1. මූගපක්ඛජාතකවණ්ණනා 538 අට්ඨකථා
1. මූගපක්ඛජාතකවණ්ණනා (538)
1. මූගපක්ඛ ජාතකය (538)
මා පණ්ඩිච්චයං විභාවයාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාභිනික්ඛමනං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි භික්ඛූ ධම්මසභායං සන්නිසින්නා භගවතො නෙක්ඛම්මපාරමිං වණ්ණයන්තා නිසීදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “භික්ඛවෙ, ඉදානි මම පූරිතපාරමිස්ස රජ්ජං ඡඩ්ඩෙත්වා මහාභිනික්ඛමනං නාම අනච්ඡරියං. අහඤ්හි පුබ්බෙ අපරිපක්කෙ ඤාණෙ පාරමියො පූරෙන්තොපි රජ්ජං ඡඩ්ඩෙත්වා නික්ඛන්තොයෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
මා පණ්ඩිතීයං යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසද්දී මහාභිනිෂ්ක්‍රමණය අරබයා දේශනා කළ සේක. එක් දිනක භික්ෂූහු ධර්මසභායෙහි රැස්වී භාග්‍යවතුන් වහන්සේගේ මහාභිනික්මන අරබයා කතා සල්ලාපයෙහි යෙදුණාහුය. ඉක්බිති එහි වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ (බුදුරජාණන් වහන්සේ මා එන්නට පෙර කුමන කතාවක යෙදී සිටියේදැයි විචාල සේක. භික්ෂුහු මෙබඳු කතාවකැයි පිළිවදන් දුන්හ. මේ අත්බව වනවිට මම පාරමී ධර්මයන් සම්පූර්ණ කරන ලද්දේ වෙමි. එබැවින් අභිනික්මන් කිරිම පුදුමයක් නොවේ. නුවණින් වැඩී නැති පාරමිතා පුරන කාලයෙහි ද මම රජ සැප හැර ගිහි ගෙයින් නික්මුණෙමි. මෙසේ බුදුරජාණන් වහන්සේ වදාළ කල්හි, ඒ භික්ෂූන්ගේ ඉල්ලීම පරිදි අතීත කතාව මෙසේ ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතෙ කාසිරට්ඨෙ බාරාණසියං කාසිරාජා නාම ධම්මෙන රජ්ජං කාරෙසි. තස්ස සොළසසහස්සා ඉත්ථියො අහෙසුං. තාසු එකාපි පුත්තං වා ධීතරං වා න ලභි. නාගරා “අම්හාකං රඤ්ඤො වංසානුරක්ඛකො එකොපි පුත්තො නත්ථී”ති රාජඞ්ගණෙ සන්නිපතිත්වා කුසජාතකෙ (ජා· 2.20.1 ආදයො) ආගතනයෙනෙව රාජානං එවමාහංසු “දෙව, පුත්තං පත්ථෙථා”ති. රාජා තෙසං වචනං සුත්වා සොළසසහස්සා ඉත්ථියො “තුම්හෙ පුත්තං පත්ථෙථා”ති ආණාපෙසි. තා චන්දාදීනං දෙවතානං ආයාචනඋපට්ඨානාදීනි කත්වා පත්ථෙන්තියොපි පුත්තං වා ධීතරං වා න ලභිංසු. අග්ගමහෙසී පනස්ස මද්දරාජධීතා චන්දාදෙවී නාම සීලසම්පන්නා අහොසි. රාජා “භද්දෙ, ත්වම්පි පුත්තං පත්ථෙහී”ති ආහ. සා පුණ්ණමදිවසෙ උපොසථං සමාදියිත්වා චූළසයනෙ නිපන්නාව අත්තනො සීලං ආවජ්ජෙත්වා “සචාහං අඛණ්ඩසීලා ඉමිනා මෙ සච්චෙන පුත්තො උප්පජ්ජතූ”ති සච්චකිරියං අකාසි.
අතීතයෙහි බරණැස් නුවර කසීරජ නම් රජ කෙනෙකු දැහැමින් සෙමෙන් රජකම් කළහ. ඒ රජුට දොළොස් දහසක් බිසෝවරු වූහ. එයින් එක්කෙනෙකු හෝ පුතෙකු හෝ දුවක නොලැබුවාය. වැසියෝ අපගේ රජතුමාට වංශ පරම්පරාව ගෙනයාමට පුතෙකු නැතැයි කුස ජාතකයෙහි දැක්වූ ආකාරයටම එක්රැස්ව පුතෙකු පතන්නැයි රජුට කීවාහුය. රජු දොළොස් දහසක් බිසෝවරුන්ට පුතුන් පතන්නැයි අණ කළේය. ඔව්හු චන්ද්‍රාදී දෙවිවරුන්ට උපහාර කොටත් දරුවන් පැතූ සේ වී නමුත් නොලැබුවාහුය. මදු රජුගේ දුව වූ චන්ද්රාදේවී නම් වූ ඒ රජුගේ අගමෙහෙසිය සීල සම්පන්න වූයේ පිරිසිදු කොට සිල් රකින්නීය. ඇයට ද පුතෙකු පතන්නැයි රජතුමා කීහ. අද පුන් පොහෝදාට පෙහෙවස් සමාදන්ව මිටි ඇඳක (අසුනක) වැදහෝනේ තමන්ගේ සිල් විමසා මම නොකඩ කොට සිල් රැක්කෙමි. මේ සත්‍ය බලයෙන් මට පුතෙකු උපදීවායි සත්‍යක්‍රියා කළේය.
තස්සා සීලතෙජෙන සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා “චන්දාදෙවී පුත්තං පත්ථෙති, හන්දාහං පුත්තං දස්සාමී”ති තස්සානුච්ඡවිකං පුත්තං උපධාරෙන්තො බොධිසත්තං පස්සි. බොධිසත්තොපි තදාවීසතිවස්සානි බාරාණසියං රජ්ජං කාරෙත්වා තතො චුතො උස්සදනිරයෙ නිබ්බත්තිත්වා අසීතිවස්සසහස්සානි තත්ථ පච්චිත්වා තතො චවිත්වා තාවතිංසභවනෙ නිබ්බත්ති. තත්ථාපි යාවතායුකං ඨත්වා තතො චවිත්වා උපරිදෙවලොකං ගන්තුකාමො අහොසි. සක්කො තස්ස සන්තිකං ගන්ත්වා “මාරිස, තයි මනුස්සලොකෙ උප්පන්නෙ පාරමියො ච තෙ පූරිස්සන්ති, මහාජනස්ස වුඩ්ඪි ච භවිස්සති, අයං කාසිරඤ්ඤො චන්දාදෙවී නාම අග්ගමහෙසී පුත්තං පත්ථෙති, තස්සා කුච්ඡියං උප්පජ්ජාහී”ති වත්වා අඤ්ඤෙසඤ්ච චවනධම්මානං පඤ්චසතානං දෙවපුත්තානං පටිඤ්ඤං ගහෙත්වා සකට්ඨානමෙව අගමාසි. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා පඤ්චහි දෙවපුත්තසතෙහි සද්ධිං දෙවලොකතො චවිත්වා සයං චන්දාදෙවියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. ඉතරෙ පන දෙවපුත්තා අමච්චභරියානං කුච්ඡීසු පටිසන්ධිං ගණ්හිංසු.
ඇගේ සිල් තෙදින් ශක්‍ර භවනය උණුසුම් වී ගියේය. (ඇගේ සිල් තෙදින් සක්දෙවිදුගේ පඬුපුල් සලසුන උණුසුම් වී ගියේය). සක්දෙවිඳු එයට හේතු විමසා බලන්නේ චන්ද්‍රා දේවිය පුතෙකු පතන්නීය යන කරුණු දැන ඇයට පුතෙකු ලබාදෙමියි ඇයට සුදුසු පුතෙකු සොයා බලන්නේ එකල්හි දිවසැප විඳින බෝසත් දිටී. බෝසත්තු මේ වනවිට, පෙර අත්බවෙක විසිවසක් බරණැස රජකොට බලවත් අකුසල කර්මයක විපාක වශයෙන් ඔසුපත් නිරයේ උපන්නේ අවුරුදු අසූහාර දහසක් නිරාදුක් විඳ එයින් චුතව තව්තිසා දෙව්ලොව ඉපිද තම පින්ඵල අනුව දිවිදිව්ය සැපත් විඳ එයින් චුතව ඉහළ දෙව්ලොවකට යනු කැමතිව සිටියෝය. සක්දෙව් බෝසතුන් වෙත එළඹ ‘නිදුකාණෙනි, ඔබ මිනිස් ලොව උපන්නේ වී නම් පාරමිතා පුරන්නට ද හැකිවන්නේ ය. ලෝවැසි ජනයාට ද වැඩක් වන්නේය. බරණැස කසී රජතුමාගේ චන්ද්රානම් අගමෙහෙසිය පුතෙකු පතයි. ඇගේ කුස පිළිසිඳ ගන්න යැයි කීහ. හෙතෙම එයට පිළිවදන් දී දෙව්පුතුන් පන්සියයක් සමග තව්තිසාවෙන් චුතව තෙමේ චන්ද්‍රා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. සෙසු දෙව් පුත්තු ඇමති බිරින්දෑවරුන්ගේ කුස පිළිසිඳ ගත්තාහුය.
තදා චන්දාදෙවියා කුච්ඡි වජිරපුණ්ණා විය අහොසි. සා ගබ්භස්ස පතිට්ඨිතභාවං ඤත්වා රඤ්ඤො ආරොචෙසි. තං සුත්වා රාජා ගබ්භස්ස පරිහාරං දාපෙසි. සා පරිපුණ්ණගබ්භා දසමාසච්චයෙන ධඤ්ඤපුඤ්ඤලක්ඛණසම්පන්නං පුත්තං විජායි. තං දිවසමෙව අමච්චගෙහෙසු පඤ්ච කුමාරසතානි ජායිංසු. තස්මිං ඛණෙ රාජා අමච්චගණපරිවුතො මහාතලෙ නිසින්නො අහොසි. අථස්ස “පුත්තො, තෙ දෙව, ජාතො”ති ආරොචයිංසු. තෙසං වචනං සුත්වා රඤ්ඤො පුත්තපෙමං උප්පජ්ජිත්වා ඡවියාදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච අට්ඨාසි, අබ්භන්තරෙ පීති උප්පජ්ජි, හදයං සීතලං ජාතං. සො අමච්චෙ පුච්ඡි “තුට්ඨා නු ඛො තුම්හෙ, මම පුත්තො ජාතො”ති? “කිං කථෙථ, දෙව, මයං පුබ්බෙ අනාථා, ඉදානි පන සනාථා ජාතා, සාමිකො නො ලද්ධො”ති ආහංසු. රාජා මහාසෙනගුත්තං පක්කොසාපෙත්වා ආණාපෙසි “මම පුත්තස්ස පරිවාරො ලද්ධුං වට්ටති, ගච්ඡ ත්වං අමච්චගෙහෙසු අජ්ජ ජාතා දාරකා කිත්තකා නාමාති ඔලොකෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා අමච්චගෙහානි ගන්ත්වා ඔලොකෙන්තො පඤ්ච කුමාරසතානි දිස්වා පුනාගන්ත්වා රඤ්ඤො ආරොචෙසි.
බෝසත්තු පිළිසිඳ ගත් මොහොතෙහි සිට දේවියගේ කුස විදුරු පිරුණාක් මෙන් බරින් යුතු විය. ඕ කුස දරුවෙකු පිළිසිඳිබව රජතුමාට දැන්වූවාය. රජතුමා ගැබ් පෙරහර දෙවී. පිරිපුන් ගැබැති ඕ තොමෝ දස එකඩමස් ඇවෑමෙන් පින්වත් පුතෙකු වැදුවාය. එදිනම ඇමති ගෙවල්වල ද පන්සියයක් කුමාරයෝ උපන්නෝය. මේ වනවිට රජතුමා ඇමති ගණයා විසින් පිරිවරන ලදුයේ රජසබයෙහි සිටියේය. දේවයිනි, ඔබට පුතෙකු උපන්නා යැයි ඔහුට දන්වන ලද්දේය. ඔහුට ඒ වචනය ඇසූ මොහොතෙහිම හටගත් දාරක ප්‍රේමය සම්මස් ආදිය සිඳීගෙන ඇටමිදුලුවල ගැටී සිටියේය. ඇතුළත සොම්නස් උපන්නේය. හදවත සිසිල් විය. ‘මට පුතෙකු උපන්නේය. ඔබලාට සතුටුදැයි’ ඇමතියන්ගෙන් විමසීය. දේවයන් වහන්ස, කුමක් කියන්නේ ද? අපි පෙර අසරණ වූවෝ වෙමු. ස්වාමියෙකු ලද්දෙන් දැන් සසරණ වූවෝ වෙමු. රජතුමා මගේ පුතාට පිරිවර ලැබීම සුදුසුය. ඇමති ගෙවල්වල අද කොපමණ දරුවන් ඉපිද ඇත්තේදැයි විමසා බලන්නැයි සේනාධි නායකයාට අණ කළේය. ඔහු පන්සියයක් දරුවන් දැක අවුත් රජතුමාට දැන්වීය.
රාජා පඤ්චන්නං දාරකසතානං කුමාරපසාධනානි පෙසෙත්වා පුන පඤ්ච ධාතිසතානි ච දාපෙසි. මහාසත්තස්ස පන අතිදීඝාදිදොසවජ්ජිතා අලම්බත්ථනියො මධුරථඤ්ඤායො චතුසට්ඨි ධාතියො අදාසි. අතිදීඝාය හි ඉත්ථියා පස්සෙ නිසීදිත්වා ථඤ්ඤං පිවතො දාරකස්ස ගීවා දීඝා හොති, අතිරස්සාය පස්සෙ නිසීදිත්වා ථඤ්ඤං පිවන්තො දාරකො නිප්පීළිතඛන්ධට්ඨිකො හොති, අතිකිසාය පස්සෙ නිසීදිත්වා ථඤ්ඤං පිවතො දාරකස්ස ඌරූ රුජ්ජන්ති, අතිථූලාය පස්සෙ නිසීදිත්වා ථඤ්ඤං පිවන්තො දාරකො පක්ඛපාදො හොති, අතිකාළිකාය ඛීරං අතිසීතලං හොති, අතිඔදාතාය ඛීරං අතිඋණ්හං හොති, ලම්බත්ථනියා පස්සෙ නිසීදිත්වා ථඤ්ඤං පිවන්තො දාරකො නිප්පීළිතනාසිකො හොති. කාසානඤ්ච පන ඉත්ථීනං ඛීරං අතිඅම්බිලං හොති, සාසානඤ්ච පන ඉත්ථීනං ඛීරං අතිකටුකාදිභෙදං හොති, තස්මා තෙ සබ්බෙපි දොසෙ විවජ්ජෙත්වා අලම්බත්ථනියො මධුරථඤ්ඤායො චතුසට්ඨි ධාතියො දත්වා මහන්තං සක්කාරං කත්වා චන්දාදෙවියාපි වරං අදාසි. සාපි ගහිතකං කත්වා ඨපෙසි.
රජතුමා පන්සියයක් දරුවන්ට කුමාර පළඳනා යවා කිරි මව්වරු පන්සියයක් ද යැවීය. මහසතුන් හට ඉතා උස්වීම ආදී දෝෂයන් නැති නොඑල්වන පියයුරු ඇති, මිහිරි කිරි ඇති කිරි මව්වරු හැටහතර දෙනෙකු පත්කළේය. ඉතා උස් තැනැත්තියගේ ඇකයෙහි හෙව කිරිබොන දරුවාගේ ගෙල දික්වේ. ඉතා මිටි තැනැත්තියගේ ඇකයෙහි සිට කිරිබොන දරුවාගේ පෙළගිය කොඳුඇට (නැමුණු කොඳු ඇට) පන්තිය වේ. ඉතා කෙට්ටු තැනැත්තියගේ ඇකයේ සිට කිරිබොන දරුවාගේ කලවා වේදනා ඇතිවේ. අති මහත් සිරුර ඇති තැනැත්තියගේ ඇකයේ සිට කිරිබොන දරුවාගේ පාදවල දෝෂ ඇතිවේ. ඉතා කලු තැනැත්තියගේ වක් වූ ශරීරය ඉතා ශීතල වේ. ඉතා සුදු තැනැත්තියගේ සිරුර ඉතා උණුසුම් වේ. එල්ලෙන තන ඇත්තියගෙන් කිරිබොන දරුවාගේ නාසා අග උඩට නැමුණේ වේ. කිසියම් තැනැත්තියක ගේ කිරි ඇඹුල් වේ. කිසියම් තැනැත්තියකගේ කිරි කටුක ආදී (රස) භේදයන්ගෙන් යුක්ත වේ. එනිසා මේ ඉතා දික්වීම ආදී සියලු දෝෂයන්ගෙන් දුරු වූ නොඑල්වෙන තන් ඇති, මිහිරි කිරි ඇති සූ සැටක් කිරි මව්වරු මහත්සත්කාර කොටදෙවා චන්ද්රාදේවියට ද වරයක් දුන්නේ ය. ඈ (පසුව) ගනිමියි කියා තැබීය.
රාජා කුමාරස්ස නාමග්ගහණදිවසෙ ලක්ඛණපාඨකෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා තෙසං මහන්තං සක්කාරං කත්වා කුමාරස්ස අන්තරායාභාවං පුච්ඡි. තෙ තස්ස ලක්ඛණසම්පත්තිං දිස්වා “මහාරාජ, ධඤ්ඤපුඤ්ඤලක්ඛණසම්පන්නො අයං කුමාරො, තිට්ඨතු එකදීපො, ද්විසහස්සපරිවාරානං චතුන්නම්පි මහාදීපානං රජ්ජං කාරෙතුං සමත්ථො හොති, නාස්ස කොචි අන්තරායො පඤ්ඤායතී”ති වදිංසු. රාජා තෙසං වචනං සුත්වා තුස්සිත්වා කුමාරස්ස නාමං කරොන්තො යස්මා කුමාරස්ස ජාතදිවසෙ සකලකාසිරට්ඨෙ දෙවො වස්සි, යස්මා ච රඤ්ඤො චෙව අමච්චානඤ්ච හදයං සීතලං ජාතං, යස්මා ච තෙමයමානො ජාතො, තස්මා “තෙමියකුමාරො”තිස්ස නාමං අකාසි. අථ නං ධාතියො එකමාසිකං අලඞ්කරිත්වා රඤ්ඤො සන්තිකං ආනයිංසු. රාජා පියපුත්තං ආලිඞ්ගිත්වා සීසෙ චුම්බිත්වා අඞ්කෙ නිසීදාපෙත්වා රමයමානො නිසීදි.
නම් තබන දවසේ ද ලක්ෂණ පාඨක බමුණන්ට මහත් සත්කාර කොට, අතුරු ආන්තරා ගැන ද විමසීය. ඔව්හු කුමරාගේ වෙර ලකුණු බලා, මහරජ, භාග්‍යවත් පින් ඇති කුමරා එක් දිවයිනක්වත් නොහැර සතර මහා දිවයිනෙහි රාජ්‍ය විචාරීමට සුදුසු වන්නේ යැයි මොහුට කිසිදු අනතුරක් නොවන්නේ යැයි කීය. රජතුමා එයින් සතුටට පැමිණ යම්සේ කුමරා උපන් දිනයෙහි මුළු කසී රට පුරා වැසි වැස්සේය. රටවැසි රජ ඇමති මැති ආදින්ගේ සිත්සතන් හදවත් තෙත්වූවා මෙන් වී යැයි කියා ඔහුට තේමිය කුමරා යැයි නම් කළේය. (කුමරා) එක්වෙනි එක්මසක් ඉක්මවා ඔහු මනා (අලංකාර) කොට සරසා රජතුමා වෙත එළවීය. රජතුමා ප්‍රිය පෙනුමැති පුතු දැක, වැළඳගෙන ඇකයෙහි හොවා සෙනෙහසින් ඇලී ගොස් සිටියේය.
තස්මිං ඛණෙ චත්තාරො චොරා ආනීතා. රාජා තෙ දිස්වා “තෙසු එකස්ස චොරස්ස සකණ්ටකාහි කසාහි පහාරසහස්සං කරොථ, එකස්ස සඞ්ඛලිකාය බන්ධිත්වා බන්ධනාගාරපවෙසනං කරොථ, එකස්ස සරීරෙ සත්තිපහාරං කරොථ, එකස්ස සූලාරොපනං කරොථා”ති ආණාපෙසි. අථ මහාසත්තො පිතු වචනං සුත්වා භීතතසිතො හුත්වා “අහො මම පිතා රජ්ජං නිස්සාය අතිභාරියං නිරයගාමිකම්මං අකාසී”ති චින්තෙසි. පුනදිවසෙ පන තං සෙතච්ඡත්තස්ස හෙට්ඨා අලඞ්කතසිරිසයනෙ නිපජ්ජාපෙසුං. සො ථොකං නිද්දායිත්වා පබුද්ධො අක්ඛීනි උම්මීලෙත්වා සෙතච්ඡත්තං ඔලොකෙන්තො මහන්තං සිරිවිභවං පස්සි. අථස්ස පකතියාපි භීතතසිතස්ස අතිරෙකතරං භයං උප්පජ්ජි. සො “කුතො නු ඛො අහං ඉමං චොරගෙහං ආගතොම්හී”ති උපධාරෙන්තො ජාතිස්සරඤාණෙන දෙවලොකතො ආගතභාවං ඤත්වා තතො පරං ඔලොකෙන්තො උස්සදනිරයෙ පක්කභාවං පස්සි, තතො පරං ඔලොකෙන්තො තස්මිංයෙව නගරෙ රාජභාවං අඤ්ඤාසි.
එවේලෙහි සොරුන් සිව් දෙනෙකු (රජු ඉදිරියට) ගෙන එනු ලැබීය. රජු ඔවුන්ගෙන් එකෙකුට කටු සැමිටියෙන් දහසක් පහර දෙන ලෙස අණ කළේය. එකෙකු මාංචු සහිතව සිරගෙට යවන ලෙසත් එකෙකුට ආයුධවලින් පහර දෙන ලෙසත්, එකෙකු උළ සිටුවන ලෙසත් නියම කළේය. මහසත් පියාගේ කතාව අසා බියෙන් තැති ගැනුනේ අහෝ, මගේ පියා රාජ්‍යය නිසා අපායගාමී බලවත් අකුසල කරන්නේ යැයි සිතීය. පසුදින කුමරා රජුගේ සේසත යට විසිතුරු කොට සරසන ලද සිරියහනෙහි සතපවා තිබුණේය. හෙතෙම මද වේලාවක් නිදා සිට පිබිදී ඇස් දල්වා සවන චක්‍රය දෙස බලන්නේ මහත් වූ ධන සම්පත්තිය දුටුවේය. භාවයෙන් බියගුළු වූ ඔහුට තවත් බියක් ඇති විය. හෙතෙම කෙසේනම් මා මේ රජමැදුරෙහි ඉපදුනේදැයි විමසා බලන්නේ, පෙර විසූ කඳපිළිවෙල දක්නා නුවණින් දෙව්ලොවින් පැමිණි බැව් දැන, ඉන් පෙර සිටි තැන් බලන්නේ අපායෙහි ඉපිද දුක්විඳි ආකාරය ද දුටුවේය. ඊටත් පෙර භවයක එම නගරයෙහි ම රාජ්‍ය විචාළ බව ද දුටුවේය.
අථස්ස “අහං වීසතිවස්සානි බාරාණසියං රජ්ජං කාරෙත්වා අසීතිවස්සසහස්සානි උස්සදනිරයෙ පච්චිං, ඉදානි පුනපි ඉමස්මිංයෙව චොරගෙහෙ නිබ්බත්තොම්හි, පිතා මෙ හිය්යො චතූසු චොරෙසු ආනීතෙසු තථාරූපං ඵරුසං නිරයසංවත්තනිකං කථං කථෙසි, සචාහං රජ්ජං කාරෙස්සාමි, පුනපි නිරයෙ නිබ්බත්තිත්වා මහාදුක්ඛං අනුභවිස්සාමී”ති ආවජ්ජෙන්තස්ස මහන්තං භයං උප්පජ්ජි. බොධිසත්තස්ස කඤ්චනවණ්ණං සරීරං හත්ථෙන පරිමද්දිතං පදුමං විය මිලාතං දුබ්බණ්ණං අහොසි. සො “කථං නු ඛො ඉමම්හා චොරගෙහා මුච්චෙය්ය”න්ති චින්තෙන්තො නිපජ්ජි. අථ නං එකස්මිං අත්තභාවෙ මාතුභූතපුබ්බා ඡත්තෙ අධිවත්ථා දෙවධීතා අස්සාසෙත්වා “තාත තෙමියකුමාර, මා භායි, මා සොචි, මා චින්තයි. සචෙ ඉතො මුච්චිතුකාමොසි, ත්වං අපීඨසප්පීපි පීඨසප්පී විය හොහි, අබධිරොපි බධිරො විය හොහි, අමූගොපි මූගො විය හොහි, ඉමානි තීණි අඞ්ගානි අධිට්ඨාය අත්තනො පණ්ඩිතභාවං මා පකාසෙහී”ති වත්වා පඨමං ගාථමාහ –
මම විසිවසක් රජකොට අවුරුදු අසූහාර දාහක් ඔසුපත් නිරයේ පැසුණෙමි. දැනුදු මේ රජගෙහි ඉපදුනේ වෙමි. ඊයේ සොරු සතරදෙනා ගෙන ආ කල්හි මාගේ පියා ඒ තරමට ම දරුණු වූ නිරයගාමී (අපායට පමුණුවන) දඬුවමක් නියම කළේය. (කථං කථෙසි = කතාවක් කීවේය.) මම (රාජ්‍ය විචාරීමට) රජ කිරීමට යන්නේ නම් නැවත නිරයේ ඉපිද මහත් දුකක් විඳීමට සිදුවන්නේය යැයි ආවර්ජනා කරන කල්හි කුමරාගේ සිත තුළ මහත් බියක් ඇතිවිය. ඔහුගේ රන්වන් සිරුර අත්වලින් පෙලා මැඩුලූසේ දුර්වර්ණව මලානික විය. හෙතෙම කෙසේ නම් මේ රජගෙයින් මිදෙන්නෙම් දැයි සිතමින් වැදහොත්තේය. ඉක්බිති පෙර එක් දැයක ඔහුට මව්ව සිට දැන් සේසත වැඩවසන දෙව්දුව ඔහු අස්වසා පුත තේමිය, බිය නොවන, ඉදින් රාජ්‍යයෙන් මිදෙන්න කැමති නම් කොරෙකු නොවූවත් කොරෙකු මෙන් හැසිරෙව. බිහිරෙකු නොවූවත් බිහිරෙකු මෙන් සිටුව. ගොළුවෙකු නොවූවත් ගොළුවෙකු මෙන් සිටුව. මේ අංග තුන රකිමින් නුවණැති බව නොහඟවා සිටුව යැයි මේ ප්‍රථම ගාථාව කීවාය.
“මා පණ්ඩිච්චයං විභාවය, බාලමතො භව සබ්බපාණිනං; සබ්බො තං ජනො ඔචිනායතු, එවං තව අත්ථො භවිස්සතී”ති.
මා පණ්ඩිතය, නුවණැති බව නොපෙන්වා, මෝඩයෙකැයි සැමට හඟවා අත්හැර දමන බවට හැමදෙනා පත්වූ පසු ඔබ අදහස් සපිරේ.
තත්ථ පණ්ඩිච්චයන්ති පණ්ඩිච්චං, අයමෙව වා පාඨො. බාලමතොති බාලො ඉති සම්මතො. සබ්බො ජනොති සකලො අන්තොජනො චෙව බහිජනො ච. ඔචිනායතූති “නීහරථෙතං කාළකණ්ණි”න්ති අවමඤ්ඤතු, අවජානාතූති අත්ථො.
එහි ‘පණ්ඩිතී’ යන්නෙන් හැගවූයේ නුවණැති බවයි. ‘පණ්ඩිතය’ යනු විකල්ප පාඨයකි. ‘බාලමතො’ යනු නුනුවණ බවයි. ‘සබ්බො’ යනු ඇතුලත හා පිටත සියලුම දෙනාය. ඔචිනායතු මේ කාලකණ්ණිය බැහැර කරන්නයැයි, බැහැරකරවා ගැනීමයි.
සො තස්සා වචනෙන අස්සාසං පටිලභිත්වා –
ඔහු ඇගේ වචනයෙන් අස් වැසි ලැබ,
“කරොමි තෙ තං වචනං, යං මං භණසි දෙවතෙ; අත්ථකාමාසි මෙ අම්ම, හිතකාමාසි දෙවතෙ”ති. –
මව් දෙතුමිය, ඔබ සිත සුව පිණිස මට කී දෙය ඒ ලෙසම මම ඉටුකරන්නෙමි. නොවලහා මේ ගාථාව කියා ඒ අංග තුන රැකීමට ඉටා ගත්තේය.
ඉමං ගාථං වත්වා තානි තීණි අඞ්ගානි අධිට්ඨාසි. සා ච දෙවධීතා අන්තරධායි. රාජා පුත්තස්ස අනුක්කණ්ඨනත්ථාය තානි පඤ්ච කුමාරසතානි තස්ස සන්තිකෙයෙව ඨපෙසි. තෙ දාරකා ථඤ්ඤත්ථාය රොදන්ති පරිදෙවන්ති. මහාසත්තො පන නිරයභයතජ්ජිතො “රජ්ජතො මෙ සුස්සිත්වා මතමෙව සෙය්යො”ති න රොදති න පරිදෙවති. අථස්ස ධාතියො තං පවත්තිං ඤත්වා චන්දාදෙවියා ආරොචයිංසු. සාපි රඤ්ඤො ආරොචෙසි. රාජා නෙමිත්තකෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා පුච්ඡි. අථ බ්රාහ්මණා ආහංසු “දෙව, කුමාරස්ස පකතිවෙලං අතික්කමිත්වා ථඤ්ඤං දාතුං වට්ටති, එවං සො රොදමානො ථනං දළ්හං ගහෙත්වා සයමෙව පිවිස්සතී”ති. තතො පට්ඨාය ධාතියො කුමාරස්ස පකතිවෙලං අතික්කමිත්වා ථඤ්ඤං දෙන්ති. දදමානා ච කදාචි එකවාරං අතික්කමිත්වා දෙන්ති, කදාචි සකලදිවසං ඛීරං න දෙන්ති.
රජතුමා පුතුට කළකිරීමක් නොවීමට ඒ කියන පන්සියයක් කුමාරවරු ඔහු සමගම විසීමට සැළැස්වීය. ඒ කුමාරවරු කිරට හඬන්නෝය. මහසත් අපායබියෙන් තැති ගෙන මට රජ කරන්නට වෙයිදෝහෝයි බියට පැමිණ මැරුණා මෙන් වැදහොත්තේය. නොහැඬුවේය. කිරි මව්වරු ඒ බව චන්ද්‍රා දේවියට සැළ කළාහුය. ඈ රජතුමාට කීවාය. රජු නිමිති කියන බමුණන් කැඳවා හේතු විමසීය. බමුණෝ මෙසේ නිධානය රජතුමනි, කුමරාට සුපුරුදු වේලාව ඉක්මවා කිරිදීම සුදුසුය. එවිට ඔහු අඬමින් තනය දැඩිව ගෙන කිරිබොන්නේ යැයි කීවාහුය. එතැන් සිට කුමරුට සුපුරුදු වේලාව ඉක්මවා කිරි දෙන්නේ ය. කිසියම් දවසක එක් වේලාවක් ඉක්මවා දෙන්නේ ය. කිසියම් විටක මුළු දවසටම කිරි නො දෙන්නේ ය.