යෙදුමෙන් කියවන්න

5. ඛණ‍්ඩහාලජාතකං

5. ඛණ‍්ඩහාලජාතකං.

5. ඛණ්ඩහාල ජාතකය

4914. රාජාසි ලුද‍්දකම‍්මො එකරාජාති පුප‍්ඵවතියා, සො පුච‍්ඡි බ්‍රහ‍්මබන්‍ධුං ඛණ‍්ඩහාලං පුරොහිතං මූළ‍්හං.

4914. පෙරැ පුෂ්පවතී නම් නුවරැ රුදුරු පාපකර්‍ම ඇති ඒකරාජ ය යි ප්‍රසිද්ධ රජෙක් විය. හෙ තෙම ඛණ්ඩහාල නම් මූඪ වූ පෙරෙවි බමුණාගෙන් ඇසී ය.

4915. සග‍්ගානමග‍්ගමාචික‍්ඛ ත්‍වංසි බ්‍රාහ‍්මණ ධම‍්මවිනයකුසලො, යථා ඉතො වජන‍්ති සුගතිං නරා පුඤ‍්ඤානි කත්‍වාන.

4915. එම්බා බ්‍රාහ්මණය, නුඹ සුචරිත ධර්‍මයෙහි ද, ආචාර විනයෙහි ද දක්‍ෂ වෙහි. යම්සේ සත්ත්‍වයෝ කුසල් කිරීමෙන් මෙ ලොවින් චුත වැ සුගතියට පැමිණෙද්ද, එසේ යන සුගති මාර්‍ගය මට කියව යි රජ තෙම කීය.

4916. අතිදානං දදිත්‍වාන අවජ‍්ඣෙ දෙව ඝාතෙත්‍වා, එවං වජන‍්ති සුගතිං නරා පුඤ‍්ඤානි කත්‍වාන.

4916. මහරජ, අතිදාන නම් දන් දී නො නැසිය යුත්තන් නැසීමෙන් මෙසේ සත්ත්‍වයෝ සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.

4917. කිං පන තං අතිදානං කෙ ච අවජ‍්ඣා ඉමස‍්මිං ලොකස‍්මිං, එතඤ‍්ච ඛො නො අක‍්ඛාහි යජිස‍්සාම දදාම දානානි.

4917. ඒ අතිදාන නම් කිම? මෙ ලොවැ නො නැසිය යුත්තෝ කවුරු ද? මෙය ද අපට කියනු මැන. යාග කරම්හ දන් දෙම්හ යි රජ පැවැසී.

4918. පුත‍්තෙහි දෙව යජිතබ‍්බං මහෙසීහි නෙගමෙහි ච උසභෙහි, ආජානීයෙහි චතූහි සබ‍්බචතුක‍්කෙන දෙව යජිතබ‍්බං.

4918. මහරජ, පුත්‍රයෝ යැ, බිසෝවරු යැ, සිටුවරු යැ, වෘෂභයෝ යැ, ආජානීය අශ්වයෝ යැ යන මොවුන්ගෙන් සතර දෙනකු බැගින් ගෙන යාග කළ මැනවි. මහරජ, සබ්බචතුක්ක නමැති යාගය කළයුතු ය යි පෙරෙවි බමුණා කී ය.

4919. තං සුත්‍වා අන‍්තෙපුරෙ කුමාරා ච මහෙසියො ච හඤ‍්ඤන‍්තු, එකො අහොසි නිග‍්ඝොසො භෙස‍්මා අච‍්චුග‍්ගතො සද‍්දො.

4919. (රාජකුමාරවරු ද, බිසෝවරු ද නසනු ලබත්වා යන) ඒ හඬ ඇසීමෙන් අන්තඃපුරයෙහි උස් වැ නැගුණු බිහිසුණු හඬින් යුත් එක ම ඝෝෂාවක් විය.

4920. ගච‍්ඡථ වදෙථ කුමාරෙ චන්‍දං සුරියං ච භද‍්දසෙනඤ‍්ච, සූරඤ‍්ච වාමගොත‍්තං පසුරා කිර හොථ යඤ‍්ඤත්‍ථාය.

4920. යව, චන්‍ද්‍ර කුමාරයා ද, සූරිය කුමාරයා ද, භද්දසේන කුමාරයා ද, වාමගොත්ත කුමාරයා ද සූර කුමාරයා ද යන රාජ කුමාරයන්ට යාගයට එක්තැන් වැ රැස් වන්නට කියව යි රජ අණ කෙළේ ය.

4921. කුමාරියොපි වදෙථ උපසෙනිං කොකිලඤ‍්ච මුදිතඤ‍්ච, නන්‍දඤ‍්චාපි කුමාරිං පසුරා කිර භොථ යඤ‍්ඤත්‍ථාය.

4921. උපසේනී යැ, කෝකිලා යැ, මුදිතා යැ, නන්‍දකුමාරී යැ යන රාජකුමාරිකාවන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.

4922. විජයම‍්පි මය‍්හං මහෙසිං එරාවතිං කෙසිනං සුනන්‍දඤ‍්ච, ලක‍්ඛණවරූපපන‍්නා පසුරා කිර හොථ යඤ‍්ඤත්‍ථාය.

4922. මගේ විජයා නම් මෙහෙසිය ද, එරාවතී ද, කේසිනී ද, සුනන්‍දා ද යන උතුම් ස්ත්‍රීලක්‍ෂණයෙන් යුත් වූ මෙහෙසීවරුන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.

4923. ගහපතයොපි වදෙථ පුණ‍්ණමුඛං භද‍්දියං සිගාලඤ‍්ච, වඩ‍්ඪඤ‍්චාපි ගහපතිං පසුරා කිර හොථ යඤ‍්ඤත්‍ථාය.

4923. පුණ්ණමුඛ යැ, භද්දිය යැ, සිගාල යැ, වද්ධ නම් ගහපති යැ යන සිටුවරුන්ට ද යාගයට එක්තැන් වැ රැස්වන්නට කියව යි රජ අණ කෙළේ ය.

4924. තෙ තත්‍ථ ගහපතයො අවොචිංසු සමාගතා පුත‍්තදාර පරිකිණ‍්ණා, සබ‍්බසිඛිනො දෙව කරොහි අථවා නො දාසෙ සාවෙහි.

4924. එහි රැස්වූ අඹුදරුවන් පිරිවැරූ ගෘහපතියෝ රජුට මෙසේ කීහ: මහරජ, අප සියල්ලන් හිස්මුදුනෙහි සිළු තබා දාසභාවයට පත් කළ මැනවි නොහොත් මහ පිරිස් මැදැ අප දාසයන් කොට අස්වනු මැනවි.

4925. අභයඞ‍්කරම‍්පි මෙ හත්‍ථිං නාලාගිරිං අච‍්චුතං වරුණදන‍්තං, ආනෙථ ඛො නෙ ඛිප‍්පං යඤ‍්ඤත්‍ථාය භවිස‍්සන‍්ති.

4925. අභයඞ්කර යැ, නාලාගිරි යැ, අව්ව්‍රත යැ වරුණදන්ත යැ යන ඇතුන් වහා ගෙනෙවු. ඔහු යාගය පිණිස වන්නාහ.

4926. අස‍්සරතනම‍්පි කෙසිං සුරාමුඛං පුණ‍්ණකං විනතකඤ‍්ච, ආනෙථ ඛො නෙ ඛිප‍්පං යඤ‍්ඤත්‍ථාය භවිස‍්සන‍්ති.

4926. කේසී යැ, සුරාමුඛ යැ, පුණ්ණක යැ, විනතක යැ යන අශ්වරත්නයන් ද වහා ගෙනෙවු. ඒ අශ්වයෝ යාගය පිණිස වන්නාහ.

4927. උසභම‍්පි යූථපතිං අනොජං නිසභං ගවම‍්පතිං තෙපි මය‍්හං ආනෙථ, සමුපාකරොන‍්තු සබ‍්බං යජිස‍්සාම දදාම දානානි.

4927. යූථපති යැ, අනෝජ යැ, නිසභ යැ, ගවම්පති යැ යන මාගේ වෘෂභයන් ද ගෙනෙවු. මා කියූ මේ සියල්ල යාගයට රැස් කෙරෙත්වා. යාග කරන්නෙමු. දන් දෙන්නෙමු.

4928. සබ‍්බං පටියාදෙථ යඤ‍්ඤං පන උග‍්ගතම‍්හි සුරියම‍්හි, ආණාපෙථ ච කුමාරෙ අභිරමන‍්තු ඉමං රත‍්තිං.

4928. සියල්ල පිළියෙළ කරවු. හිරු උදා වූ කල යාග කරන්නෙමු. මේ රාත්‍රිය අභිරමණය කරත්වා යි ද කුමාරයන්ට අණ කරවු.

4929. සබ‍්බං උපට‍්ඨපෙථ යඤ‍්ඤං පන උග‍්ගතම‍්හි සුරියම‍්හි, වදෙථදානි කුමාරෙ අජ‍්ජ වො පච‍්ඡිමා රත‍්තිං.

4929. සියල්ල සපයවු, යාගය වනාහි හිරු උදා වූ කල උදයෙහි මැ කරන්නෙම් අද තොපගේ අවසන් රාත්‍රිය යි දැන් රජ කුමරුවන්ට කියවයි රජ තෙම කී.

4930. තං තං මාතා අවචා රොදන‍්ති ආගතා විමානතො, යඤ‍්ඤො කිර තෙ පුත‍්ත භවිස‍්සති චතූහි පුත‍්තෙහි.

4930. තමන් හුන් විමනින් ආ රජුගේ මෑණියෝ හඬමින් ඒ රජුට මෙසේ පැවැසූහ. එම්බා පුත, තොපගේ සිවුපුතුන් ගෙන කරන යාගයක් ඇද්දැ යි ඇසූ.

4931. සබ‍්බෙපි මය‍්හං පුත‍්තා චත‍්තා චන්‍දාස‍්මිං හඤ‍්ඤමානස‍්මිං, පුත‍්තෙහි යඤ‍්ඤං යජිත්‍වාන සුගතිං සග‍්ගං ගමිස‍්සාමි.

4931. චන්‍ද්‍ර කුමාරයා නසනු ලබන කල මාගේ සියලු මැ පුත්තු යාගයට හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගති නම් වන දෙව්ලොවට යන්නෙමි යි රජ තෙම කීය.

4932. මා පුත‍්ත සද‍්දහෙසි සුගති කිර හොති පුත‍්තයඤ‍්ඤෙන, නිරයානෙසො මග‍්ගො නෙසො මග‍්ගො හි සග‍්ගානං.

4932. එම්බා පුත, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයක් වේ යැ යි නො අදහව. සතර අපායට මේ මඟ වේ. මේ සග මඟ නො වේ.

4933. දානානි දෙහි කොණ‍්ඩඤ‍්ඤ අහිංසා සබ‍්බභූතභව්‍යානං, එසමග‍්ගො සුගතියා න ච මග‍්ගො පුත‍්තයඤ‍්ඤෙන.

4933. කොණ්ඩඤ්ඤ නමැති ගෝත්‍ර යුත් පුත, දන් දෙව. ඉපැදුණා වූ ද, උපදින්නා වූ ද හැම සතුන්ට අහිංසා කරව. මෙය සග මඟ වේ. දරුව්න් මැරීමෙන් කරන යාගයෙන් සගට යන මගක් නැත.

4934. ආචරියානං වචනා ඝාතෙස‍්සං චන්‍දඤ‍්ච සුරියඤ‍්ච, පුත‍්තෙහි යජිත්‍වාන දුච‍්චජෙහි සුගතිං සග‍්ගං ගමිස‍්සාමි.

4934. මෑණියනි, පෙරෙවි බමුණාගේ වචනයෙන් චන්‍ද්‍ර කුමාරයා සහ සූරිය කුමාරයා ද නසන්නෙම්. හැරිය නො හැකි පුතුන්ගෙන් යාග කොටැ සුගති නමැති දෙව්ලොවට යන්නෙමි යි රජ තෙම කී ය.

4935. තං තං පිතාපි අවචා වසවත‍්තී ඔරසං සකං පුත‍්තං, යඤ‍්ඤො කිර තෙ පුත‍්ත භවිස‍්සති චතූහි පුත‍්තෙහි.

4935. ඉක්බිති රජුගේ වසවර්ති නම් පියරජ තෙමේ ද උරදා පුත් ඒ මේ රජුට එම්බා පුත, දරුවන් සිව්දෙනා මරා කරන යාගයක් වේ දැ යි කී.

4936. සබ‍්බෙපි මය‍්හං පුත‍්තා චත‍්තා චන්‍දාස‍්මිං හඤ‍්ඤමානස‍්මිං, පුත‍්තෙහි යඤ‍්ඤං යජිත්‍වාන සුගතිං සග‍්ගං ගමිස‍්සාමි.

4936. චන්‍ද්‍ර කුමාරයා නසනු ලබන කල්හි මාගේ සියලු මැ පුත්තු හරන ලද්දාහු වෙති. පුතුන්ගෙන් යාග කොට සුගති සඞ්ඛ්‍යාත දෙව්ලොවට යන්නෙමි යි රජතෙම කී.

4937. මා පුත‍්ත සද‍්දහෙසි සුගතිං කිර හොති පුත‍්තයඤ‍්ඤෙන, නිරයානෙසො මග‍්ගො නෙසො මග‍්ගො හි සග‍්ගානං.

4937. එම්බා පුතණුවනි, දරුවන් මරා යාග කිරීමෙන් සුගති ලාභයෙක් වේ යැ යි නො අදහව. සතර අපායට මේ මඟ වෙයි. මේ ස්වර්‍ගයට මඟ නො වෙයි.

4938. දානානි දෙහි කොණ‍්ඩඤ‍්ඤ අහිංසා සබ‍්බභූතභව්‍යානං, එසමග‍්ගො සුගතියා න ච මග‍්ගො පුත‍්තයඤ‍්ඤෙන.

4938. කෞණ්ඩින්‍යය, දන්දෙව. උපන්නා වූ ද මතු උපදනා වූ ද හැම සත්නට අහිංසා කරව. මෙ සුගතියට මාර්‍ග යැ. පුත්‍ර යාගයෙන් ස්වර්‍ග මාර්‍ග නො වේ.

4939. ආචරියානං වචනා ඝාතෙස‍්සං චන්‍දං ච සුරියඤ‍්ච, පුත‍්තෙහි යජිත්‍වා දුච‍්චජෙහි සුගතිං සග‍්ගං ගමිස‍්සාමි.

4939. ආචාර්‍ය්‍යයන්ගේ වචනයෙන් චන්‍ද්‍ර කුමරු ද සූර්‍ය්‍යකුමරු ද ඝාතන කරවන්නෙමි. හරනට දුෂ්කර වූ පුතුන්ගෙන් යාග කොට සුන්‍දර ගති ඇති ස්වර්‍ගයට යන්නෙමි.

4940. දානානි දෙහි කොණ‍්ඩඤ‍්ඤ අහිංසා සබ‍්බභූතභව්‍යානං, පුත‍්තපරිවුතො තුවං රට‍්ඨං ජනපදඤ‍්ච පාලෙහි.

4940. කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇති පුත, දන්දෙව, හැම සතුන්හට හිංසා නො කරනු. පුත්‍රයන් පිරිවැරූ නුඹ සියලු කසීරට ද, ජනපද ද, රක්‍ෂා කරන්නැ යි වසවර්ති නමැති පියරජ තෙම කී.

4941. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස. අපි නිගළබන්‍ධකාපි හත්‍ථි අස‍්සෙ ච පාලෙම.

4941. දේවයන් වහන්ස, අප නො නැසුව මැනැවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන් ද, අසුන් ද රැක බලා ගනිමු.

4942. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස. අපි නිගළබන්‍ධකාපි හත්‍ථිච‍්ඡකණානි උජ‍්ඣෙම.

4942. දේවයන් වහන්ස, අපි නො නැසුව මැනව. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාස භාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇත් වසුරු බැහැර දමන්නෙමු.

4943. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස. අපි නිගළබන්‍ධකාපි අස‍්සච‍්ඡකණානි උජ‍්ඣෙම.

4943. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාස භාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි අස් වසුරු බැහැර දමන්නෙමු.

4944. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස. යස‍්ස හොන‍්ති තව කාමා අපි රට‍්ඨා පබ‍්බජිතා භික‍්ඛාචරියං චරිස‍්සාම.

4944. දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. යමකුහට දෙන්නට ඔබ කැමැති වෙත් නම් ඔහුට අප දාසභාවයට පත්කොට දෙනු මැනවි. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑ වැ පිඬු සිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.

4945. දුක‍්ඛං ඛො මෙ ජනයථ විලපන‍්තා ජීවිතස‍්ස කාමා හි, මුඤ‍්චථදානි කුමාරෙ අලම‍්පි මෙ හොතු පුත‍්තයඤ‍්ඤෙන.

4945. ජීවිතයට ආසාවෙන් වැලැපෙන්නාහු මට දුක් උපදවන්නාහුය. දැන් කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැ යි රජ කී.

4946. පුබ‍්බෙව ඛොසි මෙ වුත‍්තො දුක‍්කරං දුරභිසම‍්භවං චෙතං, අථ නො උපක‍්ඛටස‍්ස යඤ‍්ඤස‍්ස කස‍්මා කරොසි වික‍්ඛෙපං.

4946. මහරජ, මේ යාගය කළ නො හැකි යැ යි ද දුකසේ ලැබිය හැක්කැ යි ද පළමු කොට කියන ලද්දෙහි. දැන් අප පිළියෙළ කළ යාගයට හානි කෙරෙහි.

4947. සබ‍්බෙ වජන‍්ති සුගතිං යෙ යජන‍්ති යෙපි චෙව යාජෙන‍්ති, යෙචාපි අනුමොදන‍්ති යජන‍්තානං එදිසං මහායඤ‍්ඤං.

4947. යම් කෙනෙක් යාග කෙරෙද්ද, කරවද්ද යාග කරන්නවුන්ගේ එ වැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද ඒ සියලු දෙනා ම සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.

4948. අථ කිස‍්ස ච නො පුබ‍්බෙ සොත්‍ථානං බ්‍රාහ‍්මණො අවාචෙසි, අථ නො අකාරණස‍්මා යඤ‍්ඤත්‍ථාය දෙව ඝාතෙසි.

4948. පියාණෙනි, මෙසේ නම් පෙරෙවි බමුණු තෙම කවර හෙයින් අපගේ සුවපත් බව කීයේ ද, එසේ ඇති කල්හි කවර හෙයින් යාගයට නිකරුණේ අප මරවන්නෙහි ද?

4949. පුබ‍්බෙව නො දහරකෙ සමානෙ න හනෙසි න ඝාතයෙසි, දහරම‍්භා යොබ‍්බනං පත‍්තා අදූසකා තාත හඤ‍්ඤාම.

4949. අප බාල කාලයෙහි නො නැසුවෙහි ය, නො මැරවූවෙහි ය. අපි තරුණ වයසට පැමිණියෝ වෙමු. මේ දක්වා ද විරුද්ධ නො වූවෝ වෙමු. පියාණෙනි, එ වැනි අපි තොප විසින් කවර හෙයින් මරනු ලබන්නෝ වෙමු ද?

4950. හත්‍ථිගතෙ අස‍්සගතෙ සන‍්නද‍්ධෙ පස‍්ස නො මහාරාජ, යුද‍්ධෙව යුජ‍්ඣමානෙ නහි මාදිසා සූරා හොන‍්ති යඤ‍්ඤත්‍ථාය.

4950. මහරජ, ඇතුන් අසුන් පිට නැග කරන යුද්ධයක් පැමිණි කලැ යුද්ධයට සැරැසුණු අප සතර දෙන කරන යුද්ධ බලනු මැනවි. අප වැනි ශූරයෝ යාගයට නුසුදුස්සෝ ය.

4951. පච‍්චන‍්තෙ වාපි කුපිතෙ අටවීසු වා මාදිසෙ නියොජෙන‍්ති, අථ නො අකාරණස‍්මා අභූමිං තාත හඤ‍්ඤාම.

4951. පියාණෙනි, ප්‍රත්‍යන්ත ජනපදය කිපුණු කල හෝ පල් හොරුන් ඇති කල හෝ සතුරන් නසනු පිණිස අප වැන්නන් යොදවත්. එසේ නම් නිකරුණේ නො තැන්හි කවර හෙයින් අපි නසනු ලබන්නෝ වෙමු ද?

4952. යාපි හි තා සකුණියො වසන‍්ති තිණඝරානි කත්‍වාන, තාසම‍්පි පියා පුත‍්තා අථ නො ත්‍වං ද‍්වෙ ඝාතෙසි.

4952. මහරජ, යම් ඒ පක්‍ෂීහු තණකැදලි සාදා එහි වෙසෙද්ද ඒ පක්‍ෂීන්ට පවා දරුපැටවු ප්‍රිය වෙති. දේවයන් වහන්ස, එසේ ඇති කල තෙපි අප මරවන්නහු ය.

4953. මා තස‍්ස සද‍්දහෙසි න මං ඛණ‍්ඩහාලො ඝාතයෙ, මමං හි සො ඝාතෙත්‍වා අනන‍්තරං තම‍්පි දෙව ඝාතෙය්‍ය.

4953. ඛණ්ඩහාල නැමැති පෙරෙවි බමුණ මා නො මරවයි යන මේ බසක් ඇත් නම් ඔහුගේ ඒ වචනය විශ්වාස නො කළ මැනවි. දේවයන් වහන්ස, හෙතෙම මා මරවා ඉන්පසු ඔබ ද මරවන්නේ ය.

4954. ගාමවරං නිගමවරං දදන‍්ති භොගං පිස‍්ස මහාරාජ, අථ අග‍්ගපිණ‍්ඩිකාපි කුලෙ කුලෙහෙතෙ භුඤ‍්ජන‍්ති.

4954. මහරජ, ගම්වර නියම්ගම්වර හා උපභෝග පරිභෝග වස්තු ද රජවරු මේ බමුණන්ට දෙති. අග්‍ර වූ බත් පැන් ලබන මොහු ගෙයක් පාසා අනුභව කෙරෙති.

4955. තෙසම‍්පි තාදිසානං ඉච‍්ඡන‍්ති දුබ‍්භිතුං මහාරාජ, යෙභුය්‍යෙන එතෙ අකතඤ‍්ඤනො බ්‍රාහ‍්මණා දෙව.

4955. මහරජ, එබඳු උපකාර ඇති රජවරුන්ටත් ද්‍රෝහ කරන්නට මොහු කැමති වෙති. දේවයන් වහන්ස, මේ බමුණෝ නම් බොහෝ සෙයින් කෙළෙහිගුණ නො දන්නෝ වෙති.

4956. මා නො ද‍්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, අපි නිගළබන්‍ධකාපි හත්‍ථි අස‍්සෙ ච පාලෙම.

4956. දේවයන් වහන්ස, අප නො නැසුව මැනැවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත් කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇතුන් ද, අසුන් ද රැක බලා ගනිමු.

4957. මා නො ද‍්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, අපි නිගළබන්‍ධකාපි හත්‍ථිච‍්ඡකණානි උජ‍්ඣෙම.

4957. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත් කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි ඇත් වසුරු බැහැර දමන්නෙමු.

4958. මානො ද‍්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, අපි නිගළබන්‍ධකාපි අස‍්සච‍්ඡකණානි උජ‍්ඣෙම.

4958. දේවයන් වහන්ස, අප නො නැසුව මැනවි. ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණාහට අප දාසභාවයට පත්කොටැ දුන මැනවි. හැකිල්ලෙන් බැඳුණු අපි අස් වසුරු බැහැර දමන්නෙමු.

4959. මා නො ද‍්වෙ අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, යස‍්ස හොන‍්ති තව කාමා අපි රට‍්ඨා පබ‍්බජිතා භික‍්ඛාචරියං චරිස‍්සාම.

4959. දේවයන් වහන්ස, අප නො නැසුව මැනව. යමකුහට දෙන්නට ඔබ කැමති වෙත් නම් ඔහුට අප දාසභාවයට පත් කොටැ දෙනු මැනවි. ඉදින් අප දොසක් වේ නම් රටින් පිටුවහල් කරන ලද අපි බැගෑ වැ පිඬු සිඟා හැසිරීමෙන් ජීවත් වන්නෙමු.

4960. දුක‍්ඛං ඛො මෙ ජනයථ විලපන‍්තා ජීවිතස‍්ස කාමා හි, මුඤ‍්චථදානි කුමාරෙ අලම‍්පි මෙ හොතු පුත‍්තයඤ‍්ඤෙන.

4960. ජීවිතයට ආසාවෙන් වැලැපෙන මොවුහු මට දුක් ඉපිදැ වූහ. දැන් කුමාරයන් මුදා හරිනු මැනවි. දරුවන් මරා කරන යාගයෙන් මට ප්‍රයෝජන නැතැ යි රජ තෙම කීය.

4961. පුබ‍්බෙව ඛොසි මෙ වුත‍්තො දුක‍්කරං දුරභිසම‍්භවං චෙතං, අථ නො උපක‍්ඛටස‍්ස යඤ‍්ඤස‍්ස කස‍්මා කරොසි වික‍්ඛෙපං.

4961. මහරජ, මේ යාගය කළ නො හැකි යැ යි ද දුකසේ ලැබිය හැක්කැ යි ද පළමු කොට කියන ලද්දෙහි ය. දැන් අප පිළියෙළ කළ යාගයට හානි කෙරෙහි.

4962. සබ‍්බෙ වජන‍්ති සුගතිං යෙ යජන‍්ති යෙපි චෙව යාජෙන‍්ති, යෙ චාපි අනුමොදන‍්ති යජන‍්තානං එදිසං මහායඤ‍්ඤං.

4962. යම් කෙනෙක් යාග කෙරෙද්ද, කරවද්ද යාග කරන්නවුන්ගේ එ වැනි මහා යාගය යම් කෙනෙක් අනුමෝදන් වෙද්ද ඒ සියලු දෙනා ම සුගතියට යෙති යි පෙරෙවි බමුණා කීය.

4963. යදි කිර යජිත්‍වා පුත‍්තෙහි දෙවලොකං ඉතො චුතා යන‍්තී, බ්‍රාහ‍්මණො තාව යජතු පච‍්ඡාපි යජසි තුවං රාජ.

4963. ඉදින් පුතුන් කරණ කොටගෙන යාග කොට මෙයින් චුත වූවාහු දෙව්ලොවට පැමිණෙත් නම් බ්‍රාහ්මණ තෙම පළමුවෙන් එසේ යාග කෙරේවා. මහරජ, ඉන්පසු තෙපි ද යාග කරනු මැනවි.

4964. යදි කිර යජිත්‍වා පුත‍්තෙහි දෙවලොකං ඉතො චුතා යන‍්තී, එසො ච ඛණ‍්ඩහාලො යජතු සකෙහි පුත‍්තෙහි.

4964. ඉදින් දරුවන් කරණ කොටගෙන යාග කොට මෙයින් චුත වූවාහු දෙව්ලොවට පැමිණෙත් නම් මේ ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණු ද තමාගේ දරුවන් මරා එසේ යාග කෙරේවා.

4965. එවං ජානං වො ඛණ‍්ඩහාලො කිං පුත‍්තකෙ න ඝාතෙසි, සබ‍්බඤ‍්ච ඤාතිජනං අත‍්තානඤ‍්ච න ඝාතෙසි.

4965. මෙසේ දන්නා ඛණ්ඩහාල නම් පෙරෙවි බමුණු කවර හෙයින් දරුවන් නො නැසුවේ ද? සියලු නෑයන් ද, තමන් ද කවර හෙයින් නො නැසුවේ ද?

4966. සබ‍්බෙ වජන‍්ති නිරයං යෙ යජන‍්ති යෙපි චෙව යාජෙන‍්ති, යෙ චාපි අනුමොදන‍්ති යජන‍්තානං එදිසං මහායඤ‍්ඤං.

4966. යම් කෙනෙක් මෙබඳු මහායාග කෙරෙද්ද, කරවද්ද, අනුමෝදන් වෙද් ද ඒ සියල්ලෝ නරකයට යෙති යි චන්‍ද්‍ර කුමාර තෙම කීය.

4967. කථඤ‍්ඤච කිර පුත‍්තකාමායො ගහපතයො ඝරණියො ච, නගරම‍්හි න උපරවන‍්ති රාජානං මා ඝාතයි ඔරසං පුත‍්තං.

4967. කෙසේ නම් නුවරැ දරුවන් කැමැති ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්‍ය්‍යාවරු ද තමන්ගේ ඖරස පුත්‍රයා නො මරනු මැනවැ යි රජුට දොස් නො පවරද් ද?

4968. කථඤ‍්ච කිර පුත‍්තකාමායො ගහපතයො ඝරණියො ච, නගරම‍්හි න උපරවන‍්ති රාජානං මා ඝාතයි අත්‍රජං පුත‍්තං.

4968. කෙසේ නම් නුවරැ දරුවන් කැමැති ගෘහපතියෝ ද ඔවුන්ගේ භාර්‍ය්‍යාවෝ ද ආත්මජ පුත්‍රය නො මරව යි රජුට උපක්‍රෝශ නො කරත් ද?

4969. රඤ‍්ඤොම‍්හි අත්‍ථකාමො හිතො ච සබ‍්බදා ජනපදස‍්ස, න කොචි අස‍්ස පටිඝං මයා ජනපදො න පවෙදෙති.

4969. (මම) රජහට වැඩ කැමැත්තෙමි. හැම කල්හි දනවු වැසියනට හිත වූයෙම් ද වෙමි. කිසිවෙක් මා හා සමග ප්‍රතිඝ කරන්නෙ නො වෙයි. (එසේ වතුදු) දනවුවැසියා (තොපගේ පුත් ගුණවත යැ යි) රජහට නො දන්වයි.

4970. ගච‍්ඡථ වො ඝරණියො තාතඤ‍්ච වදෙථ ඛණ‍්ඩහාලඤ‍්ච, මා ඝාතෙථ කුමාරෙ අදූසකෙ සීහසඞ‍්කාසෙ.

4970. එම්බා ගෘහණියනි, තෙපි යව, ‘සිංහයන් බඳු නිවරද කුමරුන් නො මරව’ යි පියරජුටත්, ඛණ්ඩහාල බමුණුටත් කියව.

4971. ගච‍්ඡථ වො ඝරණියො තාතඤ‍්ච වදෙථ ඛණ‍්ඩහාලඤ‍්ච, මා ඝාතෙථ කුමාරෙ අපෙක‍්ඛිතෙ සබ‍්බලොකස‍්ස.

4971. එම්බා ගෘහිණියනි, තෙපි යව, සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරනලද කුමරුන් නො මරව යි පියරජුටත් ඛණ්ඩහාල බමුණුටත් කියව.

4972. යන‍්නූනාහං ජායෙය්‍යං රථකාරකුලෙ වා පුක‍්කුසකුලෙ වා, වෙණෙසු වා ජායෙය්‍යං නහජ‍්ජ මං රාජා යඤ‍්ඤත්‍ථාය ඝාතෙය්‍ය.

4972. මම සොම්මර හෝ පුප්සඬු කුලයක උපනි නම් යෙහෙකි. කුලුපොතු කුලයෙහි හෝ උපනි නම් පියරජ තෙම අද මා යාගය පිණිස නො මරවයි.

4973. සබ‍්බා සීමන‍්තිනියො ගච‍්ඡථ අය්‍යස‍්ස ඛණ‍්ඩහාලස‍්ස, පාදෙසු නිපතථ අපරාධාහං න පස‍්සාමි.

4973. සියලු ස්ත්‍රීවරුනි, යව, ආර්‍ය්‍ය වූ ඛණ්ඩහාල නමැති පෙරෙවි බමුණහුගේ පාමුල හඬා වැටෙන්න. මා කළ කිසි අපරාධයක් නො දකිමි.

4974. සබ‍්බා සීමන‍්තිනියො ගච‍්ඡථ අය්‍යස‍්ස ඛණ‍්ඩහාලස‍්ස, පාදෙසු නිපතථ කිං තෙ භන‍්තෙ මයං අදූසෙම.

4974. සියලු ස්ත්‍රීවරුනි, යන්න, ආචාර්‍ය්‍ය වූ ඛණ්ඩහාල නමැති පෙරෙවි බමුණහුගේ පාමුල හඬා වැටෙන්න. ස්වාමීනි, ඔබට අපි කවර නම් ද්‍රෝහයක් කෙළෙමු ද? (ඉදින් චන්‍ද්‍ර කුමාරයා කළ වරදක් ඇතහොත් එය කමා කළ මැනවැ යි කියා හඬා වැටෙව් කියා යැවු.)

4975. කපණං විලපති සෙලා දිස‍්වා භාතරො උපනීතත‍්තෙ, යඤ‍්ඤො කිර මෙ උක‍්ඛීපිතො තාතෙන සග‍්ගකාමෙන.

4975. සේලා නම් සොහොයුරිය සොහොවුරන් වෙත පැමිණි ස්වභාව දැකැ දෙව්ලොව යනු කැමති මපියාණනි, මේ ඔබ විසින් නැංවුණු යාගයක් දැ යි බැගෑපත් වැ වැලැපුණා ය.

4976. ආවත‍්තී ච පරිවත‍්තී ච වාසුලො සම‍්මුඛා රඤ‍්ඤො, මා නො පිතරං අවධි දහරම‍්භා අයොබ‍්බනං පත‍්තා.

4976. චන්‍ද්‍ර කුමාරයාගේ වාසුල නමැති පුත්‍ර කුමාර තෙම අපි තරුණ බවට නො පැමිණි ළදරුවෝ වෙමු. අප පියා නො මැරුව මැනවැ යි රජුගේ පාමුල හඬා වැටුණි.

4977. එසො තෙ වාසුල පිතා සමෙහි පිතරං, දුක‍්ඛං ඛො මෙ ජනයසි විලපන‍්තො අන‍්තරපුරස‍්මිං මුඤ‍්චථ දානි කුමාරෙ අලම‍්පි මෙ හොතු පුත‍්තයඤ‍්ඤෙන.

4977. වාසුල නම් කුමාරය, මේ තෙම තොපගේ පියා ය. පියා සනසව. අන්තඃපුරයෙහි මේ කුමාර තෙම හඬමින් මට බොහෝ දුක් ඉපදැ විය. දැන් මේ කුමාරවරුන් මුදා හරිවු. පුතුන් මරා කරන යාගයෙන් මට කම් නැති වේවා යි රජ කීය.

4978. පුබ‍්බෙව ඛොසි දුක‍්කරං දුරභිසම‍්භවං චෙතං, අථ නො උපක‍්ඛටස‍්ස යඤ‍්ඤස‍්ස කරොසි වික‍්ඛෙපං.

4978. (මහරජතුමනි), තෙල යාගය දුෂ්කර යැ, දුර්‍ලභ යැ යි කැලැ මැ කියන ලද්දෙහි. එසේ ඇති කල්හිදු එළවන ලද අපගේ යාගයට ආකුල කෙරෙහි.

4979. සබ‍්බෙ වජන‍්ති සුගතිං යෙ යජන‍්ති යෙපි චෙව යාජෙන‍්ති, යෙ චාපි අනුමොදන‍්ති යජන‍්තානං එදිසං මහායඤ‍්ඤං.

4979. යම් කෙනෙක් මෙවන් මහායාග කරත් ද යම් කෙනෙකුත් මෙවන් යාග කරවත් ද, යම් කෙනෙකුත් යාග කරන්නවුන්ගේ මෙවන් යාග අනුමෝදන් වෙත් ද, එ හැම දෙන සුගතියට යෙති.

4980. සබ‍්බරතනස‍්ස යඤ‍්ඤො උපක‍්ඛටො එකරාජ තව පටියත‍්තො. අභිනික‍්ඛමස‍්සු දෙව සග‍්ගං ගතො ත්‍වං පමොදිස‍්සසි.

4980. ඒකරාජය, සර්‍වරත්නයෙන් එළවන ලද තොපගේ යාගය පිළියෙල කරනලද යැ. දේවයිනි, යාගයට නික්මෙව. තෙපි ස්වර්‍ගයට ගියහු තුටු වන්නහු යැ.

4981. දහරා සත‍්තසතා එතා පන චන්‍දකස‍්ස භරියායො, කෙසෙ පරිකිරිත්‍වාන රොදන‍්තියො මග‍්ගමනුයන‍්ති.

4981. චන්‍ද්‍ර කුමාරයාගේ තෙල සත්සියයක් පමණ වූ තරුණ භාර්‍ය්‍යාවෝ කෙහෙවලු මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.

4982. අපරා පන සොකෙන නික‍්ඛන‍්තා නන්‍දනෙ විය දෙව, කෙසෙ පරිකිරිත්‍වාන රොදන‍්තියො මග‍්ගමනුයන‍්ති.

4982. සොවින් නික්මුණු අන්‍ය ස්ත්‍රීහු නඳුනුයන්හි ච්‍යුතවන දෙව්පුතකු පිරිවරනලද දෙවඟනන් මෙන් කෙහෙ මුදාගෙන හඬමින් මහමඟ ඔහු අනුව යෙති.

4983. කාසිකසුචිවත්‍ථධරා කුණ‍්ඩලිනො අගලුචන්‍දනවිලිත‍්තා, නීයන‍්ති චන්‍දසුරියා යඤ‍්ඤත්‍ථාය එකරාජස‍්ස.

4983. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ ඒකරාජ රජුගේ යාගයට යෙත්.

4984. කාසිකසුචිවත්‍ථධරා කුණ‍්ඩලිනො අගලුචන්‍දනවිලිත‍්තා, නීයන‍්ති චන්‍දසුරියා මාතු කත්‍වා භදයසොකං.

4984. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් විලෙවුන් දුන් චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.

4985. කාසිකසුචිවත්‍ථධරා කුණ‍්ඩලිනො අගලුචන්‍දනවිලිත‍්තා, නීයන‍්ති චන්‍දසුරියා ජනස‍්ස කත්‍වා භදයසොකං.

4985. පිරිසුදු කසීසළු ධරන කුණ්ඩලාභරණ පැළැඳි අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමාරයෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.

4986. මංසරසභොජිනො නහාපකසුනහාපිතා, කුණ‍්ඩලිනො අගලුචන්‍දනවිලිත‍්තා; නීයන‍්ති චන්‍දසුරියා යඤ‍්ඤත්‍ථාය එකරාජස‍්ස.

4986. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මොනොවට නහවන ලද, පළන් කුණ්ඩලාභරණ ඇති, අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ දෙදෙන ඒකරාජ රජහුගේ යාගයට ගෙන යනු ලැබෙති.

4987. මංසරසභොජිනො නහාපකසුනහාපිතා, කුණ‍්ඩලිනො අගලුචන්‍දනවිලිත‍්තා; නීයන‍්ති චන්‍දසුරියා මාතු කත්‍වා භදයසොකං.

4987. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මොනොවට නහවන ලද, පළන් කුණ්ඩලාභරණ ඇති, අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමරුවෝ දෙදෙන මවගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙති.

4988. මංසරසභොජිනො නහාපකසුනහාපිතා, කුණ‍්ඩලිනො අගලුචන්‍දනවිලිත‍්තා; නීයන‍්ති චන්‍දසුරියා ජනස‍්ස කත්‍වා භදයසොකං.

4988. මස්රස සහිත සුවඳ හැල් බත් බුදින, නැහැවියන් විසින් මනාකොට නහවන ලද, පළන් කොඬොල් ඇති අගිල් සඳුන් තවර කළ චන්‍ද්‍ර, සූර්‍ය්‍ය කුමාරයෝ දෙදෙන ජනයාගේ ළෙහි ශෝක ඇති කොට ගෙන යනු ලැබෙත්.

4989. යසසු පුබෙබ හත්‍ථිවරධුරගතෙ හත්‍ථිහි අනුවජන‍්ති, ත්‍යජ‍්ජ චන්‍දසුරියා උභොව පත‍්තිකා යන‍්ති.

4989. පෙර, උතුම් ඇත්කඳෙහි හුන් යම් කුමර කෙනෙකුන් ඇත් සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද අද ඒ සඳ-හිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.

4990. යස‍්සු පුබ‍්බෙ අස‍්සවරධුරගතෙ අස‍්සෙහි අනුවජන‍්ති, ත්‍යජ‍්ජ චන්‍දසුරියා උභොව පත‍්තිකා යන‍්ති.

4990. පෙර, උතුම් අස්වාහනයට ගිය යම් කුමර කෙනකුන් අස්සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.

4991. යසසු පුබ‍්බෙ රථවරධුරගතෙ රථෙහි අනුවජන‍්ති, ත්‍යජ‍්ජ චන්‍දසුරියා උභොව පත‍්තිකා යන‍්ති.

4991. පෙර, උතුම් රියට ගිය යම් කුමර කෙනකුන් රිය සෙනඟින් යුතු වැ පිරිවර ජනයා පසුගමන් කෙරෙත් ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙති.

4992. යෙ හිස‍්සු පුබ‍්බ නිය්‍යංසු තපනීයකප‍්පනෙහි තුරඞ‍්ගෙහි, ත්‍යජ‍්ජ චන්‍දසුරියා උභොව පත‍්තිකා යන‍්ති.

4992. පෙර යම් කුමර කෙනෙක් රන් අබරණින් සරසනලද අස් සෙනඟින් යුතු වැ නික්මැ ගියාහු ද, අද ඒ සඳහිරු කුමරහු දෙදෙන මැ පාගමනින් යෙත්.

4993. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි පුත‍්තෙහි.

4993. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව, පුප්පවතී නුවරට පූර්‍ව දිශාවෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරෙවි බමුණුහට මුළාවූයේ පුතුන් සතර දෙනාගෙන් යුතු වැ යාග කෙරෙයි.

4994. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි කඤ‍්ඤාහි.

4994. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව, පුෂ්පවතී නම් නුවරට පූර්‍ව දිශාවෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ දූහිතෘ කන්‍යාවන් සතර දෙනාගෙන් යුතු වැ යාග කෙරෙයි.

4995. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි මහෙසීහි,

4995. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව පුෂ්පවතී නුවරට පූර්‍ව දිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළාවූයේ මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කෙරෙයි.

4996. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි ගහපතීහි.

4996. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍ව දිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ (පෙරෙවි බමුණු බසට) මුළාවූයේ ගැහැවියන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.

4997. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි හත්‍ථිහි.

4997. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවිබමුණු බසට මුළා වූයේ ඇතුන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.

4998. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි අස‍්සෙහි.

4998. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවිබමුණු බසට මුළා වැ අසුන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.

4999. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො චතුහි උසභෙහි.

4999. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළා වැ වෘෂභයන් සතර දෙනකුන්ගෙන් යාග කෙරෙයි.

5000. යදි සකුණි මංසමිච‍්ඡසි දයාස‍්සු පුබ‍්බෙන පුප‍්ඵවතියා, යජතෙත්‍ථ එකරාජා සම‍්මූළ‍්හො සබ‍්බචතුක‍්කෙන.

5000. කොස්ලිහිණියනි, ඉදින් මස් කැමැත්තෙහි නම් යව. පුෂ්පවතී නුවරට පූර්‍වදිශායෙහි (යාගාවාටයෙක් ඇත.) මෙහි ඒකරාජ නම් රජ පෙරෙවි බමුණු බසට මුළා වැ සර්‍වචතුෂ්කයෙන් යුතු වැ යාග කෙරෙයි.

5001. අයමස‍්ස පාසාදො ඉදං අන‍්තෙපුරං සුරමණීයං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5001. මේ චන්‍ද්‍ර කුමරුගේ ප්‍රාසාදය යි. මෙ ඉතා සිත්කලු වූ අන්තඃපුරය යි. දැන් ඒ චන්‍ද්‍ර ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5002. ඉදමස‍්ස කූටාගාරං සොවණ‍්ණං පුප‍්ඵමල්‍යවීතිණ‍්ණං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5002. මෙ චන්‍ද්‍ර කුමාරයාගේ කූටාගාරය රනින් කළ මල්දමින් ගැවැසිගත්තේ යැ. දැන් ඒ චන්‍ද්‍රකුමාරාදි ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5003. ඉදමස‍්ස අසොකවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5003. මෙ ඔබගේ උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5004. ඉදමස‍්ස උය්‍යානං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5004. මෙ ඔබගේ හෝපලු උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5005. ඉදමස‍්ස කණිකාරවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5005. මෙ ඔබගේ කිණිහිරි උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5006. ඉදමස‍්ස පාටලීවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5006. මෙ ඔබගේ පළොල් උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5007. ඉදමස‍්ස අම‍්බවනං සුපුප‍්ඵිතං සබ‍්බකාලිකං රම‍්මං, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5007. මෙ ඔබගේ අඹ උයන හැම කල්හි මොනොවට පිපියේ සිත්කලු වූයේ යැ. දැන් ඒ සඳකුමරු ප්‍රමුඛ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5008. අයමස‍්ස පොක‍්ඛරණී සඤ‍්ඡන‍්නා පදුමපුණ‍්ඩරීකෙහි, නාවා ච සොවණ‍්ණවිකතා පුප‍්ඵාවලියා විචිත‍්තා සුරමණීයා. තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5008. මෙ ඔබගේ පොකුණ පියුම් පඬෙරින් ගැවැසිගත්තේ යැ. රන්කම් කළ නැව ද මල්දමින් විසිතුරු යැ, ඉතා සිත්කලු යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5009. ඉදමස‍්ස හත්‍ථිරතනං එරාවණො ගජො වරුණදන‍්තී, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5009. මෙ ‘ඓරාවණ’ නම් වූ වරුණදන්ත ඇති මඟුල් ඇත් තෙම ඔබගේ හස්තිරත්න යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5010. ඉදමස‍්ස අස‍්සරතනං එකඛුරො අස‍්සො, තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5010. මෙ ‘ඒකඛුර’ නම් මඟුලස් තෙම ඔබගේ අශ්වරත්න යැ. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5011. අයමස‍්ස අස‍්සරථො සාලියනිග‍්ඝොසො සුභො රතනචිත‍්තො, යත්‍ථස‍්සු අය්‍යපුත‍්තා සොභිංසු නන්‍දනෙ විය දෙවා; තෙදානි අය්‍යපුත‍්තා චත‍්තාරො වධාය නින‍්නීතා.

5011. මෙ ඔබගේ අශ්වරථය සැළලිහිණියකට බඳු හඬ ඇත්තේ සුන්‍දර වූයේ යැ. රුවනින් විසිතුරු වූයේ යැ. යම් රථයෙකැ ආර්‍ය්‍යපුත්‍රයෝ නඳුනුයන්හි දෙවියන් මෙන් ශෝභමාන වූහුද ඒ රථය යි. දැන් ඒ ආර්‍ය්‍යපුත්‍රයෝ සතර දෙන වධයට ගෙනයන ලදහ.

5012. කථං නාම සාමසමසුන්‍දරෙහි චන්‍දනමරකතගත‍්තෙහි, රාජා යජිස‍්සතෙ යඤ‍්ඤං සම‍්මූළ‍්හො චතූහි පුත‍්තෙහි.

5012. මුළා වූ රජතෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති පුතුන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?

5013. කථං නාම සාමසමසුන්‍දරෙහි චන්‍දනමරකතගත‍්තාහි, රාජා යජිස‍්සතෙ යඤ‍්ඤං සම‍්මූළ‍්හො චතූහි කඤ‍්ඤාහි.

5013. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති කන්‍යාවන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?

5014. කථං නාම සාමසමසුන්‍දරෙහි චන්‍දනමරකතගත‍්තාහි, රාජා යජිස‍්සතෙ යඤ‍්ඤං සම‍්මූළ‍්හො චතූහි මහෙසීහි.

5014. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති මෙහෙසියන් සතර දෙනාගෙන් යාග කරන්නේ ද?

5015. කථං නාම සාමසමසුන්‍දරෙහි චන්‍දනමරකතගත‍්තෙහි, රාජා යජිස‍්සතෙ යඤ‍්ඤං සම‍්මූළ‍්හො චතූහි ගහපතීහි.

5015. මුළා වූ රජ තෙම කෙසේ නම් රන්වන් වූ ජාතියෙන් සම වූ සුන්‍දර වූ රත්සඳුන් අලෙව් දුන් සිරුරු ඇති ගැහැවියන් සතර දෙනකුන්ගෙන් යාග කරන්නේ ද?

5016. යථා හොන‍්ති ගාමනිගමා සුඤ‍්ඤා අමනුස‍්සකා බ්‍රහාරඤ‍්ඤා, තථා හෙස‍්සති පුප‍්ඵවතියා යිට‍්ඨෙසු චන්‍දසුරියෙසු.

5016. යම්සේ ග්‍රාමනිගමයෝ ශූන්‍ය වූවාහු මිනිසුන් නැත්තාහු මහවනයෝ වෙත් ද, චන්‍ද්‍ර සූර්‍ය්‍ය කුමරුවන් යාග කළ කල්හි පුෂ්පවතී නගරය එසේ වන්නේ යි.

5017. උම‍්මත‍්තිකා භවිස‍්සාමි භූනහතා පංසුතා ච පරිකිණ‍්ණා, සචෙ චන්‍දවරං හන‍්ති පාණා මෙ දෙව නිරුජ‍්ඣන‍්ති.

5017. දේවයිනි, ඉදින් උතුම් වූ සඳකුමරු නසා නම් වැඩ නැත්තී වූ මම් පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නමු. මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.

5018. උම‍්මත‍්තිකා භවිස‍්සාමි භූනහතා පංසුතා ච පරිකිණ‍්ණා, සචෙ සුරියවරං හන‍්ති පාණා මෙ දෙව නිරුජ‍්ඣන‍්ති.

5018. දේවයිනි, ඉදින් උතුම් වූ හිරු කුමරු නසා නම් වැඩ නැත්තී වූ මම පසින් ගැවැසුණු සිරුරු ඇත්තී උමතු වන්නමු. මාගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.

5019. කින‍්නුමා න රමයෙය්‍යුං අඤ‍්ඤමඤ‍්ඤං පියංවදා, ඝට‍්ටියා ඔපරක‍්ඛී ච පොක‍්ඛරක‍්ඛී ච නායිකා; චන්‍දසුරියෙසු නච‍්චන‍්තියො සමො තාසං න විජ‍්ජති.

5019. ඝට්ටියා යැ ඕපරක්ඛී යැ පොක්ඛරක්ඛී යැ නායිකා යැ යන මොහු ඔවුනොවුන් ප්‍රිය තෙපුල් බණන්නාහු චන්‍ද්‍ර සූර්‍ය්‍ය කුමරුන් හමුවෙහි නටන්නාහු කවර හෙයින් රමණය නො කරන්නාහු ද (නෘත්‍යගීතයෙහි) උන් හා සම වූ අන් ස්ත්‍රී කෙනෙක් නැත.

5020. ඉමං මය‍්හං හදයසොකං පටිමුච‍්චතු ඛණ‍්ඩහාල තව මාතා යො මය‍්හං හදයසොකො චන්‍දස‍්මිං වධාය නින‍්නීතෙ.

5020. ඛණ්ඩහාලය, චන්‍ද්‍ර කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදයශෝකයෙක් වේ ද මාගේ මේ හෘදයශෝකය තාගේ මවු තොමෝ ලබාවා.

5021. ඉමං මය‍්හං හදයසොකං පටිමුච‍්චතු ඛණ‍්ඩහාල තව මාතා, යො මය‍්හං හදයසොකො සුරියස‍්මිං වධාය නින‍්නීතෙ.

5021. ඛණ්ඩහාලය, සූර්‍ය්‍ය කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදයශෝකයෙක් වේ ද මාගේ මේ හෘදයශෝකය තාගේ මවු තොමෝ ලබාවා.

5022. ඉමං මය‍්හං හදයසොකං පටිමුච‍්චතු ඛණ‍්ඩහාල තව ජායා, යො මය‍්හං හදයසොකො චන්‍දස‍්මිං වධාය නින‍්නීතෙ.

5022. ඛණ්ඩහාලය, චන්‍ද්‍රකුමරු වධයට ගෙනගිය කල්හි මට යම් පුත්‍රශෝකයෙක් වේ ද, මාගේ මේ හෘදයශෝකය තාගේ භාර්‍ය්‍යා තොමෝ ලබාවා.

5023. ඉමං මය‍්හං හදයසොකං පටිමුච‍්චතු ඛණ‍්ඩහාල තව ජායා, යො මය‍්හං හදයසොකො සුරියස‍්මිං වධාය නින‍්නීතෙ.

5023. ඛණ්ඩහාලය, සූර්‍ය්‍ය කුමරු වධයට ගෙනගිය කල්හි මට යම් හෘදශෝකයෙක් වේ ද, මාගේ මේ හෘදයශෝකය තාගේ භාර්‍ය්‍යා තොමෝ ලබාවා.

5024. මා පුත‍්තෙ මා ච පතිං අද‍්දක‍්ඛි ඛණ‍්ඩහාල තව මාතා, යො ඝාතෙසි කුමාරෙ අදූසකෙ සීහසඞ‍්කාසෙ.

5024. ඛණ්ඩහාලය, යමෙක් සිංහයන් බඳු වූ නිදොස් කුමරුවන් ඝාතන කරවී ද, ඒ තාගේ මවු තොමෝ දරුවන් නහමක් දකීවා හිමියා ද නහමක් දකීවා.

5025. මා පුත‍්තෙ මා ච පතිං අද‍්දක‍්ඛි ඛණ‍්ඩහාල තව මාතා, යො ඝාතෙසි කුමාරෙ අපෙක‍්ඛිතෙ සබ‍්බලොකස‍්ස.

5025. ඛණ්ඩහාලය, යමෙක් සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරනලද කුමරුවන් ඝාතන කරවී ද, ඒ තාගේ මවු දරුවන් නො දකීවා හිමියා ද නො දකීවා.

5026. මා පුත‍්තෙ මා ච පතිං අද‍්දක‍්ඛි ඛණ‍්ඩහාල තව ජායා, යො ඝාතෙසි කුමාරෙ අදූසකෙ සීහසඞ‍්කාසෙ.

5026. ඛණ්ඩහාලය, යමෙක් සිංහ සදෘශ වූ නිදොස් කුමරුන් ඝාතන කරවී ද, ඒ තාගේ භාර්‍ය්‍යා තොමෝ දරුවන් නහමක් දකීවා හිමියා ද නහමක් දකීවා.

5027. මා පුත‍්තෙ මා ච පතිං අද‍්දක‍්ඛි ඛණ‍්ඩහාල තව ජායා, යො ඝාතෙසි කුමාරෙ අපෙක‍්ඛිතෙ සබ‍්බලොකස‍්ස.

5027. ඛණ්ඩහාලය, යමෙක් සියලු ලෝවැසියා විසින් අපේක්‍ෂා කරන ලද කුමරුන් ඝාතන කරවී ද, ඒ තාගේ භාර්‍ය්‍යා තොමෝ දරුවන් නහමක් දකීවා, හිමියා ද නහමක් දකීවා. (මවුබිසෝ ආක්‍රෝශ කළා.)

5028. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, අපි නිගළබන්‍ධකාපි හත්‍ථි අස‍්සෙ ච පාලෙම.

5028. දේවයිනි, අප නහමක් ඝාතන කෙරේවා. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද ඇතුන් අසුන් පාලනය කරම්හ.

5029. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, අපි නිගළබන්‍ධකාපි හත්‍ථිච‍්ඡකතානි උජ‍්ඣෙම.

5029. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද ඇත් ඉලත්ති (වසුරු) බැහැර ලම්හ.

5030. මා නො දෙව අවධි දාසෙ නො දෙහි ඛණ‍්ඩහාලස‍්ස, අපි නිගළබන්‍ධකාපි අස‍්සච‍්ඡකණානි උජ‍්ඣෙම.

5030. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප ඛණ්ඩහාල බමුණුහට දස් කොට දෙව. හැකිලිබැඳුම් ඇතියමෝ ද අස් ඉලත්ති බැහැර ලම්හ.

5031. මා නො දෙව අවධි දාසෙ නො දෙහි යස‍්ස හොන‍්ති තව කාමා, අපි රට‍්ඨා පබ‍්බජිතා භික‍්ඛාචරියං චරිස‍්සාම.

5031. දේවයන් වහන්ස, අප ඝාතනය නො කරව. අප මුබ කැමැති යමක්හට දස් කොට දෙව. අපි රටින් නෙරන ලදුවමෝ ද පිඬුසිඟා හැසිරෙම්හ. (සිඟාකා ඇවිදුම්හ.)

5032. දිව්‍යං උපයාචන‍්ති පුත‍්තත්‍ථිකා දළිද‍්දාපි නාරියො, පටිභාණානිපි හිත්‍වා පුත‍්තෙ නහි ලභන‍්ති එකච‍්චා.

5032. දරුවන් කැමැති දිළිඳු ස්ත්‍රීහු ද දෙවොල් ආරාධනා කරති. ඇතැම්හු අභිමත ආහාර (දොළ) ද නො ලැබ දරුවන් නො ලබත් මැ යි.

5033. අස‍්සාසකානි කරොන‍්ති පුත‍්තා නො ජායන‍්තු තතො පපුත‍්තා, අථ නො අකාරණස‍්මා යඤ‍්ඤත්‍ථාය දෙව ඝාතෙසි,

5033. අපට දරුවෝ උපදිත් ව යි, එයින් මුනුබුරො උපදිත් ව යි පැතුම් කෙරෙති. දේවයිනි, එසේ ඇති කල්හි නො කරුණෙන් අප යාග පිණිස ඝාතන කරව.

5034. උපයාචිතකෙන පුත‍්තං ලභන‍්ති මා තාත නො අඝාතෙසි. මා කිච‍්ඡා ලද‍්ධකෙහි පුත‍්තෙහි යජිත්‍ථො ඉමං යඤ‍්ඤං.

5034. පියාණෙනි, දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. පියාණෙනි, අප ඝාතනය නො කරව. දුකසේ ලද පුතුන්ගෙන් මේ යාගය නො කරව.

5035. උපයාචිතකෙන පුත‍්තං ලභන‍්ති මා තාත නො අඝාතෙසි. මා කපණලද‍්ධකෙහි පුත‍්තෙහි අම‍්මාය නො විප‍්පවාසෙහි.

5035. දෙවියන් යැදීමෙන් දරුවන් ලබති. පියාණෙනි, අප ඝාතනය නො කරව. බැගෑපත් වැ ලද පුතුන් වන අප කෙරෙන් මව වෙන් නො කරව.

5036. බහුදුක‍්ඛපොසියා චන්‍දං අම‍්ම තුවං ජිය්‍යසෙ පුත‍්තං, වන්‍දාමි ඛො තෙ පාදෙ ලභතං තාතො පරලොකං.

5036. මෑණියනි, බොහෝ දුක්විඳ චන්‍ද කුමාරයා පෝෂණය කළ තෙපි පුතු කෙරෙන් පිරිහෙවු. තොපගේ පාසඟළ වඳිමි. මපියා භොග සහිත පරලොව ලබාවා.

5037. හන්‍ද ච මං උපගූහ පාදෙ තෙ අම‍්ම වන්‍දිතුං දෙහි, ගච‍්ඡාමිදානි පවාසං යඤ‍්ඤත්‍ථාය එකරාජස‍්ස.

5037. මෑණියනි, ඔබගෙන් වියෝ වන බැවින් මා වැළැඳ ගනු මැනැවි. ඔබගේ පා වඳින්නට දුන මැනැවි. ඒකරාජ නමැති රජුගේ යාගය පිණිස නැවැත නො එන පරිදි වෙන් වැ විසීමට යමි.

5038. හන්‍ද ච මං උපගූහ පාදෙ තෙ අම‍්ම වන්‍දිතුං දෙහි, ගච‍්ඡාමිදානි පවාසං මාතු කත්‍වා භදයසොකං.

5038. මෑණියනි, (වියෝ වන) මා වැළඳැ ගනු මැනැවි. නුඹගේ පා සඟළ වඳනට අවසර දුන මැනැවි. දැන් මම මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා නැවත නො එන පරිදි වෙන් වැ විසීමට යමි.

5039. හන්‍ද ච මං උපගූහ පාදෙ තෙ අම‍්ම වන්‍දිතුං දෙහි, ගච‍්ඡාමිදානි පවාසං ජනස‍්ස කත්‍වා භදයසොකං.

5039. මෑණියනි, මා වැළැඳැ ගනු මැනැවි නුඹගේ පාසඟළ වඳනට අවසර දුන මැනැවි. දැන් මම මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා නැවැත නො එන පරිදි වෙන් වැ විසීමට යෙමි යි චන්‍ද කුමාරයා වැලැපුණේ ය.

5040. හන්‍ද ච පදුමපත‍්තානං මොළිං බන්‍ධස‍්සු ගොතමිපුත‍්ත, චම‍්පකදලවීතිමිස‍්සායො එසා තෙ පොරාණියා පකති.

5040. ගෝතමීපුත්‍රය, එසේනම් මේ අන්තිම දැක්ම බැවින් කේශ කලාපය පියුම්පත් වෙළුමෙන් සකස් කිරීමෙන් බැඳ ගන්න ඇතුළත සපුමල් පතින් මුසු මේ වෙළීම ඔබගේ පෙර සිට පැවති චාරිත්‍රයෙකි.

5041. හන්‍ද ච විලෙපනන‍්තෙ පච‍්ඡිමකං චන්‍දනං විපිම‍්පස‍්සු, යෙහි ච සුවිලිත‍්තො සොභසි රාජපරිසාය.

5041. යම් විලෙවුනෙකින් විලේපනය කරන ලද්දේ රජ පිරිසෙහි හොබනේ ද මේ අවසන් සැරසුම බැවින් රත්සඳුන් විලේපනය කරව.

5042. හන්‍ද මුදුකානි වත්‍ථානි පච‍්ඡිමකං කාසිකං වාසෙහි, යෙහි ච සුනිවත්‍ථො සොභසි රාජපරිසාය.

5042. පුත, මනා කොටැ හඳනා ලද යම් බඳු වස්ත්‍රයකින් රජපිරිසෙහි හොබනේ ද එබඳු මෘදු වස්ත්‍ර හැඳගනුව. (ලක්‍ෂයක් අගනා) අන්තිම කසීසළුව හැඳගනුව.

5043. මුත‍්තාමණිකනකවිභූතානි ගණ‍්හස‍්සු හත්‍ථාභරණානි, යෙහි ච හත්‍ථාභරණෙහි සොභසි රාජපරිසාය.

5043. පුත, අතෙහි පළඳින ලද යම්බඳු අබරණින් රජපිරිසෙහි හොබනේ ද එ බඳු මුතු මැණික් රත්රන් යන මෙයින් සැරැසුණු අත් අබරණ පළඳින්නැ යි (මෑණියෝ කීහ.)

5044. නහනූනායං රට‍්ඨපාලො භූමිපති ජනපදස‍්ස දායාදො, ලොකිස‍්සරො මහත‍්තා පුත‍්තෙසු සිනෙහං ජනයති.

5044. දනන්හට ප්‍රධාන මහ පොළොවට අධිපති ජනපදයට හිමි වූ මේ රජ තෙමේ දරුවන් කෙරෙහි ඇති මහත් ආදරය නූපදව යි කියා සිතමි (යි චන්‍දා නම් අගබිසොව පැවැසූ.)

5045. මය‍්හං පියා පුත‍්තා අත‍්තාපි පියො තුම‍්හෙ ච භරියායො. සග‍්ගඤ‍්ච පත්‍ථයානො තෙනාහං ඝාතයිස‍්සාමි.

5045. මටත් දරුවෝ ප්‍රිය වෙති, ආත්මය ද ප්‍රිය ය, ලෙහෙළි වූ තෙපි ද අඹුවෝ ද මට ඉතා ප්‍රිය වෙති. දෙව්ලොව පතන මම එහෙයින් යාග පිණිස දරුවන් මරන්නෙමි (යි රජ තෙමේ කීය.)

5046. මං පඨමං ඝාතෙහි මා මෙ හදයං දුක‍්ඛං අඵාලෙසි, අලඞ‍්කතො සුන්‍දරකො පුත‍්තො තව දෙව සුඛුමාලො,

5046. දේවයිනි, එසේනම් පළමු කොටැ මා මරනු. සරසන ලද යහපත් සිවුමැලි වූ ඔබ ගේ පුතා මරණයට නො පැමිණේවා, චන්‍ද්‍ර කුමාරයා ගේ මරණ දුක මා හදය නො පළාවා.

5047. හන්‍දය්‍ය මං හනස‍්සු සලොකා චන්‍දියෙන හෙස‍්සාමි, පුඤ‍්ඤං කරස‍්සු විපුලං විචරාම උභොව පරලොකෙ.

5047. දේවයිනි, එසේනම් මා පළමු කොටැ මරව. චන්‍දකුමාරයා හා සමාන දෙව්ලෝ ඇත්තක් වන්නෙමි. ඔබ ද පින් රැස් කළ මැනැවි. එකවර නැසුණු අපි දෙදෙනා සුව අනුභව කරමින් පරලොව හැසිරෙමු (යි චන්‍ද්‍රා දේවී පැවැසූ.)

5048. මා ත්‍වං චන්‍දෙ රුච‍්චි බහුකා තව දෙවරා විසාලක‍්ඛි, තෙ තං රමයිස‍්සන‍්ති යිට‍්ඨස‍්මිං ගොතමිපුත‍්තෙ.

5048. චන්‍ද්‍රාවනි, තීගේ මරණයට කැමැති නොවව. විශාල ඇස් ඇත්තිය, සැමියාගේ සොහොවුරෝ තව බොහෝය. ගෝතමී පුතු චන්‍දකුමාරයා මරා යාග කළ කල ඔව්හු තී පංචකාමයෙන් ඇලුම් කරවන්නාහ (යි රජ තෙමේ කී.)

5049. එවං වුත‍්තෙ චන්‍දා අත‍්තානං හන‍්ති හත්‍ථතලකෙහී, අලමත්‍ථු ජීවිතෙන පායාමි විසං මරිස‍්සාමි.

5049. මෙසේ පැවැසූ කල සඳබිසෝසඳ අතුල්තලින් හෙවත් අල්ලෙන් තමන්හට පහර දුනි. හෙවත් ගසා ගති. මගේ ජීවිතයෙන් ප්‍රයෝජන නැත, විස බොමි, මැරෙමි.

5050. නහනූනිමස‍්ස රඤ‍්ඤො මිත‍්තාමච‍්චා ච විජ‍්ජරෙ සුහදා, යෙ න වදන‍්ති රාජානං මා ඝාතයි ඔරසෙ පුත‍්තෙ.

5050. දේවයිනි, ඖරෂ පුත්‍රයන් නො මරව යි යම් කෙනෙක් නො කියද්ද, එහෙයින් මෙ රජහට මිත්‍රයෝ ද අමාත්‍යයෝ ද යහළුවෝ ද නැතැ යි සිතමි.

5051. නහනූනිමස‍්ස රඤ‍්ඤො ඤාතිමිත‍්තා ච විජ‍්ජරෙ සුහදා, යෙ න වදන‍්ති රාජානං මා ඝාතයි අත්‍රජෙ පුත‍්තෙ.

5051. දේවයිනි, තමහට මැ දා වැ උපන් දරුවන් නො මරව යි යම් කෙනෙක් නො කියද්ද, එහෙයින් මේ රජහට මිත්‍රයෝ ද නෑයෝ ද යහළුවෝ ද නැතැ යි සිතමි.

5052. ඉමෙ තෙපි මය‍්හං පුත‍්තා ගුණිනො කායූරධාරිනො රාජ, තෙහිපි යජස‍්සු යඤ‍්ඤං අථ මුඤ‍්චතු ගොතමීපුත‍්තෙ.

5052. මහරජ, පැළැඳි මල්මාලා ඇති අඟුපළඳනාවෙන් සැරැසුණු ඒ මේ මාගේ පුත්‍රයෝ ද ඇත. ඔවුන්ගෙන් ද යාග කළ මැනැවි. එකල ගෝතමීපුත් සඳකුමරු මුදාවා.

5053. බිලසතම‍්පි මං කත්‍වා යජස‍්සු සත‍්තධා මහාරාජ, මා ජෙට‍්ඨපුත‍්තමවධි අදූසකං සීහසඞ‍්කාසං.

5053. මහරජ මා මරා කොටස් කොට සත් තැනෙක යාග කළ මැනැවි. නිදොස් වූ සිංහයකු බඳු මාගේ වැඩිමහලු පුතු නො මරනු මැනැවි.

5054. බිලසතම‍්පි මං කත්‍වා යජස‍්සු සත‍්තධා මහාරාජ, මා ජෙට‍්ටපුත‍්තමවධී අපෙක‍්ඛිතං සබ‍්බලොකස‍්ස

5054. මහරජ, මා මරා කොටස් කොටැ සත් තැනෙක යාග කළ මැනැවි. සියලු ලෝවැසියන්ගේ බලාපොරොත්තු ඇති දෙටු පුතු නො මරව (යි චන්‍ද්‍රාදේවී පැවැසූ.)

5055. බහුකා තව දින‍්නා ආභරණා උච‍්චාවචා සුභණිතම‍්භි, මුත‍්තාමණිවෙළුරියා ඉදං තෙ පච‍්ඡිමකං දානං.

5055. එම්බා චන්‍ද්‍රාවනි, ප්‍රිය වචන පවසන කල්හි මුතු මැණික් වෛදූර්‍ය්‍යමය වූ කුඩා වූ ද මහත් වූ ද බොහෝ අබරණ තිට ම විසින් දෙන ලදයැ. ම විසින් තිට දෙන මේ අන්තිම දීම ය යි චන්‍ද්‍රකුමාරයා පැළැඳි අබරණ දුනි.

5056. යෙසං පුබ‍්බෙ ඛන්‍ධෙසු ඵුල‍්ලා මාලාගුණා විවන‍්තිංසු, තෙසජ‍්ජපීතනිසිතො නෙත‍්තිංසො විවත‍්තිසස‍්ති ඛන්‍ධෙසු.

5056. මෙයින් පෙරැ යම් රාජ කුමාර කෙනකුන්ගේ ස්කන්‍ධයන්හි පිපුණු මල්දම් පෙරළුනාහු ද අද ඒ මුවහත් කඩුව පවත්නේ ය.

5057. යෙසං පුබ‍්බෙ ඛන්‍ධෙස‍්සු චිත්‍රා මාලාගුණා විවත‍්තිංසු, තෙසජ‍්ජ පීත නිසිතො නෙත‍්තිංසො විවත‍්තිසස‍්ති ඛන්‍ධෙසු.

5057. මෙයින් පෙරැ යම් රාජ කුමාර කෙනකුන්ගේ ස්කන්‍ධයන්හි විසිතුරු මල්දම් පෙරළුනාහු ද අද ඒ කුමාරයින්ගේ ස්කන්‍ධයන්හි විෂ පෙවූ තියුණු - මුවහත් කඩුව පවත්නේ ය.

5058. අචිරාවත නෙත‍්තිංසො විවත‍්තිස‍්සති රාජපුත‍්තානං ඛන්‍ධෙසු, අථ මම හදයං න ඵලති තාව දළ‍්හබන්‍ධනඤ‍්ච මෙ ආසි.

5058. රාජ කුමාරයින්ගේ ශරීරයන්හි ඒකාන්තයෙන් ම නොබෝ කලකින් කඩුව හෙන්නේ ය. එසේ වූ නමුදු මහද නො පැළෙයි. මහද ඉතා දැඩි බැඳුමෙන් යුත් වූයේ විය.

5059. කාසිකසුචිවත්‍ථධරා කුණ‍්ඩලිනො අගළුචන්‍දනවිලිත‍්තා, නිය්‍යාථ චන්‍දසුරියා යඤ‍්ඤත්‍ථාය එකරාජස‍්ස.

5059. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ ඒකරාජ නම් රජහු ගේ යාගයට ගෙන යනු ලබන්නාහ.

5060. කාසිකසුචිවත්‍ථධරා කුණ‍්ඩලිනො අගළුචන්‍දනවිලිත‍්තා, නිය්‍යාථ චන්‍දසුරියා මාතු කත්‍වා හදයසොකං.

5060. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ, මෑණියන්ගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජහු ගේ යාගයට ගෙන යනු ලබන්නාහ.

5061. කාසිකසුචිවත්‍ථධරා කුණ‍්ඩලිනො අගළුචන්‍දනවිලිත‍්තා, නිය්‍යාථ චන්‍දසුරියා ජනස‍්ස කත්‍වා හදයසොකං.

5061. හැඳි පිරිසුදු කශීසළු ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති ගල්වන ලද අගිල් සඳුන් සුවඳ ඇති සඳහිරු කුමරුවෝ මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජහුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.

5062. මංසරසභොජිනො නහාපකසුනහාතා කුණ‍්ඩලිනො අගළුචන්‍දනවිලිත‍්තා, නිය්‍යාථ චන්‍දසුරියා යඤ‍්ඤත්‍ථාය එකරාජස‍්ස.

5062. මස්රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.

5063. මංසරසභොජිනො නහාපකසුනහාතා කුණ‍්ඩලිනො අගළුචන්‍දනවිලිත‍්තා, නිය්‍යාථ චන්‍දසුරියා මාතු කත්‍වාහදයසොකං.

5063. මස්රසයෙන් යුත් සුවඳ ඇල් සහල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ මෑණියන්ගේ සිතෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ.

5064. මංසරසභොජිනො නහාපකසුනහාතා කුණ‍්ඩලිනො අගළුචන්‍දනවිලිත‍්තා, නිය්‍යාථ චන්‍දසුරියා ජනස‍්ස කත්‍වා හදයසොකං.

5064. මස්රසයෙන් යුත් සුවඳ ඇල් බොජුන් අනුභව කළ නහවන්නවුන් රන්සුණු නහනුවෙන් උළා කළ නැහැවුම් ඇති පැළැඳි කුණ්ඩලාභරණ ඇති අගිල් සඳුන් සුවඳ ගල්වන ලද චන්‍ද්‍ර සූර්‍ය්‍ය දෙකුමරුවෝ මහාජනයාගේ හෘදයෙහි ශෝක උපදවා ඒකරාජ නම් රජුගේ යාගයට ගෙන යනු ලබන්නාහ යි (චන්‍ද්‍රා දේවී වැලැපුණාය.)

5065. සබ‍්බස‍්මිං උපක‍්ඛටස‍්මිං නිසීදිතෙ චන්‍දියස‍්මිං යඤ‍්ඤත්‍ථාය, පඤ‍්චාලරාජධීතා පඤ‍්ජලිකා සබ‍්බපරිසමනුපරියායි.

5065. යාගයට අවශ්‍ය සියල්ල පිළියෙල කළ කල්හි චන්‍ද කුමාරයා ඒ සඳහා හිඳ වූ හෙවත් කඩුවෙන් ගෙළ සිඳින්නට නිසි පරිදි හිඳ වූ අවස්ථාවෙහි පඤ්චාල රාජධීතෘ වූ චන්‍ද්‍රා දේවී ඇඳිලි බැඳ ගෙන පිරිස් අතරෙහි හැසුරුණා ය.

5066. යෙන සච‍්චෙන ඛණ‍්ඩහාලො පාපකම‍්මං කරොති දුම‍්මෙධො, එතෙන සච‍්චවජ‍්ජෙන සමඞ‍්ගිනී සාමිකෙන හොමි.

5066. යම් සත්‍යයකින් මේ ඛණ්ඩහාල නම් නුවණ නැති පෙරෙවි බමුණා පාප කර්‍මයක් කෙරේ ද, ඒ සත්‍යයෙන් මා ගේ සැමියා සමඟ එක් වෙම්වා.

5067. යෙධත්‍ථි අමනුස‍්සා යානි ච යක‍්ඛභූතභව්‍යානි, කරොන‍්තු මෙ වෙය්‍යාවටිකං සමඞ‍්ගිනී සාමිකෙන හොමි.

5067. මෙහි අමනුෂ්‍යයෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූත භාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද, ඒ සියලු දෙනා මට වතාවත් කෙරෙත්වා, මම සැමියා සමඟ එක් වූ තැනැත්තක් වෙම්වා.

5068. යා දෙවතා ඉධාගතා යානි ච යක‍්ඛභූතභව්‍යානි, සරණෙසිනිං අනාථං තායථ මං යාචාමහං පතිමාහං අජීය්‍යං.

5068. මෙහි පැමිණියා වූ දෙවියෝ ය, යක්‍ෂයෝ ය, භූතයෝ ය, භූත භාවයට පැමිණෙන්නෝ ය යන යම් කෙනෙක් ඇද්ද, ඒ සියලු දෙනා අස්වාමික වූ පිහිට සොයන මා රකිවු. සැමියාගෙන් මම නො පිරිහෙම්වා යි තොපට මම යාඥා කරමි (යි චන්‍ද්‍රාදේවී තොමෝ වැලැපුණා ය.)

5069. තං සුත්‍වා අමනුසෙසා අයොකූටං පරිබ‍්භමෙත්‍වාන, භයමස‍්ස ජනයන‍්තො රාජානං ඉදමවොච.

5069. ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම එ බස් අසා යකුළක් කරකවමින් ඒකරාජ නම් රජුට භය උපදවමින් මෙය කී ය:

5070. ඛුජ‍්ඣස‍්ස ඛො රාජකලි මාතාහං මත්‍ථකං නිතාළෙමි, මා ජෙට‍්ඨපුත‍්තමවධී අදූසකං සීහසඞ‍්කාසං.

5070. මෝඩ පවිටු රජ, මම තාගේ හිස නො පළම්වා යි දැන ගනුව; සිංහයකු සමාන නිදොස් වැඩිමහලු පුතු නො මරව.

5071. කො තෙ දිට‍්ඨා රාජකලී පුත‍්තභරියායො හඤ‍්ඤමානා, සොට‍්ඨි ව ගහපතයො අදූසකා සග‍්ගකාමා හි.

5071. මෝඩ කාලකණ්ණි රජ, දෙව්ලොවැ උපදිනු කැමැති වැ මරනු ලබන්නා වූ නිදොස් අඹුදරුවෝ ද සිටුවරු ද ගෘහපතියෝ ද තා විසින් කොතැන්හි දී දක්නා ලද්දාහු ද?

5072. තං සුත්‍වා ඛණ‍්ඩහාලො රාජා ව අබ‍්භුතමිදං දිස‍්වාන, සබ‍්බෙසං බන්‍ධනානි මොචෙසුං යථා තං අපාපානං.

5072. එ බස් අසා ඛණ්ඩහාල බමුණා ද රජ ද මේ අද්භූත දර්‍ශනය (ශක්‍රයා) දැකැ නො පවිටුවන් ගේ යම් මිදුමක් වේ නම් එ පරිද්දෙන් සියල්ලන්ගේ බැමි මිදූහ.

5073. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, සබ‍්බෙ එකෙකලෙඩ‍්ඩුකමදංසු එස වධො ඛණ‍්ඩහාලස‍්ස.

5073. සියල්ලන් ගේ බැඳුම් මිදූ කල්හි යම් පමණ ජනයා රැස්වූහු ද ඒ සියලු මිනිස්සු මැ මේ ඛණ්ඩහාල බමුණාගේ වධය යි කියා ඔහුට එක එක කැට පහර දුන්හ. (එහි මැ ඔහු මරණයට පැමිණ වූහ යනු යි.)

5074. සබ‍්බෙ පතිංසු නිරයං යථා තං පාපකං කරිත්‍වාන, නහි පාපකම‍්මං කත්‍වා ලබ‍්භා සුගතිං ඉතො ගන‍්තුං.

5074. ඒ පවිටු යාග කොටැ යම්සේ සියල්ලෝ නරකයෙහි වැටුණාහු එසේ මැ පව්කම් කොටැ මෙලොවින් සුගතියට යන්නට ද නො ලැබිය හැකි ය යි වදාළහ.

5075. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චන්‍දං අභිසිඤ‍්චිංසු සමාගතා රාජපරිසා ච.

5075. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රජ පිරිස ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.

5076. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චන්‍දං අභිසිඤ‍්චිංසු සමාගතා රාජකඤ‍්ඤායො.

5076. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රාජකන්‍යාවෝ ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.

5077. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චන්‍දං අභිසිඤ‍්චිංසු සමාගතා දෙවපරිසා ච.

5077. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දෙව්පිරිස ද චන්‍දකුමාරයා අභිෂේක කළහ.

5078. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චන්‍දං අභිසිඤ‍්චිංසු සමාගතා දෙවකඤ‍්ඤායො.

5078. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දිව්‍යකන්‍යාවෝ ද චන්‍ද කුමාරයා අභිෂේක කළහ.

5079. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චෙලුක‍්ඛෙපමකාරුං සමාගතා රාජපරිසා ච.

5079. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රජ පිරිස ද පිළී හිස සිසෑරුහ.

5080. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චෙලුක‍්ඛෙපමකාරුං සමාගතා රාජකඤ‍්ඤායො.

5080. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ රාජකන්‍යාවෝ ද පිළී හිස සිසෑරුහ.

5081. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චෙලුක‍්ඛෙපමකාරුං සමාගතා දෙවපරිසා ච.

5081. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දෙව්පිරිස ද පිළී හිස සිසෑරුහ.

5082. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු යෙ ච තත්‍ථ සමාගතා තදා ආසුං, චෙලුක‍්ඛෙපමකාරුං සමාගතා දෙවකඤ‍්ඤායො.

5082. හැමදෙනා බන්‍ධනමුක්ත වූ කලැ එ දවස එහි රැස් වූ යම් කෙනෙක් වූ නම් ඔහු ද රැස් වූ දිව්‍යකන්‍යාවෝ ද පිළී හිස සිසෑරුහ.

5083. සබ‍්බෙසු විප‍්පමුත‍්තෙසු බහු ආනන්‍දනො අහු වංසො, නන්‍දිප‍්පවෙසි නගරං බන්‍ධනා මොක‍්ඛො අඝොසිත්‍ථාති.

5083. සියල්ලන් බන්‍ධනයෙන් මිදුණු කල බොහෝ ජනයෝ සතුටු සිතැ’ත්තෝ වූහ. නගරයෙහි තුටු බෙර හැසිරිනි. (අපගේ චන්‍දකුමාර තෙමේ යම්සේ බන්‍ධනයෙන් මිදුණේ ද එසේ සියල්ලෝ මිදෙත්වා යි) බන්‍ධනයෙන් මිදීම පිළිබඳ ඝෝෂාව ද කරන ලද්දේ ය.

ඛණ‍්ඩහාලජාතකං පඤ‍්චමං.

පස්වැනි ඛණ්ඩහාල ජාතක යි.