කීළනකණ්ඩං අට්ඨකථා
කීළනකණ්ඩං
ක්‍රීඩා කාණ්ඩය
තස්මිං කාලෙ බාරාණසියං එකො දලිද්දබ්රාහ්මණො බහුං ඉණං ගහෙත්වා ඉණසාමිකෙහි චොදියමානො “කිං මෙ ඉධ වාසෙන, අරඤ්ඤං පවිසිත්වා මතං සෙය්යො”ති නික්ඛමිත්වා වනං පවිසිත්වා අනුපුබ්බෙන තං අස්සමපදං පත්වා තාපසං වත්තසම්පදාය ආරාධෙසි. තාපසො “අයං බ්රාහ්මණො මය්හං අතිවිය උපකාරකො, සුපණ්ණරාජෙන දින්නං දිබ්බමන්තමස්ස දස්සාමී”ති චින්තෙත්වා “බ්‍රාහ්මණ, අහං අලම්පායනමන්තං ජානාමි, තං තෙ දම්මි, ගණ්හාහි න”න්ති වත්වා “අලං, භන්තෙ, න මය්හං මන්තෙනත්ථො”ති වුත්තෙපි පුනප්පුනං වත්වා නිප්පීළෙත්වා සම්පටිච්ඡාපෙත්වා අදාසියෙව. තස්ස ච මන්තස්ස අනුච්ඡවිකානි ඔසධානි චෙව මන්තුපචාරඤ්ච සබ්බං කථෙසි. බ්රාහ්මණො “ලද්ධො මෙ ජීවිතුපායො”ති කතිපාහං වසිත්වා “වාතාබාධො මෙ, භන්තෙ, බාධතී”ති අපදෙසං කත්වා තාපසෙන විස්සජ්ජිතො තං වන්දිත්වා ඛමාපෙත්වා අරඤ්ඤා නික්ඛමිත්වා අනුපුබ්බෙන යමුනාය තීරං පත්වා තං මන්තං සජ්ඣායන්තො මහාමග්ගං ගච්ඡති.
ඒ කාලයේ බරණැස්නුවර එක් දිළිඳු බ්‍රාහ්මණයෙක් බොහෝ ණය ගෙන ණයහිමියන් විසින් චෝදනා කරනු ලැබුයේ මට මෙහි වාසයෙන් වැඩක් නැත. වනයට ගොස් මරණයට පත්වීම යෙහෙකි යි නික්මගොස් පිළිවෙලින් ඒ අසපුව දෙසට පිවිස තාපසයාට වතාවත් කිරීමෙන් සතුටු කෙළේය. මේ බ්‍රාහ්මණයා මට අතිශයින් උපකාර කරන්නෙකි. ගුරුළු රාජයා විසින් දෙන ලද දිව්‍ය මන්ත්‍රය මොහුට දෙමියි තාපසයා සිතා බමුණාට මෙසේ කීය. බ්‍රාහ්මණය! මම ඉතා ප්‍රයෝජනවත් මන්ත්‍රයක් දනිමි. එය ඔබට දෙමි. එය ගන්න යැයි කියූ විට ස්වාමීනි! මට මන්ත්‍රයකින් වැඩක් නැත යයි කියූ කල්හි නැවත නැවතත් කියා පොළඹවාගෙන මන්ත්‍රය දුන්නේය. ඒ මන්ත්‍රයට ගැලපෙන ඖෂධ වර්ගද මන්ත්‍රයට පිළිපදින ආකාරය ද යන සියළු දේ ඔහුට කියා දුන්නේය. බ්‍රාහ්මණයා ජීවත්වීමට මගක් ලැබුනේයැයි දවස් කීපයක් ගතකර ස්වාමීනි! මම වාතාබාධයකින් පෙළෙමියි කරුණු පෙන්වා තාපසයා විසින් මෙහෙයවන ලද ඔහු තාපසයාට වැඳ සමාව අයැද වනයෙන් නික්ම පිළිවෙලින් යමුනා ගංතෙරට පැමිණ ඒ මන්ත්‍රය කියමින් මහමග ගමන් කරයි.
තස්මිං කාලෙ සහස්සමත්තා භූරිදත්තස්ස පරිචාරිකා නාගමාණවිකා තං සබ්බකාමදදං මණිරතනං ආදාය නාගභවනා නික්ඛමිත්වා යමුනාතීරෙ වාලුකරාසිම්හි ඨපෙත්වා තස්ස ඔභාසෙන සබ්බරත්තිං උදකකීළං කීළිත්වා අරුණුග්ගමනෙ සබ්බාලඞ්කාරෙන අලඞ්කරිත්වා මණිරතනං පරිවාරෙත්වා සිරිං පවෙසයමානා නිසීදිංසු. බ්රාහ්මණොපි මන්තං සජ්ඣායන්තො තං ඨානං පාපුණි. තා මන්තසද්දං සුත්වාව “ඉමිනා සුපණ්ණෙන භවිතබ්බ”න්ති මරණභයතජ්ජිතා මණිරතනං අග්ගහෙත්වා පථවියං නිමුජ්ජිත්වා නාගභවනං අගමිංසු. බ්රාහ්මණොපි මණිරතනං දිස්වා “ඉදානෙව මෙ මන්තො සමිද්ධො”ති තුට්ඨමානසො මණිරතනං ආදාය පායාසි. තස්මිං ඛණෙ නෙසාදබ්රාහ්මණො සොමදත්තෙන සද්ධිං මිගවධාය අරඤ්ඤං පවිසන්තො තස්ස හත්ථෙ තං මණිරතනං දිස්වා පුත්තං ආහ “තාත, නනු එසො අම්හාකං භූරිදත්තෙන දින්නො මණී”ති? “ආම, තාත, එසො මණී”ති. “තෙන හිස්ස අගුණං කථෙත්වා ඉමං බ්රාහ්මණං වඤ්චෙත්වා ගණ්හාමෙතං මණිරතන”න්ති. “තාත, පුබ්බෙ භූරිදත්තෙන දීයමානං න ගණ්හි, ඉදානි පනෙස බ්රාහ්මණො තඤ්ඤෙව වඤ්චෙස්සති, තුණ්හී හොහී”ති. බ්රාහ්මණො “හොතු, තාත, පස්සසි එතස්ස වා මම වා වඤ්චනභාව”න්ති අලම්පායනෙන සද්ධිං සල්ලපන්තො ආහ –
ඒ කාලයේ දහසක් පමණ භූරිදත්තගේ පරිචාරිකා නාග මානවිකාවන් ඒ සියලු දේ ලබාදෙන මාණික්‍ය රත්නය ගෙන නාග භවනයෙන් නික්ම යමුනා ගංඉවුරේ වැලිමත තබා එහි ආලෝකයෙන් මුළු රාත්‍රියම ජලක්‍රීඩා කොට අළුයම් වේලෙහි සියළු අභරණවලින් තමන්ව සරසාගෙන මාණික්‍ය රත්නය වටකරගෙන සිරියාව විහිදෙන සැටි බලා සිටියහ. බමුණාද මන්ත්‍රය කියමින් එතැනට පැමිණියේය. ඒ මානවිකාවෝ මන්ත්‍ර ශබ්දය අසාම මේ ගුරුළකු විය යුතුයයි බියෙන් තැති ගත්තාහු මාණික්‍ය රත්නය නොගෙනම පෘථිවියේ කිමිද නාග භවනයට ම ගියාහ. බ්‍රාහ්මණ තෙම මාණික්‍ය රත්නය දැක දැන්ම මගේ මන්ත්‍රය සඵල වීයයි සතුටු සිතැත්තේ මාණික්‍ය රත්නය ගෙන යන්ට ගියේය. එකෙණෙහි ඒ නෙසාද බ්‍රහ්මණයා සෝමදත්ත සමග මුවන් මැරීම සඳහා වනයට පිවිසෙන්නේ ඔහුගේ අතෙහි ඒ මාණික්‍යරත්නය දැක පුත්‍රයාට මෙසේ කීය. මේ භූරිදත්ත විසින් අපට දුන් මැණික නේද? එසේය. පියාණෙනි, ඒ මැණිකය. එසේනම් එහි අගුණ කියා මේ බ්‍රාහ්මණයා රවටා මේ මාණික්‍ය රත්නය ගන්නෙමි. පියාණෙනි! ඔබ කලින් භූරිදත්ත විසින් දෙන කල්හි මෙය ගත්තේ නැත. දැන් වනාහි මේ බ්‍රාහ්මණයා එයම වංචා කරන්නේය. ඒ නිසා නිහඬව සිටින්න. බ්‍රාහ්මණයා දරුව වේවා! මොහු හෝ මා හෝ රැවටෙන හැටි බලන්න. ආලම්බායන සමග කථා කරමින් මෙසේ කීය;
“මණිං පග්ගය්හ මඞ්ගල්යං, සාධුවිත්තං මනොරමං; සෙලං බ්යඤ්ජනසම්පන්නං, කො ඉමං මණිමජ්ඣගා”ති.
මංගල සම්මත වූ සුන්දර වස්තුවක් වන මනහර වූ ලකුණුවලින් යුක්ත මේ මැණික කොහෙන් ලැබුනේද?
තත්ථ මඞ්ගල්යන්ති මඞ්ගලසම්මතං සබ්බකාමදදං. කො ඉමන්ති කුහිං ඉමං මණිං අධිගතොසි.
එහි මාංගල්යං යනු මංගල සම්මත වූ, සියළු දේ දෙන කො ඉමං යනු මේ මැණික කොහෙන් ලැබුනේද?
තතො අලම්පායනො ගාථමාහ –
ඉක්බිති ආලම්බන මේ ගාථාව කීය.
“ලොහිතක්ඛසහස්සාහි, සමන්තා පරිවාරිතං; අජ්ජ කාලං පථං ගච්ඡං, අජ්ඣගාහං මණිං ඉම”න්ති.
ලොහිතක්ඛ සහස්සාහි සමන්තා පරිවාරිතං, අජ්ජකාලං පදං ගච්ඡං අජ්ඣගාහං මණිං ඉමං
තස්සත්ථො – අහං අජ්ජ කාලං පාතොව පථං මග්ගං ගච්ඡන්තො රත්තක්ඛිකාහි සහස්සමත්තාහි නාගමාණවිකාහි සමන්තා පරිවාරිතං ඉමං මණිං අජ්ඣගා. මං දිස්වා හි සබ්බාව එතා භයතජ්ජිතා ඉමං ඡඩ්ඩෙත්වා පලාතාති.
එහි අර්ථය නම්, මම අද උදේම පයින් මහමග යන්නේ රතු වූ ඇස් ඇති නාගමානවිකාවන් දහසක් පමණ හාත්පසින් පිරිවරාගත් මේ මැණික ලබාගත්තෙමි. මා දැක වනාහි සියල්ලෝම බියෙන් තැතිගෙන මෙය අතහැර දමා පලාගියහ.
නෙසාදබ්රාහ්මණො තං වඤ්චෙතුකාමො මණිරතනස්ස අගුණං පකාසෙන්තො අත්තනා ගණ්හිතුකාමො තිස්සො ගාථා අභාසි –
නෙසාද පුත්‍රයා ඔහුව රවටනු කැමැත්තේ මාණික්‍ය රත්නයේ අගුණ ප්‍රකාශ කරමින් තමා විසින් ගනු කැමැත්තේ ගාථා තුනක් ප්‍රකාශ කළේය.
“සූපචිණ්ණො අයං සෙලො, අච්චිතො මානිතො සදා; සුධාරිතො සුනික්ඛිත්තො, සබ්බත්ථමභිසාධයෙ.
යමෙක් මේ මැණික්ගල සැමකල්හි පුදන ලද්දේ දරණ ලද්දේ බහාතබන ලද්දේ ද සියළු අර්ථ සාදා දෙයි.
“උපචාරවිපන්නස්ස, නික්ඛෙපෙ ධාරණාය වා; අයං සෙලො විනාසාය, පරිචිණ්ණො අයොනිසො.
යමෙක් වනාහි චාරිත්රවිධි නොදන්නේ ද නුවණින් තොරව පරිහරණය කරන්නේ ද මේ මාණික්‍යය විනාශය පිණිස හේතු වේ.
“න ඉමං අකුසලො දිබ්යං, මණිං ධාරෙතුමාරහො; පටිපජ්ජ සතං නික්ඛං, දෙහිමං රතනං මම”න්ති.
අදක්ෂයෙක් මේ දිව්‍යමය මාණික්‍ය දැරීමට සුදුසු නැත. මා කියන දේ පිළිපදින්න. ඔබට නිකඛ (රන්කාසි) සියයක් දෙමි. මැණික මට දෙන්න.
තත්ථ සබ්බත්ථන්ති යො ඉමං සෙලං සුට්ඨු උපචරිතුං අච්චිතුං අත්තනො ජීවිතං විය මමායිතුං සුට්ඨු ධාරෙතුං සුට්ඨු නික්ඛිපිතුං ජානාති, තස්සෙව සූපචිණ්ණො අච්චිතො මානිතො සුධාරිතො සුනික්ඛිත්තො අයං සෙලො සබ්බං අත්ථං සාධෙතීති අත්ථො. උපචාරවිපන්නස්සාති යො පන උපචාරවිපන්නො හොති, තස්සෙසො අනුපායෙන පරිචිණ්ණො විනාසමෙව වහතීති වදති. ධාරෙතුමාරහොති ධාරෙතුං අරහො. පටිපජ්ජ සතං නික්ඛන්ති අම්හාකං ගෙහෙ බහූ මණී, මයමෙතං ගහෙතුං ජානාම. අහං තෙ නික්ඛසතං දස්සාමි, තං පටිපජ්ජ, දෙහි ඉමං මණිරතනං මමන්ති. තස්ස හි ගෙහෙ එකොපි සුවණ්ණනික්ඛො නත්ථි. සො පන තස්ස මණිනො සබ්බකාමදදභාවං ජානාති . තෙනස්ස එතදහොසි “අහං සසීසං න්හත්වා මණිං උදකෙන පරිප්ඵොසිත්වා ‘නික්ඛසතං මෙ දෙහී’ති වක්ඛාමි, අථෙස මෙ දස්සති, තමහං එතස්ස දස්සාමී”ති. තස්මා සූරො හුත්වා එවමාහ.
එහි සබ්බත්ථං යනු මේ ගල මනාව පරිහරණය කරන්නට පුදන්නට තමාගේ ජීවිතය මෙන් මමායනය කරන්නට මනාව දරන්නට මනාව බහා තබන්නට යමෙක් දනීද ඔහුට සියළු අර්ථ සාදා දෙයි යන අර්ථයි. උපචාර විපන්නස්ස යනු යමෙක් වනාහි උපචාර විධි නොදන්නේ ද මෙය දරන්නා වූ ඔහුට විනාශයක්ම ළඟාවෙයි යැයි කියනු ලැබේ. ධාරෙතු මාරහො යනු දරන්නට නුසුදුසුය. පටිපජ්ජ සතං නික්ඛං යනු අපගේ ගෙයි බොහෝ මැණික් තිබේ. අපි මෙය දරන්නට දනිමු. මම ඔබට නික්ඛ (රන්කාසි) සියයක් දෙන්නෙමි. එය පිළිගන්න. දෙහි මං රතනං මමං යනු ඔහුගේ ගෙයි එක රන්කාසියක්වත් නැත. ඔහු වනාහි ඒ මැණික සියළු දේ ලබාදෙන බව දනියි. ඒ නිසා ඔහුට මේ අදහස ඇතිවිය. මම හිස සහිතව ජලය හා මැණික ජලයෙන් සෝදා නික්ඛ සියයක් මට දෙවයි කියමි. ඉක්බිති මට ලබාදෙයි. මම එය මොහුට දෙන්නෙමි. ඒනිසා වීර්යවන්ත වී මෙසේ කීය.
තතො අලම්පායනො ගාථමාහ –
ඉක්බිති ආලම්බායන කීය.
“න ච ම්යායං මණී කෙය්යො, ගොහි වා රතනෙහි වා; සෙලො බ්යඤ්ජනසම්පන්නො, නෙව කෙය්යො මණි මමා”ති.
මා සන්තක වූ මේ මැණික කිසිවෙක් රනයන් හෝ ගවයන් දී මිලට නොගතයුතුයි. මේ මැණිකක ලක්ෂණ ඇත්තේය. ඒ නිසා මගේ මාණික්‍යය මිළට නොගත යුතුයි. කිසි වස්තුවකට විකිණිය යුතු නොවේ.
තත්ථ න ච ම්යායන්ති අයං මණි මම සන්තකො කෙනචි වික්කිණිතබ්බො නාම න හොති. නෙව කෙය්යොති අයඤ්ච මම මණි ලක්ඛණසම්පන්නො, තස්මා නෙව කෙය්යො කෙනචි වත්ථුනාපි වික්කිණිතබ්බො නාම න හොතීති.
එහි නවාම්යායං යනු මේ මැණික මාගේ සමීපයෙන් කිසිවකු විසින් මිළට නොගත යුතුයි. නෙව කෙය්යො යනු මගේ මේ මැණික නියම ලක්ෂණවලින් සම්පූර්ණය. ඒ නිසා කිසිවකු විසින්වත් මිළට නොගත යුතුයි. කිසි වස්තුවකට නොවිකිණිය යුතුය නම් වේ.
නෙසාදබ්රාහ්මණො ආහ –
බ්‍රාහ්මණයා මෙසේ කීය;
“නො චෙ තයා මණී කෙය්යො, ගොහි වා රතනෙහි වා; අථ කෙන මණී කෙය්යො, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
ඉදින් නුඹ විසින් මැණික ගවයන් දී හෝ රත්නයන් දී හෝ මිළට නොගත යුතු නම් කවරකු විසින් එය මිළට ගතයුතුදැයි අසන මට කියන්න.
අලම්පායනො ආහ –
ආලම්බායන තෙමේ කීවේය;
“යො මෙ සංසෙ මහානාගං, තෙජස්සිං දුරතික්කමං; තස්ස දජ්ජං ඉමං සෙලං, ජලන්තමිව තෙජසා”ති.
යමෙක් තේජසින් බබලන ඉක්මවිය නොහැකි මහා නාගයකු මට පෙන්වන්නේද මේ ගල ඔහුට දෙන්නෙමි.
තත්ථ ජලන්තමිව තෙජසාති පභාය ජලන්තං විය.
එහි ජලන්තරිව තෙජසා යනු ආලෝකයෙන් බබලන්නාක් මෙන්.
නෙසාදබ්රාහ්මණො ආහ –
බ්‍රාහ්මණයා කීය;
“කො නු බ්රාහ්මණවණ්ණෙන, සුපණ්ණො පතතං වරො; නාගං ජිගීසමන්වෙසි, අන්වෙසං භක්ඛමත්තනො”ති.
කිසියම් ගුරුළෙක් බ්‍රාහ්මණ විලාශයෙන් තමන්ගේ ගොදුරු සොයන්නේ නාගයකු අනුභව කරනු කැමැත්තේ වෙයි.
තත්ථ කො නූති ඉදං නෙසාදබ්රාහ්මණො “අත්තනො භක්ඛං අන්වෙසන්තෙන ගරුළෙන භවිතබ්බ”න්ති චින්තෙත්වා එවමාහ.
එහි කොනු යනු මේ නේසාද බ්‍රාහ්මණයා මොහු තමන්ගේ ගොදුරු සොයමින් යන ගුරුළකු විය යුතුයයි සිතා මෙසේ කීය.
අලම්පායනො එවමාහ –
ආලම්බායන මෙසේ කීය;
“නාහං දිජාධිපො හොමි, අදිට්ඨො ගරුළො මයා; ආසීවිසෙන විත්තොති, වෙජ්ජො බ්‍රාහ්මණ මං විදූ”ති.
මම පක්ෂීන්ට අධිපති නොවෙමි. මා විසින් ගුරුළකු දැක නැත. භයානක සර්පවිෂ ධනය කොට ඇති මා වෙදෙක්යයි බමුණෝ හඳුන්වත්.
තත්ථ මං විදූති මං “එස ආසීවිසෙන විත්තකො අලම්පායනො නාම වෙජ්ජො”ති ජානන්ති.
එහි මං විදූ යනු මොහු ආසිවිසය ධනය කොට ඇති ආලම්බායන නම් වූ වෛද්‍යවරයෙක් යැයි හඳුන්වත්.
නෙසාදබ්රාහ්මණො ආහ –
බ්‍රාහ්මණයා කීය;
“කිං නු තුය්හං ඵලං අත්ථි, කිං සිප්පං විජ්ජතෙ තව; කිස්මිං වා ත්වං පරත්ථද්ධො, උරගං නාපචායසී”ති.
ඔබට කවර නම් බලයක් තිබේද? ඔබට කවර නම් ශිල්පයක් තිබේද? ඔබට කුමක් පිහිටක් තිබේද? සර්පයකුට ගෞරව නොකරන්නෙහිය.
තත්ථ කිස්මිං වා ත්වං පරත්ථද්ධොති ත්වං කිස්මිං වා උපත්ථද්ධො හුත්වා, කිං නිස්සයං කත්වා උරගං ආසීවිසං න අපචායසි ජෙට්ඨකං අකත්වා අවජානාසීති පුච්ඡති.
එහි කිස්මිං වා ත්වං පරත්ථද්ධො යනු නුඹ කවරක් පිහිටකොට ඇත්තෙක් වී කුමක් උදව් කරගෙන ආසිර්විෂ සර්පයාට ගරු නොකරන්නෙහිදැයි විචාළේය.
සො අත්තනො බලං දීපෙන්තො ආහ –
ඔහු තමාගේ බලය පෙන්වමින් මෙසේ කීය;
“ආරඤ්ඤිකස්ස ඉසිනො, චිරරත්තං තපස්සිනො; සුපණ්ණො කොසියස්සක්ඛා, විසවිජ්ජං අනුත්තරං.
ආරණ්‍යයෙහි බොහෝකල් තපස් රකින කෝසිය ගෝත්‍රයේ ඍෂිවරයකුගේ ගුරුළෙකි.
“තං භාවිතත්තඤ්ඤතරං, සම්මන්තං පබ්බතන්තරෙ; සක්කච්චං තං උපට්ඨාසිං, රත්තින්දිවමතන්දිතො.
එක් පර්වතයක් අතර වසන වඩන ලද සිත් ඇති සෘෂිවරයකුට රෑ දවල් මැලිනොවී මනාව උපස්ථාන කෙළෙමි.
“සො තදා පරිචිණ්ණො මෙ, වත්තවා බ්රහ්මචරියවා; දිබ්බං පාතුකරී මන්තං, කාමසා භගවා මම.
වෘත සම්පන්න බ්‍රහ්මචාරී එතුමා මට හිතවත් වූයේ තමාගේ කැමැත්තෙන්ම මට දිව්‍යමය මන්ත්‍රයක් දුන්නේ ය.
“ත්යාහං මන්තෙ පරත්ථද්ධො, නාහං භායාමි භොගිනං; ආචරියො විසඝාතානං, අලම්පානොති මං විදූ”ති.
මම ඒ මන්ත්‍රයේ පිහිටා ඇත්තේ වෙමි. එය ඇසුරු කරමි. මම සර්පයන්ට බිය නොවෙමි. විෂ නසන වෙදුන්ගේ ආචාර්ය වූ මා ආලම්බායන යැයි හඳුන්වත්.
තත්ථ කොසියස්සක්ඛාති කොසියගොත්තස්ස ඉසිනො සුපණ්ණො ආචික්ඛි. තෙන අක්ඛාතකාරණං පන සබ්බං විත්ථාරෙත්වා කථෙතබ්බං. භාවිතත්තඤ්ඤතරන්ති භාවිතත්තානං ඉසීනං අඤ්ඤතරං. සම්මන්තන්ති වසන්තං. කාමසාති අත්තනො ඉච්ඡාය. මමාති තං මන්තං මය්හං පකාසෙසි. ත්යාහං මන්තෙ, පරත්ථද්ධොති අහං තෙ මන්තෙ උපත්ථද්ධො නිස්සිතො. භොගිනන්ති නාගානං. විසඝාතානන්ති විසඝාතකවෙජ්ජානං.
එහි කොසියස්සක්ඛා යනු කෝසිය ගෝත්‍රයේ සෘෂිවරයාගේ ගුරුළා කීය. ඔහු විසින් කියන ලද කාරණය සම්පූර්ණයෙන් විස්තර ඇතිව කිවයුතුයි. භවිතත්තඤ්ඤතරං යනු වඩන ලද සිත් ඇති සෘෂිවරයන්ගෙන් කෙනෙක් සම්මන්තං යනු වසන්නා වූ කාමසා තමන්ගේ කැමැත්තෙන් මමං යනු ඒ මන්ත්‍රය මට ප්‍රකාශ කළේය. ත්යාහං මන්තෙ පරත්ථද්ධො යනු මම ඒ මන්ත්‍රය පිහිටකොට ඇත්තේ සෙව්නා ලදදේ වෙමි. භෝගිනං යනු නාගයන්ට විසසාතාණං විෂ නසන වෙදුන්ගේ.
තං සුත්වා නෙසාදබ්රාහ්මණො චින්තෙසි “අයං අලම්පායනො ය්වාස්ස නාගං දස්සෙති, තස්ස මණිරතනං දස්සති, භූරිදත්තමස්ස දස්සෙත්වා මණිං ගණ්හිස්සාමී”ති. තතො පුත්තෙන සද්ධිං මන්තෙන්තො ගාථමාහ –
ඒ අසා නේසාද බ්‍රාහ්මණ තෙමේ මෙසේ සිතීය. මේ ආලම්බායන තෙමේ යමෙක් ඔහුට නාගයෙක් පෙන්වන්නේ නම් ඔහුට මාණික්‍ය රත්නය දෙන්නේයැයි කියයි. මොහුට භූරිදත්තව පෙන්වා මැණික ගන්නෙමි. ඉක්බිති පුත්‍රයා සමග සාකච්ඡා කරමින් මේ ගාථාව කීය;
“ගණ්හාමසෙ මණිං තාත, සොමදත්ත විජානහි; මා දණ්ඩෙන සිරිං පත්තං, කාමසා පජහිම්හසෙ”ති.
සෝමදත්ත පුත! දැනගන්න. අපි ඒ මැණික ගන්නෙමු. තමාගේ කැමැත්තෙන් දණ්ඩෙන් පහරදී අතහැර නොදමමු.
තත්ථ ගණ්හාමසෙති ගණ්හාම. කාමසාති අත්තනො රුචියා දණ්ඩෙන පහරිත්වා මා ජහාම.
එහි ගණ්හාවසෙ යනු ගනිමු. කාමසා යනු තමන්ගේ කැමැත්තෙන් මුගුරින් පහරදී පන්නා නොදමව.
සොමදත්තො ආහ –
සෝමදත්ත මෙසේ කීය;
“සකං නිවෙසනං පත්තං, යො තං බ්‍රාහ්මණ පූජයි; එවං කල්යාණකාරිස්ස, කිං මොහා දුබ්භිමිච්ඡසි.
හෙතෙම තමාගේ නිවාසයට පැමිණි ඒ බ්‍රාහ්මණයාට පූජා කෙළේය. මෙසේ යහපතක් කරන්නහුට කුමක් නිසා අහිතක් කරනු කැමැත්තෙහිද?
“සචෙ ත්වං ධනකාමොසි, භූරිදත්තො පදස්සති; තමෙව ගන්ත්වා යාචස්සු, බහුං දස්සති තෙ ධන”න්ති.
ඉදින් ඔබ ධනය කැමැති වන්නේ නම් එය භූරිදත්ත තෙමේ දෙන්නේය. ඔහු ළඟට ගොස් ඉල්ලන්න. ඔබට බොහෝ ධනය දෙන්නේය.
තත්ථ පූජයීති දිබ්බකාමෙහි පූජයිත්ථ. දුබ්භිමිච්ඡසීති කිං තථාරූපස්ස මිත්තස්ස දුබ්භිකම්මං කාතුං ඉච්ඡසි තාතාති.
එහි පූජයිත්ථ යනු දිව්‍යමය වස්තූන්ගෙන් පූජා කෙළේය. දුභිමිච්ඡසි යනු කුමක් නිසා පියාණෙනි, නුඹ මෙබඳු වූ මිත්‍රයකුට මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කිරීමට අදහස් කරන්නෙහිද?
බ්රාහ්මණො ආහ –
බ්‍රාහ්මණයා මෙසේ කීය;
“හත්ථගතං පත්තගතං, නිකිණ්ණං ඛාදිතුං වරං; මා නො සන්දිට්ඨිකො අත්ථො, සොමදත්ත උපච්චගා”ති.
අතට ලැබුනු දෙය, පාත්‍රයට වැටුනු දෙය කෑමට සුදුසුය. සෝමදත්තය! අතටපත් වාසිය ඉවත නොදමව.
තත්ථ හත්ථගතන්ති තාත සොමදත්ත, ත්වං තරුණකො ලොකපවත්තිං න ජානාසි. යඤ්හි හත්ථගතං වා හොති පත්තගතං වා පුරතො වා නිකිණ්ණං ඨපිතං, තදෙව මෙ ඛාදිතුං වරං, න දූරෙ ඨිතං.
එහි හත්ථගතං යනු දරුව! සෝමදත්ත ඔබ ළාබාලය. ලෝකයේ පැවැත්ම නොදන්නෙහිය. යමක් අතට පත්වූයේ ද යමක් පාත්‍රයට වැටුනේද, යමක් පළමුව වේද නික්කිණ්ණං යනු තබන ලද දෙය පළමුව අනුභව කළයුතුයි. දුර පිහිටි දෙය නොවේ.
සොමදත්තො ආහ –
සෝමදත්ත මෙසේ කීය;
“පච්චති නිරයෙ ඝොරෙ, මහිස්සමපි විවරති; මිත්තදුබ්භී හිතච්චාගී, ජීවරෙවාපි සුස්සති.
මිත්‍රද්‍රෝහියා තමාගේ අර්ථය අත්හරින්නේ ජීවත් වන්නේ නමුත් වියළෙයි. මහපොළව විවරවී ඔහුට ඉඩදෙයි. ඝෝර වූ නිරයේ පැසෙයි.
“සචෙ ත්වං ධනකාමොසි, භූරිදත්තො පදස්සති; මඤ්ඤෙ අත්තකතං වෙරං, න චිරං වෙදයිස්සසී”ති.
ඉදින් ධනය කැමැත්තේ නම් භූරිදත්ත තෙමේ දෙන්නේය. තමා විසින් කරන ලද පාපය නොබෝ කලකින්ම විඳවන්නෙහිය.
තත්ථ මහිස්සමපි විවරතීති තාත, මිත්තදුබ්භිනො ජීවන්තස්සෙව පථවී භිජ්ජිත්වා විවරං දෙති. හිතච්චාගීති අත්තනො හිතපරිච්චාගී. ජීවරෙවාපි සුස්සතීති ජීවමානොව සුස්සති, මනුස්සපෙතො හොති. අත්තකතං වෙරන්ති අත්තනා කතං පාපං. න චිරන්ති න චිරස්සෙව වෙදයිස්සසීති මඤ්ඤාමි.
එහි මහිස්ස මවදීයති යනු පියාණෙනි! මිත්රද්රෝහියාට ජීවත්ව සිටියදීම පෘථුවිය ඉබේම බිඳී විවරවී ඉඩදෙයි. හිතච්චාගීති තමන්ගේ යහපත අත්හරින්නා වූ ජීවරෙචාපි සුස්සරෙ ජීවත් වන්නේම මැලවෙයි. මනුෂ්‍ය ප්‍රේතයෙක් මෙනි. අත්තකතං වෙරං තමා විසින් කරන ලද පාපය නචිරං යනු නොබෝකලකින්ම විඳවන්නේයැයි හඟිමි.
බ්රාහ්මණො ආහ –
බ්‍රාහ්මණයා මෙසේ කීය;
“මහායඤ්ඤං යජිත්වාන, එවං සුජ්ඣන්ති බ්රාහ්මණා; මහායඤ්ඤං යජිස්සාම, එවං මොක්ඛාම පාපකා”ති.
මහා යාගයක් කොට මෙසේ බ්‍රාහ්මණයෝ පිරිසිදු වෙත්. මෙසේ මම මහායාගයක් යැද පාපයෙන් මිදෙන්නෙමි.
තත්ථ සුජ්ඣන්තීති තාත සොමදත්ත, ත්වං දහරො න කිඤ්චි ජානාසි, බ්රාහ්මණා නාම යං කිඤ්චි පාපං කත්වා යඤ්ඤෙන සුජ්ඣන්තීති දස්සෙන්තො එවමාහ.
එහි සුජ්ඣන්ති යනු දරුව, සෝමදත්ත, නුඹ බාලය. කිසිවක් නොදන්නෙහිය. බ්‍රාහ්මණයෝ වනාහි යම්කිසි පාපයක් කොට යාගයක් කිරීමෙන් පිරිසිදු වෙත්යැයි දක්වමින් මෙසේ කීය.
සොමදත්තො ආහ –
සෝමදත්ත තෙමේ මෙසේ කීය;
“හන්ද දානි අපායාමි, නාහං අජ්ජ තයා සහ; පදම්පෙකං න ගච්ඡෙය්යං, එවං කිබ්බිසකාරිනා”ති.
අද මෙම දරුණු දේ කරන නුඹ සමග ඒකාන්තයෙන් මම නොයමි. එක පියවරක්වත් නොයන්නෙමි. මම ඔබෙන් ඉවත්ව යන්නෙමි.
තත්ථ අපායාමීති අපගච්ඡාමි, පලායාමීති අත්ථො.
එහි අපායාමි යනු පළායමි යන අර්ථයි.
එවඤ්ච පන වත්වා පණ්ඩිතො මාණවො පිතරං අත්තනො වචනං ගාහාපෙතුං අසක්කොන්තො මහන්තෙන සද්දෙන දෙවතා උජ්ඣාපෙත්වා “එවරූපෙන පාපකාරිනා සද්ධිං න ගමිස්සාමී”ති පිතු පස්සන්තස්සෙව පලායිත්වා හිමවන්තං පවිසිත්වා පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකෙ උප්පජ්ජි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ කියා පණ්ඩිත තරුණයා පියාට තමාගේ වචනය අවබෝධ කර දෙන්නට අපොහොසත් වූයේ මහා හඬකින් දෙවියන්ට හඬගා කියා මෙබඳු ආකාර වූ පවිටන් සමඟ නො යන්නෙමියි පියා බලා සිටියදීම පලාගොස් හිමවතට පිවිස පැවිදිව අභිඤ්ඤා සමාපත්ති නිපදවා නොපිරිහුනු ධ්‍යාන ඇත්තේ බ්‍රහ්මලෝකයෙහි උපන්නේ ය. ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“ඉදං වත්වාන පිතරං, සොමදත්තො බහුස්සුතො; උජ්ඣාපෙත්වාන භූතානි, තම්හා ඨානා අපක්කමී”ති.
බහුශ්‍රැත වූ සෝමදත්ත තෙමේ පියාට මෙය කියා භූතයන්ට හඬගා කියා ඒ ස්ථානයෙන් බැහැර ගියේය.
නෙසාදබ්රාහ්මණො “සොමදත්තො ඨපෙත්වා අත්තනො ගෙහං කුහිං ගමිස්සතී”ති චින්තෙන්තො අලම්පායනං ථොකං අනත්තමනං දිස්වා “අලම්පායන , මා චින්තයි, දස්සෙස්සාමි තෙ භූරිදත්ත”න්ති තං ආදාය නාගරාජස්ස උපොසථකරණට්ඨානං ගන්ත්වා වම්මිකමත්ථකෙ භොගෙ ආභුජිත්වා නිපන්නං නාගරාජානං දිස්වා අවිදූරෙ ඨිතො හත්ථං පසාරෙත්වා ද්වෙ ගාථා අභාසි –
නේසාද බ්‍රාහ්මණ තෙමේ සෝමදත්ත නැතිව තමාගේ ගෙට කෙසේ යන්නේදැයි සිතන්නේ ආලම්බනයා ටිකක් අසතුටු සිතැති බව දැක, ආලම්බනය. සිතන්න එපා. ඔබට භූරිදත්තව දක්වන්නෙමියි ඔහුව රැගෙන නාගරාජයා උපෝසථය රක්නා තැනට ගොස් තුඹස මත්තේ දරණ ගසාගෙන සිටියා වූ නාගරාජයාව දැක නුදුරෙහි සිටියේ අත දිගුකර ගාථා දෙකක් ප්‍රකාශ කෙළේය.
“ගණ්හාහෙතං මහානාගං, ආහරෙතං මණිං මම; ඉන්දගොපකවණ්ණාභො, යස්ස ලොහිතකො සිරො.
ඉඳුගොව් වර්ණ පැහැයෙන් යුත් යමෙක් හට රතුපාට සිරසක් ඇත්තේ ද ඒ මේ නාගරාජයාව අල්ලා ගනිව්. මේ මැණික මට දෙව.
“කප්පාසපිචුරාසීව, එසො කායො පදිස්සති; වම්මිකග්ගගතො සෙති, තං ත්වං ගණ්හාහි බ්රාහ්මණා”ති.
මොහුගේ සිරුර කපු පුළුන් රොදක් සේ පෙනේ. බ්‍රාහ්මණය, නුඹ තුඹස මතුපිට හොවින්නා වූ ඔහුව අල්ලාගන්න.
තත්ථ ඉන්දගොපකවණ්ණාභොති ඉන්දගොපකවණ්ණො විය ආභාසති. කප්පාසපිචුරාසීවාති සුවිහිතස්ස කප්පාසපිචුනො රාසි විය.
වණ්ණාභො යනු ඉඳුගොව් වර්ණය මෙන් බබලයි. කප්පාසපිචුරාසීව යනු මනාව පිළියෙල කළ කපුපුළුන් රොදක් මෙනි.
අථ මහාසත්තො අක්ඛීනි උම්මීලෙත්වා නෙසාදබ්රාහ්මණං දිස්වා “අයං උපොසථස්ස මෙ අන්තරායං කරෙය්යාති ඉමං නාගභවනං නෙත්වා මහාසම්පත්තියා පතිට්ඨාපෙසිං. මයා දීයමානං මණිං ගණ්හිතුං න ඉච්ඡි. ඉදානි පන අහිතුණ්ඩිකං ගහෙත්වා ආගච්ඡති. සචාහං ඉමස්ස මිත්තදුබ්භිනො කුජ්ඣෙය්යං, සීලං මෙ ඛණ්ඩං භවිස්සති. මයා ඛො පන පඨමඤ්ඤෙව චතුරඞ්ගසමන්නාගතො උපොසථො අධිට්ඨිතො, සො යථාධිට්ඨිතොව හොතු, අලම්පායනො මං ඡින්දතු වා පචතු වා, සූලෙන වා විජ්ඣතු, නෙවස්ස කුජ්ඣිස්සාමී”ති චින්තෙත්වා “සචෙ ඛො පනාහං ඉමෙ ඔලොකෙස්සාමි, භස්මා භවෙය්යුං. මං පොථෙන්තෙපි න කුජ්ඣිස්සාමි න ඔලොකෙස්සාමී”ති අක්ඛීනි නිමීලෙත්වා අධිට්ඨානපාරමිං පුරෙචාරිකං කත්වා භොගන්තරෙ සීසං පක්ඛිපිත්වා නිච්චලොව හුත්වා නිපජ්ජි. නෙසාදබ්රාහ්මණොපි “භො අලම්පායන, ඉමං නාගං ගණ්හාහි, දෙහි මෙ මණි”න්ති ආහ. අලම්පායනො නාගං දිස්වා තුට්ඨො මණිං කිස්මිඤ්චි අගණෙත්වා “ගණ්හ, බ්රාහ්මණා”ති තස්ස හත්ථෙ ඛිපි. සො තස්ස හත්ථතො ගළිත්වා පථවියං පති. පතිතමත්තොව පථවිං පවිසිත්වා නාගභවනමෙව ගතො.
මහා සත්ත්වයන් වහන්සේ ඇස් දල්වා නේසාදව බලා, මොහු මාගේ උපෝසථයට හානි කරන්නේ යැයි මොහුව නාග භවනයට ගෙනගොස් මහා සම්පත්තියෙහි පිහිටුවාලීමි. මා විසින් දෙනු ලැබූ මැණික ගන්නට අකමැති විය. දැන් වනාහි අහිකුණ්ඨිකයකු රැගෙන එයි. ඉදින් මම මේ මිත්රද්රෝහියාට කිපෙන්නෙම් නම් මාගේ ශීලය කැඩී යන්නේ ය. මා විසින් වනාහි පළමුව ම අංග සතරකින් යුක්ත උපෝසථය අධිෂ්ඨාන කෙළෙමි. එය පිහිටි පරිදිම වේවා. ආලම්බාන තෙමේ මා කපා උයාවා. උලකින් අනීවා. මොහුට නොකිපෙමියි සිතා ඉදින් වනාහි මම මොහුව බලන්නෙම් නම් මාගේ උපෝසථය බිඳෙන්නේ යැයි ඇස් පියාගෙන අධිෂ්ඨාන පාරමිතාව පෙරදැරිකොට දරණ අතරෙහි හිස සඟවාගෙන නිශ්චලව සිටියේය. නේසාද බ්‍රාහ්මණයා ද එම්බා ආලම්බානය! මේ නාගයාව අල්ලා ගන්න. මට මැණික දෙන්නයැයි කීය. ආලම්බාන තෙමේ නාගයාව දැක ම සතුටු වූයේ මැණික කිසිවක නොතබා බ්‍රාහ්මණය, ගනුවයි ඔහුගේ අතට මැණික දැම්මේ ය. එය ඔහුගේ අතින් ගිලිහී බිම වැටුනේය. වැටෙනවිටම පෘථිවිය තුළට පිවිස නාග භවනයටම ගියේය.
බ්රාහ්මණො මණිරතනතො භූරිදත්තෙන සද්ධිං මිත්තභාවතො පුත්තතොති තීහි පරිහායි. සො “නිප්පච්චයො ජාතොම්හි, පුත්තස්ස මෙ වචනං න කත”න්ති පරිදෙවන්තො ගෙහං අගමාසි. අලම්පායනොපි දිබ්බොසධෙහි අත්තනො සරීරං මක්ඛෙත්වා ථොකං ඛාදිත්වා අත්තනො කායං පරිප්ඵොසෙත්වා දිබ්බමන්තං ජප්පන්තො බොධිසත්තං උපසඞ්කමිත්වා නඞ්ගුට්ඨෙ ගහෙත්වා ආකඩ්ඪිත්වා සීසං දළ්හං ගණ්හන්තො මුඛමස්ස විවරිත්වා ඔසධං ඛාදිත්වා මුඛෙ ඛෙළං ඔපි. සුචිජාතිකො නාගරාජා සීලභෙදභයෙන අකුජ්ඣිත්වා අක්ඛීනිපි න උම්මීලෙසි. අථ නං ඔසධමන්තං කත්වා නඞ්ගුට්ඨෙ ගහෙත්වා හෙට්ඨාසීසං කත්වා සඤ්චාලෙත්වා ගහිතභොජනං ඡඩ්ඩාපෙත්වා භූමියං දීඝතො නිපජ්ජාපෙත්වා මසූරකං මද්දන්තො විය පාදෙහි මද්දිත්වා අට්ඨීනි චුණ්ණියමානානි විය අහෙසුං. පුන නඞ්ගුට්ඨෙ ගහෙත්වා දුස්සං පොථෙන්තො විය පොථෙසි. මහාසත්තො එවරූපං දුක්ඛං අනුභවන්තොපි නෙව කුජ්ඣි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
බ්‍රාහ්මණ තෙමේ මාණිකය රත්නයෙන් ද භූරිදත්ත සමග පැවති මිත්‍රත්වයෙන් ද තම පුත්‍රයාගෙන් ද යන කරුණු තුනෙන් ම පරිහානියට පත්විය. ඔහු තමා අසරණ වූයෙමි පුත්‍රයාගේ වචනය නොකෙළෙමියි වැලපෙමින් ගෙදර ගියේය. ආලම්බන තෙමේ ද දිව්‍ය ඖෂධ තම සිරුරේ තවරා ස්වල්පයක් අනුභවකොට ඇතුල් ශරීරයෙහි බෙහෙත් යොදා දිව්‍ය මන්ත්‍රය ජප කරන්නේ බෝධිසත්ත්වයන් සමීපයට ගොස් වලිගයෙන් අල්ලා ඇද හිස තදින් අල්ලා ගන්නේ මොහුගේ මුඛය විවෘතකර ඖෂධයක් යොදා මුඛයෙහි කෙළ ගැසීය. පිරිසිදු ජාති ඇති නාගරාජයා සීලය භේදවේය යන බියෙන් නොකිපී ඇස් විවෘතකර හෝ නොබැලීය. ඉක්බිති ඔහුට ඖෂධ මාත්‍රයක් කොට වලිගයෙන් අල්ලා හිස පහතට සිටින සේ තබා සොලවා අල්ලා ගත් ගොදුර අත්හරවා බිම දිගාකර දිග කොට්ටයක් තලන්නාක් මෙන් අත්වලින් තැලුවේය. ඇට බිඳෙන්නාක් මෙන් විය. නැවත නගුටෙන් අල්ලා වස්ත්‍රයක් ගසාදමන්නාක් මෙන් ගැසුවේය. මහාසත්ත්වයන් වහන්සේ මෙබඳු දුකක් විඳිමින් වුවත් නො කිපුණෝය. ඒ අදහස පවසමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“අථොසධෙහි දිබ්බෙහි, ජප්පං මන්තපදානි ච; එවං තං අසක්ඛි සත්ථුං, කත්වා පරිත්තමත්තනො”ති.
ඉක්බිති දිව්‍යමය ඖෂධවලින් ද මන්ත්‍ර පාඨයන් ජප කරමින්ද තමාගේ ආරක්ෂාව යොදා භූරිදත්ත නාගරාජයා අල්ලා ගන්නට හැකි වූයේ ය.
තත්ථ අසක්ඛීති සක්ඛි. සත්ථුන්ති ගණ්හිතුං.
එහි අසක්ඛි යනු හැක්කේ, සමත්වූයේ වෙයි. සට්ඨුං යනු ගන්නට
ඉති සො මහාසත්තං දුබ්බලං කත්වා වල්ලීහි පෙළං සජ්ජෙත්වා මහාසත්තං තත්ථ පක්ඛිපි, සරීරස්ස මහන්තතාය තත්ථ න පවිසති. අථ නං පණ්හියා කොට්ටෙන්තො පවෙසෙත්වා පෙළං ආදාය එකං ගාමං ගන්ත්වා ගාමමජ්ඣෙ ඔතාරෙත්වා “නාගස්ස නච්චං දට්ඨුකාමා ආගච්ඡන්තූ”ති සද්දමකාසි. සකලගාමවාසිනො සන්නිපතිංසු. තස්මිං ඛණෙ අලම්පායනො “නික්ඛම මහානාගා”ති ආහ. මහාසත්තො චින්තෙසි “අජ්ජ මයා පරිසං තොසෙන්තෙන කීළිතුං වට්ටති. එවං අලම්පායනො බහුං ධනං ලභිත්වා තුට්ඨො මං විස්සජ්ජෙස්සති. යං යං එස මං කාරෙති, තං තං කරිස්සාමී”ති. අථ නං සො පෙළතො නීහරිත්වා “මහා හොහී”ති ආහ. සො මහා අහොසි, “ඛුද්දකො, වට්ටො, වම්මිතො, එකප්ඵණො, ද්විඵණො, තිප්ඵණො, චතුප්ඵණො, පඤ්ච, ඡ, සත්ත, අට්ඨ, නව, දස වීසති, තිංසති, චත්තාලීස, පණ්ණාසප්ඵණො, සතප්ඵණො, උච්චො, නීචො, දිස්සමානකායො, අදිස්සමානකායො, දිස්සමානඋපඩ්ඪකායො , නීලො, පීතො, ලොහිතො, ඔදාතො, මඤ්ජට්ඨිකො හොහි, අග්ගිජාලං විස්සජ්ජෙහි, උදකං, ධූමං විස්සජ්ජෙහී”ති. මහාසත්තො ඉමෙසුපි ආකාරෙසු වුත්තවුත්තෙ අත්තභාවෙ නිම්මිනිත්වා නච්චං දස්සෙසි. තං දිස්වා කොචි අස්සූනි සන්ධාරෙතුං නාසක්ඛි.
ඉක්බිති ඔහු මහාසත්ත්වයන් වහන්සේ දුබල කොට වැල්වලින් පෙට්ටියක් සකසා එහි දැම්මේය. විශාල වූ ශරීරය එහි පිවිසිය නොහැක. ඉක්බිති ඔහුව විලුඹෙන් තලා ඇතුළට දමා පෙට්ටිය ගෙන එක් ගමකට ගොස් ගම මැද බිම තබා නාගයාගේ නැටුම් බලනු කැමති අය එන්නයැයි ඝෝෂා කළේය. සියළු ගම්වැසියෝ රැස්වූහ. ඒ වේලාවේ ආලම්බන තෙමේ මහානාග ය පිටතට එන්න යැයි කීය. අද මා පිරිස සතුටු කිරීමට ක්‍රීඩා කිරීම සුදුසුයැයි මහාසත්ත්වයන් වහන්සේ සිතූහ. මෙසේ ආලම්බන තෙමේ බොහෝ ධනය ලැබ සතුටුව මා මුදාහරින්නේය. මොහු යම් යම් දෙයක් මා ලවා කරවන්නේද මම එය කරන්නෙමි. ඉක්බිති ඔහු නයාව පෙට්ටියෙන් පිටතට ගෙන විශාල වෙන්න යැයි කීය. විශාල විය. කුඩා, රවුම්, විවෘත වූ, එක පෙණයක්, පෙණ දෙකක්, තුනක්, පහන්, සතක්, අටක්, නවයක්, දසයක්, විස්සක්, තිහක්, හතළිහක්, පනහක්, පෙණ, පෙණ හත උස්ව, පහත්ව කය පෙනෙන්නට, කය නොපෙනෙන්නට, ශරීරයෙන් බාගයක් නොපෙනෙන්නට, නිල්පාට, කහපාට, ලේපාට, සුදු, මදටිය පාද වෙන්න, දැල විහිදුවන්න, ජලය, දුම විහිදුවන්න. ඔහු විසින් කියන ලද ආකාරය මේ ලෙස ආත්මභාව නිර්මාණය කර නැටුම් දැක්වීය. ඒ දැක ඇතැමෙක් කඳුළු දරාගත නොහැකි වූහ.
මනුස්සා බහූනි හිරඤ්ඤසුවණ්ණවත්ථාලඞ්කාරාදීනි අදංසු. ඉති තස්මිං ගාමෙ සහස්සමත්තං ලභි. සො කිඤ්චාපි මහාසත්තං ගණ්හන්තො “සහස්සං ලභිත්වා තං විස්සජ්ජෙස්සාමී”ති ආහ, තං පන ධනං ලභිත්වා “ගාමකෙපි තාව මයා එත්තකං ධනං ලද්ධං, නගරෙ කිර බහුං ලභිස්සාමී”ති ධනලොභෙන තං න මුඤ්චි. සො තස්මිං ගාමෙ කුටුම්බං සණ්ඨපෙත්වා රතනමයං පෙළං කාරෙත්වා තත්ථ මහාසත්තං පක්ඛිපිත්වා සුඛයානකං ආරුය්හ මහන්තෙන පරිවාරෙන නික්ඛමිත්වා තං ගාමනිගමාදීසු කීළාපෙන්තො අනුපුබ්බෙන බාරාණසිං පාපුණි. නාගරාජස්ස පන මධුලාජෙ දෙති, මණ්ඩූකෙ මාරෙත්වා දෙති, සො ගොචරං න ගණ්හාති අවිස්සජ්ජනභයෙන. ගොචරං අග්ගණ්හන්තම්පි පුන නං චත්තාරො ද්වාරගාමෙ ආදිං කත්වා තත්ථ තත්ථ මාසමත්තං කීළාපෙසි. පන්නරසඋපොසථදිවසෙ පන “අජ්ජ තුම්හාකං සන්තිකෙ කීළාපෙස්සාමී”ති රඤ්ඤො ආරොචාපෙසි. රාජා නගරෙ භෙරිං චරාපෙත්වා මහාජනං සන්නිපාතාපෙසි. රාජඞ්ගණෙ මඤ්චාතිමඤ්චං බන්ධිංසු.
මිනිස්සු බොහෝ රන්මය වස්ත්රාලංකාරාදිය දුන්හ. මෙසේ මේ ගමේදී ම දසදහසක් පමණ ලැබුනේය. ඔහු මහා සත්ත්වයන්ව අල්ලාගෙන යමක් සොයාගන්නේ යැයි සිතා දහසක් ලැබ මොහුව මුදා හරින්නෙමියි සිතීය. නමුත් මෙපමණ විශාල ප්‍රමාණයක් ලැබීත්, ඔහු මෙසේ සිතීය. ගමේදී මා විසින් මෙපමණ මුදලක් ලැබුනේ නම් නගරයේදී කොතරම් සොයාගන්නට හැකිවේවිද? යැයි සිතා ධන ලෝභයෙන් නාගයාව මුදාහැරියේ නැත. ඔහු ඒ ගමෙහි පවුලක් පවත්වාගෙන රතනමය වූ පෙට්ටියක් කරවා එහි මහාසත්ත්වයන් (නාගයා) ව තබා සුවපහසු යානාවකට නැගී මහත් පිරිවරින් පිටත්ව ඒ ගම්නියම්ගම් ආදියෙහි ක්‍රීඩා කරවමින් (නටවමින්) බරණැසට පැමිණියේය. නාගයාට වනාහි මීපැණි මිශ්‍ර පොරි දෙයි. මැඩියන් මරා දෙයි. නාගයා ගොදුරු නොගනී. මුදා නොහරීවිය යන බියෙන් ගොදුරු නොගෙන නමුත් සතර දොරටු ආදිකොට ඒ ඒ තැන්වල මාසයක් පමණ කාලයක් ක්‍රීඩා කරවූයේය. පසළොස්වක පොහෝදිනක වනාහි අද නුඹවහන්සේට ක්‍රීඩාකර පෙන්වන්නෙමියි රජුට දැනුම් දුන්නේ ය. රජු බෙර හසුරුවා මහාජනයා රැස්කරවීය. රාජංගනයෙහි ඇඳන් පිට ඇඳන් බැන්දාහ.
කීළනඛණ්ඩං නිට්ඨිතං.
ක්‍රීඩා කාණ්ඩය නිමියේ ය.