යෙදුමෙන් කියවන්න

නගරඛණ‍්ඩො

5084. යං කිඤ‍්චි රතනං අත්‍ථි ධතරට‍්ඨනිවෙසනෙ, සබ‍්බානි තෙ උපායන‍්තු ධීතරං දෙහි රාජිනො.

5084. මහරජ, ධතරට්ඨ නමැති රජහුගේ මාලිගාවෙහි යම්කිසි රත්නයක් ඇද්ද ඒ සියලු රත්නයෝ ඔබගේ මාලිගාවට පැමිණෙත්වා, අප රජුට සමුද්දජා නමැති ඔබගේ දූකුමරිය දීම මැනැවැ’යි නාගයෝ පැවැසූහ.

5085. න නො විවාහො නාගෙහි කතපුබ‍්බො කුදාචනං, තං විවාහං අසංයුත‍්තං කථං අම‍්හෙ කරොමසෙ.

5085. එම්බා නාගයිනි, කවර කලෙක්හි වත් නයින් සමග අපගේ විවාහයක් සිදු නො වූ විරූ ය. තිරිසනුන් සමඟ එක්වීම් ඇති ඒ විවාහය නුසුදුසු ය. මනුෂ්‍ය වන අපි එය කෙසේ සිදු කරමු දැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.

5086. ජීවිතං නූන තෙ චත‍්තං රට‍්ඨං වා මනුජාධිප, න හි නාගෙ කුපිතම‍්භි චිරං ජීවන‍්ති තාදිසා.

5086. මහරජ, ඔබ ජීවිතය ද රට ද හැරැදමණලදැ යි සිතම්, නයින් කිපුණු කලැ ඔබ වැන්නෝ බොහෝ කල් ජීවත් නො වෙති.

5087. යො ත්‍වං දෙව මනුස‍්සෙසු ඉද‍්ධිමන‍්තං අනිද‍්ධිමා, වරුණස‍්ස නියං පුත‍්තං යාමුනං අතිමඤ‍්ඤසි.

5087. මහරජ, මිනිසුන් අතරෙහි ඍද්ධි නැති යම් බඳු ඔබ ඍද්ධි ඇති යමුනා ගඟෙහි යට භාගයෙහි උපන් වරුණ නමැති නාරජුගේ ස්වකීය පුත් ධතරට්ඨ නාරජු ඉක්මවා සිතන්නාහ යි කීය.

5088. නාතිමඤ‍්ඤාමි රාජානං ධතරට‍්ඨං යසස‍්සිනං, ධතරට‍්ඨො හි නාගානං බහුන‍්නමපි ඉස‍්සරො.

5088. යස පිරිවර ඇති ධතරට්ඨ නමැති නාරජු ඉක්මවා නො සිතමි. ධතරට්ඨ නම් නා රජ තෙමේ වනාහි බොහෝ නයින් හට අධිපති වෙයි.

5089. අහි මහානුභාවොපි න මෙ ධීතරමාරහො, ඛත‍්තියො ච විදෙහානං අභිජාතා සමුද‍්දජා.

5089. නාරජ තෙමේ මහත් අනුභාව ඇත්තේ නමුදු මාගේ දුවට නුසුදුසු ය. ක්‍ෂත්‍රිය වූ සමුද්දජා නමැති මාගේ දුව විශිෂ්ට වූ ජාති ඇත්තී යැ යි බරණැස් රජ තෙමේ පැවැසී ය.

5090. කම‍්බලස‍්සතරා උට‍්ඨෙන‍්තු සබ‍්බෙ නාගෙ නිවෙදය, බාරාණසිං පවජ‍්ජන‍්තු මා ච කිඤ‍්චි විහෙඨයුං.

5090. කම්‍බලස්සතර නමැති (මවු පසෙහි වූ) නාගයෝ නැගී සිටිත්වා, සියලු නාගයන්ට වහා රැස්වන්නට දන්වවු. සියලු නාගයෝ බරණැස් නුවරට පැමිණෙත්වා, තොප ගෙන් කිසි කෙනෙක් කිසිවකුට හිංසා නො කෙරෙත්වා.

5091. නිවෙසනෙසු සොබ‍්භෙසු රථියා චච‍්චරෙසු ච, රුක‍්ඛග‍්ගෙසු ච ලබ‍්බන‍්තු විතතා තොරණෙසු ච.

5091. ගෙවල්, පොකුණු, වීථි, සන්‍ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන මේ තන්හි පැතිරැ එල්බෙත් වා.

5092. අහම‍්පි සබ‍්බසෙතෙන මහතා සුමහං පුරං, පරික‍්ඛිපිස‍්සං භොගෙහි කාසීනං ජනයං භයං.

5092. මමත් සව්සුදු වූ මහසිරුරකින් යුත් වැ ගොස් කසීරට වැසියනට මහත් බිය උපදවමින් මහනගරය දරණවැලින් වට කරන්නෙමි යි නාරජ තෙමේ කී ය.

5093. තස‍්ස තං වචනං සුත්‍වා උරගා නෙකවණ‍්ණිනො, බාරාණසිං පවජ‍්ජිංසු න ච කිඤ‍්චිවිහෙඨයුං.

5093. එ බස් අසා නන් වන් පැහැති නාගයෝ බරණැස් නුවරට වැදුනාහ. කිසිවකුහට ද හිංසා නො කළාහු ය.

5094. නිවෙසනෙසු සොබ‍්භෙසු රථියා චච‍්චරෙසු ච, රුක‍්ඛග‍්ගෙසු ච ලම‍්බිංසු විතතා තොරණෙසු ච.

5094. ගෙවල්, පොකුණු, මං සන්‍ධි, ගස්මුදුන්, දොරටු සහ තොරණ යන තනුහි පැතිරැ එල්බුණාහ.

5095. තෙ දිස‍්වාන ලම‍්බන‍්තෙ පුථු කන්‍දිංසු නාරියො, නගෙ සොණ‍්ඩිකතෙ දිස‍්වා පස‍්සසන‍්තෙ මුහුං මුහුං.

5095. පෙණය කොට වරින් වර පිඹින එල්බෙන නාගයන් දැක්මෙන් බොහෝ ස්ත්‍රීහු හැඬූහ.

5096. බාරාණසී පව්‍යධිතා ආතුරා සමපජ‍්ජථ, බාහා පග‍්ගය‍්හ පක‍්කන්‍දුං ධීතරං දෙහි රාජිනො.

5096. බරණැස අතිශයින් පෙළිණ. පීඩාවට පත් ඔව්හු රජු වෙත පැමිණියහ. රජුගේ දූ කුමරිය නාරජුහට දෙව යි ඉස අත් බැඳ ඇඬූහ.

නගරඛණ‍්ඩො.

නගර කාණ්ඩය යි.