4. නිමිජාතකවණ්ණනා 541 අට්ඨකථා
4. නිමිජාතකවණ්ණනා (541)
4. නිමි ජාතකය (541)
අච්ඡෙරං වත ලොකස්මින්ති ඉදං සත්ථා මිථිලං උපනිස්සාය මඝදෙවඅම්බවනෙ විහරන්තො සිතපාතුකම්මං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි සත්ථා සායන්හසමයෙ සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං තස්මිං අම්බවනෙ චාරිකං චරමානො එකං රමණීයං භූමිප්පදෙසං දිස්වා අත්තනො පුබ්බචරියං කථෙතුකාමො හුත්වා සිතපාතුකම්මං කත්වා ආයස්මතා ආනන්දත්ථෙරෙන සිතපාතුකම්මකාරණං පුට්ඨො “ආනන්ද, අයං භූමිප්පදෙසො පුබ්බෙ මයා මඝදෙවරාජකාලෙ ඣානකීළ්හං කීළන්තෙන අජ්ඣාවුට්ඨපුබ්බො”ති වත්වා තෙන යාචිතො පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා අතීතං ආහරි.
ඒකාන්තයෙන් ම මේ ලොව පුදුම සහගතය යන කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ මිථිලා නුවර මබාදේව අඹවනයෙහි වැඩවසද්දී (තමන් වහන්සේ විසින්) මද සිනා ඉපදවීමක් හේතුවෙන් දේශනා කළ සේක. එක් දිනෙක ශාස්තෲන් වහන්සේ සවස් කල බොහෝ වූ භික්ෂු පිරිසක් පිරිවරා එම අඹ වනයෙහි සැරිසරණ සේක් එක් සිත් අලවන භූමි ප්‍රදේශයක් (බිම් කඩක්) දැක තමන්වහන්සේගේ පෙර සිරිතක් කියනු කැමැතිව සිනා පහළ කෙළේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් සිනා පහළ කිරීමට හේතු විචාල කල්හි ‘ආනන්ද, මම මඛාදේව රජව ඉපිද සිටි සමයෙහි මේ භූමිභාගය මා විසින් ධ්‍යාන සුවයෙන් යුතුව වාසය කළ ස්ථානයයි වදාරා, (ආනන්ද තෙරුන්ගේ) ඉල්ලීමෙන් පැනවූ අසුනෙහි වැඩහිඳ අතීතය ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතෙ විදෙහරට්ඨෙ මිථිලනගරෙ මඝදෙවො නාම රාජා රජ්ජං කාරෙසි. සො චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළ්හං කීළි, චතුරාසීතිවස්සසහස්සානි උපරජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙන්තො “යදා මෙ සම්ම කප්පක, සිරස්මිං පලිතානි පස්සෙය්යාසි, තදා මෙ ආරොචෙය්යාසී”ති ආහ. අපරභාගෙ කප්පකො පලිතානි දිස්වා රඤ්ඤො ආරොචෙසි. රාජා පලිතං සුවණ්ණසණ්ඩාසෙන උද්ධරාපෙත්වා හත්ථතලෙ පතිට්ඨාපෙත්වා පලිතං ඔලොකෙත්වා මච්චුරාජෙන ආගන්ත්වා නලාටෙ ලග්ගං විය මරණං සම්පස්සමානො “ඉදානි මෙ පබ්බජිතකාලො”ති කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං පක්කොසාපෙත්වා “තාත, රජ්ජං පටිච්ඡ, අහං පබ්බජිස්සාමී”ති වත්වා “කිං කාරණා දෙවා”ති වුත්තෙ –
ඉහත වේදේහ රට මිථිලා නුවර මඛාදේව නම් රජෙක් සිටියේය. ඔහු අවුරුදු අසූහාර දහසක් කුමාරයෙකු වශයෙන් කෙළිලොල්ව විසීය. අවුරුදු අසූහාර දහසක් යුවරජ තනතුරු දැරිය. අවුරුදු අසූහාර දහසක් රාජ්‍යයද විචාරන්නේ, යම් දවසක මාගේ හිසෙහි නර කෙසක් දුටුවේ නම් මා හට කියවයි කපුවාට අණ කළේය. පසුකලෙක හිසෙහි නර කෙසක් දැක කපුවා විසින් දැන්වූ කල්හි අඬුවෙන් එය උගුල්වාගෙන අතට ගෙන බලන්නේ නළලෙහි කෙටූ ලෙසම මරණය පැමිණි බව දකින්නේ දැන් මට පැවිදි වීමට කාලය එළඹියේයැයි කපුවාට ගම්වරයක් තෑගිකොට දෙවා දෙටු පුතු කැඳවා දරුව, රාජ්‍ය විචාලව. මම පැවිදි වන්නෙමියි කීවේය. පියරජතුමනි, කුමක් නිසා පැවිදි වන්නේ දැයි ඇසූ කල්හි,
“උත්තමඞ්ගරුහා මය්හං, ඉමෙ ජාතා වයොහරා; පාතුභූතා දෙවදූතා, පබ්බජ්ජාසමයො මමා”ති. –
මේ නරකෙස මගේ හිසේ දිස් විය. වයස ඉක්මුණි. දේව දූතයෙක් පහළ විය. මේ මට පැවිදි වීමට සුදුසු කාලයයි කීවේය.
වත්වා පුත්තං රජ්ජෙ අභිසිඤ්චිත්වා “තාත, ත්වම්පි එවරූපං පලිතං දිස්වාව පබ්බජෙය්යාසී”ති තං ඔවදිත්වා නගරා නික්ඛමිත්වා අම්බවනෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා චතුරාසීතිවස්සසහස්සානි චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකෙ නිබ්බත්ති. පුත්තොපිස්ස එතෙනෙව උපායෙන පබ්බජිත්වා බ්රහ්මලොකපරායණො අහොසි. තථා තස්ස පුත්තො, තථා තස්ස පුත්තොති එවං ද්වීහි ඌනානි චතුරාසීතිඛත්තියසහස්සානි සීසෙ පලිතං දිස්වාව ඉමස්මිං අම්බවනෙ පබ්බජිත්වා චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තිංසු.
එසේ කියා ඔහු රාජ්‍යයෙහි අභිෂේක කොට, ඔබ මේ, මේ අයුරින් රාජ්‍ය විචාලවයි අවවාද කොට නුවරින් නික්ම ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව අසූහාර දහසක් අවුරුදු බ්‍රහ්මවිහාර වඩා බඹලොව උපන්හ. ඔහුගේ පුතාද මේ ආකාරයෙන් පැවිදිව බඹලොව උපන්නේය. මේ ආකාරයෙන් ඔවුනොවුන්ගේ පුතුන් හත්දහස් තුන්සිය අනූඅට දෙනෙක් රජවරු හිසෙහි නරකෙස් දැක මේ අඹවනයෙහි පැවිදිව සිව් බඹවිහරණ වඩා බඹලොව උපන්නාහුය.
තෙසං සබ්බපඨමං නිබ්බත්තො මඝදෙවරාජා බ්රහ්මලොකෙ ඨිතොව අත්තනො වංසං ඔලොකෙන්තො ද්වීහි ඌනානි චතුරාසීතිඛත්තියසහස්සානි පබ්බජිතානි දිස්වා තුට්ඨමානසො හුත්වා “ඉතො නු ඛො පරං පවත්තිස්සති, න පවත්තිස්සතී”ති ඔලොකෙන්තො අප්පවත්තනභාවං ඤත්වා “මම වංසං අහමෙව ඝටෙස්සාමී”ති චින්තෙත්වා තතො චවිත්වා මිථිලනගරෙ රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හිත්වා දසමාසච්චයෙන මාතු කුච්ඡිතො නික්ඛමි. රාජා තස්ස නාමග්ගහණදිවසෙ නෙමිත්තකෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා පුච්ඡි. තෙ තස්ස ලක්ඛණානි ඔලොකෙත්වා “මහාරාජ, අයං කුමාරො තුම්හාකං වංසං ඝටෙන්තො උප්පන්නො. තුම්හාකඤ්හි වංසො පබ්බජිතවංසො, ඉමස්ස පරතො නාගමිස්සතී”ති වදිංසු. තං සුත්වා රාජා “අයං කුමාරො රථචක්කනෙමි විය මම වංසං ඝටෙන්තො ජාතො, තස්මා තස්ස ‘නිමිකුමාරො’ති නාමං කරිස්සාමී”ති චින්තෙත්වා “නිමිකුමාරො”තිස්ස නාමං අකාසි.
ඔවුන් සියල්ලන්ම පළමු බඹලොව උපන් මඛාදේව රජ බඹලොව සිට තම පරම්පරාව ගැන විමසන්නේ රජවරු සත්දහස් තුන්සිය අනූ අටදෙනෙකු පැවිදි වූ බව දැක සතුටට පැමිණෙමින් ඉදිරියට මාගේ වංශ පරම්පරාව පවතින්නේදැයි බැලීය. නොපවතින බව දැක මාගේ වංශය මා විසින් පවත්වන්නෙමියි එයින් චුතව මියුලු නුවර රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. ඔහුට (එම කුමරුට) නම් තබන දිනයෙහි නිමිත්ත පාඨකයෝ වෙර ලකුණු බලා මහරජ, කුමාරයා ඔබගේ වංශ පරම්පරාව පවත්වාගෙන යාමට උපන්නෙකි. ඔබගේ වංශය මින් ඉදිරියට පැවිදි වන්නන්ගේ වංශයක් වශයෙන් නොපවතින්නේයැයි කීවාහුය. ඒ අසා රජතුමා, මේ කුමාරයා රිය සකක නිම් වළල්ල මෙන් මගේ වංශය පවත්වාගෙන යාමට උපන්නෙකියි කියා, ‘නේමි’ කුමාරයෝ යැයි නම් කළහ.
සො දහරකාලතො පට්ඨාය දානෙ සීලෙ උපොසථකම්මෙ ච අභිරතො අහොසි. අථස්ස පිතා පුරිමනයෙනෙව පලිතං දිස්වා කප්පකස්ස ගාමවරං දත්වා පුත්තස්ස රජ්ජං නිය්යාදෙත්වා අම්බවනෙ පබ්බජිත්වා බ්රහ්මලොකපරායණො අහොසි. නිමිරාජා පන දානජ්ඣාසයතාය චතූසු නගරද්වාරෙසු නගරමජ්ඣෙ චාති පඤ්චසු ඨානෙසු පඤ්ච දානසාලායො කාරාපෙත්වා මහාදානං පවත්තෙසි. එකෙකාය දානසාලාය සතසහස්සං සතසහස්සං කත්වා දෙවසිකං පඤ්ච පඤ්ච කහාපණසතසහස්සානි පරිච්චජි, නිච්චං පඤ්ච සීලානි රක්ඛි, පක්ඛදිවසෙසු උපොසථං සමාදියි, මහාජනම්පි දානාදීසු පුඤ්ඤෙසු සමාදපෙසි, සග්ගමග්ගං ආචික්ඛිත්වා නිරයභයෙන තජ්ජෙත්වා ධම්මං දෙසෙසි. තස්ස ඔවාදෙ ඨිතා මනුස්සා දානාදීනි පුඤ්ඤානි කත්වා තතො චුතා දෙවලොකෙ නිබ්බත්තිංසු, දෙවලොකො පරිපූරි, නිරයො තුච්ඡො විය අහොසි. තදා තාවතිංසභවනෙ දෙවසඞ්ඝා සුධම්මායං දෙවසභායං සන්නිපතිත්වා “අහො, වත අම්හාකං ආචරියො නිමිරාජා, තං නිස්සාය මයං ඉමං බුද්ධඤ්ඤණෙනපි අපරිච්ඡින්දනීයං දිබ්බසම්පත්තිං අනුභවාමා”ති වත්වා මහාසත්තස්ස ගුණෙ වණ්ණයිංසු . මනුස‍්සලොකෙපි මහාසමුද්දපිට්ඨෙ ආසිත්තතෙලං විය මහාසත්තස්ස ගුණකථා පත්ථරි. සත්ථා තමත්ථං ආවිභූතං කත්වා භික්ඛුසඞ්ඝස්ස කථෙන්තො ආහ –
ඔහු (එම කුමරු) කුඩා කල සිටම දන් දීමෙහිද, නිති පන්සිල් රැකීමෙහි ද, පොහොය උපෝසථ සීල සමාදානයෙහි ද නියුතු වූයේය. ඔහුගේ පියාද පෙර මෙන්ම හිස නරකෙසක් දැක කපුවාට ගම්වරයක් තෑගිකොට දෙවා පුතුට රාජ්‍යය පාවා දී අඹ වනයෙහිදී පැවිදිව ධ්‍යාන උපදවා බඹලොව උපන්නේය. නිමි රජතුමාගේ දන්දීමේ කැමැත්ත ඉතා බලවත් විය. නුවර සිව් දොරටුවෙහිද නුවර මැද ද දන්සල් පසක් කරවා මහත් සේ දන්දීම කළේය. එක් එක් දාන ශාලාව ලක්ෂ පහ බැගින් දිනපතා කහවණු ලක්ෂ පහක් වියදම් කොට දන් දුන්නේය. නිති පන්සිල් රැකීය. පොහෝ දිනවල උපෝසථ සීලය සමාදන්ව විසීය. මහජනයාද දානාදී පින්කම්වල යෙදවීය. අපා බිය ඇතිකොට දෙව්ලෝ සැප ලබන හැටි පෙන්වා දෙමින් ධර්ම දේශනා කළේය. එතුමාගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකම්කොට පරලොව ගියාහු දෙව්ලොව උපන්නාහුය. මෙයින් දෙව්ලොව පිරි ගියේය. නිරය හිස්විය. එකල්හි තව්තිසා දෙව්ලොව සුධර්මා නම් දිව්‍ය සභාවට රැස් වූ එම දෙවිවරු අනේ අපේ ආචාර්ය වූ නිමි රජතුමා නිසා අපි මෙබඳු වූ අවබෝධ ඥානයක් හා මහත් වූ දිව සැපත් ලැබුවෙමි යි මහසත්හුගේ ගුණ වැනූහ. මිනිස්ලොව ද මහසයුර මත ඉසින ලද තෙලක් මෙන් ගුණ කතාවම පැතුරුණි. ශාස්තෲන් වහන්සේ ඒ බව වඩාත් ප්‍රකට කරනු සඳහා භික්ෂු සංඝයාට මෙසේ වදාළ සේක;
“අච්ඡෙරං වත ලොකස්මිං, උප්පජ්ජන්ති විචක්ඛණා; යදා අහු නිමිරාජා, පණ්ඩිතො කුසලත්ථිකො.
අච්ඡෙරං වත ලොකස්මිං - උප්පජ්ජන්ති විචක්ඛණා, යදා අහූ නිමිරාජා - පණ්ඩිතො කුසලත්ථිකො
“රාජා සබ්බවිදෙහානං, අදා දානං අරින්දමො; තස්ස තං දදතො දානං, සඞ්කප්පො උදපජ්ජථ; දානං වා බ්රහ්මචරියං වා, කතමං සු මහප්ඵල”න්ති.
රාජා සබ්බ විදෙහානං - ආදා දානං අරින්දමො, තස්ස තං දදතො දානං - සධෙකප්පො උදපජ්ජථ, දානං වා බ්රහ්මචරියංවා - කතමංසු මහප්ඵලන්ති
යම් කලෙකැ නුවණැති කුසල් කැමති නිමි නම් රජෙක් වී ද එකල මෙබඳු දක්ෂ පණ්ඩිතයෝ ලොව උපදිද්දැයි කියා දෙව්මිනිස්සු අපට ඒකාන්තයෙන් ආශ්චර්යයෙකැයි ගුණ කීහ.
සතුරන් දමනය කරන සියලු විදේහ රටවැසියන්ගේ රජතෙමේ දන් දුනි. ඒ දන් දෙන රජහට මෙබඳු අදහසක් පහළ විය. එනම්, ‘දානය හෝ බඹසර හෝ යන මෙයින් කවරනම් පිනක් මහත් විපාක ඇත්තේද යනුයි.
තත්ථ යදා අහූති භික්ඛවෙ, යදා පණ්ඩිතො අත්තනො ච පරෙසඤ්ච කුසලත්ථිකො නිමිරාජා අහොසි, තදා දෙවමනුස්සා “අච්ඡෙරං වත, භො, එවරූපාපි නාම අනුප්පන්නෙ බුද්ධඤාණෙ මහාජනස්ස බුද්ධකිච්චං සාධයමානා ලොකස්මිං විචක්ඛණා උප්පජ්ජන්තී”ති එවං තස්ස ගුණකථං කථෙසුන්ති අත්ථො. “යථා අහූ”තිපි පාඨො. තස්සත්ථො – යථා අහු නිමිරාජා පණ්ඩිතො කුසලත්ථිකොයෙව, තථාරූපා මහාජනස්ස බුද්ධකිච්චං සාධයමානා උප්පජ්ජන්ති විචක්ඛණා. යං තෙසං උප්පන්නං, තං අච්ඡෙරං වත ලොකස්මින්ති. ඉති සත්ථා සයමෙව අච්ඡරියජාතො එවමාහ. සබ්බවිදෙහානන්ති සබ්බවිදෙහරට්ඨවාසීනං. කතමං සූති එතෙසු ද්වීසු කතමං නු ඛො මහප්ඵලන්ති අත්ථො.
එහි යදා අහූතී යනුවෙන් දැක්වූයේ අනුන්ටද තමන්ටද කුසල් කැමැති වන්නා වූ ඤාණවන්ත වූ ‘නිමි’ රජතුමා සිටින කල්හි මෙබඳු දක්ෂ බුද්ධ ඤාණය ඇති, මහජනයාට බුදුවරයෙකු මෙන් මඟ පෙන්වන පණ්ඩිතයෝ ලොව උපදිද්දැයි කියා දෙව්මිනිස්සු අපට ඒකාන්තයෙන්ම ආශ්චර්යකැයි ගුණ කීහ යන අදහසයි. යදා අහූතී යනු පාඨයෙහි එහි අර්ථය වශයෙන් පින් කැමැති පණ්ඩිත වූ ‘නිමි’ රජතුමා වැනි මහජනයාට බුද්ධ කෘත්‍යය සාදා දෙන්නා වූ යමෙක් ලොව උපදී ද එබඳු තැනැත්තාගේ ඉපදීම ලොවට ආශ්චර්යකි යනුවෙන් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේගේම ලොව පහළවීම අසිරිමත් බව දැක්වීම සඳහා මෙසේ වදාළ සේක. සබ්බ විදෙහනං යනු සියලු විදේහවාසී ජනතාවයි. කතමංසූති (දානය හා බඹසර විසීම) මේ දෙකින් කවර එක මහත් විපාක ඇත්තේද යනුයි.
සො කිර පන්නරසීඋපොසථදිවසෙ උපොසථිකො හුත්වා සබ්බාභරණානි ඔමුඤ්චිත්වා සිරිසයනපිට්ඨෙ නිපන්නොව ද්වෙ යාමෙ නිද්දං ඔක්කමිත්වා පච්ඡිමයාමෙ පබුද්ධො පල්ලඞ්කං ආභුජිත්වා “අහං මහාජනස්ස අපරිමාණං දානම්පි දෙමි, සීලම්පි රක්ඛාමි, දානස්ස නු ඛො මහන්තං ඵලං, උදාහු බ්රහ්මචරියස්සා”ති චින්තෙත්වා අත්තනො කඞ්ඛං ඡින්දිතුං නාසක්ඛි. තස්මිං ඛණෙ සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො ආවජ්ජෙන්තො තං තථා විතක්කෙන්තං දිස්වා “කඞ්ඛමස්ස ඡින්දිස්සාමී”ති එකකොව සීඝං ආගන්ත්වා සකලනිවෙසනං එකොභාසං කත්වා සිරිගබ්භං පවිසිත්වා ඔභාසං ඵරිත්වා ආකාසෙ ඨත්වා තෙන පුට්ඨො බ්යාකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එම රජතුමා එක් පුරපසළොස්වක දිනෙක උපොසථ සීලයෙහි පිහිටා සර්වාභරණ ගලවා දමා සිරියහන මත හොත්තේ, යාම දෙකකින් පසුවී පැසුළුයම නින්දෙන් නැගී සිට පර්යංකය බැඳගෙන හිඳ මම මහජනයාට අප්‍රමාණ වූ දන් දෙමි. සිල් ද රකිමි. දානයෙහි ඵල මහත් වන්නේද නැතහොත් බ්‍රහ්මචර්යාවෙහි (සීලයෙහි) ඵලමහත් වන්නේ දැයි සිතන්නේ තම සැකය දුරුකර ගැනීමට අපොහොසත් විය. එකල්හි සක්දෙව් භවන උණුසුම්ව ගියේය. සක්රජු එයට හේතු විමසන්නේ, (නිමි’ රජතුමාගේ) එම සැකය දැක, මොහුගේ සැකය සිඳලමියි තනිවම වහා එතැනට පැමිණ මුළු රජමැදුර ඒකාලෝක කොට සිරියහන් ගැබට පිවිස අහසෙහි සිට ආලෝක ධාරාවක් විහිදුවා එම රජතුමා විසින් අසන ලද සැකයට හේතුව විසඳාලීය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තස්ස සඞ්කප්පමඤ්ඤාය, මඝවා දෙවකුඤ්ජරො; සහස්සනෙත්තො පාතුරහු, වණ්ණෙන විහනං තමං.
තස්ස සංකප්ප මඤ්ඤාය, මඝවා දේව කුඤ්ජරො, සහස්ස නෙත්තො පාතුරහූ, වණ්ණෙන නිහනං තමං
දෙවියන්ට අධිපති වූ නුවණැස් දහසක් ඇති සක්දෙව් රජ තෙමේ ඒ රජුගේ අදහස් දැන තමන්ගේ ශරීරාලෝකයෙන් අඳුර දුරුකරමින් ඔහු හමුයෙහි පහළ විය.
“සලොමහට්ඨො මනුජින්දො, වාසවං අවචා නිමි; දෙවතා නුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො.
ස ලොමහට්ඨො මනුජින්දො, වාසවං අවචා නිමි, දේවතානුසී ගන්ධබ්බො, ආදු සක්කො පුරින්දදො
ලොමුදහගත් ඒ නිමි රජ තෙමේ සක්දෙව් රජු දැකීමෙන් බියපත්ව මෙසේ කීවේය.ඔබ දෙවියෙක් ද? ගඳඹෙක්ද? නැතහොත් පුරින්දද නම් සක්දෙව් රජ ද?
“න ච මෙ තාදිසො වණ්ණො, දිට්ඨො වා යදි වා සුතො; ආචික්ඛ මෙ ත්වං භද්දන්තෙ, කථං ජානෙමු තං මයං.
නච මෙ තාදිසො වණ්ණො, දිට්ඨො වා යදිවා සුතො [missing pali]
මෙබඳු ශරීර වර්ණයක් පෙර මා විසින් දක්නා ලද හෝ අසන ලද්දේ නොවේ.
“සලොමහට්ඨං ඤත්වාන, වාසවො අවචා නිමිං; සක්කොහමස්මි දෙවින්දො, ආගතොස්මි තවන්තිකෙ; අලොමහට්ඨො මනුජින්ද, පුච්ඡ පඤ්හං යමිච්ඡසි.
ස ලොමහට්ඨං ඤත්වාන, වාසවො අවචා නිමිං, සක්කො හමස්මි දේවින්දො, ආගතොස්මි තවන්තකෙ
ඒ සක්දෙව් රජතෙමේ ආලෝකය බියෙන් ලොමුදහගත් නිමිරජු දැන මෙසේ කීය. මම සක්දෙව් රජ වෙමි. ඔබ දැකීමට පැමිණියෙමි. මහරජ, නොබියව ඔබ කැමැති පැනයක් ඇත්නම් මගෙන් විමසන්න.
“සො ච තෙන කතොකාසො, වාසවං අවචා නිමි; පුච්ඡාමි තං මහාරාජ, සබ්බභූතානමිස්සර; ‘දානං වා බ්රහ්මචරියං වා, කතමංසු මහප්ඵලං’.
අලොමභට්ඨො මනුජින්ද, පුච්ඡ පඤ්හං යදිච්ඡසී, සොචතෙන කතො කාසො, වාසවං අවචා නිමි
පුච්ඡාමි තං මහාබාහු, සබ්බභූතාන මිස්සර, දානංවා බ්‍රහ්ම චරියංවා, කතමංසු මහාප්ඵලං
එසේ ඔහු විසින් (ශක්‍රයා විසින්) දෙන ලද අවසරය පරිදි, නිමි රජතුමා සක් දෙවිඳුට මෙසේ කීවේය. මහත්ඵල ඇති සියලුම සතුන්ට අධිපති වූ සක්දෙව් රජතුමනි, දන්දීම, බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම යන දෙකින් මහත්ඵල ඇත්තේ කුමක්ද?
“සො පුට්ඨො නරදෙවෙන, වාසවො අවචා නිමිං; විපාකං බ්රහ්මචරියස්ස, ජානං අක්ඛාසිජානතො.
සො ඵුට්ඨො නර දෙවෙන, වාසවො අවචා නිමිං, විපාකං බ්රහ්මචරියස්ස, ජානං අක්ඛාස ජානතො
ඒ රජු විසින් ඇසූ (කල්හි) බ්‍රහ්මචර්යාවෙහි විපාක දන්නා සක්දෙව් රජ තෙමේ නොදන්නා නිමි රජුට මෙසේ කීය.
“හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති; මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣති.
හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති, මජ්ඣිමෙ නච දෙවදත්තං, උත්තමෙන විසුජ්ඣතී
ලාමක බ්‍රහ්ම චර්යාවෙන් රජකුලයෙහි උපදි. මධ්‍යම බ්‍රහ්ම චර්යාවෙන් දෙව්බවට පැමිණේ. උතුම් බ්‍රහ්ම චර්යාවෙන් පිරිසිදු වේ.
“න හෙතෙ සුලභා කායා, යාචයොගෙන කෙනචි; යෙ කායෙ උපපජ්ජන්ති, අනාගාරා තපස්සිනො”ති.
නහෙතෙ සුලභා කායා, යාචා යොගෙන කෙනචි, යෙ කායෙ උපපජ්ජන්ති, අනාගාරා තපස්සිනොති
අනගාරික වූ, තවුස්දම් පුරන යම් කෙනෙක් බ්‍රහ්ම සමූහයෙහි උපදිත් ද (ඉල්ලන්නන්ට දිම නම් වූ) දානයෙන් කිසිවෙකු විසින් ඒ බ්‍රහ්ම සමූහයෝ නොලබන්නාහුය.
තත්ථ සලොමහට්ඨොති භික්ඛවෙ, සො නිමිරාජා ඔභාසං දිස්වා ආකාසං ඔලොකෙන්තො තං දිබ්බාභරණපටිමණ්ඩිතං දිස්වාව භයෙන ලොමහට්ඨො හුත්වා “දෙවතා නුසි ගන්ධබ්බො”තිආදිනා පුච්ඡි. අලොමහට්ඨොති නිබ්භයො අහට්ඨලොමො හුත්වා පුච්ඡ, මහාරාජාති. වාසවං අවචාති තුට්ඨමානසො හුත්වා සක්කං අවොච. ජානං අක්ඛාසිජානතොති භික්ඛවෙ, සො සක්කො අතීතෙ අත්තනා පච්චක්ඛතො දිට්ඨපුබ්බං බ්රහ්මචරියස්ස විපාකං ජානන්තො තස්ස අජානතො අක්ඛාසි.
එහි ලොමහට්ඨො යනු. මහණෙනි, ඒ නිමි රජතුමා ආලෝකය දැක ආලෝකය දෙස බලන්නේ ඒ දිව්‍යාභරණ වලින් සැරසුනා වූ ශක්‍රයා දැක බියෙන් ලොමුදැහැ ගත්තේය. ලොමු දැහැගත්තේම ඔබ දේවතාවෙකු දැයි ඇසීය. අලොමහට්ඨො යනු ලොමුදැහැ නොගෙන නිර්භයව සිට අසන්න මහරජ යැයි කී බවයි. වාසවො අවචා යනු තුටු පහටුව සිට (ශක්‍රයා) කීවේ යනුයි. ජානං අක්ඛාසජානතො යනු මහණෙනි, ඒ සක් අතීත භවයෙහි දී තමා ප්රත්යක්ෂයෙන් දැනගත් බ්‍රහ්ම චර්යාවෙහි විපාක මනාව දැනගෙන නොදන්නා වූ ඒ නිමි රජතුමාට ප්‍රකාශ කළේය යනුයි.
හීනෙනාතිආදීසු පුථුතිත්ථායතනෙ මෙථුනවිරතිමත්තං සීලං හීනං නාම, තෙන ඛත්තියකුලෙ උපපජ්ජති. ඣානස්ස උපචාරමත්තං මජ්ඣිමං නාම, තෙන දෙවත්තං උපපජ්ජති. අට්ඨසමාපත්තිනිබ්බත්තනං පන උත්තමං නාම, තෙන බ්රහ්මලොකෙ නිබ්බත්තති, තං බාහිරකා නිබ්බානන්ති කථෙන්ති. තෙනාහ “විසුජ්ඣතී”ති. ඉමස්මිං පන බුද්ධසාසනෙ පරිසුද්ධසීලස්ස භික්ඛුනො අඤ්ඤතරං දෙවනිකායං පත්ථෙන්තස්ස බ්රහ්මචරියචෙතනා හීනතාය හීනං නාම, තෙන යථාපත්ථිතෙ දෙවලොකෙ නිබ්බත්තති. පරිසුද්ධසීලස්ස භික්ඛුනො අට්ඨසමාපත්තිනිබ්බත්තනං මජ්ඣිමං නාම, තෙන බ්රහ්මලොකෙ නිබ්බත්තති . පරිසුද්ධසීලස්ස විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තුප්පත්ති උත්තමං නාම, තෙන විසුජ්ඣතීති . ඉති සක්කො “මහාරාජ, දානතො සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන බ්රහ්මචරියවාසොව මහප්ඵලො”ති වණ්ණෙති. කායාති බ්රහ්මඝටා. යාචයොගෙනාති යාචනයුත්තකෙන යඤ්ඤයුත්තකෙන වාති උභයත්ථාපි දායකස්සෙවෙතං නාමං. තපස්සිනොති තපනිස්සිතකා.
හීනෙනාති යැයි දැක්වූයේ මුලදී බොහෝ තීර්ථායනයන් ආගමික ස්ථාන ඇසුරුකොට මෛථුනචර්යාවෙන් වෙන්වීම සීමා කොටගත් කිසියම් සීලයක් රැකීම හීනසීල නම් වේ. එයින් ක්ෂත්රිය කුලයෙහි උපදින්නේ වේ. ධ්‍යානයට හේතුවන උපචාර සමාධිය පාදක කොටගත් සීලය මධ්‍යම සීලයයි. එබඳු වූ සීලය රකින්නා දෙව්ලොව උපදී. අෂ්ට සමාපත්ති උපදවා ගැනීමට හේතු වූ විශුද්ධ වූ ශිලය උත්තම ශීලයයි. ඒ හේතුවෙන් බඹලොව උපදී. එය බුදු සසුනෙන් බාහිර වූ සසුන්වල නිවන යැයි කියනු ලැබේ. මම එයට කියනු ලබන්නේ විශුද්ධ තත්ත්වය කියාය. මේ ශාසනයෙහි පිරිසිදු වූ සිල් ඇති භික්ෂුවක් කිසියම් දෙව්ලොවක ඉපදීමට ප්‍රාර්ථනා කරන කල්හි බ්‍රහ්මචර්යා ගැන වූ අධ්‍යාශය හීනවී ඇති බැවින් හීන සීල නම් වේ. ඒ භික්ෂුව යම් සේ ප්‍රාර්ථනා කළේද ඒ පරිදි දෙව්ලොව උපදී. පිරිසිදු සිල් ඇත්තහුගේ අෂ්ට සමාපත්ති උපදවා ගැනීම මධ්‍යම සීලයයි. එයින් බඹලොව උපදී. පිරිසිදු සිල් ඇත්තාහු විදසුන් වඩා රහත්භාවයට පත්වීම උත්තම නම් වේ. එයින් විශුද්ධියට පැමිණෙන්නේ ය. තායති යනුවෙන් මෙහි දැක්වූයේ බ්‍රහ්ම තත්ත්වය ලැබීමයි. යාචයොගෙනාති යනු (ඉල්ලන්නා වූ) යාචකයන්ගෙන් යුක්ත බවයි. නැතහොත් ඉල්ලීම ඇති බවයි. දෙන්නන්ගෙන් යුතු බව යඤ්ඤයුත්තක නමි. එයින් අදහස් කළේ දායක දෙපිරිසයි. තපස්සිනොති යනු තප නිස්සිතකා හෙවත් කෙලෙස් තැවීමෙහි යෙදුන තැනැත්තායි.
ඉමාය ගාථාය බ්රහ්මචරියවාසස්සෙව මහප්ඵලභාවං දීපෙත්වා ඉදානි යෙ අතීතෙ මහාදානං දත්වා කාමාවචරං අතික්කමිතුං නාසක්ඛිංසු, තෙ රාජානො දස්සෙන්තො ආහ –
මේ ගාථාවෙන් බ්‍රහ්මචර්යාවෙහි හැසිරීමේ මහත් ආනිශංස ගෙනහැර දක්වා යම් කෙනෙක් අතීතයෙහි මහත්කොට දන් දී දැන් වනාහි කාමාවචර ලෝකය ඉක්මවා යාමට නොහැක්කේද ඒ බව රජතුමාට පැහැදිලි කිරීමට මෙසේ කීහ.
“දුදීපො සාගරො සෙලො, මුජකින්දො භගීරසො; උසින්දරො කස්සපො ච, අසකො ච පුථුජ්ජනො.
දුදීපො සාගරො සෙලො, මුචලින්දො භගීරසො, උසීනරො අට්ඨකොච, අස්සකොච පුථුජ්ජනො (පුථුජ්ජනො)
“එතෙ චඤ්ඤෙ ච රාජානො, ඛත්තියා බ්රාහ්මණා බහූ; පුථුයඤ්ඤං යජිත්වාන, පෙතත්තං නාතිවත්තිසු”න්ති.
[missing pali]
මහරජ, පෙර බරණැස්නුවර දුදීපය, සාගරය, සේලය, මුචලින්දය, භගීරසය, උසීරය, අට්ඨකය, අස්සෙකය, පුථුජ්ජන යැයි යන මේ රජවරුද සෙසු බොහෝ ක්ෂත්රිය බ්‍රාහ්මණයෝ ද නොයෙක් අයුරින් දන් දී කාමාවචර භූමි සංඛ්‍යාත දෙව්ලොව ඉක්මවා නො ඇත්තාහ.
තස්සත්ථො – මහාරාජ, පුබ්බෙ බාරාණසියං දුදීපො නාම රාජා දානං දත්වා මරණචක්කෙන ඡින්නො කාමාවචරෙයෙව නිබ්බත්ති. තථා සාගරාදයො අට්ඨාති එතෙ ච අඤ්ඤෙ ච බහූ රාජානො චෙව ඛත්තියා බ්රාහ්මණා ච පුථුයඤ්ඤං යජිත්වාන අනෙකප්පකාරං දානං දත්වා කාමාවචරභූමිසඞ්ඛාතං පෙතත්තං නාතිවත්තිංසූති අත්ථො. කාමාවචරදෙවතා හි රූපාදිනො කිලෙසවත්ථුස්ස කාරණා පරං පච්චාසීසනතො කපණතාය “පෙතා”ති වුච්චන්ති. වුත්තම්පි චෙතං –
එම අදහසින් දක්වනුයේ පෙර බරණැස් නුවර දුදීප නම් රජ කෙනෙකු මහත් කොට දන් දී වියපත්ව මරණයට පැමිණි කල්හි කාමාවචර භූමියෙහිම ඉපදුනේය. එසේම තවත් ක්ෂත්රිය බ්‍රාහ්මණාදීහු නොයෙක් ආකාරයෙන් දන් දී (පුථුයඤ්ඤං යජිත්වාන) කාමාවචර දේවතාවෝ වනාහි කෙලෙස් ඉපදීමට හේතු වූ ප්රාර්ථනාවෙහිම ලොල් වූ බැවින් ප්‍රේතයෝ යැයි කියති. එබැවින් කියන ලදී;
“යෙ අදුතියා න රමන්ති එකිකා, විවෙකජං යෙ න ලභන්ති පීතිං; කිඤ්චාපි තෙ ඉන්දසමානභොගා, තෙ වෙ පරාධීනසුඛා වරාකා”ති.
හුදකලා වූ කිසියම් කෙනෙක් නොඇලෙද්ද යම්කෙනෙක් හුදකලාව විවේකයෙන් ඇතිවූ සතුට නොලබද්ද ඔහු ඉන්ද්රයා හට මෙන් සමාන සම්පත් ඇත්තාහු නමුදු ඒ පින්වත්හු අනුන් අයත් සුව ඇත්තාහුමැ වෙති.
එවම්පි දානඵලතො බ්රහ්මචරියඵලස්සෙව මහන්තභාවං දස්සෙත්වා ඉදානි බ්රහ්මචරියවාසෙන පෙතභවනං අතික්කමිත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තතාපසෙ දස්සෙන්තො ආහ –
මෙසේ දානයෙහි ඵලයට වඩා බ්‍රහ්මචර්යාවෙහි ඵලය මහත් බව පෙන්වා ඉන්පසු බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම් හේතුවෙන් ප්‍රේත ආත්මය ඉක්මවා බ්‍රහ්මලෝකයෙහි උපන් තවුසන් දක්වනු සඳහා මෙසේ කීහ.
“අථ යීමෙ අවත්තිංසු, අනාගාරා තපස්සිනො; සත්තිසයො යාමහනු, සොමයාමො මනොජවො.
අද්ධා ඉමෙ අවත්තිංසු - අනගාරා තපස්සිනො, සත්තියසො යාමහනු - සොමයාගො මනොජවා
“සමුද්දො මාඝො භරතො ච, ඉසි කාලපුරක්ඛතො; අඞ්ගීරසො කස්සපො ච, කිසවච්ඡො අකත්ති චා”ති.
සමුද්දො මනො භරතොච - ඉසිකාලික රක්ඛියො, අංගීරසො කස්සපොච - කිසවච්ඡො අකිත්තිචාති
අනගාරික වූ සීලයෙන් ද තපසින් ද සමාපත්තියෙන් ද යුක්ත වූ යාමහනුය, සෝමයාගය, මනොජවය ය, සමුද්දය, මාදය, භරතය, ඉසිකාලි රක්ඛිය යන මේ සත් සෘෂීහු ද අංගීරසය කස්සපය කිසවච්ඡය අකිත්තිය යන මේ සෘෂීහු සතරදෙනද සමග වූ එකොළොස් ඍෂිවරු ඒකාන්තයෙන් කාමාවචර දෙව්ලොව ඉක්මවූහ. හෙවත් බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ.
තත්ථ අවත්තිංසූති කාමාවචරං අතික්කමිංසු. තපස්සිනොති සීලතපඤ්චෙව සමාපත්තිතපඤ්ච නිස්සිතා. සත්තිසයොති යාමහනුආදයො සත්ත භාතරොව සන්ධායාහ. අඞ්ගීරසාදීහි චතූහි සද්ධිං එකාදසෙතෙ අවත්තිංසු අතික්කමිංසූති අත්ථො.
එහි අවත්තිංසු යනු කාමාවචර භූමිය ඉක්ම වූ බවයි. තපස්සිනො යනු සීලයෙන් හා පංචාභිඥාවන්ගෙන් යුක්ත බවයි. සත්තිසයො යනු යමාහු ආදිකොට භරත දක්වා වූ සයවැදෑරුම් තවුසන්ය. මොව්හු අංගීරස ආදී සතර දෙනාද සමග එකොළොස් දෙනෙකු වේ.
එවං තාව සුතවසෙනෙව දානඵලතො බ්රහ්මචරියවාසස්සෙව මහප්ඵලතං වණ්ණෙත්වා ඉදානි අත්තනා දිට්ඨපුබ්බං ආහරන්තො ආහ –
මෙසේ ශ්රැති වශයෙන් තමා ලැබූ බ්‍රහ්මචර්යාවෙහි යෙදීමේ මහත්ඵල දක්වා ඉන්පසු තමන් දන්නා තරමින් රහත්භාවය පිළිබඳව විස්තර කෙළේය.
“උත්තරෙන නදී සීදා, ගම්භීරා දුරතික්කමා; නළග්ගිවණ්ණා ජොතන්ති, සදා කඤ්චනපබ්බතා.
උත්තරරෙන නදීසීදා ගම්භීරා දුරතික්කමා, නලග්ගිවණ්ණා ජොතන්ති සදා කඤ්චන පබ්බතා
හිමවතට උතුරු දිගින් ගැඹුරු වූ ඉක්මවිය නොහැකි සීදා නම් නදියක් විය. එහි දෙපස වූ රන් පර්වතයෝ හැමකල්හි ගිනි ඇවිළෙන මෙන් දිළිසෙති.
“පරූළ්හකච්ඡා තගරා, රූළ්හකච්ඡා වනා නගා; තත්රාසුං දසසහස්සා, පොරාණා ඉසයො පුරෙ.
පරූළ්හ කච්ඡා තගරා, රූළ්හ කච්ඡා වනානගා, තත්රාසුං දස සහස්සානි, පොරාණා ඉසයො පුරෙ
ඒ ගඟෙහි වංක ස්ථානයක ගඟ දෙපස තුවරලා ගස් ඇත. එහි දෙපස පර්වත මල්ඵලබර ගස්වැල්වලින් ගැවසියේය. ඒ මනහර පෙදෙසෙහි පෙර එක් කලෙක දස දසහක් පමණ පුරාණ ඍෂිවරයෝ විසූහ.
“අහං සෙට්ඨොස්මි දානෙන, සංයමෙන දමෙන ච; අනුත්තරං වතං කත්වා, පකිරචාරී සමාහිතෙ.
අහං සෙට්ඨොස්මි දානෙන, සංයමෙන දමෙනච, අනුත්තරං වනං කත්වා, පතිරචාරි සමාහිතෙ
මම දානයෙන් උතුම් වීමි. සීලයෙන් ද ඉන්ද්රිය දමනයෙන් ද උතුම් ව්‍රත සමාදානයෙන් හුදකලාව උපචාර අර්පණා සමාධි ඇති දහසක් සෘෂිවරුන්ට බොහෝ කාලයක් උපස්ථාන කෙළෙමි.
“ජාතිමන්තං අජච්චඤ්ච, අහං උජුගතං නරං; අතිවෙලං නමස්සිස්සං, කම්මබන්ධූ හි මාණවා.
ජාතිවන්තං අජච්චඤ්ච අහමුජ්ජුගතං නරං, අතිවෙලං නමස්සිස්සං කම්ම බන්ධුහිමාතියා
ජාතියෙන් උසස් වූද උසස් නොවූද එක තාපසයෙකු කෙරෙහිවත් වෙනසක් නොකොට ඒ ඍජු භාවයට පැමිණි සිත් ඇති තාපස සමූහයන් නිතර වැන්දෙමි. සත්ත්වයෝ කර්ම බන්ධු වූවෝ වෙති.
“සබ්බෙ වණ්ණා අධම්මට්ඨා, පතන්ති නිරයං අධො; සබ්බෙ වණ්ණා විසුජ්ඣන්ති, චරිත්වා ධම්මමුත්තම”න්ති.
සබ්බෙවණ්ණා අධම්මට්ඨා පතන්ති නිරයං අධො, සබ්බෙ වණ්ණා නිරුජ්ඣන්ති චරිත්වා ධම්ම මුත්තමන්ති
අධර්මයෙහි පිහිටි චතුර්වර්ණ ජනයෝ (ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර) නරකයෙහි හිස යට කොටැ වැටෙති. සියලු වර්ණයෝ උතුම් වූ ධර්මයෙහි හැසිර පිරිසිදු වෙති. (නිවන් දකිති.)
තත්ථ උත්තරෙනාති මහාරාජ, අතීතෙ උත්තරහිමවන්තෙ ද්වින්නං සුවණ්ණපබ්බතානං අන්තරෙ පවත්තා සීදා නාම නදී ගම්භීරා නාවාහිපි දුරතික්කමා අහොසි. කිං කාරණා? සා හි අතිසුඛුමොදකා, සුඛුමත්තා උදකස්ස අන්තමසො මොරපිඤ්ඡ-මත්තම්පි තත්ථ පතිතං නං සණ්ඨාති, ඔසීදිත්වා හෙට්ඨාතලමෙව ගච්ඡති. තෙනෙව සා සීදා නාම අහොසි. තෙ පන තස්සා තීරෙසු කඤ්චනපබ්බතා සදා නළග්ගිවණ්ණා හුත්වා ජොතන්ති ඔභාසන්ති. පරූළ්හකච්ඡා තගරාති තස්සා පන නදියා තීරෙ කච්ඡා පරූළ්හතගරා අහෙසුං තගරගන්ධසුගන්ධිනො. රූළ්හකච්ඡා වනා නගාති යෙ තත්ථ අඤ්ඤෙපි පබ්බතා, තෙසම්පි අන්තරෙ කච්ඡා රූළ්හවනා අහෙසුං, පුප්ඵඵලූපගරුක්ඛසඤ්ඡන්නාති අත්ථො. තත්රාසුන්ති තස්මිං එවං රමණීයෙ භූමිභාගෙ දසසහස්සා ඉසයො අහෙසුං. තෙ සබ්බෙපි අභිඤ්ඤාසමාපත්තිලාභිනොව. තෙසු භික්ඛාචාරවෙලාය කෙචි උත්තරකුරුං ගච්ඡන්ති, කෙචි මහාජම්බුදීපෙ ජම්බුඵලං ආහරන්ති, කෙචි හිමවන්තෙයෙව මධුරඵලාඵලානි ආහරිත්වා ඛාදන්ති, කෙචි ජම්බුදීපතලෙ තං තං නගරං ගච්ඡන්ති. එකොපි රසතණ්හාභිභූතො නත්ථි, ඣානසුඛෙනෙව වීතිනාමෙන්ති. තදා එකො තාපසො ආකාසෙන බාරාණසිං ගන්ත්වා සුනිවත්ථො සුපාරුතො පිණ්ඩාය චරන්තො පුරොහිතස්ස ගෙහද්වාරං පාපුණි. සො තස්ස උපසමෙ පසීදිත්වා අන්තොනිවෙසනං ආනෙත්වා භොජෙත්වා කතිපාහං පටිජග්ගන්තො විස්සාසෙ උප්පන්නෙ “භන්තෙ, තුම්හෙ කුහිං වසථා”ති පුච්ඡි. “අසුකට්ඨානෙ නාමාවුසො”ති. “කිං පන තුම්හෙ එකකොව තත්ථ වසථ, උදාහු අඤ්ඤෙපි අත්ථී”ති? “කිං වදෙසි, ආවුසො, තස්මිං පදෙසෙ දසසහස්සා ඉසයො වසන්ති, සබ්බෙව අභිඤ්ඤාසමාපත්තිලාභිනො”ති. තස්ස තෙසං ගුණං සුත්වා පබ්බජ්ජාය චිත්තං නමි. අථ නං සො ආහ – “භන්තෙ, මම්පි තත්ථ නෙත්වා පබ්බාජෙථා”ති. “ආවුසො, ත්වං රාජපුරිසො, න තං සක්කා පබ්බාජෙතු”න්ති. “තෙන හි, භන්තෙ, අජ්ජාහං රාජානං ආපුච්ඡිස්සාමි, තුම්හෙ ස්වෙපි ආගච්ඡෙය්යාථා”ති. සො අධිවාසෙසි.
එහි උත්තරෙනාති යනු අතීතයෙහි උතුරු හිමවත රන් කඳු දෙකක් අතරින් ගලාබැස්සා වූ සීදා නම් ගඟ ගැඹුරු වුයේය. සැඬපහර සහිතය. ඔරුවකින් වුවද තරණය කළ නොහැකි තරම් විය. හේතුව කුමක්ද? එම නදියෙහි ජලය ඉතා සුඛුමය. සුඛුම බැවින් යුක්ත වූ ජලයෙහි යටත් පිරිසෙයින් මොණර පිලක් වැටුණේ නමුත් එයද ජලයෙහි ගිලාබැස පතුලටම යන්නේය. ඒ නිසා එම ගඟට සීතා යන නම යෙදුණි. ඒ ගඟ දෙතෙර වූ රුවන් පර්වත උඩට නැගුණු ගිනිදැල් මෙන් බබලන්නේ විය. පරුළ්හ තච්ඡ තගරාති යනු ඒ ගං දෙතෙර උස්ව වැඩුණු තුවරලා ගස් වූයේය. තුවරලා මහත් සුවඳ ඇත්තේය. රූළ්හකච්චා වනානගති යනු එහි වෙනත් පර්වතයෝ ද එසේම ඉවුරු අසල මහත් වනගහනයෙන් යුක්ත වූවෝය. මල්ඵලබරින් යුතු වූයේය යන අර්ථයි. තත්රාසුං යනුවෙන් දැක්වූයේ මේ රමණීය බිම් පෙදෙසෙහි දසදහසක් ඍෂිවරු සිටි බවයි. ඒ සියල්ලෝම පංචාභිඥා අෂ්ට සමාපත්ති ලාභීහුය. එතුමෝ පිඬු පිණිස වැඩමවන කල් එළඹි විට උතුරුකුරු දිවයිනට වඩිති. කිසියම් තවුස් කෙනෙක් මහත් දඹඵල ගෙනවුත් වළඳති. සමහර තවුසෝ හිමවතින් මිහිරි පලාපල ගෙනවුත් වළඳති. සමහර තවුසෝ දඹදිව් තලයෙහි ඒ ඒ නගරවලට පිඬුසිඟා වඩිති. ඇතැම් තවුසෝ රස තෘෂ්ණාවෙන් නොමැඩුණේ ධ්‍යාන සුවයෙන් ම කල්ගෙවති. එකල්හි එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් මනාව හැඳ පෙරව පිඬු පිණිස හැසිරෙන්නේ පුරෝහිතයාගේ ගෙදොර වෙතැ පැමිණියහ. පුරෝහිත තෙමේ ද එතුමන්ගේ උපසම (සංවර) භාවයට පැහැදී තම ගෙදරට කැඳවා අහර වළඳවා ටික වේලාවක් පිළිසඳරේ යෙදී විශ්වාසයට පැමිණ ‘ස්වාමීනි, ඔබ වහන්සේ කොහේ වෙසෙත්දැ’යි ඇසීය. ‘හිතවත, මම අසවල් තැන වසමි’ යි කී කල්හි, ඔබවහන්සේ පමණක් එහි වසන්නේ ද වෙනත් තාපසවරු ඇද්දැයි ඇසීය. මිත්‍රය, කුමක් කියන්නේ ද? එහි අභිඥා සමාපත්ති ලාභී තවුසෝ දසදහසක් වෙසෙති’යි කීහ. මෙසේ පුරෝහිත එම තවුසන් පිළිබඳ තොරතුරු අසා පැවිද්ද කෙරෙහි සිත යොමුවිය. ‘ස්වාමීනි, මම ද එහි කැඳවාගෙන ගොස් පැවිදි කරන්න යැයි අයැද සිටියේය. ඔබ රාජ පුරුෂයෙකු බැවින් පැවිදි කළ නොහැකි යැ’යි තවුසාණෝ කීහ. “ස්වාමීනි, මම අදම රජතුමාගෙන් විමසාලන්නෙමි ඔබවහන්සේ හෙට නොවරදවා වැඩිය මැනවැයි ඉල්ලා සිටියේය.
ඉතරොපි භුත්තපාතරාසො රාජානං උපසඞ්කමිත්වා “ඉච්ඡාමහං, දෙව, පබ්බජිතු”න්ති ආහ. “කිං කාරණා පබ්බජිස්සසී”ති? “කාමෙසු දොසං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා”ති. “තෙන හි පබ්බජාහි, පබ්බජිතොපි මං දස්සෙය්යාසී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා අත්තනො ගෙහං ගන්ත්වා පුත්තදාරං අනුසාසිත්වා සබ්බං සාපතෙය්යං දස්සෙත්වා අත්තනො පබ්බජිතපරික්ඛාරං ගහෙත්වා තාපසස්ස ආගමනමග්ගං ඔලොකෙන්තොව නිසීදි. තාපසොපි තථෙව ආකාසෙනාගන්ත්වා අන්තොනගරං පවිසිත්වා තස්ස ගෙහං පාවිසි. සො තං සක්කච්චං පරිවිසිත්වා “භන්තෙ, මයා කථං කාතබ්බ”න්ති ආහ. සො තං බහිනගරං නෙත්වා හත්ථෙ ආදාය අත්තනො ආනුභාවෙන තත්ථ නෙත්වා පබ්බාජෙත්වා පුනදිවසෙ තං තත්ථෙව ඨපෙත්වා භත්තං ආහරිත්වා දත්වා කසිණපරිකම්මං ආචික්ඛි. සො කතිපාහෙනෙව අභිඤ්ඤාසමාපත්තියො නිබ්බත්තෙත්වා සයමෙව පිණ්ඩාය චරති.
පුරෝහිත තැන ද උදය අහර කිස නිමවා රජතුමා වෙතට පැමිණ ‘ස්වාමීනි, මට පැවිදි වන්නට අදහස් විනැ’යි දන්වා සිටියේය. ආචාර්යයෙනි, කුමක් නිසා පැවිදිවන්නේදැයි විමසූ කල්හි කාමයෙහි ආදීනවත් නෛෂ්ක්‍රම්‍යයෙහි (ගිහිගෙයින් නික්මීමේ ආනිශංසත්) දැන පැවිදි වෙමැයි කීය. ‘එසේනම් පැවිදි වන්න. පැවිදි වී මට දැකගැනීමට පැමිණෙන්නයි කියා අවසර දිනි. ඔහු ‘හොඳයැ’යි පිළිගෙන, තම ගෙදරට ගොස් අඹුදරුවන්ට අනුශාසනා කොට සියලුම සම්පත් පෙන්වා දී තමන්ගේ පැවිදි පිරිකර ගෙන තවුසාගේ පැමිණීම බල බලා සිටියේය. තවුසා ද එම වේලාවේම අහසින් අවුත් ඇතුල් නුවරට පිවිස ඔහුගේ ගෙට ගියේය. ඔහු මනාව පිළියෙල වී ස්වාමීනි, මා විසින් කුමක් කළයුතුදැයි විමසීය. තවුසාණෝ ද හෙතෙම නුවරින් බැහැරට කැඳවාගෙන ගොස් අතින් අල්වාගෙන තමාගේ ආනුභාවයෙන් සීදා නදී තෙරට ගෙනගොස් පැවිදි කොට දෙවැනි දිනයෙහි පැවිදි වූ බ්‍රාහ්මණයා එහිම නවතා ආහාරද සපයා දී පරිකම අවස්ථාව දක්වා කසිණ භාවනාවක් ද උගන්වාලීය. හෙතෙම දින කිහිපයකින් සමාපත්ති වඩා අභිඤ්ඤා උපදවාගෙන තමන්ම පිඬු පිණිස ගියේය.
සො අපරභාගෙ “අහං රඤ්ඤො අත්තානං දස්සෙතුං පටිඤ්ඤං අදාසිං, දස්සෙස්සාමස්ස අත්තාන”න්ති චින්තෙත්වා තාපසෙ වන්දිත්වා ආකාසෙන බාරාණසිං ගන්ත්වා භික්ඛං චරන්තො රාජද්වාරං පාපුණි. රාජා තං දිස්වා සඤ්ජානිත්වා අන්තොනිවෙසනං පවෙසෙත්වා සක්කාරං කත්වා “භන්තෙ, කුහිං වසථා”ති පුච්ඡි. “උත්තරහිමවන්තපදෙසෙ කඤ්චනපබ්බතන්තරෙ පවත්තාය සීදානදියා තීරෙ, මහාරාජා”ති. “කිං පන, භන්තෙ, එකකොව තත්ථ වසථ, උදාහු අඤ්ඤෙපි අත්ථී”ති. “කිං වදෙසි, මහාරාජ, තත්ථ දසසහස්සා ඉසයො වසන්ති, සබ්බෙව අභිඤ්ඤාසමාපත්තිලාභිනො”ති? රාජා තෙසං ගුණං සුත්වා සබ්බෙසං භික්ඛං දාතුකාමො අහොසි. අථ නං රාජා ආහ – “භන්තෙ, අහං තෙසං ඉසීනං භික්ඛං දාතුකාමොම්හි, කිං කරොමී”ති? “මහාරාජ, තෙ ඉසයො ජිව්හාවිඤ්ඤෙය්යරසෙ අගිද්ධා, න සක්කා ඉධානෙතු”න්ති. “භන්තෙ, තුම්හෙ නිස්සාය තෙ භොජෙස්සාමි, උපායං මෙ ආචික්ඛථා”ති. “තෙන හි, මහාරාජ, සචෙ තෙසං දානං දාතුකාමොසි, ඉතො නික්ඛමිත්වා සීදානදීතීරෙ වසන්තො තෙසං දානං දෙහී”ති.
තවුසා පසුකලෙක ‘මම රජතුමා හමුවීමට ප්‍රතිඥා දුන්නෙමි.’ මම ගොස් ඔහු හමුවෙමි’යි සිතා තවුසන්ට වැඳ අවසරගෙන ඍද්ධි බලයෙන් අහසින් ගොස් බරණැසට පිවිස පිඬු පිණිස හැසිරෙන්නේ රජ මැදුරට පැමිණියහ. රජතුමා තපස්සු දැක හැඳිනගෙන රජමැදුරට කැඳවාගෙන ගොස් සත්කාර කොට ස්වාමීනි, කොහි වසන්නේදැයි පිළිවිසීය. ‘මහරජ, උතුරු හිමවත් පෙදෙසෙහි සීදා ගංතෙර රුවන් පර්වත අතර වෙසෙමි’යි කීහ. ‘එහි තනිව වසන්නේද? නැතහොත් වෙනත් තවුසන් වෙද්දැ’යි ඇසූ කළ, මහරජ, කුමක් කියන්නේද? එහි අභිඤ්ඤා සමාපත්තිලාභී සෘෂීහු දසදහසක් වෙසෙති’යි කීහ. රජු එම සෘෂිවරුන් පිළිබඳ ගුණ කතාව අසා ඒ සියලු දෙනාටම දන්දීමේ අදහසක් ඇති විය. ඉක්බිති ඔහු, ස්වාමීනි, ඒ ඍෂිවරුන්ට දන් දීමේ අදහසක් මට ඇතිවිය. ඒ සඳහා කුමක් කළ යුතුදැයි පිළිවිසීය. මහරජ, ඒ සෘෂීහු දිවෙන් විඳින රසයෙහි නොගිලුණෝය. මෙහි කැඳවා ගැනීම අපහසුය. ස්වාමීනි, ඔබගේ මගපෙන්වීමෙන්ම ඒ සෘෂිවරුන් ඇසුරු කරන්නට සිතමි. එයට මග පෙන්වුව මැනවැයි අයැද සිටියේය. එසේනම් මහරජ, එම සෘෂීන්ට දන්දෙනු කැමැති නම් සීදා ගංතෙර වෙසෙමින් ඔවුන්ට දන් දෙවැයි තවුසහු කීහ.
සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා සබ්බූපකරණානි ගාහාපෙත්වා චතුරඞ්ගිනියා සෙනාය සද්ධිං නික්ඛමිත්වා අත්තනො රජ්ජසීමං පාපුණි. අථ නං තාපසො අත්තනො ආනුභාවෙන සද්ධිං සෙනාය සීදානදීතීරං නෙත්වා නදීතීරෙ ඛන්ධාවාරං කාරාපෙත්වා ආකාසෙන අත්තනො වසනට්ඨානං ගන්ත්වා පුනදිවසෙ පච්චාගමි. අථ නං රාජා සක්කච්චං භොජෙත්වා “ස්වෙ, භන්තෙ, දසසහස්සෙ ඉසයො ආදාය ඉධෙව ආගච්ඡථා”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා ගන්ත්වා පුනදිවසෙ භික්ඛාචාරවෙලාය තෙසං ඉසීනං ආරොචෙසි “මාරිසා, බාරාණසිරාජා ‘තුම්හාකං භික්ඛං දස්සාමී’ති ආගන්ත්වා සීදානදීතීරෙ නිසින්නො ස්වෙ වො නිමන්තෙති, තස්සානුකම්පාය ඛන්ධාවාරං ගන්ත්වා භික්ඛං ගණ්හථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා ආකාසෙන ගන්ත්වා ඛන්ධාවාරස්ස අවිදූරෙ ඔතරිංසු. රාජා තෙ දිස්වා පච්චුග්ගමනං කත්වා ඛන්ධාවාරං පවෙසෙත්වා පඤ්ඤත්තාසනෙසු නිසීදාපෙත්වා ඉසිගණං පණීතෙනාහාරෙන සන්තප්පෙත්වා තෙසං ඉරියාපථෙ පසන්නො ස්වාතනායපි නිමන්තෙසි. එතෙනුපායෙන දසන්නං තාපසසහස්සානං දසවස්සසහස්සානි දානං අදාසි. දදන්තො ච තස්මිංයෙව පදෙසෙ නගරං මාපෙත්වා සස්සකම්මං කාරෙසි. න ඛො පන, මහාරාජ, තදා සො රාජා අඤ්ඤො අහොසි, අථ ඛො අහං සෙට්ඨොස්මි දානෙන, අහමෙව හි තදා දානෙන සෙට්ඨො හුත්වා තං මහාදානං දත්වා ඉමං පෙතලොකං අතික්කමිත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තිතුං නාසක්ඛිං. මයා දින්නං පන දානං භුඤ්ජිත්වා සබ්බෙව තෙ තාපසා කාමාවචරං අතික්කමිත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තා, ඉමිනාපෙතං වෙදිතබ්බං “බ්රහ්මචරියවාසොව මහප්ඵලො”ති.
එම රජු යහපතැයි පිළිගෙන සියලුම උපකරණ ආදියද ගෙන සිව්රඟ සේනාවද සමග තමාගේ රාජ්‍ය සීමාව දක්වා ගමන් කළේය. ඉක්බිති තපස්හු තමන්ගේ ආනුභාවයෙන් සිව්රඟ සෙනග සමග රජු සීදා නදීතෙරට පමුණුවා එහි කඳවුරු ගන්වා අහසින් තමන් වෙසෙන තැනට ගොස් පසුදින එහි පැමිණියේය. රජතුමා තවුසා ආහාර ආදියෙන් සතප්පවා ‘ස්වාමීනි, හෙට දින දසදහසක් සෘෂීහු ද කැඳවාගෙන මෙහි වඩින්නැයි ඉල්ලා සිටියේය. තවුසාණන්ද යහපතැ’යි පිළිගෙන ගොස් පසුදින පිණ්ඩපාත වේලායෙහි සෘෂීහු කරා එළඹ, ස්වාමීනි, බරණැස් රජු ඔබලාට දන්දෙමි යි අවුත් සීදා ගංතෙර සිටින්නේය. ඔහු අනුකම්පා කොට කඳවුරට ගොස් භික්ෂාව පිළිගනු මැනවැයි අයැද සිටියේය. ඒ සෘෂීහුද යහපතැයි පිළිගෙන, පිණ්ඩපාත වේලාවෙහි අහසින් ගොස් කඳවුර අසල බැස සිටියාහුය. රජතුමා පෙරගමන් කොට කඳවුර වෙත වඩමවාගෙන අවුත් පැනවූ අසුන්හි හිඳුවා සෘෂීන්ට ප්‍රණීත ආහාරපාන ආදියෙන් සංග්‍රහ කළේය. සෘෂිවරුන්ගේ සංවර ශීලයෙහි පැහැදුනු, රජතුමා දෙවෙනි දිනයෙහිද දනට ආරාධනා කළේය. මේ ආකාරයෙන් දස දහසක තවුසන්ට අවුරුදු දශ දහසක්ම දන් දුන්නේත්ය. එසේ දන්දෙන කල්හි එම ප්‍රදේශයෙහි නගරයක් කොට ධාන්‍ය ගොවිතැන ආදී වගාවන් ද කළේය. මහරජ, එදා ඒ රජ අන්‍යයෙකු නොව මම ම යැයි ශක්‍රයා කීවේය. එසේ අහං සෙට්ඨොස්මි දානෙනාති එදා මම දානය දීමේ ප්රමුඛයාව එබඳු මහා දාන පවත්වා මේ ප්‍රේත ලෝකය (කාම සුගති කාම දුගති) ඉක්මවා බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමටද අසමත් වුනෙමි. මා විසින් දුන් ඒ දන් වැළඳූ සියලු තාපසයෝම බඹලොව උපන්නාහුය. මේ ලෙසින් ප්‍රේත ලෝකය යන්න දතයුත්තේය. යම්සේ බඹසර විසීම මහත්ඵල වුවත්,
එවං දානෙන අත්තනො සෙට්ඨභාවං පකාසෙත්වා ඉතරෙහි තීහි පදෙහි තෙසං ඉසීනං ගුණං පකාසෙති. තත්ථ සංයමෙනාති සීලෙන. දමෙනාති ඉන්ද්රියදමෙන. අනුත්තරන්ති එතෙහි ගුණෙහි නිරන්තරං උත්තමං වතං සමාදානං චරිත්වා. පකිරචාරීති ගණං පකිරිත්වා පටික්ඛිපිත්වා පහාය එකචාරිකෙ, එකීභාවං ගතෙති අත්ථො. සමාහිතෙති උපචාරප්පනාසමාධීහි සමාහිතචිත්තෙ. එවරූපෙ අහං තපස්සිනො උපට්ඨහින්ති දස්සෙති. අහං උජුගතන්ති අහං, මහාරාජ, තෙසං දසසහස්සානං ඉසීනං අන්තරෙ කායවඞ්කාදීනං අභාවෙන උජුගතං එකම්පි නරං හීනජච්චො වා හොතු ජාතිසම්පන්නො වා, ජාතිං අවිචාරෙත්වා තෙසං ගුණෙසු පසන්නමානසො හුත්වා සබ්බමෙව අතිවෙලං නමස්සිස්සං, නිච්චකාලමෙව නමස්සිස්සන්ති වදති. කිං කාරණා? කම්මබන්ධූ හි මාණවාති, සත්තා හි නාමෙතෙ කම්මබන්ධූ කම්මපටිසරණා, තෙනෙව කාරණෙන සබ්බෙ වණ්ණාති වෙදිතබ්බා.
මෙසේ දානයෙන් තමන්ගේ ශ්‍රේෂ්ඨභාවය ප්‍රකාශකොට අනෙක් පද තුනෙන් එම සෘෂිවරුන්ගේ ගුණය ප්‍රකාශ කළේය. එහි සංයමෙන්ති යනු සීලයෙන් යනුයි. දමෙනාති යනු ඉන්ද්රිය දමනයෙන් යුතු වෙයි. අනුත්තරන්ති මේ ගුණයන්ගෙන් යුතු ව්‍රත සමාදන් වීමයි. පකිරචාරීති ගුණයන්ගේ පැතිරීම ගැන නොසලකා ඒකචාරීව තනිව හැසිරෙන තත්වයට පැමිණි බවයි. සමාහිතෙති යනු උපචාර අර්පණා යන අංගයන්ගෙන් යුතු සමාධි සිතයි. මෙබඳු ලක්ෂණ ඇති තවුසන්ට මම උපස්ථාන කෙළෙමියි දැක්වූ බවයි. අහමුජ්ජුගතනති මහරජ, මම ඒ දසදහසක් ඉසිවරු අතරෙහි අංගවිකලභාවය නිසා හෝ දරදඬු ස්වභාවයට පත්ව විකෘති සිරුරු ඇති නිසා හෝ පහත් කුලයක ඉපදුනා කියා හෝ ජාති සම්පන්නයෙකු කියා හෝ විශේෂයක් නොකොට ඔවුන්ගේ ගුණයක් පමණක් සලකා ඒ සියලු ඉසිවරුන්ට අතිවෙලං නමස්සිසසං වන්දනා කළයුතු වෙලාව දැන නැමැදීම් වත්පිළිවෙත් ආදියෙහි යෙදුනෙමියි කී බවයි. ඒ කරුණ කම්ම බන්ධූහිමාතියා යි දැක්වූ පරිදි සත්ත්වයෝ වනාහි කර්මයම නෑදෑකොට ඇත්තෝය. කර්මය පිහිටකොට ඇත්තේය. කර්මය පිහිටකොට ඇත්තෝය යන මේ කාරණයෙන්ම සියලු වර්ණ භේද කුමක් නිසා වන්නේදැයි දතයුතුයි.
එවඤ්ච පන වත්වා “කිඤ්චාපි, මහාරාජ, දානතො බ්රහ්මචරියමෙව මහප්ඵලං, ද්වෙපි පනෙතෙ මහාපුරිසවිතක්කාව, තස්මා ද්වීසුපි අප්පමත්තොව හුත්වා දානඤ්ච දෙහි, සීලඤ්ච රක්ඛාහී”ති තං ඔවදිත්වා සකට්ඨානමෙව ගතො. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ද කියා මහරජ, දානයට වඩා බ්‍රහ්මචරිය සීලය මහත්ඵල වන්නේය. මේ දෙකම මහා පුරුෂයන් විසින් අගයනු ලබන්නේය. එනිසා දෙකෙහිම අප්රමාදී වන්න. දන් දෙන්න. සිල් රකින්නැයි ඔහුට අවවාද කොට තමන් වෙසෙන තව්තිසා දෙව්ලොවටම ගියේය. ඒ කරුණු ගෙනහැර දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“ඉදං වත්වාන මඝවා, දෙවරාජා සුජම්පති; වෙදෙහමනුසාසිත්වා, සග්ගකායං අපක්කමී”ති.
ඉදං වත්වාන මඝවා - දෙවරාජාසුජම්පති, වෙදෙහං අනුසාසිත්වා - සග්ගකායං අපක්ඛමි
(සුජම්පති) නම් සක්දෙව් රජ තෙමේ මෙසේ කියා වේදේහ රජුට අනුශාසනා කොට දෙව්ලොවට ගියේය.
තත්ථ අපක්කමීති පක්කමි, සුධම්මාදෙවසභායං නිසින්නමෙව අත්තානං දස්සෙසීති අත්ථො.
එහි අපක්කමි යනු නික්මීගිය බවයි. සුදම් දෙව්සබයේ තමා සිටි ආකාරයෙන්ම පෙනීසිටිය බවයි.
අථ නං දෙවගණා ආහංසු “මහාරාජ, නනු න පඤ්ඤායිත්ථ, කුහිං ගතත්ථා”ති? “මාරිසා මිථිලායං නිමිරඤ්ඤො එකා කඞ්ඛා උප්පජ්ජි, තස්ස පඤ්හං කථෙත්වා තං රාජානං නික්කඞ්ඛං කත්වා ආගතොම්හී”ති වත්වා පුන තං කාරණං ගාථාය කථෙතුං ආහ –
ඉක්බිති දෙවිවරු ශක්‍රයාගෙන් මෙසේ ඇසූහ. මහරජතුමනි, ඔබ නොදැක සිටියෙමු. කොහේ ගියෙහිද? පින්වත්නි, මිථිලා නුවර නිමිරජුට එක් සැකයක් උපන්නේය. ප්‍රශ්න කොට ඒ රජතුමාගේ සැකය දුරු කිරීමට ගියෙමි. මෙසේ කියා එම කරුණු මෙම ගාථාවලින් දැක්වීය.
“ඉමං භොන්තො නිසාමෙථ, යාවන්තෙත්ථ සමාගතා; ධම්මිකානං මනුස්සානං, වණ්ණං උච්චාවචං බහුං.
ඉමං භොන්තො නිසාමෙථ, යාවෙන්තෙත්ථ සමාගතා, ධම්මිකානං මනුස්සානං, වණ්ණං උච්ඡවචං බහු
මෙහි පැමිණි පින්වත් දේවතාවෙනි, දාන සීලාදි පින්කරන මිනිසුන්ගේ උස් පහත් විපාකයෝ බොහෝය. මා කියූ දේ අසත්වා
“යථා අයං නිමිරාජා, පණ්ඩිතො කුසලත්ථිකො; රාජා සබ්බවිදෙහානං, අදා දානං අරින්දමො.
යථා අයං නිමිරාජා, පණ්ඩිතො කුසලත්ථිකො, රාජාසබ්බෙ විදෙහානං, අදා දානං අරින්දමො
මේ නිමි රජ පණ්ඩිතය, යම්සේ කුසල් කැමැත්තේය. සතුරන් හික්මවන සියලු විදේශ රටවැසියනට රජ වූ හෙතෙම දන් දුන්නේය.
“තස්ස තං දදතො දානං, සඞ්කප්පො උදපජ්ජථ; දානං වා බ්රහ්මචරියං වා, කතමං සු මහප්ඵල”න්ති.
[missing pali]
එසේ දන්දෙන්නා වූ නිමිරජ හට මෙබඳු වූ සංකල්පයක් පහළවිය. දානය හා බ්‍රහ්මචර්යාව අතුරින් කුමක් මහත්ඵල වන්නේ ද යනුයි.
තත්ථ ඉමන්ති ධම්මිකානං කල්යාණධම්මානං මනුස්සානං මයා වුච්චමානං සීලවසෙන උච්චං දානවසෙන අවචං බහුං ඉමං වණ්ණං නිසාමෙථ සුණාථාති අත්ථො. යථා අයන්ති අයං නිමිරාජා යථා අතිවිය පණ්ඩිතොති.
එහි ඉමං යනු ධාර්මික වූ, කල්‍යාණ ධර්මයෙහි පිහිටි මා විසින් සඳහන් කළ මිනිසුන්ගේ සීලයෙන් උසස් බවත් දානයෙන් පහත් බවත් බොහෝ සෙයින් කියන වර්ණනාව අසන්න මනාව සිත්හි දරාගන්න යන අර්ථයි. යථා අයං යනු ඒ නිමිරජ ඉතා නුවණැත්තේය යනුයි.
ඉති සො අපරිහාපෙත්වා රඤ්ඤො වණ්ණං කථෙසි. තං සුත්වා දෙවසඞ්ඝා රාජානං දට්ඨුකාමා හුත්වා “අම්හාකං නිමිරාජා ආචරියො, තස්සොවාදෙ ඨත්වා තං නිස්සාය අම්හෙහි අයං දිබ්බසම්පත්ති ලද්ධා, මයං දට්ඨුකාමම්හා, තං පක්කොසාපෙහි, මහාරාජා”ති වදිංසු. සක්කො “සාධූ”ති සම්පටිච්ඡිත්වා මාතලිං පක්කොසාපෙත්වා “සම්ම මාතලි, වෙජයන්තරථං යොජෙත්වා මිථිලං ගන්ත්වා නිමිරාජානං දිබ්බයානෙ ආරොපෙත්වා ආනෙහී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා රථං යොජෙත්වා පායාසි. සක්කස්ස පන දෙවෙහි සද්ධිං කථෙන්තස්ස මාතලිං ආණාපෙන්තස්ස ච රථං යොජෙන්තස්ස ච මනුස්සගණනාය මාසො අතික්කන්තො. ඉති නිමිරඤ්ඤො පුණ්ණමායං උපොසථිකස්ස පාචීනසීහපඤ්ජරං විවරිත්වා මහාතලෙ නිසීදිත්වා අමච්චගණපරිවුතස්ස සීලං පච්චවෙක්ඛන්තස්ස පාචීනලොකධාතුතො උග්ගච්ඡන්තෙන චන්දමණ්ඩලෙන සද්ධිංයෙව සො රථො පඤ්ඤායති. මනුස්සා භුත්තසායමාසා ඝරද්වාරෙසු නිසීදිත්වා සුඛකථං කථෙන්තා “අජ්ජ ද්වෙ චන්දා උග්ගතා”ති ආහංසු. අථ නෙසං සල්ලපන්තානඤ්ඤෙව රථො පාකටො අහොසි. මහාජනො “නායං, චන්දො, රථො”ති වත්වා අනුක්කමෙන සින්ධවසහස්සයුත්තෙ මාතලිසඞ්ගාහකෙ වෙජයන්තරථෙ ච පාකටෙ ජාතෙ “කස්ස නු ඛො ඉදං දිබ්බයානං ආගච්ඡතී”ති චින්තෙත්වා “න කස්සචි අඤ්ඤස්ස, අම්හාකං රාජා ධම්මිකො, සක්කෙන වෙජයන්තරථො පෙසිතො භවිස්සති, අම්හාකං රඤ්ඤොව අනුච්ඡවිකො”ති තුට්ඨප්පහට්ඨො ගාථමාහ –
මේ ඒ සක්දෙව් රජ අඩුවක් නොතබා රජුගේ ගුණ වර්ණනාවක් කළේය. ඒ අසා දෙවිවරු රජු දකිනු කැමැතිව ‘මහරජ, නිමිරජු තෙමේ අපගේ ගුරුවරයා වන්නේ ය. ඔහුගේ අවවාදයෙහි පිහිටා, ඔහු නිසා අපි මේ දිව්‍ය සම්පත් ලැබුවෙමු. අප ඔබ දැකීමට කැමැතියම්හ’ යැයි සක්රජු සමග කතාකොට, මහරජ, අපට ඔහු දක්වනු මැනැවැයි කීවාහුය. සක්දෙවිඳු ‘හොඳ යැ’යි පිළිගෙන මාතලී දෙව්සත් බණවා හිතවත් මාතලී දිව්යපුත්රය වෛජයන්ත රථය සකසාගෙන මිථිලා නුවරට ගොස් නිමි රජතුමා දිව්‍ය රථයෙහි නංවාගෙන එවයි කීහ. ඔහු යහපතැයි පිළිගෙන රථය සකසා ගෙන නැගී ගියේය. සක්දෙවිඳු හා කතා කිරීමට ද මාතලී දෙව්පුතුට සක්දෙවිඳු විසින් ඇණවීමටද රථය සකසා ගැනීමටද මිනිස් දින ගණනින් මසක් ගතවිය. නිමි රජතුමාද එක් පුන්පොහෝ දිනක ඇමැතිවරු සමග උපෝසථ සීලයෙහි පිහිටා මතු මහල්තලයෙහි සීලය ප්රත්යවේක්ෂා කරමින් සිටියේය. එම වේලෙහි පෙර දිගින් නැගීගෙන එන පුන්සඳ මඬල සේ ඒ දිව්‍ය රථය පෙනෙන්නට විය. සවස අහර කිස නිමවා ගෙපිල්වලට වී අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටි මිනිස්සු අද සඳමඬුලු දෙකක් නැගෙන්නේ යැයි කීවාහුය. මෙසේ ඔව්හු සල්ලාපයෙහි යෙදී සිටිනවිට රථය පැහැදිලිවම පෙනෙන්නට විය. මහජනයා මේ සඳක් නොවේ. රියකැයි කියන විටම ක්‍රමයෙන් අසුන් දහසක්, මාතලි රියදුරාත් වෛජයන්ත රථයත් පැහැදිලිව පෙනෙත්ම කවුරු සඳහා මේ දිව්‍ය යානය පැමිණෙන්නේ දැයි සිතුවෝය. වෙන කවරෙකුටවත් නොව අපගේ රජු දැහැමිය. ඔහු වෙත ශක්‍රයා විසින් වෛජයන්ත රථය එවන ලද විනැයි සිතුවෝය. අපගේ රජතුමා ඉතාම සුදුස්සෙකැයි තුටු පහටු සිත් ඇතිව ගාථාවක් කීවාහුය.
“අබ්භුතො වත ලොකස්මිං, උප්පජ්ජි ලොමහංසනො; දිබ්බො රථො පාතුරහු, වෙදෙහස්ස යසස්සිනො”ති.
අබ්භුතො වත ලොකස්මිං, උප්පජ්ජි ලොමහංසනො, දිබ්බො රථා පාතුරහු, වෙදෙහස්ස යස්සිනො ති
මේ ලොව පුදුම සහගතය. ලොමුදැහැ ගන්නා වූ දෙයක් පහළ විය. යසඉසුරු ඇති වේදේහ රජුට දිව්‍යරථයක් පහළ විය කීවාහුය.
තත්ථ අබ්භුතොති අභූතපුබ්බො. අච්ඡරියොති තෙ විම්හයවසෙනෙවමාහංසු.
එහි අබ්භුතො යනු පෙර නොවූ විරූ බව යනුයි. ආශ්චර්යයැයි විස්මයෙන් යුතුව කීවාහුය.
තස්ස පන මහාජනස්ස එවං කථෙන්තස්සෙව මාතලි වාතවෙගෙන ආගන්ත්වා රථං නිවත්තෙත්වා සීහපඤ්ජරඋම්මාරෙ පච්ඡාභාගෙන ඨපෙත්වා ආරොහණසජ්ජං කත්වා ආරොහණත්ථාය රාජානං නිමන්තෙසි . තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ මහජනයා කථා කරමින් සිටියදීම මාතලී පවනට බඳු වේගයෙන් අවුත් රිය නවතා සීමැදුරු කවුළුවේ එළිපත දෙසට රථයේ පසුභාගය හරවා, රථයට නැගීමේ සංඥාව කොට, නැගෙන්නට යැයි රජුට සංඥාවක් කළේය. ඒ බැව් දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“දෙවපුත්තො මහිද්ධිකො, මාතලි දෙවසාරථි; නිමන්තයිත්ථ රාජානං, වෙදෙහං මිථිලග්ගහං.
දෙවපුත්තො මහිද්ධිකො මාතලී දෙවසාරථී, නිමන්තයිත්ථ රාජානං වෙදෙහං මිථිලග්ගතං
මහත් දෙවර්ධි ඇති දිව්‍ය රථාචාරී වූ මාතලී දෙව්පුත් තෙමේ, මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජුට රථයට නැගීමට ආරාධනා කෙළේය.
“එහිමං රථමාරුය්හ, රාජසෙට්ඨ දිසම්පති; දෙවා දස්සනකාමා තෙ, තාවතිංසා සඉන්දකා; සරමානා හි තෙ දෙවා, සුධම්මායං සමච්ඡරෙ”ති.
එහි මං රථ මාරුය්හ රාජසෙට්ඨ දිසම්පති, දෙවා දස්සන කාමාතෙ තාවතිංස සඉන්දිකා, සරමානාහි තෙ දෙවා සුධම්මායං සමච්ඡරෙ
‘දිසාවනට අධිපති රජතුමනි, මේ රියට නගිනු මැනව. සක්දෙව් රජ සහිත තව්තිසා දෙව්ලෝ වැසි දෙවිවරු ඔබ දකිනු කැමැත්තෙන් සිටිති. ඒ දෙවිවරු ඔබ සිහි කරමින් සුධර්මා දිව්‍ය සභායෙහි රැස්වී සිටිති’යි මාතලී දෙව්පුත් දැන්වීය.
තත්ථ මිථිලග්ගහන්ති මිථිලායං පතිට්ඨිතගෙහං, චතූහි වා සඞ්ගහවත්ථූහි මිථිලායං සඞ්ගාහකං. සමච්ඡරෙති තවෙව ගුණකථං කථෙන්තා නිසින්නාති.
එහි මිථිලග්ගහන්ති යනු මිථිලාවෙහි පිහිටි ගෙයයි. සිව් සඟරාවතින් මිථිලා වාසීන්ට සංග්‍රහ කරන බවයි. සමච්ඡරෙති එහිම (රජුගේ) ගුණ කියමින් උන් බවයි.
තං සුත්වා රාජා “අදිට්ඨපුබ්බං දෙවලොකඤ්ච පස්සිස්සාමි, මාතලිස්ස ච මෙ සඞ්ගහො කතො භවිස්සති, ගච්ඡිස්සාමී”ති චින්තෙත්වා අන්තෙපුරඤ්ච මහාජනඤ්ච ආමන්තෙත්වා “අහං නචිරස්සෙව ආගමිස්සාමි, තුම්හෙ අප්පමත්තා දානාදීනි පුඤ්ඤානි කරොථා”ති වත්වා රථං අභිරුහි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජ තෙමේ ද නොදුටුවිරූ දෙව්ලොවද දකිමි. මාතලී දෙව්පුත් මට මහත් සංග්‍රහයක් කරන්නේය. යන්නෙමි යැයි සිතා අන්තඃපුර වැසියෝද මහජනයාද අමතා මම නොපමාව එමි. ඔබලා පමානොවී දානාදී පින්කම්වල යෙදෙව්යැයි කියා රථයට නැංගේය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තතො රාජා තරමානො, වෙදෙහො මිථිලග්ගහො; ආසනා වුට්ඨහිත්වාන, පමුඛො රථමාරුහි.
තතො ච රාජා තරමානො වෙදෙහො මිථිලග්ගහො, ආසනා වුට්ඨහිත්වාන පමුඛොරථ මාරුහි
ඉක්බිති මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජතෙමේ ඉක්මණින් හුනස්නෙන් නැගිට අභිමුඛව දෙරියට නැංගේය.
“අභිරූළ්හං රථං දිබ්බං, මාතලි එතදබ්රවි; කෙන තං නෙමි මග්ගෙන, රාජසෙට්ඨ දිසම්පති; යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා”ති.
අභිරූළ්හං රථං දිබ්බං මාතලී එතදබ්රවී, කෙන තං නොමි මග්ගෙන රාජ සෙට්ඨ දිසම්පති, යෙනවා පාපකම්මන්තා පුඤ්ඤ කම්මච යෙනරා
දෙව්රියට නැගි නිමිරජුට මාතලී දෙව්පුත් මෙසේ කීය. දිසාවනට අධිපති වූ රජතුමනි, යම් මගකින් ගොස් පින්කළ සත්ත්වයින් දැකිය හැකිද යම් මගකින් ගොස් පව්කළ සත්ත්වයින් දැකිය හැකිද ඒ දෙමගින් කවර මගකින් ඔබ ගෙනයම් දැයි ඇසීය.
තත්ථ පමුඛොති උත්තමො, අභිමුඛො වා, මහාජනස්ස පිට්ඨිං දත්වා ආරූළ්හොති අත්ථො. යෙන වාති යෙන මග්ගෙන ගන්ත්වා යත්ථ පාපකම්මන්තා වසන්ති, තං ඨානං සක්කා දට්ඨුං, යෙන වා ගන්ත්වා යෙ පුඤ්ඤකම්මා නරා වසන්ති, තෙසං ඨානං සක්කා දට්ඨුං, එතෙසු ද්වීසු කෙන මග්ගෙන තං නෙමි. ඉදං සො සක්කෙන අනාණත්තොපි අත්තනො දූතවිසෙසදස්සනත්ථං ආහ.
එහි පමුඛොති යනු උතුම් බවයි. තමා හාත්පස සිටි ජනයාට ඉදිරියෙන් අසුන් ගත්තේය යනුයි. යෙනාවාති යන යම් මගකින් ගොස් යම්තැනක පව් කළවුන් වසන්නේද ඒ ස්ථානය දැකීමට හැකිවන්නේය යනුයි. යම් මගකින් ගොස් පින් කළවුන් වෙසෙන ස්ථානය දැකීමට හැකි වන්නේය යනුයි. මේ බව සක්දෙව්හුගේ අනුදැනීමක් නොවූවත් තමන්ගේ විශේෂ භාවය දැක්වීම පිණිස කීහ.
අථ නං රාජා “මයා ද්වෙ ඨානානි අදිට්ඨපුබ්බානි, ද්වෙපි පස්සිස්සාමී”ති චින්තෙත්වා ආහ –
ඉක්බිති රජතුමා මා විසින් ඒ ස්ථාන දෙකම දැක නැත. දෙතැනම බලාගන්නෙමියි සිතා මෙසේ කීහ.
“උභයෙනෙව මං නෙහි, මාතලි දෙවසාරථි; යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා”ති.
මාතලී දිව්‍ය පුත්‍රය, යම්තැනෙක පින්කළ අය වෙසෙත්ද, යම්තැනෙක පව් කළ අය වෙසෙත්ද ඒ දෙතැනටම මා ගෙන යවයි කීය.
තතො මාතලි “ද්වෙපි එකපහාරෙනෙව න සක්කා දස්සෙතුං, පුච්ඡිස්සාමි න”න්ති පුච්ඡන්තො පුන ගාථමාහ –
ඉක්බිති මාතලී දෙව්පුත් එක්වර දෙතැනම පෙන්වීම නොහැකිය. අසා බලමියි නැවතද මෙසේ ගාථාවකින් ඇසීය;
“කෙන තං පඨමං නෙමි, රාජසෙට්ඨ දිසම්පති; යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා”ති.
රාජ ශ්‍රේෂ්ඨයාණෙනි, පින්කළ අය සිටින තැන හා පව්කළ අය සිටින තැන යන දෙකින් කවර තැනකට පළමුව ගෙනයම්ද?