1. මූගපක‍්ඛජාතකං
1. මූගපක‍්ඛජාතකං
1. මූගපක්ඛ ජාතකය
4320. මා පණ‍්ඩිතියං විභාවය බාලමතො භව සබ‍්බපාණිනං, සබ‍්බො ජනො තං ඔචිනායතු එවං තව අත්‍ථො භවිස‍්සති.
4320. පුත, තේමිය කුමාරය, නුවණැති බව පහළ නො කළ මැනැවැ. හැම සතුනට අඥානයෙකැ යි සම්මතවනු මැනැවැ. සියලු මහජන තෙමේ තොප කාලකණ්ණියෙකැ යි අවඥා කෙරේවා. මෙසේ ඇති කල තොපගේ අභිමතාර්‍ත්‍ථය සිදුවන්නේ යැ යි සේසතට අරක්ගත් දෙව්දූ කීවා ය.
4321. කරොමි තෙ තං වචනං යං මං භණසි දෙවතෙ, අත්‍ථකාමාසි මෙ අම‍්ම හිතකාමාසි දෙවතෙ.
4321. එම්බා දේවතාවනි, මට යමක් කියහි ද ඔබගේ ඒ වචනය කෙරෙමි. මෑණියෙනි, ඔබ මට වැඩ කැමැත්තාහු ය. දේවතාවනි, ඔබ මට හිත කැමැත්තාහු යි කුමාර තෙමේ කී ය.
4322. කින‍්නුසන‍්තරමානොව කාසුං ඛණසි සාරථි, පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි කිං කාසුයා කරිස‍්සසි.
4322. එම්බා සාරථීය, යුහුසුලු වැ කුමකට වළක් හාරන්නෙහි ද? යහළුව, පුළුවුස්නාලද්දෙහි මෙ කරුණ මට කියව. මේ වළින් කවර නම් වැඩක් කරන්නෙහි දැ යි කුමරු විචාළේ.
4323. රඤ‍්ඤො මූගො ච පක‍්ඛො ච පුත‍්තො ජාතො අචෙතසො, සොම‍්හි රඤ‍්ඤා සමජ‍්ඣිට‍්ඨො පුත‍්තං මෙ නිඛණං වනෙ.
4323. අපගේ රජුට ගොළු වූ පිළු වූ සිතිවිලි නැති පුතෙක් උපන. ඒ මම රජු විසින් ‘මාගේ පුතු වනයෙහි වළලව’ යි අණ ලද්දෙමි කී.
4324. න බධිරො න මූගොස‍්මි න පක‍්ඛො නපි පඞ‍්ගුලො, අධම‍්මං සාරථි කයිරා මඤ‍්චෙ ත්‍වං නිඛණං වනෙ.
4324. සාරථිය, මම ගොළු නො වෙමි, බිහිරි නො වෙමි, කොර නො වෙමි, පිළු ද නො වෙමි ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
4325. ඌරූ බාහූ ච මෙ පස‍්ස භාසිතඤ‍්ච සුණොහි මෙ, අධම‍්මං සාරථි කයිරා මඤ‍්චෙ ත්‍වං නිඛණං වනෙ.
4325. මාගේ දෑත දෙකලවා බලව. මාගේ වචන ද අසව. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
4326. දෙවතානුසි ගන්‍ධබ‍්බො ආදු සක‍්කො පුරින්‍දදො, කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො කථං ජානෙමු තං මයං.
4326. ඔබ දෙවියෙක් ද? ගන්‍ධර්‍වයෙක් ද? නොහොත් පුරින්‍දද නම් සක්දෙව් රජ ද? ඔබ කවර නම් කෙනෙක් ද? කවර නම් කෙනෙකුන්ගේ පුතෙක් දැ?යි සාරථී ඇසී.
4327. නම‍්හි දෙවො න ගන්‍ධබ‍්බො නපි සක‍්කො පුරින්‍දදො, කාසිරඤ‍්ඤො අහං පුත‍්තො යං කාසුයා නිඝඤ‍්ඤසි.
4327. මම දෙවියෙක් ද නො වෙමි, ගන්‍ධර්‍වයෙක් ද නො වෙමි, පුරින්‍දද නම් සක්දෙව් රජ ද නො වෙමි. තෝ යමකු වළ ලන්නෙහි නම් ඒ කසී රජුගේ පුත් ම වෙමි කී.
4328. තස‍්ස රඤ‍්ඤො අහං පුත‍්තො යං ත්‍වං සමුපජීවසි, අධම‍්මං සාරථි කයිරා මං වෙ ත්‍වං නිඛණං වනෙ.
4328. සාරථීය, තෝ යම් රජකු නිසා ජීවත් වෙහි ද මම ඒ රජුගේ පුතා වෙමි. ඉදින් තෝ මා වනයෙහි වළ ලන්නෙහි නම් අධර්‍මයක් කෙරෙහි.
4329. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදූභො හි පාපකො.
4329. යමෙක් යම් රුක් සෙවණකැ හිඳුනේ හෝ සයනය කරන්නේ හෝ වේ ද ඔහු ඒ රුකෙහි අතු නො බිඳියයුතු ය. කවර හෙයින් ද යත්, මිත්‍රද්‍රෝහි තැනැත්තේ වනාහි පවිටු අසත්පුරුෂයෙකි.
4330. යථා රුක‍්ඛො තථා රාජා යථා සාඛා තථා අහං. යථා ඡායූපගො පොසො එවං ත්‍වමසි සාරථි; අධම‍්මං සාරථි කයිරා මඤ‍්චෙ ත්‍වං නිඛණං වනෙ.
4330. සාරථීය, වෘක්‍ෂය යම්සේ නම් රජ තෙමේ ද එසේ වෙයි. එ රුකෙහි අත්තක් යම්සේ ද මම එසේ වෙමි. රුක් සෙවනට පැමිණි පුරුෂ තෙමේ යම්සේ ද තෝ එසේ වෙහි. සාරථීය, ඉදින් තෝ මා වනයෙහි වළ ලන්නෙහි නම් අධර්‍මයක් කරන්නෙහි යැ යි කී ය.
4331. පහුතභක‍්ඛො භවති විප‍්පවුත්‍ථො සකාඝරා, බහූ නං උපජීවන‍්ති යො මිත‍්තානං න දූභති
4331. යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද හේ සිය නිවෙසින් නික්මැ බැහැර ගියේ බොහෝ ආහාර පාන ලබන්නෙක් වේ. ඔහු අනුව ජීවත් වන්නෝ ද බොහෝ වෙති.
4332. යං යං ජනපදං යාති නිගමෙ රාජධානියො, සබ‍්බත්‍ථ පූජිතො හොති යො මිත‍්තානං න දූභති.
4332. යමෙක් මිත්‍රද්‍රෝහි නො කෙරේ ද හේ යම් යම් ජනපදයකට නියම්ගමකට රාජධානියකට හෝ යේ ද සියලු තන්හි දී මැ පුදන ලද්දෙක් වේ.
4333. නාස‍්ස චොරා පසහන‍්ති නාතිමඤ‍්ඤෙති ඛත‍්තියො, සබ‍්බෙ අමිත‍්තෙ තරති යො මිත‍්තානං න දූභති.
4333. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද සොරකම් කිරීම වශයෙන් ඔහුට සොරු බලහත්කාරකම් නො කරති. රජ තෙමේ ඔහු ඉක්මවා නො සිතයි. හේ සියලු සතුරන් ජයගැනීමෙන් මැඩ පවත්වයි.
4334. අක‍්කුද‍්ධො සඝරං එති සභාය පටිනන්‍දිතො, ඤාතීනං උත‍්තමො හොති යො මිත‍්තානං න දූභති.
4334. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද බැහැර ගිය හේ නො කිපියේ සිය නිවෙසට පැමිණෙයි. සභාවෙහි සතුටු වූයේ නෑයනට උතුමෙක් ද වෙයි.
4335. සක‍්කත්‍වා සක‍්කතො හොති ගරු හොති සගාරවො, වණ‍්ණකිත‍්තිභතො හොති යො මිත‍්තානං න දූභති.
4335. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද අනුනට සත්කාර කිරීමෙන් හේ ද සත්කාර ලද්දෙක් වෙයි. අනුනට ගරු ඇත්තේ තෙමේ ද ගරු කළ යුත්තෙක් වෙයි. උසස් කොට වර්‍ණනා කරනලද ගුණැත්තේ පතළ කීර්තියෙන් ද යුත් වේ.
4336. පූජකො ලභතෙ පූජං වන්‍දකො පටිවන්‍දනං, යසො කිත‍්තිඤ‍්ච පප‍්පොති යො මිත‍්තානං න දූභති.
4336. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද මිතුරන් පුදන හෙ පුද ලබන්නෙක් ද වෙයි. වැඳියයුත්තන් වඳින හෙ වැඳුම් ලබන්නෙක් ද වෙයි. කීර්තියෙන් හා පිරිවරින් ද යුතු වේ.
4337. අග‍්ගි යථා පජ‍්ජලති දෙවතාව විරොචති, සිරියා අජහිතො හොති යො මිත‍්තානං න දූභති.
4337. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද හේ ගිනි මෙන් දිලියෙයි. දෙවියකු මෙන් බබළයි. ශ්‍රීයා විසින් නො හරනා ලද්දේ ද වේ.
4338. ගාවො තස‍්ස පජායන‍්ති ඛෙත‍්තෙ වුත‍්තං විරූහති, වුත‍්තානං ඵලමස‍්නාති යො මිත‍්තානං න දූභති.
4338. යමෙක් මිත්‍රද්‍රෝහි නො වේ ද ඔහුට ගෙරි සරක් බොහෝ වෙති. හෙවත් බෙහෙවින් උපදිති. කෙතෙහි වපුළ බිජුවට මනා වැ වැඩේ. ඒ ධාන්‍ය ඵල හෙවත් අස්වැන්න මැනැවින් අනුභව කෙරේ.
4339. දරිතො පබ‍්බතාතො වා රුක‍්ඛාතො පතිතො නරො, චුතො පතිට‍්ඨං ලභති යො මිත‍්තානං න දූභති.
4339. යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේ ද පර්‍වතයෙන් හෝ පර්‍වත විවරයෙන් හෝ රුකින් හෝ වැටුණු ඒ මිනිස් තෙමේ චුත වූයේ ද පිහිට ලබයි.
4340. විරූළ‍්හමූලසන‍්තානං නිග්‍රොධමිව මාලුතො, අමිත‍්තා නප‍්පසහන‍්ති යො මිත‍්තානං න දූභති.
4340. යමෙක් මිත්‍රයනට ද්‍රෝහ නො කෙරේ ද හටගත් මුල් ඇටවුම් ඇති නුගරුක සැඩ සුළඟකින් නො සෙල්විය හැක්කා සේ සතුරෝ ඔහු මැඩ නො පවත්වති. හෙවත් නො සෙල්විය හැක්කාහු වෙති.
4341. එහි තං පටිනෙස‍්සාමි රාජපුත‍්ත සකං ඝරං, රජ‍්ජං කාරෙහි භද‍්දන‍්තෙ කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
4341. රාජපුත්‍රයෙනි, එනු මැනවි, ස්වකීය ගෘහයට නැවත ගෙන යමි. රජය කරවනු මැනැවි. මේ වනයෙහි හුදෙකලා ව කුමක් කරන්නෙහි ද?
4342. අලං මෙ තෙන රජ‍්ජෙන ඤාතකෙහි ධනෙන වා, යං මෙ අධම‍්මචරියාය රජ‍්ජං ලබ‍්භෙථ සාරථි.
4342. සාරථීය, අධර්‍මචර්‍ය්‍යායෙන් මට යම් රාජ්‍යයක් ලැබේ ද ඒ රාජ්‍යයෙන් ද නෑයන්ගෙන් ද ධනයෙන් ද වැඩෙක් නැති.
4343. පුණ‍්ණපත‍්තං පලබ‍්භෙහි රාජපුත‍්ත ඉතො ගතො, පිතා මාතා ච මෙ දජ‍්ජුං රාජපුත‍්ත තයී ගතෙ.
4343. රාජපුත්‍රයෙනි, මේ වනයෙන් බරණැස් නුවරට ගියහු නම් තුටුපඬුරු ලබන්නහු ය. ඔබ සිය නිවෙසට පැමිණි කල මවු පියෝ බොහෝ තුටු පඬුරු මට ද දෙන්නාහ.
4344. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, තෙපි අත‍්තමනා දජ‍්ජුං රාජපුත‍්ත තයී ගතෙ.
4344. රාජපුත්‍රය, ඔබ ගිය කලැ සතුටු සිත් ඇති ඇතුළු නුවර වැසියෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද යන ඔවුහු මට බොහෝ තුටු පඬුරු දෙන්නාහ.
4345. හත්‍ථාරූහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරකා, තෙපි දජ‍්ජුං පතීතා මෙ රාජපුත‍්ත තයී ගතෙ
4345. රාජපුත්‍රය ඔබ ගිය කලැ ඇතරුවෝ ද අසරුවෝ ද රියෙහි නියුත්තෝ ද පාබළ සෙනග ද යන සතුටු සිතැ’ති ඔව්හු මට බොහෝ තුටු පඬුරු දෙන්නාහ.
4346. බහූ ජානපදා චඤ‍්ඤෙ නෙගමා ච සමාගතා, උපායනානි මෙ දජ‍්ජුං රාජපුත‍්ත තයී ගතෙ.
4346. රාජපුත්‍රය, ඔබ නුවරට ගිය කලැ රැස්වූ සෙසු බොහෝ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද මට තුටු පඬුරු දෙන්නාහ.
4347. පිතුමාතු චහං චත‍්තො රට‍්ඨස‍්ස නිගමස‍්ස ච, අථො සක්‍යකුමාරානං නත්‍ථි මය‍්හං සකං ඝරං.
4347. මම මව්පියන් විසින් ද රටවැසියන් විසින් ද නියම් ගම් වැසියන් විසින් ද සියලු කුමරුවන් විසින් ද හැරදමන ලද්දෙක්මි. එ හෙයින් මට සිය නිවෙසක් නැත්තේ ය.
4348. අනුඤ‍්ඤාතො අහං මත්‍යා සඤ‍්චත‍්තො පිතරා අහං, එකො අරඤ‍්ඤෙ පබ‍්බජිතො න කාමෙ අභිපත්‍ථයෙ.
4348. මව විසින් අනුදන්නා ලද මම පියා විසින් හැර දමන ලද්දෙම් වෙමි. රජ සැප නො පතන්නෙමි. එකලා වැ පැවිදි වන්නෙමි.
4349. අපි අතරමානානං ඵලාසාව සමිජ‍්ඣති, විපක‍්කබ්‍රහ‍්මචරියොස‍්මි එවං ජානාහි සාරථි.
4349. සාරථීය, යුහුසුලු නො වන්නවුන්ගේ හිත අදහස් හෙවත් අභිමතාර්‍ත්‍ථය සමෘද්ධ වෙයි. නිෂ්ටාප්‍රාප්ත බඹසර (මනෝරථ) ඇත්තෙමි. මෙසේ අභිමතාර්‍ත්‍ථය සිදුවන අයුරු දැනගනු.
4350. අපි අතරමානානං සම‍්මදත්‍ථා විපච‍්චති. විපක‍්කබ්‍රහ‍්මචරියොස‍්මි නික‍්ඛන‍්තො අකුතොභයො.
4350. යුහුසුලු නො වන්නවුන්ගේ යහපත් වූ අභිමතාර්‍ත්‍ථ මුදුන්පත් වෙයි. මස්තකප්‍රාප්ත අදහස් ඇති කොයිනුත් බිය නැති මම නික්මැ වනයට පැමිණියෙමි.
4351. එවං වග‍්ගුකථො සන‍්තො විස‍්සට‍්ඨච‍්චනො චසි, කස‍්මා පිතුච‍්ච මාතුච‍්ච සන‍්තිකෙ න භණී තදා.
4351. මෙසේ මනහර කථා ඇත්තහු නො පැකිළෙන තෙපුල් ඇත්තහු කවර හෙයින් මව්පියන් හමුයෙහි කථා නො කළහු දැ යි ඇසී.
4352. නාහං අසත්‍ථිතා පක‍්ඛො න බධිරො අසොතතා, නාහං අජිව‍්හතා මූගො මා මං මූගමධාරයි.
4352. මම කලවා නැති බැවින් පිළු වූයෙම් ද නො වෙමි. කන් නැති බැවින් බිහිරි වූයෙම් ද නො වෙමි. දිව නැති බැවින් ගොළු වූයෙම් ද නො වෙමි. මා (පිළු බිහිරි) ගොළුවෙකැ යි නොසලකනු යි පැවැසී.
4353. පුරිමං සරාමහං ජාතිං යත්‍ථ රජ‍්ජමකාරයිං, කාරයිත්‍වා තහිං රජ‍්ජං පාපත්‍ථං නිරයං භුසං.
4353. යම් ජාතියකැ රජය කැරැවීම් ද ඒ පූර්‍ව ජාතිය සිහි කරමි. එහි රජය කරවා දරුණු නරකයට පැමිණියෙමි.
4354. වීසතිඤ‍්චෙව වස‍්සානි තහිං රජ‍්ජමකාරයිං, අසීතිවස‍්සසහස‍්සානි නිරයම‍්හි අපච‍්චිසං.
4354. විසි වසක් මුළුල්ලෙහි එහි රජය කැරැවීමි. පසු වැ අසූදහසක් අවුරුදු නරකයෙහි පැසුණෙමි.
4355. තස‍්ස රජ‍්ජස‍්සහං භීතො මා මං රජ‍්ජාභිසෙචයුං, තස‍්මා පිතුච‍්ච මාතුච‍්ච සන‍්තිකෙ න භණිං තදා.
4355. ඒ රජයට බිය වූ මම මව්පියෝ මා රජයෙහි අභිසේක නො කෙරෙත්වා යි එදා මව්පියන් සමීපයෙහි දී නො බිණිමි.
4356. උච‍්ඡඞ‍්ගෙ මං නිසීදෙත්‍වා පිතා අත්‍ථානුසාසති, එකං හනථ බන්‍ධථ එකං ඛාරාපතච‍්ඡිකං එකං සූලස‍්මිං අප‍්පෙථ ඉච‍්චස‍්සමනුසාසති.
4356. දවසක් පියරජ තෙමේ මා ඇකයෙහි හිඳුවාගෙන අර්‍ත්‍ථයෙන් අනුශාසනා කෙරේ. එකකු මරවු, එකකු දඟගෙහි ලවු, එකකුට ඛාරාපතච්ජික නම් (ශරීරය පළා ලුණු ඇඹුල් ගැල්වීම්) වධ දෙවු, එකකු උලැ තබව යි මෙසේ අනුශාසනා කරයි.
4357. තස‍්සාහං ඵරුසං සුත්‍වා වාචායො සමුදීරිතා, අමූගො මූගවණ‍්ණෙන අපක‍්ඛො පක‍්ඛසම‍්මතො සකෙ මුත‍්තකරීසස‍්මිං අච‍්ඡාහං සම‍්පරිපලුතො.
4357. ඒ මපියරජුගේ ක්‍රෑර බස් අසා බියෙන් වෙවුළු මම නොගොළු වූයෙම් ගොළු වෙසින් නො පිළු වූයෙම් පිළු වෙසින් යුත් වැ සිය මලමූයෙහි ගැලී හුන්මි.
4358. කසිරඤ‍්ච පරිත‍්තඤ‍්ච තඤ‍්ච දුක‍්ඛෙන සංයුතං, කො තං ජීවිතමාගම‍්ම වෙරං කයිරාථ කෙනචි.
4358. සාරථීය, මේ මනුෂ්‍ය ජීවිතය ඉතා දුක් ය, ස්වල්ප ය. එ ද සියලු සසරදුකින් යුතු වූයේ වෙයි. එ බඳු ජීවිත ලැබූ කවර නම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී පස්පව් කරන්නේ ද නො කරන්නේ මැ යි.
4359. පඤ‍්ඤාය ච අලාභෙන ධම‍්මස‍්ස ච අදස‍්සනා, කො තං ජීවිතමාගම‍්ම වෙරං කයිරාථ කෙනචි.
4359. විදර්‍ශනා ප්‍රඥාව නො ලැබීමෙන් ද සෝවාන් මඟ නො දැක්මෙන් ද එබඳු ජීවිතයට පැමිණ කවර නම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී පව් කවර කාරණයෙකින් කරන්නේ ද.
4360. අපි අතරමානානං ඵලාසාව සමිජ‍්ඣති, විපක‍්කබ්‍රහ‍්මචරියොස‍්මි එවං ජානාහි සාරථි.
4360. යුහුසුලු නො වන්නවුන්ගේ අභිමතාර්‍ත්‍ථය සිදු වෙයි. මම මුදුන්පත් අදහස් ඇත්තෙමි. සාරථීය එය මෙසේ දනු.
4361. අපි අතරමානානං සම‍්මදත්‍ථො විපච‍්චති, විපක‍්කබ්‍රහ‍්මමචරියොස‍්මි නික‍්ඛන‍්තො අකුතොභයො.
4361. යුහුසුලු නො වන්නවුන්ගේ අදහස් සඵල වෙයි. එහෙයින් නිෂ්ඨාවට පත් අභිමතාර්‍ත්‍ථ ඇති මම ගිහිගෙන් නික්ම ගියෙම් කවර අයුරකිනුදු බිය නැත්තෙමි යි කී ය.
4362. අහම‍්පි පබ‍්බජිස‍්සාමි රාජපුත‍්ත තවන‍්තිකෙ, අව‍්හයස‍්සු මං භද‍්දනෙත පබ‍්බජ‍්ජා මම රුච‍්චති.
4362. රාජ පුත්‍රය, තොපට වැඩක් වේවා! තොප සමීපයෙහි මම ද පැවිදි වෙමි. මහණ වෙව යි මා කැඳවනු මැනැවැ. පැවිද්ද මට රුචි යැ යි කී ය.
4363. රථං නීය්‍යාදයිත්‍වාන අනණො එහි සාරථි, අනණස‍්ස හි පබ‍්බජ‍්ජා එතං ඉසීහි වණ‍්ණිතං.
4363. සාරථීය, රථය පාවා දී ණය නැත්තෙක් වැ එව. පැවිද්ද වනාහි ණය නැත්තහුට ය. මෙසේ පැවිදිවීම බුඞාදි ඍෂිවරුන් විසින් වර්‍ණනා කරන ලද්දකි.
4364. යදෙව ත්‍යාහං වචනං අකරං භද‍්දමත්‍ථු තෙ, තදෙව මෙ ත්‍වං වචනං යාචිතො කත‍්තුමරහසි.
4364. සාරථීය, තොපට අභිවෘද්ධියක් වේවා ! යම් හෙයෙකින් තොපගේ වචනය මම කෙළෙම් ද එහෙයින් මා විසින් ඉල්ලන වචනය ද කරන්නට තෙපි නිසියව.
4365. ඉධෙව තාව අච‍්ඡස‍්සු යාව රාජානමානයෙ, අප‍්පෙව තෙ පිතා දිස‍්වා පතීතො සුමනො සියා.
4365. යම් පමණ කලෙකින් පිය රජුන් ගෙන එම් ද එතෙක් කල් මෙහි වසනු මැනැවැ. තොපගේ පිය රජ දැක සතුටු සොම්නස් වන්නේ නම් ඉතා මැනැවි.
4366. කරොමි තෙ තං වචනං යං මං භණසි සාරථි, අහම‍්පි දට‍්ඨුකාමොස‍්මි පිතරං මෙ ඉධාගතං.
4366. සාරථීය, යමක් මට කියහි නම් නුඹගේ ඒ වචනය මම කරමි. මෙහි පැමිණි මා පිය රජුන් දක්නට මම ද කැමැත්තෙමි කීහ.
4367. එහි සම‍්ම නිවත‍්තස‍්සු කුසලං වජ‍්ජාසි ඤාතිනං, මාතරං පිතරං මය‍්හං වුත‍්තො වජ‍්ජාසි වන්‍දනං.
4367. සබඳ, බරණැසට ගොස් නැවත මෙහි එව. එ තැන් සිට මා සමීපයෙහි නවතිනු. මා සුව දුක් විචාළ බව නෑයනට කියව. මා කියන ලද වැඳීම මාගේ මව්පියනට කියව යි ද කීහ.
4368. තස‍්ස පාදෙ ගහෙත්‍වාන කත්‍වා ච නං පදක‍්ඛිණං, සාරථි රථමාරුය‍්හ රාජද‍්වාරං උපාගමි.
4368. සුනන්‍ද නම් සාරථී තෙමේ තේමිය කුමරුන්ගේ දෙපා වැඳ පැදකුණු කොට රථයට නැඟ රජ ගෙදරට පැමිණියේ ය.
4369. සුඤ‍්ඤං මාතා රථං දිස‍්වා එකං සාරථිමාගතං, අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි රොදන‍්ති නං උදික‍්ඛති.
4369. (තේමිය කුමරුවන්ගේ චන්‍ද්‍රාදේවී නැමැති) මෑණියෝ හිස් රථය, එකලා වැ පැමිණි රියැදුරු දැක කඳුළු පිරුණු නෙතින් යුතුවැ හඬ හඬා රියැදුරු දෙස බලති.
4370. අයං සො සාරථී එති නිහන‍්ත්‍වාන මමත්‍රජං, නිහතො නූන මෙ පුත‍්තො පථව්‍යා භූමිවද‍්ධනො.
4370. ඒ මේ රියදුරු තෙමේ මාගේ පුතු මරා දමා එයි. භූමි වර්ධනය කරන මාගේ පුත්‍ර තෙමේ පොළොවෙහි වළ දමන ලද්දේ මැ යැ යි සිතමි.
4371. අමිත‍්තා නූන නන්‍දන‍්ති පතීතා නූන වෙරිනො, ආගතං සාරථිං දිස‍්වා නිහන‍්ත්‍වාන මමත්‍රජං.
4371. මාගේ පුතු මරා දමා ආ රියදුරු දැකැ සතුරෝ ඒකාන්තයෙන් සතුටු වෙති. වෛර කරන්නෝ ඒකාන්තයෙන් ප්‍රීත වෙති.
4372. සුඤ‍්ඤං මාතා රථං දිස‍්වා එකං සාරථිමාගතං, අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි රොදන‍්ති පරිපුච‍්ඡති.
4372. හුදෙකලා වැ පැමිණි රියැදුරු හිස් රථය ද දකිමින් හඬන මෑණියෝ කඳුළු පිරුණු නෙතින් යුතු ව, හඬමින් (මෙසේ) විචාරති:
4373. කින‍්නු මූගො කින‍්නු පක‍්ඛො කින‍්නු සො විලපී තදා, නිහඤ‍්ඤමානො භූමියා තං මෙ අක‍්ඛාහි සාරථි.
4373. මාගේ පුත් කිම ගොළුවෙක් ද පිළෙක් ද භූමියෙහි වළලනු ලබන්නේ වැලැපුණේ ද සාරථීය එය මට කියව.
4374. කථං හත්‍ථෙහි පාදෙහි මූගො පක‍්ඛො විවජ‍්ජයි, නිහඤ‍්ඤමානො භූමියා තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
4374. ගොළු පිළු වූ හේ බිමැ වළ දමන ලද්දේ කෙසේ නම් අත් පාවලින් දුරු කෙළේ දැ යි අසනලද මට කියව යි මෑණියෝ කීහ.
4375. අක‍්ඛිස‍්සං තෙ අහං අය්‍යෙ දජ‍්ජාසි අභයං මම, යං මෙ සුතං වා දිට‍්ඨං වා රාජපුත‍්තස‍්ස සන‍්තිකෙ.
4375. ආර්‍ය්‍යාවෙනි, ඔබ මට අභය දෙන්නාහු නම් රාජපුත්‍රයා සමීපයෙහි දී මා ඇසූ දුටු යමක් ඇද්ද එය මම ඔබට කියමි යි කී ය.
4376. අභයං සම‍්ම තෙ දම‍්මි අභීතො භණ සාරථි, යං තෙ සුතං වා දිට‍්ඨං වා රාජපුත‍්තස‍්ස සන‍්තිකෙ.
4376. සබඳ සාරථීය, තට අභය දෙමි. රාජපුත්‍රයාගේ සමීපයෙහි දී ඇසූ දුටු යමක් ඇද්ද එය මට නිර්‍භය වැ කියව යි කීහ.
4377. න සො මූගො න සො පක‍්කො විස‍්සට‍්ඨචචනොව සො රජ‍්ජස‍්ස කිර සො භීතො අකරී ආලයෙ බහු.
4377. ආර්‍ය්‍යාවෙනි, ඒ තේමිය කුමාරයා ගොළුවෙක් හෝ පිළෙක් නො වේ. මනෝඥ වූ කථා ඇත්තෙක් ද වේ. රාජ්‍යාභිෂේකයට බිය වූ හේ ඔබගේ වචන නො කෙළේ ය.
4378. පුරිමං සරති සො ජාතිං යත්‍ථ රජ‍්ජමකාරයි, කාරයිත්‍වා තහිං රජ‍්ජං පාපත්‍ථ නිරයං භුසං.
4378. හේ යම් නගරයකැ රජය කැරැවී ද ඒ පූර්‍වජාතිය සිහි කරයි. එහි රජය කරවා දරුණු නිරයට පැමිණියේ ය.
4379. වීසතිඤ‍්චෙ ච වස‍්සානි තහිං රජ‍්ජමකාරයි, අසීති වස‍්ස සහස‍්සානි නිරයම‍්හි අපච‍්චි සො.
4379. ඒ නුවරැ විසි වසක් රජය කරවු හේ ඉන්පසු අසූ දහසක් අවුරුදු මුළුල්ලෙහි නිරයෙහි පැසුණේ ය.
4380. තස‍්ස රාජස‍්ස සො භීතො මා මං රජ‍්ජාභිසෙචයුං, තස‍්මා පිතුච‍්ච මාතුච‍්ච සන‍්තිකෙ න භණි තදා.
4380. ඒ රජයට බිය වූ හේ මා අභිෂේක නො කෙරෙත්වා යි මවුපියන් වෙතැ එකලැ කථා නො කෙළේ ය.
4381. අඞ‍්ගපච‍්චඞ‍්ග සම‍්පන‍්නො ආරොහපරිණාහවා, විස‍්සට‍්ඨවචනො පඤ‍්ඤො මග‍්ගෙ සග‍්ගස‍්ස තිට‍්ඨති.
4381. අඟපසඟින් සමෘද්ධ වූ උස මහත ඇති මනෝඥ කථා ඇති ප්‍රඥාසම්පන්න වූ හේ දෙව්ලොවට යන මඟැ සිටී.
4382. සචෙ ත්‍වං දට‍්ඨුකාමාසි රාජපුත‍්ති තවත්‍රජං, එහි තං පාපයිස‍්සාමි යත්‍ථ සම‍්මති තෙමියො
4382. රාජපුත්‍රිය, ඉදින් තෙපි පුතු දකිනු කැමැත්තහු නම් එනු මැනවි. යම් තැනකැ තේමිය කුමර වෙසේ ද එතැනට පමුණුවන්නෙමි යි කීය.
4383. යොජයන‍්තු රථෙ අස‍්සෙ කච‍්ඡං නාගාන බන්‍ධථ, උදීරයන‍්තු සඞ‍්ඛපණවා වදන‍්තු එකපොක‍්ඛරා.
4383. රථයෙහි අශ්වයන් යොදත්වා. ඇතුනට පොරොදු හෙවත් හස්ත්‍යාභරණ පළඳවත්වා. ජයසක් පනාබෙර නාද කෙරෙත්වා. එකැස් බෙර වයත්වා.
4384. නදන‍්තු භෙරි සන‍්නද‍්ධා වග‍්ගුං වදතු දුන්‍දුභි, නෙගමා ච මං අන්‍වෙන‍්තු ගච‍්ඡං පුත‍්තනිවෙදකො.
4384. දෙඇස් බෙර වයත්වා. මිහිඟු බෙර මනාසේ වයත්වා. නියම්ගම් වැසියෝ ද මා අනුව එත්වා. පුතුට කරුණු පවසන මම ඔහු අභිෂේක කොටැ රැගෙන එන්නට යමි.
4385. ඔරොධා ච කුමාරා ච වෙසියානා ච බ්‍රාහ‍්මණා, ඛිප‍්පං යානානි යොජෙන‍්තු ගච‍්ඡං පුත‍්තනිවෙදකො.
4385. ඇතුළු නුවර වැස්සෝ ද කුමරුවෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද වහා යානාවන් යොදත්වා. පුතුට කරුණු පවසන මම (ඔහු අභිෂේක කොටැ රැගෙන එන්නට) යමි.
4386. හත්‍ථාරොහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරාකා, ඛිප‍්පං යානානි යොජෙන‍්තු ගච‍්ඡං පුත‍්තනිවෙදකො.
4386. ඇතැරුවෝ ද අසරුවෝ ද රිය නැඟෙන්නෝ ද පාබළ සෙනඟ ද වහා යානාවන් යොදත්වා.
4387. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, ඛිප‍්පං යානානි යොජෙන‍්තු ගච‍්ඡං පුත‍්තනිවෙදකො.
4387. රැස් වූ දනව් වැසියෝ ද නියම්ගම් වැසියෝ ද ඉක්මනින් යානාවන් යොදත්වා.
4388. අස‍්සෙ ච සාරථි යුත‍්තෙ සින්‍ධවෙ සීඝවාහනෙ, රාජද‍්වාරං උපාගඤ‍්ඡුං යුත‍්තා දෙව ඉමෙ භයා.
4388. රියැදුරෝ ඉක්මන් ගමන් ඇති සෛන්‍ධව නමැති අසුන් යෙදූ රථ ගෙන රජගෙදරට පැමිණියාහ. දේවයන් වහන්ස, අශ්වයෝ රථවල යොදනලදහ යි පැවැසූහ.
4389. ථූලා ජවෙන භායන‍්ති කිසා භායන‍්ති ථාමුනා, කිසෙ ථූලෙ විවජ‍්ජෙත්‍වා සංසට‍්ඨා යොජිතා භයා.
4389. දේවයන් වහන්ස, තර අශ්වයෝ වේගයෙන් පිරිහෙති. කෙට්ටු අශ්වයෝ කාය ශක්තියෙන් පිරිහෙති. මෙ වැනි අසුන් නො ගනිත්ව යි තර කෙට්ටු අශ්වයන් හැරදමා ජවබල සම අශ්වයන් යොදන ලදහ යි දැන්වූහ.
4390. තතො රාජා තරමානො යුත‍්තමාරුය‍්හ සන්‍දනං, ඉත්‍ථාගාරං අජ‍්ඣභාසි සබ‍්බාව අනුයාථ මං.
4390. ඉන්පසු රජ තෙමේ සුදුසු වාහනයක නැඟ සියල්ලෝ මා අනුව එත්ව යි අන්තඃපුරයට කී ය.
4391. වාළවීජනිමුණ‍්හීසං ඛග‍්ගං ඡත‍්තං ච පණ‍්ඩරං, උපාදිරථමාරුය‍්හ සුවණ‍්ණෙන අලඞ‍්කතො.
4391. වල්විදුනාව, නළල්පට, කඩුව, සේසත සහ රන්මිරිවැඩි සඟළ ද රියට නංව යි කියා ස්වර්‍ණාභරණයෙන් සැරසුණේ.
4392. තතො ච රාජා පායාසි පුරක‍්ඛත්‍වාන සාරථිං, ඛිප‍්පමෙව උපාගඤඡි යත්‍ථ සම‍්මති තෙමියො.
4392. රජ තෙමේ ඉන්පසු රියැදුරා අභිමුඛ කොටැ තේමිය කුමරු යම් තැනෙකැ ද එතැනට වහාම පැමිණියේ ය.
4393. තඤ‍්ච දිස‍්වාන ආයන‍්තං ජලන‍්තමිව තෙජසා, ඛත‍්තසඞ‍්ඝපරිබ‍්බූළ‍්හං තෙමියො එතදබ්‍රවි.
4393. තේජසින් දිලියෙමින් මෙන් එන ක්‍ෂත්‍රිය සමූහයා විසින් පිරිවැරූ ඒ පියරජුන් දැක තේමිය කුමර මෙය පැවැසී ය.
4394. කච‍්චින‍්නු තාත කුසලං කච‍්චි තාත අනාමයං, කච‍්චින‍්නු රාජකඤ‍්ඤායො අරොගා මය‍්හ මාතරො.
4394. පියාණෙනි, ඔබ සුවසේ ද කිම රෝග පීඩා නැත්තාහු ද මාගේ මෑණිවරු රාජකන්‍යාවෝ අරෝග වූවාහු දැ යි ඇසී ය.
4395. කුසලඤ‍්චෙව මෙ පුත‍්ත අථො පුත‍්ත අනාමයං, සබ‍්බාව රාජකඤ‍්ඤායො අරොගා තුය‍්හ මාතරො.
4395. පුත මට දුකෙක් නැත. පුත්‍රය එහෙයින් නීරෝග ද වෙමි. ඔබගේ සියලු මව්වරු නීරෝග ද වෙති.
4396. කච‍්චිස‍්ස මජ‍්ජපො තාත කච‍්චි තෙ සුරමප‍්පියං, කච‍්චි සච‍්චෙ ච ධම‍්මෙ ච දානෙ තෙ රමතී මනො.
4396. පියාණෙනි, කිම මත්පැන් නො බොන්නහු ද? කිම ඔබට මත්පැන් අප්‍රිය ද? කිම වාක්සත්‍යයෙහි ද දශරාජධර්‍මයෙහි ද දීමෙහි ද ඔබගේ සිත ඇලේ දැ යි ඇසී.
4397. අමජ‍්ජපො අහං පුත‍්තං අථො මෙ සුරමප‍්පියං, අථො සච‍්චෙ ච ධම‍්මෙ ච දානෙ මෙ රමතී මනො.
4397. පුත, මම මත්පැන් නො බොන්නෙමි. එහෙයින් මට මත්පැන් අප්‍රිය ය. තවද සත්‍යයෙහි ද දශරාජධර්‍මයෙහි ද දීමෙහි ද මා සිත් ඇලෙයි.
4398. කච‍්චි අරොගං යොග‍්ගං තෙ කච‍්චි වහති වාහනං, කච‍්චි තෙ ව්‍යාධයො නත්‍ථි සරීරස‍්සුපතාපනා.
4398. ඔබගේ හස්ත්‍යාදි වාහන නීරෝග ද? හස්ත්‍යාදි වාහන ඔබ උසුලයි ද? කිම ඔබට ශරීර තවන රෝගයෝ නැද්ද?
4399. අථො අරොගං යොග‍්ගං මෙ අතො වහති වාහනං, අථො මෙ ව්‍යාධයො නත්‍ථි සරීරස‍්සුපතාපනා.
4399. තවද පුත්‍රය, මාගේ සියලු වාහන නීරෝගය. වාහන මා උසුලයි. ශරීර පෙළන රොගපීඩා මට නැත.
4400. කච‍්චි අන‍්තා ච තෙ ඵිතා මජ‍්ඣෙ ච බහලා තව, කොට‍්ඨාගාරඤ‍්ච කොසඤ‍්ච කච‍්චි තෙ පටිසන්‍ථතං.
4400. පියාණෙනි, ඔබගේ ප්‍රත්‍යන්ත ජනපදවාසීහු සමෘද්ධ වූවෝ ද? ඔබගේ ගම්නියම්ගම් වැසියෝ බොහෝ වූහු ද? කිම ඔබගේ කොටුගුළු භාණ්ඩාගාර පිරී තිබේ ද?
4401. අථො අන‍්තා ච තෙ ඵිතා මජ‍්ඣෙ ච බහලා මම, කොට‍්ඨාගාරඤ‍්ච කොසඤ‍්ඤච සබ‍්බං මෙ පටිසන්‍ථතං.
4401. පුත, මාගේ ප්‍රත්‍යන්ත ජනපද සමෘද්ධ ය. ගම්නියම්ගම් බොහෝ වූ ජනාවාස ඇත්තාහ. මාගේ සියලු කොටුගුළු ධාන්‍යයෙන් ද සියලු කෝෂ්ඨාගාර ධනයෙන් ද පිරුණේ ය.
4402. ස‍්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, පතිට‍්ඨාපෙන‍්තු පල‍්ලඞ‍්කං යත්‍ථ රාජා නිසක‍්කති.
4402. මහරජ, ඔබගේ යහපත් පැමිණීමෙකි. අයහපත් පැමිණීමෙක් නො වේ. රජ තෙමේ යම් තැනක හිඳී ද, එ බඳු රාජාසනයක් පනවත්වා යි තේමිය කුමාර තෙමේ පැවැසී ය.
4403. ඉධෙව තෙ නිසින‍්නස‍්ස නියතෙ පණ‍්ණසන්‍ථතෙ, එත‍්තො උදකමාදාය පාදෙ පක‍්ඛාලයන‍්තු තෙ.
4403. මොනවට පැනැවුණු මේ කොළ ඇතිරියෙහි හුන් ඔබ මෙයින් දිය ගෙන පා සේදුව මැනැවැ යි තේමිය කුමාර තෙමේ කී ය.
4404. ඉදම‍්පි පණ‍්ණකං මය‍්හං රන්‍ධං රාජ අලොණකං. පරිභුඤ‍්ජ මහාරාජ පාහුනො මෙසි ආගතො.
4404. මහරජ, ලුණු නැති වැ තැම්බූ මේ කරකොළ මාගේ ආහාර වෙයි. මහරජ, අනුභව කළ මැනැවි. මෙහි පැමිණි තැනැත්තේ වනාහි මාගේ සත්කාරයට නිසි වෙයි.
4405. න චාහං පණ‍්ණං භුඤ‍්ජාමි න හෙතං මය‍්හ භොජනං, සාලීනං ඔදනං භුඤෙජ සුචිං මංසූපසෙචනං.
4405. පුත, මම කොළ අනුභව කරන්නෙක් නො වෙමි. මේ මාගේ භෝජනය නො වේ ම ය. මම පවිත්‍ර වූ මාංසයෙන් යුක්ත වූ ඇල් සහලේ බත් අනුභව කරන්නෙක් වෙමි.
4406. අච‍්ඡෙරකං මං පටිභාති එකකම‍්පි රහොගතං, එදිසං භුඤ‍්ජමානානං කෙන වණ‍්ණො පසීදති.
4406. පුත, එකලා වැ රහසිගත වැ මෙබඳු ආහාර අනුභව කරන්නන් ශරීරවර්‍ණය කවර කරුණෙකින් ප්‍රසන්න වේ දැ යි මට ආශ්චර්‍ය්‍යක් සේ වැටහේ.
4407. එකො රාජ නිපජ‍්ජාමි නීයතෙ පණ‍්ණසන්‍ථතෙ, තාය මෙ එකසෙය්‍යාය රාජ වණ‍්ණො පසීදති.
4407. මහරජ, මනා වැ අතුරන ලද ඇතිරියෙහි එකලා වැ වැදහෙමි. මහරජ, ඒ එකලා වැ වැදහෙවීමෙන් මාගේ වර්‍ණය ප්‍රසන්න වේ.
4408. න චෙ නෙත‍්තිංසබද‍්ධා මෙ රාජරක‍්ඛා උපට‍්ඨිතා, තාය මෙ සුඛාසෙය්‍යාය රාජ වණ‍්ණො පසීදති.
4408. මහරජ, කඩු බැඳැගෙන වටකැර ගත් රාජාරක්‍ෂකයෝ මට නැත. ඒ සුඛසයනය නිසා මාගේ වර්‍ණය ප්‍රසන්න වේ.
4409. අතීතං නානුසොචාමි නප‍්පජප‍්පමනාගතං, පච‍්චුප‍්පන‍්නෙන යාපෙමි තෙන වණ‍්ණො පසීදති.
4409. ඉකුත් දෑ ගැන ශෝක නො කෙරෙමි. නොලත් දෑ නො පතමි. මෙකලැ ලැබුණු දැයින් යැපෙමි. එයින් වර්‍ණය ප්‍රසන්න වේ.
4410. අනාගතප‍්පජප‍්පාය අතීතස‍්සානුසොචනා, එතෙන බාලා සුස‍්සන‍්ති නළොව භරිතො ලුතො.
4410. නො ලත් දෑ පැතීම යැ ඉකුත් දෑ ගැන ශෝක කිරීම යැ යන මෙයින් බාලයෝ සිඳින ලද නිල්වන් වූ බටදඬක් සෙයින් වියළෙත්.
4411. හත්‍ථාණීකං රථාණීකං අස‍්සෙ පත‍්තී ච වම‍්මිනො, නිවෙසනානි රම‍්මානි අහං පුත‍්ත දදාමි තෙ.
4411. පුත, මම තොපට ඇත් ඇණියෙක් ද රිය ඇණියක් ද අසුන් ද සන්නද්ධ වූ පාබළ සෙනඟක් ද රම්‍ය වූ වාසාගාර ද දෙමි.
4412. ඉත්‍ථාගාරම‍්පි තෙ දම‍්මි සබ‍්බාලඞ‍්කරා භූසිතං, තා පුත‍්ත පටිපජ‍්ජස‍්සු ත්‍වං නො රාජා භවිස‍්සසි.
4412. පුත, සර්‍වාලංකාරයෙන් සැරසුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පිළිපදුව (පරිභෝග කරව). තෙපි අපගේ රජ වෙව.
4413. කුසලා නච‍්චගීතස‍්ස සික‍්ඛිතා චතුරිත්‍ථියො, කාමෙ තං රමයිස‍්සන‍්ති කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
4413. පුත, නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූ හික්මුණා වූ චතුර වූ (දක්‍ෂ වූ) ස්තීහු තොප කාමයෙහි සිත් අලවන්නාහු ය. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නහු ය.
4414. පටිරාජූහි තෙ කඤ‍්ඤා ආනයිස‍්සං අලඞ‍්කතා, තාසු පුත‍්තෙ ජනෙත්‍වාන අථ පච‍්ඡා පබ‍්බජිස‍්සසි.
4414. අන් රජුන්ගෙන් අලංකෘත කන්‍යාවන් තොපට ගෙන එන්නෙමි. ඔවුන් සමඟ වාසය කොට පුත්‍රයන් උපදවා පසුව පැවිදි වන්නහු ය.
4415. යුවා ච දහරො චාසි පඨමුප‍්පත‍්තිතො සුසු, රජ‍්ජං කාරෙහි භද‍්දන‍්තෙ කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
4415. පුත, තෙපි යොවුන් වව, තුරුණු වව, උපතින් පළමු වියෙහි සිටින තරුණයෙක, පින්වත රාජ්‍යය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නහු දැ යි පියරජ ඇසී ය.
4416. යුවා චරෙ බ්‍රහ‍්මචරියං බ්‍රහ‍්මචාරී යුවා සියා, දහරස‍්ස හි පබ‍්බජ‍්ජා එතං ඉසීහි වණ‍්ණිතං.
4416. මහරජ, තරුණ වූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ ය. (යෙදෙන්නේ ය) බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ ම තරුණ වන්නේ ය. තරුණ වූවහුට ම පැවිද්ද සුදුසු වේ. මෙය බුඞාදී ඍෂීන් විසින් වර්‍ණනා කරන ලද්දෙකි.
4417. යුවා චරෙ බ්‍රහ‍්මචරියං බ්‍රහ‍්මචාරි යුවා සියා, බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි නාහං රජ‍්ජෙනමත්‍ථිකො.
4417. තරුණ වූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේ ය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ ම තරුණ වන්නේ ය. මම බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නෙමි. මම රාජ්‍යයෙන් අර්‍ත්‍ථ ඇත්තෙම් නො වෙමි.
4418. පස‍්සාමි වොහං දහරං අම‍්ම තාත වදං නරං, කිච‍්ඡා ලද‍්ධං පියං පුත‍්තං අප‍්පත්‍වාන ජරං මතං.
4418. මෑණියෙනි, පියාණෙනි යි ප්‍රිය තෙපුල් කියන්නා වූ දුකසේ ලබා ගත්තා වූ දහර වූ ප්‍රිය වූ පුතුන් ජරාවට නො පැමිණැ මැ මැරෙනු දැක ඇත්තෙමි.
4419. පස‍්සාමි වොහං දහරිං කුමාරිං චාරු දස‍්සනං, නළවංසකළීරංව පලුග‍්ගං ජීවිතක‍්ඛයෙ.
4419. තරුණ වූ මනෝඥ දර්‍ශන ඇත්තා වූ කුමරියන් කඩා දමන ලද උණකිළිල් සේ මාරයා විසින් ජීවිතයෙහි සිඳලන ලදුවන් දකිමි.
4420. දහරාපි හි මීයන‍්ති නරා ච අථ නාරියො, තත්‍ථ කො විස‍්සසෙ පොසො දහරොම‍්හීති ජීවිතෙ,
4420. තරුණ වූ ස්තීහු ද පුරුෂයෝ ද මරණයට පැමිණෙන්නාහු ම ය. එබඳු ජීවිතයෙහි කවර නම් (නුවණැති) පුරුෂයෙක් මම තරුණ වෙමියි විශ්වාස කරන්නේ ද?
4421. යස‍්ස රත්‍යා විවසනෙ ආයුං අප‍්පතරං සියා, අප‍්පොදකෙව මච‍්ඡානං කින‍්නු කොමාරකං තහිං.
4421. වළ දිය සිඳී යෑමෙන් මත්ස්‍යයන්ගේ විනාශය මෙන් රාත්‍රි (හා දවල්) ඉක්ම යෑමෙන් යමෙකුගේ ආයුෂ අල්පතර (අඩු) වන්නේ නම් එහි කවර නම් කුමාරභාවයක් ද?
4422. නිච‍්චමබ‍්භාහතො ලොකො නිච‍්චඤ‍්ච පරිවාරිතො, අමොඝාසු වජන‍්තීසු කිං මං රජ‍්ජෙන සිඤ‍්චසි.
4422. ලෝවැසි තෙමේ නිරන්තරයෙන් පහරන ලද්දේ වෙයි. නිරන්තරයෙන් පිරිවරන ලද්දේ වෙයි. ආයුෂ දිවා රෑ නොසිස් වැ (අතරක් නැති වැ) අත්හරින කල්හි මා රාජ්‍යාභිෂේක කරන්නේ කුමට ද?
4423. කෙනමබ‍්භාහතො ලොකො කෙන ච පරිවාරිතො, කායො අමොඝා ගච‍්ඡන‍්ති තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
4423. ලෝවැසි තෙමේ කවරකු විසින් පහරන ලද්දේ වේ ද කවරකු විසින් පිරිවරන ලද්දේ වේ ද කවරහු නොසිස් වැ යෙද්ද, පුත්‍රය, මා විසින් විචාරන ලද්දේ එය මට කියව.
4424. මච‍්චුනාබ‍්භාහතො ලොකො ජරාය පරිවාරිතො, රත්‍යො අමොඝා ගච‍්ඡන‍්ති එවං ජානාහි ඛත‍්තිය.
4424. ලෝවැසි තෙමේ මරහු විසින් පහරන ලද්දේ ය. ජරාව විසින් පිරිවරන ලද්දේ ය. රාතීහු නොසිස් වැ (නො නැවතී) යෙති. මජරජ මෙසේ දනුව.
4425. යථාපි තන‍්තෙ විතතෙ යං යදෙවූපවීයති, අප‍්පකං හොති වෙතබ‍්බං එවං මච‍්චාන ජීවිතං.
4425. යම්සේ (රෙදි වියන යන්ත්‍රයෙහි) නූල් බැඳි කල්හි යම් යම් කොටස් වියනු ලැබේ ද ඉතිරිය ස්වල්ප වන්නේ ද මෙසේ සත්ත්‍වයන්ගේ ජීවිත ද (දවසින් දවස) ස්වල්ප වන්නේ ය.
4426. යථා වාරිවහො පූරො ගච‍්ඡන‍්නුපනිවත‍්ති, එවමායු මනුස‍්සානං ගච‍්ඡන‍්නුපනිවත‍්තති.
4426. යම්සේ පිරුණා වූ දියපහර බැස යන්නේ ආපසු නො හැරේ ද මෙසේ මනුෂ්‍යයන්ගේ ආයුෂ ද ගෙවී යන්නේ ආපසු නො හැරේ.
4427. යථා වාරිවහො පූරො වහෙ රුක‍්ඛූපකූලජෙ, එවං ජරාය මරණෙන වුය‍්හන‍්තෙ වත පාණිනො.
4427. යම්සේ පිරුණු දියපහර බැස යනුයේ දෙගං ඉවුරෙහි වූ වෘක්‍ෂයන් මුල් සෝදා හෙළාගෙන යන්නේ ද එසේ සත්ත්‍වයෝ ද ජරාවෙන් හා මරණයෙන් ඒකාන්තයෙන් ගසාගෙන යනු ලැබෙත් යයි පැවැසී ය.
4428. හත්‍ථාණීකං රථාණීකං අස‍්සෙ පත‍්තී ච වම‍්මිනො, නිවෙසනානි රම‍්මානි අහං පුත‍්ත දදාමි තෙ.
4428. පුත, හස්තිසේනාවක් ද රථ සේනාවක් ද සරසන ලද අශ්ව සේනාවක් ද පාබළ සේනාවක් ද මනරම් නිවෙසක් ද මම තොපට දෙමි.
4429. ඉත්‍ථාගාරම‍්පි තෙ දම‍්මි සබ‍්බාලඞ‍්කාරභූසිතං, තා පුත‍්ත පටිපජ‍්ජස‍්සු ත්‍වං නො රාජා භවිස‍්සසි.
4429. පුත, සර්‍වාලංකාරයෙන් සැරහුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පිළිපදුව, (පරිභෝග කරව.) තෙපි අපගේ රජ වෙව.
4430. කුසලා නච‍්චගීතස‍්ස සික‍්ඛිතා චතුරිත්‍ථියො, කාමෙ තං රමයිස‍්සන‍්ති කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
4430. නෘත්‍යගීතයෙහි දක්‍ෂ වූ හික්මුණා වූ චතුර වූ (දක්‍ෂ වූ) ස්ත්‍රීහු තොප කාමයෙහි සිත් අලවන්නාහු ය. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නහු ද?
4431. පටිරාජූහි තෙ කඤ‍්ඤා ආනයිස‍්සං අලඞ‍්කතා, තාසු පුත‍්තෙ ජනෙත්‍වාන අථ පච‍්ඡා පබ‍්බජිස‍්සසි.
4431. අන් රජුන්ගේ අලඞ්කෘත (සරසන ලද) කන්‍යාවන් ඔබට ගෙන දෙන්නෙමි. ඔවුන් සමඟ වාසය කොට පුත්‍රයන් උපදවා පසුව පැවිදි වන්නෙහි ය.
4432. යුවා ච දහරො චාසි පඨමුප‍්පත‍්තිතො සුසූ, රජ‍්ජං කාරෙහි භද‍්දන‍්තෙ කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
4432. පුත, ඔබ යොවුන් ය, තුරුණු වියෙහි ය, උපතින් පළමු වියෙහි සිටින තරුණයෙක, පින්වත රාජ්‍යය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නෙහි දැ යි පියරජ ඇසී ය.
4433. කොට‍්ඨාගාරඤ‍්ච කොසඤ‍්ච වාහනානි බලානි ච, නිවෙසනානි රම‍්මානි අහං පුත‍්ත දදාමි තෙ.
4433. පුත, (ධාන්‍යයෙන් පිරුණු) කොටුගුළු ද (මුතු මැණික් ආදියෙන් පිරුණු) ගබඩා ද වාහන ද බළකාය ද මනරම් නිවෙස් ද යන සියල්ල මම ඔබට දෙමි.
4434. ගොමණ‍්ඩලපරිබ‍්බූළ‍්හො දාසිසඞ‍්ඝපුරක‍්ඛතො, රජ‍්ජං කාරෙහි භද‍්දන‍්තෙ කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
4434. පින්වත, මිහිරි කතා ඇති රාජකන්‍යා සමූහයා විසින් වට කරන ලද්දේ දාසි සමූහයා විසින් පිරිවරන ලද්දේ රාජ්‍යය කරව. මේ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහි දැ යි පියරජ ඇසී ය.
4435. කිං ධනෙන යං ජීයෙථ කිං භරියායය මරිස‍්සති, කිං යොබ‍්බනෙන චිණ‍්ණෙන යං ජරා අභිහෙස‍්සති.
4435. මහරජ, යම් ධනයක් විනාශ වෙයි ද එබඳු ධනයෙන් මට කවර ප්‍රයෝජනයෙක් ද, යම් භාර්‍ය්‍යාවක් මරණයට පත්වෙයි ද එබඳු භාර්‍ය්‍යාවකගෙන් කවර ප්‍රයෝජනයෙක් ද, චරිත පුහුණුවෙන් ඇති කැර ගත් යම් තුරුණුබවකට ජරාව විසින් පහර දෙනු ලැබේ ද එබඳු යෞවනයෙන් කවර ප්‍රයෝජනයෙක් ද?
4436. තත්‍ථ කා වන්‍දි කා ඛිඩ‍්ඩා කා රතී කා ධනෙසනා, කිං මෙ පුත‍්තෙහි දාරෙහි රාජ මුත‍්තොස‍්මි බන්‍ධනා.
4436. ඒ ලෝකයෙහි කවර නම් සතුටෙක් ද කවර නම් ක්‍රීඩාවක් ද කවර නම් පස්කම්ගුණ ඇල්මෙක් ද කවර නම් ධන සෙවීමෙක් ද මට දරුවන්ගෙන් හා අඹුවන්ගෙන් කවර ප්‍රයෝජනයෙක් ද මහරජ, මම කාමබන්‍ධනයෙන් හා තෘෂ්ණාබන්‍ධනයෙන් මිදුණේ වෙමි.
4437. සොහං එවං පජානාමි මච‍්චු මෙ නප‍්පමජ‍්ජති, අන‍්තකෙනාධිපන‍්නස‍්ස කා රතී කා ධනෙසනා.
4437. මට මාරයා (මරණය) ප්‍රමාද නො වෙති යි මම මෙසේ දනිමි. ඒ මරහු විසින් මඩනා ලද්දා වූ මට රාජ්‍යසම්පත්තියෙහි කවර ඇල්මෙක් ද කවර නම් ධන සෙවීමෙක් ද?
4438. ඵලානමිව පක‍්කානං නිච‍්චං පතනතො භයං, එවං ජාතානමච‍්චානං නිච‍්චං මරණතො භයං.
4438. පැසුණු ඵලයන් (ගෙඩි) වැටීම හේතුකොට ගෙන ඇති වන නිරන්තර භය යම්සේ ද එසේ ම උපන්නා වූ මනුෂ්‍යයාට මරණය හේතුකොට ගෙන නිතර බිය ඇති වේ.
4439. සායමෙකෙ න දිස‍්සන‍්ති පාතො දිට‍්ඨා බහුජ‍්ජනා, පාතො එකෙ න දිස‍්සන‍්ති සායං දිට‍්ඨා බහුජ‍්ජනා.
4439. උදේ දුටු බොහෝ දෙනා සවස නොදක්නා ලැබෙත්. සවස දුටු බොහෝ දෙනා උදේ නොදක්නා ලැබෙත්.
4440. අජ‍්ජෙව කිච‍්චං ආතප‍්පං කො ජඤ‍්ඤා මරණං සුවෙ, නහි නො සඞ‍්ගරං තෙන මහාසෙනෙන මච‍්චුනා.
4440. අද අද ම වීර්‍ය්‍ය කටයුතු ය. හෙට මරණය වන්නේ යයි කවරෙක් දන්නේ ද? ඒ මහාසේනා ඇති මාරයා සමඟ අපේ පොරොන්දුවක් නැත්තේ මැ යි.
4441. චොරා ධනස‍්ස පත්‍ථෙන‍්ති රාජා මුත‍්තොස‍්මි බන්‍ධනා, එහි රාජ නිවත‍්තස‍්සු නාහං රජ‍්ජෙනමත්‍ථිකොති.
4441. සොරු ධනය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති. මහරජ, මම ඒ ධනබන්‍ධනයෙන් මිදුණෙමි. මහරජ, මෙහි එනු මැනවි. මාගේ වචනයෙහි මනාකොට පවතිනු මැනැවි. මම රාජ්‍යයෙන් ප්‍රයෝජන ලබන්නෙක් නො වෙමි.
මූගපක‍්ඛජාතකං පඨමං.
පළමුවන මූගපක්ඛ ජාතක යි.