7. මහානාරදකස්සපජාතකවණ්ණනා 544 අට්ඨකථා
7. මහානාරදකස්සපජාතකවණ්ණනා (544)
7. මහානාරදකස්සප ජාතකය (544)
අහු රාජා විදෙහානන්ති ඉදං සත්ථා ලට්ඨිවනුය්යානෙ විහරන්තො උරුවෙලකස්සපදමනං ආරබ්භ කථෙසි. යදා හි සත්ථා පවත්තිතවරධම්මචක්කො උරුවෙලකස්සපාදයො ජටිලෙ දමෙත්වා මගධරාජස්ස පටිස්සවං ලොචෙතුං පුරාණජටිලසහස්සපරිවුතො ලට්ඨිවනුය්යානං අගමාසි. තදා ද්වාදසනහුතාය පරිසාය සද්ධිං ආගන්ත්වා දසබලං වන්දිත්වා නිසින්නස්ස මගධරඤ්ඤො පරිසන්තරෙ බ්රාහ්මණගහපතිකානං විතක්කො උප්පජ්ජි “කිං නු ඛො උරුවෙලකස්සපො මහාසමණෙ බ්රහ්මචරියං චරති, උදාහු මහාසමණො උරුවෙලකස්සපෙ”ති. අථ ඛො භගවා තෙසං ද්වාදසනහුතානං චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය “කස්සපස්ස මම සන්තිකෙ පබ්බජිතභාවං ජානාපෙස්සාමී”ති ඉමං ගාථමාහ –
අහු රාජා විදෙහානං මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ලට්ඨිවන උද්‍යානයෙහි වැඩවසද්දී උරුවේල කස්සප දමනය අරබයා දේශනා කළ සේක. යම්කලෙක වනාහි ශාස්තෲන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් පැවතුම් ඇත්තේ උරුවෙල කස්සප ආදී ජටිලයන් දමනය කොට මගධ රජුට දුන් පොරොන්දුවෙන් නිදහස්වීමට පැරණි ජටිලයන් දහසක් පරිවරාගෙන ලට්ඨිවන උද්‍යානයට වැඩි සේක. එකල්හි දොළොස් දහස් නහුතයක් පිරිස සමග අවුත් බුදුන් වැඳ සිටියා වූ මගධ රජුගේ පිරිස අතර සිටි බ්‍රාහ්මණ ගෘහපතියන්ට විතර්කයක් ඇතිවිය. කිම උරුවෙල කස්සප තෙමේ මහා ශ්රමණයන් වෙත බඹසර හැසිරෙයිද, නැතහොත් මහා ශ්රමණයන් වහන්සේ උරුවෙල කස්සප ළඟ බඹසර හැසිරෙයිද යනුවෙනි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කස්සප තමන් සමීපයෙහි පැවිදි වූ බව දන්වන්නෙමියි මේ ගාථාව වදාළ සේක.
“කිමෙව දිස්වා උරුවෙලවාසි, පහාසි අග්ගිං කිසකොවදානො; පුච්ඡාමි තං කස්සප එතමත්ථං, කථං පහීනං තව අග්ගිහුත්ත”න්ති. (මහාව· 55);
උරුවෙලවාසී ඔබ කුමක් දැක ගින්න අත්හළේද, කාශ්‍යපය, ඔබගෙන් මේ කාරණය අසමි. කෙසේ නම් ඔබගේ යාගහෝම ගිනි පූජා ප්‍රහීණ වූයේද,
ථෙරොපි භගවතො අධිප්පායං විදිත්වා –
තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන,
“රූපෙ ච සද්දෙ ච අථො රසෙ ච, කාමිත්ථියො චාභිවදන්ති යඤ්ඤා; එතං මලන්ති උපධීසු ඤත්වා, තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජි”න්ති. (මහාව· 55); –
රූප ශබ්ද රස කාම ස්ත්‍රීහුද යන මේවා යාගයෙහි කියත්. මෙය උපධි විෂයෙහි කිලිටියැයි දැනගෙන යාග හෝමයන්හි නොඇලුනෙමි.
ඉමං ගාථං වත්වා අත්තනො සාවකභාවං පකාසනත්ථං තථාගතස්ස පාදපිට්ඨෙ සීසං ඨපෙත්වා “සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී”ති වත්වා එකතාලං ද්විතාලං තිතාලන්ති යාව සත්තතාලප්පමාණං සත්තක්ඛත්තුං වෙහාසං අබ්භුග්ගන්ත්වා ඔරුය්හ තථාගතං වන්දිත්වා එකමන්තං නිසීදි. තං පාටිහාරියං දිස්වා මහාජනො “අහො මහානුභාවො බුද්ධො, එවං ථාමගතදිට්ඨිකො නාම අත්තානං ‘අරහා’ති මඤ්ඤමානො උරුවෙලකස්සපොපි දිට්ඨිජාලං භින්දිත්වා තථාගතෙන දමිතො”ති සත්ථු ගුණකථඤ්ඤෙව කථෙසි. තං සුත්වා සත්ථා “අනච්ඡරියං ඉදානි සබ්බඤ්ඤුතප්පත්තෙන මයා ඉමස්ස දමනං, ස්වාහං පුබ්බෙ සරාගකාලෙපි නාරදො නාම බ්රහ්මා හුත්වා ඉමස්ස දිට්ඨිජාලං භින්දිත්වා ඉමං නිබ්බිසෙවනමකාසි”න්ති වත්වා තාය පරිසාය යාචිතො අතීතං ආහරි.
මේ ගාථාව කියා තමන්ගේ ශ්‍රාවක භාවය ප්‍රකාශ කිරීම සඳහා තථාගතයන් වහන්සේගේ පා ළඟ හිස තබා භාග්‍යවතුන් වහන්ස! මම ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි’ යි කියා එක් තල්ගසක්, තල්ගස් දෙකක් ආදී ලෙස තල්ගස් හතක් පමණ සත්වරක් අහසට පැන නැගී, බිමට බැස තථාගතයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. ඒ ප්රාතිහාර්ය දැක මහාජනයා, පුදුමයි. බුදුවරයන් වහන්සේලා මහානුභාව සම්පන්නය. මෙසේ ස්ථිර දෘෂ්ටියකින් යුක්තව සිටි තමා රහත්යැයි හඟිමින් සිටි උරුවෙල කස්සප තෙමේ තම දෘෂ්ටිදැල බිඳ දමා තථාගතයන් වහන්සේ විසින් දමනය කරනු ලැබුයේ යැයි ශාස්තෲන් වහන්සේ ගුණ කථා කළහ. ශාස්තෲන් වහන්සේ දැන් සර්වඥතාවයට පත්වූ මා විසින් මොහු දමනය කිරීම පුදුමයක් නොවේ. ඒ මම පෙර සරාගී කාලයේදී නාරද නම් වූ බ්‍රහ්මයා වී මොහුගේ දෘෂ්ටිවැල බිඳ දමා මොහු එය සේවනය නොකරන්නකු කළෙමියි කියා ඒ පිරිස විසින් ඉල්ලා සිටියේ අතීතය ගෙනහැර දැක්වීය.
අතීතෙ විදෙහරට්ඨෙ මිථිලායං අඞ්ගති නාම රාජා රජ්ජං කාරෙසි ධම්මිකො ධම්මරාජා. තස්ස රුචා නාම ධීතා අහොසි අභිරූපා දස්සනීයා පාසාදිකා කප්පසතසහස්සං පත්ථිතපත්ථනා මහාපුඤ්ඤා අග්ගමහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්තා. සෙසා පනස්ස සොළසසහස්සා ඉත්ථියො වඤ්ඣා අහෙසුං. තස්ස සා ධීතා පියා අහොසි මනාපා. සො තස්සා නානාපුප්ඵපූරෙ පඤ්චවීසතිපුප්ඵසමුග්ගෙ අනග්ඝානි සුඛුමානි වත්ථානි ච “ඉමෙහි අත්තානං අලඞ්කරොතූ”ති දෙවසිකං පහිණි. ඛාදනීයභොජනීයස්ස පන පමාණං නත්ථි. අන්වඩ්ඪමාසං “දානං දෙතූ”ති සහස්සං සහස්සං පෙසෙසි. තස්ස ඛො පන විජයො ච සුනාමො ච අලාතො චාති තයො අමච්චා අහෙසුං. සො කොමුදියා චාතුමාසිනියා ඡණෙ පවත්තමානෙ දෙවනගරං විය නගරෙ ච අන්තෙපුරෙ ච අලඞ්කතෙ සුන්හාතො සුවිලිත්තො සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතො භුත්තසායමාසො විවටසීහපඤ්ජරෙ මහාතලෙ අමච්චගණපරිවුතො විසුද්ධං ගගනතලං අභිලඞ්ඝමානං චන්දමණ්ඩලං දිස්වා “රමණීයා වත භො දොසිනා රත්ති, කාය නු ඛො අජ්ජ රතියා අභිරමෙය්යාමා”ති අමච්චෙ පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
අතීතයෙහි වේදේහ රටේ මිථිලා නගරයේ ‘අංගාති’ නම් රජතෙමේ රාජ්‍යය කළේය. ධාර්මික රජ කෙනෙක් විය. ඔහුට රුජා නම් දියණියක් සිටියාය. ඇය රූමත්ය. ප්‍රසන්නය. ඇය කල්ප ශතසහශ්රයක් පැතු පැතුම අනුව මහා පින් ඇති අගමෙහෙසියගේ කුසෙහි උපන්නීය. ඔහුගේ ඉතිරි දාසයදහසක් ස්ත්‍රීහු වඳ වූහ. ඔහුට දියණිය අතිශයින් ප්‍රිය විය. මනාප වූවාය. ඔහු ඇයට නොයෙක් මල්පිරවූ මල්පෙට්ටි විසිපහක් ද සියුම් වස්ත්‍රද යවා මේවායෙන් තමා අලංකාර වන්නැයි දිනපතා යවන ලදී. ඇගේ කෑමබීමවල ප්‍රමාණයක් නැත. අඩමසක් පාසා දන් දෙන්නයැයි දහසක් යැවීය. ඔහුට වනාහි විජය, සුනාම හා අලාතයැයි අමාත්‍යයෝ තුන්දෙනෙක් වූහ. හෙතෙම ඉල් පසළොස්වක සිව්මස් සැණකෙළිය පවත්නා කල්හි නගර දේවනගරයන් මෙන් ද අන්තඃපුරද අලංකාරකොට තමා ස්නානය කොට මනාව සුවඳ ආලේපකොට සියළු අලංකාරයන්ගෙන් සැරසී රාත්‍රී භෝජනය වළඳා සී මැදුරු කවුළු විවෘතකොට මහා ශාලාවේ ඇමතිගණයා පිරිවරා පිරිසිදු ගගනතලයේ නොඇලෙන සඳමඬල දැක මේ සඳරැස් ඇති රාත්‍රිය රමණීයයි. අද කවර තැනැත්තියක් සමග අභිරමණයේ යෙදෙම්දැයි ඇමැතියන්ගෙන් විචාළේය. ඒ කාරණය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“අහු රාජා විදෙහානං, අඞ්ගති නාම ඛත්තියො; පහූතයොග්ගො ධනිමා, අනන්තබලපොරිසො.
අංගාති නම් ක්ෂත්රියයෙක් විදේහ වැසියන්ගේ රජෙක්ව සිටියේය. ඔහුට බොහෝ යානවාහන ඇත. ධනවත්ය. අනන්තවල ඇති පුරුෂයෙකි.
“සො ච පන්නරසිං රත්තිං, පුරිමයාමෙ අනාගතෙ; චාතුමාසා කොමුදියා, අමච්චෙ සන්නිපාතයි.
ඔහු ප්‍රථම යාමයට පළමු ඉල්මස පසළොස්වක් රාත්‍රියේ ඇමතියන් රැස්කළේය.
“පණ්ඩිතෙ සුතසම්පන්නෙ, ම්හිතපුබ්බෙ විචක්ඛණෙ; විජයඤ්ච සුනාමඤ්ච, සෙනාපතිං අලාතකං.
ශ්‍රැත සම්පන්න වූ සිතාබලා කථාකරන විචක්ෂණ වූ පණ්ඩිත වූ සේනාපති වූ විජය, සුනාම හා මලාතක යන ඇමැතිවරුන්ගෙන් වේදේහ රජතෙමේ ඇසීය.
“තමනුපුච්ඡි වෙදෙහො, පච්චෙකං බ්රූථ සං රුචිං; චාතුමාසා කොමුදජ්ජ, ජුණ්හං බ්යපහතං තමං; කායජ්ජ රතියා රත්තිං, විහරෙමු ඉමං උතු”න්ති.
ඔබලාගේ රුචිය වෙන වෙනම කියව්. අද ඉල්මස පසලොස්වක සඳ එළිය ඇති පහ වූ අඳුර ඇති රාත්‍රියේ මේ ඍතුව කවර තැනැත්තියක් සමග ගතකරන්නෙම්ද?
තත්ථ පහූතයොග්ගොති බහුකෙන හත්ථියොග්ගාදිනා සමන්නාගතො. අනන්තබලපොරිසොති අනන්තබලකායො. අනාගතෙති පරියොසානං අප්පත්තෙ, අනතික්කන්තෙති අත්ථො. චාතුමාසාති චතුන්නං වස්සිකමාසානං පච්ඡිමදිවසභූතාය රත්තියා. කොමුදියාති ඵුල්ලකුමුදාය. ම්හිතපුබ්බෙති පඨමං සිතං කත්වා පච්ඡා කථනසීලෙ. තමනුපුච්ඡීති තං තෙසු අමච්චෙසු එකෙකං අමච්චං අනුපුච්ඡි. පච්චෙකං බ්රූථ සං රුචින්ති සබ්බෙපි තුම්හෙ අත්තනො අත්තනො අජ්ඣාසයානුරූපං රුචිං පච්චෙකං මය්හං කථෙථ. කොමුදජ්ජාති කොමුදී අජ්ජ. ජුණ්හන්ති ජුණ්හාය නිස්සයභූතං චන්දමණ්ඩලං අබ්භුග්ගච්ඡති. බ්යපහතං තමන්ති තෙන සබ්බං අන්ධකාරං විහතං. උතුන්ති අජ්ජ රත්තිං ඉමං එවරූපං උතුං කායරතියා විහරෙය්යාමාති.
එහි පහූතයොග්ගො යනු බොහෝ වූ ඇත්වාහන ආදියෙන් යුක්ත වූ, අනන්තබල පොරිසො බොහෝ බලසම්පන්න වූයේ. අනාගතෙ යනු අවසාන නොවූ. ඉක්ම නොගිය යන අර්ථයි. චාතුමස්ස යනු අවසාන නොවූ, ඉක්ම නොගිය යන අර්ථයි. චාතුමස්ස යනු වැසි සතර මාසයේ අවසාන දවස වූ. කොමුදියා යනු මනාව පිපුණු කුමුදු ඇති. මිහිත පුබ්බෙ යනු පළමු සිතාබලා පසුව කියනසුලු. තමනුපුච්ඡති. එය ඒ අමාත්‍යයන්ගෙන් වෙන වෙනම විචාළේය. පච්චෙකං බ්‍රෑථ සංරුචිං නුඹලා සියළුදෙනා තමන්ගේ කැමැත්ත වෙන වෙනම මට කියව්. කොමුදජ්ජා කුමුදු ඇති අද ජුණ්හං පිහිටවන සඳමඬල නැගී ආවේය. ව්යපගතං තමං යනු එයින් සියළු අඳුර නසන ලදී. උතුං යනු අද රාත්‍රිය මේ මෙබඳු වූ ඍතුව කා සමග ගතකරන්නෙම්දැයි ඇමැතියන්ගෙන් විමසීය. ඔහු විසින් විචාරණ ලද ඔව්හු තම තමන්ගේ කැමැත්ත අනුව මෙසේ ප්‍රකාශ කළහ.
ඉති රාජා අමච්චෙ පුච්ඡි. තෙන තෙ පුච්ඡිතා අත්තනො අත්තනො අජ්ඣාසයානුරූපං කථං කථයිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මේ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තතො සෙනාපති රඤ්ඤො, අලාතො එතදබ්රවි; ‘හට්ඨං යොග්ගං බලං සබ්බං, සෙනං සන්නාහයාමසෙ.
ඉක්බිති අලාක සෙන්පතියා රජුට මෙසේ කීය. සතුටු වූ යෝග්‍ය වූ බලවන්ත වූ සියළු සේනාවන් සූදානම් කරමු.
‘නිය්යාම දෙව යුද්ධාය, අනන්තබලපොරිසා; යෙ තෙ වසං න ආයන්ති, වසං උපනයාමසෙ; එසා මය්හං සකා දිට්ඨි, අජිතං ඔජිනාමසෙ’.
අනන්ත වූ බලසම්පන්න පුරුෂයන් ඇතිව දේවයන් වහන්ස, යුද්ධයට යමු. යමෙක් අපේ වසඟයට නොඑත්ද ඔවුන් වසඟයට ගෙනෙමු. නොදිනූ අයව දිනමු. මේ මාගේ දෘෂ්ටියයි.
අලාතස්ස වචො සුත්වා, සුනාමො එතදබ්රවි; ‘සබ්බෙ තුය්හං මහාරාජ, අමිත්තා වසමාගතා.
අලාත සෙනෙවියාගේ වචනය අසා සුනාම තෙමේ මෙසේ කීය. මහරජතුමනි, ඔබවහන්සේගේ සියළු සතුරෝ වසඟයට පත්වූවාහ.
‘නික්ඛිත්තසත්ථා පච්චත්ථා, නිවාතමනුවත්තරෙ; උත්තමො උස්සවො අජ්ජ, න යුද්ධං මම රුච්චති.
බහා තබන ආයුධ ඇති, සතුරෝ යටහත් පහත්ව හැසිරෙත්. අද උතුම් උත්සවයකි. යුද්ධය මම රුචි නොකරමි.
‘අන්නපානඤ්ච ඛජ්ජඤ්ච, ඛිප්පං අභිහරන්තු තෙ; රමස්සු දෙව කාමෙහි, නච්චගීතෙ සුවාදිතෙ’.
ඔබවහන්සේට ආහාරපාන කැවිලි වහා සූදානම් කරන්වා. දේවයන් වහන්ස! මනා වාදනයන් සහිතව නැටුම් ගැයුම් සහිත කාමයන්ගෙන් සතුටුවන්න.
සුනාමස්ස වචො සුත්වා, විජයො එතදබ්රවි; ‘සබ්බෙ කාමා මහාරාජ, නිච්චං තව මුපට්ඨිතා.
සුනාමගේ වචනය අසා විජය තෙමේ මෙසේ කීය. දේවයන් වහන්ස, සියළු කාමයෝ ඔබවහන්සේට නිරන්තරයෙන් සූදානම්ය.
‘න හෙතෙ දුල්ලභා දෙව, තව කාමෙහි මොදිතුං; සදාපි කාමා සුලභා, නෙතං චිත්තමතං මම.
දේවයන් වහන්ස, කාමයන්ගෙන් සතුටුවීම ඔබවහන්සේට දුර්ලභ දෙයක් නොවේ. සැමදා කාමයෝ ලබාගත හැක. ස්වාමීනි! මාගේ අදහස එය නොවේ.
‘සමණං බ්රාහ්මණං වාපි, උපාසෙමු බහුස්සුතං; යො නජ්ජ විනයෙ කඞ්ඛං, අත්ථධම්මවිදූ ඉසෙ’.
අද යමෙක් හට විනයෙහි සැකයක් නැද්ද, අර්ථධර්ම දන්නා වූ, ඍෂිගුණවලින් යුක්ත බහුශ්‍රැත වූ කවර හෝ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු වෙත යමු.
විජයස්ස වචො සුත්වා, රාජා අඞ්ගති මබ්රවි; ‘යථා විජයො භණති, මය්හම්පෙතංව රුච්චති.
විජයගේ වචනය අසා අංගාති රජ මෙසේ කීය. යම්සේ විජය කථා කරයිද, මට ද එය රුචි වෙයි.
‘සමණං බ්රාහ්මණං වාපි, උපාසෙමු බහුස්සුතං; යො නජ්ජ විනයෙ කඞ්ඛං, අත්ථධම්මවිදූ ඉසෙ.
අද යමෙක් හට විනයෙහි සැකයක් නැද්ද, අර්ථධර්ම දන්නා වූ, ඍෂිගුණවලින් යුක්ත බහුශ්‍රැත වූ කවර හෝ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු වෙත යමු.
‘සබ්බෙව සන්තා කරොථ මතිං, කං උපාසෙමු පණ්ඩිතං; යො නජ්ජ විනයෙ කඞ්ඛං, අත්ථධම්මවිදූ ඉසෙ’.
මෙහි සිටින්නා වූ ඔබ සියළු දෙනා සිතන්න. අද විනයෙහි සැකයක් නැති අර්ථ ධර්ම දෙක දන්නා වූ ඍෂි ගුණවලින් යුක්ත කවරනම් පණ්ඩිතයකු වෙත යන්නෙමුද?
වෙදෙහස්ස වචො සුත්වා, අලාතො එතදබ්රවි; ‘අත්ථායං මිගදායස්මිං, අචෙලො ධීරසම්මතො.
වේදේහයන්ගේ වචනය අසා අලාක සෙනෙවියා මෙසේ කීය. පණ්ඩිතයැයි සම්මත ආජීවකයෙක් මිගදායෙහි සිටී.
‘ගුණො කස්සපගොත්තායං, සුතො චිත්රකථී ගණී; තං දෙව පයිරුපාසෙමු, සො නො කඞ්ඛං විනෙස්සති’.
ඔහු ගුණවන්තය. කාශ්‍යප ගෝත්‍රයේය. බහුශ්‍රැතය. විචිත්‍ර කථා ඇත්තේය. පිරිස් සහිතය. දේවයන් වහන්ස, ඔහුව ඇසුරු කරමු. ඔහු අපගේ සැකය නැතිකරන්නේය.
“අලාතස්ස වචො සුත්වා, රාජා චොදෙසි සාරථිං; මිගදායං ගමිස්සාම, යුත්තං යානං ඉධා නයා”ති.
අලාකගේ වචනය අසා රජතෙමේ රථාචාර්යයාව මෙහෙයවීය. අපි මිගදායට යන්නෙමු. සුදුසු වූ යානාවක් ගෙනෙන්න.
තත්ථ හට්ඨන්ති තුට්ඨපහට්ඨං. ඔජිනාමසෙති යං නො අජිතං, තං ජිනාම. එසො මම අජ්ඣාසයොති. රාජා තස්ස කථං නෙව පටික්කොසි, නාභිනන්දි. එතදබ්රවීති රාජානං අලාතස්ස වචනං අනභිනන්දන්තං අප්පටික්කොසන්තං දිස්වා “නායං යුද්ධජ්ඣාසයො, අහමස්ස චිත්තං ගණ්හන්තො කාමගුණාභිරතිං වණ්ණයිස්සාමී”ති චින්තෙත්වා එතං “සබ්බෙ තුය්හ”න්තිආදිවචනං අබ්‍රවි.
එහි හට්ඨං යනු සතුටු වූ ඔජිනාමසෙ යනු ඔහුව පරාජය කරමු. මේ මාගේ බලාපොරොත්තුවයි. රජ තෙමේ ඔහුගේ කථාව ප්‍රතික්ෂේප කළේ නැත. සතුටු වූයේ ද නැත. සුනාමො එතදබ්රවී යනු රජු අලාමාගේ වචනයට සතුටු නොවී ප්‍රතික්ෂේප නොකරද සිටිනවා දැක මෙය පිරිසිදු අදහසක් නොවේ. මම මොහුගේ සිත් ගෙන කාමගුණයන්හි ඇලීම පිළිබඳව වර්ණනා කරන්නෙමියි සිතා මේ සබ්බෙ තුය්හං යනාදී වචන කීය.
විජයො එතදබ්රවීති රාජා සුනාමස්සපි වචනං නාභිනන්දි, න පටික්කොසි. තතො විජයො “අයං රාජා ඉමෙසං ද්වින්නම්පි වචනං සුත්වා තුණ්හීයෙව ඨිතො, පණ්ඩිතා නාම ධම්මස්සවනසොණ්ඩා හොන්ති, ධම්මස්සවනමස්ස වණ්ණයිස්සාමී”ති චින්තෙත්වා එතං “සබ්බෙ කාමා”තිආදිවචනං අබ්‍රවි. තත්ථ තව මුපට්ඨිතාති තව උපට්ඨිතා. මොදිතුන්ති තව කාමෙහි මොදිතුං අභිරමිතුං ඉච්ඡාය සති න හි එතෙ කාමා දුල්ලභා. නෙතං චිත්තමතං මමාති එතං තව කාමෙහි අභිරමණං මම චිත්තමතං න හොති, න මෙ එත්ථ චිත්තං පක්ඛන්දති. යො නජ්ජාති යො නො අජ්ජ. අත්ථධම්මවිදූති පාළිඅත්ථඤ්චෙව පාළිධම්මඤ්ච ජානන්තො. ඉසෙති ඉසි එසිතගුණො.
විජයො එතදබ්රවී යනු රජතෙමේ සුනාමගේ වචනයට කැමැති නොවීය. ප්‍රතික්ෂේප කළේද නැත. ඉක්බිති විජය තෙමේ, මේ දෙදෙනාගේම වචන අසා නිහඬව සිටියේ පණ්ඩිතයෝ නම් දහම් ඇසීමේ ආශා ඇත්තෝ වෙති. මොහුට ධර්මශ්‍රවණයේ ගුණ වර්ණනා කරන්නෙමියි සිතා මේ සබ්බෙකාමා ආදී වචන ප්‍රකාශ කළේය. එහි තවමුපට්ඨිතා යනු එබට එළඹ සිටියා වූ. මොදිතුං ඔබගේ කාම වස්තූන්ගෙන් සතුටුවීමට, ඒවායින් අභිරමණය කිරීමට කැමැත්ත ඇති කල්හි මේ කාමයෝ දුර්ලභ නොවෙත්. නෙතං චිත්තමතං මම යනු මේ ඔබගේ කාමයන්ගෙන් අභිරමණය කිරීමේ අදහස මගේ අදහසක් නොවේ. එහි මගේ සිත පැන නොදුවයි. යොතජ්ජ යනු යමෙක් ඔබලාට අත්ථධම්මවිදු යනු පෙළෙහි අර්ථයද පෙලෙහි ධර්මයද දන්නා තැනැත්තා. ඉසෙ යනු සෘෂීන් විසින් සෙව්නා ගුණ.
අඞ්ගති මබ්රවීති අඞ්ගති අබ්‍රවි. මය්හම්පෙතංව රුච්චතීති මය්හම්පි එතඤ්ඤෙව රුච්චති. සබ්බෙව සන්තාති සබ්බෙව තුම්හෙ ඉධ විජ්ජමානා මතිං කරොථ චින්තෙථ. අලාතො එතදබ්රවීති රඤ්ඤො කථං සුත්වා අලාතො “අයං මම කුලූපකො ගුණො නාම ආජීවකො රාජුය්යානෙ වසති, තං පසංසිත්වා රාජකුලූපකං කරිස්සාමී”ති චින්තෙත්වා එතං “අත්ථාය”න්තිආදිවචනං අබ්‍රවි. තත්ථ ධීරසම්මතොති පණ්ඩිතොති සම්මතො. කස්සපගොත්තායන්ති කස්සපගොත්තො අයං. සුතොති බහුස්සුතො. ගණීති ගණසත්ථා. චොදෙසීති ආණාපෙසි.
අංගාතිමබ්රවී යනු අංග යයි කීය. මය්හම්පෙතෙවරුච්චතී මට ද මෙයම රුචි වෙයි. සන්තා මෙහි සිටින නුඹලා සියලුදෙනා. මතිං කරොථ සිතව්. අලාතො ඒතදබ්රවී යනු රජුගේ කථාව අසා මේ මාගේ හොඳ මිත්‍රයකු වූ ගුණ නම් ආජීවකයෙක් රජ උයනෙහි වාසය කරයි. ඔහුට පසසා රජුගේ මිත්‍රයකු බවට පත්කරන්නෙමියි සිතා මේ අත්ථායං යනාදී වචන කීවේය. එහි ධීරසම්මකො යනු පණ්ඩිතයැයි සම්මතය. කස්සප ගොත්තාය යනු මේ කාශ්‍යප ගෝත්‍රයට අයත්. සුතො යනු බහුශ්‍රැත. ගණී යනු පිරිස් ඇති. චොදෙසි යනු අණ කළේය.
රඤ්ඤො තං කථං සුත්වා සාරථිනො තථා කරිංසු. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
[missing trans]
“තස්ස යානං අයොජෙසුං, දන්තං රූපියපක්ඛරං; සුක්කමට්ඨපරිවාරං, පණ්ඩරං දොසිනා මුඛං.
ඇත්දත් කැටයම් ඇති රිදීමය සැරසිලි ඇති චන්ද්‍රයා වැනි පිරිසිදු ඵරුස නොවූ පිරිවර රිය සහිත යානාවක් යෙදවූහ.
“තත්රාසුං කුමුදායුත්තා, චත්තාරො සින්ධවා හයා; අනිලූපමසමුප්පාතා, සුදන්තා සොණ්ණමාලිනො.
කුමුදු වර්ණ වූ වාතයට සමාන වේග ඇති මනාව හික්මුණු අශ්වයන් සතර දෙනෙක් යොදන ලදී.
“සෙතච්ඡත්තං සෙතරථො, සෙතස්සා සෙතබීජනී; වෙදෙහො සහමච්චෙහි, නිය්යං චන්දොව සොභති.
සුදුපාට ඡත්රය, සුදුපාට රථය, සුදුපාට අශ්වයන්, සුදුපාට වල්විදුනා සහිතව රථයෙන් ගෙනයන්නා වූ අමාත්‍යයන් පිරිවැරූ විදේහ රජු චන්ද්‍රයා මෙන් බබලයි.
“තමනුයායිංසු බහවො, ඉන්දිඛග්ගධරා බලී; අස්සපිට්ඨිගතා වීරා, නරා නරවරාධිපං.
කඩු දරන බලවත් බොහෝ ධීරවීර ජනයෝ උතුම් රජු අනුව ගියහ.
“සො මුහුත්තංව යායිත්වා, යානා ඔරුය්හ ඛත්තියො; වෙදෙහො සහමච්චෙහි, පත්තී ගුණමුපාගමි.
ඉක්බිති ඒ වේදේහ ක්ෂත්රිය තෙමේ මොහොතක් ගොස් යානයෙන් බැස අමාත්‍යයන් සමග ගුණ’ නම් වූ ආජීවකයා ළඟට පයින්ම ගමන් කළේය.
“යෙපි තත්ථ තදා ආසුං, බ්රාහ්මණිබ්භා සමාගතා; න තෙ අපනයී රාජා, අකතං භූමිමාගතෙ”ති.
පළමුව එහි ගිය බ්‍රාහ්මණයෝ ද, ධනවන්තයෝ ද වූහ. නමුත් රජුට අවකාස ලබාදීම සඳහා ඒ පිරිස එතනින් බැහැර නොකළහ.
තත්ථ තස්ස යානන්ති තස්ස රඤ්ඤො රථං යොජයිංසු. දන්තන්ති දන්තමයං. රූපියපක්ඛරන්ති රජතමයඋපක්ඛරං. සුක්කමට්ඨපරිවාරන්ති පරිසුද්ධාඵරුසපරිවාරං. දොසිනා මුඛන්ති විගතදොසාය රත්තියා මුඛං විය, චන්දසදිසන්ති අත්ථො. තත්රාසුන්ති තත්ර අහෙසුං. කුමුදාති කුමුදවණ්ණා. සින්ධවාති සින්ධවජාතිකා. අනිලූපමසමුප්පාතාති වාතසදිසවෙගා. සෙතච්ඡත්තන්ති තස්මිං රථෙ සමුස්සාපිතං ඡත්තම්පි සෙතං අහොසි. සෙතරථොති සොපි රථො සෙතොයෙව. සෙතස්සාති අස්සාපි සෙතා. සෙතබීජනීති බීජනීපි සෙතා. නිය්යන්ති තෙන රථෙන නිග්ගච්ඡන්තො අමච්චගණපරිවුතො වෙදෙහරාජා චන්දො විය සොභති.
එහි තස්සයානං යනු ඒ රජුට රථයක් යෙදවූහ. දන්තං යනු දන්තමය. රූපිය පක්ඛරං රිදියෙන් කළ කැටයම්. සුක්කමට්ඨපරිවාරං යනු පිරිසිදු ඵරුෂ නොවූ රිය පිරිවර, දොසිනා මුඛං දොස් රහිත වූ, රාත්‍රිය මුඛය මෙන්, චන්ද්‍රයා හා සමාන යන අර්ථයි. තත්රාසුං යනු එහි වූහ. කුමුදානි කුමුදු වර්ණයෙන් යුත්. සින්ධවා අශ්ව වර්ග. අනිලූපමසමුප්පාතා වාතයට සමාන වේ ඇති. සෙතං ඡත්තං ඒ රථයෙහි ඔසවන ලද ඡත්රය ද සුදු වර්ණයෙන් යුක්ත විය. සෙත රථො ඒ රථයද සුදුය. සෙතස්සා යනු අශ්වයෝ ද සුදුය. සෙතවිජනී යනු විජිනිපත් ද සුදුපාටය. නිය්යං යනු ඒ රථයෙන් ගෙනයන්නා වූ ඇමැතියන් පිරිවැරූ විදේහ රජු චන්ද්‍රයා මෙන් බැබළුනේය.
නරවරාධිපන්ති නරවරානං අධිපතිං රාජාධිරාජානං. සො මුහුත්තංව යායිත්වාති සො රාජා මුහුත්තෙනෙව උය්යානං ගන්ත්වා. පත්තී ගුණමුපාගමීති පත්තිකොව ගුණං ආජීවකං උපාගමි. යෙපි තත්ථ තදා ආසුන්ති යෙපි තස්මිං උය්යානෙ තදා පුරෙතරං ගන්ත්වා තං ආජීවකං පයිරුපාසමානා නිසින්නා අහෙසුං. න තෙ අපනයීති අම්හාකමෙව දොසො, යෙ මයං පච්ඡා අගමිම්හා, තුම්හෙ මා චින්තයිත්ථාති තෙ බ්රාහ්මණෙ ච ඉබ්භෙ ච රඤ්ඤොයෙව අත්ථාය අකතං අකතොකාසං භූමිං සමාගතෙ න උස්සාරණං කාරෙත්වා අපනයීති.
නරවරාධිපං මනුෂ්‍යයන්ට අධිපති රාජාධිරාජ වූ සො මුහුත්තං ව යාඨිත්වා ඒ රජු මොහොතකින් ම උයනට ගොස් පත්තිගුණමුපාගමි පයින්ම ගුණ නම් වූ ආජීවකයා වෙතට ගියේය. යෙපි තත්ථ තදා ආසුං යනු යමෙක් ඒ උයනෙහි එකල්හි පළමුව ඒ ආජීවකයාව ඇසුරු කරමින් සිටියාහු වෙත්ද, න තෙ අපනයී යනු අපගේම දෝෂයකි. අපි පසුව පැමිණියෙමු. තෙපි නොසෙල්වව් කියා ඒ බ්‍රාහ්මණයන් ද ධනවතුන් ද රජු වෙනුවෙන් ඉඩ ලබාගැනීම සඳහා භූමිමාගතෙ ඉවත් නොකළහ. ඒ ඔහු විවිධ තරාතිරමේ ජනයා පිරිවරාගෙන සිටියේම එකත්පසෙක හිඳ පිළිසඳර කථා කෙළේය.
තාය පන ඔමිස්සකපරිසාය පරිවුතොව එකමන්තං නිසීදිත්වා පටිසන්ථාරමකාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඒ කාරණය ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“තතො සො මුදුකා භිසියා, මුදුචිත්තකසන්ථතෙ; මුදුපච්චත්ථතෙ රාජා, එකමන්තං උපාවිසි.
ඉක්බිති ඒ රජතෙමේ මෘදු ස්පර්ශ ඇති මුදු ඇතිරිලි ඇති, මුදු පස තුරුණුයෙන් යුත් මොළොක් බිස්සෙක එකත්පස්ව හිඳගත්තේය.
“නිසජ්ජ රාජා සම්මොදි, කථං සාරණියං තතො; ‘කච්චි යාපනියං භන්තෙ, වාතානමවියග්ගතා.
ඉක්බිති රජතුමා එහි හිඳ සුවදුක් විචාරණ කථා කළේය. ස්වාමීනි, කෙසේද, යැපීම. කිම ඔබවහන්ගේ ශරීරයේ වායෝධාතුව වෙනසක් නැතිව පවතීද?
‘කච්චි අකසිරා වුත්ති, ලභසි පිණ්ඩයාපනං; අප්පාබාධො චසි කච්චි, චක්ඛුං න පරිහායති’.
කිම! දිවිපැවැත්ම දුක් රහිතද? කිම ආහාරපාන ලැබෙයිද? අල්ප වූ ආබාධ ඇතිව වසන්නෙහිද? කිම ඔබතුමන්ගේ චක්ෂුන්ද්රිය දුබල නොවේද?
තං ගුණො පටිසම්මොදි, වෙදෙහං විනයෙ රතං; ‘යාපනීයං මහාරාජ, සබ්බමෙතං තදූභයං.
ගුණ නම් නිඝණ්ඨ තෙමේ, විනයෙහි ඇලුනා වූ වේදේහ රජ සුවදුක් විචාරීම් කථාවට පිළිතුරු දුන්නේය. මහරජ, ඒ සියල්ල සුවපහසු ලෙස පවතී. අසන ලද ඉතිරි කරුණු දෙක ද යහපත්ය.
‘කච්චි තුය්හම්පි වෙදෙහ, පච්චන්තා න බලීයරෙ; කච්චි අරොගං යොග්ගං තෙ, කච්චි වහති වාහනං; කච්චි තෙ බ්යාධයො නත්ථි, සරීරස්සුපතාපියා’.
කිම වේදේහ මහරජ, කිම ප්රත්යන්තයන් නොකිපේද? නිරෝගීද? වාහනය කෙසේද? ශරීරය පීඩාවට පත්කරන රෝගාබාධ නැද්ද?
“පටිසම්මොදිතො රාජා, තතො පුච්ඡි අනන්තරා; අත්ථං ධම්මඤ්ච ඤායඤ්ච, ධම්මකාමො රථෙසභො.
පිළිසඳර කථාවෙන් සතුටට පත් රජතෙමේ අනතුරුව ප්‍රශ්නයක් විචාළේය. ධර්මය කැමති රජතුමා අර්ථ ධර්ම න්‍යායන් පිළිබඳව විචාළේය.
‘කථං ධම්මං චරෙ මච්චො, මාතාපිතූසු කස්සප; කථං චරෙ ආචරියෙ, පුත්තදාරෙ කථං චරෙ.
කාශ්‍යපය, කෙසේ නම් මිනිසා මාපියන් කෙරෙහි ධර්මානුකූලව හැසිරේද? ගුරුවරුන් කෙරෙහි කෙසේ හැසිරේද? දූ දරුවන් කෙරෙහි කෙසේ හැසිරේද?
‘කථං චරෙය්ය වුඩ්ඪෙසු, කථං සමණබ්රාහ්මණෙ; කථඤ්ච බලකායස්මිං, කථං ජනපදෙ චරෙ.
වැඩිමහල්ලන් කෙරෙහි කෙසේ හැසිරේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද? බලකායයන්හි කෙසේ හැසිරේද? කෙසේනම් ජනපදිකයන් කෙරේ හැසිරේද?
‘කථං ධම්මං චරිත්වාන, මච්චා ගච්ඡන්ති සුග්ගතිං; කථඤ්චෙකෙ අධම්මට්ඨා, පතන්ති නිරයං අථො’”ති.
කෙසේ නම් ධර්මයෙහි හැසිර පසුව සුගතියට යයිද? කෙසේනම් ඇතැමෙක් අධර්මයෙහි පිහිටියාහු පහත නිරයට වැටෙත්ද?
තත්ථ මුදුකා භිසියාති මුදුකාය සුඛසම්ඵස්සාය භිසියා. මුදුචිත්තකසන්ථතෙති සුඛසම්ඵස්සෙ චිත්තත්ථරණෙ. මුදුපච්චත්ථතෙති මුදුනා පච්චත්ථරණෙන පච්චත්ථතෙ. සම්මොදීති ආජීවකෙන සද්ධිං සම්මොදනීයං කථං කථෙසි. තතොති තතො නිසජ්ජනතො අනන්තරමෙව සාරණීයං කථං කථෙසීති අත්ථො. තත්ථ කච්චි යාපනියන්ති කච්චි තෙ, භන්තෙ, සරීරං පච්චයෙහි යාපෙතුං සක්කා. වාතානමවියග්ගතාති කච්චි තෙ සරීරෙ ධාතුයො සමප්පවත්තා, වාතානං බ්යග්ගතා නත්ථි, තත්ථ තත්ථ වග්ගවග්ගා හුත්වා වාතා න බාධයන්තීති අත්ථො.
එහි මුදුකාභිසියා යනු මෘදු වූ සුවපහසු ස්පර්ශ ඇති බිස්සෙහි, මුදුචිත්තකලන්දකෙ. සුව ස්පර්ශ ඇති ඇතිරියෙනි. මුදුපච්චත්ථතෙ මෘදු වූ ඇතිරියෙන්. සම්මොදි ආජීවක සමග සතුටු සාමීචි කථා පැවැත්වීය. තතො යනු එහි හිඳීමෙන් අනතුරුව සුවදුක් ඇසීමේ කථා කළේය යන අර්ථයි. එහි කච්චියාපානීයං කිම ස්වාමීනි, ඔබගේ ශරීරය ප්රත්යයන්ගෙන් යැපෙන්නට හැකිද? වාතානමවිසග්ගතා යනු කිම ඔබගේ ශරීරයේ වායෝධාතු මනාව පවතීද? වාතයන්ගේ භේදයක් නැද්ද? ඒ ඒ තැන්වල කොටස් කොටස් වී වායුහු බාධා නොකරත්ද?
අකසිරාති නිද්දුක්ඛා. වුත්තීති ජීවිතවුත්ති. අප්පාබාධොති ඉරියාපථභඤ්ජකෙනාබාධෙන විරහිතො . චක්ඛුන්ති කච්චි තෙ චක්ඛුආදීනි ඉන්ද්රියානි න පරිහායන්තීති පුච්ඡති. පටිසම්මොදීති සම්මොදනීයකථාය පටිකථෙසි. තත්ථ සබ්බමෙතන්ති යං තයා වුත්තං වාතානමවියග්ගතාදි, තං සබ්බං තථෙව. තදුභයන්ති යම්පි තයා “අප්පාබාධො චසි කච්චි, චක්ඛුං න පරිහායතී”ති වුත්තං, තම්පි උභයං තථෙව.
අකසිරා යනු නිදුක්ද? වුත්ති යනු ජීවිකා වෘත්තිය. අප්පාබාධො යනු ඉරියව් බිඳින්නා වූ බාධකයන්ගෙන් තොර වූ කච්චිවො යනු චක්ෂු ආදී ඉන්ද්රියයන් නොපිරිහේදැයි විචාරයි. පටිසම්මොදි යනු සුවදුක් ඇසීමේ කථා පෙරළා කළේය. එහි සබ්බමෙතං යනු යමක් ඔබ විසින් කියන ලදද වාතයන්ගේ විරුද්ධ බවක් නැති, ඒ සියල්ල ඒ අයුරින්ම පවතී. තදුභයං යනු යමක් ඔබ විසින් අප්පාබාධොවසි කච්චි චක්ඛුං නපරිහායති අල්ප වූ ආබාධ ඇත්තෙහි. කිම ඇස නොපිරිහේද යනුවෙන් කියන ලද ඒ කාරණා දෙකද එන්සේ පවතී.
න බලීයරෙති නාභිභවන්ති න කුප්පන්ති. අනන්තරාති පටිසන්ථාරතො අනන්තරා පඤ්හං පුච්ඡි. තත්ථ අත්ථං ධම්මඤ්ච ඤායඤ්චාති පාළිඅත්ථඤ්ච පාළිඤ්ච කාරණයුත්තිඤ්ච . සො හි “කථං ධම්මං චරෙ”ති පුච්ඡන්තො මාතාපිතුආදීසු පටිපත්තිදීපකං පාළිඤ්ච පාළිඅත්ථඤ්ච කාරණයුත්තිඤ්ච මෙ කථෙථාති ඉමං අත්ථඤ්ච ධම්මඤ්ච ඤායඤ්ච පුච්ඡති. තත්ථ කථඤ්චෙකෙ අධම්මට්ඨාති එකච්චෙ අධම්මෙ ඨිතා කථං නිරයඤ්චෙව අථො සෙසඅපායෙ ච පතන්තීති සබ්බඤ්ඤුබුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකමහාබොධිසත්තෙසු පුරිමස්ස පුරිමස්ස අලාභෙන පච්ඡිමං පච්ඡිමං පුච්ඡිතබ්බකං මහෙසක්ඛපඤ්හං රාජා කිඤ්චි අජානන්තං නග්ගභොග්ගං නිස්සිරිකං අන්ධබාලං ආජීවකං පුච්ඡි.
න බලීයරෙ අභිභවනය නොකරත්. නොකිපෙත්. අන්තරා යනු පිළිසඳරෙන් අනතුරුව ප්‍රශ්න විචාළේය. එහි අත්ථං ධම්මංච ඤායඤ්ච යනු පාළි අර්ථයද පෙළද යුක්තිය සාධාරණයද ගැන විචාළේය. එහි කථඤ්චෙකෙ අධම්මඨා යනු ඇතැමෙක් අධර්මයෙහි සිටියාහු කෙසේනම් නිරයටද පහත සෙසු අපායන්හිද වැටෙත් යනාදී සර්වඥ බුද්ධ, පසේබුදු, බුද්ධශ්රාවක මහාබෝධි සත්ත්වයන් කෙරෙහි කලින් කලින් ඇතිදේ නොලද කල්හි පසුව පසුව විචාරිය යුතු මහේශාක්‍ය ප්‍රශ්නයක් රජතෙමේ කිසිවක් නොදන්නා වූ බැබලීමක් නැති නග්නයන් විසින් අනුභව කළහැකි අඳබාල ආජීවකයාගෙන් විචාළේය.
සොපි එවං පුච්ඡිතො පුච්ඡානුරූපං බ්‍යාකරණං අදිස්වා චරන්තං ගොණං දණ්ඩෙන පහරන්තො විය භත්තපාතියං කචවරං ඛිපන්තො විය ච “සුණ, මහාරාජා”ති ඔකාසං කාරෙත්වා අත්තනො මිච්ඡාවාදං පට්ඨපෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
ඔහු මෙසේ විචාරණ ලද්දේ ඇසූ දෙයට ගැලපෙන විවරණයක් නොදී යන්නා වූ ගොනාට හොටෙන් අනින්නාක් මෙන් බත් පාත්‍රයෙහි කසල දමන්නාක් මෙන් මහරජතුමනි, අසන්න යැයි අවකාස ලබාගෙන තමන්ගේ මිථ්‍යාවාදය පිහිටුවීය. මේ කාරණය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“වෙදෙහස්ස වචො සුත්වා, කස්සපො එතදබ්රවි; ‘සුණොහි මෙ මහාරාජ, සච්චං අවිතථං පදං.
වේදේහගේ වචනය අසා කාශ්‍යප තෙමේ මෙසේ කීය. මහරජතුමනි, මාගේ සත්‍ය වූ මේ පදය අසන්න.
‘නත්ථි ධම්මචරිතස්ස, ඵලං කල්යාණපාපකං; නත්ථි දෙව පරො ලොකො, කො තතො හි ඉධාගතො.
හොඳ හෝ නරක රැස්කරන කර්මයන්ගේ ඵලයක් නැත. රජතුමනි, මෙහි ආ තැනැත්තාට මෙයින් එහා පරලොවක් නැත.
‘නත්ථි දෙව පිතරො වා, කුතො මාතා කුතො පිතා; නත්ථි ආචරියො නාම, අදන්තං කො දමෙස්සති.
දේවයිනි, පියවරු නැත. මවක් කොයින්ද? පියෙක් කොයින්ද? ගුරුවරයෙක් කොයින්ද? දමනය නොවූවාහු කවරෙක් දමනය කරන්නේද?
‘සමතුල්යානි භූතානි, නත්ථි ජෙට්ඨාපචායිකා; නත්ථි බලං වීරියං වා, කුතො උට්ඨානපොරිසං; නියතානි හි භූතානි, යථා ගොටවිසො තථා.
සත්ත්වයෝ වනාහි සමාන වෙත්. වැඩිමල් අයට ගරු කරන්නේ නැත. බලයක් හෝ වීර්යයක් හෝ නැත. උට්ඨාන වීර්යයෙන් යුත් පුරුෂයෙක් කොයින්ද? සත්ත්වයෝ වනාහි නියතයහ. ගෝට විසය මෙනි. නැව හැර නොයන ගල්වන මෙන් සත්ත්වයෝ නියමය අනුව යති.
‘ලද්ධෙය්යං ලභතෙ මච්චො, තත්ථ දානඵලං කුතො; නත්ථි දානඵලං දෙව, අවසො දෙවවීරියො.
මනුෂ්‍යයා ලැබිය යුතු දෙය ලබයි. එහි දාන ඵලයක් කොයින්ද? රජතුමනි, දාන ඵලයක් නැත. ඔහු වීර්යය නැත්තෙකි.
‘බාලෙහි දානං පඤ්ඤත්තං, පණ්ඩිතෙහි පටිච්ඡිතං; අවසා දෙන්ති ධීරානං, බාලා පණ්ඩිතමානිනො’”ති.
නුණුවනයන්, බාලයන් විසින් දානය පනවන ලදී. පණ්ඩිතයන් විසින් භාරගන්නා ලදී. පණ්ඩිතමානී වූ බාලයෝ ධීරයන්ට දෙත්.
තත්ථ ඉධාගතොති තතො පරලොකතො ඉධාගතො නාම නත්ථි. නත්ථි දෙව පිතරො වාති දෙව, අය්යකපෙය්යකාදයො වා නත්ථි, තෙසු අසන්තෙසු කුතො මාතා කුතො පිතා. යථා ගොටවිසො තථාති ගොටවිසො වුච්චති පච්ඡාබන්ධො, යථා නාවාය පච්ඡාබන්ධො නාවමෙව අනුගච්ඡති, තථා ඉමෙ සත්තා නියතමෙව අනුගච්ඡන්තීති වදති. අවසො දෙවවීරියොති එවං දානඵලෙ අසති යො කොචි බාලො දානං දෙති, සො අවසො අවීරියො න අත්තනො වසෙන බලෙන දෙති, දානඵලං පන අත්ථීති සඤ්ඤාය අඤ්ඤෙසං අන්ධබාලානං සද්දහිත්වා දෙතීති දීපෙති. බාලෙහි දානං පඤ්ඤත්තන්ති “දානං දාතබ්බ”න්ති අන්ධබාලෙහි පඤ්ඤත්තං අනුඤ්ඤාතං, තං දානං බාලායෙව දෙන්ති, පණ්ඩිතා පටිග්ගණ්හන්ති.
එහි ඉධාගතො යනු එයින්, පරලොවින් මෙහි ආ කෙනෙක් නම් නැත. පිතරොවා දේවයන් වහන්ස, පියාගේ පියා හෝ නැත. ඔවුන් නැති කල්හි මවක් කොයින්ද, පියෙක් කොයින්ද? යථා ගොටවිසො ගොටවිස නම් පස්සෙන් ගැටගසන ලද, යම්සේ නැව පසුපස බඳින ලද දෙය නැව අනුවම පසුපස යයි. එපරිද්දෙන් මේ සත්ත්වයෝ නියත වශයෙන් පසුපස යත්යැයි කියයි. අවසො දෙවපිරියො මෙසේ දානඵලයක් නැති කල්හි යම්කිසි බාලයෙක් දෙයි ද ඔහු වීර්ය නැතිව තමන් යටත් නැතිව වීර්ය නැතිව බලයෙන් නොදෙයි. දානඵලය වනාහි ඇත්තේයැයි ඇත යන හැඟීමෙන් අනිකුත් අඳබාලයන් විශ්වාස කොට දෙන්නේ යැයි දක්වයි. බාලෙහි දානං පච්චත්තං යනු දානය දිය යුතුයැයි අඳබාලයන් විසින් පනවන ලදී. අනුදැන ඇත. බාලයෝ දෙති. පණ්ඩිතයෝ ගනිත්.
එවං දානස්ස නිප්ඵලතං වණ්ණෙත්වා ඉදානි පාපස්ස නිප්ඵලභාවං වණ්ණෙතුං ආහ –
මෙසේ දානයාගේ නිෂ්ඵලතාවය වර්ණනාකර දැන් පාපයාගේ විපාකයක් නැති බව වර්ණනා කරමින් කීය.
“සත්තිමෙ සස්සතා කායා, අච්ඡෙජ්ජා අවිකොපිනො; තෙජො පථවී ආපො ච, වායො සුඛං දුඛඤ්චිමෙ; ජීවෙ ච සත්තිමෙ කායා, යෙසං ඡෙත්තා න විජ්ජති.
තේජෝ, පඨවි, ආපෝ, වායු, සුඛ, දුක්ඛ යන මේවාත් ජීවය යන සත්වැන්නත් යන මේ සමූහයෝ නොසිඳිය හැක්කහ. කෝප නොකළ යුතුය. මේවායේ සිඳීමක් විද්‍යමාන නොවේ.
“නත්ථි හන්තා ව ඡෙත්තා වා, හඤ්ඤෙ යෙවාපි කොචි නං; අන්තරෙනෙව කායානං, සත්ථානි වීතිවත්තරෙ.
නසන්නෙක් නැත. සිඳින්නෙක් හෝ නැත. යමෙක් නසන්නේද ඔහු ද නැත. මේ සප්තකායයන් අතර ම හැසිරෙත්.
“යො චාපි සිරමාදාය, පරෙසං නිසිතාසිනා; න සො ඡින්දති තෙ කායෙ, තත්ථ පාපඵලං කුතො.
යමෙක් තියුණු කඩුවකින් යමකුගේ හිස සිඳින්නේද ඔහු ද කායයන් නොසිඳෙන්නේය. එහි පාපයෙහි ඵලයක් කොයින්ද?
“චුල්ලාසීතිමහාකප්පෙ, සබ්බෙ සුජ්ඣන්ති සංසරං; අනාගතෙ තම්හි කාලෙ, සඤ්ඤතොපි න සුජ්ඣති.
සියල්ලෝම සූ අසූමහා කල්පයක් සසර හැසිරෙමින් පිරිසිදු වෙත්. අනාගතයෙහි සංයමයට පත්වූවකු පවා පිරිසිදු නොවේ.
“චරිත්වාපි බහුං භද්‍රං, නෙව සුජ්ඣන්තිනාගතෙ; පාපඤ්චෙපි බහුං කත්වා, තං ඛණං නාතිවත්තරෙ.
පිළිවෙලින් අපගේ පාරිශුද්ධිය චූල අසීති කල්පයකින් සිදුවන්නේය. වෙරළ ඉක්මවා නොයන සාගරය මෙන් නියතිය නොඉක්මවමු. බොහෝ යහපත කිරීමෙන් ද ඒ කාලය පැමිණෙන තෙක් පිරිසිදු නොවේ.
“අනුපුබ්බෙන නො සුද්ධි, කප්පානං චුල්ලසීතියා; නියතිං නාතිවත්තාම, වෙලන්තමිව සාගරො”ති.
තත්ථ කායාති සමූහා. අවිකොපිනොති විකොපෙතුං න සක්කා. ජීවෙති ජීවො. “ජීවො”තිපි පාඨො, අයමෙව අත්ථො. සත්තිමෙ කායාති ඉමෙ සත්ත කායා. හඤ්ඤෙ යෙවාපි කොචි නන්ති යො හඤ්ඤෙය්ය, සොපි නත්ථෙව. වීතිවත්තරෙති ඉමෙසං සත්තන්නං කායානං අන්තරෙයෙව චරන්ති , ඡින්දිතුං න සක්කොන්ති. සිරමාදායාති පරෙසං සීසං ගහෙත්වා. නිසිතාසිනාති නිසිතෙන අසිනා ඡින්දති, න සො ඡින්දතීති සොපි තෙ කායෙ න ඡින්දති, පථවී පථවිමෙව උපෙති, ආපාදයො ආපාදිකෙ, සුඛදුක්ඛජීවා ආකාසං පක්ඛන්දන්තීති දස්සෙති.
එහි කායා යනු සමූහයෝ. අවිකොපිනො කෝප කරන්නට නොහැකිය. ජීවෙ ච යනු ජීවියකු. ජීවො ච කියා ද පාඨයක් ඇත. මේ අර්ථයමය. සත්තිමෙ කායා යනු මේ සප්ත කායයෝ, හඤ්ඤරෙවා කොචිනං යනු යමෙක් නසන්නේ ද ඔහු ද නොවන්නේය. වීතිවත්තරෙ යනු මේ කාණ්ඩ සත අතරෙහිම හැසිරෙත්. සිඳින්නට නොහැකි වෙත්. සිරමාදාය අනුන්ගේ හිස ගෙන. නිසිතාසිනා තියුණු අවියකින් සිඳින්නේ යැයි කියයි. ඔහු ද ඒ කායයන් නො සිඳියි. පඨවි කොටස පඨවි කොටසටම එකතු වෙයි. පා නැත්තෝ සුවදුක් ජීවිකා ඇත්තාහු අහසට පනිත් යැයි දක්වයි.
සංසරන්ති මහාරාජ, ඉමෙ සත්තා ඉමං පථවිං එකමංසඛලං කත්වාපි එත්තකෙ කප්පෙ සංසරන්තා සුජ්ඣන්ති. අඤ්ඤත්ර හි සංසාරා සත්තෙ සොධෙතුං සමත්ථො නාම නත්ථි, සබ්බෙ සංසාරෙනෙව සුජ්ඣන්ති. අනාගතෙ තම්හි කාලෙති යථාවුත්තෙ පන එතස්මිං කාලෙ අනාගතෙ අප්පත්තෙ අන්තරා සඤ්ඤතොපි පරිසුද්ධසීලොපි න සුජ්ඣති. තං ඛණන්ති තං වුත්තප්පකාරං කාලං. අනුපුබ්බෙන නො සුද්ධීති අම්හාකං වාදෙ අනුපුබ්බෙන සුද්ධි, සබ්බෙසං අම්හාකං අනුපුබ්බෙන සුද්ධි භවිස්සතීති අත්ථො. ඉති සො උච්ඡෙදවාදො අත්තනො ථාමෙන සකවාදං නිප්පදෙසතො කථෙසීති.
සංසරං යනු මහරජ, මේ සත්ත්වයෝ මේ පොළව එක් මස්ගුලියක් කොටද මෙපමණ කල්ප ගණනක් හැසිරෙන්නාහු ශුද්ධ වෙත්. සසරින් වෙනත් තැනක සත්ත්වයන් ශුද්ධ කරන්නට සමර්ථයෙක් නම් නැත. සියල්ලෝම සසරින්ම ශුද්ධ වෙත්. අනාගතෙ තම්හි කාලෙ කියන ලද පරිදි එක්කලෙක අනාගතයෙහි පරිශුද්ධ ස්වභාව ඇත්තා ද ශුද්ධ නොවේ. තං ඛණං ඒ කියන ලද ආකාර ඇති කාලය අනුපුබ්බෙන නො යනු අපගේ වාදයෙහි පිළිවෙලින් ශුද්ධිය වෙයි. අප සියළු දෙනාටම පිළිවෙලින් පාරිශුද්ධිය වන්නේය යන අර්ථයි. ඉක්බිති හෙතෙම උච්ඡේදවාදය තමන්ගේ ධෛර්යයෙන් සියවාදය දක්වමින් මෙසේ කීය.
“කස්සපස්ස වචො සුත්වා, අලාතො එතදබ්රවි; “යථා භදන්තො භණති, මය්හම්පෙතංව රුච්චති.
කස්සපයන්ගේ වචනය අසා අලාක තෙමේ මෙසේ කීය. ඔබවහන්සේලා යම්සේ කියයිද මට ද එයම රුචිවෙයි.
‘අහම්පි පුරිමං ජාතිං, සරෙ සංසරිතත්තනො; පිඞ්ගලො නාමහං ආසිං, ලුද්දො ගොඝාතකො පුරෙ.
මම ද තමාගේ පැරණි ජීවිතය ගැන සිහිපත් කරන්නෙමි. මම ද පෙර පිංගලක නමින් ගවයන් ඝාතනය කරන වැද්දෙක් වීමි.
‘බාරාණසියං ඵීතායං, බහුං පාපං මයා කතං; බහූ මයා හතා පාණා, මහිංසා සූකරා අජා.
සම්පත් ඇති බරණැස් නුවර සිට මා විසින් බොහෝ පව් කරන ලදී. මා විසින් බොහෝ මීගවයන්, ඌරන්, එළුවන් ආදී බොහෝ ප්‍රාණීන් නසන ලදී.
‘තතො චුතො ඉධ ජාතො, ඉද්ධෙ සෙනාපතීකුලෙ; නත්ථි නූන ඵලං පාපං, යොහං න නිරයං ගතො’”ති.
එයින් චුත වූයේ මෙහි ඍද්ධිමත් වූ සේනාපති කුලයක උපන්නේ වෙමි. ඒකාන්තයෙන් පාපයේ ඵලයක් නැත. ඒ මම නිරයට නොගියෙමි.
තත්ථ අලාතො එතදබ්රවීති සො කිර කස්සපදසබලස්ස චෙතියෙ අනොජපුප්ඵදාමෙන පූජං කත්වා මරණසමයෙ අඤ්ඤෙන කම්මෙන යථානුභාවං ඛිත්තො සංසාරෙ සංසරන්තො එකස්ස පාපකම්මස්ස නිස්සන්දෙන ගොඝාතකකුලෙ නිබ්බත්තිත්වා බහුං පාපමකාසි. අථස්ස මරණකාලෙ භස්මපටිච්ඡන්නො විය අග්ගි එත්තකං කාලං ඨිතං තං පුඤ්ඤකම්මං ඔකාසමකාසි. සො තස්සානුභාවෙන ඉධ නිබ්බත්තිත්වා තං විභූතිං පත්තො, ජාතිං සරන්තො පන අතීතානන්තරතො පරං පරිසරිතුං අසක්කොන්තො “ගොඝාතකකම්මං කත්වා ඉධ නිබ්බත්තොස්මී”ති සඤ්ඤාය තස්ස වාදං උපත්ථම්භෙන්තො ඉදං “යථා භදන්තො භණතී”තිආදිවචනං අබ්‍රවි. තත්ථ සරෙ සංසරිතත්තනොති අත්තනො සංසරිතං සරාමි. සෙනාපතීකුලෙති සෙනාපතිකුලම්හි.
එහි අලාතො එතදබ්රවී යනු ඔහු වනාහි කසුප් බුදුන්ගේ චෛත්‍යයන් කටුකරඬු මල්දමකින් පුදා කොට මරණ කාලයෙහි වෙනත් කර්මයකින් අනුභාවය පරිදි සසර හැසිරෙන්නේ එක් පාපකර්මයක් ගලායාමෙන් ගවඝාතක කුලයක ඉපිද බොහෝ පව් කළේය. ඉක්බිති ඔහු මියයන කල්හි අලුයම සැඟවී තිබුණු ගිනිපුපුරක් මෙන් මෙත්තෙක් කල් සැඟවී තිබුණු ඒ පුණ්‍යකර්මයට ඉඩ ලැබුනේය. ඔහු ඒ ආනුභාවයෙන් මෙලොව ඉපිද ඒ සැපතට පත්වූයේ තම ජාතිය ගැන සිහිපත් කරන්නේ පසුගිය ආත්මයට කලින් තත්ත්වය ගැන සිතන්නට නොහැකි වූයේ ගෝඝාතක කර්මය නිසා මෙහි උපන්නෙමියි දැනගෙන ඔහුගේ වාදය තහවුරු කරමින් මෙය යථාභදන්තො ආදී වචන කීවේය. එහි සරෙ සංසරිතත්තනො තමන්ගේ සංචාරය සිහිකරමි. සේනාපතිකුලෙ යනු සේනාපති කුලයෙහි.
“අථෙත්ථ බීජකො නාම, දාසො ආසි පටච්චරී; උපොසථං උපවසන්තො, ගුණසන්තිකුපාගමි.
ඉක්බිති මෙහි බීජක නම් දාසයෙක් දිළින්දෙක් විය. ඔහු උපෝසථයෙහි හැසිරෙන්නේ ගුණ සමූහයකට ළඟාවිය.
“කස්සපස්ස වචො සුත්වා, අලාතස්ස ච භාසිතං; පස්සසන්තො මුහුං උණ්හං, රුදං අස්සූනි වත්තයී”ති.
කස්සපගේ වචනයත් අලාතකගේ කියුමන් අසා හුස්ම නිකුත්කරන්නේ උණු කඳුළු වැගිරවූයේය.
තත්ථ අථෙත්ථාති අථ එත්ථ එතිස්සං මිථිලායං. පටච්චරීති දලිද්දො කපණො අහොසි. ගුණසන්තිකුපාගමීති ගුණස්ස සන්තිකං කිඤ්චිදෙව කාරණං සොස්සාමීති උපගතොති වෙදිතබ්බො.
එහි අථෙත්ථ යනු ඉක්බිති මේ මිථිලාවේ. පළච්චරී යනු දිළිඳු, කෘපණයෙක්. ගුණසන්තිකමුපාගමි ගුණයාගේ සමීපයට, කිසියම් යහපතක් අසන්නෙමියි, එළඹියේ යැයි දතයුතුයි.
“තමනුපුච්ඡි වෙදෙහො, ‘කිමත්ථං සම්ම රොදසි; කිං තෙ සුතං වා දිට්ඨං වා, කිං මං වෙදෙසි වෙදන’”න්ති.
හිතවත, කුමක් නිසා ඔබ හඬන්නෙහිදැයි වේදේහ තෙමේ ඔහුගෙන් ඇසීය. කුමක් ඇසීද? දැක්කේද? කුමන නම් වේදනාවකින් දුක්විඳින්නෙහිද?
තත්ථ කිං මං වෙදෙසි වෙදනන්ති කිං නාම ත්වං කායිකං වා චෙතසිකං වා වෙදනං පත්තොයං, එවං රොදන්තො මං වෙදෙසි ජානාපෙසි, උත්තානමෙව නං කත්වා මය්හං ආචික්ඛාහීති.
එහි කිං මං වෙදෙසි වෙදනං යනු කිම, නුඹ කායික හෝ චෛතසික වේදනාවකට පත්වූයේ මෙසේ හඬන්නේ මට දැන්වූයේ ද, එය නොසඟවා මට කියව.
“වෙදෙහස්ස වචො සුත්වා, බීජකො එතදබ්රවි; ‘නත්ථි මෙ වෙදනා දුක්ඛා, මහාරාජ සුණොහි මෙ.
වේදේහගේ වචනය අසා බීජක තෙමේ මෙසේ කීය. මහරජතුමනි, මට වේදනාවක් හෝ දුකක් නැත. මා කියන දේ අසන්න.
‘අහම්පි පුරිමං ජාතිං, සරාමි සුඛමත්තනො; සාකෙතාහං පුරෙ ආසිං, භාවසෙට්ඨි ගුණෙ රතො.
මම ද තමාගේ සැප ගැන පූර්වජාතීන් සිහිකරමි. මම පෙර ගුණයෙහි ඇළුනු භාවසෙට්ඨි නමින් සාකේතයෙහි විසූයෙමි.
‘සම්මතො බ්රාහ්මණිබ්භානං, සංවිභාගරතො සුචි; න චාපි පාපකං කම්මං, සරාමි කතමත්තනො.
ඒ මම සම්භාවනාවට පත්වූයෙම් යහපත් කර්ම කරන්නෙම් තමා විසින් කරන ලද පාපකර්මයක් සිහිපත් නොකරමි.
‘තතො චුතාහං වෙදෙහ, ඉධ ජාතො දුරිත්ථියා; ගබ්භම්හි කුම්භදාසියා, යතො ජාතො සුදුග්ගතො.
වේදේහය, එතනින් චුත වූ මම මේ නගරයේ දිළිඳු කුම්භදාසී නම් අයහපත් තැනැත්තියගේ කුසෙහි උපන්නෙමි. ඒ මම උපන් දවසේ පටන් අතිශයින් දුක්ඛිත වූයේ වෙමි.
‘එවම්පි දුග්ගතො සන්තො, සමචරියං අධිට්ඨිතො; උපඩ්ඪභාගං භත්තස්ස, දදාමි යො මෙ ඉච්ඡති.
මෙසේ දුප්පත්කමින් යුක්ත වූයේ නමුත් ධාර්මික ලෙස ජීවත් වූයෙම් යමෙක් කැමැති වෙයිද මගේ ආහාරවේලෙන් කොටසක් දෙමි.
‘චාතුද්දසිං පඤ්චදසිං, සදා උපවසාමහං; න චාපි භූතෙ හිංසාමි, ථෙය්යං චාපි විවජ්ජයිං.
සැමකල්හි තුදුස්වක හා පසළොස්වක දිනයන්හි උපෝසථයෙහි යෙදුනෙමි. සත්ත්වයන්ට හිංසාද නොකරමි. සොරකමද අත්හළෙමි.
‘සබ්බමෙව හි නූනෙතං, සුචිණ්ණං භවති නිප්ඵලං; නිරත්ථං මඤ්ඤිදං සීලං, අලාතො භාසතී යථා.
මේ සියළුම පිරිසිදුබව ඒකාන්තයෙන් නිෂ්ඵල වෙයි. මේ සීලය නිරර්ථක බව වැටහින. මේ අලාත සෙනෙවියා කියන්නාක් මෙනි.
‘කලිමෙව නූන ගණ්හාමි, අසිප්පො ධුත්තකො යථා; කටං අලාතො ගණ්හාති, කිතවොසික්ඛිතො යථා.
යම්සේ නූගත් සූදුකාරයා පරාජයම ලබන්නාක් මෙන් මම ද දැන් දුක් විඳිමි. යම්සේ කපටි වූ උගත් අලාත සේනාපතියා හැර බොහෝ පව්කොට උසස් තනතුරක් ලබයි.
‘ද්වාරං නප්පටිපස්සාමි, යෙන ගච්ඡාමි සුග්ගතිං; තස්මා රාජ පරොදාමි, සුත්වා කස්සපභාසිත’”න්ති.
මහරජතුමනි, සුගතියට යන මාර්ගයක් නොදුටිමි. ඒ නිසා කස්සපගේ වචනය අසා හඬමි. වැලපෙමි.
තත්ථ භාවසෙට්ඨීති එවංනාමකො අසීතිකොටිවිභවො සෙට්ඨි. ගුණෙ රතොති ගුණම්හි රතො. සම්මතොති සම්භාවිතො සංවණ්ණිතො. සුචීති සුචිකම්මො. ඉධ ජාතො දුරිත්ථියාති ඉමස්මිං මිථිලනගරෙ දලිද්දියා කපණාය කුම්භදාසියා කුච්ඡිම්හි ජාතොස්මීති. සො කිර පුබ්බෙ කස්සපබුද්ධකාලෙ අරඤ්ඤෙ නට්ඨං බලිබද්දං ගවෙසමානො එකෙන මග්ගමූළ්හෙන භික්ඛුනා මග්ගං පුට්ඨො තුණ්හී හුත්වා පුන තෙන පුච්ඡිතො කුජ්ඣිත්වා “සමණ, දාසා නාම මුඛරා හොන්ති, දාසෙන තයා භවිතබ්බං, අතිමුඛරොසී”ති ආහ. තං කම්මං තදා විපාකං අදත්වා භස්මච්ඡන්නො විය පාවකො ඨිතං. මරණසමයෙ අඤ්ඤං කම්මං උපට්ඨාසි. සො යථාකම්මං සංසාරෙ සංසරන්තො එකස්ස කුසලකම්මස්ස බලෙන සාකෙතෙ වුත්තප්පකාරො සෙට්ඨි හුත්වා දානාදීනි පුඤ්ඤානි අකාසි. තං පනස්ස කම්මං පථවියං නිහිතනිධි විය ඨිතං ඔකාසං ලභිත්වා විපාකං දස්සති. යං පන තෙන තං භික්ඛුං අක්කොසන්තෙන කතං පාපකම්මං, තමස්ස තස්මිං අත්තභාවෙ විපාකං අදාසි. සො අජානන්තො “ඉතරස්ස කල්යාණකම්මස්ස බලෙන කුම්භදාසියා කුච්ඡිම්හි නිබ්බත්තොස්මී”ති සඤ්ඤාය එවමාහ. යතො ජාතො සුදුග්ගතොති සොහං ජාතකාලතො පට්ඨාය අතිදුග්ගතොති දීපෙති.
එහි භාවසෙට්ඨි මේ නම් ඇති අසූ කෝටියක් සම්පත් ඇති සිටුවරයා. ගුණෙ රතො ගුණයෙහි ඇලුනේ. සම්මතො සම්භාවනාවට පත්වූයේ. සුචී. යහපත් කර්ම කරන්නේ ඉධජාතො දුරිත්ථියා යනු මේ මිථිලා නගරයෙහි. දුරිත්ථියා දිළිඳු, කෘපණ වූ, කුම්භදාසියගේ කුසෙහි උපන්නේ වෙමි. ඔහු වනාහි කාශ්‍යප බුදුන් කල්හි වනයෙහි නැති වූ ගවයකු සොයන්නේ, එක් මංමුළා වූ භික්ෂුවක විසින් මාර්ගය ඇසූවිට නිහඬව සිට නැවතත් ඔහු විසින් අසන ලද්දේ කිපී ශ්‍රමණ දාසයෝ වනාහි වාචාලයෝ වෙත්. නුඹ දාසයෙක් විය යුතුයි. අතිශයින් වාචාල වන්නෙහිය කියා කීය. ඒ කර්මය එදා විපාක නොදී අළුයට සැඟවී තිබුනු ගිනි මෙන් සිටියේ වෙනත් කර්මයක් පිහිටට සිටියේය. ඔහු කර්මානුරූපව සසර ඇවිදින්නේ එක් කුසල කර්මයක ඵලයක් ලෙස සාකෙත නගරයේ කියන ලද ස්වභාව ඇති සිටුවරයෙක් වී දානාදී පින්කම් කළේය. ඔහුගේ ඒ කර්මය වනාහි පොළොවෙහි තබන ලද නිධානයක් මෙන් සිටියේ ඉඩක් ලැබුනු විට විපාක දෙන්නේය. යම් ඒ ඔහු විසින් ඒ භික්ෂුවට බැනවැදීම නිසා කරන ලද පාපකර්මය මේ ආත්මභාවයේදී ඔහුට විපාක දුන්නේය. ඔහු මේ ගැන නොදන්නේ වෙනත් හොඳ වැඩක ප්‍රතිඵලයක් ලෙස කුම්භදාසියගේ කුසෙහි පිළිසිඳ ගත්තෙම් වෙමියි යන හැඟීමෙන් මෙසේ කීය. යතො ජාතො සුදුග්ගතො යනු ඒ මම උපන් කාලයේ පටන් අතිශයින් දුකට පත්වූයේ වෙමියි දක්වයි.
සමචරියමධිට්ඨිතොති සමචරියායමෙව පතිට්ඨිතොම්හි. නූනෙතන්ති එකංසෙන එතං. මඤ්ඤිදං සීලන්ති දෙව, ඉදං සීලං නාම නිරත්ථකං මඤ්ඤෙ. අලාතොති යථා අයං අලාතසෙනාපති “මයා පුරිමභවෙ බහුං පාණාතිපාතකම්මං කත්වා සෙනාපතිට්ඨානං ලද්ධ”න්ති භාසති, තෙන කාරණෙනාහං නිරත්ථකං සීලන්ති මඤ්ඤාමි. කලිමෙවාති යථා අසිප්පො අසික්ඛිතො අක්ඛධුත්තො පරාජයග්ගාහං ගණ්හාති, තථා නූන ගණ්හාමි, පුරිමභවෙ අත්තනො සාපතෙය්යං නාසෙත්වා ඉදානි දුක්ඛං අනුභවාමි. කස්සපභාසිතන්ති කස්සපගොත්තස්ස අචෙලකස්ස භාසිතං සුත්වාති වදති.
සමචරියං අධිට්ඨිතො යනු ධාර්මික දිවිපෙවෙතෙහි පිහිටියේ. නූනෙතං ඒකාන්ත වශයෙන්, මඤ්ඤි දං දං සීලං යනු දේවයන් වහන්ස, මේ සීලය වනාහි නිරර්ථක වූවකැයි සිතමි. අලාතො යනු යම්සේ මේ අලාත සේනාපතියා, තමා කලින් භවයක බොහෝ සතුන් මරා සේනාපති තනතුර ලබන ලදැයි කියයි. ඒ කරුණෙන් මම සීලය අර්ථ රහිත දෙයක්යැයි සිතමි. කලිමෙව යම්සේ ශිල්ප නොදත්, නූගත් සූදු ධූර්තයා පරාජයට පත්වෙයිද, එපරිද්දෙන් ඒකාන්තයෙන්ම කලින් භවයෙහි තමන්ගේ සම්පත විනාශකර දැන් දුක් විඳිමි. කස්සප භාසිතං යනු කාශ්‍යප ගෝත්‍රයේ නිගණ්ඨයාගේ කියුම අසා යැයි කියයි.
“බීජකස්ස වචො සුත්වා, රාජා අඞ්ගති මබ්රවි; ‘නත්ථි ද්වාරං සුගතියා, නියතිං කඞ්ඛ බීජක.
රජතෙම බීජකගේ වචනය අසා අංගාතිට මෙසේ කීය. නියතියම හෙවත් චුල්ලාසීති මහාකල්පය බලන්න. සුගතියට යන දොරටුවක් නැත.
‘සුඛං වා යදි වා දුක්ඛං, නියතියා කිර ලබ්භති; සංසාරසුද්ධි සබ්බෙසං, මා තුරිත්ථො අනාගතෙ.
ඉදින් සැපක් හෝ දුකක් නියතියෙන්ම ලැබෙයි. සියල්ලන්ටම සංසාර ශුද්ධිය කාලයාගේ ඇවෑමෙන් ලැබෙයි. ඔබ ඉක්මන්කාරයෙකි.
‘අහම්පි පුබ්බෙ කල්යාණො, බ්රාහ්මණිබ්භෙසු බ්යාවටො; වොහාරමනුසාසන්තො, රතිහීනො තදන්තරා’”ති.
මම ද පෙර යහපත් වූයේ බ්‍රාහ්මණයන් කෙරෙහි මෙහෙ කරන්නෙක් වීමි. විනිශ්චය තනතුරේ සිටිමින් රාජකාරිය කරන්නෙම්. මෙපමණ කලක් කාමගුණයන්ගෙන් පිරිහුනේ වෙයි.
තත්ථ අඞ්ගති මබ්රවීති පඨමමෙව ඉතරෙසං ද්වින්නං, පච්ඡා බීජකස්සාති තිණ්ණං වචනං සුත්වා දළ්හං මිච්ඡාදිට්ඨිං ගහෙත්වා එතං “නත්ථි ද්වාර”න්තිආදිවචනමබ්රවි. නියතිං කඞ්ඛාති සම්ම බීජක, නියතිමෙව ඔලොකෙහි. චුල්ලාසීතිමහාකප්පප්පමාණො කාලොයෙව හි සත්තෙ සොධෙති, ත්වං අතිතුරිතොති අධිප්පායෙනෙවමාහ. අනාගතෙති තස්මිං කාලෙ අසම්පත්තෙ අන්තරාව දෙවලොකං ගච්ඡාමීති මා තුරිත්ථො. බ්යාවටොති බ්රාහ්මණෙසු ච ගහපතිකෙසු ච තෙසංයෙව කායවෙය්යාවච්චදානාදිකම්මකරණෙන බ්යාවටො අහොසිං. වොහාරන්ති විනිච්ඡයට්ඨානෙ නිසීදිත්වා රාජකිච්චං වොහාරං අනුසාසන්තොව. රතිහීනො තදන්තරාති එත්තකං කාලං කාමගුණරතියා පරිහීනොති.
එහි අංගාතිමබ්රවී යනු පළමුවෙන්ම අනිකුත් දෙදෙනාගේත් පසුව බීජකගේතේ යන තුන්දෙනාගේ වචන අසා දැඩි මිසදිටු ගෙන මේ නත්ථි ද්වාරං යනාදී වචන කීය. නියතිං කංඛා යනු යහළු බීජකය, නියත වශයෙන්ම බලන්න. සුළු අසූවක් මහා කල්පප්රමාණ වූ කාලයක්ම සත්ත්වයන්ව පිරිසිදු කරයි. නුඹ අතිශයින් හදිසි වූවෙක්ය යන අදහසින් මෙසේ කීය. අනාගතෙ යනු ඒ කාලය නොපැමිණි කල්හි අනතුරුව දෙව්ලොව යන්නෙමියි හදිසි නොවව. ව්යාවටො යනු බ්‍රාහ්මණ ගෘහපතියන් අතර ඔවුන්ගේ ශාරීරික වතාවත් දානමාන ආදී කටයුතුවල නිරත වූයේ වෙමි. වොහාරං යනු විනිශ්චය තනතුරෙහි සිට රාජකාරිය ක්‍රියාත්මක කරන්නේ රතිහීනො තදන්තරා යනු මෙපමණ කලක් කාමගුණයන්හි ඇලීමෙන් පිරිහුනේ වෙයි.
එවඤ්ච පන වත්වා “භන්තෙ කස්සප, මයං එත්තකං කාලං පමජ්ජිම්හා, ඉදානි පන අම්හෙහි ආචරියො ලද්ධො, ඉතො පට්ඨාය කාමරතිමෙව අනුභවිස්සාම, තුම්හාකං සන්තිකෙ ඉතො උත්තරි ධම්මස්සවනම්පි නො පපඤ්චො භවිස්සති, තිට්ඨථ තුම්හෙ, මයං ගමිස්සාමා”ති ආපුච්ඡන්තො ආහ –
මෙසේ ද කියා ස්වාමීනි, කස්සප අපි මෙතෙක් කල් ප්‍රමාද වූවෝ වෙමු. දැන් වනාහි අප විසින් ගුරුවරයකු ලබන ලදී. මෙතැන් පටන් කාම රතියම භුක්ති විඳින්නෙමු. නුඹ ළඟ මීට වඩා උසස් බණක් ඇසීම අපට ප්රමාදයකි. නුඹ නතරවන්න. අපි යන්නෙමු යැයි විචාරන්නේ,
“පුනපි භන්තෙ දක්ඛෙමු, සඞ්ගති චෙ භවිස්සතී”ති.
ස්වාමීනි, එක් තැනක අපගේ එක්වීම වන්නේද නැවතද අපි දකිමු.
තත්ථ සඞ්ගති චෙති එකස්මිං ඨානෙ චෙ නො සමාගමො භවිස්සති,නො චෙ, අසති පුඤ්ඤඵලෙ කිං තයා දිට්ඨෙනාති.
එහි සංගතිචෙ යනු ඉදින් එක් තැනක අපගේ රැස්වීම වන්නේද යම්හෙයකින් එසේ නොවන්නේද ඔබ විසින් දකින ලද පින්ඵලයෙන් කවර ප්‍රයෝජනද?
“ඉදං වත්වාන වෙදෙහො, පච්චගා සනිවෙසන”න්ති;
මෙය කියා වේදේහ තෙමේ තම වාසස්ථානයට ගියේය.
තත්ථ සනිවෙසනන්ති භික්ඛවෙ, ඉදං වචනං වෙදෙහරාජා වත්වා රථං අභිරුය්හ අත්තනො නිවෙසනං චන්දකපාසාදතලමෙව පටිගතො.
එහි සනිවෙසනං යනු මහණෙනි, වේදේහ රජු මේ වචනය කියා රථයට නැගී තමන්ගේ වාසස්ථානය වූ චන්දක ප්රාසාදතලයටම නික්ම ගියේය.
රාජා පඨමං ගුණසන්තිකං ගන්ත්වා තං වන්දිත්වා පඤ්හං පුච්ඡි. ආගච්ඡන්තො පන අවන්දිත්වාව ආගතො. ගුණො අත්තනො අගුණතාය වන්දනම්පි නාලත්ථ, පිණ්ඩාදිකං සක්කාරං කිමෙව ලච්ඡති. රාජාපි තං රත්තිං වීතිනාමෙත්වා පුනදිවසෙ අමච්චෙ සන්නිපාතෙත්වා “කාමගුණෙ මෙ උපට්ඨාපෙථ, අහං ඉතො පට්ඨාය කාමගුණසුඛමෙව අනුභවිස්සාමි, න මෙ අඤ්ඤානි කිච්චානි ආරොචෙතබ්බානි, විනිච්ඡයකිච්චං අසුකො ච අසුකො ච කරොතූ”ති වත්වා කාමරතිමත්තො අහොසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජතෙමේ පළමුව ගුණකගේ සමීපයට ගොස් වැඳ ප්‍රශ්නයක් විචාළේය. යන්නේ වනාහි නොවැඳම ගියේය. ගුණ තෙමේ තමාගේ අගුණ බැවින් වැඳීමක් පවා නොලද්දේය. පිණ්ඩපාත ආදී සැලකිලි කෙසේ ලබයිද? රජ තෙමේද ඒ රාත්‍රිය ගතකර පසුදා ඇමැතිවරුන් කැඳවා මට කාමගුණයන් ගෙන එව්යැයි කීය. මම මෙතැන් පටන් කම්සැප ම අනුභව කරන්නෙමි. මට වෙනත් වැඩ නොකිය යුතුයි. විනිශ්චය කිරීමේ කාර්යය අසවල් තැනැත්තාම කරනු ලැබේවා යි කියා කාමවස්තූන්හි ඇලුනු කෙනෙක් විය. ඒ කාරණය ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“තතො රත්යා විවසානෙ, උපට්ඨානම්හි අඞ්ගති; අමච්චෙ සන්නිපාතෙත්වා, ඉදං වචනමබ්රවි.
ඉක්බිති රාත්‍රිය ගතකොට සේවාස්ථානයේ ඇමැතිවරුන් කැඳවා මේ වචන ප්‍රකාශ කෙළේය.
‘චන්දකෙ මෙ විමානස්මිං, සදා කාමෙ විධෙන්තු මෙ; මා උපගච්ඡුං අත්ථෙසු, ගුය්හප්පකාසියෙසු ච.
මාගේ චන්දක ප්‍රාසාදයෙහි සැමකල්හි කාම වස්තූන්ගෙන් උපස්ථාන කෙරෙත්වා. ප්‍රකට හෝ අප්‍රකට කිසිම කටයුත්තක් සඳහා කිසිවකු මා වෙත නොයා යුතුයි.
‘විජයො ච සුනාමො ච, සෙනාපති අලාතකො; එතෙ අත්ථෙ නිසීදන්තු, වොහාරකුසලා තයො’.
විජය, සුනාම, අලාත යන මේ කටයුතු කිරීමෙහි දක්ෂ විනිශ්චය කාර්යයේ දක්ෂ සේනාපතිවරු තුන්දෙනා මා විසින් කළයුතු කටයුතුවල යෙදෙත්.
“ඉදං වත්වාන වෙදෙහො, කාමෙව බහුමඤ්ඤථ; න චාපි බ්රාහ්මණිබ්භෙසු, අත්ථෙ කිස්මිඤ්චි බ්යාවටො”ති.
මෙය කියා වේදේහ තෙම කාමයන්ම බොහෝසෙයින් බලාපොරොත්තු විය. කිසිදු බ්‍රාහ්මණ කාර්යයක නිරත වූයේ නැත.
තත්ථ උපට්ඨානම්හීති අත්තනො උපට්ඨානට්ඨානෙ. චන්දකෙ මෙති මම සන්තකෙ චන්දකපාසාදෙ. විධෙන්තු මෙති නිච්චං මය්හං කාමෙ සංවිදහන්තු උපට්ඨපෙන්තු. ගුය්හප්පකාසියෙසූති ගුය්හෙසුපි පකාසියෙසුපි අත්ථෙසු උප්පන්නෙසු මං කෙචි මා උපගච්ඡුං. අත්ථෙති අත්ථකරණෙ විනිච්ඡයට්ඨානෙ. නිසීදන්තූති මයා කත්තබ්බකිච්චස්ස කරණත්ථං සෙසඅමච්චෙහි සද්ධිං නිසීදන්තූති.
එහි උපඨානම්හි යනු තමාගේ සේවාස්ථානයේ. චන්දකෙ මා සතු චන්දක ප්‍රාසාදයෙහි. විධෙන්තු මෙ නිරන්තරයෙන් මට කාමයන්ම සංවිධානය කරනු ලැබේවා. උවටැන් කරනු ලැබෙත්වා. ගුය්හප්පාකාසියෙසු වා යනු සැඟවුනු හෝ විවෘත හෝ කටයුත්තක් එළඹසිටි කල්හි මා වෙත නොඑත්වා. අත්ථෙ යනු අභිවෘද්ධියත් ඇතිකරන විනිශ්චයෙහි නිසීදන්තු යනු මා විසින් කළයුතු කටයුතු ඉටුකිරීම සඳහා ඉතිරි අමාත්‍යයන් සමග හිඳිත්වා.
“තතො ද්වෙසත්තරත්තස්ස, වෙදෙහස්සත්රජා පියා; රාජධීතා රුචා නාම, ධාතිමාතරමබ්රවි.
ඉක්බිති කාමයන්හි ගැලුනු දවසේ සිට දින දාහතරක් ගත වූ තැන වේදේහයන්ගේ දුවණියක් වූ ප්‍රියමනාප රාජ කන්‍යාවක් රුජා නම් කිරිමවකට මෙසේ කීවාය.
“අලඞ්කරොථ මං ඛිප්පං, සඛියො චාලඞ්කරොන්තු මෙ; සුවෙ පන්නරසො දිබ්යො, ගච්ඡං ඉස්සරසන්තිකෙ.
මාත් මගේ යෙහෙළියන්වත් වහා අලංකාර කෙරෙත්වා. හෙට පසළොස්වක දිනයයි. පියා සමීපයට යන්නෙමු.
“තස්සා මාල්යං අභිහරිංසු, චන්දනඤ්ච මහාරහං; මණිසඞ්ඛමුත්තාරතනං, නානාරත්තෙ ච අම්බරෙ.
ඇයට මල්මාලා වටිනා සඳුන් මැණික්, සක්, මුතු, නානාවර්ණ වස්ත්‍ර ආදිය පිළිගැන්වූහ.
“තඤ්ච සොණ්ණමයෙ පීඨෙ, නිසින්නං බහුකිත්ථියො; පරිකිරිය අසොභිංසු, රුචං රුචිරවණ්ණිනි”න්ති.
ස්වර්ණමය පීඨයෙහි හිඳගත් බොහෝ ස්ත්‍රීන් විසින් පිරිවරාගත් මනා වර්ණයෙන් හෙබි රුජාදේවිය බැබලුනේය.
තත්ථ තතොති තතො රඤ්ඤො කාමපඞ්කෙ ලග්ගිතදිවසතො පට්ඨාය. ද්වෙසත්තරත්තස්සාති චුද්දසමෙ දිවසෙ. ධාතිමාතරමබ්රවීති පිතු සන්තිකං ගන්තුකාමා හුත්වා ධාතිමාතරමාහ. සා කිර චාතුද්දසෙ චාතුද්දසෙ පඤ්චසතකුමාරිකාහි පරිවුතා ධාතිගණං ආදාය මහන්තෙන සිරිවිලාසෙන අත්තනො සත්තභූමිකා රතිවඩ්ඪනපාසාදා ඔරුය්හ පිතු දස්සනත්ථං චන්දකපාසාදං ගච්ඡති. අථ නං පිතා දිස්වා තුට්ඨමානසො හුත්වා මහාසක්කාරං කාරෙත්වා උය්යොජෙන්තො “අම්ම, දානං දෙහී”ති සහස්සං දත්වා උය්යොජෙති. සා අත්තනො නිවෙසනං ආගන්ත්වා පුනදිවසෙ උපොසථිකා හුත්වා කපණද්ධිකවණිබ්බකයාචකානං මහාදානං දෙති. රඤ්ඤා කිරස්සා එකො ජනපදොපි දින්නො. තතො ආයෙන සබ්බකිච්චානි කරොති. තදා පන “රඤ්ඤා කිර ගුණං ආජීවකං නිස්සාය මිච්ඡාදස්සනං ගහිත”න්ති සකලනගරෙ එකකොලාහලං අහොසි. තං පවත්තිං රුචාය ධාතියො සුත්වා රාජධීතාය ආරොචයිංසු “අය්යෙ, පිතරා කිර තෙ ආජීවකස්ස කථං සුත්වා මිච්ඡාදස්සනං ගහිතං, සො කිර චතූසු නගරද්වාරෙසු දානසාලායො විද්ධංසාපෙත්වා පරපරිග්ගහිතා ඉත්ථියො ච කුමාරිකායො ච පසය්හකාරෙන ගණ්හිතුං ආණාපෙති, රජ්ජං න විචාරෙති, කාමමත්තොයෙව කිර ජාතො”ති. සා තං කථං සුත්වා අනත්තමනා හුත්වා “කථඤ්හි නාම මෙ තාතො අපගතසුක්කධම්මං නිල්ලජ්ජං නග්ගභොග්ගං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡිස්සති, නනු ධම්මිකසමණබ්රාහ්මණෙ කම්මවාදිනො උපසඞ්කමිත්වා පුච්ඡිතබ්බො සියා, ඨපෙත්වා ඛො පන මං අඤ්ඤො මය්හං පිතරං මිච්ඡාදස්සනා අපනෙත්වා සම්මාදස්සනෙ පතිට්ඨාපෙතුං සමත්ථො නාම නත්ථි. අහඤ්හි අතීතා සත්ත, අනාගතා සත්තාති චුද්දස ජාතියො අනුස්සරාමි, තස්මා පුබ්බෙ මයා කතං පාපකම්මං කථෙත්වා පාපකම්මස්ස ඵලං දස්සෙන්තී මම පිතරං මිච්ඡාදස්සනා මොචෙස්සාමි. සචෙ පන අජ්ජෙව ගමිස්සාමි, අථ මං පිතා ‘අම්ම, ත්වං පුබ්බෙ අඩ්ඪමාසෙ ආගච්ඡසි, අජ්ජ කස්මා එවං ලහු ආගතාසී’ති වක්ඛති. තත්ර සචෙ අහං ‘තුම්හෙහි කිර මිච්ඡාදස්සනං ගහිත’න්ති සුත්වා ‘ආගතම්හී’ති වක්ඛාමි, න මෙ වචනං ගරුං කත්වා ගණ්හිස්සති, තස්මා අජ්ජ අගන්ත්වා ඉතො චුද්දසමෙ දිවසෙ කාළපක්ඛෙයෙව කිඤ්චි අජානන්තී විය පුබ්බෙ ගමනාකාරෙන්තෙව ගන්ත්වා ආගමනකාලෙ දානවත්තත්ථාය සහස්සං යාචිස්සාමි, තදා මෙ පිතා දිට්ඨියා ගහිතභාවං කථෙස්සති. අථ නං අහං අත්තනො බලෙන මිච්ඡාදිට්ඨිං ඡඩ්ඩාපෙස්සාමී”ති චින්තෙසි. තස්මා චුද්දසමෙ දිවසෙ පිතු සන්තිකං ගන්තුකාමා හුත්වා එවමාහ.
එහි තතො යනු රජු කම්සැප නමැති මඩවගුරෙහි ගිලුනු දවසේ පටන්. ද්වෙසත්තරත්තස්සා යනු දාහතරවන දිනයේ. ධාතිමාතරමබ්රවී පියා සමීපයට යනු කැමැති වී කිරිමවට කීවාය. ඇය වනාහි සති දෙකක් පාසා පන්සියයක් කුමාරිකාවන් පිරිවරා කිරිමවුන් සමූහය ගෙන මහත් වූ ශ්‍රී විලාසයෙන් තමන්ගේ ආසාව දනවන සත්මහල් ප්‍රාසාදයෙන් බැස පියා දැකීම පිණිස චන්දක ප්‍රාසාදයට යයි. ඉක්බිති පියා ඇයව දැක සතුටු සිතැත්තේ මහත් සත්කාර කොට උනන්දු කරවන්නේ මෑණියනි, දන් දෙන්න යැයි දහසක් දී පිටත්කර හරියි. ඕ තොමෝ තමන්ගේ වාසස්ථානයට අවුත් දෙවන දිනයේ පෙහෙවස් සමාදන්ව දුගී මගී දුප්පත් යාචකාදීන්ට මහදන් දෙයි. රජු විසින් ඇයට එක් ජනපදයක් දෙන ලදී. එයින් ලැබෙන ආදායමින් සියළු කටයුතු කරයි. එකල්හි වනාහි රජු විසින් ගුණ නම් ආජීවකයා නිසා වැරදි දෘෂ්ටියක් ගන්නා ලදැයි මුළුනුවරම ඒකකෝළාහල විය. ඒ බව කිරි මව්වරු අසා රජ දියණියට දැනුම් දුන්හ. ආර්යාවෙනි, රජතුමා වනාහි ආජීවකයන්ගේ කථාව අසා වැරදි දර්ශනයක් ගන්නා ලදී. ඔහු එහි සිවු දොරටුවල දන්සැල් කඩාබිඳ දමා අනුන් විසින් අල්ලාගන්නා ලද ස්ත්‍රීන්ද කුමාරිකාවන්ද බලහත්කාරයෙන් අණ කරත්. රාජ්‍යය නොවිචාරත්. කාමයෙන් මත් වූවෙක් විය. ඇය ඒ කථාව අසා අසතුටට පත්ව මාගේ පියා එබඳු වූ පහවූ යහපත් ක්‍රියා ඇති නිර්ලජ්ජි වූ නග්න වූවකු වෙත පැමිණ පැන විචාරන්නේය. කර්මවාදී ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයකු ළඟට ගොස් විචාරීම වෙනුවට මා හැර මාගේ පියාව වැරදි දර්ශනයෙන් ඉවත්කර හොඳ දර්ශනයක පිහිටුවන්ට සමර්ථ වෙන කෙනෙක් නැත. මම වනාහි අතීතයෙන් ආත්මභාව සතක් හා අනාගතයෙන් ආත්මභාව සතක් සිහිකරන්නට හැක්කෙමි. ඒ නිසා පෙර මා විසින් කරන ලද පාපකර්ම නිසා පාපකර්මවල ඵලවිපාක දක්වමින් මාගේ පියාට අවබෝධ කරවන්නෙමි. ඉදින් වනාහි අදම යන්නෙමි. ඉක්බිති මෑණියනි! වෙනදා සති දෙකකට වරක් එන්නාවූ ඔබ අද කුමක් නිසා ඉක්මනට පැමිණියේදැයි මගෙන් අසන්නෙහිය. ඉදින් එහිදී මට ඔබ විසින් වැරදි දර්ශනයක් අදහන්නේයැයි අසා ආවෙමියි කියම්ද මාගේ වචනය ගරුකොට නොපිලිගනී. ඒ නිසා අද අවුත් මෙයින් දින දාහතරක් ගියතැන තුදුස්වක කාල පක්ෂයේ කිසිවක් නොදන්නාක් මෙන් පෙර එන්නා වූ ක්‍රමයටම ගොස් එතකල්හි දන්වැට සඳහා දහසක් ඉල්ලන්නෙමි. එකල්හි මාගේ පියා දෘෂ්ටිය වැළඳගත් බව කියන්නේය. ඉක්බිති මම ඔහුට තමාගේ බලයෙන් මිථ්‍යාදෘෂ්ටිය බැහැර කරවන්නෙමියි සිතුවේය. ඒනිසා තුදුස්වක දිනයේ පියා සමීපයට යනු කැමැති වී මෙසේ කීය.
තත්ථ සඛියො චාති සහායිකායොපි මෙ පඤ්චසතා කුමාරිකායො එකායෙකං අසදිසං කත්වා නානාලඞ්කාරෙහි නානාවණ්ණෙහි පුප්ඵගන්ධවිලෙපනෙහි අලඞ්කරොන්තූති. දිබ්යොති දිබ්බසදිසො, දෙවතාසන්නිපාතපටිමණ්ඩිතොතිපි දිබ්බො. ගච්ඡන්ති මම දානවත්තං ආහරාපෙතුං විදෙහිස්සරස්ස පිතු සන්තිකං ගමිස්සාමීති. අභිහරිංසූති සොළසහි ගන්ධොදකඝටෙහි න්හාපෙත්වා මණ්ඩනත්ථාය අභිහරිංසු. පරිකිරියාති පරිවාරෙත්වා. අසොභිංසූති සුජං පරිවාරෙත්වා ඨිතා දෙවකඤ්ඤා විය තං දිවසං අතිවිය අසොභිංසූති.
එහි සඛියො යනු මිතුරියෝ, මාගේ පන්සියයක් කුමාරිකාවෝ එකිනෙකාගෙන් අසමාන කොට නොයෙක් අලංකාරයෙන් නොයෙක් වර්ණයන්ගෙන් මල් හා වස්ත්‍ර හා ආලේපන ආදියෙන් අලංකාර කෙරෙත්වා. දිබ්බො යනු දිව්‍යමය, දෙවියන් එක්රැස්වීමෙන් යුක්ත වූ, යනු දිබ්බ නම් වේ. ගච්ඡන්ති යනු මාගේ දන්වැට ගෙන ඒමට වේදේහ පියා සමීපයට යන්නෙමි. අභිහරිංසු යනු සුවඳ පැන් සොළොස් කලයකින් නා සැරසීම සඳහා ඉදිරියට ගෙන ආහ. පරිකිරියා යනු පිරිවරාගෙන අසොභිංසු යනු සුජාව පිරිවරාගෙන සිටියා වූ දේවකන්යාවන් මෙන් ඒ දවස අතිශයින් බැබලුනේය.
“සා ච සඛිමජ්ඣගතා, සබ්බාභරණභූසිතා; සතෙරතා අබ්භමිව, චන්දකං පාවිසී රුචා.
සියළු ආභරණවලින් සැරසුනු ඇය වලාකුලක චන්ද්‍රයා මෙන් රුජා තොමෝ චන්දක ප්‍රසාදයට පිවිසියේය.
“උපසඞ්කමිත්වා වෙදෙහං, වන්දිත්වා විනයෙ රතං; සුවණ්ණඛචිතෙ පීඨෙ, එකමන්තං උපාවිසී”ති.
විනයේ ඇලුණු රුජා වේදේහ වෙත පැමිණ වැඳ සප්ත රත්නයෙන් අලංකාර කළ පුටුවෙහි එකත්පස්ව හිඳගත්තාය.
තත්ථ උපාවිසීති පිතු වසනට්ඨානං චන්දකපාසාදං පාවිසි. සුවණ්ණඛචිතෙති සත්තරතනඛචිතෙ සුවණ්ණමයෙ පීඨෙ.
එහි පාවිසි යනු පියා වසන තැන වූ චන්දක ප්‍රසාදයට පිවිසියේය. සුවණ්ණ විකතෙ සප්ත රත්නයෙන් විසිතුරුවූ රන් ඔබ්බන ලද.
“තඤ්ච දිස්වාන වෙදෙහො, අච්ඡරානංව සඞ්ගමං; රුචං සඛිමජ්ඣගතං, ඉදං වචනමබ්රවි.
වේදේහ රජතෙමේ දෙවගනන් සමූහයකට බඳු ඒ පිරිස දැක යෙහෙළියන් මැදට ගිය රුජා රාජ දියණියට මේ වචනය ප්‍රකාශ කළේය.
“‘කච්චි රමසි පාසාදෙ, අන්තොපොක්ඛරණිං පති; කච්චි බහුවිධං ඛජ්ජං, සදා අභිහරන්ති තෙ.
කිම ප්‍රාසාදයෙහි සිත් අලවා වසන්නෙහිද, ගෘහ උද්‍යානයෙහි පිහිටි පොකුණෙහි සිත් අලවා වෙසෙහිද නන් වැදෑරුම් කෑම වර්ග ඔබ හට ගෙන දේද?
‘කච්චි බහුවිධං මාල්යං, ඔචිනිත්‍වා කුමාරියො; ඝරකෙ කරොථ පච්චෙකං, ඛිඩ්ඩාරතිරතා මුහුං.
කිම කුමරියනි, තෙපි ක්‍රීඩා රතියෙහි ඇලුනාහු නානාවිධ මල්දම් ගොතා එක්වන් මල්ගුළා කරවුද?
‘කෙන වා විකලං තුය්හං, කිං ඛිප්පං ආහරන්ති තෙ; මනො කරස්සු කුඩ්ඩමුඛී, අපි චන්දසමම්හිපී’”ති.
කුමන දෙයකින් තිට අඩුවක් වෙයිද? එය වහාම සපයා දෙත්වා. අබ, මැටි, තල කල්කයෙන් පැහැපත් කළ මුහුණු ඇත්තිය සඳ වැනි දෙයක් පවා කැමැත්තී නම් මට කියව. එය ලබාදෙමියි රජ කීවේය.
තත්ථ සඞ්ගමන්ති අච්ඡරානං සඞ්ගමං විය සමාගමං දිස්වා. පාසාදෙති අම්ම මයා තුය්හං වෙජයන්තසදිසො රතිවඩ්ඪනපාසාදො කාරිතො, කච්චි තත්ථ රමසි. අන්තොපොක්ඛරණිං පතීති අන්තොවත්ථුස්මිඤ්ඤෙව තෙ මයා නන්දාපොක්ඛරණීපටිභාගාපොක්ඛරණී කාරිතා, කච්චි තං පොක්ඛරණිං පටිච්ච උදකකීළං කීළන්තී රමසි. මාල්යන්ති අම්ම, අහං තුය්හං දෙවසිකං පඤ්චවීසති පුප්ඵසමුග්ගෙ පහිණාමි, කච්චි තුම්හෙ සබ්බාපි කුමාරිකායො තං මාල්යං ඔචිනිත්‍වා ගන්ථිත්වා අභිණ්හං ඛිඩ්ඩාරතිරතා හුත්වා පච්චෙකං ඝරකෙ කරොථ, “ඉදං සුන්දරං, ඉදං සුන්දරතර”න්ති පාටියෙක්කං සාරම්භෙන වායපුප්ඵඝරකානි පුප්ඵගබ්භෙ ච පුප්ඵාසනපුප්ඵසයනානි ච කච්චි කරොථාති පුච්ඡති.
එහි සංගමං යනු අප්සරාවන්ගේ එක්රැස්වීමක් බඳු ඒ රැස්වීම බලා පාසාදෙ මැණියනි, මා විසින් ඔබට වෛජයන්ත ප්‍රාසාදයට සමාන රතිය වඩන ප්‍රසාදයක් කරවන ලදී. කිම එහි සතුටු වන්නේද? අන්තොපොක්ඛරණියං පති යනු මා විසින් ඒවා නන්දා පොකුණට සමාන ලෙස පොකුණක් කරවන ලදී. කිම ඒ පොකුණෙහි ජල ක්‍රීඩා කරන්නේ එයින් ප්‍රීතිමත් වන්නෙහිද? මාල්යං යනු මෑණියනි, මම ඔබට දිනපතා මල්කූඩා විසිපහක් යවමි. කිම නුඹලා සියළු දෙනම ඒ මල් නෙලා ගොතා නිතර කෙළිලොල් බවෙහි ඇලුනාහු කිම වෙන වෙනම මල් ගෙවල් සදන්නහුද? මම සුන්දර වෙමි. මම ඊට වඩා සුන්දර වෙමි යන ලෙස වෙන වෙනම එකට එක කරන්නාක් මෙන් මල්ගෙවල්, මල්කාමර, මල් ආසන, මල් යහනාවන් නිම කරන්නහුද යැයි විචාරයි.
විකලන්ති වෙකල්ලං. මනො කරස්සූති චිත්තං උප්පාදෙහි. කුඩ්ඩමුඛීති සාසපකක්කෙහි පසාදිතමුඛතාය තං එවමාහ. ඉත්ථියො හි මුඛවණ්ණං පසාදෙන්තියො දුට්ඨලොහිතමුඛදූසිතපීළකාහරණත්ථං පඨමං සාසපකක්කෙන මුඛං විලිම්පන්ති, තතො ලොහිතස්ස සමකරණත්ථං මත්තිකාකක්කෙන, තතො ඡවිපසාදනත්ථං තිලකක්කෙන. චන්දසමම්හිපීති චන්දතො දුල්ලභතරො නාම නත්ථි, තාදිසෙපි රුචිං කත්වා මමාචික්ඛ, සම්පාදෙස්සාමි තෙති.
විකලං යනු අඩු බව. මනොකරස්සු සිත උපදවන්න. කුඩ්ඪමුඛී යනු අබකුඩුවලින් මුහුණේ පැහැය සඳහා ඔහුට මෙසේ කීය. ස්ත්‍රීහු වනාහි මුහුණෙහි පැහැය ඇතිකිරීමට, නරක් වූ ලේ, මුහුණ විරූපී කරන කුරුළෑ නැතිකිරීම සඳහා පළමුව අබසුණු මුහුණෙහි තවරත්. අනතුරුව ලේ සමනය කිරීම සඳහා මැටිද අනතුරුව හමේ පැහැපත් බව සඳහා තල ඇඹරූ චූර්ණයද තවරත්. චන්දසමම්හිපි යනු චන්ද්‍රයාට වඩා දුර්ලභතර දෙයක් නැත. එබඳු දේ කෙරෙහි රුචියක් උපදවාගෙන මාහට දන්වන්න. එය මම ලබාදෙන්නෙමි කියාය.
“වෙදෙහස්ස වචො සුත්වා, රුචා පිතර මබ්රවි; ‘සබ්බමෙතං මහාරාජ, ලබ්භතිස්සරසන්තිකෙ.
වේදේහගේ වචනය අසා රුජා පියාට මෙසේ කීවාය. මහරජතුමනි, ජනනායක වූ ඔබ වෙතින් මේ සියල්ල ලැබෙයි.
‘සුවෙ පන්නරසො දිබ්යො, සහස්සං ආහරන්තු මෙ; යථාදින්නඤ්ච දස්සාමි, දානං සබ්බවණීස්වහ’”න්ති.
පියාණෙනි, හෙට දිව්‍යමය වූ පසළොස්වක් පොහෝ දවසයි. කහවණු දහසක් මට දෙනු මැනවි. පෙර දුන් පරිදි සියළු යාචකයන් කෙරෙහි දෙන්නෙමියි පැවසූය.
තත්ථ සබ්බවණීස්වහන්ති සබ්බවණිබ්බකෙසු අහං දස්සාමි.
එහි සබ්බවර්ණසුභං යනු සියලු දෙවියන් කෙරෙහි මම.
“රුචාය වචනං සුත්වා, රාජා අඞ්ගති මබ්රවි; ‘බහුං විනාසිතං විත්තං, නිරත්ථං අඵලං තයා.
රුජා කුමරියගේ බස් අසා අංගාති රජ තෙමේ මෙසේ කීය. තා විසින් අවැඩ වන ලෙස නිෂ්ඵල ආකාරයෙන් බොහෝ වස්තුව විනාශ කරන ලදී.
‘උපොසථෙ වසං නිච්චං, අන්නපානං න භුඤ්ජසි; නියතෙතං අභුත්තබ්බං, නත්ථි පුඤ්ඤං අභුඤ්ජතො’”ති.
නිති පෙහෙවස් සමාදන් වෙමින් ආහාරපාන අනුභව නොකෙරෙහි ය. නියති වශයෙන් මෙය නොවැළඳවිය යුතු යි. නොවළඳන්නාට පින් නැතැයි කීය.
තත්ථ අඞ්ගති මබ්රවීති භික්ඛවෙ, සො අඞ්ගතිරාජා පුබ්බෙ අයාචිතොපි “අම්ම, දානං දෙහී”ති සහස්සං දත්වා තං දිවසං යාචිතොපි මිච්ඡාදස්සනස්ස ගහිතත්තා අදත්වා ඉදං “බහුං විනාසිත”න්තිආදිවචනං අබ්‍රවි. නියතෙතං අභුත්තබ්බන්ති එතං නියතිවසෙන තයා අභුඤ්ජිතබ්බං භවිස්සති, භුඤ්ජන්තානම්පි අභුඤ්ජන්තානම්පි පුඤ්ඤං නත්ථි. සබ්බෙ හි චුල්ලාසීතිමහාකප්පෙ අතික්කමිත්වාව සුජ්ඣන්ති.
එහි අංගාතිමබ්රවී යනු මහණෙනි, ඒ අංගාති රජතෙමේ පෙර නොඉල්වන ලද්දේ නමුත් මිථ්‍යා මතයන් ගත් බැවින් නොදීමේ වශයෙන් බහු විනාසිතං බොහෝ ධනය විනාශ කළේය යනාදිය කීය. නියතෙතං අභුත්තබ්බං යනු මෙය නියත වශයෙන් නුඹ විසින් අනුභව නොකළයුතු වන්නේය. අනුභව කරන්නන්ටද අනුභව නොකරන්නන්ටද පිනක් නැත. සියල්ලෝම වනාහි අසූවන මූල මහා කල්පය ඉක්මගිය කල්හි පිරිසිදු විය යුතුය.
“බීජකොපි හි සුත්වාන, තදා කස්සපභාසිතං; ‘පස්සසන්තො මුහුං උණ්හං, රුදං අස්සූනි වත්තයි.
බීජක තෙමේද කස්සපගේ වචනය අසා බලන්නේ ඇස්වල උණු කඳුළු පිරවීය.
‘යාව රුචෙ ජීවමානා, මා භත්තමපනාමයි; නත්ථි භද්දෙ පරො ලොකො, කිං නිරත්ථං විහඤ්ඤසී’”ති.
රුජාදියණියනි, යම්තාක් කල් ජීවත් වෙහිද ඒතාක් කල් අහර දුරු නොකරව. යහපත් දියණියනි, පරලොවක් නැත. නිකරුණේ කෑමට වෙහෙසෙයිදැයි ඇසීය.
තත්ථ බීජකොපීති බීජකොපි පුබ්බෙ කල්යාණකම්මං කත්වා තස්ස නිස්සන්දෙන දාසිකුච්ඡියං නිබ්බත්තොති බීජකවත්ථුම්පිස්සා උදාහරණත්ථං ආහරි. නත්ථි භද්දෙති භද්දෙ, ගුණාචරියො එවමාහ “නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා”ති. පරලොකෙ හි සති ඉධලොකොපි නාම භවෙය්ය, සොයෙව ච නත්ථි. මාතාපිතූසු සන්තෙසු පුත්තධීතරො නාම භවෙය්යූඋං, තෙයෙව ච නත්ථි. ධම්මෙ සති ධම්මිකසමණබ්රාහ්මණා භවෙය්යූං, තෙයෙව ච නත්ථි. කිං දානං දෙන්තී සීලං රක්ඛන්තී නිරත්ථං විහඤ්ඤසීති.
එහි බීජකො යනු බීජක තෙමේද පෙර යහපත් දේ කොට ඒවා ගෙවීයාමෙන් දාසියකගේ කුසෙහි උපන්නේ යැයි නිදර්ශන ලෙස මේ කථාවද ඇයට ගෙනහැර දැක්වීය. නත්ථි භද්දෙ යනු භද්‍රාවෙනි, ගුණචාර්යයා මෙසේ කීය. මේ ලෝකයක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෙක් නැත. ලෝකයේ යහපත් මගට පිවිසි මනා පිළිවෙත් පුරණ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත. පරලොවදී මේ ලෝකය වන්නේය. ඔහුද නැත. මව්පියන් සිටින කල්හි දු පුත්තු වන්නාහ. ඔව්හුද නැත. ධර්මය ඇති කල්හි ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්. ඔව්හුද නැත. කුමක් නිසා දන් දෙන්නී සිල් රකින්නී නිරර්ථකව වෙහෙසන්නීය.
“වෙදෙහස්ස වචො සුත්වා, රුචා රුචිරවණ්ණිනී; ජානං පුබ්බාපරං ධම්මං, පිතරං එතදබ්රවි.
යහපත් ශරීර වර්ණ සම්පන්න වූ රුජා රාජකන්යව වේදේහ නම් පියාගේ බස් අසා පූර්වාපර ආත්මභාවයන් දන්නා පියාට මෙසේ කීවාය.
‘සුතමෙව පුරෙ ආසි, සක්ඛි දිට්ඨමිදං මයා; බාලූපසෙවී යො හොති, බාලොව සමපජ්ජථ.
යමෙක් අඥානයන් සෙවුනේ වෙයිද ඔහුද අඥානභාවයට ම පැමිණේ යනු මා විසින් පෙර අසා ඇත. මෙය වනාහි දැන් ඇස් හමුවෙහි දක්නා ලදී.
‘මූළ්හො හි මූළ්හමාගම්ම, භිය්යො මොහං නිගච්ඡති; පතිරූපං අලාතෙන, බීජකෙන ච මුය්හිතු’”න්ති.
යම්සේ මංමුළා වූවෙක් මංමුළා වූවකු කරා පැමිණ අතිශයින් මුළාවේද, එපරිද්දෙන් දෘෂ්ටියෙන් මුළා වූවහුද? අතිශයින් මුළාවට පැමිණෙයි. අලාත සෙනෙවියාද බීජක දාසයාද (ගුණ නිවටයා වෙත පැමිණ) මුළාවන්නට සුදුසු වෙත්.
තත්ථ පුබ්බාපරං ධම්මන්ති භික්ඛවෙ, පිතු වචනං සුත්වා රුචා රාජධීතා අතීතෙ සත්තජාතිවසෙන පුබ්බධම්මං, අනාගතෙ සත්තජාතිවසෙන අනාගතධම්මඤ්ච ජානන්තී පිතරං මිච්ඡාදිට්ඨිතො මොචෙතුකාමා එතං “සුතමෙවා”තිආදිමාහ. තත්ථ සමපජ්ජථාති යො පුග්ගලො බාලූපසෙවී හොති, සො බාලොව සමපජ්ජතීති එතං මයා පුබ්බෙ සුතමෙව, අජ්ජ පන පච්චක්ඛතො දිට්ඨං. මූළ්හොති මග්ගමූළ්හං ආගම්ම මග්ගමූළ්හො විය දිට්ඨිමූළ්හං ආගම්ම දිට්ඨිමූළ්හොපි උත්තරි මොහං නිගච්ඡති, මූළ්හතරො හොති. අලාතෙනාති දෙව, තුම්හෙහි ජාතිගොත්තකුලපදෙසඉස්සරියපුඤ්ඤපඤ්ඤාහීනෙන අලාතසෙනාපතිනා අච්චන්තහීනෙන දුප්පඤ්ඤෙන බීජකදාසෙන ච ගාමදාරකසදිසං අහිරිකං බාලං ගුණං ආජීවකං ආගම්ම මුය්හිතුං පතිරූපං අනුච්ඡවිකං. කිං තෙ න මුය්හිස්සන්තීති?
එහි පුබ්බාපර ධම්මං යනු මහණෙනි! පියාගේ වචනය අසා රුජා රජදියණිය අතීතයෙහි ජාති සතක් හා අනාගතයේ ජාති සතක් වශයෙන්ද දන්නී පියාව මිසදිටු බවෙන් මුදාගනු කැමැත්තේ මේ සුතමෙවමෙ ආදිය කීය. එහි සම්පජ්ජථ යනු යම් පුද්ගලයෙක් බාලයන් සේවනය කරයිද ඔහුද ඒ ස්වභාවයට පත්වේයැයි යන කාරණය පෙර මා විසින් අසන ලදමය. අද වනාහි එය ප්රත්යක්ෂ වශයෙන් දක්නා ලදී. මූළ්හො යනු මංමුළාවට පැමිණි මංමුළා වූවකු මෙන් දෘෂ්ටිමය මුළාවට පත්ව දෘෂ්ටියෙන් මුළාවූයේ මතුවටත් මුළාවට පත්වී මූළ්හතර නම් වේ. අලාතෙන යනු දේවයන් වහන්ස, නුඹලා විසින් ජාති, ගෝත්‍ර, කුල ප්‍රදේශ, ඓශ්වර්ය, ප්‍රඥාව යන මේවායින් හීන වූ අලාත සේනාපතියා විසින් අතිශයින්ම හීන වූ ප්‍රඥාවෙන් තොර බීජක දාසයා විසින් ගම්දරුවකු වැනි වූ ලජ්ජා රහිත බාල වූ ගුණධර්මයන්ගෙන් යුත් ආජීවකයකු ළඟට පැමිණ මුළාවීම සුදුසු නැත. කිම ඔහු මුළා නොවෙත්ද? යනාදී ලෙස,
එවං තෙ උභොපි ගරහිත්වා දිට්ඨිතො මොචෙතුකාමතාය පිතරං වණ්ණෙන්තී ආහ –
ඒ දෙපක්ෂයටම නින්දාකොට දෘෂ්ටියෙන් මුදවාගනු කැමැත්තෙන් පියාව වර්ණනා කරන්නී මෙසේ කීවාය.
“ත්වඤ්ච දෙවාසි සප්පඤ්ඤො, ධීරො අත්ථස්ස කොවිදො; කථං බාලෙභි සදිසං, හීනදිට්ඨිං උපාගමි.
දේවයන් වහන්ස, ප්‍රාඥ වූ ධීර වූ අර්ථයෙහි දක්ෂ වූ ඔබ කෙසේනම් ඒ බාලයන් හා සමාන වී ලාමක දෘෂ්ටියට පැමිණියහුද?
“සචෙපි සංසාරපථෙන සුජ්ඣති, නිරත්ථියා පබ්බජ්ජා ගුණස්ස; කීටොව අග්ගිං ජලිතං අපාපතං, උපපජ්ජති මොහමූළ්හො නග්ගභාවං.
ඉදින් සංසාර මාර්ගයෙන් ශුද්ධිය වේනම් ගණ නම් වූ නිවටාගේ පැවිද්ද නිරර්ථකය. දිළිසෙන ගින්නට පනින පළඟැටියෙකු සේ අතිශයින් මුළාවූයේ නග්න භාවයට පැමිණියේය.
“සංසාරසුද්ධීති පුරෙ නිවිට්ඨා, කම්මං විදූසෙන්ති බහූ අජානං; පුබ්බෙ කලී දුග්ගහිතොවනත්ථා, දුම්මොචයා බලිසා අම්බුජොවා”ති.
සංසාරයෙන් ශුද්ධිය වේයැයි පළමුව මිසදිටු ගත් බොහෝ ජනයෝ නොදන්නාහු කරුමයද කර්මඵලයද නසති. ඔවුන් විසින් පළමුවැ ගන්නා ලද පරාජය වරදවා ගන්නා ලදමැයි. ඔහුව බිලීකටුව ගිලින ලද මත්ස්‍යයකු මෙන් එයින් මුදවාලිය නොහැක.
තත්ථ සප්පඤ්ඤොති යසවයපුඤ්ඤතිත්ථාවාසයොනිසොමනසිකාරසාකච්ඡාවසෙන ලද්ධාය පඤ්ඤාය සප්පඤ්ඤො, තෙනෙව කාරණෙන ධීරො, ධීරතාය අත්ථානත්ථස්ස කාරණාකාරණස්ස කොවිදො. බාලෙභි සදිසන්ති යථා තෙ බාලා උපගතා, තථා කථං ත්වං හීනදිට්ඨිං උපගතො. අපාපතන්ති අපි ආපතං, පතන්තොති අත්ථො. ඉදං වුත්තං හොති – තාත, සංසාරෙන සුද්ධීති ලද්ධියා සති යථා පටඞ්ගකීටො රත්තිභාගෙ ජලිතං අග්ගිං දිස්වා තප්පච්චයං දුක්ඛං අජානිත්වා මොහෙන තත්ථ පතන්තො මහාදුක්ඛං ආපජ්ජති, තථා ගුණොපි පඤ්ච කාමගුණෙ පහාය මොහමූළ්හො නිරස්සාදං නග්ගභාවං උපපජ්ජති.
එහි සප්පඤ්ඤො යනු යසස, වයස, පින් තීර්ථයක වාසය කිරීම, නුවණින් මෙනෙහි කිරීම, සාකච්ඡාව ආදී වශයෙන් ලබන ලද ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ කාරණයෙන්ම ප්‍රඥාවන්ත වූයේ පණ්ඩිත බැවින් කාරණාකරණ දැනගැනීමේ දක්ෂ වූ බාලෙහි සදිසං යම්සේ ඒ බාලයෝ ඒ තත්ත්වයට පත්වූවහුද එසේ කවර හෙයකින් නුඹ පහත් දෘෂ්ටියකට පත්වූයේද අපාපතං යනු වැටුනේය යන අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. පියාණෙනි! සංසාරයෙන් පිරිසිදු බව ඇති කල්හි යම්සේ පළඟැටියා රාත්‍රී කාලයේ දිලිසෙන ගින්න දැක ඒ නිසා ඇතිවන දුක නොදැන මුළාවෙන් එහි පනින්නේ මහත් වූ දුකකට පත්වෙයි. එපරිද්දෙන් ගුණ ආජීවකයා පස්කම් සැප අතහැර මුළාවට පත්වූයේ රස වින්දනයක් නැති නග්න භාවයට පත්වේ.
පුරෙ නිවිට්ඨාති තාත, සංසාරෙන සුද්ධීති කස්සචි වචනං අසුත්වා පඨමමෙව නිවිට්ඨො නත්ථි, සුකතදුක්කටානං කම්මානං ඵලන්ති ගහිතත්තා බහූ ජනා අජානන්තා කම්මං විදූසෙන්තා කම්මඵලම්පි විදූසෙන්තියෙව, එවං තෙසං පුබ්බෙ ගහිතො කලි පරාජයගාහො දුග්ගහිතොව හොතීති අත්ථො. දුම්මොචයා බලිසා අම්බුජොවාති තෙ පන එවං අජානන්තා මිච්ඡාදස්සනෙන අනත්ථං ගහෙත්වා ඨිතා බාලා යථා නාම බලිසං ගිලිත්වා ඨිතො මච්ඡො බලිසා දුම්මොචයො හොති, එවං තම්හා අනත්ථා දුම්මොචයා හොන්ති.
පුරෙ නිවිට්ඨා යනු පියාණනි! සසර හැසිරීමෙන් ශුද්ධිය වන්නේ යන කිසිවකුගේ වචනය නොඅසා පළමුව පිවිසියාහුය. කළ හොඳ නොහොඳවල විපාකයක් නැත යැයි ගන්නා ලද බැවින් බොහෝ ජනයා නොදන්නාහු කම්මං විදූසෙන්ත ඔහුව දූෂණය කරන්නාහු කර්මඵලයද දූෂණය කරත්මය. මෙසේ පෙර ගන්නා ලද ඔවුන්ගේ වරද වනාහි පරාජය, වැරදි ලෙස අල්ලාගැනීම වන්නේය. දුම්මොචයා බලිසා අම්බුජො වා යනු ඔව්හු වනාහි මෙසේ නොදන්නා මිථ්‍යාදෘෂ්ටිය ග්‍රහණය කර සිටින්නා වූ බාලයෝ යම්සේ වනාහි බිලීකටුවක් ගිල සිටියා වූ මත්ස්‍යයෙකු බිලී කොක්කෙන් මුදවාගත නොහැක. එපරිද්දෙන් ඒ අනර්ථයෙන් මුදවාගත නොහැකි වෙත්.
උත්තරිපි උදාහරණං ආහරන්තී ආහ –
මත්තෙහිද උදාහරණ දක්වන්න මෙසේ කීවාය.
“උපමං තෙ කරිස්සාමි, මහාරාජ තවත්ථියා; උපමාය මිධෙකච්චෙ, අත්ථං ජානන්ති පණ්ඩිතා.
මහරජතුමනි! ඔබට වැඩ පිණිස උපමාවක් කියමි. මෙලොව ඇතැම් පණ්ඩිත පුරුෂයෝ උපමායෙනුදු අර්ථය දැනගනිත්.
“වාණිජානං යථා නාවා, අප්පමාණභරා ගරු; අතිභාරං සමාදාය, අණ්ණවෙ අවසීදති.
යම්සේ වෙළඳ නැවක් අපමණ වූ බර ගෙනයන්නේ අධික වූ වස්තු සම්භාරයද සමග සයුරේ ගැලේද?
“එවමෙව නරො පාපං, ථොකං ථොකම්පි ආචිනං; අතිභාරං සමාදාය, නිරයෙ අවසීදති.
එපරිද්දෙන් මිනිසෙක් අකුශලය මදින්මද රැස් කරනුයේ අධික වූ අකුශලභාරය ගෙන නිරයෙහි ගැලෙයි.
“න තාව භාරො පරිපූරො, අලාතස්ස මහීපති; ආචිනාති ච තං පාපං, යෙන ගච්ඡති දුග්ගතිං.
රජතුමනි! අලාත සෙනෙවියාගේ අකුසලභාරය තවම පිරි නැත. ඔහු යම් පාපයකින් දුගතියට යයිද ඒ පාපකර්මය රැස්කරන්නේද වෙයි.
“පුබ්බෙවස්ස කතං පුඤ්ඤං, අලාතස්ස මහීපති; තස්සෙව දෙව නිස්සන්දො, යඤ්චෙසො ලභතෙ සුඛං.
රජතුමනි, අලාත සෙනෙවියා විසින් පූර්වයෙහිම කරන ලද යම් පිනක් ඇද්ද, දේවයිනි! මෙතෙමේ මෙකල යම් සුවයක් විඳීනම් මේ ඒ කුශලයාගේ විපාකයකි.
“ඛීයතෙ චස්ස තං පුඤ්ඤං, තථා හි අගුණෙ රතො; උජුමග්ගං අවහාය, කුම්මග්ගමනුධාවති.
ඔහුගේ ඒ පින ගෙවී ගියේමැයි. එය එසේමය. අකුසලයෙහි ඇලුණු හෝ ඍජු වූ කුසල මාර්ගය හැරපියා අකුසල මාර්ගයෙහිම යයි.
“තුලා යථා පග්ගහිතා, ඔහිතෙ තුලමණ්ඩලෙ; උන්නමෙති තුලාසීසං, භාරෙ ඔරොපිතෙ සති.
යම්සේ අල්ලා ගන්නා ලද තරාදිය භාණ්ඩ ගැනීම පිණිස තරාදි තැටිය එල්ලා තැබූ කල්හි එහි බඩු දමන ලද්දේ පහතට බසීද, (ඒ බඩු) ඉවත්කළ කල්හි තරාදි හිස උඩට නගීද?
“එවමෙව නරො පුඤ්ඤං, ථොකං ථොකම්පි ආචිනං; සග්ගාතිමානො දාසොව, බීජකො සාතවෙ රතො”ති.
එපරිද්දෙන් ම මිනිසා කුශලය මදින් මද රැස්කරනුයේ ස්වර්ගයට පමුණුවන කුසලයෙහි ඇලුනු බීජක දාසයා මෙන් මධුර විපාක ඇති කුසලයෙහිම ඇලුනේ වෙයි.
තත්ථ නිරයෙති අට්ඨවිධෙ මහානිරයෙ, සොළසවිධෙ උස්සදනිරයෙ, ලොකන්තරනිරයෙ ච. භාරොති තාත, න තාව අලාතස්ස අකුසලභාරො පූරති. තස්සෙවාති තස්ස පුබ්බෙ කතස්ස පුඤ්ඤස්සෙව නිස්සන්දො, යං සො අලාතසෙනාපති අජ්ජ සුඛං ලභති. න හි තාත, එතං ගොඝාතකකම්මස්ස ඵලං. පාපකම්මස්ස හි නාම විපාකො ඉට්ඨො කන්තො භවිස්සතීති අට්ඨානමෙතං. අගුණෙ රතොති තථාහෙස ඉදානි අකුසලකම්මෙ රතො. උජුමග්ගන්ති දසකුසලකම්මපථමග්ගං. කුම්මග්ගන්ති නිරයගාමිඅකුසලමග්ගං.
එහි නිරයෙ යනු අටවැදෑරුම් මහා නරකයන්හි දහසය වැදෑරුම් උස්සද නිරයේද ලෝකාන්තර නිරයේද භාරො පියාණෙනි, මොහුගේ අකුසලභාරය පිරෙයි. තස්සෙසා යනු ඔහුගේ ඒ පෙර කරන ලද පිනෙහි ගලායාමයි. ඒ අලාත සෙන්පතියා අද සැප ලබයි. පියාණෙනි! මේ ගවඝාතක පාපයේ විපාක ඵලය වනාහි යහපත් මනහර එකක් වන්නේය යන්න සිදුවිය නො හැක්කකි. අගුණෙ රතො එසේම මේ තැනැත්තා දැන් අකුසල කර්මයෙහි ඇලුනේ වේ. උජුමග්ගං යනු දසකුසල් කර්මපථය. කුම්මග්ගං නිරයගාමී වූ අකුසල මාර්ගයයි.
ඔහිතෙ තුලමණ්ඩලෙති භණ්ඩපටිච්ඡනත්ථාය තුලමණ්ඩලෙ ලග්ගෙත්වා ඨපිතෙ. උන්නමෙතීති උද්ධං උක්ඛිපති. ආචිනන්ති ථොකං ථොකම්පි පුඤ්ඤං ආචිනන්තො පාපභාරං ඔතාරෙත්වා නරො කල්යාණකම්මස්ස සීසං උක්ඛිපිත්වා දෙවලොකං ගච්ඡති. සග්ගාතිමානොති සග්ගෙ අතිමානො සග්ගසම්පාපකෙ සාතඵලෙ කල්යාණකම්මෙ අභිරතො. “සග්ගාධිමානො”තිපි පාඨො, සග්ගං අධිකාරං කත්වා ඨිතචිත්තොති අත්ථො. සාතවෙ රතොති එස බීජකදාසො සාතවෙ මධුරවිපාකෙ කුසලධම්මෙයෙව රතො. සො ඉමස්ස පාපකම්මස්ස ඛීණකාලෙ, කල්යාණකම්මස්ස ඵලෙන දෙවලොකෙ නිබ්බත්තිස්සති.
ඔහිතෙකුල මණ්ඩලෙ බඩු බාරගැනීම සඳහා තරාදියෙහි දමන ලද උන්නමෙති. උඩට එසවෙයි. ආචිනං යනු ස්වල්පය බැගින් පින් රැස්කරන්නේ පාප නමැති බර බිම තබන මිනිසා යහපත් කටයුත්තක් සඳහා හිස ඔසවා දෙව්ලොවට යයි. සග්ගාතිමානො ස්වර්ගයෙහි අභිමානයෙන් යුක්ත වූයේ ස්වර්ගය ළගාකර දෙන්නා වූ මනා ප්‍රතිඵල ගෙනදෙන යහපත් කටයුතුවල යෙදුනේ සග්ගාධිමානො යැයිද පාඨයක් ඇත. ස්වර්ගය හේතු කොටගෙන සිටියා වූ සිත් ඇති යන අර්ථයි. සාතවෙරතො මේ බීජක දාසයා යහපත් දෙයෙහි මිහිරි වූ විපාකයෙහි, කුසල කර්මයන්හිම ඇලුන්නේ ඔහු මේ
යඤ්චෙස ඉදානි දාසත්තං උපගතො, න තං කල්යාණකම්මස්ස ඵලෙන. දාසත්තසංවත්තනිකඤ්හිස්ස පුබ්බෙ කතං පාපං භවිස්සතීති නිට්ඨමෙත්ථ ගන්තබ්බන්ති ඉමමත්ථං පකාසෙන්තී ආහ –
පාපකර්මය ගෙවීගිය කල්හි යහපත් කර්මයාගේ ඵලයෙන් දෙව්ලොව උපදින්නේය. යමෙක් වනාහි දැන් දාසබවට පත්වූයේ හොඳ ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා නොවේ. මොහුගේ ආත්මය හා බැඳීපවත්නා වූ පෙර කරන ලද පාපකර්මයක් වන්නේය. එය නිමාවට පත්විය යුතුය යන මේ අර්ථය ප්‍රකාශ කරන්නී මෙසේ කීවාය.
“යමජ්ජ බීජකො දාසො, දුක්ඛං පස්සති අත්තනි; පුබ්බෙවස්ස කතං පාපං, තමෙසො පටිසෙවති.
අද බීජක දාස තෙම යම් දුක්ඛිත තත්වයක් තමා කෙරෙහි දකීද ඒ ඔහු පෙර කරන ලද පාපයකි. එය ඔහුව ඇසුරු කරයි.
“ඛීයතෙ චස්ස තං පාපං, තථා හි විනයෙ රතො; කස්සපඤ්ච සමාපජ්ජ, මා හෙවුප්පථමාගමා”ති.
ඔහුගේ ඒ පාපය ගෙවී යන්නේය. එසේ වුවත් ආචාර විනයෙහි ඇලුණා වූ නුඹවහන්සේ කස්සප ගෝත්‍ර ඇති ආජීවකයා කරා එළඹ අකුසල මාර්ගයට නොයන්න.
තත්ථ මා හෙවුප්පථමාගමාති තාත, ත්වං ඉමං නග්ගං කස්සපාජීවකං උපගන්ත්වා මා හෙව නිරයගාමිං උප්පථං අගමා, මා පාපමකාසීති පිතරං ඔවදති.
එහි මාහෙවුප්පථමාගම යනු පියාණෙනි, නුඹවහන්සේ කුමක් නිසා මේ නග්න වූ කාශ්‍යප ආජීවකයා ළඟට පැමිණ නිරයගාමී වූ වැරදි මගට බැස පව් නොකරන්නැයි පියාට අවවාද කළාය.
ඉදානිස්ස පාපූපසෙවනාය දොසං කල්යාණමිත්තූපසෙවනාය ච ගුණං දස්සෙන්තී ආහ –
දැන් ඔහුට පාපමිත්‍ර සේවනයේ දෝෂයත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරුකිරීමේ හොඳත් දක්වන්නී මෙසේ කීවාය.
“යං යඤ්හි රාජ භජති, සන්තං වා යදි වා අසං; සීලවන්තං විසීලං වා, වසං තස්සෙව ගච්ඡති.
රජතුමනි! සත්පුරුෂ වූ හෝ අසත්පුරුෂ වූ සිත් වූ හෝ දුස්සීල වූ යම් කෙනෙකුව ඇසුරු කළේ නම් හෝ ඔහුගේම වසඟයට යයි. සහවාසය එසේය.
“යාදිසං කුරුතෙ මිත්තං, යාදිසං චූපසෙවති; සොපි තාදිසකො හොති, සහවාසො හි තාදිසො.
විස පෙවූ ඊතලයක් හියවුරෙහි බහාලන ලද්දේ හියවුර විසයෙන් තැවරුනේ වෙයි. එපරිද්දෙන් පාපමිත්රයා පාපයෙන් ස්පර්ශ වූයේ තමා සේවනය කරන අන්‍යයාද පාපයෙන් තවරයි. ඥානවන්තයා පාපයෙන් තැවරෙන බියෙන් පාපමිත්‍රයන් ඇත්තෙක් නොවන්නේය.
“සෙවමානො සෙවමානං, සම්ඵුට්ඨො සම්ඵුසං පරං; සරො දිද්ධො කලාපංව, අලිත්තමුපලිම්පති; උපලෙපභයා ධීරො, නෙව පාපසඛා සියා.
“පූතිමච්ඡං කුසග්ගෙන, යො නරො උපනය්හති; කුසාපි පූති වායන්ති, එවං බාලූපසෙවනා.
යම් මිනිසෙක් කුණු වූ මාළු කුසතණයෙන් ඔතයිද එයින් කුසතණ ද කුණුගඳ ගසයි. බාලයන් ඇසුරුකිරීම ද එසේය.
“තගරඤ්ච පලාසෙන, යො නරො උපනය්හති; පත්තාපි සුරභි වායන්ති, එවං ධීරූපසෙවනා.
යම්කෙනෙක් තුවරලා කොළපතකින් බැඳගනී ද ඒ කොළපතද සුවඳ විහිදුවයි. පණ්ඩිතජ ජන සේවනයද එබඳුය.
“තස්මා පත්තපුටස්සෙව, ඤත්වා සම්පාකමත්තනො අසන්තෙ නොපසෙවෙය්ය, සන්තෙ සෙවෙය්ය පණ්ඩිතො; අසන්තො නිරයං නෙන්ති, සන්තො පාපෙන්ති සුග්ගති”න්ති.
ඒ නිසා පත්‍ර පුටයෙන් සුවඳ විහිදීම මෙන් තමාගේ ඥාන පරිපාකය දැන පණ්ඩිත පුරුෂයා අසත්පුරුෂයන් නොසෙවුනේය. සත්පුරුෂයන් සේවනය කරන්නේය. අසත්පුරුෂයෝ තමන්ව සේනය කරන්නවුන් නිරයට පමුණුවති. සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.
තත්ථ සන්තං වාති සප්පුරිසං වා. යදි වා අසන්ති අසප්පුරිසං වා. සරො දිද්ධො කලාපංවාති මහාරාජ, යථා නාම හලාහලවිසලිත්තො සරො සරකලාපෙ ඛිත්තො සබ්බං තං විසෙන අලිත්තම්පි සරකලාපං ලිම්පති, විසදිද්ධමෙව කරොති, එවමෙව පාපමිත්තො පාපං සෙවමානො අත්තානං සෙවමානං පරං, තෙන සම්ඵුට්ඨො තං සම්ඵුසං අලිත්තං පාපෙන පුරිසං අත්තනා එකජ්ඣාසයං කරොන්තො උපලිම්පති. පූති වායන්තීති තස්ස තෙ කුසාපි දුග්ගන්ධා වායන්ති. තගරඤ්චාති තගරඤ්ච අඤ්ඤඤ්ච ගන්ධසම්පන්නං ගන්ධජාතං. එවන්ති එවරූපා ධීරූපසෙවනා. ධීරො හි අත්තානං සෙවමානං ධීරමෙව කරොති.
එහි සතං වා යනු සත්පුරුෂයකු හෝ යදිවා අසං ඉදින් අසත්පුරුෂයකු හෝ සරො දිද්ධො කලාපං වා මහරජ, යම්සේ වනාහි හලාහල විෂ ආලේප කළ ඊතලය ඊතල මිටියෙහි බහාලන ලද්දේ තවරා නොමැති වුවත් ඊතල සියල්ලටම විෂ ඇද ගනී. එපරිද්දෙන් පාපමිත්රය පාපය ඇසුරු කරන්නේ තමා ඇසුරුකරන අනිත් තැනැත්තාවද ස්පර්ශ කරන ලද්දේ නොතවරණ ලද නමුත් ඒ පුද්ගලයා තමා හා සමාන අදහස් ඇත්තකු කරන්නේ ඔහුව ස්පර්ශ වෙයි. වායං යනු ඔහුගේ ඒ කුසතණද දුගඳ හමයි. තගරංච යනු තුවරළා හෝ වෙනත් සුවඳ ද්‍රව්‍යයක් ඔතන ලද පත්‍ර ද සුවඳවත් වේ.
තස්මා පත්තපුටස්සෙවාති යස්මා තගරාදිපලිවෙඨමානානි පණ්ණානිපි සුගන්ධානි හොන්ති, තස්මා පලාසපත්තපුටස්සෙව පණ්ඩිතූපසෙවනෙන අහම්පි පණ්ඩිතො භවිස්සාමීති එවං. ඤත්වා සම්පාකමත්තනොති අත්තනො පරිපාකං පණ්ඩිතභාවං පරිමාණං ඤත්වා අසන්තෙ පහාය පණ්ඩිතෙ සන්තෙ සෙවෙය්ය. “නිරයං නෙන්තී”ති එත්ථ දෙවදත්තාදීහි නිරයං, “පාපෙන්ති සුග්ගති’’න්ති එත්ථ සාරිපුත්තත්ථෙරාදීහි සුගතිං නීතානං වසෙන උදාහරණානි ආහරිතබ්බානි.
[missing trans] ඒ නිසා කොළයක් මෙන් මම පණ්ඩිත සේවනයෙන් පණ්ඩිතයකු වන්නෙමියි මෙසේ ඤත්වා සම්පාකමත්තනො යනු තමාගේ මුහුකුරා ගිය බව, පණ්ඩිත බව, පරිණත බව දැනගෙන නොහික්මුණු අයව හැර පණ්ඩිතයන් ශාන්ත වූවන් ඇසුරු කරන්නේය. නිරයං නෙන්ති යනු මෙහිදී දේවදත්ත ආදීන් විසින් නිරයට ගෙනගිය හා සැරියුත් මහතෙරුන් වහන්සේ ආදීන් විසින් සුගතියට ගෙනයන ලද අය ආදී ලෙස උදාහරණ දැක්විය යුතුය.
එවං රාජධීතා ඡහි ගාථාහි පිතු ධම්මං කථෙත්වා ඉදානි අතීතෙ අත්තනා අනුභූතං දුක්ඛං දස්සෙන්තී ආහ –
මෙසේ රජදියණිය ගාථා සයකින් පියාට ධර්මදේශනා කර දැන් අතීතයෙහි තමා විසින් විඳි දුක දක්වන්නී මෙසේ කීවාය.
“අහම්පි ජාතියො සත්ත, සරෙ සංසරිතත්තනො; අනාගතාපි සත්තෙව, යා ගමිස්සං ඉතො චුතා.
දේවයන් වහන්ස, මම ද තමා විසින් සැරිසරන ලද ජාති සතක් සිහිකරමි. මෙයින් චුතව යා යුතු වූ අනාගත ජාති සතක් ද සිහිකරමි.
“යා මෙ සා සත්තමී ජාති, අහු පුබ්බෙ ජනාධිප; කම්මාරපුත්තො මගධෙසු, අහුං රාජගහෙ පුරෙ.
රජතුමනි, පෙර මාගේ යම් සත්වෙනි ජාතියක් වීද එකල මගධ රට රජගහ නුවර කම්මල්කරුවකුගේ පුත් වීමි.
“පාපං සහායමාගම්ම, බහුං පාපං කතං මයා; පරදාරස්ස හෙඨෙන්තො, චරිම්හා අමරා විය.
මා විසින් පවිටු මිතුරකු නිසා බොහෝ පව් කරන ලද පරදාරාවන් වෙහෙසට පත්කරමින් නොමැරෙන්නන් මෙන් හැසුරුනෙමු.
“තං කම්මං නිහිතං අට්ඨා, භස්මච්ඡන්නොව පාවකො; අථ අඤ්ඤෙහි කම්මෙහි, අජායිං වංසභූමියං.
රැස්කරන ලද ඒ කර්මය අළුයට සැඟවුන ගිනි පුපුරක් මෙන් යටපත්ව තිබුනේය. ඉක්බිති අන්‍ය කර්මයකින් වංස රට උපන්නෙමි.
“කොසම්බියං සෙට්ඨිකුලෙ, ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ; එකපුත්තො මහාරාජ, නිච්චං සක්කතපූජිතො.
මහරජතුමනි, කොසබෑ නුවර සමෘද්ධිමත් වූ සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහා ධනවත් සිටු කුලයක නිරන්තර පුද සත්කාර ලබන එකමැ පුත්‍රයා වීමි.
“තත්ථ මිත්තං අසෙවිස්සං, සහායං සාතවෙ රතං; පණ්ඩිතං සුතසම්පන්නං, සො මං අත්ථෙ නිවෙසයි.
එහිදී පණ්ඩිතයකු වූ ඇසූ පිරූ තැන් ඇති යහපත් ක්‍රියාවන්හි ඇලුණු මිත්‍රයකු සහාය වශයෙන් ඇසුරු කළෙමි. හෙතෙම මා කුසල් දහම්හි පිහිටුවීය.
“චාතුද්දසිං පඤ්චදසිං, බහුං රත්තිං උපාවසිං; තං කම්මං නිහිතං අට්ඨා, නිධීව උදකන්තිකෙ.
බොහෝ තුදුස්වක් පසළොස්වක් දිනයන්හි පෙහෙවස් විසීමි. ඒ කර්මය ජලාන්තයක පිහිටි නිධානයක් මෙන් සැගවී සිටියේය.
“අථ පාපාන කම්මානං, යමෙතං මගධෙ කතං; ඵලං පරියාග මං පච්ඡා, භුත්වා දුට්ඨවිසං යථා.
ඉක්බිති මා සතු පව්කම් අතුරෙන් මගධයේ දී කළ යම් මේ අන් අඹුවන් සේවනය කිරීමේ කර්මයක් වේද එහි විපාකය අනුභව කළ නපුරු විෂක් මෙන් මා වෙත ළඟාවිය.
“තතො චුතාහං වෙදෙහ, රොරුවෙ නිරයෙ චිරං; සකම්මුනා අපච්චිස්සං, තං සරං න සුඛං ලභෙ.
වේදේහ රජතුමනි, මම එයින් චුතව සිය පව්කම් හේතුවෙන් රෞරව නරකයෙහි බොහෝ කලක් පැසුනෙමි. එය සිහිපත් කරන්නෙම් සිතට සැපතක් නොලැබේ.
“බහුවස්සගණෙ තත්ථ, ඛෙපයිත්වා බහුං දුඛං; භින්නාගතෙ අහුං රාජ, ඡගලො උද්ධතප්ඵලො”ති.
මහරජතුමනි, එහි බොහෝ වර්ෂ ගණනක් මුළුල්ලෙහි බොහෝ දුක් ගෙවා හෙණ්ණාකට දේශයෙහි බීජෝද්ධරණය කළ එලුවෙක් වීමි.
තත්ථ සත්තාති මහාරාජ, ඉධලොකපරලොකා නාම සුකතදුක්කටානඤ්ච ඵලං නාම අත්ථි. න හි සංසාරො සත්තෙ සොධෙතුං සක්කොති, සකම්මුනා එව සත්තා සුජ්ඣන්ති. අලාතසෙනාපති ච බීජකදාසො ච එකමෙව ජාතිං අනුස්සරන්ති. න කෙවලං එතෙව ජාතිං සරන්ති, අහම්පි අතීතෙ සත්ත ජාතියො අත්තනො සංසරිතං සරාමි, අනාගතෙපි ඉතො ගන්තබ්බා සත්තෙව ජානාමි. යා මෙ සාති යා සා මම අතීතෙ සත්තමී ජාති ආසි. කම්මාරපුත්තොති තාය ජාතියා අහං මගධෙසු රාජගහනගරෙ සුවණ්ණකාරපුත්තො අහොසිං.
එහි සත්තා යනු මහරජතුමනි, මෙලොව පරලොව වනාහි හොඳ නොහොඳ කර්මයන්හි ඵලයක් ඇත. සංසාරය සත්ත්වයන් පිරිසිදු කරන්නට අසමත් වෙයි. ස්වකීය කර්මයෙන්ම සත්ත්වයෝ පිරිසිදු වෙත්. අලාත සේනාපතියාද බීජකද එකම ජාතියක් සිහිපත් කරත්. හුදෙක් මොවුහු පමණක් පුරාණ ජාති සිහිකරන්නෝ නොවෙති. මම ද අතීතයේ ජාති හතක හැසිරිම සිහිකරමි. අනාගතයෙහිද මෙයින් යායුතු ජාති හතක් දකිමි. යාමෙසා යනු යම් ඒ මාගේ සත්වන ජාතිය වීද කම්මාර පුත්තො යනු ඒ ජාතියෙහි මම මගධයේ රජගහනුවර රන්වැඩ කරන ගෙදරක පුත්‍රයෙක් වීමි.
පරදාරස්ස හෙඨෙන්තොති පරදාරං හෙඨෙන්තා පරෙසං රක්ඛිතගොපිතෙ වරභණ්ඩෙ අපරජ්ඣන්තා. අට්ඨාති තං තදා මයා කතං පාපකම්මං ඔකාසං අලභිත්වා ඔකාසෙ සති විපාකදායකං හුත්වා භස්මපටිච්ඡන්නො අග්ගි විය නිහිතං අට්ඨාසි. වංසභූමියන්ති වංසරට්ඨෙ. එකපුත්තොති අසීතිකොටිවිභවෙ සෙට්ඨිකුලෙ අහං එකපුත්තකොව අහොසිං. සාතවෙ රතන්ති කල්යාණකම්මෙ අභිරතං. සො මන්ති සො සහායකො මං අත්ථෙ කුසලකම්මෙ පතිට්ඨාපෙසි.
පරදාරස්ස හෙඨෙන්තො යනු පර අඹුවන් වෙහෙසට පත්කරන්නේ රකින ලද අනුන්ගේ භාණ්ඩවලට අපරාධ කරන ලද අට්ඨා යනු එදා මවිසින් කරන ලද පාපකර්මය ඵල දෙන්නට අවස්ථාවක් නොලැබ ඉඩක් ලැබුණු විට ඵල දෙන්නට වී අලුයට සැඟවුනු ගින්නක් මෙන් තැන්පත් වූයේ විය. වංසභූමියං යනු වංස රටෙහි එකපුත්තො යනු අසූ කෝටියක් සම්පත් ඇති සිටු කුලයක මම එකම පුත්‍රයා වීමි. සාතවෙ රතං යහපත් ක්‍රියාවන්හි ඇලුනා වූ සොමං යනු ඒ මිත්‍රයා මා අත්ථෙ කුසල් දහම්හි පිහිටුවූයේය.
තං කම්මන්ති තම්පි මෙ කතං කල්යාණකම්මං තදා ඔකාසං අලභිත්වා ඔකාසෙ සති විපාකදායකං හුත්වා උදකන්තිකෙ නිධි විය නිහිතං අට්ඨාසි. යමෙතන්ති අථ මම සන්තකෙසු පාපකම්මෙසු යං එතං මයා මගධෙසු පරදාරිකකම්මං කතං, තස්ස ඵලං පච්ඡා මං පරියාගං උපගතන්ති අත්ථො. යථා කිං? භුත්වා දුට්ඨවිසං යථා, යථා සවිසං භොජනං භුඤ්ජිත්වා ඨිතස්ස තං දුට්ඨං කක්ඛළං හලාහලං විසං කුප්පති, තථා මං පරියාගතන්ති අත්ථො. තතොති තතො කොසම්බියං සෙට්ඨිකුලතො. තං සරන්ති තං තස්මිං නිරයෙ අනුභූතදුක්ඛං සරන්තී චිත්තසුඛං නාම න ලභාමි, භයමෙව මෙ උප්පජ්ජති. භින්නාගතෙති භින්නාගතෙ නාම රට්ඨෙ. උද්ධතප්ඵලොති උද්ධතබීජො.
තං කම්මං මාගේ ඒ පුණ්‍යකර්මය එදා ඉඩක් නොලැබ ඉඩක් ලැබුණු විට විපාක දෙන්නක් වී ජලයෙහි බහාතබන ලද නිධානයක් මෙන් තබන ලද්දේ විය. යමෙතං යනු ඉක්බිති මා සතු පාපකර්මයන් අතුරින් යම් ඒ මගධයෙහි පරදාර සේවනය සංඛ්‍යාත පාපකර්මයක් වීද එහි ඵලය පසුව මා වෙත පරියාග ළඟාවිය යන අර්ථයි. යම්සේ කුමක් වීද යත් භුත්වා දුට්ඨවිසං යථා. විෂ සහිත ආහාරයක් අනුභවකොට සිටියහුගේ ඒ නපුරු වූ අපවිත්‍ර වූ හළාහල විෂය කිපෙයි. එපරිද්දෙන් මා වෙතට ළඟාවිය යන අර්ථයි. තතො යනු ඒ කොසඹෑ නුවර සිටුකුලයෙන් තං සරං එය ඒ නිරයෙහි විඳිය යුතු දුක සිහිකරන්නී සිතෙහි සතුටක් නම් නොලබමි. බියක්ම උපදී. හෙණ්ණාකටෙ හෙණ්ණාකට දේශයෙහි උද්ධිතප්ඵලො උදුරා දමන ලද බීජ ඇත්තේ,
සො පන ඡගලකො බලසම්පන්නො අහොසි. පිට්ඨියං අභිරුය්හපි නං වාහයිංසු, යානකෙපි යොජයිංසු. ඉමමත්ථං පකාසෙන්තී ආහ –
ඒ එලුවා වනාහි බලවත් වූයේ විය. පිටෙහි නැග ගියහ. යානාවන්හිද යෙදූහ. ඒ කාරණය දක්වමින් මෙසේ කීවාය;
“සාතපුත්තා මයා වූළ්හා, පිට්ඨියා ච රථෙන ච; තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ”ති.
මා විසින් පිටින් ද රියෙන් ද ඇමැති පුත්තු උසුලන ලදහ. මේ සියල්ල මාගේ ඒ පරදාර සේවන කර්මයාගේ විපාකයයි.
තත්ථ සාතපුත්තාති අමච්චපුත්තා. තස්ස කම්මස්සාති දෙව, රොරුවෙ මහානිරයෙ පච්චනඤ්ච ඡගලකකාලෙ බීජුප්පාටනඤ්ච පිට්ඨිවාහනයානකයොජනානි ච සබ්බොපෙස තස්ස නිස්සන්දො පරදාරගමනස්ස මෙති.
මෙහි සාතපුත්තා යනු ඇමැති පුත්තු. තස්සකම්මස්ස රෞරව මහා නරකයෙහි පැසීමද එලුවකු වූ ආත්මයේ බීජෝද්ධරණයද පිටෙහි, හා යානවාහනවල යෙදීමද යන මේ සියල්ල පරදාරගමන කර්මයාගේ ඵල දීමයි.
තතො පන චවිත්වා අරඤ්ඤෙ කපියොනියං පටිසන්ධිං ගණ්හි. අථ නං ජාතදිවසෙ යූථපතිනො දස්සෙසුං. සො “ආනෙථ මෙ, පුත්ත”න්ති දළ්හං ගහෙත්වා තස්ස විරවන්තස්ස දන්තෙහි ඵලානි උප්පාටෙසි. තමත්ථං පකාසෙන්තී ආහ –
එයින් චුතව වනයෙහි වඳුරු යෝනියක පිළිසිඳ ගත්තේය. ඉක්බිති මා උපන් දිනයෙහි රැළේ නායකයාට පෙන්වූහ. හෙතෙම මාගේ පුත්‍රයාව මෙහි ගෙන එවයි දැඩිව අල්ලාගෙන ඔහු හඬද්දී දත්වලින් බීජයන් උදුරා දැම්මේය. ඒ කාරණය ප්‍රකාශ කරන්නී මෙසේ කීවාය;
“තතො චුතාහං වෙදෙහ, කපි ආසිං බ්රහාවනෙ; නිලුඤ්චිතඵලොයෙව, යූථපෙන පගබ්භිනා; තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ”ති.
වේදේහ රජතුමනි, එයින් චුත වූ මම මහා වනයෙහි වඳුරෙක් වීමි. එහිදී හිතුවක්කාර නායක වඳුරා විසින් ගලවා දමන ලද බීජ ඇත්තේ වීමි. ඒ ද මාගේ පරදාරගමන කර්මයාගේ විපාකයෙකි.
තත්ථ නිලුඤ්චිතඵලොයෙවාති තත්රපාහං පගබ්භෙන යූථපතිනා ලුඤ්චිත්වා උප්පාටිතඵලොයෙව අහොසින්ති අත්ථො. අථ අපරාපි ජාතියො දස්සෙන්තී ආහ –
එහි නිලිච්ඡිත ඵලොයෙව එහිද මම දරදඬු වූ රංචු නායකයා විසින් ගලවා දමන ලද බීජ ඇත්තේ වීමි යන අර්ථය ඉක්බිති අනිකුත් ජාතීන්ද දක්වන්නී මෙසේ කීවාය.
“තතො චුතාහං වෙදෙහ, දස්සනෙසු පසූ අහුං; නිලුඤ්චිතො ජවො භද්රො, යොග්ගං වූළ්හං චිරං මයා; තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ.
වේදේහයෙනි, එයින් චුත වූ මට දසණ්ණ ජනපදයේ ගොනෙක් වීමි. ඉවත්කළ බීජ ඇත්තෙම් ජවයෙහි යහපත් වීමි. මා විසින් එහි බොහෝකලක් බර උසුලන ලදී. එයද මාගේ ඒ පරදාර සේවන කර්මයාගේ විපාකයෙකි.
“තතො චුතාහං වෙදෙහ, වජ්ජීසු කුලමාගමා; නෙවිත්ථී න පුමා ආසිං, මනුස්සත්තෙ සුදුල්ලභෙ; තස්ස කම්මස්ස නිස්සන්දො, පරදාරගමනස්ස මෙ.
වේදේහයෙනි, එයින් චුත වූ මට වජ්ජි ජනපදයෙහි කුලයක උපත ලැබුවෙමි. අතිශයින් දුර්ලභ වූ මනුෂ්යාත්මයෙහිද, ස්ත්‍රියක් නොවීමි. පුරුෂයෙක්ද නොවීමි. (නපුංසකයෙක් වීමි.) ඒ ද මාගේ පරදාර සේවන කර්මයාගේ විපාකයෙකි.
“තතො චුතාහං වෙදෙහ, අජායිං නන්දනෙ වනෙ; භවනෙ තාවතිංසාහං, අච්ඡරා කාමවණ්ණිනී.
වේදේහයෙනි! එයින් චුත වූ මම තව්තිසාවේ නන්දන වනයෙහි කැමැති වේශයක් ගැනීමට සමර්ථ වූ අප්සරාවක් වී උපන්නෙමි.
“විචිත්රවත්ථාභරණා, ආමුත්තමණිකුණ්ඩලා; කුසලා නච්චගීතස්ස, සක්කස්ස පරිචාරිකා.
විසිතුරු වස්ත්‍ර හා ආභරණ ඇත්තේ පැළැඳි මිණිකොඩොල් ඇත්තී නෘත්‍ය ගීතයන්හි දක්ෂ වූවා ශක්‍රයාගේ භාර්යාවක් වීමි.
“තත්ථ ඨිතාහං වෙදෙහ, සරාමි ජාතියො ඉමා; අනාගතාපි සත්තෙව, යා ගමිස්සං ඉතො චුතා.
වේදේහයෙනි! එහි සිටි මම මේ ජාතීන් සිහිපත් කළෙමි. මෙයින් චුතව යම්තැනකට යන්නෙම්ද ඒ අනාගත ජාති සතක් ද සිහි කළෙමි.
“පරියාගතං තං කුසලං, යං මෙ කොසම්බියං කතං; දෙවෙ චෙව මනුස්සෙ ච, සන්ධාවිස්සං ඉතො චුතා.
කොසබෑ නුවරදී මා විසින් යම් කුශලයක් කරන ලද ද එය තමාගේ වාරයෙන් විපාකදීමට එළඹ සිටියේය. මෙයින් චුත වූ මම දෙව්ලොවද මිනිස්ලොවද සැරිසරන්නෙමි.
“සත්ත ජච්චො මහාරාජ, නිච්චං සක්කතපූජිතා; ථීභාවාපි න මුච්චිස්සං, ඡට්ඨා නිගතියො ඉමා.
මහරජ! මෙසේ සත් ජාතියක නිතර පූජා සත්කාර කරන ලද්දී වෙමි. යට කී ජාති සයෙහි ස්ත්‍රීභාවයෙන් නොමිදුනිමි.
“සත්තමී ච ගති දෙව, දෙවපුත්තො මහිද්ධිකො; පුමා දෙවො භවිස්සාමි, දෙවකායස්මිමුත්තමො.
දේවයන් වහන්ස, සත්වන ගතියෙහි දෙවියන් අතර උතුම් වූ මහත් සෘද්ධි ඇති පුරුෂ දේව වූ දිව්‍ය පුත්‍රයෙක් වන්නෙමි.
“අජ්ජාපි සන්තානමයං, මාලං ගන්ථෙන්ති නන්දනෙ; දෙවපුත්තො ජවො නාම, යො මෙ මාලං පටිච්ඡති.
අද ද නන්දන උයනෙහි රැස් කළ මල් (මා සඳහා) ගොතන්නාහ. ජව නම් වූ දිව්‍යපුත්‍රයෙක් මා සඳහා ගසින් වැටෙන මල් පිළිගනීද (හේ මාගේ සැමියාය.)
“මුහුත්තො විය සො දිබ්යො, ඉධ වස්සානි සොළස; රත්තින්දිවො ච සො දිබ්යො, මානුසිං සරදොසතං.
යම් මේ පසු වූ සොළොස් වසක් වේද එය දෙව්ලොව ඇසිල්ලක් මෙනි. මිනිස් ගණනින් සියක් වසක් දෙව්ලොව එක් රෑ දාවලෙකි. (එක දවසකි.)
“ඉති කම්මානි අන්වෙන්ති, අසඞ්ඛෙය්යාපි ජාතියො; කල්‍යාණං යදි වා පාපං, න හි කම්මං විනස්සතී”ති.
මෙසේ නොගිණිය හැකි ජාතියෙකැ පවා කර්මයෝ (සත්ත්වයා) අනුව යති. කුශල වූ අකුශල වූ හෝ කර්මය (විපාක නොදී) නො නස්නේය.
තත්ථ දස්සනෙසූති දස්සනරට්ඨෙසු. පසූති ගොණො අහොසිං. නිලුඤ්චිතොති වච්ඡකාලෙයෙව මං එවං මනාපො භවිස්සතීති නිබ්බීජකමකංසු. සොහං නිලුඤ්චිතො උද්ධතබීජො ජවො භද්රො අහොසිං. වජ්ජීසු කුලමාගමාති ගොයොනිතො චවිත්වා වජ්ජිරට්ඨෙ එකස්මිං මහාභොගකුලෙ නිබ්බත්තින්ති දස්සෙති. නෙවිත්ථී න පුමාති නපුංසකත්තං සන්ධාය ආහ. භවනෙ තාවතිංසාහන්ති තාවතිංසභවනෙ අහං.
එහි දසණ්ණෙසූ යනු දසණ්ණ රටෙහි. පසූ යනු වෘෂභයෙක් වීමි. නිලිච්ඡිතො යනු වසුපැටි කාලයේම මා මෙසේ වූ මනාප වන්නේ යැයි බීජ උද්ධරණය කළහ. ඒ මම උදුරා දැමූ බීජ ඇත්තෙම් ජවයෙහි අති දක්ෂ වීමි. වජ්ජිසු කුලමාගතා වෘෂභ යෝනියෙන් චුතව වජ්ජි රටෙහි එක් පොහොසත් කුලගෙයක උපන්නෙමියි දක්වයි. නෙවිත්ථි නපුමා නපුංසක බව සඳහා කියන ලදී. භවනෙ තාවතිංසාන තාවතිංස භවනයෙහි මම.
තත්ථ ඨිතාහං, වෙදෙහ, සරාමි ජාතියො ඉමාති සා කිර තස්මිං දෙවලොකෙ ඨිතා “අහං එවරූපං දෙවලොකං ආගච්ඡන්තී කුතො නු ඛො ආගතා”ති ඔලොකෙන්තී වජ්ජිරට්ඨෙ මහාභොගකුලෙ නපුංසකත්තභාවතො චවිත්වා තත්ථ නිබ්බත්තභාවං පස්සි. තතො “කෙන නු ඛො කම්මෙන එවරූපෙ රමණීයෙ ඨානෙ නිබ්බත්තාම්හී”ති ඔලොකෙන්තී කොසම්බියං සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා කතං දානාදිකුසලං දිස්වා “එතස්ස ඵලෙන නිබ්බත්තාම්හී”ති ඤත්වා “අනන්තරාතීතෙ නපුංසකත්තභාවෙ නිබ්බත්තමානා කුතො ආගතාම්හී”ති ඔලොකෙන්තී දස්සනරට්ඨෙසු ගොයොනියං මහාදුක්ඛස්ස අනුභූතභාවං අඤ්ඤාසි. තතො අනන්තරං ජාතිං අනුස්සරමානා වානරයොනියං උද්ධතඵලභාවං අද්දස. තතො අනන්තරං අනුස්සරන්තී භින්නාගතෙ ඡගලකයොනියං උද්ධතබීජභාවං අනුස්සරි. තතො පරං අනුස්සරමානා රොරුවෙ නිබ්බත්තභාවං අනුස්සරි.
තත්ථ ධීතාහං වෙදෙහ සරාමි ජාතියො ඉමා යනු ඕතොමෝ වනාහි ඒ දිව්‍යලෝකයෙහි සිටියා මම මෙබඳු වූ දෙව්ලොවකට එන්නෙම් කොහේසිට ආවේදැයි බලන්නී වජ්ජි රටෙහි පොහොසත් කුල ගෙදරක නපුංසක ආත්මභාවයක සිට චුතව එහි උපන් බව දුටුවේය. ඉක්බිති කුමන නම් කර්මයකින් මෙබඳු රමණීය වූ තැනක උපන්නේදැයි බලන්නී කොසබෑ නුවර සිටු කුලයක ඉපිද කරන ලද දානාදී කුසලයන් දැක මෙහි ඵලයෙන් උපන්නේ යැයි දැනගෙන අනතුරු ආත්මභාවයේ නපුංසක ආත්ම භාවයේ උපන්නී කොහේසිට ආයෙම්දැයි බලන්නී දසණ්ණ රටෙහි වෘෂභයෙක්ව ඉපිද මහා දුකක් වින්ද බව දැනගත්තේය. ඉන් අනතුරුව ජාතිය සිහිපත් කරන්නී වානර යෝනියෙහි ඉපිද උගුලා දමන ලද බීජ ඇති බව දුටුවාය. ඉන් අනතුරුව හෙණ්ණාකටයේ එළු යෝනියෙහි ඉපිද උදුරා දමන ලද බීජ ඇති බව සිහිපත් කළාය. ඉන් අනතුරුව ආත්මභාවය සිහිකරන්නී රෝරුව නරකයෙහි උපන්බව සිහිපත් කළේය.
අථස්සා නිරයෙ තිරච්ඡානයොනියඤ්ච අනුභූතං දුක්ඛං අනුස්සරන්තියා භයං උප්පජ්ජි. තතො “කෙන නු ඛො කම්මෙන එවරූපං දුක්ඛං අනුභූතං මයා”ති ඡට්ඨං ජාතිං ඔලොකෙන්තී තාය ජාතියා කොසම්බිනගරෙ කතං කල්යාණකම්මං දිස්වා සත්තමං ඔලොකෙන්තී මගධරට්ඨෙ පාපසහායං නිස්සාය කතං පරදාරිකකම්මං දිස්වා “එතස්ස ඵලෙන මෙ තං මහාදුක්ඛං අනුභූත”න්ති අඤ්ඤාසි. අථ “ඉතො චවිත්වා අනාගතෙ කුහිං නිබ්බත්තිස්සාමී”ති ඔලොකෙන්තී “යාවතායුකං ඨත්වා පුන සක්කස්සෙව පරිචාරිකා හුත්වා නිබ්බත්තිස්සාමී”ති අඤ්ඤාසි. එවං පුනප්පුනං ඔලොකයමානා “තතියෙපි අත්තභාවෙ සක්කස්සෙව පරිචාරිකා හුත්වා නිබ්බත්තිස්සාමි, තථා චතුත්ථෙ, පඤ්චමෙ පන තස්මිංයෙව දෙවලොකෙ ජවනදෙවපුත්තස්ස අග්ගමහෙසී හුත්වා නිබ්බත්තිස්සාමී”ති ඤත්වා තතො අනන්තරං ඔලොකෙන්තී “ඡට්ඨෙ අත්තභාවෙ ඉතො තාවතිංසභවනතො චවිත්වා අඞ්ගතිරඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිස්සාමි, ‘රුචා’ති මෙ නාමං භවිස්සතී”ති ඤත්වා “තතො අනන්තරා කුහිං නිබ්බත්තිස්සාමී”ති ඔලොකෙන්තී “සත්තමාය ජාතියා තතො චවිත්වා තාවතිංසභවනෙ මහිද්ධිකො දෙවපුත්තො හුත්වා නිබ්බත්තිස්සාමි, ඉත්ථිභාවතො මුච්චිස්සාමී”ති අඤ්ඤාසි. තස්මා –
අනතුරුව ඇගේ නිරයෙහිත්, තිරිසන් ආත්මභාවයේත් විඳි දුක සිහිපත් කරන්නියට බියක් ඇතිවිය. අනතුරුව කවරනම් කර්මයකින් මෙබඳු වූ දුකක් මා විසින් විඳින ලදදැයි සයවන ජාතිය සිහිකරන්නී ඒ ජාතියේදී කොසබෑ නුවරදී කරන ලද යහපත් කර්මයන් දැක සත්වන ආත්මභාවය ගැන බලන්නී මගධ රටෙහි පාපමිත්‍රයකු නිසා කරන ලද පරදාර කර්මය දැක මේ කර්මයාගේ ඵලයෙන් මෙබඳු වූ මහා දුකක් විඳින ලදැයි දැනගත්තාය. ඉක්බිති එයින් චුතව අනාගතයෙහි කොහේ උපදින්නෙම්දැයි බලන්නී දිවි ඇතිතෙක් සිට නැවත ශක්‍රයාගේ පරිචාරිකාවක් වී උපදින්නෙමියි දැනගත්තාය. මෙසේ නැවත නැවත බලන්නී තුන්වන ආත්මභාවයේදී ශක්‍රයාගේ පරිචාරිකාවක්ව උපදින්නෙමි. එසේම සතරවන හා පස්වන ආත්මභාවවලදී ඒ දෙව්ලොවට ජවන දිව්යපුත්රයාගේ අගමෙහෙසිය වී උපදින්නේයැයි දැනගෙන අනතුරුව බලන්නී සයවන ආත්මභාවයේදී මේ තාවතිංස භවනයෙන් චුතව අංගාති රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපදින්නේය. රුජා යැයි මට නමක් වන්නේයැයි දැනගෙන ඊට අනතුරුව කොහේ උපදින්නෙමිදැයි බලන්න සත්වන ජාතියෙහි එයින් චුතව තව්තිසා දෙව්ලොව මහත් සෘද්ධි ඇති දේවපුත්රයෙක්ව උපදින්නෙමි යිද ස්ත්‍රීභාවයෙන් මිදෙන්නෙමියැයි ද දැනගත්තාය. ඒ නිසා;
“තත්ථ ඨිතාහං වෙදෙහ, සරාමි සත්ත ජාතියො; අනාගතාපි සත්තෙව, යා ගමිස්සං ඉතො චුතා”ති. – ආදිමාහ;
වේදේහයෙනි! එහි සිටි මම මේ ජාතීන් සිහි කෙළෙමි. මෙයින් චුතව යම්තැනකට යන්නෙම්ද, ඒ අනාගත ජාති සතක් ද සිහි කළෙමි.
තත්ථ පරියාගතන්ති පරියායෙන අත්තනො වාරෙන ආගතං. සත්ත ජච්චොති වජ්ජිරට්ඨෙ නපුංසකජාතියා සද්ධිං දෙවලොකෙ පඤ්ච, අයඤ්ච ඡට්ඨාති සත්ත ජාතියොති වුච්චන්ති. එතා සත්ත ජාතියො නිච්චං සක්කතපූජිතා අහොසින්ති දස්සෙති. ඡට්ඨා නිගතියොති දෙවලොකෙ පන පඤ්ච, අයඤ්ච එකාති ඉමා ඡ ගතියො ඉත්ථිභාවාන මුච්චිස්සන්ති වදති. සත්තමී චාති ඉතො චවිත්වා අනන්තරං. සන්තානමයන්ති එකතොවණ්ටකාදිවසෙන කතසන්තානං. ගන්ථෙන්තීති යථා සන්තානමයා හොන්ති, එවං අජ්ජපි මම පරිචාරිකා නන්දනවනෙ මාලං ගන්ථෙන්තියෙව. යො මෙ මාලං පටිච්ඡතීති මහාරාජ, අනන්තරජාතියං මම සාමිකො ජවො නාම දෙවපුත්තො යො රුක්ඛතො පතිතපතිතං මාලං පටිච්ඡති.
පරීයාගතං යනු පිළිවෙළින් තමාගේ වාරයෙන් ආවා වූ සත්තජච්චො වජ්ජි රටේ නපුංසකව උපන් ජාතිය සමග දෙව්ලොව පස්වෙනි හා මේ සයවෙනි වශයෙන් ජාති සතක් උපන්නෙමි. මේ ජාති සත නිරන්තරයෙන් සත්කාර සම්මානයෙන් යුක්තවම වූයෙමියි දක්වන්නීය. ජට්ඨානිගතියො දෙව්ලොව වනාහි පසක්ද මේ එකද යන ජාති හයෙන් ස්ත්‍රී භාවයෙන් නොමිදෙත්යැයි කියයි. සත්තමිව යනු මෙයින් චුතව අනතුරුව. සන්තානමයං එක නැට්ටක් සිටින සේ කරන ලද සමූහය. ගන්ථෙනකි යම්සේ සමූහ වශයෙන් වේද එපරිද්දෙන් අද ද මාගේ පරිචාරිකාවෝ නන්දන වනයෙහි මල්මාලා ගොතත්. යො මෙ මාලං පටිච්ඡති මහරජතුමනි, අනතුරු ජාතියක මාගේ ස්වාමී වූ ජව නම් දේවපුත්‍රයා, යමෙක් ගසෙන් වැටෙන වැටෙන මල ලබාගනු කැමැත්තේ වීද.
සොළසාති මහාරාජ, මම ජාතියා ඉමානි සොළස වස්සානි, එත්තකො පන කාලො දෙවානං එකො මුහුත්තො, තෙන තා මම චුතභාවම්පි අජානන්තා මමත්ථාය මාලං ගන්ථෙන්තියෙව. මානුසින්ති මනුස්සානං වස්සගණනං ආගම්ම එස සරදොසතං වස්සසතං හොති, එවං දීඝායුකා දෙවා . ඉමිනා පන කාරණෙන පරලොකස්ස ච කල්යාණපාපකානඤ්ච කම්මානං අත්ථිතං ජානාහි, දෙවාති.
සොළසා යනු මහරජ, මාගේ ජාතියෙන් දැන් සොළොස් වර්ෂයකි. මෙපමණ කලක් දෙවියන්ට එක මොහොතකි. ඒ නිසා ඔහු මා චුත වූ බවද නොදන්නේ මා සඳහා මල්මාලා ගොතති. මානුසිං යනු මිනිසුන්ගේ ගණනට අනුව සියක් වසකි. මෙසේ දීර්ඝායුෂ ඇති දෙවිවරු මේ කාරණයෙන් ද පරලොවට ද යහපත් හා නරක ඇති බව දනුව.
අන්වෙන්තීති යථා මං අනුබන්ධිංසු, එවං අනුබන්‍ධන‍්ති. න හි කම්මං විනස්සතීති දිට්ඨධම්මවෙදනීයං තස්මිංයෙව අත්තභාවෙ, උපපජ්ජවෙදනීයං අනන්තරභවෙ විපාකං දෙති, අපරාපරියවෙදනීයං පන විපාකං අදත්වා න නස්සති. තං සන්ධාය “න හි කම්මං විනස්සතී”ති වත්වා “දෙව, අහං පරදාරිකකම්මස්ස නිස්සන්දෙන නිරයෙ ච තිරච්ඡානයොනියඤ්ච මහන්තං දුක්ඛං අනුභවිං. සචෙ පන තුම්හෙපි ඉදානි ගුණස්ස කථං ගහෙත්වා එවං කරිස්සථ, මයා අනුභූතසදිසමෙව දුක්ඛං අනුභවිස්සථ, තස්මා එවං මා කරිත්ථා”ති ආහ.
අන්වෙන්ති යම්සේ මා ලුහුබැඳ ආවාහුද එසේ ලුහුබඳිත්. නහිකම්මං පනස්සතී යනු දිට්ඨධම්ම වේදනීය වශයෙන් ඒ ආත්ම භාවයේදීත් උපපජ්ජවේදනීය කර්මය අනතුරු භවයෙහි විපාක දෙයි. අපරාපරිය වේදනීය කර්මය වනාහි විපාක නොදී නොනැසේ. ඒ සඳහා නහි කම්මං පනස්සතී යැයි කියා දේවයන් වහන්ස, මම පරදාර සේවන කර්මය ඵලදීමෙන් නරකාදියෙහිද තිරිසන් යෝනියෙහිද මහත් දුකක් අනුභව කළෙමි. ඉදින් ඔබලාද දැන් ගුණ නිවටයාගේ වචන අදහා මෙසේ කරන්නහුය. මා විසින් විඳින ලද හා සමානවම දුක් අනුභව කරන්නාහුය. ඒ නිසා මෙසේ නොකරවයි ඔහුට කීය.
අථස්ස උත්තරි ධම්මං දෙසෙන්තී ආහ –
ඉක්බිති ඔහුට මත්තේද ධර්මදේශනා කරන්නී මෙසේ කීය.
“යො ඉච්ඡෙ පුරිසො හොතුං, ජාතිං ජාතිං පුනප්පුනං; පරදාරං විවජ්ජෙය්ය, ධොතපාදොව කද්දමං.
යමෙක් මතු මතු ජාතීන්හි පුන පුනා පුරුෂයකු වීමට කැමැත්තේ නම් ධෝවනය කළ පා ඇත්තකු මඩ දුරුකරන්නාක් මෙන් පරදාර කර්මය දුරුකරන්නේය.
“යා ඉච්ඡෙ පුරිසො හොතුං, ජාතිං ජාතිං පුනප්පුනං; සාමිකං අපචායෙය්ය, ඉන්දංව පරිචාරිකා.
යම් ස්ත්‍රියක් මතු මතු ජාතීන්හි පුන පුනා පුරුෂයකු වන්නට කැමැති වේනම් පරිචාරිකාවන් ශක්‍ර දේවේන්ද්රයාට මෙහෙවර කරන්නාක් මෙන් සිය සැමියාට අත්පා මෙහෙවර කරන්නේය.
“යො ඉච්ඡෙ දිබ්යභොගඤ්ච, දිබ්බමායුං යසං සුඛං; පාපානි පරිවජ්ජෙත්වා, තිවිධං ධම්මමාචරෙ.
යමෙක් දිව්‍යමය භවභෝග වස්තූන්ද දිව්‍ය ආයුෂ යසස හා සුවඳ කැමැත්තේ නම් පව් දුරු කොට ත්‍රිවිධ සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය.
“කායෙන වාචා මනසා, අප්පමත්තො විචක්ඛණො; අත්තනො හොති අත්ථාය, ඉත්ථී වා යදි වා පුමා.
නුවණැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කයින්, වචනයෙන් හා මනසින් නොපමා වී නම් එය තමාට වැඩ පිණිස හේතු වේ.
“යෙ කෙචිමෙ මානුජා ජීවලොකෙ, යසස්සිනො සබ්බසමන්තභොගා; අසංසයං තෙහි පුරෙ සුචිණ්ණං, කම්මස්සකාසෙ පුථු සබ්බසත්තා.
මේ සත්ත්‍වලෝකයෙහි යසස් ඇති පරිපූර්ණ සියළු භෝග ඇති යම් ඒ මනුෂ්‍යයෝ වෙත්ද ඔවුන් විසින් නිසැකවම පෙරපින් කරන ලද්දේය. නානාප්‍රකාර වූ සියලු සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ.
“ඉඞ්ඝානුචින්තෙසි සයම්පි දෙව, කුතොනිදානා තෙ ඉමා ජනින්ද; යා තෙ ඉමා අච්ඡරාසන්නිකාසා, අලඞ්කතා කඤ්චනජාලඡන්නා”ති.
දේවයන් වහන්ස! තමා මැ සිතනු මැනවි. මහරජතුමනි, අප්සරාවන් හා සමාන වූ අලංකාර වූ රත්දැලින් වසන ලද්දා වූ ඔබගේ යම් මේ ස්ත්‍රීහු කුමකින් හටගත්තාහුද?
තත්ථ හොතුන්ති භවිතුං. සබ්බසමන්තභොගාති පරිපුණ්ණසබ්බභොගා. සුචිණ්ණන්ති සුට්ඨු චිණ්ණං කල්යාණකම්මං කතං. කම්මස්සකාසෙති කම්මස්සකා අත්තනා කතකම්මස්සෙව විපාකපටිසංවෙදිනො. න හි මාතාපිතූහි කතං කම්මං පුත්තධීතානං විපාකං දෙති, න තාහි පුත්තධීතාහි කතං කම්මං මාතාපිතූනං විපාකං දෙති. සෙසෙහි කතං සෙසානං කිමෙව දස්සති? ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො. අනුචින්තෙසීති පුනප්පුනං චින්තෙය්යාසි. යා තෙ ඉමාති යා ඉමා සොළසසහස්සා ඉත්ථියො තං උපට්ඨහන්ති, ඉමා තෙ කුතොනිදානා, කිං නිපජ්ජිත්වා නිද්දායන්තෙන ලද්ධා, උදාහු පන්ථදූසනසන්ධිච්ඡෙදාදීනි පාපානි කත්වා, අදු කල්යාණකම්මං නිස්සාය ලද්ධාති ඉදං තාව අත්තනාපි චින්තෙය්යාසි, දෙවාති.
එහි හොතු යනු වේවා. සබ්බසමන්තභොගා පරිපූර්ණ වූ සියළු භෝගයෝ. සුචිණ්ණං මනාව රැස්කරන ලද්දේ. යහපත් කර්මයන් කරන ලදී. කම්මස්සකා සෙ කර්ම කරන්නාහු තමා විසින් කරන ලද කර්මයාගේම විපාකය විඳින්නෝ වෙත්. මව්පියන් විසින් කරන ලද කර්මය දූ දුරුවන්ට හෝ දූ දරුවන් විසින් කළ කර්මය දෙමව්පියන්ට විපාක දෙන්නේ නැත. අන් අය විසින් කරන ලද කර්මය අනිත් අයට කෙසේනම් වන්ද?. ඉංඝා යනු චෝදනාර්ථයෙහි නිපාතයකි. අනුචින්තෙසි අනුව සිතන්න. යාතෙ ඉමා යම් මේ සොළොස් දහසක් ස්ත්‍රීහු ඔහුට උපස්ථාන කරති. මොව්හු කවර හේතුවක් නිසා නිදි ලද්දහු විසින් ලබන ලද ද නැතහොත් විවේක ස්ථාන දූෂණය, සන්ධි බිඳීම ආදී පව්කොට නැතහොත් හොඳ කර්මයක් නිසා ලබන ලද ද යන මේ කාරණය පළමුව තමා විසින් සිතන්නෙහිය.
එවං සා පිතරං අනුසාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
මෙසේ ඇය පියාට අනුශාසනා කළාය. ඒ කාරණය ප්‍රකාශ කරන්නේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“ඉච්චෙවං පිතරං කඤ්ඤා, රුචා තොසෙසි අඞ්ගතිං; මූළ්හස්ස මග්ගමාචික්ඛි, ධම්මමක්ඛාසි සුබ්බතා”ති.
සුන්දර වූ ව්‍රත ඇති රුජා නම් කන්‍යා තොමෝ මෙපරිද්දෙන් ප්‍රිය වූ අංගාති රජු සතුටු කරවීය. මුළා වූ රජුට නිවැරදි මග කියාදෙන ලදී. ධර්මය පැවසුවාය.
තත්ථ ඉච්චෙවන්ති භික්ඛවෙ, ඉති ඉමෙහි එවරූපෙහි මධුරෙහි වචනෙහි රුචාකඤ්ඤා පිතරං තොසෙසි, මූළ්හස්ස මග්ගං විය තස්ස සුගතිමග්ගං ආචික්ඛි, නානානයෙහි සුචරිතධම්මං අක්ඛාසි. ධම්මං කථෙන්තීයෙව සා සුබ්බතා සුන්දරවතා අත්තනො අතීතජාතියොපි කථෙසි.
එහි ඉච්චෙවං යනු මහණෙනි, මෙසේ ඒ ඒ මධුර ස්වරූප ඇති වචනවලින් ඒ රුජා රාජකන්‍යා තොමෝ පියාව සතුටුකරවූවාය. මුළා වූවහුට මාර්ගය කියන්නාක් මෙන් ඔහුට සුගති මාර්ගය කීවාය. නන් අයුරින් සුචරිත ධර්මය පැවසුවාය. ධර්මය කියන්නී ඕ තොමෝ සුබ්බතා සුන්දරවත් වූවා තමාගේ අතීත ජාතීන් ද ප්‍රකාශ කළාය.
එවං පුබ්බණ්හතො පට්ඨාය සබ්බරත්තිං පිතු ධම්මං දෙසෙත්වා “මා, දෙව, නග්ගස්ස මිච්ඡාදිට්ඨිකස්ස වචනං ගණ්හි, ‘අත්ථි අයං ලොකො, අත්ථි පරලොකො , අත්ථි සුකටදුක්කටකම්මානං ඵල’න්ති වදන්තස්ස මාදිසස්ස කල්‍යාණමිත්තස්ස වචනං ගණ්හ, මා අතිත්ථෙන පක්ඛන්දී”ති ආහ. එවං සන්තෙපි පිතරං මිච්ඡාදස්සනා මොචෙතුං නාසක්ඛි. සො හි කෙවලං තස්සා මධුරවචනං සුත්වා තුස්සි. මාතාපිතරො හි පියපුත්තානං වචනං පියායන්ති, න පන තං මිච්ඡාදස්සනං විස්සජ්ජෙසි. නගරෙපි “රුචා කිර රාජධීතා පිතු ධම්මං දෙසෙත්වා මිච්ඡාදස්සනං විස්සජ්ජාපෙසී”ති එකකොලාහලං අහොසි. “පණ්ඩිතා රාජධීතා අජ්ජ පිතරං මිච්ඡාදස්සනා මොචෙත්වා නගරවාසීනං සොත්ථිභාවං කරිස්සතී”ති මහාජනො තුස්සි. සා පිතරං බොධෙතුං අසක්කොන්තී වීරියං අවිස්සජ්ජෙත්වාව “යෙන කෙනචි උපායෙන පිතු සොත්ථිභාවං කරිස්සාමී”ති සිරස්මිං අඤ්ජලිං පතිට්ඨපෙත්වා දසදිසා නමස්සිත්වා “ඉමස්මිං ලොකෙ ලොකසන්ධාරකා ධම්මිකසමණබ්රාහ්මණා නාම ලොකපාලදෙවතා නාම මහාබ්රහ්මානො නාම අත්ථි, තෙ ඉධාගන්ත්වා අත්තනො බලෙන මම පිතරං මිච්ඡාදස්සනං විස්සජ්ජාපෙන්තු , එතස්ස ගුණෙ අසතිපි මම ගුණෙන මම සීලෙන මම සච්චෙන ඉධාගන්ත්වා ඉමං මිච්ඡාදස්සනං විස්සජ්ජාපෙත්වා සකලලොකස්ස සොත්ථිං කරොන්තූ”ති අධිට්ඨහිත්වා නමස්සි.
මෙසේ උදේ පටන් මුළු රැයම පියාට ධර්මය දේශනාකර දේවයන් වහන්ස! නග්න වූ මිථ්‍යාදෘෂ්ටිකයාගේ වචන නොපිළිගන්න. මෙලොවක් ඇත. පරලොවක් ඇත. හොඳ නොහොඳ කර්මයන්ගේ ඵලයක් ඇතැයි කියන්නා වූ මා වැනි කල්‍යාණ මිත්‍රයකුගේ වචනය පිළිගන්න. නුසුදුසු තොටකින් නොපනින්නයැයි කීවාය. මෙසේ කරුණු කීවද පියාව මිථ්‍යා දර්ශනයෙන් මුදවා ගැනීමට අසමත් වූවාය. ඔහු වනාහි හුදෙක් ඇගේ වචනය අසා සතුටු වූවා පමණි. මව්පියවරු ප්‍රිය දරුවන්ගේ වචන ප්‍රිය කරත්. ඔවුන්ගේ දර්ශනය අත් නොහරිත්. රුජා රජ දියණිය පියාට ධර්මදේශනා කර මිථ්‍යා දර්ශනය ඉවත් කරවූයේ යැයි නගරයෙහි ඒකකෝළාහල විය. පණ්ඩිත වූ රජ දියණිය පියාව වැරදි දර්ශනයෙන් මුදා නගරවැසියන්ට යහපතක් කරන්නයැයි මහාජනයා සතුටු වූහ. ඇය පියාට කරුණු අවබෝධ කරවන්නට අපොහොසත් වූවා වීර්ය අත්නොහැර යම් කවර හෝ උපායකින් පියා යහපත් තත්ත්වයට පත්කරන්නෙමියි, හිසෙහි ඇඳිලි බැඳගෙන දශදිසාවට නමස්කාර කොට, මේ ලෝකයෙහි, මෙලොව දරාගෙන සිටින ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, ලෝකපාලක දේවතාවන් නම් වූ මහා බ්‍රහ්මයෝ සිටිත්. ඔව්හු අවුත් තමන්ගේ බලයෙන් මගේ පියාව මිථ්‍යා දර්ශනයෙන් මුදාගනිත්වා. මොහුගේ ගුණයක් නැති කල්හි මගේ ගුණයෙන් මගේ බලයෙන් මගේ සත්‍යයෙන් අවුත් මේ මිථ්‍යා දර්ශනය අත්හැර දමා සියළු ලෝවැස්සන්ට යහපතක් කරත්වයි නමස්කාර කළාය.
තදා බොධිසත්තො නාරදො නාම මහාබ්රහ්මා අහොසි. බොධිසත්තා ච නාම අත්තනො මෙත්තාභාවනාය අනුද්දයාය මහන්තභාවෙන සුප්පටිපන්නදුප්පටිපන්නෙ සත්තෙ දස්සනත්ථං කාලානුකාලං ලොකං ඔලොකෙන්ති. සො තං දිවසං ලොකං ඔලොකෙන්තො තං රාජධීතරං පිතු මිච්ඡාදිට්ඨිමොචනත්ථං ලොකසන්ධාරකදෙවතායො නමස්සමානං දිස්වා, “ඨපෙත්වා මං අඤ්ඤො එතං රාජානං මිච්ඡාදස්සනං විස්සජ්ජාපෙතුං සමත්ථො නාම නත්ථි, අජ්ජ මයා රාජධීතු සඞ්ගහං, රඤ්ඤො ච සපරිජනස්ස සොත්ථිභාවං කත්වා ආගන්තුං වට්ටති, කෙන නු ඛො වෙසෙන ගමිස්සාමී”ති චින්තෙත්වා “මනුස්සානං පබ්බජිතා පියා චෙව ගරුනො ච ආදෙය්යවචනා ච, තස්මා පබ්බජිතවෙසෙන ගමිස්සාමී”ති සන්නිට්ඨානං කත්වා පාසාදිකං සුවණ්ණවණ්ණං මනුස්සත්තභාවං මාපෙත්වා මනුඤ්ඤං ජටාමණ්ඩලං බන්ධිත්වා ජටන්තරෙ කඤ්චනසූචිං ඔදහිත්වා අන්තො රත්තපටං උපරි රත්තවාකචීරං නිවාසෙත්වා පාරුපිත්වා සුවණ්ණතාරාඛචිතං රජතමයං අජිනචම්මං එකංසෙ කත්වා මුත්තාසික්කාය පක්ඛිත්තං සුවණ්ණමයං භික්ඛාභාජනං ආදාය තීසු ඨානෙසු ඔනතං සුවණ්ණකාජං ඛන්ධෙ කත්වා මුත්තාසික්කාය එව පවාළකමණ්ඩලුං ආදාය ඉමිනා ඉසිවෙසෙන ගගනතලෙ චන්දො විය විරොචමානො ආකාසෙන ආගන්ත්වා අලඞ්කතචන්දකපාසාදමහාතලං පවිසිත්වා රඤ්ඤො පුරතො ආකාසෙ අට්ඨාසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ නාරද නම් වූ මහා බ්‍රහ්මයෙක් විය. බෝධිසත්ත්වවරු වනාහි තමන්ගේ මෛත්‍රී භාවනාවෙන් කරුණාවේ මහත් බැවින් යහපත් ප්‍රතිපත්ති මාර්ගයට පිළිපන් හා නොපිළිපන් සත්ත්වයන් දැකීම සඳහා කලින් කලට ලෝකය බලත්. ඔහු ඒ දවසේ ලෝකය දෙස බලන්නේ ඒ රජ දියණිය පියාව මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා ගැනීම සඳහා ලෝකපාලක දෙවිවරුන්ට නමස්කාර කරනු දැක මා හැර මේ රජුව මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා ගැනීමට සමත් වෙන කෙනෙක් නැත. අද මා විසින් රජ දියණියට සංග්‍රහ කරන්ටත් රජු ඇතුළු පිරිසට යහපතක් කරන්නටත් වටනේයැයි සිතා කවරනම් වෙසක් මවාගෙන යන්නෙම්දැයි සිතා, මිනිසුන්ට වනාහි පැවිද්දෝ ගෞරවණීය වෙත්. ඔවුන්ගේ වචන පිළිගන්නේය. ඒ නිසා පැවිදි වෙසකින් යන්නෙමියි සනිටුහන් කොට පැහැපත් රන්වන් වූ මනුෂ්‍යාත්ම භාවයක් මවාගෙන මනා වූ ජටා මණ්ඩලයක් බැඳගෙන ජටාව තුළ රන්හුලක් දවා ඇතුල් සුරත් පටිය මත්තේ රතුපාට වැහැරි වස්ත්‍රය හැඳ පෙරවා රන්තරුවලින් විසිතුරු වූ රජතමය අඳුන් දිවිසම ඒකාංශකොට මුතු ඇල්ලී පසුම්බියෙහි දමන ලද ස්වර්ණමය ආහාර ගන්නා පාත්‍රය ගෙන තුන් තැනකින් නැමුනා වූ ස්වර්ණමය කද කරේ තබාගෙන මුතු ඇල්ලූ පසුම්බිය පබළු මල්ලද රැගෙන මේ ඍෂි වේශයෙන් අහසෙහි චන්ද්‍රයා මෙන් බබලන්නේ අහසින් අවුත් අලංකාර කරන ලද චන්ද පසාද මහා තලයට පිවිස රජු ඉදිරියේ අහසේ පෙනී සිටියේය. ඒ අදහස ප්‍රකාශ කරන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ;
“අථාගමා බ්රහ්මලොකා, නාරදො මානුසිං පජං; ජම්බුදීපං අවෙක්ඛන්තො, අද්දා රාජානමඞ්ගතිං.
ඉක්බිති නාරද නම් බ්‍රහ්මයා දඹදිව බලන්නේ අංගාති රජුව දුටුවේය. බ්‍රහ්ම ලෝකයෙන් මනුෂ්‍ය ප්‍රජාව වෙත එළඹියේය.
“තතො පතිට්ඨා පාසාදෙ, වෙදෙහස්ස පුරත්ථතො; තඤ්ච දිස්වානානුප්පත්තං, රුචා ඉසිමවන්දථා”ති.
ඉක්බිති වේදේහ රජු ඉදිරියෙහි ප්‍රාසාදය සමීපයෙහි අහසෙහි සිටියේය. පැමිණ ඔහු දැක රුජා තොමෝ ඒ සෘෂිවරයා වැන්දාය.
තත්ථ අද්දාති බ්රහ්මලොකෙ ඨිතොව ජම්බුදීපං අවෙක්ඛන්තො ගුණාජීවකස්ස සන්තිකෙ ගහිතමිච්ඡාදස්සනං රාජානං අඞ්ගතිං අද්දස, තස්මා ආගතොති අත්ථො. තතො පතිට්ඨාති තතො සො බ්රහ්මා තස්ස රඤ්ඤො අමච්චගණපරිවුතස්ස නිසින්නස්ස පුරතො තස්මිං පාසාදෙ අපදෙ පදං දස්සෙන්තො ආකාසෙ පතිට්ඨහි. අනුප්පත්තන්ති ආගතං. ඉසින්ති ඉසිවෙසෙන ආගතත්තා සත්ථා “ඉසි”න්ති ආහ. අවන්දථාති “මමානුග්ගහෙන මම පිතරි කාරුඤ්ඤං කත්වා එකො දෙවරාජා ආගතො භවිස්සතී”ති හට්ඨපහට්ඨා වාතාභිහටා සුවණ්ණකදලී විය ඔනමිත්වා නාරදබ්රහ්මානං අවන්දි.
එහි අද්දා යනු බඹලොව සිටම දඹදිව දෙස බලන්නේ ගුණ නම් වූ ආජීවකයා සමීපයෙහි ගන්නා ලද මිථ්යාදර්ශන ඇති අංගාති රජුව දුටුවේය. ඒ නිසා පැමිණියේය යන අර්ථයි. තතො පතිට්ඨා එයින් ඒ බ්‍රහ්මයා ඇමැති ගණයා පිරිවරාගත් ඒ රජුගේ ඉදිරියේ ඒ ප්‍රාසාදයේ පා නොතබා පා දක්වන්නේ අහසෙහි සිටියේය. අනුප්පත්තං පැමිණි, ආවා වූ, ඉසිං ඍෂිවේශයෙන් ආ බැවින් ශාස්තෲන් වහන්සේ ‘ඉසි’ යැයි වදාළහ. අවන්දථා යනු මට අනුග්‍රහ පිණිස මාගේ පියාට කරුණාව දක්වා එක් දිව්යරාජයෙක් ආවේ වන්නේයැයි තුටුපහටු වූවා වාතයෙන් කම්පා වූ ස්වර්ණමය කෙසෙල් ගසක් මෙන් නැමී නාරද මහා බ්‍රහ්මයාට නමස්කාර කළාය.
රාජාපි තං දිස්වාව බ්රහ්මතෙජෙන තජ්ජිතො අත්තනො ආසනෙ සණ්ඨාතුං අසක්කොන්තො ආසනා ඔරුය්හ භූමියං ඨත්වා ආගතට්ඨානඤ්ච නාමගොත්තඤ්ච පුච්ඡි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
රජුද ඔහුව දැක ම බ්‍රහ්ම තේජසින් තැවුනේ තමන්ගේ අසුනෙහි සිටින්නට නොහැක්කේ ඉන් බැස බිම සිට පැමිණි තැන හා ගෝත්‍රයද විචාළේය. ඒ කාරණය දක්වන ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
“අථාසනම්හා ඔරුය්හ, රාජා බ්යථිතමානසො; නාරදං පරිපුච්ඡන්තො, ඉදං වචනමබ්රවි.
යළි රජ බිය වූ සිත් ඇත්තේ අසුනෙන් බැස නාරද බ්‍රහ්මයා විචාරන්නේ මේ වචන ප්‍රකාශ කළේය.
‘කුතො නු ආගච්ඡසි දෙවවණ්ණි, ඔභාසයං සබ්බදිසා චන්දිමාව; අක්ඛාහි මෙ පුච්ඡිතො නාමගොත්තං, කථං තං ජානන්ති මනුස්සලොකෙ’”ති.
දෙවියකු බඳු වූ ශරීර වර්ණ ඇති රාත්‍රිය හොබවන චන්ද්‍රයා වැනි වූ තෙපි කොහි සිට ආවාහුද? මා විසින් විචාරණ ලද්දේ නම්ගොත් කියව. මිනිස්ලොව ගැන තෙපි කෙසේ දනිත්ද?
තත්ථ බ්යථිතමානසොති භීතචිත්තො. කුතො නූති කච්චි නු ඛො විජ්ජාධරො භවෙය්‍යාති මඤ්ඤමානො අවන්දිත්වාව එවං පුච්ඡි.
එහි ව්යම්භිතමානසො යනු බියට පත් සිත් ඇති. කුතොනු කිම විද්‍යාධරයන් වන්නෙහිදැයි සිතන්නේ නොවැඳ මෙසේ විචාළේය.
අථ සො “අයං රාජා ‘පරලොකො නත්ථී’ති මඤ්ඤති, පරලොකමෙවස්ස තාව ආචික්ඛිස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
ඉක්බිති ඔහුට මේ රජු පරලොවක් නැතැයි සිතයි. පළමුව ඔහුට පරලොව ගැන කියන්නෙමියි සිතා මේ ගාථාව කීය.
“අහඤ්හි දෙවතො ඉදානි එමි, ඔභාසයං සබ්බදිසා චන්දිමාව; අක්ඛාමි තෙ පුච්ඡිතො නාමගොත්තං, ජානන්ති මං නාරදො කස්සපො චා”ති.
මම වනාහි දැන් දෙව්ලොවින් එමි. රාත්‍රිය හොබවන චන්ද්‍රයා මෙන් තොප විසින් විචාරණ ලද්දෙම් නම්ගොත් කියමි. නමින් ‘නාරද’ වෙමි. ගෝත්‍රයෙන් කාශ්යපයැයිද මා දනිත්.
තත්ථ දෙවතොති දෙවලොකතො. නාරදො කස්සපො චාති මං නාමෙන නාරදො, ගොත්තෙන කස්සපොති ජානන්ති.
එහි දෙවතො යනු දෙව්ලොවින් නාරදොකස්සපො චා ති මා නාමයෙන් නාරද ද ගෝත්‍රයෙන් කාශ්‍යප ද යැයි දනිත්.
අථ රාජා “ඉමං පච්ඡාපි පරලොකං පුච්ඡිස්සාමි, ඉද්ධියා ලද්ධකාරණං තාව පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා ගාථමාහ –
ඉක්බිති රජතුමා පසුවත් මොහුගෙන් පරලොව ගැන විචාරන්නෙමියි ඍද්ධියෙන් ලබන ලද කාරණා ඇත්තේ පළමුව ඔහුගෙන් විචාරමියි සිතා ගාථාව ප්‍රකාශ කළහ.
“අච්ඡෙරරූපං තව යාදිසඤ්ච, වෙහායසං ගච්ඡසි තිට්ඨසී ච; පුච්ඡාමි තං නාරද එතමත්ථං, අථ කෙන වණ්ණෙන තවායමිද්ධී”ති.
තොපගේ යම්බඳු වූ ශරීර වර්ණයක් වේනම් එයද තෙපි අහසෙහි යන්නහුය. සිටින්නහුය යන කරුණද ඒකාන්තයෙන් පුදුමයකි. නාරද සෘෂිවරය, මේ කරුණ තොපගෙන් විචාරමි. කවර කරුණකින් තොපගේ මේ ඍද්ධිය වීද?
තත්ථ යාදිසඤ්චාති යාදිසඤ්ච තව සණ්ඨානං, යඤ්ච ත්වං ආකාසෙ ගච්ඡසි තිට්ඨසි ච, ඉදං අච්ඡරියජාතං.
එහි තාදිසඤ්ච යනු ඔබගේ සළකුණ යම්සේද ඔබ අහසෙහි යන්නෙහි, නතරවී සිටින්නෙහි. මෙය පුදුමයකි.
නාරදො ආහ –
නාරද තෙමේ කීය;
“සච්චඤ්ච ධම්මො ච දමො ච චාගො, ගුණා මමෙතෙ පකතා පුරාණා; තෙහෙව ධම්මෙහි සුසෙවිතෙහි, මනොජලො යෙන කාමං ගතොස්මී”ති.
සත්‍යය, ත්‍රිවිධ සුවරිත ධර්ම, ඉන්ද්රිය දමනය, කෙලෙසුන් දුරුකිරීම හා දෙය්ය ධර්මයන් පරිත්‍යාග කිරීමද යන මේ ගුණයෝ මා විසින් පෙර භවයෙහි මනාව පුරුදු කරන ලදී. මනාව සේවනය කරන ලද ඒ ගුණධර්ම හේතුවෙන් රිසි තැනකට යා හැකි ඍද්ධිබල ඇත්තේ වෙමි.
තත්ථ සච්චන්ති මුසාවාදවිරහිතං වචීසච්චං. ධම්මොති තිවිධසුචරිතධම්මො චෙව කසිණපරිකම්මඣානධම්මො ච. දමොති ඉන්ද්රියදමනං. චාගොති කිලෙසපරිච්චාගො ච දෙය්යධම්මපරිච්චාගො ච. මමෙතෙ ගුණාති මම එතෙ ගුණසම්පයුත්තා ගුණසහගතා. පකතා පුරාණාති මයා පුරිමභවෙ කතාති දස්සෙති. “තෙහෙව ධම්මෙහි සුසෙවිතෙහී”ති තෙ සබ්බෙ ගුණෙ සුසෙවිතෙ පරිචාරිතෙ දස්සෙති. මනොජවොති ඉද්ධියා කාරණෙන පටිලද්ධො. යෙන කාමං ගතොස්මීති යෙන දෙවට්ඨානෙ ච මනුස්සට්ඨානෙ ච ගන්තුං ඉච්ඡනං, තෙන ගතොස්මීති අත්ථො.
එහි සච්චං යනු වචී සත්‍යය, ධම්මො තෙවැදෑරුම් සුචරිත ධර්මයෝ හා කසිණ, පිරියම් හා ධ්‍යාන ධර්ම. දමො යනු ඉන්ද්රිය දමනය. චාගො කෙලෙසුන් අත්හැරීම හා දානවස්තූන් පරිත්‍යාග කිරීමද. පකතා පුරාණා මා විසින් පූර්ව භවයෙහි කරන ලදැයි දක්වයි. [missing trans]
රාජා එවං තස්මිං කථෙන්තෙපි මිච්ඡාදස්සනස්ස ගහිතත්තා පරලොකං අසද්දහන්තො “අත්ථි නු ඛො පුඤ්ඤවිපාකො”ති වත්වා ගාථමාහ –
එහිදී මෙසේ කියද්දීත් රජු මිථ්‍යා දර්ශනයක් ගත් බැවින් පරලොව ගැන විශ්වාස නොකරන්නේ කිම පින්කම්හි විපාකයක් ඇත්දැයි කියා මේ ගාථාව ප්‍රකාශ කළේය.
“අච්ඡෙරමාචික්ඛසි පුඤ්ඤසිද්ධිං, සචෙ හි එතෙහි යථා වදෙසි; පුච්ඡාමි තං නාරද එතමත්ථං, පුට්ඨො ච මෙ සාධු වියාකරොහී”ති.
කුසල ධර්මයන්ගේ ඵලදායකත්වය ආශ්චර්යකොට කියන්නහුය. ඉදින් මේ කරුණු තොප කියන පරිදි වේනම් නාරද තපස්වීහි මේ කරුණ තොපගෙන් අසමි. විචාරණ ලද්දේ මනාව මට ප්‍රකාශ කරන්න.
තත්ථ පුඤ්ඤසිද්ධින්ති පුඤ්ඤානං සිද්ධිං ඵලදායකත්තං ආචික්ඛන්තො අච්ඡරියං ආචික්ඛසි.
එහි පුඤ්ඤසිද්ධිං යනු පින්වල ඵලදායිකත්වය ගැන අසන්නේ පුදුමයක් අසන්නෙහි,
නාරදො ආහ –
නාරද කීය;
“පුච්ඡස්සු මං රාජ තවෙස අත්ථො, යං සංසයං කුරුසෙ භූමිපාල; අහං තං නිස්සංසයතං ගමෙමි, නයෙහි ඤායෙහි ච හෙතුභී චා”ති.
මහරජ, යම් සැකයක් ඇත්තේ ද මහරජ, තොපගේ ඒ කාරණය මගෙන් විමසන්න. කාරණයෙන් ද නුවණින් ද ප්‍රත්‍යයෙන් ද මම තොපව නිසැක බවට පත්කරන්නෙමි.
තත්ථ තවෙස අත්ථොති පුච්ඡිතබ්බකො නාම තව එස අත්ථො. යං සංසයන්ති යං කිස්මිඤ්චිදෙව අත්ථෙ සංසයං කරොසි, තං මං පුච්ඡ. නිස්සංසයතන්ති අහං තං නිස්සංසයභාවං ගමෙමි. නයෙහීති කාරණවචනෙහි. ඤායෙහීති ඤාණෙහි. හෙතුභීති පච්චයෙහි, පටිඤ්ඤාමත්තෙනෙව අවත්වා ඤාණෙන පරිච්ඡින්දිත්වා කාරණවචනෙන ච තෙසං ධම්මානං සමුට්ඨාපකපච්චයෙහි ච තං නිස්සංසයං කරිස්සාමීති අත්ථො.
එහි තවෙස අත්ථො යනු ඇසිය යුත්ත නම් ඔබගේ මේ අර්ථයයි. යං සංසයං යම් කිසියම් අර්ථයක සැකයක් ඇත්තේද එය මගෙන් අසන්න. නිස්සංසයතං මම එය නිසැක බවට පත්කරමි. නයෙහි යෝග්‍ය වචනවලින්. ඤායෙහි යනු ඥානයන්ගෙන්. හේතූහි හේතු කාරණාවලින්. ප්‍රතිඥා මාත්‍රයෙන් ම නොකියා නුවණින් පිරිසිඳ යෝග්‍ය වචනවලින් ඒ ඒ කාරණා උපදනා ක්‍රමයට ඒවා නිසැක කරන්නෙමියි යන අර්ථයි.
රාජා ආහ –
රජ තෙමේ කීය;
“පුච්ඡාමි තං නාරද එතමත්ථං, පුට්ඨො ච මෙ නාරද මා මුසා භණි; අත්ථි නු දෙවා පිතරො නු අත්ථි, ලොකො පරො අත්ථි ජනො යමාහූ”ති.
නාරද මුනිවරය, ඒ කරුණ තොපගෙන් විචාරමි. මුනිවරය, මා විසින් විචාරණ ලද්දේ අසත්‍ය නොකියව. ජනයා යමක් කියාද එබඳු වූ දෙවියෝ ඇත්ද, මව්පියෝ සිටිත්ද, පරලොවක් තිබේද?
තත්ථ ජනො යමාහූති යං ජනො එවමාහ – “අත්ථි දෙවා, අත්ථි පිතරො, අත්ථි පරො ලොකො”ති, තං සබ්බං අත්ථි නු ඛොති පුච්ඡති.
එහි ජානොයමාහු යනු ජනයා මෙසේ කීවාහුය. දෙවියෝ සිටිත්. මව්පියෝ සිටිත්. පරලොවක් ඇත. ඒ සියල්ල තිබේදැයි විචාරයි.
නාරදො ආහ –
නාරද තෙමේ කීය;
“අත්ථෙව දෙවා පිතරො ච අත්ථි, ලොකො පරො අත්ථි ජනො යමාහු; කාමෙසු ගිද්ධා ච නරා පමූළ්හා, ලොකං පරං න විදූ මොහයුත්තා”ති.
මහරජ, ජනයා යමක් කියාද එබඳු දෙවියෝ සිටිත්. මව්පියෝ වෙත්. පරලොවක් ඇත්තේය. කාමයන්හි ගිජු වූ මෝහයෙන් යුක්ත වූ අතිශයින් මුළා වූ ජනයා පරලොව නොදනිත්.
තත්ථ අත්ථෙව දෙවාති මහාරාජ, දෙවා ච පිතරො ච අත්ථි, යම්පි ජනො පරලොකමාහ, සොපි අත්ථෙව. න විදූති කාමගිද්ධා පන මොහමූළ්හා ජනා පරලොකං න විදන්ති න ජානන්තීති.
එහි අත්ථෙවා ති මහරජ! දෙවියෝද මව්පියෝද වෙත්. යම් පරලොවක් ඇතැයි ජනයා කියත්ද එය ද ඇත. නවිදූ යනු කාමයට ගිජු වූ මෝහයෙන් මුළා වූ ජනයා පරලොව නො දන්නේය. එය නො විඳී. එය නො දනිත්.
තං සුත්වා රාජා පරිහාසං කරොන්තො එවමාහ –
ඒ අසා රජු උපහාසයට ලක් කරමින් මේ ගාථාව කීය.
“අත්ථීති චෙ නාරද සද්දහාසි, නිවෙසනං පරලොකෙ මතානං; ඉධෙව මෙ පඤ්ච සතානි දෙහි, දස්සාමි තෙ පරලොකෙ සහස්ස”න්ති.
නාරද තවුසාණෙනි! ඉදින් මළවුන් සඳහා පරලොව නිවසක් ඇතැයි අදහන්නේ නම් මට මෙලොවදී (කහවණු) පන්සියයක් දෙව. තොපට පරලොවදී පන්සියයක් දෙන්නෙමි.
තත්ථ නිවෙසනන්ති නිවාසට්ඨානං. පඤ්ච සතානීති පඤ්ච කහාපණසතානි.
එහි නිවෙසනං යනු වාසස්ථානයක්. පඤ්චසතානි යනු කහවණු පන්සියයක්.
අථ නං මහාසත්තො පරිසමජ්ඣෙයෙව ගරහන්තො ආහ –
ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ ඔහුව පිරිස් මැද ගරහන්නේ මෙසේ ප්‍රකාශ කළහ.
“දජ්ජෙමු ඛො පඤ්ච සතානි භොතො, ජඤ්ඤාමු චෙ සීලවන්තං වදඤ්ඤුං; ලුද්දං තං භොන්තං නිරයෙ වසන්තං, කො චොදයෙ පරලොකෙ සහස්සං.
ඉදින් ඔබ සිල්වතෙක. මහණ බමුණන්ගේ අදහස දන්නෙකැයි දනුමෝ නම් ඔබට කහවණු පන්සියයක් දෙමි. රෞද්‍ර වූ ක්‍රියා ඇත්තා වූ නිරයේ වසන්නා වූ තොප වෙත පැමිණ පරලොවදී කවරෙක් නම් දහසක් ඉල්ලන්නේද?
“ඉධෙව යො හොති අධම්මසීලො, පාපාචාරො අලසො ලුද්දකම්මො; න පණ්ඩිතා තස්මිං ඉණං දදන්ති, න හි ආගමො හොති තථාවිධම්හා.
මෙලොවදීම යමෙක් දැහැමි නොවූ ස්වභාව ඇත්තේ ද? පවිටු හැසිරීම් ඇත්තේද අලස වූයේද රුදුරු ක්‍රියා ඇත්තේද නුවණැත්තෝ ඔහුට ණය නොදෙත්. එබඳු තැනැත්තාගෙන් ණය ආපසු ලැබීමක් සිදු නොවේ.
“දක්ඛඤ්ච පොසං මනුජා විදිත්වා, උට්ඨානකං සීලවන්තං වදඤ්ඤුං; සයමෙව භොගෙහි නිමන්තයන්ති, කම්මං කරිත්වා පුන මාහරෙසී”ති.
ධනය ඉපයීමෙහි දක්ෂ වූ උත්සාහවත් වූ සිල්වත් වූ සත්‍ය වචන ඇති පුරුෂයාව දැනගෙන (ධනවත්හු) කර්මාන්තකොට පසුව ධනය ගෙනඑවයි තුමූම ධනය පවරා දෙත්.
තත්ථ ජඤ්ඤාමු චෙති යදි මයං භවන්තං “සීලවා එස වදඤ්ඤූ, ධම්මිකසමණබ්රාහ්මණානං ඉමස්මිං කාලෙ ඉමිනා නාමත්ථොති ජානිත්වා තස්ස තස්ස කිච්චස්ස කාරකො වදඤ්ඤූ”ති ජානෙය්යාම. අථ තෙ වඩ්ඪියා පඤ්ච සතානි දදෙය්යාම, ත්වං පන ලුද්දො සාහසිකො මිච්ඡාදස්සනං ගහෙත්වා දානසාලං විද්ධංසෙත්වා පරදාරෙසු අපරජ්ඣසි, ඉතො චුතො නිරයෙ උප්පජ්ජිස්සසි, එවං ලුද්දං තං නිරයෙ වසන්තං භොන්තං තත්ථ ගන්ත්වා කො “සහස්සං මෙ දෙහී”ති චොදෙස්සති. තථාවිධම්හාති තාදිසා පුරිසා දින්නස්ස ඉණස්ස පුන ආගමො නාම න හොති. දක්ඛන්ති ධනුප්පාදනකුසලං. පුන මාහරෙසීති අත්තනො කම්මං කරිත්වා ධනං උප්පාදෙත්වා පුන අම්හාකං සන්තකං ආහරෙය්යාසි, මා නික්කම්මො වසීති සයමෙව භොගෙහි නිමන්තයන්තීති.
එහි ජඤ්ඤාමුචෙ යනු ඉදින් අපි ඔබ සිල්වත්ය. මොහු පරිත්‍යාගශීලීය. ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ කාලයෙහි මෙයින් වනාහි ප්‍රයෝජනයක් ඇතැයි දැනගෙන ඒ කටයුත්ත කරන්නහු පරිත්‍යාග ශීලියෙක්යැයි. ඉක්බිති ඔබට පන්සියයක් පොළියට දෙන්නෙමු. ඔබ වනාහි තපුරුය. සාහසිකයැ. මිථ්‍යා දර්ශනයන් පිළිගෙන දන්සල් වනසා පරදාරාවන් වෙත ගියහ. එයින් චුතවූයේ නිරයේ උපදින්නෙහිය. මෙසේ නපුරු වූ නිරයේ වසන ඔබ වෙත පැමිණ කවරෙක් නම් දහසක් මට දෙවයි චෝදනා කරන්නේද? තථාවිධම්හා එබඳු වූ පුරුෂයෝ දෙන ලද ණය ආපසු දෙන්නෝ නොවෙති. දක්ඛං යනු ධනය ඉපයීමෙහි දක්ෂ. පුනමාහරෙසි යනු තමන්ගේ කාරණය ඉටුකරගෙන ධනය උපදවා නැවත අප ළඟට ගෙනෙන්න. වැඩ නැතිව නොසිටවයි තමාම ආමන්ත්‍රණය කරත්.
ඉති රාජා තෙන නිග්ගය්හමානො අප්පටිභානො අහොසි. මහාජනො හට්ඨතුට්ඨො හුත්වා “මහිද්ධිකො දෙවොපි අජ්ජ රාජානං මිච්ඡාදස්සනං විස්සජ්ජාපෙස්සතී”ති සකලනගරං එකකොලාහලං අහොසි. මහාසත්තස්සානුභාවෙන තදා සත්තයොජනිකාය මිථිලාය තස්ස ධම්මදෙසනං අස්සුණන්තො නාම නාහොසි. අථ මහාසත්තො “අයං රාජා අතිවිය දළ්හං මිච්ඡාදස්සනං ගණ්හි, නිරයභයෙන නං සන්තජ්ජෙත්වා මිච්ඡාදිට්ඨිං විස්සජ්ජාපෙත්වා පුන දෙවලොකෙන අස්සාසෙස්සාමී”ති චින්තෙත්වා “මහාරාජ, සචෙ දිට්ඨිං න විස්සජ්ජෙස්සසි, එවං අනන්තදුක්ඛං නිරයං ගමිස්සසී”ති වත්වා නිරයකථං පට්ඨපෙසි –
ඉක්බිති රජතුමා ඔහු විසින් නිග්‍රහ කරනු ලබන්නේ ප්‍රතිභානයෙන් තොරවූයේ විය. මහජනයා තුටු පහටු වී මහා ඍද්ධි ඇති සෘෂිවරයා අද රජුගේ මිථ්යාදර්ශනය පහකරන්නේයැයි මුළු නගරය ඒක කෝලාහල කරන්නට විය. මහා සත්ත්වයන් වහන්සේගේ අනුභාවයෙන් එදා සත්යොදුන් මිථිලා නුවර ඔහුගේ ධර්ම දේශනාව නොඅසන කෙනෙක් නම් නොවීය. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ, මේ රජු අතිශයින් උත්සාහ කොට මිථ්‍යා දර්ශනය වැළඳ ගත්තේය. නිරය පිළිබඳ බියෙන් ඔහුට තර්ජනය කොට මිථ්‍යාදෘෂ්ටිය අත්හරවා නැවත දෙව්ලොව පිළිබඳ කථාවෙන් අස්වසන්නෙමියි සිතා මහරජ, ඉදින් ඔබ වැරදි දෘෂ්ටිය අත් නොහරින්නෙහිද, මෙසේ අනන්ත වූ දුක් ඇති නරකයට යන්නෙහිය කියා නරකය පිළිබඳ කථාව ආරම්භ කළේය.
“ඉතො චුතො දක්ඛසි තත්ථ රාජ, කාකොලසඞ්ඝෙහි විකස්සමානං; තං ඛජ්ජමානං නිරයෙ වසන්තං, කාකෙහි ගිජ්ඣෙහි ච සෙනකෙහි; සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
මහරජ! මෙයින් චුත වූයේ ඒ නරකයෙහි ලෝහමය තුඩු ඇති කපුටු සමූහයා විසින් අදිනු ලබන්නේ දන්නෙහිය. කවුඩන් ගිජුලිහිණියන් හා උකුස්සන් විසින් කනු ලබන සිඳින ලද සිරුරු ඇතිවැ නිරයෙහි වෙසෙන ලේ වැගිරෙන තොපගෙන් පරලොවදී කහවණු දහසක් ඉද්වනු ලබන්නේද?
තත්ථ කාකොලසඞ්ඝෙහීති ලොහතුණ්ඩෙහි කාකසඞ්ඝෙහි. විකස්සමානන්ති අත්තානං ආකඩ්ඪියමානං තත්ථ නිරයෙ පස්සිස්සසි. තන්ති තං භවන්තං.
එහි කාකොළ සංගෙහි යනු ලෝහමය තුඩුවලින් යුත් කවුඩන් සමූහයා විසින් කඩ්ඪමානං අදිනු ලබන්නා වූ තමන්ව ඒ නිරයෙහි දකින්නෙහිය. තං යනු ඒ ඔබව.
තං පන කාකොලනිරයං වණ්ණෙත්වා “සචෙපි එත්ථ න නිබ්බත්තිස්සසි, ලොකන්තරනිරයෙ නිබ්බත්තිස්සසී”ති වත්වා තං නිරයං දස්සෙතුං ගාථමාහ –
ඒ වනාහි කාකොළ නිරය වර්ණනා කර ඉදින් වනාහි මෙහි නූපදින්නෙහි නම් ලෝකෝත්තර නිරයෙහි උපදින්නෙහි යැයි කියා ඒ නිරය දක්වන්නට මේ ගාථාව කීය.
“අන්ධංතමං තත්ථ න චන්දසූරියා, නිරයො සදා තුමුලො ඝොරරූපො; සා නෙව රත්තී න දිවා පඤ්ඤායති, තථාවිධෙ කො විචරෙ ධනත්ථිකො”ති.
ඒ නරකයෙහි අතිශය අන්ධකාරය ඇත්තේය. සඳහිරු නැත්තාහ. ඒ නිරය හැමකල්හි ඝන අන්ධකාරයෙන් වැසුණේ වෙයි. භයානක ස්වරූප ඇත්තේය. මෙහි රාත්‍රිය නැත. දිවා කාලයද නොපෙනේ. එබඳු තැනක ධනය කැමැති කවරෙක් නම් හැසිරෙන්නේද?
තත්ථ අන්ධං තමන්ති මහාරාජ, යම්හි ලොකන්තරනිරයෙ මිච්ඡාදිට්ඨිකා නිබ්බත්තන්ති, තත්ථ චක්ඛුවිඤ්ඤාණස්ස උප්පත්තිනිවාරණං අන්ධතමං. සදා තුමුලොති සො නිරයො නිච්චං බහලන්ධකාරො. ඝොරරූපොති භීසනකජාතිකො. සා නෙව රත්තීති යා ඉධ රත්ති දිවා ච, සා නෙව තත්ථ පඤ්ඤායති. කො විචරෙති කො උද්ධාරං සොධෙන්තො විචරිස්සති.
එහි අන්ධන්තමං මහරජ, යම් ඒ ලෝකෝත්තර නරකයෙහි මිථ්‍යා දෘෂ්ටිකයෝ උපදිත්ද, එහි චක්ෂු විඥානයේ හටගැනීම වලකන අධික අන්ධකාරය. සදාතුමුලො ඒ නරකය නිරන්තරයෙන් ඝන අඳුරෙන් යුක්තය. ඝොර රූපො බිහිසුනු ජාතීහු. සානෙව රත්තී මේ ලෝකයේ යම් රැයක් වේද, යම් දවාලක් වේද, එය එහි නොපෙනේ. කො විචරෙ කවරෙක් නම් ණය එකතු කරමින් හැසිරෙන්නේද?
තම්පිස්ස ලොකන්තරනිරයං විත්ථාරෙන වණ්ණෙත්වා “මහාරාජ, මිච්ඡාදිට්ඨිං අවිස්සජ්ජෙන්තො න කෙවලං එතදෙව, අඤ්ඤම්පි දුක්ඛං අනුභවිස්සසී”ති දස්සෙන්තො ගාථමාහ –
එයද ඔහුට ලෝකාන්තර නිරය විස්තර ලෙස වර්ණනාකොට මහරජ, මිථ්‍යාදෘෂ්ටිය අත්නොහරින්නහු හුදෙක් මෙය පමණක් නොව අන්‍ය වූද බොහෝ දුක් අනුභව කරන්නේයැයි දක්වන්නේ මේ ගාථාව කීය.
“සබලො ච සාමො ච දුවෙ සුවානා, පවද්ධකායා බලිනො මහන්තා; ඛාදන්ති දන්තෙහි අයොමයෙහි, ඉතො පණුන්නං පරලොකපත්ත”න්ති.
මහත් වූ ශක්තිමත් වූ ඉතා වැඩුණු ශරීර ඇති කඹුරුවන් වූ ද ශ්‍යාම වර්ණ වූද සුනඛයෝ දෙදෙනෙක් මෙලොවින් චුතව පරලොව යන්නහු අයෝමය දත්වලින් හපති.
තත්ථ ඉතො පණුන්නන්ති ඉමම්හා මනුස්සලොකා චුතං. පරතො නිරයෙසුපි එසෙව නයො. තස්මා සබ්බානි තානි නිරයට්ඨානානි නිරයපාලානං උපක්කමෙහි සද්ධිං හෙට්ඨා වුත්තනයෙනෙව විත්ථාරෙත්වා තාසං තාසං ගාථානං අනුත්තානානි පදානි වණ්ණෙතබ්බානි.
එහි ඉතො පහුණ්ණං යනු මේ මිනිස්ලොවින් චුත වූ. අනිකුත් නරකයක්හිද මේ ආකාරමය. ඒ නිසා ඒ සියළු තැන් නිරය පාලකයන්ගේ උපක්‍රම සමග පහත කියන ලද පරිදිම විස්තර කොට ඒ ඒ ගාථාවල ගැඹුරු අමාරු පද විස්තර කළ යුතුය.
“තං ඛජ්ජමානං නිරයෙ වසන්තං, ලුද්දෙහි වාළෙහි අඝම්මිගෙහි ච; සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
නිරයෙහි වෙසෙන දරුණු වූ දුෂ්ට වූ දුක් ගෙනදෙන්නා වූ ඒ සුනඛයන් විසින් කනු ලබන සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන ඔහුගෙන් පරලොවදී කවරෙක් දහසක් ඉල්වන්නේ ද?
තත්ථ ලුද්දෙහීති දාරුණෙහි. වාළෙහීති දුට්ඨෙහි. අඝම්මිගෙහීති අඝාවහෙහි මිගෙහි, දුක්ඛාවහෙහි සුනඛෙහීති අත්ථො.
එහි ලුද්දෙහි දරුණු වූවන් විසින්. වාළෙහි දුෂ්ටයන් විසින්. අසම්මිගෙහි දුක් ගෙනදෙන්නා වූ මෘගයන් විසින් දුක් ගෙන දෙන්නා වූ ඒ සුනඛයන් විසින් යන අර්ථයි.
“උසූහි සත්තීහි ච සුනිසිතාහි, හනන්ති විජ්ඣන්ති ච පච්චමිත්තා; කාළූපකාළා නිරයම්හි ඝොරෙ, පුබ්බෙ නරං දුක්කටකම්මකාරි”න්ති.
ඝෝර වූ කාලූපකාල නිරයෙහි පසමිතුරු වූ එනම් ඇති නිරයපල්ලෝ පෙර පව්කළ මිනිසාට මනාව මුවහත් කළ හීයෙන්ද අඩයටියෙන්ද පහර දෙත්. විදීමද කෙරෙත්.
තත්ථ හනන්ති විජ්ඣන්ති චාති ජලිතාය අයපථවියං පාතෙත්වා සකලසරීරං ඡිද්දාවඡිද්දං කරොන්තා පහරන්ති චෙව විජ්ඣන්ති ච. කාළූපකාළාති එවංනාමකා නිරයපාලා. නිරයම්හීති තස්මිං තෙසඤ්ඤෙව වසෙන කාළූපකාළසඞ්ඛාතෙ නිරයෙ. දුක්කටකම්මකාරින්ති මිච්ඡාදිට්ඨිවසෙන දුක්කටානං කම්මානං කාරකං.
එහි හනන්ති විජ්ඣන්ති යනු දිලිසෙන ලෝහමය පොළවෙහි හෙළා සියළු ශරීරය සිදුරු කරන්නාහු පහර දෙත්. විදිත්. කාලූපකාළ එනම් ඇත්තා වූ නිරය පාලකයෝ. නිරයම්හි එහි, ඔවුන්ගේ වශයෙන් කාලූපකාළ සංඛ්‍යාත නරකයෙහි. දුක්කතකම්මකාරී මිථ්‍යා දෘෂ්ටි වශයෙන් කරන ලද වැරදි කර්ම කරන.
“තං හඤ්ඤමානං නිරයෙ වජන්තං, කුච්ඡිස්මිං පස්සස්මිං විප්ඵාලිතූදරං; සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
නිරයෙහි ඔබමොබ හැසිරෙන්නා වූ කුසයෙහිද ඇලයෙහිද පහරදෙනු ලබන්නා වූ පළන ලද උදර ඇති සිඳුනු සිරුරු ඇති ලේ වැගිරෙන තොපගෙන් පරලොවදී කවරෙක් දහසක් ඉල්වන්නේද?
තත්ථ තන්ති තං භවන්තං තත්ථ නිරයෙ තථා හඤ්ඤමානං. වජන්තන්ති ඉතො චිතො ච ධාවන්තං. කුච්ඡිස්මින්ති කුච්ඡියඤ්ච පස්සෙ ච හඤ්ඤමානං විජ්ඣියමානන්ති අත්ථො.
එහි තං නිරයේ එසේ පැසෙන්නා වූ ඔබව. වජන්තං එහෙමෙහෙ දුවන. කුච්ඡිස්මිං කුසෙහිද. පස්සස්මිං පාර්ශ්වයන්හි ද. හඤ්ඤමානං විදිනු ලබන යන අර්ථයි.
“සත්තී උසූ තොමරභිණ්ඩිවාලා, විවිධාවුධා වස්සන්ති තත්ථ දෙවා; පතන්ති අඞ්ගාරමිවච්චිමන්තො, සිලාසනී වස්සති ලුද්දකම්මෙති.
ඒ නිරයෙහි අඩයටි, ඊ, තෝමර, හෙල්ල යන විවිධ ආයුධ සහිත වැසි වසී. දිළියෙන අඟුරු මෙන් ගිනිදැල් සහිත ආයුධ පව් කරන්නන් මත වැටෙයි. හෙණ මෙන් ගිනිගෙන දිළිසෙන ගල් වැසි වසී.
තත්ථ අඞ්ගාරමිවච්චිමන්තොති ජලිතඅඞ්ගාරා විය අච්චිමන්තා ආවුධවිසෙසා පතන්ති. සිලාසනීති ජලිතසිලාසනි. වස්සති ලුද්දකම්මෙති යථා නාම දෙවෙ වස්සන්තෙ අසනි පතති, එවමෙව ආකාසෙ සමුට්ඨාය චිච්චිටායමානං ජලිතසිලාවස්සං තෙසං ලුද්දකම්මානං උපරි පතති.
එහි අංගාරමිවච්චිමන්තො දිළිසෙන අඟුරු මෙන් ගිනිගෙන, දිළිසෙන ආයුධ විශේෂ වැටේ. සිලාසනී දිලිසෙන ගල් ආයුධ. වස්සති ලුද්දකම්මෙ යම්සේ වනාහි වැසි වසින කල්හි හෙණ වැටෙයි. එපරිද්දෙන් අහසේ හටගන්නා වූ චිටි චිටි හඬනගන දිළිසෙන ගල් වර්ෂාව ඒ පව්කාරයන් මත වැටෙයි.
“උණ්හො ච වාතො නිරයම්හි දුස්සහො, න තම්හි සුඛං ලබ්භති ඉත්තරම්පි; තං තං විධාවන්තමලෙනමාතුරං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
ඒ නිරයෙහි දරාගත නොහැකි උණුසුම් වාතය ඇත්තේය. එහි අල්ප වූද සැපයක් නොලැබේ. සැඟවෙන තැන් නැතිවැ පීඩාවට පත්වැ ඒ ඒ තැන දිවෙන තොපගෙන් කවරෙක් දහසක් ඉල්වන්නේද?
තත්ථ ඉත්තරම්පීති පරිත්තකම්පි. විධාවන්තන්ති විවිධා ධාවන්තං.
එහි ඉත්තරසි ස්වල්පයක් නමුත් විධාවන්තං දුවන්නහු.
“සන්ධාවමානම්පි රථෙසු යුත්තං, සජොතිභූතං පථවිං කමන්තං; පතොදලට්ඨීහි සුචොදයන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
රථයන්හි යොදන ලදුව දුවන්නා වූ ගින්නෙන් දිළිසෙන පොළවෙහි ඇවිදිනා වූ කෙවිටි දඬුවලින් මෙහෙයවනු ලබන්නා වූ තොපගෙන් කවරෙක් දහසක් ඉල්වන්නේද?
තත්ථ රථෙසු යුත්තන්ති වාරෙන වාරං තෙසු ජලිතලොහරථෙසු යුත්තං. කමන්තන්ති අක්කමමානං. සුචොදයන්තන්ති සුට්ඨු චොදයන්තං.
එහි රථෙසු යුත්තං යනු වරින්වර ඒ ඒ ගිනිගෙන දිලිසෙන රථවල යොදන ලද. කමන්තං මැඩගන්නා, පාගන, සුචොදියන්තං මනාව මෙහෙයවනු ලබන.
“තමාරුහන්තං ඛුරසඤ්චිතං ගිරිං, විභිංසනං පජ්ජලිතං භයානකං; සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
පරලොවදී දිලිසෙන කුරවලින් යුත් දුටුවන් බිය උපදවන ගින්නෙන් දිලිසෙන භයානක පර්වතයට නගින්නා වූ සිඳුණු සිරුරු ඇති ලේ වැගිරෙන තොපගෙන් කවරෙක් නම් (කහවනු) දහසක් ඉල්වන්නේ ද?
තත්ථ තමාරුහන්තන්ති තං භවන්තං ජලිතාවුධපහාරෙ අසහිත්වා ජලිතඛුරෙහි සඤ්චිතං ජලිතලොහපබ්බතං ආරුහන්තං.
එහි තමාරු හන්තං යනු ඒ ඔබ දිලිසෙන ආයුධ ප්‍රහාරයෙන් ඉවසාගත නොහැකිව දිලිසෙන්නා වූ කුරවලින් යුක්තවූයේ දිලිසෙන ලෝහ පර්වතයට නගින්නා වූ.
“තමාරුහන්තං පබ්බතසන්නිකාසං, අඞ්ගාරරාසිං ජලිතං භයානකං; සුදඩ්ඪගත්තං කපණං රුදන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
පරලොවදී ගින්නෙන් දිලිසෙන භයානක පර්වතයක් වැනි අඟුරු රැසට නගින්නා වූ මනාව දැවුණු සිරුරු ඇති බැගෑපත්ව හඬන තොපගෙන් කවරෙක් නම් දහසක් ඉල්වන්නේද?
තත්ථ සුදඩ්ඪගත්තන්ති සුට්ඨු දඩ්ඪසරීරං.
එහි සන්දඩ්ඪගත්තං යනු හොඳින් දැවුණු ශරිරය.
“අබ්භකූටසමා උච්චා, කණ්ටකනිචිතා දුමා; අයොමයෙහි තික්ඛෙහි, නරලොහිතපායිභී”ති.
නිරි සතුන්ගේ ලේ බොන්නා වූ අයෝමය තියුණු කටුවලින් ගැවසීගත් වෘක්ෂයෝ මේඝකූට මෙන් ඉතා උස් වෙති.
තත්ථ කණ්ටකනිචිතාති ජලිතකණ්ටකෙහි චිතා. “අයොමයෙහී”ති ඉදං යෙහි කණ්ටකෙහි ආචිතා, තෙ දස්සෙතුං වුත්තං.
එහි කණ්ටකාපචිතා දිලිසෙන කටුවලින් යුක්ත. අයොමයෙහි මෙය යම් ඒ කටුවලින් යුක්තද ඒ දැක්වීම සඳහා කියන ලදී.
“තමාරුහන්ති නාරියො, නරා ච පරදාරගූ; චොදිතා සත්තිහත්ථෙහි, යමනිද්දෙසකාරිභී”ති.
පරදාර ගමන පාපකර්මයෙහි යෙදුනු ස්ත්‍රීහුද පුරුෂයෝද අඩයටියක් ගත් අත් ඇති යමයාගේ නියෝග ඉටු කරන්නන් විසින් මෙහෙයවන ලද්දාහු ඒ වෘක්ෂයට නගිත්.
තත්ථ තමාරුහන්තීති තං එවරූපං සිම්බලිරුක්ඛං ආරුහන්ති. යමනිද්දෙසකාරිභීති යමස්ස වචනකරෙහි, නිරයපාලෙහීති අත්ථො.
එහි සමාරුහන්ති යනු ඒ මෙබඳු වූ ඉඹුල්ගසට නගිත්. යමනිද්දෙසකාරීහී යමයාගේ වචන ක්‍රියාවට නගන නිරය පාලකයන් විසින් යන අර්ථයි.
“තමාරුහන්තං නිරයං, සිම්බලිං රුහිරමක්ඛිතං; විදඩ්ඪකායං විතචං, ආතුරං ගාළ්හවෙදනං.
නිරයෙහි ඇති ඒ ඉඹුල් රුකට නැගෙන්නා වූ ලේ වැකුණු සමින් තොර වූ කඩ කඩ වූ කය ඇති පීඩිත වූ දැඩි වේදනා ඇති මොහොතක් පාසා උණුසුම් සුසුම් හෙළන පෙර කළ පව්කම් නමැති අපරාධ ඇති රුක් අගින් හා වෙලෙප් අගින් පහරනලද තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේද?
“පස්සසන්තං මුහුං උණ්හං, පුබ්බකම්මාපරාධිකං; දුමග්ගෙ විතචං ගත්තං, කො තං යාචෙය්ය තං ධන”න්ති.
තත්ථ විදඩ්ඪකායන්ති විහිංසිතකායං. විතචන්ති චම්මමංසානං ඡිද්දාවඡිද්දං ඡින්නතාය කොවිළාරපුප්ඵං විය කිංසුකපුප්ඵං විය ච.
එහි විදඩ්ඪකායං විනාශකරන ලද සිරුර. විතචං සම් හා මස් සිඳී බිඳී ගිය කෝවිළාර හෝ එරබදු පුෂ්පයක් වැනි.
“අබ්භකූටසමා උච්චා, අසිපත්තාචිතා දුමා; අයොමයෙහි තික්ඛෙහි, නරලොහිතපායිභී”ති.
නිරිසතුන්ගේ ලේ බොන්නා වූ තියුණු වූ අයෝමය අර්ධ පත්රයන්ගෙන් ගැවසීගත් වෘක්ෂයෝ මේඝකූට මෙන් ඉතා උස්වැ සිටිනාහ.
තත්ථ අසිපත්තාචිතාති අසිමයෙහි පත්තෙහි චිතා.
එහි අසිපත්තාචිතා යනු කඩුමය වූ පත්‍රවලින් සැදි.
“තමාරුහන්තං අසිපත්තපාදපං, අසීහි තික්ඛෙහි ච ඡිජ්ජමානං; සඤ්ඡින්නගත්තං රුහිරං සවන්තං, කො චොදයෙ පරලොකෙ සහස්ස”න්ති.
පරලොවදී තියුණු අසිපත්වලින් සිඳිනු ලබන කැපුනු සිරුරු ඇතිව ලේ වගුරුවමින් ඒ අසිපත් රුක් වෙත එළඹෙන තොප වෙත පැමිණ කවරෙක් කහවණු දහසක් ඉල්වන්නේද?
තත්ථ තමාරුහන්තන්ති තං භවන්තං නිරයපාලානං ආවුධපහාරෙ අසහිත්වා ආරුහන්තං.
එහි තමානුපත්තං යනු එ නිරයපල්ලන් ආයුධ පහරින් ඉවසා ගැනීමට නොහැකිව.
“තතො නික්ඛන්තමත්තං තං, අසිපත්තාචිතා දුමා; සම්පතිතං වෙතරණිං, කො තං යාචෙය්ය තං ධන”න්ති.
දුක් වූ ඒ අසිපත නිරයෙන් නික්මුණු පමණකින්ම වේතරණී නදියට වැටුණු තොප වෙත එළඹ කවරෙක් කහවනු දහසක් ඉල්වන්නේද?
තත්ථ සම්පතිතන්ති පතිතං.
එහි සම්පතිතං යනු වැටුනු.
“ඛරා ඛාරොදිකා තත්තා, දුග්ගා වෙතරණී නදී; අයොපොක්ඛරසඤ්ඡන්නා, තික්ඛා පත්තෙහි සන්දති”.
පරුෂ වූ කරදියෙන් යුක්ත වූ රත් වූ දුගී වූ වේතරණී නදියට වැටුණු තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේ ද?
තත්ථ ඛරාති ඵරුසා. අයොපොක්ඛරසඤ්ඡන්නාති අයොමයෙහි තිඛිණපරියන්තෙහි පොක්ඛරපත්තෙහි සඤ්ඡන්නා. පත්තෙහීති තෙහි පත්තෙහි සා නදී තික්ඛා හුත්වා සන්දති.
එහි ඛරා යනු ඵරුෂ වූ අයොපොක්ඛරසඤ්ජන්තා අයෝමය වූ තියුණු අගිස් ඇති නෙලුම් පත්‍රවලින් ගැවසීගත්. පත්තෙහි යනු ඒ පත්‍රවලින් ඒ ගංගාව ඉතා බලවත්ව ගලා යයි.
“තත්ථ සඤ්ඡින්නගත්තං තං, වුය්හන්තං රුහිරමක්ඛිතං; වෙතරඤ්ඤෙ අනාලම්බෙ, කො තං යාචෙය්ය තං ධන”න්ති.
එල්බෙන පිළිසරණක් නැති ඒ වේතරණි ගංගා ජලයෙහි ඔසවා ගෙන යනු ලබන කැපුණු සිරුරු ඇති ලේ තැවරුණු තොප වෙත එළඹ කවරෙක් ඒ ධනය ඉල්වන්නේද?
තත්ථ වෙතරඤ්ඤෙති වෙතරණීඋදකෙ.
එහි වෙතරඤ්ඤෙ වෙතරණී ජලයෙහි.
ඉමං පන මහාසත්තස්ස නිරයකථං සුත්වා රාජා සංවිග්ගහදයො මහාසත්තඤ්ඤෙව තාණගවෙසී හුත්වා ආහ –
මහා සත්ත්වයන්ගේ මේ නිරයකථා අසා රජු කළකිරුණු සිත් ඇත්තේ මහා සත්ත්වයන්ගේම පිහිට පතන කෙනෙක් වී මෙසේ කීය.
“වෙධාමි රුක්ඛො විය ඡිජ්ජමානො, දිසං න ජානාමි පමූළ්හසඤ්ඤො; භයානුතප්පාමි මහා ච මෙ භයා, සුත්වාන කථා තව භාසිතා ඉසෙ.
මුනිවරය, තොප විසින් කියනලද ගාථා අසා සිඳිනු ලබන ගසක් මෙන් සැලෙමි. වෙසෙසින් මුළා වූ සිහි ඇත්තෙව් දිසාවන් නොදනිමි. බියෙන් තැවෙමි. මාගේ බිය ඉතා මහත්ය.
“ආදිත්තෙ වාරිමජ්ඣංව, දීපංවොඝෙ මහණ්ණවෙ; අන්ධකාරෙව පජ්ජොතො, ත්වං නොසි සරණං ඉසෙ.
සෘෂීන් වහන්ස! දැවුණු කය ඇති කල්හි දිය මැදට පැමිණීම මෙන්ම සැඩදිය පහරෙහි හෝ සයුරෙහිදී දිවයිනක් මෙන්ද අඳුරෙහි පහනක් මෙන්ද තෙපිම අපට පිහිට වන්නහුය.
“අත්ථඤ්ච ධම්මං අනුසාස මං ඉසෙ, අතීතමද්ධා අපරාධිතං මයා; ආචික්ඛ මෙ නාරද සුද්ධිමග්ගං, යථා අහං නො නිරයං පතෙය්‍ය”න්ති.
සෘෂීන් වහන්ස, අර්ථයෙන් ද ධර්මයෙන් ද මට අනුශාසනා කළ මැනවි. ගිය දවස මා විසින් අපරාධ කරන ලදී. නාරද මුනිතුමනි, යම්සේ මම නිරයෙහි නොවැටෙම්ද එබඳු මනා පිළිවෙතක් මට කියන්න.
තත්ථ භයානුතප්පාමීති අත්තනා කතස්ස පාපස්ස භයෙන අනුතප්පාමි. මහා ච මෙ භයාති මහන්තඤ්ච මෙ නිරයභයං උප්පන්නං. දිපංවොඝෙති දීපංව ඔඝෙ. ඉදං වුත්තං හොති – ආදිත්තෙ කාලෙ වාරිමජ්ඣං විය භින්නනාවානං ඔඝෙ අණ්ණවෙ පතිට්ඨං අලභමානානං දීපං විය අන්ධකාරගතානං පජ්ජොතො විය ච ත්වං නො ඉසෙ සරණං භව. අතීතමද්ධා අපරාධිතං මයාති එකංසෙන මයා අතීතං කම්මං අපරාධිතං විරාධිතං, කුසලං අතික්කමිත්වා අකුසලමෙව කතන්ති.
එහි භයසානුතප්පාමි තමා විසින් කරන ලද පාපකර්මයට බියෙන් තැවෙමි. මහා ච මෙ භයං මා හට මහත් වූ නිරය පිළිබද බියක් හටගත්තේය. දීපං වොසෙ යනු, මහා ජල තරංගයකදී දිවයිනක් මෙන්. මෙසේ කියා ඇත. සිරුර ගිනිගෙන දැවෙන කල්හි ජලය මැද මෙන්, නැව් කැඩී ගියවුන්ට මහා ජලකඳෙහි හෝ මහා සාගරයෙහි දිවයිනක් මෙන් ද, ගන අඳුරෙහි දී ප්‍රදීපයක් මෙන්ද ඔබ අපට පිහිටය. අතීත මද්ධා අපරාධිතං මයා නියත වශයෙන්ම මා විසින් අතීත කර්මය අපරාධ කරන ලදී. වරද්දා ගන්නා ලදී. කුසලය නොඉක්මවා අකුසලයම කරන ලදී.
අථස්ස මහාසත්තො විසුද්ධිමග්ගං ආචික්ඛිතුං සම්මාපටිපන්නෙ පොරාණකරාජානො උදාහරණවසෙන දස්සෙන්තො ආහ –
ඉක්බිති ඔහුට මහා සත්ත්වයන් වහන්සේ පිරිසිදු මාර්ගය කියන්නට මහා පිළිවෙත්හි පිහිටි පැරණි රජවරුන් උදාහරණ ලෙස දක්වමින් මෙසේ කීය.
“යථා අහූ ධතරට්ඨො, වෙස්සාමිත්තො අට්ඨකො යාමතග්ගි; උසින්දරො චාපි සිවී ච රාජා, පරිචාරකා සමණබ්රාහ්මණානං.
ධතරට්ඨය, වෙස්සාමිත්තය, අට්ඨකය, යාමතග්ගිය, උසිරය, සිවිය ය යන රජවරු යම්සේ මහණ බමුණන්ට යුතුකම් ඉටුකරන්නෝ වූහ.
“එතෙ චඤ්ඤෙ ච රාජානො, යෙ සග්ගවිසයං ගතා; අධම්මං පරිවජ්ජෙත්වා, ධම්මං චර මහීපති.
මොහුද අන් රජවරු ද ධර්මයෙහි හැසිර ශක්‍රයාගේ විෂයයට ගියාහුද රජතුමනි, එසේ හෙයින් තෙපිද අධර්මය දුරුකොට ධර්මයෙහි හැසිරෙන්න.
“අන්නහත්ථා ච තෙ බ්යම්හෙ, ඝොසයන්තු පුරෙ තව; ‘කො ඡාතො කො ච තසිතො, කො මාලං කො විලෙපනං; නානාරත්තානං වත්ථානං, කො නග්ගො පරිදහිස්සති.
කවරෙක් බඩ සා ඇත්තේ ද කවරෙක් පිපාසා ඇත්තේද කවරෙක් මල්දම් රුචිකරන්නේද කවරෙක් සුවඳ විළවුන් කැමැති වේද, නග්නව සිටින කවරෙක් නොයෙක් පැහැයෙන් යුත් වස්ත්‍ර හඳින්නේදැයි කියමින් ආහාර ගත් අත් ඇති පුරුෂයෝ තොපගේ රාජ භවනයෙහිද පුරයෙහිද සෝෂා කෙරෙත්වා.
‘කො පන්ථෙ ඡත්තමානෙති, පාදුකා ච මුදූ සුභා’; ඉති සායඤ්ච පාතො ච, ඝොසයන්තු පුරෙ තව.
කවරෙක් මහමග ඡත්‍ර දරන්නේද, කවරෙක් මෘදු මොළොක් මනා පාවහන් කැමැත්තේදැයි මෙසේ තොපගේ පුරයෙහි උදේ සවස ඝෝෂා කෙරෙත්වා.
“ජිණ්ණං පොසං ගවාස්සඤ්ච, මාස්සු යුඤ්ජ යථා පුරෙ; පරිහාරඤ්ච දජ්ජාසි, අධිකාරකතො බලී”ති.
පෙර බලවත් වූයේ කළ අධිකාර ඇත්තේ ද, ජරාවට පත්වූ ඒ අමාත්‍යාදීන් ද ගව අශ්ව ආදීන් ද පෝෂණය කරන්නේ ඔවුන් පෙර මෙන් රාජකාරියෙහි නොයොදව. ඔවුන්ට පෙරහර දෙන්න.
තත්ථ එතෙ චාති යථා එතෙ ච ධතරට්ඨො වෙස්සාමිත්තො අට්ඨකො යාමතග්ගි උසින්දරො සිවීති ඡ රාජානො අඤ්ඤෙ ච ධම්මං චරිත්වා සග්ගවිසයං ගතා, එවං ත්වම්පි අධම්මං පරිවජ්ජෙත්වා ධම්මං චර. කො ඡාතොති මහාරාජ, තව බ්යම්හෙ පුරෙ රාජනිවෙසනෙ චෙව නගරෙ ච අන්නහත්ථා පුරිසා “කො ඡාතො, කො තසිතො”ති තෙසං දාතුකාමතාය ඝොසෙන්තු. කො මාලන්ති කො මාලං ඉච්ඡති, කො විලෙපනං ඉච්ඡති, නානාරත්තානං වත්ථානං යං යං ඉච්ඡති, තං තං කො නග්ගො පරිදහිස්සතීති ඝොසෙන්තු. කො පන්ථෙ ඡත්තමානෙතීති කො පන්ථෙ ඡත්තං ධාරයිස්සති. පාදුකා චාති උපාහනා ච මුදූ සුභා කො ඉච්ඡති.
එහි එකෙච යනුමේ ධෘතරාෂ්ට්‍ර, වෙස්සාමිත්ත, අට්ඨක, යාමතග්ගි, උසින්නරො, සිවි යන රජවරු සයදෙන ද අන් අයද ධර්මයෙහි හැසිර ශක්‍ර විෂයට ගියාහ. මෙසේ නුඹද අධර්මය අත්හැර ධර්මයෙහි හැසිරෙන්න. කොජාතො මහරජ, ඔබගේ විමානයෙහි ද පුරයෙහි ද රජවාසල ද නගරයෙහි ද ආහාර ගත් අත් ඇති පුරුෂයෝ කවරකුට බඩසා ඇත්තේද කවරකුට පිපාසා ඇත්තේද ඔවුන්ට දෙනු කැමැතිව ඝෝෂා කරත්වා. කොමාලං කවරෙක් මල්මාලා කැමැතිවෙයිද කවරෙක් විලේපන කැමැති වෙයිද, නොයෙක් වර්ණයෙන් යුත් යම් යම් වස්ත්‍ර කැමැති වෙයිද, ඒ ඒ දෙය කොනග්ගොපරිදහෙස්සති ඝෝෂා කෙරෙත්වා. කොපන්ථෙඡත්තමාදහෙ කවරෙක් මාර්ගයෙහි ඡත්රයක් දරන්නේද, පාදුකාච කවරෙක් නම් මෘදු, යහපත් වූ පාවහන් කැමැති වේද,
ජිණ්ණං පොසන්ති යො තෙ උපට්ඨාකෙසු අමච්චො වා අඤ්ඤො වා පුබ්බෙ කතූපකාරො ජරාජිණ්ණකාලෙ යථා පොරාණකාලෙ කම්මං කාතුං න සක්කොති, යෙපි තෙ ගවාස්සාදයො ජිණ්ණතාය කම්මං කාතුං න සක්කොන්ති, තෙසු එකම්පි පුබ්බෙ විය කම්මෙසු මා යොජයි. ජිණ්ණකාලස්මිඤ්හි තෙ තානි කම්මානි කාතුං න සක්කොන්ති. පරිහාරඤ්චාති ඉධ පරිවාරො “පරිහාරො”ති වුත්තො. ඉදං වුත්තං හොති – යො ච තෙ බලී හුත්වා අධිකාරකතො පුබ්බෙ කතූපකාරො හොති, තස්ස ජරාජිණ්ණකාලෙ යථාපොරාණපරිවාරං දදෙය්යාසි. අසප්පුරිසා හි අත්තනො උපකාරකානං උපකාරං කාතුං සමත්ථකාලෙයෙව සම්මානං කරොන්ති, සමත්ථකාලෙ පන න ඔලොකෙන්ති. සප්පුරිසා පන අසමත්ථකාලෙපි තෙසං තථෙව සක්කාරං කරොන්ති, තස්මා තුවම්පි එවං කරෙය්යාසීති.
ජින්නපොසං යම් ඒ උපස්ථායකයන් අතර අමාත්‍යයෙක් හෝ අන්‍යයෙක් හෝ පෙර කරන ලද උපකාර ඇත්තේ ජරාජීර්ණ වූ කාලයේ පෙරකළ වැඩ කරන්නට අපොහොසත් වෙයි. යම් ඒ ගව අශ්ව ආදීහු වෙත්ද, ජරාවට පත්ව සිටින බැවින් වැඩ කරන්නට නොහැකි වෙත්. ඔවුනතුරෙන් එක් අයෙකුවත් පෙරසේ වැඩෙහි නොයොදන්න. ජරාජීර්ණ වූ කල්හි ඔවුහු ඒ වැඩකරන්නට නොහැකි වෙත්. පරිහාරඤ්ච යනු මෙහිදී පිරිවරම පරිහාර ලෙස කියන ලදී. මෙසේ කියා ඇත. යමෙක් පෙර බලවත්ව සිට සේවා කටයුතු කරන ලද්දේ ද පෙර කරන ලද උපකාර ඇති ඔහුට ජරාජීර්ණ වූ කල්හි පෙර පරිදි පිරිවර දෙන්න. අසත්පුරුෂයෝ වනාහි තමන්ගේ උදව්කරුවන්ට උදව් කළ හැකි කාලයෙහිම සම්මාන ගෞරව දක්වත්. වැඩපළ නොකළ හැකි කාලයේදී ඔවුන් ගැන නොබලත්. සත්පුරුෂයෝ වනාහි වැඩකළ නොහැකි කාලයේදී පවා ඔවුන්ට එසේම සැළකිලි දක්වති. ඒ නිසා නුඹද එසේ කරන්න.
ඉති මහාසත්තො රඤ්ඤො දානකථඤ්ච සීලකථඤ්ච කථෙත්වා ඉදානි යස්මා අයං රාජා අත්තනො අත්තභාවෙ රථෙන උපමෙත්වා වණ්ණියමානෙ තුස්සිස්සති, තස්මාස්ස සබ්බකාමදුහරථොපමාය ධම්මං දෙසෙන්තො ආහ –
මෙසේ මහාසත්ත්වයන් වහන්සේ රජුට දානකථා ද සීලකථා ද කියා දැන් යම්හෙයකින් මේ රජු තමාගේ ආත්ම භාවයෙහිදී රථයට උපමා කර වර්ණනා කරන කල්හි සතුටු වෙයි. ඒ නිසා මොහුට සියලු සැප ලැබෙන උපමාවකින් ධර්මදේශනා කරන්නේ මෙසේ වදාළහ.
“කායො තෙ රථසඤ්ඤාතො, මනොසාරථිකො ලහු; අවිහිංසාසාරිතක්ඛො, සංවිභාගපටිච්ඡදො.
මහරජ, තොපගේ ශරීරය රථයක් බඳුය. සැහැල්ලු වූ මනසම රියැදුරුය. අවිහිංසා නමැති මනාකොට නිම වූ රෝදය සවිවන යකඩය වන්නේය. බෙදා වැළඳීම ම රථ පාරිවාර වේ.
“පාදසඤ්ඤමනෙමියො, හත්ථසඤ්ඤමපක්ඛරො; කුච්ඡිසඤ්ඤමනබ්භන්තො, වාචාසඤ්ඤමකූජනො.
පාද සංයමය එහි නිම්වළල්ලය. හස්ත සංයම නමැති වෙහෙලිපත් ඇත්තේය. පමණ දැත වැළඳීම නමැති තෙල් ගැල්වීම ඇත්තේය. වාක් සංයමය නමැති නිහඬ බව වෙයි.
“සච්චවාක්යසමත්තඞ්ගො, අපෙසුඤ්ඤසුසඤ්ඤතො; ගිරාසඛිලනෙලඞ්ගො, මිතභාණිසිලෙසිතො.
සත්‍ය වාක්‍ය නමැති පිරිපුන් අවයව ඇත්තේය. කේලාම් නොකීම නමැති මහා සටහන් ඇත්තේය. මටසිලිටු වචන නමැති නිදොස් රථාංග ඇත්තේය. පමණ දැන කථාකිරීම නමැති බඳනා ලාටු ඇත්තේය.
“සද්ධාලොභසුසඞ්ඛාරො, නිවාතඤ්ජලිකුබ්බරො; අථද්ධතානතීසාකො, සීලසංවරනන්ධනො.
ශ්‍රද්ධාව හා අලෝභය නමැති මහා අලංකාරයෙන් යුක්තය. යටහත් පැවතුම් හා ඇඳිලි බැඳීම් සංඛ්‍යාත කිඹුල්තලු ඇත්තේය. නොදැඩි බව නමැති නැමුණු රිය හිස ඇත්තේය. සීල සංවර නමැති රැහැණ ඇත්තේය.
“අක්කොධනමනුග්ඝාතී, ධම්මපණ්ඩරඡත්තකො; බාහුසච්චමපාලම්බො, ඨිතචිත්තමුපාධියො.
ක්‍රෝධ නොකිරීම නමැති නො හැකිළීම ඇත්තේය. දශකුසල ධර්ම නමැති සේසතින් යුක්තය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව නමැති ආධාරක පුවරු ඇත්තේය. මනාව පිහිටි සිත් නමැති සිහසුන් හෝ උඩ ඇතිරි ඇත්තේය.
“කාලඤ්ඤුතාචිත්තසාරො, වෙසාරජ්ජතිදණ්ඩකො; නිවාතවුත්තියොත්තකො, අනතිමානයුගො ලහු.
කල්දැන කරන ලද කුසලින් යුක්තවූ සිත් නමැති සාරයෙන් යුක්තය. විශාරද බව නමැති ත්රිදණ්ඩයෙන් යුක්තය. යටත් පැවතුම් නමැති යොත් ඇත්තේය. අධික මාන නොකිරීම නමැති සැහැල්ලු වියදඬු ඇත්තේය.
“අලීනචිත්තසන්ථාරො, වුද්ධිසෙවී රජොහතො; සතිපතොදො ධීරස්ස, ධිති යොගො ච රස්මියො.
නොපසුබස්නා සිත් නමැති ඇතිරි ඇත්තේය. නුවණැති වෘද්ධයන් ඇසුරු කිරිම නිසා නසන ලද රජස් ඇත්තේය. පණ්ඩිත වූ තොපගේ සිහි නමැති කෙවිට ඇත්තේය. වීර්යයද ප්රතිපත්තියෙහි යෙදීම නම් වූ යෝගයද රැහැණ වෙයි.
“මනො දන්තං පථං නෙති, සමදන්තෙහි වාහිභි; ඉච්ඡා ලොභො ච කුම්මග්ගො, උජුමග්ගො ච සංයමො.
මනාකොට හික්මුණු අසුන්ගෙන් යුක්ත වූ දැමුණු සිත යහපත් මග අනුව යයි. ඉච්ඡාවද ලෝභයද නොමග නම් වේ. සීල සංයමයම සුමග වෙයි.
“රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ, වාහනස්ස පධාවතො; පඤ්ඤා ආකොටනී රාජ, තත්ථ අත්තාව සාරථි.
රූප, ශබ්ද, ගන්ධ, රසයන් වෙත දිවෙන (ඔබගේ කය නමැති) වාහනයේ (අශ්වයින් නතර කිරීමට) පහරදෙන්නේ ප්රඥාවයි. මහරජ, එහි තමාම රියැදුරු වන්නේය.
“සචෙ එතෙන යානෙන, සමචරියා දළ්හා ධිති; සබ්බකාමදුහො රාජ, න ජාතු නිරයං වජෙ”ති.
මහරජ, යම්හෙයකින් මේ යානය කැමැති සම්පත් දෙන්නේද (යමකුගේ) සම චරියාවත් නොපසුබස්නා වීර්යයත් දැඩි වූයේද හෙතෙම මේ යානයෙන් ඒකාන්තයෙන් කිසිකලෙකත් නිරයට නොපැමිණේ.
තත්ථ රථසඤ්ඤාතොති මහාරාජ, තව කායො රථොති සඤ්ඤාතො හොතු. මනොසාරථිකොති මනසඞ්ඛාතෙන කුසලචිත්තෙන සාරථිනා සමන්නාගතො. ලහූති විගතථිනමිද්ධතාය සල්ලහුකො. අවිහිංසාසාරිතක්ඛොති අවිහිංසාමයෙන සාරිතෙන සුට්ඨු පරිනිට්ඨිතෙන අක්ඛෙන සමන්නාගතො. සංවිභාගපටිච්ඡදොති දානසංවිභාගමයෙන පටිච්ඡදෙන සමන්නාගතො. පාදසඤ්ඤමනෙමියොති පාදසංයමමයාය නෙමියා සමන්නාගතො. හත්ථසඤ්ඤමපක්ඛරොති හත්ථසංයමමයෙන පක්ඛරෙන සමන්නාගතො. කුච්ඡිසඤ්ඤමනබ්භන්තොති කුච්ඡිසංයමසඞ්ඛාතෙන මිතභොජනමයෙන තෙලෙන අබ්භන්තො. “අබ්භඤ්ජිතබ්බො නාභි හොතූ”තිපි පාඨො. වාචාසඤ්ඤමකූජනොති වාචාසංයමෙන අකූජනො.
එහි රථසඤ්ඤාතො යනු මහරජ, ඔබගේ කය රථය ලෙස සළකන්න. මනො සාරථියො මන සංඛ්‍යාත වූ කුසල සිත නමැති රියදුරාගෙන් යුක්ත වූ. ලහූ යනු පහවූ ථීනමිද්ධතාවය ඇති බැවින් සැහැල්ලු වූයේ. අවිහිංසා සාරිතක්ඛො අවිහිංසාව නම් වූ මනාව නිර්මාණය වූ අලවංගුව සහිත. පාදසඤ්ඤා මනෙමියො පාද සංඥාමය වූ නිම් වළල්ලෙන් යුක්ත. හත්ථිසඤ්ඤා මපක්ඛරො හස්ත සංඥා නමැති වෙහෙලිපත් ඇති. කුච්ඡිසඤ්ඤමනබ්භන්තො පමණ දැන වැළඳීම නමැති තෙල් ගැල්වීම ඇති. වාචාසඤ්ඤමකූජනො වාග් සංයමයෙන් නිහඬ වූ.
සච්චවාක්යසමත්තඞ්ගොති සච්චවාක්යෙන පරිපුණ්ණඅඞ්ගො අඛණ්ඩරථඞ්ගො. අපෙසුඤ්ඤසුසඤ්ඤතොති අපෙසුඤ්ඤෙන සුට්ඨු සඤ්ඤතො සමුස්සිතො. ගිරාසඛිලනෙලඞ්ගොති සඛිලාය සණ්හවාචාය නිද්දොසඞ්ගො මට්ඨරථඞ්ගො. මිතභාණිසිලෙසිතො මිතභාණසඞ්ඛාතෙන සිලෙසෙන සුට්ඨු සම්බන්ධො. සද්ධාලොභසුසඞ්ඛාරොති කම්මඵලසද්දහනසද්ධාමයෙන ච අලොභමයෙන ච සුන්දරෙන අලඞ්කාරෙන සමන්නාගතො. නිවාතඤ්ජලිකුබ්බරොති සීලවන්තානං නිවාතමයෙන චෙව අඤ්ජලිකම්මමයෙන ච කුබ්බරෙන සමන්නාගතො. අථද්ධතානතීසාකොති සඛිලසම්මොදභාවසඞ්ඛාතාය අථද්ධතාය අනතඊසො, ථොකනතඊසොති අත්ථො. සීලසංවරනන්ධනොති අඛණ්ඩපඤ්චසීලචක්ඛුන්ද්රියාදිසංවරසඞ්ඛාතාය නන්ධනරජ්ජුයා සමන්නාගතො.
සච්ච වාක්‍ය සමත්තංගො සත්‍ය වාක්‍යයෙන් පරිපූර්ණ අවයව ඇති. අඛණ්ඩ වූ රථ කොටස් ඇති. අපෙසුඤ්ඤ සුසඤ්ඤතො කේලාම් නොකීම නමැති මහා සටහන් ඇත්තේ. ගිරාසඛිලතෙලිංගො මටසිලිටු වචන නමැති නිදොස් රථාංග ඇති. මටසිලිටු රථ අංග ඇත්තේ. මිතභාණීසිලෙසිතො පමණ දැන කථාකිරීම නමැති බඳනා ලාටු ඇති. සද්ධාලොභසුසංඛාරො කර්මඵල අදහන ශ්‍රද්ධාවෙන් ද අලෝභමය වූ ද සුන්දර අලංකාරයෙන් යුත්. නිවාතඤ්ජලි කුබ්බරො සිල්වතුන්ගේ යටත් පැවතුම් හා ඇඳිලි බැඳීම් සංඛ්‍යාත රථය දෙපස කිඹුල්තලු ඇති. අත්ථද්ධතානතිසාඛො මෘදුබව හා සතුටුවීම් සංඛ්‍යාත නැමුණු රියහිස ඇති. සීලසංවර නන්ධතො අඛණ්ඩ පංචශීලයෙන් සංවර වූ චක්ෂු ආදී ඉන්ද්රියයන් නමැති රැහැණ ඇත්තේය.
අක්කොධනමනුග්ඝාතීති අක්කොධනභාවසඞ්ඛාතෙන අනුග්ඝාතෙන සමන්නාගතො. ධම්මපණ්ඩර-ඡත්තකොති දසකුසලධම්මසඞ්ඛාතෙන පණ්ඩරච්ඡත්තෙන සමන්නාගතො. බාහුසච්චමපාලම්බොති අත්ථසන්නිස්සිතබහුස්සුතභාවමයෙන අපාලම්බෙන සමන්නාගතො. ඨිතචිත්තමුපාධියොති ලොකධම්මෙහි අවිකම්පනභාවෙන සුට්ඨු ඨිතඑකග්ගභාවප්පත්තචිත්තසඞ්ඛාතෙන උපාධිනා උත්තරත්ථරණෙන වා රාජාසනෙන සමන්නාගතො. කාලඤ්ඤුතාචිත්තසාරොති “අයං දානස්ස දින්නකාලො, අයං සීලස්ස රක්ඛනකාලො”ති එවං කාලඤ්ඤුතාසඞ්ඛාතෙන කාලං ජානිත්වා කතෙන චිත්තෙන කුසලසාරෙන සමන්නාගතො. ඉදං වුත්තං හොති – යථා, මහාරාජ, රථස්ස නාම ආණිං ආදිං කත්වා දබ්බසම්භාරජාතං පරිසුද්ධං සාරමයඤ්ච ඉච්ඡිතබ්බං, එවඤ්හි සො රථො අද්ධානක්ඛමො හොති, එවං තවපි කායරථො කාලං ජානිත්වා කතෙන චිත්තෙන පරිසුද්ධෙන දානාදිකුසලසාරෙන සමන්නාගතො හොතූති. වෙසාරජ්ජතිදණ්ඩකොති පරිසමජ්ඣෙ කථෙන්තස්සපි විසාරදභාවසඞ්ඛාතෙන තිදණ්ඩෙන සමන්නාගතො. නිවාතවුත්තියොත්තකොති ඔවාදෙ පවත්තනසඞ්ඛාතෙන මුදුනා ධුරයොත්තෙන සමන්නාගතො . මුදුනා හි ධුරයොත්තෙන බද්ධරථං සින්ධවා සුඛං වහන්ති, එවං තව කායරථොපි පණ්ඩිතානං ඔවාදප්පවත්තිතාය ආබද්ධො සුඛං යාතූති අත්ථො. අනතිමානයුගො ලහූති අනතිමානසඞ්ඛාතෙන ලහුකෙන යුගෙන සමන්නාගතො.
අක්කොධන මනුග්ඝා ක්‍රෝධ නොකිරීම නමැති නොහැකිලීම් ඇති. ධම්ම පණ්ඩර ජත්තකො දශකුසල කර්මපථ සංඛ්‍යාත වූ සුදුපාට සේසතක් ඇති. බාහුසච්චමපාලම්බො අර්ථ සංනිශ්රිත බහුශ්‍රැත බව නමැති ආධාරක පුවරුවෙන් යුක්ත වූ. ඨිතචිත්තමුපාධියො ලෝකධර්මයන්ගෙන් නොසැළෙන බැවින් මනාව පිහිටි සිත් නමැති සිහසුනින් හෝ උඩ ඇතිරියෙන් යුක්ත. කාලඤ්ඤුතාචිත්තසාරො මේ දානයට කාලයයි. මේ සීලය ආරක්ෂා කළ යුතු කාලයයි. මෙසේ කාලය දැනගැනීම් සංඛ්‍යාත කල් දැන කළා වූ කුසල චිත්ත නමැති සාරයෙන් යුත් මෙය කියා ඇත. යම්සේ මහරජ, රථයක වනාහි ඇණය ආදිකොට ඇති සියළුම අවයව කොටස් පිරිසිදුය හෝ සාරවත්ය කියා සිතිය යුතුය. මෙපරිද්දෙන් වනාහි එය ස්ථිරසාර වූයේ මාර්ගයට යෝග්‍ය වූයේ වෙයි. එපරිද්දෙන් ඔබගේ ශරීර නමැති රථය කාලය දැන කළා වූ පිරිසිදු සිතින් කළ දානාදි කුසල සාරයෙන් යුක්ත වූයේ වේවා. වෙසාරජ්ජභිදණ්ඩකො පිරිස් මැද කියන්නහුගේ විශාරද බව සංඛ්‍යාත වූ ති දණ්ඩයෙන් යුක්ත වූ. නිවාතවුත්ති සොත්තකො අවවාදයෙහි පිහිටීම් සංඛ්‍යාත වූ මෘදු බවෙන් යුත් යොතින් සැදුම්ගත් මෘදු වූ යොතින් රථයෙහි බඳින ලද අශ්වයෝ සුවසේ රථය උසුලත්. මෙපරිද්දෙන් නුඹගේ ද කාය නමැති රිය පණ්ඩිතයන්ගේ අවවාද පැවැත්ම නිසා බැඳුනේ සැපසේ සේවා ආදී අර්ථයයි. අනතිමානයුගොලහු අනතිමාන සංඛ්‍යාත වූ සැහැල්ලු වියගස ඇති.
අලීනචිත්තසන්ථාරොති යථා රථො නාම දන්තමයෙන උළාරෙන සන්ථාරෙන සොභති, එවං තව කායරථොපි දානාදිනා අලීනඅසඞ්කුටිතචිත්තසන්ථාරො හොතු. වුද්ධිසෙවී රජොහතොති යථා රථො නාම විසමෙන රජුට්ඨානමග්ගෙන ගච්ඡන්තො රජොකිණ්ණො න සොභති, සමෙන විරජෙන මග්ගෙන ගච්ඡන්තො සොභති, එවං තව කායරථොපි පඤ්ඤාවුද්ධිසෙවිතාය සමතලං උජුමග්ගං පටිපජ්ජිත්වා හතරජො හොතු. සතිපතොදො ධීරස්සාති පණ්ඩිතස්ස තව තස්මිං කායරථෙ සුපතිට්ඨිතසතිපතොදො හොතු. ධිති යොගො ච රස්මියොති අබ්බොච්ඡින්නවීරියසඞ්ඛාතා ධිති ච හිතප්පටිපත්තියං යුඤ්ජනභාවසඞ්ඛාතො යොගො ච තව තස්මිං කායරථෙ වට්ටිතා ථිරා රස්මියො හොන්තු. මනො දන්තං පථං නෙති, සමදන්තෙහි වාහිභීති යථා රථො නාම විසමදන්තෙහි සින්ධවෙහි උප්පථං යාති, සමදන්තෙහි සමසික්ඛිතෙහි යුත්තො උජුපථමෙව අන්වෙති, එවං මනොපි දන්තං නිබ්බිසෙවනං කුම්මග්ගං පහාය උජුමග්ගං ගණ්හාති. තස්මා සුදන්තං ආචාරසම්පන්නං චිත්තං තව කායරථස්ස සින්ධවකිච්චං සාධෙතු. ඉච්ඡාලොභො චාති අප්පත්තෙසු වත්ථූසු ඉච්ඡා, පත්තෙසු ලොභොති අයං ඉච්ඡා ච ලොභො ච කුම්මග්ගො නාම. කුටිලො අනුජුමග්ගො අපායමෙව නෙති. දසකුසලකම්මපථවසෙන පන අට්ඨඞ්ගිකමග්ගවසෙන වා පවත්තො සීලසංයමො උජුමග්ගො නාම. සො තව කායරථස්ස මග්ගො හොතු.
අලීන චිත්තසන්ථාරො යම්සේ රථය වනාහි දන්තමය වූ ඇතිරියෙන් බබලයි. එපරිද්දෙන් ඔබගේ කය නමැති රථයද නොපසුබස්නා නොහැකිලුණු සිත් නමැති ඇතිරිය ඇත්තක් වේවා. වද්ධසෙරජොහතො යම්සේ වනාහි රථය නම් විෂම වූ දූවිලි මතුවන මාර්ගයෙන් යන්නේ දූවිලි තැවරුණේ නොහොබී. සම වූ දූවිලි රහිත මාර්ගයෙන් යන්නේ හොබනේය. මෙපරිද්දෙන් ඔබගේ කය නමැති රථයද ප්‍රඥාවන්ත වෘද්ධයන් සේවනය කිරීමෛන් සමතල වූ සෘජු මාර්ගයට පිවිස නසන ලද රජස් ඇත්තේ වේවා. සතිපතොඝොධිරස්ස ධීර වූ පණ්ඩිත වූ ඔබගේ ඒ රථයෙහි මනාව පිහිටුවන ලද සිහිය කෙවිට වේවා. ධිතියොගොච රස්මියො හටගත්තා වූ වීර්යසංඛ්යාත වූ උත්සාහවන්ත ප්රතිපත්තියෙහි යෙදීම් සංඛ්‍යාත වූ ඔබගේ රථයෙහි පිහිටියා වූ ස්ථිර රැහැන් වේවා! මනොදන්තපථන්වෙති සමදන්තෙනවාහිසි යම්සේ වනාහි රථය විෂම ලෙස හික්මවන ලද අශ්වයන් වැරදි මගක යන්නේද මනාව දමනය වූ මනාව හික්මවන ලද අශ්වයන්ගෙන් යුක්ත වූයේ ඍජු මාර්ගයම අනුගමනය කරයි. එපරිද්දෙන් සිතද දැමුනේ සේවනය නොකළ යුතු වැරදි මාර්ගය අතහැර ඍජුමාර්ගය ගනී. ඒ නිසා මනාව දමනය වූ ආචාර සම්පන්න වූ සිත ඔබගේ සිරුර නමැති රියෙහි අශ්වයන්ගේ කාර්යය ඉටුකර දේවා. ඉච්ඡා ලොභො යනු එහි නොලද ආශා කරන සතර ආකාර බලාපොරොත්තුවලට ලෝභ කිරීමත්ය යන මේ ආශාවත් ලෝභකමත් වැරදි මාර්ගය නම් වේ. කුටිල වූ වක්‍ර වූ මාර්ගය අපායටම ගෙනයයි. දසකුසල කර්මපථ වශයෙන් වනාහි අෂ්ටාංගික මාර්ග වශයෙන් හෝ පැවැති සීල සංයමය ඍජු මාර්ගය නම් වේ. එය ඔබගේ කය නමැති රථයෙහි මාර්ගය වේවා.
රූපෙති එතෙසු මනාපියෙසු රූපාදීසු කාමගුණෙසු නිමිත්තං ගහෙත්වා ධාවන්තස්ස තව කායරථස්ස උප්පථං පටිපන්නස්ස රාජරථස්ස සින්ධවෙ ආකොටෙත්වා නිවාරණපතොදයට්ඨි විය පඤ්ඤා ආකොටනී හොතු. සා හි තං උප්පථගමනතො නිවාරෙත්වා උජුං සුචරිතමග්ගං ආරොපෙස්සති. තත්ථ අත්තාව සාරථීති තස්මිං පන තෙ කායරථෙ අඤ්ඤො සාරථි නාම නත්ථි, තව අත්තාව සාරථි හොතු. සචෙ එතෙන යානෙනාති මහාරාජ, යස්සෙතං එවරූපං යානං සචෙ අත්ථි, එතෙන යානෙන. සමචරියා දළ්හා ධිතීති යස්ස සමචරියා ච ධිති ච දළ්හා හොති ථිරා, සො එතෙන යානෙන යස්මා එස රථො සබ්බකාමදුහො රාජ, යථාධිප්පෙතෙ සබ්බකාමෙ දෙති, තස්මා න ජාතු නිරයං වජෙ, එකංසෙනෙතං ධාරෙහි, එවරූපෙන යානෙන නිරයං න ගච්ඡසීති අත්ථො. ඉති ඛො, මහාරාජ, යං මං අවච “ආචික්ඛ මෙ, නාරද, සුද්ධිමග්ගං, යථා අහං නො නිරයෙ පතෙය්‍ය”න්ති, අයං තෙ සො මයා අනෙකපරියායෙන අක්ඛාතොති.
රූපෙ යනු මේ මනාප වූ රූපාදී කාමගුණයන්හි නිමිති ගෙන දුවන්නා වූ ඔබගේ කය නම් වූ රථයට, වැරදි මාර්ගයට පිළිපන් රාජරථයෙහි අශ්වයන්ට තලා වළක්වන කෙවිටක් මෙන් ප්‍රඥා නමැති ඇනීම වේවා. ඕ තොමෝ වනාහි ඔහුව වැරදි මගින් වලක්වා ඍජු වූ සුචරිත මාර්ගයට යොමු කරයි. තත්ථ අත්තාවා ඒ ඔබගේ කය නමැති රථයෙහි අනික් රියදුරෙක් නම් නැත. ඔබම එහි රියැදුරු වේවා. සචෙඑතෙන යානෙන සමචරියා දළ්හාධිති ඔහුගේ සමචරියාවත් නොපසුබට වීර්යයෙන් දැඩිවූයේ ද ස්ථිර ද ඔහු මේ යාගයෙන් යම්හෙයකින් මේ රථය සියලු කැමැති දේ දෙන්නේ වේද, මහරජ, යම්සේ පතන ලද ද කැමති සියල්ල දෙයි. ඒ නිසා න ජාතු නිරයං වජෙ ඒකාන්ත වශයෙන් මෙය සිතට ගන්න. මෙබඳු වූ යානාවකින් නිරයට නොයන්න. ඉක්බිති වනාහි මහරජතුමනි, මා යමක් ප්‍රකාශ කළේද, ආචික්ඛ මෙ නාරද සුද්ධිමග්ගං යථා අහං නො නිරයෙ පතෙය්‍ය නාරද, යම්ලෙසකින් නිරයට නොවැටෙන්ද, ඒ සුද්ධි මාර්ගය මට කියන්න. මා විසින් ඔබට මෙය අනේක ආකාරයකින් කියන ලදී.
එවමස්ස ධම්මං දෙසෙත්වා මිච්ඡාදිට්ඨිං ජහාපෙත්වා සීලෙ පතිට්ඨාපෙත්වා “ඉතො පට්ඨාය පාපමිත්තෙ පහාය කල්යාණමිත්තෙ උපසඞ්කම, නිච්චං අප්පමත්තො හොහී”ති ඔවාදං දත්වා රාජධීතු ගුණං වණ්ණෙත්වා රාජපරිසාය ච රාජොරොධානඤ්ච ඔවාදං දත්වා මහන්තෙනානුභාවෙන තෙසං පස්සන්තානඤ්ඤෙව බ්රහ්මලොකං ගතො.
මෙසේ ඔහුට ධර්මය දේශනාකර මිථ්‍යාදෘෂ්ටිය හරහා ශීලයෙහි පිහිටුවා මෙතැන් පටන් පාපමිත්‍රයන් අතහැර කල්‍යාණ මිත්‍රයන් වෙත එළඹෙන්න. නිරන්තරයෙන් අප්රමාදී වන්න යන ලෙසට ඔහුට අවවාද කොට රාජ දියණියගේ ගුණය වර්ණනා කර රජ පිරිසටත් රජුගේ අන්තඃපුර වාසීන්ටත් අවවාද දී මහත් වූ ආනුභාවයෙන් ඔවුන් බලාසිටියදීම බ්‍රහ්ම ලෝකයට ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි මයා දිට්ඨිජාලං භින්දිත්වා උරුවෙලකස්සපො දමිතොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙන්තො ඉමා ගාථා අභාසි –
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනය ගෙනහැර දක්වා, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් මා විසින් දෘෂ්ටි ජාලය බිඳ දමා උරුවෙල කාශ්‍යපයන් දමනය කරන ලද්දේ වෙයි කියා ජාතකය ගලපා අවසානයෙහි මේ ගාථාව දේශනා කළ සේක.
“අලාතො දෙවදත්තොසි, සුනාමො ආසි භද්දජි; විජයො සාරිපුත්තොසි, මොග්ගල්ලානොසි බීජකො.
එදා අලාත මේ දේවදත්ත විය. භද්දිය තෙරුන් සුනාම විය. සැරියුත් තෙරණුවෝ විජය නම් ඇමැති වූහ. මුගලන් තෙරණුවෝ බීජක නම් වූහ.
“සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො, ගුණො ආසි අචෙලකො; ආනන්දො සා රුචා ආසි, යා රාජානං පසාදයි.
සුනක්ඛත්ත ලිච්ඡවී තෙමේ ගුණ නම් අචේලකයා විය. යම් රජදුවක් රජු පැහැදවීද ඒ රුජා රාජදියණිය ආනන්ද තෙරණුවෝය.
“උරුවෙලකස්සපො රාජා, පාපදිට්ඨි තදා අහු; මහාබ්රහ්මා බොධිසත්තො, එවං ධාරෙථ ජාතක”න්ති.
උරුවෙල කස්සප එදා පාප දෘෂ්ටි ගත් රජය. බෝධිසත්ත්වයෝ නාරද නම් මහා බ්‍රහ්මයා විය. මෙසේ මේ ජාතකය ධාරණය කරවු.
මහානාරදකස්සපජාතකවණ්ණනා අට්ඨමා.
මහා නාරද කස්සප ජාතකය නිමියේ ය.