2. මහාජනකජාතකං
2. මහාජනකජාතකං
2. මහාජනක ජාතකය
4442. කොයං මජ‍්ඣෙ සමුද‍්දස‍්මිං අපස‍්සං තීරමායුහෙ, කං ත්‍වං අත්‍ථවසං ඤත්‍වා එවං වායමසෙ භුසං.
4442. පරතෙර නොපැනෙන මේ මුහුද මැද කවරෙක් නම් පීනමින් වීර්‍ය්‍ය කරන්නේ ද? තෙපි කවර ප්‍රයෝජනයක් දැනැ මෙසේ මහත් සේ වැර වඩන්නහු දැ යි මණිමෙඛෙලා නම් දෙව්දූ ඇසූ ය.
4443. නිසම‍්ම වත‍්තං ලොකස‍්ස වායාමස‍්ස ච දෙවතෙ, තස‍්මා මජ‍්ඣෙ සමුද‍්දස‍්මිං අපස‍්සං තීරමායුහෙ.
4443. එම්බා දෙව්දුව, මම ලෝවැසියා පිළිබඳ පවත්නා උත්සාහය ද කටයුතු ද එහි අනුසස් ද දැනැ වසමි. එහෙයින් මේ මුහුද මැද පරතෙර නො දක්නෙම් උත්සාහ කරමි යි මහාජනක කුමාර තෙමේ කී ය.
4444. ගම‍්භීරෙ අප‍්පමෙය්‍යස‍්මිං තීරං යස‍්ස න දිස‍්සති, මොඝො තෙ පුරිස වායාමො අප‍්පත්‍වාව මරිස‍්සසි.
4444. ගැඹුරු පමණ නො කළහැකි මේ සාගරයෙහි පරතෙර යමකුට නො පෙනේ ද එම්බා පුරුෂය තොපගේ උත්සාහය හිස් යැ පරතෙරට නො පැමිණ මැ මැරෙන්නෙහි යි දෙව්දූ පැවැසූ.
4445. අනණො ඤාතීනං හොති දෙවානං පිතුනො ච සො, කරං පුරිසකිච‍්චානි න ච පච‍්ඡානුතප‍්පති.
4445. එම්බා දෙව්දුව, වීර්‍ය්‍ය කරන යම් පුරුෂයෙක් වේ නම් හේ නෑයනට ද දෙව්බඹුනට ද ණය නැත්තෙකි නොහොත් ඔවුනතර නො ගැරහිය යුත්තෙකි. නො පසු තැවෙන්නකැ යි ද කුමාර තෙමේ කී ය.
4446. අපාරනෙය්‍යං යං කම‍්මං අඵලං කිලමථුද‍්දයං, තත්‍ථ කො වායමෙනත්‍ථො මච‍්චු යස‍්සාභිනිප‍්පතං.
4446. යම් කටයුත්තක් උත්සාහයෙන් මුදුන් පත් කළ නො හැකි ද ඵල නැත්තේ ද වෙහෙසම මැ උපදවා ද මරණය මැ එහි ලා වේ ද එ බඳු උත්සාහයෙන් කවර නම් වැඩෙක් දැ යි දෙව්දූ ඇසූ.
4447. අපාරනෙය්‍යං අච‍්චන‍්තං යො විදිත්‍වාන දෙවතෙ, න රක‍්ඛෙ අත‍්තනො පාණං ජඤ‍්ඤා සො යදි හාපයෙ.
4447. එම්බා දෙව්දුව, යමෙක් අත්‍යන්තයෙන් මුදුන්පත් නො කළ හැකි බව ද දැනැ උත්සාහය අත්හරී නම් හේ වනාහි තමන්ගේ ජීවිතය නො රකී යැ යි දනු මැනැවි.
4448. අධිප‍්පාය ඵලං එකෙ අස‍්මිං ලොකස‍්මි දෙවතෙ, පයොජයන‍්ති කම‍්මානි තානි ඉජ‍්ඣන‍්ති වා න වා.
4448. එම්බා දෙව්දුව, මෙ ලොවැ සමහරු තම අදහස් පරිදි ප්‍රයෝජන පතා වෙළහෙළඳාම් ආදි කටයුතු කෙරෙති. ඒ කටයුතු ඔවුන්ගේ අදහස් සිද්ධ කරන්නේ ද නො කරන්නේ ද වෙයි. කායික චෛතසික වීර්‍ය්‍ය ඇත්තන්ට සමෘද්ධ වේ මැ යි.
4449. සන්‍දිට‍්ඨිකං කම‍්මඵලං නනු පස‍්සසි දෙවතෙ, සන‍්නා අඤ‍්ඤෙ තරාමහං තඤ‍්ච පස‍්සාමි සන‍්තිකෙ.
4449.එම්බා දෙව්දුව, මා සමඟ ආ සෙසු වෙළෙන්දෝ වීර්‍ය්‍ය නො කොටැ මුහුදෙහි ගිලුණාහ. මම වනාහි උත්සාහයෙන් මේතාක් පීනමි. සමීපයෙහි සිටින තොප ද දකිමි. මේ ජාතියෙහි ගන්නා ලද උත්සාහය පිළිබඳ විපාක නො වේ දැ යි බලව.
4450. සො අහං වායමිස‍්සාමි යථාසත‍්තිං යථාබලං, ගච‍්ඡං පාරං සමුද‍්දස‍්ස කාසං පුරිසකාරියං.
4450. සමුද්‍රයාගේ පරතෙරට යන ඒ මම වනාහි උත්සාහ ගනිමි. ශක්ති පරිදි බල පරිදි පුරුෂයෙකුට අයත් ක්‍රියාව කරමි යි කුමාර තෙමේ කී ය.
4451. යො ත්‍වං එවං ගතෙ ඔඝෙ අප‍්පමෙය්‍යෙ මහණ‍්ණවෙ, ධම‍්මවායාමසම‍්පන‍්නො කම‍්මනා නාවසීදසි, සො ත්‍වං තත්‍ථෙව ගච‍්ඡාහි යත්‍ථ තෙ නිරතො මනො.
4451. යම් බඳු තෙපි මෙවැනි ගැඹුරු පළල් සැඬ පහර ඇති පමණ නො කළැකි මහසයුරෙහි දැහැමි වූ උත්සාහයෙන් යුත් වූයෙහි පුරුෂ වීර්‍ය්‍යයෙන් නො ගිලෙහු. යම් තැනෙකැ තොපගේ සිත ඇලුණේ ද එ තැනට යන්නැ යි දෙව්දූ පැවැසූ.
4452. සුරියුග‍්ගමනෙ නිධි අථො ඔග‍්ගමනෙ නිධි, අන‍්තො නිධි බහි නිධි න අන‍්තො න බහි නිධි.
4452. ඉර උදාවන තැන නිධාන යැ බස්නා තැන නිධාන යැ ඇතුළත නිධාන යැ පිටත නිධාන යැ ඇතුළතැ ද පිටතැ ද නො වූ නිධාන යැ.
4453. ආරොහනෙ මහානිධි අථො ඔරොහනෙ නිධි, චතුරො ච මහාසාලා සමන‍්තා යොජනෙ නිධි.
4453. නඟින තැන නිධාන යැ බහින තැන නිධාන යැ මහ සල්ගස් සතර තිබෙන තැන නිධාන සතර යැ හාත්පසින් යොදනක් තැන නිධාන ය.
4454. දන‍්තග‍්ගෙසු මහානිධි වාලග‍්ගෙසු ච කෙබුකෙ, රුක‍්ඛග‍්ගෙසු මහානිධි සොළසෙතෙ මහානිධි සහස‍්සත්‍ථාමො පල‍්ලඞ‍්කො සීවලාරාධනෙන ච.
4454. දළ කෙළවරැ මහා නිධාන යැ වලග කෙළවරැ නිධාන යැ දිය ඇති තැන නිධාන යැ ගස් මුදුන නිධාන යැ යි යන මේ සොළොස් නිධානයෝ වෙති. සීවලී දේවිය සතුටු කිරීමෙන් යමෙක් සහස්‍රස්ථාම දුන්නෙහි දුනුදිය නඟාලියහේ ද සිවුරැස් පර්‍ය්‍යඞ්කයෙහි හිස් දොර දතහේ ද ඔහුට රජය දියයුතු යැ යි පෝලජනක රජු විසින් මරණ මඤ්චකයේ දී පැවැසිණ.
4455. ආසිංසෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං යථා ඉච‍්ඡිං තථා අහු.
4455. නුවණැති පුරුෂ තෙම ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැ ය. උත්සාහ වැඩීමෙහි දී නො කලකිරෙන්නේ ය. යම්සේ කැමතිවීම් ද එසේ විය. මම (එබඳු) තමා දකිමි.
4456. ආසිංසෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං උදකා ථලමුබ‍්භතං.
4456. නුවණැ’ති පුරුෂ තෙමේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ මැ ය. උත්සාහ වැඩීමෙහි දී නො කලකිරෙන්නේ ය. මම දියෙන් ගොඩ ආ ඒ තමන් දකිමි.
4457. වායමෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං යථා ඉච‍්ඡිං තථා අහු.
4457. නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැ ය. නො කලකිරෙන්නේ ය. යම්සේ කැමතිවීම් ද එසේ විය. මම (එබඳු) තමා දකිමි.
4458. වායමෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං උදකා ථලමුබ‍්භතං.
4458. නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මැ ය. නො කලකිරෙන්නේ ය. මම දියෙන් ගොඩ නගනලද (ඒ) තමා දකිමි.
4459. දුක‍්ඛූපනීතොපි නරො සපඤ‍්ඤො ආසං න ඡින්‍දෙය්‍ය සුඛාගමාය, බහූ හි ඵස‍්සා අහිතා හිතා ච අවිතක‍්කිතා මච‍්චුමුපබ‍්බජන‍්ති.
4459. නුවණැ’ති මිනිස් තෙමේ දුකට පත් වූයේ ද සුවපත් වීමට ඇති කැමැත්ත සුන් නො කරන්නේ ය. පහස්හු හිත ද අහිත ද වෙති. එය නො සිතන්නෝ මරණයට පත් වෙති.
4460. අචින‍්තිතම‍්පි භවති චිත‍්තිතම‍්පි විනස‍්සති, න හි චින‍්තාමයා භොගා ඉත්‍ථියා පුරිසස‍්ස වා.
4460. නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනැසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතීමෙන් මැ සිදුවන සම්පත් නැතැ යි (මහාජනක රජතෙමේ උදන් ඇණී ය.)
4461. අපුරාණං වත භො රාජා සබ‍්බභුම‍්මො දිසම‍්පති, නාජ‍්ජ නච‍්චෙ නිසාමෙති න ගීතෙ කුරුතෙ මනො.
4461. පින්වත්නි, සියලු පොළොවට හිමි දිසාවනට අධිපති රජ තෙමේ ඒකාන්තයෙන් මැ පෙර පරිදි නො වේ. අද නැටුම් නො බලයි. ගී ගැයීමෙහි සිත් ඇලුම් නො කෙරේ.
4462. න මිගෙ නපි උය්‍යානෙ නපි හංසෙ උදික‍්ඛති, මූගොව තුණ‍්හිමාසීනො න අත්‍ථමනුසාසති.
4462. මෘගයුද්ධ නො බලයි, උයන්කෙළි නො කෙරෙයි, හංසයන් ද නො බලයි, ගොළුවකු මෙන් නිහඬ වැ හුන්නේ අර්‍ත්‍ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා නො කෙරේ යයි ද මහාජන තෙමේ කී ය.
4463. සුඛකාමා රහොසීලා වධබන්‍ධා උපාරතා, කෙසන‍්නු අජ‍්ජ ආරාමෙ දහරා වුද‍්ධා ච අච‍්ඡරෙ.
4463. නිවන්සුව කැමැති වැසුණු සීලාදී ගුණ ඇති වධබන්‍ධන නැති තරුණ මහලු පසේබුදුවරු කවර කෙනෙකුන්ගේ අරමෙහි අද වෙසෙත් ද?
4464. අතික‍්කන‍්තවනථා ධීරා නමො තෙසං මහෙසිනං, යෙ උස‍්සුකම‍්භි ලොකම‍්හි විහරන‍්ති අනුස‍්සුකා.
4464. තෘෂ්ණා නැති නුවණැ’ති යම් කෙනෙක් රාගාදි කෙලෙසුන්ගෙන් උත්සන්න බවට පත් ලෝකයෙහි උත්සාහ නැත්තෝ වැ වෙසෙද්ද ඒ මහර්ෂී උතුමන්ට නමස්කාර වේවා.
4465. තෙ ඡෙත්‍වා මච‍්චුනො ජාලං තං තං මායාවිනො දළ‍්හං, ඡින‍්තාලයත‍්තා ගච‍්ඡන‍්ති කො තෙසං ගතිමාපයෙ.
4465. උන්වහන්සේ ඉතා මායාකාරී වූ මරුවාගේ ඒ දැඩි දැල සිඳ සුන් කළ කෙලෙස් ඇති බැවින් (සසරින් නික්ම) යෙති. ඒ උතුමන් වසන තැනට මා පමුණුවන්නේ කවරෙක් ද යි (මහාජනක රජ තෙමේ සතුට ප්‍රකාශ කෙළේ යැ.)
4466. කදාහං මිථිලං ඵීතං විසාලං සබ‍්බතොපභං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4466. කවර කලෙක මම සමෘද්ධ වූ විශාල වූ හාත්පසින් බබළන්නා වූ මියුලු නම් නුවර හැර දමා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4467. කදාහං මිථිලං ඵීතං විභත‍්තං භාගසො මිතං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4467. කවර කලෙක මම බෙදා කොටස් වශයෙන් ප්‍රමාණ කළ සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? ඒ පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4468. කදාහං මිථිලං ඵීතං බහුපාකාරතොරණං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4468. කවර කලෙක මම මහත් පවුරු දොරටු තොරණින් යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? කවරදා එය සිදු වන්නේ ද?
4469. කදාහං මිථිලං ඵීතං දළ‍්හමට‍්ටාලකොට‍්ඨකං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4469. කවර කලෙක මම දැඩි අටලු දොරකොටු යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4470. කදාහං මිථිලං ඵීතං සුවිභත‍්තං මහාපථං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4470. කවර කලෙක මම මැනැවින් කොටස් කළ මහවීදි ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4471. කදාහං මිථිලං ඵීතං සුවිභත‍්තන‍්තරාපණං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4471. කවර කලෙක මම මැනැවින් විභාග කළ සල්පිල් ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4472. කදාහං මිථිලං ඵීතං ගවාස‍්සරථපීළිතං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4472. කවර කලෙක මම ගවයන් අසුන් යෙදූ රථ ගැවසී ගත් සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4473. කදාහං මිථිලං ඵීතං ආරාමවනමාලිනිං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4473. කවර කලෙක මම පුෂ්පාරාම ඵලාරාම හා උයන්පෙළ ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4474. කදාහං මිථිලං ඵීතං උය්‍යානවනමාලිනිං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4474. කවර කලෙක මම උයන් වතු ද වන පංති ද ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පියා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4475. කදාහං මිථිලං ඵීතං පාසාදවනමාලිනිං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4475. කවර කලෙක මම ප්‍රාසාද හා වන පංති ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4476. කදාහං මිථිලං ඵීතං තිපුරං රාජබන්‍ධුනිං, මාපිතං සොමනස‍්සෙන වෙදෙහෙන යසස‍්සිනා පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4476. කවර කලෙක මම රජුගේ නෑයන්ගෙන් යුත් තුන්පවුරකින් පිරිවර වූ සෝමනස්ස නම් වේදේහ රජු විසින් මවන ලද සමෘද්ධ වූ මියුලු නුවර හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4477. කදාහං වෙදෙහෙ ඵීතෙ නිචිතෙ ධම‍්මරක‍්ඛිතෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4477. කවර කලෙක මම දැහැමින් රැකුණු රැස් කළ ධන ධාන්‍ය ඇති සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4478. කදාහං වෙදෙහෙ ඵීතෙ අජෙය්‍යෙ ධම‍්මරක‍්ඛිතෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4478. කවර කලෙක දැහැමින් රැකුණු සතුරන් විසින් නො දිනිය හැකි සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4479. කදාහං අන‍්තෙපුරං රම‍්මං විභත‍්තං භාගසො මිතං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4479. කවර කලෙක විභාග කළ, කොටස් වශයෙන් ප්‍රමාණ කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4480. කදාහං අන‍්තෙපුරං රම‍්මං සුධාමත‍්තිකලෙපනං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4480. කවර කලෙක සුණු පිරියම් ද මැටි ආලේප ද කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4481. කදාහං අන‍්තෙපුරං රම‍්මං සුචිගන්‍ධං මනොරමං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4481. කවර කලෙක පිවිතුරු සුවඳින් යුත් මනරම් වූ අන්තඃපුරය හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4482. කදාහං කූටාගාරෙ විභත‍්තෙ භාගසො මිතෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4482. කවර කලෙක මම විභාග කළ, කොටස් වශයෙන් ප්‍රමාණ කළ, කුටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4483. කදාහං කූටාගාරෙ ච සුධාමත‍්තිකලෙපනෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4483. කවර කලෙක මම සුණු පිරියමින් ද මැටි ආලේපයෙන් ද යුත් කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4484. කදාහං කූටාගාරෙ ච සුචිගන්‍ධෙ මනොරමෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4484. කවර කලෙක මම පිවිතුරු සුවඳ ඇති සිත් අලවන කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4485. කදාහං කූටාගාරෙ ච ලිත‍්තෙ චන්‍දනඵොසිතෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4485. කවර කලෙක මම ආලේප කළ, රත්සඳුන් ඉස්නාලද කූටාගාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4486. කදාහං සුවණ‍්ණපල‍්ලඞ‍්කෙ ගොණකෙ චිත‍්තසන්‍ථතෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4486. කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින්කළ විසිතුරු පලස් අතුළ රන්මුවා පර්‍ය්‍යඞ්කයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4487. කදාහං මණිපල‍්ලඞ‍්කෙ ගොණකෙ චිත‍්තසන්‍ථතෙ, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4487. කවර කලෙක මම සතරඟුල් පමණ එළු ලොමින් කළ විසිතුරු පලස් අතුළ මිණිමුවා පර්‍ය්‍යඞ්කයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4488. කදාහං කප‍්පාසකොසෙය්‍යං ඛොමකොටුම‍්බරානි ච, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4488. කවර කලෙක මම කපුපිළී හා කෝසෙය්‍ය වස්ත්‍ර ද කොමුපිළි ද කොටුම්බර දේශයෙහි නිපන් වස්ත්‍ර ද හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4489. කදාහං පොක‍්ඛරණියො රම‍්මා චක‍්කවාකූපකූජිතා, මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා පදුමුප‍්පලකෙහි ච පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4489. කවර කලෙක මම සක්වාලිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති මන්‍දාලකයන්ගෙන් හා පියුම් උපුල් ආදී පස්පියුමින් ගැවසී ගත් රමණීය පොකුණු හැර පියා පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4490. කදාහං හත්‍ථිගුම‍්බෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, සුවණ‍්ණකච‍්ඡෙ මාතඞ‍්ගෙ හෙමකප‍්පනවාසසෙ.
4490-4491. කවර කලෙක සව්බරණින් සැරහුණු රන් පොරොදු හා රන් ශීර්‍ෂාභරණයෙන් හා රන් දැලින් ද යුත් තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුනු ඇත්රජුන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4491. ආරූළ‍්හෙ ගාමණීයෙහි තොමරඞ‍්කුසපාණිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4492. කදාහං අස‍්සගුම‍්බෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, ආජානිය්‍යෙ ච ජාතියා සින්‍ධවෙ සීඝවාහනෙ.
4492-4493. කවර කලෙක උපතින් ම ආජානීය වූ සව්බරණින් සැරැසුණු සෛන්‍ධව නම් ශීඝ්‍රවාහන වූ කරවාල දුනු දරන අසරුවන් නැගුනු අශ්ව සමූහයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4493. ආරූළ‍්හෙ ගාමණීයෙහි ඉල‍්ලියාචාපධාරිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4494. කදාහං රථසෙණියො සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4494-4495. කවර කලෙක මැනැවින් සැදුණු එසවුණු ධජ ඇති අතුළ දිවිසම් ද ව්‍යාඝ්‍රසම් ද ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ දුනු ගත් අත් ඇති යුද්ධ සැට්ටයෙන් සැරැසුණු රියැදුරන් නැගුණු රථ පංති ද හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4495. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4496. කදාහං සොවණ‍්ණරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4496-4497. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ස්වර්‍ණමය රථයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4497. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4498. කදාහං සජ‍්ඣුරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4498-4499. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු රිදී රථයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4499. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4500. කදාහං අස‍්සරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4500-4501. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු අශ්වයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද. එය කවරදා සිදු වන්නේ ද?
4501. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4502. කදාහං ඔට‍්ඨරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4502-4503. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4503. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4504. කදාහං ගොණරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4504-4505. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු ගවයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4505. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4506. කදාහං අජරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4506-4507. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් ද හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනු ගත් අත් ඇති රියැදුරන් නැගුණු එළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4507. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4508. කදාහං මෙණ‍්ඩරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4508-4509. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනුගත් අත් ඇති රියැදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4509. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4510. කදාහං මිගරථෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.
4510-4511. කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සියලු අලඞ්කාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරැසුණු දුනුගත් අත් ඇති රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4511. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4512. කදාහං හත්‍ථාරූහෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, නීලවම‍්මධරෙ සූරෙ තොමරඞ‍්කුස පාණිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4512. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවර දෑ සිදු වන්නේ ද?
4513. කදාහං අස‍්සාරූහෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, නීලවම‍්මධරෙ සූරෙ ඉල‍්ලියාචාපධාරිනෙ පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4513. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන කරවාල හා දුනු දරන ශූර අසරුවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4514. කදාහං රථාරූහෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, නීලවම‍්මධරෙ සූරෙ චාපහත්‍ථෙ කලාපිනෙ පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4514. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනුගත් අත් ඇති හියවුරු දරන රියැදුරන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4515. කදාහං ධනුග‍්ගහෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, නීලවම‍්මධරෙ සූරෙ චාපහත්‍ථෙ කලාපිනෙ පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4515. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල්වන් සැට්ට ඇති හියවුරු දරන දුනු ගත් අත් ඇති ශූර ධනුර්ධරයන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4516. කදාහං රාජපුත‍්තෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, චිත‍්තවම‍්මධරෙ සූරෙ කඤ‍්චනාවෙළධාරිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4516. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු විසිතුරු සැට්ට හා ස්වර්‍ණමය හිස් වෙළුම් ඇති ශූර වූ රාජ කුමාරයන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදු වන්නේ ද?
4517. කදාහං අරියගණෙ වත්‍ථවන‍්තෙ අලඞ‍්කතෙ, හරිචන්‍දනලිත‍්තඞ‍්ගෙ කාසිකුත‍්තමධාරිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4517. කවර කලක මම වස්ත්‍ර යුත් සැරැසුණු රන්වන් සඳුන් ගැල් වූ ශරීර ඇති උතුම් කසීසළු දරන බ්‍රාහ්මණ සමූහය හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4518. කදාහං අමච‍්චගණෙ සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, පීතවම‍්මධරෙ සූරෙ පුරතො ගච‍්ඡමාලිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4518. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු කහපැහැ දරන ශූර වූ පෙරටුව යන ඇමති ගණයා හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4519. කදා සත‍්තසතා භරියා සබ‍්බාලඞ‍්කාරභූසිතා, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4519. කවර කලෙක මම සියලු අලඞ්කාරයෙන් සැරැසුණු සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4520. කදා සත‍්තසතා භරියා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4520. කවර කලෙක මම මැනෙවින් හික්මුණු කෘශ වූ මැද පෙදෙස් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4521. කදා සත‍්තසතා භරියා අස‍්සවා පියභාණිනී, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4521. කවර කලෙක මම කීකරු පියවදන් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4522. කදා සතඵලං කංසං සොවණ‍්ණං සතරාජිකං, පහාය පබ‍්බජිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4522. කවර කලෙක මම සියක් පලමකින් කළ සිය ගණන් ඉරි ඇති රන්මුවා තලිය හැර පැවිදි වන්නෙම් ද, එය කවරදා සිදු වන්නේ ද?
4523. කදාස‍්සු මං හත්‍ථගුම‍්බා සබ‍්බාලඞ‍්කාරභූසිතා, සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා හෙමකප‍්පනවාසසා.
4523-4524. කවර කලෙක සියලු අලඞ්කාරයෙන් සැරැසුණු රන් පොරොදු ඇති රන්මුවා ශීර්‍ෂාභරණ ද සැරැසුණු වස්ත්‍ර ද ඇති තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුණු හස්තිරාජයන්ගෙන් යුත් ඇත් සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4524. ආරූළ‍්හා ගාමණීයෙහි තොමරංකුසපාණිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4525. කදාස‍්සු මං අස‍්සගුම‍්බා සබ‍්බාලඞ‍්කාරභූසිතා, ආජානීයා ච ජාතියා සින්‍ධවා සීඝවාහනා.
4525-4526. කවර කලෙක සව්බරණින් සැරැසුණු උපතින් ම ශීඝ්‍ර ගමන් ඇති සෛන්‍ධව නම් වන කරවාලායුධ හා දුනු දරන අසරුවන් නැගුණු අශ්ව සමූහයෝ වනයට යන හුදෙකලා මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4526. ආරූළ‍්හා ගාමණීයෙහි ඉල‍්ලියාචාපධාරිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4527. කදාස‍්සු මං රථසෙණියො සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4527-4528. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රථ පන්තීහු හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4528. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4529. කදාස‍්සු මං සොණ‍්ණරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා
4529-4530. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රන්මුවා රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4530. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4531. කදාස‍්සු මං සජ‍්ඣුරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා
4531-4532. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු රිදියෙන් කළ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4532. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4533. කදාස‍්සු මං අස‍්සරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4533-4534. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු අසුන් යෙදූ රථයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4534. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4535. කදාස‍්සු මං ඔට‍්ඨරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4535-4536. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4536. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4537. කදාස‍්සු මං ගොණරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4537-4538. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු ගවයන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4538. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4539. කදාස‍්සු මං අජරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4539-4540. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු එළුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4540. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4541. කදාස‍්සු මං මෙණ‍්ඩරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4541-4542. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුදසැට්ට දරන රියැදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4542. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4543. කදාස‍්සු මං මිගරථා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සබ‍්බාලඞ‍්කාරභූසිතා.
4543-4544. කවර කලෙක යුදයට සැරැසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍රසම් ඇති සව්බරණින් සැරැසුණු දුනු ගත් අත් ඇති යුද සැට්ට දරන රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථ සමූහයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එ බඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4544. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4545. කදාස‍්සු මං හත්‍ථාරූහා සබ‍්බාලඞ‍්කාරභූසිතා, නීලවම‍්මධරා සූරා තොමරඞ‍්කුසපාණිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4545. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4546. කදාස‍්සු මං අස‍්සාරූහා සබ‍්බාලඞ‍්කාරභූසිතා, නීලවම‍්මධරා සූරා ඉල‍්ලියාචාපධාරිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4546. කවර කලෙක සියලු අලඞ්කාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන කරවාලායුධ හා දුනු දරන ශූර අසරුවෝ වනයට හුදෙකලා යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4547. කදාස‍්සු මං රථාරූහා සබ‍්බාලඞ‍්කාරභූසිතා, නීලවම‍්මධරා සූරා චාපහත්‍ථා කලාපිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4547. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනු ගත් අත් ඇති ශූර රථ සේනාවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4548. කදාස‍්සු මං ධනුග‍්ගහා සබ‍්බාලඞ‍්කාරභූසිතා, නීලවම‍්මධරා සූරා චාපහත්‍ථා කලාපිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4548. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන දුනු හියවුරු ගත් අත් ඇති ශූර ධනුර්ධරයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4549. කදාස‍්සු මං රාජපුත‍්තා සබ‍්බාලඞ‍්කාරභූසිතා, චිත‍්තවම‍්මධරා සූරා කඤ‍්චනාවෙඨධාරිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4549. කවර කලෙක සව්බරණින් සැරැසුණු නිල්වන් සැට්ට දරන රන් සැරයටි ගත් අත් ඇති ශූර රාජ පුත්‍රයෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4550. කදාස‍්සු මං අරියගණා වත්‍ථවන‍්තා අලඞ‍්කතා, හරිචන්‍දනලිත‍්තඞ‍්ගා කාසිකුත‍්තමධාරිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4550. කවර කලෙක අලඞ්කාර වස්ත්‍රයෙන් සැරැසුණු රත්සඳුන් ගැල්වුනු ශරීරාවයව ඇති උතුම් කශීසළු දරන බ්‍රාහ්මණ සමූහයෝ වනයට හුදෙකලා යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4551. කදාස‍්සු මං අමච‍්චගණා සබ‍්බාලඞ‍්කාරභූසිතා, පිතවම‍්මධරා සූරා පුරතො ගච‍්ඡමාලිනී; යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4551. කවර කලෙක සව්බරණින් සැරැසුණු කහපැහැ ඇති පෙරටුව යන ශූර ඇමැතිගණයා හුදෙකලා වනයට යන මා අනුව නො යද්ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4552. කදාස‍්සු මං සත‍්තසතා භරියා සබ‍්බාලඞ‍්කාරභූසිතා, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4552. කවර කලෙක සර්‍වාලඞ්කාරයෙන් සැරැසුණු සත්සියයක් ස්ත්‍රීහු හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4553. කදාස‍්සු මං සත‍්තසතා භරියා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4553. කවර කලෙක මනාකොට හික්මුණු කෘශ වූ සිරුරු මැද පෙදෙස් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4554. කදාස‍්සු මං සන‍්නතා භරියා අස‍්සවා පියභාණිනී, යන‍්තං මං නානුයිස‍්සන‍්ති තං කදාස‍්සු භවිස‍්සති.
4554. කවර කලෙක ප්‍රිය තෙපුල් ඇති සත්සියයක් භාර්‍ය්‍යාවෝ හුදෙකලා වනයට යන මා අනුව නො යන්නාහු ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?
4555. කදාහං පත‍්තං ගහෙත්‍වාන මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො, පිණ‍්ඩිකාය චරිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4555. කවර කලෙක හිස මුඬු කළ සඟළ සිවුරක් පෙර වූ මම පාත්‍රයක් රැගෙන පිඬු සිඟා හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4556. කදාහං පංසුකූලානං උජ‍්ඣිතානං මහාපථෙ, සඞ‍්ඝාටිං ධාරයිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4556. කවර කලෙක මහ මග හැර දැමූ පාංශුකූල වස්ත්‍රයෙන් සඟළ සිවුරක් දරන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4557. කදාහං සත‍්තාහං මෙඝෙ ඔවට‍්ඨො අල‍්ලචීවරො, පිණ‍්ඩිකායා චරිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4557. කවර කලෙක (බැඳගෙන වස්නා) සත්දා වැස්සෙන් තෙත් සිවුරු ඇති මම පිඬු පිණිස හැසිරෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4558. කදාහං සබ‍්බහං ඨානං රුක‍්ඛා රුක‍්ඛා වනා වනං, අනපෙක‍්ඛො විහරිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4558. කවර කලෙක ගසින් ගසට වනයෙන් වනයට පැමිණ ඇලුම් නොකොට මුළු දවස ම වසන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4559. කදාහං ගිරිදුග‍්ගෙසු පහීනභයභෙරවො, අදුතියො විහරිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4559. කවර කලෙක ගිරි දුර්‍ගමස්ථානයන්හි පහ වූ බිය ඇති වැ හුදෙකලා ව හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4560. කදා වීණංව රුජකො සත‍්තතන‍්තිං මනොරමං, චිත‍්තං උජුං කරිස‍්සාමි තං කදාස‍්සු භවිස‍්සති.
4560. කවර කලෙක වීණා වාදකයෙකු සත් තතක් ඇති සිත්කලු වීණාව මෙන් සිත ඍජු කරන්නෙම් ද, එබඳු පැවිද්ද කවර කලෙක සිදු වන්නේ ද?
4561. කදාහං රථකාරොව පරිකන‍්තං උපාහනං, කාමසංයොජනෙ ඡෙවඡං යෙ දිබ‍්බෙ යෙ ච මානුසෙ.
4561. කවර කලෙක මම පාවහන් සිඳුනා සොම්වරකු මෙන් දිව්‍ය වූ ද මානුසික වූ ද කාමසඤ්ඤෝජනයන් සිඳින්නෙම් දැ යි (මහාජනක රජ කී ය.)
4562. තා ච සත‍්තසතා භරියා සබ‍්බාලඞ‍්කාරභූසිතා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා නො විජහිස‍්සසි.
4562. සියලු අලඞ්කාරයෙන් සැරැසුණු ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවර හෙයින් අප අත්හරින්නෙහි දැ යි අත් ඔසවාගෙනැ හැඬූහ.
4563. තා ච සත‍්තසතා භරියා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා නො විජහිස‍්සසි.
4563. මනාව හික්මුණු කෘශ වූ මධ්‍යභාග ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවර හෙයින් අප හරනෙහි දැ යි අත් ඔසවාගෙනැ හැඬූහ.
4564. තා ච සත‍්තසතා භරියා අස‍්සවා පියභාණිනී, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං කස‍්මා නො විජහිස‍්සසි.
4564. කීකරු වූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවෝ කවරහෙයින් අප හරනෙහි දැ යි අත් ඔසවාගෙන හැඬූහ.
4565. තා ච සත‍්තසතා භරියා සබ‍්බාලඞ‍්කාරභූසිතා, හිත්‍වා සම‍්පද‍්දයී රාජා පබ‍්බජ‍්ජාය පුරක‍්ඛතො.
4565. සියලු අලඞ්කාරයෙන් සැරැසුණු ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් ද හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙම නික්මැ ගියේ ය.
4566. තා ච සත‍්තසතා භරියා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා, හිත්‍වා සම‍්පද‍්දයී රාජා පබ‍්බජ‍්ජාය පුරක‍්ඛතො.
4566. මනාකොට හික්මුණු කෘශ වූ ශරීර මධ්‍ය ප්‍රදේශ ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙම නික්මැ ගියේ ය.
4567. තා ච සත‍්තසතා භරියා අස‍්සවා පියභාණිනී, හිත්‍වා සම‍්පද‍්දයී රාජා පබ‍්බජ‍්ජාය පුරක‍්ඛතො.
4567. කීකරුවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ නික්මැ ගියේ ය.
4568. හිත්‍වා සතඵලං කංසං සොවණ‍්ණං සතරාජිකං, අග‍්ගහි මත‍්තිකාපත‍්තං තං දුතියාභිසෙචනං.
4568. එ රජ තෙම සියක් පළමකින් කළ සියගණන් රේඛා ඇති රන්තලිය හැර දෙවැනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේ ය.
4569. වෙස‍්මා අග‍්ගිස‍්මා ජාලා කොසා ඩය‍්හන‍්ති භාගසො, රජතං ජාතරූපඤ‍්ච මුත‍්තා වෙළුරියා බහුං.
4569. (මහරජ ඔබගේ නුවර පෙරමග) ගෙවල් ගින්නෙන් ඇවිල ගියේ ය. ගිනිදැලින් සම වැ දිලිසේ. බඩු ගබඩා කොටස් වශයෙන් දැවෙයි. එහි රිදී, රන්, මුතු, වෙරළුමිණි ද බොහෝ ය.
4570. මරණයො සඞ‍්ඛමුත‍්තා ච වත්‍ථිකං හරිචන්‍දනං, අජිනං දන‍්තභණ‍්ඩඤ‍්ච ලොහං කාළායසං බහූ; එහි රාජ නිවත‍්තස‍්සු මා තෙ තං විනසා ධනං.
4570. මැණික් ද, සක්මුතු ද, පිළී කොඩි ද, රසඳුන් ද, අඳුන් දිවිසම් ද, දළමුවා බඩු ද, තඹ ආදී ලෝහ භාණ්ඩ ද, කාළ ලෝහ භාණ්ඩ ද බොහෝ වෙයි. මහරජ එනු මැනව. නවතිනු මැනව. ඔබ සතු ධනය නො නසනු මැනවැ යි (සීවලී බිසව කීවා ය.)
4571. සුසුඛං වත ජිවාම යෙසං නො නත්‍ථි කිඤ‍්චනං, මිථිලාය ඩය‍්හමානාය න මෙ කිඤ‍්චි අඩය‍්හථ.
4571. යම්බඳු අපට කිසිවක් නැත්තේ ද ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වම්හ. මියුලු නුවර දැවෙන කල්හි මා සතු කිසිවක් නො දැවෙන්නේ ය යි (රජ තෙම කීය.)
4572. අටවියො සමුප‍්පන‍්නා රට‍්ඨං විද‍්ධංසයන‍්ති තං, එහි රාජ නිවත‍්තස‍්සු මා රට‍්ඨං විනසා ඉදං.
4572. මහරජ, වනගත සොරු පැමිණියහ. ඔබසතු ඒ රට වනසති. මහරජ, එනු මැනව. නවතිනු මැනව. මේ රට නො නසනු මැනවැ යි (සීවලී බිසව කීවා ය.)
4573. සුසුඛං වත ජිවාම යෙසං නො නත්‍ථි කිඤ‍්චනං, රට‍්ඨෙ විලුම‍්පමානම‍්හි න මෙ කිඤ‍්චි අජීරථ.
4573. යම්බඳු අපට කිසිවක් නැත්තේ ද ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වම්හ. රට පහරන කලැ මාගේ කිසිවක් නො නැසේ.
4574. සුසුඛං වත ජිවාම යෙසං නො නත්‍ථි කිඤ‍්චනං, පීතිභක‍්ඛා භවිස‍්සාම දෙව ආභස‍්සරා යථා.
4574. යම්බඳු අපට අයත් කිසිවක් නැද්ද අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වම්හ. ආභස්සර නම් බඹලෝ වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමු යි (රජ තෙම කී ය.)
4575. කිම‍්භෙසො මහතො ඝොසො කා නු ගාමෙ කිලීලියා, සමණඤ‍්ඤෙව පුච‍්ඡාම කත්‍ථෙසො අභිසටො ජනො.
4575. මේ මහා ජන ඝෝෂය කවර හෙයින් ද? ගමෙහි මෙන් මේ කිලිකිලි යන ශබ්දය කුමක් ද? ශ්‍රමණ වූ ඔබ මැ විචාරමු. කවර හෙයින් මේ මහජනයා රැස්වේ දැ යි (නාරද නම් තාපස තෙම ඇසී ය.)
4576. මමං ඔහාය ගච‍්ඡන‍්තං එත්‍ථෙසො අභිසටො ජනො, සීමාතික‍්කමනං යන‍්තං මුනීමොනස‍්ස පත‍්තියා; මිස‍්සං නන්‍දීහි ගච‍්ඡන‍්තං කිං ජානමනුපුච‍්ඡසි.
4576. ඔවුන් හැර යන මා නිසා මේ මහාජනයා මෙහි රැස් වූයේ ය. කෙලෙස් සීමාව ඉක්මවා යන අනගාරිය මුනි සංඛ්‍යාත තපසට පැමිණීම් පිණිස සතුටින් යන මා දැන ගෙන කුමට විචාරන්නෙහි දැ යි (රජ තෙම ඇසී ය.)
4577. මාස‍්සු තිණ‍්ණො අමඤ‍්ඤිත්‍ථො සරීරං ධාරයං ඉමං, අතීරණෙය්‍යමිදං කම‍්මං බහූ හි පරිපන්‍ථයො.
4577. මේ පැවිදි සිරුර දරන්නේ කෙලෙස් නැසුවේ යැ යි නො සිතව. මේ කෙලෙස් සමූහය මෙපමණකින් තරණය කළහැකි ද නො වේ. උපද්‍රවයෝ බොහෝ යැ යි (තාපස තෙම කී ය.)
4578. කො නු මෙ පරිපන්‍ථස‍්ස මම එවං විහාරිනො, යො නෙවදිට‍්ඨෙ නාදිට‍්ඨෙ කාමානමභිපත්‍ථයෙ.
4578. යමෙක් මේ ලොව්හි ද පරලොව්හි ද කාමසම්පත් නො පතන්නේ නම් එසේ වෙසෙන මට කවර උවදුරෙක් වන්නේ දැ යි (බෝසත් තෙම කී ය.)
4579. නිද‍්දා තන්‍දී විජම‍්භිකා අරතී භත‍්තසම‍්මදො, ආවසන‍්ති සරීරට‍්ඨා බහූහි පරිපන්‍ථයො.
4579. නින්ද ය අලසබව ය ඈනුම් ඇරීම ය නො ඇල්ම ය බත්මත ය යන බොහෝ උවදුරු තොපගේ සිරුරෙහි පිහිටා වෙසෙතැ යි (නාරද තාපස තෙම කී ය.)
4580. කල්‍යාණං වත මං භවං බ්‍රාහ‍්මණමනුසාසසි, බ්‍රාහ‍්මණං යෙව පුච‍්ඡාමි කොනු ත්‍වමසි මාරිස.
4580. පින්වත් බ්‍රාහ්මණය, මට යහපත් අනුශාසනා කෙරෙහි. නිදුකාණෙනි, ඔබ කවරෙක් දැ යි බ්‍රාහ්මණ වූ ඔබ මැ විචාරමි යි (බෝසත් තෙම කී ය.)
4581. නාරදො ඉති මෙ නාමං කස‍්සපො ඉති මං විදූ, භොතො සකාසෙ ආගඤ‍්ඡිං සාධු සබ‍්භි සමාගමො.
4581. නාරද යනු මාගේ නමයි, ගෝත්‍ර වශයෙන් කාශ්‍යප යැ යි මා දනිති. පින්වත් තොප සමීපයට පැමිණියෙමි. සත්පුරුෂයන් හා සමාගමය යහපති.
4582. තස‍්ස තෙ සබ‍්බො ආනන්‍දො විහාරො උපවත‍්තතු, යදූනං තං පරිපූරෙහි ඛන‍්තියා උපසමෙන ච.
4582. ඒ තොපට සියලු සතුටු විහරණ වේවා, සිවු බඹවිහරණය පවතීවා, යමක් අඩු වෙයි නම් එය ඉවසීමෙන් හා සන්හිඳීමෙන් සම්පූර්‍ණ කළ මැනවි.
4583. පසාරය සන‍්නත‍්තඤ‍්ච උන‍්නත‍්තඤ‍්ච පසාරය, කම‍්මං විජ‍්ජඤ‍්ච ධම‍්මඤ‍්ච සක‍්කත්‍වාන පරිබ‍්බජ.
4583. අවමානය ද දුරු කළ මැනවි. අතිමානය ද දුරු කළ මැනවි. දශ කුසලකර්‍ම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ද මහණදම් ද සකස් කොට පවතිනු මැනවැ යි (නාරද තාපස තෙම අවවාද කොට ගියේ ය.)
4584. බහූහත්‍ථි ච අස‍්සෙ ච නගරෙ ජනපදානි ච, හිත්‍වා ජනක පබ‍්බජිතො කපල‍්ලෙ රතිමජ‍්ඣගා.
4584. එම්බා මහාජනක රජතුමනි, බොහෝ ඇතුන් ද අසුන් ද නගරයන් හා ජනපදයන් ද හැර පැවිදි වූ ඔබ මැටි පාත්‍රයෙහි ඇලුණහු ය.
4585. කච‍්චින‍්නු තෙ ජානපදා මිත‍්තා මච‍්චා ච ඤාතකමා, දුභිං අකංසු ජනක කස‍්මා චෙතං අරුච‍්චථ.
4585. එම්බා මහාජනක රජතුමනි, කිම එ දනව් වැස්සෝ ද මිත්‍රාමාත්‍යයෝ ද, නෑයෝ ද ඔබට කිසි අපරාධයක් කළාහු ද කවර හෙයින් මේ මැටි පාත්‍රය කැමති වූහු දැ යි (මිගාජින නම් තාපස තෙම ඇසී ය.)
4586. න මිගාජින ජාතුච‍්ච අහං කඤ‍්චි කුදාචනං, අධම‍්මෙන ජිනෙ ඤාතිං න චාපි ඤාතයො මමං.
4586. එම්බා මිගාජින තවුසනි, ඒකාන්තයෙන් ම මම කවර කලෙකවත් අධර්‍මයෙන් කිසි නෑයෙකු නො දිනුවෙමි. නෑයෝ ද මා නො දිනූහ යි බෝසත් තෙමේ කී ය.
4587. දිස‍්වාන ලොකවත‍්තන‍්තං ඛජ‍්ජන‍්තං කද‍්දමිකතං, හඤ‍්ඤරෙ බජ‍්ඣරෙ චෙත්‍ථ යත්‍ථ සත‍්තො පුථුජ‍්ජනො; එතාහං උපමං කත්‍වා භික‍්ඛකොස‍්මි මිගාජින.
4587. එම්බා මිගාජින තවුසනි, යම් ක්ලේශවස්තුවක ඇලුණු පෘථග්ජනයෙක් නැසේ ද බැඳේ ද මෙහි මෙහි කෙලෙසුන් විසින් අනුභව කරන කෙලෙසුන් විසින් ම මඩ ගොහුරුවක් කරන ලද ලෝකයාගේ පැවැත් ම දුටු මම මේ කාරණය ම උපමා කොට පිඬු සිඟන්නෙක් වීමි යි බෝසත් තෙමේ කීය.
4588. කොනු තෙ භගවා සත්‍ථා කස‍්සෙතං වචනං සුචි නහි කප‍්පං වා විජ‍්ජං වා පච‍්චක‍්ඛාය රථෙසභ: සමණං ආහු වත‍්තන‍්තං යථා දුක‍්ඛස‍්සතික‍්කමො.
4588. මහරජ, ඔබගේ පින්වත් අනුශාසක තෙමේ කවරෙක් ද? ඔබ කියන පිරිසිදු බස කවරකුගේ වචනයක් ද? ශ්‍රමණ වේශය හෝ ශ්‍රමණ විද්‍යාව හෝ හැර යම්සේ දුක් ඉක්මවා ද එසේ පවත්නා ශ්‍රමණයකු නො ම කියද්ද එහෙයිනැ යි මිගාජින තෙමේ කී ය.
4589. න මිගාජින ජාතුච‍්ච අහං කඤ‍්චි කුදාචනං, සමණං බ්‍රාහ‍්මණං වාපි සක‍්කත්‍වා අනුපාවිසිං.
4589. පින්වත් මිගාජින තවුසනි, ඒකාන්තයෙන් මම කිසි කලෙක කිසියම් ශ්‍රමණයකුට හෝ කිසියම් බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ඇසීමට නො පැමිණියෙමියි බෝසත් තෙමේ කී ය.
4590. මහතා චානුභාවෙන ගච‍්ඡන‍්තො සිරියාජලං, ගීයමානෙසු ගීතෙසු වජ‍්ජමානෙසු වග‍්ගුසු; තුරියතාළිතසංඝුට‍්ඨෙ සම‍්මතාලසමාහිතෙ.
4590-4591. පින්වත් මිගාජින තවුසනි, මනහර ගී ගයන කල මිහිරි නද ඇති වාද්‍ය වයන කල වයන තූර්‍ය්‍ය ඝෝෂ ඇති කල කුලුතාලම් ශබ්ද ඇති කල මහත් රාජානුභාවයෙන් ද ශෝභාවෙන් ද දිලියෙමින් යන ඒ මම ඵල කැමැති මිනිසුන් විසින් විනාශ කළ එම ඵල දරන අඹ රුකක් ප්‍රාකාරයෙන් වටකළ උයනෙහි දිටිමි.
4591. සමිගාජින මද‍්දක‍්ඛිං ඵලං අම‍්බං තිරොච‍්ඡදං, තුජ‍්ජමානං මනුස‍්සෙහි ඵලකාමෙහි ජන‍්තුහි.
4592. සො ඛො හන‍්තං සිරිං හිත්‍වා ඔරොහිත්‍වා මිගාජින, මූලං අම‍්බස‍්සුපාගඤ‍්ඡිං ඵලිනො නිප‍්ඵලිතස‍්ස ච.
4592. මිගාජින නම් තවුසාණෙනි, ඒ මම ද වනාහි උයන් සිරි බලා ඇතු පිටින් බැස ඵල දරන වැනැසුණු අඹරුක මුලට පැමිණියෙමි.
4593. ඵලං අම‍්බං හතං දිස‍්වා විද‍්ධසතං විනලීකතං, අථෙතං ඉතරං අම‍්බං නීලොභාසං මනොරමං.
4593. විනාශ කළ කොළ අතු පවා වැනසූ ඵල විනාශ කළ අඹරුක දැක ඉක්බිති සිත්කලු නීලවර්‍ණයෙන් බබළන මේ අනික් ඵල නැති අඹරුක දිටිමි.
4594. එවමෙව නූනම‍්හෙපි ඉස‍්සරෙ බහුකණ‍්ටකෙ, අමිත‍්තා නො වධිස‍්සන‍්ති යථා අම‍්බො ඵලී හතො.
4594. යම්සේ ඵල ඇති අඹරුක වනසන ලද ද එසේ ම බොහෝ කරදර ඇති ඉසුරුමත් අපට ද සතුරෝ හිංසා නො කරන්නාහු ද?
4595. අජිනම‍්හි හඤ‍්ඤතෙ දීපි නාගො දන‍්තෙහි හඤ‍්ඤතෙ, ධනම‍්හි ධනිනො හන‍්ති අනිකෙතමසන්‍ථවං; ඵලී අම‍්බො අඵලො ච තෙ සත්‍ථාරො උභො මම.
4595. සම හේතු කොටගෙන අඳුන් දිවියා නසනු ලැබේ. දළ හේතු කොටගෙන ඇතා නසනු ලැබේ. ධනය හේතු කොට ගෙන ධනවතා නසනු ලැබේ. වාසස්ථානයක් නැති බැඳුමක් නැති පැවිද්දහු කවරෙක් නසා ද? ගෙඩි ඇති අඹරුක ද ගෙඩි නැති අඹරුක ද යන ඒ දෙරුක මාගේ ශාස්තෘවරයෝ වූවහ යි බෝසත් තෙමේ කී ය.
4596. සබ‍්බො ජනො පව්‍යධිතො රාජා පබ‍්බජිතො ඉති, හත්‍ථාරොහා අනීකට‍්ඨා රථිකා පත‍්තිකාරිකා.
4596. මහරජ, ඔබ පැවිදි වූහ යි ඇතරුවෝ ද සේනාවන්හි නතු වූවෝ ද රථ සේනාවෝ ද පාබළ සේනාවෝ ද යන සියලු මහජන තෙමේ බියෙන් තැති ගති.
4597. අස‍්සාසයිත්‍වා ජනතං ඨපයිත්‍වා පටිච‍්ඡදං, පුත‍්තං රජ‍්ජෙ ඨපෙත්‍වා අථ පච‍්ඡා පබ‍්බජිස‍්සසි.
4597. මහජනයා අස්වසා නුවරට ආරක්‍ෂා සලසා දීඝාවුකුමාර නමැති පුතා රජයෙහි පිහිටුවා ඉන්පසු පැවිදි වන්නහු නම් මැනවැ යි සීවලී දේවි පැවසූ.
4598. වත‍්තා මයා ජානපදා මිත‍්තාමච‍්චා ච ඤාතකා, සන‍්ති පුත‍්තා විදෙහානං දීඝාවු රට‍්ඨවඩ‍්ඪනො; තෙ රජ‍්ජං කාරයිස‍්සන‍්ති මිථිලායං පජාපති.
4598. එම්බා දේවිය, මවිසින් දනවුවැස්සෝ හරන ලදහ. මිත්‍රයෝ ද නෑයෝ ද හැරදමන ලදහ. විදේහවාසීන්ගේ රට වර්ධනය කරන දීඝාවු නම් පුත්‍රයෝ ඇත, ඔව්හු මියුලු නුවර රජය කරවන්නාහ යි රජ තෙමේ කීය.
4599. එහි තං අනුසික‍්ඛාමි යං වාක්‍යං මම රුච‍්චති, රජ‍්ජං තුවං කාරයන‍්ති පාපං දුච‍්චරිතං බහුං: කායෙන වාචා මනසා යෙන ගඤ‍්ඡිසි දුග‍්ගතිං.
4599. එම්බා දේවිය, මාගේ යම් වචනයකට කැමැති ද එසේ නම් එව, එයින් තිට අනුශාසනා කරමි. රජය කරවන තී කය, වචන, සිත යන යමකින් දුගතියට යන්නෙහි ද එබඳු දුසිරිත් බොහෝ පව් කරන්නෙහි ය.
4600. පරදින‍්නකෙන පරනිට‍්ඨිතෙන, පිණ‍්ඩෙන යාපෙහි සධීරධම‍්මො.
4600. අනුන් විසින් නිමැවුණු දෙන ලද ආහාරයකින් යැපෙව, මේ පිඬු සිඟා යැපීම නම් නුවණැත්තන්ගේ ස්වභාව ධර්‍මයෙකැ යි බිසොවට අවවාද කෙළේ ය.
4601. යොපි චතුත්‍ථෙ භත‍්තකාලෙ න භුඤ‍්ජෙ අජද‍්ධුමාරිව ඛුදාය මීයෙ, න ත්‍වෙව පිණ‍්ඩං ලුලිතං අනරියං කුලපුත‍්තරූපො සප‍්පුරිසො න සෙවෙ තයිදං න සාධු තයිදං න සුට‍්ඨු සුනඛුච‍්ඡිට‍්ඨකං භුඤ‍්ජසෙ ත්‍වං.
4601. ඉදින් යමෙකු සතරවැනි බත් අනුභව කරන කලැ අනුභව නො කරන්නේ ද අනාථ මරණ ඇත්තේ ම ක්‍ෂුධාවෙන් මිය යන්නේ ද, වැලි තැවරුණු අයහපත් අහර අනුභව කරන්නේ ද කුලපුත්‍ර ස්වභාව ඇති සත්පුරුෂ තෙමේ මෙ බඳු ආහාර අනුභව නො කරන්නේ ය. මහරජ, යම් බල්ලකු ඉඳුල් කළ අහරක් ඔබ වළඳන්නහු නම් ඒ වැළඳීම යහපත් නො වේ. ශෝභන නො වේ ය යි බිසොව කීවා.
4602. න චා පි මෙ සීවලි සො අභක‍්ඛො යං හොති චත‍්තං ගිහිනො සුනඛස‍්ස වා, යෙ කෙචි භොගා ඉධ ධම‍්මලද‍්ධා සබ‍්බො සො භක‍්ඛො අනවජ‍්ජාති වුත‍්තො.
4602. එම්බා සීවලී දේවිය, ගිහියකු විසින් ද සුනඛයකු විසින් ද හැර දැමූ යමක් වේ නම් ඒ පිණ්ඩපාතය මා නො කෑ යුත්තක් නො වේ. මෙ ලෙව්හි දැහැමින් ලද යම්කිසි භෝගයෝ වෙත් නම් ඒ සියල්ල අනුභව කටයුතු ය. නිවැරැදි ය යි පැවැසුණු බව රජ තෙමේ කීය.
4603. කුමාරිකෙ උපසෙනියෙ නිච‍්චං නිගළ මණ‍්ඩිතෙ, කස‍්මා තෙ එකො භුජො ජනති එකො තෙ න ජනති භුජො,
4603. නිතර මව ළඟ සයනය කරන ස්වභාව ඇති එම්බල දැරිය කවර හෙයින් තීගේ එක් අතක් ශබ්ද කෙරේ ද එක් අතක් ශබ්ද නො කෙරේ දැ යි රජ තෙමේ ළදැරිය ගෙන් ඇසී ය.
4604. ඉමස‍්මිං මෙ සමණ හත්‍ථෙ පටිමුක‍්කා දුනීධුරා, සඞ‍්ඝාතා ජායතෙ සද‍්දො දුතියස‍්සෙව සා ගති.
4604. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අත්හි පැළඳි වළලු දෙකෙකි. ශබ්දය හටගන්නේ එකට හැපීමෙන් ය. දෙවැන්නක් ඇත්තහුගේ ම මේ ස්වභාවය වෙයි.
4605. ඉමස‍්මිං මෙ සමණා හත්‍ථෙ පටිමුක‍්කො එකනීධුරො, සො අදුතියො න ජනති මුනිභූතොව තිට‍්ඨති.
4605. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි එක් වළල්ලක් දමන ලදී. දෙවැන්නක් නැති බැවින් එය නිශ්ශබ්ද ය. කෙලෙස් පහ කළ මුනිවරයකු මෙන් එය නිහඬ වැ සිටී.
4606. විවාදප‍්පත‍්තො දුතියො කෙනෙකො විවදිස‍්සති, තස‍්ස තෙ සග‍්ගකාමස‍්ස එකත‍්තමුපරොචතං.
4606. දෙවැන්නක ඇත්තේ විවාදයට පත් වූයේ වෙයි. හුදෙකලා වූයේ කවුරුන් සමග විවාද කරන්නේ ද? එහෙයින් සඟ සැප කැමති ඒ ඔබට හුදෙකලා බව කැමති වේව යි ළදැරිය කීවා ය.
4607. සුණසි සීවලී ගාථා කුමාරියා පවෙදිතා, පෙස‍්සියා මං ගරහිත්‍ථො දුතියස‍්සෙව සා ගති.
4607. එම්බා සීවලී දේවිය, ළදැරිය කියූ ගාථා ඇසුවෙහි ය. වැඩකාරියක් වන ඕ තොමෝ දෙවැන්නෙක් ඇත්තහුගේ මැ මේ ස්වභාවය වේය යි මට නින්‍දා කළාය.
4608. අයං ද‍්වෙධා පථො භද‍්දෙ අනුචිණ‍්ණො පථාවිහි, තෙසං ත්‍වං එකං ගණ‍්හාහි අහමෙකං පුනාපරං.
4608-4609. සොඳුර, මඟීන් යන එන මෙ දෙමං සන්‍ධියෙකි. මෙයින් තී කැමති මඟක් ගනුව. නැවත මම අනික් මඟ ගනිමි. සීවලී දේවිය, මාගේ ස්වාමියා ය යි තී නො කියව. මම ද මාගේ භාර්‍ය්‍යාව ය යි නො කියමි රජ තෙම කී ය. මෙ බස කියන්නෝ මැ ථූණ නම් නුවරට පැමිණියහ.
4609. නෙව මං ත්‍වං “පතී මෙ”ති මාහං “භරියා” ති වා පුන, ඉමමෙව කථං කථයන‍්තා ථූණං නගරුපාගමුං.
4610. කොට‍්ඨකෙ උසුකාරස‍්ස භත‍්තකාලෙ උපට‍්ඨිතෙ, තත්‍ර ච සො උසුකාරො (එකං දණ‍්ඩං උජුං කතං;) එකඤ‍්ච චක‍්ඛුං නිග‍්ගය‍්හ ජිම‍්හමෙකෙන පෙක‍්ඛති.
4610. එහි රජ තෙමේ තමන් අනුභව කරන වේලාව පැමිණි කල හී වඩුවාගේ කොටුව වෙත පැමිණ සිටියේ ය. එහි ද ඒ හී වඩුවා එක් ඇසක් වසා එක් ඇසින් ඇදය බලයි.
4611. එවං නො සාධු පස‍්සසි උසුකාර සුණොහි මෙ, යදෙකං චක‍්ඛුං නිග‍්ගය‍්හ ජිභම‍්මෙකෙන පෙක‍්ඛසි.
4611. යහළු හී වඩුව, මෙසේ මැනැවින් බලන්නෙහි නම් මාගේ බස් අසව. එක් ඇසක් පියා එක් ඇසකින් බලව යන යමක් ඇත්නම් එය යි.
4612. ද‍්වීහි සමණ චක‍්ඛූහි විසාලං විය ඛායති, අසම‍්පත්‍වා පරං ලිඞ‍්ගං නුජජුභාවාය කප‍්පති.
4612. පින්වත් ශ්‍රමණයන් වහන්ස, දෑසින් බලන කළ විශාල වූවාක් මෙන් වැටහෙයි. ඇද තැනට නො පැමිණ ඇද නැති කරන්නට සුදුසු නො වේ.
4613. එකඤ‍්ච චක‍්ඛුං නිග‍්ගය‍්හ ජිම‍්භමෙකෙන පෙක‍්ඛතො, සම‍්පත්‍වා පරමං ලිඞ‍්ගං උජුභාවාය කප‍්පති.
4613. එක් ඇසක් පියාගෙන එක් ඇසකින් බලන්නහුට ඇද තැන බලා ඍජු කිරීම සුදුසු වේ.
4614. විවාදප‍්පත‍්තො දුතියො කෙනෙකො විවදිස‍්සති, තස‍්ස තෙ සග‍්ගකාමස‍්ස එකත‍්තමුපරොවතං.
4614. දෙවැන්නක ඇත්තේ විවාදයට පැමිණියේ වෙයි. හුදෙකලා වූයේ කවරකු සමග විවාද කරන්නේ ද? ස්වර්‍ගයට යනු කැමති ඒ ඔබට හුදෙකලා වීම කැමති වේව යි හී වඩු තෙමේ අවවාද කෙළේය.
4615. සුණසි සීවලි ගාථා උසුකාරෙණ පවෙදිතා, පෙස‍්සියා මං ගරහිත්‍ථො දුතියස‍්සෙව සා ගති.
4615. එම්බා සීවලී දේවිය, හී වඩුවා කියූ ගාථා ඇසුවෙහි ද? දෙවැන්නක ඇත්තහුගේ මේ ස්වභාවය යි කියා හී වඩුවා මට අපහාස කෙළේය.
4616. අයං ද‍්වෙධා පථො භද‍්දෙ අනුචිණ‍්ණා පථාවිහි, තෙසං ත්‍වං එකං ගණ‍්හාහි අහමෙතං පුනාපරං.
4616-4617. සොඳුර මඟීන් යන එන මේ දෙමං සන්‍ධියෙකි. මෙයින් තී කැමති මඟක් ගනු. ඉක්බිති මේ අනික් මඟ මම ගනිමි. මගේ සැමියා යැ යි තී මට නො කියව. මම ද මගේ භාර්‍ය්‍යාව ය යි නැවත නො කියමි රජ තෙමේ කී ය. එම්බා සීවලී දේවිය, වෙන් කොට ගත් මුදු තණ ගොබය මෙන් තී හා නැවත එක් නොවී මම තනි වැ වසන්නෙමි. තී ද තනි වැ වසව යි ඇයට අවවාද කෙළේ යැ යි වදාළහ.
4617. නෙව මං ත්‍වං “පති මෙ”ති මාහං “භරියා” ති වා පුන, මුඤ‍්ජාවිසිකා පවාළ‍්හා එකා විහර සීවලී ති.
මහාජනකජාතකං දුතියං.
දෙවන මහාජනක ජාතක යි.