සග්ගකණ්ඩං අට්ඨකථා
සග්ගකණ්ඩං
විමාන කාණ්ඩය
එවඤ්ච පන වත්වා මාතලි දෙවලොකාභිමුඛං රථං පෙසෙසි. රාජා දෙවලොකං ගච්ඡන්තො ද්වාදසයොජනිකං මණිමයං පඤ්චථූපිකං සබ්බාලඞ්කාරපටිමණ්ඩිතං උය්යානපොක්ඛරණිසම්පන්නං කප්පරුක්ඛපරිවුතං බීරණියා දෙවධීතාය ආකාසට්ඨකවිමානං දිස්වා, තඤ්ච දෙවධීතරං අන්තොකූටාගාරෙ සයනපිට්ඨෙ නිසින්නං අච්ඡරාසහස්සපරිවුතං මණිසීහපඤ්ජරං විවරිත්වා ඔලොකෙන්තිං දිස්වා මාතලිං පුච්ඡන්තො ගාථමාහ. ඉතරොපිස්ස බ්යාකාසි.
මෙසේ කියා මාතලී දෙව්ලොව දෙසට රථය පැදවීය. දෙව්ලොව කරා යන රජතුමා, දොළොස් යොදුන් මැණික්මය රන්සෑයක බඳු සියලු අලංකාරයෙන් පරිමණ්ඩිත වූ කල්ප වෘක්ෂය පිරිවර කොටගත් උයන් පොකුණු ආදියෙන් යුතු ඛිරණී නම් දෙව්දුවගේ අහස්කුස පිහිටි විමානය දැක, එම දෙව්දුව ද කූටාගාරය තුළ හාන්සිපුටුවේ බොහෝ අප්සරාවන් පිරිවරා උන්නී මැණික්මය සීමැදුරු කවුළුව හැර බලන්නී දැක, මාතලී දෙව්පුතුගෙන් විමසන (නිමි රජතුමා) ගාථාවක් කීවේය.
“පඤ්චථූපං දිස්සතිදං විමානං, මාලාපිළන්ධා සයනස්ස මජ්ඣෙ; තත්ථච්ඡති නාරී මහානුභාවා, උච්චාවචං ඉද්ධි විකුබ්බමානා.
පංචථූපං දිස්සතිදං විමානං, මාලා පිළන්ධා සයනස්ස මජ්ඣෙ, තත්ථච්ඡති නාරි මහානුභාවා, උච්චාවචං ඉද්ධිං විකුබ්බමානා
ස්තූප පහක් (කුළුගෙවල් පහක්) ඇති මේ විමානය පෙනේ. එහි යහන මැද මාලා පැළඳ ගත් මහත් ආනුභාව ඇති ස්ත්‍රියක් ලොකු කුඩා දිව්‍ය සෘද්ධීන් දක්වමින් සිටී.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; අයං නු නාරී කිමකාසි සාධුං, යා මොදති සග්ගපත්තා විමානෙ.
විත්තිහි මං වින්දති සුත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙවසාරථී, අයංනු නාරි කිමකංසු සාධුං, යා මොදති සග්ග පත්තා විමානෙති
සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. මාතලී දේවසාරථිය, ඔබෙන් විචාරන්නේ, දෙව්ලොවට පැමිණි යම් ස්ත්‍රියක් විමානගතව (මෙසේ) සතුටු වෙයිද? මේ ස්ත්‍රී තොමෝ කෙබඳු වූ යහපතක් කළේ ද?
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි පුණ්යකර්මයන්හි විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.
“යදි තෙ සුතා බීරණී ජීවලොකෙ, ආමායදාසී අහු බ්රාහ්මණස්ස; සා පත්තකාලං අතිථිං විදිත්වා, මාතාව පුත්තං සකිමාභිනන්දී; සංයමා සංවිභාගා ච, සා විමානස්මි මොදතී”ති.
යදිතෙ සුතා ඛීරණී ජිවලොකෙ, ආමාය දාසි අහු බ්රාහ්මණස්ස, සා පත්තකාලං අතිථිං විදිත්වා, මාතාව පුත්තං සකි මාභිනන්‍දි, සංයමා සංවිභාගාච, සා විමානස්මිං මොදතීති
ඉදින් මිනිස්ලොව බමුණකුගේ ගෘහ දාසියක කුස උපන් බිරාණී නමින් දාසියක් වූවා යැයි ඔබ අසා ඇති නේද? ඕ ආගන්තුක සත්කාර දැන දුරසිට ආ පුතෙකුට මවක් සතුටින් සැලකුම් කරන්නා සේ ආගන්තුක සත්කාර කළාය. සිල්වත් වූ පරිත්‍යාග ගුණයෙන් යුතු ඕ තොමෝ මේ විමානයෙහි සතුටින් සිටින්නීය.
තත්ථ පඤ්චථූපන්ති පඤ්චහි කූටාගාරෙහි සමන්නාගතං. මාලාපිළන්ධාති මාලාදීහි සබ්බාභරණෙහි පටිමණ්ඩිතාති අත්ථො. තත්ථච්ඡතීති තස්මිං විමානෙ අච්ඡති. උච්චාවචං ඉද්ධි විකුබ්බමානාති නානප්පකාරං දෙවිද්ධිං දස්සයමානා. දිස්වාති එතං දිස්වා ඨිතං මං විත්ති වින්දති පටිලභති, විත්තිසන්තකො විය හොමි තුට්ඨියා අතිභූතත්තාති අත්ථො. ආමායදාසීති ගෙහදාසියා කුච්ඡිම්හි ජාතදාසී. අහු බ්රාහ්මණස්සාති සා කිර කස්සපදසබලස්ස කාලෙ එකස්ස බ්රාහ්මණස්ස දාසී අහොසි. සා පත්තකාලන්ති තෙන බ්රාහ්මණෙන අට්ඨ සලාකභත්තානි සඞ්ඝස්ස පරිච්චත්තානි අහෙසුං. සො ගෙහං ගන්ත්වා “ස්වෙ පට්ඨාය එකෙකස්ස භික්ඛුස්ස එකෙකං කහාපණග්ඝනකං කත්වා අට්ඨ සලාකභත්තානි සම්පාදෙය්යාසී”ති බ්රාහ්මණිං ආහ. සා “සාමි, භික්ඛු නාම ධුත්තො, නාහං සක්ඛිස්සාමී”ති පටික්ඛිපි. ධීතරොපිස්ස පටික්ඛිපිංසු. සො දාසිං “සක්ඛිස්සසි අම්මා”ති ආහ. සා “සක්ඛිස්සාමි අය්යා”ති සම්පටිච්ඡිත්වා සක්කච්චං යාගුඛජ්ජකභත්තාදීනි සම්පාදෙත්වා සලාකං ලභිත්වා ආගතං පත්තකාලං අතිථිං විදිත්වා හරිතගොමයුපලිත්තෙ කතපුප්ඵුපහාරෙ සුපඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා යථා නාම විප්පවාසා ආගතං පුත්තං මාතා සකිං අභිනන්දති, තථා නිච්චකාලං අභිනන්දති, සක්කච්චං පරිවිසති, අත්තනො සන්තකම්පි කිඤ්චි දෙති. සංයමා සංවිභාගා චාති සා සීලවතී අහොසි චාගවතී ච, තස්මා තෙන සීලෙන චෙව චාගෙන ච ඉමස්මිං විමානෙ මොදති. අථ වා සංයමාති ඉන්ද්රියදමනා.
එහි පඤ්චථූපා යනු කුළුගෙවල් පසකින් යුක්ත වූ බවයි. මාලාපිළන්ධාති පළඳින ලද මල්දම් ආදියෙන් සර්වාභරණයෙන් යුක්ත වූ බවයි. තත්ථච්ඡතීති එම විමානයෙහි හිඳී යනුයි. උච්චාවචං ඉද්ධිං විකුබ්බමානාති නොයෙක් ආකාරයේ දේව ඍද්ධි දක්වනු ලබන්නී යනුයි. දිස්වාති එය දැක සිටියේය යනුයි. විත්තිං මං වින්දති සතුට විඳී යනුයි. විත්ති නම් තූර්ය භාණ්ඩයක් අයත් වූවෙකු මෙන් වීමි. සතුටින් අභිභූත වූයෙමි. ආමායදාසීති ගෘහ දාසියගේ කුසින් උපන් දාසියයි. අහුබ්රාහ්මණස්සාති යනුවෙන් දැක්වූයේ ඈ වනාහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි එක් බමුණෙකුගේ දාසියක් විය. සාපත්ත කාලන්ති ඒ බමුණා සලාක දාන අටක් මහ සඟනට පිරිනැමීමට පොරොන්දු විය. ඔහු ගෙදරට ගොස් හෙට පටන් එක් භික්ෂුවකට කහවනුවක් අගනා දාන අටක් පිළියෙල කරන්නැයි බැමිණියට කීවාය. භික්ෂූහු නම් ධූර්තයෝය. එබැවින් මට දන් පිළියෙල කළ නොහැකි යැයි කීවාය. ඔහුගේ දියණිය ද ප්‍රතික්ෂේප කළාය. ස්වාමීනි මට හැකියැයි එම දාසිය කීවාය. ඇය එසේ දන් පිළියෙල කර හැකියැයි පිළිගෙන එතැන් පටන් කොට මනාකොට කැඳ, බත්, කැවිලි ආදිය පිළියෙල කොට සලාකය ලැබ දන් පිළිගැනීමට භික්ෂුව පැමිණෙන විට, පත්තකාලං අතිථිං විදිත්වා යනු පළාවන් පැහැ ගොම පිරිබඩ ගන්වා (ගෙය පිරිසිදු කොට) මලින් සරසන ලද මනාකොට සැකසූ ආසනයක වඩා හිඳුවා, යසේ දුරුරට සිට පැමිණි පුතෙකුට මවක් සැලකුම් කරන්නාක් මෙන් හැම දිනකම (දානාදිය පිදීමෙන්) සැලකුවාය. සමහර විටෙක තමන් සතු දෙයක්ද පූජා කළාය. සඤ්ඤමා සංවිභාගාති යනු ඈ සිල් බැවින්ද ත්‍යාගවන්ත බැවින් ද යුක්ත වූවාය. එම සිල්වත් බව හා ත්‍යාගවන්ත බව නිසා දැන් මේ විමානයෙහි සැප විඳින්නීය. එසේම සංයමාති යනු ඉන්ද්රිය දමනයයි.
එවඤ්ච පන වත්වා මාතලි පුරතො රථං පෙසෙත්වා සොණදින්නදෙවපුත්තස්ස සත්ත කනකවිමානානි දස්සෙසි. සො තානි ච තස්ස ච සිරිසම්පත්තිං දිස්වා තෙන කතකම්මං පුච්ඡි. ඉතරොපිස්ස බ්යාකාසි.
මෙසේ කියා මාතලී දෙව්පුත් රිය ඉදිරියට දක්කා සොණාදින්න දෙව් පුතුගේ රුවන් විමාන සත දැක්වීය. හෙතෙම (නිමිරජ) ඒවාද එම දෙව්පුතුගේ සැප සම්පත් ද දැක ඔහු විසින් කළ කුසල් කුමක්දැයි විමසීය. අන්‍ය වූ සම්පත් ගැන ද විමසීය.
“දද්දල්ලමානා ආභෙන්ති, විමානා සත්ත නිම්මිතා; තත්ථ යක්ඛො මහිද්ධිකො, සබ්බාභරණභූසිතො; සමන්තා අනුපරියාති, නාරීගණපුරක්ඛතො.
දද්දල්ලමානා ආහෙන්ති - විමානා සත්ත නිම්මිකා, තත්ථ යක්ඛා මහිද්ධිකො - සබ්බහරණා භූසිතො, සමන්තා අනුපරියාති - නාරීගණා පුරක්ඛතො
මැවුණු දිළිසෙන විමාන සතක් බැබළෙති. එහි සව් බරණින් සැරසුණු මහත් සෘද්ධි ඇති දිව්‍ය පුත්‍රයෙක් හාත්පසින් දිව්‍ය ස්ත්‍රීන් පිරිවරා සිටී.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදති සග්ගපත්තො විමානෙ.
විත්තිහි මං වින්දත සුත දිස්වා, පුච්ඡාමි තං මාතලී දෙව සාරථී, අයංනු මච්චො කිමකාසි සාධුං, යො මොදති සග්ග පත්තො විමානෙති
සාරථිය, මෙම (විමානය) දැක්මෙන් මට සතුට උපදී. මාතලී දේ සාරථිය ඔබගෙන් විචාරමි. දෙව්ලොව පැමිණි යමෙක් මේ විමානයෙහි සතුටු වේද මේ සත්ත්ව තෙම කෙබඳු පුණ්‍ය කර්මයක් කළේද?
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ (නිමිරජු) ඇසූ කල්හි පුණ්‍ය කර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.
“සොණදින්නො ගහපති, එස දානපතී අහු; එස පබ්බජිතුද්දිස්ස, විහාරෙ සත්ත කාරයි.
සොණ දින්නො ගහපති, එසදානපතී අහු, එස පබ්බජිතුද්දිස්ස, විහාරෙ සත්ත කාරයි
මේ තෙමේ දානපතියෙක් වූ සොණදින්න ගෘහපතියාය. මේ තෙමේ භික්ෂූන් උදෙසා විහාර සතක් කරවීය.
“සක්කච්චං තෙ උපට්ඨාසි, භික්ඛවො තත්ථ වාසිකෙ; අච්ඡාදනඤ්ච භත්තඤ්ච, සෙනාසනං පදීපියං; අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
සක්කච්චං තෙ උපට්ඨාසි භික්ඛවො තත්ථවාසිකෙ, අච්චාදනඤ්ච භත්තංව සෙනාසන පදීපියං, අදාසි උජුභූතෙසු සුවිප්පසන්නෙන චෙතසා
හෙතෙම ඍජුභාවයෙහි (අචල ශ්‍රද්ධාවෙහි) පිහිටා අතිශය ප්‍රසන්න සිතින් එහි වෙසෙන භික්ෂූන්ට මනාකොට සකසා සිව්පසයෙන් (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස) උපස්ථාන කළේය.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
චතුද්දිසිං පඤ්චදසිං යාවපක්ඛස්ස අට්ඨමිං, පාටිහාරිය පක්ඛඤ්ච අට්ඨමා සුසමාගතං
තුදුස්වක, පසළොස්වක, අටවක යන දිනයන්හිද පාටිහාරිය පක්ෂයෙහි (මහාපවාරණයෙන් පසළොස් දිනක් ගතවනතුරු කාලය) අෂ්ටාංග සීලය සමාදන්විය.
“උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො; සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදතී”ති.
සීලයෙන් සංවර විය. උපෝසථ සීලයද රැක්කේය. සංයමයෙන් (සීලයෙන්) සංවිභයෙන් (මනාව-දන් දීමෙන්) හෙතෙම මෙම විමානයෙහි දිව්‍ය සම්පත් විඳිමින් සතුටුව සිටී.
තත්ථ දද්දල්ලමානාති ජලමානා. ආභෙන්තීති තරුණසූරියො විය ඔභාසන්ති. තත්ථාති තෙසු පටිපාටියා ඨිතෙසු සත්තසු විමානෙසු. යක්ඛොති එකො දෙවපුත්තො. සොණදින්නොති මහාරාජ, අයං පුබ්බෙ කස්සපදසබලස්ස කාලෙ කාසිරට්ඨෙ අඤ්ඤතරස්මිං නිගමෙ සොණදින්නො නාම ගහපති දානපති අහොසි. සො පබ්බජිතෙ උද්දිස්ස සත්ත විහාරකුටියො කාරෙත්වා තත්ථ වාසිකෙ භික්ඛූ චතූහි පච්චයෙහි සක්කච්චං උපට්ඨාසි, උපොසථඤ්ච උපවසි, නිච්චං සීලෙසු ච සංවුතො අහොසි. සො තතො චවිත්වා ඉධූපපන්නො මොදතීති අත්ථො. එත්ථ ච පාටිහාරියපක්ඛන්ති ඉදං පන අට්ඨමීඋපොසථස්ස පච්චුග්ගමනානුගමනවසෙන සත්තමිනවමියො, චාතුද්දසීපන්නරසීනං පච්චුග්ගමනානුගමනවසෙන තෙරසීපාටිපදෙ ච සන්ධාය වුත්තං.
එහි දද්දල්ලමානාති යනු දිලිසීමයි. ආභෙන්ති යනු තරුණ පුරුෂයෙකු මෙන් බැබලීමයි. (වැජඹීමයි) තත්ථාති එම පිළිවෙළෙහි පිහිටියා වූ විමාන සතෙහි එක් දිව්‍ය පුත්‍රයෙකි. සොණදින්නොති මහරජ, මොහු පෙර කාශ්‍යප බුදුන් සමයෙහි කසී රාජ්‍යයෙහි එක් නියම් ගමෙක සොණදින්න නම් ගෘහපතියෙකු විය. හෙතෙම පැවිද්දන් උදෙසා විහාර කුටි සතක් කරවා ඒවායෙහි නේවාසික භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කළේය. පෙහෙවස් සමාදන් වීමද කළේය. නිතර සුරැකි සිල් ඇත්තේ විය. ඉඳුරන් දවන ලද්දේ විය. මෙසේ මිනිස්ලොව ඇද දැමීම කුසල් කළ හෙතෙම මරණින් පසු මෙම විමානයෙහි ඉපිද සතුට වන්නේය යනු අර්ථයි. මෙහි පාටිහාරය පක්ඛං යනු, මේ වනාහි පෙර පසු ගමන් වශයෙන් අෂ්ටාංග උපෝසථය සමාදන් වීමයි. අටවක දිනට පෙර දවස ද අටවක දිනට පසු දවස ද, තුදුස්වක, පසළොස්වකට පෙර දවස ද, ආදී වශයෙන් පොහෝ දවසට පෙර පසු දවස්වල සිල් සමාදන්වීම පිළිබඳව මෙය කියන ලදී.
එවං සොණදින්නස්ස කතකම්මං කථෙත්වා පුරතො රථං පෙසෙත්වා ඵලිකවිමානං දස්සෙසි. තං උබ්බෙධතො පඤ්චවීසතියොජනං අනෙකසතෙහි සත්තරතනමයත්ථම්භෙහි සමන්නාගතං, අනෙකසතකූටාගාරපටිමණ්ඩිතං , කිඞ්කිණිකජාලාපරික්ඛිත්තං, සමුස්සිතසුවණ්ණරජතමයධජං, නානාපුප්ඵවිචිත්තඋය්යානවනවිභූසිතං, රමණීයපොක්ඛරණිසමන්නාගතං, නච්චගීතවාදිතාදීසු ඡෙකාහි අච්ඡරාහි සම්පරිකිණ්ණං. තං දිස්වා රාජා තාසං අච්ඡරානං කතකම්මං පුච්ඡි, ඉතරොපිස්ස බ්යාකාසි.
මෙසේ සෝණදින්නගේ කුසල කර්ම විස්තර කොට දක්වා රථය පෙරට මෙහෙයවා පළිඟුමය විමානයක් දැක්වීය. එය උසින් පස්විසි යොදුනක සත්රුවන් ටැඹින් (ස්ථම්භ)යන්ගෙන් හෙබියේය. පියසි අග රහු දැල්වලින් සැදුණෝය. ඔසවන ලද රන්රිදීමය ධජවලින් යුතු සියගණන් කුළුගෙයින් (කූටාගාර) හෙබුනේ විය. අවට නන් විසිතුරු කුසුමින් සැදි ගෙවුයනය. එහි රමණීය පොකුණය. ගැයීමෙහි හා වැයීමෙන් උපන් හැකියාවන් ඇති අප්සරාවගෙන් සොබමන් විය. ඒ දුටු රජ එම අප්සරාවන්ගේ පෙර කළ කුසල් කිම්දැයි විමසීය. අන්‍ය විසිතුරු ගැනද විමසීය.
“පභාසති මිදං බ්යම්හං, ඵලිකාසු සුනිම්මිතං; නාරීවරගණාකිණ්ණං, කූටාගාරවරොචිතං; උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං.
පභාසති ඉදං ව්යම්හං එළිකාසු සුනිම්මිතං, නාරීවරගණා කිණ්ණං කූටාගාරවරො චිතං, උපෙතං අන්නපානෙහි නච්චගීතෙහි චූභයං
පළිඟුවලින් නිර්මාණය වූ මේ විමානය ස්ත්‍රීන් විසින් ගැවැසීගත් කුළුගෙවල් සමූහයෙන් හෙබියේය. නැටුම් ගී ගැයුම්වලින් හොබනේය. ආහාරපාන ආදියෙන් සපිරුණේය.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච්චා කිමකංසු සාධුං, යා මොදරෙ සග්ගපත්තා විමානෙ.
සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. මාතලී දේවසාරථිය, දෙව්ලොව මෙබඳු විමානයක ඉපිද යම් ස්ත්‍රියක් සතුටු වන්නේද එසේ සතුටුවීමට ඇය කිනම් පිනක් කළාදැයි ඇසීය.
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
නිමි රජු විසින් එසේ ඇසූ කල්හි පුණ්‍ය කර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව් පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.
“යා කාචි නාරියො ඉධ ජීවලොකෙ, සීලවන්තියො උපාසිකා; දානෙ රතා නිච්චං පසන්නචිත්තා, සච්චෙ ඨිතා උපොසථෙ අප්පමත්තා; සංයමා සංවිභාගා ච, තා විමානස්මි මොදරෙ”ති.
යා කාචි නාරියො ඉධ ජීවලොකෙ, සීලවතියො උපාසිකා, දානෙ රතා නිච්ච පසන්නචිත්තා, සච්චෙඨිතා උපොසථෙ අප්පමත්තා, සංයමා සංවිභාගාච තා විමානස්මිං මොදරෙති
මේ මිනිස්ලොව යම්කිසි ස්ත්‍රී කෙනෙක් සිත් උපාසිකාවෝ වූවාහුද? දීමෙහි ඇලුණු නිතර පහන්සිත් ඇති සත්‍යයෙහි පිහිටි පෙහෙවස් රැකීමෙහි අප්‍රමාද වූ මනාකොට දන් දුන් සිල් රැකි ඔවුහු මේ විමානයෙහි සතුටු වෙති.
තත්ථ බ්යම්හන්ති විමානං, පාසාදොති වුත්තං හොති. ඵලිකාසූති ඵලිකභිත්තීසු. නාරීවරගණාකිණ්ණන්ති වරනාරිගණෙහි ආකිණ්ණං. කූටාගාරවරොචිතන්ති වරකූටාගාරෙහි ඔචිතං සමොචිතං, වඩ්ඪිතන්ති අත්ථො. උභයන්ති උභයෙහි. “යා කාචී”ති ඉදං කිඤ්චාපි අනියමෙත්වා වුත්තං, තා පන කස්සපබුද්ධසාසනෙ බාරාණසියං උපාසිකා හුත්වා ගණබන්ධනෙන එතානි වුත්තප්පකාරානි පුඤ්ඤානි කත්වා තං දිබ්බසම්පත්තිං පත්තාති වෙදිතබ්බා.
එහි ව්යම්භං යනු විමානයයි. ප්‍රාසාද යැයි ද කියනු ලැබේ. එළකාසුති යනුවෙන් පළිගු බිත්තිවලින් යුතු බවයි. කූටාගාර වරො චිතන්ති උතුම් කුළු ගෙවලින් හෙබි යනුයි. උභයන්ති දෙපැත්ත යනුයි. යාකාචීති මෙය කිසියම් අනිමාර්ථය සඳහා කියන ලදි. ඔවුන් එම අප්සරාවන්) වනාහි කාශ්‍යප බුදුන් සමයෙහි බරණැස් නුවර උපාසිකාවෝ වූහ. එකට එක්ව මේ කී ආකාරයෙන් පින්කොට එම සැපතට පැමිණියාහුයැයි දතයුතු.
අථස්ස සො පුරතො රථං පෙසෙත්වා එකං රමණීයං මණිවිමානං දස්සෙසි. තං සමෙ භූමිභාගෙ පතිට්ඨිතං උබ්බෙධසම්පන්නං මණිපබ්බතො විය ඔභාසමානං තිට්ඨති, දිබ්බගීතවාදිතනින්නාදිතං බහූහි දෙවපුත්තෙහි සම්පරිකිණ්ණං. තං දිස්වා රාජා තෙසං දෙවපුත්තානං කතකම්මං පුච්ඡි, ඉතරොපිස්ස බ්යාකාසි.
ඉක්බිති ඔහු (එම මාතලී දෙව්පුත්) රථය ඉදිරියට මෙහෙයවා එක් මැණික් විමානයක් දැක්වීය. එය සම බිමෙක පිහිටියේය. උඩට නැගුණු මැණික් පර්වතයක් මෙන් බබළමින් තිබුණේය. දිව්‍ය ගීතවාදිතාදියෙන් සතුටුවන බොහෝ දෙව්පුතුන්ගෙන් ගැවසුණේ විය. ඒ දැක රජතුමා ඒ දෙව්පුතුන් කළ කුසලාකුසල කර්ම ගැන විමසීය. මෙසේ ද ඇසීය.
“පභාසති මිදං බ්යම්හං, වෙළුරියාසු නිම්මිතං; උපෙතං භූමිභාගෙහි, විභත්තං භාගසො මිතං.
පභාසති ඉදං ව්යම්හං වෙළුරියාසු සුනිම්මිතං, උපෙතං භූමිභාගෙහි විභත්ත භාගසො මිතං
වෙරළුමිණි බිත්තිවලින් මනාකොට නිමවන ලද සිත් කළු භූමියක පිහිටි මනාකොට (ඒ ඒ) කොටස් වශයෙන් බෙදූ මේ විමානය බබලයි.
“ආළම්බරා මුදිඞ්ගා ච, නච්චගීතා සුවාදිතා; දිබ්බා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
ආළම්බරා මුතිංගාච නිච්චගීත සුවාදිතා, දිබ්බා සද්දා නිච්ඡරන්ති සවණෙය්යා මනොරමා
මනාකොට වාදනය කරනු ලබන පණාබෙර මිහිඟු බෙර හා දිව්‍ය නෘත්‍ය ගීතයෙන් යුතු ඇසීමට මිහිරි සිත් අලවන දිව්‍යමය ගීත රාවයක් නිකුත් වේ.
“නාහං එවංගතං ජාතු, එවංසුරුචිරං පුරෙ; සද්දං සමභිජානාමි, දිට්ඨං වා යදි වා සුතං.
මෙබඳු වූ සිත් ඇදගන්නා මනෝඥ වූ පෙනෙන ඇසෙන රූපයක් හෝ ශබ්දයක් වේනම් එබන්දක් මම කිසිකලෙක නොඇසුවෙමි. නොදිටිමි.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච්චා කිමකංසු සාධුං, යෙ මොදරෙ සග්ගපත්තා විමානෙ.
සාරථිය, මෙය දැකීමෙන් මට සතුට උපදී. මාතලී දේව සාරථිය, ඔබගෙන් අසන්නේ දෙව්ලොව උපන් යම් කෙනෙක් මේ විමානයන්හි සතුටු වෙද්ද, මිනිස් වූ මොව්හු කුමන නම් පුණ්යකර්ම කළාහුද?
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි එම පුණ්යකර්මයගේ විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.
“යෙ කෙචි මච්චා ඉධ ජීවලොකෙ, සීලවන්තා උපාසකා; ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච; අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයුං.
යෙකෙචි මච්චා ඉදජීවලොකෙ සීලවන්තො උපාසකා, ආරාමෙඋදපානෙච පපා සංකමනානිච, අරහන්තෙ සීතිභූතෙ සක්කච්චං පටිපාදයුං
මේ මිනිස්ලොව කිසියම් සීලවන්ත උපාසකයෙක් (කෙලෙස් ගිනි නිවීමෙන්) සිසිල් වූ රහතන් වහන්සේ උදෙසා ආරාම ජල පහසුකම් (ළිංපොකුණු) පැන් පානය කිරීමේ පහසුකම් ද, (ගමනාගමනය සඳහා) ඒදඬුද සකස් කර දුන්නාහුද?
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අදංසු උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
චීවරං පිණ්ඩපාතඤ්ච පචචයං සයනාසනං, අදංසු උජුභූතෙසු විප්ඵසන්නෙන චෙතසා
එසේම උජුපටිපන්න ගුණ ඇති රහතුන් විෂයෙහි චීවර, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන, ප්‍රසන්න සිතින් පූජා කළාහුද,
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
තුදුස්වක, පසළොස්වක සිට අටවක දක්වාද (මහා පවාරණයෙහි සිට දින පසළොසක් ඉක්මවනතුරු වූ) ප්රාතිහාර්ය පක්ෂයෙහි ද අෂ්ටාංග සීලය සමාදන් වූයේද,
“උපොසථං උපවසුං, සදා සීලෙසු සංවුතා; සංයමා සංවිභාගා ච, තෙ විමානස්මි මොදරෙ”ති.
පෙහෙවස් රැක්කා වූද හැමකල්හි සීලයෙහි සංවර වූ ද සංයත වූ ද මනාකොට සකස් කර කටයුතු කළා වූ ද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙති.
තත්ථ වෙළුරියාසූති වෙළුරියභිත්තීසු. භූමිභාගෙහීති රමණීයෙහි භූමිභාගෙහි උපෙතං. ආළම්බරා මුදිඞ්ගා චාති එතෙ ද්වෙ එත්ථ වජ්ජන්ති. නච්චගීතා සුවාදිතාති නානප්පකාරානි නච්චානි චෙව ගීතානි ච අපරෙසම්පි තූරියානං සුවාදිතානි චෙත්ථ පවත්තන්ති. එවංගතන්ති එවං මනොරමභාවං ගතං. “යෙ කෙචී”ති ඉදම්පි කාමං අනියමෙත්වා වුත්තං, තෙ පන කස්සපබුද්ධකාලෙ බාරාණසිවාසිනො උපාසකා හුත්වා ගණබන්ධනෙන එතානි පුඤ්ඤානි කත්වා තං සම්පත්තිං පත්තාති වෙදිතබ්බා. තත්ථ පටිපාදයුන්ති පටිපාදයිංසු, තෙසං අදංසූති අත්ථො. පච්චයන්ති ගිලානපච්චයං. අදංසූති එවං නානප්පකාරකං දානං අදංසූති.
එහි වෙඵරියාසූති වෛඪූර්ය මැණික් බිත්තිය යනුයි. භූමි භාගෙගීති රමණීය වූ ගෙවුයනින් යුක්ත බවයි. ආළම්බරා මුතිංගාති පනාබෙර, මිහිඟු බෙර වාදනය පවතී යනුයි. නච්චගීතා සුවන්දිතාති නොයෙක් ආකාර වූ නැටුම්, ගී ගැයුම් හා නන්විද තූරය භාණ්ඩ වාදනයෙන් යුක්ත වූ බවයි. එවං ගතංති මෙසේ මනරම් බවට පැමිණි යනුයි. යෙකෙචීති මේ කුසලකර්ම පිළිබඳ විග්‍රහය අනියමින් ගෙනහැර දැක්වීමයි. එනම් මේ දිව්‍යපුත්‍රයෝ කාශ්‍යප බුද්ධසාසනයෙහි බරණැස් නුවර වැසි උපාසකයෝය. එකට එක්ව පින්කොට මෙබඳු සම්පත් ලැබුවාහුයැයි දතයුතු. එහි පටිපාදයුන්ති යනු පැමිණියාහු යනුයි. (පිළිවෙතට පිළිපන්නාහු යනුයි) පිළිවෙතට පැමිණ රහතුන් විෂයෙහි සිව්පසය මනාකොට පිරිනැමුවාහුය යන අදහසද මෙහිදී ගැනේ. පච්චයන්ති යනු ගිලන්පසයි. අදංසූති මෙසේ නන් අයුරින් දන් දුන් බවයි.
ඉතිස්ස සො තෙසං කතකම්මං ආචික්ඛිත්වා පුරතො රථං පෙසෙත්වා අපරම්පි ඵලිකවිමානං දස්සෙසි. තං අනෙකකූටාගාරපටිමණ්ඩිතං, නානාකුසුමසඤ්ඡන්නදිබ්බතරුණවනපටිමණ්ඩිතතීරාය, විවිධවිහඞ්ගමනින්නාදිතාය නිම්මලසලිලාය නදියා පරික්ඛිත්තං , අච්ඡරාගණපරිවුතස්සෙකස්ස පුඤ්ඤවතො නිවාසභූතං. තං දිස්වා රාජා තස්ස කතකම්මං පුච්ඡි, ඉතරොපිස්ස බ්යාකාසි.
මෙසේ ඔහු එම කුසලකර්ම විපාක ගෙනහැර දක්වා රිය ඉදිරියට පැදවීය. එසේ කොට වෙනත් පළිඟුමිණි විමානයක් දැක්වීය. එය නන් කුළුගෙවලින් හෙබියේය. නන් මලින් ගැවසුණු විසිතුරු රුක් පෙළින් ගහණ විය. එහි නොයෙක් විහඟ ගනාගේ කූජනයෙන් නාද නින්නාද විය. සුනිමල ජලයෙන් පිරි නදියෙන් වට විය. අප්සරා සමූහයෙන් පිරිවරන ලද ඒ එක් පින්වත් දෙවියෙකුගේ විමානය දැක රජතුමා ඔහු කළ පින් කුමක්දැයි අසමින් මෙසේ කීවේය.
“පභාසති මිදං බ්යම්හං, ඵලිකාසු සුනිම්මිතං; නාරීවරගණාකිණ්ණං, කූටාගාරවරොචිතං.
පභාසති ඉදං ව්යම්හා එළිකාසු සුනිම්මිතං, නාරිවර ගණාකිණ්ණං කූටාගාර වරොචිතං
පළිඟු මැණික්වලින් නිමවන ලද මනා වූ කුළු ගෙවලින් හෙබි රූපත් ළඳුන්ගෙන් පිරුණු මේ විමානය බබළයි.
“උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං; නජ්ජො චානුපරියාති, නානාපුප්ඵදුමායුතා.
උපෙතං අන්නාපාණෙහි නච්චගීතෙහිචූභයං, නජ්ජොච අනුපරියාති නානා පුප්ඵදුමායුතා
මේ විමානය ආහාර පානයෙන් ද නෘත්‍ය ගීතයෙන් ද යුක්ත වූයේය. නොයෙක් මල්වලින් පිරි ගස්වලින් අවට ගහන වේ. හාත්පස විටින් ගංගාවක් ගලා යන්නේය.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; අයං නු මච්චො කිංමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ.
සාරථිය, මේ විමානය දැකීමෙන් මට මහත් සතුටක් උපදී. මාතලී දේවසාරථිය, ඔබගෙන් අසන්නේ දෙව්ලොව උපන් යම්කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද මිනිස් වූ ඔව්හු කුමන නම් පුණ්‍යකර්මයක් කළාහුද?
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි පුණ්යකර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කළේය.
“මිථිලායං ගහපති, එස දානපතී අහු; ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච; අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
කිම්බිලායං ගහපති එසදානපතී අහු, ආරාමෙ උදපාතෙච පපාසංකමනානිච [missing pali]
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
චීවරං පිණ්ඩපාතඤ්ච පචචයං සයනාසනං, අදාසි උජුභූතෙසු විප්ඵසන්නෙන චෙතසා
මේ ගෘහපතියා කිම්බිලායෙහි දානපතියෙක් විය. ආරාම ද ළි පොකුණුද පැන්හල්ද (දුර්ග ස්ථානයන්ගෙන් එතරවීම සඳහා) ඒදඬු පාළම් ආදියද කරවා ඒවාද, සිවුරු පිරිකරද, පිණ්ඩපාත ආහාරයද ගිලන්පස හා සෙනසුන්ද කෙලෙස් ගිනි නිවීමෙන්) සිසිල් වූ සිත් ඇති සුපිළිපන් ප්‍රතිපදා ඇති, උජු පිළිවෙත් ඇති රහතුන් විෂයෙහි විපිළිසර සිතින් තොරව (පූව, මධ්‍යම, අවසාන) පිදීය.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
එසේම තුදුස්වක, පසළොස්වක සිට අව අටවක දක්වා ද ප්රාතිහාර්ය පක්ෂයෙහි ද (මහා පවාරණයේ සිට දින පසළොසක් ඉක්ම යනතුරු) අෂ්ටාංග සීලය සමාදන්ව ආරක්ෂා කළේය.
“උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො; සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදතී”ති.
මේ ලෙස හැමද මනාකොට පංචසීලයෙහි පිහිටා උපෝසථ සීලයද රකිමින් සංයමයෙන් යුතුව මනාලෙස සංවිධාන කොට දන් දුන්නේය. (ඒ පුණ්‍ය ඵලවිපාක වශයෙන්) මේ විමානයෙහි සතුටින් සිටින්නේ වේ.
තත්ථ නජ්ජොති වචනවිපල්ලාසො, එකා නදී තං විමානං පරික්ඛිපිත්වා ගතාති අත්ථො. නානාපුප්ඵදුමායුතාති සා නදී නානාපුප්ඵෙහි දුමෙහි ආයුතා. මිථිලායන්ති එස මහාරාජ, කස්සපබුද්ධකාලෙ මිථිලනගරෙ එකො ගහපති දානපති අහොසි. සො එතානි ආරාමරොපනාදීනි පුඤ්ඤානි කත්වා ඉමං සම්පත්තිං පත්තොති.
එහි නජ්ජොති යනු වචනයෙහි විපර්යාස අදහස ගතයුතු වේ. එනම් එක් නදියක් එම විමානය හාත්පසින් වටකර ගලා බස්නේය යනුයි. කිම්බිලායන්ති මෙහි වනාහි මහරජ, කාශ්‍යප බුදුන්ගේ සමයෙහි කිම්බිලා නුවර එක් ගෘහපතියෙක් විසීය. හෙතෙම මේ ආරාම රෝපණාදි පින්කම් කොට මේ දිව්‍ය සම්පත් ලැබීය.
එවමස්ස තෙන කතකම්මං ආචික්ඛිත්වා පුරතො රථං පෙසෙත්වා අපරම්පි ඵලිකවිමානං දස්සෙසි. තං පුරිමවිමානතො අතිරෙකාය නානාපුප්ඵඵලසඤ්ඡන්නාය තරුණවනඝටාය සමන්නාගතං. තං දිස්වා රාජා තාය සම්පත්තියා සමන්නාගතස්ස දෙවපුත්තස්ස කතකම්මං පුච්ඡි, ඉතරොපිස්ස බ්යාකාසි.
මෙසේ ඔහු විසින් කළ පින්කම් ගෙනහැර දක්වා රිය ඉදිරියට මෙහෙයවා වෙනත් පළිඟු විමානයක් දැක්වීය. එය පළමු විමානයට වෙනස්ය. එය නොයෙක් කුසුමින් සැදි බඳුන්ගත කළ මලින් (තරුඅට) සමන්විතය. එය දැක රජතුමා එම සම්පත් ඇති දෙව්පුතු කළ කුසලකර්ම කිමෙක්දැයි විමසීය. මෙසේද කීවේය;
“පභාසති මිදං බ්යම්හං, ඵලිකාසු සුනිම්මිතං; නාරීවරගණාකිණ්ණං, කූටාගාරවරොචිතං.
පළිඟු මිණක් නිර්මාණය වූ මේ විමානය නොයෙක් විසිතුරු කුළුගෙවලින් හෙබුණේය. මනබඳන රූමත් ස්ත්‍රීන්ගෙන් සමන්විතය.
“උපෙතං අන්නපානෙහි, නච්චගීතෙහි චූභයං; නජ්ජො චානුපරියාති, නානාපුප්ඵදුමායුතා.
[missing trans] නොයෙක් මල් රුකින් යුත් (ඉවුරු ඇති) නදියක් සිසාරා ගලාබසී.
“රාජායතනා කපිත්ථා ච, අම්බා සාලා ච ජම්බුයො; තින්දුකා ච පියාලා ච, දුමා නිච්චඵලා බහූ.
කිරිපලු යැ, ගිවුළුයැ, අඹයැ, දඹයැ, තිඹිරිය, දොඹයැ යන නිතිඵල ඇති රුක්වලින් ගහණය.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ.
සාරථිය, මෙම විමානය දැකීමෙන් මට මහත් සතුටක් උපදී. මාතලී දේවසාරථිය, ඔබගෙන් අසන්නේ දෙව්ලොව උපන් යම්කෙනෙක් මේ විමානයෙහි සතුටින් වෙසෙත්ද, ඔහු ස්වර්ගයට පැමිණීමට කළේ කුමන කුසල කර්මයක්ද?
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි පුණ්යකර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.
“මිථිලායං ගහපති, එස දානපතී අහු; ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච; අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
මිථිලායං ගහපති එසදානපතී අහු, ආරාමෙ උදපානෙච පජා සංකමනානිච, [missing pali]
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
චීවරං පිණ්ඩපාතඤ්ච පචචයං සයනාසනං, අදාසි උජුභූතෙසු විප්ඵසන්නෙන චෙතසා
ඒ දෙව්පුත් මිථිලානුවර එක් ගෘහපතියෙක් විය. ආරාමද, ලිං පොකුණු ද, පැන්හල් ද ඒදඬු පාලම් ආදියද කරවා ඒවාද සිවුරු පිරිකරද පිණ්ඩපාත ආහාරයද ගිලන්පසද, සේනාසනද සිසිල් වූසිත් ඇති සුපිළිපන් පිළිවෙත් ඇති උජු ගුණයෙන් හෙබි රහතුන් විෂයෙහි විපිළිසර සිතින් තොරව පූජා කළේය.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
එසේම තුදුස්වක, පසළොස්වක සිට අටවක දක්වාද ප්රාතිහාර්ය පක්ෂයෙහි ද (මහා පවාරණයේ සිට දින පසළොසක් ඉක්ම යනතුරු) අෂ්ටාංග සීලය සමාදන්ව ආරක්ෂා කෙළේය.
“උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො; සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදතී”ති.
හැමදා මනාකොට (පංච) සීලයෙහි පිහිටා, උපෝසථ සීලය ද රකිමින්, සංයමයෙන් මනා සංවිධානයෙන් යුතුව දන් දුන්නේය. (එම පුණ්යඵලවල විපාක වශයෙන්) මේ විමානයෙහි සතුටින් සිටින්නේය.
තත්ථ මිථිලායන්ති එස, මහාරාජ, කස්සපබුද්ධකාලෙ විදෙහරට්ඨෙ මිථිලනගරෙ එකො ගහපති දානපති අහොසි. සො එතානි පුඤ්ඤානි කත්වා ඉමං සම්පත්තිං පත්තොති.
එහි මිථිලායන්ති මියුළු නුවරයි. මහරජ, කාශ්‍යප බුදුන් දවස විදේහ රට මිථිලා නම් නුවර එක් දානපතියෙක් මෙබඳු පිංකම්කොට මේ සම්පතට පැමිණියේය.
එවමස්ස තෙන කතකම්මං ආචික්ඛිත්වා පුරතො රථං පෙසෙත්වා පුරිමසදිසමෙව අපරම්පි වෙළුරියවිමානං දස්සෙත්වා තත්ථ සම්පත්තිං අනුභවන්තස්ස දෙවපුත්තස්ස කතකම්මං පුට්ඨො ආචික්ඛි.
මෙසේ ඔහු කළ කුසල කර්මයද ගෙනහැර දක්වා රථය පෙරට විහිදුවා පෙර මෙන් වූ වෙනත් අනෙක් වෙරළුමිණි විමනක් දැක්වීය. එහි වැසි දෙව්පුතුගේ කුසල කර්ම කුමක්දැයි විමසා මෙසේ ප්‍රකාශ කළේය.
“පභාසති මිදං බ්යම්හං, වෙළුරියාසු නිම්මිතං; උපෙතං භූමිභාගෙහි, විභත්තං භාගසො මිතං.
වෙරළුමිණියෙන් නිමවන ලද ප්‍රමාණවත් කොටස් වශයෙන් බෙදන ලද භූමියෙන් යුත් මේ විමානය වෙසෙසින් බබලයි.
“ආළම්බරා මුදිඞ්ගා ච, නච්චගීතා සුවාදිතා; දිබ්යා සද්දා නිච්ඡරන්ති, සවනීයා මනොරමා.
පනාබෙර, මිහිඟුබෙර මැනවින් වැයේ. නැගීම්, ගී කීම් හා කන්කලු මිහිරි ශබ්දයෝ නිකුත් කෙරෙති.
“නාහං එවංගතං ජාතු, එවංසුරුචිරං පුරෙ; සද්දං සමභිජානාමි, දිට්ඨං වා යදි වා සුතං.
මම පෙර කිසිකලෙක මෙබඳු මිහිරි ශබ්ද අසා තිබුණු බවක් නොදනිමි. ශ්රැතියෙන් (කට වචනයෙන්ද) අසා නොතිබුණෙමි.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ.
සාරථිය, මෙය දැකීමෙන් මට සතුට උපදී. මාතලී දේවසාරථිය ඔබගෙන් අසන්නේ, යම් කෙනෙක් දෙව්ලොවට පැමිණ (මෙසේ) සතුටු ඔහු මිනිස්ව සිට කවර පිනක් කෙළේදැයි මට පහදා දෙන්න.
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි (ඔවුන් කළ) පුණ්‍ය කර්මයන්හි විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමි රජුට මෙසේ ප්‍රකාශ කෙළේය.
“බාරාණසියං ගහපති, එස දානපතී අහු; ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච; අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
(මහරජ) මේ තැනැත්තා පෙර බරණැස ගෘහපතියෙකි. (එසේම) දානපතියෙක් ද විය. ආරාම ද ළිංපොකුණු ද පැන්හල් ද (දුර්ග ස්ථානයෙන් එතරවීම සඳහා) ඒදඬු පාලම් ආදියද (කෙලෙස් ගිනි නිවා) සිහිල් වූ රහතුන් උදෙසා සකසා පිළියෙළකොට දින.
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
චීවර පිණ්ඩපාත ගිලන්පස හා සෙනසුන් ද පහන් සිතින් උජු ගණයෙන් යුතු රහතුන්ට පූජා කරන ලදී.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
එසේම තුදුස්වක, පසළොස්වක සිට අටවක දක්වා ද ප්රාතිහාර්ය පක්ෂයෙහි ද (මහා පවාරණයෙන් සිට වූ පසළොසක් ඉක්ම යනතුරු) අෂ්ටාංග සීලය සමාදන්ව ආරක්ෂා කළේය.
“උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො; සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදතී”ති.
හැමදා මනාකොට (පංච) සීලයෙහි පිහිටා, උපෝසථ සීලය ද රකිමින්, සංයමයෙන් මනා සංවිධානයෙන් යුතුව දන් දුන්නේය. (එම පුණ්යඵලවල විපාක වශයෙන්) මේ විමානයෙහි සතුටින් සිටින්නේය.
අථස්ස පුරතො රථං පෙසෙත්වා බාලසූරියසන්නිභං කනකවිමානං දස්සෙත්වා තත්ථ නිවාසිනො දෙවපුත්තස්ස සම්පත්තිං පුට්ඨො ආචික්ඛි.
ඉන් ඉදිරියට ද රථය මෙහෙයවා උදෑහිරු සමාන රන්විමනක් දක්වා එහි වෙසෙන දිව්යපුත්රයාගේ සම්පත් ලැබීමට හේතු ඇසූ කල්හි ගෙනහැර දැක්වීය.
“යථා උදයමාදිච්චො, හොති ලොහිතකො මහා; තථූපමං ඉදං බ්යම්හං, ජාතරූපස්ස නිම්මිතං.
යථාඋදය මාදිච්චො හොතිලෝහිතකොම්හා, තථූපමං ඉදං ව්යම්හං ජාත රූපස්ස නිම්මිතං
මහත්ව, රන්වන් පැහැයෙන් යුතුව උදාවන හිරුසේ, මේ විමන රනින් නිමවුණේය.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; අයං නු මච්චො කිමකාසි සාධුං, යො මොදතී සග්ගපත්තො විමානෙ.
සාරථිය, මෙය දැක්මෙන් මට සතුට උපදී. මාතලී දේව සාරථිය, ඔබගෙන් අසන්නේ, දෙව්ලොව උපන් යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වන්නේ ද ඔහු මිනිස්ලොවදී කෙබඳු පිනක් කළාදැයි මට පහදා දෙන්න.
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි කළ පුණ්යකර්මයන්හි විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.
“සාවත්ථියං ගහපති, එස දානපතී අහු; ආරාමෙ උදපානෙ ච, පපා සඞ්කමනානි ච; අරහන්තෙ සීතිභූතෙ, සක්කච්චං පටිපාදයි.
සාවත්ථියං ගහපති එස දානපතී අහු, ආරාමෙ උදපානීච පාපා සංකම තානිච, අරහන්තෙ සීතිභූතෙ සක්කච්චං පටිපාදයී
මොහු සැවැත්නුවර දානපති ගැහැවියෙක් විය. අරම් ද ළිංපොකුණුද පැන්හල් ද ඒදඬු පාලම්ද (කෙලෙස් ගිනි නිවා) සිහිල් වූ රහතුන් උදෙසා මනාව පිළියෙල කොට පිදීය.
“චීවරං පිණ්ඩපාතඤ්ච, පච්චයං සයනාසනං; අදාසි උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා.
සිවුරු, අහර, ගිලන්පස, සෙනසුන් ද, පහන් සිතින් අවංක වූ රහතුන් වෙත පිදීය.
“චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං.
එසේම තුදුස්වක පසළොස්වක අටවක යන දිනයන්හිද පාටිහාරිය පක්ෂයෙහි ද (මහා පවාරණයෙන් පසළොස් දිනක් ගතවනතුරු අටසිල් සමාදන්ව රැකීය.
“උපොසථං උපවසී, සදා සීලෙසු සංවුතො; සංයමා සංවිභාගා ච, සො විමානස්මි මොදතී”ති.
මෙසේ උපොසථ සීලය රකිමින් සංවර වූ හෙතෙම සංවිභාග කොට දන් දුන්නේය. ඒ හේතුවෙන් මෙම විමානයෙහි දිව්‍ය සම්පත් විඳිමින් සතුටු වෙති.
තත්ථ උදයමාදිච්චොති උග්ගච්ඡන්තො ආදිච්චො. සාවත්ථියන්ති කස්සපබුද්ධකාලෙ සාවත්ථිනගරෙ එකො ගහපති දානපති අහොසි. සො එතානි පුඤ්ඤානි කත්වා ඉමං සම්පත්තිං පත්තොති.
එහි උදය මාදිච්චොති උදාවෙන හිරු මෙන් යනුයි. සාවත්තියතෙති කසුප් බුදුසස්න පැවැති කල සැවැත් නුවරයි.
එවං තෙන ඉමෙසං අට්ඨන්නං විමානානං කථිතකාලෙ සක්කො දෙවරාජා “මාතලි, අතිවිය චිරායතී”ති අපරම්පි ජවනදෙවපුත්තං පෙසෙසි. සො වෙගෙන ගන්ත්වා ආරොචෙසි. සො තස්ස වචනං සුත්වා “න සක්කා ඉදානි චිරායිතු”න්ති චතූසු දිසාසු එකප්පහාරෙනෙව බහූනි විමානානි දස්සෙසි. රඤ්ඤා ච තත්ථ සම්පත්තිං අනුභවන්තානං දෙවපුත්තානං කතකම්මං පුට්ඨො ආචික්ඛි.
මෙසේ ඔහු විසින් එම විමාන අට පිළිබඳ විස්තර ගෙනහැර දක්වන විට සක්දෙව් රජ මාතලී කල් ඉක්මවීයැයි වෙනත් අතිවේගී (ඉඳුබල ඇති) දෙව්පුතෙකුද යැවීය. එවිට මාතලී දෙව්පුත් කල්යැවීම සුදුසු නොවේ යැයි එක් පැදවීමකින්ම බොහෝ විමානයක් දැක්වීය. රජතුමා ද එහි සම්පත් විඳින්නවුන්ගේ කුසල කර්ම විමසන්නේ මෙසේ කීය.
“වෙහායසාමෙ බහුකා, ජාතරූපස්ස නිම්මිතා; දද්දල්ලමානා ආභෙන්ති, විජ්ජුවබ්භඝනන්තරෙ.
වෙහාසයාමෙ බහුකා ජාත රූපස්ස නිම්මිතා, දද්දල්ලමානා ආහෙන්ති විජ්ජුවබ්භ ඝනන්තරෙ
රුවනින් නිමැවුණු අහස්හි පිහිටි මේ බොහෝ විමානයෝ මේ කුළු අතර විදුලිය සමූහයක් මෙන් දිලිසෙමින් බබළති.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමෙ නු මච්චා කිමකංසු සාධුං, යෙ මොදරෙ සග්ගපත්තා විමානෙ.
සාරථිය, මේ විමානයන් දැකීමෙන් මට මහත් සතුටක් උපදී. මාතලී දේවසාරථිය, ඔබගෙන් අසන්නේ දෙව්ලොව උපන් යම් සත්ත්වයෝ මේ විමානයන්හි සතුටු වෙද්ද, මිනිස්ලොව සිටින කල්හි කෙබඳු පුණ්‍ය කර්මයක් කොට මෙසේ සතුටු වන්නාහුද?
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
මෙසේ ඇසූ කල්හි පුණ්යකර්මයන්ගේ විපාක දන්නා මාතලී දෙව්පුත් නොදන්නා නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.
“සද්ධාය සුනිවිට්ඨාය, සද්ධම්මෙ සුප්පවෙදිතෙ; අකංසු සත්ථු වචනං, සම්මාසම්බුද්ධසාසනෙ; තෙසං එතානි ඨානානි, යානි ත්වං රාජ පස්සසී”ති.
සුද්ධාය සුනිවිට්ටාය සද්ධම්මෙ සුප්පවෙදිතො, අකංසු සත්ථුවචනං සම්මා සම්බුද්ධ සාසනං, තෙසං එතානිඨානානි යානි ත්වං රාජ පස්සසි
සැදැහැයෙහි පිහිටා සම්මා සම්බුදුන් ගේ අනුශාසන වූ ධර්ම මාර්ගය පිළිපැද සද්ධර්මය ඉතා හොඳින් අවබෝධ කළ (සෝවාන්වලය) මේ දිව්‍ය පුත්‍රයන්ගේ විමානයන් දකින්නෙහිය.
තත්ථ වෙහායසාමෙති වෙහායසා ඉමෙ ආකාසෙයෙව සණ්ඨිතා. ආකාසට්ඨකවිමානා ඉමෙති වදති. විජ්ජුවබ්භඝනන්තරෙති ඝනවලාහකන්තරෙ ජලමානා විජ්ජු විය. සුනිවිට්ඨායාති මග්ගෙන ආගතත්තා සුප්පතිට්ඨිතාය. ඉදං වුත්තං හොති – මහාරාජ, එතෙ පුරෙ නිය්යානිකෙ කස්සපබුද්ධසාසනෙ පබ්බජිත්වා පරිසුද්ධසීලා සමණධම්මං කරොන්තා සොතාපත්තිඵලං සච්ඡිකත්වා අරහත්තං නිබ්බත්තෙතුං අසක්කොන්තා තතො චුතා ඉමෙසු කනකවිමානෙසු උප්පන්නා. එතෙසං කස්සපබුද්ධසාවකානං තානි ඨානානි, යානි ත්වං, මහාරාජ, පස්සසීති.
එහි වෙහාසයා මෙති යනු අහසයි. මේ අහසෙහිම පිහිටා ඇති බැවින් ආකාසයෙහි පිහිටි විමානයන් මේවා යැයි කියනු ලැබේ. විජ්ජු වබ්භඝනන්තරෙති ගණ වලාවන් අතර හැසිරෙන විදුලිය මෙනි යනුයි. සුනිවිට්ඨාති (අනුගමනය කළ) ධර්ම මාර්ගය කරණ කොටගෙන ධර්මයෙහි මනා වූ පිහිටීමට (නොහොත් සෝවාන් ඵලයට පැමිණියාහු යනුයි.) මෙය කියන ලද්දේ මොහු පෙර නිර්වාණගාමිනී වූ බුද්ධශාසනයෙහි පැවිදිව පිරිසිදු සිල් ඇතිව මහණදම් පුරන්නෝ සෝවාන්ඵලය සාක්ෂාත් කරගෙන රහත්භාවයට පැමිණීමට නොහැකිව එම අත්බවින් චුත වී මේ රන්විමන්හි උපන්නාහුය. එතෙසං මේ කාශ්‍යප බුද්ධශ්‍රාවකයන්ගේ තානි ඨානාති යානි ත්වං රාජ පස්සති මහරජ ඔබ ඒවා (දිව්‍ය විමානයන් දක්නා ලන්දේය යනුයි.)
එවමස්ස ආකාසට්ඨකවිමානානි දස්සෙත්වා සක්කස්ස සන්තිකං ගමනත්ථාය උස්සාහං කරොන්තො ආහ –
මෙසේ අහසෙහි පිහිටි විමානයන් දක්වා සක්දෙව් සමීපයට යාමට උත්සාහවත් වූයේ මෙසේ කීය.
“විදිතානි තෙ මහාරාජ, ආවාසං පාපකම්මිනං; අථො කල්යාණකම්මානං, ඨානානි විදිතානි තෙ; උය්යාහි දානි රාජීසි, දෙවරාජස්ස සන්තිකෙ”ති.
විදිතානි තෙ මහරාජ ආවාසං පාප කම්මිනං, අථො කල්‍යාණ කම්මානං ඨානාති විදිතානි තෙ, උය්යාහිදානි රාජසි දෙවරාජස්ස සන්තිකෙති
මහරජ, ඔබ විසින් පළමුකොට පව් කළවුන් වසන තැන් ද ඉන්පසු පින් කළවුන් වසන තැන් ද දකින ලදී. රජතුමනි, දැන් සක්දෙව් රජ සමීපයට යනු මැනවි. (මාතලී දෙව්පුත් කීය.)
තත්ථ ආවාසන්ති මහාරාජ, තයා පඨමමෙව නෙරයිකානං ආවාසං දිස්වා පාපකම්මානං ඨානානි විදිතානි, ඉදානි පන ආකාසට්ඨකවිමානානි පස්සන්තෙන අථො කල්යාණකම්මානං ඨානානි විදිතානි, ඉදානි දෙවරාජස්ස සන්තිකෙ සම්පත්තිං දට්ඨුං උය්යාහි ගච්ඡාහීති.
එහි ආවාසන්ති මහරජ, ඔබ පළමුවෙන් නිරිය වැසියන් වසන තැන් දැකගන්නා ලදී. දැන් වනාහි මේ ආකාසයෙහි පිහිටි (දිව්‍ය) විමානයන් දකින්නෙහිය. ඒවා නිසා අථො කල්යාණා කම්මානං ඨානානි විදිතානි තෙ යි දැක්වූ පරිදි යහපත් කුසල කර්මයන් විපාක දෙන තැන්ද දක්නා ලදී. දැන් සක්දෙව් රජ සමීපයෙහි සම්පත් දැකබලා ගැනීමට උත්සුක වන්න යනුයි.
විමාන කාණ්ඩය නිමියේ ය.
එවඤ්ච පන වත්වා පුරතො රථං පෙසෙත්වා සිනෙරුං පරිවාරෙත්වා ඨිතෙ සත්ත පරිභණ්ඩපබ්බතෙ දස්සෙසි. තෙ දිස්වා රඤ්ඤා මාතලිස්ස පුට්ඨභාවං ආවිකරොන්තො සත්ථා ආහ –
මෙසේ කියා රිය ඉදිරියට මෙහෙයවා මහමෙර පිරිවර කොට පිහිටි සත්කුළු පව් පෙන්වාලීය. ඒ දැක රජතුමා මාතලීගෙන් ඇසූ ආකාරය ගෙනහැර දක්වමින් බුදුහු මෙසේ වදාළ සේක.
“සහස්සයුත්තං හයවාහිං, දිබ්බයානමධිට්ඨිතො; යායමානො මහාරාජා, අද්දා සීදන්තරෙ නගෙ; දිස්වානාමන්තයී සූතං, ඉමෙ කෙ නාම පබ්බතා”ති.
සහස්සයුත්තං භයවාහිං දිබ්බංඨානං අධිට්ඨිතො, යායමානො මහාරාජ අද්දා සීදන්තරෙ නගෙ, දිස්වානාමාන්තයී සූතං ඉමෙ කෙ නාම පබ්බතාති
දහසක් අසුන් විසින් අදිනු ලබන දෙව් රියෙහි ගමන් කරන නිමිරජ තෙමේ සීදන්ත සාගරය කෙළවර පිහිටි පර්වත දුටුයේය. මේවා කිනම් පර්වතදැයි මාතලීගෙන් විමසීය.
තත්ථ හයවාහින්ති හයෙහි වාහියමානං. දිබ්බයානමධිට්ඨිතොති දිබ්බයානෙ ඨිතො හුත්වා. අද්දාති අද්දස. සීදන්තරෙති සීදාමහාසමුද්දස්ස අන්තරෙ. තස්මිං කිර මහාසමුද්දෙ උදකං සුඛුමං, මොරපිඤ්ඡමත්තම්පි පක්ඛිත්තං පතිට්ඨාතුං න සක්කොති සීදතෙව, තස්මා සො “සීදාමහාසමුද්දො”ති වුච්චති. තස්ස අන්තරෙ. නගෙති පබ්බතෙ. කෙ නාමාති කෙ නාම නාමෙන ඉමෙ පබ්බතාති.
එහි භයවාහන්ති අසුන් විසින් ඇදගෙන යනු ලබන යනුයි. දිබ්බංයානං අධිට්ඨිතොති දිව්‍ය ස්ථානයෙහි සිට යනුයි. අද්දාති යනු දැකීමයි. සීදන්තරෙති සීදන්ත මහ සයුර අතරෙහි එම සයුරෙහි ජලය ඉතා සියුම්ය. මොණරපිලක් වැටුනත් දියමත රඳා සිටීම නොවේ. ජලයෙහි සියුම් බව නිසාය. එනිසා එය මහාසීදන්ත සයුර යැයි කියනු ලැබේ. ඒ අතර පර්වතයෝ පිහිටියෝය. නගෙති යනු පර්වතයි. කෙනාමාති කිනම් නම්වලින් මේ පර්වතයෝ හැඳින්වෙත්ද යනුයි.
එවං නිමිරඤ්ඤා පුට්ඨො මාතලි දෙවපුත්තො ආහ –
මෙසේ ඇසූ කල්හි මාතලී දෙව්පුත් කීහ;
“සුදස්සනො කරවීකො, ඊසධරො යුගන්ධරො; නෙමින්ධරො විනතකො, අස්සකණ්ණො ගිරී බ්රහා.
සුදස්සනො කරවීකො ඊසධරො යුගන්ධරො, නෙමින්ධරො විනතකො අස්ස කණ්ණො ගිරිබ්රහා
සුදස්සනයැ, කරවීකයැ, යුගන්ධරයැ, නෙමින්දරයැ, විනතකයැ අස්සකණ්ණයැ යන මොවුහු රුක් ගොමුවලින් ගහණ වූ සප්තකූල පර්වතයෝය.
“එතෙ සීදන්තරෙ නගා, අනුපුබ්බසමුග්ගතා; මහාරාජානමාවාසා, යානි ත්වං රාජ පස්සසී”ති.
එතෙ සීදන්තරෙනගා අනුපුබ්බ සමුග්ගතා, මහාරාජාන මාවාසා යාති ත්වං රාජ පස්සසී
සීදන්ත සයුරෙහි පිළිවෙළින් උඩට නැගී ඇත්තා වූ, මහරජ ඔබ දකින මේ පර්වතයෝ සතරවරම් දෙව්මහ රජවරුන්ගේ වාසස්ථානයෝ වන්නාහුය.
තත්ථ සුදස්සනොති අයං, මහාරාජ, එතෙසං සබ්බබාහිරො සුදස්සනො පබ්බතො නාම, තදනන්තරෙ කරවීකො නාම, සො සුදස්සනතො උච්චතරො. උභින්නම්පි පන තෙසං අන්තරෙ එකොපි සීදන්තරමහාසමුද්දො. කරවීකස්ස අනන්තරෙ ඊසධරො නාම, සො කරවීකතො උච්චතරො. තෙසම්පි අන්තරෙ එකො සීදන්තරමහාසමුද්දො. ඊසධරස්ස අනන්තරෙ යුගන්ධරො නාම, සො ඊසධරතො උච්චතරො. තෙසම්පි අන්තරෙ එකො සීදන්තරමහාසමුද්දො. යුගන්ධරස්ස අනන්තරෙ නෙමින්ධරො නාම, සො යුගන්ධරතො උච්චතරො. තෙසම්පි අන්තරෙ එකො සීදන්තරමහාසමුද්දො. නෙමින්ධරස්ස අනන්තරෙ විනතකො නාම, සො නෙමින්ධරතො උච්චතරො. තෙසම්පි අන්තරෙ එකො සීදන්තරමහාසමුද්දො. විනතකස්ස අනන්තරෙ අස්සකණ්ණො නාම, සො විනතකතො උච්චතරො. තෙසම්පි අන්තරෙ එකො සීදන්තරමහාසමුද්දො. අනුපුබ්බසමුග්ගතාති එතෙ සීදන්තරමහාසමුද්දෙ සත්ත පබ්බතා අනුපටිපාටියා සමුග්ගතා සොපානසදිසා හුත්වා ඨිතා. යානීති යෙ ත්වං, මහාරාජ, ඉමෙ පබ්බතෙ පස්සසි, එතෙ චතුණ්ණං මහාරාජානං ආවාසාති.
එහි සුදස්සනොති මහරජ, මෙම පර්වතය හැම අතින් බැහැරට පෙනෙන ආකාරයෙන්ම සුදර්ශන පර්වතය නම් වේ. එයට පසුව ඇත්තේ (ඇතුළත) කරවීක නම් පර්වතයයි. එය සුදර්ශන පර්වතයට වඩා උස්වන්නේය. මේ දෙක අතර තමන් සීදන්ත සයුරෙහි කරවීක පර්වතයෙන් ඇතුළත ඊසධර නම් පර්වතයයි. එයින් කරවීක පර්වතය උස්වේ. මේ අතරද තවත් සීදන්ත නම් සයුරකි. ඊසධර පර්වතය ඇතුළත යුගන්ධර නම් පර්වතයි. එයින් ඊසධර පර්වතය උස්වේ. ඒ අතර තවත් සීදන්ත නම් සයුරකි. යුගන්ධර පර්වතය ඇතුළතින් නෙමින්ධර නම් පර්වතය පිහිටා ඇත. මෙයින් යුගන්ධර පර්වත උස් වේ. ඒ අතර තවත් සීදන්ත නම් සාගරයකි. ඉන් අනතුරුව ඇත්තේ විනතක නම් පර්වතයයි. එය නෙමින්ද පර්වතයට වඩා උස්වේ. ඒ අතරද තවත් සීදන්ත නම් සයුරකි. විනතක පර්වතයට අනතුරුව අස්සකණ නම් පර්වතය පිහිටා ඇත. එය විනතක පර්වතයට වඩා උන්වේ. ඒ අතර තවත් සීදන්ත නම් සයුරකි. අනුපුබ්බ සමුග්ගතාති එකම සීදන්ත සයුරෙහි සක්කුළු පව් අනුපිළිවෙළින් උඩට නැගී සෝපාන පෙළක් මෙන් පිහිටියේය. යානීති මෙහි යම් පර්වත සමූහයක් යනුයි. මහරජ, ඔබ මෙහි කිසියම් පර්වත සමූහයක් දක්නේද ඒවාට සතරවරම් දෙව් මහරජවරු අධිගෘහිත වන්නෝය.
එවමස්ස චාතුමහාරාජිකදෙවලොකං දස්සෙත්වා පුරතො රථං පෙසෙත්වා තාවතිංසභවනස්ස චිත්තකූටද්වාරකොට්ඨකං පරිවාරෙත්වා ඨිතා ඉන්දපටිමා දස්සෙසි. තං දිස්වා රාජා පුච්ඡි, ඉතරොපිස්ස බ්යාකාසි.
මෙසේ චාතුර්මහා රාජික දෙව්ලෝ දක්වා රිය ඉදිරිය මෙහෙයවා තව්තිසා භවනයෙහි චිත්‍රකූට කොටු දොරෙහි (දෙපස) පිරිවර කොට නෙළා ඇති ඉන්දු දෙවියාගේ (ශක්‍රයාගේ) ප්රතිමාවන් දැක්වීය. ඒවා දුටු රජතුමා කුමන ප්රතිමාදැයි අසා මෙසේ කීය;
“අනෙකරූපං රුචිරං, නානාචිත්රං පකාසති; ආකිණ්ණං ඉන්දසදිසෙහි, බ්යග්ඝෙහෙව සුරක්ඛිතං.
අනෙක රූපං රුචිරං නානාචිත්රං පකාසති, ආකිණ්ණං ඉන්දුසදිසෙහි ව්යග්ඝෙහෙව සුරක්ඛිතං
සිත්කළු නොයෙක් රූපවලින් යුත් විවිධ චිත්‍ර පැහැදිලිව පෙනේ. සිංහ, ව්‍යාඝ්‍රයන් අරක්ගත් ශක්‍රයාගේ රූපයට බඳු රූප පෙනේ.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමං නු ද්වාරං කිමභඤ්ඤමාහු, මනොරමං දිස්සති දූරතොව.
සාරථිය, මෙය දැල්ලෙන් මට සතුට උපදී. මාතලී දේව සාරථිය, ඔබගෙන් අසන්නේ මේ දොරටු කිනම් යැයි කියත්ද? (මේ දොරටු හඳුන්වන්නේ කුමන නමින්ද)
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි මාතලී දෙව්පුත් නිමිරජුට මෙසේ ප්‍රකාශ කළේය.
“‘චිත්රකූටො’ති යං ආහු, දෙවරාජපවෙසනං; සුදස්සනස්ස ගිරිනො, ද්වාරඤ්හෙතං පකාසති.
චිත්තකූටොති යංආහු දෙවරාජ පවෙසනං, සුදස්සනස්ස ගිරිනො ද්වාරංහෙතං පකාසති
සක්දෙව් රජු ඇතුල්වන පිටවන චිත්‍රකූට නමින් හැඳින්වෙන සුදර්ශන පර්වතයේ දොරටුව එසේ පෙනෙන්නේ ය.
“අනෙකරූපං රුචිරං, නානාචිත්රං පකාසති; ආකිණ්ණං ඉන්දසදිසෙහි, බ්යග්ඝෙහෙව සුරක්ඛිතං; පවිසෙතෙන රාජීසි, අරජං භූමිමක්කමා”ති.
අනෙකරූපං රුචිරං නානාචිත්රං පකාසති, ආකිණ්ණං ඉන්ද සදිසෙහි ව්යග්ඝෙනිහෙව සුරක්ඛිතං, පවිසෙ තෙන රාජසි අජරං භූමි මක්කමාති
නොයෙක් සිත්කළු රත්නයන්ගෙන් විසිතුරු වූ නොයෙක් දේවරූප ඇති, සිංහ, ව්‍යාඝ්‍රයන්ගෙන් වනයක් මෙන් සක්දෙවිඳුට සමාන ප්රතිමාවන්ගෙන් ගැවසීගත් මෙම දොරටුවෙන් අතිපාරිශුද්ධ (රන් රුවන් ආදියෙන් ගැවසී ගත් භූමිය ඇති බැවින් දූවිලි ආදියෙන් තොර වූ නිසා) භූමියට දිව්‍ය රථයෙන් ගමන් කරනු මැනවි.
තත්ථ අනෙකරූපන්ති අනෙකජාතිකං. නානාචිත්රන්ති නානාරතනචිත්රං. පකාසතීති කිං නාම එතං පඤ්ඤායති. ආකිණ්ණන්ති සම්පරිපුණ්ණං. බ්යග්ඝෙහෙව සුරක්ඛිතන්ති යථා නාම බ්‍යග්ඝෙහි වා සීහෙහි වා මහාවනං, එවං ඉන්දසදිසෙහෙව සුරක්ඛිතං. තාසඤ්ච පන ඉන්දපටිමානං ආරක්ඛණත්ථාය ඨපිතභාවො එකකනිපාතෙ කුලාවකජාතකෙ (ජා· 1.1.31) වුත්තනයෙන ගහෙතබ්බො. කිංමභඤ්ඤමාහූති කින්නාමං වදන්ති. පවෙසනන්ති නික්ඛමනප්පවෙසනත්ථාය නිම්මිතං. සුදස්සනස්සාති සොභනදස්සනස්ස සිනෙරුගිරිනො. ද්වාරං හෙතන්ති එතං සිනෙරුමත්ථකෙ පතිට්ඨිතස්ස දසසහස්සයොජනිකස්ස දෙවනගරස්ස ද්වාරං පකාසති, ද්වාරකොට්ඨකො පඤ්ඤායතීති අත්ථො. පවිසෙතෙනාති එතෙන ද්වාරෙන දෙවනගරං පවිස. අරජං භූමිමක්කමාති අරජං සුවණ්ණරජතමණිමයං නානාපුප්ඵෙහි සමාකිණ්ණං දිබ්බභූමිං දිබ්බයානෙන අක්කම, මහාරාජාති.
එහි අනෙක රූපන්ති නොයෙක් වර්ගයන්ය. නානා චිත්රන්ති නොයෙක් රුවනින් විසිතුරු වූ යනුයි. පකාසතීති කුමක් මෙයින් ප්‍රකාශ වන්නේ ද යනුයි. ආකිණ්ණංති වටකොට හාත්පසින් ගැවසී ගත් බවයි. ව්යග්ඝෙනිභෙව සුරක්ඛිතන්ති යම් සේ සිංහ ව්‍යාඝ්‍රයන්ගෙන් මහා වනයක් (රැකෙන්ද) යම්සේ වන්නේ ද? එසේම එම දෙව්ලොව ඉන්ද්රයාගෙන් මෙන් රැකුනේ වේ. ඒ නිසා මේ ඉන්ද්‍ර ප්‍රතිමා ආරක්ෂාව සඳහා තැබුණේ වේ. ඒකක නිපාතයෙහි කුලාවක ජාතකයෙහි කීවාක් මෙනි. කිමභිඤ්ඤමාහූති කෙබඳු නමකින් හඳුන්වන්නේද යනුයි. පවෙසනන්ති නික්ම යෑමට හා පිවිසීමට සෑදු (දොරටුව) යනුයි. සුදස්සනස්සාති යනු මහමෙරයි. (සුදස්සන පර්වතයයි) දවාරං හෙතන්ති මෙසේ මහමෙර මුදුනෙහි පිහිටි දස දහසක් යොදුන් (දිගු පුළුලැති) දෙව්නුවරෙහි දොරටුව ගැන කී සේයි. වාසල් දොරටුව (නගරයට ඇතුළුවන ප්‍රධාන දොරටුව) ගැන මෙයින් කියවේ යනු අදහසයි. පවිසෙතෙනාති මේ දොරින් දෙව්නුවරට පිවිසි බවයි. අජරං භූමිකම්මාති (දූවිලි ආදියෙන් තොර) රන් රිදී හා මැණික්මය වූ නොයෙක් කුසුමින් ගැවැසුණු දිව්‍ය භූමියට (දිව්‍ය නගරයට) දිව්‍ය යානයෙන් ඇතුල්වන්න යනුයි.
එවඤ්ච පන වත්වා මාතලි රාජානං දෙවනගරං පවෙසෙසි. තෙන වුත්තං –
මෙසේ කියා මාතලී දෙව්පුත් රජතුමා දෙව්නුවරට පිවිසෙව්වේය. ඒ සඳහා කියන ලදී.
“සහස්සයුත්තං හයවාහිං, දිබ්බයානමධිට්ඨිතො; යායමානො මහාරාජා, අද්දා දෙවසභං ඉද”න්ති.
සහස්ස යුත්තං හයවාහිං දිබ්බං යානං අධිට්ඨිතො, යායමානො මහාරාජා අද්දාදෙවසභං ඉදං
දහසක් අසුන් යෙදූ දිව්‍ය යානාවෙහි සිටිමින් ගමන් කළ) රජතුමා (සුධර්මා) නම් දිව්‍යසභාව දුටුවේය.
සො දිබ්බයානෙ ඨිතොව ගච්ඡන්තො සුධම්මාදෙවසභං දිස්වා මාතලිං පුච්ඡි, සොපිස්ස ආචික්ඛි.
හෙතෙම දෙව්රියෙහි සිට ගමන් කරන්නේ සුධර්මා දිව්‍ය සභාව දැක මාතලී රියදුරුගෙන් මෙසේ ඇසීය. ඔහුද පැහැදිලි කර දුන්නේය.
“යථා සරදෙ ආකාසෙ, නීලොභාසො පදිස්සති; තථූපමං ඉදං බ්යම්හං, වෙළුරියාසු නිම්මිතං.
සරත් කල්හි නිල් අහස යම්සේ පෙනේ ද එසේ, වෙරළුමිණියෙන් මේ විමානය නිමවන ලද්දේය.
“විත්තී හි මං වින්දති සූත දිස්වා, පුච්ඡාමි තං මාතලි දෙවසාරථි; ඉමං නු බ්යම්හං කිමභඤ්ඤමාහු, මනොරමං දිස්සති දූරතොව.
මාතලී දේව සාරථිය මේ විමානය දැක මට මහත් සතුටක් උපදී. දේව සාරථිය, ඔබගෙන් අසන්නේ මේ විමානය කිනම් වන්නේ ද යනුයි.
“තස්ස පුට්ඨො වියාකාසි, මාතලි දෙවසාරථි; විපාකං පුඤ්ඤකම්මානං, ජානං අක්ඛාසිජානතො.
එසේ ඇසූ කල්හි නිමිරජුට මෙසේ විස්තර කළේය.
“‘සුධම්මා’ ඉති යං ආහු, පස්සෙසා දිස්සතෙ සභා; වෙළුරියාරුචිරා චිත්‍රා, ධාරයන්ති සුනිම්මිතා.
සුධම්මං ඉති යමාහු පස්සෙසා දිස්සතෙසභා, වෙළුරියා රුචිරා චිත්‍ර චාරයන්ති සුනිම්මිතා
සුධර්මා දිව්‍ය සභාව යැයි යමක් හැඳින්වීද වෛධූර්යයෙන් කරන ලද නොයෙක් රත්නයෙන් විසිතුරු වූ මනාව නිමවුණු මේ සභාව පෙනේ.
“අට්ඨංසා සුකතා ථම්භා, සබ්බෙ වෙළුරියාමයා; යත්ථ දෙවා තාවතිංසා, සබ්බෙ ඉන්දපුරොහිතා.
අට්ඨසා සුකතා ථම්භා සබ්බෙ වෙළුරියා මයා, යත්ථදෙවා තාවතිංසා සබ්බෙ ඉන්ද පුරොහිතා
අටැස් වූ මැනවින් කැටයම් කරන ලද වෙරළුමිණි ස්ථම්භයන්ගෙන් යුතු යම් දේව සභාවක ඉන්දු (සක්දෙවි) ගේ ප්රමාණත්වයෙන් තව්තිසා වැසි සියලු දෙවියෝ (රැස්වෙත්ද?)
“අත්ථං දෙවමනුස්සානං, චින්තයන්තා සමච්ඡරෙ; පවිසෙතෙන රාජීසි, දෙවානං අනුමොදනන්ති.
අත්ථං දෙව මනුස්සානං විනයන්තො සමච්ඡරෙ, පවිසෙතෙන රාජිසි දෙවානං අනුමොදනං
දෙවි මිනිසුන්ගේ යහපත සිතන්නාහු (දෙවියෝ) එක්රැස්ව සතුට පවතින්නා වූ තැනට පිවිසෙනු මැනවි.
තත්ථ ඉදන්ති නිපාතමත්තං, දෙවසභං අද්දසාති අත්ථො. පස්සෙසාති පස්ස එසා. වෙළුරියා රුචිරාති රුචිරවෙළුරියා. චිත්රාති නානාරතනවිචිත්රා. ධාරයන්තීති ඉමං සභං එතෙ අට්ඨංසාදිභෙදා සුකතා ථම්භා ධාරයන්ති. ඉන්දපුරොහිතාති ඉන්දං පුරොහිතං පුරෙචාරිකං කත්වා පරිවාරෙත්වා ඨිතා දෙවමනුස්සානං අත්ථං චින්තයන්තා අච්ඡන්ති. පවිසෙතෙනාති ඉමිනා මග්ගෙන යත්ථ දෙවා අඤ්ඤමඤ්ඤං අනුමොදන්තා අච්ඡන්ති, තං ඨානං දෙවානං අනුමොදනං පවිස.
එහි ඉදන්ති යනු නිපාතයකි. දේව සභාව දුටුවේය යන්න සඳහා යෙදුණි. පස්සෙසාති මෙය බලව යනුයි. වෙළුරියා රුචිරාති සිත් ඇදගන්නා වෛඪූර්ය මැණික්ය, චිත්රාති නානාවිධ වූ රත්නයන්ගෙන් කළ විසිතුරුකම්ය. ධාරන්තීති මේ සභාව අටැස් වූ මනාකොට නිමවන ලද ස්ථම්භයන්ගෙන් දරා සිටින බවයි. ඉන්ද්රපුරෝහිතාති ශක්‍ර දේවේන්ද්‍රයා පෙරටු කොටගෙන පිරිවරා ගත් දෙවියෝ දෙවි මිනිසුන්ට යහපත සිතන්නේ මෙහි කල් ගෙවති. පටිසෙතානාති මේ ආකාරයෙන් දෙවියෝ ඔවුනොවුන් සතුටු වන්නෝ ද එම දේව සභාවට සතුටින් පිවිසෙන්න යනුයි.
දෙවාපි ඛො තස්සාගමනමග්ගං ඔලොකෙන්තාව නිසීදිංසු. තෙ “රාජා ආගතො”ති සුත්වා දිබ්බගන්ධවාසපුප්ඵහත්ථා යාව චිත්තකූටද්වාරකොට්ඨකා පටිමග්ගං ගන්ත්වා මහාසත්තං දිබ්බගන්ධමාලාදීහි පූජයන්තා සුධම්මාදෙවසභං ආනයිංසු. රාජා රථා ඔතරිත්වා දෙවසභං පාවිසි. දෙවා ආසනෙන නිමන්තයිංසු. සක්කොපි ආසනෙන චෙව කාමෙහි ච නිමන්තෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
දෙවියෝ වනාහි ඔහුගේ (නිමිරජුගේ) පැමිණි ම බලාපොරොත්තුවෙන් සිටියාහුය. ඔහු එම දෙවිවරු) රජතුමා පැමිණියේ යැයි ඇසූ සැනින් දිව්‍යමය ගඳ සුවඳ මල්ගත් අත් ඇතිව චිත්‍රකූට කොටු දොර වෙත පෙරගමන් කොට මහසත් හට සුවඳමල් ආදියෙන් උපහාර දක්වා සුධර්මා දිව්‍ය සභාව වෙත කැඳවාගෙන ආවේය. රජතුමා රියෙන් බැස දේව සභාව වෙත පියනැගීය. එහිදී දෙවිවරු එතුමාට ආසන පැවැරීමෙන්ම පිළිගැනීම් කළාහුය. (තම තමන්ගේ ආසනය පිළිගන්නා ලෙස ඇරයුම් කළ බවයි.) සක්දෙවි ආසනය පැවැරීමෙන් හා කාම සම්පත් විඳීමට කළ ඇරයුමෙන් ද පිළිගැනීම කළේය. මේ බව දැක්වීම සඳහා ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තං දෙවා පටිනන්දිංසු, දිස්වා රාජානමාගතං; ස්වාගතං තෙ මහාරාජ, අථො තෙ අදුරාගතං; නිසීද දානි රාජීසි, දෙවරාජස්ස සන්තිකෙ.
තං දෙවා පටිනන්දිංසු දිස්වාරාජාන මාගතං, ස්වාගතං තෙම්හාරාජ අථොතෙ අදුරාගතං [missing pali]
එහි සැපත් (නිමි) රජු දැක දෙවියෝ සතුටට පැමිණියාහුය. මහරජ, ඔබගේ පැමිණීම ඉතා යහපති. එය අපට ඉතා සමීපය. (දෙවියන්ට නිමි රජුගේ පැමිණීම ඉතා සුහද පැමිණීමක් වූ බවයි.) මහරජ, දැන් සක්දෙව් රජ සමීපයෙහි හුන මැනවි.
“සක්කොපි පටිනන්දිත්ථ, වෙදෙහං මිථිලග්ගහං; නිමන්තයිත්ථ කාමෙහි, ආසනෙන ච වාසවො.
මියුලු නුවර වාසස්ථාන කොට ඇති වේදේහ රජු දැක සක්දෙව් රජු ද සතුටු විය. සක්දෙව් රජ කම් සැපතින් ද, අසුනෙන් ද නිමිරජහු පැවැරිය. (තම අසුන පිළිගෙන කැමැති දේ භුක්ති විඳින ලෙස කී බවයි.)
“සාධු ඛොසි අනුප්පත්තො, ආවාසං වසවත්තිනං; වස දෙවෙසු රාජීසි, සබ්බකාමසමිද්ධිසු; තාවතිංසෙසු දෙවෙසු, භුඤ්ජ කාමෙ අමානුසෙ”ති.
[missing pali] වස දෙවෙසු රාජිසි සබ්බකාම සමිද්ධිසු, තාවතිංසෙසු දෙවෙසු භුඤ්ජකාම අමානුසෙති
දෙවියන් වෙසෙන තැනට ඔබගේ පැමිණීම ඉතා යහපත් දෙයකැයි කීය. සියලු කම්සැපතින් අනූන දෙව්ලොව වසනු මැනවි. තව්තිසා වැසි දෙවියන්ට ඇති, මිනිසුන් ළඟ නැති කාම සම්පත් අනුභව කළ මැනවැයි කීය.
තත්ථ පටිනන්දිංසූති සම්පියායිංසු, හට්ඨතුට්ඨාව හුත්වා සම්පටිච්ඡිංසු. සබ්බකාමසමිද්ධිසූති සබ්බෙසං කාමානං සමිද්ධියුත්තෙසු.
එහි පටිනන්දංසුති ප්‍රියමනාපව පිළිගත්තාහුය. තුටු පහටුව පිළිගත්තාහුය. සබ්බ කාම සමිද්ධිසුති සියලුම දිව්‍ය සම්පත්වලින් සමෘද්ධිමත් බවයි.
එවං සක්කෙන දිබ්බකාමෙහි චෙව ආසනෙන ච නිමන්තිතො රාජා පටික්ඛිපන්තො ආහ –
මෙසේ සක්දෙවිඳු විසින් සියලු කාමසම්පත් අනුභව කරන්නට ඇරැයුම් කළ කල්හි රජතුමා ඒවා පිළිකෙව් කරමින් මෙසේ කීහ;
“යථා යාචිතකං යානං, යථා යාචිතකං ධනං; එවං සම්පදමෙවෙතං, යං පරතො දානපච්චයා.
යථා යාචීකතං යානං තථා යාචීකතං ධනං, එවං සම්පද මෙවෙතං යංපරතො දාන පච්චයා
ඉල්වාගත් යානය යම්සේ වන්නේ ද ඉල්ලාගත් ධනයද එසේමය. අනුන්ගේ දානප්රත්ය (අනුන්ගෙන් ඉල්ලාගත් දාන ද්‍රව්‍ය) ද එසේමය. ඉල්ලාගත් දානයෙහි ආකාරය එසේය.
“න චාහමෙතමිච්ඡාමි, යං පරතො දානපච්චයා; සයංකතානි පුඤ්ඤානි, තං මෙ ආවෙණිකං ධනං.
නචාහං මෙතං ඉච්ඡාමි පරතො දාන පචචයා, සයං කතානි පුඤ්ඤානිතංමෙ ආවෙණියං ධනං
අනුන්ගේ දාන ප්‍රත්‍යයෙන් ලද යමක් ඇද්ද එය මම නොකැමැත්තෙමි. මා කළ යම්කිසි පුණ්යකර්මයෝ ඇද්ද එය මාගේ ආවේණික ධනය වන්නේය.
“සොහං ගන්ත්වා මනුස්සෙසු, කාහාමි කුසලං බහුං; දානෙන සමචරියාය, සංයමෙන දමෙන ච; යං කත්වා සුඛිතො හොති, න ච පච්ඡානුතප්පතී”ති.
සොහං ගන්වා මනුස්සෙසු කාහාමි කුසලංබහුං, දානෙන සම චරියාය සංයමෙන දමෙනච, යං කත්වා සුඛිතො හොති නචපච්ඡානු තප්පති
ඒ මම මිනිස් ලොවට ගොස් බොහෝ කුසල් කරමි. දන්දීමෙන් ද, සමචර්යාවෙන් ද, සිල් රැකීමෙන් ද, ඉන්ද්රිය දමනයෙන් ද යම්කිසි දෙයක් කොට සුවපත් වේද, පසුතැවීමක් නැද්ද එබඳු බොහෝ කුසල්දහම් කරමි.
තත්ථ යං පරතො දානපච්චයාති යං පරතො තස්ස පරස්ස දානපච්චයා තෙන දින්නත්තා ලබ්භති, තං යාචිතකසදිසං හොති, තස්මා නාහං එතං ඉච්ඡාමි. සයංකතානීති යානි පන මයා අත්තනා කතානි පුඤ්ඤානි, තමෙව මම පරෙහි අසාධාරණත්තා ආවෙණිකං ධනං අනුගාමියධනං. සමචරියායාති තීහි ද්වාරෙහි සමචරියාය. සංයමෙනාති සීලරක්ඛණෙන. දමෙනාති ඉන්ද්රියදමෙන.
එහි යං පරතොදාන පච්චයා යම් දාන වස්තුවක් අන්‍යයන්ට අයත් වේද, එය අන් සතු දාන වස්තුවකි. එය ලබාගෙන (ඉල්වාගෙන) දීමෙන් යම් පිනක් සිදු වුවත් එය සිඟමනක් හා සමානය. ඒ නිසා මම එබන්දක් නොකැමැත්තෙමි යනුයි. සයං කතානීති යනු යම් පුණ්‍යකර්මයක් මා විසින්ම කරනු ලැබුවේද (මගේ ධනයෙන්ම කරනු ලැබුවේද) එය මට අන්‍යයන් කෙරෙහි අසාධාරණ වූවක් වන්නේය. (එයට අන්‍යයන් සම්බන්ධ නොවූ බැවින් මාගේ ආවේණික ධනයෙන් කළ පුණ්‍ය කර්මයක් වන්නේය.) සමචරියාතීති තිදොරින් සම වූ පැවැතුම් ඇති බවයි. සඤ්ඤමෙනාති සිල් රැකීමෙන් යනුයි. දමෙනාති ඉන්ද්රිය දමනයෙන් යනුයි.
එවං මහාසත්තො දෙවානං මධුරසද්දෙන ධම්මං දෙසෙසි. ධම්මං දෙසෙන්තොයෙව මනුස්සගණනාය සත්ත දිවසානි ඨත්වා දෙවගණං කොසෙත්වා දෙවගණමජ්ඣෙ ඨිතොව මාතලිස්ස ගුණං කථෙන්තො ආහ –
මෙසේ මහසත් දෙවියන්ට මිහිරි හඬින් ධර්මදේශනා කළහ. ධර්මය දේශනා කරන්නේ මිනිස්ලොව දින ගණනින් සත්දිනක් ඉක්මවීය. මෙසේ ධර්මදේශනා කොට දෙවියන් සතුටුකොට දෙවියන් මැද සිටම මාතලී දිව්‍ය පුත්‍රයාගේ ගුණ මෙසේ කීය.
“බහූපකාරො නො භවං, මාතලි දෙවසාරථි; යො මෙ කල්යාණකම්මානං, පාපානං පටිදස්සයී”ති.
බහූපකාරො නො භවං, මාතලී දෙවසාරථි, යො මෙ කල්‍යාණ කම්මානං, පාපානි පටිදස්සයිති
යමෙක් පින් කළ සත්ත්වයින් වෙසෙන තැන් ද පව්කළ සත්ත්වයින් වෙසෙන තැන් ද මට පෙන්වී ද ඒ මේ මාතලී දෙව් රියදුරු මට මහත් උපකාර ඇත්තෙක් විය.
තත්ථ යො මෙ කල්යාණකම්මානං, පාපානං පටිදස්සයීති යො එස මය්හං කල්යාණකම්මානං දෙවානඤ්ච ඨානානි පාපකම්මානං නෙරයිකානඤ්ච පාපානි ඨානානි දස්සෙසීති අත්ථො.
එහි යොමෙ කල්‍යාණ කම්මානං පාපානි පටිදස්සයිති මේ තැනැත්තේ පුණ්යකර්ම කළ දෙවියන් වෙසෙන තැන්ද පාපකර්ම කළ නෙරයික (අපාගත) සතුන් වසන තැන්ද පෙන්වීය යනු අර්ථයි.
ඉක්බිති නිමි රජතුමා සක්දෙවිඳු අමතා මහරජ, මම මිනිස් ලොව යාමට කැමැත්තෙමියි කීවේය.
සග්ගකණ්ඩං නිට්ඨිතං.
අථ රාජා සක්කං ආමන්තෙත්වා “ඉච්ඡාමහං, මහාරාජ, මනුස්සලොකං ගන්තු”න්ති ආහ. සක්කො “තෙන හි, සම්ම මාතලි, නිමිරාජානං තත්ථෙව මිථිලං නෙහී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා රථං උපට්ඨාපෙසි. රාජා දෙවගණෙහි සද්ධිං සම්මොදිත්වා දෙවෙ නිවත්තාපෙත්වා රථං අභිරුහි. මාතලි රථං පෙසෙන්තො පාචීනදිසාභාගෙන මිථිලං පාපුණි. මහාජනො දිබ්බරථං දිස්වා “රාජා නො ආගතො”ති පමුදිතො අහොසි. මාතලි මිථිලං පදක්ඛිණං කත්වා තස්මිංයෙව සීහපඤ්ජරෙ මහාසත්තං ඔතාරෙත්වා “ගච්ඡාමහං, මහාරාජා”ති ආපුච්ඡිත්වා සකට්ඨානමෙව ගතො. මහාජනොපි රාජානං පරිවාරෙත්වා “කීදිසො, දෙව, දෙවලොකො”ති පුච්ඡි. රාජා දෙවතානඤ්ච සක්කස්ස ච දෙවරඤ්ඤො සම්පත්තිං වණ්ණෙත්වා “තුම්හෙපි දානාදීනි පුඤ්ඤානි කරොථ, එවං තස්මිං දෙවලොකෙ නිබ්බත්තිස්සථා”ති මහාජනස්ස ධම්මං දෙසෙසි.
එසේනම් මාතලිය, නිමි රජතුමා මිනිස්ලොව වෙත ගෙන යන්නැයි සක්දෙවිඳු කීහ. ඔහු යහපතැයි පිළිගෙන රථය ළඟට ගෙනාවේය. රජතුමා දෙවියන් සමග සතුටු සාමීචියෙහි යෙදී, දෙවියන් (නවතින්නැයි) වලක්වාලමින් සිටියදී රථයට නැංගේය. මාතලී දෙව්පුත් රිය පදවන්නේ පෙරදිගින් මිථිලා නුවරට සපැමිණියේය. මහජනයා දිව්‍ය රථය දැක අපගේ රජතුමා පැමිණෙන්නේයැයි එය ප්‍රමුදිත වූහ. මාතලී දෙව්පුත් (රථයෙන්) මිථිලා නුවර පැදකුණු කොට එම සීමැදුරු කවුළුව වෙතම (රජතුමා පිටත්ව ගිය) මහසත් බස්වා මහරජ, මම යන්නෙමැ’යි කියා තමන් වසන තැනටම ගියේය. මහජනයා රජතුමා වටකරගෙන දේවයිනි, දෙලොව කුමන ආකාරයදැයි පිළිවිසූහ. රජතුමා දෙවියන්ගේද සක්දෙවිඳුගේ ද පින්බලෙන් ලද සම්පත් වර්ණනා කොට ඔබලා දානාදි පින්කම් කරන්න. එසේ කොට දෙව්ලොව උපදින්න යැයි දහම් දෙසීය.
සො අපරභාගෙ කප්පකෙන පලිතස්ස ජාතභාවෙ ආරොචිතෙ පලිතං සුවණ්ණසණ්ඩාසෙන උද්ධරාපෙත්වා හත්ථෙ ඨපෙත්වා කප්පකස්ස ගාමවරං දත්වා පබ්බජිතුකාමො හුත්වා පුත්තස්ස රජ්ජං පටිච්ඡාපෙසි. තෙන ච “කස්මා, දෙව, පබ්බජිස්සසී”ති වුත්තෙ –
හෙතෙම (නිමි රජතුමා) පසුකලෙක කපුවා විසින් පැසුණු කෙස් හටගෙන ඇතැයි කී කල්හි පැසුණු කෙස්ගස ගෙන පසෙක තබා කපුවාට (කරණවෑමියාට) ගම්වරක් තෑගිකොට දී පැවිදිවනු කැමැතිව පුතුට රාජ්‍යය පවරාලීය. මෙසේ පැවිදිවීමට කරුණු කිම්දැයි පුතු විසින් ඇසූ කල්හි (මුලින් දැක්වූ),
“උත්තමඞ්ගරුහා මය්හං, ඉමෙ ජාතා වයොහරා; පාහුභූතා දෙවදූතා, පබ්බජ්ජාසමයො මමා”ති. –
[missing pali]
ගාථං වත්වා පුරිමරාජානො විය පබ්බජිත්වා තස්මිංයෙව අම්බවනෙ විහරන්තො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකූපගො අහොසි. තස්සෙවං පබ්බජිතභාවං ආවිකරොන්තො සත්ථා ඔසානගාථමාහ –
‘උත්තමංගරූහාමය්හං’ යන ගාථාව කියා, පෙර රජදරුවන් මෙන් පැවිදි වී (එනුවර) අඹ වනයෙහි ම වැස සතර බ්‍රහ්ම විහරණයන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා) වඩා බඹලොව උපන්නේය. ඔහුගේ පැවිදිවීම ගැන සඳහන් කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“ඉදං වත්වා නිමිරාජා, වෙදෙහො මිථිලග්ගහො; පුථුයඤ්ඤං යජිත්වාන, සංයමං අජ්ඣුපාගමී”ති.
ඉදංවත්වා නිමිරාජා වෙදෙහො මිථිලග්ගහො, පුථුයඤ්ඤං යජිත්වාන සඤ්ඤමං අජ්ඣුපාගමීති
වේදේහ රටට අධිපතිව මියුලුනුවර වැසි නිමි රජතුමා මෙසේ කියා (උත්තමංගරූහාමය්හං යනාදි ගාථාව) බොහෝ දන් දී සීල සංයමයට පැමිණියේය.)
තත්ථ ඉදං වත්වාති “උත්තමඞ්ගරුහා මය්හ”න්ති ඉමං ගාථං වත්වා. පුථුයඤ්ඤං යජිත්වානාති මහාදානං දත්වා. සංයමං අජ්ඣුපාගමීති සීලසංයමං උපගතො.
එහි ඉදංවත්වාති යනු ‘උත්තමංගරුහාමය්හං (=මාගේ හිසෙහි නරකෙසක් පහළවිය යනාදී ගාථාව) කියා යනුයි. පුථුයඤ්ඤං යජිත්වානාති මහදන් පවත්වා යනුයි. සඤ්ඤමං අජ්ඣුපාගමිතී සීලසංයමයට පැමිණි බවයි.
පුත්තො පනස්ස කාළාරජනකො නාම තං වංසං උපච්ඡින්දි.
මොහුගේ පුතා (නිමි රජුගේ) කළාරජනක නම් වේ. හෙතෙම වංස පරම්පරාව කඩාබිඳ දමා පැවිදි නොවීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො මහාභිනික්ඛමනං නික්ඛන්තොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි “තදා සක්කො අනුරුද්ධො අහොසි, මාතලි ආනන්දො, චතුරාසීති ඛත්තියසහස්සානි බුද්ධපරිසා, නිමිරාජා පන අහමෙව සම්මාසම්බුද්ධො අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොව පෙරද තථාගතයන් වහන්සේ මහබිනික්මන් කළේයැයි වදාරා මේ නිමි ජාතකය නිමවා වදාළ සේක. එදා සක්දෙවිනම් අනුරුද්ධ මහතෙරහුය. මාතලී දෙව්පුත් ආනන්ද ස්ථවිරයෝය. අසූහාරදාහක් වූ පිරිස බුදු පිරිසයි. නිමිරජු වූයේ මම ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.
නිමිජාතකවණ්ණනා චතුත්ථා.
නිමි ජාතකය නිමියේ ය.