නගරපවෙසනකණ්ඩං අට්ඨකථා
නගරපවෙසනකණ්ඩං
නගර ප්‍රවේශ කාණ්ඩය
අලම්පායනෙන පන බොධිසත්තස්ස ගහිතදිවසෙයෙව මහාසත්තස්ස මාතා සුපිනන්තෙ අද්දස කාළෙන රත්තක්ඛිනා පුරිසෙන අසිනා දක්ඛිණබාහුං ඡින්දිත්වා ලොහිතෙන පග්ඝරන්තෙන නීයමානං. සා භීතතසිතා උට්ඨාය දක්ඛිණබාහුං පරාමසිත්වා සුපිනභාවං ජානි. අථස්සා එතදහොසි “මයා කක්ඛළො පාපසුපිනො දිට්ඨො, චතුන්නං වා මෙ පුත්තානං ධතරට්ඨස්ස රඤ්ඤො වා මම වා පරිපන්ථෙන භවිතබ්බ”න්ති. අපිච ඛො පන මහාසත්තමෙව ආරබ්භ අතිරෙකතරං චින්තෙසි. කිංකාරණා ? සෙසා අත්තනො නාගභවනෙ වසන්ති, ඉතරො පන සීලජ්ඣාසයත්තා මනුස්සලොකං ගන්ත්වා උපොසථකම්මං කරොති. තස්මා “කච්චි නු ඛො මෙ පුත්තං අහිතුණ්ඩිකො වා සුපණ්ණො වා ගණ්හෙය්යා”ති තස්සෙව අතිරෙකතරං චින්තෙසි . තතො අඩ්ඪමාසෙ අතික්කන්තෙ “මම පුත්තො අඩ්ඪමාසාතික්කමෙන මං විනා වත්තිතුං න සක්කොති, අද්ධාස්ස කිඤ්චි භයං උප්පන්නං භවිස්සතී”ති දොමනස්සප්පත්තා අහොසි. මාසාතික්කමෙන පනස්සා සොකෙන අස්සූනං අපග්ඝරණකාලො නාම නාහොසි, හදයං සුස්සි, අක්ඛීනි උපච්චිංසු. සා “ඉදානි ආගමිස්සති, ඉදානි ආගමිස්සතී”ති තස්සාගමනමග්ගමෙව ඔලොකෙන්තී නිසීදි. අථස්සා ජෙට්ඨපුත්තො සුදස්සනො මාසච්චයෙන මහතියා පරිසාය සද්ධිං මාතාපිතූනං දස්සනත්ථාය ආගතො, පරිසං බහි ඨපෙත්වා පාසාදං ආරුය්හ මාතරං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. සා භූරිදත්තං අනුසොචන්තී තෙන සද්ධිං න කිඤ්චි සල්ලපි. සො චින්තෙසි “මය්හං මාතා මයි පුබ්බෙ ආගතෙ තුස්සති, පටිසන්ථාරං කරොති, අජ්ජ පන දොමනස්සප්පත්තා, කිං නු ඛො කාරණ”න්ති? අථ නං පුච්ඡන්තො ආහ –
බෝධිසත්ත්වයන්ව අල්ලාගත් දවසේ මහාසත්ත්වයන්ගේ මව, කාලවර්ණ, රතු ඇස් ඇති පුරුෂයකු විසින් කඩුවකින් තමාගේ අත කපා ලේ පෙරමින් ගෙනයනු සිහිනයෙන් දුටුවාය. ඕ තොමෝ බියෙන් තැති ගත්තේ නැගිට දකුණු අත පිරිමැද සිහිනයක් බව දැනගත්තාය. ඉක්බිති ඇයට මෙසේ කල්පනා විය. මා විසින් නපුරු සිහිනයක් දක්නා ලදි. මාගේ දරුවන් සතරදෙනාට හෝ ධෘතරාෂ්ට්‍ර රජුට හෝ මට හෝ අනතුරක් විය යුතුයි. තව ද මහා සත්ත්වයන් වහන්සේ පිළිබඳව විශේෂයෙන් සිතුවාය. කුමක් නිසාද? ඉතිරි අය තමන්ගේ නාග භවනයෙහි වාසය කරත්. අනිත් තැනැත්තා වනාහි සීලය පිළිබඳ අදහස ඇති බැවින්. මිනිස්ලොවට ගොස් පෙහෙවස් රකියි. ඒ නිසා කෙසේ හෝ මාගේ පුත්‍රයාව අහිකුණ්ටිකයෙක් හෝ ගුරුළෙක් අල්ලාගත්තේද? ඔහු පිළිබඳව වැඩිමනත් කල්පනා කළේය. එයින් මාස බාගයක් ඉක්මගිය කල්හි මාගේ පුත්‍රයා මා නැතිව මාස බාගයක් සිටින්නට නොහැකි වෙයි. ස්ථිර වශයෙන් ම මොහුට කිසියම් භයක් ඇතිවූයේ වන්නේයැයි කනගාටුවට පත්වූවාය. මාසයක් ගතවූ පසු වනාහි ඇයට කඳුළු නොසළා සිටින්නට නොහැකි විය. හෘදය මලානික විය. ඇස් දැවින. ඕතොමෝ ඔහු අද එන්නේ ය. අද එන්නේ ය කියා බලා සිටියාය. ඉක්බිති ඇගේ වැඩිමල් පුත්‍රයා වූ සුදස්සන තෙමේ මාසයක් ගත වූ විට මහත් වූ පිරිසක් සමග මව්පියන් දැකීමට පැමිණියේ පිරිස පිටත රඳවා ප්‍රසාදයට නැග මවට වැඳ එකත්පස්ව සිටියේය. ඕ තොමෝ භූරිදත්ත ගැන ශෝකවන්නී ඔහු සමග කිසිවක් කථා නොකළාය. ඕ සිතුවාය. මගේ මව මා පෙර පැමිණි අවස්ථාවල සතුටුවෙයි. පිළිසඳර කථා කරයි. අද වනාහි දොම්නස්ව සිටී. හේතුව කුමක්ද? ඉක්බිති අසන්නා වූ ඔහුට මෙසේ කීය.
“මමං දිස්වාන ආයන්තං, සබ්බකාමසමිද්ධිනං; ඉන්ද්රියානි අහට්ඨානි, සාවං ජාතං මුඛං තව.
සියළු දේ සමෘද්ධව, එන්නා වූ මා දැක ඉන්ද්රියයෝ අප්‍රසන්න නොවෙත්. (ප්‍රසන්න වෙත්) එහෙත් රන් කැඩපතක් බඳු මුහුණ අද අඳුරු විය. කළුවන් විය.
“පද්ධං යථා හත්ථගතං, පාණිනා පරිමද්දිතං; සාවං ජාතං මුඛං තුය්හං, මමං දිස්වාන එදිස”න්ති.
මා දැක්මෙන් ඔබේ මුහුණ තමන්ගේ අතින් කඩාගත් නෙළුම්මලක් අත්ලෙන් පිරිමදින කලක් පරිද්දෙන් කළු වූයේ කවර හෙයින්ද සුදස්සන ඇසීය.
තත්ථ අහට්ඨානීති න විප්පසන්නානි. සාවන්ති කඤ්චනාදාසවණ්ණං තෙ මුඛං පීතකාළකං ජාතං. හත්ථගතන්ති හත්ථෙන ඡින්දිතං. එදිසන්ති එවරූපං මහන්තෙන සිරිසොභග්ගෙන තුම්හාකං දස්සනත්ථාය ආගතං මං දිස්වා.
එහි අහට්ඨානි යනු අප්‍රසන්න නැත. සාවං රන්කැඩපතක් වන් මුහුණ අඳුරු විය. හත්ථගතං යනු අතින් කඩාගත් එදිසං යනු මෙබඳු මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් නුඹලා දැකීම සඳහා ආවා වූ මා දැක,
සා එවං වුත්තෙපි නෙව කථෙසි. සුදස්සනො චින්තෙසි “කිං නු ඛො කෙනචි කුද්ධා වා පරිබද්ධා වා භවෙය්යා”ති. අථ නං පුච්ඡන්තො ඉතරං ගාථමාහ –
ඇය මෙසේ කියූවද කථා කළේ නැත. සුදර්ශන තෙමේ මෙසේ සිතීය. කිම, කවරකු විසින් හෝ ආක්‍රෝශ පරිභව කළා වන්නේය. ඉක්බිති ඇගෙන් අසමින් ඉතිරි ගාථාව ප්‍රකාශ කළේය.
“කච්චි නු තෙ නාභිසසි, කච්චි තෙ අත්ථි වෙදනා; යෙන සාවං මුඛං තුය්හං, මමං දිස්වාන ආගත”න්ති.
කිම! කිසිවෙක් ආක්‍රෝශ කළේද? යම්කිසි වේදනාවක් තිබේද? පෙර මා දැක ආවා වූ ඔබගේ මුහුණ මෙසේ නොවීය.
තත්ථ කච්චි නු තෙ නාභිසසීති කච්චි නු තං කොචි න අභිසසි අක්කොසෙන වා පරිභාසාය වා විහිංසීති පුච්ඡති. තුය්හන්ති තව පුබ්බෙ මමං දිස්වා ආගතං එදිසං මුඛං න හොති. යෙන පන කාරණෙන අජ්ජ තව මුඛං සාවං ජාතං, තං මෙ ආචික්ඛාති පුච්ඡති.
එහි කච්චින්නු තෙ නාභිසයී කිම යම්කෙනෙක් ඔබට පරිභව කළේද? ආක්‍රෝශ පරිභව කළේද? හිංසා කළේදැයි මට කියන්න. තුය්හං යනු ඔබගේ, පෙර මමං දිසවාන ආගතං යනු මෙබදු මුහුණක් නැත. යම්කිසි කරුණකින් අද ඔබගේ මුහුණ ඒ කාරණය මට කියන්නැයි විචාළේය.
අථස්ස සා ආචික්ඛන්තී ආහ –
ඉක්බිති විමසන ලද ඇය මෙසේ කීවාය.
“සුපිනං තාත අද්දක්ඛිං, ඉතො මාසං අධොගතං; ‘දක්ඛිණං විය මෙ බාහුං, ඡෙත්වා රුහිරමක්ඛිතං; පුරිසො ආදාය පක්කාමි, මම රොදන්තියා සති’.
දරුව, මෙයින් මාසයකට පළමු මාවිසින් සිහිනයක් දකින ලදී. මා අඬා වැලපෙද්දී එක්තරා පුරුෂයෙක් මාගේ දකුණු අත කපා ලේ පෙර පෙරා රැගෙන ගියේය.
“යතොහං සුපිනමද්දක්ඛිං, සුදස්සන විජානහි; තතො දිවා වා රත්තිං වා, සුඛං මෙ නොපලබ්භතී”ති.
සුදස්සන! එය දැනගන්න. යම්හෙයකින් මා ඒ සිහිනය දුටුවේ ද එදා සිට මට දිවා රාත්‍රී සැපයක් නොලැබේ.
තත්ථ ඉතො මාසං අධොගතන්ති ඉතො හෙට්ඨා මාසාතික්කන්තං. අජ්ජ මෙ දිට්ඨසුපිනස්ස මාසො හොතීති දස්සෙති. පුරිසොති එකො කාළො රත්තක්ඛි පුරිසො. රොදන්තියා සතීති රොදමානාය සතියා. සුඛං මෙ නොපලබ්භතීති මම සුඛං නාම න විජ්ජති.
එහි ඉතොමාසං අධොගතං යනු මෙයින් යට මාසයක් ඉක්ම ගියේය. මා දුටු සිහිනයට අදට මාසයක් වේයැයි දක්වයි. පුරිසො යනු එක් කාලවර්ණ රතු ඇස් ඇති පුරුෂයෙක් රොදන්තියාසතී හඬමින් සිටිද්දී. න උපලබ්භති යනු මට සැපයක් නම් නැත.
එවඤ්ච පන වත්වා “තාත, පියපුත්තකො මෙ තව කනිට්ඨො න දිස්සති, භයෙනස්ස උප්පන්නෙන භවිතබ්බ”න්ති පරිදෙවන්තී ආහ –
මෙසේ ද කියා දරුව, මගේ ප්‍රිය පුත් වූ ඔබගේ කනිටු සොයුරා දක්නට නැත. ඔහුට හටගත්තා වූ බයක් විය යුතුයි හඬමින් කීවාය.
“යං පුබ්බෙ පරිවාරිංසු, කඤ්ඤා රුචිරවිග්ගහා; හෙමජාලප්පටිච්ඡන්නා, භූරිදත්තො න දිස්සති.
පෙර රන්දැලින් වැසීගිය මනා සිරුර ඇති කන්‍යාවෝ යමෙකු පිරිවරාගෙන සිටියාහුද ඒ භූරිදත්ත දැන් දකින්නට නැත.
“යං පුබ්බෙ පරිවාරිංසු, නෙත්තිංසවරධාරිනො; කණිකාරාව සම්ඵුල්ලා, භූරිදත්තො න දිස්සති.
මැනවින් පිපුණා වූ කිණිහිරිය ගස් වැනි උතුම් කඩු දරන නාග මාණවකයන් පෙර යමකු පිරිවරාගෙන සිටියාහුද ඒ භූරිදත්ත දැන් දකින්නට නැත.
“හන්ද දානි ගමිස්සාම, භූරිදත්තනිවෙසනං; ධම්මට්ඨං සීලසම්පන්නං, පස්සාම තව භාතර”න්ති.
එහෙයින් අපි දැන් භූරිදත්තගේ නිවේසනයට යමු. ශීල සම්පන්න වූ ධර්මිෂ්ට වූ ඔබගේ සහෝදරයාව බලන්නෙමුයි මෑණියෝ පැවසූහ.
තත්ථ සම්ඵුල්ලාති සුවණ්ණවත්ථාලඞ්කාරධාරිතාය සම්ඵුල්ලා කණිකාරා විය. හන්දාති වවස්සග්ගත්ථෙ නිපාතො, එහි, තාත, භූරිදත්තස්ස නිවෙසනං ගච්ඡාමාති වදති.
එහි සම්ඵුල්ල යනු රන්මය අලංකාර දරන්නා වූ, මනාව මල් පිපුණු කිණිහිරියා ගස් වැනි, හන්ද යනු වචනයක අවධාරණාර්ථයෙහි නිපාතයෙහි දරුව එන්න. භූරිදත්තගේ නිවෙසට යමු යැයි කියයි.
එවඤ්ච පන වත්වා තස්ස චෙව අත්තනො ච පරිසාය සද්ධිං තත්ථ අගමාසි. භූරිදත්තස්ස භරියායො පන තං වම්මිකමත්ථකෙ අදිස්වා “මාතු නිවෙසනෙ වසිස්සතී”ති අබ්යාවටා අහෙසුං. තා “සස්සු කිර නො පුත්තං අපස්සන්තී ආගච්ඡතී”ති සුත්වා පච්චුග්ගමනං කත්වා “අය්යෙ, පුත්තස්ස තෙ අදිස්සමානස්ස අජ්ජ මාසො අතීතො”ති මහාපරිදෙවං පරිදෙවමානා තස්සා පාදමූලෙ පතිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ද කියා ඔහුගේ ද තමාගේ ද පිරිස සමග එහි ගියේය. භූරිදත්තගේ භාර්යාවරු වනාහි ඔහු තුඹස මත්තෙහි නොදැක, මවගේ නිවෙසට ගියා වන්නේ යැයි උත්සුක නොවූහ. ඒ අය නැන්දනිය වනාහි අපගේ පුත්‍රයා නොදැක එන්නීයැයි අසා පෙරගමන්කොට, ඔබගේ පුත්‍රයා නොදැක අදට මාසයකැයි මහා හඬින් විලාප දෙමින් පාමුල වැටුනාහ. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ වදාළහ;
“තඤ්ච දිස්වාන ආයන්තිං, භූරිදත්තස්ස මාතරං; බාහා පග්ගය්හ පක්කන්දුං, භූරිදත්තස්ස නාරියො.
එන්නා වූ භූරිදත්තගේ මව දැක භූරිදත්ත නාරජුගේ බිසෝවරු හිසෙහි අත්බැඳ ඇඬුවාහ.
“පුත්තං තෙය්යෙ න ජානාම, ඉතො මාසං අධොගතං; මතං වා යදි වා ජීවං, භූරිදත්තං යසස්සින”න්ති.
ආර්යාවෙනි! තොපගේ පුත්‍ර වූ යසස් ඇති භූරිදත්ත අදට මාසයක් ගතවී ඇතත් ජීවත්වන්නේද, නැතහොත් මලේද කියා නොදනිමු.
තත්ථ “පුත්තං තෙය්යෙ”ති අයං තාසං පරිදෙවනකථා.
එහි පුත්තංතෙය්යෙ යනාදී ගාථා මේ ඔවුන්ගේ විලාප ගාථාවන්ය.
භූරිදත්තස්ස මාතා සුණ්හාහි සද්ධිං අන්තරවීථියං පරිදෙවිත්වා තා ආදාය තස්ස පාසාදං ආරුය්හ පුත්තස්ස සයනඤ්ච ආසනඤ්ච ඔලොකෙත්වා පරිදෙවමානා ආහ –
භූරිදත්ත මව ලේලිය සමග ඇතුල්වීදියෙහි ඇවිද ඇයත් රැගෙන ඔහුගේ ප්‍රසාදයට නැග පුත්‍රයාගේ සයනයද බලා වැලපෙන්නී මෙසේ කීවාය.
“සකුණී හතපුත්තාව, සුඤ්ඤං දිස්වා කුලාවකං; චිරං දුක්ඛෙන ඣායිස්සං, භූරිදත්තං අපස්සතී.
නසන ලද දරුවන් ඇති හිස් වූ කැදැල්ල බලා ළතවෙන කිරිල්ලියක මෙන් භූරිදත්තව නොදකින්නේ බොහෝකලක් දුකින් සිටින්නෙමි.
[missing pali]
නසන ලද දරුවන් ඇති, හිස් වූ කැදැල්ල බලා ළතවෙන කිරිල්ලියක මෙන් ප්‍රිය පුතු නොදැක ඒ ඒ තැන දුව ගියෙමි.
“කුරරී හතඡාපාව, සුඤ්ඤං දිස්වා කුලාවකං; චිරං දුක්ඛෙන ඣායිස්සං, භූරිදත්තං අපස්සතී.
නසන ලද පැටව් ඇති හිස් වූ කැදැල්ල බලා ළතවෙන කුරරී නම් පක්ෂියා මෙන් භූරිදත්ත බොහෝකල් නොදැක දුකින් කල් ගෙවමි.
“සා නූන චක්කවාකීව, පල්ලලස්මිං අනොදකෙ; චිරං දුක්ඛෙන ඣායිස්සං, භූරිදත්තං අපස්සතී.
ඒකාන්තයෙන් භූරිදත්ත නො දක්නා මට ජලය නැති මඬෙහි සක්වාලිහිණියක් මෙන් භූරිදත්තව නොදැක බොහෝකලක් දුකසේ පසුවෙමි.
“කම්මාරානං යථා උක්කා, අන්තො ඣායති නො බහි; එවං ඣායාමි සොකෙන, භූරිදත්තං අපස්සතී”ති.
කම්මල්කරුවාගේ උදුන මෙන් ඇතුලත දැවේ. පිටත නොදැවේ. එපරිද්දෙන් භූරිදත්තව නොදකින්නී සෝකයෙන් දැවෙමින් මෑණියෝ වැළපුනාහ.
තත්ථ අපස්සතීති අපස්සන්තී. හතඡාපාවාති හතපොතකාව.
එහි අපස්සන්තී යනු නොදකින්න. හතඡාපා යනු නසන ලද පැටව්.
එවං භූරිදත්තමාතරි විලපමානාය භූරිදත්තනිවෙසනං අණ්ණවකුච්ඡි විය එකසද්දං අහොසි. එකොපි සකභාවෙන සණ්ඨාතුං නාසක්ඛි. සකලනිවෙසනං යුගන්ධරවාතප්පහටං විය සාලවනං අහොසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ භූරිදත්ත මව විලාප දෙනවිට භූරිදත්තගේ නිවස සමුද්‍ර අභ්‍යන්තරය මෙන් ඒකනින්නාද විය. එක් අයෙක්වත් තම ස්වභාවයෙන් සිටින්නට නොහැකි විය. මුළු නිවෙසම යුගාන්ත වාතයෙන් පීඩාවට පත් සල්වනයෙක් මෙන් විය.
එහි අපස්සති යනු නොබලන්න. හතඡාපා නැසුනා වූ පැටවුන් ඇති. මෙසේ භූරිදත්තගේ මව වැලපෙද්දී භූරිදත්තගේ වාසස්ථානය සාගර අභ්‍යන්තරය මෙන් මහා ඝෝෂාවකින් යුක්ත විය. එක් අයෙක්වත් තමන්ගේ යථා ස්වරූපයෙන් සිටින්නට අසමත් විය. මුළු නිවෙසම කල්පාවසානයේ මාරුතයෙන් කම්පා වූ සල්වනයක් මෙන් විය.
ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“සාලාව සම්පමථිතා, මාලුතෙන පමද්දිතා; සෙන්ති පුත්තා ච දාරා ච, භූරිදත්තනිවෙසනෙ”ති.
සුළඟින් මැඩගත්තා වූ කම්පවට පත්වූ සල්ගසක් මෙන් භූරිදත්තගේ නිවසෙහි දූ දරුවෝ නිදත්.
අරිට්ඨො ච සුභොගො ච උභොපි භාතරො මාතාපිතූනං උපට්ඨානං ගච්ඡන්තා තං සද්දං සුත්වා භූරිදත්තනිවෙසනං පවිසිත්වා මාතරං අස්සාසයිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
අරිට්ඨ හා සුභග යන දෙසොහොයුරෝ ද මව්පිය උපස්ථානය සඳහා යන්නේ ඒ හඬ අසා භූරිදත්තගේ නිවෙසට පැමිණ මව සැනසූහ. ඒ අර්ථය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“ඉදං සුත්වාන නිග්ඝොසං, භූරිදත්තනිවෙසනෙ; අරිට්ඨො ච සුභොගො ච, පධාවිංසු අනන්තරා.
භූරිදත්තගේ නිවසෙහි - මේ හඬ අසා අරිට්ඨ හා සුභග යන දෙදෙනා දුවගෙන ආහ.
“අම්ම අස්සාස මා සොචි, එවංධම්මා හි පාණිනො; චවන්ති උපපජ්ජන්ති, එසාස්ස පරිණාමිතා”ති.
මෑණියනි, සැනසෙන්න. දුක් නොවන්න. මේ සත්ත්වයන්ගේ ස්වභාවයයි. චුතවෙත්. නැවත උපදිත්. මේ ලෝකයේ පරිණාමයයි.
තත්ථ එසාස්ස පරිණාමිතාති එසා චුතූපපත්ති අස්ස ලොකස්ස පරිණාමිතා, එවඤ්හි සො ලොකො පරිණාමෙති. එතෙහි ද්වීහි අඞ්ගෙහි මුත්තො නාම නත්ථීති වදන්ති.
එහි ඵසස්ස පරිණාමිතා යනු චුතිය හා ඉපදීම මේ ලෝකයේ පරිණාම ස්වභාවයයි. මෙසේ වනාහි ලෝකය විපරිණාමයට පත්වෙයි. මේ කාරණා දෙකින් මිදුනු කෙනෙක් නම් නැත යන අර්ථයි.
සමුද්දජා ආහ –
සමුද්දජා මෙසේ කීය;
“අහම්පි තාත ජානාමි, එවංධම්මා හි පාණිනො; සොකෙන ච පරෙතස්මි, භූරිදත්තං අපස්සතී.
පුත්‍රය, සත්ත්වයන්ගේ ස්වභාවය මෙය බව මම ද දනිමි. එහෙත්, භූරිදත්තව නො දත් සෝකයෙන් මම පෙළුණේ වෙමි.
“අජ්ජ චෙ මෙ ඉමං රත්තිං, සුදස්සන විජානහි; භූරිදත්තං අපස්සන්තී, මඤ්ඤෙ හිස්සාමි ජීවිත”න්ති.
පුත, සුදස්සන, මේ රාත්‍රිය දැනගන්න. භූරිදත්තව අද රෑ නොදැක්කොත් මගේ ජීවිතය අත්හරිමි. ඒ දනුවයි මෑණියෝ පැවසූහ.
තත්ථ අජ්ජ චෙ මෙති තාත සුදස්සන, සචෙ අජ්ජ ඉමං රත්තිං භූරිදත්තො මම දස්සනං නාගමිස්සති, අථාහං තං අපස්සන්තී ජීවිතං ජහිස්සාමීති මඤ්ඤාමි.
එහි අජ්ජ චෙ මෙ යනු පිය සුදස්සන, ඉදින් අද මේ රාත්‍රියේ භූරිදත්ත තෙමේ දර්ශන පථයට නොඑන්නේද, භූරිදත්තව නොදකින මම දිවි තොර කරගන්නෙමියි සිතමි.
පුත්තා ආහංසු –
දරුවෝ කීහ;
“අම්ම අස්සාස මා සොචි, ආනයිස්සාම භාතරං; දිසොදිසං ගමිස්සාම, භාතුපරියෙසනං චරං.
මැණියනි! ශෝක නොකරන්න. සැනසෙන්න. සොයුරාව ගෙනෙන්නෙමු. සොහොයුරාව සොයමින් ඒ ඒ දිශාවන්හි යන්නෙමි.
“පබ්බතෙ ගිරිදුග්ගෙසු, ගාමෙසු නිගමෙසු ච; ඔරෙන සත්තරත්තස්ස, භාතරං පස්ස ආගත”න්ති.
පර්වතයන්හි, ගිරිදුර්ගවල ගම්නියම්ගම්වල ද යන්නෙමි. ගිහින් සොයන්නෙමි. දස දවසකින් මෙපිට එන සහෝදරයා බලා සැනසෙන්න.
තත්ථ චරන්ති අම්ම, මයං තයොපි ජනා භාතුපරියෙසනං චරන්තා දිසොදිසං ගමිස්සාමාති නං අස්සාසෙසුං.
එහි චරං යනු මෑණියනි, තුන්දෙනාම සොයුරාව සොයමින් ඇවිදින්නාහු දිශා අනුදිශාවන්ට යන්නෙමියි ඇයව සැනසූහ.
තතො සුදස්සනො චින්තෙසි “සචෙ තයොපි එකං දිසං ගමිස්සාම, පපඤ්චො භවිස්සති, තීහි තීණි ඨානානි ගන්තුං වට්ටති – එකෙන දෙවලොකං, එකෙන හිමවන්තං, එකෙන මනුස්සලොකං. සචෙ ඛො පන කාණාරිට්ඨො මනුස්සලොකං ගමිස්සති, යත්ථෙව භූරිදත්තං පස්සති. තං ගාමං වා නිගමං වා ඣාපෙත්වා එස්සති, එස කක්ඛළො ඵරුසො, න සක්කා එතං තත්ථ පෙසෙතු”න්ති. චින්තෙත්වා ච පන “තාත අරිට්ඨ, ත්වං දෙවලොකං ගච්ඡ, සචෙ දෙවතාහි ධම්මං සොතුකාමාහි භූරිදත්තො දෙවලොකං නීතො, තතො නං ආනෙහී”ති අරිට්ඨං දෙවලොකං පහිණි. සුභොගං පන “තාත, ත්වං හිමවන්තං ගන්ත්වා පඤ්චසු මහානදීසු භූරිදත්තං උපධාරෙත්වා එහී”ති හිමවන්තං පහිණි. සයං පන මනුස්සලොකං ගන්තුකාමො චින්තෙසි – “සචාහං මාණවකවණ්ණෙන ගමිස්සාමි, මනුස්සා නෙව මෙ පියායිස්සන්ති, මයා තාපසවෙසෙන ගන්තුං වට්ටති, මනුස්සානඤ්හි පබ්බජිතා පියා මනාපා”ති. සො තාපසවෙසං ගහෙත්වා මාතරං වන්දිත්වා නික්ඛමි.
ඉක්බිති සුදස්සන තෙමේ සිතීය. ඉදින් තුන්දෙනාම එක් දිශාවකට යන්නෙමුද ප්‍රමාදයක් වන්නේය. තුන්දෙනා විසින් තැන් තුනකට යායුතුයයි එක්කෙනෙක් දෙව්ලොවටත්, එක් අයෙක් හිමවතටත් එක් අයෙක් මිනිස් ලොවටත් යා යුතුයි. ඉදින් වනාහි කන අරිට්ඨ මිනිස්ලොවට යන්නේද යම්තැනකදී භූරිදත්තව දකී. ඒ ගම හෝ නියම්ගම දවන්නේය. ඔහු නපුරුය. පරුෂය. මොහුව එහි යවන්නට නොහැකියයි සිතා දරුව අරිට්ඨ! ඔබ දෙව්ලොවට යන්න. ඉදින් දෙවියෝ වනාහි ධර්මය අසන්නට කැමතිනම් භූරිදත්තව දෙව්ලොවට ගෙන ගියේ වන. එයින් ඔහුව ගෙනඑවයි කියා අරිට්ඨව දෙව්ලොවට යැවීය. සුභග දරුව! නුඹ හිමවතට ගොස් පස්මහා ගංගාවන්හි භූරිදත්තව සොයා එන්නයැයි හිමවතට පිටත්කර හැරියේය. තමා වනාහි මිනිස්ලොවට යනු කැමැත්තේ මෙසේ සිතීය. ඉදින් මම මාණවකයකු විලාසයෙන් යන්නෙම් ද මිනිස්සු පසුබට වෙත්. මා තාපස විලාසයෙන් යා යුතුය. මිනිසුන්ට වනාහි පැවිද්දෝ ප්‍රියමනාප වෙත්. ඔහු තාපස වේෂය ගෙන මවට වැඳ පිටත්විය.
බොධිසත්තස්ස පන අජමුඛී නාම වෙමාතිකභගිනී අත්ථි. තස්සා බොධිසත්තෙ අධිමත්තො සිනෙහො. සා සුදස්සනං ගච්ඡන්තං දිස්වා ආහ – “භාතික , අතිවිය කිලමාමි, අහම්පි තයා සද්ධිං ගමිස්සාමී”ති. “අම්ම, න සක්කා තයා ගන්තුං, අහං පබ්බජිතවසෙන ගච්ඡාමී”ති. “අහං පන ඛුද්දකමණ්ඩූකී හුත්වා තව ජටන්තරෙ නිපජ්ජිත්වා ගමිස්සාමී”ති. “තෙන හි එහී”ති. සා මණ්ඩූකපොතිකා හුත්වා තස්ස ජටන්තරෙ නිපජ්ජි. සුදස්සනො “මූලතො පට්ඨාය විචිනන්තො ගමිස්සාමී”ති බොධිසත්තස්ස භරියායො තස්ස උපොසථකරණට්ඨානං පුච්ඡිත්වා පඨමං තත්ථ ගන්ත්වා අලම්පායනෙන මහාසත්තස්ස ගහිතට්ඨානෙ ලොහිතඤ්ච වල්ලීහි කතපෙළට්ඨානඤ්ච දිස්වා “භූරිදත්තො අහිතුණ්ඩිකෙන ගහිතො”ති ඤත්වා සමුප්පන්නසොකො අස්සුපුණ්ණෙහි නෙත්තෙහි අලම්පායනස්ස ගතමග්ගෙනෙව පඨමං කීළාපිතගාමං ගන්ත්වා මනස්සෙ පුච්ඡි “එවරූපො නාම නාගො කෙනචීධ අහිතුණ්ඩිකෙන කීළාපිතො”ති? “ආම, අලම්පායනෙන ඉතො මාසමත්ථකෙ කීළාපිතො”ති. “කිඤ්චි ධනං තෙන ලද්ධ”න්ති? “ආම, ඉධෙව තෙන සහස්සමත්තං ලද්ධ”න්ති. “ඉදානි සො කුහිං ගතො”ති? “අසුකගාමං නාමා”ති. සො තතො පට්ඨාය පුච්ඡන්තො අනුපුබ්බෙන රාජද්වාරං අගමාසි.
බෝධිසත්ත්වයන් වහන්සේ වනාහි ‘අච්චිමුඛී’ නම් වූ වෙනත් මවකගේ දුවණියක් වූ සොයුරියක් ඇත. ඇය බෝධිසත්ත්වයන් කෙරෙහි අතිශයින් බැඳුනේ වෙයි. ඇය යන්නා වූ සුදස්සනව දැක මෙසේ කීය. සොයුර, ‘ඔබ අතිශයින් වෙහෙස වූයේ වෙයි. මම ද ඔබ සමග එන්නෙමියි කීවාය. සොයුරිය, ඔබ සමග යා නොහැක. මා පැවිදි වේෂයෙන් යන්නෙමි. මම කුඩා මැඩිදෙනක් වී ඔබගේ ජටා මඬුල්ලේ සැඟවී යන්නෙමියි ඇය කීවාය. එසේනම් එන්නයැයි කීය. ඇය කුඩා මැඩිදෙනක් වී ඔහුගේ ජටාව තුළ ලැග්ගේය. සුදස්සන තෙමේ මුලපටන්ම කල්පනාකාරීව යන්නෙමියි, බෝධිසත්ත්වයන්ගේ භාර්යාවරු ඔහු පෙහෙවස් රකින තැන අසා පළමුව එහි ගොස් ආලම්බන විසින් මහා සත්ත්වයන්ව අල්ලාගත් තැන රුධිරයද වැල්වලින් පෙට්ටියක් සෑදු තැන ද දැක භූරිදත්තව වනාහි අහිකුණ්ඩකයකු විසින් අල්ලාගන්නා ලද්දේ වනැයි හටගත් ශෝක ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇත්තේ ආලම්බන ගිය මාර්ගයෙන්ම පළමුව ක්‍රීඩා කර වූ ගමට ගොස් මෙබඳු වූ ස්වභාව ඇති නාගයකු කිසියම් අහිකුණ්ඩිකයකු විසින් නටවන ලදදැයි මිනිසුන්ගෙන් විචාළේය. එවිට එසේය. මෙයින් මාසයකට පමණ පෙර ආලම්බන විසින් සෙල්ලම් කරවන ලදීයැයි කීහ. ඔහු විසින් ඒ වෙනුවෙන් යමක් ලබන ලද්දේදැයි විචාර කල්හි එසේය. මෙහිදීම දසදහසක් පමණ ලබන ලදී. දැන් කොහි ගියේදැයි විචාළේය. අසවල් ගමට යැයි කීහ. හෙතෙම එතැන් පටන් විචාරමින් පිළිවෙලින් රජගෙදර දොරටුව තෙක් ගමන් කළේය.
තස්මිං ඛණෙ අලම්පායනො සුන්හාතො සුවිලිත්තො මට්ඨසාටකං නිවාසෙත්වා රතනපෙළං ගාහාපෙත්වා රාජද්වාරමෙව ගතො. මහාජනො සන්නිපති, රඤ්ඤො ආසනං පඤ්ඤත්තං. සො අන්තොනිවෙසනෙ ඨිතොව “අහං ආගච්ඡාමි, නාගරාජානං කීළාපෙතූ”ති පෙසෙසි. අලම්පායනො චිත්තත්ථරණෙ රතනපෙළං ඨපෙත්වා විවරිත්වා “එහි මහානාගා”ති සඤ්ඤමදාසි. තස්මිං සමයෙ සුදස්සනොපි පරිසන්තරෙ ඨාතො. අථ මහාසත්තො සීසං නීහරිත්වා සබ්බාවන්තං පරිසං ඔලොකෙසි. නාගා හි ද්වීහි කාරණෙහි පරිසං ඔලොකෙන්ති සුපණ්ණපරිපන්ථං වා ඤාතකෙ වා දස්සනත්ථාය. තෙ සුපණ්ණං දිස්වා භීතා න නච්චන්ති, ඤාතකෙ වා දිස්වා ලජ්ජමානා න නච්චන්ති. මහාසත්තො පන ඔලොකෙන්තො පරිසන්තරෙ භාතරං අද්දස. සො අක්ඛිපූරානි අස්සූනි ගහෙත්වා පෙළතො නික්ඛමිත්වා භාතරාභිමුඛො පායාසි. මහාජනො තං ආගච්ඡන්තං දිස්වා භීතො පටික්කමි, එකො සුදස්සනොව අට්ඨාසි. සො ගන්ත්වා තස්ස පාදපිට්ඨියං සීසං ඨපෙත්වා රොදි, සුදස්සනොපි පරිදෙවි. මහාසත්තො රොදිත්වා නිවත්තිත්වා පෙළමෙව පාවිසි. අලම්පායනොපි “ඉමිනා නාගෙන තාපසො ඩට්ඨො භවිස්සති, අස්සාසෙස්සාමි න”න්ති උපසඞ්කමිත්වා ආහ –
ඒ වේලාවේදී ආලම්බන තෙමේ ද මනාව ජල ස්නානය කොට සුවඳ ඇග ගල්වා පටසලුවක් හැඳ රත්නමය පෙට්ටිය ගෙන රජදොරටුව වෙතට ම ගියේය. මහාජනයා රැස්වූහ. රජුට ද ආසනයක් පනවන ලදී. ඔහු ඇතුළුගෙහි සිටම මම එමි. නාරජු නටවන්නයැයි කියා යැවීය. ආලම්බන තෙමේ විසිතුරු ඇතිරියක රන්මය පෙට්ටිය තබා, එය විවෘතකොට මහා නාගරාජය! මෙහි එන්නයැයි සංඥාවක් දුන්නේය. ඒ අවස්ථාවේ සුදස්සන තෙමේද පිරිස් කෙළවර සිටියේ මහාසත්ත්වයන් වහන්සේ හිස එලියට ගෙන ඒ මුළු පිරිස දෙසම බැලීය. නාගයෝ කරුණු දෙකක් නිසා පිරිසක් දෙස බලත්. ගුරුලන්ගෙන් සිදුවන විපතක් ගැන හෝ ඥාතීන් බැලීම සඳහාය යන කාරණා දෙකයි. ඔව්හු ගුරුළන් දැක බිය වූවාහු නො නටත්. නෑයන් දැක ලජ්ජාවට පත්වූවාහු නොනටත්. මහාසත්ත්වයන් වහන්සේ වනාහි බලන්නේ පිරිස අතර සොයුරාව දුටුවේය. ඔහු ඇස පුරා කඳුළු සහිතව පෙට්ටියෙන් පිටත අවුත් සහෝදරයා දෙසට ගමන් කළේය. මහාජනයා එන්නා වූ ඔහු දැක බිය වූයේ එතනින් පැන ගියහ. සුදස්සන පමණක් එහි නතර විය. හෙතෙම ගොස් ඔහුගේ පා ළග හිස තබා ඇඬුවේය. සුදස්සන තෙමේ ද හැඬුවේය. මහාසත්ත්වයන් වහන්සේ හඬා නැවත පෙට්ටිය තුළට ම ගියේය. මේ නාගයා විසින්, තාපසයකු දෂ්ට කළා වන්නේ යැයිද ඔහුව අස්වසන්නෙමියි පැමිණ මෙසේ ප්‍රකාශ කළේය.
“හත්ථා පමුත්තො උරගො, පාදෙ තෙ නිපතී භුසං; කච්චි නු තං ඩංසී තාත, මා භායි සුඛිතො භවා”ති.
අත්මිදුනා වූ නාගයා ඔබගේ පා ළඟ වැටුනේය. පියාණෙනි, ඔහු දෂ්ට කළාද? පියාණෙනි, බිය නොවන්න. සැපවත් වේවායි ආලම්බන කීය.
තත්ථ මා භායීති තාත තාපස, අහං අලම්පායනො නාම, මා භායි, තව පටිජග්ගනං නාම මම භාරොති.
එහි මාභායී යනු තාපස පියාණෙනි, මම ආලම්බන නම් වෙමි. බිය නොවන්න. ඔබට ආවතේව කිරීම මට භාරය.
සුදස්සනො තෙන සද්ධිං කථෙතුකම්යතාය ගාථමාහ –
සුදස්සන නාරජ ඔහු සමග කථාකරනු කැමැත්තේ මෙසේ කීය.
“නෙව මය්හං අයං නාගො, අලං දුක්ඛාය කායචි; යාවතත්ථි අහිග්ගාහො, මයා භිය්යො න විජ්ජතී”ති.
මගේ මේ නාගයා සුළු පමණින්වත් මට දුකක් ඉපදවීමට අපොහොසත්ය. යම් පමණ අහිගුණ්ඨිකයෝ වෙත් ද මා හා සමාන අහිකුණ්ඨිකයෙක් ලොව වෙනත් නැත. (තාපස වේසයෙන් ආ සුදස්සන නා රජු කීය.)
තත්ථ කායචීති කස්සචි අප්පමත්තකස්සපි දුක්ඛස්ස උප්පාදනෙ අයං මම අසමත්ථො. මයා හි සදිසො අහිතුණ්ඩිකො නාම නත්ථීති.
එහි කායචි යනු කිසිවකුටත් අල්ප වූ ද දුකක් ඇතිකිරීමට සමත් නොවෙමි. මා හා සමාන වූ අහිකුණ්ඨිකයෙක් නම් නැත යනුයි.
අලම්පායනො “අසුකො නාමෙසො”ති අජානන්තො කුජ්ඣිත්වා ආහ –
ආලම්බන තෙමේ මොහු අසවල් තැනැත්තා යැයි නොදන්නේ කිපී මෙසේ කීය.
“කො නු බ්රාහ්මණවණ්ණෙන, දිත්තො පරිසමාගතො; අව්හායන්තු සුයුද්ධෙන, සුණන්තු පරිසා මමා”ති.
යම්කිසි බාල මෝඩයෙක් බමුණු වෙසින් මේ පිරිස මැදට පැමිණ මට යුද්ධය සඳහා අභියෝග කරයි. මගේ පිරිස මගේ බස අසාවා.
තත්ථ දිත්තොති ගබ්බිතො බාලො අන්ධඤාණො. අව්හායන්තූති අව්හායන්තො, අයමෙව වා පාඨො. ඉදං වුත්තං හොති – අයං කො බාලො උම්මත්තකො විය මං සුයුද්ධෙන අව්හායන්තො අත්තනා සද්ධිං සමං කරොන්තො පරිසමාගතො, පරිසා මම වචනං සුණන්තු, මය්හං දොසො නත්ථි, මා ඛො මෙ කුජ්ඣිත්ථාති.
එහි දත්තො යනු බොළඳ, මෝඩ අව්හයන්තු යනු කැඳවන්නේ, මෙසේ කියා ඇත. මේ වනාහි කිසියම් බාල උම්මත්තකයෙක් මා යුද්ධයට කැඳවන්නේ තමා හා සසඳා මේ පිරිස තුළට පැමිණියේ වන. පිරිස මගේ වචනය අසාවා. මගේ වරදක් නැත. මට නොකිපෙව.
අථ නං සුදස්සනො ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති ඔහුට සුදස්සන තෙමේ ගාථාවකින් මෙසේ කීහ.
“ත්වං මං නාගෙන ආලම්ප, අහං මණ්ඩූකඡාපියා; හොතු නො අබ්භුතං තත්ථ, ආ සහස්සෙහි පඤ්චහී”ති.
ආලම්බය! නුඹ නාග වූ මා සමග යුධ කරව. මම මැඩි පැටවක මගින් ඔබ සමග යුධ කරමි. එහි පන්දහසක් පරදු තබන්න.
තත්ථ නාගෙනාති ත්වං නාගෙන මයා සද්ධිං යුජ්ඣ, අහං මණ්ඩූකඡාපියා තයා සද්ධිං යුජ්ඣිස්සාමි. ආ සහස්සෙහි පඤ්චහීති තස්මිං නො යුද්ධෙ යාව පඤ්චහි සහස්සෙහි අබ්භුතං හොතූති.
එහි නාගෙන යනු නුඹ නාගයකු වූ මා සමග යුධ කරන්න. මම තරුණ මැඩි පැටවකු වූ නුඹ සමග යුධ කරන්නෙමි. ආසහස්සෙහි යනු එහිදී අපගේ යුද්ධයෙහි පන්දහසක් පරදුව වන්නේය.
අලම්පායනො ආහ –
අලම්බන මෙසේ කීය;
“අහඤ්හි වසුමා අඩ්ඪො, ත්වං දලිද්දොසි මාණව; කො නු තෙ පාටිභොගත්ථි, උපජූතඤ්ච කිං සියා.
මානවකය, මම වස්තුවෙන් ආඪ්‍ය වෙමි. නුඹ දිළින්දෙකි. ඔබගේ ඇපය කුමක්ද. ඔට්ටුව කුමක්ද?
“උපජූතඤ්ච මෙ අස්ස, පාටිභොගො ච තාදිසො; හොතු නො අබ්භුතං තත්ථ, ආ සහස්සෙහි පඤ්චහී”ති.
මට ඔට්ටුවක් ඇත. ඇපයද එබඳුය. එහි පන්දහසක් ඔට්ටු තබන්න.
තත්ථ කො නු තෙති තව පබ්බජිතස්ස කො නු පාටිභොගො අත්ථි. උපජූතඤ්චාති ඉමස්මිං වා ජූතෙ උපනික්ඛෙපභූතං කිං නාම තව ධනං සියා, දස්සෙහි මෙති වදති. උපජූතඤ්ච මෙති මය්හං පන දාතබ්බං උපනික්ඛෙපධනං වා ඨපෙතබ්බපාටිභොගො වා තාදිසො අත්ථි, තස්මා නො තත්ථ යාව පඤ්චහි සහස්සෙහි අබ්භුතං හොතූති.
එහි කොනුතෙ යනු පැවිද්දකු වූ ඔබට කවරනම් ඔට්ටුවක්ද? උපජූතඤ්ච යනු මේ සූදුවෙහිදී ඔබ ළඟ තබාගන්නා වූ ධනය කොපමණදැයි මට පෙන්වන්න යැයි කියයි. උපජූතඤ්ච මෙ යනු මට වනාහි දිය යුතු ළඟ තබාගන්නා වූ ධනය හෝ තැබිය යුතු ඔට්ටුව හෝ එසේම ඇත. ඒ නිසා එහි පන්දහසකින් අපි ඔට්ටු තබමු.
සුදස්සනො තස්ස කථං සුත්වා “පඤ්චහි නො සහස්සෙහි අබ්භුතං හොතූ”ති අභීතො රාජනිවෙසනං ආරුය්හ මාතුලරඤ්ඤො සන්තිකෙ ඨිතො ගාථමාහ –
සුදස්සන තෙමේ ඔහුගේ කථාව අසා පන්දහසක් ඔට්ටුව වේවායි බිය නැතිව රජමැදුරට නැග මාමා වූ රජුගේ සමීපයෙහි සිට මේ ගාථාව කීය.
“සුණොහි මෙ මහාරාජ, වචනං භද්දමත්ථු තෙ; පඤ්චන්නං මෙ සහස්සානං, පාටිභොගො හි කිත්තිමා”ති.
මහරජතුමනි, ඔබතුමාට යහපත් වචනයක් වේවා. මට සවන් දෙන්න. කීර්තිමත් වූ රජතුමනි, මට ඔට්ටුව පන්දහසකි.
තත්ථ කිත්තිමාති ගුණකිත්තිසම්පන්න විවිධගුණාචාරකිත්තිසම්පන්න.
එහි කිත්තිමා යනු ගුණ කීර්තියෙන් යුක්ත වූ.
රාජා “අයං තාපසො මං අතිබහුං ධනං යාචති, කිං නු ඛො”ති චින්තෙත්වා ගාථමාහ –
රජ තෙමේ මේ තාපසයා මගෙන් විශාල ධනයක් ඉල්වයි. කුමක්දැයි සිතා මේ ගාථාව කීය.
“පෙත්තිකං වා ඉණං හොති, යං වා හොති සයංකතං; කිං ත්වං එවං බහුං මය්හං, ධනං යාචසි බ්රාහ්මණා”ති.
බ්‍රාහ්මණය, පියා විසින් ගත් ණයක් වේද, නැත හෝ ඔබ විසින් ගන්නා ලද ණයක්ද? කුමක් නිසා ඔබ බොහෝ ධනය ඉල්වන්නෙහිද?
තත්ථ පෙත්තිකං වාති පිතරා වා ගහෙත්වා ඛාදිතං, අත්තනා වා කතං ඉණං නාම හොති, කිං මම පිතරා තව හත්ථතො ගහිතං අත්ථි, උදාහු මයා, කිංකාරණා මං එවං බහුං ධනං යාචසීති?
එහි පෙත්තිකං වා යනු පියා විසින් හෝ ගෙන වියදම් කළ නැතහොත් තමා විසින් ගන්නා ලද ණය නම් වෙයි. කිම මගේ පියා විසින් හෝ ඔබගේ අතින් ගන්නා ලද ණයක් වේද? නැතහොත් මා විසින් ගන්නා ලද්දක්ද? කුමන කරුණක් නිසා මෙසේ බොහෝ ධනය ඉල්වන්නෙහිද?
එවං වුත්තෙ සුදස්සනො ද්වෙ ගාථා අභාසි –
මෙසේ කී කල්හි සුදස්සන තෙමේ ගාථා දෙකක් කීය.
“අලම්පායනො හි නාගෙන, මමං අභිජිගීසති; අහං මණ්ඩූකඡාපියා, ඩංසයිස්සාමි බ්රාහ්මණං.
ආලම්බන තෙමේ නාගයකු ලවා මා පරදවනු කැමති වෙයි. මම මැඩි පැටවක ලවා ආලම්බනයා දෂ්ට කරවමි.
“තං ත්වං දට්ඨුං මහාරාජ, අජ්ජ රට්ඨාභිවඩ්ඪන; ඛත්තසඞ්ඝපරිබ්යූළ්හො, නිය්යාහි අහිදස්සන”න්ති.
මහාරජතුමනි, අද ඔබවහන්සේ ක්ෂත්රිය ජනයා පිරිවරාගෙන එය නයින්ගේ නැටුම් බැලීමට සූදානම් වන්න.
තත්ථ අභිජිගීසතීති යුද්ධෙ ජිනිතුං ඉච්ඡති. තත්ථ සචෙ සො ජීයිස්සති, මය්හං පඤ්චසහස්සානි දස්සති. සචාහං ජීයිස්සාමි, අහමස්ස දස්සාමි, තස්මා තං බහුං ධනං යාචාමි. තන්ති තස්මා ත්වං මහාරාජ, අජ්ජ අහිදස්සනං දට්ඨුං නිය්යාහීති.
එහි අභිජිගිංසති යනු යුද්ධය ජයගන්නට කැමති වෙයි. එහිදී ඉදින් ඔහු පරදින්නේ ද මා දිනන්නේ ද මට පන්දහසක් දෙන්නේය. ඉදින් මම පරිදින්නෙම් නම් මම ඔහුට දෙමි. ඒ නිසා ඒ බොහෝ වූ ධනය ඉල්ලමි. තං යනු ඒ නිසා මහරජතුමනි, ඔබවහන්සේ එම දර්ශනය නැරඹීමට යා යුතුයි.
රාජා “තෙන හි ගච්ඡාමා”ති තාපසෙන සද්ධිංයෙව නික්ඛමි. තං දිස්වා අලම්පායනො “අයං තාපසො ගන්ත්වා රාජානං ගහෙත්වා ආගතො, රාජකුලූපකො භවිස්සතී”ති භීතො තං අනුවත්තන්තො ගාථමාහ –
රජතෙමේ, එසේනම් යමු යැයි තවුසා සමගම නික්ම ගියේය. ඒ දැක ආලම්බායන තෙමේ මෙසේ සිතීය. මේ තවුසා ගොස් රජුවද රැගෙන ආවේ රජුගේ මිත්‍රයකු වන්නේයැයි සිතා බිය වූයේ ඔහු අනුව යමින් මේ ගාථාව කීය.
“නෙව තං අතිමඤ්ඤාමි, සිප්පවාදෙන මාණව; අතිමත්තොසි සිප්පෙන, උරගං නාපචායසී”ති.
මානවකය, මම ශිල්ප වාදයෙන් ඔබව ඉක්මවා නොහඟිමි. එහෙත් ශිල්පයෙන් මත්වූ ඔබ උරගයාට ගරු නොකරන්නෙහිය.
තත්ථ සිප්පවාදෙනාති මාණව, අහං අත්තනො සිප්පෙන තං නාතිමඤ්ඤාමි, ත්වං පන සිප්පෙන අතිමත්තො ඉමං උරගං න පූජෙසි, නාගස්ස අපචිතිං න කරොසීති.
එහි සිප්පවාදෙන යනු මානවය, මම තමන්ගේ ශිල්පයෙන් ඔබව පහත්කොට නොසළකමි. නුඹ වනාහි ශිල්පයෙන් මත්වූයේ මේ නාගයාට ගරු නොකරන්නෙහිය. පූජා නොකරන්නෙහිය.
තතො සුදස්සනො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති සුදස්සන තෙමේ ගාථා දෙකක් පැවසීය.
“අහම්පි නාතිමඤ්ඤාමි, සිප්පවාදෙන බ්‍රාහ්මණ; අවිසෙන ච නාගෙන, භුසං වඤ්චයසෙ ජනං.
අපිද ශිල්පවාදයෙන් ඔබ හෙළා නොදකිමු. එහෙත් ඔබ මේ විෂ රහිත නාගයාගෙන් මහජනයාව බොහෝකොට වංචා කරන්නෙහිය.
“එවඤ්චෙතං ජනො ජඤ්ඤා, යථා ජානාමි තං අහං; න ත්වං ලභසි ආලම්ප, භුසමුට්ඨිං කුතො ධන”න්ති.
යම් ලෙසකින් මම එය දන්නෙම්ද ඒ ලෙසට මහජනයා දැනගන්ද එසේ වුවහොත් ආලම්බනය, ඔබ අත්සුණු මිටක්වත් නොලබන්නේය. ධනය ගැන කවර කථාද?
අථස්ස අලම්පායනො කුජ්ඣිත්වා ආහ –
ඉක්බිති ආලම්බායන තෙමේ කිපී ඔහුට මෙසේ කීය.
“ඛරාජිනො ජටී දුම්මී, දිත්තො පරිසමාගතො; යො ත්වං එවං ගතං නාගං, ‘අවිසො’ අතිමඤ්ඤති.
රළු අඳුන් දිවිසමක් හැඳ ජටාවක් බැඳ කිළිටිව මේ පිරිස මැදට ආවා වූ නුඹ මේ ආනුභාව සම්පන්න නාගයා විෂ නැතියැයි අවමන් කරන්නෙහි.
“ආසජ්ජ ඛො නං ජඤ්ඤාසි, පුණ්ණං උග්ගස්ස තෙජසො; මඤ්ඤෙ තං භස්මරාසිංව, ඛිප්පමෙස කරිස්සතී”ති.
උග්‍ර වූ තේජසින් පිරුණා වූ ඔහුව මෙහි සමීපයට ගොස් වටහා ගන්න. මොහු ඔබව අළුගොඩක් වෙන් කරන්නේ යැයි හඟිමි.
තත්ථ දුම්මීති අනඤ්ජිතනයනො. අවිසො අතිමඤ්ඤසීති නිබ්බිසොති අවජානාසි. ආසජ්ජාති උපගන්ත්වා. ජඤ්ඤාසීති ජානෙය්යාසි.
එහි රුම්මි යනු අඳුන් ආදියෙන් නොසැරසුණු, අවිසො අතිමඤ්ඤසි යනු විෂ නැත්තේයැයි අවමන් කරන්නෙහිය. ආසජ්ජ යනු ළගට ගොස්, ජඤ්ඤාසි යනු දැනගන්නෙහි.
අථ තෙන සද්ධිං කෙළිං කරොන්තො සුදස්සනො ගාථමාහ –
ඉක්බිති ඔහු සමග ක්‍රීඩා කරන්නා වූ සුදස්සන තෙමේ මේ ගාථාව කීය.
“සියා විසං සිලුත්තස්ස, දෙඩ්ඩුභස්ස සිලාභුනො; නෙව ලොහිතසීසස්ස, විසං නාගස්ස විජ්ජතී”ති.
තොපගේ මේ සර්පයාට විෂ ඇත්නම් ගැරඬියාටත්, දියබරියාටත්, කොළපාට සර්පයාටත් (පණවුළුටක්) විෂ ඇත්තේය. රතුපාට හිසක් ඇති සර්ප නාගයාට විෂ නැත.
තත්ථ සිලුත්තස්සාති ඝරසප්පස්ස. දෙඩ්ඩුභස්සාති උදකසප්පස්ස. සිලාභුනොති නීලවණ්ණසප්පස්ස. ඉති නිබ්බිසෙ සප්පෙ දස්සෙත්වා එතෙසං විසං සියා, නෙව ලොහිතසීසස්ස සප්පස්සාති ආහ.
එහි සිළුත්තස්ස යනු ගැරඬියාට. දෙඩ්ඪූභස්ස දියබරියාට, සිලාභූතො යනු කොළපාට වර්ණ ඇති සර්පයාට මෙසේ විෂ නැති සර්පයන් දක්වා මොවුන්ට විෂ වන්නේය. රතුපාට හිසක් ඇති සර්පයකු වූ මොහුට විෂ නැත.
අථ නං අලම්පායනො ද්වීහි ගාථාහි අජ්ඣභාසි –
ඉක්බිති ආලම්බන තෙමේ ඔහුට ගාථා දෙකකින් මෙසේ කීය.
“සුතමෙතං අරහතං, සඤ්ඤතානං තපස්සිනං; ඉධ දානානි දත්වාන, සග්ගං ගච්ඡන්ති දායකා; ජීවන්තො දෙහි දානානි, යදි තෙ අත්ථි දාතවෙ.
මේ ලෝකයේ දායකයෝ අර්හත් වූ සංසුන් ඉඳුරන් ඇති තපස්වීන් වහන්සේලාට දන් දී දෙව්ලොව යත්යැයි මා විසින් අසා ඇත. ඉදින් ඔබට දිය හැකි දෙයක් වේනම් ජීවත්වෙමින් දන් දෙව.
“අයං නාගො මහිද්ධිකො, තෙජස්සී දුරතික්කමො; තෙන තං ඩංසයිස්සාමි, සො තං භස්මං කරිස්සතී”ති.
මේ මහා ඍද්ධි ඇති තේජස් ඇති, පරාජය කළ නොහැකි නාගරාජයෙකි. ඒ නාගයා ලවා ඔබව මම දෂ්ට කරවන්නෙමි. ඔහු තා අළු කරන්නේයයි ආලම්බන කීය.
තත්ථ දාතවෙති යදි තෙ කිඤ්චි දාතබ්බං අත්ථි, තං දෙහීති.
එහි දා තවෙ යනු ඉදින් ඔබට කිසියම් දියහැකි දෙයක් ඇත්නම් එය දෙන්න.
“මයාපෙතං සුතං සම්ම, සඤ්ඤතානං තපස්සිනං; ඉධ දානානි දත්වාන, සග්ගං ගච්ඡන්ති දායකා; ත්වමෙව දෙහි ජීවන්තො, යදි තෙ අත්ථි දාතවෙ.
යහළු ආලම්බනය, මේ ලොව දන් දෙන දායකයෝ දෙව්ලොව උපදිතැයි යන මෙය සංයම ඇති තපස්වීන්ගෙන් මා ද අසා ඇත. ඉදින් දිය යුතු දෙයක් ඇත්නම්, එය ජීවත් වෙමින් තොපම දිය යුතුය.
“අයං අජමුඛී නාම, පුණ්ණා උග්ගස්ස තෙජසො; තාය තං ඩංසයිස්සාමි, සා තං භස්මං කරිස්සති.
‘අච්චිමුඛී’ නම් මේ මැඩි පැටවා උග්‍ර විෂ තේජස් ඇත්තීය. ඇය ලවා දැන් තා දෂ්ට කරවමි. ඕ තා අළුකර දමන්නේය.
“යා ධීතා ධතරට්ඨස්ස, වෙමාතා භගිනී මම; සා තං ඩංසත්වජමුඛී, පුණ්ණා උග්ගස්ස තෙජසො”ති. –
ධතරාෂ්ට්‍ර නම් නා රජුට යම් දුවක් වීද, මගේ අසමාන මවු නැගිණ වූද උග්‍ර තේජසින් පරිපූර්ණ ඒ මේ අච්චිමුඛී නමැති මැඩි පැටී දකිනු ලැබේවායි සුදස්සන කීය.
ඉමා ගාථා සුදස්සනස්ස වචනං. තත්ථ පුණ්ණා උග්ගස්ස තෙජසොති උග්ගෙන විසෙන පුණ්ණා.
මේ ගාථා සුදස්සනගේ වචනයයි. එහි පුණ්ණ උග්ගස්ස තෙජසා යනු උග්‍ර වූ විෂයෙන් පිරුණා වූ.
එවඤ්ච පන වත්වා “අම්ම අජමුඛි, ජටන්තරතො මෙ නික්ඛමිත්වා පාණිම්හි පතිට්ඨහා”ති මහාජනස්ස මජ්ඣෙයෙව භගිනිං පක්කොසිත්‍වා හත්ථං පසාරෙසි. සා තස්ස සද්දං සුත්වා ජටන්තරෙ නිසින්නාව තික්ඛත්තුං මණ්ඩූකවස්සිතං වස්සිත්වා නික්ඛමිත්වා අංසකූටෙ නිසීදිත්වා උප්පතිත්වා තස්ස හත්ථතලෙ තීණි විසබින්දූනි පාතෙත්වා පුන තස්ස ජටන්තරමෙව පාවිසි. සුදස්සනො විසං ගහෙත්වා ඨිතොව “නස්සිස්සතායං ජනපදො, නස්සිස්සතායං ජනපදො”ති තික්ඛත්තුං මහාසද්දං අභාසි. තස්ස සො සද්දො ද්වාදසයොජනිකං බාරාණසිං ඡාදෙත්වා අට්ඨාසි. අථ රාජා තං සද්දං සුත්වා “කිමත්ථං ජනපදො නස්සිස්සතී”ති පුච්ඡි. “මහාරාජ, ඉමස්ස විසස්ස නිසිඤ්චනට්ඨානං න පස්සාමී”ති. “තාත, මහන්තා අයං පථවී, පථවියං නිසිඤ්චා”ති. අථ නං “න සක්කා පථවියං සිඤ්චිතුං, මහාරාජා”ති පටික්ඛිපන්තො ගාථමාහ –
මෙසේ ද කියා මෑණියනි, අච්චිමුඛී, ජටාව තුළින් නික්ම මගේ අතෙහි රැඳෙන්න. මහාජනයා මැද සහෝදරියට කථාකොට අත දිගුකළේය. ඕතොමෝ ඔහුගේ හඬ අසා ජටාව තුළ සිටම තුන්වරක් මණ්ඩුකන්ද පවත්වා ඉන් නික්ම උරහිසෙහි සිට උඩපැන ඔහුගේ අත්ලෙහි විෂ බිංදු තුනක් හෙළා නැවතත් ඔහුගේ ජටාව තුළටම පිවිසියේය. සුදස්සන තෙමේ විෂ රැගෙන සිටියේ මේ ජනපදය විනාශ වන්නේය. මේ ජනපදය නැසෙන්නේය යනුවෙන් තුන්වරක් ප්‍රකාශ කළේය. ඔහුගේ ඒ හඬ දොළොස් යොදුනක් පමණ පැතිර පවත්නා මුළු බරණැස් පුරය පුරා පැතිරී ගියේය. ඉක්බිති රජතුමා, කුමක් නිසා ජනපදය විනාශ වන්නේදැයි ඇසීය. මහරජතුමනි, මේ විෂ ඉසින්නට තැනක් නොදකිමි. දරුව, මේ මහපොළව විශාලය. එහි ඉසින්න. ඉක්බිති ඔහුට මහරජතුමනියි ප්‍රතික්ෂේප කරමින් මේ ගාථාව කීය.
“ඡමායං චෙ නිසිඤ්චිස්සං, බ්‍රහ්මදත්ත විජානහි; තිණලතානි ඔසධ්යො, උස්සුස්සෙය්යුං අසංසය”න්ති.
බ්‍රහ්මදත්ත මහරජ, දැනගන්න. ඉදින් මෙය පොළවෙහි ඉසින්නෙම්ද නිසැකයෙන් ම තෘණලතාවන් හා ඖෂධ වියලී යන්නේ ය.
තත්ථ තිණලතානීති පථවිනිස්සිතානි තිණානි ච ලතා ච සබ්බොසධියො ච උස්සුස්සෙය්යුං, තස්මා න සක්කා පථවියං නිසිඤ්චිතුන්ති.
එහි තිණලතා යනු පෘථිවිය ඇසුරුකර හටගන්නා වූ තෘණ වර්ග ද වැල් ද සියළු ඖෂධ පැළෑටි ද ඒ නිසා පොළොවෙහි ඉසින්නට නොහැක.
තෙන හි නං, තාත, උද්ධං ආකාසං ඛිපාති. තත්රාපි න සක්කාති දස්සෙන්තො ගාථමාහ –
එසේනම් දරුව, එය උඩ අහසෙහි ඉසින්න. එහිද නොහැකියැයි පෙන්වමින් මේ ගාථාව කීය.
“උද්ධං චෙ පාතයිස්සාමි, බ්‍රහ්මදත්ත විජානහි; සත්තවස්සානියං දෙවො, න වස්සෙ න හිමං පතෙ”ති.
බ්‍රහ්මදත්ත මහරජ! දැනගන්න. ඉදින් උඩ අහසෙහි හෙළන්නෙම් ද සත් වර්ෂයක් වැසි නොවසින්නේය. හිම වැටෙන්නේ නැත. පිනි බිඳකුදු වැටෙන්නේ නැත.
තත්ථ න හිමං පතෙති සත්තවස්සානි හිමබින්දුමත්තම්පි න පතිස්සති.
එහි න හිමං පතෙ යනු වර්ෂ හතක් හිමබින්දු මාත්‍රයක්වත් නොවැටෙන්නේය.
තෙන හි නං තාත උදකෙ සිඤ්චාති. තත්රාපි න සක්කාති දස්සෙතුං ගාථමාහ –
එසේනම් ජලයෙහි ඉසින්නයැයි කීවිට එයද නොහැකියයි දක්වමින් මේ ගාථාව කීය.
“උදකෙ චෙ නිසිඤ්චිස්සං, බ්‍රහ්මදත්ත විජානහි; යාවන්තොදකජා පාණා, මරෙය්යුං මච්ඡකච්ඡපා”ති.
බ්‍රහ්මදත්ත මහරජ! දැනගන්න. ඉදින් ජලයෙහි ඉසින්නෙම් නම් සියළු ජලාශ්‍රිත ප්‍රාණීහුද මත්ස්‍ය කැස්බාදිහුද මැරෙන්නාහ.
අථ නං රාජා ආහ – “තාත, මයං න කිඤ්චි ජානාම, යථා අම්හාකං රට්ඨං න නස්සති, තං උපායං ත්වමෙව ජානාහී”ති. “තෙන හි, මහාරාජ, ඉමස්මිං ඨානෙ පටිපාටියා තයො ආවාටෙ ඛණාපෙථා”ති. රාජා ඛණාපෙසි. සුදස්සනො පඨමං ආවාටං නානාභෙසජ්ජානං පූරාපෙසි, දුතියං ගොමයස්ස, තතියං දිබ්බොසධානඤ්ඤෙව. තතො පඨමෙ ආවාටෙ විසබින්දූනි පාතෙසි. තඞ්ඛණඤ්ඤෙව ධූමායිත්වා ජාලා උට්ඨහි. සා ගන්ත්වා ගොමයෙ ආවාටං ගණ්හි. තතොපි ජාලා උට්ඨාය ඉතරං දිබ්බොසධස්ස පුණ්ණං ගහෙත්වා ඔසධානි ඣාපෙත්වා නිබ්බායි. අලම්පායනො තස්ස ආවාටස්ස අවිදූරෙ අට්ඨාසි. අථ නං විසඋසුමා පහරි, සරීරච්ඡවි උප්පාටෙත්වා ගතා, සෙතකුට්ඨි අහොසි. සො භයතජ්ජිතො “නාගරාජානං විස්සජ්ජෙමී”ති තික්ඛත්තුං වාචං නිච්ඡාරෙසි. තං සුත්වා බොධිසත්තො රතනපෙළාය නික්ඛමිත්වා සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතං අත්තභාවං මාපෙත්වා දෙවරාජලීලාය ඨිතො. සුදස්සනොපි අජමුඛීපි තථෙව අට්ඨංසු. තතො සුදස්සනො රාජානං ආහ – “ජානාසි නො, මහාරාජ, කස්සෙතෙ පුත්තා”ති? “න ජානාමී”ති. “තුම්හෙ තාව න ජානාසි, කාසිරඤ්ඤො පන ධීතාය සමුද්දජාය ධතරට්ඨස්ස දින්නභාවං ජානාසී”ති? “ආම, ජානාමි, මය්හං සා කනිට්ඨභගිනී”ති. “මයං තස්සා පුත්තා, ත්වං නො මාතුලො”ති.
ඉක්බිති රජු ඔහුට මෙසේ කීය. දරුව, අපි කිසිවක් නොදනිමු. යම් ලෙසක අපගේ රටට නොනසී ද එබඳු වූ උපක්‍රමයක් ඔබම දන්නෙහිය. එසේනම් මහරජ, මෙතැන පිළිවෙලින් ආවාට තුනක් සාරවන්න යැයි කීය. රජු කැණවීය. සුදස්සන තෙමේ මැද ආවාටය නොයෙක් බෙහෙත් වර්ගවලින් පුරවාලීය. දෙවැන්න ගොමවලින්ද තුන්වැන්න දිව්‍යමය ඖෂධවලින් ද පුරවාලීය. ඉක්බිති මැද ආවාටයෙහි විෂ බින්දු දමාපීය. එකෙණෙහිම දුම් දමමින් ගිනිජාලා නැගී ආවේය. ඒ ගිනිදැල් ගොම පිරවූ ආවාටයට පැතිර ගොස් ඖෂධ දැවී නිවී ගියේය. ආලම්බායන තෙමේ ඒ ආවාටය අසල සිටියේය. ඉක්බිති ඔහුට විෂ හුමාලය වැදුනේය. සිරුරෙහි හම ගැලවී ගියේය. සුදුකබර මතුවිය. ඔහු බියෙන් තැතිගත්තේ නාරජුව මුදාහරින්නෙමියි තුන්වරක් ප්‍රකාශ කළේය. ඒ අසා බෝධිසත්ත්වයන් වහන්සේ රුවන්මය පෙට්ටියෙන් නික්ම සියළු අලංකාරයෙන් යුත් ආත්මභාවයක් මවා ශක්‍රදේව රාජ විලාශයෙන් පෙනී සිටියේය. සුදස්සන ද අච්චිමුඛී ද එසේ සිටියාහ. ඉක්බිති සුදස්සන තෙමේ රජුට මෙසේ කීය. මහරජතුමනි, දැනගන්න. මේ කාගේ දරුවෝද? නොදනිමි. අපව තවම නොදන්නෙහිය. කසී රජුගේ දියණිය වූ සමුද්දජා කුමරියව ධෘතරාෂ්ට්රට දුන් බව දන්නෙහිද? ඔව් දනිමියි කීය. ඇය මගේ බාල සොහොයුරියයි. අපි ඇගේ පුත්‍රයෝය. ඔබ අපගේ මාමාය.
තං සුත්වා රාජා කම්පමානො තෙ ආලිඞ්ගිත්වා සීසෙ චුම්බිත්වා රොදිත්වා පාසාදං ආරොපෙත්වා මහන්තං සක්කාරං කාරෙත්වා භූරිදත්තෙන පටිසන්ථාරං කරොන්තො පුච්ඡි “තාත, තං එවරූපං උග්ගතෙජං කථං අලම්පායනො ගණ්හී”ති? සො සබ්බං විත්ථාරෙන කථෙත්වා රාජානං ඔවදන්තො “මහාරාජ, රඤ්ඤා නාම ඉමිනා නියාමෙන රජ්ජං කාරෙතුං වට්ටතී”ති මාතුලස්ස ධම්මං දෙසෙසි. අථ නං සුදස්සනො ආහ – “මාතුල, මම මාතා භූරිදත්තං අපස්සන්තී කිලමති, න සක්කා අම්හෙහි පපඤ්චං කාතු”න්ති. “සාධු, තාතා, තුම්හෙ තාව ගච්ඡථ. අහං පන මම භගිනිං දට්ඨුකාමොම්හි, කථං පස්සිස්සාමී”ති. “මාතුල, කහං පන නො අය්යකො කාසිරාජා”ති? “තාත, මම භගිනියා විනා වසිතුං අසක්කොන්තො රජ්ජං පහාය පබ්බජිත්වා අසුකෙ වනසණ්ඩෙ නාම වසතී”ති. “මාතුල, මම මාතා තුම්හෙ චෙව අය්යකඤ්ච දට්ඨුකාමා, තුම්හෙ අසුකදිවසෙ මම අය්යකස්ස සන්තිකං ගච්ඡථ, මයං මාතරං ආදාය අය්යකස්ස අස්සමපදං ආගච්ඡිස්සාම. තත්ථ නං තුම්හෙපි පස්සිස්සථා”ති. ඉති තෙ මාතුලස්ස දිවසං වවත්ථපෙත්වා රාජනිවෙසනා ඔතරිංසු. රාජා භාගිනෙය්යෙ උය්යොජෙත්වා රොදිත්වා නිවත්ති. තෙපි පථවියං නිමුජ්ජිත්වා නාගභවනං ගතා.
ඉක්බිති රජතුමා ඔවුන් වැළඳගෙන හිස සිඹ අඬා වැලප ප්‍රාසාදයට කැඳවාගෙන ගොස් මහත් වූ සත්කාර කොට භූරිදත්ත සමග පිළිසඳර කථා කරන්නේ මෙසේ විචාළේය. දරුව, මෙබඳු උග්‍ර විෂ ඇති ඔහුව මේ ආලම්බායන තෙමේ කෙසේ අල්ලා ගත්තේද? ඔහු සියල්ල විස්තර සහිතව කියා මහරජතුමනි, රජතුමා වනාහි මේ ආකාරයට රාජ්‍යය කරන්නට වටනේයැයි මාමාට ධර්මදේශනා කළේය. ඉක්බිති ඔහුට සුදස්සන තෙමේ මෙසේ කීය. මාමේ! මගේ මව භූරිදත්තව නොදැක ක්ලාන්තව සිටින්නීය. අපි බාහිර යමක් කරන්නට අපොහොසත් වෙමු. යහපති. දරුවනි! නුඹලා යන්න. මම වනාහි මගේ සහෝදරිය දකිනු කැමැත්තෙමි. කෙසේ ඇයව දකින්නෙම්ද? මාමේ සීයා කාසි රජතුමා කොහේ සිටීද? දරුව, මාගේ සහෝදරිය නැතිව ජීවත්වන්නට නොහැකිව රාජ්‍යය අත්හැර දමා පැවිදිව අසවල් වනරොදෙහි වාසය කරන්නේ යැයි කීය. මාමේ! මගේ මව ඔබවත් මාගේ සීයාවත් දකිනු කැමැත්තීය. නුඹලා අසවල් දවසේ මගේ සීයා සමීපයට යව්. අපි මවත් රැගෙන සීයාගේ අසපුවට එන්නෙමි. එහිදී ඔවුන්ව නුඹලාට දැකගත හැක. ඉක්බිති ඔව්හු මාමාට දවසක් තබා රාජ නිවේසනයෙන් බැසගත්හ. රජතුමා බෑනාව උනන්දු කරවා හඬා නතර විය. ඔව්හු ද පොළව පලාගෙන නාගභවනයට ගියහ.
නගරපවෙසනඛණ්ඩං නිට්ඨිතං.
නගරයට පිවිසීම නම් වූ කොටස නිමියේ ය.