යෙදුමෙන් කියවන්න

3. සුවණ‍්ණසාමජාතකවණ‍්ණනා 540 අට‍්ඨකථා

3. සුවණ‍්ණසාමජාතකවණ‍්ණනා (540)

3. සාම ජාතකය (540)

කො නු මං උසුනා විජ‍්ඣීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මාතුපොසකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර අට‍්ඨාරසකොටිවිභවස‍්ස එකස‍්ස සෙට‍්ඨිකුලස‍්ස එකපුත‍්තකො අහොසි මාතාපිතූනං පියො මනාපො. සො එකදිවසං පාසාදවරගතො සීහපඤ‍්ජරං උග‍්ඝාටෙත්‍වා වීථිං ඔලොකෙන‍්තො ගන්‍ධමාලාදිහත්‍ථං මහාජනං ධම‍්මස‍්සවනත්‍ථාය ජෙතවනං ගච‍්ඡන‍්තං දිස‍්වා “අහම‍්පි ධම‍්මං සුණිස‍්සාමී”ති මාතාපිතරො වන්‍දිත්‍වා ගන්‍ධමාලාදීනි ගාහාපෙත්‍වා විහාරං ගන‍්ත්‍වා වත්‍ථභෙසජ‍්ජපානකාදීනි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දාපෙත්‍වා ගන්‍ධමාලාදීහි ච භගවන‍්තං පූජෙත්‍වා එකමන‍්තං නිසින‍්නො ධම‍්මං සුත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා පබ‍්බජ‍්ජාය ච ආනිසංසං සල‍්ලක‍්ඛෙත්‍වා පරිසාය වුට‍්ඨිතාය භගවන‍්තං පබ‍්බජ‍්ජං යාචිත්‍වා “මාතාපිතූහි අනනුඤ‍්ඤාතං පුත‍්තං තථාගතා නාම න පබ‍්බාජෙන‍්තී”ති සුත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා පුන ගෙහං ගන‍්ත්‍වා සගාරවෙන මාතාපිතරො වන්‍දිත්‍වා එවමාහ – “අම‍්මතාතා, අහං තථාගතස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. අථස‍්ස මාතාපිතරො තස‍්ස වචනං සුත්‍වා එකපුත‍්තකභාවෙන සත‍්තධා භිජ‍්ජමානහදයා විය පුත‍්තසිනෙහෙන කම‍්පමානා එවමාහංසු “තාත පියපුත‍්තක, තාත කුලඞ‍්කුර, තාත නයන, තාත හදය, තාත පාණසදිස, තයා විනා කථං ජීවාම, තයි පටිබද‍්ධං නො ජීවිතං. මයඤ‍්හි තාත, ජරාජිණ‍්ණා වුඩ‍්ඪා මහල‍්ලකා, අජ‍්ජ වා සුවෙ වා පරසුවෙ වා මරණං පාපුණිස‍්සාම, තස‍්මා මා අම‍්හෙ ඔහාය ගච‍්ඡසි. තාත, පබ‍්බජ‍්ජා නාම අතිදුක‍්කරා, සීතෙන අත්‍ථෙ සති උණ‍්හං ලභති, උණ‍්හෙන අත්‍ථෙ සති සීතං ලභති, තස‍්මා තාත, මා පබ‍්බජාහී”ති. තං සුත්‍වා කුලපුත‍්තො දුක‍්ඛී දුම‍්මනො ඔනතසීසො පජ‍්ඣායන‍්තොව නිසීදි සත‍්තාහං නිරාහාරො. අථස‍්ස මාතාපිතරො එවං චින‍්තෙසුං “සචෙ නො පුත‍්තො අනනුඤ‍්ඤාතො, අද‍්ධා මරිස‍්සති, පුන න පස‍්සිස‍්සාම, පබ‍්බජ‍්ජාය ජීවමානං පුන නං පස‍්සිස‍්සාමා”ති. චින‍්තෙත්‍වා ච පන “තාත පියපුත‍්තක, තං පබ‍්බජ‍්ජාය අනුජානාම, පබ‍්බජාහී”ති අනුජානිංසු. තං සුත්‍වා කුලපුත‍්තො තුට‍්ඨමානසො හුත්‍වා අත‍්තනො සකලසරීරං ඔණාමෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා විහාරං ගන‍්ත්‍වා භගවන‍්තං පබ‍්බජ‍්ජං යාචි.

කවරෙක් මට ඊයෙන් විද්දේ ද යන කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසද්දී එක් මව්පිය උපස්ථාන කිරිමේ සිද්ධියක් අරබයා දේශනා කළ සේක. සැවැත් නුවර අසූ කෝටියක් මහ ධන සම්පත් ඇති එක්සිටු කුලයක මව්පියන් ප්‍රියමනාප වූ එකම පුතෙකු සිටියේය. ඔහු එක් දිනෙක මතුමහලට ගොස් සීමැදුරු කවුළුව හැර වීථිය දෙස බලන්නේ, ගඳමල් ආදිය අතැතිව දහම් අසනු පිණිස ජේතවනාරාමය කරා යන මහජනතාව දැක, මම ද දහම් ඇසීමට යමියි ගඳමල් ආදිය ගෙන වෙහෙරට ගොස් සිවුරු ගිලන්පස ආදිය මහ සඟනට පුදා සුවඳමල් ආදියෙන් බුදුන් පුදා එකත්පසෙක සිට දහම් අසා, කාමයන්හි ආදීනව ද පැවිද්දෙහි අනුසස් ද නුවණින් සලකා පිරිස් නික්ම ගියකල්හි භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. [missing trans] මව්පියන්ගේ අනුදැනීමක් නැතිව තථාගතයන් වහන්සේ පැවිද්ද නොදෙන්නේ යැයි දැනගෙන ආපසු ගොස් සත්දිනක් නිරාහාරව සිට මව්පියන්ගේ අවසර ලබාගෙන අවුත් පැවිද්ද ඉල්ලා සිටියේය.

සත්‍ථා එකං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා “ඉමං කුමාරං පබ‍්බාජෙහී”ති ආණාපෙසි. සො තං පබ‍්බාජෙසි. තස‍්ස පබ‍්බජිතකාලතො පට‍්ඨාය මහාලාභසක‍්කාරො නිබ‍්බත‍්ති. සො ආචරියුපජ‍්ඣායෙ ආරාධෙත්‍වා ලද‍්ධූපසම‍්පදො පඤ‍්ච වස‍්සානි ධම‍්මං පරියාපුණිත්‍වා “අහං ඉධ ආකිණ‍්ණො විහරාමි, න මෙ ඉදං පතිරූප”න‍්ති විපස‍්සනාධුරං පූරෙතුකාමො හුත්‍වා උපජ‍්ඣායස‍්ස සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා උපජ‍්ඣායං වන්‍දිත්‍වා ජෙතවනා නික‍්ඛමිත්‍වා එකං පච‍්චන‍්තගාමං නිස‍්සාය අරඤ‍්ඤෙ විහාසි. සො තත්‍ථ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ද‍්වාදස වස‍්සානි ඝටෙන‍්තො වායමන‍්තොපි විසෙසං නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි. මාතාපිතරොපිස‍්ස ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ දුග‍්ගතා අහෙසුං. යෙ හි තෙසං ඛෙත‍්තං වා වණිජ‍්ජං වා පයොජෙසුං, තෙ “ඉමස‍්මිං කුලෙ පුත‍්තො වා භාතා වා ඉණං චොදෙත්‍වා ගණ‍්හන‍්තො නාම නත්‍ථී”ති අත‍්තනො අත‍්තනො හත්‍ථගතං ගහෙත්‍වා යථාරුචි පලායිංසු. ගෙහෙ දාසකම‍්මකරාදයොපි හිරඤ‍්ඤසුවණ‍්ණාදීනි ගහෙත්‍වා පලායිංසු.

තථාගතයන් වහන්සේ එක් භික්‍ෂුවකට ඔහු පැවිදි කිරීමට අණ කෙළේය. උන්වහන්සේ ඔහු පැවිදි කෙළේය. පැවිදි වූ පසු උන්වහන්සේට මහත් ලාභසත්කාර උපන්නේය. ඇදුරු උපදුරු ඇරයුම්කොට ලබන ලද උපසම්පදාව ඇති උන්වහන්සේ පස්වසක් දහම් පිරිවහා, ‘දැන් වනාහි මම නොයෙක් දැයින් ආකීරණ වූයේ වෙමි. එය මට සුදුසු නොවේ’ යැයි සිතා අරණ්‍යගතව විදර්ශනා භාවිතාවෙහි යෙදෙනු කැමතිව උපාධ්‍යායයන් වෙතින් කමටහන් ලබාගෙන එක් පිටිසර ගමකට ගොස් අරණ්‍යගතව විසීය. උන්වහන්සේ විපස්සනා වඩමින් දොළොස් වසක් ගත කෙළේය. එහෙත් කොපමණ උත්සාහ කළත් විශේෂයකට (මාර්ගඵලාදියකට) පැමිණීමට නොහැකි විය. මව්පියෝ ද ඔහු ගිය තැන්සිට දුප්පත් බවට පත්වූහ. වියපත් මහළු මව්පිය දෙදෙන කුඹුරු කරනු පිණිස හෝ වෙළඳාම පිණිස මිනිසුන් යෙදවූ නමුත් ඔව්හු මේ ගෙදර (අප ගැන) සොයා බැලීමට පුතෙකු හෝ සහෝදරයෙකු හෝ නැතැයි කියා (කිසිවක් නොකොට) තමන්ට අතට අසුවන, අසුවන දේවල් රැගෙන හිතේ හැටියට පළා ගියාහුය. ගෙදර සිටි දැසිදස් කම්කරුවෝද රන් අමුරන් ආදිය ගෙන පලා ගියාහුය.

අපරභාගෙ ද‍්වෙ ජනා කපණා හුත්‍වා හත්‍ථෙ උදකසිඤ‍්චනම‍්පි අලභිත්‍වා ගෙහං වික‍්කිණිත්‍වා අඝරා හුත්‍වා කාරුඤ‍්ඤභාවං පත‍්තා පිලොතිකං නිවාසෙත්‍වා කපාලහත්‍ථා භික‍්ඛාය චරිංසු. තස‍්මිං කාලෙ එකො භික‍්ඛු ජෙතවනතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන තස‍්ස වසනට‍්ඨානං අගමාසි. සො තස‍්ස ආගන‍්තුකවත‍්තං කත්‍වා සුඛනිසින‍්නකාලෙ “භන‍්තෙ, කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “ජෙතවනා ආගතො ආවුසො”ති වුත‍්තෙ සත්‍ථුනො චෙව මහාසාවකාදීනඤ‍්ච ආරොග්‍යං පුච‍්ඡිත්‍වා මාතාපිතූනඤ‍්ච පවත‍්තිං පුච‍්ඡි “කිං, භන‍්තෙ, සාවත්‍ථියං අසුකස‍්ස නාම සෙට‍්ඨිකුලස‍්ස ආරොග්‍ය”න‍්ති? “ආවුසො, මා තස‍්ස කුලස‍්ස පවත‍්තිං පුච‍්ඡා”ති. “කිං භන‍්තෙ”ති. “ආවුසො, තස‍්ස කිර කුලස‍්ස එකො පුත‍්තො අත්‍ථි, සො බුද‍්ධසාසනෙ පබ‍්බජිතො, තස‍්ස පබ‍්බජිතකාලතො පට‍්ඨාය එතං කුලං පරික‍්ඛීණං, ඉදානි ද‍්වෙ ජනා පරමකාරුඤ‍්ඤභාවං පත‍්තා භික‍්ඛාය චරන‍්තී”ති. සො තස‍්ස වචනං සුත්‍වා සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි රොදිතුං ආරභි. “ආවුසො, කිං රොදසී”ති? “භන‍්තෙ, තෙ මය‍්හං මාතාපිතරො, අහං තෙසං පුත‍්තො”ති. “ආවුසො, තව මාතාපිතරො තං නිස‍්සාය විනාසං පත‍්තා, ගච‍්ඡ, තෙ පටිජග‍්ගාහී”ති.

පසුකල්හි කිසිවෙක් නැතිව දෙදෙනා තනිවිය. වතුර ටිකක්වත් ලබාගැනීමට නොහැකිව, ගෙය ද විකුණා දමා නිවසක් නොමැතිව (අනේ වූ දෙයක් යැයි) සෙසු ලෝවැස්සන්ගේ කරුණාවට පමණක් පාත්‍ර වී ඇඳිවතට පමණක් හිමිකම් ලැබ අතින් ගත් කබලැතිව සිඟා ගියාහුය. එකල එක් භික්‍ෂුවක් දෙව්රම් වෙහෙරින් නික්ම එකී තෙරුන්වහන්සේ වසන ආරාමයට පැමිණියේය. තෙරුන්වහන්සේද ආගන්තුකව පැමිණි තෙරුන්ට වත්සපයා එකත්පස්ව සිට කොහිසිට පැමිණියෝදැයි පුළුවුත්හ. ජේතවන වෙහෙරෙහි සිට පැමිණි බව කී කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ද මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ද සුවදුක් විමසා මව්පියන්ගේ තොරතුරු විමසන්නේ ‘ඇවැත්නි, සැවැත්නුවර අසවල් සිටු පවුලෙහි අය සුවසේ වසන්නේ දැයි විමසීය. ඇවැත්නි, එම සිටු පවුලෙහි තොරතුරු නොවිමසන්නැයි ආගන්තුක තෙරහු කීහ. හේතුව කිමදැයි විමසූ කල්හි එම සිටුපවුලෙහි එකම පුතා සසුන්ගත විය. ඔහු පැවිදි වූ තැන් පටන් ක්‍රමයෙන් සිටු පවුල පිරිහීමට පත්විය. මේ වනවිට දෙමහල්ලෝ අන්‍යයන්ගේ කරුණාව ලබමින් සිඟාකන්නෝය. උන්වහන්සේ එම වචන ඇසූ සැණින් විඳ දරාගත නොහී කඳුළු පිරුණ දෙනෙතින් යුතුව හඬා වැලපෙන්නට වූහ. ඇවැත්නි, කුමක් නිසා හඬවුදැයි ආගන්තුක තෙරුන් විමසූ කල්හි ස්වාමීනි, ඒ මගේ මව්පියෝය. මම ඔවුන්ගේ පුතු වෙමි’යි කීය. ඇවැත්නි, ඔබගේ මව්පියෝ ඔබ නිසාම විනාශයට ගියෝය. යව, ඔවුන් පෝෂණය කරවයි ආගන්තුක තෙරුන් කීහ.

සො “අහං ද‍්වාදස වස‍්සානි ඝටෙන‍්තො වායමන‍්තොපි මග‍්ගං වා ඵලං වා නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛිං , අභබ‍්බො භවිස‍්සාමි, කිං මෙ පබ‍්බජ‍්ජාය, ගිහී හුත්‍වා මාතාපිතරො පොසෙත්‍වා දානං දත්‍වා සග‍්ගපරායණො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අරඤ‍්ඤාවාසං තස‍්ස ථෙරස‍්ස නිය්‍යාදෙත්‍වා පුනදිවසෙ අරඤ‍්ඤා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන ගච‍්ඡන‍්තො සාවත්‍ථිතො අවිදූරෙ ජෙතවනපිට‍්ඨිවිහාරං පාපුණි. තත්‍ථ ද‍්වෙ මග‍්ගා අහෙසුං. තෙසු එකො මග‍්ගො ජෙතවනං ගච‍්ඡති, එකො සාවත්‍ථිං. සො තත්‍ථෙව ඨත්‍වා “කිං නු ඛො පඨමං මාතාපිතරො පස‍්සාමි, උදාහු දසබල”න‍්ති චින‍්තෙත්‍වා “මයා මාතාපිතරො චිරං දිට‍්ඨපුබ‍්බා, ඉතො පට‍්ඨාය පන මෙ බුද‍්ධදස‍්සනං දුල‍්ලභං භවිස‍්සති, තස‍්මා අජ‍්ජමෙව සම‍්මාසම‍්බුද‍්ධං දිස‍්වා ධම‍්මං සුත්‍වා ස‍්වෙ පාතොව මාතාපිතරො පස‍්සිස‍්සාමී”ති සාවත්‍ථිමග‍්ගං පහාය සායන‍්හසමයෙ ජෙතවනං පාවිසි. තං දිවසං පන සත්‍ථා පච‍්චූසකාලෙ ලොකං ඔලොකෙන‍්තො ඉමස‍්ස කුලපුත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං අද‍්දස. සො තස‍්සාගමනකාලෙ මාතුපොසකසුත‍්තෙන (සං· නි· 1.205) මාතාපිතූනං ගුණං වණ‍්ණෙසි. සො පන භික‍්ඛු පරිසපරියන‍්තෙ ඨත්‍වා සත්‍ථුස‍්ස ධම‍්මකථං සුණන‍්තො චින‍්තෙසි “අහං ගිහී හුත්‍වා මාතාපිතරො පටිජග‍්ගිතුං සක‍්කොමීති චින‍්තෙසිං, සත්‍ථා පන ‘පබ‍්බජිතොව සමානො පටිජග‍්ගිතො උපකාරකො මාතාපිතූන’න‍්ති වදති. සචාහං සත්‍ථාරං අදිස‍්වා ගතො, එවරූපාය පබ‍්බජ‍්ජාය පරිහීනො භවෙය්‍යං. ඉදානි පන ගිහී අහුත්‍වා පබ‍්බජිතොව සමානො මාතාපිතරො පොසෙස‍්සාමී”ති.

උන්වහන්සේ ද මෙසේ සිතීය. ‘මම දොළොස් අවුරුද්දක්ම වෙහෙසී උත්සාහ කළත් මගඵලයක් ලබාගැනීමට නොහැකි වූයෙමි. එසේ අභව්‍ය පුද්ගලයෙකු වූ මට මේ පැවිද්දෙන් කුමන ඵලයක්ද? ගිහිව මව්පියන් පෝෂණය කොට, දානාදි කුසල් ද සගසුව ලබා ගනිමියි සිතා තමන්වැසි ආරාමය ආගන්තුක තෙරුන්ට බාරකොට දෙවැනි දවසේ එතැනින් නික්ම අනුපිළිවෙළින් අවුත් සැවැත්නුවරට ආසන්නයෙහි දෙව්රම පිට වෙහෙරට (පවුරින් වටවූ ආරාම, විහාර ආදී ගොඩනැගිලිවලට පිටින් වූ ආරාමය හෝ උද්‍යානය) පැමිණියේ ය. එතැන දෙමගෙකි. එක් මඟෙකින් සැවැත්නුවරට යා හැකිය. අනෙක් මඟින් දෙව්රම් වෙහෙරට යා හැකිය. තෙරහු එතන නතරව, පළමුව මව්පියන් දැකබලා ගන්නේද? නැතහොත් දශබලධාරීව ශාස්තෲන් වහන්සේ දකින්නට යන්නේදැයි සිතා මගේ මව්පියන් බොහෝ කලෙකට පෙර දුටුවෙමි. එසේ වුවත් මේ අත්බවින් පසු බුදුන් දැකීම දුර්ලභ වන්නේය. අද සම්බුදුන් දැක බණ අසා හෙට උදෑසනම මව්පියන් දකින්නෙමි යි සනිටුහන් කොට සැවැත්නුවරට යන මග හැරපියා හවස් කළ දෙව්රම් වෙහෙර බලා ගියේය. එදවස අළුයම් කල මහ කුළුණු සමවතින් ලොව බලා වදාරන ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේට මෙම කුලපුත්‍රයාගේ උපනිශ්‍රය සම්පත් පෙනී ගියේය. උන්වහන්සේ ඔහු එහි පැමිණෙන වේලෙහි ‘මාතිපොසක සූත්‍රයෙන් මව්පිය ගුණ වනමින් සිටි සේක. හෙතෙම සඟ පිරිස් කෙළවර සිට බණ අසන්නේ මට ගිහිව මව්පියන්ට උවටැන් කළ හැකි යැ’ ශාස්තෲන් වහන්සේ පැවිදි වුවද දරුවෙකුට මව්පිය උපස්ථානය කළ හැකියැයි දේශනා කරති. ඉදින් මම ශාස්තෲන් වහන්සේ නොදැක ගියේ නම් ඒ උතුම් පැවිද්දෙන් පිරිහුණේ වන්නෙමි. දැන් වනාහි ගිහියෙකු නොවීම පැවිදිව ඉඳිමින්ම මව්පියන් පෝෂණය කරන්නෙමි යි සනිටුහන් කළේය.

සො සලාකග‍්ගං ගන‍්ත්‍වා සලාකභත‍්තඤ‍්චෙව සලාකයාගුඤ‍්ච ගණ‍්හිත්‍වා ද‍්වාදස වස‍්සානි අරඤ‍්ඤෙ වුත්‍ථභික‍්ඛු පාරාජිකප‍්පත‍්තො විය අහොසි. සො පාතොව සාවත්‍ථියං පවිසිත්‍වා “කිං නු ඛො පඨමං යාගුං ගණ‍්හිස‍්සාමි, උදාහු මාතාපිතරො පස‍්සිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “කපණානං මාතාපිතූනං සන‍්තිකං තුච‍්ඡහත්‍ථෙන ගන‍්තුං අයුත‍්ත”න‍්ති චින‍්තෙත්‍වා යාගුං ගහෙත්‍වා එතෙසං පොරාණකගෙහද‍්වාරං ගතො. මාතාපිතරොපිස‍්ස යාගුභික‍්ඛං චරිත්‍වා පරභිත‍්තිං නිස‍්සාය විහරන‍්ති. සො උපගන‍්ත්‍වා නිසින‍්නකෙ දිස‍්වා උප‍්පන‍්නසොකො අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි තෙසං අවිදූරෙ අට‍්ඨාසි. තෙ තං දිස‍්වාපි න සඤ‍්ජානිංසු. අථ මාතා “භික‍්ඛත්‍ථාය ඨිතො භවිස‍්සතී”ති සඤ‍්ඤාය “භන‍්තෙ, තුම‍්හාකං දාතබ‍්බයුත‍්තකං නත්‍ථි, අතිච‍්ඡථා”ති ආහ. සො තස‍්සා කථං සුත්‍වා හදයපූරං සොකං ගහෙත්‍වා අස‍්සුපුණ‍්ණෙහි නෙත‍්තෙහි තත්‍ථෙව අට‍්ඨාසි. දුතියම‍්පි තතියම‍්පි “අතිච‍්ඡථා”ති වුච‍්චමානොපි අට‍්ඨාසියෙව. අථස‍්ස පිතා මාතරං ආහ – “ගච‍්ඡ, භද‍්දෙ, ජානාහි, පුත‍්තො නු ඛො නො එසො”ති. සා උට‍්ඨාය උපගන‍්ත්‍වා ඔලොකෙන‍්තී සඤ‍්ජානිත්‍වා පාදමූලෙ පතිත්‍වා පරිදෙවි, පිතාපිස‍්ස තථෙව අකාසි, මහන‍්තං කාරුඤ‍්ඤං අහොසි.

උන්වහන්සේ මව්පියන්ද අරමුණු කොට බත් සලාකයක් ද කැඳ සලාකයක් ද ලබාගත්තෝ ය. දොළොස් වසක් අරණ්‍යගතව සිටි භික්‍ෂුවට එය පාරාජිකා වූවාක් මෙන් නැගී ගියේය. උන්වහන්සේ උදෑසනම සැවැත්නුවරට පිවිස, පළමුව කැඳ ලබා ගන්නේ ද නැතහොත් මව්පියන් දන්නේ දැයි සිතන්නේ දිළින්දන් හමුවට හිස් අතින් යෑම නුසුදුසුය. කැඳ ලබාගෙන ඔවුන්ගේ පැරණි ගෙය වෙත ගියේය. මව්පියන් කැඳ සඳහා සිඟා යන්නේ ගෙයින් පිට බිත්තියට හේත්තු වී සිටින්නන් දැක, හටගත් සොවින් කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔවුන් අබියස සිටියේය. ඔව්හු උන්වහන්සේ නො හැඳින්නාහුය. ඔබගේ මව පිණ්ඩපාතය සඳහා වැඩි භික්‍ෂුවක් යැයි සනිටුහන් කොට, ස්වාමීනි, ඔබවහන්සේට දීමට යමක් නැත. වෙන තැනකට වඩින්නැයි කීවාය. උන්වහන්සේ ඇගේ වචන අසා හද පිරුණු සොවින් වෙලීගොස් කඳුළු පිරි දෙනෙතින් යුතුව එහිම සිටියහ. දෙවැනිවත්, තෙවැනිවත් එසේ කියද්දී එහිම සිටියහ. එවිට පියා මවට ‘යන්න ඒ ඔබ වැදූ පුතුදැයි බලන්නැයි කීය. ඈ සිටි තැනින් නැගිට ගොස් බලා හැඳිනගෙන පාමුල වැටී වැදහෙව වැළපෙන්නට විය. පියාද එසේම වැළපුණි. මහත් වූ කරුණාවෙන් ඔව්හු වෙලී ගියෝය.

සොපි මාතාපිතරො දිස‍්වා සකභාවෙන සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො අස‍්සූනි පවත‍්තෙසි. සො සොකං අධිවාසෙත්‍වා “අම‍්මතාතා, මා චින‍්තයිත්‍ථ, අහං වො පොසෙස‍්සාමී”ති මාතාපිතරො අස‍්සාසෙත්‍වා යාගුං පායෙත්‍වා එකමන‍්තෙ නිසීදාපෙත්‍වා පුන භික‍්ඛං ආහරිත්‍වා තෙ භොජෙත්‍වා අත‍්තනො අත්‍ථාය භික‍්ඛං පරියෙසිත්‍වා තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා පුන භත‍්තෙනාපුච‍්ඡිත්‍වා පච‍්ඡා සයං පරිභුඤ‍්ජති. සො තතො පට‍්ඨාය ඉමිනා නියාමෙන මාතාපිතරො පටිජග‍්ගති. අත‍්තනා ලද‍්ධානි පක‍්ඛිකභත‍්තාදීනි තෙසංයෙව දත්‍වා සයං පිණ‍්ඩාය චරිත්‍වා ලභමානො භුඤ‍්ජති, අලභමානො න භුඤ‍්ජති, වස‍්සාවාසිකම‍්පි අඤ‍්ඤම‍්පි යං කිඤ‍්චි ලභිත්‍වා තෙසංයෙව දෙති. තෙහි පරිභුත‍්තං ජිණ‍්ණපිලොතිකං ගහෙත්‍වා අග‍්ගළං දත්‍වා රජිත්‍වා සයං පරිභුඤ‍්ජති. භික‍්ඛලභනදිවසෙහි පනස‍්ස අලභනදිවසා බහූ අහෙසුං. අථස‍්ස නිවාසනපාරුපනං අතිලූඛං හොති.

උන්වහන්සේද මව්පියන් දැක දුක දරාගත නොහී වැළපෙන්නට විය. උන්වහන්සේ ශෝකය ඉවසා දරාගෙන, ‘ඔබලා කනස්සලු නොවන්න. මම ඔබලා පෝෂණය කරමි’ යි මව්පියන් අසා, කැඳ බොන්නට දී එක්තැනෙක හිඳුවා, නැවත පිඬුසිඟා ගෙන අවුත් ඔවුන්ට අනුභව කරවා, නැවත තමන්ට භික්‍ෂාව ලබාගෙන අවුත් තවත් ආහාර ඕනෑදැයි අසා, තමන්ද අනුභව කොට, මව්පියන් එක්තැනෙක නවතාලීය. උන්වහන්සේ එතැන් පටන් මේ ආකාරයෙන් මව්පියන් පෝෂණය කළේය. පක්‍ෂයකට වරක් තමන්ට නියම වශයෙන් ලැබෙන ආහාර පවා මව්පියන්ට දී උන්වහන්සේ පිඬු සිඟා ගෙන යැපුණාහ. වස්සාවාසික හෝ වෙනත් කිසිවක් ලැබුණේ නම් ඒවාද ඔවුන්ටම දුන්හ. ඔවුන් පරිභෝග කළ දිරූ රෙදි ආදිය දොරගුලෙහි රඳවා තබා පසුව තමන්ගේ පරිභෝජනයට ගන්නේය. උන්වහන්සේ භික්‍ෂාව (ආහාර) ලබන දවස්වලට වඩා නොලබන දවස් වැඩි විය. පොරවන සිවුරු ආදිය ද දිරා ගියේ විය.

ඉති සො මාතාපිතරො පටිජග‍්ගන‍්තොයෙව අපරභාගෙ කිසො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො අහොසි. අථ නං සන්‍දිට‍්ඨසම‍්භත‍්තා භික‍්ඛූ පුච‍්ඡිංසු “ආවුසො, පුබ‍්බෙ තව සරීරවණ‍්ණො සොභති, ඉදානි පන කිසො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො, බ්‍යාධි තෙ නු ඛො උප‍්පන‍්නො”ති. සො “නත්‍ථි මෙ, ආවුසො, බ්‍යාධි, අපිච පන පලිබොධො මෙ අත්‍ථී”ති තං පවත‍්තිං ආරොචෙසි. අථ නං තෙ භික‍්ඛූ ආහංසු “ආවුසො, භගවා සද‍්ධාදෙය්‍යං විනිපාතෙතුං න දෙති, ත්‍වං පන සද‍්ධාදෙය්‍යං ගහෙත්‍වා ගිහීනං දදමානො අයුත‍්තං කරොසී”ති. සො තෙසං කථං සුත්‍වා ලජ‍්ජිතො ඔලීයි. තෙ එත‍්තකෙනපි අසන‍්තුට‍්ඨා භගවතො සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, අසුකො නාම භික‍්ඛු සද‍්ධාදෙය්‍යං විනිපාතෙත්‍වා ගිහී පොසෙතී”ති සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා තං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු සද‍්ධාදෙය්‍යං ගහෙත්‍වා ගිහී පොසෙසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ තං කිරියං වණ‍්ණෙතුකාමො අත‍්තනො ච පුබ‍්බචරියං පකාසෙතුකාමො “භික‍්ඛු, ගිහී පොසෙන‍්තො කෙ පොසෙසී”ති පුච‍්ඡි. “මාතාපිතරො මෙ, භන‍්තෙ”ති වුත‍්තෙ සත්‍ථා තස‍්ස උස‍්සාහං ජනෙතුං “සාධු සාධු, භික‍්ඛූ”ති තික‍්ඛත‍්තුං සාධුකාරං දත්‍වා “ත්‍වං මම ගතමග‍්ගෙ ඨිතො, අහම‍්පි පුබ‍්බචරියං චරන‍්තො මාතාපිතරො පොසෙසි”න‍්ති ආහ. සො අස‍්සාසං පටිලභි. සත්‍ථා තාය පුබ‍්බචරියාය ආවිකරණත්‍ථං තෙහි භික‍්ඛූහි යාචිතො අතීතං ආහරි.

මව්පිය උපස්ථානයට කැපවීම නිසා උන්වහන්සේ පසුකාලය වනවිට කෘෂව සිරුරේ නහරවැල් ඉල්පී ගියේය. උන්වහන්සේගේ අනෙකුත් හිතමිත්‍ර භික්‍ෂූහු, ඇවැත්නි, පෙර ඔබගේ සිරුර මනා පැහැයෙන් සතු විය. දැන් වනාහි පඬුපැහැ ගැන්වී ඉප්පුණු නහර ඇත්තේය. කිසියම් රෝගයකින් පෙළෙන්නේදැයි ඇසූහ. ආයුෂ්මතුනි මට රෝගව්‍යාධියක් නැත. එහෙත් කිසියම් කරදරයක් ඇතැයි කියා තමන් පත්ව සිටින කරදරය විස්තර කළේය. ඇවැත්නි, ශ්‍රද්ධාවෙන් දෙනු ලබන දේ අපාය ගතවීම සඳහා දෙන්නේ නොවේ. ඔබ එසේ ශ්‍රද්ධාවෙන් දෙන අයගෙන් ප්‍රත්‍ය ලබාගෙන ගිහියන් පෝෂණය කරන්නේය. ඔබ අයුත්තක් කරන්නෙහිය. උන්වහන්සේ එම භික්‍ෂූන්ගේ කතාව අසා ලජ්ජාවෙන් ඇලලී ගියේය. එම භික්‍ෂූන්ගෙන් නොසතුටු වූ කිසියම් කෙනෙක් බුදුන් වෙත ගොස් ‘ස්වාමීනි, අසවල් භික්‍ෂුව සැදැහැවතුන් ශ්‍රද්ධාවෙන් පූජාකරන ප්‍රත්‍යයෙන් ගිහියන් පෝෂණය කර අපායගාමී වන්නේ යැයි කියා සිටියාහුය. ශාස්තෘෘන් වහන්සේ උන්වහන්සේ කැඳවා ‘ගිහියන් සැදැහැයෙන් පූජාකරන දෙයින් ඔබ ගිහියන් පෝෂණය කරන්නේදැ’යි විමසූ කල්හි ‘ස්වාමීනි, එය එසේයැ’ යි උන්වහන්සේ පිළිතුරු දුන්හ. ශාස්තෘෘන් වහන්සේ එම භික්‍ෂුවගේ යහපත් ක්‍රියාව පසැසීමෙන් තමන් වහන්සේගේ පූර්ව චරිතාපදානයක් ප්‍රකාශ කරනු පිණිස, ඔබ ගිහියන් සැදැහැයෙන් දෙනු ලබන ප්‍රත්‍යයෙන් කවුරු පෝෂණය කරන්නේදැ’යි විචාල සේක. ස්වාමීනි, මව්පියන් පෝෂණය කරමි’ යි එම භික්‍ෂුව කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂුව තවදුරටත් මව්පිය උපස්ථානයෙහි උනන්දු කරනු පිණිස, සාධු, සාධු කියා තුන්වරක් සාධුකාර දී, ඔබ මා අනුගමනය කළ මගෙහිම යන්නෙහි. මම ද පෙර අත්බැව්හි මව්පිය උපස්ථානය කෙළෙමි’යි වදාළ සේක. එම භික්‍ෂුව එයින් දිරිමත් විය. ශාස්තෘෘන් වහන්සේගේ ම පෙර විසූ කඳපිළිවෙල ප්‍රකාශ කරනු වස් භික්‍ෂූන් අයැද සිටි කල්හි අතීත කතාව ගෙනහැර දක්වා වදාළ සේක.

අතීතෙ බාරාණසිනගරතො අවිදූරෙ නදියා ඔරිමතීරෙ එකො නෙසාදගාමො අහොසි, පාරිමතීරෙ එකො නෙසාදගාමො. එකෙකස‍්මිං ගාමෙ පඤ‍්ච පඤ‍්ච කුලසතානි වසන‍්ති. ද‍්වීසුපි ගාමෙසු ද‍්වෙ නෙසාදජෙට‍්ඨකා සහායකා අහෙසුං. තෙ දහරකාලෙයෙව කතිකවත‍්තං කරිංසු “සචෙ අම‍්හෙසු එකස‍්ස ධීතා හොති, එකස‍්ස පුත‍්තො හොති, තෙසං ආවාහවිවාහං කරිස‍්සාමා”ති. අථ ඔරිමතීරෙ ගාමජෙට‍්ඨකස‍්ස ගෙහෙ පුත‍්තො ජායි, ජාතක‍්ඛණෙයෙව දුකූලෙන පටිග‍්ගහිතත‍්තා “දුකූලො”ත්‍වෙවස‍්ස නාමං කරිංසු. ඉතරස‍්ස ගෙහෙ ධීතා ජායි, තස‍්සා පරතීරෙ ජාතත‍්තා “පාරිකා”ති නාමං කරිංසු. තෙ උභොපි අභිරූපා පාසාදිකා අහෙසුං සුවණ‍්ණවණ‍්ණා. තෙ නෙසාදකුලෙ ජාතාපි පාණාතිපාතං නාම න කරිංසු.

අතීතයෙහි බරණැස් නුවරට නුදුරෙහි වූ ගඟින් මෙගොඩ එක් වැදිගමක් විය. ගඟින් එගොඩ එබඳුම වැදි ගමක් විය. එක් එක් ගමෙක කුලගෙවල් පන්සීය බැගින් විය. ගම් දෙකෙහි නෙසද දෙටුවෝ කුඩා කළ පටන් යහළුවෝ වූහ. ඔව්හු මෙබඳු කතිකාවතක පිහිටියෝය. ඉදින් අප දෙදෙනාගෙන් එක් අයෙකුට පුතෙකු ද අනෙක් තැනැත්තාට දුවකද උපන්නේ නම් ඔවුනතර ආවාහය හෝ විවාහය විය යුතුය කියාය. කල්යාමේදී මෙගොඩ වැසි නෙසද දෙටුවාගේ ගෙයි පුතෙකු උපන්නේය. ඔහු උපදිනවිට දුහුලක හොවා වඩා ගත් බැවින් ‘දුකූල’ කුමාරයා යැයි නම් තැබීය. නෙසද දෙටුවාගේ ගෙදර දියණියක උපන්නීය. එතෙර (පාරතීර) උපන් බැවින් ඇයට ‘පාරිකා’ යන නම තැබීය. මේ දෙදෙනා මනා වූ රූසම්පතින් හෙබියෝය. නෙසද (වැදි) කුලයෙහි උපන්නේ වී නමුත් ප්‍රාණවධ නොකළාහුය.

අපරභාගෙ සොළසවස‍්සුද‍්දෙසිකං දුකූලකුමාරං මාතාපිතරො ආහංසු “පුත‍්ත, කුමාරිකං තෙ ආනයිස‍්සාමා”ති. සො පන බ්‍රහ‍්මලොකතො ආගතො සුද‍්ධසත‍්තො උභො කණ‍්ණෙ පිධාය “න මෙ ඝරාවාසෙනත්‍ථො අම‍්මතාතා, මා එවරූපං අවචුත්‍ථා”ති වත්‍වා යාවතතියං වුච‍්චමානොපි න ඉච‍්ඡියෙව. පාරිකාපි මාතාපිතූහි “අම‍්ම, අම‍්හාකං සහායකස‍්ස පුත‍්තො අත්‍ථි, සො අභිරූපො සුවණ‍්ණවණ‍්ණො, තස‍්ස තං දස‍්සාමා”ති වුත‍්තා තථෙව වත්‍වා උභො කණ‍්ණෙ පිදහි. සාපි බ්‍රාහ‍්මලොකතො ආගතා ඝරාවාසං න ඉච‍්ඡි. දුකූලකුමාරො පන තස‍්සා රහස‍්සෙන සාසනං පහිණි “සචෙ පාරිකෙ මෙථුනධම‍්මෙන අත්‍ථිකා, අඤ‍්ඤස‍්ස ගෙහං ගච‍්ඡතු, මය‍්හං මෙථුනධම‍්මෙ ඡන්‍දො නත්‍ථී”ති. සාපි තස‍්ස තථෙව සාසනං පෙසෙසි.

දුකූල කුමාරයාට සොළොස් හැවිරිදි වූ කල පුත, ඔබට සුදුසු කුමාරිකාවක් සරණගෙන එමුදැ’යි දෙමව්පියෝ විමසූහ. බඹලොවින් අවුත් මිනිස් ලොව උපන් ශුද්ධ සත්ත්වයෙකු වූ කුමාරයා දෙකන් වසා ‘මට ගිහිගෙයි විසීමෙන් කම් නැත. මෙබඳු දේ නොකියන්නැයි කීය. මව්පියෝ තෙවතාවක් ඇවිටිලි කළත් ඔහු එය නො ඉවසීය. පාරිකා කුමාරියගේ දෙමව්පියෝ ද ‘දුව ඔබ මනා රූසපුව ඇති කුමාරයෙකුට සරණ කර දෙන්නට කැමැතිදැයි විමසූහ. ඇයද බ්‍රහ්මලෝකයෙන් ආ බැවින් ඒ පරිදිම පිළිකෙව් කළාය. දුකූල කුමාරයට ඇයට රහසින් හසුනක් යවමින් ඉදින් ඔබ මෙවුම්දම් සෙවීමෙහි කැමැතිනම් වෙනත් ගෙයකට ආවාහ වී යන්න. මට මෙවුම්දම් සෙවීමෙන් වැඩක් නැතැයි කියා යැවීය. ඇය ද එබඳුම වූ හස්නක් ඔහුට යැවීය.

අථ මාතාපිතරො තෙසං අනිච‍්ඡමානානඤ‍්ඤෙව ආවාහවිවාහං කරිංසු. තෙ උභොපි කිලෙසසමුද‍්දං අනොතරිත්‍වා ද‍්වෙ මහාබ්‍රහ‍්මානො විය එකතොව වසිංසු. දුකූලකුමාරො පන මච‍්ඡං වා මිගං වා න මාරෙති, අන‍්තමසො ආහටමංසම‍්පි න වික‍්කිණාති. අථ නං මාතාපිතරො වදිංසු “තාත, ත්‍වං නෙසාදකුලෙ නිබ‍්බත‍්තිත්‍වාපි නෙව ඝරාවාසං ඉච‍්ඡසි, න පාණවධං කරොසි, කිං නාම කම‍්මං කරිස‍්සසී”ති? “අම‍්මතාතා, තුම‍්හෙසු අනුජානන‍්තෙසු මයං පබ‍්බජිස‍්සාමා”ති. තං සුත්‍වා මාතාපිතරො “තෙන හි පබ‍්බජථා”ති ද‍්වෙ ජනෙ අනුජානිංසු. තෙ තුට‍්ඨහට‍්ඨා මාතාපිතරො වන්‍දිත්‍වා ගාමතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන ගඞ‍්ගාතීරෙන හිමවන‍්තං පවිසිත්‍වා යස‍්මිං ඨානෙ මිගසම‍්මතා නාම නදී හිමවන‍්තතො ඔතරිත්‍වා ගඞ‍්ගං පත‍්තා, තං ඨානං ගන‍්ත්‍වා ගඞ‍්ගං පහාය මිගසම‍්මතාභිමුඛා අභිරුහිංසු.

ඔවුන්ගේ නොකැමැත්ත පිටම ආවාහ මංගල්‍යය සිදුවිය. එම දෙපොල කෙළෙස් සයුරෙහි නිමග්න නොවී මහාබ්‍රහ්මයා මෙන් තනිව විසූහ. දුකූල කුමාරයා මත්ස්‍යයෙකු හෝ මස් පිණිස සතෙකු නොමැරීය. යටත් පිරිසෙන් ගෙන ආ මස් මාංශයක් වත් නොවීය. පසුකලෙක මව්පියෝ ‘දරුව, ඔබ නෙසද කුලයෙහි ඉපදුනේ වී නමුත් ගිහිගෙහි විසීම ප්‍රිය නොකරයි. සතුන්ද නොමරයි. එසේනම් කුමක් කරන්නට සිතා සිටින්නේදැ’යි ඇසූහ. ‘මෑණියනි, පියාණෙනි, ඔබ අනුදන්නේ නම් අදම පැවිදි වෙමි’යි කීය. එසේ නම් පැවිද්දට යන්නැයි මව්පිය දෙදෙනාම අවසර දුන්නාහුය. ඔව්හු දෙදෙන මව්පියන් වැඳ අවසර ගෙන හිමවත ගංතෙරට පැමිණ, යනෙක මිගසම්මත නම් නදිය ගංගා නදිය හා එක්වන්නේද එතැන් සිට ගංගා නදිය ගලන දිසාව හැරදමා මිග සම්මත නදිය ගලාගෙන එන දිසාව (උඩුගං බලා) නැගී ගියාහුය.

තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස භවනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො ඔලොකෙන‍්තො තං කාරණං ඤත්‍වා විස‍්සකම‍්මං ආමන‍්තෙත්‍වා “තාත විස‍්සකම‍්ම, ද‍්වෙ මහාපුරිසා ගාමා නික‍්ඛමිත්‍වා හිමවන‍්තං පවිට‍්ඨා, තෙසං නිවාසට‍්ඨානං ලද‍්ධුං වට‍්ටති, මිගසම‍්මතානදියා අඩ‍්ඪකොසන‍්තරෙ එතෙසං පණ‍්ණසාලඤ‍්ච පබ‍්බජිතපරික‍්ඛාරෙ ච මාපෙත්‍වා එහී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා මූගපක‍්ඛජාතකෙ (ජා· 2.22.1 ආදයො) වුත‍්තනයෙනෙව සබ‍්බං සංවිදහිත්‍වා අමනාපසද‍්දෙ මිගපක‍්ඛිනො පලාපෙත්‍වා එකපදිකං ජඞ‍්ඝමග‍්ගං මාපෙත්‍වා සකට‍්ඨානමෙව ගතො. තෙපි තං මග‍්ගං දිස‍්වා තෙන මග‍්ගෙන ගන‍්ත්‍වා තං අස‍්සමපදං පාපුණිංසු. දුකූලපණ‍්ඩිතො පණ‍්ණසාලං පවිසිත්‍වා පබ‍්බජිතපරික‍්ඛාරෙ දිස‍්වා “සක‍්කෙන මය‍්හං දින‍්නා”ති සක‍්කදත‍්තියභාවං ඤත්‍වා සාටකං ඔමුඤ‍්චිත්‍වා රත‍්තවාකචීරං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා අජිනචම‍්මං අංසෙ කත්‍වා ජටාමණ‍්ඩලං බන්‍ධිත්‍වා ඉසිවෙසං ගහෙත්‍වා පාරිකායපි පබ‍්බජ‍්ජං අදාසි. උභොපි කාමාවචරමෙත‍්තං භාවෙත්‍වා තත්‍ථ වසිංසු. තෙසං මෙත‍්තානුභාවෙන සබ‍්බෙපි මිගපක‍්ඛිනො අඤ‍්ඤමඤ‍්ඤං මෙත‍්තචිත‍්තමෙව පටිලභිංසු, න කොචි කඤ‍්චි විහෙඨෙසි. පාරිකා තතො පට‍්ඨාය පානීයං පරිභොජනීයං ආහරති, අස‍්සමපදං සම‍්මජ‍්ජති, සබ‍්බකිච‍්චානි කරොති. උභොපි ඵලාඵලානි ආහරිත්‍වා පරිභුඤ‍්ජිත්‍වා අත‍්තනො අත‍්තනො පණ‍්ණසාලං පවිසිත්‍වා සමණධම‍්මං කරොන‍්තා තත්‍ථ වාසං කප‍්පයිංසු.

එකෙණෙහි සක්දෙව් භවන උණුසුම් වූ ආකාරයක් පෙනී ගියේය. සක්දෙවිඳු එම කාරණය දැන විස්කම් දෙව්පුතු අමතා ‘විස්කම් දෙව්පුත, මහා පුරුෂයෝ දෙදෙනෙක් ගිහිගෙයින් නික්ම හිමවතට පිවිසුණෝය. ඔවුන්ට නිවාසස්ථාන ලබාදීම සුදුසුය. මිගසම්මත නදියෙන් දුනු දෙසිය පණසක් දුරින් ඔවුන්ට පන්සලක් ද තවුස් පිරිකර ද මවා තබා එන්න’යි කීහ. ඔහු හොඳයැයි පිළිගෙන මුකපක්ඛ ජාතකයෙහි කියූ ලෙසම සියල්ල මනාව සකස්කොට අමිහිරි ශබ්ද ඇතිවන සතුන් ඈතට පළවාහැර ඒ අයෙකුට පාගමනින් යා හැකි ගමන් මගක් ද අසපුව ද මවා දෙව්ලොවට ගියේය. ඔවුහුද එමග දැක එගින් අසපුවට පැමිණියාහුය. දුකූල පඬිහු පන්සලට පැමිණ පැවිදි පිරිකර දැක සක්දෙවිඳු විසින් මා දැක මට දෙන ලද තවුස් පිරිකර යැයි දැන, හැඳි සළු මුදා රත්වැහැරි සිවුරු පොරවා අඳුන් දිවිසම් ඒකාංශ කොට දරා ජටාමඬුලු බැඳ සෘෂි මෙන් ගෙන පාරිකා කුමරියට ද පැවිද්ද ලබා දී දෙදෙනාම කාමාවචර විපාක දෙන මෛත්‍රී භාවනාව කරන්නේ එහි විසුවාහුය. ඔවුන්ගේ මෛත්‍රී ආනුභාවය කරන කොටගෙන සියළු මෘග පක්‍ෂි ආදීහු ඔවුනොවුන් කෙරෙහි මෙත්සිත් උපදවා විසුවාහුය. කිසිවෙකු කිසිවෙකුට හිංසාවක් කළේ නැත. පාරිකා තොමෝ පානීය හා පරිභෝජනීය ජලය ගෙන එන්නීය. ආශ්‍රමය අමදින්නීය. අනෙකුත් කුදුමහත් කටයුතුද ඉටු කරන්නීය. දෙදෙනා එක්ව පලාපල නෙලා ගෙනවුත් අනුභවකොට තම තමන්ගේ පන්සල්වලට වී මහණදම් රකිමින් කල් ගෙව්වාහුය.

සක‍්කො තෙසං උපට‍්ඨානං ආගච‍්ඡති. සො එකදිවසං අනුඔලොකෙන‍්තො “ඉමෙසං චක‍්ඛූනි පරිහායිස‍්සන‍්තී”ති අන‍්තරායං දිස‍්වා දුකූලපණ‍්ඩිතං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා එවමාහ – “භන‍්තෙ, තුම‍්හාකං අන‍්තරායො පඤ‍්ඤායති, පටිජග‍්ගනකං පුත‍්තං ලද‍්ධුං වට‍්ටති, ලොකධම‍්මං පටිසෙවථා”ති. අථ නං දුකූලපණ‍්ඩිතො ආහ – “සක‍්ක, කින‍්නාමෙතං කථෙසි, මයං අගාරමජ‍්ඣෙ වසන‍්තාපි එතං ලොකධම‍්මං පුළවකගූථරාසිං විය ජිගුච‍්ඡිම‍්හා, ඉදානි පන අරඤ‍්ඤං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා කථං එවරූපං කරිස‍්සාමා”ති. අථ සක‍්කො තං ආහ – “භන‍්තෙ, සචෙ එවං න කරොථ, පාරිකාය තාපසියා උතුනිකාලෙ නාභිං හත්‍ථෙන පරාමසෙය්‍යාථා”ති. දුකූලපණ‍්ඩිතො “ඉදං සක‍්කා කාතු”න‍්ති සම‍්පටිච‍්ඡි. සක‍්කො තං වන්‍දිත්‍වා සකට‍්ඨානමෙව ගතො.

සක්දෙවිඳු ඔවුනට උවටැන් පිණිස එන්නෝය. එක් දවසක ඔවුන්ගේ ඇස් පෙනීම දුර්වල වන බව සක්දෙවිඳු දිවැසින් දුටුවේය. තවුසා කරා එළඹ වැඳ එකත්පස්ව සිට මෙසේ කීවේය. ස්වාමීනි, ඔබ දෙපොලගේ ඇස් පෙනීම නැතිවන බව පෙනේ. එකල්හි උවටැන් කිරීම සඳහා පුතෙකු සිටීම සුදුසුය. ලෝක ධර්මයෙහි හැසිරෙන්නැයි ඉල්ලා සිටියේය. ශක්‍රය, ඔබ කුමක් කියන්නේද? අපි ගිහිගෙයි වැසි කලත් මේ ලෝදම් හැසිරීම පණුවන් ගැවසුණු අසූචි සේ පිළිකෙව් කෙළෙමු. දැන් වනගතව සෘෂි පැවිද්දෙන් පැවිදිව කෙසේනම් මෙබඳු වූ ලෝක ධර්මයෙහි හැසිරෙන්නේ දැයි විමසීය. ස්වාමීනි, ලෝක ධර්මයෙහි හැසිරීම නොකරන්න. පාරිතාපසිය උතුගත් පසු (ඔසප්වීමෙන් පසු) අතින් නාභිය පිරිමදින්නැයි කීවේය. එය කළ හැකියැයි තවුසාට වැඳ නමස්කාර කොට නික්ම ගියේය. තවුසාද එම කාරණය පාරි තවුසියට දන්වා, ඈ ඔසප් වූ පසු නාභිය පිරිමැද්දේය.

දුකූලපණ‍්ඩිතොපි තං කාරණං පාරිකාය ආචික‍්ඛිත්‍වා අස‍්සා උතුනිකාලෙ නාභිං හත්‍ථෙන පරාමසි. තදා බොධිසත‍්තො දෙවලොකතො චවිත්‍වා තස‍්සා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සා දසමාසච‍්චයෙන සුවණ‍්ණවණ‍්ණං පුත‍්තං විජායි, තෙනෙවස‍්ස “සුවණ‍්ණසාමො”ති නාමං කරිංසු. පාරිකාය ඵලාඵලත්‍ථාය වනං ගතකාලෙ පබ‍්බතන‍්තරෙ කින‍්නරියො ධාතිකිච‍්චං කරිංසු. තෙ උභොපි බොධිසත‍්තං න‍්හාපෙත්‍වා පණ‍්ණසාලායං නිපජ‍්ජාපෙත්‍වා ඵලාඵලත්‍ථාය අරඤ‍්ඤං ගච‍්ඡන‍්ති. තස‍්මිං ඛණෙ කින‍්නරා කුමාරං ගහෙත්‍වා ගිරිකන්‍දරාදීසු න‍්හාපෙත්‍වා පබ‍්බතමත්‍ථකං ආරුය‍්හ නානාපුප‍්ඵෙහි අලඞ‍්කරිත්‍වා හරිතාලමනොසිලාදීනි සිලායං ඝංසිත්‍වා නලාටෙ තිලකෙ කත්‍වා පුන ආනෙත්‍වා පණ‍්ණසාලායං නිපජ‍්ජාපෙසුං. පාරිකාපි ආගන‍්ත්‍වා පුත‍්තං ථඤ‍්ඤං පායෙසි. තං අපරභාගෙ වඩ‍්ඪිත්‍වා සොළසවස‍්සුද‍්දෙසිකම‍්පි අනුරක‍්ඛන‍්තා මාතාපිතරො පණ‍්ණසාලායං නිසීදාපෙත්‍වා සයමෙව වනමූලඵලාඵලත්‍ථාය වනං ගච‍්ඡන‍්ති. මහාසත‍්තො “මම මාතාපිතූනං කදාචි කොචිදෙව අන‍්තරායො භවෙය්‍යා”ති චින‍්තෙත්‍වා තෙසං ගතමග‍්ගං සල‍්ලක‍්ඛෙසි.

එකල්හි බෝසත්හු දෙව්ලොවින් චුතව ඇගේ කුසයෙහි පිළිසිඳ ගත්තේය. ඈ දසමස් ඇවෑමෙන් රත්පැහැති පුතෙකු වැදුවාය. එබැවින් ඔහුට ‘සුවණ්ණ සාම’ යැයි නම් කළහ. පරියාව මෙන්ම පර්වත ප්‍රාන්තයන්හි වැසි කිඳුරඟනෝ ද කුමරාට කිරි පෙවාහුය. දුකූල තවුසාද පරියා තවුසියද බෝසත් කුමරු මනාව පිළිදැගුම්කොට පන්සලේ තබා පලවැල පිණිස වනයට යන්නාහුය. එවිට කිඳුරඟනෝ කුමාරයා රැගෙන ගොස්, කඳුළැල් වලින් නහවා පර්වත මුදුනට ගෙනගොස් නොයෙක් මල්වලින් සරසා හිරියල් මනෝසීල ආදියෙන් තිලක තබා, ගෙනවුත් පන්සලෙහි තබා යන්නාහුය. පාරි තවුසිය පෙරළා ආ පසු කිරි පොවන්නීය. ඔහු සොළොස් වයස් වනතෙක්ම මව්පිය රැකවරණයෙහි වැඩුනේය. මව්පියෝ ඔහු පන්සලෙහි සිටුවා පලවැල නෙළනු පිණිස යන්නෝය. මහසත්හුද දෙමව්පියන්ට කවදා හෝ කිසියම් තැනකදී අනතුරක් වේදෝහෝයි සැකයෙන් පසුවන්නේ ඔවුන් ගිය දෙස බලමින් විමසිලිමත් වන්නෝය.

අථෙකදිවසං තෙසං වනමූලඵලාඵලං ආදාය සායන‍්හසමයෙ නිවත‍්තන‍්තානං අස‍්සමපදතො අවිදූරෙ මහාමෙඝො උට‍්ඨහි. තෙ එකං රුක‍්ඛමූලං පවිසිත්‍වා වම‍්මිකමත්‍ථකෙ අට‍්ඨංසු. තස‍්ස ච අබ‍්භන‍්තරෙ ආසීවිසො අත්‍ථි. තෙසං සරීරතො සෙදගන්‍ධමිස‍්සකං උදකං ඔතරිත්‍වා තස‍්ස නාසාපුටං පාවිසි. සො කුජ‍්ඣිත්‍වා නාසාවාතෙන පහරි. ද‍්වෙපි අන්‍ධා හුත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං න පස‍්සිංසු. දුකූලපණ‍්ඩිතො පාරිකං ආමන‍්තෙත්‍වා “පාරිකෙ මම චක‍්ඛූනි පරිහීනානි, අහං තං න පස‍්සාමී”ති ආහ. සාපි තථෙව ආහ. තෙ “නත්‍ථි නො ඉදානි ජීවිත”න‍්ති මග‍්ගං අපස‍්සන‍්තා පරිදෙවමානා අට‍්ඨංසු. “කිං පන තෙසං පුබ‍්බකම‍්ම”න‍්ති? තෙ කිර පුබ‍්බෙ වෙජ‍්ජකුලෙ අහෙසුං. අථ සො වෙජ‍්ජො එකස‍්ස මහාධනස‍්ස පුරිසස‍්ස අක‍්ඛිරොගං පටිජග‍්ගි. සො තස‍්ස කිඤ‍්චි ධනං න අදාසි. අථ වෙජ‍්ජො කුජ‍්ඣිත්‍වා අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා භරියාය ආරොචෙත්‍වා “භද‍්දෙ, අහං තස‍්ස අක‍්ඛිරොගං පටිජග‍්ගාමි, ඉදානි මය‍්හං ධනං න දෙති, කිං කරොමා”ති ආහ . සාපි කුජ‍්ඣිත්‍වා “න නො තස‍්ස සන‍්තකෙනත්‍ථො, භෙසජ‍්ජං තස‍්ස එකයොගං දත්‍වා අක‍්ඛීනි කාණානි කරොහී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තථා අකාසි. සො නචිරස‍්සෙව අන්‍ධො හොති. තෙසං උභින‍්නම‍්පි ඉමිනා කම‍්මෙන චක‍්ඛූනි අන්‍ධානි ජායිංසු.

එක්දිනෙක වනමුල් පලාපල රැගෙන සවස් යාමයෙහි, අසපුවට එමින් සිටි ඔවුන් අසපුවට නොදුරු තැන වැසි වසින්නට විය. ඔවුහු එක් ගසක් යට වූ තුඹසක් මතුයෙහි සිටගෙන සිටියාහුය. තුඹස තුළ දරුණු විස ඇති නාගයකු සිටියේය. ඔවුන්ගේ සිරුරුවලින් දහදිය සහිත වැසි ජලය රූරා බැස සර්පයාගේ නාස්ඵුටවල පතිත විය. ඌ කිපී නාසයෙන් විස සහිත වායුව පිට කළේය. එහි විෂ වාතය ගැටීමෙන් මුන් දෙදෙනාම අන්‍ධ විය. ඔවුනොවුන් දැක ගැනීමට ද අපොහොසත් විය. දුකූල තවුසා පාරි තවුසිය අමතා පාරිය, මගේ ඇස් අන්ධ විය. ඔබ දැකීමට නොහැකි යැයි කීවේය. ඇය ද එසේම කීවාය. ඔවුහු දැන් අපට ජීවිතයක් නැතයි කියමින් පාර සොයා ගත නොහී හඬමින් එහෙ මෙහෙ ගියාහුය. පෙර කළ කෙබඳු අකුසලක් මෙයට හේතු වූයේ ද? ඔහු පෙර වෙද කුලයක ඉපිද සිටියෝය. එකී වෙදැදුරා එක් මහත් ධනවත් පුරුෂයෙකුගේ ඇස් රෝගයකට පිළියම් කළේය. එම ධනවතා වෙදදුරාට කිසිවක් නොදුන්නේය. වෙදා කිපී බිරිඳ අමතා කුමක් කරමුදැයි විමසීය. බිරිඳ ද කිපී ‘ඔහුගේ ධනයෙන් අපට වැඩක් නැත. බෙහෙතක් යැයි කියා එක් යෝගයක් දී ඇස් කණ කරව’යි කීවාය. ඔහු ද ඇගේ වචන පිළිගෙන එසේ කළේය. මේ අකුසල කර්මය නිසා ඒ දෙදෙනාගේ ඇස් අන්‍ධ විය.

අථ මහාසත‍්තො “මම මාතාපිතරො අඤ‍්ඤෙසු දිවසෙසු ඉමාය වෙලාය ආගච‍්ඡන‍්ති, ඉදානි තෙසං පවත‍්තිං න ජානාමි, පටිමග‍්ගං ගමිස‍්සාමී”ති චින‍්තෙත්‍වා මග‍්ගං ගන‍්ත්‍වා සද‍්දමකාසි. තෙ තස‍්ස සද‍්දං සඤ‍්ජානිත්‍වා පටිසද‍්දං කරිත්‍වා පුත‍්තසිනෙහෙන “තාත සුවණ‍්ණසාම, ඉධ පරිපන්‍ථො අත්‍ථි, මා ආගමී”ති වදිංසු. අථ නෙසං “තෙන හි ඉමං ලට‍්ඨිකොටිං ගහෙත්‍වා මම සන‍්තිකං එථා”ති දීඝලට‍්ඨිං අදාසි. තෙ ලට‍්ඨිකොටිං ගහෙත්‍වා තස‍්ස සන‍්තිකං ආගමිංසු. අථ නෙ “කෙන කාරණෙන වො චක‍්ඛූනි විනට‍්ඨානී”ති පුච‍්ඡි. අථ නං මාතාපිතරො ආහංසු “තාත, මයං දෙවෙ වස‍්සන‍්තෙ ඉධ රුක‍්ඛමූලෙ වම‍්මිකමත්‍ථකෙ ඨිතා, තෙන කාරණෙනා”ති. සො මාතාපිතූනං කථං සුත්‍වාව අඤ‍්ඤාසි “තත්‍ථ ආසීවිසෙන භවිතබ‍්බං, තෙන කුද‍්ධෙන නාසාවාතො විස‍්සට‍්ඨො භවිස‍්සතී”ති. සො මාතාපිතරො දිස‍්වා රොදි චෙව හසි ච. අථ නං තෙ පුච‍්ඡිංසු “කස‍්මා, තාත, රොදසි චෙව හසසි චා”ති? අම‍්මතාතා, “තුම‍්හාකං දහරකාලෙයෙව එවං චක‍්ඛූනි විනට‍්ඨානී”ති රොදිං, “ඉදානි පටිජග‍්ගිතුං ලභිස‍්සාමී”ති හසිං. අම‍්මතාතා, තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, අහං වො පටිජග‍්ගිස‍්සාමීති.

‘මගේ මව්පියෝ පෙර දිනවල මේ වෙලාවට ආපසු එන්නාහුය. අද එසේ නැත’යි සිතු මහසත් පෙරමගට ගොස් බලමියි සිතා පෙරමගට ගොස් හඬගෑවේය. ඔවුහු කුමරාගේ හඬ හැඳින පිළිතුරු වශයෙන් හඬනගා දරු සෙනෙහසින් බරව, ‘දරුව, මෙහි නොඑන්න. මෙහි විපතක් ඇත’යි හඬ නගා කීවාහුය. එසේ නම් මෙය අල්ලාගෙන එන්නැ’යි දිග රිටක් ඔවුන් වෙත ළං කළේය. ඔවුහු රිටෙහි කෙළවර අල්ලාගෙන ඔහු ළඟට ආවෝය. කුමක් නිසා ඇස් අන්‍ධ වීදැයි ඔහු විමසීය. දරුව, අපි වසින වේලෙහි ගසක් යට වූ තුඹසක් මත සිටියෙමු. එවිට ඇස් අන්‍ධ වී යැයි කීවාහුය. ඔහු ඇසූ සැණින් එම තුඹසෙහි සිටි සර්පයෙකු කිපී නාසාවාතය මුදා හැරිකල්හි එම විෂ හේතු කොටගෙන ඇස් අන්‍ධ වීයැයි දැන ගත්තේය. මව්පියන්ගේ ස්වභාවය දැක පළමුව හැඬුවේය. පසුව සිනාසුන්නේය. කුමක් නිසා හැඬීද? කුමක් නිසා සිනාසුනේද යි මව්පියන් විසින් විමසූ කල්හි මම ගැටවර කාලයෙහිම ඔබලාගේ ඇස් අන්‍ධ විය. මෙතැන්සිට මා ඔබලාට උවටැන් කරමි. ඒ (ලාභය) නිසා සිනාසුණෙමි. මම ඔබලාට උවටැන් නොකරයි කියා නොසිතන්න.

සො මාතාපිතරො අස‍්සාසෙත්‍වා අස‍්සමපදං ආනෙත්‍වා තෙසං රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු චඞ‍්කමෙ පණ‍්ණසාලායං වච‍්චට‍්ඨානෙ පස‍්සාවට‍්ඨානෙ චාති සබ‍්බට‍්ඨානෙසු රජ‍්ජුකෙ බන්‍ධි, තතො පට‍්ඨාය තෙ අස‍්සමපදෙ ඨපෙත්‍වා සයං වනමූලඵලාදීනි ආහරිත්‍වා පණ‍්ණසාලායං ඨපෙත්‍වා පාතොව තෙසං වසනට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා ඝටං ආදාය මිගසම‍්මතානදිං ගන‍්ත්‍වා පානීයපරිභොජනීයං ආහරිත්‍වා උපට‍්ඨාපෙති, දන‍්තකට‍්ඨමුඛොදකාදීනි දත්‍වා මධුරඵලාඵලං දෙති, තෙහි භුඤ‍්ජිත්‍වා මුඛෙ වික‍්ඛාලිතෙ සයං ඛාදිත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා මිගගණපරිවුතො ඵලාඵලත්‍ථාය අරඤ‍්ඤං පාවිසි. පබ‍්බතපාදෙ කින‍්නරපරිවාරො ඵලාඵලං ගහෙත්‍වා සායන‍්හසමයෙ ආගන‍්ත්‍වා ඝටෙන උදකං ආහරිත්‍වා උණ‍්හොදකෙන තෙසං යථාරුචි න‍්හාපනං පාදධොවනං වා කත්‍වා අඞ‍්ගාරකපල‍්ලං උපනෙත්‍වා හත්‍ථපාදෙ සෙදෙත්‍වා තෙසං නිසින‍්නානං ඵලාඵලං දත්‍වා ඛාදාපෙත්‍වා පරියොසානෙ සයං ඛාදිත්‍වා සෙසකං ඨපෙසි. ඉමිනා නියාමෙනෙව මාතාපිතරො පටිජග‍්ගි.

හෙතෙම මව්පියන් ආශ්‍රමයට කැඳවා ගෙන ගොස් පන්සලෙහි රාත්‍රී ස්ථාන (රෑට නිදාගන්නා තැන්) දිවා ස්ථාන (දහවල් කාලයේ කල් ගෙවන තැන්), සක්මන්මළු, පන්සල, වැසිකිලි, කැසිකිලි සම්බන්ධකොට රැහැන් ඇද ඔවුන්ට ඒවා අල්ලාගෙන යාමට සැලැස්වීය. ඔවුහු ආශ්‍රමයෙහි නවත්වා වන මුල් පලාපල ගෙන ඒමට තෙමේම ගියේය. පහන්දොරින් නැගීසිටින (සාම කුමරා) පළමුව වාසස්ථානය පිරිසිදු කරයි. මිගසම්මත ගඟට ගොස් පැන් ගෙන එයි. පරිභෝගයට සුදුසුකොට දෙමව්පියන්ට දෙයි. දැහැටි මුවදෝනා පැන් ආදිය ඔවුන් වෙත එළවා මිහිරි පලතුරු ආදියෙන් සතප්පවයි. ඔවුන් මුව දෙවූ කල තමන් අනුභව කරයි. ඉන්පසු මව්පියන් වැඳ මුව රැළ විසින් පිරිවරණ ලදුව පලාපල නෙළාගෙන ඒමට වනයට යයි. වනය තුළ දී කිඳුරන් හා එක්ව පලාපල නෙලා සවස් කල්හි ආරාමයට එයි. ඉන් පසු දිය කළයක් උණුකරවා මව්පියන් ගේ කැමැත්ත පරිදි නෑවීම හෝ ඇඟ ධෝවන කරයි. ඉන්පසු ගිනි කබලක් දන්වා ඔවුන්ගේ සිරුරු උණුසුම් කරවයි. පලාඵල අනුභවයට සලස්වයි. පසුව තමන් ද අනුභව කොට, ඉතුරු දෑ, තැන්පත් කොට තබයි. මේ ආකාරයේ මව්පියන්ට උපස්ථාන කරන්නේය.

තස‍්මිං සමයෙ බාරාණසියං පීළියක‍්ඛො නාම රාජා රජ‍්ජං කාරෙසි. සො මිගමංසලොභෙන මාතරං රජ‍්ජං පටිච‍්ඡාපෙත්‍වා සන‍්නද‍්ධපඤ‍්චාවුධො හිමවන‍්තං පවිසිත්‍වා මිගෙ වධිත්‍වා මංසං ඛාදන‍්තො මිගසම‍්මතානදිං පත්‍වා අනුපුබ‍්බෙන සාමස‍්ස පානීයග‍්ගහණතිත්‍ථං සම‍්පත‍්තො මිගපදවලඤ‍්ජං දිස‍්වා මණිවණ‍්ණාහි සාඛාහි කොට‍්ඨකං කත්‍වා ධනුං ආදාය විසපීතං සරං සන‍්නහිත්‍වා නිලීනොව අච‍්ඡි. මහාසත‍්තොපි සායන‍්හසමයෙ ඵලාඵලං ආහරිත්‍වා අස‍්සමපදෙ ඨපෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා “පානීයං ආහරිස‍්සාමී”ති ඝටං ගහෙත්‍වා මිගගණපරිවුතො ද‍්වෙපි මිගෙ එකතො කත්‍වා තෙසං පිට‍්ඨියං පානීයඝටං ඨපෙත්‍වා හත්‍ථෙන ගහෙත්‍වා නදීතිත්‍ථං අගමාසි. රාජා කොට‍්ඨකෙ ඨිතොව තං තථා ආගච‍්ඡන‍්තං දිස‍්වා “මයා එත‍්තකං කාලං එවං විචරන‍්තෙනපි මනුස‍්සො නාම න දිට‍්ඨපුබ‍්බො, දෙවො නු ඛො එස නාගො නු ඛො, සචෙ පනාහං එතං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාමි. දෙවො චෙ භවිස‍්සති, ආකාසං උප‍්පතිස‍්සති. නාගො චෙ, භූමියං පවිසිස‍්සති. න ඛො පනාහං සබ‍්බකාලං හිමවන‍්තෙයෙව විචරිස‍්සාමි, බාරාණසිං ගමිස‍්සාමි. තත්‍ර මං පුච‍්ඡිස‍්සන‍්ති ‘අපි නු ඛො තෙ, මහාරාජ, හිමවන‍්තෙ වසන‍්තෙන කිඤ‍්චි අඡරියං දිට‍්ඨපුබ‍්බ’න‍්ති? තත්‍රාහං ‘එවරූපො මෙ සත‍්තො දිට‍්ඨපුබ‍්බො’ති වක‍්ඛාමි. ‘කො නාමෙසො’ති වුත‍්තෙ සචෙ ‘න ජානාමී’ති වක‍්ඛාමි , අථ ගරහිස‍්සන‍්ති මං, තස‍්මා එතං විජ‍්ඣිත්‍වා දුබ‍්බලං කත්‍වා පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙසි.

එසමයෙහි බරණැස පිලියක්ඛ නම් රජකෙනෙක් රජ කරන්නෝය. හෙතෙම මුවමස් කෑමෙහි ගිජු වූයේ මවහට රජය පාවා දී පංචායුධ දරා හිමවතට පිවිස මුවන් මරාකමින් මිගසමවතග්ග වෙත පැමිණියේය. එහි සාමකුමරු පැන්ගන්නා තොට වෙත පැමිණි ඔහු මුවන්ගේ තිප්පොල දැක නිල්පැහැ අතුපතර ඇති ගසක බෙනයක් සදාගෙන එහි සැඟවී දුනු දිය නගා විසපෙවූ ඊයක් අමුණා ගෙන බලා සිටියේය. මහාබෝධි සත්ත්වයෝ ද සවස් කළ පලාපල නෙලා ගෙනවුත් අසපුවෙහි තබා මව්පියන් සමුගෙන නා පැන් ගෙන ඒම පිණිස කළයක් ද ගෙන මුවරැළ විසින් පිරිවරණ ලදුව පැන් ගෙනඒමට යන්නේ මුවන් දෙදෙනෙකු එක්කොට (ළංකොට ඈඳා) උගේ පිට මත පැන්කළ තබා තමනුත් අතින් අල්ලාගෙන උන් පැතොට වෙත දක්කාගෙන ගියේය. රජු බෙණයට වී සිටියේ එසේ මා මෙතෙක් කල්හිම වනයෙහි හැසිරෙන්නේ මනුෂ්‍යයෙකු නොදුටුවෙමි. මොහු දෙවියෙකු විය හැකිද? නාගයෙකු විය හැකි ද? ඉදින් මම මොහු වෙත එළඹ විමසුවේ නම්, දෙවියෙකු නම් අහසට පැන නගී. නාගයෙකු නම් පොළොව කිමිද ගනී. මෙ හැමකල්හි හිමවතෙහිම නොවසන්නෙමි. කවදා හෝ බරණැසට යමි. එවිට මගෙන් ඇමැතියෝ මෙසේ අසන්නාහුය. මහරජ, හිමවත්හි වසන කල්හි කිසියම් පුදුම දෙයක් නොදුටුවේ ද? එහිදී මම මෙබඳු සතෙකු දුටුවෙමියි කී කල්හි ඔහුගේ නම කුමක් ද ඇසූවිට නොදනිමියි කිවහොත් ඔහු මට නිගරු කරන්නෝය. එබැවින් මොහුට විද දුබලකොට විමසා දැනගනිමි’යි සිතුවේය.

අථ තෙසු මිගෙසු පඨමමෙව ඔතරිත්‍වා පානීයං පිවිත්‍වා උත‍්තිණ‍්ණෙසු බොධිසත‍්තො උග‍්ගහිතවත‍්තො මහාථෙරො විය සණිකං ඔතරිත්‍වා පස‍්සද‍්ධදරථො පච‍්චුත‍්තරිත්‍වා රත‍්තවාකචීරං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා අජිනචම‍්මං අංසෙ කත්‍වා පානීයඝටං උක‍්ඛිපිත්‍වා උදකං පුඤ‍්ඡිත්‍වා වාමඅංසකූටෙ ඨපෙසි. තස‍්මිං කාලෙ “ඉදානි විජ‍්ඣිතුං සමයො”ති රාජා විසපීතං සරං උක‍්ඛිපිත්‍වා මහාසත‍්තං දක‍්ඛිණපස‍්සෙ විජ‍්ඣි, සරො වාමපස‍්සෙන නික‍්ඛමි. තස‍්ස විද‍්ධභාවං ඤත්‍වා මිගගණා භීතා පලායිංසු. සුවණ‍්ණසාමපණ‍්ඩිතො පන විද‍්ධොපි පානීයඝටං යථා වා තථා වා අනවසුම‍්භිත්‍වා සතිං පච‍්චුපට‍්ඨාපෙත්‍වා සණිකං ඔතාරෙත්‍වා වාලුකං වියූහිත්‍වා ඨපෙත්‍වා දිසං වවත්‍ථපෙත්‍වා මාතාපිතූනං වසනට‍්ඨානදිසාභාගෙන සීසං කත්‍වා රජතපට‍්ටවණ‍්ණාය වාලුකාය සුවණ‍්ණපටිමා විය නිපජ‍්ජිත්‍වා සතිං පච‍්චුපට‍්ඨාපෙත්‍වා “ඉමස‍්මිං හිමවන‍්තප‍්පදෙසෙ මම වෙරී නාම නත්‍ථි, මය‍්හං මාතාපිතූනඤ‍්ච වෙරී නාම නත්‍ථී”ති මුඛෙන ලොහිතං ඡඩ‍්ඩෙත්‍වා රාජානං අදිස‍්වාව පඨමං ගාථමාහ –

ඉක්බිති මහසත්හුගේ මුවරැළ පළමුව දියට බැස පැන් බී නික්මුණු කල්හි වත් පිළිවෙතෙහි නියලි මහතෙර නමක් දියට බැස පැන් පහසු වන්නා සේ දියට බැස නා ජලයෙන් ගොඩට විත් වැහැරි සිවුරු හැඳ අඳුන්දිවිසම් එකස්කොට පොරවා පැන් කළය ගෙන දියෙහි බහා පුරවාගෙන වම් උරහිස මතුයෙහි තබා ගත්තේය. එසැණෙහි මේ විදීමට කාලය යැයි සිතූ රජු විස පෙවූ ඊයක් අමුණා මහසත්හුගේ දකුණු ඇලයට විදපීය. ඊය වම් ඇලයෙන් නික්මණි. මහසත්හුට විදි බව දැන මුව රැළ බියපත් වී පළා ගියෝය. විත් කෑවේ වී නමුත් සුවණ්ණසාම පණ්ඩිතයෝ පැන් කළය එහෙ මෙහෙ පෙරළීමට ඉඩ නොදී, සිහි එළවාගෙන වහා බිම තබා වැල්ලෙහි හිරකොට තබා දිසාව දැනගෙන මව්පියන් සිටින දිසාවට හිස හරවා රිදී රේඛාවන් වැනි වැළිතලාවෙහි රන් පිළිමයක් මෙන් වැතිරී සිහි එළවාගෙන මේ හිමවතෙහි මට වෛරී පුද්ගලයෙකු නැත. මම ද අන්‍යයන්ට වෛර නොකරමි යි කියමින් මුඛයෙන් ලේ පිටකරමින් රජ නොදැකම මෙම ගාථාව කීවේය.

“කො නු මං උසුනා විජ‍්ඣි, පමත‍්තං උදහාරකං; ඛත‍්තියො බ්‍රාහ‍්මණො වෙස‍්සො, කො මං විද‍්ධා නිලීයසී”ති.

කොනුමං උසුනා විජ්ඣි - පමත්තං උදහාරකං, ඛත්තියො බ්‍රහ්මණො වෙස්සො - කො මං විද්ධ නිලීයසි’ති

දිය ගෙන යන්නට ප්‍රමාද වූ මට ඊයෙන් විද්දේ කවරෙක් ද? රජ, බමුණ, වෙළඳ යන අයගෙන් කවරෙකු මට විද්දේ දැයි සාම කුමරු විමසීය.

තත්‍ථ පමත‍්තන‍්ති මෙත‍්තාභාවනාය අනුපට‍්ඨිතසතිං. ඉදඤ‍්හි සො සන්‍ධාය තස‍්මිං ඛණෙ අත‍්තානං පමත‍්තං නාම අකාසි. විද‍්ධාති විජ‍්ඣිත්‍වා.

එහි පමත්තං යනු මෛත්‍රී භාවනාව හේතුවෙන් යටපත් වූ සිහියයි. මෙහි ඒ මෛත්‍රී භාවනාව නිසා ඒ මොහොතේ තමන්ගෙන් ඇතිවූ පමාව ගැන සඳහන් කළේය. විද්ධාති යනු විදි බවයි.

එවඤ‍්ච පන වත්‍වා පුන අත‍්තනො සරීරමංසස‍්ස අභක‍්ඛසම‍්මතභාවං දස‍්සෙතුං දුතියං ගාථමාහ –

මෙසේ කියා තමන්ගේ සිරුරෙහි මස් නොකන්නේ යැයි දැක්වීමට මේ ගාථාව කීහ.

“න මෙ මංසානි ඛජ‍්ජානි, චම‍්මෙනත්‍ථො න විජ‍්ජති; අථ කෙන නු වණ‍්ණෙන, විද‍්ධෙය්‍යං මං අමඤ‍්ඤථා”ති.

නමෙ මංසානි ඛජ්ජානි, චම්මෙනත්‍ථො නවිජ්ජති, අථ කෙන නු වණ්ණෙන, විද්ධෙය්‍යං මං අමඤ්ඤථාති

මාගේ මස් කෑ යුතු නොවේ. සමින්ද වැඩක් නැත. එසේ ඇති කල මට කවර කරුණකින් විදිය යුතු දැයි සිතුහු දැයි කීය.

දුතියගාථං වත්‍වා තමෙව නාමාදිවසෙන පුච‍්ඡන‍්තො ආහ –

දෙවැනි ගාථාවක් ද කියා නම් ආදි වශයෙන් විමසන්නේ,

“කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො, කථං ජානෙමු තං මයං; පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි, කිං මං විද‍්ධා නිලීයසී”ති.

කොවා ත්‍වං කස්සවා පුත්තො. කතං ජානෙමුතං මයං, පුට්ඨො මෙ සච්ච අක්ඛාහි, තිං මං විද්ධං නිලීයසි

නුඹ කවරෙක් හෝ වෙහිද? කවරකුගේ පුතෙක්දැයි අපි කෙසේ දනිමුද? යහළුව විචාරන මට කියව. කවර හෙයින් මා විද සැඟවුණෙහිදැ’යි සාම කුමරා කීහ.

තත්‍ථ අමඤ‍්ඤථාති අයං පුරිසො කෙන කාරණෙන මං විජ‍්ඣිතබ‍්බන‍්ති අමඤ‍්ඤිත්‍ථාති අත්‍ථො.

එහි අවඤ්ඤථා යනු මේ පුරුෂයා කුමක් නිසා මට විදපීද යනු නොදන්නා බවයි.

එවඤ‍්ච පන වත්‍වා තුණ‍්හී අහොසි. තං සුත්‍වා රාජා “අයං මයා විසපීතෙන සල‍්ලෙන විජ‍්ඣිත්‍වා පාතිතොපි නෙව මං අක‍්කොසති න පරිභාසති, මම හදයං සම‍්බාහන‍්තො විය පියවචනෙන සමුදාචරති, ගච‍්ඡිස‍්සාමිස‍්ස සන‍්තික”න‍්ති චින‍්තෙත්‍වා ගන‍්ත්‍වා තස‍්ස සන‍්තිකෙ ඨිතොව ද‍්වෙ ගාථා අභාසි –

ඒ අසා රජු ‘මොහුට මා විසපෙවූ ඊයෙකින් විද බිම හෙළීය. එසේ නමුත් මට ආක්‍රෝශ පරිභව නොකරයි. සිත සනසන වචනයෙන් කතා කරයි. මොහු සමීපයට යමි’යි සිතා ගොස් ළඟ සිට විමසුවේය.

“රාජාහමස‍්මි කාසීනං, පීළියක‍්ඛොති මං විදූ; ලොභා රට‍්ඨං පහිත්‍වාන, මිගමෙසං චරාමහං.

රාජාහමස්මි කාසීනං, පිළියක්ඛොති ම විදූ, ලොභාරට්ඨ පහත්‍වාන, මිගමෙ සඤ්චරාමහං

මම, කසී රට රජු වෙමි. පිළියන් නමින් මා දනිති. මස් ලොබින් රටහැර මුවන් සොයමින් ඇවිදිමි.

“ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො, දළ‍්හධම‍්මොති විස‍්සුතො; නාගොපි මෙ න මුච‍්චෙය්‍ය, ආගතො උසුපාතන”න‍්ති.

ඉස්සත්‍ථෙවස්මි කුසලො, දළ්හ ධම්මොති විස්සුතො, නාගොපි මෙ න මුච්චෙය්‍ය, ආගතො උසු පාතනන්ති

දුනු ශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. (සහස්සත්‍ථාම නම් දුන්න නගන්නට පිළිවන් බැවින්) දළ්හධම්ම යයි ප්‍රකටය. මාගේ ඊ පහරට පැමිණි ඇතා ද නොමිදෙන්නේය.

තත්‍ථ රාජාහමස‍්මීති එවං කිරස‍්ස විතක‍්කො අහොසි “දෙවාපි නාගාපි මනුස‍්සභාසාය කථෙන‍්තියෙව, අහමෙතං දෙවොති වා නාගොති වා මනුස‍්සොති වා න ජානාමි. සචෙ කුජ‍්ඣෙය්‍ය, නාසෙය්‍ය මං, ‘රාජා’ති වුත‍්තෙ පන අභායන‍්තො නාම නත්‍ථී”ති. තස‍්මා අත‍්තනො රාජභාවං ජානාපෙතුං පඨමං “රාජාහමස‍්මී”ති ආහ. ලොභාති මිගමංසලොභෙන. මිගමෙසන‍්ති මිගං එසන‍්තො. චරාමහන‍්ති චරාමි අහං. දුතියං ගාථං පන අත‍්තනො බලං දීපෙතුකාමො එවමාහ. තත්‍ථ ඉස‍්සත්‍ථෙති ධනුසිප‍්පෙ. දළ‍්හධම‍්මොති දළ‍්හධනුං සහස‍්සත්‍ථාමධනුං ඔරොපෙතුඤ‍්ච ආරොපෙතුඤ‍්ච සමත්‍ථො.

එහි රාජහමස්මි යනු මෙහිදී දැක්වූයේ) ඔහුට මෙබඳු කල්පනාවක් විය. දෙවියෝ වුවත් නාගයෝ වුවත් මිනිස් බසින් කථා කරන්නෝමය. මම මොහු දෙවියෙකු ද නාගයෙකු ද කියා නොදනිමි. ඉදින් කිපී මා නැසීමට සැදුවොත් මා රජකෙනකු බව කීමෙන් මට බියක් වන්නේ නැත. එබැවින් තමන්ගේ තේජස පෙන්වීමට ප්‍රථමයෙන් ‘රාජහමස්මි’ යනුවෙන් පළමුකොට කීහ. ලොභාති යනු මෙහි බස්වලට ඇති ආශාවෙන් මුවන් සොයන්නේ යැයි කීවේය. මිගමෙඝන්ති යනු මුවන් සෙවීමයි. දෙවෙනි ගාථාවද තමන්ගේ බලය පෙන්වීමට මෙසේ කීහ. එහි ඉස්සත්‍ථෙ යනු ධනු ශිල්ප යයි. දළ්හ ධම්මො යනු ඉතා දැඩි දුන්නක් වූ දහසක් දෙනා විසින් එය විය යුතු දුන්න එසවීමට හා බහා තැබීමට සමත් බවයි.

ඉති රාජා අත‍්තනො බලං වණ‍්ණෙත්‍වා තස‍්ස නාමගොත‍්තං පුච‍්ඡන‍්තො ආහ –

මෙසේ තමන්ගේ බලය වර්ණනා කොට ඔහුගේ (බෝසත්හුගේ) නම් ගොත් විචාරීමට මෙසේ කීහ.

“කො වා ත්‍වං කස‍්ස වා පුත‍්තො, කථං ජානෙමු තං මයං; පිතුනො අත‍්තනො චාපි, නාමගොත‍්තං පවෙදයා”ති.

ත්‍වඤ්ච කස්ස වා පුත්තොසි - කපිනං ජානෙමු තං මයං, පිතුනො අත්තනො චාපි - නාමගොත්තං පවෙදයාති

තෙපි කවරෙකුගේ පුතෙක්දැයි අපි තොප කෙසේ දනිමුද? පියාණන්ගේ හෝ තමන්ගේ නාමගෝත්‍ර කියන්නේ.

තත්‍ථ පවෙදයාති කථය.

එහි පවෙදයාති යනු කියන්න යනුයි.

තං සුත්‍වා මහාසත‍්තො “සචාහං ‘දෙවනාගකින‍්නරඛත‍්තියාදීසු අඤ‍්ඤතරොහමස‍්මී’ති කථෙය්‍යං, සද‍්දහෙය්‍යෙව එස, සච‍්චමෙව පනස‍්ස කථෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා එවමාහ –

ඒ අසා බෝසත් ඉතින් මම දෙවියෙකු නාගයෙකු කිඳුරෙකු කියා හෝ ක්‍ෂත්‍රිය ආදී අන්‍ය කුලයක කෙනෙකු කියා හෝ මොහු විශ්වාස කරන්නේය. එනමුත් ඇත්තම ප්‍රකාශ කිරීම සුදුසුයැ යි සිතා මෙසේ කීහ.

“නෙසාදපුත‍්තො භද‍්දන‍්තෙ, සාමො ඉති මං ඤාතයො; ආමන‍්තයිංසු ජීවන‍්තං, ස‍්වජ‍්ජෙවාහං ගතො සයෙ.

නොසාද පුත්තො භද්දන්තෙ, සාමො ඉතිමං ඤාතයො, ආමන්තයිංසු ජීවන්තං, ස්වාජ්ජෙවාහං ගතො සයෙ

මහරජ, තොපට යහපතක් වේවා. මම වනාහි වැදි පුතෙක්මි. ජීවත් වන මගේ නෑයෝ සාම කියා මා ඇමතූහ. ඈ ඒ මම මෙසේ මරු මුවට පැමිණියෙමි. සයනය කරමි.

“විද‍්ධොස‍්මි පුථුසල‍්ලෙන, සවිසෙන යථා මිගො; සකම‍්හි ලොහිතෙ රාජ, පස‍්ස සෙමි පරිප‍්ලුතො.

විද්ධොමි පුථසල්ලෙන, සවියෙන යථා මිගො, සකම්හි ලොහිතෙරාජ, පස්ස සෙමි පරිපලුතො

මහරජ, විස සහිත මහත් ඊයකින් මුවෙකු මෙන් විදින ලද්දේ වෙයි. බලනු මැනවැ. තම ලේවිලෙහි ගැලුණේ නොවීමි.

“පටිවාමගතං සල‍්ලං, පස‍්ස ධිම‍්හාමි ලොහිතං; ආතුරො ත්‍යානුපුච‍්ඡාමි, කිං මං විද‍්ධා නිලීයසි.

පටිච්චගතං සල්ලං පස්ස විහාමිලෝහිතං, ආතුරොත්‍යානු පුච්ඡාමි, කිං මං විද්ධා නිලීයසි

ඊතලය වම්පසින් ඇතුළුවී දකුණැලයෙන් නික්මිණි. ලේ වමාරමි. මා කවර හෙයින් විද සැඟවුණෙහිදැයි තොප විචාරමි.

“අජිනම‍්හි හඤ‍්ඤතෙ දීපි, නාගො දන‍්තෙහි හඤ‍්ඤතෙ; අථ කෙන නු වණ‍්ණෙන, විද‍්ධෙය්‍යං මං අමඤ‍්ඤථා”ති.

අජිනම්හි හඤ්ඤතෙ දීපි, නාහො දන්තාය හඤ්ඤතෙ, අථ කෙනනු වණ්ණෙන, විද්ධෙය්‍යං මං අමඤ්ඤථාති

සම නිමිති කොටගෙන දිවියන් මරනු ලබයි. දළ නිමිති කොටගෙන ඇතා නසනු ලැබෙයි. එසේනම් මා විදිය යුත්තෙකු මෙන් කවර හෙයින් සිතීද?

තත්‍ථ ජීවන‍්තන‍්ති මං ඉතො පුබ‍්බෙ ජීවමානං “එහි සාම, යාහි සාමා”ති ඤාතයො ආමන‍්තයිංසු. ස‍්වජ‍්ජෙවාහං ගතොති සො අහං අජ‍්ජ එවං ගතො මරණමුඛෙ සම‍්පත‍්තො, පවිට‍්ඨොති අත්‍ථො . සයෙති සයාමි. පරිප‍්ලුතොති නිමුග‍්ගො. පටිවාමගතන‍්ති දක‍්ඛිණපස‍්සෙන පවිසිත්‍වා වාමපස‍්සෙන නිග‍්ගතන‍්ති අත්‍ථො. පස‍්සාති ඔලොකෙහි මං. ධිම‍්හාමීති නිට‍්ඨුභාමි, ඉදං සො සතිං පච‍්චුපට‍්ඨාපෙත්‍වා අවිකම‍්පමානොව ලොහිතං මුඛෙන ඡඩ‍්ඩෙත්‍වා ආහ. ආතුරො ත්‍යානුපුච‍්ඡාමී”ති බාළ‍්හගිලානො හුත්‍වා අහං තං අනුපුච‍්ඡාමි. නිලීයසීති එතස‍්මිං වනගුම‍්බෙ නිලීනො අච‍්ඡසි. විද‍්ධෙය්‍යන‍්ති විජ‍්ඣිතබ‍්බං. අමඤ‍්ඤථාති අමඤ‍්ඤිත්‍ථ.

එහි ජීවන්ත යනු මීට පෙර මා ජීවමානව සිටින කළ, සාම මෙහි එන්න. සාම එහි යන්නේ ව්‍යවහාර කරති. නෑයො ‘සාම’ යැයි ආමන්ත්‍රණය කළාහුය. සවාජ්ජෙවාහංගතො ඒමම අද මෙබඳු අවස්ථාවකට පැමිණ මරණ මුඛයෙහි වැටුනෙමි. සයෙති යනු ශයනය කිරීමයි. පරිප්ලුතො යනු නිමග්න වීමයි. පටිචම්මා යනු පසා කරගෙන ගොස් යනුයි. (මෙහි සිරුරේ එක්පසෙක හම විදගෙන අනෙක් පස සම ද පසාර කරගෙන මතු වූ බවයි.) වම්පසින් පිරිස දකුණු පසින් නික්මුණේය යනු අර්ථයි. පස්සා යනු මා දෙස බලව යනුයි. විහාමී යනු කෙළගසමි යනුයි. මෙහි ඔහු සිහි එළවා කම්පාවට පත්නොවී කටින් ලේ වගුරුවමින් කී බව දැක්වීමට යෙදවූහ. ආතුරො යනු ලෙඩෙක්ව මම ඔබගෙන් අසමි යනුයි. නිලීයසී යනු මේ වනලැහැබෙහි සැඟැවී සිටියේද යනුයි. විද්ධෙය්‍යං යනු විදිය යුතු යනුයි. අමඤ්ඤථ යනු සිතුවෙහි ද යනුයි.

රාජා තස‍්ස වචනං සුත්‍වා යථාභූතං අනාචික‍්ඛිත්‍වා මුසාවාදං කථෙන‍්තො ආහ –

රජු ඔහුගේ වචන අසා ඇති තතු හෙළිනොකර බොරු කරන්නේ මෙසේ කීහ.

“මිගො උපට‍්ඨිතො ආසි, ආගතො උසුපාතනං; තං දිස‍්වා උබ‍්බිජී සාම, තෙන කොධො මමාවිසී”ති.

මිගො උපට්ඨිතො ආසි, ආගතො උසු පාතනං, තං දිස්වා උබ්බිජ්ජි සාම, තෙන තොධො මං ආවිසි

පින්වත, ඊපහරට පැමිණි මුවෙක් ඉදිරියෙහි සිටියේය. තොප දැකීමෙන් මුවා භය වී ගියේය. එයින් මට තරහ උපන්නේය.

තත්‍ථ ආවිසීති අජ‍්ඣොත්‍ථරි. තෙන කාරණෙන මෙ කොධො උප‍්පන‍්නොති දීපෙති.

එහි ආවිසී යනු පෙළෙන්නේය යනුයි. එනිසා මට ක්‍රෝධයක් උපන්නේය. යනු මෙයින් දැක්වේ.

අථ නං මහාසත‍්තො “කිං වදෙසි, මහාරාජ, ඉමස‍්මිං හිමවන‍්තෙ මං දිස‍්වා පලායනමිගො නාම නත්‍ථී”ති වත්‍වා ආහ –

ඉක්බිති මහසත් කියන්නේ, කුමක් කියන්නෙහි ද? මහරජ, මේ හිමවතෙහි මා දැක පලායන මුවන් නැත්තේ යැයි කියා මෙසේද කීවේය.

“යතො සරාමි අත‍්තානං, යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං; න මං මිගා උත‍්තසන‍්ති, අරඤ‍්ඤෙ සාපදානිපි.

යතෙ සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං, නමං මිගං උත්සන්ති, අරඤ්ඤෙ සාපදානිපි

යම්කලෙක සිට තමන් සිහි කෙරෙම්ද? යම්කලෙක සිට නුවණැති බවට පැමිණියෙම් ද? මේ තාක් වනයෙහි චණ්ඩ වනමුවෝ ද මා දැක බිය නොවෙති.

“යතො නිධිං පරිහරිං, යතො පත‍්තොස‍්මි යොබ‍්බනං; න මං මිගා උත‍්තසන‍්ති, අරඤ‍්ඤෙ සාපදානිපි.

යතො නිධිං පරිහරිං, යතො පත්තොස්මියොබ්බනං, න මං මිගා උත්තසන්ති, අරඤ්ඤෙ සාපදානිපි

යම්කලෙක සිට වැහැරි සිවුරු පරිහරණය කරන්නේ ද, යම්කලෙක පටන් තරුණ බවට පැමිණියෙම් ද මේ තාක් චණ්ඩ මෘගයෝ ද මා දැක බිය නොවෙයි.

“භීරූ කිම‍්පුරිසා රාජ, පබ‍්බතෙ ගන්‍ධමාදනෙ; සම‍්මොදමානා ගච‍්ඡාම, පබ‍්බතානි වනානි ච.

භීරු කිම්පපුරිසා රාජ, පබ්බතෙ ගන්‍ධමාදනෙ, සම්මොදමානා ගච්ඡාම, පබ්බතානි වනානිච

“න මං මිගා උත‍්තසන‍්ති, අරඤ‍්ඤෙ සාපදානිපි; අථ කෙන නු වණ‍්ණෙන, උත්‍රාසන‍්ති මිගා මම”න‍්ති.

අථ කෙන නු වණ්ණෙන, උත්‍රසෙ සො මිගො මමන්ති

මහ රජ ගන්‍ධමාදන පර්වතයෙහි භයානක කිම්පුරුෂයෝ ද වෙති. පර්වතයන්හිද වනාන්තරවලද ඔවුන් සමග සතුටින් ගමන් කරමු. එසේ ඇති කල කවර හෙයින් ඒ මුවා මා දැක බිය වන්නේ ද?

තත්‍ථ න මං මිගාති භො මහාරාජ, යතො කාලතො පට‍්ඨාය අහං අත‍්තානං සරාමි, යතො කාලතො පට‍්ඨාය අහං විඤ‍්ඤුභාවං පත‍්තො අස‍්මි භවාමි, තතො කාලතො පට‍්ඨාය මං දිස‍්වා මිගා නාම න උත‍්තසන‍්ති. සාපදානිපීති වාළමිගාපි. යතො නිධින‍්ති යතො කාලතො පට‍්ඨාය අහං වාකචීරං පරිහරිං. භීරූ කිම‍්පුරිසාති මහාරාජ, මිගා තාව තිට‍්ඨන‍්තු, කිම‍්පුරිසා නාම අතිභීරුකා හොන‍්ති. යෙ ඉමස‍්මිං ගන්‍ධමාදනපබ‍්බතෙ විහරන‍්ති, තෙපි මං දිස‍්වා න උත‍්තසන‍්ති, අථ ඛො මයං අඤ‍්ඤමඤ‍්ඤං සම‍්මොදමානා ගච‍්ඡාම. උත්‍රාසන‍්ති මිගා මමන‍්ති මමං දිස‍්වා මිගා උත්‍රාසෙය්‍යුං, කෙන කාරණෙන ත්‍වං මං සද‍්දහාපෙස‍්සසීති දීපෙති.

එහි න ම මිගං යි කීවේ මා දැක මුවන් උත්ත්‍රාසයට නොපැමිණෙන්නේය යනු යි. සාපදානී චණ්ඩ සතුන් ආදී මෘගයෝය. යතො නිධි යනු යම්කලෙක පටන් මම වැහැරි සිවුරු දැරුවේ ද, එතැන් සිටයි. හීරු කිම්පුරිසා මහරජ, මෘගයෝ හැරුණුවිට, කිම්පුරුෂයෝ නම් අතිශයින් භයානක වෙත් යි යනුයි. ගන්‍ධමාදනෙ එම කිංපුරුෂයෝ මේ සුගන්‍ධයෙන් ගන්ධිත වූ පර්වතයෙහි ඔවුන් වාසය කරති යනුයි. ඔවුහුද මා දැක උත්ත්‍රාසයට නො පැමිණේය. ඉක්බිති අපි ඔවුනොවුන් සතුටු සාමීචියෙහි යෙදෙමින් ගමන් කරමු යනුයි. උත්‍රසෙති යනු මා නිසා මුවා බියවී යැයි කුමන කරුණක් නිසා ඔබ මා ගැන එසේ සිතුවේද යනුයි.

තං සුත්‍වා රාජා “මයා ඉමං නිරපරාධං විජ‍්ඣිත්‍වා මුසාවාදො කථිතො, සච‍්චමෙව කථයිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ –

ඒ අසා රජතුමා, නිරපරාධ වූ මොහුට විද මා බොරුවක් ද කීවෙමි. ඇත්තම කියන්නෙමි යැයි සිතා මෙසේ කීහ.

“න තං තස මිගො සාම, කිං තාහං අලිකං භණෙ; කොධලොභාභිභූතාහං, උසුං තෙ තං අවස‍්සජි”න‍්ති.

න තද්දසා මිගො සාම, කින්තාහං අලිකං භණෙ, කොධලොභාභිභූතොහං, උසුං තෙ තං අවස්සජින්ති

එම්බා සාම කුමරුනි, මුවා තොප නොදැක්කේය. මම ඔබට කවර හෙයින් බොරු කියම්ද? ක්‍රෝධයෙන් ලෝභයෙන් ද මඩනා ලද සිත් ඇති මම ඒ ඊය තොපට විද්දෙමි.

තත්‍ථ න තං තසාති න තං දිස‍්වා මිගො තස, න භීතොති අත්‍ථො. කිං තාහන‍්ති කිං තෙ එවං කල්‍යාණදස‍්සනස‍්ස සන‍්තිකෙ අහං අලිකං භණිස‍්සාමි . කොධලොභාභිභූතාහන‍්ති කොධෙන ච ලොභෙන ච අභිභූතො හුත්‍වා අහං. සො හි පඨමමෙව මිගෙසු උප‍්පන‍්නෙන කොධෙන “මිගෙ විජ‍්ඣිස‍්සාමී”ති ධනුං ආරොපෙත්‍වා ඨිතො පච‍්ඡා බොධිසත‍්තං දිස‍්වා තස‍්ස දෙවතාදීසු අඤ‍්ඤතරභාවං අජානන‍්තො “පුච‍්ඡිස‍්සාමි න”න‍්ති ලොභං උප‍්පාදෙසි, තස‍්මා එවමාහ.

මෙහි නතද්දසා ඌ (මුවා) නොදුටුවේය යනුයි. කින්තාහං මෙබඳු වූ හොඳ පෙනුමැති කෙනෙකු ඉදිරියේ මම අමූලික බොරු කියන්නෙම්ද යනුයි. කොධ ලොභාභිභූතොහං ක්‍රෝධයෙන් ද ලෝභයෙන් ද මැඩලන ලද්දා වූ මම පළමුව ක්‍රෝධයෙන් මුවන්ට විදිමියි දුනුදිය නගා තබා පසුව ඔබ දැක ඒ දේවතාදීන්ගෙන් කවරෙකුදැයි නොදන්නේ විචාරා දැන ගනිමියි ඔබ කෙරෙහි ලෝභයක් ඇතිවිය. ඒ නිසා මෙසේ කීහ.

එවඤ‍්ච පන වත්‍වා “නායං සුවණ‍්ණසාමො ඉමස‍්මිං අරඤ‍්ඤෙ එකකොව වසිස‍්සති, ඤාතකෙහිපිස‍්ස භවිතබ‍්බං, පුච‍්ඡිස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා ඉතරං ගාථමාහ –

මෙසේ ද කියා මේ සුවණ්ණ සාම කුමාරයා මේ වනයේ තනිව වසන්නේ නොවේ. මොහුට කිසියම් නෑ කෙනෙකු ද සිටිය යුතුය. මොහු ගෙන් අසා දැන ගනිමියි සිතා මේ ගාථාවද කීවේය.

“කුතො නු සාම ආගම‍්ම, කස‍්ස වා පහිතො තුවං; ‘උදහාරො නදිං ගච‍්ඡ’, ආගතො මිගසම‍්මත”න‍්ති.

කුතොනු සම්ම ආගම්ම තස්සවා පහිතොතුවං, උදහාරො නදිංගච්ඡ ආගතො මිග සම්මතන්ති

යහළුව, කවර තැනකින් හෝ අවුත් දිය ගෙනෙන්නට ගඟට යවයි කවරෙකු විසින් හෝ එවූ. තෙපි මුවන්ගේ යැයි සම්මත මේ ගඟ වෙත පැමිණියේ ද?

තත්‍ථ සාමාති මහාසත‍්තං ආලපති. ආගම‍්මාති කුතො දෙසා ඉමං වනං ආගමිත්‍වා “අම‍්හාකං උදහාරො උදකං ආහරිතුං නදිං ගච‍්ඡා”ති කස‍්ස වා පහිතොකෙන පුග‍්ගලෙන පෙසිතො හුත්‍වා තුවං ඉමං මිගසම‍්මතං ආගතොති අත්‍ථො.

එහි සම්මා යනු මහසත් හට ඇමතූ ආකාරයයි. ආගම්ම යනු කවර රටකින් මේ වනයට පැමිණි ඔබ දිය අදින්න (උදහරො) අපට ජලය ගෙන එන්නැයි තස්සවා පහිතත්‍වා කවරෙකු විසින් එවන ලද්දෙකුව ඔබ මේ මිගසම්මත නදිය වෙත පැමිණියේ ද යනු මෙහි අදහසයි.

සො තස‍්ස කථං සුත්‍වා මහන‍්තං දුක‍්ඛවෙදනං අධිවාසෙත්‍වා මුඛෙන ලොහිතං ඡඩ‍්ඩෙත්‍වා ගාථමාහ –

බෝසත්හු ඔහුගේ වචන අසා මහත් වූ වේදනාවෙන් මැඩලන ලද්දේ වුවද ඉවසාගෙන කටින් ලේ වගුරුවමින් මේ ගාථාව කීවේය.

“අන්‍ධා මාතාපිතා මය‍්හං, තෙ භරාමි බ්‍රහාවනෙ; තෙසාහං උදකාහාරො, ආගතො මිගසම‍්මත”න‍්ති.

අන්‍ධා මාතා පිතා මය්හං, තෙ භරාමි බ්‍රහාවනෙ, තෙසාහං උදහාරකො, ආගතො මිග සම්මදන්ති

මගේ මව්පියෝ අන්‍ධයෝය. මේ මහා වනයෙහි සිට මම ඔවුන් පෝෂණය කරමි. ඔවුන්ට දියගෙන යන මම මේ මිග සම්මත නම් නදිය වෙත පැමිණියෙමි.

තත්‍ථ භරාමීති මූලඵලාදීනි ආහරිත්‍වා පොසෙමි.

එහි භරාමි යනු වනමුල් පලාපල ආදිය ගෙන අවුත් පෝෂණය කරමි යනුයි.

එවඤ‍්ච පන වත්‍වා මහාසත‍්තො මාතාපිතරො ආරබ‍්භ විලපන‍්තො ආහ –

මෙසේ කියා මව්පියන් සිහිකොට වැලපෙමින් මෙසේ කීහ.

“අත්‍ථි නෙසං උසාමත‍්තං, අථ සාහස‍්ස ජීවිතං; උදකස‍්ස අලාභෙන, මඤ‍්ඤෙ අන්‍ධා මරිස‍්සරෙ.

අත්‍ථි නෙසං උසාමත්තං, අථ සාහස්ස ජීවිතං, උදකස්සච අලාභෙන, මඤ්ඤෙ අන්‍ධා මරිස්සරෙ

ඔවුන්ට (මාගේ මව්පියන්ට) භෝජන පමණක් ඇත. එබැවින් ඔවුන් එක්දිනක් දිවි ලබන්නේය. ජලය නොලැබීමේ හේතුවෙන් අන්‍ධ වූ ඔව්හු මැරෙතෙයි සිතමි.

“න මෙ ඉදං තථා දුක‍්ඛං, ලබ‍්භා හි පුමුනා ඉදං; යඤ‍්ච අම‍්මං න පස‍්සාමි, තං මෙ දුක‍්ඛතරං ඉතො.

නමෙ ඉදං තථා දුක්ඛං, ලබ්භාහි පමුනා ඉදං, යංච අච්ච තපස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො

මේ දුක මට එබඳු එකක් නම් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතුය. මෑණියන් නොදකිමි යන යම් දුකක් වේ ද එය මට මෙයට වැඩි දුකෙකි.

“න මෙ ඉදං තථා දුක‍්ඛං, ලබ‍්භා හි පුමුනා ඉදං; යඤ‍්ච තාතං න පස‍්සාමි, තං මෙ දුක‍්ඛතරං ඉතො.

නමෙ ඉදං තථා දුක්ඛං, ලබ්භාහි පමුණා ඉදං, යඤ්ච තාත න පස්සාමි, තං මෙ දුක්ඛතරං ඉතො

මේ දුක මට එබඳු දුකක් නොවේ. පුරුෂයෙකු විසින් මෙය ලැබිය යුතුය. පියාණන් නොදකිමි යන යම් දුකෙක් වේද එය මට මෙයට වඩා වැඩි දුකෙකි.

“සා නූන කපණා අම‍්මා, චිරරත‍්තාය රුච‍්ඡති; අඩ‍්ඪරත‍්තෙව රත‍්තෙ වා, නදීව අවසුච‍්ඡති.

සා නූන කපණා අම්මා, චිර තත්තාය රුච්ඡති, අඩ්ඪ රත්තෙව රත්තෙවා, නදීව අවසුච්ඡති

මාගේ අසරණ මෑණියෝ ඒකාන්තයෙන් ම මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියලෙන්නාහ.

“සො නූන කපණො තාතො, චිරරත‍්තාය රුච‍්ඡති; අඩ‍්ඪරත‍්තෙව රත‍්තෙ වා, නදීව අවසුච‍්ඡති.

සො නූන කපණා තාතො, චිර රත්තාය රුච්ඡති, අඩ්ඪ රත්තෙව රත්තෙවා, නදීව අවසුච්ඡති

මගේ අසරණ පියාණෝ ඒකාන්තයෙන් ම මැදියම් රැයෙහි ද පැසුළු රැයෙහි ද බොහෝ කලක් හඬන්නාහ. කුඩා විලක් මෙන් වියලී යන්නේය.

“උට‍්ඨානපාදචරියාය, පාදසම‍්බාහනස‍්ස ච; සාම තාතවිලපන‍්තා, හිණ‍්ඩිස‍්සන‍්ති බ්‍රහාවනෙ.

උට්ඨාන පාරිචරියාය, පාද සම්බාහනස්සච, සාම තාතානි විලපන්තා, පිණ්ඩිස්සන්ති බ්‍රහාවනෙ

දිව රෑ නැගීසිට වත්පිළිවෙත් කිරිමෙන් ද අත්පා සම්බාහනයෙන් ද (මිරිකීමෙන්) උවටැන් කෙළෙමි. ඔහු පුත සාම යැයි වැළපෙමින් මේ මහා වනයෙහි මංමුලාවී හැසිරෙන්නෝය.

ඉදම‍්පි දුතියං සල‍්ලං, කම‍්පෙති හදයං මමං; යඤ‍්ච අන්‍ධෙ න පස‍්සාමි, මඤ‍්ඤෙ හිස‍්සාමි ජීවිත”න‍්ති.

ඉදං දුතියකං සල්ලං කම්පෙති හදයං මම, යංච අන්‍ධෙ න පස්සාමි යඤ්ච හෙස්සාමි ජීවිතංති

ජීවිතය හැර දමන්නෙම් යන යමෙක් වේද අඳ මව්පියන් නොදකිමි යන යමක් වේද මේ දෙවෙනි ශෝක උල මා හද කම්පා කෙරේ.

තත්‍ථ උසාමත‍්තන‍්ති භොජනමත‍්තං. “උසා”ති හි භොජනස‍්ස නාමං තස‍්ස ච අත්‍ථිතාය. සාහස‍්ස ජීවිතන‍්ති ඡදිවසමත‍්තං ජීවිතන‍්ති අත්‍ථො. ඉදං ආහරිත්‍වා ඨපිතං ඵලාඵලං සන්‍ධායාහ . අථ වා උසාති උස‍්මා. තෙනෙතං දස‍්සෙති – තෙසං සරීරෙ උස‍්මාමත‍්තං අත්‍ථි, අථ මයා ආභතෙන ඵලාඵලෙන සාහස‍්ස ජීවිතං අත්‍ථීති. මරිස‍්සරෙති මරිස‍්සන‍්තීති මඤ‍්ඤාමි. පුමුනාති පුරිසෙන, එවරූපඤ‍්හි දුක‍්ඛං පුරිසෙන ලභිතබ‍්බමෙවාති අත්‍ථො. චිරරත‍්තාය රුච‍්ඡතීති චිරරත‍්තං රොදිස‍්සති. අඩ‍්ඪරත‍්තෙ වාති මජ‍්ඣිමරත‍්තෙ වා. රත‍්තෙ වාති පච‍්ඡිමරත‍්තෙ වා. අවසුච‍්ඡතීති කුන‍්නදී විය සුස‍්සිස‍්සතීති අත්‍ථො. උට‍්ඨානපාදචරියායාති මහාරාජ, අහං රත‍්තිම‍්පි දිවාපි ද‍්වෙ තයො වාරෙ උට‍්ඨාය අත‍්තනො උට‍්ඨානවීරියෙන තෙසං පාදචරියං කරොමි, හත්‍ථපාදෙ සම‍්බාහාමි, ඉදානි මං අදිස‍්වා මමත්‍ථාය තෙ පරිහීනචක‍්ඛුකා “සාමතාතා”ති විලපන‍්තා කණ‍්ටකෙහි විජ‍්ඣියමානා විය ඉමස‍්මිං වනප‍්පදෙසෙ හිණ‍්ඩිස‍්සන‍්ති විචරිස‍්සන‍්තීති අත්‍ථො. දුතියං සල‍්ලන‍්ති පඨමවිද‍්ධවිසපීතසල‍්ලතො සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන දුක‍්ඛතරං ඉදං දුතියං තෙසං අදස‍්සනසොකසල‍්ලං.

එහි උසාමත්තං යනු කිසියම් ආහාර ප්‍රමාණයකි. උස යනු ආහාර සඳහා යෙදෙන නාමයකි. මෙහි එය ඇති බව හැඟවිනි. අථ සාහස්ස ජීවිතං යනු දින සයක ජීවිතය යන අර්ථයි. ගෙනවිත් තැන්පත් කර තබන ලද පලාඵල ගැන සඳහන්කළ අයුරුයි. එසේ නැතහොත් උසා යනු උණුසුමයි. එය මෙසේ ද දැක්විය හැකිය. ඔවුන්ගේ ශරීරවල ජීව උණුසුම් මාත්‍රයක් වේද එය පවතින්නේ මා විසින් ගෙන එන ලද දින සයකට පමණක් ප්‍රමාණවත් වූ ඵලාපල නිසාය. මරිස්සරෙ යනු මැරෙන්නෝය යනුයි. පුමුනා යනු මෙබඳු දුකක් පුරුෂයෙකු විසින් ලැබිය යුතු බව යන අර්ථයි. චිර රත්තාය රුච්චතී බොහෝ කල් හඬන්නේය යනුයි. අඩ්ඪ රත්තෙවා මධ්‍යම රාත්‍රියෙහි හෝ රත්තෙවා රෑ පැසුළු යමයෙහි හෝ යනුයි. අවසුච්ඡති ගඟුලක් මෙන් සිඳී යාවිය යන අර්ථයි. උට්ඨාන පාරිචරියාය මහරජ, බොහෝවිට මම රාත්‍රියෙහි ද දවාලෙහිද තුන්වරක් මගේ නොපසුබට වීර්යයෙන් මොවුන්ට (මව්පියන්ට) උපස්ථාන කරමි. අත්පා මිරිකමි. ඔහු ඒ සඳහා මා අමතන්නෝය. මා නොසිටින බව දත් ඔවුහු තමන් අඳ නෙත්වලට නොපෙනුනත් ගිරිය රිදෙන්නට කෑ ගසමින් පුතේ, පුතේ කියා වැළපෙමින් මේ මහා වනයෙහි ඇවිදින්නෝය. ඉබාගාතේ යන්නෝය. හිණ්ඩිස්සන්ති යනු ඇවිදින්නෝය යන අර්ථයි. දුතියං පළමු සිරුරපසා කරගෙන ගිය විස පෙවූ ඊයට වඩා සිය ගුණයකින් දැඩිතර වූ ඔවුන් දකින්නට නොලැබීම යන මේ දෙවැනි හීය බලවත්ය.

රාජා තස‍්ස විලාපං සුත්‍වා “අයං අච‍්චන‍්තං බ්‍රහ‍්මචාරී ධම‍්මෙ ඨිතො මාතාපිතරො භරති, ඉදානි එවං දුක‍්ඛප‍්පත‍්තොපි තෙසංයෙව විලපති, එවං ගුණසම‍්පන‍්නෙ නාම මයා අපරාධො කතො, කථං නු ඛො ඉමං සමස‍්සාසෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා “නිරයෙ පච‍්චනකාලෙ රජ‍්ජං කිං කරිස‍්සති, ඉමිනා පටිජග‍්ගිතනියාමෙනෙවස‍්ස මාතාපිතරො පටිජග‍්ගිස‍්සාමි, ඉමස‍්ස මරණම‍්පි අමරණං විය භවිස‍්සතී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා ආහ –

රජ ඔහුගේ විලාපය අසා මොහු නියත වශයෙන් ම ‘බ්‍රහ්ම චරියා ධර්මයෙහි පිහිටා මව්පියන් පෝෂණය කරන්නේය. දැන් මෙබඳු වූ දුකකට පැමිණ සිටියදීත් ඔවුන් ගැන වැළපෙන්නේය. මෙබඳු ගුණ සම්පන්නයෙකුට මා විසින් මේ අපරාධය කළේය. කෙසේ මොහු සනසමි’ දැයි සිතා ‘අපාගත වුවහොත් මා හට මොන රජකම්ද?’ මොහු විසින් උවටැන් කළ ආකාරයටම මොහුගේ දෙමව්පියන්ට උවටැන් කරමි. ඔහුට මරණය හෝ ජීවත්වීම විය හැකියැයි සනිටුහන් කොට මෙසේ කීවේය.

“මා බාළ‍්හං පරිදෙවෙසි, සාම කල්‍යාණදස‍්සන; අහං කම‍්මකරො හුත්‍වා, භරිස‍්සං තෙ බ්‍රහාවනෙ.

මා බාළ්හං පරිදෙවෙහි - සාමකල්‍යාණ දස්සන, අහං කම්මකරො හුත්‍වා - භරිස්සංතෙ බ්‍රාහ්මනෙ

යහපත් පෙනුමැති සාම කුමාරය, දැඩිකොට නොවැලපෙන්න. මම වැඩකාරයෙකු සේ මේ මහා වනයෙහි ඔවුන් (මව්පිය දෙදෙන) පෝෂණය කරමි.

“ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො, දළ‍්හධම‍්මොති විස‍්සුතො; අහං කම‍්මකරො හුත්‍වා, භරිස‍්සං තෙ බ්‍රහාවනෙ.

ඉස්සත්‍ථෙ චස්මි කුසලො, දළ්හධම්මෙති විස්සුතො, අහං කම්ම කරො හුත්‍වා, භරිස්සං තෙ බ්‍රහාවනෙ

ධනු ශිල්පයෙහි ද මම දක්‍ෂයෙක්මි. දළ්හ ධර්මයයි ප්‍රකට වූ මම කටයුතු කිරීමෙන් මහවන මැද නුඹගේ මව්පියන් රැකබලා පෝෂණය කරන්නෙමි.

“මිගානං විඝාසමන්‍වෙසං, වනමූලඵලානි ච; අහං කම‍්මකරො හුත්‍වා, භරිස‍්සං තෙ බ්‍රහාවනෙ.

මිගානං විඝා සමන්‍වෙසං - වනමූල ඵලානිච, අහං කම්මකරොහුත්‍වා - භරිස්සංතෙ බ්‍රහාවනෙ

සිංහාදී වන මෘගයන් කා ඉතිරි කළ මස් ද වනයෙහි අලමුල් ද ඵලවැලද සොයාගෙන විත් දාසයෙකු මෙන් ඔවුන් පෝෂණය කරන්නෙමි.

“කතමං තං වනං සාම, යත්‍ථ මාතාපිතා තව; අහං තෙ තථා භරිස‍්සං, යථා තෙ අභරී තුව”න‍්ති.

කතමං තං වනං සාම - යත්‍ථ මාතාපිතා තව, අහං තෙ තථා භරිස්සං - යථානෙ අභරී තුවන්ති

සාමයෙනි, ඔබගේ මව්පියෝ කවර වනයක කවර තැනෙක වෙසෙත්ද? ඔබ මව්පියන් පෝෂණය කළ යම් ආකාරයකට ද මම ඔවුන් එසේ පෝෂණය කළ යම් ආකාරයකට ද මම ඔවුන් එසේ පෝෂණය කරන්නෙමි.

තත්‍ථ භරිස‍්සං තෙති තෙ තව මාතාපිතරො භරිස‍්සාමි. මිගානන‍්ති සීහාදීනං මිගානං විඝාසං අන්‍වෙසන‍්තො. ඉදං සො “ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලොති ථූලථූලෙ මිගෙ වධිත්‍වා මධුරමංසෙන තව මාතාපිතරො භරිස‍්සාමී”ති වත්‍වා “මා, මහාරාජ, අම‍්හෙ නිස‍්සාය පාණවධං කරී”ති වුත‍්තෙ එවමාහ. යථා තෙති යථා ත්‍වං තෙ අභරි, තථෙවාහම‍්පි භරිස‍්සාමීති.

එහි භරිස්සංතෙ යනු ඒ ඔබගේ මව්පියන් පෝෂණය කරමි යන අර්ථයි. මිගානං යනු සිංහ ආදී මෘගයෝය. විආසං අන්‍වෙසන්තො මෘගයන් කා දැමූ ඉතිරි මස් කොටස් සොයන්නා යනුයි. දැන් ඔහු ඉස්සත්‍ථෙවස්මි කුසලො යි කී ලෙස ඔහු ශිල්පයෙහි දක්‍ෂයෙකු බැවින් මහත් මහත් සතුන් මරා මිහිරි මස්වලින් ඔබගේ මව්පියන් පෝෂණය කරන්නෙමියි කී කල්හි මහරජ, අප නිසා ප්‍රාණවධ නොකරන්නැයි කීහ. යථාතෙ යම් ආකාරයකට ඔබ ඔවුන් පෝෂණය කළේද ඒ අයුරින්ම මම ද ඔවුන් පෝෂණය කරන්නෙමි යනුයි.

අථස‍්ස මහාසත‍්තො “සාධු, මහාරාජ, තෙන හි මෙ මාතාපිතරො භරස‍්සූ”ති වත්‍වා මග‍්ගං ආචික‍්ඛන‍්තො ආහ –

ඉක්බිති මහසත්, හොඳයි මහරජ, මව්පියන් පෝෂණය කරන්නැයි කියා (ආරාමයට) යන පාර ගෙනහැර දක්වමින් මෙසේ කීහ.

“අයං එකපදී රාජ, යොයං උස‍්සීසකෙ මම; ඉතො ගන‍්ත්‍වා අඩ‍්ඪකොසං, තත්‍ථ නෙසං අගාරකං; යත්‍ථ මාතාපිතා මය‍්හං, තෙ භරස‍්සු ඉතො ගතො”ති.

අයං එකපදී රාජ - සොයං උස්සීසකෙ මම, ඉතො ගන්‍වා අඩ්ඪකොසං, තත්‍ථතෙසං අගාරකං, තත්‍ථමාතාපිතා මය්හං, තෙභරස්සු ඉතො ගතා

මහරජ, මාගේ හිස පැත්තෙන් යම් ඒකපදික මගක් වේ ද මේ මගින් ගොස් ශබ්ද ඇසෙන දුර පමණින් භාගයක් හෙවත් අඩ හඬ සතක් පමණ දුර යම් තැනෙක් වේද මව්පියන් වෙසෙන ගෙය එහිය. මේ මගින් එහි ගොස් ඔවුන් පෝෂණය කරන්නැයි කීහ.

තත්‍ථ එකපදීති එකපදමග‍්ගො. උස‍්සීසකෙති යො එස මම මත්‍ථකට‍්ඨානෙ. අඩ‍්ඪකොසන‍්ති අඩ‍්ඪකොසන‍්තරෙ.

එහි එකපදී යනු එක් පියවරක් තබා යාහැකි පාරයි. උස්සීසකෙ යනු මගේ හිස පිහිටි පැත්තෙන් ඇති මාර්ගය යන්නයි. අඩ්ඪකොසෙ මිනිසෙකු හඬ වනගා කෑ ගැසූ කල්හි ඇසෙන දුරින් භායකි.

එවං සො තස‍්ස මග‍්ගං ආචික‍්ඛිත්‍වා මාතාපිතූසු බලවසිනෙහෙන තථාරූපං වෙදනං අධිවාසෙත්‍වා තෙසං භරණත්‍ථාය අඤ‍්ජලිං පග‍්ගය‍්හ යාචන‍්තො පුන එවමාහ –

මෙසේ මහසත් ඔහුට පාර කියා මව්පියන් කෙරෙහි බලවත් ස්නේහය ඇති බැවින් එබඳු වූ වේදනාව ඉවසාගෙන ඔවුන්ට ගෞරවය පිණිස ඇඳිලි බැඳ ආයාචනා කරමින් මෙසේ කීහ.

“නමො තෙ කාසිරාජත්‍ථු, නමො තෙ කාසිවඩ‍්ඪන; අන්‍ධා මාතාපිතා මය‍්හං, තෙ භරස‍්සු බ්‍රහාවනෙ.

නමො තෙ කාසිරාජත්‍ථු, නමො තෙ කාසිවද්ධන, අන්‍ධා මාතා පිතා මය්හං, තෙ භරස්සු බ්‍රහාවනෙ

කසී රජතුමනි, ඔබට මාගේ නමස්කාරය වේවා. කසීරට වර්ධනය කරන පින්වතුනි, ඔබට නමස්කාර වේවා. මාගේ මව්පියෝ අන්‍ධයෝය. මහ වනයෙහි ඔවුන් පෝෂණය කරව.

“අඤ‍්ජලිං තෙ පග‍්ගණ‍්හාමි, කාසිරාජ නමත්‍ථු තෙ; මාතරං පිතරං මය‍්හං, වුත‍්තො වජ‍්ජාසි වන්‍දන”න‍්ති.

අඤ්ජලිං තෙ පග්ගණ්හාමි, කසීරාජ නමත්‍ථුතෙ, මාතරං පිතරං මය්හං, වුත්තො වජ්ජාසි වන්‍දනංති

කසී රජතුමනි, ඔබට ඇඳිලි බැඳ දෙමි. ඔබට නමස්කාර වේවා. මා කියන ලදුයේ මව්පියනට මා වැන්ද බව කියනු මැනවැයි සාම කුමාරයා කීය.

තත්‍ථ වුත‍්තො වජ‍්ජාසීති “පුත‍්තො වො සුවණ‍්ණසාමො නදීතීරෙවිසපීතෙන සල‍්ලෙන විද‍්ධො රජතපට‍්ටසදිසෙ වාලුකාපුලිනෙ දක‍්ඛිණපස‍්සෙන නිපන‍්නො අඤ‍්ජලිං පග‍්ගය‍්හ තුම‍්හාකං පාදෙ වන්‍දතී”ති එවං මහාරාජ, මයා වුත‍්තො හුත්‍වා මාතාපිතූනං මෙ වන්‍දනං වදෙය්‍යාසීති අත්‍ථො.

එහි වුත්තො වජ්ජාසී ඔබලාගේ පුතා වන සාම කුමරු ගංතෙර විස පෙවූ ඊයකින් විදිනු ලැබුයේ රිදී රේඛාවක් වැනි වැලිතලාවෙහි පසෙකට හැරී වැදහෝනේ ඇඳිලි බැඳ ඔබගේ පා වඳී යැයි යනුවෙන් කියා මා කී ආකාරයටම මාගේ වැඳීම ගැන කියන්න යැයි ද කීහ.

රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. මහාසත‍්තොපි මාතාපිතූනං වන්‍දනං පෙසෙත්‍වා විසඤ‍්ඤිතං පාපුණි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

රජ යහපතැයි පිළිගත්තේය. මහසත් මව්පියන්ට වැඳගෙනම සිහිසන් නැතිව ගියේය. ඒ බව දැක්වීම සඳහා ශාස්තෲන් වහන්සේ දේශනා කළේය;

“ඉදං වත්‍වාන සො සාමො, යුවා කල්‍යාණදස‍්සනො; මුච‍්ඡිතො විසවෙගෙන, විසඤ‍්ඤී සමපජ‍්ජථා”ති.

ඉදං වත්‍වානසො සාමො යුවා කල්‍යාණ දස්සනො, මුච්ඡිතො විසවෙගෙන විසඤ්ඤී සම්පජ්ජථ

තරුණ කල්‍යාණ දර්ශන ඇති ඒ සාම කුමාර තෙමේ මේ බස කියා විෂ වේගයෙන් සිහිමුළා වූයේ විසංඥ බවට පැමිණියේය.

තත්‍ථ සමපජ‍්ජථාති විසඤ‍්ඤී ජාතො.

එහි සම්පජ්ජථ යනු පැමිණි බවයි. (සිහිසන් නැතිව ගිය බවයි).

සො හි හෙට‍්ඨා එත‍්තකං කථෙන‍්තො නිරස‍්සාසො විය අහොසි. ඉදානි පනස‍්ස විසවෙගෙන මද‍්දිතා භවඞ‍්ගචිත‍්තසන‍්තති හදයරූපං නිස‍්සාය පවත‍්ති, කථා පච‍්ඡිජ‍්ජි, මුඛං පිහිතං, අක‍්ඛීනි නිමීලිතානි, හත්‍ථපාදා ථද‍්ධභාවං පත‍්තා, සකලසරීරං ලොහිතෙන මක‍්ඛිතං. රාජා “අයං ඉදානෙව මයා සද‍්ධිං කථෙසි, කිං නු ඛො”ති තස‍්ස අස‍්සාසපස‍්සාසෙ උපධාරෙසි. තෙ පන නිරුද‍්ධා, සරීරං ථද‍්ධං ජාතං. සො තං දිස‍්වා “නිරුද‍්ධො දානි සාමො”ති සොකං සද‍්ධාරෙතුං අසක‍්කොන‍්තො උභො හත්‍ථෙ මත්‍ථකෙ ඨපෙත්‍වා මහාසද‍්දෙන පරිදෙවි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඔහු (මහසත්) වනාහි එපමණ දෙයක් කියුයේ වී නමුත් හැඟීමෙන් තොරවම මෙන් කීවේය. මේ වනවිට විෂ වේගය මුළු සිරුර පුරා පැතිරී තිබුණේය. චිත්ත සන්තතිය හදවතේ ශක්තිය නිසාම පැවතුණේය. කතාව නැවතුනි. කට වැසුණි. ඇස්වල වැඩී ගියේය. අත්පා තදව ගොස් මුළු සිරුරම ලෙයින් තෙත් විය. ඉක්බිති රජතුමා දැන් මොහු මා සමග කතා කළේය. ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස දෙකත් නතර වීදැයි බැලීය. ආශ්වාස ප්‍රශ්වාස නැති වී ගොස්ය. ශරීරය තද විය. ඒ සාම මියදුණේයැ යි ශෝකය දරාගත නොහැකි වූ රජතුමා හිස අත් ගසමින් මහ හඬින් වැළපුණි. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;

“ස රාජා පරිදෙවෙසි, බහුං කාරුඤ‍්ඤසඤ‍්හිතං; අජරාමරොහං ආසිං, අජ‍්ජෙතං ඤාමි නො පුරෙ; සාමං කාලඞ‍්කතං දිස‍්වා, නත්‍ථි මච‍්චුස‍්ස නාගමො.

සරාජා පරිදෙවෙසි, බහුං කාරුඤ්ඤ සංහිතා, අජරා මරො වහං ආසිං, අජ්ජෙ තං ඤාසි නො පූරෙ, සාමං කාලකතං දිස්වා, ‘නත්‍ථි මච්චුස්ස නාගමො’

ඒ රජතෙමේ මම මෙපමණ කල් ජරා මරණ දෙන්නෙක් යැයි සිතුවෙමි. අද කලුරිය කළ සාම කුමරු දැක කිසිවෙකුටත් මරුගේ නොපැමිණීමක් නැතැයි දැනගතිමි. මින්පෙර එසේ නොදැක්කෙමි. මහත් කරුණාවෙන් රජතුමා මෙසේ වැළපුණෝය.

“යස‍්සු මං පටිමන‍්තෙති, සවිසෙන සමප‍්පිතො; ස‍්වජ‍්ජ එවං ගතෙ කාලෙ, න කිඤ‍්චි මභිභාසති.

යස්සුං පතිමන්තෙති, සව්සෙන සමප්පිතො, ස්වාජ්ජෙවං ගතෙ කාලෙ, නි කිඤ්චි මභිභාසති

විෂ සහිත ඊයෙන් විදිනු ලැබූ යමෙක් මා සමග දැන් කතා කෙළේ ද එසේ වුවත් මෙබඳු මරණාසන්න වූ කල කිසිවෙකුදු කතා නොකෙරේ.

“නිරයං නූන ගච‍්ඡාමි, එත්‍ථ මෙ නත්‍ථි සංසයො; තදා හි පකතං පාපං, චිරරත‍්තාය කිබ‍්බිසං.

නිරයං නූන ගච්ඡාමි, එත්‍ථ මෙ නත්‍ථි සංසයො, තදාහි පකතං පාපං, චිර රත්තාය කිබ්බිසං

එකල මා කළ පාපය බොහෝකල් දුක් විඳීමට සමර්ථ දරුණු වූ පාප කර්මයකි. ඒකාන්තයෙන් මම නරකයට යමි. මෙහි මට සැකයෙක් නැත.

“භවන‍්ති තස‍්ස වත‍්තාරො, ගාමෙ කිබ‍්බිසකාරකො; අරඤ‍්ඤෙ නිම‍්මනුස‍්සම‍්හි, කො මං වත‍්තුමරහති.

භවන්ති තස්ස වත්තාරො, ගාමෙ කිබ්බිස කාරකො, අරඤ්ඤෙ නිම්මනුස්සම්හි, කොමං වත්තු මරහති

පව් කරන තැනැත්තා හට අපරාධකරු වෙතැයි ගමෙහි නින්දා කරන්නෝ වෙති. මිනිසුන් නැති මේ වනයෙහි මට නින්දා කරන්නට කවරෙක් සුදුසු වේද?

“සාරයන‍්ති හි කම‍්මානි, ගාමෙ සංගච‍්ඡ මාණවා; අරඤ‍්ඤෙ නිම‍්මනුස‍්සම‍්හි, කො නු මං සාරයිස‍්සතී”ති.

සාරයන්ති හි කම්මානි, ගාමෙ සංගච්ඡ මාණවා, ආරඤ්ඤෙ නිම්මනුසම්හි, කොනු මං සාරයිස්සතීති

ගම්හි මිනිස්සු එක්වැ කළකම් සිහි කරවති. නොහොත් චෝදනා කරති. මිනිසුන් නැති මේ වනයෙහි මට කවරෙක් චෝදනා කරන්නේදැයි (පිළියක් රජ වැළපුණේය.)

තත්‍ථ ආසින‍්ති අහං එත‍්තකං කාලං අජරාමරොම‍්හීති සඤ‍්ඤී අහොසිං. අජ‍්ජෙතන‍්ති අජ‍්ජ අහං ඉමං සාමං කාලකතං දිස‍්වා මමඤ‍්චෙව අඤ‍්ඤෙසඤ‍්ච නත්‍ථි මච‍්චුස‍්ස නාගමොති තං මච‍්චුස‍්ස ආගමනං අජ‍්ජ ජානාමි, ඉතො පුබ‍්බෙ න ජානාමීති විලපති. ස‍්වජ‍්ජ එවං ගතෙ කාලෙති යො සවිසෙන සල‍්ලෙන සමප‍්පිතො ඉදානෙව මං පටිමන‍්තෙති, සො අජ‍්ජ එවං ගතෙ කාලෙ එවං මරණකාලෙ සම‍්පත‍්තෙ කිඤ‍්චි අප‍්පමත‍්තකම‍්පි න භාසති. තදා හීති තස‍්මිං ඛණෙ සාමං විජ‍්ඣන‍්තෙන මයා පාපං කතං. චිරරත‍්තාය කිබ‍්බිසන‍්ති තං පන චිරරත‍්තං විපච‍්චනසමත්‍ථං දාරුණං ඵරුසං.

එහි ආසිං මම මෙතෙක් කල් (මිනිසුන්) අජරාමර වන්නේ යැයි යනු හැඟීමෙන් යුතුව සිටියෙමි’’යි යනුයි. අජ්ජෙතං යනු අද මේ සාම කලුරිය කළ බැව් දැක මා මෙන්ම අන්‍යයන් කරාද මාරයාගේ පැමිණීම වැලකිය නොහැක්කේ යැයි දැනගතිමි. ඒ මාරයාගේ පැමිණීම අද දැනගතිමි. මින් පෙර නොදනිමියි කියා වැළපුණෝය. ස්වාජ්ජෙවං යමෙක් විස සහිත වූ ආයුධයකින් තුවාල වී මරණාසන්නව සිටියත් දැන් වනාහි ඔහු මා සමග හොඳින් කතා කරන්නේය යනුයි. එවංගතෙ කාලෙහි මෙසේ මරණාසන්න මොහොතකට පැමිණි කල කිසිවෙකුත් කතා නොකෙරේ. තදාහි ඒ වේලාවෙහි සාමට විදිමෙන් මා විසින් මහත් පාපයක් කරන ලදි. චිරරත්තාය කිබ්බිසං එය වනාහි බොහෝකල් විපාක දීමට සමත් දරුණු භයානක පාපයකි.

තස‍්සාති තස‍්ස එවරූපං පාපකම‍්මං කත්‍වා විචරන‍්තස‍්ස. වත‍්තාරොති නින්‍දිතාරො භවන‍්ති “කුහිං ගාමෙ කින‍්ති කිබ‍්බිසකාරකො”ති. ඉමස‍්මිං පන අරඤ‍්ඤෙ නිම‍්මනුස‍්සම‍්හි කො මං වත‍්තුමරහති, සචෙ හි භවෙය්‍ය, වදෙය්‍යාති විලපති. සාරයන‍්තීති ගාමෙ වා නිගමාදීසු වා සංගච‍්ඡ මාණවා තත්‍ථ තත්‍ථ බහූ පුරිසා සන‍්නිපතිත්‍වා “අම‍්භො පුරිසඝාතක, දාරුණං තෙ කම‍්මං කතං, අසුකදණ‍්ඩං පත‍්තො නාම ත්‍ව”න‍්ති එවං කම‍්මානි සාරෙන‍්ති චොදෙන‍්ති. ඉමස‍්මිං පන නිම‍්මනුස‍්සෙ අරඤ‍්ඤෙ මං කො සාරයිස‍්සතීති අත‍්තානං චොදෙන‍්තො විලපති.

තස්ස යනු මෙබඳු පාපයක් කොට (සමාජයෙහි) හැසිරෙන්නහුට වත්තාරො කොහි හෝ නින්දාකොට කතා කරන්නෝ ගාමෙ කවර ගමක හෝ වෙති යනුයි. කිබ්බිසකාරකො කරන්නෝ මේ වනයෙහි මිනිසුන් නැතිකල්හි කවරෙක් මට කතා සෑදිමට සිටින්නේද යනුයි. සාරයං යනු ගමේ හෝ නියම්ගම්හි යන්නයි. සංගච්ඡමාණවා ඒ ඒ තැන්වල මිනිසුන් එක්ව එම්බල මිනීමරුව, ඔබ දරුණුම පාපයක් කර ඇත. ඔබට අසවල් අසවල් ආකාරයේ දඬුවමක් කිරිම සුදුසුය. මෙසේ දඬුවම් නියම කරමින් අපහාසද කරති. මේ මිනිසුන්ගෙන් තොර වූ වනයෙහි රජෙකු වූ මට කවරෙක් නම් චෝදනා කරන්නේ ද? කියමින් තමාම තමන්ට චෝදනා කරගනිමින් වැලපෙන්ට විය.

තදා බහුසුන්‍දරී නාම දෙවධීතා ගන්‍ධමාදනවාසිනී මහාසත‍්තස‍්ස සත‍්තමෙ අත‍්තභාවෙ මාතුභූතපුබ‍්බා. සා පුත‍්තසිනෙහෙන බොධිසත‍්තං නිච‍්චං ආවජ‍්ජෙති, තං දිවසං පන දිබ‍්බසම‍්පත‍්තිං අනුභවමානා න තං ආවජ‍්ජෙති. “දෙවසමාගමං ගතා”තිපි වදන‍්තියෙව. සා තස‍්ස විසඤ‍්ඤිභූතකාලෙ “කිං නු ඛො මෙ පුත‍්තස‍්ස පවත‍්තී”ති ආවජ‍්ජමානා අද‍්දස “අයං පීළියක‍්ඛො නාම රාජා මම පුත‍්තං විසපීතෙන සල‍්ලෙන විජ‍්ඣිත්‍වා මිගසම‍්මතානදීතීරෙ වාලුකාපුලිනෙ ඝාතෙත්‍වා මහන‍්තෙන සද‍්දෙන පරිදෙවති. සචාහං න ගමිස‍්සාමි, මම පුත‍්තො සුවණ‍්ණසාමො එත්‍ථෙව මරිස‍්සති, රඤ‍්ඤොපි හදයං ඵලිස‍්සති, සාමස‍්ස මාතාපිතරොපි නිරාහාරා පානීයම‍්පි අලභන‍්තා සුස‍්සිත්‍වා මරිස‍්සන‍්ති. මයි පන ගතාය රාජා පානීයඝටං ආදාය තස‍්ස මාතාපිතූනං සන‍්තිකං ගමිස‍්සති, ගන‍්ත්‍වා ච පන “පුත‍්තො වො මයා හතො’ති කථෙස‍්සති. එවඤ‍්ච වත්‍වා තෙසං වචනං සුත්‍වා තෙ පුත‍්තස‍්ස සන‍්තිකං ආනයිස‍්සති. අථ ඛො තෙ ච අහඤ‍්ච සච‍්චකිරියං කරිස‍්සාම, සච‍්චබලෙන සාමස‍්ස විසං විනස‍්සිස‍්සති. එවං මෙ පුත‍්තො ජීවිතං ලභිස‍්සති, මාතාපිතරො ච චක‍්ඛූනි ලභිස‍්සන‍්ති, රාජා ච සාමස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා නගරං ගන‍්ත්‍වා මහාදානං දත්‍වා සග‍්ගපරායණො භවිස‍්සති, තස‍්මා ගච‍්ඡාමහං තත්‍ථා”ති. සා ගන‍්ත්‍වා මිගසම‍්මතානදීතීරෙ අදිස‍්සමානෙන කායෙන ආකාසෙ ඨත්‍වා රඤ‍්ඤා සද‍්ධිං කථෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

එකල්හි ‘බහුසොදරි’ නම් දෙව්දුවක් ගන්‍ධමාදන පර්වතයෙහි වසන්නීය. ඈ මහසත්හට ආත්ම භාව හතකට පෙර මව් වූවාය. ඕ පුත් සෙනෙහසින් නිතර බෝසත් ගැන සැලකිලිමත්ව සිටියාය. එදවස ඈ දිවසැප අනුභව කරන්නී බෝසත් ගැන ආවර්ජනා කිරීමට අසමත් වුවාය. ඈ දේව සමාගමට ගියා යැයි ද කියනු ලැබේ. බෝසත් සිහිසන් නැතිව සිටි අවස්ථාවේදි මගේ පුතා ගේ සැපදුක් කෙසේදැයි ආවර්ජනා කරන්නී සිහිසන් නැතිව සිටින බව දුටුවාය. ‘පිලියක්’ රජු මාගේ පුතාට විස සහිත ඊයකින් විද මිගසම්මත ගංතෙර සුනු වැලිතලාවෙහි හොවා මහත් හඬින් වැළපෙන්නේය. ඉදින් මා නොගියේ නම් මා පුතු ‘සුවණ්ණා සාම’ එතැනම මියැදෙන්නේය. රජුගේ ද හද පැලී මිය යන්නේය. සාමගේ මව්පියෝ නිරාහාරව දිය පොදක්වත් නොලබා සුසුම්ලමින් මිය යන්නෝය. මා ගිය කල්හි රජු පැන් කළය ගෙන බෝසත්හුගේ මව්පියන් කරා යන්නේය. ඔහුගෙන් තොරතුරු දැන එම මව්පියෝ පුතු කරා එන්නෝය. මින්පසු මම ද ඔවුන් ද සත්‍යක්‍රියා කරන්නෙමු. එවිට සාමගේ විස බැසයන්නේය. එයින් මගේ පුතු දිවි ලබන්නේය. රජු සාමගේ ධර්මදේශනාව අසා, තම මාලිගයට පෙරළා ගොස්, මහත් වූ දානාදි පින්කම්කොට දෙව්ලොව යන්නේය. ඒ නිසා මම එහි යමි යි කියා ඈ එහි ගොස් මිග්ගසම්ම ගංතෙර නොපෙනී අහසෙහි සිට රජුට මෙසේ කීවේය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සා දෙවතා අන‍්තරහිතා, පබ‍්බතෙ ගන්‍ධමාදනෙ; රඤ‍්ඤොව අනුකම‍්පාය, ඉමා ගාථා අභාසථ.

සා දෙවතා අන්තරහිතා, පබ්බතෙ ගන්‍ධමාදනෙ, රඤ්ඤොච අනුකම්පාය, ඉමං ගාථා අභාසථ

ඒ (බහුසෝදරී නම්) දේවතා දුව ගන්‍ධමාදන පර්වතයෙන් අතුරුදහන්ව (රජු සිටි මිගසම්මත නදිය කරාගොස්) රජු හට අනුකම්පාවෙන් මේ ගාථා කියුවාය.

“ආගුං කිර මහාරාජ, අකරි කම‍්මදුක‍්කටං; අදූසකා පිතාපුත‍්තා, තයො එකූසුනා හතා.

ආගුංකරී මහාරාජ, අකරා කම්ම දුක්කටං, අදූසකා පිතා පුත්තං, තයො එකූසුනා හතා

මහරජ, (ඔබ) මහත් අපරාධය කළේය. කළේ ඉතා ලාමක-පහත් ක්‍රියාවකි. නිදොස් මව්පිය දෙදෙනාද පුතාද යන මේ තිදෙන එක හී පහරක් නසන ලදී.

“එහි තං අනුසික‍්ඛාමි, යථා තෙ සුගතී සියා; ධම‍්මෙනන්‍ධෙ වනෙ පොස, මඤ‍්ඤෙහං සුගතී තයා”ති.

එහි තං අනුසික්ඛාමි, යථා තෙ සුගතී සියා, ධම්මෙනන්‍ධෙ වනෙ පොස, මඤ්ඤෙහං සුගතී තයාති

එනු මැනැවි. ඔබට යහපතක් (සුගතියක්) වන්නේ නම් අනුශාසනා කරමි. මහ වනයෙහි ඒ අඳමව්පියන් සාම කුමරු මෙන් දැහැමින් පෝෂණය කිරීමෙන් රැකබලා ගනු. එසේ කළ කල්හි සුගතියට යන්නේ යැයි මම සිතමි.

තත්‍ථ රඤ‍්ඤොවාති රඤ‍්ඤොයෙව. ආගුං කිරාති මහාරාජ, ත්‍වං මහාපරාධං මහාපාපං අකරි. දුක‍්කටන‍්ති යං කතං දුක‍්කටං හොති, තං ලාමකකම‍්මං අකරි. අදූසකාති නිද‍්දොසා. පිතාපුත‍්තාති මාතා ච පිතා ච පුත‍්තො ච ඉමෙ තයො ජනා එකඋසුනා හතා. තස‍්මිඤ‍්හි හතෙ තප‍්පටිබද‍්ධා තස‍්ස මාතාපිතරොපි හතාව හොන‍්ති. අනුසික‍්ඛාමීති සික‍්ඛාපෙමි අනුසාසාමි. පොසාති සාමස‍්ස ඨානෙ ඨත්‍වා සිනෙහං පච‍්චුපට‍්ඨාපෙත්‍වා සාමො විය තෙ උභො අන්‍ධෙ පොසෙහි. මඤ‍්ඤෙහං සුගතී තයාති එවං තයා සුගතියෙව ගන‍්තබ‍්බා භවිස‍්සතීති අහං මඤ‍්ඤාමි.

එහි රඤ්ඤොවා යනු රජුමය. ආගුං කරි යනු මහරජ, ඔබ මහත් අපරාධයක්, පාපකර්මයක් කළේය යනුයි. දුක්කටං යනු යමක් කීමෙන් නරක විපාක ගෙන දෙන්නේ ද එබඳු ලාමක කර්මයක් කළේය යනුයි. අදුසකා යනු නිදොස් අයයි. පිතා පුත්තා යනු මව ද පියා ද පුතා ද මේ තිදෙන එක් ඊ පහරින් මැරුවේ යැයි කීමෙන් (පුත් සාම කුමරු පමණක් මිය ගියත්) එම ඊපහර හා බැඳුණු ඔහුගේ මව්පියන් ද නැසී ගිය බවයි. අනුසික්ඛාමි යනු හික්මවමි. අනුශාසනා කරමි යනුයි. පොසා යනු සාමගේ තැන සිට සෙනෙහස උපදවා සාම කුමරු මෙන් ඒ අන්ධයන් පෝෂණය කරව යනුයි. මඤ්ඤෙහං සුගති යාති මෙසේ කළ කල්හි ඔබ සුගතියට යන්නේ යැයි සිතමි යනුයි.

සො දෙවතාය වචනං සුත්‍වා “අහං කිර තස‍්ස මාතාපිතරො පොසෙත්‍වා සග‍්ගං ගමිස‍්සාමී”ති සද‍්දහිත්‍වා “කිං මෙ රජ‍්ජෙන, තෙයෙව පොසෙස‍්සාමී”ති දළ‍්හං අධිට‍්ඨාය බලවපරිදෙවං පරිදෙවන‍්තො සොකං තනුකං කත්‍වා “සුවණ‍්ණසාමො මතො භවිස‍්සතී”ති නානාපුප‍්ඵෙහි තස‍්ස සරීරං පූජෙත්‍වා උදකෙන සිඤ‍්චිත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා තෙන පූරිතං උදකඝටං ආදාය දොමනස‍්සප‍්පත‍්තො දක‍්ඛිණදිසාභිමුඛො අගමාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඒ දේවතාවියගේ වචනය අසා මම වනාහි ඔහුගේ මව්පියන් පෝෂණය කොට දෙව්ලොව යමියි අදහා මට රාජ්‍යයෙන් වැඩක් නැත. ඔවුන්ව පෝෂණය කරමි. දැඩිසේ අදිටන් කොට බොහෝ සෙයින් වැලපෙන්නේ ශෝකය ප්‍රකාශ කරමින් සුවණ්ණා සාම මැරුණේ යැයි නොයෙක් සුවඳ මල්වලින් සිරුරට පූජාකොට දිය ඉස, තෙවරක් පැදකුණු කොට, සිව් තැනෙක හෙවවැද ඔහු (සාම කුමරු) විසින් පුරවාගන්නා ලද කළගෙඩිය ගෙන දොම්නසට පැමිණ දකුණු දෙස බලා ගියේ ය. ඒ බැව් දැක්වීම ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ස රාජා පරිදෙවිත්‍වා, බහුං කාරුඤ‍්ඤසඤ‍්හිතං; උදකකුම‍්භමාදාය, පක‍්කාමි දක‍්ඛිණාමුඛො”ති.

සරාජා පරිදෙවිත්‍වා, බහුං කාරුඤ්ඤ සංහිතං, උදක තුම්භ මාදාය, පක්ඛාමි දක්ඛිණ මුඛොති

පකතියාපි මහාථාමො රාජා පානීයඝටං ආදාය ගච‍්ඡන‍්තො අස‍්සමපදං කොට‍්ටෙන‍්තො විය පවිසිත්‍වා දුකූලපණ‍්ඩිතස‍්ස පණ‍්ණසාලාද‍්වාරං සම‍්පාපුණි. දුකූලපණ‍්ඩිතො අන‍්තො නිසින‍්නොව තස‍්ස පදසද‍්දං සුත්‍වා “නායං සාමස‍්ස පදසද‍්දො, කස‍්ස නු ඛො”ති පුච‍්ඡන‍්තො ගාථාද‍්වයමාහ –

පියවි දිරියෙන් යුතුව වුවද රජතුමා පැන්කළය ගෙන අසපුව වෙත හැල්මේ ගොස් දුකූල පඬිහුගේ පන්සල් දොරට පැමිණියේය. ඇතුළෙහි සිටි තවුසා පා ගැටෙන හඬ අසා මේ සාමගේ පා හඬ නොවේ. ඔබ කවුරුදැයි විමසමින් මේ ගාථා දෙක කීවේය.

“කස‍්ස නු එසො පදසද‍්දො, මනුස‍්සස‍්සෙව ආගතො; නෙසො සාමස‍්ස නිග‍්ඝොසො, කො නු ත්‍වමසි මාරිස.

තස්ස නු එසෙ පද සද්දො, මනුස්සස්සෙව ආගතො, නොසො සාමස්ස නිරග්ඝොසො, කොනු ත්‍වමසි මාරිස

මෙහි ආ මිනිසකුගේ වැනි මේ පියවර ශබ්දය කාගේ ද? මේ පා හඬ සාම කුමරුගේ නම් නොවේ. පින්වත, මෙහි පැමිණි තෙපි කවරහුද?

“සන‍්තඤ‍්හි සාමො වජති, සන‍්තං පාදානි නෙයති; නෙසො සාමස‍්ස නිග‍්ඝොසො, කො නු ත්‍වමසි මාරිසා”ති.

සන්තංහි සාමෙ වජති සන්තං පාදානි ඤත්තති, නෙසො සාමස්ස නිනෙආසො කොනු ත්‍වමසි මාරිසාති

සාම කුමරු සන්සුන් ලෙස එයි. සත්ත්ව පා තබයි. මේ පා හඬ සාම කුමරුගේ නොවේ. පින්වත, ඔබ කවුරුදැයි ඇසීය.

තත්‍ථ මනුස‍්සස‍්සෙවාති නායං සීහබ්‍යග‍්ඝදීපියක‍්ඛනාගකින‍්නරානං, ආගච‍්ඡතො පන මනුස‍්සස‍්සෙවායං පදසද‍්දො, නෙසො සාමස‍්සාති. සන‍්තං හීති උපසමයුත‍්තං එව. වජතීති චඞ‍්කමති. නෙයතීති පතිට‍්ඨාපෙති.

එහි මනුස්සස්සෙවා යනු මේ පා ශබ්දය සිංහ ව්‍යාඝ්‍ර ආදීන්ගේ නොවේ. යක්‍ෂ කින්නරාදීන් ගේ ද නොවේ. මේ පා හඬ මෙහි පැමිණි මනුෂ්‍යයෙකු ගේ මය. එහෙත් සාම කුමරුගේ නොවේ. සන්තංහී සංවර සීලීව ගමන් කරන්නේය. සක්මන් කරන්නේය යනුයි. ඤත්තීති තැබීම යනුයි.

තං සුත්‍වා රාජා “සචාහං අත‍්තනො රාජභාවං අකථෙත්‍වා ‘මයා තුම‍්හාකං පුත‍්තො මාරිතො’ති වක‍්ඛාමි, ඉමෙ කුජ‍්ඣිත්‍වා මයා සද‍්ධිං ඵරුසං කථෙස‍්සන‍්ති. එවං මෙ තෙසු කොධො උප‍්පජ‍්ජිස‍්සති, අථ නෙ විහෙඨෙස‍්සාමි, තං මම අකුසලං භවිස‍්සති, ‘රාජා’ති පන වුත‍්තෙ අභායන‍්තා නාම නත්‍ථි, තස‍්මා රාජභාවං තාව කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා පානීයමාළකෙ පානීයඝටං ඨපෙත්‍වා පණ‍්ණසාලාද‍්වාරෙ ඨත්‍වා ආහ –

ඒ අසා රජතුමා ඉදින් මම තමා රජෙකු බව නොකියා මා විසින් ඔබගේ පුතා මැරුවේ යැයි කී කල්හි මොවුන් කිපී මා සමග බැණ ගන්නේය. එසේ මම ඔවුන්ගේ ක්‍රෝධය උපදවන්නේය. එසේ ඔවුන් වෙහෙසට පත් කළ කල්හි එය මට අකුසලයක් වේ. රජු යැයි කී කල්හි බිය නොවන්නෙකු නැත. ඒ නිසා ම රජ බව කියමි යි සිතා පැන් තබන මැස්සෙහි දිය කළය තබා පන්සල් දොරෙහි සිට මෙසේ කීහ.

“රාජාහමස‍්මි කාසීනං, පීළියක‍්ඛොති මං විදූ; ලොභා රට‍්ඨං පහිත්‍වාන, මිගමෙසං චරාමහං.

මම කසී රට රජ වෙමි. නමින් පිළියක්ඛ කියා මා හැඳින්වේ. මස් ලොබින් රටහැර අවුත් මම මුවන් සොයමින් හැසිරෙමි.

“ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො, දළ‍්හධම‍්මොති විස‍්සුතො; නාගොපි මෙ න මුච‍්චෙය්‍ය, ආගතො උසුපාතන”න‍්ති.

ධනු ශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හ ධර්මයැයි ද ප්‍රසිද්ධය. මහේ ඊපහරට පැමිණි ඇතෙක් ද එයින් නොමිදෙන්නේය.

දුකූලපණ‍්ඩිතොපි තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්තො ආහ –

තපස්සුද ඔහු සමගින් පිළිසඳරෙහි යෙදෙන්නේ මෙසේ කීහ.

“ස‍්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; ඉස‍්සරොසි අනුප‍්පත‍්තො, යං ඉධත්‍ථි පවෙදය.

මහරජ, ඔබට යහපත් පැමිණීමක් වේවා. එසේම ඔබට අයහපත් පැමිණීමක් නොවේවා. මෙහි පැමිණි ඔබ අපට අධිපති වන්නෙහිය. මෙහි ඔබට අවශ්‍ය දෙයක් වේ නම් කියන්න.

“තින්‍දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද‍්දකප‍්පානි, භුඤ‍්ජ රාජ වරං වරං.

ඉදුණු තිඹිරි ද මොර ද මී ද මිහිරි එරමිණියා ද යන කුඩා ඵලවර්ග මෙහි බොහෝය. මහරජ, හොඳ හොඳ ඵල වර්ග අනුභව කළ මැනව.

“ඉදම‍්පි පානීයං සීතං, ආභතං ගිරිගබ‍්භරා; තතො පිව මහාරාජ, සචෙ ත්‍වං අභිකඞ‍්ඛසී”ති;

පර්වත ගුහාවෙන් (ගිරිගබ්බරා) ගෙන ආ සිසිල්පින් මෙහි වේ. ඉදින් මහ රජ තෙපි කැමැතිනම් බොනු මැනවි.

තස‍්සත්‍ථො සත‍්තිගුම‍්බජාතකෙ (ජා· 1.15.159 ආදයො) කථිතො. ඉධ පන “ගිරිගබ‍්භරා”ති මිගසම‍්මතං සන්‍ධාය වුත‍්තං. සා හි නදී ගිරිගබ‍්භරා නික‍්ඛන‍්තත‍්තා “ගිරිගබ‍්භරා” ත්‍වෙව ජාතා.

සත්තිගුම්බ ජාතකයෙහි ද මෙම අදහස දක්වා ඇත. මෙහි ගිරිගබ්භරා යන්න මිග සම්මත නදිය සඳහා යෙදුනි. එම ගංගාවද පර්වත ගුහාවක හටගෙන පර්වත ගුහාව තුළින් ගලාඑන ගංගාවකි.

එවං තෙන පටිසන්‍ථාරෙ කතෙ රාජා “පුත‍්තො වො මයා මාරිතො”ති පඨමමෙව වත‍්තුං අයුත‍්තං, අජානන‍්තො විය කථං සමුට‍්ඨාපෙත්‍වා කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ –

මෙසේ ඔවුන් පිළිසඳරෙහි යෙදී සිටි කල්හි ඔබලාගේ පුතා මා විසින් කරන ලදැයි පළමුවෙන් කීම සුදුසු නොවේ. එබවක් නොදන්නා සේ පිළිසඳරෙහි යෙදී සුදුසු තැනදී කියමියි රජු සිතීය.

“නාලං අන්‍ධා වනෙ දට‍්ඨුං, කො නු වො ඵලමාහරි; අනන්‍ධස‍්සෙවයං සම‍්මා, නිවාපො මය‍්හ ඛායතී”ති.

නාලං අන්‍ධා වනෙ දට්ඨුං, කොනුමෙ ඵලමාහරි, අනන්‍ධස්සෙවයං සම්මා, නිවාපො මය්හං ඛයතීති

අන්‍ධ වූවෝ වනයෙහි මේ ඵලවර්ග දක්නට නොහැක්කෝ වෙති. මේවා ගෙනාවේ කවරෙක් ද? මේ යහපත් පළතුරු රැස් කිරීම අන්‍ධ නොවන කෙනෙකුගේ වැඩක් සේ මට වැටහේ.

තත්‍ථ නාලන‍්ති තුම‍්හෙ අන්‍ධා ඉමස‍්මිං වනෙ කිඤ‍්චි දට‍්ඨුං න සමත්‍ථා. කො නු වො ඵලමාහරීති කො නු තුම‍්හාකං ඉමානි ඵලාඵලානි ආහරි. නිවාපොති අයං සම‍්මා නයෙන උපායෙන කාරණෙන කතො ඛාදිතබ‍්බයුත‍්තකානං පරිසුද‍්ධානං ඵලාඵලානං නිවාපො සන‍්නිචයො අනන්‍ධස‍්ස විය මය‍්හං ඛායති පඤ‍්ඤායති උපට‍්ඨාති.

එහි නාලං ඔබලා අන්‍ධයෝය. මේ වනයෙහි කිසිවක් දැකීම නොහැක්කෝය යනුයි. කොනුමෙ ඵලමාහරී කවරෙකු ඔබලාට මේ ඵල ගෙනවිත් දෙන්නේද යනුයි. නිවාපො රැස්කිරීම අන්‍ධ වූවෙකුට කළ නොහැකිය යනුයි. මය්හං ඛායති මට වැටහේ යනුයි. ඒ අසා (දුකුල) තවුසා මහරජ, අප විසින් ඵලාපල ගෙනෙනු නොලැබේ.

තං සුත්‍වා දුකූලපණ‍්ඩිතො “මහාරාජ, න මයං ඵලාඵලානි ආහරාම, පුත‍්තො පන නො ආහරතී”ති දස‍්සෙන‍්තො ගාථාද‍්වයමාහ –

අපගේ පුතා ඒවා ගෙන එතියි කියා පෑමට මේ ගාථා දෙක කීහ.

“දහරො යුවා නාතිබ්‍රහා, සාමො කල්‍යාණදස‍්සනො; දීඝස‍්ස කෙසා අසිතා, අථො සූනග‍්ගවෙල‍්ලිතා.

දහරො යුවානාති බ්‍රහා, සාමො කල්‍යාණ දස්සනො, දීපස්ස කෙසා අසිතා, අථො සුනග්ග වෙල්ලිතාති

තරුණ යෞවන ඉහා නොමහත් සාම කුමාරයා යහපත් දැකුම් ඇත්තෙකි. දිගු කාලවර්ණ කෙස් මස් කොටන පිහි අග මෙන් නැමුණෝය.

“සො හවෙ ඵලමාහරිත්‍වා, ඉතො ආදාය කමණ‍්ඩලුං; නදිං ගතො උදහාරො, මඤ‍්ඤෙ න දූරමාගතො”ති.

සොහවෙ ඵලමාහත්‍වා ඉතො ආදා කමණ්ඩලුං, නදිගතෙ උදහාරො මඤ්ඤෙ න දුරමාගතොති

ඒ තෙම (සාම කුමාරයා) පලවැල ගෙනවුත් තබා මෙයින් කබඩළාව රැගෙන දිය ගෙන එන්නට මිගසම්මත නම් නදිය වෙත ගියේය. දැන් ළඟ ළඟම එතැයි හඟිමියි දුකූල තාපසයා කීහ.

තත්‍ථ නාතිබ්‍රහාති නාතිදීඝො නාතිරස‍්සො. සූනග‍්ගවෙල‍්ලිතාති සූනසඞ‍්ඛාතාය මංසකොට‍්ටනපොත්‍ථනියා අග‍්ගං විය විනතා. කමණ‍්ඩලුන‍්ති ඝටං. න දූරමාගතොති ඉදානි න දූරං ආගතො, ආසන‍්නට‍්ඨානං ආගතො භවිස‍්සතීති මඤ‍්ඤාමීති අත්‍ථො.

එහි නාතිබ්‍රහා යනු ඉතා දිග හෝ ඉතා කෙටි නොවන බවයි. සුනග්ග වෙල්ලිතා යනු මංතොටක පිහියා අගමෙන් උඩට නැමුණු බවයි. කමණ්ඩලු යනු කළයයි. නදුරමාගතො නොදුරෙහි පැමිණෙන බවයි. දැන් දුර නොවේ. මේ ළඟම එනවා පැමිණෙන්නේ විය හැකියැයි සිතමි යනු අර්ථයි.

තං සුත්‍වා රාජා ආහ –

ඒ අසා රජ කීහ.

“අහං තං අවධිං සාමං, යො තුය‍්හං පරිචාරකො; යං කුමාරං පවෙදෙථ, සාමං කල්‍යාණදස‍්සනං.

අහං තං අවධිං සාමං, යො තුය්හං පරිවාරිතො, යං කුමාරං පවෙදෙථ, සාමං කල්‍යාණ දස්සනංති

ඔබලාට උපස්ථාන කරන්නේ යැයි යම් කුමාරයෙකු ගැන කියනු ලබන්නේද යහපත් දැකුම් ඇති ඒ සාම යැයි කියනු ලබන කුමාරයා මම විද මැරුවෙමි.

“දීඝස‍්ස කෙසා අසිතා, අථො සූනග‍්ගවෙල‍්ලිතා; තෙසු ලොහිතලිත‍්තෙසු, සෙති සාමො මහා හතො”ති.

[missing pali]

සුන නම් මස් කපන, අග වක් වූ කැති මෙන් ඔහුගේ අක් බඹර වූ කෙස් ඇත්තේය. මාවිසින් මරණ ලද ඒ සාම කුමාරයා එම ලස්සන කෙස් කළඹෙහි තැවරුණු ලේ ඇත්තේ මැරී වැටී සිටී.

තත්‍ථ අවධින‍්ති විසපීතෙන සරෙන විජ‍්ඣිත්‍වා මාරෙසිං. පවෙදෙථාති කථෙථ. සෙතීති මිගසම‍්මතානදීතීරෙ වාලුකාපුලිනෙ සයති.

එහි අවිධන්ති යනු මුවන්ට විදින ඊයකින් විද මැරීය යන්නයි. පවෙදෙථ කියනු ලබන යනුයි. සෙතී මිගසම්මත ගංතෙර වැලිතලාවෙහි වැදහෙව සිටින බවයි.

දුකූලපණ‍්ඩිතස‍්ස පන අවිදූරෙ පාරිකාය පණ‍්ණසාලා හොති. සා තත්‍ථ නිසින‍්නාව රඤ‍්ඤො වචනං සුත්‍වා තං පවත‍්තිං සොතුකාමා අත‍්තනො පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා රජ‍්ජුකසඤ‍්ඤාය දුකූලපණ‍්ඩිතස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ආහ –

පාරිකා තවුසියගේ ආරාමය වූයේ ද දුකූල තවුසාගේ ආරාමය අසලමය. එහි උන් ඇයට රජුගේ වචන ඇසුණි. එම පුවත දැනගනු කැමති වූ ඕ තොමෝ කණවැල අල්ලාගෙන දුකූල තවුසා වෙත ගොස් මෙසේ ඇසීය.

“කෙන දුකූල මන‍්තෙසි, ‘හතො සාමො’ති වාදිනා; ‘හතො සාමො’ති සුත්‍වාන, හදයං මෙ පවෙධති.

කෙන දුකූල මන්තෙසි, හතො සාමාති වාදිනො, හතො සාමො ති සුත්‍වාන, හදයං මෙ පවෙධති

දුකූල තාපසය, සාම කුමාරය, නැසුවේ යැයි කියන කවරෙකු හා කථා කරන්නෙහුද? සාම කුමාරයා නසන ලදැයි අසා මාගේ හෘදය කම්පා වේ.

“අස‍්සත්‍ථස‍්සෙව තරුණං, පවාළං මාලුතෙරිතං; ‘හතො සාමො’ති සුත්‍වාන, හදයං මෙ පවෙධතී”ති.

අස්සත්තස්සෙව තරුණං - පවාලං මාලුතෙරිතං, හතො සාමොතිසුත්‍වාන - හදයං මෙ පවෙදතීති

සුළඟින් කම්පාවන ඇසතු ළපල්ලක් මෙන් සාම කුමාරයා නසන ලදැයි අසා මා හද වෙවුලයි. පාරිකා කීවාය.

තත්‍ථ වාදිනාති “මයා සාමො හතො”ති වදන‍්තෙන. පවාළන‍්ති පල‍්ලවං. මාලුතෙරිතන‍්ති වාතෙන පහටං.

එහි වාදිතා යනු මාවිසින් සාම මරන ලදැයි කියනු ලබන්නාය. පවාලය යනු දළුයි. මාළුතෙරිතං යනු වාතයෙන් සැලුණු බවයි.

දුකූලපණ‍්ඩිතො ඔවදන‍්තො ආහ –

ඉක්බිති තවුසා අවවාද වශයෙන් මෙසේ කීහ.

“පාරිකෙ කාසිරාජායං, සො සාමං මිගසම‍්මතෙ; කොධසා උසුනා විජ‍්ඣි, තස‍්ස මා පාපමිච‍්ඡිම‍්හා”ති.

පාරිකෙ කාසි රාජා යං, සො සාමං මිග සම්මතෙ, කොධසා උසුනා විජ්ඣි, තස්ස මා පාප මිච්ඡිමහා’ති

එම්බා පාරිකාවෙනි, ඒ මේ කසීරජ මිගසම්මත නම් ගංඉවුරේදී මුවා මරමියි කෝඩු සිතින් සාම කුමාරයාට ඊයකින් වින්දේය. රජුට අපි පව් සිතුවිලි නොකැමැත්තෝ වෙමුයි තවුසා කීහ.

තත්‍ථ මිගසම‍්මතෙති මිගසම‍්මතානදීතීරෙ. කොධසාති මිගෙසු උප‍්පන‍්නෙන කොධෙන. මා පාපමිච‍්ඡිම‍්හාති තස‍්ස මයං උභොපි පාපං මා ඉච‍්ඡිම‍්හා.

එහි මිග සම්මතො මිග සම්මත ගංඉවුරෙහි යනුයි. කොධසා යනු මුවන් කෙරෙහි උපන් ක්‍රෝධයයි. මා පාපමිච්ඡිතම්හා ඔහුට අප දෙදෙනාම පාප සිතුවිලිත් ක්‍රෝධයක් නොකළ යුතු යනුයි.

පුන පාරිකා ආහ –

පාරිකා මෙසේ කීවාය.

“කිච‍්ඡා ලද‍්ධො පියො පුත‍්තො, යො අන්‍ධෙ අභරී වනෙ; තං එකපුත‍්තං ඝාතිම‍්හි, කථං චිත‍්තං න කොපයෙ”ති.

කිච්ඡා ලද්ධො පිසො පුත්තො, යො අන්‍ධො අභරී වනෙ, තංඑක පුත්තං ඝාතිම්හි, කනං චිත්තං න කොපයෙති

දුකින් ලැබූ යම් ප්‍රිය පුතෙක් අප වනයෙහිදී රැකබලා පෝෂණය කෙළේද ඒ එකම පිය පුතු මැරූ ඔහු කෙරේ කෙසේ නම් සිත කෝප නොකෙරෙම්දැයි ඇසුවාය.

තත්‍ථ ඝාතිම‍්හීති ඝාතකෙ.

එහි ඝාතිම්හි ඝාතනය කරනු ලැබූ යනුයි.

දුකූලපණ‍්ඩිතො ආහ –

දුකූල තවුසා මෙසේ කීහ.

“කිච‍්ඡා ලද‍්ධො පියො පුත‍්තො, යො අන්‍ධෙ අභරී වනෙ; තං එකපුත‍්තං ඝාතිම‍්හි, අක‍්කොධං ආහු පණ‍්ඩිතා”ති.

කිච්ඡ ලද්ධො පියො පුත්තො, යෙ අන්‍ධෙ අභරී වනෙ, තං එක පුත්තං ඝාතිම්හි, අක්කොධං අහු පණ්ඩිතාති

දුකින් ලැබූ ප්‍රිය පුත්‍රයෙකු විසින් වනයෙහි අඳ මව්පියන් පෝෂණය කළේ ද ඒ එකම පුතා මරණු ලැබූ කල්හි නුවණැත්තෝ යෝධ නොකරන්නෝය.

තත්‍ථ අක‍්කොධන‍්ති කොධො නාම නිරයසංවත‍්තනිකො, තස‍්මා තං කොධං අකත්‍වා පුත‍්තඝාතකම‍්හි අක‍්කොධො එව කත‍්තබ‍්බොති පණ‍්ඩිතා ආහු කථෙන‍්ති.

එහි අක්කොධං යනු ක්‍රෝධය අපායගාමී අකුසල කර්මයකි. එනිසා එම අකුසලය නොකොට, තම පුතෙකු මැරූ කල්හි ද ක්‍රෝධ නොකළ යුතු යැයි නුවණැත්තෝ කියා ඇති බවයි.

එවඤ‍්ච පන වත්‍වා තෙ උභොහි හත්‍ථෙහි උරං පහරිත්‍වා මහාසත‍්තස‍්ස ගුණෙ වණ‍්ණෙත්‍වා භුසං පරිදෙවිංසු. අථ නෙ රාජා සමස‍්සාසෙන‍්තො ආහ –

මෙසේ කියා ඔවුන් දෙදෙන අත් පපුවෙහි ගසා ගනිමින් මහසත්හුගේ ගුණ වර්ණනා කරමින් බොහෝසෙයින් වැළපුණාහුය. ඔවුන් සනසවමින් රජතුමා මෙසේ කීවේය –

“මා බාළ‍්හං පරිදෙවෙථ, ‘හතො සාමො’ති වාදිනා; අහං කම‍්මකරො හුත්‍වා, භරිස‍්සාමි බ්‍රහාවනෙ.

මා බළහං පරිදෙවෙථ, හතො සාමොති වාදිනා, අහං කම්මකරො හුත්‍වා, භරිස්සාමි බ්‍රහාවනෙ

සාම කුමරු නැසුණැයි දැඩිකොට ශෝක නොකරන්න. මම උපස්ථායකයෙක්වැ මේ වනයෙහි ඔබ පෝෂණය කරන්නෙමි.

“ඉස‍්සත්‍ථෙ චස‍්මි කුසලො, දළ‍්හධම‍්මොති විස‍්සුතො; අහං කම‍්මකරො හුත්‍වා, භරිස‍්සාමි බ්‍රහාවනෙ.

ඉස්සත්‍ථවස්මි කුසලො, දළ්හ ධම්මොති විස්සුතො, අහං කම්ම කරො හුත්‍වා, භරිස්සාමි මහා වනෙ

මම ධනු ශිල්පයෙහි ද දක්‍ෂ වෙමි. දළ්හ ධර්මයයි ප්‍රසිද්ධ මම උවටැන් කරන්නෙක්ව මේ මහ වනයෙහි තොප පෝෂණය කොට රැක බලාගන්නෙමි.

“මිගානං විඝාසමන්‍වෙසං, වනමූලඵලානි ච; අහං කම‍්මකරො හුත්‍වා, භරිස‍්සාමි බ්‍රහාවනෙ”ති.

මිගානං විඝාසමන්‍වෙසං, වන මූල ඵලානිච, අහං කම්මකරො හුත්‍වා, භරිස්සාමි මහාවනෙ

(සිංහාදි) මෘගයන් කා දැමූ මස් ද අල මුල් පල වැලද සොයමින් මම උපස්ථායකයෙක්වැ මහ වනයෙහි තොප දෙදෙනා පෝෂණය කොට රැකබලා ගන්නෙමි.

තත්‍ථ වාදිනාති තුම‍්හෙ “සාමො හතො”ති වදන‍්තෙන මයා සද‍්ධිං “තයා නො එවං ගුණසම‍්පන‍්නො පුත‍්තො මාරිතො, ඉදානි කො අම‍්හෙ භරිස‍්සතී”තිආදීනි වත්‍වා මා බාළ‍්හං පරිදෙවෙථ, අහං තුම‍්හාකං කම‍්මකරො හුත්‍වා සාමො විය තුම‍්හෙ භරිස‍්සාමීති.

එහි වාදිනා සාම කුමාරයා මැරුවේ යැයි කියනු ලබන ඔබ මෙබඳු වූ ගුණවත් පුතෙකු මැරූ කල්හි දැන් ඔබ අප පෝෂණය කරන්නෙමි ආදිය කියයි. බලවත් සේ ශෝක නොවන්න. මම ඔබලාට උවටැන් කරන්නෙක්ව සාම කුමරා මෙන් තොප පෝෂණය කරන්නෙමියි කියයි.

එවං රාජා “තුම‍්හෙ මා චින‍්තයිත්‍ථ, න මය‍්හං රජ‍්ජෙනත්‍ථො, අහං වො යාවජීවං භරිස‍්සාමී”ති තෙ අස‍්සාසෙසි. තෙ තෙන සද‍්ධිං සල‍්ලපන‍්තා ආහංසු –

එවිට රජතුමා ඔබලා එසේ නොසිතන්න. මට රාජ්‍යයෙන් වැඩක් නැත. දිවි හිම්කොට ඔබලා පෝෂණය කරන්නෙමියි කියා ඔවුන් අස්වැසීය. ඔව්හු ඔහු සමග සල්ලාපයෙහි යෙදෙමින් මෙසේ කීහ.

“නෙස ධම‍්මො මහාරාජ, නෙතං අම‍්හෙසු කප‍්පති; රාජා ත්‍වමසි අම‍්හාකං, පාදෙ වන්‍දාම තෙ මය”න‍්ති.

නෙස ධම්මො මහා රාජ, නෙතං අම්හෙසු කප්පති, රාජත්‍වමසි අම්හාකං, පාදෙ වන්‍දාම තෙ මයන්ති

මහරජ, මෙය ධර්මතාවයක් නොවේ. මෙය අපට නොහොබී. ඔබ අප රජතුමාය. අපි ඔබ පා වඳිමුයි කීහ.

තත්‍ථ ධම‍්මොති සභාවො කාරණං වා. නෙතං අම‍්හෙසු කප‍්පතීති එතං තව කම‍්මකරණං අම‍්හෙසු න කප‍්පති න සොභති. “පාදෙ වන්‍දාම තෙ මය”න‍්ති ඉදං පන තෙ පබ‍්බජිතලිඞ‍්ගෙ ඨිතාපි පුත‍්තසොකෙන සමබ‍්භාහතාය චෙව නිහතමානතාය ච වදිංසු. “රඤ‍්ඤො විස‍්සාසං උප‍්පාදෙතුං එවමාහංසූ”තිපි වදන‍්ති.

එහි ධම්මො යනු ස්වභාවික වූ කාරණයයි. (ස්වභාව ධර්මයයි.) කප්පතී යනු මෙය ඔබගේ ස්වභාවයි. අප කෙරෙහි සුදුසු නොවේ. ශෝභන නොවේ. පාදෙ වන්‍දාම තෙ මයං යනු දැන් වනාහි ඔබලා පැවිදි භාවයෙහි සිටි නිසා පුතුගේ (වියොවින්) මහත් වූ ශෝකයෙන් පෙළෙතත් නිහතමානයෙන් (සිතේ කැළඹීමෙන් තොරව) කතා කරන්නාහුය යනුවෙන් දැක්වූයේ රජුගේ විශ්වාසය දිනාගැනීම සඳහා (සාම කුමරුගේ මාපියන්) මෙසේ කී බවයි.

තං සුත්‍වා රාජා අතිවිය තුස‍්සිත්‍වා “අහො අච‍්ඡරියං, එවං දොසකාරකෙ නාම මයි ඵරුසවචනමත‍්තම‍්පි නත්‍ථි, පග‍්ගණ‍්හන‍්තියෙව මම”න‍්ති චින‍්තෙත්‍වා ගාථමාහ –

ඒ අසා රජතුමා ඉතා සතුටට පැමිණ මහත් පුදුමයකි. මෙබඳු වරදක් කළා වූ මා හට වුවද සැඩ පරුෂ වචන මාත්‍රයකින්වත් පරිභව නොකළාහුයැයි සිතා මෙසේ කීය.

“ධම‍්මං නෙසාදා භණථ, කතා අපචිතී තයා; පිතා ත්‍වමසි අම‍්හාකං, මාතා ත්‍වමසි පාරිකෙ”ති.

ධම්මං නෙසාද භණාථ, කතා අපචීනි තයා, පිතා ත්‍වමසි අම්හාකං, මාතා වමසි පාරිකෙ

නේසාදයනි, ඔබ දෙදෙන දහම් දෙසන්නාහුය. (මා හට) සත්කාරද කරන ලදී. (දුකූල පණ්ඩිතයෙනි) අද පටන් ඔබ මාගේ පියාණෝය. පාරිකාවෙනි, ඔබ ද මාගේ මෑණියෝ වන්නේය.

තත්‍ථ තයාති එකෙකං වදන‍්තො එවමාහ. පිතාති දුකූලපණ‍්ඩිත, අජ‍්ජ පට‍්ඨාය ත්‍වං මය‍්හං පිතුට‍්ඨානෙ තිට‍්ඨ, අම‍්ම පාරිකෙ, ත්‍වම‍්පි මෙ මාතුට‍්ඨානෙ තිට‍්ඨ, අහං පන වො පුත‍්තස‍්ස සාමස‍්ස ඨානෙ ඨත්‍වා පාදධොවනාදීනි සබ‍්බකිච‍්චානි කරිස‍්සාමි, මං රාජාති අසල‍්ලක‍්ඛෙත්‍වා සාමොති සල‍්ලක‍්ඛෙථාති.

මෙහි තයා (ඔබලා) යනුවෙන් එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් ආමන්ත්‍රණය කරන (ව්‍යාජයෙන්) කීය. පිතා යනුවෙන් දුකූල පණ්ඩිතයෙනි, අද සිට ඔබ මාගේ පියා ලෙස සිටින්න. පාරිකාවෙනි, ඔබ මාගේ මව ලෙස සිටින්න. මම වනාහි ඔබගේ පුතා වූ සාම කුමාරයා මෙන් පා දෙවුම් ආදී සියලු වත්පිළිවෙත් සපයමි. මා රජු ලෙස නොසලකා, සාම කුමරා ලෙසම සලකනු මැනවි.

තෙ අඤ‍්ජලිං පග‍්ගය‍්හ වන්‍දිත්‍වා “මහාරාජ, තව අම‍්හාකං කම‍්මකරණකිච‍්චං නත්‍ථි, අපිච ඛො පන ලට‍්ඨිකොටියා නො ගහෙත්‍වා ආනෙත්‍වා සාමං දස‍්සෙහී”ති යාචන‍්තා ගාථාද‍්වයමාහංසු –

ඔහු ඇඳිලිබැඳ මහරජ, ඔබ විසින් අප සඳහා කළයුතු විශේෂ දෙයක් නැත. කණාදණ්ඩ අල්වාගෙන අප සාම සිටි තැනට පමුණුවන්නැයි කීවාහුය. ඒ සඳහා මේ ගාථා දෙක ගෙනහැර දැක්වීය.

“නමො තෙ කාසිරාජත්‍ථු, නමො තෙ කාසිවඩ‍්ඪන; අඤ‍්ජලිං තෙ පග‍්ගණ‍්හාම, යාව සාමානුපාපය.

නමො තෙ කාසි රාජත්‍ථු - නමො තෙකාසිවද්ධන, අඤ්ජලිං තෙ පගණ්හාම - යාව සාමානු පාපය

කසී රජතුමනි, ඔබට නමස්කාර වේවා. කසී රට වර්ධනය කරන්නාණෙනි, ඔබට නමස්කාර වේවා. ඔබට ඇඳිලි බැඳ කියමි. සාම කුමාරයා යම්තැනෙක වේද එතැනට අප පමුණුවනු මැනවි.

“තස‍්ස පාදෙ සමජ‍්ජන‍්තා, මුඛඤ‍්ච භුජදස‍්සනං; සංසුම‍්භමානා අත‍්තානං, කාලමාගමයාමසෙ”ති.

තස්ස පාදෙ පමජ්ජනතා, මුඛංච භුජ දස්සනං, සංසුම්භමානා අත්තානං, කාල මාගමයා මසෙති

ඔහුගේ පා පිරිමදිමින් දැකුම්කළු මුහුණ පිරිමැද බලා, ළංවී ඔහු සමග මරණයට පත් වන්නෙමු කීහ.

තත්‍ථ යාව සාමානුපාපයාති යාව සාමො යත්‍ථ, තත්‍ථ අම‍්හෙ අනුපාපය. භුජදස‍්සනන‍්ති කල්‍යාණදස‍්සනං අභිරූපං. සංසුම‍්භමානාති පොථෙන‍්තා. කාලමාගමයාමසෙති කාලකිරියං ආගමෙස‍්සාම.

එහි සාමානු පාපය යම් තැනෙක සාම කුමාරයා (මැරී වැටී ඇත්තේද) එතැනට අප පමුණුවන්න යනුයි. භුජදස්සනං යනු යහපත් දැකුම් ඇති අභිරූපවත් බවයි. සංසුම්භමානා යනු එකට සිටීමයි. කාලමාගමයාමසෙ මරණයට කල් පැමිණි කල්හි යනුයි.

තෙසං එවං කථෙන‍්තානඤ‍්ඤෙව සූරියො අත්‍ථඞ‍්ගතො. අථ රාජා “සචාහං ඉදානෙව ඉමෙ තත්‍ථ නෙස‍්සාමි, තං දිස‍්වාව නෙසං හදයං ඵලිස‍්සති, ඉති තිණ‍්ණම‍්පි එතෙසං මතකාලෙ අහං නිරයෙ උප‍්පජ‍්ජන‍්තොයෙව නාම, තස‍්මා තෙසං ගන‍්තුං න දස‍්සාමී”ති චින‍්තෙත්‍වා චතස‍්සො ගාථායො අජ‍්ඣභාසි –

ඔවුන් එසේ කථාකරමින් සිටින අතර හිරු අවරට ගියේය. ඉක්බිති රජතුමා ඉදින් අදම මොවුන් එතැනට ගෙන ගියහොත් ඒ දැක මොවුන්ගේ හදවත් පැලී යන්නේය. මෙසේ තිදෙනාම මැරුණු කල්හි මම (එම පාපය නිසා) අපායේ උපදනේමය. එනිසා එහි යෑමට ඉඩ නොදෙන්නෙමියි සිතා ගාථා සතරක් කීවේය.

“බ්‍රහා වාළමිගාකිණ‍්ණං, ආකාසන‍්තංව දිස‍්සති; යත්‍ථ සාමො හතො සෙති, චන්‍දොව පතිතො ඡමා.

බ්‍රහා වාළමිගා කිණ්ණං, ආකාසන්තං පදිස්සති, යත්‍ථ සාමො හතො සෙති, චන්‍දොව පතිතො ඡමා

“බ්‍රහා වාළමිගාකිණ‍්ණං, ආකාසන‍්තංව දිස‍්සති; යත්‍ථ සාමො හතො සෙති, සූරියොව පතිතො ඡමා.

බ්‍රහා වාළමිගා කිණ්ණං, ආකාසන්තං පදිස්සති, යත්‍ථ සාමො හතෙ සෙති, සුරියොව පතිතො ඡමා

“බ්‍රහා වාළමිගාකිණ‍්ණං, ආකාසන‍්තංව දිස‍්සති; යත්‍ථ සාමො හතො සෙති, පංසුනා පතිකුන්‍ථිතො.

බ්‍රහා වාළමිගා කිණ්ණං, ආකාසන්තං පදිස්සති, යත්‍ථ සාමො හතෙ සෙති, පංසුනා පති කුණ්ඨිතො

“බ්‍රහා වාළමිගාකිණ‍්ණං, ආකාසන‍්තංව දිස‍්සති; යත්‍ථ සාමො හතො සෙති, ඉධෙව වසථස‍්සමෙ”ති.

බ්‍රහා වාළමිගා කිණ්ණං, ආකාසන්තං පදිස්සති, යත්‍ථ සාමො හතෙ සෙති, ඉධෙව වසථ අස්සමෙති

නැසුණු සාම කුමාරයා යම්තැනෙක බිම වැටුණු චන්ද්‍රයා මෙන් සයනය කරයි ද, ඒ පෙදෙස චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් උස් භූමියකි. එය අහසේ කෙළවර සේ පෙනේ.

නැසුණු සාම කුමාරයා යම්තැනෙක බිම වැටුණු සූර්ය දිව්‍යපුත්‍රයා මෙන් හොත්තේ ද ඒ පෙදෙස චණ්ඩ වන මෘගයන්ගෙන් ගැවසී ගත් උස් බිමකි. එය අහසේ කෙළවර මෙන් දිස් වේ.

යම්තැනෙක සාම කුමාරයා පසින් වැකුනේ හොවීද ඒ පෙදෙස වල්මෘගයන්ගෙන් ගැවසී ගත් උස් බිමෙකි. එය අහස් කෙළවර මෙන් පෙනේ.

සාම කුමාරයා යම්තැනෙක නැසුණේද එතැන වන මෘගයන්ගෙන් ගැවසීගත් උස් ප්‍රදේශයකි. එය අහසේ කෙළවර මෙන් පෙනේ. එහෙයින් මේ අසපුවෙහිම වාසය කරන්නැයි රජතුමා කීහ.

තත්‍ථ බ්‍රහාති අච‍්චුග‍්ගතං. ආකාසන‍්තංවාති එතං වනං ආකාසස‍්ස අන‍්තො විය හුත්‍වා දිස‍්සති. අථ වා ආකාසන‍්තන‍්ති ආකාසමානං, පකාසමානන‍්ති අත්‍ථො. ඡමාති ඡමායං, පථවියන‍්ති අත්‍ථො. “ඡම”න‍්තිපි පාඨො, පථවිං පතිතො වියාති අත්‍ථො. පතිකුන්‍ථිතොති පරිකිණ‍්ණො, පලිවෙඨිතොති අත්‍ථො.

එහි බ්‍රහා යනු ඉතා බහුල බවයි. (උග්‍ර බවයි.) ආකාසන්තං මෙසේ ඒ වනය ආකාසය අන්තකොට පවතී යනු අහස තෙක් උඩට පෙනේ යන අර්ථයි. ඡමා ඡමාය යනුවෙන් පෘථිවියෙහි යන අර්ථ ලැබේ. මෙහි යොදා ඇත්තේ ඡමා යන පාඨයයි. අර්ථ වශයෙන් පෘථිවියේ පතිත වූවා මෙනි යනුයි. පතිකුණ්ඨිතො ගැවැසීගත් හාත්පසින් වෙලීගිය යන අර්ථයි.

අථ තෙ අත‍්තනො වාළමිගභයාභාවං දස‍්සෙතුං ගාථමාහංසු –

ඉක්බිති ඔවුන් දෙදෙනා වල්සතුන් නිසා බියට නොපැමිණෙන බව දැක්වීමට මේ ගාථාව කීහ.

“යදි තත්‍ථ සහස‍්සානි, සතානි නියුතානි ච; නෙවම‍්හාකං භයං කොචි, වනෙ වාළෙසු විජ‍්ජතී”ති.

යදි තත්‍ථ සහස්සානි, සතානිනහුතා නිච, නෙවම්හාකං භයං කොචි, වනෙ වාළෙසු විජ්ජ තී ති

මහරජ, සීයක්, දාහක්, දසදාහක් වශයෙන් වන මෘගයන් ඇත්තා වූ මේ වනයෙහි මෙතෙක් කිසිදු බියක් අපට ඔවුන්ගෙන් සිදුව නැත.

තත්‍ථ කොචීති ඉමස‍්මිං වනෙ කත්‍ථචි එකස‍්මිං පදෙසෙපි අම‍්හාකං වාළෙසු භයං නාම නත්‍ථි.

එහි කොචී යනු මේ වනයෙහි කිසිදු එක් කොටසක හෝ අපට වන සතුන්ගෙන් බියක් නැත යනුයි.

රාජා තෙ පටිබාහිතුං අසක‍්කොන‍්තො හත්‍ථෙසු ගහෙත්‍වා තත්‍ථ නෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

රජතුමා ඔවුන් වැළැක්වීමට අසමත් විය. ඉන්පසු ඔවුන් අතින් අල්වාගෙන එහි කැඳවාගෙන ගියේය. ඒ කරුණු දැක්වීමට මෙසේ කීහ.

“තතො අන්‍ධානමාදාය, කාසිරාජා බ්‍රහාවනෙ; හත්‍ථෙ ගහෙත්‍වා පක‍්කාමි, යත්‍ථ සාමො හතො අහූ”ති.

තතො අන්‍ධානමාදාය, කාසිරාජා බ්‍රහාවනෙ, හත්‍ථෙ ගහෙත්‍වා පක්කාමි, යත්‍ථ සාමො ගතො අහූති

ඉක්බිති කසී රජතෙමේ මහ වනයෙහි අන්‍ධ වූ ඔවුන්ගේ අත් අල්වාගෙන සාම කුමරු නැසුණේ යම් තැනෙක නම් එතැනට ගියේය.

තත්‍ථ තතොති තදා. අන්‍ධානන‍්ති අන්‍ධෙ. අහූති අහොසි. යත්‍ථාති යස‍්මිං ඨානෙ සො නිපන‍්නො, තත්‍ථ නෙසීති අත්‍ථො.

එහි තතො යනු එකල්හි යනුයි. අන්‍ධා යනු මව්පිය දෙදෙනාය. අහූති යනු වූයේය යන අර්ථයි. යත්‍ථ යනුවෙන් යම් තැනෙක ඔහු වැතිර සිටියේ ද එහි පැමිණවීය යන අර්ථයි.

සො ආනෙත්‍වා ච පන සාමස‍්ස සන‍්තිකෙ ඨපෙත්‍වා “අයං වො පුත‍්තො”ති ආචික‍්ඛි. අථස‍්ස පිතා සීසං උක‍්ඛිපිත්‍වා මාතා පාදෙ ගහෙත්‍වා ඌරූසු ඨපෙත්‍වා නිසීදිත්‍වා විලපිංසු. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

කැඳවාගෙන ගොස් ඔහු (සාම කුමරු) හමුවෙහි මේ ඔබේ පුතා යැයි කීවේය. ඉක්බිති පියා ඔහුගේ හිස ද මව පාදයන් ද අල්වාගෙන වැළපුණාහුය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“දිස‍්වාන පතිතං සාමං, පුත‍්තකං පංසුකුන්‍ථිතං; අපවිද‍්ධං බ්‍රහාරඤ‍්ඤෙ, චන්‍දංව පතිතං ඡමා.

දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසු කුණ්ඨිතං, අපවිද්ධං බ්‍රහාරඤ්ඤ, චන්‍දංච පතිතං ඡමා

මහ වනයෙහි හැරදැමූ මිහිමත වැටුණු සඳමඬල මෙන් විත් කා ඇද වැටුණු පස් වැකුණු සාම නම් පුත්‍රයා දැක

“දිස‍්වාන පතිතං සාමං, පුත‍්තකං පංසුකුන්‍ථිතං; අපවිද‍්ධං බ්‍රහාරඤ‍්ඤෙ, සූරියංව පතිතං ඡමා.

දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසු කුණ්ඨිතං, අපවිද්ධං බ්‍රහාරඤ්ඤෙ, සුරියංව පතිතං ඡමා

වනයෙහි හැරදැමූ බිම වැටුණු හිර මඬල සේ පසින් වැකුණු සාමනම් ප්‍රිය පුත්‍රයා දැක දැඩි ශෝකයෙන් හැඬූහ.

“දිස‍්වාන පතිතං සාමං, පුත‍්තකං පංසුකුන්‍ථිතං; අපවිද‍්ධං බ්‍රහාරඤ‍්ඤෙ, කලූනං පරිදෙවයුං.

[missing pali]

[missing trans]

“දිස‍්වාන පතිතං සාමං, පුත‍්තකං පංසුකුන්‍ථිතං; බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං, ‘අධම‍්මො කිර භො’ඉති.

දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසු කුණ්ඨිතං, බහා පග්ගය්හ පත්තන්‍දුං, අධම්මො කිර භො ඉති

ඔහු වනයෙහි වැටුණු පස් වැකුණු ශරීර ඇති තම ප්‍රිය සාම නම් පුත්‍රයා දැක (ලෝකයෙහි) අධර්මය පවතීයැයි හිස අත් බැඳගෙන හැඬූහ.

[missing pali]

බාළ්හං ඛොසි ත්‍වං මත්තො, සාම කල්‍යාණ දස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි

අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල කිසි කතාවකුදු අප හා නොකෙරෙයිද යහපත් දැකුම් ඇති පුත සාමය, බලවත්ව මත් වෙහි ද?

“බාළ‍්හං ඛො ත්‍වං පමත‍්තොසි, සාම කල්‍යාණදස‍්සන; යො අජ‍්ජෙවං ගතෙ කාලෙ, න කිඤ‍්චි මභිභාසසි.

බාළ්හං ඛොසි ත්‍වං පමත්තො, සාම කල්‍යාණ දස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභිභාසසි

අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල කිසි කතාවකුදු අප හා නො කෙරෙයි ද යහපත් දැකුම් ඇති පුත සාමය, විශේෂයෙන් ප්‍රමාද වෙහිද?

“බාළ‍්හං ඛො ත්‍වං පදිත‍්තොසි, සාම කල්‍යාණදස‍්සන; යො අජ‍්ජෙවං ගතෙ කාලෙ, න කිඤ‍්චි මභිභාසසි.

බාළ්හං ඛොසි ත්‍වං දිත්තො, සාම කල්‍යාණ දස්සන, යෙ අජ්ජෙනං ගතෙ කාලෙ, න කිඤ්චි බභි භාසසි

අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල්හි කිසි කතාවකුදු අප හා නො කෙරෙයිද, යහපත් දැකුම් ඇති පුත සාමය, දැඩි එඩි ඇති වෙහිද?

“බාළ‍්හං ඛො ත්‍වං පකුද‍්ධොසි, සාම කල්‍යාණදස‍්සන; යො අජ‍්ජෙවං ගතෙ කාලෙ, න කිඤ‍්චි මභිභාසති.

බාළ්හං ඛොසි ත්‍වං කද්ධො, සාම කල්‍යාණ දස්සන, යෙන අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි බභි භාසසී

අද යමෙක් මෙසේ මරණයට පැමිණි කල කිසි කතාවකුදු අප හා නොකෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, දැඩිව කිපුනෙහි ද?

“බාළ‍්හං ඛො ත්‍වං පසුත‍්තොසි, සාම කල්‍යාණදස‍්සන; යො අජ‍්ජෙවං ගතෙ කාලෙ, න කිඤ‍්චි මභිභාසසි.

බාළ්හං ඛොසි ත්‍වං සුත්තො, සාම කල්‍යාණ දස්සනං, යෙ අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි මභි භාසසි

අද යමෙක් මරණයට පැමිණි කල කිසි කථාවකුදු අප හා නොකෙරෙහි ද යහපත් දැකුම් ඇති පුත සාමය, බොහෝ කොට නිදියෙහිද?

බාළ‍්හං ඛො ත්‍වං විමනොසි, සාම කල්‍යාණදස‍්සන; යො අජ‍්ජෙවං ගතෙ කාලෙ, න කිඤ‍්චි මභිභාසසි.

බාළ්හං ඛොසි තුවං විමනොසි, සාම කල්‍යාණ දස්සන, යො අජ්ජෙවං ගතෙ කාලෙ, න කිඤ්චි ඔභිභාසති

යහපත් දැකුම් ඇති සාම පුත්‍රය, ඔබ බෙහෙවින් අපගත සිත් ඇත්තෙහිය. යමෙක් අද මෙසේ කලුරිය කළ කල්හි කතාබස් නොකෙරෙයිද, එමෙනි.

“ජටං වලිනං පංසුගතං, කොදානි සණ‍්ඨපෙස‍්සති; සාමො අයං කාලකතො, අන්‍ධානං පරිචාරකො.

ජටා චලිතං පංකගතං, කොදානි සණ්ඨ පෙස්සති, සාමො අයං කාලකතො, අන්‍ධානං පරිවාරකො

අඳ මව්පියන්ට අත්පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කළුරිය කළේය. දැන් ඉතින් කවරෙක් නම් අවුල් වූ මඩ තැවරුණු දළමඬුලු සෝදා පිළියෙල කරන්නේ ද?

“කො මෙ සම‍්මජ‍්ජමාදාය, සම‍්මජ‍්ජිස‍්සති අස‍්සමං; සාමො අයං කාලකතො, අන්‍ධානං පරිචාරකො.

කො මෙ සම්මජ්ජනාදාය, සම්මජ්ජිස්සති ආස්සමං, සාමො අයං කාල කතො, අන්‍ධානං පරිවාරකො

අඳ මව්පියන්ට අත්පා මෙහෙවර කරන සාම කුමාරයා කළුරිය කළේය. අද කවරෙක් හමදනා මුස්න ගෙන ආශ්‍රමය හමදී ද?

“කොදානි න‍්හාපයිස‍්සති, සීතෙනුණ‍්හොදකෙන ච; සාමො අයං කාලකතො, අන්‍ධානං පරිචාරකො.

කොදානි නහාපයිස්සති, සීතෙනුණ්හොදකෙනච, සාමො අයං කාලකතො, අන්‍ධානං පරිවාරකො

අඳ මව්පියන් අත්පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කළුරිය කෙළේය. සිහිල් වූ උණු වූ ජලයෙන් දැන් කවරෙක් නම් අප නහවන්නේද?

“කොදානි භොජයිස‍්සති, වනමූලඵලානි ච; සාමො අයං කාලකතො, අන්‍ධානං පරිචාරකො”ති.

කොදානි භොජයිස්සති, වනමූල ඵලානිච, සාමො අයං කාල කතො, අන්‍ධානං පරිවාරකොති

අඳ මව්පියන්ට අත්පා මෙහෙවර කරන මේ සාම කුමාරයා කළුරිය කෙළේය. දැන් ඉතින් කවරෙක් නම් අපට වනමුල් පලාපල අනුභව කරවන්නේද?

තත්‍ථ අපවිද‍්ධන‍්ති රඤ‍්ඤා නිරත්‍ථකං ඡඩ‍්ඩිතං. අධම‍්මො කිර භො ඉතීති අයුත‍්තං කිර භො, අජ‍්ජ ඉමස‍්මිං ලොකෙ වත‍්තති. පමත‍්තොති තිඛිණසුරං පිවිත්‍වා විය මත‍්තො පමත‍්තො පමාදං ආපන‍්නො. පදිත‍්තොති දප‍්පිතො. “පකුද‍්ධොසි විමනොසී”ති සබ‍්බං විලාපවසෙන භණන‍්ති. ජටන‍්ති තාත , අම‍්හාකං ජටාමණ‍්ඩලං. වලිනං පංසුගතන‍්ති යදා ආකුලං මලග‍්ගහිතං භවිස‍්සති. කොදානීති ඉදානි කො සණ‍්ඨපෙස‍්සති, සොධෙත්‍වා උජුං කරිස‍්සතීති.

එහි අපවිද්ධ යනු වැඩකට නැතිව අත්හැර දැමූ යනුයි. අධම්මෙ කිරභො යනු පින්වත, මේ ලෝකයෙහි අද අයුක්තිය පවතීය යනුයි. මත්තො යනු තද මත් ගති රා බී මත්වීමයි. පමත්තො ප්‍රමාද බවට පැමිණි බවයි. දිත්තො බැබලුණු තැනැත්තෙකු වූ බවයි. මත් වූවෙක වුනැයි යන සියල්ල විලාප වශයෙන් කියත් යනුයි. ජටං යනු අපගේ ජටාමඬුලුයි. වලිතං පංකගතං යම්කලෙක අවුල් වී අපිරිසිදු වෙයි ද එකල ඒවා කො සණ්ඨපෙස්සති කවරෙකු නම් සෝදා අවුල්හැර මනාව සකසන්නේ ද යනුයි.

අථස‍්ස මාතා බහුං විලපිත්‍වා තස‍්ස උරෙ හත්‍ථං ඨපෙත්‍වා සන‍්තාපං උපධාරෙන‍්තී “පුත‍්තස‍්ස මෙ සන‍්තාපො පවත‍්තතියෙව, විසවෙගෙන විසඤ‍්ඤිතං ආපන‍්නො භවිස‍්සති, නිබ‍්බිසභාවත්‍ථාය චස‍්ස සච‍්චකිරියං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා සච‍්චකිරියමකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති සාම කුමාරයාගේ මව බොහෝ සෙයින් වැළපෙමින් ළෙහි අත්ගසා ගනිමින් ළතැවුල පවසන්නී, මා තුළ සන්තාපය පවත්නා කල්හි විස වේගයෙන් පුත්‍ර විසඤ්ඤභාවයට පැමිණෙන්නේයැයි විස නැසීම සඳහා ම සත්‍යක්‍රියා කරමියි සිතා සත්‍යක්‍රියා කළේය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;

“දිස‍්වාන පතිතං සාමං, පුත‍්තකං පංසුකුන්‍ථිතං; අට‍්ටිතා පුත‍්තසොකෙන, මාතා සච‍්චං අභාසථ.

දිස්වාන පතිතං සාමං, පුත්තකං පංසුකුණ්ඨිතං, අට්ටිතා පුත්ත සොකෙන, මතා සච්ච මභාසථ

මිග සම්මත ගං වෙරළෙහි වැටුණු මැටි හා පස් වැකුණු ශරීර ඇති (තම) සාම නම් පුතු දැක පුත්‍ර සෝකයෙන් වෙළීගිය මව සත්‍යක්‍රියා කළාය.

“යෙන සච‍්චෙනයං සාමො, ධම‍්මචාරී පුරෙ අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

යෙන සච්චෙනයං සාමො, ධම්මචාරී පුරෙආහු, එතෙන සච්ච වජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

යම් සත්‍යයකින් මේ සාම කුමාරයා පෙර ධර්මයෙහි හැසිරුනේද එසේ (මා කියන) සත්‍ය වචනය කරණ කොටගෙන සාමගේ විස නැසේවා.

“යෙන සච‍්චෙනයං සාමො, බ්‍රහ‍්මචාරී පුරෙ අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

යෙන සච්චෙනයං සාමො, බ්‍රහ්මචාරී පුරෙඅහු, එතෙන සච්ච වජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

මේ සාම කුමාරයා පෙර බ්‍රහ්මචාරී වූයේය යන සත්‍යය වේද එම සත්‍යය කරණ කොටගෙන සාම කුමාරයාගේ ශරීරගත වූ විස බසිත්වා.

“යෙන සච‍්චෙනයං සාමො, සච‍්චවාදී පුරෙ අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

යෙන සච්චෙනයං සාමො, සච්චවාදී පුරෙඅහු, එතෙන සච්ච වජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

මේ සාම කුමාරයා පෙර සත්‍යවාදී වූයේය යන කරුණ සත්‍යයකි. එම සත්‍ය වචනය කරණ කොටගෙන සාමගේ ශරීරයෙහි ඇති විය බසිත්වා.

“යෙන සච‍්චෙනයං සාමො, මාතාපෙත‍්තිභරො අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

යෙන සච්චෙනයං සාමො, මනා පෙත්තිභරො අහු, එතෙන සච්ච වජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

මේ සාම කුමාරයා පෙර මව්පියන්ට උවටැන් කළේය යන මේ සත්‍යයක් වූයේද එම සත්‍යය කරණ කොටගෙන සාමගේ ශරීරයෙහි ඇති විස බසිත්වා.

“යෙන සච‍්චෙනයං සාමො, කුලෙ ජෙට‍්ඨාපචායිකො; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

යෙන සච්චෙනයං සාමො, කුලෙ ජෙට්ඨා පචායිතො, එතෙන සච්ච වජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

මේ සාම කුමාරයා පෙර කුලදෙටුවන් පිදී ද යන මේ සත්‍යයක් වූයේද එම සත්‍යය කරණ කොටගෙන සාමගේ ශරීරයෙහි ඇති විය බසිත්වා.

“යෙන සච‍්චෙනයං සාමො, පාණා පියතරො මම; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

යෙන සච්චෙනයං සාමො, පාණා පියතරො මුඛ, එතෙන සච්ච වජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

මේ සාම කුමාරයා පෙර පණටත් වඩා මට ප්‍රිය වීද යන මේ සත්‍යයක් වූයේ ද ඒ සත්‍යය කරණ කොටගෙන සාමගේ ශරීරයෙහි ඇති විස බසිත්වා.

“යං කිඤ‍්චිත්‍ථි කතං පුඤ‍්ඤං, මය‍්හඤ‍්චෙව පිතුච‍්ච තෙ; සබ‍්බෙන තෙන කුසලෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතූ”ති.

යං කිඤ්චත්‍ථි කතං පුඤ්ඤං, මය්හං චෙව පිතුච්චතෙ, සච්චෙ තෙන කුසලෙන, විසං සාමස්ස හඤ්ඤතු

මා විසින් ද තොපගේ පියාණන් විසින් ද යම් කිසි පිනක් කරන ලද ද ඒ කුසල නම් වූ සත්‍යය කරණ කොටගෙන සාම කුමාරයාගේ විස නැසේවා.

තත්‍ථ යෙන සච‍්චෙනාති යෙන භූතෙන සභාවෙන. ධම‍්මචාරීති දසකුසලකම‍්මපථධම‍්මචාරී. සච‍්චවාදීති හසිතවසෙනපි මුසාවාදං න වදති. මාතාපෙත‍්තිභරොති අනලසො හුත්‍වා රත‍්තින්‍දිවං මාතාපිතරො භරි. කුලෙ ජෙට‍්ඨාපචායිකොති ජෙට‍්ඨානං මාතාපිතූනං සක‍්කාරකාරකො හොති.

එහි යෙන සච්චෙන යම් වූ ධර්ම බලයක් හේතුකොටගෙන යනුයි. ධම්මචාරී යනු කුසල කර්ම පථයක් වන්නා වූ ධර්ම චර්යාවයි. සච්චවාදී කවර හෝ බොරුවක් නොකියන්නා යනුයි. මාතා පෙත්තිභරොති අනලස්ව දිවා රෑ නොසලකා මව්පිය උපස්ථානයෙහි යෙදෙන්නා යනුයි. ජෙට්ඨා පචායිකො මපිය ආදි වැඩිහිටියන්ට සත්කාර කරන්නාය.

එවං මාතරා සත‍්තහි ගාථාහි සච‍්චකිරියාය කතාය සාමො පරිවත‍්තිත්‍වා නිපජ‍්ජි. අථස‍්ස පිතා “ජීවති මෙ පුත‍්තො, අහම‍්පිස‍්ස සච‍්චකිරියං කරිස‍්සාමී”ති තථෙව සච‍්චකිරියමකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

මෙසේ මව විසින් ගාථා හතක් කියා සත්‍යක්‍රියා කළ කල්හි සාම කුමාරයා අනෙක් පැත්තට පෙරළි වැදහොත්තේය. ඉක්බිති ඔහුගේ පියා මගේ පුතා ජීවත්වන්නේ ය. මම ද සත්‍යක්‍රියාවක් කරන්නෙමියි එහිම සිට සත්‍යක්‍රියා කළේය. ඒ බැව් දැක්වීමට ශාස්තෲන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක;

“දිස‍්වාන පතිතං සාමං, පුත‍්තකං පංසුකුන්‍ථිතං; අට‍්ටිතො පුත‍්තසොකෙන, පිතා සච‍්චං අභාසථ.

පස් දූවිලි තැවැරී වැටී සිටින තම සාම නම් පුතු දැක, පුත්‍ර ශෝකයෙන් මැඩලුණු පියා මෙසේ සත්‍යක්‍රියා කළේය.

“යෙන සච‍්චෙනයං සාමො, ධම‍්මචාරී පුරෙ අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සාම පෙර ධර්මචාරී ජීවිතයක් ගත කළේය යන්න සත්‍යයක් නම් ඒ සත්‍යය කරණ කොටගෙන සාම ගේ ශරීරගත විස නැතිවේවා.

“යෙන සච‍්චෙනයං සාමො, බ්‍රහ‍්මචාරී පුරෙ අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සාම පෙර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේය. යන්න සත්‍යයක් නම් ඒ සත්‍යය කරණ කොටගෙන සාමගේ ශරීරගත විස නැසේවා.

“යෙන සච‍්චෙනයං සාමො, සච‍්චවාදී පුරෙ අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සාම පෙර සත්‍යවාදී වූයේය යන්න සත්‍යයක් නම් ඒ සත්‍ය කරණ කොටගෙන සාමගේ ශරීරගත විස නැසේවා.

“යෙන සච‍්චෙනයං සාමො, මාතාපෙත‍්තිභරො අහු; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සාම පෙර මව්පියන්ට උවටැන් කළේය යන්න සත්‍යයක් නම් එම සත්‍ය බලය කරණ කොටගෙන සාමගේ විස නැසේවා.

“යෙන සච‍්චෙනයං සාමො, කුලෙ ජෙට‍්ඨාපචායිකො; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සාම පෙර කුලදෙටුවන්ට ගරු බුහුමන් කළේය යන්න සත්‍යයක් නම් එම සත්‍යය කරණ කොටගෙන සාමගේ විෂ නැසේවා.

“යෙන සච‍්චෙනයං සාමො, පාණා පියතරො මම; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සාම මට පණ මෙන් ආදරය කළේය යන්න සත්‍යයක් නම් එම සත්‍යය කරණ කොටගෙන සාමගේ විස නැසේවා

“යං කිඤ‍්චිත්‍ථි කතං පුඤ‍්ඤං, මය‍්හඤ‍්චෙව මාතුච‍්ච තෙ; සබ‍්බෙන තෙන කුසලෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතූ”ති.

මමත් ඔබගේ මවත් කළා වූ කිසියම් කුසල සමූහයක් වේ නම් එම කුසල සත්‍ය බලය කරණ කොටගෙන සාම (වන ඔබ) ගේ විස නැසේවා.

එවං පිතරි සච‍්චකිරියං කරොන‍්තෙ මහාසත‍්තො පරිවත‍්තිත්‍වා ඉතරෙන පස‍්සෙන නිපජ‍්ජි. අථස‍්ස තතියං සච‍්චකිරියං දෙවතා අකාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා අහ –

එම සත්‍යක්‍රියාව කළ කල්හි මහසත් පෙරළී අනෙක් පසට හැරුණේය. ඉන්පසු තෙවැනි සත්‍ය ක්‍රියාව ඒ දෙව්දුව විසින් කරන ලදී. ඒ බව දැක්වීම සඳහා ශාස්තෲන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

“සා දෙවතා අන‍්තරහිතා, පබ‍්බතෙ ගන්‍ධමාදනෙ; සාමස‍්ස අනුකම‍්පාය, ඉමං සච‍්චං අභාසථ.

සා දෙවතා අන්තරහිතා, පබ්බතෙ ගන්‍ධමාදනෙ, සාමස්ස අනුකම්පාය, ඉමං සච්ච මභාසථ

ගන්‍ධමාදන පර්වතයෙහි අන්තර්ධාන වූ ඒ දේවතා තොමෝ සාම කුමාරයාට අනුකම්පාවෙන් මේ සත්‍යක්‍රියා කළාය.

“පබ‍්බත්‍යාහං ගන්‍ධමාදනෙ, චිරරත‍්තනිවාසිනී; න මෙ පියතරො කොචි, අඤ‍්ඤො සාමෙන විජ‍්ජති; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

පබ්බත්‍යාහං ගන්‍ධමාදනෙ චිර රත්තනි වාසිනී, නමෙ පියතරො කොචි අඤ්ඤො සාම න විජ්ජති, එතෙන සච්ච වජ්ජෙන විසං සාමස්ස හඤ්ඤතු

ගන්‍ධමාදන පර්වතයෙහි මම බොහෝකලෙක සිට වසමි. සාම කුමරුට තරම් අතිශයින් ප්‍රියවන කිසිවෙකු මට නැත. මේ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමරුගේ විස නැසේවා.

“සබ‍්බෙ වනා ගන්‍ධමයා, පබ‍්බතෙ ගන්‍ධමාදනෙ; එතෙන සච‍්චවජ‍්ජෙන, විසං සාමස‍්ස හඤ‍්ඤතු.

සබ්බෙ වනා ගන්‍ධ මයා, පබ්බතෙ ගන්‍ධමාදනො, එතෙන සච්චවජ්ජෙන, විසං සාමස්ස හඤ්ඤතු

ගන්‍ධමාදන පර්වතයෙහි සියලු ම වෘක්‍ෂයෝ සුවඳින් යුක්ත වෙති. ඒ සත්‍ය වචනය හේතු කොටගෙන සාම කුමාරයාගේ විෂ නැසේවා.

“තෙසං ලාලප‍්පමානානං, බහුං කාරුඤ‍්ඤසඤ‍්හිතං; ඛිප‍්පං සාමො සමුට‍්ඨාසි, යුවා කල්‍යාණදස‍්සනො”ති.

තෙසං ලාලප්‍යමානානං, බහුං කාරුඤ්ඤ සංහිතං, ඛිප්පා සාමො සමුට්ඨාසි, යුවා කල්‍යාණ දස්සනොති

තත්‍ථ පබ‍්බත්‍යාහන‍්ති පබ‍්බතෙ අහං. සබ‍්බෙ වනා ගන්‍ධමයාති සබ‍්බෙ රුක‍්ඛා ගන්‍ධමයා. න හි තත්‍ථ අගන්‍ධො නාම කොචි රුක‍්ඛො අත්‍ථි. තෙසන‍්ති භික‍්ඛවෙ, තෙසං උභින‍්නං ලාලප‍්පමානානඤ‍්ඤෙව දෙවතාය සච‍්චකිරියාය පරියොසානෙ ඛිප‍්පං සාමො උට‍්ඨාසි, පදුමපත‍්තතො උදකං වියස‍්ස විසං විනිවත‍්තෙත්‍වා ආබාධො විගතො, ඉධ නු ඛො විද‍්ධො, එත්‍ථ නු ඛො විද‍්ධොති විද‍්ධට‍්ඨානම‍්පි න පඤ‍්ඤායි.

ඔවුන් බොහෝ දුකින් වැළපෙමින් හඬද්දී යහපත් දැකුම් ඇති සාම කුමාරයා වහාම නැගී සිටියේ ය. එහි පබ්බත්‍යහං පර්වතයෙහි සිටින මම යනුයි. වතාගන්‍ධමයා ගස් සුවඳින් යුක්ත විය. එහි සුවඳ නැති එකම ගසක්වත් නැත්තේය යන අදහසයි. තෙසං යනු ඒ දෙපැත්තේ ම අය වැළපෙන කල්හිද දේවතාවියගේ සත්‍යක්‍රියාව අවසානයේදී වහාම සාම කුමාරයා නැගී සිටියේය. පියුම් පතෙක ජලය මෙන් ඔහුගේ ශරීරයෙහි වූ බැසගොස් සියළු ආබාධයන් පහව ගියේය. මෙතැන ඊ පහර වැදුනාද එතැන ඊ පහර මිදුනාදැයි කිසිදු සලකුණක් සිරුරෙහි නොවීය.

ඉති මහාසත‍්තස‍්ස නිරොගභාවො, මාතාපිතූනඤ‍්ච චක‍්ඛුපටිලාභො, අරුණුග‍්ගමනඤ‍්ච, දෙවතානුභාවෙන තෙසං චතුන‍්නං අස‍්සමෙයෙව පාකටභාවො චාති සබ‍්බං එකක‍්ඛණෙයෙව අහොසි. මාතාපිතරො “චක‍්ඛූනි නො ලද‍්ධානි, සුවණ‍්ණසාමො ච අරොගො ජාතො”ති අතිරෙකතරං තුස‍්සිංසු. අථ නෙ සාමපණ‍්ඩිතො ගාථං අභාසි –

මෙසේ මහසත්හුගේ නිරෝගීභාවයට පත්වීමත්, මව්පියන්ට ඇස් පෙනීම ලැබීමත්, ඔවුන් සිව්දෙනා දේවතානුභාවයෙන් ක්‍ෂණයකින් අසපුව වෙත ළඟාවීමත් අරුණෝදයෙහි එකවිටම සිදුවිය. මව්පිය දෙදෙන අපට ඇස් ලැබුණේය. සාමට නිරෝගී බව ලැබුණේයැ යි වඩාත් සතුටු විය. ඉක්බිති සාම පණ්ඩිතයෝ ගාථාවකින් මෙසේ කීවේය;

“සාමොහමස‍්මි භද‍්දං වො, සොත්‍ථිනාම‍්හි සමුට‍්ඨිතො; මා බාළ‍්හං පරිදෙවෙථ, මඤ‍්චුනාභිවදෙථ ම”න‍්ති.

මම සාම නම් වෙමි. ඔබට යහපතක් වේවා. විෂ බැසගියෙන් මම සුවසේ නැගී සිටිමි. බලවත් සේ නොවැළපෙනු මැනවි. මිහිරි බස් තෙපලනු මැනැවි.

තත්‍ථ සොත්‍ථිනාම‍්හි සමුට‍්ඨිතොති සොත්‍ථිනා සුඛෙන උට‍්ඨිතො අම‍්හි භවාමි. මඤ‍්ජුනාති මධුරස‍්සරෙන මං අභිවදෙථ.

[missing trans]

අථ සො රාජානං දිස‍්වා පටිසන්‍ථාරං කරොන‍්තො ආහ –

ඉක්බිති සාම කුමාරයා රජු දැක පිළිසඳර වශයෙන් මෙසේ කීය.

“ස‍්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; ඉස‍්සරොසි අනුප‍්පත‍්තො, යං ඉධත්‍ථි පවෙදය.

මහරජ, ඔබගේ මෙහි පැමිණීම යහපත් වේවා. අයහපත් පැමිණීමක් නොවේවා. මෙහි පැමිණි ඔබ අපට අධිපතිය. මෙහි ඔබ කැමැති යමක් ඇත්නම් අනුභව කළ මැනැවි.

“තින්‍දුකානි පියාලානි, මධුකෙ කාසුමාරියො; ඵලානි ඛුද‍්දකප‍්පානි, භුඤ‍්ජ රාජ වරං වරං.

විලිකුන් මිහිරි තිමිරි හා මොර ද මී ද එරමිණිය ද බොහෝ ඵල ඇත්තේය. හොඳ හොඳ දෙයින් අනුභව කළ මැනව.

“අත්‍ථි මෙ පානීයං සීතං, ආභතං ගිරිගබ‍්භරා; තතො පිව මහාරාජ, සචෙ ත්‍වං අභිකඞ‍්ඛසී”ති.

කඳුරැලියෙන් ගෙනා සිහිල් පැන් ද ඇත. කැමැති නම් බොනු මැනවි.

රාජාපි තං අච‍්ඡරියං දිස‍්වා ආහ –

රජු එම අසිරිය දැක මෙසේ කීය.

“සම‍්මුය‍්හාමි පමුය‍්හාමි, සබ‍්බා මුය‍්හන‍්ති මෙ දිසා; පෙතං තං සාම මද‍්දක‍්ඛිං, කො නු ත්‍වං සාම ජීවසී”ති.

සම්මුය්හාමි පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා, පෙතං තං සාම අද්දක්ඛිං, කොනු ත්‍වං සාම ජීවසීති

සාම කුමාරයාණෙනි, මම මුළා වෙමි. බෙහෙවින් මුළා වෙමි. මට සියලු දිසා මුළා වී වැටහේ. පරලොව පත් ඔබ දුටිමි. දැන් ජීවත් වෙහි. කෙසේ දිවි ලදුයෙහි ද?

තත්‍ථ පෙතන‍්ති සාම අහං තං මතං අද‍්දසං. කො නු ත්‍වන‍්ති කථං නු ත්‍වං ජීවිතං පටිලභසීති පුච‍්ඡි.

එහි පෙතං සාම මම ඔබගේ මළ සිරුර දිටිමි යනුයි. කොනුත්‍වංති කෙසේ නම් ඔබ දිවි ලැබීදැයි ඇසූ අයුරුයි.

මහාසත‍්තො “අයං රාජා මං ‘මතො’ති සල‍්ලක‍්ඛෙසි, අමතභාවමස‍්ස පකාසෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආහ –

ඉක්බිති සාම කුමාරයා මේ රජු මා මලේ යැයි සිතයි. නොමළ බව ඔහුට ප්‍රකාශ කරන්නෙමි යි මෙසේ කීහ.

“අපි ජීවං මහාරාජ, පුරිසං ගාළ‍්හවෙදනං; උපනීතමනසඞ‍්කප‍්පං, ජීවන‍්තං මඤ‍්ඤතෙ මතං.

අපිජීවං මහා රාජ, පුරිසං ගාළ්හ වේදනා, උපනීත වන සංකප්පං, ජීවන්තං මඤ්ඤ තෙ මනං

මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති භවංගයට පැමිණි සිත් හසර ඇති පුරුෂයා ජීවත්වන නමුත් මළහයි ලෝ වැසි තෙමේ සිතති.

“අපි ජීවං මහාරාජ, පුරිසං ගාළ‍්හවෙදනං; තං නිරොධගතං සන‍්තං, ජීවන‍්තං මඤ‍්ඤතෙ මත”න‍්ති.

අපි ජීවං මහාරාජ, පුරිසං ගාළ්හ වෙදනං, තං නිරොධගතං සන්තං, ජීවන්තං මඤ්ඤතෙ මතං

මහරජ, දිවි ඇති නමුදු දැඩි දුඃඛ වේදනා ඇති නිරුද්ධ වූ ආශ්වාස ප්‍රශ්වාස ඇති පුරුෂයා ජීවත්වන නමුත් මළහයි ලෝ වැසියා සිතයි.

තත්‍ථ අපි ජීවන‍්ති ජීවමානං අපි. උපනීතමනසඞ‍්කප‍්පන‍්ති භවඞ‍්ගඔතිණ‍්ණචිත‍්තාචාරං. ජීවන‍්තන‍්ති ජීවමානමෙව “එසො මතො”ති මඤ‍්ඤති. නිරොධගතන‍්ති අස‍්සාසපස‍්සාසනිරොධං සමාපන‍්නං සන‍්තං විජ‍්ජමානං මං එවං ලොකො මතං විය ජීවන‍්තමෙව මඤ‍්ඤති.

එහි අපිජීවං යනු ජීවමාන බවයි. උපනීත මන සංකප්පං භවාංගයට එළඹුණ සිත් පරම්පරාවයි. ජීවන්තං ජීවත් වුවත් මැරුණේ යැයි සිතීමයි. නිරොධ ගතන්ති ආශ්වාස ප්‍රශ්වාස දෙදෙනාගේ නැවතීමයි.

එවඤ‍්ච පන වත්‍වා මහාසත‍්තො රාජානං අත්‍ථෙ යොජෙතුකාමො ධම‍්මං දෙසෙන‍්තො පුන ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ මා ජීවත්ව සිටියදී මැරුණේ යැයි සිතුවේ යැයි කියා රජතුමා යහපතෙහි යොදවනු කැමැතිව ධර්මයක් කියා දීමට ගාථා දෙකක් කීවේය. එහි අරුත් මෙසේය.

“යො මාතරං පිතරං වා, මච‍්චො ධම‍්මෙන පොසති; දෙවාපි නං තිකිච‍්ඡන‍්ති, මාතාපෙත‍්තිභරං නරං.

යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේද මව්පියන් පෝෂණය කරන ඒ ඒ ජනයාට දෙවියෝ ද පිළියම් කරති.

“යො මාතරං පිතරං වා, මච‍්චො ධම‍්මෙන පොසති; ඉධෙව නං පසංසන‍්ති, පෙච‍්ච සග‍්ගෙ පමොදතී”ති.

යම් මනුෂ්‍යයෙක් මව්පියන් දැහැමින් පෝෂණය කෙරේද මෙලොවද ඔහු පසසත්. පරලොව ස්වර්ගයෙහිද සතුටු වන්නේ ය.

තං සුත්‍වා රාජා “අච‍්ඡරියං වත, භො, මාතාපෙත‍්තිභරස‍්ස ජන‍්තුනො උප‍්පන‍්නරොගං දෙවතාපි තිකිච‍්ඡන‍්ති, අතිවිය අයං සාමො සොභතී”ති අඤ‍්ජලිං පග‍්ගය‍්හ යාචන‍්තො ආහ –

ඒ අසා රජතුමා, පින්වත් මහත් ආශ්චර්යයකි. මව්පියන් පෝෂණය කරන්නාට උපන් රෝගයන් ද දෙවියෝ විසින් සුවකරනු ලැබේ. මේ සාම කුමාරයා ඉතා යහපත් කෙනෙකි යි කියා ඇඳිලිබැඳ මෙසේ කීය.

“එස භිය්‍යො පමුය‍්හාමි, සබ‍්බා මුය‍්හන‍්ති මෙ දිසා; සරණං තං සාම ගච‍්ඡාමි, ත්‍වඤ‍්ච මෙ සරණං භවා”ති.

එස භීයො පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා, සරණං තං සාම ගච්ඡාමි, තංච මෙ සරණං භවාති

ඒ මම බොහෝසෙයින් මුලා වෙමි. සියලු දිසා මට නොවැටහෙති. සාම තොප සරණ යමි. තෙපි ද මට පිහිට වව.

තත්‍ථ භිය්‍යොති යස‍්මා තාදිසෙ පරිසුද‍්ධසීලගුණසම‍්පන‍්නෙ තයි අපරජ‍්ඣිං, තස‍්මා අතිරෙකතරං සම‍්මුය‍්හාමි. ත්‍වඤ‍්ච මෙ සරණං භවාති සරණං ගච‍්ඡන‍්තස‍්ස මෙ ත්‍වං සරණං භව, පතිට‍්ඨා හොහි, දෙවලොකගාමිමග‍්ගං කරොහීති.

එහි භීයොති යම්හෙයකින් එබඳු වූ සීල ගුණයෙන් යුත්තෙකුට වරදක් වූයේ ද ඒ නිසා තව තවත් මුළාවට පත්වෙමි යනුයි. (සාම කුමාරයාට විදීම රජතුමා තමන් කළ බලවත් වරදක් ලෙස සලකා තැවුණා බවයි.) ත්‍වඤ්ච මෙ සරණං භවාති ඔබ පිහිට යන්නා වූ මට පිහිට වන්න. මා දෙව්ලොව ගාමියෙකු කරන්න යන්න. (මෙයින් ගම්‍යමාන වේ.)

අථ නං මහාසත‍්තො “සචෙපි, මහාරාජ, දෙවලොකං ගන‍්තුකාමොසි, මහන‍්තං දිබ‍්බසම‍්පත‍්තිං පරිභුඤ‍්ජිතුකාමොසි, ඉමාසු දසරාජධම‍්මචරියාසු වත‍්තස‍්සූ”ති තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො දස රාජධම‍්මචරියගාථා අභාසි –

ඉක්බිති මහසත් එම රජතුමාට ඉදින් මහරජ, දෙව්ලොව යනු කැමැත්තෙහි නම් මහත් දිව්‍ය සම්පත් විඳිනු කැමැති නම් මේ දශධර්ම චර්යාවෙහි පිහිටන්නැයි කියා දශධර්ම චර්යා දැක්වෙන ගාථා ප්‍රකාශ කළේය.

“ධම‍්මං චර මහාරාජ, මාතාපිතූසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, මව්පියන් පෝෂණය කිරීමේ ධර්මයෙහි හැසිරෙන්න. මහරජ, මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, පුත‍්තදාරෙසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, අඹු දරුවන් මනාව පෝෂණය කිරීමේ ධර්මයෙහි හැසිරෙන්න. මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, මිත‍්තාමච‍්චෙසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙනු මැනවි. මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, වාහනෙසු බලෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, රථවාහන කෙරෙහිද සේනා කෙරෙහි ද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, ගාමෙසු නිගමෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, ගම් නියම්ගම් කෙරෙහිද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, රට‍්ඨෙසු ජනපදෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, රටෙහි ද ජනපදයන් කෙරෙහිද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, සමණබ්‍රාහ‍්මණෙසු ච; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, මිගපක‍්ඛීසු ඛත‍්තිය; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, සිවුපාවුන් කෙරෙහිද පක්‍ෂීන් කෙරෙහිද දැහැමින් හැසිරෙනු මැනවි. මහරජ, මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, ධම‍්මො චිණ‍්ණො සුඛාවහො; ඉධ ධම‍්මං චරිත්‍වාන, රාජ සග‍්ගං ගමිස‍්සසි.

මහරජ, ධර්මයෙහි හැසිරුණ මැනවි. පුරුදු කළ ධර්මය සැපගෙන දෙන්නේ වේ. මේ ලෝකයෙහි ගුණ ධර්මයෙහි හැසිර පරලොව ස්වර්ගයට යන්නේ නම් මැනැවි.

“ධම‍්මං චර මහාරාජ, සඉන්‍දා දෙවා සබ්‍රහ‍්මකා; සුචිණ‍්ණෙන දිවං පත‍්තා, මා ධම‍්මං රාජ පාමදො”ති.

මහරජ, ධර්මයෙහි හැසිරුණ මැනවි. පුරුදු පුහුණු කළ ධර්මය සැප ගෙන දෙන්නේ වේ. ශක්‍රයා සහිත වූ දෙවියෝ ද බ්‍රහ්මයා සහිත වූ බ්‍රහ්මයෝ ද මැනවින් පුරුදු කළ ධර්මය හේතු කොටගෙන දෙව්ලොවට පැමිණියහ. මහරජ, ධර්මයෙහි නොපමා වනු මැනවි.

තාසං අත්‍ථො තෙසකුණජාතකෙ (ජා· 2.17.1 ආදයො) විත්‍ථාරිතොව. එවං මහාසත‍්තො තස‍්ස දස රාජධම‍්මෙ දෙසෙත්‍වා උත‍්තරිපි ඔවදිත්‍වා පඤ‍්ච සීලානි අදාසි. සො තස‍්ස ඔවාදං සිරසා සම‍්පටිච‍්ඡිත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා ඛමාපෙත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපරායණො අහොසි. බොධිසත‍්තොපි යාවජීවං මාතාපිතරො පරිචරිත්‍වා මාතාපිතූහි සද‍්ධිං පඤ‍්ච අභිඤ‍්ඤා ච අට‍්ඨ සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙහි අර්ථ තවදුරටත් තේසකුණ ජාතකයෙහි විසිතුරුව දැක්වේ. මෙසේ මහසත් ඔහුට දසරාජ ධර්මය දේශනා කොට මනාකොට ඔවා දී පංචසිල් ද දුන්නේය. ඔහු මහසත්හුගේ අවවාද ඉහළින් පිළිගෙන බරණැසට ගොස් දානාදී පින්කම් කොට ඥාතීන් ආදී පිරිස සමග දෙව්ලොව ගියේය. බෝසත් හා මව්පියෝ දෙදෙන අභිඥා ලබා බඹලොව උපන්නාහුය.

සත්‍ථා ඉදං ධම‍්මදෙසනං ආහරිත්‍වා “භික‍්ඛවෙ, මාතාපිතූනං පොසනං නාම පණ‍්ඩිතානං වංසො”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ මාතුපොසකභික‍්ඛු සොතාපත‍්තිඵලං පාපුණි.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, මහණෙනි, මව්පියන් පෝෂණය කළ සත් පුරුෂයන්ගේ වංශ කතාව මෙයයි කියා චතුස්සත්‍ය දේශනාකොට ජාතකය නිමවා වදාළ සේක. චතුස්සත්‍ය දේශනාවසානයේ එම භික්‍ෂුව සෝවාන් ඵලයට පැමිණියහ.

තදා රාජා ආනන්‍දො අහොසි, දෙවධීතා උප‍්පලවණ‍්ණා, සක‍්කො අනුරුද‍්ධො, දුකූලපණ‍්ඩිතො මහාකස‍්සපො, පාරිකා භද‍්දකාපිලානී භික‍්ඛුනී, සුවණ‍්ණසාමපණ‍්ඩිතො පන අහමෙව සම‍්මාසම‍්බුද‍්ධො අහොසින‍්ති.

එදා රජ වූයේ ආනන්ද තෙරණුවෝය. දෙව්දුව උත්පලවණ්ණා තෙරණියයි. ශක්‍රයා අනුරුද්ධ තෙරුන් වහන්සේය. පියා මහා කස්සප තෙරණුවෝය. මව භද්දකාපිලානි තෙරණියයි. සුවණ්ණ සාම පණ්ඩිත වූයේ මම් ම වේදැයි නිමවා වදාළ සේක.

සුවණ‍්ණසාමජාතකවණ‍්ණනා තතියා.

සාම ජාතකය නිමියේ ය.