රජ්ජයාචනකණ්ඩං අට්ඨකථා
රජ්ජයාචනකණ්ඩං
රජ්ජයාචනකණ්ඩං
තතො රාජා විප්පටිසාරී හුත්වා ලක්ඛණපාඨකෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා “තුම්හෙ කුමාරස්ස ජාතකාලෙ ‘ධඤ්ඤපුඤ්ඤලක්ඛණසම්පන්නො අයං කුමාරො, නාස්ස කොචි අන්තරායො පඤ්ඤායතී’ති මෙ කථයිත්ථ, ඉදානි පන සො පීඨසප්පී මූගබධිරො ජාතො, කථා වො න සමෙතී”ති ආහ. බ්රාහ්මණා වදිංසු “මහාරාජ, ආචරියෙහි අදිට්ඨකං නාම නත්ථි, අපිච ඛො පන, දෙව, ‘රාජකුලෙහි පත්ථෙත්වා ලද්ධපුත්තකො කාළකණ්ණී’ති වුත්තෙ ‘තුම්හාකං දොමනස්සං සියා’ති න කථයිම්හා”ති. අථ නෙ රාජා එවමාහ “ඉදානි පන කිං කාතුං වට්ටතී”ති? “මහාරාජ, ඉමස්මිං කුමාරෙ ඉමස්මිං ගෙහෙ වසන්තෙ තයො අන්තරායා පඤ්ඤායිස්සන්ති – ජීවිතස්ස වා අන්තරායො, සෙතච්ඡත්තස්ස වා අන්තරායො, අග්ගමහෙසියා වා අන්තරායො”ති. “තස්මා, දෙව, පපඤ්චං අකත්වා අවමඞ්ගලරථෙ අවමඞ්ගලඅස්සෙ යොජෙත්වා තත්ථ නං නිපජ්ජාපෙත්වා පච්ඡිමද්වාරෙන නීහරිත්වා ආමකසුසානෙ චතුබ්භිත්තිකං ආවාටං ඛණිත්වා නිඛණිතුං වට්ටතී”ති. රාජා අන්තරායභයෙන භීතො තෙසං වචනං “සාධූ”ති සම්පටිච්ඡි.
රජ මහත් සේ විපිළිසරව කුමරාගේ පෙර ලකුණු බලා ශාස්ත්‍ර කී බමුණන් කැඳවා ඔබලා කුමරා උපන් දිනයෙහි ‘ධන ධාන්‍ය ලැබීම ආදී පුණ්‍ය සම්පන්න කුමාරයෙකැයි මොහුට කිසිදු අනතුරක් නැතැයි ද කීවාහුය. දැන් ඔහු උපතින් ගොළුවෙකි. උපතින් කොරෙකි. මේ ගැන ඔබලා කුමක් කියන්නේදැයි ඇසීය. මහරජතුමනි, ඇදුරන් නො දක්නා දෙයක් නැත. එසේ වුවත් දෙවියන් පුදා ප්‍රාර්ථනා බලයෙන් රජ කුලයෙහි උපන් පුතා කාලකණ්ණියෙකැයි කී කල්හි ඔබතුමාට ඇතිවන දොම්නස ගැන සලකා නොකීවෙම්හ’යි කීහ. දැන් කුමක් කිරීම සුදුසුදැයි රජතුමා ඇසූවිට මේ කුමරා රජගෙයි සිටියහොත් ඔබගේ ජීවිතයට හෝ රාජ්‍යයට හෝ අගමෙහෙසියට අනතුරු ගෙන දෙන බව පෙනේ. එබැවින් අවමගුල් රියෙහි අවමගුල් අසුන් යොදා මොහු එහි තබා පෑළ දොරින් බැහැර කරගෙන ගොස් අමු සොහොනෙහි වළ දැමීමට උපදෙස් දුන්නෝය. කුමරා නිසා ඇතිවන අපල ගැන ඇසීමෙන් බියට පත් රජතුමා එසේ කිරීමට කැමති විය.
තදා චන්දාදෙවී තං පවත්තිං සුත්වා තුරිතතුරිතාව එකිකා රාජානං උපසඞ්කමිත්වා වන්දිත්වා “දෙව, තුම්හෙහි මය්හං වරො දින්නො, මයා ච ගහිතකො කත්වා ඨපිතො, ඉදානි තං මෙ දෙථා”ති යාචි. “ගණ්හාහි, දෙවී”ති. “දෙව, පුත්තස්ස මෙ රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “කිංකාරණා, දෙවා”ති. “පුත්තො, තෙ දෙවි, කාළකණ්ණී”ති. “තෙන හි, දෙව, යාවජීවං අදදන්තාපි සත්ත වස්සානි දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, ඡ වස්සානි දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, පඤ්ච වස්සානි දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, චත්තාරි වස්සානි දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, තීණි වස්සානි දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, ද්වෙ වස්සානි දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, එකවස්සං රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, සත්ත මාසානි රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, ඡ මාසානි රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, පඤ්ච මාසානි රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, චත්තාරි මාසානි රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, තීණි මාසානි රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, ද්වෙ මාසානි රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, එකමාසං රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, අඩ්ඪමාසං රජ්ජං දෙථා”ති. “න සක්කා, දෙවී”ති. “තෙන හි, දෙව, සත්ත දිවසානි රජ්ජං දෙථා”ති. රාජා “සාධු, දෙවි, ගණ්හාහී”ති ආහ. සා තස්මිං ඛණෙ පුත්තං අලඞ්කාරාපෙත්වා “තෙමියකුමාරස්ස ඉදං රජ්ජ”න්ති නගරෙ භෙරිං චරාපෙත්වා සකලනගරං අලඞ්කාරාපෙත්වා පුත්තං හත්ථික්ඛන්ධං ආරොපෙත්වා සෙතච්ඡත්තං තස්ස මත්ථකෙ කාරාපෙත්වා නගරං පදක්ඛිණං කත්වා පුන ආගන්ත්වා අන්තොනගරං පවෙසෙත්වා තං සිරිසයනෙ නිපජ්ජාපෙත්වා පියපුත්තං සබ්බරත්තිං යාචි “තාත තෙමියකුමාර, තං නිස්සාය සොළස වස්සානි නිද්දං අලභිත්වා රොදමානාය මෙ අක්ඛීනි උපක්කානි, සොකෙන මෙ හදයං භිජ්ජමානං විය අහොසි, අහං තව අපීඨසප්පිආදිභාවං ජානාමි, මා මං අනාථං කරී”ති. සා ඉමිනා උපායෙනෙව පුනදිවසෙපි පුනදිවසෙපීති පඤ්ච දිවසානි යාචි.
චන්ද්‍රා දේවිය එපුවත අසා, රජු වෙත එළඹ දේවයෙනි, කුමරා උපන් දිනයෙහි ඔබ මට කැමති වරයක් ගැනීමට කියන ලදී. මම එය පසුව ගන්නෙමැයි කල්තැබුවෙමි. දැන් එය මට දෙන්නැයි ඉල්ලා සිටියාය. ඇර ගනුවයි රජතුමා කීහ. පුතුට රාජ්‍යය දෙන්නැයි ඈ ඉල්ලුවාය. ඔබගේ පුතා කාලකණ්ණියෙකි. එසේ නොකළ හැකියැයි කී විට, දිවිතෙක් නොහැකිනම් සත් වසකට රාජ්‍යය දෙන්නැයි ඉල්ලා සිටියාය. රජු එය ද නොපිළිගත් කල්හි සය වසක්, පස් වසක්, සිව් වසක්, තෙවසක්, දෙවසක් පිළිවෙලින් මසක් හෝ රාජ්‍යය දෙන්නැයි ඉල්ලුවාය. එයද නොදිය හැකි බව කී විට සත්දිනකට රාජ්‍යය දෙන ලෙස ඉල්ලා සිටියාය. හොදයි ගනුව’යි රජතුමා දේවියගේ වරය දුන්හ. දේවිය කුමරා අලංකාර කොට සරසා ‘තේමිය කුමාරයාගේ රාජ්‍යයැයි නුවර පුරා බෙර හසුරුවා, නුවර විසිතුරු ලෙස සරසා, කුමරා ඇතෙකු පිට තබා ඉහළින් සේසත් නංවා නගරය පැදකුණු කරවා, පැමිණි පසු සිරියහනෙහි සතප්පවා මුළු රැයම මෙසේ කියමින් ආයාචනා කළාය. පුත තේමිය, කුමරුනි, ඔබ නිසා සොළොස් වසක් නිදි නොලබා හැඬු මගේ ඇස් ඉදිමී ඇත. සොවින් හද පෑරි ඇත. ඔබ කොරෙකු නොවන බව දනිමි. මා අනාථ නොකරන්න ආදී වශයෙන් දිනපතා පස් දවසක් බැගෑපත්ව ඉල්ලා සිටියාය.
රජ්ජයාචනකණ්ඩං නිට්ඨිතං.
අථ ඡට්ඨෙ දිවසෙ රාජා සුනන්දං නාම සාරථිං පක්කොසාපෙත්වා “තාත, සුනන්දසාරථි ස්වෙ පාතොව අවමඞ්ගලරථෙ අවමඞ්ගලඅස්සෙ යොජෙත්වා කුමාරං තත්ථ නිපජ්ජාපෙත්වා පච්ඡිමද්වාරෙන නීහරිත්වා ආමකසුසානෙ චතුබ්භිත්තිකං ආවාටං ඛණිත්වා තත්ථ නං පක්ඛිපිත්වා කුද්දාලපිට්ඨෙන මත්ථකං භින්දිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා උපරි පංසුං දත්වා පථවිවඩ්ඪනකම්මං කත්වා න්හත්වා එහී”ති ආණාපෙසි. සො “සාධු, දෙවා”ති සම්පටිච්ඡි. අථ ඡට්ඨම්පි රත්තිං දෙවී කුමාරං යාචිත්වා “තාත තෙමියකුමාර, තව පිතා කාසිරාජා තං ස්වෙ පාතොව ආමකසුසානෙ නිඛණිතුං ආණාපෙසි, ස්වෙ පාතොව මරණං පාපුණිස්සසි පුත්තා”ති ආහ. තං සුත්වා මහාසත්තස්ස “තාත තෙමියකුමාර, සොළස වස්සානි තයා කතො වායාමො ඉදානි මත්ථකං පක්කො”ති චින්තෙන්තස්ස අබ්භන්තරෙ පීති උප්පජ්ජි. මාතුයා පනස්ස හදයං භිජ්ජමානං විය අහොසි, එවං සන්තෙපි “මනොරථො මත්ථකං පාපුණිස්සතී”ති මාතුයා සද්ධිං නාලපි.
හයවන දින රජු සුනන්ද නම් වූ රියදුරාට කතාකොට ඔබ හෙට උදෑසනම අවමඟුල් රියෙහි අවමගුල් අසුන් යොදා කුමරා එහි හොවා නුවර පෑළදොරින් ගෙනගොස් අමු සොහොනෙහි සිව්රැස් වලක් කපා කුමරා එහි හොවා උදළු මිටෙන් හිස පොලාපියා, දිවි තොරකොට උඩින් පස් දමා, වල පස්ගොඩ ගසා සකස් කොට දිය නා පිරිසිදු වී එන්නැ’යි අණ කළහ. සවෙනි දින රැයෙහි දේවිය කුමරා අයදින්නී, පුත කසීරජ හෙට ඔබ අමු සොහොනෙහි වැළලීමට අණ කළේය. මපුත, හෙට ඔබේ මරණය වන්නේ යැයි කීවාය. ඒ ඇසූ මහසත්හුට සොළොස් වසක් මා කළ වෑයමෙහි පල ලැබුණේයැයි සිතන්නහුට මහත් අධ්‍යාත්මික සන්තෝෂයක් හටගත්තේය. මවගේ හදවත සොවින් පැලී යන තරම් වේදනාවෙන් පෙළෙයි. එසේ වූයේ වී නමුත් මැණියන් හා කථා කළේනම් මගේ අදහස් මුදුන් පැමිණුනේ නැත’යි සිතමියි කුමරු සොවින් නොතැවීම සිටියේය.
අථස්සා රත්තියා අච්චයෙන පාතොව සුනන්දො සාරථි රථං යොජෙන්තො දෙවතානුභාවෙන මහාසත්තස්ස පාරමිතානුභාවෙන ච මඞ්ගලරථෙ මඞ්ගලඅස්සෙ යොජෙත්වා රථං රාජද්වාරෙ ඨපෙත්වා මහාතලං අභිරුහිත්වා සිරිගබ්භං පවිසිත්වා දෙවිං වන්දිත්වා එවමාහ – “දෙවි, මය්හං මා කුජ්ඣ, රඤ්ඤො ආණා”ති වත්වා පුත්තං ආලිඞ්ගිත්වා නිපන්නං දෙවිං පිට්ඨිහත්ථෙන අපනෙත්වා පුප්ඵකලාපං විය කුමාරං උක්ඛිපිත්වා පාසාදා ඔතරි. තදා චන්දාදෙවී උරං පහරිත්වා මහන්තෙන සද්දෙන පරිදෙවිත්වා මහාතලෙ ඔහීයි. අථ නං මහාසත්තො ඔලොකෙත්වා “මයි අකථෙන්තෙ මාතා හදයෙන ඵලිතෙන මරිස්සතී”ති කථෙතුකාමො හුත්වාපි “සචෙ අහං කථෙස්සාමි, සොළස වස්සානි කතො වායාමො මෙ මොඝො භවිස්සති, අකථෙන්තො පනාහං අත්තනො ච මාතාපිතූනඤ්ච මහාජනස්ස ච පච්චයො භවිස්සාමී”ති අධිවාසෙසි.
එදින රැය ඉක්මගිය පසු, සුනන්ද රියදුරු රිය සකස්කොට දොරටුවෙහි තබා සිරියහන් ගැබට පිවිස, ‘දේවිය, මට කෝප නොවන්න. මෙය රජ අණකියි කියා, කුමරු වැළඳගෙන සිටි දේවිය පිටි අතින් ඉවත්කොට මල් කලඹක් වැනි කුමරු ඔසවාගෙන පහයෙන් පහලට බැස්සේය. චන්ද්‍රා දේවිය ළෙහි අත්ගසා, මහ හඬින් වැලප බිම පතිත විය. මහසත් එය දැක, මා කතා නොකළහොත් හදවත පැළී මියැදෙන්නේයැ. කතා කිරීමට කැමැත්ත ඇති වුවත්, ඉදින් මා කතා කළොත්, සොළොස් වසක් මා කළ වෑයම බොඳ වී යන්නේය. කතා නොකිරීමෙන් මව්පියන්ටද මටද [missing trans] පිහිටක් වන්නේයැයි ඉවසා ගත්හ.
අථ නං සාරථි රථං ආරොපෙත්වා “පච්ඡිමද්වාරාභිමුඛං රථං පෙසෙස්සාමී”ති චින්තෙත්වා රථං පෙසෙසි. තදා මහාසත්තස්ස පාරමිතානුභාවෙන දෙවතාවිග්ගහිතො හුත්වා රථං නිවත්තාපෙත්වා පාචීනද්වාරාභිමුඛං රථං පෙසෙසි, අථ රථචක්කං උම්මාරෙ පතිහඤ්ඤි. මහාසත්තොපි තස්ස සද්දං සුත්වා “මනොරථො මෙ මත්ථකං පත්තො”ති සුට්ඨුතරං තුට්ඨචිත්තො අහොසි. රථො නගරා නික්ඛමිත්වා දෙවතානුභාවෙන තියොජනිකං ඨානං ගතො. තත්ථ වනඝටං සාරථිස්ස ආමකසුසානං විය උපට්ඨාසි. සො “ඉදං ඨානං ඵාසුක”න්ති සල්ලක්ඛෙත්වා රථං මග්ගා ඔක්කමාපෙත්වා මග්ගපස්සෙ ඨපෙත්වා රථා ඔරුය්හ මහාසත්තස්ස ආභරණභණ්ඩං ඔමුඤ්චිත්වා භණ්ඩිකං කත්වා එකමන්තං ඨපෙත්වා කුද්දාලං ආදාය රථස්ස අවිදූරෙ ඨානෙ චතුබ්භිත්තිකං ආවාටං ඛණිතුං ආරභි.
රියදුරු බෝසතුන් රියට නංවා පෑළදිග වාසල්දොර දෙසට මෙහෙයවන්නේ යැයි මුලාවට පත්ව පෙරදින වාසල්දොර දෙසට රථය මෙහෙයවීය. රියසක් එළිපත්තේ ගැටී මහා හඬක් නිකුත් විය. මහසත් එම හඬ අසා, මගේ සිතැඟි මුදුන් පැමිණියේ යැයි ඉමහත් සතුටට පත්විය. රථය නුවරින් නික්ම දෙවියන්ගේ ආනුභාවයෙන්, රියදුරුට අමුසොහොනෙහි ආකාරය පෙන්වා, එක් වන ගහනයක නතර විය. ඔහු මෙතැන හොඳයැයි රථය හරවා මග අසල නවතා, මහසත්හු ආභරණ ගලවා, පොදියක් කොට බැඳ තබා උදැල්ල ගෙන නුදුරෙහි වලක් හැරීමට ඇරැඹීය.
තතො බොධිසත්තො චින්තෙසි “අයං මෙ වායාමකාලො, අහඤ්හි සොළස වස්සානි හත්ථපාදෙ න චාලෙසිං, කිං නු ඛො මෙ බලං අත්ථි, උදාහු නො”ති. සො උට්ඨාය වාමහත්ථෙන දක්ඛිණහත්ථං, දක්ඛිණහත්ථෙන වාමහත්ථං පරාමසන්තො උභොහි හත්ථෙහි පාදෙ සම්බාහිත්වා රථා ඔතරිතුං චිත්තං උප්පාදෙසි. තාවදෙවස්ස පාදපතිතට්ඨානෙ වාතපුණ්ණභස්තචම්මං විය මහාපථවී අබ්භුග්ගන්ත්වා රථස්ස පච්ඡිමන්තං ආහච්ච අට්ඨාසි. මහාසත්තො රථා ඔතරිත්වා කතිපයෙ වාරෙ අපරාපරං චඞ්කමිත්වා “ඉමිනාව නියාමෙන එකදිවසං යොජනසතම්පි මෙ ගන්තුං බලං අත්ථී”ති ඤත්වා “සචෙ, සාරථි, මයා සද්ධිං විරුජ්ඣෙය්ය, අත්ථි නු ඛො මෙ තෙන සහ පටිවිරුජ්ඣිතුං බල”න්ති උපධාරෙන්තො රථස්ස පච්ඡිමන්තං ගහෙත්වා කුමාරකානං කීළනයානකං විය උක්ඛිපිත්වා රථං පරිබ්භමෙන්තො අට්ඨාසි. අථස්ස “අත්ථි මෙ තෙන සහ පටිවිරුජ්ඣිතුං බල”න්ති සල්ලක්ඛෙත්වා පසාධනත්ථාය චිත්තං උප්පජ්ජි.
ඉක්බිති බෝසත් මම සොළොස් වසක්ම අත්පා හකුළුවාගෙන සිටියෙමි. මේ වේලාවේ මා විසින් අත් පා දිගහැර ව්‍යායාමයක් කර බැලිය යුතුයැයි සිතා නැගිට වම් අතින් දකුණත පිරිමැද බැලීය. දකුණතින් වමත පිරිමැද බැලීය. එසේම දෑතින් හා පිරිමැද බැලීය. තමන් රථයෙන් බැසයාමට හැකි බව දැන ගත්තේය. බෝසත් රථයෙන් බැසීමට පා දිගු කරන කල්හි එතැන වාතයෙන් පිරීගිය ඇත්ගැබක් මෙන් පොළොව උඩට නැගී සිටියේය. බෝසත් රියෙන් බැස කිහිප විටක් එහාට මෙහාට සක්මන් කොට බලන්නේ, මේ ආකාරයෙන් මම දිනක යොදුන් සියයක් හෝ යාමට බලය ඇතැයි, ඉදින් රියදුරු මට විරුද්ධව නැගී සිටියොත් ඔහුට ප්රතිවිරුද්ධව නැගී සිටීමට බලය ඇද්දැයි විමසනු පිණිස රථය පිටුපසින් ඔසවා දරුවන්ගේ සෙල්ලම් කරත්තයක් මෙන් පෙරළා දැමීය. එයින් තම ශරීර ශක්තිය ගැන සෑහීමකට පත්විය. ඒ සමගම වස්ත්රාභරණ ලබාගන්නේ කෙසේදැයි යන අදහසද සිතට නැගුනේය.
තංඛණඤ්ඤෙව සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා “තෙමියකුමාරස්ස මනොරථො මත්ථකං පත්තො, ඉදානි පසාධනත්ථාය චිත්තං උප්පන්නං, කිං එතස්ස මානුසකෙන පසාධනෙනා”ති දිබ්බපසාධනං ගාහාපෙත්වා විස්සකම්මදෙවපුත්තං පක්කොසාපෙත්වා “තාත විස්සකම්ම දෙවපුත්ත, ත්වං ගච්ඡ, කාසිරාජස්ස පුත්තං තෙමියකුමාරං අලඞ්කරොහී”ති ආණාපෙසි. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තාවතිංසභවනතො ඔතරිත්වා තස්ස සන්තිකං ගන්ත්වා දසහි දුස්සසහස්සෙහි වෙඨනං කත්වා දිබ්බෙහි චෙව මානුසකෙහි ච අලඞ්කාරෙහි සක්කං විය තං අලඞ්කරිත්වා සකට්ඨානමෙව ගතො. සො දෙවරාජලීලාය සාරථිස්ස ඛණනොකාසං ගන්ත්වා ආවාටතීරෙ ඨත්වා පුච්ඡන්තො තතියං ගාථමාහ –
එකෙණෙහි සක්දෙවිඳුගේ පඬුපුල් අසුන උණුසුම් විය. සක්දෙවිඳු ‘තේමිය කුමාරයාගේ මනෝරථය මුදුන් පැමිණියේ යැයි’ වස්ත්රාභරණ ලබාගැනීම ගැන සිත් පහළවිය. මොහුට මිනිස් වස්ත්රාභරණ ආදියෙන් කම් නැත. දිව භරණ, දිවසළු ගෙනගොස් කසී රජ පුතුට සළු වඩව’යි විස්කම් [missing trans] දෙව් මිනිස් ආභරණවලින් සක් දෙවිඳු මෙන් අලංකාර කළේය. බෝසත්හු දිව්‍යරාජ විලාශයෙන් රියදුරා වල තැනට ගොස් ළංව සිට මේ තුන්වැනි ගාථාව කීවේය.
“කිං නු සන්තරමානොව, කාසුං ඛණසි සාරථි; පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කිං කාසුයා කරිස්සසී”ති.
කිංනු සන්තාර මානොව කාසුං ඛණාසි සාරථි, පුට්ඨො මෙ සම්ම අක්බාසි සිං කාසුයා කරිස්සසි
රියැදුර, කුමක් සඳහා ලහි ලහියේ වලක් සාරන්නේ ද? කරුණාකර එය මට පැහැදිලි කරන්න. මේ වළින් කවර නම් වැඩක්ද?
තත්ථ කාසුන්ති ආවාටං.
[missing trans]
තං සුත්වා සාරථි ආවාටං ඛණන්තො උද්ධං අනොලොකෙත්වාව චතුත්ථං ගාථාමාහ –
ඒ අසා රියැදුරු වල කපන්නේම උඩ නොබලාම මේ ගාථාව කීවේය.
“රඤ්ඤො මූගො ච පක්ඛො ච, පුත්තො ජාතො අචෙතසො; සොම්හි රඤ්ඤා සමජ්ඣිට්ඨො, පුත්තං මෙ නිඛණං වනෙ”ති.
රඤ්ඤො මුගො පක්ඛොව, පුත්තො ජාතො අචෙතසො, සොම්හි රඤ්ඤො සමජ්ඣිට්ඨො, පුත්තං මෙ නිඛණං වනෙ
අපගේ රජුට ගොළු කොර පුතෙකු උපනි. ඔහු සිතන්නට ද හැකියාව නැති අයෙකි. මගේ මේ පුතු වනේ වළලවයි රජු මට අණ කෙළේය.
තත්ථ පක්ඛොති පීඨසප්පී. “මූගො”ති වචනෙනෙව පනස්ස බධිරභාවොපි සිජ්ඣති බධිරස්ස හි පටිවචනං කථෙතුං අසක්කුණෙය්යත්තා. අචෙතසොති අචිත්තකො විය ජාතො. සොළස වස්සානි අකථිතත්තා එවමාහ . සමජ්ඣිට්ඨොති ආණත්තො, පෙසිතොති අත්ථො. නිඛණං වනෙති වනෙ නිඛණෙය්යාසි.
‘පක්ඛො’ යනු කොරාය. ‘මුගො’ යනු කතාකිරීමට නොහැක. භයින් බිහිරි වූ තැනැත්තාය. ‘අචෙතසො’ සිතීමට නොහැකි ස්වභාවය ඇත්තාය. සොළොස් වසක් කතා නොකළ බැවින් මෙසේ කීහ. ‘සමජ්ඣිට්ඨා’ යනු අණ කරන්නාය. ‘නිඛණං වනෙ’ යනු වනයෙහි වල දැමීමයි.
අථ නං මහාසත්තො ආහ –
ඉක්බිති බෝසත් ඔහුට මෙසේ කීහ.
“න බධිරො න මූගොස්මි, න පක්ඛො න ච වීකලො; අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ.
න බධිරො න මූගොස්මි න පක්ඛො නපි පංගූලො, අධම්මං සාරථි කයිරා මඤ්චෙ ත්වං නිඛණං වනෙ
රියදුර, මම ගොළුවෙකු ද නොවෙමි. බිහිරෙකු ද නොවෙමි. උපතින් කොරෙකු (පංගුලො) බාහිර හේතුවකින් කොරෙන් (පක්කොවා) නොවෙමි. ඔබ මා වනයෙහි වලලන්නෙහි නම් අධර්මයක් කරන්නේය.
“ඌරූ බාහුඤ්ච මෙ පස්ස, භාසිතඤ්ච සුණොහි මෙ; අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ”ති.
ඌරු බාහුච මෙපස්සෙ - භාසිතඤ්ච සුණොනි, අධම්මං සාරථි කයිරා - මඤ්ච ත්වං නිඛණං වනෙති
මාගේ දෑත දෙකලවා බලන්න. මා කියන දේට සවන් දෙන්න. ඔබ මා වනයෙහි වලලෑමෙන් අධර්මයක් කරන්නේ ය.
තත්ථ න බධිරොති සම්ම සාරථි, සචෙ තං රාජා එවරූපං පුත්තං මාරාපෙතුං ආණාපෙසි, අහං පන එවරූපො න භවාමීති දීපෙතුං එවමාහ. මං චෙ ත්වං නිඛණං වනෙති සචෙ බධිරභාවාදිවිරහිතං එවරූපං මං වනෙ නිඛණෙය්යාසි, අධම්මං කම්මං කරෙය්යාසීති අත්ථො. “ඌරූ”ති ඉදං සො පුරිමගාථං සුත්වාපි නං අනොලොකෙන්තමෙව දිස්වා “අලඞ්කතසරීරමස්ස දස්සෙස්සාමී”ති චින්තෙත්වා ආහ. තස්සත්ථො – සම්ම සාරථි, ඉමෙ කඤ්චනකදලික්ඛන්ධසදිසෙ ඌරූ, කනකච්ඡවිං බාහුඤ්ච මෙ පස්ස, මධුරවචනඤ්ච මෙ සුණාහීති.
එහි ‘නබධිරොති’ රජතුමා මේ ආකාර පුතෙකු මැරීමට අණ කෙළේද, මම එබන්දෙකු නොවෙමි යන්න ගෙනහැර දැක්වීමට කීහ. ‘මඤ්චෙ ත්වං නික්ඛණං වනෙති’ ඉදින් මිහිරි බැව් ආදියෙන් තොර මා වනයෙහි වල දමන්නෙයැයි නියෝග කිරීම අසත් ධර්මයක් කිරීමට අණ කිරීමකි. ‘ඌරූති’ උරූ යනුවෙන් දැක්වූයේ මගේ පළමු ගාථාව අසා ද ඔහු මා දෙස නොබැලූ කල්හි මාගේ අලංකාර වූ ශරීරය පෙන්වන්නෙමියි සිතා කීහ. එහි අදහස නම් මේ මගේ කෙසෙල් කඳන් සමාන කලවා දෙකත් රන් පැහැයෙන් බබලන අත් දෙකත් බලන්න. මගේ මිහිරි වචනත් අසන්න යන්නයි.
තතො සාරථි එවං චින්තෙසි “කො නු ඛො එස, ආගතකාලතො පට්ඨාය අත්තානමෙව වණ්ණෙතී”ති. සො ආවාටඛණනං පහාය උද්ධං ඔලොකෙන්තො තස්ස රූපසම්පත්තිං දිස්වා “අයං පුරිසො කො නු ඛො, මනුස්සො වා දෙවො වා”ති අජානන්තො ඉමං ගාථමාහ –
එවිට රියදුරා මොහු ආ වේලාවේ සිට තමුන් ගැනම වර්ණනා කරගනී. වල කැපීම පසෙක තබා හිස ඔසවා බලන්නේ මිනිසෙකු ද දෙවියෙකු දැයි අදහා ගත නොහැකිව මේ ගාථාව කීහ.
“දෙවතා නුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො; කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මය”න්ති.
දෙවතානුසි ගන්ධබ්බො ආදුසක්කො පුරින්දදො, කො වා ත්වං කස්ස මා පුත්තො කථං ජනෙමු තංමයං
ඔබ දේවතාවෙකුද? ගාන්ධර්වයෙකුද? නො එසේනම් පුරින්දද නම් වූ ශක්‍ර දේවේන්ද්‍රයා ද? ඔබ කවරෙකුද? කාගේ පුතෙකුද? එය මා විසින් කෙසේ නම් දැන ගන්නේද?
අථස්ස මහාසත්තො අත්තානං ආචික්ඛිත්වා ධම්මං දෙසෙන්තො ආහ –
ඉක්බිති බෝසත් ඔහුට තමන් කවරෙකුදැයි පැහැදිලි කරන්නේ මෙසේ ධර්ම දේශනා කළේය.
“නම්හි දෙවො න ගන්ධබ්බො, නම්හි සක්කො පුරින්දදො; කාසිරඤ්ඤො අහං පුත්තො, යං කාසුයා නිහඤ්ඤසි.
නම්හ දෙවොන ගන්ධබ්බො නපිසක්කො පුරින්දදො, තාසි රඤ්ඤො අහංපුත්තො යංකාසුයා නිපඤ්ඤසී
මම දෙවියෙකු ද නොවෙමි. ගාන්ධර්වයෙකු ද නොවෙමි. පුරින්දද ශක්‍ර දේවේන්ද්‍රයාද නොවෙමි. වළලා දැමීමට නියම කළ කසී රජුගේ පුතා වෙමි.
“තස්ස රඤ්ඤො අහං පුත්තො, යං ත්වං සම්මූපජීවසි; අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ.
තස්ස රඤ්ඤො අහං පුත්තො යංත්වං සමුපජීවසී, අධම්මං සාරථි කයිරා මං චෙ ත්වං නිඛණං වනෙ
රියැදුර, ඔබ යම් රජෙකු නිසා ජීවත් වන්නේද? මම ඒ රජුගේ පුතා වෙමි. ඔබ මා (මේ) වනයෙහි වළලන්නේ නම් අධර්මයක් කළා වන්නේ ය.
“යස්ස රුක්ඛස්ස ඡායාය, නිසීදෙය්ය සයෙය්ය වා; න තස්ස සාඛං භඤ්ජෙය්ය, මිත්තදුබ්භො හි පාපකො.
යස්ස රුක්ඛස්ස ඡායාය - නිසීදෙය්ය සයෙය්‍යවා, න තස්ස සාඛං භඤ්ජෙය්ය - මිත්තදූභො හි පාපකො
“යථා රුක්ඛො තථා රාජා, යථා සාඛා තථා අහං; යථා ඡායූපගො පොසො, එවං ත්වමසි සාරථි; අධම්මං සාරථි කයිරා, මං චෙ ත්වං නිඛණං වනෙ”ති.
යථාරුක්ඛො තථාරාජා - යථා සාවො තථා අහං, යථා කායුපභො පොසො - එවං ත්වමසිසාරථී, අධම්මං සාරථි කයිරා මඤ්චෙ ත්වං නිවෙණංවනෙති
යම්ගසක සෙවනෙහි සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වේද ඒ ගසේ අතු සිඳ දැමීම නොකළ යුතුය. එබඳු මිත්‍රද්‍රෝහී තැනැත්තේ පවිටු අසත් පුරුෂයෙකි.
ගස යම්සේ වන්නේද රජ තෙමේද එසේ වන්නේය. එම රුකෙහි අත්තක් යම්සේද මම ද ඒ හා සමාන වෙමි. සාරථිය ඔබ සෙවනැල්ල යට සිටීමෙන් ඵල ප්‍රයෝජන ලැබුවෙහිය. ඔබ විසින් මෙසේ මා වනයෙහි වළලෑම මහත් අධර්මයෙකි.
තත්ථ නිහඤ්ඤසීති නිහනිස්සසි. යං ත්වං එත්ථ නිහනිස්සාමීති සඤ්ඤාය කාසුං ඛණසි, සො අහන්ති දීපෙති. සො “රාජපුත්තො අහ”න්ති වුත්තෙපි න සද්දහතියෙව, මධුරකථාය පනස්ස බජ්ඣිත්වා ධම්මං සුණන්තො අට්ඨාසි. මිත්තදුබ්භොති පරිභුත්තඡායස්ස රුක්ඛස්ස පත්තං වා සාඛං වා අඞ්කුරං වා භඤ්ජන්තො මිත්තඝාතකො හොති ලාමකපුරිසො, කිමඞ්ගං පන සාමිපුත්තඝාතකො. ඡායූපගොති පරිභොගත්ථාය ඡායං උපගතො පුරිසො විය රාජානං නිස්සාය ජීවමානො ත්වන්ති වදති.
එහි නිඝඤ්ඤසී යන මෙහි මරා දැමීමයි. ඔබ යමෙකු මෙහි වළලා ද එන්නෙමියි සනිටුහන් කොට, වළ කපන්නේ ද ඒ (අනෙකෙකු කොට) මම යැයි දැක්වීම සඳහා යෙදුණි. මම රාජපුත්‍රයා යැයි කීවේ තෙමේ නොපිළිගනී. ඒ නිසා මොහු මිහිරි ධර්ම කථාවෙන්ම අසා සිත්ගෙන සිටින්නෙමියි යැයි ධර්මය ඇසීමට සලස්වා සිටියේය. මිත්තදුභොති යනු මිත්රද්රෝහියාය. තමන්ට සෙවන දුන් ගසෙහි යම්සේ අතු සිඳ දමන මිත්‍ර ඝාතකයන් වැනි ලාමක පුරුෂයෝ කවර කරුණකින් හෝ මිත්‍රද්‍රෝහීහු වන්නෝය යනුයි. ඡායුපහොති යනු (පරිභෝග වශයෙන්) නොහොත් සෙවනැල්ලෙහි පිහිට ලැබීම වශයෙන් එහි පැමිණි පුරුෂයෙකු මෙන් තෝ රජු නිසා ජීවත්වන්නේ යනු කී සැටියි.
සො එවං කථෙන්තෙපි බොධිසත්තෙ න සද්දහතියෙව. අථ මහාසත්තො “සද්දහාපෙස්සාමි න”න්ති දෙවතානං සාධුකාරෙන චෙව අත්තනො ඝොසෙන ච වනඝටං උන්නාදෙන්තො දස මිත්තපූජගාථා නාම ආරභි –
මෙසේ කීවේ වී නමුත් (රියදුරු) බෝසත් කෙරෙහි විශ්වාසය නොතැබීය. ඉක්බිති මහසත් මොහු විශ්වාස ගන්නෙමි යැයි දෙවියන්ගේ සාධු නාදයෙන් ද, තමන්ගේ හඬින්ද වන ගහණය දෝංකාර කරවමින් මිතුරන් පිදීමේ (අනුසස් දැක්වෙන) මේ ගාථා දහස කීමට පටන් ගත්තේය.
“පහූතභක්ඛො භවති, විප්පවුට්ඨො සකංඝරා; බහූ නං උපජීවන්ති, යො මිත්තානං න දුබ්භති.
පහූතභක්ඛො භවති විප්පවුත්ථො සකාඝරා, බහුනං උපජීවන්ති යොමිත්තානං නදූභති
යමෙක් මිත්‍රද්‍රෝහී නොවන්නේ ද ඔහු සිය නිවෙසින් බැහැර ගිය කල්හි බොහෝ ආහාරපාන ලබන්නෙක් වේ. ඔහු අනුව ජීවත් වන්නෝ ද බොහෝ වෙති.
“යං යං ජනපදං යාති, නිගමෙ රාජධානියො; සබ්බත්ථ පූජිතො හොති, යො මිත්තානං න දුබ්භති.
යං යං ජනපදංයාති නිගමෙ රාජධානියො, සබ්බත්ථ පූජිතොහොති යෝ මිත්තානං නදූභති
මිත්‍රද්‍රෝහී නොවන්නා යම් ජනපදයකට, නියම්ගමකට, රාජධානියකට ගියේ ද ඒ සියලු තැනදීම ඔහු ගරුබුහුමන් ලබයි.
“නාස්ස චොරා පසාහන්ති, නාතිමඤ්ඤන්ති ඛත්තියා; සබ්බෙ අමිත්තෙ තරති, යො මිත්තානං න දුබ්භති.
නාස්ස චොරා පසහන්ති නාතිමඤ්ඤෙතිඛත්තියො, සබ්බෙ අමිත්තෙ තරති යොමිත්තානං නදූභති
මිත්‍රද්‍රෝහී නොවන්නාට සොරුන්ගෙන් පීඩා සිදු නොවේ. රජයෙන්ද කරදර සිදු නොවේ. ඔහු සියලු සතුරන් ජය ගනී.
“අක්කුද්ධො සඝරං එති, සභායං පටිනන්දිතො; ඤාතීනං උත්තමො හොති, යො මිත්තානං න දුබ්භති.
අක්කුද්ධො සගරං එති සභාය පටිනන්දිතො, ඤාතීනං උත්තමො හොති යොමිත්තානං නදූභති
මිත්‍රද්‍රෝහි නොවන්නා ජනයා අතර සතුටින් තම කටයුතු කර සතුටු සිතින් තම නිවසට පැමිණේ. නෑයන්ගෙන් ගරුබුහුමන් ලබයි.
“සක්කත්වා සක්කතො හොති, ගරු හොති සගාරවො; වණ්ණකිත්තිභතො හොති, යො මිත්තානං න දුබ්භති.
සක්කන්වා සක්කතො හොති ගරුහොති සගාරවො, වණ්ණ කිත්තිභතො හොති යොමිත්තානං නදූභති
මිත්‍රද්‍රෝහී නොවන්නා අනුනට සත්කාර කර තමන්ද සත්කාර ලබයි. අනුනට ගරු බුහුමන් කර තමන්ද ගරුබුහුමන් ලබයි. අන්‍යයන් නිසා ඔහුගේ කිතුගොස හැමතැන පැතිරේ.
“පූජකො ලභතෙ පූජං, වන්දකො පටිවන්දනං; යසොකිත්තිඤ්ච පප්පොති, යො මිත්තානං න දුබ්භති.
පූජකොලභතෙ පූජං වන්දකො පටිවන්දනං, යසො කිත්තිංච පප්පොති යො මිත්තානං නදූභති
මිතුරන්ට ද්රෝහිනොවන්නා, මිතුරන් පුදා තමනුත් පිදුම් ලබයි. වැඳිය යුත්තන් වඳින හෙතෙම තමනුත් වැඳුම් ලබයි. සම්පත් ලබයි. ඔහුගේ හොඳ නාමය සැම තැන පැතිරෙයි.
“අග්ගි යථා පජ්ජලති, දෙවතාව විරොචති; සිරියා අජහිතො හොති, යො මිත්තානං න දුබ්භති.
අග්ගියථා පජ්ජලති දෙවතාව විරෝචති, සිරියා අජහිතො හොති යොමිත්තානං නදූභති
යමෙක් මිතුරනට ද්‍රෝහ නො කෙරේද, හෙතෙම ගිනි මෙන් දිලිහේ. දෙවියෙකු මෙන් බබලයි. සිරිකත ඔහු හැර නොයයි. (ඔහු සෞභාග්‍යයෙන් තොර නොවේ.)
“ගාවො තස්ස පජායන්ති, ඛෙත්තෙ වුත්තං විරූහති; වුත්තානං ඵලමස්නාති, යො මිත්තානං න දුබ්භති.
ගාවො තස්ස පජායන්ති ඛෙත්තෙ වුත්තං විරූහති, වුත්තානං ඵලමස්නාති යො මිත්තානං නදූභති
මිත්‍රද්‍රෝහි නොවන්නාට ගව සම්පත් අඩුවක් නැතිව ලැබේ. කෙතෙහි වපුල බිජුවට වහාම ඵලදරයි. එම අස්වන්න මනාව පරිභෝජනය කරයි.
“දරිතො පබ්බතාතො වා, රුක්ඛතො පතිතො නරො; චුතො පතිට්ඨං ලභති, යො මිත්තානං න දුබ්භති.
දරිතො පබ්බතාතොවා රුක්ඛාතො පතිතො නරො, චුතො පතිට්ඨං ලභති යො මිත්තානං නදූහති
මිතුරන්ට ද්‍රෝහ නොකරන්නා පර්වතයකින් හෝ පර්වත විවරයකින් හෝ ගසකින් හෝ ඇදහැලුනේ (කිසියම්) පිහිටක් ලබා ඉන් බේරෙයි.
“විරූළ්හමූලසන්තානං, නිග්රොධමිව මාලුතො; අමිත්තා නප්පසාහන්ති, යො මිත්තානං න දුබ්භතී”ති.
විරූළ්හ මූලසන්තානං නිග්‍රෝධ මිව මාලුතො, අමින්තා නප්පසභන්ති යො මිත්තානං නදූභති
යමෙක් මිතුරනට ද්‍රෝහ නොකෙරේද? තරව හටගත් මුල් හා ඇටවුම් ඇති නුගරුක සැඩ සුළඟින් නොසෙල්විය හැක්කා සේ සතුරෝ ඔහු මැඩ නොපවත්වති.
තත්ථ සකං ඝරාති සකඝරා, අයමෙව වා පාඨො. න දුබ්භතීති න දුස්සති. මිත්තානන්ති බුද්ධාදීනං කල්යාණමිත්තානං න දුබ්භති. “සබ්බත්ථ පූජිතො හොතී”ති ඉදං සීවලිවත්ථුනා වණ්ණෙතබ්බං. න පසාහන්තීති පසය්හකාරං කාතුං න සක්කොන්ති. ඉදං සංකිච්චසාමණෙරවත්ථුනා දීපෙතබ්බං. “නාතිමඤ්ඤන්ති ඛත්තියා”ති ඉදං ජොතිකසෙට්ඨිවත්ථුනා දීපෙතබ්බං. තරතීති අතික්කමති. සඝරන්ති අත්තඝරං. මිත්තානං දුබ්භන්තො අත්තනො ඝරං ආගච්ඡන්තොපි ඝට්ටිතචිත්තො කුද්ධොව ආගච්ඡති, අයං පන අකුද්ධොව සකඝරං එති. පටිනන්දිතොති බහූනං සන්නිපාතට්ඨානෙ අමිත්තදුබ්භිනො ගුණකථං කථෙන්ති, තාය සො පටිනන්දිතො හොති පමුදිතචිත්තො.
එහි ‘සකාඝරා’ යනු ‘ඝකගරා’ යන්නයි. ‘සකාසරා’ යනු විකල්ප පාඨයකි. ‘නදූභති’ යනු ‘න දුස්සති’ යනුයි. ද්වේෂ නොකරයි යන අර්ථයි. ‘සබ්බත්ථ පූජිතොහොතී’ යනු හැමතැනම පිදුම් ලබයි යන අර්ථයි. මෙය සීවලී කතාවෙහි විස්තර කෙරුණි. ‘නප්පසහන්ති’ යනු මැඩීමට හෙවත් බලහත්කාරකම් කිරීමට නොහැකි බවයි. මෙය සංකිච්ච සාමණේර වස්තුවෙහි පැහැදිලි කොට ඇත. ‘නාතිමඤ්ඤෙසි ඛත්තියො’ යන්න ජෝතිපාල වස්තුවෙහි මනාව දක්වා ඇත. ‘තරති’ යනු අතික්රමණයයි. ඉක්මවා යාමයි. සඝරන්ති යන තැන මිත්‍රද්‍රෝහියා තමාගේ ගෙදරට පැමිණෙන්නේ ගැටුණු සිතින් කෝපයෙන් යුතුව පැමිණෙන බව හා මිත්‍රද්‍රෝහි නොවන්නා කෝපයෙන් තොරව තම ගෙදරට පැමිණෙන්නා වෙයි. පටිනන්දිතො යනු බොහෝදෙනා රැස්වන ස්ථානයන්හි මිත්‍රද්‍රෝහී නොවන්නාගේ ගුණ කථා කෙරේ. එයින් ඔහු සතුටට, ප්රමෝදයට පත්වෙයි.
සක්කත්වා සක්කතො හොතීති පරං සක්කත්වා සයම්පි පරෙහි සක්කතො හොති. ගරු හොති සගාරවොති පරෙසු සගාරවො සයම්පි පරෙහි ගරුකො හොති. වණ්ණකිත්තිභතොති භතවණ්ණකිත්ති, ගුණඤ්චෙව කිත්තිසද්දඤ්ච උක්ඛිපිත්වා චරන්තො නාම හොතීති අත්ථො. පූජකොති මිත්තානං පූජකො හුත්වා සයම්පි පූජං ලභති. වන්දකොති බුද්ධාදීනං කල්යාණමිත්තානං වන්දකො හුත්වා පුනබ්භවෙ පටිවන්දනං ලභති. යසොකිත්තිඤ්චාති ඉස්සරියපරිවාරඤ්චෙව ගුණකිත්තිඤ්ච පප්පොති. ඉමාය ගාථාය චිත්තගහපතිනො වත්ථු (ධ· ප· 73-74) කථෙතබ්බං.
සක්කත්වා යනු හෙතෙම (මිත්‍රද්‍රෝහි නොවන්නා) වනාහි අනුන්ට සත්කාර කොට තමන් ද අනුන්ගෙන් සත්කාර ලබන බවයි. අනුන්ට ගරුබුහුමන් දක්වා තමන්ද ඔවුන්ගෙන් ගරු බුහුමන් ලබන බවයි. වණ්ණාකිත්තිභතො යනු (මිත්‍රයා විසින් කරන ලද) ගුණ වර්ණනය හේතුවෙන් සමගුණ වර්ණනය නිසා ඇති වූ කීර්තිය ඉක්මවා ඔහුගේ ගුණ පැතිරේය යනුයි. ‘පූජකො’ මිතුරන්ට පුදා තමනුත් පුද ලබයි යනුයි. වන්දකො යනු බුද්ධාදී කල්‍යාණ මිත්‍රයින්ට වඳින්නා ඊළඟ භවයෙහි ප්‍රති වැඳුම් ලබන බවයි. යසොකිත්ති යනු ඉසුරු පරිවාර සම්පත් හා හොඳ ගුණ පැතිරීමයි. මේ ගාථාව ගැන චිත්ත ගෘහපතියාගේ කථාවෙහි කියූ අයුරින් දතයුතුයි.
පජ්ජලතීති ඉස්සරියපරිවාරෙන පජ්ජලති. සිරියා අජහිතො හොතීති එත්ථ අනාථපිණ්ඩිකස්ස වත්ථු (ධ· ප· 119-120) කථෙතබ්බං. අස්නාතීති පරිභුඤ්ජති. “පතිට්ඨං ලභතී”ති ඉදං චූළපදුමජාතකෙන (ජා· 1.2.85-86) දීපෙතබ්බං. විරූළ්හමූලසන්තානන්ති වඩ්ඪිතමූලපාරොහං. අමිත්තා නප්පසාහන්තීති එත්ථ කුරරඝරියසොණත්ථෙරස්ස මාතු ගෙහං පවිට්ඨචොරවත්ථු කථෙතබ්බං.
පජ්ජලතී යනු ඉසුරු හා පරිවාර සම්පත් නිසා ඇතිවන උදාර භාවයයි. (බැබලීමයි)සිරියා අජහිතො යන්න මෙහිදී අනාථපිණ්ඩික කතාවේ දැක්වූයේ ගතයුතු වන්නේය. අසනාති යනු පරිභෝග කරයි යනුයි. පතිට්ඨං ලභති යන්න චුල්ලපදුම ජාතකයෙහි දැක්වූ සේ දතයුතු. විරූළ්හ සන්තානං යනු වැඩුණු මුල් හා අරළු ඇති බවයි. අමිත්තානප්පස හන්තී යන කුර රන්රිය වැසී සොණ තෙරුන්ගේ මවගේ ගෙදරට පිවිසි සොරුන් පිළිබඳ තී කථාවේ වූ පරිදි දතයුතු.
සුනන්දො සාරථි එත්තකාහි ගාථාහි ධම්මං දෙසෙන්තම්පි තං අසඤ්ජානිත්වා “කො නු ඛො අය”න්ති ආවාටඛණනං පහාය රථසමීපං ගන්ත්වා තත්ථ තඤ්ච පසාධනභණ්ඩඤ්ච උභයං අදිස්වා පුන ආගන්ත්වා ඔලොකෙන්තො තං සඤ්ජානිත්වා තස්ස පාදෙසු පතිත්වා අඤ්ජලිං පග්ගය්හ යාචන්තො ඉමං ගාථමාහ –
සුනන්ද රියදුරාද මෙපමණ ගාථාවන්ගෙන් ධර්මදේශනා කළ නමුත් කවරෙකුදැයි හැඳින නොගෙන රථය සමීපයට ගොස් එහි ආභරණ හා කුමරාද නොදැක ආපසු අවුත් බලන්නේ (තේමිය කුමරු) හැඳින ගෙන පාමුල වැටී ඇඳිලිබැඳ සමාව අයදින්නේ මේ ගාථාව කීහ.
“එහි තං පටිනෙස්සාමි, රාජපුත්ත සකං ඝරං; රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසී”ති.
රාජපුත්‍රය, එනු මැනවි. ස්වකීය ගෘහයට ආපසු ගෙන යමි. ස්වාමීනි, රජය කරවනු මැනවි. වනයෙහි සිටීමෙන් කුමක් කරන්ටද?
අථ නං මහාසත්තො ආහ –
මහසත් මෙසේ කීහ;
“අලං මෙ තෙන රජ්ජෙන, ඤාතකෙහි ධනෙන වා; යං මෙ අධම්මචරියාය, රජ්ජං ලබ්භෙථ සාරථී”ති.
අලංමෙතෙන රජ්ජෙන - ඤාතකෙහි ධනෙනවා, යං මෙ අධම්ම චරියාය - රජ්ජං ලබ්භෙථ සාරථී
රියැදුර, අධාර්මික පැවැත්මෙන් මම යම් රාජ්‍යයක් ලැබෙනවානම් ඒ රාජ්‍යයෙන් ද නෑයන්ගෙන් ද ධනයෙන් ද මට වැඩක් නැත.
තත්ථ අලන්ති පටික්ඛෙපවචනං.
එහි අලං යනු ප්‍රතික්ෂේප අර්ථය සඳහා යෙදූ වචනයයි.
සාරථි ආහ –
රියදුරු මෙසේ කීවේය;
“පුණ්ණපත්තං මං ලාභෙහි, රාජපුත්ත ඉතො ගතො; පිතා මාතා ච මෙ දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ.
පුණ්ණ පත්තං පලබ්භෙහි රාජපුත්ත ඉතොගතො, පිතා මාතා ච මෙ දජ්ජුං රාජපුත්තතයි ගතෙ
රාජපුත්‍රය, ඔබ එහි ගියකල්හි බොහෝ තුටුපඬුරු ලබන්නෙහිය. මව්පියෝ මට ද බොහෝ තුටුපඬුරු දෙන්නාහුය.
“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා; තෙපි අත්තමනා දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ.
ඔරොධාච කුමාරාච වෙසියානාච බ්රාහ්මණා, තෙපි අත්තමනා දජ්ජුං රාපුත්ත තයි ගතෙ
ඔබ එහි ගියකල ඇතුළු නුවරවැසියෝ ද කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද මට බොහෝ තෑගි දෙන්නාහුය.
“හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; තෙපි අත්තමනා දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ.
හත්ථාරුහා අණීකට්ඨා රථිකා පත්ති කාරකා, තෙපි දජ්ජුං පතීතා මෙ රාජපුත්ත තයි ගතෙ
රාජපුත්‍රය, ඔබ එහි ගියකල ඇතරුවෝ ද අසරුවෝ ද රිය බලයෝද පාබලයෝ ද මට බොහෝ තුටු පඬුරු දෙන්නෝ ය.
“බහුධඤ්ඤා ජානපදා, නෙගමා ච සමාගතා; උපායනානි මෙ දජ්ජුං, රාජපුත්ත තයී ගතෙ”ති.
බහූ ජානපදා චඤ්ඤෙ නෙගමාච සමාගතා, උපායනානි මෙදජ්ජුං රාජපුත්ත තයිගතෙ
රාජපුත්‍රය, ඔබ එහි ගිය කල නුවරට රැස් වූ බොහෝ දනව් වැසියෝද නියම්ගම් වැසියෝද මට තුටුපඬුරු දෙන්නාහුය.
තත්ථ පුණ්ණපත්තන්ති තුට්ඨිදායං. දජ්ජුන්ති සත්තරතනවස්සං වස්සන්තා විය මම අජ්ඣාසයපූරණං තුට්ඨිදායං දදෙය්යුං. ඉදං සො “අප්පෙව නාම මයි අනුකම්පාය ගච්ඡෙය්යා”ති චින්තෙත්වා ආහ. වෙසියානා චාති වෙස්සා ච. උපායනානීති පණ්ණාකාරානි.
එහි පුණ්ණාපත්තං යනු තුටුපඬුරුය. දජ්ජු යනු සත්රුවන් වැසි වසින්නාක් මෙන් මගේ අදහස් සම්පූර්ණ වන සේ තුටුපඬුරු දෙන්නේයැයි සිතා මේ හේතුවෙන් ඔහු වහා මට අනුකම්පාකොට යන්නේයැයි සිතා කීහ. වෙසියානා යනු වෛශ්යයෝයි. උපායනානී යනු හුන් තැනට යවන තුටුපඬුරුයි.
අථ නං මහාසත්තො ආහ –
මහසත් කීහ;
“පිතු මාතු චහං චත්තො, රට්ඨස්ස නිගමස්ස ච; අථො සබ්බකුමාරානං, නත්ථි මය්හං සකං ඝරං.
පිතුමාතු වහංචත්තො රට්ඨස්ස නිගමස්සච, අථො සක්ය කුමාරානං නත්ථි මය්හං සබ්බං ඝරං
මම මව්පියන් විසින් ද රටවැසියන් විසින් ද එසේ ශාක්‍ය කුමාරයන් විසින් ද හැරදමන ලද්දේ වෙමි. එබැවින් මා හට කියා නිවසක් නැත.
“අනුඤ්ඤාතො අහං මත්යා, සඤ්චත්තො පිතරා මහං; එකොරඤ්ඤෙ පබ්බජිතො, න කාමෙ අභිපත්ථයෙ”ති.
අනනුඤ්ඤාතො අහං මත්යා සඤ්චත්තො පිතරා අහං, එකො අරඤ්ඤෙ පබ්බජිතො නකාමෙ අභිපත්ථියෙහි
මව විසින් අනුදන්නා ලද මම පියා විසින් බැහැර කරන ලද්දෙමි. කම්සැප විඳීමේ අභිප්රායක් මට නැත. හුදකලාව ආරණ්‍යයෙහි පැවිදිව වාසය කරමි.
තත්ථ පිතු මාතු චාති පිතරා ච මාතරා ච අහං චත්තො. ඉතරෙසුපි එසෙව නයො. මත්යාති සම්ම සාරථි, අහං සත්තාහං රජ්ජං පරිච්ඡින්දිත්වා වරං ගණ්හන්තියා මාතරා අනුඤ්ඤාතො නාම. සඤ්ඡත්තොති සුට්ඨු චත්තො. පබ්බජිතොති පබ්බජිත්වා අරඤ්ඤෙ වසනත්ථාය නික්ඛන්තොති අත්ථො.
එහි පිතුමාතුච යනු මව හා පියා යනුයි. අනෙක් තැන්වලදී ද මෙම පිළිවෙලයි. සඤ්චත්තො යනු ඉතා තදින් බැහැර කළ බවයි. පබ්බජිතො යනු පැවිදිව අරණ්‍යයෙහි වාසය පිණිස යන තැනැත්තා යන අර්ථයි.
එවං මහාසත්තස්ස අත්තනො ගුණෙ කථෙන්තස්ස පීති උප්පජ්ජි, තතො පීතිවෙගෙන උදානං උදානෙන්තො ආහ –
මෙසේ මහසත්හට තමා තුළ වූ ගුණයන් සිහියට නැගෙනවිට මහත් වූ ප්‍රීති ප්රමෝදයක් ඇති විය. එම ප්‍රීති වේගයෙන් උදන් ඇනීම් වශයෙන් මෙසේ කීහ.
“අපි අතරමානානං, ඵලාසාව සමිජ්ඣති; විපක්කබ්රහ්මචරියොස්මි, එවං ජානාහි සාරථි.
අපි අතරමානානං ඵලාසාව සමිජ්ඣති, විපක්ක බ්රහ්මචරියොස්මි එවංජානාහි සාරථි
සාරථිය, අනවශ්‍ය ඉක්මන් නැති තැනැත්තාගේ අදහස් සමෘද්ධ වෙයි. කිසිදු බියක් නැති මම බ්‍රහ්මචර්යාව මුදුන් පැමිණියේ (ගිහිගෙයින්) නික්මුනෙහි.
“අපි අතරමානානං, සම්මදත්ථො විපච්චති; විපක්කබ්රහ්මචරියොස්මි, නික්ඛන්තො අකුතොභයො”ති.
අපි අතරමානානං සම්මදත්ථො විපච්චති, විපක්ක බ්රහ්මචරියොස්මි නිකඛන්තො අතුතොභයං
සාරථිය, අනවශ්‍ය ඉක්මන් නැති තැනැත්තාගේ සිතේ අදහස් මුදුන් පැමිණෙයි. කිසිදු බියක් නැති මම අදහස් මුදුන් පැමිණියේ (සපිරුණු බ්‍රහ්මචරියාව ඇත්තේ) ගිහිගෙන් නික්මුණෙමි.
තත්ථ ඵලාසාවාති අතරමානස්ස මම සොළසවස්සෙහි කතවායාමස්ස සමිද්ධං අජ්ඣාසයඵලං දස්සෙතුං එවමාහ. විපක්කබ්රහ්මචරියොස්මීති නිට්ඨප්පත්තමනොරථො. සම්මදත්ථො විපච්චතීති සම්මා උපායෙන කාරණෙන කත්තබ්බකිච්චං සම්පජ්ජති.
එහි ඵලසා යනු ඉක්මන් නොවන්නාගේ සොළොස්වස් ඇවෑමෙන් අපේක්ෂා අදහස් මුදුන්පැමිණි බව දැක්වීමයි. විපක්ක බ්රහ්මචරියො යනු හිතේ තිබූ අදහස මුදුන්පැමිණි බව දැක්වීමට යෙදීමයි. සබබදත්තා විපච්චෙ යනු උපාය මාර්ගයෙන් කරගත යුතු දේ කරගැනීමයි.
සාරථි ආහ –
“එවං වග්ගුකථො සන්තො, විසට්ඨවචනො චසි; කස්මා පිතු ච මාතුච්ච, සන්තිකෙ න භණී තදා”ති.
මෙසේ මනහර තෙපුල් ඇති නොපැකිලෙන වචන ඇති ඔබ කවර කාරණයක් නිසා මව්පියන් හමුයෙහි කථා නොකළේදැයි රියදුරා ඇසීය.
තත්ථ වග්ගුකථොති සඛිලකථො.
මෙහි වග්ගු කථො යනු ලීලා සහිත කතාවයි.
තතො මහාසත්තො ආහ –
එවිට මහසත් කියන්නේ;
“නාහං අසන්ධිතා පක්ඛො, න බධිරො අසොතතා; නාහං අජිව්හතා මූගො, මා මං මූගමධාරයි.
නාහං අසත්ථිතා පක්ඛො නබධිරො අසොතකා, නාහං අජිව්හතා මුගො මා මං මූගො අධාරයි
මම කලවා නැති බැවින් කොරෙකු නොවෙමි. දිව නැති බැවින් ගොළුවෙකුදු නොවෙමි. කන් නැති බැවින් බිහිරෙකු නො වීමි. එබැවින් මා කොරෙකු බිහිරෙකු ගොළුවෙකු කොට නොසලකත්වා.
“පුරිමං සරාමහං ජාතිං, යත්ථ රජ්ජමකාරයිං; කාරයිත්වා තහිං රජ්ජං, පාපත්ථං නිරයං භුසං.
පුරිමං සරාමහං ජාතිං යත්ථරජ්ජ මකාරයි, කාරයිත්වා තහිං රජ්ජං පපත්ථ නිරයං භූසං
මම පෙර රාජ්‍යය විචාල ආත්මභාවයක් ගැන සිහි කරමි. ඒ ආත්ම භාවයෙහි රජකොට දරුණු දුක් ඇති නරකයට පැමිණියෙමි.
“වීසතිඤ්චෙව වස්සානි, තහිං රජ්ජමකාරයිං; අසීතිවස්සසහස්සානි, නිරයම්හි අපච්චිසං.
වීසතිඤ්චෙව චස්සානි තහිං රජ්ජ මකාරයිං, අසීති වස්ස සහස්සානි නිරයම්පි අපච්චිසං
මම ඒ ආත්මයේ රජ කළේ විසිවසරකි. එහෙත් අවුරුදු අසූහාරදාහක් අපායෙහි පැසුණෙමි.
“තස්ස රජ්ජස්සහං භීතො, මා මං රජ්ජාභිසෙචයුං; තස්මා පිතු ච මාතුච්ච, සන්තිකෙ න භණිං තදා.
තස්ස රාජස්සහංභීතො මාමං රජ්ජාභිසෙවයුං, තස්මා පිතුච්ච මාතුච්ච සන්තිකෙ න භණිං තදා
එදා රජකමට ඇති වූ බිය නිසා ‘මම රාජ්‍යයෙහි අභිෂේක නොකරත්වායි එදා දෙමාපියන් අභියස නොබිණීමි.
“උච්ඡඞ්ගෙ මං නිසාදෙත්වා, පිතා අත්ථානුසාසති; එකං හනථ බන්ධථ, එකං ඛාරාපතච්ඡිකං; එකං සූලස්මිං උප්පෙථ, ඉච්චස්ස මනුසාසති.
උච්ඡංගෙ මංනිසීදෙත්වා පිතා අත්ථානුසාසති, එකං හනථ බන්ධථ එකං ඛාරාපතච්ඡිකං, එකං සුලස්මිං අප්පෙථ ඉච්චස්ස මනුසාසති
දවසක් පියරජ මා උකුලෙහි හොවාගෙන අර්ථයෙන් අනුශාසනා කරන්නේ, එකෙකු මරව්. එකෙකු දඟගෙට යවව්. එකෙකුගේ ශරීරය පලා ලුණු ඇඹුල් ගල්වව්. එකෙකු උල තබව් යනුවෙන් උපදෙස් දෙන්නට විය.
“තායාහං ඵරුසං සුත්වා, වාචායො සමුදීරිතා; අමූගො මූගවණ්ණෙන, අපක්ඛො පක්ඛසම්මතො; සකෙ මුත්තකරීසස්මිං, අච්ඡාහං සම්පරිප්ලුතො.
තස්සාහං පරුසං සුත්වා වාචායො සමුදීරිතා, අමුගො මූගවණ්ණොන අපක්ඛො පක්ක සම්මතො, සකෙ මුත්ත කරීසස්මිං අහං සම්පරිපලුතො
එදා පියරජුගේ කෘෘරත්වය ඇසූ මම බියෙන් වෙව්ලා ගියෙමි. නොගොළුව ගොළුවෙකු ලෙසින්ද, නොපිළුව පිළුවෙකු ලෙසින්ද සිය මළමුත්රාවල ගැලී සිටියෙමි.
“කසිරඤ්ච පරිත්තඤ්ච, තඤ්ච දුක්ඛෙන සංයුතං; කොමං ජීවිතමාගම්ම, වෙරං කයිරාථ කෙනචි.
කසිරඤ්ච පරිත්තඤ්ච තඤ්චදුක්ඛෙන සංයුතං, කොතං ජීවිත මාගම්ම වෙරං කයිරාථ කෙනචි
මේ ජීවිතය ඉතා දුක් සහිතය. ස්වල්ප කාලයක් පවතින්නේ ය. එම කාලයද දුකින් ගහණය. එබඳු ජීවිතයක් ලැබුණා වූ කවරනම් පුද්ගලයෙක් කවර කාරණාවකින් හෝ පස්පව් කරන්නේ ද? නො කරන්නේමය.
“පඤ්ඤාය ච අලාභෙන, ධම්මස්ස ච අදස්සනා; කොමං ජීවිතමාගම්ම, වෙරං කයිරාථ කෙනචි.
පඤ්ඤායච අලාභෙන ධම්මස්සච අදස්සනා, කොතං ජීවිත මාගම්ම වෙරං කයිරාථ කෙනෙචි
විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන් ද ධර්මය දැකීම නම් වූ සෝවාන් මාර්ගයට නොපැමිණීමෙන් ද එසේ වූ ජීවිතයක් ලබාගත් කවරනම් පුද්ගලයෙක් කවර කාරණාවකින් පස්පව් කරන්නේ ද? නො කරන්නේමැයි.
“අපි අතරමානානං, ඵලාසාව සමිජ්ඣති; විපක්කබ්රහ්මචරියොස්මි, එවං ජානාහි සාරථි.
[missing pali]
අනවශ්‍ය ලෙස ඉක්මන් නොවන්නා වූ අයගේ අභිමතාර්ථයන් ඉටු වෙයි. සාරථිය, මම මුදුන් පැමිණියා වූ අභිමතාර්ථ ඇත්තෙමි. එය මෙසේ දැනගන්න.
“අපි අතරමානානං, සම්මදත්ථො විපච්චති; විපක්කබ්රහ්මචරියොස්මි, නික්ඛන්තො අකුතොභයො”ති.
අපි අතාරමානානං සම්මදත්ථො විපච්චති, විපක්ඛ බ්රහ්මචරියොස්මි නික්ඛන්තො අකුතොභයො
අනවශ්‍ය ඉක්මන් බව නැත්තාගේ අදහස් සඵලවෙයි. එබැවින් මුදුන් පැමිණි අදහස් ඇති මම ගිහිගෙන් නික්ම ගියේ වී නමුත් කවර ආකාරයක හෝ බියක් මට නැත.
තත්ථ අසන්ධිතාති සන්ධීනං අභාවෙන. අසොතතාති සොතානං අභාවෙන. අජිව්හතාති සම්පරිවත්තනජිව්හාය අභාවෙන මූගො අහං න භවාමි. යත්ථාති යාය ජාතියා බාරාණසිනගරෙ රජ්ජං අකාරයිං. පාපත්ථන්ති පාපතං. පතිතො අස්මීති වදති. රජ්ජාභිසෙචයුන්ති රජ්ජෙ අභිසෙචයුං. නිසාදෙත්වාති නිසීදාපෙත්වා. අත්ථානුසාසතීති අත්ථං අනුසාසති. ඛාරාපතච්ඡිකන්ති සත්තීහි පහරිත්වා ඛාරාහි පතච්ඡිකං කරොථ. උප්පෙථාති ආවුනථ. ඉච්චස්ස මනුසාසතීති එවමස්ස අත්ථං අනුසාසති. තායාහන්ති තායො වාචායො අහං. පක්ඛසම්මතොති පක්ඛො ඉති සම්මතො අහොසිං. අච්ඡාහන්ති අච්ඡිං අහං, අවසින්ති අත්ථො. සම්පරිප්ලුතොති සම්පරිකිණ්ණො, නිමුග්ගො හුත්වාති අත්ථො.
එහි අසත්ථිකා යනු සත්ථි හෙවත් කලවය නැති බවයි. අසොත යනු කන්නැති බවයි. අජිව්හතා යනු මනාකොට සෙලවිය හැකි දිවක් නැති බවයි. යත්ථ යම් ආත්මයක බරණැස්නුවර රාජ්‍යය කළ බවයි. පාපත්ථ නිරයේ වැටුණාය යන්න දැක්වීමයි. රාජ්ජාභිසෙචයුං යනු රාජ්‍යයෙහි අභිෂේක කිරීමයි. නිසීදෙත්වා යනු සතපවා (හොවා) යන අර්ථයි. අත්ථානුසාසති යනු නැසීම පිණිස උපදෙස් දීමයි. ඛාරාපතච්ඡික යනු ආයුධවලින් ශරීරය තීරුකොට කපා කාඩි ගල්වා වද දීමයි. අප්පෙතා යනු උල තැබීමයි. ඉච්චස්ස මනුසාසති මෙසේ උපදෙස් දීමයි. තස්සාහං එහි මම යනුයි. පක්ඛ සම්මතො යනු පිළුවෙකු (කොරෙකු) සම්මත වීමයි. අච්ඡාහං යනු මම එහි ගැලී හුන්නෙමි යන අර්ථයි. සම්පරි පලුතො හොඳින් (මනාව, සම්පුර්ණයෙන්) තැවැරී ගෙන එහිම ගැලී සිටීම යන අර්ථයි.
කසිරන්ති දුක්ඛං. පරිත්තන්ති අප්පං. ඉදං වුත්තං හොති – සම්මසාරථි, සචෙපි සත්තානං ජීවිතං දුක්ඛම්පි සමානං බහුචිරට්ඨිතිකං භවෙය්ය, පත්ථෙය්ය, පරිත්තම්පි සමානං සචෙ සුඛං භවෙය්ය, පත්ථෙය්ය, ඉදං පන කසිරඤ්ච පරිත්තඤ්ච සකලෙන වට්ටදුක්ඛෙන සංයුත්තං සන්නිහිතං ඔමද්දිතං. කොමන්ති කො ඉමං. වෙරන්ති පාණාතිපාතාදිපඤ්චවිධං වෙරං. කෙනචීති කෙනචි කාරණෙන . පඤ්ඤායාති විපස්සනාපඤ්ඤාය අලාභෙන. ධම්මස්සාති සොතාපත්තිමග්ගස්ස අදස්සනෙන. පුන උදානගාථායො අගන්තුකාමතාය ථිරභාවදස්සනත්ථං කථෙසි.
තසිරං යනුවෙන් මෙහිදී, ‘හිතවත් රියදුර, සත්ත්වයින්ගේ ජීවිත දුකින් ගහණ වේ. බොහෝකල් ජීවත්ව සිටියත්, හොඳින් කල් ගෙවුනත්, සුරැකුම් ලැබුණත් ඉදින් දුක්විඳින්නේමය. දුකින් කල් ගෙවන්නේමය. මේ ජීවිතය දුක් සහිතවය. දුකින් වෙලී ගියේය. හැම කල්හිම දුකින් ගහන වන්නේය. දුක්හි ගැලුනා වන්නේය. හාත්පස දුකින් ගැවසුනා වන්නේය යනුවෙන් දුක ගැන විස්තර කරන ලද්දේ වේ. වෙරං යනු ප්‍රාණඝාත ආදී පංචවිධ විරමණා ධර්මයන්ය. කෙනචී කිසියම් කරුණක් යන්නයි. පඤ්ඤාය යනු විදසුන් නුවණයි. ධම්මස්සාති යනු සෝවාන් මාර්ගයයි. නැවත උදාන ගාථාවන් ආපසු නොයෑමේ අදහස ස්ථිර බව දැක්වීමට කීහ.
තං සුත්වා සුනන්දො සාරථි “අයං කුමාරො එවරූපං රජ්ජසිරිං කුණපං විය ඡඩ්ඩෙත්වා අත්තනො අධිට්ඨානං අභින්දිත්වා “පබ්බජිස්සාමීති අරඤ්ඤං පවිට්ඨො, මම ඉමිනා දුජ්ජීවිතෙන කො අත්ථො, අහම්පි තෙන සද්ධිං පබ්බජිස්සාමී”ති චින්තෙත්වා ඉමං ගාථමාහ –
මේ අසා සුනන්ද රියදුරා මේ කුමරා එපමණ වූ රජ සැපතක් කුණපයක් මෙන් අත්හැර දමා තමාගේ අධිෂ්ඨානය නොබිඳ පැවිදි වන්නෙමියි කැලයට පිවිසුනේය. මේ දුක් ජීවිතයෙන් මට වැඩක් නැත. මම ද මොහු සමග පැවිදි වන්නෙමියි සිතා මේ ගාථාව කීවේය.
“අහම්පි පබ්බජිස්සාමි, රාජපුත්ත තවන්තිකෙ; අව්හායස්සු මං භද්දන්තෙ, පබ්බජ්ජා මම රුච්චතී”ති.
අහංපි සබ්බ ජිස්සාමි රාජපුත්ත තවන්තිකෙ, අව්හයස්සු මං භද්දන්තෙ පබ්බජ්ජා මම රුච්චතීති
පින්වත් රාජපුත්‍රය, මට පැවිද්ද රුචි වෙයි. ඔබ සමීපයෙහි මම ද පැවිදි වෙමි. පැවිදි වන්න යැයි මා කැඳවනු මැනවි.
තත්ථ තවන්තිකෙති තව සන්තිකෙ. අව්හායස්සූති “එහි පබ්බජාහී”ති පක්කොසස්සු.
එහි තවන්තිකෙ යනු ඔබ සමීපයෙහි යන අර්ථයි. ‘අව්හයස්ස’ එන්න පැවිදි වෙන්න කියා කැඳවීම යන අර්ථයි.
එවං තෙන යාචිතොපි මහාසත්තො “සචාහං ඉදානෙව තං පබ්බාජෙස්සාමි, මාතාපිතරො ඉධ නාගච්ඡිස්සන්ති, අථ නෙසං පරිහානි භවිස්සති, ඉමෙ අස්සා ච රථො ච පසාධනභණ්ඩඤ්ච ඉධෙව නස්සිස්සන්ති, ‘යක්ඛො සො, ඛාදිතො නු ඛො තෙන සාරථී’ති ගරහාපි මෙ උප්පජ්ජිස්සතී”ති චින්තෙත්වා අත්තනො ච ගරහාමොචනත්ථං මාතාපිතූනඤ්ච වුඩ්ඪිං සම්පස්සන්තො අස්සෙ ච රථඤ්ච පසාධනභණ්ඩඤ්ච තස්ස ඉණං කත්වා දස්සෙන්තො ඉමං ගාථමාහ –
එවිට මහා බෝධිසත්ත්වයෝ මොහු දැන් පැවිදි කළෙම් නම් මාගේ මව්පියෝ මෙතනට නොයෙති. එයින් ඔවුන්ට ඉමහත් දුකක් වන්නේ ය. මේ රථය ද ආභරණ ද මෙහිම විනාශ වන්නේ ය. (නුඹ නුවරට නොගියොත්) ඒ (තේමිය කුමාරයා) එක් යක්ෂයෙකි. රථාචාර්යයාද මරා කා දැමූහ. මට නින්දාවකුත් වන්නේ යැයි සිතා, ‘රියැදුර, මේ රථය ද, ආභරණ ද ගෙනගොස් රජුට දී නයෙන් මිදී එව. එයින් මව්පියන්ටද වැඩක් වන්නේය කියා මේ ගාථාව කීහ.
“රථං නිය්යාදයිත්වාන, අනණො එහි සාරථි; අනණස්ස හි පබ්බජ්ජා, එතං ඉසීහි වණ්ණිත”න්ති.
රථං නිය්යාදයිත්වාන අණනො එහි සාරථී, අණනස්ස හි පබ්බජ්ජා එතං ඉසීහි වණ්ණිනංති
රියැදුර, පැවිද්ද වනාහි ණය නැත්තන්ට මය. එම පැවිද්ද බුද්ධාදී ඍෂිවරු විසින් කරන ලදී. එබැවින් (පැවිදි වීමට) මේ රථය ගෙනගොස් දී ණය නැත්තෙක්ව එව.
තත්ථ එතන්ති එතං පබ්බජ්ජාකරණං බුද්ධාදීහි ඉසීහි වණ්ණිතං පසත්ථං ථොමිතං.
එහි එවං යනු මේ කාරණය බුද්ධාදි සෘෂිවරු විසින් මනාකොට අගය කරන ලද්දක් බව දැක්වීමට යොදන ලදී.
තං සුත්වා සාරථි “සචෙ මයි නගරං ගතෙ එස අඤ්ඤත්ථ ගච්ඡෙය්ය, පිතා චස්ස ඉමං පවත්තිං සුත්වා ‘පුත්තං මෙ දස්සෙහී’ති පුන ආගතො ඉමං න පස්සෙය්ය, රාජදණ්ඩං මෙ කරෙය්ය, තස්මා අහං අත්තනො ගුණං කථෙත්වා අඤ්ඤත්ථාගමනත්ථාය පටිඤ්ඤං ගණ්හිස්සාමී”ති චින්තෙන්තො ගාථාද්වයමාහ –
රියදුරු, ඒ අසා ඉදින් මා නගරයට ගිය කල් මෙතෙම වෙනතක ගියේ නම්, මගෙන් තතු දැන පුත, මට දක්වව’ යි එන පියා මොහු නොදුටු කල්හි, මට දඬුවම් පමුණුවන්නේය. එබැවින් මොහුට ඔහුගේ ගුණම ගෙනහැර දක්වා බැහැර නොයන ලෙස ප්‍රතිඥාවක් ගනිමියි සිතා මෙසේ කීවේය.
“යදෙව ත්යාහං වචනං, අකරං භද්දමත්ථු තෙ; තදෙව මෙ ත්වං වචනං, යාචිතො කත්තුමරහසි.
උතුමාණෙනි, ඔබට යහපතක් වේවා. යම්හෙයකින් ඔබ ගේ වචනය මා ඉටු කරන්නේ ද ඔබ මාගේ ඉල්ලීම ද ඉටුකිරීම ද සුදුසුයි.
“ඉධෙව තාව අච්ඡස්සු, යාව රාජානමානයෙ; අප්පෙව තෙ පිතා දිස්වා, පතීතො සුමනො සියා”ති.
පිය රජතුමා කැඳවාගෙන එනතුරු මෙතැන්හිම සිටිනු මැන. ඔබගේ පියරජු දැක සතුටු සිත් ඇතිකර ගන්නේ නම් මැනවි.
තතො මහාසත්තො ආහ –
ඉක්බිති මහසත් මෙසේ කීහ.
“කරොමි තෙ තං වචනං, යං මං භණසි සාරථි; අහම්පි දට්ඨුකාමොස්මි, පිතරං මෙ ඉධාගතං.
කරොමිතෙ තං වචනං යංමං භණසි සාරථි, අහම්පි දට්ඨුකාමොස්මි පිතරං මෙ ඉධාගතං
සාරථිය. ඔබ යමක් කියන්නේ නම් මම එය නොපිරිහෙළා ඉටු කරමි. මෙහි පැමිණෙන පියරජු දැකීමට මම ද කැමැත්තෙමි.
“එහි සම්ම නිවත්තස්සු, කුසලං වජ්ජාසි ඤාතිනං; මාතරං පිතරං මය්හං, වුත්තො වජ්ජාසි වන්දන”න්ති.
එහි සම්ම නිවත්තස්සූ කුසලං වජ්ජාසි ඤාතිනං, මාතරං පිතරං මය්හං වුත්තො වජ්ජාසි වන්දතන්ති
සබඳ (බරණැසට) ගොස් නැවත මෙහි එන්න. ඉන්පසු මා සමීපයෙහි නතර වෙන්න. සුවදුක් විචාල බව ඤාතීන්ට කියව. මව්පියන්ට මා වඳින ලද බව වචනයෙන් ප්‍රකාශ කරව.
තත්ථ කරොමි තෙතන්ති කරොමි තෙ එතං වචනං. එහි සම්ම නිවත්තස්සූති සම්ම සාරථි, තත්ථ ගන්ත්වා එහි, එත්තොව ඛිප්පමෙව නිවත්තස්සු. වුත්තො වජ්ජාසීති මයා වුත්තො හුත්වා “පුත්තො වො තෙමියකුමාරො වන්දතී”ති වන්දනං වදෙය්යාසීති අත්ථො.
මෙහි කරොමිත්තෙ ඔබගේ එම වචනය ඉටුකරමි යනුයි. එහි සම්මනිවත්තස්සු සබඳ එහි (බරණැස) ගොස් වහා අවුත් මෙහි නවතින්න යනුයි. වුත්තොවජ්ජාසි යනු මා විසින් කියූ ලෙස ඔබගේ පුත්‍ර තේමිය කුමාරයා ඔබට වඳින්නේය. යන්න වචනයෙන් කීමට නියම කළ බවයි.
ඉති වත්වා මහාසත්තො සුවණ්ණකදලි විය ඔනමිත්වා පඤ්චපතිට්ඨිතෙන බාරාණසිනගරාභිමුඛො මාතාපිතරො වන්දිත්වා සාරථිස්ස සාසනං අදාසි. සො සාසනං ගහෙත්වා කුමාරං පදක්ඛිණං කත්වා රථමාරුය්හ නගරාභිමුඛො පායාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති රත්කෙලෙස් ගහක් මෙන් නැමී බරණැස්නුවර දෙසට හැරී, පසඟ පිහිටුවා වැඳ රියදුරාට යාමට අවසර දුන්නේය. ඔහු අවසර ලබාගෙන,
“තස්ස පාදෙ ගහෙත්වාන, කත්වා ච නං පදක්ඛිණං; සාරථි රථමාරුය්හ, රාජද්වාරං උපාගමී”ති.
තස්සපාදෙ ගහෙත්වාන කත්වා චනං පදක්ඛිණං, සාරථි රථමාරුය්හ රාජද්වාරං උපාගමි
බෝසත්හුගේ පා අල්වා වැඳ පැදකුණු කොට රථයට නැගී රජගෙදර කරා ගියේ ය.
තස්සත්ථො – භික්ඛවෙ, එවං වුත්තො සො සාරථි, තස්ස කුමාරස්ස පාදෙ ගහෙත්වා තං පදක්ඛිණං කත්වා රථං ආරුය්හ රාජද්වාරං උපාගමීති.
එම ගාථායෙහි තස්ස යනුවෙන් කියනු ලැබුවේ (ඒ) තේමිය කුමාරයාගේ පා අල්වා වැඳ රජගෙදර කරා ගිය බවයි.
තස්මිං ඛණෙ චන්දාදෙවී සීහපඤ්ජරං විවරිත්වා “කා නු ඛො මෙ පුත්තස්ස පවත්තී”ති සාරථිස්ස ආගමනමග්ගං ඔලොකෙන්තී තං එකකං ආගච්ඡන්තං දිස්වා උරං පහරිත්වා පරිදෙවි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඒ වේලෙහි චන්ද්‍රා දේවිය, මගේ පුතාට කුමක් වීදැයි, සීමැදුරු කවුළුව රියදුරා පැමිණෙන දිසාව දෙස බලන්නී, තනිවම එන්නා වූ ඔහු දැක වැළපෙන්නට විය. ඒ බැව් ගෙනහැර දක්වමින් ශාස්තෘෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සුඤ්ඤං මාතා රථං දිස්වා, එකං සාරථිමාගතං; අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, රොදන්තී නං උදික්ඛති.
සුඤ්ඤංමාතාරථං දිස්වා එතංසාරථි මාගතං, අස්සු පුණ්ණොහි නෙත්තෙහි රොදන්තීනං උදික්ඛති
ඒ මෑණියෝ හිස් වූ රථය හා එකලාව පැමිණි රියදුරු දැක කඳුළු පිරි දෙනෙතින් යුතුව හඬ හඩා රියදුරා දෙස බලන්නී (මෙසේ සිතුවාය.)
“අයං සො සාරථි එති, නිහන්ත්වා මම අත්රජං; නිහතො නූන මෙ පුත්තො, පථබ්‍යා භූමිවඩ්ඪනො.
අයං සො සාරථිඑති නිහත්වාන මමත්රජං, නිහතොනූන මෙ පුත්තො පඨව්යා භූමිවද්ධතො
ඒකාන්තයෙන්ම මේ රියදුරා මාගේ පුතු මරා දමා එයි. ලොවට වැඩ සලසන (භූමිවද්ධනො) මපුතු මොහු විසින් මරා වළලන ලද්දේමයයි සිතමි.
“අමිත්තා නූන නන්දන්ති, පතීතා නූන වෙරිනො; ආගතං සාරථිං දිස්වා, නිහන්ත්වා මම අත්රජං.
අමිත්තා නූන නන්දන්ති පතීතානූන වෙරිනො, ආගතං සාරථිං දිස්වානිහත්වාන මමත්රජං
මාගේ පුත්‍රයා මරා දමා එන්නා වූ මේ රියැදුරු දැක සතුරෝ එකහෙළාම සතුටු වෙති. වෛර කරන්නෝ ප්‍රීතියෙන් උද්දාම වෙති.
“සුඤ්ඤං මාතා රථං දිස්වා, එකං සාරථිමාගතං; අස්සුපුණ්ණෙහි නෙත්තෙහි, රොදන්තී පරිපුච්ඡි නං.
සුඤ්ඤං මාතා රතංදිස්වා එකං සාරථි මාගතං, අස්සුපුණ්ණෙහි නෙත්තෙහි රොදන්ති පරිපුච්ඡති
(එසේ) තනිව පැමිණි රියදුරු හා හිසේ රථය දැක කඳුළු පිරි දෙනෙතින් යුතුව හඬමින් මෙසේ ඇසුවාය.
“කිං නු මූගො කිංනු පක්ඛො, කිංනු සො විලපී තදා; නිහඤ්ඤමානො භූමියා, තං මෙ අක්ඛාහි සාරථි.
කින්නු මූගො කින්නුපක්ඛො කින්නු සොවිලපී තදා, නිහඤ්ඤමානොභූමියා තම්මෙ අක්ඛාහි පුච්ඡිතොති
මගේ පුතා ගොළුවෙකු ද කොරෙකු ද ඔහු වළලනවිට හඬා වැලපුණේද රියදුර මට එය කියව.
“කථං හත්ථෙහි පාදෙහි, මූගපක්ඛො විවජ්ජයි; නිහඤ්ඤමානො භූමියා, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
කථං හත්ථෙහි පාදෙහි මූගො පක්ඛො විවජ්ජයි, නිහඤ්ඤමානො භූමියා තම්මෙ අක්ඛාහි පුච්ඡිතොති
මා අසන දෙයට පිළිතුරු දෙව. ගොළුවෙකු කොරෙකු වූ ඔහුගේ අත්පා කෙසේ කඩා බිඳ දමා වැළලීද?
තත්ථ මාතාති තෙමියකුමාරස්ස මාතා. පථබ්‍යා භූමිවඩ්ඪනොති සො මම පුත්තො භූමිවඩ්ඪනො හුත්වා පථබ්‍යා නිහතො නූන. රොදන්තී පරිපුච්ඡි නන්ති තං රථං එකමන්තං ඨපෙත්වා මහාතලං අභිරුය්හ චන්දාදෙවිං වන්දිත්වා එකමන්තෙ ඨිතං සාරථිං පරිපුච්ඡි. කින්නූති කිං නු සො මම පුත්තො මූගො එව පක්ඛො එව. තදාති යදා නං ත්වං කාසුයං පක්ඛිපිත්වා කුද්දාලෙන මත්ථකෙ පහරි, තදා. නිහඤ්ඤමානො භූමියාති තයා භූමියං නිහඤ්ඤමානො කිං නු විලපි. තං මෙති තං සබ්බං අපරිහාපෙත්වා මෙ අක්ඛාහි. විවජ්ජයීති “අපෙහි සාරථි, මා මං මාරෙහී”ති කථං හත්ථෙහි පාදෙහි ච ඵන්දන්තො තං අපනුදි, තං මෙ කථෙහීති අත්ථො.
එහි මාතා යනු තේමිය කුමරුගේ මවයි. ‘පථව්‍යා භූමිවද්ධතො’ ලොවට වැඩ සිදුකරන මගේ පුතා ඒකාන්තයෙන් වළ දැමීද යන්නයි. රොදන්ති පරිපුච්ඡතී යනු රිය එක් පසෙක තබා රජ මිදුලට බැස වැඳවැටී එකත්පසෙක සිටියා වූ රියදුරාගෙන් ඇසූ බවයි. කින්නු යනු කිම මගේ පුතු ඒකාන්තයෙන් ගොළුවෙකු, පිළෙකු (කොරෙකු) වූයේදැයි (ඇසූ අයුරුයි) නිහඤ්ඤමානො භූමියා භූමියෙහි වළ දැමීදැයි වැළපුණු බවයි. තං මෙ මට ඒ සියල්ල නොවළහා කියව යනු සඳහා යෙදුනි. විවජ්ජයී මා නොමරවයි කීය. කෙසේනම් අත්පා ගසමින් එය වැළැක්වීද යන්න සඳහායි.
තතො සාරථි ආහ –
රියදුරු කියන්නේ;
“අක්ඛෙය්‍යං තෙ අහං අය්යෙ, දජ්ජාසි අභයං මම; යං මෙ සුතං වා දිට්ඨං වා, රාජපුත්තස්ස සන්තිකෙ”ති.
අක්ඛිස්සං තෙ අහං අය්යෙ දජ්ජාසි අභයං මම, යංතම සුතංවා දිට්ඨංවා රාජපුත්තස්ස සන්තිකෙ
ආර්යාවෙනි, ඔබ මට අභයදානය කරන්නේ නම් රාජ පුත්‍රයා සමීපයෙහි මා ඇසූ දුටු දේ ඔබට නොවළහා කියමි.
තත්ථ දජ්ජාසීති සචෙ අභයං දදෙය්යාසි, සො ඉදං “සචාහං ‘තව පුත්තො නෙව මූගො න පක්ඛො මධුරකථො ධම්මකථිකො’ති වක්ඛාමි, අථ ‘කස්මා තං ගහෙත්වා නාගතොසී’ති රාජා කුද්ධො රාජදණ්ඩම්පි මෙ කරෙය්ය, අභයං තාව යාචිස්සාමී”ති චින්තෙත්වා ආහ.
එහි දජ්ජාසී යනු දෙන්න යැයි කීමයි. (ඉල්ලීමයි) මෙහි දී රියදුරා (සිතුවේ) ඔබගේ පුතා ගොළුවෙකු හෝ කොර පිළුවෙකු නොව මිහිරි කතා ඇති ධර්ම කථිකයෙකැයි කීමෙහි නම් එසේ නම් කුමක් නිසා ඔහු එක්ක නොආවේදැයි කියා කිපුණු රජතුමා මට දඬුවම් කරන්නේය. එබැවින් අභය ඉල්ලා සිටිමියි සිතා කී බවයි.
අථ නං චන්දාදෙවී ආහ –
ඉන්පසු චන්ද්‍රා දේවිය ඔහුට මෙසේ කීවාය.
“අභයං සම්ම තෙ දම්මි, අභීතො භණ සාරථි; යං තෙ සුතං වා දිට්ඨං වා, රාජපුත්තස්ස සන්තිකෙ”ති.
හිතවත, ඔබට අභය දානය දෙමි. බිය නැතිව රජ කුමරා සමීපයෙහි ඇසූ දුටු දේ මට කියව.
තතො සාරථි ආහ –
ඉන්පසු රියදුරා මෙසේ කීවේය.
“න සො මූගො න සො පක්ඛො, විසට්ඨවචනො ච සො; රජ්ජස්ස කිර සො භීතො, අකරා ආලයෙ බහූ.
නසො මූගො නසො පක්ඛො විස්සට්ඨ වචනො ච සො, රජස්ස නිරයො භීතො අකරීආලෙය බහු
ඔහු ගොළුවෙකු හෝ කොරෙකු ද නොවේ. මනාකොට කතා කළ හැකි අයෙකි. රාජ්‍යය කිරීමට ඇති බිය නිසා බොහෝ රැවටීම් කර ඇත. ඔබගේ වචන නො කළේල.
“පුරිමං සරති සො ජාතිං, යත්ථ රජ්ජමකාරයි; කාරයිත්වා තහිං රජ්ජං, පාපත්ථ නිරයං භුසං.
පුරිමං සරති සො ජාතිං යත්ථ රජ්ජමකාරයි, කාරයිත්වා තහිං රජ්ජං පාපත්ථ නිරයංභූසං
ඔහු පෙර රාජ්‍ය කළ ආත්මයක් සිහිපත් කර, එහි රාජ්‍යය කොට බියජනක නිරයට පැමිණි බවද සිහි කරයි.
“වීසතිඤ්චෙව වස්සානි, තහිං රජ්ජමකාරයි; අසීතිවස්සසහස්සානි, නිරයම්හි අපච්චි සො.
වීසතිඤ්චෙව වස්සානි තහිරජ්ජ මකාරයි, අසීති වස්ස සහස්සොති නිරයම්හි අපච්චිසො
ඔහු එම අත්බැව්හි අවුරුදු විස්සක් රාජ්‍යය කොට ඇත. පසුව අවුරුදු අසූදහසක් මුලුල්ලෙහි නිරයෙහි පැසුණේලු.
“තස්ස රජ්ජස්ස සො භීතො, මා මං රජ්ජාභිසෙචයුං; තස්මා පිතු ච මාතුච්ච, සන්තිකෙ න භණී තදා.
තස්ස රජ්ජස්ස සොභීතො මාමං රජ්ජාභිසෙවයුං, තස්මා පිතුච්ච මාතුච්ච සන්තිකෙ න භණී තදා
එසේ රාජ්‍ය කිරීම ගැන භීතියට පත්වූ හෙතෙම මා අභිෂේක නොකරත්වායි සිතා මව්පියන් හමුයෙහි එදා කතා නොකෙළේය.
“අඞ්ගපච්චඞ්ගසම්පන්නො, ආරොහපරිණාහවා; විසට්ඨවචනො පඤ්ඤො, මග්ගෙ සග්ගස්ස තිට්ඨති.
අංගපච්චංග සම්ප්රණ්ණො ආරොහ පරිනාහවා, විස්සට්ඨ වචනො පඤ්ඤො මග්ගෙ සග්ගස්සතිට්ඨති
ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුතු හෙතෙම ඇදහිය හැකි කතා ඇත්තේය. ප්‍රඥාවන්ත ය. සුගති මගෙහි පිහිටියේය.
“සචෙ ත්වං දට්ඨුකාමාසි, රාජපුත්තං තවත්රජං; එහි තං පාපයිස්සාමි, යත්ථ සම්මති තෙමියො”ති.
සචෙ ත්වං දට්ඨුකාමාසි රාජපුත්රි තවත්රජං, එහි තං පාපයිස්සාමි යත්ථ සම්මති තෙචියොති
රාජපුත්‍රය, ඉදින් ඔබ පුතු දකිනු කැමැති නම් ‘තේමිය කුමරා මගේ ඉල්ලීමට අනුව කිසියම් තැනක රැඳී සිටින්නේනම් එතනට ඔබ පමුණුවමි.
තත්ථ විසට්ඨවචනොති අපලිබුද්ධකථො. අකරා ආලයෙ බහූති තුම්හාකං වඤ්චනානි බහූනි අකාසි. පඤ්ඤොති පඤ්ඤවා. සචෙ ත්වන්ති රාජානං ධුරං කත්වා උභොපි තෙ එවමාහ. යත්ථ සම්මති තෙමියොති යත්ථ වො පුත්තො මයා ගහිතපටිඤ්ඤො හුත්වා අච්ඡති, තත්ථ පාපයිස්සාමි, ඉදානි පපඤ්චං අකත්වා ලහුං ගන්තුං වට්ටතීති ආහ.
එහි විස්සට්ඨ වචනො යනු නිරවුල් වචනයි. ආලයෙබහූ යනු ඔබලාට බොහෝ වංචා කළේ ය යනු දැක්වීමයි. පඤ්ඤො යනු ප්‍රඥාවන්තයාය. සචෙ ත්වං ඉදින් ඔබ යනුයි. යත්ථ සම්මතී ඔබගේ පුතු මට වූ පොරොන්දු අනුව යනක සිටීද එතනට පමුණුවමි. පමානොව ඉක්මනට යාම සුදුසුය යන්නයි.
කුමාරො පන සාරථිං පෙසෙත්වා පබ්බජිතුකාමො අහොසි. තදා සක්කො තස්ස මනං ඤත්වා තස්මිං ඛණෙ විස්සකම්මදෙවපුත්තං පක්කොසාපෙත්වා “තාත විස්සකම්මදෙවපුත්ත, තෙමියකුමාරො පබ්බජිතුකාමො, ත්වං තස්ස පණ්ණසාලඤ්ච පබ්බජිතපරික්ඛාරඤ්ච මාපෙත්වා එහී”ති පෙසෙසි. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා වෙගෙන ගන්ත්වා තියොජනිකෙ වනසණ්ඩෙ අත්තනො ඉද්ධිබලෙන රමණීයං අස්සමං මාපෙත්වා රත්තිට්ඨානදිවාට්ඨානඤ්ච පොක්ඛරණිඤ්ච ආවාටඤ්ච අකාලඵලසම්පන්නං රුක්ඛඤ්ච කත්වා පණ්ණසාලසමීපෙ චතුවීසතිහත්ථප්පමාණං චඞ්කමං මාපෙත්වා අන්තොචඞ්කමෙ ච ඵලිකවණ්ණං රුචිරං වාලුකං ඔකිරිත්වා සබ්බෙ පබ්බජිතපරික්ඛාරෙ මාපෙත්වා “යෙ පබ්බජිතුකාමා, තෙ ඉමෙ ගහෙත්වා පබ්බජන්තූ”ති භිත්තියං අක්ඛරානි ලිඛිත්වා චණ්ඩවාළෙ ච අමනාපසද්දෙ සබ්බෙ මිගපක්ඛිනො ච පලාපෙත්වා සකට්ඨානමෙව ගතො.
තේමිය කුමරා රියදුරු පිටත්කර යවා පැවිදිවනු සිත් ඇති විය. ඔහුගේ එම සිත දැනගත් සක්දෙවිඳු, විස්කම් දෙව්පුතු අමතා, දරුව තේමිය කුමරු පැවිදි වනු කැමැත්තෙන් සිටී. ඔහුට පන්සලක් හා පැවිදි පිරිකර මවා එවයි කියා පිටත්කර එවීය. ඔහු හොඳයැයි පිළිගෙන වෙළවිව අවුත් යොදුන් තුනක් වූ වන ගහණයක රාත්රිස්ථාන, දිවා ස්ථාන, පොකුණු, වැසිකිලි ආදිය ද පලබර ගස්වැල් ද ආශ්‍රයක් ද පැවිදි පිරිකර ද මවා තමන් සිටි (දෙව්ලොවට ම) තැනටම ගියේය.
තස්මිං ඛණෙ මහාසත්තො තං දිස්වා සක්කදත්තියභාවං ඤත්වා, පණ්ණසාලං පවිසිත්වා වත්ථානි අපනෙත්වා, රත්තවාකචීරං නිවාසෙත්වා එකං පාරුපිත්වා අජිනචම්මං එකංසෙ කත්වා ජටාමණ්ඩලං බන්ධිත්වා කාජං අංසෙ කත්වා කත්තරදණ්ඩමාදාය පණ්ණසාලතො නික්ඛමිත්වා පබ්බජිතසිරිං සමුබ්බහන්තො අපරාපරං චඞ්කමිත්වා “අහො සුඛං, අහො සුඛ”න්ති උදානං උදානෙන්තො පණ්ණසාලං පවිසිත්වා කට්ඨත්ථරණෙ නිසින්නො පඤ්ච අභිඤ්ඤා අට්ඨ සමාපත්තියො ච නිබ්බත්තෙත්වා සායන්හසමයෙ පණ්ණසාලතො නික්ඛමිත්වා චඞ්කමනකොටියං ඨිතකාරරුක්ඛතො පණ්ණානි ගහෙත්වා , සක්කදත්තියභාජනෙ අලොණකෙ අතක්කෙ නිධූපනෙ උදකෙ සෙදෙත්වා අමතං විය පරිභුඤ්ජිත්වා චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා තත්ථ වාසං කප්පෙසි.
මහසත් එය දැක ශක්‍රයා විසින් දෙන ලදැයි දැන පන්සලට පිවිස ඇඳුම් ඉවත්කොට රන්වැහැරි සිවුරු හැඳ පෙරව, අඳුන් දිවිසම් ඒකංසකොට පොරවා ජටාමඬුලු බැඳ කාචය(මල්ල) උරයක එල්ලාගෙන සැරයටිය ගෙන පන්සලින් නික්ම පැවිදි රුවින් සමුපේතව ඔබමොබ ඇවිද බලන්නේ කොපමණ සැපයක්දැයි උදන් ඇනීය. පසුව පන්සලට පිවිස දඬු ඇඳෙහි හුන්නේ බවුන් වඩා පස් අභිඥාවන් උපදවාගෙන සවස්කළ පන්සලින් නික්ම සක්මනෙහි කෙරවල පිහිටි කරගසින් කොළ ස්වල්පයක් කඩාගෙන ශක්‍රයා විසින් දුන් පාත්‍රයෙහි බහා, ලුණු දෙහි, මෝරු නැති, ගින්නෙන් උණුනොකළ පානයක් සකස්කොට අමාවක් බොන්නා සේ තුටුසිතින් පානය කළේය. පසුව සිව් බඹවිහරණ වඩමින් එහි හුන්නේය.
කාසිරාජාපි සුනන්දසාරථිස්ස වචනං සුත්වා මහාසෙනගුත්තං පක්කොසාපෙත්වා තරමානරූපොව ගමනසජ්ජං කාරෙතුං ආහ –
කසී රජද සුනන්දගේ බස් අසා, සේනාධිපතියා අමතා ගමන සංවිධානය කිරීමට නියෝග කළේය.
“යොජයන්තු රථෙ අස්සෙ, කච්ඡං නාගාන බන්ධථ; උදීරයන්තු සඞ්ඛපණවා, වාදන්තු එකපොක්ඛරා.
යොජයන්තු රථෙ අස්සෙ කච්ඡංනාගාන බන්ධථ, උදීරයත්තු සංඛ පණවා - වදන්තු එකපොක්ඛරා
රථයට අශ්වයින් යොදන්න. ඇතුනට නත්යානුපකරණ (නෙත්තිමාලා බඳින්න) පළඳවන්න. හස්ත්යාභරණ පළඳවන්න. ජයසක් පනාබෙර නාද කරවන්න. එකැස් බෙර වයන්න.
“වාදන්තු භෙරී සන්නද්ධා, වග්ගූ වාදන්තු දුන්දුභී; නෙගමා ච මං අන්වෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො.
තදන්තු භෙරිසන්නද්ධා චගුංවදතූ දුන්දුභි, නෙගමාච මං අන්වෙන්තු ගච්ඡං පුත්ත නිවෙදකො
රණබෙර වයත්වා. මිහිරිකොට මිහිඟුබෙර වයත්වා. පුතුට කරුණු පැහැදිළි කිරිමට යන මා සමග ගම් නියම්ගම් වැසියෝ ද පැමිණෙත්වා.
“ඔරොධා ච කුමාරා ච, වෙසියානා ච බ්රාහ්මණා; ඛිප්පං යානානි යොජෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො.
ඔරොධාච කුමාරොච වෙසියානාච බ්රාහ්මණා, ඛිප්පං යානානි යොජෙන්තු ගච්ඡං පුත්තනිවෙදකො
ඇතුළු නුවර වැසියෝ ද, කුමාරයෝ ද වෛශ්‍යයෝ ද බමුණෝ ද පුතුට කරුණු කියා අවබෝධය ලබාදීමට යන මා සමග යාමට යානාවන් යොදත්වා.
“හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; ඛිප්පං යානානි යොජෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො.
හත්ථාරෝහා අණීකට්ඨා රථිකා පත්තිකාරතා, ඛිප්පං යානානි යොජෙන්තු ගච්ඡං පුත්ත නිවෙදකො
ඇතරුවෝ ද අසරුවෝ ද රථකාරකයෝද පාබලයෝද වහා යානාවන් යොදාගෙන පුතුට සංවේදනය කිරීමට යන මා සමග පැමිණෙත්වා.
“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; ඛිප්පං යානානි යොජෙන්තු, ගච්ඡං පුත්තනිවෙදකො”ති.
සමාගතා ජානපදා නෙගමාච සමාගතා, ඛිප්පං යානානි යොජෙන්තු ගච්ඡං පුත්ත නිවෙදකො
රැස්වූ ජනපදවාසීන්ට ද නියම්ගම්වාසීන්ට ද වහාම යාමට යානාවන් යොදත්වා.
තත්ථ උදීරයන්තූති සද්දං මුඤ්චන්තු. වාදන්තූති වජ්ජන්තු. එකපොක්ඛරාති එකමුඛභෙරියො. සන්නද්ධාති සුට්ඨු නද්ධා. වග්ගූති මධුරස්සරා. ගච්ඡන්ති ගමිස්සාමි. පුත්තනිවෙදකොති පුත්තස්ස නිවෙදකො ඔවාදකො හුත්වා ගච්ඡාමි. තං ඔවදිත්වා මම වචනං ගාහාපෙත්වා තත්ථෙව තං රතනරාසිම්හි ඨපෙත්වා අභිසිඤ්චිත්වා ආනෙතුං ගච්ඡාමීති අධිප්පායෙනෙවමාහ. නෙගමාති කුටුම්බිකජනා. සමාගතාති සන්නිපතිතා හුත්වා.
එහි උදීරයන්ත යනු නාද කිරිමයි. වදන්තු යනු වාදනය කිරීමයි. එකපොක්ඛරා යනු එකැස් බෙරයි. සන්නද්ධා යනු මනාකොට (බෙර) මුසන්තත්වා (හෙවත් සුසරකොට) යනුයි. වග්ගු යනු මිහිරි ලෙස ස්වර ගැන්වීම (හෙවත් සුසර කිරීම) යි. ගචඡන්ති (මෙහි) යන්නෙමි යන අරුති. පුත්තනිවේදකො යනු පුතාට නිවේදකයෙක්ව (කරුණු අවබෝධ කරන්නෙක්) වීමයි. (එසේ ගොස්) ඔහුට අවවාද කොට මාගේ අදහස් (හරියැයි) ඒත්තු ගන්වා එතැනදීම ඔහු රුවන් සමූහයක් මත වඩාහිඳුවා අභිෂේක කොට ගෙනඒමට මම යන්නෙමි යන අභිප්‍රායයෙන් මෙසේ කීවේය. සමාගතා යනු රැස්වෙත්වා යන්නයි.
එවං රඤ්ඤා ආණත්තා සාරථිනො අස්සෙ යොජෙත්වා රථෙ රාජද්වාරෙ ඨපෙත්වා රඤ්ඤො ආරොචෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ රජු අණකළ කල්හි රියදුරු විසින් අසුන් යෙදූ රථය රජගෙදර දොරටුවෙහි තබා රජතුමාට දැන්වීය. ඒ බව දැක්වීමට මෙසේ කීවේය.
“අස්සෙ ච සාරථී යුත්තෙ, සින්ධවෙ සීඝවාහනෙ; රාජද්වාරං උපාගච්ඡුං, යුත්තා දෙව ඉමෙ හයා”ති.
අස්සෙච සාරථී යුත්තෙ සින්ධවෙ සීඝ වාහනෙ, රාජද්වාරං උපාගඤ්ජුං යුත්තාදෙව ඉමෙ භයාති
රියදුරෝ ඉක්මනින් ගමන් යන සෛන්ධව අසුන් යෙදූ රථ රජමැදුරට පැමිණ වූහ. දේවයන් වහන්ස, අශ්වයින් රථවල යොදවන ලදැයි පැවසූහ.
තත්ථ අස්සෙති සින්ධවෙ සින්ධවජාතිකෙ සීඝවාහනෙ ජවසම්පන්නෙ අස්සෙ ආදාය. සාරථීති සාරථිනො. යුත්තෙති රථෙසු යොජිතෙ. උපාගච්ඡුන්ති තෙ රථෙසු යුත්තෙ අස්සෙ ආදාය ආගමංසු, ආගන්ත්වා ච පන “යුත්තා, දෙව, ඉමෙ හයා”ති ආරොචෙසුං.
එහි අස්සෙ යනු සෛන්ධව කුලයෙහි ඉක්මන් ගමන් ඇති අශ්වයින් යෙදුවේය. සාරථි රියදුරන්ය. යුත්තෙ යනු රථයෙහි යෙදූ බවයි. උපගඤ්ජු යනු ඒ (රියදුරන්) අනුස් යෙදූ රථ ද රැගෙන පැමිණි බවයි. එසේ පැමිණ දේවයන් වහන්ස, අපි අසුන් රියවල යෙදුවෙමු. (ඈදුවෙමු) යැයි දන්වා සිටියහ.
තතො සාරථීනං වචනං සුත්වා රාජා උපඩ්ඪගාථමාහ –
ඉක්බිති රජතුමා කීහ.
“ථූලා ජවෙන හායන්ති, කිසා හායන්ති ථාමුනා”ති.
‘තර අශ්වයන් වේගයෙන් නොදුවති. කෙට්ටු අශ්වයෝ ශක්තියෙන් හීනය. එබඳු අශ්වයින් යොදා නොගන්න.’
තං සුත්වා සාරථිනොපි උපඩ්ඪගාථමාහංසු –
රියදුරෝ කීවාහුය.
“කිසෙ ථූලෙ විවජ්ජෙත්වා, සංසට්ඨා යොජිතා හයා”ති.
‘කෙට්ටු හා මහත අශ්වයින් හැරදමා සුදුසු අශ්වයෝම යොදන ලද්දේය.
තස්සත්ථො – දෙව, කිසෙ ච ථූලෙ ච එවරූපෙ අස්සෙ අග්ගණ්හිත්වා වයෙන වණ්ණෙන ජවෙන බලෙන සදිසා හයා යොජිතාති.
ජවබල සම්පන්න අසුන් යෙදූ බව මින් කියැවිණි.
අථ රාජා පුත්තස්ස සන්තිකං ගච්ඡන්තො චත්තාරො වණ්ණෙ අට්ඨාරස සෙනියො සබ්බඤ්ච බලකායං සන්නිපාතාපෙසි. තස්ස සන්නිපාතෙන්තස්සෙව තයො දිවසා අතික්කන්තා. අථ චතුත්ථෙ දිවසෙ කාසිරාජා නගරතො නික්ඛමිත්වා ගහෙතබ්බයුත්තකං ගාහාපෙත්වා අස්සමපදං ගන්ත්වා පුත්තෙන සද්ධිං පටිනන්දිතො පටිසන්ථාරමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජතුමා පුතු සමීපයට යාම සඳහා සිව්වනක් පිරිස ද බලඇණි අටළොසක් සහිත සියලුම බල සෙනඟ ද කැඳවූහ. ඔවුන්ට රැස්වීමට තෙදිනක් පමණ ගතවිය. ඉක්බිති සිව්වන දිනයේ ගෙන යා යුතු දෙය ගෙන අසපුව වෙත ගියේය. පුත්කුමරු විසින් පියරජතුමා ඇතුළු පිරිස සතුටින් පිළිගෙන පිළිසඳරෙහි යෙදුණි. එම අවස්ථාව මනාලෙස දක්වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ;
“තතො රාජා තරමානො, යුත්තමාරුය්හ සන්දනං; ඉත්ථාගාරං අජ්ඣභාසි, සබ්බාව අනුයාථ මං.
තතොචරාජා තරමානො යුත්ත මාරුය්හ සන්දනං, ඉත්ථාගාරං අජ්ඣභාසි සබ්බාව අනුයාථමං
ඉන්පසු රජතුමා තමාට යාමට සුදුසු රථයකට නැග සියල්ලෝ මා සමග එත්වායි අන්තඃපුරයට කීවේය.
“වාළබීජනිමුණ්හීසං, ඛග්ගං ඡත්තඤ්ච පණ්ඩරං; උපාධී රථමාරුය්හ, සුවණ්ණෙහි අලඞ්කතා.
වාළ වීජනීමුණ්හීසං ඛග්ගංඡත්තඤ්ච පණ්ඩරං, උපාදි රථමාරුය්හ සුවණ්ණෙන අලංකතො
වල්විදුනාවද, නළල්පටද, කඩුවද සෙස්සත හා රන්මිරිවැඩි සඟලද රථයේ තැබීමට අණකොට තමන් සර්වාභරණයෙන් සැරසුණේය.
“තතො ස රාජා පායාසි, පුරක්ඛත්වාන සාරථිං; ඛිප්පමෙව උපාගච්ඡි, යත්ථ සම්මති තෙමියො.
තතො රාජා පායාසි පුරක්ඛත්වාන සාරථිං, ඛිප්පමෙවඋපාගඤ්ජි යත්ථසම්මති තෙමියො
ඉක්බිති රජතුමා, රියදුරා පෙරටු කොටගෙන තේමිය කුමරු යම් තැනකද එතැනට පැමිණියේය.
“තඤ්ච දිස්වාන ආයන්තං, ජලන්තමිව තෙජසා; ඛත්තසඞ්ඝපරිබ්යූළ්හං, තෙමියො එතදබ්රවි.
තඤ්ච දිස්වාන ආයන්තං ජලන්තමිව තේජසා, ඛත්තසංඝ පරිබ්බූළ්හං තෙමියො එතදබ්රවී
තේජසින් දිලිහෙමින් ක්ෂත්රිය සමූහයා පිරිවරාගෙන එන්නා වූ ඒ පියරජු දැක තේමිය කුමරු මෙසේ කීවේය.
“කච්චි නු තාත කුසලං, කච්චි තාත අනාමයං; සබ්බා ච රාජකඤ්ඤායො, අරොගා මය්හ මාතරො.
කච්චිනූ තාත කුසලං කච්චිතාත අනාමයං, කච්චින්නු රාජ කඤ්ඤායො ආරොගො මය්හ මාතරො
පියාණෙනි, ඔබේ සුවදුක් කෙසේද? ලෙඩක් දුකක් නැද්ද? මාගේ මෑණිවරු රාජ කන්‍යාවෝ නිරෝගීව සිටීද?
“කුසලඤ්චෙව මෙ පුත්ත, අථො පුත්ත අනාමයං; සබ්බා ච රාජකඤ්ඤායො, අරොගා තුය්හ මාතරො.
කුසලඤ්චෙව මෙ පුත්ත අථො පුත්ත අනාමයං, සබ්බාච රාජකඤ්ඤායො ආරොගා තුය්හ මාතරො
පුත, මම සුවසේ වෙසෙමි. ලෙඩක් දුකක් නැත. ඔබගේ මව්වරුද සියලුම රාජ කන්‍යාවෝද සුවසේ වෙසෙති.
“කච්චි අමජ්ජපො තාත, කච්චි තෙ සුරමප්පියං; කච්චි සච්චෙ ච ධම්මෙ ච, දානෙ තෙ රමතෙ මනො.
කච්චිස්ස මජ්ජපො තාත, කච්චිතෙ සුරමප්පියං, කච්චි සච්චෙච ධම්මෙච, දානෙ ත්වෙ රමතී මනො
පියාණෙනි, ඔබ මත්පැන් බොන්නේ නැද්ද? ඔබට සුරාව අප්‍රියද? ඔබ සත්‍ය ධර්මයෙහි පිහිටා කටයුතු කරන්නේද? සිත දානය සඳහා යොමු වන්නේද?
“අමජ්ජපො අහං පුත්ත, අථො මෙ සුරමප්පියං; අථො සච්චෙ ච ධම්මෙ ච, දානෙ මෙ රමතෙ මනො.
අමජ්ජපො අහං පුත්ත අථො මෙ සුරමප්පියං, අථො සච්චෙ ධම්මෙච දානෙ මෙ රමතී මනො
පුත, මම මත්පැන් බොන්නේ නැත. සුරාව මට අප්‍රියය. සත්‍යය ධර්මයෙහි පිහිටා කටයුතු කරමි. දානයෙහි මගේ සිත ඇලුණේ වේ.
“කච්චි අරොගං යොග්ගං තෙ, කච්චි වහති වාහනං; කච්චි තෙ බ්යාධයො නත්ථි, සරීරස්සුපතාපනා.
කච්චි අරොගං යොග්ගං තෙ කච්චි වහත වාහනං, කච්චි තෙ ව්යාධයො නත්ථි සරීරස්සු පතාපනා
ඔබගේ වාහනවල යොදන ඇත්, අස් ආදීහු නිරෝගද? උන් ඔබ හොඳින් උසුලාගෙන යන්නේද? ශරීරයට තැවීමක් ගෙන දෙන රෝග ඔබට ඇත්තේද?
“අථො අරොගං යොග්ගං මෙ, අථො වහති වාහනං; අථො මෙ බ්යාධයො නත්ථි, සරීරස්සුපතාපනා.
අථො ආරොගං යොග්ගං මෙ අථො වහති වාහනං, අථො මෙ ව්යාධයො නත්ථි සරීරස්සු පතාපනා
පුත්‍රය, මාගේ වාහනවල යොදන ඇත්, අස් ආදී සතුන් නිරෝගය. හස්ත්යාදීහු මා හොඳින් උසුලාගෙන යති. ශරීරය තවන කිසිදු ව්‍යාධියක් මට නැත.
“කච්චි අන්තා ච තෙ ඵීතා, මජ්ඣෙ ච බහලා තව; කොට්ඨාගාරඤ්ච කොසඤ්ච, කච්චි තෙ පටිසන්ථතං.
කච්චි අන්තාච තෙඵිතා මජ්ඣෙව බහලාතව, කෙට්ඨාගාරංච කොසංච සබ්බං ත්වෙ පටිසන්ථතං
පියාණෙනි, ඔබගේ පසල්දනව් වැස්සෝ සමෘද්ධ වූවෝ ද ඔබගේ රටමැද වූ ගම් නියම්ගම් වැස්සෝ සමෘද්ධිමත්හුද? ඔබගේ අටුකොටු ධන ධාන්‍යයෙන් පිරි ඇත්ද? භාණ්ඩාගාරය ධනයෙන් පිරි ගොස්ද?
“අථො අන්තා ච මෙ ඵීතා, මජ්ඣෙ ච බහලා මම; කොට්ඨාගාරඤ්ච කොසඤ්ච, සබ්බං මෙ පටිසන්ථතං.
අථො අන්තාච මෙ ඵිතා මජ්ඣෙව බහලාම ම, කොට්ඨාගාරංච කෙසඤ්ච සබ්බං මෙ පටිසන්තතං
පුත, මාගේ පසල්දනව් වැස්සෝ සමෘද්ධිමත්හුය. රට මැද බොහෝ වූ ගම්නියම්ගම් ඇත. මාගේ සියලු අටුකොටු ධන ධාන්‍යයෙන් පිරී ගොස්ය.
“ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; පතිට්ඨපෙන්තු පල්ලඞ්කං, යත්ථ රාජා නිසක්කතී”ති.
ස්වාගතං තෙමහා රාජ අථොතෙඅදුරාගතං, පතිට්ඨා පෙන්තු පල්ලංකං යත්ථ රාජා නිසක්කතීති
මහ රජ, ඔබගේ පැමිණීම යහපත්ය. අයහපත් නොවේ. රජතුමා යම්තැනක වාඩිවිය යුතුද එතැනට සුදුසු පර්යංකයක් පනවත්වා.
තත්ථ උපාධී රථමාරුය්හාති සුවණ්ණපාදුකා ච රථං ආරොපෙන්තූති අත්ථො. ඉමෙ තයො පාදෙ පුත්තස්ස තත්ථෙව අභිසෙකකරණත්ථාය “පඤ්ච රාජකකුධභණ්ඩානි ගණ්හථා”ති ආණාපෙන්තො රාජා ආහ. සුවණ්ණෙහි අලඞ්කතාති ඉදං පාදුකං සන්ධායාහ. උපාගච්ඡීති උපාගතො අහොසි. කාය වෙලායාති? මහාසත්තස්ස කාරපණ්ණානි පචිත්වා නිබ්බාපෙන්තස්ස නිසින්නවෙලාය. ජලන්තමිව තෙජසාති රාජතෙජෙන ජලන්තං විය. ඛත්තසඞ්ඝපරිබ්යූළ්හන්ති කථාඵාසුකෙන අමච්චසඞ්ඝෙන පරිවුතං, ඛත්තියසමූහෙහි වා පරිවාරිතං. එතදබ්රවීති කාසිරාජානං බහි ඛන්ධාවාරං නිවාසාපෙත්වා පදසාව පණ්ණසාලං ආගන්ත්වා තං වන්දිත්වා නිසින්නං පටිසන්ථාරං කරොන්තො එතං වචනං අබ්‍රවි.
එහි උපධිරථ මාරුය්හ ස්වර්ණමය පාත්‍රතාවෙන් රථයට නැගීම යන්නයි. මේ ගාථාවේ ඉතිරි පද තුනෙන්, පුතුට එහිදීම අභිෂේක කිරීම පිණිස පංචරාජ කකුධ භාණ්ඩයන් ගෙන යායුතු බව අණකරමින් කී බවයි. උපාගඤ්ජ යනු පැමිණි බවයි. කායවෙලායා මහසත් හට කරකොල තබාවා ගැනීමට ගතවූ කාලයයි. ජලන්තමිව යනු රාජ තේජසින් බැබලුණා සේ පෙණුනු බවයි. ඛත්තසංඝනී පරිබුල්හා යනු කථාවට උදව් පිණිස ක්ෂත්රිය අමාත්‍යවරු පිරිවරා සිටි බවයි. එත්රදබ්රවී මෙසේ කීවේය. ආරක්ෂක භටයින් ඈතින් නවත්වා පාගමනින් අවුත් වැඳ සිට පිළිසඳර කතා කරන්නේ මේ වචන කියූ බවයි.
කුසලං අනාමයන්ති උභයෙනපි පදෙන ආරොග්යමෙව පුච්ඡති. කච්චි අමජ්ජපොති කච්චි මජ්ජං න පිවසීති පුච්ඡති. “අප්පමත්තො”තිපි පාඨො, කුසලධම්මෙසු නප්පමජ්ජසීති අත්ථො. සුරමප්පියන්ති සුරාපානං අප්පියං. “සුරමප්පියා”තිපි පාඨො, සුරා අප්පියාති අත්ථො. ධම්මෙති දසවිධෙ රාජධම්මෙ. යොග්ගන්ති යුගෙ යුඤ්ජිතබ්බං තෙ තව අස්සගොණාදිකං. කච්චි වහතීති කච්චි අරොගං හුත්වා වහති. වාහනන්ති හත්ථිඅස්සාදි සබ්බං වාහනං. සරීරස්සුපතාපනාති සරීරස්ස උපතාපකරා. අන්තාති පච්චන්තජනපදා. ඵීතාති ඉද්ධා සුභික්ඛා, වත්ථාභරණෙහි වා අන්නපානෙහි වා පරිපුණ්ණා ගාළ්හවාසා. මජ්ඣෙ චාති රට්ඨස්ස මජ්ඣෙ. බහලාති ගාමනිගමා ඝනවාසා. පටිසන්ථතන්ති පටිච්ඡාදිතං ගුත්තං, පරිපුණ්ණං වා. යත්ථ රාජා නිසක්කතීති යස්මිං පල්ලඞ්කෙ රාජා නිසීදිස්සති, තං පඤ්ඤාපෙන්තූති වදති.
කුසලං අනාමයං දෙදෙනාම සුවදුක් විමසීමයි. කච්චිස්සමජ්ජනො සුරාව නොබොන්නෙක්ද? මත්වන දෑ නොබොන්නේ දැයි ඇසූ අයුරුයි. අප්පමජ්ජො යනුද එයටම අපර පාඨයකි. කුසල කර්මයන් ප්‍රමාද නොවන්නේයැ යනු එහි අර්ථයයි. සුරමප්පියංති සුරාපානයට අප්‍රිය බවයි. සුරමප්පියා යනු ද එයටම පාඨයකි. ධම්මෙති දශවැදෑරුම් රාජධර්මයි. යොග්ගා යනු වියගසෙහි ඈදනු ලබන අශ්වගොන් ආදී සතුන්ය. කච්චිවහන්ති නිරෝගිව වෙසෙත්ද යනුයි. වාහනන්ති ඇත් ආදී සියලු වාහනයෝයි. සරීරස්සු පතා පනා යනු ශරීරයෙහි පවතින (සාමාන්‍ය) උෂ්ණත්වය වැඩි වූ උෂ්ණකාරක තත්ත්වයක් යනුයි. අන්තා යනු ප්‍රත්‍යන්ත ජනපදයි. ඨිතා යනු සමෘද්ධිමත්, ආහාරයෙන් සුලභ ඉතා උසස් දිවිපැවැත්මයි. මජ්ඣෙච යනු රට මැදයි. බහලා ගම්නියගම්වලින් ගහණ වූ වාසභූමි ප්රදේශයයි. පටිසන්ථත හාත්පසින් ආවරණය වූ ආරක්ෂා වූ හෝ සපිරුණු බවයි. නිසක්කතීති යනු කිසියම් ආසනයක රජු අසුන් ගන්නේ ද එබඳු රජුට සුදුසු අසුනක් පැනවීම යන්නයි.
රාජා මහාසත්තෙ ගාරවෙන පල්ලඞ්කෙ න නිසීදති. අථ මහාසත්තො “සචෙ පල්ලඞ්කෙ න නිසීදති, පණ්ණසන්ථාරං පඤ්ඤාපෙථා”ති වත්වා තස්මිං පඤ්ඤත්තෙ නිසීදනත්ථාය රාජානං නිමන්තෙන්තො ගාථමාහ –
රජු මහසත්හට ඇති ගෞරවය නිසා ආසනයෙහි හිඳගත්තේ නැත. ආසනයක වාඩි නොවන්නේනම් කොළඅතු ගොඩක් අසුනක් ලෙස සැකසීමට බෝසත් නියෝග කළ මේ ගාථාව කීවේය.
“ඉධෙව තෙ නිසීදස්සු, නියතෙ පණ්ණසන්ථරෙ; එත්තො උදකමාදාය, පාදෙ පක්ඛාලයස්සු තෙ”ති.
ඉධෙවතෙ නිසින්නස්ස නියතො පණ්ණසන්ථතෙ, එත්තො උදකමාදාය පාදෙ පක්ඛාල යන්තුතෙති
මොනවට පැනවුණු මේ කොල ඇතිරියෙහි සිටින ඔබ මෙයින් ජලය ගෙන පාසේදුව මැනව යි (තේමිය කුමරු) කීහ.
තත්ථ නියතෙති සුසන්ථතෙ. එත්තොති පරිභොගඋදකං දස්සෙන්තො ආහ.
එහි නියතො මනාකොට පනවන ලද බවයි. එත්තො යනුවෙන් පරිභෝගයට ගන්න ජලය දැක්වීමට කී බවයි.
රාජා මහාසත්තෙ ගාරවෙන පණ්ණසන්ථාරෙපි අනිසීදිත්වා භූමියං එව නිසීදි. මහාසත්තොපි පණ්ණසාලං පවිසිත්වා තං කාරපණ්ණකං නීහරිත්වා රාජානං තෙන නිමන්තෙන්තො ගාථමාහ –
රජතුමා ගෞරවය නිසා කොල අසුනෙහි ද නොඉඳ බිම ඉඳගත්තේය. මහසත් පන්සල තුළට ගොස් අර කරකොළ වතුර ගෙනවිත් රජතුමාට එයින් සංග්‍රහ කරන්නේ මේ ගාථාව කීහ.
“ඉදම්පි පණ්ණකං මය්හං, රන්ධං රාජ අලොණකං; පරිභුඤ්ජ මහාරාජ, පාහුනො මෙසිධාගතො”ති.
ඉදම්පි පණ්ණාකං මය්හං රන්ධං රාජ අලොණකං, පරිභුඤ්ජි මහාරාජ පාහුනෙ මෙසි ආගතොති
මහරජ, ලුණු නැතිව තැම්බූ මේ කරකොල වතුර මාගේ ආහාරය වෙයි. මහරජ, එය පානය කරන්න. මෙහි පැමිණි තැනැත්තේ මාගේ ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි.
අථ නං රාජා ආහ –
ඉක්බිති රජතුමා කීහ.
“න චාහං පණ්ණං භුඤ්ජාමි, න හෙතං මය්හ භොජනං; සාලීනං ඔදනං භුඤ්ජෙ, සුචිං මංසූපසෙචන”න්ති.
නචාහං පණ්ණං භුඤ්ජාමි නහෙතං මය්හං භොජනං, සාලීනං ඔදනං භුඤ්ජෙ සුචිං මංසුපසෙචනංති
පුත, මම කොළ අනුභව කරන්නෙක් නො වෙමි. එය මාගේ ආහාරය නොවේ. මම පිවිතුරු මස් සහිත ඇල්හාලේ බත අනුභව කරමි.
තත්ථ න චාහන්ති පටික්ඛෙපවචනං.
එහිදී ‘නචාහං’ යනුවෙන් මම කොළ අනුභව නොකරන බව පවසා,
රාජා තථාරූපං අත්තනො රාජභොජනං වණ්ණෙත්වා තස්මිං මහාසත්තෙ ගාරවෙන ථොකං පණ්ණකං හත්ථතලෙ ඨපෙත්වා “තාත, ත්වං එවරූපං භොජනං භුඤ්ජසී”ති පුත්තෙන සද්ධිං පියකථං කථෙන්තො නිසීදි. තස්මිං ඛණෙ චන්දාදෙවී ඔරොධෙන පරිවුතා එකමග්ගෙන ආගන්ත්වා බොධිසත්තස්ස අස්සමපදං පත්වා පියපුත්තං දිස්වා තත්ථෙව පතිත්වා විසඤ්ඤී අහොසි. තතො පටිලද්ධස්සාසා පතිතට්ඨානතො උට්ඨහිත්වා ආගන්ත්වා බොධිසත්තස්ස පාදෙ දළ්හං ගහෙත්වා වන්දිත්වා අස්සුපුණ්ණෙහි නෙත්තෙහි රොදිත්වා වන්දනට්ඨානතො උට්ඨාය එකමන්තං නිසීදි. අථ නං රාජා “භද්දෙ, තව පුත්තස්ස භොජනං පස්සාහී”ති වත්වා ථොකං පණ්ණකං තස්සා හත්ථෙ ඨපෙත්වා සෙසඉත්ථීනම්පි ථොකං ථොකං අදාසි. තා සබ්බාපි “සාමි, එවරූපං භොජනං භුඤ්ජසී”ති වදන්තියො තං ගහෙත්වා අත්තනො අත්තනො සීසෙ කත්වා “අතිදුක්කරං කරොසි, සාමී”ති වත්වා නමස්සමානා නිසීදිංසු. රාජා පුන “තාත, ඉදං මය්හං අච්ඡරියං හුත්වා උපට්ඨාතී”ති වත්වා ඉමං ගාථමාහ –
එම ආහාරය ප්‍රතික්ෂේප කොට තමන් ගන්නා ආහාර හුවා දක්වා ඔහු මහත් හට ගෞරවයෙන් කොල ටිකක් අල්ලට ගෙන පුත්‍රය, ඔබ මෙබඳු ආහාර අනුභව කරන්නේදැයි කියා පුතු සමග සාමීචි කථාවට පිළිපන්නේය. එවේලෙහි චන්ද්‍රා දේවිය අන්තඃපුර ස්ත්‍රී ද පිරිවරා අවුත් තම අදරැති පුතුගේ පා අල්වාගෙන වැඳ කඳුළු පිරි දෙනෙතින් යුතුව එකත්පසෙක සිටියාය. රජතුමා, පින්වතිය, පුතා බුදින ආහාර බලන්නැයි කියා (කර) කොල ටිකක් ඇගේ අතෙහි තැබීය. අනෙකුත් ස්ත්‍රීන්ටද ටික ටික දුන්නේය. ඒ සියලු දෙනා ස්වාමීනි, (තේමිය පුතු) මෙබඳු ආහාර වැළඳීමට පටන්ගෙන ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේයැයි කියා වැඳගෙනම සිටියාහුය. රජතුමා ද තම පුතුගේ ආහාරය ගැන පුදුමයට පැමිණ මට එය පැහැදිලි කර දෙන්නැයි ගාථාවක් කීවේය.
“අච්ඡෙරකං මං පටිභාති, එකකම්පි රහොගතං; එදිසං භුඤ්ජමානානං, කෙන වණ්ණො පසීදතී”ති.
අච්ඡෙරකං මංපටිභාති එකම්පිර හොගතං, එදිසං භුඤ්ජමානානං කෙන වණ්ණො පසීදති
පුතැ, එකලාව රහසිගතවැ මෙබඳු ආහාර අනුභව කරන්නන්ගේ ශරීර වර්ණනා කෙසේනම් ප්‍රසන්න වේදැයි පුදුමයක් ඇතිවේ.
තත්ථ එකකන්ති තාත, තං එකකම්පි රහොගතං ඉමිනා භොජනෙන යාපෙන්තං දිස්වා මම අච්ඡරියං හුත්වා උපට්ඨාති. එදිසන්ති එවරූපං අලොණකං අතක්කං නිධූපනං රන්ධං පත්තං භුඤ්ජන්තානං කෙන කාරණෙන වණ්ණො පසීදතීති නං පුච්ඡි.
එහි චක්කං යනු පුත තනිව රහසිගතව සිටින (ඔබ) මේ ආහාරයෙන් යැපෙන බව දැක මට පුදුමත් ඇතිවිය. (යන්න දැක්වීමට යෙදූ පරිදියි) එදිසං යනු මෙබඳු ලුණුඇඹුල් නැතිව සකස්කරන ලද පලාකොල අනුභව කරන්නන්ගේ කෑම කාරණයකින් ශරීරය වර්ණවත් වන්නේදැයි ඇසීමට මෙය කීහ.
අථස්ස සො ආචික්ඛන්තො ආහ –
එසේ අයැද සිටි රජතුමාට බෝසත් මෙසේ කීහ.
“එකො රාජ නිපජ්ජාමි, නියතෙ පණ්ණසන්ථරෙ; තාය මෙ එකසෙය්යාය, රාජ වණ්ණො පසීදති.
එකො රාජ නිපජ්ජාමි නියතෙ පණ්ණසත්ථ තෙ, තාය මෙඑකසෙය්යාය රාජ වණ්ණො පසීදති
මහරජ, මනාව අතුරන ලද තණ ඇතිරියෙහි හුදකලාවැ වැද හොවමි. එසේ එකලාව වැදහෙවීමෛන් මාගේ ශරීර වර්ණය ප්‍රසන්න වේ.
“න ච නෙත්තිංසබන්ධා මෙ, රාජරක්ඛා උපට්ඨිතා; තාය මෙ සුඛසෙය්යාය, රාජවණ්ණො පසීදති.
න වෙ නෙත්තිංස ඛන්ධො මෙ රාජ රක්ඛා උපට්ඨිතා, තාය මෙ සුඛ සෙය්යාය රාජ වණ්ණො පසීදති
මහරජ, කඩු මැද හාත්පස වටකරගත් ආරක්ෂකයෝ මට නැත. එනිසා මම සුවසේ සයනය කරමි. එයද මගේ ශරීර වර්ණය ඇතිවීමට හේතුවේ.
“අතීතං නානුසොචාමි, නප්පජප්පාමිනාගතං; පච්චුප්පන්නෙන යාපෙමි, තෙන වණ්ණො පසීදති.
අතීතං නානුසොචාමි නප්ප ජප්පාමනගතෙං, පච්චුපන්නෙන යාපෙමි තෙන වණ්ණො පසිදති
පසුගිය දේවල් ගැන සිතා නොතැවෙමි. අනාගත දේවල් ගැන සිතා නොතැවෙමි. ඒ වෙලාවට ලැබුණ දෙයින් සතුටු වෙමි. මෙයද ශරීර වර්ණනය ඇතිවීමට හේතුවකි.
“අනාගතප්පජප්පාය, අතීතස්සානුසොචනා; එතෙන බාලා සුස්සන්ති, නළොව හරිතො ලුතො”ති.
අනාගත පජප්පාය අතීතස්සානු සොචනා, එතෙන බාලා සුස්සන්ති නළොව හාරිතො ලුතොති
ඉකුත් (නොලද/නොකළ) දේවල් ගැන තැබීමෙන් අනාගතයෙහි ලබාගන්නෙමැයි ලෝබයෙන් පසුවීමත් නිසා මෝඩයෝ, සිඳින ලද සිල්වත් බටදණ්ඩක් මෙන් තැවෙති.
තත්ථ නෙත්තිංසබන්ධාති ඛග්ගබන්ධා. රාජරක්ඛාති රාජානං රක්ඛිතා. නප්පජප්පාමීති න පත්ථෙමි. හරිතොති හරිතවණ්ණො. ලුතොති ලුඤ්චිත්වා ආතපෙ ඛිත්තනළො විය.
මෙහි නෙත්තිංසබද්ධ යනු කඩුදැරීමයි. රාජරක්ඛං යනු රජු රකින්නෝයි. නප්පජප්පාමි නොපතමියි යනුයි. හරිතො යනු අව්වේ ලෑමෙන් කොලපැහැය ඉවත්කළ බටදණ්ඩක් මෙන් යනුයි.
අථ රාජා “ඉධෙව නං අභිසිඤ්චිත්වා ආදාය ගමිස්සාමී”ති චින්තෙත්වා රජ්ජෙන නිමන්තෙන්තො ආහ –
රජතුමා මෙහිදීම මොහු රාජ්‍යයෙහි අභිෂේක කොට කැඳවාගෙන යන්නෙමියි සිත රජකම ගැන අදහස් දක්වන්නේ මෙසේ කීහ.
“හත්ථානීකං රථානීකං, අස්සෙ පත්තී ච වම්මිනො; නිවෙසනානි රම්මානි, අහං පුත්ත දදාමි තෙ.
හත්ථාණිකං රථාණිතං අස්සෙ පත්ථිච වම්මිනො, නිවෙසනානි රම්මානි අහං පුත්ත දදාමිතෙ
පුත, මම තොපට ඇත් ඇණියක් ද රිය ඇණියක් ද සන්නද්ධ පාබල ඇණියක් ද රම්‍ය වූ නිවාස ද ඔබට දෙමි.
“ඉත්ථාගාරම්පි තෙ දම්මි, සබ්බාලඞ්කාරභූසිතං; තා පුත්ත පටිපජ්ජස්සු, ත්වං නො රාජා භවිස්සසි.
ඉත්ථාගාරම්පිතෙ දම්මි - සබ්බාලංකාර භූසිතං, තා පුත්ත පටිපජ්ජස්සු ත්වංනො රාජා භවිස්සති
පුත, ඔබට සර්වාලංකාරයෙන් විභූෂිත වූ අන්තඃපුරයක් ද දෙමි. ඒවා පරිභෝග කරන්න. ඔබ අපගේ රජු වන්න.
“කුසලා නච්චගීතස්ස, සික්ඛිතා චාතුරිත්ථියො; කාමෙ තං රමයිස්සන්ති, කිං අරඤ්ඤෙ කරිස්සසි.
කුසලා නච්චගීතස්ස සික්ඛිතා චතුරිත්ථියො, කා මෙ තං රමයිස්සන්ති කිං අරඤ්ඤෙ කරිස්සසි
පුත, නැටීමෙහි, ගැයීමෙහි දක්ෂ වූ හික්මුණා වූ චතුර (දක්ෂ) වූ ස්ත්‍රීහු තොප කාමයෙහි සිත් අලවන්නාහුය. මේ අරණ්‍යයේ කුමක් කරන්නේද?
“පටිරාජූහි තෙ කඤ්ඤා, ආනයිස්සං අලඞ්කතා; තාසු පුත්තෙ ජනෙත්වාන, අථ පච්ඡා පබ්බජිස්සසි.
පටිරාජුහි තෙ කඤ්ඤා ආනයිස්සං අලංකතා, කාසු පුත්තෙ ජනෙත්වාන අථපච්ඡා පබ්බජිස්සති
පුත, වෙනත් රජවරුන් ගේ රූපත් කන්‍යාවන් ඔබට ගෙන එන්නෙමි. ඔවුන් සමග වැස පසුව පැවිදිවන්න.
“යුවා ච දහරො චාසි, පඨමුප්පත්තිකො සුසු; රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසී”ති.
යුවාච දහරොචාසි පඨමුප්පත්තිතො සුසු, රජ්ජං කාරෙහිභද්දන්තෙ කිං ආරඤ්ඤෙ කරිස්සසි
පුත, තෙපි තරුණයෙකි. යෞවනය උපතින්ම නවයොවුන් වියෙහි පසුවන්නෙහිය. පින්වත, රාජ්‍ය කරව අරණ්‍යයෙහි කුමක් කරන්නේ ද?
තත්ථ හත්ථානීකන්ති දසහත්ථිතො පට්ඨාය හත්ථානීකං නාම, තථා රථානීකං. වම්මිනොති වම්මබද්ධසූරයොධෙ. කුසලාති ඡෙකා. සික්ඛිතාති අඤ්ඤෙසුපි ඉත්ථිකිච්චෙසු සික්ඛිතා. චාතුරිත්ථියොති චතුරා විලාසා ඉත්ථියො, අථ වා චතුරා නාගරා ඉත්ථියො, අථ වා චතුරා නාම නාටකිත්ථියො. පටිරාජූහි තෙ කඤ්ඤාති අඤ්ඤෙහි රාජූහි තව රාජකඤ්ඤායො ආනයිස්සාමි. යුවාති යොබ්බනප්පත්තො. දහරොති තරුණො. පඨමුප්පත්තිකොති පඨමවයෙන උප්පත්තිතො සමුග්ගතො. සුසූති අතිතරුණො.
එහි යුද්ධ ඇතුන් දසදෙනෙකුගෙන් යුක්තවූයේ ඇත් බල ඇණියක් නම් වේ. එපමණ යුධ රථවලින් යුක්තවූයේ රථ බලඇණියකි. වච්චිනො යනු සන්නාහ සන්නද්ධ යුදසරඹ මනාව දත් යෝධයෝය. කුසලා යනු ස්ත්‍රිය විසින් දතයුතු විශේෂ වූ හැකියාවන්ගෙන් ශික්ෂිත වූ බවයි. චතුරිත්ථියො යනු දක්ෂ වූ නාගරික කාන්තාවෝය. පරිරාජූහි තෙකඤ්ඤා නැවත වෙනත් රාජ කන්‍යාවෝ ද ඔබ සඳහා ගෙන එන බවයි. යුවාති යොවුන් බවට පත් තැනැත්තාය. දහරො යනු තරුණයාය. පධමුප්පත්තිතො උපතින් ප්‍රථම යොවුන් වයසේ සිටින්නා යනුයි. සුසු යනු ඉතාමත් තරුණ බවයි.
ඉතො පට්ඨාය බොධිසත්තස්ස ධම්මකථා හොති –
මෙතැන් සිට බෝසතාණන්ගේ ධර්ම දේශනයයි.
“යුවා චරෙ බ්රහ්මචරියං, බ්‍රහ්මචාරී යුවා සියා; දහරස්ස හි පබ්බජ්ජා, එතං ඉසීහි වණ්ණිතං.
යූවා චරෙ බ්රහ්මචරියං බ්රහ්මචාරියුවා සියා, දහරස්සහි පබ්බජ්ජා එතං ඉසිති [missing pali]
මහරජ, තරුණ කාලයෙහිම බ්‍රහ්මචර්යාවෙහි හැසිරිය යුතුය. බඹසර හැසිරෙන්නහුම තරුණ වන්නේය. තරුණයාටම පැවිද්ද සුදුසු වේ. මෙය සෘෂීහු විසින් වර්ණනා කරන ලද්දේ වේ.
“යුවා චරෙ බ්රහ්මචරියං, බ්‍රහ්මචාරී යුවා සියා; බ්රහ්මචරියං චරිස්සාමි, නාහං රජ්ජෙන මත්ථිකො.
යුවාචරේ බ්රහ්මචරියං බ්රහ්මචාරියුවා සියා, බ්රහ්මචරියං චරිස්සාමි නාහං රජ්ජෙන මත්ථිකො
තරුණ වූයේ බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්නේ ය. බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්නා තරුණ වේ. මම බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙමි. මට රාජ්‍යයෙන් වැඩක් නැත.
“පස්සාමි වොහං දහරං, අම්ම තාත වදන්තරං; කිච්ඡාලද්ධං පියං පුත්තං, අප්පත්වාව ජරං මතං.
පස්සාමි වොහං දහරං අම්ම තාත වදංතරං, කිච්ඡා ලද්ධං පියං පුත්තං අප්පත්වාව ජරං මතං
මැණියෙනි, පියාණෙනි, ප්‍රියතෙපුල් කියන්නා වූ, දුකසේ ලබාගන්නා වූ ප්‍රිය පුතුන් මහළුවියට නොපැමිණම මැරෙනු දැක ඇත්තෙමි.
“පස්සාමි වොහං දහරිං, කුමාරිං චාරුදස්සනිං; නවවංසකළීරංව, පලුග්ගං ජීවිතක්ඛයං.
පස්සාමි වොහං දහරිං කුමාරිංචාරු දස්සන්නං, නළවංසකළීරංව පලුග්ගං ජීවිතක්ඛයං
තරුණ වූ මනා පෙනුමැති කුමරියන් කඩාදමන උණ කිළිල්සේ මාරයා විසින් ජීවිතය සිඳලූ බව දුටුවෙමි.
“දහරාපි හි මීයන්ති, නරා ච අථ නාරියො; තත්ථ කො විස්සසෙ පොසො, ‘දහරොම්හී’ති ජීවිතෙ.
දහරානි මීයන්ති නරාච අථනාරියො, තත්ථකො විස්සසෙ පොසො දහරොම්හීති ජීවිතෙ
තරුණ වූ ස්ත්‍රීහුද පුරුෂයෝද මරණයට පැමිණෙන්නේම වේ. එබඳු ජීවිතයක් (ගතකරන බව දත්) කවර නම් පුරුෂයෙක් මම තරුණයෙමියි විශ්වාස කරන්නේ ද?
“යස්ස රත්යා විවසානෙ, ආයු අප්පතරං සියා; අප්පොදකෙව මච්ඡානං, කිං නු කොමාරකං තහිං.
යස්ස රත්යා විවසනෙ ආයුං අප්පතරංසියා, අප්පොදකෙන මච්ඡානං කිංනු කොමාරකං නහිං
වළ දිය සිඳී යාමෙන් මාළුන්ගේ මරණය වන්නාසේ දිවා රෑ ඉක්ම යන කල්හි ආයුෂ අඩුවන්නේ නම් කවර නම් තරුණ භාවයක්ද?
“නිච්චමබ්භාහතො ලොකො, නිච්චඤ්ච පරිවාරිතො; අමොඝාසු වජන්තීසු, කිං මං රජ්ජෙභිසිඤ්චසී”ති.
නිච්චමබ්භාහතො ලොකො නිච්චඤ්ච පරිවාරිතො, අමොඝාංසු වජන්තීසු කිං මං රජ්ජෙන සිඤ්චති
ලෝ වැසි තෙමේ නිරන්තරයෙන් පහරන ලද්දේ වේ. නිරන්තරයෙන් පිරිවරන ලද්දේ වේ. ආයුෂ දිව රෑ නිරතුරුවම ඉවත වන කල්හි මා රාජාභිෂේක කරන්නේ කුමකටද?
කාසිරාජා ආහ –
කාසි රාජතුමා කීහ;
“කෙන මබ්භාහතො ලොකො, කෙන ච පරිවාරිතො; කායො අමොඝා ගච්ඡන්ති, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
කෙන මබ්භාහතො ලොකො කෙනෙච පරිවාරිතො, කායො අමොඝා ගච්ඡන්ති තං මෙ අක්ඛාහි පුච්ඡිතො
කවරෙකු විසින් ලෝවැසි සත්ත්වයෝ වැඩබලන්නේද කවරෙකු විසින් පිරිවරන ලද්දේද කුමක් නම් නොසිස්ව ගෙවී යන්නේ ද පුත්‍රය, මම අසමි. එය මට කියව.
බොධිසත්තො ආහ –
බෝසත් තෙමේ කීහ;
“මච්චුනාබ්භාහතො ලොකො, ජරාය පරිවාරිතො; රත්යො අමොඝා ගච්ඡන්ති, එවං ජානාහි ඛත්තිය.
මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, රත්යො අමො ඝාගච්ඡන්ති එවං ජානාහි ඛත්තිය
ලෝවැසියා මාරයා විසින් මැඩලනු ලබන්නේය. ජරාව පිරිවරකොට ඇත්තේය. කවරෙක් නම් (ආයුෂයෙන්) නොසිස්ව යෙදේද? මහරජ, එය එසේ දැනගනුව.
“යථාපි තන්තෙ විතතෙ, යං යදෙවූපවීයති; අප්පකං හොති වෙතබ්බං, එවං මච්චාන ජීවිතං.
යථාපි තන්තෙ විතතෙ යංයදෙවූපචීයති, අප්පතං හෝති වෙතබ්බංඑවං මච්චාන ජීවිතං
යම්සේ නූල් යෙදවූ කල්හි (රෙදි වියන යන්ත්‍රයෙහි) රෙද්දෙහි ඇතැම් කොටස් වියනු ලැබේද ඉතිරිය ස්වල්ප වන්නේ ද එසේ සත්ත්වයින්ගේ ජීවිත ද දවසින් දවස ස්වල්ප වන්නේ ය.
“යථා වාරිවහො පූරො, ගච්ඡං නුපනිවත්තති; එවමායු මනුස්සානං, ගච්ඡං නුපනිවත්තති.
යථා වාරිවහො පූරො ගච්ඡන්නුප නි වත්තති, එවමායු මනුස්සානං ගච්ඡන්නුප නිවත්තති
යම්සේ පිරුණු දිය පහර ඉවුරේ වූ වෘක්ෂයන්ගේ මුල් සෝදා පෙරළාගෙන බැස යන්නේ ද එසේ සත්ත්වයෝ ද ඒකාන්තයෙන් ජරාමරණ දෙකින් ගසාගෙන යනු ලබන්නෝය.
“යථා වාරිවහො පූරො, වහෙ රුක්ඛෙපකූලජෙ; එවං ජරාමරණෙන, වුය්හන්තෙ සබ්බපාණිනො”ති.
යථා වාරිවහො පූරො වහෙ රුක්ඛූපකූලජෙ, එවං ජරාය මරණෙන වුය්හන්නෙවතපාණිනොති
යම්සේ පිරුණු දිය පහර බැස යනුයේ දෙගංබොඩ ඇති ගස්වල මුල් සෝදා පෙරළාගෙන යන්නේද එසේ සත්ත්වයෝ ද ජරාවෙන් වර්ණයෙන් ඒකාන්තයෙන් ගසාගෙන යනු ලබත්.
තත්ථ බ්‍රහ්මචාරී යුවා සියාති බ්රහ්මචරියං චරන්තො යුවා භවෙය්ය. ඉසීහි වණ්ණිතන්ති බුද්ධාදීහි ඉසීහි ථොමිතං පසත්ථං. නාහං රජ්ජෙන මත්ථිකොති අහං රජ්ජෙන අත්ථිකො න හොමි. අම්ම තාත වදන්තරන්ති “අම්ම, තාතා”ති වදන්තං. පලුග්ගන්ති මච්චුනා ලුඤ්චිත්වා ගහිතං. යස්ස රත්යා විවසානෙති මහාරාජ, යස්ස මාතුකුච්ඡිම්හි පටිසන්ධිග්ගහණකාලතො පට්ඨාය රත්තිදිවාතික්කමෙන අප්පතරං ආයු හොති. කොමාරකං තහින්ති තස්මිං වයෙ තරුණභාවො කිං කරිස්සති.
එහි බ්රහ්මචරියා යුවාසියා යනු බ්‍රහ්මචර්යාව තරුණ බවට හේතු වන්නේය යන්නයි. ඉසිහි බුද්ධාදීනුයි. රජ්ජෙතමත්ථිකො යනු රාජ්‍යයෙන් වැඩක් ඇති බවයි. අම්මතාතවදන්ති මෑණියෙනි, පියාණෙනි, යන (ආදර) තෙපුල් බිණීමයි. පලුග්ගං මාරයා විසින් සිඳ දැමීමයි. යස්ස රත්යාවිවසනෙ මහරජ, යම්කලෙක මව්කුස පිළිසිඳ ගත්තේ ද එතැන් පටන් රෑ දවල් ඉක්ම යෑමෙන් අල්ප ආයුෂ වන්නේය යනු දැක්වීමයි. කොමාරකං යනු දිවා රෑ ආයුෂ ඉක්මවන කල්හි (කුමාර) තරුණ භාවයෙන් ඇති ඵලය කුමක්ද යන්නයි.
කෙන මබ්භාහතොති කෙන අබ්භාහතො. ඉදං රාජා සංඛිත්තෙන භාසිතස්ස අත්ථං අජානන්තොව පුච්ඡති. රත්යොති රත්තියො. තා හි ඉමෙසං සත්තානං ආයුඤ්ච වණ්ණඤ්ච බලඤ්ච ඛෙපෙන්තියො එව ගච්ඡන්තීති අමොඝා ගච්ඡන්ති නාමාති වෙදිතබ්බං . යං යදෙවූපවීයතීති යං යං තන්තං උපවීයති. වෙතබ්බන්ති තන්තස්මිං වීතෙ සෙසං වෙතබ්බං යථා අප්පකං හොති, එවං සත්තානං ජීවිතං. නුපනිවත්තතීති තස්මිං තස්මිං ඛණෙ ගතං ගතමෙව හොති, න උපනිවත්තති. වහෙ රුක්ඛෙපකූලජෙති උපකූලජෙ රුක්ඛෙ වහෙය්ය.
කෙන මබ්භාහතො කවරෙකු විසින් පහරන ලද්දේද (ලෝවැසියා කවරෙකු විසින් මරණය කරා පමුණුවන්නේ ද) යන මෙය සැකෙවින් කී අර්ථය නොදත් රජු විසින් (පැහැදිලිව දැනගැනීම සඳහා) ඇසූ අයුරුයි. රත්යො රාත්‍රිය යනු මේ ලෝවැසි සතුන්ගේ ආයුෂද වර්ණයද බලයද නොනැවතී සුණු කෙරෙමින් (රාත්‍රීහු/කාලය) ඉක්ම යන බවයි. වෙතබ්බං යනු දතයුතු බවයි. (මෙහි රෙදි වියන යන්ත්‍රයෙහි උපවියනය හෙවත් ඉද්දට (සැටලයට බොබියට) යෙදු නූල් ඇති තාක් රෙද්ද වියෙන්නා සේ සත්ත්ව ජීවිතයද ගෙවීයන බව හෙවත් මරණය කරා ගෙනයන බව දැනීම මෙයින් අදහස් කරන ලදී. නුපනිවත්තතී ඒ ඒ ක්ෂණයන් ගතවූ කල්හි ගතවුණාව වේ. එය නැවත ආපසු හැරීමක් නැවතීමක් නැත. වහෙරුක්ඛූපකූලජෙ මුල් (බිස්ස) සහිත (ගඟ දෙපස ඉවුරේ) ගස් ජලපහරින් ගසාගෙන යාමයි.
රාජා මහාසත්තස්ස ධම්මකථං සුත්වා “කිං මෙ ඝරාවාසෙනා”ති අතිවිය උක්කණ්ඨිතො පබ්බජිතුකාමො හුත්වා “නාහං තාව පුන නගරං ගමිස්සාමි, ඉධෙව පබ්බජිස්සාමි. සචෙ පන මෙ පුත්තො නගරං ගච්ඡෙය්ය, සෙතච්ඡත්තමස්ස දදෙය්ය”න්ති චින්තෙත්වා තං වීමංසිතුං පුන රජ්ජෙන නිමන්තෙන්තො ආහ –
රජතුමා මහසත්හුගේ එම ධර්ම දේශනාව අසා ගිහිගෙයි විසීමෙහි කළකිරුණේ, පැවිදිවනු කැමැතිව, ‘මම නැවත නුවරට නොයමි. මෙහිදීම පැවිදි වෙමි. ඉදින් මපුතු නුවර යන්නේනම් සේසත (රජකම) මොහුට දෙමි’යි සිතා එය විමසීම සඳහා නැවතත් රාජ්‍ය පැවරීම සඳහා මෙසේ කීහ.
“හත්ථානීකං රථානීකං, අස්සෙ පත්තී ච වම්මිනො; නිවෙසනානි රම්මානි, අහං පුත්ත දදාමි තෙ.
පුත, ඇත් සේනාවක් ද රථ සේනාවක් ද සරසන ලද අස් සේනාවක්ද පාබළ සේනාවක් ද මනරම් නිවසක් ද මම තොපට දෙමි.
“ඉත්ථාගාරම්පි තෙ දම්මි, සබ්බාලඞ්කාරභූසිතං; තා පුත්ත පටිපජ්ජස්සු, ත්වං නො රාජා භවිස්සසි.
පුත, සියලු බරණින් සැරසුණු අන්තඃපුරයක් ද තොපට දෙමි. ඔවුන් පරිභෝග කරන්න. ඔබ අපගේ රජ වන්න.
“කුසලා නච්චගීතස්ස, සික්ඛිතා චාතුරිත්ථියො; කාමෙ තං රමයිස්සන්ති, කිං අරඤ්ඤෙ කරිස්සසි.
නෘත්‍යගීතයෙහි දක්ෂ වූ හික්මුණා වූ චතුර වූ ස්ත්‍රීහු ඔබ කාමයෙන් තෘප්තිමත් කරනු ඇත. (එබැවින්) මේ කැලයෙහි විසීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?
“පටිරාජූහි තෙ කඤ්ඤා, ආනයිස්සං අලඞ්කතා; තාසු පුත්තෙ ජනෙත්වාන, අථ පච්ඡා පබ්බජිස්සසි.
මනාකොට සරසන ලද රූපත් ප්‍රත්‍යන්ත රජවරුන්ගේ රාජකන්‍යාවෝ තොපට ගෙන දෙන්නෙමි. ඔවුන්ට දරුවන් ලබා දී පසුව පැවිදි වන්න.
“යුවා ච දහරො චාසි, පඨමුප්පත්තිකො සුසු; රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසි.
පුත, ඔබ යොවුන්ය. තරුණ වයසෙහි පසුවන්නෙහිය. උපතින් පළමු වියෙහි සිටින තරුණයෙකි. පින්වත, රාජ්‍ය කරව. අරණ්‍යයෙහි කුමක් කරන්නේද?
“කොට්ඨාගාරඤ්ච කොසඤ්ච, වාහනානි බලානි ච; නිවෙසනානි රම්මානි, අහං පුත්ත දදාමි තෙ.
පුත, ධාන්‍යයෙන් පිරුණු අටුකොටු ද (මුතු මැණික් ආදී) ධනයෙන් පිරුණ ගබඩාද වාහනද බලසෙනගද මනරම් නිවෙස්ද යන සියල්ල ඔබට දෙමි.
“ගොමණ්ඩලපරිබ්යූළ්හො, දාසිසඞ්ඝපුරක්ඛතො; රජ්ජං කාරෙහි භද්දන්තෙ, කිං අරඤ්ඤෙ කරිස්සසී”ති.
ගොමණ්ඩල පරිබ්බූළ්හෙං දාසි සංගෙ පුරක්ඛතො, රජ්ජං කරෙහි භද්දන්තෙ කිම අරඤ්ඤෙ කරස්සසීති
පින්වත, මිහිරි කතා ඇති රාජ කන්‍යාවන් විසින් පිරිවරණ ලද්දේ දාසි සමූහයා විසින් පිරිවරණ ලද්දේ රාජ්‍ය කරව. මේ කැලයෙහි කුමක් කරන්නේ ද?
තත්ථ ගොමණ්ඩලපරිබ්යූළ්හොති සුභඞ්ගීනං රාජකඤ්ඤානං මණ්ඩලෙන පුරක්ඛතො.
එහි ගොමණ්ඩ පරිබ්බූළ්හො යනු මනා තෙපුල් ඇති රාජ කන්‍යාවන් මණ්ඩලාකාරව (වට දෙක තුනකින් යුක්තව) පිරිවරණ ලද බවයි.
අථ මහාසත්තො රජ්ජෙන අනත්ථිකභාවං පකාසෙන්තො ආහ –
ඉක්බිති මහසත් රාජ්‍ය කිරීමෙහි ඇති අනර්ථකාරීභාවය දක්වමින් මෙසේ කීහ.
“කිං ධනෙන යං ඛීයෙථ, කිං භරියාය මරිස්සති; කිං යොබ්බනෙන ජිණ්ණෙන, යං ජරායාභිභුය්යති.
කිං ධනෙන යං ජිය්යෙථ කිං භරියාය මරිස්සති, කිං යොබ්බනෙන චිණ්ණෙන යං ජරා අභිභොස්සති
විනාශ වන්නා වූ යම් ධනයකින් වැඩක් නැත. මැරෙන්නා වූ භාර්යාවන්ගෙන් වැඩක් නැත. මනා වූ චරිතවත් භාවයෙන් යුතු, තරුණ බව මරණය විසින් මැඩලන්නේ නම් (එබඳු යොවුන් බවෙන්) ඇති වැඩය කුමක්ද?
“තත්ථ කා නන්දි කා ඛිඩ්ඩා, කා රතී කා ධනෙසනා; කිං මෙ පුත්තෙහි දාරෙහි, රාජ මුත්තොස්මි බන්ධනා.
තත්ථ නං නන්දි කා ඛිඩ්ඩා කාරතී කා ධනෙසනා, කිං මෙ පුත්තෙහි දාරෙහි රාජ බුත්තොස්මි බන්ධනා
එබඳු ජීවිතයක කවර ඇල්මක්ද? කවර කෙළිලොල් බවක් ද පස්කම් රසයෙහි කවර ඇල්මක්ද? කුමක් සඳහා ධනය සොයන්නේද? මට අඹුදරුවන්ගෙන් කවර වැඩක්ද? මහරජ, මම බන්ධනයන්ගෙන් මිදුනේ වෙමි.
“යොහං එවං පජානාමි, මච්චු මෙ නප්පමජ්ජති; අන්තකෙනාධිපන්නස්ස, කා රතී කා ධනෙසනා.
සොහංඑවං පජානාමි - මච්චු මෙ නප්පමජ්ජති, අන්තකෙනාධි පන්නස්ස - කා රතී කා ධනෙසනා
මට මරණය පමා නොවන්නේ යැයි මම දනිමි. එසේ මරණය විසින් මැඩලන ලද්දා වූ මට පංචකාම සම්පත්තියෙහි කවර ඇල්මක්ද? කෙබඳු ධන රැස්කිරිමක්ද?
“ඵලානමිව පක්කානං, නිච්චං පතනතො භයං; එවං ජාතාන මච්චානං, නිච්චං මරණතො භයං.
ඵලාන මිව පක්ඛානං නිච්චං පතනතො භයං, එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං
පැසුණු ගෙඩි කෙබඳු මොහොතක පතිත වේදැයි කිව නොහැක්කා සේ උපන් මනුෂ්‍යයාට නිතරම මරණ භය පැමිණේ.
“සායමෙකෙ න දිස්සන්ති, පාතො දිට්ඨා බහූ ජනා; පාතො එතෙ න දිස්සන්ති, සායං දිට්ඨා බහූ ජනා.
සායමෙකෙ න දිස්සන්ති පාතො දිට්ඨා බහුජ්ජනා, පාතො එකෙ නදිස්සන්ති සායං දිට්ඨා බහුජ්ජනා
උදේ දුටු බොහෝදෙනා හවස නොදක්නා ලැබේ. සවස දුටු බොහෝ දෙනා උදේ නොදක්නා ලැබේ.
“අජ්ජෙව කිච්චං ආතපං, කො ජඤ්ඤා මරණං සුවෙ; න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා.
අජ්ජෙව කිච්චං ආතප්පං කොජඤ්ඤා මරණං සුවෙ, නහි නො සංගරං තෙන මහා සෙනෙන මච්චුනා
අද අදම වීර්ය කටයුතුය. හෙට මරණය වන්නේයැයි කවරෙකු දන්නේද? මහාසේනා ඇති ඒ මාරයා සමග අපගේ පොරොන්දුවක් නැත.
“චොරා ධනස්ස පත්ථෙන්ති, රාජ මුත්තොස්මි බන්ධනා; එහි රාජ නිවත්තස්සු, නාහං රජ්ජෙන මත්ථිකො”ති.
චොරො ධනස්ස පත්වෙන්ති රාජ මුත්තොස්මි බන්ධනා, එහි රාජ නිවත්ථස්සු නාහං රජ්ජෙන මත්ථිකො
සොරු ධනය පතති. මහරජ, මම ඒ බන්ධනයෙන් මිදුනෙමි. මහරජ එන්න. මාගේ වචන පිළිගන්න. මම රාජ්‍යයෙන් ප්‍රයෝජන ලබන්නෙක් නොවෙමි.
තත්ථ යං ඛීයෙථාති මහාරාජ, කිං ත්වං මං ධනෙන නිමන්තෙසි, යං ඛීයෙථ ඛයං ගච්ඡෙය්ය. ධනං වා හි පුරිසං චජති, පුරිසො වා තං ධනං චජිත්වා ගච්ඡතීති සබ්බථාපි ඛයගාමීයෙව හොති, කිං ත්වං මං තෙන ධනෙන නිමන්තෙසි. කිං භරියායාති භරියාය කිං කරිස්සාමි, යා මයි ඨිතෙයෙව මරිස්සති. ජිණ්ණෙනාති ජරාය අනුපරිතෙන අනුභූතෙන. අභිභුය්යතීති අභිභවිය්යති. තත්ථාති තස්මිං එවං ජරාමරණධම්මෙ ලොකසන්නිවාසෙ. කා නන්දීති කා නාම තුට්ඨි. ඛිඩ්ඩාති කීළා. රතීති පඤ්චකාමගුණරති. බන්ධනාති කාමබන්ධනා මුත්තො අස්මි, මහාරාජාති ඣානෙන වික්ඛම්භිතත්තා එවමාහ. මච්චු මෙති මම මච්චු නප්පමජ්ජති, නිච්චං මම වධාය අප්පමතොයෙවාති. යො අහං එවං පජානාමි, තස්ස මම අන්තකෙන අධිපන්නස්ස වධිතස්ස කා නාම රති, කා ධනෙසනාති. නිච්චන්ති ජාතකාලතො පට්ඨාය සදා ජරාමරණතො භයමෙව උප්පජ්ජති.
එහි යං ජීය්යෙථා යනු කුමක් සඳහා මට ධනය ගැන කියන්නේද? යම් ධනයක් ක්ෂය භාවයට පත්වන්නේද, යම් ධනයක් ක්ෂයභාවයට පත්වන්නේද, එසේ වූ කල්හි ධනය පුද්ගලයා හැර යනු ලබන්නේ වේ. පුද්ගලයා විසින් ද (මරණයට පැමිණීමෙන්) එම ධනය අත්හැර යන්නේය. මෙසේ හැමතැනම ක්ෂය වීම කරා යන්නෝය. එබඳු ධනය ගැන මට කියන්නේ කුමකටද? කිංභරියා යම් භාර්යාවක් මා ජීවත්ව සිටියදීම මැරී යන්නේ නම් එම භාර්යාවන් පැතීම නිෂ්ඵල දෙයකි. චිණ්ණෙනා මනා චරිතයෙන් යුතු බවයි. හෙවත් පුරුදු කරන ලද මනා චරිත ලක්ෂණවලින් යුක්ත වීමයි. තත්ථා යනුවෙන් මෙහි අදහස් කරන ලද ලෝකයෙහි හැමකල්හි පවතින ජරා, මරණ ස්ථිරභාවයන්ය. කානන්දි කවර නම් සතුටක්ද යනුයි. කිඩ්ඩා යනු ක්‍රීඩාවන්ය. රතී යනු පංචකාම ගුණයෙහි ඇලීමයි. බන්ධනා යනු කාම තෘෂ්ණාවෙන් ඇතිවූ බැඳීම්ය. මුත්තොස්මි ධ්‍යාන බලයෙන් බැඳුණු බැවින් මෙසේ මිදුනේ වෙමියි කීහ. මච්චුමෙ මාරය, මා කරා නොපමාව එයි යනුයි. මාරයා මා නැසීම පිණිස මොහොතක් පාසා මා කරා ළඟා වන බව දනිමි. එසේ වූ ඔබ මාරයා විසින් මැඩගෙන, යටපත් කරගෙන සිටින්නහුට ධනයෙහි ඇල්මක් කුමටද? නිච්ච යනු නිතරම යනුයි. මෙහි නිතරම යනුවෙන් අදහස් කළේ උපන්දා සිට මරණය දක්වා පවතින භයයි.
ආතපන්ති කුසලකම්මවීරියං. කිච්චන්ති කත්තබ්බං. කො ජඤ්ඤා මරණං සුවෙති සුවෙ වා පරසුවෙ වා මරණං වා ජීවිතං වා කො ජානෙය්ය. සඞ්ගරන්ති සඞ්කෙතං. මහාසෙනෙනාති පඤ්චවීසතිභයබාත්තිංසකම්මකරණඡන්නවුතිරොගප්පමුඛාදිවසෙන පුථුසෙනෙන. චොරා ධනස්සාති ධනත්ථාය ජීවිතං චජන්තා චොරා ධනස්ස පත්ථෙන්ති නාම, අහං පන ධනපත්ථනාසඞ්ඛාතා බන්ධනා මුත්තො අස්මි, න මෙ ධනෙනත්ථොති අත්ථො. නිවත්තස්සූති මම වචනෙන සම්මා නිවත්තස්සු, රජ්ජං පහාය නෙක්ඛම්මං පටිසරණං කත්වා පබ්බජස්සු. යං පන චින්තෙසි “ඉමං රජ්ජෙ පතිට්ඨාපෙස්සාමී”ති, තං මා චින්තයි, නාහං රජ්ජෙන අත්ථිකොති. ඉති මහාසත්තස්ස ධම්මදෙසනා සහානුසන්ධිනා මත්ථකං පත්තා.
ආතප්ප යනු කෙලෙස් තවන වීර්යයයි. කිච්චං යනු කළයුතු දේය. කොජඤ්ඤා මරණංසුඛෙ හෙට මැරෙයිද? ජීවත්වෙයිදැයි දන්නේ කව්ද යනුයි. සංඛගරං යනු සංකේතයයි. මහා සෙනෙනා යනු පස්විසි භය දෙතිස් කම්මකරණා, අටඅනූවක් රෝග ආදී වශයෙන් වූ මාරසෙනගයි. චොරාධනස්සා ධනය පිණිස ජීවිත පැහැරගන්නා වූ සොරුන් යනුයි. ධනස්ස පත්තෙන්ති යනු ධනය පැතීමයි. (මෙහිදී බෝසත්) ධනය පැතීම යැයි කියනු ලබන බන්ධනයෙන් මිදුණු බැවින් මට ධනයෙන් ප්‍රයෝජනයක් නැතැයි කීහ. නිවත්තස්සු පිහිටාවා. මා කියන දෙයෙහි මනාකොට පිහිටත්වා. රාජ්‍ය හැරදමා එම නෛෂ්ක්රම්යයම පිහිට කොටගෙන පැවිදිවෙත්වා. යම් හෙයකින් මා රාජ්‍යයෙහි පිහිටවන්නෙමියි කියා, එබන්දක් නොසිතන්න. මම රාජ්‍යයට නොකැමැත්තෙමි. මෙසේ මහසත්හුගේ දේශනාව කරුණු දෙක එකට ගැලපීමෙන් (රාජ්‍යය හා පැවිද්ද) මුදුන්පැමිණියේ විය.
තං සුත්වා රාජානඤ්ච චන්දාදෙවිඤ්ච ආදිං කත්වා සොළසසහස්සා ඔරොධා ච අමච්චාදයො ච සබ්බෙ පබ්බජිතුකාමා අහෙසුං. රාජාපි නගරෙ භෙරිං චරාපෙසි “යෙ මම පුත්තස්ස සන්තිකෙ පබ්බජිතුං ඉච්ඡන්ති, තෙ පබ්බජන්තූ”ති . සබ්බෙසඤ්ච සුවණ්ණකොට්ඨාගාරාදීනං ද්වාරානි විවරාපෙත්වා “අසුකට්ඨානෙ ච මහානිධිකුම්භියො අත්ථි, අත්ථිකා ගණ්හන්තූ”ති සුවණ්ණපට්ටෙ අක්ඛරානි ලිඛාපෙත්වා මහාථම්භෙ බන්ධාපෙසි. තෙ නාගරා යථාපසාරිතෙ ආපණෙ ච විවටද්වාරානි ගෙහානි ච පහාය නගරතො නික්ඛමිත්වා රඤ්ඤො සන්තිකං ආගමිංසු. රාජා මහාජනෙන සද්ධිං මහාසත්තස්ස සන්තිකෙ පබ්බජි. සක්කදත්තියං තියොජනිකං අස්සමපදං පරිපුණ්ණං අහොසි. මහාසත්තො පණ්ණසාලායො විචාරෙසි, මජ්ඣෙ ඨිතා පණ්ණසාලායො ඉත්ථීනං දාපෙසි. කිංකාරණා? භීරුකජාතිකා එතාති. පුරිසානං පන බහිපණ්ණසාලායො දාපෙසි. තා සබ්බාපි පණ්ණසාලායො විස්සකම්මදෙවපුත්තොව මාපෙසි. තෙ ච ඵලධරරුක්ඛෙ විස්සකම්මදෙවපුත්තොයෙව අත්තනො ඉද්ධියා මාපෙසි. තෙ සබ්බෙ විස්සකම්මෙන නිම්මිතෙසු ඵලධරරුක්ඛෙසු උපොසථදිවසෙ භූමියං පතිතපතිතානි ඵලානි ගහෙත්වා පරිභුඤ්ජිත්වා සමණධම්මං කරොන්ති. තෙසු යො කාමවිතක්කං වා බ්යාපාදවිතක්කං වා විහිංසාවිතක්කං වා විතක්කෙති, තස්ස මනං ජානිත්වා මහාසත්තො ආකාසෙ නිසීදිත්වා මධුරධම්මං කථෙසි. තෙ ජනා බොධිසත්තස්ස මධුරධම්මං සුත්වා එකග්ගචිත්තා හුත්වා ඛිප්පමෙව අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙසුං.
එම දේශනාව අසා රජතුමා ද, චන්ද්‍රා දේවියද ඇතුළු සොළොස් දහසක් අන්තඃපුර වැසියෝද, ඇමැතිවරු ද පැවිදිවීමට කැමැති විය. රජ නුවර බෙර පියවි කරවීය. යමෙක් මපුතු සමීපයෙහි පැවිදිවනු කැමැති නම් ඔහු පැවිදිවෙත්වා යනුවෙනි. සියළු රන්ගබඩා ආදියෙහි දොරවල් හැර අසවල් අසවල් තැන මහනිදන් ඇත. ඒවා ගනිත්වායි රන් පත්‍රයක ලියවා රාජාංගනයෙහි කණුවක බැඳවීය. නුවරහු දොරවල් නොමැති අවන්හලක මෙන් තම ගෙවල්වල දොරවල් හැර දමා රජු සමීපයට පැමිණියාහුය. රජතුමා මහ පිරිස් සමග මහසත් ළඟ පැවිදි විය. ශක්‍රයා විසින් තුන්යොදුන් අසපුවක්ද නිර්මාණය කරවීය. මහසත් පන්සල් ගැන සොයා බලමින් මැද පන්සල ස්ත්රීන්ට වෙන්කර දුන්නේ ස්ත්‍රීහු බියවන සුළු පිරිසක් යනුවෙන් සිතීමෙනි. පුරුෂයන්ට බැහැරවූ පන්සල් දුන්නේය. එම අසපුවෙහි විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් පලබර ගස්වැල් මවා තිබුණි. ඒවායින් බිමට වැඩුණු ගෙඩි පිණ්ඩපාත වේලාවෙහි අහුලාගෙන අනුභවකොට සියල්ලෝම මහණදම් පිරුවෝය. යම් තාපස කෙනෙක් කාම විතර්කයෙන් හෝ ව්‍යාපාද විතර්කයෙන් හෝ විහිංසා විතර්කයෙන් පෙළුණේ ද මහසත් ඔහුගේ සිත දැන අහස සිට දම් දෙසීය. ඒ අසා වහාම ඔහු හෝ ඇය අභිඤ්ඤාවන් ද අෂ්ට සමාපත්තිද උපදවා ගත්තේය.
තදා එකො සාමන්තරාජා “කාසිරාජා කිර බාරාණසිනගරතො නික්ඛමිත්වා වනං පවිසිත්වා පබ්බජිතො”ති සුත්වා “බාරාණසිං ගණ්හිස්සාමී”ති නගරා නික්ඛමිත්වා බාරාණසිං පත්වා නගරං පවිසිත්වා අලඞ්කතනගරං දිස්වා රාජනිවෙසනං ආරුය්හ සත්තවිධං වරරතනං ඔලොකෙත්වා “කාසිරඤ්ඤො ඉමං ධනං නිස්සාය එකෙන භයෙන භවිතබ්බ”න්ති චින්තෙන්තො සුරාසොණ්ඩෙ පක්කොසාපෙත්වා පුච්ඡි “තුම්හාකං රඤ්ඤො ඉධ නගරෙ භයං උප්පන්නං අත්ථී”ති? “නත්ථි, දෙවා”ති. “කිං කාරණා”ති. “අම්හාකං රඤ්ඤො පුත්තො තෙමියකුමාරො ‘බාරාණසිං රජ්ජං න කරිස්සාමී’ති අමූගොපි මූගො විය හුත්වා ඉමම්හා නගරා නික්ඛමිත්වා වනං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජි, තෙන කාරණෙන අම්හාකං රාජා මහාජනෙන සද්ධිං ඉමම්හා නගරා නික්ඛමිත්වා තෙමියකුමාරස්ස සන්තිකං ගන්ත්වා පබ්බජිතො”ති ආරොචෙසුං. සාමන්තරාජා තෙසං වචනං සුත්වා තුස්සිත්වා “අහම්පි පබ්බජිස්සාමී”ති චින්තෙත්වා “තාත, තුම්හාකං රාජා කතරද්වාරෙන නික්ඛන්තො”ති පුච්ඡි. “දෙව, පාචීනද්වාරෙනා”ති වුත්තෙ අත්තනො පරිසාය සද්ධිං තෙනෙව පාචීනද්වාරෙන නික්ඛමිත්වා නදීතීරෙන පායාසි.
එක් සාමන්ත රජෙක් කසීරජු පැවිදි වූයේයැයි අසා බරණැස් රජය ගනිමියි නගරයට පිවිස මනාකොට අලංකාර කරන ලද නුවර බලා, රජ මැදුරට පිවිස උතුම් වූ සත්රුවන් දැක, මේ ධනය නිසා කවර හෝ බියක් උපදනේ යැයි සිතුවේය. රා සොඬුන් ගෙන්වා [missing trans] රජු කවර දොරටුවකින් නික්මිණිදැයි ඇසීය. නැගෙනහිර දොරටුවෙන් නික්මුණේයැයි කී කල්හි, තෙමේ ද පිරිස සමග එම දොරටුවෙන් නික්ම ගොස් ගංතෙරින්ද එගොඩ විය.
මහාසත්තොපි තස්ස ආගමනං ඤත්වා වනන්තරං ආගන්ත්වා ආකාසෙ නිසීදිත්වා මධුරධම්මං දෙසෙසි. සො පරිසාය සද්ධිං තස්ස සන්තිකෙයෙව පබ්බජි. එවං අපරෙපි සත්ත රාජානො “බාරාණසිනගරං ගණ්හිස්සාමී”ති ආගතා. තෙපි රාජානො සත්ත රජ්ජානි ඡඩ්ඩෙත්වා බොධිසත්තස්ස සන්තිකෙයෙව පබ්බජිංසු. හත්ථීපි අරඤ්ඤහත්ථී ජාතා, අස්සාපි අරඤ්ඤඅස්සා ජාතා, රථාපි අරඤ්ඤෙයෙව විනට්ඨා, භණ්ඩාගාරෙසු කහාපණෙ අස්සමපදෙ වාලුකං කත්වා විකිරිංසු. සබ්බෙපි අභිඤ්ඤාසමාපත්තියො නිබ්බත්තෙත්වා ජීවිතපරියොසානෙ බ්රහ්මලොකපරායණා අහෙසුං. තිරච්ඡානගතා හත්ථිඅස්සාපි ඉසිගණෙ චිත්තං පසාදෙත්වා ඡකාමාවචරලොකෙසු නිබ්බත්තිංසු.
ඔහුගේ පැමිණීම දැන මහසත්හුද එහි පැමිණ අහසෙහි සිට දහම් දෙසීය. දහම් අසා පිරිස සමග ඔහුද බෝසත් සමීපයෙහි පැවිදි විය. මෙසේ වෙනත් රාජ්‍ය තුනක රජවරු ද රාජ්‍යය අතහැර අවුත් පැවිදි වූහ. ඔවුන්ගේ ඇතුන් වල් ඇතුන් විය. අසුන් වල් අසුන් විය. රිය කැළයෙහිම දිරා ගියේය. භාණ්ඩාගාරයන්හි තිබූ කහවනු ආශ්‍රව පෙදෙසෙහි වැලි මෙන් විසිරි ගියේය. සියල්ලෝම අෂ්ට සමාපත්ති උපදවාගෙන දිවි කෙළවර බඹලොව උපන්නාහුය. ඇත්, අස් ආදී තිරිසන්ගත සත්ත්වයෝ ඍෂීන් කෙරෙහි සිත පහදවා ගෙන දෙව්ලොව උපන්නාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි රජ්ජං පහාය නික්ඛන්තොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා ඡත්තෙ අධිවත්ථා දෙවධීතා උප්පලවණ්ණා අහොසි, සුනන්දො සාරථි සාරිපුත්තො, මාතාපිතරො මහාරාජකුලානි, සෙසපරිසා බුද්ධපරිසා, මූගපක්ඛපණ්ඩිතො පන අහමෙව සම්මාසම්බුද්ධො අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මම රාජ්‍යය හැරදා පැවිදි වූයේ අද පමණක් නොවේ යැයි වදාරා මේ ජාතකය පූර්වාපර ගලපා වදාළ සේක. එදා සේසතෙහි අධිගෘහිත වූ දෙව් දූ උප්පලවණ්ණා තෙරණියයි. රියදුරා සැරියුත් මහතෙරුන්ය. මව්පියෝ සුදොවුන් මහරජ හා මායා බිසවුන්ය. පිරිස බුදු පිරිසයි. මුගපක්ඛ පණ්ඩිත වූයේ මම ම වේයැයි වදාළ සේක.
[missing pali]
හෙළදිව උපන් මංගණාවැසි ඛුද්දකතිස්ස තෙරුන්ද, මහවංසක තෙරුන්ද කටකන්ධකාරවැසි ඵුස්සදේව තෙරුන්ද උපරි මණ්ඩල මාලයෙහි වැසි මහරක්ඛිත තෙරුන්ද, භග්ගගිරිවැසි මහාතිස්ස තෙරුන්ද, වාමත්ථපබ්භාරයෙහි නිවැසි මහාසීව තෙරුන් ද කාලවේලයෙහි වැසි මලියදේව තෙරුන් ද යන මේ තෙරවරු කුද්දාල ජාතකයෙහි, මූගපක්ඛ ජාතකයෙහි, අයොඝර ජාතකයෙහි, හත්ථිපාල ජාතකයෙහි ද දුරින් සම්බන්ධ වූවෝයැයි කියති. මද්ධනම් වෙහෙරවැසි මහානාග තෙරුන්ද මලියදේව තෙරුන්ද පිරිනිවන්පාන දවසේ පින්වත්නි, මුගපක්ඛ ජාතකයට සම්බන්ධ වූ පිරිස අදින් නිවන් දැක අවසන් යැයි කීවාහුය. ස්වාමීනි, ඒ කුමක් නිසාදැයි ඇසූ කල්හි ඇවැත්නි, අපි එදා සුරාසොඬුන් වීමු. අනෙක් අයද අප සමග සුරා බොන්නෝය. එදා ඔවුන්ට සුරා නොලැබුණු එදාම බැවින් සියල්ල හැර පැවිදි වූ බැවින් අපට පෙර නිවන් දුටුවෝය.
මූගපක්ඛජාතකවණ්ණනා පඨමා.
මූගපක්ඛ ජාතකය නිමියේ ය.