යෙදුමෙන් කියවන්න

5. මහාසුතසොමජාතකං

5. මහාසුතසොමජාතකං

5. මහාසුතසෝම ජාතකය

4196. කස‍්මා තුවං රසක එදිසානි කරොසි කම‍්මානි සුදාරුණානි, හනාසි ඉත්‍ථි පුරිසෙ ච මූළ‍්හො මංසස‍්ස හෙතු ආදු ධනස‍්ස කාරණා

4196. එම්බා අරක්කැමිය, තෝ කුමක් හෙයින් මෙතරම් ඉතා දරුණුකම් කරන්නෙහි ද? මුළා වූයේ ස්ත්‍රීන් ද පුරුෂයන් ද නසන්නෙහි. මස් හේතු කොටගෙන ද නැතහොත් ධන හේතුකොටගෙන දැ යි (සෙන්පතියා ඇසී ය).

4197. න අත‍්තහෙතු න ධනස‍්ස කාරණා න පුත‍්තදාරස‍්ස සහායඤාතිනං, භත‍්තා ච මෙ භගවා භූමිපාලො සො ඛාදතී මංසං භදන‍්තෙ එදිසං.

4197. හිමියෙනි, මෙය තමන් හේතු කොටගෙන නො වෙයි. ධනය හේතු කොටගෙන ද නො වෙයි. අඹුදරුවන් ද යහළුවන් ද ඤාතීන් ද හේතු කොටගෙන නො වෙයි. මාගේ ස්වාමි වූ ඒ භගවත් රජ තෙමේ මෙබඳු වූ මස අනුභව කෙරේ යයි (අරක්කැමි තෙමේ කීයේ ය.)

4198. සචෙ තුවං භත‍්තුරත්‍ථෙ පයුත‍්තො කරොසි කම‍්මානි සුදාරුණානි, පාතො ච අන‍්තෙපුරං පාපුණිත්‍වා ලපෙය්‍යාසි මෙ රාජිනො සම‍්මුඛෙ තං.

4198. ඉදින් ස්වාමියාගේ වැඩෙහි යෙදුණා වූ තෝ මෙබඳු ඉතා දරුණුකම් කෙරෙහි නම් උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි ඒ කරුණ මට කියව (යි සෙන්පති තෙමේ කීවේ ය.)

4199. තථා කරිස‍්සාමි අහං භදන‍්තෙ යමෙව ත්‍වං භාසසි කාළහත්‍ථි, පාතො ව අන‍්තෙපුරං පාපුණිත්‍වා වක‍්ඛාමි තෙ රාජිනො සම‍්මුඛෙ තං.

4199. ස්වාමීනි, කාළහත්‍ථි නම් සෙන්පතිතුමනි, ඔබ වහන්සේ යමක් කියන්නහු නම් මම එසේ ම කරන්නෙමි. උදෑසන ම අන්තඃපුරයට පැමිණ රජු ඉදිරියෙහි එය ඔබට කියමි (යි අරක්කැමි තෙමේ කීවේ ය.)

4200. තතො රත්‍යා විවසනෙ සුරියස‍්සුග‍්ගමනං පති, කාළො රසකමාදාය රාජානං උපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා රාජානං ඉදං වචනමබ්‍රුවී.

4200. අනතුරු ව රාත්‍රිය ඉක්ම ගිය පසු සූර්‍ය්‍යොද්ගමයෙහි කාළ නම් සෙන්පති තෙමේ අරක්කැමියා ගෙන රජු වෙත එළැඹියේ ය. එළැඹ රජුට මේ වචනය කීවේ ය.

4201. සච‍්චං කිර මහාරාජ රසකො පෙසිතො තයා, හනාති ඉත්‍ථි පුරිසෙ තුවං මංසානි ඛාදසි.

4201. මහරජ, නුඹ වහන්සේ විසින් ස්ත්‍රී පුරුෂයන් නසව යි අරක්කැමියා පිටත්කොට හරිනලද්දේ ය යන මේ කරුණ සත්‍යය ද? ඔබ වහන්සේ මිනීමස් කන්නහු ද?

4202. එවමෙවං තථා කාළ රසකො පෙසිතො මයා, මම අත්‍ථං කරොන‍්තස‍්ස කිමෙතං පරිභාසසි.

4202. කාළ (හත්‍ථි) නම් සෙන්පතිය, මා විසින් අරක්කැමියා පිටත්කොට හරිනලදී. මාගේ අර්‍ත්‍ථය (වැඩය) කරන්නා වූ ඔහුට කුමක් හෙයින් නින්‍දා කෙරෙහි දැ (යි රජතෙමේ ඇසී ය.)

4203. ආනන්‍දො සබ‍්බමච‍්ඡානං ඛාදිත්‍වා රසගිද‍්ධිමා, පරික‍්ඛීණාය පරිසාය අත‍්තානං ඛාදියා මතො.

4203. සියලු මත්ස්‍යයන්ට ප්‍රධාන වූ රසගේධ වූ ආනන්‍ද නම් මත්ස්‍ය තෙමේ තමන්ගේ පිරිස අනුභව කොට අවසන් වූ කල්හි පසුව තමා ද අනුභව කොට මළේ ය.

4204. එවං පමත‍්තො රසගාරවෙ රතො බලො යදි ආයතිං නාවබුජ‍්ඣති, විධම‍්ම පුත‍්තො චජි ඤාතකෙ ච පරිවත‍්තිය අත‍්තානමෙව ඛාදති.

4204. මෙසේ ප්‍රමත්ත වූ රසගෙධයෙහි නියැලි අනුවණ තෙමේ ඉදින් මත්තෙහි වන්නා වූ දුක නො දනී නම් හෙතෙමේ දරුවන් නසා නෑයන් ද හැර දමා පෙරළා තමන් ම අනුභව කෙරේ.

4205. ඉදං තෙ සුත්‍වාන විහෙතු ඡන්‍දො මා භක‍්ඛසි රාජ මනුස‍්සමංසං, මා ත්‍වං ඉමං කෙවලං වාරිජොව දිපදාධිප සුඤ‍්ඤමකාසි රට‍්ඨං.

4205. මහරජ, මේ කරුණ අසා ඔබගේ ඒ කැමැත්ත දුරු කෙරේවා. රජතුමනි, මිනීමස් අනුභව නො කරව. මහරජ, ආනන්‍ද නම් මත්ස්‍යයා මෙන් මේ මුළුරට සුන් නො කරව (යි සෙන්පති තෙමේ කීවේය.)

4206. සුජාතො නාම නාමෙන ඔරසො තස‍්ස අත්‍රජො, ජම‍්බුපෙසිං අලද‍්ධාන මතො සො තස‍්ස සඞ‍්ඛයෙ.

4206. එම්බා කාළහත්‍ථිය, පෙරැ නමින් සුජාත නම් කෙළෙඹියෙක් විය. ඔහුගේ ඹෟරස පුත්‍රයෙක් විය. හෙතෙම දඹපල කාලය වූ කල්හි ද දඹපල නො ලැබ මළේ ය.

4207. එවමෙව අහං කාළ භුත්‍වා භක‍්ඛං රසුත‍්තතමං, අලද‍්ධා මානුසං මංසං මඤ‍්ඤෙ හෙස‍්සාමි ජීවිතං.

4207. කාළය, එපරිද්දෙන් මම ද උතුම් රස ඇති කෑම අනුභව කොට (ඒ උතුම් රසැති) මිනීමස් නොලැබ ජීවිතය හරින්නෙමි යි සිතමි (යී රජතෙමේ කීයේය.)

4208. මාණව අභිරූපොසි කුලෙ ජාතොසි සොත්‍ථියෙ, න ත්‍වං අරහසි තාත අභක‍්ඛං භක‍්ඛයෙතවෙ.

4208. මාණවකය, තෝ මනා රූ ඇත්තෙහිය. සොත්‍ථිය නම් උතුම් කුලයෙහි උපන්නෙහි ය. පුත්‍රය, නුඹ අනුභව නො කටයුක්තක් අනුභව කරන්නට නුසුදුස්සෙහි ය.

4209. රසානමඤ‍්ඤතරං එතං යස‍්මා මං ත්‍වං නිවාරයෙ, සොහං තත්‍ථ ගමිස‍්සාමි යත්‍ථ ලච‍්ඡාමි එදිසං.

4209. පියාණෙනි, නුඹ වහන්සේ යම් බඳු රසයකින් මා වළකනසේක් නම් එය රස අතුරින් උතුම් රසයෙකි. ඒ මම යම් තැනෙක්හි මෙබඳු රසයක් ලබන්නෙම් නම් එහි යමි.

4210. සො වාහං නිප‍්පතිස‍්සාමි න තෙ වච‍්ඡාමි සන‍්තිකෙ, යස‍්ස මෙ දස‍්සනෙන ත්‍වං නාභිනන්‍දසි බ්‍රාහ‍්මණ.

4210. පීතෘ බ්‍රාහ්මණය, යම්බඳු වූ මාගේ දැකීමෙන් නුඹ වහන්සේ සතුටු නො වන සේක් නම් ඒ මම නුඹවහන්සේ සමීපයෙහි නො වසමි. මම ම නික්ම යන්නෙමි යි මාණවකයා කීවේ ය.

4211. අද‍්ධා අඤ‍්ඤෙපි දායාදෙ පුත‍්තෙ ලච‍්ඡාම මාණව, ත්‍වඤ‍්ච ජම‍්ම විනස‍්සස‍්සු යත්‍ථ පත‍්තං න තං සුණෙ.

4211. මාණවකය, අන්‍ය වූ ද පුත්‍ර දායාදයන් ලබන්නෙමි. නීචය, තෝ ද වැනසෙව, යම් තැනකට පැමිණි තා නො අසන්නෙම් ද (එසේ කරව.)

4212. එවමෙව තුවං රාජ දිපදින්‍ද සුණොහි මෙ, පබ‍්බාජෙස‍්සන‍්ති තං රට‍්ඨා සොණ‍්ඩං මාණවකං යථා.

4212. නරශ්‍රේෂ්ඨ මහරජ, මගේ වචනය අසනු මැනවි. රා සොඬ තරුණයා යම්සේ රටින් පිටුවහල් කරනලද්දේ ද එසේ ම නුඹවහන්සේ ද රටින් පිටුවහල් කරන්නාහ (යි සේනාපතියා කීවේ ය.)

4213. සුජාතො නාම නාමෙන භාවීතත‍්තාන සාවකො, අච‍්ඡරං කාමයන‍්තොව න සො භුඤ‍්ජි න සො පිවි.

4213. භාවිතාත්ම ඇති ඍෂීන්ගේ ශ්‍රාවක වූ නමින් සුජාත නම් වූ තැනැත්තා දිව්‍යාප්සරාවන් කැමැත්තේ ම නො කෑවේ ය. නො බිව්වේ ය.

4214. කුසග‍්ගෙ උදකමාදාය සමුද‍්දෙ උදකං මිනෙ, එවං මානුසකා කාමා දිබ‍්බකාමාන සන‍්තිකෙ.

4214. යම්සේ කුසතණ අග දිය ගෙන මුහුදු දිය මනින්නේ ද දිව්‍යකාමයන් හමුවෙහි මානුසක කාමයෝ ද එමෙනි.

4215. එවමෙව අහං කාළ භුත්‍වා භක‍්ඛං රසුත‍්තතමං, අලද‍්ධා මානුසං මංසං මඤ‍්ඤෙ හෙස‍්සාමි ජීවිතං.

4215. කාළහත්‍ථිය, රසෝත්තම වූ කෑම කා ඒ මිනීමස් නො ලැබ ජීවිතය හරින්නෙමි යි සිතම් යයි කීයේ ය.

4216. යථාපි තෙ ධතරට‍්ඨා හංසා වෙහාසයං ගමා, අවුත‍්තිපරිභොගෙන සබ‍්බෙ අබ‍්භත්‍ථතං ගතා.

4216. අහසින් ගමන්කරන්නා වූ ධතරට්ඨ නම් හංසයෝ නුසුදුසු පරිභෝගයෙන් සියල්ලෝ ම යම්සේ විනාශයට පත්වූහු ද,

4217. එවමෙව තුවං රාජ දිපදින්‍ද සුණොහි මෙ, අභක‍්ඛං රාජ භක‍්ඛෙසි තස‍්මා පබ‍්බාජයන‍්ති තං.

4217. නරශ්‍රේෂ්ඨ මහරජ, මාගේ වචනය අසනු මැනව, එමෙන් ම නුඹ වහන්සේ ද නොබිදිය යුතු ඒ මිනීමස් අනුභව කරන්නහු ය. එහෙයින් නුඹ වහන්සේ රටින් පිටුවහල් කෙරෙත් යයි සෙන්පති තෙමේ කීයේ ය.

4218. තිට‍්ඨාහීති මයා වුතෙතා සො ත්‍වං ගච‍්ඡසි පම‍්මුඛො, අට‍්ඨිතො ත්‍වං ඨිතොම‍්හීති ලපසි බ්‍රහ‍්මචාරිනී ඉදං තෙ සමණ අයුත‍්තං අසිඤ‍්ච මෙ මඤ‍්ඤසි කඞ‍්කපත‍්තං.

4218. එම්බා තපස්විය, ඒ නුඹ මා විසින් සිටුව යි කියන ලද්දෙහි පිටුපා යන්නෙහි ය. නොසිටියා වූ නුඹ සිටියෙමි යි කියන්නෙහි ය. ශ්‍රමණය, මෙය වනාහි තොපට නුසුදුසු ය. කිම, මාගේ කඩුව කුසතණ පතක් කොට සිතහි දැ ? යි පෝරිසාදයා ඇසී ය.

4219. ඨිතොහමස‍්මි සධම‍්මෙසු රාජ න නාමගොත‍්තං පරිවත‍්තයාමි, චොරඤ‍්ච ලොකෙ අට‍්ඨිතං වදන‍්ති ආපායිකං නෙරයිකං ඉතො චුතං.

4219. මහරජ, මම ස්වකීය වූ කුශලධර්‍මයන්හි සිටියෙම් වෙමි. මම නාම ගෝත්‍රය නො පෙරළමි. මෙයින් චුත ව අපාගතවනසුලු වූ නේරයික වූ සොරා වනාහි ලෙව්හි නොසිටියෙකැ යි කියත්.

4220. සචෙ තුවං සද‍්දහසි රාජ සුතං ගණ‍්හාහි ඛත‍්තිය, තෙන යඤ‍්ඤං යජිත්‍වාන එවං සග‍්ගං ගමිස‍්සසි.

4220. එම්බා පෝරිසාදය, මෙය විශ්වාස කරන්නෙහි ද? එසේ නම් මෙය අසව, ඉදින් සුතසෝම රජ ගන්නෙහි නම් එයින් යාග කොට මෙසේ ස්වර්‍ගයට යන්නෙහි ය.

4221. කස‍්මිං නු රට‍්ඨෙ තව ජාතභූමි අථ කෙන අත්‍ථෙන ඉධානුපත‍්තො, අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථං කිමච‍්ඡසි දෙමි තයජ‍්ජ පත්‍ථිතං.

4221. එම්බා බ්‍රාහ්මණය, නුඹගේ ජාතභූමිය කිනම් රටෙක්හි ද, කිනම් කරුණක් හේතු කොටගෙන මෙහි පැමිණියෙහි ද, මේ කරුණ මට කියව. කුමක් කැමැත්තෙහි ද? තා විසින් අද පතන ලද්දේ කවරක් ද? එය දෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.

4222. ගාථා චතස‍්සො ධරණීමහිස‍්සර සුගම‍්භිරත්‍ථා වරසාගරූපමා, තවෙව අත්‍ථාය ඉධාගතොස‍්මි සුණොහි ගාථා පරමත්‍ථසංහිතා.

4222. මහරජ, උතුම් සාගරය බඳු වූ ඉතා ගැඹුරු වූ ගාථා සතරක් ඔබගේ ම ප්‍රයෝජනය පිණිස, මෙහි ගෙනාවෙමි. උතුම් අර්‍ත්‍ථයෙන් යුත් ඒ ගාථා අසව යි බමුණා කීවේ ය.

4223. න වෙ රුදන‍්ති මතිමන‍්තො සපඤ‍්ඤා බහුස‍්සුතා යෙ බහුඨානචින‍්තිනො, දීපං හි එතං පරමං නරානං යං පණ‍්ඩිතා සොකනුදා භවන‍්ති.

4223. යම් හෙයෙකින් පණ්ඩිතයෝ අනුන්ගේ ශෝක දුරු කරන්නාහු වෙද්ද, මිනිසුන්හට ඒ ශෝක දුරු කිරීම පරම පිහිටෙකි. බහුශ්‍රුත වූ බොහෝ කරුණු සිතන්නා වූ සප්‍රාඥයෝ වෙද්ද, එබඳු මහාප්‍රාඥයෝ ඒකාන්තයෙන් නො හඬති.

4224. අත‍්තානං ඤාතී උද පුත‍්තදාරං ධඤ‍්ඤං ධනං රජතං ජාතරූපං, කිමොනු ත්‍වං සුතසොමානුතප‍්පෙ කොරව්‍යසෙට‍්ඨ වචනං සුණොම තෙ.

4224. කෝරව්‍ය ශ්‍රේෂ්ඨ මහරජතුමනි, නුඹ තමා ද ඥාතීන් ද නොහොත් අඹු දරුවන් ද ධාන්‍යය ද ධනය ද රිදී ද රන් ද යන මේ කුමකට තැවෙන්නෙහි ද? යන මේ වචනය තා විචාරමි යි පෝරිසාදයා ඇසී ය.

4225. නෙවාහමත‍්තානමනුත්‍ථුනාමි න පුත‍්තදාරං න ධනං න රට‍්ඨං, සතඤ‍්ච ධම‍්මො චරිතො පුරාණො තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සානුතප‍්පෙ.

4225. එම්බා පෝරිසාදය, මම තමන් ගැන ශෝක නො කරමි. අඹු දරුවන් ගැන ද ශෝක නො කරමි. ධනය ගැන හෝ ශෝක නො කරමි. රට ගැන හෝ ශෝක නො කරමි. පුරාණ වූ සත්පුරුෂ ධර්‍මය පුරුදු කරන ලද්දෙක්මි. බ්‍රාහ්මණයාට වූ ඒ පොරොන්දුව ගැන ශෝක කරමි.

4226. කතො මයා සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන, තං සඞ‍්ගාරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය සච‍්චානුරක‍්ඛි පුනරාවජිස‍්සං.

4226. සිය රටෙහි ඉසුරු බව්හි පිහිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග පොරොන්දුවකට බැඳෙන ලද. බ්‍රාහ්මණයාට ඒ පොරොන්දුව සපුරා සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජ තෙමේ කීයේ ය.

4227. නෙවාහමෙතං අභිසද‍්දහාමි සුඛී නරො මච‍්චුමුඛා පමුත‍්තො, අමිත‍්තහත්‍ථං පුනරාවජෙය්‍ය කොරව්‍යසෙට‍්ඨ නහි මං උපෙසීති.

4227. මරු මුවින් මිදුණු, සුවපත් වූ, මනුෂ්‍ය තෙමේ නැවත සතුරාගේ අතට පැමිණෙන්නේ ය, යන මේ කාරණය මම විශ්වාස නො කරමි. කොරව්‍යරටෙහි අධිපති මහරජතුමනි, මා වෙත නො එළඹෙන්නෙහි ය.

4228. මුත‍්තො තුවං පොරිසාදස‍්ස හථො ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී, මධුරම‍්පියං ජීවිතං ලද‍්ධ රාජ කුතො තුවං එහිසි මෙ සකාසං.

4228. කාමසම්පත් කැමතිවන්නා වූ රජතුමනි, නුඹ පොරිසාදයාගේ අතින් මිදුණෙහි සිය මැදුරට ගොස් මිහිරි ප්‍රිය ජීවිතයක් ලැබ නැවත මා වෙත කවර කරුණෙකින් පැමිණෙන්නෙහි දැ යි පෝරිසාදයා ඇසී ය.

4229. මතං වරෙය්‍ය පරිසුද‍්ධසීලො න හි ජීවිතං ගරහිතො පාපධම‍්මො, න හි තං නරං තායතෙ දුග‍්ගතීහි යස‍්සාපි හෙතු අලිකං භණෙය්‍ය.

4229. පිරිසුදු සිල් ඇත්තේ මරණය කැමති වන්නේ ය. මෙරමා විසින් නින්‍දා කරනලද පාපසම්භව ඇත්තෙක් ව ජීවිතය නො කැමති වන්නේ ය. යමක් හේතු කොට ගෙන බොරු කියන්නේ නම් එය ඒ සත්‍වයා දුගතියෙන් නො මුදාලන්නේ ය.

4230. සචෙපි වාතො ගිරිමාවහෙය්‍ය චන්‍දො ච සුරියො ච ඡමාපතෙය්‍යුං, සබ‍්බාව නජ‍්ජො පටිසොතං වජෙය්‍යුං නත්‍වෙවහං රාජ මුසා භණෙය්‍යං.

4230. මහරජ, ඉදින් වාතය පර්‍වතයක් පුළුන් පොදක් සේ ගෙනයතුදු සඳ හිරු බිම වැටෙතුදු හැම නදීහු උඩු ගං බලා යතුදු මම නම් බොරු නො කියමි යි සුතසෝම තෙමේ කීයේ ය.

4231. නභං ඵලෙය්‍ය උදධී විසුස‍්සෙ සංවත‍්තෙය්‍ය භූතධරා වසුන්‍ධරා, සිලුච‍්චයො නෙරු සමූලමුප‍්පතෙ නත්‍වෙවහං රාජ මුසා භණෙය්‍යං.

4231. අහස පැළී ගිය ද, සයුර වියළී ගිය ද, සත්‍වයන් දරා සිටුනා පෘථිවිය පෙරළී ගිය ද, මහමෙර ඉදිරි වැටෙතුදු මහරජ මම නම් බොරු නො කියමි.

4232. අසිඤ‍්ච සත‍්තිඤ‍්ච පරාමසාමි සපථම‍්පි තෙ සම‍්ම අහං කරොමි, තයා පමුත‍්තො අනණො භවිත්‍වා සච‍්චානුරක‍්ඛි පුනරාවජිස‍්සං.

4232. යහළු පෝරිසාදය, කඩුව ද සිරිය ද මම පරාමර්‍ශනය කරමි. යහළුව මම ඔබට දිවිරීම ද කරමි. නුඹ විසින් මුදනලද මම බ්‍රාහ්මණයාට ණය නැත්තෙක් ව, සත්‍යය රක්නෙම් නැවත එන්නෙමි යි සුතසෝම රජතෙමේ කීවේ ය.

4233. යො තෙ කතො සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන, තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය සච‍්චානුරක‍්ඛි පුනරාවජස‍්සු.

4233. මහරජ, සියරටෙහි ඉසුරු බව්හි සිටියා වූ ඔබ විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දු වීමක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙහි නැවත මෙහි එව යි පෝරිසාදයා කීවේ ය.

4234. යො තෙ කතො සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන, තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය සච‍්චානුරක‍්ඛි පුනරාවජිස‍්සං.

4234. සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු හා යම් පොරොන්දුවක් කරන ලද ද, ඒ පොරොන්දුව බමුණාට දී සත්‍යය රක්නෙක් ව නැවත මෙහි එමී යි රජ තෙමේ කීවේ ය.

4235. මුත‍්තො ච සො පොරිසාදස‍්ස හත්‍ථා ගන‍්ත්‍වාන තං බ්‍රාහ‍්මණං එතදවොච, සුණොමි ගාථායො සතාරහායො යා මෙ සුතා අස‍්සු හිතාය බ්‍රහ‍්මෙ.

4235. ඒ සුතසෝම රජ තෙම පොරිසාදයාගේ අතින් මිදුණේ ඒ බමුණා වෙත ගොස් මෙසේ කීවේ ය. එම්බා බ්‍රාහ්මණය, අසනලද යම් ඒ ගාථාවෝ හිත පිණිස පවතිද්ද, ඒ සතාරහ නම් ගාථාවන් අසමි යි රජ තෙම කීවේ ය.

4236. සකිදෙව සුතසොම සබ‍්භි හොති සමාගමො, සා නං සඞ‍්ගති පාලෙති නාසබ‍්භි බහුසඞ‍්ගමො.

4236. සුතසෝම රජුනි, සත්පුරුෂයන් සමග එක් වරක් හෝ එක් වෙයි ද, එය ඔහු රකී. අසත්පුරුෂයන් සමග බොහෝවූ ද එක්වීම් එසේ නො කෙරේ.

4237. සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සෙය්‍යො හොති න පාපියො.

4237. සත් පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත් පුරුෂයන් සමග ම මිත්‍රසන්‍ථවය කරන්නේ ය. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය. ලාමකයෙක් නො වන්නේ ය.

4238. ජීරන‍්ති වෙ රාජරථා සුචිත‍්තා අථො සරීරම‍්පි ජරං උපෙති, සතඤ‍්ච ධම‍්මො න ජරං උපෙති සන‍්තො භවෙ සබ‍්භි පවෙදයන‍්ති.

4238. ඉතා විසිතුරු කරනලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. වැළි ශරීරය ද ජරාවට යෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ නිර්‍වාණ ධර්‍මය ජරාවට නො යයි. බුද්ධාදී සත්පුරුෂයෝ (ඒකාන්තයෙන්) ඒ නිවන ප්‍රකාශ කරති.

4239. නභඤ‍්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ, තතො භවෙ දූරතරං වදන‍්ති සතඤ‍්ච ධම‍්මං අසතඤ‍්ච රාජ.

4239. මහරජ, අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ පරතෙර ද දුරෙහි පිහිටියේ ය. සත්පුරුෂයන්ගේ ධර්‍මය හා අසත් පුරුෂයන්ගේ ධර්‍මය අතරැ ඒකාන්තයෙන් දුරතර යයි කියත්.

4240. සහස‍්සියො ඉමා ගාථා න ඉමා ගාථා සතාරහා, චත‍්තාරි ත්‍වං සහස‍්සානි ඛිප‍්පං ගණ‍්හාහි බ්‍රාහ‍්මණ.

4240. බමුණ, මේ ගාථාවෝ සීයක් නොව දහසක් වටනාහු වෙති. එහෙයින් ඔබ සාරදහසක් වහා ගනුව යි සුතසෝම රජ කීවේ ය.

4241. ආසීතියා නාවුතියා ච ගාථා සතාරහා චාපි භවෙය්‍යු ගාථා පච‍්චත‍්තමෙව සුතසොම ජානහි සහස‍්සියො නාම කුධත්‍ථි ගාථා.

4241. එම්බා සුතසෝමය, අසූවක් වටනා වූ ද, අනූවක් වටනා වූ ද සියයක් වටනා වූ ද ගාථාවෝ ඇතැ යි ඔබ දන්නෙහි ය. දහසක් වටිනා ගාථාවෝ කොහි වෙද්ද? කියා පිය රජ ඇසී ය.

4242. ඉච‍්ඡාමි වොහං සුතවුද‍්ධිමත‍්තනො සන‍්තො ච මං සප‍්පුරිසා භජෙය්‍යුං, අහං සවන‍්තීහි මහොදධීව නහි තාත තප‍්පාමි සුභාසිතෙන.

4242. පියාණෙනි, මම තමාගේ ශ්‍රැතය පිළිබඳ දියුණුව කැමැති වෙමි. ශාන්ත වූ සත්පුරුෂයෝ මා භජනය කෙරෙත්වා. මම වනාහි ගඞ්ගාවන්ගෙන් තෘප්ත නො වන්නා වූ මහාසාගරය මෙන් සුභාෂිතයෙන් තෘප්ත නො වෙමි.

4243. අග‍්ගි යථා තිණකට‍්ඨං ඩහන‍්තො න තප‍්පතී සාගරො වා නදීහි, එවම‍්පි තෙ පණ‍්ඩිතා රාජසෙට‍්ඨ සුත්‍වා න තප‍්පන‍්ති සුභාසිතෙන.

4243. යම්සේ ගින්න තෘණ කාෂ්ඨ දවමින් තෘප්ත නො වේ ද, නදී ජලයෙන් සාගරය හෝ තෘප්ත නො වේ ද, රාජශ්‍රේෂ්ඨය එපරිද්දෙන් ම ඒ පණ්ඩිතයෝ සුභාෂිතයන් අසා තෘප්ත නො වෙත්.

4244. සකස‍්ස දාසස‍්ස යදා සුණොමි ගාථා අහං අත්‍ථවතී ජනින්‍ද, තමෙව සක‍්කච‍්ච නිසාමයාමි නහි තාත ධම‍්මෙසු මමත්‍ථි තිත‍්ති.

4244. ප්‍රජාධිපති මහරජතුමනි, යම් විටෙක දී සිය දාසයකුගෙන් වුව අර්‍ත්‍ථවත් ගාථාවක් අසම් ද, එය සකස්කොට ම අසමි. පියාණන් වහන්ස, ධර්‍මයන් විෂයයෙහි මාගේ තෘප්තියක් නම් නැත්තේ ම ය.

4245. ඉදන‍්තෙ රට‍්ඨං සධනං සයොග‍්ගං සකායුරං සබ‍්බකාමූපපන‍්නං, කිං කාමහෙතු පරිභාසසෙ මං ගච‍්ඡාමහං පොරිසාදස‍්ස කන‍්තෙ.

4245. පියාණෙනි, ධනය සහිත වූ බල වාහන සහිත වූ ආභරණ සහිත වූ සියලු කැමැති සම්පත් ඇත්තා වූ ඔබගේ මේ රජය භාර ගනුමැනවි. කාමසම්පත් හේතු කොටගෙන කුමකට මට පරිභව කරන්නෙහි ද, මම පෝරිසාදයා සමීපයට යමි යි සුතසෝම තෙමේ කීවේ ය.

4246. අත‍්තානුරක‍්ඛාය භවන‍්ති හෙතෙ හත්‍ථාරොහා රථිකා පත‍්තිකා ව, අස‍්සාරෙහා යෙ ච ධනුග‍්ගහාසෙ සෙනං පයුඤ‍්ජාම හනාම සත‍්තුං.

4246. එම්බා පුත්‍රය, ඇතරුවෝ ය රියසෙනඟ ය පාබළ සෙනඟ ය අශ්වාරෝහකයෝ ය ධනුර්ධරයෝ ය යන යම් සමූහයක් වෙද්ද, මේ සියල්ලෝ ම ඒකාන්තයෙන් ආත්මාරක්‍ෂාව පිණිස වෙති. එබැවින් සේනාව යොදවමු, සතුරා නසමු යි පියරජ තෙමේ කීවේ ය.

4247. සුදුක‍්කරං පොරිසාදො අකාසි ජීවං ගහෙත්‍වාන අවිස‍්සජී මං, තං තාදිසං පුබ‍්බකිච‍්චං සරන‍්තො දුබ‍්භෙ අහං තස‍්ස කථං ජනින්‍ද.

4247. නරශ්‍රේෂ්ඨ වූ පියාණන් වහන්ස, පෝරිසාද තෙම මා ජීවග්‍රාහයෙන් ගෙන හැර දැමී ද එසේ කිරීමෙන් හෙතෙමේ සුදුෂ්කර වූවක් කෙළේ ය. එබඳු පළමු උපකාරයක් සිහි කරන්නා වූ මම ඔහුට කෙසේ නම් ද්‍රෝහ කෙරෙම් දැ යි සුතසෝම තෙමේ ඇසී ය.

4248. වන්‍දිත්‍වා සො පිතරං මාතරඤ‍්ච අනුසාසිත්‍වා නෙගමඤ‍්ච බලඤ‍්ච, සච‍්චවාදී සච‍්චානුරක‍්ඛමානො අගමාසි සො යෙන සො පොරිසාදො.

4248. හෙතෙම පියා ද මව ද වැඳ නියම්ගම් වැස්සන්ට ද බලසෙනගට ද අනුශාසනා කොට සත්‍යය කියන්නේ සත්‍යය රකිමින් පෝරිසාදයා යම් තැනෙක්හි නම් එහි ගියේ ය.

4249. කතො මයා සඞ‍්ගරො බ්‍රාහ‍්මණෙන රට‍්ඨෙ සකෙ ඉස‍්සරියෙ ඨිතෙන, තං සඞ‍්ගරං බ්‍රාහ‍්මණස‍්සප‍්පදාය සච‍්චානුරක‍්ඛී පුනරාගතොස‍්මි යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාද.

4249. සිය රටෙහි ඉසුරුබව්හි සිටියා වූ මා විසින් බ්‍රාහ්මණයකු සමග යම් පොරොන්දුවක් වන ලද ද, එය ඒ බ්‍රාහ්මණයාට දී සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. පෝරිසාදය, මා මරා දේවතාවාට යාග හෝ කරව. මාගේ මස් හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙම කීවේ ය.

4250. න හායතෙ ඛාදිතුං මය‍්හං පච‍්ඡා චිතකා අයං තාව සධූමිකා ච, නිද‍්ධූමකො පචිතං සාධු පක‍්කං සුණාමි ගාථායො සතාරහායො.

4250. පසුව ද නුඹ කෑමට කිසි බාධාවක් නොමැත. මේ සෑය ද තවම දුම් සහිත ය. දුම් නැති ගින්නෙහි පිසන ලද්ද මනාව පැසුණේ වෙයි. ඒ තාක් මම සතාරහ ගාථාවන් අසමි යි පෝරිසාදයා කීවේ ය.

4251. අධම‍්මිකො ත්‍වං පොරිසාදකාසි රට‍්ඨා ච භට‍්ඨො උදරස‍්ස හෙතු, ධම‍්මඤ‍්චිමා අභිවදන‍්ති ගාථා ධම‍්මො අධම‍්මො ච කුහිං සමෙති.

4251. එම්බා පෝරිසාදය, නුඹ අධාර්මිකයෙක් වූවෙහි මිනීමස් කන්නෙහි. උදර පෝෂණය හේතුකොටගෙන රටින් ද ගිලිහුනෙහි ය. මේ ගාථාවෝ ද නව ලොව්තුරා දහම පවසති. ධර්‍මය හා අධර්‍මය කොහි සම වේ ද?

4252. අධම‍්මිකස‍්ස ලුද‍්දස‍්ස නිච‍්චං ලොහිතපාණිනො, නත්‍ථි සච‍්චං කුතො ධම‍්මො කිං සුතෙන කරිස‍්සසි.

4252. නිතර ලේ වැකුණු අත් ඇති රුදුරු වූ නො දැහැමි නුඹගේ සත්‍යයෙක් නැත. ධර්‍මයක් කොයින්ද? නුඹ මේ දහම් ඇසීමෙන් කුමක් කරන්නෙහි ද?

4253. යො මංසභෙතු මිගවං චරෙය්‍ය යො වා හනෙ පුරිසං අත‍්තහෙතු, උභොපි තෙ පෙච‍්ච සමා භවන‍්ති කස‍්මා නො අධම‍්මිකං බ්‍රූහි මං ත්‍වං.

4253. යමෙක් මාංශය හේතු කොටගෙන මුව දඩයමෙහි හැසිරේ ද? ආත්මාර්‍ත්‍ථය හේතු කොටගෙන යමෙක් මිනිසකු හෝ නසයි ද, ඒ දෙදෙනා ම පරලොව සම වෙති. ඔබ කුමක් හෙයින් මා අධාර්මිකයකු කොට කියන්නහු දැ යි පෝරිසාදයා ඇසී ය.

4254. පඤ‍්ච පඤ‍්ච නඛා භක‍්ඛා ඛත‍්තියෙන පජානතා, අභක‍්ඛං රාජ භක‍්ඛෙසි තස‍්මා අධම‍්මිකො තුවං.

4254. කරුණු දන්නා වූ ක්‍ෂිත්‍රියයකු විසින් නිය තිබෙන පසක් සතුන් අතුරින් පස් දෙනෙක් කෑ යුත්තාහ. මහරජ, නුඹ වනාහි නොකෑයුතු මිනීමස් කන්නෙහි ය. එබැවින් නුඹ අධාර්මික වෙහි.

4255. පුත‍්තො තුවං පොරිසාදස‍්ස හත්‍ථා ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී, අමිත‍්තහත්‍ථං පුනරාගතොසි න ඛත‍්තධම‍්මෙ කුසලොසි රාජ.

4255. කාමසම්පත් කැමති වන්නා වූ රජතුමනි, ඔබ පෝරිසාදයා වූ මා අතින් මිදී නැවත සතුරා වෙතට ආවහු ය. මහරජ එබැවින් ඔබ ක්‍ෂත්‍රිය ධර්‍මයෙහි දක්‍ෂයෙක් නො වන්නහු ය යි පෝරිසාදයා කීවේ ය.

4256. යෙ ඛත‍්තධම‍්මෙ කුසලා භවන‍්ති පායෙන තෙ නෙරයිකා භවන‍්ති, තස‍්මා අහං ඛත‍්තධම‍්මං පහාය සච‍්චානුරක‍්ඛි පුනරාගතොස‍්මි යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාද.

4256. එම්බා පෝරිසාදය, යම් කෙනෙක් ක්‍ෂත්‍රිය ධර්‍මයෙහි දක්‍ෂ වෙද්ද, ඔව්හු බොහෝ සෙයින් ම නිරිසත්තු වෙති. එබැවින් මම ක්‍ෂත්‍රිය ධර්‍මය හැරපියා සත්‍යය රක්නෙම් නැවත මෙහි ආවෙමි. මා මරා යාගය හෝ කරව. මාංශය හෝ අනුභව කරව යි සුතසෝම රජ තෙම කීවේ ය.

4257. පාසාදවාසා පඨවීගවාස‍්සං කාමිත්‍ථියො කාසිකචන්‍දනඤ‍්ච, සබ‍්බං තහිං ලභසි සාමිතාය සච‍්චෙන කිං පස‍්සසි ආනිසංසං.

4257. යහළු සුතසෝමය, තුන් ඍතුයෙහි වාසයට සුදුසු ප්‍රාසාද ය පොළොව ය ගව අශ්වාදී සත්ත්‍වයෝ ය කාම වස්තු වූ ස්ත්‍රීහු ය කසී සළු ය රත්සඳුන් ය යන සියල්ල ඉසුරුබව්හි පිහිටි හෙයින් ඒ නගරයෙහි දී නො අඩුව ලබන්නෙහි ය. සත්‍යයෙන් කුමන අනුසසක් දක්නෙහි ද? කියා පෝරිසාදයා ඇසී ය.

4258. යෙ කෙචි මෙ අත්‍ථි රසා පථව්‍යා සච‍්චං තෙසං සාදුතරං රසානං, සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා ච තරන‍්ති ජාතිමරණස‍්ස පාරං.

4258. පොළොවෙහි යම් මේ රසයෝ වෙද්ද, ඒ රස අතුරින් සත්‍යය ඉමිහිරි රසය යි. යම් හෙයකින් සත්‍යයෙහි පිහිටා සිටි මහණ බමුණෝ ජාති - ජරා - මරණයාගේ පරතෙරට යෙද්ද, එහෙයිනැ යි සුතසෝම රජතෙමේ කීවේ ය.

4259. මුත‍්තො තුවං පොරිසාදස‍්ස හත්‍ථා ගන‍්ත්‍වා සකං මන්‍දිරං කාමකාමී, අමිත‍්තහත්‍ථං පුනරාගතොසි නහා නූන තෙ මරණභයං ජනින්‍ද අලීනචිත‍්තො චසි සච‍්චවාදී.

4259. කාමසම්පත් කැමති වන්නා වූ මහරජුනි, පෝරිසාද නම් වූ මා අතින් මිදුණා වූ ඔබ සිය භවනයට ගොස් නැවත ද සතුරා අතට ආවහු ය. ජනාධිපතිය, සත්‍යවාදී වූ ඔබ අවංක සිතැත්තාහු මෙහි ආවහු ය. ඒකාන්තයෙන් ඔබට මරණභයක් නැත්තේ යයි සිතමි යි පෝරිසාදයා කීවේ ය.

4260. කතා මෙ කල්‍යාණා අනෙකරූපා යඤ‍්ඤා යිට‍්ඨා යෙ විපුලා පසත්‍ථා, විසොධිතො පරලොකස‍්ස මග‍්ගො ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

4260. මා විසින් නොයෙක් විදියේ සත්ක්‍රියා කරනලදී. ප්‍රශස්ත වූ ද, මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔව්හු පවත්වන ලද්දාහ. පරලොවට යන මඟ පිරිසුදු කරනලදී. ධර්‍මයෙහි සිටි කවරෙක් නම් මරණයට බිය වන්නේ ද? නො වන්නේ ම ය.

4261. කතා මෙ කල්‍යාණා අනෙකරූපා යඤ‍්ඤා යිට‍්ඨා සෙ විපුලා පසත්‍ථා, අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාද.

4261. මා විසින් නන්වැදෑරුම් සත්ක්‍රියාවෝ කරන ලද්දාහ. ප්‍රශස්ත වූ ද මහත් වූ ද යම්බඳු යාගයෝ වෙත් නම් ඔව්හු පවත්වන ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාග හෝ කරව. අනුභව හෝ කරව.

4262. පිතා ච මාතා ච උපට‍්ඨිතා මෙ ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං, විසොධිතො පරලොකස‍්ස මග‍්ගො ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

4262. පියා ද මව ද මා විසින් උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරන ලදී. මා විසින් පරලෝ මග පිරිසුදු කරන ලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.

4263. පිතා ච මාතා ච උපට‍්ඨිතා මෙ ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං, අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාද.

4263. මා විසින් පියා ද මව ද යන දෙදෙන උපස්ථාන කරන ලද්දාහ. මා විසින් දැහැමින් රාජ්‍යානුශාසනා කරනලදී. නො තැවෙමින් පරලෝ යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.

4264. ඤාතීසු මිත‍්තෙසු කතා මෙ කාරා ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං, විසොධිතො පරලොකස‍්ස මග‍්ගො ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

4264. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. පරලෝ මඟ පිරිසුදු කරන ලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.

4265. ඤාතීසු මිත‍්තෙසු කතා මෙ කාරා ධම‍්මෙන මෙ ඉස‍්සරියං පසත්‍ථං, අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාද.

4265. මා විසින් නෑ මිතුරන් කෙරෙහි කළමනා දෑ කරනලදී. දැහැමින් රාජ්‍යය අනුශාසනා කරනලදී. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව, අනුභව හෝ කරව.

4266. දින‍්නං මෙ දානං බහුධා බහුන‍්නං සන‍්තප‍්පිතා සමණබ්‍රාහ‍්මණා ච, විසාධිතො පරලොකස‍්ස මග‍්ගො ධම‍්මෙ ඨිතො කො මරණස‍්ස භායෙ.

4266. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදී. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. පරලෝ මඟ පිරිසුදු කරනලදී. ධර්‍මයෙහි පිහිටි කවරෙක් නම් මරණයට බිය වෙද්ද? නො වෙත් මැ යි.

4267. දින‍්නං මෙ දානං බහුධා බහුන‍්නං සන‍්තප‍්පිතා සමණබ්‍රාහ‍්මණා ච, අනානුතප‍්පං පරලොකං ගමිස‍්සං යජස‍්සු යඤ‍්ඤං ඛාද මං පොරිසාද.

4267. මා විසින් බොහෝ දෙනාට නොයෙක් ලෙසින් දානය දෙන ලදී. මහණ බමුණෝ සතප්නා ලද්දාහ. නො තැවෙමින් පරලොවට යන්නෙමි. පෝරිසාදය, මා මරා යාගය හෝ කරව. අනුභව හෝ කරව.

4268. විසං පජානං පුරිසො අදෙය්‍ය ආසීවිසං ජලිතං උග‍්ගතෙජං, මුද‍්ධාපි තස‍්ස විපතෙය්‍ය සත‍්තධා යො තාදිසං සච‍්චාදිං අදෙය්‍ය.

4268. යමෙක් ඔබ වැනි සත්‍යවාදියකු අනුභව කරන්නේ නම් හෙතෙමේ විෂ බුදින්නේ ය. උග්‍ර තේජස් ඇති දිලියෙන සර්‍පයකු හෝ ග්‍රීවයෙන් අල්වා ගන්නේ ය. ඔහුගේ මුදුන ද සත්කඩක් ව පැලෙන්නේ ය යි පෝරිසාදයා කීවේ ය.

4269. සුත්‍වා ධම‍්මං විජානන‍්ති නරා කල්‍යාණපාපකං, අපි ගාථා සුණිත්‍වාන ධමෙම මෙ රමතී මනො.

4269. යහළු සුතසෝම රජුනි, මිනිස්සු ධර්‍මය අසා හොඳ නරක දැනගනිත්. ඒ සතාරහ ගාථාවන් අසා මගේ සිත දහම්හි ඇලෙන්නේ නම් ඉතා යෙහෙකැ යි පෝරිසාදයා කීවේ ය.

4270. සකිදෙව සුතසොම සබ‍්භි හොති සමාගමො, සා නං සඞ‍්ගති පාලෙති නාසබ‍්භි බහු සඞ‍්ගමො.

4270. සුතසෝමය, සත්පුරුෂයන් සමග එක් වරක් සමාගමය වේ ද, ඒ සමාගමය ඔහු ආරක්‍ෂා කෙරේ. අසත්පුරුෂයන් සමග බොහෝ සෙයින් කරනලද සමාගමය ද එසේ ආරක්‍ෂා නො කෙරේ.

4271. සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සෙය්‍යො හොති න පාපියො.

4271. සත් පුරුෂයන් සමග ම එක්ව වාසය කරන්නේ ය. සත්පුරුෂයන් සමග මිත්‍රසන්‍ථවය කරන්නේ ය. සත් පුරුෂයන්ගේ සද්ධර්‍මය නම් වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මය දැන ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය. පාපියෙක් නො වන්නේ ය.

4272. ජීරන‍්ති වෙ රාජරථා සුචිත‍්තා අථො සරීරම‍්පි ජරං උපෙති, සතඤ‍්ච ධම‍්මො න ජරං උපෙති සන‍්තො භවෙ සබ‍්භි පවෙදයන‍්ති.

4272. විසිතුරු කරන ලද රාජ රථයෝ ඒකාන්තයෙන් දිරති. තවද මේ ශරීරය ද ජරාවට එළඹෙයි. බුද්ධාදි උතුමන්ගේ සත් තිස් බෝපැකි දහම් ජරාවට නො එළඹෙයි. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් උතුම් වූ ධර්‍මය ප්‍රකාශ කෙරෙත්.

4273. නභඤ‍්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද‍්දස‍්ස තදාහු දූරෙ, තතො හවෙ දූරතරං වදන‍්ති සතඤ‍්ච ධම‍්මං අසතඤ‍්ච රාජ.

4273. අහස ද දුර වේ. පොළොව ද දුර වේ. සමුද්‍රයාගේ යම් පරතෙරක් වේ ද, එය ද දුර යයි කියත්. මහරජ, සත්පුරුෂයන්ගේ දහම ද, අසත්පුරුෂයන්ගේ දහම ද. ඊටත් වඩා ඒකාන්තයෙන් දුර ම ය යි කියති යි කීවේ ය.

4274. ගාථා ඉමා අත්‍ථවතී සුව්‍යඤ‍්ජනා සුභාසිතා තුය‍්හං ජනින්‍ද සුත්‍වා, ආනන්‍දි චිත‍්තො සුමනො පතීතො චත‍්තාරි තෙ සම‍්ම වරෙ දදාමි.

4274. මහරජ අර්‍ත්‍ථවත් වූ ද මනාසේ ඝටිත අක්‍ෂරයෙන් යුතු වූ ද සුභාසිත වූ ද ඔබගේ මේ ගාථා අසා හටගත් සතුටු ඇත්තෙමි. යහපත් සිතැත්තෙමි. ප්‍රීතිමත් වූයෙම්. මම ඔබට සිවු වරයක් දෙමැ යි පෝරිසාදයා කීවේ ය.

4275. යො නත‍්තනො මරණං බුජ‍්ඣසි ත්‍වං හිතාහිතං විනිපාතඤ‍්ච සග‍්ගං, ගිද‍්ධො රසෙ දුච‍්චරිතෙ නිවිට‍්ඨො කිං ත්‍වං වරං දස‍්සසි පාපධම‍්ම.

4275. ලාමක ස්වභාව ඇත්තාණෙනි, යම්බඳු වූ නුඹ තමන්ගේ මරණය නො දන්නෙහි ද? තමහට හිත වූ ද, අහිත වූ ද, අපායට යන්නා වූ කර්‍මය හා ස්වර්‍ගයට යන්නා වූ කර්‍මය ද නො දන්නෙහි ය. මිනීමස් රසයෙහි ගිජු වූයෙහි ද දුශ්චරිතයෙහි පිහිටියෙහි ද එබඳු නුඹ කිනම් වරයක් දෙන්නෙහි ද?

4276. අහඤ‍්ච තං දෙහි වරන‍්ති වජ‍්ජං ත්‍වඤ‍්චාපි දත්‍වාන අවාකරෙය්‍ය, සන්‍දිට‍්ඨිකං කලහමිමං විවාදං කො පණ‍්ඩිතො ජානමුපබ‍්බජෙය්‍ය.

4276. මම ද තොපට වරයක් දෙව යි කියන්නෙමි. නුඹ ද වරයක් මට දී එය දෙව යි කීකල නො දෙන්නෙහි ය. විරුද්ධ වාද ඇති මේ කලහය තමන් විසින් ම දැක්ක හැකි ආදීනව ඇත්තෙක. එය දැන දැන කිනම් පණ්ඩිතයෙක් එයට පැමිණෙන්නේ ද? නො පැමිණෙන්නේ ම ය.

4277. න තං වරං අරහති ජන‍්තු දාතුං යං වාපි දත්‍වාන අවාකරෙය්‍ය, වරස‍්සු සම‍්ම අවිකම‍්පමානො පාණං චජිත්‍වානපි දස‍්සමෙව.

4277. යම් හෙයකින් වරයක් දී පසුව එය නො දෙන්නේ නම් ඒ සත්‍ව තෙම එම වරය දීමට නුසුදුසු ය. මිත්‍රය නො පසුබට ව වරය ගනු මැනවි. ප්‍රාණය අත්හැර වුව එය දෙන්නෙමි යි පෝරිසාදයා කීවේ ය.

4278. අරියස‍්ස අරියෙ සමෙති සක‍්ඛි පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාණවතා සමෙති, පස‍්සෙය්‍ය තං වස‍්සසතං අරොගං එතං වරානං පඨමං වරාමි.

4278. හැසිරීමෙන් ආර්‍ය්‍ය වූවකුහට එබඳු ම ආර්‍ය්‍යයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්තයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. නුඹ සියක් වස් ජීවත් වන්නකු ලෙස දක්නට කැමැත්තෙමි, යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස ඉල්ලමි යි සුතසෝම රජ කීවේ ය.

4279. අරියස‍්ස අරියෙ සමෙති සක‍්ඛි පඤ‍්ඤස‍්ස පඤ‍්ඤාණවතා සමෙති, පස‍්සපි මං වස‍්සසතං අරොගං එතං වරානං පඨමං දදාමි.

4279. හැසිරීමෙන් ආර්‍ය්‍ය වූවකුහට එබඳු ම ආර්‍ය්‍යයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු වේ. ප්‍රඥාවන්තයකුට එබඳු ම ප්‍රඥාවන්නතයකු හා මිත්‍ර ධර්‍මය සුදුසු ය. මා සියවස් ජීවත්වන්නකු ලෙස දක්නට කැමැත්තෙහි යන වරය වර අතුරින් ප්‍රථම වරය ලෙස දෙමි යි පෝරිසාදයා කීවේ ය.

4280. යෙ ඛත‍්තියාසෙ ඉධ භූමිපාලා මුද‍්ධාභිසිත‍්තා කතනාමධෙය්‍යා, න තාදිසෙ භූමිපතී අදෙසි එතං වරානං දුතියං වරාමි.

4280. මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමි පාලනය කරන්නා වූ යම් ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.

4281. යෙ ඛත‍්තියාසෙ ඉධ භූමිපාලා මුද‍්ධාභිසිත‍්තා කතනාමධෙය්‍යා, න තාදිසෙ භූමිපතී අදෙමි එතං වරානං දුතියං දදාමි.

4281. මේ ලෝකයෙහි මුදුනෙහි අභිෂේක කරන ලද්දා වූ භූමිය පාලනය කරන්නා වූ යම් ඒ ක්‍ෂත්‍රියයෝ වෙද්ද, එබඳු රජුන් අනුභව නො කරමි යන වරය වර අතුරින් දෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.

4282. පරොසතං ඛත‍්තියා තෙ ගහීතා තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා, සකෙ තෙ රට‍්ඨෙ පටිපාදයාහි එතං වරානං තතියං වරාමි.

4282. නුඹ විසින් අත්තලවලින් අවුණනලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇති, හඬන්නා වූ සියයකට අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවලට යවව. වර අතුරින් මෙය තෙවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ තෙමේ කීවේ ය.

4283. පරොසතං ඛත‍්තියා තෙ ගහීතා තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා, සකෙන රට‍්ඨෙන පටිපාදයාමි තෙ එතං වරානං තතියං දදාමි.

4283. මා විසින් අත්තලවලින් අවුණන ලද්දා වූ කඳුළු පිරුණු මුහුණු ඇත්තා වූ හඬන්නා වූ සියයකට වඩා අධික ක්‍ෂත්‍රියයෝ ගන්නා ලද්දාහ. ඔවුන් සිය රටවල් සමග සම්බන්‍ධ කරමි යි යන මෙය වර අතුරින් තෙවැනි වරය වශයෙන් දෙමි යි පෝරිසාදයා කීවේ ය.

4284. ඡිද‍්දන‍්තෙ රට‍්ඨං බ්‍යාධිතං භයාහි පුථූ නරා ලෙණමනුප‍්පවිට‍්ඨා, මනුස‍්සමංසං විරමෙහි රාජ. එතං වරානං චතුත්‍ථං වරාමි.

4284. එම්බා පෝරිසාද රජතුමනි, නුඹ විසින් රට සිදුරු කරන ලද. මිනිස්සු ආරක්‍ෂා ස්ථානවලට පිවිසියාහු ය. රජතුමනි, මිනීමසින් වෙන්වනු මැනවි. වර අතුරින් මෙය සිවුවැනි වරය වශයෙන් ඉල්ලමි යි සුතසෝම රජ කීයේ ය.

4285. අද‍්ධා හි සො භක‍්ඛො මමං මනාපො එතස‍්ස හෙතුම‍්හි වනං පවිට‍්ඨො, සොහං කථං එත‍්තො උපාරමෙය්‍යං අඤ‍්ඤං වරානං චතුත්‍ථං වරස‍්සු.

4285. යහළු සුතසෝම රජතුමනි, ඒ ආහාරය මට ඒකාන්තයෙන් ම මන වඩනේ ය. මෙය හේතු කොටගෙන ම මම වනයට පිවිසියෙමි. ඒ මම කෙසේ නම් මෙයින් වැළකෙම් ද? වර අතුරින් සතරවැන්න කොට අනිත් වරයක් ඉල්ලව යි පෝරිසාදයා කීවේ ය.

4286. න චෙ පියං මෙති ජනින්‍ද තාදිසො අත‍්තං නිරංකත්‍වා පියානි සෙවති, අත‍්තාව සෙය්‍යො පරමාව සෙය්‍යො ලබ‍්භා පියා ඔචිතත්‍ථෙන පච‍්ඡා.

4286. මහරජ, තා වැන්නෙක් තමා ගැන නො සලකා ඒකාන්තයෙන් ම මෙය මට ප්‍රිය යයි ප්‍රිය වස්තූන් සේවනය නො කෙරෙයි. මිනිසාට වනාහි අන්‍ය වූ ප්‍රිය වස්තූන්ට වඩා ආත්මය ම උතුම් වන්නේ ය. දියුණු කරනලද යහපත ඇත්තහු විසින් පසුව ද ප්‍රිය වස්තු ලැබගත හැකි යයි සුතසෝම රජ කීයේ ය.

4287. පියං මෙ මානුසං මංසං සුතසොම විජානහි, නම‍්හි සක‍්කො නිවාරෙතුං අඤ‍්ඤං තුවං සම‍්ම වරං වරස‍්සු.

4287. සුතසෝම රජතුමනි, මට මිනීමස් ප්‍රිය ය. ඒ බව දැන ගනුව. එයින් වළකින්නට නො හැක්කෙම් වෙමි. මිත්‍රය අනික් වරයක් ඉල්ලනු මැනැවැ යි පෝරිසාදයා කීවේ ය.

4288. යො වෙ පියං මෙති පියානුකඞ‍්ඛි අත‍්තං නිරං කත්‍වා පියානි සෙවති සොණ‍්ඩාව පීත්‍වාන විසස‍්ස ථාලං තෙනෙව සො හොති දුඛී පරත්‍ථ.

4288. යමෙක් වනාහි මෙය මට ප්‍රිය යයි ප්‍රිය දැය ම කැමති වන ස්වභාව ඇත්තේ තමා ගැන ප්‍රිය නො කොට ප්‍රිය වස්තූන් සේවනය කෙරේ ද, හෙතෙමේ විෂමිශ්‍ර සුරා බඳුනක් පානය කොට විපතට පත් වන්නා වූ රා සොඬකු සේ එයින් ම පරලොව්හි දුකට පත්වන්නේ ය යි සුතසෝම රජ තෙමේ කීවේ ය.

4289. යො චීධ සඞ‍්ඛාය පියානි හිත්‍වා කිච‍්ඡෙනපි සෙවති අරියධම‍්මං, දුක‍්ඛිතොව පීත්‍වාන යථොසධානි තෙනෙව සො හොති සුඛී පරත්‍ථ.

4289. පෝරිසාද රජතුමනි, මේ ලෝකයෙහි යමෙක් වනාහි නුවණින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තූන් හැරදමා දුකසේ වුව ද ආර්‍ය්‍ය ධර්‍මය සේවනය කෙරේ නම් හෙතෙමේ අපහසුවෙන් බෙහෙත් පානය කොට සුවපත් වන්නකු මෙන් එයින් ම පරලොව සුව ඇත්තෙක් වන්නේ යයි සුතසෝම රජ කීය.

4290. ඔහායහං පිතරං මාතරඤ‍්ච මනාපිකෙ කාමගුණෙ ච පඤ‍්ච, එතස‍්ස හෙතුම‍්භි වනං පවිට‍්ඨො තන‍්තෙ වරං කින‍්ති මහං දදාමි.

4290. යහළු සුතසෝම රජතුමනි, මම වනාහි මාපියන් ද මනවඩන පංචකාම වස්තූන් ද හැරදමා මේ හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඒ වරය මම නුඹට කුමක් කොට දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.

4291. න පණ‍්ඩිතා ද‍්විගුණං අහු වාක්‍යං සච‍්චප‍්පටිඤ‍්ඤාව භවන‍්ති සන‍්තො, වරස‍්සු සම‍්ම ඉති මං අවොච ඉච‍්චබ්‍රවී ත්‍වං න හි තෙ සමෙති.

4291. යහළු පෝරිසාදය, පණ්ඩිතයෝ එකක් කියා එය වළහමින් නැවත දෙවැන්නක් නො කියත්. ඒ සත්පුරුෂයෝ සත්‍ය ප්‍රතිඥා ඇත්තෝ වෙත් මැ යි. යහළුව කැමති වරයක් ඉල්වවයි, නුඹ මට කී වෙහි ය. ඒ හා මෙය සමතත්‍වයට නො යේ යයි සුතසෝම රජ කීය.

4292. අපුඤ‍්ඤලාභං අයසං අකිත‍්තිං පාපං බහුං දුච‍්චරිතං කිලෙසං, මනුස‍්සමංසස‍්ස කතෙ උපාගා තන‍්තෙ වරං කින‍්තිමහං දදෙය්‍යං.

4292. යහළු සුතසෝම රජුනි, මනුෂ්‍යමාංශය හේතු කොටගෙන අපුණ්‍යලාභයට ද පරිවාරාදි සම්පත්වලින් දුරු වීමට ද අපකීර්තියට ද බොහෝ පව්කම්වලට ද දුශ්චරිතයට ද දුකට ද පැමිණියෙමි. ඒ වරය කෙසේ නම් ඔබට මම දෙන්නෙම් දැ යි පෝරිසාදයා ඇසී ය.

4293. න තං වරං අරහති ජන‍්තු දාතුං යං වාපි දත්‍වාන අවාකරෙය්‍ය, වරස‍්සු සම‍්ම අවිකම‍්පමානො පාණං චජිත්‍වානපි දස‍්සමෙව.

4293. යහළු පෝරිසාදය, සත්‍ව තෙමේ යම් වරයක් දී නැවත ගන්නේ නම් එබඳු වරය දෙන්නට නො වටී. ප්‍රාණය අත්හැර වුව දෙන්නෙම් මැ ය. නො පසුබට ව වර ගනීවා යි කීයෙහි ය.

4294. පාණං චජන‍්ති සන‍්තො නාපි ධම‍්මං. සච‍්චප‍්පටිඤ‍්ඤා ච භවන‍්ති සන‍්තො, දත්‍වා වරං ඛිප‍්පමවාකරොහි එතෙන සම‍්පජ‍්ජ සුරාජසෙට‍්ඨ.

4294. සත්පුරුෂයෝ ප්‍රාණය හැරදමති. ධර්‍මය නො හැරදමති. සත්පුරුෂයෝ සත්‍යප්‍රතිඥා ඇත්තෝ වෙති. උතුම් රාජශ්‍රේෂ්ඨය, මට වරය දී නැවත වහා නො ගනුව. මේ සත්‍යකාරණයෙන් යුක්ත වනු මැනවි.

4295. ධනං චජෙ යො පන අඞ‍්ගහෙතු අඞ‍්ගං චජෙ ජීවිතං රක‍්ඛමානො, අඞ‍්ගං ධනං ජීවිතං චාපි සබ‍්බං චජෙ නරො ධම‍්මමනුස‍්සරන‍්තො.

4295. යහළු පෝරිසාදය, යම් නුවණැත්තෙක් ශරීරාංගයන් හේතු කොටගෙන ධනය හැරදමන්නේ ද, දිවි රක්නේ ශරීරාවයව හැරදමන්නේ ද, සත්පුරුෂ ධර්‍මය සිහි කරන තැනැත්තේ ශරීරාවයව ද ධනය ද ජීවිතය ද යන සියල්ල හැරදමන්නේ ය.

4296. යස‍්සා හි ධම‍්මං පුරිසො විජඤ‍්ඤා යෙ චස‍්ස කඞ‍්ඛං විනයන‍්ති සන‍්තො, තං හිස‍්ස දීපඤ‍්ච පරායණඤ‍්ච න තෙන මිත‍්තිං ජරයෙථ පඤ‍්ඤො.

4296. යහළු පෝරිසාදය, යම් මනුෂ්‍යයෙක් යම් කෙනකුන්ගෙන් කුශලාකුශල ධර්‍මය දැනගන්නේ ද, යම් සත්පුරුෂ කෙනෙක් ඒ පුද්ගලයාගේ සැක දුරු කෙරෙද්ද, හේ ඔහුට පිහිට ද ආරක්‍ෂාව ද වෙයි. නුවණැත්තේ ඒ ඇදුරු පුද්ගලයා සමග මිත්‍රකම නො නසන්නේ ය යි සුතසෝම රජ කීයේ ය.

4297. අද‍්ධා හි සො භක‍්ඛො මමං මනාපො එතස‍්ස හෙතුම‍්භි වනං පවිට‍්ඨො, සචෙව මං යාචසි එතමත්‍ථං එතම‍්පි තෙ සම‍්ම වරං දදාමි.

4297. ඒකාන්තයෙන් ම ඒ මිනීමස් කෑම මට මනාපය. එය හේතු කොටගෙන ම වනයට පිවිසියෙමි. ඉදින් මේ පිණිස මගෙන් ඉල්ලන්නෙහි නම් නුඹට එම වරය ද දෙමි යි පෝරිසාදයා කීවේ ය.

4298. සත්‍ථා ච මෙ හොසි සඛා ච මෙසි වචනම‍්පි තෙ සම‍්ම අහං අකාසිං, තුවම‍්පි මෙ සම‍්ම කරොහි වාක්‍යං උභොපි ගන‍්ත්‍වාන පමොචයාම.

4298. යහළු සුතසෝම රජුනි, නුඹ මගේ අනුශාසකයා වෙහි. මාගේ යහළුවා ද වන්නෙහි. යහළුව, නුඹගේ වචනය ද මම කෙළෙමි. යහළුව, නුඹ ද මගේ කීම කරවු. අපි දෙදෙනා ම ගොස් ඒ රජ දරුවන් මුදන්නෙමු යි පෝරිසාදය කීවේ ය.

4299. සත්‍ථා ච තෙ හොමි සඛා ච ත්‍යම‍්හි වචනම‍්පි මෙ සම‍්ම අහං අකාසි, අහම‍්පි තෙ සම‍්ම කරොමි වාක්‍යං උභොපි ගන‍්ත්‍වාන පමොචයාම.

4299. පින්වත් රජතුමනි, මම නුඹගේ අනුශාසකයා වෙමි. යහළුවා ද වෙමි. යහළුව, නුඹ මගේ වචනය කෙළෙහි. යහළුව, මම ද නුඹගේ වචනය කරමි. අපි දෙදෙනා ම ගොස් ඒ රජදරුවන් මුදන්නෙමු යි සුතසෝම රජ කීවේ ය.

4300. කම‍්මාසපාදෙන විහෙඨිතත්‍ථ තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා, න ජාතු දුබ‍්භෙථ ඉමස‍්ස රඤ‍්ඤො සච‍්චප‍්පටිඤ‍්ඤං මෙ පටිස‍්සුණාථ.

4300. පින්වත් රජුනි, තෙපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දහු ය. අතුල්තලවලින් අවුණන ලද්දහු කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වූවහු ය. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරවු. මේ සත්‍ය ප්‍රතිඥාව මට දෙව යි සුතසෝම රජ ඒ රජවරුන්ට කීවේ ය.

4301. කම‍්මාසපාදෙන විහෙඨිතම‍්භා තලාවුතා අස‍්සුමුඛා රුදන‍්තා, න ජාතු දුබ‍්භෙම ඉමස‍්ස රඤ‍්ඤො සච‍්චප‍්පටිඤ‍්ඤන‍්තෙ පටිස‍්සුණාම.

4301. අපි පෝරිසාදයා විසින් වෙහෙසන ලද්දෝ වෙමු. අතුල්තලවලින් අවුණන ලද්දෝ කඳුළු පිරුණු මුහුණු ඇති ව හඬන්නෝ වෙමු. කිසි කලෙකත් මේ රජුට ද්‍රෝහ නො කරන්නෙමු. ඔබට සත්‍ය ප්‍රතිඥාව දෙමු යි රජවරු කීහ.

4302. යථා පිතා වා අථවාපි මාතා අනුකම‍්පකා අත්‍ථකාමා පජානං, එවමෙව වො හොතු අයඤ‍්ච රාජා තුම‍්හෙ ච වො හොථ යථෙව පුත‍්තා.

4302. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද තොපට එසේම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද තෙපි ද එසේම වව යි සුතසෝම රජ කීවේ ය.

4303. යථා පිතා වා අථවාපි මාතා අනුකම‍්පකා අත්‍ථකාමා පජානං, එවමෙව නො හොතු අයඤ‍්ච රාජා මයම‍්පි හෙස‍්සාම යථෙව පුත‍්තා.

4303. යම්සේ මාපියෝ ප්‍රජාවගේ දියුණුව කැමැත්තෝ අනුකම්පකයෝ වෙද්ද, මේ රජ තෙමේ ද අපට එසේ ම වේවා. පුත්‍රයෝ යම්සේ වෙද්ද, අපි ද එසේ වෙමු යි රජවරු කීහ.

4304. චතුප‍්පදං සකුණඤ‍්චාපි මංසං සූදෙහි රන්‍ධං සුකතං සුනිට‍්ඨිතං, සුධංව ඉන්‍දො පරිභුඤ‍්ජියාන හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

4304. යහළු පෝරිසාදය, අරක්කැමියන් විසින් මනාව පිසන ලද හොඳින් පිළියෙළ කරනලද, මනාව නිමවනලද සිවුපා සතුන් පිළිබඳ වූ ද පක්‍ෂීන් පිළිබඳ වූ ද මස් සහිත බොජුන් ශක්‍රයා සුධා භෝජනය වළඳන්නාක් මෙන් වළඳා, දැන් එය අත්හැර වනයෙහි හුදෙකලා වැ කෙසේ නම් වසන්නෙහි ද?

4305. තා ඛත‍්තියා චෙලලිවිලාකමජ‍්ඣා අලඞ‍්කතා සම‍්පරිවාරයිත්‍වා, ඉන්‍දංව දෙවෙසු පමොදයිංසු හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ

4305. රන්වන් රසින් බබළන්නා වූ සිහින් මධ්‍ය ප්‍රදේශ ඇති අලංකෘත වූ ඒ රාජස්ත්‍රීහු හාත්පස පිරිවරාගෙන දෙවියන් කෙරෙහි ශක්‍රයා මෙන් ඔබ තුටුකළා හුය. දැන් ඔවුන් හැර කෙසේ නම් හුදෙකලා ව මේ වනයෙහි සිත් අලවන්නෙහි ද?

4306. තම‍්බූපධානෙ බහුගොණකම‍්භි සුචිම‍්භි සබ‍්බස‍්සයනම‍්භි සඤ‍්ඤතෙ, සයනස‍්ස මජ‍්ඣම‍්භී සුඛං සයිත්‍වා හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

4306. රතු කොට්ට ඇති බොහෝ එළුලොම් ඇතිරි සහිත හැම ඇතිරියෙන් අතුරනලද, හොඳින් පිළියෙළ කරනලද, සයන මධ්‍යයෙහි සුවසේ සයනය කොට දැන් එය හැර හුදෙකලා ව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?

4307. පාණිස‍්සරං කුම‍්භථූනං නිසීථෙ අථොපි වෙ නිප‍්පුරිසම‍්පි තුරියං, බහුං සුගීතඤ‍්ච සුවාදිතඤ‍්ච හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

4307. රාත්‍රියෙහි අත්තල ගැසීම ය කළපිඹීම ය එසේ ම පුරුෂයන්ගෙන් අමිශ්‍රිත ව පවත්වනු ලබන තූර්‍ය්‍යය ද මනාකොට ගයන ලද බොහෝ යහපත් ගී ද මනාකොට වයනලද බොහෝ යහපත් වැයුම් ද අත්හැරදමා හුදෙකලාව කෙසේ නම් වනයෙහි සිත් අලවා වෙසෙන්නෙහි ද?

4308. උය්‍යානසම‍්පන‍්නං පහූතමාල්‍යං මිගාවිරූපෙන පුරං සුරම‍්මං, හයෙහි නාගෙහි රථෙහුපෙතං හිත්‍වා කථෙකො රමසී අරඤ‍්ඤෙ.

4308. බොහෝ මල් ඇති උද්‍යානාඞ්ගයන්ගෙන් පිරිපුන් මිගාචර නම් උයනින් යුක්ත වූ ද අසුන්ගෙන් හා ඇතුන්ගෙන් හා රිය වලින් ද යුත් ඉතා සිත්කලු නගරය අත්හැරදමා හුදෙකලාව මේ වනයෙහි සිත් අලවා කෙසේ නම් වෙසෙන්නෙහි දැ යි සුතසෝම රජ විචාළේ ය.

4309. කාළපක‍්ඛෙ යථා චන්‍දො හායතෙව සුවෙ සුවෙ, කාළපක‍්ඛූපමො රාජ අසතං හොති සමාගමො.

4309. යම්සේ නම් කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍ර තෙම දවසින් දවස පිරිහේ ද, මහරජ, අසත්පුරුෂයන්ගේ සමාගමය කෘෂ්ණපක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.

4310. යථා රසකමාගම‍්ම සූදකං පුරිසාධමං, අකාසිං පාපකං කම‍්මං යෙන ගච‍්ඡාමි දුග‍්ගතිං.

4310. අධම පුරුෂ වූ රසක නම් අරක්කැමියාගේ ඇසුරට පැමිණ යම් පාපකර්‍මයක් කරණ කොටගෙන යම්සේ දුගතියට යෙම් ද එබඳු පාප කර්‍මයක් කෙළෙම් එහෙයිනි.

4311. සුක‍්කපක‍්ඛෙ යථා චන්‍දො වඩ‍්ඪතෙව සුවෙ සුවෙ, සුක‍්කපක‍්ඛූපමො රාජ සතං හොති සමාගමො.

4311. යම්සේ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍ර තෙම දවසින් දවස වැඩේ ද, රජතුමනි, සත්පුරුෂයන්ගේ සමාගමය ශුක්ලපක්‍ෂයට උපමා කොට ඇත්තේ ය.

4312. යථාහං තව මාගම‍්ම සුතසොම විජානහි, කාහාමි කුසලං කම‍්මං යෙන ගච‍්ඡාමි සුග‍්ගතිං.

4312. සුතසෝමය, මම කුශලකර්‍මයක් කරණ කොටගෙන යම්සේ සුගතියට යෙම් ද, මම නුඹ වෙතට පැමිණ කුසල් කෙරෙම් ද එහෙයිනි.

4313. ථලෙ යථා වාරි ජනින්‍ද වට‍්ටං අනද‍්ධනෙය්‍යං අචිරට‍්ඨිතිකං, එවම‍්පි චෙ හොති අසතං සමාගමො අනද‍්ධනෙය්‍යො උදකං ථලෙව.

4313. ජනාධිපතිය, යම්සේ ගොඩබිමැ වර්‍ෂා කළ ජලය අද්ධානක්‍ෂම නො වන්නේ වැඩිකල් නො පවත්නේ ද, අසත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිද්දෙන් ම වන්නේ ය. ගොඩබිමැ දියමෙන් අද්ධානක්‍ෂම නො වේ.

4314. සරෙ යථා වාරි ජිනින්‍ද වට‍්ටං චිරට‍්ඨිතිකං නරවිරියසෙට‍්ඨ, එවම‍්පි වෙ හොති සතං සමාගමො චිරට‍්ඨිතීකො උදකං සරෙව.

4314. ජනාධිපතිය, යම්සේ නම් සමුද්‍රයෙහි වසිනලද ජලය බොහෝකල් පවත්නේ වේ ද, වීර්‍ය්‍යයෙන් අගතැන්පත් නරශ්‍රේෂ්ඨය, සත්පුරුෂයන්ගේ සමාගමය ද එපරිදි වේ. සමුද්‍රයෙහි වසිනලද ජලය මෙන් බොහෝ කල් පවත්නේ වෙයි.

4315. අව්‍යායිකො හොති සතං සමාගමො යාවම‍්පි තිට‍්ඨෙය්‍ය තථෙව හොති, ඛිප‍්පං හි වෙති අසතං සමාගමො තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා.

4315. සත්පුරුෂයන්ගේ සමාගමය වෙන් ව නො යන්නේ වේ. යම්තාක් කල් ජීවත් වේ නම් ඒතාක් කල් පවත්නේ ය. අසත්පුරුෂයන්ගේ සමාගමය වහා විනාශයට යේ. එබැවින් සත්පුරුෂයන්ගේ ධර්‍මය තෙම අසත්පුරුෂයන්ගෙන් දුරු වෙයි.

4316. න සො රාජා යො අජෙය්‍යං ජිනාති න සො සඛා යො සඛාරං ජිනාති, න සා භරියා යා පතිතො විභෙති න තෙ පුත‍්තා යෙ න භරන‍්ති ජිණ‍්ණං.

4316. යම් රජෙක් නො දිනිය යුතු මා පියන් දිනා ද, හෙතෙමේ රජෙක් නො වේ. යමෙක් යහළුවා දිනා ද, හෙතෙමේ යහළුවෙක් නො වේ. යම් ස්ත්‍රියක් ස්වාමිපුරුෂයාට බිය නැත්තී ද, ඕ තොමෝ භාර්‍ය්‍යාවක් නො වන්නී ය. යම් දරු කෙනෙක් ජරා ජීර්‍ණ වූ මා පියන් පෝෂණය නො කෙරෙද්ද, ඔවුහු පුත්‍රයෝ නො වෙත්.

4317. න සා සභා යත්‍ථ න සන‍්ති සන‍්තො සන‍්තො න තෙ යෙ න භනන‍්ති ධම‍්මං, රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං ධම‍්මං භණන‍්තොව භනන‍්ති සන‍්තො.

4317. යම් සභාවෙක්හි පණ්ඩිතයෝ නො වෙද්ද, ඕ සභාවක් නො වන්නී ය. යමෙක් ස්වභාවධර්‍මය නො බෙණෙත් ද, ඔවුහු පණ්ඩිතයෝ නො වෙති. රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හිතානුකම්පී ව ධර්‍මය කියන්නාහු නම් පණ්ඩිතයෝ නම් වෙත්.

4318. න භාසමානං ජානන‍්ති මිස‍්සං බාලෙහි පණ‍්ඩිතං, භාසමානඤ‍්ච ජානන‍්ති දෙසෙන‍්තං අමතං පදං,

4318. බාලයන් හා මිශ්‍ර ව වෙසෙන කථා නො කරන්නහු පණ්ඩිතයා යයි නො දනිත්. අමෘතපදය දෙසන්නා වූ කථා කරන්නහු ම පණ්ඩිතයෝ යයි දනිත්.

4319. භාසයෙ ජොතයෙ ධම‍්මං පග‍්ගණ‍්හෙ ඉසිනං ධජං, සුභාසිතද‍්ධජා ඉසයො ධම‍්මො හි ඉසිනං ධජොති.

4319. පණ්ඩිත පුරුෂ තෙම ධර්‍මය කියන්නේ ය. ධර්‍මය බබුළුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජය දැඩි කොට ගන්නේ ය. ඍෂිවරු සුභාෂිතය ධජ කොට ඇත්තෝ ය. ධර්‍මය වනාහි ඍෂිවරුන්ගේ ධ්වජය වේ මැ යි.

මහාසුතසොමජාතකං.

මහාසුතසෝම ජාතක යි.

අසීතිනිපාතො නිට‍්ඨිතො.

අසීති නිපාතය නිමියේ යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සුමුඛො පන හංසවරො ච මහා සුධාභොජනිකො ච පරො පවරො, සකුණාලදිජාධිපතිව‍්හයනො සුතසොම වරුත‍්තම සව‍්හයනො’ති.

උතුම් වූ සුමුඛ හංසයා ඇති චුල්ලහංස ජාතකය ද, යළි මහාහංස ජාතකය ද, අන්‍ය ප්‍රවරවූ සුධාභෝජන ජාතකය ද, ඒ කුණාල නම් පක්‍ෂි රාජයා ඇති කුණාල ජාතකය ද, උතුම් වූ මහා සුතසෝම ජාතකය ද, වේ ය යි.