5. චන්දකුමාරජාතකවණ්ණනා 542 අට්ඨකථා
5. චන්දකුමාරජාතකවණ්ණනා (542)
5. ඛණ්ඩහාල ජාතකය (542)
රාජාසි ලුද්දකම්මොති ඉදං සත්ථා ගිජ්ඣකූටෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. තස්ස වත්ථු සඞ්ඝභෙදකක්ඛන්ධකෙ ආගතමෙව. තං තස්ස පබ්බජිතකාලතො පට්ඨාය යාව බිම්බිසාරරඤ්ඤො මරණා තත්ථාගතනයෙනෙව වෙදිතබ්බං. තං පන මාරාපෙත්වා දෙවදත්තො අජාතසත්තුං උපසඞ්කමිත්වා “මහාරාජ, තව මනොරථො මත්ථකං පත්තො, මම මනොරථො තාව න පාපුණාතී”ති ආහ. “කො පන තෙ, භන්තෙ, මනොරථො”ති? “නනු දසබලං මාරෙත්වා බුද්ධො භවිස්සාමී”ති. “අම්හෙහෙත්ථ කිං කාතබ්බ”න්ති? “මහාරාජ, ධනුග්ගහෙ සන්නිපාතාපෙතුං වට්ටතී”ති. “සාධු, භන්තෙ”ති රාජා අක්ඛණවෙධීනං ධනුග්ගහානං පඤ්චසතානි සන්නිපාතාපෙත්වා තතො එකතිංස ජනෙ උච්චිනිත්වා ථෙරස්ස සන්තිකං පාහෙසි. සො තෙසං ජෙට්ඨකං ආමන්තෙත්වා “ආවුසො සමණො ගොතමො ගිජ්ඣකූටෙ විහරති, අසුකස්මිං නාම දිවාට්ඨානෙ චඞ්කමති. ත්වං තත්ථ ගන්ත්වා තං විසපීතෙන සල්ලෙන විජ්ඣිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා අසුකෙන නාම මග්ගෙන එහී”ති වත්වා පෙසෙත්වා තස්මිං මග්ගෙ ද්වෙ ධනුග්ගහෙඨපෙසි “තුම්හාකං ඨිතමග්ගෙන එකො පුරිසො ආගමිස්සති, තං තුම්හෙ ජීවිතා වොරොපෙත්වා අසුකෙන නාම මග්ගෙන එථා”ති, තස්මිං මග්ගෙ චත්තාරො පුරිසෙ ඨපෙසි “තුම්හාකං ඨිතමග්ගෙන ද්වෙ පුරිසා ආගමිස්සන්ති, තුම්හෙ තෙ ජීවිතා වොරොපෙත්වා අසුකෙන නාම මග්ගෙන එථා”ති, තස්මිං මග්ගෙ අට්ඨ ජනෙ ඨපෙසි “තුම්හාකං ඨිතමග්ගෙන චත්තාරො පුරිසො ආගමිස්සන්ති, තුම්හෙ තෙ ජීවිතා වොරොපෙත්වා අසුකෙන නාම මග්ගෙන එථා”ති, තස්මිං මග්ගෙ සොළස පුරිසෙ ඨපෙසි “තුම්හාකං ඨිතමග්ගෙන අට්ඨ පුරිසා ආගමිස්සන්ති, තුම්හෙ තෙ ජීවිතා වොරොපෙත්වා අසුකෙන නාම මග්ගෙන එථා”ති.
රජාසි ලුද්ද කම්මාති යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වැඩවසද්දී දෙව්දත් තෙරුන් අරබයා දේශනා කළ සේක. එහි නිදාන කතාව සංඝභේද කන්දකයෙහි ආ පිළිවෙලමය. එය ඔහුගේ (දෙව්දත්හුගේ) පැවිදි වීමේ සිට බිම්බිසාර රජතුමාගේ මරණය දක්වා වූ පරිදි දතයුතුය. බිම්සර රජු මරණයට පමුණුවා දෙව්දත් අජාසත් කරා එළඹ මෙසේ කීය. මහරජ, ඔබගේ මනෝරථය ඉටු විය. මගේ මනෝරථය තවම ඉටු නොවීය. ‘ස්වාමීනි, ඔබගේ මනෝරථය කිමෙක්දැ’යි විමසූ කල්හි බුදුන් මරා බුදුවීම යැ’යි කී. ‘මා විසින් එයට කුමක් කළ යුතුදැ’යි ඇසූ කල්හි දුනුවායන් රැස්කර දෙනු’වැයි කීවිට, අකුණුසරින් (අක්ෂවේදී) විදීමට සමත් පන්සියයක් දුනුවායන් රැස්කරවා ඔවුනතුරෙන් වඩා දස්කම් ඇති එක් තිස්දෙනෙකු තෝරා, තෙරුන් කී දෙයක් කරන්නැයි දෙව්දත් වෙත යැවීය. හෙතෙම දෙටු දුනුවායා අමතා ‘සගය, සමණ ගොයුම්හි ගිජුකුළු පව්වෙහි වෙසෙති. අසවල් වේලෙහි දිවාකල සක්මනෙහි යෙදෙති. තෝ එහි ගොස් විසපෙවූ හීයකින් විද දිවි තොරකොට අසවල් මගින් එන්නැයි නියමකොට යවා එමඟ දුනුවායන් දෙදෙනෙකු සිටුවා තොප සිටින මගින් එක් පුරුෂයෙක් පැමිණෙනු ඇත. තොප ඔහුගේ දිවි තොරතොට අසවල් මගින් පැමිණෙව් යැයි කියා නියම කළේය. එමග දුනුවායන් දෙදෙනෙකු සිටුවා, තොප සිටින මඟ කිසියම් මිනිසුන් දෙදෙනෙකු පැමිණෙන්නේය. තොප ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවුයැයි නියමකොට තැබීය. එම (සතරදෙනා) එන මග දුනුවායන් අටදෙනෙකු සිටුවා, තොප සිටින මගින් පුරුෂයෝ සිව්දෙනෙක් පැමිණෙති. තොප ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවුයැයි නියමකොට කීය. ඔවුන් එන මග දුනුවායන් සොළොස් දෙනෙකු සිටුවා තොප සිටින මගෙහි පුරුෂයෝ අටදෙනෙක් පැමිණෙති. තෙපි ඔවුන්ගේ දිවි තොරකොට අසවල් මගින් එවුයැයි නියමකොට යෙදවීය.
කස්මා පනෙස එවමකාසීති? අත්තනො කම්මස්ස පටිච්ඡාදනත්ථං. අථ සො ජෙට්ඨකධනුග්ගහො වාමතො ඛග්ගං ලග්ගෙත්වා පිට්ඨියා තුණීරං බන්ධිත්වා මෙණ්ඩසිඞ්ගමහාධනුං ගහෙත්වා තථාගතස්ස සන්තිකං ගන්ත්වා “විජ්ඣිස්සාමි න”න්ති සඤ්ඤාය ධනුං ආරොපෙත්වා සරං සන්නය්හිත්වා ආකඩ්ඪිත්වා විස්සජ්ජෙතුං නාසක්ඛි. සො සරං ඔරොපෙතුම්පි අසක්කොන්තො ඵාසුකා භිජ්ජන්තියො විය මුඛතො ඛෙළෙන පග්ඝරන්තෙන කිලන්තරූපො අහොසි, සකලසරීරං ථද්ධං ජාතං, යන්තෙන පීළිතාකාරප්පත්තං විය අහොසි. සො මරණභයතජ්ජිතො අට්ඨාසි. අථ නං සත්ථා දිස්වා මධුරස්සරං නිච්ඡාරෙත්වා එතදවොච “මා භායි භො, පුරිස, ඉතො එහී”ති. සො තස්මිං ඛණෙ ආවුධානි ඡඩ්ඩෙත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා “අච්චයො මං, භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, ස්වාහං තුම්හාකං ගුණෙ අජානන්තො අන්ධබාලස්ස දෙවදත්තස්ස වචනෙන තුම්හෙ ජීවිතා වොරොපෙතුං ආගතොම්හි, ඛමථ මෙ, භන්තෙ”ති ඛමාපෙත්වා එකමන්තෙ නිසීදි. අථ නං සත්ථා ධම්මං දෙසෙන්තො සච්චානි පකාසෙත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා “ආවුසො, දෙවදත්තෙන ආචික්ඛිතමග්ගං අප්පටිපජ්ජිත්වා අඤ්ඤෙන මග්ගෙන යාහී”ති උය්යොජෙසි. උය්යොජෙත්වා ච පන චඞ්කමා ඔරුය්හ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
කුමක් නිසා මෙසේ කළේද? තමන් කළ දේ සඟවාගැනීම පිණිසය. ඉක්බිති ඒ දෙටු දුනුවායා වමතින් කඩුවක් දරා හියවුර පිටෙහි එල්වාගෙන මැඩහඟු දුන්න (මෙණ්ඩක සිංග) අතින් ගෙන සර්වඥයන් වහන්සේ නුදුරට ගොස් බුදුන් විදිමියි සිතා දුන්නෙහි දුනුදිය නගා ඊය ඉඳුවා ගෙන ඊය අසුර ගල්වන්නට අසමත් විය. මුළු සිරුර යතක ලා (යන්ත්‍රයක දමා) පෙළන්නා සේ තදව ගියේය. හෙතෙම මරණ බියෙන් තැතිගෙන සිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහු දැක මධුරස්වර විහිදුවා බිය නොවන්න මෙහි එන්න යැයි වදාළ සේක. එවේලෙහි ඔහු ආයුධ විසිකර දමා අඥාන බැවින් මුලාවට පැමිණ අකුසල් හේතුවෙන් මා විසින් වරද ඉක්මවා යන ලදී. ඔබවහන්සේගේ ගුණය නොදැන අඥාන වූ දෙව්දත්ගේ වචන අසා ඔබවහන්ගේ දිවි තොරකිරිම පිණිස ආවෙමි. ස්වාමීනි, මට සමාවන්නැයි කියා සමාව ගෙන එකත්පසෙක සිටියේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහු හට චතුරාර්ය සත්‍යය දේශනා කොට දෙව්දත් කී මග නොයා අනෙක් මගෙකින් යන්නැයි කියා යැවූ සේක. ඔහු පිටත්කර යවා සක්මනින් බැස එක් ගසක් මුල වැඩහුන් සේක.
අථ තස්මිං ධනුග්ගහෙ අනාගච්ඡන්තෙ ඉතරෙ ද්වෙ ජනා “කිං නු ඛො සො චිරායතී”ති පටිමග්ගෙන ගච්ඡන්තා දසබලං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදිංසු. සත්ථා තෙසම්පි ධම්මං දෙසෙත්වා සච්චානි පකාසෙත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා “ආවුසො, දෙවදත්තෙන කථිතමග්ගං අප්පටිපජ්ජිත්වා ඉමිනා මග්ගෙන ගච්ඡථා”ති උය්යොජෙසි. ඉමිනා උපායෙන ඉතරෙසුපි ආගන්ත්වා නිසින්නෙසු සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා අඤ්ඤෙන මග්ගෙන උය්යොජෙසි. අථ සො පඨමමාගතො ජෙට්ඨකධනුග්ගහො දෙවදත්තං උපසඞ්කමිත්වා “භන්තෙ, දෙවදත්ත අහං සම්මාසම්බුද්ධං ජීවිතා වොරොපෙතුං නාසක්ඛිං, මහිද්ධිකො සො භගවා මහානුභාවො”ති ආරොචෙසි. තෙ සබ්බෙපි “සම්මාසම්බුද්ධං නිස්සාය අම්හෙහි ජීවිතං ලද්ධ”න්ති සත්ථු සන්තිකෙ පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. අයං පවත්ති භික්ඛුසඞ්ඝෙ පාකටා අහොසි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො දෙවදත්තො කිර එකස්මිං තථාගතෙ වෙරචිත්තෙන බහූ ජනෙ ජීවිතා වොරොපෙතුං වායාමමකාසි, තෙ සබ්බෙපි සත්ථාරං නිස්සාය ජීවිතං ලභිංසූ”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො මං එකකං නිස්සාය මයි වෙරචිත්තෙන බහූ ජනෙ ජීවිතා වොරොපෙතුං වායාමං අකාසියෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
ඉක්බිති එම දුනුවායා නොඑන බව දුටු අනෙක් දෙදෙනා මොහුගේ ප්‍රමාදය කිමෙක්දැයි විමසමින් ඉදිරියට යන්නාහු පෙරමගට යන්නාහු බුදුන් දැක එළඹ වැඳ එකත්පසෙක සිටියාහුය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ද චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. ඔවුහු ද සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. ඔවුන් ද දෙව්දත් කී මගින් නොයවා මේ මගින් යන්නයැයි වෙනත් මගකින් පිටත්කර යැවූ සේක. මේ ආකාරයෙන් අනෙක් සියළු දුනුවායන් ද ශාස්තෲන් වහන්සේ කරා පැමිණි කල්හි දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටුවා වෙනත් මංවලින් පිටත්කර යැවූ සේක. ඉක්බිති ඒ පළමු දුනුවායා දෙව්දත් කරා එළඹ ස්වාමීනි, දේවදත්තයනි, සම්මා සම්බුදුන්ගේ ජීවිතය නැසීමට නොහැකියැයි දන්වා සිටියේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මහානුභාව ඇත්තෝයැයි දන්වා සිටියේය. පසුව ඒ සියලු දෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපි දිවි ලැබුවෙමුයි ශාස්තෲන් වහන්සේ වෙත පැවිදිව අර්හත් භාවයට පැමිණියාහුය. මෙපුවත භික්ෂූන් අතර ප්‍රකට විය. භික්ෂූන් දම්සභා මණ්ඩපයෙහි රැස්ව හිඳ ‘ඇවැත්නි, දේවදත්ත ස්ථවිරයෝ එකම සර්වඥයන් වහන්සේ කෙරෙහි වෛරයෙන් බොහෝදෙනා මැරවීමට උත්සාහ කළේය. ඒ සියලු දෙනා ශාස්තෲන් වහන්සේ නිසා දිවි ලදැයි යනාදී වශයෙන් කතා කරමින් සිටියාහුය. ශාස්තෲන් වහන්සේ එහි වැඩමකොට, මහණෙනි, මා එන්නට පෙර කිනම් කතාවකින් යුක්තව සිටියාහුදැයි අසා, මෙනම් කතාවකින්යැයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරද දෙව්දත් වෛරයෙන් බැඳී, එක් අයෙක් වූ මා නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත නැසීමට උත්සාහ ගත්තේ යැයි කියා, අතීත කතාව ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතෙ අයං බාරාණසී පුප්ඵවතී නාම අහොසි. තත්ථ වසවත්තිරඤ්ඤො පුත්තො එකරාජා නාම රජ්ජං කාරෙසි, තස්ස පුත්තො චන්දකුමාරො නාම ඔපරජ්ජං කාරෙසි. ඛණ්ඩහාලො නාම බ්රාහ්මණො පුරොහිතො අහොසි. සො රඤ්ඤො අත්ථඤ්ච ධම්මඤ්ච අනුසාසි. තං කිර රාජා “පණ්ඩිතො”ති විනිච්ඡයෙ නිසීදාපෙසි. සො ලඤ්ජවිත්තකො හුත්වා ලඤ්ජං ගහෙත්වා අසාමිකෙ සාමිකෙ කරොති, සාමිකෙ ච අසාමිකෙ. අථෙකදිවසං එකො අඩ්ඩපරාජිතො පුරිසො විනිච්ඡයට්ඨානා උපක්කොසෙන්තො නික්ඛමිත්වා රාජුපට්ඨානං ආගච්ඡන්තං චන්දකුමාරං දිස්වා ධාවිත්වා තස්ස පාදෙසු නිපතිත්වා රොදි. සො “කිං, භො පුරිස, රොදසී”ති ආහ. “සාමි, ඛණ්ඩහාලො විනිච්ඡයෙ විලොපං ඛාදති, අහං තෙන ලඤ්ජං ගහෙත්වා පරාජයං පාපිතො”ති. චන්දකුමාරො “මා භායී”ති තං අස්සාසෙත්වා විනිච්ඡයං නෙත්වා සාමිකමෙව සාමිකං, අසාමිකමෙව අසාමිකං අකාසි. මහාජනො මහාසද්දෙන සාධුකාරමදාසි. රාජා තං සුත්වා “කිංසද්දො එසො”ති පුච්ඡි. “චන්දකුමාරෙන කිර අඩ්ඩො සුවිනිච්ඡිතො, තත්ථෙසො සාධුකාරසද්දො”ති. තං සුත්වා රාජා තුස්සි. කුමාරො ආගන්ත්වා තං වන්දිත්වා එකමන්තං නිසීදි. අථ නං රාජා “තාත, එකො කිර තෙ අඩ්ඩො විනිච්ඡිතො”ති ආහ. “ආම, දෙවා”ති. “තෙන හි, තාත, ඉතො පට්ඨාය ත්වමෙව විනිච්ඡයං පට්ඨපෙහී”ති විනිච්ඡයං කුමාරස්ස අදාසි.
යටගිය දවස බරණැස් නුවර පුෂ්පවතී නම් විය. එනුවර වසවර්ති නම් රජුගේ පුත් වූ ඒකරාජ නම් රජු රාජ්‍ය විචාරන්නේය. ඔහු පුත් චන්ද කුමාරයා උපරජ තනතුර දැරීය. ඛණ්ඩහාල නම් බමුණා පුරෝහිත විය. හෙතෙම රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්ය. රජතුමා ඔහු පණ්ඩිතයෙකැයි සිතා අධිකරණ කටයුතු සඳහා යෙදවීය. ඒ ඛණ්ඩහාල නම් පුරෝහිතයා අත්ලස් ධනය කොට සලකා අත්ලස් ගෙන හිමියන් අහිමියන් කෙරෙයි. අහිමියන් හිමියන් කෙරෙයි. එක් දවසක් යුක්තියෙන් පැරැදී පුරුෂයෙකු අධිකරණ ශාලාවෙන් මුරගාගෙන නික්මෙන්නේ රාජසේවයට යන්නා වූ චන්ද කුමාරයන්ගේ පාමුල වැඳ වැටුනේය. එකල්හි ඒ කුමාරයෝ පින්වත් වූ පුරුෂය, මේ කිමෙක්දැයි කිවූය. ස්වාමීනි, ඛණ්ඩහාල බමුණා විනිශ්චය මණ්ඩලයෙහි කොල්ලකන්නේ ය. මම ඔහු විසින් අල්ලස් ගෙන පරාජයට පමුණුවන ලද්දෙමියි කීය. එකල්හි කුමාරයෝ තෝ නොබවයි ඔහු අස්වසා විනිශ්චය මණ්ඩලයට කැඳවාගෙන ගොස් යුක්ති විචාරා හිමි තැනැත්තහු හිමි කළහ. මහජනයා මහත්කොට සාධුකාර දුන්නාහුය. රජතුමා එය අසා ඒ කිනම් ශබ්දයක්දැයි ඇසීය. චන්ද කුමාරයන් විසින් ඛණ්ඩහාල බ්‍රාහ්මණයා නපුරුකොට විචාරණ ලද්දා වූ යුක්තිය මනාකොට විචාළ හෙයින් එතැන්හි පැවැත්වූ සාධුකාර ශබ්දය යැයි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ එපවත් අසා කුමාරයා පැමිණ වැඳ සිටි කල්හි, දරුව, තොප විසින් එක් යුක්තියක් විචාරා පසිඳනා ලද්දේදැයි විචාළහ. එසේය ස්වාමීනියි කී කල්හි ‘එසේ නම් මෙතැන් පටන් තෙපිම යුක්ති විචාරවයි’ විනිශ්චය මණ්ඩල නායක කොට තැබීය.
තතො පට්ඨාය ඛණ්ඩහාලස්ස ආයො පච්ඡිජ්ජි. සො තතො පට්ඨාය කුමාරෙ ආඝාතං බන්ධිත්වා ඔකාසං ගවෙසන්තො අන්තරාපෙක්ඛො විචරි. සො පන රාජා මන්දපඤ්ඤො. සො එකදිවසං රත්තිභාගෙ සුපිත්වා පච්චූසසමයෙ සුපිනන්තෙ අලඞ්කතද්වාරකොට්ඨකං, සත්තරතනමයපාකාරං, සට්ඨියොජනිකසුවණ්ණමයවාලුකමහාවීථිං, යොජනසහස්සුබ්බෙධවෙජයන්තපාසාදපටිමණ්ඩිතං නන්දනවනාදිවනරාමණෙය්යකනන්දාපොක්ඛරණිආදිපොක්ඛරණිරාමණෙය්යකසමන්නාගතං ආකිණ්ණදෙවගණං තාවතිංසභවනං දිස්වා පබුජ්ඣිත්වා තත්ථ ගන්තුකාමො චින්තෙසි – “ස්වෙ ආචරියඛණ්ඩහාලස්සාගමනවෙලාය දෙවලොකගාමිමග්ගං පුච්ඡිත්වා තෙන දෙසිතමග්ගෙන දෙවලොකං ගමිස්සාමී”ති ඛණ්ඩහාලොපි පාතොව න්හත්වා භුඤ්ජිත්වා රාජුපට්ඨානං ආගන්ත්වා රාජනිවෙසනං පවිසිත්වා රඤ්ඤො සුඛසෙය්යං පුච්ඡි. අථස්ස රාජා ආසනං දාපෙත්වා පඤ්හං පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එතැන් පටන් ඛණ්ඩහාල බමුණාගේ අය නැතිව ගියේය. හෙතෙම එතැන් පටන් කුමාරයා කෙරෙහි ආඝාතයක් බැඳගෙන වරදක් සොයමින් කල් යැවීය. ඒ ඒකරාජනම් රජ්ජුරුවෝ මහා මුග්ධයෝය. ඒ රජ්ජුරුවෝ එක් දවසක් අළුයම් සමයෙහි සිහිනයක් දකින්නාහු මනාකොට සරසන ලද දොරටු ඇති සත්රුවන්මය වූ පවුරු ඇති සැටයොදුන් පමණ වූ සුදර්ශන නම් මහා වීථියෙන් හෙබි දහසක් යොදුන් උසැති වෛජයන්ත ප්‍රාසාද පංතියෙන් හෙබියා වූ නන්දන වනය වැනි නොයෙක් උයන් පෙළින් සිත්කළු වූ නන්දා පොකුණ වැනි සිත්කළු පොකුණු පෙළින් රමණීය වූ දේව සමූහයාගෙන් ගැවසීගත් තව්තිසා දෙව්ලොව දැක එහි යනු කැමැති සිතැතිව අනුන් ඇදුරු වූ ඛණ්ඩහාල බමුණා රාජසේවයට පැමිණි කල්හි දෙව්ලෝ යන මග අසා දැන ඔහු විසින් පෙන්වා දෙන මගින් දෙව්ලොව යමියි සිතමින් උන්නේය. ඛණ්ඩහාල බමුණාද උදෑසනම රාජසේවය පැමිණියාහු රජු සුවසේ නිදාගත්තේ දැයි විමසීය. ඉක්බිති රජ්ජුරුවෝ ඕ හට ඉඳිනා අස්නක් දෙවා ප්‍රශ්නයක් ඇසීය. ඒ බව දක්වනු වස් ශාස්තෲන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“රාජාසි ලුද්දකම්මො, එකරාජා පුප්ඵවතීයා; සො පුච්ඡි බ්රහ්මබන්ධුං, ඛණ්ඩහාලං පුරොහිතං මූළ්හං.
රාජාසි ලුද්දකම්මො එකරාජාති පුප්ඵවතියා, සො පුච්ඡි බ්රහ්මබන්ධු ඛණ්ඩහාලං පුරොහිතං මූළ්හං
පෙර පුෂ්පවතී නම් නුවර රුදුරු පාපකර්ම ඇති එකරාජ යයි ප්‍රසිද්ධ රජෙක් විය. හෙතෙම ඛණ්ඩහාල නම් වූ මෝඩ පෙරෙවි බමුණාගෙන් මෙසේ ඇසීය.
“සග්ගාන මග්ගමාචික්ඛ, ත්වංසි බ්‍රාහ්මණ ධම්මවිනයකුසලො; යථා ඉතො වජන්ති සුගතිං, නරා පුඤ්ඤානි කත්වානා”ති.
සග්ග මග්ග මාචික්ඛ ත්වංසි බ්‍රහ්මණ ධම්ම විනය කුසලො, යථා ඉතො වජන්ති සුගතිං කරා පුඤ්ඤානි කත්වානාති
බ්‍රාහ්මණය, ඔබ සුචරිත ධර්මයෙහි ද ආචාර සම්පන්නද වන්නෙහිය. යම්සේ සත්ත්වයෝ කුසල් කිරීමෙන් මෙලොවින් ස්වර්ගයට පැමිණෙද්ද, එසේ යන සුගති මාර්ගය මට දක්වන්නැ’යි කීවේය.
තත්ථ රාජාසීති රාජා ආසි. ලුද්දකම්මොති කක්ඛළඵරුසකම්මො. සග්ගාන මග්ගන්ති සග්ගානං ගමනමග්ගං. ධම්මවිනයකුසලොති සුචරිතධම්මෙ ච ආචාරවිනයෙ ච කුසලො. යථාති යථා නරා පුඤ්ඤානි කත්වා ඉතො සුගතිං ගච්ඡන්ති, තං මෙ සුගතිමග්ගං ආචික්ඛාහීති පුච්ඡි.
එහි රාජාසීති රජෙක් විසුවේය යනුයි. ලුද්දකම්මොති කර්කශ සැඩපරුෂ කියාය. සග්ගමග්ගන්ති ස්වර්ගයට මාර්ගයයි. ධම්මවිනයානු කූලොති සුචරිතයෙහිද ආචාර සම්පන්න භාවයෙන් දක්ෂ බවයි. යථාති යම් අයුරකින් මිනිසුන් පින්දහම් කොට සුගතියට යන්නේ ද එම සුගති මාර්ගය දක්වන්න යැයි විමසූ බවයි.
ඉමං පන පඤ්හං සබ්බඤ්ඤුබුද්ධං වා තස්ස සාවකෙ වා තෙසං අලාභෙන බොධිසත්තං වා පුච්ඡිතුං වට්ටති. රාජා පන යථා නාම සත්තාහං මග්ගමූළ්හො පුරිසො අඤ්ඤං මාසමත්තං මග්ගමූළ්හං මග්ගං පුච්ඡෙය්ය, එවං ඛණ්ඩහාලං පුච්ඡි. සො චින්තෙසි “අයං මෙ පච්චාමිත්තස්ස පිට්ඨිදස්සනකාලො, ඉදානි චන්දකුමාරං ජීවිතක්ඛයං පාපෙත්වා මම මනොරථං පූරෙස්සාමී”ති. අථ රාජානං ආමන්තෙත්වා තතියං ගාථමාහ –
මේ පැන වනාහි සම්බුදුවරයෙකු හෝ උන්වහසේගේ ශ්‍රාවකයෙකු හෝ නැතිකලෙක බෝසත්වරයෙකුගෙන් හෝ ඇසීම සුදුසු වන්නේය. සන්දිනක් මංමුලා වූවෙක් තවත් අටමසක් මංමුලා වූවෙකුගෙන් මග අසන්නා සේ ඛණ්ඩහාල බමුණාගෙන්ම ඇසීය. බමුණාද මෙසේ සිතීය. මේ මගේ පසමිතුරු පිටුදැකීමට සුදුසු කාලයයි. චන්ද කුමරු මරණයට පත්කොට, මගේ මනදොළ සපුරා ගැනීමට මේ සුදුසු වෙලාවැයි සිතා රජු අමතා මේ තෙවැනි ගාථාව කීවේය.
“අතිදානං දදිත්වාන, අවජ්ඣෙ දෙව ඝාතෙත්වා; එවං වජන්ති සුගතිං, නරා පුඤ්ඤානි කත්වානා”ති.
අතිදානං දදිත්වාන අවජ්ඣෙ දෙවඝාතෙත්වා, එවං වජන්ති සුගතිං නරා පුඤ්ඤානි කත්වානාති
තස්සත්ථො – මහාරාජ සග්ගං ගච්ඡන්තා නාම අතිදානං දදන්ති, අවජ්ඣෙ ඝාතෙන්ති. සචෙපි සග්ගං ගන්තුකාමොසි, ත්වම්පි තථෙව කරොහීති.
එහි අදහස, මහරජ, ස්වර්ගයට යනු කැමැත්ත අතිදාන නම් වූ දානය දෙන්නේය. නොනැසිය යුත්තක් නසන්නේය. ඉදින් ස්වර්ගයට යනු කැමැත්තේ නම් තොප විසින් ද එසේ කළ යුත්තේ ය.
අථ නං රාජා පඤ්හස්ස අත්ථං පුච්ඡි –
ඉක්බිති රජතුමා මෙසේ පැනයකින් එහි අරුත් විමසීය.
“කිං පන තං අතිදානං, කෙ ච අවජ්ඣා ඉමස්මි ලොකස්මිං; එතඤ්ච ඛො නො අක්ඛාහි, යජිස්සාමි දදාමි දානානී”ති.
ඒ අතිදානය නම් කිමෙක්ද? මෙලොව නොනැසිය යුත්තෝ කවුරුද? මෙයද පැහැදිලි කර දෙන්න. යාගද කරමි. දානද දෙමි.
සොපිස්ස බ්යාකාසි –
බමුණා මෙසේ පැහැදිලි කළේය.
“පුත්තෙහි දෙව යජිතබ්බං, මහෙසීහි නෙගමෙහි ච; උසභෙහි ආජානියෙහි චතූහි, සබ්බචතුක්කෙන දෙව යජිතබ්බ”න්ති.
පුත්තෙභි දෙව යජිතබ්බං මහෙසීතිනෙගමෙහි උසභෙහි, අජානීයෙහි චතූහි සබ්බ චතුක්කෙන දෙව යජිතබ්බන්ති
මහරජ, පුත්‍රයෝය, බිසෝවරුය, සිටුවරුය, වෘෂභයෝය, අජානීය අශ්වයෝය යන මොවුන්ගෙන් සතර දෙනෙකු බැගින් ගෙන යාග කළ මැනවි. මහරජ, (එසේ) ‘සබ්බ චතුක්ක’ යාගය කළ මැනව.
රඤ්ඤො පඤ්හං බ්යාකරොන්තො ච දෙවලොකමග්ගං පුට්ඨො නිරයමග්ගං බ්යාකාසි.
මෙසේ දෙව්ලෝ මග විමසූ තැනැත්තහුට අපාය මාර්ගයම පෙන්වාලීය.
තත්ථ පුත්තෙහීති අත්තනා ජාතෙහි පියපුත්තෙහි චෙව පියධීතාහි ච. මහෙසීහීති පියභරියාහි. නෙගමෙහීති සෙට්ඨීහි. උසභෙහීති සබ්බසෙතෙහි උසභරාජූහි. ආජානියෙහීති මඞ්ගලඅස්සෙහි. චතූහීති එතෙහි සබ්බෙහෙව අඤ්ඤෙහි ච හත්ථිආදීහි චතූහි චතූහීති එවං සබ්බචතුක්කෙන, දෙව, යජිතබ්බං. එතෙසඤ්හි ඛග්ගෙන සීසං ඡින්දිත්වා සුවණ්ණපාතියා ගලලොහිතං ගහෙත්වා ආවාටෙ පක්ඛිපිත්වා යඤ්ඤස්ස යජනකරාජානො සරීරෙන සහ දෙවලොකං ගච්ඡන්ති. මහාරාජ, සමණබ්රාහ්මණකපණද්ධිකවනිබ්බකයාචකානං ඝාසච්ඡාදනාදිසම්පදානං දානමෙව පවත්තති. ඉමෙ පන පුත්තධීතාදයො මාරෙත්වා තෙසං ගලලොහිතෙන යඤ්ඤස්ස යජනං අතිදානං නාමාති රාජානං සඤ්ඤාපෙසි.
එහි පුත්තෙහීති යනු තමන්ට ජාත වූ ප්‍රිය පුතුන් ප්‍රිය දූවරුන්ය. මහෙසීහිති ප්‍රිය භාර්යාවන්ය. නෙගමෙහීති යනු සිටුවරුය. උසභෙහීති හැමඅතින්ම ධවල වූ වෘෂභයින්ය. අජානීයෙති මඟුලසුන්ය. චතූහීති මේ ආදී වූ තවත් ඇත්, අස් ආදී සිව්දෙනා බැගින් වූ සත්ත්වයින්ය. මෙසේ සබ්බ චතුක්කෙන දෙව යජතබ්බං යනු මේ සියළුදෙනාගේ ගෙළ කඩුවෙන් සිඳ රන්බඳුනකට ලේ ගෙන යාගාවාටයෙහි වත්කොට යාග කරන්නා වූ රජ්ජුරුවෝ ශරීරය හා සමග දිව්‍ය ලෝකයට යන්නේය. මහරජ, මහණ බමුණන්, සිඟන්නන්, යාචකයින්ට ආහාරපානාදිය දීම දානයම වේ. මේ අයුරින් දූදරුවන් ආදීන් මරා ඔවුන්ගේ ගෙල ලෙයින් යාග කිරීම අතිදාන නම් වන්නේයැයි කියා රජුට අවබෝධ කළේය.
ඉති සො “සචෙ චන්දකුමාරං එකඤ්ඤෙව ගණ්හිස්සාමි, වෙරචිත්තෙන කරණං මඤ්ඤිස්සන්තී”ති තං මහාජනස්ස අන්තරෙ පක්ඛිපි. ඉදං පන තෙසං කථෙන්තානං කථං සුත්වා සබ්බෙ අන්තෙපුරජනා භීතතසිතා සංවිග්ගමානහදයා එකප්පහාරෙනෙව මහාරවං රවිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ (ඛණ්ඩහාල) බමුණා ඉදින් චන්ද්‍ර කුමාරයන් පමණක් ඇල්ලූයේ නම් වෛරයෙන්ම ඇල්ලූයේ යැයි සිතන්නෝය. එබැවින් බොහෝ දෙනා අතරෙහිලා එම කුමාරයන් මරන්නට කාරණා යෙදවීය. මෙසේ ඔවුන් කරන්නා වූ කතාව අසා අන්තඃපුර ස්ත්‍රීහු බියෙත් තැතිගෙන එක්විටම මහ හඬින් හඬා වැළපුණේය. ඒ බැව් දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තං සුත්වා අන්තෙපුරෙ, කුමාරා මහෙසියො ච හඤ්ඤන්තු; එකො අහොසි නිග්ඝොසො, භික්ඛා අච්චුග්ගතො සද්දො”ති.
තංසුත්වා අන්තෙපුරෙ, කුමාරාච මහෙසියොච හඤ්ඤන්තු, එකො අහොසි නිග්ඝොසො, භෙස්මා අච්චුග්ගතො සද්දොති
රාජ කුමාරවරු ද, බිසෝවරුද නසනු ලබත්වා යන බව ඇසීමෙන් අන්තඃපුරයෙහි උස්ව නැගුණි බිහිසුණු හඬින් යුත් එකම ඝෝෂාවක් විය.
තත්ථ තන්ති “කුමාරා ච මහෙසියො ච හඤ්ඤන්තූ”ති තං සද්දං සුත්වා එකොති සකලරාජනිවෙසනෙ එකොව නිග්ඝොසො අහොසි. භිස්මාති භයානකො. අච්චුග්ගතොති අතිඋග්ගතො අහොසි, සකලරාජකුලං යුගන්තවාතප්පහටං විය සාලවනං අහොසි.
එහි තන්ති එම කුමාරයින් ද මෙහෙසිවරුන් ද නවත්වා යන ශබ්දය අසා යනුයි. එකොති මුළු රජමැදුරෙහි එකම කාලගෝට්ටියක් විය යනුයි. භෙස්මාති බියජනක බවයි. අච්චුග්ගහොති උස්ව නැගුණු හඬ යනුයි. මේ වේලාවේදී මුළු රජ මැදුර යුගාන්ත වාතයෙන් (කල්ප විනාශයෙහි පැන නගින වාතයෙන්) කැළඹුණු මහ සල් වනයක් මෙන් විය.
බ්රාහ්මණො රාජානං ආහ – “කිං පන, මහාරාජ, යඤ්ඤං යජිතුං සක්කොසි, න සක්කොසී”ති? “කිං කථෙසි, ආචරිය, යඤ්ඤං යජිත්වා දෙවලොකං ගමිස්සාමී”ති. “මහාරාජ, භීරුකා දුබ්බලජ්ඣාසයා යඤ්ඤං යජිතුං සමත්ථා නාම න හොන්ති, තුම්හෙ ඉධ සබ්බෙ සන්නිපාතෙථ, අහං යඤ්ඤාවාටෙ කම්මං කරිස්සාමී”ති අත්තනො පහොනකං බලකායං ගහෙත්වා නගරා නික්ඛම්ම යඤ්ඤාවාටං සමතලං කාරෙත්වා වතියා පරික්ඛිපි. කස්මා? ධම්මිකො හි සමණො වා බ්රාහ්මණො වා ආගන්ත්වා නිවාරෙය්යාති යඤ්ඤාවාටෙ වතියා පරික්ඛෙපනං නාම චාරිත්තන්ති කත්වා පොරාණකබ්රාහ්මණෙහි ඨපිතං. රාජාපි පුරිසෙ පක්කොසාපෙත්වා “තාතා, අහං අත්තනො පුත්තධීතරො ච භරියායො ච මාරෙත්වා යඤ්ඤං යජිත්වා දෙවලොකං ගමිස්සාමි, ගච්ඡථ නෙසං ආචික්ඛිත්වා සබ්බෙ ඉධානෙථා”ති පුත්තානං තාව ආනයනත්ථාය ආහ –
බමුණා ද රජහට කියන්නේ, කිමෙක්ද මහරජ, යාගය කිරීමට කැමතිද? නොකැමතිදැයි ඇසීය. ආචරිය, කුමක් කියන්නේ ද? යාගකොට දෙව්ලොව යමියි කීවේය. මහරජ, දුර්වල අදහස් ඇත්තහු යාග කිරීමට අසමත් වන්නේය. තොප දැන්ම (යාගයට බිලිදෙන) සියලුදෙනා මෙහි රැස්කරව. මම යාගාවාටයෙහි (බිලි දෙන්නවුන් හා බිලිපූජා පිණිස යොදන ද්‍රව්‍ය දමන ගිනිවල) කටයුතු සංවිධාන කරමියි කියා ඇතිතරම් සෙනග ගෙන නුවරින් නික්ම යාගාවාටය සමතලා කරවා වටින් වැටක් ද, බඳවාලීය. දැහැමි මහණ බමුණෙකු පැමිණ යාගය වලක්නී නම් සුදුසු නොවන්නේ යැයි කියා අවටින් වැටක් කිරී පුරාණ බමුණන් විසින් සිදුකළ සිරිතකැයි හඟවාලීය. රජුද රාජ පුරුෂයන් බණවා ‘දරුව, මම මගේ අඹුදරුවන් මරා යාගකොට දෙව්ලෝ යමි. යන්න ඔවුන්ට ඒ බව දන්වා සියල්ලෝ මෙහි රැස් කරවයි අණ කළේය.
“ගච්ඡථ වදෙථ කුමාරෙ, චන්දං සූරියඤ්ච භද්දසෙනඤ්ච; සූරඤ්ච වාමගොත්තඤ්ච, පචුරා කිර හොථ යඤ්ඤත්ථායා”ති.
ගච්ඡථ වදෙථ කුමාරෙ, චන්දං සුරියඤ්ච භද්දසෙනඤ්ච, සූරඤ්ච වාමගෙත්තං, පසුරාකිර හොථ යඤ්ඤත්ථයාති
යව චන්ද කුමාරයාද, සුරිය කුමාරයාද භද්දසේන කුමාරයාද වාමගොත්ත කුමාරයාද, සුර කුමාරයාද යන රාජ කුමාරයන්ට යාගය සඳහා එක්වී රැස්වන්නට කියව්යැයි රජ අණ කෙළේය.
තත්ථ ගච්ඡථ වදෙථ කුමාරෙති චන්දකුමාරො ච සූරියකුමාරො චාති ද්වෙ ගොතමිදෙවියා අග්ගමහෙසියා පුත්තා, භද්දසෙනො ච සූරො ච වාමගොත්තො ච තෙසං වෙමාතිකභාතරො. පචුරා කිර හොථාති එකස්මිං ඨානෙ රාසී හොථාති ආචික්ඛථාති අත්ථො.
එහි චන්ද කුමාරයා ද සුරිය කුමාරයා ද යන දෙදෙන අග මෙහෙසිය වන ගෝතමී දේවියගේ පුතුන්ය. භද්දසේන, වාමගොත්ත, සූරය යන කුමාරවරුද වෙනත් මව්වරුන්ගේ දරුවෝය. පසුරා කිරහොථාති රැස්වන්න යනුයි. එක් තැනෙක රැස්වන්න කියව යනු මෙහි අදහසයි.
තෙ පඨමං චන්දකුමාරස්ස සන්තිකං ගන්ත්වා ආහංසු “කුමාර, තුම්හෙ කිර මාරෙත්වා තුම්හාකං පිතා දෙවලොකං ගන්තුකාමො, තුම්හාකං ගණ්හනත්ථාය අම්හෙ පෙසෙසී”ති. “කස්ස වචනෙන මං ගණ්හාපෙසී”ති? “ඛණ්ඩහාලස්ස, දෙවා”ති. “කිං සො මඤ්ඤෙව ගණ්හාපෙති, උදාහු අඤ්ඤෙපී”ති. “රාජපුත්ත, අඤ්ඤෙපි ගණ්හාපෙති, සබ්බචතුක්කං කිර යඤ්ඤං යජිතුකාමො”ති. සො චින්තෙසි “තස්ස අඤ්ඤෙහි සද්ධිං වෙරං නත්ථි, ‘විනිච්ඡයෙ විලොපං කාතුං න ලභාමී’ති පන මයි එකස්මිං වෙරචිත්තෙන බහූ මාරාපෙති, පිතරං දට්ඨුං ලභන්තස්ස සබ්බෙසං තෙසං මොචාපනං නාම මම භාරො”ති. අථ නෙ රාජපුරිසෙ ආහ “තෙන හි මෙ පිතු වචනං කරොථා”ති. තෙ තං නෙත්වා රාජඞ්ගණෙ එකමන්තෙ ඨපෙත්වා ඉතරෙපි තයො ආමන්තෙත්වා තස්සෙව සන්තිකෙ කත්වා රඤ්ඤො ආරොචයිංසු “ආනීතා තෙ, දෙව, පුත්තා”ති. සො තෙසං වචනං සුත්වා “තාතා, ඉදානි මෙ ධීතරො ආනෙත්වා තෙසඤ්ඤෙව භාතිකානං සන්තිකෙ කරොථා”ති චතස්සො ධීතරො ආහරාපෙතුං ඉතරං ගාථමාහ –
ඔව්හු (ඒ රාජ පුරුෂයෝ) පළමුවෙන් චන්ද කුමාරයා සමීපයට ගොස්, ‘කුමාරයෙනි, ඔබගේ පියා ඔබ මරා දෙව්ලොව යනු කැමැත්තේය. එබැවින් ඔබවහන්සේ අල්වනු පිණිස අප එවීයැ’යි කීවාහුය. කවරෙකුගේ කීමෙන් මා අල්වන්නේද? කුමාරයා ඇසීය. දේවයනි, ඛණ්ඩහාලගේ කීම අනුව යැයි රාජපුරුෂයෝ පිළිතුරු දුන්හ. එසේනම් වෙනත් අයත් එසේ අල්ලාගනු ලබන්නේද? එසේය, අන්‍යයන් ද අල්ලාගැනීමට නියමකොට ඇත. කුමර තෙම සිතන්නේ බමුණාට වෙනත් අය සමග වෛරයක් නැත. අධිකරණයෙහි දී කොල්ලකෑමට (වංචා කිරීමට) නොලැබීම නිසා මා කෙරෙහි බැඳි වෛරයෙන් බොහෝ දෙනෙකු මරවන්නේ ය. පියා බැහැදැකීමට ඉඩ ලැබෙන මට සියළු දෙනා මුදවාගැනීමේ වගකීම පැවරේ යැයි, තොප තොපගේ කාර්ය කරව්යි කීය. රාජපුරුෂයෝ ඔහු අල්වාගෙන අවුත් රජමිදුලෙහි එක්තැනෙක සිටුවා අනෙක් පුතුන් සියලු දෙනාද ගෙනවුත් ඔවුන් සමීපයෙහි සිටුවා රජතුමා වෙත ගොස් රජතුමනි, ඔබගේ පුතුන් අල්වාගෙන ආම්හයි කීවාහුය. රජු ඔවුන්ගේ වචන අසා දරුවනි, මගේ දූවරු අල්වාගෙන අවුත් ඔවුන් සමීපයෙහිම සිටුවව් යැයි වෙනත් ගාථාවක් කීය.
“කුමාරියොපි වදෙථ, උපසෙනං කොකිලඤ්ච මුදිතඤ්ච; නන්දඤ්චාපි කුමාරිං, පචුරා කිර හොථ යඤ්ඤත්ථායා”ති.
කුමාරියොපි වදෙථ උපසෙනිං කෝකලං මුදිතං, නන්දඤ්චාපි කුමාරිං පසුරා කිරහොථ යඤ්ඤත්ථායාති
උපසේනය, කෝකිලාය. මුදිතායැ, නරිද කුමාරියැ යන රාජ කුමාරිකාවන්ටද යාගයට එක්තැන්ව රැස්වන්නට කියවයි රජ අණ කෙළේය.
තෙ “එවං කරිස්සාමා”ති තාසං සන්තිකං ගන්ත්වා තා රොදමානා පරිදෙවමානා ආනෙත්වා භාතිකානඤ්ඤෙව සන්තිකෙ කරිංසු. තතො රාජා අත්තනො භරියානං ගහණත්ථාය ඉතරං ගාථමාහ –
එම රාජපුරුෂයෝ ද ‘එසේය කරමු’ යි එම කුමාරිකාවන් සමීපයට ගොස් හඬන, වැළපෙන ඔවුන් අල්වා ගෙනවුත් සහෝදරයින් සිටි තැනම සිටුවාලූහ. ඉක්බිති රජතුමා තම පිය බිරියන් අල්වාගෙන එනු සඳහා මෙසේ ගාථාවක් කීවේය;
“විජයම්පි මය්හං මහෙසිං, එරාවතිං කෙසිනිංසුනන්දඤ්ච; ලක්ඛණවරූපපන්නා, පචුරා කිර හොථ යඤ්ඤත්ථායා”ති.
විජයම්පි මය්හං මහෙසිං එරාවතිං කෙසනිං සුනන්දඤ්ච, ලක්ඛණා විරූපන්නා පසුරා තිරහොථ යඤ්ඤත්ථායාති
මාගේ විජයා මෙහෙසිය ද, ඒරාවතී ද කෙසිනී ද සුනන්දා ද යන උතුම් ස්ත්‍රී ලක්ෂණයෙන් යුක්ත වූ මෙහෙසිවරුන්ටද යාගයට එක්තැන්ව රැස් වන්න කියවයි රජ අණ කළේය.
තත්ථ ලක්ඛණවරූපපන්නාති උත්තමෙහි චතුසට්ඨියා ඉත්ථිලක්ඛණෙහි උපපන්නා එතාපි වදෙථාති අත්ථො.
එහි ලක්ඛණ විරූප පන්නාති උතුම් වූ හැටහතරක් ස්ත්‍රී ලක්ෂණවලින් යුක්ත වූ ස්ත්රීන්ට මෙසේ කියන්නේය යනු අර්ථයි.
තෙ තාපි පරිදෙවමානා ආනෙත්වා කුමාරානං සන්තිකෙ කරිංසු. අථ රාජා චත්තාරො සෙට්ඨිනො ගහණත්ථාය ආණාපෙන්තො ඉතරං ගාථමාහ –
හඬන වැළපෙන එම බිසෝවරුද ගෙනවුත් කුමාරයින් අසල සිටවූහ. ඉක්බිති රජතුමා සිටුවරු සතරදෙනා ගෙන එනු පිණිස මෙසේද කීය.
“ගහපතයො ච වදෙථ, පුණ්ණමුඛං භද්දියං සිඞ්ගාලඤ්ච; වඩ්ඪඤ්චාපි ගහපතිං, පචුරා කිර හොථ යඤ්ඤත්ථායා”ති.
ගහපතයොපි වදෙථ පුණ්ණමුඛං භද්දියං සිගාලඤ්ච, වද්ධංචාපි ගහපතිං පසුරා කිරහොථ යඤ්ඤත්ථායාති
පුණ්ණමුඛය, භද්දියයැ, සිගාලයැ, වද්ධ නම් ගහපතිය යන සිටුවරුන්ටද යාගයට එක්තැන්ව රැස්වන්නට කියවයි රජ අණ කළේය.
රාජපුරිසා ගන්ත්වා තෙපි ආනයිංසු. රඤ්ඤො පුත්තදාරෙ ගය්හමානෙ සකලනගරං න කිඤ්චි අවොච. සෙට්ඨිකුලානි පන මහාසම්බන්ධානි, තස්මා තෙසං ගහිතකාලෙ සකලනගරං සඞ්ඛුභිත්වා “රඤ්ඤො සෙට්ඨිනො මාරෙත්වා යඤ්ඤං යජිතුං න දස්සාමා”ති සෙට්ඨිනො පරිවාරෙත්වාව තෙසං ඤාතිවග්ගෙන සද්ධිං රාජකුලං අගමි. අථ තෙ සෙට්ඨිනො ඤාතිගණපරිවුතා රාජානං වන්දිත්වා අත්තනො ජීවිතං යාචිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රාජපුරුෂයෝ ගොස් ඔවුන්ද අල්වාගෙන ආහ. රජුගේ අඹුදරුවන් අල්වන කල්හි නුවරුන් කිසිවක් නොකීවාහුය. සිටුකුල මහත් ඤාති සම්බන්ධයෙන් යුතු විය. එබැවින් සිටුවරු අල්වාගත් කල මුළු නුවර කැළඹී ගියේය. රජුට සිටුවරු මරා යාග කිරීමට නොදෙමුයැයි සිටුවරු පිරිවරා ඔවුන්ගේ නෑ සමූහය සමග රජගෙදර කරා ගියෝය. ඉක්බිති ඒ සිටුවරු නෑයින් පිරිවරා රජතුමාගෙන් තමන්ට දිවි ඉල්ලූහ. ඒ බැව් දක්වනු වස් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තෙ තත්ථ ගහපතයො, අවොචිසුං සමාගතා පුත්තදාරපරිකිණ්ණා; සබ්බෙව සිඛිනො දෙව කරොහි, අථ වා නො දාසෙ සාවෙහී”ති.
තෙ තත්ථ ගහපතයො, අවොචිංසු සමාගතා පුත්තදාර පරිකිණ්ණා, සබ්බසිඛිනො දෙව කරොහි, අථවා නො දාසෙ සාවෙහීති
එහි රැස්වූ අඹුදරුවන් පිරිවැරූ ගෘහපතීහු රජුට මෙසේ කීහ. මහරජ, අප සියල්ලන් හිස්මුදුන්නේ සිළු තබා දාසභාවයට පත්කළ මැනව.
තත්ථ සබ්බෙව සිඛිනොති සබ්බෙ අම්හෙ මත්ථකෙ චූළං බන්ධිත්වා අත්තනො චෙටකෙ කරොහි, මයං තෙ චෙටකකිච්චං කරිස්සාම. අථ වා නො දාසෙ සාවෙහීති අථ වා නො අසද්දහන්තො සබ්බසෙනියො සන්නිපාතෙත්වා රාසිමජ්ඣෙ අම්හෙ දාසෙ සාවෙහි, මයං තෙ දාසත්තං පටිස්සුණිස්සාමාති.
එහි සබ්බසිඛිනොති අප සියලු දෙනාගේ හිස් මත ශිකා තබා හිස් මුඩුකොට අප දාසයන් බවට පත්කළ මැනවි. අපි ඔහුට දාස බැලමෙහෙ කරන්නෙමු යනුයි. අථවානො දාසෙ සාවෙහීති එසේ නොවී ඔබ අප කී දේ නොපිළිගන්නේ නම් සියලුම සේනාවන් රැස්කරවා ඔවුන් මැද අප දාසභාවයට පත්කළ බව අස්වනු මැනවි. අපි සියලුදෙනා ඔහුගේ දාසභාවයට පැමිණියෙමුයි ගිවිසන්නෙමු.
තෙ එවං යාචන්තාපි ජීවිතං ලද්ධුං නාසක්ඛිංසු. රාජපුරිසා සෙසෙ පටික්කමාපෙත්වා තෙ ගහෙත්වා කුමාරානඤ්ඤෙව සන්තිකෙ නිසීදාපෙසුං. තතො පන රාජා හත්ථිආදීනං ගහණත්ථාය ආණාපෙන්තො ආහ –
ඔව්හු එසේ අයැද සිටියත් දිවි ලැබීමට නොහැකි වූවාහුය. රාජපුරුෂයෝ සෙසුදෙන බැහැරකොට එම සිටුවරු අල්වාගෙන කුමාරවරු සමීපයෙහිම රැඳවූහ. එසේම රජතුමා ඇත්, අස් ආදි සතුන් ගෙන ඒම සඳහා මෙසේ කීහ.
“අභයඞ්කරම්පි මෙ හත්ථිං, නාළාගිරිං අච්චුග්ගතං වරුණදන්තං; ආනෙථ ඛො නෙ ඛිප්පං, යඤ්ඤත්ථාය භවිස්සන්ති.
අභයංකරය, නලාගිරිය, අච්චුතය, වරුණා දත්තය යන ඇතුන් වහා ගෙන එව්. ඔවුන්ද යාගය පිණිස වේ.
“අස්සරතනම්පි කෙසිං, සුරාමුඛං පුණ්ණකං විනතකඤ්ච; ආනෙථ ඛො නෙ ඛිප්පං, යඤ්ඤත්ථාය භවිස්සන්ති.
කේසිය, සුරාමුඛය, පුණ්ණකය, චින්තකය යන අශ්ව රත්නයන්ද ගෙන එව්. ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහ.
“උසභම්පි යූථපතිං අනොජං, නිසභං ගවම්පතිං තෙපි මය්හං ආනෙථ; සමූහ කරොන්තු සබ්බං, යජිස්සාමි දදාමි දානානි.
උසභම්පි යූථපතිං අනොජං, නිසභං ගවම්පතිං තෙපිමය්හං ආනෙථ, සමුපාකරොන්තු සබ්බං, යජිස්සාම දදාම දානාති
යූථපතිය, අනොජයය, නිසභය, ගවම්පතිය යන මාගේ වෘෂභයින්ද ගෙනෙවු. සියල්ල යාගයට රැස්කරත්වා. යාගය කරන්නෙමු. දන්දෙන්නෙමු.
“සබ්බං පටියාදෙථ, යඤ්ඤං පන උග්ගතම්හි සූරියම්හි; ආණාපෙථ ච කුමාරෙ, අභිරමන්තු ඉමං රත්තිං.
සබ්බං පටියාදෙථ - යඤ්ඤං පන උග්ගතම්හි සුරියම්හි, වදෙථදානි කුමාරෙ අභිරමන්තු ඉමංරත්තිං
සියල්ල පිළියෙල කරව්. ඉර උදාවූ කල යාගය කරන්නේය. මේ රාත්‍රිය තුළ අභිරමණය කරත්වායි කුමාරවරුන්ට දන්වන්න.
“සබ්බං උපට්ඨපෙථ, යඤ්ඤං පන උග්ගතම්හි සූරියම්හි; වදෙථ දානි කුමාරෙ, අජ්ජ ඛො පච්ඡිමා රත්තී”ති.
සබ්බං උපට්ඨපෙථ පනෙ උග්ගතම්හි සුරියම්හි, වදෙථදානි කුමාරෙ අජ්ජවො පුච්ඡිමා රත්ති
සියල්ල සපයව්. යාගය වනාහි හිරු උදා වූ කල උදයෙහිම කරන්නෙමි. අද තොපගේ අවසන් රාත්රියයැයි දැන් රජ කුමාරවරුන්ට කියව්.
තත්ථ සමූහ කරොන්තු සබ්බන්ති න කෙවලං එත්තකමෙව, අවසෙසම්පි චතුප්පදගණඤ්චෙව පක්ඛිගණඤ්ච සබ්බං චතුක්කං කත්වා රාසිං කරොන්තු, සබ්බචතුක්කං යඤ්ඤං යජිස්සාමි, යාචකබ්රාහ්මණානඤ්ච දානං දස්සාමීති. සබ්බං පටියාදෙථාති එවං මයා වුත්තං අනවසෙසං උපට්ඨපෙථ. උග්ගතම්හීති අහං පන යඤ්ඤං උග්ගතෙ සූරියෙ ස්වෙ පාතොව යජිස්සාමි. සබ්බං උපට්ඨපෙථාති සෙසම්පි සබ්බං යඤ්ඤඋපකරණං උපට්ඨපෙථාති.
එහි සමුපාකරොන්තු සබ්බන්ති හුදෙක් එකක්වත් අඩු නොකොට සියළු සිව්පා ගණයන්ද, පක්ෂි ගණයන්ද (යන සියලු සතුන්) සිව්දෙනා සිව්දෙනා වශයෙන් රැස්කරත්වා. සබ්බ චතුෂ්ක යාගය කරමි. යාචක බමුණන්ට දානයද දෙමි. මා විසින් මේ කියන ලද දෑ නොඅඩුව සපයව් යනුයි. උත්තම්හීති මම වනාහි යාගය එළඹි කල්හි උදෑසනම සූර්ය නමස්කාරය කරමි. සබ්බං උපට්ඨපෙථාති සෙසු සියලු යාගද්‍රව්‍ය සපයව් යනුයි.
රඤ්ඤො පන මාතාපිතරො ධරන්තියෙව. අථස්ස අමච්චා ගන්ත්වා මාතුයා ආරොචෙසුං “අය්යෙ, පුත්තො වො පුත්තදාරං මාරෙත්වා යඤ්ඤං යජිතුකාමො”ති. සා “කිං කථෙථ, තාතා”ති හත්ථෙන හදයං පහරිත්වා රොදමානා ආගන්ත්වා “සච්චං කිර එවරූපො තෙ යඤ්ඤො භවිස්සතී”ති පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජු දෙමව්පියන් කියූ බස් අදහන්නෝය. ඉක්බිති ඇමැතිවරු ගොස් මව්පියන්ට මේ බව සැලකර සිටියාහුය. ‘උතුමනි, ඔබගේ පුතු, අඹුදරුවන් මරා යාග කරමියි සැරසෙන්නේ යැයි කීවාහුය. කුමක් කියවුද දරුවනි, අත්වලින් පපුවට ගසා ගනිමින් හඬමින් අවුත්, ‘පුත, ඔබ මෙබඳු යාගයක් කරන්නට යන්නේ සැබෑදැ’යි ඇසූහ. ඒ බැව් දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තංතං මාතා අවච, රොදන්තී ආගන්ත්වා විමානතො; යඤ්ඤො කිර තෙ පුත්ත, භවිස්සති චතූහි පුත්තෙහී”ති.
තංතං මාතා අවචා - රොදන්තී ආගතා විමනතො, යඤ්ඤෙකිර සොපුත්ත භවිස්සති චතුහි පුත්තෙහීති
තමන් හුන් විමානයෙන් හඬමින් පැමිණි මෑණියෝ රජුට මෙසේ කීහ. එම්බා පුත, තොපගේ පුතුන් සිව්දෙනා රැගෙන කරන යාගයක් ඇද්දැ’යි ඇසීය.
තත්ථ තංතන්ති තං එතං රාජානං. විමානතොති අත්තනො වසනට්ඨානතො.
එහි තං තන්ති ඒ මේ කියන (ඒක රාජ) නම් රජ්ජුරුවෝමය. විමානෙනොති තමන් වසන ස්ථානයයි.
රාජා ආහ –
රජු මෙසේ කීය.
“සබ්බෙපි මය්හං පුත්තා චත්තා, චන්දස්මිං හඤ්ඤමානස්මිං; පුත්තෙහි යඤ්ඤං යජිත්වාන, සුගතිං සග්ගං ගමිස්සාමී”ති.
සබ්බෙපි මය්හං පුත්තො චත්තා, චන්දස්මිං හඤ්ඤමානස්මිං, පුත්තෙහි යඤ්ඤං යජිත්වාන, සුගතිං සග්ගං ගමිස්සාමීති
චන්ද්‍ර කුමාරයා මරනු ලබන කල්හි මාගේ සියලුම පුත්තු යාගයට හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගතිය වූ දෙව්ලොවට යමියි රජු කීය.
තත්ථ චත්තාති චන්දකුමාරෙ හඤ්ඤමානෙයෙව සබ්බෙපි යඤ්ඤත්ථාය මයා පරිච්චත්තා.
එහි චත්තාති චන්දකුමාරයා නසන කල්හිම (අනෙක්) සියලු පුතුන්ද යාගය පිණිස මා විසින් හරන ලද්දේය යනුයි.
අථ නං මාතා ආහ –
ඉක්බිති මව ඔහුට මෙසේ කීවේය.
“මා තං පුත්ත සද්දහෙසි, සුගති කිර හොති පුත්තයඤ්ඤෙන; නිරයානෙසො මග්ගො, නෙසො මග්ගො හි සග්ගානං.
මාපුත්ත සද්දහෙසි, සුගති කිර හොති පුත්තයඤ්ඤෙන, නිරයානෙසො මග්ගා, නෙසො මග්ග සග්ගානං
“දානානි දෙහි කොණ්ඩඤ්ඤ, අහිංසා සබ්බභූතභබ්යානං; එස මග්ගො සුගතියා, න ච මග්ගො පුත්තයඤ්ඤෙනා”ති.
එම්බා පුත, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් වේයැයි නොඅදහන්න. මෙය සතර අපායට යන මග වේ. මේ මග යහමග නොවේ.
කොණ්ඩඤ්ඤ ගෝත්‍රයට අයත් පුත්‍රය, දන් දෙන්න. ඉපදුනා වූද, උපදින්නා වූද සියලු සතුන්ට අහිංසා කරව. ස්වර්ග මාර්ගය මෙයයි. දරුවන් මැරීමෙන් කරන යාගය ස්වර්ග මාර්ගයක් නොවේ.
තත්ථ නිරයානෙසොති නිරස්සාදත්ථෙන නිරයානං චතුන්නං අපායානං එස මග්ගො. කොණ්ඩඤ්ඤාති රාජානං ගොත්තෙනාලපති. භූතභබ්යානන්ති භූතානඤ්ච භවිතබ්බසත්තානඤ්ච. පුත්තයඤ්ඤෙනාති එවරූපෙන පුත්තධීතරො මාරෙත්වා යජකයඤ්ඤෙන සග්ගමග්ගො නාම නත්ථීති.
එහි නිරයානෙසො යනු නිරය යයි දක්වන්නා වූ සතර අපායයන්හි වැටෙන මග මෙයයි. කොණ්ඩඤ්ඤො යනු රජුගේ ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. භූත භව්‍යානං උපදින්නා වූ සියලු සතුන්ට, පුත්තයඤ්ඤෙනාති යනු මෙලෙසින්, දූ දරුවන් මරා යදින යාගයකින් ලැබෙන ස්වර්ග මාර්ගයක් නම් නැත්තේය.
රාජා ආහ –
රජු මෙසේ කීය.
“ආචරියානං වචනා, ඝාතෙස්සං චන්දඤ්ච සූරියඤ්ච; පුත්තෙහි යඤ්ඤං යජිත්වාන දුච්චජෙහි, සුගතිං සග්ගං ගමිස්සාමී”ති.
ආචරියානං වචනා, ඝාතෙස්සං චන්දඤ්ච සුරියඤ්ච, පුත්තෙහි යජිත්වා දුච්චජෙහි, සුගතිං සග්ගං ගමිස්සාමීති
පෙරවි බමුණාගේ වචනයෙන් චන්ද කුමාරයාද සූර්ය කුමාරයාද මරන්නෙමි. අත්හැරිය නොහැකි පුතුන්ගෙන් යාගකොට සුගති නමැති දෙව්ලොවට යන්නෙමි.
තත්ථ ආචරියානං වචනන්ති අම්ම, නෙසා මම අත්තනො මති, ආචාරසික්ඛාපනකස්ස පන මෙ ඛණ්ඩහාලාචරියස්ස එතං වචනං, එසා අනුසිට්ඨි. තස්මා අහං එතෙ ඝාතෙස්සං, දුච්චජෙහි පුත්තෙහි යඤ්ඤං යජිත්වා සග්ගං ගමිස්සාමීති.
එහි ආචරියානං වචනා යනු මෙය මාන්ගේ අත්තනෝමතික ක්‍රියාවක් නොවේ. අපගේ ආචාර්යවරයා වූ අප හික්මවන්නා වූ ඛණ්ඩහාල නම් ආචාර්යවරයාගේ වචනයි. විධානයයි. එහෙයින් මම මේ දූ පුතුන් ඝාතනය කොට යාග යැද දෙව්ලොවට යන්නෙමි.
අථස්ස මාතා අත්තනො වචනං ගාහාපෙතුං අසක්කොන්තී අපගතා. පිතා තං පවත්තිං පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති මව තමන්ගේ වචනයෙන් ඔහු ගිවිස්වාගත නො හැකි වූයේ, රජු වෙතින් ඉවත් වූවා. ඒ පුතා පියා විසින් අසන ලදුව රජු වෙත පැමිණි පියා මෙසේ කී බව ශාස්තෲන් වහන්සේ ප්‍රකාශ කළහ.
“තංතං පිතාපි අවච, වසවත්තී ඔරසං සකං පුත්තං; යඤ්ඤො කිර තෙ පුත්ත, භවිස්සති චතූහි පුත්තෙහී”ති.
ඉක්බිති රජුගේ වසවර්තී නම් පියරජ තෙමේ පැමිණ, මේ රජුට එම්බා පුත, දරුවන් සිව්දෙනා මරා කරන යාගයක් වේදැයි ඇසීය.
තත්ථ වසවත්තීති තස්ස නාමං.
එහි වසවර්තී යනු ඔහුගේ නමයි.
රාජා ආහ –
රජු මෙසේ කීය.
“සබ්බෙපි මය්හං පුත්තා චත්තා, චන්දස්මිං හඤ්ඤමානස්මිං; පුත්තෙහි යඤ්ඤං යජිත්වාන, සුගතිං සග්ගං ගමිස්සාමී”ති.
චන්ද්‍ර කුමාරයා නසනු ලබන කල්හි මාගේ සියලුම පුත්තු හරහා ලදහ. පුතුන්ගෙන් යාග කොට සුගති සංඛ්‍යාත දෙව්ලොවට යන්නෙමි.
අථ නං පිතා ආහ –
එවිට ඔහුට පියාණෝ මෙසේ කීහු.
“මා තං පුත්ත සද්දහෙසි, සුගති කිර හොති පුත්තයඤ්ඤෙන; නිරයානෙසො මග්ගො, නෙසො මග්ගො හි සග්ගානං.
එම්බා පුතණුවනි, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් දේ යයි නො අදහව්. මෙය සතර අපායට මග වේ. මෙය ස්වර්ගයට මග නොවේ.
“දානානි දෙහි කොණ්ඩඤ්ඤ, අහිංසා සබ්බභූතභබ්යානං; එස මග්ගො සුගතියා, න ච මග්ගො පුත්තයඤ්ඤෙනා”ති.
[missing trans]
රාජා ආහ –
“ආචරියානං වචනා, ඝාතෙස්සං චන්දඤ්ච සූරියඤ්ච; පුත්තෙහි යඤ්ඤං යජිත්වාන දුච්චජෙහි, සුගතිං සග්ගං ගමිස්සාමී”ති.
[missing trans]
අථ නං පිතා ආහ –
ඉක්බිති ඔහුට පියාණෝ මෙසේ කීහ.
“දානානි දෙහි කොණ්ඩඤ්ඤ, අහිංසා සබ්බභූතභබ්යානං; පුත්තපරිවුතො තුවං, රට්ඨං ජනපදඤ්ච පාලෙහී”ති.
දානානි දෙහි කොණ්ඩඤ්ඤ, අහිංසා සබ්බභූත භව්‍යානං, පුත්ත පරිවුතො තුවං, රට්ඨං ජනපදංච ඵාලෙහීති
කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති පුත්‍රය, දන්දෙව. හැම සතුන් හට හිංසා නොකරව. පුත්‍රයන් පිරිවැරූ ඔබ සියලු කසීරටද ජනපදද ආරක්ෂා කරන්නැයි කීය.
තත්ථ පුත්තපරිවුතොති පුත්තෙහි පරිවුතො. රට්ඨං ජනපදඤ්චාති සකලකාසිරට්ඨඤ්ච තස්සෙව තං තං කොට්ඨාසභූතං ජනපදඤ්ච.
එහි පුත්තපරිවුතොති පුතුන් විසින් පිරිවරනු ලැබ යනුයි. රට්ඨං ජනපදඤ්චාති මුළු කසීරට හා එසේම එහි අතිරේක කොටස් වශයෙන් පවතින ජනපද ද යනුයි. (මෙහි ජනපද යනු යුධ බලයෙන් අල්ලාගත් හෝ වෙනත් හේතු නිසා ප්‍රධාන රටට පසුව එකතු වූ කොටස්ය. ඒවා සමහරවිට පාලනය වූයේ ‘කොලනි’ ක්රමයටය.)
සොපි තං අත්තනො වචනං ගාහාපෙතුං නාසක්ඛි. තතො චන්දකුමාරො චින්තෙසි “ඉමස්ස එත්තකස්ස ජනස්ස දුක්ඛං මං එකං නිස්සාය උප්පන්නං, මම පිතරං යාචිත්වා එත්තකං ජනං මරණදුක්ඛතො මොචෙස්සාමී”ති. සො පිතරා සද්ධිං සල්ලපන්තො ආහ –
ඔහු පියාගේ අවවාද ද පිළිගැනීමට අසමත් විය. ඉන්පසු චන්ද කුමාරයා මෙසේ සිතුවේය. මෙපමණ මහත් පිරිසකට (එකෙක් වූ) මා නිසා දුකක් ඇතිවිය. පියාට ආයාචනා කොට මේසා පිරිසක් මරණ දුකින් මුදවාලන්නෙමියි සිතා ඔහු පියා සමග කතාවට එළඹ මෙසේ කීය.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, හත්ථී අස්සෙ ච පාලෙම.
මා නො දෙව අවධි, දාසෙ නො දෙහි කණ්ඩහාලස්ස, අපි නිගළබන්ධකාවි, හත්ථි ආස්සච පාලෙම
දේවයන් වහන්ස, අප නොමැරුව මැනවි. ඛණ්ඩහාල බමුණා හට අප දාස භාවයට පත් කොට දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන්ද අසුන්ද රැකබලා ගනිමු.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, හත්ථිඡකණානි උජ්ඣෙම.
දේවයන් වහන්ස, අපි නොනැසුව මැනව. ඛණ්ඩහාල බමුණා හට අප දාස භාවයට පත්කොට දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අප ඇස්වසුරු බැහැර කරන්නෙමු.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, අස්සඡකණානි උජ්ඣෙම.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල බමුණා හට අප දාසභාවයට පත්කොට පාවා දුන මැනව. හැකිල්ලෙන් බැඳුණු අප අස්වසුරු බැහැර කරන්නෙමු.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බාජිතා; භික්ඛාචරියං චරිස්සාමා”ති.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. යමෙකු හට අප දෙන්ට කැමැතිනම් අප දාස භාවයට පත්කොට දෙනු මැනව. ඉදින් අප දොසක් වේනම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑව පිඬුසිගා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.
තත්ථ අපි නිගළබන්ධකාපීති අපි නාම මයං මහානිගළෙහි බන්ධකාපි හුත්වා. යස්ස හොන්ති තව කාමාති සචෙපි ඛණ්ඩහාලස්ස දාතුකාමොසි, තස්ස නො දාසෙ කත්වා දෙහි, කරිස්සාමස්ස දාසකම්මන්ති වදති. අපි රට්ඨාති සචෙ අම්හාකං කොචි දොසො අත්ථි, රට්ඨා නො පබ්බාජෙහි. අපි නාම රට්ඨා පබ්බාජිතාපි කපණා විය කපාලං ගහෙත්වා භික්ඛාචරියං චරිස්සාම, මා නො අවධි, දෙහි නො ජීවිතන්ති විලපි.
එහි නිගළබන්ධකා පීති එසේ නැතහොත් අප මහත් වූ හැකිලි (මාංචු) වලින් බැඳ දමා යන්නයි. යස්ස හොන්ති තවකාමාති ඉදින් ඛණ්ඩහාලට දෙනු කැමැත්තේ නම් අප ඔහුට දාසකොට දෙන්න. ඔහුට බැලමෙහෙකම් කරන්නෙමු යනුයි. අපිරට්ඨාති ඉදින් අපගෙන් කිසියම් වරදක් වුනිනම් අප රටින් පිටුවහල් කරන්න යනුයි. අපි රටින් පිටුවහල් කරනු ලැබුවහොත් දුගී යාචකයින් මෙන් කබල් ගත් අත් ඇතිව සිඟා කරන්නෙමු. අප නොනස්නා අපට ජීවිතය දෙන්න.
තස්ස තං නානප්පකාරං විලාපං සුත්වා රාජා හදයඵලිතප්පත්තො විය අස්සුපුණ්ණෙහි නෙත්තෙහි රොදමානො “න මෙ කොචි පුත්තෙ මාරෙතුං ලච්ඡති, න මමත්ථො දෙවලොකෙනා”ති සබ්බෙ තෙ මොචෙතුං ආහ –
එහි බොහෝ දෙනාගේ නොයෙක් ආකාර වූ විලාපයන් ඇසූ රජතුමාට හදවත පැලී ගියා සේ විය. කඳුළු පිරි දෙනෙතින් යුතුව ‘මගේ කවර පුතෙකු හෝ මැරීම සුදුසු නොවේ. මම දෙව්ලොවක් නොපතමි. ඒ සියලු දෙනා නිදහස් කරන්න’යැයි කියාද මෙසේද කීවේය.
“දුක්ඛං ඛො මෙ ජනයථ, විලපන්තා ජීවිතස්ස කාමා හි; මුඤ්චෙථ දානි කුමාරෙ, අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙනා”ති.
ජීවිතයට ආසාවෙන් වැළපෙන්නාහු මට බෙහෙවින් දුක් උපදවති. දැන් මේ කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැයි රජු කීය.
තං රඤ්ඤො කථං සුත්වා රාජපුත්තෙ ආදිං කත්වා සබ්බං තං පක්ඛිපරියොසානං පාණගණං විස්සජ්ජෙසුං. ඛණ්ඩහාලොපි යඤ්ඤාවාටෙ කම්මං සංවිදහති. අථ නං එකො පුරිසො “අරෙ දුට්ඨ, ඛණ්ඩහාල, රඤ්ඤා පුත්තා විස්සජ්ජිතා, ත්වං අත්තනො පුත්තෙ මාරෙත්වා තෙසං ගලලොහිතෙන යඤ්ඤං යජස්සූ”ති ආහ. සො “කිං නාම රඤ්ඤා කත”න්ති කප්පුට්ඨානග්ගි විය අවත්ථරන්තො උට්ඨාය තුරිතො ධාවිත්වා ආහ –
රජුගේ මෙම වචන අසා කුමාරවරුන් ආදී සියලු කුරුල්ලන් ආදී ජීවීන් මුදා හැරියේය. ඛණ්ඩහාල බමුණා යාගවාටයෙහි කටයුතු සංවිධාන කරමින් සිටියේය. එවිට එක් පුරුෂයෙක් ඔහුට මෙසේ කීවේය. ‘එම්බා අදමිටු ඛණ්ඩහාල, රජ දරුවන් මුදාහළේය. තොප තමන්ගේ දරුවන් මරා ඔවුන්ගේ බෙලි කපා ගන්නා ලෙයින් යාග කරව’යි කීයේය. ඒ ඇසූ ඛණ්ඩහාල ‘රජු කුමක් කරන්නට යන්නේදැ’යි අසමින් ඉක්මනින් ගොස් මෙසේ කීය.
“පුබ්බෙව ඛොසි මෙ වුත්තො, දුක්කරං දුරභිසම්භවඤ්චෙතං; අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස, කස්මා කරොසි වික්ඛෙපං.
මහරජ, මේ යාගය කළ නොහැකි යැයිද දුකසේ ලබාගතයුතු දෙයක් යැයිද පළමුකොට ඔබට කියන ලද්දේය. දැන් අප පිළියෙල කළ මේ යාගයට හානි පමුණුවන්නෙහිය.
“සබ්බෙ වජන්ති සුගතිං, යෙ යජන්ති යෙපි යාජෙන්ති; යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤ”න්ති.
යම් කෙනෙක් යාග කෙරේද, කරවද්ද, යාග කරන්නවුන්ගේ එවැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද, ඒ සියලු දෙනාම සුගතියට යෙතියි පුරෝහිත බමුණා කීය.
තත්ථ පුබ්බෙවාති මයා ත්වං පුබ්බෙව වුත්තො “න තුම්හාදිසෙන භීරුකජාතිකෙන සක්කා යඤ්ඤං යජිතුං, යඤ්ඤයජනං නාමෙතං දුක්කරං දුරභිසම්භව”න්ති, අථ නො ඉදානි උපක්ඛටස්ස පටියත්තස්ස යඤ්ඤස්ස වික්ඛෙපං කරොසි. “වික්ඛම්භ”න්තිපි පාඨො, පටිසෙධන්ති අත්ථො. මහාරාජ, කස්මා එවං කරොසි. යත්තකා හි යඤ්ඤං යජන්ති වා යාජෙන්ති වා අනුමොදන්ති වා, සබ්බෙ සුගතිමෙව වජන්තීති දස්සෙති.
එහි පුබ්බෙති යනුවෙන් දැක්වූයේ ‘මා විසින් තොපට මුලදීම, තොප වැනි බියගුල්ලන් විසින් මෙබඳු යාගයක් කළ නොහැකි යැයි දන්වන ලදී. එබඳු යාගයක් කළහැකි වන්නේ කලාතුරකිනි. දැන් අප විසින් (යාග ද්‍රව්‍ය) රැස්කොට පිළියෙල කළ යාගයට හානි කරන්නෙහිය. වික්ඛෙපං වික්ඛම්භන්ති යැයි පාඨයක්ද ඇත. (ප්‍රතිශෝධනය) වැලැක්වීම යනු මෙහි අදහසයි. මහරජ, කුමක් නිසා මෙසේ කරන්නේද? යමෙක් වනාහි යාග කරන්නේ හෝ, යාග කරවන්නේ හෝ, අනුමෝදන් වන්නේ හෝ වේද ඒ සියලු දෙනා සුගතිගාමී වන්නේයැයි කියයි.
සො අන්ධබාලො රාජා තස්ස කොධවසිකස්ස කථං ගහෙත්වා ධම්මසඤ්ඤී හුත්වා පුන පුත්තෙ ගණ්හාපෙසි. තතො චන්දකුමාරො පිතරං අනුබොධයමානො ආහ –
එම අනුවණ රජ, ක්‍රෝධයෙන් වැසීගිය හදවත් ඇති එම බමුණාගේ වචන අසා, නැවතත් කුමාරවරුන් අල්වාගන්නා ලෙස අණ කළේය. ඉන්පසු චන්ද්‍ර කුමාරයා පියාට කරුණු අවබෝධ කරදෙනු සඳහා මෙසේ කීවේය.
“අථ කිස්ස ජනො පුබ්බෙ, සොත්ථානං බ්රාහ්මණෙ අවාචෙසි; අථ නො අකාරණස්මා, යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි.
දේවයන් වහන්ස, (පියාණෙනි) මෙසේ නම් (පුරෝහිත) බමුණා කුමක් නිසා අපගේ සුවපත් බව කීයේ ද? එසේ ඇති කල්හි කුමක් නිසා (නිශ්කරණ වූ) යාගයට අප මරවන්නේ ද?
“පුබ්බෙව නො දහරකාලෙ, න හනෙසි න ඝාතෙසි; දහරම්හා යොබ්බනං පත්තා, අදූසකා තාත හඤ්ඤාම.
අප බාල කාලයෙහි නොනැසුවෙහිය. නොමැරුවෙහිය. අප තරුණ වයසට පැමිණියෝ වෙමු. මේ දක්වා අප විරුද්ධව කටයුතු නොකළෝ වෙමු. පියාණෙනි, එවැනි අපි කවර හෙයින් තොප විසින් මරවනු ලබන්නෝ වෙමුද?
“හත්ථිගතෙ අස්සගතෙ, සන්නද්ධෙ පස්ස නො මහාරාජ; යුද්ධෙ වා යුජ්ඣමානෙ වා, න හි මාදිසා සූරා හොන්ති යඤ්ඤත්ථාය.
මහරජ, ඇතුන් අසුන් පවා නැග කරන යුද්ධයක් පැමිණි කල්හි ඒ යුද්ධයට සන්නද්ධ වූ අප සතරදෙන යුද්ධ කරන රඟබැලුව මැනවි. අප වැනි සූරයෝ යාගයට නුසුදුස්සෝය.
“පච්චන්තෙ වාපි කුපිතෙ, අටවීසු වා මාදිසෙ නියොජෙන්ති; අථ නො අකාරණස්මා, අභූමියං තාත හඤ්ඤාම.
පියාණනි! ප්‍රත්‍යන්ත ජනපදයක් කිපුණු කල්හි හෝ පල් හොරුන් ඇති කල්හි හෝ සතුරන් නසනු පිණිස අප යොදවනු ලැබේ. එසේ තිබියදී නිකරුණේ නොතැන්හි කවර හෙයින් අපි නසනු ලබන්නෝ වෙමුද?
“යාපි හි තා සකුණියො, වසන්ති තිණඝරානි කත්වාන; තාසම්පි පියා පුත්තා, අථ නො ත්වං දෙව ඝාතෙසි.
මහරජ! යම්සේ ඒ ඒ පක්ෂීහු තණ කැදලි සාදා එහි වෙසෙත් ද ඒ පක්ෂීන්ට පවා දරුපැටවු ප්‍රිය වෙති. දේවයනි, එසේ ඇති කල්හි තෙපි අප නොමරවන්නෙහුය.
“මා තස්ස සද්දහෙසි, න මං ඛණ්ඩහාලො ඝාතෙය්ය; මමඤ්හි සො ඝාතෙත්වාන, අනන්තරා තම්පි දෙව ඝාතෙය්ය.
ඛණ්ඩහාල (නමැති පෙරවි බමුණා) මා නොමරවයි යනුවෙන් කීවත් එය නො අදහනු මැනවි. දේවයනි, හෙතෙම පළමුවෙන් මා මරවා ඉන්පසු ඔබද මරවන්නේය.
“ගාමවරං නිගමවරං දදන්ති, භොගම්පිස්ස මහාරාජ; අථග්ගපිණ්ඩිකාපි, කුලෙ කුලෙ හෙතෙ භුඤ්ජන්ති.
ගම්වර නියම්ගම්වර හා උපභෝග පරිභෝග වස්තු ද රජවරු මේ බමුණන්ට දෙති. උසස් වූ පිණ්ඩාගාරය ලබන මොවුහු ගෙයක් පාසා අනුභව කරති.
“තෙසම්පි තාදිසානං, ඉච්ඡන්ති දුබ්භිතුං මහාරාජ; යෙභුය්යෙන එතෙ, අකතඤ්ඤුනො බ්රාහ්මණා දෙව.
මහරජ! එබඳු උපකාර ඇති රජවරුන්ටත් ද්‍රෝහීකම් කරන්නට මොහු කැමැති වෙති. දේවයන් වහන්ස, මේ බමුණෝ නම් බොහෝසෙයින් කෙළෙහිගුණ නොදන්නෝ වෙති.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, හත්ථී අස්සෙ ච පාලෙම.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල නම් පෙරවි බමුණාට අප දාස භාවයට පත්කොට දුන මැනව. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන්ද අසුන්ද රැකබලා ගනිමු.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, හත්ථිඡකණානි උජ්ඣෙම.
දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණා හට අප දාස භාවයට පත්කොට දුන මැනව. හැකිලි බලෙන් මැවුණු අපි ඇත් වසුරු බැහැර කරන්නෙමු.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, අස්සඡකණානි උජ්ඣෙම.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. ඛණ්ඩහාල බමුණා හට අප දාසකොට දුන මැනව. හැකිල්ලෙන් බැඳුණු අප ඇත් වසුරු බැහැර කරන්නෙමු.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බාජිතා; භික්ඛාචරියං චරිස්සාමා”ති.
දේවයන් වහන්ස, අප නොනැසුව මැනව. අප යමෙකුට දෙන්ට කැමැති නම් ඔහුව අප දාසභාවයට පත්කොට දුන මැනව. රටින් පිටුවහල් කරන අපි බැගෑව පිඬුසිඟා කමින් ජීවත් වන්නෙමු.
තත්ථ පුබ්බෙති තාත, යදි අහං මාරෙතබ්බො, අථ කස්මා අම්හාකං ඤාතිජනො පුබ්බෙ මම ජාතකාලෙ බ්රාහ්මණෙ සොත්ථානං අවාචෙසි. තදා කිර ඛණ්ඩහාලොව මම ලක්ඛණානි උපධාරෙත්වා “ඉමස්ස කුමාරස්ස න කොචි අන්තරායො භවිස්සති, තුම්හාකං අච්චයෙන රජ්ජං කාරෙස්සතී”ති ආහ. ඉච්චස්ස පුරිමෙන පච්ඡිමං න සමෙති, මුසාවාදී එස. අථ නො එතස්ස වචනං ගහෙත්වා අකාරණස්මා නික්කාරණායෙව යඤ්ඤත්ථාය, දෙව, ඝාතෙසි. මා අම්හෙ ඝාතෙසි. අයඤ්හි මයි එකස්මිං වෙරෙන මහාජනං මාරෙතුකාමො, සාධුකං සල්ලක්ඛෙහි නරින්දාති. පුබ්බෙව නොති මහාරාජ, සචෙපි අම්හෙ මාරෙතුකාමො, පුබ්බෙව නො කස්මා සයං වා න හනෙසි, අඤ්ඤෙහි වා න ඝාතාපෙසි. ඉදානි පන මයං දහරම්හා තරුණා, පඨමවයෙ ඨිතා පුත්තධීතාහි වඩ්ඪාම, එවංභූතා තව අදූසකාව කිංකාරණා හඤ්ඤාමාති?
එහි පුබ්බෙති යනු පියාණෙනි, ඉදින් මා මැරිය යුතුයැයි (පුරෝහිත) බමුණා කියන්නේ නම්, එසේනම් කුමක්හෙයින් පෙර මා උපන්කල්හි නෑදෑයන්ට, මා පිණැතිකැයි කීවෙහිද? එදා ඛණ්ඩහාල බමුණා වනාහි මගේ ශරීර ලක්ෂණ සලකා බලා මේ කුමාරයාට කිසිදු උපද්‍රවයක් නැත. ඔබගේ ඇවෑමෙන් රාජ්‍ය කරන්නේයැයි ද කීය. මුලින් කී දේ පසු දේ හා නොගැලපේ. මොහු මුසාවාදියෙකි. මොහුගේ කීම පිළිගෙන ඔබ නිකරුණේ අපව යාගය සඳහා මරවන්නේය. අප නොමරන්න. මොහු එක් පුද්ගලයෙකු වූ මා කෙරෙහි ඇති වෛරයෙන් මහජනයා මැරීමට කැමැත්ත දක්වයි. රජතුමනි, මේ ගැන හොඳින් සිතා බලන්න. පුබ්බෙවනොති යැයි කියනු ලැබුවේ, මහරජ ඉදින් අප මරනු කැමැත්තේ නම් අප ළදරු කළ ඔබ විසින්ම නොමැරුවේ කිමද? අනෙකෙකු ලවා හෝ නොමැරුවේ කිමද? දැන් වනාහි අපි නවයොවුන් වියේ තරුණයෝ වෙමු. දූ දරුවන් ඇතිව ප්‍රථම වයස් සිටින්නම්භ. එසේම ඔබට ද්‍රෝහි වූවෝ නොවම්හ. කුමක් නිසා අප ඝාතනය කරන්නේ ද?
පස්ස නොති අම්හෙව චත්තාරො භාතිකෙ පස්ස. යුජ්ඣමානෙති පච්චත්ථිකානං නගරං පරිවාරෙත්වා ඨිතකාලෙ අම්හාදිසෙ පුත්තෙ තෙහි සද්ධිං යුජ්ඣමානෙ පස්ස. අපුත්තකා හි රාජානො අනාථා නාම හොන්ති. මාදිසාති අම්හාදිසා සූරා බලවන්තො න යඤ්ඤත්ථාය මාරෙතබ්බා හොන්ති. නියොජෙන්තීති තෙසං පච්චාමිත්තානං ගණ්හනත්ථාය පයොජෙන්ති. අථ නොති අථ අම්හෙ අකාරණස්මා අකාරණෙන අභූමියං අනොකාසෙයෙව කස්මා, තාත, හඤ්ඤාමාති අත්ථො. මා තස්ස සද්දහෙසීති මහාරාජ, න මං ඛණ්ඩහාලො ඝාතයෙ, මා තස්ස සද්දහෙය්යාසි. භොගම්පිස්සාති භොගම්පි අස්ස බ්රාහ්මණස්ස රාජානො දෙන්ති. අථග්ගපිණ්ඩිකාපීති අථ තෙ අග්ගොදකං අග්ගපිණ්ඩං ලභන්තා අග්ගපිණ්ඩිකාපි හොන්ති. තෙසම්පීති යෙසං කුලෙ භුඤ්ජන්ති, තෙසම්පි එවරූපානං පිණ්ඩදායකානං දුබ්භිතුං ඉච්ඡන්ති.
පස්සානොපි අප සොහොයුරන් සිව්දෙනා බලන්න යනුයි. යුජ්ඣමානෙති පසමිතුරෝ (සතුරෝ) නුවර වටකොට සිටිකල අප වැනි පුතුන් ඔවුන් සමග යුද්ධ කරන ආකාරය බලව, දරුවන් නැති රජවරු අනාථයෝය. මාදිසාති අපගේ දෙස යනුයි. සූරාති (අප වැනි බලවත්) සූරයෝ යාග පිණිස නොමැරිය යුතුය යනුයි. නියොජෙන්තීති ඔවුන්ගේ (රාජ්‍යයේ) සතුරන් ජයගැනීම සඳහා යොදවන්නේය යනුයි. අථනොති ඉක්බිති යනුයි. අකාරණාසමාති නිකරුණෙහි යනුයි. නොතැන, නුසුදුසු කල්හි කුමක් පිණිස නසන්නේද යනුයි. මතස්ස සද්දහෙසීති මහරජ, ඛණ්ඩහාල බමුණා මා නොමරවයි යනුවෙන් කියූවත් එය නොපිළිගන්න යනුයි. (ඛණ්ඩහාල බමුණා කියන දේ නොපිළිගන්න යනුයි.) භොග මපිස්සාති මේ බමුණන් හට රජවරු භෝග සම්පත් ද දෙන්නේය යනුයි. අග්ග පිණ්ඩිකාපිති එසේම ඒ බමුණෝ ප්‍රණීත වූ ආහාරපාන ලබන බැවින් අග්ගපිණ්ඩික වන්නෝය. තෙසංපීති ඔවුන් වනාහි කිසියම් කුලගෙයකට (පවුලකට) සම්බන්ධ වී ආහාර පානාදිය ලබත්ද එසේද වුවත් එබඳු වූ පිණ්ඩාහාර දෙන්නවුන්ට වංචා කිරීමටද සිතන්නෝය.
රාජා කුමාරස්ස විලාපං සුත්වා –
රජතුමා කුමාරවරුන්ගේ වැලපීම අසා,
“දුක්ඛං ඛො මෙ ජනයථ, විලපන්තා ජීවිතස්ස කාමා හි; මුඤ්චෙථ දානි කුමාරෙ, අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙනා”ති. –
‘ජීවිත ආසාවෙන් වැළපෙන මොව්හු මට දැන් දුක් ඉපිදවූහ. දැන් කුමාරයන් මුදාහරිනු මැනවි. දූපුතුන් මරා කරන යාගයෙන් මට වැඩක් නැත.
ඉමං ගාථං වත්වා පුනපි මොචෙසි. ඛණ්ඩහාලො ආගන්ත්වා පුනපි –
මේ ගාථාව කියා නැවතද දූදරුවන් මුදා හළේය. ඛණ්ඩහාල පැමිණ නැවතද,
“පුබ්බෙව ඛොසි මෙ වුත්තො, දුක්කරං දුරභිසම්භවඤ්චෙතං; අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස, කස්මා කරොසි වික්ඛෙපං.
මහරජ, මේ යාගය කළ නොහැකි යැයිද දුකසේ ලැබිය හැක්කක් යැයිද මුලින් ම කියන ලද්දේය. දැන් අප පිළියෙල කළ යාගයට හානි කරන්නෙහිය.
“සබ්බෙ වජන්ති සුගතිං, යෙ යජන්ති යෙපි යාජෙන්ති; යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤ”න්ති. –
යම් කෙනෙක් යාග කරත්ද, කරවත්ද යාග කරන්නවුන්ගේ එවැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙත්ද, ඒ සියලු දෙනාම සුගතියට යති.
එවං වත්වා පුන ගණ්හාපෙසි. අථස්ස අනුනයනත්ථං කුමාරො ආහ –
මෙසේ කියා නැවතද කුමාරවරුන් අල්වා බැන්දවූයේය. ඉක්බිති චන්ද්රකුමාරයෝ රජතුමාට තවදුරටත් අවබෝධය ලබාදෙනු පිණිස මෙසේ කීවේය.
“යදි කිර යජිත්වා පුත්තෙහි, දෙවලොකං ඉතො චුතා යන්ති; බ්රාහ්මණො තාව යජතු, පච්ඡාපි යජසි තුවං රාජ.
යදිකිරය ජිත්වා පුත්තෙහි - දෙවලොකං ඉතොවුතා යන්ති, බ්රාහ්මණො තාව යජතු - පච්ඡා යජසි ත්වංමහාරාජ
ඉදින් පුතුන් කරණ කොටගෙන යාග කරන්නාහු මෙයින් චුතව දෙව්ලොව යන්නාහු නම් බමුණ, (තම පුතුන් මරා) පළමුවෙන් යාග කරත්වා. මහරජ, ඉන්පසුව ඔබ යාග කෙරෙත්වා.
“යදි කිර යජිත්වා පුත්තෙහි, දෙවලොකං ඉතො චුතා යන්ති; එස්වෙව ඛණ්ඩහාලො, යජතං සකෙහි පුත්තෙහි.
ඉදින් පුතුන් කරණ කොටගෙන යාග කරන්නාහු දෙව්ලොව යෙත්යැයි යමෙක් කියත්නම් මේ ඛණ්ඩහාල බමුණා තම පුතුන් මරා යාග කරත්වා.
“එවං ජානන්තො ඛණ්ඩහාලො, කිං පුත්තකෙ න ඝාතෙසි; සබ්බඤ්ච ඤාතිජනං, අත්තානඤ්ච න ඝාතෙසි.
මෙසේ දන්නා ඛණ්ඩහාල බමුණා කවර හෙයින් දරුවන් නොනැසුවේද? සියලු නෑයන් ද තමන් ද කවර හෙයින් නොනැසුවේද?
“සබ්බෙ වජන්ති නිරයං, යෙ යජන්ති යෙපි යාජෙන්ති; යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤං.
යම් කෙනෙක් මෙබඳු මහායාග කෙරෙත් ද, කරවද්ද අනුමෝදන් වෙත්ද ඒ සියල්ලෝ නරකයට යතියි චන්ද්‍ර කුමාර තෙම කීය.
“සචෙ හි සො සුජ්ඣති යො හනාති, හතොපි සො සග්ගමුපෙති ඨානං; භොවාදි භොවාදින මාරයෙය්යුං, යෙ චාපි තෙසං අභිසද්දහෙය්යු”න්ති.
[missing trans]
තත්ථ බ්රාහ්මණො තාවාති පඨමං තාව ඛණ්ඩහාලො යජතු සකෙහි පුත්තෙහි, අථ තස්මිං එවං යජිත්වා දෙවලොකං ගතෙ පච්ඡා ත්වං යජිස්සසි. දෙව, සාදුරසභොජනම්පි හි ත්වං අඤ්ඤෙහි වීමංසාපෙත්වා භුඤ්ජසි, පුත්තදාරමාරණංයෙව කස්මා අවීමංසිත්වා කරොසීති දීපෙන්තො එවමාහ. එවං ජානන්තොති “පුත්තධීතරො මාරෙත්වා දෙවලොකං ගච්ඡතී”ති එවං ජානන්තො කිංකාරණා අත්තනො පුත්තෙ ච ඤාතී ච අත්තානඤ්ච න ඝාතෙසි. සචෙ හි පරං මාරෙත්වා දෙවලොකං ගච්ඡන්ති, අත්තානං මාරෙත්වා බ්රහ්මලොකං ගන්තබ්බො භවිස්සති. එවං යඤ්ඤගුණං ජානන්තෙන පරං අමාරෙත්වා අත්තාව මාරෙතබ්බො සියා. අයං පන තථා අකත්වා මං මාරාපෙති. ඉමිනාපි කාරණෙන ජානාහි, මහාරාජ “යථා එස විනිච්ඡයෙ විලොපං කාතුං අලභන්තො එවං කරොතී”ති. එදිසන්ති එවරූපං පුත්තඝාතයඤ්ඤං.
එහි බ්රාහ්මණො තාවති පළමුවෙන් ඛණ්ඩහාල බ්‍රාහ්මණයා යාගකරත්වා යනුයි. පුත්තකෙහීති තමන්ගේ පුතුන් කරණ කොටගෙන, (ඛණ්ඩහාල බමුණා ප්‍රථමයෙන්) යාග කරත්වා යනුයි. මෙසේ ඔහු යාගකොට දෙව්ලෝ ගිය කල්හි පසුව ඔබ යාග කරන්න යනුයි. දේවයනි, ඉතා රසවත් ආහාර වුවද ඔබ අනුන්ගෙන් විමසා අනුභව කරන්නෙහිය. පුතුන් මැරීම එසේ නොවිමසා කුමක් නිසා කරන්නෙහිදැයි අපට නොවැටහේ යැයි කීය. එවං ජානන්ති අඹුදරුවන් මරා දෙලොව යන්නේයැයි දන්නා අය කුමක් නිසා තමන්ගේ දූ පුතුන් ද ඤාතීන් ද තමන් ද මරා දෙව්ලෝ නොයන්නේ ද? ඉදින් අනුන් මරා දෙව්ලොව යා හැකි වන්නේනම් තමන්ම මරාගෙන බ්‍රහ්මලෝකයේ උපදිනු හැකි නොවන්නේද? මෙසේ යාගයෙහි අනුසස් දන්නවුන් විසින් අනුන් නොමරා තමන්ම (යඥ සඳහා) මරණයට පත්විය යුතුය. මොහු (ඛණ්ඩහාල බමුණා) එසේ නොකොට මා මරවන්නේය. මේ කාරණයෙන්ම, අධිකරණයෙන් කොල්ලකෑමට නො ලබන මොහු (මෙසේ) මා මැරවීමට උත්සාහ කරන්නේය. එදිසන්ති මෙබඳු වූ පුතුන් මරා කරනු ලබන යාගය මෙයින් කියවේ.
කුමාරො එත්තකං කථෙන්තොපි පිතරං අත්තනො වචනං ගාහාපෙතුං අසක්කොන්තො රාජානං පරිවාරෙත්වා ඨිතං පරිසං ආරබ්භ ආහ –
කුමාරයා මෙපමණ කරුණු දැක්වුවත් පියාට තම අදහස් ඒත්තු ගැන්වීමට නොහැකි විය. (ඉන්පසු) රජු පිරිවරා සිටි පිරිස අමතා මෙසේ කීවේය.
“කථඤ්ච කිර පුත්තකාමායො, ගහපතයො ඝරණියො ච; නගරම්හි න උපරවන්ති රාජානං, මා ඝාතයි ඔරසං පුත්තං.
කථංච තිර පුත්ත කාමායො, ගහපතයො සරණීයොච, නගරම්හි න උපචරන්ති රාජානං මා ඝාතයි ඔරසං පුත්තං
මෙනුවර වෙසෙන දරුවන් කැමැති (දරුවන් තම ධනය කොට සිතන) ගෘහපතියෝද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ ඖරස පුත්‍රය නොමරන්න යැයි රජුට දොස් නොපවරන්නේ ද?
“කථඤ්ච කිර පුත්තකාමායො, ගහපතයො ඝරණියො ච; නගරම්හි න උපරවන්ති රාජානං, මා ඝාතයි අත්රජං පුත්තං.
කෙසේනම් නුවරැ දරුවන්ට ආදරය ඇති ගෘහපතියෝ ද, පවුල්වල උදවිය ද, ආත්මජ පුත්‍රයා නො මරවයි රජුට උපක්‍රෝශ නො කරත් ද?
“රඤ්ඤො චම්හි අත්ථකාමො, හිතො ච සබ්බජනපදස්ස; න කොචි අස්ස පටිඝං, මයා ජානපදො න පවෙදෙතී”ති.
(මම) රජහට යහපත කැමැති වෙන්නෙක්මි. හැමකල්හි ජනපදවාසීන්ට හිතවත් වූයෙමි. කිසිවෙක් මා සමග වෛර නැත. (එහෙත්) දනව් වැසියා (තොපගේ පුත් ගුණවතෙකැයි) යන බව රජහට නොදන්වයි.
තත්ථ පුත්තකාමායොති ඝරණියො සන්ධාය වුත්තං. ගහපතයො පන පුත්තකාමා නාම හොන්ති. න උපරවන්තීති න උපක්කොසන්ති න වදන්ති. අත්රජන්ති අත්තතො ජාතං. එවං වුත්තෙපි කොචි රඤ්ඤා සද්ධිං කථෙතුං සමත්ථො නාම නාහොසි. න කොචි අස්ස පටිඝං මයාති ඉමිනා නො ලඤ්ජො වා ගහිතො, ඉස්සරියමදෙන වා ඉදං නාම දුක්ඛං කතන්ති කොචි එකොපි මයා සද්ධිං පටිඝං කත්තා නාම නාහොසි. ජානපදො න පවෙදෙතීති එවං රඤ්ඤො ච ජනපදස්ස ච අත්ථකාමස්ස මම පිතරං අයං ජානපදො “ගුණසම්පන්නො තෙ පුත්තො”ති න පවෙදෙති, න ජානාපෙතීති අත්ථො.
එහි පුත්තකාමායොති (මෑණිවරුන් වන) ගෘහණියන් සඳහාම කියන ලදී. (මෙහිදී මව්පිය දෙදෙනාම ගැනේ) ගෘහපතීහුද දරුවන් කැමැති වන්නෝ බැවිනි. න උපවරන්තීති ආක්‍රෝෂ පරිභව නොකෙරේය යනුයි. අනුජංති තමන්ටම ජාතක වූ දරුවා යනුයි. (මේ ගාථාවලින් දැක්වූ පරිදි චන්ද කුමාරයා) කරුණු කියාපෑවත් කිසිවෙක් මේ ගැන රජු සමග කතා කිරිමට සමත් නොවූහ. න කොචි අස්ස පටිනං මයාති යනු මේ ආකාරයෙන් අත්ලස් ගත්තෙකුයැයි කියා හෝ (මෙතෙම) ඉසුරු මදයෙන් නිසා හෝ (ඉසුරු ලෝභය නිසා) මා සමග තද වෛරයෙන් සිටින කිසිවෙකුත් නැත. ජනපදොන පවෙදෙතීති මෙසේ රජුට ද මහජනයාටද වැඩ කැමැති වූයේ නමුත්, කිසිම ජනපද වැසියෙක් ‘ඔබගේ පුතා ගුණවත් කෙනෙකු යැයි නොකියයි. නොදන්වා සිටී යනු අර්ථයි.
එවං වුත්තෙපි කොචි කිඤ්චි න කථෙසි. තතො චන්දකුමාරො අත්තනො භරියායො තං යාචනත්ථාය උය්යොජෙන්තො ආහ –
මෙසේ කීවේ වී නමුත් කිසිවෙකු කිසිවක් නොකීවාහුය. ඉක්බිති චන්ද්‍ර කුමාරයා තමන්ගේ භාර්යාවන් එසේ ඉල්ලා සිටීමට උනන්දු කරවමින් මෙසේ කීය,
“ගච්ඡථ වො ඝරණියො, තාතඤ්ච වදෙථ ඛණ්ඩහාලඤ්ච; මා ඝාතෙථ කුමාරෙ, අදූසකෙ සීහසඞ්කාසෙ.
ගෘහණියනි, යන්න, සිංහයන් බඳු නිවැරදි කුමාරයන් නොමරන්නැයි පියරජුටත් ඛණ්ඩහාල බමුණාටත් කියන්න.
“ගච්ඡථ වො ඝරණියො, තාතඤ්ච වදෙථ ඛණ්ඩහාලඤ්ච; මා ඝාතෙථ කුමාරෙ, අපෙක්ඛිතෙ සබ්බලොකස්සා”ති.
ගෘහණියනි, යන්න සියලු ලෝවැසියා විසින් අපේක්ෂා කරන කුමාරවරු නොමරන්නැයි පියරජුටත් ඛණ්ඩහාල බමුණාටත් කියන්න.
තා ගන්ත්වා යාචිංසු. තාපි රාජා න ඔලොකෙසි. තතො කුමාරො අනාථො හුත්වා විලපන්තො –
ඒ තැනැත්තියෝද ගොස් අයද සිටියාහුය. රජු ඒ ගැන නොසලකා හැරියේය. ඉන්පසු කුමාරයා අසරණ භාවයට පැමිණ වැලපෙන්නට විය.
“යංනූනාහං ජායෙය්යං, රථකාරකුලෙසු වා, පුක්කුසකුලෙසු වා වෙස්සෙසු වා ජායෙය්යං, න හජ්ජ මං රාජ යඤ්ඤෙ ඝාතෙය්යා”ති. –
මම රියකරු හෝ කසල අදින කුලයක උපනි නම් යෙහෙකි. කුලුපොතු කුලයෙහි හෝ උපනි නම් පියරජ තෙම අද මා යාගය පිණිස නො මරවයි.
වත්වා පුන තා භරියායො උය්යොජෙන්තො ආහ –
මෙසේ ද කියා තවදුරටත් රජුට ආයාචනා කිරීම උනන්දු කළේය.
“සබ්බා සීමන්තිනියො ගච්ඡථ, අය්යස්ස ඛණ්ඩහාලස්ස; පාදෙසු නිපතථ, අපරාධාහං න පස්සාමි.
සියලු ස්ත්‍රීවරුනි, යත්වා ආර්ය වූ ඛණ්ඩහාල බමුණාගේ පාමුල හඬා වැටෙන්න. මා කළ කිසි අපරාධයක් නො දකිමි.
“සබ්බා සීමන්තිනියො ගච්ඡථ, අය්යස්ස ඛණ්ඩහාලස්ස; පාදෙසු නිපතථ, කින්තෙ භන්තෙ මයං අදූසෙමා”ති.
ස්ත්‍රීවරුනි, යන්න ආර්ය වූ ඛණ්ඩහාල නැමැති පෙරෙවි බමුණාගේ පාමුල හඬා වැටෙන්න. ස්වාමීනි, ඔබට අපි කවරනම් ද්‍රෝහිකමක් කෙළෙමුද?
(චන්ද්‍ර කුමාරයා කළ වරදක් ඇතොත් සමාව දෙන්න කියා ඉල්මන ලෙස යැවීය.)
තත්ථ අපරාධාහං න පස්සාමීති අහං ආචරියඛණ්ඩහාලෙ අත්තනො අපරාධං න පස්සාමි. කින්තෙ භන්තෙති අය්ය ඛණ්ඩහාල, මයං තුය්හං කිං දූසයිම්හා, අථ චන්දකුමාරස්ස දොසො අත්ථි, තං ඛමථාති වදෙථාති.
එහි අපරාධාහං න පස්සාමීති මම ආචාර්ය වූ ඛණ්ඩහලට මා විසින් ම කළ අපරාධයක් නො දකිමි යනුයි. කින්නෙභන්තෙ ආර්ය ඛණ්ඩහාල මා විසින් ඔබට කුමන ද්‍රෝහිකමක් කළේද? එසේ ම චන්ද කුමාරයාගේද වරදක් නැත. එයට සමාවෙන්න කියා කියන්න.
අථ චන්දකුමාරස්ස කනිට්ඨභගිනී සෙලකුමාරී නාම සොකං සන්ධාරෙතුං අසක්කොන්තී පිතු පාදමූලෙ පතිත්වා පරිදෙවි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති චන්ද්‍ර කුමාරයාගේ බාල සොහොයුරියක් වූ සෙල කුමාරිය ශෝකය දරාගැනීමට නොහැකිව පිය පාමුල වැටී වැළපෙන්නට වූවාය. එය ගෙනහැර දැක්වීමට මෙසේ වදාළ සේක.
“කපණා විලපති සෙලා, දිස්වාන භාතරෙ උපනීතත්තෙ; යඤ්ඤො කිර මෙ උක්ඛිපිතො, තාතෙන සග්ගකාමෙනා”ති.
සේලා නම් සොහොයුරිය සොහොයුරන් වෙත පැමිණි ස්වභාව දැක දෙව්ලොව කැමැති පියාණෙනි, මේ ඔබ විසින් එසවුණු (උසස් කොට සකස් කළ) යාගයක් දැයි බැගෑපත්ව වැළපුණාය.
තත්ථ උපනීතත්තෙති උපනීතසභාවෙ. උක්ඛිපිතොති උක්ඛිත්තො. සග්ගකාමෙනොති මම භාතරො මාරෙත්වා සග්ගං ඉච්ඡන්තෙන. තාත, ඉමෙ මාරෙත්වා කිං සග්ගෙන කරිස්සසීති විලපති.
එහි උපනීතත්තෙති එළඹ සිටි ස්වභාවයයි. උක්ඛිපිතොති එසවීමයි. නගා සිටුවීමයි. (මෙහි යාගය මනාව සංවිධිත යන අදහස ගැනේ) සග්ගකාමෙනාති මගේ සොහොයුරන් මරා ස්වර්ගයට යාමට කැමැත්තෙහි නම්, මොවුන් මරා ලබන සර්ව සැපයෙන් කුමන වැඩක් දැයි වැලපුණාය.
රාජා තස්සාපි කථං න ගණ්හි. තතො චන්දකුමාරස්ස පුත්තො වසුලො නාම පිතරං දුක්ඛිතං දිස්වා “අහං අය්යකං යාචිත්වා මම පිතු ජීවිතං දාපෙස්සාමී”ති රඤ්ඤො පාදමූලෙ පරිදෙවි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජතුමා ඇගේ වැලපීමද නොසලකා හැරියේය. ඉක්බිති චන්ද කුමාරයාගේ පුතු වන වාසුල කුමරා පියාගේ දුක්ඛිත ස්වභාවය දැක මම සීයාට ආයාචනා කොට මගේ පියාට ජීවිතය ගෙන දෙමියි රජුගේ පාමුල වැටි වැටී වැලපෙන්නට විය. ඒ බව ගෙනහැර දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“ආවත්ති පරිවත්ති ච, වසුලො සම්මුඛා රඤ්ඤො; මා නො පිතරං අවධි, දහරම්හායොබ්බනං පත්තා”ති.
වාසුල කුමාරයා රජු හමුවේ බිම පෙරළමින් අපි තරුණ බවට නොපැමිණි ළදරුවෝ වෙමු. අප පියා නොමැරුව මැනවැයි හඩා වැලපුණි.
තත්ථ දහරම්හායොබ්බනං පත්තාති දෙව, මයං තරුණදාරකා, න තාව යොබ්බනප්පත්තා, අම්හෙසුපි තාව අනුකම්පාය අම්හාකං පිතරං මා අවධීති.
එහි දහරම්හා අයොබ්බනං පත්තොති රජතුමනි, අපි ළදරු දරුවෝ වෙමු. යොවුන්වියට නොපැමිණියෝ වෙමු. අප කෙරෙහි අනුකම්පා කොට පියා නොමරන්නයි කීවේය.
රාජා තස්ස පරිදෙවිතං සුත්වා භිජ්ජමානහදයො විය හුත්වා අස්සුපුණ්ණෙහි නෙත්තෙහි කුමාරං ආලිඞ්ගිත්වා “තාත, අස්සාසං පටිලභ, විස්සජ්ජෙමි තෙ පිතර”න්ති වත්වා ගාථමාහ –
රජු එම කුමරුගේ වැලපීම අසා හදවත බිඳී ගියාක් මෙන් සිට කඳුළු පිරි දෙනෙතින් යුතුව කුමාරයා වැළඳගෙන ‘දරුව, අස්වැසිල්ලක් ලබන්න. ඔබගේ පියා මුදා හරින්නෙමි’ යි කියා ගාථාවක් කීය.
“එසො තෙ වසුල පිතා, සමෙහි පිතරා සහ; දුක්ඛං ඛො මෙ ජනයසි, විලපන්තො අන්තෙපුරස්මිං; මුඤ්චෙථ දානි කුමාරෙ, අලම්පි මෙ හොතු පුත්තයඤ්ඤෙනා”ති.
වාසුල කුමාරය, මේ තොපගේ පියාය. පිය සනසව. අන්තඃපුරය තුළ මහ හඬින් වැලපෙමින් මේ කුමාරයා මට මහත් දුක් ඉපිදවීය. දැන් මේ කුමාරවරුන් මුදා හරිවු. පුතුන් මරා කරන යාගයෙන් මට වැඩක් නැත.
තත්ථ අන්තෙපුරස්මින්ති රාජනිවෙසනස්ස අන්තරෙ.
අන්තඃපුරස්මිති රජගෙයි ඇතුළත කොටසයි.
පුන ඛණ්ඩහාලො ආගන්ත්වා ආහ –
නැවතද ඛණ්ඩහාල බමුණා පැමිණ රජුට මෙසේ කීය.
“පුබ්බෙව ඛොසි මෙ වුත්තො, දුක්කරං දුරභිසම්භවඤ්චෙතං; අථ නො උපක්ඛටස්ස යඤ්ඤස්ස, කස්මා කරොසි වික්ඛෙපං.
මහරජ, මේ යාගය දුෂ්කරය. දුර්ලභ යැයි මුලදීම කියන ලදී. එහෙත් යාගය සංවිධානය කළ පසු ඔබ එයට අකුල් හෙළන්නෙහිය.
“සබ්බෙ වජන්ති සුගතිං, යෙ යජන්ති යෙපි යාජෙන්ති; යෙ චාපි අනුමොදන්ති, යජන්තානං එදිසං මහායඤ්ඤ”න්ති.
යාගය කරන අයත්, කරවන අයත් අනුමෝදන් වන අයත් යන සියලු දෙනාම සුගතිගාමි වන්නාහුය.
රාජා පන අන්ධබාලො පුන තස්ස වචනෙන පුත්තෙ ගණ්හාපෙසි. තතො ඛණ්ඩහාලො චින්තෙසි – “අයං රාජා මුදුචිත්තො කාලෙන ගණ්හාපෙති, කාලෙන විස්සජ්ජෙති, පුනපි දාරකානං වචනෙන පුත්තෙ විස්සජ්ජෙය්ය, යඤ්ඤාවාටඤ්ඤෙව නං නෙමී”ති. අථස්ස තත්ථ ගමනත්ථාය ගාථමාහ –
මෝහයෙන් වැසුණු මනස් ඇති රජහුද නැතහොත් දරුවන් අල්ලා සිර කිරීමට නියම කළහ. ඒ අතර ඛණ්ඩහාල මෙසේ සිතුවේය. මේ රජු මොලොක් සිත් ඇත්තෙකි. විටෙක (දරුවන්) සිර කරති. විටෙක මුදා හරිති. නැවතත් දරුවන්ගේ කීම අසා පුතුන් මුදාහල හොත් යානාවාටය පමණක් ඉතිරි වේ. යාගයෙහි නිමාවක් නොලබයි. ඉක්බිති රජතුමා යාගයට කැඳවාගෙන යනු පිණිස මෙසේ කීය.
“සබ්බරතනස්ස යඤ්ඤො උපක්ඛටො, එකරාජ තව පටියත්තො; අභිනික්ඛමස්සු දෙව, සග්ගං ගතො ත්වං පමොදිස්සසී”ති.
සබ්බරතනස්ස යඤ්ඤො, උපක්ඛටො එකරාජ තවපටියත්තො, අභිනික්ඛ මස්සු දෙව, සග්ගං ගතො ත්වං පමොදිස්සසීති
තස්සත්ථො – මහාරාජ, තව යඤ්ඤො සබ්බරතනෙහි උපක්ඛටො පටියත්තො, ඉදානි තෙ අභිනික්ඛමනකාලො, තස්මා අභිනික්ඛම, යඤ්ඤං යජිත්වා සග්ගං ගතො පමොදිස්සසීති.
එහි අදහස මෙසේය. ඒකරාජය, සියලු රත්නයක් මනාව එක්කොට ඔබගේ යාගය පිළියෙල කරන ලද්දේය. දේවයිනි, යාගයට නික්මෙන්න. ස්වර්ගයට ගිය කල්හි ඔබ සතුටු වන්නේය.
තතො බොධිසත්තං ආදාය යඤ්ඤාවාටගමනකාලෙ තස්ස ඔරොධා එකතොව නික්ඛමිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඉක්බිති බෝසත් අල්වාගෙන යඥාවාටයට ගමන් කරනවිට ඔහුගේ (බෝසත්හුගේ) අන්තඃපුර ස්ත්‍රීහුද එකාවන්ව පසුපස නැගී ගියාහුය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“දහරා සත්තසතා එතා, චන්දකුමාරස්ස භරියායො; කෙසෙ පකිරිත්වාන, රොදන්තියො මග්ගමනුයායිංසු.
දහරා සත්ත සතා, එතාපන චන්ද කස්ස භරියායො, කෙසෙ පරිකරිත්වාන, රොදන්තියො මග්ග මනුයන්ති
චන්ද්‍ර කුමාරයාගේ එම සත්සියයක් තරුණ භාර්යාවෝ කෙහෙවලු මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.
“අපරා පන සොකෙන, නික්ඛන්තා නන්දනෙ විය දෙවා; කෙසෙ පකිරිත්වාන, රොදන්තියො මග්ගමනුයායිසු”න්ති.
අපරා පන සොකෙන, නික්ඛන්තා නන්දනෙ විය දෙවා, කෙසෙ පරි කිරිත්වාන, රොදෙන්තියො මග්ග මනුයන්තීති
සෝකයෙන් යුතුව නික්මුණු අන්‍ය ස්ත්‍රීහු නදුනුයෙන් චුතවුණු දෙව්පුතෙකු පිරිවරන ලද දෙවගණන් මෙන් කෙහෙ මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.
තත්ථ නන්දනෙ විය දෙවාති නන්දනවනෙ චවනදෙවපුත්තං පරිවාරෙත්වා නික්ඛන්තදෙවතා විය ගතා. ඉතො පරං තාසං විලාපගාථා හොන්ති –
එහි නන්දන වනෙ විය දෙවාති නදුනුයෙන් චුතවන දෙව් පුතෙකු පිරිවරා නික්මෙන දෙවගණන් මෙන් ඔවුන්ගේ විලාපය විය.
“කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
කාසික සුචිවත්ථ ධරා, කුණ්ඩලිනො අගලු චන්දනවිලිත්තා, නීයන්ති චන්දසුරියා, යඤ්ඤත්ථාය ඒකරාජස්ස
පිරිසිදු කසී සළු දරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්ද්‍ර සූර්ය කුමරුවෝ එකරාජ රජුගේ යාගයට යන්නෝය.
“කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
පිරිසිදු කසී සළු දරනු කුණ්ඩලාභරණ පැළඳි අගිල් සඳුන් තවරා ගත් ඇති චන්ද්‍ර සූර්ය කුමරුවෝ මවගේ හදවත ශෝකයෙහි ගිල්වමින් යාගයට යන්නෝය.
“කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසූරියා, ජනස්ස කත්වා හදයසොකං.
පිරිසිදු කසී සලු දරන කුණ්ඩලාභරණ පැළඳි අගිල් සඳුන් විලවුන් දුන් චන්ද්‍රසූර්ය කුමරුවෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇතිකොට (යාගයට) ගෙන යනු ලැබෙති.
“මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
මංසරස හොජීනො නහාපකසුනහාපිතා, කුණ්ඩලිනො අගළුචන්ද න විලිත්තා, නීයන්ති චන්ද සුරියා, යඤ්ඤත්ථාය ඒකරාජස්ස
මස් රස සහිත බොජුන් බුදින දියවඩන්නන් විසින් මනාව නාවන ලද (නහවන ලද) කුණ්ඩලාභරණ පැළඳි අගිල් සඳුන් තවර කළ චන්ද්‍ර සූර්ය කුමාරයෝ දෙදෙන ඒකරාජ රජුගේ යාගයට ගෙන යනු ලැබෙති.
“මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
මස් රස සහිත බොජුන් බුදින දිය වඩන්නන් විසින් මනාකොට නාවන ලද කුණ්ඩලාභරණ පැළඳි අගිල් සඳුන් තැවරූ (ගත් ඇත) චන්ද්‍ර සූර්ය කුමරුවෝ දෙදෙන මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.
“මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නීයන්ති චන්දසූරියා, ජනස්ස කත්වා හදයසොකං.
මස් රස සහිත බොජුන් බුදින දිය වඩන්නවුන් විසින් මනාකොට නාවන ලද කුණ්ඩලාභරණ පැළඳි අගිල් සඳුන් තැවරූ චන්ද්‍ර සූර්ය කුමරුවෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙනයනු ලැබෙත්.
“යස්සු පුබ්බෙ හත්ථිවරධුරගතෙ, හත්ථීහි අනුවජන්ති; ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති.
[missing trans]
“යස්සු පුබ්බෙ අස්සවරධුරගතෙ, අස්සෙහි අනුවජන්ති; ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති.
පෙර උතුම් අසුන් පිට නැගී ගිය, අස් සෙනගින් පිරිවරනු ලැබ ගමන් ගත් චන්ද්‍ර, සූර්ය කුමාරවරු දෙදෙන ඔවුන් හැර පාගමනින් යෙති.
“යස්සු පුබ්බෙ රථවරධුරගතෙ, රථෙහි අනුවජන්ති; ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්ති.
පෙර උතුම් රියට නැගී ගිය යම් කුමර කෙනෙක් රිය සෙනගින් යුතුව පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද අද ඒ චන්ද්‍ර, සූර්ය කුමරහු දෙදෙන පාගමනින් යෙති.
“යෙහිස්සු පුබ්බෙ නිය්යංසු, තපනීයකප්පනෙහි තුරඞ්ගෙහි; ත්යජ්ජ චන්දසූරියා, උභොව පත්තිකා යන්තී”ති.
පෙරයම් කුමර කෙනෙක් රන් අබරණින් සරසන ලද අස් සෙනගින් යුතුව නික්ම ගියාහුය. ඒ චන්ද්‍ර, සූර්ය කුමරහු දෙදෙන පා ගමනින් යෙති.
තත්ථ කාසිකසුචිවත්ථධරාති කාසිකානි සුචිවත්ථානි ධාරයමානා. චන්දසූරියාති චන්දකුමාරො ච සූරියකුමාරො ච. න්හාපකසුන්හාපිතාති චන්දනචුණ්ණෙන උබ්බට්ටෙත්වා න්හාපකෙහි කතපරිකම්මතාය සුන්හාපිතා. යස්සූති යෙ අස්සු. අස්සූති නිපාතමත්තං, යෙ කුමාරෙති අත්ථො. පුබ්බෙති ඉතො පුබ්බෙ. හත්ථිවරධුරගතෙති හත්ථිවරානං ධුරගතෙ, අලඞ්කතහත්ථික්ඛන්ධවරගතෙති අත්ථො. අස්සවරධුරගතෙති අස්සවරපිට්ඨිගතෙ. රථවරධුරගතෙති රථවරමජ්ඣගතෙ. නිය්යංසූති නික්ඛමිංසු.
එහි කාසිතසුචිවත්ථධරාති මුදු සිනිඳු වස්ත්‍ර දරන්නා යනුයි. චන්දසුරියාචාති චන්ද්‍ර කුමාරයා හා සූර්ය කුමාරයා යනුයි. නහාපක සුනාහජිතාති රන්සුණු කුඩුවලින් ඇඟ උලා දිය වඩන්නන් විසින් කරන ලද පරිකර්මයන් කොට මනාකොට නාවන ලද යස්සූති ‘වෙයි’ යන අරුත් ඇති නිපාතයකි. යම් කුමාරයන් යන අර්ථයි. පුබ්බෙති මෙයින් පෙර යනුයි. හත්ථිවර ධුරගතෙති උතුම් ඇතුන් පිට නැගුණු යනුයි. අලංකාර ලෙස සැරැසුණු ඇතුන් පිට නැගුණු යනුයි. අස්සවරධරගතෙති උතුම් අශ්වයින් පිට නැගුණු යනුයි. රථවරධුරගතෙති උතුම් රථවලට නැගුණු යනුයි. නිය්යංසූති නික්මුණාහුය යනුයි.
එවං තාසු පරිදෙවන්තීසුයෙව බොධිසත්තං නගරා නීහරිංසු. සකලනගරං සඞ්ඛුභිත්වා නික්ඛමිතුං ආරභි. මහාජනෙ නික්ඛන්තෙ ද්වාරානි නප්පහොන්ති. බ්රාහ්මණො අතිබහුං ජනං දිස්වා “කො ජානාති, කිං භවිස්සතී”ති නගරද්වාරානි ථකාපෙසි. මහාජනො නික්ඛමිතුං අලභන්තො නගරද්වාරස්ස ආසන්නට්ඨානෙ උය්යානං අත්ථි, තස්ස සන්තිකෙ මහාවිරවං රවි. තෙන රවෙන සකුණසඞ්ඝො සඞ්ඛුභිතො ආකාසං පක්ඛන්දි. මහාජනො තං තං සකුණිං ආමන්තෙත්වා විලපන්තො ආහ –
ඔවුන් වැළපෙද්දීම බෝධිසත්ත්වයෝ නුවරින් බැහැරට ගෙන යනු ලදහ. සියලු නුවර වැසියෝ කැළඹී ඒ පසුපස නික්ම යාමට වූහ. මහජනයාට නික්ම යාමට තරම් දොරවල් ඉඩ මදි විය. ඛණ්ඩහාල බමුණා අතිමහත් ජන සමූහය දැක ‘මේ මිනිස්සු කොහි යන්නෝ ද, කුමක් වන්නට යන්නේදැ’යි විමසා නගරයෙහි දොරටු වස්වාලීය. නුවරින් නික්ම ගත නොහැකි වූ මහජනයා නුවර දොරටුවට ආසන්න තැනෙක වූ උයනට රැස්ව මහත් හඬින් කෑකෝ ගසමින් වැළපුනාහුය. එම හඩින් කැළඹුණු පක්ෂීහු අහසට නැගී පියාසර කළාහුය. මහජනයා එම පක්ෂීන් අමතා වැළපෙමින් මෙසේ කීවාහුය.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි පුත්තෙහි.
එම්බා කුරුල්ලනි, (කොස්වාළිහිණියනි, ඉදින් මස් කැමැත්තේනම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවටයක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ මුලාවට පැමිණ පුතුන්සතර දෙනාගෙන් යුතුව යාග කෙරෙයි.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි කඤ්ඤාහි.
එම්බා කුරුල්ලනි, (කොස්වා ළිහිණියනි) ඉදින් මස් කැමැත්තෙහි නම් යව්. පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත) එහි ඒකරාජ නම් රජ මුලාවට පැමිණ රාජදුහිතෘෘ කන්‍යාවන් සතර දෙනෙකුගෙන් (යුතුව යාග කෙරෙයි.)
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි මහෙසීති.
එම්බා කුරුල්ලනි, (කොස්වා ළිහිණියෙනි) ඉදින් මස් කැමැත්තෙහි නම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත.) එහි ඒකරාජ නම් රජ මුලාවට පත්වී මෙහෙසියන් සතර දෙනෙකුගෙන් යාග කෙරෙයි.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි ගහපතීහි.
එම්බා කුරුල්ලනි, (කොස්වා ළිහිණියනි) ඉදින් මස් කැමැත්තෙහි නම් යව්. පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත) ඒකරාජ නම් රජ මුලාවට පත්වී ගැහැවියන් සතර දෙනෙකුගෙන් යාග කෙරෙයි.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි හත්ථීහි.
එම්බා කුරුල්ලනි, (කොස්වා ළිහිණියෙනි) ඉදින් මස් කැමැත්තෙහි නම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත.) එහි ඒකරාජ නම් රජ මුලාවට පත්වී ඇතුන් සතර දෙනෙකුගෙන් යාග කෙරෙයි.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි අස්සෙහි.
එම්බා කුරුල්ලනි, (කොස්වා ළිහිණියෙනි) ඉදින් මස් කැමැත්තෙහි නම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත.) එහි ඒකරාජ නම් රජ මුලාවට පත්වී අසුන් සතර දෙනෙකුගෙන් යාග කෙරෙයි.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො චතූහි උසභෙහි.
එම්බා කුරුල්ලනි, (කොස්වා ළිහිණියෙනි) ඉදින් මස් කැමැත්තෙහි නම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත.) එහි ඒකරාජ නම් රජ මුලාවට පත්වී වෘෂභයන් සතර දෙනෙකුගෙන් යාග කෙරෙයි.
“යදි සකුණි මංසමිච්ඡසි, ඩයස්සු පුබ්බෙන පුප්ඵවතියා; යජතෙත්ථ එකරාජා, සම්මූළ්හො සබ්බචතුක්කෙනා”ති.
එම්බා කුරුල්ලනි, (කොස්වාළිහිණියනි) ඉදින් මස් කැමැති නම් යව්, පුෂ්පවතී නුවරට පෙරදිග (යාගාවාටයක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරවි බමුණාගේ බසට) මුලාවී සර්ව චතුෂ්කයෙන් යුතුව යාග කෙරෙයි.
තත්ථ මංසමිච්ඡසීති අම්භො සකුණි, සචෙ මංසං ඉච්ඡසි, පුප්ඵවතියා පුබ්බෙන පුරත්ථිමදිසායං යඤ්ඤාවාටො අත්ථි, තත්ථ ගච්ඡ. යජතෙත්ථාති එත්ථ ඛණ්ඩහාලස්ස වචනං ගහෙත්වා සම්මූළ්හො එකරාජා චතූහි පුත්තෙහි යඤ්ඤං යජති. සෙසගාථාසුපි එසෙව නයො.
එහි මංසමිච්ඡසීති එම්බා පක්ෂියෙනි, (කොස්වාළිහිණියනි) ඉදින් මස් කැමැත්තෙහි නම් පුෂ්පවතී නුවරට පෙරදිග යාගාවාටයක් ඇත. එහි යව් යනුයි. යජතෙත්ථාති මෙහි ඛණ්ඩහාල බමුණාගේ බස් පිළිගෙන තමාම මුලාවට පැමිණ එකරාජ රජතුමා සර්ව චතුෂ්ක යාගය කරයි යනුයි.
එවං මහාජනො තස්මිං ඨානෙ පරිදෙවිත්වා බොධිසත්තස්ස වසනට්ඨානං ගන්ත්වා පාසාදං පදක්ඛිණං කරොන්තො අන්තෙපුරෙ කූටාගාරඋය්යානාදීනි පස්සන්තො ගාථාහි පරිදෙවි –
මෙසේ මහජනයා එම ස්ථානයෙහි වැළපී බෝසත්ගේ වාසස්ථානයට ගොස් ප්‍රාසාදය පැදකුණු කරන්නාහු අන්තඃපුරය, කුළුගෙවල් උයන් ආදිය බලමින් ගාථා කියමින් වැළපුණාහුය.
“අයමස්ස පාසාදො, ඉදං අන්තෙපුරං සුරමණීයං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
අයමස්ස පාසාදො - ඉදං අන්තඃපුරං රමණීයං, තෙදානි අය්යපුත්තො - චත්තාරො වමාය නින්නීතා
ඔහුගේ (චන්ද්‍ර කුමරුගේ) ප්‍රාසාදයයි. මේ ඉතා සිත්කළු වූ අන්තඃපුරයයි. දැන් ඒ (චන්ද්‍ර කුමාරයා ප්රමුඛ) ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙනයන ලදහ.
“ඉදමස්ස කූටාගාරං, සොවණ්ණං පුප්ඵමල්යවිකිණ්ණං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ ඔහුගේ කූටාගාරය රනින්කළ මල්දමින් ගැවැසී ගත්තේයැ. දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ.
“ඉදමස්ස උය්යානං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ ඔහුගේ උයනයි. එය හැමදා සුපුෂ්පිතය. දැන් ඒ ආර්යයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ. මේ ඔහුගේ ගෝපලු උයනයි. හැමදා සුපුෂ්පිතය. සිත්කලුය. දැන් ඒ චන්ද්‍ර කුමාරයා සහිත ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ.
“ඉදමස්ස අසොකවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
[missing trans]
“ඉදමස්ස කණිකාරවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ ඔහුගේ උයනයි. එය හැමදා සුපුෂ්පිතය. දැන් ඒ ආර්යයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ. මේ ඔවුන්ගේ කිණිහිරි උයනයි. හැමදා සුපුෂ්පිතය. සිත්කලුය. දැන් ඒ චන්ද්‍ර කුමාරයා සහිත ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ.
“ඉදමස්ස පාටලිවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ ඔහුගේ උයනයි. එය හැමදා සුපුෂ්පිතය. දැන් ඒ ආර්යයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ. මේ ඔහුගේ පළොල් උයනයි. හැමදා සුපුෂ්පිතය. සිත්කලුය. දැන් ඒ චන්ද්‍ර කුමාරයා සහිත ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ.
“ඉදමස්ස අම්බවනං, සුපුප්ඵිතං සබ්බකාලිකං රම්මං; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ ඔහුගේ උයනයි. එය හැමදා සුපුෂ්පිතය. දැන් ඒ ආර්යයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ. මේ ඔහුගේ අඹ උයනයි. හැමදා සුපුෂ්පිතය. සිත්කලුය. දැන් ඒ චන්ද්‍ර කුමාරයා සහිත ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ.
“අයමස්ස පොක්ඛරණී, සඤ්ඡන්නා පදුමපුණ්ඩරීකෙහි; නාවා ච සොවණ්ණවිකතා, පුප්ඵවල්ලියා චිත්තා සුරමණීයා; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා”ති.
මේ ඔහුගේ පොකුණයි. පියුම් පඩෙරින් ගැවසී ගත්තේය. රන්කම් කළ නැවද මල්දමින් විසිතුරුය. ඉතා සිත්ගන්නා සුළුය. ඒ (චන්ද්‍ර කුමාරයා ඇතුළු) ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙන යන ලදහ.
තත්ථ තෙදානීති ඉදානි තෙ චන්දකුමාරප්පමුඛා අම්හාකං අය්යපුත්තා එවරූපං පාසාදං ඡඩ්ඩෙත්වා වධාය නීයන්ති. සොවණ්ණවිකතාති සුවණ්ණඛචිතා.
එහි තෙදානීති දැන් ඒ චන්ද්‍ර කුමාරයා ප්‍රධාන අපගේ ආර්ය පුත්‍රයෝ සතරදෙන වධය පිණිස ගෙනයනු ලැබෙත් යනුයි. සොවණ්ණ විකතාති රන් ආලේප කොට කරන ලද කැටයමින් යුතු බවයි.
එත්තකෙසු ඨානෙසු විලපන්තා පුන හත්ථිසාලාදීනි උපසඞ්කමිත්වා ආහංසු –
මෙසේ ඒ ඒ තැන්වල වැළපී නැවතත් ඇත්හල් ආදී තැන්වලට පැමිණ මෙසේ තෙපළාහුය.
“ඉදමස්ස හත්ථිරතනං, එරාවණො ගජො බලී දන්තී; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ එරාවණා නම් වූ, වරුණ දන්ත ඇති මගුල් ඇතා ඔබගේ හත්ථිරථනයයි. දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙනයන ලදහ.
“ඉදමස්ස අස්සරතනං, එකඛුරො අස්සො; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
මේ ‘එකඛුර’ නම් මගුල් අසු ඔබගේ අශ්ව රත්නයයි. දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙනයන ලදහ.
“අයමස්ස අස්සරථො, සාළියනිග්ඝොසො සුභො රතනවිචිත්තො; යත්ථස්සු අය්යපුත්තා, සොභිංසු නන්දනෙ විය දෙවා; තෙදානි අය්යපුත්තා, චත්තාරො වධාය නින්නීතා.
අයමස්සු අස්ස රථො සාලියනිගෞරසො සුභො රතනචිත්තො, යත්ථස්සු අය්යපුත්තා සොභිංසු නන්දනෙ වියදෙවා, තෙදානි අය්යපුත්තා චත්තාරො වධාය නින්නීතා
මේ ඔබගේ අශ්ව රථයයි. සැළලිහිණියකට බඳු හඬ ඇත්තේය. යහපත් වූයේය. රුවනින් විසිතුරුය. යම් රථයක ආර්ය පුත්‍රයෝ නඳුනුයන්හි දෙවියන් මෙන් ශෝභමානව ගමන් කළේද මේ ඒ රථයයි. දැන් ඒ ආර්ය පුත්‍රයෝ සතරදෙන වධයට ගෙනයන ලදහ.
“කථං නාම සාමසමසුන්දරෙහි, චන්දනමුදුකගත්තෙහි; රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි පුත්තෙහි.
මුලා වූ රජතෙම, කෙසේනම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති පුතුන් සතරදෙනාගෙන් යාග කරන්නේ ද?
“කථං නාම සාමසමසුන්දරාහි, චන්දනමුදුකගත්තාහි; රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි කඤ්ඤාහි.
මුලාවූ රජතෙම කෙසේනම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්දර වූ රත්හඳුන් අලෙව් දුන් සිරුරු ඇති කන්‍යාවන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
“කථං නාම සාමසමසුන්දරාහි, චන්දනමුදුකගත්තාහි; රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි මහෙසීහි.
මුළා ව රජතෙම රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්දර වූ රත්සඳුන් අලෙව්දුන් සිරුරු ඇති මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?
“කථං නාම සාමසමසුන්දරෙහි, චන්දනමුදුකගත්තෙහි; රාජා යජිස්සතෙ යඤ්ඤං, සම්මූළ්හො චතූහි ගහපතීහි.
මුලා වූ රජතෙම කෙසේනම් රන්වන් වූ ජාතියෙන් සුන්දර වූ රත්හඳුන් අලෙව් දුන් සිරුරු ඇති ගැහැවියන් සතර දෙනෙකුගෙන් යාග කරන්නේද?
“යථා හොන්ති ගාමනිගමා, සුඤ්ඤා අමනුස්සකා බ්රහාරඤ්ඤා; තථා හෙස්සති පුප්ඵවතියා, යිට්ඨෙසු චන්දසූරියෙසූ”ති.
යථා හොන්ති ගාමනිගමා සුඤ්ඤා අමනුස්සකා බ්රහාරඤ්ඤා, තථා හෙස්සති පුප්ඵවතියා යිට්ඨෙසු චන්දන සුරියෙසූති
යම්සේ ග්‍රාම නිගමයෝ ශූන්‍ය වූවාහු මිනිසුන් නැත්තා වූ මහ වනයෝ වෙත්ද, චන්ද්‍ර සූර්ය කුමරුවන්ගෙන් යාග කළ කල් පුෂ්පවතී නුවර එසේ වන්නේය.
තත්ථ එරාවණොති තස්ස හත්ථිනො නාමං. එකඛුරොති අභින්නඛුරො. සාළියනිග්ඝොසොති ගමනකාලෙ සාළිකානං විය මධුරෙන නිග්ඝොසෙන සමන්නාගතො. කථං නාමාති කෙන නාම කාරණෙන. සාමසමසුන්දරෙහීති සුවණ්ණසාමෙහි ච අඤ්ඤමඤ්ඤං ජාතියා සමෙහි ච නිද්දොසතාය සුන්දරෙහි. චන්දනමුදුකගත්තෙහීති ලොහිතචන්දනලිත්තගත්තෙහි. බ්රහාරඤ්ඤාති යථා තෙ ගාමනිගමා සුඤ්ඤා නිම්මනුස්සා බ්රහාරඤ්ඤා හොන්ති, තථා පුප්ඵවතියාපි යඤ්ඤෙ යිට්ඨෙසු රාජපුත්තෙසු සුඤ්ඤා අරඤ්ඤසදිසා භවිස්සතීති. අථ මහාජනො බහි නික්ඛමිතුං අලභන්තො අන්තොනගරෙයෙව විචරන්තො පරිදෙවි.
එහි එරාවනොති එරාවන යනු ඔහුගේ ඇතුගේ නමයි. එකඛුරොති බෙදුනේ නැතිඛුර සහිත බවයි. සාලිය නිග්ඝොසොති ගමන් කරන කල්හි සැළලිහිණියන් ගේ මෙන් මිහිරි හඬින් යුතු බවයි. කථං නාමාති කුමන කරුණකින්ද යනුයි. සාමසමසුන්දරෙහීති ස්‍යාම වර්ණයෙන් (අත්හ නිල් දෙක කලවම් වූ පාට - තළඑළලු පැහැය) බබළන හා ඔවුනොවුන් ජාතියෙන් සමාන වූ බවද එබැවින් නිදොස් බවද මෙහි අදහසයි. චන්දන මරතිත ගත්තෙහි රත්හඳුන් ආලේප කළ සිරුරුවලින් යුතු බවයි. බ්රහාරඤ්ඤාති (යම්හෙයකින් ගම්නියම්ගම් මිනිසුන් නැති කල්හි මහ කැලෑ බවට පත්වේ.) ගණකැලෑ යනුයි. එසේ (රාජකීය) උයන්ද කුමාරවරුන් (මරා) යාග කළ කල්හි රාජ පුත්‍රයින්ගෙන් හිස් වූ කල්හි ගණ කැලෑ බවට පත්වන්නේ යැයි නගරයෙන් නික්මගත නොහැකි වූ මහජනයා එහෙ මෙහෙ ඇවිදිමින් වැළපෙන්නට වූහ.
බොධිසත්තොපි යඤ්ඤාවාටං නීතො. අථස්ස මාතා ගොතමී නාම දෙවී “පුත්තානං මෙ ජීවිතං දෙහි, දෙවා”ති රඤ්ඤො පාදමූලෙ පරිවත්තිත්වා පරිදෙවමානා ආහ –
බෝසත්තු යාගවාටය වෙත පමුණුවන ළදහ. ඔහුගේ මව වූ ගෝතමී දේවිය රජුගේ පාමුල වැටී මගේ පුතාගේ ජීවිතය දෙන්න යැයි අයදිමින් (මෙසේ) වැළපුණාය.
“උම්මත්තිකා භවිස්සාමි, භූනහතා පංසුනා ච පරිකිණ්ණා; සචෙ චන්දවරං හන්ති, පාණා මෙ දෙව රුජ්ඣන්ති.
උම්මත්තිකා භවිස්සාමි - භූනහතා පංසුනාව පරිකිණ්ණා, සචෙ චන්දවරං හන්ති - පාණා මෙ ද්වෙ නිරුජ්ඣන්ති
දේවයනි, ඉදින් උතුම් වූ සඳකුමරු නසානම් වැඩ නැත්තී වූ මම පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නෙමු. මාගේ ප්‍රාණය නිරුද්ධ වෙති.
“උම්මත්තිකා භවිස්සාමි, භූනහතා පංසුනා ච පරිකිණ්ණා; සචෙ සූරියවරං හන්ති, පාණා මෙ දෙව රුජ්ඣන්තී”ති.
[missing trans]
තත්ථ භූනහතාති හතවුඩ්ඪි. පංසුනා ච පරිකිණ්ණාති පංසුපරිකිණ්ණසරීරා උම්මත්තිකා හුත්වා විචරිස්සාමි.
එහි භූනහතාති විනාශයට පත්වීම යනුයි. පංසුනාච පරිකිණ්ණංති පස් වැකුණු ශරීරයෙන් යුතු උමතු වූ තැනැත්තියක මෙන් හැසිරෙන්නෙමි යනුයි.
සා එවං පරිදෙවන්තීපි රඤ්ඤො සන්තිකා කිඤ්චි කථං අලභිත්වා “මම පුත්තො තුම්හාකං කුජ්ඣිත්වා ගතො භවිස්සති, කිස්ස නං තුම්හෙ න නිවත්තෙථා”ති කුමාරස්ස චතස්සො භරියායො ආලිඞ්ගිත්වා පරිදෙවන්තී ආහ –
මෙසේ බෝසතාණන්ගේ මෑණියෝ නන් අයුරින් විලාප කියා රජ්ජුරුවන්ගෙන් අස්වැසීමකට සුදුසු වූ කිසිදු වචනයක් නොලැබ, මගේ පුතා ඔබලා කෝපයට පත්කොට ගියේද? කුමක් නිසා, ඔබලා ඔහු රඳවා ගැනීමට (බේරා ගැනීමට) උත්සාහ නොකරන්නේ ද යැයි කියා (චන්ද්‍ර) කුමාරයාගේ බිරින්දන් සිව්දෙන වැළඳගෙන වැළපෙමින් මෙසේ කීවාය.
“කින්නුමා න රමාපෙය්යුං, අඤ්ඤමඤ්ඤං පියංවදා; ඝට්ටිකා උපරික්ඛී ච, පොක්ඛරණී ච භාරිකා; චන්දසූරියෙසු නච්චන්තියො, සමා තාසං න විජ්ජතී”ති.
කින්නුමා න රමයෙය්යුං, අඤ්ඤමඤ්ඤං පියං වදා, ඝට්ටියා ඔපරක්ඛීව, පොක්ඛරක්ඛීව නායිකා, චන්ද සුරියෙසු නච්චන්තියො, සමො තාස්ම න විජ්ජතීති
ඝට්ටිය යැ, ඔපරක්ඛීයැ, පොක්ඛරක්බීයැ, නායිකායැ යන මොවුන් ඔවුන් ප්‍රිය තෙපුල් බෙණෙමින් චන්ද්‍ර සූර්ය කුමරුන් හමුවෙහි නටන්නාහු කවර හෙයින් ඔහු හා එක් නොවන්නහුද?
තත්ථ කින්නුමා න රමාපෙය්යුන්ති කෙන කාරණෙන ඉමා ඝට්ටිකාතිආදිකා චතස්සො අඤ්ඤමඤ්ඤං පියංවදා චන්දසූරියකුමාරානං සන්තිකෙ නච්චන්තියො මම පුත්තෙ න රමාපයිංසු, උක්කණ්ඨාපයිංසු. සකලජම්බුදීපස්මිඤ්හි නච්චෙ වා ගීතෙ වා සමා අඤ්ඤා කාචි තාසං න විජ්ජතීති අත්ථො.
එහි කින්නුමා නරමයෙය්යුන්ති කුමන හේතුවක් නිසා මේ ඝට්මී ආදී ඔවුනොවුන්ට ප්‍රියතෙපුල් බෙණෙන චන්ද්‍ර, සුරිය කුමාරයන් හමුයෙහි (වෙනදා) නැටුම් නටන ගී ගයන්නාහු කුමක් නිසා මගේ පුතු සමග රමණය නොකරන්නේ ද (එක් නොවන්නේ ද?) උකටලීව සිටින්නේ කුමක් නිසාද? මුළු දඹදිව් තලයෙහි නෘත්‍ය ගීතාදියෙන් මොවුන්ට සමාන අන්කිසි කෙනෙකු නැත යන අර්ථයි.
ඉති සා සුණ්හාහි සද්ධිං පරිදෙවිත්වා අඤ්ඤං ගහෙතබ්බග්ගහණං අපස්සන්තී ඛණ්ඩහාලං අක්කොසමානා අට්ඨ ගාථා අභාසි –
මෙසේ ඇය යේලියන් සමග වැළපී අනෙක් කෙනෙකු යොමුකර ගැනීමට (පොළඹවා ගැනීමට) නොහැකි බව දැක ඛණ්ඩහාල බමුණාට පරිභව කරමින් ගාථා අටක් කීවාය.
“ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු ඛණ්ඩහාල තව මාතා; යො මය්හං හදයසොකො, චන්දම්හි වධාය නින්නීතෙ.
බණ්ඩපාලය, චන්ද්රකුමරු වධයට ගෙනගිය කල්හි මගේ හෘදයේ යම් ශෝකයක් වේද, මාගේ මේ හෘදය ශෝකය තාගේ මව් තොමෝ ලබාවා.
“ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු ඛණ්ඩහාල තව මාතා; යො මය්හං හදයසොකො, සූරියම්හි වධාය නින්නීතෙ.
ඛණ්ඩහාලය, සූර්ය කුමරු වධයට ගිය කල්හි මට යම් හෘදය ශෝකයක් වේද මාගේ හෘදය ශෝකය තාගේ මව් තොමෝ ලබාවා.
“ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු ඛණ්ඩහාල තව ජායා; යො මය්හං හදයසොකො, චන්දම්හි වධාය නින්නීතෙ.
ඛණ්ඩලය, චන්ද්‍ර කුමරු වධයට ගෙන ගිය කල්හි මට යම් පුත්‍ර ශෝකයක් වේද, මාගේ මේ හෘදය ශෝකය තාගේ භාර්යා තොමෝ ලබාවා.
“ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු ඛණ්ඩහාල තව ජායා; යො මය්හං හදයසොකො, සූරියම්හි වධාය නින්නීතෙ.
[missing trans]
“මා ච පුත්තෙ මා ච පතිං, අද්දක්ඛි ඛණ්ඩහාල තව මාතා; යො ඝාතෙසි කුමාරෙ, අදූසකෙ සීහසඞ්කාසෙ.
ඛණ්ඩහාලය, යමෙක් සිංහයන් සමාන වූ නිදොස් කුමරුන් ඝාතනය කරවීද (එසේ කරමින් වූ) තාගේ බිරිඳ දරුවන් නොදකීවා ස්වාමි පුරුෂයාද නොදකීවා.
“මා ච පුත්තෙ මා ච පතිං, අද්දක්ඛි ඛණ්ඩහාල තව මාතා; යො ඝාතෙසි කුමාරෙ, අපෙක්ඛිතෙ සබ්බලොකස්ස.
“මා ච පුත්තෙ මා ච පතිං, අද්දක්ඛි ඛණ්ඩහාල තව ජායා; යො ඝාතෙසි කුමාරෙ, අදූසකෙ සීහසඞ්කාසෙ.
ඛණ්ඩහාලය, යමෙක් සියලුදෙනා විසින් අපේක්ෂා කරනු ලබන කුමරුන් ඝාතනය කරවී ද? තාගේ බිරිඳ දරුවන් නොදකීවා. හිමියාද නොදකීවා.
“මා ච පුත්තෙ මා ච පතිං, අද්දක්ඛි ඛණ්ඩහාල තව ජායා; යො ඝාතෙසි කුමාරෙ, අපෙක්ඛිතෙ සබ්බලොකස්සා”ති.
තත්ථ ඉමං මය්හන්ති මය්හං ඉමං හදයසොකං දුක්ඛං. පටිමුඤ්චතූති පවිසතු පාපුණාතු. යො ඝාතෙසීති යො ත්වං ඝාතෙසි. අපෙක්ඛිතෙති සබ්බලොකෙන ඔලොකිතෙ දිස්සමානෙ මාරෙසීති අත්ථො.
එහි ඉමංමය්හන්ති මගේ මේ යනුයි. පටිමුච්චතූති ආපසු යේවා. ආපසු පැමිණේවා යන අර්ථයි. යො ආතෙසිති යමෙක් ඔබ විසින් ඝාතනය කරනු ලබන්නේ ද යනුයි. අපෙක්ඛිතෙති සියලුම ලෝවැසි ජනයා බලාගෙන සිටියදී මරවන්නේය යනු අර්ථයි.
බොධිසත්තො යඤ්ඤාවාටෙපි පිතරං යාචන්තො ආහ –
බෝසත්හු යාගාවාටය අසල සිට පියාට ආයාචනා කරන්නේ මෙසේ කීහ.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, හත්ථී අස්සෙ ච පාලෙම.
දේවයනි, අප නොනසත්වා. ඛණ්ඩහාල හට දාසයන් කොට දෙන්න. (අපි) හැකිල්ලෙන් බඳිනු ලැබූ ඇතුන් අසුන් පාලනය කරම්භ.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, හත්ථිඡකණානි උජ්ඣෙම.
දේවයනි, අප නොනසත්වා. ඛණ්ඩහාල හට දාසයන් කොට දෙන්න. (අපි) හැකිල්ලෙන් බඳිනු ලැබ ඇත්වසුරු බැහැරලම්හ.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; අපි නිගළබන්ධකාපි, අස්සඡකණානි උජ්ඣෙම.
දේවයනි, අප නොනසන්න. ඛණ්ඩහාල හට දාසයන් කොට දෙන්න. (අප) හැකිල්ලෙන් බඳිනු ලැබ අස්වසුරු බැහැර කරම්හ.
“මා නො දෙව අවධි, දාසෙ නො දෙහි ඛණ්ඩහාලස්ස; යස්ස හොන්ති තව කාමා, අපි රට්ඨා පබ්බාජිතා; භික්ඛාචරියං චරිස්සාම.
දේවයනි, අප නොනසන්න. ඔබ කැමැති කෙනෙකුට අප දාසකොට දෙන්න. රටින් පිටුවහල් කරනු ලබන අපි අහර සිඟා හැසිරෙම්හ.
“දිබ්බං දෙව උපයාචන්ති, පුත්තත්ථිකාපි දලිද්දා; පටිභානානිපි හිත්වා, පුත්තෙ න ලභන්ති එකච්චා.
දිව්‍යං උපයාචන්ති, පුත්තත්ථිකා දළිද්දාපි නාරියො, පටිභාණානිපි හිත්වා, පුත්තෙ නහි ලභන්ති එකච්චා
දරුවන් කැමැති දිළිඳු ස්ත්‍රීහු ද (දරුවන් සඳහා) දෙවියන් යදිති. (ඔවුහු) තමන් කැමැති ආහාර (දොළ)ද නොලබා දරුවන්ද නොලබත්මැයි.
“ආසීසිකානි කරොන්ති, පුත්තා නො ජායන්තු තතො පපුත්තා; අථ නො අකාරණස්මා, යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි.
අස්සා සතානි කරොන්ති, පුත්තා නො ජායන්තු තතො පුත්තා, අථ නො අකාරණස්මා, යඤ්ඤත්ථාය දෙව ඝාතෙසි
අපට දරුවෝ උපදිත්වා. ඔවුන්ගෙන් මුණුබුරෝ උපදිත්වායි, ආසාවෙන් ප්‍රාර්ථනා කෙරෙති. එසේ ඇති කල්හි කාරණයක් නොමැතිව අප යාග පිණිස ඝාතනය කරන්නේය.
“උපයාචිතකෙන පුත්තං ලභන්ති, මා තාත නො අඝාතෙසි; මා කිච්ඡාලද්ධකෙහි පුත්තෙහි, යජිත්ථො ඉමං යඤ්ඤං.
උපයාචිත කෙන පුත්තං, ලභන්ති මා තාත නො අඝාතෙසි, මා කිච්ඡා ලද්ධකෙහි, පුත්තෙ යජිත්වා ඉමං යඤ්ඤං
පියාණෙනි, දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. අප ඝාතනය නොකරන්න. දුකසේ ලද පුතුන්ගෙන් මේ යාගය නොකරන්න.
“උපයාචිතකෙන පුත්තං ලභන්ති, මා තාත නො අඝාතෙසි; මා කපණලද්ධකෙහි පුත්තෙහි, අම්මාය නො විප්පවාසෙහී”ති.
උපයාචිත කෙන පුත්තං, ලභන්ති මා තාත නො අඝාතෙසි, මා කපණලද්ධකෙහි, පුත්තෙහි අම්මාය නො විප්පවාසෙහීති
පියාණෙනි, දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. අප ඝාතනය නොකරන්න. බැගෑපත්ව ලද පුතුන් වන අපගෙන් මව වෙන් නොකරන්න.
තත්ථ දිබ්බන්ති දෙව, අපුත්තිකා දලිද්දාපි නාරියො පුත්තත්ථිකා හුත්වා බහුං පණ්ණාකාරං කරිත්වා පුත්තං වා ධීතරං වා ලභාමාති දිබ්යං උපයාචන්ති. පටිභානානිපි හිත්වාති දොහළානි ඡඩ්ඩෙත්වාපි, අලභිත්වාපීති අත්ථො. ඉදං වුත්තං හොති – මහාරාජ, නාරීනඤ්හි උප්පන්නං දොහළං අලභිත්වා ගබ්භො සුස්සිත්වා නස්සති. තත්ථ එකච්චා යාචන්තාපි පුත්තෙ අලභමානා, කාචි ලද්ධම්පි දොහළං පහාය අපරිභුඤ්ජිත්වා න ලභන්ති, කාචි දොහළං අලභමානා න ලභන්ති. මය්හං පන මාතා උප්පන්නං දොහළං ලභිත්වා පරිභුඤ්ජිත්වා උප්පන්නං ගබ්භං අනාසෙත්වා පුත්තෙ පටිලභි. එවං පටිලද්ධෙ මා නො අවධීති යාචති.
එහි දිවන්ති දරුවන් නැති දිළිඳු කාන්තාවන් පවා දරුවන් බලාපොරොත්තුවෙන් බොහෝ පුදපඬුරු ගෙන දුවෙකු හෝ පුතෙකු ලබාගනිමියි දෙවියන් යදින්නෝය යනුයි. පටිභානානි පිහිත්වා තමන් කැමැතිවන ආහාර (දොළදුක නිසා කැමැති වන ආහාර) නොලැබීම නිසා ඒවා අත්හැර දමා යනු අර්ථයි. මෙසේ ද දක්වා ඇත. මහරජ, කාන්තාවන්ට උපන් දොළ (දරුවන් සඳහා) නොලැබීමෙන් දරුගැබ වියලී ගොස් නැසේ. එහිදී ඇතැම් ස්ත්‍රීහු පුතුන් හටගත් දොළදුක සංසිඳවා ගැනීමට ආහාර නොගෙනම දරුවන් නොලබන්නාහුය. ඇතැම් ස්ත්‍රීහු දොළ සංසිඳවා නොගෙනම දරුවන්ද ලබති. අපගේ මව හොඳට කාබී උපන්නා වූ දොළදුක සංසිඳවාගෙනම හටගත් ගැබ නොනසාගෙනම පුතුන් ලැබුවාය. මෙසේ ලැබූ දරුවන් ඝාතනය නොකරන්නැයි අයැද සිටියේය.
ආසීසිකානීති මහාරාජ, ඉමෙ සත්තා ආසීසං කරොන්ති. කින්ති? පුත්තා නො ජායන්තූති. තතො පපුත්තාති පුත්තානම්පි නො පුත්තා ජායන්තූති. අථ නො අකාරණස්මාති අථ ත්වං අම්හෙ අකාරණෙන යඤ්ඤත්ථාය ඝාතෙසි. උපයාචිතකෙනාති දෙවතානං ආයාචනෙන. කපණලද්ධකෙහීති කපණා විය හුත්වා ලද්ධකෙහි. පුත්තෙහීති අම්හෙහි සද්ධිං අම්හාකං අම්මාය මා විප්පවාසෙහි, මා නො මාතරා සද්ධිං විප්පවාසං කරීති වදති.
අස්සාසකානීති මහරජ, මේ ලෝකයෙහි දරුවන් නොලබත්හු අපට දරුවන් නොලැබෙන්නේ කුමක් නිසාදැයි දරුවන් ලැබීමෙන් මහත් ආශාවෙන් පසුවෙති. තතොපුත්තාති දරුවන්ගේ දරුවන්ට ලැබේවා යනුයි. අථනො අකාරණාස්මාති එසේ තිබියදී ඔබ අපව නිකරුණේ ඝාතනය කෙරේය යනුයි. උපයාචිත කෙනාති දේවතාවන්ට ආයාචනා කිරීමෙන් යනුයි. කපණලද්ධකෙහීති බැගෑපත්ව ඉල්ලා සිටීමෙන් යනුයි. පුත්තකෙහීති අප සමග අපගේ මව වෙන් නොකරන්න. අප මවගෙන් වෙන් නොකරන්න යනුවෙන් කීවේය යනුයි.
සො එවං වදන්තොපි පිතු සන්තිකා කිඤ්චි කථං අලභිත්වා මාතු පාදමූලෙ නිපතිත්වා පරිදෙවමානො ආහ –
හෙතෙම මෙසේ කියාද පියාගෙන් කිසිදු අස්වැසිල්ලක් නොලැබ මවගේ පාමුල වැටී වැළපෙමින් මෙසේ කීවේය.
“බහුදුක්ඛා පොසිය චන්දං, අම්ම තුවං ජීයසෙ පුත්තං; වන්දාමි ඛො තෙ පාදෙ, ලභතං තාතො පරලොකං.
බහු දුක්ඛ පොසියාචන්දං, අබ්බ තුවං ඡිය්යසෙ පුත්තං, වන්දාමි ඛෙ තෙ පාදෙ, ලභතං තාතො පරලොකං
මැණියනි, බොහෝ දුක්විඳ චන්දකුමාරයා පෝෂණය කළ තෙපි පුතු කෙරෙන් වෙන්වන්නෙහිය. තොපගේ පාසඟල වඳිමි. මාගේ පියාභෝග සම්පන්න වූ පරලොව ලබාවා.
“හන්ද ච මං උපගූහ, පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි; ගච්ඡාමි දානි පවාසං, යඤ්ඤත්ථාය එකරාජස්ස.
හන්ද ච මං උපගුහ, පාදෙ තෙ අම්ම චන්දතුංදෙහි, ගච්ඡාමිදානි පාවාසං, යඤ්ඤත්ථාය එකරාජස්ස
මෑණියනි, ඔබගෙන් වෙන්වන බැවින් මා වැළඳගනු මැනවි. ඔබගේ පා වැඳීමට ඉඩ දුන මැනවි. ඒකරාජ රජුගේ යාගය පිණිස නැවත නො එන ලෙස වෙන්වී විසීමට යමි.
“හන්ද ච මං උපගූහ, පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි; ගච්ඡාමි දානි පවාසං, මාතු කත්වා හදයසොකං.
හන්ද මං උපගුහ, පාදෙතෙ අබ්බ වන්දිතුං දෙහි, ගච්ඡාමි දානි පාවාසං මාතු කත්වා හදයසොකං
මෑණියෙනි (වියෝවන) මා වැළඳ ගනු මැනවි. ඔබගේ පා සඟල වැඳීමට අවසර දුන මැනවි. දැන් මම මවගේ හෘදයෙහි ශෝකය උපදවා නැවැත නො එන පරිදි වෙන්ව විසීමට යමි.
“හන්ද ච මං උපගූහ, පාදෙ තෙ අම්ම වන්දිතුං දෙහි; ගච්ඡාමි දානි පවාසං, ජනස්ස කත්වා හදයසොක”න්ති.
[missing pali]
මැණියෙනි, වියෝවන මා වැළඳගනු මැනැවි. ඔබගේ පා වැඳීමට අවසර දෙන්න මහජනයාගේ හෘදයෙහි ශෝකය උපදවා නැවත නොඑන පරිදි වෙන්ව විසීමට යමි.
තත්ථ බහුදුක්ඛා පොසියාති බහූහි දුක්ඛෙහි පොසිය. චන්දන්ති මං චන්දකුමාරං එවං පොසෙත්වා ඉදානි, අම්ම, ත්වං ජීයසෙ පුත්තං. ලභතං තාතො පරලොකන්ති පිතා මෙ භොගසම්පන්නං පරලොකං ලභතු. උපගූහාති ආලිඞ්ග පරිස්සජ. පවාසන්ති පුන අනාගමනාය අච්චන්තං විප්පවාසං ගච්ඡාමි.
එහි බහුදුක්ඛපොසියාති බොහෝ දුක් විඳ පෝෂණය කළේය යනුයි. චන්දන්ති චන්ද කුමාරයා වූ මා පෝෂණය කළ ඔබ අද පුතුනේ (චන්ද කුමාරයාගෙන්) වෙන් වන්නෙහිය. ලභතං තාතො පරලොකන්ති මාගේ පියා සම්පත් ඇති පරලොවක් ලබාවා. උපගුහාති වැළඳගෙන සනසන්න යනුයි. පවාසන්ති නැවත නොපැමිණීමට හේතුවන අනිවාර්ය වෙන්වීමයි.
අථස්ස මාතා පරිදෙවන්තී චතස්සො ගාථා අභාසි –
ඉක්බිති මව වැළපෙමින් ගාථා සතරක කීවාය.
“හන්ද ච පදුමපත්තානං, මොළිං බන්ධස්සු ගොතමිපුත්ත; චම්පකදලමිස්සායො, එසා තෙ පොරාණිකා පකති.
හන්දච පදුමපත්තානං, මොළිං බන්ධස්සු ගොතමීපුත්ත, චම්පක දලිවීතිමිස්සායො, එසා තෙ පොරාණියපකති
ගෝතමි පුත්‍රය, එසේ නම් මේ අන්තිම දැක්ම බැවින් කේශ කලාපය පියුම්පත් වෙළුමෙන් සකස් කිරීමෙන් බැඳගන්න. ඇතුළත සපුමල් පෙති යුතු මේ වෙළීම ඔබගේ පෙර සිට පැවැති චාරිත්රයකි.
“හන්ද ච විලෙපනං තෙ, පච්ඡිමකං චන්දනං විලිම්පස්සු; යෙහි ච සුවිලිත්තො, සොභසි රාජපරිසායං.
[missing pali]
යම් විලේපනයකින් විලේපනය කරගෙන (ඔබ) රාජසභා ශෝභමානව සිටියේද, මේ අවසන් සැරසුම බැවින් රත්හඳුන් විලේපනය කරගන්න.
“හන්ද ච මුදුකානි වත්ථානි, පච්ඡිමකං කාසිකං නිවාසෙහි; යෙහි ච සුනිවත්ථො, සොභසි රාජපරිසායං.
හන්දච මුදුකානි වත්ථානි, පච්ඡිමකං කාසිකං වාසෙහි, යෙහිච සුනිවත්ථො, සොභසි රාජපරිසාය
යම් ආකාර වූ සියුම් වූ කසීසළු හැඳගෙන ඔබ රාජසභාවෙහි වැජඹුණේද එබඳු වූ කසීසළුව අන්තිම (දිනය) වූ අද හැඳගන්න.
“මුත්තාමණිකනකවිභූසිතානි , ගණ්හස්සු හත්ථාභරණානි; යෙහි ච හත්ථාභරණෙහි, සොභසි රාජපරිසාය”න්ති.
මුත්තා මණිකනක විභූතානි, ගණ්හස්සු හත්ථාභරණානි, යෙහිච හත්තාභරණෙහි, සොභසි රාජ පරිසායති
යම්බඳු වූ හස්ථාභරණවලින් ඔබ රාජ සභායෙහි වැජඹුණෝද මුතු මැණික් රත්රන් යන මෙයින් අලංකාරවත් වූ හස්තාභරණ පළඳින්න.
තත්ථ පදුමපත්තානන්ති පදුමපත්තවෙඨනං නාමෙකං පසාධනං, තං සන්ධායෙවමාහ. තව විප්පකිණ්ණං මොළිං උක්ඛිපිත්වා පදුමපත්තවෙඨනෙන යොජෙත්වා බන්ධාති අත්ථො. ගොතමිපුත්තාති චන්දකුමාරං ආලපති. චම්පකදලමිස්සායොති අබ්භන්තරිමෙහි චම්පකදලෙහි මිස්සිතා වණ්ණගන්ධසම්පන්නා නානාපුප්ඵමාලා පිලන්ධස්සු. එසා තෙති එසා තව පොරාණිකා පකති, තමෙව ගණ්හස්සු පුත්තාති පරිදෙවති. යෙහි චාති යෙහි ලොහිතචන්දනවිලෙපනෙහි විලිත්තො රාජපරිසාය සොභසි, තානි විලිම්පස්සූති අත්ථො. කාසිකන්ති සතසහස්සග්ඝනකං කාසිකවත්ථං. ගණ්හස්සූති පිලන්ධස්සු.
එහි පදුමපත්තානන්ති පියුම්පත් විලාසිතාවෙන් කරන ලද කෙස් සැරසිල්ලයි. එය සඳහා මෙසේ කීහ. ඔබගේ විසිරුණු කෙස්කළඹ මුදාහැර පියුම්පත් වෙළුමෙන් යුතුව බැඳගන්න යනු අදහසයි. ගොතමීපුත්තාති යනුවෙන්ද චන්ද කුමාරයා අමතයි. චම්පකදලිවීතිමිස්සාසොති ඇතුළතින් සපුමල් පෙතිගන්වා පැහැයෙන් සුවඳින් යුතු නොයෙක් මල්දම් පැළඳවීම ඔබගේ සිරිතයි. පුත්‍රය, ඒ ලෙසම සැරසෙන්න යැයි වැළපුණාහුය. යෙහිචාති රත්හඳුන් තවරාගෙන රාජසභායෙහි වැජඹුනේ ද එලෙස යනුයි. කාසිකන්ති ලක්ෂයක් අගනා කසීසළුවක යනුයි. ගණ්හස්සූති පැළඳ ගන්න යනුයි.
ඉදානිස්ස චන්දා නාම අග්ගමහෙසී තස්ස පාදමූලෙ නිපතිත්වා පරිදෙවමානා ආහ –
මේ අතර චන්දා නම් අගමෙහෙසිය රජුගේ පාමුල වැටී මෙසේ කීවාය.
“න හි නූනායං රට්ඨපාලො, භූමිපති ජනපදස්ස දායාදො; ලොකිස්සරො මහන්තො, පුත්තෙ ස්නෙහං ජනයතී”ති.
මිනිසුන්ට ප්‍රධාන වූ භූමියට අධිපති වූ ජනපදහිමි වූ මේ රජතෙමේ දරුවන් කෙරෙහි ඇතිවිය යුතු මහත් ආදරය නූපදවයි.
තං සුත්වා රාජා ගාථමාහ –
එය අසා රජතෙමේ ගාථාවක් කීවේය.
“මය්හම්පි පියා පුත්තා, අත්තා ච පියො තුම්හෙ ච භරියායො; සග්ගඤ්ච පත්ථයානො, තෙනාහං ඝාතයිස්සාමී”ති.
මය්හං පියා පුත්තා, අත්තාපි පියො තුම්හෙච භරියායො, සග්ගඤ්ච පත්ථයානො, තෙනමහං ඝාතයිස්සාමීති
(මටත් දරුවෝ ප්‍රියය. ආත්මයද ප්‍රියය. භාර්යාවන් වන ඔබලාද ප්‍රියය. දෙව්ලොව පතාම යාග පිණිස දරුවන් මරන්නෙමි.
තස්සත්ථො – කිංකාරණා පුත්තසිනෙහං න ජනෙමි? න කෙවලං ගොතමියා එව, අථ ඛො මය්හම්පි පියා පුත්තා, තථා අත්තා ච තුම්හෙ ච සුණ්හායො භරියායො ච පියායෙව. එවං සන්තෙපි සග්ගඤ්ච පත්ථයානො අහං සග්ගං පත්ථෙන්තො, තෙන කාරණෙන එතෙ ඝාතයිස්සාමි, මා චින්තයිත්ථ, සබ්බෙපෙතෙ මයා සද්ධිං දෙවලොකං එකතො ගමිස්සන්තීති.
(තවදුරටත් එහි අදහස මෙසේය.) කුමක් නිසා මා දරු සෙනෙහස නොදන්නේද? හුදෙක් ගෝතමියට පමණක් නොවේ. ඒ ලෙසම මට දරුවන් ද ප්‍රියය. මගේ ආත්මයද මට ප්‍රියය. ඔබලාද යේළියන්ද මට ප්‍රිය වේ.) සග්ගංච පත්ථයා නොති මම ස්වර්ගය ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා මොවුන් ඝාතනය කරමි. මා සමග සියලු දෙනාම එක්වර දෙව්ලොව යන්නේ ඇයිද නොසිතව.
චන්දා ආහ –
චන්දා දේවී කීවාය.
“මං පඨමං ඝාතෙහි, මා මෙ හදයං දුක්ඛං ඵාලෙසි; අලඞ්කතො සුන්දරකො, පුත්තො දෙව තව සුඛුමාලො.
මං පඨමං ඝාතෙසි, මා මෙ හදයං දුක්ඛං අථාලෙසි, අලංකතො සුන්දරකො, පුත්තො තව දෙව සුඛුමාලො
එසේනම් පළමුකොට මා මරනු මැනව, අලංකාර ලෙස සරසන ලද සියුමැලි වූ ඔබගේ පුතා බරණැසට නොපැමිණේවා. චන්ද්‍ර කුමාරයාගේ මරණ දුක මා හදය නොපළාවා.
“හන්දය්ය මං හනස්සු, පරලොකෙ චන්දකෙන හෙස්සාමි; පුඤ්ඤං කරස්සු විපුලං, විචරාම උභොපි පරලොකෙ”ති.
හන්දදය්ය මං හනස්සු, සලොකා වන්දියෙන හෙස්සාමි, පුඤ්ඤං කරස්සු විපුලං, විචරාම උභෙව පරලොකෙති
උතුමාණෙනි, එසේනම් පළමුකොට මා මරන්න. චන්ද්‍ර කුමාරයා හා සමාන දෙව්ලෝ ඇත්තියක් වන්නෙමි. ඔබද පින් රැස්කළ මැනව. එකවර නැසුණු අප දෙදෙනා සුව අනුභව කරමින් පරළොව හැසිරෙමු.
තත්ථ පඨමන්ති දෙව, මම සාමිකතො පඨමතරං මං ඝාතෙහි. දුක්ඛන්ති චන්දස්ස මරණදුක්ඛං මම හදයං මා ඵාලෙසි. අලඞ්කතොති අයං මම එකොව අලං පරියත්තොති එවං අලඞ්කතො. එවරූපං නාම පුත්තං මා ඝාතයි, මහාරාජාති දීපෙති. හන්දය්යාති හන්ද, අය්ය, රාජානං ආලපන්තී එවමාහ. පරලොකෙ චන්දකෙනාති චන්දෙන සද්ධිං පරලොකෙ භවිස්සාමි. විචරාම උභොපි පරලොකෙති තයා එකතො ඝාතිතා උභොපි පරලොකෙ සුඛං අනුභවන්තා විචරාම, මා නො සග්ගන්තරායමකාසීති.
එහි පඨමත්ති දේවයනි, මා පළමුව මරන්න යනුයි. දුක්ඛන්ති චන්ද්‍ර කුමරුගේ මරණ දුක මාගේ හදවත පැලී යන සුළුය. අලංකතොති මේ මගේ එකම පුතාය. අමතක කිරීමට නොහැක. (අත්හැරිය නොහැක) එසේනම් මහරජ, මෙබඳු අලංකාරයෙන් හෙබි පුත්‍රයෙකු ඝාතනය නොකරන්නැයි මෙයින් දැක්වේ. හන්දය්යාති එසේනම්, ආර්යයනි, රජතුමාට ආමන්ත්රණ කරන්න මෙසේ කීවාය. සලොකාති චන්ද කුමාරයා හා සමානව දෙව්ලොව සැප ඇත්තියක් වන්නෙමි යනුයි. විචරාම උභොව පරලොකෙති ඔබ විසින් අප එකට ඝාතනය කිරීමෙන් දෙදෙනාම පරලොව සැප විඳින්නෝ වෙමු. (එබැවින්) අපගේ ස්වර්ග සැපයට බාධා නොකරන්න යනුයි.
රාජා ආහ –
රජු මෙසේ කීවේය.
“මා ත්වං චන්දෙ රුච්චි මරණං, බහුකා තව දෙවරා විසාලක්ඛි; තෙ තං රමයිස්සන්ති, යිට්ඨස්මිං ගොතමිපුත්තෙ”ති.
මා ත්වං චන්දෙ රුච්චි, බහුකා තව දෙව්රා විසාලක්ඛිඳා, තෙ තං රමයිස්සන්ති, යිට්ඨස්මිං ගොතමී පුත්තෙති
චන්ද්රවතී තිගේ මරණයට කැමැති නොවව. විශාල ඇස් ඇත්තිය, සැමියාගේ සහෝදරයෝ තව බොහෝ ඇත. ගෝතමී පුතු චන්ද්‍ර කුමාරයා මරා යාග කළ කල්හි ඔහු තී පංචකාමයෙන් ඇලුම් කරන්නෝය.
තත්ථ මා ත්වං චන්දෙ රුච්චීති මා ත්වං අත්තනො මරණං රොචෙසි. “මා රුද්දී”තිපි පාඨො, මා රොදීති අත්ථො. දෙවරාති පතිභාතුකා.
එහි මා ත්වං චන්දෙ රුච්චීති ඔබ ඔබේ මරණය කැමැති නොවන්න යනුයි. මා රුජ්ජි යනු ද පාඨයකි. නොහඬන්න යන අර්ථයි. ද්වෙරා යනු ස්වාමියාගේ සහෝදරයෝය.
තතො පරං සත්ථා –
ඉක්බිති ශාස්තෲන් වහන්සේ
“එවං වුත්තෙ චන්දා අත්තානං, හන්ති හත්ථතලකෙහී”ති. – උපඩ්ඪගාථමාහ;
එවං වුත්තෙ චන්දො, අත්තං හන්ති තත්ථ තලකෙහීති
රජු මෙසේ කී කල්හි චන්ද්රවතී බිසව අතුල් තලින් තමන්ට ගසා ගත්තාය යන අදහස ඇති ගාථා අර්ධය දේශනා කළ සේක.
තතො පරං තස්සායෙව විලාපො හොති –
ඉන්පසුවද ඇගේ (චන්ද්රවතී බිසවගේ) වැළපීම සිදුවිය.
“අලමෙත්ථ ජීවිතෙන, පිස්සාමි විසං මරිස්සාමි.
“අලමත්ථු ජීවිතෙන, පයාමි විසං මරිස්සාමි”
මගේ ජීවිතයෙන් ප්‍රයෝජන නැත. විස බොමි. මැරෙමි.
“න හි නූනිමස්ස රඤ්ඤො, මිත්තාමච්චා ච විජ්ජරෙ සුහදා; යෙ න වදන්ති රාජානං, ‘මා ඝාතයි ඔරසෙ පුත්තෙ’.
උරෙහි දා පුතුන් නොමරවයි යම් කෙනෙක් නොකියද්ද එහෙයින් මේ රජහට මිත්‍රයෝද අමාත්‍යයෝද නැතැයි සිතමි.
“න හි නූනිමස්ස රඤ්ඤො, ඤාතී මිත්තා ච විජ්ජරෙ සුහදා; යෙ න වදන්ති රාජානං, ‘මා ඝාතයි අත්රජෙ පුත්තෙ’.
උරෙහි දා පුතුන් නොමරවයි යම් කෙනෙක් නොකියද්ද එහෙයින් රජහට මිත්‍රයෝද නෑයෝ ද නැතැයි සිතමි.
“ඉමෙ තෙපි මය්හං පුත්තා, ගුණිනො කායූරධාරිනො රාජ; තෙහිපි යජස්සු යඤ්ඤං, අථ මුඤ්චතු ගොතමිපුත්තෙ.
ඉමෙ තෙපි මය්හං පුත්තා, ගුණිනො කායූර ධාරිනො රාජ, තෙහිපි යජස්සු යඤ්ඤං, අථ මුඤ්චතු ගොතමී පුත්තෙ
මහරජ, පැළැඳි මල්මාලා ඇති අගු පළඳනාවෙන් සැරැසුණු ඒ මේ මාගේ පුත්‍රයෝ ද ඇත. ඔවුන්ගෙන් යාග කළ මැනවි. එවිට ගෝතමී පුත්‍ර චන්ද්‍ර කුමාරයන් මුදා හරිත්වා.
“බිලසතං මං කත්වාන, යජස්සු සත්තධා මහාරාජ; මා ජෙට්ඨපුත්තමවධි, අදූසකං සීහසඞ්කාසං.
බිලසතම්පි මං කත්වා, යජස්සු සත්තධා මහාරාජ, මා ජෙට්ඨ පුත්ත මට්ඨ, අදූසකං සීහ සංකාසං
මහරජ, මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනව. නිදොස් වූ සිංහයෙකු බඳු වූ මාගේ දෙටු පුත් නොමරනු මැනවි.
“බිලසතං මං කත්වාන, යජස්සු සත්තධා මහාරාජ; මා ජෙට්ඨපුත්තමවධි, අපෙක්ඛිතං සබ්බලොකස්සා”ති.
මහරජ, මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනවි. සියලු ලෝවැසියන්ගේ බලාපොරොත්තු ඇති දෙටු පුතු නොමරව.
තත්ථ එවන්ති එවං අන්ධබාලෙන එකරාජෙන වුත්තෙ. හන්තීති “කිං නාමෙතං කථෙසී”ති වත්වා හත්ථතලෙහි අත්තානං හන්ති. පිස්සාමීති පිවිස්සාමි. ඉමෙ තෙපීති වසුලකුමාරං ආදිං කත්වා සෙසදාරකෙ හත්ථෙ ගහෙත්වා රඤ්ඤො පාදමූලෙ ඨිතා එවමාහ. ගුණිනොති මාලාගුණආභරණෙහි සමන්නාගතා. කායූරධාරිනොති කායූරපසාධනධරා. බිලසතන්ති මහාරාජ, මං ඝාතෙත්වා කොට්ඨාසසතං කත්වා සත්තධා සත්තසු ඨානෙසු යඤ්ඤං යජස්සු.
එහි එවන්ති මේ මෝඩ බැවින් අන්ධ වූ ඒකරාජ විසින් කියන ලදී යනුයි. හන්තීති දේවයිනි, මේ කුමක් කරන්නේද කියා අත්තල දෙකින් තමාට ගසා ගත්තේය යනුයි. පයාමීති පිවිසෙමි යනුයි. ඉමෙතෙපීති මේ වාසුල කුමාරයා ආදී වූ සෙසු පුතුන්ගේ අතින් අල්වාගෙන රජුගේ පාමුල සිට මෙසේ කීවාය. ගුණිනොති මල්මාලා හා සමාන වූ ආභරණයෙන් ද යුතු බවයි. කායූරධාරිනොති කායූර හෙවත් අඟු පළඳනාවන්ගෙන් සැරසුණු යනුයි. බලසතනති මහරජ, මා මරා කොටස් සතක් කොට සත් තැනෙක යාග කළ මැනවි යනුයි.
ඉති සා රඤ්ඤො සන්තිකෙ ඉමාහි ගාථාහි පරිදෙවිත්වා අස්සාසං අලභමානා බොධිසත්තස්සෙව සන්තිකං ගන්ත්වා පරිදෙවමානා අට්ඨාසි. අථ නං සො ආහ – “චන්දෙ, මයා ජීවමානෙන තුය්හං තස්මිං තස්මිං වත්ථුස්මිං සුභණිතෙ සුකථිතෙ උච්චාවචානි මණිමුත්තාදීනි බහූනි ආභරණානි දින්නානි, අජ්ජ පන තෙ ඉදං පච්ඡිමදානං, සරීරාරුළ්හං ආභරණං දම්මි, ගණ්හාහි න”න්ති. ඉමමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඇය රජු ඉදිරියේ මේ ගාථා කියා වැලපී අස්වැසිල්ලක් නැත්තේ බෝසත් සමීපයට ගොස් වැළපෙමින් සිටියාය. ඉක්බිති ඔහු ඇයට කියන්නේ, චන්ද්රාවනි, මම දිවිමන් කළ බබළන, විසිතුරු කැටයමින් හෙබි වටිනාකමින් අඩු වැඩි ආභරණවලින් සැරසුවෙමි. අද මේ ඔබට දෙන අවසාන දීමනාවයි. සිරුරැ පැළඳි ආභරණ දෙමි. ඒවා ඇරැගන්නැයි කීය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“බහුකා තව දින්නාභරණා, උච්චාවචා සුභණිතම්හි; මුත්තාමණිවෙළුරියා, එතං තෙ පච්ඡිමකං දාන”න්ති.
බහුකා තව දින්නා ආභරණා, උච්චවචා සුභාණිතම්හි, මුත්තා මණි වෙළුරියා, ඉදංතෙ පච්ඡිමකං දානන්ති
එම්බා චන්ද්රාවනි, ප්‍රිය වචන පවසන කල්හි මුතු මැණික් වෛදූර්මය වූ කුඩා වූද මහත් වූද බොහෝ අබරණ තිට මවිසින් දෙන ලදී. මේ මවිසින් තිට දෙන අන්තිම දීමයි.
චන්දාදෙවීපි තං සුත්වා තතො පරාහි නවහි ගාථාහි විලපි –
චන්ද්‍රා දේවිය ඒ අසා ඉන්පසු ගාථා නවයක් කියා මෙසේ වැළපුණාය.
“යෙසං පුබ්බෙ ඛන්ධෙසු, ඵුල්ලා මාලාගුණා විවත්තිංසු; තෙසජ්ජපි සුනිසිතො, නෙත්තිංසො විවත්තිස්සති ඛන්ධෙසු.
මෙයින් පෙර යම් රාජකුමාරයෙක් ගේ සිරුරෙහි පිවිතුරු මල්දම් පෙරළුනාහුද අද ඒ කුමාරයින්ගේ සිරුරෙහි මුවහත් වූ කඩුව පවත්නේය.
“යෙසං පුබ්බෙ ඛන්ධෙසු, චිත්තා මාලාගුණා විවත්තිංසු; තෙසජ්ජපි සුනිසිතො, නෙත්තිංසො විවත්තිස්සති ඛන්ධෙසු.
මෙයින් පෙර යම් රාජ කුමාරයෙකුගේ සිරුරෙහි විසිතුරු මල්දම් පෙරළුනාහුද අද ඒ රාජ කුමාරයින්ගේ සිරුරෙහි විෂ පෙවූ තියුණු මුවහත් කඩුව පවතින්නේය.
“අචිරං වත නෙත්තිංසො, විවත්තිස්සකි රාජපුත්තානං ඛන්ධෙසු; අථ මම හදයං න ඵලති, තාව දළ්හබන්ධඤ්ච මෙ ආසි.
රාජකුමාරයින්ගේ සිරුරුවල ඒකාන්තයෙන් නොබෝ කලකින් කඩුව හෙන්නේය. එසේ වූයේ නමුදු මහද නොපැළෙයි. මගේ හෘදය දැඩි බැඳුමෙන් බැඳුනේ වේ.
“කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නිය්යාථ චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
හැඳි පිරිසිදු කසීසළු ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නෝය.
“කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නිය්යාථ චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
හැඳි පිරිසිදු කසී සළු ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති ගද්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නාහ.
“කාසිකසුචිවත්ථධරා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නිය්යාථ චන්දසූරියා, ජනස්ස කත්වා හදයසොකං.
හැඳි පිරිසිදු කසී සළු ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් ඇති සඳහිරු කුමරුවෝ මහජනයාගේ හෘදයෙහි ශෝක උපදවා, ඒකරාජනම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නේය.
“මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නිය්යාථ චන්දසූරියා, යඤ්ඤත්ථාය එකරාජස්ස.
මස් රසයෙන් යුත් සුවඳ ඇල්සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්ද්‍රසූර්ය කුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
“මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නිය්යාථ චන්දසූරියා, මාතු කත්වා හදයසොකං.
මස් රසයෙන් යුත් සුවඳ ඇල්සහල් බොජුන් අනුභව කළ නාවන්නවුන් රන්සුණු නහනුයෙන් උළා කළ නැහැවුම් ඇති පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්ද සූර්ය කුමරුවෝ මැණියන්ගේ සිතෙහි ශෝකය උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙනයනු ලබන්නාහ.
“මංසරසභොජනා න්හාපකසුන්හාපිතා, කුණ්ඩලිනො අගලුචන්දනවිලිත්තා; නිය්යාථ චන්දසූරියා, ජනස්ස කත්වා හදයසොක”න්ති.
මස් රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුයෙන් උළා නැහැවුම් කළ පැළඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්ද්‍ර සූර්ය කුමරුවෝ මහජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.
තත්ථ මාලාගුණාති පුප්ඵදාමානි. තෙසජ්ජාති තෙසං අජ්ජ. නෙත්තිංසොති අසි. විවත්තිස්සතීති පතිස්සති. අචිරං වතාති අචිරෙන වත. න ඵලතීති න භිජ්ජති. තාව දළ්හබන්ධඤ්ච මෙ ආසීති අතිවිය ථිරබන්ධනං මෙ හදයං භවිස්සතීති අත්ථො. නිය්යාථාති ගච්ඡථ.
එහි මාලාගුණාති මල්දමය. තෙසජ්ජාති අද ඔවුන්ගේ යනුයි. නෙත්තිංසොති කඩුවයි. වත්තිස්සතීති වන්ය. පිහිටන්නේය යනුයි. අචිරාවතාති ඒකාන්තයෙන් නොබෝ කලකින් යනුයි. නඵලතීති නොබිඳෙන්නේය යනුයි. නඵලතීති නොබිඳෙන්නේය යනුයි. තාව දළ්හ බන්ධනංව මෙ ආසීති ඉතා තද වූ බැඳීමක් මාගේ හෘදයෙහි වන්නේය යනුයි. නිය්යාථාපි යන්න (යව) යනුයි.
එවං තස්සා පරිදෙවන්තියාව යඤ්ඤාවාටෙ සබ්බකම්මං නිට්ඨාසි. රාජපුත්තං නෙත්වා ගීවං ඔනාමෙත්වා නිසීදාපෙසුං. ඛණ්ඩහාලො සුවණ්ණපාතිං උපනාමෙත්වා ඛග්ගං ආදාය “තස්ස ගීවං ඡින්දිස්සාමී”ති අට්ඨාසි. තං දිස්වා චන්දාදෙවී “අඤ්ඤං මෙ පටිසරණං නත්ථි, අත්තනො සච්චබලෙන සාමිකස්ස සොත්ථිං කරිස්සාමී”ති අඤ්ජලිං පග්ගය්හ පරිසාය අන්තරෙ විචරන්තී සච්චකිරියං අකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඈ වැළපෙන කල්හි යාගාවාටයෙහි සියලු කටයුතු නිම විය. රාජ කුමාරයා බෙල්ල පහතට හරවා හිඳවනු ලදහ. ඛණ්ඩහාල රන්බඳුනක් ගෙන කඩුවක් අතින් ගෙන ‘ඔහුගේ ගෙල සිඳින්නෙමි” යැයි පසෙක සිටියේය. ඒ දුටු චන්ද්‍රා දේවිය මට අනෙක් පිහිටක් නැත. ‘මගේ සත්‍ය බලයෙන් ස්වාමියාට සෙතක් කරන්නෙමි’යි ඇඳිලි බැඳගෙන පිරිස් අතරින් එහෙ මෙහෙ හැසිරෙන්නී සත්‍යක්‍රියා කළාය. ඒ බැව් දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“සබ්බස්මිං උපක්ඛටස්මිං, නිසීදිතෙ චන්දස්මිං යඤ්ඤත්ථාය; පඤ්චාලරාජධීතා පඤ්ජලිකා, සබ්බපරිසාය සමනුපරියායි.
සබ්බස්මිං උපක්ඛටස්මිං, නිසීදිනෙ චන්දියස්මිං යඤ්ඤත්ථාය, පඤ්චාල රාජධීතා, පඤ්ජලිකා සබ්බ පරිසමනුපරියාසි
යාගයට අවශ්‍ය සියල්ල පිළියෙල කළ කල්හි චන්ද්‍රකුමාරයා යාගය පිණිස හිඳ වූ කල්හි (කඩුවෙන් ගෙළ සිඳීමට සුදුසු පරිදි) පංචාල රාජ දුහිතෘ වූ චන්ද්‍රා දේවී) ඇඳිලි බැඳගෙන පිරිස් අතරෙහි හැසිරුණාහ.
“යෙන සච්චෙන ඛණ්ඩහාලො, පාපකම්මං කරොති දුම්මෙධො; එතෙන සච්චවජ්ජෙන, සමඞ්ගිනී සාමිකෙන හොමි.
යෙන සච්චෙන ඛණ්ඩහාලො, පාපකම්මං කරොති දුම්මෙධො, එතෙන සච්චවජ්ජෙන, සමංගතී සාමිකෙන හොමි
යම් සත්‍යයකින් නුවණ නැති ඛණ්ඩහාල පාපකර්මයක් කෙරේද, ඒ සත්‍යයෙන් මාගේ සැමියා සමග එක්වේවා.
“යෙ ඉධත්ථි අමනුස්සා, යානි ච යක්ඛභූතභබ්යානි; කරොන්තු මෙ වෙය්යාවටිකං, සමඞ්ගිනී සාමිකෙන හොමි.
යෙධත්ථි අමනුස්සා, යානිච යක්ඛභූතව්යානි, කරොන්තු මෙ වෙය්යා වචිකං, සමංගිනී සාමිකෙන හොමි
මෙහි අමනුෂ්‍යයෝය. යක්ෂයෝය භූතයෝය. භූතභාවයට පැමිණෙන්නෝය යන යම් කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනා මට වතාවත් කෙරේවා. මම සැමියා සමග එක් වූ තැනැත්තියක වෙම්වා.
“යා දෙවතා ඉධාගතා, යානි ච යක්ඛභූතභබ්යානි; සරණෙසිනිං අනාථං තායථ මං, යාචාමහං පති මාහං අජෙය්‍ය”න්ති.
යා දෙවතා ඉධාගතා, යා නීච යක්ඛ භූතව්යානි, ඝරණොසිනිං අනාථං, තායථමං යථාමහං පතිමාහං අජිය්යන්ති
මෙහි පැමිණියා වූ දෙවියෝය. යක්ෂයෝය. භූතයෝය. භූතභාවයට පැමිණෙන්නෝය යන යම් කෙනෙක් ඇද්ද ඒ සියලු දෙනා අස්වාමික වූ පිහිට සොයන මා රකිමු. සැමියාගෙන් මම නොපිරිහෙම්වා. මම තොපට යාඥා කරමි.
තත්ථ උපක්ඛටස්මින්ති සබ්බස්මිං යඤ්ඤසම්භාරෙ සජ්ජිතෙ පටියත්තෙ. සමඞ්ගිනීති සම්පයුත්තා එකසංවාසා. යෙ ඉධත්ථීති යෙ ඉධ අත්ථි. යක්ඛභූතභබ්යානීති දෙවසඞ්ඛාතා යක්ඛා ච වඩ්ඪිත්වා ඨිතසත්තසඞ්ඛාතා භූතා ච ඉදානි වඩ්ඪනකසත්තසඞ්ඛාතානි භබ්යානි ච. වෙය්යාවටිකන්ති මය්හං වෙය්යාවච්චං කරොන්තු. තායථ මන්ති රක්ඛථ මං. යාචාමහන්ති අහං වො යාචාමි. පති මාහන්ති පතිං අහං මා අජෙය්යං.
එහි සබ්බස්මිං උපක්ඛටස්මිංනති යනු සියලුම යාගෝපකරණ සකසා පිළියෙල කොට ඇති බවයි. සමංගිනීති එක්ව සහවාසයෙහි සිටීමයි. යෙධත්ථීති යමෙක් මෙහි ඇත්නම් යනුයි. යක්ඛභූත භව්යාතීති දෙවියන්ගේ ගණයට වැටෙන යකුන්ද සත්ත්ව ගණයට වැටෙන යකුන්ද සත්ත්ව ගණයට වැඩිදියුණු වූ භූතයෝද (සත්ත්ව ගණයාට වැටෙන භූතයෝ) මෙහි වැඩීම යන ගණයට වැටෙන්නේ හටගත්තන් යනුයි. වෙය්යාවටිකන්ති මට වතාවත් කෙරෙත්වා යනුයි. තායථමන්ති මා රකීවා යනුයි. යාචමහන්ති මම තොප අයැද සිටිමි යනුයි. පතිමාහන්ති සැමියාගෙන් මම නොපිරිහෙම්වා යනුයි.
අථ සක්කො දෙවරාජා තස්සා පරිදෙවසද්දං සුත්වා තං පවත්තිං ඤත්වා ජලිතං අයකූටං ආදාය ගන්ත්වා රාජානං තාසෙත්වා සබ්බෙ විස්සජ්ජාපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
සදෙව් රජ ඇගේ වැළපීම් හඬ අසා සියලු තතු දැන ගිනිගෙන දිළියෙන යකුලක් ගෙන එහි ගොස් රජුට තැතිගන්වා බියකොට සියල්ල වෙනස් කරලීය. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක;
“තං සුත්වා අමනුස්සො, අයොකූටං පරිබ්භමෙත්වාන; භයමස්ස ජනයන්තො, රාජානං ඉදමවොච.
තං සුත්වා අමනුස්සා, අයොකුටං පරිබ්භමෙත්වාන, භය මස්ස ජනයන්තො, රාජානං ඉදමවොච
ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ එබස් අසා යකුළක් කරකවමින් ඒකරාජ නම් රජුට භය උපදවමින් මෙසේ කීහ.
“බුජ්ඣස්සු ඛො රාජකලි, මා තාහං මත්ථකං නිතාළෙසිං; මා ජෙට්ඨපුත්තමවධි, අදූසකං සීහසඞ්කාසං.
ඛුජ්ඣස්සු ඛෙ රාජකලි, මාතාහං මත්ථකං නිතාළෙමි, මා ජෙට්ඨ පුත්තමවධි, අදූසකං සීහසංකාසං
මෝඩ පවිටු රජ, මම තාගේ හිස නොපළවම්හායි දැන ගනුව සිංහයෙකු සමාන නිදොස් වැඩිමහළු පුතු නොමරව.
“කො තෙ දිට්ඨො රාජකලි, පුත්තභරියායො හඤ්ඤමානායො; සෙට්ඨි ච ගහපතයො, අදූසකා සග්ගකාමා හි.
කොතෙ දිට්ඨා රාජකලි. පුත්ත භරියායො හඤ්ඤමානා, සෙට්ඨිච ගහපතංයා, අදූසකා සග්ග කාමාහි
මෝඩ කාලකණ්ණි රජ, දෙව්ලොව උපදිනු කැමැතිව මරනු ලබන්නා වූ නිදොස් අඹුදරුවෝ ද සිටුවරු ද ගහපතියෝද තා විසින් කොතැන්හිදී දක්නා ලද්දහුද?
“තං සුත්වා ඛණ්ඩහාලො, රාජා ච අබ්භුතමිදං දිස්වාන; සබ්බෙසං බන්ධනානි මොචෙසුං, යථා තං අනුපඝාතං.
තං සුත්වා බණ්ඩහාලො, රාජාච අබ්භත බිදං දිස්වාන, සබ්බෙසං බන්ධනානි මොචෙසුං, යථාතං අපාපානං
එබස් අසා ඛණ්ඩහාල බමුනාද රජද මේ අද්භූත දර්ශනය (ශක්‍රයා) දැක, පව් නැත්තවුන්ගේ යම් මිදුමක් වේනම් එපරිද්දෙන් සියලු දෙනා බන්ධනයෙන් මුදවාලීය.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; සබ්බෙ එකෙකලෙඩ්ඩුකමදංසු, එස වධො ඛණ්ඩහාලස්සා”ති.
සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං, සබ්බෙ එකෙක ලෙඩ්ඩුක මදංසු, එසවධො ඛණ්ඩහලස්සාති
සියල්ලන්ගේ බැමි මිදූ කල්හි එහි රැස්වූ මහජනයා මේ ඛණ්ඩහාලගේ වධයැයි කියා ඔහුට එක එක කැට පහර දුන්හ.
තත්ථ අමනුස්සොති සක්කො දෙවරාජා. බුජ්ඣස්සූති ජානස්සු සල්ලක්ඛෙහි. රාජකලීති රාජකාළකණ්ණි රාජලාමක. මා තාහන්ති පාපරාජ, බුජ්ඣ, මා තෙ අහං මත්ථකං නිතාළෙසිං. කො තෙ දිට්ඨොති කුහිං තයා දිට්ඨපුබ්බො. සග්ගකාමා හීති එත්ථ හීති නිපාතමත්තං, සග්ගකාමා සග්ගං පත්ථයමානාති අත්ථො. තං සුත්වාති, භික්ඛවෙ, තං සක්කස්ස වචනං ඛණ්ඩහාලො සුත්වා. අබ්භුතමිදන්ති රාජා ච ඉදං සක්කස්ස දස්සනං පුබ්බෙ අභූතං දිස්වා. යථා තන්ති යථා අනුපඝාතං පාණං මොචෙන්ති, එවමෙව මොචෙසුං. එකෙකලෙඩ්ඩුකමදංසූති භික්ඛවෙ, යත්තකා තස්මිං යඤ්ඤාවාටෙ සමාගතා, සබ්බෙ එකකොලාහලං කත්වා ඛණ්ඩහාලස්ස එකෙකලෙඩ්ඩුපහාරං අදංසු. එස වධොති එසොව ඛණ්ඩහාලස්ස වධො අහොසි, තත්ථෙව නං ජීවිතක්ඛයං පාපෙසුන්ති අත්ථො.
එහි අමනුස්සා යනු සක්දෙව් රජයි. බුජ්ඣස්සුති දැන සැලකිලි මත වන්න යනුයි. රාජකලීති මෝඩ රජ, කාළකණ්ණි ළාමක රජු යනුයි. මා තාහන්ති පාපකාරී මෝඩරජ, මම තොපගේ හිස නොපළමි යනුයි. කොනෙ දිට්ඨාති කොහිදී තොප විසින් දුටුවිරූද යනුයි. සග්ගකාමාහීති මෙහි නිපාතයක් ලෙස යෙදී ඇත. (ස්වර්ගයට කැමැත්තෙහි නම් යනු අර්ථයි.) තං සුත්වාති මහණෙනි, ශක්‍රයාගේ කීම කණ්ඩහාල අසා යනුයි. අබ්භූත මිදන්ති රජුද පෙර නොදුටුවිරූ මේ ශක්‍රයාගේ දර්ශන දැක යනුයි. යථාතන්ති යම්සේ පව් නැත්තවුන් (බන්ධනාදියෙන්) මිදෙන්නේ ද එසේ මිදී යනුයි. සබ්බෙ එකෙක ලෙඩ්ඩුක මදංසුති මහණෙනි, යම් පමණක් ජනයා එම යාගාවාටය කරා රැස්වූවෝ ද ඒ සියලු දෙනා එකම කෝලාහලයක් මෙන් නැගී සිට ඛණ්ඩහාල බමුණාට එක එක ගල්පහර බැගින් ගැසූහ. එසවධෙති එය ඛණ්ඩහාල බමුණා මරණයට පත්කළේය. එහිම ඔහු මරණයට පැමිණියේය යන අර්ථයි.
තං පන මාරෙත්වා මහාජනො රාජානං මාරෙතුං ආරභි. බොධිසත්තො පිතරං පරිස්සජිත්වා මාරෙතුං න අදාසි. මහාජනො “ජීවිතං එතස්ස පාපරඤ්ඤො දෙම, ඡත්තං පනස්ස නගරෙ ච වාසං න දස්සාම, චණ්ඩාලං කත්වා බහිනගරෙ වසාපෙස්සාමා”ති වත්වා රාජවෙසං හාරෙත්වා කාසාවං නිවාසාපෙත්වා හලිද්දිපිලොතිකාය සීසං වෙඨෙත්වා චණ්ඩාලං කත්වා චණ්ඩාලවසනට්ඨානං තං පහිණි. යෙ පනෙතං පසුඝාතයඤ්ඤං යජිංසු චෙව යජාපෙසුඤ්ච අනුමොදිංසු ච, සබ්බෙ නිරයපරායණාව අහෙසුං. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔහු මරණයට පමුණුවා මහජනයා රජු මැරීමට උත්සුක වූහ. බෝසත් පියා මුවහ කරගෙන මැරීම වළක්වාලීහ. මහජනයා කියන්නෝ මේ පව්කාර රජුට දිවි පමණක් දෙමු. මොහුට සේසතත් (රජකමක්) නුවර වාසයට ඉඩත් නොදෙමු. සැඩොල් බවට සම්මතකොට නුවරින් පිටත විසීමට සලස්වමුයි කියා රජ වෙස් හැර කසාවතක් හඳවා පඬුවන් රෙදි කැබැල්ලක් හිස බැඳ සැඩොල් බවට සම්මත කොට සැඩොල් රැහැට යැවූහ. යමෙක් වනාහි එබඳු වූ සත්ත්වඝාතක යෝග කළෝද කරවීද අනුමෝදන් වීද ඒ සියලුදෙනා අපායගාමී වූහ. ඒ බව දැක්වීමට ශාස්තෲන් වහන්සේ වදාළහ;
“සබ්බෙ පවිට්ඨා නිරයං, යථා තං පාපකං කරිත්වාන; න හි පාපකම්මං කත්වා, ලබ්භා සුගතිං ඉතො ගන්තු”න්ති.
සබ්බෙ පතිංසු නිරයං යථා තං පාපකං කරිත්වාන, නහි පාපකම්මං කත්වා ලබ්භ සුගතිං ඉතොගන්තුන්ති
ඒ පවිටු කර්ම (රාග) කොට යම්සේ සියල්ලෝ නරකයෙහි වැටුණාහුද එසේම පව්කම් කොට මෙළොවින් සුගතියට යන්නට ද නොලැබිය හැකියැයි වදාළහ.
සොපි ඛො මහාජනො ද්වෙ කාළකණ්ණියො හාරෙත්වා තත්ථෙව අභිසෙකසම්භාරෙ ආහරිත්වා චන්දකුමාරං අභිසිඤ්චි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එහි රැස්වූ මහජනයා කාළකණ්ණීහු දෙදෙන පිටමං කොට, එහිම අභිෂේක කළමනා රැස්කොට චන්ද කුමාරයා (රාජ්‍යයෙහි) අභිෂේක කරලූහ. ඒ බැව් දැක්වීමට ශාස්තෲන් වහන්සේ වදාළහ;
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චන්දං අභිසිඤ්චිංසු, සමාගතා රාජපරිසා ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රජ පිරිසද එක්ව චන්ද කුමාරයා අභිෂේක කළහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චන්දං අභිසිඤ්චිංසු, සමාගතා රාජකඤ්ඤායො ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස්වූ රාජ කන්‍යාවෝ ද චන්ද කුමාරයා අභිෂේක කළහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චන්දං අභිසිඤ්චිංසු, සමාගතා දෙවපරිසා ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස් වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනා ද රැස්වූ දෙව් පිරිසද චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චන්දං අභිසිඤ්චිංසු, සමාගතා දෙවකඤ්ඤායො ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස්වූ දිව්‍ය කන්‍යාවෝ ද චන්ද්‍ර කුමාරයා අභිෂේක කළහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චෙලුක්ඛෙපමකරුං, සමාගතා රාජපරිසා ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස්වූ රජ පිරිසද පිළිහිස සිසෑරූහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චෙලුක්ඛෙපමකරුං, සමාගතා රාජකඤ්ඤායො ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස්වූ රාජ කන්‍යාවෝ ද පිළිහිස සිසෑරූහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චෙලුක්ඛෙපමකරුං, සමාගතා දෙවපරිසා ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස් වූ දෙව් පිරිසද පිළිහිස සිසෑරූහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, යෙ තත්ථ සමාගතා තදා ආසුං; චෙලුක්ඛෙපමකරුං, සමාගතා දෙවකඤ්ඤායො ච.
සියලු දෙනා බන්ධනයෙන් මිදුණු කල්හි එදා එහි රැස්වූ යම් කෙනෙක් වූවාහු නම් ඒ සියලු දෙනාද රැස්වූ දිව්‍ය කන්‍යාවෝද පිළිහිස සිසෑරූහ.
“සබ්බෙසු විප්පමුත්තෙසු, බහූ ආනන්දිතා අහුං; නන්දිං පවෙසි නගරං, බන්ධනා මොක්ඛො අඝොසිත්ථා”ති.
සියල්ලන් බන්ධනයෙන් මිදුණු කල්හි බොහෝ ජනයෝ සතුටු සිත් ඇත්තෝ වූහ. නගරයෙහි තටු බෙර හැසිරිති. (අපගේ චන්ද කුමාර තෙමේ යම්සේ බන්ධනයෙන් මිදුණෝද එසේ සියල්ලෝ මිදෙත්වායි) බන්ධනයෙන් මිදීම පිළිබඳ ඝෝෂාව කරන ලද්දේය.
තත්ථ රාජපරිසා චාති රාජපරිසාපි තීහි සඞ්ඛෙහි අභිසිඤ්චිංසු. රාජකඤ්ඤායො චාති ඛත්තියධීතරොපි නං අභිසිඤ්චිංසු. දෙවපරිසා චාති සක්කො දෙවරාජා විජයුත්තරසඞ්ඛං ගහෙත්වා දෙවපරිසාය සද්ධිං අභිසිඤ්චි. දෙවකඤ්ඤායො චාති සුජාපි දෙවධීතරාහි සද්ධිං අභිසිඤ්චි. චෙලුක්ඛෙපමකරුන්ති නානාවණ්ණෙහි වත්ථෙහි ධජෙ උස්සාපෙත්වා උත්තරිසාටකානි ආකාසෙ ඛිපන්තා චෙලුක්ඛෙපං කරිංසු. රාජපරිසා ච ඉතරෙ තයො කොට්ඨාසා චාති අභිසෙකකාරකා චත්තාරොපි කොට්ඨාසා කරිංසුයෙව. ආනන්දිතා අහුන්ති ආමොදිතා අහෙසුං. නන්දිං පවෙසි නගරන්ති චන්දකුමාරස්ස ඡත්තං උස්සාපෙත්වා නගරං පවිට්ඨකාලෙ නගරෙ ආනන්දභෙරි චරි. “කිං වත්වා”ති? යථා “අම්හාකං චන්දකුමාරො බන්ධනා මුත්තො, එවමෙව සබ්බෙ බන්ධනා මුච්චන්තූ”ති. තෙන වුත්තං “බන්ධනා මොක්ඛො අඝොසිත්ථා”ති.
එහි රාජ පරිසාච යනු රජ පිරිසද මගුල් හක් තුනකින් චන්ද්‍ර කුමාරයා අභිෂේක කළේය. රාජ කන්‍යාවන් ද ක්ෂත්රීය දූවරුද ඔහු අභිෂේක කළහ. දෙවපරිසාච යනු සක්දෙව්රජ ‘විජයොත්තර’ නම් සක්ගෙඩිය ගෙන දෙව්පිරිස සමග (චන්ද්‍ර කුමාරයා) අභිෂ්ක කළහ. දෙව කඤ්ඤායො යනු දේව කන්‍යාවන් විසින්ද අභිෂේක කළ බවයි. වෙළුක්ඛෙපමකරුන්ති නොයෙක් පැහැයෙන් යුතු වස්ත්‍රවලින් ධජ ඔසවා උතුරුසිළු අහසෙහි කරකවමින් පිළිහිස සිසෑරූහ යනුයි. රාජපමිසාති තවත් තුන්කොටසක් වූ අභිෂේක කරන්නෝ (රජ පිරිසද සමග) කොටස් හතරක්ම අභිෂේක කළාහුය. ආනන්දනො අහුවංසොති යනු ඉතා සතුටු වූවාහු, ප්රකර්ශනයෙන් සතුටු වූවාහු යනුයි. නන්දිප්පවෙසි නගරන්ති චන්ද්‍ර කුමාරයාට සේසත ඔසවා නගරයට පිවිසි කල්හි නගරයෙහි තුටුබෙර වැයූහ. කුමක් කියමින්ද යත්, ‘යම්සේ අපගේ චන්ද්‍ර කුමාරයා බන්ධනයෙන් මිදුණෝද එසේම සියලුදෙනා බන්ධනවලින් මිදෙත්වා යනුවෙනි. ඒ නිසා ‘බන්ධනයෙන් මිදීමේ ඝෝෂාව යැයි කියන ලදී.
බොධිසත්තො පිතු වත්තං පට්ඨපෙසි. අන්තොනගරං පන පවිසිතුං න ලභති. පරිබ්බයස්ස ඛීණකාලෙ බොධිසත්තො උය්යානකීළාදීනං අත්ථාය ගච්ඡන්තො තං උපසඞ්කමිත්වා “පතිම්හී”ති න වන්දති, අඤ්ජලිං පන කත්වා “චිරං ජීව සාමී”ති වදති. “කෙනත්ථො”ති වුත්තෙ ආරොචෙසි. අථස්ස පරිබ්බයං දාපෙසි. සො ධම්මෙන රජ්ජං කාරෙත්වා ආයුපරියොසානෙ දෙවලොකං පූරයමානො අගමාසි.
බෝසත්හුගේ පියා සැඬොල් රැහැන් වසන නුගරුකක් වෙත යවන ලදී. ඇතුළු නුවරට පිවිසීමට අවසර නොදුන්හ. වැටුප් වියදම් ආදිය ගෙවා නිම වූ විට බෝසත් උයන්කෙළි ආදියට යන්නේ ඔහු ළඟට ගොස් මාගේ පියාණන් යැයි කියා නොවඳිති. ඇඳිලි බැඳ ‘ස්වාමීනි, බොහෝකලක් ජීවත් වෙත්වා’යි කියති. කුමක් අවැසිදැයි අසා ආහාර රෙදිපිළි ආදිය දෙන්නාහ. හෙතෙම (බෝසත්) දැහැමින් රජකොට ආයුෂ කෙළවර වූ කල්හි දෙව්ලොව පිරවීමට ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො මං එකං නිස්සාය බහූ මාරෙතුං වායාමමකාසී”ති වත්වා ජාතකං සමොධානෙසි. තදා ඛණ්ඩහාලො දෙවදත්තො අහොසි, ගොතමීදෙවී මහාමායා, චන්දාදෙවී රාහුලමාතා, වසුලො රාහුලො, සෙලා උප්පලවණ්ණා, සූරො වාමගොත්තො කස්සපො, භද්දසෙනො මොග්ගල්ලානො, සූරියකුමාරො සාරිපුත්තො, චන්දරාජා පන අහමෙව සම්මාසම්බුද්ධො අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, මහණෙනි, අද පමණක් නොව පෙරද මේ දෙව්දත් තෙර තනි මිනිසා බොහෝ දෙනෙකු මැරැවීමට උත්සාහ කළේයැයි වදාරා ජාතකය නිමවා වදාළ සේක. එදවස ඛණ්ඩහාල බමුණා නම් දෙව්දත් තෙරයි. ගෝතමී දේවිය මහාමායා දේවියයි. චන්ද්‍රා දේවිය රාහුල මාතාවයි. වාසුල කුමරා රාහුල කුමරුයි. සෙලා කුමරිය උත්පලවණ්ණාය. වාමගොත්ත වූයේ කාශ්‍යප ස්ථවිරය. චන්දසේන වූයේ මුගලන් තෙරය. සුරිය කුමාරයා වූයේ සැරියුත් තෙරයි. චන්ද රජවූයේ මම ම යැයි වදාළ සේක.
චන්දකුමාරජාතකවණ්ණනා සත්තමා.
ඛණ්ඩහාල ජාතකය නිමියේ ය.
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !
(සත්තමො භාගො)