්තකාරානීති යුද්ධභූමීසු පුරිසකාරෙ. ආසං පුරක්ඛත්වාති ඉස්සරියාසං පුරතො කත්වා. භත්තුරත්ථාති සාමිනො අත්ථාය. අතිගාළිතාති පච්චත්ථිකෙහි අතිපීළිතා විලුත්තසාපතෙය්යා ද්ධස්තසෙනවාහනා හුත්වා. පනස්සන්තීති පලායන්ති. අලද්ධ කිඤ්චනන්ති කිඤ්චි ඉස්සරියං අලභිත්වා . ඉති එතෙසම්පි ඉස්සරියාලාභං ත්වමෙව කරොසීති වදති. සග්ගාධිමනාති සග්ගං අධිගන්තුමනා. ලූඛන්ති නිරොජං පඤ්චතපාදිකං කායකිලමථං. චිරන්තරන්ති චිරකාලං. ආසා විසංවාදිකසම්මතා ඉමෙති එවං ඉමෙ සත්තා සග්ගාසාය දුග්ගතිං ගච්ඡන්ති, තස්මා ත්වං ආසා නාම විසංවාදිකසම්මතා විසංවාදිකාති සඞ්ඛං ගතා. ආසෙති තං ආලපති.
එහි පරෙන්ති යනු පැන දුවති. ජිනාධනා යනු දිරාගිය ධනය ඇති මෙසේ ඔබේ වශයෙන් එකකු සම්පාදනය කරති. එකෙකු විනාශ කරති. ඔබ හා සමාන පාපී ධර්මතාවයෙන් යුත්තෙක් නැතැයි කියයි. කරොන්තු පායසො යනු ඒ ඒ කටයුතු උපාශීලීව කරති. ඊති නිපාතෙන යනු විෂ සුළං මී, පණු හූනු ආදී පණුවන්ගෙන් හටගන්නා සුදු පුස්රෝගය වැනි රෝග හටගැනීමෙන් වූ වෙනත් ආකාර වූ. තතො යනු අනතුරුව ශස්‍ය වශයෙන් ඔවුහු කිසිම ඵලයක් වින්දනය නොකරති. ඔවුන්ගේ ද ආශා නසන ක්‍රියා ඔබ ම කරවයි කියයි. අථත්තකාරානී යනු යුද්ධ භූමිවල පුරුෂ වීර්යයෙන් යුතුව. ආසං පුරක්ඛත්වා යනු ඉසුරු සම්පත් පෙරටු කොට. භත්තුරත්ථා යනු ස්වාමියාට හිත පිණිස. අතිගාළ්භීතා යනු සතුරන් විසින් දැඩිසේ පෙළෙන ලද මංකොල්ලකන ලද භාණ්ඩ ඇති, පිරිහුණු සේනා හා වාහන සහිතව. පනස්සන්ති යනු පලා යති. අලද්ධ කිඤ්චනං කිසිම ඉසුරු සම්පත් නොලැබ. මෙසේ මොවුන්ගේ ඉසුරු සම්පත් ඔබ ම කරව යයි කියයි. සග්ගාධිමනා යනු ස්වර්ගයට පැමිණීමට කැමැති. ලුඛං යනු ඕජස් රහිත පංචතාපාදියට අයත් කායික ක්ලාන්ත බව. චින්තරං යනු චිරාත් කාලයක්. ආසා විසංවාදික සම්මතා ඉමෙ යනු මේ සත්ත්වයෝ ස්වර්ග ආශාවෙන් දුගතියට යති. එහෙයින් ඔබ ආශා නම් වූ විසංවාද සම්මත වූ විසංවාදයට අයත්ව ගියේ. ආසෙ යනු හේ ආමන්ත්‍රණය කරයි.
සාපි තෙන පටික්ඛිත්තා අන්තරධායි. තතො සද්ධාය සද්ධිං සල්ලපන්තො ගාථමාහ –
ඇය ඒවා ප්‍රතික්ෂේප කරන ලද්දේ එතැනදීම අතුරුදන් වූවාය. අනතුරුව “ශ්‍රද්ධා” සමග කථාබහ කරන්නේ මේ ගාථාව කීහ.
“දද්දල්ලමානා යසසා යසස්සිනී, ජිඝඤ්ඤනාමව්හයනං දිසං පති; පුච්ඡාමි තං කඤ්චනවෙල්ලිවිග්ගහෙ, ආචික්ඛ මෙ ත්වං කතමාසි දෙවතෙ”ති.
පරිවාර සම්පතින් දිලියෙමින්, බටහිර දික් හී සිටින යස් ඇති තී කිනම් වෙහිද? රන් රුවකට බඳු සිරුරු ඇත්තිය, තොපගෙන් විචාරමි. කිනම් දේවතාවක් වෙහිද?
තත්ථ දද්දල්ලමානාති ජලමානා. ජිඝඤ්ඤනාමව්හයනන්ති අපරාති ච පච්ඡිමාති ච එවං ජිඝඤ්ඤෙන ලාමකෙන නාමෙන වුච්චමානං දිසං පති දද්දල්ලමානා තිට්ඨසි.
එහි දද්දල්ලමානා යනු ජලය මෙන්. ජිඝඤ්ඤනාමව්හයනං යනු පෙර ද, පසුව ද මෙසේ ජිඝඤ්ඤ විසින් ලාමක අයුරින් කියනු ලබන්නා වූ. දිසංප යනු කීර්තිමත්ව සිටියි යනුවෙනි.
තතො සා ගාථමාහ –
අනතුරුව ඇය ගාථාව කීවාය.
“සද්ධාහ දෙවී මනුජෙහි පූජිතා, අපාපසත්තූපනිසෙවිනී සදා; සුධාවිවාදෙන තවන්ති මාගතා, තං මං සුධාය වරපඤ්ඤ භාජයා”ති.
ප්‍රඥාවන්ත තාපසයන් වහන්ස, මිනිසුන් කෙරෙහි පූජිත වූ, උසස් සත්ත්වයෝ විසින් සෙවුනා ලද මම ‘සද්ධා’ නම් වෙමි. සුධා භෝජන පිළිබඳ විවාදයෙන් නුඹ වහන්සේ වෙත ආමි. ස්වාමීනි, ඒ සුධා භෝජනය මට දෙනු මැනවි.
තත්ථ සද්ධාති යස්ස කස්සචි වචනපත්තියායනා සාවජ්ජාපි හොති අනවජ්ජාපි. පූජිතාති අනවජ්ජකොට්ඨාසවසෙන පූජිතා. අපාපසත්තූපනිසෙවිනීති අනවජ්ජසද්ධාය ච එකන්තපත්තියායනුසභාවාර පරෙසුපි පත්තියායනවිදහනසමත්ථාය දෙවතායෙතං නාමං.
එහි සද්ධා යනු යම් කිසිවෙකුට වචන භාවිත කිරීම නිසා ඇය සාවද්‍ය හෝ නිරවද්‍ය වෙයි. පූජිතා යනු නිරවද්‍ය කොට්ඨාස වශයෙන් පුදන ලදි. අපාපසත්තුපනිසෙවිනී යනු නිරවද්‍ය ශ්‍රද්ධාවෙන් ම ඒකාන්ත පැතුම් ඉටුකිරීම් වශයෙන් ද ප්‍රාර්ථනා එළිදැක්වීමට සමර්ථ වූ දේවතා වූ මේ නාමයයි.
අථං නං කොසියො “ඉමෙ සත්තා යස්ස කස්සචි වචනං සද්දහිත්වා තං තං කරොන්තා කත්තබ්බතො අකත්තබ්බමෙව බහුතරං කරොන්ති, තං සබ්බං තයා කාරිතං නාම හොතී”ති වත්වා එවමාහ –
ඉක්බිති ඇයට කෝසිය, මේ සත්ත්වයෝ ඒ ඒ වචන අදහා ඒ ඒ දේ කරන්නෝ කළයුතු දේ ද, නොකළ යුතු දේ ද, බහුල වශයෙන් කරති. ඒ සියල්ල ඇය විසින් කරන ලද්දේ නම් වෙයි යයි කියා මෙසේ කීවේය.
“දානං දමං චාගමථොපි සංයමං, ආදාය සද්ධාය කරොන්ති හෙකදා; ථෙය්යං මුසා කූටමථොපි පෙසුණං, කරොන්ති හෙකෙ පුන විච්චුතා තයා.
ඇතැම් කාලයක සත්ත්වයෝ ඔබ හා එක් වී දන් දෙති. ඉන්ද්රිය දමනය, පරිත්‍යාගය, සිල් රැකීම යනාදිය කරති. කිසි කලෙක්හි සත්ත්වයෝ තීගෙන් වෙන් වී සොරකම් කරති. බොරු කියති. කේලාම් කියති. කූට කර්ම කරති.
“භරියාසු පොසො සදිසීසු පෙක්ඛවා, සීලූපපන්නාසු පතිබ්බතාසුපි; විනෙත්වාන ඡන්දං කුලිත්ථිරාසුපි, කරොති සද්ධං පුන කුම්භදාසියා.
සමාන ජාති ඇති සිල්වත් පතිව්රතා ගුණ ඇති කුල කාන්තාවන් වන භාර්යාවන් කෙරෙහි ගිජු වූ පුරුෂයා ඔවුන් කෙරෙහි ආශාව හැර දමා ගෙදර දාසිය ගේ වචනය අදහා ඇය කෙරෙහි ආශාව දක්වයි.
“ත්වමෙව සද්ධෙ පරදාරසෙවිනී, පාපං කරොසි කුසලම්පි රිඤ්චසි; න තාදිසී අරහති ආසනූදකං, කුතො සුධා ගච්ඡ න මය්හ රුච්චසී”ති.
ශ්‍රද්ධාවෙනි, පුරුෂයා තීගේ වසඟයට පැමිණීමෙන් ම පරදාර සේවනය කරන හෙයින් තී පරදාර සේවනය කරන්නෙහි ය. පව් කරන්නෙහිය. කුසල් හිස් කරන්නෙහි ය. තී වැන්නෝ අසුන් හා ජලය (පමණකුදු) ලැබීමට නො සුදුසු වෙති. සුධාභෝජනය කොයින් ලැබේද? යව. තී මට නො රුස්නෙහි යයි (තවුසා කීය.)
තත්ථ දානන්ති දසවත්ථුකං පුඤ්ඤචෙතනං. දමන්ති ඉන්ද්රියදමනං. චාගන්ති දෙය්යධම්මපරිච්චාගං. සංයමන්ති සීලං. ආදාය සද්ධායාති “එතානි දානාදීනි මහානිසංසානි කත්තබ්බානී”ති වදතං වචනං සද්ධාය ආදියිත්වාපි කරොන්ති එකදා. කූටන්ති තුලාකූටාදිකං වා ගාමකූටාදිකං කම්මං වා. කරොන්ති හෙකෙති එකෙ මනුස්සා එවරූපෙසු නාම කාලෙසු ඉමෙසඤ්ච අත්ථාය ථෙය්යාදීනි කත්තබ්බානීති කෙසඤ්චි වචනං සද්දහිත්වා එතානිපි කරොන්ති. පුන විච්චුතා තයාති පුන තයා විසුත්තා සාවජ්ජදුක්ඛවිපාකානෙතානි න කත්තබ්බානීති වදතං වචනං අපත්තියායිත්වාපි කරොන්ති. ඉති තව වසෙන සාවජ්ජම්පි අනවජ්ජම්පි කරෙය්යාසි වදති.
මෙහි දානං යනු වස්තු සහිත පුණ්‍ය චේතනා. දමං යනු ඉන්ද්රිය දමනයයි. චාගං යනු දියයුතු ධර්මයයි. පරිත්‍යාගයයි. සංයමං යනු ශීලයයි. ආදාය සද්ධායා යනු මේ දානාදිය මහානිශංස බැවින් කළ යුතුයයි කියන ලද්දේ වචනයෙන් ශ්‍රද්ධාව මුල්කොට එක ම දින කරත්. කූටං යනු හොර තරාදි ග්රාමකූට යනාදියයි. කරොන්තිහෙකෙ යනු ඇතැම් මිනිස්සු මෙබඳු ආකාර කාලවල මේ අර්ථය සඳහා සොරකම් ආදිය කළ යුතුය යනු කවර නම් වචනයක් අදහා මෙයම කරත්. පුන විච්චුතා තයා යනු නැවත ඈ විසින් නො කරන ලද වැරදි සහිත දුක් විපාක ඇති බැවින්, නොකළ යුතු යයි කියන ලද වචන ප්‍රාර්ථනා නොකරම කරත්. මෙසේ ඔබගේ වශයෙන් නිරවද්‍ය වූ ද, සාවද්‍ය වූ ද දේ කරන ලද්දේ ම ය.
සදිසීසූති ජාතිගොත්තසීලාදීහි සදිසීසු. පෙක්ඛවාති පෙක්ඛා වුච්චති තණ්හා, සතණ්හොති අත්ථො. ඡන්දන්ති ඡන්දරාගං. කරොති සද්ධන්ති කුම්භදාසියාපි වචනෙ සද්ධං කරොති, තස්සා “අහං තුම්හාකං ඉදං නාම උපකාරං කරිස්සාමී”ති වදන්තියා පත්තියායිත්වා කුලිත්ථියොපි ඡඩ්ඩෙත්වා තමෙව පටිසෙවති, අසුකා නාම තුම්හෙසු පටිබද්ධචිත්තාති කුම්භදාසියාපි වචනෙ සද්ධං කත්වාව පරදාරං සෙවති. ත්වමෙව සද්ධෙ පරදාරසෙවිනීති යස්මා තං තං පත්තියායිත්වා තව වසෙන පරදාරං සෙවන්ති පාපං කරොන්ති කුසලං ජහන්ති, තස්මා ත්වමෙව පරදාරසෙවිනී ත්වං පාපානි කරොසි, කුසලම්පි රිඤ්චසි, නත්ථි තයා සමා ලොකවිනාසිකා පාපධම්මා, ගච්ඡ න මෙ රුච්චසීති.
සාදිසීසු යනු ජාති ගෝත්‍ර ආචාරශීලාදි වශයෙන් සමාන වන කල්හි. පෙක්ඛවා යනු පෙක්ඛා යයි තෘෂ්ණාවට කියනු ලැබේ. තණ්හා සහිත යන අර්ථයයි. ඡන්දං යනු ඡන්ද රාගයයි. සද්ධං යනු දිය ගෙනෙන දාසියගේ වචනය කෙරෙහිද, විශ්වාසකොට පරදාර සේවනය කරති. ත්වමෙව සද්ධෙ පරදාර සෙවිනි යනු යම්හෙයකින් එය ප්‍රාර්ථනා කොට ඔබගේ වශයෙන් පරදාර සේවනය කරත්. පාපය කරත්. කුසල අත්හරිත්. එහෙයින් ඔබම පරදාර සේවනය කරන්නී, නුඹ පව්කම් කරහි. කුසල් නොසලකා හරිහි. ඔබ හා සමාන ලෝක විනාශ කරන, පාප ධර්මයේ නිරත වූවෙක් නැත. යව! මට රුචි නොවේ යනුයි.
සා තත්ථෙව අන්තරධායි. කොසියොපි උත්තරතො ඨිතාය හිරියා සද්ධිං සල්ලපන්තො ගාථාද්වයමාහ –
ඇය එහිදී ම අතුරුදහන් වූවාය. කෝසිය ද උතුරු දිශාවෙන් සිටියේ ‘හිරි’ සමග කථා කරමින් ගාථා දෙකක් කීවාය.
“ජිඝඤ්ඤරත්තිං අරුණස්මිමූහතෙ, යා දිස්සති උත්තමරූපවණ්ණිනී; තථූපමා මං පටිභාසි දෙවතෙ, ආචික්ඛ මෙ ත්වං කතමාසි අච්ඡරා.
රාත්‍රී කාලයේ අවසන්හි අරුණෝද්ගමන වේලායෙහි උතුම් රූපයෙන් හා වර්ණයෙන් යුක්ත වූ යම් පූර්ව දිශාවක් දක්නා ලැබේ ද, දෙව්දුව, තී එබඳුය යි මට වැටහෙයි. තී කිනම් අප්සරාවක් දැයි මට කියව.
“කාළා නිදාඝෙරිව අග්ගිජාරිව, අනිලෙරිතා ලොහිතපත්තමාලිනී; කා තිට්ඨසි මන්දමිගාවලොකයං, භාසෙසමානාව ගිරං න මුඤ්චසී”ති.
නියං සමයෙහි පළමුව හටගත් සුළඟන් කම්පා වන්නා වූ ලේවන් කොළවලින් පිරිවැරුණු කළුවැලක් සේ මඳ බැල්මෙන් යුතුව කවර නම් තැනැත්තියක් සිටින්නේ ද? කථා කිරීමට කැමැත්ත දක්වන්නේ නමුදු වචන නො මුදන්නෙහි ය.
තත්ථ ජිඝඤ්ඤරත්තින්ති පච්ඡිමරත්තිං, රත්තිපරියොසානෙති අත්ථො. ඌහතෙති අරුණෙ උග්ගතෙ. යාති යා පුරත්ථිමා දිසා රත්තසුවණ්ණතාය උප්පමරූපධරා හුත්වා දිස්සති. කාළා නිදාඝෙරිවාති නිදාඝසමයෙ කාළවල්ලි විය. අග්ගිජාරිවාති අග්ගිජාලා ඉව, සාපි නිජ්ඣාමඛෙත්තෙසු තරුණඋට්ඨිතකාළවල්ලි වියාති අත්ථො. ලොහිතපත්තමාලිනීති ලොහිතවණ්ණෙහි පත්තෙහි පරිවුතා. කා තිට්ඨසීති යථා සා තරුණකාළවල්ලි වාතෙරිතා විලාසමානා සොභමානා තිට්ඨති, එවං කා නාම ත්වං තිට්ඨසි. භාසෙසමානාවාති මයා සද්ධිං භාසිතුකාමා විය හොසි, න ච ගිරං මුඤ්චසි.
එහි ජිඝඤ්ඤරත්තිං යනු පශ්චිම රාත්‍රියේ අවසාන වන කල්හි යන අර්ථයයි. ඌහතෙ යනු අරුණාලෝකය උදාවන කල්හි. යා යනු පෙරදිග දිශාවෙන් රතු ස්වර්ණ වර්ණයෙන් යුතු උතුම් රූප දරන්නෙ වී දක්නට ලැබේ. කාළානිදාඝෙරිවා යනු නියං සමයේ කළුවැල් මෙන්. අග්ගජාතිවා යනු අග්රජ, මුදුනින් උපන් ඇය ද මෙසේ පළමුව උපන්නේ මෙන් යන අර්ථයයි. ලොහිත පත්තමාලිනි යනු ලෝහිත වර්ණ පත්‍රවලින් වටකරන ලද්දේ. කා තිට්ඨසි යනු යම් සේ ඇය කළුවැල් සුළඟට අසුවුනාක් මෙන් බබළමින් ශෝභමානව තිබේ. මෙසේ ඔබ කවර නම් ඇත්තේ නුඹ සිටිහි. භාසෙස මානවා යනු මා සමග කථා කරනු මෙන් වෙහි වචන මුදා නොහළෙහි.
තතො සා ගාථමාහ –
ඉක්බිති ඇය ගාථාවක් කීවා ය.
“හිරාහ දෙවී මනුජෙහි පූජිතා, අපාපසත්තූපනිසෙවිනී සදා; සුධාවිවාදෙන තවන්තිමාගතා, සාහං න සක්කොමි සුධම්පි යාචිතුං; කොපීනරූපා විය යාචනිත්ථියා”ති.
තාපසයන් වහන්ස, මම වනාහි මිනිසුන් කෙරෙහි පූජිත වූ හැම කල්හි අලාමක සත්ත්වයන් විසින් සෙවුනා ලද හිරි නම් දෙවඟන වෙමි. සුධා විවාදයෙන් ඔබ වෙත පැමිණි ඒ මම සුධාභෝජන ඉල්ලීමට ද නො හැක්කෙමි. ස්ත්‍රියගේ ඉල්ලීම වූ කලී රහසඟ පෙන්වීම බඳු හෙයිනි.
තත්ථ හිරාහන්ති හිරී අහං. සුධම්පීති සා අහං සුධාභොජනං තං යාචිතුම්පි න සක්කොමි. කිංකාරණා? කොපීනරූපා විය යාචනිත්ථියා, යස්මා ඉත්ථියා යාචනා නාම කොපීනරූපා විය රහස්සඞ්ගවිවරණසදිසා හොති, නිල්ලජ්ජා විය හොතීති අත්ථො.
එහි හිරායං යනු හිරි නම් වූ මම. සුධම්පි යනු ඒ මම දිව්‍ය භෝජනය ඔහුගෙන් ඉල්ලීමට නොහැකි වෙමි. කුමන කරුණක් නිසාද? කොපීන රූපා විය යාචනිත්තියා. යම්කිසි ස්ත්‍රියක විසින් ඉල්ලීම නම් රහසඟ පෙන්වීම මෙන් රහසක් හෙළිකිරීම වැනිය. ලජ්ජා නැතිව මෙන් යන අර්ථයයි.
තං සුත්වා තාපසො ද්වෙ ගාථා අභාසි –
ඒ අසා තාපසයා ගාථා දෙකක් කීවේය.
“ධම්මෙන ඤායෙන සුගත්තෙ ලච්ඡසි, එසො හි ධම්මො න හි යාචනා සුධා. තං තං අයාචන්තිමහං නිමන්තයෙ, සුධාය යඤ්චිච්ඡසි තම්පි දම්මි තෙ.
මනා සිරුරු ඇත්තිය, ස්වාභාවික ක්‍රමයෙන් සුධාභෝජනය ලබන්නෙහිය. ඉල්ලීමෙන් සුධාභෝජනය නො ලබන්නෙහි ය. මේ වනාහි ස්වභාව ධර්මය වේ. එහෙයින් නො ඉල්ලන්නා වූ තිට මම සුධාභෝජනයෙන් නිමන්ත්‍රණය කරමි. එපමණක් නොව තී යමක් කැමති නම් එය ද තිට දෙමි.
“සා ත්වං මයා අජ්ජ සකම්හි අස්සමෙ, නිමන්තිතා කඤ්චනවෙල්ලිවිග්ගහෙ; තුවඤ්හි මෙ සබ්බරසෙහි පූජියා, තං පූජයිත්වාන සුධම්පි අස්නියෙ”ති.
ස්වර්ණ රාශියකට බඳු ශරීර ඇත්තිය, ඒ නුඹ අද මා විසින් සිය අසපුවෙහි නිමන්ත්‍රණය කරන ලද්දෙහි ය. තී වනාහි මා විසින් හැම රසයෙන් පිදිය යුත්තී ය. තී පුදා මම ද සුධාභෝජනය වළඳන්නෙමි යි (තාපස තෙම කීය.)
තත්ථ ධම්මෙනාති සභාවෙන. ඤායෙනාති කාරණෙන. න හි යාචනා සුධාති න හි යාචනාය සුධා ලබ්භති, තෙනෙව කාරණෙන ඉතරා තිස්සො නලභිංසු. තං තන්ති තස්මා තං. යඤ්චිච්ඡසීති න කෙවලං නිමන්තෙමියෙව, යඤ්ච සුධං ඉච්ඡසි, තම්පි දම්මි තෙ. කඤ්චනවෙල්ලිවිග්ගහෙති කඤ්චනරාසිසස්සිරිකසරීරෙ. පූජියාති න කෙවලං සුධාය, අඤ්ඤෙහිපි සබ්බරසෙහි ත්වං මයා පූජෙතබ්බයුත්තකාව. අස්නියෙති තං පූජෙත්වා සචෙ සුධාය අවසෙසං භවිස්සති, අහම්පි භුඤ්ජිස්සාමි.
එහි ධම්මෙන යනු ස්වභාවයෙන්. ඤායෙන යනු කාරණයෙන්. නහි යාචනා සුධා යනු ආයාචනා කිරීමෙන් සුධා භෝජනය නොලැබේ. ඒ කාරණයෙන් අනෙක් තිදෙනා නොලැබූහ. තං තං යනු එහෙයින් එය. යමිච්ඡසී යනු හුදෙක් ආරාධනා කිරීමෙන් ම යමෙකු සුධා භෝජනය නොකැමැති වෙහිද? එය ද ඔබට දෙමි. කඤ්චන වෙල්ලි විග්ගතෙ යනු රත්රන් රැසකින් සශ්‍රීක වූ ශරීරයේ. පූජියා යනු හුදෙක් අන් සියලු රසයන්ට වඩා නොවේ. ඔබ මා කෙරෙන් පිදිය යුතු වන්නේ යනුයි. අස්මියෙ යනු එය පුදා ඉදින් ඉතිරියක් වන්නේ නම් මම ද අනුභව කරන්නෙමි.
තතො අපරා අභිසම්බුද්ධගාථා –
අනතුරුව තවත් සම්මා සම්බුද්ධ ගාථාවකි :-
“සා කොසියෙනානුමතා ජුතීමතා, අද්ධා හිරි රම්මං පාවිසි යස්සමං; උදකවන්තං ඵලමරියපූජිතං, අපාපසත්තූපනිසෙවිතං සදා.
ආනුභාව සම්පන්න කෝසිය තවුසා විසින් අනුදන්නා ලද ඒ හිරි නම් දිව්යාංගනා තොමෝ ඒ ඒ තැන්හි දිය ඇත්තා වූ, නොයෙක් පලතුරුවලින් ගැවසී ගත්තා වූ, නීවරණ දෝෂයෙන් මිදුණු ධ්‍යානලාභීන් විසින් පුදන ලද්දා වූ, අලාමක සත්ත්වයන් විසින් සෙවුනා ලද, ආශ්රමයට පිවිසියා ය.
“රුක්ඛග්ගහානා බහුකෙත්ථ පුප්ඵිතා, අම්බා පියාලා පනසා ච කිංසුකා; සොභඤ්ජනා ලොද්දමථොපි පද්ධකා, කෙකා ච භඞ්ගා තිලකා සුපුප්ඵිතා.
මෙහි වනාහි මලින් හා පලින් සැදුම්ලත්, වෘක්ෂ සමූහයෝ බොහෝ වෙති. අඹ ය. මොර ය. කොස් ය. කෑල ය. මුරුංගා ය. ලොත් ය. පද්මක ය. කේතක ය. භංග ය. පිපියා වූ එරහැන්ද ය.
“සාලා කරෙරී බහුකෙත්ථ ජම්බුයො, අස්සත්ථනිග්රොධමධුකවෙතසා; උද්දාලකා පාටලි සින්දුවාරකා, මනුඤ්ඤගන්ධා මුචලින්දකෙතකා.
සල් ය. ලුණුවරණ ය. දඹ ය. ඇසතු ය. නුග ය. මී ය. හොමුවගු ය. ඇසළ ය. පලොල් ය. නික ය. මනා සුවඳැති මිදෙල්ල ය. පංචවිධ කෙතකී වෘක්ෂ ය යන මොහු මෙහි බොහෝ වෙත්.
“හරෙණුකා වෙළුකා කෙණු තින්දුකා, සාමාකනීවාරමථොපි චීනකා; මොචා කදලී බහුකෙත්ථ සාලියො, පවීහයො ආභූජිනො ච තණ්ඩුලා.
අපරණ්ණ ගණයට අයත් භරෙණුක (නම් ධාන්‍ය) ද වංසචොරක ද වල්මෑ ද තියඹරා ද බොඩහමු ද ඌරුහැල් ද යළි රජමෑ ද ඇටිකෙහෙල් ද කෙහෙල් ද හැල් ද නොයෙක් වී වර්ග ද භුජපත්‍ර ද ස්වයංජාත සහල් ද මෙහි බොහෝ වෙති.
“තස්සෙවුත්තරපස්සෙන, ජාතා පොක්ඛරණී සිවා; අකක්කසා අපබ්භාරා, සාධු අප්පටිගන්ධිකා.
ඒ අසපුවට උතුරු දෙසින් හටගත් යහපත් පොකුණෙක් ඇත. ඕ අකර්කශ ය. නො සුන් ඉවුරින් යුතු ය. සුවඳ දියෙන් සුවඳවත් ය.
“තත්ථ මච්ඡා සන්නිරතා, ඛෙමිනො බහුභොජනා; සිඞ්ගූ සවඞ්කා සංකුලා, සතවඞ්කා ච රොහිතා; ආළිගග්ගරකාකිණ්ණා, පාඨීනා කාකමච්ඡකා.
ඒ පොකුණෙහි නිර්භය වූ ගොදුරු සුලභ වූ නිතොර වෙසෙන සිංගු ය. සවංක ය. සකුල ය. සතවංක ය. රොහිත ය. ආලි ය. ගග්ගරක ය. පෙටි ය. කාමච්ඡ ය යන මත්ස්‍යයෝ වෙති.
“තත්ථ පක්ඛී සන්නිරතා, ඛෙමිනො බහුභොජනා; හංසා කොඤ්චා මයූරා ච, චක්කවාකා ච කුක්කුහා; කුණාලකා බහූ චිත්‍රා, සිඛණ්ඩී ජීවජීවකා.
එහි නිර්භය වූ සුලභ වූ ගොදුරු ඇති හංස ය, කොස් ලිහිණි ය, මොනර ය. සක්වාලිහිණි ය. ඇටිකුකුළු ය. කොවුල් ය. විසිතුරු පියාපත් ඇති බහුචිත්ර නම් පක්ෂි ය. ඔසවන ලද මුදුන් ඇති මොනර ය. ජීවඤ්ජීවක ය යන පක්ෂීහු නිතර වෙසෙති.
“තත්ථ පානාය මායන්ති, නානා මිගගණා බහූ; සීහා බ්යග්ඝා වරාහා ච, අච්ඡකොකතරච්ඡයො.
එහි බොහෝ වූ මෘග සමූහයෝ පැන් බීමට එති. එනම් සිංහයෝ ද, ව්‍යාඝ්‍රයෝ ද, ඌරෝ ද, වලස්සු ද, වෘකයෝ ද කළු හිස් වලස්සු ද,
“පලාසාදා ගවජා ච, මහිංසා රොහිතා රුරූ; එණෙය්යා ච වරාහා ච, ගණිනො නීකසූකරා; කදලිමිගා බහුකෙත්ථ, බිළාරා සසකණ්ණිකා.
කඟවෙහෙණහු ද, ගවරු ද, මහිසයෝ ද, රොහිත මෘගයෝ ද, රූරු මුවෝ ද, එණි මුවෝ ද, වරාහ නම් මුවෝ ද ගෝන්නු ද සමූහ වශයෙන් ඇති නිංක නම් ඌරෝ ද, කෙහෙල්මුවෝ ද, බළල්ලු ද සාවෝ ද කර්ණක මෘගයෝ ද එති.
“ඡමාගිරී පුප්ඵවිචිත්රසන්ථතා, දිජාභිඝුට්ඨා දිජසඞ්ඝසෙවිතා”ති.
විසිතුරු මල් අතුරන ලද භූමියෙහි වූ පිටිපහණ පක්ෂීන් විසින් ඝෝෂා කරන ලද්දේ පක්ෂි සමූහයා විසින් සෙවුනා ලද්දේ ද වෙයි.
තත්ථ ජුතීමතාති ආනුභාවසම්පන්නෙන. පාවිසි යස්සමන්ති පාවිසි අස්සමං, ය-කාරො බ්යඤ්ජනසන්ධිකරො. උදකවන්තන්ති තෙසු තෙසු ඨානෙසු උදකසම්පන්නං. ඵලන්ති අනෙකඵලසම්පන්නං. අරියපූජිතන්ති නීවරණදොසරහිතෙහි ඣානලාභීහි අරියෙහි පූජිතං පසත්ථං. රුක්ඛග්ගහානාති පුප්ඵූපගඵලූපගරුක්ඛගහනා. සොභඤ්ජනාති සිග්ගුරුක්ඛා. ලොද්දමථොපි පද්ධකාති ලොද්දරුක්ඛා ච පදුමරුක්ඛා ච. කෙකා ච භඞ්ගාති එවංනාමකා රුක්ඛා එව. කරෙරීති කරෙරිරුක්ඛා. උද්දාලකාති වාතඝාතකා. මුචලින්දකෙතකාති මුචලින්දා ච පඤ්චවිධකෙතකා ච. හරෙණුකාති අපරණ්ණජාති. වෙළුකාති වංසභෙදකා. කෙණූති අරඤ්ඤමාසා. තින්දුකාති තිම්බරුරුක්ඛා. චීනකාති ඛුද්දකරාජමාසා. මොචාති අට්ඨිකකදලියො. සාලියොති නානප්පකාරා ජාතස්සරං උපනිස්සාය ජාතා සාලියො. පවීහයොති නානප්පකාරා වීහයො. ආභූජිනොති භුජපත්තා. තණ්ඩුලාති නික්කුණ්ඩකථුසානි සයංජාතතණ්ඩුලසීසානි.
එහි ජුතිමතා යනු ආනුභාව සම්පන්න වූ. පාවිසියස්සමං යනු ආශ්රමයට පිවිසියේය. ‘ය’ කාරය ව්‍යඤ්ජන සන්ධි කාරකයෙකි. උදඤ්ඤවන්තං යනු ඒ ඒ ස්ථානවල ජලය සහිත වූවේ. ඵලං යනු නොයෙක් ගෙඩි වර්ගවලින් යුක්ත. අරියපූජිතං නීවරණ දෝෂ රහිත ධ්‍යානලාභී උතුමන් විසින් පුදන ලද ප්රශස්ත වූ. රුක්ඛග්ගහණා යනු පුවක් දොඹ ආදී ගෙඩි සහිත ගස්වලින් ගහණ. සොභඤ්ජනා යනු මුරුංගා ගස්. ලොද්දමථොපි පද්මකා යනු ඇද්දෙමට ගස්ද, නෙලුම් ගස් ද වේ. කේකාච භංගා යනු එනම් ඇති ඇසළ වර්ගයේ ගස්ද, කරෙරි යනු කනේරු ගස්ද, උද්දාලකා යනු පළොල් වර්ගයක්ද, මුචලින්ද කෙතකා යනු මුචලින්ද ආදි පංචවිධ වූ වැටකේ ද, හරෙණුකා යනු පිටරට ඇති ගස්වර්ග ද, වෙළුක යනු උණ වර්ග ද, වෙණු බට වර්ගද, තින්දුකා යනු තිඹොල් ගස් ද, චීනකා යනු රාජ මාංස (බෙහෙත්) මෝචා යනු ඇට කෙසේ. සාලියො යනු නොයෙක් ආකාර ලෙස ඉබේ හටගන්නා වූ ඇල්සහල් ද, පවීහයො නොයෙක් ආකාර වී වර්ගද, ආභුජිනො යනු සර්ප පත්‍ර. තණ්ඩුලා යනු කුඩු රහිත ස්වයංජාත ඇල් සහල්. තස්සච යනු මහණෙනි, ඒ ආශ්රමයට උතුරු දිශාවෙන්. පොක්ඛරණී යනු පස්පියුමෙන් ගැවසී ගත් උසස් ලෙස හටගත් පොකුණකි. අකක්කසා යනු මත්ස්යපිත සෙවෙල් කර්කශ කසල රහිත වූ. අපබ්භාරා යනු නොසිඳුණු ඉවුරු ඇති සම තොටුපොළ සහිත. අප්පටි ගන්ධියා යනු පිළිකුල් රහිත සුවඳින් යුක්ත වූ. සුවඳ ජලයෙන් යුක්ත වූ.
තස්සෙවාති, භික්ඛවෙ, තස්සෙව අස්සමස්ස උත්තරදිසාභාගෙ. පොක්ඛරණීති පඤ්චවිධපදුමසඤ්ඡන්නා ජාතස්සරපොක්ඛරණී. අකක්කසාති මච්ඡසිප්පිකසෙවාලාදිකක්කසරහිතා. අපබ්භාරාති අච්ඡින්නතටා සමතිත්ථා. අප්පටිගන්ධිකාති අපටික්කූලගන්ධෙන උදකෙන සමන්නාගතා. තත්ථාති තස්සා පොක්ඛරණියා. ඛෙමිනොති අභයා. “සිඞ්ගූ”තිආදීනි තෙසං මච්ඡානං නාමානි. කුණාලකාති කොකිලා. චිත්රාති චිත්රපත්තා. සිඛණ්ඩීති උට්ඨිතසිඛා මොරා, අඤ්ඤෙපි වා මත්ථකෙ ජාතසිඛා පක්ඛිනො. පානාය මායන්තීති පානාය ආයන්ති. පලාසාදාති ඛග්ගා. ගවජාති ගවයා. ගණිනොති ගොකණ්ණා. කණ්ණිකාති කණ්ණිකමිගා. ඡමාගිරීති භූමිසමපත්ථටා පිට්ඨිපාසාණා. පුප්ඵවිචිත්රසන්ථතාති විචිත්රපුප්ඵසන්ථතා. දිජාභිඝුට්ඨාති මධුරස්සරෙහි දිජෙහි අභිඝුට්ඨා. එවරූපා තත්ථ භූමිපබ්බතාති එවං භගවා කොසියස්ස අස්සමං වණ්ණෙති.
තත්ථ යනු ඒ පොකුණෙහි. ඛෙමිනො යනු නිර්භය වූ. සිංගූ යන ආදි ඒ මත්ස්‍යයන්ගේ නම් වෙති. කුණාලකා යනු කොවුලෝ. චිත්‍රා යනු විසිතුරු බවට පැමිණි. සිඛණ්ඩි යනු උඩට එසවෙන මෝරු අනෙක් මහපොළොවේ උපන් පක්ෂී වර්ග ද, පාණායමායන්ති යනු ප්‍රාණ ඇත්තවුන් ලෙස පැමිණෙති. පලාසාදා යනු කඟවේනෝ. ගවජා ගවයා. ගණිනො යනු ගෝන්නු. කණ්ණකා යනු කර්ණක මුවෝ. ඡමාගිරි යනු භූමිය ඇසුරුකොට ඇති, ගල්තලා ඇති. පුප්ඵ විචිත්‍ර සන්ථතා යනු විසිතුරු මල්වලින් යුක්ත. දිජාහි ඝුට්ඨා යනු මිහිරි හඬින් යුතු පක්ෂීන් විසින් මැනවින් මහ හඬින් නාද කරවන ලද්දෝ මෙබඳු ආකාර යම් භූමිතලයක හුන්නේ වේද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෝසියගේ ආශ්‍රමය වර්ණනා කළ සේක.
ඉදානි හිරිදෙවියා තත්ථ පවිසනාදීනි දස්සෙතුං ආහ –
දැන් ‘හිරි’ දේවිය එහි පිවිසීම් ආදිය දැක්වීමට වදාළ සේක;
“සා සුත්තචා නීලදුමාභිලම්බිතා, විජ්ජූ මහාමෙඝරිවානුපජ්ජථ; තස්සා සුසම්බන්ධසිරං කුසාමයං, සුචිං සුගන්ධං අජිනූපසෙවිතං; අත්රිච්ච කොච්ඡං හිරිමෙතදබ්රවි, නිසීද කල්‍යාණි සුඛයිදමාසනං.
මනා සිවි ඇති ඕ තොමෝ නිල්වන් වෘක්ෂ ශාඛාවන් පරාමර්ශනය කරමින් මහාමේඝයක් අතරින් දිස්වන විදුලියක් මෙන් පහළවූවාය. හොඳින් සම්බන්ධ කළ ඌර්ධවභාග ඇති ඉතා කැමතිවිය යුතු කුශතෘණමය කොච්ඡ නම් අසුනක් පිරිසිදු සුවඳැති අඳුන් දිවිසමකින් සෙවුනා ලදුව පනවා, සුන්දරිය, මේ අසුන සුව වෙයි. මෙහි හිඳගනුව යි හිරි දෙව්දුවට තාපස තෙම කීය.
“තස්සා තදා කොච්ඡගතාය කොසියො, යදිච්ඡමානාය ජටාජිනන්ධරො; නවෙහි පත්තෙහි සයං සහූදකං, සුධාභිහාසී තුරිතො මහාමුනි.
කොච්ඡ නම් අසුනෙහි හුන් සුධාභෝජනය කැමැත්තා වූ ඒ හිරි නම් දෙව්දුවට දළමඬුලු අඳුන් දිවිසම් දරන කෝසිය මහතවුස් තෙම තමා විසින් එකෙණෙහි ගෙනෙන ලද නෙළුම්පතින් දක්ෂිණොදකය සහිත සුධාභෝජනය වහා ගෙනවුත් එළවීය.
“සා තං පටිග්ගය්හ උභොහි පාණිභි, ඉච්චබ්රවි අත්තමනා ජටාධරං; හන්දාහං එතරහි පූජිතා තයා, ගච්ඡෙය්යං බ්රහ්මෙ තිදිවං ජිතාවිනී.
ඕ තොමෝ එය දෑතින් පිළිගෙන තුටු සිත් ඇත්තී තවුසාට මෙසේ කීවාය. ‘දැන් මම නුඹවහන්සේ විසින් ඒකාන්තයෙන් පුදන ලද්දෙමි. තවුසාණනි, ජයප්රාප්ත වූ මම දෙව්ලොවට යන්නෙමි’යි.
“සා කොසියෙනානුමතා ජුතීමතා, උදීරිතා වණ්ණමදෙන මත්තා; සකාසෙ ගන්ත්වාන සහස්සචක්ඛුනො, අයං සුධා වාසව දෙහි මෙ ජයං.
කෝසිය තවුසා විසින් අනුදන්නා ලද ආනුභාවසම්පන්න වූ වර්ණ මදයෙන් මත් වූ ඒ හිරි නම් දෙව්දුව සක්දෙව් රජුගේ සමීපයට ගොස්, ‘මේ සුධාභෝජනය වේ, මට දිනුම දෙව’යි කීවාය.
“තමෙන සක්කොපි තදා අපූජයි, සහින්දදෙවා සුරකඤ්ඤමුත්තමං; සා පඤ්ජලී දෙවමනුස්සපූජිතා, නවම්හි කොච්ඡම්හි යදා උපාවිසී”ති.
ඇඳිලි බැඳගත් දෙව්මිනිසුන් විසින් පුදන ලද ඒ හිරි නම් දෙව්දුව යම් කලෙක්හි අලුත් කොච්ඡ නම් අසුනෙහි හුන්නී ද, එකල්හි ශක්‍ර තෙමේ ද ඒ උතුම් දෙවඟනට පූජා කෙළේ ය. ඉන්ද්රයා සහිත සෙසු දෙවියෝ ද (පරසතු මල් ආදියෙන්) ඇය පිදූහ.
තත්ථ සුත්තචාති සුච්ඡවී. නීලදුමාභිලම්බිතාති නීලෙසු දුමෙසු අභිලම්බිතා හුත්වා, තං තං නීලදුමසාඛං පරාමසන්තීති අත්ථො. මහාමෙඝරිවාති තෙන නිමන්තිතා මහාමෙඝවිජ්ජු විය තස්ස තං අස්සමං පාවිසි. තස්සාති තස්සා හිරියා. සුසම්බන්ධසිරන්ති සුට්ඨු සම්බන්ධසීසං. කුසාමයන්ති උසීරාදිමිස්සකකුසතිණමයං. සුගන්ධන්ති උසීරෙන චෙව අඤ්ඤෙන සුගන්ධතිණෙන ච මිස්සකත්තා සුගන්ධං. අජිනූපසෙවිතන්ති උපරිඅත්ථතෙන අජිනචම්මෙන උපසෙවිතං. අත්රිච්ච කොච්ඡන්ති එවරූපං කොච්ඡාසනං පණ්ණසාලද්වාරෙ අත්ථරිත්වා. සුඛයිදමාසනන්ති සුඛං නිසීද ඉදමාසනං.
එහි සුත්තචා යනු සියුමැලි සම. නීල දුමාභිලබ්බිතා යනු හරිත වර්ණ ගස්වල එල්ලී සිට ඒ ඒ හරිතවර්ණ අතු පරාමර්ශනය කරයි යන අර්ථයයි. මහා මේඝරිව යනු ඔහු විසින් ඇරයුම් කරන ලද්දේ, මහවැසි වළාකුලක විදුලිය මෙන් ඔහුගේ ඒ අසපුවට පිවිසියේය. තස්සා යනු ඒ ‘හිරි’ දෙව්දුවගේ සුසම්බන්ධ සිරං යනු මැනවින් සම්බන්ධ වූ හිසක් ඇති කුසාමයං යනු සැවැන්දරා මිශ්‍ර වූ කුස තණවලින් නිර්මිත වූ. සුගන්ධං යනු සැවැන්දරා මෙන් ම වෙනත් සුවඳැති තණ ආදියෙන් මිශ්‍රකරන ලද සුගන්ධයයි. අජිනුපසෙවිතං යනු මත්තෙහි අඳුන්දිවිසමින් සෙව්නා ලද. අත්රිච්ඡකොච්ඡං යනු මෙබඳු ආකාර වූ වේවැල් ආසන පන්සල් දොරටුවේ අතුරා. සුඛයීදමාසනං යනු මේ ආසනයේ සැපසේ හිඳගත්තාය. යං යනු යම් පමණ.
යන්ති යාවදත්ථං. ඉච්ඡමානායාති සුධං ඉච්ඡන්තියා. නවෙහි පත්තෙහීති තඞ්ඛණඤ්ඤෙව පොක්ඛරණිතො ආභතෙහි අල්ලපදුමිනිපත්තෙහි. සයන්ති සහත්ථෙන. සහූදකන්ති දක්ඛිණොදකසහිතං. සුධාභිහාසීති සුධං අභිහරි. තුරිතොති සොමනස්සවෙගෙන තුරිතො. හන්දාති වවස්සග්ගත්ථෙ නිපාතො. ජිතාවිනීති විජයප්පත්තා හුත්වා.
ඉච්ඡමානායා යනු දිව්‍ය භෝජනය කැමැති නිසා, නවෙහි පත්තෙහී යනු එකෙණෙහි ම පොකුණෙන් ගෙන එන ලද, තෙත් නෙළුම් පත්වලින්. සයං යනු සමග යන අර්ථයෙන්. සහූදකං යනු ආහාර පැන් සහිත. සුධාභිභාසී යනු දිව්‍ය භෝජනය පුද කෙළේය. තුරිතො යනු සොම්නස් වේගයෙන් (තුරිත වූ) සමාන වූ. හන්ද යනු වචනය අග නිපාතයකි. ජිතාවිනී යනු ජයගෙන පැමිණි.
අනුමතාති ඉදානි යථාරුචිං ගච්ඡාති අනුඤ්ඤාතා. උදීරිතාති තිදසපුරං ගන්ත්වා සක්කස්ස සන්තිකෙ අයං සුධාති උදීරයි. සුරකඤ්ඤන්ති දෙවධීතරං. උත්තමන්ති පවරං. සා පඤ්ජලී දෙවමනුස්සපූජිතාති පඤ්ජලී දෙවෙහි ච මනුස්සෙහි ච පූජිතා. යදාති යදා නිසීදනත්ථාය සක්කෙන දාපිතෙ නවෙ කඤ්චනපීඨසඞ්ඛාතෙ කොච්ඡෙ සා උපාවිසි, තදා නං තත්ථ නිසින්නං සක්කො ච සෙසදෙවතා ච පාරිච්ඡත්තකපුප්ඵාදීහි පූජයිංසු.
අනුමතා දැන් කැමැති පරිදි යයි ද යනුවෙන් අනුදන්නා ලද. උදීරිතා යනු ශක්‍ර පුරයට ගොස් ශක්‍රයාගේ සමීපයේ වේවා දිව බොජුන් යයි ප්‍රකාශ කෙළේය. සුරකඤ්ඤං යනු දිව්‍ය දූවරු. උත්තමං යනු ශ්‍රේෂ්ඨ වූ. පඤ්ජලි දේවමනුස්ස පූජිතා ඇඳිලිබැඳ සිටිනා දේවතාවන් විසින් ද, මිනිසුන් විසින් ද, පුදන ලද. යදා යනු යම් කලෙක හිඳීම පිණිස. ශක්‍රයා විසින් දෙන ලද, අළුත් රත්රන් පුටු හා සමාන වේවැල් පුටුවේ ඇය හිඳ ගත්තාය. එකල ඇය එහි හුන්නා වූ ශක්‍රයා ද සෙසු දේවතාවෝ ද පරසතු මල් ආදියෙන් පූජා කළහ.
එවං සක්කො තං පූජෙත්වා චින්තෙසි – “කෙන නු ඛො කාරණෙන කොසියො සෙසානං අදත්වා ඉමිස්සාව සුධං අදාසී”ති. සො තස්ස කාරණස්ස ජානනත්ථාය පුන මාතලිං පෙසෙසි. තමත්ථං ආවි කරොන්තො සත්ථා ආහ –
මෙසේ ශක්‍රයා ඔහු පුදා මෙසේ සිතීය. කවර කරුණක් නිසා කෝසිය සෙසු අයට නොදී මැයට පමණක් දිව්‍ය භෝජනය දුන්නේ ද? ඔහු ඒ කරුණ දැනගැනීම පිණිස නැවත මාතලී පිටත්කර හැරියේය. ඒ අර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශාස්තෲන් වහන්සේ;
“තමෙව සංසී පුනදෙව මාතලිං, සහස්සනෙත්තො තිදසානමින්දො; ගන්ත්වාන වාක්යං මම බ්රූහි කොසියං, ආසාය සද්ධා සිරියා ච කොසිය; හිරී සුධං කෙන මලත්ථ හෙතුනා”ති.
නැවත දෙවියනට අධිපති වූ දහසක් නෙත් ඇති ශක්‍ර තෙම ඒ මාතලී දෙව්පුත්හට මෙසේ කීය. මාතලිය, කෝසිය තවුසා වෙත ගොස් මාගේ මේ වචනය කියව. ‘කෝසිය තවුසාණනි, ආසා ය, සද්ධා ය. සිරි ය යන මොවුන් හැර හිරි දෙව්දුව කවර හේතුවකින් සුධාභෝජනය ලැබීදැ’යි අසව යි (කීය.)
යන ගාථාව කීවේය.
තත්ථ සංසීති අභාසි. වාක්යං මමාති මම වාක්යං කොසියං බ්රූහි. ආසාය සද්ධා සිරියා චාති ආසාතො ච සද්ධාතො ච සිරිතො ච හිරීයෙව කෙන හෙතුනා සුධමලත්ථාති.
එහි සංසී යනු කීවේය යන අර්ථයයි. වාක්යං මමා යනු මගේ වචනය කෝසියට පවසන්න. ආසාය සද්ධා සිරියාචා යනු ආසාට ද, ශ්‍රද්ධාට ද, සිරිට ද, හිරිට ද කවර හේතුවක් නිසා දිව්‍ය භෝජන ලැබුවෙහු ද?
සො තස්ස වචනං සම්පටිච්ඡිත්වා වෙජයන්තරථමාරුය්හ අගමාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
හෙතෙම ඔහුගේ වචනය පිළිගෙන වෛජයන්ත රථයට නැග ගියේ ය. ඒ අර්ථය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තං සුප්ලවත්ථං උදතාරයී රථං, දද්දල්ලමානං උපකාරියසාදිසං; ජම්බොනදීසං තපනෙය්යසන්නිභං, අලඞ්කතං කඤ්චනචිත්තසන්නිභං.
මණ්ඩිත උපකරණයනට අනුකූලව බබළන්නා වූ ගිනිසිළු බඳු දඹරන් මුවා රියහිස හා අටමඟලින් යුත් සරසන ලද ඒ රිය සුව සේ ගමන් සඳහා පිළියෙල කෙළේ ය.
“සුවණ්ණචන්දෙත්ථ බහූ නිපාතිතා, හත්ථී ගවාස්සා කිකිබ්යග්ඝදීපියො; එණෙය්යකා ලඞ්ඝමයෙත්ථ පක්ඛිනො, මිගෙත්ථ වෙළුරියමයා යුධා යුතා.
මේ රියෙහි රන්මුවා සඳරූ බොහෝ නෙළන ලද යැ. රන්මුවා ඇත් - ගව - අස් - වනුරු - වග - දිවි - ඒණිමුව රූ නෙළන ලද යැ. මෙහි ඉගිලෙන සැහැවි ලිහිණි රූ ඇත. මෙහි වෙරළු මිණිමුවා මෘගයෝ යුද කෙරෙති.
“තත්ථස්සරාජහරයො අයොජයුං, දසසතානි සුසුනාගසාදිසෙ; අලඞ්කතෙ කඤ්චනජාලුරච්ඡදෙ, ආවෙළිනෙ සද්දගමෙ අසඞ්ගිතෙ.
බලයෙන් තරුණ ඇතුන් හා සම වූ සරසන ලද රන් දැල්මුවා උරසැදින් යුත්, ආවෙලි නම් කර්ණාභරණ ඇති, කෙවිටි පහරක් නැති වැ ශබ්ද මාත්‍රයෙන් ම ගමන් කරනසුලු වූ, ශීඝ්‍රගාමී වූ නිල්වන් අස්රජුන් දහසක් ඒ රියෙහි යෙදූහ.
“තං යානසෙට්ඨං අභිරුය්හ මාතලි, දිසා ඉමායො අභිනාදයිත්ථ; නභඤ්ච සෙලඤ්ච වනප්පතිනිඤ්ච, සසාගරං පබ්යථයිත්ථ මෙදිනිං.
මාතලී නම් දිව්‍යපුත්‍ර තෙම ඒ උතුම් යානයට නැග මේ දශදිශාවන් එකනින්නාද කෙළේ ය. අහස ද, පර්වත ද, වන දෙටු ගස් ද සයුර සහිත පොළොව ද කම්පා කෙළේය.
“ස ඛිප්පමෙව උපගම්ම අස්සමං, පාවාරමෙකංසකතො කතඤ්ජලී; බහුස්සුතං වුද්ධං විනීතවන්තං, ඉච්චබ්රවි මාතලි දෙවබ්රාහ්මණං.
ඒ මාතලී නම් දිව්‍යපුත්‍ර තෙම වහා ම අසපුවට පැමිණ එකස් කොට පොරවන ලද දිව්‍ය වස්ත්‍ර ඇත්තේ බද්ධාඤ්ජලි වූයේ බහුශ්‍රැත වූ ගුණ වෘද්ධ වූ විනීත පැවැත්මෙන් යුත් දෙවියන් සම බ්‍රාහ්මණයා හට මෙසේ කීය.
“ඉන්දස්ස වාක්යං නිසාමෙහි කොසිය, දූතො අහං පුච්ඡති තං පුරින්දදො; ආසාය සද්ධා සිරියා ච කොසිය, හිරී සුධං කෙන මලත්ථ හෙතුනා”ති.
කෝසිය තාපසයාණනි, ශක්‍රයාගේ වචනය අසනු මැනවි. මම ඔහුගේ දූතයෙක්මි. ශක්‍ර තෙම ඔබ විචාරයි. ‘කෝසිය තාපසයාණනි, ආසාවට ද ශ්රද්ධාවට ද ශ්‍රීයට ද වඩා කවර හේතුවකින් හිරි තොමෝ සුධාභෝජනය ලැබූ ද’ යනු යි.
තත්ථ තං සුප්ලවත්ථන්ති තං වෙජයන්තරථං සුඛෙන ප්ලවනත්ථං. උදතාරයීති උත්තාරෙසි උක්ඛිපිත්වා ගමනසජ්ජමකාසි. උපකාරියසාදිසන්ති උපකරණභණ්ඩෙහි සදිසං, යථා තස්ස අග්ගිසිඛාය සමානවණ්ණානි උපකරණානි ජලන්ති, තථෙව ජලිතන්ති අත්ථො. ජම්බොනදීසන්ති ජම්බුනදසඞ්ඛාතං රත්තසුවණ්ණමයං ඊසං. කඤ්චනචිත්තසන්නිභන්ති, කඤ්චනමයෙන සත්තරතනවිචිත්තෙන අට්ඨමඞ්ගලෙන සමන්නාගතං. සුවණ්ණචන්දෙත්ථාති සුවණ්ණමයා චන්දකා එත්ථ රථෙ. හත්ථීති සුවණ්ණරජතමණිමයා හත්ථී. ගවාදීසුපි එසෙව නයො. ලඞ්ඝමයෙත්ථ පක්ඛිනොති එත්ථ රථෙ ලඞ්ඝමයා නානාරතනමයා පක්ඛිගණාපි පටිපාටියා ඨිතා. යුධා යුතාති අත්තනො අත්තනො යුධෙන සද්ධිං යුත්තා හුත්වා දස්සිතා.
එහි තං සුපලවත්ථං යනු ඒ වෛජයන්ත රථය සැපයෙන් ගමන් කිරීම් අර්ථයයි. උදතාරයී යනු එතර කරවීය. ඔසවා ගමන සරුසාර කෙළේය. උපකිරිය සාදිසං යනු උපකරණවලින් බැඳුණේ හා සමාන එහි ගිනිසිළු හා සමාන වර්ණ පිටවෙයි. එසේ ම දිළිසුණේ යන අර්ථයයි. ජම්බුනදීසං හටගත් රත්රන් හා සමාන රතු මැණික්මය. ස්වාමියා කඤ්චනචිත්ත සන්තිකං යනු රන්වන්මය වූ සත්රුවනින් හෙබි සම්පතින් ද අෂ්ට මංගල්‍යවලින් සමන්විත වූ. සුවණ්ණචන්දෙත්ථ යනු ස්වර්ණමය මොනර පිල් කලප් මේ රථයෙහි ඇත. හත්ථී යනු රන්, රිදී, මණිමය ඇතුන්, ගවයන් ආදි මේ අයුරින් දතයුතුය. ලංඝිමයෙත්ථ පක්ඛියො යනු මේ රථයෙහි එල්ලෙන්නා වූ විවිධ රුවන්මය පක්ෂීහු පිළිවෙලින් සිටියාහුය. යුධායුතා යනු තමන්ගේ යුද්ධය සමග බැඳී සිට දක්වන ලද්දේය.
අස්සරාජහරයොති හරිවණ්ණමනොමයඅස්සරාජානො. සුසුනාගසාදිසෙති බලසම්පත්තියා තරුණනාගසදිසෙ. කඤ්චනජාලුරච්ඡදෙති කඤ්චනජාලමයෙන උරච්ඡදාලඞ්කාරෙන සමන්නාගතෙ. ආවෙළිනෙති ආවෙළසඞ්ඛාතෙහි කණ්ණාලඞ්කාරෙහි යුත්තෙ. සද්දගමෙති පතොදප්පහාරං විනා සද්දමත්තෙනෙව ගමනසීලෙ. අසඞ්ගීතෙති නිස්සඞ්ගෙ සීඝජවෙ එවරූපෙ අස්සරාජෙ තත්ථ යොජෙසුන්ති අත්ථො.
අස්සරාජ හරයො යනු රන්වන් සිතින් උපන් අශ්ව රාජයෝ. සුසුනාගතාදිසෙ යනු බලසම්පන්න වූ තරුණ නාගයන් හා සමාන වූ, කඤ්චනජාලූරච්ඡදෙ යනු රන්වන් දැල් කවුළුවලින් යුතු උරහිස් අලංකාර කිරීමෙන් යුක්ත වූ. ආවෙළිනෙ යනු මල්දම්වලින් යුතු කන් අලංකාර කිරීමෙන් යුක්ත වූ. සද්දගමෙ යනු කෙවිටි පහරින් තොරව ශබ්ද මාත්‍රයෙන්ම ගමනෙහි නිරත වූ. අසංගිතෙ යනු නිසැකයෙන්ම ශීඝ්‍ර ජව සම්පන්න වූ, මෙබඳු අශ්වරාජයන් එහි යොදවාලූහ යන අර්ථයයි.
අභිනාදයිත්ථාති යානසද්දෙන එකනින්නාදං අකාසි. වනප්පතිනිඤ්චාති වනප්පතිනී ච වනසණ්ඩෙ චාති අත්ථො. පබ්යථයිත්ථාති කම්පයිත්ථ. තත්ථ ආකාසට්ඨකවිමානකම්පනෙන නභකම්පනං වෙදිතබ්බං. පාවාරමෙකංසකතොති එකංසකතපාවාරදිබ්බවත්ථො. වුද්ධන්ති ගුණවුද්ධං. විනීතවන්තන්ති විනීතෙන ආචාරවත්තෙන සමන්නාගතං. ඉච්චබ්රවීති රථං ආකාසෙ ඨපෙත්වා ඔතරිත්වා එවං අබ්‍රවි. දෙවබ්රාහ්මණන්ති දෙවසමං බ්රාහ්මණං.
අභිනාදයිත්වා යනු යානාවේ ශබ්දයෙන් එකම නින්නාද කෙළේය. වනස්පතීනිච යනු වනස්පතිනි වූ වනලැහැබේ යන අර්ථයයි. පව්යථයිත්ථ යනු කම්පා කළේ, ආකාශ විමාන කම්පා කරමින් ද අහස්තලය කම්පා කරමින් ද යනු දතයුතුය. පාවාර මෙකංසකතො යනු එක අංශයක් පොරවන ලද දිව්‍ය වස්ත්‍ර. වද්ධං යනු ගුණයෙන් වෘද්ධ වූ. විනීතවත්තං යනු විනීතවත් ආචාර ගුණයෙන් සම්පන්න වූ. ඉච්චබ්රවී යනු රථය අහසේ තබා, බැස මෙසේ කීවේය. දෙව බ්රාහ්මණං යනු දෙවියන් සමාන බ්‍රාහ්මණයා.
සො තස්ස වචනං සුත්වා ගාථමාහ –
ඔහු ඔහගේ වචන අසා,
“අන්ධා සිරී මං පටිභාති මාතලි, සද්ධා අනිච්චා පන දෙවසාරථි. ආසා විසංවාදිකසම්මතා හි මෙ, හිරී ච අරියම්හි ගුණෙ පතිට්ඨිතා”ති.
මාතලිය, ශ්‍රී තොමෝ (ශිල්ප දන්නා නො දන්නා කවුරුනුත් සේවනය කරන හෙයින්) අන්ධ යැයි මට වැටහෙයි. ශ්‍රද්ධා තොමෝ (ඒ ඒ වස්තූන් හැර වෙනත් වස්තූන්හි පිහිටන හෙයින්) අනිත්‍යයැ යි මට වැටහෙයි. ආසාව වනාහි රැවටිලි ඇත්තී යැ යි සම්මත ය. හිරි තොමෝ වනාහි ආර්ය ගුණයෙහි පිහිටියා යැ යි.
යන ගාථාව කීවේය.
තත්ථ අන්ධාති සිප්පාදිසම්පන්නෙපි අසම්පන්නෙපි භජනතො “අන්ධා”ති මං පටිභාති. අනිච්චාති සද්ධා පන තං තං වත්ථුං පහාය අඤ්ඤස්මිං අඤ්ඤස්මිං උප්පජ්ජනතො හුත්වා අභාවාකාරෙන “අනිච්චා”ති මං පටිභාති. විසංවාදිකසම්මතාති ආසා පන යස්මා ධනත්ථිකා නාවාය සමුද්දං පක්ඛන්‍දිත්‍වා විනට්ඨපාභතා එන්ති, තස්මා “විසංවාදිකා”ති මං පටිභාති. අරියම්හි ගුණෙති හිරී පන හිරොත්තප්පසභාවසඞ්ඛාතෙ පරිසුද්ධෙ අරියගුණෙ පතිට්ඨිතාති.
එහි අන්ධා යනු ශිල්ප ශාස්ත්රාදියෙන් යුක්ත බවද, අසම්පූර්ණ බවද, ඇසුරු කිරීමෙන් ඇය අන්ධ යයි මට වැටහෙයි. අනිච්චා යනු ‘සද්ධා’ වනාහි ඒ ඒ වස්තු හැර දමා වෙනත් වෙනත් දේවල් උපදවමින් සිට අභව්‍ය වශයෙන් අනිත්‍ය යයි මට අවබෝධ වේ. විසංවාදික සම්මතා යනු ‘ආසා’ වනාහි යමෙකු කෙරෙන් ධනය කැමැති වේද, නැවෙන් මුහුදට පැන විනාශයට පැමිණෙන සුළු නිසා විසංවාදික බව මට වැටහෙයි. අරියම්හි ගුණෙ යනු ‘හිරි’ වනාහි ලැජ්ජා-බිය සංඛ්‍යාත පිරිසිදු ආර්ය ගුණයෙහි පිහිටා ඇත. යනුවෙනි.
ඉදානි තස්සා ගුණං වණ්ණෙන්තො ආහ –
දැන් ඇයගේ ගුණ වර්ණනා කරමින් කීවේය.
“කුමාරියො යාචිමා ගොත්තරක්ඛිතා, ජිණ්ණා ච යා යා ච සභත්තුඉත්ථියො; තා ඡන්දරාගං පුරිසෙසු උග්ගතං, හිරියා නිවාරෙන්ති සචිත්තමත්තනො.
මාතලිය, ප්‍රවෙණි ධර්මය රක්නා වූ කුලගෙහි වැඩෙන කුමරියෝ ය. වැන්දඹු ස්ත්‍රීහු ය. ස්වාමිපුරුෂයන් යටතෙහි සිටින ස්ත්‍රීහු ය යන මේ ත්‍රිවිධ ස්ත්‍රී වර්ගයා ම පරපුරුෂයන් අරමුණු කොට තම සිතෙහි හටගත් ඡන්දරාගය හිරියෙන් වළකාලති.
“සඞ්ගාමසීසෙ සරසත්තිසංයුතෙ, පරාජිතානං පතතං පලායිනං; හිරියා නිවත්තන්ති ජහිත්ව ජීවිතං, තෙ සම්පටිච්ඡන්ති පුනා හිරීමනා.
ඊ පහරින් හා අඩයටි පහරින් යුත් යුදබිම්හි පරදිනවුන් ද වැටෙන්නවුන් ද, පලායන්නවුන් ද, අතර ලජ්ජායෙන් යුතු වූවාහු ජීවිතය හැරදමා නවතිත්. නැවත ඔවුහු තමන්ගේ ස්වාමියා මුදාගනිත්.
“වෙලා යථා සාගරවෙගවාරිනී, හිරාය හි පාපජනං නිවාරිනී; තං සබ්බලොකෙ හිරිමරියපූජිතං, ඉන්දස්ස තං වෙදය දෙවසාරථී”ති.
සාගර වේගය වළකාලන වෙරළ මෙන් මේ හිරි තොමෝ ජනයා පවින් වළක්වන්නී ය. දේවසාරථිය, මේ හිරි තොමෝ මුළු ලෙව්හි පුදන ලද්දීයැ යි ශක්‍රයාට කියව යි තාපසයා කීය.
තත්ථ ජිණ්ණාති විධවා. සභත්තූති සසාමිකා තරුණිත්ථියො. අත්තනොති තා සබ්බාපි පරපුරිසෙසු අත්තනො ඡන්දරාගං උග්ගතං විදිත්වා “අයුත්තමෙතං අම්හාක”න්ති හිරියා සචිත්තං නිවාරෙන්ති, පාපකම්මං න කරොන්ති. පතතං පලායිනන්ති පතන්තානඤ්ච පලායන්තානඤ්ච අන්තරෙ. ජහිත්ව ජීවිතන්ති යෙ හිරිමන්තො හොන්ති, තෙ අත්තනො ජීවිතං චජිත්වා හිරියා නිවත්තන්ති, එවං නිවත්තා ච පන තෙ හිරීමනා පුන අත්තනො සාමිකං සම්පටිච්ඡන්ති, අමිත්තහත්ථතො මොචෙත්වා ගණ්හන්ති. පාපජනං නිවාරිනීති පාපතො ජනං නිවාරිනී, අයමෙව වා පාඨො . තන්ති තං හිරිං. අරියපූජිතන්ති අරියෙහි බුද්ධාදීහි පූජිතං. ඉන්දස්ස තං වෙදයාති යස්මා එවං මහාගුණා අරියපූජිතාවෙසා, තස්මා තං එවං උත්තමා නාමෙසාති ඉන්දස්ස කථෙහීති.
එහි ජිණ්ණා යනු වැන්දඹුවෝ. සභත්තූ යනු ස්වාමිවරුන් සහිත තරුණ ස්ත්‍රීහු. අත්තනො යනු ඒ සියල්ලෝම වෙනත් පුරුෂයන් විෂයෙහි තමන්ගේ ඡන්ද රාගය උඩට එසවූ බව දැන නුසුදුස්සක් කරන ලදි. ‘හිරි’ විසින් තමන්ගේ සිත සංසිඳවා ගනියි. ‘හිරි’ පව්කම් නොකරයි. පත්තං පලායිනං යනු වැටෙන්නවුන්ගේ ද, පලා යන්නවුන්ගේ ද අතර, ජහිත්ව ජීවිතං යනු යම් ලජ්ජාවන්ත අය සිටිත් ද? ඔවුහු තමන්ගේ ජීවිතය අතහැර ලැජ්ජාව නවත්වා ගනිති. තෙ යනු මෙසේ ඒ නතර කරන ලද ඔවුහු. හිරිමනා යළිත් තමන්ගේ ස්වාමියා පිළිගනිත් ද සතුරු අතින් මුදවා ගනිත්. පාපජනං නිවාරණී යනු පාපයේන ජනතාව වළක්වා ගත්තේය. මෙය ම පෙළ පාඨයයි. තං යනු ඒ ‘හිරි’ අරියපූජිතං යනු බුද්ධාදී ආර්යයන් විසින් පුදන ලද, ඉන්දස්ස තං වෙදයා යනු යම් හෙයකින් මෙසේ මහත් ගුන ඇති ආර්යයන් විසින් පුදන ලද නිසා එහෙයින් ඇය මෙසේ උතුම් නම් වේම යයි සක්දෙවිඳුට පවසන්න.
තං සුත්වා මාතලි ගාථමාහ –
ඒ අසා මාතලී;
“කො තෙ ඉමං කොසිය දිට්ඨිමොදහි, බ්රහ්මා මහින්දො අථ වා පජාපති; හිරාය දෙවෙසු හි සෙට්ඨසම්මතා, ධීතා මහින්දස්ස මහෙසි ජායථා”ති.
කෝසිය තාපසය, මේ ලබ්ධිය ඔබගේ සිත්හි කවරෙක් පිහිටුවී ද? බ්‍රහ්මයා ද ශක්‍රයා ද නැතහොත් ප්‍රජාපතී නම් දිව්‍ය පුත්‍රයා ද? මහර්ෂිය, ශක්‍රයාගේ දුහිතෘ වූ මේ හිරි තොමෝ දෙවියන් අතර ශ්‍රේෂ්ඨ යැ යි සම්මත වී යැයි මාතලී දෙව්පුත් කීය.
යන ගාථාව කීවේය.
තත්ථ දිට්ඨින්ති “හිරී නාම මහාගුණා අරියපූජිතා”ති ලද්ධිං. ඔදහීති හදයෙ පවෙසෙසි. සෙට්ඨසම්මතාති තව සන්තිකෙ සුධාය ලද්ධකාලතො පට්ඨාය ඉන්දස්ස සන්තිකෙ කඤ්චනාසනං ලභිත්වා සබ්බදෙවතාහි පූජියමානා උත්තමසම්මතා ජායථ.
එහි දිට්ඨිං යනු ‘හිරි’ නම් මහත් ගුණයෙන් යුතු ආර්යයන් විසින් පුදන ලද්දී යනුයි. ඔදහි යනු හදවතට සමීප විය. සෙට්ඨසම්මතා යනු ඔබගේ සමීපයේ දිව්‍ය භෝජනය ලද කාලයේ පටන් සක් දෙවිඳුගේ සමීපයේ රත්රන් ආසනයක් ලැබ සියලු දේවතාවන් විසින් පුදන ලද්දේ උත්තම සම්මත බව දැනගනිවු.
එවං තස්මිං කථෙන්තෙයෙව කොසියස්ස තඞ්ඛණඤ්ඤෙව චවනධම්මො ජාතො. අථ නං, මාතලි, “කොසිය ආයුසඞ්ඛාරො තෙ ඔස්සට්ඨො, චවනධම්මොපි තෙ සම්පත්තො, කිං තෙ මනුස්සලොකෙන, දෙවලොකං ගච්ඡාමා”ති තත්ථ නෙතුකාමො හුත්වා ගාථමාහ –
මෙසේ ඔහු විසින් කථා කරමින් සිටියදීම ආයු ගෙවී චුතවන ස්වභාවය පහළ විය. ඉක්බිති මාතලී කෝසිය ඔබ ආයු සංස්කාරය හැර දැමුවේ, දාන ධර්මාදියේ සමත් වූයේ, කුමක් නිසා ඔබට මනුෂ්‍ය ලෝකයෙන් දෙව්ලොවට යමුදැයි එහි පමුණුවනු කැමැත්තේ වී.
“හන්දෙහි දානි තිදිවං අපක්කම, රථං සමාරුය්හ මමායිතං ඉමං; ඉන්දො ච තං ඉන්දසගොත්ත කඞ්ඛති, අජ්ජෙව ත්වං ඉන්දසහබ්යතං වජා”ති.
කෝසිය තාපසයන් වහන්ස, එනු මැනවි. මේ දිවියෙන් චුත වන නුඹවහන්සේ මා විසින් ගෙනෙන ලද මේ රියට නැග දෙව්ලොවට ගමන් කරන සේක්වා. ඉන්ද්රයාට සම ගොත්‍ර ඇති තාපසයන් වහන්ස, ඉන්ද්‍ර තෙමේ ද ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. නුඹ වහන්සේ අද ම ඉන්ද්රයා හා එක්ව විසීමට යනු මැනවැ යි මාතලී දෙව්පුත් කීය.
යන ගාථාව කීවේය.
තත්ථ මමායිතන්ති පියං මනාපං. ඉන්දසගොත්තාති පුරිමභවෙ ඉන්දෙන සමානගොත්ත. කඞ්ඛතීති තවාගමනං ඉච්ඡන්තො කඞ්ඛති.
එහි මමායිතං යනු ප්‍රියමනාප. ඉන්දසගොත්තා යනු පෙර භවයෙහි ශක්‍රයා හා සමාන ගෝත්‍ර ඇත්තේය. කංඛති යනු ඔබගේ පැමිණීම කැමැති වන්නේ සැක කරයි.
ඉති තස්මිං කොසියෙන සද්ධිං කථෙන්තෙයෙව කොසියො චවිත්වා ඔපපාතිකො දෙවපුත්තො හුත්වා ආරුය්හ දිබ්බරථෙ අට්ඨාසි. අථ නං, මාතලි, සක්කස්ස සන්තිකං නෙසි. සක්කො තං දිස්වාව තුට්ඨමානසො අත්තනො ධීතරං හිරිදෙවිං තස්ස අග්ගමහෙසිං කත්වා අදාසි, අපරිමාණමස්ස ඉස්සරියං අහොසි. තමත්ථං විදිත්වා “අනොමසත්තානං කම්මං නාම එවං විසුජ්ඣතී”ති සත්ථා ඔසානගාථමාහ –
මෙසේ ඔහු කෝසිය සමග කථා කරන කල්හි ම කෝසිය චුත වී ඕපපාතික දේවපුත්‍රයෙක් වී නැග දිව්‍ය රථයෙහි සිටියේය. ඉක්බිති ඔහුව මාතලී සක්දෙවිඳුන් සමීපයට පැමිණ වීය. ශක්‍රයා ඔහු දැක සතුටු සිතැත්තේ තමන්ගේ දියණි ‘හිරි’ දේවිය ඔහුගේ අගබිසව කොට දුන්නේය. අප්‍රමාණ ඉසුරු සම්පත් ද ඔහුට විය. ඒ අදහස දැන සත්ත්වයන්ගේ උපමා රහිත කර්ම නම් මෙසේ පිරිසිදු වේමය යයි ශාස්තෲන් වහන්සේ අවසාන ගාථාව වදාළ සේක.
“එවං විසුජ්ඣන්ති අපාපකම්මිනො, අථො සුචිණ්ණස්ස ඵලං න නස්සති; යෙ කෙචි මද්දක්ඛු සුධාය භොජනං, සබ්බෙව තෙ ඉන්දසහබ්යතං ගතා”ති.
පව්කම් නැත්තෝ මෙසේ පිරිසුදු වෙති. තවද, මනාව පුරුදු කරන ලද කර්මයාගේ විපාකය නො නැසේ. යම් කෙනෙක් ශක්‍රයාගේ සුධාභෝජන දානය දුටුහු ද, ඒ සියල්ලෝ ම ශක්‍රයා සමග විසීමට ගියාහු ය.
තත්ථ අපාපකම්මිනොති අපාපකම්මා සත්තා එවං විසුජ්ඣන්ති යෙ කෙචි මද්දක්ඛූති යෙ කෙචි සත්තා තස්මිං හිමවන්තපදෙසෙ තදා කොසියෙන හිරියා දීයමානං සුධාභොජනං අද්දසංසු. සබ්බෙව තෙති තෙ සබ්බෙපි තං දානං අනුමොදිත්වා චිත්තං පසාදෙත්වා ඉන්දසහබ්යතං ගතාති.
එහි අපාපකම්මිනො යනු පව්කම් නොකරන සත්ත්වයෝ මෙසේ පිරිසිදු වෙති. යෙ කෙචි මද්දක්ඛු යනු යම්කිසි සත්ත්වයෙකු ඒ හිමාලය පෙදෙසෙහි එදා කෝසිය විසින් ‘හිරි’ට දෙනු ලබන, දිව්‍ය භෝජනය දුටුවාහ. සබ්බෙව තෙ යනු ඒ සියල්ලෝ ඒ දානය අනුමෝදන් වී සිත පහදවා ශක්‍රයාගේ සමීඵයට ගියාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙතං අදානාභිරතං ථද්ධමච්ඡරියං සමානං අහං දමෙසිංයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා හිරී දෙවතා උප්පලවණ්ණා අහොසි, කොසියො දානපති භික්ඛු, පඤ්චසිඛො අනුරුද්ධො, මාතලි ආනන්දො, සූරියො කස්සපො, චන්දො මොග්ගල්ලානො, නාරදො සාරිපුත්තො, සක්කො අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර පා මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද දාන රතියෙහි නොඇලුණු තද මසුරන් සමාන අය මම දමනය කෙළෙමි යයි වදාරා ජාතකය නිමකළ සේක. එකල ‘හිරි’ දේවතාවා උප්පලවණ්ණා විය. කෝසිය දානපති භික්ෂුවමය. පංචසිඛ නම් අනුරුද්ධය. මාතලී ආනන්ද වේ. සූර්යා කස්සප වේ. චන්ද්‍රයා මොග්ගල්ලාන වේ. නාරද සැරියත් තෙරුන් වේ. ශක්‍රයා වනාහි මම ම වෙමි.
සුධාභොජනජාතකවණ්ණනා තතියා.
සුධාභෝජන ජාතක නිමි.