යෙදුමෙන් කියවන්න

4. කුණාලජාතකවණ‍්ණනා 536 අට‍්ඨකථා

4. කුණාලජාතකවණ‍්ණනා (536)

4. කුණාල ජාතකය (536)

එවමක‍්ඛායතීති ඉදං සත්‍ථා කුණාලදහෙ විහරන‍්තො අනභිරතිපීළිතෙ පඤ‍්චසතෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි. තත්‍රායං අනුපුබ‍්බිකථා – සාකියකොලියා කිර කපිලවත්‍ථුනගරස‍්ස ච කොලියනගරස‍්ස ච අන‍්තරෙ රොහිණිං නාම නදිං එකෙනෙවාවරණෙන බන්‍ධාපෙත්‍වා සස‍්සානි කාරෙන‍්ති. අථ ජෙට‍්ඨමූලමාසෙ සස‍්සෙසු මිලායන‍්තෙසු උභයනගරවාසීනම‍්පි කම‍්මකාරා සන‍්නිපතිංසු. තත්‍ථ කොලියනගරවාසිනො වදිංසු – “ඉදං උදකං උභයතො නීහරියමානං නෙව තුම‍්හාකං, න අම‍්හාකං පහොස‍්සති, අම‍්හාකං පන සස‍්සං එකඋදකෙනෙව නිප‍්ඵජ‍්ජිස‍්සති, ඉදං උදකං අම‍්හාකං දෙථා”ති. කපිලවත්‍ථුවාසිනො වදිංසු – “තුම‍්හෙසු කොට‍්ඨෙ පූරෙත්‍වා ඨිතෙසු මයං රත‍්තසුවණ‍්ණනීලමණිකාළකහාපණෙ ගහෙත්‍වා න සක‍්ඛිස‍්සාම පච‍්ඡිපසිබ‍්බකාදිහත්‍ථා තුම‍්හාකං ඝරද‍්වාරෙ විචරිතුං, අම‍්හාකම‍්පි සස‍්සං එකෙනෙව උදකෙන නිප‍්ඵජ‍්ජිස‍්සති, ඉදං උදකං අම‍්හාකං දෙථා”ති. “න මයං දස‍්සාමා”ති? “මයම‍්පි න දස‍්සාමා”ති. එවං කලහං වඩ‍්ඪෙත්‍වා එකො උට‍්ඨාය එකස‍්ස පහාරං අදාසි, සොපි අඤ‍්ඤස‍්සාති එවං අඤ‍්ඤමඤ‍්ඤං පහරිත්‍වා රාජකුලානං ජාතිං ඝට‍්ටෙත්‍වා කලහං පවත‍්තෙසුං.

එවමක්ඛායතී යන මෙය ශාස්තෲන් වහන්සේ කොවුල් විලක (කුණාල දහෙ) වාසය කරන්නා වූ අකමැත්තෙන් පෙළුණු පන්සියයක් භික්‍ෂූන් අරබයා වදාළ සේක. එහි මේ අනුපිළිවෙල කථාවයි. ශාක්‍ය-කෝළියෝ වනාහි කපිල වස්තු නගරයටත් කෝළිය නගරයටත් අතරෙහි රෝහිණී නම් නදිය එක ම ආවරණයකින් බන්දවා ගොයම් වගාව ආදිය කරති. ඉක්බිති පොසොන් මාසය මුල ගොයම් මිලාන වන කල්හි දෙනුවර වැසි කම්කරුවෝ රැස්වූහ. එහි කෝළිය නගරවාසීහු කීවාහු ය. මේ ජලය දෙපක්‍ෂයම රැගෙන යන්නේ, නුඹලාට ද අපට ද ප්‍රමාණවත් නොවන්නේ ය. අපගේ ශස්‍ය එකම ජලයෙන් ම නිපදවිය හැකි වන්නේ ය. මේ ජලය අපට දෙවු! යනුවෙනි. කපිලවස්තු එවිට නගරවාසීහු කීවාහුය. නුඹලා අහර කොටු පුරවා සිටින කල්හි, අපි රන් මැණික් නිල්මැණික් කහවනු ආදිය ගෙන සිඳණු පසුම්බිය ඇති අත් ඇත්තෝ ව නුඹලා ගේ ගෙවල් දොරවල්හි හැසිරීමට නොහැක්කම්හ. අපගේ ද ශස්‍ය එක ම දියවරෙන් නිපදවන්නේය. මේ ජලය අපට දෙවු! අපි නොදෙන්නෙමු! අපි නොදෙන්නෙමු යයි මෙසේ කථා වැඩී එකකු නැගිට එකකුට පහර දුන්නේය. ඔහුද අනෙකාට දැයි මෙසේ ඔවුනොවුන් පහරදී රාජ පරම්පරා කුල ගැටී, කලහ වර්ධනය විය.

කොලියකම‍්මකාරා වදන‍්ති – “තුම‍්හෙ කපිලවත්‍ථුවාසිකෙ සාකියදාරකෙ ගහෙත්‍වා ගජ‍්ජථ , යෙ සොණසිඞ‍්ගාලාදයො විය අත‍්තනො භගිනීහි සද‍්ධිං වසිංසු, එතෙසං හත්‍ථිඅස‍්සාදයො වා ඵලකාවුධානි වා අම‍්හාකං කිං කරිස‍්සන‍්තී”ති? සාකියකම‍්මකාරා වදන‍්ති – “තුම‍්හෙ දානි කුට‍්ඨිනො දාරකෙ ගහෙත්‍වා ගජ‍්ජථ, යෙ අනාථා නිග‍්ගතිකා තිරච‍්ඡානා විය කොලරුක‍්ඛෙ වසිංසු, එතෙසං හත්‍ථිඅස‍්සාදයො වා ඵලකාවුධානි වා අම‍්හාකං කිං කරිස‍්සන‍්තී”ති? තෙ ගන‍්ත්‍වා තස‍්මිං කම‍්මෙ නියුත‍්තඅමච‍්චානං කථෙසුං, අමච‍්චා රාජකුලානං කථෙසුං. තතො සාකියා “භගිනීහි සද‍්ධිං සංවාසිකානං ථාමඤ‍්ච බලඤ‍්ච දස‍්සෙස‍්සාමා”ති යුද‍්ධසජ‍්ජා නික‍්ඛමිංසු. කොලියාපි “කොලරුක‍්ඛවාසීනං ථාමඤ‍්ච බලඤ‍්ච දස‍්සෙස‍්සාමා”ති යුද‍්ධසජ‍්ජා නික‍්ඛමිංසු. අපරෙ පනාචරියා “සාකියකොලියානං දාසීසු උදකත්‍ථාය නදිං ගන‍්ත්‍වා චුම‍්බටානි භූමියං නික‍්ඛිපිත්‍වා සුඛකථාය සන‍්නිසින‍්නාසු එකිස‍්සා චුම‍්බටං එකා සකසඤ‍්ඤාය ගණ‍්හි, තං නිස‍්සාය ‘මම චුම‍්බටං, තව චුම‍්බට’න‍්ති කලහෙ පවත‍්තෙ කමෙන උභයනගරවාසිනො දාසකම‍්මකාරා චෙව සෙවකගාමභොජකාමච‍්චඋපරාජානො චාති සබ‍්බෙ යුද‍්ධසජ‍්ජා නික‍්ඛමිංසූ”ති වදන‍්ති. ඉමම‍්හා පන නයා පුරිමනයොව බහූසු අට‍්ඨකථාසු ආගතො, යුත‍්තරූපො චාති ස‍්වෙව ගහෙතබ‍්බො.

කෝළිය කම්කරුවෝ කියත්. නුඹලා කපිලවස්තු වැසියන් යමෙක් බලු, සිවල් ආදීන් මෙන් තමන්ගේ සහෝදරියන් සමග වාසය කළහ. ඔවුන්ට ඇත් අසුන් ආදීහු ද, පුවරු ආයුධ හෝ ඇත්තේඅ පට කුමක් කරන්නාහුද? ශාක්‍ය කම්කරුවෝ කියති. නුඹලා දැන් කුෂ්ට සහිත දරුවන් ගෙන යවු! යමෙක් අනාථ වූවෝ ද පිටතට ගියෝ තිරිසනුන් මෙන් ඩෙබර ගසක් යට වාසය කළහ. මොවුන්ගේ ඇත්තු-අශ්වයෝ ආදිහුද, පුවරු ආයුධාදිය ද අපට කුමක් කරන්නාහුද, ඔවුහු ගොස් ඒ වැඩෙහි නිරතව ඇමතියන්ට කීවාහුය. ඇමතියෝ රජකුලවලට කීහ. ඉක්බිති ශාක්‍යයෝ සහෝදරියන් සමග සංවාසයේ නිරත වූවන්ගේ බලය, එඩිය ද පෙන්වන්නෙමුයි යුද්ධ සඳහා නික්මුණහ. කෝලියෝ ද ඩෙබර ගස්යට වසන්නවුන්ගේ එඩිය ද-බලය ද පෙන්වන්නෙමුයි යුද්ධ සඳහා නික්මුණහ. පසුව වනාහි ශාක්‍ය-කෝලියන්ගේ දාසීහු ජලය පිණිස නදියට ගොස්, ආධාරකය බිම තබා සැප දුක් කථා කරමින් සිටිකල්හි එකියකගේ ආධාරකය එකියක තමන්ගේ යන අදහසින් ගත්තාය. ඒ නිසා ඔබේ ආධාරකය, මගේ ආධාරකය යයි කෝලාහල පවත්නා කල්හි ක්‍රමයෙන් දෙනුවර වාසී, දාස කම්කරුවෝ ද, සේවක භෝජක අමාත්‍යයෝ ද, උපරජවරු ද සියල්ලෝ යුද්ධ සඳහා නික්මුණාහයි කියති. මොවුන් කෙරෙන් පෙර පරිදි ම බොහෝ අර්ථ කථා පැමිණියේ, ගතයුතු පියවර හෙට ම ගත යුතුයි.

තෙ පන සායන‍්හසමයෙ යුද‍්ධසජ‍්ජා නික‍්ඛමිස‍්සන‍්තීති තස‍්මිං සමයෙ භගවා සාවත්‍ථියං විහරන‍්තො පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො ඉමෙ එවං යුද‍්ධසජ‍්ජෙ නික‍්ඛන‍්තෙ අද‍්දස, දිස‍්වා ච “මයි ගතෙ එස කලහො වූපසමිස‍්සති නු ඛො, නො”ති උපධාරෙන‍්තො “අහමෙත්‍ථ ගන‍්ත්‍වා කලහවූපසමත්‍ථං තීණි ජාතකානි කථෙස‍්සාමි, තතො කලහො වූපසමිස‍්සති, අථ සාමග‍්ගිදීපනත්‍ථාය ද‍්වෙ ජාතකානි කථෙත්‍වා අත‍්තදණ‍්ඩසුත‍්තං (සු· නි· 941 ආදයො) දෙසෙස‍්සාමි, දෙසනං සුත්‍වා උභයනගරවාසිනො අඩ‍්ඪතෙය්‍යානි අඩ‍්ඪතෙය්‍යානි කුමාරසතානි දස‍්සන‍්ති, අහං තෙ පබ‍්බාජෙස‍්සාමි, මහන‍්තො සමාගමො භවිස‍්සතී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සායන‍්හසමයෙ ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා කස‍්සචි අනාරොචෙත්‍වා සයමෙව පත‍්තචීවරමාදාය ද‍්වින‍්නං සෙනානං අන‍්තරෙ ආකාසෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා තෙසං සංවෙගජනනත්‍ථං දිවා අන්‍ධකාරං කාතුං කෙසරංසියො විස‍්සජ‍්ජෙන‍්තො නිසීදි. අථ නෙසං සංවිග‍්ගමානසානං අත‍්තානං දස‍්සෙන‍්තො ඡබ‍්බණ‍්ණා බුද‍්ධරංසියො විස‍්සජ‍්ජෙසි. කපිලවත්‍ථුවාසිනොපි භගවන‍්තං දිස‍්වා “අම‍්හාකං ඤාතිසෙට‍්ඨො සත්‍ථා ආගතො, දිට‍්ඨො නු ඛො තෙන අම‍්හාකං කලහකරණභාවො”ති චින‍්තෙත්‍වා “න ඛො පන සක‍්කා සත්‍ථරි ආගතෙ අම‍්හෙහි පරස‍්ස සරීරෙ සත්‍ථං පාතෙතුං, කොලියනගරවාසිනො අම‍්හෙ හනන‍්තු වා බජ‍්ඣන‍්තු වා”ති ආවුධානි ඡඩ‍්ඩෙසුං. කොලියනගරවාසිනොපි තථෙව අකංසු.

ඔවුහු වනාහි සවස යුද්ධය සඳහා නික්මෙන්නාහ යයි, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සේක්, අළුයම් කාලයේ ලොව බලන සේක්, මොවුන් මෙසේ යුද්ධය සඳහා නික්මෙන අයුරු දුරු සේක. දැක, අද මා ගිය කල්හි මේ කලහය සංසිඳෙන්නේය යයි සලකන්නේ මම එහි ගොස් කලහය සංසිඳවීමට ජාතක කථා තුනක් කියන්නෙමි. අනතුරුව කෝලාහල සංසිඳෙන්නේය. එවිට සමගිය අර්ථවත් වනු පිණිස ජාතක දෙකක් වදාරා අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්නෙමි. දේශනාව අසා උභයනගරවාසීහු අඩක් පමණ අඩක් පන්සියයක් කුමාරවරු පහදිත්. මම ඔවුන් පැවිදි කරන්නෙමි. මහත් සමාගමක් වන්නේය යයි කතිකා කොට, ශරීර පිළිදැගුම් කොට, සැවැත් නුවර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැලකුනේ සවස් කාලයේ ගඳකිළියෙන් නික්ම කිසිවෙකුට නොදන්වා, තෙමේ ම පාත්‍ර සිවුරු ගෙන දෙසෙනග අතර, අහසෙහි පලඟක් බැඳ ඔවුන්ට සංවේගය ඉපදවීම පිණිස අන්ධකාර කිරීමට කේතු රැස් මාලා පිට කරමින් වැඩ සිටි සේක. ඔවුන්ට සංවේග මනසක් ඇතිවුණි. තමන්ව පෙනෙන සේ, සවණක් බුදු රැස් දැක අපගේ ඤාති ශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ වැඩම කළේනුයි දුටුවේ, අප කෝලාහල කරන බව නිසා යයි සිතා ශාස්තෲන් වහන්සේ වැඩම කළ කල්හි අප විසින් අනුන්ගේ ශරීරයන්ට ආයුධ සැලීමට කෝළිය නගරවැසියන්ට අපව විනාශ කිරීමට හෝ සිඳීමට හෝ නොහැකි යයි ආයුධ ඉවත දැමූහ. කෝළිය නගරවාසීහු ද එසේම කළහ.

අථ භගවා ඔතරිත්‍වා රමණීයෙ පදෙසෙ වාලුකපුලිනෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසීදි අනොපමාය බුද‍්ධසිරියා විරොචමානො. තෙපි රාජානො භගවන‍්තං වන්‍දිත්‍වා නිසීදිංසු. අථ නෙ සත්‍ථා ජානන‍්තොව “කස‍්මා ආගතත්‍ථ, මහාරාජා”ති පුච‍්ඡි. “නෙව, භන‍්තෙ, නදිදස‍්සනත්‍ථාය, න කීළනත්‍ථාය, අපිච ඛො පන ඉමස‍්මිං ඨානෙ සඞ‍්ගාමං පච‍්චුපට‍්ඨාපෙත්‍වා ආගතම‍්හා”ති. “කිං නිස‍්සාය වො කලහො, මහාරාජා”ති? “උදකං නිස‍්සාය භන‍්තෙ”ති. “උදකං කිං අග‍්ඝති මහාරාජා”ති? “අප‍්පග‍්ඝං, භන‍්තෙ”ති. “පථවී නාම කිං අග‍්ඝති, මහාරාජා”ති? “අනග‍්ඝා, භන‍්තෙ”ති. “ඛත‍්තියා කිං අග‍්ඝන‍්ති, මහාරාජා”ති? “ඛත‍්තියා නාම අනග‍්ඝා, භන‍්තෙ”ති. “අප‍්පග‍්ඝං උදකං නිස‍්සාය කස‍්මා අනග‍්ඝෙ ඛත‍්තියෙ නාසෙථ, මහාරාජ, කලහස‍්මිඤ‍්හි අස‍්සාදො නාම නත්‍ථි, කලහවසෙන හි මහාරාජා එකාය රුක‍්ඛදෙවතාය කාළසීහෙන සද‍්ධිං බද‍්ධාඝාතො සකලම‍්පි ඉමං කප‍්පං අනුප‍්පත‍්තොයෙවා”ති වත්‍වා ඵන්‍දනජාතකං (ජා· 1.13.14 ආදයො) කථෙසි. තතො “පරපත‍්තියෙන නාම මහාරාජා න භවිතබ‍්බං, පරපත‍්තියා හි හුත්‍වා එකස‍්ස සසස‍්ස කථාය තියොජනසහස‍්සවිත්‍ථතෙ හිමවන‍්තෙ චතුප‍්පදගණා මහාසමුද‍්දං පක‍්ඛන්‍දිනො අහෙසුං, තස‍්මා පරපත‍්තියෙන න භවිතබ‍්බ”න‍්ති වත්‍වා දද‍්දරජාතකං (ජා· 1.243-44; 1.4.13-16; 1.9.105 ආදයො) කථෙසි. තතො “කදාචි මහාරාජා දුබ‍්බලොපි මහබ‍්බලස‍්ස රන්‍ධං පස‍්සති, කදාචි මහබ‍්බලොපි දුබ‍්බලස‍්ස රන්‍ධං පස‍්සති, ලටුකිකාපි හි සකුණිකා හත්‍ථිනාගං ඝාතෙසී”ති වත්‍වා ලටුකිකජාතකං (ජා· 1.5.39 ආදයො) කථෙසි. එවං කලහවූපසමනත්‍ථාය තීණි ජාතකානි කථෙත්‍වා සාමග‍්ගිපරිදීපනත්‍ථාය ද‍්වෙ ජාතකානි කථෙසි. “සමග‍්ගානඤ‍්හි මහාරාජා කොචි ඔතාරං නාම පස‍්සිතුං න සක‍්කොතී”ති වත්‍වා රුක‍්ඛධම‍්මජාතකං (ජා· 1.1.74) කථෙසි. තතො “සමග‍්ගානං මහාරාජා කොචි විවරං පස‍්සිතුං නාසක‍්ඛි, යදා පන අඤ‍්ඤමඤ‍්ඤං විවාදමකංසු, අථ නෙ එකො නෙසාදපුත‍්තො ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ආදාය ගතො, විවාදෙ අස‍්සාදො නාම නත්‍ථී”ති වත්‍වා වට‍්ටකජාතකං (ජා· 1.1.35, 118; 1.6.128-133) කථෙසි. එවං ඉමානි පඤ‍්ච ජාතකානි කථෙත්‍වා අවසානෙ අත‍්තදණ‍්ඩසුත‍්තං (සු· නි· 941 ආදයො) කථෙසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බැස රමණීය පෙදෙසක වැලි තලාවක පනවන ලද උතුම් ආසනයක අනූපම බුද්ධශ්‍රීය පතුරුවමින් වැඩසිටි සේක. ඒ රජවරු ද බුදුරදුන්ට වැඳ සිටියහ. ඉක්බිති ඔවුන් මහරජ, කුමක් දැනගෙන පැමිණියේ දැයි දන්නේ දැයි විචාරා ස්වාමීනි, මේ ස්ථානයේ කෝලාහලයක් හටගෙන වැඩම කළේ ද, නදිය දැක ගැනීම සඳහා සෙල්ලම් කිරීම සඳහා වැඩම කළේදැයි නොදනිමි. මහරජ, කුමක් සඳහා තොප කලහ කරහුද? ස්වාමීනි, ජලය නිසාවෙනි. මහරජ, ජලය කෙතෙක් වටනේද? ස්වාමීනි, ස්වල්පයකි. මහරජ, මහපොළොව කිම වටනේද? ස්වාමීනි අනර්ඝය. ක්‍ෂත්‍රියෝ කෙතෙක් අගීද? ස්වාමීනි, ක්‍ෂත්‍රියෝ නම් අනර්ඝ ම වෙති. මහරජ අල්ප වූ ජලය නිසා මහාර්ඝ වූ ක්‍ෂත්‍රියන් නසවුද? කෝලාහලයේ ආස්වාදයක් නම් නැත. මහරජ, කෝලාහල වශයෙන් එක් වෘක්‍ෂ දේවතාවකු කළු සිංහයෙකු සමග බද්ධ වෛරයෙන් පසුවූයේ මේ කල්පය පුරාම එය නො නැවතියේ යයි වදාරා ඵන්දන ජාතකය දේශනා කළ සේක. අනතුරුව, මහරජ; අනුන්ගේ කීම්වල පිහිට පැතීමෙක් නම් නො කළ යුතුය. අනුන් කීවා ගිවිසීම හේතු කොටගෙන, එක් හාවෙකු ගේ බස් ගිවිස යොදුන් තුන්දහසක් පළල, හිමාලයේ සිවුපා සමූහයෝ මහමුහුදට පැන්නෝ වූහ. එහෙයින් අනුන්ගේ වචන ප්‍රමාණයෙන් යමක් කිරීම නොවිය යුතුයයි වදාරා, දද්දර ජාතකය වදාළ සේක. අනතුරුව මහරජ, කිසිදා දුබලයා, මහබලවතාගේ සිදුරු දකියි. කවදා නමුත් බලවතා ද දුබලයාගේ සිදුරු දකින්නේම ය. ගේකුරුළු පක්‍ෂීන් ඇත් රජු විනාශ කළේ යයි කියා ලටුකික ජාතකය ද වදාළ සේක. මෙසේ කෝලාහල සංසිඳවීම පිණිස, ජාතක තුනක් වදාරා සමගිය අර්ථවත් කිරීම පිණිස ජාතක දෙකක් ද වදාළ සේක. මහරජ, සමගි වූවන්ට නම් කිසිදින පසුබැසීමක් දැකීමට නොහැකි යයි වදාරා රුක්ඛධම්ම ජාතකය වදාළ සේක. එසේ සමගි වූවන්ගේ නම්, මහරජ කිසිදු විවරයක් දැකීමට නොහැකි වේය. යම්කලෙක ඔවුනොවුන් විවාද කළාහුද, ඉක්බිති ඔවුන්ගේ විවාද දත් වැදි පුත්‍රයෝ වටුවන් ජීවිතක්‍ෂයට පමුණුවා තමන්ගේ අභිමතය මුදුන්පත් කළේ යයි ද, විවාදයේ ආස්වාදයක් නම් නැතැයි ද වදාරා වට්ටක ජාතකය වදාළ සේක. මෙසේ මේ ජාතක පහ පවසා, අවසානයේ අත්තදණ්ඩ සූත්‍රය වදාළ සේක.

අථ රාජානො පසන‍්නා “සචෙ සත්‍ථා නාගමිස‍්ස, මයං අඤ‍්ඤමඤ‍්ඤං වධිත්‍වා ලොහිතනදිං පවත‍්තයිස‍්සාම, සත්‍ථාරං නිස‍්සාය නො ජීවිතං ලද‍්ධං. සචෙ පන සත්‍ථා අගාරං අජ‍්ඣාවසිස‍්ස, ද‍්විසහස‍්සදීපපරිවාරං චතුමහාදීපරජ‍්ජං හත්‍ථගතං අභවිස‍්ස, අතිරෙකසහස‍්සං ඛො පනස‍්ස පුත‍්තා අභවිස‍්සංසු, තතො ඛත‍්තියපරිවාරොව අවිචරිස‍්ස, තං ඛො පනෙස සම‍්පත‍්තිං පහාය නික‍්ඛමිත්‍වා සම‍්බොධිං පත‍්තො, ඉදානිපි ඛත‍්තියපරිවාරොව විචරතූ”ති උභයනගරවාසිනො අඩ‍්ඪතෙය්‍යානි අඩ‍්ඪතෙය්‍යානි කුමාරසතානි අදංසු. භගවා තෙ පබ‍්බාජෙත්‍වා මහාවනං අගමාසි. පුනදිවසතො පට‍්ඨාය තෙහි පරිවුතො එකදා කපිලවත්‍ථුනගරෙ එකදා කොලියනගරෙති ද‍්වීසු නගරෙසු පිණ‍්ඩාය චරති. උභයනගරවාසිනො මහාසක‍්කාරං කරිංසු. තෙසං ගරුගාරවෙන න අත‍්තනො රුචියා පබ‍්බජිතානං අනභිරති උප‍්පජ‍්ජි. පුරාණදුතියිකායොපි නෙසං අනභිරතිජනනත්‍ථාය තං තං වත්‍වා සාසනං පෙසෙසුං. තෙ අතිරෙකතරං උක‍්කණ‍්ඨිංසු. භගවා ආවජ‍්ජෙන‍්තො තෙසං අනභිරතභාවං ඤත්‍වා “ඉමෙ භික‍්ඛූ මාදිසෙන බුද‍්ධෙන සද‍්ධිං එකතො වසන‍්තා උක‍්කණ‍්ඨන‍්ති, කථං රූපා නු ඛො තෙසං ධම‍්මකථා සප‍්පායා”ති උපධාරෙන‍්තො කුණාලධම‍්මදෙසනං පස‍්සි. අථස‍්ස එතදහොසි – “අහං ඉමෙ භික‍්ඛූ හිමවන‍්තං නෙත්‍වා කුණාලකථාය නෙසං මාතුගාමදොසං පකාසෙත්‍වා අනභිරතිං හරිත්‍වා සොතාපත‍්තිමග‍්ගං දස‍්සාමී”ති.

රජවරු පැහැදුණෝ, ඉදින් ශාස්තෲන් වහන්සේ වැඩම නොකළේ නම්, අපි ඔවුනොවුන් නසා ලේ සහිත නදියක් පවත්වා ගන්නෙමු. ශාස්තෲන් වහන්සේ නිසා අපගේ ජීවිත ලදැයි ඉදින් ශාස්තෲන් වහන්සේ ගිහිගෙය වාසය කළේ නම්, දොළොස් දහසක් දිවයින් පිරිවරා සතරමහා දිව්‍ය රාජ්‍යය අතට පත් වන්නේය. අතිරේක දහසක් පමණ පුත්‍රයෝ ඔහුට වන්නාහුය. එවිට ක්‍ෂත්‍රිය පිරිවර වන්නේය. මේ සියළු සම්පත් ද හැරදමා නික්ම සම්බෝධියට පැමිණියේ දැන් ක්‍ෂත්‍රිය පිරිවර ම විවර වේවායි දෙනුවර වැසි දෙසිය පනහ, දෙසිය පනහ බැගින් කුමාරවරු පන්සියයක් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවා, මහ වනයට වැඩියහ. දෙවන දිනයේ පටන් ඔවුන් විසින් පිරිවරන ලද්දේ, එක් දිනයක කපිල වස්තුවේ ද, එක් දිනක් කෝළිය නගරයේ ද, නගර දෙකේ ම පිඬු පිණිස හැසිරෙති. දෙනුවර වැසියෝ මහත් සත්කාර කළහ. ඔවුන්ගේ ගරු ගෞරවයෙන් තමන්ට පැවිදි වීමේ රුචියක් නොඇලුණු බවක් හටගත්තේය. පුරාණ බිරින්දන් නිසා ඔවුන්ට අනභිරතියක් වූයේ යයි, එව් එව් කියා හසුන් යැවූහ. ඔවුහු වැඩි වැඩියෙන් කළකිරුණාහ. බුදුරදුන් ආවර්ජනා කොට, ඔවුන්ගේ නොඇලුණු බව දැන මේ භික්‍ෂූහු මා හා සමාන බුදුකෙනෙකු සමග එකට වාසය කරන්නේ ද, කලකිරෙති. කවර විලාශයකින් ඔවුන්ට දැහැමි කථාවලින් සනසන්නේ යයි සළකන සේක් කුණාල ධර්ම දේශනාව දුටුවේය. ඉක්බිති උන්වහන්සේට මෙබඳු අදහසක් පහළ විය. මේ භික්‍ෂූන් හිමාලයට ගෙන ගොස් කුණාල කථාවෙන් ඔවුන්ගේ මාගම දෝෂ ප්‍රකාශකොට අනභිරතිය දුරුකොට සෝවාන් මාර්ගය පෙන්වන්නෙමියි,

සො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය කපිලවත්‍ථුං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො භත‍්තකිච‍්චවෙලායමෙව තෙ පඤ‍්චසතෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “දිට‍්ඨපුබ‍්බො වො, භික‍්ඛවෙ, රමණීයො හිමවන‍්තපදෙසො”ති පුච‍්ඡි. “නොහෙතං, භන‍්තෙ”ති. “ගච‍්ඡිස‍්සථ පන හිමවන‍්තචාරික”න‍්ති? “භන‍්තෙ, අනිද‍්ධිමන‍්තො මයං කථං ගමිස‍්සාමා”ති. “සචෙ පන වො කොචි ගහෙත්‍වා ගච‍්ඡෙය්‍ය, ගච‍්ඡෙය්‍යාථා”ති? “ආම, භන‍්තෙ”ති. සත්‍ථා සබ‍්බෙපි තෙ අත‍්තනො ඉද‍්ධියා ගහෙත්‍වා ආකාසෙ උප‍්පතිත්‍වා හිමවන‍්තං ගන‍්ත්‍වා ගගනතලෙ ඨිතොව රමණීයෙ හිමවන‍්තපදෙසෙ කඤ‍්චනපබ‍්බතං රජතපබ‍්බතං මණිපබ‍්බතං හිඞ‍්ගුලිකපබ‍්බතං අඤ‍්ජනපබ‍්බතං සානුපබ‍්බතං ඵලිකපබ‍්බතන‍්ති නානාවිධෙ පබ‍්බතෙ, පඤ‍්ච මහානදියො, කණ‍්ණමුණ‍්ඩකං රථකාරං සීහපපාතං ඡද‍්දන‍්තං තියග‍්ගළං අනොතත‍්තං කුණාලදහන‍්ති සත‍්ත දහෙ දස‍්සෙසි. හිමවන‍්තො ච නාම මහා පඤ‍්චයොජනසතුබ‍්බෙධො තියොජනසහස‍්සවිත්‍ථතො, තස‍්ස ඉමං රමණීයං එකදෙසං අත‍්තනො ආනුභාවෙන දස‍්සෙසි. තත්‍ථ කතනිවාසානි සීහබ්‍යග‍්ඝහත්‍ථිකුලාදීනි චතුප‍්පදානිපි එකදෙසතො දස‍්සෙසි. තත්‍ථ ආරාමරාමණෙය්‍යකාදීනි පුප‍්ඵූපගඵලූපගෙ රුක‍්ඛෙ නානාවිධෙ සකුණසඞ‍්ඝෙ ජලජථලජපුප‍්ඵානි හිමවන‍්තස‍්ස පුරත්‍ථිමපස‍්සෙ සුවණ‍්ණතලං, පුච‍්ඡිමපස‍්සෙ හිඞ‍්ගුලතලං දස‍්සෙසි. ඉමෙසං රාමණෙය්‍යකානං දිට‍්ඨකාලතො පට‍්ඨාය තෙසං භික‍්ඛූනං පුරාණදුතියිකාසු ඡන්‍දරාගො පහීනො.

උන්වහන්සේ පෙරවරු කාලයේ හැද පොරවා පා සිවුරු ගෙන, කපිල වස්තුවේ පිඬු පිණිස හැසිර, සවස් කාලයේ පිණ්ඩපාතයෙන් වැලකුණේ, බත්කිස වේලාවේ ම ඒ පන්සියයක් භික්‍ෂූන් අමතා මහණෙනි, රමණීය හිමවත් පෙදෙස් දුටුවෝදැයි විචාල සේක. නැත ස්වාමීනි, හිමාලයේ චාරිකාවක යන්නෙහුද? ස්වාමීනි, සෘද්ධිමතුන් නොවූ අපි කෙසේ යන්නෙමු ද? ඉදින් තොපව කිසිවකු හෝ රැගෙන යන්නේ නම් යන්නෙවුද? ස්වාමීනි, එසේය. ශාස්තෲන් වහන්සේ ඒ සියල්ලෝ ම තමන්ගේ සෘද්ධියෙන් රැගෙන අහසට පැන නැග හිමාලයට වැඩ අහස්තලයේ සිටියේ ම රමණීය හිමාලය ප්‍රදේශයේ, රන් පර්වතය, මැණික් පර්වතය, සිගුල් පර්වතය, අඳුන් පර්වතය, සානු පර්වතය, පුවරු පර්වතය නානාවිධ පර්වතයන් ද, පංචමහා නදීහු ද කණ්ණ මුණ්ඩක, රථකාරක, සීහප්පාත, ඡද්දන්ත, තියග්ගල, අනෝතත්ත, කුණාල යන විල් හතද පෙන්වූ සේක. හිමවත නම් මහා යොදුන් පන්සියයක් උස, යොදුන් තුන්දහසක් පළලය. එහි මේ රමණීය එක ප්‍රදේශයක් තමන්ගේ ආනුභාවයෙන් පෙන්වීය. එහි කරන ලද වාසය කිරීම් ඇති සිංහ, ව්‍යාඝ්‍ර ඇත් කුල ද ඇතුළත් සිවුපා සතුන්ගෙන් එක් ශේෂයක් පෙන්වූ සේක. එහි රමණීය ආරාමික දේවල් ද, මල් ගෙඩි සහිත වෘක්‍ෂ ද, විවිධාකාර පක්‍ෂීන් සමූහයා ද, ජල-ගොඩ මල් ද, පෙරදිගට මුහුණලා ඇති රන් තලාව ද පසුපස හිඟුල් තලාව ද පෙන්වූ සේක. මේ රමණීය පරිසරය දුටු කාලයේ පටන් ඒ භික්‍ෂූන්ට පුරාණ බිරින්දෑවරුන් කෙරෙහි පිහිටි ඡන්ද රාගය ප්‍රහීණ විය.

අථ සත්‍ථා තෙ භික‍්ඛූ ගහෙත්‍වා ආකාසතො ඔතරිත්‍වා හිමවන‍්තපච‍්ඡිමපස‍්සෙ සට‍්ඨියොජනිකෙ මනොසිලාතලෙ සත‍්තයොජනිකස‍්ස කප‍්පට‍්ඨිකසාලරුක‍්ඛස‍්ස හෙට‍්ඨා තියොජනිකාය මනොසිලාතලාය තෙහි භික‍්ඛූහි පරිවුතො ඡබ‍්බණ‍්ණරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තො අණ‍්ණවකුච‍්ඡිං ඛොභෙත්‍වා ජලමානො සූරියො විය නිසීදිත්‍වා මධුරස‍්සරං නිච‍්ඡාරෙන‍්තො තෙ භික‍්ඛූ ආමන‍්තෙසි – “භික‍්ඛවෙ, ඉමස‍්මිං හිමවන‍්තෙ තුම‍්හෙහි අදිට‍්ඨපුබ‍්බං පුච‍්ඡථා”ති. තස‍්මිං ඛණෙ ද‍්වෙ චිත්‍රකොකිලා උභොසු කොටීසු දණ‍්ඩකං මුඛෙන ඩංසිත්‍වා මජ‍්ඣෙ අත‍්තනො සාමිකං නිසීදාපෙත්‍වා අට‍්ඨ චිත්‍රකොකිලා පුරතො, අට‍්ඨ පච‍්ඡතො, අට‍්ඨ වාමතො, අට‍්ඨ දක‍්ඛිණතො, අට‍්ඨ හෙට‍්ඨා, අට‍්ඨ උපරි ඡායං කත්‍වා එවං චිත්‍රකොකිලං පරිවාරෙත්‍වා ආකාසෙනාගච‍්ඡන‍්ති. අථ තෙ භික‍්ඛූ තං සකුණසඞ‍්ඝං දිස‍්වා සත්‍ථාරං පුච‍්ඡිංසු – “කෙ නාමෙතෙ, භන‍්තෙ සකුණා”ති? “භික‍්ඛවෙ, එස මම පොරාණකො වංසො, මයා ඨපිතා පවෙණී, මං තාව පුබ‍්බෙ එවං පරිචරිංසු, තදා පනෙස සකුණගණො මහා අහොසි, අඩ‍්ඪුඩ‍්ඪානි දිජකඤ‍්ඤාසහස‍්සානි මං පරිචරිංසු. අනුපුබ‍්බෙන පරිහායිත්‍වා ඉදානි එත‍්තකො ජාතො”ති. “කථං එවරූපෙ පන, භන‍්තෙ, වනසණ‍්ඩෙ එතා දිජකඤ‍්ඤායො තුම‍්හෙ පරිචරිංසූ”ති? අථ නෙසං සත්‍ථා “තෙන හි, භික‍්ඛවෙ, සුණාථා”ති සතිං උපට‍්ඨාපෙත්‍වා අතීතං ආහරිත්‍වා දස‍්සෙන‍්තො ආහ –

ඉක්බිති බුදුහු ඒ භික්‍ෂූන් රැගෙන අහසින් බැස හිමාලයට පසුපස පැත්තේ යොදුන් හැටක් පමණ වූ ගල්තලාවේ යොදුන් සතක් පමණ කැපවූ සල්ගසක් යට යොදුන් තුනක් පමණ හිරියල් තලාවේ ඒ භික්‍ෂූන් විසින් පිරිවරන ලදුව සවණක් බුදුරැස් විහිදුවමින් මුහුදු කුස කලඹවන දිළිසෙන සූර්යා මෙන් හිඳ, මිහිරි හඬ නිකුත් කරමින් ඒ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ හිමාලයේ නුඹලා විසින් නොදක්නා ලද්දේ විචාරහුද? එකෙණෙහි විසිතුරු කොවුලෝ දෙදෙනෙක් දණ්ඩක් දෙකෙළවරින් මුඛයෙන් ඩැහැගෙන මැද තමන්ගේ ස්වාමියා හිඳවා විසිතුරු කොවුලෝ අටදෙනෙකු පෙරටුකොට, අටදෙනෙකු පසුපසින් ද අටදෙනෙකු දකුණින් ද, අටදෙනෙකු වමතින් ද, අටදෙනෙකු යටින් ද, අටදෙනෙකු උඩින් ද, සෙවනකොට මෙසේ ඒ චිත්‍ර කොවුලා පිරිවරා අහසින් යයි. ඒ භික්‍ෂූහු ඒ පක්‍ෂි සේනාව දැක, බුදුරදුන් විචාළහ. ස්වාමීනි, මේ පක්‍ෂීහු කොහේ සිට පැමිණෙත්ද? මහණෙනි, මගේ මේ පුරාණ වංශයකි. මා විසින් තබන ලද ශ්‍රේණියකි. මම පෙර මෙසේ පිරිවරා සිටියෙමි. එකල මේ පක්‍ෂි සේනාව විශාල වූහ. දහසක් පමණ පක්‍ෂි කන්‍යාවෝ මා පිරිවරා සිටියහ. පිළිවෙලින් පරිහරණය කොට දැන් මේ ජාතියට පත්විය. ස්වාමීනි, මේ වන ලැහැබේ මේ පක්‍ෂි කන්‍යාවෝ නුඹ පිරිවරා සිටියෝ කෙසේද? ඉක්බිති ඔවුන්ට ශාස්තෲන් වහන්සේ මහණෙනි, අසවු. සිහිය උපදවා. අතීතය ගෙනහැර දක්වන්නෙමියි වදාළ සේක.

“එවමක‍්ඛායති එවමනුසූයති, සබ‍්බොසධධරණිධරෙ නෙකපුප‍්ඵමාල්‍යවිතතෙ ගජගවජමහිංසරුරුචමරපසදඛග‍්ගගොකණ‍්ණසීහබ්‍යග‍්ඝදීපිඅච‍්ඡකොකතරච‍්ඡඋද‍්දාරකදලි- මිගබිළාරසසකණ‍්ණිකානුචරිතෙ ආකිණ‍්ණනෙලමණ‍්ඩලමහාවරාහනාගකුලකරෙණුසඞ‍්ඝාධිවුට‍්ඨෙ ඉස‍්සමිගසාඛමිගසරභමිගඑණීමිගවාතමිගපසදමිගපුරිසාලුකිම‍්පුරිසයක‍්ඛරක‍්ඛ- සනිසෙවිතෙ අමජ‍්ජවමඤ‍්ජරීධරපහට‍්ඨපුප‍්ඵඵුසිතග‍්ගානෙකපාදපගණවිතකෙ කුරරචකොරවාරණමයූරපරභතජීවඤ‍්ජීවකචෙලාවකභිඞ‍්කාරකරවීකමත‍්තවිහඞ‍්ගගණසතතසම‍්පඝුට‍්ඨෙ අඤ‍්ජනමනොසිලාහරිතාලහිඞ‍්ගුලකහෙමරජතකනකානෙකධාතු- සතවිනද‍්ධපටිමණ‍්ඩිතපදෙසෙ එවරූපෙ ඛලු, භො, රම‍්මෙ වනසණ‍්ඩෙ කුණාලො නාම සකුණො පටිවසති අතිවිය චිත‍්තො අතිවිය චිත‍්තපත‍්තච‍්ඡදනො”.

මේ ආදී වශයෙන් පවතින පෘථිවි තලයේ නොයෙක් මල් මාලා වියන්වලින් යුක්ත වූයේ, ගව මහිෂ, සිංහ ව්‍යාඝ්‍ර ආදී සිවුපාවුන්ගෙන් ගැවසුණේ, විවිධ තුරුලතාවන්ගෙන් සහ පක්‍ෂි සේනාවෙන් ද ගැවසුණු [missing trans] මේ රමණීය වනලැහැබේ කුණාල නම් පක්‍ෂියා වාසය කරයි.

“තස‍්සෙව ඛලු, භො, කුණාලස‍්ස සකුණස‍්ස අඩ‍්ඪුඩ‍්ඪානි ඉත්‍ථිසහස‍්සානි පරිචාරිකා දිජකඤ‍්ඤායො, අථ ඛලු, භො, ද‍්වෙ දිජකඤ‍්ඤායො කට‍්ඨං මුඛෙන ඩංසිත්‍වා තං කුණාලං සකුණං මජ‍්ඣෙ නිසීදාපෙත්‍වා උඩ‍්ඩෙන‍්තිමා නං කුණාලං සකුණං අද‍්ධානපරියායපථෙ කිලමථො උබ‍්බාහෙත්‍ථා”ති.

විසිතුරු පත්‍රවලින් රමණීය වූ එම වන ලැහැබේ කුණාල නම් පක්‍ෂියාට ස්ත්‍රීන් දහසක් පිරිවර ඇත්තෝ ඔවුහු පක්‍ෂි කන්‍යාවෝ වූහ. මේ කන්‍යා පක්‍ෂීහු දෙදෙනෙකු ලී කැබැල්ලක් කටින් ගෙන ඒ කුණාල පක්‍ෂියා මැද හිඳුවා පියාඹති. ඒ කුණාල පක්‍ෂියා ගමන් කරන ඉසව්වේදී ක්ලාන්ත වූයේ, උඩට එසවූහ.

“පඤ‍්චසතා දිජකඤ‍්ඤායො හෙට‍්ඨතො හෙට‍්ඨතො උඩ‍්ඩෙන‍්ති ‘සචායං කුණාලො සකුණො ආසනා පරිපතිස‍්සති, මයං තං පක‍්ඛෙහි පටිග‍්ගහෙස‍්සාමා’ති.

පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ යටින් යටින් පියාඹති. ඉදින් මේ කුණාල පක්‍ෂියා අසුනෙන් පෙරළෙන්නේ ය. අපි ඌව පියාපත්වලින් රැක ගන්නෙමු.

“පඤ‍්චසතා දිජකඤ‍්ඤායො උපරූපරි උඩ‍්ඩෙන‍්ති ‘මා නං කුණාලං සකුණං ආතපො පරිතාපෙසී’ති.

පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ එහා මෙහා පියාඹති. ඒ කුණාල පක්‍ෂියාට සුළඟන් පීඩාවක් නොවේවා යනුවෙනි.

“පඤ‍්චසතා දිජකඤ‍්ඤායො උභතොපස‍්සෙන උඩ‍්ඩෙන‍්ති ‘මා නං කුණාලං සකුණං සීතං වා උණ‍්හං වා තිණං වා රජො වා වාතො වා උස‍්සාවො වා උපප‍්ඵුසී’ති.

පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ දෙපැත්තෙන් පියාඹති. කුණාල පක්‍ෂියාට වාතයේ සීතල, උණුසුම, තෘණ, දූවිලි, වාතයෙන් කරදරයක් නොවේවා යනුවෙනි.

“පඤ‍්චසතා දිජකඤ‍්ඤායො පුරතො පුරතො උඩ‍්ඩෙන‍්ති ‘මා නං කුණාලං සකුණං ගොපාලකා වා පසුපාලකා වා තිණහාරකා වා කට‍්ඨහාරකා වා වනකම‍්මිකා වා කට‍්ඨෙන වා කඨලෙන වා පාණිනා වා ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා සක‍්ඛරාහි වා පහාරං අදංසු, මායං කුණාලො සකුණො ගච‍්ඡෙහි වා ලතාහි වා රුක‍්ඛෙහි වා සාඛාහි වා ථම‍්භෙහි වා පාසාණෙහි වා බලවන‍්තෙහි වා පක‍්ඛීහි සඞ‍්ගමෙසී’ති.

පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ පෙරටුව පෙරටුව පියාඹති. ගොපල්ලන්ගෙන් පසුපාලකයන්ගෙන් තෘණ කපන්නන්ගෙන්, දර කඩන්නන්ගෙන්, වන කර්මාන්තකරුවන්ගෙන් දරකෝටු කැට කැබිලිතිවලින් සැතකින්, දණ්ඩකින් කැටකැබලිතිවලින් පහරක් නොවේවා යන අදහසිනි. මේ කුණාල පක්‍ෂියාට වැල්වලින්, ගස්වලින්, කණුවලින්, ගල්වලින්, බලවත් පක්‍ෂීන්ගෙන් යුද්ධයක් නොවේවා යන අදහසිනි.

“පඤ‍්චසතා දිජකඤ‍්ඤායො පච‍්ඡතො පච‍්ඡතො උඩ‍්ඩෙන‍්ති සණ‍්හාහි සඛිලාහි මඤ‍්ජූහි මධුරාහි වාචාහි සමුදාචරන‍්තියො ‘මායං කුණාලො සකුණො ආසනෙ පරියුක‍්කණ‍්ඨී’ති.

පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ පසුපසින් පියාඹති. [missing trans]

“පඤ‍්චසතා දිජකඤ‍්ඤායො දිසොදිසං උඩ‍්ඩෙන‍්ති අනෙකරුක‍්ඛවිවිධවිකතිඵලමාහරන‍්තියො ‘මායං කුණාලො සකුණො ඛුදාය පරිකිලමිත්‍ථා’ති.

[missing trans]

“අථ ඛලු, භො, තා දිජකඤ‍්ඤායො තං කුණාලං සකුණං ආරාමෙනෙව ආරාමං, උය්‍යානෙනෙව උය්‍යානං, නදීතිත්‍ථෙනෙව නදීතිත්‍ථං, පබ‍්බතසිඛරෙනෙව පබ‍්බතසිඛරං, අම‍්බවනෙනෙව අම‍්බවනං, ජම‍්බුවනෙනෙව ජම‍්බුවනං, ලබුජවනෙනෙව ලබුජවනං, නාළිකෙරසඤ‍්චාරියෙනෙව නාළිකෙරසඤ‍්චාරියං ඛිප‍්පමෙව අභිසම‍්භොන‍්ති රතිත්‍ථාය.

අනතුරුව මේ පින්වත් පක්‍ෂි කන්‍යාවෝ ඒ කුණාල පක්‍ෂියා ආරාමයෙන් ආරාමයට ද, උයනින් උයනට ද නදියෙන් නදියට ද පර්වත ශිඛරයෙන් පර්වත ශිඛරයට ද අඹ වනයෙන් අඹ වනයට ද ජම්බු වනයෙන් ජම්බු වනයට ද දෙල් වනනයෙන් දෙල් වනයට ද පොල්වත්තෙන් පොල්වත්තට ද වහාම රති ක්‍රීඩාව පිණිස පමුණුවති.

“අථ ඛලු, භො, කුණාලො සකුණො තාහි දිජකඤ‍්ඤාහි දිවසං පරිබ්‍යූළ‍්හො එවං අපසාදෙති ‘නස‍්සථ තුම‍්හෙ වසලියො, විනස‍්සථ තුම‍්හෙ වසිලියො චොරියො ධුත‍්තියො අසතියො ලහුචිත‍්තායො කතස‍්ස අප‍්පටිකාරිකායො අනිලො විය යෙනකාමංගමායො’” ති.

පින්වත් කුණාල පක්‍ෂියා ඒ පක්‍ෂි කන්‍යාවන් විසින් දවස නිමාවද්දී මෙසේ අප්‍රසාදයට ප්‍රකාශ කරයි. නුඹගේ වසලියෝ විනාශ කරවු. නසවු. චෞර ධූර්තියෝ විනාශ කරවු යනුවෙනි.

තත්‍රායං අත්‍ථවණ‍්ණනා – භික‍්ඛවෙ, සො වනසණ‍්ඩො එවං අක‍්ඛායති එවඤ‍්ච අනුසූයති. කින‍්ති? සබ‍්බොසධධරණිධරෙති විත්‍ථාරො. තත්‍ථ සබ‍්බොසධධරණිධරෙති මූලතචපත‍්තපුප‍්ඵාදිසබ‍්බොසධධරාය ධරණියා සමන‍්නාගතෙති අත්‍ථො, සබ‍්බොසධයුත‍්තො වා ධරණිධරො. සො හි පදෙසො සබ‍්බොසධධරණිධරොති එවමක‍්ඛායති එවඤ‍්ච අනුසූයති, තස‍්මිං වනසණ‍්ඩෙති වුත‍්තං හොති. සෙසපදයොජනායපි එසෙව නයො. නෙකපුප‍්ඵමාල්‍යවිතතෙති අනෙකෙහි ඵලත්‍ථාය උප‍්පන‍්නපුප‍්ඵෙහි චෙව පිළන්‍ධනමාල්‍යෙහි ච විතතෙ. රුරූති සුවණ‍්ණවණ‍්ණා මිගා. උද‍්දාරාති උද‍්දා. බිළාරාති මහාබිළාරා. නෙලමණ‍්ඩලං වුච‍්චති තරුණභිඞ‍්කච‍්ඡාපමණ‍්ඩලං. මහාවරාහාති මහාහත්‍ථිනො, ආකිණ‍්ණනෙලමණ‍්ඩලමහාවරාහෙන ගොචරියාදිභෙදෙන දසවිධෙන නාගකුලෙන චෙව කරෙණුසඞ‍්ඝෙන ච අධිවුට‍්ඨෙති අත්‍ථො. ඉස‍්සමිගාති කාළසීහා. වාතමිගාති මහාවාතමිගා. පසදමිගාති චිත්‍රමිගා. පුරිසාලූති වළවාමුඛයක‍්ඛිනියො. කිම‍්පුරිසාති දෙවකින‍්නරචන්‍දකින‍්නරදුමකින‍්නරදණ‍්ඩමාණවකකොන‍්ති- සකුණකණ‍්ණපාවුරණාදිභෙදා කින‍්නරා. අමජ‍්ජවමඤ‍්ජරීධරපහට‍්ඨපුප‍්ඵඵුසිතග‍්ගානෙකපාදපගණවිතතෙති මකුලධරෙහි චෙව මඤ‍්ජරීධරෙහි ච සුපුප‍්ඵිතෙහි ච අග‍්ගමත‍්තපුප‍්ඵිතෙහි ච අනෙකෙහි පාදපගණෙහි විතතෙ. වාරණා නාම හත්‍ථිලිඞ‍්ගසකුණා. චෙලාවකාතිපි එතෙ සකුණායෙව. හෙමඤ‍්ච කනකඤ‍්චාති ද‍්වෙ සුවණ‍්ණජාතියො. එතෙහි අඤ‍්ජනාදීහි අනෙකධාතුසතෙහි අනෙකෙහි වණ‍්ණධාතුරාසීහි විනද‍්ධපටිමණ‍්ඩිතපදෙසෙ. භොති ධම‍්මාලපනමත‍්තමෙතං. චිත‍්තොති මුඛතුණ‍්ඩකෙපි හෙට‍්ඨාඋදරභාගෙපි චිත්‍රොව.

මෙහි අර්ථ වර්ණනා මහණෙනි, ඒ වනලැහැබ මෙසේ වර්ණනාවට ලක්වෙයි. සම්මො සධධරණි ධරෙ යන විස්තරයේ සිට කියනු ලැබේ. එහි සම්මොසධධරණී ධරෙ යනු සියළු ඖෂධවලින් යුක්ත වූයේ, මුල්ගෙඩි පත්‍ර ආදිය දරන්නා වූ ඒවායින් යුක්ත වූ යන අර්ථයයි. ඒ වන ලැහැබේ සියළු ආකාරයෙන් සරුසාරව පවතින බව පවතින හෙයින් මේ අයුරින් ප්‍රකාශ කරන ලදි. නෙක පුප්ඵමාල්‍යවිතතෙ යනු නොයෙක් ගෙඩි පිණිස උපන් මල්වලින් ද, පළඳවනු ලබන මල්වලින් ද බබළයි. රූරූ යනු රන්වන් මෘගයෝ. උද්දාරා යනු උදුමුවෝ. බිළාරා යනු මහබළල්ලු. මහාවරාහා යනු මහ ඇත්තු. ලියමඩුලුවල ගැවසුණු මහ ඇතින්නියන් සමූහයක් විසින් පිරිවරන ලද දසවිධ වූ ඇත්කුල් ද, මෙය අධි වචනයෙන් කියනු ලැබේ. ඉස්සමිගා යනු කළුසිංහයෝ. වාතමිගා යනු මහාවාත මුවෝ. පසදමිගා යනු චිත්‍ර මුවෝ. පුරිසලලු යනු වඩවා මුඛී යක්‍ෂණියෝ. කිම්පුරිසා යනු දේවකිඳුරු සඳකිඳුරු දුමකිඳුරු දණ්ඩ මානවක සකුණාදි වශයෙන් පවත්නා කිඳුරෝ. අමජ්ජමඤ්ජරී ධරබ්‍රහට්ඨ පුප්ඵ පුප්ඵුතග්ගනෙක පාදපගණ විතතෙ යනු මොට්ටු දැමීම් වශයෙන් ද, පොකුරු දැරීම් වශයෙන් ද, සුපුෂ්පිත වූ අග පිපුණු මල් ඇති නොයෙක් වෘක්‍ෂ සමූහයෙන් වියනක් මෙන් යුක්ත වූ. වාරණා නම් ඇත්කඳ ළිහිණි. වෙලාචකා යනු මේ පක්‍ෂියෝ ම. හේම යනුද කනක යනු ද දෙක ම මැණික් ආදිහු මේ අඳුන් ආදි නොයෙක් ද්‍රව්‍ය සියගණනින් ද නොයෙක් වර්ණවලින් ද යුතු අලංකාර ප්‍රදේශයේ. භො යනු ධර්මානුකූල ආමන්ත්‍රණයකි. චිත්තො යනු මුවතුඩ ද යට උදරය කොටස ද විචිත්‍ර වූ.

අඩ‍්ඪුඩ‍්ඪානීති අඩ‍්ඪචතුත්‍ථානි, තීණි සහස‍්සානි පඤ‍්චෙව සතානීති අත්‍ථො. අද‍්ධානපරියායපථෙති අද‍්ධානසඞ‍්ඛාතෙ ගමනමග‍්ගෙ. උබ‍්බාහෙත්‍ථාති බාධයිත්‍ථ. උපප‍්ඵුසීති උපගන‍්ත්‍වා ඵුසි. පහාරං අදංසූති එත්‍ථ “මා න”න‍්ති පදස‍්ස සාමිවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. සඞ‍්ගමෙසීති සමාගච‍්ඡි. සණ‍්හාහීති මට‍්ඨාහි. සඛිලාහීති පියාහි. මඤ‍්ජූහීති සඛිලාහි. මධුරාහීති මධුරස‍්සරාහි. සමුදාචරන‍්තියොති ගන්‍ධබ‍්බකරණවසෙන පරිචරන‍්තියො. අනෙකරුක‍්ඛවිවිධවිකතිඵලන‍්ති අනෙකෙහි රුක‍්ඛෙහි විවිධවිකතිඵලං. ආරාමෙනෙව ආරාමන‍්ති පුප‍්ඵාරාමාදීසු අඤ‍්ඤතරෙන ආරාමෙනෙව අඤ‍්ඤතරං ආරාමං නෙන‍්තීති අත්‍ථො. උය්‍යානාදීසුපි එසෙව නයො. නාළිකෙරසඤ‍්චාරියෙනෙවාති නාළිකෙරවනෙනෙව අඤ‍්ඤං නාළිකෙරවනං. අතිසම‍්භොන‍්තීති එවං නෙත්‍වා තත්‍ථ නං ඛිප‍්පඤ‍්ඤෙව රතිත්‍ථාය පාපුණන‍්ති.

අඩ්ඪුඩ්ඩානි යනු හතරෙන් එකක් තුන්දහස් පන්සියයක් යන අර්ථයයි. අද්ධාන පරියාය පථෙ යනු අද්ධාන සංඛ්‍යාත ගමන් මාර්ගයේ. උබ්බාහෙත්‍ථ යනු බාධා කෙළෙහු. උපප්ඵුසී යනු සමීපයට එළැඹියේය. පහාරං අදංසු යනු මෙහි මා නං යන පදයට ස්වාමි වශයෙන් අර්ථ දතයුතුය. සංගාමෙසී යනු රැස්වූයේ ය. සණ්හාසී මට්ටම් වූ. සඛිලාහී යනු ප්‍රිය වශයෙන්. මඤ්ජුහී සිහිල් වශයෙන් මධුරාහී යනු මධුර ස්වරයෙන්. සමුදාචරන්තියො යනු ගාන්ධර්ව කාරක වශයෙන් පිරිවරාගෙන. නෙකරුක්ඛවිවිධ විකති ඵලං යනු නොයෙක් ගස්වලින් ලැබෙන විවිධ වෙනස් ගෙඩි. ආරාමෙනෙව ආරාමං යනු මල්වතු ආදියෙහි. වෙනත් ආරාම වහයෙන්. වෙනත් ආරාමයකට පමුණුවති යන අර්ථයයි. උයන් ආදිවලද මේ අයුරින්ම වේ. නාළිකෙර සඤ්චාරි යෙන යනු පොල් වනයෙන් ද වෙනත් පොල්වනයකට. අභිසම්භොත්ති යනු මෙසේ ගෙනගොස් එහි වහාම රතිකෙළිය සඳහා පමුණුවත්.

දිවසං පරිබ්‍යූළ‍්හොති සකලදිවසං පරිබ්‍යූළ‍්හො. අපසාදෙතීති තා කිර තං එවං දිවසං පරිචරිත්‍වා නිවාසරුක‍්ඛෙ ඔතාරෙත්‍වා පරිවාරෙත්‍වා රුක‍්ඛසාඛාසු නිසීදිත්‍වා “අප‍්පෙව නාම මධුරවචනං ලභෙය්‍යාමා”ති පත්‍ථයන‍්තියො ඉමිනා උය්‍යොජිතකාලෙ අත‍්තනො වසනට‍්ඨානං ගමිස‍්සාමාති වසන‍්ති. කුණාලරාජා පන තා උය්‍යොජෙන‍්තො “නස‍්සථා”තිආදිවචනෙහි අපසාදෙති. තත්‍ථ නස‍්සථාති ගච‍්ඡථ. විනස‍්සථාති සබ‍්බතොභාගෙන නස‍්සථ. ගෙහෙ ධනධඤ‍්ඤාදීනං නාසනෙන චොරියො, බහුමායතාය ධුත‍්තියො, නට‍්ඨස‍්සතිතාය අසතියො, අනවට‍්ඨිතචිත‍්තතාය ලහුචිත‍්තායො, කතවිනාසනෙන මිත‍්තදුබ‍්භිතාය කතස‍්ස අප‍්පටිකාරිකායොති.

දිවසංපරිබ්බූළ්හො යනු මුළු දවසම වැයකොට. අපසාදෙති ඔවුහු වනාහි මෙසේ දවස ම පිරිවරා නිවාස ගස්වල බැස පිරිවරා ගස් අතුවල හිඳ මිහිරි වචන ලබන්නෙමු නම් යෙහෙකැයි ප්‍රාර්ථනා කරන්නී මේ යෙදුණු කාලයේ තමන් වසන තැනට යන්නෙමුයි වාසය කරති. කුණාල රජු ඒ පිටත්ව යන්නේ නැසෙවු! යනාදි අප්‍රසාද වචනයෙන් අප්‍රසාදය පළ කරයි. එහි නස්සථ යනු යවු! විනස්සථ යනු සියළු අයුරින් නැසෙවු! ගෙදර ධනධාන්‍යාදීන්ගේ පවා විනාශ වීමෙන්. චොරියො බොහෝ මායා ඇත්තේ. ධුත්තියො නැසීම පිළිබඳ සිහියෙන්. අසතියො අපිරිසිදු නොවූ සිත් ඇති බැවින්. ලහුචිත්තායො කරන ලද විනාශය නිසාවෙන් මිත්‍රද්‍රෝහී බැවින්. කතස්ස අප්පතිකාරියො යනුවෙනි.

එවඤ‍්ච පන වත්‍වා “ඉති ඛො, භික‍්ඛවෙ, අහං තිරච‍්ඡානගතොපි ඉත්‍ථීනං අකතඤ‍්ඤුතං බහුමායතං අනාචාරතං දුස‍්සීලතඤ‍්ච ජානාමි, තදාපාහං තාසං වසෙ අවත‍්තිත්‍වා තා එව අත‍්තනො වසෙ වත‍්තෙමී”ති ඉමාය කථාය තෙසං භික‍්ඛූනං අනභිරතිං හරිත්‍වා සත්‍ථා තුණ‍්හී අහොසි. තස‍්මිං ඛණෙ ද‍්වෙ කාළකොකිලා සාමිකං දණ‍්ඩකෙන උක‍්ඛිපිත්‍වා හෙට‍්ඨාභාගාදීසු චතස‍්සො චතස‍්සො හුත්‍වා තං පදෙසං ආගමිංසු. තෙ භික‍්ඛූ තාපි දිස‍්වා සත්‍ථාරං පුච‍්ඡිංසු. සත්‍ථා “පුබ‍්බෙ, භික‍්ඛවෙ, මම සහායො පුණ‍්ණමුඛො නාම ඵුස‍්සකොකිලො අහොසි, තස‍්සායං වංසො”ති වත්‍වා පුරිමනයෙනෙව තෙහි භික‍්ඛූහි පුච‍්ඡිතො ආහ –

මෙසේ ද පවසා මෙසේ මහණෙනි, මම තිරිසන්ගත වුව ද, ස්ත්‍රීන්ගේ අකෘතඥ බව ද, බොහෝ මායා ඇති බව ද, අනාචාර දුශ්ශීල බව ද දනිමි. එකල මම ඈලාගේ වසඟයේ නො සිට ඈලා තමාගේ වසඟයෙහි පවත්වා ගතිමි’යි මේ කථාවෙන්, ඒ භික්‍ෂූන්ගේ අනභිරතිය ඉවතලා ශාස්තෲන් වහන්සේ නිශ්ශබ්ද වූහ. එකෙණෙහි කළුපාට කොවුලෝ දෙදෙනෙක් ස්වාමියාව දණ්ඩකින් උසුලාගෙන යට භාගවල සතරදෙනා බැගින් සිට ඒ ප්‍රදේශයට පැමිණියහ. ඔවුන් දැක ඔවුන් ශාස්තෲන්ගෙන් විචාළහ. මහණෙනි, පෙර මගේ සහායක වූ පුණ්ණමුඛ නම් කෝකිලයෙක් විය. ඔහුගේ වංශය යයි කියා පළමු ආකාරයෙන්ම ඒ භික්‍ෂූන් විසින් විචාරණ ලදුව වදාළ සේක.

“තස‍්සෙව ඛලු, භො, හිමවතො පබ‍්බතරාජස‍්ස පුරත්‍ථිමදිසාභාගෙ සුසුඛුමසුනිපුණගිරිප‍්පභවහරිතුපයන‍්තියො”ති.

ඒ හිමාලය පර්වත රාජයාගේ පෙරදිග දිශාවේ සියුම් ගස්කොළන්වලින් යුතු හරිත වර්ණ පර්වත අනුව පවතින කඳු මුදුනින් ගලාබසින නදියකින් යුතු ප්‍රදේශයක් ඇත.

තත්‍ථ සුට‍්ඨු සුඛුමසණ‍්හසලිලතාය සුසුඛුමසුනිපුණා, ගිරි එතාසං පභවොති ගිරිප‍්පභවා , හිමවන‍්තතො සන්‍දමානහරිතතිණමිස‍්සඔඝතාය හරිතා, කුණාලදහං උපගමනෙන උපයන‍්තියොති සුසුඛුමසුනිපුණගිරිප‍්පභවහරිතුපයන‍්තියො, එවරූපා නදියො යස‍්මිං සන්‍දන‍්තීති අත්‍ථො.

එහි සුසුමුඛා යනු සියුම් ලා තණවලින් යුක්ත මනාව සෑදුණු කඳු පංතිවලින් යුතු ඒවායින් ප්‍රභව වූ හිමවතින් ගලාබසින හරිත වර්ණ තණ මිශ්‍ර සැඩපහරින් යුතු කුණාල වූ මම පැමිණීම නිසා සමීපවත් වූ නිසා සුසුමුඛසුනිපුණ ගිරිප්පභවා හරිතතුපයන්තියො යනු ලෙසින් මෙබඳු ආකාර වූ නදීහු යම් තැනකින් ගලාබසිත් යන අර්ථයයි.

ඉදානි යං කුණාලදහං තා උපයන‍්ති, තත්‍ථ පුප‍්ඵානි වණ‍්ණෙන‍්තො ආහ –

දැන් ඒ කුණාල නම් වූ මම එතනට සමීප වෙමි. එතැන මල් ආදිය වර්ණනා කරමින් කීහ.

“උප‍්පලපදුමකුමුදනලිනසතපත‍්තසොගන්‍ධිකමන්‍දාලකසම‍්පතිවිරුළ‍්හ- සුචිගන‍්ඨමනුඤ‍්ඤමාවකප‍්පදෙසෙ”ති.

එහි උපුල් කුමුදු පියුම් සුදුපියුම් සතකුප්ප යනාදියෙන් සුවඳවත් වූ මද සුළඟින්ද යුතු මනෝඥ ගින්න සහිත ප්‍රදේශයකි.

තත්‍ථ උප‍්පලන‍්ති නීලුප‍්පලං. නලිනන‍්ති සෙතපදුමං. සතපත‍්තන‍්ති පරිපුණ‍්ණසතපත‍්තපදුමං. සම‍්පතීති එතෙහි සම‍්පතිවිරුළ‍්හෙහි අභිනවජාතෙහි සුචිගන්‍ධෙන චෙව මනුඤ‍්ඤෙන ච හදයබන්‍ධනසමත්‍ථතාය මාවකෙන ච පදෙසෙන සමන‍්නාගතෙති අත්‍ථො.

එහි උප්පලං යනු නිලුපුල්ය. නලිනං යනු සුදු නෙළුම්ය. සතපත්තං යනු පිරිපුන් සියයක් පෙති ඇති පියුම්ය. සම්පති යනු මේවායින් දැන් වැඩුණා වූ අළුතින් හටගත් සුවඳවත් වූ මනෝඥ වූ හෘදය බන්ධනයෙන් සමත් වූ ගිනිදහන ප්‍රදේශයකින් සමන්විත යන අර්ථයයි.

ඉදානි තස‍්මිං දහෙ රුක‍්ඛාදයො වණ‍්ණෙන‍්තො ආහ –

දැන් ඒ විලෙහි ගස් ආදිය වර්ණනා කරමින් ප්‍රකාශ කළහ.

“කුරවකමුචලින්‍දකෙතකවෙදිසවඤ‍්ජුලපුන‍්නාගබකුලතිලකපියකහසනසාලසළල- චම‍්පකඅසොකනාගරුක‍්ඛතිරීටිභුජපත‍්තලොද‍්දචන්‍දනොඝවනෙ කාළාගරුපද‍්මකපියඞ‍්ගුදෙවදාරුකචොචගහනෙ කකුධකුටජඅඞ‍්කොලකච‍්චිකාරකණිකාරකණ‍්ණිකාර- කනවෙරකොරණ‍්ඩකකොවිළාරකිංසුකයොධිකවනමල‍්ලිකමනඞ‍්ගණමනවජ‍්ජභණ‍්ඩිසුරුචිර- භගිනිමාලාමල්‍යධරෙ ජාතිසුමනමධුගන්‍ධිකධනුතක‍්කාරිතාලීසතගරමුසීරකොට‍්ඨකච‍්ඡවිතතෙ අතිමුත‍්තකසංකුසුමිතලතාවිතතපටිමණ‍්ඩිතප‍්පදෙසෙ හංසපිලවකාදම‍්බකාරණ‍්ඩවාභිනදිතෙ විජ‍්ජාධරසිද‍්ධසමණතාපසගණාධිවුට‍්ඨෙ වරදෙවයක‍්ඛරක‍්ඛසදානවගන්‍ධබ‍්බකින‍්නරමහොරගානුචිණ‍්ණප‍්පදෙසෙ – එවරූපෙ ඛලු, භො, රම‍්මෙ වනසණ‍්ඩෙ පුණ‍්ණමුඛො නාම ඵුස‍්සකොකිලො පතිවසති අතිවිය මධුරගිරො විලාසිතනයනො මත‍්තක‍්ඛො.

කුරවක මුචලින් ද වැනි වැටකේ, හේ මුවගු පුවක්, දොඹ, සල්, සපු, අශෝක, නා ගස්, මදටිය ලොත් සඳුන් වනයෙන් ද කළුනික, ඩෙබර, දේවදාර ආදි ගස්වලින් ගහණ වූ අංකොල කර්ණිකා කෝවිළාර කෑල දෑසමන්, ඉතා මහත් වූ මල් පිපුණු වැල්වලින් ද අලංකාර වූ ප්‍රදේශයේ හංස මොනරු ආදින්ගේ නාදවලින් නාදිත වූ සිද්ධ විද්‍යාධර තාපස ගණයා විසින් සෙවනා ලද, උතුම් දේව යක්‍ෂ රාක්ෂස ගාන්ධර්ව කින්නර මහ උරගාදින්ගෙන් ගැවසීගත් මෙබඳු ආකාර සිත්කළු වන ලැහැබෙහි පුණ්ණමුඛ නම් දුරු මස උපන් කොවුලා මිහිරි හඬින් නාද දෙමින් දෙනුවන් පරයන විලාසිතාවෙන් යුතුව වාසය කරයි.

“තස‍්සෙව ඛලු, භො, පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස අඩ‍්ඪුඩ‍්ඪානි ඉත්‍ථිසතානි පරිචාරිකා දිජකඤ‍්ඤායො. අථ ඛලු, භො, ද‍්වෙ දිජකඤ‍්ඤායො කට‍්ඨං මුඛෙන ඩංසිත්‍වා තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං මජ‍්ඣෙ නිසීදාපෙත්‍වා උඩ‍්ඩෙන‍්ති ‘මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං අද‍්ධානපරියායපථෙ කිලමථො උබ‍්බාහෙත්‍ථා’ති.

පින්වත, ඒ පුණ්ණමුඛ නම් ඵුස්ස කොවුලාට එක්දහස් පන්සියයක් පමණ ස්ත්‍රී පරිවාරක පක්‍ෂි සමූහයක් සිටිති. එයින් පක්‍ෂි කන්‍යාවෝ දෙදෙනෙක් ලී කැබැල්ලක් කටින්ගෙන ඒ පුණ්ණමුඛ නම් ඵුස්ස කොවුලා මැද හිඳුවාගෙන පියාඹති. ඒ පුණ්ණමුඛ නම් කොවුලා ගමන් කරන මාර්ගයේදී ක්ලාන්තවූවා උඩට ඔසවා ගත්හ.

“පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො හෙට‍්ඨතො හෙට‍්ඨතො උඩ‍්ඩෙන‍්ති ‘සචායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො සකුණො ආසනා පරිපතිස‍්සති, මයං තං පක‍්ඛෙහි පටිග‍්ගහෙස‍්සාමා’ති.

පනහ බැගින් වූ පක්‍ෂි කන්‍යාවෝ යටින් පියාඹති. ඉදින් පුණ්ණමුඛ ඵුස්ස කොවුලා ආසනයෙන් වැටේ යනුවෙන් සිතාගෙන ය. ඵුස්ස කෝකිලයා ආසනයෙන් වැටෙන්නේ නම් අපි අපේ පියාපත්වලින් පිළිගනිමු යයි, රැකගනිමු යයි පක්‍ෂි කන්‍යාවෝ පන්සියයක් යටින් පියාඹන්නාහුය.

“පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො උපරූපරි උඩ‍්ඩෙන‍්ති ‘මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ආතපො පරිතාපෙසී’ති.

ඵුස්ස කෝකිලයාට අව්වෙන් ඇතිවන පීඩාව වැළැක්වීම සඳහා පන්සියයක් පක්‍ෂි කන්‍යාවෝ වියතක් මෙන් උඩින් පියඹන්නාහුය.

“පඤ‍්ඤාස පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො උභතොපස‍්සෙන උඩ‍්ඩෙන‍්ති ‘මානං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං සීතං වා උණ‍්හං වා තිණං වා රජො වා වාතො වා උස‍්සාවො වා උපප‍්ඵුසී’ති.

ඵුස්ස කෝකිලයාට සීත සුළං ග්‍රීෂ්ම, රජස් ආදියෙන් වන පීඩාව වළක්වන්නෙමු යයි දෙපසෙහි බැඳි තිර මෙන් කොවුලඟනෝ පියඹන්නාහ.

“පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො පුරතො පුරතො උඩ‍්ඩෙන‍්ති ‘මා නං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ගොපාලකා වා පසුපාලකා වා තිණහාරකා වා කට‍්ඨහාරකා වා වනකම‍්මිකා වා කට‍්ඨෙන වා කඨලාය වා පාණිනා වා ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා සක‍්ඛරාහි වා පහාරමදංසු, මායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො ගච‍්ඡෙහි වා ලතාහි වා රුක‍්ඛෙහි වා සාඛාහි වා ථම‍්භෙහි වා පාසාණෙහි වා බලවන‍්තෙහි වා පක‍්ඛීහි සඞ‍්ගමෙසී’ති.

පුණ්ණමුඛ නම් ඵුස්ස කෝකිලයාට, ගොපලු දරුවන්, හරක් බලන්නන්ගෙන් කැලයේ ගස් යන්නන් ගෙන් ගස් කපන්නන්ගෙන් කැට කැබලි - පොලු මුගුරු - ලී දඬු ආදියෙන් සිදුවන උවදුරු නැති කිරීම සඳහා වැළකීම සඳහා, වෘක්‍ෂ ලතා පර්වත ආදියෙහි නොගැටෙන පිණිස දැඩි රැකවල් ගෙන් පන්සියයක් කොවුලඟන් හාත්පස නික්මෙන්නාහුය. පුණ්ණමුඛ ඵුස්ස කෝකිලයා ගස්වල, කණුවල, ගල්වල හැපීමෙන් හා, වැල්වල පටලැවීමෙන් රැකගනු පිණිස කොවුලඟනෝ පන්සියයක් ඉදිරියෙන් ඉදිරියෙන් යන්නාහුය.

“පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො පච‍්ඡතො පච‍්ඡතො උඩ‍්ඩෙන‍්ති සණ‍්හාහි සඛිලාහි මඤ‍්ජූහි මධුරාහි වාචාහි සමුදාචරන‍්තියො ‘මායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො ආසනෙ පරියුක‍්කණ‍්ඨී’ති.

පිටුපසින් බලවත් පක්‍ෂීන් විරුද්ධව එන්නේ නම් ඔවුන්ගෙන් ඵුස්ස කෝකිලයා රැකගැනීමට කොවුලඟනුන් පන්සියයක් පසුපසින් එන්නාහු වෙති.

“පඤ‍්ඤාස දිජකඤ‍්ඤායො දිසොදිසං උඩ‍්ඩෙන‍්ති අනෙකරුක‍්ඛවිවිධවිකතිඵලමාහරන‍්තියො ‘මායං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො ඛුදාය පරිකිලමිත්‍ථා’ති.

තවද පන්සියයක් පමණ කොවුලඟනෝ පූර්ණමුඛ ඵුස්ස කෝකිලයාගේ බඩගින්න නිවීම සඳහා නොයෙක් ගස්වලින් ගෙඩිවර්ග කඩාගෙන එන්නාහුය.

“අථ ඛලු, භො, තා දිජකඤ‍්ඤායො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ආරාමෙනෙව ආරාමං, උය්‍යානෙනෙව උය්‍යානං, නදීතිත්‍ථෙනෙව නදීතිත්‍ථං, පබ‍්බතසිඛරෙනෙව පබ‍්බතසිඛරං, අම‍්බවනෙනෙව අම‍්බවනං, ජම‍්බුවනෙනෙව ජම‍්බුවනං, ලබුජවනෙනෙව ලබුජවනං, නාළිකෙරසඤ‍්චාරියෙනෙව නාළිකෙරසඤ‍්චාරියං ඛිප‍්පමෙව අභිසම‍්භොන‍්ති රතිත්‍ථාය.

මෙසේ මේ පක්‍ෂි කන්‍යාවෝ පුණ්ණමුඛ නම් ඵුස්ස කෝකිලයා ආරාමයෙන් ආරාමයට උයනින් උයනට ගංතෙරින් ගංතෙරට පර්වත ශිඛරයෙන් පර්වත ශිඛරයට අඹ වනයෙන් අඹ වනයට දඹ වනයෙන් දඹ වනයට, දෙල් වනයෙන් දෙල් වනයට, පොල් වනයෙන් පොල් වනයට දැයි ඵුස්ස කෝකිලයාගේ සිත් අලවන ලෙස ඇරගෙන සංචරණය කරන්නාහුය.

“අථ ඛලු, භො, පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තාහි දිජකඤ‍්ඤාහි දිවසං පරිබ්‍යූළ‍්හො එවං පසංසති ‘සාධු සාධු, භගිනියො, එතං ඛො භගිනියො තුම‍්හාකං පතිරූපං කුලධීතානං, යං තුම‍්හෙ භත‍්තාරං පරිචරෙය්‍යාථා’ති.

මෙසේ කිරීමෙන් පසුව පුණ්ණමුඛ ඵුස්ස කෝකිල තෙමේ, ඒ කොවුලඟනුන් පිරිවරා දවස ගෙවා, ඒ කොවුලඟනුන්ට ප්‍රශංසා කරයි. සොහොයුරියනි, හොඳයි ඉතා හොඳයි. හොඳින් තොපගේ කුල දූන් සහෝදරියන් පිරිවරාගෙන ජීවත්වව් යයි ආශිර්වාද කරයි.

“අථ ඛලු, භො, පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො යෙන කුණාලො සකුණො තෙනුපසඞ‍්කමි. අද‍්දසංසු ඛො කුණාලස‍්ස සකුණස‍්ස පරිචාරිකා දිජකඤ‍්ඤායො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං දූරතොව ආගච‍්ඡන‍්තං, දිස‍්වාන යෙන පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං එතදවොචුං – ‘අයං, සම‍්ම පුණ‍්ණමුඛ, කුණාලො සකුණො අතිවිය ඵරුසො අතිවිය ඵරුසවාචො, අප‍්පෙව නාම තවම‍්පි ආගම‍්ම පියවාචං ලභෙය්‍යාමා’ති. ‘අප‍්පෙව නාම භගිනියො’ති වත්‍වා යෙන කුණාලො සකුණො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා කුණාලෙන සකුණෙන සද‍්ධිං පටිසම‍්මොදිත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තං කුණාලං සකුණං එතදවොච – ‘කිස‍්ස ත්‍වං, සම‍්ම කුණාල, ඉත්‍ථීනං සුජාතානං කුලධීතානං සම‍්මාපටිපන‍්නානං මිච‍්ඡාපටිපන‍්නොසි, අමනාපභාණීනම‍්පි කිර, සම‍්ම කුණාල, ඉත්‍ථීනං මනාපභාණිනා භවිතබ‍්බං, කිමඞ‍්ගං පන මනාපභාණීන’න‍්ති.

ඉක්බිති එක් දිනක් පුණ්ණමුඛ ඵුස්ස කෝකිල තෙමේ, කුණාල පක්‍ෂියා කොතැනක වෙසේ ද, ඔහු දකිනු පිණිස එහි ගියේය. කුණාල පක්‍ෂියාගේ පිරිවර කොවුලඟනෝ දුර එන්නා වූ පුණ්ණමුඛ ඵුස්ස කෝකිල දැක පෙර ගමන් ගියාහුය. එසේ වෙත එළඹ පුණ්ණමුඛ ඵුස්ස කෝකිලයාට මෙසේ කීය. ඔබේ යහළු පුණ්ණමුඛ කුණාල පක්‍ෂියා ඉතාම ඵරුසය. ඉතාම ඵරුස වචනයෙන් අපට කථා කරයි. ඔබගේ පැමිණීම ඉතා හොඳය. අපි ඔබගෙන් ප්‍රිය කථා වචන අසන්නෙමු. සොහොයුරියනි මැනවැයි කියා පිළිවදන් දී කුණාල පක්‍ෂියා කොතැනකද, එහි පිවිසියේය. පිවිස කුණාල පක්‍ෂියා සමග සතුටුසාමීචි පිළිසඳරේ යෙදී, එකත්පසෙක හුන්නේය. එසේ එකත්පසෙක සිටියා වූ පුණ්ණමුඛ ඵුස්ස කෝකිලයා ඒ කුණාල පක්‍ෂියාට මෙසේ කීය. යහළු කුණාලය, ඇයි ඔබ මේ සුජාත වූ කුණාල කන්‍යාවන්ට මිහිරි කන්කළු වචනවලින් කථා නො කොට අප්‍රිය වූ අමනාප වන්නා වූ, වචනවලින් කථා කරන්නේ මිත්‍රය, මේ කුණාල ධීතුන්ට ප්‍රියමනාප වදන්වලින් කථා කරන්නායි කීය.

“එවං වුත‍්තෙ කුණාලො සකුණො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං එවං අපසාදෙසි – ‘නස‍්ස ත්‍වං, සම‍්ම ජම‍්ම වසල, විනස‍්ස ත්‍වං, සම‍්ම ජම‍්ම වසල, කො නු තයා වියත‍්තො ජායාජිනෙනා’ති. එවං අපසාදිතො ච පන පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තතොයෙව පටිනිවත‍්ති.

මෙසේ කී කල්හි කුණාල පක්‍ෂියා, ඒ පුණ්ණමුඛ ඵුස්ස කෝකිලට අප්‍රසාදය පළකළේය. අනාචාරී වූ චණ්ඩාලය, නැසී යවයි කීයේය. කවර නම් නුවණැත්තෙක් ස්ත්‍රියකට යටත්ව වසන්නේ ද, මෙසේ නො සතුටුව දොඩවන වචන ඇති කල කිසිවක් කීමට අපොහොසත්වැ එයින්ම නැවතුනේ ය.

“අථ ඛලු, භො, පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස අපරෙන සමයෙන නචිරස‍්සෙව ඛරො ආබාධො උප‍්පජ‍්ජි, ලොහිතපක‍්ඛන්‍දිකා බාළ‍්හා වෙදනා වත‍්තන‍්ති මාරණන‍්තිකා. අථ ඛලු, භො, පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස පරිචාරිකානං දිජකඤ‍්ඤානං එතදහොසි – ‘ආබාධිකො ඛො අයං පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො, අප‍්පෙව නාම ඉමම‍්හා ආබාධා වුට‍්ඨහෙය්‍යා’ති එකං අදුතියං ඔහාය යෙන කුණාලො සකුණො තෙනුපසඞ‍්කමිංසු. අද‍්දසා ඛො කුණාලො සකුණො තා දිජකඤ‍්ඤායො දූරතොව ආගච‍්ඡන‍්තියො, දිස‍්වාන තා දිජකඤ‍්ඤායො එතදවොච – ‘කහං පන තුම‍්හං වසලියො භත‍්තා’ති. ‘ආබාධිකො ඛො, සම‍්ම කුණාල, පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො අප‍්පෙව නාම තම‍්හා ආබාධා වුට‍්ඨහෙය්‍යා’ති. එවං වුත‍්තෙ කුණාලො සකුණො තා දිජකඤ‍්ඤායො එවං අපසාදෙසි – ‘නස‍්සථ තුම‍්හෙ වසලියො, විනස‍්සථ තුම‍්හෙ වසලියො චොරියො ධුත‍්තියො අසතියො ලහුචිත‍්තායො කතස‍්ස අප‍්පටිකාරිකායො අනිලො විය යෙනකාමංගමායො’ති වත්‍වා යෙන පුණ‍්ණමුඛො ඵුස‍්සකොකිලො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං එතදවොච – ‘හං, සම‍්ම, පුණ‍්ණමුඛා’ති. ‘හං, සම‍්ම, කුණාලා’ති.

මෙසේ මේ පුණ්ණමුඛ නම් ඵුස්ස කොවුලාට පසුකාලයක දී නොබෝ කලකින් ලෝහිත පක්ඛන්දිකා නම් වූ වේදනා පවතින මාරාන්තික රෝගයක් හට ගත්තේය. එවිට ඵුස්ස කෝකිලයාගේ පරිවාර පක්‍ෂි කන්‍යාවන්ට මෙබඳු අදහසක් පහළ විය. මේ පුණ්ණමුඛ නම් කොවුලා ආබාධ වූයේ මේ ආබාධයෙන් සුව වන්නේ නම් යහපති යයි කීවාහුය. [missing trans]

“අථ ඛලු, භො, කුණාලො සකුණො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං පක‍්ඛෙහි ච මුඛතුණ‍්ඩකෙන ච පරිග‍්ගහෙත්‍වා වුට‍්ඨාපෙත්‍වා නානාභෙසජ‍්ජානි පායාපෙසි. අථ ඛලු, භො, පුණ‍්ණමුඛස‍්ස ඵුස‍්සකොකිලස‍්ස සො ආබාධො පටිප‍්පස‍්සම‍්භී”ති.

[missing trans]

තත්‍ථ පියකාති සෙතපුප‍්ඵා. හසනාති හ-කාරො සන්‍ධිකරො, අසනායෙව. තිරීටීති එකා රුක‍්ඛජාති. චන්‍දනාති රත‍්තසුරභිචන්‍දනා. ඔඝවනෙති එතෙසං ඔඝෙන ඝටාය සමන‍්නාගතවනෙ. දෙවදාරුකචොචගහනෙති දෙවදාරුරුක‍්ඛෙහි චෙව කදලීහි ච ගහනෙ. කච‍්චිකාරාති එකා රුක‍්ඛජාති. කණිකාරාති මහාපුප‍්ඵා. කණ‍්ණිකාරාති ඛුද‍්දකපුප‍්ඵා. කිංසුකාති වාතඝාතකා. යොධිකාති යූථිකා. වනමල‍්ලිකමනඞ‍්ගණමනවජ‍්ජභණ‍්ඩිසුරුචිරභගිනිමාලාමල්‍යධරෙති මල‍්ලිකානඤ‍්ච අනඞ‍්ගණානං අනවජ‍්ජානඤ‍්ච භණ‍්ඩීනං සුරුචිරානඤ‍්ච භගිනීනං පුප‍්ඵෙහි මාල්‍යධාරයමානෙ. ධනුතක‍්කාරීති ධනුපාටලි. තාලීසාති තාලීසපත‍්තරුක‍්ඛා. කච‍්ඡවිතතෙති එතෙහි ජාතිසුමනාදීහි විතතෙ නදිකච‍්ඡපබ‍්බතකච‍්ඡෙ. සංකුසුමිතලතාති තෙසු තෙසු ඨානෙසු සුට‍්ඨු කුසුමිතඅතිමුත‍්තකෙහි චෙව නානාවිධලතාහි ච විතතපටිමණ‍්ඩිතපදෙසෙ. ගණාධිවුට‍්ඨෙති එතෙසං විජ‍්ජාධරාදීනං ගණෙහි අධිවුට‍්ඨෙ. පුණ‍්ණමුඛොති මුඛපරිපුණ‍්ණතාය පුණ‍්ණමුඛො. පරෙහි ඵුට‍්ඨතාය ඵුස‍්සකොකිලො. විලාසිතනයනොති විලාසිතනෙත‍්තො. මත‍්තක‍්ඛොති යථා මත‍්තානං අක‍්ඛීනි රත‍්තානි හොන‍්ති, එවං රත‍්තක‍්ඛො, පමාණයුත‍්තනෙත‍්තො වා.

එහි පියකා යනු සුදුමල් හසනා යනු හකාරය සන්‍ධි වේමය. තිරිටි යනු එක් ගස් වර්ගයකි. චන්‍දනා යනු සුවඳ රතු සඳුන්. ඔඝවනෙ මේ සැඩ පහරින් ගැටුණු ඒවායින් සමන්විත වනයෙහි දේවදාරුක චොව ගහණෙ යනු දේවදාර ගස්වලින් ද කෙසෙල් ගස්වලින් ද ගහණ, කච්චිකාරා යනු එක් ගස් ජාතියක්. කණිකාරා යනු මහා මල්, කණ්ණිකාරා යනු කුඩා මල්ද, කිංසුකා යනු කෑළ. යෝධී යනු සීනිද්ද. නමල්ලික මනංගණමනමජ්ජ භණ්ඩි සුරුචිර භගිණි මාලා මල්‍යධරෙ යනු දෑසමන් උයනින් ද නිරවද්‍ය භාණ්ඩ ඇති, සිත්කළු වූ නෑ නැගණියන් විසින් ද මල්වලින් දරණ කල්හි, ධනුකාරී යනු දුනු පළොල්. තාළිසා යනු තල්පත් ගස්. කච්ඡ විත්තෙ යනු මේ සුවඳ ආදියෙන් ද, පැතුරුණු නදියෙන් ද පර්වත සමූහයෙන් ද යුතු. සංකුසුමිතලතා යනු ඒ ඒ තැන්වල පිපුණු කුසුම්වලින් ද නොයෙක් වැල්වලින් ද ආකිර්ණ වූ අලංකාර ප්‍රදේශයෙහි තාපසසමණගණාධිවුත්‍ථෙහි යනු මේ ආදී විද්‍යාධරයන් සමූහයෙන් අධිගෘහිත වූ පිරුණු මුහුණු ඇති බැවින්. පුණ්ණමුඛො අනුන් විසින් පෝෂණය කළ බැවින්. ඵුස්ස කෝකිලො. විලසිතනය නො යනු විශාල නෙත් ඇති. මත්තක්ඛො යනු යම්සේ මත්වූ ඇස් රතුවූවා පවතිත් මෙසේ රත්තක්ඛ ප්‍රමාණයෙන් යුතු වූ යනුයි.

භගිනියොති අරියවොහාරෙන ආලපනං. පරිචරෙය්‍යාථාති සකලදිවසං ගහෙත්‍වා විචරෙය්‍යාථ. ඉති සො පියකථං කථෙත්‍වා උය්‍යොජෙති. කදාචි පන කුණාලො සපරිවාරො පුණ‍්ණමුඛං දස‍්සනාය ගච‍්ඡති, කදාචි පුණ‍්ණමුඛො කුණාලස‍්ස සන‍්තිකං ආගච‍්ඡති. තෙනාහ “අථ ඛලු, භො”ති. සම‍්මාති වයස‍්ස. ආගම‍්මාති පටිච‍්ච උපනිස‍්සාය. ලභෙය්‍යාමාති කුණාලස‍්ස සන‍්තිකා පියවචනං ලභෙය්‍යාම. අප‍්පෙව නාමාති අපි නාම ලභෙය්‍යාථ, වක‍්ඛාමි නන‍්ති. සුජාතානන‍්ති සමජාතිකානං.

භගිණියො යනු ආර්ය ව්‍යවහාරයෙන් ආමන්ත්‍රණය කිරීමයි. පරිචරෙය්‍යාථ යනු මුළු දවසම ගෙන හැසිරෙවු යනු ඒ ප්‍රියකථා කොට පිටත්කර හරියි. කිසියම් දිනෙක කුණාල පක්‍ෂියා පිරිවර සහිතව පුණ්ණමුඛ දැකීම පිණිස යයි කිසියම් දිනක පුණ්ණමුඛ කුණාල සමීපයට යයි. එහෙයින් අථ ඛලු භො යනුයි. සම්මා යනු මිත්‍රයාගේ. ආගම්මා යනු නිසා ඇසුරුකොට. ලභෙය්‍යමා යනු ළංවවු යයි කියමි යනුයි. සුජාතානං යනු සමාන ජාතිකයන්ගේ.

නස‍්සාති පලාය. ජම‍්මාති ලාමක. වියත‍්තොති කො නු තයා සදිසො අඤ‍්ඤො බ්‍යත‍්තො නාම අත්‍ථි. ජායාජිනෙනාති ජායාජිතෙන, අයමෙව වා පාඨො. එවං ඉත්‍ථිපරාජිතෙන තයා සදිසො කො නාම බ්‍යත‍්තො අත්‍ථීති තං පුන එවරූපස‍්ස වචනස‍්ස අභණනත්‍ථාය අපසාදෙති. තතොයෙවාති “කුද‍්ධො මෙ කුණාලො”ති චින‍්තෙත්‍වා තතොයෙව පටිනිවත‍්ති, සො නිවත‍්තිත්‍වා සපරිවාරො අත‍්තනො නිවාසට‍්ඨානමෙව අගමාසි.

නස්සා යනු පලායන්නේය. ජම්මා යනු ලාමක. ව්‍යත්තො ඔබ හා සමාන අනෙකෙකු ව්‍යර්ථ නම් වේ. ජායා ජින්නො බිරිඳ විසින් දිනන ලද. මෙයම පාඨයයි. මෙසේ ස්ත්‍රිය පැරදුණා වූ ඔබ විසින් සමාන කවර හෝ වෙනකකු ඇත්ද, ඒ නැවත මෙබඳු ආකාර වන නොදෙඩීම පිණිස අප්‍රසාදය ලක් කරයි. තතොහෙවා යනු මට කුණාල කිපුණේ යයි සිතා එතැනම නැවතුණේය. ඔහු නැවතී, පිරිවර සහිතව තමන් වසන තැනටම පැමිණියේය.

අප‍්පෙව නාමාති සංසයපරිවිතක‍්කො, ඉමම‍්හා ආබාධා වුට‍්ඨහෙය්‍ය වා නො වාති එවං චින‍්තෙත්‍වා තං ඔහාය පක‍්කමිංසු. තුම‍්හන‍්ති තුම‍්හාකං. අප‍්පෙව නාමාති තම‍්හා ආබාධා වුට‍්ඨහෙය්‍ය වා නො වා, අම‍්හාකං ආගතකාලෙ මතො භවිස‍්සති. මයඤ‍්හි ඉදානෙව සො මරිස‍්සතීති ඤත්‍වා තුම‍්හාකං පාදපරිචාරිකා භවිතුං ආගතා. තෙනුපසඞ‍්කමීති ඉමා ඉත්‍ථියො සාමිකස‍්ස මතකාලෙ ආගතා පටික‍්කූලා භවිස‍්සාමාති තං පහාය ආගතා, අහං ගන‍්ත්‍වා මම සහායකං පුප‍්ඵඵලාදීනි නානාභෙසජ‍්ජානි සංහරිත්‍වා අරොගං කරිස‍්සාමීති චින‍්තෙත්‍වා නාගබලො මහාසත‍්තො ආකාසෙ උප‍්පතිත්‍වා යෙන සො තෙනුපසඞ‍්කමි. හන‍්ති නිපාතො, “ජීවසි, සම‍්මා”ති පුච‍්ඡන‍්තො එවමාහ. ඉතරොපිස‍්ස “ජීවාමී”ති වදන‍්තො “හං සම‍්මා”ති ආහ. පායාපෙසීති පායෙසි. පටිප‍්පස‍්සම‍්භීති වූපසමීති.

අප්පෙවනාමා යනු සැකයෙන් යුතුව මේ ආබාධයෙන් නැගිටින්නේ හෝ නැත්දැයි හෝ මෙසේ සිතා, ඔහු හැර පිටත්ව ගියහ. තුම්හං යනු ඔබලාගේ. අප්පෙව නාමා යනු ඒ ආබාධයෙන් නැගිටින්නේය. නැතහොත් අප පැමිණි කල්හි මළේ වන්නේ යයි අපි වනාහි දැන් මොහු මැරෙන්නේ යයි දැන නුඹලා ගේ බිරින්දෑවරු වීමට පැමිණියෝය. තෙනුපසංකමි යනු මේ ස්ත්‍රීහු ස්වාමියා මියගිය කල්හි ආවා, පිළිකුල් වන්නෙමුයි ඔහු හැර ආවෝ, ගොස් මගේ සහායට මල් ගෙඩි ආදි නොයෙක් බෙහෙත් ගෙනවුත් නීරෝගී කරන්නෙමුයි සිතා නාගබල ඇති බෝසත්හු අහසේ පැන නැග හෙතෙම යම්තැනකද එතැනට පැමිණියේය. හං යනු නිපාතයකි. මැනවින් ජීවත් වෙහිදැයි විචාරන්නේ මෙසේ කීවේය. සෙසු අය ජීවත් වෙමියි කියමින් හං සම්මා යනු කීවේය. පායාපෙසී යනු පැමිණියේය. පටිප්පස්සම්හි කෙළවර වන්නේයි.

තාපි දිජකඤ‍්ඤායො අස‍්මිං අරොගෙ ජාතෙ ආගතා. කුණාලොපි පුණ‍්ණමුඛං කතිපාහං ඵලාඵලානි ඛාදාපෙත්‍වා තස‍්ස බලප‍්පත‍්තකාලෙ, “සම‍්ම, ඉදානි ත්‍වං අරොගො, අත‍්තනො පරිචාරිකාහි සද‍්ධිං වස, අහම‍්පි අත‍්තනො වසනට‍්ඨානං ගමිස‍්සාමී”ති ආහ. අථ නං සො “ඉමා, සම‍්ම, මං බාළ‍්හගිලානං පහාය පලායන‍්ති, න මෙ එතාහි ධුත‍්තීහි අත්‍ථො”ති ආහ. තං සුත්‍වා මහාසත‍්තො “තෙන හි තෙ, සම‍්ම, ඉත්‍ථීනං පාපභාවං ආචික‍්ඛිස‍්සාමී”ති පුණ‍්ණමුඛං ගහෙත්‍වා හිමවන‍්තපස‍්සෙ මනොසිලාතලං නෙත්‍වා සත‍්තයොජනිකසාලරුක‍්ඛමූලෙ මනොසිලාසනෙ නිසීදි. එකස‍්මිං පස‍්සෙ පුණ‍්ණමුඛො සපරිවාරො නිසීදි. සකලහිමවන‍්තෙ දෙවඝොසනා චරි – “අජ‍්ජ කුණාලො සකුණරාජා හිමවන‍්තෙ මනොසිලාසනෙ නිසීදිත්‍වා බුද‍්ධලීලාය ධම‍්මං දෙසෙස‍්සති, තං සුණාථා”ති. පරම‍්පරඝොසෙන ඡ කාමාවචරදෙවා සුත්‍වා යෙභුය්‍යෙන තත්‍ථ සන‍්නිපතිංසු. බහුනාගසුපණ‍්ණකින‍්නරවිජ‍්ජාධරාදීනම‍්පි දෙවතා තමත්‍ථං උග‍්ඝොසෙසුං. තදා ආනන්‍දො නාම ගිජ‍්ඣරාජා දසසහස‍්සගිජ‍්ඣපරිවාරො ගිජ‍්ඣපබ‍්බතෙ පටිවසති. සොපි තං කොලාහලං සුත්‍වා “ධම‍්මං සුණිස‍්සාමී”ති සපරිවාරො ආගන‍්ත්‍වා එකමන‍්තං නිසීදි. නාරදොපි පඤ‍්චාභිඤ‍්ඤො තාපසො දසසහස‍්සතාපසපරිවුතො හිමවන‍්තපදෙසෙ විහරන‍්තො තං දෙවඝොසනං සුත්‍වා “සහායො කිර මෙ කුණාලො ඉත්‍ථීනං අගුණං කථෙස‍්සති, මහාසමාගමො භවිස‍්සති, මයාපි තං දෙසනං සොතුං වට‍්ටතී”ති තාපසදසසහස‍්සෙන සද‍්ධිං ඉද‍්ධියා තත්‍ථ ගන‍්ත්‍වා එකමන‍්තං නිසීදි. බුද‍්ධානං දෙසනාසන‍්නිපාතසදිසො මහාසමාගමො අහොසි. අථ මහාසත‍්තො ජාතිස‍්සරඤාණෙන ඉත්‍ථිදොසපටිසංයුත‍්තං අතීතභවෙ දිට‍්ඨකාරණං පුණ‍්ණමුඛං කායසක‍්ඛිං කත්‍වා කථෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඒ පක්‍ෂි කන්‍යාවෝ එහිදී නිරෝගී වූ කල්හි, කුණාල ද දින කීපයක් පුණ්ණමුඛට ගෙඩි කුඩා ගෙඩි කවා ඔහු බලවත් බවට පැමිණි කල්හි මිත්‍රය, නුඹ දැන් නිරෝගිය. තමන්ගේ බිරින්දෑවරුන් සමග වාසය කරන්න. මම ද තමන් වසන තැනට යන්නෙමියි කීවේය. ඉක්බිති ඔහුට ධනුට ඔහු මේ දැඩි ගිලන් බව හැර පලා ගියේයයි මට මෙයින් යහපතක් නැතැයි යන අර්ථය කීවේය. ඒ අසා බෝසත්, එසේ වීනම් මිත්‍රය, ස්ත්‍රීන්ගේ පව්කම් කියන්නෙමියි පුණ්ණමුඛ අල්ලාගෙන හිමවත් ප්‍රදේශයේ මනෝශිලා තලයට පමුණුවා යොදුන් සතක් ඇති සල්මුලෙක්හි මනෝශිලාසනයේ හුන්නේය. එක් පැත්තක පුණ්ණමුඛ පිරිවර සහිතව සිටියේය. මුළු හිමාලයේ ම දේව ඝෝෂා පැතුරුනේය. අද කුණාල පක්‍ෂි රජු හිමවතේ මනෝසිලාසනයේ හිඳ බුද්ධ ලීලාවෙන් ධර්මදේශනා කරන්නේය. එය අසවු! යනුවෙනි. පරම්පරා ඝෝෂාවෙන් කාමාවචර සදෙව්ලෝක දෙවිවරු දැන බහුල වශයෙන් රැස්වූහ. බොහෝ නාග ගුරුළෝ ද ගිජුලිහිණියෝ ද වනයෙහි දෙවිවරු ද ඒ අදහස උද්ඝෝෂණය කළහ. එකල ආනන්ද නම් ගිජුලිහිණි රජා දස දහසක් ගිජුලිහිණියෝ පිරිවරාගෙන ගිජ්ඣකූටයේ වාසය කරයි. හෙතෙම ද, ඒ කෝලාහලය අසා බණ අසන්නෙමැයි පිරිවර සහිතව අවුත් එකත්පසෙක හුන්නේය. පංචාභිඥා වූ නාරද තාපසයා ද, දස දහසක් තවුසන් පිරිවරා ගෙන හිමාලය ප්‍රදේශයේ වාසය කරන්නේ, ඒ දේවඝෝෂාව අසා, කුණාල මේ ස්ත්‍රීන්ගේ අගුණ කියන්නා වූ අපිද ඒ දේශනය ඇසීමට වටී යයි තාපසයන් දහසක් සමග සෘද්ධියෙන් එහි ගොස් එකත් පසෙක හුන්නාය. බුදුරදුන්ගේ දේශනය රැස්වූවන්ගේ ජන සමූහයක් හා සමාන මහා සමාගමයක් විය. ඉක්බිති බෝසත්හු ජාති ස්මරණය කරන නුවණින් ස්ත්‍රී දෝෂ කලවම් වූ, අතීත භවයෙහි දුටු කරුණු පුණ්ණමුඛට කාය සාක්ෂි සහිතව තබා කීවේය. ඒ අදහස ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ කීවේය;

“අථ ඛලු, භො, කුණාලො සකුණො තං පුණ‍්ණමුඛං ඵුස‍්සකොකිලං ගිලානවුට‍්ඨිතං අචිරවුට‍්ඨිතං ගෙලඤ‍්ඤා එතදවොච –

ඉන් අනතුරුව ඒ පින්වත් කුණාල පක්‍ෂියා ඒ පුණ්ණ මුඛ නම් ඵුස්ස කොවුලා ගිලන් වූයේ, දැඩිසේ ගිලන් වූයේ මෙසේ කීවේය.

“‘දිට‍්ඨා මයා, සම‍්ම පුණ‍්ණමුඛ, කණ‍්හා ද‍්වෙපිතිකා පඤ‍්චපතිකාය ඡට‍්ඨෙ පුරිසෙ චිත‍්තං පටිබන්‍ධන‍්තියා, යදිදං කබන්‍ධෙ පීඨසප‍්පිම‍්හී’”ති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං –

මිත්‍රය, මා විසින් මුව කළුපාටැති මුව ඇති, පියවරු දෙදෙනෙක් ද පියවරු පස් දෙනෙක් ද පුරුෂයන් හයදෙනෙක් ද දක්නා ලදි. කවන්ධ රූපයෙහි සිත ඇලී ගියේ වෙයි. මෙහි අතිරේක වාක්‍යයක්ද වෙයි.

“අථජ‍්ජුනො නකුලො භීමසෙනො, යුධිට‍්ඨිලො සහදෙවො ච රාජා; එතෙ පතී පඤ‍්ච මතිච‍්ච නාරී, අකාසි ඛුජ‍්ජවාමනකෙන පාප’න‍්ති.

ඉක්බිති අර්ජුන ය, නකුල ය, භීමසෙන ය, යුධීෂ්වර ය, සහදෙව ය යන රජවරුන් වූ මේ සැමියන් පස්දෙන ඉක්මවා ස්ත්‍රියක් කුදු මිට්ටකු සමග ලාමක වූ අනාචාර කර්මයක් කළා ය.

“දිට‍්ඨා මයා, සම‍්ම පුණ‍්ණමුඛ, සච‍්චතපාපී නාම සමණී සුසානමජ‍්ඣෙ වසන‍්තී චතුත්‍ථභත‍්තං පරිණාමයමානා සුරාධුත‍්තකෙන පාපමකාසි.

මිත්‍රය, මා විසින් පුණ්ණමුඛ සච්චතපාචී ශ්‍රමණිය සොහොන මැද වාසය කරන්නී දුටුවේය. සතරවෙනි සැමියා වෙනස් කරනු ලබන්නී සමාන පුතකු විසින් පාපයට පත් කරන ලදි.

“දිට‍්ඨා මයා, සම‍්ම පුණ‍්ණමුඛ, කාකවතී නාම දෙවී සමුද‍්දමජ‍්ඣෙ වසන‍්තී භරියා වෙනතෙය්‍යස‍්ස නටකුවෙරෙන පාපමකාසි.

මිත්‍රය, මා විසින් පූර්ණ මුව ඇති කාකාති නම් දේවිය මුහුද මැද වාසය කරන්නී වේනතෙය්‍යගේ බිරිඳගේ නැසුණු කුවේර විසින් පාපයට පත්කළ බව දක්නා ලදි.

“දිට‍්ඨා මයා, සම‍්ම පුණ‍්ණමුඛ, කුරුඞ‍්ගදෙවී නාම ලොමසුද‍්දරී එළිකකුමාරං කාමයමානා ඡළඞ‍්ගකුමාරධනන‍්තෙවාසිනා පාපමකාසි.

මිත්‍රය මා විසින් පූර්ණමුඛ අති කුරංගවි නම් ලෝම සුන්දරිය ඒළකමාරක කැමැති වන්නේ ජළංගකුමාර ධනන්තෙවාසී විසින් පාපයට පත් කළේ යයි දක්නා ලදි.

“එවඤ‍්හෙතං මයා ඤාතං, බ්‍රහ‍්මදත‍්තස‍්ස මාතරං; ඔහාය කොසලරාජං, පඤ‍්චාලචණ‍්ඩෙන පාපමකාසි.

(යම් තැනැත්තියක්) කොසොල් රජ හැරදමා පඤ්චාල චණ්ඩ සමග අනාචාර කර්මය කළා ද, බඹදත් රජු ගේ මව පිළිබඳ වූ තෙල කරුණ මා විසින් දන්නා ලද්දේ ය.

“එතා ච අඤ‍්ඤා ච අකංසු පාපං, තස‍්මාහමිත්‍ථීනං න විස‍්සසෙ නප‍්පසංසෙ; මහී යථා ජගති සමානරත‍්තා, වසුන්‍ධරා ඉතරීතරාපතිට‍්ඨා; සබ‍්බසහා අඵන්‍දනා අකුප‍්පා, තථිත්‍ථියො තායො න විස‍්සසෙ නරො.

මේ ස්ත්‍රීහු ද අන් ස්ත්‍රීහු ද ලාමක ක්‍රියාව කළාහු ය. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි. ඔවුන්ට නො පසසමි. යම්සේ ජගතී නම් වූ පෘථිවී තොමෝ සමාන ඇලුම් ඇත්තී ද, ධනය උසුලන්නදී ද, හීන ප්‍රණීත සියල්ලන්ට ම පිහිටවන්නී ද, සියල්ල ඉවසන්නී ද, නො සැලෙන්නී ද, නො කිපෙන්නී ද, ස්ත්‍රීහු ද එසේ වෙති. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.

“සීහො යථා ලොහිතමංසභොජනො, වාළමිගො පඤ‍්චාවුධො සුරුද‍්ධො; පසය‍්හඛාදී පරහිංසනෙ රතො, තථිත්‍ථියො තායො න විස‍්සසෙ නරො.

ලේ මස් බුදින, (මුඛය ගාත් සතරය යන) අත් පසක් ඇති, ඉතා දරුණු ව්‍යාල මෘග වූ සිංහයා යම්සේ පරහිංසාවෙහි ඇලුණේ බලාත්කාරයෙන් අල්වාගෙන කන්නේ වේ ද, ස්ත්‍රීහු ද එසේ වෙත්. (නුවණැති) මනුෂ්‍ය තෙම ඔවුන් විශ්වාස නො කරන්නේ ය.

“න ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ, වෙසියො නාරියො ගමනියො, න හෙතා බන්‍ධකියො නාම, වධිකායො නාම එතායො, යදිදං වෙසියො නාරියො ගමනියො”ති.

මිත්‍රය, වෛශ්‍යා ස්ත්‍රීන් ගමනෙන් අඳුනාගත නොහැකිය. බන්‍ධන ඇති, වධක වූ මේ වෛශ්‍යා ස්ත්‍රීන් ගමනට හුරුය.

“චොරො විය වෙණිකතා මදිරාව දිද‍්ධා වාණිජො විය වාචාසන්‍ථුතියො ඉස‍්සසිඞ‍්ගමිව විපරිවත‍්තායො උරගමිව දුජිව‍්හායො. සොබ‍්භමිව පටිච‍්ඡන‍්නා පාතාලමිව දුප‍්පූරා රක‍්ඛසී විය දුත‍්තොසා යමොවෙකන‍්තහාරියො. සිඛීරිව සබ‍්බභක‍්ඛා නදීරිව සබ‍්බවාහී අනිලො විය යෙනකාමංචරා නෙරු විය අවිසෙසකරා විසරුක‍්ඛො විය නිච‍්චඵලිතායොති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං –

සොරු මෙන් ගෙතූ හිසකෙස් ඇත. මත්පැන් මෙන් විෂ පොවා ඇත. වෙළෙන්දා මෙන් වචනයේ ආයුධ ඇත්තීය. වලස් අඟ මෙන් වෙනස්වන සුළුය. සර්පයා මෙන් නරක දිවක් ඇත. දියවල මෙන් වැසී ඇත. පාතලය මෙන් නොපිරී ඇත. රාක්‍ෂිය මෙන් අසතුටුය. මොනරා මෙන් සියල්ල අනුභව කරන්නේ ය. නදිය මෙන් සියල්ල රැගෙන යන්නීය. වාතය මෙන් යමක් කැමැති වන්නේ ද රැගෙන යන්නේය. අවිශේෂ වශයෙන් විෂ රුකක් මෙන් නිතර පැසී ඇත. මෙහිලා තවත් අතිරේක වැකියක්ද වෙයි –

“‘යථා චොරො යථා දිද‍්ධො, වාණිජොව විකත්‍ථනී; ඉස‍්සසිඞ‍්ගමිව පරිවත‍්තා, දුජිව‍්හා උරගො විය.

(ස්ත්‍රීහු නම්) සොරකු මෙන් ද, විෂ මිශ්‍ර සුරාවක් මෙන් ද, (විකිණිය යුතු දෑහි අගුණ වසා ගුණ ම පවසන) වෙළඳකු මෙන් ද වෙති. ඉස්ස නම් මුවාගේ අඟ මෙන් වහා පෙරළෙන්නෝ ය. (බොරු කියන හෙයින්) සර්පයකු මෙන් දෙදිව් ඇත්තෝ ය.

“‘සොබ‍්භමිව පටිච‍්ඡන‍්නා, පාතාලමිව දුප‍්පුරා; රක‍්ඛසී විය දුත‍්තොසා, යමොවෙකන‍්තහාරියො.

(පුවරු ආදියෙන් වැසුණු) අසූචි වළක් මෙන් ප්‍රතිච්ඡන්නයහ. (මහ මුහුදෙහි) පාතාලය මෙන් දුෂ්පූරයහ. යමයා මෙන් ඒකාන්තයෙන් පැහැර ගන්නෝ ය.

“යථා සිඛී නදී වාතො, නෙරුනාව සමාගතා; විසරුක‍්ඛො විය නිච‍්චඵලා, නාසයන‍්ති ඝරෙ භොගං; රතනන‍්තකරිත්‍ථියො’”ති.

ගින්න මෙන් ද, සියල්ල උසුලාගෙන (ගසා ගෙන) යන නදිය මෙන් ද වෙති. වාතය මෙන් කැමති තැන හැසිරෙන්නෝ වෙති. (හිමවතෙහි) නෙරු පර්වතය මෙන් (වෙතට පැමිණි හැම පුරුෂයන්) එකසේ දකිති. (කිම්පක්ක) නම් විෂ රුක මෙන් නිති පල ඇත්තන් ලෙස පැනෙති. (සැමියා විසින් දුකසේ සපයන ලද) රත්නයන්ට අන්තරායකාරී ස්ත්‍රීහු ගෙහි භොගය නසත්.

තත්‍ථ ගිලානවුට‍්ඨිතන‍්ති පඨමං ගිලානං පච‍්ඡා වුට‍්ඨිතං. දිට‍්ඨා මයාති අතීතෙ කිර බ්‍රහ‍්මදත‍්තො කාසිරාජා සම‍්පන‍්නබලවාහනතාය කොසලරජ‍්ජං ගහෙත්‍වා කොසලරාජානං මාරෙත්‍වා තස‍්ස අග‍්ගමහෙසිං සගබ‍්භං ගහෙත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා තං අත‍්තනො අග‍්ගමහෙසිං අකාසි. සා අපරභාගෙ ධීතරං විජායි. රඤ‍්ඤො පන පකතියා ධීතා වා පුත‍්තො වා නත්‍ථි, සො තුස‍්සිත්‍වා, “භද‍්දෙ, වරං ගණ‍්හාහී”ති ආහ. සා ගහිතකං කත්‍වා ඨපෙසි. තස‍්සා පන කුමාරිකාය “කණ‍්හා”ති නාමං කරිංසු. අථස‍්සා වයප‍්පත‍්තාය මාතා තං ආහ – “අම‍්ම, පිතරා තව වරො දින‍්නො, තමහං ගහෙත්‍වා ඨපෙසිං, තව රුච‍්චනකං වරං ගණ‍්හා”ති. සා “අම‍්ම, මය‍්හං අඤ‍්ඤං අවිජ‍්ජමානං නත්‍ථි, පතිග‍්ගහණත්‍ථාය මෙ සයං වරං කාරෙහී”ති කිලෙසබහුලතාය හිරොත‍්තප‍්පං භින්‍දිත්‍වා මාතරං ආහ. සා රඤ‍්ඤො ආරොචෙසි. රාජා “යථාරුචිතං පතිං ගණ‍්හතූ”ති වත්‍වා සයං වරං ඝොසාපෙසි. රාජඞ‍්ගණෙ සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා බහූ පුරිසා සන‍්නිපතිංසු. කණ‍්හා පුප‍්ඵසමුග‍්ගං ආදාය උත‍්තරසීහපඤ‍්ජරෙ ඨිතා ඔලොකෙන‍්තී එකම‍්පි න රොචෙසි.

එහි ගිලානා වුට්ඨිතං යනු පළමුව ගිලාන පසුව වැඩිවීම ද දිට්ඨාමයා අතීතයේ බ්‍රහ්මදත්ත නම් කසීරජු සම්පන්න වූ බලවත් බැවින් යුතුව කෝසල රාජ්‍යය ගෙන කොසොල් රජු මරා, ඔහුගේ අගමෙහෙසිය ගැබක් සහිත වූයේ, ගෙන බරණැසට ගොස් ඇය තමා ගේ අගමෙහෙසිය කළාය. ඇය පසුකල දුවක වැදුවා ය. රජුට ස්වභාවයෙන්ම දුවක හෝ පුතකු නැත. ඔහු සතුටුවී, සොඳුර වරයක් ගන්නැයි කීවේය. ඇය ගන්නා බව කොට තැබීය. ඇයගේ කුමාරියට කණ්හා යයි නම් කළාය. ඉක්බිති ඈ වයසට ගියකල්හි මව, දරුව, ඔබ ගේ පියා වරයක් දුන්නේ ය. එය මම නොගෙන තැබුවෙමි. ඔබට රුචි නම් වරය ගන්නැයි කීවාය. ඇය මට නොපෙනෙන දෙයක් නැත. ස්වාමියකු ලැබගැනීම පිණිස මට ස්වයංවරය කරවයි කෙලෙස් බහුල බැවින් හිරි-ඔතප් බිඳ මවට කීවාය. ඇය රජුට දැන්වීය. රජු කැමැති පරිදි ස්වාමියකු ගනීවායි කියා ස්වයංවරය දුන්නේය. රාජාංගනයේ සියලු අයුරින් අලංකාර කොට බොහෝ පුරුෂයෝ රැස්වූහ. ‘කණ්හා’ මල්දාමයක් ගෙන උතුරුසීහ කවුළුවේ සිට බලන්නී එකකුවත් රුචි නොකළා ය.

තදා පණ‍්ඩුරාජගොත‍්තතො අජ‍්ජුනො නකුලො භීමසෙනො යුධිට‍්ඨිලො සහදෙවොති ඉමෙ පඤ‍්ච පණ‍්ඩුරාජපුත‍්තා තක‍්කසිලායං දිසාපාමොක‍්ඛස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගහෙත්‍වා “දෙසචාරිත‍්තං ජානිස‍්සාමා”ති විචරන‍්තා බාරාණසිං පත්‍වා අන‍්තොනගරෙ කොලාහලං සුත්‍වා පුච‍්ඡිත්‍වා තමත්‍ථං ඤත්‍වා “මයම‍්පි ගමිස‍්සාමා”ති කඤ‍්චනරූපසමානරූපා තත්‍ථ ගන‍්ත්‍වා පටිපාටියා අට‍්ඨංසු. කණ‍්හා තෙ දිස‍්වා පඤ‍්චසුපි තෙසු පටිබද‍්ධචිත‍්තා හුත්‍වා පඤ‍්චන‍්නම‍්පි සීසෙසු මාලාචුම‍්බටකානි ඛිපිත්‍වා, “අම‍්ම, ඉමෙ පඤ‍්ච ජනෙ වරෙමී”ති ආහ. සාපි රඤ‍්ඤො ආරොචෙසි. රාජා වරස‍්ස දින‍්නත‍්තා “න ලභිස‍්සතී”ති අවත්‍වා අනත‍්තමනොව “කිංජාතිකා කස‍්ස පුත‍්තා”ති පුච‍්ඡිත්‍වා පණ‍්ඩුරාජපුත‍්තභාවං ඤත්‍වා තෙසං සක‍්කාරං කත්‍වා තං පාදපරිචාරිකං අදාසි.

එකල පණ්ඩු රාජවංශයට අයත් අජ්ජුන, නකුල, භීමසේන, යුධිට්ඨිල සහ දේව යන මේ පාණ්ඩු රාජ පුත්‍රයෝ පස්දෙනා තක්‍ෂිලාවේ දිසාපාමොක් ගුරුතුමා සමීපයේ ශිල්ප ඉගෙන දේශචාරිත්‍ර දන්නෙමුයි හැසිරෙමින් බරණැසට පැමිණිායේ ඇතුල්නුවර කෝලාහලයක් ඇසී, විචාරා ඒ අර්ථය දැන අපිද යන්නෙමු යයි රත්රන් රූප සමාන රූප ඇති ඒ පස්දෙනා ද එහි ගොස් පිළිවෙලින් සිටියහ. කණ්හා ඔවුන් දැක ඒ පස්දෙනා කෙරෙහි ම පිළිබඳ සිත් ඇත්තී පස්දෙනාගේම හිස්වල මල් අතුරන දමා මෑණියනි, මේ ජනයන් පස්දෙනාම වර ලබමියි කීවා ය. ඇය රජුට දැන්වීය. රජු වරය දුන් බැවින් නොලබන්නේ යයි නොකියා නොසතුටු සිත් ඇතිව කුමන ජාතියක් ද, කාගේ පුත්තු ද දැයි විචාරා පණ්ඩුරාජ පුතුන් බව දැන ඔවුන්ට සත්කාර කොට ඇයට පාදපරිචාරිකාව දුන්නේය.

සා සත‍්තභූමිකපාසාදෙ තෙ කිලෙසවසෙන සඞ‍්ගණ‍්හි. එකො පනස‍්සා පරිචාරකො ඛුජ‍්ජො පීඨසප‍්පී අත්‍ථි. සා පඤ‍්ච රාජපුත‍්තෙ කිලෙසවසෙන සඞ‍්ගණ‍්හිත්‍වා තෙසං බහි නික‍්ඛන‍්තකාලෙ ඔකාසං ලභිත්‍වා කිලෙසෙන අනුඩය‍්හමානා ඛුජ‍්ජෙන සද‍්ධිං පාපං කරොති, තෙන ච සද‍්ධිං කථෙන‍්තී – “මය‍්හං තයා සදිසො පියො නත්‍ථි, රාජපුත‍්තෙ මාරාපෙත්‍වා තෙසං ගලලොහිතෙන තව පාදෙ මක‍්ඛාපෙස‍්සාමී”ති වදති. ඉතරෙසුපි ජෙට‍්ඨභාතිකෙන මිස‍්සීභූතකාලෙ – “ඉමෙහි චතූහි ත්‍වමෙව මය‍්හං පියතරො, මයා ජීවිතම‍්පි තවත්‍ථාය පරිච‍්චත‍්තං, මම පිතු අච‍්චයෙන තුය‍්හඤ‍්ඤෙව රජ‍්ජං දාපෙස‍්සාමී”ති වදති. ඉතරෙහි සද‍්ධිං මිස‍්සීභූතකාලෙපි එසෙව නයො. තෙ “අයං අම‍්හෙ පියායති, ඉස‍්සරියඤ‍්ච නො එතං නිස‍්සාය ජාත”න‍්ති තස‍්සා අතිවිය තුස‍්සන‍්ති.

ඇය සත්මහල් ප්‍රාසාදයේ ඔවුන් කෙලෙස් වශයෙන් සංග්‍රහ පිළිගත්තීය. ඇයගේ එක් පරිවාරකයෙකුට කුදු පීඨ සර්පයෙක් ඇත. ඇය රාජපුත්‍රයන් පස්දෙනා කෙලෙස් වශයෙන් සංග්‍රහ ලැබ ඔවුන් පිටත නික්ම ගිය කල්හි ඉඩක් ලැබ කෙලෙස් වශයෙන් දැවෙනු ලබන්නේ කුදා සමග පව්කම කරයි. ඔහු සමග කථාකරන්නී මට ඔබ හා සමාන ප්‍රියයෙක් නැත. රාජකුමාරවරුන් මරා ඔවුන්ගේ බෙල්ලේ ලේවලින් ඔබගේ පාද තෙමවන්නෙමියි කියයි. අනික් අය අතරද, ජ්‍යෙෂ්ඨ සොයුරා විසින් එක්ව හැසිරෙන කල්හි මේ ජනයන් හතර දෙනාට වඩා ඔබ ම මට ප්‍රියජනක වේ. මගේ ජීවිතය ද ඔබ සඳහාම පරිත්‍යාග කරමි. මගේ පියා ඇවෑමෙන් ඔබට රාජ්‍යය දෙන බව කියයි. අනෙක් අය සමග එකතුවන කල්හි ද මේ අයුරින්ම පවසයි. මේ ඔබලා අපට ප්‍රිය වෙයි. සම්පත් ද මේ මට ඔබ නිසා හටගත්තේය. ඈ අතිශයින් සතුටුවෙයි.

සා එකදිවසං ආබාධිකා අහොසි. අථ නං තෙ පරිවාරෙත්‍වා එකො සීසං සම‍්බාහන‍්තො නිසීදි, සෙසා එකෙකං හත්‍ථඤ‍්ච පාදඤ‍්ච. ඛුජ‍්ජො පන පාදමූලෙ නිසීදි. සා සීසං සම‍්බාහමානස‍්ස ජෙට‍්ඨභාතිකස‍්ස අජ‍්ජුනකුමාරස‍්ස – “මය‍්හං තයා පියතරො නත්‍ථි, ජීවමානා තුය‍්හං ජීවිස‍්සාමි, පිතු අච‍්චයෙන තුය‍්හං රජ‍්ජං දාපෙස‍්සාමී”ති සීසෙන සඤ‍්ඤං දදමානා තං සඞ‍්ගණ‍්හි, ඉතරෙසම‍්පි හත්‍ථපාදෙහි තථෙව සඤ‍්ඤං අදාසි. ඛුජ‍්ජස‍්ස පන – “ත්‍වඤ‍්ඤෙව මම පියො, තවත්‍ථාය අහං ජීවිස‍්සාමී”ති ජිව‍්හාය සඤ‍්ඤං අදාසි. තෙ සබ‍්බෙපි පුබ‍්බෙ කථිතභාවෙන තාය සඤ‍්ඤාය තමත්‍ථං ජානිංසු. තෙසු සෙසා අත‍්තනො දින‍්නසඤ‍්ඤායෙව ජානිංසු. අජ‍්ජුනකුමාරො පන තස‍්සා හත්‍ථපාදජිව‍්හාවිකාරෙ දිස‍්වා – “යථා මය‍්හං, එවං සෙසානම‍්පි ඉමාය සඤ‍්ඤා දින‍්නා භවිස‍්සති, ඛුජ‍්ජෙන චාපි සද‍්ධිං එතිස‍්සාය සන්‍ථවෙන භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා භාතරො ගහෙත්‍වා බහි නික‍්ඛමිත්‍වා පුච‍්ඡි – “දිට‍්ඨා වො පඤ‍්චපතිකා මම සීසවිකාරං දස‍්සෙන‍්තී”ති? “ආම, දිට‍්ඨා”ති. “කිංකාරණං ජානාථා”ති? “න ජානාමා”ති. “ඉදං නාමෙත්‍ථ කාරණං, තුම‍්හාකං පන හත්‍ථපාදෙහි දින‍්නසඤ‍්ඤාය කාරණං ජානාථා”ති? “ආම, ජානාමා”ති. “අම‍්හාකම‍්පි තෙනෙව කාරණෙන අදාසි, ඛුජ‍්ජස‍්ස ජිව‍්හාවිකාරෙන සඤ‍්ඤාදානස‍්ස කාරණං ජානාථා”ති? “න ජානාමා”ති. අථ නෙසං ආචික‍්ඛිත්‍වා “ඉමිනාපි සද‍්ධිං එතාය පාපකම‍්මං කත”න‍්ති වත්‍වා තෙසු අසද‍්දහන‍්තෙසු ඛුජ‍්ජං පක‍්කොසිත්‍වා පුච‍්ඡි. සො සබ‍්බං පවත‍්තිං කථෙසි.

ඇය එක්දිනක් රෝගී වූවාය. ඉක්බිති ඇය ඔවුන් පිරිවරා එකට හිස් පිරිමදිමින් හුන්නාය. සෙස්සෝ වෙන වෙනම අත්පා හකුළුවා සිටි කුදා පාමුල සිටියෝය. ඇය හිස සම්බාහනය කරන්නා වූ ජ්‍යෙෂ්ඨ සොයුරු අර්ජුන කුමාරයාට මට ඔබට වඩා ප්‍රියතරයෙක් නැත. දිවි ඇතිතෙක් ඔබට ජීවිතය පුද දෙන්නෙමි. පියාගේ ඇවෑමෙන් ඔබට රාජ්‍යය දෙන්නෙමියි හිසින් සංඥාවක් කරමින් ඔහුට සංග්‍රහ කළාය. අනෙක් අයට ද අත් පාවලින් එසේම සංඥා දුන්නා ය. කුදාට ද, ඔබ හැර මට ප්‍රියයෙක් නැත. ඔබට ම ජීවිතය පුදන්නෙමියි දිවෙන් සංඥා කළාය. ඒ සියල්ලෝ ම පෙර කියන ලද අයුරින් ඇගේ සංඥාවන්ගේ අර්ථය දැනගත්හ. ඔවුන් අතර සෙස්සෝ තමන්ට දුන් සංඥාව දැන ගත්හ. අර්ජුන කුමාරයා ඇගේ අත් පා, දිවේ විකාරය දැක යම්සේ, මට මෙන් සෙසු අයට ද මේ සංඥාව දෙන ලද්දී වන්නීය. කුදා සමග මැය සංසර්ගයේ යෙදී යුතු බව දැන සොයුරන් ගෙන්වා ගෙන පිටත නික්ම විචාළේය. තෙපි දුටුවහු ද? මගේ සැමියන් පස්දෙනාගේ සීස විකාරය දක්වන්නී, එසේය දුටුවෙමු. කරුණු දන්නහු ද? නොදනිමු. මෙහි කරුණක් ඇත. නුඹලාට අත්පාවලින් දුන් සංඥාවගේ කාරණය දැනගනිවු. අපට ද ඒ කාරණයෙන් ම දුන්නේය. කුදාට දිවෙන් දුන් සංඥාවේ කාරණය දන්නහු ද? නොදනිමු. ඉක්බිති ඔවුන් කැඳවා මොහු සමග ද මැය පව්කම කළා යයි කියා ඔවුන් විශ්වාස නො කළ කල්හි කුදා කැඳවාගෙන විචාළේය. ඔහු සියළු පුවත් කීවේය.

තෙ තස‍්ස වචනං සුත්‍වා තස‍්සා විගතච‍්ඡන්‍දරාගා හුත්‍වා – “අහො මාතුගාමො නාම පාපො දුස‍්සීලො, මාදිසෙ නාම ජාතිසම‍්පන‍්නෙ සොභග‍්ගප‍්පත‍්තෙ පහාය එවරූපෙන ජෙගුච‍්ඡපටිකූලෙන ඛුජ‍්ජෙන සද‍්ධිං පාපකම‍්මං කරොති, කො නාම පණ‍්ඩිතජාතිකො එවං නිල‍්ලජ‍්ජාහි පාපධම‍්මාහි ඉත්‍ථීහි සද‍්ධිං රමිස‍්සතී”ති අනෙකපරියායෙන මාතුගාමං ගරහිත්‍වා “අලං නො ඝරාවාසෙනා”ති පඤ‍්ච ජනා හිමවන‍්තං පවිසිත්‍වා පබ‍්බජිත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා ආයුපරියොසානෙ යථාකම‍්මං ගතා. කුණාලො පන සකුණරාජා තදා අජ‍්ජුනකුමාරො අහොසි. තස‍්මා අත‍්තනා දිට‍්ඨකාරණං දස‍්සෙන‍්තො “දිට‍්ඨා මයා”තිආදිමාහ.

ඔවුහු ඔහුගේ වචන අසා ඇගේ පහව නොගිය ඡන්ද රාග දැන අහෝ ස්ත්‍රිය නම් පාපය. දුශ්ශීලය. අප වැනි ජාති සම්පන්න, සෞභාග්‍යය හැර දමා මෙබඳු ආකාර පිළිකුල් කුදා සමග පව්කම කරයි. කවරනම් උගත් ජාතිකයෙකු මෙසේ ලජ්ජා නැතිව පාප ධර්මයෙන් යුතු ස්ත්‍රියක සමග රමණය කරන්නේ යයි නොයෙක් ආකාරයෙන් ස්ත්‍රියට ගර්හා කොට ගිහිගෙය විසීමෙන් කම් නැත. ජනයෝ පස්දෙනා හිමාලයට පිවිස පැවිදි වී කසි කම් කොට ආයුධ කෙළවර කම්වූ පරිද්දෙන් පරලොව ගියහ. කුණාල පක්‍ෂි රජු එකල අර්ජුන කුමාරයා විය. එහෙයින් තමන් විසින් දක්නා ලද කරුණු දක්වමින් දිට්ඨාමයා යන ආදිය කීවේය.

තත්‍ථ ද‍්වෙපිතිකාති කොසලරඤ‍්ඤො ච කාසිරඤ‍්ඤො ච වසෙනෙතං වුත‍්තං. පඤ‍්චපතිකායාති පඤ‍්චපතිකා, ය-කාරො නිපාතමත‍්තො. පටිබන්‍ධන‍්තියාති පටිබන්‍ධමානා. කබන්‍ධෙති තස‍්ස කිර ගීවා ඔනමිත්‍වා උරං අල‍්ලීනා, තස‍්මා ඡින‍්නසීසො විය ඛායති. පඤ‍්ච මතිච‍්චාති එතෙ පඤ‍්ච අතික‍්කමිත්‍වා. ඛුජ‍්ජවාමනකෙනාති ඛුජ‍්ජෙන වාමනකෙන.

එහි ද්වෙ පිතිකා යනු කොසොල්රජු ද කාසි රජුගේ ද වශයෙන් කියන ලදි. පඤ්චපතිකායා යනු ස්වාමිවරු පස්දෙනා ‘ය’ කාරය නිපාත මාත්‍රයකි. පටිබන්‍ධන්තියා යනු බඳිනු ලබන්නාහු. කවන්‍ධෙ යනු ඔහුගේ බෙල්ල නවා උරහිසින් අල්ලා, එහෙයින් සිඳන ලද හිස ඇතිව මෙයින් විනාශ වේ. පඤ්චමතිච්චා යනු මේ පස්දෙනා ඉක්මවා. ඛුජ්ජවාමනකෙනා යනු කුදුවූ අඟුටුමිට්ටකු විසින්, තවද දක්වන ලද ආකාරය පෙන්වමින් නැවත දිට්ඨා යන ආදිය කීවේය.

ඉදං වත්‍වා අපරානිපි දිට‍්ඨපුබ‍්බානි දස‍්සෙන‍්තො පුන “දිට‍්ඨා”තිආදිමාහ. තත්‍ථ දුතියවත්‍ථුස‍්මිං තාව අයං විභාවනා – අතීතෙ කිර බාරාණසිං නිස‍්සාය සච‍්චතපාපී නාම සෙතසමණී සුසානෙ පණ‍්ණසාලං කාරෙත්‍වා තත්‍ථ වසමානා චත‍්තාරි භත‍්තානි අතික‍්කමිත්‍වා භුඤ‍්ජති, සකලනගරෙ චන්‍දො විය සූරියො විය ච පාකටා අහොසි. බාරාණසිවාසිනො ඛිපිත්‍වාපි ඛලිත්‍වාපි “නමො සච‍්චතපාපියා”ති වදන‍්ති. අථෙකස‍්මිං ඡණකාලෙ පඨමදිවසෙ තාව සුවණ‍්ණකාරා ගණබන්‍ධෙන එකස‍්මිං පදෙසෙ මණ‍්ඩපං කත්‍වා මච‍්ඡමංසසුරාගන්‍ධමාලාදීනි ආහරිත්‍වා සුරාපානං ආරභිංසු. අථෙකො සුවණ‍්ණකාරො සුරාපිට‍්ඨකං ඡඩ‍්ඩෙන‍්තො – “නමො සච‍්චතපාපියා”ති වත්‍වා එකෙන පණ‍්ඩිතෙන – “අම‍්භො අන්‍ධබාල, චලචිත‍්තාය ඉත්‍ථියා නමො කරොසි, අහො බාලො”ති වුත‍්තෙ – “සම‍්ම, මා එවං අවච, මා නිරයසංවත‍්තනිකං කම‍්මං කරී”ති ආහ. අථ නං සො “දුබ‍්බුද‍්ධි තුණ‍්හී හොහි, සහස‍්සෙන අබ‍්භුතං කරොහි, අහං තෙ සච‍්චතපාපිං ඉතො සත‍්තමෙ දිවසෙ අලඞ‍්කතපටියත‍්තං ඉමස‍්මිංයෙව ඨානෙ නිසින‍්නො සුරාපිට‍්ඨකං ගාහාපෙත්‍වා සුරං පිවිස‍්සාමි , මාතුගාමො ධුවසීලො නාම නත්‍ථී”ති ආහ. සො “න සක‍්ඛිස‍්සසී”ති වත්‍වා තෙන සද‍්ධිං සහස‍්සෙන අබ‍්භුතමකාසි. සො තං අඤ‍්ඤෙසං සුවණ‍්ණකාරානං ආරොචෙත්‍වා පුනදිවසෙ පාතොව තාපසවෙසෙන සුසානං පවිසිත්‍වා තස‍්සා වසනට‍්ඨානස‍්ස අවිදූරෙ සූරියං නමස‍්සන‍්තො අට‍්ඨාසි.

එහි දෙවෙනි කථා වස්තුව මේ දක්වනු ලැබේ. අතීතයේ බරණැස නිසා සච්චතපාචී නම් සුදු මෙහෙණියක් සොහොනෙහි පන්සලක් කරවා, එහි වසනු ලබන්නී බත් හතරක් ඉක්මවා අනුභව කරයි යනු මුළු නගරයේ ම සඳ-හිරු මෙන් ප්‍රසිද්ධ විය. බරණැස් වැසියෝ දමා ගැසූහු ද, පැකිලී ද සච්චතපාවීට නමස්කාර වේවා!යි කියති. ඉක්බිති එක්තරා සැණකෙළි සමයක පළමු දවසේ, රන්කාර ගණ බන්‍ධකයෙකු විසින් එක් ප්‍රදේශයක මණ්ඩපයක් කරවා, මස්මාංශ, සුරා සුවඳ මාලා ආදිය පමුණුවා සුරාපානයක් ඇරඹූහ. ඉක්බිති එක් රන්කරුවකු මුදලක් ඉවතලන්නේ සච්චතපාවීට නමස්කාර වේවා! යයි කියා එක් පණ්ඩිතයකු විසින් අහෝ අඳබාලය, චපල වූ සිත් ඇති බැවින් ස්ත්‍රියට නමස්කාර කරහි. අහෝ බාලයා යයි කී කල්හි මිත්‍රය, එසේ නොකියව. නිරයට ඇතුල්වන ක්‍රියාවන් නොකරවයි කීවේ ය. ඉක්බිති ඒ දුර්බුද්ධික පුරුෂයා නිශ්ශබ්ද විය. දහසකින් ආශ්චර්ය දෙයක් කරව. මම ඔබට සත්‍යවාදියෙක් වෙමි. මෙයින් සත්වෙනි දිනයේ අලංකාරයෙන් පිළියෙල කරන ලද මේ ස්ථානයේම හුන්නේ, සුරා කැබැල්ලක් ගෙන්වා ගෙන සුරාපානය කරන්නෙමි. මාගම සැමදා පවතින සිල් ඇතිව නම් නැතැයි කීහ. හෙතෙම නොහැකිවන්නේ යයි කියා ඔහු සමග දහසින් ඔට්ටුවක් ඇල්ලීය. හෙතෙම අනෙක් රන්කරුවන්ට ද දන්වා දෙවෙනි දිනයේ උදෑසනම තාපස වේශයෙන් සොහොනට පිවිස, ඇය වසන තැනට නුදුරින් හිරු නමස්කාර කරමින් සිටියේය.

සා භික‍්ඛාය ගච‍්ඡමානා නං දිස‍්වා – “මහිද‍්ධිකො තාපසො භවිස‍්සති, අහං තාව සුසානපස‍්සෙ වසාමි, අයං මජ‍්ඣෙ සුසානස‍්ස වසති, භවිතබ‍්බමස‍්සබ‍්භන‍්තරෙ සන‍්තධම‍්මෙන, වන්‍දිස‍්සාමි න”න‍්ති උපසඞ‍්කමිත්‍වා වන්‍දි. සො නෙව ඔලොකෙසි න ආලපි. දුතියදිවසෙපි තථෙව අකාසි. තතියදිවසෙ පන වන්‍දිතකාලෙ අධොමුඛොව “ගච‍්ඡාහී”ති ආහ. චතුත්‍ථදිවසෙ “කච‍්චි භික‍්ඛාය න කිලමසී”ති පටිසන්‍ථාරමකාසි. සා “පටිසන්‍ථාරො මෙ ලද‍්ධො”ති තුට‍්ඨා පක‍්කාමි. පඤ‍්චමදිවසෙ බහුතරං පටිසන්‍ථාරං ලභිත්‍වා ථොකං නිසීදිත්‍වා ගතා. ඡට‍්ඨෙ දිවසෙ පන තං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසින‍්නං – “භගිනි, කිං නු ඛො අජ‍්ජ බාරාණසියං මහාගීතවාදිතසද‍්දො”ති වත්‍වා – “අය්‍ය, තුම‍්හෙ න ජානාථ, නගරෙ ඡණො ඝුට‍්ඨො, තත්‍ථ කීළන‍්තානං එස සද‍්දො”ති වුත‍්තෙ – “එත්‍ථ නාමෙසො සද‍්දො”ති අජානන‍්තො විය හුත්‍වා – “භගිනි, කති භත‍්තානි අතික‍්කමෙසී”ති පුච‍්ඡි. “චත‍්තාරි, අය්‍ය, තුම‍්හෙ පන කති අතික‍්කමෙථා”ති? “සත‍්ත භගිනී”ති. ඉදං සො මුසා අභාසි. දෙවසිකං හෙස රත‍්තිං භුඤ‍්ජති. සො තං “කති තෙ භගිනි වස‍්සානි පබ‍්බජිතායා”ති පුච‍්ඡිත්‍වා තාය “ද‍්වාදස වස‍්සානී”ති වත්‍වා “තුම‍්හාකං කති වස‍්සානී”ති වුත‍්තො “ඉදං මෙ ඡට‍්ඨං වස‍්ස”න‍්ති ආහ. අථ නං “අත්‍ථි පන තෙ භගිනි සන‍්තධම‍්මාධිගමො”ති පුච‍්ඡිත්‍වා “නත්‍ථි, අය්‍ය, තුම‍්හාකං පන අත්‍ථී”ති වුත‍්තෙ “මය‍්හම‍්පි නත්‍ථී”ති වත්‍වා – “භගිනි, මයං නෙව කාමසුඛං ලභාම, න නෙක‍්ඛම‍්මසුඛං, කිං අම‍්හාකංයෙව උණ‍්හො නිරයො, මහාජනස‍්ස කිරියං කරොම, අහං ගිහී භවිස‍්සාමි, අත්‍ථි මෙ මාතු සන‍්තකං ධනං, න සක‍්කොමි දුක‍්ඛං අනුභවිතු”න‍්ති ආහ. සා තස‍්ස වචනං සුත්‍වා අත‍්තනො චලචිත‍්තතාය තස‍්මිං පටිබද‍්ධචිත‍්තා හුත්‍වා – “අය්‍ය, අහම‍්පි උක‍්කණ‍්ඨිතා, සචෙ පන මං න ඡඩ‍්ඩෙස‍්සථ, අහම‍්පි ගිහිනී භවිස‍්සාමී”ති ආහ. අථ නං සො “එහි තං න ඡඩ‍්ඩෙස‍්සාමි, භරියා මෙ භවිස‍්සසී”ති තං නගරං පවෙසෙත්‍වා සංවසිත්‍වා සුරාපානමණ‍්ඩපං ගන‍්ත්‍වා තාය සුරාපිට‍්ඨකං ගාහාපෙත්‍වා සුරං පිවි. ඉතරො සහස‍්සං ජිතො. සා තං පටිච‍්ච පුත‍්තධීතාහි වඩ‍්ඪි. තදා කුණාලො සුරාධුත‍්තකො අහොසි. තස‍්මා අත‍්තනා දිට‍්ඨං පකාසෙන‍්තො “දිට‍්ඨා මයා”තිආදිමාහ.

ඇය පිඬු පිණිස යන්නී ඔහු දැක, මහත් සෘද්ධි ඇති තාපසයකු වන්නේ යයි මම ඒතාක් සොහොන පැත්තේ වසමි. මෙතෙම මැද සොහොනට අභ්‍යන්තරයේ සත්පුරුෂ ධර්මයෙන් වඳින්නෙමි යයි එළඹ වැන්දාය. ඔහු නොබැලුවේය. කථා නොකළේය. දෙවෙනි දිනයේ ද එසේම කළාය. තෙවෙනි දිනයේ වඳින කල්හි, අධෝමුඛව යන්නැයි කීවේය. සතරවෙනි දිනයේ කිසිවෙකු පිඬු පිණිස, නොගියේ යයි පිළිසඳර කථා පැවැත්වීය. ඇය පිළිසඳර කථාව නිසා සතුටක් ලදැයි පිටත්ව ගියාය. පළමු දිනයේ බොහෝ සෙයින් පිළිසඳර කථා ලැබ, ටිකක් වේලාවක් හිඳ, ආවා වූ සවෙනි දිනයේ වැඳ ඔහු හුන්නේ, නැගණිය අද බරණැස මහා ගීතවාදන ශබ්දයක් කියා කී කල්හි, ආර්ය; නුඹ නොදනිහි, නගරයේ සැණකෙළියේ ගැටුනු එහි ක්‍රීඩා කරන්නවුන්ගේ මේ ශබ්දය යයි කී කල්හි මෙය මෙනම් ශබ්දයක් යැයි නොදනිමින් මෙන් සිටියේ නැගණිය, කොතෙක් බත් ඉක්මවන්නෙහිදැයි විචාලේය. ආර්යයනි; සතරකි. නුඹ කීයක් ඉක්මවන්නෙහිද? නැගණිය සතකි යයි මේ ඔහු මුසාවක් කීවේය. දිනපතා මෙය රාත්‍රියේ අනුභව කරයි. ඔහු නැගණිය පැවිදි වී වර්ෂ කීයක්දැයි විචාරා, ඇය විසින් දොළොස් අවුරුද්දක් යයි කියා, නුඹලාට කොපමණදැයි විචාරන්නේ, මේ සවෙනි වර්ෂය යයි කීවේය. නැගණිය, ඔබට කිසියම් විශේෂ වූ සත්පුරුෂ ධර්මයක් ඇත්දැයි කී කල්හි, නැත ආර්යනි, ඔබට ඇත්තේදැයි කී කල්හි මටද නැතැයි කියා නැගණිය, අපි කම්සැප නොලබමු. නෛෂ්ක්‍රම්‍ය සැපත ද නැත. කිම, අපගේ මහජනයාට උණු වූ අපාය ලෙස ක්‍රියා කරමු. මම ගිහි වන්නෙමි. මට මව සන්තක ධනයක් ඇත්ද? ධනයක් නොලබමි. දුක් අනුභව කරාවායි කීවේය. ඇය ඔහුගේ වචන අසා තමන්ගේ චපල සිත නිසා ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ, ඒ ආර්යනි, මමද කළකිරුණේ ඉදින් මා හැර නොයන්න. මම ද ගිහි වන්නෙමියි කීවාය. ඉක්බිති ඔුහ ද ඇයට ඔබ අත් නොහරින්නෙමි. මට බිරිඳ වන්නෙහි යයි ඇය නගරයට පමුණුවා සංවාසය කොට සුරාපාන මණ්ඩපයට ගොස්, ඇය ද සුරා පොදක් ගෙන්වාගෙන සුරාපානය කළාය. අනෙක් දහසක දිනන ලද්දේය. ඇය ඔහු නිසා දූ පුතුන් ද වැදුවාය. එකල කුණාල සුරාධූර්තයෙක් විය. හෙතෙම ඒ කරුණ ගෙනහැර පාන්නේ දිට්ඨා යන ආදිය කීවේය.

තතියවත්‍ථුස‍්මිං අතීතකථා චතුක‍්කනිපාතෙ කාකවතීජාතකවණ‍්ණනායං (ජා· අට‍්ඨ· 3.4.කාකවතීජාතකවණ‍්ණනා) විත්‍ථාරිතා. තදා පන කුණාලො ගරුළො අහොසි. තස‍්මා අත‍්තනා දිට‍්ඨං පකාසෙන‍්තො “දිට‍්ඨා මයා”තිආදිමාහ.

තෙවෙනි වස්තුවේ අතීත කථාව චතුක්ක නිපාතයේ කාකාති ජාතක වර්ණනාවේ විස්තර කර ඇත. එකල කුණාල ගුරුළෙක් විය. ඒ නිසා තමා විසින් දක්නා ලද්ද ප්‍රකාශ කරන්නේ දිට්ඨාමයා යන ආදිය කීවේය.

චතුත්‍ථවත්‍ථුස‍්මිං අතීතෙ බ්‍රහ‍්මදත‍්තො කොසලරාජානං වධිත්‍වා රජ‍්ජං ගහෙත්‍වා තස‍්ස අග‍්ගමහෙසිං ගබ‍්භිනිං ආදාය බාරාණසිං පච‍්චාගන‍්ත්‍වා තස‍්සා ගබ‍්භිනිභාවං ජානන‍්තොපි තං අග‍්ගමහෙසිං අකාසි. සා පරිපක‍්කගබ‍්භා සුවණ‍්ණරූපකසදිසං පුත‍්තං විජායිත්‍වා – “වුද‍්ධිප‍්පත‍්තම‍්පි නං බාරාණසිරාජා ‘එස මෙ පච‍්චාමිත‍්තස‍්ස පුත‍්තො, කිං ඉමිනා’ති මාරාපෙස‍්සති, මා මෙ පුත‍්තො පරහත්‍ථෙ මරතූ”ති චින‍්තෙත්‍වා ධාතිං ආහ – “අම‍්ම, ඉමං දාරකං පිලොතිකං අත්‍ථරිත්‍වා ආමකසුසානෙ නිපජ‍්ජාපෙත්‍වා එහී”ති. ධාතී තථා කත්‍වා න‍්හත්‍වා පච‍්චාගමි. කොසලරාජාපි මරිත්‍වා පුත‍්තස‍්ස ආරක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්සානුභාවෙන එකස‍්ස එළකපාලකස‍්ස තස‍්මිං පදෙසෙ එළකෙ චාරෙන‍්තස‍්ස එකා එළිකා තං කුමාරං දිස‍්වා සිනෙහං උප‍්පාදෙත්‍වා ඛීරං පායෙත්‍වා ථොකං චරිත්‍වා පුන ගන‍්ත්‍වා ද‍්වෙ තයො චත‍්තාරො වාරෙ පායෙසි. එළකපාලකො තස‍්සා කිරියං දිස‍්වා තං ඨානං ගන‍්ත්‍වා තං දාරකං දිස‍්වා පුත‍්තසිනෙහං පච‍්චුපට‍්ඨපෙත්‍වා නෙත්‍වා අත‍්තනො භරියාය අදාසි. සා පන අපුත‍්තිකා, තෙනස‍්සා ථඤ‍්ඤං නත්‍ථි, අථ නං එළිකඛීරමෙව පායෙසි. තතො පට‍්ඨාය පන දෙවසිකං ද‍්වෙ තිස‍්සො එළිකා මරන‍්ති. එළකපාලො – “ඉමස‍්මිං පටිජග‍්ගියමානෙ සබ‍්බා එළිකා මරිස‍්සන‍්ති, කිං නො ඉමිනා”ති තං එකස‍්මිං මත‍්තිකාභාජනෙ නිපජ‍්ජාපෙත්‍වා අපරෙන පිදහිත්‍වා මාසචුණ‍්ණෙන මුඛං නිබ‍්බිවරං විලිම‍්පිත්‍වා නදියං විස‍්සජ‍්ජෙසි. තමෙනං වුය‍්හමානං හෙට‍්ඨාතිත්‍ථෙ රාජනිවෙසනෙ ජිණ‍්ණපටිසඞ‍්ඛාරකො එකො චණ‍්ඩාලො සපජාපතිකො මකචිං ධොවන‍්තො දිස‍්වාව වෙගෙන ගන‍්ත්‍වා ආහරිත්‍වා තීරෙ ඨපෙත්‍වා “කිමෙත්‍ථා”ති විවරිත්‍වා ඔලොකෙන‍්තො දාරකං පස‍්සි. භරියාපිස‍්ස අපුත‍්තිකා, තස‍්සා තස‍්මිං පුත‍්තසිනෙහො නිබ‍්බත‍්ති, අථ නං ගෙහං නෙත්‍වා පටිජග‍්ගි. තං සත‍්තට‍්ඨවස‍්සකාලතො පට‍්ඨාය මාතාපිතරො රාජකුලං ගච‍්ඡන‍්තා ආදාය ගච‍්ඡන‍්ති. සොළසවස‍්සකාලතො පන පට‍්ඨාය ස‍්වෙව බහුලං ගන‍්ත්‍වා ජිණ‍්ණපටිසඞ‍්ඛරණං කරොති.

සතරවෙනි කථා වස්තුවේ, අතීතයේ බ්‍රහ්මදත්ත කෝසල රජු මරා, රාජ්‍යය ගෙන, ඔහුගේ අගමෙහෙසිය වූ ගැබිණිය ගෙන බරණැසට පෙරළා ගොස් ඇගේ ගැබිණි බව දන්නේ ම නමුත් ඇය අග්‍ර මහේෂිකාව බවට පත් කෙළේය. ඇය පිරිපුන් ගැබ ඇත්තේ, රත්රන් රූපයක් හා සමාන වූ පුතකු වදා වැඩිවිය පැමිණි කල්හි බරණැස් රජු මෙතෙම මගේ පසමිතුරාගේ පුතා. කිම මොහු විසින් මගේ පුතා මරවන්නේය. අනුන් අතින් මගේ පුතා නොමරාවා!යි සිතා කිරිමවට කීවේය. මෑණියනි, මේ මගේ දරුවා රෙද්දක අතුරා අමුසොහොනේ අතුරා එන්න. කිරි මව එසේ ස්නානය කොට පෙරළා ආවාය. කොසොල් රජු ද මියගොස් පුතාට ආරක්‍ෂක දේවතාවෙක් වී උපන්නේය. ඔහුගේ ආනුභාවයෙන් එක් එළු පාලකයකුගේ එළිච්චියක් ඒ ප්‍රදේශයේ සැරිසරන්නේ එක් එළිච්චියක් ඒ කුමාරයා දැක සෙනෙහස උපදවා කිරි පොවා, ටිකක් ඇවිද යළි ගොස් තුන් හතර වතාවක් කිරි පෙව්වාය. එළු පාලකයා ඇගේ ක්‍රියාව දැක ඒ ස්ථානයට ගොස් දරුවා දැක පුත්‍ර ස්නේහය උපදවා තමන්ගේ බිරිඳට දුන්නේය. ඇයට වනාහි පුතුන් නැති බැවින් තන’යක් නොවීය. ඉක්බිති ඔහුව එළුකිරිවලින් ම පෝෂණය කළාය. එතැන් පටන් දිනපතා දෙතුන් දෙනෙක් එළිච්චියෝ මරති. එළු පාලකයා මොහු පෝෂණය කරන කල්හි සියළු එළුවන් මරත්. මෙයින් අපට කවර ප්‍රයෝජනයක් ද, මොහු එක් මැටි භාජනයක දමා පියනකින් වසා මෑ ඇට චූර්ණයෙන් මුහුණ ආලේප කොට නදියට විසි කළේය. මෙසේ ඔහු ගිලෙන්නේ, තොටුපළ යට රජ මාලිගාවේ දිරාගිය කැළිකසල ගොඩක එක් සැඩොලෙක් භාර්යාව සමග මුහුණ සෝදන්නේ දැක වේගයෙන් ගොස් ගෙන ගංතෙර තබා මේ කිමෙක්දැයි විවෘත කොට බලන්නේ දරුවා දුටුවේය. ඔහුගේ බිරිඳ ද පුතුන් නැති බැවින් ඇයට ඔහු කෙරෙහි පුත්‍ර ස්නේහය උපන්නීය. ඉක්බිති හේ ගෙට පමුණුවා පෝෂණය කෙළේය. ඔහු අවුරුදු හත අටේ පටන් මව්පියෝ රජ ගෙදරට යන්නෝ රැගෙන යති. සොළොස්වියේ පටන් තෙමේ ම බොහෝකොට ගොස් දිරා ගිය තැන් පිළිසකර කරයි.

රඤ‍්ඤො ච අග‍්ගමහෙසියා කුරුඞ‍්ගදෙවී නාම ධීතා අහොසි උත‍්තමරූපධරා. සා තස‍්ස දිට‍්ඨකාලතො පට‍්ඨාය තස‍්මිං පටිබද‍්ධචිත‍්තා හුත්‍වා අඤ‍්ඤත්‍ථ අනභිරතා තස‍්ස කම‍්මකරණට‍්ඨානමෙව ආගච‍්ඡති. තෙසං අභිණ‍්හදස‍්සනෙන අඤ‍්ඤමඤ‍්ඤං පටිබද‍්ධචිත‍්තානං අන‍්තොරාජකුලෙයෙව පටිච‍්ඡන‍්නොකාසෙ අජ‍්ඣාචාරො පවත‍්ති. ගච‍්ඡන‍්තෙ කාලෙ පරිචාරිකායො ඤත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා කුජ‍්ඣිත්‍වා අමච‍්චෙ සන‍්නිපාතෙත්‍වා – “ඉමිනා චණ‍්ඩාලපුත‍්තෙන ඉදං නාම කතං, ඉමස‍්ස කත‍්තබ‍්බං ජානාථා”ති ආහ. අමච‍්චා “මහාපරාධො එස, නානාවිධකම‍්මකාරණා කාරෙත්‍වා පච‍්ඡා මාරෙතුං වට‍්ටතී”ති වදිංසු. තස‍්මිං ඛණෙ කුමාරස‍්ස පිතා ආරක‍්ඛදෙවතා තස‍්සෙව කුමාරස‍්ස මාතු සරීරෙ අධිමුච‍්චි. සා දෙවතානුභාවෙන රාජානං උපසඞ‍්කමිත්‍වා ආහ – “මහාරාජ, නායං කුමාරො චණ‍්ඩාලො, එස කුමාරො මම කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තො කොසලරඤ‍්ඤො පුත‍්තො, අහං ‘පුත‍්තො මෙ මතො’ති තුම‍්හාකං මුසා අවචං, අහමෙතං ‘තුම‍්හාකං පච‍්චාමිත‍්තස‍්ස පුත‍්තො’ති ධාතියා දත්‍වා ආමකසුසානෙ ඡඩ‍්ඩාපෙසිං, අථ නං එකො එළකපාලකො පටිජග‍්ගි, සො අත‍්තනො එළිකාසු මරන‍්තීසු නදියා පවාහෙසි, අථ නං වුය‍්හමානං තුම‍්හාකං ගෙහෙ ජිණ‍්ණපටිසඞ‍්ඛාරකො චණ‍්ඩාලො දිස‍්වා පොසෙසි, සචෙ න සද‍්දහථ, තෙ සබ‍්බෙ පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡථා”ති.

රජුගේ අග මෙහෙසියට ද කුරංගවී නම් එක් දුවක වූවාය. ඇය රූපශ්‍රීයෙන් අනූන ය. ඇය ඔහුව දුටු කාලයේ පටන් ඔහු කෙරෙහි පිළිබඳ සිතැත්තී වී අන් තැනක නොඇලුණේ ඔහු වැඩකරන තැනට ම පැමිණෙයි. ඔවුන්ගේ නිතර දැකීම නිසා ඔවුනොවුන් බැඳුණු සිත් ඇත්තේ රජගෙදර ඇතුළේ සැඟවුණු ස්ථානයක සංවාසය පැවැත්වීය. පිරිවර කාන්තාවෝ, කල්යාමේදී රජුට මේ බව දැන්වූහ. රජු කිපී, ඇමතියන් රැස්කරවා, මේ සැඩොල් පුතා විසින් මෙනම් දෙයක් කරන ලදි. මොහුට කළයුතු දේ දනිවු දැයි කීවේය. ඇමතියෝ මොහු මහා අපරාධකරුවෙකි. නොයෙක් විදියේ කාරණා කාරණා සලකා මොහු මරාදැමීමට වටී යයි කීවාහුය. එකෙණෙහි කුමරුගේ පියා ආරක්‍ෂක දේවතාවා ඒ කුමාරයාගේ ශරීරයේ ආරූඪ විය. ඇය දේවානුභාවයෙන් රජු වෙත එළඹ මහරජ, මේ සැඩොල් කුමරකු නොවේ. මේ මගේ කුසෙහි උපන් කෝසල රජුගේ පුතෙකි. මම මගේ පුතා මළේයයි නුඹලාට බොරු කීවෙමි. මම මොහු නුඹලාගේ පසමිතුරාගේ පුතෙකැයි කිරිමවට දී, අමුසොහොනට ඇද දැමුවෙමි. ඉක්බිති ඔහු එක් එළු පාලකයෙක් පෝෂණය කෙළේය. ඔහු තමන්ගේ එළුවන් මරන කල්හි, නදියට දැමීය. ඉක්බිති ඔහු ගිලෙන කල්හි අපේ ගෙදර, දිරාගිය තැන් පිළිසකර කරන චණ්ඩාලයා දැක පෝෂණය කෙළේය. ඉදින් එය නොඅදහවු නම්, ඒ සියල්ලෝ කැඳවා විචාරා විචාරවු යයි,

රාජා ධාතිං ආදිං කත්‍වා සබ‍්බෙ පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡිත්‍වා තථෙව තං පවත‍්තිං සුත්‍වා “ජාතිසම‍්පන‍්නොයං කුමාරො”ති තුට‍්ඨො තං න‍්හාපෙත්‍වා අලඞ‍්කාරාපෙත්‍වා තස‍්සෙව ධීතරං අදාසි. තස‍්ස පන එළිකානං මාරිතත‍්තා “එළිකකුමාරො”ති නාමං අකංසු. අථස‍්ස රාජා සසෙනවාහනං දත්‍වා – “ගච‍්ඡ අත‍්තනො පිතු සන‍්තකං රජ‍්ජං ගණ‍්හා”ති තං උය්‍යොජෙසි. සොපි කුරුඞ‍්ගදෙවිං ආදාය ගන‍්ත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාසි. අථස‍්ස බාරාණසිරාජා “අනුග‍්ගහිතසිප‍්පො අය”න‍්ති සිප‍්පසික‍්ඛාපනත්‍ථං ඡළඞ‍්ගකුමාරං නාම ආචරියං පෙසෙසි. සො තස‍්ස “ආචරියො මෙ”ති සෙනාපතිට‍්ඨානං අදාසි. අපරභාගෙ කුරුඞ‍්ගදෙවී තෙන සද‍්ධිං අනාචාරමකාසි. සෙනාපතිනොපි පරිචාරකො ධනන‍්තෙවාසී නාම අත්‍ථි. සො තස‍්ස හත්‍ථෙ කුරුඞ‍්ගදෙවියා වත්‍ථාලඞ‍්කාරාදීනි පෙසෙසි. සා තෙනපි සද‍්ධිං පාපමකාසි. කුණාලො තං කාරණං ආහරිත්‍වා දස‍්සෙන‍්තො “දිට‍්ඨා මයා”තිආදිමාහ.

රජු කිරිමව ඇතුළු සියල්ලන්ම කැඳවා ඒ පුවත දැන ජාතිසම්පන්න කුමාරයකැයි සතුටු වී ඔහු නාවා අලංකාර කොට ඔහුගේ ම දියණිය දුන්නේය. ඔහුට වනාහි එළුවන් මැරූ බැවින් එළුකුමාර යයි නම් කළහ. ඉක්බිති ඔහුට රජු සේනා සහිත වාහන දී, යව! තමන්ගේ පියා සතු රාජ්‍යය ගනිවු යයි පිටත් කෙළේය. ඔහුට “කුරංගවී” රැගෙන ගොස් රාජ්‍යයේ පිහිටීය. ඉක්බිති ඔහුට බරණැස් රජු අනුමත ශිල්ප ඇත්තේ ශිල්ප පුහුණු කිරීමට ඡළංග කුමාර නම් ආචාර්යවරයකු කොට එවීය. ඔහු ඔහුගේ ආචාර්යවරයා වේ යයි සේනාපති තනතුර දුන්නේය. පසුකාලයේ කුරංගවී ඔහු සමග අනාචාරයේ යෙදුණාය. සේනාපතියාට ද ධනන්තේවාසී නම් පරිවාරකයෙක් ඇත. ඔහු ඔහුගේ අතෙහි කුරංගවිට අලංකාර වස්ත්‍ර ආදිය යැවීය. ඇය ඔහු සමග ද අනාචාරයේ නිරත වූවාය. කුණාල ඒ කාරණයද ගෙනහැර පාමින් දිට්ඨාමයා යන ආදිය කීවේය.

තත්‍ථ ලොමසුද‍්දරීති ලොමරාජියා මණ‍්ඩිතඋදරා. ඡළඞ‍්ගකුමාරධනන‍්තෙවාසිනාති එළිකකුමාරකං පත්‍ථයමානාපි ඡළඞ‍්ගකුමාරසෙනාපතිනා ච තස‍්සෙව පරිචාරකෙන ධනන‍්තෙවාසිනා ච සද‍්ධිං පාපමකාසි. එවං අනාචාරා ඉත්‍ථියො දුස‍්සීලා පාපධම‍්මා, තෙනාහං තා නප‍්පසංසාමීති ඉදං මහාසත‍්තො අතීතං ආහරිත්‍වා දස‍්සෙසි. සො හි තදා ඡළඞ‍්ගකුමාරො අහොසි, තස‍්මා අත‍්තනා දිට‍්ඨකාරණං ආහරි.

එහි ලෝම සුන්‍දරී යනු රෝම රැසකින් සැරසුණු උදරය ඇති. ඡළංග කුමාර ධනන්තෙ වාසිනා යනු එළුව මරන්නා ප්‍රාර්ථනා කරන්නේ නමුත් ඡළංග කුමාර සෙනෙවියා විසින් ද, ඔහුගේ පිරිවරක වූ ධනන්තේවාසිනා සමගද අනාචාරයේ හැසුරුණා ය. මෙසේ අනාචාර ස්ත්‍රීහු දුශ්ශීලයෝ ය. පාප ධර්මයේ නිරත වෙති. එහෙයින් මම ඈලා ප්‍රශංසා නොකරමියි මෙය බෝසත්හු අතීතය ගෙනහැර පා පෙන්වූහ. හෙතෙම එකල ඡළංග කුමාරයා විය. එහෙයින් තමා විසින් දුටු කරුණු ගෙනහැර පෑවේය.

පඤ‍්චමවත්‍ථුස‍්මිම‍්පි අතීතෙ කොසලරාජා බාරාණසිරජ‍්ජං ගහෙත්‍වා බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසිං ගබ‍්භිනිම‍්පි අග‍්ගමහෙසිං කත්‍වා සකනගරමෙව ගතො . සා අපරභාගෙ පුත‍්තං විජායි. රාජා අපුත‍්තකත‍්තා තං පුත‍්තසිනෙහෙන පොසෙත්‍වා සබ‍්බසිප‍්පානි සික‍්ඛාපෙත්‍වා වයප‍්පත‍්තං “අත‍්තනො පිතු සන‍්තකං රජ‍්ජං ගණ‍්හා”ති පෙසෙසි. සො තත්‍ථ ගන‍්ත්‍වා රජ‍්ජං කාරෙසි. අථස‍්ස මාතා “පුත‍්තං පස‍්සිතුකාමාම‍්හී”ති කොසලරාජානං ආපුච‍්ඡිත්‍වා මහාපරිවාරා බාරාණසිං ගච‍්ඡන‍්තී ද‍්වින‍්නං රට‍්ඨානං අන‍්තරෙ එකස‍්මිං නිගමෙ නිවාසං ගණ‍්හි. තත්‍ථෙවෙකො පඤ‍්චාලචණ‍්ඩො නාම බ්‍රාහ‍්මණකුමාරො අත්‍ථි අභිරූපො. සො තස‍්සා පණ‍්ණාකාරං උපනාමෙසි. සා තං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා තෙන සද‍්ධිං පාපකම‍්මං කත්‍වා කතිපාහං තත්‍ථෙව වීතිනාමෙත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා පුත‍්තං දිස‍්වා ඛිප‍්පං නිවත‍්තිත්‍වා පුන තස‍්මිංයෙව නිගමෙ නිවාසං ගහෙත්‍වා කතිපාහං තෙන සද‍්ධිං අනාචාරං චරිත්‍වා කොසලනගරං ගතා. සා තතො පට‍්ඨාය නචිරස‍්සෙව තං තං කාරණං වත්‍වා “පුත‍්තස‍්ස සන‍්තිකං ගච‍්ඡාමී”ති රාජානං ආපුච‍්ඡිත්‍වා ගච‍්ඡන‍්තී ච ආගච‍්ඡන‍්තී ච තස‍්මිං නිගමෙ අඩ‍්ඪමාසමත‍්තං තෙන සද‍්ධිං අනාචාරං චරි. සම‍්ම පුණ‍්ණමුඛ, ඉත්‍ථියො නාමෙතා දුස‍්සීලා මුසාවාදිනියොති ඉදම‍්පි අතීතං දස‍්සෙන‍්තො මහාසත‍්තො “එවඤ‍්හෙත”න‍්තිආදිමාහ.

පස්වෙනි කථා වස්තුවේ ද අතීතයේ කොසොල් රජු බරණැස රාජ්‍යය ගෙන බරණැස් රජුගේ ගර්භණී අගමෙහෙසිය අගමෙහෙසිය කොට සිය නගරයට ම ගියේය. ඇය පසුකාලයේ පුතකු වැදුවාය. රජු පුතුන් නැති බැවින් ඔහු ව පුත්‍ර ස්නේහයෙන් පෝෂණය කරවා සියලු ශිල්ප පුහුණු කරවා වයසට පැමිණ තමාගේ පියා සතු රාජ්‍යය ගන්නැයි යැවීය. ඔහු එහි ගොස්, රාජ්‍යය විචාළේය. ඉක්බිති ඔහුගේ මව පුතා දකිනු කැමැත්තෙමියි, කොසොල් රජුගෙන් විචාරා මහත් පිරිවරින් බරණැසට යන්නී, රටවල් දෙක අතර එක් නියම්ගමක වාසය කර ගත්තාය. එහි පඤ්චාලචණ්ඩ නම් මනාරූ ඇති එක් බ්‍රාහ්මණ කුමාරයෙක් ඇත. ඔහු ඇයට පඬුරු යැවීය. ඇය ඔහු දකිද්දී ම, පිළිබඳ සිතැත්තී ඔහු සමග ‘පව්කම’ කොට දින කීපයක් එහිම කල් යවා, බරණැසට ගොස්, පුතා දැක, වහාම නැවතී, යළිත් ඒ නියම්ගමේ නිවාසයක් ගෙන දින කීපයක් ඔහු සමග අනාචාරයේ හැසිර, කොසොල් නුවරට ගියාය. ඇය එතැන් පටන් නොබෝ කලකින් ම ඒ ඒ කරුණු කියා පුතා ගේ සමීපයට යන්නෙමියි, රජු විචාරා යන්නී ද, එන්නී ද, ඒ නියම් ගමේ අඩමසක් පමණ ඔහු සමග අනාචාරයේ හැසිරුණාය. සම්පූර්ණ මුඛ ඇති ස්ත්‍රීහු නම් දුශ්ශීලය. මුසා බස් බිණින්නියෝය යයි මෙය ද අතීතය ගෙනහැර පාමින් එවං හෙතං ආදිය දේශනා කළාය.

තත්‍ථ බ්‍රහ‍්මදත‍්තස‍්ස මාතරන‍්ති බාරාණසිරජ‍්ජං කාරෙන‍්තස‍්ස බ්‍රහ‍්මදත‍්තකුමාරස‍්ස මාතරං. තදා කිර කුණාලො පඤ‍්චාලචණ‍්ඩො අහොසි, තස‍්මා තං අත‍්තනා ඤාතකාරණං දස‍්සෙන‍්තො එවමාහ.

එහි බ්‍රහ්මදත්තස්ස මාතරං යනු බරණැස් රාජ්‍යය කරන්නා වූ බ්‍රහ්මදත්ත කුමාරයාගේ මව එකල කුණාල පඤ්චාලචණ්ඩ නම් විය. එහෙයින් හේ තමන් විසින් දන්නා ලද කරුණු පෙන්වමින් මෙසේ කීවේය.

එතා චාති, සම‍්ම පුණ‍්ණමුඛ, එතාව පඤ‍්ච ඉත්‍ථියො පාපමකංසු, න අඤ‍්ඤාති සඤ‍්ඤං මා කරි, අථ ඛො එතා ච අඤ‍්ඤා ච බහූ පාපකම‍්මකාරිකාති. ඉමස‍්මිං ඨානෙ ඨත්‍වා ලොකෙ අතිචාරිනීනං වත්‍ථූනි කථෙතබ‍්බානි. ජගතීති යථා ජගතිසඞ‍්ඛාතා මහී සමානරත‍්තා පටිඝාභාවෙන සබ‍්බෙසු සමානරත‍්තා හුත්‍වා සා වසුන්‍ධරා ඉතරීතරාපතිට‍්ඨා උත‍්තමානඤ‍්ච අධමානඤ‍්ච පතිට‍්ඨා හොති, තථා ඉත්‍ථියොපි කිලෙසවසෙන සබ‍්බෙසම‍්පි උත‍්තමාධමානං පතිට‍්ඨා හොන‍්ති. ඉත්‍ථියො හි ඔකාසං ලභමානා කෙනචි සද‍්ධිං පාපකං කරොන‍්ති නාම. සබ‍්බසහාති යථා ච සා සබ‍්බමෙව සහති න ඵන්‍දති න කුප‍්පති න චලති, තථා ඉත්‍ථියො සබ‍්බෙපි පුරිසෙ ලොකස‍්සාදවසෙන සහන‍්ති. සචෙ තාසං කොචි පුරිසො චිත‍්තෙ පතිට‍්ඨිතො හොති, තස‍්ස රක‍්ඛණත්‍ථං න ඵන්‍දන‍්ති න චලන‍්ති න කොලාහලං කරොන‍්ති . යථා ච සා න කුප‍්පති න චලති, එවං ඉත්‍ථියොපි මෙථුනධම‍්මෙන න කුප‍්පන‍්ති න චලන‍්ති, න සක‍්කා තෙන පූරෙතුං.

එතචා යනු මිත්‍ර පුණ්ණමුඛ; මේ ස්ත්‍රීහු පස්දෙනාම පාපය කළහ. අනෙකකු යයි හැඟීමක් නොකළාය. මේ අන්‍යයෝ ද බොහෝ පව්කම් කරන්නෝ මේ ස්ථානයේ සිට ලෝකයේ මනා හැසිරෙන්නවුන්ගේ කථාවස්තු කිව යුතුය. ජගතී යනු යම්සේ ජගත් සංඛ්‍යාත මහපොළොව. සමානරත්තා යනු පටිඝය ස්වභාවයෙන් සියල්ලන් කෙරෙහි සමාන ඇලුම් ඇත්තේ වී ඈ. වසුන්‍ධරා ඉතරිතරා පතිට්ඨා උතුම් අය ද, පහත් අය ද පිහිටා තිබේ. එසේ ස්ත්‍රීහු ක්ලේශ වශයෙන් සියල්ලෝ උසස් පහත් වශයෙන් පිහිටා තිබෙත්. ස්ත්‍රීහු ඉඩකඩක් ලැබුණු වහාම කිසිවකු සමග පාපය නොකරන්නී යයි නොවේ. සබ්බසහා යනු යම් සේ ඇය සියළු දෙනාම ඉවසයි. නොසැලෙයි. නොකිපෙයි. එසේ ස්ත්‍රීහු සියළුම පුරුෂයන් ලෝකාස්වා ද වශයෙන් ඉවසති. සහායට ගනිති. ඉදින් ඈලාට කිසියම් පුරුෂයකු සිතෙහි පිහිටියේ ද, ඔහුගේ රැකවරණයට නොසැලෙත්. කෝලාහල නොකරත්. යම්සේ ඇය නොකිපේ ද? නොසැලේ ද, මෙසේ ස්ත්‍රීහු මෛථුන ධර්මයෙන් නො කිපෙති. නොසැලෙති. ඔහු කෙරෙන් සම්පූර්ණ වීමට නොහැකිය.

වාළමිගොති දුට‍්ඨමිගො. පඤ‍්චාවුධොති මුඛස‍්ස චෙව චතුන‍්නඤ‍්ච චරණානං වසෙනෙතං වුත‍්තං. සුරුද‍්ධොති සුලුද‍්ධො සුඵරුසො. තථිත්‍ථියොති යථා හි සීහස‍්ස මුඛඤ‍්චෙව චත‍්තාරො ච හත්‍ථපාදාති පඤ‍්චාවුධානි, තථා ඉත්‍ථීනම‍්පි රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බානි පඤ‍්චාවුධානි. යථා සො අත‍්තනො භක‍්ඛං ගණ‍්හන‍්තො තෙහිපි පඤ‍්චහි ගණ‍්හාති, තථා තාපි කිලෙසභක‍්ඛං ගණ‍්හමානා රූපාදීහි ආවුධෙහි පහරිත්‍වා ගණ‍්හන‍්ති. යථා සො කක‍්ඛළො පසය‍්හ ඛාදති, එවං එතාපි කක‍්ඛළා පසය‍්හ ඛාදිකා. තථා හෙතා ථිරසීලෙපි පුරිසෙ අත‍්තනො බලෙන පසය‍්හකාරං කත්‍වා සීලවිනාසං පාපෙන‍්ති. යථා සො පරහිංසනෙ රතො, එවමෙතාපි කිලෙසවසෙන පරහිංසනෙ රතා. තායොති තා එවං අගුණසම‍්මන‍්නාගතා න විස‍්සසෙ නරො.

වාළමිගො යනු නපුරු මෘගයා. පඤ්චහත්‍ථො මුඛයේ ද සෙසු සතරදෙනාගේ ද හැසිරීම් වශයෙන් මෙය කියන ලදි. සුරුද්ධො යනු ශූර වැද්දා, රළු ගති සහිත. තථිත්‍ථියො යනු යම්සේ සිංහයාට මුඛය ද අත් පා සතර ද පංච ආයුධ වෙති. එපරිදි ස්ත්‍රීන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ඒවා පංච ආයුධ වෙති. මෙසේ ඔහු (සිංහාය) තමන්ගේ කෑමට ගන්නාවුන් ඒ පසෙන් ගනියි. එපරිදි ඈලා ද කෙලෙස් අනුභව කරන්නේ රූප ආදී ආයුධවලින් පහර දී ගනිත්. යම්සේ සිංහයා කර්කශ වූ දේ ගුලි වශයෙන් කයිද? එසේම ස්ත්‍රීහු ද කර්කශ වූ පොදි වශයෙන් කන්නාහු එ පරිදි, ස්ථිර සීලාදි ගුණයෙන් යුතු පුරුෂයන් තමන්ගේ බලයෙන් පොදි වශයෙන් කොට ගෙන ශීල විනාශයට පමුණුවති. යම්සේ හෙතෙම අනුන්ට හිංසා කිරීමේ ඇලුණේ මෙසේ ඈලා කෙලෙස් වශයෙන් අනුන්ට හිංසා කිරීමේ ඇලුණේ වෙයි. තායො යනු ඈලා මෙසේ අගුණයෙන් සමන්විත වූයේ, මිනිසා විශ්වාස නොකළ යුත්තේය.

ගමනියොති ගණිකායො. ඉදං වුත‍්තං හොති – සම‍්ම පුණ‍්ණමුඛ, යානෙතානි ඉත්‍ථීනං “වෙසියො”තිආදීනි නාමානි, න එතානි තාසං සභාවනාමානි. න හෙතා වෙසියො නාම ගමනියො නාම බන්‍ධකියො නාම, සභාවනාමතො පන වධිකායො නාම එතායො, යා එතා වෙසියො නාරියො ගමනියොති වුච‍්චන‍්ති. වධිකායොති සාමිකඝාතිකායො. ස‍්වායමත්‍ථො මහාහංසජාතකෙන දීපෙතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං –

ගමණියො යනු ගණිකාවෝය. මෙය කියන ලද්දේ වෙයි. මිත්‍ර පුණ්ණමුඛය, යම් බඳු මේ ස්ත්‍රීන්ගේ වෛශ්‍යා ආදි වශයෙන් මොවුන්ට ස්වභාව වශයෙන් නොකියන ලදි. ඈලා වෛශ්‍යාවෝ නොවෙත්. ස්ත්‍රීහු නම් ගණිකාවෝ නොවෙත්. වද පමුණුවන්නවුන් නම් ස්වභාවයෙන් ම නපුරු තැනැත්තියෝ වෙති. මේ වෛශ්‍යා ස්ත්‍රීහු නම් ගණිකාවෝ යයි කියනු ලැබෙත්. වධිකායො යනු සැමියා ඝාතනය කරන්නියෝ. මේ ඒ අර්ථය මහාහංස ජාතකයේ කී පරිද්දෙන් දත යුතුය. මෙය කියන ලදි.

“මායා චෙතා මරීචී ච, සොකා රොගා චුපද‍්දවා; ඛරා ච බන්‍ධනා චෙතා, මච‍්චුපාසා ගුහාසයා; තාසු යො විස‍්සසෙ පොසො, සො නරෙසු නරාධමො”ති. (ජා· 2.21.118);

මෝ මායාවකි මිරිඟුවකි. ශෝකය රෝගය උපදවයි. කෲරය, බන්‍ධනයකි. මර උගුලකි. ගුහාවකි. මිනිසුන් අතර යම් පුරුෂයෙකු ඈලා විශ්වාස කරයිද? හේ පහත් මිනිසෙකි.

වෙණිකතාති කතවෙණියො. යථා හි මොළිං බන්‍ධිත්‍වා අටවියං ඨිතචොරො ධනං විලුම‍්පති, එවමෙතාපි කිලෙසවසං නෙත්‍වා ධනං විලුම‍්පන‍්ති. මදිරාව දිද‍්ධාති විසමිස‍්සකා සුරා විය. යථා සා විකාරං දස‍්සෙති, එවමෙතාපි අඤ‍්ඤෙසු පුරිසෙසු සාරත‍්තා කිච‍්චාකිච‍්චං අජානන‍්තියො අඤ‍්ඤස‍්මිං කත‍්තබ‍්බෙ අඤ‍්ඤමෙව කරොන‍්තියො විකාරං දස‍්සෙන‍්ති. වාචාසන්‍ථුතියොති යථා වාණිජො අත‍්තනො භණ‍්ඩස‍්ස වණ‍්ණමෙව භණති, එවමෙතාපි අත‍්තනො අගුණං පටිච‍්ඡාදෙත්‍වා ගුණමෙව පකාසෙන‍්ති. විපරිවත‍්තායොති යථා ඉස‍්සමිගස‍්ස සිඞ‍්ගං පරිවත‍්තිත්‍වා ඨිතං, එවං ලහුචිත‍්තතාය විපරිවත‍්තායොව හොන‍්ති. උරගමිවාති උරගො විය මුසාවාදිතාය දුජිව‍්හා නාම. සොබ‍්භමිවාති යථා පදරපටිච‍්ඡන‍්නො ගූථකූපො, එවං වත්‍ථාලඞ‍්කාරපටිච‍්ඡන‍්නා හුත්‍වා විචරන‍්ති. යථා ච කචවරෙහි පටිච‍්ඡන‍්නො ආවාටො අක‍්කන‍්තො පාදදුක‍්ඛං ජනෙති, එවමෙතාපි විස‍්සාසෙන උපසෙවියමානා. පාතාලමිවාති යථා මහාසමුද‍්දෙ පාතාලං දුප‍්පූරං, එවමෙතාපි මෙථුනෙන විජායනෙන අලඞ‍්කාරෙනාති තීහි දුප‍්පූරා. තෙනෙවාහ – “තිණ‍්ණං, භික‍්ඛවෙ, ධම‍්මානං අතිත‍්තො මාතුගාමො”තිආදි.

වෙණිකතා යනු කරන ලද රැහැන් ඇති. යම්සේ මුදුන බැඳ වනයේ සිටි සොරු ජනතාව මංකොල්ල කති. එපරිද්දෙන් කෙලෙස් වසඟයට පමුණුවා ධනය මංකොල්ල කති. මදිරාවියදිද්ධා යනු විෂ මිශ්‍ර සුරා මෙන් ඇය විකාර පෙන්වයි. එපරිදි වෙනත් පුරුෂයන් කෙරෙහි මැනවින් ඇලුණෝ කළයුතු නොකළයුතු දේ නොදන්නී අනෙකකුට කළයුතු දේ, වෙනත් කෙනෙකුට කරමින් විකාර පෙන්වති. වාචාසනථුතියො යනු යම්සේ වෙළෙන්දා තමන්ගේ භාණ්ඩයේ වර්ණය ගැනම කථා කරයි. එපරිදි තමන්ගේ අගුණ වසාදමා ගුණයම ප්‍රකාශ කරති. විපරිවත්තායො යනු යම්සේ වළහාගේ අඟ පෙරළා සිටියේ මෙසේ සැහැල්ලු සිත් ඇති බැවින් විපර්යාසයටම පත්වෙති. උරගමිව යනු සර්පයා මෙන් මුසාවාද කියන බැවින් දුජිව්හා (නරකදිව) ඇත්තී නමි. සොබ්භමිව යනු යම්සේ ලෑල්ලෙන් වැසුණු අශූචිවල මෙන් වස්ත්‍රයෙන් අලංකාර වී හැසිරෙත්. කුණුකසල පිරි ආවාටයක් වැනිය. එය මඩින්නේ පාදයට දුක ඇති කරයි. එපරිදි ම විශ්වාසයෙන් සේවනය කරනු ලබන්නා වූ. පාතලමිව යනු යම්සේ මහමුහුද යටකොටස නරක දෙයක් පිරුණේ එපරිදි මෛථුනයෙන් ජයගනු ලබන හෙයින් අලංකාර කරන්නේ තුන්ආකාර නපුරුවලින් පිරුණු. මහණෙනි, කරුණු තුනකින් මාගම අතෘප්තිකර වේ ආදි වශයෙනි.

රක‍්ඛසී වියාති යථා රක‍්ඛසී නාම මංසගිද‍්ධතාය ධනෙන න සක‍්කා තොසෙතුං, බහුම‍්පි ධනං පටික‍්ඛිපිත්‍වා මංසමෙව පත්‍ථෙති, එවමෙතාපි මෙථුනගිද‍්ධතාය බහුනාපි ධනෙන න තුස‍්සන‍්ති, ධනං අගණෙත්‍වා මෙථුනමෙව පත්‍ථෙන‍්ති. යමොවාති යථා යමො එකන‍්තහරො න කිඤ‍්චි පරිහරති, එවමෙතාපි ජාතිසම‍්පන‍්නාදීසු න කඤ‍්චි පරිහරන‍්ති, සබ‍්බං කිලෙසවසෙන සීලාදිවිනාසං පාපෙත්‍වා දුතියචිත‍්තවාරෙ නිරයං උපනෙන‍්ති. සිඛීරිවාති යථා සිඛී සුචිම‍්පි අසුචිම‍්පි සබ‍්බං භක‍්ඛයති, තථෙතාපි හීනුත‍්තමෙ සබ‍්බෙ සෙවන‍්ති. නදීඋපමායම‍්පි එසෙව නයො. යෙනකා මංචරාති භුම‍්මත්‍ථෙ කරණවචනං, යත්‍ථ එතාසං කාමො හොති, තත්‍ථෙව ධාවන‍්ති. නෙරූති හිමවති එකො සුවණ‍්ණපබ‍්බතො, තං උපගතා කාකාපි සුවණ‍්ණවණ‍්ණාව හොන‍්ති. යථා සො, එවං එතාපි නිබ‍්බිසෙසකරා අත‍්තානං උපගතං එකසදිසං කත්‍වා පස‍්සන‍්ති.

රක්ඛසිවියා යනු යම්සේ රකුසිය නම් වස්වලට ගිජු බැවින් ධනයෙන් සතුටු කිරීම නොකළ හැකිය. බොහෝ ධනය ප්‍රතික්‍ෂේප කොට මාංශම ප්‍රාර්ථනා කරයි. එපරිදි මෛථුනයට ගිජු බැවින්, බොහෝ ධනයෙන් සතුටු නො වෙති. ධනය නොගෙන, මෛථුනය ම ප්‍රාර්ථනා කරති. යමොවා යනු යම්සේ ‘යම’ එතකුදුවත් කිසිවක් පරිහරණය නොකරයි. මෙපරිදි ජාති සම්පන්නා ආදිය අතර කිසිවක් පරිහරණය නොකරති. සියල්ල කෙලෙස් වශයෙන් ශීල විනාශයට පමුණුවා දෙවෙනි සිත් වාරයේදී අපායට පමුණුවති. සිඛීරිවා යනු යම්සේ මොනරා පිරිසිදු අපිරිසිදු සියල්ල අනුභව කරයි ද, එපරිදි ඈලා ද පහත්-උතුම් සියල්ල සේවනය කරත්. නදියේ උපමාව මේ අයුරින් දත යුතුය. යෙන කාමඤ්චරා යනු භූමි අර්ථයෙහි කිරීම් වචනයයි. යම් තැනක ඈලාට කාමය වෙයි ද එතැන ම දුවත්. නේරු යනු හිමාලයේ එක් රත්රන් පර්වතයකි. එහි රැස්වුණා වූ කපුටෝ පවා රන්වන්පාටින් සිටිති. යම්සේ හෙතෙම මෙසේ නිරවශේෂ වශයෙන් තමන් වෙත සමීප වූ එකකු සමානකොට බලත්.

විසරුක‍්ඛොති අම‍්බසදිසො කිංපක‍්කරුක‍්ඛො. සො නිච‍්චමෙව ඵලති, වණ‍්ණාදිසම‍්පන‍්නො ච හොති, තෙන නං නිරාසඞ‍්කා පරිභුඤ‍්ජිත්‍වා මරන‍්ති, එවමෙව තාපි රූපාදිවසෙන නිච‍්චඵලිතා රමණීයා විය ඛායන‍්ති. සෙවියමානා පන පමාදං උප‍්පාදෙත්‍වා අපායෙසු පාතෙන‍්ති. තෙන වුත‍්තං –

විසරුක්ඛො යනු අඹ සමාන අඹ වැනි විස ඇති ගසක එය නිතර ම ඵලදරයි. වර්ණයෙන් බබළන්නේ ද වේ. එහෙයින් එය සැකයෙන් තොරව අනුභව කොට මරණයට පත් වෙති. මෙසේ මෑලා ද රූපාදි වශයෙන් නිතර ඵල ඇත්තී රමණීය මෙන් විනාශ වෙති. සෙවුනා ලබන්නේ ප්‍රමාදයට හෙළී අපායවල වැටෙත්. එහෙයින් කියන ලදි;

“ආයතිං දොසං නඤ‍්ඤාය, යො කාමෙ පටිසෙවති; විපාකන‍්තෙ හනන‍්ති නං, කිංපක‍්කමිව භක‍්ඛිත”න‍්ති. (ජා· 1.1.85);

මතු දොස් නොදැන-යමෙක් කාමය සේවනය කරයි ද? විෂ ඇති අඹ වැනි ගෙඩි කෑවා මෙන් විපාකය කෙළවර විනාශ වෙති.

යථා වා විසරුක‍්ඛො නිච‍්චඵලිතො සදා අනත්‍ථාවහො හොති, එවමෙතාපි සීලාදිවිනාසනවසෙන. යථා විසරුක‍්ඛස‍්ස මූලම‍්පි තචොපි පත‍්තම‍්පි පුප‍්ඵම‍්පි ඵලම‍්පි විසමෙවාති නිච‍්චඵලො, තථෙව තාසං රූපම‍්පි…පෙ… ඵොට‍්ඨබ‍්බම‍්පි විසමෙවාති විසරුක‍්ඛො විය නිච‍්චඵලිතායොති.

යම්‌සේ විෂ ගසක් නිතර ඵල හට ගන්නේ, සැමකල්හි අනර්ථයක්ම ගෙන දෙයි. එපරිදි ශීලාදි විනාශ වශයෙන් යම්සේ විෂ ගසේ මුල ද, සම ද (පොත්ත) පත්‍ර ද, මල් ද, ගෙඩි ද, විෂම වේ. නිතර ඵල ඇත්තේ එපරිදි ඈලාගේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදිය විෂම වේ. විසරුකේඛො විය නිච්ච ඵලිතා යො’ති

“පනුත‍්තරෙත්‍ථා”ති ගාථාබන්‍ධෙන තමත්‍ථං පාකටං කාතුං එවමාහ. තත්‍ථ රතනන‍්තකරිත්‍ථියොති සාමිකෙහි දුක‍්ඛසම‍්භතානං රතනානං අන‍්තරායකරා ඉත්‍ථියො එතානි පරෙසං දත්‍වා අනාචාරං චරන‍්ති.

පනුත්තරෙත්‍ථා යන ගාථා බන්‍ධනයෙන් ඒ අර්ථය ප්‍රකට කිරීමට මෙසේ කීවේය. එහි රතනානන්තරීත්‍ථියො යනු ස්වාමිවරුන් විසින් දුක් ඇතිකරන්නා වූ ඇලෙන්නෝ අනතුරුදායක ස්ත්‍රීහු නම් වෙති. ස්ත්‍රීහු අනුන්ට දී අනාචාරයේ හැසිරෙති.

ඉතො පරං නානප‍්පකාරෙන අත‍්තනො ධම‍්මකථාවිලාසං දස‍්සෙන‍්තො ආහ –

මෙයින් පසුව නොයෙක් ආකාරයෙන් තමන්ගේ ධර්මකථා විලාශය පෙන්වමින් මෙසේ කීවාය.

“චත‍්තාරිමානි, සම‍්ම පුණ‍්ණමුඛ, යානි වත්‍ථූනි කිච‍්චෙ ජාතෙ අනත්‍ථචරානි භවන‍්ති , තානි පරකුලෙ න වාසෙතබ‍්බානි, ගොණං ධෙනුං යානං භරියා. චත‍්තාරි එතානි පණ‍්ඩිතො ධනානි ඝරා න විප‍්පවාසයෙ. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං –

මිත්‍ර පූර්ණ මුඛය මහණෙනි, පරකුලයෙහි වාසය නොකළයුතු සතරකි. ගොනා, එළදෙන, යානය, බිරිඳ යන සතර පණ්ඩිතයන් ගෙදර අනුන්ගේ ගෙදර වාසය නොකළ යුතු බව දක්වති. තවත් අතිරේක වැකියක් ද වේ.

‘ගොණං ධෙනුඤ‍්ච යානඤ‍්ච, භරියං ඤාතිකුලෙ න වාසයෙ; භඤ‍්ජන‍්ති රථං අයානකා, අතිවාහෙන හනන‍්ති පුඞ‍්ගවං; දොහෙන හනන‍්ති වච‍්ඡකං, භරියා ඤාතිකුලෙ පදුස‍්සතී’”ති.

ගොනා ද දෙන ද යානය ද බිරිය ද යන සතර නෑ කුලයෙක් නො වැසැවිය යුත්තේය. රියක් නැත්තෝ රිය පරිභෝග කෙරෙති. අධික බර වහනය කරවීමෙන් ගවයා නසති. අධික දෙවීමෙන් වසුපැටියා නසති. නෑකුලයන්හි දී බිරිය දූෂණය කරනු ලබයි.

“ඡ ඉමානි, සම‍්ම පුණ‍්ණමුඛ, යානි වත්‍ථූනි කිච‍්චෙ ජාතෙ අනත්‍ථචරානි භවන‍්ති –

[missing trans]

‘අගුණං ධනු ඤාතිකුලෙ ච භරියා, පාරං නාවා අක‍්ඛභග‍්ගඤ‍්ච යානං; දූරෙ මිත‍්තො පාපසහායකො ච, කිච‍්චෙ ජාතෙ අනත්‍ථචරානි භවන‍්තී’”ති.

දුනුදිය රහිත දුන්න ද, නෑ කුලයෙහි වූ බිරිය ද, පරතීරයෙහි වූ නැව ද, කඩ ඇණය බුන් යානය ද, දුර සිටුනා මිතුරා ද, පවිටු මිතුරා ද යන සය වැඩක් පැමිණි කල්හි ප්‍රයෝජනවත් නො වෙති.

“අට‍්ඨහි ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථී සාමිකං අවජානාති – දලිද‍්දතා, ආතුරතා, ජිණ‍්ණතා, සුරාසොණ‍්ඩතා, මුද‍්ධතා, පමත‍්තතා, සබ‍්බකිච‍්චෙසු අනුවත‍්තනතා, සබ‍්බධනඅනුප‍්පදානෙන. ඉමෙහි ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ, අට‍්ඨහි ඨානෙහි ඉත්‍ථී සාමිකං අවජානාති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං –

මිත්‍ර පූර්ණමුඛය; ස්ථාන අටකින් ස්ත්‍රිය, ස්වාමියාව අවමානයට ලක් කරයි. පහත්කොට සිතයි. දිළිඳුකම, ලෙඩවීම, දිරායාම, සුරාසොඬ බව, ප්‍රමාදවීම, සියළු කෘත්‍යවල අනුව පැවතීම, සියළුම ධනය ඉපදවීමෙන් මෝඩකම (මුද්ධතා) මිත්‍ර පූර්ණ මුඛය මේ ස්ථාන අටෙන් වනාහි ස්ත්‍රිය සිය හිමියාව පහත් කොට සිතයි.

“‘දලිද‍්දං ආතුරඤ‍්චාපි, ජිණ‍්ණකං සුරසොණ‍්ඩකං; පමත‍්තං මුද‍්ධපත‍්තඤ‍්ච, සබ‍්බකිච‍්චෙසු හාපනං; සබ‍්බකාමප‍්පදානෙන, අවජානාති සාමික’”න‍්ති.

දිළින්දා ද, රෝගියා ද, මහල්ලා ද, සුරාසොඬහු ද, ප්‍රමත්ත වූවහු ද, මුළාවට පැමිණි (තමා කෙරෙහි) ඇලුණහු ද කෘත්‍යයන් පිරිහෙළීම කරන්නහු ද සියලු කැමති දෑ දීමෙන් ද (ස්ත්‍රීහු) සැමියාට අවමන් කෙරෙත්.

“නවහි ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ ඨානෙහි ඉත්‍ථී පදොසමාහරති – ආරාමගමනසීලා ච හොති, උය්‍යානගමනසීලා ච හොති, නදීතිත්‍ථගමනසීලා ච හොති, ඤාතිකුලගමනසීලා ච හොති, පරකුලගමනසීලා ච හොති, ආදාසදුස‍්සමණ‍්ඩනානුයොගමනුයුත‍්තසීලා ච හොති, මජ‍්ජපායිනී ච හොති, නිල‍්ලොකනසීලා ච හොති, සද‍්වාරට‍්ඨායිනී ච හොති. ඉමෙහි ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ, නවහි ඨානෙහි ඉත්‍ථී පදොසමාහරති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං –

මිත්‍ර පූර්ණමුඛය, ස්ත්‍රිය ස්ථාන නවයකින් දොස් කිළිටි බවට පැමිණේ. ආරාම ගමන් ඇල්ම වෙයි. උයන්වල ගමනට ප්‍රිය වෙයි. නදී තොටුපළ ගමන් ඇතිවෙයි. ඤාතිකුල ගමනේ ඇලෙයි. වෙනත් කුලවලට ගමන් කරයි. දාස නොවන දූෂ්‍ය නැටුම් ගැයුම් ගමනේ ඇලෙයි. මද්‍යපාන කරන්නී වෙයි. ලෝවැසියන් නොයන තැන්වල ගමන ප්‍රිය වෙයි. නරක හැසිරීම් ඇත්තී වෙයි. මිත්‍ර පුණ්ණමුඛ මේ නව ස්ථානවලින් ස්ත්‍රිය කිළිටි බවට පත්වෙයි. මෙහි තවත් වැකියක්ද ඇත්තේ වෙයි –

‘ආරාමසීලා ච උය්‍යානං, නදී ඤාති පරකුලං; ආදාසදුස‍්සමණ‍්ඩනමනුයුත‍්තා, යා චිත්‍ථී මජ‍්ජපායිනී.

යම් ස්ත්‍රියක් (සැමියා නොවිචාරා) පුෂ්පාරාමාදියට ද, උයනට ද, ගංතොටට ද, නෑකුලයට ද, අන් කුලවලට ද යන ස්වභාව ඇත්තී ද, වස්ත්‍රාදියෙන් සැරසීමෙහි යෙදුනී ද, මත්පැන් පානය කරන්නී ද,

“‘යා ච නිල‍්ලොකනසීලා, යා ච සද‍්වාරඨායිනී; නවහෙතෙහි ඨානෙහි, පදොසමාහරන‍්ති ඉත්‍ථියො’”ති.

යම් ස්ත්‍රියක් (කවුළු ආදියෙන් නිතර) බලනසුලු ද, යම් ස්ත්‍රියක් (අඟ පසඟ පෙන්වමින්) දොරකඩ සිටින්නී ද මේ නව කරුණින් ස්ත්‍රීහු සැමියා කෙරෙහි ද්වේෂය එළවන්නෝ යි.

“චත‍්තාලීසාය ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ, ඨානෙහි ඉත්‍ථී පුරිසං අච‍්චාචරති – විජම‍්භති, විනමති, විලසති, විලජ‍්ජති, නඛෙන නඛං ඝට‍්ටෙති, පාදෙන පාදං අක‍්කමති, කට‍්ඨෙන පථවිං විලිඛති, දාරකං උල‍්ලඞ‍්ඝති උල‍්ලඞ‍්ඝාපෙති , කීළති කීළාපෙති, චුම‍්බති චුම‍්බාපෙති, භුඤ‍්ජති භුඤ‍්ජාපෙති, දදාති, යාචති, කතමනුකරොති, උච‍්චං භාසති, නීචං භාසති, අවිච‍්චං භාසති, විවිච‍්චං භාසති, නච‍්චෙන ගීතෙන වාදිතෙන රොදනෙන විලසිතෙන විභූසිතෙන ජග‍්ඝති, පෙක‍්ඛති, කටිං චාලෙති, ගුය‍්හභණ‍්ඩකං සඤ‍්චාලෙති, ඌරුං විවරති, ඌරුං පිදහති, ථනං දස‍්සෙති, කච‍්ඡං දස‍්සෙති, නාභිං දස‍්සෙති, අක‍්ඛිං නිඛනති, භමුකං උක‍්ඛිපති, ඔට‍්ඨං උපලිඛති, ජිව‍්හං නිල‍්ලාලෙති, දුස‍්සං මුඤ‍්චති, දුස‍්සං පටිබන්‍ධති, සිරසං මුඤ‍්චති, සිරසං බන්‍ධති. ඉමෙහි ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ, චත‍්තාලීසාය ඨානෙහි ඉත්‍ථී පුරිසං අච‍්චාචරති.

මිත්‍ර පුණ්ණමුඛ, ස්ථාන කරුණු සතළිහකින් ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ඉක්මවා යයි. ඇඟ කිළිපොළයි. හකුළුවයි. බබළයි. ලජ්ජා නැති කරයි. නියෙන් නිය ගටයි. පාදයෙන් පාදය ඇක්මවයි. ලීකැබැල්ලෙන් පොළොව කුරුටු ගායි. දරුවා උල්ලංඝනය කරයි. එල්ලා තබයි. සෙල්ලම් කරයි. සෙල්ලම් කරවයි. සිඹියි. සිම්බවයි. අනුභව කරයි. අනුභව කරවයි. දෙයි. ඉල්ලයි. කරන දේ නැවත කරයි. උස්හඬින් කථාකරයි. පහත් ලෙස කථා කරයි. අපරික්‍ෂාකාරීව කථා කරයි. සැක සිතෙන දේ කථා කරයි. නැටීමෙන්, ගීතයෙන් වාදනයෙන් ඇඬීමෙන්, සිනහවෙන්, අලංකාරයෙන්, සිනාසෙයි, බලයි, ඉඟටිය සොළවයි. සැඟවුණු භාණ්ඩ සොලවයි. කලවා විවර කරයි. කලවා වසයි. පියයුරු පෙන්වයි. ඉන පෙන්වයි. නැබ පෙන්වයි. ඇස් කසයි. බැම ඔසවයි. තොල් ලෙවකයි. දිව දික්කරයි. දිව ලෙවකයි. වස්ත්‍රය මුදාහරියි. වස්ත්‍රය ගැටගසයි. සිරස හොලවයි. සිරස බඳියි. මිත්‍ර පුණ්ණමුඛ මේ ස්ථාන හතළිහෙන් ස්ත්‍රිය පුරුෂයා ඉක්මවා යයි.

“පඤ‍්චවීසාය ඛලු, සම‍්ම පුණ‍්ණමුඛ, ඨානෙහි ඉත්‍ථී පදුට‍්ඨා වෙදිතබ‍්බා භවති – සාමිකස‍්ස පවාසං වණ‍්ණෙති, පවුට‍්ඨං න සරති, ආගතං නාභිනන්‍දති, අවණ‍්ණං තස‍්ස භණති, වණ‍්ණං තස‍්ස න භණති, අනත්‍ථං තස‍්ස චරති, අත්‍ථං තස‍්ස න චරති, අකිච‍්චං තස‍්ස කරොති, කිච‍්චං තස‍්ස න කරොති, පරිදහිත්‍වා සයති, පරම‍්මුඛී නිපජ‍්ජති, පරිවත‍්තකජාතා ඛො පන හොති කුඞ‍්කුමියජාතා, දීඝං අස‍්සසති, දුක‍්ඛං වෙදයති, උච‍්චාරපස‍්සාවං අභිණ‍්හං ගච‍්ඡති, විලොමමාචරති, පරපුරිසසද‍්දං සුත්‍වා කණ‍්ණසොතං විවරමොදහති, නිහතභොගා ඛො පන හොති, පටිවිස‍්සකෙහි සන්‍ථවං කරොති, නික‍්ඛන‍්තපාදා ඛො පන හොති විසිඛානුචාරිනී, අතිචාරිනී ඛො පන හොති නිච‍්චං සාමිකෙ අගාරවා පදුට‍්ඨමනසඞ‍්කප‍්පා, අභිණ‍්හං ද‍්වාරෙ තිට‍්ඨති, කච‍්ඡානි අඞ‍්ගානි ථනානි දස‍්සෙති, දිසොදිසං ගන‍්ත්‍වා පෙක‍්ඛති. ඉමෙහි ඛලු සම‍්ම පුණ‍්ණමුඛ, පඤ‍්චවීසාය ඨානෙහි ඉත්‍ථී පදුට‍්ඨා වෙදිතබ‍්බා භවති. භවති ච පනුත‍්තරෙත්‍ථ වාක්‍යං –

මිත්‍ර පුණ්ණමුඛ ස්ථාන, කාරණා විසිපහකින් ස්ත්‍රිය දූෂණය වන බව දතයුතුය. යුවතිය ස්වාමියාගේ වෙන්වීම වර්ණනා කරයි. කියන ලද දෙය සිහි නොකරයි. ආකල්හි නොසතුටු වෙයි. ඔහුගේ අවර්ණය ගැන කථාකරයි. ඔහුගේ හැඩය වර්ණනා නොකරයි. ඔහුට වැඩක් නැති දේ කරයි. ඔහුගේ වැඩ ඇති දේ නොසළකයි. ඔහුට නොකළ යුත්ත කරයි. ඔහුට කලයුතු දේ නොකරයි. පොරවාගෙන දිනයි. මුහුණ වසාගෙන හොවයි. විරුද්ධපද කියන්නේ වෙයි. කොකුම්ජාති දීර්ඝ ලෙස ආස්වාදනය කරයි. දුක දන්වයි. අශූචි මලමුත්‍ර නිතර පිටකරයි. විරුද්ධ වූ තැන සැරිසරයි. පරපුරුෂ ශබ්ද අසා කණ ශබ්දය විවරකොට අදහයි. සතුටුවෙයි. සම්පත් අපතේ යවයි. වීථිවල සැරිසරයි. ප්‍රතිවාදීන් සමග පිළිසඳර කථාකරයි. පිටතට ගිය පා ඇත්තී වෙයි. ඉක්මවා කටයුතු කරන්නී වෙයි. ස්වාමියා කෙරෙහි අගෞරවයෙන් නරක සිතින් සංකල්පවලින් පිරී නිතර දොරටුව ළඟ බලාසිටියි. කටිය අඟ පසඟ, පියයුරු පෙන්වයි. දිශාවෙන් දිශාවට ගොස් පරීක්‍ෂා කරයි. මිත්‍ර පුණ්ණමුඛ මේ පස්විසි කරුණු ස්ථානවලින් යුක්ත ස්ත්‍රිය ඉතා නපුරුයයි දතයුත්තේ වෙයි. තවත් අතිරේක වාක්‍යද මෙහිලා ඇත –

‘පවාසං තස‍්ස වණ‍්ණෙති, ගතං තස‍්ස න සොචති; දිස‍්වාන පතිමාගතං නාභිනන්‍දති, භත‍්තාරවණ‍්ණං න කදාචි භාසති; එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

ඔහුගේ (සැමියාගේ) පිටත වාසය වණයි. බැහැර ගියහු (සැමියා) අනුව ශෝක නොකරයි. ගෙට පැමිණි (සැමියා) දැක සතුටුවීම නොකරයි. කිසි විටෙක සැමියාගේ ගුණ නොකියයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.

‘අනත්‍ථං තස‍්ස චරති අසඤ‍්ඤතා, අත්‍ථඤ‍්ච හාපෙති අකිච‍්චකාරිනී; පරිදහිත්‍වා සයති පරම‍්මුඛී, එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

සංයම නැත්තී ඔහුගේ අනර්ථය පිණිස හැසිරෙයි. නො කළයුතු දෑ කරන්නී අර්ථය ද නසයි. දැඩි කොට හැඳ විමුඛ ව නිදයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.

‘පරිවත‍්තජාතා ච භවති කුඞ‍්කුමී, දීඝඤ‍්ච අස‍්සසති දුක‍්ඛවෙදිනී; උච‍්චාරපස‍්සාවමභිණ‍්හං ගච‍්ඡති, එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

ඔබ මොබ පෙරළී කලබල කරන්නී වෙයි. දීර්ඝ ලෙස ආශ්වාස කරන්නී දුක් වේදනා ඇත්තී යැයි කියයි. නිතර මලමූකිස පිණිස යයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ වෙති.

‘විලොමමාචරති අකිච‍්චකාරිනී, සද‍්දං නිසාමෙති පරස‍්ස භාසතො; නිහතභොගා ච කරොති සන්‍ථවං, එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

විලොම් ව හැසිරෙයි. නො කළමනා කිස කරන්නී වෙයි. කථා කරන පරපුරුෂයන්ගේ ශබ්දය අසයි. නසන ලද භෝග ඇත්තී ක්ලේශ සන්ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ ය.

‘කිච‍්ඡෙන ලද‍්ධං කසිරාභතං ධනං, විත‍්තං විනාසෙති දුක‍්ඛෙන සම‍්භතං; පටිවිස‍්සකෙහි ච කරොති සන්‍ථවං, එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

දුකසේ ලද, දුකසේ ගෙනෙන ලද ධනය ද, දුකසේ රැස් කරන ලද වස්තුව ද විනාශ කරයි. අසල්වැසියන් සමග ක්ලේශ සන්ථවය කරයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.

‘නික‍්ඛන‍්තපාදා විසිඛානුචාරිනී, නිච‍්චඤ‍්ච සාමිම‍්හි පදුට‍්ඨමානසා; අතිචාරිනී හොති අපෙතගාරවා, එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

(සොර සැමියන් සෙවීම පිණිස) බැහැර කරන ලද පා ඇත්තී ය. වීථි සංචාරය කරන්නී ය. නිතර සිය සැමියා කෙරෙහි ප්‍රදූෂ්‍ය වූ සිත් ඇත්තී (සිය) සැමියා ඉක්මවා හැසිරෙයි. එසේ ම ගෞරව නැත්තී වෙයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.

‘අභික‍්ඛණං තිට‍්ඨති ද‍්වාරමූලෙ, ථනානි කච‍්ඡානි ච දස‍්සයන‍්තී; දිසොදිසං පෙක‍්ඛති භන‍්තචිත‍්තා, එතෙ පදුට‍්ඨාය භවන‍්ති ලක‍්ඛණා.

පියොවුරු සහ කිසිලි පෙන්වමින් නිතර දොර ළඟ සිටී. භ්‍රාන්ත වූ සිත් ඇත්තී දිශානුදිශාවන් බලයි. මේ ප්‍රදුෂ්ට ස්ත්‍රියගේ ලක්‍ෂණයෝ යි.

‘සබ‍්බා නදී වඞ‍්කගතී, සබ‍්බෙ කට‍්ඨමයා වනා; සබ‍්බිත්‍ථියො කරෙ පාපං, ලභමානෙ නිවාතකෙ.

සියලු නදීහු වක් වූ ගමන් ඇත්තාහ. සියලු වනයෝ කාෂ්ටමයහ. රහස් තැනක් ලද කල්හි සියලු ස්ත්‍රීහු පව් කරන්නාහ.

‘සචෙ ලභෙථ ඛණං වා රහො වා, නිවාතකං වාපි ලභෙථ තාදිසං; සබ‍්බාව ඉත්‍ථී කයිරුං නු පාපං, අඤ‍්ඤං අලත්‍ථ පීඨසප‍්පිනාපි සද‍්ධිං.

ඉදින් මන්ත්‍රණය කිරීමට සුදුසු අවකාශයක් හෝ එබඳු රහස් තැනක් හෝ ලැබේ නම් සියලු ස්ත්‍රීහු ද අන් පුරුෂයකු නො ලද කල්හි පිළකු සමග හෝ පාපකර්මය (අනාචාරය) කෙරෙත් මැනු.

‘නරානමාරාමකරාසු නාරිසු, අනෙකචිත‍්තාසු අනිග‍්ගහාසු ච; සබ‍්බත්‍ථ නාපීතිකරාපි චෙ සියා, න විස‍්සසෙ තිත්‍ථසමා හි නාරියො’”ති.

මිනිසුන්ගේ සිත් ඇලුම් කරන්නා වූ නොයෙක් දෙනා කෙරෙහි පිහිටි සිත් ඇත්තා වූ නිග්‍රහයෙන් හික්මවාලිය නො හැක්කා වූ මේ ස්ත්‍රීහු (මිනිසුන් විසින්) මුළු හිතින් තුටු කරවනු ලබන්නාහු නමුත් වෛශ්‍යාවෝ වෙත් ද (එහෙයින් ස්ත්‍රීන් කෙරෙහි) විශ්වාස නො කරන්නේ ය. ස්ත්‍රීහු වනාහි තීර්ථ සම වෙත්.

තත්‍ථ ගොණං ධෙනුන‍්ති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං. ඤාතිකුලෙ පදුස‍්සතීති තත්‍ථ සා නිබ‍්භයා හුත්‍වා තරුණකාලතො පට‍්ඨාය විස‍්සාසකෙහි දාසාදීහිපි සද‍්ධිං අනාචාරං චරති, ඤාතකා ඤත්‍වාපි නිග‍්ගහං න කරොන‍්ති, අත‍්තනො අකිත‍්තිං පරිහරමානා අජානන‍්තා විය හොන‍්ති. අනත්‍ථචරානීති අචරිතබ‍්බානි අත්‍ථානි, අකිච‍්චකාරානීති අත්‍ථො. අගුණන‍්ති ජියාරහිතං. පාපසහායකොති දුම‍්මිත‍්තො.

එහි ගොණං ධෙනුං යනු ලිංග විපර්යාස වශයෙන් කියන ලදි. ඤාතිකුලෙ පදූස්සති යනු එහි ඇය නිර්භය වී යොවුන් කාලයේ පටන් විශ්වාසවන්ත දාස ආදීන් සමග ඤාතීන් දැනගෙනද අනාචාරයේ හැසිරෙයි. නිග්‍රහ නොකරත්. තමන්ගේ අපකීර්තිය ප්‍රචාරය වන්නේ නමුත් නොදන්නියක මෙන් සිටියි. අනත්‍ථචාරිණී ආනිශංස නැත්තේ යන අර්ථයි. අකටයුත්ත කරන්නී යන අර්ථයි. අගුණං යනු දුනුදිය රහිත. පාප සහායකො යනු දුර්මිත්‍ර.

දලිද‍්දතාති දලිද‍්දතාය. සෙසපදෙසුපි එසෙව නයො. තත්‍ථ දලිද‍්දො අලඞ‍්කාරාදීනං අභාවතො කිලෙසෙන සඞ‍්ගණ‍්හිතුං න සක‍්කොතීති තං අවජානාති. ගිලානො වත්‍ථුකාමකිලෙසකාමෙහි සඞ‍්ගණ‍්හිතුං න සක‍්කොති. ජරාජිණ‍්ණො කායිකවාචසිකඛිඩ‍්ඩාරතිසමත්‍ථො න හොති. සුරාසොණ‍්ඩො තස‍්සා හත්‍ථපිළන්‍ධනාදීනිපි සුරාඝරඤ‍්ඤෙව පවෙසෙති. මුද‍්ධො අන්‍ධබාලො රතිකුසලො න හොති. පමත‍්තො දාසිසොණ‍්ඩො හුත්‍වා ඝරදාසීහි සද‍්ධිං සංවසති, භරියං පන අක‍්කොසති පරිභාසති, තෙන නං අවජානාති. සබ‍්බකිච‍්චෙසු අනුවත‍්තන‍්තං “අයං නිත‍්තෙජො, මමෙව අනුවත‍්තතී”ති තං අක‍්කොසති පරිභාසති. යො පන සබ‍්බං ධනං අනුප‍්පදෙති කුටුම‍්බං පටිච‍්ඡාපෙති, තස‍්ස භරියා සබ‍්බං ධනසාරං හත්‍ථෙ කත්‍වා තං දාසං විය අවජානාති, ඉච‍්ඡමානා “කො තයා අත්‍ථො”ති ඝරතොපි නං නික‍්කඩ‍්ඪති. මුද‍්ධපත‍්තන‍්ති මුද‍්ධභාවප‍්පත‍්තං.

දළිද්දතා යනු දිළිඳුකමයි. සෙසු ප්‍රදේශවලද මේ අර්ථයම වේ. එහි දිළින්දා අලංකාර දේ නැති බැවින් කෙලෙස්වලින් සංග්‍රහ කිරීමට නොහැකි වේ යන එය නොදනියි. ගිලන් වුව ද වස්තුකාම කලේශකාම ආදියෙන් සංග්‍රහ කිරීමට නොහැකි වෙයි. ජරාජීර්ණ වූයේ කායික මානසික වාචසික රති බහුලතාවය දක්‍ෂ නොවේ. සුරාවට ලොල් වූයේ ඇගේ අත් පළඳනාදිය ද සුරාගෙදරට ම ගෙන යයි. මෝඩ වූයේ, අඳබාල වුයේ රති ක්‍රීඩාවේ දක්‍ෂ නොවේ. ප්‍රමාද වූයේ දාසියට ලොල්වූයේ වී, ගෙදර දාසියන් සමග සංවාසයේ යෙදෙයි. බිරිඳට අක්‍රෝෂ පරිභව කරයි. ඔහු විසින් ඇයට අවමන් කරයි. සියළු ක්‍රියාවල අනුව යෙදෙන්නා වූ මෙතෙම තේජස් රහිතව, මා අනුවම පවතියි යන ඔහුට අක්‍රෝෂ පරිභව කරයි යනුවෙන් සියළු ධනය නූපදවයි ද, දරුපවුල ප්‍රතික්‍ෂේප කරයි. ඔහුගේ බිරිඳ සියළු ධන සාරය අතට ගෙන ඔහුට දාසියකු මෙන් අවමන් කරයි. කැමැතිවන්නා වූ කවරෙක් ඔබ විසින් ඇත්දැයි ගෙදරින් පවා හේ ඉවතට ඇද දමන්නේය. මුද්ධපත්තං යනු මෝඩබවට පැමිණි. රත්තං යනු ප්‍රමාදයයි.

පදොසමාහරතීති සාමිකෙ පදොසං ආහරති දුස‍්සති, පාපකම‍්මං කරොතීති අත්‍ථො. ආරාමගමනසීලාති සාමිකං ආපුච‍්ඡා වා අනාපුච‍්ඡා වා අභිණ‍්හං පුප‍්ඵාරාමාදීසු අඤ‍්ඤතරං ගන‍්ත්‍වා තත්‍ථ අනාචාරං චරිත්‍වා “අජ‍්ජ මයා ආරාමෙ රුක‍්ඛදෙවතාය බලිකම‍්මං කත”න‍්තිආදීනි වත්‍වා බාලසාමිකං සඤ‍්ඤාපෙති. පණ‍්ඩිතො පන “අද‍්ධා එසා තත්‍ථ අනාචාරං චරතී”ති පුන තස‍්සා ගන‍්තුං න දෙති. එවං සබ‍්බපදෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො. පරකුලන‍්ති සන්‍දිට‍්ඨසම‍්භත‍්තාදීනං ගෙහං. තං සා “අසුකකුලෙ මෙ වඩ‍්ඪි පයොජිතා අත්‍ථි, තාවකාලිකං දින‍්නකං අත්‍ථි, තං සාධෙමී”තිආදීනි වත්‍වා ගච‍්ඡති. නිල‍්ලොකනසීලාති වාතපානන‍්තරාදීහි ඔලොකනසීලා. සද‍්වාරට‍්ඨායිනීති අත‍්තනො අඞ‍්ගපච‍්චඞ‍්ගානි දස‍්සෙන‍්තී සද‍්වාරෙ තිට‍්ඨති.

පසොසමාහරති ස්වාමියා කෙරෙහි කිළිටි බව ගෙන දෙයි. දූෂිත කරයි. පව්කම් කරයි යන අර්ථයයි. ආරාමගමණසීලා යනු ස්වාමියා නොවිචාරා නිතර මල්වතු ආදියෙහි තනිකරව ගොස් එහි අනාචාරයේ හැසිර අද මා විසින් ආරාම වෘක්‍ෂ දේවතාවුන්ට බලිපූජා කෙළේ යයි ආදිය පවසා ස්වාමිබාල බව හඟවයි. පණ්ඩිතයා වනාහි ඒකාන්තයෙන් මෙන් අනාචාරයේ හැසිරෙයි යයි. යළිත් ඇයට යාමට ඉඩ නොදයෙි. මෙසේ සියළු තැන අර්ථ දතයුතුය. පරකුලං යනු දක්නා ලද හඳුනාගත් ආදීන්ගේ ගෙදරට ඔහුට ඇය අසවල් ගෙදර මා වැඩුනේය. ප්‍රයෝජන ඇත. තාවකාලිකව දුන් දේ ඇත. එය පිරිසිදු කරමියි ආදිය කියා යයි. නිල්ලොකෙන සීලා යනු වාකවුළු ආදියේ බැලීම් ආදියේ නිරත වූ. පද්වාරට්ඨායිනි යනු තමන්ගේ අඟපසඟ පෙන්වමින් ගේදොරකඩ සිටියි.

අච‍්චාචරතීති අතික‍්කම‍්ම චරති, සාමිකස‍්ස සන‍්තිකෙ ඨිතාව අඤ‍්ඤස‍්ස නිමිත‍්තං දස‍්සෙතීති අත්‍ථො. විජම‍්භතීති “අහං තං දිස‍්වා විජම‍්භිස‍්සාමි, තාය සඤ‍්ඤාය ඔකාසස‍්ස අත්‍ථිභාවං වා නත්‍ථිභාවං වා ජානෙය්‍යාසී”ති පඨමමෙව කතසඞ‍්කෙතා වා හුත්‍වා අකතසඞ‍්කෙතා වාපි “එවං එස මයි බජ‍්ඣිස‍්සතී”ති සාමිකස‍්ස පස‍්සෙ ඨිතාව විජම‍්භති විජම‍්භනං දස‍්සෙති. විනමතීති කිඤ‍්චිදෙව භූමියං පාතෙත්‍වා තං උක‍්ඛිපන‍්තී විය ඔනමිත්‍වා පිට‍්ඨිං දස‍්සෙති. විලසතීති ගමනාදීහි වා ඉරියාපථෙහි අලඞ‍්කාරෙන වා විලාසං දස‍්සෙති. විලජ‍්ජතීති ලජ‍්ජන‍්තී විය වත්‍ථෙන සරීරං ඡාදෙති, කවාටං වා භිත‍්තිං වා අල‍්ලීයති. නඛෙනාති පාදනඛෙන පාදනඛං, හත්‍ථනඛෙන හත්‍ථනඛං ඝට‍්ටෙති. කට‍්ඨෙනාති දණ‍්ඩකෙන. දාරකන‍්ති අත‍්තනො වා පුත‍්තං අඤ‍්ඤස‍්ස වා පුත‍්තං ගහෙත්‍වා උක‍්ඛිපති වා උක‍්ඛිපාපෙති වා. කීළතීති සයං වා කීළති, දාරකං වා කීළාපෙති. චුම‍්බනාදීසුපි එසෙව නයො. දදාතීති තස‍්ස කිඤ‍්චිදෙව ඵලං වා පුප‍්ඵං වා දෙති. යාචතීති තමෙව පටියාචති. අනුකරොතීති දාරකෙන කතං කතං අනුකරොති. උච‍්චන‍්ති මහාසද‍්දවසෙන වා ථොමනවසෙන වා උච‍්චං. නීචන‍්ති මන්‍දසද‍්දවසෙන වා අමනාපවචනෙන වා පරිභවවචනෙන වා නීචං. අවිච‍්චන‍්ති බහුජනමජ‍්ඣෙ අප‍්පටිච‍්ඡන‍්නං. විවිච‍්චන‍්ති රහො පටිච‍්ඡන‍්නං. නච‍්චෙනාති එතෙහි නච‍්චාදීහි නිමිත‍්තං කරොති. තත්‍ථ රොදිතෙන නිමිත‍්තකරණෙන රත‍්තිං දෙවෙ වස‍්සන‍්තෙ වාතපානෙන හත්‍ථිං ආරොපෙත්‍වා සෙට‍්ඨිපුත‍්තෙන නීතාය පුරොහිතබ්‍රාහ‍්මණියා වත්‍ථු කථෙතබ‍්බං. ජග‍්ඝතීති මහාහසිතං හසති, එවම‍්පි නිමිත‍්තං කරොති . කච‍්ඡන‍්ති උපකච‍්ඡකං. උපලිඛතීති දන‍්තෙහි උපලිඛති. සිරසන‍්ති කෙසවට‍්ටිං. එවං කෙසානං මොචනබන්‍ධනෙහිපි පරපුරිසානං නිමිත‍්තං කරොති, නියාමෙත්‍වා වා අනියාමෙත්‍වා වා කොචිදෙව සාරජ‍්ජිස‍්සතීතිපි කරොතියෙව.

අච්චාවදති යනු ඉක්මවා හැසිරෙයි. ඉක්මවා කියයි. ස්වාමියා සමීපයේ සිටියේ ද, අන්‍ය නිමිත්තක් දක්වන්නේ යන අර්ථයයි. විජම්භති යනු මම ඒ දැක කැළඹීමට පත්වෙමි. ඇගේ සංඥාවෙන් ඉඩක් ඇත්තේ ය නැත්තේය හෝ දැනගන්නේ ය. පළමුව කරන ලද සංකේතයේ සිට හෝ නොකරන ලද සංකේත ඇත්තේ හෝ වේවා මෙසේ මා කෙරෙහි මෝ බඳින්නේ යයි හෝ ස්වාමියා ගේ පසුපස සිටිමින් ම විහිළු තහළු පෙන්වයි. විනම’ති කිසියම් බිමක පතිත කරවා, ඔසවන්නාක් මෙන් නැමී පිට පෙන්වයි. විලසති ගමන් ආදියෙන් ස්ත්‍රී ඉරියව්වලින් අලංකාර විලාශයක් දක්වයි. විලජ්ජති යනු ලජ්ජාවෙන් මෙන් වස්ත්‍රයෙන් ශරීරය වසාලයි. කවාටයකට හෝ බිත්තියට ඇලී සිටියි. සැඟවී සිටියි. නඛෙන යනු පා නියවලින් පා’නිය ද අත් නියවලින් අත් නිය ද එකට ගටවයි. කට්ඨෙන යනු දණ්ඩකින්. දාරකං යනු තමාගේ හෝ පුත්‍රයකු නැතහොත් අනුන්ගේ හෝ පුත්‍රයෙකු දරුවකු ගෙන උඩට ඔසවයි. කීළති යනු තමන් සෙල්ලම් කරයි. දරුවා ලවා සෙල්ලම් කරවයි. සිඹීමෙන් ආදි ක්‍රමවලිනි. දදාති යනු ඔහුට යම්කිසි ගෙඩියක් හෝ මලක් දෙයි. යාචති යනු එයම නැවත එල්ලයි. අනුකරොති යනු දරුවා විසින් කරන ලද දේ නැවත කිරීමයි. උච්චං යනු මහත් ශබ්දයකින් හෝ ස්වල්පයක් වශයෙන් හෝ උස් හඬින් යනුයි. නීචං යනු මද ශබ්ද වශයෙන් හෝ අමනාප වශයෙන් හෝ පරිභව කිරීම් වශයෙන් හෝ පහත් ලෙස. අවිච්චං යනු බොහෝ ජනතාව මැද විවෘත වීමෙන්. විවිච්චං යනු රහසේ සැඟවී සිට. නච්චෙන යනු මේ ආදි නැටුම් ආදිය නිමිති වශයෙන් ගෙන ක්‍රියා කරයි. එහිදී හැඬීම නිමිත්ත වශයෙන් ගෙන රාත්‍රියෙහි වර්ෂාව වසින කල්හි, වාකවුළුවෙන් අත යවා සිටුපුත්‍රයා විසින් ගෙන්වා ගන්නා ලද පුරෝහිත බැමිණියගේ කථා වස්තුව කිවයුතුයි. ජග්ඝති යනු මහා හඬින් සිනහසෙන්නී මෙසේ ද නිමිත්තක් කරයි. කච්ඡං යනු කිහිලි ප්‍රදේශයයි. පලිඛති යනු දත්වලින් ලියවයි. (දත් මිටිකෑම) සිරසං යනු කෙස්වැටියයි. මෙසේ කෙස් මුදාහැරීමෙන් කෙස් එකට පීරා ගැටගැසීමෙන් ද පර පුරුෂයකු නිමිති වශයෙන් ගනියි. අනියමෙන් කිසියම් පුරුෂයකු ගැන කාමයෙන් ඇලෙන්නේය.

පදුට‍්ඨා වෙදිතබ‍්බා භවතීති අයං මයි පදුට‍්ඨා කුද‍්ධා, කුජ‍්ඣිත්‍වා ච පන මිච‍්ඡාචාරං චරතීති පණ‍්ඩිතෙන වෙදිතබ‍්බා භවති. පවාසන‍්ති “අසුකගාමෙ පයුත‍්තං ධනං නස‍්සති, ගච‍්ඡ තං සාධෙහි, වොහාරං කරොහී”තිආදීනි වත්‍වා තස‍්මිං ගතෙ අනාචාරං චරිතුකාමා පවාසං වණ‍්ණෙති. අනත්‍ථන‍්ති අවඩ‍්ඪිං. අකිච‍්චන‍්ති අකත‍්තබ‍්බයුත‍්තකං. පරිදහිත්‍වාති ගාළ‍්හං නිවාසෙත්‍වා. පරිවත‍්තකජාතාති ඉතො චිතො ච පරිවත‍්තමානා. කුඞ‍්කුමියජාතාති කොලාහලජාතා පාදමූලෙ නිපන‍්නා පරිචාරිකා උට‍්ඨාපෙති, දීපං ජාලාපෙති, නානප‍්පකාරං කොලාහලං කරොති, තස‍්ස කිලෙසරතිං නාසෙති. දුක‍්ඛං වෙදයතීති සීසං මෙ රුජ‍්ජතීතිආදීනි වදති. විලොමමාචරතීති ආහාරං සීතලං ඉච‍්ඡන‍්තස‍්ස උණ‍්හං දෙතීතිආදීනං වසෙන පච‍්චනීකවුත‍්ති හොති. නිහතභොගාති සාමිකෙන දුක‍්ඛසම‍්භතානං භොගානං සුරාලොලතාදීහි විනාසිකා. සන්‍ථවන‍්ති කිලෙසවසෙන සන්‍ථවං කරොති. නික‍්ඛන‍්තපාදාති ජාරස‍්ස උපධාරණත්‍ථාය නික‍්ඛන‍්තපාදා. සාමිකෙති පතිම‍්හි අගාරවෙන ච පදුට‍්ඨමානසාය ච අතිචාරිනී හොති.

වේදිතබ්බා භවති යනු මෙතෙම මා කෙරෙහි කිළිටි වූවා කිපී, කුපිත වී මිථ්‍යා හැසිරීම් කරයි යනු පණ්ඩිතයා විසින් දතයුතුයි. පවාසං යනු අසවල් ගමෙහි රැස්කළ ධනය නැසෙන්නේ ය. යව! එය සත්පුරුෂයන් විසින් ව්‍යවහාර කරවයි ආදිය කියා එහි ගිය කල්හි අනාචාරයේ හැසිරෙනු කැමැත්තේ සිය පෙදෙසින් වෙන්වී සිටීම මැනවින් වර්ණනා කරයි. අනත්‍ථං යනු අවැඩයි. අකිච්චං යනු අකටයුත්තක් කළයුතුයි යනුවෙනි. පරිදහිත්‍වා යනු දැඩි ලෙස පොරවාගෙන. පරාවත්ත ජාතා යනු ඔබිමොබ එහාට-මෙහාට පෙරළෙමින්. කුමකුමියජාතා යනු කෝලාහල හටගත්තේ ය. පාමුල හොත්තේ, නැගිටියි. පහන් දල්වාලයි. නොයෙක් ආකාර කෝලාහල ඇති කරයි. ඔහුගේ කෙලෙස් රතිය විනාශ කරයි. දුක්ඛං වේදයති යනු හිසේ ඇම්ම වේදනාව හටගනියි ආදිය පවසයි. විලොමං ආචරති යනු සිසිල් ආහාර කැමැති වූ විට උණුසුම් ඒවා දෙයි. ආදි වශයෙන් විරුද්ධකම් කරයි. නිහතභොගා යනු හිමියා විසින් දුකින් රැස්කරන ලද සම්පත් සුරා ලොල්වීම් ආදියෙන් විනාශ කරයි. සන්‍ථවං යනු කෙළෙස් වශයෙන් පිළිසඳර කථා කරයි. නික්ඛන්ත පාදා යනු සොර සැමියාට සැළකීම පිණිස ඉවතට හරවන ලද පා ඇත්තේ සිය හිමියා කෙරෙහි, අගෞරවයෙන්, දූෂිත වූ මනසින් යුතුව ඉක්මවා කටයුතු කරයි යනුවෙනි.

සබ‍්බිත්‍ථියොති ඨපෙත්‍වා විපස‍්සනාය තනුකතකිලෙසා සෙසා සබ‍්බා ඉත්‍ථියො පාපං කරෙය්‍යුං. ලභමානෙති ලබ‍්භමානෙ, සංවිජ‍්ජමානෙති අත්‍ථො. නිවාතකෙති රහොමන‍්තනකෙ පරිභෙදකෙ. ඛණං වා රහො වාති පාපකරණත්‍ථාය ඔකාසං වා පටිච‍්ඡන‍්නට‍්ඨානං වා. කයිරුං නූති එත්‍ථ නූ-ති නිපාතමත‍්තං. අලත්‍ථාති අලද‍්ධා. අයමෙව වා පාඨො, අඤ‍්ඤං සම‍්පන‍්නපුරිසං අලභිත්‍වා පීඨසප‍්පිනාපි තතො පටික‍්කූලතරෙනාපි පාපං කරෙය්‍යුං. ආරාමකරාසූති අභිරතිකාරිකාසු. අනිග‍්ගහාසූති නිග‍්ගහෙන විනෙතුං අසක‍්කුණෙය්‍යාසු. තිත්‍ථසමාති යථා තිත්‍ථං උත‍්තමාධමෙසු න කඤ‍්චි න‍්හායන‍්තං වාරෙති, තථා එතාපි රහො වා ඛණෙ වා නිවාතකෙ වා සති න කඤ‍්චි පටික‍්ඛිපන‍්ති.

සබ්බිත්‍ථියො යනු විශේෂ වශයෙන් හැර, ශරීරයේ හටගත් කෙලෙස් ඇති සෙසු සියලු ස්ත්‍රීහු වරද, පාපය කරන්නාහුය. ලභමානෙ යනු ලබන කල්හි, විද්‍යමාන වන කල්හි යන අර්ථයයි. නිවාතකෙ යනු රහසිගත මන්ත්‍ර සාකච්ඡාවලින් බිඳවාලීමයි. ඛණං වා රහොච යනු පව්කම කිරීම පිණිස ඉඩකඩක් හෝ සැඟවුණු රහසිගත ස්ථානයක් හෝ යනුවෙනි. කරෙය්‍ය නො යනු මෙහි නො යනු නිපාත මාත්‍රයකි. අලත්‍ථා යනු නොලැබීමයි. අලද්ධා යන මේ පාඨයම වේ. වෙනත් සම්පූර්ණ, ගැලපෙන පුරුෂයකු නොලැබ මෙහෙකරුවකු සමග හෝ පිහිට කොටගෙන පාපකර්මය කරන්නේය. ආරාම කරාසූ යනු අභිරතියෙහි නිරතවීමයි. අනිග්ගහාසු යනු නිග්‍රහයෙන් හික්මවන්නට නොහැකි වන්නාහුය. තිත්‍ථසමා යනු යම්සේ තොටුපොළ උස්-පහත් ආදි වශයෙන් වූ කිසිවකු ස්නානය කරන්නේ නොවළක්වයි ද? එපරිදි මෝතොමෝ ද රහසිගතව ක්‍ෂණයක් හෝ නැවතුමකදි වුව කිසිවකු ප්‍රතික්‍ෂේප නොකරන්නීය. ඒ එසේමැයි:-

තථා හි අතීතෙ බාරාණසියං කණ‍්ඩරී නාම රාජා අහොසි උත‍්තමරූපධරො. තස‍්ස දෙවසිකං අමච‍්චා ගන්‍ධකරණ‍්ඩකසහස‍්සං ආහරන‍්ති. තෙනස‍්ස නිවෙසනෙ පරිභණ‍්ඩං කත්‍වා ගන්‍ධකරණ‍්ඩකෙ ඵාලෙත්‍වා ගන්‍ධදාරූනි කත්‍වා ආහාරං පචන‍්ති. භරියාපිස‍්ස අභිරූපා අහොසි නාමෙන කින‍්නරා නාම. පුරොහිතොපිස‍්ස සමවයො පඤ‍්චාලචණ‍්ඩො නාම බුද‍්ධිසම‍්පන‍්නො අහොසි. රඤ‍්ඤො පන පාසාදං නිස‍්සාය අන‍්තොපාකාරෙ ජම‍්බුරුක‍්ඛො නිබ‍්බත‍්ති, තස‍්ස සාඛා පාකාරමත්‍ථකෙ ඔලම‍්බති. තස‍්ස ඡායාය ජෙගුච‍්ඡො දුස‍්සණ‍්ඨානො පීඨසප‍්පී වසති. අථෙකදිවසං කින‍්නරා දෙවී වාතපානෙන ඔලොකෙන‍්තී තං දිත්‍වා පටිබද‍්ධචිත‍්තා හුත්‍වා රත‍්තිං රාජානං රතියා සඞ‍්ගණ‍්හිත්‍වා තස‍්මිං නිද‍්දං ඔක‍්කන‍්තෙ සණිකං උට‍්ඨායාසනා නානග‍්ගරසභොජනං සුවණ‍්ණසරකෙ පක‍්ඛිපිත්‍වා උච‍්ඡඞ‍්ගෙ කත්‍වා සාටකරජ‍්ජුයා වාතපානෙන ඔතරිත්‍වා ජම‍්බුං ආරුය‍්හ සාඛාය ඔරුය‍්හ පීඨසප‍්පිං භොජෙත්‍වා පාපං කත්‍වා ආගතමග‍්ගෙනෙව පාසාදං ආරුය‍්හ ගන්‍ධෙහි සරීරං උබ‍්බට‍්ටෙත්‍වා රඤ‍්ඤා සද‍්ධිං නිපජ‍්ජි. එතෙනුපායෙන නිබද‍්ධං තෙන සද‍්ධිං පාපං කරොති. රාජා පන න ජානාති.

අතීතයේ බරණැස උත්තම රූපශ්‍රීයෙන් යුතු කණ්ඩරී නම් රජු, ඔහුට දිනපතා ඇමතියෝ සුවඳ පෙට්ටි දහසක් රැගෙන එති. ඔහු විසින් සිය මාළිගාවේ දී පරිහරණය කොට සුවඳ පෙට්ටි පලා, සුවඳ දර වශයෙන් ගෙන ආහාර පිසත්. ඔහුගේ බිරිඳ මනා රූ ඇත්තී වූවාය. නමින් කින්නරා නම් ද වූවාය. ඔහුගේ පුරෝහිතයා ද පඤ්චාල චණ්ඩ නම් වූවේ සම වයසැති බුද්ධි සම්පන්නයෙක් විය. රජුගේ පැහැදීම නිසා ඇතුළත පවුරේ ජම්බු ගසක් හටගත්තේය. ඒ ගසේ අතු ප්‍රාකාරය මත්තෙහි එල්ලෙන්නේ ඒ සෙවනැල්ලෙන් පිළිකුල් වූයේ නරක පැවැතුම් ඇති පීඨ සර්පයකු වාසය කරයි. එකල්හි එක්දිනක් කින්නරා දේවිය වා කවුළුවෙන් බලන්නී, ඌ දැක පිළිබඳ සිතැත්තේ රාත්‍රියේ රජුට රති ක්‍රීඩාවෙන් සංග්‍රහකොට ඔහු නිද්‍රාවට බැසගත් කල්හි සෙමින් නැගිට නොයෙක් අනර්ඝ රසවත් ආාහරපාන රන් පසුම්බියක දමාගෙන ඉනේ ගසාගෙන සළුව රැහැනක් කොට වාකවුළුවෙන් බැස ජම්බු ගසට නැග අත්තට නැගී, පීඨ සර්පයාට ආහාර දී පව්කම කොට ආවා වූ මාර්ගයෙන් ම ප්‍රාසාදයට නැග සුවඳ මලින් ශරීරය ආලේප කරවා, රජු සමග හොත්තා ය. මේ උපායෙන් නිතර ම ඔහු සමග පව්කම කරයි. රජු ද නො දනියි.

සො එකදිවසං නගරං පදක‍්ඛිණං කත්‍වා නිවෙසනං පවෙසන‍්තො ජම‍්බුඡායාය සයිතං පරමකාරුඤ‍්ඤප‍්පත‍්තං පීඨසප‍්පිං දිස‍්වා පුරොහිතං ආහ – “පස‍්සෙතං මනුස‍්සපෙත”න‍්ති. “ආම, පස‍්සාමි දෙවා”ති. “අපි නු ඛො, සම‍්ම, එවරූපං පටික‍්කූලං කාචි ඉත්‍ථී ඡන්‍දරාගවසෙන උපගච‍්ඡෙය්‍යා”ති. තං කථං සුත්‍වා පීඨසප‍්පී මානං ජනෙත්‍වා “අයං රාජා කිං කථෙති, අත‍්තනො දෙවියා මම සන‍්තිකං ආගමනං න ජානාති මඤ‍්ඤෙ”ති ජම‍්බුරුක‍්ඛස‍්ස අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “සුණ සාමි, ජම‍්බුරුක‍්ඛෙ නිබ‍්බත‍්තදෙවතෙ, ඨපෙත්‍වා තං අඤ‍්ඤො එතං කාරණං න ජානාතී”ති ආහ. පුරොහිතො තස‍්ස කිරියං දිස‍්වා චින‍්තෙසි – “අද‍්ධා රඤ‍්ඤො අග‍්ගමහෙසී ජම‍්බුරුක‍්ඛෙන ගන‍්ත්‍වා ඉමිනා සද‍්ධිං පාපං කරොතී”ති. සො රාජානං පුච‍්ඡි – “මහාරාජ, දෙවියා තෙ රත‍්තිභාගෙ සරීරසම‍්ඵස‍්සො කීදිසො හොතී”ති? “සම‍්ම, අඤ‍්ඤං න පස‍්සාමි, මජ‍්ඣිමයාමෙ පනස‍්සා සරීරං සීතලං හොතී”ති. “තෙන හි, දෙව, තිට‍්ඨතු අඤ‍්ඤා ඉත්‍ථී, අග‍්ගමහෙසී තෙ කින‍්නරාදෙවී ඉමිනා සද‍්ධිං පාපං කරොතී”ති. “සම‍්ම, කිං වදෙසි, එවරූපා පරමවිලාසසම‍්පන‍්නා කිං ඉමිනා පරමජෙගුච‍්ඡෙන සද‍්ධිං අභිරමිස‍්සතී”ති? “තෙන හි නං, දෙව, පරිග‍්ගණ‍්හාහී”ති.

ඔහු එක්දිනක් නගර ප්‍රදක්‍ෂිණා කොට මාලිගාවට පිවිසෙන්නේ ජම්බු ගසෙහි සෙවනෙහි නිදාගෙන සිටින්නා වූ ඉතා උසස් ලෙස කාරුණික වූ පීඨ සර්පයා දැක පුරෝහිතයාට කීවේය. මේ මනුෂ්‍ය ප්‍රේතයා බලන්න. එසේය දේවයන් වහන්ස, මෙබඳු ආකාර පිළිකුලක් කිසිවෙකුට වේද? ස්ත්‍රියක ඡන්ද රාග වශයෙන් සලකන්නේය. ඒ කථාව අසා පීඨ සර්පයා මාන උපදවා මේ රජු කුමක් දනියිදැයි සිතයි. තමන්ගේ දේවිය මා කරා පැමිණෙන බව නොදනියි. ජම්බු ගසට ඇඳිලි බැඳගෙන පින්වත් ස්වාමිය, ජම්බු ගසෙහි සිටින්නා වූ දේවතාවා හැර අන් කිසිවකු මේ කාරණය නොදනියි යයි කීවේය. පුරෝහිතයා ඔහුගේ ඒ ක්‍රියාව දැක මෙසේ සිතීය. ඒකාන්තයෙන් රජුගේ අගමෙහෙසිය ජම්බු ගසට ගොස් මොහු සමග පාපකර්මය කරයි. ඔහු රජුගෙන් විචාළේය. මහරජ, ඔබගේ දේවිය රාත්‍රී කාලයේ ශරීර ස්පර්ශය කෙබඳු ආකාරද? මිත්‍රය, අනෙකක් නොදකිමි. මධ්‍යම යාමයේ ඇගේ ශරීරය ශීතල වෙයි. එසේ වීනම්, මහරජ සිටිවා! වෙනත් ස්ත්‍රියක අගමෙහෙසිය කරන්න. ඔබගේ කින්නරී දේවිය මොහු සමග පව්කම කරයි යනුවෙනි. මිත්‍රය, කුමක් කියහිද? මෙබඳු රූ ඇති උතුම් විලාසිතාවෙන් හෙබි මෑ විසින් අතිශයින් පිළිකුල් සහගත අයකු සමග කිම අභිරමණය කරන්නී ද? එසේනම් ඇයව දේවයන් වහන්සේ පරීක්‍ෂා කර බලන්න.

සො “සාධූ”ති රත‍්තිං භුත‍්තසායමාසො තාය සද‍්ධිං නිප‍්පජ‍්ජිත්‍වා “පරිග‍්ගණ‍්හිස‍්සාමි න”න‍්ති පකතියා නිද‍්දුපගමනවෙලාය නිද‍්දුපගතො විය අහොසි. සාපි උට‍්ඨාය තථෙව අකාසි. රාජා තස‍්සා අනුපදඤ‍්ඤෙව ගන‍්ත්‍වා ජම‍්බුඡායං නිස‍්සාය අට‍්ඨාසි. පීඨසප‍්පී දෙවියා කුජ‍්ඣිත්‍වා “ත්‍වං අජ‍්ජ අතිචිරායිත්‍වා ආගතා”ති හත්‍ථෙන කණ‍්ණසඞ‍්ඛලිකං පහරි. අථ නං “මා මං කුජ‍්ඣි, සාමි, රඤ‍්ඤො නිද‍්දුපගමනං ඔලොකෙසි”න‍්ති වත්‍වා තස‍්ස ගෙහෙ පාදපරිචාරිකා විය අහොසි. තෙන පනස‍්සා පහාරෙන සීහමුඛකුණ‍්ඩලං කණ‍්ණතො ගළිත්‍වා රඤ‍්ඤො පාදමූලෙ පති. රාජා “වට‍්ටිස‍්සති එත‍්තක”න‍්ති තං ගහෙත්‍වා ගතො. සාපි තෙන සද‍්ධිං අතිචරිත්‍වා පුරිමනියාමෙනෙව ගන‍්ත්‍වා රඤ‍්ඤා සද‍්ධිං නිපජ‍්ජිතුං ආරභි. රාජා පටික‍්ඛිපිත්‍වා පුනදිවසෙ “කින‍්නරාදෙවී මයා දින‍්නං සබ‍්බාලඞ‍්කාරං අලඞ‍්කරිත්‍වා එතූ”ති ආණාපෙසි. සා “සීහමුඛකුණ‍්ඩලං මෙ සුවණ‍්ණකාරස‍්ස සන‍්තිකෙ”ති වත්‍වා නාගමි, පුන පෙසිතෙ ච පන එකකුණ‍්ඩලාව ආගමාසි . රාජා පුච‍්ඡි – “කහං තෙ කුණ‍්ඩල”න‍්ති? “සුවණ‍්ණකාරස‍්ස සන‍්තිකෙ”ති . සුවණ‍්ණකාරං පක‍්කොසාපෙත්‍වා “කිංකාරණා ඉමිස‍්සා කුණ‍්ඩලං න දෙසී”ති ආහ. “නාහං ගණ‍්හාමි දෙවා”ති. රාජා තස‍්සා කුජ‍්ඣිත්‍වා “පාපෙ චණ‍්ඩාලි මාදිසෙන තෙ සුවණ‍්ණකාරෙන භවිතබ‍්බ”න‍්ති වත්‍වා තං කුණ‍්ඩලං තස‍්සා පුරථො ඛිපිත්‍වා පුරොහිතං ආහ – “සම‍්ම, සච‍්චං තයා වුත‍්තං, ගච‍්ඡ සීසමස‍්සා ඡෙදාපෙහී”ති. සො තං රාජගෙහෙයෙව එකස‍්මිං පදෙසෙ ඨපෙත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා – “දෙව, මා කින‍්නරාදෙවියා කුජ‍්ඣිත්‍ථ, සබ‍්බා ඉත්‍ථියො එවරූපායෙව. සචෙපි ඉත්‍ථීනං දුස‍්සීලභාවං ඤාතුකාමොසි, දස‍්සෙස‍්සාමි තෙ එතාසං පාපකඤ‍්චෙව බහුමායාභාවඤ‍්ච, එහි අඤ‍්ඤාතකවෙසෙන ජනපදං චරාමා”ති ආහ.

ඔහු යහපතැයි රාත්‍රියේ ආහාර පිළිගත්තේ, ඈ සමග හොවා පරීක්‍ෂා කර බලන්නෙමියි ස්වභාවයෙන් ම නිදාගන්නා වේලාවේ නිද්‍රාවට පත්වූවක් මෙන් සිටියේය. ඇය ද නැගිට එසේ ම කළාය. රජු ඇගේ පියවර අනුව ගොස් දඹසෙවන ඇසුරුකොට සිටියේය. පීඨ සර්පයා දේවිය කෙරෙහි කිපී, තෝ බොහෝ වේලාව ඉක්මවා පැමිණියේයයි අතින් කණ හරහා පහරක් දුන්නේය. ඉක්බිති ඔහුට ස්වාමීනි, නොකිපෙනු මැනවි. රජු නිදා ගන්නා වේලාව බලා සිටින්නී යයි කියා ඔහුගෙ ගෙදර බිරිඳ මෙන් සිටියාය. ඔහු විසින් ඇයට පහරදීම නිසා ආභරණ තුඩක් කණෙන් ගැලවී, රජුගේ පාමුල වැටුණේය. මෙය කොපමණවත් වටී යයි රජු එය ගෙන ගියේය. ඇය ද ඔහු සමග ඇති පමණ හැසිර පෙර පරිද්දෙන් ම ගොස් රජු සමග නිදාගැනීමට පටන් ගත්තාය. රජ ප්‍රතික්‍ෂේප කොට දෙවන දිනයේ ද කින්නරා දේවිය මා විසින් දෙන ලද සියලු අලංකාරවලින් සැරසි පැමිණේවා!යි අණ කළේය. ඇය සීහ කුණ්ඩලය රන්කරුවාගේ සමීපයේ යයි පවසා නොපැමිණියාය. නැවත යවන ලද්දේ ම එක කුණ්ඩලයක් සමග පැමිණියාය. රජු ඔබගේ කුණ්ඩලය කොහේදැයි විචාළේය. රන්කරුවාගේ සමීපයේ යනුවෙනි. රන්කරුවා කැඳවා, කුමක් නිසා මැයගේ කන්තෝඩුව නොදෙන්නේදැයි විචාළේය. දේවයන් වහන්ස, මම නොගනිමි. රජු කිපී පව්කාර සැඩොලිය, මා සමාන තී රන්කරුවකු විය යුතුයයි කියා ඒ කන්තෝඩුව ඉදිරියට දමා ගසා පුරෝහිතයාට කීවේය. මිත්‍රය, ඔබ විසින් කියන ලද්ද සත්‍යයකි. යව! මැයගේ හිස ගසා දමව මැනවි. ඔහු ඇයව රජමැදුරේ ම එක් පෙදෙසක තබා රජු වෙත එළඹ දේවයන් වහන්ස, කින්නරා දේවියට නොකිපෙනු මැනවි. සියලු ස්ත්‍රීහු මෙබඳු ආකාරමය. ඉදින් ස්ත්‍රීන්ගේ දුශ්ශීල භාවය දකිනු කැමැත්තේ නම් පෙන්වන්නෙමියි, මේ ඈලාගේ පාප කර්මයන් ද බොහෝ මායා ඇති බව ද, එන්න වෙස්වලාගෙන ජනපදයේ සැරිසරමු යයි කීවේය.

රාජා “සාධූ”ති මාතරං රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා තෙන සද‍්ධිං චාරිකං පක‍්කාමි. තෙසං යොජනං මග‍්ගං ගන‍්ත්‍වා මහාමග‍්ගෙ නිසින‍්නානංයෙව එකො කුටුම‍්බිකො පුත‍්තස‍්සත්‍ථාය මඞ‍්ගලං කත්‍වා එකං කුමාරිකං පටිච‍්ඡන‍්නයානෙ නිසීදාපෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන ගච‍්ඡති. තං දිස‍්වා පුරොහිතො රාජානං ආහ – “සචෙ ඉච‍්ඡසි, ඉමං කුමාරිකං තයා සද‍්ධිං පාපං කාරෙතුං සක‍්කා දෙවා”ති. “කිං කථෙසි, මහාපරිවාරා එසා, න සක‍්කා සම‍්මා”ති? පුරොහිතො “තෙන හි පස‍්ස, දෙවා”ති පුරතො ගන‍්ත්‍වා මග‍්ගතො අවිදූරෙ සාණියා පරික‍්ඛිපිත්‍වා රාජානං අන‍්තොසාණියං කත්‍වා සයං මග‍්ගපස‍්සෙ රොදන‍්තො නිසීදි. අථ නං සො කුටුම‍්බිකො දිස‍්වා “තාත, කස‍්මා රොදසී”ති පුච‍්ඡි. “භරියා මෙ ගරුභාරා, තං කුලඝරං නෙතුං මග‍්ගපටිපන‍්නොස‍්මි, තස‍්සා අන‍්තරාමග‍්ගෙයෙව ගබ‍්භො චලි, එසා අන‍්තොසාණියං කිලමති, කාචිස‍්සා ඉත්‍ථී සන‍්තිකෙ නත්‍ථි, මයාපි තත්‍ථ ගන‍්තුං න සක‍්කා, න ජානාමි ‘කිං භවිස‍්සතී’ති, එකං ඉත්‍ථිං ලද‍්ධුං වට‍්ටතී”ති? “මා රොදි, බහූ මෙ ඉත්‍ථියො, එකා ගමිස‍්සතී”ති. “තෙන හි අයමෙව කුමාරිකා ගච‍්ඡතු, එතිස‍්සාපි මඞ‍්ගලං භවිස‍්සතී”ති. සො චින‍්තෙසි – “සච‍්චං වදති, සුණිසායපි මෙ මඞ‍්ගලමෙව, ඉමිනා හි නිමිත‍්තෙන සා පුත‍්තධීතාහි වඩ‍්ඪිස‍්සතී”ති තමෙව පෙසෙසි. සා තත්‍ථ පවිසිත්‍වා රාජානං දිස‍්වාව පටිබද‍්ධචිත‍්තා හුත්‍වා පාපමකාසි. රාජාපිස‍්සා අඞ‍්ගුලිමුද‍්දිකං අදාසි. අථ නං කතකිච‍්චං නික‍්ඛමිත්‍වා ආගතං පුච‍්ඡිංසු – “කිං විජාතා”ති? “සුවණ‍්ණවණ‍්ණං පුත‍්ත”න‍්ති. කුටුම‍්බිකො තං ආදාය පායාසි . පුරොහිතොපි රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “දිට‍්ඨා තෙ, දෙව, කුමාරිකාපි එවං පාපා, කිමඞ‍්ගං පන අඤ‍්ඤා, අපි පන තෙ කිඤ‍්චි දින‍්න”න‍්ති පුච‍්ඡි. “ආම, අඞ‍්ගුලිමුද‍්දිකා දින‍්නා”ති. “නාස‍්සා තං දස‍්සාමී”ති වෙගෙන ගන‍්ත්‍වා යානකං ගණ‍්හිත්‍වා “කිමෙත”න‍්ති වුත‍්තෙ “අයං මෙ බ්‍රාහ‍්මණියා උස‍්සීසකෙ ඨපිතං මුද‍්දිකං ගහෙත්‍වා ආගතා, දෙහි, අම‍්ම, මුද‍්දික”න‍්ති ආහ. සා තං දදමානා බ්‍රාහ‍්මණං හත්‍ථෙ නඛෙන විජ‍්ඣිත්‍වා “ගණ‍්හ චොරා”ති අදාසි.

රජු යහපතැයි මවට රාජ්‍යය පවරා දී ඔහු සමග චාරිකාවට පිටත්ව ගියේය. ඔවුන් යොදුනක් මග ගෙවා මහා මාර්ගයේ හුන්නා වූ එක් කෙළෙඹියෙකු පුතු සඳහා මංගල්‍යයක් කොට එක් කුමරියක සැඟවුණු යානාවක වඩා හිඳුවා මහත් පිරිවරින් යයි. ඒ දැක පුරෝහිතයා කීවේය. දේවයන් වහන්ස, ඔබ කැමති නම් මේ කුමාරිකාව ඔබ සමග පව්කම් කිරීමට හැකිය. මිත්‍රය මහත් පිරිවර ඇති බැවින් එය නොකළ හැකිය. මගේ බිරිඳ දරු ගැබ්බර ඇත්තීය. ඇය කුලගෙදරට පැමිණවීමට මාර්ගයට පිළිපන්නේ වෙමි. ඇයට අතරමගදීම විලිරුදාව ඇති විය. ඇය ඇතුළත සැලීමෙන් ක්ලාන්ත වෙයි. කිසිම ස්ත්‍රියක් සමීපයේ නැත. මටද එහි යාමට නොහැකිය. නොදනිමි, කුමක් වන්නේ ද කියා. ඔහු ඇත්තක් කියන්නේ යයි සිතුවේය. ලේලිය ද මංගල්‍යයකි. මේ කාරණයෙන් ඇය දූ පුතුන් වඩවන්නේ යයි තෙමේ ම එළඹ වීය. ඇය එහි පිවිස රජු දැක පිළිබඳ සිතැත්තේ පව්කම කළේය. රජු ද ඇයට ඇඟිලි මුද්දක් දුන්නේය. ඉක්බිති ඇය කටයුතු නිම කොට නික්ම ආ කල්හි විචාළහ. කිම වැදුවාද? රන්වන් පුත්‍රයෙක්ද? කෙළෙඹියා ඇය රැගෙන ගියේය. පුරෝහිතයාද රජුගේ සමීපයට ගොස්, දේවයිනි, මෙසේ පව්කම කළ කුමාරිකාව ඔබ දක්නා ලද්දේ ද? ඔහු ඔබට කිසිවක් දුන්නේ ද? එසේය. මුද්දක් දුන්නේය. ඇයට එය නොදෙන්නෙමියි, ඉක්මනට ගොස් යානාවක් ගෙන, මේ කිමෙක්දැයි කී කල්හි, මේ මගේ බැමිණිය උස කොට්ටයක් මත තබන ලදි. මුද්ද ගෙන පැමිණියෙමි. දරුව, මුද්ද දෙන්න. ඇය එය දෙමින් බමුණාගේ අත නියපොත්තෙන් විද සොරු ගන්නැයි දුන්නේය.

එවං බ්‍රාහ‍්මණො නානාවිධෙහි උපායෙහි අඤ‍්ඤාපි බහූ අතිචාරිනියො රඤ‍්ඤො දස‍්සෙත්‍වා “ඉධ තාව එත‍්තකං හොතු, අඤ‍්ඤත්‍ථ ගමිස‍්සාම, දෙවා”ති ආහ. රාජා “සකලජම‍්බුදීපෙ චරිතෙපි සබ‍්බා ඉත්‍ථියො එවරූපාව භවිස‍්සන‍්ති, කිං නො එතාහි, නිවත‍්තාමා”ති බාරාණසිමෙව පච‍්චාගන‍්ත්‍වා – “මහාරාජ, ඉත්‍ථියො නාම එවං පාපධම‍්මා, පකති එසා එතාසං, ඛමථ, දෙව, කින‍්නරාදෙවියා”ති පුරොහිතෙන යාචිතො ඛමිත්‍වා රාජනිවෙසනතො නං නික‍්කඩ‍්ඪාපෙසි, ඨානතො පන තං අපනෙත්‍වා අඤ‍්ඤං අග‍්ගමහෙසිං අකාසි. තඤ‍්ච පීඨසප‍්පිං නික‍්කඩ‍්ඪාපෙත්‍වා ජම‍්බුසාඛං ඡෙදාපෙසි. තදා කුණාලො පඤ‍්චාලචණ‍්ඩො අහොසි. ඉති අත‍්තනා දිට‍්ඨකාරණමෙව ආහරිත්‍වා දස‍්සෙන‍්තො ගාථමාහ –

මෙසේ බමුණා නොයෙක් උපාය ක්‍රමවලින් අනෙක් බොහෝ ඉක්මවායාම් ඇත්තේ, රජුට පෙන්වා ඔබ මෙහි සිටුව. දේවයන් වහන්ස, අන් තැනකට යන්නෙමුයි කීවේ ය. රජු මුළු දඹදිවම චරිතවල සියළු ස්ත්‍රීහු මෙබඳු ආකාර වන්නාහ. මෑලාගෙන් පමණක් අපට කිම? නවතින්නෙමුයි, බරණැසට ගොස් මෙසේ මහරජ, ස්ත්‍රීහු නම් ස්වභාවයෙන් ම පාප ධර්මයේ නිරත වෙයි. මෑලාට ක්‍ෂමාව දෙන්න. කින්නරා දේවියගේ පුරෝහිතයා විසින් ඉල්ලන ලදුව ක්‍ෂමාව ලැබ රාජ මන්දිරයෙන් ඇය ඉවතට ඇද දැමීය. එම තනතුරෙන් ඉවත් කොට, වෙනත් අගමෙහෙසියක පත් කෙළේය. ඔහුට පීඨ සර්පයා ඉවත් කොට දඹගස මුළුමනින් ම කපා දැම්මේය. එදා කුණාල පඤ්චාල චණ්ඩ විය. මෙසේ තමන් විසින් දක්නා ලද කාරණා ගෙනහැර පාමින් :-

“යං වෙ දිස‍්වා කණ‍්ඩරීකින‍්නරානං, සබ‍්බිත්‍ථියො න රමන‍්ති අගාරෙ; තං තාදිසං මච‍්චං චජිත්‍වා භරියා, අඤ‍්ඤං දිස‍්වා පුරිසං පීඨසප‍්පි”න‍්ති.

කණ්ඩරී රජ ය, කින්නරා දේවිය යන මොවුන්ගේ යම් නොඇල්මෙක් වී ද, එය දැක සියලු ස්ත්‍රීහු ඒකාන්තයෙන් ගෘහයෙහි (ස්වකීය) ස්වාමිවරුන් කෙරෙහි නො ඇලෙති යි දත යුතු ය. ඒ එසේමැ යි. අන්‍ය වූ පිළු පුරුෂයකු (පීඨසප්පි) දැක එබඳු රජු හැර භාර්යාව පාපකර්මය (අනාචාරය) කළා යැ යි කීයේ ය.

යන ගාථාව කීවේය.

තස‍්සත්‍ථො – යං වෙ කණ‍්ඩරිස‍්ස රඤ‍්ඤො කින‍්නරාය දෙවියා චාති ඉමෙසං කණ‍්ඩරිකින‍්නරානං විරාගකාරණං අහොසි, තං දිස‍්වා ජානිතබ‍්බං – සබ‍්බිත්‍ථියො අත‍්තනො සාමිකානං න රමන‍්ති අගාරෙ . තථා හි අඤ‍්ඤං පීඨසප‍්පිං පුරිසං දිස‍්වා තං රාජානං තාදිසං රතිකුසලං මච‍්චං චජිත්‍වා භරියා තෙන මනුස‍්සපෙතෙන සද‍්ධිං පාපමකාසීති.

එහි අර්ථය:- බ්‍රාහ්මණ රජුගේ කිඳුරු දේවියට ද මේ කිඳුරු බැමිණියන්ගේ ද විරාග කරුණු විය. ඒ දැක සියළු ස්ත්‍රීහු, ගෙදර දී තමන්ගේ ස්වාමිවරුන් රමණය නො කරති. ඒ එසේමැයි. වෙනත් මිනිස් ප්‍රේතයකු පුරුෂයකු දැක ඒ රජතුමා එබඳු රති ක්‍රීඩාවට මසුරු බව අතහැර බිරිඳ ඒ මනුෂ්‍ය ප්‍රේතයා සමග පව්කම කළාය.

අපරොපි අතීතෙ බාරාණසියං බකො නාම රාජා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තදා බාරාණසියා පාචීනද‍්වාරවාසිනො එකස‍්ස දලිද‍්දස‍්ස පඤ‍්චපාපී නාම ධීතා අහොසි. සා කිර පුබ‍්බෙපි එකා දලිද‍්දධීතා මත‍්තිකං මද‍්දිත්‍වා ගෙහෙ භිත‍්තිං විලිම‍්පති. අථෙකො පච‍්චෙකබුද‍්ධො අත‍්තනො පබ‍්භාරපරිභණ‍්ඩකරණත්‍ථං “කහං මත‍්තිකං ලභිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “බාරාණසියං ලද‍්ධුං සක‍්කා”ති චීවරං පාරුපිත්‍වා පත‍්තහත්‍ථො නගරං පවිසිත්‍වා තස‍්සා අවිදූරෙ අට‍්ඨාසි. සා කුජ‍්ඣිත්‍වා උල‍්ලොකෙන‍්තී පදුට‍්ඨෙන මනසා “මත‍්තිකම‍්පි භික‍්ඛතී”ති අවොච. පච‍්චෙකබුද‍්ධො නිච‍්චලොව අහොසි. අථ සා පච‍්චෙකබුද‍්ධං නිච‍්චලිතං දිස‍්වා පුන චිත‍්තං පසාදෙත්‍වා, “සමණ, මත‍්තිකම‍්පි න ලභසී”ති වත්‍වා මහන‍්තං මත‍්තිකාපිණ‍්ඩං ආහරිත්‍වා පත‍්තෙ ඨපෙසි. සො තාය මත‍්තිකාය පබ‍්භාරෙ පරිභණ‍්ඩමකාසි. සා නචිරස‍්සෙව තතො චවිත්‍වා තස‍්මිංයෙව නගරෙ බහිද‍්වාරගාමෙ දුග‍්ගතිත්‍ථියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සා දසමාසච‍්චයෙන මාතු කුච‍්ඡිතො නික‍්ඛමි. තස‍්සා මත‍්තිකාපිණ‍්ඩඵලෙන සරීරං ඵස‍්සසම‍්පන‍්නං අහොසි, කුජ‍්ඣිත්‍වා උල‍්ලොකිතත‍්තා පන හත්‍ථපාදමුඛඅක‍්ඛිනාසානි පාපානි විරූපානි අහෙසුං. තෙන තං “පඤ‍්චපාපී”ත්‍වෙව සඤ‍්ජානිංසු.

තවද, අතීතයේ ‘බක’ නම් බරණැස් රජු දැහැමින් රාජ්‍යය කෙළේය. එකල බරණැස නැගෙනහිර දොරටුවේ වාසය කරන එක් දිළින්දෙකුට “පඤ්චපාපා” නම් දුවක් වූවාය. ඇය පෙර ද, එක් දිළිඳු දුවක් වූවා, මැටි පිරිමැද ගෙදර බිත්ති ආලේපනය කරයි. ඉක්බිති එක් පසේ බුදුරජෙක් තමන්ගේ කැඩී බිඳී ගිය ගුහාව පිළිසකර කිරීමට කොහෙන් මැටි ලබන්නෙම්දැයි සිතා, බරණැසින් ලබන්ට හැකි යයි පොරවා අතට ගත් පාත්‍රය ඇත්තේ නගරයට පිවිස, ඇගේ නුදුරෙහි සිටියේය. ඇය කිපී බලන්නී, ශ්‍රමණය; මැටි නම් නොලැබේ යයි පවසා, මහත් මැටි පිඩක් ගෙන පාත්‍රයේ තැබුවාය. ඒ බුදුරජ ඒ මැටිවලින් ගුහාව පිළිසකර කළ සේක. ඇගේ මැටි පිඩ දුන් විපාකයෙන් ශරීරය සමෘද්ධ සම්පන්න විය. කිපී බැලූ බැවින් අත, පය, මුඛය, ඇස් ආදිය එම පාපයෙන් විරූපී විය. ඒ නිසා ඇය ‘පඤ්චපාපා’ යන නමින් හැඳින්වූවාය.

අථෙකදිවසං බාරාණසිරාජා රත‍්තිං අඤ‍්ඤාතකවෙසෙන නගරං පරිග‍්ගණ‍්හන‍්තො තං පදෙසං ගතො. සාපි ගාමදාරිකාහි සද‍්ධිං කීළන‍්තී අජානිත්‍වාව රාජානං හත්‍ථෙ ගණ‍්හි. සො තස‍්සා හත්‍ථසම‍්ඵස‍්සෙන සකභාවෙන සණ‍්ඨාතුං නාසක‍්ඛි, දිබ‍්බසම‍්ඵස‍්සෙන ඵුට‍්ඨො විය අහොසි. සො ඵස‍්සරාගරත‍්තො තථාවිරූපම‍්පි තං හත්‍ථෙ ගහෙත්‍වා “කස‍්ස ධීතාසී”ති පුච‍්ඡිත්‍වා “ද‍්වාරවාසිනො”ති වුත‍්තෙ අස‍්සාමිකභාවං පුච‍්ඡිත්‍වා “අහං තෙ සාමිකො භවිස‍්සාමි, ගච‍්ඡ මාතාපිතරො අනුජානාපෙහී”ති ආහ. සා මාතාපිතරො උපගන‍්ත්‍වා “එකො, අම‍්ම, පුරිසො මං ඉච‍්ඡතී”ති වත්‍වා “සොපි දුග‍්ගතො භවිස‍්සති, සචෙ තාදිසම‍්පි ඉච‍්ඡති, සාධූ”ති වුත‍්තෙ ගන‍්ත්‍වා මාතාපිතූහි අනුඤ‍්ඤාතභාවං ආරොචෙසි. සො තස‍්මිංයෙව ගෙහෙ තාය සද‍්ධිං වසිත්‍වා පාතොව රාජනිවෙසනං පාවිසි. තතො පට‍්ඨායෙව අඤ‍්ඤාතකවෙසෙන නිබද‍්ධං තත්‍ථ ගච‍්ඡති, අඤ‍්ඤං ඉත්‍ථිං ඔලොකෙතුම‍්පි න ඉච‍්ඡති.

එක්දිනක් බරණැස් රජු රාත්‍රියෙහි වෙස්වලාගෙන නගරය ප්‍රදක්‍ෂිණා කරන්නේ එම ප්‍රදේශයට ගියේය. ඇය ද ගමේ දරුවන් සමග සෙල්ලම් කරන්නී නොදැනීම රජුගේ අතින් අල්ලා ගත්තීය. හෙතෙම ඇගේ අත ගැටීමෙන් ස්වාභාවිකව සිටීමට නොහැකි වන්නේ දිව්‍ය ස්පර්ශයෙන් ගැටුණාක් මෙන් විය. හෙතෙම ගැටී හටගත් රාග රතිය ඇත්තේ, ඒ අයුරින් ම අත අල්ලාගෙන කාගේ දුවක්දැයි විචාරා දොරටුවැසියාගේ යයි කී කල්හි අස්වාමික භාවය විචාරා මම ඔබගේ ස්වාමියා වන්නෙමි. යව! මව්පියන්ගේ අනුදැනුම ගන්නැයි කීවේය. ඇය දෙමව්පියන් වෙත එළඹ මම එක් පුරුෂයකුට කැමැතියි පවසා, ඔහු ද දුප්පත් වන්නේය. ඉදින් ඔවුන් ද කැමැති වෙයි. යහපතැයි කී කල්හි ගොස් මව්පියන් විසින් අනුදැන වදාළ බව දැන්වීය. හෙතෙම ඒ ගෙදරදී ම ඈ සමග වාසය කොට උදෑසනම රාජ මන්දිරයට පිවිසියේය. එතැන් පටන් රජ වෙනත් විලාශයෙන් නිතර එහි යයි. වෙනත් ස්ත්‍රියක බැලීමට ද අකමැති වෙයි.

අථෙකදිවසං තස‍්සා පිතු ලොහිතපක‍්ඛන්‍දිකා උප‍්පජ‍්ජි. අසම‍්භින‍්නඛීරසප‍්පිමධුසක‍්ඛරයුත‍්තපායාසොව එතස‍්ස භෙසජ‍්ජං, තං තෙ දලිද‍්දතාය උප‍්පාදෙතුං න සක‍්කොන‍්ති . තතො පඤ‍්චපාපිමාතා ධීතරං ආහ – “කිං, අම‍්ම, තව සාමිකො පායාසං උප‍්පාදෙතුං සක‍්ඛිස‍්සතී”ති? “අම‍්ම, මම සාමිකෙන අම‍්හෙහිපි දුග‍්ගතතරෙන භවිතබ‍්බං, එවං සන‍්තෙපි පුච‍්ඡිස‍්සාමි නං, මා චින‍්තයී”ති වත්‍වා තස‍්සාගමනවෙලායං දුම‍්මනා හුත්‍වා නිසීදි. අථ නං රාජා ආගන‍්ත්‍වා “කිං දුම‍්මනාසී”ති පුච‍්ඡි. සා තමත්‍ථං ආරොචෙසි. තං සුත්‍වා රාජා “භද‍්දෙ ඉදං අතිරසභෙසජ‍්ජං, කුතො ලභිස‍්සාමී”ති වත්‍වා චින‍්තෙසි – “න සක‍්කා මයා නිච‍්චකාලං එවං චරිතුං, අන‍්තරාමග‍්ගෙ පරිස‍්සයොපි දට‍්ඨබ‍්බො, සචෙ ඛො පන එතං අන‍්තෙපුරං නෙස‍්සාමි, එතිස‍්සා ඵස‍්සසම‍්පදං අජානන‍්තා ‘අම‍්හාකං රාජා යක‍්ඛිනිං ගහෙත්‍වා ආගතො’ති කෙළිං කරිස‍්සන‍්ති, සකලනගරවාසිනො එතිස‍්සා සම‍්ඵස‍්සං ජානාපෙත්‍වා ගරහං මොචෙස‍්සාමී”ති. අථ නං රාජා – “භද‍්දෙ, මා චින‍්තයි, ආහරිස‍්සාමි තෙ පිතු පායාස”න‍්ති වත්‍වා තාය සද‍්ධිං අභිරමිත්‍වා රාජනිවෙසනං ගන‍්ත්‍වා පුනදිවසෙ තාදිසං පායාසං පචාපෙත්‍වා පණ‍්ණානි ආහරාපෙත්‍වා ද‍්වෙ පුටෙ කත්‍වා එකස‍්මිං පායාසං පක‍්ඛිපිත්‍වා එකස‍්මිං චූළාමණිං ඨපෙත්‍වා බන්‍ධිත්‍වා රත‍්තිභාගෙ ගන‍්ත්‍වා, “භද‍්දෙ, මයං දලිද‍්දා, කිච‍්ඡෙන සම‍්පාදිතං, තව පිතරං ‘අජ‍්ජ ඉමම‍්හා පුටා පායාසං භුඤ‍්ජ, ස‍්වෙ ඉමම‍්හා’ති වදෙය්‍යාසී”ති ආහ. සා තථා අකාසි. අථස‍්සා පිතා ඔජසම‍්පන‍්නත‍්තා පායාසස‍්ස ථොකමෙව භුඤ‍්ජිත්‍වා සුහිතො ජාතො. සෙසං මාතු දත්‍වා සයම‍්පි භුඤ‍්ජි. තයොපි සුහිතා අහෙසුං. චූළාමණිපුටං පන පුනදිවසත්‍ථාය ඨපෙසුං.

ඉක්බිති එක්දිනක් ඇගේ පියාට ලේ අතීසාරය වැළඳුනේය. නොඉඳුල් කිරි, ගිතෙල්, උක්සකුරු වලින් යුක්ත කිරිබතක් ඔහුට බෙහෙත් පිණිස අවශ්‍ය වුවත්, ඔවුන් දිළිඳු නිසා එය සකස්කර ගැනීමට නොහැකිවන්නී ඉක්බිති පංචපාපාගේ මව දුවට කීවාය. කිම දරුව, ඔබගේ සැමියාට කිරිබත් ලබාගැනීමට හැකිවන්නේ ද? මෑණියනි, මගේ සැමියා ද අප වගේ දුප්පත් වන්නේ ය. මෙසේ ඇතිකල්හි ද විචාරන්නෙමි. අහිතක් නොසිතාවා කියා, ඔහු පැමිණෙන් වේලාවේ සිත නරක් කරගෙන සිටියාය. ඉක්බිති රජ පැමිණ ඇගෙන් සිත නරක් කරගෙන කිමදැයි විචාරා, එම කරුණ දැන, සොඳුර, මේ තරම් ඉස්තරම් බෙහෙතක් කොහෙන් ලබන්නෙම්දැයි කියා සිතුවේය. මා විසින් දිවා කාලයේ මෙසේ හැසිරීම නුසුදුසුය. අතරමඟ දී පිරිසට දැකගත හැකිය. ඉදින් මැය අන්තඃපුරයට පමුණුවන්නේ නම් මැයගේ ස්පර්ශ සම්පත් නොදන්නා බැවින් අපගේ රජු යක්‍ෂණියක ගෙන ආවේයයි, ක්‍රීඩා කරන්නාහ. සියළු නුවරවාසීහු මැගේ ස්පර්ශය නොදැන ගර්හා කොට මුදවන්නෙමි. ඉක්බිති ඇයට කීවේය. සොඳුර, නොසිතව! ගෙන එන්නෙමි. ඔබගේ පියාට කිරිබත්, යයි පවසා ඇය සමග රමණය කොට, රාජ මන්දිරයට ගොස්, දෙවන දිනයේ එබඳු ආකාර කිරිබතක් පිළියෙල කරවා කොල ගෙන්වා ගෙන කොටස් දෙකකට බෙදා කිරිබත් දමා එකක සිළුමිණක් තබා බැඳ රාත්‍රියෙහි ගොස් සොඳුර, අපි දිළිඳු වෙමු. දුක සේ සම්පාදනය කළ, ඔබේ පියාට අද මේ කිරිබත් ගොටුව අනුභව කරන්න කියන්න. හෙට මෙය අනුභව කරන්නැයි කියන්න යයි කීවේය. ඇය එසේ කළාය. ඉක්බිති ඇගේ පියා, ඕජස් සම්පන්න බැවින් කිරිබත ටිකක් අනුභව කොට, තිත්ත බැවින් ඉතිරිය මවට දී තෙමේ ද අනුභව කළේ ඉතා තිත්ත විය. සිළුමිණ සහිත කොල දෙවන දවසට තැබීය.

රාජා නිවෙසනං ගන‍්ත්‍වා මුඛං ධොවිත්‍වාව “චූළාමණිං මෙ ආහරථා”ති වත්‍වා “න පස‍්සාම, දෙවා”ති වුත‍්තෙ “සකලනගරං විචිනථා”ති ආහ. තෙ විචිනිත්‍වාපි න පස‍්සිංසු. තෙන හි බහිනගරෙ දලිද‍්දගෙහෙසු භත‍්තපණ‍්ණපුටෙ උපාදාය විචිනථාති. විචිනන‍්තා තස‍්මිං ඝටෙ චූළාමණිං දිස‍්වා තස‍්සා මාතාපිතරො “චොරා”ති බන්‍ධිත්‍වා නයිංසු. අථස‍්සා පිතා, “සාමි, න මයං චොරා, අඤ‍්ඤෙනායං මණි ආභතො”ති වත්‍වා “කෙනා”ති වුත‍්තෙ “ජාමාතරා මෙ”ති ආචික‍්ඛිත්‍වා “කහං සො”ති පුච‍්ඡිතො “ධීතා මෙ ජානාතී”ති ආහ. තතො ධීතාය සද‍්ධිං කථෙසි – “අම‍්ම, සාමිකං තෙ ජානාසී”ති? “න ජානාමී”ති. “එවං සන‍්තෙ අම‍්හාකං ජීවිතං නත්‍ථී”ති. “තාත, සො අන්‍ධකාරෙ ආගන‍්ත්‍වා අන්‍ධකාරෙ එව යාති, තෙනස‍්ස රූපං න ජානාමි, හත්‍ථසම‍්ඵස‍්සෙන පන නං ජානිතුං සක‍්කොමී”ති. සො රාජපුරිසානං ආරොචෙසි. තෙපි රඤ‍්ඤො ආරොචෙසුං. රාජා අජානන‍්තො විය හුත්‍වා “තෙන හි තං ඉත්‍ථිං රාජඞ‍්ගණෙ අන‍්තොසාණියං ඨපෙත්‍වා සාණියා හත්‍ථප‍්පමාණං ඡිද‍්දං කත්‍වා නගරවාසිනො සන‍්නිපාතෙත්‍වා හත්‍ථසම‍්ඵස‍්සෙන චොරං ගණ‍්හථා”ති ආහ. රාජපුරිසා තථා කාතුං තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා රූපං දිස‍්වාව විප‍්පටිසාරිනො හුත්‍වා – “ධී, ධී පිසාචී”ති ජිගුච‍්ඡිත්‍වා ඵුසිතුං න උස‍්සහිංසු, ආනෙත්‍වා පන නං රාජඞ‍්ගණෙ අන‍්තොසාණියං ඨපෙත්‍වා සකලනගරවාසිනො සන‍්නිපාතෙසුං. සා ආගතාගතස‍්ස ඡිද‍්දෙන පසාරිතහත්‍ථං ගහෙත්‍වාව “නො එසො”ති වදති. පුරිසා තස‍්සා දිබ‍්බඵස‍්සසදිසෙ ඵස‍්සෙ බජ‍්ඣිත්‍වා අපගන‍්තුං න සක‍්ඛිංසු, “සචායං දණ‍්ඩාරහා, දණ‍්ඩං දත්‍වාපි දාසකම‍්මකාරභාවං උපගන‍්ත්‍වාපි එතං ඝරෙ කරිස‍්සාමා”ති චින‍්තයිංසු. අථ නෙ රාජපුරිසා දණ‍්ඩෙහි කොට‍්ටෙත්‍වා පලාපෙසුං. උපරාජානං ආදිං කත්‍වා සබ‍්බෙ උම‍්මත‍්තකා විය අහෙසුං.

රජු, මන්දිරයට ගොස්, මුහුණ සෝදා, මට සිළුමිණ ගෙන එවු යයි කියා, එය නොදකිමි රජතුමනි, යයි කී කල්හි මුළු නගරය පරීක්‍ෂා කරවු! යයි කීවේය. සොයා ද නොදුටුහ. එසේ වීනම් නගරයෙන් පිට දිළිඳු ගෙවල බත් මුල් බඳින ලද කොල පරීක්‍ෂා කරවුයි පරීක්‍ෂා කොට ඒ ගෙදර චූඩාමාණික්‍ය දැක ඇගේ මව්පියන් සොරුන් යයි බැඳගෙන ගියහ. ඉක්බිති ඇගේ පියා ස්වාමීනි, අපි සොරු නොවෙමු. අනෙකෙක් මේ මැණික ගෙනාවේ යයි පවසා, කවරකු විසින්දැයි විමසන කල්හි මගේ බෑනා යයි පවසා, ඔහු කොහේදැයි විචාළේය. මගේ දුව දන්නේ යයි කීවේය. ඉක්බිති ඇය සමග කීවේය. දරුව, ඔබේ සැමියා ගැන දන්නෙහිද? නොදනිමි. මෙසේ ඇති කල්හි අපගේ ජීවිතය නැත. පියාණනි, අන්ධකාරයේ පැමිණ, අන්ධකාරයේ ම යයි. එහෙයින් ඔහුගේ රූපය නොදනිමි. අත ස්පර්ශ කිරීමෙන් ම ඔහු හඳුනා ගැනීමට හැකිවෙමි. ඔහු රාජ පුරුෂයන්ට කීවේය. ඔවුහුද රජුට දැන්වූහ. රජු නොදන්නාක් මෙන් සිට එසේ වී නම් ඒ ස්ත්‍රිය රජ මිදුලේ ඇතුළත කෙළවරේ තබා තිර රෙද්ද අතක පමණ ප්‍රමාණයක් සිදුරු කරවා, නගරවැසියන් රැස්කරවා අත ස්පර්ශ කිරීමෙන් සොරු අල්ලා ගනිවු! යයි කීවේය. රාජපුරුෂයෝ එසේ කිරීමට ඇගේ සමීපයට ගොස්, රූපය දැක විපිළිසරයට පැමිණ, අනේ චී චී, මැය පිශාචියක් යයි පිළිකුල්කොට ස්පර්ශ කිරීමට වෑයම් නොකළහ. ගෙනවිත් රජ මිදුලේ ඇතුල් තිරය තබා සියළු නගරවාසීහු රැස්වූහ. ඇය ආවා වූ ඔවුනගේ සිදුරින් දිගු කළ අත ගෙන මේ ඔහු නොවේ යයි පවසයි. මිනිස්සු ඇගේ දිව්‍ය ස්පර්ශය හා සමාන ස්පර්ශයේ බැඳී, ඉවතට යාමට නොහැකි වූහ. ඉදින් මැය දඬුවමට සුදුසු දඬුවමක් දී හෝ දැසි කම්කරු භාවයට පැමිණ හෝ මැය ගෙදර රඳවා ගන්නෙමුයි සිතූහ. ඉක්බිති ඔවුන් රාජපුරුෂයෝ දඬුවලින් කොටා පලවා හැරියහ. යුවරජු ඇතුළු සියල්ලෝ උම්මත්තකයෝ මෙන් වූහ.

අථ රාජා – “කච‍්චි අහං භවෙය්‍ය”න‍්ති හත්‍ථං පසාරෙසි. තං හත්‍ථෙ ගහෙත්‍වාව “චොරො මෙ ගහිතො”ති මහාසද‍්දං කරි. රාජා තෙපි පුච‍්ඡි – “තුම‍්හෙ එතාය හත්‍ථෙ ගහිතා කිං චින‍්තයිත්‍ථා”ති. තෙ යථාභූතං ආරොචෙසුං. අථ නෙ රාජා ආහ – “අහං එතං අත‍්තනො ගෙහං ආනෙතුං එවං කාරෙසිං ‘එතිස‍්සා ඵස‍්සං අජානන‍්තා මං පරිභවෙය්‍යු’න‍්ති චින‍්තෙත්‍වා, තස‍්මා මයා සබ‍්බෙ තුම‍්හෙ ජානාපිතා, වදථ, භො දානි, සා කස‍්ස ගෙහෙ භවිතුං යුත‍්තා”ති? “තුම‍්හාකං, දෙවා”ති. අථ නං අභිසිඤ‍්චිත්‍වා අග‍්ගමහෙසිං අකාසි. මාතාපිතූනම‍්පිස‍්සා ඉස‍්සරියං දාපෙසි. තතො පට‍්ඨාය ච පන තාය සම‍්මත‍්තො නෙව විනිච‍්ඡයං පට‍්ඨපෙසි, න අඤ‍්ඤං ඉත්‍ථිං ඔලොකෙසි. තා තස‍්සා අන‍්තරං පරියෙසිංසු. සා එකදිවසං ද‍්වින‍්නං රාජූනං අග‍්ගමහෙසිභාවස‍්ස සුපිනෙ නිමිත‍්තං දිස‍්වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා සුපිනපාඨකෙ පක‍්කොසාපෙත්‍වා “එවරූපෙ සුපිනෙ දිට‍්ඨෙ කිං හොතී”ති පුච‍්ඡි. තෙ ඉතරාසං ඉත්‍ථීනං සන‍්තිකා ලඤ‍්ජං ගහෙත්‍වා – “මහාරාජ, දෙවියා සබ‍්බසෙතස‍්ස හත්‍ථිනො ඛන්‍ධෙ නිසින‍්නභාවො තුම‍්හාකං මරණස‍්ස පුබ‍්බනිමිත‍්තං, හත්‍ථිඛන්‍ධගතාය පන චන්‍දපරාමසනං තුම‍්හාකං පච‍්චාමිත‍්තරාජානයනස‍්ස පුබ‍්බනිමිත‍්ත”න‍්ති වත්‍වා “ඉදානි කිං කාතබ‍්බ”න‍්ති වුත‍්තෙ “දෙව ඉමං මාරෙතුං න සක‍්කා, නාවාය පන නං ඨපෙත්‍වා නදියං විස‍්සජ‍්ජෙතුං වට‍්ටතී”ති වදිංසු. රාජා ආහාරවත්‍ථාලඞ‍්කාරෙහි සද‍්ධිං රත‍්තිභාගෙ නං නාවාය ඨපෙත්‍වා නදියං විස‍්සජ‍්ජෙසි.

ඉක්බිති රජු මම කවරෙක් වන්නේදැයි අත දිගු කෙළේය. ඇය, ඔහු අත ගත් කල්හි ම සොරා මා අල්ලා ගත්තේ යයි මහහඬින් කෑගැසුවේ ය. රජු ඒ පුරුෂයන්ගෙන් විචාළේය. නුඹලා මැයගේ අත ගත් කල්හි කුමක් සිතුවෙහි ද? ඔවුහු ඇති පරිදි තතු හෙළි කළහ. ඉක්බිති ඔවුන්ට රජු කීවේය. මම, මැය තමන්ගේ ගෙදරට ගෙන ඒමට මෙසේ කෙළෙමි. මැයගේ ස්පර්ශය නොදන්නා බැවින් මට පරිභව කළේ යයි සිතා එහෙයින් මා විසින් සියල්ල නුඹලාට දැන්වූයේ යයි, දැන් කවරෙක් මැය ගේ ගෙදර වාසය කිරීමට සුදුසුදැයි විචාළේය. රජතුමනි, නුඹවහන්සේ, ඉක්බිති ඇය අභිෂේක කොට අගමෙහෙසිය කෙළේය. ඇගේ මව්පියන්ට ද සම්පත් දුන්නේය. එතැන් පටන් ඇගේ සම්මතයෙන් තොරව විනිශ්චයක් නො පිහිටී ය. වෙනත් ස්ත්‍රියක් දෙස නොබැලීය. ඈලා ඈලා අතර නිතර සෙවූහ. ඇය එක් දවසක් අගමෙහෙසියන් දෙදෙනෙකුගේ ස්වභාවය සිහිනෙන් නිමිති වශයෙන් දැක රජුට දැන්වීය. රජු සිහින නිමිති පාඨකයන් කැඳවා මෙබඳු ආකාර සිහිනයක් දකින ලදි. කුමක් වෙයිදැයි, විචාළේය. ඔවුහු, අනෙක් ස්ත්‍රීන්ගේ සමීපයේ අල්ලස් ගෙන මහරජ, දේවිය සියළු දෙනා සුදු ඇතකුගේ ඇඟ උඩ හුන්භාවය නුඹගේ මරණයේ පූර්ව නිමිත්තකි. ඇතාගේ ශරීරය විනාශවීමෙන් සඳ පරාමර්ශනය කිරීමෙන් ඔබගේ පසමිතුරෝ රාජ්‍යයට පත් වෙති යන පෙරනිමිත්තකැයි පවසා දැන්, කුමක් කළ යුතුදැයි කීකල්හි, දේවයන් වහන්ස, මැය මරාදැමීම නො කළ හැකිය. ඇය නැවක තබා නදියට මුදාහැරීමට වටීයයි, කීවාහුය. රජු ආහාර වස්ත්‍ර අලංකාරාදිය සමග රාත්‍රී කාලයේ ඇය නැවක තබා නදියට විසි කෙළේය.

සා නදියා වුය‍්හමානා හෙට‍්ඨානදියා නාවාය උදකං කීළන‍්තස‍්ස බාවරිකරඤ‍්ඤො අභිමුඛට‍්ඨානං පත‍්තා. තස‍්ස සෙනාපති නාවං දිස‍්වා “අයං නාවා මය‍්හ”න‍්ති ආහ. රාජා “නාවාය භණ‍්ඩං මය‍්හ”න‍්ති වත්‍වා ආගතාය නාවාය තං දිස‍්වා “කා නාම ත්‍වං පිසාචීසදිසා”ති පුච‍්ඡි. සා සිතං කත්‍වා බකස‍්ස රඤ‍්ඤො අග‍්ගමහෙසිභාවං කථෙත්‍වා සබ‍්බං තං පවත‍්තිං තස‍්ස කථෙසි. සා පන පඤ‍්චපාපීති සකලජම‍්බුදීපෙ පාකටා. අථ නං රාජා හත්‍ථෙ ගහෙත්‍වා උක‍්ඛිපි, සහ ගහණෙනෙව ඵස‍්සරාගරත‍්තො අඤ‍්ඤාසු ඉත්‍ථීසු ඉත්‍ථිසඤ‍්ඤං අකත්‍වා තං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. සා තස‍්ස පාණසමා අහොසි. බකො තං පවත‍්තිං සුත්‍වා “නාහං තස‍්ස අග‍්ගමහෙසිං කාතුං දස‍්සාමී”ති සෙනං සඞ‍්කඩ‍්ඪිත්‍වා තස‍්ස පටිතිත්‍ථෙ නිවෙසනං කත්‍වා පණ‍්ණං පෙසෙසි – “භරියං වා මෙ දෙතු යුද‍්ධං වා”ති. සො “යුද‍්ධං දස‍්සාමි, න භරිය”න‍්ති වත්‍වා යුද‍්ධසජ‍්ජො අහොසි. උභින‍්නං අමච‍්චා “මාතුගාමං නිස‍්සාය මරණකිච‍්චං නත්‍ථි, පුරිමසාමිකත‍්තා එසා බකස‍්ස පාපුණාති, නාවාය ලද‍්ධත‍්තා බාවරිකස‍්ස, තස‍්මා එකෙකස‍්ස ගෙහෙ සත‍්ත සත‍්ත දිවසානි හොතූ”ති මන‍්තෙත්‍වා ද‍්වෙපි රාජානො සඤ‍්ඤාපෙසුං. තෙ උභොපි අත‍්තමනා හුත්‍වා තිත්‍ථපටිතිත්‍ථෙ නගරානි මාපෙත්‍වා වසිංසු. සා ද‍්වින‍්නම‍්පි තෙසං අග‍්ගමහෙසිත‍්තං කාරෙසි. ද‍්වෙපි තස‍්සා සම‍්මත‍්තා අහෙසුං. සා පන එකස‍්ස ඝරෙ සත‍්තාහං වසිත්‍වා නාවාය ඉතරස‍්ස ඝරං ගච‍්ඡන‍්තී නාවං පාජෙත්‍වා නෙන‍්තෙන එකෙන මහල‍්ලකඛුජ‍්ජකෙවට‍්ටෙන සද‍්ධිං නදීමජ‍්ඣෙ පාපං කරොති. තදා කුණාලො සකුණරාජා බකො අහොසි, තස‍්මා ඉදං අත‍්තනා දිට‍්ඨකාරණං ආහරිත්‍වා දස‍්සෙන‍්තො ගාථමාහ –

ඇය නදියේ පාවෙමින් සිටිද්දී, දිය යට නැවෙහි ජලක්‍රීඩා කරන්නා වූ පාවාරික රජු ඉදිරියේ වැටුනේ, ඔහුගේ සෙනෙවියා නැව දැක මේ නැව මගේ යයි කීවේය. රජු නැවෙහි ඇති බඩු මගේ යයි කියා ආවා වූ නැවෙහි සිටි ඇය දැක ඔබ නම් කවර තැනැත්තියක්ද? පිශාචියක සමාන යයි, විචාළේය. ඇය, මද සිනහ කොට ‘බක’ රජුගේ අගමෙහෙසිය බව කියා, ඒ සියලු ප්‍රවෘත්ති ඔහුට කීවේය. ඇය ‘පඤ්චපාපා’ යයි මුළු දඹදිව ප්‍රසිද්ධය. ඉක්බිති ඇයව රජු අතින් ගෙන එසවීය. අල්ලා ගනිද්දී ම ස්පර්ශ වූ රාග රතිය ඇත්තේ අනෙක් ස්ත්‍රීන් අතර ස්ත්‍රියක බව නො හඟවා අගමෙහෙසිය තනතුරේ තැබීය. ඇය ඔහුට පණ හා සමාන වූවාය. බක ඒ පුවත අසා මම ඔහුට ඇයව අගමෙහෙසිය කිරීමට නොදෙන්නෙමියි, සේනාව රැස්කොට ඔහුගේ තොටුපොළට විරුද්ධව නිවෙස්නක් කොට හස්නක් යැවීය. බිරිඳ මට දෙව, නැත්නම් යුද්ධ කරමි යනුවෙනි. ඔහු යුද්ධයට කැමැති විය. දෙපිරිසේ ම ඇමතිවරු මාගමක් නිසා මරණයට යාම සුදුසු නැත. පළමු සැමියා බැවින් ‘බක’ ළඟට පැමිණවයි ද? නැවෙන් ලද බැවින් පාවරිට ද එක එක ගෙදර දින සත බැගින් සිටීවා’යි සාකච්ඡා කොට රජවරු දෙදෙනාට ම දැනුම් දුන්හ. ඒ දෙදෙනාම සතුටු වී තොටුපොළේ ද ප්‍රතිවිරුද්ධව ද නුවරවල් මවා, වාසය කළහ. ඇය දෙදෙනාටම මෙහෙසිය බවට ක්‍රියා කරයි. දෙදෙනාම ඇයට සමසේ ක්‍රියා කළහ. ඇය, එකකුගේ ගෙදර දින හතක් වාසය කොට නැවෙන් අනෙකාගේ ගෙදරට යන්නී, නැව පාකොට, නෙතින් එක් මහළු කොර කේවට්ටයකු සමග නදිය මැද ‘පාපකර්මය’ කරයි. එදා කුණාල සකුණ රජු ‘බක’ නම් විය. එහෙයින් මෙය තමා විසින් දුටු දේ ගෙනහැර පාමින් මෙසේ කීවේය.

“බකස‍්ස ච බාවරිකස‍්ස ච රඤ‍්ඤො, අච‍්චන‍්තකාමානුගතස‍්ස භරියා; අවාචරී පට‍්ඨවසානුගස‍්ස, කං වාපි ඉත්‍ථී නාතිචරෙ තදඤ‍්ඤ”න‍්ති.

අත්‍යන්තයෙන් කැමැත්ත අනුව පැවැත්තා වූ බක නම් රජුගේ ද පාවාරික නම් රජුගේ ද භාර්යා වූ පංචපාපා තොමෝ තම සිත බැඳුණු තම වසයෙහි සිටි පණිවිඩකරුවකු සමීපයෙහි ලාමක සේ හැසිරුනීය. (එහෙයින්) ස්ත්‍රී එයින් අන්‍ය වූ කවර නම් පුරුෂයකු ඉක්මවා නො හැසිරෙන්නී ද?

තත්‍ථ අච‍්චන‍්තකාමානුගතස‍්සාති අච‍්චන‍්තං කාමං අනුගතස‍්ස. අවාචරීති අනාචාරං චරි. පට‍්ඨවසානුගස‍්සාති පට‍්ඨස‍්ස අත‍්තනො වසානුගතස‍්ස, අත‍්තනො පෙසනකාරස‍්ස සන‍්තිකෙති අත්‍ථො. කරණත්‍ථෙ වා සාමිවචනං , තෙන සද‍්ධිං පාපමකාසීති වුත‍්තං හොති. තදඤ‍්ඤන‍්ති කතරං තං අඤ‍්ඤං පුරිසං නාතිචරෙය්‍යාති අත්‍ථො.

එහි අච්චන්තකාමානුගතස්සා යනු අතිශයින් කාමයට ගිජු වූ, අනුගත වූ, අවාචරී යනු අනාචාරයේ හැසිරුණාය. බද්ධ වසානුගස්සා යනු තමන් හා බැඳුනු වසඟයට ගියේ තමන්ගේ, මෙහෙකරු ගේ සමීපයේ වුවද යනු අර්ථයයි. කරණාර්ථයේ ස්වාමි වචනයයි ඔහු සමග අනාචාරය යෙදුනාය යනු කියන ලද්දේ වෙයි. තදඤ්ඤා යනු කවර නම් අනෙක් පුරුෂයකු ඉක්මවා කටයුතු කරන්නේය යන අර්ථයයි.

අපරාපි අතීතෙ බ්‍රහ‍්මදත‍්තස‍්ස භරියා පිඞ‍්ගියානී නාම අග‍්ගමහෙසී සීහපඤ‍්ජරං විවරිත්‍වා ඔලොකෙන‍්තී මඞ‍්ගලඅස‍්සගොපකං දිස‍්වා රඤ‍්ඤො නිද‍්දුපගමනකාලෙ වාතපානෙන ඔරුය‍්හ තෙන සද‍්ධිං අතිචරිත්‍වා පුන පාසාදං ආරුය‍්හ ගන්‍ධෙහි සරීරං උබ‍්බට‍්ටෙත්‍වා රඤ‍්ඤා සද‍්ධිං නිපජ‍්ජි. අථෙකදිවසං රාජා “කිං නු ඛො දෙවියා අඩ‍්ඪරත‍්තසමයෙ නිච‍්චං සරීරං සීතං හොති, පරිග‍්ගණ‍්හිස‍්සාමි න”න‍්ති එකදිවසං නිද‍්දුපගතො විය හුත්‍වා තං උට‍්ඨාය ගච‍්ඡන‍්තිං අනුගන‍්ත්‍වා අස‍්සබන්‍ධෙන සද‍්ධිං අතිචරන‍්තිං දිස‍්වා නිවත‍්තිත්‍වා සයනං අභිරුහි. සාපි අතිචරිත්‍වා ආගන‍්ත්‍වා චූළසයනකෙ නිපජ‍්ජි. පුනදිවසෙ රාජා අමච‍්චගණමජ‍්ඣෙයෙව තං පක‍්කොසාපෙත්‍වා තං කිච‍්චං ආවිකත්‍වා “සබ‍්බාව ඉත්‍ථියො පාපධම‍්මා”ති තස‍්සා වධබන්‍ධඡෙජ‍්ජභෙජ‍්ජාරහං දොසං ඛමිත්‍වා ඨානා චාවෙත්‍වා අඤ‍්ඤං අග‍්ගමහෙසිං අකාසි. තදා කුණාලො රාජා බ්‍රහ‍්මදත‍්තො අහොසි, තෙන තං අත‍්තනා දිට‍්ඨං ආහරිත්‍වා දස‍්සෙන‍්තො ගාථමාහ –

තවද අතීතයේ බ්‍රහ්මදත්ත රජුගේ බිරිඳ පිංගියානි නම් වූයේ සිහකවුළුව විවර කොට බලන්නී රාජකීය ඇත්ගොව්වා දැක රජු නිද්‍රාවට බැසගත් කල්හි, වාකවුළුවෙන් බැස ඔහු සමග අනාචාරයේ හැසිර යළිත් ප්‍රාසාදයට නැග, සුවඳ ජාතිවලින් ශරීරය ගල්වා රජු සමග හොත්තාය. ඉක්බිති එක්දිනක් දේවිය කොහේදැයි රජු මධ්‍යම රාත්‍රී කාලයේ නිතර ශරීරය ශීතල යයි, ඇය පරීක්‍ෂාකර බලන්නෙමියි එක්දිනක් නින්දර බැසගත්තේ මෙන් සිට ඇය නැගිට යනවිට ඒ අනුව පසුපස ගොස් අශ්ව බඳින්නා සමග අභිරමණය කරනු දැක නැවතී යහනට නැංගේය. ඇය ද ‘පව්කම’ කොට අවුත් කුඩා යහනාවේ හොත්තීය. ඊළඟ දවසේ රජු ඇමතියන් මැදට ඇය කැඳවා, ඒ කෘත්‍යය සිහිපත් කොට සියළුම ස්ත්‍රීහු පාපධර්මයේ ඇලෙන්නෝ යයි ඇගේ වධබන්‍ධන සිඳීම් බිඳීම් ආදි දෝෂවලට ක්‍ෂමාව දී තනතුරෙන් චුත කරවා වෙනත් අගමෙහෙසියක් පත් කෙළේය. එදා කුණාල රජු බ්‍රහ්මදත්ත නම් විය. එහෙයින් ඒ තමන් විසින් දුටු දේ ගෙනහැර පාමින්:-

“පිඞ‍්ගියානී සබ‍්බලොකිස‍්සරස‍්ස, රඤ‍්ඤො පියා බ්‍රහ‍්මදත‍්තස‍්ස භරියා; අවාචරී පට‍්ඨවසානුගස‍්ස, තං වාපි සා නාජ‍්ඣගා කාමකාමිනී”ති.

මුළු ලොවට අධිපති වූ බඹදත් රජුගේ පිංගියානී නම් භාර්යාව තම වසඟයෙහි සිටියකු (අස්ගොව්වකු) සමග අනාචාරයෙහි හැසිරුනී ය. කාමයන් පතන්නා වූ ඕ තොමෝ එය ද (අස්ගොව්වා ද අගමෙහෙසුන් තනතුර ද යන දෙක ම) නොලැබුවා ය.

යන ගාථාව කීවේය.

තත්‍ථ තං වාති සා එවං අතිචරන‍්තී තං වා අස‍්සබන්‍ධං තං වා අග‍්ගමහෙසිට‍්ඨානන‍්ති උභයම‍්පි නාජ‍්ඣගා, උභතො භට‍්ඨා අහොසි. කාමකාමිනීති කාමෙ පත්‍ථයමානා.

එහි තංචා යනු ඇය මෙසේ අනාචාරයේ හැසිරෙන්නී හෝ අශ්ව බන්ධකයා සහ අගමෙහෙසිය දෙදෙනාගේ භටයා විය. කාමකාමිනී යනු මෙසේ කාමය ප්‍රාර්ථනා කරන්නී මෙසේ පව්කම් කරන ස්ත්‍රියෝ ය.

එවං පාපධම‍්මා ඉත්‍ථියොති අතීතවත්‍ථූහි ඉත්‍ථීනං දොසං කථෙත්‍වා අපරෙනපි පරියායෙන තාසං දොසමෙව කථෙන‍්තො ආහ –

අතීත කථා වස්තුවේ ස්ත්‍රීන්ගේ දොස් පවසා තවත් විස්තර වශයෙන් දොස්ම කියන්නේ මෙය කීවේය.

“ලුද‍්ධානං ලහුචිත‍්තානං, අකතඤ‍්ඤූන දුබ‍්භිනං; නාදෙවසත‍්තො පුරිසො, ථීනං සද‍්ධාතුමරහති.

බඳනා ලද සොරුන් කෙරෙහි පවා ඇලෙන ලාමක වූ වහා පෙරළෙන සිත් ඇත්තා වූ අකෘතඥ වූ ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ සිල්වත් ස්වභාවය භූතාවිෂ්ට නො වූ පුරුෂයෙක් නො අදහන්නේ ය.

“න තා පජානන‍්ති කතං න කිච‍්චං, න මාතරං පිතරං භාතරං වා; අනරියා සමතික‍්කන‍්තධම‍්මා, සස‍්සෙව චිත‍්තස‍්ස වසං වජන‍්ති.

ඒ ස්ත්‍රීහු කළ දෑ නො දනිත්. කළ යුතු දෑ නො දනිත්. මව හෝ පියා හෝ සහෝදරයා හෝ නො දනිත්. ලජ්ජාවිරහිත වූ ඉක්ම වූ ගුණදම් ඇති ඔවුහු තම චිත්තයාගේ වසඟයට ම යෙත්.

“චිරානුවුට‍්ඨම‍්පි පියං මනාපං, අනුකම‍්පකං පාණසමම‍්පි භත‍්තුං; ආවාසු කිච‍්චෙසු ච නං ජහන‍්ති, තස‍්මාහමිත්‍ථීනං න විස‍්සසාමි.

බොහෝ කාලයක් එක්ව විසුවා වූ ප්‍රිය වූ මනාප වූ අනුකම්පා ඇති ප්‍රාණ සම වූ ඒ ස්වාමියා ආපදාපන්න අවස්ථාවන්හි ද කටයුත්තක් පැමිණි කල්හි ද හැර දමති. එබැවින් මම ස්ත්‍රීන්ගේ ස්වභාවය විශ්වාස නො කරමි.

“ථීනඤ‍්හි චිත‍්තං යථා වානරස‍්ස, කන‍්නප‍්පකන‍්නං යථා රුක‍්ඛඡායා; චලාචලං හදයමිත්‍ථියානං, චක‍්කස‍්ස නෙමි විය පරිවත‍්තති.

ස්ත්‍රීන්ගේ සිත වනාහි වඳුරාගේ සිත මෙනි. උස් පහත් භේදයක් නැතිව වැටෙන ගස් සෙවණ මෙන් ස්ත්‍රීන් ගේ සිත එක තැනෙක නො පිහිටයි. ගමන් කරන රථචක්‍රයා ගේ නිම් වළල්ල මෙන් (ස්ත්‍රීන්ගේ සිත) නොයෙක් අරමුණට පෙරළෙයි.

“යදා තා පස‍්සන‍්ති සමෙක‍්ඛමානා, ආදෙය්‍යරූපං පුරිසස‍්ස විත‍්තං; සණ‍්හාහි වාචාහි නයන‍්ති මෙනං, කම‍්බොජකා ජලජෙනෙව අස‍්සං.

සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු යම් වස්තුවක් දකිත් ද එවිට කාම්බෝජ වැසියන් දියෙහි හටගත් සෙවෙලින් අසකු අල්වාගන්නා මෙන් මෘදු වචනයෙන් ඒ පුරුෂයා තම වසඟයට ගනිත්.

“යදා න පස‍්සන‍්ති සමෙක‍්ඛමානා, ආදෙය්‍යරූපං පුරිසස‍්ස විත‍්තං; සමන‍්තතො නං පරිවජ‍්ජයන‍්ති, තිණ‍්ණො නදීපාරගතොව කුල‍්ලං.

සොයා බලන්නා වූ ඒ ස්ත්‍රීහු යම් විටෙක පුරුෂයා අයත් ගතයුතු වස්තුවක් නො දකිත් ද (එවිට) ගඟ තරණය කළ, ගඟන් එතෙර වූ තැනැත්තා පහුර අත්හරින්නා මෙන් ඒ පුරුෂයා හාත්පසින් දුරු කෙරෙත්.

“සිලෙසූපමා සිඛිරිව සබ‍්බභක‍්ඛා, තික‍්ඛමායා නදීරිව සීඝසොතා; සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච, නාවා යථා ඔරකුලං පරඤ‍්ච.

(පුරුෂයන්ගේ සිත් අලවන හෙයින්) ලාටු බඳු වූ ද, සියල්ල භක්‍ෂණය කරන හෙයින් ගින්න බඳු වූ ද, (වේගයෙන් ගලා යන දිය පහර ඇති නදීන් මෙන්) ශීඝ්‍ර (තියුණු) මායා ඇති මේ ස්ත්‍රීහු එගොඩ මෙගොඩ දෙක ම සේවනය කරන්නා වූ නැවක් මෙන් ප්‍රිය වූවහු ද අප්‍රිය වූවහු ද සේවනය කෙරෙත්.

“න තා එකස‍්ස න ද‍්වින‍්නං, ආපණොව පසාරිතො; යො තා මය‍්හන‍්ති මඤ‍්ඤෙය්‍ය, වාතං ජාලෙන බාධයෙ.

ඒ ස්ත්‍රීහු එකකට (අයිති) නො වෙති. දෙදෙනකුට ද නො වෙති. විවෘත කරන ලද සල්පිලක් බඳු ය. යමෙක් ඒ ස්ත්‍රීන් මගේ යැයි සිතන්නේ නම් හෙතෙම දැලින් සුළඟ වැළැක්ම ද කරන්නේ ය.

“යථා නදී ච පන්‍ථො ච, පානාගාරං සභා පපා; එවං ලොකිත්‍ථියො නාම, වෙලා තාසං න විජ‍්ජති.

ගංගාව ද මාර්ගය ද, සුරාපාන ශාලාව ද, සභාව ද, පැන්හල ද, යන මොහු යම්සේ වෙත් ද, ලෝකයෙහි ස්ත්‍රීහු ද එබඳු වෙත්. ඔවුනට මර්යාදාවක් (සීමාවක්) නැත.

“ඝතාසනසමා එතා, කණ‍්හසප‍්පසිරූපමා; ගාවො බහි තිණස‍්සෙව, ඔමසන‍්ති වරං වරං.

මේ ස්ත්‍රීහු වනාහි ගින්න හා සම වෙති. කෘෂ්ණ සර්පයකුගේ හිසට බඳු උපමා ඇත්තාහ. (තණ කෑ තැන් අත්හැර) පිටත අලුත් අලුත් තණ සොයා යන ගෙරින් සේ ස්ත්‍රීහු උතුම් පුරුෂයකු (ධන නැත්තහු හැරදමා ධනවතකු) සොයති.

“ඝතාසනං කුඤ‍්ජරං කණ‍්හසප‍්පං, මුද‍්ධාභිසිත‍්තං පමදා ච සබ‍්බා; එතෙ නරො නිච‍්චයතො භජෙථ, තෙසං හවෙ දුබ‍්බිදු සබ‍්බභාවො.

ගින්න ද ඇතා ද, කෘෂ්ණ සර්පයා ද, රජු ද, සියලු ස්ත්‍රීහු ද, යන මොවුන් මනුෂ්‍ය තෙම සිහි ඇත්තෙක් ව සේවනය කරන්නේ ය. ඒකාන්තයෙන් ඔවුන්ගේ ඇති තතු දැනගැනීම දුෂ්කර ය.

“නච‍්චන‍්තවණ‍්ණා න බහූන කන‍්තා, න දක‍්ඛිණා පමදා සෙවිතබ‍්බා; න පරස‍්ස භරියා න ධනස‍්ස හෙතු, එතිත්‍ථියො පඤ‍්ච න සෙවිතබ‍්බා”ති.

විශිෂ්ට රූ ඇත්තී ද බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තී ද නෘත්‍ය ගීතයන්හි දක්‍ෂ වූ ස්ත්‍රිය ද අනෙකකුගේ භාර්යාව ද සේවනය නො කටයුත්තීය. ධන හේතුවෙන් ද, සේවනය නො කටයුත්තී ය. මේ ස්ත්‍රීහු පස්දෙන සේවනය නො කටයුත්තාහු වෙති යි කුණාල පක්‍ෂියා කීය.

තත්‍ථ ලුද‍්ධානන‍්ති ලුබ‍්භානං. කණවෙරජාතකෙ (ජා· 1.4.69-72) විය බද‍්ධචොරෙපි සාරජ‍්ජනං සන්‍ධායෙතං වුත‍්තං. ලහුචිත‍්තානන‍්ති මුහුත‍්තමෙව පරිවත‍්තනචිත‍්තානං. චූළධනුග‍්ගහජාතකෙන (ජා· 1.5.128 ආදයො) එතං දීපෙතබ‍්බං. අකතඤ‍්ඤුතා පන එතාසං එකකනිපාතෙ තක‍්කාරියජාතකෙන (ජා· 1.13.104 ආදයො) දීපෙතබ‍්බා. නාදෙවසත‍්තොති න අදෙවසත‍්තො දෙවෙන අනාසත‍්තො අයක‍්ඛගහිතකො අභූතවිට‍්ඨො පුරිසො ථීනං සීලවන‍්තතං සද‍්ධාතුං නාරහති, භූතවිට‍්ඨො පන සද‍්දහෙය්‍ය. කතන‍්ති අත‍්තනො කතං උපකාරං. කිච‍්චන‍්ති අත‍්තනා කත‍්තබ‍්බං කිච‍්චං. න මාතරන‍්ති සබ‍්බෙපි ඤාතකෙ ඡඩ‍්ඩෙත්‍වා යස‍්මිං පටිබද‍්ධචිත‍්තා හොන‍්ති, තඤ‍්ඤෙව අනුබන්‍ධනතො එතෙ මාතාදයො න ජානන‍්ති නාම මහාපන්‍ථකමාතා විය. අනරියාති නිල‍්ලජ‍්ජා. සස‍්සෙවාති සකස‍්ස. ආවාසූති ආපදාසු. කිච‍්චෙසූති තෙසු තෙසු කරණීයෙසු.

එහි ඛුද්දානං යනු කණවේර ජාතකයේ එන පරිදි මෙන් සොරකු කෙරෙහි බැඳුණු රති ක්‍රීඩාවේ නිරත වූවන් මෙන් කියන ලදි. ලහුචිත්තානං යනු ඒ මොහොතේම පෙරළෙන සුළු සිතක් ඇති බැවින් චුල්ල ධනුග්ගහ ජාතකයේ එන පරිදි මෙය කිවයුතුයි. අකෘතඥ බැවින් මෙය ඒකක නිපාතයේ තක්ක ජාතකයේ එන පරිදි අර්ථ දතයුතුය. නාදෙව සත්තො යනු දෙවියෙකු නොවන සත්වයකු දෙවියකු විසින් නොඇලුණු යක්‍ෂයකු ලෙස නොගත්, භූතයෙකු ලෙස නොවැටහුණු මිනිසා සිතේ උදාසීන බව නිසා සිල්වතුන් ඇදහීමට සුදුසු නොවේ කැමති නොවේ. භූතයෙකු ලෙස ආවිෂ්ට වූවකු අදහන්නේය. කතං යනු තමන්ට කරන ලද උපකාරය. කිච්චං යනු තමන් විසින් කළ යුතු කෘත්‍යය. නමාතරං යනු සියලුම ඤාතීන් හැරදමා යමෙකු කෙරෙහි පිළිබඳ සිතැත්තේ වෙත් ද, එයම ලුහුබැඳ යන්නේ මොවුහු මව ආදි වශයෙන් නොදනිත් නම් මහාපන්ථක මව මෙනි. අනරියා යනු ලජ්ජා නැති. සස්සා යනු ස්වකීය වූ. ආවාසු යනු ආපදා ඇති කල්හි. කිච්චෙසු යනු ඒ ඒ කළයුතු කාර්යවලදී.

කන‍්නප‍්පකන‍්නන‍්ති ඔතිණ‍්ණොතිණ‍්ණං. යථා හි විසමෙ පදෙසෙ රුක‍්ඛඡායා නින‍්නම‍්පිඔරොහති, ථලම‍්පි අභිරුහති, තථා එතාසම‍්පි චිත‍්තං න කඤ‍්චි උත‍්තමාධමං වජ‍්ජෙති. චලාචලන‍්ති එකස‍්මිංයෙව අපතිට‍්ඨිතං. නෙමි වියාති සකටස‍්ස ගච‍්ඡතො චක‍්කනෙමි විය. ආදෙය්‍යරූපන‍්ති ගහෙතබ‍්බජාතිකං. විත‍්තන‍්ති ධනං. නයන‍්තීති අත‍්තනො වසං නෙන‍්ති. ජලජෙනාති ජලජාතසෙවාලෙන. කම‍්බොජරට‍්ඨවාසිනො කිර යදා අටවිතො අස‍්සෙ ගණ‍්හිතුකාමා හොන‍්ති, තදා එකස‍්මිං ඨානෙ වතිං පරික‍්ඛිපිත්‍වා ද‍්වාරං යොජෙත්‍වා අස‍්සානං උදකපානතිත්‍ථෙ සෙවාලං මධුනා මක‍්ඛෙත්‍වා සෙවාලසම‍්බන්‍ධානි තීරෙ තිණානි ආදිං කත්‍වා යාව පරික‍්ඛෙපද‍්වාරා මක‍්ඛෙන‍්ති, අස‍්සා පානීයං පිවිත්‍වා රසගිද‍්ධෙන මධුනා මක‍්ඛිතානි තානි තිණානි ඛාදන‍්තා අනුක‍්කමෙන තං ඨානං පවිසන‍්ති. ඉති යථා තෙ ජලජෙන පලොභෙත්‍වා අස‍්සෙ වසං නෙන‍්ති, තථා එතාපි ධනං දිස‍්වා තස‍්ස ගහණත්‍ථාය සණ‍්හාහි වාචාහිපි පුරිසං වසං නෙන‍්තීති අත්‍ථො. කුල‍්ලන‍්ති තරණත්‍ථාය ගහිතං යං කිඤ‍්චි.

කන්නපකන්නං යනු යම්සේ විෂම ප්‍රදේශයකට බැසගත් කල්හි තණ, ගස්සෙවනැලි ගොඩබිම ද වැඩෙයි. තැනිතලාවේ ද මැනවින් වැඩේ. එසේ ඈලාගේ සිත කිසිත් උස්-පහත් ලෙස හෝ ඒ බවක් වර්ජනය නොකරයි. චලාචලං යනු එකම තැනක නොපිහිටි. නෙමිවියා යනු රෝදය (කරත්ත) සමග ගමන් කරන නාභිවළලු මෙන් ආදෙය්‍යරූපං යනු ගතයුතු ජාති. විත්තං යනු ධනයයි. නයන්ති යනු තමන්ගේ වසඟයට පමුණුවති. ජලජෙන යනු ජලයේ හටගත් සෙවලවලින් කාම්භෝජවැසියෝ යම්කලෙක වනය තුළට යනු කැමැත්තේද? එකල එක්තැනක වැට වටකොට දොරටුවක් යොදා අශ්වයන් ජය පානය කරන තොටුපළෙහි සෙවල සංවර්ධනය කොට, ඉවුරේ තණ ආදිය කොට පිටවෙන දොරටුවට පිවිසෙත්. අශ්වයෝ පැන් පානය කොට රජ ගිජුකමින් මීමැස්සන් සහිත තණ කමින් පිළිවෙලින් ඒ ස්ථානයට පිවිසෙති. මෙසේ ඔවුහු ජලජ පැලෑටියෙන් වසඟ කරවා අශ්වයන් වසඟයට පමුණුවති. එ පරිදි ධනය දැක එය ගැනීම පිණිස, මියුරු වචනවලින් මිනිසා වසඟයට පැමිණෙති යන අර්ථයයි. කුල්ලං යනු තරණය පිණිස ගන්නා ලද යම්කිසිවක්.

සිලෙසූපමාති පුරිසානං චිත‍්තබන්‍ධනෙන සිලෙසසදිසා. තික‍්ඛමායාති තිඛිණමායා සීඝමායා. නදීරිවාති යථා පබ‍්බතෙය්‍යා නදී සීඝසොතා, එවං සීඝමායාති අත්‍ථො. ආපණොවාති යථා ච පසාරිතාපණො යෙසං මූලං අත්‍ථි, තෙසඤ‍්ඤෙව උපකාරො, තථෙව තාපි. යො තාති යො පුරිසො තා ඉත්‍ථියො. බාධයෙති සො වාතං ජාලෙන බාධෙය්‍ය. වෙලා තාසං න විජ‍්ජතීති යථා එතෙසං නදීආදීනං “අසුකවෙලායමෙව එත්‍ථ ගන‍්තබ‍්බ”න‍්ති වෙලා නත්‍ථි, රත‍්තිම‍්පි දිවාපි ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ උපගන‍්තබ‍්බානෙව, අසුකෙනෙවාතිපි මරියාදා නත්‍ථි, අත්‍ථිකෙන උපගන‍්තබ‍්බානෙව, තථා තාසම‍්පීති අත්‍ථො.

සිලෙපසුමා යනු මිනිසුන්ගේ සිත් බැඳීම් වශයෙන් ලාටු හා සමාන. තික්ඛමායා යනු තියුණු මායා ඇති ඉක්මණින් රැවටෙන නදීරිවා යනු යම්සේ පර්වතයෙන් නදිය ශීඝ්‍රයෙන් බැසයන්නා සේ මෙසේ වේගයෙන් ගමන් කරයි යන අර්ථයයි. ආපණො යනු යම්සේ දිගුකරන ලද ආපනශාලාව යමෙකුට ධනය ඇද්ද? ඔවුන්ටම උපකාර ඇත. යොතා යනු යම් පුරුෂයකු ඒ ස්ත්‍රීහු. බාධයෙ යනු හෙතෙම වාතයද දැලෙන් බාධා කරන්නේය. වෙලා තාසං නවිජ්ජති යනු යම්සේ මේ නදී ආදියට අසවල් වේලාවේ මෙය ගතයුතුයයි, වේලාවක් නැත. දිවා-රාත්‍රී දෙක්හි කැමැති කැමැති මොහොතේ පැමිණිය යුතුය. අසවල් වේලාවේ කාලයේ යයි සීමාවක් නැත. ඇති-නැති සැමදෙනාටම එසේ පැමිණිය හැකිය යන අර්ථයයි.

ඝතාසනසමා එතාති යථා අග‍්ගි ඉන්‍ධනෙන න තප‍්පති, එවමෙතාපි කිලෙසරතියා. කණ‍්හසප‍්පසිරූපමාති කොධනතාය උපනාහිතාය ඝොරවිසතාය දුජිව‍්හතාය මිත‍්තදුබ‍්භිතායාති පඤ‍්චහි කාරණෙහි කණ‍්හසප‍්පසිරසදිසා. තත්‍ථ බහුලරාගතාය ඝොරවිසතා, පිසුණතාය දුජිව‍්හතා, අතිචාරිතාය මිත‍්තදුබ‍්භිතා වෙදිතබ‍්බා. ගාවො බහි තිණස‍්සෙවාති යථා ගාවො ඛාදිතට‍්ඨානං ඡඩ‍්ඩෙත්‍වා බහි මනාපමනාපස‍්ස තිණස‍්ස වරං වරං ඔමසන‍්ති ඛාදන‍්ති, එවමෙතාපි නිද‍්ධනං ඡඩ‍්ඩෙත්‍වා අඤ‍්ඤං සධනමෙව භජන‍්තීති අත්‍ථො. මුද‍්ධාභිසිත‍්තන‍්ති රාජානං. පමදා ච සබ‍්බාති සබ‍්බා ච ඉත්‍ථියො. එතෙති එතෙ පඤ‍්ච ජනෙ. නිච‍්චයතොති නිච‍්චසඤ‍්ඤතො, උපට‍්ඨිතස‍්සති අප‍්පමත‍්තොව හුත්‍වාති අත්‍ථො. දුබ‍්බිදූති දුජ‍්ජානො. සබ‍්බභාවොති අජ‍්ඣාසයො. චිරපරිචිණ‍්ණොපි හි අග‍්ගි දහති, චිරවිස‍්සාසිකොපි කුඤ‍්ජරො ඝාතෙති, චිරපරිචිතොපි සප‍්පො ඩංසති, චිරවිස‍්සාසිකොපි රාජා අනත්‍ථකරො හොති, එවං චිරාචිණ‍්ණාපි ඉත්‍ථියො විකාරං දස‍්සෙන‍්තීති.

ඝතාසනස්මා යනු යම්සේ ගින්න ඉන්‍ධන තොරව නොතැවේ ද මෙසේ ඈලා ද කෙලෙස් රතියෙන් යුක්ත වේ. කණ්හ සප්පසිරූපමා යනු ක්‍රෝධය, බද්ධ වෛරය ඝෝර විෂ බැවින් නරක දිව ඇති බවද, මිත්‍රද්‍රෝහී බවද යන කාරණා පහෙන් කළු සර්පයකු හා සමානය. එහි බොහෝ රාග ඇති බැවින් ඝෝර විෂ ඇති බව ද, කේළාම් කීම තුළින් දුජිව්හතා බවද ඉක්මවා කටයුතු කිරීමෙන් මිත්‍රද්‍රෝහී බව ද, දත යුතුය. ගාවො බහි තිණස්සා යනු යම් සේ ගවයා කන ලද ස්ථානය හැරදමා පිටත මනාප තැනකට තණකොළ සොයමින් වරින්වර මඩිමින් අනුභව කරත් ද, එපරිදි ධනය නැත්තා හැරදමා වෙනත් ඇති තැනකටම යන්නීය යන අර්ථයයි. මුද්ධාභිසිත්තං යනු රජවරුය. පමදාව සබ්බා යනු සියලුම ස්ත්‍රීහු. එතෙ යනු මේ ජනයෝ පස්දෙනා වෙති. නිච්චයත්තො යනු නිතර සංඥාවෙන් යුතු එළඹන ලද සිහිබුද්ධිය ඇත්තේ අප්‍රමාදී වී යන අර්ථයයි. දුබ්බිදු යනු දුර්ජනයාය. සබ්බභාවො යනු අධ්‍යාශය ඇත්තේ චිරාත් කාලයක් පුරුදුවීමෙන් පසු ගිනි දවයි. චිරාත්කාලයක් විශ්වාස කිරීමෙන් පසු ඇතා ඝාතනය කරයි. චිරාත් කාලයක් පුරුදුවීමෙන් පසු සර්පයා දෂ්ට කරයි. චිරාත්කලක් විශ්වාස කිරිමෙන් පසු රජු අයහපත් දේ කරයි. මෙසේ චිරාත්කලක් පුරුදු වීමෙන් පසු ස්ත්‍රීහුද විපිළිසර විකාර දේ ප්‍රකට කරත්.

නච‍්චන‍්තවණ‍්ණාති අභිරූපවතී. න බහූන කන‍්තාති අඩ‍්ඪකාසිගණිකා විය බහූනං පියා මනාපා. න දක‍්ඛිණාති නච‍්චගීතකුසලා. තථාරූපා හි බහුපත්‍ථිතා බහුමිත‍්තා හොන‍්ති, තස‍්මා න සෙවිතබ‍්බා. න ධනස‍්ස හෙතූති යා ධනහෙතුයෙව භජති, සා අපරිග‍්ගහාපි න සෙවිතබ‍්බා. සා හි ධනං අලභමානා කුජ‍්ඣතීති.

නාච්චන්තවණ්ණා යනු අතිශයින් රූමත් නොවෙයි. න බහුනකන්තා යනු අඩ්ඪකාසි ගණිකාව මෙන් බොහෝ දෙනෙකුට ප්‍රියමනාප නොවෙයි. දක්ඛිණා යනු නැටුම් ගැයුම් ගීතයේ දක්‍ෂ වූයේ, එබඳු ආකාර වූ බොහෝ මිත්‍රයෝ සිටිත්. කුමක් නිසා සේවනය නොකළ යුතුද? න ධනස්ස හේතු යමෙක් ධනය මුල් කරගෙන ඇසුරු කරයිද? ඇය අයිති දෙය ලබා නොගැනීමට ද සේවනය නොකළ යුතුය. ඇය වනාහි ධනය නොලැබීම නිසා කිපෙයි යනුවෙනි.

එවං වුත‍්තෙ මහාජනො මහාසත‍්තස‍්ස “අහො සුකථිත”න‍්ති සාධුකාරමදාසි. සොපි එත‍්තකෙහි කාරණෙහි ඉත්‍ථීනං අගුණං කථෙත්‍වා තුණ‍්හී අහොසි. තං සුත්‍වා ආනන්‍දො ගිජ‍්ඣරාජා, “සම‍්ම කුණාල, අහම‍්පි අත‍්තනො ඤාණබලෙන ඉත්‍ථීනං අගුණං කථෙස‍්සාමී”ති වත්‍වා අගුණකථං ආරභි. තං දස‍්සෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ කී කල්හි මහජනයා බෝසතුන්ට අනේ මැනවින් කරන ලදැයි, සාදුකාර දුන්නේ ය. ඔහු ද මේ කාරණාවලින් ස්ත්‍රීන්ගේ අගුණ ප්‍රකාශ කොට, නිශ්ශබ්ද විය. ඒ අසා ආනන්ද ගිජ්ඣකූට රජු (ගිජුලිහිණි) මිත්‍ර කුණාල රජතුමනි, මම ද තමන්ගේ ඤාණ බලයෙන් ස්ත්‍රීන්ගේ අගුණ ප්‍රකාශ කරන්නෙමියි, පවසා අගුණ කථාව ආරම්භ කෙළේය. එය දක්වමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“අථ ඛලු, භො, ආනන්‍දො ගිජ‍්ඣරාජා කුණාලස‍්ස ආදිමජ‍්ඣකථාපරියොසානං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථා අභාසි –

ඉක්බිති පින්වත් ආනන්ද ගිජුලිහිණි රජ, කුණාල පක්‍ෂියාගේ මුල මැද අග කථා දැන ඒ වේලාවේ මේ ගාථා කීවේය.

“පුණ‍්ණම‍්පි චෙමං පථවිං ධනෙන, දජ‍්ජිත්‍ථියා පුරිසො සම‍්මතාය; ලද‍්ධා ඛණං අතිමඤ‍්ඤෙය්‍ය තම‍්පි, තාසං වසං අසතීනං න ගච‍්ඡෙ.

ඉදින් යම් පුරුෂයෙක් ධනයෙන් සම්පූර්ණ වූ පෘථිවිය සම්මත වූ යම් ස්ත්‍රියකට දෙයි ද, ඕ ඉඩක් ලැබ ඒ පුරුෂයා ද ඉක්මවන්නී ය.

“උට‍්ඨාහකං චෙපි අලීනවුත‍්තිං, කොමාරභත‍්තාරං පියං මනාපං; ආවාසු කිච‍්චෙසු ච නං ජහන‍්ති, තස‍්මාහමිත්‍ථීනං න විස‍්සසාමි.

එහෙයින් එබඳු ස්මෘති විරහිත ස්ත්‍රීන්ගේ වසයට නො යන්නේ ය. උත්සාහවත් නො පසුබට පැවතුම් ඇති ප්‍රිය වූ මන වඩන තුරුණු වියෙහි සිටි සැමියා පවා විපත්වලදී ද අවැසි කටයුත්තක් පැමිණි කල්හි ද (ස්ත්‍රීහු) යම් හෙයකින් හැර දමත් ද, එහෙයින් ස්ත්‍රීන් ගේ (සදාචාර ස්වභාවය) විශ්වාස නො කරමි.

“න විස‍්සසෙ ‘ඉච‍්ඡති ම’න‍්ති පොසො, න විස‍්සසෙ ‘රොදති මෙ සකාසෙ’; සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච, නාවා යථා ඔරකූලං පරඤ‍්ච.

(මෝ තොමෝ) මා කැමති වන්නී යැයි පුරුෂ තෙම ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. මා සමීපයෙහි හඬා යයි ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය. යම් හෙයකින් එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මේ ස්ත්‍රීහු ප්‍රිය අප්‍රිය දෙදෙන ම සේවනය කෙරෙත් ද එහෙයිනි.

“න විස‍්සසෙ සාඛපුරාණසන්‍ථතං, න විස‍්සසෙ මිත‍්තපුරාණචොරං; න විස‍්සසෙ රාජානං ‘සඛා මම’න‍්ති, න විස‍්සසෙ ඉත්‍ථි දසන‍්න මාතරං.

පැරණි කොළ ඇතිරිය විශ්වාස නො කරන්නේ ය. පැරණි මිතුරකු වූ හොරා විශ්වාස නො කරන්නේ ය. මගේ යහළුවෙකැ යි රජු විශ්වාස නො කරන්නේ ය. දස දෙනකුන් ගේ මව වුව ද ස්ත්‍රිය විශ්වාස නො කරන්නේ ය.

“න විස‍්සසෙ රාමකරාසු නාරිසු, අච‍්චන‍්තසීලාසු අසඤ‍්ඤතාසු; අච‍්චන‍්තපෙමානුගතස‍්ස භරියා, න විස‍්සසෙ තිත්‍ථසමා හි නාරියො.

බාලයන් විසින් ඇලුම් කරනු ලබන, ඉක්මවන ලද සිල් ඇති, අසඤ්ඤත වූ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස නො කටයුතු ය. අත්‍යන්ත ප්‍රේමයෙන් යුතු තැනැත්තහු ගේ භාර්යාව ද විශ්වාස නො කටයුතු ය. ස්ත්‍රීහු තීර්ථ සම වෙත් ද එහෙයිනි.

“හනෙය්‍යුං ඡින්‍දෙය්‍යුං ඡෙදාපෙය්‍යුම‍්පි, කණ‍්ඨෙපි ඡෙත්‍වා රුධිරං පිවෙය්‍යුං; මා දීනකාමාසු අසඤ‍්ඤතාසු, භාවං කරෙ ගඞ‍්ගතිත්‍ථූපමාසු.

(යම් හෙයකින් කිපුණා වූ හෝ අන් පුරුෂයන් කෙරෙහි ඇලුණා වූ හෝ ස්ත්‍රීහු) සැමියා නසන්නාහු සිඳින්නාහු සිඳවන්නාහු බොටුව සිඳ ලේ බොන්නාහු වෙත් ද, එහෙයින් ලාමක අදහස් ඇති සංයම නැති ගංගා තීර්ථ බඳු ස්ත්‍රීන් කෙරෙහි ස්නේහ නො කරන්නේ ය.

“මුසා තාසං යථා සච‍්චං, සච‍්චං තාසං යථා මුසා; ගාවො බහි තිණස‍්සෙව, ඔමසන‍්ති වරං වරං.

ඒ ස්ත්‍රීන්ගේ බොරුව සත්‍යය මෙනි. සත්‍යය බොරුව මෙනි. තණ බිමෙන් පිටත් තැන්හි හොඳ හොඳ තණ සොයන ගවයන් මෙන් (ඔවුහු) අන් පුරුෂයන් සොයත්.

“ගතෙනෙතා පලොභෙන‍්ති, පෙක‍්ඛිතෙන ම‍්හිතෙන ච; අථොපි දුන‍්නිවත්‍ථෙන, මඤ‍්ජුනා භණිතෙන ච.

මේ ස්ත්‍රීහු ගමනින් ද, බැල්මෙන් ද, මඳ සිනාවෙන් ද, නපුරු කොට වස්ත්‍ර හැඳීමෙන් ද, මිහිරි වදන් බිණීමෙන් ද (පුරුෂයන්) පොළඹවත්.

“චොරියො කථිනා හෙතා, වාළා ච ලපසක‍්ඛරා; න තා කිඤ‍්චි න ජානන‍්ති, යං මනුස‍්සෙසු වඤ‍්චනං.

මේ ස්ත්‍රීහු සෙරහ. තද සිත් ඇත්තාහ. දුෂ්ටයහ. හකුරු මෙන් මිහිරි වදන් ඇත්තාහ. මිනිසුන් අතර යම් වංචාවක් ඇත් නම් (එයින්) ඔවුන් නො දන්නා කිසිවක් නැත.

“අසා ලොකිත්‍ථියො නාම, වෙලා තාසං න විජ‍්ජති; සාරත‍්තා ච පගබ‍්භා ච, සිඛී සබ‍්බඝසො යථා.

ලෝකයෙහි ලාමක වූ මේ ස්ත්‍රීහු නම් හැම කල්හි රාගයෙන් ඇලුණාහු ය. කායප්‍රගල්භාදියෙන් යුක්ත වූවාහු ය. සියල්ල භක්‍ෂණය කරන (දවන) ගින්න මෙන් සියල්ල වනසනසුලු ය. ඔවුනට සීමාවෙක් නැත.

“නත්‍ථිත්‍ථීනං පියො නාම, අප‍්පියොපි න විජ‍්ජති; සෙවන‍්ති හෙතා පියමප‍්පියඤ‍්ච, නාවා යථා ඔරකූලං පරඤ‍්ච.

ස්ත්‍රීන්ට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. එගොඩ මෙගොඩ දෙක ම සෙවුනා නැව මෙන් මොවුහු ප්‍රියයා ද අප්‍රියයා ද සේවනය කෙරෙත්.

“නත්‍ථිත්‍ථීනං පියො නාම, අප‍්පියොපි න විජ‍්ජති; ධනත‍්තා පටිවල‍්ලන‍්ති, ලතාව දුමනිස‍්සිතා.

ස්ත්‍රීන්හට ප්‍රියයෙක් නම් නැත. අප්‍රියයෙක් ද නැත. ගස ඇසුරු කරන්නා වූ වැල මෙන් ධන හේතුවෙන් (පුරුෂයා) වැළඳගනිත්.

“හත්‍ථිබන්‍ධං අස‍්සබන්‍ධං, ගොපුරිසඤ‍්ච මණ‍්ඩලං; ඡවඩාහකං පුප‍්ඵඡඩ‍්ඩකං, සධනමනුපතන‍්ති නාරියො.

ස්ත්‍රීහු නම් ඇත්ගොව්වා ද, අස්ගොව්වා ද, ගොපල්ලා ද, සැඩොලා ද, සොහොන්ගොව්වා ද, කසල ශෝධකයා ද යන මොවුන් අතුරින් කවරකු වුව ද සධනයා (ධන ඇත්තා) කරා යෙත්.

“කුලපුත‍්තම‍්පි ජහන‍්ති අකිඤ‍්චනං, ඡවකසමසදිසම‍්පි; අනුගච‍්ඡන‍්ති අනුපතන‍්ති, ධනහෙතු හි නාරියො”ති.

ස්ත්‍රීහු ධනය නැති කුලපුත්‍රයා ද හැර දමති. ධනය ඇති සැඩොල් අනුව ද යෙත්. යම් හෙයකින් ස්ත්‍රීහු ධන හේතුවෙන් ද පුරුෂයා අනුව යෙත් ද, එහෙයිනි.

තත්‍ථ ආදිමජ‍්ඣකථාපරියොසානන‍්ති කථාය ආදිමජ‍්ඣපරියොසානං. ලද‍්ධා ඛණන‍්ති ඔකාසං ලභිත්‍වා. ඉච‍්ඡති මන‍්ති මං එසා ඉච‍්ඡතීති පුරිසො ඉත්‍ථිං න විස‍්සසෙය්‍ය. සාඛපුරාණසන්‍ථතන‍්ති හිය්‍යො වා පරෙ වා සන්‍ථතං පුරාණසාඛාසන්‍ථතං න විස‍්සසෙ, අපප‍්ඵොටෙත්‍වා අපච‍්චවෙක‍්ඛිත්‍වා න පරිභුඤ‍්ජෙය්‍ය. තත්‍ර හි දීඝජාතිකො වා පවිසිත්‍වා තිට‍්ඨෙය්‍යෙ, පච‍්චාමිත‍්තො වා සත්‍ථං නික‍්ඛිපෙය්‍ය. මිත‍්තපුරාණචොරන‍්ති පන්‍ථදූහනට‍්ඨානෙ ඨිතං චොරං “පුරාණමිත‍්තො මෙ”ති න විස‍්සසෙය්‍ය. චොරා හි යෙ සඤ‍්ජානන‍්ති තෙයෙව මාරෙන‍්ති. සඛා මමන‍්ති සො හි ඛිප‍්පමෙව කුජ‍්ඣති, තස‍්මා රාජානං “සඛා මෙ”ති න විස‍්සසෙ. දසන‍්නමාතරන‍්ති “අයං මහල‍්ලිකා ඉදානි මං න අතිචරිස‍්සති, අත‍්තානං රක‍්ඛිස‍්සතී”ති න විස‍්සසෙතබ‍්බා. රාමකරාසූති බාලානං රතිකරාසු. අච‍්චන‍්තසීලාසූති අතික‍්කන‍්තසීලාසු. අච‍්චන‍්තපෙමානුගතස‍්සාති සචෙපි අච‍්චන‍්තං අනුගතපෙමා අස‍්ස, තථාපි තං න විස‍්සසෙ. කිංකාරණා? තිත්‍ථසමා හි නාරියොති සම‍්බන්‍ධො, තිත්‍ථං විය සබ‍්බසාධාරණාති අත්‍ථො.

එහි ආදි මජ්ඣකථා පරියොසානං යනු කථාවෙන් මුල මැද අග දක්වා. ලද්ධා බණං යනු ඉඩකඩක් ලැබ. ඉච්ඡති මං යනු මට මැය කැමැති වේ යනු පුරුෂයා ස්ත්‍රීන් විශ්වාස නො කරන්නේ ය. සාඛපුරාණ සත්‍ථතං යනු බොහෝසෙයින් හෝ අනුන් ඇසුරින් හෝ පුරාණ කොළ අතු නොහේළේදැයි විශ්වාස නැත්තේ ය. සිහිපත් නොකොට අනුභව නො කරන්නේ ය. එහි දීර්ඝකාලීන ඇසුරකු හෝ පිවිස සිටින්නේ ය. පස මිතුරෙක් ආයුධයක් ගෙන දමා ගසන්නේ ය. මිත්තපුරාණං යනු මාර්ග ගිරි දුර්ගයේ සිටි සොරා මේ පුරාණ මිතුරා යයි විශ්වාස නො කරන්නේය. යම් සොරුන් වනාහි යමකු හඳුනා ගනිත් ද? ඔවුහු ම මරා දමත්. සඛාම්මං යනු ඔහු වහාම කිපේ ද? එහෙයින් රජවරු මිත්‍රත්වයට පත්වේයයි විශ්වාස නො කරන්නේ ය. දසන්තං මාතරං යනු මේ මැහැල්ලකැයි දැන් මා ඉක්මවා නොයන්නේ ය. තමන් රකින්නේ යයි විශ්වාස නොකළ යුත්තේ ය. රාමකරා යනු රති කෙළිවල නිරත වූ බාලයන්. අච්චන්ත සීලාසු යනු සීලාදියෙහි ඉක්මවා ගිය. අච්චන්ත පෙමානුගතස්සාපී යනු ඉදින් අතිශයින් ළබැදි ප්‍රේමය ඇත්තේ, ඔහුට එපරිදි ඇය විශ්වාස නොකරන්නේය. කුමන කරුණක් නිසා ද? තිත්‍ථසමාහි නාරියො යන සම්බන්ධයයි. තොටුපොළ මෙන් සියල්ලට සාධාරණ යන අර්ථයයි.

හනෙය්‍යුන‍්ති කුද‍්ධා වා අඤ‍්ඤපුරිසසාරත‍්තා වා හුත්‍වා සබ‍්බමෙතං හනනාදිං කරෙය්‍යුං. මා දීනකාමාසූති හීනජ‍්ඣාසයාසු සංකිලිට‍්ඨආසයාසු. භාවන‍්ති එවරූපාසු සිනෙහං මා කරෙ. ගඞ‍්ගතිත්‍ථූපමාසූති සබ‍්බසාධාරණට‍්ඨෙන ගඞ‍්ගාතිත්‍ථසදිසාසු. මුසාති මුසාවාදො තාසං සච‍්චසදිසොව. ගතෙනාතිආදීසු පෙක‍්ඛිතෙන පලොභනෙ උම‍්මාදන‍්තීජාතකං, (ජා· 2.18.57 ආදයො) දුන‍්නිවත්‍ථෙන නිළිනිකාජාතකං, (ජා· 2.18.1 ආදයො) මඤ‍්ජුනා භණිතෙන “තුවටං ඛො, අය්‍යපුත‍්ත, ආගච‍්ඡෙය්‍යාසී”ති නන්‍දත්‍ථෙරස‍්ස වත්‍ථු (උදා· 22) කථෙතබ‍්බං. චොරියොති සම‍්භතස‍්ස ධනස‍්ස විනාසනෙන චොරියො. කථිනාති ථද‍්ධහදයා. වාළාති දුට‍්ඨා අප‍්පකෙනෙව කුජ‍්ඣනසීලා. ලපසක‍්ඛරාති නිරත්‍ථකලපනෙන සක‍්ඛරා විය මධුරා. අසාති අසතියො ලාමකා. සාරත‍්තාති සබ‍්බදා සාරත‍්තා. පගබ‍්භාති කායපාගබ‍්භියාදීහි පගබ‍්භා. යථාති යථා සිඛී සබ‍්බඝසො, එවමෙතාපි සබ‍්බඝසා. පටිවල‍්ලන‍්තීති පරිස‍්සජන‍්ති උපගූහන‍්ති වෙඨෙන‍්ති. ලතාවාති යථා ලතා රුක‍්ඛනිස‍්සිතා රුක‍්ඛං වෙඨෙන‍්ති, එවමෙතා පුරිසං පරිස‍්සජන‍්ති නාම. හත්‍ථිබන්‍ධන‍්තිආදීසු ගොපුරිසො වුච‍්චති ගොපාලකො. ඡවඩාහකන‍්ති ඡවානං ඩාහකං, සුසානපාලන‍්ති වුත‍්තං හොති. පුප‍්ඵඡඩ‍්ඩකන‍්ති වච‍්චට‍්ඨානසොධකං. සධනන‍්ති එතෙසුපි සධනං අනුගච‍්ඡන‍්තියෙව . අකිඤ‍්චනන‍්ති අධනං. ඡවකසමසදිසන‍්ති සුනඛමංසඛාදචණ‍්ඩාලෙන සමං සදිසං, තෙන නිබ‍්බිසෙසම‍්පි පුරිසං ගච‍්ඡන‍්ති භජන‍්ති. කස‍්මා? යස‍්මා අනුපතන‍්ති ධනහෙතු නාරියොති.

හනෙය්‍යුං යනු කිපුණේ හෝ වෙනත් පුරුෂයෙකු වෙත රති ආශාවෙන් සිට හෝ සියල්ල විනාශ මුඛයට ඇද දමන්නේ ය. මාදීනකාමාසූ යනු හීන අධ්‍යාශ ඇත්තකු, කිළිටි පැවතුම් ඇත්තකු කෙරෙහි. භාවං යනු මෙබඳු ආකාර වූ සෙනෙහසක් නොකරන්නේ ය. ගංගතිත්‍ථුපමාසූ යනු සර්ව සාධාරණ වශයෙන් ගංගා තොටුපොළවල් හා සමානය. මුසා යනු මුසාවාද බිණීම සත්‍යයක් සේ හැඟෙන පරිදි. ගත්තො යනු ආදියෙහි පෙනෙන පරිදි ප්‍රකම්පනයෙන්. උම්මාදන්ති ජාතකයෙහි ආ පරිද්දෙන් ද, නළිනිකා ජාතකයේ එන දුහුල් වස්ත්‍රයෙන් ද, මිහිරි බස් බිණීමෙන් ආර්යපුත්‍රය, පැහැදුණු සිතින් පැමිණෙන්නැයි නන්ද තෙරුන්ගේ කථාවස්තුව ද කිවයුතුය. චොරියො යනු ධනය විනාශ කරන බැවින් සොරු. කඨිනා යනු තද හදවතක් ඇති. වාළා යනු දුෂ්ට. ස්වල්ප දෙයින් ද කිපෙනසුළු වූ. ලප සක්ඛරා යනු නිරර්ථක වූ සංකල්පනාවෙන් සකුරු මෙන් මිහිරි. අසා යනු ඇත යනු නැති ලාමක. සාරත්තා යනු සැමදා රතියෙහි ඇලුණු. පගබ්භා යනු කායික දුබලතා ඇති බැවින් වක් වූ ගමන් ඇති. යථා යනු යම්සේ මොනරා සියල්ල අනුභව කරයි ද එපරිදි සියළු දේ අනුභව කරන. පතිවෙල්ලන්ති යනු පිරිස ඇසුරු කරති. සැඟවෙති. වෙහෙස කරති. ලතාවා යනු යම්සේ වැල ගස ඇසුරුකොට ගස වෙළාගනී ද? එපරිදි ඇය පුරුෂයා පිරිස ඇසුරු කරති. ධනය ලොල් කරති. ඇත්ගොව්වන් ආදි වශයෙනි. ගො පුරිසො ගොපල්ලා කියනු ලැබේ. ජවඩාහකං යනු මළසිරුර ඩැහැගෙන යන සොහොන්පල්ලා කියනු ලැබේ. පුප්ඵජඩ්ඪකං යනු මළසිරුර තුබූ තැන සෝදන්නා. සධනං යනු මේ ආකාර වූ ධනය සහිත තැන් අනුගමනය කරති. අකිඤ්චනං යනු ධනය රහිත. ඡවකසමසදිසං යනු බලුමස් කන්නා වූ සැඩොලා හා සමාන වූයේ ඔහු විසින් නිරවශේෂ වශයෙන්ම එවැනි පුරුෂයන් ඇසුරු කරති. ඇසුරට යති. යමකට ද, කුමකට ද, ස්ත්‍රීහු ධනය නිසාම එසේ අනුව වැටෙති.

එවං අත‍්තනො ඤාණෙ ඨත්‍වා ආනන්‍දො ගිජ‍්ඣරාජා ඉත්‍ථීනං අගුණං කථෙත්‍වා තුණ‍්හී අහොසි. තස‍්ස වචනං සුත්‍වා නාරදොපි අත‍්තනො ඤාණෙ ඨත්‍වා තාසං අගුණං කථෙසි. තං දස‍්සෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ තමන්ගේ දැනුමේ පිහිටා ආනන්ද නම් ගිජුලිහිණි රජු ස්ත්‍රීන්ගේ අගුණ පවසා නිශ්ශබ්ද විය. ඔහුගේ වචනය අසා නාරද ද, තමන්ගේ දැනුමේ පිහිටා ඈලාගේ අගුණ ප්‍රකාශ කළේය. එය ප්‍රකට කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක.

“අථ ඛලු, භො, නාරදො දෙවබ්‍රාහ‍්මණො ආනන්‍දස‍්ස ගිජ‍්ඣරාජස‍්ස ආදිමජ‍්ඣකථාපරියොසානං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථා අභාසි –

ඉක්බිති පින්වත් නාරද සෘෂි බමුණා ආනන්ද ගිජුලිහිණියා ගේ මුල මැද අග දැන ඒ වේලාවේ මේ ගාථාවෝ කීවේය.

“‘චත‍්තාරොමෙ න පූරෙන‍්ති, තෙ මෙ සුණාථ භාසතො; සමුද‍්දො බ්‍රාහ‍්මණො රාජා, ඉත්‍ථී චාපි දිජම‍්පති.

පක්‍ෂිරාජය, මේ සතර දෙනෙක් තෘප්ත නොවෙති. එය ප්‍රකාශ කරන මාගේ වචනය අසව. සමුද්‍රය ද බ්‍රාහ්මණයා ද රජ ද ස්ත්‍රී ද (යන සතර දෙන ය.)

“සරිතා සාගරං යන‍්ති, යා කාචි පථවිස‍්සිතා; තා සමුද‍්දං න පූරෙන‍්ති, ඌනත‍්තා හි න පූරති.

පොළොව ඇසුරු කළා වූ යම්කිසි ගංගාවෝ වෙත් ද, ඒ සියල්ලෝ ම සයුරට බැස යෙති. ඔවුහු සයුර නො පුරවත්. (දිය පිහිටන තැන් මහත් සෙයින්) ඌනව ම පවත්නා නිසා නො පිරෙයි.

“බ්‍රාහ‍්මණො ච අධීයාන, වෙදමක‍්ඛානපඤ‍්චමං; භිය්‍යොපි සුතමිච‍්ඡෙය්‍ය, ඌනත‍්තා හි න පූරති.

බ්‍රාහ්මණයා ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදය හදාරා මත්තෙහි දු ඉගෙනීමට කැමති වන්නේය. හෙ ද (අදහස මහත් බැවින්) ඌනව ම වෙසෙන හෙයින් නො පිරෙයි.

“රාජා ච පථවිං සබ‍්බං, සසමුද‍්දං සපබ‍්බතං; අජ‍්ඣාවසං විජිනිත්‍වා, අනන‍්තරතනොචිතං; පාරං සමුද‍්දං පත්‍ථෙති ඌනත‍්තා හි න පූරති.

රජ ද මුහුදු සහිත වූ පර්වත සහිත වූ අනන්තරත්නයෙන් යුක්ත වූ මුළු පොළොව දිනා (නොයෙක් රත්නයෙන් පූර්ණ ව) වෙසේ ද, එහෙත් මුහුදින් එතෙර ද පතයි. (හෙ ද තෘෂ්ණා මහත්ත්වයෙන් යුතු හෙයින්) ඌන හේතුවෙන් ම නො පිරෙයි.

“එකමෙකාය ඉත්‍ථියා, අට‍්ඨට‍්ඨ පතිනො සියා; සූරා ච බලවන‍්තො ච, සබ‍්බකාමරසාහරා; කරෙය්‍ය නවමෙ ඡන්‍දං, ඌනත‍්තා හි න පූරති.

එපරිද්දෙන් ම එක ස්ත්‍රියකට ශූර වූ ද බලවත් වූ ද සියලු කාම රසයන් ගෙනදෙන්නා වූ ද සැමියන් අට අට දෙනා සිටිත් ද, එසේ වුවත් නවවැන්නකු කෙරෙහි ආශා කරන්නී ය. (කාම තෘෂ්ණා මහත්ත්වයෙන් යුතු හෙයින්) ඌන බැවින් නො පිරෙයි.

“සබ‍්බිත්‍ථියො සිඛීරිව සබ‍්බභක‍්ඛා, සබ‍්බිත්‍ථියො නදීරිව සබ‍්බවාහී; සබ‍්බිත්‍ථියො කණ‍්ටකානංව සාඛා, සබ‍්බිත්‍ථියො ධනහෙතු වජන‍්ති.

සියලු ස්ත්‍රීහු ගින්න මෙන් සියල්ල කා දමන්නෝය. (වනසන්නෝ ය.) සියලු ස්ත්‍රීහු ගංගාව මෙන් සියල්ල වහනය කරන්නෝ ය. සියලු ස්ත්‍රීහු කටුගස්වල අතු වැනි වෙති. සියලු ස්ත්‍රීහු ධන හේතුවෙන් පරපුරුෂයන් කරා යෙත්.

“වාතඤ‍්ච ජාලෙන නරො පරාමසෙ, ඔසිඤ‍්චයෙ සාගරමෙකපාණිනා; සකෙන හත්‍ථෙන කරෙය්‍ය ඝොසං, යො සබ‍්බභාවං පමදාසු ඔස‍්සජෙ.

යම් පුරුෂයෙක් ස්ත්‍රීන් කෙරෙහි සිය රහස් ප්‍රකාශ කෙරේ ද (ඒ රහස් අනුන් හා නො බැණ ස්ත්‍රීන් වෙත රැකුණහොත්) ඒ පුරුෂ තෙම දැලෙන් වාතය රඳවන්නේ ය. එක අත්ලෙන් සයුරු දිය හිස් කරන්නේ ය. සිය එක අතින් (ඒ අතට ම ගසා) හඬ නගන්නේ ය.

“චොරීනං බහුබුද‍්ධීනං, යාසු සච‍්චං සුදුල‍්ලභං; ථීනං භාවො දුරාජානො, මච‍්ඡස‍්සෙවොදකෙ ගතං.

යම් හෙයකින් ස්ත්‍රීන් කෙරෙහි සත්‍යය ඉතා දුර්ලභ වේ ද චෞර වූ බහුබුද්ධික වූ ස්ත්‍රීන්ගේ අදහස දියෙහි මසුන්ගේ ගමන්මඟ මෙන් දැනගැනීම දුෂ්කර ය.

“අනලා මුදුසම‍්භාසා, දුප‍්පූරා තා නදීසමා; සීදන‍්ති නං විදිත්‍වාන, ආරකා පරිවජ‍්ජයෙ.

(ගිහි ධර්මවලින්) මෙතෙකින් පමණ යැයි කීමක් නැති, මොළොක් වචන ඇති, කෙලෙස් රතියෙන් පිරවිය නො හැකි ඒ ස්ත්‍රීහු නදී සමයහ. ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙහි ගිල්වත් යැයි දැන දුරින් ම දුරුකටයුතු ය.

“ආවට‍්ටනී මහාමායා, බ්‍රහ‍්මචරියවිකොපනා; සීදන‍්ති නං විදිත්‍වාන, ආරකා පරිවජ‍්ජයෙ.

අනුන් මෝහනය කරන්නා වූ මහාමායා ඇති, බඹසර නසන්නා වූ ඒ ස්ත්‍රීහු සේවනය කළවුන් සතර අපායෙන් ගිල්වත් යැයි දැන දුරින් ම දුරු කළ යුත්තාහ.

“යං එතා උපසෙවන‍්ති, ඡන්‍දසා වා ධනෙන වා; ජාතවෙදොව සංඨානං, ඛිප‍්පං අනුදහන‍්ති න’”න‍්ති.

මේ ස්ත්‍රීහු ප්‍රිය සංවාස වශයෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයකු සේවනය කෙරෙත් ද (තමා) පහස ලත් ලත් තැන දවන ගින්න මෙන් වහා ඔහු විනාශයට පමුණුවත් යයි කීය.

තත්‍ථ දිජම‍්පතීති දිජජෙට‍්ඨකං කුණාලං ආලපති. “සරිතා”තිආදි ඨපිතමාතිකාය භාජනත්‍ථං වුත‍්තං. ඌනත‍්තාති උදකපතිට‍්ඨානස‍්ස මහන‍්තතාය ඌනා එව. අධීයානාති සජ‍්ඣායිත්‍වා. වෙදමක‍්ඛානපඤ‍්චමන‍්ති ඉතිහාසපඤ‍්චමං වෙදචතුක‍්කං. ඌනත‍්තාති සො හි අජ‍්ඣාසයමහන‍්තතාය සික‍්ඛිතබ‍්බස‍්ස න පූරති. අනන‍්තරතනොචිතන‍්ති නානාරතනෙහි ඔචිතං පරිපුණ‍්ණං. ඌනත‍්තාති සො හි තණ‍්හාමහන‍්තතාය න පූරති. සියාති සියුං, අයමෙව වා පාඨො. සබ‍්බකාමරසාහරාති සබ‍්බෙසං කාමරසානං ආහරකා. “නවමෙ”ති අට‍්ඨහි අතිත‍්තභාවදස‍්සනත්‍ථං වුත‍්තං. සා පන දසමෙපි වීසතිමෙපි තතො උත‍්තරිතරෙපි ඡන්‍දං කරොතෙව. ඌනත‍්තාති සා හි කාමතණ‍්හාය මහන‍්තතාය න පූරති. කණ‍්ඩකානංව සාඛාති සම‍්බාධමග‍්ගෙ කණ‍්ටකසාඛසදිසා. යථා හි සාඛා ලග‍්ගිත්‍වා ආකඩ‍්ඪති, එවං එතාපි රූපාදීහි කඩ‍්ඪන‍්ති. යථා සාඛා හත්‍ථාදීසු විජ‍්ඣිත්‍වා දුක‍්ඛං උප‍්පාදෙති, එවං එතාපි ඵුට‍්ඨමත‍්තා සරීරසම‍්ඵස‍්සෙන විජ‍්ඣිත්‍වා මහාවිනාසං පාපෙන‍්ති. වජන‍්තීති පරපුරිසං වජන‍්ති.

එහි දිජපෙති යනු පක්‍ෂීන්ගේ ශ්‍රේෂ්ඨ වූ කුණාලට ආමන්ත්‍රණය කරයි. සරිතා යන ආදියෙන් තබන ලද මාතෘකාව ඇසුරු කරන ලද බව කියන ලදි. ඌනත්තාහි යනු මහත් ලෙස ජලය පිහිටා තිබෙන නිසා අඩුවූ. අධීයානා යනු සජ්ඣායනා කොට. වෙදමක්ඛානපඤ්චමං යනු ඉතිහාසය පස්වෙනිකොට වේදය සතරවෙනිවූ. ඌනත්තා යනු ඔහු වනාහි අධ්‍යාශය මහත් බැවින් ශික්‍ෂණය කළයුතු දේ නොපුරයි. අනන්තරත නොචිතං යනු නොයෙක් රත්නවලින් සැරසූ පිරිපුන් ඌනත්තා යනු ඔහු තෘෂ්ණාව මහත් බැවින් නොපුරයි. සියා යනු (සියුං) වන්නේය යන මේ පාඨයම වේ. සබ්බකාමරසාරහා යනු සියලු කාමරසයන් කැඳවන්නා වූ. නවමෙ යනු අටදෙනෙකු විසින් අතෘප්තිකර වූ භාව රසයෙන් දක්වන ලද බව කියන ලදි. දහවැන්නෙකු ද ඊට වැඩි ගණනක් වුව ද ආශා කරන්නේ ය. ඌනත්තා යනු ඇය වනාහි කාම තෘෂ්ණාව මහත් බැවින් නොපිරෙයි. කණ්ඨකානංව සාඛා යනු බාධක සහිත මාර්ගයෙහි, කටු ඇති අතු හා සමාන, යම් සේ අත්තේ එල්ලී අදියි. මෙසේ මෑලා රූප ආදියෙන් කඩත් අදිත්. යම්සේ අත්ත, අත් පාවල විදී ඇනී, දුක් උපදවයි ද, එපරිද්දෙන් ස්පර්ශ මාත්‍රයෝ ම ශරීරයේ ගැටීමෙන් විද මහා විනාශයක් පමුණුවත්. චජන්ති යනු පර පුරුෂයකු ඇසුරු කරත්ද?

පරාමසෙති ගණ‍්හෙය්‍ය. ඔසිඤ‍්චයෙති න‍්හායිතුං ඔතිණ‍්ණො එකෙන පාණිනා සකලසමුද‍්දඋදකං ඔසිඤ‍්චෙය්‍ය ගහෙත්‍වා ඡඩ‍්ඩෙය්‍ය. සකෙනාති එකෙන අත‍්තනො හත්‍ථෙන තමෙව හත්‍ථං හරිත්‍වා ඝොසං උප‍්පාදෙය්‍ය. සබ‍්බභාවන‍්ති “ත්‍වමෙව ඉට‍්ඨො කන‍්තො පියො මනාපො”ති වුච‍්චමානො යො පුරිසො “එවමෙත”න‍්ති සද‍්දහන‍්තො සබ‍්බං අත‍්තනො අජ‍්ඣාසයං පමදාසු ඔස‍්සජෙය්‍ය, සො ජාලාදීහි වාතග‍්ගහණාදීනි කරෙය්‍යාති අත්‍ථො. ගතන‍්ති ගමනං. අනලාති තීහි ධම‍්මෙහි අලන‍්ති වචනවිරහිතා. දුප‍්පුරා තාති යථා මහානදී උදකෙන, එවං කිලෙසරතියා තා දුප‍්පූරා. සීදන‍්ති නං විදිත්‍වානාති එත්‍ථ නන‍්ති නිපාතමත‍්තං, ඉත්‍ථියො අල‍්ලීනා චතූසු අපායෙසු සීදන‍්තීති විදිත්‍වා. ආවට‍්ටනීති යථා ආවට‍්ටනී මහාජනස‍්ස හදයං මොහෙත්‍වා අත‍්තනො වසෙ වත‍්තෙති, එවමෙතාපීති අත්‍ථො. විකොපනාති නාසනත්‍ථෙන ච ගරහත්‍ථෙන ච බ්‍රහ‍්මචරියස‍්ස කොපිකා. ඡන්‍දසා වාති පියසංවාසෙන වා. ධනෙන වාති ධනහෙතු වා. සංඨානන‍්ති යථා ජාතවෙදො අත‍්තනො ඨානං යං යං පදෙසං අල‍්ලීයති, තං තං දහති, තථා එතාපි යං යං පුරිසං කිලෙසවසෙන අල‍්ලීයන‍්ති, තං තං අනුදහන‍්ති මහාවිනාසං පාපෙන‍්ති.

පරාමසෙ යනු ගන්නේය. ඔසිඤ්චියා යනු ස්නානය කිරීමට බැස්සේ එක අතකින් මුළු මුහුදේ ජලය ඉසින්නේය. ගෙන ඉවත ලන්නේය. සකෙනා යනු එකකු විසින් තමාගේ අතින් ඔහුගේ අතට ඇන ඝෝෂා කරන්නේය. සබ්බභාවං යනු ඔබ කැමතිය. ඉෂ්ටය. ප්‍රියමනාප යයි කියනු ලබන්නා වූ යම් පුරුෂයකු එය මෙසේ යයි අදහසන්නේ තමන්ගේ අභිප්‍රාය ස්ත්‍රීන් කෙරෙහි පතුරුවන්නේය. ඔහු දැල් ආදියෙන් වාතය සුළඟ අල්ලා ගැනීම ආදිය කරන්නේය යන අර්ථයයි. ගතං යනු ගමනයි. අනලා යනු ගිහි ධර්මයන් විසින් සුදුසුය. කම් නැත. වචන රහිත දුප්පුරා යනු යම්සේ මහ නදිය ජලයෙන් පිරී ඇත්තා සේ කෙලෙස් රතියෙන් පිරී ඇත්තේය. සීදන්ති නං විදිත්‍වානා යනු මෙහි නං යනු නිපාත මාත්‍රයකි. ස්ත්‍රීහු අල්ලාගැනීමෙන් ඇලීමෙන් සතර අපායවල ගිලෙති යන බව දැන. ආවට්ටනි යනු යම්සේ ආවර්තනි මායාව ජනතාවගේ හදවත මුළාකොට තමන්ගේ වසඟයට සිත යොමුකරයි ද, මෙපරිදි යන අර්ථයයි. විකොපනා යනු නැසීම් අර්ථයෙහිම, ගැනීම් අර්ථයෙහි ද බ්‍රහ්මචරියාවේ කපිතව. ඡන්‍දසාවා යනු ප්‍රිය සංවාස වශයෙන් ද, ධනෙනවා යනු ධනහේතුව නිසා හෝ. සණ්ඨානං යනු යම්සේ උපතින් වෙදකු තමන්ගේ තැන් යම් යම් ප්‍රදේශ අල්ලයි ද, ඒ ඒ තැන දුවයි ද, එපරිදි මෑලා ද යම් යම් පුරුෂයන් කෙලෙස් වශයෙන් අල්ලා ගනිති. ඒ ඒ අය අනුව ඩැහැගනිත්. මහ විනාශයකට පමුණුවති.

එවං නාරදෙන ඉත්‍ථීනං අගුණෙ පකාසිතෙ පුන මහාසත‍්තො විසෙසෙත්‍වා තාසං අගුණං පකාසෙති. තං දස‍්සෙතුං සත්‍ථා ආහ –

මෙසේ නාරද විසින් ස්ත්‍රීන්ගේ අගුණ ප්‍රකාශ කළ කල්හි, නැවත බෝසතුන් වහන්සේ විශේෂ කොට ඈලාගේ අගුණ ප්‍රකාශ කළහ. එය ප්‍රකට කරමින් ශාස්තෘෘන් වහන්සේ වදාළ සේක;

“අථ ඛලු, භො, කුණාලො සකුණො නාරදස‍්ස දෙවබ්‍රාහ‍්මණස‍්ස ආදිමජ‍්ඣකථාපරියොසානං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අජ‍්ඣභාසි –

ඉක්බිති පින්වත් කුණාල පක්‍ෂියා නාරද දේව බ්‍රාහ්මණයාගේ මුල මැද අවසානය දැන ඒ වේලාවේ මේ ගාථා කීවේය;

“‘සල‍්ලපෙ නිසිතඛග‍්ගපාණිනා, පණ‍්ඩිතො අපි පිසාචදොසිනා; උග‍්ගතෙජමුරගම‍්පි ආසිදෙ, එකො එකාය පමදාය නාලපෙ.

නුවණැත්තෝ තියුණු මුවහත් කඩුගත් අත් ඇත්තකු සමග කථා කරන්නේ ය. කිපුණු පිශාචයකු සමග කථා කරන්නේ ය. උග්‍ර තේජස් ඇති සර්පයකු වෙත හිඳිනේ ය. (එහෙත්) හුදෙකලා වූයේ හුදෙකලා වූ ස්ත්‍රියක සමග කථා නො කරන්නේ ය.

“ලොකචිත‍්තමථනා හි නාරියො, නච‍්චගීතභණිතම‍්හිතාවුධා; බාධයන‍්ති අනුපට‍්ඨිතස‍්සතිං, දීපෙ රක‍්ඛසිගණොව වාණිජෙ.

නැටීම ය. ගී කීම ය. බිණීම ය. සිනාව ය යන මේවා අවි කොට ඇති ඒ ස්ත්‍රීහු වනාහි ලෝකයාගේ සිත් මඩින්නාහ. යක්‍ෂද්වීපයෙහි මිනිසුන් පොළඹවා ගෙන කා දමන රකුසියන් මෙන් එළඹ සිටි සිහි නැත්තහු විනාශ කෙරෙත්.

“නත්‍ථි තාසං විනයො න සංවරො, මජ‍්ජමංසනිරතා අසඤ‍්ඤතා; තා ගිලන‍්ති පුරිසස‍්ස පාභතං, සාගරෙව මකරං තිමිඞ‍්ගලො.

ඔවුන්ගේ හික්මීමෙක් නැත. සංවරයෙක් ද නැත. මත්පැනෙහි හා මස් කෑමෙහි ගිජු වූ සංයම විරහිත ඒ ස්ත්‍රීහු මහ සයුරෙහි මෝරකු ගිලින තිමිංගල නම් මත්ස්‍යයා මෙන් පුරුෂයා දුකසේ සපයන ලද ධනය වනසත්.

“පඤ‍්චකාමගුණසාතගොචරා, උද‍්ධතා අනියතා අසඤ‍්ඤතා; ඔසරන‍්ති පමදා පමාදිනං, ලොණතොයවතියංව ආපකා.

පස්කම්සුව විඳීම ගොදුරුකොට ඇත්තා වූ උඩඟු වූ අස්ථිර සිත් ඇත්තා වූ සංයත නො වූ ස්ත්‍රීහු ගංගාවන් ඇදගන්නා සාගරය මෙන් ප්‍රමාද වූවහු සිය වසයට ගනිත්.

“යං නරං උපලපෙන‍්ති නාරියො, ඡන්‍දසා වා රතියා ධනෙන වා; ජාතවෙදසදිසම‍්පි තාදිසං, රාගදොසවධියො දහන‍්ති නං.

ස්ත්‍රීහු ප්‍රේමයෙන් හෝ පංචකාමරතියෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් මිනිසකුට ඇලුම් කෙරෙත් ද, රාග ද්වේෂයන්ගෙන් යුක්ත වූ ඒ ස්ත්‍රීහු (ගුණ සම්පත්තියෙන් යුක්ත හෙයින්) ගින්නක් මෙන් දිලියෙන එබඳු පුරුෂයා විනාශ කරත්.

“අඩ‍්ඪං ඤත්‍වා පුරිසං මහද‍්ධනං, ඔසරන‍්ති සධනං සහත‍්තනා; රත‍්තචිත‍්තමතිවෙඨයන‍්ති නං, සාල මාලුවලතාව කානනෙ.

ආඪ්‍ය වූ මහත් ධනය ඇති පුරුෂයා දැන සිය ධනයෙන් ද ආත්ම පරිත්‍යාග කරන්නකු මෙන් ද එළැඹෙත්. රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු වෙනෙහි සල්ගස වැළඳගත් මාළුවා වැල මෙන් අතිශයින් වෙළාගනිත්. (වැළඳගෙන පෙළත්.)

“තා උපෙන‍්ති විවිධෙන ඡන්‍දසා, චිත්‍රබිම‍්බමුඛියො අලඞ‍්කතා; උහසන‍්ති පහසන‍්ති නාරියො, සම‍්බරොව සතමායකොවිදා.

සැරසීමෙන් විසිතුරු කරන ලද ශරීර හා මුඛ ඇති. අලංකෘත වූ සියගණන් මායාවන්හි දක්‍ෂ වූ ඒ ස්ත්‍රීහු මායාකාරයකු මෙන් හෙවත් සමබර නම් අසුරයා මෙන් නොයෙක් ආකාර ඇල්මෙන් පැමිණෙත්. මහත්කොට සිනාසෙත්. මදහස කෙරෙත්.

“ජාතරූපමණිමුත‍්තභූසිතා, සක‍්කතා පතිකුලෙසු නාරියො; රක‍්ඛිතා අතිචරන‍්ති සාමිකං, දානවංව හදයන‍්තරස‍්සිතා.

රන් මිණි මුතුවලින් සැරසුණු පතිකුලයන්හි සත්කාර කරන ලද ස්ත්‍රීහු රක්නා ලද වුවත් සැමියා ඉක්මවා හැසිරෙත්. හෘදයාභ්‍යන්තරයෙහි ආරක්ෂිත වූ ස්ත්‍රිය අසුරයා ඉක්ම පැවැත්තීද එමෙනි.

“තෙජවාපි හි නරො විචක‍්ඛණො, සක‍්කතො බහුජනස‍්ස පූජිතො; නාරිනං වසගතො න භාසති, රාහුනා උපහතොව චන්‍දිමා.

බොහෝ දෙනා විසින් සත්කාර කරන ලද පුදන ලද නුවණැති තේජස්වී පුරුෂ තෙමේ ද ස්ත්‍රී වසඟයට ගියේ රාහු වසයට ගිය සඳ මෙන් නො බබළයි.

“යං කරෙය්‍ය කුපිතො දිසො දිසං, දුට‍්ඨචිත‍්තො වසමාගතං අරිං; තෙන භිය්‍යො බ්‍යසනං නිගච‍්ඡති, නාරිනං වසගතො අපෙක‍්ඛවා.

කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමා වසයට පැමිණි සතුරකුට යමක් කරන්නේ ද, ස්ත්‍රී වසයට ගිය තෘෂ්ණා සහිත පුරුෂ තෙම එයට වඩා බොහෝ වූ විපතකට පැමිණෙයි.

“කෙසලූනනඛඡින‍්නතජ‍්ජිතා, පාදපාණිකසදණ‍්ඩතාළිතා; හීනමෙවුපගතා හි නාරියො, තා රමන‍්ති කුණපෙව මක‍්ඛිකා.

හිසකේ ඇද කැඩීමෙන්, නියවලින් සීරීමෙන්, තර්ජනය කරන ලද්දා වූ, අත් පා කස දඬුවලින් තළන ලද්දා වූ ඒ ස්ත්‍රීහු කුණපයෙහි ම ඇලෙන මැස්සන් මෙන් හීනයා වෙත ම එළඹියාහු ඇලෙත්.

“තා කුලෙසු විසිඛන‍්තරෙසු වා, රාජධානිනිගමෙසු වා පුන; ඔඩ‍්ඩිතං නමුචිපාසවාකරං, චක‍්ඛුමා පරිවජ‍්ජෙ සුඛත්‍ථිකො.

කුලයන්හි හා වීථි අතර ද රාජධානිවල හා නියම්ගම්වල ද (කෙලෙස්) මරහු විසින් අටවන ලද මලපුඩුවක් වැනි වූ ද දැලක්වැනි වූ ද ඒ ස්ත්‍රීන් නුවණැස් ඇති දෙලෝ සුව කැමති මිනිස් තෙම දුරු කරන්නේ ය.

“ඔස‍්සජිත්‍ව කුසලං තපොගුණං, යො අනරියචරිතානි මාචරි; දෙවතාහි නිරයං නිමිස‍්සති, ඡෙදගාමිමණියංව වාණිජො.

යමෙක් දෙව් මිනිස් සුව ගෙනදෙන්නා වූ තවුස් ගුණය අතහැර අනාර්ය වූ කාම සේවනය කෙරේ ද, හෙතෙම දෙව්ලොවින් (පෙරළී) නිරයට යෙයි. (මහඟු මිණිරුවන් දී) නො වටනා කදා මිණක් ගන්නා (ලාමක) වෙළෙන්දකු මෙනි.

“සො ඉධ ගරහිතො පරත්‍ථ ච, දුම‍්මතී උපහතො සකම‍්මුනා; ගච‍්ඡතී අනියතො ගළාගළං, දුට‍්ඨගද්‍රභරථොව උප‍්පථෙ.

(ස්ත්‍රී වසයට ගිය) ඒ අනුවණ තැනැත්තා මෙලෝ පරලෝ දෙක්හිම ගර්හිත වූයේ, ස්වකර්මයෙන් විපාක විඳීමට එළඹියේ මෙතෙක් කලැයි අනියත වූයේ දෙව් මිනිස් දෙලොවින් ගිලිහී අපායට ම යයි. කුළු ගදුබුවකු යොදන ලද රිය නො මඟෙහි ම යනු මෙනි.

“සො උපෙති නිරයං පතාපනං, සත‍්තිසිම‍්බලිවනඤ‍්ච ආයසං; ආවසිත්‍වා තිරච‍්ඡානයොනියං, පෙතරාජවිසයං න මුඤ‍්චති.

ස්ත්‍රී වසයට ගිය ඒ තැනැත්තා අතිශයින් තැවීම් ඇත්තා වූ නිරයට ද අයෝමය කටුවලින් යුත් කටුඉඹුල්වන නම් වූ නිරයට ද පැමිණේ. එහි වැස තිරිසන් යෝනිය ද ප්‍රේත විෂය ද කාලකඤ්ජක නම් අසුර විෂය ද නො ඉක්මවයි.

“දිබ්‍යඛිඩ‍්ඩරතියො ච නන්‍දනෙ, චක‍්කවත‍්තිචරිතඤ‍්ච මානුසෙ; නාසයන‍්ති පමදා පමාදිනං, දුග‍්ගතිඤ‍්ච පටිපාදයන‍්ති නං.

ප්‍රමදාවෝ ප්‍රමාදයෙන් යුත් පුරුෂයන්ගේ නන්‍දනොද්‍යානයෙහි දිව්‍ය ක්‍රීඩාවන්හි ඇල්ම ද මනුෂ්‍ය ලෝකයෙහි චක්‍රවර්ති රාජ සම්පත්තිය ද නසත්. ඒ පුරුෂයන්ට දුගති දුක ද සලසත්.

“දිබ්‍යඛිඩ‍්ඩරතියො න දුල‍්ලභා, චක‍්කවත‍්තිචරිතඤ‍්ච මානුසෙ; සොණ‍්ණබ්‍යම‍්හනිලයා ච අච‍්ඡරා, යෙ චරන‍්ති පමදාහනත්‍ථිකා.

යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට දිව්‍ය ක්‍රීඩාවන්හි ඇල්ම ද මිනිස් ලොවෙහි සක්විති සැපත ද රන්මුවා විමන් වැසි දෙවඟනෝ ද දුලබ නො වෙති.

“කාමධාතුසමතික‍්කමා ගති, රූපධාතුයා භාවො න දුල‍්ලභො; වීතරාගවිසයූපපත‍්ති යා, යෙ චරන‍්ති පමදාහනත්‍ථිකා.

යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද, (ඔවුනට) කාමධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූපභවය පිළිබඳ (උත්පත්ති වශයෙන් වූ) ගතිය ද වීතරාගීන්ට විෂය වූ ශුද්ධාවාසයන්හි උත්පත්තිය ද දුලබ නො වේ.

“සබ‍්බදුක‍්ඛසමත‍්තික‍්කමං සිවං, අච‍්චන‍්තමචලිතං අසඞ‍්ඛතං; නිබ‍්බුතෙහි සුචිහී න දුල‍්ලභං, යෙ චරන‍්ති පමදාහනත්‍ථිකා’”ති.

යම් කෙනෙක් ස්ත්‍රීන්ගෙන් වැඩෙක් නැතැයි (සිතා බඹසර) හැසිරෙත් ද ඔවුනට නිවන ලද කෙලෙස් ගිනි ඇති පිරිසිදු වූවන් විසින් ලද හැක්කා වූ හැම දුක් ඉක්මවාලන්නා වූ, නිර්භය වූ වෙනස් නොවන්නා වූ කෙලෙසුන්ගෙන් අකම්ප්‍ය වූ හේතු ප්‍රත්‍යයෙන් සකස් නො වූ නිර්වාණය දුර්ලභ නොවේ.

තත්‍ථ සල‍්ලපෙති “සචෙ මයා සද‍්ධිං සල‍්ලපෙස‍්සසි, සීසං තෙ පාතෙස‍්සාමී”ති වත්‍වා ඛග‍්ගං ආදාය ඨිතෙනාපි, “සල‍්ලපිතමත‍්තෙයෙව තං ඛාදිත්‍වා ජීවිතවිනාසං පාපෙස‍්සාමී”ති දොසිනා හුත්‍වා ඨිතෙනාපි පිසාචෙන සද‍්ධිං සල‍්ලපෙ. “උපගතං ඩංසිත්‍වා නාසෙස‍්සාමී”ති ඨිතං උග‍්ගතෙජං උරගම‍්පි ආසිදෙ. එකො පන හුත්‍වා රහො එකාය පමදාය න හි ආලපෙ. ලොකචිත‍්තමථනාති ලොකස‍්ස චිත‍්තඝාතිකා. දීපෙ රක‍්ඛසිගණොති යථා දීපෙ රක‍්ඛසිගණො මනුස‍්සවෙසෙන වාණිජෙ උපලාපෙත්‍වා අත‍්තනො වසෙ ගතෙ කත්‍වා ඛාදති, එවං ඉමාපි පඤ‍්චහි කාමගුණෙහි අත‍්තනො වසෙ කත්‍වා සත‍්තෙ මහාවිනාසං පාපෙන‍්තීති අත්‍ථො. විනයොති ආචාරො. සංවරොති මරියාදො. පුරිසස‍්ස පාභතන‍්ති දුක‍්ඛසම‍්භතං ධනං ගිලන‍්ති නාසෙන‍්ති.

එහි සල්ලපෙ යනු ඉදින් මා සමග කථා කරන්නෙහි හිස කෙළවරින් බිම හෙළන්නෙමියි පවසා කඩුවක් ගෙන සිටින්නහු විසින් ද, කථාකරන මාත්‍රයෙන්ම හේ කා, ජීවිත විනාශයට පමුණුවන්නෙමියි දෝෂයෙන් යුතුව සිටි පිශාචයකු සමග වුව ද, කථාබහට එළඹිකල්හි, ඔහු ඩැහැගෙන නසන්නෙමියි සිටියේ උග්‍ර තේජස් ඇති (විෂ) සර්පයකු වුව ද, විෂ ඇති වුව ද, එකට සිට රහසින් හුදකලා වූ ස්ත්‍රියට ආමන්ත්‍රණය නොකරන්නේය. ලෝකචිත්ත මථනා යනු ලෝවැසියාගේ සිත් නසන්නා වූ. රක්ඛසී ගණා යනු යම්සේ යක්‍ෂ දිවයිනේ, රාක්‍ෂසී සේනාව මිනිසෙකු වේශයෙන් වෙළෙන්දා කම්පිත කරවා තමන් ගේ වසඟයට ගෙන අනුභව කරති. මෙසේ මේ පංචකාම සම්පත්තියෙන් තමන්ගේ වසඟයෙහි කොට සත්ත්වයන් මහා විනාශයකට පැමිණෙත් යන අර්ථයයි. විනයො යනු ආචාරයයි. සංවරො යනු සීමාවයි. පාහතං යනු දුකෙන් රැස්කළ ධනයයි. ගිලන්ති යනු විනාශ කරත්.

අනියතාති අනියතචිත‍්තා. ලොණතොයවතියන‍්ති ලොණතොයවන‍්තං සමුද‍්දන‍්ති අත්‍ථො. ආපකාති ආපගා, අයමෙව වා පාඨො. යථා සමුද‍්දං නදියො ඔසරන‍්ති, එවං පමාදිනං පමදාති අත්‍ථො. ඡන්‍දසාති පෙමෙන. රතියාති පඤ‍්චකාමගුණරතියා. ධනෙන වාති ධනහෙතු වා. ජාතවෙදසදිසන‍්ති ගුණසම‍්පත‍්තියා අග‍්ගිමිව ජලිතම‍්පි. රාගදොසවධියොති කාමරාගදොසෙහි වධිකා. රාගදොසගතියොතිපි පාඨො. ඔසරන‍්තීති ධනගහණත්‍ථාය මධුරවචනෙන තං බන්‍ධන‍්තියො උපගච‍්ඡන‍්ති. සධනන‍්ති සධනා. අයමෙව වා පාඨො, වත්‍ථාලඞ‍්කාරත්‍ථාය කිඤ‍්චි අත‍්තනො ධනං දත්‍වාපි ඔසරන‍්තීති අත්‍ථො. සහත‍්තනාති අත‍්තභාවෙන සද‍්ධිං අත‍්තභාවම‍්පි තස‍්සෙව පරිච‍්චජන‍්තියො විය හොන‍්ති. අතිවෙඨයන‍්තීති ධනගහණත්‍ථාය අතිවිය වෙඨෙන‍්ති පීළෙන‍්ති.

අනියතා යනු අනියත වූ සිත් සිතිවිලි. ලොණතොයවතියං යනු ලුණු මිශ්‍ර රස ඇති මහමුහුද යන අර්ථයයි. ආපකා යනු බැසයාම ආපගා යන මේ පාඨය ම වේ. යම්සේ මුහුදට නදීහු ගලාබසිත් ද, මෙසේ ප්‍රමාදාවන්ගේ පමදා යයි කියනු ලැබේ. ඡන්‍දසා යනු ප්‍රේමයෙන්. රතියා යනු පංචකාම ගුණයෙන් ඇලීම. ධනෙනවා යනු ධන හේතුවෙන්. ජාතවෙද සදිසං යනු ගුණ සම්පත්තියෙන් ගින්න මෙන් දැල්වෙන්නේ යනුයි. රාගදෝසවතියො යනු රාගයෙන් සහ ද්වේෂයෙන් පීඩාකාර වූ. රාගදොසගතියො යනු මේ පාඨය ම වේ. ඔසරන්ති යනු මිහිරි වචනයෙන් බහු බන්ධනය කරමින් සමීපයට එළඹෙති. සධනා යනු ධනය සහිත මෙය ම පෙළ පාඨය වේ. වස්ත්‍රාලංකාරය පිණිස කිසිවකු තමන්ට ධනය දී සමීපවෙත් යන අර්ථයයි. සහත්තනා යනු ආත්මභාවය සහග තමන්ගේ භාවය ද ඔහුට ම පරිත්‍යාග කරන්නේ මෙන් වෙත්. අතිවෙඨයන්ති යනු ධනය ගැනීම පිණිස, අතිශයින් වෙහෙසෙති. පීඩාවට පත්කරති.

විවිධෙන ඡන්‍දසාති නානාවිධෙන ආකාරෙන. චිත්‍රබිම‍්බමුඛියොති අලඞ‍්කාරවසෙන චිත්‍රසරීරා චිත්‍රමුඛියො හුත්‍වා. උහසන‍්තීති මහාහසිතං හසන‍්ති. පහසන‍්තීති මන්‍දහසිතං හසන‍්ති. සම‍්බරොවාති මායාකාරපුරිසො විය අසුරින්‍දො විය ච . දානවංව හදයන‍්තරස‍්සිතාති යථා “කුතො නු ආගච‍්ඡථ, භො, තයො ජනා”ති කරණ‍්ඩකජාතකෙ (ජා· 1.9.87 ආදයො) හදයන‍්තරනිස‍්සිතා අන‍්තොඋදරගතාපි දානවං අතිචරි, එවං අතිචරන‍්ති. අරක‍්ඛිතා හෙතාති දීපෙති. න භාසතීති න විරොචති හරිතචලොමසකස‍්සපකුසරාජානො විය. තෙනාති තම‍්හා අමිත‍්තෙන කතා බ්‍යසනා අතිරෙකතරං බ්‍යසනන‍්ති අත්‍ථො. අපෙක‍්ඛවාති සතණ‍්හො.

විවිධෙන ඡන්‍දසා යනු විවිධ ආකාරයෙන්. චිත්‍රබිම්බමුඛියො යනු අලංකාර වශයෙන් විසිතුරු ශරීර ඇත්තේ විසිතුරු මුහුණු ඇතිව සිට. ඌහසන්තී යනු මහ සිනහවෙන් සිනහවෙති. පහසන්ති යනු මද සිනහවෙන් සිනහ වෙත්. සම්බරොවා යනු මායාකාර පුරුෂයකු මෙන්. අසුරින් ද මෙන්. දානවං වහදයන්තරස්සිතා යනු යම්සේ කොතනින් පැමිණෙවුද? පින්වතා එය දනියි. කරණ්ඩක ජාතකයේ හදවත ආශ්‍රිතව සිටි තමන්ගේ උදරයේ ඇති අසුරයා මෙසේ මැනවින් හැසිරෙත්. චංචල වෙත්. රකිනා ලද්දේ යන අර්ථය ප්‍රකට වේ. න භාසතී යනු නොබබළයි. හරිතවර්ණ ලොම් ඇති කස්සප කුස රජුගේ මෙනි. තෙන යනු ඉක්බිති අමිත්‍රයා විසින් කරන ලද ව්‍යසනයෙන්. අතිරේක විපතක් හටගත්තේ යන අර්ථයි. අපෙක්ඛවා යනු තණ්හාව සහිත.

කෙසලූනනඛඡින‍්නතජ‍්ජිතාති ආකඩ‍්ඪිත්‍වා ලූනකෙසා නඛෙහි ඡින‍්නගත‍්තා තජ‍්ජිතා පාදාදීහි ච තාළිතාව හුත්‍වා. යො කිලෙසවසෙන එතෙපි විප‍්පකාරෙ කරොති, තාදිසං හීනමෙව උපගතා නාරියො රමන‍්ති, න එතෙ විප‍්පකාරෙ පරිහරන‍්ති, මධුරසමාචාරෙ කිංකාරණා තා න රමන‍්ති. කුණපෙව මක‍්ඛිකාති යස‍්මා ජෙගුච‍්ඡහත්‍ථිකුණපාදිම‍්හි මක‍්ඛිකා විය තා හීනෙයෙව රමන‍්තීති අත්‍ථො. ඔඩ‍්ඩිතන‍්ති න එතා ඉත්‍ථියො නාම, අථ ඛො ඉමෙසු ඨානෙසු නමුචිනො කිලෙසමාරස‍්ස මිගපක‍්ඛිගහණත්‍ථං ලුද‍්දකෙහි ඔඩ‍්ඩිතං පාසඤ‍්ච වාකරඤ‍්චාති මඤ‍්ඤමානො පඤ‍්ඤාචක‍්ඛුමා පුරිසො දිබ‍්බමානුසිකෙන සුඛෙන අත්‍ථිකො පරිවජ‍්ජෙය්‍ය.

කෙසලුන්නඛඡින්න තජ්ජිතා යනු ඇද කෙස්වැටිය නියවලින් සිඳගත් බැවින් තර්ජනය කරන ලදුව ද, පාවලින් තළාපෙළා ද වී යමෙක් සෙල්ලමට මෙන් මෙබඳු විප්‍රකාර කරයිද? එබඳු වූ හීනත්වයට පැමිණි ස්ත්‍රීහු සතුටු වෙති. මෙබඳු විපිළිසර නොකරන, මිහිරි පැවතුම් ඇති අය කුමන කරුණක් නිසා රමණය (රති) නොකරත්ද? කුණපෙව මක්ඛිකා යම් හෙයකින් පිළිකුල් සහගත ඇත් කුණු ආදියෙහි සිටි මැස්සන් මෙන් ඈලා හීන ජාතිහුම රතිය පිණිස ගනිත් යන අර්ථයයි.

ඔස‍්සජිත්‍වාති දෙවමනුස‍්සෙසු මහාසම‍්පත‍්තිදායකං තපොගුණං ඡඩ‍්ඩෙත්‍වා. යොති යො පුරිසො අනරියෙසු අපරිසුද‍්ධෙසු කාමගුණෙසු කාමරතිචරිතානි ආචරති. දෙවතාහි නිරයං නිමිස‍්සතීති සො දෙවලොකෙන පරිවත‍්තිත්‍වා නිරයං ගණ‍්හිස‍්සති. ඡෙදගාමිමණියංව වාණිජොති යථා බාලවාණිජො සතසහස‍්සග‍්ඝභණ‍්ඩං දත්‍වා ඡෙදගාමිමණිකං ගණ‍්හාති, තථාරූපො අයං හොතීති අත්‍ථො. සොති සො ඉත්‍ථීනං වසං ගතො. අනියතොති එත‍්තකං නාම කාලං අපායෙසු පච‍්චිස‍්සතීති අනියතො. ගළාගළන‍්ති දෙවලොකා වා මනුස‍්සලොකා වා ගළිත්‍වා අපායමෙව ගච‍්ඡතීති අත්‍ථො. යථා කිං? දුට‍්ඨගද්‍රභරථොව උප‍්පථෙති, යථා කූටගද්‍රභයුත‍්තරථො මග‍්ගා ඔක‍්කමිත්‍වා උප‍්පථෙයෙව ගච‍්ඡති, තථා. සත‍්තිසිම‍්බලිවනන‍්ති සත‍්තිසදිසෙහි කණ‍්ටකෙහි යුත‍්තං ආයසං සිම‍්බලිවනං. පෙතරාජවිසයන‍්ති පෙතවිසයඤ‍්ච කාලකඤ‍්චිකඅසුරවිසයඤ‍්ච.

ඔස්සජිත්‍වා යනු දිව්‍යමානුෂික පිරිස් අතර පිහිටි මහා සම්පත්තිදායක තපෝ ගුණය හැරදමා යම් පුරුෂයකු අනාර්ය වූ පංචකාම ගුණයෙහි නිරතවෙමින් රති කෙළියෙහි ඉක්මවා කටයුතු කරයි. යන අර්ථයයි. දෙවතාහි නිරයං නිමිස්සති යනු හෙතෙම දිව්‍ය ලෝකයෙහි පෙරළා දමා අපාය ගන්නේය. ඡේද ගාමිමණියංව වාණිජො යනු යම්සේ බාල වෙළෙන්දෙකු මහාර්ඝ භාණ්ඩ දී බිඳෙනසුළු ලාමක මැණිකක් ගනියි. එබඳු ආකාර වූ මෙතෙම වෙයි යන අර්ථයයි. සො යනු හෙතෙම ස්ත්‍රීන්ගේ වසඟයට ගියේ. අනියතො යනු මෙපමණ කාලයක් අපායවල පැසවන්නේය යනු අනියතයකි. ගලා ගලං යනු දිව්‍යලෝකවලින් ද මනුෂ්‍ය ලෝකවලින්ද ගිලිහී, අපායටම යයි යන අර්ථයයි. යම්සේ කියන ලද්දේ ද වේ. දුට්ඨගදුභරථොව උප්පථෙ යනු යම්සේ කූටකොටළුවා යුතු රථ මාර්ගයෙන් ඉවත්ව නොමගේ ම යයි. එසේ සත්ති සිම්බලිවනං යනු සැතක් (ආයුධ) සමාන වූ කටුවලින් යුක්ත වූ යකඩ සිම්බලි වනයයි. ජෙතරාජ විසයං යනු ප්‍රේත විෂය ද, කාලකඤ්ජක අසුර නිකායද යනුවෙනි.

පමාදිනන‍්ති පමත‍්තානං. තෙ හි පමදාසු පමත‍්තා තාසං සම‍්පත‍්තීනං මූලභූතං කුසලං න කරොන‍්ති, ඉති තෙසං පමදා සබ‍්බා තා නාසෙන‍්ති නාම. පටිපාදයන‍්තීති තථාවිධං පුරිසං තා පමාදවසෙනෙව අකුසලං කාරෙත්‍වා දුග‍්ගතිං පටිපාදෙන‍්ති නාම. සොණ‍්ණබ්‍යම‍්හනිලයාති සුවණ‍්ණමයවිමානවාසිනියො. පමදාහනත්‍ථිකාති යෙ පුරිසා පමදාහි අනත්‍ථිකා හුත්‍වා බ්‍රහ‍්මචරියං චරන‍්ති. කාමධාතුසමතික‍්කමාති කාමධාතුසමතික‍්කමා යා ගති. රූපධාතුයා භාවොති යො කාමධාතුසමතික‍්කමගතිසඞ‍්ඛාතො රූපධාතුයා භාවො, සො තෙසං න දුල‍්ලභො. වීතරාගවිසයූපපත‍්ති යාති යා වීතරාගවිසයෙ සුද‍්ධාවාසලොකෙ උපපත‍්ති, සාපි තෙසං න දුල‍්ලභාති අත්‍ථො. අච‍්චන‍්තන‍්ති අන‍්තාතීතං අවිනාසධම‍්මං. අචලිතන‍්ති කිලෙසෙහි අකම‍්පිතං. නිබ‍්බුතෙහීති නිබ‍්බුතකිලෙසෙහි. සුචිහීති සුචීහි පරිසුද‍්ධෙහි එවරූපං නිබ‍්බානං න දුල‍්ලභන‍්ති.

පමාදිනං යනු ස්ත්‍රීන්ගේ ඒ ප්‍රමදාවන් කෙරෙහි ප්‍රමාද වූවෝ ඈලාගේ සම්පත්වලට හේතුව කුසල් නොකරත්. මෙසේ ඒ කාන්තාවෝ සියලුදෙනාම තමන් ම නැසෙත් නම් වේ. පටිපාදයං නං යනු මෙබඳු ආකාර වූ පුරුෂයා ඇය ප්‍රමාද වශයෙන් අකුසල් කොට දුගතිය පිළියෙල කරගනිත්. සොණ්ණ ව්‍යම්භ නිලයා යනු ස්වර්ණමය විමන්වැසි ස්ත්‍රියෝ. පමදා හනත්‍ථිකා යනු යම් පුරුෂයකු ස්ත්‍රීන් කෙරෙහි අවැඩ සේ සළකා බ්‍රහ්මචරියාවේ හැසිරෙත්. සමතික්කමා යනු කාමධාතුව සංසිඳවාලීමය. රූපධාතුයා භවො යනු යමෙක් කාමධාතුව සංසිඳවාලයිද, ඒ ගතිය සංඛ්‍යාත රූපධාතුවේ හටගැනීම යනු එය ඔවුන්ට දුර්ලභ නොවේ. වීතරාග විසයුප පත්තියා යනු යම් තැනැත්තියක් වීතරාගී වූයේ ශුද්ධාවාස බඹලොව උපදිත්ද එය ද ඈලාට දුර්ලභ නො වේ යන අර්ථයයි. අච්චත්තං යනු කෙළවරට පත්වූ විනාශ නොවූ ධර්මයෙන්. අචලිතං යනු කෙලෙස්වලින් කම්පා නොවූ. නිබ්බුතෙහි යනු නිවුණු කෙලෙස්වලින් යුතු. සුචිහි යනු පිරිසිදු බවට පත්වේ. මෙබඳු ආකාර වූ නිවන ද දුර්ලභ නොවේ.

එවං මහාසත‍්තො අමතමහානිබ‍්බානං පාපෙත්‍වා දෙසනං නිට‍්ඨාපෙසි. හිමවන‍්තෙ කින‍්නරමහොරගාදයො ආකාසෙ ඨිතා දෙවතා ච “අහො බුද‍්ධලීලාය කථිතා”ති සාධුකාරං අදංසු . ආනන්‍දො ගිජ‍්ඣරාජා නාරදො දෙවබ්‍රාහ‍්මණො පුණ‍්ණමුඛො ච ඵුස‍්සකොකිලො අත‍්තනො අත‍්තනො පරිසං ආදාය යථාඨානමෙව ගමිංසු. මහාසත‍්තොපි සකට‍්ඨානමෙව ගතො. ඉතරෙ පන අන‍්තරන‍්තරා ගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස සන‍්තිකෙ ඔවාදං ගහෙත්‍වා තස‍්මිං ඔවාදෙ ඨත්‍වා සග‍්ගපරායණා අහෙසුං.

මෙසේ බෝසත්හු අමාමහ නිර්වාණයට පමුණුවා දේශනාව නිම කළ සේක. හිමාලයේ කිඳුරු මහ උරගාදිහු අහසේ සිටි දේවතාවෝ අහෝ! බුද්ධ ලීලාව යයි කියමින් සාධුකාර දුන්හ. ආනන්ද ගිජුළිහිණි රජා ද, නාරද සෘෂි බ්‍රාහ්මණයා ද, පුණ්ණමුඛ ද, ඵුස්ස කොවුලා ද, තම තමන්ගේ පිරිස ගෙන, කැමැති තැන්වලටම ගියහ. බෝසත්හු සිය ස්ථානයට ගියහ. සෙස්සෝ අතරින් පතර අවුත් බෝසතුන්ගේ සමීපයේ අවවාද ගෙන ඒ අවවාදයේ පිහිටා ස්වර්ග පරායණ වූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙන‍්තො ඔසානගාථා අභාසි –

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැරපා ජාතකය නිමාවට පත්කරන්නේ අවසාන ගාථාව වදාළ සේක;

“කුණාලොහං තදා ආසිං, උදායී ඵුස‍්සකොකිලො; ආනන්‍දො ගිජ‍්ඣරාජාසි, සාරිපුත‍්තො ච නාරදො; පරිසා බුද‍්ධපරිසා, එවං ධාරෙථ ජාතක”න‍්ති.

එදා මම කුණාල වූයෙම් උදායි ඵුස්ස කොවුලාය ආනන්ද, ගිජුලිහිණියා - සැරියුත් හා නාරද ආදී පිරිස බුදු පිරිසමය - මෙසේ සලකවු ජාතකය.

තෙ පන භික‍්ඛූ ගමනකාලෙ සත්‍ථානුභාවෙන ගන‍්ත්‍වා ආගමනකාලෙ අත‍්තනො අත‍්තනොව ආනුභාවෙන ආගතා. තෙසං සත්‍ථා මහාවනෙයෙව කම‍්මට‍්ඨානං කථෙසි. සබ‍්බෙපි තෙ තං දිවසමෙව අරහත‍්තං පාපුණිංසු. මහාදෙවතාසමාගමො අහොසි. අථස‍්ස භගවා මහාසමයසුත‍්තං (දී· නි· 2.331 ආදයො) කථෙසි.

මේ ඒ භික්‍ෂූහු පැමිණෙන කල්හි, ශාස්තෲ ආනුභාවයෙන් ගොස්, ආපසු එන කල්හි තම තමන්ගේ ආනුභාවයෙන් ආවෝ ඔවුන්ට ශාස්තෲන් වහන්සේ, මහවනයේ කර්මස්ථාන වදාළහ. ඔවුහු එදවස ම රහත් බවට පැමිණියහ. මහත් දේවතා සමාගමක් ද විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහා සමය සූත්‍රය වදාළ සේක.

කුණාලජාතකවණ‍්ණනා චතුත්‍ථා.

කුණාල ජාතකය නිමි.