මිච්ඡාකථා අට්ඨකථා
මිච්ඡාකථා
යඤ්ඤහෙදවාද කාණ්ඩය
අථ නං දොවාරිකො හුත්වා නිසින්නො කාණාරිට්ඨො තථා කිලමෙත්වා ආනීයමානං දිස්වා පටිමග්ගං ගන්ත්වා “සුභොග, මා විහෙඨයි, බ්රාහ්මණා නාම මහාබ්රහ්මුනො පුත්තා. සචෙ හි මහාබ්රහ්මා ජානිස්සති, ‘මම පුත්තං විහෙඨෙන්තී’ති කුජ්ඣිත්වා අම්හාකං සකලං නාගභවනං විනාසෙස්සති. ලොකස්මිඤ්හි බ්රාහ්මණා නාම සෙට්ඨා මහානුභාවා, ත්වං තෙසං ආනුභාවං න ජානාසි, අහං පන ජානාමී”ති ආහ. කාණාරිට්ඨො කිර අතීතානන්තරභවෙ යඤ්ඤකාරබ්රාහ්මණො අහොසි, තස්මා එවමාහ. වත්වා ච පන අනුභූතපුබ්බවසෙන යජනසීලො හුත්වා සුභොගඤ්ච නාගපරිසඤ්ච ආමන්තෙත්වා “එථ, භො, යඤ්ඤකාරකානං වො ගුණෙ වණ්ණෙස්සාමී”ති වත්වා යඤ්ඤවණ්ණනං ආරභන්තො ආහ –
ඉක්බිති දොරටුපාලකයාව සිටි කාණාරිට්ඨ තෙමේ එසේ හිංසා කරමින් ගෙන එනු ලබන ඔහුව දැක ඉදිරියට ගොස් සුභග! මෙසේ හිංසා නො කරන්න. බ්‍රාහ්මණයෝ වනාහි මහා බ්‍රහ්මයාගේ දරුවෝය. ඉදින් වනාහි මහා බ්‍රහ්මයා දැනගන්නේද මාගේ පුත්‍රයන්ට හිංසා කරන්නේ යැයි කිපී අපගේ සියලු නාග භවනය විනාශ කරන්නේය. ලෝකයෙහි බ්‍රාහ්මණයෝ වනාහි උත්තමයෝය. මහානුභාව සම්පන්නයෝය. නුඹ ඔවුන්ගේ ආනුභාවය නොදන්නෙහිය. මම දනිමි. කාණරිට්ඨ තෙමේ අතීතයේ වෙනත් භවයකදී යාගකරන එක්තරා බ්‍රාහ්මණයෙක් විය. ඒ නිසා මෙසේ කීය. කියාද විඳීම් වශයෙන් යැදීම් ස්වභාවකොට ඇත්තේ වී සුභග හා නාගපිරිස අමතා එව්. යාග කරන්නා වූ බ්‍රාහ්මණයන්ගේ ගුණය තොපට වර්ණනා කරන්නෙමියි කියා යාග වර්ණනාව ආරම්භ කරමින් මෙසේ කීය.
“අනිත්තරා ඉත්තරසම්පයුත්තා, යඤ්ඤා ච වෙදා ච සුභොග ලොකෙ; තදග්ගරය්හඤ්හි විනින්දමානො, ජහාති විත්තඤ්ච සතඤ්ච ධම්ම”න්ති.
සුභග! මේ ලෝකයෙහි යාගයන් ද වේදයන් ද අලාමකය. ඉතා අල්පවූ බ්‍රාහ්මණයන්ගෙන් යුක්තය. ඒ නිසා බ්‍රාහ්මණයාට නින්දා කරන්නා වූ ගර්හා කරන්නා වූ තැනැත්තා ධනයත් උතුම් ධර්මයත් අත්හරියි.
තත්ථ අනිත්තරාති සුභොග ඉමස්මිං ලොකෙ යඤ්ඤා ච වෙදා ච අනිත්තරා න ලාමකා මහානුභාවා, තෙ ඉත්තරෙහි බ්රාහ්මණෙහි සම්පයුත්තා, තස්මා බ්රාහ්මණාපි අනිත්තරාව ජාතා. තදග්ගරය්හන්ති තස්මා අගාරය්හං බ්රාහ්මණං විනින්දමානො ධනඤ්ච පණ්ඩිතානං ධම්මඤ්ච ජහාති. ඉදං කිර සො “ඉමිනා භූරිදත්තෙ මිත්තදුබ්භිකම්මං කතන්ති වත්තුං නාගපරිසා මා ලභන්තූ”ති අවොච.
එහි අනිත්තරා යනු සුභගය. මේ ලෝකයෙහි යාගයෝත් වේදයෝත් උතුම්ය. ලාමක නොවෙත්. මහානුභාව සම්පන්නය. ඒවා ඉතා අල්ප වූ බ්‍රාහ්මණයන්ගෙන් යුක්ත වූයේ වෙයි. ඒ නිසා බ්‍රාහ්මණයෝ ද උසස්ව උපන්නාහ. තදග්ග රය්හං යනු ඒ නිසා නින්දා නොකළයුතු බ්‍රාහ්මණයාට නින්දා කරන්නා ධනයත් පණ්ඩිත ධර්මයත් අත්හරියි.
අථ නං කාණාරිට්ඨො “සුභොග ජානාසි පන අයං ලොකො කෙන නිම්මිතො”ති වත්වා “න ජානාමී”ති වුත්තෙ “බ්රාහ්මණානං පිතාමහෙන මහාබ්රහ්මුනා නිම්මිතො”ති දස්සෙතුං ඉතරං ගාථමාහ –
මෙය වනාහි හෙතෙම, මොහු විසින් භූරිදත්තට මිත්‍රද්‍රෝහි ක්‍රියාවක් කරන ලද්දේයැයි කියන්නට නොලබාවයි කීවේය. ඉක්බිති සුභගය. දන්නෙහිද. මේ ලෝකය කවරකු විසින් මෙහෙයවනු ලැබේදැයි විචාරා නොදනිමියි කීකල්හි බ්‍රාහ්මණයන්ගේ සීයා වූ බ්‍රහ්මයා විසින්යයි දක්වන්නට ඉතිරි ගාථාව කීය.
“අජ්ඣෙනමරියා පථවිං ජනින්දා, වෙස්සා කසිං පාරිචරියඤ්ච සුද්දා; උපාගු පච්චෙකං යථාපදෙසං, කතාහු එතෙ වසිනාති ආහූ”ති.
ආර්යයන් අධ්‍යාපනයත්, රජවරු පෘථිවියත් වශයෙන් ගොවිතැනත්, ශුද්‍රයන් මෙහෙවර කිරීමත් යන ලෙසට මහා බ්‍රහ්මයා විසින් වෙන්කරන ලද ආකාරයට ඒ ඒ කුලානුරුප කටයුතුවල යෙදුනාහ.
තත්ථ උපාගූති උපගතා. බ්රහ්මා කිර බ්රාහ්මණාදයො චත්තාරො වණ්ණෙ නිම්මිනිත්වා අරියෙ තාව බ්රාහ්මණෙ ආහ – “තුම්හෙ අජ්ඣෙනමෙව උපගච්ඡථ , මා අඤ්ඤං කිඤ්චි කරිත්ථා”ති, ජනින්දෙ ආහ “තුම්හෙ පථවිංයෙව විජිනථ”, වෙස්සෙ ආහ – “තුම්හෙ කසිංයෙව උපෙථ”, සුද්දෙ ආහ “තුම්හෙ තිණ්ණං වණ්ණානං පාරිචරියංයෙව උපෙථා”ති. තතො පට්ඨාය අරියා අජ්ඣෙනං, ජනින්දා පථවිං, වෙස්සා කසිං, සුද්දා පාරිචරියං උපාගතාති වදන්ති. පච්චෙකං යථාපදෙසන්ති උපගච්ඡන්තා ච පාටියෙක්කං අත්තනො කුලපදෙසානුරූපෙන බ්රහ්මුනා වුත්තනියාමෙනෙව උපගතා. කතාහු එතෙ වසිනාති ආහූති එවං කිර එතෙ වසිනා මහාබ්රහ්මුනා කතා අහෙසුන්ති කථෙන්ති.
එහි උපාගු යනු පැමිණියාහ. බ්‍රහ්මයා වනාහි බ්‍රාහ්මණාදීන් මවා ආර්යයන්ට හා බමුණන්ට කීය. තෙපි අධ්‍යාපනයෙහි යෙදෙව්. වෙන කිසිවක් නොකළ යුතුයි. රජවරුන්ට කීය. තෙපි මහපොළව ජයග්‍රහණය කරව්. වෛශ්‍යයන්ට කීය. තෙපි ගොවිතැනෙහි යෙදෙව්. ශුද්‍රයන්ට කීය. තෙපි මුලින් කී වර්ණ තුනට අයත් වූවන්ට මෙහෙ කිරීමෙහි යෙදෙව්. එතැන් පටන් ආර්ය බ්‍රාහ්මණයන් අධ්‍යාපනයෙහිත් රජවරු මහපොළවත්, වෛශ්‍යයෝ ගොවිතැනත් ශුද්‍රයෝ මෙහෙකාර මෙහෙයිත් යෙදුනාහයි කියත්. පච්චෙකං යථාපදෙසං යනු එසේ එළඹෙන්නාහු වෙන වෙන ම තමන්ගේ කුලප්රදේශවලට ගැලපෙන අයුරින් බ්‍රහ්මයා විසින් කියූ අයුරින්ම එළඹුනාහ. කතාහු එතෙ වසිනාති ආහු යනු මෙසේ වනාහි බලවන්ත වූ ඒ මහා බ්‍රහ්මයා විසින් කරන ලදී යැයි කියත්.
එවං මහාගුණා එතෙ බ්රාහ්මණා නාම. යො හි එතෙසු චිත්තං පසාදෙත්වා දානං දෙති, තස්ස අඤ්ඤත්ථ පටිසන්ධි නත්ථි, දෙවලොකමෙව ගච්ඡතීති වත්වා ආහ –
මෙපරිද්දෙන් මේ බ්‍රාහ්මණයෝ නම් බොහෝ ගුණ ඇත්තෝය. යමෙක් මොවුන් කෙරෙහි පැහැදී දනක් දෙයිද ඔහුට වෙන තැනක ප්‍රතිසන්ධියක් නොවේ. දෙව්ලොවටම යන්නාහු යයි කියා නැවතත් මෙසේ කීය.
“ධාතා විධාතා වරුණො කුවෙරො, සොමො යමො චන්දිමා වායු සූරියො; එතෙපි යඤ්ඤං පුථුසො යජිත්වා, අජ්ඣායකානං අථො සබ්බකාමෙ.
ධාතා, විධාතා, වරුණ, කුවේර, සෝම, යම, චන්දිම, වායු, සුරිය යන දෙව්රජවරු බ්‍රාහ්මණ ගුරුවරුන්ට සියළු කැමති වස්තූන් දී මේ තත්ත්වයට පත්වූහ.
“විකාසිතා චාපසතානි පඤ්ච, යො අජ්ජුනො බලවා භීමසෙනො; සහස්සබාහු අසමො පථබ්‍යා, සොපි තදා ආදහි ජාතවෙද”න්ති.
පන්සීයක් පමණ අදින ලද මහදුන්න ඇති බලවත් භයානක මහාසේනා ඇති සහස්සබාහු නමැති මහපොළවෙහි අසමාන යම් අර්ජුන නම් රජෙක් වීද ඔහු ද එකල ගිනිදෙවියා පිදීය.
තත්ථ එතෙපීති එතෙ ධාතාදයො දෙවරාජානො. පුථුසොති අනෙකප්පකාරං යඤ්ඤං යජිත්වා. අථො සබ්බකාමෙති අථ අජ්ඣායකානං බ්රාහ්මණානං සබ්බකාමෙ දත්වා එතානි ඨානානි පත්තාති දස්සෙති. විකාසිතාති ආකඩ්ඪිතා. චාපසතානි පඤ්චාති න ධනුපඤ්චසතානි, පඤ්චචාපසතප්පමාණං පන මහාධනුං සයමෙව ආකඩ්ඪති. භීමසෙනොති භයානකසෙනො. සහස්සබාහූති න තස්ස බාහූනං සහස්සං, පඤ්චන්නං පන ධනුග්ගහසතානං බාහුසහස්සෙන ආකඩ්ඪිතබ්බස්ස ධනුනො ආකඩ්ඪනෙනෙවං වුත්තං. ආදහි ජාතවෙදන්ති සොපි රාජා තස්මිං කාලෙ බ්රාහ්මණෙ සබ්බකාමෙහි සන්තප්පෙත්වා අග්ගිං ආදහි පතිට්ඨාපෙත්වා පරිචරි, තෙනෙව කාරණෙන දෙවලොකෙ නිබ්බත්තො. තස්මා බ්රාහ්මණා නාම ඉමස්මිං ලොකෙ ජෙට්ඨකාති ආහ.
එහි එතෙහි යනු මොවුන් විසින් ධාතා යනු ධාතා ආදී දෙව් රජදරුවෝ. පුථුසො යනු නොයෙක් ආකාර යාග කොට අථ සබ්බකාමෙ යනු ඉක්බිති ආචාර්ය වූ බ්‍රාහ්මණයන්ට සියළු කැමැති දේ දී මේ තත්ත්වයන්ට පත්වූයේ යැයි දක්වයි. විකාසිතා යනු අදින ලද. චාපසතානි පඤ්ච දුනු පන්සියයක් නොවේ. දේදුනු පන්සියයක් පමණ වූ දුන්නක් ඇති. භීමසෙනො යනු භයානක වූ සේනා ඇති. සහස්සබාහු යනු ඔහුගේ අත් දහසක් නොවේ. පන්සියයක් දුනු අත් දහසකින් ඇදිය යුතු දුන්න ඇදීමෙන් මෙසේ කීකල්හි ආදහි ජාතවෙදං යනු ඒ රජතෙමේ ඒ කාලයෙහි බ්‍රාහ්මණයන් සියළු කාමවස්තූන්ගෙන් සතුටුකර ගිනිපූජා කළේය. ඒ කාරණයෙන් ම දෙව්ලොව උපන්නේය. ඒ නිසා බ්‍රාහ්මණයෝ වනාහි මේ ලෝකයෙහි ප්‍රධානීහු වෙත්ය.
සො උත්තරිපි බ්රාහ්මණෙ වණ්ණෙන්තො ගාථමාහ –
ඔහු තව තවත් බ්‍රාහ්මණයන් වර්ණනා කරමින් ගාථාවක් කීය.
“යො බ්රාහ්මණෙ භොජයි දීඝරත්තං, අන්නෙන පානෙන යථානුභාවං; පසන්නචිත්තො අනුමොදමානො, සුභොග දෙවඤ්ඤතරො අහොසී”ති.
යමෙක් තම ශක්ති ප්‍රමාණයෙන් බ්‍රාහ්මණයන්ට ආහාරපානවලින් බොහෝකලක් සංග්‍රහ කළේද පැහැදුනු සිත් ඇත්තේ ඒ කුසලය අනුමෝදන්ව මහේශාක්‍ය වූ දෙවියෙක් විය.
තත්ථ යොති යො සො පොරාණකො බාරාණසිරාජාති දස්සෙති. යථානුභාවන්ති යථාබලං යං තස්ස අත්ථි, තං සබ්බං පරිච්චජිත්වා භොජෙසි. දෙවඤ්ඤතරොති සො අඤ්ඤතරො මහෙසක්ඛදෙවරාජා අහොසි. එවං බ්රාහ්මණා නාම අග්ගදක්ඛිණෙය්යාති දස්සෙති.
එහි යො යනු ඒ පැරණි බරණැස් රජු යැයි දක්වයි. යථානුභාවං යනු හැකි පමණින් යමක් මොහුට තිබේද ඒ සියල්ල පරිත්‍යාගකොට දන් දුන්නේය. දෙවඤ්ඤතරො යනු ඔහු වෙනත් මහේශාක්‍ය දෙව්රජෙක් විය. මෙසේ බ්‍රාහ්මණයෝ වනාහි අග දක්ෂිණාර්හ වෙත්.
අථස්ස අපරම්පි කාරණං ආහරිත්වා දස්සෙන්තො ගාථමාහ –
ඉක්බිති අනිත් කරුණක් ද දක්වන්නේ ගාථාවක් කීය.
“මහාසනං දෙවමනොමවණ්ණං, යො සප්පිනා අසක්ඛි භොජෙතුමග්ගිං; ස යඤ්ඤතන්තං වරතො යජිත්වා, දිබ්බං ගතිං මුචලින්දජ්ඣගච්ඡී”ති.
යම් රජෙක් මහත් ආහාර ඇති අලාමක වූ ප්‍රභාව ඇති ප්‍රභාව ඇති ගිනිදෙවියාව ගිතෙලින් සතුටු කරන්නට හැකිවූයේද ඒ මුචලින්ද නම් වූ රජු උතුම් ගිහිදෙවියාට යාගකොට දෙව්ලොවට පැමිණියේය.
තත්ථ මහාසනන්ති මහාභක්ඛං. භොජෙතුන්ති සන්තප්පෙතුං. යඤ්ඤතන්තන්ති යඤ්ඤවිධානං. වරතොති වරස්ස අග්ගිදෙවස්ස යජිත්වා. මුචලින්දජ්ඣගච්ඡීති මුචලින්දො අධිගතොති.
එහි මහාසනං යනු බොහෝ සේ භක්ෂණය කරන. ජෙතු යනු සතුටු කරන්නට. යඤ්ඤතං යනු යාග විධානය කරන්නා වූ. වරතො යනු උතුම් ගිනිදෙවියාට අයැද, මුචලින්දජ්ඣගඤ්ජි මුචලින්ද රාජ බවට පත්විය.
එකො කිර පුබ්බෙ බාරාණසියං මුචලින්දො නාම රාජා බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා සග්ගමග්ගං පුච්ඡි. අථ නං තෙ “බ්රාහ්මණානඤ්ච බ්රාහ්මණදෙවතාය ච සක්කාරං කරොහී”ති වත්වා “කා බ්රාහ්මණදෙවතා”ති වුත්තෙ “‘අග්ගිදෙවොති තං නවනීතසප්පිනා සන්තප්පෙහී’”ති ආහංසු. සො තථා අකාසි. තමත්ථං පකාසෙන්තො එස ඉමං ගාථමාහ.
පෙර බරණැස් නුවර එක් මුචලින්ද නම් රජකෙනෙක් බමුණන් කැඳවා ස්වර්ග මාර්ගය විචාළේය. ඉක්බිති බමුණන්ට ද බ්‍රාහ්මණ දේවතාවන්ටද සත්කාර කරන්ටයැයි ඔහුට කියා බ්‍රාහ්මණ දේවතා යනු කවරෙක්දැයි ඇසූවිට ගිනිදෙවියා යැයි කී කල්හි එය අළුත් ගිතෙලින් සතුටු කරවවයි කීහ. හෙතෙම එසේම කළේය.
අපරම්පි කාරණං දස්සෙන්තො ගාථමාහ –
ඒ අදහස ප්‍රකාශ කරන්නේ මොහු මේ ගාථාව කීය.
“මහානුභාවො වස්සසහස්සජීවී, යො පබ්බජී දස්සනෙය්යො උළාරො; හිත්වා අපරියන්ත රට්ඨං සසෙනං, රාජා දුදීපොපි ජගාම සග්ග”න්ති.
යමෙක් මහානුභාව සම්පන්න වූ වර්ෂ දහසක් ජීවත්වන්නා වූ මහේශාක්‍ය වූ දැකුම්කලු වූයේ පැවිදි වූයේය. සේනා සහිත උතුම් රථයද අතහැර දමා ඒ දුදීප රජතෙමේද දෙව්ලොවට ගියේල.
තත්ථ පබ්බජීති පඤ්චවස්සසතානි රජ්ජං කාරෙන්තො බ්රාහ්මණානං සක්කාරං කත්වා අපරියන්තං රට්ඨං සසෙනං හිත්වා පබ්බජි. දුදීපොපීති සො දුදීපො නාම රාජා බ්රාහ්මණෙ පූජෙත්වාව සග්ගං ගතොති වදති. “දුජීපො”තිපි පාඨො.
එහි පබ්බජි යනු වර්ෂ පන්සියයක් රාජ්‍යය කරන්නේ බ්‍රාහ්මණයන්ට සත්කාර කරවා මංගල රථයත් සේනාවත් අතහැර දමා පැවිදි විය. දුදීපො කියාද පාඨයක් ඇත.
අපරානිපිස්ස උදාහරණානි දස්සෙන්තො ආහ –
අතිත් උදාහරණයක් ද දක්වමින් මෙසේ කීය.
“යො සාගරන්තං සාගරො විජිත්වා, යූපං සුභං සොණ්ණමයං උළාරං; උස්සෙසි වෙස්සානරමාදහානො, සුභොග දෙවඤ්ඤතරො අහොසි.
ඒ සාගර නම් රජෙක් සාගරය අවසන්කොට ඇති මහපොළව දිනා මහත් වූ ස්වර්ණමය වූ යාග කනුව එසවීද, වෛශ්‍ය නරයකු ගින්නෙහි දැවීද එම්බා සුභගය! ඒ රජු අන්‍ය වූ මහේශාක්‍ය දෙවියෙක් විය.
“යස්සානුභාවෙන සුභොග ගඞ්ගා, පවත්තථ දධිසන්නිසින්නං සමුද්දං; ස ලොමපාදො පරිචරිය මග්ගිං, අඞ්ගො සහස්සක්ඛපුරජ්ඣගච්ඡී”ති.
සුභගය! ගංගා මහා සමුද්‍රය යමෙකුගේ ආනුභාවයෙන් ද පවත්නේ ද? ඒ අංග නම් ලෝමපාද බරණැස් රජු ගිනි පූජා කළේය. ඔහු ශක්‍රපුරයට ගියේය.
තත්ථ සාගරන්තන්ති සාගරපරියන්තං පථවිං. උස්සෙසීති බ්රාහ්මණෙ සග්ගමග්ගං පුච්ඡිත්වා “සොවණ්ණයූපං උස්සාපෙහී”ති වුත්තො පසුඝාතනත්ථාය උස්සාපෙසි. වෙස්සානරමාදහානොති වෙස්සානරං අග්ගිං ආදහන්තො. “වෙසානරි”න්තිපි පාඨො. දෙවඤ්ඤතරොති සුභොග, සො හි රාජා අග්ගිං ජුහිත්වා අඤ්ඤතරො මහෙසක්ඛදෙවො අහොසීති වදති. යස්සානුභාවෙනාති භො සුභොග, ගඞ්ගා ච මහාසමුද්දො ච කෙන කතොති ජානාසීති. න ජානාමීති. කිං ත්වං ජානිස්සසි, බ්රාහ්මණෙයෙව පොථෙතුං ජානාසීති. අතීතස්මිඤ්හි අඞ්ගො නාම ලොමපාදො බාරාණසිරාජා බ්රාහ්මණෙ සග්ගමග්ගං පුච්ඡිත්වා තෙහි “භො, මහාරාජ, හිමවන්තං පවිසිත්වා බ්රාහ්මණානං සක්කාරං කත්වා අග්ගිං පරිචරාහී”ති වුත්තෙ අපරිමාණා ගාවියො ච මහිංසියො ච ආදාය හිමවන්තං පවිසිත්වා තථා අකාසි. “බ්රාහ්මණෙහි භුත්තාතිරිත්තං ඛීරදධිං කිං කාතබ්බ”න්ති ච වුත්තෙ “ඡඩ්ඩෙථා”ති ආහ. තත්ථ ථොකස්ස ඛීරස්ස ඡඩ්ඩිතට්ඨානෙ කුන්නදියො අහෙසුං, බහුකස්ස ඡඩ්ඩිතට්ඨානෙ ගඞ්ගා පවත්තථ. තං පන ඛීරං යත්ථ දධි හුත්වා සන්නිසින්නං ඨිතං, තං සමුද්දං නාම ජාතං. ඉති සො එවරූපං සක්කාරං කත්වා බ්රාහ්මණෙහි වුත්තවිධානෙන අග්ගිං පරිචරිය සහස්සක්ඛස්ස පුරං අජ්ඣගච්ඡි.
එහි සාගරන්තං යනු සාගරය අවසන්කොට ඇති පෘථිවිය, උස්සෙසි යනු බ්‍රාහ්මණයන්ගෙන් ස්වර්ගයට යන මාර්ගය විමසා ස්වර්ණමය යාග කනුවක් ඔසවවයි කියන ලද්දේ සිව්පාවුන් නැසීම සඳහා එසවීය. වෙස්සාතරමාදහානො යනු වෛශ්‍යයකු ගින්නේ දවන්නේ වෙස්සාතර කියාද පාඨයක් තිබේ. දෙවඤ්ඤතරො යනු එම්බා සුභග! ඒ රජ වනාහි ගින්න පුදා එක්තරා මහේශාක්‍ය දෙවියෙක් වීයැයි කියයි. යස්සානුභාවෙන යනු එම්බා සුභග! ඒ රජ වනාහි ගින්න පුදා එක්තරා මහේශාක්‍ය දෙවියෙක් වීයැයි කියයි. යස්සානුභාවෙන යනු එම්බා සුභග! ගංගාවන් හා මහා සමුද්‍රය කවරකු විසින් කරන ලදදැයි දන්නෙහිද? නොදනිමියි කීය. නුඹ කුමක් දන්නේද? බ්‍රාහ්මණයන්ට පහර දෙන්නට පමණක් දන්නෙහිය. අතීතයෙහි අංග නම් වූ ලෝමපාද බරණැස් රජෙක් බමුණන්ගෙන් ස්වර්ගයට යන මාර්ගය විමසා ඔවුන් හිමාලයට පිවිස බ්‍රාහ්මණයන්ට සත්කාර කොට ගින්නට පූජාවන් පවත්වවයි කියන ලද්දේ අප්‍රමාණ වූ ගවදෙනුන් ද මීදෙනුන් ද ගෙන හිමවතට ගොස් එසේ කෙළේය. බ්‍රාහ්මණයන් විසින් අනුභවකර ඉතිරි වූ කිරි හා දී කිරි කුමක් කළයුතුයැයි ඇසූවිට ඒවා ඉවත දමන්නැයි කීහ. එහි ස්වල්පයක් කිරි ඉවත දැමූ තැන කුඩා ගංගාවෝ පහළ වූහ. බොහෝ ඉවත දැමූ තැන ගංගා ගලාබසින්නට විය. ඒ කිරි වනාහි යම්තැනක දීකිරි බවට පත්ව ගියේද ඒ තැන සමුද්‍රය හටගත්තේය. මෙසේ ඔහු මෙබඳු ආකාර සංග්‍රහයක් කොට බමුණන් විසින් කියන ලද අයුරින් ගිනිපූජා පවත්වා ශක්‍ර දේවේන්ද්රයාගේ පුරයට ගියේය.
ඉතිස්ස ඉදං අතීතං ආහරිත්වා ඉමං ගාථමාහ –
මෙසේ මොහුට අතීතය ගෙනහැර දක්වා මේ ගාථාව කීය.
“මහිද්ධිකො දෙවවරො යසස්සී, සෙනාපති තිදිවෙ වාසවස්ස; සො සොමයාගෙන මලං විහන්ත්වා, සුභොග දෙවඤ්ඤතරො අහොසී”ති.
සුභගය! දෙව්ලොවට අධිපති ශක්‍රයාගේ සේනාපති වූ මහා යසස් ඇති දේවපුත්‍රයෙක් සෝමයාගය කොට පව්මල නැතිකර දමා වෙනත් දෙවියෙක් විය.
තත්ථ සො සොමයාගෙන මලං විහන්ත්වාති භො සුභොග, යො ඉදානි සක්කස්ස සෙනාපති මහායසො දෙවපුත්තො, සොපි පුබ්බෙ එකො බාරාණසිරාජා බ්රාහ්මණෙ සග්ගමග්ගං පුච්ඡිත්වා තෙහි “සොමයාගෙන අත්තනො මලං පවාහෙත්වා දෙවලොකං ගච්ඡාහී”ති වුත්තෙ බ්රාහ්මණානං මහන්තං සක්කාරං කත්වා තෙහි වුත්තවිධානෙන සොමයාගං කත්වා තෙන අත්තනො මලං විහන්ත්වා දෙවඤ්ඤතරො ජාතොති ඉමමත්ථං පකාසෙන්තො එවමාහ.
එහි සෝමයාගෙන මලං විහන්ත්වා යනු එම්බා සුභගය! යම් ඒ දැන් ශක්‍රයාගේ සේනාපති වූ මහා යසස් ඇති දේවපුත්‍රයෙක් වේද හෙතෙම පෙර බරණැස් රජුව බ්‍රාහ්මණයන්ගෙන් ස්වර්ගමාර්ගය විචාරා ඔවුන් විසින් ඔබ සෝමයාගයෙන් තමන්ගේ පව් සෝදාහැර දෙව්ලොව යවයි කී කල්හි බ්‍රාහ්මණයන්ට බොහෝ සත්කාර කොට ඔවුන් විසින් කියන ලද පිළිවෙලට සෝමයාගය කොට එයින් තමාගේ පව් නැතිකර අන්‍ය දෙවියෙක් විය යැයි මේ අර්ථය පවසමින් මෙසේ කීය.
අපරානිපිස්ස උදාහරණානි දස්සෙන්තො ආහ –
අනික් උදාහරණයක්ද මොහුට දක්වමින් කීය.
“අකාරයි ලොකමිමං පරඤ්ච, භාගීරථිං හිමවන්තඤ්ච ගිජ්ඣං; යො ඉද්ධිමා දෙවවරො යසස්සී, සොපි තදා ආදහි ජාතවෙදං.
යසස් ඇති, සෘද්ධි ඇති උතුම් යමෙක් මේ ලෝකයද පරලෝකයද භාගීරස ගංගාවද හිමාලය පර්වතයද මැව්වේද ඒ බ්‍රහ්මයාද පෙර ගින්න පූජා කළේය.
“මාලාගිරී හිමවා යො ච ගිජ්ඣො, සුදස්සනො නිසභො කුවෙරු; එතෙ ච අඤ්ඤෙ ච නගා මහන්තා, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහූ”ති.
යාග කරන්නා වූ බ්‍රාහ්මණයන්ගේ ආනුභාවයෙන් මාලාගිරි. හිමාලය, ගිජ්ඣකූටය, සුදස්සන, නිසභ, කාකනේරු ආදී වූ අනිකුත් මහා පර්වතයෝ ගඩොලින් කරන ලද ආසන සඳහා නිර්මාණය වූහ.
තත්ථ සොපි තදා ආදහි ජාතවෙදන්ති භාතික සුභොග, යෙන මහාබ්රහ්මුනා අයඤ්ච ලොකො පරො ච ලොකො භාගීරථිගඞ්ගා ච හිමවන්තපබ්බතො ච ගිජ්ඣපබ්බතො ච කතො, සොපි යදා බ්රහ්මුපපත්තිතො පුබ්බෙ මාණවකො අහොසි, තදා අග්ගිමෙව ආදහි, අග්ගිං ජුහිත්වා මහාබ්රහ්මා හුත්වා ඉදං සබ්බමකාසි. එවංමහිද්ධිකා බ්රාහ්මණාති දස්සෙති.
එහි සොපි තදා ආදහි ජාතවෙදං යනු සුභගය! යම් ඒ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය ද පරලෝකය ද භාගීරසී ගංගාවද හිමාලය, ගිජ්ඣකූට ආදී පර්වතයෝ ද කරන ලදහ. ඔහු ද බ්‍රහ්මයා ලෙස උපත ලබන්නට පළමු මාණවකයෙක් විය. එකල්හි ගින්නම පිදුවේය. ගින්නට යාග පුදා මහා බ්‍රහ්මයා වී මේ සියල්ල කළේය. මෙසේ බ්‍රාහ්මණයෝ මහා ඍද්ධි ඇත්තෝ යයි කියති.
චිත්යා කතාති පුබ්බෙ කිරෙකො බාරාණසිරාජා බ්රාහ්මණෙ සග්ගමග්ගං පුච්ඡිත්වා “බ්රාහ්මණානං සක්කාරං කරොහී”ති වුත්තෙ තෙසං මහාදානං පට්ඨපෙත්වා “මය්හං දානෙ කිං නත්ථී”ති පුච්ඡිත්වා “සබ්බං, දෙව, අත්ථි, බ්රාහ්මණානං පන ආසනානි නප්පහොන්තී”ති වුත්තෙ ඉට්ඨකාහි චිනාපෙත්වා ආසනානි කාරෙසි. තදා චිත්යා ආසනපීඨිකා බ්රාහ්මණානං ආනුභාවෙන වඩ්ඪිත්වා මාලාගිරිආදයො පබ්බතා ජාතා. එවමෙතෙ යඤ්ඤකාරෙහි බ්රාහ්මණෙහි කතාති කථෙන්තීති.
චිත්යා කතා යනු පෙර වනාහි එක් බරණැස් රජෙක් බ්‍රාහ්මණයන්ගෙන් ස්වර්ග මාර්ගය විචාරා බ්‍රාහ්මණයන්ට පූජා පවත්වන්න යැයි කියන ලද්දේ ඔවුන්ට මහා දන් පිහිටුවා, මාගේ දානයේ නැත්තේ මොනවාදැයි විචාළ කල්හි, සියල්ල ම ඇත. නමුත් බ්‍රාහ්මණයන්ට ආසන ප්‍රමාණවත් නොවේයැයි කී කල්හි ගඩොල්වලින් අසුන් පිළියෙල කළේය. එකල්හි සාදන ලද ආසන බ්‍රාහ්මණයන්ගෙන් ආනුභාවයෙන් විශාල වී මාලාගිරි ආදී පර්වත බිහිවිය. මෙසේ මේවා යාග කරන්නා වූ බ්‍රාහ්මණයන් විසින් කරන ලදැයි කියත්.
අථ නං පුන ආහ “භාතික, ජානාසි පනායං සමුද්දො කෙන කාරණෙන අපෙය්යො ලොණොදකො ජාතො”ති? “න ජානාමි, අරිට්ඨා”ති. අථ නං “ත්වං බ්රාහ්මණෙයෙව විහිංසිතුං ජානාසි, සුණොහී”ති වත්වා ගාථමාහ –
ඉක්බිති ඔහුට නැවත කීය. භාතික ඔබ දන්නෙහිද? මේ සමුද්‍රය කුමන කරුණක් නිසා පානය කළ නොහැකි ලුණුදිය. වූයේද? අරිට්ඨය! නොදනිමි. ඉක්බිති ඔහුට, ඔබ බ්‍රාහ්මණයන්ට හිංසාවට පත්කරන්නට දන්නෙහිය. අසන්න යැයි කියා ගාථාව කීය.
“අජ්ඣායකං මන්තගුණූපපන්නං, තපස්සිනං ‘යාචයොගො’තිධාහු; තීරෙ සමුද්දස්සුදකං සජන්තං, තං සාගරොජ්ඣොහරි තෙනාපෙය්යො”ති.
මන්ත්‍ර ගුණයෙන් යුක්ත වූ තපස් ඇත්තා වූ ගුරුන් වූ ඉල්ලීමට යෝග්‍ය වූ යැයි කීය. සමුද්‍ර තීරයෙහි සිට ජලස්නානය කරන බමුණකු ඇද ගත්තේය. ඒ ජලය පානයට නුසුදුසු විය.
තත්ථ ‘යාචයොගොතිධාහූති තං බ්රාහ්මණං යාචයොගොති ඉධ ලොකෙ ආහු. උදකං සජන්තති සො කිරෙකදිවසං පාපපවාහනකම්මං කරොන්තො තීරෙ ඨත්වා සමුද්දතො උදකං ගහෙත්වා අත්තනො උපරි සීසෙ සජන්තං අබ්භුකිරති. අථ නං එවං කරොන්තං වඩ්ඪිත්වා සාගරො අජ්ඣොහරි. තං කාරණං මහාබ්රහ්මා ඤත්වා “ඉමිනා කිර මෙ පුත්තො හතො”ති කුජ්ඣිත්වා “සමුද්දො අපෙය්යො ලොණොදකො භවතූ”ති වත්වා අභිසපි, තෙන කාරණෙන අපෙය්යො ජාතො. එවරූපා එතෙ බ්රාහ්මණා නාම මහානුභාවාති.
එහි යාචයොගොතිචාහ යනු ඒ බ්‍රාහ්මණයා ඉල්ලීමට යෝග්‍ය යැයි ලෝකයා කීය. උදකං සජන්තං යනු ඔහු වනාහි එක් දිනක් පාපයන් සෝදා හැරීම කරන්නේ ඉවුරෙහි සිට සමුද්‍රයෙන් ජලය ගෙන තමාගේ හිස මත්තෙහි විසුරුවා ගත්තේය. ඉක්බිති මෙසේ කරද්දී සාගරය ගිල දැම්මේය. මේ කාරණය මහාබ්‍රහ්මයා අසා මෙයින් වනාහි මාගේ පුත්‍රයාව පැහැර ගත් යැයි සමුද්‍රය පානය කළ නොහැකි ලුණුජලය ඇත්තක් වේවායි ශාප කළේය. ඒ කාරණයෙන් මෙය පානය කළ නොහැකි විය. බ්‍රාහ්මණයෝ වනාහි මෙබඳු ස්වරූප ඇත්තේයැයි කියා,
පුනපි ආහ –
නැවතත් මෙසේ කීය.
“ආයාගවත්ථූනි පුථූ පථබ්‍යා, සංවිජ්ජන්ති බ්රාහ්මණා වාසවස්ස; පුරිමං දිසං පච්ඡිමං දක්ඛිණුත්තරං, සංවිජ්ජමානා ජනයන්ති වෙද”න්ති.
වාසව බවට පත් ශක්‍රයාගේ පුණ්‍යක්‍ෂේත්‍ර වූ අග්‍ර දක්ෂිණාර්හ වූ බොහෝ බ්‍රාහ්මණයෝ ලොව සිටිත්. පෙර අපර දෙදිග හා දකුණ උතුර යන සැට දිසාවන්හි සිටිමින් ශක්‍රයාට මහත් සතුටක් ඇතිකරත්.
තත්ථ වාසවස්සාති පුබ්බෙ බ්රාහ්මණානං දානං දත්වා වාසවත්තං පත්තස්ස වාසවස්ස. ආයාගවත්ථූනීති පුඤ්ඤක්ඛෙත්තභූතා අග්ගදක්ඛිණෙය්යා පථබ්‍යා පුථූ බ්රාහ්මණා සංවිජ්ජන්ති. පුරිමං දිසන්ති තෙ ඉදානිපි චතූසු දිසාසු සංවිජ්ජමානා තස්ස වාසවස්ස මහන්තං වෙදං ජනයන්ති, පීතිසොමනස්සං ආවහන්ති.
එහි වාසවස්ස යනු පෙර බ්‍රාහ්මණයන්ට දන් දී වාසව පදවියට පත් ශක්‍රයාගේ ආයාග වත්ථූනි වැනි යනු පින්කෙත වූ අග්‍ර දක්ෂිණාර්හ වූ බොහෝ බ්‍රාහ්මණයෝ සිටිත්. පුරිමං දිසං යනු ඔව්හු දැන් ද මේ සතර දිසාවන්හි විද්‍යමාන වන්නාහු ඒ ශක්‍රයාට මහත් සතුටක් ඇතිකරත්. ප්‍රීති සොම්නස් ළඟා කරයි.
එවං අරිට්ඨො චුද්දසහි ගාථාහි බ්රාහ්මණෙ ච යඤ්ඤෙ ච වෙදෙ ච වණ්ණෙසි.
මෙසේ අරිට්ඨ තෙමේ ගාථා දාහතරකින් බ්‍රාහ්මණයන් ද යාගයන්ද වේදයන්ද වර්ණනා කළේය.
මිච්ඡාකථා නිට්ඨිතා.
තස්ස තං කථං සුත්වා මහාසත්තස්ස ගිලානුපට්ඨානං ආගතා බහූ නාගා “අයං භූතමෙව කථෙතී”ති මිච්ඡාගාහං ගණ්හනාකාරප්පත්තා ජාතා. මහාසත්තො ගිලානසෙය්යාය නිපන්නොව තං සබ්බං අස්සොසි . නාගාපිස්ස ආරොචෙසුං. තතො මහාසත්තො චින්තෙසි “අරිට්ඨො මිච්ඡාමග්ගං වණ්ණෙති, වාදමස්ස භින්දිත්වා පරිසං සම්මාදිට්ඨිකං කරිස්සාමී”ති. සො උට්ඨාය න්හත්වා සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතො ධම්මාසනෙ නිසීදිත්වා සබ්බං නාගපරිසං සන්නිපාතාපෙත්වා අරිට්ඨං පක්කොසාපෙත්වා “අරිට්ඨ, ත්වං අභූතං වත්වා වෙදෙ ච යඤ්ඤෙ ච බ්රාහ්මණෙ ච වණ්ණෙසි, බ්රාහ්මණානඤ්හි වෙදවිධානෙන යඤ්ඤයජනං නාම අනරියසම්මතං න සග්ගාවහං, තව වාදෙ අභූතං පස්සාහී”ති වත්වා යඤ්ඤභෙදවාදං නාම ආරභන්තො ආහ –
ඔහුගේ ඒ කථාව අසා මහා සත්ත්වයන්ගේ ගිලානුපස්ථානය සඳහා පැමිණි බොහෝ නාගයෝ සිදු වූ දෙයක්ම කියන්නේ යැයි වැරදි ලෙස වටහා ගන්නා තත්ත්වයට පත් වූහ. මහා සත්ත්වයන් වහන්සේ ගිලන් ලෙසටම හොත්තේ ඒ සියල්ල අසා සිටියේය. නාගයෝද ඔහුට සැළකළහ. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ සිතීය. අරිට්ඨ තෙමේ වැරදි මාර්ගයක් වර්ණනා කළේය. මොහුගේ මතය බිඳ දමා පිරිස මනා දැක්මෙන් යුක්ත කරන්නෙමියි සිතීය. ඔහු නැගිට ස්නානය කොට සියළු අලංකාරයන්ගෙන් සැරසී ධර්මාසනයේ හිඳ සියළු නාගපිරිස කැඳවා, අරිට්ඨවද කැඳවා, අරිට්ඨය, නුඹ බොරු කියා වේදයත්, යාගයනුත් වර්ණනා කළෙහි ය. බ්‍රාහ්මණයන්ට වනාහි වේද විධි නියමයෙන් යාග යැදීම අනිටු විපාක ලබා දෙන්නකි. ස්වර්ග සම්පත්තිය ලබා නොදෙයි. ඔබගේ වාදයෙහි අසත්‍ය බව බලවයි යාගභේද වාදය ආරම්භ කරන්නේ මෙසේ කීය.
“කලී හි ධීරාන කටං මගානං, භවන්ති වෙදජ්ඣගතානරිට්ඨ; මරීචිධම්මං අසමෙක්ඛිතත්තා, මායාගුණා නාතිවහන්ති පඤ්ඤං.
අරිට්ඨය! වේදයන් අවබෝධ කරගැනීම වනාහි ධීරයන්ට පරාජය නම් අකුසල ග්රහණයද බාලයන්ට ජයනම් කුසල ග්රහණයද වෙයි. වේදත්‍රය මිරිඟු ස්වභාවය ඇතැයි නො දන්නහු එයට පැමිණෙති. මෙබඳු මායාවන්ගෙන් යුත් මේ වේදයෝ ඤාණවන්තයා නො රවටති.
“වෙදා න තාණාය භවන්ති දස්ස, මිත්තද්දුනො භූනහුනො නරස්ස; න තායතෙ පරිචිණ්ණො ච අග්ගි, දොසන්තරං මච්චමනරියකම්මං.
අභිවෘද්ධි දායකයාව නසන මිත්‍රද්‍රෝහී මිනිසාට වේදයෙන් ආරක්ෂා නොවේ. ගින්න පිදුවත් අනාර්ය කර්මයන් කරන දුශ්චරිතයෙන් යුත් මිනිසාව ආරක්ෂා නොකෙරේ.
“සබ්බඤ්ච මච්චා සධනං සභොගං, ආදීපිතං දාරු තිණෙන මිස්සං; දහං න තප්පෙ අසමත්ථතෙජො, කො තං සුභික්ඛං ද්විරසඤ්ඤු කයිරා.
ඉදින් ධනවත් සම්පත් ඇති මනුෂ්‍යයෝ ලොව ඇති සියළු දර ද තෘණ හා මිශ්‍රකර දවන්නේ ද එසේ වුවද ඒ ගින්න තෘප්තිමත් කළ නොහැක. දිව දෙකකින් රස හඳුනා ගැනීමට සමර්ථ අරිට්ඨය! එබඳු අතෘප්තිකර ගින්න පුදා කවරෙක්නම් දෙව්ලොවට යන්නේද?
“යථාපි ඛීරං විපරිණාමධම්මං, දධි භවිත්වා නවනීතම්පි හොති; එවම්පි අග්ගි විපරිණාමධම්මො, තෙජො සමොරොහතී යොගයුත්තො.
යම්සේ පෙරළෙන ස්වභාව ඇති කිරි දී බවට පැමිණ නැවත වෙඬරු බවට පැමිණේද ගින්නද මෙසේ පෙරළෙන ස්වභාව ඇත්තේ වේ. ගිනිගාන දඬු එකට ගැටීමෙන් ගිනි හටගනී.
“න දිස්සතී අග්ගි මනුප්පවිට්ඨො, සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි; නාමත්ථමානො අරණීනරෙන, නාකම්මුනා ජායති ජාතවෙදො.
වියලුනු හා නොවියලුනු කාෂ්ට ඇතුළට පිවිසී ගින්න දක්නට නැත. ගිනිගාන දඬු ගත් මිනිසකු විසින් එකට ඇතිල්ලීමක් නොකරන්නේ නම් ක්‍රියාවක් රහිතව ගින්න උපදින්නේ නැත.
“සචෙ හි අග්ගි අන්තරතො වසෙය්ය, සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි; සබ්බානි සුස්සෙය්යු වනානි ලොකෙ, සුක්ඛානි කට්ඨානි ච පජ්ජලෙය්යුං.
ඉදින් වියැලුනු, නොවියැලුනු, ලීවල ඇතුළත ගින්න වාසය කරයි නම් ලොව සියලු වනයෝ වියැළෙන්නාහ. වියළි දර ද ගිනි ගනී.
“කරොති චෙ දාරුතිණෙන පුඤ්ඤං, භොජං නරො ධූමසිඛිං පතාපවං; අඞ්ගාරිකා ලොණකරා ච සූදා, සරීරදාහාපි කරෙය්යු පුඤ්ඤං.
ඉදින් යමෙක් දුම් සළු ඇති තේජස් ඇති ගින්නට දර හා තෘණ අනුභව කරවමින් පින් කරයිද එසේ නම් අඟුරු දවන්නෝ ද ලුණු සාදන්නෝ ද අරක්කැමියෝ ද මිනී දවන්නෝ ද පින් කරන්නාහ.
“අථ චෙ හි එතෙ න කරොන්ති පුඤ්ඤං, අජ්ඣෙනමග්ගිං ඉධ තප්පයිත්වා; න කොචි ලොකස්මිං කරොති පුඤ්ඤං, භොජං නරො ධූමසිඛිං පතාපවං.
ඉදින් මොහු වනාහි පින් නොකෙරෙත් නම් මෙලොව මන්ත්‍ර හදාරණ බමුණෝ ගිනි තැප පින් කෙරෙත්ද, මෙලොව කිසිවෙක් දුම්සිළු සහිත තේජස් ඇති ගින්නට අනුභව කරවමින් පිනක් නම් නො කරන්නේ ය.
“කථඤ්හි ලොකාපචිතො සමානො, අමනුඤ්ඤගන්ධං බහූනං අකන්තං; යදෙව මච්චා පරිවජ්ජයන්ති, තදප්පසත්ථං ද්විරසඤ්ඤු භුඤ්ජෙ.
දිව දෙකක් ඇත්ත! ලෝවැසියන් විසින් පුදන ලද්දා වූ ම ගින්න බොහෝ දෙනාට අප්‍රිය වූ දුඟද හමන යම් කුණපයක් මහජනයා දුරුකරත්ද එබඳු අප්‍රිය කරන ලද කුණපය කෙසේ නම් අනුභව කරන්නේද?
“සිඛිම්පි දෙවෙසු වදන්ති හෙකෙ, ආපං මිලක්ඛූ පන දෙවමාහු; සබ්බෙව එතෙ විතථං භණන්ති, අග්ගී න දෙවඤ්ඤතරො න චාපො.
සමහරු ගින්න දෙවියන් අතර එක් අයෙක්යැයි කියති. අඥානයෝ වනාහි ජලය දෙවියෙකැයි කියති. මේ සියල්ලෝම බොරු කියති. ගින්න දෙවියන් අතර කෙනෙක් නොවේ. ජලයද දෙවියෙක් නොවේ.
“අනින්ද්රියබද්ධමසඤ්ඤකායං, වෙස්සානරං කම්මකරං පජානං; පරිචරිය මග්ගිං සුගතිං කථං වජෙ, පාපානි කම්මානි පකුබ්බමානො.
පව් කරන්නෙක් ඉඳුරන් නැති සිත් නැති, සත්ත්වයන්ගේ බත් පිසීම ආදී කටයුතු කරන ‘වෙස්සානර’ නම් වූ ගින්න පුදා කෙසේ නම් සුගතියට යන්නේද?
“සබ්බාභිභූ තාහුධ ජීවිකත්ථා, අග්ගිස්ස බ්රහ්මා පරිචාරිකොති; සබ්බානුභාවී ච වසී කිමත්ථං, අනිම්මිතො නිම්මිතං වන්දිතස්ස.
මෙලොව ජීවිකාව මුල් කරගත් බමුණෝ බ්‍රහ්මයා සියල්ලන් යටත් කරගන්නෙකැයි ද ගිනිදෙවියා පුදන්නෙකැයි ද කියත්. සියලු ආනුභාව ඇති සියල්ලෝ වසඟ කරන බ්‍රහ්මයා තෙමේ නො මවන ලද්දේ කවර හෙයින් මවන ලද ගින්න වඳින්නෙක් වේද?
“හස්සං අනිජ්ඣානක්ඛමං අතච්ඡං, සක්කාරහෙතු පකිරිංසු පුබ්බෙ; තෙ ලාභසක්කාරෙ අපාතුභොන්තෙ, සන්ධාපිතා ජන්තුභි සන්තිධම්මං.
එම්බා අරිෂ්ටය. මේ බමුණෝ සිනහවට සුදුසු ඥානවන්තයන්ගේ සිතීමට නුසුදුසු මුසාවක් ලාභසත්කාර හේතුකොට ගෙන පෙර පැතිරවූහ. ඔව්ය ලාභසත්කාර නොලැබෙන නොලැබෙන කල සතුන් හා සම්බන්ධකොට ශාන්ති ධර්මනම් යාගයක් නිපදවූහ.
“අජ්ඣෙනමරියා පථවිං ජනින්දා, වෙස්සා කසිං පාරිචරියඤ්ච සුද්දා; උපාගු පච්චෙකං යථාපදෙසං, කතාහු එතෙ වසිනාති ආහු.
ආර්ය වූ බ්‍රාහ්මණයෝ මන්ත්‍ර ඉගෙනීමද ක්ෂත්රියයෝ පොළව පාලනයටද වෛශ්‍යයෝ සීසෑමටද ශුද්‍රයෝ ඔවුන්ගේ බැලමෙහෙ කිරීමටද වෙන් වෙන් වශයෙන් තම තමන්ගේ කුල ප්රදේශයනට අනුව පැමිණියහ. මොව්හු මහා බ්‍රහ්මයා විසින් මැවුණාහයි කියති.
“එතඤ්ච සච්චං වචනං භවෙය්ය, යථා ඉදං භාසිතං බ්රාහ්මණෙහි; නාඛත්තියො ජාතු ලභෙථ රජ්ජං, නාබ්රාහ්මණො මන්තපදානි සික්ඛෙ; නාඤ්ඤත්ර වෙස්සෙහි කසිං කරෙය්ය, සුද්දො න මුච්චෙ පරපෙසනාය.
යම්සේ බමුණන් විසින් කියන ලද මෙය සැබෑ වචනයක් වේනම් ක්ෂත්රිය නොවූවෙක් කිසි කලෙකත් රජ නොවන්නේය. බමුණු නොවූවෙක් මන්ත්‍ර හදාරන්නේ නැත. වෛශ්‍යයන් මිස වෙන කිසිවෙක් සීසාන්නේ නැත. ශුද්‍රයා අන්‍යයන්ගේ මෙහෙකාර බවෙන් නො මිදෙන්නේ ය.
“යස්මා ච එතං වචනං අභූතං, මුසාවිමෙ ඔදරියා භණන්ති; තදප්පපඤ්ඤා අභිසද්දහන්ති, පස්සන්ති තං පණ්ඩිතා අත්තනාව.
යම්හෙයකින් මේ වචනය බොරු වේද එහෙයින් බඩ වැඩීම හේතු කොටගෙන මේ බමුණෝ බොරුද කියති. ඒ බොරුව මද නුවණැත්තෝ අදහති. ප්‍රාඥයෝ තුමූම ඒ බොරුව දොස් සහිත යැයි දකිති.
“ඛත්යා හි වෙස්සානං බලිං හරන්ති, ආදාය සත්ථානි චරන්ති බ්රාහ්මණා; තං තාදිසං සඞ්ඛුභිතං පභින්නං, කස්මා බ්රහ්මා නුජ්ජු කරොති ලොකං.
ක්ෂත්රියයෝ අයබදු නොගනිති. වෛශ්‍යයෝ අයබදු නොදෙති. බමුණෝ ආයුධ රැගෙන හැසිරෙති. එසේ කැලඹී ගියා වූ බිඳී ගියා වූ ඒ ලෝකය කවර හෙයින් මහා බ්‍රහ්මයා ඍජු නො කරන්නේද?
“සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ, බ්රහ්මා බහූභූතපතී පජානං; කිං සබ්බලොකං විදහී අලක්ඛිං, කිං සබ්බලොකං න සුඛිං අකාසි.
ඉදින් බොහෝ සත්ත්වයන් ස්වාමී වූ ඒ බ්‍රහ්මයා මුළු ලොවට අධිපති වේනම් කවර හෙයින් සියලු ලෝකය දුක් සහිත වූවක් කළේද කවර හෙයින් මුළු ලොව සැපවත් නො කළේද?
“සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ, බ්රහ්මා බහූභූතපතී පජානං; මායා මුසාවජ්ජමදෙන චාපි, ලොකං අධම්මෙන කිමත්ථමකාරි.
ඉදින් බොහෝ සත්ත්වයන්ට ස්වාමී වූ ඒ බ්‍රහ්මයා මුළු ලෝකයට අධිපති වේ නම් මායාව, මුසාව, මදය යන අධර්මයන්ගෙන් යුක්ත කොට මේ ලෝකය මවන ලද්දේ ද?
“සචෙ හි සො ඉස්සරො සබ්බලොකෙ, බ්රහ්මා බහූභූතපතී පජානං; අධම්මිකො භූතපතී අරිට්ඨ, ධම්මෙ සති යො විදහී අධම්මං.
ඉදින් බොහෝ සත්ත්වයන්ට අධිපති ඒ බ්‍රහ්මයා මුළු ලොවට අධිපති වේනම් අරිෂ්ටය! කුසල් දහම් ඇති කල්හි යම් බඹෙක් අධර්මය ඇතිකළේද ඔහු අධාර්මිකයෙකි.
“කීටා පටඞ්ගා උරගා ච භෙකා, ගන්ත්වා කිමී සුජ්ඣති මක්ඛිකා ච; එතෙපි ධම්මා අනරියරූපා, කම්බොජකානං විතථා බහූන”න්ති.
පණුවන්, පළගැටියන්, සර්පයන්, මැඩියන්, කෘමීන්, මැස්සන්ය යන මොවුන් නසා පිරිසිදු වෙත්ය යන අනාර්ය ස්වරූප වූ ධර්මයෝ කාම්බෝජ රටවැසි අනාර්ය වූ බොහෝදෙනාගේ බොරුය.
තත්ථ වෙදජ්ඣගතානරිට්ඨාති අරිට්ඨ, ඉමානි වෙදාධිගමනානි නාම ධීරානං පරාජයසඞ්ඛාතො කලිග්ගාහො, මගානං බාලානං ජයසඞ්ඛාතො කටග්ගාහො. මරීචිධම්මන්ති ඉදඤ්හි වෙදත්තයං මරීචිධම්මං. තයිදං අසමෙක්ඛිතත්තා යුත්තායුත්තං අජානන්තා බාලා උදකසඤ්ඤාය මගා මරීචිං විය භූතසඤ්ඤාය අනවජ්ජසඤ්ඤාය අත්තනො විනාසං උපගච්ඡන්ති. පඤ්ඤන්ති එවරූපා පන මායාකොට්ඨාසා පඤ්ඤං ඤාණසම්පන්නං පුරිසං නාතිවහන්ති න වඤ්චෙන්ති. භවන්ති දස්සාති ද-කාරො බ්යඤ්ජනසන්ධිමත්තං, අස්ස භූනහුනො වුඩ්ඪිඝාතකස්ස මිත්තදුබ්භිනො නරස්ස වෙදා න තාණත්ථාය භවන්ති, පතිට්ඨා හොතුං න සක්කොන්තීති අත්ථො. පරිචිණ්ණො ච අග්ගීති අග්ගි ච පරිචිණ්ණො තිවිධෙන දුච්චරිතදොසෙන සදොසචිත්තං පාපකම්මං පුරිසං න තායති න රක්ඛති.
එහි වෙදජ්ඣගතානරිට්ඨා යනු අරිට්ඨය! දැන් වේදයන් අවබෝධ කරගැනීම වනාහි ධීරයන්ගේ පරාජයකි. මගානං යනු බාලයන්ගේ ජයග්‍රහණ සංඛ්‍යාත වූවකි. මරීචිධම්මං යනු දැන් වනාහි වේදත්‍රය මිරිඟුවක් බඳුය. මෙය විමසා නො බැලූ බැවින් යුතු අයුතු නොදන්නා බැවින් බාලයෝ ජලය යන හැඟීමෙන් මුවන් මිරිඟුව පසුපස යන්නාක් මෙන් සිදු වූවක්ය, නිවැරදිය යන හැඟීමෙන් ළඟා වෙත්. නාතිවහනකි පඤ්ඤා යනු මෙබඳු ස්වරූප ඇති මායාකාරයෝ ප්‍රඥාවන්ත පුරුෂයාව නොරවටත්. වංචා නොකරත්. භවන්ති රස්සා යන්නෙහි ර කාරය ව්‍යඤ්ජන සන්ධිය සඳහා යෙදීය. අස්සභූනහුතො යනු අභිවෘද්ධිය ඇතිකරන්නහුව නසන මිත්‍රද්‍රෝහී මනුෂ්‍යයාගේ ආරක්ෂාව පිණිස වේදයෝ හේතු නොවෙත්. පිහිටක් වන්නට නොහැකි වෙත් යන අර්ථයි. පරිචිණ්ණොව අග්ගි යනු ගින්න හෝ ඇසුරුකළේ ත්‍රිවිධ වූ දුශ්චරිත දෝෂයෙන් දොස් සහිත සිත් ඇති පව්කම් කරන පුරුෂයාව ආරක්ෂා නොකරයි. නොරකියි.
සබ්බඤ්ච මච්චාති සචෙපි හි මච්චා යත්තකං ලොකෙ දාරු අත්ථි, තං සබ්බං සධනං සභොගං අත්තනො ධනෙන ච භොගෙහි ච සද්ධිං තිණෙන මිස්සං කත්වා ආදීපෙය්යුං. එවං සබ්බම්පි තං තෙහි ආදීපිතං දහන්තො අයං අසමත්ථතෙජො අසදිසතෙජො තව අග්ගි න තප්පෙය්ය. එවං අතප්පනීයං, භාතික, ද්විරසඤ්ඤු ද්වීහි ජිව්හාහි රසජානනසමත්ථො කො තං සප්පිආදීහි සුභික්ඛං සුහීතං කයිරා, කො සක්කුණෙය්ය කාතුං. එවං අතිත්තං පනෙතං මහග්ඝසං සන්තප්පෙත්වා කො නාම දෙවලොකං ගමිස්සති, පස්ස යාවඤ්චෙතං දුක්කථිතන්ති. යොගයුත්තොති අරණිමථනයොගෙන යුත්තො හුත්වා තං පච්චයං ලභිත්වාව අග්ගි සමොරොහති නිබ්බත්තති. එවං පරවායාමෙන උප්පජ්ජමානං අචෙතනං තං ත්වං “දෙවො”ති වදෙසි. ඉදම්පි අභූතමෙව කථෙසීති.
සබ්බඤ්ච මච්චා යනු ඉදින් වනාහි යම් පමණ ලෝකයේ දර තිබේද ඒ සියල්ල ධනය ඇති භවභෝග සම්පත් ඇත්තාහු තමාගේ ධනයෙන් ද භවභෝග සම්පත්වලින්ද තණකොල මිශ්‍රකර දවන්නේය. මෙසේ ඔවුන් විසින් දමන ලද සියල්ල දවන්නේ මේ අසමත්ථතෙජො අසාමාන්‍ය තේජස ඇත්තේ ගින්න තෘප්තිමත් නොවේ. මෙපරිද්දෙන් අතෘප්තිමත්ය භාතික. දිරසඤ්ඤා යනු දිවවල් දෙකකින් රස දැනගැනීමට සමර්ථ. කොතං යනු ගිතෙල් ආදියෙන් සුභික්ඛං එය යොදන ලද කුරියා හැකිවන්නේය. මෙසේ අතෘප්තිකර වූයේ ඒ බොහෝසෙයින් සන්තර්පණය කොට කවරෙක් නම් දෙව්ලොව යන්නේද බලන්න. මෙය ද එක් වැරදි කීමකි. යොග යුත්තො යනු ගිනි උපදවන දඬු දෙක එකට ඉලීමෙන් යුක්තව එය ආධාර කරගෙන උපදනා වූ අචේතන වූ එය දෙවියෙක් යැයි ඔබ කියයි. මෙය ද අසත්‍ය ප්රකාශනයකි.
අග්ගි මනුප්පවිට්ඨොති අග්ගි අනුපවිට්ඨො. නාමත්ථමානොති නාපි අරණිහත්ථෙන නරෙන අමත්ථියමානො නිබ්බත්තති. නාකම්මුනා ජායති ජාතවෙදොති එකස්ස කිරියං විනා අත්තනො ධම්මතාය එව න ජායති. සුස්සෙය්යුන්ති අන්තො අග්ගිනා සොසියමානානි වනානි සුක්ඛෙය්යුං, අල්ලානෙව න සියුං. භොජන්ති භොජෙන්තො. ධූමසිඛිං පතාපවන්ති ධූමසිඛාය යුත්තං පතාපවන්තං. අඞ්ගාරිකාති අඞ්ගාරකම්මකරා. ලොණකරාති ලොණොදකං පචිත්වා ලොණකාරකා. සූදාති භත්තකාරකා. සරීරදාහාති මතසරීරජ්ඣාපකා. පුඤ්ඤන්ති එතෙපි සබ්බෙ පුඤ්ඤමෙව කරෙය්යුං.
අග්ගි මනුප්පවිට්ඨො යනු ගින්න ඇතුළට වැදුනේ නාමත්ථමානො යනු ගිනිදණ්ඩක් අතින් වෙනත් ගිනිදණ්ඩක් හා ගැටීමෙන් උපදී. නාකම්මනා යනු ගිනි ඇති පුරුෂයාගේ ක්‍රියාවක් විනා තමන්ගේ ස්වභාවයෙන් නූපදී. සුස්සෙය්යුං යනු ඇතුළත ගින්නෙන් වියලෙන්නාහුතෙත් නොවෙත්. භොජං යනු අනුභව කරවන්නේ. ධූමසිඛිං පතාපවං යනු දුම්සිළුවෙන් යුත්, ප්රතාපවත්. අංගාරිකා යනු අඟුරු කර්මාන්තය කරන අය. ලොජාකරා ලුණු දිය පිස ලුණු සාදන අය. සූදා අරක්කැමියෝ. සරීරදාහා මළසිරුර දවන්නෝ. පුඤ්ඤං යනු මේ සියල්ලෝ පින්ම කරන්නාහ.
අජ්ඣෙනමග්ගින්ති අජ්ඣෙනඅග්ගිං. න කොචීති මන්තජ්ඣායකා බ්රාහ්මණාපි හොන්තු, කොචි නරො ධූමසිඛිං පතාපවන්තං අග්ගිං භොජෙන්තො තප්පයිත්වාපි පුඤ්ඤං න කරොති නාම. ලොකාපචිතො සමානොති තව දෙවොලොකස්ස අපචිතො පූජිතො සමානො. යදෙවාති යං අහිකුණපාදිං පටිකුලං ජෙගුච්ඡං මච්චා දූරතො පරිවජ්ජෙන්ති. තදප්පසත්ථන්ති තං අප්පසත්ථං, සම්ම, ද්විරසඤ්ඤු කථං කෙන කාරණෙන පරිභුඤ්ජෙය්ය. දෙවෙසූති එකෙ මනුස්සා සිඛිම්පි දෙවෙසු අඤ්ඤතරං දෙවං වදන්ති. මිලක්ඛූ පනාති අඤ්ඤාණා පන මිලක්ඛූ උදකං “දෙවො”ති වදන්ති. අසඤ්ඤකායන්ති අනින්ද්රියබද්ධං අචිත්තකායඤ්ච සමානං එතං අචෙතනං පජානං පචනාදිකම්මකරං වෙස්සානරං අග්ගිං පරිචරිත්වා පාපානි කම්මානි කරොන්තො ලොකො කථං සුගතිං ගමිස්සති. ඉදං තෙ අතිවිය දුක්කථිතං.
අජ්ඣෙනමග්ගිං යනු ගිනි දැල්වීමෙන් මන්ත්‍ර උගන්වන බ්‍රාහ්මණයෝ ද වෙත්වා. කිසියම් මිනිසෙක් දුම්සිළු ඇති ප්රතාපවත් ගින්නක් සන්තර්පනය කොට පිනක් කරන්නේ නැත. ලෝකාපචිතො සමානො යනු ඔබගේ වාදය ලෝකයාට පුදන ලද්දේ හා සමානය. යදෙව යනු යම් සර්ප කුණක් ආදියත් පිළිකුල් සහගතව ජුගුප්සාජනකව මනුෂ්‍යයෝ දුරින්ම දුරුකරත්. තදප්පසත්ථං යනු ඒ අප්රශස්ත වූ දෙය කථං කවර කරුණක් නිසා අනුභව කරන්නේද, දෙවෙසු යනු සමහර මනුෂ්‍යයෝ ගින්න දෙවියන් අතර එක් දෙවියෙක්යැයි කියති. මිලක්ඛාපනා යනු නොදැනීමෙන් වනාහි මිලේච්ඡ මිනිස්සු ජලය දෙවියෙක් යැයි කියත්. අසඤ්ඤකායං යනු ඉන්ද්රිය බද්ධ නොවූ සිත් නැති මෙය අචේතනයි. මිනිසුන්ට ආහාර පිසීම ආදියට යොදන ගින්න පුදමින් පව්කරන මිනිස්සු කෙසේ නම් සුගතියට යන්නාහුය. මේ ඔබගේ අතිශයින් වැරදි කථාවකි.
සබ්බාභි භූතාහුධ ජීවිකත්ථාති ඉමෙ බ්රාහ්මණා අත්තනො ජීවිකත්ථං මහාබ්රහ්මා සබ්බාභිභූති ආහංසු, සබ්බො ලොකො තෙනෙව නිම්මිතොති වදන්ති. පුන අග්ගිස්ස බ්රහ්මා පරිචාරකොතිපි වදන්ති. සොපි කිර අග්ගිං ජුහතෙව. සබ්බානුභාවී ච වසීති සො පන යදි සබ්බානුභාවී ච වසී ච, අථ කිමත්ථං සයං අනිම්මිතො හුත්වා අත්තනාව නිම්මිතං වන්දිතා භවෙය්ය. ඉදම්පි තෙ දුක්කථිතමෙව. හස්සන්ති අරිට්ඨ බ්රාහ්මණානං වචනං නාම හසිතබ්බයුත්තකං පණ්ඩිතානං න නිජ්ඣානක්ඛමං. පකිරිංසූති ඉමෙ බ්රාහ්මණා එවරූපං මුසාවාදං අත්තනො සක්කාරහෙතු පුබ්බෙ පත්ථරිංසු. සන්ධාපිතා ජන්තුභි සන්තිධම්මන්ති තෙ එත්තකෙන ලාභසක්කාරෙ අපාතුභූතෙ ජන්තූහි සද්ධිං යොජෙත්වා පාණවධපටිසංයුත්තං අත්තනො ලද්ධිධම්මසඞ්ඛාතං සන්තිධම්මං සන්ධාපිතා, යඤ්ඤසුත්තං නාම ගන්ථයිංසූති අත්ථො.
සබ්බාභිභූතානුධජීවිකත්ථා යනු මේ බ්‍රාහ්මණයෝ තමන්ගේ ජීවිකාව සඳහා මහා බ්‍රහ්මයා සියල්ල මැඩගෙන සිටීයයි කීවාහ. මුළු ලෝකයම ඔහු විසින් මවන ලද්දේයැයි කියත්. නැවත බ්‍රහ්මයා ගින්නෙහි සේවකයෙකැයි ද කියත්. ඔහු ද වනාහි පෙර ගින්නට පූජා කෙළේය. සබ්බානුභාවීචවසී යනු ඔහු වනාහි ඉදින් සියල්ල මැඩගෙන සිටියේ නම් කුමක් නිසා තමන් නොමවා තමා විසින් මවන ලද දෙයට වඳින්නෙක් වන්නේද? මෙයද ඔබගේ වැරදිකථාවකි. හස්සන්ති අරිට්ඨය. බමුණන්ගේ වචනය නම් සිනහවිය යුතු පණ්ඩිතයන්ගේ අවබෝධය නො ඉවසයි. පකිරිංසු යනු මේ බ්‍රාහ්මණයෝ මෙබඳු වූ මුසාව තමන්ගේ ලාභ සත්කාර හේතුවෙන් පෙරටුව පතුරුවා හැරියහ. සන්ථම්හිතා ජන්තූහි සන්තිධම්මං යනු ඔව්හු මෙපමණකින් ලාභසත්කාරයන් පහළ නොවූ කල්හි මිනිසුන් සමග යොදා ප්‍රාණවධය හා එක්වූ තමන්ගේ ලබ්ධිය අඩංගු ශාන්තිධර්මය වළක්වා යාගසූත්ර ගෙතූහ යන අර්ථයි.
එතඤ්ච සච්චන්ති යදෙතං තයා “අජ්ඣෙනමරියා”තිආදි වුත්තං, එතඤ්ච සච්චං භවෙය්ය. නාඛත්තියොති එවං සන්තෙ අඛත්තියො රජ්ජං නාම න ලභෙය්ය, අබ්රාහ්මණොපි මන්තපදානි න සික්ඛෙය්ය. මුසාවිමෙති මුසාව ඉමෙ. ඔදරියාති උදරනිස්සිතජීවිකා, උදරපූරණහෙතු වා. තදප්පපඤ්ඤාති තං තෙසං වචනං අප්පපඤ්ඤා. අත්තනාවාති පණ්ඩිතා පන තෙසං වචනං “සදොස”න්ති අත්තනාව පස්සන්ති. තාදිසන්ති තථාරූපං. සඞ්ඛුභිතන්ති සඞ්ඛුභිත්වා බ්රහ්මුනා ඨපිතමරියාදං භින්දිත්වා ඨිතං සඞ්ඛුභිතං විභින්දං ලොකං සො තවබ්රහ්මා කස්මා උජුං න කරොති . අලක්ඛින්ති කිංකාරණා සබ්බලොකෙ දුක්ඛං විදහි. සුඛින්ති කිං නු එකන්තසුඛිමෙව සබ්බලොකං න අකාසි, ලොකවිනාසකො චොරො මඤ්ඤෙ තව බ්‍රහ්මාති. මායාති මායාය. අධම්මෙන කිමත්ථමකාරීති ඉමිනා මායාදිනා අධම්මෙන කිංකාරණා ලොකං අනත්ථකිරියායං සංයොජෙසීති අත්ථො. අරිට්ඨාති අරිට්ඨ, තව භූතපති අධම්මිකො, යො දසවිධෙ කුසලධම්මෙ සති ධම්මමෙව අවිදහිත්වා අධම්මං විදහි. කීටාතිආදි උපයොගත්ථෙ පච්චත්තං. එතෙ කීටාදයො පාණෙ හන්ත්වා මච්චො සුජ්ඣතීති එතෙපි කම්බොජරට්ඨවාසීනං බහූනං අනරියානං ධම්මා, තෙ පන විතථා, අධම්මාව ධම්මාති වුත්තා. තෙහිපි තව බ්රහ්මුනාව නිම්මිතෙහි භවිතබ්බන්ති.
එතඤ්ච සච්චං යනු යම් මේ ඔබ විසින් අජ්ඣෙනමරියා යනාදිය කියන ලදී. මෙය ද සත්‍ය වන්නේය. නාඛත්තියො යනු මෙසේ ඇති කල්හි ක්ෂත්රිය නොවන කෙනෙක් රාජ්‍ය නො ලබන්නේ ය. බ්‍රාහ්මණ නො වූවෝ ද මන්ත්‍රපද නොහදාරත්. මුසාවිමෙ යනු මේවා මුසාවන්ය. ඔදරියා යනු උදරය ආශ්‍රිතව ජීවත් වන්නා වූ උදරය පිරවීම හේතුවෙන්. තදප්ප පඤ්ඤා යනු ඒ ඔවුන්ගේ වචනය අල්ප වූ ප්‍රඥා ඇත්තේ. අත්තනා යනු පණ්ඩිතයෝ වනාහි ඔවුන්ගේ වචනය දොස් සහිත යැයි තමා විසින් ම දකිත්. තං තාදිසං යනු ඒ එබඳු ස්වරූපය කළඹා බ්‍රහ්මයා විසින් තබන ලද සීමාවන් බිඳ සිටියා වූ කැළඹී ගියා වූ බිඳී ගියා වූ ලෝකය ඔබගේ ඒ බ්‍රහ්මයා කුමක් නිසා ඍජු නො කරන්නේ ද. අලක්ඛිං යනු කුමන කරුණක් නිසා මුළු ලෝකයෙහි දුක යෙදුවේය. සුඛිං යනු කුමක් නිසා මුළු ලෝකය සම්පුර්ණයෙන් සුව තැනක් නොකළේද ඔබගේ බ්‍රහ්මයා ලෝකය විනාශකරන චෞරයෙක්යැයි හඟිමි. මායා යනු මායාවෙන්. අධම්මෙන කිමත්ථකාසි මේ මායාව ආදී වූ අධර්මයෙන් කුමන කරුණක් නිසා ලෝකය අවැඩ සඳහා යොදවන්නේය යන අර්ථයි. අරිට්ඨ යනු අරිට්ඨය. ඔබගේ ලෝකාධිපතියා අධාර්මිකයෙකි. යමෙක් දසවිධ කුසල ධර්මයන් ඇති කල්හි ධර්මයම නොයොදා අධර්මය යෙදුවේය. කීටා යනු උපයෝගාර්ථයෙහි වෙන වෙනම යෙදේ. මේ කුඩා සතුන් ආදී ප්‍රාණීන් නසා මනුෂ්‍යයා පිරිසිදු වන්නේ යැයි මොව්හු ද කාම්බෝජ රටවැසියන්ගෙන් බොහෝ දෙනෙකුගේ ධර්මයෝ වනාහි අසත්‍ය අධර්මය ධර්මයැයි කියන ලදී. ඔවුහු ද ඔබගේ බ්‍රහ්මයා විසින් මවන ලද්දන් විය යුතුයි.
ඉදානි තෙසං විතථභාවං දස්සෙන්තො ආහ –
දැන් ඔවුන්ගේ අසත්‍යභාවය දක්වන්නේ මෙසේ කීය.
“සචෙ හි සො සුජ්ඣති යො හනාති, හතොපි සො සග්ගමුපෙති ඨානං; භොවාදි භොවාදින මාරයෙය්යුං, යෙ චාපි තෙසං අභිසද්දහෙය්යුං.
ඉදින් යමෙක් (යාගයේදී) ඝාතනය කරයිද ඔහු පිරිසිදු වෙයි. නැසුනේ නමුත් ඔහු ස්වර්ගයට පැමිණේ. එහි බමුණෝම බමුණන් මරන්නාහ. යමෙක් බමුණන්ගේ වචනය විශ්වාස කරන්නේද, ඔව්හු තමන්ගේ උපස්ථායක වූ බ්‍රාහ්මණයන්ව මරන්නාහ.
“නෙව මිගා න පසූ නොපි ගාවො, ආයාචන්ති අත්තවධාය කෙචි; විප්ඵන්දමානෙ ඉධ ජීවිකත්ථා, යඤ්ඤෙසු පාණෙ පසුමාරභන්ති.
මෘගයෝ හෝ වෙනත් සිව්පාවෝ හෝ ගවයෝ තමන්ව ඝාතනය කරන්න යැයි කිසිවෙක් නො ඉල්වත්. ජීවත්වීම ප්‍රයෝජනය කොට ඇති බමුණෝ යාගය සඳහා ප්‍රාණීන් සලිත කරවමින් මරති.
“යූපුස්සනෙ පසුබන්ධෙ ච බාලා, චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති; අයං තෙ යූපො කාමදුහො පරත්ථ, භවිස්සති සස්සතො සම්පරායෙ.
ඒ නුවණ නැති සිව්පාවුන් යාග කණුවෙහි බඳිනු ලබන කල්හි මේ යාග කණුව තොපට පරලොවදී කැමැති වස්තුව දෙන්නේ වෙයි. පරලොව ශාස්වත වන්නේය ආදී විචිත්‍ර වූ වර්ණනාවන්ගෙන් මුහුණ සතුටු කරත්.
“සචෙ ච යූපෙ මණිසඞ්ඛමුත්තං, ධඤ්ඤං ධනං රජතං ජාතරූපං; සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි, සචෙ දුහෙ තිදිවෙ සබ්බකාමෙ; තෙවිජ්ජසඞ්ඝාව පුථූ යජෙය්යුං, අබ්රාහ්මණං කඤ්චි න යාජයෙය්යුං.
ඉදින් යාගස්ථම්භයෙහි මැණික්, සක්, මුතු, ධාන්‍ය, ධනය, රිදී, රත්‍රං යන මේවා වෙයි නම් ඉදින් වියළී නොවියැළී ලීදඬුවල ද දෙව්ලොව කැමැති සියළු වස්තුවදීම වේ නම් ත්රිවේදය දන්නා බමුණෝම බෙහෙවින් යාග කරන්නාහුය. බමුණෝ අන් කිසිවකු ලවා යාග නොකරවන්නාහු වෙත්.
“කුතො ච යූපෙ මණිසඞ්ඛමුත්තං, ධඤ්ඤං ධනං රජතං ජාතරූපං; සුක්ඛෙසු කට්ඨෙසු නවෙසු චාපි, කුතො දුහෙ තිදිවෙ සබ්බකාමෙ.
යාග කණුවෙහි මැණික්, සක්, මුතු, ධාන්‍යය, ධනය, රිදී, රත්රන් යන මේවා කොයින්ද? වියළී හෝ නොවියළි ලී කණුවල දෙව්ලොව කැමැති සියලු වස්තුව දීම කොයින් ලැබෙන්නේද?
“සඨා ච ලුද්දා ච පලුද්ධබාලා, චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති; ආදාය අග්ගිං මම දෙහි විත්තං, තතො සුඛී හොහිසි සබ්බකාමෙ.
පොළඹවා ගත් අඥාන මිනිසුන් ඇති, කපටි රෞද්‍ර බමුණෝ තෙපි ගිනි ගෙන පුදා මට වස්තුව දෙව. තෙපි කැමැති සියළු සම්පත් ලැබ සුබිත වේවයි විචිත්‍ර වර්ණනාවෙන් ඔවුන්ගේ මුහුණු සතුටු කරත්.
“තමග්ගිහුත්තං සරණං පවිස්ස, චිත්තෙහි වණ්ණෙහි මුඛං නයන්ති; ඔරොපයිත්වා කෙසමස්සුං නඛඤ්ච, වෙදෙහි විත්තං අතිගාළ්හයන්ති.
ඒ ගිනි පුදකරන ශාලාවට ඇතුළු වී හිසකෙස් රැවුල් බාවා නියද කප්පවා විසිතුරු වර්ණනාවලින් මුහුණු සතුටු කරත්. වේද කථාවලින් ඔහුගේ සම්පත් විනාශයට පමුණුවති.
“කාකා උලූකංව රහො ලභිත්වා, එකං සමානං බහුකා සමෙච්ච; අන්නානි භුත්වා කුහකා කුහිත්වා, මුණ්ඩං කරිත්වා යඤ්ඤපථොස්සජන්ති.
හුදෙකලා වූ බකමූණෙකු හමු වූ කපුටන් මෙන් ඒ කුහක බමුණෝ අනුභවකොට හිස මුඩුකොට යාග භූමියෙහි පසෙකට දමති.
“එවඤ්හි සො වඤ්චිතො බ්රාහ්මණෙහි, එකො සමානො බහුකා සමෙච්ච; තෙ යොගයොගෙන විලුම්පමානා, දිට්ඨං අදිට්ඨෙන ධනං හරන්ති.
මෙසේ හුදෙකලා වූ හෙතෙම බොහෝ බමුණන් විසින් රැස්වැ රවටන ලද්දේ වේ. ඒ බමුණෝ නොයෙක් යුක්ති කරණකොට පැහැර ගන්නාහු නොපෙනෙන දෙව් සැපතින් පෙනෙන ධනය රැගෙන යති.
“අකාසියා රාජූහිවානුසිට්ඨා, තදස්ස ආදාය ධනං හරන්ති; තෙ තාදිසා චොරසමා අසන්තා, වජ්ඣා න හඤ්ඤන්ති අරිට්ඨ ලොකෙ.
රජුන් විසින් අනුශාසනා කරනලද අයබදු ගන්නා රාජපුරුෂයන් මෙන් ඔහුගේ එම ධනය රැගෙන යති. අරිෂ්ටය! ලොව සොරුන් හා සමාන අසත්පුරුෂ වධයට සුදුසු එබඳු වූ ඒ බමුණෝ කුමක් හෙයින් නොමරවනු ලබත්ද?
“ඉන්දස්ස බාහාරසි දක්ඛිණාති, යඤ්ඤෙසු ඡින්දන්ති පලාසයට්ඨිං; තං චෙපි සච්චං මඝවා ඡින්නබාහු, කෙනස්ස ඉන්දො අසුරෙ ජිනාති.
ඔව්හු යාගස්ථානයන්හිදී සක්දෙවිඳුගේ දකුණත යයි කෑල ලීයක් සිඳිති. ඉදින් එය සැබෑ නම් ශක්‍ර දේවේන්ද්‍රයා කපන ලද අත් ඇත්තෙකි. ඒ ශක්‍රයා කවරනම් බලයකින් අසුරයන් දිනාද?
“තඤ්චෙව තුච්ඡං මඝවා සමඞ්ගී, හන්තා අවජ්ඣො පරමො ස දෙවො; මන්තා ඉමෙ බ්රාහ්මණා තුච්ඡරූපා, සන්දිට්ඨිකා වඤ්චනා එස ලොකෙ.
බමුණන්ගේ ඒ වචනය හිස්මැයැ. සක්දෙවිඳු අත් ඇත්තෙකි. ඒ උතුම් දෙවියා සතුරන් නසන්නෙකි. කිසිවකු විසිනුදු නොනැසිය හැක්කේය. බමුණන්ගේ මේ වේද මන්ත්‍රයෝ හිස් බව ඇත්තාහ. මෙය ලෝකයෙහි පෙනෙන වංචාවකි.
“මාලාගිරි හිමවා යො ච ගිජ්ඣො, සුදස්සනො නිසභො කුවෙරු; එතෙ ච අඤ්ඤෙ ච නගා මහන්තා, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු.
මාලාගිරිය හිමවතය. ගිජ්ඣය, සුදස්සාය, නිසභයැ, කාකනේරුය යන මේ පර්වතයෝ ද සෙසු විශාල පර්වතයෝ ද යාග කරන බමුණන් විසින් ආසන සඳහා ගඩොලින් කරන ලදහයි කියති.
“යථාපකාරානි හි ඉට්ඨකානි, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු; න පබ්බතා හොන්ති තථාපකාරා, අඤ්ඤා දිසා අචලා තිට්ඨසෙලා.
යම්බඳු ගඩොලකින් යාගකරන බමුණන් විසින් ආසන කරන ලදහයි කියද්ද මේ පර්වතයෝ එබඳු අයුරු ඇත්තෝ නොවෙති. නොසෙල්වෙන පිහිටි ගල් ඇති අන් අයුරු ඇත්තෝය.
“න ඉට්ඨකා හොන්ති සිලා චිරෙන, න තත්ථ සඤ්ජායති අයො න ලොහං; යඤ්ඤඤ්ච එතං පරිවණ්ණයන්තා, චිත්යා කතා යඤ්ඤකරෙහි මාහු.
ගඩොල් බොහෝ කලෙකිනුදු ගල් නොවෙයි. එහි යකඩ ද ලෝහ ද උපදනේ නොවේ. යාගයෙහිදී මේඝ වර්ණනා කරන්නෝ යාග කරන බමුණන් විසින් කළ ආසනයැයි කියත්.
“අජ්ඣායකං මන්තගුණූපපන්නං, තපස්සිනං ‘යාචයොගො’තිධාහු; තීරෙ සමුද්දස්සුදකං සජන්තං, තං සාගරජ්ඣොහරි තෙනාපෙය්යො.
වේද හදාරණ මන්ත්‍ර කොටස්වලින් යුත් තපස්වී වූ බමුණා ඉල්ලීමට සුදුස්සෙකැයි ද කීහ. මුහුදු ඉවුරෙහි දිය නාන්නා වූ එබඳු බමුණකු සයුර ගිල ගත්තේ ය. එහෙයින් මුහුද පානය නොකළ හැකි ජලය ඇත්තක් කරන ලදී.
“පරොසහස්සම්පි සමන්තවෙදෙ, මන්තූපපන්නෙ නදියො වහන්ති; න තෙන බ්යාපන්නරසූදකා න, කස්මා සමුද්දො අතුලො අපෙය්යො.
නිමකොට උගත් වේද ඇති මන්ත්‍රයෙන් යුත් දහසකට වැඩි බමුණන් නදීහු ගිති. එහෙයින් නදී ජලයෙහි වෙනස් රසක් නොවේ. අසම වූ සමුද්‍රය කවර කරුණකින් බ්‍රහ්මයා නොදිය යුත්තක් කෙළේද?
“යෙ කෙචි කූපා ඉධ ජීවලොකෙ, ලොණූදකා කූපඛණෙහි ඛාතා; න බ්රාහ්මණජ්ඣොහරණෙන තෙසු, ආපො අපෙය්යො ද්විරසඤ්ඤු මාහු.
දෙදිව ඇත්ත. මේ ලෝකයේ ළිං හාරන්නන් හෑරූ කරදිය ඇති යම් පොකුණු වේද එහි ජලය බමුණන් ගිලීම නිසා පානය කළ නොහැකි වී යයි නොකියත්.
“පුරෙ පුරත්ථා කා කස්ස භරියා, මනො මනුස්සං අජනෙසි පුබ්බෙ; තෙනාපි ධම්මෙන න කොචි හීනො, එවම්පි වොස්සග්ගවිභඞ්ගමාහු.
පෙර ආත්ම භාවයේදී කවරනම් ඇත්තියක් කවරකු හට අඹුව වීද පෙර. මනස විසින්ම මිනිසා ඉපිදවීය. ඒ කරුණෙන් කිසිවෙක් හීන නොවේ. මෙසේ ඇතිකල තම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ වෙනස විශේෂයෙන් කියති.
“චණ්ඩාලපුත්තොපි අධිච්ච වෙදෙ, භාසෙය්ය මන්තෙ කුසලො මතීමා; න තස්ස මුද්ධාපි ඵලෙය්ය සත්තධා, මන්තා ඉමෙ අත්තවධාය කතා.
ඥානවන්ත දක්ෂ චණ්ඩාල පුත්‍රයෙක් ද වේදය ඉගෙන මන්ත්‍ර කියන්නේ නම් ඔහුගේ මුදුන සත්කඩක් කොට නොපැළෙන්නේය. ඒ නිසාවෙන් මේ මන්ත්‍ර තමාට ම වධ පිණිස කරන ලද ඒවාය.
“වාචාකතා ගිද්ධිකතා ගහීතා, දුම්මොචයා කබ්යපථානුපන්නා; බාලාන චිත්තං විසමෙ නිවිට්ඨං, තදප්පපඤ්ඤා අභිසද්දහන්ති.
බොරු බසින් කරන ලද ලාභයෙහි ගිජුබවෙන් බමුණන් විසින් ගනු ලබන කාව්යකාරයින්ගේ වචනවලට අනුව ගිය මේ වේද මන්ත්‍ර මුදාලිය නොහැක. අඥානයන්ගේ සිත මේ විෂම වේදයෙහි බැසගෙන සිටියේය. අඥානයෝ එය අදහති.
“සීහස්ස බ්යග්ඝස්ස ච දීපිනො ච, න විජ්ජතී පොරිසියං බලෙන; මනුස්සභාවො ච ගවංව පෙක්ඛො, ජාතී හි තෙසං අසමා සමානා.
බලයෙන් සිංහයෙකුගේද ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද පෞරුෂයට සමාන වූවක් බමුණන්ට නැත. ඔවුන් සතු මනුෂ්‍යත්වයද ගවයන්ගේ ස්වභාවයට සමානය. අඥානභාවය හේතු කොටගෙන ගවයන් හා සමානවන ඒ බ්‍රාහ්මණයන්ගේ ජාතිය ගවයන් හා සමාන නොවේ.
“සචෙ ච රාජා පථවිං විජිත්වා, සජීවවා අස්සවපාරිසජ්ජො; සයමෙව සො සත්තුසඞ්ඝං විජෙය්ය, තස්සප්පජා නිච්චසුඛී භවෙය්ය.
ඉදින් රජු ද පොළොව දිනා කීකරු පිරිස් ඇත්තේ සහජීවනය කරන්නන්ගෙන් යුක්තවූයේ වේද ඒ රජ තමාම සතුරු සමූහය ජයගන්නේ නම් ඔහුගේ ප්‍රජාව නිරන්තරයෙන් සුවයට පැමිණෙන්නේ ය.
“ඛත්තියමන්තා ච තයො ච වෙදා, අත්ථෙන එතෙ සමකා භවන්ති; තෙසඤ්ච අත්ථං අවිනිච්ඡිනිත්වා, න බුජ්ඣතී ඔඝපථංව ඡන්නං.
[missing trans]
“ඛත්තියමන්තා ච තයො ච වෙදා, අත්ථෙන එතෙ සමකා භවන්ති; ලාභො අලාභො අයසො යසො ච, සබ්බෙව තෙසං චතුන්නඤ්ච ධම්මා.
ක්ෂත්රිය මන්ත්‍ර ද ත්රිවේදය ද යන මේවා වචනාර්ථ වශයෙන් සම වේ. ලාභය, අලාභය, යස, අයස යන මේවා සියළු චතුර් වර්ණයන් පිළිබඳ ස්වභාවයයි.
“යථාපි ඉබ්භා ධනධඤ්ඤහෙතු, කම්මානි කරොන්ති පුථූ පථබ්‍යා; තෙවිජ්ජසඞ්ඝා ච තථෙව අජ්ජ, කම්මානි කරොන්ති පුථූ පථබ්‍යා.
යසේ ගෘහපතියෝ ධනධාන්‍ය හේතුවෙන් පොළවෙහි බොහෝ කර්මාන්ත කරවද්ද, බ්‍රාහ්මණයෝද එලෙසින්ම දැන් පොළවෙහි බොහෝ කර්මාන්ත කරවති.
“ඉබ්භෙහි යෙ තෙ සමකා භවන්ති, නිච්චුස්සුකා කාමගුණෙසු යුත්තා; කම්මානි කරොන්ති පුථූ පථබ්‍යා, තදප්පපඤ්ඤා ද්විරසඤ්ඤුරා තෙ”ති.
නිතර උත්සාහ ඇති පස්කම් සැපතෙහි යෙදුනු පොළවෙහි බොහෝ කර්මාන්ත කරවන මොව්හු ගෘහපතියන් හා සමාන වෙති. දෙදිවක් ඇති අරිට්ඨය, මද නුවණ ඇති ඒ බමුණෝ බ්‍රාහ්මණ ධර්මයෙන් දුරු වූවෝය.
තත්ථ භොවාදීති බ්රාහ්මණා. භොවාදින මාරයෙය්යුන්ති බ්රාහ්මණමෙව මාරෙය්යුං. යෙ චාපීති යෙපි බ්රාහ්මණානං තං වචනං සද්දහෙය්යුං, තෙ අත්තනො උපට්ඨාකෙයෙව ච බ්රාහ්මණෙ ච මාරෙය්යුං. බ්රාහ්මණා පන බ්රාහ්මණෙ ච උපට්ඨාකෙ ච අමාරෙත්වා නානප්පකාරෙ තිරච්ඡානෙයෙව මාරෙන්ති. ඉති තෙසං වචනං මිච්ඡා. කෙචීති යඤ්ඤෙසු නො මාරෙථ, මයං සග්ගං ගමිස්සාමාති ආයාචන්තා කෙචි නත්ථි. පාණෙ පසුමාරභන්තීති මිගාදයො පාණෙ ච පසූ ච විප්ඵන්දමානෙ ජීවිකත්ථාය මාරෙන්ති. මුඛං නයන්තීති එතෙසු යූපුස්සනෙසු පසුබන්ධෙසු ඉමස්මිං තෙ යූපෙ සබ්බං මණිසඞ්ඛමුත්තං ධඤ්ඤං ධනං රජතං ජාතරූපං සන්නිහිතං, අයං තෙ යූපො පරත්ථ පරලොකෙ කාමදුහො භවිස්සති, සස්සතභාවං ආවහිස්සතීති චිත්රෙහි කාරණෙහි මුඛං පසාදෙන්ති, තං තං වත්වා මිච්ඡාගාහං ගාහෙන්තීති අත්ථො.
එහි භොවාදී යනු බ්‍රාහ්මණයෝ. භොවාදින මාරය්යෙුං යනු බමුණන්වම මරන්නේය. යෙචාපි යනු යමෙක් වනාහි බමුණන්ගේ ඒ වචනය විශ්වාස කරන්නාහුය. ඔව්හු තමන්ගේ උපස්ථායක බ්රාහ්මණයන්වම මරන්නාහ. බ්‍රාහ්මණයෝ වනාහි බ්‍රාහ්මණයන් ද උපස්ථායකයන් ද නොමරා නොයෙක් ආකාර සිව්පාවුන්ව මරත්. මෙසේ ඔවුන්ගේ වචනය මිථ්‍යාවකි. කෙචි යනු යම්හෙයකින් අපව මරව්. අපි සර්ගයට යන්නෙමුයි කිසිවෙක් අයැද සිටින්නේ නැත. පාණෙ පසුමා හරන්ති යනු මුව ආදී ප්‍රාණීන් ද සිවුපාවුන් ද විප්ඵන්දමානං ජීවිකාව සඳහා මරත්. මුඛං නයන්ති යනු මොවුන් යාග කණුවෙහි බැඳි කල්හි ඒ යාගකණුවෙහි සියළු මැණික්, සක්, මුතු, ධන ධාන්‍ය, රිදී, රත්රන් ආදී සියලු දේ තබා මේ ඔබගේ පරලොව සැප සම්පත් දෙන්නේ වන්නේය. ශාස්වතභාවය ළඟා කරන්නේය. ආදී වූ විසිතුරු කාරණවලින් මුහුණ පහදවත්. ඒ ඒ දෙය කියා වැරදි අදහස් ගන්වන්නේ යැයි යන අර්ථයි.
සචෙ චාති සචෙ ච යූපෙ වා සෙසකට්ඨෙසු වා එතං මණිආදිකං භවෙය්ය, තිදිවෙ වා සබ්බකාමදුහො අස්ස, තෙවිජ්ජසඞ්ඝාව පුථූ හුත්වා යඤ්ඤං යජෙය්යුං බහුධනතාය චෙව සග්ගකාමතාය ච, අඤ්ඤං අබ්රාහ්මණං න යාජෙය්යුං. යස්මා පන අත්තනො ධනං පච්චාසීසන්තා අඤ්ඤම්පි යජාපෙන්ති, තස්මා අභූතවාදිනොති වෙදිතබ්බා. කුතො චාති එතස්මිඤ්ච යූපෙ වා සෙසකට්ඨෙසු වා කුතො එතං මණිආදිකං අවිජ්ජමානමෙව, කුතො තිදිවෙ සබ්බකාමෙ දුහිස්සති. සබ්බථාපි අභූතමෙව තෙසං වචනං.
සචෙච යනු ඉදින් යාගකණුවෙහි හෝ වෙනත් ලීකණුවල මේ මාණික්‍යය පහළ වන්නේය. දෙව්ලොව හෝ සියළු කාමවස්තූන් දෙන්නේ වන්නේය. ත්‍රිවේද දත් සමූහයාද යාග කරන්නාහුය. බොහෝ ධන කැමැත්තෙන් හෝ ස්වර්ගය ලබාගැනීම පිණිස හෝ අනිත් බමුණකු ලවා යාග කරවන්නේ නැත. යම්හෙයකින් වනාහි තමාට ම ධනය පතන්නාහු වෙන කෙනෙකුට යදිත්. ඒ නිසා අසත්යවාදී යැයි දතයුතුයි. කුතොච යනු මේ යාග කණුවෙහිම හෝ වෙනත් කණුවල හෝ නැති මේ මැණිකක් විද්‍යාමාන නොවී කෙසේනම් දෙව්ලොව සැප ලබාදෙන්නේද, සැට අයුරකින්ම ඔවුන්ගේ වචනය අසත්‍යය.
සඨා ච ලුද්දා ච පලුද්ධබාලාති අරිට්ඨ, ඉමෙ බ්රාහ්මණා නාම කෙරාටිකා චෙව නික්කරුණා ච, තෙ බාලා ලොකං පලොභෙත්වා උපලොභෙත්වා චිත්රෙහි කාරණෙහි මුඛං පසාදෙන්ති. සබ්බකාමෙති අග්ගිං ආදාය ත්වඤ්ච ජූහ, අම්හාකඤ්ච විත්තං දෙහි, තතො සබ්බකාමෙ ලභිත්වා සුඛී හොහිසි.
සඨාචලුද්දාඋපලද්ධබාලා යනු අරිට්ඨය, මේ බ්‍රාහ්මණයෝ වනාහි කපටියෝය. කරුණාව නැත්තෝය. ඒ බාලයෝ ලෝකය පොළඹවාගෙන චාටු බස්වලින් විසිතුරු කාරණවලින් මුහුණ පහදත්. සබ්බකාමෙ ගින්න ගෙන නුඹද යාග කරන්න. අපටද ධනය දෙව. එයින් සියළු සැපසම්පත් ලබා සැපවත් වන්නෙහිය කියා.
තමග්ගිහුත්තං සරණං පවිස්සාති තං රාජානං වා රාජමහාමත්තං වා ආදාය අග්ගිජුහනට්ඨානං ගෙහං පවිසිත්වා. ඔරොපයිත්වාති චිත්‍රානි කාරණානි වදන්තා කෙසමස්සුං නඛෙ ච ඔරොපයිත්වා. අතිගාළ්හයන්තීති වුත්තතාය තයො වෙදෙ නිස්සාය “ඉදං දාතබ්බං, ඉදං කත්තබ්බ”න්ති වදන්තා වෙදෙහි තස්ස සන්තකං විත්තං අතිගාළ්හයන්ති විනාසෙන්ති විද්ධංසෙන්ති.
තමග්ගි හුත්තං සරණං පවිස්ස යනු ඒ රජු හෝ රාජ මහාමාත්‍යයකු හෝ ගෙන ගිනි පුදන තැනට ගෙට පිවිස ඔරොපයිත්වා විසිතුරු කරුණු කියන්නාහු හිසකෙස් රැවුල් ද නිය ද ගලවා දමා අතිගාළයන්ති කියන ලද වේදත්‍රය නිසා මෙය දිය යුතුය. මෙය කළ යුතුයැයි කියන්නාහු වේදවලින් ඔහු සතු ධනය විනාශවී යයි. නැතිවී යයි.
අන්නානි භුත්වා කුහකා කුහිත්වාති තෙ කුහකා නානප්පකාරං කුහකකම්මං කත්වා සමෙච්ච සමාගන්ත්වා යඤ්ඤං වණ්ණෙත්වා වඤ්චෙත්වා තස්ස සන්තකං නානග්ගරසභොජනං භුඤ්ජිත්වා අථ නං මුණ්ඩකං කත්වා යඤ්ඤපථෙ ඔස්සජන්ති, තං ගහෙත්වා බහියඤ්ඤාවාටං ගච්ඡන්තීති අත්ථො.
අන්නානි භුත්වා කුහකා කුහිත්වා යනු කුහක වූ ඔහු නොයෙක් ආකාර කුහක ක්‍රියා කොට යාගය වර්ණනා කොට රවටා ඔහු සතු නොයෙක් උසස් රජබොජුන් වළඳා ඉක්බිති ඔහුව මුඩුකොට යාග මාර්ගයෙහි හෙළත්. එය ගෙන බාහිර යාග ආවාටයට යන්නේය යන අර්ථයි.
යොගයොගෙනාති තෙ බ්රාහ්මණා තං එකං බහුකා සමෙච්ච තෙන තෙන යොගෙන තාය තාය යුත්තියා විලුම්පමානා දිට්ඨං පච්චක්ඛං තස්ස ධනං අදිට්ඨෙන දෙවලොකෙන අදිට්ඨං දෙවලොකං වණ්ණෙත්වා ආහරණට්ඨානං කත්වා හරන්ති. අකාසියා රාජූහිවානුසිට්ඨාති “ඉදඤ්චිදඤ්ච බලිං ගණ්හථා”ති රාජූහි අනුසිට්ඨා අකාසියසඞ්ඛාතා රාජපුරිසා විය. තදස්සාති තං අස්ස ධනං ආදාය හරන්ති. චොරසමාති අභූතබලිග්ගාහකා සන්ධිච්ඡෙදකචොරසදිසා අසප්පුරිසා. වජ්ඣාති වධාරහා එවරූපා පාපධම්මා උදානි ලොකෙ න හඤ්ඤන්ති.
යොගයොගෙන යනු බ්‍රාහ්මණයෝ එක තැනකට බොහෝ රැස්ව ඒ ඒ යෝගයෙන් ඒ ඒ යොදන ලද දෙය සොරකම් කරමින් දිට්ඨං ප්රත්යක්ෂ වූ ඔහුගේ ධනය. අදිට්ඨෙන දෙව්ලොවින් නොදකින ලද, දෙව්ලොව වර්ණනාකොට අමරණීය තැනක් කොට දක්වත්. අකාසියාරාජූහි චානුසිට්ඨා යනු මේ මේ බලිය ගන්න යැයි රජවරුන් විසින් අනුශාසනා කරන ලද්දාහු නොකර නොසිටිය හැකි රාජ පුරුෂයන් මෙන්. තදස්ස යනු ඒ ඔහුගේ ධනය රැගෙන යත්. චොරස්මා අභූත වූ බලි ගන්නා වූ සන්ධි සිඳින්නා වූ සොරුන් මෙන්. වජ්ඣා යනු වධයට සුදුසු, මෙබඳු වූ පාපධර්මයෝ දැන් ලෝකයෙහි නො නසත්.
බාහාරසීති බාහා අසි. ඉදං වුත්තං හොති – ඉදම්පි අරිට්ඨ, බ්රාහ්මණානං මුසාවාදං පස්ස. තෙ කිර යඤ්ඤෙසු මහතිං පලාසයට්ඨිං “ඉන්දස්ස බාහා අසි දක්ඛිණා”ති වත්වා ඡින්දන්ති. තඤ්චෙ එතෙසං වචනං සච්චං, අථ ඡින්නබාහු සමානො කෙනස්ස බාහුබලෙන ඉන්දො අසුරෙ ජිනාතීති. සමඞ්ගීති බාහුසමඞ්ගී අච්ඡින්නබාහු අරොගොයෙව. හන්තාති අසුරානං හන්තා. පරමොති උත්තමො පුඤ්ඤිද්ධියා සමන්නාගතො අඤ්ඤෙසං අවජ්ඣො. බ්රාහ්මණාති බ්රාහ්මණානං. තුච්ඡරූපාති තුච්ඡසභාවා නිප්ඵලා . වඤ්චනාති යෙ ච තෙ බ්රාහ්මණානං මන්තා නාම, එසා ලොකෙ සන්දිට්ඨිකා වඤ්චනා.
බාහාරසි යනු අතින් ගත් කඩුව ඇති. මෙසේ කියන ලදී. අරිට්ඨය! බ්‍රාහ්මණයන්ගේ මේ බොරුවද බලන්න. ඔව්හු වනාහි යාගවලදී විශාල වූ පළාවන් මුගුරක් ඉන්ද්රයාගේ දකුණු අතයැයි කියා සිඳිත්. ඉදින් වනාහි ඔවුන්ගේ වචනය සත්‍ය නම් සිඳින ලද අතක් ඇති ඉන්ද්රයා බාහු බලයෙන් කෙසේනම් අසුරයන් දිනන්නේද? සමංගී යනු අත්වලින් යුක්තවූයේ. නොසිඳින ලද අත් නීරෝගිය. පරමො යනු උතුම්ය. පුණ්‍යයෙන් හා සෘද්ධියෙන් යුක්ත වූයේ වන්නේය. අනුන් නො නසන්නේය. බ්රාහ්මණා යනු බමුණන්ට. තුච්ඡරූපා යනු හිස් ස්වභාව ඇති, නිෂ්ඵල, වංචනා යනු යම් ඒ බමුණන්ගේ මන්ත්‍රයෝ වෙත්ද ඒවා මේ ලෝකයේ ඇසට පෙනෙන මංමාවත්ය.
යථාපකාරානීති යාදිසානි ඉට්ඨකානි ගහෙත්වා යඤ්ඤකරෙහි චිත්යා කතාති වදන්ති. තිට්ඨසෙලාති පබ්බතා හි අචලා තිට්ඨා න උපචිතා එකග්ඝනා සිලාමයා ච. ඉට්ඨකානි චලානි න එකග්ඝනානි න සිලාමයානි. පරිවණ්ණයන්තාති එතං යඤ්ඤං වණ්ණෙන්තා බ්රාහ්මණා.
යථප්පකාරාති යම්බඳු ඉටුදේවල් ගෙන යාගකරුවන් විසින් විසිතුරු කථා කියත්. තිට්ඨසෙලා පර්වතයෙන් නොසෙල්වී සිටින, ඒකඝන වූ ගල්කැට වනාහි සෙලවෙන, ඒකඝන නොවූ ශෛලමය නොවූ ඒවාය. පරිවණ්ණයන්තා මෙසේ යාගය වර්ණනා කරන්නා වූ බ්‍රාහ්මණයෝ.
සමන්තවෙදෙති පරිපුණ්ණවෙදෙ බ්රාහ්මණෙ. වහන්තීති සොතෙසුපි ආවට්ටෙසුපි පතිතෙ වහන්ති, නිමුජ්ජාපෙත්වා ජීවිතක්ඛයං පාපෙන්ති. න තෙන බ්යාපන්නරසූදකා නාති එත්ථ එකො න-කාරො පුච්ඡනත්ථො හොති. නනු තෙන බ්යාපන්නරසූදකා නදියොති තං පුච්ඡන්තො එවමාහ. කස්මාති කෙන කාරණෙන තාව මහාසමුද්දොව අපෙය්යො කතො, කිං මහාබ්රහ්මා යමුනාදීසු නදීසු උදකං අපෙය්යං කාතුං න සක්කොති, සමුද්දෙයෙව සක්කොතීති. ද්විරසඤ්ඤු මාහූති ද්විරසඤ්ඤූ අහු, ජාතොති අත්ථො.
සමන්තවෙදෙති යනු පරිපූර්ණ වශයෙන් වේදයන් දන්නා බ්‍රාහ්මණයන්. වනන්ති යනු සැඩපහරෙහි හෝ ආවාටයෙහි වැටුන අය උසුලත්. ගිල්වා මරණයට පත්කරත්. න තෙන ව්යාපන්නරසූදකානං යන තැන එක් න කාරයක් ප්‍රශ්නාර්ථය සඳහාය. එයින් විනාශ වූ මිහිරිදිය ඇති ගංගාවෝ, ඔහුගෙන් විචාරන්නේ මෙසේ කීය. කස්මා කවර කාරණයකින් මහා සාගරයේ ජලය පානය නොකළ හැකි කළේද? කුමක් නිසා මහා බ්‍රහ්මයා ගංගාවල ජලය බීමට නොහැකි ලෙස නොකළේද? සමුද්‍රයට එසේ කළේය.
පුරෙ පුරත්ථාති ඉතො පුරෙ පුබ්බෙ පුරත්ථා පඨමකප්පිකකාලෙ. කා කස්ස භරියාති කා කස්ස භරියා නාම. තදා හි ඉත්ථිලිඞ්ගමෙව නත්ථි, පච්ඡා මෙථුනධම්මවසෙන මාතාපිතරො නාම ජාතා. මනො මනුස්සන්ති තදා හි මනොයෙව මනුස්සං ජනෙසි, මනොමයාව සත්තා නිබ්බත්තිංසූති අත්ථො. තෙනාපි ධම්මෙනාති තෙනාපි කාරණෙන තෙන සභාවෙන න කොචි ජාතියා හීනො. න හි තදා ඛත්තියාදිභෙදො අත්ථි, තස්මා යං බ්රාහ්මණා වදන්ති “බ්රාහ්මණාව ජාතියා සෙට්ඨා, ඉතරෙ හීනා”ති, තං මිච්ඡා. එවම්පීති එවං වත්තමානෙ ලොකෙ පොරාණකවත්තං ජහිත්වා පච්ඡා අත්තනා සම්මන්නිත්වා කතානං වසෙන ඛත්තියාදයො චත්තාරො කොට්ඨාසා ජාතා, එවම්පි වොස්සග්ගවිභඞ්ගමාහු, අත්තනා කතෙහි කම්මවොස්සග්ගෙහි තෙසං සත්තානං එකච්චෙ ඛත්තියා ජාතා, එකච්චෙ බ්රාහ්මණාදයොති ඉමං විභාගං කථෙන්ති, තස්මා “බ්රාහ්මණාව සෙට්ඨා”ති වචනං මිච්ඡා.
පුරෙ පුරත්ථා යනු මෙයින් පෙර, සියල්ලට පළමු, සියල්ලට පළමු කල්පයෙහි. කා කස්ස භරියා යනු කවරකුගේ භාර්යාව නම් වන්නීද? එකල්හි වනාහි ස්ත්‍රී ලිංගයක් නොවීය. පසුව මෛථුන ධර්ම වශයෙන් මව්පියෝ නම් වූහ. මනො මනුස්සං එකල්හි සිතම මිනිසාව බිහි කළේය. මනොමය සත්ත්වයෝ පහළ වූහ යන අර්ථයි. තෙනාපි ධම්මෙන යනු ඒකාරණයෙන් ඒ ස්වභාවයෙන් කිසිම ජාතියක් පහත් නොවන්නේය. එකල්හි ක්ෂත්රීය ආදී භේදයක් නැත. ඒ නිසා යමෙක් බ්‍රාහ්මණයෝ කියත්ද බ්‍රාහ්මණයෝම ජාතියෙන් උසය. අනිත් අය පහත්ය යන මතය මිථ්‍යාවකි. එවම්පි මෙසේ පවත්නා කල්හි ලෝකයෙහි පැරණි ක්‍රමය අත්හැර පසුව තමන් විසින් සම්මත කරගෙන කරන ලද ලෙස ක්ෂත්රිය ආදී කොට්ඨාශ සතර ඇතිවිය. එවම්පි වොස්සග්ග විභාගමාහු තමා විසින්ම කරන ලද කර්මයෙන් මෙහෙයවන ලද ඇතැම්හු ක්ෂත්රියයෝ වූහ. ඇතැමෙක් බ්‍රාහ්මණ ආදීහු වූහ. මේ ප්‍රභේදය කියත්. ඒ නිසා බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයෝය යන වචනය මිථ්‍යාවකි.
සත්තධාති යදි මහාබ්රහ්මුනා බ්රාහ්මණානඤ්ඤෙව තයො වෙදා දින්නා, න අඤ්ඤෙසං, චණ්ඩාලස්ස මන්තෙ භාසන්තස්ස මුද්ධා සත්තධා ඵලෙය්ය, න ච ඵලති, තස්මා ඉමෙහි බ්රාහ්මණෙහි අත්තවධාය මන්තා කතා, අත්තනොයෙව නෙසං මුසාවාදිතං පකාසෙන්තා ගුණවධං කරොන්ති. වාචාකතාති එතෙ මන්තා නාම මුසාවාදෙන චින්තෙත්වා කතා. ගිද්ධිකතා ගහීතාති ලාභගිද්ධිකතාය බ්රාහ්මණෙහි ගහිතා. දුම්මොචයාති මච්ඡෙන ගිලිතබලිසො විය දුම්මොචයා. කබ්යපථානුපන්නාති කබ්යාකාරකබ්රාහ්මණානං වචනපථං අනුපන්නා අනුගතා. තෙ හි යථා ඉච්ඡන්ති, තථා මුසා වත්වා බන්ධන්ති. බාලානන්ති තෙසඤ්හි බාලානං චිත්තං විසමෙ නිවිට්ඨං, තං අඤ්ඤෙ අප්පපඤ්ඤාව අභිසද්දහන්ති.
සත්තධා යනු ඉදින් මහා බ්‍රහ්මයා විසින් බ්‍රාහ්මණයන්ට පමණක් ත්රිවේදය දෙන ලදී. අන්‍යයන්ට නොදෙන ලදී. මන්ත්‍ර කියන්නා වූ චණ්ඩාලයෝ හිස සත්කඩකට පළන්නේය. නොමපැලෙයි. ඒ නිසා මේ බ්‍රාහ්මණයන් විසින් ආත්මවධය පිණිස මන්ත්‍ර කරන ලදී. මෙසේ මුසාවාද ආදිය ප්‍රකාශ කරන්නෝ තමන්ගේ ගුණ ඝාතනය කර ගනිත්. වාචාකතා යනු මේ මන්ත්‍රයෝ වනාහි මුසාවාදයෙන් සිතාමතා කරන ලද ඒවාය. ගිද්ධිකතා ගහිතා යනු ලාභයන්ට ඇති ගිජුකම නිසාවෙන් බ්‍රාහ්මණයන් විසින් ගන්නා ලද. දුම්මොචයා යනු මත්ස්‍යයකු විසින් ගිලින ලද බිලීකටුව මෙන් ගැලවිය නොහැක. කව්යපථානු පන්නා යනු කාව්යරචනා කරන බ්‍රාහ්මණයන්ගේ වචන මාර්ගයට අනුකූල අනුගත වේ. ඔවුන් විසින් යම්සේ කැමැති වෙත් ද එසේ බොරු කියා බඳින ලදී. බාලානං යනු ඒ බාලයන්ගේ. චිත්තං විසමෙ නිවිට්ඨං එය අල්පප්රාඥ වූ අන්‍යයෝ විශ්වාස කරති.
පොරිසියංබලෙනාති පොරිසියසඞ්ඛාතෙන බලෙන. ඉදං වුත්තං හොති – යං එතෙසං සීහාදීනං පුරිසථාමසඞ්ඛාතං පොරිසියබලං, තෙන බලෙන සමන්නාගතො බ්රාහ්මණො නාම නත්ථි, සබ්බෙ ඉමෙහි තිරච්ඡානෙහිපි හීනායෙවාති. මනුස්සභාවො ච ගවංව පෙක්ඛොති අපිච යො එතෙසං මනුස්සභාවො, සො ගුන්නං විය පෙක්ඛිතබ්බො. කිංකාරණා? ජාති හි තෙසං අසමා සමානා. තෙසඤ්හි බ්රාහ්මණානං දුප්පඤ්ඤතාය ගොහි සද්ධිං සමානජාතියෙව අසමා. අඤ්ඤමෙව හි ගුන්නං සණ්ඨානං, අඤ්ඤං තෙසන්ති. එතෙන බ්රාහ්මණෙ තිරච්ඡානෙසු සීහාදීහි සමෙපි අකත්වා ගොරූපසමෙව කරොති.
පොරිසියං බලෙන යනු පෞරුෂ සංඛ්‍යාත බලයෙන් මෙසේ කියා ඇත. මොවුන්ට වනාහි යම් ඒ සිංහාදීන්ගේ පෞරුෂත්වය පිළිබඳ බලය වැනි බලයක් - එබඳු වූ පෞරුෂ බලයකින් යුක්ත වූ බ්‍රාහ්මණයෝ නම් නැත. මේ සියළුම තිරිසනුන් අතරින්ද හීනය. මනුස්ස භාවොච ගවංවපෙක්ඛා යනු තව ද මොවුන්ගේ ඒ මනුෂ්‍යභාවය වෘෂභ භාවයක් සේ සැළකිය යුතුයි. කුමක් නිසාද? ජාතිහි තෙසං අසමා සමානා ඒ බ්‍රාහ්මණයන්ගේ බුද්ධිහීනතාවය නිසා ගවයන් සමග සමානජාති ඇති නමුත් අසමය. අන්‍ය වූ ද ගොනකුගේ සටහනට වඩා මොවුන් වෙනස්ය. මෙයින් බ්‍රාහ්මණයන් තිරිසනුන් අතර සිංහාදීන් හා සමාන නොකොට ගවයන්ට සමාන කරයි.
සචෙ ච රාජාති අරිට්ඨ, යදි මහාබ්රහ්මුනා දින්නභාවෙන ඛත්තියොව පථවිං විජිත්වා. සජීවවාති සහජීවීහි අමච්චෙහි සමන්නාගතො. අස්සවපාරිසජ්ජොති අත්තනො ඔවාදකරපරිසාවචරොව සියා, අථස්ස පරිසාය යුජ්ඣිත්‍වා රජ්ජං කාතබ්බං නාම න භවෙය්ය . සයමෙව සො එකකොව සත්තුසඞ්ඝං විජෙය්ය, එවං සති යුද්ධෙ දුක්ඛාභාවෙන තස්ස පජා නිච්චසුඛී භවෙය්ය, එතඤ්ච නත්ථි. තස්මා තෙසං වචනං මිච්ඡා.
සචෙචරාජා යනු අරිට්ඨය! ඉදින් මහා බ්‍රහ්මයා විසින් දුන්නිසා ක්ෂත්රියයාම මහපොළව ජයගෙන සජීවවා ජීවය ඇති ඇමතියන් හා එක්වූයේ. අස්සවො පාරිසජ්ජො තමන්ගේ අවවාද කරන්නා වූ පිරිසක් ඇත්තේ වන්නේය. ඉක්බිති ඔහුට පිරිස සමග යුදකොට රාජ්‍යයක් දීම නම් නොවන්නේය. සයමෙව සො හුදෙකලාවම. සත්තුසංඝං විජෙය්ය. මෙසේ ඇති කල්හි යුද්ධය නිසා ඇතිවන දුකක් නොමැති බැවින් ඔහුගේ ප්‍රජාව නිරන්තරයෙන් සැපවත් වන්නේය. එසේ ද වන්නේ නැත. ඒ නිසාද ඔවුන්ගේ වචනය අසත්‍යයි.
ඛත්තියමන්තාති රාජසත්ථඤ්ච තයො ච වෙදා අත්තනො ආණාය රුචියා “ඉදමෙව කත්තබ්බ”න්ති පවත්තත්තා අත්ථෙන එතෙ සමකා භවන්ති. අවිනිච්ඡිනිත්වාති තෙසං ඛත්තියමන්තානං ඛත්තියොපි වෙදානං බ්රාහ්මණොපි අත්ථං අවිනිච්ඡිනිත්වා ආණාවසෙනෙව උග්ගණ්හන්තො තං අත්ථං උදකොඝෙන ඡන්නමග්ගං විය න බුජ්ඣති.
ඛත්තියමනතා යනු රාජ තන්ත්රයක් වේදත්රයත් තමන්ගේ ආඥාවෙන් තම කැමැත්තට අනුව මෙයම කළයුතු යයි පවතින්නාහු අර්ථ වශයෙන් වේවා. සමාන වෙත්. අවිනිච්ඡිනිත්නා යනු ඒ ක්ෂත්රිය මන්ත්රවල අර්ථය ක්ෂත්රියයෝත් වේයන්ගේ අර්ථය බ්‍රාහ්මණයෝත් නියම අයුරින් නොදැන නියෝග වශයෙන් ගන්නාහු ඒ අර්ථයන් මනා සැඩ පහරකින් වැසීගියා වූ මාර්ගයක් මෙන් නියම අයුරින් තේරුම් නොගනී.
අත්ථෙන එතෙති වඤ්චනත්ථෙන එතෙ සමකා භවන්ති. කිංකාරණා? බ්රාහ්මණාව සෙට්ඨා, අඤ්ඤෙ වණ්ණා හීනාති වදන්ති. යෙ ච තෙ ලාභාදයො ලොකධම්මා, සබ්බෙව තෙසං චතුන්නම්පි වණ්ණානං ධම්මා. එකසත්තොපි එතෙහි මුත්තකො නාම නත්ථි. ඉති බ්රාහ්මණා ලොකධම්මෙහි අපරිමුත්තාව සමානා “සෙට්ඨා මය”න්ති මුසා කථෙන්ති.
අත්ථෙන එකෙ යනු වචනාර්ථයෙන් මොහු සමාන වෙත්. කුමක් නිසා බ්‍රාහ්මණයන් ශ්‍රේෂ්ඨයයිද අන්‍ය වර්ණවලට අයත් වූවන් හීනයයි ද කියත්ද? සබ්බෙතෙ ඒ ලාභාදී සියලු ලෝකධර්මයන් ඒ සියළු සත්ත්වයන්ට ම සමාන වෙත්. එක සත්ත්වයෙක්වත් මේ ධර්මයන්ගෙන් මිදුනේ නොවෙයි. බ්‍රාහ්මණයෝ ලෝකධර්මයන්ගෙන් නොමිදුනාහු සමාන වූවාහු ශ්‍රේෂ්ඨයයි බොරුවක් කියත්.
ඉබ්භාති ගහපතිකා. තෙවිජ්ජසඞ්ඝා චාති බ්රාහ්මණාපි තථෙව පුථූනි කසිගොරක්ඛාදීනි කම්මානි කරොන්ති. නිච්චුස්සුකාති නිච්චං උස්සුක්කජාතා ඡන්දජාතා. තදප්පපඤ්ඤා ද්විරසඤ්ඤුරා තෙති තස්මා භාතික, ද්විරසඤ්ඤු නිප්පඤ්ඤා බ්රාහ්මණා, ආරා තෙ ධම්මතො. පොරාණකා හි බ්රාහ්මණධම්මා එතරහි සුනඛෙසු සන්දිස්සන්තීති.
ඉබ්භා යනු ගෘහපතියෝ. තෙවිජ්ජසංඝා යනු, බ්‍රාහ්මණයෝ ද වෙන් වෙන් වශයෙන් ගොවිතැන, ගව පාලනය ආදී වැඩ කරත්. නිච්චුස්සුතා යනු නිරන්තරයෙන් උනන්දු වූවාහු කැමැති වූවාහු. තදප්ප පඤ්ඤා දිරසඤ්ඤරාතෙ යනු, ඒ නිසා භාතිකය! බුද්ධිය නැති බ්‍රාහ්මණයෝ වනාහි ධර්මයෙන් ඈත්වූවාහු ඔවුන්ගේ පැරණි බ්‍රාහ්මණ ධර්මයන් දැන් සුනඛයන් අතරද දක්නට ලැබේ.
එවං මහාසත්තො තස්ස වාදං භින්දිත්වා අත්තනො වාදං පතිට්ඨාපෙසි. තස්ස ධම්මකථං සුත්වා සබ්බා නාගපරිසා සොමනස්සජාතා අහෙසුං. මහාසත්තො නෙසාදබ්රාහ්මණං නාගභවනා නීහරාපෙසි, පරිභාසමත්තම්පිස්ස නාකාසි. සාගරබ්රහ්මදත්තොපි ඨපිතදිවසං අනතික්කමිත්වා චතුරඞ්ගිනියා සෙනාය සහ පිතු වසනට්ඨානං අගමාසි. මහාසත්තොපි “මාතුලඤ්ච අය්යකඤ්ච පස්සිස්සාමී”ති භෙරිං චරාපෙත්වා මහන්තෙන සිරිසොභග්ගෙන යමුනාතො උත්තරිත්වා තමෙව අස්සමපදං ආරබ්භ පායාසි. අවසෙසා භාතරො චස්ස මාතාපිතරො ච පච්ඡතො පායිංසු. තස්මිං ඛණෙ සාගරබ්රහ්මදත්තො මහාසත්තං මහතියා පරිසාය ආගච්ඡන්තං අසඤ්ජානිත්වා පිතරං පුච්ඡන්තො ආහ –
මෙසේ මහාසත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ වාද බිඳ තමන්ගේ වාදය ස්ථිරකර තැබීය. ඔහුගේ ධර්මකථාව අසා නාගපිරිස සතුටු සිත් ඇත්තෝ වූහ. යාගයන් පිළිබඳ වාද අඩංගු කොටස නිමියේය. මහා සත්ත්වයන් වහන්සේ නේසාද බ්‍රාහ්මණයාව නාග භවනයෙන් පිටත්කර හැරියේය. ඔහුට අපහාස මාත්‍රයක්වත් කළේ නැත. සාගර බ්‍රහ්මදත්ත තෙමේද තබන ලද දිනය නොඉක්මවා සිව්රඟ සෙනඟ පිරිවරා පියා වසන තැනට ගියේය. මහා සත්ත්වයන් වහන්සේද මාමාද සොහොයුරාද දකින්නෙමියි බෙර හසුරුවා මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් යමුනා ගඟෙන් නැගිට ඒ අසපුව දෙසට ම පිටත්ව ගියේය. එකෙණෙහි සාගර බ්‍රහ්මදත්ත තෙමේ විශාල පිරිසක් සමග එන්නා වූ මහාසත්ත්වයන් හඳුනා නොගෙන පියාගෙන් අසන්නේ මෙසේ කීය.
“කස්ස භෙරී මුදිඞ්ගා ච, සඞ්ඛා පණවදින්දිමා; පුරතො පටිපන්නානි, හාසයන්තා රථෙසභං.
මහ බෙර, මිහිඟු බෙර, පනාබෙර, ගැටබෙර, සක් සින්නම් ආදී තූර්යයෝ නාද කරමින්, රජු සතුටු කරමින් කවරෙකු ගේ පෙරටුගාමිත්වයෙන් මෙසේ එන්නේ ද,
“කස්ස කඤ්චනපට්ටෙන, පුථුනා විජ්ජුවණ්ණිනා; යුවා කලාපසන්නද්ධො, කො එති සිරියා ජලං.
මහත් වූ විදුලියට බඳු පැහැ ඇති රන්මුවා නළල් පටින් කවරෙකුගේ මුහුණ බැබළේ ද, තරුණ වූ දුනු හියවුරෙන් සැරසුණු කවරෙක් සෝභාවෙන් බැබළෙමින් එන්නේද?
“උක්කාමුඛපහට්ඨංව, ඛදිරඞ්ගාරසන්නිභං; මුඛඤ්ච රුචිරා භාති, කො එති සිරියා ජලං.
රන්කරුවාගේ කෝවෙහි දමන ලද රත්රන් මෙන් දිලිසෙන කිහිරඟුරු බඳු මුහුණ මනාව බබලයි. ශ්‍රියාවෙන් දිලිසෙමින් එන්නේ කව්ද?
“කස්ස ජම්බොනදං ඡත්තං, සසලාකං මනොරමං; ආදිච්චරංසාවරණං, කො එති සිරියා ජලං.
සිත්කළු සලාක සහිත හිරුඑළිය වලක්වන දඹ රන්වන් මිට සහිත ඡත්රයක් ඇතිව ශ්‍රියාවෙන් දිලිසෙමින් කවරෙක් එන්නේද?
“කස්ස අඞ්ගං පරිග්ගය්හ, වාලබීජනිමුත්තමං; උභතො වරපුඤ්ඤස්ස, මුද්ධනි උපරූපරි.
සෙමෙර දරන්නන් විසින් ඇකයෙන් රඳවන ලද උතුම් වල්විදුනාව කවර නම් නුවණැත්තකුගේ හිස මත්තෙහි හැසිරේද?
“කස්ස පෙඛුණහත්ථානි, චිත්‍රානි ච මුදූනි ච; කඤ්චනමණිදණ්ඩානි, චරන්ති දුභතො මුඛං.
සත්රුවනින් විසිතුරු වූ මෘදු රන් හා මැණික්මය වූ මොනර පිල් කලබ්හූ කවරෙකු දෙපසින් හැසිරේද?
“ඛදිරඞ්ගාරවණ්ණාභා, උක්කාමුඛපහංසිතා; කස්සෙතෙ කුණ්ඩලා වග්ගූ, සොභන්ති දුභතො මුඛං.
රන්කරුවාගේ කෝන්වෙහි දවන ලද කිහිරි අඟුරු හා සමාන ප්‍රජාව ඇති කුණ්ඩලාභරණ කවරකුගේ මුහුණ දෙපස බබලයිද?
“කස්ස වාතෙන ඡුපිතා, නිද්ධන්තා මුදුකාළකා; සොභයන්ති නලාටන්තං, නභා විජ්ජුරිවුග්ගතා.
වාතයෙන් සෙලවෙන සිනිඳු වූ මෘදු වූ, අක්බඹරු කේශයෝ අහසෙහි මතු වූ විදුලිය මෙන් කවරකුගේ නලල් දෙකෙළවර බබලවන්නේද?
“කස්ස එතානි අක්ඛීනි, ආයතානි පුථූනි ච; කො සොභති විසාලක්ඛො, කස්සෙතං උණ්ණජං මුඛං.
මේ දිග් වූ පළල් වූ ඇස් කාගේද? විශාල වූ ඇස් ඇතිව කවරෙක් නම් බබලයිද? රන්කැඩපතක් බඳු මේ මුහුණ කාගේද?
“කස්සෙතෙ ලපනජාතා, සුද්ධා සඞ්ඛවරූපමා; භාසමානස්ස සොභන්ති, දන්තා කුප්පිලසාදිසා.
මුඛයෙහි හටගත් පිරිසිදු වූ ශුද්ධ වූ උතුම් සකක් මෙන් වූ කථා කරනවිට බබලන මදාරා මල් කැකුළු වැනි දත් කාගේද?
“කස්ස ලාඛාරසසමා, හත්ථපාදා සුඛෙධිතා; කො සො බිම්බොට්ඨසම්පන්නො, දිවා සූරියොව භාසති.
ලාකඩ දියට බඳු වූ පැහැ ඇති මනාව පිහිටියා වූ මේ අත්පා කාගේද? බිඹුපල වැනි තොල් ඇති කවරෙක් නම් දහවල් සූර්යයා මෙන් බබළයිද?
“හිමච්චයෙ හිමවති, මහාසාලොව පුප්ඵිතො; කො සො ඔදාතපාවාරො, ජයං ඉන්දොව සොභති.
හිමවතෙහි පිපුණා වූ මල් ඇති විශාල සල්ගසක් මෙන් සුදුපාට උතුරුසලුව දරමින් ජයග්‍රහණය කළ ශක්‍රයා මෙන් ඒ කවරෙක් නම් බබලන්නේද?
“සුවණ්ණපීළකාකිණ්ණං, මණිදණ්ඩවිචිත්තකං; කො සො පරිසමොගය්හ, ඊසං ඛග්ගං පමුඤ්චති.
ස්වර්ණමය බොත්තම්වලින් ගැවසී ගත්තා වූ මැණික්වලින් සැරසු මිටක් ඇති කඩුව පිරිස මැදට බැසගත් අධිපති කවරෙක් නම් මුදාද?
“සුවණ්ණවිකතා චිත්තා, සුකතා චිත්තසිබ්බනා; කො සො ඔමුඤ්චතෙ පාදා, නමො කත්වා මහෙසිනො”ති.
රන් වැද්දූ විසිතුරු ලෙස නිමවන ලද විචිත්‍ර ලෙස මසන ලද මෙබඳු වූ මිරිවැඩි සඟල කවරෙක් නම් මහර්ෂීන් වහන්සේට නමස්කාර කර පාදයෙන් ගලවයිද?
තත්ථ පටිපන්නානීති කස්සෙතානි තූරියානි පුරතො පටිපන්නානි. හාසයන්තාති එතං රාජානං හාසයන්තා. කස්ස කඤ්චනපට්ටෙනාති කස්ස නලාටන්තෙ බන්ධෙන උණ්හීසපට්ටෙන විජ්ජුයා මෙඝමුඛං විය මුඛං පජ්ජොතතීති පුච්ඡති. යුවා කලාපසන්නද්ධොති තරුණො සන්නද්ධකලාපො. උක්කාමුඛපහට්ඨංවාති කම්මාරුද්ධනෙ පහට්ඨසුවණ්ණං විය. ඛදිරඞ්ගාරසන්නිභන්ති ආදිත්තඛදිරඞ්ගාරසන්නිභං. ජම්බොනදන්ති රත්තසුවණ්ණමයං. අඞ්ගං පරිග්ගය්හාති චාමරිගාහකෙන අඞ්ගෙන පරිග්ගහිතා හුත්වා. වාලබීජනිමුත්තමන්ති උත්තමං වාලබීජනිං. පෙඛුණහත්ථානීති මොරපිඤ්ඡහත්ථකානි. චිත්‍රානීති සත්තරතනචිත්රානි. කඤ්චනමණිදණ්ඩානීති තපනීයසුවණ්ණෙන ච මණීහි ච ඛණිතදණ්ඩානි. දුභතො මුඛන්ති මුඛස්ස උභයපස්සෙසු චරන්ති.
එහි පටිපන්නා යනු මේ තුර්ය භාණ්ඩයන් කවරකු පෙරටුකොට යොදන ලදද? හාසයන්තා මේ රජුව සිනහ ගන්වමින් කඤ්චනපට්ටෙන යනු කවරකුගේ නළල් අග බඳින ලද නළල්පටයෙන්, විදුලියෙන් මේඝය මෙන් මුහුණ බබලන්නේදැයි අසයි. යුවාකලාප සන්නද්ධො යනු තරුණ වූයේ දුනු කලාපයෙන් සැදුම් ලත්. ඔක්කාමුඛේපහට්ඨං යනු රන්කරුවාගේ කෝවෙහි දමන ලද රත්රන් මෙන්, ඛදිරංගාරසන්නිභං දිලිස්සෙන කිහිරි අඟුරු වැනි ආලෝකයෙන් යුත්. ඡම්බොනදං යනු රක්තවර්ණ ස්වර්ණමය අංකං පරිග්ගය්හ සෙමෙර ගන්නා ලද ඇකයෙන් වටකරගෙන වාළවීජනී මුත්තමං උතුම් වූ වල්විදුනාව. පෙබූණ හත්ථානි මොනර පිල් අත්. විචිත්රානි. සත්රුවනින් විසිතුරු වූ තපඤ්ඤමණිදණ්ඩානී යනු රත්කළ ස්වර්ණයෙන්ද මැණික් ඔබ්බන ලද මිටෙන්ද. උභතොමුඛං මුහුණෙහි දෙපස හැසිරෙත්.
වාතෙන ඡුපිතාති වාතපහටා. නිද්ධන්තාති සිනිද්ධඅන්තා. නලාටන්තන්ති කස්සෙතෙ එවරූපා කෙසා නලාටන්තං උපසොභෙන්ති. නභා විජ්ජුරිවුග්ගතාති නභතො උග්ගතා විජ්ජු විය. උණ්ණජන්ති කඤ්චනාදාසො විය පරිපුණ්ණං. ලපනජාතාති මුඛජාතා. කුප්පිලසාදිසාති මන්දාලකමකුලසදිසා. සුඛෙධිතාති සුඛපරිහටා. ජයං ඉන්දොවාති ජයං පත්තො ඉන්දො විය. සුවණ්ණපීළකාකිණ්ණන්ති සුවණ්ණපීළකාහි ආකිණ්ණං. මණිදණ්ඩවිචිත්තකන්ති මණීහි ථරුම්හි විචිත්තකං. සුවණ්ණවිකතාති සුවණ්ණඛචිතා. චිත්තාති සත්තරතනවිචිත්තා. සුකතාති සුට්ඨු නිට්ඨිතා. චිත්තසිබ්බනාති චිත්රසිබ්බිනියො. කො සො ඔමුඤ්චතෙ පාදාති කො එස පාදතො එවරූපා පාදුකා ඔමුඤ්චතීති.
වාතෙන ජුපිතානි වාතයෙන් පහරදෙන ලද. නිද්ධන්තා සිනිඳු බැවින්. නලාමන්ත යනු මේ කවරකුගේ මෙබඳු වූ කෙස් නලල දෙපස බබලත්ද? නභා යනු අහසින් මතු වූ විදුලිය මෙන් උණ්ණජං යනු රන් කැඩපතක් මෙන් පිරිපුන්. ලපනජා මුඛයෙහි හටගත්. කුප්පිලසාදිසා මදාරා මල් කැකුළු හා සමාන වූ. සුඛෙධිතා සුවපහසු ලෙස පිහිටියා වූ, ජයං ඉන්දොව ජයගත් ශකයා මෙන්, සුවණ්ණපිලකාකිණ්ණං ස්වරණමය ගැටවලින් ගැවසීගත්තා වූ මණිදණ්ඩවිචිත්තිතං මැණික් ඔබ්බවා විසිතුරු කරන ලද. සුවණ්ණවිකතා රන් ඔබ්බන ලද චිත්‍රා යනු සප්ත රත්නයෙන් විසිතුරු වූ. සුකතා මනාව නිමවන ලද. චිත්රසිබ්බනා විසිතුරු මැහුම් ඇති. කො සො ඔමුඤ්චතෙ පාදා යනු මේ කවරෙක් නම් පාදයෙන් මෙබඳු වූ ලක්ෂණ ඇති මිරිවැඩි සඟල ගලවයිද?
එවං පුත්තෙන සාගරබ්රහ්මදත්තෙන පුට්ඨො ඉද්ධිමා අභිඤ්ඤාලාභී තාපසො “තාත, එතෙ ධතරට්ඨරඤ්ඤො පුත්තා තව භාගිනෙය්යනාගා”ති ආචික්ඛන්තො ගාථමාහ –
මෙසේ සාගර බ්‍රහ්මදත්ත පුත්‍රයා විසින් විචාරණ ලද ඍද්ධිමත් වූ අභිඤ්ඤාලාභී වූ තාපසයන් වහන්සේ, දරුව! මේ ධෘතරාෂ්ට්‍ර රජුගේ පුත්‍රයෝ ද ඔබගේ සොහොයුරියගේ පුත්‍ර නාගයන්ය යැයි කියන්නේ මේ ගාථාව කීය.
“ධතරට්ඨා හි තෙ නාගා, ඉද්ධිමන්තො යසස්සිනො; සමුද්දජාය උප්පන්නා, නාගා එතෙ මහිද්ධිකා”ති.
සෘද්ධි ඇත්තා වූ යසස් ඇත්තා වූ ඒ නාගයෝ ධෘතරාෂ්ට්රයෝය. සමුද්දජාගෙන් උපන්නා වූ මේ නාගයෝ මහා ඍද්ධි ඇත්තෝ වෙත්.
එවං තෙසං කථෙන්තානඤ්ඤෙව නාගපරිසා පත්වා තාපසස්ස පාදෙ වන්දිත්වා එකමන්තං නිසීදිංසු. සමුද්දජාපි පිතරං වන්දිත්වා රොදිත්වා නාගපරිසාය සද්ධිං නාගභවනමෙව ගතා. සාගරබ්රහ්මදත්තොපි තත්ථෙව කතිපාහං වසිත්වා බාරාණසිමෙව ගතො. සමුද්දජා නාගභවනෙයෙව කාලමකාසි. බොධිසත්තො යාවජීවං සීලං රක්ඛිත්වා උපොසථකම්මං කත්වා ආයුපරියොසානෙ සද්ධිං පරිසාය සග්ගපුරං පූරෙසි.
මෙසේ ඔවුන්ට කියත්ම නාගපිරිස පැමිණ තාපසයන්ගේ පා වැඳ එකත්පස්ව සිටියහ. සමුද්දජා ද පියාට වැඳ හඬා නාගපිරිස සමග නාග භවනයටම ගියාය. සාගර බ්‍රහ්මදත්ත තෙමේ එහිම දවස් කීපයක් ගතකර බරණැසටම ගියේය. සමුද්දජා තොමෝ නාගභවනයේදීම කළුරිය කළාය. බෝධිසත්ත්වයන් වහන්සේ දිවි ඇති තෙක් සිල් රැක උපෝසථ කර්මය කොට ආයුෂ අවසානයෙහි නාග පිරිස සමග ස්වර්ග පදය පිරීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං උපාසකා පොරාණකපණ්ඩිතා අනුප්පන්නෙපි බුද්ධෙ එවරූපං නාම සම්පත්තිං පහාය උපොසථකම්මං කරිංසුයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි. දෙසනාපරියොසානෙ උපාසකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු. තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, නෙසාදබ්රාහ්මණො දෙවදත්තො, සොමදත්තො ආනන්දො, අජමුඛී උප්පලවණ්ණා, සුදස්සනො සාරිපුත්තො, සුභොගො මොග්ගල්ලානො, කාණාරිට්ඨො සුනක්ඛත්තො, භූරිදත්තො පන අහමෙව සම්මාසම්බුද්ධො අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මෙසේ පැරණි පණ්ඩිත උපාසකවරු බුදුන් නූපන් කල්හිදු මෙබඳු වූ නාග සම්පත්තියක් අතහැර උපෝසථ කර්මය කළහයි දේශනාකර ජාතකය එක්තැන් කළ සේක. එදා මව්පියවරු මහරජ කුලයෝ වූහ. නේසාද බ්‍රාහ්මණයා නම් දේවදත්තය. සෝමදත්ත වූයේ ආනන්ද තෙරුන්ය. අච්චිමුඛී වූයේ උප්පලවණ්ණාය. සුදස්සන වූයේ සැරියුත් තෙරුන් වහන්සේය. සුභග වූයේ මුගලන් තෙරුන් වහන්සේය. කාණාරිට්ඨ නම් සුනක්ඛත්තය. භූරිදත්ත වූයේ බුදු වූ මම ය.
භූරිදත්තජාතකවණ්ණනා ඡට්ඨානිට්ඨිතා.
භූරිදත්ත ජාතකය නිමියේ ය.