නගරකණ්ඩං අට්ඨකථා
නගරකණ්ඩං
නගර කාණ්ඩය
යං කිඤ්චි රතනං අත්ථීති ඉදං සත්ථා සාවත්ථිං උපනිස්සාය ජෙතවනෙ විහරන්තො උපොසථිකෙ උපාසකෙ ආරබ්භ කථෙසි. තෙ කිර උපොසථදිවසෙ පාතොව උපොසථං අධිට්ඨාය දානං දත්වා පච්ඡාභත්තං ගන්ධමාලාදිහත්ථා ජෙතවනං ගන්ත්වා ධම්මස්සවනවෙලාය එකමන්තං නිසීදිංසු. සත්ථා ධම්මසභං ආගන්ත්වා අලඞ්කතබුද්ධාසනෙ නිසීදිත්වා භික්ඛුසඞ්ඝං ඔලොකෙත්වා භික්ඛුආදීසු පන යෙ ආරබ්භ ධම්මකථා සමුට්ඨාති, තෙහි සද්ධිං තථාගතා සල්ලපන්ති, තස්මා අජ්ජ උපාසකෙ ආරබ්භ පුබ්බචරියප්පටිසංයුත්තා ධම්මකථා සමුට්ඨහිස්සතීති ඤත්වා උපාසකෙහි සද්ධිං සල්ලපන්තො “උපොසථිකත්ථ, උපාසකා”ති උපාසකෙ පුච්ඡිත්වා “ආම, භන්තෙ”ති වුත්තෙ “සාධු, උපාසකා, කල්‍යාණං වො කතං, අපිච අනච්ඡරියං ඛො පනෙතං, යං තුම්හෙ මාදිසං බුද්ධං ඔවාදදායකං ආචරියං ලභන්තා උපොසථං කරෙය්යාථ. පොරාණපණ්ඩිතා පන අනාචරියකාපි මහන්තං යසං පහාය උපොසථං කරිංසුයෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
“යං කිඤ්චි රතනං අත්ථි” යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසද්දී උපෝසථ ශීලය සමාදන් වූ උපාසක පිරිසක් අරබයා දේශනා කළ සේක. ඔව්හු වනාහි පොහෝදින උදෑසනම උපෝසථ ශීලය අධිෂ්ඨාන කොට දන් දී දවල් දානයෙන් පසුව සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව දෙව්රම් වෙහෙරට ගොස් බණ අසන වේලාවෙහි එකත්පස්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මනාව පනවන ලද බුදු අසුනෙහි වැඩසිට භික්ෂු සංඝයා දෙස බැලූ සේක. භික්ෂූන් ඇතුළු පිරිසෙහි යමෙක් අරබයා ධර්මකථාව ආරම්භ වන්නේ ද ඔවුන් සමග තථාගතයන් වහන්සේලා කථා කරත්. එබැවින් අද උපාසකවරුන් අරභයා පෙර හැසිරීම් පිළිවෙල හා බැඳුණු ධර්මකථාවක් ආරම්භවන්නේ යැයි දැනගෙන, උපාසකවරුන් සමග කථාකරමින් උවසුවනි, ඔබලා උපෝසථය සමාදන් වූවහුදැයි විචාරා, එසේය ස්වාමීනියැයි පිළිතුරු දුන්කල්හි උපාසකයෙනි, යහපති. ඔබලා විසින් යහපත් දෙයක් කරන ලදී. යම්හෙයකින් නුඹලා මා වැනි අවවාද දෙන ආචාර්යවරයෙක් වන බුදුකෙනෙක් ලබා උපෝසථය කරන්නහුය යන මේ කාරණය පුදුමයක් නොවේ. පුරාණයේ සිටිය පණ්ඩිතයෝ ගුරුවරයකු නැතිවද මහත් වූ සැපසම්පත් අතහැර උපෝසථය රැක්කාහයි වදාළහ. ඔවුන් විසින් ආරාධනා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තො නාම රාජා රජ්ජං කාරෙන්තො පුත්තස්ස උපරජ්ජං දත්වා තස්ස මහන්තං යසං දිස්වා “රජ්ජම්පි මෙ ගණ්හෙය්යා”ති උප්පන්නාසඞ්කො “තාත, ත්වං ඉතො නික්ඛමිත්වා යත්ථ තෙ රුච්චති, තත්ථ වසිත්වා මම අච්චයෙන කුලසන්තකං රජ්ජං ගණ්හාහී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා පිතරං වන්දිත්වා නික්ඛමිත්වා අනුපුබ්බෙන යමුනං ගන්ත්වා යමුනාය ච සමුද්දස්ස ච පබ්බතස්ස ච අන්තරෙ පණ්ණසාලං මාපෙත්වා වනමූලඵලාහාරො පටිවසති. තදා සමුද්දස්ස හෙට්ඨිමෙ නාගභවනෙ එකා මතපතිකා නාගමාණවිකා අඤ්ඤාසං සපතිකානං යසං ඔලොකෙත්වා කිලෙසං නිස්සාය නාගභවනා නික්ඛමිත්වා සමුද්දතීරෙ විචරන්තී රාජපුත්තස්ස පදවලඤ්ජං දිස්වා පදානුසාරෙන ගන්ත්වා තං පණ්ණසාලං අද්දස. තදා රාජපුත්තො ඵලාඵලත්ථාය ගතො හොති. සා පණ්ණසාලං පවිසිත්වා කට්ඨත්ථරණඤ්චෙව සෙසපරික්ඛාරෙ ච දිස්වා චින්තෙසි “ඉදං එකස්ස පබ්බජිතස්ස වසනට්ඨානං, වීමංසිස්සාමි නං ‘සද්ධාය පබ්බජිතො නු ඛො නො’ති, සචෙ හි සද්ධාය පබ්බජිතො භවිස්සති නෙක්ඛම්මාධිමුත්තො, න මෙ අලඞ්කතසයනං සාදියිස්සති. සචෙ කාමාභිරතො භවිස්සති, න සද්ධාපබ්බජිතො, මම සයනස්මිංයෙව නිපජ්ජිස්සති. අථ නං ගහෙත්වා අත්තනො සාමිකං කත්වා ඉධෙව වසිස්සාමී”ති. සා නාගභවනං ගන්ත්වා දිබ්බපුප්ඵානි චෙව දිබ්බගන්ධෙ ච ආහරිත්වා දිබ්බපුප්ඵසයනං සජ්ජෙත්වා පණ්ණසාලායං පුප්ඵූපහාරං කත්වා ගන්ධචුණ්ණං විකිරිත්වා පණ්ණසාලං අලඞ්කරිත්වා නාගභවනමෙව ගතා.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන්නේ තම පුත්‍රයාට සියළු යසඉසුරු දී පසුව ඔහුගේ ඒ සැපසම්පත් බලා මොහු මාගේ රජකමද ගන්නේ යැයි උපන් සැක ඇතිව දරුව, නුඹ මේ නගරයෙන් නික්ම ඔබට රුචි තැනක වාසයකොට මගේ ඇවෑමෙන් කුලසන්තක වූ රාජ්‍යය ගන්න යැයි කීය. ඔහු එසේය කියා පියාට වැඳ එතනින් නික්මගොස් පිළිවෙලින් යමුනා ගංතෙරට ගියේ යමුනා නදියටත් සාගරයටත් පර්වතයටත් අතර පන්සලක් නිමවා වනයේ මුල්, ගෙඩි ආදිය ආහාර කොටගෙන ජීවත්වෙයි. එකල්හි සමුද්‍රයෙහි පිහිටි නාග භවනයක මළ සැමියා ඇති එක් නාග මානවිකාවක් අනිත් සැමියන් සහිත මානවිකාවන්ගේ යසස බලා ආශාව නිසා නාග භවනයෙන් නික්ම මුහුදු වෙරළෙහි හැසිරෙන්නී රාජපුත්‍රයාගේ පාසටහන් දැක පියවර අනුව ගොස් ඒ පන්සල දුටුවේය. ඒ අවස්ථාවෙහි රාජපුත්‍රයා ඵලාපල සෙවීමට නික්ම ගොස් සිටියේ විය. නාග මානවිකාව ඒ පන්සලට පිවිස කටු ඇතිරියද අනිකුත් පිරිකරද බලා මෙසේ සිතීය. මේ යම්කිසි පැවිද්දකුගේ වාසස්ථානයක් විය යුතුයි. ඔහු ශ්‍රද්ධාවෙන් පැවිදි වූවෙක් ද නැද්ද කියා පරික්ෂා කරන්නෙමි. ඉදින් වනාහි ශ්‍රද්ධාවෙන් පැවිදි වූයේ වන්නේන්ද ඔහු කලකිරීමට පත්වූවෙක් වන්නේ ය. මට අලංකාර සයනයක් පිළියෙල කර නොදෙයි. ඉදින් කාමයේ අභිරති ඇත්තෙක් වන්නේ ද ශ්‍රද්ධාවෙන් පැවිදි නොවූයේ වේද මගේ සයනයෙහිම හොවින්නේ ය. ඉක්බිති ඔහුව ගෙන තමාගේ ස්වාමියා කොට මෙහිම වාසය කරන්නෙමි’යි (සිතීය.) ඕ තොමෝ නාගභවනයට ගොස් දිව්‍යමය මල් ද දිව්‍යමය සුගන්ධයන් ද ගෙනවුත් මල් ආසනයක් පිළියෙල කොට පන්සලට පූජෝපහාර දක්වා සුවඳකුඩු විසුරුවා පන්සල සරසා නාග විමානයටම ගියාය.
රාජපුත්තො සායන්හසමයං ආගන්ත්වා පණ්ණසාලං පවිට්ඨො තං පවත්තිං දිස්වා “කෙන නු ඛො ඉමං සයනං සජ්ජිත”න්ති ඵලාඵලං පරිභුඤ්ජිත්වා “අහො සුගන්ධානි පුප්ඵානි, මනාපං වත කත්වා සයනං පඤ්ඤත්ත”න්ති න සද්ධාපබ්බජිතභාවෙන සොමනස්සජාතො පුප්ඵසයනෙ පරිවත්තිත්වා නිපන්නො නිද්දං ඔක්කමිත්වා පුනදිවසෙ සූරියුග්ගමනෙ උට්ඨාය පණ්ණසාලං අසම්මජ්ජිත්වා ඵලාඵලත්ථාය අගමාසි. නාගමාණවිකා තස්මිං ඛණෙ ආගන්ත්වා මිලාතානි පුප්ඵානි දිස්වා “කාමාධිමුත්තො එස, න සද්ධාපබ්බජිතො, සක්කා නං ගණ්හිතු”න්ති ඤත්වා පුරාණපුප්ඵානි නීහරිත්වා අඤ්ඤානි පුප්ඵානි ආහරිත්වා තථෙව නවපුප්ඵසයනං සජ්ජෙත්වා පණ්ණසාලං අලඞ්කරිත්වා චඞ්කමෙ පුප්ඵානි විකිරිත්වා නාගභවනමෙව ගතා. සො තං දිවසම්පි පුප්ඵසයනෙ සයිත්‍වා පුනදිවසෙ චින්තෙසි “කො නු ඛො ඉමං පණ්ණසාලං අලඞ්කරොතී”ති? සො ඵලාඵලත්ථාය අගන්ත්වා පණ්ණසාලතො අවිදූරෙ පටිච්ඡන්නො අට්ඨාසි. ඉතරාපි බහූ ගන්ධෙ චෙව පුප්ඵානි ච ආදාය අස්සමපදං අගමාසි. රාජපුත්තො උත්තමරූපධරං නාගමාණවිකං දිස්වාව පටිබද්ධචිත්තො අත්තානං අදස්සෙත්වා තස්සා පණ්ණසාලං පවිසිත්වා සයනං සජ්ජනකාලෙ පවිසිත්වා “කාසි ත්ව”න්ති පුච්ඡි. “අහං නාගමාණවිකා, සාමී”ති. “සසාමිකා අස්සාමිකාසී”ති. “සාමි, අහං පුබ්බෙ සසාමිකා, ඉදානි පන අස්සාමිකා විධවා”. “ත්වං පන කත්ථ වාසිකොසී”ති? “අහං බාරාණසිරඤ්ඤො පුත්තො බ්රහ්මදත්තකුමාරො නාම”. “ත්වං නාගභවනං පහාය කස්මා ඉධ විචරසී”ති? “සාමි, අහං තත්ථ සසාමිකානං නාගමාණවිකානං යසං ඔලොකෙත්වා කිලෙසං නිස්සාය උක්කණ්ඨිත්වා තතො නික්ඛමිත්වා සාමිකං පරියෙසන්තී විචරාමී”ති. “තෙන හි භද්දෙ, සාධු, අහම්පි න සද්ධාය පබ්බජිතො, පිතරා පන මෙ නීහරිතත්තා ඉධ වසාමි, ත්වං මා චින්තයි, අහං තෙ සාමිකො භවිස්සාමි, උභොපි ඉධ සමග්ගවාසං වසිස්සාමා”ති. සා “සාධූ”ති සම්පටිච්ඡි. තතො පට්ඨාය තෙ උභොපි තත්ථෙව සමග්ගවාසං වසිංසු. සා අත්තනො ආනුභාවෙන මහාරහං ගෙහං මාපෙත්වා මහාරහං පල්ලඞ්කං ආහරිත්වා සයනං පඤ්ඤපෙසි. තතො පට්ඨාය මූලඵලාඵලං න ඛාදි, දිබ්බඅන්නපානමෙව භුඤ්ජිත්වා ජීවිකං කප්පෙසි.
රාජපුත්‍රයා වනාහි සවස්කාලයේ අවුත් පන්සලට පිවිසියේ කරන ලද මේ ක්‍රියාව දැක කවරකු විසින් මේ සයනය සූදානම් කරන ලද්දේදැයි සිතා ඵලාඵල අනුභවකොට, පුදුමය, සුවඳ මලින් මනාව සයනය සූදානම් කර ඇතැයි ශ්‍රද්ධාවෙන් පැවිදි නොවූ බැවින් සතුටට පත්වූයේ මල් අසුනෙහි වැතිරුනේ නින්දට වැටී පසුදා උදෑසන පිබිද පන්සල නො හැමද ම ඵලාඵල සෙවීමට පිටත්ව ගියේ ය. නාග මානවිකාව ඒ මොහොතේම අවුත් මැලවුණු මල් දැක කාමයෙන් මුසපත් වූවා, මේ තැනැත්තා ශ්‍රද්ධාවෙන් පැවිදි වූයේ නොවෙයි සිතා ඔහුව අල්ලාගත හැකියයි දැනගෙන පැරණිමල් බැහැරකොට අලුත් සයනයක් සූදානම්කර පන්සල අලංකාර කොට සක්මනෙහි මල් අතුරා නාගභවනයටම ගියාය. ඔහු ඒ දවසද ඒ මල් සයනෙහි නිදා පසුදා මෙසේ සිතුවේය. කවරෙක් නම් මේ පන්සල පිළියෙල කළේ වන්නේද? ඔහු ඵලාඵල සෙවීමට නොගොස් ම පන්සලට නුදුරෙහි සැඟවී සිටියේය. අර තැනැත්තිය ද (නාගමානවිකාව) බොහෝ සුවඳ ද්‍රව්‍යයන් ද මල් ද රැගෙන පන්සලට පැමිණියාය. රාජපුත්‍රයා මනා රූ සපුවකින් යුත් නාග මානවිකාව දැක හටගත් පිළිබඳ සිත් ඇත්තේ තමා නොපෙනී ඒ පන්සලට පිවිස සයනය සූදානම් කරන වේලෙහි ඔබ කවරියක්දැයි විචාළේය. ස්වාමීනි, මම නාග මානවිකාවක් වෙමි’යි කීවාය. ඔබට ස්වාමියෙක් සිටීද? නැද්ද? ස්වාමීනි, මම අස්වාමික වැන්දඹුවක් වෙමි. ඔබ කොහි වාසය කරන්නේදැයි ඇසීය. මම වනාහි බරණැස රජතුමාගේ පුත්‍රයා වෙමි. බ්‍රහ්මදත්ත කුමාරයා වෙමි. නුඹ නාගභවනය අත්හැර කුමක් නිසා ඇවිදින්නීද? ස්වාමීනි, මම සැමියන් සහිත නාග මානවිකාවන්ගේ යසස බලා පව් සිතුවිලි නිසා කලකිරුණේ එයින් නික්ම ස්වාමියකු සොයමින් ඇවිදිමි. මම ද ශ්‍රද්ධාවෙන් පැවිදි නොවූයෙමි. පියා විසින් නෙරපා දැමූ බැවින් මෙහි අවුත් වාසය කරමි. ඔබ කිසිවක් නොසිතන්න. මම ඔබගේ සැමියා වන්නෙමි. අපි දෙදෙනා මෙහි එකට වසන්නෙමු. ඇය යහපතැයි පිළිතුරු දුන්නාය. එතැන් පටන් ඒ දෙදෙනා එහි ම වාසය කළහ. ඇය තමාගේ ආනුභාවයෙන් ඉතා වටිනා ගෘහයක් මවා වටිනා අසුනක් ගෙනවුත් සයනයක් පැනවූවාය. එතැන් පටන් මුල්, ගෙඩි අනුභව කළේ නැත. දිව්‍යමය ආහාරපාන ම විය.
අපරභාගෙ නාගමාණවිකා ගබ්භං පටිලභිත්වා පුත්තං විජායි, සාගරතීරෙ ජාතත්තා තස්ස “සාගරබ්රහ්මදත්තො”ති නාමං කරිංසු. තස්ස පදසා ගමනකාලෙ නාගමාණවිකා ධීතරං විජායි, තස්සා සමුද්දතීරෙ ජාතත්තා “සමුද්දජා”ති නාමං කරිංසු. අථෙකො බාරාණසිවාසිකො වනචරකො තං ඨානං පත්වා කතපටිසන්ථාරො රාජපුත්තං සඤ්ජානිත්වා කතිපාහං තත්ථ වසිත්වා “දෙව, අහං තුම්හාකං ඉධ වසනභාවං රාජකුලස්ස ආරොචෙස්සාමී”ති තං වන්දිත්වා නික්ඛමිත්වා නගරං අගමාසි. තදා රාජා කාලමකාසි. අමච්චා තස්ස සරීරකිච්චං කත්වා සත්තමෙ දිවසෙ සන්නිපතිත්වා “අරාජකං රජ්ජං නාම න සණ්ඨාති, රාජපුත්තස්ස වසනට්ඨානං වා අත්ථිභාවං වා න ජානාම, ඵුස්සරථං විස්සජ්ජෙත්වා රාජානං ගණ්හිස්සාමා”ති මන්තයිංසු. තස්මිං ඛණෙ වනචරකො නගරං පත්වා තං කථං සුත්වා අමච්චානං සන්තිකං ගන්ත්වා “අහං රාජපුත්තස්ස සන්තිකෙ තයො චත්තාරො දිවසෙ වසිත්වා ආගතොම්හී”ති තං පවත්තිං ආචික්ඛි. අමච්චා තස්ස සක්කාරං කත්වා තෙන මග්ගනායකෙන සද්ධිං තත්ථ ගන්ත්වා කතපටිසන්ථාරා රඤ්ඤො කාලකතභාවං ආරොචෙත්වා “දෙව, රජ්ජං පටිපජ්ජාහී”ති ආහංසු.
පසුකලෙක නාග මානවිකාව ගැබ්ගෙන පුතකු වැදුවාය. ඔහුට සාගර බ්‍රහ්මදත්ත යැයි නම් කළහ. ඔහු පයින් ඇවිදින කාලයේ නාග මානවිකාව දුවක වැදුවාය. මුහුදුතීරයේ උපන් බැවින් ඇයට සමුද්දජා යැයි නම් කළහ. ඉක්බිති එක් බරණැනුවර වැසි වනයේ ඇවිදින පුරුෂයෙක් එම ස්ථානයට පැමිණ කරන ලද කථාබහ ඇත්තේ, රාජපුත්රයාව හඳුනාගෙන දවස් කීපයක් එහි වාසය කොට, දේවයන් වහන්ස, ඔබවහන්සේලා මෙහි වසන බව රජගෙදරට දන්වන්නෙමියි එතනින් නික්ම ගොස් නගරයට පැමිණියේය. එකල්හි රජතුමා කළුරිය කළේය. ඇමතිවරු ඔහුගේ දේහය පිළිබඳ කටයුතු කර සත්වන දින රැස්වී (මෙසේ) කථාකළහ. අරාජිකව රටක් නො පවතී. රාජපුත්‍රයා වසන තැනක් හෝ ඔහු සිටීද නැද්ද යන බවක් හෝ නො දනිමු. ඵුස්ස රථයක් (පුද්ගලයන් රහිත අශ්ව රථයක්) මුදාහැර රජකු තෝරාගනිමු යි නිගමනය කළහ. ඒ අවස්ථාවේ වනයේ ඇවිදින පුරුෂයා නගරයට පැමිණ මේ තොරතුරු දැනගෙන ඇමතිවරුන්ගේ සමීපයට ගොස්, මම රාජපුත්‍රයා ලඟ දවස් තුන හතරක් වාසය කර ආවෙමි’යි ඒ පුවත සැලකර සිටියේය. ඇමතිවරු ඒ අසා ඔහුට සැළකිලි දක්වා ඔහුගේ මඟපෙන්වීම යටතේ එහි ගොස් කරන ලද පිළිසඳර ඇත්තාහු රජු මියගිය බව පවසා, දේවයන් වහන්ස, රාජ්‍යය භාරගන්න යැයි ඉල්ලා සිටියහ.
සො “නාගමාණවිකාය චිත්තං ජානිස්සාමී”ති තං උපසඞ්කමිත්වා “භද්දෙ, පිතා මෙ කාලකතො, අමච්චා මය්හං ඡත්තං උස්සාපෙතුං ආගතා, ගච්ඡාම, භද්දෙ, උභොපි ද්වාදසයොජනිකාය බාරාණසියා රජ්ජං කාරෙස්සාම, ත්වං සොළසන්නං ඉත්ථිසහස්සානං ජෙට්ඨිකා භවිස්සසී”ති ආහ. “සාමි, න සක්කා මයා ගන්තු”න්ති. “කිංකාරණා”ති? “මයං ඝොරවිසා ඛිප්පකොපා අප්පමත්තකෙනපි කුජ්ඣාම, සපත්තිරොසො ච නාම භාරියො. සචාහං කිඤ්චි දිස්වා වා සුත්වා වා කුද්ධා ඔලොකෙස්සාමි, භස්මාමුට්ඨි විය විප්පකිරිස්සති. ඉමිනා කාරණෙන න සක්කා මයා ගන්තු”න්ති. රාජපුත්තො පුනදිවසෙපි යාචතෙව. අථ නං සා එවමාහ – “අහං තාව කෙනචි පරියායෙන න ගමිස්සාමි, ඉමෙ පන මෙ පුත්තා නාගකුමාරා තව සම්භවෙන ජාතත්තා මනුස්සජාතිකා. සචෙ තෙ මයි සිනෙහො අත්ථි, ඉමෙසු අප්පමත්තො භව. ඉමෙ ඛො පන උදකබීජකා සුඛුමාලා මග්ගං ගච්ඡන්තා වාතාතපෙන කිලමිත්වා මරෙය්යුං, තස්මා එකං නාවං ඛණාපෙත්වා උදකස්ස පූරාපෙත්වා තාය ද්වෙ පුත්තකෙ උදකකීළං කීළාපෙත්වා නගරෙපි අන්තොවත්ථුස්මිංයෙව පොක්ඛරණිංකාරෙය්යාසි, එවං තෙ න කිලමිස්සන්තී”ති.
හෙතෙම නාග මානවිකාවගේ සිත් දැනගන්නෙමියි ඇය වෙතට ගියේය. සොඳුර, මගේ පියා කලුරිය කෙළේ ය. ඇමතිවරු මා රජකිරිමට පැමිණ සිටිති. සොඳුර, අපි යමු. අපි දෙදෙන දොළොස් යොදුනක් පැතිරුණු බරණැස රජය කරමු. ඔබ දහසය දහසක් ස්ත්රීන්ගේ නායිකාව වන්නීය. ස්වාමීනි, මට යා නොහැක. කුමක් නිසාදැයි විචාළ කල්හි (මෙසේ කීවාය.) අපි බොහෝ විෂ ඇති, වහා කිපෙනසුළු, සුලු දෙයට පවා කිපෙන අය වෙමු. භාර්යාවෝ වනාහි එක් සැමියකු නිසා හටගන්නා කෝප ඇත්තෝය. ඉදින් මම කිසිවක් දැක හෝ අසා හෝ කෝපයෙන් බලන්නෙම්ද, බොල් වී මිටක් මෙන් විසුරුවන්නේය. මේ කාරණය නිසා මට යා නොහැක. රාජපුත්‍රයා දෙවන දවසේ ද ඉල්ලා සිටියේ ය. ඉක්බිති ඔහුට මෙසේ කීය. මම මොන කරුණක් නිසා හෝ ඔබ සමග නොඑන්නෙමි. නමුත් ඔබට ජාතකව උපන් මාගේ මේ දරුවන් වූ නාග කුමාරයෝ මනුෂ්‍ය ජාතිකයෝ වෙති. ඉදින් මා කෙරෙහි සෙනෙහසක් ඔබ තුළ තිබේනම් මොවුන් හොඳින් රැකබලා ගන්න. මොව්හු වනාහි ජලය මුල්කොට බිහිවූවාහු සියුමැලිය. මාර්ගයෙහි යන්නාහු සුළඟින් හා අව්වෙන් පීඩාවට පත්ව මරණයට පත්වන්නාහ. එක්නැවක් සාරවා ජලයෙන් පුරවා එහි සෙල්ලම් කරවමින් ගෙනගොස් නගරයෙහිද ඔවුන්ට ගෘහාභ්යන්තරයෙහි පොකුණක් කරවන්න. මෙසේ ඔවුන් වෙහෙසට පත් නොවන්නාහුය.
සා එවඤ්ච පන වත්වා රාජපුත්තං වන්දිත්වා පදක්ඛිණං කත්වා පුත්තකෙ ආලිඞ්ගිත්වා ථනන්තරෙ නිපජ්ජාපෙත්වා සීසෙ චුම්බිත්වා රාජපුත්තස්ස නිය්යාදෙත්වා රොදිත්වා කන්දිත්වා තත්ථෙව අන්තරධායිත්වා නාගභවනං අගමාසි. රාජපුත්තොපි දොමනස්සප්පත්තො අස්සුපුණ්ණෙහි නෙත්තෙහි නිවෙසනා නික්ඛමිත්වා අක්ඛීනි පුඤ්ඡිත්වා අමච්චෙ උපසඞ්කමි. තෙ තං තත්ථෙව අභිසිඤ්චිත්වා “දෙව, අම්හාකං නගරං ගච්ඡාමා”ති වදිංසු. තෙන හි සීඝං නාවං ඛණිත්වා සකටං ආරොපෙත්වා උදකස්ස පූරෙත්වා උදකපිට්ඨෙ වණ්ණගන්ධසම්පන්නානි නානාපුප්ඵානි විකිරථ, මම පුත්තා උදකබීජකා, තෙ තත්ථ කීළන්තා සුඛං ගමිස්සන්තී”ති. අමච්චා තථා කරිංසු. රාජා බාරාණසිං පත්වා අලඞ්කතනගරං පවිසිත්වා සොළසසහස්සාහි නාටකිත්ථීහි අමච්චාදීහි ච පරිවුතො මහාතලෙ නිසීදිත්වා සත්තාහං මහාපානං පිවිත්වා පුත්තානං අත්ථාය පොක්ඛරණිං කාරෙසි. තෙ නිබද්ධං තත්ථ කීළිංසු.
මෙසේ කියා රාජපුත්‍රයාට නමස්කාර කොට පැදකුණු කර දරුවන් වැළඳගෙන පපුවේ හොවාගෙන හිස සිඹ රාජපුත්‍රයාට භාරදී හඩා වැළප එහිම අතුරුදහන් වී නාග භවනයටම ගියාය. රාජපුත්‍රයා දොම්නසට පැමිණියේ කඳුළු පිරුණු දෙනෙතින් යුතුව නිවසින් පිටත්ව ඇස්වලින් කඳුළු පිසදමා අමාත්‍යයන් වෙත ලඟාවිය. ඔහු එහිදීම අභිෂේක කොට දේවයන් වහන්ස, අපගේ නගරයට යමුයැයි කියූහ. එසේ වීනම් වහාම නැවක් සාරා ගැලකට නංවා ජලයෙන් පුරවා ජලය මතුපිට වර්ණයෙන් හා සුවඳින් යුත් නොයෙක් මර්ග විසුරුවා දමව්. මගේ දරුවෝ ජලය ජන්මකොට ඇත්තේය. ඔව්හු එහි ක්‍රීඩාකරමින් සැපසේ යත්. ඇමතිවරු එසේ කළහ. රජු බරණැසට පැමිණ සරසන ලද නුවරට පිවිස දොළොස් දහසක් නාටක ස්ත්‍රීන් විසින් හා අමාත්‍යාදීන් විසින් පිරිවරන ලද්දේ බිම් මහලෙහි හිඳ දින හතක් මහපැන් බී දරුවන් සඳහා මහා පොකුණක් කරවීය. ඔහු නිබඳ එහි ක්‍රීඩා කළහ.
අථෙකදිවසං පොක්ඛරණියං උදකෙ පවෙසියමානෙ එකො කච්ඡපො පවිසිත්වා නික්ඛමනට්ඨානං අපස්සන්තො පොක්ඛරණිතලෙ නිපජ්ජිත්වා දාරකානං කීළනකාලෙ උදකතො උට්ඨාය සීසං නීහරිත්වා තෙ ඔලොකෙත්වා පුන උදකෙ නිමුජ්ජි. තෙ තං දිස්වා භීතා පිතු සන්තිකං ගන්ත්වා “තාත, පොක්ඛරණියං එකො යක්ඛො අම්හෙ තාසෙතී”ති ආහංසු. රාජා “ගච්ඡථ නං ගණ්හථා”ති පුරිසෙ ආණාපෙසි. තෙ ජාලං ඛිපිත්වා කච්ඡපං ආදාය රඤ්ඤො දස්සෙසුං. කුමාරා තං දිස්වා “එස, තාත, පිසාචො”ති විරවිංසු. රාජා පුත්තසිනෙහෙන කච්ඡපස්ස කුජ්ඣිත්වා “ගච්ඡථස්ස කම්මකාරණං කරොථා”ති ආණාපෙසි. තත්ර එකච්චෙ “අයං රාජවෙරිකො, එතං උදුක්ඛලෙ මුසලෙහි චුණ්ණවිචුණ්ණං කාතුං වට්ටතී”ති ආහංසු, එකච්චෙ “තීහි පාකෙහි පචිත්වා ඛාදිතුං”, එකච්චෙ “අඞ්ගාරෙසු උත්තාපෙතුං,” එකච්චෙ “අන්තොකටාහෙයෙව නං පචිතුං වට්ටතී”ති ආහංසු. එකො පන උදකභීරුකො අමච්චො “ඉමං යමුනාය ආවට්ටෙ ඛිපිතුං වට්ටති, සො තත්ථ මහාවිනාසං පාපුණිස්සති. එවරූපා හිස්ස කම්මකාරණා නත්ථී”ති ආහ. කච්ඡපො තස්ස කථං සුත්වා සීසං නීහරිත්වා එවමාහ – “අම්භො, කිං තෙ මයා අපරාධො කතො, කෙන මං එවරූපං කම්මකාරණං විචාරෙසි. මයා හි සක්කා ඉතරා කම්මකාරණා සහිතුං, අයං පන අතිකක්ඛළො, මා එවං අවචා”ති. තං සුත්වා රාජා “ඉමං එතදෙව කාරෙතුං වට්ටතී”ති යමුනාය ආවට්ටෙ ඛිපාපෙසි. පුරිසො තථා අකාසි. සො එකං නාගභවනගාමිං උදකවාහං පත්වා නාගභවනං අගමාසි.
ඉක්බිති එක්දිනක් පොකුණෙහි ජලයට පිවිසෙන කල්හි එක් කැස්බෙක් පිවිස පිටවන තැන නොදැක පොකුණ පතුලේ සිට දරුවන් ක්‍රීඩා කරන කල්හි ජලයෙන් මතුවී හිස පිටතට ගෙන ඔවුන් බලා නැවත ජලයේ ගිලුනේය. ඔව්හු එය දැක බිය වූවාහු පියා සමීපයට ගොස් පියාණනි, පොකුණේ එක් යක්ෂයෙක් අපව බියවද්දයි කියා කීහ. රජු ඔහුව අල්ලා ගනිව්යැයි රාජපුරුෂයන්ට අණ කළේය. ඔවුහු දැලක් දමා කැස්බා අල්ලා රජුට පෙන්වූහ. කුමාරවරු එය දැක පියාණෙනි, මේ යක්ෂයෙකි කියා හඬන්නට වූහ. දරු සෙනෙහසින් යුත් රජු කැස්බා කෙරෙහි කෝපයෙන් මොහුට කළයුතු දෙයක් කරව්යැයි රාජපුරුෂයන්ට නියෝග කළේය. එහිදී ඇතැමෙක් මේ රජුගේ වෛරක්කාරයාව වංගෙඩියක දමා මෝල්ගසින් කොටා කුඩුකර දැමිය යුතුයැයි කීහ. තව කෙනෙක් තුන්ආකාර පිසීමෙන් පිස අනුභව කළ යුතුයැයි කීහ. ඇතැමෙක් අඟුරුගොඩක දමා පිලිස්සීමටත්, කෙනෙක් හැලියක දමා පිසිය යුතුය යනාදී ලෙස ප්‍රකාශ කළහ. එක් ජලයට බිය ඇමතියෙක් මේ සතාව යමුනා රළපහරට දැමිය යුතුයි. එහි මහත් විනාශයට පත්වෙයි. මෙබඳු අයට මෙසේ කළාට කම් නැත. කැසුබුවා ඔහුගේ වචනය අසා හිස පිටතට ගෙන මෙසේ කීය. නුඹලාට මා විසින් කවරනම් වරදක් කරන ලදද? කුමක් නිසා මෙබඳු කථාවක් කියන්නහුද? වෙන ඕනෑම චෝදනාවක් ඉවසිය හැකිය. මෙයනම් ඉවසිය නොහැක. මෙය වනාහි අතිශයින් කටුකය. මෙසේ නොකියව. ඒ අසා රජු එයම කළ යුතුයැයි යමුනා රළපහරෙහි දැමීය. ඔහු නාග භවනයට යන එක් දිය පහරකට හසුවී නාග භවනයට ගියේය.
අථ නං තස්මිං උදකවාහෙ කීළන්තා ධතරට්ඨනාගරඤ්ඤො පුත්තා නාගමාණවකා දිස්වා “ගණ්හථ නං දාස”න්ති ආහංසු. සො චින්තෙසි “අහං බාරාණසිරඤ්ඤො හත්ථා මුච්චිත්වා එවරූපානං ඵරුසානං නාගානං හත්ථං පත්තො, කෙන නු ඛො උපායෙන මුච්චෙය්ය”න්ති. සො “අත්ථෙසො උපායො”ති මුසාවාදං කත්වා “තුම්හෙ ධතරට්ඨස්ස නාගරඤ්ඤො සන්තකා හුත්වා කස්මා එවං වදෙථ, අහං චිත්තචූළො නාම කච්ඡපො බාරාණසිරඤ්ඤො දූතො, ධතරට්ඨස්ස සන්තිකං ආගතො, අම්හාකං රාජා ධතරට්ඨස්ස ධීතරං දාතුකාමො මං පහිණි, තස්ස මං දස්සෙථා”ති ආහ. තෙ සොමනස්සජාතා තං ආදාය රඤ්ඤො සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසුං. රාජා “ආනෙථ න”න්ති තං පක්කොසාපෙත්වා දිස්වාව අනත්තමනො හුත්වා “එවං ලාමකසරීරො දූතකම්මං කාතුං න සක්කොතී”ති ආහ. තං සුත්වා කච්ඡපො “කිං පන, මහාරාජ, දූතෙහි නාම තාලප්පමාණෙහි භවිතබ්බං, සරීරඤ්හි ඛුද්දකං වා මහන්තං වා අප්පමාණං, ගතගතට්ඨානෙ කම්මනිප්ඵාදනමෙව පමාණං. මහාරාජ, අම්හාකං රඤ්ඤො බහූ දූතා. ථලෙ කම්මං මනුස්සා කරොන්ති, ආකාසෙ පක්ඛිනො, උදකෙ අහමෙව. අහඤ්හි චිත්තචූළො නාම කච්ඡපො ඨානන්තරප්පත්තො රාජවල්ලභො, මා මං පරිභාසථා”ති අත්තනො ගුණං වණ්ණෙසි. අථ නං ධතරට්ඨො පුච්ඡි “කෙන පනත්ථෙන රඤ්ඤා පෙසිතොසී”ති. මහාරාජ, රාජා මං එවමාහ “මයා සකලජම්බුදීපෙ රාජූහි සද්ධිං මිත්තධම්මො කතො, ඉදානි ධතරට්ඨෙන නාගරඤ්ඤා සද්ධිං මිත්තධම්මං කාතුං මම ධීතරං සමුද්දජං දම්මී”ති වත්වා මං පහිණි. “තුම්හෙ පපඤ්චං අකත්වා මයා සද්ධිංයෙව පුරිසං පෙසෙත්වා දිවසං වවත්ථපෙත්වා දාරිකං ගණ්හථා”ති. සො තුස්සිත්වා තස්ස සක්කාරං කත්වා තෙන සද්ධිං චත්තාරො නාගමාණවකෙ පෙසෙසි “ගච්ඡථ, රඤ්ඤො වචනං සුත්වා දිවසං වවත්ථපෙත්වා එථා”ති. තෙ “සාධූ”ති වත්වා කච්ඡපං ගහෙත්වා නාගභවනා නික්ඛමිංසු.
ඒ ජල පහරෙහි ක්‍රීඩා කරන්නා වූ ධෘතරාෂ්ට්‍ර නාගරාජයාගේ පුතුන් වන නාග මානවකයෝ ඔහුව දැක මොහුව අල්ලා ගනුවයි දාසයන්ට කීහ. ඔහු (කැස්බා) මෙසේ සිතීය. මම බරණැස් රජුගේ අතින් මිදී මෙබඳු වූ ඵරුෂ නාගයන්ගේ අතට පත්ව කවර හෝ උපායකින් මිදෙන්නෙමියි සිතා උපක්‍රමයක් තිබේයැයි බොරුවක් ගොතා, නුඹලා ධෘතරාෂ්ට්‍ර නාරජුන්ගේ අයිතිකරුවන් වී කුමක් නිසා මෙසේ කියන්නහුද? මම චිත්තශූල නම් කැස්බෑවක් වෙමි. බරණැස් රජුගේ දූතයෙකි. ධෘතරාෂ්ට්‍ර නාරජු සමීපයට පැමිණියෙමි. අපගේ රජතුමා ධෘතරාෂ්ට්‍ර රජුට දුව දෙන්නට කැමතිව මා ඔහු වෙත එවන ලදී. ඔහුට මාව මුනගස්වන්න. ඔව්හු සතුටු වූවාහු ඔහුව ගෙන රජුගේ සමීපයට ගොස් එපුවත සැල කළහ. රජු ඔහුව කැඳවාගෙන එවයි කැඳවා දුටුවිටම සතුටු සිත් ඇතිව මෙබඳු ලාමක සිරුරක් ඇතිව දූත මෙහෙවරක් කළ හැකිදැයි විචාළේය. ඒ අසා, රජුගේ දූතයන් තල්ගස් පමණ විය යුතුයැයි කැස්බා කීය. ශරීරය කුඩා හෝ විශාල වීම කාරණයක් නොවෙයි. වැදගත් වන්නේ කරනු ලබන කාර්යයකි රජතුමනි! අපගේ රජතුමාට බොහෝ දූතයෝ වෙත්. මිනිස්සු බිම වැඩකරත්. අහසෙහි පක්ෂීහුය. ජලයෙහි මම වෙමි. මම වනාහි චිත්තසූල නම් වූ තනතුරට පත්වූ රාජ සේවකයෙකි. මට නින්දා නොකරවයි තමාගේ ගුණය වර්ණනා කළේය. ඉක්බිති ධෘතරාෂ්ට්‍ර රජු ඔහුගෙන් විචාළේය. කුමන කරුණක් සඳහා රජු විසින් එවන ලද්දේද? මහරජතුමනි, රජතුමා මට මෙසේ පැවසීය. මා විසින් මුළු දඹදිව රජවරුන් සමග මිතුරුකම් පවත්වන ලදී. දැන් වනාහි ධෘතරාෂ්ට්‍ර රජු සමග මිතුරුකම කරන්නට මාගේ දුවණිය වූ සමුද්දජාව ඔබතුමාට දෙමියි කියා මා ඔබ වෙතට එවන ලදී. ඔබතුමා ප්‍රමාද නොවී මා සමග ම පිරිසක් යවා දවසක් තබා දැරියව ලබාගන්න යැයි කීය. ඔහු සතුටුව සත්කාර කොට ඔහු සමග නාග මානවකයන් සතර දෙනෙක් යැවීය. යව්! රජුගේ වචනය අසා දවසක් තබා එව්යැයි කීය. ඔව්හු යහපතැයි කියා කැස්බාව ගෙන නාගභවනයෙන් නික්මුණාහ.
කච්ඡපො යමුනාය බාරාණසියා ච අන්තරෙ එකං පදුමසරං දිස්වා එකෙනුපායෙන පලායිතුකාමො එවමාහ – “භො නාගමාණවකා, අම්හාකං රාජා පුත්තදාරා චස්ස මං උදකෙ ගොචරත්තා රාජනිවෙසනං ආගතං දිස්වාව පදුමානි නො දෙහි, භිසමූලානි දෙහීති යාචන්ති. අහං තෙසං අත්ථාය තානි ගණ්හිස්සාමි, එත්ථ මං විස්සජ්ජෙත්වා මං අපස්සන්තාපි පුරෙතරං රඤ්ඤො සන්තිකං ගච්ඡථ, අහං වො තත්ථෙව පස්සිස්සාමී”ති. තෙ තස්ස සද්දහිත්වා තං විස්සජ්ජෙසුං. සො තත්ථ එකමන්තෙ නිලීයි. ඉතරෙපි නං අදිස්වා “රඤ්ඤො සන්තිකං ගතො භවිස්සතී”ති මාණවකවණ්ණෙන රාජානං උපසඞ්කමිංසු. රාජා පටිසන්ථාරං කත්වා “කුතො ආගතත්ථා”ති පුච්ඡි. “ධතරට්ඨස්ස සන්තිකා, මහාරාජා”ති. “කිංකාරණා ඉධාගතා”ති? “මහාරාජ, මයං තස්ස දූතා, ධතරට්ඨො වො ආරොග්යං පුච්ඡති. සචෙ යං වො ඉච්ඡථ, තං නො වදෙථ. තුම්හාකං කිර ධීතරං සමුද්දජං අම්හාකං රඤ්ඤො පාදපරිචාරිකං කත්වා දෙථා”ති ඉමමත්ථං පකාසෙන්තා පඨමං ගාථමාහංසු –
කැස්බා යමුනාවට හා බරණැසට අතර එක් නෙලුම්වලක් දැක යම්කිසි උපායකින් පැනයනු කැමැත්තේ මෙසේ කීය. පින්වත් නාග මානවකයෙනි, අපගේ මහරජතුමා ද දරුවෝ ද ජලයේ හැසිර රජගෙට ගියා වූ මා දැක නෙලුම්මල් දෙන්න. නෙලුම් අල දෙන්න කියමින් මගෙන් ඉල්වත්. මම ඔවුන් සඳහා ඒවා සොයා ගන්නෙමි. මෙහි මා අතහරින්න. මා නොදැක්කත් කලින්ම රජු සමීපයට යන්න. මම එහිදී තොප හමුවන්නෙමි. ඔව්හු විශ්වාස කොට ඔහුව මුදාහළහ. ඔහු එහි එක්තැනක සැඟවී ගියේය. අනිත් අය ද ඔහුව නොදැක රජු සමීපයට ගියා විය යුතුයැයි ගොස් මානවක විලාසයෙන් රජු වෙතට පැමිණියහ. රජු පිළිසඳර කථාකොට කොහේසිට ආවේදැයි විචාළේය. මහරජතුමනි, ධෘතරාෂ්ට්‍ර රජු සමීපයෙන් යැයි කීහ. කුමක් සඳහා පැමිණියහුද? මහරජතුමනි! අපි එතුමාගේ දූතයෝ වෙමු. ධෘතරාෂ්ට්‍ර රජතුමා ඔබවහන්සේගේ සුවදුක් විචාරයි. යමක් බලාපොරොත්තු වන්නේද එය ඔබතුමන්ට දෙයි. ඔබ වහන්සේ සමුද්දජා දුවණියව අපේ රජුට බිසව කර දෙන්නයි කීහ. මේ අර්ථය ප්‍රකාශ කරන්නාහු පළමු ගාථාව කීහ.
“යං කිඤ්චි රතනං අත්ථි, ධතරට්ඨනිවෙසනෙ; සබ්බානි තෙ උපයන්තු, ධීතරං දෙහි රාජිනො”ති.
ධෘතරාෂ්ට්‍ර රාජභවනයේ යම්කිසි රත්න සමූහයක් වේද ඒ සියල්ල ඔබවහන්සේට ලබාදෙන්නේ ය. රජුට දුවණිය දෙන්න.
තත්ථ සබ්බානි තෙ උපයන්තූති තස්ස නිවෙසනෙ සබ්බානි රතනානි තව නිවෙසනං උපගච්ඡන්තු.
එහි සබ්බානි තෙ උපායන්තු යනු ඔහුගේ මාලිගයේ සියළු රත්නයන් ඔබගේ වාසභවනයට ගෙනෙනු ලැබේවා යන අර්ථයි.
තං සුත්වා රාජා දුතියං ගාථමාහ –
එය අසා රජතුමා දෙවෙනි ගාථාව කීය.
“න නො විවාහො නාගෙහි, කතපුබ්බො කුදාචනං; තං විවාහං අසංයුත්තං, කථං අම්හෙ කරොමසෙ”ති.
කිසිදාක අපගේ විවාහයක් නාගයන් සමග සිදුනොවීය. ඒ නොගැලපෙන විවාහය අපි කෙසේ කරමුද?
තත්ථ අසංයුත්තන්ති අයුත්තං තිරච්ඡානෙහි සද්ධිං සංසග්ගං අනනුච්ඡවිකං. අම්හෙති අම්හෙ මනුස්සජාතිකා සමානා කථං තිරච්ඡානගතසම්බන්ධං කරොමාති.
එහි අසංයුත්තං යනු නොගැලපේ. තිරිසනුන් සමග සංසර්ගය නොගැලපේ. අම්හෙ යනු මනුෂ්‍ය ජාතිකයන් වූ අපි කෙසේනම් තිරිසනුන් සමග සම්බන්ධ කරමුද?
තං සුත්වා නාගමාණවකා “සචෙ තෙ ධතරට්ඨෙන සද්ධිං සම්බන්ධො අනනුච්ඡවිකො, අථ කස්මා අත්තනො උපට්ඨාකං චිත්තචූළං නාම කච්ඡපං ‘සමුද්දජං නාම තෙ ධීතරං දම්මී’ති අම්හාකං රඤ්ඤො පෙසෙසි? එවං පෙසෙත්වා ඉදානි තෙ අම්හාකං රාජානං පරිභවං කරොන්තස්ස කත්තබ්බයුත්තකං මයං ජානිස්සාම. මයඤ්හි නාගමාණවකා”ති වත්වා රාජානං තජ්ජෙන්තා ද්වෙ ගාථා අභාසිංසු –
එය අසා ඒ (නාග) මානවකයෝ මෙසේ කීහ. ඉදින් ඔබ ධෘතරාෂ්ට්‍ර සමග සම්බන්ධයක් ඇතිකර ගැනීම නුසුදුසු යැයි කියන්නේ නම් කුමක් නිසා තමන්ගේ දුවණිය වූ ‘සමුජ්ජා’ කුමරියව අපගේ රජුට දෙන්නෙමියි ඔබගේ සේවකයෙක් වූ චිත්තසූල නම් කැස්බෑවා අපගේ රජු සමීපයට යැව්වෙහි ද? මෙසේ යවා අපගේ රජතුමාට අපහාස කරන්නා වූ තොපට කළයුතු දේ දනිමු. අපි නාගයෝ වෙමු යැයි කියා රජුට තර්ජනය කරමින් ගාථා දෙකක් කීහ.
“ජීවිතං නූන තෙ චත්තං, රට්ඨං වා මනුජාධිප; න හි නාගෙ කුපිතම්හි, චිරං ජීවන්ති තාදිසා.
රජතුමනි, නාගයන් කුපිත වූ කල්හි එබඳු වූ අයගේ ජීවිතය රට හෝ බොහෝ කලක් පවත්නේ නොවේ.
“යො ත්වං දෙව මනුස්සොසි, ඉද්ධිමන්තං අනිද්ධිමා; වරුණස්ස නියං පුත්තං, යාමුනං අතිමඤ්ඤසී”ති.
දේවයන් වහන්ස, ඔබ මිනිසුන් අතර ඍද්ධිය නැත්තෙකි. නමුත් ඍද්ධි ඇති යමුනා ගඟේ යට භාගයේ උපන් වරුණ නා රජුගේ පුත් ධතරට්ඨ රජු ඉක්මවා ඔබ සිතන්නෙහිය.
තත්ථ රට්ඨං වාති එකංසෙන තයා ජීවිතං වා රට්ඨං වා චත්තං. තාදිසාති තුම්හාදිසා එවං මහානුභාවෙ නාගෙ කුපිතෙ චිරං ජීවිතුං න සක්කොන්ති, අන්තරාව අන්තරධායන්ති. යො ත්වං, දෙව, මනුස්සොසීති දෙව, යො ත්වං මනුස්සො සමානො. වරුණස්සාති වරුණනාගරාජස්ස. නියං පුත්තන්ති අජ්ඣත්තිකපුත්තං. යාමුනන්ති යමුනාය හෙට්ඨා ජාතං.
එහි රට්ඨංවාති යනු ඒකාන්ත වශයෙන් ඔබගේ ජීවිතය හෝ රට හෝ අත්හළේ යැයි සිතන්න. තාදිසා යනු ඔබ වැනි අයට, මෙබඳු මහානුභාව සම්පන්න නාගයන් කිපුනු කල්හි බොහෝකල් ජීවත්වීමට නොහැකි වේ. අතුරුදහන් වෙත්. යො ත්වං දෙව යනු දේවයෙනි, ඔබ මනුෂ්‍යයෙකි. වරුණස්ස යනු වරුණ නාගරාජයාගේ නියං පුත්තං යනු අධ්‍යාත්මික පුත්‍රයා යාමුනං යනු යමුනාවේ පහත් ප්‍රදේශයේ උපන්නා වූ.
තතො රාජා ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති රජු ගාථා දෙකක් කීවේය,
“නාතිමඤ්ඤාමි රාජානං, ධතරට්ඨං යසස්සිනං; ධතරට්ඨො හි නාගානං, බහූනමපි ඉස්සරො.
ධෘතරාෂ්ට්‍ර රජු බොහෝ නාගයන්ට ප්‍රධානය. යසසින් පිරි ධෘතරාෂ්ට්‍ර රජුට මම නිගා නොකරමි.
“අහි මහානුභාවොපි, න මෙ ධීතරමාරහො; ඛත්තියො ච විදෙහානං, අභිජාතා සමුද්දජා”ති.
නාගයා මහානුභාව සම්පන්න වුවත් මාගේ දුවණියට සුදුසු නැත. විදේහ වංසයේ උතුම් ජන්ම ඇති මාගේ සමුද්දජා දියණියට යෝග්‍ය වන්නේ ක්ෂත්රියෙක්ම ය.
තත්ථ බහූනමපීති පඤ්චයොජනසතිකස්ස නාගභවනස්ස ඉස්සරභාවං සන්ධායෙවමාහ. න මෙ ධීතරමාරහොති එවං මහානුභාවොපි පන සො අහිජාතිකත්තා මම ධීතරං අරහො න හොති. “ඛත්තියො ච විදෙහාන”න්ති ඉදං මාතිපක්ඛෙ ඤාතකෙ දස්සෙන්තො ආහ. සමුද්දජාති සො ච විදෙහරාජපුත්තො මම ධීතා සමුද්දජා චාති උභොපි අභිජාතා. තෙ අඤ්ඤමඤ්ඤං සංවාසං අරහන්ති. න හෙසා මණ්ඩූකභක්ඛස්ස සප්පස්ස අනුච්ඡවිකාති ආහ.
එහි බහුන්නම්පි යනු පන්සියයක් යොදුන් නාගභවනයෙහි ප්‍රධානත්වය ගැන කීය. න මෙ ධීතරමාරහො යනු මෙසේ මහානුභාව ඇත්තේ නමුත් මොහු සර්වජාතියට අයත් බැවින් මගේ දුවට සුදුසු නොවේ. ඛත්තියො ච විදෙහානං යනුවෙන් මෙය මව්පස නෑයන් දක්වමින් කීය. සමුද්දජා යනු යම් ඒ විදේහරාජ පුත්‍රයෙක් වන්නේ ද මගේ දියණිය සමුද්දජා වන්නේ ද දෙදෙනාට උතුම් ජන්ම ඇති ඔවුනොවුන් එකට එක්වීමට සුදුසුය. මේ තැනැත්තිය මැඩියන් අනුභව කරන සර්පයකුට සුදුසු නොවේයැයි කීය.
නාගමාණවකා තං තත්ථෙව නාසාවාතෙන මාරෙතුකාමා හුත්වාපි “අම්හාකං දිවසං වවත්ථාපනත්ථාය පෙසිතා, ඉමං මාරෙත්වා ගන්තුං න යුත්තං, ගන්ත්වා රඤ්ඤො ආචික්ඛිත්වා ජානිස්සාමා”ති තත්ථෙව අන්තරහිතා “කිං, තාතා, ලද්ධා වො රාජධීතා”ති රඤ්ඤා පුච්ඡිතා කුජ්ඣිත්වා “කිං, දෙව, අම්හෙ අකාරණා යත්ථ වා තත්ථ වා පෙසෙසි. සචෙපි මාරෙතුකාමො, ඉධෙව නො මාරෙහි. සො තුම්හෙ අක්කොසති පරිභාසති, අත්තනො ධීතරං ජාතිමානෙන උක්ඛිපතී”ති තෙන වුත්තඤ්ච අවුත්තඤ්ච වත්වා රඤ්ඤො කොධං උප්පාදයිංසු. සො අත්තනො පරිසං සන්නිපාතෙතුං ආණාපෙන්තො ආහ –
නාග මානවකයෝ ඔහුව එහිදීම නාස වායුවෙන් මරනු කැමැතිව සිටත් අපට දවසක් සිටින්නට එවුවා වූ මොහු මරාදමා යාම යෝග්‍ය නොවේ. ගොස් රජුට කියා කළයුතු දේ දන්නෙමු යි එහිම අතුරුදහන් වූහ. කිම දරුවෙනි, රාජදියණිය ලබාගත්තහුදැයි රජු විසින් අසන ලද්දාහු කෝපයට පත්ව කිම දේවයන් වහන්ස, අපව වැඩක් නැතිව එහෙ මෙහෙ යැව්වේද? ඉදින් අපව මරනු කැමැත්තේ නම් මෙහිම අපව මරා දමන්න. ඔහු නුඹට පරිභව කරයි. නිග්‍රහ කරයි. තමාගේ දියණිය පිළිබඳව ජාතිමදයෙන් උඩපනියි යනාදී ලෙස ඔහු විසින් කිවයුතු දෙයක් නොකිවයුතු දෙයක් කියා රජුව කෝප කළහ. ඔහු තමාගේ පිරිස රැස්කරනු කැමැතිව මෙසේ කීය.
“කම්බලස්සතරා උට්ඨෙන්තු, සබ්බෙ නාගෙ නිවෙදය; බාරාණසිං පවජ්ජන්තු, මා ච කඤ්චි විහෙඨයු”න්ති.
‘කම්බලස්සතර’ නම් වූ නාගයෝ නැගී සිටිත්වා. සියළු නාගයන්ට දන්වන්න බරණැසට යත්වා. කිසිවකුටත් හිංසාවක් නොකරත්වා.
තත්ථ කම්බලස්සතරා උට්ඨෙන්තූති කම්බලස්සතරා නාම තස්ස මාතුපක්ඛිකා සිනෙරුපාදෙ වසනනාගා, තෙ ච උට්ඨහන්තු. අඤ්ඤෙ ච චතූසු දිසාසු අනුදිසාසු යත්තකා වා මය්හං වචනකරා, තෙ සබ්බෙ නාගෙ නිවෙදය, ගන්ත්වා ජානාපෙථ, ඛිප්පං කිර සන්නිපාතෙථාති ආණාපෙන්තො එවමාහ. තතො සබ්බෙහෙව සීඝං සන්නිපතිතෙහි “කිං කරොම, දෙවා”ති වුත්තෙ “සබ්බෙපි තෙ නාගා බාරාණසිං පවජ්ජන්තූ”ති ආහ. “තත්ථ ගන්ත්වා කිං කාතබ්බං, දෙව, තං නාසාවාතප්පහාරෙන භස්මං කරොමා”ති ච වුත්තෙ රාජධීතරි පටිබද්ධචිත්තතාය තස්සා විනාසං අනිච්ඡන්තො “මා ච කඤ්චි විහෙඨයු”න්ති ආහ, තුම්හෙසු කොචි කඤ්චි මා විහෙඨයාති අත්ථො. අයමෙව වා පාඨො.
එහි කම්බලස්සතරා යනු කම්බලස්සතර යන නම් ඇති ඔහුගේ මව්පස සිනෙරුපාදයෙහි වසන නාගයෝ ද නැගී එත්වා. යම්පමණ මාගේ වචනයට අනුව ක්‍රියා කරන අනිකුත් සිව්දිසාවන්හි හා අනුදිසාවන්හි නාගයෝ වෙත්ද ඒ සියල්ලෝ නැගී සිටිත්වා. සච්චෙ නාගෙ නිවෙදය සියළු නාගයන්ට දන්වන්න. වහාම රැස්වව් යැයි අණ කරමින් මෙසේ කීය. ඉක්බිති වහා රැස් වූ සියළු දෙනා විසින්ම දේවයන් වහන්ස, කුමක් කරන්නෙමුද? යැයි ඇසූ කල්හි මේ සියළුම නාගයෝ බාරාණසිං පවජ්ජන්තු බරණැසට යෙත්වායි කීය. දේවයන් වහන්ස, එහි ගොස් කුමක් කරන්නෙමුද, කවරකුව නාසයේ වාතප්රහාරයෙන් අළු කළයුතුද කියා කියූ කල්හි රජ දියණිය කෙරෙහි පිළිබඳ සිත් ඇති බැවින් ඇගේ විනාශයක් නොපතන්නේ මාච කිඤ්චි විහෙට්ඨයුං කිසිවකුටත් හිංසාවක් නොකරවයි කීය. ඔබලා අතුරෙන් කිසිවෙක් කිසිවකුට හිංසාවක් නොකෙරේවා ය යන අර්ථයි. මෙසේ ද පාඨයක් ඇත.
අථ නං නාගා “සචෙ කොචි මනුස්සො න විහෙඨෙතබ්බො, තත්ථ ගන්ත්වා කිං කරිස්සාමා”ති ආහංසු. අථ නෙ “ඉදඤ්චිදඤ්ච කරොථ, අහම්පි ඉදං නාම කරිස්සාමී”ති ආචික්ඛන්තො ගාථාද්වයමාහ –
ඉදින් වනාහි නාගයෝ කිසි මිනිසකුට හිංසාවක් නොකෙරේවා. එහි ගොස් කුමක් කරන්නෙමුද? ඉක්බිති නුඹලා ද මෙය කරන්න. මම ද මෙය කරන්නෙමියි කියමින් මේ ගාථා දෙක කීය.
“නිවෙසනෙසු සොබ්භෙසු, රථියා චච්චරෙසු ච; රුක්ඛග්ගෙසු ච ලම්බන්තු, විතතා තොරණෙසු ච.
නිවෙස්වලත්, පොකුණුවලත්, වාහනවලත් වැසිකිලිවලත් ගස්වලත් තොරන්වලත් පැතිරි එල්බෙත්වා.
“අහම්පි සබ්බසෙතෙන, මහතා සුමහං පුරං; පරික්ඛිපිස්සං භොගෙහි, කාසීනං ජනයං භය”න්ති.
මම ද විශාල වූ පුරය කාසිවැසියන්ට බිය උපදවමින් සම්පූර්ණ සුදුපාට දරණයෙන් වටකරන්නෙමි.
තත්ථ සොබ්භෙසූති පොක්ඛරණීසු. රථියාති රථිකාය. විතතාති විතතසරීරා මහාසරීරා හුත්වා එතෙසු චෙව නිවෙසනාදීසු ද්වාරතොරණෙසු ච ඔලම්බන්තු, එත්තකං නාගා කරොන්තු, කරොන්තා ච නිවෙසනෙ තාව මඤ්චපීඨානං හෙට්ඨා ච උපරි ච අන්තොගබ්භබහිගබ්භාදීසු ච පොක්ඛරණියං උදකපිට්ඨෙ රථිකාදීනං පස්සෙසු චෙව ථලෙසු ච මහන්තානි සරීරානි මාපෙත්වා මහන්තෙ ඵණෙ කත්වා කම්මාරගග්ගරී විය ධමමානා “සුසූ”ති සද්දං කරොන්තා ඔලම්බථ ච නිපජ්ජථ ච. අත්තානං පන තරුණදාරකානං ජරාජිණ්ණානං ගබ්භිනිත්ථීනං සමුද්දජාය චාති ඉමෙසං චතුන්නං මා දස්සයිත්ථ. අහම්පි සබ්බසෙතෙන මහන්තෙන සරීරෙන ගන්ත්වා සුමහන්තං කාසිපුරං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිස්සං, මහන්තෙන ඵණෙන නං ඡාදෙත්වා එකන්ධකාරං කත්වා කාසීනං භයං ජනයන්තො “සුසූ”ති සද්දං මුඤ්චිස්සාමීති.
එහි සොබ්භොසු යනු පොකුණුවල රථියා යනු වාහනයේ. විතතා යනු දිග්ගැසුනු ශරිර ඇතිව මේ වාස භවනයන්හි දොරටු. තොරන් ආදියෙහි ද එල්බෙත්වා. නාගයෝ මෙපමණක් කරනු ලැබෙත්වා. එසේ කරමින් නිවෙස් අගද ඇඳ පුටු ආදිය යටද උඩද ඇතුළු කාමරවල ද පිටත කාමරවල ද පොකුණුවල, ජලය මත්තේ රථවල පැත්තකද බිම ද විශාල ශරීර මවාගෙන විශාල පෙණ පෙන්වා කම්මලේ මයිනහම මෙන් පිඹිමින් ‘සුසූ’ යැයි ශබ්ද කරමින් එල්බෙව්. හෙව සිටිව්. තමාව වනාහි දරුවන්ටත්, ජරාජීර්ණ වූවන්ටත්, සමුජ්ජාවටත් යන මේ සිව් පක්ෂයට නොදක්වව්. මම ද සම්පූර්ණ සුදුපාට විශාල වූ ශරිරයෙන් ගොස් ඉතා විශාල කාසිපුරය සත්වරක් දරණයෙන් වෙලා ගන්නෙමි. එය විශාල වූ පෙණයෙන් වසාගෙන ඒකාන්ධකාර කොට කාසීපුර වැසියන් බියගන්වා ‘සුසූ’ යන ශබ්දය නිකුත් කරන්නෙමි.
අථ සබ්බෙ නාගා තථා අකංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
නාගයෝ එසේ කළහ. මේ කාරණය ප්‍රකාශ කරමින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළහ;
“තස්ස තං වචනං සුත්වා, උරගානෙකවණ්ණිනො; බාරාණසිං පවජ්ජිංසු, න ච කඤ්චි විහෙඨයුං.
ඔහුගේ ඒ වචනය අසා නොයෙක් වර්ණයෙන් යුත් නාගයෝ බරණැසට ළඟාවූහ. කිසිවකුටත් හිංසා නොකළහ.
“නිවෙසනෙසු සොබ්භෙසු, රථියා චච්චරෙසු ච; රුක්ඛග්ගෙසු ච ලම්බිංසු, විතතා තොරණෙසු ච.
නිවෙස්වලත් පොකුණුවලත් රථවලත් වැසිකිලිවලත් ගස්අගත් තොරණවලත් පළල් වූ ශරීර ඇතිව එල්ලීගත්හ.
“තෙසු දිස්වාන ලම්බන්තෙ, පුථූ කන්දිංසු නාරියො; නාගෙ සොණ්ඩිකතෙ දිස්වා, පස්සසන්තෙ මුහුං මුහුං.
කරන ලද පෙණ ඇතිව වරින්වර ප්‍රශ්වාස කරමින් එල්ලී සිටින්නා වූ විශාල නාගයන් බලා කාන්තාවෝ විලාප දුන්හ.
“බාරාණසී පබ්යථිතා, ආතුරා සමපජ්ජථ; බාහා පග්ගය්හ පක්කන්දුං, ධීතරං දෙහි රාජිනො”ති.
[missing trans]
තත්ථ අනෙකවණ්ණිනොති නීලාදිවසෙන අනෙකවණ්ණා. එවරූපානි හි තෙ රූපානි මාපයිංසු. පවජ්ජිංසූති අඩ්ඪරත්තසමයෙ පවිසිංසු. ලම්බිංසූති ධතරට්ඨෙන වුත්තනියාමෙනෙව තෙ සබ්බෙසු ඨානෙසු මනුස්සානං සඤ්චාරං පච්ඡින්දිත්වා ඔලම්බිංසු. දූතා හුත්වා ආගතා පන චත්තාරො නාගමාණවකා රඤො සයනස්ස චත්තාරො පාදෙ පරික්ඛිපිත්වා උපරිසීසෙ මහන්තෙ ඵණෙ කත්වා තුණ්ඩෙහි සීසං පහරන්තා විය දාඨා විවරිත්වා පස්සසන්තා අට්ඨංසු. ධතරට්ඨොපි අත්තනා වුත්තනියාමෙන නගරං පටිච්ඡාදෙසි. පබුජ්ඣමානා පුරිසා යතො යතො හත්ථං වා පාදං වා පසාරෙන්ති, තත්ථ තත්ථ සප්පෙ ඡුපිත්වා “සප්පො, සප්පො”ති විරවන්ති. පුථූ කන්දිංසූති යෙසු ගෙහෙසු දීපා ජලන්ති, තෙසු ඉත්ථියො පබුද්ධා ද්වාරතොරණගොපානසියො ඔලොකෙත්වා ඔලම්බන්තෙ නාගෙ දිස්වා බහූ එකප්පහාරෙනෙව කන්දිංසු. එවං සකලනගරං එකකොලාහලං අහොසි. සොණ්ඩිකතෙති කතඵණෙ.
එහි නෙකවණ්ණිනො යනු නිල් ආදී වූ නොයෙක් වර්ණයෙන් යුත් රූපයන් මැවූ හ. පවජ්ජිංසු යනු මැදියම් රැයෙහි පිවිසියාහ. ලම්බිංසු යනු ධෘතරාෂ්ට්‍ර විසින් කියන ලද ආකාරයෙන්ම සියල්ලෝම ඒ ඒ තැන්වල මිනිසුන්ට සක්මන්කළ නොහැකි ලෙස එල්ලීගත්හ. දූතයන් ලෙස පැමිණි නාග මානවකයන් සතරදෙනා රජුගේ සයනයෙහි පා සතර වටකර හිසමත්තේ විශාල පෙණ මවාගෙන තුඩින් හිසට පහරදෙමින් දත් පෙන්වමින් සිටියාහ. ධෘතරාෂ්ට්‍ර ද තමා විසින් කියන ලද පරිද්දෙන්ම නගරය වසාගෙන සිටියේය. පිබිදුනා වූ පුරුෂයෝ යම් යම් පැත්තකට අත් හෝ පා හෝ දිගුකරන්නාහු ද ඒ ඒ තැන සර්පයන් ස්පර්ශ වී සර්පයෙක් සර්පයෙක් කියා හඬනැගූහ. යම් ඒ ගෙවල්වල පහන් දැල්වේද ඒවායේ කාන්තාවෝ පිබිදී වහලේ ගොනැස්ස බලා එල්ලී සිටින නාගයන් බලා එකම ආකාරයෙන් විලාප දුන්හ. මෙසේ මුළු නගරයම එකම රාවයකින් යුක්ත විය. සොණ්ඩිකකෙ යනු කරන ලද පෙණ ඇති.
පක්කන්දුන්ති විභාතාය රත්තියා නාගානං අස්සාසවාතෙන සකලනගරෙ රාජනිවෙසනෙ ච උප්පාතියමානෙ විය භීතා මනුස්සා “නාගරාජානො කිස්ස නො විහෙඨථා”ති වත්වා තුම්හාකං රාජා “ධීතරං දස්සාමී”ති ධතරට්ඨස්ස දූතං පෙසෙත්වා පුන තස්ස දූතෙහි ආගන්ත්වා “දෙහී”ති වුත්තො අම්හාකං රාජානං අක්කොසති පරිභාසති. “සචෙ අම්හාකං රඤ්ඤො ධීතරං න දස්සති, සකලනගරස්ස ජීවිතං නත්ථී”ති වුත්තෙ “තෙන හි නො , සාමි, ඔකාසං දෙථ, මයං ගන්ත්වා රාජානං යාචිස්සාමා”ති යාචන්තා ඔකාසං ලභිත්වා රාජද්වාරං ගන්ත්වා මහන්තෙන රවෙන පක්කන්තිංසු. භරියායොපිස්ස අත්තනො අත්තනො ගබ්භෙසු නිපන්නකාව “දෙව, ධීතරං ධතරට්ඨරඤ්ඤො දෙහී”ති එකප්පහාරෙන කන්දිංසු. තෙපි චත්තාරො නාගමාණවකා “දෙහී”ති තුණ්හෙහි සීසං පහරන්තා විය දාඨා විවරිත්වා පස්සසන්තා අට්ඨංසු.
පක්කන්දුං යනු රෑ පහන් වූ කල්හි නාගයන්ගේ ආශ්වාස වාතයෙන් මුළු නගරයත් රජමැදුරත් ඉගිලෙන්නාක් මෙන් බියට පත්වූ මහාජනයා කුමක් නිසා අපට පීඩා කරන්නේදැයි කියා, ඔබලාගේ රජතුමා දුවණියට දෙන්නේ යැයි ධෘතරාෂ්ට්‍ර රජුට දූතයන් යවා පසුව දූතයන් පැමිණ දුවව දෙන්නයැයි ඉල්ලූ කල්හි අපගේ රජතුමාට බැන වැදුනේය. පරිභව කෙළේය. ඉදින් අපගේ රජතුමාට දියණියව දෙන්නේ නම් මුදාහරින්නෙමු. ඉදින් නොදෙන්නේ නම් සියළු නගරවාසීන්ගේ ජීවිත නැතිවෙයි යැයි කී කල්හි, එසේනම් අපට කන්දෙන්න. අපි ගොස් රජුගෙන් ඉල්ලා සිටින්නෙමු යැයි ඉල්ලාසිටිය ජනයා කල් ලබාගෙන රජගෙදර දොරටුව අසලට ගොස් මහ හඬකින් වැළපුනාහ. භාර්යාවෝ ද තම තමන්ගේ නිවෙස්වල හිඳගෙන ධෘතරාෂ්ට්‍ර රජුට දුව දෙන්නයැයි එක්හඬින් ඝෝෂා කළහ. නාග මානවකයන් සතර දෙනා ද දෙන්න දෙන්න යැයි කියමින් තුඩෙන් හිසට පහරදෙමින් සිටියාහ.
සො නිපන්නකොව නගරවාසීනඤ්ච අත්තනො ච භරියානං පරිදෙවිතසද්දං සුත්වා චතූහි ච නාගමාණවකෙහි තජ්ජිතත්තා මරණභයභීතො “මම ධීතරං සමුද්දජං ධතරට්ඨස්ස දම්මී”ති තික්ඛත්තුං අවච. තං සුත්වා සබ්බෙපි නාගරාජානො තිගාවුතමත්තං පටික්කමිත්වා දෙවනගරං විය එකං නගරං මාපෙත්වා තත්ථ ඨිතා “ධීතරං කිර නො පෙසෙතූ”ති පණ්ණාකාරං පහිණිංසු. රාජා තෙහි ආභතං පණ්ණාකාරං ගහෙත්වා “තුම්හෙ ගච්ඡථ, අහං ධීතරං අමච්චානං හත්ථෙ පහිණිස්සාමී”ති තෙ උය්යොජෙත්වා ධීතරං පක්කොසාපෙත්වා උපරිපාසාදං ආරොපෙත්වා සීහපඤ්ජරං විවරිත්වා “අම්ම, පස්සෙතං අලඞ්කතනගරං, ත්වං එත්ථ එතස්ස රඤ්ඤො අග්ගමහෙසී භවිස්සසි, න දූරෙ ඉතො තං නගරං, උක්කණ්ඨිතකාලෙයෙව ඉධ ආගන්තුං සක්කා, එත්ථ ගන්තබ්බ”න්ති සඤ්ඤාපෙත්වා සීසං න්හාපෙත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කරිත්වා පටිච්ඡන්නයොග්ගෙ නිසීදාපෙත්වා අමච්චානං හත්ථෙ දත්වා පාහෙසි. නාගරාජානො පච්චුග්ගමනං කත්වා මහාසක්කාරං කරිංසු. අමච්චා නගරං පවිසිත්වා තං තස්ස දත්වා බහුං ධනං ආදාය නිවත්තිංසු. තෙ රාජධීතරං පාසාදං ආරොපෙත්වා අලඞ්කතදිබ්බසයනෙ නිපජ්ජාපෙසුං. තඞ්ඛණඤ්ඤෙව නං නාගමාණවිකා ඛුජ්ජාදිවෙසං ගහෙත්වා මනුස්සපරිචාරිකා විය පරිවාරයිංසු. සා දිබ්බසයනෙ නිපන්නමත්තාව දිබ්බඵස්සං ඵුසිත්වා නිද්දං ඔක්කමි.
ඔහු (රජු) හුන්නේම නගරවැසි ජනයාගෙත්, තම භාර්යාවන්ගේත් විලාපය අසා නාග මානවකයන් සතරදෙනා විසින් තර්ජනය කළ බැවින් මරණ බියෙන් බිය වූයේ මම දුව සමුජ්ජාව ධෘතරාෂ්ට්‍ර රජුට දෙන්නෙමියි තුන්වරක් කීවේය. ඒ අසා සියළු නාගරාජයෝ ගව්වක් පමණ පස්සට ගොස් දිව්‍ය නගරයක් මවා එහි සිටියාහු දුවණියව එවව් යැයි පණිවිඩ යැවූහ. රජතුමා ඔවුන් විසින් ගෙනෙන ලද පණිවිඩය භාරගෙන තෙපි යව්. මම ඇමතිවරුන් සමග දුවණියව එවන්නෙමියි කීය. ඔවුන් පිටත්කර යවා ප්‍රසාදයේ ඉහළ මාලයට ගොස් සීමැදුරු කවුළුව විවෘත කර දරුව, මේ අලංකාර නගරය බලන්න. ඔබ වනාහි මෙහි මේ රජුගේ අගබිසව වන්නෙහිය. නගරය ඈතක නොවේ. කලකිරුණු අවස්ථාවක එන්නට හැකිය. මෙහි ඔබ යා යුතුයැයි නියෝගකර ජලය නහවා සියළු අලංකාරවලින් සරසා ආවරණය කළ රථයක හිඳුවා ඇමතිවරුන්ට භාරදී පිටත්කර හැරියේය. නාරජවරු පෙරගමන්කොට බොහෝ සත්කාර කළහ. ඇමතිවරු නගරයට පිවිස ඇයව ඔහුට භාරදී බොහෝ ධනය රැගෙන නතර වූහ. රාජ දුවණියව ප්‍රාසාදයට නංවා සරසන ලද දිව්‍යමය සයනයෙහි හොවන ලදී. එකෙණෙහිම ඇයව නාග මානවිකාවෝ කුදු ආදී වෙස්ගෙන මිනිස් සේවිකාවන් මෙන් පිරිවරා ගත්හ. ඇය දිව්‍යමය යහනාවේ වැතිරුණා පමණි. දිව්‍යමය ස්පර්ශය ලැබ නින්දට වැටුනාය.
ධතරට්ඨො තං ගහෙත්වා සද්ධිං නාගපරිසාය තත්ථ අන්තරහිතො නාගභවනෙයෙව පාතුරහොසි. රාජධීතා පබුජ්ඣිත්වා අලඞ්කතදිබ්බසයනං අඤ්ඤෙ ච සුවණ්ණපාසාදමණිපාසාදාදයො උය්යානපොක්ඛරණියො අලඞ්කතදෙවනගරං විය නාගභවනං දිස්වා ඛුජ්ජාදිපරිචාරිකායො පුච්ඡි “ඉදං නගරං අතිවිය අලඞ්කතං, න අම්හාකං නගරං විය, කස්සෙත”න්ති. “සාමිකස්ස තෙ සන්තකං, දෙවි, න අප්පපුඤ්ඤා එවරූපං සම්පත්තිං ලභන්ති, මහාපුඤ්ඤතාය තෙ අයං ලද්ධා”ති. ධතරට්ඨොපි පඤ්චයොජනසතිකෙ නාගභවනෙ භෙරිං චරාපෙසි “යො සමුද්දජාය සප්පවණ්ණං දස්සෙති, තස්ස රාජදණ්ඩො භවිස්සතී”ති. තස්මා එකොපි තස්සා සප්පවණ්ණං දස්සෙතුං සමත්ථො නාම නාහොසි. සා මනුස්සලොකසඤ්ඤාය එව තත්ථ තෙන සද්ධිං සම්මොදමානා පියසංවාසං වසි.
ධෘතරාෂ්ට්‍ර තෙමේ ඇයව ගෙන නාග පිරිස සමගින් එයින් අතුරුදන් වී නාගභවනයෙහි පහළවිය. රාජදියණිය පිබිද සරසන ලද දිව්‍යමය සයනය ද අනිකුත් ස්වර්ණ, මණිමය වූ ප්‍රාසාද ආදියද උයන් පොකුණු ආදියද අලංකෘත දිව්‍ය පුරයක් වැනි නාගභවනය දැක කුදු පරිචාරිකාවන්ගෙන් ඇසුවාය. මේ නගරය අතිශයින් සිත්කළුය. අපගේ නගරය මෙන් නොවේ. මෙය කාගේද? දේවීන් වහන්ස! ඔබගේ ස්වාමියා සතුය. අල්ප වූ පින් ඇත්තෝ මෙබඳු සම්පත්තියක් නොලබත්. ඔබට මෙය මහා පිනකින් ලැබුනේය. ධෘතරාෂ්ට්‍ර තෙමේද පන්සියයක් යොදුන් නාගභවනයෙහි බෙර හැසිරවීය. යමෙක් සමුද්දරා දේවියට සර්ප ස්වභාවය පෙන්වන්නේ ද ඔහුට රාජාඥාව වන්නේ ය. ඒ නිසා ඒ කිසිවෙක් ඇයට සර්ප ස්වරූපය පෙන්වන්නට අසමත් විය. ඕ තොමෝ මනුෂ්‍යලෝකය යන හැඟීමෙන් එහි ඔහු සමග සතුටුවෙමින් එකට ජීවත් වූවාය.
නගරකණ්ඩං නිට්ඨිතං.
නගර කොටස නිමි.
උපොසථකණ්ඩං
සා අපරභාගෙ ධතරට්ඨං පටිච්ච ගබ්භං පටිලභිත්වා පුත්තං විජායි, තස්ස පියදස්සනත්තා “සුදස්සනො”ති නාමං කරිංසු. පුනාපරං පුත්තං විජායි, තස්ස “දත්තො”ති නාමං අකංසු. සො පන බොධිසත්තො. පුනෙකං පුත්තං විජායි, තස්ස “සුභොගො”ති නාමං කරිංසු. අපරම්පි පුත්තං විජායි, තස්ස “අරිට්ඨො”ති නාමං කරිංසු. ඉති සා චත්තාරො පුත්තෙ විජායිත්වාපි නාගභවනභාවං න ජානාති. අථෙකදිවසං තරුණනාගා අරිට්ඨස්ස ආචික්ඛිංසු “තව මාතා මනුස්සිත්ථී, න නාගිනී”ති. අරිට්ඨො “වීමංසිස්සාමි න”න්ති එකදිවසං ථනං පිවන්තොව සප්පසරීරං මාපෙත්වා නඞ්ගුට්ඨඛණ්ඩෙන මාතු පිට්ඨිපාදෙ ඝට්ටෙසි. සා තස්ස සප්පසරීරං දිස්වා භීතතසිතා මහාරවං රවිත්වා තං භූමියං ඛිපන්තී නඛෙන තස්ස අක්ඛිං භින්දි. තතො ලොහිතං පග්ඝරි. රාජා තස්සා සද්දං සුත්වා “කිස්සෙසා විරවතී”ති පුච්ඡිත්වා අරිට්ඨෙන කතකිරියං සුත්වා “ගණ්හථ, නං දාසං ගහෙත්වා ජීවිතක්ඛයං පාපෙථා”ති තජ්ජෙන්තො ආගච්ඡි. රාජධීතා තස්ස කුද්ධභාවං ඤත්වා පුත්තසිනෙහෙන “දෙව, පුත්තස්ස මෙ අක්ඛි භින්නං, ඛමථෙතස්සාපරාධ”න්ති ආහ. රාජා එතාය එවං වදන්තියා “කිං සක්කා කාතු”න්ති ඛමි. තං දිවසං සා “ඉදං නාගභවන”න්ති අඤ්ඤාසි. තතො ච පට්ඨාය අරිට්ඨො කාණාරිට්ඨො නාම ජාතො. චත්තාරොපි පුත්තා විඤ්ඤුතං පාපුණිංසු.
ඕතොමෝ පසුකලෙක ධෘතරාෂ්ට්‍ර නිසා ගැබ්ගෙන පුතකු ප්‍රසූත කළාය. දැකුම්කළු ස්වභාව ඇති බැවින් ඔහුට සුදස්සන යැයි නම් කළහ. පසුව තවත් පුතකු වැදුවාය. ඔහුට දත්ත යැයි නම්කළහ. ඔහු වනාහි බෝධිසත්ත්වයෙකි. නැවත තවත් දරුවකු ප්‍රසූත කළාය. ඔහුට ‘සුභග’ යැයි නම් කළහ. තව දරුවකු වැදුවාය. ඔහුට අරිට්ඨ යැයි නම් කළහ. මෙසේ ඇය දරුවන් සතර දෙනෙකු ජනිත කළත් නාගභවනයක් බව නොදත්තාය. එක්දිනක් අරිට්ඨ හට මෙසේ කීහ. ඔබගේ මව මනුෂ්‍ය කාන්තාවකි. නාගිනියක් නොවේ. අරිට්ඨ තෙමේ එක්දිනක් ඇයව පරීක්ෂා කරන්නේ තනයෙහි කිරි බොමින්ම සර්ප ශරීරයක් මවා වලිගය අගින් මවගේ පිටිපතුල ස්පර්ශ කෙළේය. ඇය ඔහුගේ සර්ප ශරීරය දැක භයින් තැති ගත්තී මහා හඬින් හඬා ඔහුව බිම තබන්න නියෙන් ඔහුගේ ඇස සිදුරු කළාය. එයින් ලේ වැගිරුනේය. රජු ඇගේ හඬ අසා කුමක් නිසා මැය හඬ නගන්නීදැයි විචාරා, අරිට්ඨ විසින් කරන ලද ක්‍රියාව නිසායැයි අසා, ඒ දාසයාව ගෙන මරා දමව්යැයි තර්ජනය කරමින් ආවේය. රාජදේවිය ඔහු කිපුණු බව දැනගෙන දරු ස්නේහයෙන්, දේවයන් වහන්ස, මාගේ පුත්‍රයාගේ ඇස බිඳී ගියේය. පුත්‍ර ස්නේහයෙන් ඔහුට ක්ෂමාව දෙන්න. රජ තෙමේ මැය මෙසේ කියද්දී කුමක් කරන්ටද? ක්ෂමාව දෙමි. ඇය එම දවසේ මේ නාග භවනයක් යැයි දැනගත්තාය. එතැන් පටන් අරිට්ඨ ද අන්ධ අරිට්ඨ යැයි ප්‍රසිද්ධ විය. දරුවන් සතරදෙනා ද වැඩිවියට පත්වූහ.
අථ නෙසං පිතා යොජනසතිකං යොජනසතිකං කත්වා රජ්ජමදාසි, මහන්තො යසො අහොසි. සොළස සොළස නාගකඤ්ඤාසහස්සානි පරිවාරයිංසු. පිතු එකයොජනසතිකමෙව රජ්ජං අහොසි. තයො පුත්තා මාසෙ මාසෙ මාතාපිතරො පස්සිතුං ආගච්ඡන්ති, බොධිසත්තො පන අන්වද්ධමාසං ආගච්ඡති. නාගභවනෙ සමුට්ඨිතං පඤ්හං බොධිසත්තොව කථෙති. පිතරා සද්ධිං විරූපක්ඛමහාරාජස්සපි උපට්ඨානං ගච්ඡති, තස්ස සන්තිකෙ සමුට්ඨිතං පඤ්හම්පි සොව කථෙති. අථෙකදිවසං විරූපක්ඛෙ නාගපරිසාය සද්ධිං තිදසපුරං ගන්ත්වා සක්කං පරිවාරෙත්වා නිසින්නෙ දෙවානං අන්තරෙ පඤ්හො සමුට්ඨාසි. තං කොචි කථෙතුං නාසක්ඛි, පල්ලඞ්කවරගතො පන හුත්වා මහාසත්තොව කථෙසි. අථ නං දෙවරාජා දිබ්බගන්ධපුප්ඵෙහි පූජෙත්වා “දත්ත, ත්වං පථවිසමාය විපුලාය පඤ්ඤාය සමන්නාගතො, ඉතො පට්ඨාය භූරිදත්තො නාම හොහී”ති “භූරිදත්තො” තිස්ස නාමං අකාසි. සො තතො පට්ඨාය සක්කස්ස උපට්ඨානං ගච්ඡන්තො අලඞ්කතවෙජයන්තපාසාදං දෙවච්ඡරාහි ආකිණ්ණං අතිමනොහරං සක්කස්ස සම්පත්තිං දිස්වා දෙවලොකෙ පියං කත්වා “කිං මෙ ඉමිනා මණ්ඩූකභක්ඛෙන අත්තභාවෙන, නාගභවනං ගන්ත්වා උපොසථවාසං වසිත්වා ඉමස්මිං දෙවලොකෙ උප්පත්තිකාරණං කරිස්සාමී”ති චින්තෙත්වා නාගභවනං ගන්ත්වා මාතාපිතරො ආපුච්ඡි “අම්මතාතා, අහං උපොසථකම්මං කරිස්සාමී”ති. “සාධු, තාත, කරොහි, කරොන්තො පන බහි අගන්ත්වා ඉමස්මිඤ්ඤෙව නාගභවනෙ එකස්මිං සුඤ්ඤවිමානෙ කරොහි, බහිගතානං පන නාගානං මහන්තං භය”න්ති.
ඉක්බිති පියා ඔවුන්ට යොදුන් සියය බැගින් වෙන්කර රාජ්‍යය දුන්නේය. මහත් වූ සැප සම්පත් විය. දාසය දාහ බැගින් නාගකන්‍යාවෝ පිරිවර සිටියහ. පියාට යොදුන් එක්සියයක් වූ රාජ්‍යය විය. පුත්‍රයෝ තුන්දෙනා මාසයක් පාසා මව්පියන් දකින්නට පැමිණෙත්. බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි අඩමසකට වරක් එයි. නාගභවනයෙහි හටගන්නා වූ ප්‍රශ්න බෝධිසත්ත්වයන් වහන්සේට කියයි. පියා සමග විරූපාක්ෂ මහරජතුමාට උපස්ථාන පිණිස යයි ඔහුගේ සමීපයේ හටගන්නා ප්‍රශ්නද ඔහු කීය. ඉක්බිති එක් දිනක් විරූපාක්ෂ නාග පිරිසත් සමග දෙව්ලොව ගොස් ශක්‍රයා පිරිවරා හුන් කල්හි දෙවියන් අතර ප්‍රශ්නයක් පැන නැග්ගේය. කිසිවෙක් එය කියන්නට සමත්වූයේ නැත. බෝධිසත්ත්වයන් වහන්සේට පළඟක් බැඳ සිටියේ කීවේය. ඉක්බිති ශක්‍රයා ඔහුව දිව්‍යමය සුවඳින් හා මලින් පුදා දත්තය! ඔබ මහපොළව හා සමාන මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය. මෙතැන් පටන් ඔබ ‘භූරිදත්ත’ නම් වන්නේ යැයි නම් කළේය. ඔහු එතැන් පටන් ශක්‍ර දේවේන්ද්රයාට උපස්ථාන පිණිස යන්නේ අලංකාර වෛජයන්ත ප්‍රසාදය, අතිමනෝහර දේව අප්සරාවනුත් දැක දෙව්ලොව පිළිබඳ ආසා උපදවා, මේ මැඩියන් අනුභව කරන ආත්මභාවයෙන් කවර වැඩක්දැයි නාගභවනයට ගොස් උපෝසථ සිල් සමාදන්ව වාසයකොට, මේ දෙව්ලොව ඉපදීමට කටයුතු කරන්නෙමියි සිතා නාගභවනයට ගොස් මව්පියගෙන් විමසීය. මව්පියනි, මම උපෝසථය රකින්නෙමි. යහපති, දරුව කරත්ත. එසේ කරන්නහු වනාහි පිටත නොගොස් මේ නාගභවනයෙහිම එක් හිස් විමානයක කරන්න. පිටත ගියා වූ නාගයන්ට මහත් බියක් ඇතිවෙයි.
සො “සාධූ”ති පටිස්සුණිත්වා තත්ථෙව සුඤ්ඤවිමානෙ රාජුය්යානෙ උපොසථවාසං වසති. අථ නං නානාතූරියහත්ථා නාගකඤ්ඤා පරිවාරෙන්ති. සො “න මය්හං ඉධ වසන්තස්ස උපොසථකම්මං මත්ථකං පාපුණිස්සති, මනුස්සපථං ගන්ත්වා කරිස්සාමී”ති චින්තෙත්වා නිවාරණභයෙන මාතාපිතූනං අනාරොචෙත්වා අත්තනො භරියායො ආමන්තෙත්වා “භද්දෙ, අහං මනුස්සලොකං ගන්ත්වා යමුනාතීරෙ නිග්රොධරුක්ඛො අත්ථි, තස්සාවිදූරෙ වම්මිකමත්ථකෙ භොගෙ ආභුජිත්වා චතුරඞ්ගසමන්නාගතං උපොසථං අධිට්ඨාය නිපජ්ජිත්වා උපොසථකම්මං කරිස්සාමි. මයා සබ්බරත්තිං නිපජ්ජිත්වා උපොසථකම්මෙ කතෙ අරුණුග්ගමනවෙලායමෙව තුම්හෙ දස දස ඉත්ථියො ආදාය වාරෙන වාරෙන තූරියහත්ථා මම සන්තිකං ආගන්ත්වා මං ගන්ධෙහි ච පුප්ඵෙහි ච පූජෙත්වා ගායිත්වා නච්චිත්වා මං ආදාය නාගභවනමෙව ආගච්ඡථා”ති වත්වා තත්ථ ගන්ත්වා වම්මිකමත්ථකෙ භොගෙ ආභුජිත්වා “යො මම චම්මං වා න්හාරුං වා අට්ඨිං වා රුහිරං වා ඉච්ඡති, සො ආහරතූ”ති චතුරඞ්ගසමන්නාගතං උපොසථං අධිට්ඨාය නඞ්ගලසීසප්පමාණං සරීරං මාපෙත්වා නිපන්නො උපොසථකම්මමකාසි. අරුණෙ උට්ඨහන්තෙයෙව තං නාගමාණවිකා ආගන්ත්වා යථානුසිට්ඨං පටිපජ්ජිත්වා නාගභවනං ආනෙන්ති. තස්ස ඉමිනා නියාමෙන උපොසථං කරොන්තස්ස දීඝො අද්ධා වීතිවත්තො.
ඔහු එසේයැයි පිළිතුරු දී එහිම හිස් විමානයක ආරාම උයන්වල පෙහෙවස් රකියි. ඉක්බිති නොයෙක් තූර්ය භාණ්ඩ ගත් අත් ඇති නාග කන්‍යාවෝ ඔහු පිරිවරා සිටිත්. ඔහු, මෙහි වසන්නා වූ මම උපෝසථය නිසිලෙස රකින්නට සමත් නොවෙමි. මිනිස් වාසයට ගොස් පෙහෙවස් රැකීම කරන්නෙමියි සිතා වලක්වාවියැයි යන බිය නිසා මව්පියන්ට නොදන්වා තමන්ගේ භාර්යාවරුන් අමතා සොඳුරියනි, මම මිනිස්ලොවට ගොස්, යමුනා ගංතෙර මහානිග්රෝධ වෘක්ෂයක් ඇත. එයට නුදුරෙන් ඇති තුඹස මත්තේ දරණ වෙළාගෙන අංග සතරකින් යුත් උපෝසථය අධිෂ්ඨාන කරගෙන වැදහෙව උපෝසථය රකින්නෙමි. මා විසින් මුළු රාත්‍රියම උපෝසථකර්මය කළ කල්හි අරුණ නැග එන වේලෙහි දසදෙනා බැගින් වරින්වර තූර්ය භාණ්ඩ ගත් අත් ඇතිව මා සමීපයට අවුත් මා සුවඳමල් ආදියෙන් පුදා ගායනාකොට තමා, මා රැගෙන නාගභවනයට ම එත්වා’යි කියා එහි ගොස් තුඹස මත්තෙහි දරණ ඔතාගෙන යමෙක් මාගේ සම හෝ නහර හෝ ඇට හෝ ලේ හෝ කැමැති වේද ඔහු ගනීවායි සතර වැදෑරුම් උපෝසථය අධිෂ්ඨානකොට නඟුල් හිස පමණ වූ සිරුරක් මවාගෙන හුන්නේ උපෝසථය රැක්කේය. අරුණ නැගි එනවිටම නාගමානවිකාවෝ අවුත් කියන ලද අයුරු පිළිපැද නාග භවනයට ගෙන එත්. මේ ආකාරයට උපෝසථය කරන්නා වූ ඔහුට බොහෝ කලක් ගතවිය.
උපොසථඛණ්ඩං නිට්ඨිතං.