යෙදුමෙන් කියවන්න

ගරුළඛණ‍්ඩං අට‍්ඨකථා

ගරුළඛණ‍්ඩං

වන ප්‍රවේශ කාණ්ඩය

තදා එකො බාරාණසිද‍්වාරගාමවාසී බ්‍රාහ‍්මණො සොමදත‍්තෙන නාම පුත‍්තෙන සද‍්ධිං අරඤ‍්ඤං ගන‍්ත්‍වා සූලයන‍්තපාසවාගුරාදීහි ඔඩ‍්ඩෙත්‍වා මිගෙ වධිත්‍වා මංසං කාජෙනාහරිත්‍වා වික‍්කිණන‍්තො ජීවිකං කප‍්පෙසි. සො එකදිවසං අන‍්තමසො ගොධාමත‍්තම‍්පි අලභිත්‍වා “තාත සොමදත‍්ත, සචෙ තුච‍්ඡහත්‍ථා ගමිස‍්සාම, මාතා තෙ කුජ‍්ඣිස‍්සති, යං කිඤ‍්චි ගහෙත්‍වා ගමිස‍්සාමා”ති වත්‍වා බොධිසත‍්තස‍්ස නිපන‍්නවම‍්මිකට‍්ඨානාභිමුඛො ගන‍්ත්‍වා පානීයං පාතුං යමුනං ඔතරන‍්තානං මිගානං පදවලඤ‍්ජං දිස‍්වා “තාත, මිගමග‍්ගො පඤ‍්ඤායති, ත්‍වං පටික‍්කමිත්‍වා තිට‍්ඨාහි, අහං පානීයත්‍ථාය ආගතං මිගං විජ‍්ඣිස‍්සාමී”ති ධනුං ආදාය මිගං ඔලොකෙන‍්තො එකස‍්මිං රුක‍්ඛමූලෙ අට‍්ඨාසි. අථෙකො මිගො සායන‍්හසමයෙ පානීයං පාතුං ආගතො. සො තං විජ‍්ඣි. මිගො තත්‍ථ අපතිත්‍වා සරවෙගෙන තජ‍්ජිතො ලොහිතෙන පග‍්ඝරන‍්තෙන පලායි. පිතාපුත‍්තා නං අනුබන්‍ධිත්‍වා පතිතට‍්ඨානෙ මංසං ගහෙත්‍වා අරඤ‍්ඤා නික‍්ඛමිත්‍වා සූරියත්‍ථඞ‍්ගමනවෙලාය තං නිග්‍රොධං පත්‍වා “ඉදානි අකාලො, න සක‍්කා ගන‍්තුං, ඉධෙව වසිස‍්සාමා”ති මංසං එකමන‍්තෙ ඨපෙත්‍වා රුක‍්ඛං ආරුය‍්හ විටපන‍්තරෙ නිපජ‍්ජිංසු. බ්‍රාහ‍්මණො පච‍්චූසසමයෙ පබුජ‍්ඣිත්‍වා මිගසද‍්දසවනාය සොතං ඔදහි.

එකල්හි බරණැස් නගර ද්වාරය අසල ගම්වැසි එක් බ්‍රාහ්මණයෙක් ‘සෝමදත්ත’ නම් පුත්‍රයා සමග වනයට ගොස් උල් මුගුරු හා උගුල් අටවා සතුන් මරා මස් කදකින් ගෙන අවුත් විකුණා ජීවිකාව කරයි. ඔහු එක්දිනක් අඩු තරමින් තලගොයි පැටවකු පමණවත් නො ලබා සෝමදත්ත පුත! ඉදින් හිස් අතින් ගෙදර ගියහොත් මව ඔබට කිපෙන්නීය. ඒ නිසා යමක් අරගෙනම යමුයැයි බෝසතුන් වැදහෙව සිටිය තුඹස දෙසට ගොස් ජලය බීමට යමුනා ගඟට බසින්නා වූ මෘගයන්ගේ පා සළකුණු දැක දරුව, වනසතුන් යන මාර්ගය පෙනෙයි. නුඹ සැඟවී සිටින්න. මම වතුරබීමට ආ සතකුට විදින්නෙමියි දුන්න ගෙන සතුන් දෙස බලමින් එක් ගසක් මුල හුන්නේය. ඉක්බිති එක් මුවෙක් සවස්වේලෙහි ජලය බීමට ආවේය. ඔහු ඒ මුවාට විද්දේය. මුවා එහි නොවැටී ඊතල වේගයට බියවූයේ ලේ පෙරමින් පලාගියේය. පියපුතු දෙදෙනා ඒ මුවාව ලුහුබැඳ ගොස් වැටුනු තැන මස් කරගෙන වනයෙන් පිටවන්නාහු ඉර බැස යන වේලෙහි ඒ නුගගස ළඟට පැමිණ දැන් යන්නට වෙලාවක් නැත. මෙහිම නතරවන්නෙමි යි මස් එක් පැත්තක තබා ගසට නැග අතු අතරෙහි හොත්තාහ. බමුණා අලුයම පිබිද සතුන්ගේ හඬ ඇසීමට කන් යොමුකරගෙන සිටියේය.

තස‍්මිං ඛණෙ නාගමාණවිකායො ආගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙසුං. සො අහිසරීරං අන‍්තරධාපෙත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං දිබ‍්බසරීරං මාපෙත්‍වා සක‍්කලීලාය පුප‍්ඵාසනෙ නිසීදි. නාගමාණවිකාපි නං ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා දිබ‍්බතූරියානි වාදෙත්‍වා නච‍්චගීතං පට‍්ඨපෙසුං. බ්‍රාහ‍්මණො තං සද‍්දං සුත්‍වා “කො නු ඛො එස, ජානිස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා “පුත‍්ත, පුත‍්තා”ති වත්‍වාපි පුත‍්තං පබොධෙතුං අසක‍්කොන‍්තො “සයතු එස, කිලන‍්තො භවිස‍්සති, අහමෙව ගමිස‍්සාමී”ති රුක‍්ඛා ඔරුය‍්හ තස‍්ස සන‍්තිකං අගමාසි. නාගමාණවිකා තං දිස‍්වා සද‍්ධිං තූරියෙහි භූමියං නිමුජ‍්ජිත්‍වා අත‍්තනො නාගභවනමෙව ගතා. බොධිසත‍්තො එකකොව අහොසි. බ්‍රාහ‍්මණො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡන‍්තො ගාථාද‍්වයමාහ –

ඒ මොහොතෙහි නාග මානවිකාවියෝ අවුත් බෝසතාණන්ට මල් අසුනක් පිළියෙල කළහ. ඔහු සර්ප ශරීරය අතුරුදන් කොට සියළු අලංකාරයන්ගෙන් යුත් දිව්‍ය ශරීරයත් මවා ශක්‍රලීලාවෙන් මල්අසුනෙහි වාඩිවිය. නාග මානවිකාවෝ ද ඔහුට ගඳමල් ආදියෙන් පුදා තූර්යවාදන කොට ගී නැටුම් පැවැත්වූහ. බ්‍රාහ්මණයා ඒ ශබ්දය අසා මොහු කවරෙක්දැයි දැන ගන්නෙමියි, පුත්තේ, පුතේ යැයි කී නමුත් පුතාව අවදි කරගත නොහැකිව ඔහු නිදා ගනීවා. මහන්සි ඇති. මම ම යන්නෙමියි ගසෙන් බැස ඔහු සමීපයට ගියේය. නාගමානවිකාවෝ ඔහු දැක තූර්ය භාණ්ඩ සමගම පොළොවෙහි කිමිද නාග භවනයට ම ගියාහ. බෝධිසත්ත්වයන් වහන්සේ හුදකලාව විය. බ්‍රාහ්මණයා ඔහු සමීපයේ සිට විචාරන්නේ මේ ගාථා දෙක ප්‍රකාශ කළේය.

“පුප‍්ඵාභිහාරස‍්ස වනස‍්ස මජ‍්ඣෙ, කො ලොහිතක‍්ඛො විතතන‍්තරංසො; කා කම‍්බුකායූරධරා සුවත්‍ථා, තිට‍්ඨන‍්ති නාරියො දස වන්‍දමානා.

ගෙනෙන ලද මල් සමූහයක් ඇති මේ වනය මැද රතු ඇස් ඇති විශාල පිටපෙදෙසක් ඇති නුඹ කවරෙක් ද? මනා වස්ත්‍ර ඇඳගත් රන් ආභරණ පැළඳි වඳින්නා වූ ස්ත්‍රීහු සිටිත්.

“කො ත්‍වං බ්‍රහාබාහු වනස‍්ස මජ‍්ඣෙ, විරොචසි ඝතසිත‍්තොව අග‍්ගි; මහෙසක‍්ඛො අඤ‍්ඤතරොසි යක‍්ඛො, උදාහු නාගොසි මහානුභාවො”ති.

වන මැද, විශාල බාහු ඇති, ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් බබලන්නා වූ ඔබ කවරෙක්ද? මහේශාක්‍ය වූ යම්කිසි යක්‍ෂයෙක්ද? නැත්නම් මහානුභාව සම්පන්න නාගයෙක්ද?

තත්‍ථ පුප‍්ඵාභිහාරස‍්සාති බොධිසත‍්තස‍්ස පූජනත්‍ථාය ආභතෙන දිබ‍්බපුප‍්ඵාභිහාරෙන සමන‍්නාගතස‍්ස. කොති කො නාම ත්‍වං. ලොහිතක‍්ඛොති රත‍්තක‍්ඛො. විතතන‍්තරංසොති පුථුලඅන‍්තරංසො. කම‍්බුකායූරධරාති සුවණ‍්ණාලඞ‍්කාරධරා. බ්‍රහාබාහූති මහාබාහු.

එහි පුප්ඵාභිහාරස්ස යනු බෝධිසත්ත්වයන්ට පූජාව සඳහා ගෙනෙන ලද දිව්‍යමය මල් සමූහයෙන් යුක්ත වූ කො යනු නුඹ කවරෙක්ද? ලොහිතක්ඛො රතු ඇස් ඇති විහතන්තරංසො යනු පළල් වූ පිට පෙදෙසක් ඇති කම්බුකායූරධරා යනු ස්වර්ණමය ආභරණ දරණ. බ්‍රහාබාහු යනු විශාල බාහු ඇති.

තං සුත්‍වා මහාසත‍්තො “සචෙපි ‘සක‍්කාදීසු අඤ‍්ඤතරොහමස‍්මී’ති වක‍්ඛාමි, සද‍්දහිස‍්සතෙවායං බ්‍රාහ‍්මණො, අජ‍්ජ පන මයා සච‍්චමෙව කථෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා අත‍්තනො නාගරාජභාවං කථෙන‍්තො ආහ –

ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ ඉදින් වනාහි මම ශක්‍රාදීන් අතරෙහි කෙනෙක් වෙමි යි කියම්ද මේ බ්‍රාහ්මණයා විශ්වාස කරන්නේ ය. අද වනාහි මා විසින් ඇත්තක්ම කිව යුතුයයි සිතා තමන්ගේ නාගරාජ භාවය ප්‍රකාශ කරමින් මෙසේ කීය.

“නාගොහමස‍්මි ඉද‍්ධිමා, තෙජස‍්සී දුරතික‍්කමො; ඩංසෙය්‍යං තෙජසා කුද‍්ධො, ඵීතං ජනපදං අපි.

මම වනාහි තේජස් ඇති කිසිවකු විසිනුත් ඉක්මවා යා නොහැකි සෘද්ධිමත් නාගයෙක් වෙමි. ඉදින් කිපියේ නම් සම්පත් පිරුණු ජනපදය ද දෂ්ට කරන්නෙමි.

“සමුද‍්දජා හි මෙ මාතා, ධතරට‍්ඨො ච මෙ පිතා; සුදස‍්සනකනිට‍්ඨොස‍්මි, භූරිදත‍්තොති මං විදූ”ති.

මගේ මව සමුද්දජා නම් වේ. පියා ධෘතරාෂ්ට්‍රය. මම සුදස්සනගේ කනිෂ්ට සහෝදරයා වෙමි. මට භූරිදත්ත යැයි කියති.

තත්‍ථ තෙජස‍්සීති විසතෙජෙන තෙජවා. දුරතික‍්කමොති අඤ‍්ඤෙන අතික‍්කමිතුං අසක‍්කුණෙය්‍යො. ඩංසෙය්‍යන‍්ති සචාහං කුද‍්ධො ඵීතං ජනපදං අපි ඩංසෙය්‍යං, පථවියං මම දාඨාය පතිතමත‍්තාය සද‍්ධිං පථවියා මම තෙජෙන සො සබ‍්බො ජනපදො භස‍්මා භවෙය්‍යාති වදති. සුදස‍්සනකනිට‍්ඨොස‍්මීති අහං මම භාතු සුදස‍්සනස‍්ස කනිට‍්ඨො අස‍්මි. විදූති එවං මමං පඤ‍්චයොජනසතිකෙ නාගභවනෙ ජානන‍්තීති.

එහි තෙජසී යනු විස තේජසින් තෙදවත් වූ දුරතික්කමො වෙනකකු විසින් යටත් කළ නොහැකි. ඩසෙය්‍යං යනු ඉදින් මම කිපුනේ නම් සම්පූර්ණ ජනපදයට දෂ්ට කරන්නෙමි. මගේ දළය පොළවට වැටෙන පමණින් පොළව මගේ තේජසින් මුළු ජනපදයම අළු වන්නේය. දුස්සන කනිට්ඨොස්මි යනු මම සහෝදර සුදස්සනගේ බාල සොහොයුරු වෙමි. විදූ යනු මෙසේ ම, යොදුන් සියයක් විශාල නාග භවනයෙහි හඳුනත්.

ඉදඤ‍්ච පන වත්‍වා මහාසත‍්තො චින‍්තෙසි “අයං බ්‍රාහ‍්මණො චණ‍්ඩො ඵරුසො, අහිතුණ‍්ඩිකස‍්ස ආරොචෙත්‍වා උපොසථකම‍්මස‍්ස මෙ අන‍්තරායම‍්පි කරෙය්‍ය, යං නූනාහං ඉමං නාගභවනං නෙත්‍වා මහන‍්තං යසං දත්‍වා උපොසථකම‍්මං අද‍්ධනියං කරෙය්‍ය”න‍්ති. අථ නං ආහ “බ්‍රාහ‍්මණ, මහන‍්තං තෙ යසං දස‍්සාමි, රමණීයං නාගභවනං, එහි තත්‍ථ ගච‍්ඡාමා”ති. “සාමි, පුත‍්තො මෙ අත්‍ථි, තස‍්මිං ගච‍්ඡන‍්තෙ ආගමිස‍්සාමී”ති. අථ නං මහාසත‍්තො “ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, ආනෙහි න”න‍්ති වත්‍වා අත‍්තනො ආවාසං ආචික‍්ඛන‍්තො ආහ –

මෙසේ ද කියා මහා සත්ත්වයන් වහන්සේ මෙසේ සිතීය. මේ බ්‍රාහ්මණයා සැඩ පරුෂය. සර්පයන් අල්ලන්නකුට කියා මගේ උපෝසථයට බාධා ඇති කරන්නේය. ඉදින් මම මොහු නාගභවනයට ගෙන ගොස් බොහෝ සැපසම්පත් දී උපෝසථකර්මය බොහෝකලක් කරන්නෙමි. ඉක්බිති ඔහුට මෙසේ කීය. බ්‍රාහ්මණය, ඔබට මහත් වූ සැප සම්පත් දෙමි. එන්න. රමණීය වූ නාගභවනයට යමු. ස්වාමීනි, මට දරුවෙක් සිටී. ඔහු ආ කල්හි යන්නෙමි. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට බ්‍රාහ්මණය! යන්න. ඔහුව රැගෙන එන්න යැයි කීය. තමාගේ වාසස්ථානය ගැන සඳහන් කරමින් මෙසේ කීය.

“යං ගම‍්භීරං සදාවට‍්ටං, රහදං භෙස‍්මං පෙක‍්ඛසි; එස දිබ්‍යො මමාවාසො, අනෙකසතපොරිසො.

යම් ඒ ගැඹුරු වූ සැමකල්හි දිය සුළි ඇති භයානක වූ විලක් දකින්නෙහි ද නොයෙක් සියගණන් පුරුෂයන් සිටින ඒ දිව්‍යමය මහාවිළ මගේ නිවාසයයි.

“මයූරකොඤ‍්චාභිරුදං, නීලොදං වනමජ‍්ඣතො; යමුනං පවිස මා භීතො, ඛෙමං වත‍්තවතං සිව”න‍්ති.

උභය තීරයෙහි මොනර, කොස්වාළිහිණි ආදීන්ගේ නාදයෙන් පිරුණු නිල් ජලය ඇති වන මැදින් ගලාබසින යමුනා බලන්න. එහි පිවිස බිය නැතිව සුරක්‍ෂිත වූ, බියක් නැති ආචාර සම්පන්නයන්ගේ වාසභූමියට පිවිසෙන්න.

තත්‍ථ සදාවට‍්ටන‍්ති සදා පවත‍්තං ආවට‍්ටං. භෙස‍්මන‍්ති භයානකං. පෙක‍්ඛසීති යං එවරූපං රහදං පස‍්සසි. මයූරකොඤ‍්චාභිරුදන‍්ති උභොසු තීරෙසු වනඝටායං වසන‍්තෙහි මයූරෙහි ච කොඤ‍්චෙහි ච අභිරුදං උපකූජිතං. නීලොදන‍්ති නීලසලිලං. වනමජ‍්ඣතොති වනමජ‍්ඣෙන සන්‍දමානං. පවිස මා භීතොති එවරූපං යමුනං අභීතො හුත්‍වා පවිස. වත‍්තවතන‍්ති වත‍්තසම‍්පන‍්නානං ආචාරවන‍්තානං වසනභූමිං පවිස, ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, පුත‍්තං ආනෙහීති.

එහි සදා වට්ට යනු හැමදා තිබෙන්නා වූ දියසුළි ඇති භෙසමං යනු බියජනක. අවෙක්ඛසි යනු මේ මෙබඳු වූ ස්වභාව ඇති මහාවිල බලන්න. මයූර කොඤ්චාභිරුදං යනු ඉවුරු දෙකෙහි කැලෑ රොදෙහි වසන්නා වූ මොනරුන් හා කොස්වාළිහිණියන් විසින් නාදයෙන් ගීතවත් වූ නීලොදං නිල්ජලය ඇති. වනමණ්ඩතො ම වනය මැදින් ගලාබසියි. පවිස මාභීතො යනු මෙබඳු ස්වරූප ඇති යමුනාවට බියෙන් තොරව බැසගන්න. වත්තවතං යනු වත්සම්පන්න වූ, ආචාර සම්පන්න වූවන්ගේ වාසභූමියට පිවිසෙන්න. බ්‍රාහ්මණය, යන්න. පුත්‍රයාව රැගෙන එන්න.

බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා පුත‍්තස‍්ස තමත්‍ථං ආරොචෙත්‍වා පුත‍්තං ආනෙසි. මහාසත‍්තො තෙ උභොපි ආදාය යමුනාතීරං ගන‍්ත්‍වා තීරෙ ඨිතො ආහ –

බ්‍රාහ්මණයා ගොස් පුත්‍රයාට මේ බව සැළකොට ඔහුව රැගෙන ආවේය. බෝධිසත්ත්වයන් වහන්සේ ඒ දෙදෙනාව ම රැගෙන යමුනා තීරයට ගොස් ඉවුරෙහි සිටිමින් මෙසේ කීය.

“තත්‍ථ පත‍්තො සානුචරො, සහ පුත‍්තෙන බ්‍රාහ‍්මණ; පූජිතො මය‍්හං කාමෙහි, සුඛං බ්‍රාහ‍්මණ වච‍්ඡසී”ති.

බ්‍රාහ්මණය, පුත්‍රයා සමග එහි පැමිණ මගේ කාමීන්ගෙන් පුද ලබා සැපසේ වාසය කරන්න.

තත්‍ථ තත්‍ථ පත‍්තොති ත්‍වං අම‍්හාකං නාගභවනං පත‍්තො හුත්‍වා. මය‍්හන‍්ති මම සන‍්තකෙහි කාමෙහි පූජිතො. වච‍්ඡසීති තත්‍ථ නාගභවනෙ සුඛං වසිස‍්සති.

එහි පත්තො යනු ඒ අපගේ භවනයට පැමිණ සිට මය්හං යනු මා සන්තක වූ කෘමීන්ගෙන් පුද ලබා වච්ඡසි යනු ඒ නාග භවනයෙහි සැපසේ වාසය කරන්න.

එවං වත්‍වා මහාසත‍්තො උභොපි තෙ පිතාපුත‍්තෙ අත‍්තනො ආනුභාවෙන නාගභවනං ආනෙසි. තෙසං තත්‍ථ දිබ‍්බො අත‍්තභාවො පාතුභවි. අථ නෙසං මහාසත‍්තො දිබ‍්බසම‍්පත‍්තිං දත්‍වා චත‍්තාරි චත‍්තාරි නාගකඤ‍්ඤාසතානි අදාසි. තෙ මහාසම‍්පත‍්තිං අනුභවිංසු. බොධිසත‍්තොපි අප‍්පමත‍්තො උපොසථකම‍්මං අකාසි. අන්‍වඩ‍්ඪමාසං මාතාපිතූනං උපට‍්ඨානං ගන‍්ත්‍වා ධම‍්මකථං කථෙත්‍වා තතො ච බ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ආරොග්‍යං පුච‍්ඡිත්‍වා “යෙන තෙ අත්‍ථො, තං වදෙය්‍යාසි, අනුක‍්කණ‍්ඨමානො අභිරමා”ති වත්‍වා සොමදත‍්තෙනපි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා අත‍්තනො නිවෙසනං අගච‍්ඡි. බ්‍රාහ‍්මණො එකසංවච‍්ඡරං නාගභවනෙ වසිත්‍වා මන්‍දපුඤ‍්ඤතාය උක‍්කණ‍්ඨිතො මනුස‍්සලොකං ගන‍්තුකාමො අහොසි. නාගභවනමස‍්ස ලොකන‍්තරනිරයො විය අලඞ‍්කතපාසාදො බන්‍ධනාගාරං විය අලඞ‍්කතනාගකඤ‍්ඤා යක‍්ඛිනියො විය උපට‍්ඨහිංසු. සො “අහං තාව උක‍්කණ‍්ඨිතො, සොමදත‍්තස‍්සපි චිත‍්තං ජානිස‍්සාමී”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ආහ “කිං, තාත, උක‍්කණ‍්ඨසී”ති? “කස‍්මා උක‍්කණ‍්ඨිස‍්සාමි න උක‍්කණ‍්ඨාමි, ත්‍වං පන උක‍්කණ‍්ඨසි, තාතා”ති? “ආම තාතා”ති. “කිංකාරණා”ති. “තව මාතු චෙව භාතුභගිනීනඤ‍්ච අදස‍්සනෙන උක‍්කණ‍්ඨාමි, එහි, තාත සොමදත‍්ත, ගච‍්ඡාමා”ති. සො “න ගච‍්ඡාමී”ති වත්‍වාපි පුනප‍්පුනං පිතරා යාචියමානො “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

මෙසේ කියා මහා සත්ත්වයන් වහන්සේ ඒ පියපුතු දෙදෙනාව නාග භවනයට ගෙන ගියේය. ඔවුන්ට එහි දිව්‍යමය ආත්මභාව පහළවිය. ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ ඔවුන්ට දිව්‍ය සම්පත් ලබාදී හාරසිය බැගින් නාග කන්‍යාවන් ලබා දුන්නේය. ඔව්හු මහා සැපත් අනුභව කළහ. බෝධිසත්ත්වයන් වහන්සේ ද උපෝසථය රකියි. දෙසතියකට වරක් මව්පියන්ට උපස්ථානය සඳහා ගොස් බණ කියා එතනින් බ්‍රාහ්මණයාගේ සමීපයට ගොස් සුවදුක් විචාරා ඔබට යමක් අවශ්‍ය නම් එය කියන්න. කළකිරීමක් නැතිව ප්‍රීතිවන්න. (බමුණාට) කියා සෝමදත්ත සමග ද පිළිසඳර කථාකොට තමාගේ වාසභවනයට යයි. බ්‍රාහ්මණයා වර්ෂයක් නාගභවනයෙහි වාසය කොට මද පින් ඇති බැවින් එහි කලකිරුණේය. මිනිස්ලොවට යනු කැමැත්තේ විය. මොහුට නාග භවනය නිරය මෙන් විය. අලංකාර ප්‍රාසාද සිරගෙදරක් මෙන් විය. සිත්කළු නාග කන්‍යාවන් යක්‍ෂණියන් මෙන් වැටහින. ඒ මට පමණක් කලකිරුණේ සෝමදත්තගේ ද සිත දැන ගන්නෙමියි ඔහු සමීපයට ගොස් මෙසේ කීය. දරුව, ඔබ කලකිරෙන්නේ නැද්ද? කුමකට කලකිරෙම්දැයි මා කලකිරෙන්නේ නැතැයි කීය. පියාණෙනි, ඔබ කලකිරී සිටී ද? එසේය දරුව, කුමක් නිසාදැයි ඇසීය. ඔබගේ මවත් ඔබගේ සහෝදරයාගේ බිරිඳත් නොදැක්මෙන් යැයි කීය. එන්න සෝමදත්ත දරුව, එන්න යමු. ඔහු මම නොඑන්නෙමියි කියා නැවත නැවතත් පියා විසින් අයැද සිටියේ කැමැති විය.

බ්‍රාහ‍්මණො “පුත‍්තස‍්ස තාව මෙ මනො ලද‍්ධො, සචෙ පනාහං භූරිදත‍්තස‍්ස ‘උක‍්කණ‍්ඨිතොම‍්හී’ති වක‍්ඛාමි, අතිරෙකතරං මෙ යසං දස‍්සති, එවං මෙ ගමනං න භවිස‍්සති. එකෙන පන උපායෙන තස‍්ස සම‍්පත‍්තිං වණ‍්ණෙත්‍වා ‘ත්‍වං එවරූපං සම‍්පත‍්තිං පහාය කිංකාරණා මනුස‍්සලොකං ගන‍්ත්‍වා උපොසථකම‍්මං කරොසී’ති පුච‍්ඡිත්‍වා ‘සග‍්ගත්‍ථායා’ති වුත‍්තෙ ‘ත්‍වං තාව එවරූපං සම‍්පත‍්තිං පහාය සග‍්ගත්‍ථාය උපොසථකම‍්මං කරොසි, කිමඞ‍්ගං පන මයංයෙව පරධනෙන ජීවිකං කප‍්පෙම, අහම‍්පි මනුස‍්සලොකං ගන‍්ත්‍වා ඤාතකෙ දිස‍්වා පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරිස‍්සාමී’ති නං සඤ‍්ඤාපෙස‍්සාමි. අථ මෙ සො ගමනං අනුජානිස‍්සතී”ති චින‍්තෙත්‍වා එකදිවසං තෙනාගන‍්ත්‍වා “කිං, බ්‍රාහ‍්මණ, උක‍්කණ‍්ඨසී”ති පුච‍්ඡිතො “තුම‍්හාකං සන‍්තිකා අම‍්හාකං න කිඤ‍්චි පරිහායතී”ති කිඤ‍්චි ගමනපටිබද‍්ධං අවත්‍වාව ආදිතො තාව තස‍්ස සම‍්පත‍්තිං වණ‍්ණෙන‍්තො ආහ –

බ්‍රාහ්මණයා පළමුව පුතාගේ කැමැත්ත ලබාගෙන ඉදින් මම වනාහි කළකිරුණේ වෙමි’යි භූරිදත්තහට කියන්නෙම්ද තවත් වැඩිපුර සැපසම්පත් මට දෙයි. මෙසේ මාගේ ගමන සිදු නොවන්නේ ය. එක් උපායකින් සම්පත්තිය වර්ණනාකොට, ඔබ මෙබඳු වූ සැපතක් අත්හැර කුමක් නිසා මිනිස්ලොවට ගොස් පෙහෙවස් රකින්නෙහි දැයි විචාරා ස්වර්ගය සඳහා යැයි කීකල්හි, ඔබ මෙබඳු වූ සැපතක් අත්හැර සග සුව සඳහා පෙහෙවස් රැකීම කරන්නෙහිය. කුමක්නිසා අපි අනුන් නැසීමෙන් ජීවත් වෙමු ද? මම ද මිනිස්ලොවට ගොස් නෑයන් දැක පැවිදිව මහණදම් පුරන්නෙමියි ඔහුට හඟවන්නෙමි. ඉක්බිති ඔහු මාගේ ගමන අනුමත කරන්නේයැයි සිතා එක් දවසක් ඔහු වෙත ගොස් බ්‍රාහ්මණය, කිම ඔබ කලකිරෙන්නේ නැද්දැයි විචාරණ ලද්දේ ඔබගේ සමීපයෙන් කිසිවක් පිරිහී යන්නේදැයි ආදී ලෙස ගමනට සම්බන්ධ කිසිවක් නොකියා පළමුව ඔහුගේ සැප සම්පත් වර්ණනා කරමින් කීය.

“සමා සමන‍්තපරිතො, පහූතතගරා මහී; ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නා, සොභති හරිතුත‍්තමා.

හාත්පසින් සෑම දිශා භාගයකට භූමිය බොහෝ වූ තුවරළා ගසින් ගැවසී ගත් රන් ඉඳුගොව්වන්ගෙන් යුක්ත වූයේ කොළපාට දඹ තෘණයෙන් වැසීගත්තේ බබලයි.

“රම‍්මානි වනචෙත්‍යානි, රම‍්මා හංසූපකූජිතා; ඔපුප‍්ඵපද‍්ධා තිට‍්ඨන‍්ති, පොක‍්ඛරඤ‍්ඤො සුනිම‍්මිතා.

හංස කූජනයෙන් මනහර වූ පිපී වැටී ගියා වූ නෙලුම් පියළිවලින් වැසීගිය ජල මතුපිට ඇති වනවිල්,

“අට‍්ඨංසා සුකතා ථම‍්භා, සබ‍්බෙ වෙළුරියාමයා; සහස‍්සථම‍්භා පාසාදා, පූරා කඤ‍්ඤාහි ජොතරෙ.

[missing trans] ඔබගේ ප්‍රාසාදය නාග කන්‍යාවන්ගෙන් පිරි බබලයි.

“විමානං උපපන‍්නොසි, දිබ්‍යං පුඤ‍්ඤෙහි අත‍්තනො; අසම‍්බාධං සිවං රම‍්මං, අච‍්චන‍්තසුඛසංහිතං.

සම්බාධක නැති සුරක්‍ෂිත අතිශයින් සුඛෝපභෝගී වූ මේ දිව්‍ය විමානය තමාගේ පිනෙන් පහළ විය.

“මඤ‍්ඤෙ සහස‍්සනෙත‍්තස‍්ස, විමානං නාභිකඞ‍්ඛසි; ඉද‍්ධී හි ත්‍යායං විපුලා, සක‍්කස‍්සෙව ජුතීමතො”ති.

ශක්‍රයාගේ විමානය මෙයට වඩා උසස් නොවේ. යම්හෙයකින් ඔබගේ මේ විපුල වූ ඍද්ධිය වන්නේ ද ඔබ එයින් ශක්‍ර විමානය නොව ඊට වඩා උසස් එකක් පතන්නෙහිය.

තත්‍ථ සමා සමන‍්තපරිතොති පරිසමන‍්තතො සබ‍්බදිසාභාගෙසු අයං තව නාගභවනෙ මහී සුවණ‍්ණරජතමණි මුත‍්තාවාලුකාපරිකිණ‍්ණා සමතලා. පහූතතගරා මහීති බහුකෙහි තගරගච‍්ඡෙහි සමන‍්නාගතා. ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නාති සුවණ‍්ණඉන්‍දගොපකෙහි සඤ‍්ඡන‍්නා. සොභති හරිතුත‍්තමාති හරිතවණ‍්ණදබ‍්බතිණසඤ‍්ඡන‍්නා සොභතීති අත්‍ථො. වනචෙත්‍යානීති වනඝටා. ඔපුප‍්ඵපද‍්ධාති පුප‍්ඵිත්‍වා පතිතෙහි පදුමපත‍්තෙහි සඤ‍්ඡන‍්නා උදකපිට‍්ඨා. සුනිම‍්මිතාති තව පුඤ‍්ඤසම‍්පත‍්තියා සුට‍්ඨු නිම‍්මිතා. අට‍්ඨංසාති තව වසනපාසාදෙසු අට‍්ඨංසා සුකතා වෙළුරියමයා ථම‍්භා. තෙහි ථම‍්භෙහි සහස‍්සථම‍්භා තව පාසාදා නාගකඤ‍්ඤාහි පූරා විජ‍්ජොතන‍්ති. උපපන‍්නොසීති එවරූපෙ විමානෙ නිබ‍්බත‍්තොසීති අත්‍ථො. සහස‍්සනෙත‍්තස‍්ස විමානන‍්ති සක‍්කස‍්ස වෙජයන‍්තපාසාදං. ඉද‍්ධී හි ත්‍යායං විපුලාති යස‍්මා තවායං විපුලා ඉද‍්ධි, තස‍්මා ත්‍වං තෙන උපොසථකම‍්මෙන සක‍්කස‍්ස විමානම‍්පි න පත්‍ථෙසි, අඤ‍්ඤං තතො උත‍්තරි මහන‍්තං ඨානං පත්‍ථෙසීති මඤ‍්ඤාමි.

එහි සමා සමන්තා පරිතො යනු හාත්පසින් සියළු දිශාභාගයන්හි මේ ඔබගේ නාග භවනයෙහි පොළව රත්‍රන්, මැණික්, මුතු වැලිවලින් වැසී ගියේ වෙයි. සමා යනු සමතලා වූ බොහෝ වූ තුවරළා ගස්වලින් යුක්ත වූ ස්වර්ණමය ඉඳුගොව්වන්ගෙන් ගැවසී ගත්තා වූ සොභති හරිතුත්තමා යනු කොළපාටින් යුත් දඹතණ සමූහයෙන් ගැවසී ගත්තේ බබලයි යන අර්ථයි. වන චෙත්‍යානි යනු වන විල්. ඔපුප්ඵපදමා යනු පිපී වැටුනා වූ නෙලුම් පත්‍රවලින් ගැවසීගත්තා වූ ජලය මතුපිට ඇති. සුනිම්මිතා යනු ඔබගේ පිනෙන් මනාව නිර්මාණය කරන ලදී. අට්ඨංසා යනු වාසය කරන ඔබගේ ප්‍රාසාදවල අටපට්ටම් ලෙස මනාව නිමවන ලද වෙරළුමිණි කනු ඇත. ඒ කනුවලින් දහසක් කනු ඇති ඔබගේ ප්‍රාසාද නාග කන්‍යාවන්ගෙන් පිරුණේ බබලයි. උපපන්නොසි යනු මෙබඳු ස්වරූප ඇති විමානයන් නිර්මාණය වීම යන අර්ථයි. සහස්සනෙත්තස්ස විමානං යනු වෛජයන්ත ප්‍රාසාදය ඉද්ධි හි ත්‍යායං විපුලා යනු යම්හෙයකින් ඔබගේ මහත් වූ ඍද්ධිය වන්නේ ද ඒ නිසා ඔබ ඒ උපෝසථය රැකීමේ කායයෙන් ශක්‍රයාගේ විමානය ද නොපැතිරෙයි. එයට වඩා උසස් අනික් උසස් තැනක් පතන්නෙහි යැයි හඟිමි.

තං සුත්‍වා මහාසත‍්තො “මා හෙවං, බ්‍රාහ‍්මණ, අවච, සක‍්කස‍්ස යසං පටිච‍්ච අම‍්හාකං යසො සිනෙරුසන‍්තිකෙ සාසපො විය, මයං තස‍්ස පරිචාරකෙපි න අග‍්ඝාමා”ති වත්‍වා ගාථමාහ –

ඒ අසා මහා සත්ත්වයන් වහන්සේ, බ්‍රාහ්මණය, එසේ නොකියව. ශක්‍ර සම්පත්තිය හා අපගේ සම්පත්තිය සසඳනවිට එය සිනේරු පර්වතය අසල අබ ඇටයක් සේ හැඟේ. මා ඔහුගේ සේවකයන් තරම්වත් නොවටින්නේ යැයි මේ ගාථාව කීහ.

“මනසාපි න පත‍්තබ‍්බො, ආනුභාවො ජුතීමතො; පරිචාරයමානානං, සඉන්‍දානං වසවත‍්තින”න‍්ති.

ආලෝකමත් වූ ආනුභාව සම්පන්න, ඉන්‍ද්‍රයා සහිත වසවර්ති ආදීන්ගේ යසස සිතින්වත් පැතිය නොහැක.

තස‍්සත්‍ථො – බ්‍රාහ‍්මණ, සක‍්කස‍්ස යසො නාම එකං ද‍්වෙ තයො චත‍්තාරො වා දිවසෙ “එත‍්තකො සියා”ති මනසා චින‍්තෙන‍්තෙනපි න අභිපත‍්තබ‍්බො. යෙපි නං චත‍්තාරො මහාරාජානො පරිචාරෙන‍්ති, තෙසං දෙවරාජානං පරිචාරයමානානං ඉන්‍දං නායකං කත්‍වා චරන‍්තානං සඉන්‍දානං වසවත‍්තීනං චතුන‍්නං ලොකපාලානං යසස‍්සපි අම‍්හාකං තිරච‍්ඡානගතානං යසො සොළසිං කලං නග‍්ඝතීති.

එහි අර්ථය මෙසේය. බ්‍රාහ්මණය, ශක්‍රයාගේ යසස වනාහි දවසකින්, දෙකකින්, තුනකින් හෝ හතරකින් මෙපමණයැයි සිතින් සිතන්නටවත් නො හැකිය. ඔහුට සතරවරම් මහා රජදරුවෝ පිරිවරා සිටිත්. ශක්‍ර දේවරාජය, පිරිවරාගෙන ඉන්ද්‍ර දෙවියා මුල්කරගෙන හැසිරෙන්නා වූ ස ඉන්‍ද්‍රනං වසවත්තීනං යනු ලෝකපාලක සිව්වරම් රජ දරුවන්ගේ යසස හා සසඳනවිට තිරිසන්ගත වූ අපගේ යසස සොළොස් කලාවක්වත් නොවටී.

එවඤ‍්ච පන වත්‍වා “ඉදං තෙ මඤ‍්ඤෙ සහස‍්සනෙත‍්තස‍්ස විමාන”න‍්ති වචනං සුත්‍වා අහං තං අනුස‍්සරිං. “අහඤ‍්හි වෙජයන‍්තං පත්‍ථෙන‍්තො උපොසථකම‍්මං කරොමී”ති තස‍්ස අත‍්තනො පත්‍ථනං ආචික‍්ඛන‍්තො ආහ –

මෙසේ ද කියා මේ ශක්‍ර දේව්වේන්ද්‍රයාගේ විමානයයි යන වචනය අසා මම එය සිහිපත් කළෙමි. මම වනාහි වෛජයන්ත ප්‍රාසාදය පතමින් උපෝසථය රකිමියි ඔහුට තමාගේ ප්‍රාර්ථනාව ප්‍රකාශ කරමින් මෙසේ කීය.

“තං විමානං අභිජ‍්ඣාය, අමරානං සුඛෙසිනං; උපොසථං උපවසන‍්තො, සෙමි වම‍්මිකමුද‍්ධනී”ති.

සෙව්වා වූ සැපත වූ දෙවියන්ගේ ඒ විමානය පතමි. එය බලාපොරොත්තුවෙන් තුඹස මත උපෝසථය සමාදන්ව සිටිමි.

තත්‍ථ අභිජ‍්ඣායාති පත්‍ථෙත්‍වා. අමරානන‍්ති දීඝායුකානං දෙවානං. සුඛෙසිනන‍්ති එසිතසුඛානං සුඛෙ පතිට‍්ඨිතානං.

එහි අභිජ්ඣාය යනු එය ප්‍රාර්ථනා කොට, සුඛෙසිනං යනු සෙවූ සැප, සැපෙහි පිහිටියවුන්ට,

කං සුත්‍වා බ්‍රාහ‍්මණො “ඉදානි මෙ ඔකාසො ලද‍්ධො”ති සොමනස‍්සප‍්පත‍්තො ගන‍්තුං ආපුච‍්ඡන‍්තො ගාථාද‍්වයමාහ –

ඒ අසා බ්‍රාහ්මණ තෙමේ දැන් මට අවස්ථාවක් ලැබුනේ යැයි සතුටට පත්වූයේ යන්නට විචාරමින් මේ ගාථා දෙක පැවසීය.

“අහඤ‍්ච මිගමෙසානො, සපුත‍්තො පාවිසිං වනං; තං මං මතං වා ජීවං වා, නාභිවෙදෙන‍්ති ඤාතකා.

මම ද මුවන් සොයමින් පුත්‍රයා සමග වනයට පිවිසියෙමි. ඒ මා ජීවත්ව සිටීද මළේද කියා මගේ නෑයෝ නො දනිත්.

“ආමන‍්තයෙ භූරිදත‍්තං, කාසිපුත‍්තං යසස‍්සිනං; තයා නො සමනුඤ‍්ඤාතා, අපි පස‍්සෙමු ඤාතකෙ”ති.

කාසිපුත්‍ර වූ යසස් ඇති භූරිදත්ත නම අමතමි. ඔබ විසින් අපට දන්වන ලද නෑයන් බලන්නෙමු.

තත්‍ථ නාභිවෙදෙන‍්තීති න ජානන‍්ති, කථෙන‍්තොපි නෙසං නත්‍ථි. ආමන‍්තයෙති ආමන‍්තයාමි. කාසිපුත‍්තන‍්ති කාසිරාජධීතාය පුත‍්තං.

එහි නාභිවෙදෙන්ති යනු නොදනිත්. කියතත් බොනු නැත. ආමන්තයෙ යනු අමතමි. කාසිපුත්තං යනු කාසි රජදියණියගේ පුත්‍රයා.

තතො බොධිසත‍්තො ආහ –

ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ කීය.

“එසො හි වත මෙ ඡන්‍දො, යං වසෙසි මමන‍්තිකෙ; න හි එතාදිසා කාමා, සුලභා හොන‍්ති මානුසෙ.

ඔබ මා සමීපයේ වසන්න. මේ මාගේ කැමැත්තය. මිනිසුන් අතර මෙබඳු වූ කම්සැප සුලභ නොවේ.

“සචෙ ත්‍වං නිච‍්ඡසෙ වත්‍ථුං, මම කාමෙහි පූජිතො; මයා ත්‍වං සමනුඤ‍්ඤාතො, සොත්‍ථිං පස‍්සාහි ඤාතකෙ”ති.

ඉදින් මාගේ කාමයන්ගෙන් පුදන ලද ඔබ වස්තු සම්පත්තිය බලාපොරොත්තු නොවන්නේ නම් මා විසින් ඔබට අනුමතිය දෙමි. ඔබගේ නෑයන් දැකීම යහපති.

මහාසත‍්තො ගාථාද‍්වයං වත්‍වා චින‍්තෙසි – “අයං මණිං නිස‍්සාය සුඛං ජීවන‍්තො කස‍්සචි නාචික‍්ඛිස‍්සති, එතස‍්ස සබ‍්බකාමදදං මණිං දස‍්සාමී”ති. අථස‍්ස තං දදන‍්තො ආහ –

මේ ගාථා දෙක කියා මෙසේ සිතීය. මොහු මා නිසා සැපසේ ජීවත්වන්නේ කිසිවකුටත් නොකියන්නේය. මොහුට සියළු කැමැති දේ ලබාදෙන මැණිකක් පෙන්වන්නෙමියි ඉක්බිති ඔහුට එය දෙමින් මෙසේ කීය.

“ධාරයිමං මණිං දිබ්‍යං, පසුං පුත‍්තෙ ච වින්‍දති; අරොගො සුඛිතො හොති, ගච‍්ඡෙවාදාය බ්‍රාහ‍්මණා”ති.

මේ දිව්‍යමය මැණික පළඳින්නහු සිව්පාවන් හා දරුවන් ලැබ සැප විඳියි. නීරෝගී වූයේ සැපවත් වූයේ වෙයි. බ්‍රාහ්මණය, මෙය රැගෙන ම යන්න.

තත්‍ථ පසුං පුත‍්තෙ ච වින්‍දතීති ඉමං මණිං ධාරයමානො ඉමස‍්සානුභාවෙන පසුඤ‍්ච පුත‍්තෙ ච අඤ‍්ඤඤ‍්ච යං ඉච‍්ඡති, තං සබ‍්බං ලභති.

එහි පසුං පුත්තෙච වින්‍දතී යනු මේ මැණික පළඳින්නහු මෙහි ආනුභාවයෙන් සිව්පා සතුන් ද, දරුවන් ද අනිකුත් දේ ද යම් යම් දෙයක් බලාපොරොත්තු වේද ඒ සියල්ල ලබයි.

තතො බ්‍රාහ‍්මණො ගාථමාහ –

ඉක්බිති බ්‍රාහ්මණයා ගාථාවක් කීය.

“කුසලං පටිනන්‍දාමි, භූරිදත‍්ත වචො තව; පබ‍්බජිස‍්සාමි ජිණ‍්ණොස‍්මි, න කාමෙ අභිපත්‍ථයෙ”ති.

‘භූරිදත්ත! ඔබගේ වචනය නිවැරදිය. එය පිළිගනිමි. මම වනාහි වයසට පත්වූයෙමි. පැවිදි වන්නෙමි. කාමයන් නොපතමි.

තස‍්සත්‍ථො – භූරිදත‍්ත, තව වචනං කුසලං අනවජ‍්ජං, තං පටිනන්‍දාමි න පටික‍්ඛිපාමි. අහං පන ජිණ‍්ණො අස‍්මි, තස‍්මා පබ‍්බජිස‍්සාමි, න කාමෙ අභිපත්‍ථයාමි, කිං මෙ මණිනාති.

එහි අර්ථය :- භූරිදත්තය! ඔබගේ වචනය කුසලං නිවැරදිය. එය පටිනන්‍දාමි ප්‍රතික්‍ෂේප නොකරමි. මට වනාහි ජරපත් වූයෙමි. ඒ නිසා පැවිදි වන්නෙමි. කාමයන් නොපතමි. මැණිකෙන් මට වැඩක් නැත.

බොධිසත‍්තො ආහ –

බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ කීය.

“බ්‍රහ‍්මචරියස‍්ස චෙ භඞ‍්ගො, හොති භොගෙහි කාරියං; අවිකම‍්පමානො එය්‍යාසි, බහුං දස‍්සාමි තෙ ධන”න‍්ති.

බ්‍රහ්මචරියාව දුෂ්කරය. ඉදින් එහි කලකිරීමක් ඇති වුවහොත් එවිට භවභෝග සම්පත්වලින් ප්‍රයෝජන ඇත. තැවීමට පත් නොවී මා වෙත එන්න. ඔබට බොහෝ ධනය දෙන්නෙමි.

තත්‍ථ චෙ භඞ‍්ගොති බ්‍රහ‍්මචරියවාසො නාම දුක‍්කරො, අනභිරතස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස චෙ භඞ‍්ගො හොති, තදා ගිහිභූතස‍්ස භොගෙහි කාරියං හොති, එවරූපෙ කාලෙ ත්‍වං නිරාසඞ‍්කො හුත්‍වා මම සන‍්තිකං ආගච‍්ඡෙය්‍යාසි, බහුං තෙ ධනං දස‍්සාමීති.

එහි භංගො යනු බ්‍රාහ්මණය! බඹසර හැසිරිම නම් දුෂ්කර වූවකි. ඒ බඹසරෙහි ඉදින් කලකිරුනේ වේ නම් එකල්හි ගිහි වූවහුට වස්තූන්ගෙන් ප්‍රයෝජනයක් ඇත. මෙබඳු කාලයක් ඇති වුවහොත් ඔබ නිසැකවම මාගේ සමීපයට එන්න. මම ඔබට බොහෝ ධනය දෙන්නෙමි.

බ්‍රාහ‍්මණො ආහ –

බ්‍රාහ්මණයා කීය.

“කුසලං පටිනන්‍දාමි, භූරිදත‍්ත වචො තව; පුනපි ආගමිස‍්සාමි, සචෙ අත්‍ථො භවිස‍්සතී”ති.

භූරිදත්ත! ඔබගේ වචනය නිවැරදියයි සිතමි. ඉදින් ප්‍රයෝජනයක් ඇත්නම් නැවතත් එන්නෙමි.

තත්‍ථ පුනපීති පුන අපි, අයමෙව වා පාඨො.

එහි පුනපී යනු පුනාපි යන්නය. මෙබඳු පාඨයක් ද ඇත.

අථස‍්ස තත්‍ථ අවසිතුකාමතං ඤත්‍වා මහාසත‍්තො නාගමාණවකෙ ආණාපෙත්‍වා බ්‍රාහ‍්මණං මනුස‍්සලොකං පාපෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ආහ –

ඉක්බිති ඔහු එහි වාසය කිරීමට අකමැති බව දැන මහාසත්ත්වයන් වහන්සේ නාග මානවකයන් අමතා බ්‍රාහ්මණයාව මනුෂ්‍ය ලෝකයට පිටත්කර හැරියේය. ඒ අර්ථය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.

“ඉදං වත්‍වා භූරිදත‍්තො, පෙසෙසි චතුරො ජනෙ; එථ ගච‍්ඡථ උට‍්ඨෙථ, ඛිප‍්පං පාපෙථ බ්‍රාහ‍්මණං.

භූරිදත්ත තෙමේ මෙය කියා ජනයන් සතර දෙනෙක් යැවීය. එව්. නැගිටිව්. යව්. වහා බ්‍රාහ්මණයාව මගට පමුණුවන්න.

“තස‍්ස තං වචනං සුත්‍වා, උට‍්ඨාය චතුරො ජනා; පෙසිතා භූරිදත‍්තෙන, ඛිප‍්පං පාපෙසු බ්‍රාහ‍්මණ”න‍්ති.

ඔහුගේ ඒ වචනය අසා නාගයෝ සතරදෙනා නැගිට භූරිදත්ත විසින් යවන ලද්දේ වහා ඒ බ්‍රාහ්මණයාව බරණැසට යන මාවතට යොමුකළහ.

තත්‍ථ පාපෙසූති යමුනාතො උත‍්තාරෙත්‍වා බාරාණසිමග‍්ගං පාපයිංසු, පාපයිත්‍වා ච පන “තුම‍්හෙ ගච‍්ඡථා”ති වත්‍වා නාගභවනමෙව පච‍්චාගමිංසු.

එහි පාපෙසුං යනු යමුනාවෙන් ගොඩට ගෙන බරණැසට යන මාර්ගයට පැමිණවූහ. පමුණුවා වනාහි නුඹලා යව්යැයි කියා නාගභවනයට ම ආපසු පැමිණියේය.

බ්‍රාහ‍්මණොපි “තාත සොමදත‍්ත, ඉමස‍්මිං ඨානෙ මිගං විජ‍්ඣිම‍්හා, ඉමස‍්මිං සූකර”න‍්ති පුත‍්තස‍්ස ආචික‍්ඛන‍්තො අන‍්තරාමග‍්ගෙ පොක‍්ඛරණිං දිස‍්වා “තාත සොමදත‍්ත, න‍්හායාමා”ති වත්‍වා “සාධු, තාතා”ති වුත‍්තෙ උභොපි දිබ‍්බාභරණානි චෙව දිබ‍්බවත්‍ථානි ච ඔමුඤ‍්චිත්‍වා භණ‍්ඩිකං කත්‍වා පොක‍්ඛරණීතීරෙ ඨපෙත්‍වා ඔතරිත්‍වා න‍්හායිංසු. තස‍්මිං ඛණෙ තානි අන‍්තරධායිත්‍වා නාගභවනමෙව අගමංසු. පඨමං නිවත්‍ථකාසාවපිලොතිකාව නෙසං සරීරෙ පටිමුඤ‍්චිංසු, ධනුසරසත‍්තියොපි පාකතිකාව අහෙසුං. සොමදත‍්තො “නාසිතාම‍්හා තයා, තාතා”ති පරිදෙවි. අථ නං පිතා “මා චින‍්තයි, මිගෙසු සන‍්තෙසු අරඤ‍්ඤෙ මිගෙ වධිත්‍වා ජීවිකං කප‍්පෙස‍්සාමා”ති අස‍්සාසෙසි. සොමදත‍්තස‍්ස මාතා තෙසං ආගමනං සුත්‍වා පච‍්චුග‍්ගන‍්ත්‍වා ඝරං නෙත්‍වා අන‍්නපානෙන සන‍්තප‍්පෙසි. බ්‍රාහ‍්මණො භුඤ‍්ජිත්‍වා නිද‍්දං ඔක‍්කමි. ඉතරා පුත‍්තං පුච‍්ඡි “තාත , එත‍්තකං කාලං කුහිං ගතත්‍ථා”ති? “අම‍්ම, භූරිදත‍්තනාගරාජෙන අම‍්හෙ නාගභවනං නීතා, තතො උක‍්කණ‍්ඨිත්‍වා ඉදානි ආගතා”ති. “කිඤ‍්චි පන වො රතනං ආභත”න‍්ති. “නාභතං අම‍්මා”ති. “කිං තුම‍්හාකං තෙන කිඤ‍්චි න දින‍්න”න‍්ති. “අම‍්ම, භූරිදත‍්තෙන මෙ පිතු සබ‍්බකාමදදො මණි දින‍්නො අහොසි, ඉමිනා පන න ගහිතො”ති. “කිංකාරණා”ති. “පබ‍්බජිස‍්සති කිරා”ති. සා “එත‍්තකං කාලං දාරකෙ මම භාරං කරොන‍්තො නාගභවනෙ වසිත්‍වා ඉදානි කිර පබ‍්බජිස‍්සතී”ති කුජ‍්ඣිත්‍වා වීහිභඤ‍්ජනදබ‍්බියා පිට‍්ඨිං පොථෙන‍්තී “අරෙ, දුට‍්ඨබ්‍රාහ‍්මණ, පබ‍්බජිස‍්සාමීති කිර මණිරතනං න ගණ‍්හසි, අථ කස‍්මා අපබ‍්බජිත්‍වා ඉධාගතොසි, නික‍්ඛම මම ඝරා සීඝ”න‍්ති සන‍්තජ‍්ජෙසි. අථ නං “භද‍්දෙ, මා කුජ‍්ඣි, අරඤ‍්ඤෙ මිගෙසු සන‍්තෙසු අහං තං පොසෙස‍්සාමී”ති වත්‍වා පුත‍්තෙන සද‍්ධිං අරඤ‍්ඤං ගන‍්ත්‍වා පුරිමනියාමෙනෙව ජීවිකං කප‍්පෙසි.

බ්‍රාහ්මණයා ද දරුව සෝමදත්තය! මේ ස්ථානයේ මුවා විද්දෙමු. මේ ස්ථානයෙහි ඌරෙකු යැයි පුතාට කියමින් අතරමග පොකුණක් දැක සෝමදත්ත දරුව, භය නොවෙමුයැයි කියා එසේය. පියාණෙනි කියා කියූ කල්හි දෙදෙනාම දිව්‍යමය ආභරණ හා දිව්‍යමය වස්ත්‍ර ද ගලවා පොට්ටනියක් කොට බැඳ පොකුණුතෙර තබා එයට බැස නෑවාහ. ඒ මොහොතේම ඒ ආභරණ අතුරුදහන් වී නාගභවනයටම ගියාහ. පළමුව ඇඳගෙන සිටිය කසාවන් කඩමාල්ල ද ඔවුන්ගේ ශරීරයේ තැබුවාහ. දුනු ඊතල හා ආයුධ පෙර පරිදිම විය. ඔහු විසින් අපව නසන ලදී යැයි සෝමදත්ත හඬා වැලපුනේය. ඉක්බිති පියා ඔහුට මෙසේ කීය. නොසිතන්න. මුවන් ඇති කල්හි වනයෙහි මුවන් මරා ජීවිකාව කරන්නෙමු යි අස්වැසීය. සෝමදත්තගේ මව ඔවුන්ගේ පැමිණීම අසා පෙරගමන්කොට ගෙදරට ගෙනවුත් ආහාරපානවලින් සංග්‍රහ කළේය. බ්‍රාහ්මණයා අනුභවකොට නින්දට වැටුනේය. අනිත් තැනැත්තිය පුතාගෙන් විමසුවාය. පුත! මෙපමණ කලක් කොහි ගියේද? අම්මේ! භූරිදත්ත නාරජු විසින් අපව නාග භවනයට ගෙන යන ලදී. එයින් කලකිරී දැන් ආවෙමු. කිම! නුඹලා විසින් යමක් ගෙනාවේද? මෑණියනි! නැත. නුඹලාට ඔහු විසින් යමක් දුන්නේ නැද්ද? අම්මේ! භූරිදත්ත නාගරාජයා විසින් මගේ පියාට සියල්ල දෙන මැණිකක් දෙන ලද නමුත් මොහු විසින් එය නොගත්තේය. කුමක් නිසාද? පැවිදි වන්නේලු. ඕ තොමෝ මෙසේ සිතීය. මොහු මෙතෙක් කල් දරුවන් මට භාරදී නාගභවනයට ගොස් සිට දැන් පැවිදි වන්නෙමියි කියයි යැයි කිපී වී බෙදන හැන්දෙන් පිටට පහරදෙන්නී දුෂ්ට බ්‍රාහ්මණය! පැවිදි වන්නෙමියි මාණික්‍යරත්නය නොගත්තෙහි. කුමක් නිසා පැවිදි නොවී මෙහි ආවෙහිද? වහාම ගෙදරින් පිටවෙන්න යැයි තර්ජනය කළාය. ඉක්බිති ඔහු ඇයට මෙසේ කීය. සොඳුර! නොකිපෙව! වනයේ මුවන් ඇති කල්හි මම නුඹවද දරුවන් ද පෝෂණය කරන්නෙමි’ යි කීය. පසුදා පුතා සමග වනයට ගොස් පෙර පරිද්දෙන්ම ජීවිකාව කළේය.

වනයට පිවිසීමේ කොටස නිමියේ ය.

තදා දක‍්ඛිණමහාසමුද‍්දස‍්ස දිසාභාගෙ සිම‍්බලිවාසී එකො ගරුළො පක‍්ඛවාතෙහි සමුද‍්දෙ උදකං වියූහිත්‍වා එකං නාගරාජානං සීසෙ ගණ‍්හි. තදාහි සුපණ‍්ණා නාගං ගහෙතුං අජානනකායෙව, පච‍්ඡා පණ‍්ඩරජාතකෙ ජානිංසු. සො පන තං සීසෙ ගහෙත්‍වාපි උදකෙ අනොත්‍ථරන‍්තෙයෙව උක‍්ඛිපිත්‍වා ඔලම‍්බන‍්තං ආදාය හිමවන‍්තමත්‍ථකෙන පායාසි. තදා චෙකො කාසිරට‍්ඨවාසී බ්‍රාහ‍්මණො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ පණ‍්ණසාලං මාපෙත්‍වා පටිවසති. තස‍්ස චඞ‍්කමනකොටියං මහානිග්‍රොධරුක‍්ඛො අත්‍ථි. සො තස‍්ස මූලෙ දිවාවිහාරං කරොති. සුපණ‍්ණො නිග්‍රොධමත්‍ථකෙන නාගං හරති. නාගො ඔලම‍්බන‍්තො මොක‍්ඛත්‍ථාය නඞ‍්ගුට‍්ඨෙන නිග්‍රොධවිටපං වෙඨෙසි. සුපණ‍්ණො තං අජානන‍්තොව මහබ‍්බලතාය ආකාසෙ පක‍්ඛන්‍දියෙව. නිග්‍රොධරුක‍්ඛො සමූලො උප‍්පාටිතො. සුපණ‍්ණො නාගං සිම‍්බලිවනං නෙත්‍වා තුණ‍්ඩෙන පහරිත්‍වා කුච‍්ඡිං ඵාලෙත්‍වා නාගමෙදං ඛාදිත්‍වා සරීරං සමුද‍්දකුච‍්ඡිම‍්හි ඡඩ‍්ඩෙසි. නිග්‍රොධරුක‍්ඛො පතන‍්තො මහාසද‍්දමකාසි. සුපණ‍්ණො “කිස‍්ස එසො සද‍්දො”ති අධො ඔලොකෙන‍්තො නිග්‍රොධරුක‍්ඛං දිස‍්වා “කුතො එස මයා උප‍්පාටිතො”ති චින‍්තෙත්‍වා “තාපසස‍්ස චඞ‍්කමනකොටියා නිග්‍රොධො එසො”ති තථතො ඤත්‍වා “අයං තස‍්ස බහූපකාරො, ‘අකුසලං නු ඛො මෙ පසුතං, උදාහු නො’ති තමෙව පුච‍්ඡිත්‍වා ජානිස‍්සාමී”ති මාණවකවෙසෙන තස‍්ස සන‍්තිකං අගමාසි.

එකල්හි දකුණු මහ සයුරේ පසෙක හිමවතෙහි සිම්බලීවාසී වූ එක් ගුරුළෙක් තම පියාපත්වල සුළඟින් සාගරජලය විසුරුවමින් නාග භවනයට බැස එක් නාග රාජයකු හිසින් අල්ලා ගත්තේ ය. එදා වනාහි ගුරුළන් නාගයන් ඇල්ලීම නොදන්නා කාලය පණ්ඩර ජාතකයෙන් දැනගත්හ. ඒ ගුරුළා වනාහි හිසෙහි අල්ලාගත් නමුත් ජලයෙන් උඩට නොගෙනම ඔසවාගෙන එල්බගෙනම හිමාලය මතින් ගමන් කෙළේය. එකල්හි වනාහි එක් කසීරට වැසි බ්‍රාහ්මණයෙක් ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් හිමවත් පෙදෙසෙහි පන්සලක් මවා වාසය කරයි. ඔහුගේ සක්මන අග විශාල නුගගසක් ඇත. ඒ ගස මුල ඔහු දවල් දවස ගතකරයි. ගුරුළා ඒ නුගගස මුදුනින් නාගයා රැගෙන යයි. නාගයා එල්ලෙමින් සිටින්නේ ඉන් ගැලවීම සඳහා වලිගයෙන් නුගගසේ අත්තක වෙලුනේය. ගුරුළා ඒ බව නොදැනම මහා වේගයෙන් අහසට පැන නැංගේය. නුගගස මුලින් ගැලවී ගියේය. ගුරුළා නාගයා බලා සිම්බලී වනයට ගෙන ගොස් තුඩෙන් පැහැර කුසපලා නාගමේදය අනුභවකොට සිරුර මුහුදෙහි හෙලුවේය. නුගගස වැටෙමින් විශාල හඬක් නිකුත්විය. ගුරුළා මේ කුමන හඬක්දැයි පහත බලන්නේ නුගගස දැක මෙය මා විසින් කෙසේ ගලවන ලද්දේදැයි සිතන්නේ, තාපසයාගේ සක්මන කෙළවර නුගගස මේයයි සථිරව දැනගෙන එය මොහුට ඉතා උපකාරී වූවකි. මා විසින් අකුසලයක් කළේද නැද්ද කියා ඔහුගෙන්ම අසා දැනගන්නෙමියි මානවකයකු විලසින් ඔහු සමීපයට ගියේය.

තස‍්මිං ඛණෙ තාපසො තං ඨානං සමං කරොති. සුපණ‍්ණරාජා තාපසං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො අජානන‍්තො විය “කිස‍්ස ඨානං, භන‍්තෙ, ඉද”න‍්ති පුච‍්ඡි. “උපාසක, එකො සුපණ‍්ණො භොජනත්‍ථාය නාගං හරන‍්තො නාගෙන මොක‍්ඛත්‍ථාය නිග්‍රොධවිටපං නඞ‍්ගුට‍්ඨෙන වෙඨිතායපි අත‍්තනො මහබ‍්බලතාය පක‍්ඛන‍්තිත්‍වා ගතො, අථ නිග්‍රොධරුක‍්ඛො උප‍්පාටිතො, ඉදං තස‍්ස උප‍්පාටිතට‍්ඨාන”න‍්ති. “කිං පන, භන‍්තෙ, තස‍්ස සුපණ‍්ණස‍්ස අකුසලං හොති, උදාහු නො”ති? “සචෙ න ජානාති, අචෙතනකම‍්මං නාම අකුසලං න හොතී”ති. “කිං නාගස‍්ස පන, භන‍්තෙ”ති? “සො ඉමං නාසෙතුං න ගණ‍්හි, මොක‍්ඛත්‍ථාය ගණ‍්හි, තස‍්මා තස‍්සපි න හොතියෙවා”ති. සුපණ‍්ණො තාපසස‍්ස තුස‍්සිත්‍වා “භන‍්තෙ, අහං සො සුපණ‍්ණරාජා, තුම‍්හාකඤ‍්හි පඤ‍්හවෙය්‍යාකරණෙන තුට‍්ඨො. තුම‍්හෙ අරඤ‍්ඤෙ වසථ, අහඤ‍්චෙකං අලම‍්පායනමන‍්තං ජානාමි, අනග‍්ඝො මන‍්තො. තමහං තුම‍්හාකං ආචරියභාගං කත්‍වා දම‍්මි, පටිග‍්ගණ‍්හථ න”න‍්ති ආහ. “අලං මය‍්හං මන‍්තෙන, ගච‍්ඡථ තුම‍්හෙ”ති. සො තං පුනප‍්පුනං යාචිත්‍වා සම‍්පටිච‍්ඡාපෙත්‍වා මන‍්තං දත්‍වා ඔසධානි ආචික‍්ඛිත්‍වා පක‍්කාමි.

ඒ මොහොතෙහි තාපස තෙමේ ඒ ස්ථානය සමතලා කරයි. ගුරුළු රාජයා තාපසයාට වැඳ එකත්පසෙක හුන්නේ නොදන්නා කෙනෙක් මෙන් ස්වාමීනි! මේ කාගේ ස්ථානයක් දැයි විචාළේය. එක් ගුරුළෙක් ගොදුරක් සඳහා නාගයකු ගෙන යන්නේ නාගයා විසින් ඉන් මිදීමට වලිගයෙන් මේ නුගගසේ අත්තක වෙලුනු නමුත් තමාගේ බලවත්කම නිසා පැන ගියේය. එයින් මෙතැන ගස ඉගිල ගියේය. මේ ඒ ගස ඉදුරුනු තැනයි කීය. ස්වාමීනි! ඒ ගුරුළාට අකුසලයක් වන්නේදැයි ඇසීය. ඉදින් නොදන්නේ නම් ‘අචේතනක’ නම් වූ අකුසලය නොවන්නේදැයි ඇසීය. නාගයාට කෙසේ වන්නේද ස්වාමීනි. නාගයා මේ ගස විනාශ කරන්නට වෙලාගත්තා නොවෙයි. ගුරුළාගෙන් නිදහස්වීම සඳහා ගස අල්ලා ගත්තේ ය. ඒ නිසා නාගයාට ද පාපයක් නොවේ. ගුරුළා තවුසා කෙරෙහි පැහැද ස්වාමීනි, මම ඒ ගුරුළුරාජයා වෙමි. ඔබවහන්සේ ප්‍රශ්න විසඳු ආකාරය ගැන සතුටු වෙමි. ඔබවහන්සේ මේ වනයේ වාසය කරන්න. මම ද එක්තරා උපකාරක මන්ත්‍රයක් දනිමි. එය ඉතා වටිනා මන්ත්‍රයකි. මම එය ඔබට ගුරු පඬුරක් ලෙස දෙමි. එය පිළිගන්න යැයි කීය. මට මන්ත්‍රයකින් ප්‍රයෝජනයක් නැත. ඔබ යන්න. ඔහු තවුසාට පුන පුනා කියා කැමති කරවාගෙන මන්ත්‍රය දී බෙහෙත් ද කියා නික්ම ගියේය.

ගරුළකණ‍්ඩං නිට‍්ඨිතං.