මහාසත්තස්ස පරියෙසනඛණ්ඩං අට්ඨකථා
මහාසත්තස්ස පරියෙසනඛණ්ඩං
සුහග කාණ්ඩය
මහාසත්තෙ සම්පත්තෙ සකලනාගභවනං එකපරිදෙවසද්දං අහොසි. සොපි මාසං පෙළාය වසිතත්තා කිලන්තො ගිලානසෙය්යං සයි. තස්ස සන්තිකං ආගච්ඡන්තානං නාගානං පමාණං නත්ථි. සො තෙහි සද්ධිං කථෙන්තො කිලමති. කාණාරිට්ඨො දෙවලොකං ගන්ත්වා මහාසත්තං අදිස්වා පඨමමෙවාගතො. අථ නං “එස චණ්ඩො ඵරුසො, සක්ඛිස්සති නාගපරිසං වාරෙතු”න්ති මහාසත්තස්ස නිසින්නට්ඨානෙ දොවාරිකං කරිංසු. සුභොගොපි සකලහිමවන්තං විචරිත්වා තතො මහාසමුද්දඤ්ච සෙසනදියො ච උපධාරෙත්වා යමුනං උපධාරෙන්තො ආගච්ඡති. නෙසාදබ්රාහ්මණොපි අලම්පායනං කුට්ඨිං දිස්වා චින්තෙසි “අයං භූරිදත්තං කිලමෙත්වා කුට්ඨි ජාතො, අහං පන තං මය්හං තාව බහූපකාරං මණිලොභෙන අලම්පායනස්ස දස්සෙසිං, තං පාපං මම ආගමිස්සති. යාව තං න ආගච්ඡති, තාවදෙව යමුනං ගන්ත්වා පයාගතිත්ථෙ පාපපවාහනං කරිස්සාමී”ති. සො තත්ථ ගන්ත්වා “මයා භූරිදත්තෙ මිත්තදුබ්භිකම්මං කතං, තං පාපං පවාහෙස්සාමී”ති වත්වා උදකොරොහනකම්මං කරොති. තස්මිං ඛණෙ සුභොගො තං ඨානං පත්තො. තස්ස තං වචනං සුත්වා “ඉමිනා කිර පාපකෙන තාව මහන්තස්ස යසස්ස දායකො මම භාතා මණිරතනස්ස කාරණා අලම්පායනස්ස දස්සිතො, නාස්ස ජීවිතං දස්සාමී”ති නඞ්ගුට්ඨෙන තස්ස පාදෙසු වෙඨෙත්වා ආකඩ්ඪිත්වා උදකෙ ඔසිදාපෙත්වා නිරස්සාසකාලෙ ථොකං සිථිලං අකාසි. සො සීසං උක්ඛිපි. අථ නං පුනාකඩ්ඪිත්වා ඔසීදාපෙසි. එවං බහූ වාරෙ තෙන කිලමියමානො නෙසාදබ්රාහ්මණො සීසං උක්ඛිපිත්වා ගාථමාහ –
මහා සත්ත්වයන් වහන්සේ පැමිණි කල්හි සියළු නගරයම එකම විලාපයකින් පිරිගියේය. ඔහු ද මාසයක් පෙට්ටියෙහි ක්‍රීඩා කරන්නේ ගිලන්ව නිදාගත්තේය. ඔහුගේ සමීපයට පැමිණි නාගයන් අප්‍රමාණය. ඔහු ඔවුන් සමග කියන්නේ වෙහෙසට පත්වෙයි. කාණාරිට්ඨ තෙමේ දෙව්ලොවට ගොස් මහා සත්ත්වයන් නොදැක පළමුවෙන්ම පැමිණියේය. ඉක්බිති ඔහුව, මෙතෙමේ සැඩපරුෂය. නාග පිරිස වළක්වන්නට හැකිවන්නේ යැයි මහා සත්ත්වයන් සිටි තැන මුරකාවලෙහි යෙදූහ. සුභග තෙමේද මුළු හිමවතට සොයා එයින් මහා සමුද්‍රයත් ඉතිරි ගංගාවන්ද ගැන සිතාබලා යමුනාව ගැන සිතමින් එයි. නේසාද බ්‍රාහ්මණයාද ආලම්බනගේ කුෂ්ටය දැක මෙසේ සිතීය. මොහු භූරිදත්තව පීඩාවට පත්කොට හටගත් කුෂ්ට ඇත්තේ වන. මම වනාහි මට බොහෝ උපකාරි වූ ඔහුව ධන තණ්හාවෙන් ආලම්බනට පෙන්වූයෙමි. ඒ පාපය මා වෙත එන්නේය. එය මා වෙත එන්නට කලින් යමුනා නදියට ගොස් පව් සෝදන තොටුපළෙහි පව් සෝදා හරින්නෙමියි එහි ගොස් මා විසින් භූරිදත්තට මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කෙළෙමි. ඒ පාපය සෝදා හරින්නෙමියි ජලස්නාන කර්මය කරයි. ඒ මොහොතේ සුභග තෙමේ එතැනට පැමිණියේ ඔහුගේ ඒ වචනය අසා, මේ පාපියා විසින් මහත් වූ යසස්දායක වූ මාගේ සහෝදරයාව මැණිකක් හේතුවෙන් ආලම්බනයාට පෙන්වන ලදී. මොහුට ජීවත්වීමට ඉඩ නොදෙමි යි වලිගයෙන් ඔහුගේ පාද වෙලා ඇද ජලයෙහි ගිල්වා හුස්ම ගැනීමට අපහසු වනවිට ස්වල්පයක් ලිහිල් කළේය. ඔහු හිස එසවීය. ඉක්බිති ඔහුව නැවතත් ඇද ගිල්වා හුස්මගැනීමට නොහැකි වනවිට ටිකක් ලිහිල් කළේය. ඔහු හිස එසවීය. ඉක්බිති ඔහුව නැවතත් ඇද ගිල්වා, මෙසේ බොහෝ වාර ගණනක් ඒ ක්‍රමයෙන් පීඩාවට පත් වූ නේසාද බ්‍රාහ්මණ තෙමේ හිස ඔසවා මේ ගාථාව කීය.
“ලොක්යං සජන්තං උදකං, පයාගස්මිං පතිට්ඨිතං; කො මං අජ්ඣොහරී භූතො, ඔගාළ්හං යමුනං නදි”න්ති.
ලෝක සම්මත වූ මෙබඳු ජලය ඇති ප්‍රයාගයෙහි පිහිටියා වූ යමුනා නදියට බැසගත්තා වූ මා කවරනම් භූතයකු එහි ගිල්වූයේ ද?
තත්ථ ලොක්යන්ති එවං පාපවාහනසමත්ථන්ති ලොකසම්මතං. සජන්තන්ති එවරූපං උදකං අභිසිඤ්චන්තං. පයාගස්මින්ති පයාගතිත්ථෙ.
එහි ලොකසං යනු පව් සෝදා හැරීමට සමර්ථයැයි ලෝක සම්මත වූ සජන්තං යනු මෙබඳු ස්වභාව ඇති ජලය ඉසින්නා වූ පයාගස්මිං යනු ප්‍රයෝග තීර්ථයෙහි,
අථ නං සුභොගො ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති ඔහුට සුභග තෙමේ ගාථාවකින් මෙසේ කීය.
“යදෙස ලොකාධිපතී යසස්සී, බාරාණසිං පක්රිය සමන්තතො; තස්සාහ පුත්තො උරගූසභස්ස, සුභොගොති මං බ්‍රාහ්මණ වෙදයන්තී”ති.
ලෝකාධිපති වූ යසස් ඇති යම් ඒ ඒ කෙනෙක් බරණැස් නුවර සම්පූර්ණයෙන් වසාගෙන සිටියේද ඒ උරග නායකයාගේ පුත්‍රයා වූ මම සුභග යැයි කියත්.
තත්ථ යදෙසාති යො එසො. පක්රිය සමන්තතොති පච්චත්ථිකානං දුප්පහරණසමත්ථතාය පරිසමන්තතො පකිරිය සබ්බං පරික්ඛිපිත්වා උපරි ඵණෙන ඡාදෙසි.
එහි යදෙසා යනු යම් ඒ කෙනෙක්. පකිරහරි සමන්තතො යනු සතුරන් පන්නා දැමීමට සමර්ථව හාත්පසින් පැතිරී සිටියේය. සියල්ල වටකොට මත්තෙහි පෙණයෙන් වසා ගත්තේය.
අථ නං බ්රාහ්මණො “අයං භූරිදත්තභාතා, න මෙ ජීවිතං දස්සති, යංනූනාහං එතස්ස චෙව මාතාපිතූනඤ්චස්ස වණ්ණකිත්තනෙන මුදුචිත්තතං කත්වා අත්තනො ජීවිතං යාචෙය්ය”න්ති චින්තෙත්වා ගාථමාහ –
ඉක්බිති බ්‍රාහ්මණයා මෙසේ සිතීය. භූරිදත්තගේ සොහොයුරා මට ජීවිතදානය නොදෙයි. මම මොහුගේ මව්පියන්ගේ ගුණ වර්ණනාකොට ඔහුගේ සිත මෘදුකොට තමාට ජීවිතය ඉල්ලන්නෙමියි සිතා මේ ගාථාව කීය.
“සචෙ හි පුත්තො උරගූසභස්ස, කාසිස්ස රඤ්ඤො අමරාධිපස්ස; මහෙසක්ඛො අඤ්ඤතරො පිතා තෙ, මච්චෙසු මාතා පන තෙ අතුල්යා; න තාදිසො අරහති බ්රාහ්මණස්ස, දාසම්පි ඔහාරිතුං මහානුභාවො”ති.
ඉදින් වනාහි උරග නායක වූ අමර සංඛ්‍යාත නාගයන්ගේ අධිපති මහේශාක්‍ය වූ අමරාධිපති වූ කංසරජුගේ පුත්‍රයෙකි. මිනිසුන් අතර මාතාවක වූ අතුල්යාය. එබඳු මහානුභාව කෙනෙක් බ්‍රාහ්මණයකුගේ දාසයකු පවා දියෙහි ගිල්වන්නට සුදුසු නැත.
තත්ථ කාසිස්සාති අපරෙන නාමෙන එවංනාමකස්ස. “කාසිකරඤ්ඤො”තිපි පඨන්තියෙව. කාසිරාජධීතාය ගහිතත්තා කාසිරජ්ජම්පි තස්සෙව සන්තකං කත්වා වණ්ණෙති. අමරාධිපස්සාති දීඝායුකතාය අමරසඞ්ඛාතානං නාගානං අධිපස්ස. මහෙසක්ඛොති මහානුභාවො. අඤ්ඤතරොති මහෙසක්ඛානං අඤ්ඤතරො. දාසම්පීති තාදිසො හි මහානුභාවො ආනුභාවරහිතං බ්රාහ්මණස්ස දාසම්පි උදකෙ ඔහරිතුං නාරහති, පගෙව මහානුභාවං බ්‍රාහ්මණන්ති.
එහි කංසස්සා යනු වෙනත් නමකින් මේ නම ඇත්තාට කාසිස්ස රඤ්ඤො කසීරජුගේ යැයි ද කියත්. කාසිරාජ දියණිය විසින් ගන්නා ලද බැවින් කාසිරාජ්යයද ඔහුට ම අයත්කර දී වර්ණනා කරයි. අමරාධිපස්ස යනු දීර්ඝායුෂ ඇති බැවින් අමර සංඛ්‍යාත වූ නාගයන්ට අධිපතියාගේ මහෙසක්ඛො යනු මහානුභාව සම්පන්න වූ අඤ්ඤතරො යනු මහේශාක්‍ය වූ ඔබගේ පියා මිනිසුන් අතර මව වනාහි අනිත් තැනැත්තියකි. දාසම්පි යනු එබඳු වූ මහානුභාව සම්පන්න වූයේ ආනුභාව රහිත වූ බ්‍රාහ්මණයාගේ දාසයකු පවා ජලයෙහි ගිල්වන්නට යෝග්‍ය නැත. මහානුභාව බ්‍රාහ්මණයෙකැයි කියයි.
අථ නං සුභොගො “අරෙ දුට්ඨබ්රාහ්මණ, ත්වං මං වඤ්චෙත්වා ‘මුඤ්චිස්සාමී’ති මඤ්ඤසි, න තෙ ජීවිතං දස්සාමී”ති තෙන කතකම්මං පකාසෙන්තො ආහ –
ඉක්බිති ඔහුට සුභග තෙමේ මෙසේ කීය. දුෂ්ට බ්‍රාහ්මණය! ඔබ මා රවටා මිදෙන්නෙමියි සිතන්නෙහිද? ඔබට ජීවිතය නොදෙමි. ඔහු විසින් කරන ලද කර්මය ප්‍රකාශ කරමින් මෙසේ කීය.
“රුක්ඛං නිස්සාය විජ්ඣිත්ථො, එණෙය්යං පාතුමාගතං; සො විද්ධො දූරමචරි, සරවෙගෙන සීඝවා.
එම්බා බ්‍රාහ්මණය, තෙපි රුකක් ඇසුරු කරමින් ජලය බීමට ආ මුවකු විද්දාහුය. ඊතලයේ වේගය නිසා බිය වූ ඊතලය වැදුනු මුවා ඈතට ගියේය.
“තං ත්වං පතිතමද්දක්ඛි, අරඤ්ඤස්මිං බ්රහාවනෙ; ස මංසකාජමාදාය, සායං නිග්රොධුපාගමි.
ඔබ මහා අරණ්‍යයෙහි වැටෙන්නා වූ මුවාව දුටුවේය. හෙතෙම මස්කද රැගෙන සවස නුගරුකක් ළඟට පැමිණියේය.
“සුකසාළිකසඞ්ඝුට්ඨං, පිඞ්ගලං සන්ථතායුතං; කොකිලාභිරුදං රම්මං, ධුවං හරිතසද්දලං.
ගිරා, සැළලිහිණි ආදීන් විසින් පවත්වන නාද ඇති පැසුණු ගෙඩි හේතුවෙන් පිඟුවන් වූ ඇටුවන් සහිත නුගරුකක් ඇති මේ භූමිය කොවුල්නාදය ඇති සිත්කලු වූ නිරන්තරයෙන් නිල් තෘණයෙන් ගැවසී ගත්තේය.
“තත්ථ තෙ සො පාතුරහු, ඉද්ධියා යසසා ජලං; මහානුභාවො භාතා මෙ, කඤ්ඤාහි පරිවාරිතො.
ඒ නුගරුකෙහි සිටි තොපට ඍද්ධියෙන් ද යසසින් ද දිලිසෙන මහානුභාව සම්පන්න ඇති නාග කන්‍යාවන් පිරිවරාගත් මාගේ ඒ සොහොයුරු තෙමේ පෙනුණේය.
“සො තෙන පරිචිණ්ණො ත්වං, සබ්බකාමෙහි තප්පිතො; අදුට්ඨස්ස තුවං දුබ්භි, තං තෙ වෙරං ඉධාගතං.
ඒ නුඹ මාගේ සොහොයුරු භූරිදත්ත නමැති නාරජු විසින් කැමැති වූ සියළු සම්පත්තීන්ගෙන් සතුටු කරන ලද්දේ ගෞරව කරන ලද්දේ වන්නෙහිය. ද්‍රෝහ නොකළ යුතු ඔහුට තොප ද්‍රෝහ කළහුය. ඒ පාපකර්මය දැන් තොප වෙතට පැමිණ ඇත.
“ඛිප්පං ගීවං පසාරෙහි, න තෙ දස්සාමි ජීවිතං; භාතු පරිසරං වෙරං, ඡෙදයිස්සාමි තෙ සිර”න්ති.
වහා ගෙල දිගුකරව. තා මරමි. සොහොයුරාට කළ අපරාධය සිහිකරන මම තාගේ හිස සිඳිමි යි සුභග තෙමේ කීවේය.
තත්ථ සායං නිග්රොධුපාගමීති විකාලෙ නිග්රොධං උපගතො අසි. පිඞ්ගලන්ති පක්කානං වණ්ණෙන පිඞ්ගලං. සන්ථතායුතන්ති පාරොහපරිකිණ්ණං. කොකිලාභිරුදන්ති කොකිලාහි අභිරුදං. ධුවං හරිතසද්දලන්ති උදකභූමියං ජාතත්තා නිච්චං හරිතසද්දලං භූමිභාගං. පාතුරහූති තස්මිං තෙ නිග්රොධෙ ඨිතස්ස සො මම භාතා පාකටො අහොසි. ඉද්ධියාති පුඤ්ඤතෙජෙන. සො තෙනාති සො තුවං තෙන අත්තනො නාගභවනං නෙත්වා පරිචිණ්ණො. පරිසරන්ති තයා මම භාතු කතං වෙරං පාපකම්මං පරිසරන්තො අනුස්සරන්තො. ඡෙදයිස්සාමි තෙ සිරන්ති තව සීසං ඡින්දිස්සාමීති.
එහි සායං නිග්රෝධමුපාගමි යනු අකාලයෙහි නුගගස ළඟට පැමිණියෙහි. පිංගිය යනු පියාපත්වල වර්ණයෙන් පිඟුවන් වූ සත්ථතායුතං යනු නුග අරළුවලින් ගැවසී ගත්. කොකිලාභිරුදං යනු කොවුලන් විසින් කරන නාද ඇති. ධුවං හරිත සද්දලං යනු ජල බිමෙහි හටගත් බැවින් නිරන්තරයෙන් කොලපාට තණපිටියෙන් යුත් භූමිභාගය. පාතරහු යනු එහි නුගගසෙහි සිටියා වූ නුඹගේ, ඒ මාගේ සොහොයුරා ප්‍රකට විය. ඉද්ධියා යනු පින් තේජසින් සොතෙන යනු ඔහු නුඹව තමාගේ භවනයට ගෙන ගොස් ආශ්‍රය කළ. පරිසරං යනු නුඹ විසින් මගේ සොයුරාට කරන ලද විරුද්ධ පාපකර්මය සිහිපත් කරමින්. ඡේදයිස්සාමි යනු සිඳින්නෙමි.
අථ බ්රාහ්මණො “න මෙස ජීවිතං දස්සති, යං කිඤ්චි පන වත්වා මොක්ඛත්ථාය වායමිතුං වට්ටතී”ති චින්තෙත්වා ගාථමාහ –
ඉක්බිති බ්‍රාහ්මණයා මෙසේ සිතීය. මොහු මට ජීවිතය නොදෙයි. යම්කිසි දෙයක් කොට මිදීමට උත්සාහ කළ යුතුයයි මේ ගාථාව කීය.
“අජ්ඣායකො යාචයොගී, ආහුතග්ගි ච බ්රාහ්මණො; එතෙහි තීහි ඨානෙහි, අවජ්ඣො හොති බ්රාහ්මණො”ති.
බ්‍රාහ්මණයා ගුරුවරයාය. මන්ත්‍ර හදාරයි. ඉල්ලීමට සුදුසුය. යාගයට ගින්නය. පුදන ලද ගිනි ඇත්තේ ය. යන මේ කාරණා තුනෙන් බ්‍රාහ්මණයා නොනැසිය යුතුයි.
තත්ථ එතෙහීති එතෙහි අජ්ඣායකතාදීහි තීහි කාරණෙහි බ්රාහ්මණො අවජ්ඣො, න ලබ්භා බ්රාහ්මණං වධිතුං, කිං ත්වං වදෙසි, යො හි බ්රාහ්මණං වධෙති, සො නිරයෙ නිබ්බත්තතීති.
එහි එතෙහි යනු ගුරුවරයා ආදී වූ කාරණා තුනකින් බ්‍රාහ්මණයා නොනැසිය යුතුය. බ්‍රාහ්මණයා නැසීමට ඔබ කුමක් නිසා කියන්නෙහිද? යමෙක් බ්‍රාහ්මණයා නසයිද ඔහු නිරයෙහි උපදී.
තං සුත්වා සුභොගො සංසයපක්ඛන්දො හුත්වා “ඉමං නාගභවනං නෙත්වා භාතරො පටිපුච්ඡිත්වා ජානිස්සාමී”ති චින්තෙත්වා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා සුභග තෙමේ සැකයට පත්ව මේ නාග භවනයට ගෙනගොස් සොහොයුරාගෙන් අසා දැනගන්නෙමියි සිතා ගාථා දෙකක් කීය.
“යං පුරං ධතරට්ඨස්ස, ඔගාළ්හං යමුනං නදිං; ජොතතෙ සබ්බසොවණ්ණං, ගිරිමාහච්ච යාමුනං.
යමුනා නදී යට පෙදෙසේ ධතරාෂ්ට්‍ර රජුගේ නුවර හිමාළය පර්වතය දක්වා බැබළේද,
“තත්ථ තෙ පුරිසබ්යග්ඝා, සොදරියා මම භාතරො; යථා තෙ තත්ථ වක්ඛන්ති, තථා හෙස්සසි බ්රාහ්මණා”ති.
එනුවර පුරුෂෝත්තම වූ සමාන මාතෘක මගේ සොහොයුරෝ වෙසෙති. ඔවුන් යම් පරිදි කියද්ද තොපට ඒ පරිදි සිදුවන්නේ ය යි සුභග කීය.
තත්ථ පුරන්ති නාගපුරං. ඔගාළ්හන්ති අනුපවිට්ඨං. ගිරිමාහච්ච යාමුනන්ති යමුනාතො අවිදූරෙ ඨිතං හිමවන්තං ආහච්ච ජොතති. තත්ථ තෙති තස්මිං නගරෙ තෙ මම භාතරො වසන්ති, තත්ථ නීතෙ තයි යථා තෙ වක්ඛන්ති, තථා භවිස්සසි. සචෙ හි සච්චං කථෙසි, ජීවිතං තෙ අත්ථි. නො චෙ, තත්ථෙව සීසං ඡින්දිස්සාමීති.
එහි පුරං යනු නගරයයි. ඔගාළ්හං යනු පිවිසි. ගිරිං ආහච්ච යාමුනං යනු යමුනාවට නුදුරෙහි පිහිටියා වූ හිමාලයේ ගැටී බබලයි. තත්ථතෙ යනු ඒ නගරයෙහි ඒ මාගේ සොහොයුරෝ වසත්. ඔබ එහි ගෙනගිය කල්හි යම්සේ ඔවුහු කියත්ද එසේ වන්නේය. ඉදින් වනාහි ඇත්ත කියන්නෙහිද ඔබට ජීවිතය ලැබෙයි. ඉදින් එසේ නොවන්නේ නම් එහිම හිස සිඳ දමන්නෙමි යි.
ඉති නං වත්වා සුභොගො ගීවායං ගහෙත්වා ඛිපන්තො අක්කොසන්තො පරිභාසන්තො මහාසත්තස්ස පාසාදද්වාරං අගමාසි.
මෙසේ ඔහුට කියා ගෙලෙන් අල්ලාගෙන බිම දමන්නේ ආක්‍රෝශ පරිභව කරන්නේ මහා සත්ත්වයන්ගේ ප්‍රාසාද දොරටුව වෙත ගියේය.
මහාසත්තස්ස පරියෙසනයකණ්ඩං නිට්ඨිතං.
සුභග කාණ්ඩය නිමියේය.