යෙදුමෙන් කියවන්න

2. මහාජනකජාතකවණ‍්ණනා 539 අට‍්ඨකථා

2. මහාජනකජාතකවණ‍්ණනා (539)

2. මහාජනක ජාතකය (539)

කොයං මජ‍්ඣෙ සමුද‍්දස‍්මින‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි භික‍්ඛූ ධම‍්මසභායං සන‍්නිසින‍්නා තථාගතස‍්ස මහාභිනික‍්ඛමනං වණ‍්ණයන‍්තා නිසීදිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

[missing trans] යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසද්දී මහාභිනිෂ්ක්‍රමණය අරබයා දේශනා කළ සේක. එක් දිනක භික්‍ෂූහු තථාගතයන් වහන්සේගේ මහබිනික්මන් වනමින් කතා කර සිටියාහුය. ශාස්තෲන් වහන්සේ එහි පැමිණ ‘මහණෙනි, මෙපමණ වේලාවක් කුමන කතාවකින් යුක්තව හුන්නාහුදැ’යි විචාරා මෙබඳු කතාවකින් යැයි කී කල්හි ‘මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද තථාගතයන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කළේයැයි කියා අතීතය ගෙනහැර දක්වා වදාළ සේක.

අතීතෙ විදෙහරට‍්ඨෙ මිථිලායං මහාජනකො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස ද‍්වෙ පුත‍්තා අහෙසුං අරිට‍්ඨජනකො ච පොලජනකො චාති. තෙසු රාජා ජෙට‍්ඨපුත‍්තස‍්ස උපරජ‍්ජං අදාසි, කනිට‍්ඨස‍්ස සෙනාපතිට‍්ඨානං අදාසි. අපරභාගෙ මහාජනකො කාලමකාසි. තස‍්ස සරීරකිච‍්චං කත්‍වා රඤ‍්ඤො අච‍්චයෙන අරිට‍්ඨජනකො රාජා හුත්‍වා ඉතරස‍්ස උපරජ‍්ජං අදාසි. තස‍්සෙකො පාදමූලිකො අමච‍්චො රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “දෙව, උපරාජා තුම‍්හෙ ඝාතෙතුකාමො”ති ආහ. රාජා තස‍්ස පුනප‍්පුනං කථං සුත්‍වා කනිට‍්ඨස‍්ස සිනෙහං භින්‍දිත්‍වා පොලජනකං සඞ‍්ඛලිකාහි බන්‍ධාපෙත්‍වා රාජනිවෙසනතො අවිදූරෙ එකස‍්මිං ගෙහෙ වසාපෙත්‍වා ආරක‍්ඛං ඨපෙසි. කුමාරො “සචාහං භාතු වෙරීම‍්හි, සඞ‍්ඛලිකාපි මෙ හත්‍ථපාදා මා මුච‍්චන‍්තු, ද‍්වාරම‍්පි මා විවරීයතු, සචෙ නො වෙරීම‍්හි, සඞ‍්ඛලිකාපි මෙ හත්‍ථපාදා මුච‍්චන‍්තු, ද‍්වාරම‍්පි විවරීයතූ”ති සච‍්චකිරියමකාසි. තාවදෙව සඞ‍්ඛලිකාපි ඛණ‍්ඩාඛණ‍්ඩං ඡිජ‍්ජිංසු, ද‍්වාරම‍්පි විවටං. සො නික‍්ඛමිත්‍වා එකං පච‍්චන‍්තගාමං ගන‍්ත්‍වා වාසං කප‍්පෙසි.

අතීතයෙහි වේදේහ රට මිථිලා නුවර මහාජනක නම් රජෙක් රාජ්‍ය කළේය. ඔහුට අරිට්ඨ ජනක හා පෝළජනක යැයි පුතුන්දෙදෙනෙක් වූහ. රජතුමා දෙටු පුතුට යුවරජ තනතුරද කනිටු පුතුට සේනාපති තනතුරද පිරිනැමීය. පසුකලෙක මහාජනක රජු කළුරිය කළ කල්හි අරිට්ඨ ජනක කුමාරයා රජවී මළනුවන්ට යුවරජ තනතුර දුන්නේය. රජුගේ එක් පාදමූලිකයෙක් (රජු සමග ගමන් යන සේවකයෙක්) රජු වෙත පැමිණ යුවරජු ඔබ නැසීමට සිතන්නේ යැයි ගතු කීවේය. ඔහු එසේ නිතර නිතර කියන කල්හි පෝළජනක කුමාරයා කෙරෙහි බිඳුන සිත් ඇත්තේ, පෝළ ජනක කුමාරයා සැකිල්ලකින් බැඳ රජගෙයි අසල එක් ගෙයක සිරකොට රැකවල් ලැවූහ. මෙහිදී පෝළජනක කුමාරයා ‘ඉදින් මා සහෝදරයාට වෛර වූයේ නම්, මේ සැකිලි නොබිඳේවා. දොරවල් ද නොඇරේවා. වෛර නොවූයේ නම් සැකිලි සිඳී ගොස් දොරවල්ද ඇරෙත්වා’යි සත්‍යක්‍රියා කළේය. ඒ මොහොතෙහිම සැකිලි කැඩී බිඳී ගියේය. දොරවල්ද විවර විය. ඔහු නික්ම එක් පිටිසර ගමකට ගොස් වාසය කළේය.

පච‍්චන‍්තගාමවාසිනො තං සඤ‍්ජානිත්‍වා උපට‍්ඨහිංසු. රාජාපි තං ගාහාපෙතුං නාසක‍්ඛි. සො අනුපුබ‍්බෙන පච‍්චන‍්තජනපදං හත්‍ථගතං කත්‍වා මහාපරිවාරො හුත්‍වා “අහං පුබ‍්බෙ භාතු න වෙරී, ඉදානි පන වෙරීම‍්හී”ති මහාජනපරිවුතො මිථිලං ගන‍්ත්‍වා බහිනගරෙ ඛන්‍ධාවාරං කත්‍වා වාසං කප‍්පෙසි. නගරවාසිනො යොධා “කුමාරො කිර ආගතො”ති සුත්‍වා යෙභුය්‍යෙන හත්‍ථිඅස‍්සවාහනාදීනි ගහෙත්‍වා තස‍්සෙව සන‍්තිකං ආගමිංසු, අඤ‍්ඤෙපි නාගරා ආගමිංසු. සො භාතු සාසනං පෙසෙසි “නාහං පුබ‍්බෙ තුම‍්හාකං වෙරී, ඉදානි පන වෙරීම‍්හි, ඡත‍්තං වා මෙ දෙථ, යුද‍්ධං වා”ති. රාජා තං සුත්‍වා යුද‍්ධං කාතුං ඉච‍්ඡන‍්තො අග‍්ගමහෙසිං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, යුද‍්ධෙ ජයපරාජයො නාම න සක‍්කා ඤාතුං, සචෙ මම අන‍්තරායො හොති, ත්‍වං ගබ‍්භං රක‍්ඛෙය්‍යාසී”ති වත්‍වා මහතියා සෙනාය පරිවුතො නගරා නික‍්ඛමි.

පිටිසර ගම්වැසියෝ ඔහු හැඳින පිරිවරකොට සිටියාහුය. එහෙත් රාජ්‍ය ගැනීමට තරම් ශක්තියක් තිබුණේ නැත. පෝළජනක කුමාරයා ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යන්ත ජනපදයත් තම පාලනයට ගෙන, මහත් පරිවාර සෙනගක් රැස්කර ගත්තේය. පසුව, මහත් සේනාවක් රැස් කරගත්, පෝළජනක කුමාරයා ‘මම පෙර සොහොයුරාට වෛර නොකළෙමි. එසේ වුවත් දැන් මාගේ වෛරයක් ඇතැ’යි කියා මිථිලාවට පැමිණ පිටනුවර කඳවුරු ළාගත්තේය. නුවර වැසියෝ පෝළජනක කුමාරයා පැමිණි බව දැන ක්‍රමයෙන් ඇත් අස් ආදී වාහන ගෙන ඔහු සමීපයට ගොස් පිරිවරා ගත්තාහුය. තව තවත් නුවරවැසියෝ ඔහු සමීපයට පැමිණියාහුය. පෝළජනක කුමාරයා, සොහොයුරාට හස්නක් යවන්නේ ‘මම, පෙර ඔබට විරුද්ධ නොවූයෙමි. දැන් විරුද්ධ වෙමි. මට රාජ්‍යය නොදුනහොත් යුධ වදිමි’යි කියා යැවීය. රජු යුද පිණිස යන්නේ අගමෙහෙසිය අමතා ‘සොඳුර යුද්ධයෙහි ජය පරාජයක් කීමට නොහැකිය. ඉදින් මට අන්තරායක් වුවහොත් ඔබ දරුගැබ රැකගන්නැ’යි කියා නික්ම ගියේය.

අථ නං යුද‍්ධෙ පොලජනකස‍්ස යොධා ජීවිතක‍්ඛයං පාපෙසුං. තදා “රාජා මතො”ති සකලනගරෙ එකකොලාහලං ජාතං. දෙවීපි තස‍්ස මතභාවං ඤත්‍වා සීඝං සීඝං සුවණ‍්ණසාරාදීනි ගහෙත්‍වා පච‍්ඡියං පක‍්ඛිපිත්‍වා මත්‍ථකෙ කිලිට‍්ඨපිලොතිකං අත්‍ථරිත්‍වා උපරි තණ‍්ඩුලෙ ඔකිරිත්‍වා කිලිට‍්ඨපිලොතිකං නිවාසෙත්‍වා සරීරං විරූපං කත්‍වා පච‍්ඡිං සීසෙ ඨපෙත්‍වා දිවා දිවස‍්සෙව නික‍්ඛමි, න කොචි නං සඤ‍්ජානි. සා උත‍්තරද‍්වාරෙන නික‍්ඛමිත්‍වා කත්‍ථචි අගතපුබ‍්බත‍්තා මග‍්ගං අජානන‍්තී දිසං වවත්‍ථාපෙතුං අසක‍්කොන‍්තී කෙවලං “කාලචම‍්පානගරං නාම අත්‍ථී”ති සුතත‍්තා “කාලචම‍්පානගරං ගමිකා නාම අත්‍ථී”ති පුච‍්ඡමානා එකිකා සාලායං නිසීදි. කුච‍්ඡිම‍්හි පනස‍්සා නිබ‍්බත‍්තසත‍්තො න යො වා සො වා, පූරිතපාරමී මහාසත‍්තො නිබ‍්බත‍්ති.

යුද්ධයේ දී පෝළජනකගේ සෙබලුන් අතින් රජුමළේයැයි මුළුනුවරම එකම කෝලාහලයක් විය. දේවිය රජු මළේ යැයි දැන රන් ආදී වටිනා වස්තු පෙට්ටියක දමාගෙන, ඒ මත රෙදි කැබැලි දමා උඩින් සහල් අතුරා කිළුටු රෙදිකඩක් හැඳගෙන, සිරුර විරූප කොටගෙන පැස හිස තබාගෙන දිවාකල්හිම නික්ම ගියාය. කවරෙකුවත් ඈ හැඳින නොගත්තේය. ඈ නුවර උතුරු දොරටුවෙන් නික්ම යායුතු මග නොමග නොදන්නී යා යුතු දෙස නොදැන, හුදෙක් කාලචම්පා නම් නුවරක් ඇතැයි අසා තිබූ බැවින් කාලචම්පා නුවරට යන අය සිටිත්දැයි අසමින් මහමග එක් ගිමන්හලකට වී සිටියාය. ඇගේ කුස පිළිසිඳගෙන සිටියේ එසේ මෙසේ කෙනෙකු නොවේ. පුරණ ලද පාරමිතා ඇති බෝධිසත්ත්වයෝය.

තස‍්ස තෙජෙන සක‍්කස‍්ස භවනං කම‍්පි. සක‍්කො ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා “තස‍්සා කුච‍්ඡියං නිබ‍්බත‍්තසත‍්තො මහාපුඤ‍්ඤො, මයා ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා පටිච‍්ඡන‍්නයොග‍්ගං මාපෙත්‍වා තත්‍ථ මඤ‍්චං පඤ‍්ඤාපෙත්‍වා මහල‍්ලකපුරිසො විය යොග‍්ගං පාජෙන‍්තො තාය නිසින‍්නසාලාය ද‍්වාරෙ ඨත්‍වා “කාලචම‍්පානගරං ගමිකා නාම අත්‍ථී”ති පුච‍්ඡි. “අහං, තාත, ගමිස‍්සාමී”ති. “තෙන හි යොග‍්ගං ආරුය‍්හ නිසීද, අම‍්මා”ති. “තාත, අහං පරිපුණ‍්ණගබ‍්භා, න සක‍්කා මයා යොග‍්ගං අභිරුහිතුං, පච‍්ඡතො පච‍්ඡතො ගමිස‍්සාමි, ඉමිස‍්සා පන මෙ පච‍්ඡියා ඔකාසං දෙහී”ති. “අම‍්ම, කිං වදෙසි, යොග‍්ගං පාජෙතුං ජානනසමත්‍ථො නාම මයා සදිසො නත්‍ථි. අම‍්ම, මා භායි, ආරුය‍්හ නිසීදා”ති. සා “තාත, සාධූ”ති වදති. සො තස‍්සා ආරොහනකාලෙ අත‍්තනො ආනුභාවෙන වාතපුණ‍්ණභස‍්තචම‍්මං විය පථවිං උන‍්නාමෙත්‍වා යොග‍්ගස‍්ස පච‍්ඡිමන‍්තෙ පහරාපෙසි. සා අභිරුය‍්හ සයනෙ නිපජ‍්ජිත්‍වාව “අයං දෙවතා භවිස‍්සතී”ති අඤ‍්ඤාසි. සා දිබ‍්බසයනෙ නිපන‍්නමත‍්තාව නිද‍්දං ඔක‍්කමි.

බෝසත්හුගේ ආනුභාවයෙන් ශක්‍රභවන කම්පා විය. සක්දෙවිඳු කුමකින් ශක්‍ර භවන කම්පා වීදැයි ආවර්ජනා කරන කල්හි බෝසත් තෙදින් එසේ වීයැයි දැන, ‘කුස පිළිසිඳි බෝසත් මහා පුණ්‍යවන්තයෙකි. මා එහි යෑම සුදුසු යැයි සිතා පිළිසන් රථයක් මවාගෙන, එහි ඇඳක් පනවා, මහලු රියදුරෙකු මෙන් රිය පදවාගෙන මෙහෙසිය නැවැතී සිටි ශාලාව වෙත පැමිණ, කාළචම්පා නුවරට යන අය සිටිත්දැ’යි ඇසීය. ‘පියාණෙනි, මම යමි’ යි මෙහෙසිය කී කල්හි, දරුව එසේනම් රියට නැග හිඳගනුවයි රියදුරු වෙස්ගත් ශක්‍රයා කීය. පියාණෙනි, මා පිරිපුන් දරුගැබක් ඇත්තියෙක්මි. රථයට නැගීමට නොහැකිය. රථය පිටුපසින් එමි. මේ මාගේ පෙට්ටියට ඉඩක් ලබාදෙන්නැයි මෙහෙසිය කීවාය. ‘දරුව කුමක් කියන්නීද? රිය පැදවීමට දන්නෝ මා හා සමතෙකු නැත. බිය නොවන්න. රියට නැගී වාඩිවෙන්න යැයි රියදුරා කීය. ඈ රියට නගිනවිට සක්දෙවිඳු තම ආනුභාවයෙන් පොළොව ඉහළට නංවාරිය කෙළවරට පැමිණවීය. ඈ නැගී යහනෙහි වැතිරෙන්නී දෙවියෙකු විය යුතුයැයි සිතුවාය. ඈ දිවයහනෙහි වැතිරැ ගන්නාහාම නින්දට වැටුණාය.

අථ නං සක‍්කො තිංසයොජනමත්‍ථකෙ එකං නදිං පත්‍වා පබොධෙත්‍වා “අම‍්ම, ඔතරිත්‍වා නදියං න‍්හායිත්‍වා උස‍්සීසකෙ සාටකයුගං අත්‍ථි, තං නිවාසෙහි, අන‍්තොයොග‍්ගෙ පුටභත‍්තං අත්‍ථි, තං භුඤ‍්ජාහී”ති ආහ. සා තථා කත්‍වා පුන නිපජ‍්ජිත්‍වා සායන‍්හසමයෙ කාලචම‍්පානගරං පත්‍වා ද‍්වාරට‍්ටාලකපාකාරෙ දිස‍්වා “තාත, කිං නාම නගරමෙත”න‍්ති පුච‍්ඡි. “කාලචම‍්පානගරං, අම‍්මා”ති. “කිං වදෙසි, තාත, නනු අම‍්හාකං නගරතො කාලචම‍්පානගරං සට‍්ඨියොජනමත්‍ථකෙ හොතී”ති? “එවං, අම‍්ම, අහං පන උජුමග‍්ගං ජානාමී”ති. අථ නං දක‍්ඛිණද‍්වාරසමීපෙ ඔතාරෙත්‍වා “අම‍්ම, අම‍්හාකං ගාමො පුරතො අත්‍ථි, ත්‍වං ගන‍්ත්‍වා නගරං පවිසාහී”ති වත්‍වා පුරතො ගන‍්ත්‍වා විය සක‍්කො අන‍්තරධායිත්‍වා සකට‍්ඨානමෙව ගතො.

ඉක්බිති සක්දෙවි යොදුන් තිහක් ගෙවා එක් ගංගාවක් වෙතැ පැමිණ ඈ නින්දෙන් පුබුදුවා, දරුව රියෙන් බැස ගඟට බැස දිය නාගන්න. එක් උතුරුසළුවක් රියෙහි ඇත. එය ගෙන පොරවාගන්න. ‘රිය ඇතුළ ගැබෙහි ඇති බත්මුල ද ගෙන අනුභව කරන්න’යි. කීය. ඇය ද නහා පිරිසිදු ආහාර අනුභවකොට යහනෙහි වැතිර ගත්තාය. සවස් වනවිට ඔවුහු චම්පා නුවර වෙත පැමිණියෝය. නුවර පවුරුදොර අට්ටාලය දුරදීම දුටු මෙහෙසිය ‘ඒ කුමන නගරයක්දැ’යි විමසුවාය. ‘දියණිය, ඒ චම්පා නුවර යැයි ශක්‍රයා පිළිතුරු දුන්නේය. ‘පියාණෙනි, කුමක් කියන්නේද? අපගේ නුවර සිට චම්පා නුවරට සැට යොදුනක් ඇත. (මෙපමණ ඉක්මනට පැමිණියේ කෙසේදැයි මෙහෙසිය විමතිය පළ කළාය.) ‘දරුව, මම කෙටි මගක් දැන එයින් ආවෙමි’ කී සක්දෙවිඳු ඈ නුවර දකුණුදිග දොරටුවෙහි බස්වා ‘දරුව, අපේ ගමට තවත් ඉදිරියට යා යුතුය. ඔබ නගරයට පිවිසෙන්න’ යැයි කියා, සක්දෙවි මදක් ඉදිරියට රිය පදවාගෙන ගොස් අතුරුදහන්ව ස්වකීය භවනයට ගියේය.

දෙවීපි එකිකාව සාලායං නිසීදි. තස‍්මිං ඛණෙ එකො දිසාපාමොක‍්ඛො ආචරියො කාලචම‍්පානගරවාසී මන‍්තජ‍්ඣායකො බ්‍රාහ‍්මණො පඤ‍්චහි මාණවකසතෙහි පරිවුතො න‍්හානත්‍ථාය ගච‍්ඡන‍්තො දූරතොව ඔලොකෙත්‍වා තං අභිරූපං සොභග‍්ගප‍්පත‍්තං තත්‍ථ නිසින‍්නං දිස‍්වා තස‍්සා කුච‍්ඡියං මහාසත‍්තස‍්සානුභාවෙන සහ දස‍්සනෙනෙව කනිට‍්ඨභගිනිසිනෙහං උප‍්පාදෙත්‍වා මාණවකෙ බහි ඨපෙත්‍වා එකකොව සාලං පවිසිත්‍වා “භගිනි, කතරගාමවාසිකා ත්‍ව”න‍්ති පුච‍්ඡි. “තාත, මිථිලායං අරිට‍්ඨජනකරඤ‍්ඤො අග‍්ගමහෙසීම‍්හී”ති. “අම‍්ම, ඉධ කස‍්මා ආගතාසී”ති? “තාත, පොලජනකෙන රාජා මාරිතො, අථාහං භීතා ‘ගබ‍්භං අනුරක‍්ඛිස‍්සාමී’ති ආගතා”ති. “අම‍්ම, ඉමස‍්මිං පන තෙ නගරෙ කොචි ඤාතකො අත්‍ථී”ති? “නත්‍ථි, තාතා”ති. තෙන හි මා චින‍්තයි, අහං උදිච‍්චබ්‍රාහ‍්මණො මහාසාලො දිසාපාමොක‍්ඛආචරියො, අහං තං භගිනිට‍්ඨානෙ ඨපෙත්‍වා පටිජග‍්ගිස‍්සාමි, ත්‍වං “භාතිකා”ති මං වත්‍වා පාදෙසු ගහෙත්‍වා පරිදෙවාති. සා මහාසද‍්දං කත්‍වා තස‍්ස පාදෙසු ගහෙත්‍වා පරිදෙවි. තෙ ද‍්වෙපි අඤ‍්ඤමඤ‍්ඤං පරිදෙවිංසු.

මෙහෙසිය සිය නුවරට ඇතුල් වී තනිවම එක් ශාලාවක හුන්නීය. එවේලෙහි චම්පා නුවර වැසි මන්ත්‍ර ශාස්ත්‍රය දත් බමුණෙක් පන්සියයක් පමණ වූ තම සිසුන් පිරිවරා දිය නෑමට ඒ අසලින් යන්නේ අභිරූපවත් සෞභාග්‍ය සම්පන්න මෙහෙසිය දුටුවේය. කුසෙහි සිටි බෝසත්හුගේ ආනුභාවයෙන් දුටු සැණින් (තම) බාල නැගණියක් කෙරෙහි ඇතිවෙන සෙනෙහසක් බමුණානන්ගේ සිත තුළ ජනිත විය. ඔහු මානවකයන් මඟ සිටුවා තනිවම ශාලාවට පිවිස ‘නැගණිය, ඔබ කිනම් ගමක තැනැත්තියක්දැ’ යි පිළිවිසීය. මම මිථිලානුවර අරිට්ඨ ජනක රජුගේ අගමෙහෙසිය වෙමි. කුමක් සඳහා මෙහි ආවේද? පෝළජනක කුමරා විසින් රජු මරණ ලද බැවින් බියට පත් මම දරුගැබ රකිනු පිණිස මෙසේ පැමිණියෙමි. මෙනුවර ඔබගේ කිසියම් නෑයෙකු සිටීද? නැත පියාණනි. එසේ නම් නරකක් නොසිතන්න. මම දිසාපාමොක් ඇදුරු වූ මහාසාල උදිච්ච බමුණා වෙමි. මම ඔබ සහෝදරියක කොට සලකා රැකබලා ගන්නෙමි. අනේ මේ මගේ සොහොයුරා නොවේදැයි කියා පා අල්වාගෙන වැලපෙන්නී ඈ මහත් වූ ශබ්ද නගා හඬමින් ඔහුගේ පාමුල වැටුනේය. දෙදෙනාම ඔවුනොවුන් වැළඳගෙන මහ හඬින් හැඬූහ.

අථස‍්ස අන‍්තෙවාසිකා මහාසද‍්දං සුත්‍වා ඛිප‍්පං උපධාවිත්‍වා “ආචරිය, කිං තෙ හොතී”ති පුච‍්ඡිංසු. සො ආහ – “කනිට‍්ඨභගිනී මෙ එසා, අසුකකාලෙ නාම මයා විනා ජාතා”ති. අථ මාණවා “තව භගිනිං දිට‍්ඨකාලතො පට‍්ඨාය මා චින‍්තයිත්‍ථ ආචරියා”ති ආහංසු. සො මාණවෙ පටිච‍්ඡන‍්නයොග‍්ගං ආහරාපෙත්‍වා තං තත්‍ථ නිසීදාපෙත්‍වා “තාතා, වො ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණියා මම කනිට‍්ඨභගිනිභාවං කථෙත්‍වා සබ‍්බකිච‍්චානි කාතුං වදෙථා”ති වත්‍වා ගෙහං පෙසෙසි. තෙ ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණියා කථෙසුං. අථ නං බ්‍රාහ‍්මණීපි උණ‍්හොදකෙන න‍්හාපෙත්‍වා සයනං පඤ‍්ඤාපෙත්‍වා නිපජ‍්ජාපෙසි. අථ බ්‍රාහ‍්මණොපි න‍්හාත්‍වා ආගතො භොජනකාලෙ “භගිනිං මෙ පක‍්කොසථා”ති පක‍්කොසාපෙත්‍වා තාය සද‍්ධිං එකතො භුඤ‍්ජිත්‍වා අන‍්තොනිවෙසනෙයෙව තං පටිජග‍්ගි.

අතවැසි කුමාරවරු එහි පැමිණ ‘ඇදුරුතුමනි, ඔබට කුමක් වීදැයි’ පිළිවිසීය. ‘මේ මගේ බාල නැගණියයි. බොහෝ කලෙක සිට මැයට කුමක් වීදැයි මම නොදැන සිටියෙමි. ‘ඇදුරුතුමනි, දුටු වේලෙහි සිට ඈ ගැන නපුරක් නොසිතන්න’ යැයි කුමාරවරු කීවාහුය. බමුණ, ආවරණ කරවන ලද මහත් වූ රියක් ගෙන්වා, ඇය එහි නංවා, බමුණු බිරිඳට මේ මගේ නැගෙනියක් බව දන්වා, සියලු පහසුකම් සලස්වන්නැයි කියා තම ගෙදරට පිටත්කර යැවීය. ඉක්බිති බමුණු බිරිඳ ඈ උණුවතුරෙන් නහවා යහනක් සකස්කොට එහි හිඳීමට සැලැස්වීය. බමුණා දිය නා පැමිණියේ, මගේ සහෝදරිය කැඳවන්නැයි ඈ කැඳවා ඈ සමග ආහාර අනුභවකොට, තම නිවසෙහි සිටුවා ගෙන ඇයට සැලකුවේය.

සා න චිරස‍්සෙව සුවණ‍්ණවණ‍්ණං පුත‍්තං විජායි, “මහාජනකකුමාරො”තිස‍්ස අය්‍යකසන‍්තකං නාමමකාසි. සො වඩ‍්ඪමානො දාරකෙහි සද‍්ධිං කීළන‍්තො යෙ තං රොසෙන‍්ති, තෙ අසම‍්භින‍්නඛත‍්තියකුලෙ ජාතත‍්තා මහාබලවතාය චෙව මානථද‍්ධතාය ච දළ‍්හං ගහෙත්‍වා පහරති. තදා තෙ මහාසද‍්දෙන රොදන‍්තා “කෙන පහටා”ති වුත‍්තෙ “විධවාපුත‍්තෙනා”ති වදන‍්ති. අථ කුමාරො චින‍්තෙසි “ඉමෙ මං ‘විධවාපුත‍්තො’ති අභිණ‍්හං වදන‍්ති, හොතු, මම මාතරං පුච‍්ඡිස‍්සාමී”ති. සො එකදිවසං මාතරං පුච‍්ඡි “අම‍්ම, කො මය‍්හං පිතා”ති? අථ නං මාතා “තාත, බ්‍රාහ‍්මණො තෙ පිතා”ති වඤ‍්චෙසි. සො පුනදිවසෙපි දාරකෙ පහරන‍්තො “විධවාපුත‍්තො”ති වුත‍්තෙ “නනු බ්‍රාහ‍්මණො මෙ පිතා”ති වත්‍වා “බ්‍රාහ‍්මණො කිං තෙ හොතී”ති වුත‍්තෙ චින‍්තෙසි “ඉමෙ මං, බ්‍රාහ‍්මණො තෙ කිං හොතී’ති අභිණ‍්හං වදන‍්ති, මාතා මෙ ඉදං කාරණං යථාභූතං න කථෙසි, සා අත‍්තනො මනෙන මෙ න කථෙස‍්සති, හොතු, කථාපෙස‍්සාමි න”න‍්ති. සො ථඤ‍්ඤං පිවන‍්තො ථනං දන‍්තෙහි ඩංසිත්‍වා “අම‍්ම, මෙ පිතරං කථෙහි, සචෙ න කථෙස‍්සසි, ථනං තෙ ඡින්‍දිස‍්සාමී”ති ආහ. සා පුත‍්තං වඤ‍්චෙතුං අසක‍්කොන‍්තී “තාත, ත්‍වං මිථිලායං අරිට‍්ඨජනකරඤ‍්ඤො පුත‍්තො, පිතා තෙ පොලජනකෙන මාරිතො, අහං තං අනුරක‍්ඛන‍්තී ඉමං නගරං ආගතා, අයං බ්‍රාහ‍්මණො මං භගිනිට‍්ඨානෙ ඨපෙත්‍වා පටිජග‍්ගතී”ති කථෙසි. සො තං සුත්‍වා තතො පට‍්ඨාය “විධවාපුත‍්තො”ති වුත‍්තෙපි න කුජ‍්ඣි.

ඈ නොබෝ කලකින් පුතෙකු බිහිකළාය. මහාජනක කුමාරයා යැයි ඔහුට අත්තාගේ නම දුන්නේය. ඔහු වැඩෙන කල්හි අනෙක් දරුවන් සමග ක්‍රීඩා කරන්නේ තමා පිරිසිදු ශාක්‍ය කුලයෙහි උපන් බැවින් ද, කාල බලයෙන් මානයෙන් ද යුතු වූයේ කිසියම් කුමාරයෙකු රොස් පරොස් වචනයක් කී කල්හි දැඩිසේ පහර දෙන්නේය. ඔව්හු මහහඬින් හඬන කල්හි කවරෙකු පහර දුන්නේදැයි ඇසූවිට වැන්දඹුවගේ පුතා විසිනැ’යි කියති. කුමරා සිතන්නේ මොහු මට වැන්දඹුවගේ දරුවා යැයි නිතර කියති. මවගෙන් අසා දැනගනිමියි යැයි සනිටුහන් කර ගත්තේය. කුමරා එක් දවසක ‘මෑණියනි, මගේ පියා කව්දැ’යි ඇසීය. ඔබේ පියා මේ බ්‍රාහ්මණයා යැයි කියා ඈ පුතු රැවටීය. තවත් දිනෙක තැලුම් කෑවෝ වැන්දඹුවගේ පුතා යැයි අපහාස කළ කල්හි, බ්‍රාහ්මණයා මගේ මේ දිසාපාමොක් බමුණු තෙමේ මගේ පියා බව නොදන්නවුදැයි පිළිවිසීය. බමුණා නුඹේ කව්දැ’යි ඔහු තවදුරටත් අපහාස කළාහුය. බමුණා මගේ පියා යැයි කීවිට බමුණා නුඹේ කව්දැයි මොව්හු අපහාස කරති. මව මගෙන් සඟවන දෙයක් තිබේ. ඈ සිත ඇති දේ එක එල්ලේ නොකියයි. කෙසේ හෝ අසා ගනිමියි කුමරා සිතීය. ඔහු විටෙක මවගෙන් කිරි බොන්නේ තන පුඩුව තදින් සපා ගත්තේය. එසේ කොට මගේ පියා කවරෙකුදැයි කියන්න. නැතහොත් තනය සපාකමියි කීවේය. ඇයද කුමරා රැවටිය නොහැක්කී ‘දරුව, ඔබ මිථිලා නුවර අරිට්ඨජනක රජුගේ පුතාය. පෝළජනක විසින් පියා මැරූ කල්හි මම ඔබ රැකගෙන මෙම නගරයට පැමිණි කල්හි, මේ මහාසාල බ්‍රාහ්මණයා මා හට සහෝදරියක ලෙස සලකා රැකබලා ගනී යැයි කීවාය. කුමරා එතැන් පටන් වැන්දඹුවගේ පුතුයැයි නිග්‍රහ කළ කල්හි නිහඬව සිටියේය.

සො සොළසවස‍්සබ‍්භන‍්තරෙයෙව තයො වෙදෙ ච සබ‍්බසිප‍්පානි ච උග‍්ගණ‍්හි , සොළසවස‍්සිකකාලෙ පන උත‍්තමරූපධරො අහොසි. අථ සො “පිතු සන‍්තකං රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා මාතරං පුච‍්ඡි “අම‍්ම, කිඤ‍්චි ධනං තෙ හත්‍ථෙ අත්‍ථි, උදාහු නො, අහං වොහාරං කත්‍වා ධනං උප‍්පාදෙත්‍වා පිතු සන‍්තකං රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති. අථ නං මාතා ආහ – “තාත, නාහං තුච‍්ඡහත්‍ථා ආගතා, තයො මෙ හත්‍ථෙ ධනසාරා අත්‍ථි, මුත‍්තසාරො, මණිසාරො, වජිරසාරොති, තෙසු එකෙකො රජ‍්ජග‍්ගහණප‍්පමාණො, තං ගහෙත්‍වා රජ‍්ජං ගණ‍්හ, මා වොහාරං කරී”ති. “අම‍්ම, ඉදම‍්පි ධනං මය‍්හමෙව උපඩ‍්ඪං කත්‍වා දෙහි, තං පන ගහෙත්‍වා සුවණ‍්ණභූමිං ගන‍්ත්‍වා බහුං ධනං ආහරිත්‍වා රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති. සො උපඩ‍්ඪං ආහරාපෙත්‍වා භණ‍්ඩිකං කත්‍වා සුවණ‍්ණභූමිං ගමිකෙහි වාණිජෙහි සද‍්ධිං නාවාය භණ‍්ඩං ආරොපෙත්‍වා පුන නිවත‍්තිත්‍වා මාතරං වන්‍දිත්‍වා “අම‍්ම, අහං සුවණ‍්ණභූමිං ගමිස‍්සාමී”ති ආහ. අථ නං මාතා ආහ – “තාත, සමුද‍්දො නාම අප‍්පසිද‍්ධිකො බහුඅන‍්තරායො, මා ගච‍්ඡ, රජ‍්ජග‍්ගහණාය තෙ ධනං බහූ”ති. සො “ගච‍්ඡිස‍්සාමෙව අම‍්මා”ති මාතරං වන්‍දිත්‍වා ගෙහා නික‍්ඛම‍්ම නාවං අභිරුහි.

කුමරා සොළොස්විය ඉක්මවීමට පෙර ත්‍රිවේදය ඇතුළු සියලු ශිල්පශාස්ත්‍ර උගත්තේය. සොළොස් විය සපිරෙනවිට මනා රූ සපුවෙන්ද හෙබුණේ විය. ඔහු පියා සතුව තිබූ රජය නැවත අල්ලා ගනිමියි සිතා මවගෙන් විමසීය. මෑණියෙනි, පියා සතුව තිබූ රාජ්‍යය අල්වාගනු කැමැත්තෙමි. ඔබ සතුව කිසියම් ධනයක් තිබේද? නැතහොත්, වෙළඳාම් කොට ධනය උපයා ගනිමියි කීහ. ‘දරුව, මම හිස් අතින් නාවෙමි. මහත් වටිනාකම් ඇති මුතුහර මැණික් පළඳනා, දියමන්ති මාල කීපයක් මා සතුව ඇත. ඒවා රාජ්‍ය ගැනීමට අවශ්‍ය ධනය ලබාගැනීමට මිල කළහැකිය. එසේ කොට රාජ්‍යය ලබාගැනීමට කටයුතු කරන්න. වෙළඳාම් නොකරන්නැයි කීවාය. ‘මෑණියනි, ඒ ධනයෙන් භාගයක් ගෙන සුවණ්ණ දේශයට (බුරුම දේශයට) ගොස් වෙළඳාම් කොට ධනය උපදවාගෙන රාජ්‍ය ගනිමි’ යි කුමරා කීහ. ඔහු එම තීරණයෙහි පිහිටා ධනයෙන් භාගයක් ගෙන වෙළඳ බඩු ගෙන සුවණ්ණ ප්‍රදේශයට යන වෙළඳ මුලක් සමග එක්ව නැවකට බඩු පටවා මෑණියන් වෙත පැමිණ, මැණියනි, සුවණ්ණ දේශයට වෙළඳාමෙහි යන්නෙමියි වැඳ අවසර ඉල්ලීය. දරුව, මුහුද හුදකලා තැනකි. බොහෝ අනතුරු ඇත්තේය. නොයන්න. රාජ්‍ය ගැනීම සඳහා මේ ධනය ඇති පමණ යැයි කීවාය. ඔහු යායුතුම යැයි කියා මවට වැඳ සමුගෙන නැව් නැංගේය.

තං දිවසමෙව පොලජනකස‍්ස සරීරෙ රොගො උප‍්පජ‍්ජි, අනුට‍්ඨානසෙය්‍යං සයි. තදා සත‍්ත ජඞ‍්ඝසතානි නාවං අභිරුහිංසු. නාවා සත‍්තදිවසෙහි සත‍්ත යොජනසතානි ගතා. සා අතිචණ‍්ඩවෙගෙන ගන‍්ත්‍වා අත‍්තානං වහිතුං නාසක‍්ඛි, ඵලකානි භින‍්නානි, තතො තතො උදකං උග‍්ගතං, නාවා සමුද‍්දමජ‍්ඣෙ නිමුග‍්ගා. මහාජනා රොදන‍්ති පරිදෙවන‍්ති, නානාදෙවතායො නමස‍්සන‍්ති. මහාසත‍්තො පන නෙව රොදති න පරිදෙවති, න දෙවතායො නමස‍්සති, නාවාය පන නිමුජ‍්ජනභාවං ඤත්‍වා සප‍්පිනා සක‍්ඛරං ඔමද‍්දිත්‍වා කුච‍්ඡිපූරං ඛාදිත්‍වා ද‍්වෙ මට‍්ඨකසාටකෙ තෙලෙන තෙමෙත්‍වා දළ‍්හං නිවාසෙත්‍වා කූපකං නිස‍්සාය ඨිතො නාවාය නිමුජ‍්ජනසමයෙ කූපකං අභිරුහි. මහාජනා මච‍්ඡකච‍්ඡපභක‍්ඛා ජාතා, සමන‍්තා උදකං අඩ‍්ඪූසභමත‍්තං ලොහිතං අහොසි. මහාසත‍්තො කූපකමත්‍ථකෙ ඨිතොව “ඉමාය නාම දිසාය මිථිලනගර”න‍්ති දිසං වවත්‍ථපෙත්‍වා කූපකමත්‍ථකා උප‍්පතිත්‍වා මච‍්ඡකච‍්ඡපෙ අතික‍්කම‍්ම මහාබලවතාය උසභමත්‍ථකෙ පති. තං දිවසමෙව පොලජනකො කාලමකාසි. තතො පට‍්ඨාය මහාසත‍්තො මණිවණ‍්ණාසු ඌමීසු පරිවත‍්තන‍්තො සුවණ‍්ණක‍්ඛන්‍ධො විය සමුද‍්දං තරති. සො යථා එකදිවසං, එවං සත‍්තාහං තරති, “ඉදානි පුණ‍්ණමීදිවසො”ති වෙලං පන ඔලොකෙත්‍වා ලොණොදකෙන මුඛං වික‍්ඛාලෙත්‍වා උපොසථිකො හොති.

එදිනම පෝළජනක රජුගේ සිරුරෙහි රෝගයක් හට ගැනුණි. හෙතෙම නැගිටගත නොහැකි තරමට අසාධ්‍ය තත්වයට පත්විය. ඉහත කී නැවට පා ගමනින් ගොස් වෙළඳාම් කරන වෙළඳුන් (පදික = පද+ඉක) කණ්ඩායම් සතක් අයත් විය. නැව සත් දවසක් යොදුන් සතක් දුර මහ මුහුද තරණය කළේය. ඉන්පසු මුහුද දැඩිසේ රළුව ගියේය. යාත්‍රා කිරීම අපහසු විය. නැව කැඩී මුහුද මැද ගිලෙන්නට විය. එහි ගමන්කළ බොහෝ දෙනා හඬමින් වැළපෙමින් දෙවියන් යැද පිහිට ඉල්ලුවාහුය. බෝසත්හු නොහැඬූහ. නොවැලපුණාහ. දෙවියන් යැදීමෙන්ද නොකළහ. කල්තබා නැව ගිලෙන බැව් දැන ගිතෙල් සහ සකුරු එකට අනා බඩ පිරෙනතුරු ඒවා අනුභව කොට, සියුම් සළු දෙකක් ගෙන තෙල් ගල්වා අත්පා හා සිරුර එම රෙදිපටිවලින් වෙලාගෙන කුඹගස අසල සිටියේය. නැව ගිලෙන්නට ගත්විට කුඹගස මුදුනට නැග, මිථිලාව මේ දෙසයැයි නිගමනය කොට මහත් වීර්ය ගෙන ඉස්බක් පමණ දුර මුහුදට පැන්නේය. නැව වටකරගෙන සිටි මසු කැසුබු ආදීන්ගෙන් බේරි ගත්තේය. සෙසු ජනයා මසු කැසුබු ආදීන්ගේ ගොදුරු බවට පත්විය. හාත්පස ජලය ලේ විලක් මෙන් විය. මෙ දවස පෝළජනක රජු කළුරිය කෙළේය. බෝසත් හා නිල් පැහැති මුහුදු ජලකඳ මත මහත් වීර්යය ගෙන පිහිනා ගියේය. මෙසේ සත් දවසක් මුහුද තරණය කළ කල්හි වෙරළ දැක ලුණු ජලයෙන් කට සෝදා උපෝසථ සීලය සමාදන් විය.

තදා ච “යෙ මාතුපට‍්ඨානාදිගුණයුත‍්තා සමුද‍්දෙ මරිතුං අනනුච‍්ඡවිකා සත‍්තා, තෙ උද‍්ධාරෙහී”ති චතූහි ලොකපාලෙහි මණිමෙඛලා නාම දෙවධීතා සමුද‍්දරක‍්ඛිකා ඨපිතා හොති. සා සත‍්ත දිවසානි සමුද‍්දං න ඔලොකෙසි, දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තියා කිරස‍්සා සති පමුට‍්ඨා. “දෙවසමාගමං ගතා”තිපි වදන‍්ති. අථ සා “අජ‍්ජ මෙ සත‍්තමො දිවසො සමුද‍්දං අනොලොකෙන‍්තියා, කා නු ඛො පවත‍්තී”ති ඔලොකෙන‍්තී මහාසත‍්තං දිස‍්වා “සචෙ මහාජනකකුමාරො සමුද‍්දෙ නස‍්සිස‍්ස, දෙවසමාගමපවෙසනං න ලභිස‍්ස”න‍්ති චින‍්තෙත්‍වා මහාසත‍්තස‍්ස අවිදූරෙ අලඞ‍්කතෙන සරීරෙන ආකාසෙ ඨත්‍වා මහාසත‍්තං වීමංසමානා පඨමං ගාථමාහ –

මව්පිය උපස්ථානාදී සත්පුරුෂ ගුණයෙන් යුතු කෙනෙකු මුහුදෙහි ගිලෙන්නේ යැයි දැනගත් සිව්වරම් දෙවිවරු එබන්දක් සිදුවීම ලෝක ධර්ම ඉක්මවා යෑමක් යැයි අවධාරණය කොට, මහ මුහුදට අරක්ගත් මණිමේඛලා නම් දෙවට ඒ බව දැන්වීය. ඕ තොමෝ ඒ වනවිට සත්දිනක් තම සම්පත්ති අනුභව කරමින් විනෝද වෙමින්කල් ගෙවමින් සිටියාය. එබැවින් ඇයට මුහුද ගැන සොයා බැලීමට අවකාශයක් නොලැබිණ. මේ අතර තමන්ට දේව සමාගමට යාමට ඇති බැව් ඇයගේ සිහියට නැගින. ‘මම අදට දින සතක් මහ මුහුද ගැනද නොසෙව්වෙමි. කුමක් සිදු වීදැයි නොදනිමි’ සිතා මුහුද ගැන විමසිලිමත් විය. මහබෝසත් මුහුදෙහි වැටී ඇති බැව් දැක, ඉදින් මහාජනක කුමාරයා මුහුදෙහි ගිලී ගියේ නම්, මට දේව සමාගමට යාමටද ඉඩ නොලැබෙයි සිතා මහසත් නුදුරෙහි ඉතා විසිතුරු ලෙසින් පෙනීසිට, ඔහු විමසනු සඳහා මේ ප්‍රථම ගාථාව කීවාය.

“කොයං මජ‍්ඣෙ සමුද‍්දස‍්මිං, අපස‍්සං තීරමායුහෙ; කං ත්‍වං අත්‍ථවසං ඤත්‍වා, එවං වායමසෙ භුස”න‍්ති.

කොයං මජ්ඣෙ සමුද්දස්මිං අපස්සං තීර මායුහෙ, කං ත්‍වං අත්‍ථවසං ඤත්‍වා එවං වායබසෙ භුසන්ති

තෙරක් නොපෙනෙන මේ මුහුද මැද කවරෙක් නම් පීනමින් වීර්යය කරන්නේද? කුමන අර්ථයක් ඇතිව මෙසේ වෙර වඩන්නේද?

තත්‍ථ අපස‍්සං තීරමායුහෙති තීරං අපස‍්සන‍්තොව ආයූහති වීරියං කරොති.

එහි ‘අපස්සං තීරමායූහෙ’ යනු වෙරළ නොදක්නේ වුවත් ඒ ගැන සිතමින් (විතර්ක කරමින්) වීර්ය කිරීම යනුයි.

අථ මහාසත‍්තො තස‍්සා වචනං සුත්‍වා “අජ‍්ජ මෙ සත‍්තමො දිවසො සමුද‍්දං තරන‍්තස‍්ස, න මෙ දුතියො සත‍්තො දිට‍්ඨපුබ‍්බො, කො නු මං වදතී”ති ආකාසං ඔලොකෙන‍්තො තං දිස‍්වා දුතියං ගාථමාහ –

ඉක්බිති මහසත්හුද මුහුද තරණය කරන්නෙමු. මම අදට සත්දවසක් ඉක්මවීමි. වෙනත් දෙවැන්නෙකු මෙතෙක් දවසක් නොදුටුවෙමි. කවරෙකු මට කතා කරන්නේදැයි අහස දෙස බැලීය. එවිට ඇය දැක මේ දෙවැනි ගාථාව කීහ.

“නිසම‍්ම වත‍්තං ලොකස‍්ස, වායාමස‍්ස ච දෙවතෙ; තස‍්මා මජ‍්ඣෙ සමුද‍්දස‍්මිං, අපස‍්සං තීරමායුහෙ”ති.

නිසම්ම වත්තං ලොකස්ස වාය මස්සච දෙවතෙ, තස්මා මජ්ඣෙ සමුද්දස්මිං අපස්සං තීරමායුහෙති

දේවතාවියෙනි, මම ලෝවැසියා පිළිබඳව පවත්නා උත්සාහයද කටයුතුද එහි අනුසස්ද දැන වසමි. එහෙයින් මේ මුහුද මැද පරතෙර නොදුටුවත් උත්සාහ කරමි.

තත්‍ථ නිසම‍්ම වත‍්තං ලොකස‍්සාති අහං ලොකස‍්ස වත‍්තකිරියං දිස‍්වා උපධාරෙත්‍වා විහරාමීති අත්‍ථො. වායාමස‍්ස චාති වායාමස‍්ස ච ආනිසංසං නිසාමෙත්‍වා විහරාමීති දීපෙති. තස‍්මාති යස‍්මා නිසම‍්ම විහරාමි, “පුරිසකාරො නාම න නස‍්සති, සුඛෙ පතිට‍්ඨාපෙතී”ති ජානාමි, තස‍්මා තීරං අපස‍්සන‍්තොපි ආයූහාමි වීරියං කරොමි, න උක‍්කණ‍්ඨාමීති.

එහි නිසම්ම වත්තං ලොකස්සාති යනු ලෝවැසියන්ට සිදුකළ යුතු මෙහෙය දැන ඒ ගැන අවධානය යොමුකොට වසයි යනු අර්ථයි. වායාමස්සචාති උත්සාහ කිරීමේ අනුසස් දැන වසමි යන අර්ථයි. තස්මා යනු යම් පමණකින් නිරවුල් කටයුතු ඇත්තා වූ පුද්ගලයාගේ පෞරුෂ නොනසී. සැපයෙහි පිහිටන බව දනිමි. එනිසා පරතෙරක් නොපෙනුනද වීර්යය වඩමි. උකටලී නොවෙමි යන අර්ථයි.

සා තස‍්ස ධම‍්මකථං සුත්‍වා උත‍්තරි සොතුකාමා හුත්‍වා පුන ගාථමාහ –

ඈ බෝසත්හුගේ ධර්ම කතා අසනු කැමැතිව නැවතත් ගාථාවක් කීවාය.

“ගම‍්භීරෙ අප‍්පමෙය්‍යස‍්මිං, තීරං යස‍්ස න දිස‍්සති; මොඝො තෙ පුරිසවායාමො, අප‍්පත්‍වාව මරිස‍්සසී”ති.

ගම්භීරෙ අප්පමෙයස්මිං තීරං යස්ස නදිස්සති, මොඝො තෙ පුරිස වායාමො අප්පත්‍වාව චරිස්සතීති

අපමණ ගැඹුරැති පරතෙරක් නොපෙනෙන (මේ සාගරයෙහි පිහිනෑම) පරතෙර නොදැක මියයෑමට හේතුවන්නේය. එවිට ඔබගේ උත්සාහයෙන් වැඩක් නොවේ.

තත්‍ථ අප‍්පත්‍වාති තීරං අප‍්පත්‍වායෙව.

මෙහි අප්පත්‍වා යනු වෙරළට නොපැමිණම යන අරුති.

අථ නං මහාසත‍්තො “දෙවතෙ, කිං නාමෙතං කථෙසි, වායාමං කත්‍වා මරන‍්තොපි ගරහතො මුච‍්චිස‍්සාමී”ති වත්‍වා ගාථමාහ –

ඉක්බිති මහසත් ඕහට, ඔබ කුමක් කියන්නේද මම මරණයට පත්වී සිටියත් වෙර වඩා උත්සාහ කොට ගැහැටින් මිදෙන්නෙමි යැයි ගාථාවක් කීවේය.

“අනණො ඤාතිනං හොති, දෙවානං පිතුනඤ‍්ච සො; කරං පුරිසකිච‍්චානි, න ච පච‍්ඡානුතප‍්පතී”ති.

අනණො ඤාතීනං හොති දෙවානං පිතුනො සො, තරං පුරිස කිච්චානි නච පච්ඡානු තප්පති

වීර්ය කරන යම් පුරුෂයෙක් වේනම් හෝ දෙවියන්ට ද ඤාතීන්ටද දෙව් බමුණාට ද ණය නැත්තෙකි. මිනිසෙකු වශයෙන් වීර්යයකොට පසුව නොතැවෙන්නෙකි.

තත්‍ථ අනණොති වායාමං කරොන‍්තො ඤාතීනඤ‍්චෙව දෙවතානඤ‍්ච බ්‍රහ‍්මානඤ‍්ච අන‍්තරෙ අනණො හොති අගරහිතො අනින්‍දිතො. කරං පුරිසකිච‍්චානීති යථා සො පුග‍්ගලො පුරිසෙහි කත‍්තබ‍්බානි කම‍්මානි කරං පච‍්ඡාකාලෙ න ච අනුතප‍්පති, යථා නානුසොචති, එවාහම‍්පි වීරියං කරොන‍්තො පච‍්ඡාකාලෙ නානුතප‍්පාමි නානුසොචාමීති අත්‍ථො.

එහි අනණො ඤාතීනං හොතී ති උත්සාහ (වීර්යය) කරන්නා ඤාතීන්ටද දෙව් බඹුන් අතරද ණය ගැතියෙකු නොවේ. ගැරහුමට ලක් නොවන්නෙකු ද නොවේ යනු අර්ථයි. [missing trans]

අථ නං දෙවධීතා ගාථමාහ –

ඉක්බිති දෙව්දුව ගාථාවක් කීවාය.

“අපාරනෙය්‍යං යං කම‍්මං, අඵලං කිලමථුද‍්දයං; තත්‍ථ කො වායාමෙනත්‍ථො, මච‍්චු යස‍්සාභිනිප‍්පත”න‍්ති.

අපාරණෙය්‍යං යං කම්මං අඵලං කලමථුද්දයං, තත්‍ථකො වායමෙනත්‍ථො මච්චු යස්සාභිනිප්පතන්ති

යම් කටයුත්තක් උත්සාහයෙන් මුදුන්පත් කළ නොහැකිද, ඵල නැත්තේද වෙහෙසම උපදවාද මරණයම එහිලා වේද එබඳු උත්සාහයෙන් කවරනම් වැඩක් වේද?

තත්‍ථ අපාරනෙය්‍යන‍්ති වායාමෙන මත්‍ථකං අපාපෙතබ‍්බං. මච‍්චු යස‍්සාභිනිප‍්පතන‍්ති යස‍්ස අට‍්ඨානෙ වායාමකරණස‍්ස මරණමෙව නිප‍්ඵන‍්නං, තත්‍ථ කො වායාමෙනත්‍ථොති.

එහි අපාරණෙය්‍ය යනු උත්සාහයෙන් වුවද (අදහස) මුදුන් පමුණුවා ගත නොහැකි බවයි. මච්චුයස්සාභි නිප්පතන්ති ඉටු කරගත නොහැකි යමකුට වෑයම් කරන්නාට මරණයට පැමිණෙන්නේ ය. එබැවින් එහිදී වෑයමින් වැඩක් වේද?

එවං දෙවධීතාය වුත‍්තෙ තං අප‍්පටිභානං කරොන‍්තො මහාසත‍්තො උත‍්තරි ගාථා ආහ –

මෙසේ කී කල්හි එය නොවැටහුණු ආකාරය දක්වමින් බෝසත් වෙනත් ගාථාවක් කීහ.

“අපාරනෙය්‍යමච‍්චන‍්තං , යො විදිත්‍වාන දෙවතෙ; න රක‍්ඛෙ අත‍්තනො පාණං, ජඤ‍්ඤා සො යදි හාපයෙ.

අපාරණෙය්‍යං අච්චන්නං යො විදිත්‍වා ත දෙවතෙ, නරක්ඛෙ අත්තනො පාණං ජඤ්ඤා සො යදි පාපයෙ

දේවතාවියනි, යමෙක් අත්‍යන්ත වශයෙන් ම මුදුන්පත් නොවන බව දැන උත්සාහය අත්හරීනම් හෙතෙම තමන්ගේ ජීවිතය රැක නොගන්නේ යැයි දැනගනු මැනැවි.

“අධිප‍්පායඵලං එකෙ, අස‍්මිං ලොකස‍්මි දෙවතෙ; පයොජයන‍්ති කම‍්මානි, තානි ඉජ‍්ඣන‍්ති වා න වා.

අධිප්පායං ඵලං එකෙ අස්මිං ලොකස්ස දෙව තෙ, පායොජන්ති කම්මානි තානි ඉජ්ඣන්තිවානවා

දේවතාවිය, මෙලොව සමහර කෙනෙක් තම අභිමතය පරිදි විවිධ කටයුතුවල යෙදෙති. ඒවා ඉටුවන්නේ ද නොවන්නේ ද වේ.

“සන්‍දිට‍්ඨිකං කම‍්මඵලං, නනු පස‍්සසි දෙවතෙ; සන‍්නා අඤ‍්ඤෙ තරාමහං, තඤ‍්ච පස‍්සාමි සන‍්තිකෙ.

සන්‍දිට්ඨිකං කම්මඵලං නනු පස්සසි දෙවතෙ, සන්තං අඤ්ඤෙතරාමහං තඤ්ච පස්සාමි සන්තිකෙ

සමූහයෙන් (වෙළඳ සමූහයෙන්) සුවිශේෂී වූ මම උත්සාහයෙන්) මේක් පිහිනා ආවෙමි. සමීපයෙහි සිටින ඔබද දකිමි. මේ මෙලොවදීම උත්සාහයෙහි විපාක කියාපෑමක් නොවේද?

“සො අහං වායමිස‍්සාමි, යථාසත‍්ති යථාබලං; ගච‍්ඡං පාරං සමුද‍්දස‍්ස, කස‍්සං පුරිසකාරිය”න‍්ති.

සොහං වායමිස්සාමි යථා සත්තං යථාබලං, ගච්ඡංපාර සමුද්දස්ස කාසං පුරිස කාරියන්ති

මුහුදෙහි පරතෙරට යන මම ශක්තිය ඇති පරිදි බලය ඇති පරිදි වීර්යය කරමි. පුරුෂයෙකුට අයත් කාර්යය කරමි.

තත්‍ථ අච‍්චන‍්තන‍්ති යො “ඉදං කම‍්මං වීරියං කත්‍වා නිප‍්ඵාදෙතුං න සක‍්කා, අච‍්චන‍්තමෙව අපාරනෙය්‍ය”න‍්ති විදිත්‍වා චණ‍්ඩහත්‍ථිආදයො අපරිහරන‍්තො අත‍්තනො පාණං න රක‍්ඛති. ජඤ‍්ඤා සො යදි හාපයෙති සො යදි තාදිසෙසු ඨානෙසු වීරියං හාපෙය්‍ය, ජානෙය්‍ය තස‍්ස කුසීතභාවස‍්ස ඵලං. ත්‍වං යං වා තං වා නිරත්‍ථකං වදසීති දීපෙති. පාළියං පන “ජඤ‍්ඤා සො යදි හාපය”න‍්ති ලිඛිතං, තං අට‍්ඨකථාසු නත්‍ථි. අධිප‍්පායඵලන‍්ති අත‍්තනො අධිප‍්පායඵලං සම‍්පස‍්සමානා එකච‍්චෙ පුරිසා කසිවණිජ‍්ජාදීනි කම‍්මානි පයොජයන‍්ති, තානි ඉජ‍්ඣන‍්ති වා න වා ඉජ‍්ඣන‍්ති. “එත්‍ථ ගමිස‍්සාමි, ඉදං උග‍්ගහෙස‍්සාමී”ති පන කායිකචෙතසිකවීරියං කරොන‍්තස‍්ස තං ඉජ‍්ඣතෙව, තස‍්මා තං කාතුං වට‍්ටතියෙවාති දස‍්සෙති. සන‍්නා අඤ‍්ඤෙ තරාමහන‍්ති අඤ‍්ඤෙ ජනා මහාසමුද‍්දෙ සන‍්නා නිමුග‍්ගා වීරියං අකරොන‍්තා මච‍්ඡකච‍්ඡපභක‍්ඛා ජාතා, අහං පන එකකොව තරාමි. තඤ‍්ච පස‍්සාමි සන‍්තිකෙති ඉදං මෙ වීරියඵලං පස‍්ස, මයා ඉමිනා අත‍්තභාවෙන දෙවතා නාම න දිට‍්ඨපුබ‍්බා, සොහං තඤ‍්ච ඉමිනා දිබ‍්බරූපෙන මම සන‍්තිකෙ ඨිතං පස‍්සාමි. යථාසත‍්ති යථාබලන‍්ති අත‍්තනො සත‍්තියා ච බලස‍්ස ච අනුරූපං. කස‍්සන‍්ති කරිස‍්සාමි.

එහි අච්චන්ත යනු යමෙක් මේ දෙය කොපමණ වීර්යය කළත් මුදුන් පමුණුවා ගැනීමට නොහැකි බවත් දැන නිසැකයෙන්ම නොමග යෑමක් බවත් දැන, දරුණු අලි ඇතුන් ආදී සතුන්ගෙන් පවා තම ජීවිතයට හානි පමුණුවා ගැනීම මෙනි. ජඤ්ඤා සොයදිහාපයෙති, ඔහු නැවතද එබඳු දෙයක් සඳහා දැනදැනම නිරර්ථක වීර්යයක යෙදෙන්නේ ඔහුගේ කුසීතභාවය ගැන අනවශ්‍ය චෝදනාවක් කවරෙකුට හෝ කළ හැකි බැවිනි. පෙළෙහි ජඤ්ඤා සොයදි හාපයං කියා යෙදුනත් එය අටුවාවන්හි නොදැක්වේ. අධිප්පායංඵලං යනු තමන්ගේ අදහස සඵල වේයි දකින්නා වූ කිසියම් පුරුෂයෙක් ගොවිතැන් වෙළඳාම් ආදි කිසියම් කර්මාන්තයක යෙදෙන්නේය. එසේ කරන කල්හි එය සමෘද්ධ වුවත් නොවූවත් අසවල් ඉලක්කය කරා යමියි දැඩිව උත්සාහ ගෙන සිත කය වෙහෙසවා වීර්යය කරන කල්හි, උත්සාහය සඵල වන්නා සේම එසේ වීර්යය කිරීම සුදුසු යැයි ඔහුට මනා අවබෝධයක්ද ලැබෙන්නේය. සත්තා අඤ්ඤෙතරා මහං යනු අනෙක් මිනිස්සු වීර්යය නොකොට මහ සමුදුරෙහි ගිලුණෝය. චණ්ඩ මස්ස කච්ඡපාදීන් ගොදුරු වූවෝය. ඔබ වනාහි තනිවම මුහුද තරණය කරමි යනුයි. තඤ්ච පස්සාමී යනු වීර්යයෙහි ඵලය ඔබ මේ ආත්මභාවයේ දීම දුටුවෙමි. මෙයට පෙර මා දේවතාවෝ දැක නැත. අද ඔවුහු මා ඉදිරියෙහි දිව්‍යමය ස්වරූපයෙන්ම පෙනී සිටිති. (මෙයද වීර්යයෙහි එක්තරා ඵලයකි) යථා සත්තිං යථා බලං යනු තමන්ගේ ශක්තියට බලය සුදුසු වීමයි. කාසිං යනු කරන්නෙමි යන අර්ථයි.

තතො දෙවතා තස‍්ස තං දළ‍්හවචනං සුත්‍වා ථුතිං කරොන‍්තී ගාථමාහ –

දේවතාවිය ඔහුගේ එම දෘඪ වචන අසා ප්‍රශංසා මුඛයෙන් මෙසේ කීවාය.

“යො ත්‍වං එවං ගතෙ ඔඝෙ, අප‍්පමෙය්‍යෙ මහණ‍්ණවෙ; ධම‍්මවායාමසම‍්පන‍්නො, කම‍්මුනා නාවසීදසි; සො ත්‍වං තත්‍ථෙව ගච‍්ඡාහි, යත්‍ථ තෙ නිරතො මනො”ති.

යො ත්‍වං එවං ගතෙ ඔඝෙ අප්පමෙය්‍ය මහණ්ණවෙ, ධම්මවායාම සම්පන්නො කම්මනා නාව සීදති, සො ත්‍වං තත්‍ථෙව ගච්ඡාහි යත්‍ථතෙ නිරතො මනොති

මහත් රළපහර ඇති පමණ නොකළැකි මහ මුහුදෙහි ඔබයම් පමණකට දැහැමි වූ උත්සාහයෙන් යුක්ත වූයෙහි ද එනිසාම නොගිලුණේය. ඔබගේ සිත යම් තැනෙකට ඇලුණේ ද එතැනට සුවසේ යන්න.

තත්‍ථ එවං ගතෙති එවරූපෙ ගම‍්භීරෙ විත්‍ථතෙ මහාසමුද‍්දෙ. ධම‍්මවායාමසම‍්පන‍්නොති ධම‍්මවායාමෙන සමන‍්නාගතො. කම‍්මුනාති අත‍්තනො පුරිසකාරකම‍්මෙන. නාවසීදසීති න අවසීදසි. යත්‍ථ තෙති යස‍්මිං ඨානෙ තව මනො නිරතො, තත්‍ථෙව ගච‍්ඡාහීති.

එහි එවං ගතෙ යනු එපමණටම ගැඹුරු හා පැතිරුණු යනුයි. ධම්ම වායාම සම්පන්නො යනු ධාර්මික වූ උත්සාහයෙන් යුතු තැනැත්තාය. කම්මනා යනු තමන්ගේ පුරුෂ වීර්යය නිසා (ජලයෙහි) නොගිලුණ බවයි. යත්‍ථතෙ යි කියනු ලැබුවේ කිසියම් ස්ථානයකට (යාම සඳහා) සිතෙහි අදහසක් ඇද්ද එහි යෑම සුදුසු යැයි දැක්වීමයි.

සා එවඤ‍්ච පන වත්‍වා “පණ‍්ඩිත මහාපරක‍්කම, කුහිං තං නෙමී”ති පුච‍්ඡි. “මිථිලනගර”න‍්ති වුත‍්තෙ සා මහාසත‍්තං පුප‍්ඵකලාපං විය උක‍්ඛිපිත්‍වා උභොහි හත්‍ථෙහි පරිග‍්ගය‍්හ උරෙ නිපජ‍්ජාපෙත්‍වා පියපුත‍්තං ආදාය ගච‍්ඡන‍්තී විය ආකාසෙ පක‍්ඛන්‍දි. මහාසත‍්තො සත‍්තාහං ලොණොදකෙන උපක‍්කසරීරො හුත්‍වා දිබ‍්බඵස‍්සෙන ඵුට‍්ඨො නිද‍්දං ඔක‍්කමි. අථ නං සා මිථිලං නෙත්‍වා අම‍්බවනුය්‍යානෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ දක‍්ඛිණපස‍්සෙන නිපජ‍්ජාපෙත්‍වා උය්‍යානදෙවතාහි තස‍්ස ආරක‍්ඛං ගාහාපෙත්‍වා සකට‍්ඨානමෙව ගතා.

මෙසේ කියා, ගෞරවණීය උත්සාහවන්තයාණෙනි, ඔබ යායුතු සීමාව (තැන) කුමක්දැයි දේවතාවිය ඇසුවාය. මිථිලා නුවර යැයි බෝසත් කීහ. මහසත් මල් කළඹක් මෙන් දෑතින් ඔසවාගෙන උරමත තබාගෙන අදරැති පුතෙකු වඩාගෙන යන මවක මෙන් අහසට පැන නැගුණාය. සත් දවසක් ලුණු දියෙන් තැවුණු ශරීරය ඇති මහසත් දිව්‍යමය ස්පර්ශය ලැබීමෙන් නින්දට වැටුණි. ඉක්බිති ඇය (මණිමේඛලා දේවතාවිය) ඔහු මිථිලාවට ගෙන ගොස්, අඹ වනයෙහි මංගල්‍ය ශෛලාසනයෙහි දකුණු පැත්තට හරවා තබා, උයන අධිපති දෙවියාගේ ආරක්‍ෂාව ද සලස්වා ස්වකීය භවනයටම ගියාය.

තදා පොලජනකස‍්ස පුත‍්තො නත්‍ථි. එකා පනස‍්ස ධීතා අහොසි, සා සීවලිදෙවී නාම පණ‍්ඩිතා බ්‍යත‍්තා. අමච‍්චා තමෙනං මරණමඤ‍්චෙ නිපන‍්නං පුච‍්ඡිංසු “මහාරාජ, තුම‍්හෙසු දිවඞ‍්ගතෙසු රජ‍්ජං කස‍්ස දස‍්සාමා”ති? අථ නෙ රාජා “තාතා, මම ධීතරං සීවලිදෙවිං ආරාධෙතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථ, යො වා පන චතුරස‍්සපල‍්ලඞ‍්කස‍්ස උස‍්සීසකං ජානාති, යො වා පන සහස‍්සථාමධනුං ආරොපෙතුං සක‍්කොති, යො වා පන සොළස මහානිධී නීහරිතුං සක‍්කොති, තස‍්ස රජ‍්ජං දෙථා”ති ආහ. අමච‍්චා “දෙව, තෙසං නො නිධීනං උද‍්දානං කථෙථා”ති ආහංසු. අථ රාජා –

පෝළජනක රජුට පුතුන් නොවීය. එක් දුවක් පමණක් සිටියේය. ඈ සීවලී දේවී නම් වූවාය. පණ්ඩිතය, ව්‍යක්තය, මරණ මංචකයෙහි සිටි පෝළජනක රජතුමාගෙන් මහරජ, ඔබ දෙව්ලොව ගිය කල්හි කවරෙකුට රාජ්‍ය දිය යුතුදැයි අසනු ලැබීය. ‘මාගේ දියණිය වන සීවලී දේවියගේ සිත් ගැනීමට සමත් කෙනෙකුට හෝ සිව්රැස් යානේ (පල්ලැත්තිය දෝලාව) ඉස්දොර දැනගත් කෙනෙකුට හෝ දහසක් දෙනා අදිනු ලබන දුන්න ඇදීමට සමත් වූ කෙනෙකුට හෝ සොළොස් මහා නිධාන තිබෙන තැන් දැනගැනීමට සමත් වූ කෙනෙකුට හෝ රාජ්‍ය දෙන්නැයි කීවේය. රජතුමනි, එම නිධානයන් තිබෙන තැන් හඳුනා ගැනීමට සලකුණු දක්වන්නැයි ඇමතිවරු ඉල්ලා සිටියහ. එවිට රජතුමා, මෙසේ (සගවා) කීහ.

“සූරියුග‍්ගමනෙ නිධි, අථො ඔක‍්කමනෙ නිධි; අන‍්තො නිධි බහි නිධි, න අන‍්තො න බහි නිධි.

සුරියුග්ගමනෙ නිධි අථොඔග්ගමණෙනිධි, අන්තො නිධි බහිනිධි න අන්තො නබ්හිනිධි

“ආරොහනෙ මහානිධි, අථො ඔරොහනෙ නිධි; චතූසු මහාසාලෙසු, සමන‍්තා යොජනෙ නිධි.

ආරොහණො මහ නිධි අථො ඔරොහණෙ නිධි, චතුරොච මහාසාලා සමන්තා යොජනෙ නිධි

“දන‍්තග‍්ගෙසු මහානිධි, වාලග‍්ගෙසු ච කෙපුකෙ; රුක‍්ඛග‍්ගෙසු මහානිධි, සොළසෙතෙ මහානිධී.

දන්තග්ගෙසු මහා නිධි වාලග්ගහෙසුච කෙබුකෙ, රුක්කග්ගෙසු මහනිධි සොළසෙතො මහානිධි

“සහස‍්සථාමො පල‍්ලඞ‍්කො, සීවලිආරාධනෙන චා”ති. –

සහස්සත්‍ථාබො පල්ලංකො සීවලා රාධනෙනවා

ඉර උදාවන තැන නිධානයැ. බස්නා තැන නිධානයැ. ඇතුළත නිධානයැ. පිටත නිධානයැ. ඇතුළත ද පිටතද නොවූ නිධානයැ.

නගින තැන නිධානය බහින මහ සල්ගස් සතර තිබෙන තැන නිධාන සතරයැ. හාත්පසින් යොදුනක් තැන නිධානයැ.

දළ කෙළවර මහා නිධානයැ. වලග කෙළවර නිධානයැ. දිය ඇති තැන නිධානයැ. ගස මුදුන නිධානයැ ය යන මේ සොළොස් නිධානයෝ වෙති.

එසේම ඉහත කී ලෙස සීවලී දේවිය සතුටු කිරිමෙන් යමෙක් සහස්‍රථාම දුන්නෙහි දුනුදිය නගාලිය හේ ද සිරස් පර්යංකයෙහි හිස් දොර දතහේද ඔහුට රජය දිය යුතු යැයි,

මහානිධීහි සද‍්ධිං ඉතරෙසම‍්පි උද‍්දානං කථෙසි. රාජා ඉමං කථං වත්‍වා කාලමකාසි.

පෝළජනක රජු මරණ මංචකයේ දී කීහ.

අමච‍්චා රඤ‍්ඤො අච‍්චයෙන තස‍්ස මතකිච‍්චං කත්‍වා සත‍්තමෙ දිවසෙ සන‍්නිපතිත්‍වා මන‍්තයිංසු “අම‍්භො රඤ‍්ඤා ‘අත‍්තනො ධීතරං ආරාධෙතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දාතබ‍්බ’න‍්ති වුත‍්තං, කො තං ආරාධෙතුං සක‍්ඛිස‍්සතී”ති. තෙ “සෙනාපති වල‍්ලභො”ති වත්‍වා තස‍්ස සාසනං පෙසෙසුං. සො සාසනං සුත්‍වා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා රජ‍්ජත්‍ථාය රාජද‍්වාරං ගන‍්ත්‍වා අත‍්තනො ආගතභාවං රාජධීතාය ආරොචාපෙසි. සා තස‍්ස ආගතභාවං ඤත්‍වා “අත්‍ථි නු ඛ‍්වස‍්ස සෙතච‍්ඡත‍්තසිරිං ධාරෙතුං ධිතී”ති තස‍්ස වීමංසනත්‍ථාය “ඛිප‍්පං ආගච‍්ඡතූ”ති ආහ. සො තස‍්සා සාසනං සුත්‍වා තං ආරාධෙතුකාමො සොපානපාදමූලතො පට‍්ඨාය ජවෙනාගන‍්ත්‍වා තස‍්සා සන‍්තිකෙ අට‍්ඨාසි. අථ නං සා වීමංසමානා “මහාතලෙ ජවෙන ධාවා”ති ආහ. සො “රාජධීතරං තොසෙස‍්සාමී”ති වෙගෙන පක‍්ඛන්‍දි. අථ නං “පුන එහී”ති ආහ. සො පුන වෙගෙන ආගතො. සා තස‍්ස ධිතියා විරහිතභාවං ඤත්‍වා “එහි සම‍්ම, පාදෙ මෙ සම‍්බාහා”ති ආහ. සො තස‍්සා ආරාධනත්‍ථං නිසීදිත්‍වා පාදෙ සම‍්බාහි. අථ නං සා උරෙ පාදෙන පහරිත්‍වා උත‍්තානකං පාතෙත්‍වා “ඉමං අන්‍ධබාලපුරිසං ධිතිවිරහිතං පොථෙත්‍වා ගීවායං ගහෙත්‍වා නීහරථා”ති දාසීනං සඤ‍්ඤං අදාසි. තා තථා කරිංසු. සො තෙහි “කිං සෙනාපතී”ති පුට‍්ඨො “මා කථෙථ, සා නෙව මනුස‍්සිත්‍ථී, යක‍්ඛිනී”ති ආහ. තතො භණ‍්ඩාගාරිකො ගතො, තම‍්පි තථෙව ලජ‍්ජාපෙසි. තථා සෙට‍්ඨිං, ඡත‍්තග‍්ගාහං, අසිග‍්ගාහන‍්ති සබ‍්බෙපි තෙ ලජ‍්ජාපෙසියෙව.

ඇමැතිවරු රජු මියගිය පසු අවසන් කටයුතු කොට සත්වන දිනයෙහි රැස්ව සාකච්ඡා කළාහුය. රජතුමා තම දියණියගේ සිත් ගැනීමට සමර්ථ වූවෙකුට රාජ්‍ය දිය යුතුයැයි කියන ලදි. කවරෙකු නම් ඇයගේ සිත් ගැනීමට සමර්ථ වන්නේ දැයි විමසුවාහුය. සේනාපතියා ස්වාමිත්වයට සුදුසු වන්නේ යැයි කතිකා කොට ඔහුට පණිවිඩ යැවීය. ඔහු හොඳයැයි කියා රාජ්‍ය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් රාජ කුමාරියට ගොස් තමා පැමිණි බව දන්වා යැවීය. ඈ ඔහු පැමිණි කාරණය දැන මොහුට සේසතෙහි ආනුභාවය දැරීමට කුසලතාවය ඇත්දැයි විමසනු පිණිස වහාම එන්නැයි කියා යැවීය. ඔහු එම කැඳවීම ලැබ ඇයගේ සිත් ගැනීමට සිතා පියගැටපෙළ මුල සිට වේගයෙන් දිවගොස් ඈ සමීපයේ සිටියේය. නැවත ඔහු විමසනු සඳහා මතු මහලෙහි වේගයෙන් දිවීමට අණ කළේය. රජකුමරිය සතුටු කරමියි ඔහු වේගයෙන් දිව ගියේය. ආපසු එන්නැයි කීවාය. ඔහු එවරද වේගයෙන් ආපසු ආවේය. ඉන්පසු මගේ පාද මිරිකන්නැයි කීහ. ඔහු ඇගේ සිත දිනාගනිමි’යි පාමුල වැදහෙව පාදැගුම් කළේය. ඈ ඔහුට කිසිදු කුසලතාවයක් නැතැයි දැන උරයට පා පහරක් එල්ලකොට ඉහළට ඔසවා බිම හොවා’ කිසිම කුසලතාවයක නැති මෝඩයා තලා බෙලෙන් අල්ලා පිටතට නෙරපා හරිව් යැයි දාසීන්ට අණ කළාය. දාසීහු එසේ කළාහුය. ඇමතිවරු ‘සේනාපති, කුමක් වීදැ’යි අසුභ කතා කරන්ට එපා ඇය මිනිස් දුවක් නොවේ. යකින්නකැයි සේනාපති කීය. ඉන්පසු භාණ්ඩාගාරික ගියේය. ඔහුද එසේ ලජ්ජාවට පත්කළාය. මෙසේ සිටුහු ද, සෙස්සත් දරන්නා ද, ආයුධ දරන්නා ද (අසිග්ගාහක) ය සියලු දෙනාම ලජ්ජාවට පත් කළාය.

අථ අමච‍්චා සන‍්නිපතිත්‍වා “රාජධීතරං ආරාධෙතුං සමත්‍ථො නාම නත්‍ථි, සහස‍්සථාමධනුං ආරොපෙතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථා”ති ආහ, තම‍්පි කොචි ආරොපෙතුං නාසක‍්ඛි. තතො “චතුරස‍්සපල‍්ලඞ‍්කස‍්ස උස‍්සීසකං ජානන‍්තස‍්ස රජ‍්ජං දෙථා”ති ආහ, තම‍්පි කොචි න ජානාති. තතො සොළස මහානිධී නීහරිතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථා”ති ආහ, තෙපි කොචි නීහරිතුං නාසක‍්ඛි. තතො “අම‍්භො අරාජිකං නාම රට‍්ඨං පාලෙතුං න සක‍්කා, කිං නු ඛො කාතබ‍්බ”න‍්ති මන‍්තයිංසු. අථ නෙ පුරොහිතො ආහ – “භො තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, ඵුස‍්සරථං නාම විස‍්සජ‍්ජෙතුං වට‍්ටති, ඵුස‍්සරථෙන හි ලද‍්ධරාජා සකලජම‍්බුදීපෙ රජ‍්ජං කාරෙතුං සමත්‍ථො හොතී”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා නගරං අලඞ‍්කාරාපෙත්‍වා මඞ‍්ගලරථෙ චත‍්තාරො කුමුදවණ‍්ණෙ අස‍්සෙ යොජෙත්‍වා උත‍්තමපච‍්චත්‍ථරණං අත්‍ථරිත්‍වා පඤ‍්ච රාජකකුධභණ‍්ඩානි ආරොපෙත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය පරිවාරෙසුං. “සසාමිකස‍්ස රථස‍්ස පුරතො තූරියානි වජ‍්ජන‍්ති, අසාමිකස‍්ස පච‍්ඡතො වජ‍්ජන‍්ති, තස‍්මා සබ‍්බතූරියානි පච‍්ඡතො වාදෙථා”ති වත්‍වා සුවණ‍්ණභිඞ‍්කාරෙන රථධුරඤ‍්ච පතොදඤ‍්ච අභිසිඤ‍්චිත්‍වා “යස‍්ස රජ‍්ජං කාරෙතුං පුඤ‍්ඤං අත්‍ථි, තස‍්ස සන‍්තිකං ගච‍්ඡතූ”ති රථං විස‍්සජ‍්ජෙසුං. අථ රථො රාජගෙහං පදක‍්ඛිණං කත්‍වා වෙගෙන මහාවීථිං අභිරුහි.

ඉක්බිති මහජනයා කතිකාකොට රජදුවගේ සිත් දිනාගැනීමට සමත් කිසිවෙකු නැත. දුනුදිය ඇද නගාලීමට සමත් කෙනෙකුට රාජ්‍ය දෙන්නැයි කීවාහුය. කිසිවෙක් දුනුදිය නගාලීමට සමත් නොවීය. එසේනම් සිව්රැස් පළඟෙහි (යහනෙහි) ඉස්දොර දන්නා කෙනෙකුට දෙන්නැයි කීහ. එය දත් කෙනෙකුටද නොවීය. ඉන්පසු සොළොස්මහා නිධානයන් ගැනීමට සමත් කෙනෙකුට දෙමුයි කීහ. කිසිවෙකුත් එයද නොදත්හ. අරාජක වූ රටක් පාලනය කළ නොහැක. දැන් කුමක් කරමෝදැයි ඇමැතිවරු සාකච්ඡා කළාහුය. ඉක්බිති ඔවුන්ට පුරෝහිත බමුණු මෙසේ කීහ. එසේ නොසිතන්න. මංගල රථය පිටත්කර හැරීම සුදුසු වන්නේය. මංගල රථය ලත් තැනැත්තා මුළු දඹදිව වුවද රාජ්‍ය විචාරීමට සුදුසු වන්නේ යැයි කීහ. ඔව්හු හොඳයැයි පිළිගෙන නුවර අලංකාර කොට සරසා මඟුල් රියට සුදු පැහැති අසුන් සිව්දෙනෙකු යොදා ඇතුළත අසුනෙහි උතුරුසළුවක් අතුරා පංචරාජ කකුධ භාණ්ඩ එහි තබා චතුරංගනී සේනාව පිරිවරා සිටවූහ. ස්වාමියා සහිත වූ රථය ගමන් කරන්නේ පංචතූර්ය නාදය පෙරටුකොට ගෙනය. ස්වාමියා රහිත වූ රථය ගමන් කරන්නේ පංචතූර්ය නාදය පසුපස ඇතිවය. මේ නිසා තූර්ය වාදනය රථයට පසුපස සිට පවත්වන්නැයි පුරෝහිත තෙමේ උපදෙස් දුන්නේය. රථයෙහි අසුන් බැඳි වරපොටවල්ද කසය (කෙවිට) ද රන්කෙන්ඩිය පැන් ඉස අදිටන් කොට ‘යම්තැනෙක රාජ්‍ය විචාරීමට පිනැත්තෙකු සිටීද ඔහු සමීපයට යන්නැයි කීවේය. රථය රජමැදුර පැදකුණු කොට භෙරි වීදියට නැගී ගියේය.

සෙනාපතිආදයො “ඵුස‍්සරථො මම සන‍්තිකං ආගච‍්ඡතූ”ති චින‍්තයිංසු. සො සබ‍්බෙසං ගෙහානි අතික‍්කමිත්‍වා නගරං පදක‍්ඛිණං කත්‍වා පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උය්‍යානාභිමුඛො පායාසි. අථ නං වෙගෙන ගච‍්ඡන‍්තං දිස‍්වා “නිවත‍්තෙථා”ති ආහංසු. පුරොහිතො “මා නිවත‍්තයිත්‍ථ, ඉච‍්ඡන‍්තො යොජනසතම‍්පි ගච‍්ඡතු, මා නිවාරෙථා”ති ආහ. රථො උය්‍යානං පවිසිත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටං පදක‍්ඛිණං කත්‍වා ආරොහනසජ‍්ජො හුත්‍වා අට‍්ඨාසි. පුරොහිතො මහාසත‍්තං නිපන‍්නකං දිස‍්වා අමච‍්චෙ ආමන‍්තෙත්‍වා “අම‍්භො එකො සිලාපට‍්ටෙ නිපන‍්නකො පුරිසො දිස‍්සති, සෙතච‍්ඡත‍්තානුච‍්ඡවිකා පනස‍්ස ධිති අත්‍ථීති වා නත්‍ථීති වා න ජානාම, සචෙ එස පුඤ‍්ඤවා භවිස‍්සති, අම‍්හෙ න ඔලොකෙස‍්සති, කාළකණ‍්ණිසත‍්තො සචෙ භවිස‍්සති, භීතතසිතො උට‍්ඨාය කම‍්පමානො ඔලොකෙස‍්සති, තස‍්මා ඛිප‍්පං සබ‍්බතූරියානි පග‍්ගණ‍්හථා”ති ආහ. තාවදෙව අනෙකසතානි තූරියානි පග‍්ගණ‍්හිංසු. තදා තූරියසද‍්දො සාගරඝොසො විය අහොසි.

සේනාපති ආදීහු මඟුල් රථය මා සමීපයට එති යි, මා සමීපයට එතියි සිතුවාහුය. රථය සියලු ගෙවල් පසුකොට ඇතුළු නුවර පැදකුණු කොට පැසුළු දොරින් නික්ම උයන දෙසට ගමන් ගත්තේය. රථය වේගයෙන් යනු දැක බොහෝ දෙනෙක් එය නවත්වන්නැයි කෑගැසූහ. රථය උයනට පිවිස මගුල් සල්වට පැදකුණු කොට, නැග ගැනීමට සුදුසු ලෙස නතර විය. නිදා සිටින මහසත් දැක පුරෝහිත ඇමැතියන්ට මෙසේ කීහ. ‘පින්වත්නි, ශිලා තලයෙහි කිසිවෙකු නිදා සිටිනු පෙනේ. ඔහු සේසත් දැරීමට (රජකමට) පිනැ’තියෙකු ද, කුසලතා ඇත්තෙකුදැයි දැන ගනිමි. එක්වරම සියළු පංචතූර්ය නාද පවත්වව්. ඉදින් පිනැතියෙකු නම් කිසිවක් ගණන් නොගෙන සිටී. පින් නැති කාලකණ්ණියෙකු නම් නැගී සිට බියට පත්ව තැතිගෙන බලා සිටී යැයි කීහ. පුරෝහිත කී පරිදි නොයෙක් සිය ගණන් තූර්ය භාණ්ඩ එක්වර හැඬවූහ. එම හඬ සමුදුර ගොස මෙන් නැගුණි.

මහාසත‍්තො තෙන සද‍්දෙන පබුජ‍්ඣිත්‍වා සීසං විවරිත්‍වා ඔලොකෙන‍්තො මහාජනං දිස‍්වා “සෙතච‍්ඡත‍්තෙන මෙ ආගතෙන භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා පුන සීසං පාරුපිත්‍වා පරිවත‍්තිත්‍වා වාමපස‍්සෙන නිපජ‍්ජි. පුරොහිතො තස‍්ස පාදෙ විවරිත්‍වා ලක‍්ඛණානි ඔලොකෙන‍්තො “තිට‍්ඨතු අයං එකො දීපො, චතුන‍්නම‍්පි මහාදීපානං රජ‍්ජං කාරෙතුං සමත්‍ථො හොතී”ති පුන තූරියානි පග‍්ගණ‍්හාපෙසි. අථ මහාසත‍්තො මුඛං විවරිත්‍වා පරිවත‍්තිත්‍වා දක‍්ඛිණපස‍්සෙන නිපජ‍්ජිත්‍වා මහාජනං ඔලොකෙසි. තදා පුරොහිතො පරිසං උස‍්සාරෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ අවකුජ‍්ජො හුත්‍වා “උට‍්ඨෙහි, දෙව, රජ‍්ජං තෙ පාපුණාතී”ති ආහ. අථ නං මහාසත‍්තො “රාජා වො කුහී”න‍්ති පුච‍්ඡිත්‍වා “කාලකතො දෙවා”ති වුත‍්තෙ “තස‍්ස පුත‍්තො වා භාතා වා නත්‍ථී”ති පුච‍්ඡිත්‍වා “නත්‍ථි දෙවා”ති වුත‍්තෙ “තෙන හි සාධු රජ‍්ජං කාරෙස‍්සාමී”ති වත්‍වා උට‍්ඨාය සිලාපට‍්ටෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. අථ නං තත්‍ථෙව අභිසිඤ‍්චිංසු. සො මහාජනකො නාම රාජා අහොසි. සො රථවරං අභිරුය‍්හ මහන‍්තෙන සිරිවිභවෙන නගරං පවිසිත්‍වා රාජනිවෙසනං අභිරුහන‍්තො “සෙනාපතිආදීනං තානෙව ඨානානි හොන‍්තූ”ති විචාරෙත්‍වා මහාතලං අභිරුහි.

මහසත්හු එම හඬින් පිබිද පොරවාගෙන සිටි රෙදිකඩින් හිස විවර කොට බලන්නේ මහජනයා දැක සේසත මා කරා පැමිණීම වන්නේ යැයි සිතා නැවත ද හිස වසාගෙන වම් අතට හැරී නිදාගත්තා සේ වැදහොත්තේය. පුරෝහිත රෙදිකඩ විවර කොට පා සලකුණු බලා කියන්න දෙයක් නෑ. මොහු එක් දිවයිනක නොවෙයි, සතර මහා දිවයිනෙහිම රාජ්‍ය විචාරීමට සමත් අයෙකියි කියා නැවතත් තූර්ය නාද පැවැත්වීමට නියෝග කළේය. මහත් මුහුණ හැර බලා දකුණුපසින් වැදහෙව, මහාජනයා දෙස බැලුවේය. පුරෝහිත තෙමේ මහජනයාට සංඥාකොට ඔවුන් උනන්දු කරවා උක්කුටිකයෙන් සිට ඇඳිලි බැඳ, දේවයිනි, නැගිටින්න. රාජ්‍යය ඔබ කරා පැමිණියේ යැයි කීවේය. (එවිට මහසත්) තොපගේ රජු කොහිදැයි ඇසීය. කළුරිය කෙළේ යැයි කීවේය. ඔහුගේ පුතෙකු හෝ සහෝදරයෙකු නැද්දැයි ඇසීය. නැතැයි දේවයිනි පිළිතුරු දිනි. හොඳයි, රාජ්‍යය පිළිගනිමියි නැගීසිට ශිලාතලය මත පළඟ බැඳ හිඳගත්තේය. ඉක්බිති ඔහු එතැනදීම අභිෂේක කෙරුණි. නමින් ‘මහාජනක’ විය. ඔහු මංගල රථයට නැගී මහත් වූ ශ්‍රී විභූතියෙන් නුවරට පිවිස රජමැදුරට පිවිසෙන්නේ සේනාපති ආදීහු ඒ ඒ තන්හි සිටුවා විමසුම් කොට මතුමහලට නැංගේය.

රාජධීතා පන පුරිමසඤ‍්ඤාය එව තස‍්ස වීමංසනත්‍ථං එකං පුරිසං ආණාපෙසි “තාත, ත්‍වං ගච‍්ඡ, රාජානං උපසඞ‍්කමිත්‍වා එවං වදෙහි ‘දෙව, සීවලිදෙවී තුම‍්හෙ පක‍්කොසති, ඛිප‍්පං කිරාගච‍්ඡතූ’”ති. සො ගන‍්ත්‍වා තථා ආරොචෙසි. රාජා පණ‍්ඩිතො තස‍්ස වචනං සුත්‍වාපි අස‍්සුණන‍්තො විය “අහො සොභනො වතායං පාසාදො”ති පාසාදමෙව වණ‍්ණෙති. සො තං සාවෙතුං අසක‍්කොන‍්තො ගන‍්ත්‍වා රාජධීතාය තං පවත‍්තිං ආරොචෙසි “අය්‍යෙ, රාජා තුම‍්හාකං වචනං න සුණාති, පාසාදමෙව වණ‍්ණෙති, තුම‍්හාකං වචනං තිණං විය න ගණෙතී”ති. සා තස‍්ස වචනං සුත්‍වා “සො මහජ‍්ඣාසයො පුරිසො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා දුතියම‍්පි තතියම‍්පි පෙසෙසි. රාජාපි අත‍්තනො රුචියා පකතිගමනෙන සීහො විය විජම‍්භමානො පාසාදං අභිරුහි. තස‍්මිං උපසඞ‍්කමන‍්තෙ රාජධීතා තස‍්ස තෙජෙන සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තී ආගන‍්ත්‍වා හත්‍ථාලම‍්බකං අදාසි.

පළමු කරුණින්ම ඔහු විමසනු සඳහා එක් පුරුෂයෙකු කැඳවා ‘යව රජු වෙත එළඹ සීවලී දේවිය ඔබවහන්සේ කැඳවන්නීය. වහා යහපත් වුව මැනවැ’යි කියා ඉල්ලා සිටීමට අණ කළාය. මහසත් බුද්ධිමත් නිසා ඔහුගේ වචන නොඇසුනාක් මෙන් මේ ප්‍රාසාදය කොපමණ ලක්‍ෂණදැයි ආදී වශයෙන් පහයෙහි විසිතුරු බව වර්ණනය කරමින් සිටියේ ය. එම වැණුම් අසා සිටිමට රුචි නොවූ ඔහු රජදුව වෙත ගොස් මෙසේ කීවේය. ආර්යාවෙනි, රජතුමා ඔබගේ පණිවුඩය නෑසුණාක් මෙන් සිටිති. ඔබගේ වචන තණපතක් තරම්වත් ගණන් නොගනී. මහා පෞරුෂයක් ඇත්තෙකු වන්නේ යැයි කීය. දෙවෙනි තෙවෙනි වරටත් පණිවුඩ යැවීය. රජු තමන්ගේ පියවි ගමනින් සිංහයෙකු සේ වැජඹෙමින් ප්‍රාසාදයට නැංගේය. මහසත් එහි එළඹෙත්ම රජදුවට සිටි අයුරින් සිටීමට නොහැකි විය. ඈ ඉදිරියට අවුත් අත දී රජු පිළිගත්තාය.

සො තස‍්සා හත්‍ථං ඔලම‍්බිත්‍වා මහාතලං අභිරුහිත්‍වා සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ රාජපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා අමච‍්චෙ ආමන‍්තෙත්‍වා “අම‍්භො, අත්‍ථි පන වො රඤ‍්ඤා කාලං කරොන‍්තෙන කොචි ඔවාදො දින‍්නො”ති පුච‍්ඡිත්‍වා “ආම, දෙවා”ති වුත‍්තෙ “තෙන හි වදෙථා”ති ආහ. දෙව “සීවලිදෙවිං ආරාධෙතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථා”ති තෙන වුත‍්තන‍්ති. සීවලිදෙවියා ආගන‍්ත්‍වා හත්‍ථාලම‍්බකො දින‍්නො, අයං තාව ආරාධිතා නාම, අඤ‍්ඤං වදෙථාති. දෙව “චතුරස‍්සපල‍්ලඞ‍්කස‍්ස උස‍්සීසකං ජානිතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථා”ති තෙන වුත‍්තන‍්ති. රාජා “ඉදං දුජ‍්ජානං, උපායෙන සක‍්කා ජානිතු”න‍්ති චින‍්තෙත්‍වා සීසතො සුවණ‍්ණසූචිං නීහරිත්‍වා සීවලිදෙවියා හත්‍ථෙ ඨපෙසි “ඉමං ඨපෙහී”ති . සා තං ගහෙත්‍වා පල‍්ලඞ‍්කස‍්ස උස‍්සීසකෙ ඨපෙසි. “ඛග‍්ගං අදාසී”තිපි වදන‍්තියෙව. සො තාය සඤ‍්ඤාය “ඉදං උස‍්සීසක”න‍්ති ඤත්‍වා තෙසං කථං අස‍්සුණන‍්තො විය “කිං කථෙථා”ති වත්‍වා පුන තෙහි තථා වුත‍්තෙ “ඉදං ජානිතුං න ගරු, එතං උස‍්සීසක”න‍්ති වත්‍වා “අඤ‍්ඤං වදෙථා”ති ආහ. දෙව, “සහස‍්සථාමධනුං ආරොපෙතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථා”ති තෙන වුත‍්තන‍්ති. “තෙන හි ආහරථ න”න‍්ති ආහරාපෙත්‍වා සො ධනුං පල‍්ලඞ‍්කෙ යථානිසින‍්නොව ඉත්‍ථීනං කප‍්පාසඵොටනධනුං විය ආරොපෙත්‍වා “අඤ‍්ඤං වදෙථා”ති ආහ. “දෙව, සොළස මහානිධී නීහරිතුං සමත්‍ථස‍්ස රජ‍්ජං දෙථා”ති තෙන වුත‍්තන‍්ති. “තෙසං කිඤ‍්චි උද‍්දානං අත්‍ථී”ති පුච‍්ඡිත්‍වා “ආම, දෙවා”ති වුත‍්තෙ “තෙන හි නං කථෙථා”ති ආහ. තෙ “සූරියුග‍්ගමනෙ නිධී”ති උද‍්දානං කථයිංසු. තස‍්ස තං සුණන‍්තස‍්සෙව ගගනතලෙ පුණ‍්ණචන්‍දො විය සො අත්‍ථො පාකටො අහොසි.

මහසත් ඇගේ අතගෙන මතුමහලට නැගී මැනවින් ඔසවන ලද සෙස්ත යට සිහසුනෙහි හිඳ ඇමැතියන් අමතා රජු මිය යනවිට ඔබලාට කිසියම් අවවාදයක් දුන්නේ දැයි ඇසීය. “එසේය මහරජ’ යි ඇමැතිවරු කීහ. කියන්නැ’යි බෝසත් අණකළ කල්හි, සීවලී දේවිය සිත් ගැනීමට සමත් අයෙකුට රාජ්‍ය දෙන්නැ’යි කී බව පැහැදිලි කළාහුය. සීවලී දේවිය මා කරා අවුත් අත දී පිළිගත්තාය. එයින්ම ඇයගේ සිත් ගත් බව වන්නේය. රජු කී අනෙක් යමක් ඇද්දැයි ඇසූහ. සිව්රැස් යානාවේ හිස්මුදුන දත් කෙනෙකුට රාජ්‍ය දෙන්න කී බව සඳහන් කළාහුය. මේ අමාරුවෙන් දැනගත යුතු දේ උපායකින් දැනගනිමියි සිතා අන් අයට නොපෙනෙන සේ හිසකෙස් අතර සඟවාගෙන සිටි රන්මය ඉඳිකටුවක් ගෙන මෙය සිව්රැස් යානයෙහි මුදුන් හිස තබන්නැයි සීවලී කුමරියට කීහ. ඈ එය ගෙන කඩුවක් අතට දුන්නා වගේ යැයි හඟවමින් සිව්රැස් යානයෙහි මුදුන්හිස තැබීය. රජතුමා එම සලකුණින්ම එම පැත්ත මුදුන් හිස යැයි දැන, ඇමැතිවරු මුලින් කීදේ නොඇසුනාක් මෙන් හඟවා කිමෙක්දැයි ඇසීය. ඔව්හු නැවතත් එයම කී කල්හි එය දැනගැනීම අපහසු නැත. මේ පැත්ත මුදුන් හිසපැත්ත යැයි කියා පෙන්වා රජුකී අනෙක් යමක් ඇත්දැයි විමසීය. දේවයිනි, දහසක් දෙන දුනුදිය නංවා ඇදිය යුතු දුන්න නගාසිටුවා ඇදීමට සමත් අයෙකුට රාජ්‍ය දීමට අණකර ඇතැයි කීහ. එසේම් දුන්න ගෙන එවයි කියා ගෙන්වාගෙන අසුනෙහි සිටම ස්ත්‍රීහු කපු පුළුන් පොලන්නට නගන දුන්නක් සේ එය නගාලීය. ඉන්පසු වෙනත් රජු කී දෙයක් ඇද්දැයි ඇසූහ. සොළොස් මහා නිධානයන් දැන ඒවා ගැනීමට සමත් කෙනෙකුට රාජ්‍ය දෙන්නැයි කී බව දැන්වූහ. ඒ සඳහා නිධන් ලකුණු දැක්වෙන ගාථාවක් ඇද්දැයි විමසීය. එසේය ඇතැයි කියා ‘සුරියුග්ගමිනෙ නිධීති’ යනාදී ගාථාව කීහ. බෝසත්හුට එය ඇසෙන්නාහාම, අහස් ගැබෙහි සඳු මෙන් එහි අරුත් අවබෝධ විය.

අථ නෙ රාජා ආහ – “අජ‍්ජ, භණෙ, වෙලා නත්‍ථි, ස‍්වෙ නිධී ගණ‍්හිස‍්සාමී”ති. සො පුනදිවසෙ අමච‍්චෙ සන‍්නිපාතෙත්‍වා පුච‍්ඡි “තුම‍්හාකං රාජා පච‍්චෙකබුද‍්ධෙ භොජෙසී”ති? “ආම, දෙවා”ති. සො චින‍්තෙසි “සූරියොති නායං සූරියො, සූරියසදිසත‍්තා පන පච‍්චෙකබුද‍්ධා සූරියා නාම, තෙසං පච‍්චුග‍්ගමනට‍්ඨානෙ නිධිනා භවිතබ‍්බ”න‍්ති. තතො රාජා “තෙසු පච‍්චෙකබුද‍්ධෙසු ආගච‍්ඡන‍්තෙසු පච‍්චුග‍්ගමනං කරොන‍්තො කතරං ඨානං ගච‍්ඡතී”ති පුච‍්ඡිත්‍වා “අසුකට‍්ඨානං නාම දෙවා”ති වුත‍්තෙ “තං ඨානං ඛණිත්‍වා නිධිං නීහරථා”ති නිධිං නීහරාපෙසි. “ගමනකාලෙ අනුගච‍්ඡන‍්තො කත්‍ථ ඨත්‍වා උය්‍යොජෙසී”ති පුච‍්ඡිත්‍වා “අසුකට‍්ඨානෙ නාමා”ති වුත‍්තෙ “තතොපි නිධිං නීහරථා”ති නිධිං නීහරාපෙසි. අථ මහාජනා උක‍්කුට‍්ඨිසහස‍්සානි පවත‍්තෙන‍්තා “සූරියුග‍්ගමනෙ නිධී”ති වුත‍්තත‍්තා සූරියුග‍්ගමනදිසායං ඛණන‍්තා විචරිංසු. අථො “ඔක‍්කමනෙ නිධී”ති වුත‍්තත‍්තා සූරියත්‍ථඞ‍්ගමනදිසායං ඛණන‍්තා විචරිංසු. “ඉදං පන ධනං ඉධෙව හොති, අහො අච‍්ඡරිය”න‍්ති පීතිසොමනස‍්සං පවත‍්තයිංසු. අන‍්තොනිධීති රාජගෙහෙ මහාද‍්වාරස‍්ස අන‍්තොඋම‍්මාරා නිධිං නීහරාපෙසි. බහි නිධීති බහිඋම‍්මාරා නිධිං නීහරාපෙසි. න අන‍්තො න බහි නිධීති හෙට‍්ඨාඋම‍්මාරතො නිධිං නීහරාපෙසි . ආරොහනෙ නිධීති මඞ‍්ගලහත්‍ථිං ආරොහනකාලෙ සුවණ‍්ණනිස‍්සෙණියා අත්‍ථරණට‍්ඨානතො නිධිං නීහරාපෙසි. අථො ඔරොහනෙ නිධීති හත්‍ථික‍්ඛන්‍ධතො ඔරොහනට‍්ඨානතො නිධිං නීහරාපෙසි. චතූසු මහාසාලෙසූති භූමියං කතඋපට‍්ඨානට‍්ඨානෙ සිරිසයනස‍්ස චත‍්තාරො මඤ‍්චපාදා සාලමයා, තෙසං හෙට‍්ඨා චතස‍්සො නිධිකුම‍්භියො නීහරාපෙසි. සමන‍්තායොජනෙ නිධීති යොජනං නාම රථයුගපමාණං, සිරිසයනස‍්ස සමන‍්තා රථයුගප‍්පමාණතො නිධිං නීහරාපෙසි. දන‍්තග‍්ගෙසු මහානිධීති මඞ‍්ගලහත්‍ථිට‍්ඨානෙ තස‍්ස ද‍්වින‍්නං දන‍්තානං අභිමුඛට‍්ඨානතො නිධිං නීහරාපෙසි. වාලග‍්ගෙසූති මඞ‍්ගලහත්‍ථිට‍්ඨානෙ තස‍්ස වාලධිසම‍්මුඛට‍්ඨානතො නිධිං නීහරාපෙසි. කෙපුකෙති කෙපුකං වුච‍්චති උදකං, මඞ‍්ගලපොක‍්ඛරණිතො උදකං නීහරාපෙත්‍වා නිධිං දස‍්සෙසි. රුක‍්ඛග‍්ගෙසු මහානිධීති උය්‍යානෙ මහාසාලරුක‍්ඛමූලෙ ඨිතමජ‍්ඣන‍්හිකසමයෙ පරිමණ‍්ඩලාය රුක‍්ඛච‍්ඡායාය අන‍්තො නිධිං නීහරාපෙසි. එවං සොළස මහානිධයො නීහරාපෙත්‍වා “අඤ‍්ඤං කිඤ‍්චි අත්‍ථී”ති පුච‍්ඡි. “නත්‍ථි දෙවා”ති වදිංසු. මහාජනො හට‍්ඨතුට‍්ඨො අහොසි.

අද කල්වේලා ඉක්ම ඇති බැවින් හෙට නිධාන ගනිමි’ යි මහසත් කීහ. දෙවන දින, ඇමැතියන් රැස්කරවා මෙසේ ඇසීය. ‘අපගේ රජතුමා පසේ බුදුවරුන්ට දන් පිළිගැන්වූයේ ද? එසේය දේවයිනි යි කීවේය. මහසත් සලකුණු දැක්වෙන ගාථාවේ ඇති සැඟැවුණු අරුත් සිතින් විමසා බැලීය. එහි සඳහන් ‘සූර්යයා’ යනු සැබෑ සූර්යයා නොවේ. සූර්යයා සමාන සත්ව කොටසක් විය යුතුය. පසේ බුදුවරු සූර්යය නමින් හඳුන්වති. උන්වහන්සේලා දානයට වඩිනවිට රජතුමා ඉදිරියට ගොස් පිළිගන්නා තැන නිධානයක් විය යුතුයැයි සිතා, කවර ස්ථානයකදී රජතුමා පසේ බුදුවරු පිළිගන්නේ දැයි අසා, අසවල් ස්ථානයේ දී යැයි කී කල්හි ඒ ස්ථානය හාරා නිධාන ගනුවයි කියා එහි වූ නිධාන ගත්තේය. පසේ බුදුරජාණන් වහන්සේලා ආපසු වඩිනවිට කුළුන තුනකට පසු ගමන්කොට නතර වන්නේදැයි අසා අසවල් තැන යැයි කී කල්හි එම ස්ථානය තනවා එහි වූ නිධානය ගනුවයි අණකොට එයද ගත්තේත්ය. දහස් ගණන් මහජනයා ඔල්වරසන් දෙන්නේ සූර්යයා උදාවන ස්ථානය යැයි කී තැනට පසේබුදුන් අහසින් වැඩ බසිනා තැන කැණවීය. සූර්යයා බසින ස්ථානය යැයි කී තැනට පසේබුදුන් අහසට නැගෙන තැන කැණවීය. මෙහිදී එම කුසලතාවයම ධනයක් නොවන්නේදැ’යි කියමින් විශ්මය පළකරමින් ප්‍රීතිඝෝෂා කළාහුය. ඇතුළත නිධානය යනුවෙන් දක්වා ඇත්තේ රජගෙදර ප්‍රධාන දොරටුවෙහි එළිපත්තේ ඇතුල් පැත්තේ ඇති නිධානයැයි දැන එයද ගත්තේය. පිටත නිධාන යනු එළිපත්තේ පිටත නිධානයැයි දැන එයද හරවා ගත්තේය. ආරෝහන ස්ථානයෙහි (නැගෙන තැන) නිධානය යනු මඟුලැතා පිට නැගීමට රන් ඉනිමග තබන තැනයැයි දැන එයද හරවා ගත්තේය. ඔහරණ නිධානය (නික්ම ගිය තැන) යනු ඇතා සිටි තැනින් උගේ සිරුරේ ප්‍රමාණය ඉක්මවා ගිය තැන ඇති නිධානයැයි දැන එයද හරවා ගත්තේය. චතුරො මහාසුලා (සිව් මහා ශීලයන්) මහගල් සතර ඇති තැන නිධානයැයි දැන සිරියහන තැබීමට මදක් උස්වන ලෙස කළ බිම්කඩෙහි සිරියහනෙහි පා සතර තබා ඇති ගල් සතර යට ඇති නිධාන යැයි දැන එය ද ගත්තේය. සමන්තායොජන යන තැන්හි යෝජනා යනු රිය දෙකක් එකට ඈඳූවිට ලැබෙන දුර ප්‍රමාණයැයි ද සමන්තා යනු සිරියහන තිබූ තැනින් හාත්පස යැයි ද දැනගෙන සිරියහනත් රිය දෙකත් ඈඳූ විට ලැබෙන දුරින් වූ නිධානයද හරවා ගත්තේය. දන්තග්ගෙසු මහානිධි යනු මඟූලැති බැඳසිටින තැන උගේ දළ කෙළවරකොට ඇති ස්ථානයෙහි වූ මහා නිධාන දෙක යැයි දැන එහි කැණීම් කොට එය ද ගත්තේය. වාලග්ගෙසු යනු අස්හලෙහි මඟුලසුගේ වළග දික්කළ තැන කෙළවරකොට පිහිටි නිධානයැයි දැන එයද ගත්තේය. කෙබුක යනු ජලයයි. කෙබුකෙ නිධානය යනු ජලයෙහි ඇති නිධානය යැයි යන්න මඟුල් පොකුණේ බව දැන මඟුල් පොකුණේ දිය ඉස එහි වූ නිධානයද ගත්තේත්ය. රුක්ඛග්ගෙසු මහානිධි යනු උයනෙහි මහසල් රුකෙහි මධ්‍යාහ්න සමයෙහි පරිමණ්ඩලාකාර සෙවනැල්ල වැටෙන සීමාවෙහි ඇති නිධානය මැයි දැන එයද හරවා ගත්තේය. මෙසේ සොළොස් මහා නිධානයක් ද ලබාගෙන වෙනත් රජුකී යමක් ඇද්දැයි ඇසීය. නැත මහරජ යි තුටු පහටු වූ සිත් ඇති මහජනයා කීවෝය.

අථ රාජා “ඉදං ධනං දානමුඛෙ විකිරිස‍්සාමී”ති නගරමජ‍්ඣෙ චෙව චතූසු නගරද‍්වාරෙසු චාති පඤ‍්චසු ඨානෙසු පඤ‍්ච දානසාලායො කාරාපෙත්‍වා මහාදානං පට‍්ඨපෙසි, කාලචම‍්පානගරතො අත‍්තනො මාතරඤ‍්ච බ්‍රාහ‍්මණඤ‍්ච පක‍්කොසාපෙත්‍වා මහන‍්තං සක‍්කාරං අකාසි. තස‍්ස තරුණරජ‍්ජෙයෙව සකලං විදෙහරට‍්ඨං “අරිට‍්ඨජනකරඤ‍්ඤො කිර පුත‍්තො මහාජනකො නාම රාජා රජ‍්ජං කාරෙති, සො කිර පණ‍්ඩිතො උපායකුසලො, පස‍්සිස‍්සාම න”න‍්ති දස‍්සනත්‍ථාය සඞ‍්ඛුභිතං අහොසි. තතො තතො බහුං පණ‍්ණාකාරං ගහෙත්‍වා ආගමිංසු, නාගරාපි මහාඡණං සජ‍්ජයිංසු. රාජනිවෙසනෙ අත්‍ථරණාදීනි සන්‍ථරිත්‍වා ගන්‍ධදාමමාලාදාමාදීනි ඔසාරෙත්‍වා විප‍්පකිණ‍්ණලාජාකුසුමවාසධූමගන්‍ධාකාරං කාරෙත්‍වා නානප‍්පකාරං පානභොජනං උපට‍්ඨාපෙසුං. රඤ‍්ඤො පණ‍්ණාකාරත්‍ථාය රජතසුවණ‍්ණභාජනාදීසු අනෙකප‍්පකාරානි ඛාදනීයභොජනීයමධුඵාණිතඵලාදීනි ගහෙත්‍වා තත්‍ථ තත්‍ථ පරිවාරෙත්‍වා අට‍්ඨංසු. එකතො අමච‍්චමණ‍්ඩලං නිසීදි, එකතො බ්‍රාහ‍්මණගණො, එකතො සෙට‍්ඨිආදයො නිසීදිංසු, එකතො උත‍්තමරූපධරා නාටකිත්‍ථියො නිසීදිංසු, බ්‍රාහ‍්මණාපි සොත්‍ථිකාරෙන මුඛමඞ‍්ගලිකානි කථෙන‍්ති, නච‍්චගීතාදීසු කුසලා නච‍්චගීතාදීනි පවත‍්තයිංසු, අනෙකසතානි තූරියානි පවජ‍්ජිංසූ. තදා රාජනිවෙසනං යුගන්‍ධරවාතවෙගෙන පහටා සාගරකුච‍්ඡි විය එකනින‍්නාදං අහොසි. ඔලොකිතොලොකිතට‍්ඨානං කම‍්පති.

මේ ධනය දන්දීමට යොදවන්නෙමියි සිතූ මහසත්නුවර මැද ද සතර දොරටුවෙහි ද මහදන් සැල් පහක් කරවා මහදන් පැවැත්වීය. කාළචම්පා නුවරින් මවද බමුණාද ගෙන්වා මහත්සේ සත්කාර කළේය. මහසත්හු රාජ්‍යත්වයට පැමිණි මුල් කාලයේදීම අරිට්ඨජනක රජුගේ පුත් කුමරා මහාජනක නමින් රාජ්‍ය කරන්නේය. පණ්ඩිත වූ රජතුමා අපිද දකිමුයි බොහෝ දෙනා තුළ රජු දැකීමට මහත් කැළඹීමක් ඇති විය. ඉන්පසු බොහෝ දෙනා මහත් පුදපඬුරු ගෙන මහසත් දැකීමට ගියෝය. රජමැදුර සරසවා, ලදපස්මල් ආදියෙන් විසුරුවා සුවඳ දුමින් දුම් දී නොයෙක් රස බොජුන් ද පිළියෙල කොට තැබීය. රජුට පඬුරු පිණිස රන්රුවන් ද නොයෙක් ආකාර කැවිලි පෙවිලි ආහාර වර්ගද පලවැලද ගෙන බොහෝ දෙනා ඒ ඒ තන්හි රැස්ව සිටියෝය. කොටසක් ඇමතිවරුන්ගේ නිවෙස්වලද තවත් අය බමුණු ගෙවලද සිටුමැදුරුවලද, නාටක ස්ත්‍රීන්ගේ නිවෙස්වලද තම වාරය පැමිණෙනතුරු ලැගුම්ගෙන සිටියෝය. ආසිරි ගී ගයා සෙත්පතන බමුණු සමූහයා ආශිර්වාද ගීතයන් පැවැත්වූහ. නොයෙක් සියගණන් තූර්යද වාදනය කළේය. මුළු රජමැදුර බැලූ බැලූ පැත්තේ යුගන්‍ධර සයුරෙහි ඇතුළත මෙන් එකම ඝෝෂාවක් විය.

අථ මහාසත‍්තො සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා රාජාසනෙ නිසින‍්නොව සක‍්කසිරිසදිසං මහන‍්තං සිරිවිලාසං ඔලොකෙත්‍වා අත‍්තනො මහාසමුද‍්දෙ කතවායාමං අනුස‍්සරි. තස‍්ස “වීරියං නාම කත‍්තබ‍්බයුත‍්තකං, සචාහං මහාසමුද‍්දෙ වීරියං නාකරිස‍්සං, න ඉමං සම‍්පත‍්තිං අලභිස‍්ස”න‍්ති තං වායාමං අනුස‍්සරන‍්තස‍්ස පීති උප‍්පජ‍්ජි. සො පීතිවෙගෙන උදානං උදානෙන‍්තො ආහ –

මහසත් සේසත යට සිහසුනේ සිට සක් සැප සමාන මහත් වූ ශ්‍රී විභූතිය දැක තමන් මහ සයුරෙහි කළ වීර්යය සිහි කළහ. වීර්යය නම් කළයුතු දෙයක්මය. ඉදින් මම මහ සමුදුරෙහි වීර්යය නොකළේ නම් මෙබඳු සම්පත්තියක් නොලැබිය හැකි වන්නේය. සමුදුරෙහි දී කළ එම වීර්යය සිහිකරන කල්හි මහත් සොම්නසක් ඇතිවිය. හෙතෙම ප්‍රීති වේගයෙන් උදම් අනන්නේ මෙසේ කීහ.

“ආසීසෙථෙව පුරිසො, න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො; පස‍්සාමි වොහං අත‍්තානං, යථා ඉච‍්ඡිං තථා අහු.

ආසිංසෙථෙව පුරිසො නනිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්‍ථානං යථා ඉච්ඡිං තථා අහු

නුවණැති පුරුෂ තෙම ප්‍රාර්ථනා කරන්නේමය. (අරමුණක් කරා ළඟා වීමට දැඩි බලාපොරොත්තු ඇත්තෝමය.) උත්සාහය වැඩීමේදී නොකලකිරෙන්නේය. යම්දෙයක් කැමැති වීද එසේ වූ මම ම දකිමි.

“ආසීසෙථෙව පුරිසො, න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො; පස‍්සාමි වොහං අත‍්තානං, උදකා ථලමුබ‍්භතං.

ආසිංසෙථෙව පුරිසො න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො, පසංයාමි වොහං අත්තානං උදකා ථල මුබ්භතං

නුවණැති පුරුෂ තෙම ප්‍රාර්ථනා කරන්නේම යැ. උත්සාහ වැඩීමේදී නොකලකිරෙන්නේය. දියෙන් ගොඩ ආ මම ඒ තමන් දකිමි.

“වායමෙථෙව පුරිසො, න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො; පස‍්සාමි වොහං අත‍්තානං, යථා ඉච‍්ඡිං තථා අහු.

වායමෙථව පුරිසො න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං යථා ඉච්ඡිං තථා අහූ

නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේ මය. නොකලකිරෙන්නේය. යම්සේ කැමැති වීද එසේ විය. මම (එබඳු වූ) තමා දකිමි.

“වායමෙථෙව පුරිසො, න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො; පස‍්සාමි වොහං අත‍්තානං, උදකා ථලමුබ‍්භතං.

වායමෙථෙව පුරිසො න නිබ්බින්‍දෙය්‍ය පණ්ඩිතො, පස්සාමි මොහං අත්තානං උදකා ඵලමුබ්භතං

නුවණැති පුරුෂ තෙම වෑයම් කරන්නේමය. නොකලකිරෙන්නේය. දියෙන් ගොඩ ආ මම එබඳු වූ තමා දකිමි.

“දුක‍්ඛූපනීතොපි නරො සපඤ‍්ඤො, ආසං න ඡින්‍දෙය්‍ය සුඛාගමාය; බහූ හි ඵස‍්සා අහිතා හිතා ච, අවිතක‍්කිතා මච‍්චුමුපබ‍්බජන‍්ති.

දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො, ආසං න ඡින්‍දෙය්‍ය සුඛාගමාය, බහූහිති පස්සා අභිතාහිතාච අවිතක්කිතා මච්චුමුපබ්බජන්ති

නුවණැති මිනිස් තෙමේ දුකට පත්වූයේද සුවපත් වීමට ඇති කැමැත්ත සුන් නොකරන්නේය. බොහෝ වූ හිතා’හිත දේවල් (සමග) ගැටුනත් එය නොතකන්නෝ මරණයටද පත්වෙති.

“අචින‍්තිතම‍්පි භවති, චින‍්තිතම‍්පි විනස‍්සති; න හි චින‍්තාමයා භොගා, ඉත්‍ථියා පුරිසස‍්ස වා”ති.

අචින්ති තම්පි භවති චින්තිතම්පි විනස්සති, න හි චින්තාමයා භොගා ඉත්‍ථියා පුරිස්සවාති,

නොසිතු දේ වෙයි. සිතු දේ වැනසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සිතීමෙන්ම සිදුවන සම්පත් නැත.

තත්‍ථ ආසීසෙථෙවාති ආසාඡෙදකම‍්මං අකත්‍වා අත‍්තනො කම‍්මං ආසං කරොථෙව. න නිබ‍්බින්‍දෙය්‍යාති වීරියං කරොන‍්තො න නිබ‍්බින්‍දෙය්‍ය න අලසෙය්‍ය. යථා ඉච‍්ඡින‍්ති යථා රාජභාවං ඉච‍්ඡිං, තථෙව රාජා ජාතොම‍්හි. උබ‍්භතන‍්ති නීහටං. දුක‍්ඛූපනීතොති කායිකචෙතසිකදුක‍්ඛෙන ඵුට‍්ඨොපීති අත්‍ථො. අහිතා හිතා චාති දුක‍්ඛඵස‍්සා අහිතා, සුඛඵස‍්සා හිතා. අවිතක‍්කිතාති අවිතක‍්කිතාරො අචින‍්තිතාරො. ඉදං වුත‍්තං හොති – තෙසු ඵස‍්සෙසු අහිතඵස‍්සෙන ඵුට‍්ඨා සත‍්තා “හිතඵස‍්සොපි අත්‍ථීති වීරියං කරොන‍්තා තං පාපුණන‍්තී”ති අචින‍්තෙත්‍වා වීරියං න කරොන‍්ති, තෙ ඉමස‍්ස අත්‍ථස‍්ස අවිතක‍්කිතාරො හිතඵස‍්සං අලභිත්‍වාව මච‍්චුමුපබ‍්බජන‍්ති මරණං පාපුණන‍්ති, තස‍්මා වීරියං කත‍්තබ‍්බමෙවාති.

එහි න නිබ්බින්‍දෙය්‍ය යනු වීර්යය කරන්නා නොකලකිරෙයි යනුයි. යථා ඉච්ඡිං යනු රාජ්‍යත්වය අපේක්‍ෂිතව සිට එය ලැබීමයි. (රජකම ලබා ගැනීමට බලවත් අපේක්ෂාවෙන් කටයුතු කොට එය ලැබීමයි.) උබ්හතං යනු බැහැර කිරීමයි. නක්ඛූපතීතො යනු කායික ධ්‍යාන සිත දුකින් පීඩාවට පත්වුවද යනුයි. අහිතාච යනු දුක් හා ගැටීමෙන් ඇතිවන අහිතකර බව හා සැප නිසා ඇතිවන හිතකර භාවයයි. අවිතක්කිතා යනු විතර්ක නොකරන බව හා නොසිතන බවයි. මෙසේ කියනු ලබන්නේ, ඔවුන්ගේ පැත්තෙන් (උත්සාහ කරනු ලබන අයගේ පැත්තෙන්) බලන කල්හි සැපක් හෝ දුකක් පැමිණියත් වීර්යය කරන්නා ඒ ගැන විතරක් නොකොට නොසිතාම වීර්ය අත්නොහැර කරන්නේය. ඔහු තම අභිමතාර්ථය අත් නොහැරම එසේ දුක සැප ගැන නොසිතා වීරිය කරන්නාහු අභිමතාර්ථයන් ඉටු නොවීම මච්චුමුපබ්බජන්ති යනුවෙන් කියනු ලබන මරණයට පැමිණෙන්නෝය. එසේ වුවත් වීර්යය අත්නොහළ යුතුය යනුයි.

අචින‍්තිතම‍්පීති ඉමෙසං සත‍්තානං අචින‍්තිතම‍්පි හොති, චින‍්තිතම‍්පි විනස‍්සති. මයාපි හි “අයුජ‍්ඣිත්‍වාව රජ‍්ජං ලභිස‍්සාමී”ති ඉදං අචින‍්තිතං, “සුවණ‍්ණභූමිතො ධනං ආහරිත්‍වා යුජ‍්ඣිත්‍වා පිතු සන‍්තකං රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති පන චින‍්තිතං, ඉදානි මෙ චින‍්තිතං නට‍්ඨං, අචින‍්තිතං ජාතං. න හි චින‍්තාමයා භොගාති ඉමෙසං සත‍්තානඤ‍්හි භොගා චින‍්තාය අනිප‍්ඵජ‍්ජනතො චින‍්තාමයා නාම න හොන‍්ති, තස‍්මා වීරියමෙව කත‍්තබ‍්බං. වීරියවතො හි අචින‍්තිතම‍්පි හොතීති.

අචින්තිතංපි යනු එසේ වීර්ය කරනු ලබන්නන් නොසිතූ දේ සිදු වේ. සිතු දේ ඉටු නොවේ. මම ද යුද නොකර රාජ්‍යය ලබා ගැනීමට නොසිතුවෙමි. ස්වර්ණභූමියෙන් ධනය උපයාගෙන අවුත් යුදකොට රාජ්‍යය ගනිමියි සිතුවෙමි. එසේ වුවත් මා එසේ සිතු දේ නොසිදුවිය. නොසිතූ දේ සිදුවිය. නහිචින්තාමයා ලෝක සත්ත්වයින්ට සම්පත් පිළිබඳ ආසාවක් ඇති වුවත් සිතු පමණකින් පමණක් එය සිදු නොවන බව යනුයි. ඒ නිසා වීර්යය වැඩීමෙන්ම සම්පත් සාදාගත යුතුය. වීර්යවන්තයා නොසිතූ යහපතක්ද ඇතැම්විට සිදුවේ.

සො තතො පට‍්ඨාය දස රාජධම‍්මෙ අකොපෙත්‍වා ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙසි, පච‍්චෙකබුද‍්ධෙ ච උපට‍්ඨාසි. අපරභාගෙ සීවලිදෙවී ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණසම‍්පන‍්නං පුත‍්තං විජායි, “දීඝාවුකුමාරො”තිස‍්ස නාමං කරිංසු. තස‍්ස වයප‍්පත‍්තස‍්ස රාජා උපරජ‍්ජං දත්‍වා සත‍්තවස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙසි. සො එකදිවසං උය්‍යානපාලෙන ඵලාඵලෙසු චෙව නානාපුප‍්ඵෙසු ච ආභතෙසු තානි දිස‍්වා තුට‍්ඨො හුත්‍වා තස‍්ස සම‍්මානං කාරෙත්‍වා “සම‍්ම උය්‍යානපාල, අහං උය්‍යානං පස‍්සිස‍්සාමි, ත්‍වං අලඞ‍්කරොහි න”න‍්ති ආහ. සො “සාධු, දෙවා”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථා කත්‍වා රඤ‍්ඤො පටිවෙදෙසි. සො හත්‍ථික‍්ඛන්‍ධවරගතො මහන‍්තෙන පරිවාරෙන නගරා නික‍්ඛමිත්‍වා උය්‍යානද‍්වාරං පාපුණි. තත්‍ර ච ද‍්වෙ අම‍්බා අත්‍ථි නීලොභාසා. එකො අඵලො, එකො ඵලධරො. සො පන අතිමධුරො, රඤ‍්ඤා අග‍්ගඵලස‍්ස අපරිභුත‍්තත‍්තා තතො කොචි ඵලං ගහෙතුං න උස‍්සහති. රාජා හත්‍ථික‍්ඛන්‍ධවරගතොව තතො එකං ඵලං ගහෙත්‍වා පරිභුඤ‍්ජි, තස‍්ස තං ජිව‍්හග‍්ගෙ ඨපිතමත‍්තමෙව දිබ‍්බොජං විය උපට‍්ඨාසි. සො “නිවත‍්තනකාලෙ බහූ ඛාදිස‍්සාමී”ති චින‍්තෙසි. “රඤ‍්ඤා අග‍්ගඵලං පරිභුත‍්ත”න‍්ති ඤත්‍වා උපරාජානං ආදිං කත්‍වා අන‍්තමසො හත්‍ථිමෙණ‍්ඩඅස‍්සමෙණ‍්ඩාදයොපි ඵලං ගහෙත්‍වා පරිභුඤ‍්ජිංසු. අඤ‍්ඤෙ ඵලං අලභන‍්තා දණ‍්ඩෙහි සාඛං භින්‍දිත්‍වා නිපණ‍්ණමකංසු. රුක‍්ඛො ඔභග‍්ගවිභග‍්ගො අට‍්ඨාසි, ඉතරො පන මණිපබ‍්බතො විය විලාසමානො ඨිතො.

මහසත් එතැන් පටන් දසරාජ ධර්මයන් නොඉක්මවා දැහැමින් රාජ්‍ය කරන්නෝය. පසේ බුදුවරුන්ටද උපස්ථාන කරන්නේය. පසු කාලයෙහි සීවලී දේවිය පින්වත් භාග්‍යවන්ත කුමරෙකු ප්‍රසූත කළාය. දීඝායු කුමාරයා යැයි ඔහුට නම් තැබීය. කුමරා තරුණ වයසට පත්වූ පසු රජතුමා ඔහුට යුවරාජ පදවිය පිරිනැමීය. එක්දිනෙක උයන්පල්ලා විසින් එවන ලද නොයෙක් ඵලාපල හා විසිතුරු මල් දැක, උයන්පල්ලාගේ මෙහෙවරට සලකා, ‘යහළු උයන්පල්ල, උයන දකින්නට කැමැත්තෙමි. එය මනාකොට සකස් කරවයි නියෝග කළේය. ඔහු යහපතැයි පිළිගෙන එසේ කොට මහසත් හට දැන්වීය. මහසත් මඟුලැතු පිට නැගී උයන් දොරටුවට පැමිණියහ. එහි නිල්පැහැ අතුපතරින් බබලන එක් අඹගසක් ද පලින්බර තවත් අඹ ගසක්ද විය. එහි අඹගෙඩි ඉතා මිහිරි රසයෙන් යුක්ත විය. එහි පළමු ඵලය රජතුමා පරිභෝග නොකළ නිසා කිසිවෙකුත් අඹගෙඩි කෑමට උත්සුක නොවීය. ඇතුපිටින් ගමන්කරන රජතුමා, ඇතුපිට සිටම එක් අඹ ගෙඩියක් අනුභව කළේය. දිව අග තබන්නාහාම එම අඹඵලයෙහි රසය දිව්‍ය රසයක් මෙන් දැනුණි. ආපසු එනවිට වැඩිපුර අඹ කඩා කමියි රජතුමා සිතීය. රජු විසින් පළමු ගෙඩිය අනුභව කරනු ලැබුණි. යුවරජ ආදීකොට ඇති ඇත්ගොව්වන් ආදීහුද අඹ කඩාගෙන කෑවාහුය. අඹ නොලත් අය පොලුවලින් අඹගසේ අතුපතර තලාපෙලාලූහ. ගස සිඳබිඳ දැමුවා සේ විය. අනෙක් අඹගස් නිල්මැණික් මෙන් බැබලි බැබලී පැවතුණි.

රාජා උය්‍යානා නික‍්ඛන‍්තො තං දිස‍්වා “ඉදං කි”න‍්ති අමච‍්චෙ පුච‍්ඡති. “දෙවෙන අග‍්ගඵලං පරිභුත‍්තන‍්ති මහාජනෙන විලුම‍්පිතො දෙවා”ති ආහංසු. “කිං නු ඛො භණෙ, ඉමස‍්ස පන නෙව පත‍්තං, න වණ‍්ණො ඛීණො”ති? “නිප‍්ඵලතාය න ඛීණො, දෙවා”ති. තං සුත්‍වා රාජා සංවෙගං පටිලභිත්‍වා “අයං රුක‍්ඛො නිප‍්ඵලතාය නීලොභාසො ඨිතො, අයං පන සඵලතාය ඔභග‍්ගවිභග‍්ගො ඨිතො. ඉදම‍්පි රජ‍්ජං සඵලරුක‍්ඛසදිසං, පබ‍්බජ‍්ජා පන නිප‍්ඵලරුක‍්ඛසදිසා. සකිඤ‍්චනස‍්සෙව භයං, නාකිඤ‍්චනස‍්ස. තස‍්මා අහං ඵලරුක‍්ඛො විය අහුත්‍වා නිප‍්ඵලරුක‍්ඛසදිසො භවිස‍්සාමි, ඉමං සම‍්පත‍්තිං චජිත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සාමී”ති දළ‍්හං සමාදානං කත්‍වා මනං අධිට‍්ඨහිත්‍වා නගරං පවිසිත්‍වා පාසාදද‍්වාරෙ ඨිතොව සෙනාපතිං පක‍්කොසාපෙත්‍වා “මහාසෙනාපති, අජ‍්ජ මෙ පට‍්ඨාය භත‍්තහාරකඤ‍්චෙව මුඛොදකදන‍්තකට‍්ඨදායකඤ‍්ච එකං උපට‍්ඨාකං ඨපෙත්‍වා අඤ‍්ඤෙ මං දට‍්ඨුං මා ලභන‍්තු, පොරාණකවිනිච‍්ඡයාමච‍්චෙ ගහෙත්‍වා රජ‍්ජං අනුසාසථ, අහං ඉතො පට‍්ඨාය උපරිපාසාදතලෙ සමණධම‍්මං කරිස‍්සාමී”ති වත්‍වා පාසාදමාරුය‍්හ එකකොව සමණධම‍්මං අකාසි. එවං ගතෙ කාලෙ මහාජනො රාජඞ‍්ගණෙ සන‍්නිපතිත්‍වා මහාසත‍්තං අදිස‍්වා “න නො රාජා පොරාණකො විය හොතී”ති වත්‍වා ගාථාද‍්වයමාහ –

රජු උයනින් බැහැර එන්නේ එය දැක මේ කුමක් වී දැයි ඇමතියන්ගෙන් විමසූහ. දේවයන් වහන්සේ පළමු අඹගෙඩිය කෑ පසු හැකි හැම කෙනෙක්ම අඹ කඩා කෑහ. අඹ නොලත් අය කෝපයෙන් මෙම විනාශය කළහ. මහරජ, පල දැරූ මේ ගස පලුපත් ආදියෙන් තොරවූයේ විනාශයට පත්විය. පල නොදැරූ මේ ගස මනා පළුපත් ඇතිව නිල් පැහැයෙන් බබලන්නේ රැකුනේ විය යනුවෙන්ද ඔහු කරුණු දැක්වූහ. මේ බව ඇසීමෙන් රජතුමාට මහත් සංවේගයක් ඇතිවිය. ගස පල නොදැරූ බැවින් නිල්පැහැයෙන් බැබලෙමින් තිබේ. ‘මේ ගස පල දැරූ බැවින් සිඳ බිඳ මැඩලන ලද්දේ විය. මේ රාජ්‍යය පලදැරූ ගස මෙනි. පැවිද්ද පල රහිත ගස මෙනි. පල සහිත වූ කල්හි හිරිහැර බිය ඇතිවේ. පල රහිත වූ කල්හි එසේ නොවේ. මම පල සහිත ගසක් මෙන් සම්පත් බහුලව වාසය කරමි. පල රහිත ගසක් මෙන් සම්පත්තියෙන් බැහැර වී පැවිදි වන්නෙමියි දැඩිසේ අදිටන්කොට නගරයට පිවිස මාලිගා දොරටුවෙහි සිට සේනාපති කැඳවා මෙසේ කීහ. මහා සේනාපතිය, අද පටන් මට මේවඩන සේවකයාද මුවදෝනා ජලය දැහැටි දඬු ආදිය සපයා දෙන්නාද උපස්ථායකයන් හැර වෙනත් අයෙකුට මා දැකීමට අවසර නැත. දෙටු නීති විසාරදයන් විමසා රාජ්‍ය පාලනය කරගෙන යන්න. මම අද පටන් මතු මහළෙහි මහණදම් පුරමියි කියා ප්‍රාසාදයට නැගී තනිවම ශ්‍රමණ පිළිවෙත්වල යෙදුනෝය. කලකට පසු මහජනයා රාජාංගනයෙහි රැස්ව අපේ රජතුමා පෙර මෙන් නොවේයැයි මෙසේ ප්‍රකාශ කළාහුය.

“අපොරාණං වත භො රාජා, සබ‍්බභුම‍්මො දිසම‍්පති; නජ‍්ජ නච‍්චෙ නිසාමෙති, න ගීතෙ කුරුතෙ මනො.

අපුරාණං වත භො රාජා සබ්බ භුම්මො දිසම්පති, නාජ්ජ නච්චෙ නිසාමෙති නගීතෙ කුරූතෙ මනො

පින්වත්නි, සියළු පොළව හිමි දිසාවකට අධිපති රජ තෙමේ ඒකාන්තයෙන් පෙර පරිදි නොවේ. අද නැටුම් නොබලයි. ගී ගැයීමෙහි සිත් ඇලුම් නොකරයි.

“න මිගෙ නපි උය්‍යානෙ, නපි හංසෙ උදික‍්ඛති; මූගොව තුණ‍්හිමාසීනො, න අත්‍ථමනුසාසතී”ති.

න මිගෙ නපි උය්‍යානෙ නපිහංසෙ උදික්ඛති, මූගොව තුණ්හීමාසීනො න අත්‍ථමනුසාසති

මෘග යුද්ධ නොබලයි. උයකෙළි නොකෙරෙයි. හංසයන් ද නොබලයි. ගොළුවෙකු මෙන් නිහඬව හුන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා නොකරන්නේ යයි මහජනයා කීය.

තත්‍ථ මිගෙති සබ‍්බසඞ‍්ගාහිකවචනං, පුබ‍්බෙ හත්‍ථී යුජ‍්ඣාපෙති, මෙණ‍්ඩෙ යුජ‍්ඣාපෙති, අජ‍්ජ තෙපි න ඔලොකෙතීති අත්‍ථො. උය්‍යානෙති උය්‍යානකීළම‍්පි නානුභොති. හංසෙති පඤ‍්චපදුමසඤ‍්ඡන‍්නාසු උය්‍යානපොක‍්ඛරණීසු හංසගණං න ඔලොකෙති. මූගොවාති භත‍්තහාරකඤ‍්ච උපට‍්ඨාකඤ‍්ච පුච‍්ඡිංසු “භො රාජා, තුම‍්හෙහි සද‍්ධිං කිඤ‍්චි අත්‍ථං මන‍්තෙතී”ති. තෙ “න මන‍්තෙතී”ති වදිංසු. තස‍්මා එවමාහංසු.

එහි මිගෙ යනු සියලුම යුධ මෙහෙයුම් සම්බන්‍ධ සතුන් ගැන කියවෙන වචනයකි. පෙර ඇතු යුධ පිණිස පුහුණු කරයි. නොහොත් පොරට යොදවයි. එළුවන් පොරට යොදවයි. අද ඒ කිසිවක් ගැන සොයා නොබලයි. උය්‍යානෙති උද්‍යානයෙහි උයන්කෙළි නොකරන බවයි. ‘හංසෙ’ යනු පස් පියුමෙන් සැදි පොකුණුවල හංසයින් බලා සතුටු නොවන බවයි. ‘මූගොවා’ යනු මහජනයා රජතුමා ගොළුවෙකු මෙන් සිටිනවා හැර කිසියම් වචනයක් තොප සමග දොඩන්නේදැයි මෙවඩන්නාගෙන් හා උපස්ථායකයාගෙන් ප්‍රශ්න කළාහුය. එසේයැයි ඔව්හු කීහ. ඔහු තවදුරටත් මෙසේ ද කීහ.

රාජා කාමෙසු අනල‍්ලීයන‍්තෙන විවෙකනින‍්නෙන චිත‍්තෙන අත‍්තනො කුලූපකපච‍්චෙකබුද‍්ධෙ අනුස‍්සරිත්‍වා “කො නු ඛො මෙ තෙසං සීලාදිගුණයුත‍්තානං අකිඤ‍්චනානං වසනට‍්ඨානං ආචික‍්ඛිස‍්සතී”ති තීහි ගාථාහි උදානං උදානෙසි –

රජතුමා කාමයන්හි නොඇලුන විවේකයට නැඹුරු වූ සිතින් හිතවත් පසේ බුදුවරු සිහිකර එබඳු සීලාදි ගුණ ඇති උතුමන් කැමති වන වනසෙනසුනක මාගේ ඇලීමක් වන්නේ කෙසේදැයි මෙබඳු උදාන ගාථාවන් කියන්නෝය.

“සුඛකාමා රහොසීලා, වධබන්‍ධා උපාරතා; කස‍්ස නු අජ‍්ජ ආරාමෙ, දහරා වුද‍්ධා ච අච‍්ඡරෙ.

සුඛකාමා රහොසීලා වධබන්‍ධා උපාරතා, කෙසං නු අජ්ජ ආරාමෙ දහරා වුද්ධාච අච්ඡරෙ

නිවන්සුව නමැති වැසුණු සීලාදි ගුණ ඇති වධබන්‍ධන නැති තරුණ මහලු පසේ බුදුවරු කවර කෙනෙකුන්ගේ අරමෙහි අද වෙසෙත්ද?

“අතික‍්කන‍්තවනථා ධීරා, නමො තෙසං මහෙසිනං; යෙ උස‍්සුකම‍්හි ලොකම‍්හි, විහරන‍්ති මනුස‍්සුකා.

අතික්කන්ත වනථාධීරා නමො තෙසං මහෙසිනං, යෙ උස්සුකම්හි ලොකම්හි විහරන්ති අනුස්සුකා

තෘෂ්ණා නැති නුවණැති යම්කෙනෙක් රාගාදි කෙලෙසුන්ගෙන් උත්සන්න බවට පත් ලෝකයෙහි උත්සාහ නැත්තෝව වෙසෙත් ද ඒ මහර්ෂී උතුමන්ට නමස්කාර වේවා.

“තෙ ඡෙත්‍වා මච‍්චුනො ජාලං, තතං මායාවිනො දළ‍්හං; ඡින‍්නාලයත‍්තා ගච‍්ඡන‍්ති, කො තෙසං ගතිමාපයෙ”ති.

තෙ ඡෙත්‍වා මච්චුනො ජාලං තන්තං මායාවිනො දළ්හං, ඡින්නාලයත්තා ගච්ඡන්ති කො තෙසං ගති මාපයෙති

උන්වහන්සේ ඉතා මායාකාරි වූ මරුවාගේ දැඩි දළ සිඳ සුන්කළ කෙළෙස් ඇති බැවින් සසරින් නික්ම යෙති. ඒ උතුමන් වසන තැනට මා පමුණුවන්නේ කවරෙක්ද?

තත්‍ථ සුඛකාමාති නිබ‍්බානසුඛකාමා. රහොසීලාති පටිච‍්ඡන‍්නසීලා න අත‍්තනො ගුණප‍්පකාසනා. දහරා වුඩ‍්ඪා චාති දහරා චෙව මහල‍්ලකා ච. අච‍්ඡරෙති වසන‍්ති.

එහි සුඛකාමා යනු නිවන්සුව කැමැත්තෝය. රහොසීලා යනු අනුන් හට තමා සිල්වතෙකු බව නොහඟවා සිල් රක්නාහුය. දහරාවුද්ධා යනු තරුණ මහළු සියළු දෙනාය. අච්ඡෙරෙ යනු විසීමයි.

තස‍්සෙවං තෙසං ගුණෙ අනුස‍්සරන‍්තස‍්ස මහතී පීති උප‍්පජ‍්ජි. අථ මහාසත‍්තො පල‍්ලඞ‍්කතො උට‍්ඨාය උත‍්තරසීහපඤ‍්ජරං විවරිත්‍වා උත‍්තරදිසාභිමුඛො සිරසි අඤ‍්ජලිං පතිට‍්ඨාපෙත්‍වා “එවරූපෙහි ගුණෙහි සමන‍්නාගතා පච‍්චෙකබුද‍්ධා”ති නමස‍්සමානො “අතික‍්කන‍්තවනථා”තිආදිමාහ. තත්‍ථ අතික‍්කන‍්තවනථාති පහීනතණ‍්හා. මහෙසිනන‍්ති මහන‍්තෙ සීලක‍්ඛන්‍ධාදයො ගුණෙ එසිත්‍වා ඨිතානං. උස‍්සුකම‍්හීති රාගාදීහි උස‍්සුක‍්කං ආපන‍්නෙ ලොකස‍්මිං. මච‍්චුනො ජාලන‍්ති කිලෙසමාරෙන පසාරිතං තණ‍්හාජාලං. තතං මායාවිනොති අතිමායාවිනො. කො තෙසං ගතිමාපයෙති කො මං තෙසං පච‍්චෙකබුද‍්ධානං නිවාසට‍්ඨානං පාපෙය්‍ය, ගහෙත්‍වා ගච‍්ඡෙය්‍යාති අත්‍ථො.

මෙසේ ඒ පසේ බුදුවරුන්ගේ ගුණ සිහිකරන මහසත් හට ඉමහත් සොම්නසක් ඇතිවිය. ඉක්බිති පර්යංකයෙන් නැගී සිට උතුරු සීමැදුරු කවුළුව, උතුරු දෙස බලාගෙන මුදුනෙහි දොහොත් බැඳගෙන මේ අනඤාත වූ ගුණයෙන් හෙබි පසේබුදුරජාණන් වහන්සේලා යැයි හඟිමින් නමස්කාර කරමින් ‘අතික්කන්ත වනථාති’ ආදී ගාථාව කීහ. එහි අතික්කන්තවන්තා යන තෘෂ්ණාව ප්‍රහීණ කළ බවයි. මහෙසිනං යනු මහත් වූ සීලස්කන්‍ධ ගුණය විමර්ශනය කරමින් සිටින්නා වූ (පසේ බුදුවන්නේ) යනුයි. උස්සුකම්හී යනු (රාගාදී කෙලෙස්) උත්සන්න වූ බවයි. මච්ඡුනොජාලං කෙලෙස් මරහු විසින් විසුරුවන ලද තෘෂ්ණා ජාලයයි. (තණ්හාව නමැති දැලයි) තන්තං මායාවිනො යනු අතිමායාවී ස්වභාවයයි. කොතෙසංගති මාපයෙ යනු කවරෙක් ඒ පසේබුදුවරුන් වසන තැනට කැඳවා රැගෙන යන්නේ ද යන අර්ථයි.

තස‍්ස පාසාදෙයෙව සමණධම‍්මං කරොන‍්තස‍්ස චත‍්තාරො මාසා අතීතා. අථස‍්ස අතිවිය පබ‍්බජ‍්ජාය චිත‍්තං නමි, අගාරං ලොකන‍්තරිකනිරයො විය ඛායි, තයො භවා ආදිත‍්තා විය උපට‍්ඨහිංසු. සො පබ‍්බජ‍්ජාභිමුඛෙන චිත‍්තෙන “කදා නු ඛො ඉමං සක‍්කභවනං විය අලඞ‍්කතප‍්පටියත‍්තං මිථිලං පහාය හිමවන‍්තං පවිසිත්‍වා පබ‍්බජිතවෙසගහණකාලො මය‍්හං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා මිථිලවණ‍්ණනං නාම ආරභි –

මෙසේ මාලිගාවේ මතුමහල් තලයේ මහණදම් පුරන්නේ සිව්මසක් ඉක්ම ගියේය. ඉක්බිති මහසත් හට ඉතා තදින් පැවිද්දට සිත නැඹුරු විය. ගිහිගෙය ලෝකාන්තරික නිරය මෙන් දුක් ගෙන දේ. තුන් ලෝකය ගිනිගත්තා මෙනි. හෙතෙම (මහසත්) පැවිද්දට නැමුණු සිතින් ශක්‍රභවනය (තව්තිසා දෙව්ලොව) වැනි සමලංකෘත වූ මේ මිථිලා නුවර හැරදමා පැවිදි වෙස් ගන්නා දවස කවරදා මට උදාවේදැයි සිතා (මෙසේ) මිථිලා නුවර වර්ණනා කිරීම ඇරඹීය.

“කදාහං මිථිලං ඵීතං, විභත‍්තං භාගසො මිතං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සමෘද්ධ වූ විශාල වූ හාත්පසින් බබලන්නා වූ මියුලු නුවර හැරදමා පැවිදි වන්නෙම්ද එය කවරදා සිදුවන්නේද?

“කදාහං මිථිලං ඵීතං, විසාලං සබ‍්බතොපභං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම බෙදා කොටස් වශයෙන් ප්‍රමාණ කළ සමෘද්ධ වූ මියුලුනුවර හැරදමා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදුවන්නේද?

“කදාහං මිථිලං ඵීතං, බහුපාකාරතොරණං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම මහත් පවුරු දොරටු තොරණින් යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? කවරදා එය සිදුවන්නේ ද?

“කදාහං මිථිලං ඵීතං, දළ‍්හමට‍්ටාලකොට‍්ඨකං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම දැඩි අටලු දොරකොටු යුත් සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදුවන්නේද?

“කදාහං මිථිලං ඵීතං, සුවිභත‍්තං මහාපථං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම මැනවින් කොටස් කළ මහාවීදි ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා සිදුවන්නේද?

“කදාහං මිථිලං ඵීතං, සුවිභත‍්තන‍්තරාපණං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම මැනවින් විභාග කළ සල්පිල් ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං මිථිලං ඵීතං, ගවාස‍්සරථපීළිතං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම ගවයන් අසුන් යෙදූ රථ ගැවසීගත් සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං මිථිලං ඵීතං, ආරාමවනමාලිනිං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම පුෂ්පාරාම ඵලාරාම හා උයන් පෙළ ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං මිථිලං ඵීතං, උය්‍යානවනමාලිනිං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම උයන් හා වනපෙත් ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං මිථිලං ඵීතං, පාසාදවනමාලිනිං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම ප්‍රාසාද හා වන පංති ඇති සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං මිථිලං ඵීතං, තිපුරං රාජබන්‍ධුනිං; මාපිතං සොමනස‍්සෙන, වෙදෙහෙන යසස‍්සිනා; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම රජුගේ නෑයන්ගෙන් යුත් තුන් පවුරකින් පිරිවර වූ සොමනස්ස නම් විදේහ රජු විසින් මවන ලද සමෘද්ධ වූ මියුලු නුවර හැරපියා පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං වෙදෙහෙ ඵීතෙ, නිචිතෙ ධම‍්මරක‍්ඛිතෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම දැහැමින් රැස්කළා ධන ධාන්‍ය ඇති සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං වෙදෙහෙ ඵීතෙ, අජෙය්‍යෙ ධම‍්මරක‍්ඛිතෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සතුරන් විසින් නොදිනිය හැකි දැහැමින් රැකුණු සමෘද්ධ වූ විදේහ වැසියන් හැර පැවිදි වන්නෙම් ද? එය කවරදා වන්නේ ද?

“කදාහං අන‍්තෙපුරං රම‍්මං, විභත‍්තං භාගසො මිතං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක විභාග කළ කොටස් වශයෙන් ප්‍රමාණයෙන් කළ සිත්කලු අන්තඃපුරය හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං අන‍්තෙපුරං රම‍්මං, සුධාමත‍්තිකලෙපනං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සුණු පිරියම් කළ මැටි ආලේප කළ සිත්කළු අන්තඃපුරය හැර පැවිදි වන්නේ ද? එය කවරදා වන්නේ ද?

“කදාහං අන‍්තෙපුරං රම‍්මං, සුචිගන්‍ධං මනොරමං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක පිවිතුරු සුවඳින් යුත් මනරම් වූ අන්තඃපුරය හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං කූටාගාරෙ ච, විභත‍්තෙ භාගසො මිතෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම විභාග කළ කොටස් වශයෙන් ප්‍රමාණ කළ කුටාගාරයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං කූටාගාරෙ ච, සුධාමත‍්තිකලෙපනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

[missing trans]

“කදාහං කූටාගාරෙ ච, සුචිගන්‍ධෙ මනොරමෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම පිවිතුරු සුවඳ ඇති සිත් අලවන කූටාගාරයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං කූටාගාරෙ ච, ලිත‍්තෙ චන්‍දනඵොසිතෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම ආලේප කළ රත්සඳුන් ඉස්නා ලද කූටාගාරයන් හැර පැවිදි වන්නේ ද? එය කවරදා වන්නේ ද?

“කදාහං සොණ‍්ණපල‍්ලඞ‍්කෙ, ගොනකෙ චිත‍්තසන්‍ථතෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සතරඟුල් පමණ එළුලොමින් කළ විසිතුරු පළස් අතුළ රන්මුවා පර්යංකයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං මණිපල‍්ලඞ‍්කෙ, ගොනකෙ චිත‍්තසන්‍ථතෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සතරඟුල් පමණ එළුලොමින් කළ විසිතුරු පළස් අතුළ මිණිමුවා පර්යංකයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං කප‍්පාසකොසෙය්‍යං, ඛොමකොටුම‍්බරානි ච; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම කටුපිළ හා කොසෙය්‍ය වස්ත්‍ර ද කොමුපිළීද කෝටුම්බර දේශයෙහි නිපන් වස්ත්‍රද හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං පොක‍්ඛරණී රම‍්මා, චක‍්කවාකපකූජිතා; මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා, පදුමුප‍්පලකෙහි ච; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සක්වාළිහිණියන් විසින් පැවැත්වෙන නාද ඇති මන්දාලකයන්ගෙන් හා පියුම් උපුල් ආදී පස්පියුමෙන් ගැවසී ගත් රමණීය පොකුණු හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං හත්‍ථිගුම‍්බෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; සුවණ‍්ණකච‍්ඡෙ මාතඞ‍්ගෙ, හෙමකප‍්පනවාසසෙ.

කවර කලෙක මම සර්වාභරණින් සැරසුණු රන්පොරොදු හා රන් ශීර්ෂාභරණයෙන් හා රන්දැලින් ද යුත් තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවින් නැගුණු ඇත්රජුන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, තොමරඞ‍්කුසපාණිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං අස‍්සගුම‍්බෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; ආජානීයෙව ජාතියා, සින්‍ධවෙ සීඝවාහනෙ.

කවර කලෙක මම උපතින් ම අජානීය වූ සර්වාභරණින් සැරැසුණු සෛන්‍ධවනම් ශීඝ්‍ර වාහන වූ කරවාල දුනු දරන අසරුවන් නැගුණු අශ්ව සමූහයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, ඉල‍්ලියාචාපධාරිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං රථසෙනියො, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම මැනැවින් සැදුණු එසවුණු ධජ ඇති අතුළ දිවසම්ද ව්‍යාඝ්‍ර සම් ද ඇති සියලු අලංකාරයෙන් සැරසූ දුනු ගත් අත් ඇති යුද්ධ සැට්ටයෙන් සැරසුණු රියදුරන් නැගුණු රථ පංතියද හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං සොවණ‍්ණරථෙ, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුධ සැට්ටයෙන් සැරසුණු දුනුගත් අත් ඇති රියදුරන් නැගුණු ස්වර්ණමය රථයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං සජ‍්ඣුරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු රිදී රථයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං අස‍්සරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසු යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු අශ්වයන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං ඔට‍්ඨරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං ගොණරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු ගොනුන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං අජරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු එළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං මෙණ‍්ඩරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර, සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං මිගරථෙ ච, සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ; දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ.

කවර කලෙක මම සන්නද්ධ වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ යුද සැට්ටයෙන් සැරසුණු දුනු ගත් අත් ඇති රියදුරන් නැගුණු මුවන් යෙදූ රථ හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“ආරූළ‍්හෙ ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාහං හත්‍ථාරොහෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; නීලවම‍්මධරෙ සූරෙ, තොමරඞ‍්කුසපාණිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු සිල්වත් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශුර ඇතරුවන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං අස‍්සාරොහෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; නීලවම‍්මධරෙ සූරෙ, ඉල‍්ලියාචාපධාරිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු සිත් සැට්ට දරන කරවාල හා දුනු දරණ ශූර අසරුවන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං රථාරොහෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; නීලවම‍්මධරෙ සූරෙ, චාපහත්‍ථෙ කලාපිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු සිල්වත් සැට්ට දරන දුනුගත් අත් ඇති හියවුරු දරන රියදුරන් හැර පැවිදි වන්නේද? එය කවරදා වන්නේ ද?

“කදාහං ධනුග‍්ගහෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; නීලවම‍්මධරෙ සූරෙ, චාපහත්‍ථෙ කලාපිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු සිල්වත් සැට්ට දරන හියවුරු දරන රියදුරන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං රාජපුත‍්තෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; චිත්‍රවම‍්මධරෙ සූරෙ, කඤ‍්චනාවෙළධාරිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු සිල්වත් සැට්ට හා ස්වර්ණමය හිස් වෙළුම් ඇති ශූර වූ රාජකුමාරයන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං අරියගණෙ ච, වතවන‍්තෙ අලඞ‍්කතෙ; හරිචන්‍දනලිත‍්තඞ‍්ගෙ, කාසිකුත‍්තමධාරිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම වස්ත්‍ර යුත් සැරසුණු රන්වන් සඳුන් ගැවූ ශරීර ඇති උතුම් කසී සළු දරන බ්‍රාහ්මණ සමූහයා හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං අමච‍්චගණෙ ච, සබ‍්බාලඞ‍්කාරභූසිතෙ; පීතවම‍්මධරෙ සූරෙ, පුරතො ගච‍්ඡමාලිනෙ; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

[missing trans]

“කදාහං සත‍්තසතා භරියා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියලු අලංකාරයෙන් සැරසුණු සත්සියයක් භාර්යාවන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං සත‍්තසතා භරියා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම මැනවින් හික්මුණු, සිහින් ඉඟ ඇති සත්සියයක් භාර්යාවන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං සත‍්තසතා භරියා, අස‍්සවා පියභාණිනී; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම කීකරු ප්‍රියවදන් තෙපලන සත්සියයක් භාර්යාවන් හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාහං සතපලං කංසං, සොවණ‍්ණං සතරාජිකං; පහාය පබ‍්බජිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මම සියක් පළමුවෙන් කළ සියගණ විසිතුරු රේඛා ඇති රන්මුවා තලිය හැර පැවිදි වන්නෙම්ද? එය කවරදා වන්නේ ද?

“කදාස‍්සු මං හත්‍ථිගුම‍්බා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා, හෙමකප‍්පනවාසසා.

කවර කලෙක සියලු අලංකාරයෙන් සැරසුණු රන් පොරෝදු ඇති, රන්මුවා ශීර්ෂාභරණ ද සැරසුණු වස්ත්‍රද ඇති තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් නැගුණු හස්තිරාජයන්ගෙන් යුත් ඇත් සමූහයෝ හුදකලා වනයට යන මා සමග නො යන්නෙහුද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, තොමරඞ‍්කුසපාණිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං අස‍්සගුම‍්බා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; ආජානීයාව ජාතියා, සින්‍ධවා සීඝවාහනා.

කවර කලෙක සර්වාභරණින් සැරසුණු උපතින්ම ශීඝ්‍ර ගමන් ඇති සෛන්‍ධව නම් වන කරවාලායුධ හා දුනු දරන අසරුවන් නැගුණු අශ්ව සමූහයෝ වනයට යන හුදකලා මා අනුව නොයන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, ඉල‍්ලියාචාපධාරිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං රථසෙනී, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු රථ පංතීහු හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං සොණ‍්ණරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එස වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු රන්මුවා රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං සජ‍්ඣුරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු රිදීයෙන් කළ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං අස‍්සරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එස වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු අසුන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං ඔට‍්ඨරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු ඔටුවන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං ගොණරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එස වූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු ගවයන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං අජරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු එළුවන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං මෙණ‍්ඩරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු තිරෙළුවන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං මිගරථා, සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා; දීපා අථොපි වෙය්‍යග‍්ඝා, සබ‍්බාලඞ‍්කාරභූසිතා.

කවර කලෙක යුදයට සැරසුණු එසවූ ධජ ඇති අතුළ දිවිසම් හා ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාභරණින් සැරැසුණු දුනුගත් අත් ඇති යුද සැට්ට දරන රියදුරන් නැගුණු මුවන් යෙදූ රථ සමූහයෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහුද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“ආරූළ‍්හා ගාමණීයෙහි, චාපහත්‍ථෙහි වම‍්මිභි; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

“කදාස‍්සු මං හත්‍ථාරොහා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; නීලවම‍්මධරා සූරා, තොමරඞ‍්කුසපාණිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු අලංකාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන තෝමර හා අකුසු ගත් අත් ඇති ශූර ඇතරුවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං අස‍්සාරොහා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; නීලවම‍්මධරා සූරා, ඉල‍්ලියාචාපධාරිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු අලංකාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන දුනු දරන ශූර අසරුවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං රථාරොහා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; නීලවම‍්මධරා සූරා, චාපහත්‍ථා කලාපිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු අලංකාරයෙන් සැරසුණු නිල් සැට්ට දරන දුනු ගත් අත් ඇති ශුර රථ සේනාවෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං ධනුග‍්ගහා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; නීලවම‍්මධරා සූරා, චාපහත්‍ථා කලාපිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු අලංකාරයෙන් සැරැසුණු නිල් සැට්ට දරන දුනු හියවුරු ගත් අත් ඇති ශුර ධනුර්ධරයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං රාජපුත‍්තා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; චිත්‍රවම‍්මධරා සූරා, කඤ‍්චනාවෙළධාරිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු අලංකාරයෙන් සැරසුණු රන් සැරයටි ගත් අත් ඇති ශූර රාජපුත්‍රයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං අරියගණා, වතවන‍්තා අලඞ‍්කතා; හරිචන්‍දනලිත‍්තඞ‍්ගා, කාසිකුත‍්තමධාරිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු අලංකාර වස්ත්‍රයෙන් සැරසුණු රත්හඳුන් ගැල්වුණු ශරීරායව ඇති උතුම් කසී සළු දරන බ්‍රාහ්මණ සමූහයෝ වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං අමච‍්චගණා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; පීතවම‍්මධරා සූරා, පුරතො ගච‍්ඡමාලිනො; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු සර්වාභරණින් කහ පැහැ ඇඳුමින් සැරසුණු පෙරටුව යන ශූර ඇමති ගණයා වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං සත‍්තසතා භරියා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු සර්වාභරණින් සැරසුණු සත්සියයක් භාර්යාවෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං සත‍්තසතා භරියා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු සර්වාභරණින් සැරසුණු මනා වූ සිහින් ඉඟ ඇති සත්සියයක් භාර්යාවෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාස‍්සු මං සත‍්තසතා භරියා, අස‍්සවා පියභාණිනී; යන‍්තං මං නානුයිස‍්සන‍්ති, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක සියලු සර්වාභරණින් සැරසුණු ප්‍රිය තෙපුල් ඇති සත්සියයක් භාර්යාවෝ හුදකලා වනයට යන මා අනුව නො යන්නාහු ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං පත‍්තං ගහෙත්‍වාන, මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො; පිණ‍්ඩිකාය චරිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක හිස මුඩු කළ, සඟල සිවුරක් පෙරවූ මම පාත්‍රයක් ගෙන පිඬුසිඟා හැසිරෙන්නෙම් ද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං පංසුකූලානං, උජ‍්ඣිතානං මහාපථෙ; සඞ‍්ඝාටිං ධාරයිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක මහමග හැර දැමූ පාංසකූල වස්ත්‍රයත් සඟල සිවුරත් දරන්නෙම්ද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං සත‍්තාහසම‍්මෙඝෙ, ඔවට‍්ඨො අල‍්ලචීවරො; පිණ‍්ඩිකාය චරිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක (බැඳගෙන වස්නා) සදා වැස්සෙන් තෙත් සිවුරු ඇති මම පිඬු පිණිස හැසිරෙම්ද එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං සබ‍්බත්‍ථ ගන‍්ත්‍වා, රුක‍්ඛා රුක‍්ඛං වනා වනං; අනපෙක‍්ඛො ගමිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක ගසින් ගසට වනයෙන් වනයට පැමිණ ඇලුම් නොකොට මුළු දවසම වසන්නෙම්ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං ගිරිදුග‍්ගෙසු, පහීනභයභෙරවො; අදුතියො ගමිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක ගිරි දුර්ග ස්ථානයන්හි පහවූ බිය ඇතිව හුදකලාව හැසිරෙන්නෙම් ද, එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං වීණංව රුජ‍්ජකො, සත‍්තතන‍්තිං මනොරමං; චිත‍්තං උජුං කරිස‍්සාමි, තං කුදාස‍්සු භවිස‍්සති.

කවර කලෙක වීණා වාදකයෙකු සත් සතක් ඇති වීණාව මිහිරිකොට හඬවන්නේද, කෙසේ නම් එලෙස සිත අංජු කරන්නේ ද? එබඳු පැවිද්ද කවරදා සිදු වන්නේ ද?

“කදාහං රථකාරොව, පරිකන‍්තං උපාහනං; කාමසඤ‍්ඤොජනෙ ඡෙච‍්ඡං, යෙ දිබ‍්බෙ යෙ ච මානුසෙ”ති.

කවර කලෙක මම පාවහන් සිදුනා සොම්වරයෙකු මෙන් දිව්‍ය වූද මානුෂික වූද කාම සඤ්ඤෝජනයන් සිදුනොවේ ද?

තත්‍ථ කදාති කාලපරිවිතක‍්කො. ඵීතන‍්ති වත්‍ථාලඞ‍්කාරාදීහි සුපුප‍්ඵිතං. විභත‍්තං භාගසො මිතන‍්ති ඡෙකෙහි නගරමාපකෙහි රාජනිවෙසනාදීනං වසෙන විභත‍්තං ද‍්වාරවීථීනං වසෙන කොට‍්ඨාසතො මිතං. තං කුදාස‍්සු භවිස‍්සතීති තං එවරූපං නගරං පහාය පබ‍්බජනං කුදා නාම මෙ භවිස‍්සති . සබ‍්බතොපභන‍්ති සමන‍්තතො අලඞ‍්කාරොභාසෙන යුත‍්තං. බහුපාකාරතොරණන‍්ති බහලෙන පුථුලෙන පාකාරෙන චෙව ද‍්වාරතොරණෙහි ච සමන‍්නාගතං. දළ‍්හමට‍්ටාලකොට‍්ඨකන‍්ති දළ‍්හෙහි අට‍්ටාලකෙහි ද‍්වාරකොට‍්ඨකෙහි ච සමන‍්නාගතං. පීළිතන‍්ති සමාකිණ‍්ණං. තිපුරන‍්ති තීහි පුරෙහි සමන‍්නාගතං, තිපාකාරන‍්ති අත්‍ථො. අථ වා තිපුරන‍්ති තික‍්ඛත‍්තුං පුණ‍්ණං. රාජබන්‍ධුනීන‍්ති රාජඤ‍්ඤතකෙහෙව පුණ‍්ණං. සොමනස‍්සෙනාති එවංනාමකෙන විදෙහරාජෙන.

එහි කදා යනු කාලය (අවස්ථාව එළඹෙන්නේ කවදාදැයි) පිළිබඳ වූ සිතීමයි. ඵීතං යනු සමෘද්ධිමත් බවයි. උයන්වතු වතු වන පංතිද ඇති සමෘද්ධිමත් බවයි. සබ්බතොපහං යනු හාත්පසින් බබලන සමෘද්ධිමත් බවයි. තං කදාස්සු භවිස්සති යනු එබඳු වූ (සමෘද්ධිමත්) නගරයක් හැරදමා පැවිදිවීමක් කවදා සිදුවේද යන්නයි. විභත්තං භාගසොමිතං යනු විශේෂඥ වූ නගර නිර්මාපකයන් විසින් රජමැදුර, වීථි වාසල් දොරවල් ආදී වශයෙන් මනාකොට කොටස් වශයෙන් බෙදා නිර්මාණය කරන ලද යන්නයි. බහලපාකාර තොරණං ශක්තිමත් වූද විශාල වූද ප්‍රාකාර, තොරණ දොරටු ආදියෙන් යුක්ත වූ බවයි. දළ්හමට්ටාල කොට්ඨකං යනු ශක්තිමත් අටලු දොරකොටු ආදියෙන් යුක්ත බවයි. පිළීතං යනු ගැවසීගත් බවයි. තිපුරං යනු නගර තුනකින් යුක්ත වූ. පවුරු තුනකින් යුක්ත වූ බවයි. නගර තුනක් (අන්තඃපුරය, ඇතුල්නුවර පිටනුවර) හෝ තුන්වරක් සම්පූර්ණ කොට නිර්මාණය කරන ලද යනුයි. රාජබන්‍ධුනිං යනු රජුගේ කොටස් තුනකින් යුක්ත වූ නෑයින්ගෙන් සමන්විත වූ බවයි. සොමනස්සෙන යනු ‘සොමනස්ස’ නම් වූ වේදේහරට රජතුමාය.

නිචිතෙති ධනධඤ‍්ඤනිචයාදිනා සම‍්පන‍්නෙ. අජෙය්‍යෙති පච‍්චාමිත‍්තෙහි අජෙතබ‍්බෙ. චන්‍දනඵොසිතෙති ලොහිතචන්‍දනෙන පරිප‍්ඵොසිතෙ. කොටුම‍්බරානීති කොටුම‍්බරරට‍්ඨෙ උට‍්ඨිතවත්‍ථානි. හත්‍ථිගුම‍්බෙති හත්‍ථිඝටායො. හෙමකප‍්පනවාසසෙති හෙමමයෙන සීසාලඞ‍්කාරසඞ‍්ඛාතෙන කප‍්පනෙන ච හෙමජාලෙන ච සමන‍්නාගතෙ. ගාමණීයෙහීති හත්‍ථාචරියෙහි. ආජානීයෙව ජාතියාති ජාතියා කාරණාකාරණජානනතාය ආජානීයෙව, තාදිසානං අස‍්සානං ගුම‍්බෙ. ගාමණීයෙහීති අස‍්සාචරියෙහි. ඉල‍්ලියාචාපධාරිභීති ඉල‍්ලියඤ‍්ච චාපඤ‍්ච ධාරෙන‍්තෙහි. රථසෙනියොති රථඝටායො. සන‍්නන්‍ධෙති සුට‍්ඨු නද‍්ධෙ. දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙති දීපිබ්‍යග‍්ඝචම‍්මපරික‍්ඛිත‍්තෙ. ගාමණීයෙහීති රථාචරියෙහි. සජ‍්ඣුරථෙති රජතරථෙ. අජරථමෙණ‍්ඩරථමිගරථෙ සොභනත්‍ථාය යොජෙන‍්ති.

නිචිතෙ යනු ධන ධාන්‍යාදිය රැස් කිරීමෙහි යෙදුනු බවයි. අජෙය්‍ය යනු පසමිතුරන් විසින් ජයගත නොහැකි බවයි. චන්‍දනඵොසිතෙ හාත්පස රත්හඳුන්වලින් සුවඳ ගන්වා ඇති බවයි. කොටුම්බරානි යනු කෝටුම්බර දේශයෙහි නිපදවන ලද වස්ත්‍රයි. හත්‍ථිගුම්බෙ යනු ඇත් සමූහයයි. (මෙහි ඇත්බල ඇණියයි) හෙම කප්පන වාසසෙ යනු ස්වර්ණමය වූ විසිතුරු වූ හිස් පළඳනා හා රන් රසුදැල්වලින් යුක්ත බවයි. ගාමණීයෙහි ඇත්ගොව්වන් විසින් යනුයි. ආජානිය්‍යෙච ජාතියා උපතින්ම කළයුතු දේ නොකළ යුතු දේ දන්නා බැවින් ආජානීය නම් වූ එබඳු අශ්ව පංතිය යනුයි. ගාමණීයෙහි (මෙම ගාථාවෙහි) අසරුවන් විසින් යනුයි. ඉල්ලියාචාපධාරිහී යනු ඉල්ලීස (නම් කඩුවත්) දුන්නත් දරන යනුයි. රථසෙනී රථ ඇණියයි. සන්නද්ධෙ යනු මනාව සන්නද්ධ කරන ලද බවයි. ගමණීයෙහි (මෙම ගාථාවෙහි) රියදුරන් යනුයි. සජ්ඣ රථෙ යනු රිදීමය යුද රථයන්ය. අජරථ මෙණ්ඩරථ මිගරථ ගැන සඳහන් කර ඇත්තේ ශෝභනය සඳහාය.

අරියගණෙති බ්‍රාහ‍්මණගණෙ. තෙ කිර තදා අරියාචාරා අහෙසුං, තෙන තෙ එවමාහ. හරිචන්‍දනලිත‍්තඞ‍්ගෙති කඤ‍්චනවණ‍්ණෙන චන්‍දනෙන ලිත‍්තසරීරෙ. සත‍්තසතා භරියාති පියභරියායෙව සන්‍ධායාහ. සුසඤ‍්ඤාති සුට‍්ඨු සඤ‍්ඤිතා. අස‍්සවාති සාමිකස‍්ස වචනකාරිකා. සතපලන‍්ති පලසතෙන සුවණ‍්ණෙන කාරිතං. කංසන‍්ති පාතිං. සතරාජිකන‍්ති පිට‍්ඨිපස‍්සෙ රාජිසතෙන සමන‍්නාගතං. යන‍්තං මන‍්ති අනිත්‍ථිගන්‍ධවනසණ‍්ඩෙ එකමෙව ගච‍්ඡන‍්තං මං කදා නු තෙ නානුයිස‍්සන‍්ති. සත‍්තාහසම‍්මෙඝෙති සත‍්තාහං සමුට‍්ඨිතෙ මහාමෙඝෙ, සත‍්තාහවද‍්දලිකෙති අත්‍ථො. ඔවට‍්ඨොති ඔනතසීසො. සබ‍්බත්‍ථාති සබ‍්බදිසං. රුජ‍්ජකොති වීණාවාදකො. කාමසංයොජනෙති කාමසංයොජනං. දිබ‍්බෙති දිබ‍්බං. මානුසෙති මානුසං.

අරිය ගණා යනු බ්‍රාහ්මණ සමූහයාය. එකල්හි බමුණෝ සියල්ලන්ගේම ගුරුවරු වූහ. එබැවින් ඔවුන් සඳහා මෙසේ යෙදුනි. හරිචන්‍දන ලිත්තංගෙ කසුන් පැහැ හඳුන් ශරීරයෙහි ආලේපිත බවයි. සත්ත සතා ප්‍රිය භාර්යාවන් (සත්සියය) සඳහා කීහ. සුඤ්ඤා සුසංයම බවයි. අස්සවා යනු යහපත් වචනයෙන් යුතු බවයි. සතඵලං රන්පලම් සියයකින් කළ බවයි. කංසං යනු (ආහාර අනුභව කරන) භාජනයයි. පාත්‍රයයි. සතරාජික පිටුපස සියගණන් රේඛාවන්ගෙන් යුක්ත වීමයි. යංතංමං (ගාථා රාශියක ‘යං තං මං භානුයිස්සන්ති’ යනුවෙන් යෙදී ඇත. සප්ත භාර්යාවන් ගැන සඳහන් කරන ගාථාවල ද එසේ යොදා මෙහිදී යං තං මං යන කොටස පමණක් යොදා ඇත. යං තං මං යනු කවර දවසක ස්ත්‍රී ගන්‍ධයෙන් තොර වූ මහ වනයෙහි හුදකලාව යන්නා වූ මා අනුව ඔවුන් (සත්ත භාර්යාවෝ) නොඑන්නේද (යනුවෙන් අටුවාව දක්වා ඇත) සත්තංහ මෙදෙ සත්දිනක් නොකඩ කොට වසින වැස්සයි. සත්දිනක් නොකඩකොට බැඳගෙන වැසි වැසීමයි. සබ්බහං යනු හැම දවසම යන්නයි. රුජකො යනු වීණා වාදකයාය. කාමසංයොජෙනෙ යනු නාම සංයෝජනයන් යනුයි. දිබ්බෙ යනු දෙවයි. මානුසෙ යනු මිනිස් යන්නයි.

සො කිර දසවස‍්සසහස‍්සායුකකාලෙ නිබ‍්බත‍්තො සත‍්තවස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙත්‍වා තිවස‍්සසහස‍්සාවසිට‍්ඨෙ ආයුම‍්හි පබ‍්බජිතො. පබ‍්බජන‍්තො පනෙස උය්‍යානද‍්වාරෙ අම‍්බරුක‍්ඛස‍්ස දිට‍්ඨකාලතො පට‍්ඨාය චත‍්තාරො මාසෙ අගාරෙ වසිත්‍වා “ඉමම‍්හා රාජවෙසා පබ‍්බජිතවෙසො වරතරො, පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා උපට‍්ඨාකං රහස‍්සෙන ආණාපෙසි “තාත, කඤ‍්චි අජානාපෙත්‍වා අන‍්තරාපණතො කාසායවත්‍ථානි චෙව මත‍්තිකාපත‍්තඤ‍්ච කිණිත්‍වා ආහරා”ති. සො තථා අකාසි. රාජා කප‍්පකං පක‍්කොසාපෙත්‍වා කෙසමස‍්සුං ඔහාරාපෙත්‍වා කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා කප‍්පකං උය්‍යොජෙත්‍වා එකං කාසාවං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා එකං අංසෙ කත්‍වා මත‍්තිකාපත‍්තම‍්පි ථවිකාය ඔසාරෙත්‍වා අංසෙ ලග‍්ගෙසි. තතො කත‍්තරදණ‍්ඩං ගහෙත්‍වා මහාතලෙ කතිපයෙ වාරෙ පච‍්චෙකබුද‍්ධලීලාය අපරාපරං චඞ‍්කමි. සො තං දිවසං තත්‍ථෙව වසිත්‍වා පුනදිවසෙ සූරියුග‍්ගමනවෙලාය පාසාදා ඔතරිතුං ආරභි.

ඔහු (ඒ මහාජනක රජ තෙමේ) මිනිස් පරමායුෂ අවුරුදු දසදහසක් ඇති කල්හි මිනිස්ලොව ඉපදුනේ අවුරුදු සත්දහසක් රජකොට අවුරුදු තුන්දහසක් ඉතිරිව ඇති කල්හි පැවිදි විය. පැවිද්දට සූදානම් වන කල්හි උයන්දොර අඹරුක දුටුදා සිට සිව්මසක් ගිහිගෙයි වැස මේ වේසයට වඩා පැවිදි වේසය උතුම්යැයි සිතා පැවිදි වන්නෙමියි අදිටන්කොට උපස්ථායකයාට රහසින් මෙසේ ඇණවීය. ‘දරුව, කිසිවෙකුට නොහැඟෙන ලෙස සල්පිලෙන් කෂාය වස්ත්‍ර ද මැටි පාත්‍රයක් ද ගෙන එව’ ඔහු එසේ කෙළේය. රජතුමා කරණවෑමියා බනවා කෙරැවුළු බාවාගෙන, කරණවෑමියාගේ උදව් ඇතිව එක් සළුවක් හැඳගෙන, එකක් ඒකාංශකොට දමාගෙන, එකක් පොරවා ගත්තේය. මැටි පාත්‍රය ඔලොගුවක ලා දසරුවෙහි එල්ලා ගත්තේය. පසුව සැරයටියක් ගෙන මතුමහලෙහි පසේ බුදුවරුන්ගේ ලීලායෙන් එහෙ මෙහෙ සක්මන් කෙළේය. එතුමා එදවස එසේම වැස, දෙවැනි දින ඉර නැගෙන කල්හි පහයෙන් බසින්නට විය.

තදා සීවලිදෙවී තා සත‍්තසතා වල‍්ලභිත්‍ථියො පක‍්කොසාපෙත්‍වා “චිරං දිට‍්ඨො නො රාජා, චත‍්තාරො මාසා අතීතා, අජ‍්ජ නං පස‍්සිස‍්සාම, සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා යථාබලං ඉත්‍ථිකුත‍්තහාසවිලාසෙ දස‍්සෙත්‍වා කිලෙසබන්‍ධනෙන බන්‍ධිතුං වායමෙය්‍යාථා”ති වත්‍වා අලඞ‍්කතප‍්පටියත‍්තාහි තාහි සද‍්ධිං “රාජානං පස‍්සිස‍්සාමා”ති පාසාදං අභිරුහන‍්තී තං ඔතරන‍්තං දිස‍්වාපි න සඤ‍්ජානි. “රඤ‍්ඤො ඔවාදං දාතුං ආගතො පච‍්චෙකබුද‍්ධො භවිස‍්සතී”ති සඤ‍්ඤාය වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. මහාසත‍්තොපි පාසාදා ඔතරි. ඉතරාපි පාසාදං අභිරුහිත්‍වා සිරිසයනපිට‍්ඨෙ භමරවණ‍්ණකෙසෙ ච පසාධනභණ‍්ඩඤ‍්ච දිස‍්වා “න සො පච‍්චෙකබුද‍්ධො, අම‍්හාකං පියසාමිකො භවිස‍්සති, එථ නං යාචිත්‍වා නිවත‍්තාපෙස‍්සාමී”ති මහාතලා ඔතරිත්‍වා රාජඞ‍්ගණං සම‍්පාපුණි. පාපුණිත්‍වා ච පන සබ‍්බාහි තාහි සද‍්ධිං කෙසෙ මොචෙත්‍වා පිට‍්ඨියං විකිරිත්‍වා උභොහි හත්‍ථෙහි උරං සංසුම‍්භිත්‍වා “කස‍්මා එවරූපං කම‍්මං කරොථ, මහාරාජා”ති අතිකරුණං පරිදෙවමානා රාජානං අනුබන්‍ධි, සකලනගරං සඞ‍්ඛුභිතං අහොසි. තෙපි “රාජා කිර නො පබ‍්බජිතො, කුතො පන එවරූපං ධම‍්මිකරාජානං ලභිස‍්සාමා”ති රොදමානා රාජානං අනුබන්‍ධිංසු. තත්‍ර තාසං ඉත්‍ථීනං පරිදෙවනඤ‍්චෙව පරිදෙවන‍්තියොපි තා පහාය රඤ‍්ඤො ගමනඤ‍්ච ආවිකරොන‍්තො සත්‍ථා ආහ –

එදා සීවලී දේවිය යෙහෙළියන් සත්සිය දෙනා අමතා අපගේ රජතුමා බොහෝ කාලයකින් නොදුටුවිරූය. සිව්මසක් ද ගතවිය. අද එතුමා බැලීමට යමු යි කියා සියලු දෙනාම අලංකාර ලෙස සරසවා හැකි හැම ආකාරයකින් ස්ත්‍රී මායම් දක්වා කෙලෙස් බැම්මෙන් බැඳගැනීමට උත්සාහ ගන්නැයි කියා තමාද මනාව සැරැසී, ඔවුන් සමග රජතුමා දකිමි’යි පහයට නගින්නී පහයෙන් බසින රජතුමා දුටුවේ වී නමුත් නො හැඳින්නාය. රජුට අවවාද අනුශාසනා කිරීමට පැමිණි පසේබුදුන් වහන්සේ නමක් යැයි සිතා වැඳ නමස්කාර කොට එකත්පසෙක සිටියාය. මහසත්හුද පහයෙන් බැස ගියහ. ඔහු පහයට නැග බලන කල්හි සිරියහන් ගබඩාවේ පුටුව මත රජතුමාගේ අක්බඹරු වී ගිය කළුකෙස් ද, රජතුමා ඇලුම් කළ බඩුබාහිර ද එසේම තිබෙනු දැක ඒ පසේබුදුවරයෙකු නොව අපගේ පිය සැමියා විය හැකියැයි කියා, එන්න ඔහු ආයාචනාකොට නවත්වවු’යි කියා මතුමහල් තලයෙන් බැස රජගෙයි මිදුලට බැස ඈ සමග සියලු බිසෝවරු කෙස්වලු දෙපිට දෑලේ මුදාහැර දෑත්වලින් පපුවට ගසා ගනිමින් මහරජතුමන් කුමක් සඳහා මෙබඳු දෙයක් කරගත්තේදැයි කුළුණුබර හැඟුම් පාමින් අඬ අඬා රජතුමා ලුහුබැඳ ගියාහුය. මුළු නුවරම මෙපුවත ඇසීමෙන් කැළඹී ගියේය. නගරවැසි ජනයා ද අපගේ රජතුමා පැවිදි විය. කෙසේ නම් මෙබඳු දැහැමි රජෙකු ලබාගත හැකිදැයි හඬමින් වැලපෙමින් රජු ලුහුබැඳ ගියාහුය. එහිදී ඒ ස්ත්‍රීන්ගේ වැළපීමත්, එසේ වැලපෙන්නා වූ ඔවුන් හැරදමා රජතුමා ගේ නික්ම යෑමත් ගෙනහැර දක්වමින් ශාස්තෲන් වහන්සේ මේ ගාථා දේශනා කළ සේක;

“තා ච සත‍්තසතා භරියා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, කස‍්මා නො විජහිස‍්සසි.

තාච සත්තසතා භරියා සබ්බාලංකාර භූසිතා, බාහා පග්ගය්හ පක්කන්‍දුං කස්මා නොවිජහිස්සති

සියලු අලංකාරයෙන් සැරසුණු ඒ සත්සියයක් ආර්යාවෝ කවර හෙයින් අප අත්හරින්නේදැයි දෙඅත් ඔසවාගෙන හැඬූහ.

“තා ච සත‍්තසතා භරියා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, කස‍්මා නො විජහිස‍්සසි.

තාච සත්තසතා භරියා සුසඤ්ඤා තත්‍රමජ්ඣිමා, තිහා පග්ගය්හ පක්කන්‍දුං කස්මා නොවිජහිස්සති

මනාව හික්මුණ, සිහින් ඉඟසුඟ ඇති ඒ සත්සියයක් ආර්යාවෝ කවර හෙයින් අප අත්හරින්නේදැයි දෙඅත් ඔසවාගෙන හැඬූහ.

“තා ච සත‍්තසතා භරියා, අස‍්සවා පියභාණිනී; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, කස‍්මා නො විජහිස‍්සසි.

තාච සත්තසතා භරියා අස්සවා පියභාණිනී, බහා පග්ගය්හ පක්කන්‍දුං කස්මා නොවිජහිස්සති

කීකරු වූ ප්‍රියතෙපුල් ඇති ඒ සත්සියයක් ආර්යාවෝ කවර හෙයින් අප අත්හරින්නේදැයි දෙඅත් ඔසවාගෙන හැඬූහ.

“තා ච සත‍්තසතා භරියා, සබ‍්බාලඞ‍්කාරභූසිතා; හිත්‍වා සම‍්පද‍්දවී රාජා, පබ‍්බජ‍්ජාය පුරක‍්ඛතො.

තාච සත්තසතා භරියා සබ්බලංකාර භූසිතා, හිත්‍වා සම්පද්දයී රාජා පබ්බාජාය පුරක්ඛතො

සියලු අලංකාරයෙන් සැරසුණු ඒ සත්සියයක් ආර්යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙමේ නික්ම ගියේය.

“තා ච සත‍්තසතා භරියා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; හිත්‍වා සම‍්පද‍්දවී රාජා, පබ‍්බජ‍්ජාය පුරක‍්ඛතො.

තාච සත්තසතා භරියා සුසඤ්ඤා මජ්ඣිමා, හිත්‍වා සම්පද්දයී රාජා පබ්බාජාය පුරක්ඛතො

මනාකොට හික්මුණු සිහින් ඉඟ සුඟ ඇති ඒ සත්සියයක් ආර්යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙමේ නික්ම ගියේය.

“තා ච සත‍්තසතා භරියා, අස‍්සවා පියභාණිනී; හිත්‍වා සම‍්පද‍්දවී රාජා, පබ‍්බජ‍්ජාය පුරක‍්ඛතො.

තාච සත්තසතා භරියා අස්සවා පිය භාණිනී, හිත්‍වා සම්පද්දයී රාජා පබ්බාජාය පුරක්ඛතො

කීකරු වූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත්සියයක් ආර්යාවන් හැර පැවිද්ද විසින් පෙරටු කළ රජ තෙමේ නික්ම ගියේය.

“හිත්‍වා සතපලං කංසං, සොවණ‍්ණං සතරාජිකං; අග‍්ගහී මත‍්තිකං පත‍්තං, තං දුතියාභිසෙචන”න‍්ති.

හිත්‍වා සතඵලං තංසං සොවණ්ණංසන රාජිකං, අග්ගහී මත්තික පත්තං තං දුතියභි සෙවනං

ඒ රජු තෙමේ සියයක් පළමකින් කළ සිය ගණන් රේඛා ඇති රන්තලිය හැර දෙවෙනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේය.

තත්‍ථ බාහා පග‍්ගය‍්හාති බාහා උක‍්ඛිපිත්‍වා. සම‍්පද‍්දවීති භික‍්ඛවෙ, සො මහාජනකො රාජා, තා ච සත‍්තසතා භරියා “කිං නො, දෙව, පහාය ගච‍්ඡසි, කො අම‍්හාකං දොසො”ති විලපන‍්තියොව ඡඩ‍්ඩෙත්‍වා සම‍්පද‍්දවී ගතො, “පබ‍්බජ‍්ජාය යාහී”ති චොදියමානො විය පුරක‍්ඛතො හුත්‍වා ගතොති අත්‍ථො. තං දුතියාභිසෙචනන‍්ති භික‍්ඛවෙ, තං මත‍්තිකාපත‍්තග‍්ගහණං දුතියාභිසෙචනං කත්‍වා සො රාජා නික‍්ඛන‍්තොති.

එහි පග්ගය්හ යනු ඔසවා යනුයි. සමපද්දයි යනු මහණෙනි, ඒ මහාජනක රජතුමා ඔහුගේ සත්සියයක් බිරින්දෑවරු මහරජ කුමක් නිසා අප හැර යන්නේ ද? අපගේ ඇති වරද කිමදැයි වැළපෙන්නවුන් හැර දමා පැවිද්ද පිණිස යන්නේ දැයි ඔවුන් විසින් චෝදනා කරනු ලබන්නෙකු මෙන් ඔවුන් හැරදමා පෙරටුව ගියේය යනු අර්ථයි. මහණෙනි, ඒ මැටි පාත්‍රය ගැනීම දෙවෙනි අභිෂේකයක් මෙන් සලකා ඒ රජතුමා (එයත් රැගෙන) නික්මුණෝය යනු අර්ථයි.

සීවලිදෙවීපි පරිදෙවමානා රාජානං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තී “අත්‍ථෙසො උපායො”ති චින‍්තෙත්‍වා මහාසෙනගුත‍්තං පක‍්කොසාපෙත්‍වා “තාත, රඤ‍්ඤො පුරතො ගමනදිසාභාගෙ ජිණ‍්ණඝරජිණ‍්ණසාලාදීසු අග‍්ගිං දෙහි, තිණපණ‍්ණානි සංහරිත්‍වා තස‍්මිං තස‍්මිං ඨානෙ ධූමං කාරෙහී”ති ආණාපෙසි. සො තථා කාරෙසි. සා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා පාදෙසු පතිත්‍වා මිථිලාය ආදිත‍්තභාවං ආරොචෙන‍්තී ගාථාද‍්වයමාහ –

සීවලී දේවිය කොතරම් වැලපුනත් රජතුමා නැවැත්වීමට නොහැකි වූවාය. එසේ නැවැත්වීමට උපායක් ඇතැයි සලකා සෙන්පතියාට කතාකොට දරුව, රජු ගමන්කරන මඟ ඇති දිරූ ගෙවල් දිරූ ශාලාවන්ට ගිණි තබව. තණ පනරැල් රැස්කොට ඒ ඒ තන්හි දමා ගිනිතබා දුම් නග්ගව යි අණ කළාය. ඔහු එසේ කෙළේය. ඈ රජු සමීපයට ගොස් පාමුල වැටී මියුලු නුවර ගිනිගත් ආකාරයක් හඟවමින් මේ ගාථා දෙක කීවාය.

“භෙස‍්මා අග‍්ගිසමා ජාලා, කොසා ඩය‍්හන‍්ති භාගසො; රජතං ජාතරූපඤ‍්ච, මුත‍්තා වෙළුරියා බහූ.

වෙස්මා අග්ගිසමා ජාලා කොසො ඩය්හන්ති භාගසො, රජතං ජාතරූපංච මුත්තා වෙළුරියා බහූ

(මහරජ, ඔබගේ නුවර) ගෙවල් ගින්නෙන් අතරක් නැතිව දැවෙයි. බඩු ගබඩා කොටස් වශයෙන් දැවෙයි. ඒවායෙහි රිදී, අමුරන්, මුතු, වෙරළුමිණිද බොහෝ වේ.

“මණයො සඞ‍්ඛමුත‍්තා ච, වත්‍ථිකං හරිචන්‍දනං; අජිනං දන‍්තභණ‍්ඩඤ‍්ච, ලොහං කාළායසං බහූ; එහි රාජ නිවත‍්තස‍්සු, මා තෙතං විනසා ධන”න‍්ති.

මණයො සංඛමුත්තාච වත්‍ථිකං හරි චන්‍දනං, අජිනං දන්ත භණ්ඩංච ලෙහං කාළායසං බහුං, එහි රාජ නිවත්තස්සු මාතෙ තං විනසා ධනන්ති

මැණික් ද, සක් මුතු ද වස්ත්‍ර ද රත් හඳුන් ද, අඳුන්දිවිසම් ද දළමුවා බඩු ද තඹ ආදී ලෝහ භාණ්ඩ ද කළු ලෝහ භාණ්ඩ ද වෙයි. මහරජ, නවතින්න. එනු මැනවි. විනාශ වන ඔබගේ ධනය රැකගනු මැනවි.

තත්‍ථ භෙස‍්මාති භයානකා. අග‍්ගිසමා ජාලාති තෙසං තෙසං මනුස‍්සානං ගෙහානි අග‍්ගි ගණ‍්හි, සො එස මහාජාලොති අත්‍ථො. කොසාති සුවණ‍්ණරජතකොට‍්ඨාගාරාදීනි. භාගසොති කොට‍්ඨාසතො සුවිභත‍්තාපි නො එතෙ අග‍්ගිනා ඩය‍්හන‍්ති, දෙවාති. ලොහන‍්ති තම‍්බලොහාදිකං. මා තෙතං විනසා ධනන‍්ති මා තෙ එතං ධනං විනස‍්සතු, එහි නං නිබ‍්බාපෙති, පච‍්ඡා ගමිස‍්සසි, “මහාජනකො නගරං ඩය‍්හමානං අනොලොකෙත්‍වාව නික‍්ඛන‍්තො”ති තුම‍්හාකං ගරහා භවිස‍්සති, තාය තෙ ලජ‍්ජාපි විප‍්පටිසාරොපි භවිස‍්සති, එහි අමච‍්චෙ ආණාපෙත්‍වා අග‍්ගිං නිබ‍්බාපෙහි, දෙවාති.

එහි වෙස්මා යනු ඒ ඒ මිනිසුන්ගේ ගෙවල් ගිනිගෙන දැවුණි. එය මෙහි වෙස්මා නම් විය. ගිනිදැල් නංවමින් දැවුණේය යන අර්ථයි. කොසො යනු රිදී පිරවූ ගබඩා ආදියයි. භාගසො කොටස් වශයෙන් මනාව බෙදා තිබුණත් එසේ නොදැවෙන බව යනුයි. ලොහං යනු තඹ ආදී ලෝහයන්ය. මා තෙ තං විනසාධනං යනු එසේ වූ ධනය විනාශ වීමට ඉඩ නොදෙන්න. එන්න එම ගින්න නිවාලන්න. ආපසු හැරී යන්න. දැවෙන නගරය ගැන නොබලා (ගිහිගෙයින් නික්මුණේ යැයි ඔබට නිග්‍රහ කරන්නෝ වෙති. ඒ නිසා ඇති වන ලජ්ජාවෙන් ඔබේ සිත විපිළිසර වේ. මහරජ එන්න. ඇමැතියන්ට අණකොට ගින්න නිවා දමන්නැයි දේවිය කීවාය. (ඒ බව දැක්වීම සඳහා මේ පාඨය යෙදිණ)

අථ මහාසත‍්තො “දෙවි, කිං කථෙසි, යෙසං කිඤ‍්චනං අත්‍ථි, තෙසං තං ඩය‍්හති, මයං පන අකිඤ‍්චනා”ති දීපෙන‍්තො ගාථමාහ –

ඉක්බිති මහසත් දේවියට ‘කුමක් කියව්ද? යම් තැනක යමක් වේනම් එය එහිම දැවී යන්නේ ය. මා වනාහි කිසිවක් නැති තැනැත්තෙක් වෙමි. යන බව ගෙනහැර දැක්වීමට ගාථාවක් කීහ.

“සුසුඛං වත ජීවාම, යෙසං නො නත්‍ථි කිඤ‍්චනං; මිථිලා ඩය‍්හමානාය, න මෙ කිඤ‍්චි අඩය‍්හථා”ති.

සුසුඛං වත ජීවාම යෙසං නොනත්‍ථි කිඤ්චනං, මිථිලාය ඩය්හමානාය නමෙ කිඤ්චි අඩය්හථාති

යම් කිසිවක් අපට නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු. මියුලු නුවර දැවෙන කල්හි මා සතු කිසිවක් නොදැවේ.

තත්‍ථ කිඤ‍්චනන‍්ති යෙසං අම‍්හාකං පලිබුද‍්ධකිලෙසසඞ‍්ඛාතං කිඤ‍්චනං නත්‍ථි, තෙ මයං තෙන අකිඤ‍්චනභාවෙන සුසුඛං වත ජීවාම. තෙනෙව කාරණෙන මිථිලාය ඩය‍්හමානාය න මෙ කිඤ‍්චි අඩය‍්හථ, අප‍්පමත‍්තකම‍්පි අත‍්තනො භණ‍්ඩකං ඩය‍්හමානං න පස‍්සාමීති වදති.

එහි කිඤ්චනං යනු කිසිවක් නැති බවයි. කෙලෙස් පළිබෝධ හට ගැනීමට හේතුවන (බාහිර වස්තුවක්) තමන් සතුව නැති බවයි. සුසංඛවත ජීවාම (ඉතා සුවසේ ජීවත් වෙමු යනුයි) මියුලු නුවර දැවෙන කල්හි මගේ කිසිවක් නො දැවෙන්නේ ය යනුවෙන් කීමෙන් ස්වල්ප වශයෙන් වුවද තමන් සතු වස්තුවක් දැවෙන්නේ යැයි නොසිතූ ආකාරය කියූ සේයි.

එවඤ‍්ච පන වත්‍වා මහාසත‍්තො උත‍්තරද‍්වාරෙන නික‍්ඛමි. තාපිස‍්ස සත‍්තසතා භරියා නික‍්ඛමිංසු. පුන සීවලිදෙවී එකං උපායං චින‍්තෙත්‍වා “ගාමඝාතරට‍්ඨවිලුම‍්පනාකාරං විය දස‍්සෙථා”ති අමච‍්චෙ ආණාපෙසි. තංඛණංයෙව ආවුධහත්‍ථෙ පුරිසෙ තතො තතො ආධාවන‍්තෙ පරිධාවන‍්තෙ විලුම‍්පන‍්තෙ විය සරීරෙ ලාඛාරසං සිඤ‍්චිත්‍වා ලද‍්ධප‍්පහාරෙ විය ඵලකෙ නිපජ‍්ජාපෙත්‍වා වුය‍්හන‍්තෙ මතෙ විය ච රඤ‍්ඤො දස‍්සෙසුං. මහාජනො උපක‍්කොසි “මහාරාජ, තුම‍්හෙසු ධරන‍්තෙසුයෙව රට‍්ඨං විලුම‍්පන‍්ති, මහාජනං ඝාතෙන‍්තී”ති. අථ දෙවීපි රාජානං වන්‍දිත්‍වා නිවත‍්තනත්‍ථාය ගාථමාහ –

මෙසේ ප්‍රකාශ කොට (මහජනක රජතුමා) උතුරුදිග දොරටුවෙන් නික්මුනේය. එතුමා සමග භාර්යාවෝ ද නික්මුණාහුය. නැවතද සීවලී දේවිය එක් උපායක් සිතා ‘ගම් නගර නසා රට විනාශ කරන ආකාරයක් පෙන්වීමට අණ කළාය. මොහොතකින් ආයුධ අතැති පුරුෂයින් එහෙ මෙහෙ දුවමින් ආයුධවලින් පහර දීගන්නා ආකාරයත් සිරුරවල ලාක්‍ෂාරක ගල්වා තුවාල වූ ආකාරයත්, එසේ පහරවැදී මැරුණ වුන් මෙන් සමහරු පලස මත තබා ලහි ලහියේ ඔසවාගෙන යන ආකාරයත් රජුට දකින සේ සැලැස්වීය. මහජනයා ‘මහරජ, ඔබ ජීවත්ව සිටියදීම රට විලෝපනය වෙයි. මිනිසුන් මරාදමයි. උද්ඝෝෂණය කළාහුය. දේවියද රජු ඉදිරියෙහි වැඳ වැටී නවතින ලෙස මෙසේ (ගාථාවකින්) කීවාය.

“අටවියො සමුප‍්පන‍්නා, රට‍්ඨං විද‍්ධංසයන‍්ති තං; එහි රාජ නිවත‍්තස‍්සු, මා රට‍්ඨං විනසා ඉද”න‍්ති.

අටවියො සමුප්පන්නා රට්ඨං විද්ධංසයන්ති තං, එහි රාජ නිවත්තස්සු මාරට්ඨං විනසා ඉදන්ති

මහරජ, වනගත සොරු පැමිණියෝය. ඔබ සතු රට වනසති. එනු මැනවි. නවතිනු මැනවි. මේ රට නොනසනු මැනවයි (සීවලී බිසව කීවාය.)

තත්‍ථ අටවියොති මහාරාජ, තුම‍්හෙසු ධරන‍්තෙසුයෙව අටවිචොරා සමුප‍්පන‍්නා සමුට‍්ඨිතා, තං තයා ධම‍්මරක‍්ඛිතං තව රට‍්ඨං විද‍්ධංසෙන‍්ති.

එහි අටවියො යනු මහරජ, ඔබ ජීවත්ව සිටියදීම වනගත සොරුන් පැමිණියෝය. තං යනු එසේ දැහැමින් රැකි ඔබේ රට (විනාශ වේය යනුයි)

තං සුත්‍වා රාජා “මයි ධරන‍්තෙයෙව චොරා උට‍්ඨාය රට‍්ඨං විද‍්ධංසෙන‍්තා නාම නත්‍ථි, සීවලිදෙවියා කිරියා එසා භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා තං අප‍්පටිභානං කරොන‍්තො ආහ –

රජ මා ජීවත්ව සිටියදී සොරු නැගී සිට රට විනාශ කරන්නේ නැත. සීවලී දේවියගේ වැඩ මෙහෙම නේදැයි සිතා වටහා දෙනු සඳහා මෙසේ කීහ.

“සුසුඛං වත ජීවාම, යෙසං නො නත්‍ථි කිඤ‍්චනං; රට‍්ඨෙ විලුම‍්පමානම‍්හි, න මෙ කිඤ‍්චි අහීරථ.

සුසුඛං වත ජීවාම යෙසං නොනත්‍ථි කිඤ්චනං, රට්ඨෙ විලුම්පමානම්හි නමෙ කිඤ්චි අජීරථ

“සුසුඛං වත ජීවාම, යෙසං නො නත්‍ථි කිඤ‍්චනං; පීතිභක‍්ඛා භවිස‍්සාම, දෙවා ආභස‍්සරා යථා”ති.

සුසුඛං වත ජීවාම යෙසං නොනත්‍ථි කිඤ්චනං, පීතිභක්ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථා

යම්බඳු කිසිවක් අපට අයත් දෙන්නේද ඒ අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වෙමු. රට පහරන කල මගේ කිසිවක් නොනැසේ.

යම්බඳු කිසිවක් අපට අයත් නැත්තේද ඒ අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වම්හ. ආභස්සර නම් බඹලෝ වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වෙමු.

තත්‍ථ විලුම‍්පමානම‍්හීති විලුප‍්පමානෙ. ආභස‍්සරා යථාති යථා තෙ බ්‍රහ‍්මානො පීතිභක‍්ඛා හුත්‍වා සමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්ති, තථා වීතිනාමෙස‍්සාමාති.

එහි විලුම්පමානං යනු පැහැරීමයි. (මංකොල්ලකෑමයි) ආභස්සරා යනු යම්සේ (ඒ ආභස්සර බඹලොව) බ්‍රහ්මයෝ ප්‍රීතිය ආහාරය කොට සමාපත්ති සුවයෙන් කල්ගෙවන්නේ ද, එසේ කල්ගෙවන්නෙමි යනුයි.

එවං වුත‍්තෙපි මහාජනො රාජානං අනුබන්‍ධියෙව. අථස‍්ස එතදහොසි “අයං මහාජනො නිවත‍්තිතුං න ඉච‍්ඡති, නිවත‍්තෙස‍්සාමි න”න‍්ති. සො අඩ‍්ඪගාවුතමත‍්තං ගතකාලෙ නිවත‍්තිත්‍වා මහාමග‍්ගෙ ඨිතොව අමච‍්චෙ “කස‍්සිදං රජ‍්ජ”න‍්ති පුච‍්ඡිත්‍වා “තුම‍්හාකං , දෙවා”ති වුත‍්තෙ “තෙන හි ඉමං ලෙඛං අන‍්තරං කරොන‍්තස‍්ස රාජදණ‍්ඩං කරොථා”ති කත‍්තරදණ‍්ඩෙන තිරියං ලෙඛං ආකඩ‍්ඪි. තෙන තෙජවතා රඤ‍්ඤා කතං ලෙඛං කොචි අන‍්තරං කාතුං නාසක‍්ඛි. මහාජනො ලෙඛං උස‍්සීසකෙ කත්‍වා බාළ‍්හපරිදෙවං පරිදෙවි. දෙවීපි තං ලෙඛං අන‍්තරං කාතුං අසක‍්කොන‍්තී රාජානං පිට‍්ඨිං දත්‍වා ගච‍්ඡන‍්තං දිස‍්වා සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී උරං පහරිත්‍වා මහාමග‍්ගෙ තිරියං පතිත්‍වා පරිවත‍්තමානා අගමාසි. මහාජනො “ලෙඛසාමිකෙහි ලෙඛා භින‍්නා”ති වත්‍වා දෙවියා ගතමග‍්ගෙනෙව ගතො. අථ මහාසත‍්තොපි උත‍්තරහිමවන‍්තාභිමුඛො අගමාසි. දෙවීපි සබ‍්බං සෙනාවාහනං ආදාය තෙන සද‍්ධිංයෙව ගතා. රාජා මහාජනං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තොයෙව සට‍්ඨියොජනමග‍්ගං ගතො.

මෙසේ කී කල්හිද මහජනයා රජතුමා ලුහුබැඳ යන්නට වූහ. ඉක්බිති රජතුමාට මෙබඳු අදහසක් පහළ විය. මේ රටවැසි ජනයා නතර වන්නට නොකැමැත්තෝය. කිසියම් හෙයකින් ඔවුන් නවත්වන්නෙමි යැයි සනිටුහන් කොට අඩ ගව්වක් ගිය කල්හි මහමග නැවැතී ඇමැතියන්ගෙන් මෙසේ ඇසීය. ‘මේ රාජ්‍ය කාගේ ද?’ ‘දේවයිනි, ඔබගේ යැ’යි ඔහු පිළිතුරු දුන්හ. එසේ නම් මේ ලී පතුර ගෙන එසවීමට සමත් වූවෙකු රජ බවට පත් කරව් යැයි කියා සැරයටියෙන් සරස් අතට ලී පතුරක් ගලවා දුන්නේය. තෙදවත් වූ රජතුමා විසින් ගලවා ගනු ලැබූ එය එසවීමට කිසිවෙකුත් සමත් නොවීය. මහජනයා ලී පතුර හිස මත තබා ගත් නමුත් බලවත් සේ වේදනා හෙවත් පීඩාවට පැමිණ අත්හැර දැමුවාහයි, සීවලී දේවියද එය එසවීමට අසමත් වූ බැවින් මහමග හරස්කොට දමා, එසේ තිබෙන්නට හැර නික්ම ගියාය. මහජනයා රාජ්‍ය සංකේතය හිමි අයම එය අත්හැර දමන ලදැයි දේවිය අනුවම ගියාහුය. මහසත් උතුරු හිමවත බලා ගියාහුය. දේවිය සියළු සේනා වාහන රැගෙන බෝසත්හු අනුවම ගියාය. රජ මහජනයා නැවැත්වීමට අපොහොසත් වූයේ සැටයොදුනක්ම ගියේය.

තදා නාරදො නාම තාපසො හිමවන‍්තෙ සුවණ‍්ණගුහායං වසිත්‍වා පඤ‍්චාභිඤ‍්ඤො ඣානසුඛෙන වීතිනාමෙත්‍වා සත‍්තාහං අතික‍්කාමෙත්‍වා ඣානසුඛතො වුට‍්ඨාය “අහො සුඛං, අහො සුඛ”න‍්ති උදානං උදානෙසි. සො “අත්‍ථි නු ඛො කොචි ජම‍්බුදීපතලෙ ඉදං සුඛං පරියෙසන‍්තො”ති දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙන‍්තො මහාජනකබුද‍්ධඞ‍්කුරං දිස‍්වා “රාජා මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොපි සීවලිදෙවිප‍්පමුඛං මහාජනං නිවත‍්තෙතුං න සක‍්කොති, අන‍්තරායම‍්පිස‍්ස කරෙය්‍ය, ඉදානි ගන‍්ත්‍වා භිය්‍යොසො මත‍්තාය දළ‍්හසමාදානත්‍ථං ඔවාදං දස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඉද‍්ධිබලෙන ගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො ආකාසෙ ඨිතොව තස‍්ස උස‍්සාහං ජනෙතුං ඉමං ගාථමාහ –

එකල්හි නාරද නම් තවුස් තෙම හිමවත්හි රන් ගුහාවෙහි වසමින් පංචාභිඥා ධ්‍යාන සුවයෙන් කල්යවන්නේ සත්දිනක් ඉක්මවා ධ්‍යානයෙන් නැගිට අහෝ සැපයි අහෝ සැපයි යනුවෙන් උදන් ඇනීය. හෙතෙම ‘මේ සැපය සොයන තවත් කිසිවෙකු දඹදිව් තලයේ ඇද්දැ’යි එතුමා දිව ඇස යොමා බැලීය. අභිනිෂ්ක්‍රමණය කළේ වී නමුත් සීවලී දේවිය ප්‍රමුඛ මහජනයාගේ ගමන නැවැත්විය නොහැකිව සිටින්නා වූ බුද්ධංකුර වූ මහාජනක රජතුමා දැක (ඔවුන්ගේ පසුපස ඒම මහාජනක රජතුමාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට) නපුරක් වේදෝහෝයි සිතා, නෛෂ්ක්‍රම්‍ය කෙරෙහි දැඩි අධිෂ්ඨානය ඇති කිරීම සඳහා ද සොම්නස වඩවනු පිණිසද අනුශාසනා කරමියි සිතා, ඍද්ධියෙන් ගොස් රජු අබියස අහස් කුස්හි සිට උනන්දු වඩවනු සඳහා මෙසේ කීහ.

“කිම‍්හෙසො මහතො ඝොසො, කා නු ගාමෙව කීළියා; සමණ තෙව පුච‍්ඡාම, කත්‍ථෙසො අභිසටො ජනො”ති.

කිම්හෙ සො මහතො ඝොසො කා නු ගාමෙ කිලීලියා, සමණඤ්ඤෙච පුච්ඡාම කත්‍ථෙසො අභිසමො ජනොති

මේ මහජනයාගේ ඝෝෂාව කුමක් නිසාද? ගමෙහි මෙන් මේ කිලිකිලි ශබ්දය කුමක්ද? ශ්‍රමණ වූ ඔබෙන්ම විචාරමි. කවර හෙයින් මේ මහජනයා රැස්වන්නේ ද? (රාජා ආහ) රජතුමා පිළිතුරු දුන්නේය.

තස‍්ස තං සුත්‍වා රාජා ආහ –

රජු කීය.

“මමං ඔහාය ගච‍්ඡන‍්තං, එත්‍ථෙසො අභිසටො ජනො; සීමාතික‍්කමනං යන‍්තං, මුනිමොනස‍්ස පත‍්තියා; මිස‍්සං නන්‍දීහි ගච‍්ඡන‍්තං, කිං ජානමනුපුච‍්ඡසී”ති.

මමං ඔහාය ගච්ඡන්තං එත්‍ථෙසො අභිසටො ජනො, සීමාතික්කමනං යන්තං මුනිං මොනස්ස පත්තියා, මිස්සං නන්‍දීහි ගච්ඡන්තං කිංජාන මනුපුච්ඡසීති

තත්‍ථ කිම‍්හෙසොති කිම‍්හි කෙන කාරණෙන එසො හත්‍ථිකායාදිවසෙන මහතො සමූහස‍්ස ඝොසො. කා නු ගාමෙව කීළියාති කා නු එසා තයා සද‍්ධිං ආගච‍්ඡන‍්තානං ගාමෙ විය කීළි. කත්‍ථෙසොති කිමත්‍ථං එස මහාජනො අභිසටො සන‍්නිපතිතො, තං පරිවාරෙත්‍වා ආගච‍්ඡතීති පුච‍්ඡි. මමන‍්ති යො අහං එතං ජනං ඔහාය ගච‍්ඡාමි, තං මං ඔහාය ගච‍්ඡන‍්තං. එත්‍ථාති එතස‍්මිං ඨානෙ එසො මහාජනො අභිසටො අනුබන්‍ධන‍්තො ආගතො. සීමාතික‍්කමනං යන‍්තන‍්ති ත්‍වං පන තං මං කිලෙසසීමං අතික‍්කම‍්ම අනගාරියමුනිඤාණසඞ‍්ඛාතස‍්ස මොනස‍්ස පත‍්තියා යන‍්තං, “පබ‍්බජිතො වතම‍්හී”ති නන්‍දිං අවිජහිත්‍වා ඛණෙ ඛණෙ උප‍්පජ‍්ජමානාහි නන්‍දීහි මිස‍්සමෙව ගච‍්ඡන‍්තං කිං ජානන‍්තො පුච‍්ඡසි, උදාහු අජානන‍්තො. මහාජනකො කිර විදෙහරට‍්ඨං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතොති කිං න සුතං තයාති.

මා ඔවුන් හැරයන නිසා මේ මහජනයා මෙහි රැස්වූයෝය. කෙලෙස් සීමාව ඉක්මවා යන අනගාරිය මුනි නම් වූ තපසට පැමිණීම සඳහා සතුටින් යන මා දැනගෙන කුමට විචාරන්නේදැයි රජතුමා ඇසීය. කිම්හෙසො යනු කුමන කරුණක් නිසා මේ ඇත් ආදී මහත් වූ පිරිසකගේ ඝෝෂාවක් පවතින්නේ ද? කානුගාමෙ කිලීලියා ඔබ සමග එන්නා වූ මේ ගම්වැසියෝ තමන් ‘කලකලය’ හඬ නංවන්නෝ කවුරුද? කත්‍ථෙසො මොව්හු කුමක් සඳහා එන්නෝ ද? අභිසටො යනු ලුහුබඳින්නා යනුයි. සීමාතික්කමනංයන්තං ඔබ මා කෙලෙස් සීමාව ඉක්මවා අනගාරික මුනිවරයෙකුගේ අවබෝධ ඥානයැයි කියන්නා වූ මොනෙය්‍ය ව්‍රතය සඳහා පමණක් පැවිදි වූවෙකුදැයි හඟින්නෙහි ද? මම වනාහි තෘෂ්ණාව යටපත් කොට පැවිදි වුවත් මොහොතක් පාසා උපදින, තෘෂ්ණාවෙන් වෙලීගිය තැනැත්තෙකු වෙමි. ඔබ මා ගැන දැන විචාරන්නේ ද? නොදැන විචාරන්නේ ද? මහජනක රජ විදේහ දේශය හැර දමා පැවිදි වූ බව කවරෙකු නම් නොදන්නේ ද?

අථස‍්ස සො දළ‍්හසමාදානත්‍ථාය පුන ගාථමාහ –

ඉක්බිති මෙය වඩාත් තහවුරු කරනු සඳහා නැවත ගාථාවක් ද කීවේය.

“මාස‍්සු තිණ‍්ණො අමඤ‍්ඤිත්‍ථ, සරීරං ධාරයං ඉමං; අතීරණෙය්‍ය යමිදං, බහූ හි පරිපන්‍ථයො”ති.

මාස්සු තිණ්ණො අමඤ්ඤිත්‍ථො සරීරං ධාරයං ඉමං, අතීරණෙය්‍යමිදං කම්මං බහුහි පරිපන්‍ථයොති

මේ පැවිදි සිරුර දරන්නේ කෙලෙස් නැසුවේ යැයි නොසිතව. මේ කෙලෙස් සමූහය මෙපමණකින් තරණය කළ හැකිද නොවේ. උපද්‍රවයෝ බොහෝය.

තත්‍ථ මාස‍්සු තිණ‍්ණො අමඤ‍්ඤිත්‍ථාති ඉමං භණ‍්ඩුකාසාවනිවත්‍ථං සරීරං ධාරෙන‍්තො “ඉමිනා පබ‍්බජිතලිඞ‍්ගග‍්ගහණමත‍්තෙනෙව කිලෙසසීමං තිණ‍්ණො අතික‍්කන‍්තොස‍්මී”ති මා අමඤ‍්ඤිත්‍ථ. අතීරණෙය්‍ය යමිදන‍්ති ඉදං කිලෙසජාතං නාම න එත‍්තකෙන තීරෙතබ‍්බං. බහූ හි පරිපන්‍ථයොති සග‍්ගමග‍්ගං ආවරිත්‍වා ඨිතා තව බහූ කිලෙසපරිපන්‍ථාති.

එහි මාස්සු තිණ්ණො අමඤ්ඤිත්‍ථො යනු පඬුපැහැ කසාවත් සිරුරෙහි දරා මේ පැවිදි ස්වරූපය ගත් පමණින්ම කෙලෙස් සීමාව තරණය කොට ඉක්ම වී යැයි නොසිතව. අතීරණෙය්‍ය මිදං යනු කෙලෙස් හටගැනීම මෙපමණකින් වන්නේ යැයි තීරණය නොකළ යුතුය. බොහෝ උපද්‍රවයෝ, විමුක්ති මාර්ගය අවුරා සිටියේ වේ. ඔබ තුළ ද බොහෝ කෙලෙස් උවදුරු ඇත.

තතො මහාසත‍්තො තස‍්ස වචනං සුත්‍වා පරිපන්‍ථෙ පුච‍්ඡන‍්තො ආහ –

ඉක්බිති මහත් කීහ.

“කො නු මෙ පරිපන්‍ථස‍්ස, මමං එවංවිහාරිනො; යො නෙව දිට‍්ඨෙ නාදිට‍්ඨෙ, කාමානමභිපත්‍ථයෙ”ති.

කොනුමෙ පරිපත්‍ථස්ස මම එවං විහාරිනො, යො නෙව දිට්ඨෙ තා දිට්ඨෙ කාමාන මභිපත්‍ථයෙති

යමෙක් දුටු නොදුටු දේවල් ගැන කාම සම්පත් නොපතන්නේ ද? එසේ වෙසෙන මට කවර උවදුරක් වන්නේ ද?

තත්‍ථ යො නෙව දිට‍්ඨෙ නාදිට‍්ඨෙති යො අහං නෙව දිට‍්ඨෙ මනුස‍්සලොකෙ, නාදිට‍්ඨෙ දෙවලොකෙ කාමානං අභිපත්‍ථෙමි, තස‍්ස මම එවං එකවිහාරිනො කො නු පරිපන්‍ථො අස‍්සාති වදති.

එහි යොනෙවදිට්ඨෙ එබඳු මම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මිනිස්ලොවද (මෙලොවද) නොදුටුවිරූ දෙව්ලොවද (පරලොවද) කාම සම්පත් නොපතන්නේ නම් එසේ තනිව වසන මට කෙබඳු උවදුරෙක් වන්නේ ද?

අථස‍්ස සො පරිපන්‍ථෙ දස‍්සෙන‍්තො ගාථමාහ –

ඉක්බිති ඒ තාපස තෙමේ උවදුරු දැක්වීම සඳහා ගාථාවක් කීහ.

“නිද‍්දා තන්‍දී විජම‍්භිතා, අරතී භත‍්තසම‍්මදො; ආවසන‍්ති සරීරට‍්ඨා, බහූ හි පරිපන්‍ථයො”ති.

නිද්දා තන්‍දි විජම්භිකා අරති භත්ත සම්මදො, ආවසන්ති සරීරට්ඨා බහූහිපරිපන්‍ථයොති

නින්දය, අලස බවය, ඈනුම් ඇරීමය, නොඇල්මය, බත්මතය යන බොහෝ උවදුරු තොපගේ සිරුර ඇසුරු කොට පවතී.

තත්‍ථ නිද‍්දාති කපිනිද‍්දා. තන්‍දීති ආලසියං. අරතීති උක‍්කණ‍්ඨිතා. භත‍්තසම‍්මදොති භත‍්තපරිළාහො. ඉදං වුත‍්තං හොති – “සමණ, ත්‍වං පාසාදිකො සුවණ‍්ණවණ‍්ණො රජ‍්ජං පහාය පබ‍්බජිතො”ති වුත‍්තෙ තුය‍්හං පණීතං ඔජවන‍්තං පිණ‍්ඩපාතං දස‍්සන‍්ති, සො ත්‍වං පත‍්තපූරං ආදාය යාවදත්‍ථං පරිභුඤ‍්ජිත්‍වා පණ‍්ණසාලං පවිසිත්‍වා කට‍්ඨත්‍ථරණෙ නිපජ‍්ජිත්‍වා කාකච‍්ඡමානො නිද‍්දං ඔක‍්කමිත්‍වා අන‍්තරා පබුද‍්ධො අපරාපරං පරිවත‍්තිත්‍වා හත්‍ථපාදෙ පසාරෙත්‍වා උට‍්ඨාය චීවරවංසං ගහෙත්‍වා ලග‍්ගචීවරං නිවාසෙත්‍වා ආලසියො හුත්‍වා නෙව සම‍්මජ‍්ජනිං ආදාය සම‍්මජ‍්ජිස‍්සසි, න පානීයං ආහරිස‍්සසි, පුන නිපජ‍්ජිත්‍වා නිද‍්දායිස‍්සසි , කාමවිතක‍්කං විතක‍්කෙස‍්සසි, තදා පබ‍්බජ‍්ජාය උක‍්කණ‍්ඨිස‍්සසි, භත‍්තපරිළාහො තෙ භවිස‍්සතීති. ආවසන‍්ති සරීරට‍්ඨාති ඉමෙ එත‍්තකා පරිපන්‍ථා තව සරීරට‍්ඨකා හුත්‍වා නිවසන‍්ති, සරීරෙයෙව තෙ නිබ‍්බත‍්තන‍්තීති දස‍්සෙති.

එහි තන්‍දී යනු අලස බවයි. අරතීති යනු උකටලී බවයි. භත්තසම්මදො යනු ආහාරයන්හි ගිජු බවයි. කියනු ලබන්නේ, ශ්‍රමණය ඔබ ප්‍රසාදවහ වූ රන් රුවන් මෙන් අගනා රාජ්‍ය හැරදමා පැවිදි වූයෙහි යැයි කීවෙහිය. ඔබට රස ගුණ පිරි පිණ්ඩපාතය ලැබෙන කල්හි ඔබ ඒවා පාත්‍රය පිරෙන සේ ලබාගෙන ඇති හැටියට බඩ පිරෙනතුරු අනුභව කොට කොල ඇතිරියෙහි හෙව ගොරවමින් නින්දට එළඹ ඒ අතරතුර පිබිදී එහෙ මෙහෙ පෙරළී අත්පා හිරි අරින්නේ නැගී සිට සිවුරු එකලස් කර පොරවාගෙන අලස බවෙන් වෙලී ඉදළ ගෙන අමදින්නේ ද නැත. පැන් ගෙන එන්නේ ද නැත. නැවතද වැතිරී නිදාගන්නෙහි නම් කාම විතර්කයන් හෝ පහළ වේ. එකල්හි පැවිද්ද කෙරෙහි උකටලී භාවයක් ඇතිවන්නේය. මේ බත් මතය නිසා වන විපතය. අවසන්ති සරීරට්ඨා යනු මේ කියන්නා වූ උවදුරු ඔබගේ සිරුරෙහි පවතින්නේ වේ. සිරුරෙහිම හටගන්නේ ද වේ.

අථස‍්ස මහාසත‍්තො ථුතිං කරොන‍්තො ගාථමාහ –

ඉක්බිති මහසත් (තවුසාට) ප්‍රශංසා කරමින් මේ ගාථාව කීහ.

“කල්‍යාණං වත මං භවං, බ්‍රාහ‍්මණ මනුසාසති; බ්‍රාහ‍්මණ තෙව පුච‍්ඡාමි, කො නු ත්‍වමසි මාරිසා”ති.

කල්‍යාණං වත මෙ භවං බ්‍රාහ්මණ මනුසාසයී, බ්‍රාහ්මණඤ්ඤෙව පුච්ඡාමි කොනු ත්‍වමසිමාරිසාති

පින්වත් බ්‍රාහ්මණය, ඔබ මට යහපත් කොට අනුශාසනා කරන්නෙහිය. නිදුකාණෙනි, ඔබ කවරෙක්දැයි බ්‍රාහ්මණ වූ ඔබගෙන්ම විචාරමි.

තත්‍ථ බ්‍රාහ‍්මණ මනුසාසතීති බ්‍රාහ‍්මණ, කල්‍යාණං වත මං භවං අනුසාසති.

එහි බ්‍රාහ්මණා මනුසාසසී යනු කල්‍යාණ මිත්‍ර වූ මිත්‍ර වූ බ්‍රාහ්මණයෙකු මට අනුශාසනා කරන්නේය යනුයි.

තතො තාපසො ආහ –

ඉක්බිති නාරද තපස්සු කීහ.

“නාරදො ඉති මෙ නාමං, කස‍්සපො ඉති මං විදූ; භොතො සකාසමාගච‍්ඡිං, සාධු සබ‍්භි සමාගමො.

නාරදො ඉති මෙනාමං කස්සපො ඉතිමංවිදූ, භොතො සකාසෙ ආගඤ්ඡිං සාධු සබ්හි සමාගමො

නාරද යනු මගේ නමයි. ගෝත්‍ර වශයෙන් කාශ්‍යප යැයි මා දනිති. පින්වත් තොප සමීපයට පැමිණියෙමි. සත්පුරුෂයන් හා සමාගමය යහපති.

“තස‍්ස තෙ සබ‍්බො ආනන්‍දො, විහාරො උපවත‍්තතු; යං ඌනං තං පරිපූරෙහි, ඛන‍්තියා උපසමෙන ච.

තස්ස තෙ සබ්බො ආනන්‍දො විහාරො උපචත්තතු, යදූනං තං පරිපූරෙහි ඛත්තියනඋපසමෙනච

ඒ ඔබට සියලු ආකාරයෙන් සතුටු විහරණම වේවා. යමක් අඩුවෙයි නම් එය ඉවසීමෙන් හා සන්සිඳීමෙන් සම්පුර්ණ කළ මැනව.

“පසාරය සන‍්නතඤ‍්ච, උන‍්නතඤ‍්ච පසාරය; කම‍්මං විජ‍්ජඤ‍්ච ධම‍්මඤ‍්ච, සක‍්කත්‍වාන පරිබ‍්බජා”ති.

පසාරය සන්නත්තඤ්ච උන්නතඤ්ච පසාරය, කම්මං විජ්ජඤ්ච ධම්මඤ්ච සත්තත්‍වාන පරිබ්බජාති

අවමානය ද බැහැර කළ මැනවි. ප්‍රශංසාව ද බැහැර කළ මැනවි. දශකුසල කර්මයන්හි ද පංචාභිඥා අෂ්ට සමාපත්ති ද, මහණ දම්හිද සකස් කොට පවතිනු මැනවි.

තත්‍ථ විදූති ගොත‍්තෙන මං “කස‍්සපො”ති ජානන‍්ති. සබ‍්භීති පණ‍්ඩිතෙහි සද‍්ධිං සමාගමො නාම සාධු හොතීති ආගතොම‍්හි. ආනන්‍දොති තස‍්ස තව ඉමිස‍්සා පබ‍්බජ‍්ජාය ආනන්‍දො තුට‍්ඨි සොමනස‍්සමෙව හොතු මා උක‍්කණ‍්ඨි. විහාරොති චතුබ‍්බිධො බ්‍රහ‍්මවිහාරො. උපවත‍්තතූති නිබ‍්බත‍්තතු. යං ඌනං තන‍්ති යං තෙ සීලෙන කසිණපරිකම‍්මෙන ඣානෙන ච ඌනං, තං එතෙහි සීලාදීහි පූරය. ඛන‍්තියා උපසමෙන චාති “අහං රාජපබ‍්බජිතො”ති මානං අකත්‍වා අධිවාසනඛන‍්තියා ච කිලෙසූපසමෙන ච සමන‍්නාගතො හොහි. පසාරයාති මා උක‍්ඛිප මා පත්‍ථර, පජහාති අත්‍ථො. සන‍්නතඤ‍්ච උන‍්නතඤ‍්චාති “කො නාමාහ”න‍්තිආදිනා නයෙන පවත‍්තං ඔමානඤ‍්ච “අහමස‍්මි ජාතිසම‍්පන‍්නො”තිආදිනා නයෙන පවත‍්තං අතිමානඤ‍්ච. කම‍්මන‍්ති දසකුසලකම‍්මපථං. විජ‍්ජන‍්ති පඤ‍්චඅභිඤ‍්ඤා-අට‍්ඨසමාපත‍්තිඤාණං. ධම‍්මන‍්ති කසිණපරිකම‍්මසඞ‍්ඛාතං සමණධම‍්මං. සක‍්කත්‍වාන පරිබ‍්බජාති එතෙ ගුණෙ සක‍්කත්‍වා වත‍්තස‍්සු, එතෙ වා ගුණෙ සක‍්කත්‍වා දළ‍්හං සමාදාය පරිබ‍්බජ, පබ‍්බජ‍්ජං පාලෙහි, මා උක‍්කණ‍්ඨීති අත්‍ථො.

එහි විදු යනු ගෝත්‍රයෙන් මා කාශ්‍යප යැයි හඳුන්වන බවයි. සබ්හී යනු ඤාණවන්තයින් සමග එක්වීම නම්, සාධු යහපත් වන බවයි. ආනන්‍දො මේ වූ ඔබගේ පැවිද්ද හේතුවෙන් ප්‍රීතියක් සතුටක් සොම්නසක් වේවා, උකටලී භාවයකට පත් නොවේවා. විහාරො යනු සිවැදෑරුම් බඹවිහරණ සැපතයි. උපවත්තතු යනු පවතීවා යනුයි. යදූනං යනු ඔබට යම් බඳු වූ සීලයෙහි ද, කසිණ භාවනා කර්මස්ථානයෙන්ද ධ්‍යානයෙහි ද අඩුවීමක් පෙනෙන්නේ නම් එවිට එබඳු සීලාදිය කරණකොට ගෙන ඒවා සම්පූර්ණ කරගන්න. ඛන්තියා උපසක්ඛනච යනු මම රජෙකුව සිට පැවිදි වූයෙමි. මානය උපදවා නොගෙන ඉවසීම නම් වූ ශාන්ති ගුණයත්, කෙලෙස් උපසමනයෙහි වීර්යයෙන් ද යුක්ත වන්න. පසාරය (තමන් ගැන කරන) වර්ණනය ද අවමානය ද ඉවතලන්න. සනන්තං උන්නතංච මම කවර කුලයක කෙනෙකුදැයි ඇති කරගන්නා අවමානයන් මම වනාහි උසස් කුලයක කෙනෙක් වෙමි යනාදි වශයෙන් ඇතිකර ගන්නා අතිමානය ද යනුයි. කම්මං යනු දසකුස කර්මපථයෝය. විජ්ජං යනු පංචාභිඤ්ඤා අෂ්ට සමාපත්ති ඥානයයි. ධම්මං යනු කසිණ පරික්ම භාවනා වැඩීම සංඛ්‍යාත වූ ශ්‍රමණ ධර්මයි. සක්කත්‍වාන පරිබ්බජාති යනු මේ මේ ගුණයන්හි මනාකොට පිහිටන්න මේ මේ ගුණයන් දැඩිව රැකගනිමින් (ගිහි සැප හැර) ලබාගත් පැවිද්ද රැකගන්නේ උකටලී නොවන්න.

එවං සො මහාසත‍්තං ඔවදිත්‍වා ආකාසෙන සකට‍්ඨානමෙව ගතො. තස‍්මිං ගතෙ අපරොපි මිගාජිනො නාම තාපසො තථෙව සමාපත‍්තිතො වුට‍්ඨාය ඔලොකෙන‍්තො බොධිසත‍්තං දිස‍්වා “මහාජනං නිවත‍්තනත්‍ථාය තස‍්ස ඔවාදං දස‍්සාමී”ති තත්‍ථෙවාගන‍්ත්‍වා ආකාසෙ අත‍්තානං දස‍්සෙන‍්තො ආහ –

ඒ තපස්වීහු මෙසේ බෝසත් හට ඔවා දී අහසින් තමන් වසන තැනටම ගියෝ ය. ඒ තපස්හු ගියකල්හි වෙනත් මිගාජින නම් තපස්වී කෙනෙක් එසේ වූ සමාපත්තියෙන් නැගිට දිවැසින් ලොව බලන්නේ මහසත් දැක මහජනයා නවත්වාලීම සඳහා අවවාද දෙමැයි එලෙසම (පෙරසේම) ගොස් අහසෙහි පෙනීසිට කීහ.

“බහූ හත්‍ථී ච අස‍්සෙ ච, නගරෙ ජනපදානි ච; හිත්‍වා ජනක පබ‍්බජිතො, කපාලෙ රතිමජ‍්ඣගා.

බහුහත්‍ථීච අස්සෙසච නගරෙ ජනපදානිච, හිත්‍වා ජනක පබ්බජිතො කපල්ලෙ රතමජ්ඣගා

“කච‍්චි නු තෙ ජානපදා, මිත‍්තාමච‍්චා ච ඤාතකා; දුබ‍්භිමකංසු ජනක, කස‍්මා තෙතං අරුච‍්චථා”ති.

කච්චින්නු තෙ ජනපදා මිත්තාමච්චාච ඤාතකා, දූභිං අකංසු ජනක කස්මාචෙතං අරුච්චථාති

එම්බා මහාජනක රජතුමනි, බොහෝ ඇතුන් ද අසුන් ද නගරයන් හා ජනපදයන් ද හැර පැවිදි වූ ඔබ මැටි පාත්‍රයෙහි ඇළුනාහුය.

එම්බා මහාජනක රජතුමනි, කිම, ඒ දනව් වැස්සෝ ද මිත්‍රාමාත්‍යයෝ ද නෑයෝ ද ඔබට කිසි අපරාධයක් කළාහු ද කවර හෙයින් මේ මැටි පාත්‍රය කැමැති වූයේ ද?

තත්‍ථ කපාලෙති මත‍්තිකාපත‍්තං සන්‍ධායාහ. ඉදං වුත‍්තං හොති – මහාරාජ, ත්‍වං එවරූපං ඉස‍්සරියාධිපච‍්චං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතො ඉමස‍්මිං කපාලෙ රතිං අජ‍්ඣගා අධිගතොති පබ‍්බජ‍්ජාකාරණං පුච‍්ඡන‍්තො එවමාහ. දුබ‍්භින‍්ති කිං නු එතෙ තව අන‍්තරෙ කිඤ‍්චි අපරාධං කරිංසු, කස‍්මා තව එවරූපං ඉස‍්සරියසුඛං පහාය එතං කපාලමෙව අරුච‍්චිත්‍ථාති.

එහි කපල්ලං යනු මැටි පාත්‍රය සඳහා කීහ. තාපසයන් මෙසේද කියන ලදී. මහරජ, ඔබ එබඳු වූ සම්පත් හැරදමා පැවිදි වූයෙහි මේ මැටි පාත්‍රයෙහි පමණක් ඇලුම් ඇතිව මා ඉදිරියට පැමිණියේ පැවිද්දට හේතු විචාරණ බැවින් මෙසේ කීහ. දුභිං යනු කිම ඔබට ඒ අය (රට වැසි ආදීහු) කිසියම් අපරාධයක් ඔබට කළාහුද යනුයි. කුමක් හේතුකොටගෙන ඔබ මෙබඳු වූ ඉසුරු සම්පත් හැර දමා මේ එකම මැටි බඳුනකට පමණක් ඇලුම් කළේ ද?

තතො මහාසත‍්තො ආහ –

ඉක්බිති මහසත් කීහ.

“න මිගාජින ජාතුච‍්ඡෙ, අහං කඤ‍්චි කුදාචනං; අධම‍්මෙන ජිනෙ ඤාතිං, න චාපි ඤාතයො මම”න‍්ති.

න මිගාජින ජාතුච්ච අහං කඤ්චි කුදාචනං, අධම්මෙන ජිනෙ ඤාතිං නචාපි ඤාතයො මමන්ති

තත්‍ථ න මිගාජිනාති අම‍්භො මිගාජින ජාතුච‍්ඡෙ එකංසෙනෙව අහං කඤ‍්චි ඤාතිං කුදාචනං කිස‍්මිඤ‍්චි කාලෙ අධම‍්මෙන න ජිනාමි. තෙපි ච ඤාතයො මං අධම‍්මෙන න ජිනන‍්තෙව, ඉති න කොචි මයි දුබ‍්භිං නාම අකාසීති අත්‍ථො.

එම්බා මිගාජින තවුසාණෙනි, ඒකාන්තයෙන්ම මම කවර කලෙකවත් අධර්මයෙන් කිසි නෑයකු නො දිනුවෙමි. නෑයෝ ද මා නොදිනූහ. එහි න මිගාජින යනු, එම්බා මිගාජින තවුසාණෙනි, ඒකාන්තයෙන්ම මම කිසිම නෑයෙකු කුදාචන කිසියම් කලෙක නඅධම්මෙන අධර්මයෙන් නොදිනුවෙමි. ඒ ඤාතයො ඤාතීහුද මා අධර්මයෙන් නොදිනුවෝය යනු අර්ථයි.

එවමස‍්ස පඤ‍්හං පටික‍්ඛිපිත්‍වා ඉදානි යෙන කාරණෙන පබ‍්බජිතො, තං දස‍්සෙන‍්තො ආහ –

මිගාජින තවුසාගේ එම ප්‍රශ්නවලට පිළිතුරු නොදීම යම් කරුණක් හේතුකොට ගෙන තමා පැවිදි වූයේද එය පැහැදිලි කිරීම සඳහා බෝසත් මෙසේ කීහ.

“දිස‍්වාන ලොකවත‍්තන‍්තං, ඛජ‍්ජන‍්තං කද‍්දමීකතං; හඤ‍්ඤරෙ බජ‍්ඣරෙ චෙත්‍ථ, යත්‍ථ සන‍්නො පුථුජ‍්ජනො; එතාහං උපමං කත්‍වා, භික‍්ඛකොස‍්මි මිගාජිනා”ති.

දිස්වාන ලොක වත්තන්තං ඛජ්ජන්තං කද්දමී කතං, හඤ්ඤරෙ බජ්ඣරෙ චෙත්‍ථ යත්ත සත්තො පුථුජ්ජනො, එතාහං උපමං කත්‍වා භික්ඛතොස්මි මිගාජිනා

එම්බා මිගාජින තවුසාණෙනි, යම් ක්ලේශ වස්තුවක ඇලුණු පෘථග්ජනයෙක් නැසේ ද, බැඳේ ද මෙහි කෙලෙසුන් විසින් අනුභව කරන කෙලෙසුන් විසින්ම මඩගොහොරුවක් කරන ලද ලෝකයාගේ පැවැත්ම දුටු මම මේ කාරණයම උපමාකොට පිඬු සිඟන්නෙක් වීමි.

තත්‍ථ දිස‍්වාන ලොකවත‍්තන‍්තන‍්ති වට‍්ටානුගතස‍්ස බාලලොකස‍්ස වත‍්තං තන‍්තිං පවෙණිං අහමද‍්දසං, තං දිස‍්වා පබ‍්බජිතොම‍්හීති දීපෙති. ඛජ‍්ජන‍්තං කද‍්දමීකතන‍්ති කිලෙසෙහි ඛජ‍්ජන‍්තං තෙහෙව ච කද‍්දමීකතං ලොකං දිස‍්වා. යත්‍ථ සන‍්නො පුථුජ‍්ජනොති යම‍්හි කිලෙසවත්‍ථුම‍්හි සන‍්නො ලග‍්ගො පුථුජ‍්ජනො, තත්‍ථ ලග‍්ගා බහූ සත‍්තා හඤ‍්ඤන‍්ති චෙව අන්‍දුබන්‍ධනාදීහි ච බජ‍්ඣන‍්ති. එතාහන‍්ති අහම‍්පි සචෙ එත්‍ථ බජ‍්ඣිස‍්සාමි, ඉමෙ සත‍්තා විය හඤ‍්ඤිස‍්සාමි චෙව බජ‍්ඣිස‍්සාමි චාති එවං එතදෙව කාරණං අත‍්තනො උපමං කත්‍වා කද‍්දමීකතං ලොකං දිස‍්වා භික‍්ඛකො ජාතොති අත්‍ථො. මිගාජිනාති තං නාමෙන ආලපති. කථං පන තෙන තස‍්ස නාමං ඤාතන‍්ති? පටිසන්‍ථාරකාලෙ පඨමමෙව පුච‍්ඡිතත‍්තා.

එහි ලොකවත්තන්ත යනු (කෙලෙසුන් අනුවම) පවතින්නා වූ (ජීවත් වන්නා වූ) අඥාන වූ ලෝවැසි ජනයින්ගේ එසේ වූ හැමදාම එකාකාර වූ පැවැත්ම දැක මම පැවිදි වූයෙමි යන අදහස උද්දීපනය වේ. ඛජ්ජන්තං කද්දමිකතං යනු කෙලෙසුන් විසින් කන ලද හා එම කෙලෙස් විසින්ම කෙලෙස් මඩ වගුරෙහි ගිල්වන ලද ලෝකය දැක යනුයි. යත්‍ථ සත්තො යනු යම්බඳු වූ කෙලෙස් වස්තූන්හි නිමග්න වූ සත්ත්වයා යනුයි. පුථුජ්ජනො පුහුදුන් සත්ත්වයා එම ක්ලේශ කාමයන්හි ගිලුනේ නස්නේ වේ. ඇතුන් බඳිනා කඹවලින් බැඳුනාක් මෙන් කෙලෙස් කාමයන්ගෙන් බැඳුනේ වේ. එතාහං යනුවෙන් දැක්වූයේ ඉදින් මම මේ කෙලෙස් බැඳුම්වලින් බැඳුනේ නම් මේ සෙසු ලෝක සත්ත්වයා මෙන් හිංසාවටද ගොදුරු වෙමි. එසේම කෙලෙස් හේතුවෙන් ඇතිවෙන්නා වූ ලෞකික බැඳුම්වලටද ගොදුරු වෙමි. මෙසේ එම කරුණම තමන් ගැන ද සලකා පැවිද්දෙකු වුනෙමි’යි යනු මෙයින් හැඟවූ අදහසයි. ‘මිගජින’ යනුවෙන් එම තවුසාට අමතන්නේය. කුමක් නිසා මොහුට මෙබඳු නමක් වීදැයි පිළිසඳර පටන් ගත් මුලදීම අසන ලද්දේ විය.

තාපසො තං කාරණං විත්‍ථාරතො සොතුකාමො හුත්‍වා ගාථමාහ –

තවුසා ඒ කාරණය විස්තර වශයෙන් අසනු කැමැතිව සිටින බෝසත්හුට මේ ගාථාව කීහ.

“කො නු තෙ භගවා සත්‍ථා, කස‍්සෙතං වචනං සුචි; න හි කප‍්පං වා විජ‍්ජං වා, පච‍්චක‍්ඛාය රථෙසභ; සමණං ආහු වත‍්තන‍්තං, යථා දුක‍්ඛස‍්සතික‍්කමො”ති.

කොනු තෙ භගවා සත්‍ථා කස්සෙතං වචනං සුචිං, නහි කප්පං වා විජ්ජංවා පච්චක්ඛාය රථෙ සභ, සමණං ආහු වත්තන්තං යථා දුක්ඛස්ස තික්කමොති

(මහරජ, ඔබේ පින්වත් අනුශාසක තෙමේ කවරෙක් ද? ඔබ කියූ පිරිසිදු බස කවරෙකුගේ වචනයක් ද? ශ්‍රමණ වේශය හෝ ශ්‍රමණ විද්‍යාව හෝ හැර යම්සේ දුක් ඉක්මවාද? එසේ පවත්නා ශ්‍රමණයෙකු නොම කියද්ද? ඒ නිසා යැයි මිගජින තවුසා පැවසීය.

තත්‍ථ කස‍්සෙතන‍්ති එතං තයා වුත‍්තං සුචිවචනං කස‍්ස වචනං නාම. කප‍්පන‍්ති කප‍්පෙත්‍වා කප‍්පෙත්‍වා පවත‍්තිතානං අභිඤ‍්ඤාසමාපත‍්තීනං ලාභිං කම‍්මවාදිං තාපසං. විජ‍්ජන‍්ති ආසවක‍්ඛයඤාණවිජ‍්ජාය සමන‍්නාගතං පච‍්චෙකබුද‍්ධං. ඉදං වුත‍්තං හොති – රථෙසභ මහාරාජ, න හි කප‍්පසමණං වා විජ‍්ජාසමණං වා පච‍්චක‍්ඛාය තස‍්සොවාදං විනා එවං පටිපජ‍්ජිතුං සක‍්කා. යථා දුක‍්ඛස‍්ස අතික‍්කමො හොති, එවං වත‍්තන‍්තං සමණං ආහු. තෙසං පන වචනං සුත්‍වා සක‍්කා එවං පටිපජ‍්ජිතුං, තස‍්මා වදෙහි, කො නු තෙ භගවා සත්‍ථාති.

එහි කස්සෙතං මෙසේ ඔබ කියූ පිරිසිදු වන කවරෙකුගේ වචනද යනුයි. කප්පං යනු ශ්‍රමණ භාවයට කැපවී උපදවා ගත් අභිඤ්ඤා සමාපත්ති ලැබුවා වූ කර්මවාදී තවුසාය. විජ්ජං යනු කෙලෙස් දුරුකිරීමේ නැණ නුවණින් යුක්ත වූ පසේ බුදුවරයා සඳහා මෙසේ කීහ. රථෙසභං යනු මහරජතුමනි, කප්ප සංඛ්‍යාත ශ්‍රමණයෝ හෝ විජ්ජා සංඛ්‍යාත ශ්‍රමණයෝ හැර (තවත් ශ්‍රමණයින් ඇති බවයි) පච්චක්ඛාය ඔවුන්ගෙන් අනුශාසනා හැර, යම්බඳු වූ දුකින් මිදුණා වූ ශ්‍රමණ කොටසක් ඇත්තේද ඔවුන්ගේ අනුශාසනා අසා මෙසේ පිළිවෙත් කිරීමට හැකිවන්නේ ද වේ. එබැවින් ඒ භාග්‍යවත් ශාස්තෘෘහු කවරහුද යනු ඇසූ පරිදියි.

මහාසත‍්තො ආහ –

ඉක්බිති මහසත් කීහ.

“න මිගාජින ජාතුච‍්ඡෙ, අහං කඤ‍්චි කුදාචනං; සමණං බ්‍රාහ‍්මණං වාපි, සක‍්කත්‍වා අනුපාවිසි”න‍්ති.

නමිගාජන ජාතුච්ච අහං කඤ්චි කුදාචනං, සමණං බ්‍රාහ්මණං වාපි සක්කත්‍වා අනුවිසන්ති

‘පින්වත් මිගාජින තවුසාණෙනි, ඒකාන්තයෙන්ම මම කිසිකලෙක කිසියම් ශ්‍රමණයෙකුට හෝ කිසියම් බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාරකොට ඇසීමට නොපැමිණියෙමි.

තත්‍ථ සක‍්කත්‍වාති පබ‍්බජ‍්ජාය ගුණපුච‍්ඡනත්‍ථාය පූජෙත්‍වා. අනුපාවිසින‍්ති න කඤ‍්චි අනුපවිට‍්ඨපුබ‍්බොස‍්මි, න මයා අඤ‍්ඤො කොචි සමණො පුච‍්ඡිතපුබ‍්බොති වදති. ඉමිනා හි පච‍්චෙකබුද‍්ධානං සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තෙනපි න කදාචි ඔදිස‍්සකවසෙන පබ‍්බජ‍්ජාය ගුණො පුච‍්ඡිතපුබ‍්බො, තස‍්මා එවමාහ.

එහි සක්කත්‍වා යනු පැවිද්දෙහි අනුසස් ඇසීම සඳහා පුද පූජා පවත්වා යන අදහසයි. අනුපාවිසිං යනු කිසිවෙකු අනුව ගොස් (ශ්‍රමණ භාවයට) පිවිසුනේ ද නැත. මා විසින් කිසියම් ශ්‍රමණයෙකුගෙන් ඇසුවේද නැතයි කියූ පරිදියි. මෙකල්හි වනාහි පසේබුදුවරුන්ගේ හමුවෙහි ධර්මය ඇසුයේ වී නමුත් නියමාකාරයෙන් පැවිද්දෙහි ගුණ ආදිය නොඇසූයෙමි. ඒ නිසා ඉහත දැක්වූ ආකාරයෙන් ප්‍රකාශ කෙළෙමි.

එවඤ‍්ච පන වත්‍වා යෙන කාරණෙන පබ‍්බජිතො, තං ආදිතො පට‍්ඨාය දීපෙන‍්තො ආහ –

මෙසේද කියා යම් කරුණක් නිසා පැවිදි වූයේ ද එම කරුණු මුලසිට ගෙනහැර දැක්වීමට මෙසේ කීහ.

“මහතා චානුභාවෙන, ගච‍්ඡන‍්තො සිරියා ජලං; ගීයමානෙසු ගීතෙසු, වජ‍්ජමානෙසු වග‍්ගුසු.

මහතා චානුභාවෙන ගච්ඡන්තො සිරියා ජලං, ගීය මානෙසු ගීතෙසු වජ්ජමානෙසු වග්ගුසු

“තූරියතාළසඞ‍්ඝුට‍්ඨෙ, සම‍්මතාලසමාහිතෙ; ස මිගාජින මද‍්දක‍්ඛිං, ඵලිං අම‍්බං තිරොච‍්ඡදං; හඤ‍්ඤමානං මනුස‍්සෙහි, ඵලකාමෙහි ජන‍්තුභි.

තුරිය තාළිත සංඝුට්ඨෙ සම්මතාල සමාහිතෙ, සමිගාජින මද්දක්ඛිං ඵලං අම්බ තිරොච්ඡදං, තුජ්ජමානං මනුස්සෙහි ඵලකාමෙහි ජන්තුහි

පින්වත් මිගාජින තවුසාණෙනි, මනහර ගී ගයන කල, බිහිරි නද ඇති වාද්‍ය භාණ්ඩයන්ගෙන් යුතුව මහත් වූ තූර්යවාදන හඬින් මනාකොට ගයන ගී තාල ඇතිව, මහත් වූ රාජානුභාවයෙන් ද ශෝභාවෙන් ද දිලියෙමින් යන ඒ මම ඵල කැමැති මිනිසුන් විසින් විනාශ කළ එම ඵල දරන අඹරුකක ආකාරයෙන් වටකළ උයනෙහි දිටිමි.

“සො ඛොහං තං සිරිං හිත්‍වා, ඔරොහිත්‍වා මිගාජින; මූලං අම‍්බස‍්සුපාගච‍්ඡිං, ඵලිනො නිප‍්ඵලස‍්ස ච.

සොඛො හන්තං සිරිං හිත්‍වා ඔරොහිත්‍වා මිගාජින, මූලං අම්බස්සු පාගඤ්ජිං එලිනො නිප්ඵලතස්සව

මිගාජින නම් තවුසාණෙනි, ඒ මම ද වනාහි උයන්සිරි බලා ඇතුපිටින් බැස ඵල දරන වැනසුණු අඹරුක මුලට ගියෙමි.

“ඵලිං අම‍්බං හතං දිස‍්වා, විද‍්ධස‍්තං විනළීකතං; අථෙකං ඉතරං අම‍්බං, නීලොභාසං මනොරමං.

ඵලං අම්බහතං දිස්වා විද්ධසතං විනලීකතං, අථෙතං ඉතරං අම්බං නීලොභාසං මනොරමං

විනාශ කළ කොළ අතු කඩා වැනසූ ඵලයන් ද විනාශ කළ අඹරුක දැක ඉක්බිති සිත්කලු නීල වර්ණයෙන් බබළන මේ අනික් ඵල නැති අඹරුක දිටිමි.

“එවමෙව නූනම‍්හෙපි, ඉස‍්සරෙ බහුකණ‍්ටකෙ; අමිත‍්තා නො වධිස‍්සන‍්ති, යථා අම‍්බො ඵලී හතො.

එමමෙව නූන අම්හෙ ඉස්සරෙ බහු කණ්ටකෙ, අමිත්තා නො වධිස්සන්ති යථා අම්බො ඵලීහතො

යම්සේ ඵල ඇති අඹරුක වනසන ලද ද එසේම බොහෝ කරදර ඇති ඉසුරුමත් අපට ද, සතුරෝ හිංසා නොකරන්නාහු ද?

“අජිනම‍්හි හඤ‍්ඤතෙ දීපි, නාගො දන‍්තෙහි හඤ‍්ඤතෙ; ධනම‍්හි ධනිනො හන‍්ති, අනිකෙතමසන්‍ථවං; ඵලී අම‍්බො අඵලො ච, තෙ සත්‍ථාරො උභො මමා”ති.

අජිනම්හි හඤ්ඤතෙ දීපි නාගො දන්තෙහි හඤ්ඤති, ධනම්හි ධනිනොහන්ති අනිකෙත මසන්‍ථවං, එලී අම්බො අඵලොව තෙ සත්‍ථාරො උභො මමන්ති

හම හේතු කොටගෙන අඳුන්දිවියා නසනු ලැබේ. දළ හේතුකොට ගෙන ඇතා නසනු ලැබේ. ධනය හේතුකොට ගෙන ධනවතා නසනු ලැබේ. වාසස්ථානයක් නැති බැඳීමක් නැති පැවිද්දා කවරෙක් නසාද? ගෙඩි ඇති අඹ රුක ද ගෙඩි නැති අඹරුක ද යන ඒ දෙරුක මාගේ ශාස්තෘෘවරයෝ වූහ.

තත්‍ථ වග‍්ගුසූති මධුරස‍්සරෙසු තූරියෙසු වජ‍්ජමානෙසු. තූරියතාළසඞ‍්ඝුට‍්ඨෙති තූරියානං තාළිතෙහි සඞ‍්ඝුට‍්ඨෙ උය්‍යානෙ. සම‍්මතාලසමාහිතෙති සම‍්මෙහි ච තාලෙහි ච සමන‍්නාගතෙ. ස මිගාජිනාති මිගාජින, සො අහං අදක‍්ඛිං. ඵලිං අම‍්බන‍්ති ඵලිතං අම‍්බරුක‍්ඛන‍්ති අත්‍ථො. තිරොච‍්ඡදන‍්ති තිරොපාකාරං උය්‍යානස‍්ස අන‍්තොඨිතං බහිපාකාරං නිස‍්සාය ජාතං අම‍්බරුක‍්ඛං. හඤ‍්ඤමානන‍්ති පොථියමානං. ඔරොහිත්‍වාති හත්‍ථික‍්ඛන්‍ධා ඔතරිත්‍වා. විනළීකතන‍්ති නිපත‍්තනළං කතං.

එහි චග්ගුසු යනු මිහිරි හඬින් තූර්ය භාණ්ඩ වාදනය කිරීමයි. තුරිය තාළිත සංඝුට්ඨෙ යනු තූර්යභාණ්ඩ නාදයෙන් නින්නාද වූ උයනෙහි යනුයි. තාල සමාහිතෙ යනු මනා වූ තාලයන්ගෙන් යුක්ත වූ බවයි. සමිගාජිනා යනු මිගාජින තෙම මා දුටුවේය. ඵලං අම්බං යනු ඉදුණු ගෙඩි ඇති අඹරුකය යන අර්ථයයි. තිරොච්ඡදං උයනෙහි හරස් අතට පිහිටි පවුරෙහි ඇතුල්පැත්තේ පිහිටියාක් මෙන් පිටපැත්තේ වැඩී තිබුණු අඹගසක් දුටු බවයි. තුජ්ජමානං යනු පොලනු ලැබීමයි. (දඬු මුගුරුවලින් පහරදී අඹ කැඩීමට ගසට පහර දීමයි.) ඔරොහිත්‍වා යනු ඇතුපිට නැගි බවයි. විනලීකතං යනු අතුරිකිලි පවා විනාශ කළයනුයි.

එවමෙවාති එවං එව. ඵලීති ඵලසම‍්පන‍්නො. අජිනම‍්හීති චම‍්මත්‍ථාය චම‍්මකාරණා. දන‍්තෙහීති අත‍්තනො දන‍්තෙහි, හඤ‍්ඤතෙ දන‍්තනිමිත‍්තං හඤ‍්ඤතෙති අත්‍ථො. හන‍්තීති හඤ‍්ඤති. අනිකෙතමසන්‍ථවන‍්ති යො පන නිකෙතං පහාය පබ‍්බජිතත‍්තා අනිකෙතො නාම සත‍්තසඞ‍්ඛාරවත්‍ථුකස‍්ස තණ‍්හාසන්‍ථවස‍්ස අභාවා අසන්‍ථවො නාම, තං අනිකෙතං අසන්‍ථවං කො හනිස‍්සතීති අධිප‍්පායො. තෙ සත්‍ථාරොති තෙ ද‍්වෙ රුක‍්ඛා මම සත්‍ථාරො අහෙසුන‍්ති වදති.

එවමෙවං එසේම යනුයි. ඵලී ඵලසම්පත් බවයි. අජිනමහි (අඳුන්දිවි) සම් පිණිස, සම් කරණ කොටගෙන යනුයි. දන්තෙහී ස්ව දළ පිණිස යනුයි. හඤ්ඤති මරයි යනුයි. අනිකෙත මසන්‍ථවං යනු යමෙක් වාසස්ථානය හැර පැවිදි වූයේ ද හෙතෙම ‘අනීකෙත’ නමි. සත්වැදෑරුම් සංස්කාර වස්තුවල තෘෂ්ණා හේතුවෙන් නොඇලෙත් ද ඒ නිසා ‘අසන්‍ථව’ නමි. එසේ වූ නිවහනක් නැති බැඳුමක් නැති තැනැත්තේ කවරෙකු නම් නසන්නේ ද යනු මෙහි අභිප්‍රායයි. තෙ සත්‍ථාරො ඒ (අඹ) ගස්දෙක මට ශාස්තෘෘ වූහයි කියූ පරිදියි (ඵල දැරීම නිසා මිනිසුන් අතින් විනාශ වූ අඹගස හා ඵල නොදැරීම නිසා රැකුණු ගසයි.)

තං සුත්‍වා මිගාජිනො “අප‍්පමත‍්තො හොහී”ති රඤ‍්ඤො ඔවාදං දත්‍වා සකට‍්ඨානමෙව ගතො. තස‍්මිං ගතෙ සීවලිදෙවී රඤ‍්ඤො පාදමූලෙ පතිත්‍වා ආහ –

ඒ අසා මිගාජින තවුසා පමා නොවන්නැයි රජුට අවවාද කොට තමන් වසන තැනටම ගියේය. එම අවස්ථාවෙහි සීවලී දේවිය රජුගේ පාමුල වැඳ වැටී මෙසේ කීවාය.

“සබ‍්බො ජනො පබ්‍යථිතො, රාජා පබ‍්බජිතො ඉති; හත්‍ථාරොහා අනීකට‍්ඨා, රථිකා පත‍්තිකාරකා.

සබ්බො ජනො අව්‍යධිතො රාජා පබ්බජිතො ඉති, හත්‍ථාරූහා අනීකට්ඨා රථිකා පත්ති කාරිකා

මහරජ, ඔබ පැවිදි වූහයි ඇතරුවෝ ද සේනාවන්හි නියුතු වූවෝද රථ සේනාවෝ ද පාබල සේනාවෝ ද යන සියලු මහජන තෙමේ බියෙන් තැති ගනී.

“අස‍්සාසයිත්‍වා ජනතං, ඨපයිත්‍වා පටිච‍්ඡදං; පුත‍්තං රජ‍්ජෙ ඨපෙත්‍වාන, අථ පච‍්ඡා පබ‍්බජිස‍්සසී”ති.

අස්සායිත්‍වා ජනතං - ඨපයිත්‍වා පටිච්ඡදං, පුත්තං රජ්ජෙ ඨපෙත්‍වාන අථ පච්ඡා පබ්බජිස්සාති

මහජනයා අස්වසා, නුවරට ආරක්ෂාව සලසා පුතා රජයෙහි පිහිටුවා ඉන්පසු පැවිදි වන්නෙහු නම් මැනැවි.

තත්‍ථ පබ්‍යථිතොති භීතො උත්‍රස‍්තො. පටිච‍්ඡදන‍්ති අම‍්හෙ ඩය‍්හමානෙපි විලුප‍්පමානෙපි රාජා න ඔලොකෙතීති පබ්‍යථිතස‍්ස මහාජනස‍්ස ආවරණං රක‍්ඛං ඨපෙත්‍වා පුත‍්තං දීඝාවුකුමාරං රජ‍්ජෙ ඨපෙත්‍වා අභිසිඤ‍්චිත්‍වා පච‍්ඡා පබ‍්බජිස‍්සසීති අත්‍ථො.

එහි පව්‍යධිතො යනු බියෙන් තැති ගැනීමයි. පටිච්ඡදං යනු ශෝකයෙන් තැවෙන වැලපෙන අපි ගැන රජු නොබලයි යනුයි. කම්පාවට පත්වූ ජනයාට, රත්‍ථාවරණ සලසා ඔබගේ පුතුවන දීඝායු කුමාරයා රාජ්‍යයෙහි පිහිටුවා අභිෂේක කොට පැවිදිවන්ට කියූ බවයි.

තතො බොධිසත‍්තො ආහ –

ඉක්බිති බෝසත් කීහ.

“චත‍්තා මයා ජානපදා, මිත‍්තාමච‍්චා ච ඤාතකා; සන‍්ති පුත‍්තා විදෙහානං, දීඝාවු රට‍්ඨවඩ‍්ඪනො; තෙ රජ‍්ජං කාරයිස‍්සන‍්ති, මිථිලායං පජාපතී”ති.

චත්තා මයා ජනපදා මිත්තා මච්චාච ඤාතකා, සන්ති පුත්තා විහෙදානං දීඝාවූ රට්ඨවඩ්ඪනො, තෙ රජ්ජං කාරයිස්සන්ති මිථිලා යංපජාපතීති

එම්බා දේවිය, මා විසින් දනව් වැස්සෝ හරන ලදහ. මිත්‍රයෝ ද නෑයෝද හැර දමන ලදහ. විදේහ රට වර්ධනය කරන දීඝාවූ නම් පුත්‍රයෝ ඇත. ඔහු මියුලු නුවර රජ කරවන්නාහ.

තත්‍ථ සන‍්ති පුත‍්තාති සීවලි සමණානං පුත‍්තා නාම නත්‍ථි, විදෙහරට‍්ඨවාසීනං පන පුත‍්තා දීඝාවු අත්‍ථි, තෙ රජ‍්ජං කාරයිස‍්සන‍්ති. පජාපතීති දෙවිං ආලපති.

එහි සන්තිපුත්තා යනු සීවලී දේවියයි. ශ්‍රමණයන්ට දරුවො දෙන්නාහ. විදේහරට වැසියන්ට දීඝාවූ නම් පුත්‍රයෝ ඇත්තාහ. තෙරජ්ජං නෙරයිසසනති පජාපතීති ප්‍රජා නායක වූ ඔව්හු මියුළු නුවර රාජ්‍ය විචාරනේයැයි දේවියට කී අයුරුයි.

දෙවී ආහ “දෙව, තුම‍්හෙසු තාව පබ‍්බජිතෙසු අහං කිං කරොමී”ති. අථ නං සො “භද‍්දෙ, අහං තං අනුසික‍්ඛාමි, වචනං මෙ කරොහී”ති වත්‍වා ගාථමාහ –

දේවිය මෙසේ කීහ. රජතුමනි, ඔබ එසේ පැවිදිවන කල්හි මම කුමක් කරන්නේද? ඉක්බිති රජතුමා කියන්නේ, මම ඔබට උපදෙස් දෙමි. මා කියන්නක් කරව, කියා මෙසේ උපදෙස් දුන්නේය.

“එහි තං අනුසික‍්ඛාමි, යං වාක්‍යං මම රුච‍්චති; රජ‍්ජං තුවං කාරයසි, පාපං දුච‍්චරිතං බහුං; කායෙන වාචා මනසා, යෙන ගච‍්ඡසි දුග‍්ගතිං.

එහි තං අනුසික්ඛාමි යංවාක්‍යයං මම රුච්චති, රජ්ජං තුවං කාරයත්තී පාපං දුච්චරිතංබහුං, කායෙන වාචා මනසා යෙන ගඤ්ජිසි දුග්ගතිං

“පරදින‍්නකෙන පරනිට‍්ඨිතෙන, පිණ‍්ඩෙන යාපෙහි ස ධීරධම‍්මො”ති.

“පරදින්නතෙන පරතිට්ඨිතෙන, පිණ්ඩෙහි යාත්‍ථෙහි සධීර ධම්මොති”

එම්බා දේවිය, මා කියන්නා වූ දේ පිළිගන්ට කැමතිනම්, පැමිණ අසන්න. ඔබට අනුශාසනා කරමි. ඔබ රාජ්‍ය විචාරන්නේනම් කය, වචන, සිත යන යමක් හේතුකොටගෙන දුගතියට යන්නේ ද එබඳු බොහෝ දුසිරිත් කරන්නෙහිය.

තත්‍ථ තුවන‍්ති ත්‍වං පුත‍්තස‍්ස ඡත‍්තං උස‍්සාපෙත්‍වා “මම පුත‍්තස‍්ස රජ‍්ජ”න‍්ති රජ‍්ජං අනුසාසමානා බහුං පාපං කරිස‍්සසි. ගච‍්ඡසීති යෙන කායාදීහි කතෙන බහුපාපෙන දුග‍්ගතිං ගමිස‍්සසි. ස ධීරධම‍්මොති පිණ‍්ඩියාලොපෙන යාපෙතබ‍්බං, එස පණ‍්ඩිතානං ධම‍්මොති.

එහි තුවං යනු පුතුට සේසත් නංවා රජකොට දැන් මගේ පුතා රජා යැයි (අභිමානයෙන්) රාජ්‍ය කටයුතු සඳහා උපදෙස් දීමට යාමෙන් ඔබ බොහෝ පව් සිද්ධ කරගන්නේය යනුයි. ගඤ්ජිසි යනු කායාදී තිදොරින් කළ බොහෝ අකුසල හේතුවෙන් අපායගාමී වන්නේය යනුයි. සධීරධම්මො යනු පිණ්ඩපාතයෙන් යැපිය යුතුය යන ධීරයන්ගේ (පමා නොවී මහණදම් පුරණ ශ්‍රමණයන්ගේ) ප්‍රතිපදාවයි. සධීරධම්මො යනු පිණ්ඩපාතයෙන්ම යැපිය යුතුයැයි යන මේ කරුණ ධීරයන්ගේ දහමයි.

එවං මහාසත‍්තො තස‍්සා ඔවාදං අදාසි. තෙසං අඤ‍්ඤමඤ‍්ඤං සල‍්ලපන‍්තානං ගච‍්ඡන‍්තානඤ‍්ඤෙව සූරියො අත්‍ථඞ‍්ගතො. දෙවී පතිරූපෙ ඨානෙ ඛන්‍ධාවාරං නිවාසාපෙසි. මහාසත‍්තොපි එකං රුක‍්ඛමූලං උපගතො. සො තත්‍ථ රත‍්තිං වසිත්‍වා පුනදිවසෙ සරීරපටිජග‍්ගනං කත්‍වා මග‍්ගං පටිපජ‍්ජි. දෙවීපි “සෙනා පච‍්ඡතොව ආගච‍්ඡතූ”ති වත්‍වා තස‍්ස පච‍්ඡතොව අහොසි. තෙ භික‍්ඛාචාරවෙලායං ථූණං නාම නගරං පාපුණිංසු. තස‍්මිං ඛණෙ අන‍්තොනගරෙ එකො පුරිසො සූණතො මහන‍්තං මංසඛණ‍්ඩං කිණිත්‍වා සූලෙන අඞ‍්ගාරෙසු පචාපෙත්‍වා නිබ‍්බාපනත්‍ථාය ඵලකකොටියං ඨපෙත්‍වා අට‍්ඨාසි. තස‍්ස අඤ‍්ඤවිහිතස‍්ස එකො සුනඛො තං ආදාය පලායි. සො ඤත්‍වා තං අනුබන්‍ධන‍්තො යාව බහිදක‍්ඛිණද‍්වාරං ගන‍්ත්‍වා නිබ‍්බින්‍දො නිවත‍්ති. රාජා ච දෙවී ච සුනඛස‍්ස පුරතො ගච‍්ඡන‍්තා ද‍්විධා අහෙසුං . සො භයෙන මංසඛණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා පලායි.

මෙසේ මහසත් ඇයට උපදෙස් දුන්නේ ය. මෙසේ ඔවුන් කථා කරමින් යන්නේ රෑ බෝ විය. දේවිය සුදුසු වූ කඳවුරක ලැගුම් ගත්තාය. මහසත් එක් ගසක් මුලට ගොස් විසීය. එතුමා එදා රෑ එහි වැස දෙවන දිනයෙහි සිරුර පිළිදැගුම් කොට මගට පිළිපන්නෝය. දේවියද, සේනාවට පසුපස එන්ට අණකොට, තොමෝ හේ පසුපසම ගියාය. ඔහු පිඬුසිඟා යන සමය වනවිට ‘ථුණ’ නම් නුවරට පැමිණියාහුය. එවේලෙහි ඇතුළු නුවර එක් පුරුෂයෙක් මස් කඩයෙන් ලොකු මස් කැබලක් ගෙනවුත් අරක්කැමියා ලවා අඟුරුවල බහා පුළුස්සා නිවීම පිණිස මේස කෙළවර තබා තිබුණේය. ඔහු වෙනතක බලාසිටින විට එක් බල්ලෙක් එය ඩැහැගෙන ගියේය. ඔහු ඌ දැක පසුපස හඹා යන්නේ (නුවර) දකුණුපස බිහිදොර තෙක් දිවගොස් නොසතුටුව නැවතුනේය. සැණෙකින් රජු හා දේවිය දුටු බල්ලා බියෙන් මස් කැබැල්ල අතහැර පැනගියේය.

මහාසත‍්තො තං දිස‍්වා චින‍්තෙසි “අයං සුනඛො ඡඩ‍්ඩෙත්‍වා අනපෙක‍්ඛො පලාතො, අඤ‍්ඤොපිස‍්ස සාමිකො න පඤ‍්ඤායති, එවරූපො අනවජ‍්ජො පංසුකූලපිණ‍්ඩපාතො නාම නත්‍ථි, පරිභුඤ‍්ජිස‍්සාමි න”න‍්ති. සො මත‍්තිකාපත‍්තං නීහරිත්‍වා තං මංසඛණ‍්ඩං ආදාය පුඤ‍්ඡිත්‍වා පත‍්තෙ පක‍්ඛිපිත්‍වා උදකඵාසුකට‍්ඨානං ගන‍්ත්‍වා පරිභුඤ‍්ජිතුං ආරභි. තතො දෙවී “සචෙ එස රජ‍්ජෙනත්‍ථිකො භවෙය්‍ය, එවරූපං ජෙගුච‍්ඡං පංසුමක‍්ඛිතං සුනඛුච‍්ඡිට‍්ඨකං න ඛාදෙය්‍ය. සචෙ ඛාදෙය්‍ය, ඉදානෙස අම‍්හාකං සාමිකො න භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා “මහාරාජ, එවරූපං ජෙගුච‍්ඡං ඛාදසී”ති ආහ. “දෙවි, ත්‍වං අන්‍ධබාලතාය ඉමස‍්ස පිණ‍්ඩපාතස‍්ස විසෙසං න ජානාසී”ති වත්‍වා තස‍්සෙව පතිතට‍්ඨානං පච‍්චවෙක‍්ඛිත්‍වා අමතං විය පරිභුඤ‍්ජිත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා හත්‍ථෙ ධොවති. තස‍්මිං ඛණෙ දෙවී නින්‍දමානා ආහ –

ඒ දුටු මහසත් මූ මස් කැබැල්ලට ආසාවක් නැතිව පලාගියේය. මෙයට වෙනත් හිමිකරුවෙකු ද නොපෙනේ. තවත් මෙබඳු වූ (අන්‍යයන් විසින්) හැරදමන ලද නිවැරැදි පිණ්ඩපාතයක් නැත. එය අනුභව කරමියි මැටි පාත්‍රය ගෙන ඒ මස් කැබැල්ල පිසදමා පාත්‍රයට දමාගෙන ජල පහසු තැනකට ගොස් එය අනුභව කරන්නට විය. දේවිය (එය දැක) ඉදින් මෙය රජෙකු විසින් නොකළ යුතු දෙයකි. මෙබඳු වූ පිළිකුල් සහගත පස් තැවරුණු බලෙකු ඉඳුල් කළ (මාංශය) නොකෑ යුතුමය. මොහුට අපි දන් නොදෙමු යැයි සිතා, ‘මහරජ, මෙබඳු වූ පිළිකුල් දේ කන්නේදැ’යි විමසීය. දේවිය ඔබ අඥාන බැවින් මේ පිණ්ඩපාතයෙහි විශේෂත්වය නොම දනිතියි කියා, එහිම සිට ප්‍රත්‍යවේක්ෂා කොට අමෘතයක් මෙන් ඒ මස් අනුභවකොට මුව සෝදා අත්පාද සෝදා පිරිසිදු කරගත්තේය. එකෙණෙහි දේවිය නින්දා කරන අදහසින් මෙසේ කීවාය.

“යොපි චතුත්‍ථෙ භත‍්තකාලෙ න භුඤ‍්ජෙ, අජුට‍්ඨමාරීව ඛුදාය මිය්‍යෙ; න ත්‍වෙව පිණ‍්ඩං ලුළිතං අනරියං, කුලපුත‍්තරූපො සප‍්පුරිසො න සෙවෙ; තයිදං න සාධු තයිදං න සුට‍්ඨු, සුනඛුච‍්ඡිට‍්ඨකං ජනක භුඤ‍්ජසෙ තුව”න‍්ති.

යොපි චතුත්‍ථෙ භත්තකාලෙ නභූඤ්ජෙ, අජද්ධුචාරීව ඛුධාය මීයෙ, නත්‍ථෙව පිණ්ඩං ලුලිතං අනරියං, කුලපුත්තරූපො සප්පුරිසො න සෙචෙ, තයිදං න සාධු තයිදං න සුට්ඨු, සුනඛුච්ඡිට්ඨකං භුඤ්ජසෙ ත්‍වන්ති

යමෙක් සිව්වැනි බත් කිසෙහි අනුභව නොකරන්නේ ද අනාථව, ක්‍ෂුධාවෙන්ම මිය යන්නේය. වැලි තැවරුණු අයහපත් ආහාර අනුභව කරන්නේ ද කුලපුත්‍ර ස්වභාව ඇති සත්පුරුෂ තෙමේ එබඳු ආහාර අනුභව නො කරන්නේය. බල්ලෙකු ඉඳුල් කළ අහරක් ඔබ වළඳන්නේ නම් ඒ වැළඳීම යහපත් නොවේ. ශෝභන නොවේ.

තත්‍ථ අජුට‍්ඨමාරීවාති අනාථමරණමෙව. ලුළිතන‍්ති පංසුමක‍්ඛිතං. අනරියන‍්ති අසුන්‍දරං. න සෙවෙති න-කාරො පරිපුච‍්ඡනත්‍ථෙ නිපාතො. ඉදං වුත‍්තං හොති – සචෙ චතුත්‍ථෙපි භත‍්තකාලෙ න භුඤ‍්ජෙය්‍ය, ඛුදාය මරෙය්‍ය, නනු එවං සන‍්තෙපි කුලපුත‍්තරූපො සප‍්පුරිසො එවරූපං පිණ‍්ඩං න ත්‍වෙව සෙවෙය්‍යාති. තයිදන‍්ති තං ඉදං.

එහි අජ්ඣු මාරිවං යනු නිරාහාරව මිය යෑමයි. ලුලිතං පස්, මඩ තැවරුණු යනුයි. අනරියං සොඳුරු නොවන බවයි. තසෙවෙ නොකළ යුතු යැයි පිළිවදන් දුන් අයුරුයි. එසේ කියන ලද්දේ ඉදින් සතරවැනි වූ බත්කිසෙහි හෝ අනුභව නොකරන්නේ නම් සුදා ගින්නෙන් මියැදෙන්නේය. එසේ වුවත් නුවන් කුලපුත්‍ර ස්වරූප වූ සත්පුරුෂයෙකු විසින් මෙබඳු වූ පිණ්ඩාහාරය නොසෙවිය යුතුමය. තයිදං යනු ‘ඒ ‘මේ’ ය අරුති.

මහාසත‍්තො ආහ –

මහසත් කීහ.

“න චාපි මෙ සීවලි සො අභක‍්ඛො, යං හොති චත‍්තං ගිහිනො සුනස‍්ස වා; යෙ කෙචි භොගා ඉධ ධම‍්මලද‍්ධා, සබ‍්බො සො භක‍්ඛො අනවයොති වුත‍්තො”ති.

නචාපි මෙ සීවලී සො අභක්ඛො, යං හොති වත්තං ගිහිනො සුනඛස්සවා, යෙ කෙචි භොගා ඉධ ධම්මලද්ධා, සබ්බො තෙභක්ඛො අනවජ්ජාති වුත්තොති

එම්බා සීවලී දේවිය, ගිහියෙකු විසින් ද, සුනඛයෙකු විසින් ද හැර දැමූ යමක් වේ නම් ඒ පිණ්ඩපාතය මා නොකෑ යුත්තක් නොවේ. මේ වේලෙහි දැහැමින් ලද භෝගයෝ වෙත්නම් ඒ සියල්ල අනුභව කළ යුතුය. එය වරදක් නොවේ.

තත්‍ථ අභක‍්ඛොති සො පිණ‍්ඩපාතො මම අභක‍්ඛො නාම න හොති. යං හොතීති යං ගිහිනො වා සුනස‍්ස වා චත‍්තං හොති, තං පංසුකූලං නාම අසාමිකත‍්තා අනවජ‍්ජමෙව හොති. යෙ කෙචීති තස‍්මා අඤ‍්ඤෙපි යෙ කෙචි ධම‍්මෙන ලද‍්ධා භොගා, සබ‍්බො සො භක‍්ඛො. අනවයොති අනුඅවයො, අනුපුනප‍්පුනං ඔලොකියමානොපි අවයො පරිපුණ‍්ණගුණො අනවජ‍්ජො, අධම‍්මලද‍්ධං පන සහස‍්සග‍්ඝනකම‍්පි ජිගුච‍්ඡනීයමෙවාති.

එහි අභක්ඛො පිණ්ඩපාතය මා විසින් නොකෑයුතු දෙයක් නොවන්නේය යනුයි. යං හොතී ගිහියෙකු හෝ සුනඛයෙකු හෝ හැරදැමුවා වූ ඒ පංසකූල නම් වූ අස්වාමික දේ නිවැරදි වන්නේය යනුයි. යෙකෙචි යනු එබඳු වූ දැහැමින් ලද අනෙක් කිසියම් භෝගයකි. සබ්බො සො භක්ඛො අනවජ්ජො නිවැරැදි බවයි. නැවත නැවතත් සලකා බැලීමේ දී වරද නොවන නිසා සම්පූර්ණ වශයෙන්ම නිවැරැදි බවයි. අධර්මයෙන් ලද දේ දහසක් වටිනාකම් තිබුණත් පිළිකුල් කටයුතුම වේ.

එවං තෙ අඤ‍්ඤමඤ‍්ඤං කථෙන‍්තාව ථූණනගරද‍්වාරං සම‍්පාපුණිංසු. තත්‍ර දාරිකාසු කීළන‍්තීසු එකා කුමාරිකා ඛුද‍්දකකුල‍්ලකෙන වාලුකං පප‍්ඵොටෙති. තස‍්සා එකස‍්මිං හත්‍ථෙ එකං වලයං, එකස‍්මිං ද‍්වෙ වලයානි. තානි අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්ඝට‍්ටෙන‍්ති, ඉතරං නිස‍්සද‍්දං. රාජා තං කාරණං ඤත්‍වා “සීවලිදෙවී මම පච‍්ඡතො චරති, ඉත්‍ථී ච නාම පබ‍්බජිතස‍්ස මලං, ‘අයං පබ‍්බජිත්‍වාපි භරියං ජහිතුං න සක‍්කොතී’ති ගරහිස‍්සන‍්ති මං. සචායං කුමාරිකා පණ‍්ඩිතා භවිස‍්සති, සීවලිදෙවියා නිවත‍්තනකාරණං කථෙස‍්සති, ඉමිස‍්සා කථං සුත්‍වා සීවලිදෙවිං උය්‍යොජෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ –

මෙසේ ඔවුහු නොයෙක් දේ කතා කරමින් නුවර දොරටුවට පැමිණියාහුය. එහි දරුවන් සෙල්ලම් කරන තැන එක් කුඩා දැරියක් කුඩා කුල්ලකින් වැලි පොළමින් සිටියාය. ඇගේ එක් අතක එක් වළල්ලක් විය. අනෙක් අතේ වළලු දෙකක් විය. එම වළලු දෙක එකිනෙක ගැටීමෙන් හඬ නැගුණි. තනි වූ වළල්ලෙන් හඬක් නොනැගුණි. රජතුමා එය දැක යම් තීරණයකට එළඹ මෙසේ සිතීය. සීවලී දේවිය මා පසුපසම එයි. ස්ත්‍රීහු පැවිදි වූවහුට මළ කඩකි. මොහු පැවිදි වුවත් බිරිඳ හැර දැමීමට නොහැකි තැනැත්තෙකි කියා ගරහන්නෝ ද වෙති. මේ කුමරිය ඤාණවන්ත බව පෙනෙයි. සීවලී දේවිය මා පසුපස එන ගමන නැවැත්වීමට කරුණු මෑ ලවා කියවිය යුතුය. මැගේ එම වචන සීවලී දේවිය හැරී යනු ඇතයි සිතා මෙසේ කීහ.

“කුමාරිකෙ උපසෙනියෙ, නිච‍්චං නිග‍්ගළමණ‍්ඩිතෙ; කස‍්මා තෙ එකො භුජො ජනති, එකො තෙ න ජනතී භුජො”ති.

කුමාරිකෙ උපසෙනියෙ නිච්චං නිගළමණ්ඩිතෙ, කස්මා තෙ එකො භුජො ජනති එකො නජන්ති භුජො

නිතර මව ළඟ සයනය කරන ස්වභාව ඇති කුමාරිකාවෙනි, කවර හෙයකින් තිගේ එක් අතක් ශබ්ද කෙරේ ද? එක් අතක් ශබ්ද නොකෙරේද?

තත්‍ථ උපසෙනියෙති මාතරං උපගන‍්ත්‍වා සෙනිකෙ. නිග‍්ගළමණ‍්ඩිතෙති අගලිතමණ‍්ඩනෙන මණ‍්ඩනසීලිකෙති වදති. ජනතීති සද‍්දං කරොති.

එහි උපසෙනියෙ යනු මව්තුරුළේ නිදාගන්නිය යන අදහසයි. නිගළ මණ්ඩි තෙ නොගිලිහුණු පළඳනාය. ළිහිල් වූ එහෙත් නොගිලිහෙන (වළලු) පළඳනාය. ජනනී යනු වෙත් යන්නයි. (මෙහි) ශබ්දයක් වන්නේය. යනුයි.

කුමාරිකා ආහ –

කුමරිය කියන්නී,

“ඉමස‍්මිං මෙ සමණ හත්‍ථෙ, පටිමුක‍්කා දුනීවරා; සඞ‍්ඝාතා ජායතෙ සද‍්දො, දුතියස‍්සෙව සා ගති.

ඉමස්මිං මෙ සමණ හත්‍ථෙ පටිමුක්කා දුනීධුරා, සංඝාතා ජායතෙ සද්දො දුතියස්සෙව සාගති

ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අත්හි වළලු දෙකක් පළඳා ඇත. (ඒවා) එකට ගැටීමෙන් ශබ්දය හටගනී.

“ඉමස‍්මිං මෙ සමණ හත්‍ථෙ, පටිමුක‍්කො එකනීවරො; සො අදුතියො න ජනති, මුනිභූතොව තිට‍්ඨති.

ඉමස්මිං මෙ සමණ හත්‍ථෙ පටිමුක්කො එකනීධුරො, සො අදුතියොව න ජනති මුනිභූතොව තිට්ඨති

ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතේ එක් වළල්ලක් පළඳා ඇත. දෙවැන්නක් නැති බැවින් එය නිශ්ශබ්දය. කෙළෙස් පහකළ මුනි මුනිවරයෙකු මෙන් එය නිහඬව සිටී.

“විවාදප‍්පත‍්තො දුතියො, කෙනෙකො විවදිස‍්සති; තස‍්ස තෙ සග‍්ගකාමස‍්ස, එකත‍්තමුපරොචත”න‍්ති.

විවාදා පන්නො දුතියො කෙනෙකො විවදිස්සති, තස්ස තෙ සග්ග කාමස්ස එකත්ත මුපරොචතන්ති

දෙවැන්නකු ඇත්තේ විවාදයට පත්වූයේ වෙයි. හුදකලා වූයේ කවුරුන් සමග විවාද කරන්නේ ද, එබැවින් සග සැප කැමැති ඔබ හුදකලා බවට කැමැති වන්න.

තත්‍ථ දුනීවරාති ද‍්වෙ වලයානි. සඞ‍්ඝාතාති සංහනනතො සඞ‍්ඝට‍්ටනතොති අත්‍ථො. ගතීති නිබ‍්බත‍්ති. දුතියස‍්සෙව හි එවරූපා නිබ‍්බත‍්ති හොතීති අත්‍ථො. සොති සො නීවරො. මුනිභූතොවාති පහීනසබ‍්බකිලෙසො අරියපුග‍්ගලො විය තිට‍්ඨති. විවාදප‍්පත‍්තොති සමණ දුතියකො නාම විවාදමාපන‍්නො හොති, කලහං කරොති, නානාගාහං ගණ‍්හාති. කෙනෙකොති එකකො පන කෙන සද‍්ධිං විවදිස‍්සති. එකත‍්තමුපරොචතන‍්ති එකීභාවො තෙ රුච‍්චතු. සමණා නාම භගිනිම‍්පි ආදාය න චරන‍්ති, කිං පන ත්‍වං එවරූපං උත‍්තමරූපධරං භරියං ආදාය විචරසි, අයං තෙ අන‍්තරායං කරිස‍්සති, ඉමං නීහරිත්‍වා එකකොව සමණකම‍්මං කරොහීති නං ඔවදති.

එහි දුනීමුරා යනු වළලු දෙකයි. සංආතා මනාව එකිනෙක ගැටීමයි. ගැටීම යන අර්ථයි. ගතී පවතින ස්වභාවයයි. දෙකක් ඇති කල්හිද මෙබඳු වූ ගති ස්වභාවයක් ඇත. සො මෙහි ‘සො’ යන එකක්ම වූ බවයි. (එක් අතෙකැ එක් වළල්ලක් පමණක් වූ බවයි. මුනිභූතොවා කෙලෙස් ප්‍රහීණ කළ ආර්ය පුද්ගලයෙකු මෙන් සිටී යනුයි. විවාදප්පත්තො යනුවෙන් දැක්වූයේ, ශ්‍රමණයන් වහන්ස, දෙවැන්නෙකු සිටින කල්හි වාදවිවාද ඇති වන්නේ වේ. නොයෙක් මතවාද ඇති කරගෙන කළහ කරන්නේය. කෙ නෙකො තනි වූයේ කවුරුන් සමග විවාදයට යන්නේ ද? එකත්ත මුපරොචත හුදකලා බවම ඔබ කැමැති වන්න. ශ්‍රමණයෝ සහෝදරියක සමග වුවද සැරි සරන්නේ නැත. ඔබ මෙබඳු රූසම්පත් ඇති බිරිඳක් සමග යන්නේ කිම ද? ඇය ඔබට බාධාවකි. මෑ හැරදමා තනිව මහණදම් පුරන්නැයි ඈ බෝසත් හට අවවාද කළාය.

සො තස‍්සා කුමාරිකාය වචනං සුත්‍වා පච‍්චයං ලභිත්‍වා දෙවියා සද‍්ධිං කථෙන‍්තො ආහ –

මහසත් ඒ බාල දැරියගේ වචන අසා දිරි ලැබ දේය සමග මෙසේ කීහ.

“සුණාසි සීවලි කථා, කුමාරියා පවෙදිතා; පෙසියා මං ගරහිත්‍ථො, දුතියස‍්සෙව සා ගති.

සුනසි සීවලී ගාථා කුමාරියා පවෙදිතා, පෙස්සිකා මං මෙ ගරහිත්‍ථො, දුතියස්සෙම සා ගති,

එම්බා සීවලී දේවිය, ළදැරිය කියූ ගාථා ඇසුවෙහිය. වැඩකාරියක් වන ඕ තොමෝ දෙවැන්නක් ඇත්තහුගේමැ මේ ස්වභාවය විනැයි මට නින්දා කළාය.

“අයං ද‍්වෙධාපථො භද‍්දෙ, අනුචිණ‍්ණො පථාවිහි; තෙසං ත්‍වං එකං ගණ‍්හාහි, අහමෙකං පුනාපරං.

අයං ද්වෙධා පථො භද්දෙ අනුචිණ්ණො පථාවිහි, තෙසං ත්‍වං එකං ගණ්හාහි අහමෙකං පුනාපරං

“මාවච මං ත්‍වං ‘පති මෙ’ති, නාහං ‘භරියා’ති වා පුනා”ති.

නෙවම ත්‍වං පති මෙති මාහං භරියාති වා පුනාති

සොඳුර, මේ දෙමංසන්ධියකි. මෙයින් තී කැමැති මගක් ගනුව. ඉන්පසු මම අනෙක් මඟ ගනිමි. මින්පසු ඔබ මට මාගේ ස්වාමියා යැයි නොකියව. මම ද මගේ භාර්යාව යැයි නො කියමි.

තත්‍ථ කුමාරියා පවෙදිතාති කුමාරිකාය කථිතා. පෙසියාති සචාහං රජ‍්ජං කාරෙය්‍යං, එසා මෙ පෙසියා වචනකාරිකා භවෙය්‍ය, ඔලොකෙතුම‍්පි මං න විසහෙය්‍ය. ඉදානි පන අත‍්තනො පෙසියං විය ච මඤ‍්ඤති, “දුතියස‍්සෙව සා ගතී”ති මං ඔවදති. අනුචිණ‍්ණොති අනුසඤ‍්චරිතො. පථාවිහීති පථිකෙහි. එකන‍්ති තව රුච‍්චනකං එකං මග‍්ගං ගණ‍්හ, අහං පන තයා ගහිතාවසෙසං අපරං ගණ‍්හිස‍්සාමි. මාවච මං ත්‍වන‍්ති සීවලි ඉතො පට‍්ඨාය පුන මං “පති මෙ”ති මා අවච, අහං වා ත්‍වං “භරියා මෙ”ති නාවචං.

එහි කුමාරියා යනු කුමාරිකාවක් විසින් කියන ලද බවයි. පෙස්සියා යනු, ඉදින් මා රාජ්‍ය කරන්නේ නම් මේ වචන තෙපලන දැරිය දැස්සක් වන්නේය. මා ඈ දෙස බැලීමටත් වෙහෙස නොවෙමි. දැන් වනාහි කුලී මෙහෙකාරයෙකු, දාසයෙකු මෙන් වූ (පැවිදි) මා හට දෙවැන්නෙකු සිටීමේ වරද දක්වා (මෑ) අවවාද කරයි. අනුචිණ්ණො අනුවම යෑමයි. පථාවිහි පදිකයන් විසින් යනුයි. එකං ඔබ කැමැති එක් මගක් ගෙන යන්න. මම වනාහි ඔබ ගත් මග හැරදමා අනෙක් මග ගනිමි යනුයි. නෙව මං ත්‍වං සීවලී දේවිය මෙතැන් පටන් මේ මාගේ සැමියා යි නොකියව. මම වනාහි ඔබ මගේ බිරිඳ යැයි ද නො කියමි.

සා තස‍්ස වචනං සුත්‍වා “දෙව, තුම‍්හෙ උත‍්තමා, දක‍්ඛිණමග‍්ගං ගණ‍්හථ, අහං වාමමග‍්ගං ගණ‍්හිස‍්සාමී”ති වත්‍වා ථොකං ගන‍්ත්‍වා සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී පුනාගන‍්ත්‍වා රඤ‍්ඤා සද‍්ධිං කථෙන‍්තී එකතොව නගරං පාවිසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා උපඩ‍්ඪගාථමාහ –

ඈ ඔහුගේ වචන අසා දේවයිනි, ඔබ උතුම් වූ දකුණු දිග්මග ගන්න. මම වම් මඟ ගනිමි යි කියා වැඳ අවසර ගෙන දුරක් ගොස් ශෝකය දරාගත නොහී ආපසු හැරි අවුත් රජු සමඟ කතාකරමින් ගොස් ථූන නම් නගරයට පිවිසියේ ය. ඒ බව දක්වනු සඳහා ශාස්තෲන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළ සේක;

“ඉමමෙව කථයන‍්තා, ථූණං නගරුපාගමු”න‍්ති.

ඉමමෙව කථං කථයන්තා, ථූණං නගර මුපාගමුං ති.

මෙසේ සල්ලාපයෙහි යෙදෙමින් ‘ථූණ’ නම් නගරයට පැමිණියෝ ය.

තත්‍ථ නගරුපාගමුන‍්ති නගරං පවිට‍්ඨා.

එහි ‘නගර මුපාගමුං’ යනු නගරයට පැමිණි බවයි.

පවිසිත්‍වා ච පන මහාසත‍්තො පිණ‍්ඩත්‍ථාය චරන‍්තො උසුකාරස‍්ස ගෙහද‍්වාරං පත‍්තො. සීවලිදෙවීපි එකමන‍්තං අට‍්ඨාසි. තස‍්මිං සමයෙ උසුකාරො අඞ‍්ගාරකපල‍්ලෙ උසුං තාපෙත්‍වා කඤ‍්ජියෙන තෙමෙත්‍වා එකං අක‍්ඛිං නිමීලෙත්‍වා එකෙන අක‍්ඛිනා ඔලොකෙන‍්තො උජුං කරොති. තං දිස‍්වා මහාසත‍්තො චින‍්තෙසි “සචායං පණ‍්ඩිතො භවිස‍්සති, මය‍්හං එකං කාරණං කථෙස‍්සති, පුච‍්ඡිස‍්සාමි න”න‍්ති. සො උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡති. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

නගරයට පිවිසි මහසත් පිඬු සිඟා යන්නෝ ඊවඩුවාගේ ගෙදොරට පැමිණියෝය. සීවලී බිසවද අසල සිටියා ය. ඊවඩු තෙමේ ඊදණ්ඩක් ගිනිඅඟුරු තුළ බහා රත්කොට කාඩිජලයෙහි ලා පණපොවා එක් ඇසක් දල්වා (බාගෙට වසා) අනෙක් ඇසින් බලමින් ඊය ඍජු කරමින් සාදයි. ඒ දැක මහසත්, ඉදින් මොහු ඤාණවන්තයෙකු විය යුතුය. එක් දෙයක් කථා කර බලමියි ඔහු වෙත ගියේ ය. ඒ දක්වනු සඳහා ශාස්තෘෘහු මෙසේ දේශනා කළ සේක.

“කොට‍්ඨකෙ උසුකාරස‍්ස, භත‍්තකාලෙ උපට‍්ඨිතෙ; තත්‍රා ච සො උසුකාරො, එකං දණ‍්ඩං උජුං කතං; එකඤ‍්ච චක‍්ඛුං නිග‍්ගය‍්හ, ජිම‍්හමෙකෙන පෙක‍්ඛතී”ති.

කොට්ඨකෙ උසුකාරස්ස භත්තකාලෙ උපට්ඨිතෙ, තත්‍රච සො උසුකාරො, [missing pali] එකඤ්ච චක්ඛුං නිග්ගය්හ, ජිම්හ මේතෙන පෙස්සති

රජතුමා ආහාර ගන්නා වේලාවේ හීවඩුවාගේ මඩුව වෙත පැමිණියේය. එහි හීවඩු ඊදණ්ඩක් උජුව තිබේදැයි එක් ඇසක් වසා ඇදය ඇද්දැයි බලයි.

තත්‍ථ කොට‍්ඨකෙති භික‍්ඛවෙ, සො රාජා අත‍්තනො භත‍්තකාලෙ උපට‍්ඨිතෙ උසුකාරස‍්ස කොට‍්ඨකෙ අට‍්ඨාසි. තත්‍රා චාති තස‍්මිඤ‍්ච කොට‍්ඨකෙ. නිග‍්ගය‍්හාති නිමීලෙත්‍වා. ජිම‍්හමෙකෙනාති එකෙන අක‍්ඛිනා වඞ‍්කං සරං පෙක‍්ඛති.

එහි කොට්ඨකෙ යනු ඒ රජතුමා අහර කිස සඳහා ඊවඩුවාගේ මඩුව වෙත පැමිණි බවයි. තත්‍රචාති එම මඩුවෙහි යනුයි. නිග්ගය්හ යනු අඩවන් කර බැලීමයි. ජිම්හ මෙතොන යනු එක් ඇසකින් ඇදකුද ඇද්දැයි බැලීමයි.

අථ නං මහාසත‍්තො ආහ –

ඉක්බිති ඔහුට මහසත් කීහ.

“එවං නො සාධු පස‍්සසි, උසුකාර සුණොහි මෙ; යදෙකං චක‍්ඛුං නිග‍්ගය‍්හ, ජිම‍්හමෙකෙන පෙක‍්ඛසී”ති.

එවං නොසාධු පස්සසි උසුකාර සුණෙහි මෙ, යදෙකං චක්ඛු නිග්ගය්හ ජිම්හමෙතෙන පෙක්ඛතීති

තස‍්සත්‍ථො – සම‍්ම උසුකාර, එවං නු ත්‍වං සාධු පස‍්සසි, යං එකං චක‍්ඛුං නිමීලෙත්‍වා එකෙන චක‍්ඛුනා වඞ‍්කං සරං පෙක‍්ඛසීති.

පින්වත් හී වඩුව, මෙසේ මැනවින් බලන්නේ නම් මාගේ බස් අසව. එක් ඇසක් පියාගෙන එක් ඇසකින් බලව යන යමක් ඇත්නම් එයයි.

අථස‍්ස සො කථෙන‍්තො ආහ –

ඔහු පිළිතුරු දෙමින් මෙසේ කීහ.

“ද‍්වීහි සමණ චක‍්ඛූහි, විසාලං විය ඛායති; අසම‍්පත්‍වා පරමං ලිඞ‍්ගං, නුජුභාවාය කප‍්පති.

ද්වීහි සමණා චක්ඛූහි විසාලංවිය ඛායති, අසම්පත්‍වාපරං ලිංගං නුජ්ජුභාවාය කප්පති,

“එකඤ‍්ච චක‍්ඛුං නිග‍්ගය‍්හ, ජිම‍්හමෙකෙන පෙක‍්ඛතො; සම‍්පත්‍වා පරමං ලිඞ‍්ගං, උජුභාවාය කප‍්පති.

එකඤ්ච චක්ඛුං නිග්ගය්හ ජිම්හමෙතෙන පෙක්ඛතො, සම්පත්‍වා පරමං ලිංගං උජුභාවාය කප්පති

“විවාදප‍්පත‍්තො දුතියො, කෙනෙකො විවදිස‍්සති; තස‍්ස තෙ සග‍්ගකාමස‍්ස, එකත‍්තමුපරොචත”න‍්ති.

විවාදපත්තො දුතියො කෙනකො විවදිස්සති, තස්සතෙ සග්ග කාමස්ස එකත්තමුපරෙචතන්ති

පින්වත් ශ්‍රමණයන් වහන්ස, දෑසින් බලන කල විශාල වූවාක් මෙන් වැටහෙයි. ඇද තැනට නොපැමිණ ඇද නැති කරන්ට සුදුසු නොවේ.

එක් ඇසක් හකුළුවාගෙන එක් ඇසකින් ඇද බලන්නහුට ඇද තැන බලා සෘජු කිරීම සුදුසු වේ. දෙවැන්නක ඇතියේ විවාදයට පැමිණියේ වෙයි. හුදකලා වූයේ කවරෙකු සමග විවාද කරන්නේ ද? ස්වර්ගයට යනු කැමැති ඔබට හුදකලා වීම කැමැති වෙව.

තත්‍ථ විසාලං වියාති විත්‍ථිණ‍්ණං විය හුත්‍වා ඛායති. අසම‍්පත්‍වා පරමං ලිඞ‍්ගන‍්ති පරතො වඞ‍්කට‍්ඨානං අප‍්පත්‍වා. නුජුභාවායාති න උජුභාවාය. ඉදං වුත‍්තං හොති – විසාලෙ ඛායමානෙ පරතො උජුට‍්ඨානං වා වඞ‍්කට‍්ඨානං වා න පාපුණෙය්‍ය, තස‍්මිං අසම‍්පත‍්තෙ අදිස‍්සමානෙ උජුභාවාය කිච‍්චං න කප‍්පති න සම‍්පජ‍්ජතීති. සම‍්පත්‍වාති චක‍්ඛුනා පත්‍වා , දිස‍්වාති අත්‍ථො. විවාදප‍්පත‍්තොති යථා දුතියෙ අක‍්ඛිම‍්හි උම‍්මීලිතෙ ලිඞ‍්ගං න පඤ‍්ඤායති, වඞ‍්කට‍්ඨානම‍්පි උජුකං පඤ‍්ඤායති, උජුට‍්ඨානම‍්පි වඞ‍්කං පඤ‍්ඤායතීති විවාදො හොති, එවං සමණස‍්සපි දුතියො නාම විවාදමාපන‍්නො හොති, කලහං කරොති, නානාගාහං ගණ‍්හාති. කෙනෙකොති එකො පන කෙන සද‍්ධිං විවදිස‍්සති. එකත‍්තමුපරොචතන‍්ති එකීභාවො තෙ රුච‍්චතු. සමණා නාම භගිනිම‍්පි ආදාය න චරන‍්ති, කිං පන ත්‍වං එවරූපං උත‍්තමරූපධරං භරියං ආදාය විචරසි. අයං තෙ අන‍්තරායං කරිස‍්සති, ඉමං නීහරිත්‍වා එකකොව සමණධම‍්මං කරොහීති සො තං ඔවදති.

එහි විසාලංවිය යනු විසිරී ගියාක් මෙන් වැටහීමයි. අසම්පත්‍වා පරං ලිංගං බැහැර වූ ඇද තැනට නොපැමිණි බවයි. නුජ්ජුභාවය ඍජු භාවයට නොපැමිණ මෙසේ ද කියන ලද්දේ වේ. විශාලව වැටහෙන කල අනෙක් ඇද නැති තැන් ද ඇද තැන්ද නොදැකම, (ඒවායෙහි ඇස) නොගැටී ඇද නැතිවම පෙනීයාම ස්වභාවයයි. නකප්පති නොගැටී යාම යනුයි. සම්පත්‍වා යනු ඇසට පෙනීම යනුයි. විවාදප්පත්තො යම් ආකාරයකින් දෙවන ඇස ඇර බැලූ කල්හි යථා ස්වභාව නොපෙනේ. වක් තැන නොවක්වද නොවක් තැන වක්වද පෙනේ යන වාදයක් වේ. මෙසේ පැවිද්දෙකුට දෙවැන්නෙකු සිටීම වාදවිවාදවලට හේතු වේ. [missing trans]

එවමස‍්ස සො ඔවාදං දත්‍වා තුණ‍්හී අහොසි. මහාසත‍්තොපි පිණ‍්ඩාය චරිත්‍වා මිස‍්සකභත‍්තං සංකඩ‍්ඪිත්‍වා නගරා නික‍්ඛමිත්‍වා උදකඵාසුකට‍්ඨානෙ නිසීදිත්‍වා කතභත‍්තකිච‍්චො මුඛං වික‍්ඛාලෙත්‍වා පත‍්තං ථවිකාය ඔසාරෙත්‍වා සීවලිදෙවිං ආමන‍්තෙත්‍වා ආහ –

මෙසේ ඔහු අවවාද දී නිහඬ විය. මහසත්හු ද පිඬු පිණිස හැසිරී නොයෙක් ආකාරයෙන් මිශ්‍ර වූ පිණ්ඩාහාර එකතු කරගෙන නුවරින් බැහැරට ගොස් ජලය ඇති තැනක සිට බක්කිස නිමවා පාත්‍රය ඔලොගුවෙහි ලා, සීවලී දේවිය අමතා මෙසේ කීහ.

“සුණාසි සීවලි කථා, උසුකාරෙන වෙදිතා; පෙසියා මං ගරහිත්‍ථො, දුතියස‍්සෙව සා ගති.

සුණාසි සීවලී ගාථා උසුකාරෙන පවෙදිතා, පෙස්සියං මං ගරහිත්‍වා දුතියස්සෙව සාගති,

“අයං ද‍්වෙධාපථො භද‍්දෙ, අනුචිණ‍්ණො පථාවිහි; තෙසං ත්‍වං එකං ගණ‍්හාහි, අහමෙකං පුනාපරං.

ආයුං ද්වෙධාපථො භද්දෙ අනුචිණ්ණො පථාවිහි, තෙං ත්‍වංඑකං ගණාතහි අහමෙතං පුනාපරං

“මාවච මං ත්‍වං ‘පති මෙ’ති, නාහං ‘භරියා’ති වා පුනා”ති.

නෙච මං ත්‍වං පති මෙති මාහංභරියාති වං පුනාති

එම්බා සීවලී දේවිය, හීවඩුවා කියූ ගාථා ඇසුවෙහි ද? දෙවැන්නෙකු ඇත්තහුගේ මේ ස්වභාවය යැයි කියා හී වඩුවා මට අපහාස කළේය.

සොඳුර, මගීන් යන එන දෙමං සන්ධියකි මෙය. මෙයින් තී කැමැති මගක් ගන්න. ඉක්බිති මේ අනික් මග මම ගනිමි. මගේ සැමියා යැයි මට නොකියව. මම ද මගේ භාර්යාව යැයි නැවත නොකියමි. එම්බා සීවලිය, වෙන්කොට ගත් මුදු තණ ගොබය මෙන් තී හා නැවත එක්වීමක් නොවී මම තනිව වසන්නෙමි. තී ද තනිව වසවයි ඇයට අවවාද කළහ.

තත්‍ථ සුණාසීති සුණ, ත්‍වං කථා. “පෙසියා ම”න‍්ති ඉදං පන කුමාරිකාය ඔවාදමෙව සන්‍ධායාහ.

එහි සුණාසි යනු ඔබ ඒ ගාථා ඇසුවා නේද යනුයි. පෙස්සියාම යනු (මුලින් කී) කුමාරිකාවගේ අවවාදය සඳහන් කිරීමයි.

සා කිර “මාවච මං ත්‍වං ‘පති මෙ’ති” වුත‍්තාපි මහාසත‍්තං අනුබන්‍ධියෙව. රාජා නං නිවත‍්තෙතුං න සක‍්කොති. මහාජනොපි අනුබන්‍ධි. තතො පන අටවී අවිදූරෙ හොති. මහාසත‍්තො නීලවනරාජිං දිස‍්වා තං නිවත‍්තෙතුකාමො හුත්‍වා ගච‍්ඡන‍්තොයෙව මග‍්ගසමීපෙ මුඤ‍්ජතිණං අද‍්දස. සො තතො ඊසිකං ලුඤ‍්චිත්‍වා “පස‍්සසි සීවලි, අයං ඉධ පුන ඝටෙතුං න සක‍්කා, එවමෙව පුන මය‍්හං තයා සද‍්ධිං සංවාසො නාම ඝටෙතුං න සක‍්කා”ති වත්‍වා ඉමං උපඩ‍්ඪගාථමාහ –

ඔබ මා නොවේ යැයි මහසත් කීවත් ඇය (සීවලී දේවිය) මහසත්හුම ලුහුබැඳ ගියාය. මහසත් ඈ නතර කිරීමට අසමත් විය. මහජනයාද ඒ නිසාම බෝසත් පසුපස ගියෝය. ඒ වනවිට මහවනය නුදුරෙහිම දිස්විය. මහසත් නිල්වන රෝද දැක ඈ නවතනු පිණිස යමින්ම මඟ අසල වූ මුදු තණ දැක එයින් ගොබයක් ඇද පෙන්වා සීවලිය මෙය නැවැත ගස හා එක්වීමක් නැත. එසේම නැවත මා ඔබ සමග එක්වීමක්, සම්බන්‍ධයක් වන්නේ නැතයි කියා මේ ගාථාර්ධයද කීවේය.

“මුඤ‍්ජාවෙසිකා පවාළ‍්හා, එකා විහර සීවලී”ති.

‘මුඤ්ජා විසිකා පවළ්හා එකාවිහාර සීවලී’

මුදු තණ ගොබය මෙන්, සීවලී තනිව වසන්නැයි කීහ.

තත්‍ථ එකා විහරාති අහං එකීභාවෙන විහරිස‍්සාමි, ත්‍වම‍්පි එකා විහරාහීති තස‍්සා ඔවාදමදාසි.

එහි එකා විහාර සීවලී යනු මම තනිවම වෙසෙමි. ඔබද තනිව වසන්නැයි ඇයට අවවාද දුන් බවයි.

තං සුත්‍වා සීවලිදෙවී “ඉතොදානි පට‍්ඨාය නත්‍ථි මය‍්හං මහාජනකනරින්‍දෙන සද‍්ධිං සංවාසො”ති සොකං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී උභොහි හත්‍ථෙහි උරං පහරිත්‍වා මහාමග‍්ගෙ පති. මහාසත‍්තො තස‍්සා විසඤ‍්ඤිභාවං ඤත්‍වා පදං විකොපෙත්‍වා අරඤ‍්ඤං පාවිසි. අමච‍්චා ආගන‍්ත්‍වා තස‍්සා සරීරං උදකෙන සිඤ‍්චිත්‍වා හත්‍ථපාදෙ පරිමජ‍්ජිත්‍වා සඤ‍්ඤං ලභාපෙසුං. සා “තාතා, කුහිං රාජා”ති පුච‍්ඡි. “නනු තුම‍්හෙව ජානාථා”ති? “උපධාරෙථ තාතා”ති. තෙ ඉතො චිතො ධාවිත්‍වා විචිනන‍්තාපි මහාසත‍්තං න පස‍්සිංසු. දෙවී මහාපරිදෙවං පරිදෙවිත්‍වා රඤ‍්ඤො ඨිතට‍්ඨානෙ චෙතියං කාරෙත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා නිවත‍්ති. මහාසත‍්තොපි හිමවන‍්තං පවිසිත්‍වා සත‍්තාහබ‍්භන‍්තරෙයෙව පඤ‍්ච අභිඤ‍්ඤා ච, අට‍්ඨ සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා පුන මනුස‍්සපථං නාගමි. දෙවීපි උසුකාරෙන සද‍්ධිං කථිතට‍්ඨානෙ, කුමාරිකාය සද‍්ධිං කථිතට‍්ඨානෙ, මංසපරිභොගට‍්ඨානෙ, මිගාජිනෙන සද‍්ධිං කථිතට‍්ඨානෙ, නාරදෙන සද‍්ධිං කථිතට‍්ඨානෙ චාති සබ‍්බට‍්ඨානෙසු චෙතියානි කාරෙත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා සෙනඞ‍්ගපරිවුතා මිථිලං පත්‍වා අම‍්බවනුය්‍යානෙ පුත‍්තස‍්ස අභිසෙකං කාරෙත්‍වා තං සෙනඞ‍්ගපරිවුතං නගරං පෙසෙත්‍වා සයං ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තත්‍ථෙව උය්‍යානෙ වසන‍්තී කසිණපරිකම‍්මං කත්‍වා ඣානං නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණා අහොසි. මහාසත‍්තොපි අපරිහීනජ‍්ඣානො හුත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

එය අසා මෙතැන්පටන් මට මහා ජනක රජු හා එක්වීමක් නැතැයි ශෝකය විඳ දරාගත නොහී දෙඅතින් පපුවට ගසා ගනිමින් සිහිසන් නැතිව මහමග ඇද වැටුණි. මහසත් ඇය සිහිසන් නැති වූ බව දැන පා ඉක්මන් කොට වනයට පිවිසුණේය. ඇමැතීහු ඇයගේ සිරුරට දිය ඉස අත්පා පිරිමැද සිහිසන් ලබා දුන්හ. ඈ ඉන්පසු රජතුමා කොහිදැයි ඇසුවාය. ඔබ ම දැනගන්නේ නම් මැනවයි ඇමැතීහු කීහ. දරුවෙනි, සොයා බලව් කියා ඕ තොමෝ එහෙ මෙහෙ දිව ගියාය. එහෙත් රජතුමා දක්නට නොලැබුණි. ඈ මහත්සේ හඬනගා හඬා වැළප රජු සිටි තන්හි සෑයක් කොට සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා නැවැතී ගත්තාය. මහසත්හු හිමවතට පිවිස සත්දිනකින් අභිඥා සමාපත්ති උපදවා ගත්හ. නැවැත මිනිස් පෙදෙසකට නොපැමිණියහ. දේවියද, හී වඩුවා සමග බෝසත් කතා කළ තැනද, කුමාරිකාව සමග කථා කළ තැනද, මස් වැළඳූ තැනද මිගාජින තවුසා සමග සල්ලාපයෙහි යෙදුන තැනද චෛත්‍ය ගොඩනංවා මල් සුවඳ දුම් ආදියෙන් පුදා සිව්රග සෙනග පිරිවරා මියුලු නුවරට පිවිස අඹවනයෙහිදී පුතු අබිසෙස් කරවා, ඔහු සිව්රඟ සෙනග පිරිවර කොට නුවරට යවා තමා සෘෂි පැවිද්දන් පැවිදිව එම උයනෙහිම වෙසෙරන්නීය. ඈ කසිණ පරිකර්ම නිමිත්ත කරගෙන බවුන් වඩා ධ්‍යාන උපදවාගෙන බඹලොව ඉපදුනි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සමුද‍්දරක‍්ඛිකා දෙවධීතා උප‍්පලවණ‍්ණා අහොසි, නාරදො සාරිපුත‍්තො, මිගාජිනො මොග‍්ගල‍්ලානො, කුමාරිකා ඛෙමා භික‍්ඛුනී, උසුකාරො ආනන්‍දො, සීවලිදෙවී රාහුලමාතා, දීඝාවුකුමාරො රාහුලො, මාතාපිතරො මහාරාජකුලානි, මහාජනකනරින්‍දො පන අහමෙව සම‍්මාසම‍්බුද‍්ධො අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මෙම අත්බැව්හි පමණක් නොව තථාගතයෝ පෙර අත්බැව්හිද මහබිනික්මන් කළෝයැයි ජාතකය නිමවා වදාළ සේක. එදා මුහුදු දෙව්දුව උත්පලවණ්ණා තොමෝය. නාරද තවුසා ශාරිපුත්‍ර ස්ථවිරයෝය. මිගාජින තපස්හු නම් මෞද්ගල්‍යාන ස්ථවිරයෝය. කුමාරිකාව ඛේමා භික්‍ෂුණිය වූවාය. ඊවඩුවා නම් ආනන්ද ස්ථවිරයෝය. සීවලී බිසව නම් රාහුලමාතා යශෝධරාවෝය. දීඝායු කුමරා නම් රාහුල කුමරුවෝය. මව්පිය ආදීහු ශාක්‍යරාජ පරම්පරාවේ සුදොවුන් මහමායා දෙදෙනාය. මහජනක රජහු නම් බුදු වූ මම්ම වේදැයි නිමවා වදාළ සේක.

මහාජනකජාතකවණ‍්ණනා දුතියා.

මහාජනක ජාතකය නිමියේ ය.