යෙදුමෙන් කියවන්න

5. මහාසුතසොමජාතකවණ‍්ණනා 537 අට‍්ඨකථා

5. මහාසුතසොමජාතකවණ‍්ණනා (537)

5. මහාසුතසෝම ජාතකය (537)

කස‍්මා තුවං රසක එදිසානීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඞ‍්ගුලිමාලත්‍ථෙරදමනං ආරබ‍්භ කථෙසි. තස‍්ස උප‍්පත‍්ති ච පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා ච අඞ‍්ගුලිමාලසුත‍්තවණ‍්ණනායං (ම· නි· අට‍්ඨ· 2.34 ආදයො) වුත‍්තනයෙන විත්‍ථාරතො වෙදිතබ‍්බා. සො පන සච‍්චකිරියාය මූළ‍්හගබ‍්භාය ඉත්‍ථියා සොත්‍ථිභාවං කත්‍වා තතො පට‍්ඨාය සුලභපිණ‍්ඩො හුත්‍වා විවෙකමනුබ්‍රූහන‍්තො අපරභාගෙ අරහත‍්තං පත්‍වා අභිඤ‍්ඤාතොව අසීතියා මහාථෙරානං අබ‍්භන‍්තරො අහොසි. තස‍්මිං කාලෙ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අහො වත භගවතා තථාරූපං ලුද‍්දං ලොහිතපාණිං මහාචොරං අඞ‍්ගුලිමාලං අදණ‍්ඩෙන අසත්‍ථෙන දමෙත්‍වා නිබ‍්බිසෙවනං කරොන‍්තෙන දුක‍්කරං කතං, අහො බුද‍්ධා නාම දුක‍්කරකාරිනො”ති. සත්‍ථා ගන්‍ධකුටියං ඨිතොව දිබ‍්බසොතෙන තං කථං සුත්‍වා “අජ‍්ජ මම ගමනං බහුපකාරං භවිස‍්සති, මහාධම‍්මදෙසනා පවත‍්තිස‍්සතී”ති ඤත්‍වා අනොපමාය බුද‍්ධලීලාය ධම‍්මසභං ගන‍්ත්‍වා වරපඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “අනච‍්ඡරියං, භික‍්ඛවෙ, ඉදානෙව පරමාභිසම‍්බොධිං පත‍්තෙන මයා එතස‍්ස දමනං, ස‍්වාහං පුබ‍්බචරියං චරන‍්තො පදෙසඤාණෙ ඨිතොපි එතං දමෙසි”න‍්ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

කස්මා තුවං යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩවාසය කරන්නේ අංගුලිමාල තෙරුන් අරභයා වදාළ සේක. ඔහුගේ උපත ද, පැවිද්ද ද, අංගුලිමාල සූත්‍රයේ කියන ලද ආකාරයෙන් විස්තර වශයෙන් දතයුතුය. ඔහු වනාහි සත්‍යක්‍රියාවේ ගැබ මෝරා මුළා වූ ස්ත්‍රියකගේ සුවපත් භාවය කොට එතැන් පටන්, ආහාර සුලභ වශයෙන් ලැබ, විවේකය විඳින්නේ අපර භාගයේ රහත්ඵලයට පත්ව අභිඥාලාභීන් අසූමහා ශ්‍රාවකයන් අතරට පත්වූ අයෙක් විය. ඒ කාලයේ දම්සභාවේ කථාවක් ඉපදවූහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් එබඳු ආකාර වැද්දකු, එනම් ලේ තැවරුණු අත්ඇති, මහාචෞර වූ අංගුලිමාල දණ්ඩකින් තොරව ආයුධ විරහිතව, දමනය කොට, කළකිරීම් කරවන්නේ ඉතා දුෂ්කර දෙයක් කරන ලදි. අහෝ! බුදුවරු නම් දුෂ්කර දේ කරන්නෝ වෙති. ශාස්තෲන් වහන්සේ ගඳකිළියේ හුන්නේ ම, දිවකණින් ඒ කථාව අසා අද, මගේ ගමන බොහෝ දෙනෙකුට උපකාර වන්නේ යයි මහා ධර්ම දේශනාවක් පවත්වන්නේ යයි දැන අනූපම වූ බුද්ධලීලාවෙන් දම් සභාවට වැඩ පනවන ලද අසුනේ වැඩසිටි සේක් මහණෙනි, දැන් කවර නම් කථාවකින් යුක්තව සිටියේ දැයි විචාරා මෙනම් කථාවකින් යයි කී කල්හි මහණෙනි, ආශ්චර්යයක් නොවේ. දැන් පරම අභිසම්බෝධියට පත් මා විසින් මොහුගේ හික්මීම පිණිස, ඉදින් පූර්වාචාර්ය වූ ඤාණ තලයෙහි පිහිටියේ යයි මේ අය දමනය කළ සේකැයි වදාරා අතීත කතාව ගෙනහැර පෑ සේක.

අතීතෙ කුරුරට‍්ඨෙ ඉන්‍දපත්‍ථනගරෙ කොරබ්‍යො නාම රාජා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. දසමාසෙ අතික‍්කන‍්තෙ සුවණ‍්ණවණ‍්ණං පුත‍්තං විජායි, සුතවිත‍්තතාය පන නං “සුතසොමො”ති සඤ‍්ජානිංසු. තමෙනං රාජා වයප‍්පත‍්තං නික‍්ඛසහස‍්සං දත්‍වා දිසාපාමොක‍්ඛස‍්ස ආචරියස‍්ස සන‍්තිකෙ සිප‍්පුග‍්ගහණත්‍ථාය තක‍්කසිලං පෙසෙසි. සො ආචරියභාගං ආදාය නගරා නික‍්ඛමිත්‍වා මග‍්ගං පටිපජ‍්ජි. තදා බාරාණසියං කාසිරඤ‍්ඤො පුත‍්තො බ්‍රහ‍්මදත‍්තකුමාරොපි තථෙව වත්‍වා පිතරා පෙසිතො නගරා නික‍්ඛමිත්‍වා තමෙව මග‍්ගං පටිපජ‍්ජි. අථ සුතසොමො මග‍්ගං ගන‍්ත්‍වා නගරද‍්වාරෙ සාලාය ඵලකෙ විස‍්සමත්‍ථාය නිසීදි. බ්‍රහ‍්මදත‍්තකුමාරොපි ගන‍්ත්‍වා තෙන සද‍්ධිං එකඵලකෙ නිසීදි. අථ නං සුතසොමො පටිසන්‍ථාරං කරොන‍්තො “සම‍්ම, මග‍්ගකිලන‍්තොසි, කුතො ආගච‍්ඡසී”ති පුච‍්ඡිත්‍වා “බාරාණසිතො”ති වුත‍්තෙ “කස‍්ස පුත‍්තොසී”ති වත්‍වා “කාසිරඤ‍්ඤො පුත‍්තොම‍්හී”ති වුත‍්තෙ “කො නාමොසී”ති වත්‍වා “අහං බ්‍රහ‍්මදත‍්තකුමාරො නාමා”ති වුත‍්තෙ “කෙන කාරණෙන ඉධාගතොසී”ති පුච‍්ඡි. සො “සිප‍්පුග‍්ගහණත්‍ථායා”ති වත්‍වා “ත්‍වම‍්පි මග‍්ගකිලන‍්තොසි, කුතො ආගච‍්ඡසී”ති තෙනෙව නයෙන ඉතරං පුච‍්ඡි. සොපි තස‍්ස සබ‍්බං ආචික‍්ඛි. තෙ උභොපි “මයං ඛත‍්තියා, එකාචරියස‍්සෙව සන‍්තිකෙ සිප‍්පුග‍්ගහණත්‍ථාය ගච‍්ඡාමා”ති අඤ‍්ඤමඤ‍්ඤං මිත‍්තභාවං කත්‍වා නගරං පවිසිත්‍වා ආචරියකුලං ගන‍්ත්‍වා ආචරියං වන්‍දිත්‍වා අත‍්තනො ජාතිආදිං කථෙත්‍වා සිප‍්පුග‍්ගහණත්‍ථාය ආගතභාවං කථෙසුං. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. තෙ ආචරියභාගං දත්‍වා සිප‍්පං පට‍්ඨපෙසුං.

අතීතයේ කුරු රට, ඉන්‍ද්‍රපත්ත (ඉඳිපත්) නුවර කෝරව්‍ය නම් රජතුමා දැහැමින් රාජ්‍යය කරවීය. බෝධිසත්ත්වයෝ ඔහුගේ අගමෙහෙසිය ගේ කුසේ උපන්නෝය. සම්පත් ඇති පුතකු බැවින් හේ සුතසෝම යයි හැඳින්වූහ. රජු ක්‍රමයෙන් හේ වැඩෙන කල්හි දිසාපාමොක් ගුරුතුමා ගේ සමීපයෙහි ශිල්ප ඉගෙනීම පිණිස තක්‍ෂිලාවට යැවීය. හෙතෙම ගුරුභාගය රැගෙන (උගතයුතු දේ) නික්ම මාර්ගයට පිළිපන්නේය. බරණැස කසී රජු ගේ පුත්‍ර බ්‍රහ්මදත්ත කුමාරයා ද එසේ ම කියා පියා විසින් එවන ලදුව නික්ම මාර්ගයට පිළිපන්නේය. සුතසෝම මාර්ගයට ගොස් නගර දොරටුවේ ශාලාවේ පුවරුවක් මත විශ්‍රාම පිණිස හුන්නේය. බ්‍රහ්මදත්ත කුමාරයා ද ගොස් ඔහු සමග එක් ම පුවරුවේ වාඩිවී සිටියේ ය. ඉක්බිති ඔහු සුතසෝම පිළිසඳර කථා කරන්නේ, මිත්‍රය; මාර්ගයේ වෙහෙසට පත්ව කොහිසිට එන්නෙහිදැයි විචාරා, බරණැස සිට යයි කී කල්හි කවරකුගේ පුතෙක් ද? බ්‍රහ්මදත්තගේ ය. නම කුමක්ද? බ්‍රහ්මදත්ත කුමාරයා වෙමියි. කවර කරුණක් නිසා ආවේදැයි විචාළේය. ඔහු ශිල්ප ගැනීම පිණිස යයි පවසා නුඹ ද මාර්ග වෙහෙසට පැමිණෙන්නේ එ් අයුරින් ම සෙසු කරුණු ද විචාළේය. ඔහු ද සියල්ල කීවේය. ඒ දෙදෙනා ම, අපි ක්‍ෂත්‍රියෝ වෙමු. එකම ආචාර්යවරයකු ගේ සමීපයේ ශිල්ප ගැනීම පිණිස යමුයි, අන්‍යෝන්‍ය මිත්‍ර භාවය ප්‍රකාශ කොට නගරයට පිවිස ගුරු ගෙදර ම ගොස් ගුරුතුමාට වැඳ තමන්ගේ ජාතිය සිහිපත් කොට ශිල්ප ගැනීම පිණිස ආ බව කීහ. ඔහු යහපතැයි පිළිගත්තේය. ඔවුහු ගුරුපඬුරු දී ශිල්ප ආරම්භ කළහ.

න කෙවලඤ‍්ච තෙ ද‍්වෙව, අඤ‍්ඤෙපි තදා ජම‍්බුදීපෙ එකසතමත‍්තා රාජපුත‍්තා තස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හන‍්ති. සුතසොමො තෙසං ජෙට‍්ඨන‍්තෙවාසිකො හුත්‍වා සිප‍්පං උපදිසන‍්තො නචිරස‍්සෙව නිප‍්ඵත‍්තිං පාපුණි. සො අඤ‍්ඤස‍්ස සන‍්තිකං අගන‍්ත්‍වා “සහායො මෙ”ති බ්‍රහ‍්මදත‍්තස‍්ස කුමාරස‍්සෙව සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්ස පිට‍්ඨිආචරියො හුත්‍වා සිප‍්පං සික‍්ඛාපෙසි. ඉතරෙසම‍්පි අනුක‍්කමෙන සිප‍්පං නිට‍්ඨිතං. තෙ අනුයොගං දත්‍වා ආචරියං වන්‍දිත්‍වා සුතසොමං පරිවාරෙත්‍වා නික‍්ඛමිංසු. අථ නෙ සුතසොමො මග‍්ගන‍්තරෙ ඨත්‍වා උය්‍යොජෙන‍්තො “තුම‍්හෙ අත‍්තනො අත‍්තනො පිතූනං සිප‍්පං දස‍්සෙත්‍වා රජ‍්ජෙසු පතිට‍්ඨහිස‍්සථ, පතිට‍්ඨිතා ච පන මමොවාදං කරෙය්‍යාථා”ති ආහ. “කිං , ආචරියා”ති? “පක‍්ඛදිවසෙසු උපොසථිකා හුත්‍වා මා ඝාතං කරෙය්‍යාථා”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිංසු. බොධිසත‍්තොපි අඞ‍්ගවිජ‍්ජාපාඨකත‍්තා “අනාගතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තකුමාරං නිස‍්සාය මහාභයං උප‍්පජ‍්ජිස‍්සතී”ති ඤත්‍වා තෙ එවං ඔවදිත්‍වා උය්‍යොජෙසි. තෙ සබ‍්බෙපි අත‍්තනො අත‍්තනො ජනපදං ගන‍්ත්‍වා පිතූනං සිප‍්පං දස‍්සෙත්‍වා රජ‍්ජෙසු පතිට‍්ඨාය පතිට‍්ඨිතභාවඤ‍්චෙව ඔවාදෙ වත‍්තනභාවඤ‍්ච ජානාපෙතුං පණ‍්ණාකාරෙන සද‍්ධිං පණ‍්ණානි පහිණිංසු. මහාසත‍්තො තං පවත‍්තිං සුත්‍වා “අප‍්පමත‍්තාව හොථා”ති පණ‍්ණානි පටිපෙසෙසි.

හුදකලාව නොව, ඔවුහු ද වෙනත් එකසියයක් පමණ එකල දඹදිව රාජපුත්‍රයෝ ඔහුගේ සමීපයේ ශිල්ප උගනිති. සුතසෝම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයා වී ශිල්ප උගන්වන්නේ නොබෝ කලකින් දියුණුවට පැමිණියේය. ඔහු අනෙක් අය ළඟට ද ගොස් සහාය වෙමු යි පවසා බ්‍රහ්මදත්ත කුමරු වෙත ම ගොස් ඔහුගේ බාහිර ආචාර්යවරයා වී ශිල්ප පුහුණු කළේය. සෙසු අය ද ක්‍රමයෙන් ශිල්ප නිමකළේ, ඔවුන්ට සුදුසුකම් දී ගුරුතුමාට වැඳ සුතසෝම පිරිවරා නික්ම ගියහ. ඉක්බිති ඔවුන් සුතසේම මාර්ග නියමු තනතුරේ තබා පිටත් වන්නේ නුඹලා තම තමන්ගේ පියවරුන්ට ශිල්ප පෙන්වා රාජ්‍යවල පිහිටාගනිවු! පිහිටියෝ මගේ අවවාද අනුව කටයුතු කරවු! යයි කීවේය. කිම ගුරුතුමනි, මාසේ පෝය දිනවල පෙහෙවස් සමාදන් වී සතුන් ඝාතනය නොකරවු! යයි ද යනුවෙනි. ඔවුහු යහපතැයි පිළිගත්හ. බොස්තුන් වනාහි අංගවිද්‍යා කියන්නකු බැවින් අනාගතයේ බරණැස් කුමරු නිසා මහත් බියක් හටගන්නේ යයි දැන, මෙසේ අවවාද දී පිටත් කෙළේය. ඔවුහු සියල්ලෝම තම තමන්ගේ ජනපදවලට ගොස් පියවරුන්ට ශිල්ප පෙන්වා රාජ්‍යයන්හි පිහිටුවීම පිණිස ද, අවවාදයෙහි පිහිටන බවද, දැන්වීමට පඬුරු සමග හසුන්පත් යැවූහ. බෝසත් ඒ පුවත දැන අප්‍රමාද වෙත්වා’යි හසුන්පත් යැවීය.

තෙසු බාරාණසිරාජා විනා මංසෙන භත‍්තං න භුඤ‍්ජති. උපොසථදිවසත්‍ථායපිස‍්ස මංසං ගහෙත්‍වා ඨපෙසි. අථෙකදිවසං එවං ඨපිතමංසං භත‍්තකාරකස‍්ස පමාදෙන රාජගෙහෙ කොලෙය්‍යකසුනඛා ඛාදිංසු. භත‍්තකාරකො තං මංසං අදිත්‍වා කහාපණමුට‍්ඨිං ආදාය චරන‍්තොපි මංසං උප‍්පාදෙතුං අසක‍්කොන‍්තො “සචෙ අමංසකභත‍්තං උපනාමෙස‍්සාමි, ජීවිතං මෙ නත්‍ථි, කිං නු ඛො කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “අත්‍ථෙසො උපායො”ති විකාලෙ ආමකසුසානං ගන‍්ත්‍වා මුහුත‍්තමතස‍්ස පුරිසස‍්ස ඌරුමංසං ආහරිත්‍වා සුපක‍්කං පචිත්‍වා භත‍්තං උපනාමෙසි. රඤ‍්ඤො මංසඛණ‍්ඩං ජිව‍්හග‍්ගෙ ඨපිතමත‍්තමෙව සත‍්ත රසහරණිසහස‍්සානි ඵරි, සකලසරීරං ඛොභෙත්‍වා අට‍්ඨාසි. කිංකාරණා? පුබ‍්බෙ චස‍්ස සෙවනතාය. සො කිර අතීතානන‍්තරෙ අත‍්තභාවෙ යක‍්ඛො හුත්‍වා බහුං මනුස‍්සමංසං ඛාදිතපුබ‍්බො, තෙනස‍්ස තං පියං අහොසි . සො “සචාහං තුණ‍්හීයෙව භුඤ‍්ජිස‍්සාමි, න මෙ අයං ඉමං මංසං කථෙස‍්සතී”ති චින‍්තෙත්‍වා සහ ඛෙළෙන භූමියං පාතෙසි. “නිද‍්දොසං, දෙව, ඛාදාහී”ති වුත‍්තෙ මනුස‍්සෙ පටික‍්කමාපෙත්‍වා “අහමෙතස‍්ස නිද‍්දොසභාවං ජානාමි, කිං නාමෙතං මංස”න‍්ති පුච‍්ඡි. “පුරිමදිවසෙසු පරිභොගමංසමෙව, දෙවා”ති. “නනු අඤ‍්ඤස‍්මිං කාලෙ අයං රසො නත්‍ථී”ති? “අජ‍්ජ සුපක‍්කං, දෙවා”ති. “නනු පුබ‍්බෙපි එවමෙව පචසී”ති. අථ නං තුණ‍්හීභූතං ඤත්‍වා “සභාවං කථෙහි, නො චෙ කථෙසි, ජීවිතං තෙ නත්‍ථී”ති ආහ. සො අභයං යාචිත්‍වා යථාභූතං කථෙසි. රාජා “මා සද‍්දමකාසි, පකතියා පචනකමංසං ත්‍වං ඛාදිත්‍වා මය‍්හං මනුස‍්සමංසමෙව පචාහී”ති ආහ. “නනු දුක‍්කරං, දෙවා”ති? “මා භායි, න දුක‍්කර”න‍්ති. “නිබද‍්ධං කුතො ලභිස‍්සාමි, දෙවා”ති? “නනු බන්‍ධනාගාරෙ බහූ මනුස‍්සා”ති. සො තතො පට‍්ඨාය තථා අකාසි.

ඒ අය අතර බරණැස් රජු මස් නැතිව බත් අනුභව නොකරයි. උපෝෂථ දිනයේ වුවද ඔහු මස් ගෙන යැපෙයි. ඉන් එක් දිනක් මෙසේ තබන ලද මාංශ බත්කරුගේ ප්‍රමාදයකින් රජගහනුවර කොලෙය්‍ය සුනඛයන් කෑවේය. (කෝලෙය්‍ය=වංශවත්) බත් පිසන්නා මස් නොදැක කහවණු මිටක් ගෙන හැසිරෙන්නේ මස් සපයා ගැනීමට නොහැකිව ඉදින් මස් නැති බත් පමුණුවන්නෙම්, මගේ ජීවිතය ද නැතැයි කුමක් කරන්නෙම්දැයි සිතා මෙයට උපායක් ඇතැයි, සුදුසු නැති වේලාවේ අමු සොහොනට ගොස් මොහොතක් හිඳ මියගිය මිනිසකුගේ කලවා මස් ගෙන මනා සේ පිස බත් පිළිගැන්වීය. රජු මස්කැබැල්ලක් දිව අග තැබූ මොහොතේම සත්දහසක් රස පිනා ගියේය. මුළු ශරීරයම කැළඹී ගියේය. පෙර නොවූ විරූ දෙයකට කුමන කරුණක්ද? ඔහු පෙර ආත්මභාවයක යකෙක් වී බොහෝ මිනීමස් කෑවේය. ඒ නිසා ඔහුට එය ප්‍රිය විය. ඔහු ඉදින් මම නිශ්ශබ්දවම වළඳන්නේ නම් මට තරම් නොවේ. හෙතෙම මේ මස් කන්නේ යයි සිතා කෙළ සමග බිම හෙළීය. දෝෂයක් නැත. දේවයන් වහන්ස, කනු මැනවයි කී කල්හි, මිනිසුන් නොදැනීම මම මෙහි නිර්දෝෂ බව දනිමි. මේ කුමන මස් වර්ගයක්දැයි විචාළේය. දේවයන් වහන්ස, පෙර දිනයේ පරිභෝග කළ මස් ම ය. වෙන කාලවල මේ රසය නැත. දේවයන් වහන්ස, අද මැනවින් පිසන ලදි. පෙර මෙලෙස පිසුවේද? ඉක්බිති හේ නිශ්ශබ්දව සිටින බව දැන සත්‍ය ස්වභාවය මට කියව. නැතිනම් ඔබේ ජීවිතය නැත යයි කීවේය. ඔහු අභය ඉල්ලා ඇති තතු පරිදි කීවේය. රජු ඔබ්ද නොකළේය. ස්වභාවයෙන් උයන මස් නුඹ අනුභව කොට මට මිනීමස්ම පිසවයි කීවේය. දේවයන් වහන්ස, එය දුෂ්කර නොවේද? බිය නොවෙව. එය දුෂ්කර නොවේ. නිබඳව ම කෙසේ ලබන්නෙම්ද? බන්‍ධනාගාරයේ බොහෝ මිනිස්සු සිටිති. ඔහු එතැන් පටන් එසේ කෙළේය.

අපරභාගෙ බන්‍ධනාගාරෙ මනුස‍්සෙසු ඛීණෙසු “ඉදානි කිං කරිස‍්සාමි, දෙවා”ති ආහ. “අන‍්තරාමග‍්ගෙ සහස‍්සභණ‍්ඩිකං ඛිපිත්‍වා යො තං ගණ‍්හාති, තං ‘චොරො’ති ගහෙත්‍වා මාරෙහී”ති ආහ. සො තථා අකාසි. අපරභාගෙ රාජභයෙන සහස‍්සභණ‍්ඩිකං ඔලොකෙන‍්තම‍්පි අදිස‍්වා “ඉදානි කිං කරිස‍්සාමී”ති ආහ. “යදා භෙරිවෙලාය නගරං ආකුලං හොති, තදා ත්‍වං පන එකස‍්මිං ඝරසන්‍ධිම‍්හි වා වීථියං වා චතුක‍්කෙ වා ඨත්‍වා මනුස‍්සෙ මාරෙත්‍වා මංසං ගණ‍්හාහී”ති. සො තතො පට‍්ඨාය තථා කත්‍වා ථූලමංසං ආදාය ගච‍්ඡති. තෙසු තෙසු ඨානෙසු කළෙවරානි දිස‍්සන‍්ති. මම මාතා න පඤ‍්ඤායති, මම පිතා න පඤ‍්ඤායති, මම භාතා භගිනී ච න පඤ‍්ඤායති, මනුස‍්සානං පරිදෙවනසද‍්දො සූයති. නාගරා භීතතසිතා “ඉමෙ මනුස‍්සෙ සීහො නු ඛො ඛාදති, බ්‍යග‍්ඝො නු ඛො ඛාදති, යක‍්ඛො නු ඛො ඛාදතී”ති ඔලොකෙන‍්තා පහාරමුඛං දිස‍්වා “එකො මනුස‍්සඛාදකො චොරො ඉමෙ ඛාදතී”ති මඤ‍්ඤන‍්ති. මහාජනා රාජඞ‍්ගණෙ සන‍්නිපතිත්‍වා උපක‍්කොසිංසු. රාජා “කිං, තාතා”ති පුච‍්ඡි. “දෙව ඉමස‍්මිං නගරෙ මනුස‍්සඛාදකො චොරො අත්‍ථි, තං ගණ‍්හාපෙථා”ති ආහංසු. “අහං කථං තං ජානිස‍්සාමි, කිං අහං නගරං රක‍්ඛන‍්තොපි චරාමී”ති.

පසුකාලයේ බන්‍ධනාගාරයේ මිනිසුන් ක්‍ෂය වූ කල්හි දැන් කුමක් කරම්දැයි කීවේය. අතරමග දහස් ගණන් බඩු රැගෙන යන යමෙක් ඇද්ද උන් ගනුවයි, ඔවුන් සොරකු යයි ගෙන මරව. ඔහු එසේ කොට, පසුකාලයේ දහස් බඩු ගෙනයන්නන් බලන්නේ නමුත් නොදැක දැන් කුමක් කරම්දැයි කීවේය. කාලය දක්වන වේලාවේ නගරය ව්‍යාකූල වෙයි. නුඹ එක් සතරමං සන්ධියක හෝ සිට මිනිසුන්ට පහරදී මස් ගනුව. ඔහු එතැන් පටන් ස්ථුල මාංස රැගෙන යයි. ඒ ඒ තැන්වල මෘතදේහ දක්නට ලැබේ. මගේ මව නොපෙනේ. පියා ප්‍රකට නොවේ. සොයුරා, සොයුරිය ප්‍රකට නොවේ. මිනිසුන්ගේ හැඬීම් අසනු ලැබේ. නගරවැසියෝ බියෙන් තැතිගෙන මේ මිනිසුන් සිංහයෙක් හෝ කයි. ව්‍යාඝ්‍රයෙක් හෝ අනුභව කරයි. නැතිනම් යක්‍ෂයෙක් දැයි බලන්නේ, ප්‍රහාර මුඛය දැක එක් මිනිසෙක් කයි යයි සිතයි. මහජනයා රජ මිදුලේ රැස්වී කෑ ගැසූහ. රජ මේ කිමෙක්දැයි විචාළේය. මහරජ, මේ නගරයේ මිනිසුන් කන හොරෙක් ඇත. ඔහු අල්ලා ගනිවු යයි කීවේය. මම කෙසේ දැනගන්නෙම්ද? කිම මම නගරය රකිමින් හැසිරෙම්ද?

මහාජනා “රාජා නගරෙන අනත්‍ථිකො, කාළහත්‍ථිසෙනාපතිස‍්ස ආචික‍්ඛිස‍්සාමා”ති ගන‍්ත්‍වා තස‍්ස තං කථෙත්‍වා “චොරං පරියෙසිතුං වට‍්ටතී”ති වදිංසු. සො “සාධු සත‍්තාහං ආගමෙථ, පරියෙසිත්‍වා චොරං දස‍්සාමී”ති මහාජනෙ උය්‍යොජෙත්‍වා පුරිසෙ ආණාපෙසි, “තාතා, නගරෙ කිර මනුස‍්සඛාදකො චොරො අත්‍ථි, තුම‍්හෙ තෙසු තෙසු ඨානෙසු නිලීයිත්‍වා තං ගණ‍්හථා”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය නගරං පරිග‍්ගණ‍්හන‍්ති. භත‍්තකාරකොපි එකස‍්මිං ඝරසන්‍ධිම‍්හි සම‍්පටිච‍්ඡන‍්නො හුත්‍වා එකං ඉත්‍ථිං මාරෙත්‍වා ඝනඝනමංසං ආදාය පච‍්ඡියං පූරෙතුං ආරභි. අථ නං තෙ පුරිසා ගහෙත්‍වා පොථෙත්‍වා පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා “ගහිතො මනුස‍්සඛාදකො චොරො”ති මහාසද‍්දං කරිංසු. මහාජනො තං පරිවාරෙසි. අථ නං සුට‍්ඨු බන්‍ධිත්‍වා මංසපච‍්ඡිං ගීවාය බන්‍ධිත්‍වා ආදාය සෙනාපතිස‍්ස දස‍්සෙසුං. සෙනාපති තං දිස‍්වා “කිං නු ඛො එස ඉමං මංසං ඛාදති, උදාහු අඤ‍්ඤෙන මංසෙන මිස‍්සෙත්‍වා වික‍්කිණාති, උදාහු අඤ‍්ඤස‍්ස වචනෙන මාරෙතී”ති චින‍්තෙත්‍වා තමත්‍ථං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

මහජනයා රජු නගරයෙන් අර්ථ විරහිත බැවින් කාළහස්ති සෙනෙවියාට කියන්නෙමුයි පවසා, ඔහුට පවසා සොරා සෙවීමට වටනේ යයි කීවේ ය. ඔහු සත්දිනකින් පැමිණෙවු! සොයා බලා සොරා පෙන්වමියි, මහජනයාට දන්වා, පුරුෂයන්ට අණ කළේය. දරුවනි, නගරයේ මිනිසුන් කන සොරෙක් ඇත. නුඹලා ඒ ඒ තැන්වල සැඟවී සිට ඌ අල්ලා ගනිවු! ඔවුහු යහපතැයි පවසා එතැන් පටන් නුවර රැකවල්ලා සිටිත්. බත් පිළියෙල කරන්නා ද එක් ගෙදොරක් ළඟ සැඟවී සිටිමින් එක් ස්ත්‍රියක මරා ඝනමාංශ කොටස රැගෙන උරය පිරවීමට පටන් ගත්තේය. ඉක්බිති ඒ මිනිස්සු ඔහු අල්ලාගෙන තලා පෙළා අත්පසුපසට තබා බැඳ “මිනිසුන් කන සොරා අල්ලා ගත්තේ” යයි මහත් ලෙස ශබ්ද කළහ. මහජනයා රැස්වූහ. ඉක්බිති ඔහුට සියුම් ලෙස වධ දී මස් උරය බෙල්ලේ තබා බැඳ සෙනෙවියාට පෙන්වූහ. සෙනෙවියා දැක කුමක් නිසා මෙතෙම මේ මස් කයිද? නැතහොත් අනෙක් මසක් සමග මුසුකොට විකුණයි ද, නැතහොත් වෙනත් අයකුගේ වචනයෙන් මරන්නේදැයි සිතා ඒ අර්ථය විචාරන්නේ පළමු ගාථාව කීවේය.

“කස‍්මා තුවං රසක එදිසානි, කරොසි කම‍්මානි සුදාරුණානි; හනාසි ඉත්‍ථී පුරිසෙ ච මූළ‍්හො, මංසස‍්ස හෙතු අදු ධනස‍්ස කාරණා”ති.

එම්බා අරක්කැමිය, තෝ කුමක් හෙයින් මෙතරම් ඉතා දරුණුකම් කරන්නෙහිද? මුළා වූයේ ස්ත්‍රීන් ද පුරුෂයන් ද නසන්නෙහි. මස් හේතු කොටගෙන ද නැතහොත් ධන හේතු කොටගෙන දැයි (සෙන්පතියා ඇසී ය.)

තත්‍ථ රසකාති භත‍්තකාරණං ආලපති.

එහි රසකා යනු බත් පිළියෙල කරන්නාට ආමන්ත්‍රණය කරයි.

ඉතො පරං උත‍්තානසම‍්බන්‍ධානි වචනපටිවචනානි පාළිවසෙනෙව වෙදිතබ‍්බානි –

ඉන් අනතුරුව උක්ත ආඛ්‍යාත සම්බන්ධය වචන ප්‍රතිවචන පාළි ව්‍යවහාරයෙන් ම දත යුතුය –

“න අත‍්තහෙතූ න ධනස‍්ස කාරණා, න පුත‍්තදාරස‍්ස සහායඤාතිනං; භත‍්තා ච මෙ භගවා භූමිපාලො, සො ඛාදති මංසං භදන‍්තෙදිසං.

හිමියන්, මෙය තමන් හේතු කොටගෙන නො වෙයි. ධනය හේතු කොටගෙන ද නොවෙයි. අඹුදරුවන් ද යහළුවන් ද ඤාතීන් ද හේතු කොටගෙන නො වෙයි. මාගේ ස්වාමි වූ ඒ භගවත් රජ තෙමේ මෙබඳු වූ මස් අනුභව කෙරේ යයි (අරක්කැමි තෙමේ කීයේ ය.)

“සචෙ තුවං භත‍්තුරත්‍ථෙ පයුත‍්තො, කරොසි කම‍්මානි සුදාරුණානි; පාතොව අන‍්තෙපුරං පාපුණිත්‍වා, ලපෙය්‍යාසි මෙ රාජිනො සම‍්මුඛෙ තං.

ඉදින් ස්වාමියාගේ වැඩෙහි යෙදුණා වූ තෝ මෙබඳු ඉතා දරුණුකම් කෙරෙහි නම් උදෑසනම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි ඒ කරුණ මට කියව (යි සෙන්පති තෙමේ කීවේ ය.)

“තථා කරිස‍්සාමි අහං භදන‍්තෙ, යථා තුවං භාසසි කාළහත්‍ථි; පාතොව අන‍්තෙපුරං පාපුණිත්‍වා, වක‍්ඛාමි තෙ රාජිනො සම‍්මුඛෙ ත”න‍්ති.

ස්වාමීනි, කාහත්‍ථි නම් සෙන්පතිතුමනි, ඔබවහන්සේ යමක් කියන්නහු නම් මම එසේ ම කරන්නෙමි. උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය ඔබට කියමි යි අරක්කැමි තෙම කීවේ ය.

තත්‍ථ භගවාති ගාරවාධිවචනං. සචෙ තුවන‍්ති “සච‍්චං නු ඛො භණති, උදාහු මරණභයෙන මුසා භණතී”ති වීමංසන‍්තො එවමාහ. තත්‍ථ සුදාරුණානීති මනුස‍්සඝාතකම‍්මානි. සම‍්මුඛෙ තන‍්ති සම‍්මුඛෙ ඨත්‍වා එවං වදෙය්‍යාසීති. සො සම‍්පටිච‍්ඡන‍්තො ගාථමාහ.

එහි භගවා යනු ගෞරව වශයෙන් මේ වචනය යොදා ඇත. සචෙතුවං යනු ඉදින් සත්‍යයක් පවසයි ද? නැතහොත් මරණාභිමුඛව බොරුවක් යයි විමසමින් මෙසේ කීවේය. එහි සුදාරුණානී යනු මනුෂ්‍ය ඝාතක කර්මයයි සම්මුඛෙතං යනු අභිමුඛයේ සිට කියන්නෙහිය. ඔහු අභිමුඛව සිටිමින් ගාථාව කීවේ ය.

අථ නං සෙනාපති ගාළ‍්හබන්‍ධනමෙව සයාපෙත්‍වා විභාතාය රත‍්තියා අමච‍්චෙහි ච නාගරෙහි ච සද‍්ධිං මන‍්තෙත්‍වා සබ‍්බෙසු එකච‍්ඡන්‍දෙසු ජාතෙසු සබ‍්බට‍්ඨානෙසු ආරක‍්ඛං ඨපෙත්‍වා නගරං හත්‍ථගතං කත්‍වා රසකස‍්ස ගීවායං මංසපච‍්ඡිං බන්‍ධිත්‍වා ආදාය රාජනිවෙසනං පායාසි. සකලනගරං විරවි. රාජා හිය්‍යො භුත‍්තපාතරාසො සායමාසම‍්පි අලභිත්‍වා “රසකො ඉදානි ආගච‍්ඡිස‍්සති, ඉදානි ආගච‍්ඡස‍්සතී”ති නිසින‍්නොව තං රත‍්තිං වීතිනාමෙත්‍වා “අජ‍්ජපි රසකො නාගච‍්ඡති, නාගරානඤ‍්ච මහාසද‍්දො සූයති, කිං නූ ඛො එත”න‍්ති වාතපානෙන ඔලොකෙන‍්තො තං තථා ආනීයමානං දිස‍්වා “පාකටං ඉදං කාරණං ජාත”න‍්ති චින‍්තෙත්‍වා සතිං උපට‍්ඨපෙත්‍වා පල‍්ලඞ‍්කෙයෙව නිසීදි. කාළහත්‍ථිපි නං උපසඞ‍්කමිත්‍වා අනුයුඤ‍්ජි, සොපිස‍්ස කථෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති සෙනෙවියා ඔහුව දැඩි බැම්මකින් බැඳ නිදි කරවා රාත්‍රිය ඉක්ම ගියපසු ඇමතියන් ද නාගරිකයන් ද සමග සාකච්ඡා කොට සියළුම දෙනා එක මතයකට පැමිණි කල්හි, සියළු ස්ථානවල රැකවල් තබා නගරය අත්පත් කොට ගෙන භෝජකයාගේ බෙල්ලෙහි තිබූ මස් පඬුර බැඳගෙන රජමැදුරට යොමු කෙළේය. සියළු නගරවැසියෝ නාද කළහ. රජු බියෙන්, වළඳන ලද ආහාර රසය සවස ද නොලැබ රසකයා දැන් පැමිණෙන්නේ ය. දැන් පැමිණෙන්නේ ය යයි සිතමින් සිටින්නේ ම රාත්‍රිය පහව ගොස්, අද ද රසකයා නො එයි. නාගරිකයන්ගේ ද මහා ශබ්දයක් ඇසේ යයි මේ කිමෙක්දැයි වාකවුළුවෙන් බලන්නේ, ඔහු එසේ ගෙන එන බව දැක, දැන් කරුණ දැනගත්තේ යයි, සිතා ධෛර්යය උපදවා පලඟෙහි හිඳ ගත්තේ ය. කාළහත්‍ථි සෙනෙවියා ද ඔහු වෙත එළඹ මෙසේ කීවේ ය. ඔහුට ඔහු මෙසේ කීවේ ය. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;

“තතො රත්‍යා විවසානෙ, සූරියුග‍්ගමනං පති; කාළො රසකමාදාය, රාජානං උපසඞ‍්කමි; උපසඞ‍්කම‍්ම රාජානං, ඉදං වචනමබ්‍රවි.

අනතුරු ව රාත්‍රිය ඉක්ම ගිය පසු සූර්යෝද්ගමනයෙහි කාළ නම් සෙන්පති තෙමේ අරක්කැමියා ගෙන රජු වෙත එළැඹියේ ය. එළැඹ රජුට මේ වචනය කීවේ ය.

“සච‍්චං කිර මහාරාජ, රසකො පෙසිතො තයා. හනති ඉත්‍ථිපුරිසෙ, තුවං මංසානි ඛාදසි.

මහරජ, නුඹ වහන්සේ විසින් ස්ත්‍රී පුරුෂයන් නසව යි අරක්කැමියා පිටත් කොට හරින ලද්දේ ය යන මේ කරුණ සත්‍යය ද? ඔබවහන්සේ මිනීමස් කන්නාහු ද?

“එවමෙව තථා කාළ, රසකො පෙසිතො මයා; මම අත්‍ථං කරොන‍්තස‍්ස, කිමෙතං පරිභාසසී”ති.

කාළ (හත්‍ථි) නම් සෙන්පතිය, මා විසින් අරක්කැමියා පිටත්කොට හරින ලදි. මාගේ අර්ථය (වැඩය) කරන්නා වූ ඔහුට කුමක් හෙයින් නින්දා කෙරෙහි දැ (යි රජතෙමේ ඇසී ය.)

තත්‍ථ කාළාති කාළහත්‍ථි. එවමෙවාති තෙන සෙනාපතිනා තෙජවන‍්තෙන අනුයුත‍්තො රාජා මුසා වත‍්තුං අසක‍්කොන‍්තො එවමාහ. තත්‍ථ තථාති ඉදං පුරිමස‍්ස වෙවචනං. මම අත්‍ථන‍්ති මම වුඩ‍්ඪිං. කරොන‍්තස‍්සාති කරොන‍්තං. කිමෙතන‍්ති කස‍්මා එතං. පරිභාසසීති අහො දුක‍්කරං කරොසි, කාළහත්‍ථි ත්‍වං නාම අඤ‍්ඤං චොරං අග‍්ගහෙත්‍වා මම පෙසනකාරකං ගණ‍්හාසීති තස‍්ස භයං ජනෙන‍්තො කථෙසි.

එහි කාළා යනු කාළහත්‍ථි. එවමෙතං යනු තේජවන්ත සෙනෙවියා විසින් අනුයුක්ත වූයේ, මුසා බස් බිණීමට නොහැකිවන්නේ මෙසේ කීවේ ය. එහි තථා යනු මේ පළමු කියන ලද වචනය ම ය. මම අත්‍ථං යනු මගේ අභිවෘද්ධියයි. කරොන්තස්සා යනු කරන්නා වූ. කිමෙතං යනු කුමක් හෙයින් මොහුට පරිහාස කරහි ද, අහෝ දුෂ්කර දෙයක් කරන්නේය. නුඹ නම් වෙනත් සොරකු අල්ලා නොගෙන මගේ උයන මිනිසාව අල්ලා ගත්තේ යයි ඔහුට බිය දනවමින් කීවේ ය.

තං සුත්‍වා සෙනාපති “අයං සකෙනෙව මුඛෙන පටිජානාති, අහො සාහසිකො, එත‍්තකං නාම කාලං ඉමෙ මනුස‍්සා එතෙන ඛාදිතා, වාරෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා ආහ – “මහාරාජ, මා එවං කරි, මා මනුස‍්සමංසං ඛාදසී”ති. “කාළහත්‍ථි කිං කථෙසි, නාහං විරමිතුං සක‍්කොමී”ති. “මහාරාජ, සචෙ න විරමිස‍්සසි, අත‍්තානඤ‍්ච රට‍්ඨඤ‍්ච නාසෙස‍්සසී”ති. “එවං නස‍්සන‍්තෙපි අහං නෙව තතො විරමිතුං සක‍්කොමී”ති. තතො සෙනාපති තස‍්ස සඤ‍්ඤාපනත්‍ථාය වත්‍ථුං ආහරිත්‍වා දස‍්සෙති – අතීතස‍්මිඤ‍්හි කාලෙ මහාසමුද‍්දෙ ඡ මහාමච‍්ඡා අහෙසුං. තෙසු ආනන්‍දො තිමිනන්‍දො අජ‍්ඣාරොහොති ඉමෙ තයො මච‍්ඡා පඤ‍්චයොජනසතිකා, තිමිඞ‍්ගලො තිමිරපිඞ‍්ගලො මහාතිමිරපිඞ‍්ගලොති ඉමෙ තයො මච‍්ඡා සහස‍්සයොජනිකා හොන‍්ති. තෙ සබ‍්බෙපි පාසාණසෙවාලභක‍්ඛා අහෙසුං. තෙසු ආනන්‍දො මහාසමුද‍්දස‍්ස එකපස‍්සෙ වසති. තං බහූ මච‍්ඡා දස‍්සනාය උපසඞ‍්කමන‍්ති, එකදිවසං “සබ‍්බෙසං ද‍්විපදචතුප‍්පදානං සත‍්තානං රාජා පඤ‍්ඤායති, අම‍්හාකං රාජා නත්‍ථි, මයම‍්පෙතං රාජානං කරිස‍්සාමා”ති චින‍්තෙත්‍වා සබ‍්බෙ එකච‍්ඡන්‍දා හුත්‍වා ආනන්‍දං රාජානං කරිංසු. තෙ මච‍්ඡා තතො පට‍්ඨාය තස‍්ස සායං පාතොව උපට‍්ඨානං ගච‍්ඡන‍්ති.

ඒ අසා සෙනෙවියා මෙතෙම ස්වකීය මුඛයෙන් අනුදනියි. අහෝ සාහසිකය, මෙපමණ කලක් මොහු විසින් මිනිස්සු කන ලද්දෝය. වළක්වන්නෙමියි සිතා කීවේය. මහරජ, එසේ නොකළ මැනවි. මිනීමස් කන්න එපා. කාළහත්‍ථි කුමක් කියහි ද? මට මෙයින් වැළකීමට නොහැකි වෙමි. ඉදින් නොවැළකෙන්නෙහි නම් තමන් ද රට ද විනාශ වන්නේය. එසේ විනාශ වන්නේ නමුත් මට වැලකීමට නොහැකිවෙමියි. ඉක්බිති සෙනෙවියා ඔහුට හික්මීම පිණිස කථාවස්තුව ගෙනහැර දැක්වීය. අතීතයේ මහා සමුද්‍රයේ මහා මත්ස්‍යයෝ හයදෙනෙක් වාසය කළහ. ඒ අය අතර ආනන්ද, තිමින්ද, අජ්ඣායො යන මේ තිදෙනා යොදුන් පන්සියයක් තිමි, තිමිංගල, තිමිරපිංගල යන මොවුහු යොදුන් දහසක් මේ සියල්ලෝ ගල්පාසී සෙවල අනුභව කරමින් විසූහ. ඒ අය අතර ආනන්ද මුහුදේ එකපැත්තක වාසය කරයි. බොහෝ මත්ස්‍යයෝ දැකීම පිණිස එළඹෙති. එක් දවසක් සියළු දෙපා සිවුපා සතුන්ට රජෙක් සිටියි. අපට රජකු නැත. අපි ද එකකු රජ කරන්නෙමුයි සිතා සියල්ලෝ ඒකච්ඡන්දයෙන් ආනන්ද රජ කරවූහ. මත්ස්‍යයෝ එතැන් පටන්, ඔහුට උදේ-සවස උපස්ථානයට යති.

අථෙකදිවසං ආනන්‍දො එකස‍්මිං පබ‍්බතෙ පාසාණසෙවාලං ඛාදන‍්තො අජානිත්‍වා “සෙවාලො”ති සඤ‍්ඤාය එකං මච‍්ඡං ඛාදි. තස‍්ස තං මංසං ඛාදන‍්තස‍්ස සකලසරීරං සඞ‍්ඛොභෙසි. සො “කිං නු ඛො ඉදං අතිවිය මධුර”න‍්ති නීහරිත්‍වා ඔලොකෙන‍්තො මච‍්ඡමංසඛණ‍්ඩං දිස‍්වා “එත‍්තකං කාලං අජානිත්‍වා න ඛාදාමී”ති චින‍්තෙත්‍වා “සායං පාතොපි මච‍්ඡානං ආගන‍්ත්‍වා ගමනකාලෙ එකං ද‍්වෙ මච‍්ඡෙ ඛාදිස‍්සාමි, පාකටං කත්‍වා ඛාදියමානෙ එකොපි මං න උපසඞ‍්කමිස‍්සති, සබ‍්බෙ පලායිස‍්සන‍්ති, පටිච‍්ඡන‍්නො හුත්‍වා පච‍්ඡා ඔසක‍්කිතොසක‍්කිතං පහරිත්‍වා ඛාදිස‍්සාමී”ති තථා කත්‍වා ඛාදි. මච‍්ඡා පරික‍්ඛයං ගච‍්ඡන‍්තා චින‍්තයිංසු. “කුතො නු ඛො ඤාතීනං භයං උප‍්පජ‍්ජිස‍්සතී”ති. අථෙකො පණ‍්ඩිතො මච‍්ඡො “මය‍්හං ආනන්‍දස‍්ස කිරියා න රුච‍්චති, පරිග‍්ගණ‍්හිස‍්සාමි න”න‍්ති මච‍්ඡෙසු උපට‍්ඨානං ගතෙසු ආනන්‍දස‍්ස කණ‍්ණපත‍්තෙ පටිච‍්ඡන‍්නො අට‍්ඨාසි. ආනන්‍දො මච‍්ඡෙ උය්‍යොජෙත්‍වා සබ‍්බපච‍්ඡතො ගච‍්ඡන‍්තං මච‍්ඡං ඛාදි. සො පණ‍්ඩිතමච‍්ඡො තස‍්ස කිරියං දිස‍්වා ඉතරෙසං ආරොචෙසි. තෙ සබ‍්බෙපි භීතතසිතා පලායිංසු.

ඉක්බිති එක් දිනක් ආනන්ද එක් පර්වතයක පාෂාණ සෙවල කමින් සෙවල බව නොදැන, එක් මාළුවකු කෑවේය. ඔහුට ඒ මස් ලොල් විය. රස විය. ඔහු මේ කිමෙක්ද, අතිශයින් මිහිරි බැවින් බැහැර කොට බලන්නේ මස් කැබැල්ලක් දැක මෙපමණ කලක් නොදැන නොකති යයි සිතා තෙමේ උදෑසනම මත්ස්‍යයන්ට උපස්ථාන කොට යන කල්හි මාළු එකෙකු දෙන්නෙකු අනුභව කරන්නෙමියි ප්‍රකට කොට කන කල්හි එකකු මා වෙත නොඑළඹෙන්නේ සියල්ලෝ පලා යන්නාහ. සැඟවෙමින් සිට පසුපසින් යන එන්නියන් පහරදී කෑවේය. මත්ස්‍යයෝ පරිහානියට යන්නෝ මෙසේ සිතූහ. කවර කරුණක් නිසා ඤාතීන්ට බියක් උපදවන්නෝ ද? ඉක්බිති එක් පණ්ඩිත මත්ස්‍යයෙක් මම ආනන්දගේ ක්‍රියාව රුචි නොකරමි. ඌ අල්ලා ගන්නෙමියි, මත්ස්‍යයන් උපස්ථානයට ගියකල්හි, ආනන්දගේ කණ පැත්තෙන් සැඟවෙමින් සිටියේය. ආනන්ද මත්ස්‍යයන් පිටත් කොට පසුපසින් යන්නවුන් කෑවේය. ඒ මත්ස්‍යයා එය දැක සෙසු අයට දැනුම් දුන්නේය. ඒ සියල්ලෝ ම බියවී පලාගියහ.

ආනන්‍දො තතො පට‍්ඨාය මච‍්ඡමංසගිද‍්ධෙන අඤ‍්ඤං ගොචරං න ගණ‍්හි. සො ජිඝච‍්ඡාය පීළිතො කිලන‍්තො “කහං නු ඛො ඉමෙ ගතා”ති තෙ මච‍්ඡෙ පරියෙසන‍්තො එකං පබ‍්බතං දිස‍්වා “මම භයෙන ඉමං පබ‍්බතං නිස‍්සාය වසන‍්ති මඤ‍්ඤෙ, පබ‍්බතං පරික‍්ඛිපිත්‍වා උපධාරෙස‍්සාමී”ති නඞ‍්ගුට‍්ඨෙන ච සීසෙන ච උභො පස‍්සෙ පරික‍්ඛිපිත්‍වා ගණ‍්හි. තතො “සචෙ ඉධ වසන‍්ති, පලායිස‍්සන‍්තී”ති පබ‍්බතං පරික‍්ඛිපන‍්තං අත‍්තනො නඞ‍්ගුට‍්ඨං දිස‍්වා “අයං මච‍්ඡො මං වඤ‍්චෙත්‍වා පබ‍්බතං නිස‍්සාය වසතී”ති කුද‍්ධො පණ‍්ණාසයොජනමත‍්තං සකනඞ‍්ගුට‍්ඨඛණ‍්ඩං අඤ‍්ඤමච‍්ඡසඤ‍්ඤාය දළ‍්හං ගහෙත්‍වා මුරුමුරායන‍්තො ඛාදි, දුක‍්ඛවෙදනා උප‍්පජ‍්ජි. ලොහිතගන්‍ධෙන මච‍්ඡා සන‍්නිපතිත්‍වා ලුඤ‍්ජිත්‍වා ඛාදන‍්තා යාව සීසා ආගමංසු. මහාසරීරතාය පරිවත‍්තෙතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි, පබ‍්බතරාසි විය අට‍්ඨිරාසි අහොසි. ආකාසචාරිනො තාපසපරිබ‍්බාජකා මනුස‍්සානං කථයිංසු. සකලජම‍්බුදීපෙ මනුස‍්සා ජානිංසු. තං වත්‍ථුං ආහරිත්‍වා දස‍්සෙන‍්තො කාළහත්‍ථි ආහ –

ආනන්ද එතැන් පටන් මත්ස්‍ය රස ලෝභයෙන් වෙනත් ගොදුරක් නොගනියි. ඔහු බඩගින්නේ ක්ලාන්තවන්නේ ඒ මත්ස්‍යයන් කොහේ ගියාහුදැයි සොයන්නේ, එක් පර්වතයක් දැක, මට බියෙන් මේ පර්වතය ඇසුරුකොට ගෙන වාසය කරති යයි සිතන්නේ පර්වතය වටේට සොයා බලන්නෙමියි වරලින් සහ හිසෙන් දෙපසින් ම පරීක්‍ෂා කොට ගත්තේය. ඉදින් මෙහි වාසය කරත් නම් පලා යන්නාහ. පර්වතය වටකොට සිටින්නේ තමන්ගේ වරලස දැක මේ මාළුවා මා රවටා පර්වතය ඇසුරුකොට වාසය කරයි යනුවෙන් කිපී, යොදුන් පනහක් පමණ වූ නගුට අල්ලා ගත්තේය. වෙනත් මාළුවෙක් යන හැඟීමෙන් අල්ලාගෙන මුරු මුරු ගාමින් කෑවේය. දුක් වේදනා හටගත්තේය. ලේ ගඳින් මත්ස්‍යයෝ රැස්ව ලුහුබැඳ කමින් හිස දක්වා පැමිණියහ. හෙතෙම මහ ශරීරයක් ඇතින බැවින්, නවතා ගැනීමට නොහැකි වන්නේ එහිදීම මරණයට පත්විය. පර්වතයේ හැඩය අටළොසක් පමණ විය. අහසේ හැසිරෙන තවුස් පරිබ්‍රාජකයෝ මිනිසුන්ට කීවාහුය. මුළු දඹදිව් තලයේ මිනිස්සු දැනගත්හ. ඒ කථාවස්තුව ගෙනහැර දක්වන්නේ මේ ගාථාව වදාළ සේක;

“ආනන්‍දො සබ‍්බමච‍්ඡානං, ඛාදිත්‍වා රසගිද‍්ධිමා; පරික‍්ඛීණාය පරිසාය, අත‍්තානං ඛාදියා මතො.

සියලු මත්ස්‍යයන්ට ප්‍රධාන වූ රසගේධ වූ ආනන්‍ද නම් මත්ස්‍ය තෙමේ තමන්ගේ පිරිස අනුභව කොට අවසන් වූ කල්හි පසුව තමා ද අනුභව කොට මළේ ය.

“එවං පමත‍්තො රසගාරවෙ රත‍්තො, බාලො යදී ආයති නාවබුජ‍්ඣති; විධම‍්ම පුත‍්තෙ චජි ඤාතකෙ ච, පරිවත‍්තිය අත‍්තානඤ‍්ඤෙව ඛාදති.

මෙසේ ප්‍රමත්ත වූ රසගේධයෙහි නියැලි අනුවණ තෙමේ ඉදින් මත්තෙහි වන්නා වූ දුක නො දැනී නම් හෙතෙමේ දරුවන් නසා නෑයන් ද හැර දමා පෙරළා තමන් ම අනුභව කෙරේ.

“ඉදං තෙ සුත්‍වාන විගෙතු ඡන්‍දො, මා භක‍්ඛයී රාජ මනුස‍්සමංසං; මා ත්‍වං ඉමං කෙවලං වාරිජොව, ද‍්විපදාධිප සුඤ‍්ඤමකාසි රට‍්ඨ”න‍්ති.

මහරජ, මේ කරුණ අසා ඔබගේ ඒ කැමැත්ත දුරු කෙරේවා. රජතුමනි, මිනීමස් අනුභව නො කරව. මහරජ ආනන්ද නම් මත්ස්‍යයා මෙන් මේ මුළු රට සුන් නො කරව යි සෙන්පති තෙමේ කීවේය.

තත්‍ථ ආනන්‍දොති, මහාරාජ, අතීතස‍්මිං කාලෙ මහාසමුද‍්දෙ පඤ‍්චසතයොජනිකො ආනන්‍දො නාම මහාමච‍්ඡො සබ‍්බෙසං මච‍්ඡානං රාජා මහාසමුද‍්දස‍්ස එකපස‍්සෙ ඨිතො. ඛාදිත්‍වාති සකජාතිකානං මච‍්ඡානං රසගිද‍්ධිමා මච‍්ඡෙ ඛාදිත්‍වා. පරික‍්ඛීණායාති මච‍්ඡපරිසාය ඛයප‍්පත‍්තාය. අත‍්තානන‍්ති අඤ‍්ඤං ගොචරං අග‍්ගහෙත්‍වා පබ‍්බතං පරික‍්ඛිපන‍්තො පණ‍්ණාසයොජනමත‍්තං අත‍්තනො නඞ‍්ගුට‍්ඨඛණ‍්ඩං අඤ‍්ඤමච‍්ඡසඤ‍්ඤාය ඛාදිත්‍වා මතො මරණප‍්පත‍්තො හුත්‍වා ඉදානි මහාසමුද‍්දෙ පබ‍්බතමත‍්තො අට‍්ඨිරාසි අහොසි. එවං පමත‍්තොති යථා මහාමච‍්ඡො ආනන්‍දො, එවම‍්පි තථා ත්‍වං තණ‍්හාරසගිද‍්ධිකො හුත්‍වා පමත‍්තො පමාදභාවප‍්පත‍්තො.

[missing trans] එහි සබ්බමච්ඡානං යනු සියලුම මත්ස්‍යයන්ට ජ්‍යෙෂ්ඨ වූ. ඛාදිත්‍වා යනු හෙතෙම තමන්ගේ පිරිස අනුභව කෙළේය. ඛාදියා යනු පසුව තමන්ව අනුභව කොට මිය ගියේය. [missing trans]

රසගාරවෙ රත‍්තොති මනුස‍්සමංසස‍්ස රසගාරවෙ රත‍්තො අතිරත‍්තචිත‍්තො හොති. බාලොති යදි බාලො දුප‍්පඤ‍්ඤො ආයතිං අනාගතෙ කාලෙ උප‍්පජ‍්ජනකදුක‍්ඛං නාවබුජ‍්ඣති න ජානාති. විධම‍්මාති විධමෙත්‍වා විනාසෙත්‍වා. පුත‍්තෙති පුත‍්තධීතරො ච. ඤාතකෙ චාති සෙසඤාතකෙ ච සහායෙ ච, විධම‍්ම පුත‍්තෙ ච චජිත්‍වා ඤාතකෙ චාති අත්‍ථො. පරිවත‍්තියාති අඤ‍්ඤං ආහාරං අලභිත්‍වා ජිඝච‍්ඡාය පීළිතො සකලනගරං පරිවත‍්තිය විචරිත්‍වා මනුස‍්සමංසං අලභිත්‍වා අත‍්තානං ඛාදන‍්තො ආනන්‍දො මච‍්ඡො විය අත‍්තානඤ‍්ඤෙව ඛාදති.

[missing trans] ආයතිං යනු ඉදින් අනාගතයේ උපදින්නේ දැක නොදනියි. විධම්මා විධ්වංසය කොට, නසා. පුත්තෙ යනු දූ පුත්තු. චජිඤාතකෙ ච යනු සෙසු ඤාතීන් දුරුකොට නසන ලද පුතුන් අතහැර ඤාතීන් හෝ යන අර්ථයයි. පරිවත්තියා යනු වෙනකක් නොලබන්නේ නැවතී තමන්ව ම අනුභව කරයි. [missing trans]

ඉදං තෙ සුත්‍වානාති, මහාරාජ, තෙ තුය‍්හං මයා ආනීතං ඉදං උදාහරණං සුත්‍වා ඡන්‍දො මනුස‍්සමංසඛාදනච‍්ඡන්‍දො විගෙතු විගච‍්ඡතු විරමතු. මා භක‍්ඛයීති රාජ මනුස‍්සමංසං මා භක‍්ඛයි මා ඛාදි. මා ත්‍වං ඉමං කෙවලන‍්ති මහාසමුද‍්දං සුඤ‍්ඤං කරොන‍්තො වාරිජො ආනන්‍දො මච‍්ඡො ඉව, භො ද‍්විපදාධිප, ද‍්විපදානං මනුස‍්සානං, ඉස‍්සර මහාරාජ, ත්‍වං කෙවලං සච‍්චතො ඉමං තව කාසිරට‍්ඨං නගරං සුඤ‍්ඤං මා අකාසීති අත්‍ථො.

[missing trans] විහෙතු යනු පහව යාවා. කෙවලං යනු මුළු රටම වාරිජොව යනු ආනන්ද මත්ස්‍යයා මෙන්. [missing trans]

තං සුත්‍වා රාජා, “භො කාළහත්‍ථි, න ත්‍වමෙව උපමං ජානාසි, අහම‍්පි ජානාමී”ති මනුස‍්සමංසගිද‍්ධතාය පොරාණකවත්‍ථුං ආහරිත්‍වා දස‍්සෙන‍්තො ආහ –

ඒ අසා රජතුමා කාළහත්‍ථි නුඹ ම උපමා නොදනිහි. මම ද දනිමි යනුවෙන් මිනීමස්වලට ගිජුවූ බැවින් පෞරාණික කථාවස්තුව ගෙනහැර දක්වමින් කීවේය.

“සුජාතො නාම නාමෙන, ඔරසො තස‍්ස අත්‍රජො; ජම‍්බුපෙසිමලද‍්ධාන, මතො සො තස‍්ස සඞ‍්ඛයෙ.

එම්බා කාළහත්‍ථිය, පෙරැ නමින් සුජාත නම් කෙළෙඹියෙක් විය. ඔහුගේ ඖරස පුත්‍රයෙක් විය. හෙතෙම දඹපල කාලය වූ කල්හි ද දඹපල නො ලැබ මළේ ය.

“එවමෙව අහං කාළ, භුත්‍වා භක‍්ඛං රසුත‍්තමං; අලද‍්ධා මානුසං මංසං, මඤ‍්ඤෙ හිස‍්සාමි ජීවිත”න‍්ති.

කාළය, එපරිද්දෙන් මම ද උතුම් රස ඇති කෑම අනුභව කොට (ඒ උතුම් රසැති) මිනීමස් නො ලැබ ජීවිතය හරින්නෙමි යි සිතමි යි (රජ තෙමේ කීයේ ය.)

තත්‍ථ සුජාතො නාමාති කාළහත්‍ථි කුටුම‍්බිකො නාමෙන සුජාතො නාම, තස‍්ස අත්‍රජො පුත‍්තො ඔරසො ජම‍්බුපෙසිං අලද‍්ධාන අලභිත්‍වාන. මතොති යථා තස‍්සා ජම‍්බුපෙසියා සඞ‍්ඛයෙ සො කුටුම‍්බිකපුත‍්තො මතො, එවමෙව අහං රසුත‍්තමං අඤ‍්ඤරසානං උත‍්තමං මනුස‍්සානං මංසං භුත්‍වා භුඤ‍්ජිත්‍වා අලද‍්ධා මනුස‍්සමංසං ජීවිතං හිස‍්සාමීති මඤ‍්ඤෙ මඤ‍්ඤාමි.

[missing trans] එහි තස්සා යනු ඒ සුජාතගේ යනුයි. [missing trans] තස්ස සංඛයෙ යනු ඒ දඹපෙති අවසන් වූ කල්හි වෙනත් ආහාරයක් නොගෙන්වා මළේ ය. භක්ඛං යනු කෑයුතු දේ රසුත්තමං යනු උත්තම රසයයි. භෙස්සාමි යනු දුරු කරන්නෙමි. භිස්සාමි යනුද පෙළ පාඨයම වේ. [missing trans]

අතීතෙ කිර බාරාණසියං සුජාතො නාම කුටුම‍්බිකො ලොණම‍්බිලසෙවනත්‍ථාය හිමවන‍්තතො ආගතානි පඤ‍්ච ඉසිසතානි අත‍්තනො උය්‍යානෙ වසාපෙත්‍වා උපට‍්ඨාසි. ඝරෙ චස‍්ස නිබද‍්ධං පඤ‍්චසතමත‍්තා භික‍්ඛා අහොසි. තෙ පන තාපසා කදාචි ජනපදෙපි භික‍්ඛාය චරන‍්ති, කදාචි මහාජම‍්බුපෙසිං ආහරිත්‍වා ඛාදන‍්ති. තෙසං ජම‍්බුපෙසිං ආහරිත්‍වා ඛාදනකාලෙ සුජාතො චින‍්තෙසි – “අජ‍්ජ භද‍්දන‍්තානං තයො චත‍්තාරො දිවසා අනාගච‍්ඡන‍්තානං, කහං නු ඛො ගතා”ති. සො අත‍්තනො පුත‍්තකං අඞ‍්ගුලියං ගාහාපෙත්‍වා තෙසං භත‍්තකිච‍්චකාලෙ තත්‍ථ අගමාසි. තස‍්මිං සමයෙ මහල‍්ලකානං මුඛවික‍්ඛාලනකාලෙ උදකං දත්‍වා සබ‍්බනවකො ජම‍්බුපෙසිං ඛාදති. සුජාතො තාපසෙ වන්‍දිත්‍වා නිසින‍්නො – “කිං, භන‍්තෙ, ඛාදථා”ති පුච‍්ඡි. “මහාජම‍්බුපෙසිං, ආවුසො”ති. තං සුත්‍වා කුමාරො පිපාසං උප‍්පාදෙසි. අථස‍්ස ගණජෙට‍්ඨකො තාපසො ථොකං දාපෙසි. සො තං ඛාදිත්‍වා මධුරරසෙ බජ‍්ඣිත්‍වා – “ජම‍්බුපෙසිං මෙ දෙථා”ති පුනප‍්පුනං යාචි. කුටුම‍්බිකො ධම‍්මං සුණන‍්තො, “පුත‍්තක, මා විරවි, ගෙහං ගන‍්ත්‍වා ඛාදිස‍්සසී”ති තං වඤ‍්චෙත්‍වා “ඉමං නිස‍්සාය භදන‍්තා උක‍්කණ‍්ඨෙය්‍යු”න‍්ති තං සමස‍්සාසෙන‍්තො ඉසිගණං අනාපුච‍්ඡිත්‍වා ගෙහං ගතො. ගතකාලතො පට‍්ඨාය චස‍්ස පුත‍්තො “ජම‍්බුපෙසිං මෙ දෙථා”ති පරිදෙවි. සුජාතො “ඉසයොපි ආචික‍්ඛිස‍්සාමී”ති උය්‍යානං ගතො. තෙ ඉසයොපි “ඉධ චිරං වසිම‍්හා”ති හිමවන‍්තමෙව ගතා. ආරාමෙ ඉසයො අපස‍්සන‍්තො තස‍්ස ජම‍්බුඅම‍්බපනසමොචාදීනං පෙසියො මධුසක‍්ඛරචුණ‍්ණසංයුත‍්තා අදාසි. තා තස‍්ස ජිව‍්හග‍්ගෙ ඨපිතමත‍්තා හලාහලවිසසදිසා හොන‍්ති. සො සත‍්තාහං නිරාහාරො හුත්‍වා ජීවිතක‍්ඛයං පාපුණි. රාජා ඉදං කාරණං ආහරිත්‍වා දස‍්සෙන‍්තො එවමාහ.

අතීතයේ බරණැස සුජාත නම් කෙළෙඹියා ලුණු ඇඹුල් සොයනු පිණිස හිමවත සිට පැමිණියා වූ පන්සියයක් සෘෂි තවුසන් තමන් ගේ උද්‍යානයේ වස් වසවා උපස්ථාන කෙළේය. ගෘහයෙහි නිතර පනවන ලද ආහාරපාන ඇත්තේ විය. ඒ තාපසයෝ කිසියම් ජනපදවල පිඬු පිණිස හැසිරෙත්. සමහරදින දඹපෙත්තක්වත් ගෙන කන්නෙහි. ඔවුන් දඹපෙති ගෙන අනුභව කරන කල්හි සුජාත මෙසේ සිතුවේය. අද පින්වතුන් දින තුන හතරක් නොපැමිණියේ කොහේ නම් ගියාහුද? හෙතෙම කුඩා පුත්‍රයා ඇඟිල්ලෙන් ඔසවාගෙන (වඩාගෙන) ඔවුන් බත් කිස කරන වේලාවේ එතනට පැමිණියේ ය. එසමයේ මහල්ලන්ට මුව සෝදන වතුර දී, සියළු නවකයෝ දඹපෙති අනුභව කරති. සුජාත තවුසන් වැද සිටියේ ස්වාමීනි; කිමෙක් අනුභව කරන්නෙහිදැයි විචාළේ ය. ඇවැත්නි, මහා දඹ පෙත්තක් (යයි කීවේ ය.) ඒ අසා කුමාරයා පිපාසය ඉපදවීය. ඉක්බිති ව සමූහ නායකයා ඔහුට ටිකක් දුන්නේය. ඔහු එය කා, උතුම් රසයේ බැඳී, මට කෑල්ලක් දෙන්න, මට කෑල්ලක් දෙන්න යයි යළි යළිත් ඉල්ලීය. කෙළෙඹියා බණ අසමින් පුත්‍රය; කෑගසන්න එපා. ගෙට ගොස් අනුභව කරන්නැයි ඔහු රවටා, මේ නිසා පින්වතුන් කළකිරෙන්නාහු යයි ඔහු අස්වසාලන්නේ ඒ සෘෂි සමූහයා නොවිචාරා ම ගෙට ගියේය. ගිය වේලාවේ පටන් ම ඔහුගේ පුතා මට කෑල්ලක් දෙන්නැයි හැඬුවේය. සෘෂිවරු ද බොහෝ කාලයක් ගත කෙළෙමු යයි කීය. හිමාලයට ම ගියහ. ආරාමයේ සෘෂිවරු ආශ්‍රය කොට සිටි බැවින් අඹ ජම්බු කොස් මොර ආදිය පෙති කොට සකුරු කුඩු මිශ්‍රකොට දුන්හ. ඒවා ඔහුගේ දිව අග තැබූ මොහොතේ ම හලාහල (දරුණු) විෂ මෙන් විය. ඔහු දින හතක් නිරාහාරව සිට ජීවිතක්‍ෂයට පත් විය. රජු මේ කරුණ ගෙනහැර දක්වමින් මෙසේ කීවේය.

තතො කාළහත්‍ථි “අයං රාජා අතිවිය රසගිද‍්ධො, අපරානිපිස‍්ස උදාහරණානි ආහරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා, “මහාරාජ, විරමාහී”ති ආහ. “අහං විරමිතුං න සක‍්කොමී”ති. දෙව, සචෙ න විරමිස‍්සසි, තුවං ඤාතිමණ‍්ඩලතො චෙව රජ‍්ජසිරිතො ච පරිහායිස‍්සසි. අතීතස‍්මිඤ‍්හි, මහාරාජ, ඉධෙව බාරාණසියං පඤ‍්චසීලරක‍්ඛකං සොත්‍ථියකුලං අහොසි . තස‍්ස කුලස‍්ස එකපුත‍්තකො අහොසි. සො මාතාපිතූනං පියො මනාපො අහොසි පණ‍්ඩිතො බ්‍යත‍්තො තිණ‍්ණං වෙදානං පාරගූ. සො සමවයෙහි තරුණෙහි සද‍්ධිං ගණබන්‍ධනෙන විචරි. සෙසා ගණබන්‍ධා මච‍්ඡමංසාදීනි ඛාදන‍්තා සුරං පිවන‍්ති. මාණවො මංසාදීනි න ඛාදති, සුරං න පිවති. තෙ මන‍්තයිංසු – “අයං සුරාය අපිවනතො අම‍්හාකං මූලං න දෙති, උපායෙන නං සුරං පායෙස‍්සාමා”ති. තෙ සන‍්නිපතිත්‍වා, “සම‍්ම, ඡණකීළං කීළිස‍්සාමා”ති ආහංසු. “සම‍්ම, තුම‍්හෙ සුරං පිවථ, අහං සුරං න පිවාමි, තුම‍්හෙව ගච‍්ඡථා”ති. “සම‍්ම, තව පිවනත්‍ථාය ඛීරං ගණ‍්හාපෙස‍්සාමා”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. ධුත‍්තා උය්‍යානං ගන‍්ත්‍වා පදුමිනිපත‍්තෙසු තිඛිණසුරං බන්‍ධාපෙත්‍වා ඨපයිංසු. අථ නෙසං පානකාලෙ මාණවස‍්ස ඛීරං උපනයිංසු. අථ එකො ධුත‍්තො “පොක‍්ඛරමධුං, භො, ආහරා”ති ආහරාපෙත්‍වා පදුමිනිපත‍්තපුටං හෙට‍්ඨා ඡිද‍්දං කත්‍වා අඞ‍්ගුලීහි මුඛෙ ඨපෙත්‍වා ආකඩ‍්ඪි. එවං ඉතරෙපි ආහරාපෙත්‍වා පිවිංසු. මාණවො “කිං නාමෙත”න‍්ති පුච‍්ඡි. “පොක‍්ඛරමධුනාමා”ති. “අහම‍්පි ථොකං ලභිස‍්සාමි, දෙථ භොන‍්තො”ති. තස‍්සපි දාපයිංසු. සො පොක‍්ඛරමධුසඤ‍්ඤාය සුරං පිවි. අථස‍්ස අඞ‍්ගාරපක‍්කමංසං අදංසු, තම‍්පි ඛාදි.

ඉක්බිති කාළහත්‍ථි මේ රජු අතිශයින් රසයේ ගිජුවූයේ පෙර ද තවත් උදාහරණ ගෙන එන්නෙමියි සිතා, මහරජ; නිශ්ශබ්ද වනු මැනවයි කීවේය. නොහැකි වෙමි. (කීය) ඉදින් නොවෙන් වන්නේ නම්, ඤාති සමූහයා අතරින් ද, රාජ්‍ය ශ්‍රීයෙන් ද පිරිහෙන්නෙහි ය. අතීතයෙහි ද මෙසේය. බරණැස පන්සිල් රකින බ්‍රාහ්මණ කුලයක් විය. ඒ කුලයට එක් පුතෙක් විය. හෙතෙම මව්පියන්ට ප්‍රියමනාප, පණ්ඩිත ව්‍යක්ත ත්‍රිවේදයේ පරතෙරට පත් විය. ඔහු සමවිය තරුණයන් සමග සමූහ වශයෙන් බැඳී හැසිරුණේ ය. සෙසු සමූහ පිරිස මස්මාංශ කමින් සුරාපානය ද කරත්. මානවකයා මස් නොකයි. සුරාපානය ද නොකරයි. ඔවුහු සාකච්ඡා කළහ. මේ මානවකයා සුරාපානය නොකරන නිසා අපට මුදල් ද නොදෙයි. උපායෙන් ඔහුට සුරාපානය කරවන්නෙමියි, ඔවුහු රැස්වී “මිත්‍රය, සූදු කෙළින්නෙමු” යි කීවාහුය. නුඹලා සුරා පානය කරවු. මම නොබොමි. නුඹලාම යවු! මිත්‍රය, ඔබට පණ ඉපදවීම පිණිස කිරි ගෙන්වා ගත්තෙමු. ඔහු යහපතැයි පිළිගත්තේය. ධූර්තයෝ උයනට ගොස් නෙළුම් පත්වල සැර අරක්කු බඳවා, තැබූහ. ඉක්බිති ඔවුන් පානය කරන වේලාවේ මානවකයාට කිරි ගෙනවිත් දුන්හ. එක් ධූර්තයෙක් පොකුණු මී ගෙනාවෝ යයි ගෙන්වාගෙන නෙළුම් ගොටු යට සිදුරක් සාදා මුවෙහි තබා උරා පානය කෙළේය. මෙසේ සෙසු අය ද ගෙන්වා ගෙන පානය කළහ. මානවකයා, මේ කිම්දැයි විචාළේ ය. පොකුණු මීනම් වේ. මම ද ටිකක් ලබන්නෙම්? ඔහුට දෙව් යයි දුන්හ. ඔහු පොකුණු මී යන හැඟීමෙන් වෙන් සුරා පානය කෙළේ ය. ඉක්බිති ඔහුට අඟුරුවලින් පිසන ලද මස් දුන්හ. ඔහු ද ඒවා කෑවේය.

එවමස‍්ස පුනප‍්පුනං පිවන‍්තස‍්ස මත‍්තකාලෙ “න එතං පොක‍්ඛරමධු, සුරා එසා”ති වදිංසු. සො “එත‍්තකං කාලං එවං මධුරරසං න ජානිං, ආහරථ, භො, සුර”න‍්ති ආහ. තෙ ආහරිත්‍වා පුනපි අදංසු. පිපාසා මහතී අහොසි. අථස‍්ස පුනපි යාචන‍්තස‍්ස “ඛීණා”ති වදිංසු. සො “හන්‍ද තං, භො, ආහරාපෙථා”ති අඞ‍්ගුලිමුද‍්දිකං අදාසි, සො සකලදිවසං තෙහි සද‍්ධිං පිවිත්‍වා මත‍්තො රත‍්තක‍්ඛො කම‍්පන‍්තො විලපන‍්තො ගෙහං ගන‍්ත්‍වා නිපජ‍්ජි. අථස‍්ස පිතා සුරාය පිවිතභාවං ඤත්‍වා විගතෙ මත‍්තෙ, “තාත, අයුත‍්තං තෙ කතං සොත‍්තියකුලෙ ජාතෙන සුරං පිවන‍්තෙන, මා පුන එවං අකාසී”ති ආහ. “තාත, කො මය‍්හං දොසො”ති. “සුරාය පිවිතභාවො”ති. “තාත, කිං කථෙසි, මයා එවරූපං මධුරරසං එත‍්තකං කාලං අලද‍්ධපුබ‍්බ”න‍්ති. බ්‍රාහ‍්මණො පුනප‍්පුනං යාචි. සොපි “න සක‍්කොමි විරමිතු”න‍්ති ආහ. අථ බ්‍රාහ‍්මණො “එවං සන‍්තෙ අම‍්හාකං කුලවංසො ච උච‍්ඡිජ‍්ජිස‍්සති, ධනඤ‍්ච විනස‍්සිස‍්සතී”ති චින‍්තෙත්‍වා ගාථමාහ –

මෙසේ නැවත නැවතත් පානය කරන කල්හි මත්වූ කල්හි, මේ පොකුණු මී නොවේ. මේ සුරා යයි කීවාහුය. ඔහු මෙපමණ කලක් මෙසේ මිහිරි රසය නොදත්තේ ය. පින්වත, සුරා ගෙන එවු යයි කීවේය. ගෙනවිත් යළිත් දුන්හ. පිපාසාව මහත් විය. ඉක්බිතිව යළි යළිත් ඉල්ලන්නේ කිරි යයි කීවාහුය. ඔහු, බොලේ, එය ගෙනවිත් දෙව් යයි ඇඟිලි මුද්ද දුන්නේය. ඉක්බිති මුළු දවසම ඔවුන් සමග පානය කොට මත්වූයේ රතුවූ ඇස් ඇතිව කම්පාවෙමින් විකාර දොඩවමින් ගෙට ගොස් හොත්තේය. ඉක්බිති ඔහුගේ පියා සුරාපානය කළ බව දැන මදය පහව ගියකල්හි “දරුව, ඔබ අකටයුත්තතක් කරන ලදි. බ්‍රාහ්මණ කුලයේ උපන්නකු විසින් සුරා පානය කිරීම් නැත. නැවත එසේ නොකරන්නැ”යි කීවේය. පියාණනි, මම සුරාපානය කෙරුවේ ද? මගේ දෝෂයක් ද? දරුව, කුමක් කියහි ද? මෙබඳු ආකාර වූ මිහිරි රසයක් මා විසින් මෙපමණ කලකින් නොලැබූ විරූය. බ්‍රාහ්මණයා යළි යළිත් ඉල්ලීය. ඔහු ද එය වැළැක්වීමට නොහැකි බව කීවේය. ඉක්බිති බ්‍රාහ්මණයා මෙසේ ඇතිකල්හි අපගේ කුලවංශය ද සිඳී යන්නේ ය. ධනය ද විනාශ වන්නේ ය යයි සිතා:-

“මාණව අභිරූපොසි, කුලෙ ජාතොසි සොත්‍ථියෙ; න ත්‍වං අරහසි තාත, අභක‍්ඛං භක‍්ඛයෙතවෙ”ති.

මානවකය, තෝ මනා රූ ඇත්තෙහිය. සොත්‍ථිය නම් උතුම් කුලයෙහි උපන්නෙහි ය. පුත්‍රය, නුඹ අනුභව නො කටයුත්තක් අනුභව කරන්නට නුසුදුස්සෙහි ය.

යන ගාථාව කීවේය.

තත්‍ථ, මාණවාති, මාණව, ත්‍වං අභිරූපො අසි, සොත්‍ථියෙ කුලෙ ජාතොපි අසි. අභක‍්ඛං භක‍්ඛයෙතවෙති, තාත, ත්‍වං අභක‍්ඛිතබ‍්බයුත‍්තකං භක‍්ඛයිතුං න අරහසි.

[missing trans] එහි අභක්ඛං භක්ඛයෙතෙවෙ යනු නොකෑයුතු දෙයක් කෑමට, [missing trans]

එවඤ‍්ච පන වත්‍වා, “තාත, විරම, සචෙ න විරමසි, අහං තං ඉතො ගෙහා නික‍්ඛාමෙස‍්සාමි, තව රට‍්ඨා පබ‍්බාජනීයකම‍්මං කරිස‍්සාමී”ති ආහ. මාණවො “එවං සන‍්තෙපි අහං සුරං ජහිතුං න සක‍්කොමී”ති වත්‍වා ගාථාද‍්වයමාහ –

මෙසේද පවසා, දරුව; ඉන් වළකින්න. ඉදින් වැලකීමට නොහැකි නම්, මම මේ ගෙදරින් නික්ම යන්නෙමි. ඔබ රටින් හෝ පිටුවහල් කරන්නෙමියි කීවේ ය. මානවකයා එසේ ඇතිකල්හි මම සුරාව අත්හරින්නට නොහැකි වෙමියි කියා මේ ගාථා දෙක කීවේ ය.

“රසානං අඤ‍්ඤතරං එතං, කස‍්මා මං ත්‍වං නිවාරයෙ; සොහං තත්‍ථ ගමිස‍්සාමි, යත්‍ථ ලච‍්ඡාමි එදිසං.

පියාණෙනි, නුඹ වහන්සේ යම් බඳු රසයකින් මා වළකන සේක් නම් එය රස අතුරින් උතුම් රසයෙකි. ඒ මම යම් තැනෙක්හි මෙබඳු රසයක් ලබන්නෙම් නම් එහි යමි.

“සොවාහං නිප‍්පතිස‍්සාමි, නතෙ වච‍්ඡාමි සන‍්තිකෙ; යස‍්ස මෙ දස‍්සනෙන ත්‍වං, නාභිනන්‍දසි බ්‍රාහ‍්මණා”ති.

පීතෘ බ්‍රාහ්මණය, යම්බඳු වූ මාගේ දැකීමෙන් නුඹ වහන්සේ සතුටු නො වන සේක්, ඒ මම නුඹවහන්සේ සමීපයෙහි නො වසමි. මම ම නික්ම යන්නෙමි යි මානවකයා කීවේ ය.

තත්‍ථ රසානන‍්ති ලොණම‍්බිලතිත‍්තකකටුකඛාරිකමධුරකසාවසඞ‍්ඛාතානං සත‍්තන‍්නං රසානං අඤ‍්ඤතරං උත‍්තමරසමෙතං මජ‍්ජං නාම. සොවාහන‍්ති සො අහං එව. නිප‍්පතිස‍්සාමීති නික‍්ඛමිස‍්සාමි.

රසානං යනු ලුණු ඇඹුල් තිත් කටුක කාර මිහිරි කෂායවන් පවතින වෙනත් උත්තම රසයෙන් යුක්ත වූයේ, මෙය මද්‍ය නම් වේ. සොවාහං යනු ඒ මම ම වේ. නිප්පතිස්සාමි යනු නික්මෙන්නෙමි.

එවඤ‍්ච පන වත්‍වා “නාහං සුරාපානා විරමිස‍්සාමි, යං තෙ රුච‍්චති, තං කරොහී”ති ආහ. අථ බ්‍රාහ‍්මණො “තයි අම‍්හෙ පරිච‍්චජන‍්තෙ මයම‍්පි තං පරිච‍්චජිස‍්සාමා”ති වත්‍වා ගාථමාහ –

මෙසේ ද පවසා, මම සුරාපානයෙන් නොවැළකෙන්නෙමි. යමක් ඔබට රුචි වේ ද එය කරවයි කීවේය. ඉක්බිති බ්‍රාහ්මණයා තා කෙරෙහි අපගේ ඉවත් කිරීමක් ඇතිකල්හි අපි ද ඔබව ප්‍රතික්‍ෂේප කරන්නෙමු යි කියා:-

“අද‍්ධා අඤ‍්ඤෙපි දායාදෙ, පුත‍්තෙ ලච‍්ඡාම මාණව; ත්‍වඤ‍්ච ජම‍්ම විනස‍්සසු, යත්‍ථ පත‍්තං න තං සුණෙ”ති.

මානවකය, අන්‍ය වූ ද පුත්‍ර දායාදයන් ලබන්නෙමු. නීචය, තෝ ද වැනසෙව. යම් තැනකට පැමිණි තා නො අසන්නේ ද? (එසේ කරව.)

යන ගාථාව කීවේය.

තත්‍ථ යත්‍ථ පත‍්තන‍්ති යත්‍ථ ගතං තං “අසුකට‍්ඨානෙ නාම වසතී”ති න සුණොම, තත්‍ථ ගච‍්ඡාහීති අත්‍ථො.

එහි යත්‍ථ පත්තං යනු යම්තැනකට ගියේ ද, එය අසවල් ස්ථානයේ නම් වෙසේ යයි නොඅසමු. එතැනට යව යනු අර්ථයයි.

අථ නං විනිච‍්ඡයං නෙත්‍වා අපුත‍්තභාවං කත්‍වා නීහරාපෙසි. සො අපරභාගෙ නිප‍්පච‍්චයො කපණො ජිණ‍්ණපිලොතිකං නිවාසෙත්‍වා කපාලහත්‍ථො පිණ‍්ඩාය චරන‍්තො අඤ‍්ඤතරං කුට‍්ටං නිස‍්සාය කාලමකාසි. ඉදං කාරණං ආහරිත්‍වා කාළහත්‍ථි රඤ‍්ඤො දස‍්සෙත්‍වා, “මහාරාජ, සචෙ ත්‍වං අම‍්හාකං වචනං න කරිස‍්සසි, පබ‍්බාජනීයකම‍්මං තෙ කරිස‍්සන‍්තී”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති හේ විනිශ්චයට පමුණුවා, පුතුන් නැති බව පළකොට බැහැර කරවී ය. ඔහු සවස් කාලයේ කිසිවක් නැති දිරාගිය රෙදිකඩක් පොරවා කටුවක් (පොල් වැනි) අතින් ගෙන පිඬු පිණිස හැසිරෙන්නේ එක්තරා බිත්තියකට හේත්තු වී කලුරිය කෙළේ ය. මේ කාරණය ගෙනහැරපා, කාළහත්‍ථි, රජුට පෙන්වා මහරජ, ඉදින් ඔබ අපගේ වචනය නොකරන්නෙහි නම් ඔබට පබ්බාජනීය (නෙරපීමේ) කර්මය කරන්නේ යයි කියා ගාථාව කීවේය.

“එවමෙව තුවං රාජ, ද‍්විපදින්‍ද සුණොහි මෙ; පබ‍්බාජෙස‍්සන‍්ති තං රට‍්ඨා, සොණ‍්ඩං මාණවකං යථා”ති.

නරශ්‍රේෂ්ඨ මහරජ, මගේ වචනය අසනු මැනවි. රා සොඬ තරුණයා යම් සේ රටින් පිටුවහල් කරන ලද්දේ ද? එසේ ම නුඹවහන්සේ ද රටින් පිටුවහල් කරන්නාහ යි සේනාපතියා කීවේ ය.

තත්‍ථ ද‍්විපදින්‍දාති ද‍්විපදානං ඉන්‍ද, භො මහාරාජ, මෙ මම වචනං සුණොහි තුවං, එවමෙව සොණ‍්ඩං මාණවකං යථා තං භවන‍්තං රට‍්ඨතො පබ‍්බාජෙස‍්සන‍්ති.

[missing trans]

එවං කාළහත්‍ථිනා උපමාය ආහටායපි රාජා තතො විරමිතුං අසක‍්කොන‍්තො අපරම‍්පි උදාහරණං දස‍්සෙතුං ආහ –

මෙසේ කාළහත්‍ථි උපමාවකින් ගෙනහැර පෑවේ නමුත් රජු ඉන් වැළකීමට නොහැකි වන්නේ තවත් උදාහරණයක් දැක්වීමට මෙය කීවේ ය.

“සුජාතො නාම නාමෙන, භාවිතත‍්තාන සාවකො; අච‍්ඡරං කාමයන‍්තොව, න සො භුඤ‍්ජි න සො පිවි.

භාවිතාත්ම ඇති සෘෂීන්ගේ ශ්‍රාවක වූ නමින් සුජාත නම් වූ තැනැත්තා දිව්‍යාප්සරාවන් කැමැත්තේ ම නො කෑවේ ය. නො බිව්වේ ය.

“කුසග‍්ගෙනුදකමාදාය, සමුද‍්දෙ උදකං මිනෙ; එවං මානුසකා කාමා, දිබ‍්බකාමාන සන‍්තිකෙ.

යම්සේ කුසතණ අග දිය ගෙන මුහුදු දිය මනින්නේ ද දිව්‍ය කාමයන් හමුවෙහි මානුසක කාමයෝ ද එමෙනි.

“එවමෙව අහං කාළ, භුත්‍වා භක‍්ඛං රසුත‍්තමං; අලද‍්ධා මානුසං මංසං, මඤ‍්ඤෙ හිස‍්සාමි ජීවිත”න‍්ති.

කාළහත්‍ථිය, රසෝත්තම වූ කෑම කා ඒ මිනීමස් නො ලැබ ජීවිතය හරින්නෙමි යි සිතමි යයි කීයේ ය.

වත්‍ථු හෙට‍්ඨා වුත‍්තසදිසමෙව.

කථා වස්තුව යට කියන ලද පරිද්දෙනි.

තත්‍ථ භාවිතත‍්තානාති භාවිතචිත‍්තානං තෙසං පඤ‍්චන‍්නං ඉසිසතානං. අච‍්ඡරං කාමයන‍්තොවාති සො කිර තෙසං ඉසීනං මහාජම‍්බුපෙසියා ඛාදනකාලෙ අනාගමනං විදිත්‍වා “කිං නු ඛො කාරණා න ආගච‍්ඡන‍්ති, සචෙ කත්‍ථචි ගතා, ජානිස‍්සාමි, නො චෙ, අථ නෙසං සන‍්තිකෙ ධම‍්මං සුණිස‍්සාමී”ති උය්‍යානං ගන‍්ත්‍වා ඉසිගණෙ වන්‍දිත්‍වා ගණජෙට‍්ඨකස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො නිසින‍්නොව සූරියෙ අත්‍ථඞ‍්ගතෙ උය්‍යොජියමානොපි “අජ‍්ජ ඉධෙව වසිස‍්සාමී”ති වත්‍වා ඉසිගණං වන්‍දිත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා නිපජ‍්ජි. රත‍්තිභාගෙ සක‍්කො දෙවරාජා දෙවච‍්ඡරාසඞ‍්ඝපරිවුතො සද‍්ධිං අත‍්තනො පරිචාරිකාහි ඉසිගණං වන්‍දිතුං ආගතො, සකලාරාමො එකොභාසො අහොසි. සුජාතො “කිං නු ඛො එත”න‍්ති උට‍්ඨාය පණ‍්ණසාලඡිද‍්දෙන ඔලොකෙන‍්තො සක‍්කං ඉසිගණං වන්‍දිතුං ආගතං දෙවච‍්ඡරාපරිවුතං දිස‍්වා අච‍්ඡරානං සහ දස‍්සනෙන රාගරත‍්තො අහොසි. සක‍්කො නිසීදිත්‍වා ධම‍්මකථං සුත්‍වා සකට‍්ඨානමෙව ගතො. කුටුම‍්බිකොපි පුනදිවසෙ ඉසිගණං වන්‍දිත්‍වා පුච‍්ඡි – “භන‍්තෙ, කො නාමෙස රත‍්තිභාගෙ තුම‍්හාකං වන්‍දනත්‍ථාය ආගතො”ති? “සක‍්කො, ආවුසො”ති. “තං පරිවාරෙත්‍වා නිසින‍්නා කා නාමෙතා”ති? “දෙවච‍්ඡරා නාමෙතා”ති. සො ඉසිගණං වන්‍දිත්‍වා ගෙහං ගන‍්ත්‍වා ගතකාලතො පට‍්ඨාය “අච‍්ඡරං මෙ දෙථ, අච‍්ඡරං මෙ දෙථා”ති විලපි. ඤාතකා පරිවාරෙත්‍වා “භූතාවිට‍්ඨො නු ඛො”ති අච‍්ඡරං පහරිංසු. සො “නාහං එතං අච‍්ඡරං කථෙමි, දෙවච‍්ඡරං කථෙමී”ති වත්‍වා “අයං අච‍්ඡරා”ති අලඞ‍්කරිත්‍වා ආනීතං භරියම‍්පි ගණිකම‍්පි ඔලොකෙන‍්තො “නායං අච‍්ඡරා, යක‍්ඛිනී එසා, දෙවච‍්ඡරං මෙ දෙථා”ති විලපන‍්තො නිරාහාරො හුත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි. තෙන වුත‍්තං –

එහි භාවිතත්තානා යනු භාවිත ඉන්‍ද්‍රියන් ඇති, ඒ පන්සියයක් සෘෂිවරුන්ගේ අච්ඡරං කාමයන්තො යනු ඔහු වනාහි සෘෂිවරුන් මහදඹ පෙත්තක් අනුභව කරන කල්හි නොඑන බව දැන කවර කරුණක් නිසාවෙන් පැමිණෙත් ද? ඉදින් කිසියම් තැනකට ගියේ යයි දැනගන්නෙමි. එසේ නැතිනම් ඉක්බිති ඔවුන් සමීපයේ බණ අසන්නෙමියි, උයනට ගොස් ගණ ජ්‍යෙෂ්ඨයා (පිරිසට නායකයා) සමීපයේ බණ අසමින්, හිරු අස්තයට ගිය කල්හි, පලවාහරින නමුත්, අද මෙහි ම වාසය කරන්නෙමියි කියා සෘෂි සමූහයා වැඳ පන්සලට පිවිස, හොත්තේ ය. රාත්‍රී කාලයේ ශක්‍ර දිව්‍ය රාජයා දේව සමූහයා පිරිවරන ලදුව තමන් සමග පරිචාරිකාවේ නිරත සෘෂි සමූහයා වැඳීමට පැමිණියේ ය. මුළු ආරාමයම එකම ආලෝකයකින් බැබළුණේය. සුජාත මේ කිමෙක්දැයි නැගිට පන්සලේ සිදුරකින් බලන්නේ ශක්‍රයා සෘෂි සමූහයා වැඳීමට දිව්‍ය අප්සරාවන් පිරිවරා සිටින බව දැක දෙවඟනන් සමග දැකීමෙන් ම රාගය රත් විය. ශක්‍රයා හිඳ ධර්මකථාව අසා සිය නවාතැනට ම ගියේය. කෙළඹියා දෙවන දිනයේ සෘෂි සේනාව වැඳ විචාළේය. ස්වාමීනි; මේ කවරෙක් නම් රාත්‍රී කාලයේ ඔබ වැඳීම පිණිස පැමිණියේ ද? ඇවැත්නි, ශක්‍රයා ය. ඔහු පිරිවරා සිටියේ කවුරුන් ද? දිව්‍යාංගනාවෝ වෙති. ඔහු සෘෂි සේනාව වැඳ ගෙදර ගොස් ගිය වේලාවේ පටන් දෙවඟනක් මට දෙව! දෙවඟනක් මට දෙව! යයි වැලපුණේ ය. ඤාතීහු පිරිවරා භූතයෙක් ආවේශ වූයේ යයි අසුරුසන් ගැසූහ. මම අසුරුසනක් ගැන නොකියමි. දිව්‍යාංගනාවන් ගැන කියමියි, පවසා මේ දෙවඟනකැයි අලංකාර කොට ගෙනඑන ලද බිරිඳක් ද, ගණිකාවක් ද බලා, මේ දිව්‍ය අප්සරාවක් නොවේ. යක්‍ෂණියකැයි පවසා, මට දිව්‍ය අප්සරාවක් දෙවු යයි වැලපෙමින් නිරාහාරව ජීවිතක්‍ෂයට පත්විය. ඒ නිසා කියන ලදි;

“අච‍්ඡරං කාමයන‍්තොව, න සො භුඤ‍්ජි න සො පිවී”ති.

අච්ඡරං කාමයන්තොව න සො භුඤ්ජි න සො පිවි ති

කුසග‍්ගෙනුදකමාදාය, සමුද‍්දෙ උදකං මිනෙති, සම‍්ම කාළහත්‍ථි, යො කුසග‍්ගෙනෙව උදකං ගහෙත්‍වා “එත‍්තකං සියා මහාසමුද‍්දෙ උදක”න‍්ති තෙන සද‍්ධිං උපමාය මිනෙය්‍ය, සො කෙවලං මිනෙය්‍යෙව, කුසග‍්ගෙ පන උදකං අතිපරිත‍්තකමෙව. යථා තං, එවං මානුසකා කාමා දිබ‍්බකාමානං සන‍්තිකෙ, තස‍්මා සො සුජාතො අඤ‍්ඤං ඉත්‍ථිං න ඔලොකෙසි, අච‍්ඡරමෙව පත්‍ථෙන‍්තො මතො. එවමෙවාති යථා සො දිබ‍්බකාමං අලභන‍්තො ජීවිතං ජහි, එවං අහම‍්පි උත‍්තමරසං මනුස‍්සමංසං අලභන‍්තො ජීවිතං ජහිස‍්සාමීති වදති.

සමුද්දෙ උදකං මිනෙ යනු ද මිත්‍ර කාළහත්‍ථිය, යමෙක් කුසතණ අගින් ජලය ගෙන මෙපමණ මුහුදු ජලය වන්නේ යයි, ඒ සමග ඇති උපමාවෙන් මනින්නේ ද, ඔහු හුදෙක් මනින්නේ ම කුසතණ අග ජලය වනාහි අතිශයින් ස්වල්පයක් ම ය. යම් සේ ඒ මෙසේ මානුෂික සම්පත් කැමැත්තෝ දිව්‍ය කාම සම්පත් සමීපයෙහි හිඳ, කුමක් හෙයින් ඒ සුජාත තෙමේ වෙනත් ස්ත්‍රියක් දෙස නොබලහිද? දෙවඟනක ම ප්‍රාර්ථනා කරන්නා වූ හෙතෙම මළේය. එවමෙව යනු යම්සේ ඔහු දිව්‍ය කාම සම්පත් නොලබන්නේ, ජීවිතය අත්හළේය. මෙසේ මම ද, උතුම් රසැති මිනීමස් නොලබන්නේ, ජීවිතය අත්හරින්නෙමියි කියා යි.

තං සුත්‍වා කාළහත්‍ථි “අයං රාජා අතිවිය රසගිද‍්ධො, සඤ‍්ඤාපෙස‍්සාමි න”න‍්ති සකජාතිකානං මංසං ඛාදිත්‍වා ආකාසචරා සුවණ‍්ණහංසාපි තාව විනට‍්ඨාති දස‍්සෙතුං ගාථාද‍්වයමාහ –

ඒ අසා කාළහත්‍ථියා මේ රජු අතිශයින් රසයට ගිජුවූයේ හැඟීම් දනවන්නෙමියි, සිය ජාතියට අයත් මස් කා අහසින් හැසිර ස්වර්ණ හංසයා මෙන් විනාශ වේ යයි, දැක්වීමට ගාථා දෙකක් කීවේ ය.

“යථාපි තෙ ධතරට‍්ඨා, හංසා වෙහායසඞ‍්ගමා; අභුත‍්තපරිභොගෙන, සබ‍්බෙ අබ‍්භත්‍ථතං ගතා.

අහසින් ගමන් කරන්නා වූ, ධතරට්ඨ නම් හංසයෝ නුසුදුසු පරිභෝගයෙන් සියල්ලෝ ම යම් සේ විනාශයට පත්වූහු ද,

“එවමෙව තුවං රාජ, ද‍්විපදින්‍ද සුණොහි මෙ; අභක‍්ඛං රාජ භක‍්ඛෙසි, තස‍්මා පබ‍්බාජයන‍්ති ත”න‍්ති.

නර ශ්‍රේෂ්ඨ මහරජ, මාගේ වචනය අසනු මැනව. එමෙන් ම නුඹ වහන්සේ ද නො බුදිය යුතු ඒ මිනීමස් අනුභව කරන්නහු ය. එහෙයින් නුඹ වහන්සේ රටින් පිටුවහල් කෙරෙත් යි සෙන්පති

තෙමේ කීයේය.

තත්‍ථ අභුත‍්තපරිභොගෙනාති අත‍්තනො සමානජාතිකානං පරිභොගෙන. අබ‍්භත්‍ථතං ගතාති සබ‍්බෙ මරණමෙව පත‍්තා. අතීතෙ කිර චිත‍්තකූටෙ සුවණ‍්ණගුහායං නවුති හංසසහස‍්සානි වසන‍්ති. තෙ වස‍්සිකෙ චත‍්තාරො මාසෙ න නික‍්ඛමන‍්ති, සචෙ නික‍්ඛමෙය්‍යුං, උදකපුණ‍්ණෙහි පත‍්තෙහි උප‍්පතිතුං අසක‍්කොන‍්තා මහාසමුද‍්දෙයෙව පතෙය්‍යුං, තස‍්මා න ච නික‍්ඛමන‍්ති. උපකට‍්ඨෙ පන වස‍්සකාලෙ ජාතස‍්සරතො සයංජාතසාලියො ආහරිත්‍වා ගුහං පූරෙත්‍වා සාලිං ඛාදන‍්තා වසන‍්ති. තෙසං පන ගුහං පවිට‍්ඨකාලෙ ගුහද‍්වාරෙ එකො රථචක‍්කප‍්පමාණො උණ‍්ණනාභි නාම මක‍්කටකො එකෙකස‍්මිං මාසෙ එකෙකං ජාලං විනන්‍ධති. තස‍්ස එකෙකං සුත‍්තං ගොරජ‍්ජුප‍්පමාණං හොති. හංසා “තං ජාලං භින්‍දිස‍්සතී”ති එකස‍්ස තරුණහංසස‍්ස ද‍්වෙ කොට‍්ඨාසෙ දෙන‍්ති. සො විගතෙ දෙවෙ පුරතො ගන‍්ත්‍වා තං ජාලං භින්‍දති. තෙන මග‍්ගෙන සෙසා ගච‍්ඡන‍්ති. අථෙකස‍්මිං කාලෙ පඤ‍්ච මාසෙ වස‍්සො වුට‍්ඨො අහොසි. හංසා ඛීණගොචරා “කිං නු ඛො කත‍්තබ‍්බ”න‍්ති මන‍්තෙත්‍වා “මයං ජීවන‍්තා අණ‍්ඩානි ලභිස‍්සාමා”ති පඨමං අණ‍්ඩානි ඛාදිංසු, තතො පොතකෙ, තතො ජිණ‍්ණහංසෙ. පඤ‍්චමාසච‍්චයෙන වස‍්සං අපගතං. මක‍්කටකො පඤ‍්ච ජාලානි විනන්‍ධි. හංසා සකජාතිකානං මංසං ඛාදිත්‍වා අප‍්පථාමා ජාතා. ද‍්විගුණකොට‍්ඨාසලාභී හංසතරුණො ජාලෙ පහරිත්‍වා චත‍්තාරි භින්‍දි, පඤ‍්චමං ඡින්‍දිතුං නාසක‍්ඛි, තත්‍ථෙව ලග‍්ගි. අථස‍්ස සීසං විජ‍්ඣිත්‍වා මක‍්කටකො ලොහිතං පිවි. අඤ‍්ඤොපි ආගන‍්ත්‍වා ජාලං පහරි, සොපි තත්‍ථෙව ලග‍්ගීති එවං සබ‍්බෙසං මක‍්කටකො ලොහිතං පිවි. තදා ධතරට‍්ඨකුලං උච‍්ඡින‍්නන‍්ති වදන‍්ති. තෙන වුත‍්තං “සබ‍්බෙ අබ‍්භත්‍ථතංගතා”ති.

එහි අවුත්ති පරිභොගෙනා යනු තමන්ගේ යහපත් ජීවිතයට අදාළ නොවූ ආහාරපාන අනුභව කිරීම නිසා අබ්භත්‍ථතං යනු සියල්ලෝ මරණයට පත්වූහ. අතීතයේ චිත්‍රකූට පර්වතයේ ස්වර්ණ ගුහාවේ අනූදහසක් හංසයෝ වාසය කරති. ඔවුහු එහි වාසය කරන්නෝ හාර මාසයකින් නික්ම යත්. ඉදින් නික්ම යන්නාහු, ජලය පිරුණු පියාපත් නිසාවෙන් ඇවිදගෙන යාමට නොහැකිව මුහුදට ම වැටෙන්නාහ. එහෙයින් නික්ම නොයත්. වර්ෂා කාලය එළඹි කල්හි හටගත්තා වූ ස්වයංජාත හැල්ගෙන ගුහාව පුරවා සැල්සහල් කමින් වාසය කරති. ඔවුන්ගේ ගුහාවට පිවිසි කල්හි ගුහා දොරටුවේ එක් රියසක පමණ වූ මකුළුවෙක් එක එක මාසයෙහි එක එක දැල බැගින් සාදයි. එහි එක එක නූල ගවරැහැන් පමණ හංසයෝ ඒ දැල සිඳින්නාහ. එක් තරුණ හංසයෙකුට කොටස් දෙකක් දෙති. ඔහු ගිය කල්හි දෙදෙනෙකු පෙරටුකොට දැල සිඳියි. ඒ මාර්ගයෙන් සෙස්සෝ යති. ඉක්බිති එක් කාලයක මාස පහක් වැසි රහිත විය. හංසයෝ ගොදුරු හීන වූයේ කුමක් කළයුතුදැයි සාකච්ඡා කොට, ජීවත්වන්නෝ බිත්තර ලබන්නෙමුයි පළමුව බිත්තර කෑහ. අනතුරුව පැටවුන්ද, අනතුරුව වයසක හංසයන්ද කෑහ. මාස පහක් ඇවෑමෙන් වර්ෂාව ඉවත්ව ගියේ මකුළුවා දැල් පහක් සකස් කළේය. හංසයෝ සිය ජාතිකයන් ගේ මස් අනුභව කොට, ස්වල්ප ප්‍රමාණයක් වූ බැවින්, කොටස් දෙකක් ලද තරුණ හංසයා දැලට පහර දී සතරක් බින්දේ ය. පස්වැන්න බිඳීමට නොහැකි විය. එහි ම ලැග්ගේය. ඉක්බිති ඔහුගේ හිස සිඳ මකුළුවා ලේ පානය කෙළේය. අනෙක් අනෙක් අය ද පැමිණ දැලට පහර දුන්නේ ය. ඔහු ද එහි ම ලැග්ගේ යයි මෙසේ සියල්ලන් ගේ ලේ මකුළුවා පානය කෙළේ එදින ධතරට්ඨ කුලය විනාශවූයේ යයි කියති. ඒ නිසා කියන ලදි. සබ්බෙ අබ්භත්‍ථතංගතා යනු ද,

එවමෙව තුවන‍්ති යථා එතෙ හංසා අභක‍්ඛං සකජාතිකමංසං ඛාදිංසු, තථා ත්‍වම‍්පි ඛාදසි, සකලනගරං භයප‍්පත‍්තං, විරම, මහාරාජාති. තස‍්මා පබ‍්බාජයන‍්ති තන‍්ති යස‍්මා අභක‍්ඛං සකජාතිකමංසං භක‍්ඛෙසි, තස‍්මා ඉමෙ නගරවාසිනො තං රට‍්ඨා පබ‍්බාජයන‍්ති.

එවමෙතං යනුද යම්සේ ඒ හංසයෝ නොකෑයුතු ස්වජාතික මස් කෑවාහු ය. එසේ ම ඔබ ද අනුභව කරහි. මහරජ, මුළු නගරය ම බිය පත්වූයේ මාංශ කෑමෙන් වළකින්න. තස්මා පබ්බාජයන්තිතං යනු යම් හෙයකින් නොකෑ යුතු ස්වජාතික මස් අනුභව කරන්නෙහි නම් එහෙයින් නගරවාසීහු ඒ රට දුරු කරත්.

රාජා අඤ‍්ඤම‍්පි උපමං වත‍්තුකාමො අහොසි. නාගරා පන උට‍්ඨාය, “සාමි සෙනාපති, කිං කරොසි, කිං මනුස‍්සමංසඛාදකං චොරං ගහෙත්‍වා විචරසි, සචෙ න විරමිස‍්සති, රට‍්ඨතො නං පබ‍්බාජෙහී”ති වත්‍වා නාස‍්ස කථෙතුං අදංසු. රාජා බහූනං කථං සුත්‍වා භීතො පුන වත‍්තුං නාසක‍්ඛි. පුනපි නං සෙනාපති “කිං මහාරාජ විරමිතුං සක‍්ඛිස‍්සසි, උදාහු න සක‍්ඛිස‍්සසී”ති වත්‍වා “න සක‍්කොමී”ති වුත‍්තෙ සබ‍්බං ඔරොධගණඤ‍්ච පුත‍්තධීතරො ච සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතෙ පස‍්සෙ ඨපෙත්‍වා, “මහාරාජ, ඉමෙ ඤාතිමණ‍්ඩලෙ චෙව අමච‍්චගණඤ‍්ච රජ‍්ජසිරිඤ‍්ච ඔලොකෙහි, මා විනස‍්සි, විරම මනුස‍්සමංසතො”ති ආහ. රාජා “න මය‍්හං එතෙ මනුස‍්සමංසතො පියතරා”ති වත්‍වා “තෙන හි, මහාරාජ, ඉමම‍්හා නගරා ච රට‍්ඨා ච නික‍්ඛමථා”ති වුත‍්තෙ, “කාළහත්‍ථි, න මෙ රජ‍්ජෙනත්‍ථො, නගරා නික‍්ඛමාමි, එකං පන මෙ ඛග‍්ගඤ‍්ච රසකඤ‍්ච භාජනඤ‍්ච දෙහී”ති ආහ. අථස‍්ස ඛග‍්ගඤ‍්ච මංසපචනභාජනඤ‍්ච පච‍්ඡිඤ‍්ච උක‍්ඛිපාපෙත්‍වා රසකඤ‍්ච දත්‍වා රට‍්ඨා පබ‍්බාජනීයකම‍්මං කරිංසු.

රජ තවත් උපමාවක් කියනු කැමැත්තේ විය. නගරවැසියෝ නැගිට ස්වාමීනි, සේනාපතිය, කුමක් කරහි. කිම මිනී මස් කන සොරා අල්ලාගෙන වළක්වන්න. වැළැක්විය නොහැකි නම් රටින් ඔහු පිටුවහල් කරන්නැයි ඔහුට කීමට නොහැකි වූහ. රජු බොහෝදෙනාගේ කථා අසා බියට පත්වූයේ නැවත කීමට නොහැකි විය. නැවත ඒ සෙනෙවියා කිම මහරජ, වැළකීමට හැකිවන්නෙහිදැයි අසා නො හැකිවෙමි යයි කී කල්හි, සියළු ඖරස දූ පුතුන් ද, සියලු අලංකාරවලින් අලංකාර වූයේ, පසෙක තබා මහරජ, මේ ඤාති පිරිස ද ඇමති සේනාව ද, රාජ්‍යශ්‍රීය ද බලව. මිනී මසින් වලකව. මනුෂ්‍ය මාංශ නොකව. රජ, මට මේ මනුෂ්‍ය මාංශ තරම් අධික ප්‍රිය වූ කිසිවක් නැතැයි පවසා, එසේ වීනම් මහරජ, මේ නගරයෙන් ද, රටින් ද නික්මෙව් යයි කී කල්හි, කාළහත්‍ථි, මට රාජ්‍යයෙන් අර්ථයක් නැත. නික්මෙමි. එක් කඩුවක් ද, භෝජකයෙක් ද දෙන්නැයි කීවේය. ඉක්බිති කඩුවද, මිනීමස් පිසින භාජනය ද පසුපස ඔසවා ගෙන රසකයාට දී රටින් නික්මුණේ ය.

සො ඛග‍්ගඤ‍්ච රසකඤ‍්ච ආදාය නගරා නික‍්ඛමිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා එකස‍්මිං නිග්‍රොධමූලෙ වසනට‍්ඨානං කත්‍වා තත්‍ථ වසන‍්තො අටවිමග‍්ගෙ ඨත්‍වා මනුස‍්සෙ මාරෙත්‍වා ආහරිත්‍වා රසකස‍්ස දෙති. සොපිස‍්ස මංසං පචිත්‍වා උපනාමෙති. එවං උභොපි ජීවන‍්ති. මනුස‍්සගහණකාලෙ “අහං අරෙ මනුස‍්සචොරො පොරිසාදො”ති වත්‍වා තස‍්මිං පක‍්ඛන‍්තෙ කොචි සකභාවෙන සණ‍්ඨාතුං න සක‍්කොති, සබ‍්බෙ භූමියං පතන‍්ති. තෙසු යං ඉච‍්ඡති, තං උද‍්ධංපාදං අධොසීසං කත්‍වා ආහරිත්‍වා රසකස‍්ස දෙති. සො එකදිවසං අරඤ‍්ඤෙ කඤ‍්චි මනුස‍්සං අලභිත්‍වා ආගතො රසකෙන “කිං දෙවා”ති වුත‍්තෙ “උද‍්ධනෙ උක‍්ඛලිං ආරොපෙහී”ති ආහ. “මංසං කහං, දෙවා”ති? “ලභිස‍්සාමහං මංස”න‍්ති. සො “නත්‍ථි මෙ දානි ජීවිත”න‍්ති කම‍්පමානො උද‍්ධනෙ අග‍්ගිං කත්‍වා උක‍්ඛලිං ආරොපෙසි. අථ නං පොරිසාදො අසිනා මාරෙත්‍වා මංසං පචිත්‍වා ඛාදි. තතො පට‍්ඨාය එකකොව ජාතො සයමෙව පචිත්‍වා ඛාදති. “පොරිසාදො මග‍්ගෙ මග‍්ගපටිපන‍්නෙ හනතී”ති සකලජම‍්බුදීපෙ පාකටො අහොසි.

ඔහු භෝජකයා ගෙන නගරයෙන් නික්ම වනයට පිවිස, එක් නුග ගසක් මුල වාසස්ථාන කොට, එහි වාසය කරමින්, වන මාර්ගයේ සිට මිනිසුන් මරා ගෙනවිත් රසකයාට දෙයි. ඔහු ද ඒ මස් පිස පිරිනමයි. මෙසේ දෙදෙනා ම ජීවත් වෙති. ම බොල, සොරෙක් පෝරිසාදයෙක් යයි පවසා, ඔහු නික්මෙන කල්හි කිසිවකුට සියොළඟ සිටීමට නොහැකි වෙයි. සියල්ලෝ බිම වැටෙත්. ඔවුන් අතර යමෙකුට කැමැති වේද, ඔහුව උඩුකුරු පා ඇතිව, යටිකුරු කළ හිස් ඇතිව ගෙනගොස් රසකයාට දෙයි. ඔහු එක දවසක් වනයෙහි කිසිම මිනිසකු නොලැබ ගියේ රසකයා විසින් දේවයන් වහන්ස, කිමෙක්දැයි කී කල්හි. උඳුන පෝරණුවට නංවාලවයි කීවේය. මස් කොහෙන්ද රජතුමනි, මම මස් ලබන්නෙමි. ඔහු මගේ ජීවිතය දැන් නැතැයි කම්පාවෙන් උඳුන ගිනියම් කොට පෝරණුව මත තැබීය. ඉක්බිති ඔහු ව පෝරිසාදයා කඩුවෙන් ගසා මරා මස් පිස කෑවේය. එතැන් පටන් හුදකලා වූයේ, තෙමේ ම පිසගෙන කෑවේය. පෝරිසාදයා මාර්ගයේ නසයි යයි මුළු දඹදිව් තලයේ ම ප්‍රසිද්ධ විය.

තදා එකො සම‍්පන‍්නවිභවො බ්‍රාහ‍්මණො පඤ‍්චහි සකටසතෙහි වොහාරං කරොන‍්තො පුබ‍්බන‍්තතො අපරන‍්තං සඤ‍්චරති. සො චින‍්තෙසි – “පොරිසාදො නාම කිර චොරො අන‍්තරාමග‍්ගෙ මනුස‍්සෙ මාරෙසි, ධනං දත්‍වා තං අටවිං අතික‍්කමිස‍්සාමී”ති. සො අටවිමුඛවාසීනං මනුස‍්සානං “තුම‍්හෙ මං අටවිතො අතික‍්කාමෙථා”ති සහස‍්සං දත්‍වා තෙහි සද‍්ධිං මග‍්ගං පටිපජ‍්ජි. ගච‍්ඡන‍්තො ච බ්‍රාහ‍්මණො සබ‍්බසත්‍ථං පුරතො කත්‍වා සයං න‍්හාතානුලිත‍්තො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො සෙතගොණයුත‍්තෙ සුඛයානකෙ නිසින‍්නො තෙහි අටවිවාසිකපුරිසෙහි පරිවුතො සබ‍්බපච‍්ඡතො අගමාසි. තස‍්මිං ඛණෙ පොරිසාදො රුක‍්ඛං ආරුය‍්හ පුරිසෙ උපධාරෙන‍්තො සෙසමනුස‍්සෙසු “කිං ඉමෙසු මයා ඛාදිතබ‍්බං අත්‍ථී”ති විගතච‍්ඡන්‍දො හුත්‍වා බ්‍රාහ‍්මණං දිට‍්ඨකාලතො පට‍්ඨාය තං ඛාදිතුකාමතාය පග‍්ඝරිතඛෙළො අහොසි. සො තස‍්මිං අත‍්තනො සන‍්තිකං ආගතෙ රුක‍්ඛතො ඔරුය‍්හ “අහං අරෙ පොරිසාදො”ති නාමං තික‍්ඛත‍්තුං සාවෙත්‍වා ඛග‍්ගං පරිවත‍්තෙන‍්තො වාලුකාය තෙසං අක‍්ඛීනි පූරෙන‍්තො විය පක‍්ඛන්‍දි. එකොපි ඨාතුං සමත්‍ථො නාම නත්‍ථි, සබ‍්බෙ භූමියං උරෙන නිපජ‍්ජිංසු. සො සුඛයානකෙ නිසින‍්නං බ්‍රාහ‍්මණං පාදෙ ගහෙත්‍වා පිට‍්ඨියං අධොසීසකං ඔලම‍්බෙත්‍වා සීසං ගොප‍්ඵකෙහි පහරන‍්තො උක‍්ඛිපිත්‍වා පායාසි.

එකල එක් බොහෝ සම්පත් ඇති බ්‍රාහ්මණයෙක් පන්සියයක් ගැල්වලින් වෙළඳාම කරන්නේ පූර්ව දිශාවේ සිට අපරාන්තයට සංචාරය කරයි. ඔහු සිතීය. පෝරිසාද නම් සොරා මාර්ගයේදී මිනිසුන් මරයි. ධනය දී වනය ඉක්මවා යන්නෙමි යි ඔහු වනාන්තරය අභිමුඛව සිටින මිනිසුන්ට, තමාව වනයෙන් ඉක්මවා ලවු! යයි දහසක් දී ඔවුන් සමග මාර්ගයට පිළිපන්නේ ය. සියළු ගැල් පෙරටු කොට ගෙන යන්නේ ම, නෑමට කැමැත්තේ සියලු අලංකාරයෙන් සරසන ලද, සුදු ගොනුන්ගෙන් සුසැදි සැප යහනාවේ හුන්නේ, ඒ කරත්ත උසුලන පුරුෂයන් විසින් පිරිවරන ලද්දේ සියළුදෙනා පසුපසින් ගියේ ය. පෝරිසාදයා ගසට නැග මිනිසුන් දෙස බලමින් සෙසු මිනිසුන් අතර මේ කිනම් එකකු කෑයුතුදැයි පහවූ ආශාවෙන් සිට, දුටු වේලාවේ පටන් ම ඔහු කෑමට කැමැත්තේ, වැගිරුණු කෙළ සහිතව සිටියේ ය. හෙතෙම තමන්ගේ සමීපයට පැමිණි කල්හි මම බොලේ, පෝරිසාද සොරා නම් වෙමියි හඟවා කඩුව කරකවමින් ඇසට වැලි ගසන්නාක් මෙන් කෑගැසුවේය. එකකු ද ධෛර්යය උපදවා ගැනීමට සමර්ථ වූයේ නම් නැත. සියල්ලෝ උරහිසින් බිම හිඳගත්හ. ඔහු, සැප යානාවේ සිටි බ්‍රාහ්මණයා පාදයෙන් ගෙන පිටි අතට තබා හිස නමවා, හිසට වළලුකරෙන් පහරදෙමින් ඔසවා රැගෙන ගියේය.

තදා තෙ පුරිසා උට‍්ඨාය, “භො, පුරිසා මයං බ්‍රාහ‍්මණස‍්ස හත්‍ථතො කහාපණසහස‍්සං ගණ‍්හිම‍්හා, කො නාම අම‍්හාකං පුරිසකාරො, සක‍්කොන‍්තා වා අසක‍්කොන‍්තා වා ථොකං අනුබන්‍ධාමා”ති වත්‍වා අනුබන්‍ධිංසු. පොරිසාදොපි නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො කඤ‍්චි අදිත්‍වා සණිකං පායාසි. තස‍්මිං ඛණෙ ථාමසම‍්පන‍්නො එකො සූරපුරිසො වෙගෙන තං පාපුණි. සො තං දිස‍්වා එකං වතිං ලඞ‍්ඝන‍්තො ඛදිරඛාණුකං අක‍්කමි, ඛාණුකො පිට‍්ඨිපාදෙන නික‍්ඛමි. ලොහිතෙන පග‍්ඝරන‍්තෙන ලඞ‍්ඝමානො යාති. අථ නං සො දිස‍්වා, “භො, මයා එස විද‍්ධො, කෙවලං තුම‍්හෙ පච‍්ඡතො එථ, ගණ‍්හිස‍්සාමි න”න‍්ති ආහ. තෙ දුබ‍්බලභාවං ඤත්‍වා තං අනුබන්‍ධිංසු. සො තෙහි අනුබද‍්ධභාවං ඤත්‍වා බ්‍රාහ‍්මණං විස‍්සජ‍්ජෙත්‍වා අත‍්තානං සොත්‍ථිමකාසි. අථ අටවිවාසිකපුරිසා බ්‍රාහ‍්මණස‍්ස ලද‍්ධකාලතො පට‍්ඨාය “කිං අම‍්හාකං චොරෙනා”ති තතො නිවත‍්තිංසු.

මිනිස්සු නැගිට පින්වත් තිස්ස ඵුස්සය, අපි බමුණාගේ අතින් දහසක් ගත්තෙමු. කවරනම් අපට පුරුෂ වීර්යයෙන් කරන්නේ හෝ නොකරන්නේ නම් හෝ ටිකක් ලුහුබඳිමු යනුයි. ලුහුබැඳ ගියහ. පෝරිසාදයාද නැවතී බලන්නේ කිසිවෙකු නොදැක ඉක්මණින් ගියේය. එකෙණෙහි එක් දක්‍ෂ පුරුෂයෙක් වේගයෙන් එතැනට පැමිණියේ ය. හෙතෙම ඔහු දැක එක් වැටියක එල්ලෙන්නේ කිහිරි කණුවක් පෑගුවේය. කණුව පිටපැත්තේ නික්මීය. ඔහු ලේ ගලන්නේ ම එල්ලෙමින් යයි. ඉක්බිතිව ඔහුව ඒ මිනිසා දැක පින්වත, මා විසින් මෙතෙම පහ කරන ලද කෙනෙකි. හුදෙක් නුඹලා පසුපස එවු. ඔහුව අල්ලා ගන්නෙමියි කීවේය. ඔවුහු දුර්වල බව දැන ඔහු ලුහුබැඳ ගියහ. හෙතෙම ඔවුන් ලුහුබඳින බව දැන, බමුණා අතහැර තමන්ට යහපත කෙළේය. මෙසේ ගෙන යන්නා වූ බ්‍රාහ්මණයාගේ ලද කාලයේ පටන් කිම අපගේ සොරුන් විසින්දැයි කියා නැවතුනහ.

පොරිසාදොපි අත‍්තනො නිග්‍රොධමූලං ගන‍්ත්‍වා පාරොහන‍්තරං පවිසිත්‍වා නිපන‍්නො, “අය්‍යෙ රුක‍්ඛදෙවතෙ, සචෙ මෙ සත‍්තාහබ‍්භන‍්තරෙයෙව වණං ඵාසුකං කාතුං සක‍්ඛිස‍්සසි, සකලජම‍්බුදීපෙ එකසතඛත‍්තියානං ගලලොහිතෙන තව ඛන්‍ධං ධොවිත්‍වා අන‍්තෙහි පරික‍්ඛිපිත්‍වා පඤ‍්චමධුරමංසෙන බලිකම‍්මං කරිස‍්සාමී”ති ආයාචනං කරි. තස‍්ස අන‍්නපානමංසං අලභන‍්තස‍්ස සරීරං සුස‍්සිත්‍වා අන‍්තොසත‍්තාහෙයෙව වණො ඵාසුකො අහොසි. සො දෙවතානුභාවෙන තස‍්ස ඵාසුකභාවං සල‍්ලක‍්ඛෙසි. සො කතිපාහං මනුස‍්සමංසං ඛාදිත්‍වා බලං ගහෙත්‍වා චින‍්තෙසි – “බහුපකාරා මෙ දෙවතා, ආයාචනා අස‍්සා මුච‍්චිස‍්සාමී”ති. සො ඛග‍්ගං ආදාය රුක‍්ඛමූලතො නික‍්ඛමිත්‍වා “රාජානො ආනෙස‍්සාමී”ති පායාසි. අථ නං පුරිමභවෙ යක‍්ඛකාලෙ එකතො මනුස‍්සමංසඛාදකො සහායකයක‍්ඛො අනුවිචරන‍්තං දිස‍්වා “අයං මම අතීතභවෙ සහායො”ති ඤත්‍වා, “සම‍්ම, මං සඤ‍්ජානාසී”ති පුච‍්ඡි. “න සඤ‍්ජානාමී”ති. අථස‍්ස පුරිමභවෙ කතකාරණං කථෙසි. සො තං සඤ‍්ජානිත්‍වා පටිසන්‍ථාරමකාසි. “කහං නිබ‍්බත‍්තොසී”ති පුට‍්ඨො නිබ‍්බත‍්තට‍්ඨානඤ‍්ච රට‍්ඨා පබ‍්බාජිතකාරණඤ‍්ච ඉදානි වසනට‍්ඨානඤ‍්ච ඛාණුනා විද‍්ධකාරණඤ‍්ච දෙවතාය ආයාචනාමොචනත්‍ථං ගමනකාරණඤ‍්ච සබ‍්බං ආරොචෙත්‍වා “තයාපි මමෙතං කිච‍්චං නිත්‍ථරිතබ‍්බං, උභොපි ගච‍්ඡාම, සම‍්මා”ති ආහ. “සම‍්ම න ගච‍්ඡෙය්‍යාහං, එකං පන මෙ කම‍්මං අත්‍ථි, අහං ඛො පන අනග‍්ඝං පදලක‍්ඛණං නාම එකං මන‍්තං ජානාමි, සො බලඤ‍්ච ජවඤ‍්ච සද‍්දඤ‍්ච කරොති, තං මන‍්තං ගණ‍්හාහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡි. යක‍්ඛොපිස‍්ස තං දත්‍වා පක‍්කාමි.

පෝරිසාදයා ද තමන්ගේ නුගගස මුලට ගොස් මුල තුළට පිවිස හොත්තේ, උතුම් වෘක්‍ෂ දේවතාවරුනි, ඉදින් මා දිනහතක් ඇතුළත තුවාලය සුවපත් කිරීමට හැකිවන්නෙහි නම්, මුළු දඹදිව එකසියයක් ක්‍ෂත්‍රියයන්ගේ බෙල්ලේ ලේවලින් ඔබේ කඳ සෝදා ඇතුළත වටකොට පස් මිහිරි රසයෙන් බලි කර්මයක් කරන්නෙමියි ආයාචනා කෙළේ. ඔහුට වනාහි ආහාරපාන නොලැබී යාම නිසා ශරීරය වියලී. ඇතුළත සත්දිනකින්ම තුවාලය සුවපත් වන්නේය. දේවතානුභාවයෙන් ඔහුට පහසුව ලැබී යයි සැලකීය. ඔහු දින කීපයක් මිනීමස් කා, ශක්තිය ගෙන සිතීය. මට මේ දේවතාවා බොහෝ උපකාර වූයේ, ආයාචනාවෙන් මුදවන්නෙමියි ඔහු කඩුවක් රැගෙන ගස මුලින් නික්ම රජවරුන් ගෙන එන්නෙමියි පිටත් විය. ඉක්බිති හේ පෙර භවයේ යක්‍ෂ කාලයේ එක් මිනීමස් කන සහායක යක්‍ෂයෙකු ලෙස හැසිරෙන්නේ ඔහු දැක “මේ මගේ අතීත කාලයේ යහළුවා බව දැන මිත්‍රය, මා හඳුනන්නේදැ”යි විචාළේ ය. නොදනිමියි. ඉක්බිති ඔහුට පෙර භවයේ කරන ලද කාරණය කීවේය. ඔහු හැඳින, පිළිසඳර කථා කෙළේය. කොහි උපන්නේදැයි විචාරා, උපන් රට ද, රටින් පිටුවහල් කළ කරුණ ද දැන් වසන තැන ද, කණුවක වැදුන කරුණ ද, දේවතාවාගේ ආයාචනයෙන් මිදුණු අයුරු ද, ගමන් කරන අයුරු ද සිතට නංවා ඔබ විසින් ද මට ඒ කටයුතු ඉෂ්ට කළයුතුය. “මිත්‍රය, දෙදෙනා ම යමු” යයි කීවේය. මිත්‍රයා මම නොයමි. මට එක වැඩක් ඇත. මම අනර්ඝ පාද ලක්‍ෂණ මන්ත්‍රය දනියි. ඔහු බලවත් ද, ජව සම්පන්න ද තේජස් ඇත. දීම ද කරයි. ඒ මන්ත්‍රය ගන්නැයි කීවේය. ඔහු යහපතැයි පිළිගත්තේය. යක්‍ෂයා ද ඔහුට එය දී පිටත්ව ගියේය.

පොරිසාදො මන‍්තං උග‍්ගහෙත්‍වා තතො පට‍්ඨාය වාතජවො අතිසූරො අහොසි. සො සත‍්තාහබ‍්භන‍්තරෙයෙව එකසතරාජානො උය්‍යානාදීනි ගච‍්ඡන‍්තෙ දිස‍්වා වාතවෙගෙන පක‍්ඛන්‍දිත්‍වා “අහං අරෙ මනුස‍්සචොරො පොරිසාදො”ති නාමං සාවෙත්‍වා වග‍්ගන‍්තො නදන‍්තො භයප‍්පත‍්තෙ කත්‍වා පාදෙ ගහෙත්‍වා අධොසීසකෙ කත්‍වා පණ‍්හියා සීසං පහරන‍්තො වාතවෙගෙන නෙත්‍වා හත්‍ථතලෙසු ඡිද‍්දානි කත්‍වා රජ‍්ජුයා ආවුනිත්‍වා නිග්‍රොධරුක‍්ඛෙ ඔලම‍්බෙසි අග‍්ගපාදඞ‍්ගුලීහි භූමියං ඵුසමානාහි. තෙ සබ‍්බෙ රාජානො වාතෙ පහරන‍්තෙ මිලාතකුරණ‍්ඩකදාමානි විය පරිවත‍්තන‍්තා ඔලම‍්බිංසු. “සුතසොමො පන මෙ පිට‍්ඨිආචරියො හොති, සචෙ ගණ‍්හිස‍්සාමි, සකලජම‍්බුදීපො තුච‍්ඡො භවිස‍්සතී”ති තං න නෙසි. සො “බලිකම‍්මං කරිස‍්සාමී”ති අග‍්ගිං කත්‍වා සූලෙ තච‍්ඡන‍්තො නිසීදි. රුක‍්ඛදෙවතා තං කිරියං දිස‍්වා “මය‍්හං කිරෙස බලිකම‍්මං කරොති, වණම‍්පිස‍්ස මයා කිඤ‍්චි ඵාසුකං කතං නත්‍ථි, ඉදානි ඉමෙසං මහාවිනාසං කරිස‍්සති, කිං නු ඛො කත‍්තබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා “අහං එතං වාරෙතුං න සක‍්ඛිස‍්සාමී”ති චාතුමහාරාජිකානං සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං කථෙත්‍වා “නිවාරෙථ න”න‍්ති ආහ. තෙහිපි “න මයං පොරිසාදස‍්ස කම‍්මං නිවාරෙතුං සක‍්ඛිස‍්සාමා”ති වුත‍්තෙ “කො සක‍්ඛිස‍්සතී”ති පුච‍්ඡිත්‍වා “සක‍්කො, දෙවරාජා”ති සුත්‍වා සක‍්කං උපසඞ‍්කමිත්‍වා තමත්‍ථං කථෙත්‍වා “නිවාරෙථ න”න‍්ති ආහ. සොපි “නාහං සක‍්කොමි නිවාරෙතුං, සමත්‍ථං පන ආචික‍්ඛිස‍්සාමී”ති වත්‍වා “කොනාමො”ති වුත‍්තෙ “සදෙවකෙ ලොකෙ අඤ‍්ඤො නත්‍ථි, කුරුරට‍්ඨෙ පන ඉන්‍දපත්‍ථනගරෙ කොරබ්‍යරාජපුත‍්තො සුතසොමො නාම තං නිබ‍්බිසෙවනං කත්‍වා දමෙස‍්සති, රාජූනඤ‍්ච ජීවිතං දස‍්සති, තඤ‍්ච මනුස‍්සමංසා ඔරමාපෙස‍්සති, සකලජම‍්බුදීපෙ අමතං විය ධම‍්මං අභිසිඤ‍්චිස‍්සති, සචෙපි රාජූනං ජීවිතං දාතුකාමො, ‘සුතසොමං ආනෙත්‍වා බලිකම‍්මං කාතුං වට‍්ටතී’ති වදෙහී”ති ආහ.

පෝරිසාදයා මන්ත්‍රය ඉගෙන, එතැන් පටන්, සුළං බලය හා සමාන අති ශූරයෙක් විය. හෙතෙම දින හතක් ඇතුළත එක් සියයක් රජවරුන්, උයන් ආදියට යනවා දැක, වාත වේගයෙන් පැන ගොස්, නම කියා අඬගසා, වර්ගය කියමින් නාද කරමින් බියට පත් කොට පාදයෙන් අල්ලා ගෙන සිරස යටට කොට, පාදයෙන් හිසට පහරදෙමින්, සුළං වේගයෙන් යොමු කොට, අත්තල සිදුරුකොට රැහැනකින් නිග්‍රෝධ ගසමුල එල්ලීය. අග පාදයේ ඇඟිලිවලින් බිම ගැටෙන කල්හි, සුළං හමනා විට, මිලාන වූ කරඬු දාමයකින් පෙරළෙමින් එල්ලී තිබුණහ. සුතසෝම වනාහි, බාහිර ආචාර්යවරයා පැමිණියේ යයි, දඹදිව වැසියෝ හිස් නොවේවායි කැඳවීය. ඔහු බලිකර්මය කරන්නෙමියි, ගිනි දල්වා උල රත් කරමින් හුන්නේය. වෘක්‍ෂ දේවතාවා ඒ ක්‍රියාව දැක, මා උදෙසා බලි පූජාව කරයි. මා විසින් ඔහුගේ වණය සුවපත් කළේ නැත. දැන් මහා විනාශයක් කරන්නේ ය. කුමක් කළ යුතුදැයි සිතා මම මෙය වළක්වාලීමට නොහැකි වන්නෙමි. චාතුර්මහාරාජික දේවතාවන් ගේ සමීපයට ගොස් කියා එය වළක්වවු යයි කීවේය. ඔවුන් විසින් අපි නොහැකිවන්නෙමුයි කී කල්හි ශක්‍රයා වෙත එළඹ ඒ අදහස පවසා එය වළක්වවු යයි කීවේය. ඔහු ද මට නොහැකිය. වැළැක්වීමට සමර්ථයකු ප්‍රකාශ කරන්නෙමියි පවසා, කවරෙක් නම්දැයි කී කල්හි, දෙවියන් සහිත ලෝකයෙහි අනෙකෙක් නැත. කුරුරට ඉඳිපත් නුවර කෝරව්‍ය රාජපුත්‍ර සුතසෝමනම් ඔහු සසර කළකිරී දමනය කරන්නේ යයි රජවරුන්ට ද ජීවිතය දෙන්නේ ය. ඔහුව ද මිනීමස්වලින් වළකාලන්නේය. මුළු දඹදිව් තලයේ අමෘතය ව්‍යාප්ත කරන්නේ ය. ඉදින් රජවරුන්ට ජීවිතය දෙනු කැමැත්තේ සුතසෝම කැඳවා බලිකර්මය කිරීමට කියනු මැනවි.

සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ඛිප‍්පං ආගන‍්ත්‍වා පබ‍්බජිතවෙසෙන තස‍්ස අවිදූරෙ පායාසි. සො පදසද‍්දෙන “රාජා නු ඛො කොචි පලාතො භවිස‍්සතී”ති ඔලොකෙන‍්තො තං දිස‍්වා “පබ‍්බජිතා නාම ඛත‍්තියාව, ඉමං ගහෙත්‍වා එකසතං පූරෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමී”ති උට‍්ඨාය අසිහත්‍ථො අනුබන්‍ධි, තියොජනං අනුබන්‍ධිත්‍වාපි තං පාපුණිතුං නාසක‍්ඛි, ගත‍්තෙහි සෙදා මුච‍්චිංසු. සො චින‍්තෙසි – “අහං පුබ‍්බෙ හත්‍ථිම‍්පි අස‍්සම‍්පි රථම‍්පි ධාවන‍්තං අනුබන්‍ධිත්‍වා ගණ‍්හාමි, අජ‍්ජ ඉමං පබ‍්බජිතං සකාය ගතියා ගච‍්ඡන‍්තං සබ‍්බථාමෙන ධාවන‍්තොපි ගණ‍්හිතුං න සක‍්කොමි, කිං නු ඛො කාරණ”න‍්ති. තතො සො “පබ‍්බජිතා නාම වචනකරා හොන‍්ති, ‘තිට‍්ඨා’ති නං වත්‍වා ඨිතං ගහෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “තිට‍්ඨ, සමණා”ති ආහ. “අහං තාව ඨිතො, ත්‍වං පන ධාවිතුං වායාමමකාසී”ති. අථ නං, “භො, පබ‍්බජිතා නාම ජීවිතහෙතුපි අලිකං න භණන‍්ති, ත්‍වං පන මුසාවාදං කථෙසී”ති වත්‍වා ගාථමාහ –

ඔහු යහපතැයි වහාම ගොස් පැවිදි වෙසින් ඔහු නුදුරෙහි ගමන් කළේය. ඔහු පා ශබ්දයෙන් කිසියම් රජ කෙනෙකු පලායන්නේ යයි බලන්නේ ඔහු දැක, පැවිද්දෝ නම් ක්‍ෂත්‍රියෝ ය. මොහු ගෙන එකසියය පුරවා බලිකර්මය කරන්නෙමියි නැගිට, කඩුගත් අත් ඇතිව ලුහුබැඳ ගියේ ය. යොදුන් තුනක් ලුහුබැඳ ගිය ද, පැමිණීමට නොහැකි විය. ශරීරයේ දහඩිය ගලා ආවේය. හෙතෙම සිතුවේය. මම පෙර ඇතුන් අසුන් දුවන්නන් ලුහුබැඳ ගනිමි. අද මා පැවිදිව සිය ස්වභාවයෙන් යන්නේ සියළුදෙනා සමග දුවන්නේ නමුත් ගැනීමට නොහැකිවෙමි. එයට හේතුව කුමක්ද? පැවිද්ද නම් වචන කාරකයම වේ. සිටුවයි ඔහුට පවසා, සිටියේ අල්ලා ගන්නෙමියි සිතා, ශ්‍රමණය සිටින්න යයි කීවේ ය. මම සිටිමි. ඔබ වනාහි සිටීමට වෑයම් කරහි යයි පැවැසීය. ඉක්බිති හේ, පින්වත, පැවිද්දෝ නම් ජීවිතය හේතු නිසාවත් බොරු නොකියති. ඔබ වනාහි මුසාබස් කියහි යයි පවසා ගාථාව කීවේ ය.

“තිට‍්ඨාහීති මයා වුත‍්තො, සො ත්‍වං ගච‍්ඡසි පම‍්මුඛො; අට‍්ඨිතො ත්‍වං ඨිතොම‍්හීති, ලපසි බ්‍රහ‍්මචාරිනි; ඉදං තෙ සමණායුත‍්තං, අසිඤ‍්ච මෙ මඤ‍්ඤසි කඞ‍්කපත‍්ත”න‍්ති.

එම්බා තපස්විය, ඒ නුඹ මා විසින් සිටුව යි කියන ලද්දෙහි පිටුපා යන්නෙහි ය. නොසිටියා වූ නුඹ සිටියෙමි යි කියන්නෙහි ය. ශ්‍රමණය, මෙය වනාහි තොපට නුසුදුසු ය. කිම, මාගේ කඩුව කුසතණ පතක් කොට සිතහි දැ යි පෝරිසාදයා ඇසී ය.

එහි සම්මුඛො යනු ඉදිරියෙහි.

තස‍්සත්‍ථො – සමණ, තිට‍්ඨාහි ඉති වචනං මයා වුත‍්තො සො ත්‍වං පම‍්මුඛො පරම‍්මුඛො හුත්‍වා ගච‍්ඡසි, බ්‍රහ‍්මචාරිනි අට‍්ඨිතො සමානො ත්‍වං ඨිතො අම‍්හි ඉති ලපසි, අසිඤ‍්ච මෙ කඞ‍්කපත‍්තං මඤ‍්ඤසීති.

[missing trans]

තතො දෙවතා ගාථාද‍්වයමාහ –

ඉක්බිති දෙවියා ගාථා දෙකක් කීවේය;

“ඨිතොහමස‍්මී සධම‍්මෙසු රාජ, න නාමගොත‍්තං පරිවත‍්තයාමි; චොරඤ‍්ච ලොකෙ අඨිතං වදන‍්ති; ආපායිකං නෙරයිකං ඉතො චුතං.

මහරජ, මම ස්වකීය වූ කුශල ධර්මයන්හි සිටියෙම් වෙමි. මම නාම ගෝත්‍රය නො පෙරළමි. මෙයින් චුත වූ අපාගතවනසුලු වූ නෙරයික වූ සොරා වනාහි ලෙව්හි නො සිටියෙකැ යි කියත්.

“සචෙ ත්‍වං සද‍්දහසි රාජ, සුතං ගණ‍්හාහි ඛත‍්තිය; තෙන යඤ‍්ඤං යජිත්‍වාන, එවං සග‍්ගං ගමිස‍්සසී”ති.

එම්බා පෝරිසාදය, මෙය විශ්වාස කරන්නෙහි ද? එසේ නම් මෙය අසව, ඉදින් සුතසෝම රජ ගන්නෙහි නම් එයින් යාග කොට මෙසේ ස්වර්ගයට යන්නෙහි ය.

තත්‍ථ සධම‍්මෙසූති, මහාරාජ, අහං සකෙසු දසසු කුසලකම‍්මපථධම‍්මෙසු ඨිතො අස‍්මි භවාමි. න නාමගොත‍්තන‍්ති ත්‍වං පුබ‍්බෙ දහරකාලෙ බ්‍රහ‍්මදත‍්තො හුත්‍වා පිතරි කාලකතෙ බාරාණසිං රජ‍්ජං ලභිත්‍වා බාරාණසිරාජා ජාතො, තං නාමං ජහිත්‍වා පොරිසාදො හුත්‍වා ඉදානි කම‍්මාසපාදො ජාතො, ඛත‍්තියකුලෙ ජාතොපි අභක‍්ඛං මනුස‍්සමංසං යස‍්මා භක‍්ඛෙසි, තස‍්මා අත‍්තනො නාමගොත‍්තං යථා පරිවත‍්තෙසි, තථා අහං අත‍්තනො නාමගොත‍්තං න පරිවත‍්තයාමි. චොරඤ‍්චාති ලොකෙ චොරඤ‍්ච දසකුසලකම‍්මපථෙසු අඨිතං නාම වදන‍්ති. ඉතො චුතන‍්ති ඉතො චුතං හුත්‍වා අපායෙ නිරයෙ පතිට‍්ඨිතං. ඛත‍්තිය, භූමිපාල මහාරාජ, ත්‍වං මම වචනං සචෙ සද‍්දහසි, සුතසොමං ගණ‍්හාහි, තෙන සුතසොමෙන යඤ‍්ඤං යජිත්‍වාන එවං සග‍්ගං ගමිස‍්සසි. භො, පොරිසාද මුසාවාදි තයා මය‍්හං “සකලජම‍්බුදීපෙ රාජානො ආනෙත්‍වා බහිකම‍්මං කරිස‍්සාමී”ති පටිස‍්සුතං, ඉදානි යෙ වා තෙ වා දුබ‍්බලරාජානො ආනෙසි, ජම‍්බුදීපතලෙ ජෙට‍්ඨකං සුතසොමරාජානං සචෙ ත්‍වං න ආනෙස‍්සසි, වචනං තෙ මුසා නාම හොති, තස‍්මා සුතසොමං ගණ‍්හාහීති.

එහි සද්ධම්මෙසූ යනු ස්වකීය කුශල කර්මපථවල නාමගොත්තං යනු යම්සේ නුඹපෙර බ්‍රහ්මදත්තව සිට ඒ නම අතහැර පෝරිසාදයකු වී දැන් කර්මවිපාක ගැන උපන්නේ ක්‍ෂත්‍රිය කුලේ ඉපදුණේ, නොකෑයුතු දෑ කෑවෙහි ඉදින් මම එසේ නාම-ගෝත්‍ර නොවිමසන්නෙමි. වොරඤ්ච යනු අකුශල කර්ම පථවල සොරා සිටි යයි කියත්. ඉතො වුතං යනු මෙයින් චුතවී නිරය සංඛ්‍යාත අපායටම උපදින්නේ වෙහි. අපායේ පිහිට පතන්නෝ පිහිටක් නම් නොලබයි යනුවෙනි. සුතං යනු පින්වත් පෝරිසාදය, ඔබ විසින් මට මුසාවක් කියන ලදි. සියළු දඹදිව රජවරු ගෙනවුත් බලිකර්ම කරන්නෙමි යනුවෙන් අසන ලදි. දැන් යම්බඳු ඔබ දුර්වල රජවරු ගෙනාවේ ය. දඹදිව් තලයේ ජ්‍යෙෂ්ඨ වූ සුතසෝම රජතුමා ඉදින් ඔබ නසන්නෙහි නම් වචනයේ කෙළවර මුසාවක් නම් වෙයි. එහෙයින් සුතසෝම අල්ලාගනිව් යනුවෙනි.

එවඤ‍්ච පන වත්‍වා දෙවතා පබ‍්බජිතවෙසං අන‍්තරධාපෙත්‍වා සකෙන වණ‍්ණෙන ආකාසෙ තරුණසූරියො විය ජලමානා අට‍්ඨාසි. සො තස‍්සා කථං සුත්‍වා රූපඤ‍්ච ඔලොකෙත්‍වා “කාසි ත්‍ව”න‍්ති ආහ. ඉමස‍්මිං “රුක‍්ඛෙ නිබ‍්බත‍්තදෙවතා”ති. සො “දිට‍්ඨා මෙ අත‍්තනො, දෙවතා”ති තුස‍්සිත්‍වා, “සාමි දෙවරාජ, මා සුතසොමස‍්ස කාරණා චින‍්තයි, අත‍්තනො රුක‍්ඛං පවිසා”ති ආහ. දෙවතා තස‍්ස පස‍්සන‍්තස‍්සෙව රුක‍්ඛං පාවිසි. තස‍්මිං ඛණෙ සූරියො අත්‍ථඞ‍්ගතො, චන්‍දො උග‍්ගතො. පොරිසාදො වෙදඞ‍්ගකුසලො නක‍්ඛත‍්තචාරං ජානාති. සො නභං ඔලොකෙත්‍වා “ස‍්වෙ ඵුස‍්සනක‍්ඛත‍්තං භවිස‍්සති, සුතසොමො න‍්හායිතුං උය්‍යානං ගමිස‍්සති, තත්‍ථ ගණ‍්හිස‍්සාමි, ආරක‍්ඛො පනස‍්ස මහා භවිස‍්සති, සමන‍්තා තියොජනං සකලනගරවාසිනො රක‍්ඛන‍්තා චරිස‍්සන‍්ති, අසංවිහිතෙ ආරක‍්ඛෙ පඨමයාමෙයෙව මිගාජිනං උය්‍යානං ගන‍්ත්‍වා මඞ‍්ගලපොක‍්ඛරණිං ඔතරිත්‍වා ඨස‍්සාමී”ති චින‍්තෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා පොක‍්ඛරණිං ඔරුය‍්හ පදුමපත‍්තෙන සීසං පටිච‍්ඡාදෙත්‍වා අට‍්ඨාසි. තස‍්ස තෙජෙන මච‍්ඡකච‍්ඡපාදයො ඔසක‍්කිත්‍වා උදකපරියන‍්තෙ වග‍්ගවග‍්ගා හුත්‍වා විචරිංසු.

මෙසේ පවසා දේවතාවා පැවිදි වේශය අතුරුදහන් කරවා, සිය ස්වභාවයෙන් අහසේ සූර්යයා මෙන් දිළිසෙමින් සිටියේ ය. ඔහු ඔහුගේ කථාව අසා රූපය ද බලා ඔබ කවර තැනැත්තෙකු දැයි ඇසුවේය. මේ ගසේ උපන් දේවතාවා වෙමියි. හෙතෙම මගේ ඉටුදෙවියා දැක්කේ යයි සතුටු වී ස්වාමි දේවරාජය, සුතසෝමගේ කරුණු ගැන නොසිතව. තමන්ගේ ගසට පිවිසෙනු මැනවැයි කීවේ ය. දේවතාවා ඔහු බලා සිටිද්දී ම ගසට පිවිසියේය. එකෙණෙහි සූර්යයා අස්තයට ගියේ, චන්‍ද්‍රයා පහළවිය. පෝරිසාද වේදය ද වේදාංග ද දන්නේ නැකැත් වාරය දනියි. හෙතෙම අහස දෙස බලා හෙට ඵුස නැකැත වන්නේ ය. සුතසෝම ස්නානයට උයනට යන්නේ ය. එහිදී ගන්නෙමි. ආරක්ෂාව වනාහි විශාල වන්නේ ය. හාත්පස තුන් යොදුනක මුළු දඹදිව වාසීහු රකිමින් සැරිසරන්නේ ය. ආරක්ෂාව එතරම් නැති පළමු යාමයේ ම මුව උයනට ගොස් මඟුල් පොකුණේ බැස, සිටින්නෙමියි සිතා ගොස් පොකුණට බැස නෙළුම් මල් පත්‍රයකින් හිස වසාගෙන සිටියේ ය. ඔහුගේ තේජසින් මාලු, කසුබ් ආදිහු පසු බැස ජලය කෙළවර පේළි පේළි සැදී හැසිරුණහ.

කුතො පන ලද‍්ධොයං තෙජොති? පුබ‍්බයොගවසෙන. සො හි කසපදසබලස‍්ස කාලෙ ඛීරසලාකභත‍්තං පට‍්ඨපෙසි, තෙන මහාථාමො අහොසි. අග‍්ගිසාලඤ‍්ච කාරෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස සීතවිනොදනත්‍ථං අග‍්ගිඤ‍්ච දාරූනි ච දාරුච‍්ඡෙදනවාසිඤ‍්ච ඵරසුඤ‍්ච අදාසි, තෙන තෙජවා අහොසි.

මේ අයගේ පෙර භවයේ කළ තේජස කෙසේ ද? ඔහු කාශ්‍යප බුදුරදුන් ගේ කාලයේ කිරිමිශ්‍ර බතකින් සංග්‍රහ කෙළේය. එයින් මහත් ශක්තිය බලය උදාවිය. ගිනිහලක් කරවා භික්‍ෂු සංඝයාට සීතල දුරුකිරීමට ද, දර කපාගැනීමට පොරවක් ද දුන්නේ ය. එයින් තේජසින් යුක්ත විය.

එවං තස‍්මිං අන‍්තොඋය්‍යානං ගතෙයෙව බලවපච‍්චූසසමයෙ සමන‍්තා තියොජනං ආරක‍්ඛං ගණ‍්හිංසු. රාජාපි පාතොව භුත‍්තපාතරාසො අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධවරගතො චතුරඞ‍්ගිනියා සෙනාය පරිවුතො නගරතො නික‍්ඛමි. තදා තක‍්කසිලතො නන්‍දො නාම බ්‍රාහ‍්මණො චතස‍්සො සතාරහා ගාථායො ආදාය වීසතියොනජසතං මග‍්ගං අතික‍්කමිත්‍වා තං නගරං පත්‍වා ද‍්වාරගාමෙ වසිත්‍වා සූරියෙ උග‍්ගතෙ නගරං පවිසන‍්තො රාජානං පාචීනද‍්වාරෙන නික‍්ඛන‍්තං දිස‍්වා හත්‍ථං පසාරෙත්‍වා ජයාපෙසි. රාජා දිසාචක‍්ඛුකො හුත්‍වා ගච‍්ඡන‍්තො උන‍්නතප‍්පදෙසෙ ඨිතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පසාරිතහත්‍ථං දිස‍්වා හත්‍ථිනා තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි –

මෙසේ ඔහු ඇතුළත උයනට ගියකල්හි ඉතා අළුයම හාත්පස යොදුන් තුනක් පමණ රැකවල් ලා ගත්හ. රජු ද උදෑසනම වළඳන ලද බත් ඇත්තේ, අලංකාර ඇතු පිටට නැගී, චතුරංගනී සේනාව සමග නගරයෙන් නික්මුණේ ය. ඒ අවස්ථාවේ තක්‍ෂිලාවෙන් නන්ද නම් බ්‍රාහ්මණයා පූජනීය ගාථා සතරක් ගෙන යොදුන් විස්සක් ඉක්මවා, ඒ නගරයට පැමිණ දොරගම සිට සූර්යයා උදාවූ කල්හි නගරයට පිවිසෙන්නේ රජු නැගෙනහිර දොරටුවෙන් නික්මෙනු දැක අත ඔසවා, ජය පැතී ය. රජ දිශාව දෙස බලමින් සිට යන්නේ උස ප්‍රදේශයක සිටියා වූ බමුණා ගේ දිගු කරන ලද අතර දැක ඇතු සමග ඔහු වෙත එළඹ මෙසේ කීවේ ය.

“කිස‍්මිං නු රට‍්ඨෙ තව ජාතිභූමි, අථ කෙන අත්‍ථෙන ඉධානුපත‍්තො; අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථං, කිමිච‍්ඡසී දෙමි තයජ‍්ජ පත්‍ථිත”න‍්ති.

එම්බා බ්‍රාහ්මණය, නුඹගේ ජාතභූමිය කිනම් රටෙක්හි ද, කිනම් කරුණක් හේතු කොට ගෙන මෙහි පැමිණියෙහි ද, මේ කරුණ මට කියව. කුමක් කැමැත්තෙහි ද? තා විසින් අද පතන ලද්දේ කවරක් ද? එය දෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.

තස‍්සත්‍ථො – භො බ්‍රාහ‍්මණ, තව ජාතිභූමි කිස‍්මිං රට‍්ඨෙ අත්‍ථි නු, කෙන අත්‍ථෙන පයොජනෙන හෙතුභූතෙන ඉද ඉමස‍්මිං නගරෙ අනුප‍්පත‍්තො, භො බ්‍රාහ‍්මණ, මයා පුච‍්ඡිතො සො ත්‍වං එතමත්‍ථං එතං පයොජනං මෙ මය‍්හං අක‍්ඛාහි කථෙහි, තයා පත්‍ථිතවත්‍ථුං තෙ තුය‍්හං අජ‍්ජ ඉදානි දදාමි, කිං වත්‍ථුං ඉච‍්ඡසීති.

[missing trans]

අථ නං සො ගාථමාහ –

ඉක්බිති හෙතෙම ඔහුට ඔහු කීවේ ය.

“ගාථා චතස‍්සො ධරණීමහිස‍්සර, සුගම‍්භීරත්‍ථා වරසාගරූපමා; තවෙව අත්‍ථාය ඉධාගතොස‍්මි, සුණොහි ගාථා පරමත්‍ථසංහිතා”ති.

මහරජ, උතුම් සාගරය බඳු වූ ඉතා ගැඹුරු වූ ගාථා සතරක් ඔබගේ ම ප්‍රයෝජනය පිණිස, මෙහි ගෙනාවෙමි. උතුම් අර්ථයෙන් යුත් ඒ ගාථා අසව යි බමුණා කීවේ ය.

තත්‍ථ ධරණීමහිස‍්සරාති භූමිපාල චතස‍්සො ගාථා කිං භූතා?. සුගම‍්භීරත්‍ථා වරසාගරූපමා, තවෙව තව එව අත්‍ථාය ඉධ ඨානං අනුප‍්පත‍්තො අස‍්මි භවාමි. සුණොහීති කස‍්සපදසබලෙන දෙසිතා පරමත්‍ථසංහිතා ඉමා සතාරහා ගාථායො සුණොහීති අත්‍ථො.

[missing trans]

ඉති වත්‍වා, “මහාරාජ, ඉමා කස‍්සපදසබලෙන දෙසිතා චතස‍්සො සතාරහා ගාථායො “තුම‍්හෙ සුතවිත‍්තකා’ති සුත්‍වා තුම‍්හාකං දෙසෙතුං ආගතොම‍්හී”ති ආහ. රාජා තුට‍්ඨමානසො හුත්‍වා, “ආචරිය , සුට‍්ඨු තෙ ආගතං, මයා පන නිවත‍්තිතුං න සක‍්කා, අජ‍්ජ ඵුස‍්සනක‍්ඛත‍්තයොගෙන සීසං න‍්හායිතුං ආගතොම‍්හි, අහං පුනදිවසෙ ආගන‍්ත්‍වා සොස‍්සාමි, ත්‍වං මා උක‍්කණ‍්ඨී”ති වත්‍වා “ගච‍්ඡථ බ්‍රාහ‍්මණස‍්ස අසුකගෙහෙ සයනං පඤ‍්ඤාපෙත්‍වා ඝාසච‍්ඡාදනං සංවිදහථා”ති අමච‍්චෙ ආණාපෙත්‍වා උය්‍යානං පාවිසි. තං අට‍්ඨාරසහත්‍ථෙන පාකාරෙන පරික‍්ඛිත‍්තං අහොසි. තං අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්ඝට‍්ටෙන‍්තා සමන‍්තා හත්‍ථිනො පරික‍්ඛිපිංසු, තතො අස‍්සා, තතො රථා, තතො ධනුග‍්ගහා, තතො පත‍්තීති, සඞ‍්ඛුභිතමහාසමුද‍්දො විය උන‍්නාදෙන‍්තො බලකායො අහොසි. අථ රාජා ඔළාරිකානි ආභරණානි ඔමුඤ‍්චිත්‍වා මස‍්සුකම‍්මං කාරෙත්‍වා උබ‍්බට‍්ටිතසරීරො පොක‍්ඛරණියා අන‍්තො රාජවිභවෙන න‍්හත්‍වා පච‍්චුත‍්තරිත්‍වා උදකග‍්ගහණසාටකෙන නිවාසෙත්‍වා අට‍්ඨාසි. අථස‍්ස දුස‍්සගන්‍ධමාලාලඞ‍්කාරෙ උපනයිංසු. පොරිසාදො චින‍්තෙසි – “රාජා අලඞ‍්කතකාලෙ භාරිකො භවිස‍්සති, සල‍්ලහුකකාලෙයෙව නං ගණ‍්හිස‍්සාමී”ති. සො නදන‍්තො වග‍්ගන‍්තො උදකෙ මච‍්ඡං ආලුළෙන‍්තො විජ‍්ජුලතා විය මත්‍ථකෙ ඛග‍්ගං පරිබ‍්භමෙන‍්තො “අහං අරෙ මනුස‍්සචොරො පොරිසාදො”ති නාමං සාවෙත්‍වා අඞ‍්ගුලිං නලාටෙ ඨපෙත්‍වා උදකා උත‍්තරි. තස‍්ස සද‍්දං සුත්‍වාව හත්‍ථාරොහා හත්‍ථීහි, අස‍්සාරොහා අස‍්සෙහි, රථාරොහා රථෙහි භස‍්සිංසු. බලකායො ගහිතගහිතානි ආවුධානි ඡඩ‍්ඩෙත්‍වා උරෙන භූමියං නිපජ‍්ජි.

යයි පවසා මහරජ, මේ කාශ්‍යප බුදුරදුන් විසින් දේශනා කරන ලද, අනගි ගාථා සතර නුඹ මැනවින් අසා නුඹලාට දේශනා කිරීමට පැමිණියේ වෙමියි කීවේ ය. රජ සතුටු සිතැත්තේ වී ගුරුතුමනි, ඔබ යහපතක් කරන ලදි. මා විසින් නැවතීමට නොහැකිව, අද ඵුස නැකතින් හිසට නෑමට දවස උදාවී ඇත. අසවි ඔබ කල නොකිරේවායි පවසා, යවු! බමුණා ගේ අසවල් ගෙදර යහනාවක් පනවා කෑම-බීම සම්පාදනය කරවු යයි ඇමතියන්ට අණ කොට උයනට පිවිසියේ ය. එය අටළොස් රියනකින් වටකරන ලද ප්‍රාකාරයකින් යුක්තය. එහි ඔවුනොවුන් ගැටීම් ඇති කරගන්නා වූ ඇත්තු වටකොට තැබූහ. ඉක්බිති අශ්වයෝ, අනතුරුව රථ, අනතුරුව දුනුවායෝ පැමිණෙත් යයි කැලඹුණු මහා සාගරය මෙන් නාදකරන බව බලවත් සිරුරින් යුක්ත විය. රජු ඉතා විශාල ආභරණ මුදාහැර රැවුල කැපීම ආදිය කොට පිරිසිදු කරන ලද ශරීරය ඇත්තේ, පොකුණෙන් රූපශ්‍රීයෙන් ස්නානය කර පසුව ගොඩට විත් ජලය සනහන සළුව හැඳ පොරවා සිටියේ ය. ඉක්බිති ඔහුට සුවඳමල් අලංකාරාදියෙන් පිදූහ. පෝරිසාදයා මෙසේ සිතීය. රජු අලංකාර කරන ලද කාලයේ පිරුණු පුද්ගලයෙක් වන්නේය. සැහැල්ලු කාලයේ ම ඔහු අල්ලා ගන්නේ ම ය. ඔහු නාද දෙමින්, කැරකැවෙමින් විදුලිය මෙන් හිස මුදුනේ කඩුව කරකවමින්, බොල, මම පෝරිසාදයා නම් වෙමි’යි පවසා, ඇඟිල්ල නළලේ තබා, ජලයෙන් නික්මුණේ ය. ඔහුගේ ශබ්දය අසා, ඇත්ගොව්වෝ ඇතුන්ද අශ්වාරෝහකයෝ අශ්වයන්ද, රියදුරෝ රියද සූදානම් කළහ. බලසේනාව ගන්නා ලද ආයුධ හැරදමා උරහිසින් වැතිර සිටියහ.

පොරිසාදො සුතසොමං උක‍්ඛිපිත්‍වා ගණ‍්හි, සෙසරාජානො පාදෙ ගහෙත්‍වා අධොසීසකෙ කත්‍වා පණ‍්හියා සීසං පහරන‍්තො ගච‍්ඡති. බොධිසත‍්තං පන උපගන‍්ත්‍වා ඔනතො උක‍්ඛිපිත්‍වා ඛන්‍ධෙ නිසීදාපෙසි. සො “ද‍්වාරෙන ගමනං පපඤ‍්චො භවිස‍්සතී”ති සම‍්මුඛට‍්ඨානෙයෙව අට‍්ඨාරසහත්‍ථං පාකාරං ලඞ‍්ඝිත්‍වා පුරතො ගලිතමදමත‍්තවාරණකුම‍්භෙ අක‍්කමිත්‍වා පබ‍්බතකූටානි පාතෙන‍්තො විය වාතජවානං අස‍්සතරානං පිට‍්ඨෙ අක‍්කමන‍්තො පාතෙත්‍වා රථධුරරථසීසෙසු අක‍්කමිත්‍වා භමිකං භමන‍්තො විය නීලඵලකානි නිග්‍රොධපත‍්තානි මද‍්දන‍්තො විය එකවෙගෙනෙව තියොජනමත‍්තං මග‍්ගං ගන‍්ත්‍වා “අත්‍ථි නු ඛො කොචි සුතසොමස‍්සත්‍ථාය පච‍්ඡතො ආගච‍්ඡන‍්තො”ති ඔලොකෙත්‍වා කඤ‍්චි අදිත්‍වා සණිකං ගච‍්ඡන‍්තො සුතසොමස‍්ස කෙසෙහි උදකබින්‍දූනි අත‍්තනො උරෙ පතිතානි දිස‍්වා “මරණස‍්ස අභායන‍්තො නාම නත්‍ථි, සුතසොමොපි මරණභයෙන රොදති මඤ‍්ඤෙ”ති චින‍්තෙත්‍වා ආහ –

පෝරිසාදයා සුතසෝම ඔසවා ගත්තේ ය. සෙසු රජවරු පාවලින් අල්ලාගෙන හිස යටට කොට පාදයෙන් හිසට පහර දෙමින් යයි බෝධිසත්ත්වයා සමීපයට පැමිණ නැමී ඔසවාගෙන කදෙහි හොවා ගත්තේ ය. හෙතෙම දොරටුවෙන් ගමන්කිරීම සැක සහිතයයි ඒ ඉදිරියේ ම අටළොස් රියන් උස ප්‍රාකාරයට නැග ඉදිරියෙන් ගිලිහුණු මද ඇතුන්ගේ කුඹල්තල ඉක්මවා පර්වත රාජයෙක් හෙළන්නාක් මෙන් වාතවේගයෙන් අශ්වරත්නයන් පිට ඉක්මවමින් හෙළා, රථ පෙළවල් ඉක්මවා, බඹරකු නාදකරන විලසින් නිල්ගෙඩි සහිත නුගපත් මර්දනය කරන්නාක් මෙන් එකම වේගයෙන් ම යොදුනක් පමණ ගොස්, සුතසෝමට වැඩ පිණිස පසුපසින් පැමිණෙන්නේ දැයි බලමින්, කිසිවකු නොදැක සෙමින් යමින් සුතසෝම ගේ කෙස්වලින් ජලබිංදු තමන් මතට වැටෙන්නා දැක, මරණයට නොබිය වූවෙක් නම් නැත. සුතසෝමද මරණ බියෙන් අඬන්නේ යයි හඟියි සිතා කීවේ ය.

“න වෙ රුදන‍්ති මතිමන‍්තො සපඤ‍්ඤා, බහුස‍්සුතා යෙ බහුඨානචින‍්තිනො; දීපඤ‍්හි එතං පරමං නරානං, යං පණ‍්ඩිතා සොකනුදා භවන‍්ති.

යම් හෙයකින් පණ්ඩිතයෝ අනුන්ගේ ශෝක දුරු කරන්නාහු වෙද්ද, මිනිසුන්හට ඒ ශෝක දුරුකිරීම පරම පිහිටකි. බහුශ්‍රැත වූ බොහෝ කරුණු සිතන්නා වූ සප්‍රාඥයෝ වෙද්ද, එබඳු මහා ප්‍රාඥයෝ ඒකාන්තයෙන් නො හඬති.

“අත‍්තානං ඤාතී උදාහු පුත‍්තදාරං, ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං; කිමෙව ත්‍වං සුතසොමානුතප‍්පෙ, කොරබ්‍යසෙට‍්ඨ වචනං සුණොම තෙත”න‍්ති.

කෝරව්‍ය ශ්‍රේෂ්ඨ මහරජතුමනි, නුඹ තමා ද ඥාතීන් ද නොහොත් අඹු දරුවන් ද ධාන්‍යය ද ධනය ද රිදී ද රන් ද යන මේ කුමකට තැවෙන්නෙහි ද යන මේ වචනය තා විචාරමි යි පෝරිසාදයා ඇසීය.

තත්‍ථ, භො සුතසොම මහාරාජ, යෙ පණ‍්ඩිතා කිං භූතා? මතිමන‍්තො අත්‍ථානත්‍ථං කාරණාකාරණං ජානනපඤ‍්ඤාය සමන‍්නාගතා, සප‍්පඤ‍්ඤා විචරණපඤ‍්ඤාය සමන‍්නාගතා, බහුස‍්සුතා බහුස‍්සුතධරා බහුට‍්ඨානචින‍්තිනො බහුකාරණචින‍්තනසීලා, තෙ පණ‍්ඩිතා මරණභයෙ උප‍්පන‍්නෙ සති භීතා හුත්‍වා වෙ එකන‍්තෙන න රුදන‍්ති න පරිදෙවන‍්ති. දීපං හීති, භො සුතසොම මහාරාජ හි කස‍්මා පන වදාමි, මහාසමුද‍්දෙ භින‍්නනාවානං වාණිජකානං ජනානං පතිට‍්ඨාභූතං මහාදීපං ඉව, එවම‍්පි තථා එතං පණ‍්ඩිතං අප‍්පටිසරණානං නරානං පරමං. යං යෙන කාරණෙන යෙ පණ‍්ඩිතා සොකීනං ජනානං සොකනුදා භවන‍්ති, භො සුතසොම මහාරාජ, ත්‍වං මරණභයෙන පරිදෙවීති මඤ‍්ඤෙ මඤ‍්ඤාමි. අත‍්තානන‍්ති, භො සුතසොම මහාරාජ, අත‍්තහෙතු උදාහු ඤාතිහෙතු පුත‍්තදාරහෙතු උදාහු ධඤ‍්ඤධනරජතජාතරූපහෙතු කිමෙව ත්‍වං කිමෙව ධම‍්මජාතං ත්‍වං අනුතප‍්පෙ අනුතප‍්පෙය්‍යාසි. කොරබ්‍යසෙට‍්ඨ කුරුරට‍්ඨවාසීනං සෙට‍්ඨ උත‍්තම, භො මහාරාජ, එතං තව වචනං සුණොමාති.

එහි යං පණ්ඩිතා යනු යම්බඳු ඔබ හා සමාන පණ්ඩිතයෝ වෙනතක් තබා ශෝකයෙන් පසුතැවිලි වෙත්ද, මෙසේ ශෝකය දුරුකිරීම වෙනත් මහා මුහුදේ බිඳුනු නැවට දිවයිනක් මෙන් පිහිට වෙයි. එහෙයින් නුඹ හා සමාන ප්‍රඥාවන්තයෝ නොඅඬත්ද, යන අර්ථයයි. කිමොනු ත්‍වං යනු මිත්‍ර සුතසෝමය, නුඹ හා සමාන මරණ බියෙන් හඬනවිට අන් අඳබාලයකු කුමක් කරන්නේද? තවද මේ පුත්‍රාදීන් අතරෙහි ද, එය විචාරමි. කිමොන ත්‍වං සුතසොමානු තප්පෙ යනු කිම මෙසේ ශෝක කරහි, කුමක් සිතහිද යන අර්ථයයි. [missing trans]

සුතසොමො ආහ –

සුතසෝම මෙසේ කීවේය.

“නෙවාහමත‍්තානමනුත්‍ථුනාමි, න පුත‍්තදාරං න ධනං න රට‍්ඨං; සතඤ‍්ච ධම‍්මො චරිතො පුරාණො, තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සානුතප‍්පෙ.

එම්බා පෝරිසාදය, මම තමන් ගැන ශෝක නො කරමි. අඹුදරුවන් ගැන ද ශෝක නො කරමි. ධනය ගැන හෝ ශෝක නො කරමි. රට ගැන හෝ ශෝක නො කරමි. පුරාණ වූ සත්පුරුෂ ධර්මය පුරුදු කරන ලද්දෙක්මි. බ්‍රාහ්මණයාට වූ ඒ පොරොන්දුව ගැන ශෝක කරමි.

“කතො මයා සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන, රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණසප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්ස”න‍්ති.

සිය රටෙහි ඉසුරු බව්හි පිහිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග පොරොන්දුවකට බැඳෙන ලද, බ්‍රාහ්මණයාට ඒ පොරොන්දුව සපුරා සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.

තත්‍ථ නෙවාහමත‍්තානමනුත්‍ථුනාමීති අහං තාව අත‍්තත්‍ථාය නෙව රොදාමි න සොචාමි, ඉමෙසම‍්පි පුත‍්තාදීනං අත්‍ථාය න රොදාමි න සොචාමි, අපිච ඛො පන සතං පණ‍්ඩිතානං චරිතො පුරාණධම‍්මො අත්‍ථි, යං සඞ‍්ගරං කත්‍වා පච‍්ඡා අනුතප‍්පනං නාම, තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්ස අහං අනුසොචාමීති අත්‍ථො . සච‍්චානුරක‍්ඛීති සච‍්චං අනුරක‍්ඛන‍්තො. සො හි බ්‍රාහ‍්මණො තක‍්කසිලතො කස‍්සපදසබලෙන දෙසිතා චතස‍්සො සතාරහා ගාථායො ආදාය ආගතො, තස‍්සාහං ආගන‍්තුකවත‍්තං කාරෙත්‍වා “න‍්හත්‍වා ආගතො සුණිස‍්සාමි, යාව මමාගමනා ආගමෙහී”ති සඞ‍්ගරං කත්‍වා ආගතො, ත්‍වං තා ගාථායො සොතුං අදත්‍වාව මං ගණ‍්හි. සචෙ මං විස‍්සජ‍්ජෙසි, තං ධම‍්මං සුත්‍වා සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්සාමීති වදති.

එහි අනුත්‍ථුනාමී යනු මම නොඅඬමි. මේ දූදරුවන්ගේ වැඩ පිණිස හෝ දුක්බර වචන නොකියමි. ශෝක නොකරමි. තවද සත්පුරුෂ ධර්මය ද, උගතුන් ගේ චරිතවලින් ලද පුරාණ ධර්මතාවයන් ද ඇත. බ්‍රාහ්මණ වූ මම පොරොන්දු වූ සත්‍යය නම් රකිමි යන අර්ථයයි. එහි අනුව ශෝක කරමි යන අර්ථයයි. සච්චානුරක්ඛී යනු සත්‍යය අනුව රකිමින් ඒ බ්‍රාහ්මණයා තක්‍ෂිලාවේ සිට කාශ්‍යප දසබලධාරීන් විසින් දේශනා කරන ලද, ගාථා සතර රැගෙන ආවේ, ඔහුට ම ආගන්තුක සත්කාරකොට නා, ආ බව අසන්නෙමි. යම්තාක් මගේ පැමිණීම වේ යයි පොරොන්දු දී ආවේ, නුඹ ඒ ගාථා ඇසීමට නොදීම මා අල්ලා ගත්තේ ය. ඉදින් මා අත හරින්නෙහි නම් ඒ බණ අසා සත්‍යය අනුව රකින්නී, යළිත් ආවර්ජනා කරන්නේය යයි පවසයි.

අථ නං පොරිසාදො ආහ –

ඉක්බිති පෝරිසාදයා කීවේ ය.

“නෙවාහමෙතං අභිසද‍්දහාමි, සුඛී නරො මච‍්චුමුඛා පමුත‍්තො; අමිත‍්තහත්‍ථං පුනරාවජෙය්‍ය, කොරබ්‍යසෙට‍්ඨ න හි මං උපෙසි.

මරු මුවින් මිදුණු, සුවපත් වූ, මනුෂ්‍ය තෙමේ නැවත සතුරාගේ අතට පැමිණෙන්නේ ය, යන මේ කාරණය මම විශ්වාස නො කරමි. කෝරව්‍ය රටෙහි අධිපති මහරජතුමනි, මා වෙත නො එළඹෙන්නෙහි ය.

“මුත‍්තො තුවං පොරිසාදස‍්ස හත්‍ථා, ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී; මධුරං පියං ජීවිතං ලද‍්ධ රාජ, කුතො තුවං එහිසි මෙ සකාස”න‍්ති.

කාම සම්පත් කැමතිවන්නො වූ රජතුමනි, නුඹ පෝරිසාදයා ගේ අතින් මිදුණෙහි සිය මැදුරට ගොස් මිහිරි ප්‍රිය ජීවිතයක් ලැබ නැවත මා වෙත කවර කරුණෙකින් පැමිණෙන්නෙහි දැ යි පෝරිසාදයා ඇසී ය.

තත්‍ථ සුඛීති සුඛප‍්පත‍්තො හුත්‍වා. මච‍්චුමුඛා පමුත‍්තොති මාදිසස‍්ස චොරස‍්ස හත්‍ථතො මුත‍්තතාය මරණමුඛා මුත‍්තො නාම හුත්‍වා අමිත‍්තහත්‍ථං පුනරාවජෙය්‍ය ආගච‍්ඡෙය්‍ය, අහං එතං වචනං නෙව අභිසද‍්දහාමි, කොරබ්‍යසෙට‍්ඨ ත්‍වං මම සන‍්තිකං න හි උපෙසි. මුත‍්තොති සුතසොම තුවං පොරිසාදස‍්ස හත්‍ථතො මුත‍්තො. සකං මන්‍දිරන‍්ති රාජධානිගෙහං ගන‍්ත්‍වා. කාමකාමීති කාමං කාමයමානො. ලද‍්ධාති අතිවිය පියං ජීවිතං ලභිත්‍වා තුවං මෙ මම සන‍්තිකෙ කුතො කෙන නාම කාරණෙන එහිසි.

එහි සුඛී යනු සුවපත් භාවයට පැමිණ. මච්චුමුඛා පමුත්තො යනු මා හා සමාන සොරකුගේ අතින් මිදීමට මරණ මුඛයෙන් මිදීම නම් වී. නහි මං උපෙසි යනු මෙතෙම සමීපයට නොඑළඹෙන්නේය. මන්‍දිරං යනු රාජධානිය හෝ ගෙදර කාමකාමී යන මෙය ආමන්ත්‍රණය කිරීමයි. කැමැති කැමැති පරිදි යන අර්ථයයි. [missing trans] කුතො යනු කවර නම් කරුණකින්.

තං සුත්‍වා මහාසත‍්තො සීහො විය අසම‍්භිතො ආහ –

ඒ අසා බෝසත්හු සිංහයකු මෙන් නොබියව මෙසේ කී සේක.

“මතං වරෙය්‍ය පරිසුද‍්ධසීලො, න ජීවිතං ගරහිතො පාපධම‍්මො; න හි තං නරං තායති දුග‍්ගතීහි, යස‍්සාපි හෙතු අලිකං භණෙය්‍ය.

පිරිසිදු සිල් ඇත්තේ මරණය කැමති වන්නේ ය. මෙරමා විසින් නින්දා කරන ලද පාපසම්භව ඇත්තෙක් ව ජීවිතය නො කැමති වන්නේ ය. යමක් හේතු කොට ගෙන බොරු කියන්නේ නම් එය ඒ සත්ත්වයා දුගතියෙන් නො මුදාලන්නේ ය.

“සචෙපි වාතො ගිරිමාවහෙය්‍ය, චන්‍දො ච සූරියො ච ඡමා පතෙය්‍යුං; සබ‍්බා ච නජ‍්ජො පටිසොතං වජෙය්‍යුං, න ත්‍වෙවහං රාජ මුසා භණෙය්‍යං.

මහරජ, ඉදින් වාතය පර්වතයක් පුළුන් පොදක් සේ ගෙන යතුදු සඳ හිරු බිම වැටෙතුදු හැම නදීහු උඩු ගං බලා යතුතදු මම නම් බොරු නො කියමි යි සුතසෝම තෙමේ කීයේ ය.

“නභං ඵලෙය්‍ය උදධීපි සුස‍්සෙ, සංවත‍්තයෙ භූතධරා වසුන්‍ධරා; සිලුච‍්චයො මෙරු සමූලමුප‍්පතෙ, න ත්‍වෙවහං රාජ මුසා භණෙය්‍ය”න‍්ති.

[missing trans]

තත්‍ථ මතං වරෙය්‍යාති පොරිසාද යො නරො පරිසුද‍්ධසීලො ජීවිතහෙතු අණුමත‍්තම‍්පි පාපං න කරොති, සීලසම‍්පන‍්නො හුත්‍වා වරෙය්‍ය තං මරණං ඉච‍්ඡෙය්‍ය, ගරහිතො පාපධම‍්මො තං ජීවිතං න සෙය්‍යො, දුස‍්සීලො පුග‍්ගලො යස‍්සාපි හෙතු අත‍්තාදිනොපි හෙතු අලිකං වචනං භණෙය්‍ය, තං නරං එවරූපං දුග‍්ගතීහි තං අලිකං න තායතෙ. සචෙපි වාතො ගිරිමාවහෙය්‍යාති, සම‍්ම පොරිසාද, තයා සද‍්ධිං එකාචරියකුලෙ සික‍්ඛිතො එවරූපො සහායකො හුත්‍වා අහං ජීවිතහෙතු මුසා න කථෙමි, කිං න සද‍්දහසි. සචෙ පුරත්‍ථිමාදිභෙදො වාතො උට‍්ඨාය මහන‍්තං ගිරිං තූලපිචුං විය ආකාසෙ ආවහෙය්‍ය, චන්‍දො ච සූරියො ච අත‍්තනො අත‍්තනො විමානෙන සද‍්ධිං ඡමා පථවියං පතෙය්‍යුං, සබ‍්බාපි නජ‍්ජො පතිසොතං වජෙය්‍යුං, භො පොරිසාද , එවරූපං වචනං සචෙ භණෙය්‍ය, තං සද‍්දහිතබ‍්බං, අහං මුසා භණෙය්‍යං ඉති වචනං තුය‍්හං ජනෙහි වුත‍්තං, න ත්‍වෙව තං සද‍්දහිතබ‍්බං.

එහි මතං වරෙය්‍යා යනු මරණය කැමැති වන්නේය. කැමැති වේවා! ප්‍රාර්ථනා කෙරේවා යන අර්ථයයි. න හි ජීවිතං යනු අකුසල ධර්ම කරන්නා ගර්හිත වූ පිරිහුණු ජීවිතය උතුම් නොවන්නේ ය. එවැන්නක් කැමැති නොවේවා! ඔහුගේ ජීවිතය පරලොව ද අයහපත් බැවින් දුජ්ජීවිත නම් වේ. යස්සා යනු යම්බඳු තමන්ගේ වැඩ පිණිස දුසිල් වූ. අලිකං භණෙය්‍ය මේ ආත්මාලාභයට ඒ මිනිසා දුගතිගාමී නොවේයයි, නොරකියි. ගිරිමාවහෙය්‍යා යනු මිත්‍ර පෝරිසාදය, මා සමග එකම ගුරුකුලයක පුහුණු වූයේ, මෙබඳු ආකාර මිත්‍රයෙකු වී, මේ ජීවත්වීම උදෙසා බොරු නොකියන්න. කිම නොඅදහන්නෙහි? ඉදින් පෙර කටයුතු සේ සිතන්න. වාතය නැගී සිට මහත් පර්වතය සෙලවිය නොහැකි සේ, අහසේ දරන්නා වූ දේවල් ද මම මුසාබස් නොකියන්නෙමියි ඔබ විශ්වාස කළ යුතුය. මෙය වනාහි ඔබ නොඅදහාද? මෙසේ කී කල්හි ද ඔහු නොඅදහන්නේ ම ය.

එවං වුත‍්තෙපි සො න සද‍්දහියෙව. අථ බොධිසත‍්තො “අයං මය‍්හං න සද‍්දහති, සපථෙනපි නං සද‍්දහාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා, “සම‍්ම පොරිසාද, ඛන්‍ධතො තාව මං ඔතාරෙහි, සපථං කත්‍වා තං සද‍්දහාපෙස‍්සාමී”ති වුත‍්තෙ තෙන ඔතාරෙත්‍වා භූමියං ඨපිතො සපථං කරොන‍්තො ආහ –

ඉක්බිති බෝසත් මෙතෙම මා විශ්වාස නොකරයි. සපථ කළ කල්හි ද ඔහු විශ්වාස කරවන්නෙමියි සිතා, මිත්‍ර; පෝරිසාදය, කඳෙන් මාව බස්සවන්න. විශ්වාස ලෙස තහවුරු කොට ඔබට අදහා පෙන්වන්නෙමියි කී කල්හි, ඔහු විසින් බස්සවා බිම තබන ලද්දේ, සපථ කරමින් මෙය කීවේ ය.

“අසිඤ‍්ච සත‍්තිඤ‍්ච පරාමසාමි, සපථම‍්පි තෙ සම‍්ම අහං කරොමි; තයා පමුත‍්තො අනණො භවිත්‍වා, සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්ස”න‍්ති.

අහස පැළී ගිය ද, සයුර වියළී ගිය ද, සත්ත්වයන් දරා සිටුනා පෘථිවිය පෙරළී ගිය ද, මහමෙර ඉදිරි වැටෙතුදු මහරජ මම නම් බොරු නො කියමි.

තස‍්සත්‍ථො – සම‍්ම පොරිසාද, සචෙ ඉච‍්ඡසි, එවරූපෙහි ආවුධෙහි සංවිහිතාරක‍්ඛෙ ඛත‍්තියකුලෙ මෙ නිබ‍්බත‍්ති නාම මා හොතූති අසිඤ‍්ච සත‍්තිඤ‍්ච පරාමසාමි. සචෙ අඤ‍්ඤෙහි රාජූහි අකත‍්තබ‍්බං අඤ‍්ඤං වා යං ඉච‍්ඡසි, තං සපථම‍්පි තෙ, සම‍්ම, අහං කරොමි. යථාහං තයා පමුත‍්තො ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණස‍්ස අනණො හුත්‍වා සච‍්චමනුරක‍්ඛන‍්තො පුනරාගමිස‍්සාමීති.

එහි අර්ථය නම්:- ඉදින් කැමැතිවෙහි ද? මෙබඳු ආකාර ආයුධවලින් මනාසේ සංයම වූ රකින ලද ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නී නම් නොවේවා!යි කඩුවක් හෝ සැතක් පිරිමදිමි. අන් දෙයක් හෝ ඔබ කැමැති වෙහි නම් මිත්‍රය, මම ඔබට ඉන් සත්‍යය පෙන්වමි. යම් සේ මම, ඔබගෙන් මිදුණේ ගොස් බ්‍රාහ්මණයා ළඟ හිඳ සත්‍යය අනුව රකිමින් යළිත් පෙරළා පැමිණෙන්නෙමි.

තතො පොරිසාදො “අයං සුතසොමො ඛත‍්තියෙහි අකත‍්තබ‍්බං සපථං කරොති, කිං මෙ ඉමිනා, එස එතු වා මා වා, අහම‍්පි ඛත‍්තියරාජා, මමෙව බාහුලොහිතං ගහෙත්‍වා දෙවතාය බලිකම‍්මං කරිස‍්සාමි, අයං අතිවිය කිලමතී”ති චින‍්තෙත්‍වා –

ඉක්බිති පෝරිසාදයා මේ සුතසෝම ක්‍ෂත්‍රියන් විසින් නොකළ යුතුවූ ලෙස සපථ කරයි. මොහුගෙන් මට කවරක් ද? මොහු ඒවා හෝ නොවේවා! මම ද, ක්‍ෂත්‍රිය රජුගෙන් මට ම බාහුවෙන් ලේ ගෙන දේවතාවාට බලිකර්මය කරන්නෙමි මෙතෙම අතිශයින් ක්ලාන්ත වේයයි සිතා කීවේය.

“යො තෙ කතො සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන, රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණසප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජස‍්සූ”ති.

යහළු පෝරිසාදය, කඩුව ද සිරිය ද මම පරාමර්ශනය කරමි. යහලුව මම ඔබට දිව්රීම ද කරමි. නුඹ විසින් මුදන ලද මම බ්‍රාහ්මණයාට ණය නැත්තෙක් ව, සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි රජතෙමේ කීවේ ය.

යන ගාථාව කීවේය.

තත්‍ථ පුනරාවජස‍්සූති පුන ආගච‍්ඡෙය්‍යාසි.

එහි පුනරාවජස්සු යනු යළිත් පෙරළා පැමිණෙන්නේය යන අර්ථයි.

අථ නං මහාසත‍්තො, “සම‍්ම, මා චින‍්තයි, චතස‍්සො සතාරහා ගාථා සුත්‍වා ධම‍්මකථිකස‍්ස පූජං කත්‍වා පාතොවාගමිස‍්සාමී”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔහුට බෝසත්තෙම, මිත්‍රය; නොසිතව. සතර සත්පුරුෂ ගාථා අසා ධර්මකථිකයාට පූජාකොට උදෑසනම පැමිණෙන්නෙමියි කියා ගාථාව කීවේ ය.

“යො මෙ කතො සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන, රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණසප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාවජිස‍්ස”න‍්ති.

මහරජ, සිය රටෙහි ඉසුරු බව්හි සිටියා වූ ඔබ විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දු වීමක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙහි නැවත මෙහි එව යි පෝරිසාදයා කීවේ ය.

අථ නං පොරිසාදො, “මහාරාජ, තුම‍්හෙ ඛත‍්තියෙහි අකත‍්තබ‍්බං සපථං කරිත්‍ථ, තං අනුස‍්සරෙය්‍යාථා”ති වත්‍වා, “සම‍්ම පොරිසාද, ත්‍වං මං දහරකාලතො පට‍්ඨාය ජානාසි, හාසෙනපි මෙ මුසා න කථිතපුබ‍්බා, සොහං ඉදානි රජ‍්ජෙ පතිට‍්ඨිතො ධම‍්මාධම‍්මං ජානන‍්තො කිං මුසා කථෙස‍්සාමි, සද‍්දහසි මය‍්හං , අහං තෙ ස‍්වෙ බලිකම‍්මං පාපුණිස‍්සාමී”ති සද‍්දහාපිතො “තෙන හි ගච‍්ඡ, මහාරාජ, තුම‍්හෙසු අනාගතෙසු බලිකම‍්මං න භවිස‍්සති, දෙවතාපි තුම‍්හෙහි විනා න සම‍්පටිච‍්ඡති, මා මෙ බලිකම‍්මස‍්ස අන‍්තරායං කරිත්‍ථා”ති මහාසත‍්තං උය්‍යොජෙසි. සො රාහුමුඛා මුත‍්තචන්‍දො විය නාගබලො ථාමසම‍්පන‍්නො ඛිප‍්පමෙව නගරං සම‍්පාපුණි. සෙනාපිස‍්ස “සුතසොමො රාජා පණ‍්ඩිතො මධුරධම‍්මකථිකො එකං ද‍්වෙ කථා කථෙතුං ලභන‍්තො පොරිසාදං දමෙත්‍වා සීහමුඛා මුත‍්තමත‍්තවාරණො විය ආගමිස‍්සති, ‘ඉමෙ රාජානං පොරිසාදස‍්ස දත්‍වා ආගතා’ති මහාජනො ගරහිස‍්සතී”ති චින‍්තෙත්‍වා බහිනගරෙයෙව ඛන්‍ධාවාරං කත්‍වා ඨිතා තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “කච‍්චි, මහාරාජ, පොරිසාදෙන කිලමිතො”ති පටිසන්‍ථාරං කත්‍වා “පොරිසාදෙන මය‍්හං මාතාපිතූහිපි දුක‍්කරං කතං, තථාරූපො නාම චණ‍්ඩො සාහසිකො පොරිසාදො මම ධම‍්මකථං සුත්‍වා මං විස‍්සජ‍්ජෙසී”ති වුත‍්තෙ රාජානං අලඞ‍්කරිත්‍වා හත්‍ථික‍්ඛන්‍ධං ආරොපෙත්‍වා පරිවාරෙත්‍වා නගරං පාවිසි. තං දිස‍්වා සබ‍්බෙ නාගරා තුස‍්සිංසු.

ඉක්බිති ඔහුට පෝරිසාදයා, මහරජ; ඔබ ක්‍ෂත්‍රියන් විසින් නොකළ යුත්තක් සපථ කරන ලදි. එය සිහිපත් කරන්නෙවු යයි කියා මිත්‍රය; පෝරිසාදය, නුඹ මා ළදරු කාලයේ පටන් දනිහි. සිනහවෙන්වත් මුසා නොකිය යුතුය. දැන් මම ඉදින්, රාජ්‍යයේ සිටියේ ධර්මය අධර්මය දන්නේ කුමක් නිසා මුසා බස් කියන්නෙම්ද? මා අදහන්න. මම ඔබට බලිපූජා කර්මය පමුණුවන්නෙමියි විශ්වාස කරන නමුත්, එසේ වීනම් යව මහරජ; ඔබලා අනාගතයේ බලිකර්මයේ සිදු නොවන්නේය. දේවතාවෝ ද ඔබලා හැර නොපිළිගනියි. මගේ බලිකර්මයට අනතුරක් නොකරාවායි බෝසතුන් පිටත් කෙළේ ය. හෙතෙම රාහුගෙන් මිදුණු චන්ද්‍රයා මෙන් හස්ති බල වීර්ය සම්පන්න වූයේ, වහාම නගරයට පැමිණියේය. ඔහු ගේ සේනාව ද, සුතසෝම රජු පණ්ඩිතය. මිහිරි ධර්ම කථිකයෙකි. කථා එකක් දෙකක් හෝ කීමට ලබන්නේ පෝරිසාදයා දමනයකොට සිංහ මුඛයෙන් මිදුණු මත් ඇතකු මෙන් පැමිණෙන්නේ යයි රජු පෝරිසාදයාට දී, ආවෝ යයි අපට ගර්හා කරන්නෝ යයි සිතා නගරයෙන් ඔහු දුරසිටම පැමිණෙනවා දැක, පෙර ගමන් කොට වැඳ කිම මහරජ, පෝරිසාදයා දවසින් ක්ලාන්ත නොකළේදැයි පිළිසඳර කථාකොට පෝරිසාදයා විසින් මගේ මව්පියන් විසින් ද කරන ලද දුෂ්කර දෙයක් කරන ලද්දේයයි එබඳු ආකාර, චණ්ඩ සාහසිකයකු මගේ දහම් කථා අසා මා මුදාහැරියේ යයි කී කල්හි රජ අලංකාර කොට, ඇතුපිට නංවා, පිරිවරා නගරයට පිවිසුණේය. ඒ දැක සියළු නාගරිකයෝ සතුටුවූහ.

සොපි ධම‍්මගරුතාය ධම‍්මසොණ‍්ඩතාය මාතාපිතරො අදිස‍්වාව “පච‍්ඡාපි නෙ පස‍්සිස‍්සාමී”ති රාජනිවෙසනං පවිසිත්‍වා රාජාසනෙ නිසීදිත්‍වා බ්‍රාහ‍්මණං පක‍්කොසාපෙත්‍වා මස‍්සුකම‍්මාදීනිස‍්ස ආණාපෙත්‍වා තං කප‍්පිතකෙසමස‍්සුං න‍්හාතානුලිත‍්තං වත්‍ථාලඞ‍්කාරපටිමණ‍්ඩිතං කත්‍වා ආනෙත්‍වා දස‍්සිතකාලෙ සයං පච‍්ඡා න‍්හත්‍වා තස‍්ස අත‍්තනො භොජනං දාපෙත්‍වා තස‍්මිං භුත‍්තෙ සයං භුඤ‍්ජිත්‍වා තං මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා ධම‍්මගරුකතාය අස‍්ස ගන්‍ධමාලාදීහි පූජං කත්‍වා සයං නීචෙ ආසනෙ නිසීදිත්‍වා “තුම‍්හෙහි මය‍්හං ආභතා සතාරහා ගාථා සුණොම ආචරියා”ති යාචි. තමත්‍ථං දීපෙන‍්තො සත්‍ථා ගාථමාහ –

ඔහු ද, ධර්මයට ඇලුණු බැවින් මව්පියන් නොදැකම, පසුව හෝ ඔවුන් බලන්නෙමියි, රාජ මන්දිරයට පිවිස, රාජාසනයේ හිද, බමුණා කැඳවා රැවුල් කැපීම ආදිය අණ කරවා, හේ කපන ලද කෙස් රවුල් ඇත්තේ ස්නානයට කැමැත්තේ වස්ත්‍රාලංකාරයෙන් සැරසුණේ ගෙනවිත් දක්වන කල්හි තෙමේ පසුව නා, ඔහුට තමන්ගේ ආහාර දී, ඔහු වැළඳූ විට තෙමේ වළඳා ඔහු මාහැඟි පලඟෙහි වඩාහිඳුවා ධර්මයට ගරුකළ යුතු බැවින් සුවඳමල් ආදියෙන් පූජාකොට තෙමේ නිවෙස්නේ හිඳුවා ඔබලා විසින් මට රැස්කරන ලද, ගුරුතුමනි, සත්පුරුෂ ගාථා අසමි යයි ආයාචනා කෙළේය. ඒ අර්ථය ප්‍රකට කරවමින් ශාස්තෲන් වහන්සේ වදාළ සේක;

“මුත‍්තො ච සො පොරිසාදස‍්ස හත්‍ථා, ගන‍්ත්‍වාන තං බ්‍රාහ‍්මණං එතදවොච; සුණොමි ගාථායො සතාරහායො, යා මෙ සුතා අස‍්සු හිතාය බ්‍රහ‍්මෙ”ති.

ඒ සුතසෝම රජු තෙම පෝරිසාදයාගේ අතින් මිදුණේ ඒ බමුණා වෙත ගොස් මෙසේ කීවේ ය. එම්බා බ්‍රාහ්මණය, අසන ලද යම් ඒ ගාථාවෝ හිත පිණිස පවතිද්ද, ඒ සතාරහ නම් ගාථාවන් අසමි යි රජ තෙම කීවේ ය.

තත්‍ථ එතදවොචාති එතං අවොච.

එහි එතදවොච යනු මෙසේ කීවේය යන අරුතය.

අථ බ්‍රාහ‍්මණො බොධිසත‍්තෙන යාචිතකාලෙ ගන්‍ධෙහි හත්‍ථෙ උබ‍්බට‍්ටෙත්‍වා පසිබ‍්බකා මනොරමං පොත්‍ථකං නීහරිත්‍වා උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා “තෙන හි, මහාරාජ, කස‍්සපදසබලෙන දෙසිතා රාගමදාදිනිම‍්මදනා අමතමහානිබ‍්බානසම‍්පාපිකා චතස‍්සො සතාරහා ගාථායො සුණොහී”ති වත්‍වා පොත්‍ථකං ඔලොකෙන‍්තො ආහ –

බමුණා බෝසතුන් විසින් ඉල්ලා සිටින කල්හි සුවඳමලින් අත පොඟවා පසුම්බියෙන් මනෝරම්‍ය වූ පොතක් ගෙනහැර දෑතින් ගෙන, එසේ වීනම් මහරජ; කාශ්‍යප බුදුරදුන් විසින් දේශනා කරන ලද රාගය මදය මර්දනය කරන ආලය ආඝාතය ආදිය ආශ්‍රිත වූ තෘෂ්ණාව ක්‍ෂය කරන්නා වූ විරාගික නිරෝධ වූ අමාමහ නිවන සම්පාදනය කරන්නා වූ, සතාරහ ගාථා සතර අසවයි කියා, පොත බලමින් කීවේය.

“සකිදෙව සුතසොම, සබ‍්භි හොති සමාගමො; සා නං සඞ‍්ගති පාලෙති, නාසබ‍්භි බහු සඞ‍්ගමො.

සුතසෝම රජුනි, සත්පුරුෂයන් සමග එක් වරක් හෝ එක්වෙයි ද, එය ඔහු රකී. අසත්පුරුෂයන් සමග බොහෝ වූ ද එක්වීම් එසේ නො කෙරේ.

“සබ‍්භිරෙව සමාසෙථ, සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං; සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය, සෙය්‍යො හොති න පාපියො.

සත් පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත් පුරුෂයන් සමග ම මිත්‍ර සන්ථවය කරන්නේ ය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය. ලාමකයෙක් නො වන්නේ ය.

“ජීරන‍්ති වෙ රාජරථා සුචිත‍්තා, අථො සරීරම‍්පි ජරං උපෙති; සතඤ‍්ච ධම‍්මො න ජරං උපෙති, සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්ති.

ඉතා විසිතුරු කරන ලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. යළි ශරීරය ද, ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිර්වාණ ධර්මය ජරාවට නො යයි. බුද්ධාදි සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ඒ නිවන ප්‍රකාශ කරති.

“නභඤ‍්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන‍්ති, සතඤ‍්ච ධම‍්මො අසතඤ‍්ච රාජා”ති.

මහරජ, අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ පරතෙර ද දුරෙහි පිහිටියේය. සත්පුරුෂයන්ගේ ධර්මය හා අසත්පුරුෂයන්ගේ ධර්මය අතර ඒකාන්තයෙන් දුරතර යයි කියත්.

තත්‍ථ සකිදෙවාති එකවාරමෙව. සබ‍්භීති සප‍්පුරිසෙහි. සා නන‍්ති සා සබ‍්භි සප‍්පුරිසෙහි සඞ‍්ගති සමාගමො එකවාරං පවත‍්තොපි තං පුග‍්ගලං පාලෙති රක‍්ඛති. නාසබ‍්භීති අසප‍්පුරිසෙහි පන බහු සුචිරම‍්පි කතො සඞ‍්ගමො එකට‍්ඨානෙ නිවාසො න පාලෙති, න ථාවරො හොතීති අත්‍ථො. සමාසෙථාති සද‍්ධිං නිසීදෙය්‍ය, සබ‍්බෙපි ඉරියාපථෙ පණ‍්ඩිතෙහෙව සද‍්ධිං පවත‍්තෙය්‍යාති අත්‍ථො. සන්‍ථවන‍්ති මිත‍්තසන්‍ථවං. සතං සද‍්ධම‍්මන‍්ති පණ‍්ඩිතානං බුද‍්ධාදීනං සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මසඞ‍්ඛාතං සද‍්ධම‍්මං. සෙය්‍යොති එතං ධම‍්මං ඤත්‍වා වඩ‍්ඪියෙව හොති, හානි නාම නත්‍ථීති අත්‍ථො. රාජරථාති රාජූනං ආරොහනීයරථා. සුචිත‍්තාති සුපරිකම‍්මකතා. සබ‍්භි පවෙදයන‍්තීති බුද‍්ධාදයො සන‍්තො “සබ‍්භී”ති සඞ‍්ඛං ගතං සොභනං උත‍්තමං නිබ‍්බානං පවෙදෙන‍්ති ථොමෙන‍්ති, සො නිබ‍්බානසඞ‍්ඛාතො සතං ධම‍්මො ජරං න උපෙති න ජීරති. නභන‍්ති ආකාසො. දූරෙති පථවී හි සප‍්පතිට‍්ඨා සගහණා, ආකාසො නිරාලම‍්බො අප‍්පතිට‍්ඨො, ඉති උභො එතෙ එකාබද‍්ධාපි විසංයොගට‍්ඨෙන අනුපලිත‍්තට‍්ඨෙන ච දූරෙ නාම හොන‍්ති. පාරන‍්ති ඔරිමතීරතො පරතීරං. තදාහූති තං ආහු.

එහි සකිදෙව යනු එකපාරටම. සබ්භී යනු සත්පුරුෂයන් විසින්. සා නං යනු ඒ සත්පුරුෂයන් සමග එකතු වේද? රැස්වීම එකවාරයක් හෝ පවත්වාද? ඒ පුද්ගලයා. පාලෙති රකියි. නාසබ්භි යනු අසත්පුරුෂයන් විසින්. බහු දිගුකලක් කරන ලද. සංගමො එක්තැන වාසය පාලනය නොකරයි ස්ථාවර නොවේ යන අර්ථයයි. සමාසෙථ යනු සමග සිටින්නේ ය. සියළුම ඉරියව්වලින් සිටි පණ්ඩිතයන් සමග පවතින්නේ ය යන අර්ථයයි. සන්‍ථවං යනු මිත්‍ර සංසර්ගයයි. සතං සද්ධම්මං යනු බුද්ධාදී මහ වියතුන්ගේ සප්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සංඛ්‍යාත සද්ධර්මයයි. සෙය්‍යොහොති මේ ධර්මය දැන වෘද්ධියටම පත්වෙයි. හානියක් නම් නැත යන අර්ථයයි. රාජරථා යනු රජවරුන් නැගී යන රථ. සුචිත්තා යනු මැනවින් පිරියම් කරන ලද. සබ්භිපවෙදයන්ති යනු බුද්ධාදි සත්පුරුෂයෝ සබ්භි යනු සත්පුරුෂ බවට ගිය, ශෝභන වූ උතුම් නිවන අවබෝධ කරගනිත්. හෙතෙම නිර්වාණ සංඛ්‍යාත සත්පුරුෂයා ජරාවට නොපැමිණේ. දිරා නොයයි. නභං යනු ආකාශයයි. දූරෙ යනු පොළොවේ මැනවින් පිහිටි, පැතිරුණු ආකාශයයි. නිරාලම්බව, නොපිහිටි යන මේ කරුණු දෙකම ඒකාබද්ධ වූයේ, විසංයෝග වශයෙන් නොපැසුණු යන අර්ථයෙන් දූර නම් වෙති. පාරං යනු එතර-මෙතෙර යනුයි. තදාහු යනු එය කීවාහුය.

ඉති බ්‍රාහ‍්මණො චතස‍්සො සතාරහා ගාථා කස‍්සපදසබලෙන දෙසිතනියාමෙන දෙසෙත්‍වා තුණ‍්හී අහොසි . තං සුත්‍වා මහාසත‍්තො “සප‍්ඵලං වත මෙ ආගමන”න‍්ති තුට‍්ඨචිත‍්තො හුත්‍වා “ඉමා ගාථා නෙව සාවකභාසිතා, න ඉසිභාසිතා, න කෙනචි භාසිතා, සබ‍්බඤ‍්ඤුනාව භාසිතා, කිං නු ඛො අග‍්ඝන‍්තී”ති චින‍්තෙත්‍වා “ඉමාසං සකලම‍්පි චක‍්කවාළං යාව බ්‍රහ‍්මලොකා සත‍්තරතනපුණ‍්ණං කත්‍වා දදමානොපි නෙව අනුච‍්ඡවිකං කාතුං සක‍්කොති, අහං ඛො පනස‍්ස තියොජනසතෙ කුරුරට‍්ඨෙ සත‍්තයොජනිකෙ ඉන්‍දපත්‍ථනගරෙ රජ‍්ජං දාතුං පහොමි, අත්‍ථි නු ඛ‍්වස‍්ස රජ‍්ජං කාරෙතුං භාග්‍ය”න‍්ති අඞ‍්ගවිජ‍්ජානුභාවෙන ඔලොකෙන‍්තො නාද‍්දස. තතො සෙනාපතිට‍්ඨානාදීනි ඔලොකෙන‍්තො එකගාමභොජකමත‍්තස‍්සපි භාග්‍යං අදිස‍්වා ධනලාභස‍්ස ඔලොකෙන‍්තො කොටිධනතො පට‍්ඨාය ඔලොකෙත්‍වා චතුන‍්නංයෙව කහාපණසහස‍්සානං භාග්‍යං දිස‍්වා “එත‍්තකෙන නං පූජෙස‍්සාමී”ති චතස‍්සො සහස‍්සත්‍ථවිකා දාපෙත්‍වා, “ආචරිය, තුම‍්හෙ අඤ‍්ඤෙසං ඛත‍්තියානං ඉමා ගාථා දෙසෙත්‍වා කිත‍්තකං ධනං ලභථා”ති පුච‍්ඡති. “එකෙකාය ගාථාය සතං සතං, මහාරාජ, තෙනෙව තා සතාරහා නාම ජාතා”ති. අථ නං මහාසත‍්තො, “ආචරිය, ත්‍වං අත‍්තනා ගහෙත්‍වා වික‍්කෙය්‍යභණ‍්ඩස‍්ස අග‍්ඝම‍්පි න ජානාසි , ඉතො පට‍්ඨාය එකෙකා ගාථා සහස‍්සාරහා නාම හොන‍්තූ”ති වත්‍වා ගාථමාහ –

මෙසේ බමුණා සතර සකාරහ ගාථා කාශ්‍යප බුදුරදුන් විසින් දේශනා කරන ලද න්‍යායෙන් දේශනා කොට නිශ්ශබ්ද විය. ඒ අසා බෝසත් මට යහපත් වූයේ යයි, සතුටු සිතැත්තේ මේ ගාථා ශ්‍රාවක භාෂිත නො වේ. සෘෂි භාෂිත ද නොවේ. පණ්ඩිත භාෂිත ද නොවේ. සර්වඥයන් වහන්සේ විසින් ම දේශනා කරන ලද්දේ වෙහි ය. කුමක් නිසා, අනර්ඝ දැයි සිතා මේ මුළු චක්‍රවාටයේ සිට සත්රුවන් පුරවා දෙනු ලබන්නේ, සුදුසු දෙයක් කිරීමට නොම හැකියයි, මම වනාහි යොදුන් තුන්සියයක්, කුරු රටෙහි, යොදුන් සතක් වූ ඉඳිපත් නුවර ද, රාජ්‍යය දීමට කැමැති වෙමි. ඔබට රාජ්‍යය ඉසිලීමට භාග්‍යයක් ඇද්ද? අංගවිද්‍යානුකූලව බලන්නේ, නුදුටුවේය. ඉක්බිති සෙනෙවි තනතුරු ආදිය සිතා එක් ග්‍රාම පාලකයෙකුගේ ද භාග්‍ය නො දැක, ධනලාභාදිය බලන්නේ, කෝටියක් ධනයේ පටන් බලා, කහවනු හාරදහසක් භාග්‍ය දැක මෙපමණකින් ඔබව පුදන්නෙමියි සාරදහසක් ධනය දී, ගුරුතුමනි, ඔබට හැර වෙනත් ක්‍ෂත්‍රියන්ට මේ ගාථා දේශනා කොට කුමක් ලබහුදැයි විචාළේය. මහරජ, මේ අයුරින් කාය එක සියය සියය බැගින් ලැබ ඔවුහු සතාරහා නම් වූයේ යයි කීවේ ය. ඉක්බිති ඔහුට, බෝසත් ගුරුතුමනි; තමන් විසින් ගෙන පරිහරණය කරන ලද, භාණ්ඩයේ අගය නොදනිහි. මෙතැන් පටන් ඔවුහු සහස්සරහා (දහසක් වටනේය) නම් වෙත්වා’යි කියා ගාථාව කීවේ ය.

“සහස‍්සියා ඉමා ගාථා, නහිමා ගාථා සතාරහා; චත‍්තාරි ත්‍වං සහස‍්සානි, ඛිප‍්පං ගණ‍්හාහි බ්‍රාහ‍්මණා”ති.

බමුණ, මේ ගාථාවෝ සීයක් නොව දහසක් වටනාහු වෙති. එහෙයින් ඔබ සාරදහසක් වහා ගනුව යි සුතසෝම රජ කීවේ ය.

තස‍්සත්‍ථො – බ්‍රාහ‍්මණ, ඉමා ගාථා සහස‍්සියා සහස‍්සාරහා, ඉමා ගාථා සතාරහා න හි හොන‍්තු, බ්‍රාහ‍්මණ, ත්‍වං චත‍්තාරි සහස‍්සානි ඛිප‍්පං ගණ‍්හාති.

[missing trans]

අථස‍්ස එකං සුඛයානකං දත්‍වා “බ්‍රාහ‍්මණං සොත්‍ථිනා ගෙහං සම‍්පාපෙථා”ති පුරිසෙ ආණාපෙත්‍වා තං උය්‍යොජෙසි. තස‍්මිං ඛණෙ “සුතසොමරඤ‍්ඤා සතාරහා ගාථා සහස‍්සාරහා කත්‍වා පූජිතා සාධු සාධූ”ති මහාසාධුකාරසද‍්දො අහොසි. තස‍්ස මාතාපිතරො තං සද‍්දං සුත්‍වා “කිං සද‍්දො නාමෙසා”ති පුච‍්ඡිත්‍වා යථාභූතං සුත්‍වා අත‍්තනො ධනලොභතාය මහාසත‍්තස‍්ස කුජ‍්ඣිංසු. සොපි බ්‍රාහ‍්මණං උය්‍යොජෙත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථස‍්ස පිතා “කථං, තාත, එවරූපස‍්ස සාහසිකස‍්ස චොරස‍්ස හත්‍ථතො මුත‍්තොසී”ති පටිසන්‍ථාරමත‍්තම‍්පි අකත්‍වා අත‍්තනො ධනලොභතාය “සච‍්චං කිර, තාත, තයා චතස‍්සො ගාථා සුත්‍වා චත‍්තාරි සහස‍්සානි දින‍්නානී”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ ගාථමාහ –

ඉක්බිති ඔහුට එක් සැප යානාවක් දී බමුණාට සොත්‍ථිය ගේ ගෙට පිවිසෙවු යයි පුරුෂයන්ට අණ කොට ඔහු පිටත් කෙළේය. එකෙණෙහි සුතසෝම රජු විසින් සියක්වර අනගි (සතාරභා ගාථා) සහස්සරහා කොට පුදන ලද්දී, සාධු සාධු යයි මහා සාධුකාර හඬක් විය. ඔහුගේ දෙමව්පියෝ ඒ ශබ්දය අසා මේ කිනම් ශබ්දයක්දැයි විචාරා ඇති තතු පරිදි අසා දැන, ධනයට ලොල් බැවින් බෝසතුන්ට කිපුණෝය. ඔහු ද බමුණා පිටත්කොට, ඔවුන්ගේ සමීපයට ගොස් වැඳ සිටියේය. ඉක්බිති ඔහුගේ පියා, දරුව; මෙබඳු ආකාර වූ සාහසික සොරකු ගේ අතින් මිදුණේ දැයි පිළිසඳර කථා මාත්‍රයකුදු නොකොට තමන්ගේ ධනලොල් බව සත්‍යයකි. දරුව, ඔබගේ ගාථා සතර අසා සාරදහසක් දෙන ලදී යයි විචාරා සත්‍යයක් යයි කී කල්හි,

“ආසීතියා නාවුතියා ච ගාථා, සතාරහා චාපි භවෙය්‍ය ගාථා; පච‍්චත‍්තමෙව සුතසොම ජානහි, සහස‍්සියා නාම කා අත්‍ථි ගාථා”ති.

එම්බා සුතසෝමය, අසූවක් වටනා වූ ද, අනූවක් වටනා වූ ද සියයක් වටනා වූ ද ගාථාවෝ ඇතැ යි ඔබ දන්නෙහි ය. දහසක් වටිනා ගාථාවෝ කොහි වෙද්ද? කියා පිය රජ ඇසීය. කීවේය.

තස‍්සත්‍ථො – ගාථා නාම, තාත, ආසීතියා ච නාවුතියා ච සතාරහා චාපි භවෙය්‍ය, පච‍්චත‍්තමෙව අත‍්තනාව ජානාහි, සහස‍්සාරහා නාම ගාථා කා කස‍්ස සන‍්තිකෙ අත්‍ථීති.

[missing trans]

[missing pali]

එහි පච්චත්තමෙවා යනු තමන් දන්නෙහිය. කුධත්‍ථි යනු කොහේ ඇද්ද? යනුවෙනි.

අථ නං මහාසත‍්තො “නාහං, තාත, ධනෙන වුද‍්ධිං ඉච‍්ඡාමි, සුතෙන පන ඉච‍්ඡාමී”ති සඤ‍්ඤාපෙන‍්තො ආහ –

ඉක්බිති ඔහුට බෝසත්, දරුව මම ධනය වර්ධනය කිරීමට අකමැති වෙමි. කැමැති වෙමි යි අසන ලද්දේ නම් කැමැති වෙමියි හඟවන්නේ මෙය කීවේය.

“ඉච‍්ඡාමි වොහං සුතවුද‍්ධිමත‍්තනො, සන‍්තොති මං සප‍්පුරිසා භජෙය්‍යුං; අහං සවන‍්තීහි මහොදධීව, න හි තාත තප‍්පාමි සුභාසිතෙන.

පියාණනි, මම තමා ගේ ශ්‍රැතය පිළිබඳ දියුණුව කැමති වෙමි. ශාන්ත වූ සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්වා! මම වනාහි ගංගාවන්ගෙන් තෘප්ත නො වන්නා වූ මහා සාගරය මෙන් සුභාෂිතයෙන් තෘප්ත නො වෙමි.

“අග‍්ගි යථා තිණකට‍්ඨං දහන‍්තො, න කප‍්පතී සාගරොව නදීභි; එවම‍්පි තෙ පණ‍්ඩිතා රාජසෙට‍්ඨ, සුත්‍වා න තප‍්පන‍්ති සුභාසිතෙන.

යම් සේ ගින්න තණ හා දැව දවමින් තෘප්ත නො වේ ද, නදී ජලයෙන් සාගරය හෝ තෘප්ත නො වේ ද, රාජ ශ්‍රේෂ්ඨය එපරිද්දෙන් ම ඒ පණ්ඩිතයා ගේ සුභාෂිතයන් අසා තෘප්ත නො වෙමි.

“සකස‍්ස දාසස‍්ස යදා සුණොමි, ගාථං අහං අත්‍ථවතිං ජනින්‍ද; තමෙව සක‍්කච‍්ච නිසාමයාමි, න හි තාත ධම‍්මෙසු මමත්‍ථි තිත‍්තී”ති.

ප්‍රජාධිපති මහරජතුමනි, යම් විටෙක දී සිය දාසයකු ගෙන් වුව අර්ථවත් ගාථාවක් අසම් ද, එය සකස් කොට ම අසමි. පියාණන් වහන්ස, ධර්මයන් විෂයයෙහි මාගේ තෘප්තියක් නම් නැත්තේ ම ය.

තත්‍ථ වොති නිපාතමත‍්තං. “සන‍්තො”ති එතෙ ච මං භජෙය්‍යුං ඉති ඉච‍්ඡාමි. සවන‍්තීහීති නදීහි. සකස‍්සාති තිට‍්ඨතු, නන්‍ද, බ්‍රාහ‍්මණො, යදා අහං අත‍්තනො දාසස‍්සපි සන‍්තිකෙ සුණොමි, තාත, ධම‍්මෙසු මම තිත‍්ති න හි අත්‍ථීති.

එහි වො යනු නිපාත මාත්‍රයකි. සන්තො යනු මේ මා ඇසුරු කරත්වායි කැමැති වෙමි. සවන්තිහි යනු නදී (ගංගා)වලින්, සකස්සා යනු නන්ද බ්‍රාහ්මණය, සිටීවා! යම්කලෙක මම තමන්ගේ දාසයකු වන්නෙමි අසමි.

එවඤ‍්ච පන වත්‍වා “මා මං, තාත, ධනහෙතු පරිභාසසි, අහං ධම‍්මං සුත්‍වා ආගමිස‍්සාමී”ති සපථං කත්‍වා ආගතො, ඉදානාහං පොරිසාදස‍්ස සන‍්තිකං ගමිස‍්සාමි, ඉදං තෙ රජ‍්ජං ගණ‍්හථා”ති රජ‍්ජං නිය්‍යාදෙන‍්තො ගාථමාහ –

මෙසේ ද පවසා; දරුව, මට ධනය නිසා අපහාස නොකෙරේවා! මම බණ අසා පැමිණෙන්නෙමියි සහතික කොට ආවේ, දැන් මම පෝරිසාද ගේ සමීපයට යන්නෙමි. මේ රාජ්‍යය තොප ගනිවු! යයි රාජ්‍යය පවරාදෙමින්.

“ඉදං තෙ රට‍්ඨං සධනං සයොග‍්ගං, සකායුරං සබ‍්බකාමූපපන‍්නං; කිං කාමහෙතු පරිභාසසි මං, ගච‍්ඡාමහං පොරිසාදස‍්ස ඤත‍්තෙ”ති.

පියාණෙනි, ධනය සහිත වූ බල වාහන සහිත වූ ආභරණ සහිත වූ සියලු කැමැති සම්පත් ඇත්තා වූ ඔබගේ මේ රජය භාර ගනු මැනවි. කාම සම්පත් හේතු කොටගෙන කුමකට මට පරිභව කරන්නෙහි ද, මම පෝරිසාදයා සමීපයට යමි යි සුතසෝම තෙමේ කීවේ ය.

යන ගාථාව කීවේය.

තත්‍ථ ඤත‍්තෙති සන‍්තිකෙ.

එහි ඤත්තෙ යනු සමීපයේ යනුයි.

තස‍්මිං සමයෙ පිතුරඤ‍්ඤො හදයං උණ‍්හං අහොසි. සො, “තාත සුතසොම, කිං නාමෙතං කථෙසි, මයං චතුරඞ‍්ගිනියා සෙනාය චොරං ගහෙස‍්සාමා”ති වත්‍වා ගාථමාහ –

එසමයේ පියරජුගේ හදවත උණු විය. ඔහු දරුව, සුතසෝම ඔබ කුමක් මේ කියහි ද? චතුරංගිනී සේනාව විසින් සොරු අල්ලා ගන්නෙමියි කියා ගාථාව කීවේ ය.

“අත‍්තානුරක‍්ඛාය භවන‍්ති හෙතෙ, හත්‍ථාරොහා රථිකා පත‍්තිකා ච; අස‍්සාරොහා යෙ ච ධනුග‍්ගහාසෙ, සෙනං පයුඤ‍්ජාම හනාම සත‍්තු”න‍්ති.

එම්බා පුත්‍රය, ඇතරුවෝ ය. රියසෙනඟ ය. පාබල සෙනඟ ය. අශ්වාරෝහකයෝ ය. ධනුර්ධරයෝ ය යන යම් සමූහයක් වෙද්ද, මේ සියල්ලෝ ම ඒකාන්තයෙන් ආත්මාරක්‍ෂාව පිණිස වෙති. එබැවින් සේනාව යොදවමු. සතුරා නසමු යි පියරජ තෙමේ කීවේ ය.

තත්‍ථ හනාමාති සචෙ එවං පයොජිතා සෙනා තං ගහෙතුං න සක‍්කොන‍්ති, අථ නං සකලරට‍්ඨවාසිනො ගහෙත්‍වා ගන‍්ත්‍වා හනාම සත‍්තුං, මාරෙම තං අම‍්හාකං පච‍්චාමිත‍්තන‍්ති අත්‍ථො.

එහි හනාමා යනු ඉදින් මෙසේ යොදවන ලද්දා වූ සේනාවෝ ඔහු අල්ලා ගැනීමට නොහැකි වෙත්. ඉක්බිති ඔහු සකල රටවාසීහු ගෙන ගොස් විනාශ කරමු. සතුරා මරමු. ඔහු තමාගේ පසමිතුරා යන අර්ථයයි.

අථ නං මාතාපිතරො අස‍්සුපුණ‍්ණමුඛා රොදමානා විලපන‍්තා, “තාත, මා ගච‍්ඡ, ගන‍්තුං න ලබ‍්භා”ති යාචිංසු. සොළසසහස‍්සා නාටකිත්‍ථියොපි සෙසපරිජනොපි “අම‍්හෙ අනාථෙ කත්‍වා කුහිං ගච‍්ඡසි, දෙවා”ති පරිදෙවිංසු. සකලනගරෙ කොචි සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො “සුතසොමො පොරිසාදස‍්ස කිර පටිඤ‍්ඤං දත්‍වා ආගතො, ඉදානි චතස‍්සො සතාරහා ගාථා සුත්‍වා ධම‍්මකථිකස‍්ස සක‍්කාරං කත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා පුනපි කිර චොරස‍්ස සන‍්තිකං ගමිස‍්සතී”ති සකලනගරං එකකොලාහලං අහොසි. සොපි මාතාපිතූනං වචනං සුත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔහු ගේ මව්-පියෝ කඳුළු පිරුණු මුහුණ ඇතිව, දරුව; යාමට නොලැබේවායි ආයාචනා කළහ. සොළොස් දහසක් නාටක ස්ත්‍රීහු ද සෙසු පිරිවර ජනයා ද, අපව අනාථ කොට, දේවයන් වහන්සේ කොහි යහිදැයි හඬා වැලපුනහ. මුළු නගරයේ කිසිවෙකු සිය ස්වභාවයෙන් සිටීමට නොහැකිවන්නේ පෝරිසාදයාට ප්‍රතිඥා දී ආවේ, දැන් සතර සතාරහ ගාථා අසා ධර්මකථිකයාට සත්කාර කොට මව්පියන් වැඳ නැවත ඔහුගේ සමීපයට යන්නේ ය යයි මුළු නගරය එකම කෝලාහලයක් විය. ඔහු මව්-පියන් ගේ වචන අසා:-

“සුදුක‍්කරං පොරිසාදො අකාසි, ජීවං ගහෙත්‍වාන අවස‍්සජී මං; තං තාදිසං පුබ‍්බකිච‍්චං සරන‍්තො, දුබ‍්භෙ අහං තස‍්ස කථං ජනින්‍දා”ති.

නරශ්‍රේෂ්ඨ වූ පියාණන් වහන්ස, පෝරිසාද තෙම මා ජීවග්‍රාහයෙන් (පණ පිටින්) ගෙන හැර දැමී ද එසේ කිරීමෙන් හෙතෙමේ සුදුෂ්කර වූවක් කෙළේ ය. එබඳු පළමු උපකාරයක් සිහි කරන්නා වූ මම ඔහුට කෙසේ නම් ද්‍රෝහ කෙරෙම් දැ යි සුතසෝම ඇසී ය.

යන ගාථාව කීවේය.

තත්‍ථ ජීවං ගහෙත්‍වානාති ජීවග‍්ගාහං ගහෙත්‍වා. තං තාදිසන‍්ති තං තෙන කතං තථාරූපං. පුබ‍්බකිච‍්චන‍්ති පුරිමං උපකාරං. ජනින්‍දාති පිතරං ආලපති.

එහි ජීවං ගහෙත්‍වා යනු පණපිටින් අල්ලාගෙන තං තාදිසං යනු ඒ ඔහු විසින් කරන ලද, එබඳු ආකාර වූ. පුබ්බකිච්චං යනු පෙර කරන ලද උපකාර. ජනින්‍ද යනු පියාට ආමන්ත්‍රණය කරයි.

සො මාතාපිතරො අස‍්සාසෙත්‍වා, “අම‍්ම තාතා, තුම‍්හෙ මය‍්හං මා චින‍්තයිත්‍ථ, කතකල්‍යාණො අහං, මම ඡකාමස‍්සග‍්ගිස‍්සරියං න දුල‍්ලභ”න‍්ති මාතාපිතරො වන්‍දිත්‍වා ආපුච‍්ඡිත්‍වා සෙසජනං අනුසාසිත්‍වා පක‍්කාමි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔහු මව්-පියන් අස්වසා, මෑණියනි, පියාණෙනි, නුඹලා මා ගැන නොසිතවු. කරන ලද යහපත මම ෂට්කාම ලෝකයේ දුර්ලභ නොවෙයි. මව්පියන් වැඳ සෙසු ජනයාට අනුශාසනා කොට නික්ම ගියේ ය.

“වන්‍දිත්‍වා සො පිතරං මාතරඤ‍්ච, අනුසාසිත්‍වා නෙගමඤ‍්ච බලඤ‍්ච; සච‍්චවාදී සච‍්චානුරක‍්ඛමානො, අගමාසි සො යත්‍ථ පොරිසාදො”ති.

ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ ගාථාව කී සේක. හෙතෙම පියා ද මව ද වැඳ නියම්ගම් වැස්සන්ට ද බලසෙනගට ද අනුශාසනා කොට සත්‍යය කියන්නේ සත්‍යය රකිමින් පෝරිසාදයා යම් තැනෙක්හි නම් එහි ගියේ ය.

තත්‍ථ සච‍්චානුරක‍්ඛමානොති සච‍්චං අනුරක‍්ඛමානො. අගමාසීති තං රත‍්තිං නිවෙසනෙයෙව වසිත්‍වා පුනදිවසෙ අරුණුග‍්ගමනවෙලාය මාතාපිතරො වන්‍දිත්‍වා ආපුච‍්ඡිත්‍වා සෙසජනං අනුසාසිත්‍වා අස‍්සුමුඛෙන නානප‍්පකාරං පරිදෙවන‍්තෙන ඉත්‍ථාගාරාදිනා මහාජනෙන අනුගතො නගරා නික‍්ඛම‍්ම තං ජනං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තො මහාමග‍්ගෙ දණ‍්ඩකෙන තිරියං ලෙඛං කඩ‍්ඪිත්‍වා “සචෙ මයි සිනෙහො අත්‍ථි, ඉමං මා අතික‍්කමිංසූ”ති ආහ. මහාජනො සීලවතො තෙජවන‍්තස‍්ස ආණං අතික‍්කමිතුං අසක‍්කොන‍්තො මහාසද‍්දෙන පරිදෙවමානො තං සීහවිජම‍්භිතෙන ගච‍්ඡන‍්තං ඔලොකෙත්‍වා තස‍්මිං දස‍්සනූපචාරං අතික‍්කන‍්තෙ එකරවං රවන‍්තො නගරං පාවිසි. සොපි ආගතමග‍්ගෙනෙව තස‍්ස සන‍්තිකං ගතො. තෙන වුත‍්තං “අගමාසි සො යත්‍ථ පොරිසාදො”ති.

එහි සච්චුනාරක්ඛමානො යනු සත්‍යය අනුව රකිනු ලබන, අගමාසී යනු ඒ රාත්‍රිය, නිවස්නයේ ම නිදිසුව ලැබ දෙවන දවසේ, හිරු උදාවූ වේලාවේ මව්පියන් වැඳ, සෙසුජනයාට අනුශාසනා කොට, කඳුළු පිරුණු මුහුණින් නොයෙක් ආකාර අය හඬා වැලපෙන්නේ ම, රාජ මන්දිරයේ සෙසු ජනතාවට අනුශාසනා කරන ලද්දේ, නගරයෙන් නික්ම ඒ ජනතාවට නැවැත්වීමට නොහැකිවන්නේ, මහා මාර්ගයේ දණ්ඩකින් හරහට ඉරක් ඇඳ මේ මා කෛරහි සෙනෙහසක් ඇත්නම්, මා නොඉක්මවාහු යයි කීවේ ය. මහජනයා තෙදවත් සිල්වතා ගේ අණ ඉක්මවීමට නොහැකි වන්නේ, මහ හඬින් හඬා වැලපෙමින්, ඔහු සිංහ විලාශයෙන් යන්නා වූ අයුරු බලා සිටිමින් සිට, ඔහුගේ දර්ශන සම්පත්තිය ඉක්මගිය කල්හි, එකහඬින් හඬමින් නගරයට පිවිසියහ. හෙතෙම ද ආවා වූ මාර්ගයෙන් ම ඔහුගේ සමීපයට ගියේය. ඒ නිසාවෙන් කියන ලදි. අගමාසි සොයෙන සොපොරිසාදො යනාදිය.

තතො පොරිසාදො චින‍්තෙසි – “සචෙ මම සහායො සුතසොමො ආගන‍්තුකාමො, ආගච‍්ඡතු, අනාගන‍්තුකාමො, අනාගච‍්ඡතු, රුක‍්ඛදෙවතා යං මය‍්හං ඉච‍්ඡති , තං කරොතු, ඉමෙ රාජානො මාරෙත්‍වා පඤ‍්චමධුරමංසෙන බලිකම‍්මං කරිස‍්සාමී”ති චිතකං කත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා “අඞ‍්ගාරරාසි තාව හොතූ”ති තස‍්ස සූලෙ තච‍්ඡන‍්තස‍්ස නිසින‍්නකාලෙ සුතසොමො ආගතො. අථ නං පොරිසාදො දිස‍්වා තුට‍්ඨචිත‍්තො, “සම‍්ම, ගන‍්ත්‍වා කත‍්තබ‍්බකිච‍්චං තෙ කත”න‍්ති පුච‍්ඡි. මහාසත‍්තො, “ආම මහාරාජ, කස‍්සපදසබලෙන දෙසිතා ගාථා මෙ සුතා, ධම‍්මකථිකස‍්ස ච සක‍්කාරො කතො, තස‍්මා ගන‍්ත්‍වා කත‍්තබ‍්බකිච‍්චං කතං නාම හොතී”ති දස‍්සෙතුං ගාථමාහ –

ඉක්බිති පෝරිසාදයා සිතුවේය. ඉදින් මගේ යහළුවා වූ සුතසෝම යනු කැමැත්තේ, පැමිණේවා! රුක්ඛ දේවතාවා තොප නොවළක්වා! මා යමක් කැමැති වේද, එය කරාවා. මේ රජවරුන් මරා පස්මිහිරි මාංශයෙන් බලිකර්මය කරන්නෙමියි දරසෑයක් කරවා ගිනි දල්වා අඟරු පවතීවා!යි ඔහුගේ උල පිරිමදිද්දී ම බෝසත් ඔහුගේ සමීපයට ආවේ ය. ඉක්බිති ඔහුව, පෝරිසාදයා දැක සතුටු සිතැත්තේ මිත්‍රය; ගොස් කළයුතු කාර්ය ඔබ විසින් කළේදැයි විචාළේ ය. බෝසත්, එසේය මහරජ, කස්සප දසබලයන් විසින් දේශනා කරන ලද, ගාථා ඇසුවා වූ ධර්ම කථිකයන්ට සත්කාර කළේ ඒ නිසා ගොස් කළ යුතු කටයුතු කළේ නම් වෙයි යනු දැක්වීමට ගාථා කීවේ ය.

“කතො මයා සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන, රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන; තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණසප‍්පදාය, සච‍්චානුරක‍්ඛී පුනරාගතොස‍්මි; යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාදා”ති.

සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දුවක් වන ලද ද එය ඒ බ්‍රාහ්මණයාට දී සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. පෝරිසාදය, මා මරා දේවතාවාට යාග හෝ කරව. මාගේ මස් හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙමේ කීවේ ය.

තත්‍ථ යජස‍්සූති මං මාරෙත්‍වා දෙවතාය වා යඤ‍්ඤං යජස‍්සු, මංසං වා මෙ ඛාදාහීති අත්‍ථො.

එහි යජස්සු යනු මා මරා දේවතාවාට හෝ යාගය හෝ පුද දේවා! මගේ මස් හෝ අනුභව කරනු මැනවි යන අර්ථයයි.

තං සුත්‍වා පොරිසාදො “අයං රාජා න භායති, විගතමරණභයො හුත්‍වා කථෙති, කිස‍්ස නු ඛො එස ආනුභාවො”ති චින‍්තෙත්‍වා “අඤ‍්ඤං නත්‍ථි, අයං ‘කස‍්සපදසබලෙන දෙසිතා ගාථා මෙ සුතා’ති වදති, තාසං එතෙන ආසුභාවෙන භවිතබ‍්බං, අහම‍්පි තං කථාපෙත්‍වා තා ගාථායො සොස‍්සාමි, එවං අහම‍්පි නිබ‍්භයො භවිස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා ගාථමාහ –

ඒ අසා පෝරිසාදයා මේ රජු බිය නොවෙයි. පහවූ මරණ බිය ඇතිව සිට කථා කරයි. මොහුගේ මේ ආනුභාවය කුමක්දැයි සිතා අනෙකක් නැත. කාශ්‍යප බුදුරදුන් විසින් දේශිත මේ ගාථා අසන ලද්දේ යයි පවසයි. ඒවායේ ඒ ආනුභාවයෙන් විය යුතුයි. මම ද මේවා කියවා, ඒ ගාථා අසන්නෙමි. මෙසේ මම ද නිර්භය වන්නෙමියි සනිටුහන් කොට ගාථාව කීවේ ය.

“න හායතෙ ඛාදිතං මය‍්හං පච‍්ඡා, චිතකා අයං තාව සධූමිකාව; නිද‍්ධූමකෙ පචිතං සාධුපක‍්කං, සුණොමි ගාථායො සතාරහායො”ති.

පසුව ද නුඹ කෑමට කිසි බාධාවක් නොමැත. මේ සෑය ද තවම දුම් සහිත ය. දුම් නැති ගින්නෙහි පිසන ලද්ද මනාව පැසුණේ වෙයි. ඒ තාක් මම සතාරහ ගාථාවන් අසමි යි පෝරිසාද කීවේ ය.

තත්‍ථ ඛාදිතන‍්ති ඛාදනං. තං ඛාදනං මය‍්හං පච‍්ඡා වා පුරෙ වා න පරිහායති, පච‍්ඡාපි හි ත්‍වං මයා ඛාදිතබ‍්බොව. නිද‍්ධූමකෙ පචිතන‍්ති නිද‍්ධූමෙ නිජ‍්ඣාලෙ අග‍්ගිම‍්හි පක‍්කමංසං සාධුපක‍්කං නාම හොති.

එහි ඛාදිතුං යනු කෑමයි. ඔබ ගේ කෑම මගේ පසුපස හෝ ඉදිරිපස හෝ නොපිරිහෙයි. පසුපස හෝ ඔබ මා කෑ යුතු වෙයි. පචිතං යනු නොදැල්වූ ගින්නෙහි පිසන ලද (පැසවූ) මස්, හොඳම පැසුණු ඒවා නම් වෙයි.

තං සුත්‍වා මහාසත‍්තො “අයං පොරිසාදො පාපධම‍්මො, ඉමං ථොකං නිග‍්ගහෙත්‍වා ලජ‍්ජාපෙත්‍වා කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ –

ඒ අසා බෝසත්, මේ පෝරිසාදයා පාපතරයෙකි. මේ ටික ආපසු ගෙන, ලජ්ජා කොට කියන්නෙමියි සිතා කීවේ ය.

“අධම‍්මිකො ත්‍වං පොරිසාදකාසි, රට‍්ඨා ච භට‍්ඨො උදරස‍්ස හෙතු; ධම‍්මඤ‍්චිමා අභිවදන‍්ති ගාථා, ධම‍්මො ච අධම‍්මො ච කුහිං සමෙති.

එම්බා පෝරිසාදය, නුඹ අධාර්මිකයෙක් වූවෙහි මිනීමස් කන්නෙහි. උදර පෝෂණය හේතුකොට ගෙන රටින් ද ගිලිහුනෙහි ය. මේ ගාථාවෝ ද නව ලොව්තුරා දහම පවසති. ධර්මය හා අධර්මය කොහි සම වේ ද?

“අධම‍්මිකස‍්ස ලුද‍්දස‍්ස, නිච‍්චං ලොහිතපාණිනො; නත්‍ථි සච‍්චං කුතො ධම‍්මො, කිං සුතෙන කරිස‍්සසී”ති.

නිතර ලේ වැකුණු අත් ඇති රුදුරු වූ නො දැහැමි නුඹගේ සත්‍යයෙක් නැත. ධර්මයක් කොයින්ද? නුඹ මේ දහම් ඇසීමෙන් කුමක් කරන්නෙහි ද?

තත්‍ථ ධම‍්මඤ‍්චිමාති ඉමා ච ගාථා නවලොකුත‍්තරධම‍්මං අභිවදන‍්ති. කුහිං සමෙතීති කත්‍ථ සමාගච‍්ඡති. ධම‍්මො හි සුගතිං පාපෙති නිබ‍්බානං වා, අධම‍්මො දුග‍්ගතිං. කුතො ධම‍්මොති වචීසච‍්චමත‍්තම‍්පි නත්‍ථි, කුතො ධම‍්මො. කිං සුතෙනාති ත්‍වං එතෙන සුතෙන කිං කරිස‍්සසි, මත‍්තිකාභාජනං විය හි සීහවසාය අභාජනං ත්‍වං ධම‍්මස‍්ස.

එහි ධම්මඤ්චා යනු මේ ගාථා නව ලෝකෝත්තර ධර්මයට ප්‍රකාශ කරති. විශේෂයෙන් කියති. කුහිං සමෙතී යනු කොතනක සමාන බවට යයිද? ධර්මය වනාහි සුගතිය ද, අගතිය හෝ වේ. පාපය කරයි. අධර්මය දුගතියකි. කුතො ධම්මො යනු වචනයෙන් සත්‍යමාත්‍ර වූද, නැත කවර ධර්මයක්. කිං සුතෙනා යනු, ඔබ මේ සූත්‍රයෙන් කුමක් කරන්නෙහි? මැටි භාජනයක් මෙන් සිංහචුරුණු තෙල් භාජනයට නොදමන්නේ ඔබ ධර්මය යයි කියන්නෙහි.

සො එවං කථිතෙපි නෙව කුජ‍්ඣි. කස‍්මා? මහාසත‍්තස‍්ස මෙත‍්තාභාවනාය මහත‍්තෙන. අථ නං “කිං පන සම‍්ම සුතසොම අහමෙව අධම‍්මිකො”ති වත්‍වා ගාථමාහ –

ඔහු මෙසේ කී කල්හිද, නොකිපුනේය. කුමක් හෙයින් ද, බෝසතුන්ගේ මහත් වූ මෛත්‍රී ආනුභාවයෙනි. ඉක්බිති ඔහුට, මිත්‍ර සුතසෝමය, මෙම අධාර්මික යයි කියා මේ ගාථාව කීවේය.

“යො මංසහෙතු මිගවං චරෙය්‍ය, යො වා හනෙ පුරිසමත‍්තහෙතු; උභොපි තෙ පෙච‍්ච සමා භවන‍්ති, කස‍්මා නො අධම‍්මිකං බ්‍රූසි මං ත්‍ව”න‍්ති.

යමෙක් මාංශය හේතු කොටගෙන මුව දඩයමෙහි හැසිරේ ද, ආත්මාර්ථය හේතු කොට ගෙන යමෙක් මිනිසකු හෝ නසයි ද, ඒ දෙදෙනා ම පරලොව සම වෙති. ඔබ කුමක් හෙයින් මා අධාර්මිකයකු කොට කියන්නහු දැ යි පෝරිසාදයා ඇසී ය.

තත්‍ථ කස‍්මා නොති යෙ ජම‍්බුදීපතලෙ රාජානො අලඞ‍්කතපටියත‍්තා මහාබලපරිවාරා රථවරගතා මිගවං චරන‍්තා තිඛිණෙහි සරෙහි මිගෙ විජ‍්ඣිත්‍වා මාරෙන‍්ති, තෙ අවත්‍වා කස‍්මා ත්‍වං මඤ‍්ඤෙව අධම‍්මිකන‍්ති වදති. යදි තෙ නිද‍්දොසා, අහම‍්පි නිද‍්දොසො එවාති දීපෙති.

එහි කස්මානො යනු යමෙක් දඹදිව් තලයේ රජවරු අලංකාර ලෙස පිළියෙල කළ මහත් බලසේනා සහිතව, රථ පිරිවරා ගෙන සතුන් දඩයමේ යත් ද? තියුණු වූ ඊතලවලින් මිගයන් (සතුන්) විද මරත්. ඒවා නොකියා, කුමක් නිසා ඔබ මම ම අධාර්මිකයයි කියන්නෙහිද? ඉදින් ඔබ නිර්දෝෂ නම්, මම නිර්දේෂ වෙමි යන අර්ථය බබළයි.

තං සුත්‍වා මහාසත‍්තො තස‍්ස ලද‍්ධිං භින්‍දන‍්තො ගාථමාහ –

ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ ඔහුගේ ඇදහිල්ලට ලද නින්දාවට නින්දා කරමින් ගාථාවක් කීවේය.

“පඤ‍්ච පඤ‍්ච න ඛා භක‍්ඛා, ඛත‍්තියෙන පජානතා; අභක‍්ඛං රාජ භක‍්ඛෙසි, තස‍්මා අධම‍්මිකො තුව”න‍්ති.

කරුණු දන්නා වූ ක්‍ෂත්‍රියයකු විසින් නිය තිබෙන පසක් සතුන් අතුරින් පස් දෙනෙක් කෑ යුත්තාහ. මහරජ, නුඹ වනාහි නොකෑ යුතු මිනීමස් කන්නෙහි ය. එබැවින් නුඹ අධාර්මික වේ.

තස‍්සත්‍ථො – සම‍්ම පොරිසාද, ඛත‍්තියෙන නාම ඛත‍්තියධම‍්මං ජානන‍්තෙන පඤ‍්ච පඤ‍්ච හත්‍ථිආදයො දසෙව සත‍්තා මංසවසෙන න ඛා භක‍්ඛා න ඛො ඛාදිතබ‍්බයුත‍්තකා. “න ඛො”ත්‍වෙව වා පාඨො. අපරො නයො ඛත‍්තියෙන ඛත‍්තියධම‍්මං ජානන‍්තෙන පඤ‍්චනඛෙසු සත‍්තෙසු සසකො, සල‍්ලකො, ගොධා, කපි කුම‍්මොති ඉමෙ පඤ‍්චෙව සත‍්තා භක‍්ඛිතබ‍්බයුත‍්තකා, න අඤ‍්ඤෙ, ත්‍වං පන අභක‍්ඛං මනුස‍්සමංසං භක‍්ඛෙසි, තෙන අධම‍්මිකොති.

එහි අර්ථය, මිත්‍ර පෝරිසාදය ක්‍ෂත්‍රිය ධර්මයන් දන්නාවුන් විසින් පහ පහ බැගින් ඇත් ආදීන් ද, දහයක් සත්ත්වයන් ම මාංශ වශයෙන් නිය අනුභව කරන හෙයින් නිය කෑයුතු වන්නේය. නඛොතෙවා යනුම පෙළ පාඨයමය. තවද, න්‍යාය නම්, ක්‍ෂත්‍රියා විසින් ක්‍ෂත්‍රිය ධර්ම දැනගත යුත්තේය. පංචනඛ සත්ත්වයන් අතර, හාවා, ඉත්තෑවා, ඉබ්බා, ඉදිබුවා, තලගොයා යන මේ සත්ත්වයෝ පස්දෙනා අනුභව නොකළ යුත්තෝ වෙති. අනෙක් කාරණය නම් ඔබ නොකෑයුතු මනුෂ්‍ය මාංස අනුභව කරහි. ඒ හේතුවෙන් අධාර්මික වෙහි.

ඉති සො නිග‍්ගහං පත්‍වා අඤ‍්ඤං නිස‍්සරණං අදිස‍්වා අත‍්තනො පාපං පටිච‍්ඡාදෙන‍්තො ගාථමාහ –

මෙසේ ඔහු නිග්‍රහකොට වෙනත් පිළිසරණක් නොදැක තමන්ගේ පාපය වසා දමන්නේ ගාථාව කීවේය.

“මුත‍්තො තුවං පොරිසාදස‍්ස හත්‍ථා, ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී; අමිත‍්තහත්‍ථං පුනරාගතොසි, න ඛත‍්තධම‍්මෙ කුසලොසි රාජා”ති.

කාම සම්පත් කැමති වන්නා වූ රජතුමනි, ඔබ පෝරිසාදයා වූ මා අතින් මිදී නැවත සතුරා වෙතට ආවාහුය. මහරජ, එබැවින් ඔබ ක්‍ෂත්‍රිය ධර්මයෙහි දක්‍ෂයෙක් නො වන්නහු යයි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ න ඛත‍්තධම‍්මෙති ත්‍වං ඛත‍්තියධම‍්මසඞ‍්ඛාතෙ නීතිසත්‍ථෙ න කුසලොසි, අත‍්තනො අත්‍ථානත්‍ථං න ජානාසි, අකාරණෙනෙව තෙ ලොකෙ පණ‍්ඩිතොති කිත‍්ති පත්‍ථටා, අහං පන තෙ පණ‍්ඩිතභාවං න පස‍්සාමි න ජානාමි, අතිබාලොසීහි වදති.

එහි න ඛත්ත ධම්මෙ යනු ඔබ ක්‍ෂත්‍රිය ධර්මසංඛ්‍යාත වූ නීති ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක් නොවෙයි. තමන්ගේ අර්ථානර්ථ නොදන්නෙහි නිකරුණේම ඔවුහු ලොව පණ්ඩිතයන් යයි කීර්තිය පැතුරුණේ මම වනාහි ඔවුහු පණ්ඩිත බව නොදකිමි. අඳබාලයෙක් යයි කියයි.

අථ නං මහාසත‍්තො, “සම‍්ම, ඛත‍්තියධම‍්මෙ කුසලෙන නාම මාදිසෙනෙව භවිතබ‍්බං. අහඤ‍්හි තං ජානාමි, න පන තදත්‍ථාය පටිපජ‍්ජාමී”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔහුට මහා සත්ත්වයන් වහන්සේ මිත්‍රය; ක්‍ෂත්‍රිය කුසල ධර්මයෙන් නම් මා හා සමාන විය යුතුය. මම එය දනිමි. එය ඇති තතු පරිදි නොපිළිපදිමියි කියා ගාථාව කීවේය.

“යෙ ඛත‍්තධම‍්මෙ කුසලා භවන‍්ති, පායෙන තෙ නෙරයිකා භවන‍්ති; තස‍්මා අහං ඛත‍්තධම‍්මං පහාය, සච‍්චානුරක‍්ඛී පුනරාගතොස‍්මි; යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාදා”ති.

එම්බා පෝරිසාදය, යම් කෙනෙක් ක්‍ෂත්‍රිය ධර්මයෙහි දක්‍ෂ වෙද්ද, ඔවුහු බොහෝ සෙයින් ම නිරිසත්තු වෙති. එබැවින් මම ක්‍ෂත්‍රිය ධර්මය හැරපියා සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. මා මරා යාගය හෝ කරව. මාංශය හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙමේ කීවේ ය.

තත්‍ථ කුසලාති තදත්‍ථාය පටිපජ‍්ජනකුසලා. පායෙනාති යෙභුය්‍යෙන නෙරයිකා. යෙ පන තත්‍ථ න නිබ‍්බත‍්තන‍්ති, තෙ සෙසාපායෙසු නිබ‍්බත‍්තන‍්ති.

එහි කුසලා යනු සැබෑ තතු පිණිස පිළිපදින කුසල් පායෙන යනු බොහෝසෙයින් නිරයගාමී වූවෝ, යමෙක් වනාහි එහි නූපදිත් ද ඔවුහු සෙසු අපායවල උපදිත්.

පොරිසාදො ආහ –

පෝරිසාද කීවේය.

“පාසාදවාසා පථවීගවාස‍්සා, කාමිත්‍ථියො කාසිකචන්‍දනඤ‍්ච; සබ‍්බං තහිං ලභසි සාමිතාය, සච‍්චෙන කිං පස‍්සසි ආනිසංස”න‍්ති.

යහළු සුතසෝමය, තුන් සෘතුවෙහි වාසයට සුදුසු ප්‍රාසාද ය. පොළොව ය. ගව අශ්වාදි සත්ත්වයෝ ය. කාම වස්තු වූ ස්ත්‍රීහු ය. කසී සළු ය. රත්සඳුන් ය යන සියල්ල ඉසුරුබව්හි පිහිටි හෙයින් ඒ නගරයෙහි දී නො අඩුව ලබන්නෙහි ය. සත්‍යයෙන් කුමන අනුසසක් දකින්නෙහි ද? කියා පෝරිසාදයා ඇසීය.

තත්‍ථ පාසාදවාසාති, සම‍්ම සුතසොම, තව තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකා දිබ‍්බවිමානකප‍්පා තයො නිවාසපාසාදා. පථවීගවාස‍්සාති පථවී ච ගාවො ච අස‍්සා ච බහූ. කාමිත්‍ථියොති කාමවත්‍ථුභූතා ඉත්‍ථියො. කාසිකචන්‍දනඤ‍්චාති කාසිකවත්‍ථඤ‍්ච ලොහිතචන්‍දනඤ‍්ච. සබ‍්බං තහින‍්ති එතඤ‍්ච අඤ‍්ඤඤ‍්ච උපභොගපරිභොගං සබ‍්බං ත්‍වං තහිං අත‍්තනො නගරෙ සාමිතාය ලභසි, සාමී හුත්‍වා යථා ඉච‍්ඡසි, තථා පරිභුඤ‍්ජිතුං ලභති, සො ත්‍වං සබ‍්බමෙතං පහාය සච‍්චානුරක‍්ඛී ඉධාගච‍්ඡන‍්තො සච‍්චෙන කිං ආනිසංසං පස‍්සසීති.

එහි පාසාදවාසා යනු මිත්‍ර සුතසෝමය. ඔබගේ සෘතු තුනට සුදුසු වූ දිව්‍යවිමාන වැනි තුන් නිවාස ප්‍රාසාද, පඨවි ගවාස්ස යනු පෘථිවියද, ගවයෝද, අශ්වයෝද බහුල වශයෙනි. කාමිත්‍ථියො යනු කාමවස්තු අනුභව කරන ස්ත්‍රීහු කාසික චන්‍දනඤ්චා යනු කශී වස්ත්‍රද, රත්හඳුන් ද වේ. සබ්බං තහිං යනු මේවාද වෙනත් දේද, උපභෝග-පරිභෝග සියල්ල එහි තමන්ගේ නගරයේ ඇති තරම් ලබහි. ඒ ඔබ, මේ සියල්ල හැර සත්‍යය අනුව රකින්නේ මෙහි පැමිණෙන්නේ සත්‍යයෙන් කුමන ආනිශංසයක් දකින්නෙහි.

බොධිසත‍්තො ආහ –

බෝධිසත්ත්වයන් වහන්සේ කීහ.

“යෙ කෙචිමෙ අත්‍ථි රසා පථබ්‍යා, සච‍්චං තෙසං සාදුතරං රසානං; සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා ච, තරන‍්ති ජාතිමරණස‍්ස පාර”න‍්ති.

පොළොවෙහි යම් මේ රසයෝ වෙද්ද, ඒ රස අතුරින් සත්‍යය ඉමිහිරි රසය යි. යම් හෙයකින් සත්‍යයෙහි පිහිටා සිටි මහණ බමුණෝ ජාති-ජරා-මරණයාගේ පරතෙරට යෙද්ද, එහෙයිනැ යි සුතසෝම රජතෙමේ කීවේ ය.

තත්‍ථ සාදුතරන‍්ති යස‍්මා සබ‍්බෙපි රසා සත‍්තානං සච‍්චකාලෙයෙව පණීතා මධුරා හොන‍්ති, තස‍්මා සච‍්චං තෙසං සාදුතරං රසානං, යස‍්මා වා විරතිසච‍්චවචීසච‍්චෙ ඨිතා ජාතිමරණසඞ‍්ඛාතස‍්ස තෙභූමකවට‍්ටස‍්ස පාරං අමතමහානිබ‍්බානං තරන‍්ති පාපුණන‍්ති, තස‍්මාපි තං සාදුතරන‍්ති.

එහි සාදුතරං යනු යම්හෙයකින් සත්ත්වයන්ගේ සියළු රසයන් සියළු කාලයේම තැවෙත්. ප්‍රණීත තර නොවෙත්. එහෙයින් සත්‍යය ඒ රසයන් අතර සාධුතර රසය වේ. යම්හෙයකින් විරති සත්‍යයද, වචී සත්‍යයෙහිද පිහිටි ජාති, මරණ සංඛ්‍යාත ත්‍රෛභූමික සිත්වලට අයත් වේ. පාරං අමෘතමහා නිර්වාණයයි. තරන්ති පැමිණෙති. එහෙයින් ඒ නදිය තරණය කරත්.

එවමස‍්ස මහාසත‍්තො සච‍්චෙ ආනිසංසං කථෙසි. තතො පොරිසාදො විකසිතපදුමපුණ‍්ණචන්‍දසස‍්සිරිකමෙවස‍්ස මුඛං ඔලොකෙත්‍වා “අයං සුතසොමො අඞ‍්ගාරචිතකං මඤ‍්ච සූලං තච‍්ඡන‍්තං පස‍්සති, චිත‍්තුත්‍රාසමත‍්තම‍්පිස‍්ස නත්‍ථි, කිං නු ඛො එස සතාරහගාථානං ආනුභාවො, උදාහු සච‍්චස‍්ස, අඤ‍්ඤස‍්සෙව වා කස‍්සචී”ති චින‍්තෙත්‍වා “පුච‍්ඡිස‍්සාමි තාව න”න‍්ති පුච‍්ඡන‍්තො ගාථමාහ –

මෙසේ ඔහුට බෝසතුන් වහන්සේ සත්‍යයේ ආනිශංස වදාළ සේක. ඉක්බිති පෝරිසාද පිපුණු පියුමක් මෙන් ද, පූර්ණ චන්‍ද්‍රයා මෙන් ද වූ මුහුණ ඇතිව බලා මේ සුතසෝම අඟුරු සෑය ද, ඇඳ නූල ද පිරිමදිමින් බලයි. මොහුට සිතේ තැති ගැනීමක්වත් නැත. කිමෙක් ද, මේ සතාරහ ගාථාවන්ගේ ආනුභාවය. නැතහොත් සත්‍යයේ අන්කිසි බලයක්දැයි සිතා ඔහුගෙන් විචාරන්නෙමියි, විචාරමින් ගාථා කීවේ ය.

“මුත‍්තො තුවං පොරිසාදස‍්ස හත්‍ථා, ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී; අමිත‍්තහත්‍ථං පුනරාගතොසි, න හි නූන තෙ මරණභයං ජනින්‍ද; අලීනචිත‍්තො අසි සච‍්චවාදී”ති.

කාම සම්පත් කැමති වන්නා වූ මහරජුනි, පෝරිසාද නම් වූ මා අතින් මිදුණා වූ ඔබ සිය භවනයට ගොස් නැවත ද සතුරා අතට ආවාහුය. ජනාධිපතිය, සත්‍යවාදී වූ ඔබ අවංක සිතැත්තාහු මෙහි ආවහුය. ඒකාන්තයෙන් ඔබට මරණභයක් නැත්තේ යයි සිතමි යි පෝරිසාදයා කීවේ ය.

මහාසත‍්තොපිස‍්ස ආචික‍්ඛන‍්තො ආහ –

මහාසත්ත්වයා ද ඔහුගේ අදහසට පිළිතුරු දෙමින් කී සේක.

“කතා මෙ කල්‍යාණා අනෙකරූපා, යඤ‍්ඤා යිට‍්ඨා යෙ විපුලා පසත්‍ථා; විසොධිතො පරලොකස‍්ස මග‍්ගො, ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

මා විසින් නොයෙක් විදියේ සත්ක්‍රියා කරන ලදි. ප්‍රශස්ත වූ ද, මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔවුහු පවත්වන ලද්දහ. පරලොවට යන මග පිරිසිදු කරන ලදි. ධර්මයෙහි සිටි කවරෙක් නම් මරණයට බිය වන්නේ ද? නො වන්නේ මය.

“කතා මෙ කල්‍යාණා අනෙකරූපා, යඤ‍්ඤා යිට‍්ඨා යෙ විපුලා පසත්‍ථා; අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං, යජස‍්සු යඤ‍්ඤං අද මං පොරිසාද.

මා විසින් නන්වැදෑරුම් සත්ක්‍රියාවෝ කරන ලද්දාහ. ප්‍රශස්ත වූ ද මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔවුහු පවත්වන ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාග හෝ කරව. අනුභව හෝ කරව.

“පිතා ච මාතා ච උපට‍්ඨිතා මෙ, ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං; විසොධිතො පරලොකස‍්ස මග‍්ගො, ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

පියා ද මව ද මා විසින් උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරන ලදි. මා විසින් පරලෝ මග පිරිසිදු කරන ලදි. ධර්මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද, නො වෙත් මැ යි.

“පිතා ච මාතා ච උපට‍්ඨිතා මෙ, ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං; අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං, යජස‍්සු යඤ‍්ඤං අද මං පොරිසාද.

මා විසින් පියා ද මව ද යන දෙදෙන උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරන ලදි. නො තැවෙමින් පරලෝ යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.

“ඤාතීසු මිත‍්තෙසු කතා මෙ කාරා, ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං; විසොධිතො පරලොකස‍්ස මග‍්ගො, ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරන ලදි. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරන ලදි. පරලෝ මග පිරිසිදු කරන ලදි. ධර්මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නොවෙත්මැයි.

“ඤාතීසු මිත‍්තෙසු කතා මෙ කාරා, ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං; අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං, යජස‍්සු යඤ‍්ඤං අද මං පොරිසාද.

මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරන ලදි. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරන ලදි. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.

“දින‍්නං මෙ දානං බහුධා බහූනං, සන‍්තප‍්පිතා සමණබ්‍රාහ‍්මණා ච; විසොධිතො පරලොකස‍්ස මග‍්ගො, ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදි. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. පරලෝ මග පිරිසිදු කරන ලදි. ධර්මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැයි.

“දින‍්නං මෙ දානං බහුධා බහූනං, සන‍්තප‍්පිතා සමණබ්‍රාහ‍්මණා ච; අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං, යජස‍්සු යඤ‍්ඤං අද මං පොරිසාදා”ති.

මා විසින් බොහේ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදි. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.

තත්‍ථ කල්‍යාණාති කල්‍යාණකම‍්මා. අනෙකරූපාති දානාදිවසෙන අනෙකවිධා. යඤ‍්ඤාති දසවිධදානවත්‍ථුපරිච‍්චාගවසෙන අතිවිපුලා පණ‍්ඩිතෙහි පසත්‍ථා යඤ‍්ඤාපි යිට‍්ඨා පවත‍්තිතා. ධම‍්මෙ ඨිතොති එවං ධම‍්මෙ පතිට‍්ඨිතො මාදිසො කො නාම මරණස‍්ස භායෙය්‍ය. අනානුතප‍්පන‍්ති අනානුතප‍්පමානො. ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථන‍්ති දසවිධං රාජධම‍්මං අකොපෙත්‍වා ධම‍්මෙනෙව මයා රජ‍්ජං පසාසිතං. කාරාති ඤාතීසු ඤාතිකිච‍්චානි, මිත‍්තෙසු ච මිත‍්තකිච‍්චානි. දානන‍්ති සවත්‍ථුකචෙතනා. බහුධාති බහූහි ආකාරෙහි. බහූනන‍්ති න පඤ‍්චන‍්නං, න දසන‍්නං, සතස‍්සපි සහස‍්සස‍්සපි සතසහස‍්සස‍්සපි දින‍්නමෙව. සන‍්තප‍්පිතාති ගහිතගහිතභාජනානි පූරෙත්‍වා සුට‍්ඨු තප‍්පිතා.

එහි කල්‍යාණා යනු යහපත් කර්මයෝ. අනෙකරූපා යනු දානාදි වශයෙන් නොයෙක් ආකාර වූ. යඤ්ඤා යනු දසවිධ දාන වස්තු පරිත්‍යාග ආදි වශයෙන් ඉතා විශාල වූ පණ්ඩිතයන් විසින් ප්‍රශස්ත වූ. යාගයෝම. යිට්ඨා පවත්වන ලදි. ධම්මෙඨිතො යනු මෙසේ ධර්මයෙහි පිහිටි මා වැනි වූ. කවරෙක් නම් මරණයට බිය වන්නේද? අනානුතප්පං යනු නොතැවෙනු ලබන්නේ. ධම්මෙන මෙ ඉස්සරියං පසත්‍ථං යනු දසවිධ රාජධර්මයෙන් කෝප නොවී දැහැමින් ම මා විසින් රාජ්‍යය විචාරණ ලදි. කාරා යනු ඤාතීන් විෂයෙහි ඤාති ධර්මයන් ද, මිත්‍රයන් විෂයෙහි මිත්‍ර ධර්මයන් ද වශයෙනි. දානං යනු වස්තු සහිත සිතිවිලි සමුදායයි. බහුධා යනු බොහෝ ආකාරයෙන් බහුන්නං යනු පස්වැන්නක් නැති දසවැන්නක් නැති සිය ගණනක්. දහස් ගණනක්. සිය දහස් ගණනකට වඩා දෙන ලද්දේමය. සන්තප්පිතා යනු ගන්නා ගන්නා ලද භාජන පුරවා මැනවින් සන්තර්පණය කෙළේය.

තං සුත්‍වා පොරිසාදො “අයං සුතසොමමහාරාජා සප‍්පුරිසො ඤාණසම‍්පන‍්නො මධුරධම‍්මකථිකො, සචාහං එතං ඛාදෙය්‍යං, මුද‍්ධා මෙ සත‍්තධා ඵලෙය්‍ය, පථවී වා පන මෙ විවරං දදෙය්‍යා”ති භීතතසිතො හුත්‍වා, “සම‍්ම, න ත්‍වං මයා ඛාදිතබ‍්බරූපො”ති වත්‍වා ගාථමාහ –

ඒ අසා පෝරිසාද, මේ සුතසෝම රජු සත්පුරුෂයෙකි. ඤාණ සම්පන්න වේ. ඉදින් මම මොහු කන්නේ නම්, මගේ හිස්මුදුන සත්කඩකට පැලෙන්නේය. මට පොළොව ද විවර වන්නේ යයි බියවූයේ තැති ගත් සිත් ඇත්තේ මිත්‍රය; මා විසින් ඔබ නොකෑ යුතු වන්නේ යයි, පවසා ගාථාව කීවේය.

“විසං පජානං පුරිසො අදෙය්‍ය, ආසීවිසං ජලිතමුග‍්ගතෙජං; මුද‍්ධාපි තස‍්ස විඵලෙය්‍ය සත‍්තධා, යො තාදිසං සච‍්චවාදිං අදෙය්‍යා”ති.

යමෙක් ඔබ වැනි සත්‍යවාදියකු අනුභව කරන්නේ නම් හෙතෙමේ විෂ බුදින්නේ ය. උග්‍ර තේජස් ඇති දිලියෙන සර්පයකු හෝ ග්‍රීවයෙන් අල්වා ගන්නේ ය. ඔහුගේ මුදුන ද සත්කඩක් ව පැලෙන්නේ ය යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ විසන‍්ති තත්‍ථෙව මාරණසමත්‍ථං හලාහලවිසං. ජලිතන‍්ති අත‍්තනො විසතෙජෙන ජලිතං තෙනෙව උග‍්ගතෙජං අග‍්ගික‍්ඛන්‍ධං විය චරන‍්තං ආසීවිසං වා පන සො ගීවාය ගණ‍්හෙය්‍ය.

එහි විසං යනු එහිදී ම මරණයට පත්වන හලාහල විෂ වේ. ජලිතං යනු තමන්ගේ විෂ තේජසින්ම දිළිසෙන එබඳු වූ උග්ගතෙජං ගිනිකඳක් මෙන් හැසිරෙන. ආසිවිසං ඔහු ග්‍රීවයෙන් ගනු ලබන්නේය.

ඉති සො මහාසත‍්තං “හලාහලවිසසදිසො ත්‍වං, කො තං ඛාදිස‍්සතී”ති වත්‍වා ගාථා සොතුකාමො තං යාචිත්‍වා තෙන ධම‍්මගාරවජනනත්‍ථං “එවරූපානං අනවජ‍්ජගාථානං ත්‍වං අභාජන”න‍්ති පටික‍්ඛිත‍්තොපි “සකලජම‍්බුදීපෙ ඉමිනා සදිසො පණ‍්ඩිතො නත්‍ථි, අයං මම හත්‍ථා මුච‍්චිත්‍වා ගන‍්ත්‍වා තා ගාථා සුත්‍වා ධම‍්මකථිකස‍්ස සක‍්කාරං කත්‍වා නලාටෙන මච‍්චුං ආදාය පුනාගතො, අතිවිය සාධුරූපා ගාථා භවිස‍්සන‍්තී”ති සුට‍්ඨුතරං සඤ‍්ජාතධම‍්මස‍්සවනාදරො හුත්‍වා තං යාචන‍්තො ගාථමාහ –

මෙසේ හෙතෙම බෝසතුන්ට, හලාහල විෂ හා සමාන මා, ඔබ, කවරෙක් හෝ කන්නේදැයි කියා ඒ ගාථා අසනු කැමැත්තේ, ඔහුගෙන් ඉල්ලා, ඔහු විසින් ධර්ම ගෞරවය ඉපදවීමට මෙබඳු ආකාර වූ නිරවද්‍ය ගාථා ධර්මයන් ඔබට බඳුන් නොවේ යයි ප්‍රතික්‍ෂේප කළ කල්හි, මුළු දඹදිව මේ හා සමාන පණ්ඩිතයෙකු නැත. මෙතෙම නම් මගේ අතින් මිදී ගොස් ඒ ගාථා අසා ධර්ම කථිකයාට සත්කාර කොට, නළලින් මාරයා රැගෙන නැවත ආවේ, අතිශයින් යහපත් ආකාර වූ ගාථා වන්නේ යයි බොහෝ සෙයින් හටගත් ශ්‍රවණයේ සෙනෙහස ඇතිව ආයාචනා කරමින් ගාථා කීවේය.

“සුත්‍වා ධම‍්මං විජානන‍්ති, නරා කල්‍යාණපාපකං; අපි ගාථා සුණිත්‍වාන, ධම‍්මෙ මෙ රමතෙ මනො”ති.

යහළු සුතසෝම රජුනි, මිනිස්සු ධර්මය අසා හොඳ නරක දැනගනිත්. ඒ සතාරහ ගාථාවන් අසා මගේ සිත දහම්හි ඇලෙන්නේ නම් ඉතා යෙහෙකැ යි පෝරිසාදයා කීවේ ය.

තස‍්සත්‍ථො – “සම‍්ම සුතසොම, නරා නාම ධම‍්මං සුත්‍වා කල්‍යාණම‍්පි පාපකම‍්පි ජානන‍්ති, අප‍්පෙව නාම තා ගාථා සුත්‍වා මමපි කුසලකම‍්මපථධම‍්මෙ මනො රමෙය්‍යා”ති.

එහි අර්ථය:- මිත්‍ර සුතසෝමය, මිනිස්සු නම් බණ අසා යහපත ද, අයහපත ද දැනගනිත්. ඒ ගාථා අසා කුසල කර්මපථ වූ ධර්මයෙහි මගේ සිත සතුටු වන්නේ නම් යෙහෙකි.

අථ මහාසත‍්තො “සොතුකාමො දානි පොරිසාදො, කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “තෙන හි, සම‍්ම, සාධුකං සුණාහී”ති තං ඔහිතසොතං කත්‍වා නන්‍දබ්‍රාහ‍්මණෙන කථිතනියාමෙනෙව ගාථානං ථුතිං කත්‍වා ඡසු කාමාවචරදෙවෙසු එකකොලාහලං කත්‍වා දෙවතාසු සාධුකාරං දදමානාසු පොරිසාදස‍්ස ධම‍්මං කථෙසි –

ඉක්බිති බෝසත්, දැන් පෝරිසාදයා බණ අසනු කැමැත්තේ යයි, ඔහුට එය කියන්නෙමි යයි සිතා එසේ වී නම් මිත්‍රය; මැනවින් අසනු මැනවි. ඔහු කණට බරකොට නන්ද බ්‍රාහ්මණයා විසින් කියන ලද අයුරින් ම ගාථාවන්ට තුති පුදකොට කාමාවචර ලෝක සහ එක කෝලාහලයක් කොට දේවතාවන් සාධුකාර නාදය පවත්වන කල්හි බෝසත් තෙම පෝරිසාදයාට ධර්මය දේශනා කෙළේය.

“සකිදෙව මහාරාජ, සබ‍්භි හොති සමාගමො; සා නං සඞ‍්ගති පාලෙති, නාසබ‍්භි බහු සඞ‍්ගමො.

සුතසෝමය, සත්පුරුෂයන් සමග එක් වරක් සමාගමය වේ ද, ඒ සමාගමය ඔහු ආරක්‍ෂා කෙරේ. අසත්පුරුෂයන් සමග බොහෝ සෙයින් කරන ලද සමාගමය ද එසේ ආරක්‍ෂා නො කෙරේ.

“සබ‍්භිරෙව සමාසෙථ, සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං; සතං සන්‍ධම‍්මමඤ‍්ඤාය, සෙය්‍යො හොති න පාපියො.

සත් පුරුෂයන් සමග ම එක්ව වාසය කරන්නේ ය. සත්පුරුෂයන් සමග මිත්‍රසනත්‍ථවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය නම් වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මය දැන ශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය. පාපියෙක් නො වන්නේ ය.

“ජීරන‍්ති වෙ රාජරථා සුචිත‍්තා, අථො සරීරම‍්පි ජරං උපෙති; සතඤ‍්ච ධම‍්මො න ජරං උපෙති, සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්ති.

විසිතුරු කරන ලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරති. තවද මේ ශරීරය ද ජරාවට එළඹෙයි. බුද්ධාදී උතුමන්ගේ සත් තිස් බෝපැකි දහම් ජරාවට නො එළඹෙයි. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් උතුම් වූ ධර්මය ප්‍රකාශ කෙරෙත්.

“නභඤ‍්ච දූරෙ පථවී ච දූරෙ, පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ; තතො හවෙ දූරතරං වදන‍්ති, සතඤ‍්ච ධම‍්මො අසතඤ‍්ච රාජා”ති.

අහස ද, දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ යම් පරතෙරක් වේ ද, එය ද දුර යයි කියත්. මහරජ, සත්පුරුෂයන්ගේ දහම ද, අසත්පුරුෂයන්ගේ දහම ද, ඊටත් වඩා ඒකාන්තයෙන් දුර ම යයි කියති යි කීවේය.

තස‍්ස තෙන සුකථිතත‍්තා චෙව අත‍්තනො පණ‍්ඩිතභාවෙන ච තා ගාථා සබ‍්බඤ‍්ඤුබුද‍්ධකථිතා වියාති චින‍්තෙන‍්තස‍්ස සකලසරීරං පඤ‍්චවණ‍්ණාය පීතියා පරිපූරි, බොධිසත‍්තෙ මුදුචිත‍්තං අහොසි, සෙතච‍්ඡත‍්තදායකං පිතරං විය නං අමඤ‍්ඤි. සො “අහං සුතසොමස‍්ස දාතබ‍්බං කිඤ‍්චි හිරඤ‍්ඤසුවණ‍්ණං න පස‍්සාමි, එකෙකාය පනස‍්ස ගාථාය එකෙකං වරං දස‍්සාමී”ති චින‍්තෙත්‍වා ගාථමාහ –

ඔහුගේ ඒ මැනවින් කියන ලද්ද, තමන්ගේ පණ්ඩිත භාවයෙන් ඒ ගාථාවෝ සර්වඥ බුද්ධෝත්තමයන් විසින් කියන ලද අයුරින් සිතන්නාට සිතෙන්නාට මුළු සිරුරම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. බෝසතුන් කෙරෙහි මෘදු සිතක් ඇතිවිය. සුදු කුඩයක් උසුලන පියකු සේ, ඔහු සිතුවේය. ඒ මම සුතසෝමට දියයුතු කිසියම් රන් අමුරන් ආදියක් නොදකිමි. එක එක ගාථාවට එක එක වරය බැගින් දෙන්නෙමි’යි සිතා ගාථාවක් කීවේය.

“ගාථා ඉමා අත්‍ථවතී සුබ්‍යඤ‍්ජනා, සුභාසිතා තුය‍්හ ජනින්‍ද සුත්‍වා; ආනන්‍දි විත‍්තො සුමනො පතීතො, චත‍්තාරි තෙ සම‍්ම වරෙ දදාමී”ති.

මහරජ, අර්ථවත් වූ ද මනා සේ ඝටිත අක්‍ෂරයෙන් යුතු වූ ද සුභායිත වූ ද ඔබගේ මේ ගාථා අසා හටගත් සතුටු ඇත්තෙමි. යහපත් සිතැත්තෙමි. ප්‍රීතිමත් වූයෙමි. මම ඔබට සිවු වරයක් දෙමැ යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ ආනන්‍දීති ආනන්‍දජාතො. සෙසානි තස‍්සෙව වෙවචනානි. චත‍්තාරොපි හෙතෙ තුට‍්ඨාකාරා එව.

එහි ආනන්‍දි යන සතුට හට ගත්තේ සෙසු ඒවා ද ඒ අයුරින් ම විවරණය කළ යුතුය. සතර ගාථා නිසා සතුටට පත්වූයේ යනුයි.

අථ නං මහාසත‍්තො “කිං නාම ත්‍වං වරං දස‍්සසී”ති අපසාදෙන‍්තො ගාථමාහ –

ඉක්බිති ඔහුට බෝසත් තෙම ඔබට කුමන නම් වරයක් දෙන්නෙහි දැයි නොපැහැදීමෙන් කීවේය.

“යො නත‍්තනො මරණං බුජ‍්ඣසි තුවං, හිතාහිතං විනිපාතඤ‍්ච සග‍්ගං; ගිද‍්ධො රසෙ දුච‍්චරිතෙ නිවිට‍්ඨො, කිං ත්‍වං වරං දස‍්සසි පාපධම‍්ම.

ලාමක ස්වභාව ඇත්තාණෙනි, යම්බඳු වූ නුඹ තමන්ගේ මරණය නො දන්නෙහිද? තමහට හිත වූ ද, අහිත වූ ද, අපායට යන්නා වූ කර්මය හා ස්වර්ගයට යන්නා වූ කර්මය ද නො දන්නෙහි ය. මිනීමස් රසයෙහි ගිජු වූයෙහි ද දුශ්චරිතයෙහි පිහිටියෙහි ද එබඳු නුඹ කිනම් වරයක් දෙන්නෙහි ද?

“අහඤ‍්ච තං ‘දෙහි වර’න‍්ති වජ‍්ජං, ත්‍වං චාපි දත්‍වා න අවාකරෙය්‍ය; සන්‍දිට‍්ඨිකං කලහමිමං විවාදං, කො පණ‍්ඩිතො ජානමුපබ‍්බජෙය්‍යා”ති.

මම ද තොපට වරයක් දෙව යි කියන්නෙමි. නුඹ ද වරයක් මට දී එය දෙව යි කී කල නො දෙන්නෙහි ය. විරුද්ධ වාද ඇති මේ කලහය තමන් විසින් ම දැක්ක හැකි ආදීනව ඇත්තෙක. එය දැන කිනම් පණ්ඩිතයෙක් එයට පැමිණෙන්නේ ද? නො පැමිණෙන්නේ ම ය.

තත්‍ථ යොති යො ත්‍වං “මරණධම‍්මොහමස‍්මී”ති අත‍්තනොපි මරණං න බුජ‍්ඣසි න ජානාසි, පාපකම‍්මමෙව කරොසි. හිතාහිතන‍්ති “ඉදං මෙ කම‍්මං හිතං, ඉදං අහිතං, ඉදං විනිපාතං නෙස‍්සති, ඉදං සග‍්ග”න‍්ති න ජානාසි. රසෙති මනුස‍්සමංසරසෙ. වජ‍්ජන‍්ති වදෙය්‍යං. න අවාකරෙය්‍යාති වාචාය දත්‍වා “දෙහි මෙ වර”න‍්ති වුච‍්චමානො න අවාකරෙය්‍යාසි න දදෙය්‍යාසි. උපබ‍්බජෙය්‍යාති කො ඉමං කලහං පණ‍්ඩිතො උපගච‍්ඡෙය්‍ය.

එහි යො යනු, යම්බඳු ඔබ මරණය ස්වභාවකොට ඇත. මම එසේ වෙමියි තමන් මරණය අවබෝධ නොකරහි, නොදනිහි ද, පව්කම්ම කරන්නේය. හිතාහිතං යනු මේ මා විසින් හොඳ කර්මයක් කරන ලදි. මෙය අහිතය. නරකයට පමුණුවන්නේය. මෙය ස්වර්ගයට පමුණුවන්නේ යයි නොදන්නෙහි. රසෙ යනු මිනීමස් රසයන්ය. වජ්ජං යනු කියන්නෙම් අවාකරෙය්‍ය යනු වචනයෙන් මට වරයක් දෙවයි කියා, කියන කල්හි නරක ලෙස කරන්නේ යයි නොදෙන්නෙහිය. උපබ්බජෙය්‍යා යනු කවරෙක් මේ කලහය පණ්ඩිතයා වෙත රැගෙන යන්නේද යනුවෙනි.

තතො පොරිසාදො “නායං මය‍්හං සද‍්දහති, සද‍්දහාපෙස‍්සාමි න”න‍්ති ගාථමාහ –

ඉක්බිති පෝරිසාදයා මෙන් ම මා නොඅදවයි ඔහුව අදහා පෙන්වන්නෙමියි ගාථාවක් කීවේය.

“න තං වරං අරහති ජන‍්තු දාතුං, යං වාපි දත්‍වා න අවාකරෙය්‍ය; වරස‍්සු සම‍්ම අවිකම‍්පමානො, පාණං චජිත්‍වානපි දස‍්සමෙවා”ති.

යම් හෙයකින් වරයක් දී පසුව එය නො දෙන්නේ නම් ඒ සත්ත්ව තෙම එම වරය දීමට නුසුදුසු ය. මිත්‍රය නො පසුබට ව වරය ගනු මැනවි. ප්‍රාණය අත්හැර වුව එය දෙන්නෙමි යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ අවිකම‍්පමානොති අනොලීයමානො.

එහි අවිකම්පමානො යනු කම්පා නො වන ස්වභාවයයි.

අථ මහාසත‍්තො “අයං අතිවිය සූරො හුත්‍වා කථෙති, කරිස‍්සති මෙ වචනං, වරං ගණ‍්හිස‍්සාමි, සචෙ පන “මනුස‍්සමංසං න ඛාදිතබ‍්බ’න‍්ති පඨමමෙව වරං වාරයිස‍්සං, අතිවිය කිලමිස‍්සති, පඨමං අඤ‍්ඤෙ තයො වරෙ ගහෙත්‍වා පච‍්ඡා එතං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ –

ඉක්බිති බෝසත් අතිශයින් ශූර යයි කියයි. මගේ වචනය කරන්නේය වරයක් දෙන්නෙමි. ඉදින් වනාහි මනුෂ්‍යමාංශ නොකෑයුතුයයි පළමුව වරයක් ගන්වන්නේ නම් අතිශයින් ක්ලාන්ත වන්නේය. පළමුව අනෙක් වර තුන දී පසුව එය ගන්වන්නෙමියි සිතා කී සේක.

“අරියස‍්ස අරියෙන සමෙති සඛ්‍යං, පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාණවතා සමෙති; පස‍්සෙය්‍ය තං වස‍්සසතං අරොගං, එතං වරානං පඨමං වරාමී”ති.

හැසිරීමෙන් ආර්ය වූවකු හට එබඳු ම ආර්යයකු හා මිත්‍ර ධර්මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්තයකු හා මිත්‍ර ධර්මය සුදුසු වේ. නුඹ සියක් වස් ජීවත් වන්නකු ලෙස දක්නට කැමැත්තෙමි. යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස ඉල්ලමි යි සුතසෝම රජ කීවේ ය.

තත්‍ථ අරියස‍්සාති ආචාරඅරියස‍්ස. සඛ්‍යන‍්ති සඛිධම‍්මො මිත‍්තධම‍්මො. පඤ‍්ඤාණවතාති ඤාණසම‍්පන‍්නෙන. සමෙතීති ගඞ‍්ගොදකං විය යමුනොදකෙන සංසන්‍දති. ධාතුසො හි සත‍්තා සංසන්‍දන‍්ති. පස‍්සෙය්‍ය තන‍්ති සුතසොමො පොරිසාදස‍්ස චිරං ජීවිතං ඉච‍්ඡන‍්තො විය පඨමං අත‍්තනො ජීවිතවරං යාචති. පණ‍්ඩිතස‍්ස හි “මම ජීවිතං දෙහී”ති වත‍්තුං අයුත‍්තං, අපිච සො ‘මය‍්හමෙව එස ආරොග්‍යං ඉච‍්ඡතී’ති චින‍්තෙත්‍වා තුස‍්සිස‍්සතීති එවමාහ.

එහි අරියස්සා යනු ආර්යයන්ගේ පැවතුම. සක්ඛී යනු යහපත් ධර්ම, මිත්‍ර ධර්ම. පඤ්ඤාවතා යනු ඤාණසම්පන්න වූ. සමෙති යනු ගංගා නදියේ ජලය යමුනා නදියේ ජලය හා සැසඳෙයි. චතු ධාතුවලින් සත්ත්වයෝ එලෙස සංසන්දනය වේ. පස්සෙය්‍ය තං යනු, පෝරිසාදගේ චිරාත් කල් ජීවිතය කැමැති වන්නේ පළමුව තමන්ගේ ජීවිතයට වරයක් ඉල්ලයි. පණ්ඩිතයාට මම ජීවිතය දෙවයි ඉල්ලීම නුසුදුසුය. තවද හෙතෙම මට ම නිරෝගීබව කැමැති වේයයි සිතා සන්තෝෂයට පැමිණෙන්නේයයි මෙසේ කීවේය.

සොපි තං සුත්‍වාව “අයං ඉස‍්සරියා ධංසෙත්‍වා ඉදානි මංසං ඛාදිතුකාමස‍්ස එවං මහාඅනත්‍ථකරස‍්ස මහාචොරස‍්ස මය‍්හමෙව ජීවිතං ඉච‍්ඡති, අහො මම හිතකාමො”ති තුට‍්ඨමානසො වඤ‍්චෙත්‍වා වරස‍්ස ගහිතභාවං අජානිත්‍වා තං වරං දදමානො ගාථමාහ –

හෙතෙම එය අසාම ඉසුරු සම්පත් ඉවත් කොට, දැන් මස් කනු කැමැත්තේම මොහුට මෙසේ මහ අවැඩ කරන සොරෙක්ම වූ මොහුට මගේ ජීවිතය ම කැමැති වෙයි. අහෝ! මට හිත කැමැති යයි වංචා කොට වරය ගන්නා බව නොදන්වා ඒ වරය දෙමින් ගාථාවක් කීවේය.

“අරියස‍්ස අරියෙන සමෙති සඛ්‍යං, පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාණවතා සමෙති; පස‍්සාසි මං වස‍්සසතං අරොගං, එතං වරානං පඨමං දදාමී”ති.

හැසිරීමෙන් ආර්ය වූවකු හට එබඳු ම ආර්යයකු හා මිත්‍ර ධර්මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳුම ප්‍රඥාවන්තයකු හා මිත්‍ර ධර්මය සුදුසු ය. මා සියවස් ජීවත්වන්නකු ලෙස දක්නට කැමැත්තෙහි යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස දෙමි යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ වරානන‍්ති චතුන‍්නං වරානං පඨමං.

එහි වරං යනු වර සතරෙන් පළමු වරයයි.

තතො බොධිසත‍්තො ආහ –

ඉක්බිති බෝධිසත්ත්වයෝ කීහ.

“යෙ ඛත‍්තියාසෙ ඉධ භූමිපාලා, මුද‍්ධාභිසිත‍්තා කතනාමධෙය්‍යා; න තාදිසෙ භූමිපතී අදෙසි, එතං වරානං දුතියං වරාමී”ති.

මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමි පාලනය කරන්නා වූ යම් ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙම කීවේ ය.

තත්‍ථ කතනාමධෙය්‍යාති මුද‍්ධනි අභිසිත‍්තත‍්තාව “මුද‍්ධාභිසිත‍්තා”ති කතනාමධෙය්‍යා. න තාදිසෙති තාදිසෙ ඛත‍්තියෙ න අදෙසි මා ඛාදි.

එහි කතනාමධෙය්‍යා යනු මුදුනින් අභිෂේක කළ, කිරුළු පලන් අභිෂික්ත වූයයි නම් දරන ලද. න තාදිසෙ යනු එබඳු වූ ක්‍ෂත්‍රියන් නොකවයි! නොදෙන්නේය.

ඉති සො දුතියං වරං ගණ‍්හන‍්තො පරොසතානං ඛත‍්තියානං ජීවිතවරං ගණ‍්හි. පොරිසාදොපිස‍්ස දදමානො ආහ –

මෙසේ ඔහු දෙවෙනි වරය ගන්වමින් සියයකට වඩා ක්‍ෂත්‍රියයන්ගේ ජීවිත වරය ගැන්වීය. පෝරිසාදයාට එය දෙමින් කීවේය.

“යෙ ඛත‍්තියාසෙ ඉධ භූමිපාලා, මුද‍්ධාභිසිත‍්තා කතනාමධෙය්‍යා; න තාදිසෙ භූමිපතී අදෙමි, එතං වරානං දුතියං දදාමී”ති.

මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමිය පාලනය කරන්නා වූ යම් ඒ ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.

කිං පන තෙ තෙසං සද‍්දං සුණන‍්ති, න සුණන‍්තීති? න සබ‍්බං සුණන‍්ති. පොරිසාදෙන හි රුක‍්ඛස‍්ස ධූමජාලඋපද‍්දවභයෙන පටික‍්කමිත්‍වා අග‍්ගි කතො, අග‍්ගිනො ච රුක‍්ඛස‍්ස ච අන‍්තරෙ නිසීදිත්‍වා මහාසත‍්තො තෙන සද‍්ධිං කථෙසි, තස‍්මා සබ‍්බං අසුත්‍වා උපඩ‍්ඪුපඩ‍්ඪං සුණිංසු. තෙ “ඉදානි සුතසොමො පොරිසාදං දමෙස‍්සති, මා භායථා”ති අඤ‍්ඤමඤ‍්ඤං සමස‍්සාසෙසුං. තස‍්මිං ඛණෙ මහාසත‍්තො ඉමං ගාථමාහ –

කිමෙක්ද ඔබට, ඒ ශබ්දය ඇසෙත්ද? නොඇසෙත්ද? සියල්ල නොඇසෙත්. පෝරිසාදයා විසින්, ගසෙහි දුම්රැස උඩ යන බියෙන් වළක්වා, දැල්වුණු ගින්නට ද, ගසේ ගින්නට ද අතර හිඳ බෝසත් තෙම ඔහු සමග කථා කළේය. එහෙයින් සියල්ල නොඇසී හරිඅඩක් පමණ ඇසූහ. ඔවුහු දැන් සුතසෝම පෝරිසාදයා දමනය කරන්නේ යයි බිය නොවෙවු! යයි ඔවුනොවුන් අස්වසාලූහ. එකෙණෙහි බෝසත් තෙමේ ගාථාව කීවේය.

“පරොසතං ඛත‍්තියා තෙ ගහීතා, තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා; සකෙ තෙ රට‍්ඨෙ පටිපාදයාහි, එතං වරානං තතියං වරාමී”ති.

නුඹ විසින් අත්තලවලින් අවුණන ලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇති, හඬන්නා වූ සියයකට අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවලට යවව. වර අතුරින් මෙය තෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.

තත්‍ථ පරොසතන‍්ති අතිරෙකසතං. තෙ ගහීතාති තයා ගහිතා. තලාවුතාති හත්‍ථතලෙසු ආවුතා.

එහි පරොසතං යනු සියයකට වඩා අතිරේක. තෙ ගහිතා යනු ඔහු විසින් ගන්නා ලදි. තලාවුතා යනු අත් තලවල සඟවන ලද ආවරණය වූ.

ඉති මහාසත‍්තො තතියං වරං ගණ‍්හන‍්තො තෙසං ඛත‍්තියානං සකරට‍්ඨනිය්‍යාතනවරං ගණ‍්හි. කිංකාරණා? සො අඛාදන‍්තොපි වෙරභයෙන සබ‍්බෙ තෙ දාසෙ කත්‍වා අරඤ‍්ඤෙයෙව වාසෙය්‍ය, මාරෙත්‍වා වා ඡඩ‍්ඩෙය්‍ය, පච‍්චන‍්තං නෙත්‍වා වා වික‍්කිණෙය්‍ය, තස‍්මා තෙසං සකරට‍්ඨනිය්‍යාතනවරං ගණ‍්හි. ඉතරොපිස‍්ස දදමානො ඉමං ගාථමාහ –

මෙසේ බෝධිසත්ත්වයෝ තෙවෙනි වරය වර ගන්වමින් ඒ ක්‍ෂත්‍රියන්ට සිය රට පවරණ වරය ගත්තේය. කුමන කරුණු නිසාද? හෙතෙම අනුභව නොකරන්නේ නමුත් සියල්ලෝ ඉතා බියෙන්. ඔහුට දාසයන් කොට අරණ්‍යයෙහි හෝ වාසය කරවන්නාහ. මරා හෝ ඉවත දමන්නේය. ප්‍රත්‍යන්ත ජනපදවලට රැගෙන ගොස් විකුණන්නේය. එහෙයින් ඔවුන්ට සිය රට පවරාදෙන වරය වරගැන්වීය. සෙස්සද ඔහුට දෙමින් මේ ගාථාව කීවේය.

“පරොසතං ඛත‍්තියා මෙ ගහීතා, තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා; සකෙ තෙ රට‍්ඨෙ පටිපාදයාමි, එතං වරානං තතියං දදාමී”ති.

මා විසින් අත්තලවලින් අවුණන ලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇත්තා වූ හඬන්නා වූ සියයකට වඩා අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවල් සමග සම්බන්ධ කරමි යි යන මෙය වර අතුරින් තෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.

චතුත්‍ථං පන වරං ගණ‍්හන‍්තො බොධිසත‍්තො ඉමං ගාථමාහ –

සතරවෙනි වරය ගන්වමින් බෝධිසත්ත්ව තෙම මෙම ගාථාව කී සේක.

“ඡිද‍්දං තෙ රට‍්ඨං බ්‍යථිතා භයා හි, පුථූ නරා ලෙණමනුප‍්පවිට‍්ඨා; මනුස‍්සමංසං විරමෙහි රාජ, එතං වරානං චතුත්‍ථං වරාමී”ති.

එම්බා පෝරිසාද රජතුමනි, නුඹ විසින් රට සිදුරු කරන ලද. මිනිස්සු ආරක්ෂා ස්ථානවලට පිවිසියාහු ය. රජතුමනි, මිනීමසින් වෙන්වනු මැනවි. වර අතුරින් මෙය සිවුවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ කීයේ ය.

තත්‍ථ ඡිද‍්දන‍්ති න ඝනවාසං තත්‍ථ තත්‍ථ ගාමාදීනං උට‍්ඨිතත‍්තා සවිවරං. බ්‍යථිතා භයාහීති “පොරිසාදො ඉදානි ආගමිස‍්සතී”ති තව භයෙන කම‍්පිතා. ලෙණමනුප‍්පවිට‍්ඨාති දාරකෙ හත්‍ථෙසු ගහෙත්‍වා තිණගහනාදිනිලීයනට‍්ඨානං පවිට‍්ඨා. මනුස‍්සමංසන‍්ති දුග‍්ගන්‍ධං ජෙගුච‍්ඡං පටික‍්කූලං මනුස‍්සමංසං පජහ. නිස‍්සක‍්කත්‍ථෙ වා උපයොගං, මනුස‍්සමංසතො විරමාහීති අත්‍ථො.

එහි ඡිද්දං යනු ළිහිල්, ඝන නොවූ වාස භූමියයි. ඒ ඒ ග්‍රාමයන් තැතිගත් බැවින් විවර සහිත වූ. බ්‍යථිතං භයාහි යනු පෝරිසාදයා දැන් පැමිණෙන්නේ යයි ඔබට බියෙන් කම්පා වූ. ලෙණ මනුප්පවිට්ඨා යනු දරුවන් අත්වලින් ගෙන තෘණ කැලෑ ආදියෙහි සැඟවෙන්නා වූ තැන්වලට පිවිසියේ මනුස්සමංසං යනු දුගඟ පිළිකුල් නරක් වූ මනුෂ්‍ය මාංශ දුරු කරන්නේය. නිසැක වශයෙන්ම මනුෂ්‍ය මාංශවලින් වැලකෙව යන අර්ථයයි.

එවං වුත‍්තෙ පොරිසාදො පාණිං පහරිත්‍වා හසන‍්තො “සම‍්ම සුතසොම කිං නාමෙතං කථෙසි, කථාහං තුම‍්හාකං එතං වරං දස‍්සාමි, සචෙ ගණ‍්හිතුකාමො, අඤ‍්ඤං ගණ‍්හාහී”ති වත්‍වා ගාථමාහ –

මෙසේ කී කල්හි පෝරිසාදයා අතින් පහර දී සිනහසෙන්නේ, මිත්‍රය; සුතසෝමය, මේ කුමක් නම් කියහිද? කෙසේ ඔබට මම මේ වරය දෙන්නෙම්ද? ඉදින් ගනු කැමැත්තේ නම් අනෙකක් ගනු මැනවැයි කියා ගාථාව කීවේය.

“අද‍්ධා හි සො භක‍්ඛො මම මනාපො, එතස‍්ස හෙතුම‍්හි වනං පවිට‍්ඨො; සොහං කථං එත‍්තො උපාරමෙය්‍යං, අඤ‍්ඤං වරානං චතුත්‍ථං වරස‍්සූ”ති.

යහළු සුතසෝම රජතුමනි, ඒ ආහාරය මට ඒකාන්තයෙන් ම මන වඩන්නේ ය. මෙය හේතු කොටගෙන ම මම වනයට පිවිසියෙමි. ඒ මම කෙසේ නම් මෙයින් වැළකෙම් ද? වර අතුරින් සතරවැන්න කොට අනිත් වරයක් ඉල්ලව යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ වනන‍්ති රජ‍්ජං පහාය ඉමං වනං පවිට‍්ඨො.

එහි වනං යනු රාජ්‍යය හැර මේ වනයට පිවිසියේ යන අර්ථයයි.

අථ නං මහාසත‍්තො “ත්‍වං ‘මනුස‍්සමංසස‍්ස පියතරත‍්තා තතො විරමිතුං න සක‍්කොමී”ති වදසි. යො හි පියං නිස‍්සාය පාපං කරොති, අයං බාලො”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔහුට බෝසත් තෙම නුඹ මනුෂ්‍ය මාංශවලට ප්‍රිය බැවින්, ඉන් මිදීමට නොහැකි වෙමියි පවසහි. යමෙක් ප්‍රිය නිසා පව්කම් කරයිද? හෙතෙම ‘බාලය’ කැයි පවසා ගාථාව කීවේය.

“න වෙ ‘පියං මෙ’ති ජනින්‍ද තාදිසො, අත‍්තං නිරංකච‍්ච පියානි සෙවති; අත‍්තාව සෙය්‍යො පරමා ච සෙය්‍යො, ලබ‍්භා පියා ඔචිතත්‍ථෙන පච‍්ඡා”ති.

මහරජ, තා වැන්නෙක් තමා ගැන නො සලකා ඒකාන්තයෙන් ම මෙය මට ප්‍රිය යයි ප්‍රිය වස්තූන් සේවනය නො කෙරෙයි. මිනිසාට වනාහි අන්‍ය වූ ප්‍රිය වස්තූන්ට වඩා ආත්මය ම උතුම් වන්නේ ය. දියුණු කරන ලද යහපත ඇත්තහු විසින් පසුව ද ප්‍රිය වස්තු ලැබගත හැකි යයි සුතසෝම රජ කීයේ ය.

තත්‍ථ තාදිසොති ජනින්‍ද තාදිසො යුවා අභිරූපො මහායසො “ඉදං නාම මෙ පිය”න‍්ති පියවත්‍ථුලොභෙන තත්‍ථ අත‍්තානං නිරංකත්‍වා සබ‍්බසුගතීහි චෙව සුඛවිසෙසෙහි ච චවිත්‍වා නිරයෙ පාතෙත්‍වා න වෙ පියානි සෙවති. පරමා ච සෙය්‍යොති පුරිසස‍්ස හි පරමා පියවත්‍ථුම‍්හා අත‍්තාව වරතරො. කිංකාරණා? ලබ‍්භා පියාති, පියා නාම විසයවසෙන චෙව පුඤ‍්ඤෙන ච ඔචිතත්‍ථෙන වඩ‍්ඪිතත්‍ථෙන දිට‍්ඨධම‍්මෙ චෙව පරත්‍ථ ච දෙවමනුස‍්සසම‍්පත‍්තිං පත්‍වා සක‍්කා ලද‍්ධුං.

එහි තාදිසො යනු රජතුමනි, එබඳු තරුණයකු මනා රූ ඇත්තේ මහත් යසස් ඇත්තේ, මේ මට ප්‍රිය යයි ප්‍රිය වස්තුවේ ඇලුනේ තමන්ව පහත් කොට සියළු සුගතිය ද, සැප විහරණය ද අතහැර නිරයේ වැටී ප්‍රිය දේ සේවනය නොකරයි. පරමාව සෙය්‍යො යනු පුරුෂයාට වනාහි අනුන් සතු ප්‍රිය වස්තූන්ට වඩා ආත්මයම ශ්‍රේෂ්ඨතර වේ. ලබ්භා පියා යනු ප්‍රිය නම්, විෂය වශයෙන් ද, පින වශයෙන් ද, ඔචිතත්‍ථෙන වැඩුණු බැවින් මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන් ද, දේව මනුෂ්‍ය සම්පත් ලැබීමට හැකිය.

එවං වුත‍්තෙ පොරිසාදො භයප‍්පත‍්තො හුත්‍වා “අහං සුතසොමෙන ගහිතං වරං විස‍්සජ‍්ජාපෙතුම‍්පි මනුස‍්සමංසතො විරමිතුම‍්පි න සක‍්කොමි, කිං නු ඛො කරිස‍්සාමී”ති අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි ගාථමාහ –

මෙසේ කී කල්හි පෝරිසාදයා, බියට පැමිණියේ, මම සුතසෝම විසින් ගන්නා ලද වරය අත්හරින්නෙමි. මනුෂ්‍ය මාංශවලින් වැළකීමට නොහැකි වෙමියි, කුමක් නම් කරන්නෙම්ද? කඳුළු පිරුණු නෙත්වලින් ගාථාව කීවේය.

“පියං මෙ මානුසං මංසං, සුතසොම විජානහි; නම‍්හි සක‍්කා නිවාරෙතුං, අඤ‍්ඤං වරං සම‍්ම වරස‍්සූ”ති.

සුතසෝම රජතුමනි, මට මිනීමස් ප්‍රිය ය. ඒ බව දැන ගනුව. එයින් වළකින්නට නො හැක්කෙම් වෙමි. මිත්‍රය, අනික් වරයක් ඉල්ලනු මැනවැ යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ විජානහීති ත්‍වම‍්පි ජානාහි.

එහි විජානහි යනු ඔබද දන්නෙහිය.

තතො බොධිසත‍්තො ආහ –

ඉක්බිති බෝසත්තුමා කීවේ ය.

“යො වෙ ‘පියං මෙ’ති පියානුරක‍්ඛී, අත‍්තං නිරංකච‍්ච පියානි සෙවති; සොණ‍්ඩොව පිත්‍වා විසමිස‍්සපානං, තෙනෙව සො හොති දුක‍්ඛී පරත්‍ථ.

යමෙක් වනාහි මෙය මට ප්‍රිය යයි ප්‍රිය දැය ම කැමති වන ස්වභාව ඇත්තේ තමා ගැන ප්‍රිය නො කොට ප්‍රිය වස්තූන් සේවනය කෙරේ ද, හෙතෙමේ විෂ මිශ්‍ර සුරා බඳුනක් පානය කොට විපතට පත් වන්නා වූ රා සොඬකු සේ එයින් ම පරලොව්හි දුකට පත්වන්නේ යයි සුතසෝම රජ තෙමේ කීවේ ය.

“යො චීධ සඞ‍්ඛාය පියානි හිත්‍වා, කිච‍්ඡෙනපි සෙවති අරියධම‍්මෙ; දුක‍්ඛිතොව පිත්‍වාන යථොසධානි, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති.

පෝරිසාද රජතුමනි, මේ ලෝකයෙහි යමෙක් වනාහි නුවණින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තූන් හැරදමා දුකසේ වුව ද ආර්ය ධර්මය සේවනය කෙරේ නම් හෙතෙමේ අපහසුවෙන් බෙහෙත් පානය කොට සුවපත් වන්නකු මෙන් එයින් ම පරලොව සුව ඇත්තෙක් වන්නේ යයි සුතසෝම රජ කීය.

තත්‍ථ යො වෙති, සම‍්ම පොරිසාද, යො පුරිසො “ඉදං මෙ පිය”න‍්ති පාපකිරියාය අත‍්තානං නිරංකත්‍වා පියානි වත්‍ථූනි සෙවති, සො සුරාපෙමෙන විසමිස‍්සං සුරං පිත්‍වා සොණ‍්ඩො විය තෙන පාපකම‍්මෙන පරත්‍ථ නිරයාදීසු දුක‍්ඛී හොති. සඞ‍්ඛායාති ජානිත්‍වා තුලෙත්‍වා. පියානි හිත්‍වාති අධම‍්මපටිසංයුත‍්තානි පියානි ඡඩ‍්ඩෙත්‍වා.

එහි යො වෙ යනු මිත්‍ර පෝරිසාදය, යමෙක් මේ මට ප්‍රිය වෙත් යයි පාපක්‍රියාවන් තමන් සිදුකොට ප්‍රියවස්තු සේවනය කරයිද? හෙතෙම සුරාවට ලොල් වීමෙන් විෂ මිශ්‍ර සුරාපානය කළ සුරාසොඬෙකු මෙන් ඒ පාපකර්මයෙන්ම පරලොවදී නිරයාදියෙහි දුකට පත්වෙයි. සංඛායා යනු දැනගෙන සමතුලිත කොට, පියානි හිත්‍වා යනු අධර්මය හා මිශ්‍ර වූ ප්‍රිය දේවල් හැරදමා.

එවං වුත‍්තෙ පොරිසාදො කලූනං පරිදෙවන‍්තො ගාථමාහ –

මෙසේ කී කල්හි පෝරිසාදයා කරුණාව පෙරදැරි කරගෙන ගාථාවක් කීවේ ය.

“ඔහායහං පිතරං මාතරඤ‍්ච, මනාපියෙ කාමගුණෙ ච පඤ‍්ච; එතස‍්ස හෙතුම‍්හි වනං පවිට‍්ඨො, තං තෙ වරං කින‍්ති මහං දදාමී”ති.

යහළු සුතසෝම රජතුමනි, මම වනාහි මාපියන් ද මනවඩන පංචකාම වස්තූන් ද හැරදමා මේ හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඒ වරය මම නුඹට කුමක් කොට දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.

තත්‍ථ එතස‍්සාති මනුස‍්සමංසස‍්ස. කින‍්ති මහන‍්ති කින‍්ති කත්‍වා අහං තං වරං දෙමි.

එහි එතස්සා යනු මනුෂ්‍යමාංශ දක්වයි. කින්තිමහං යනු කුමක්කොට, මම ඒ වරය දෙම්ද,

තතො මහාසත‍්තො ඉමං ගාථමාහ –

ඉක්බිති බෝධිසත්ත්ව තෙම මේ ගාථාව වදාළ සේක.

“න පණ‍්ඩිතා දිගුණමාහු වාක්‍යං, සච‍්චප‍්පටිඤ‍්ඤාව භවන‍්ති සන‍්තො; ‘වරස‍්සු සම‍්ම’ ඉති මං අවොච, ඉච‍්චබ්‍රවී ත්‍වං න හි තෙ සමෙතී”ති.

යහළු පෝරිසාදය, පණ්ඩිතයෝ එකක් කියා එය වළහමින් නැවත දෙවැන්නක් නො කියත්. ඒ සත්පුරුෂයෝ සත්‍ය ප්‍රතිඥා ඇත්තෝ වෙත් මැ යි. යහළුව කැමති වරයක් ඉල්වවයි, නුඹ මට කීවෙහිය. ඒ හා මෙය සම තත්ත්වයට නො යේ යයි සුතසෝම රජ කීය.

තත්‍ථ දිගුණන‍්ති, සම‍්ම පොරිසාද, පණ‍්ඩිතා නාම එකං වත්‍වා පුන තං විසංවාදෙන‍්තා දුතියං වචනං න කථෙන‍්ති. ඉති මං අවොචාති, “සම‍්ම සුතසොම වරස‍්සු වර”න‍්ති එවං මං අභාසසි. ඉච‍්චබ්‍රවීති තස‍්මා යං ත්‍වං ඉති අබ්‍රවි, තං තෙ ඉදානි න සමෙති.

එහි දිගුණං යනු මිත්‍ර පෝරිසාදය, උගත්තු එකක් කියා යළිත් එය වෙනස්කරන ලෙසින් දෙවෙනිවර තව එකක් නොකියති. ඉති මං අවොචා යනු මිත්‍ර සුතසෝම වරයට වරයක් යයි. මෙසේ මට කීවේද, ඉච්චබ්‍රවී යනු එහෙයින්, යමක් ඔබ, මෙසේ කීවේද? එය ඔබට දැන් නොගැලපේ.

සො පුන රොදන‍්තො එව ගාථමාහ –

නැවත ඔහු හඬමින් ගාථාව කීවේය.

“අපුඤ‍්ඤලාභං අයසං අකිත‍්තිං, පාපං බහුං දුච‍්චරිතං කිලෙසං; මනුස‍්සමංසස‍්ස කතෙ උපාගා, තං තෙ වරං කින‍්ති මහං දදෙය්‍ය”න‍්ති.

යහළු සුතසෝම රජුනි, මනුෂ්‍ය මාංශය හේතු කොටගෙන අපුණ්‍යලාභයට ද පරිවාරා දි සම්පත්වලින් දුරු වීමට ද අපකීර්තියට ද බොහෝ පව්කම්වලට ද දුශ්චරිතයට ද දුකට ද පැමිණියෙමි. ඒ වරය කෙසේ නම් ඔබට මම දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසීය.

තත්‍ථ පාපන‍්ති කම‍්මපථං අප‍්පත‍්තං. දුච‍්චරිතන‍්ති කම‍්මපථප‍්පත‍්තං. කිලෙසන‍්ති දුක‍්ඛං. මනුස‍්සමංසස‍්ස කතෙති මනුස‍්සමංසස‍්ස හෙතු. උපාගාති උපගතොම‍්හි. තං තෙති තං තුය‍්හං කථාහං වරං දෙමි, මා මං වාරයි, අනුකම‍්පං කාරුඤ‍්ඤං මයි කරොහි, අඤ‍්ඤං වරං ගණ‍්හාහීති ආහ.

එහි පාපං යනු කර්මපථයට නොපැමිණි. දුච්චරිතං යනු කර්ම පථයට පැමිණි. කිලෙසං යනු දුකයි. මනුස්ස මංසස්ස කතෙ යනු මනුෂ්‍ය මාංශවලට හේතු වූ. උපාගා යනු පැමිණියෙම්. තං තෙ යනු ඒ ඔබට මම කෙසේ ඒ වරය දෙමිද? මා නොමරාවයි, කාරුණික බවක් මට කරහි ද? අනෙක් වරයක් ගන්නැයි කීවේ ය.

අථ මහාසත‍්තො ආහ –

ඉක්බිති බෝසත් තෙම මෙසේ කීවේ ය.

“න තං වරං අරහති ජන‍්තු දාතුං, යං වාපි දත්‍වා න අවාකරෙය්‍ය; වරස‍්සු සම‍්ම අවිකම‍්පමානො, පාණං චජිත්‍වානපි දස‍්සමෙවා”ති.

යහළු පෝරිසාදය, සත්ත්ව තෙම වරයක් දී නැවත ගන්නේ නම් එබඳු වරය දෙන්නට නො වටී. ප්‍රාණය අත්හැර වුව දෙන්නෙම් මැ ය, නො පසුබට ව වර ගනීවා යි කීයෙහි ය.

එවං තෙන පඨමං වුත‍්තගාථං ආහරිත්‍වා දස‍්සෙත්‍වා වරදානෙ උස‍්සාහෙන‍්තො ගාථා ආහ –

මෙසේ ඔහු විසින් පළමුව කියන ලද ගාථාව ගෙනහැර දක්වා වර දානයට උත්සාහ කරමින් කීවේ ය.

“පාණං චජන‍්ති සන‍්තො නාපි ධම‍්මං, සච‍්චප‍්පටිඤ‍්ඤාව භවන‍්ති සන‍්තො; දත්‍වා වරං ඛිප‍්පමවාකරොහි, එතෙන සම‍්පජ‍්ජ සුරාජසෙට‍්ඨ.

සත්පුරුෂයෝ ප්‍රාණය හැරදමති. ධර්මය නො හැර දමති. සත්පුරුෂයෝ සත්‍ය ප්‍රතිඥා ඇත්තෝ වෙති. උතුම් රාජ ශ්‍රේෂ්ඨය. මට වරය දී නැවත වහා නො ගනුව. මේ සත්‍ය කාරණයෙන් යුක්ත වනු මැනවි.

“චජෙ ධනං අඞ‍්ගවරස‍්ස හෙතු, අඞ‍්ගං චජෙ ජීවිතං රක‍්ඛමානො; අඞ‍්ගං ධනං ජීවිතඤ‍්චාපි සබ‍්බං, චජෙ නරො ධම‍්මමනුස‍්සරන‍්තො”ති.

යහළු පෝරිසාදය, යම් නුවණැත්තෙක් ශරීරාංගයන් හේතු කොටගෙන ධනය හැරදමන්නේ ද, දිවි රක්නේ ශරීරාවයව හැර දමන්නේ ද, සත්පුරුෂ ධර්මය සිහි කරන තැනැත්තේ ශරීරාවයව ද ධනය ද ජීවිතය ද යන සියල්ල හැරදමන්නේ ය.

තත්‍ථ පාණන‍්ති ජීවිතං. සන‍්තො නාම අපි ජීවිතං චජන‍්ති, න ධම‍්මං. ඛිප‍්පමවාකරොහීති ඉධ ඛිප‍්පං මය‍්හං දෙහීති අත්‍ථො. එතෙනාති එතෙන ධම‍්මෙන චෙව සච‍්චෙන ච සම‍්පජ‍්ජ සම‍්පන‍්නො උපපන‍්නො හොහි. සුරාජසෙට‍්ඨාති තං පග‍්ගණ‍්හන‍්තො ආලපති. චජෙ ධනන‍්ති, සම‍්ම පොරිසාද, පණ‍්ඩිතො පුරිසො හත්‍ථපාදාදිම‍්හි අඞ‍්ගෙ ඡිජ‍්ජමානෙ තස‍්ස රක‍්ඛණත්‍ථාය බහුම‍්පි ධනං චජෙය්‍ය. ධම‍්මමනුස‍්සරන‍්තොති අඞ‍්ගධනජීවිතානි පරිච‍්චජන‍්තොපි “සතං ධම‍්මං න වීතික‍්කමිස‍්සාමී”ති එවං ධම‍්මං අනුස‍්සරන‍්තො.

එහි පාණං යනු ජීවිතයකි. සත්පුරුෂයා එසේ ඇතිකල්හි ජීවිතයද දුරුකරති. ධර්මය නො වේ. ඛිප්පමවාකරොහි යනු මෙලොව වහාම මට දෙන්න යන අර්ථයයි. එතෙන යනු මේ ධර්මයෙන් ද සත්‍යයෙන් ද, සම්පජ්ජ සම්පන්න වූ, උපන්නා වෙයි. සුරාජසෙට්ඨා යනු ඉන් සංග්‍රහ කරමින් ආමන්ත්‍රණය කරයි. ධනංචජෙ යනු මිත්‍ර පෝරිසාදය, පණ්ඩිත පුරුෂයා අත් පා ආදී ශරීර අංග සිඳ දමන කල්හි ද, එය රැකීම පිණිස, බොහෝ ධනය දුරු කරන්නේය. ධම්මනුස්සරත්තො යනු ශරීර අංග, ධනය, ජීවිතය පරිත්‍යාග කරන්නේ සත්පුරුෂ ධර්මය නොඉක්මවා යන්නෙමියි මෙසේ ධර්මය සිහිපත් කරමින්

එවං මහාසත‍්තො ඉමෙහි කාරණෙහි තං සච‍්චෙ පතිට‍්ඨාපෙත්‍වා ඉදානි අත‍්තනො ගුරුභාවං දස‍්සෙතුං ගාථමාහ –

මෙසේ බෝධිසත්ත්වයෝ මේ කරුණුවලින් ඔහු සත්‍යයෙහි පිහිටුවන්නේ, දැන් තමන්ගේ ගරුභාවය පෙන්වීමට,

“යස‍්මා හි ධම‍්මං පුරිසො විජඤ‍්ඤා, යෙ චස‍්ස කඞ‍්ඛං විනයන‍්ති සන‍්තො; තං හිස‍්ස දීපඤ‍්ච පරායණඤ‍්ච, න තෙන මිත‍්තිං ජිරයෙථ පඤ‍්ඤො”ති.

යහළු පෝරිසාදය, යම් මනුෂ්‍යයෙක් යම් කෙනකුන් ගෙන් කුශලාකුශල ධර්මය දැනගන්නේ ද, යම් සත්පුරුෂ කෙනෙක් ඒ පුද්ගලයා ගේ සැක දුරු කෙරෙද්ද, හේ ඔහුට පිහිට ද, ආරක්ෂාව ද වෙයි. නුවණැත්තේ ඒ ඇදුරු පුද්ගලයා සමග මිත්‍රකම නො නසන්නේ ය යි සුතසෝම රජ කීයේ ය.

යන ගාථාව කීවේය.

තත්‍ථ යස‍්මාති යම‍්හා පුරිසා. ධම‍්මන‍්ති කුසලාකුසලජොතකං කාරණං. විජඤ‍්ඤාති විජානෙය්‍ය. තං හිස‍්සාති තං ආචරියකුලං එතස‍්ස පුග‍්ගලස‍්ස පතිට‍්ඨානට‍්ඨෙන දීපං, උප‍්පන‍්නෙ භයෙ ගන‍්තබ‍්බට‍්ඨානට‍්ඨෙන පරායණඤ‍්ච. න තෙන මිත‍්තින‍්ති තෙන ආචරියපුග‍්ගලෙන සහ සො පණ‍්ඩිතො කෙනචිපි කාරණෙන මිත‍්තිං න ජීරයෙථ න විනාසෙය්‍ය.

එහි යස්සා යනු, යම් පුරුෂයකු කෙරෙන්. ධම්මං යනු කුසල-අකුසල ධර්මයන් වෙන වෙනම දැනගැනීමයි. විජඤ්ඤා යනු දැනගන්නේය. තං හිස්සා යනු ඒ ආචාර්ය කුලය මේ පුද්ගලයාට පිහිට පිණිස වෙයි. දීපං උපන්නා වූ බිය අර්ථ වශයෙන් ගතයුතුය. පරායණංචයුන තෙන මිත්තිං යනු ඒ ආචාර්ය පුද්ගලයා සමග පණ්ඩිතයා, කිසියම් කරුණක් නිසා මෛත්‍රිය. න ජරයෙථ විනාශ නොවන්නේ ය.

එවඤ‍්ච පන වත්‍වා, “සම‍්ම පොරිසාද, ගුණවන‍්තස‍්ස ආචරියස‍්ස වචනං නාම භින්‍දිතුං න වට‍්ටති, අහඤ‍්ච තරුණකාලෙපි තව පිට‍්ඨිආචරියො හුත්‍වා බහුං සික‍්ඛං සික‍්ඛාපෙසිං, ඉදානිපි බුද‍්ධලීලාය සතාරහා ගාථා තෙ කථෙසිං, තෙන මෙ වචනං කාතුං අරහසී”ති ආහ. තං සුත්‍වා පොරිසාදො “අයං සුතසොමො මය‍්හං ආචරියො චෙව පණ‍්ඩිතො ච, වරො චස‍්ස මයා දින‍්නො, කිං සක‍්කා කාතුං, එකස‍්මිං අත‍්තභාවෙ මරණං නාම ධුවං, මනුස‍්සමංසං න ඛාදිස‍්සාමි, දස‍්සාමිස‍්ස වර”න‍්ති අස‍්සුධාරාහි පවත‍්තමානාහි උට‍්ඨාය සුතසොමනරින්‍දස‍්ස පාදෙසු පතිත්‍වා වරං දදමානො ඉමං ගාථමාහ –

මෙසේද පවසා මිත්‍ර පෝරිසාදය, ගුණවන්ත ගුරුවරයා ගේ වචනය නම් බිඳීමට නොවටියි. මම ද යොවුන් කාලයේ පටන් ඔබ ගේ අන්තේවාසික ගුරුවරයා වී බොහෝ කොට ඉගැන්වූයෙමි. දැන් බුද්ධ ලීලාවෙන් සතාරහ ගාථා කීවෙමි. එබැවින් මගේ වචනය කිරීමට සුදුසු බව කීවේය. ඒ අසා පෝරිසාදයා, සුතසෝම මගේ ආචාර්යවරයා ම ය. උතුම් පණ්ඩිත වූ ඔහුට මා විසින් දෙන ලද්ද, කුමක් කිරීමට හැකිවේද? එක ආත්ම භාවයක මරණය නම් නිත්‍යය මිනීමස් නොකන්නෙමි. වරය දෙන්නෙමියි, කඳුළු පිරුණු වතින් නැගිට සුතසෝම රජදරුවන් ගේ පාමුල වැටී වරය දෙමින්, මේ ගාථාව කීවේ ය.

“අද‍්ධා හි සො භක‍්ඛො මම මනාපො, එතස‍්ස හෙතුම‍්හි වනං පවිට‍්ඨො; සචෙ ච මං යාචසි එතමත්‍ථං, එතම‍්පි තෙ සම‍්ම වරං දදාමී”ති.

ඒකාන්තයෙන් ම ඒ මිනීමස් කෑම මට මනාපය. එය හේතුකොට ගෙන ම වනයට පිවිසියෙමි. ඉදින් මේ පිණිස මගෙන් ඉල්ලන්නෙහි නම් නුඹට එම වරය ද දෙමි යි පෝරිසාදයා කීවේ ය.

අථ නං මහාසත‍්තො එවමාහ – “සම‍්ම, සීලෙ ඨිතස‍්ස මරණම‍්පි වරං, ගණ‍්හාමි, මහාරාජ, තයා දින‍්නං වරං, අජ‍්ජ පට‍්ඨාය අරියපථෙ පතිට‍්ඨිතොසි, එවං සන‍්තෙපි තං යාචාමි, සචෙ තෙ මයි සිනෙහො අත්‍ථි, පඤ‍්ච සීලානි ගණ‍්හ, මහාරාජා”ති. “සාධු, සම‍්ම, දෙහි මෙ සීලානී”ති. “ගණ‍්හ මහාරාජා”ති. සො මහාසත‍්තං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. මහාසත‍්තොපි නං පඤ‍්චසීලෙසු පතිට‍්ඨාපෙසි. තස‍්මිං ඛණෙ තත්‍ථ සන‍්නිපතිතා භුම‍්මා දෙවා මහාසත‍්තෙ පීතිං ජනෙත්‍වා “අවීචිතො යාව භවග‍්ගා අඤ‍්ඤො පොරිසාදං මනුස‍්සමංසතො නිවාරෙතුං සමත්‍ථො නාම නත්‍ථි, අහො සුතසොමෙන දුක‍්කරතරං කත”න‍්ති මහන‍්තෙන සද‍්දෙන වනං උන‍්නාදෙන‍්තා සාධුකාරං අදංසු. තෙසං සද‍්දං සුත්‍වා චාතුමහාරාජිකාති එවං යාව බ්‍රහ‍්මලොකා එකකොලාහලං අහොසි. රුක‍්ඛෙ ලග‍්ගිතරාජානොපි තං දෙවතානං සාධුකාරසද‍්දං සුණිංසු. රුක‍්ඛදෙවතාපි සකවිමානෙ ඨිතාව සාධුකාරමදාසි. ඉති දෙවතානං සද‍්දොව සූයති, රූපං න දිස‍්සති. දෙවතානං සාධුකාරසද‍්දං සුත්‍වා රාජානො චින‍්තයිංසු – “සුතසොමං නිස‍්සාය නො ජීවිතං ලද‍්ධං, දුක‍්කරං කතං සුතසොමෙන පොරිසාදං දමෙන‍්තෙනා”ති බොධිසත‍්තස‍්ස ථුතිං කරිංසු. පොරිසාදො මහාසත‍්තස‍්ස පාදෙ වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ නං බොධිසත‍්තො – “සම‍්ම, ඛත‍්තියෙ මොචෙහී”ති ආහ. සො චින‍්තෙසි “අහං එතෙසං පච‍්චාමිත‍්තො, එතෙ මයා මොචිතා ‘ගණ‍්හථ නො පච‍්චාමිත‍්ත’න‍්ති මං හිංසෙය්‍යුං, මයා ජීවිතං චජන‍්තෙනපි න සක‍්කා සුතසොමස‍්ස සන‍්තිකා ගහිතං සීලං භින්‍දිතුං, ඉමිනා සද‍්ධියෙව ගන‍්ත්‍වා මොචෙස‍්සාමි, එවං මෙ භයං න භවිස‍්සතී”ති. අථ බොධිසත‍්තං වන්‍දිත්‍වා, “සුතසොම, උභොපි ගන‍්ත්‍වා ඛත‍්තියෙ මොචෙස‍්සාමා”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔහුට බෝධිසත්ත්වයෝ මෙසේ කීහ. මිත්‍රය; ශීලයෙහි පිහිටියහු ගේ මරණය නම් වරය ගනිමි. මහරජ, ඔබ විසින් දෙන ලද වරය, අද පටන්, ආර්ය මාර්ගයෙහි පිහිටියේය. මෙසේ ඇති කල්හි ද, එය ඉල්ලමි. ඉදින් ඔබට මා කෙරෙහි සෙනෙහසක් ඇද්ද? මහරජ, පන්සිල් ගන්නැයි කීවේය. යහපති මිත්‍රය; මට සිල් දෙන්න. මහරජ යයි, ඔහු බෝසතුන්ට පසඟ පිහිටුවා වැඳ, එකත්පසක හුන්නේය. බෝසතුන් ඔහු ශීලයෙහි පිහිටුවීය. එකෙණෙහි එහි රැස්වූ, භූමිගත දෙවිවරු මහාසත්ත්වයා කෙරෙහි ප්‍රීතිය උපදවා, අවීචියේ පටන් භවාග්‍රය දක්වා, අනෙක් පෝරිසාදයන් මනුෂ්‍ය මාංශයෙන් වැළකීමට සමතෙක් නැත. අහෝ! සුතසෝම විසින් දුෂ්කර දෙයක් කරන ලදි. මහත් වූ ශබ්දයෙන් වනය ගටමින් නාද දෙමින් සාධුකාර දුනි. ඔවුන්ගේ ශබ්දය අසා චාතුම්මහා රාජිකයේ පටන් බ්‍රහ්ම ලෝකය දක්වා එකම කෝලාහලයක් විය. ගසෙහි වසින ලද රජවරු ද, ඒ දේවතාවන්ගේ ශබ්දය ඇසූහ. වෘක්‍ෂ දේවතාවෝ ද විමානේ සිටියේ ම සාධුකාර දුන්හ. මෙසේ දේවතාවන් ගේ ශබ්දය ඇසූකල්හි, රූපය නද දෙන්නේය. දේවතාවන්ගේ සාධුකාර ශබ්දය අසා රජවරු සිතූහ. සුතසෝම නිසා ජීවිතය ලද්දේ, සුතසෝම විසින් දුෂ්කර දෙයක් කරන ලදි. සුතසෝම විසින් පෝරිසාදයා දමනය කරන ලදැයි, බෝසතාණන්ට තුති පුදකළහ. පෝරිසාදයා, මහබෝසතුන්ගේ පා වැඳ එකත්පසක සිටියේය. ඉක්බිති ඔහුට බෝසතුන් මිත්‍රය, රජවරුන් මුදා හරින්නැයි කීවේය. ඔහු සිතීය. මම මෙබඳු පසමිතුරෝ මොවුන් මා විසින් මුදාහරින ලදුව ගනිවුද? අපගේ පසමිතුරන්ට මං හිංසා කරන්නෙම් හෝ ජීවිතය තොර කරන්නේ නම් සුතසෝම ගේ අතින් ගන්නා ලද ශීලය බිඳීමට නොහැකි ය. මේ සමගම ගොස් මුදන්නෙමියි මෙසේ මම ද අභයදානය වන්නේය. ඉක්බිති බෝසතුන් වැඳ මිත්‍ර සුතසෝමය, දෙදෙනාම ගොස් රජවරුන් මුදා හරින්නෙමුයි ගාථාව කීවේ ය.

“සත්‍ථා ච මෙ හොසි සඛා ච මෙසි, වචනම‍්පි තෙ සම‍්ම අහං අකාසිං; තුවම‍්පි මෙ සම‍්ම කරොහි වාක්‍යං, උභොපි ගන‍්ත්‍වාන පමොචයාමා”ති.

යහළු සුතසෝම රජුනි, නුඹ මගේ අනුශාසකයා ද වෙහි. මාගේ යහළුවා ද වන්නෙහි. යහළුව, නුඹ ගේ වචනය ද මම කෙළෙමි. යහළුව, නුඹ ද මගේ කීම කරව. අපි දෙදෙනා ම ගොස් ඒ රජ දරුවන් මුදන්නෙමු යි පෝරිසාදයා කීවේ ය.

තත්‍ථ සත්‍ථාති සග‍්ගමග‍්ගස‍්ස දෙසිතත‍්තා සත්‍ථා ච, තරුණකාලතො පට‍්ඨාය සඛා ච.

එහි සත්‍ථා යනු ස්වර්ග මාර්ගය දේශනා කළ බැවින් ශාස්තෲ නම් වේ. තරුණ කාලයේ පටන් මිත්‍ර වේ.

අථ නං බොධිසත‍්තො ආහ –

ඉක්බිති ඔහුට බෝධිසත්ත්වයෝ :-

“සත්‍ථා ච තෙ හොමි සඛා ච ත්‍යම‍්හි, වචනම‍්පි මෙ සම‍්ම තුවං අකාසි; අහම‍්පි තෙ සම‍්ම කරොමි වාක්‍යං, උභොපි ගන‍්ත්‍වාන පමොචයාමා”ති.

පින්වත් රජතුමනි, මම නුඹ ගේ අනුශාසකයා වෙමි. යහළුවා ද වෙමි. යහළුව, නුඹ මගේ වචනය කෙළෙහි. යහළුව, මම ද නුඹගේ වචනය කරමි. අපි දෙදෙනා ම ගොස් ඒ රජදරුවන් මුදන්නෙමුයි සුතසෝම රජ කීවේ ය.

එවං වත්‍වා තෙ උපසඞ‍්කමිත්‍වා ආහ –

පවසා ඔවුහු එයම කීහ.

“කම‍්මාසපාදෙන විහෙඨිතත්‍ථ, තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා; න ජාතු දුබ‍්භෙථ ඉමස‍්ස රඤ‍්ඤො, සච‍්චප‍්පටිඤ‍්ඤං මෙ පටිස‍්සුණාථා”ති.

පින්වත් රජුනි, තෙපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දහු ය. අතුල් තලවලින් අවුණන ලද්දහු කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වූවහු ය. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරවු. මේ සත්‍ය ප්‍රතිඥාව මට දෙව යි සුතසෝම රජ ඒ රජවරුන්ට කීවේ ය.

තත්‍ථ කම‍්මාසපාදෙනාති ඉදං මහාසත‍්තො “උභොපි ගන‍්ත්‍වාන පමොචයාමා”ති සම‍්පටිච‍්ඡිත්‍වා “ඛත‍්තියා නාම මානථද‍්ධා හොන‍්ති, මුත‍්තමත‍්තාව ‘ඉමිනා මයං විහෙඨිතම‍්හා’ති පොරිසාදං පොථෙය්‍යුම‍්පි හනෙය්‍යුම‍්පි, න ඛො පනෙස තෙසු දුබ‍්භිස‍්සති, අහං එකකොව ගන‍්ත්‍වා පටිඤ‍්ඤං තාව නෙසං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා තෙ හත්‍ථතලෙ ආවුනිත්‍වා අග‍්ගපාදඞ‍්ගුලීහි භූමිං ඵුසමානාහි රුක‍්ඛසාඛාසු ඔලග‍්ගිතෙ වාතප‍්පහරණකාලෙ නාගදන‍්තෙසු ඔලග‍්ගිතකුරණ‍්ඩකදාමානි විය සම‍්පරිවත‍්තන‍්තෙ අද‍්දස. තෙපි තං දිස‍්වා “ඉදානිම‍්හා මයං අරොගා”ති එකප‍්පහාරෙනෙව මහාවිරවං රවිංසු. අථ නෙ මහාසත‍්තො “මා භායිත්‍ථා”ති අස‍්සාසෙත්‍වා “මයා පොරිසාදො දමිතො, තුම‍්හාකං අභයං ගහිතං, තුම‍්හෙ පන මෙ වචනං කරොථා”ති වත්‍වා එවමාහ. තත්‍ථ න ජාතූති එකංසෙනෙව න දුබ‍්භෙථ.

එහි කම්මාසපාදෙන යනු මේ මහාසත්ත්වයාණන් වහන්සේ උභොපි ගන්‍වාන පමොචයාම යනු පිළිගෙන ක්‍ෂත්‍රියෝ නම් දැඩි මානයෙන් යුක්ත වූවෝය. මුදවන මාත්‍රයෙන් අපව වෙහෙසට පත්කරාවිද? පෝරිසාදයාට තලා පෙළාවිද? ඔවුන් කෙරෙහි දුකක් ඇති නොකරන්නේ ය. මම හුදකලාව ම ගොස් ඔවුන් මුදවන්නේ නම්, ඔවුන් ගනිමියි සිතා එහි ගොස් ඔවුහු අත්තලවිලන් ආවරණය කොට අග ඇඟිලිවලින් පොළොව ස්පර්ශ කරන කල්හි, ගස් අතුවල එල්ලී සිටින කල්හි, වාතය හමන කල්හි ඇතුන් විසින් සොලවන ලද කුඩා පෙට්ටි සමූහයක් මෙන්, පෙරළෙන්නේ දුටුවේය. ඔවුහු ද, එය දැක දැන් අප නිරෝගී වෙත්වායි එකපහරින්ම මහහඬින් නාද කළහ. ඉක්බිති ඔවුන්ට බෝසත්හු බිය නොවේවා!යි අස්වසා මා විසින් පෝරිසාද ගෙන් ඔබලාට අභය දානය ගන්නා ලදි. නුඹලා වනාහි මගේ වචනය කරවු! යයි කියා මෙසේ කීවේය. එහි ජාතු යනු එක හෙළා දුකට පත් නොවවු! යනුවෙනි.

තෙ ආහංසු –

ඉක්බිති ඔවුහු කීවාහුය.

“කම‍්මාසපාදෙන විහෙඨිතම‍්හා, තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා; න ජාතු දුබ‍්භෙම ඉමස‍්ස රඤ‍්ඤො, සච‍්චප‍්පටිඤ‍්ඤං තෙ පටිස‍්සුණාමා”ති.

පෝරිසාදයා විසින් අපි වෙහෙසන ලද්දෝ වෙමු. අතුල්තලවලින් අවුණන ලද්දෝ කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වෙමු. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරන්නෙමු. ඔබට සත්‍ය ප්‍රතිඥාව දෙමු යි රජවරු කීහ.

තත්‍ථ පටිස‍්සුණාමාති “එවං පටිඤ‍්ඤං අධිවාසෙම සම‍්පටිච‍්ඡාම, අපිච ඛො පන මයං කිලන‍්තා කථෙතුං න සක‍්කොම, තුම‍්හෙ සබ‍්බසත‍්තානං සරණං, තුම‍්හෙව කථෙථ, මයං වො වචනං සුත්‍වා පටිඤ‍්ඤං දස‍්සාමා”ති.

එහි පටිස්සුණාම යනු ප්‍රතිඥාව ඉවසමු. පිළිගනිමු. තවද අපි, ක්ලාන්ත බැවින් කීමට නොහැකි වෙමු. නුඹලා සියළු සතුන්ට පිහිට නුඹලාම කියවු. අපි තොප ගේ වචන අසා ප්‍රතිඥාව පිළිගනිමු.

අථ නෙ බොධිසත‍්තො “තෙන හි පටිඤ‍්ඤං දෙථා”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති ඔවුන්ට බෝධිසත්ත්වයෝ එසේ වී නම් මට ප්‍රතිඥාව දෙවු යයි කියා

“යථා පිතා වා අථ වාපි මාතා, අනුකම‍්පකා අත්‍ථකාමා පජානං, එවමෙව වො හොතු අයඤ‍්ච රාජා, තුම‍්හෙ ච වො හොථ යථෙව පුත‍්තා”ති.

යම් සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පා ඇත්තෝ වෙද්ද, මේ රජ තෙමේ ද තොපට එසේ ම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද තෙපි ද එසේම වව යි සුතසෝම රජ කීවේය.

අථ නං තෙපි සම‍්පටිච‍්ඡමානා ඉමං ගාථමාහංසු –

ඔවුහු ද පිළිගනිමින් මේ ගාථා කීවාහුය.

“යථා පිතා වා අථ වාපි මාතා, අනුකම‍්පකා අත්‍ථකාමා පජානං; එවමෙව නො හොතු අයඤ‍්ච රාජා, මයම‍්පි හෙස‍්සාම යථෙව පුත‍්තා”ති.

යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පා ඇත්තෝ වෙද්ද, මේ රජ තෙමේ ද අපට එසේ ම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද, අපි ද එසේ වෙමු යි රජවරු කීහ.

තත්‍ථ තුම‍්හෙ ච වොති වො-කාරො නිපාතමත‍්තං.

එහි තුම්හෙච වො යනු ඔ කාරය නිපාත මාත්‍රයකි.

ඉති මහාසත‍්තො තෙසං පටිඤ‍්ඤං ගහෙත්‍වා පොරිසාදං පක‍්කොසිත්‍වා “එහි, සම‍්ම, ඛත‍්තියෙ මොචෙහී”ති ආහ. සො ඛග‍්ගං ගහෙත්‍වා එකස‍්ස රඤ‍්ඤො බන්‍ධනං ඡින්‍දි. රාජා සත‍්තාහං නිරාහාරො වෙදනප‍්පත‍්තො සහ බන්‍ධනඡෙදා මුච‍්ඡිතො භූමියං පති. තං දිස‍්වා මහාසත‍්තො කාරුඤ‍්ඤං කත්‍වා, “සම‍්ම පොරිසාද, මා එවං ඡින්‍දී”ති එකං රාජානං උභොහි හත්‍ථෙහි දළ‍්හං ගහෙත්‍වා උරෙ කත්‍වා “ඉදානි බන්‍ධනං ඡින්‍දාහී”ති ආහ. පොරිසාදො ඛග‍්ගෙන ඡින්‍දි. මහාසත‍්තො ථාමසම‍්පන‍්නතාය නං උරෙ නිපජ‍්ජාපෙත්‍වා ඔරසපුත‍්තං විය මුදුචිත‍්තෙන ඔතාරෙත්‍වා භූමියං නිපජ‍්ජාපෙසි. එවං සබ‍්බෙපි තෙ භූමියං නිපජ‍්ජාපෙත්‍වා වණෙ ධොවිත්‍වා දාරකානං කණ‍්ණතො සුත‍්තකං විය සණිකං රජ‍්ජුයො නික‍්කඩ‍්ඪිත්‍වා පුබ‍්බලොහිතං ධොවිත්‍වා වණෙ නිද‍්දොසෙ කත්‍වා, “සම‍්ම පොරිසාද, එකං රුක‍්ඛතචං පාසාණෙ ඝංසිත්‍වා ආහරා”ති ආහරාපෙත්‍වා සච‍්චකිරියං කත්‍වා තෙසං හත්‍ථතලානි මක‍්ඛෙසි. තඞ‍්ඛණඤ‍්ඤෙව වණො ඵාසුකං අහොසි. පොරිසාදො තණ‍්ඩුලං ගහෙත්‍වා තරලං පචි , උභො ජනා පරොසතං ඛත‍්තියෙ පායෙසුං. ඉති තෙ සබ‍්බෙව සන‍්තප‍්පිතා, සූරියො අත්‍ථඞ‍්ගතො. පුනදිවසෙ පාතො ච මජ‍්ඣන‍්හිකෙ ච සායඤ‍්ච තරලමෙව පායෙත්‍වා තතියදිවසෙ සසිත්‍ථකයාගුං පායෙසුං, තාවතා තෙ අරොගා අහෙසුං.

මෙසේ බෝසත්හු ඔවුන්ගේ ප්‍රතිඥාව ගෙන පෝරිසාදයා කැඳවා මිත්‍රය; එන්න, රජවරුන් මුදාහරින්නැයි කීහ. හෙතෙම කඩුවක් ගෙන එක රජකු ගේ බැම්ම කැපුවේය. රජු සත් දිනක් නිරාහාරව, වේදනාව උසුලමින් බැම්ම කපා හැරීමත් සමගම මිදුණේ බිම වැටුණේය. ඒ දැක බෝසත්, කාරුණික වී මිත්‍ර පෝරිසාදය, එසේ නොසිඳවු. එක් රජදරුවකු අත් දෙකෙන් දැඩිව අල්ලා ගෙන උරහිසින් අල්ලා දැන් බැම්ම සිඳින්නැයි කීවේය. පෝරිසාදයා කඩුවෙන් සින්දේය. බෝසත්හු දැඩි වීර්ය ශක්ති සම්පන්න බැවින් ඔහු උරහිසෙහි හොවාගෙන ඖරස පුත්‍රයකු මෙන් මෘදුවූ සිතින් බස්සවා, බිම හොවාලීය. මෙසේ ඒ සියල්ලෝම බිම හොවා තුවාල සෝදා දරුවන්ගේ කණෙහි ලද නූල මෙන්, මොහොතකින් රැහැන ඇද දමා පෙර තුබූ ලේ ද සෝදා තුවාල පිරිසිදු කොට, මිත්‍ර පෝරිසාදයා එක් ගස් පොත්තක් ගලෙහි උරච්චිකොට (ගා) ගෙනව!යි ගෙන්වාගෙන සත්‍යක්‍රියා කොට ඔවුන්ගේ අත් තලවල ගෑවේය. එකෙණෙහිම තුවාල සුවපත් විය. පෝරිසාදයා ද සහල් ගෙන තරළ පිසීය. දෙපිරිස ජනතාව ක්‍ෂත්‍රියන් සියයක වඩා කැඳ පෙවූහ. මෙසේ ඒ සියල්ලෝ සන්තර්පණය කරන ලද්දේ, සූර්යා අස්තයට ගියේ, දෙවෙනි දවසේ උදයේ ම දවල් ද, සවස ද කැඳම පොවවා තෙවෙනි දිනයේ බත් කැඳ ස්වල්පයක්ම පෙවූහ. එපමණකින් ඔවුහු නීරෝගී වූහ.

අථ නෙ මහාසත‍්තො “ගන‍්තුං සක‍්ඛිස‍්සථා”ති පුච‍්ඡිත්‍වා “ගච‍්ඡාමා”ති වුත‍්තෙ “එහි, සම‍්ම පොරිසාද, සකං රට‍්ඨං ගච‍්ඡාමා”ති ආහ. සො රොදමානො තස‍්ස පාදෙසු පතිත්‍වා “ත්‍වං, සම‍්ම, රාජානො ගහෙත්‍වා ගච‍්ඡ, අහං ඉධෙව වනමූලඵලානි ඛාදන‍්තො වසිස‍්සාමී”ති ආහ. “සම‍්ම, ඉධ කිං කරිස‍්සසි, රමණීයං තෙ රට‍්ඨං, බාරාණසියං රජ‍්ජං කාරෙහී”ති. “සම‍්ම කිං කථෙසි, න සක‍්කා මයා තත්‍ථ ගන‍්තුං, සකලනගරවාසිනො හි මෙ වෙරිනො, තෙ ‘ඉමිනා මය‍්හං මාතා ඛාදිතා, මය‍්හං පිතා, මය‍්හං භාතා’ති මං පරිභාසිස‍්සන‍්ති, ‘ගණ‍්හථ ඉමං චොර’න‍්ති එකෙකදණ‍්ඩෙන වා එකෙකලෙඩ‍්ඩුනා වා මං ජීවිතා වොරොපෙස‍්සන‍්ති, අහඤ‍්ච තුම‍්හාකං සන‍්තිකෙ සීලෙසු පතිට‍්ඨිතො, ජීවිතහෙතුපි න සක‍්කා මයා පරං මාරෙතුං, තස‍්මා නාහං ගච‍්ඡාමි, අහං මනුස‍්සමංසතො විරතත‍්තා කිත‍්තකං ජීවිස‍්සාමි, ඉදානි මම තුම‍්හාකං දස‍්සනං නත්‍ථී”ති රොදිත්‍වා “ගච‍්ඡථ තුම‍්හෙ”ති ආහ. අථ මහාසත‍්තො තස‍්ස පිට‍්ඨිං පරිමජ‍්ජිත්‍වා, “සම‍්ම පොරිසාද, මා චින‍්තයි, සුතසොමො නාමාහං, මයා තාදිසො කක‍්ඛළො ඵරුසො විනීතො, බාරාණසිවාසිකෙසු කිං වත‍්තබ‍්බං අත්‍ථි, අහං තං තත්‍ථ පතිට‍්ඨාපෙස‍්සාමි, අසක‍්කොන‍්තො අත‍්තනො රජ‍්ජං ද‍්විධා භින්‍දිත්‍වා දස‍්සාමී”ති වත්‍වා “තුම‍්හාකම‍්පි නගරෙ මම වෙරිනො අත්‍ථියෙවා”ති වුත‍්තෙ “ඉමිනා මම වචනං කරොන‍්තෙන දුක‍්කරං කතං, යෙන කෙනචි උපායෙන පොරාණකයසෙ පතිට‍්ඨපෙතබ‍්බො එස මයා”ති චින‍්තෙත්‍වා තස‍්ස පලොභනත්‍ථාය නගරසම‍්පත‍්තිං වණ‍්ණෙන‍්තො ආහ –

ඉක්බිති බෝසත් තෙම ඔවුන්ට යාමට හැකිවන්නහුදැයි විචාරා යමු යයි කී කල්හි එන්න මිත්‍ර පෝරිසාදය; සිය රටට යමුයි කීවේය. ඔහු හඬමින් ඔහුගේ පාද මූලයෙහි වැටී මිත්‍ර රජවරුනි, ඔබ ගෙන යන්න. මම මෙහි ම මුල් ගෙඩි කමින් වාසය කරන්නෙමියි කීවේ ය. මිත්‍රය, මෙහි කුමක් කරන්නෙහිද? රමණීය වේ. ඔබේ රට, බරණැස රාජ්‍යය කරවන්න. මිත්‍රය කුමක් කියහිද? මා විසින් එහි යාමට නොහැකි ය. සියළු නගරවාසීහු මගේ වෛරක්කාරයෝ වෙති. ඔවුහු, මගේ මව මොහු විසින් කන ලද්දීය. මගේ පියා ආදි වශයෙන් මට අපහාස කරන්නාහ. මා අල්ලාගනිවු. සොරකැයි, කැටකැබිලිවලින් මගේ ජීවිතය විනාශ කරන්නාහ. මම ද නුඹලාගේ සමීපයේ ශීලයෙහි පිහිටියේ, ජීවිතය නිසාවත් මට මින්මතු මැරීමට නොහැකිය. මම නොයමි. මම මිනීමස්වලින් වැලකුණ බැවින් කොපමණ කලක් ජීවත්වන්නෙම්ද, දැන් මට නුඹලාගේ දැකීමක් නැතැයි අඬා නුඹලා යව් යයි කීවේය. ඉක්බිති බෝධිසත්ත්ව තෙම ඔහුගේ පිට පිරිමැද මිත්‍රය, සුතසෝම නම් වූ මම, මා ද ඔබ හා සමානය. කර්කශය. විනීතය. බරණැස් වැසියන් අතර කුමක් ඇද්ද, මම ඔබ එහි පිහිටුවන්නෙමි. නොහැකි වන්නේ නම් තමන්ගේ රාජ්‍යය දෙකඩකොට දෙන්නෙමි. නුඹලාගේ නගරයේ මට වෛරක්කාරයෝ ඇත්තේ යයි කී කල්හි මොහු විසින් මගේ වචනය කරන්නේ දුෂ්කර දෙයක් කරන ලදි. යමකු විසින් ඒ උපායෙන් පෞරාණික සම්පතෙහි පිහිටුවිය යුතුය. මා විසින් මෙය කළ යුතුයයි සිතා ඔහුගේ පෙළඹවීම පිණිස නගර සම්පත් වර්ණනා කරමින් කීවේය.

“චතුප‍්පදං සකුණඤ‍්චාපි මංසං, සූදෙහි රන්‍ධං සුකතං සුනිට‍්ඨිතං; සුධංව ඉන්‍දො පරිභුඤ‍්ජියාන, හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

යහළු පෝරිසාදය, අරක්කැමියන් විසින් මනාව පිසන ලද හොඳින් පිළියෙල කරන ලද, මනාව නිමවන ලද සිවුපා සතුන් පිළිබඳ වූ පක්‍ෂීන් පිළිබඳ වූ ද මස් සහිත බොජුන් ශක්‍රයා සුධාභෝජනය වළඳන්නාක් මෙන් වළඳා දැන් එය අත්හැර වනයෙහි හුදෙකලා වැ කෙසේ නම් වසන්නෙහි ද?

“තා ඛත‍්තියා වෙල‍්ලිවිලාකමජ‍්ඣා, අලඞ‍්කතා සම‍්පරිවාරයිත්‍වා; ඉන්‍දංව දෙවෙසු පමොදයිංසු, හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

රන්වන් රසින් බබළන්නා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇති අලංකෘත වූ ඒ රාජස්ත්‍රීහු හාත්පස පිරිවරාගෙන දෙවියන් කෙරෙහි ශක්‍රයා මෙන් ඔබ තුටුකළාහු ය. දැන් ඔවුන් හැර කෙසේ නම් හුදෙකලාව මේ වනයෙහි සිත් අලවන්නෙහි ද?

“තම‍්බූපධානෙ බහුගොණකම‍්හි, සුභම‍්හි සබ‍්බස‍්සයනම‍්හි සඞ‍්ගෙ; සෙය්‍යස‍්ස මජ‍්ඣම‍්හි සුඛං සයිත්‍වා, හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

රතු කොට්ට ඇති බොහෝ එළුලොම් ඇතිරි සහිත හැම ඇතිරියෙන් අතුරන ලද, හොඳින් පිළියෙල කරන ලද, සයන මධ්‍යයෙහි සුවසේ සයනය කොට දැන් එය හැර හුදෙකලා ව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?

“පාණිස‍්සරං කුම‍්භථූණං නිසීථෙ, අථොපි වෙ නිප‍්පුරිසම‍්පි තූරියං; බහුං සුගීතඤ‍්ච සුවාදිතඤ‍්ච, හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

රාත්‍රියෙහි අත්තල ගැසීම ය. කළ පිඹීම ය. එසේ ම පුරුෂයන්ගෙන් අමිශ්‍රිතව පවත්වනු ලබන තූර්යය ද මනාකොට ගයන ලද බොහෝ යහපත් ගී ද මනාකොට වයන ලද බොහෝ යහපත් වැයුම් ද අත්හැර දමා හුදෙකලාව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?

“උය්‍යානසම‍්පන‍්නං පහූතමාල්‍යං, මිගාජිනූපෙතං පුරං සුරම‍්මං; හයෙහි නාගෙහි රථෙහුපෙතං, හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ”ති.

බොහෝ මල් ඇති උද්‍යානාංගයන්ගෙන් පිරිපුන් මිගාචර නම් උයනින් යුක්ත වූ ද අසුන්ගෙන් හා ඇතුන්ගෙන් හා රිය වලින් ද යුත් ඉතා සිත්කලු නගරය අත්හැර දමා හුදෙකලාව මේ වනයෙහි සිත් අලවා කෙසේ නම් වෙසෙන්නෙහි දැ යි සුතසෝම රජ විචාළේ ය.

තත්‍ථ සුකතන‍්ති නානප‍්පකාරෙහි සුට‍්ඨු කතං. සුනිට‍්ඨිතන‍්ති නානාසම‍්භාරයොජනෙන සුට‍්ඨු නිට‍්ඨිතං. කථෙකොති කථං එකො. රමසීති මූලඵලාදීනි ඛාදන‍්තො කථං රමිස‍්සසි, “එහි, මහාරාජ, ගමිස‍්සාමා”ති. වෙල‍්ලිවිලාකමජ‍්ඣාති එත්‍ථ වෙල‍්ලීති රාසි, විලාකමජ‍්ඣාති විලග‍්ගමජ‍්ඣා. උත‍්තත‍්තඝනසුවණ‍්ණරාසිපභා චෙව තනුදීඝමජ‍්ඣා චාති දස‍්සෙති. දෙවෙසූති දෙවලොකෙසු අච‍්ඡරා ඉන්‍දං විය රමණීයෙ බාරාණසිනගරෙ පුබ‍්බෙ තං පමොදයිංසු, තා හිත්‍වා ඉධ කිං කරිස‍්සසි, “එහි, සම‍්ම, ගච‍්ඡාමා”ති. තම‍්බූපධානෙති රත‍්තූපධානෙ. සබ‍්බස‍්සයනම‍්හීති සබ‍්බත්‍ථරණත්‍ථතෙ සයනෙ. සඞ‍්ගෙති අනෙකභූමිකෙ දස‍්සෙත්‍වා අද‍්ධරත‍්තඅඞ‍්ගයුත‍්තෙ තත්‍ථ ත්‍වං පුබ‍්බෙ සයීති අත්‍ථො. සුඛන‍්ති තාදිසස‍්ස සයනස‍්ස මජ‍්ඣම‍්හි සුඛං සයිත්‍වාන ඉදානි කථං අරඤ‍්ඤෙ රමිස‍්සසි, “එහි ගච‍්ඡාම, සම‍්මා”ති. නිසීථෙති රත‍්තිභාගෙ. හිත්‍වාති එවරූපං සම‍්පත‍්තිං ඡඩ‍්ඩෙත්‍වා. උය්‍යානසම‍්පන‍්නං පහූතමාල්‍යන‍්ති, මහාරාජ, තව උය්‍යානසම‍්පන‍්නං නානාවිධපුප‍්ඵං. මිගාජිනූපෙතං පුරං සුරම‍්මන‍්ති තං උය්‍යානං මිගාජිනං නාම නාමෙන, තෙන උපෙතං පුරම‍්පි තෙ සුට‍්ඨු රම‍්මං. හිත්‍වාති එවරූපං මනොරමං නගරං ඡඩ‍්ඩෙත්‍වා.

එහි සුකතං යනු නොයෙක් ආකාර වූ මැනවින් නිමකරන ලද, සුනිට්ඨං යනු යොදුනක් පමණ වූ දුර මැනවින් යොදන ලද කථෙකො යනු එකෙකු කෙසේද? රමසී මුල් ගෙඩි ආදිය කමින් කෙසේ රමණය කරන්නෙහි. මහරජ, එන්න යන්නෙමු යනුවෙනි. වෙල්ලිවිලාක මජ්ඣා මෙහි වෙල්ලි යනු රැස් විලාකමජ්ඣා යනු රැස් මැද උඩට එසවූ ඝන රන්වන් රැස් ප්‍රභාවෙන්ද මුල මැද අග දක්වයි. දෙවෙසු යනු දෙව්ලොව අප්සරාවෝ. ඉන්‍දංව රමණීය බරණැස් නුවර පෙර ඒ. පමොදයිංසු ඔවුහු සිට මෙහි කුමක් කරන්නෙහි. මිත්‍රය, එන්න යමුයි. තම්බූපධානෙ යනු රතුපාට කොට්ටයෙහි. සබ්බස්සයනම්හි සියළු තැන රතු පලස් සහිත යහනාවේ. සඤ්ඤෙතෙ යනු නොයෙක් භූමිකා පෙන්වා අඩක් රතුවන් වූ අලංකාර වූ ඔබ පෙර සයනය කළේ යන අර්ථයයි. සුඛං යනු එබඳු වූ යහනාවක් මැද සැපසේ සයනය කොට, දැන් කෙසේ වනයෙහි සතුටින් ගත කරන්නේද? මිත්‍රය, එව යමුයි. නිසීථෙ යනු රාත්‍රී කාලයේ. හිත්‍වා යනු මෙබඳු ආකාර වූ සම්පත් හැරදමා. උය්‍යාන සම්පන්නං පහූතමාල්‍යං යනු මහරජ; ඔබගේ උද්‍යානය නොයෙක් ආකාර මල්වලින් යුක්තය. මිගාවිරූ පෙතපුරං සුරම්මං යනු උද්‍යානය විවිධ සිවුපාවුන්ගෙන් යුක්ත. මැනවින් රමණීය වේ. හිත්‍වා යනු මෙබඳු ආකාර වූ මනෝහර රම්‍ය නගරය හැරදමා.

ඉති මහාසත‍්තො “අප‍්පෙව නාමෙස පුබ‍්බෙ උපභුත‍්තපරිභොගරසං සරිත්‍වා ගන‍්තුකාමො භවෙය්‍යා”ති පඨමං භොජනෙන පලොභෙසි, දුතියං කිලෙසෙන, තතියං සයනෙන, චතුත්‍ථං නච‍්චගීතවාදිතෙන, පඤ‍්චමං උය්‍යානෙන චෙව නගරෙන චාති ඉමෙහි එත‍්තකෙහි පලොභෙත්‍වා “එහි, මහාරාජ, අහං තං ආදාය ගන‍්ත්‍වා බාරාණසියං පතිට‍්ඨාපෙත්‍වා පච‍්ඡා සකරට‍්ඨං ගමිස‍්සාමි, සචෙ බාරාණසිරජ‍්ජං න ලභිස‍්සසි, උපඩ‍්ඪරජ‍්ජං තෙ දස‍්සාමි, කිං තෙ අරඤ‍්ඤවාසෙන, මම වචනං කරොහී”ති ආහ. සො තස‍්ස වචනං සුත්‍වා ගන‍්තුකාමො හුත්‍වා “සුතසොමො මය‍්හං අත්‍ථකාමො අනුකම‍්පකො, පඨමං මං කල්‍යාණෙ පතිට‍්ඨාපෙත්‍වා ‘ඉදානි පොරාණකයසෙව පතිට‍්ඨාපෙස‍්සාමී’ති වදති, සක‍්ඛිස‍්සති චෙස පතිට‍්ඨාපෙතුං, ඉමිනා සද‍්ධිංයෙව ගන‍්තුං වට‍්ටති, කිං මෙ අරඤ‍්ඤවාසෙනා”ති චින‍්තෙත්‍වා තුට‍්ඨචිත‍්තො තස‍්ස ගුණං නිස‍්සාය වණ‍්ණං කථෙතුකාමො “සම‍්ම, සුතසොම, කල්‍යාණමිත‍්තසංසග‍්ගතො සාධුතරං, පාපමිත‍්තසංසග‍්ගතො වා පාපතරං නාම නත්‍ථී”ති වත්‍වා ආහ –

මෙසේ මහා සත්ත්වයාණෝ, මෙතෙම පෙර පරිභෝග කළ පරිහරණය කළ රසය සිහිකොට යනු කැමැත්තේ නම් යෙහෙකි. පළමු භෝජනයෙන් පෙළඹ වීය. දෙවනුව කෙලෙස් වශයෙන්ද, තෙවනුව සයනයෙන්ද, සිවුවෙනිව නැටුම් ගැයුම් වැයුම්වලින් ද, පස්වෙනුව උද්‍යානයෙන් ද, නගරයෙන් ද, මේ ආකාර දේවලින් මෙසේ පොළඹවා එනු මහරජ, මම ඔබ රැගෙන ගොස් බරණැස පිහිටුවා පසුව සියරට යමි. ඉදින් බරණැස් රාජ්‍යය නොලැබෙන්නේ නම්, රාජ්‍ය අර්ධයක් දෙන්නෙමි. කිමෙක්ද, ඔබේ අරණ්‍යවාසයෙන් ඇති ඵලය. මගේ වචනය කරන්නැයි කීවේය. ඔහු ඔහුගේ කථාව අසා ගනු කැමැත්තේ වී, සුතසෝම, මම වැඩ කැමැත්තේ අනුකම්පා කරන්නෙමි. පළමුව යහපතෙහි පිහිටුවා දැන් පෞරාණික යසසෙහි පිහිටුවන්නෙමියි කියයි. මොහුට පිහිටුවීමට හැකිවන්නේද? මොහු සමග ම යාමට වටියි. මේ අරණ්‍යයේ විසීමෙන් මට කුමන ඵලයක්දැයි සිතා සතුටු සිතැත්තේ. ඔහුගේ ගුණ නිසා වර්ණනා කිරීමට කැමැත්තේ මිත්‍ර සුතසෝමය; කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යහපත ද, පාපමිත්‍ර සේවනයෙන් පාපතරයෙන් ද නම් නැතැයි කියා කීවේය.

“කාළපක‍්ඛෙ යථා චන්‍දො, හායතෙව සුවෙ සුවෙ; කාළපක‍්ඛූපමො රාජ, අසතං හොති සමාගමො.

යම්සේ නම් කෘෂ්ණ පක්‍ෂයෙහි චන්ද්‍ර තෙම දවසින් දවස පිරිහේ ද, මහරජ, අසත්පුරුෂයන්ගේ සමාගමය කෘෂ්ණ පක්‍ෂයට උපමාකොට ඇත්තේ ය.

“යථාහං රසකමාගම‍්ම, සූදං කාපුරිසාධමං; අකාසිං පාපකං කම‍්මං, යෙන ගච‍්ඡාමි දුග‍්ගතිං.

අධම පුරුෂ වූ රසක නම් අරක්කැමියාගේ ඇසුරට පැමිණ යම් පාප කර්මයක් කරණ කොටගෙන යම්සේ දුගතියට යෙම් ද, එබඳු පාප කර්මයක් කෙළෙම් එහෙයිනි.

“සුක‍්කපක‍්ඛෙ යථා චන්‍දො, වඩ‍්ඪතෙව සුවෙ සුවෙ; සුක‍්කපක‍්ඛූපමො රාජ, සතං හොති සමාගමො.

යම්සේ ශුක්ල (පෙර) පක්‍ෂයෙහි චන්ද්‍ර තෙම දවසින් දවස වැඩේ ද, රජතුමනි, සත්පුරුෂයන්ගේ සමාගමය ශුක්ල පක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.

“යථාහං තුවමාගම‍්ම, සුතසොම විජානහි; කාහාමි කුසලං කම‍්මං, යෙන ගච‍්ඡාමි සුග‍්ගතිං.

සුතසෝමය, මම කුශල කර්මයක් කරණ කොටගෙන යම්සේ සුගතියට මේ ද, මම නුඹ වෙතට පැමිණ කුසල් කෙරෙම් ද එහෙයිනි.

“ථලෙ යථා වාරි ජනින්‍ද වුට‍්ඨං, අනද‍්ධනෙය්‍යං න චිරට‍්ඨිතීකං; එවම‍්පි හොති අසතං සමාගමො, අනද‍්ධනෙය්‍යො උදකං ථලෙව.

ජනාධිපතිය, යම්සේ ගොඩබිමැ වර්ෂා කළ ජලය අද්ධානක්‍ෂම නො වන්නේ වැඩිකල් නො පවතින්නේ ද, අසත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිද්දෙන් ම වන්නේ ය. ගොඩබිමැ දියමෙන් අද්ධානක්‍ෂමන නො වේ.

“සරෙ යථා වාරි ජනින්‍ද වුට‍්ඨං, චිරට‍්ඨිතීකං නරවීරසෙට‍්ඨ; එවම‍්පි වෙ හොති සතං සමාගමො, චිරට‍්ඨිතීකො උදකං සරෙව.

ජනාධිපතිය, යම්සේ නම් සමුද්‍රයෙහි වසින ලද ජලය බොහෝකල් පවත්නේ වේ ද, වීර්යයෙන් අගතැන්පත් නරශ්‍රේෂ්ඨය, සත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිදි වේ. සමුද්‍රයෙහි වසින ලද ජලය මෙන් බොහෝ කල් පවත්නේ වෙයි.

“අබ්‍යායිකො හොති සතං සමාගමො, යාවම‍්පි තිට‍්ඨෙය්‍ය තථෙව හොති; ඛිප‍්පඤ‍්හි වෙති අසතං සමාගමො, තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”ති.

සත්පුරුෂයන්ගේ සමාගමය වෙන් ව නො යන්නේ වේ. යම්තාක් කල් ජීවත් වේ නම් ඒ තාක් කල් පවත්නේ ය. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා විනාශයට යේ. එබැවින් සත්පුරුෂයන්ගේ ධර්මය තෙම අසත්පුරුෂයන්ගෙන් දුරු වෙයි.

තත්‍ථ සුවෙ සුවෙති දිවසෙ දිවසෙ. අනද‍්ධනෙය්‍යන‍්ති න අද‍්ධානක‍්ඛමං. සරෙති සමුද‍්දෙ. නරවීරසෙට‍්ඨාති නරෙසු වීරියෙන සෙට‍්ඨ. උදකං සරෙවාති සමුද‍්දෙ වුට‍්ඨඋදකං විය. අබ්‍යායිකොති අවිගච‍්ඡනකො. යාවම‍්පි තිට‍්ඨෙය්‍යාති යත‍්තකං කාලං ජීවිතං තිට‍්ඨෙය්‍ය, තත‍්තකං කාලං තථෙව හොති, න ජීරති සප‍්පුරිසෙහි මිත‍්තභාවොති.

එහි සුවෙ සුවෙ යනු දිනපතා දවස ගානේ අනද්ධනෙය්‍යං යනු මාර්ගය නොඉක්මවා. සරෙ යනු සමුද්‍රයයි. නරවිරිය සෙට්ඨා මිනිසුන් අතර පවතින ශ්‍රේෂ්ඨ වීර්ය. උදකං සරෙවා යනු සමුද්‍රයෙහි පවතින ජලය මෙන්. අව්‍යායිකො යනු දිගුකලක් පවතීවි. යාවම්පි තිට්ඨෙය්‍යා යනු යම් පමණ කාලයක් ජීවිතය පවතින්නේද එපමණක් කල් එසේම පවතියි. සත්පුරුෂයන් සමග පවතින මිත්‍ර ස්වභාවය එසේය.

ඉති පොරිසාදො සත‍්තහි ගාථාහි මහාසත‍්තස‍්සෙව වණ‍්ණං කථෙසි. මහාසත‍්තොපි පොරිසාදඤ‍්ච තෙ ච රාජානො ගහෙත්‍වා අත‍්තනො පච‍්චන‍්තගාමං අගමාසි. පච‍්චන‍්තගාමවාසිනො මහාසත‍්තං දිස‍්වා නගරං ගන‍්ත්‍වා අමච‍්චානං ආචික‍්ඛිංසු. අමච‍්චා බලකායං ආදාය ගන‍්ත්‍වා පරිවාරයිංසු. මහාසත‍්තො තෙන පරිවාරෙන බාරාණසිරජ‍්ජං අගමාසි. අන‍්තරාමග‍්ගෙ ජනපදවාසිනො බොධිසත‍්තස‍්ස පණ‍්ණාකාරං දත්‍වා අනුගච‍්ඡිංසු, මහන‍්තො පරිවාරො අහොසි, තෙන සද‍්ධිං බාරාණසිං පාපුණි. තදා පොරිසාදස‍්ස පුත‍්තො රාජා හොති, සෙනාපති කාළහත්‍ථියෙව. නාගරා රඤ‍්ඤො ආරොචයිංසු – “මහාරාජ, සුතසොමො කිර පොරිසාදං දමෙත්‍වා ආදාය ඉධාගච‍්ඡති, නගරමස‍්ස පවිසිතුං න දස‍්සාමා”ති සීඝං නගරද‍්වාරානි පිදහිත්‍වා ආවුධහත්‍ථා අට‍්ඨංසු. මහාසත‍්තො ද‍්වාරානං පිහිතභාවං ඤත්‍වා පොරිසාදඤ‍්ච පරොසතඤ‍්ච රාජානො ඔහාය කතිපයෙහි අමච‍්චෙහි සද‍්ධිං ආගන‍්ත්‍වා “අහං සුතසොමරාජා, ද‍්වාරං විවරථා”ති ආහ. පුරිසා ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. සො “ඛිප‍්පං විවරථා”ති විවරාපෙසි. මහාසත‍්තො නගරං පාවිසි. රාජා ච කාළහත්‍ථි චස‍්ස පච‍්චුග‍්ගමනං කත්‍වා ආදාය පාසාදං ආරොපයිංසු.

මෙසේ ඒ පෝරිසාදයා ගාථා සතකින් බෝසතුන්ගේ ගුණ වර්ණනා කළේය. හෙතෙමේ ද, පෝරිසාදයා සහ ඒ රජවරුන් ද රැගෙන, ප්‍රත්‍යන්ත ගමට ගියේය. ප්‍රත්‍යන්ත ජනපදවාසීහු බෝසතුන් දැක, නගරයට ගොස් කීවාහුය. ඇමතියෝ බලසේනාව රැගෙන ගොස් පිරිවරා ගත්හ. බෝධිසත්ත්වයෝ ඒ පිරිවර සමගින් බරණැස් රාජ්‍යයට ගියහ. අතරමග ජනපදවාසීහු පඬුරු දී අනුගමනය කළහ. මහත් පිරිවර ඇතිවිය. ඔහු සමග බරණැසට පැමිණියේ ය. එකල පෝරිසාදයා ගේ පුතා රජ වෙයි. සෙනෙවියා කාළහත්‍ථිම විය. නගරවැසියෝ රජුට දැනුම් දුන්හ. මහරජතුමනි, සුතසෝම පෝරිසාදයාව දමනය කොට මෙහි පැමිණෙයි. ඔහුට නගරයට පිවිසීමට ඉඩ නොදෙන්නෙමුයි ඉක්මණින් නගර දොරටු වසා ආයුධ ගත් අත් ඇතිව සිටියහ. මහාසත්ත්වයාණන් දොරටු වැසූ බව දැන පෝරිසාදයා ද, සියයක් රජවරුන් ද හැර, ඇමතියන් කීපදෙනෙකු සමග අවුත්, මම සුතසෝම රජ වෙමි. දොරටු විවර කරවු යයි කීවේය. පුරුෂයෝ ගොස් රජුට දැනුම් දුන්හ. ඔහු වහාම විවෘත කරවු යයි විවෘත කරවීය. බෝසත් නුවරට පිවිසියේය. රජු ද, කාළහත්‍ථි ද, පෙරගමන් කොට ගෙන ප්‍රාසාදයට නංවාලූහ.

සො රාජපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා පොරිසාදස‍්ස අග‍්ගමහෙසිං සෙසාමච‍්චෙ ච පක‍්කොසාපෙත්‍වා කාළහත්‍ථිං ආහ – “කාළහත්‍ථි, කස‍්මා රඤ‍්ඤො නගරං පවිසිතුං න දෙථා”ති? “සො රජ‍්ජං කාරෙන‍්තො ඉමස‍්මිං නගරෙ බහූ මනුස‍්සෙ ඛාදි, ඛත‍්තියෙහි අකත‍්තබ‍්බං කරි, සකලජම‍්බුදීපං ඡිද‍්දමකාසි, එවරූපො පාපධම‍්මො, තෙන කාරණෙනා”ති. “ඉදානි ‘සො එවරූපං කරිස‍්සතී’ති මා චින‍්තයිත්‍ථ, අහං තං දමෙත්‍වා සීලෙසු පතිට‍්ඨාපෙසිං, ජීවිතහෙතුපි කඤ‍්චි න විහෙඨෙස‍්සති, නත්‍ථි වො තතො භයං, එවං මා කරිත්‍ථ, පුත‍්තෙහි නාම මාතාපිතරො පටිජග‍්ගිතබ‍්බා, මාතාපිතුපොසකා හි සග‍්ගං ගච‍්ඡන‍්ති, ඉතරෙ නිරය”න‍්ති එවං සො නිචාසනෙ නිසින‍්නස‍්ස පුත‍්තරාජස‍්ස ඔවාදං දත්‍වා, “කාළහත්‍ථි, ත්‍වං රඤ‍්ඤො සහායො චෙව සෙවකො ච, රඤ‍්ඤාපි මහන‍්තෙ ඉස‍්සරියෙ පතිට‍්ඨාපිතො, තයාපි රඤ‍්ඤො අත්‍ථං චරිතුං වට‍්ටතී”ති සෙනාපතිම‍්පි අනුසාසිත්‍වා, “දෙවි, ත්‍වම‍්පි කුලගෙහා ආගන‍්ත්‍වා තස‍්ස සන‍්තිකෙ අග‍්ගමහෙසිට‍්ඨානං පත්‍වා පුත‍්තධීතාහි වඩ‍්ඪිප‍්පත‍්තා, තයාපි තස‍්ස අත්‍ථං චරිතුං වට‍්ටතී”ති දෙවියාපි ඔවාදං දත්‍වා තමෙවත්‍ථං මත්‍ථකං පාපෙතුං ධම‍්මං දෙසෙන‍්තො ගාථා ආහ –

ඔහු රාජාසනයේ හිඳ පෝරිසාදයා ගේ අගමෙහෙසිය ද, සෙසු ඇමතියන් ද කැඳවා, කාළහත්‍ථිට කීවේ ය. කාළහත්‍ථි, කුමක් නිසා රජුට නගරයට පිවිසීමට ඉඩ නොදෙවුද? ඔහු රාජ්‍යය කරවමින්, මේ නගරයහෙි බොහෝ මිනිසුන් කෑවේය. ක්‍ෂත්‍රියන් විසින් නොකළ යුත්තක් කළේය. සියලු දඹදිව සිදුරු කළේය. මෙබඳු ආකාර පව්කාරයෙකි. ඒ කරුණු නිසාවෙනි. දැන් ඔහු මෙබඳු ආකාර පව්කාරයෙකි. ඒ කරුණු නිසාවෙනි. දැන් ඔහු මෙබඳු ආකාර කටයුතු කරන්නේ යයි නොසිතවු! මම ඔහු දමනය කොට, සීලයෙහි පිහිටුවීමි. ජීවිතය නිසාවත් කිසිවෙකු නොපෙළන්නේ ය. ඔබට ඔහුගෙන් බියක් නැත. එසේ නොකරවු! පුත්‍රයන් විසින් නම් මව්පියන් පෝෂණය කළ යුතුයි. මව්පියෝ පෝෂණය කරන්නෝ සුගතියට යති. එසේ නොකරන්නෝ නිරයට යති. මෙසේ ඔහු නිවෙස්නේ සිටින්නා වූ පුත්‍රරාජයාට අවවාද දී, කාළහත්‍ථිය, ඔබ රජතුමාට සහාය වුම සේවකයෙකි. රජු ද මහත් සම්පතෙහි පිහිටුවීය. ඔබ විසින් ද රජුගේ අර්ථය දැකීම වටීයයි, සේනාපතියාට අනුශාසනා කොට දේවියනි, නුඹ ද, කුලගෙදරින් අවුත් ඔහුගේ සමීපයේ මහේෂී තනතුරට පැමිණ දූපුතුන් වැඩිවිය පමුණුවා ඔබ විසින් ද ඔහුට අර්ථ චරියාවේ නිරතවීමට වටී යයි දේවියට ද අවවාද දී ඔහුගේ අභිලාෂය මස්තකප්‍රාප්ත කිරීමට ධර්මය දේශනා කරමින් කීවේය.

“න සො රාජා යො අජෙය්‍යං ජිනාති, න සො සඛා යො සඛාරං ජිනාති; න සා භරියා යා පතිනො න විභෙති, න තෙ පුත‍්තා යෙ න භරන‍්ති ජිණ‍්ණං.

යම් රජෙක් නො දිනිය යුතු මා පියන් දිනා ද, හෙතෙමේ රජෙක් නොවේ. යමෙක් යහළුවා දිනා ද, හෙතෙමේ යහළුවෙක් නොවේ. යම් ස්ත්‍රියක් ස්වාමිපුරුෂයාට බිය නැත්තී ද ඕ තොමෝ භාර්යාවක් නො වන්නීය. යම් දරු කෙනෙක් ජරාජීර්ණ වූ මාපියන් පෝෂණය නො කෙරෙද්ද, ඔවුහු පුත්‍රයෝ නොවෙත්.

“න සා සභා යත්‍ථ න සන‍්ති සන‍්තො, න තෙ සන‍්තො යෙ න භණන‍්ති ධම‍්මං; රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං, ධම‍්මං භණන‍්තාව භවන‍්ති සන‍්තො.

යම් සභාවෙක්හි පණ්ඩිතයෝ නො වෙද්ද, ඕ සභාවක් නො වන්නීය. යමෙක් ස්වභාව ධර්මය නො බෙණෙත් ද, ඔවුහු පණ්ඩිතයෝ නො වෙති. රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හිතානුකම්පීව ධර්මය කියන්නාහු නම් පණ්ඩිතයෝ නම් වෙත්.

“නාභාසමානං ජානන‍්ති, මිස‍්සං බාලෙහි පණ‍්ඩිතං; භාසමානඤ‍්ච ජානන‍්ති, දෙසෙන‍්තං අමතං පදං.

බාලයන් හා මිශ්‍ර ව වෙසෙන කථා නොකරන්නහු පණ්ඩිතයා යයි නො දනිත්. අමෘත පදය දෙන්නා වූ කථා කරන්නහු ම පණ්ඩිතයෝ යයි දනිත්.

“භාසයෙ ජොතයෙ ධම‍්මං, පග‍්ගණ‍්හෙ ඉසිනං ධජං; සුභාසිතද‍්ධජා ඉසයො, ධම‍්මො හි ඉසිනං ධජො”ති.

පණ්ඩිත පුරුෂ තෙම ධර්මය කියන්නේ ය. ධර්මය බබුළුවන්නේය. සෘෂීන්ගේ ධ්වජය දැඩිකොට ගන්නේ ය. සෘෂිවරු සුභාෂිතය ධජ කොට ඇත්තේ ය. ධර්මය වනාහි සෘෂිවරුන්ගේ ධ්වජය වේමැයි.

තත්‍ථ අජෙය්‍යන‍්ති අජෙය්‍යා නාම මාතාපිතරො, තෙ ජිනන‍්තො රාජා නාම න හොති. සචෙ ත්‍වම‍්පි පිතු සන‍්තකං රජ‍්ජං ලභිත්‍වා තස‍්ස පටිසත‍්තු හොසි, අකිච‍්චකාරී නාම භවිස‍්සසි . සඛාරං ජිනාතීති කූටඩ‍්ඩෙන ජිනාති. සචෙ ත්‍වං, කාළහත්‍ථි, රඤ‍්ඤා සද‍්ධිං මිත‍්තධම‍්මං න පූරෙසි, අධම‍්මට‍්ඨො හුත්‍වා නිරයෙ නිබ‍්බත‍්තිස‍්සසි. න විභෙතීති න භායති. සචෙ ත්‍වං රඤ‍්ඤො න භායසි, භරියාධම‍්මෙ ඨිතා නාම න හොසි, අකිච‍්චකාරී නාම භවිස‍්සසි. ජිණ‍්ණන‍්ති මහල‍්ලකං. තස‍්මිඤ‍්හි කාලෙ අභරන‍්තා පුත‍්තා පුත‍්තා නාම න හොන‍්ති.

එහි අජෙය්‍යං යනු අජෙය්‍යා නම් ඒ මව්පියන් දිනාගත් බැවින් රජු නම් නොවෙයි. ඉදින් නුඹ ද පියා සතු රාජ්‍යය ලැබ සතුරක් මෙන් විය. කටයුතු නොකරන්නෙකු නම් වන්නෙහිය. සඛාරං ජිනාති යනු කූට අර්ථයෙන් දිනයි. ඉදින් කාළහත්‍ථි, නුඹ රජු සමග මිත්‍ර ධර්මය නොපුරහිද? අධර්මිෂ්ටයකු වී අපායේ උපදින්නෙහිය. න විභෙති යනු බිය නොවෙයි. ඉදින් නුඹ රජුට බිය නොවෙහිද? භාර්යා ධර්මයෙහි සිටියේක නම් නොවෙත්. ජිණ්ණං යනු මහලු බවයි. ඒ කාලයේ පෝෂණය නොකරන්නෝ දරුවෝ නම් නොවෙත්.

සන‍්තොති පණ‍්ඩිතා. යෙ න භණන‍්ති ධම‍්මන‍්ති යෙ පුච‍්ඡිතා සච‍්චසභාවං න වදන‍්ති, න තෙ පණ‍්ඩිතා නාම. ධම‍්මං භණන‍්තාවාති එතෙ රාගාදයො පහාය පරස‍්ස හිතානුකම‍්පකා හුත්‍වා සභාවං භණන‍්තාව පණ‍්ඩිතා නාම හොන‍්ති. නාභාසමානන‍්ති න අභාසමානං. අමතං පදන‍්ති අමතමහානිබ‍්බානං දෙසෙන‍්තං “පණ‍්ඩිතො”ති ජානන‍්ති, තෙනෙව පොරිසාදො මං ඤත්‍වා පසන‍්නචිත‍්තො චත‍්තාරො වරෙ දත්‍වා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨිතො. භාසයෙති පණ‍්ඩිතො පුරිසො ධම‍්මං භාසෙය්‍ය ජොතෙය්‍ය, බුද‍්ධාදයො ඉසයො යස‍්මා ධම‍්මො එතෙසං ධජො, තස‍්මා සුභාසිතද‍්ධජා නාම සුභාසිතං පග‍්ගණ‍්හන‍්ති, බාලා පන සුභාසිතං පග‍්ගණ‍්හන‍්තා නාම නත්‍ථීති.

සන්තො යනු පණ්ඩිතයෝ ය. යෙන භණන්ති ධම්මං යනු යමෙක් ස්වභාවය විචාරද්දී නොකියති. ඔවුහු පණ්ඩිතයෝ නොවෙත්. ධම්මං භණන්තො යනු මේ රාග ආදිය දුරුකොට අනුන්ට හිතානුකම්පික වී ස්වභාවය කියන්නේම පණ්ඩිතයෝ නම් වෙති. න භාසමානං යනු නොකියනු ලබන්නා වූ. අමතං පදං යනු අමෘත මහා නිර්වාණ දේශනා කරන්නා වූම පණ්ඩිත යයි දැනගනිත්. එපරිදි පෝරිසාදයා මා ගැන දැන පැහැදුණේ, වර හතරක් දී පඤ්ච සීලයෙහි පිහිටුවන ලද්දේය. භාසයෙ යනු පණ්ඩිත පුරුෂය, ධර්මය කියන්නේද, බුද්ධාදී උතුමන්ව බබළවන්නේය. ඉසයො යම්හෙයකින් ධර්මය ඔවුන්ගේ ධජයයි. එහෙයින් සුභාසිත ධජා නම් සුභාෂිත ගනිත්. බාලයෝ වනාහි සුභාෂිත ගැනීමක් නම් නැත යනුවෙනි.

ඉමස‍්ස ධම‍්මකථං සුත්‍වා රාජා ච සෙනාපති ච දෙවී ච තුට‍්ඨා “ගච‍්ඡාම, මහාරාජ, ආනෙමා”ති වත්‍වා නගරෙ භෙරිං චරාපෙත්‍වා නාගරෙ සන‍්නිපාතෙත්‍වා “තුම‍්හෙ මා භායිත්‍ථ, රාජා කිර ධම‍්මෙ පතිට‍්ඨිතො, එථ නං ආනෙමා”ති මහාජනං ආදාය මහාසත‍්තං පුරතො කත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා කප‍්පකෙ උපට‍්ඨාපෙත්‍වා කප‍්පිතකෙසමස‍්සුං න‍්හාතානුලිත‍්තපසාධිතං රාජානං රතනරාසිම‍්හි ඨපෙත්‍වා අභිසිඤ‍්චිත්‍වා නගරං පවෙසෙසුං. පොරිසාදො රාජා හුත්‍වා පරොසතානං ඛත‍්තියානං මහාසත‍්තස‍්ස ච මහාසක‍්කාරං කාරෙසි. “සුතසොමනරින්‍දෙන කිර පොරිසාදං දමෙත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපිතො”ති සකලජම‍්බුදීපෙ මහාකොලාහලං උදපාදි. ඉන්‍දපත්‍ථනගරවාසිනොපි “රාජා නො ආගච‍්ඡතූ”ති දූතං පහිණිංසු. සො තත්‍ථ මාසමත‍්තං වසිත්‍වා, “සම‍්ම, ගච‍්ඡාමහං, ත්‍වං අප‍්පමත‍්තො හොහි, නගරද‍්වාරෙසු ච මජ‍්ඣෙ චාති පඤ‍්ච දානසාලායො කාරෙහි, දස රාජධම‍්මෙ අකොපෙත්‍වා අගතිගමනං පරිහරා”ති පොරිසාදං ඔවදි. පරොසතාහි රාජධානීහි බලකායො යෙභුය්‍යෙන සන‍්නිපති . සො තෙන බලකායෙන පරිවුතො බාරාණසිතො නික‍්ඛමි. පොරිසාදොපි නික‍්ඛමිත්‍වා උපඩ‍්ඪපථා නිවත‍්ති. මහාසත‍්තො අවාහනානං රාජූනං වාහනානි දත්‍වා උය්‍යොජෙසි. තෙපි රාජානො තෙන සද‍්ධිං සම‍්මොදිත්‍වා මහාසත‍්තං වන්‍දනාදීනි කත්‍වා අත‍්තනො අත‍්තනො ජනපදං අගමිංසු.

මේ ඔහුගේ දැහැමි කථාව අසා රජුද සෙනෙවියාද, සතුටුව, යමු; මහරජ, ඔහු රැගෙන එන්නෙමුයි නගරයේ බෙරහඬ හසුරුවා නාගරිකයන් රැස්කරවා නුඹලා බිය නොවවු! රජු ධර්මයෙහි පිහිටියේ. එවු! ඔහු රැගෙන එමු යයි මහජනයා රැගෙන බෝසතුන් පෙරටුව රජු ගේ සමීපයට ගොස් වැඳ කැප දෙයින් උපස්ථාන කොට, කපන ලද කෙස්රවුල් ඇත්තේ, නෑමට අවශ්‍ය උපකරණ දී, වඩා හිඳුවා අභිෂේක කොට නගරයට ප්‍රවිෂ්ට කළහ. පෝරිසාද රජු සියයකට වඩා වැඩි රජවරුන්ට ද මහ බෝසතුන්ටද සත්කාර කළේය. සුතසෝම නිරිඳු විසින් පෝරිසාද දමනය කොට රාජ්‍යයේ පිහිටුවන ලද්දේ යයි මුලු දඹදිව් තලයේ මහා කෝලාහලයක් හටගත්තේය. ඉඳිපත් නුවරවාසීහු රජු පැමිණෙත්වායි දූතයෙකු පණිවිඩ යැවූහ. ඔහු එහි මාසයක් පමණ වාසයකොට, මිත්‍රය; යමු. අපි නුඹ අප්‍රමාදි වෙව. නගර දොරටුවලද, රාජ මන්දිරයේ ද දොරටුවේ ද, දානශාලා පහක් කරවීය. දසරාජ ධර්මයන් නොඉක්මවා, අගතිගමන දුරුකරවයි. පෝරිසාදයාට අවවාද කෙළේය. රාජධානි සියයකට වඩා බලසේනාව බොහෝසෙයින් රැස්වුණේය. ඔහු ඒ බලකායෙන් පිරිවරන ලද්දේ බරණැසින් නික්මුණේය. පෝරිසාදයාද නික්ම මාර්ගයේ අඩක නතරවිය. බෝසතුන් වාහන නැති රජවරුන්ට වාහන දී සියල්ලෝ යැවීය. ඔවුහු ද ඔහු සමග සතුටුවී සුදුසු පරිදි සඳුන් ආලේපාදිය කොට තමන්ගේ ජනපදයට ගියහ.

මහාසත‍්තොපි නගරං පත්‍වා ඉන්‍දපත්‍ථනගරවාසීහි දෙවනගරං විය අලඞ‍්කතනගරං පවිසිත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා මධුරපටිසන්‍ථාරං කත්‍වා මහාතලං අභිරුහි. සො ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො චින‍්තෙසි – “රුක‍්ඛදෙවතා මය‍්හං බහූපකාරා, බලිකම‍්මලාභමස‍්සා කරිස‍්සාමී”ති. සො තස‍්ස නිග්‍රොධස‍්ස අවිදූරෙ මහන‍්තං තළාකං කාරෙත්‍වා බහූනි කුලානි පෙසෙත්‍වා ගාමං නිවෙසෙසි. ගාමො මහා අහොසි අසීතිමත‍්තආපණසහස‍්සපටිමණ‍්ඩිතො. තම‍්පි රුක‍්ඛමූලං සාඛන‍්තතො පට‍්ඨාය සමතලං කාරෙත්‍වා පරික‍්ඛිත‍්තවෙදිකතොරණද‍්වාරයුත‍්තං අකාසි, දෙවතා අභිප‍්පසීදි. කම‍්මාසපාදස‍්ස දමිතට‍්ඨානෙ නිවුට‍්ඨත‍්තා පන සො ගාමො කම‍්මාසදම‍්මනිගමො නාම ජාතො. තෙපි සබ‍්බෙ රාජානො මහාසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ආයුපරියොසානෙ සග‍්ගං පූරයිංසු.

බෝසතුන් ද, නගරයට ගොස් මහත් ඉසුරින් ඉඳිපත් නුවරවාසීන් විසින් දේව නගරයක් මෙන් අලංකාර කළ නුවරට පිවිස, දෙමව්පියන් වැඳ පිළිසඳර කථාකොට මහාතලයට (මාළිගාවේ) නැංගේය. ඔහු දැහැමින් රාජ්‍යය කරමින් සිතුවේය. රුක්ඛ දේවතාවා මට බොහෝ උපකාර කළේ යයි, බලි කර්මයක් ඔහුට කරන්නෙමියි, ඔහුට නුගරුක ආසන්නයේ මහත් පියුම් විලක් කරවා බොහෝ කුල ඒවා ගමක් ස්ථාපිත කෙළේය. ගම විශාල විය. අසූදහසක් පමණ කඩපිල්වලින් යුක්ත විය. ඔහුද ගස මුල අතුපතර සිට සමතලා කරවා, වටකරන ලද වේදිකාවක්ද, තොරණක් සහිත දොරටුවක්ද කෙළේය. දේවතාවා පැහැදුණේය. කම්මාසපාද දමනය කළ ස්ථානයේ පිහිටවූ බැවින් ඒ ගම කම්මාසදම්ම නිගම නම් විය. සියළුම රජවරු බෝසතුන්ගේ අවවාදයේ පිහිටා දානාදි පින්කම් කොට, ස්වර්ග පදය පිරවූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙවාහං අඞ‍්ගුලිමාලං දමෙමි, පුබ‍්බෙපෙස මයා දමිතොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි “තදා පොරිසාදො රාජා අඞ‍්ගුලිමාලො අහොසි, කාළහත්‍ථි සාරිපුත‍්තො, නන්‍දබ්‍රාහ‍්මණො ආනන්‍දො, රුක‍්ඛදෙවතා කස‍්සපො, සක‍්කො අනුරුද‍්ධො, සෙසරාජානො බුද‍්ධපරිසා, මාතාපිතරො මහාරාජකුලානි, සුතසොමරාජා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර පා, මහණෙනි; දැන් පමණක් නොව, පෙරත් අංගුලිමාල දමනය කෙළෙමි යයි ජාතකය නිමකළ සේක. එකල පෝරිසාද රජු අංගුලිමාල විය. කාළහත්‍ථි නම් සාරිපුත්තයෝය. නන්ද බ්‍රාහ්මණයා ආන්නද විය. වෘක්‍ෂ දේවතාවා කස්සප නමි. ශක්‍රයා අනුරුද්ධයෝය. සෙසු රජවරු බුදුපිරිස, මව්පියවරු මහාරාජ කුලයයි. සුතසෝම රජු නම් මම ම වෙමි.

මහාසුතසොමජාතකවණ‍්ණනා පඤ‍්චමා.

මහා සුතසෝම ජාතකය නිමි.

ජාතකුද‍්දානං –

සුමුඛො පන හංසවරො ච මහා, සුධභොජනිකො ච පරො පවරො; සකුණාලදිජාධිපතිව‍්හයනො, සුතසොමවරුත‍්තමසව‍්හයනොති.

අසීතිනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

අසූවෙනි නිපාත වර්ණනාව නිමියේ ය.

පඤ‍්චමො භාගො නිට‍්ඨිතො.